විල්ගම්මුළ පබඳ-අනාගත වංශය නම් වූ මෙතේ බුදු සිරිතiv

8.බෝධිසත්ත්ව ප්‍රතිපත්ති විවරණය

සංස්කරණය

තවද, මේ දසපාරමිතාවන් අතුරෙහි..

සංස්කරණය

තවද, මේ දසපාරමිතාවන් අතුරෙහි මේ දානයෙන් මම සියලු සත්ත්වයන්ට ආයුෂය, වර්ණය. සැපය. බලය, නුවණය යන මේ ආදීන්ගේ සමෘඬියද; සිත් කළුවූ අර්හත්ඵල සම්පත්තියද, සමෘඬ කෙළෙම් වීනම් යහපත් වන්නේ යයි සිතා ඒ මහාබොධිසත්ත්ව තෙම ආහාර දානය දෙන්නේය. සත්ත්වයන්ගේ කාමක්ලේශ නැමැති පිපාස සන්සිඳුවන පිණිස පාන වර්ගයන් දන්දෙන්නේය. රන්වන් වූ ස‍මෘඬිය පිණිස හා භය ලජ්ජාදෙකට අලංකාර පිණිස වස්තු දන් දෙන්නේය. ඉර්ඬිවිධඥානාධින්ගේ නිෂ්පත්ති‍ය හා නිර්වාණ සැප සිඬවනු පිණිස යානි වාහන දන් දෙන්නනේය.සර්වඥ ශීල සුගන්ධයා සර්වඥ ගුණශොභාව සිඬවනු පිණිස යානා වාහන දන් දෙන්නේය. සර්වඥ ශීල සුගන්ධයාගේ නිෂ්පත්තිය පිණිස සුවඳ දන් දෙන්නේය. සර්වඥ ගුණශොභාව සිඬවනු පිණිස සුවඳ මල් සුවඳ විලවුන් දන් දෙන්නේය. බොමැඩ වජ්‍රාසනය ලබනු සදහා ආසන දන් දෙන්නේය. සිංහ සෙය්‍යාවෙන් සැතපීම ලබනු සදහා ආස්තරණාදී ශය්‍යාවන් දන් දෙන්නේය. පසළොස් වරණ ධර්මයන්ගේ නිෂ්පත්තිය පිණිස වාසාගාර දන්නේනනේය. මසැස, පැනැස, බුදුඇස, දිවැස, සමතැස යන පසැස් ලබනු සදහා පහන්තෙල් පහන් කඩ ආදිය දන් දෙන්නේය. ඛ්‍යාමප්‍රභා මණ්ඩලය ලබනු සදහා ‍රූප දානයද බ්‍රහ්මස්වර විහිදුවන්නාවූ ධර්මදෙශනාව පිණිස ශබ්ද දානයද, සියලු ලෝකවාසි සත්ත්වයන්ට ප්‍රියබව පිණිස රස දානයද, සර්වඥ සුඛුමාල බව පිණිස ස්ප්‍රෂ්ටව්‍ය දානයදදෙන්නේය. මත්තේහි මරණ නැතිවනු පිණිස බෙහෙත් දන් දෙන්නේය. ක්ලේශ නැමැති දාසත්වයෙන් මිදනු පිණිස දාසයන් නිදහස් කරන්නේය. සඬර්මයෙහි බලවත්වූ ඇල්ම සදහා නිරවද්‍ය වූ ක්‍රීඩා භාණ්ඩ දන් දෙන්නේය. සියලු සත්ත්වයන් ආර්‍ය්‍ය ජාතියෙන් තමහට පුත්‍රපුත්‍රභාවයට පැමිණෙනු සදහා දාරාවන් දන් දෙන්නේය. සුන්දරවූ සුප්‍රතිෂ්ඨිත පාදාදි පුරුෂ ලක්ෂණ සමෘඩිය සදහා රන් රිදි මුතු මැණික් පබළු ආදිය දන් දෙන්නේය. අසු අනුව්‍යඤජන සමෘධිය ලබනු පිණිස මුතු මැණික් ආදී සැපත් පිරුණු බඩුහල් දන් දෙන්නේය. ධර්මරාජ්‍යය ලබනු සඳහා රාජ්‍යය දන් දෙන්නේය. ධ්‍යාන සමාපත්ති ආදීන්ගේ සමෘඬිය සදහා අරම් උයන් ආදිවූ තපොවනන් දන් දෙන්නේය. චක්‍ර ලක්ෂණයෙන් විහ්නිතවූ පාදයෙන් බෝමැඬට එළඹෙනු සඳහා පාදයන් දන් දෙන්නේය. කාමොඝාදි චතුරොඝයෙහි ගැලී පිහිනන්නාවූ සත්ත්වයන් සඬර්ම නැමැති හස්තය දික්කොට ගොඩනගනු පිණිස හස්තයන් දන් දෙන්නේය. සඩින්ද්‍රියාදීන්ගේ ප්‍රතිලාභය පිණිස කනනාසා ආදිය කපා දන් දෙන්නේය. සමතැස් ලබනු පිණිස ඇස් උපුටි දන් දෙන්නේය. දර්ශනය, ශ්‍රවණය, අනුස්මරණය, අත්පා මෙහෙකිරීම යන මේ ආදියෙන් හැමකල්ම සියලු සත්ත්වයන්ට හිතසැපඵලවන්නාවූ සියලු ලෝ වැස්සන් විසින් සමීපයට පැමිණ ජීවත්විය හැක්කා වූ මාගේ ශරීරය සියලු සතත්වයන්ට ප්‍රයෝජන වේවායි කියා මස් ලේ ආදිය දන් දෙන්නේය. සියලු ලොකවාසි සත්ත්වයන්ට උතුම් වෙම්වායි කියා ඉස් දන් දෙන්නේය. මෙසේ දන් දෙන්නා වූ ඒ මහාබොධි සත්ත්වයෝ වූකලි එක්විසි අන්වෙෂණයන් අතුරෙන් එක්තරා එකකින් නුසුදුසු පරිද්දේන් ප්‍රත්‍යය උපදවගෙණ නොදෙන්නාහ. මෙරමාට හිංසා පීඩා කොටත් නොදෙන්නාහ. භයිනුත් නොදෙන්නාහ. ලජ්ජාවෙනුත් නොදෙන්නාහ. දක්ෂිණාර්භ පුද්ගලයන් සොයාත් නොදෙන්නාහ. ප්‍රණීතාහාර ඇති කල්හි පුද්ගලයන් ඇති කල්හි කටුකාහාර නොදෙන්නාහ. තමන් උසස් කරණු සදහාත් නොදෙන්නාහ. මෙරමාට නින්දා කරුණු සදහාත් නොදෙන්නාහ. කුශලඵලාපෙක්ෂාවෙනුත් නොදෙන්නාහ. යාචකයන්ගේ නින්දා සඳහාත් නොදෙන්නාහ. නිරාදරයෙනුත් නොයෙදෙන්නාහ. වැලි කෙසේ දන් දේද යත්:- සකස් කොට දෙන්නාහ. යුක්ත ප්‍රයුක්ත කාලයෙහි දෙන්නාහ. දෙය්‍යධර්මයෙහි උත්සාහ ඇතිව දක්ෂිණාර්භ පුද්ගලයන් කෙරෙහි ගෞරව ඇතිව දෙන්නාහ. මොහු උත්තමයහ: මොහු අධමයහ යන විභාගයක් නොකොට සාමාන්‍යයෙන් දෙන්නාහ. දන් දෙන්නට පළමුකොටත් දන් දෙමින් සිටත් දන්දෙමින් සිටත් දන්දී අන්තයෙහිත් තුටු සිතින්ම දෙන්නාහ. දන් දි පශ්චාත්තාපයකට නොපැමිණෙන්නාහ. එයින් වදාළහ. බුදුහු:-


“ පුබ්බෙව දානා සුමනො, දද’ චිත්තං පසාදයං

දත්වා අත්ත මනො හොති, එසා යඤ්ඤස්ස සම්පදා” යි


ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් මානා’වමානයක් නො කරන්නාහ. දන් පිළිගන්නවුන්ට ප්‍රියතෙපුල් කියන්නාහ. යාචකයන්ගේ අදහස් දැන දන් දෙන්නාහ. තවද, යාචකයන්ගේ යාඥාවට සුදුසුව ඔවුන්ගේ අදහස් නොමැඩ විද්‍යාමානවස්තුව සුදුසු පරිද්දෙන් දන් දෙන්නාහ. පරිවාර සහිතවූ දානස‍මෘඬිය සියලු ලොකවාසි සත්ත්වයන්ට හිත සැප පිණිස පමුණුවන්නාහ. තමන්ට අකොප්‍ය වූ අර්හත්ඵල විමුක්තිය පමුණු වනනාහ. තවද ක්ෂය නොවන්නාවූ ඡන්දාධිපතියට ද, ක්ෂය නොවන්නා වූ විරියාධි පතිය‍ටද, ක්ෂය නොවන්නා වූ අමොහයටද, ක්ෂය නොවන්නා වූ සම්‍යක් සම්බොධි ඥානයට ද, පිරිනමා දන් දෙන්නාහ. මේ දාන පාරමිතාව පුරන්නා වූ මහබොධිසත්ත්වයන් විසින් ජීවිතයෙහිත් වස්තුයෙහිත් අනිත්‍ය සංඥාව එළවිය යුත්තේය.සත්ත්වයන් කෙරෙහිත් මහා කරුණාව එළවිය යුත්තේය. මෙසේ වස්තු සාරය ඇරගන්නාවූ මහාබොධිසත්ත්වයෝ ගිනිගත් ගෙයකින් පිටත්වන්නාක්හුමෙන් වස්තුවත් තමනුත් පිටත් කෙරෙමින් කිසිවක් නොතබා නිරවශෙෂ කොට ම දන් දෙන්නාහුය.


යම් හෙයකින් සර්වඥ ශීලාලංකාරයෙන්..

සංස්කරණය

යම් හෙයකින් සර්වඥ ශීලාලංකාරයෙන් සත්ත්වයන් සරහනු කැමැත්තහු විසින් පළමුකොට තමාගේ සීලයම පිරිසිදු කටයුතුද? එසේ හෙයින් සියලු සත්ත්වයන් කෙරෙහි යම්සේ ස්වප්නයෙනුත් ආඝාතයෙක් නූපදී නම් එ පරිද්දෙන් දයා පරසිත් ඇතිවිය යුත්තේය. පරොපකාරයෙහි නිරත බැවින් අනුන් සන්තක වස්තුව ආශිවිෂයක්හු මෙන් නො ඇල්විය යුත්තේය. සප්තවිධ මෛථුන ධර්ම සංයොගයෙන් වැළකි බැවින් හා පරදාර ගමනයෙන් කෑලම වැළකි බැවින් අබ්‍රහ්මචරියාවෙනුදු දුරින් දුරුවේද, සත්‍ය වූ හිතවූ ප්‍රිය වු පමණවූ ධර්මකථාව යුක්තප්‍රප්ත නාලයෙහි කියන්නෙව්ද, ලොභි නොවේද. වෙෂී නොවේද, මිථ්‍යාදෘෂ්ටි නොගනීද, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විෂයෙහි පිහිටියාවූ ඇත්තේවේද,පිහිටියා වු ප්‍රෙම ඇත්තේවේද, මෙසේ සතර අපාය හා වෘත්ත දුක්ඛයෙන්ද අකුශල කර්ම පථයෙන්ද වැලක ස්වර්ග මොක්ෂ මාර්ගයෙහි ද කුශල කර්ම පථයෙහිද පිහිටියාවූ පිරිසිදුවි අදහස් ඇත්තාහුගේ කාය වාක් ප්‍රයොගයක් බැවින් සියලු සත්ත්වයන්ට හිත සැප ඵලවන්නා වු මනොරථය මහාබොධිසත්ත්වයනගේ ප්‍රාර්ථනයවූ පරිද්දේන් වහ වහාම සමෘඬ වන්නේය.

ඒ මහා බොධිසත්ත්වතෙමේ ප්‍රාණඝාතයෙන් වැළකි බැවින් සියලු සත්ත්වයන්ට අභය දානය දෙන්නේය. නිරායාශයෙන්ම මෛත්‍රී භාවනා වඩන්නේයග “ සුඛං සුපති සුඛං පටිබුජඣති” යනාදි එකොළොස් වැදෑරුම් වූ මෛති්‍රයෙහි අනුසස් ලබන්නේය. නිර්ව්‍යාධි වන්නේය. රොග නැති වන්නේය. දීර්ඝයුෂ්ක වන්නේය. සැප බහුලකොට ඇති වන්නේය. මහපුරුෂ ලක්ෂණ හා අසුඅනු ව්‍යඤජන ලක්ෂණයට පැමිණෙන්නේය, ක්ලේශ වාසනාවන් සන්සිඳුවන්නේය. තවද ඒ මහාබොධිසත්ත්වතෙමේ අදත්තාදානයෙන් වැළකි බැවින් සොරුන් සතුරන් රජ දරුවන් වේයන් මීයන් ගිනි ආදි සියල්ලට අසාධාරණ වූ ප්‍රමාණාතික්‍රාන්ත වූ සම්පත් ලබන්නේය. කිසි සත්ත්වකෙනෙකුන් විසින් සැක නොකොට හැක්කේය. සියලු සත්ත්වයන්ට ප්‍රියවන්නේය. මන නේය. සියල්ලවුන් විසින් විශ්වාස කටයුතු වන්නේය. සම්පත්තියෙහි අලග්නවූ සිත් ඇතිවන්නේය. ලොභ වාසනාවෙහි මුල් සිඳුවන්නේය. අබ්‍රහ්මචරියාවෙන් වැළකි බැවින් වස්තුවෙහි ලොල් නොවන්නේය. සන්හුන්නාවූ කායප්‍රයොගය හා මනඃප්‍රයොග ඇත්තේය. සියලු සත්ත්වයන්ට ප්‍රිය වන්නේය. මන වඩන්නේය. ශංකා නොකටයුත්තේය. ඔහුගේ සුන්දරවූ කීර්ති ඝොෂාව ලොකයෙහි පැතිර නැගෙන්නේය. අලග්න වූ සිත් ඇති වන්නේය. ස්ත්‍රීන් විෂයෙහි බලවත් වූ ලොභ සිත් නැති වන්නේය. නෛෂ්ක්‍රම්‍යය බහුලකොට ඇත්තේය. මහාපුරුෂ ලක්ෂණ හා අසූ අනුව්‍යඤ්ජනයට පැමිණෙන්නේය.ලොභ වාසනාවෙහි මුල් සිඳු වන්නේය. මුසාවාදයෙන් වැළකි බැවින් සියලු සත්ත්වයන්ට ප්‍රමාණ වන්නේය. සියලු සත්ත්වයන් විසින් ඇදහිලි කටයුතු වන්නේය. ඇදහිලි කටහැකි බස් ඇත්තේය. ගතහැකි බස් කියන්නේය. දෙවියන්ට ප්‍රිය වන්නේය. මන වඩන්නේය. සුවඳැති මුඛ ඇති වන්නේය. විශෙෂ යෙන් රැක්ක හැකි වාක් සමාචාර ඇත්තේය. සුප්‍රතිෂ්ඨිත පාදාදි මහාපුරුෂ ලක්ෂණයට ද පැමිණෙන්න‍නේය. ක්ලේශ වාසනාවෙහි මුල්සිඳු වන්නේය.

කේළමෙන් වැළකි බැවින් පරොපක්‍රමයෙන් ජෙද්‍ය භෙද්‍යයට පැමිණවිය නොහැක්කා වූ ශරීරය ඇතිවන්නේය. කිසි සත්ත්ව කෙනෙකුන් විසින් බිඳුවා විසුරුවාපිය නොහැකි පිරිස් ඇති වන්නේය. සද්ධර්මයෙහිත් භෙදයකට නොපැමිණෙන්නාවූ ඇදහිලි ඇති වන්නේය. දෘඨ සිත් ඇතිවන්නේය. භවාන්තරයෙහිත් පුරුදුවූ සත්ත්වයන්ට ඒකාන්තයෙන් ප්‍රියවන්නේය. ක්ලේශය බහුල නොවන්නේය. පරුෂවාක්‍යයෙන් වැලකි බැවින් සියලු සත්ත්වයන්ට ප්‍රිය වන්නේය. මන වඩන්නේය. සැප විඳින සුළුවන්නේය. මිහිරි තෙපුල් ඇතිවන්නේය. සියලු සත්ත්වයන් විසින් සම්භාවනා කටයුතු වන්නේය. අෂ්ටාංගයෙන් සමන්විත වූ බ්‍රහ්මස්වර ඇති වන්නේය. සම්ඵප්‍රලාපයෙන් වැලකි බැවින් සියලු සත්ත්වයන්ට ප්‍රිය වනනේය. මන වඩනිනේය. පාෂාණච්ඡත්‍ර‍යක් මෙන් ගෞරව කටයුතු වන්නේය. සියල්ලවුන් විසින් සම්භාවනා කටයුතු වන් නේය. ස්ථානොචිත ප්‍රඥාවෙන් ප්‍රශ්න විස්සර්ජනය කරන්ට සමර්ථ වන්නේය. බුද්ධ භූමියෙහිත් එකම වචනයකින් නොඑක් භාෂා ඇති සත්ත්වයන්ට නොඑක් ප්‍රශ්න විසදන්නට සමර්ථ වන්නේය.

ලොභී නොවන බැවින් කැමැති කැමැති වස්තු ලබන සුලු වන්නේය. උදාරතර වූ සම්පත්තියෙහි අභිප්‍රාය උපදවන්නේය. ක්ෂත්‍රීය මහා සාලාදින් විසින් සම්භාවනා කටයුතු වන්නේය. පසමිතුරන් විසින් මැඩපැවැත්ත නොහැක්කේය. වක්ෂුරාදි ඉන්ද්‍රිය වෛකල්‍යයට නොපැමිණෙන්නේය. තමාට වැඩි තරම් සත්තවයක්හු නැතිවන්නේය. ද්වෙෂ සංඥාව නැතිවන්නේය. සියලු සත්ත්වයින් විසින් සම්මාන කටයුත්තේය. හිතයෙන්ම සතුටු කරවන බැවින් සියලු සත්ත්වයන් නිරායාශ වශයෙන්ම පහදවන්නේය. රූක්ෂ ස්වභාව නැතිවන්නේය. මෛත්‍රී බ්‍රහ්මවිහාර සමාපත්තියෙන් යුක්ත බොධිසත්ත්වද වන්නේය. මහානුභාව සම්පන්න වන්නේය.

මිත්ථ්‍යාදෘෂ්ටියක් නැති බැවින් සොඳුරුවූ කීර්තිඝොෂා ලබන්නේය. ශිර්ෂච්ඡෙදයට පැමිණෙතුදු අකුශල කර්මයක් නොකරන්නේය.කර්මස්වභාව කොට ඇති බැවින් ප්‍රථම මාර්ගය ලද්දක්හු මෙන්කොතුහල මංගලික නොවන්නේය. සද්ධර්මයෙහිත් ඒ බොධිසත්ත්වයන්‍ගේ ශ්‍රධාව මුල්බටුවාක් මෙන් මනාව පිහිටන්නේය. සර්වඥවරයන්ගේ සතර ආය්‍යර්‍ මාර්ගඥාන නැමැති බොධිය අදහන්නේය. අපවිත්‍ර වූ කසල කඩක නොඇලන්නා වු රාජහංසයක්හු මෙන් දෙසැට දෘෂ්ටි ආදී වූ සමයාන්තරයෙහි නොඇලෙන්නේය. අනිත්‍යාදි ලක්ෂණත්‍රය පිරිසිදු දක්නට සමර්ථ වන්නේය. කෙළවර අනාවරණ ඥානලාභි වන්නේය. යම්තාක් සම්‍යක් සම්බොධියට නොපැමිණෙන්නේ වීනම් ඒතාක් ඒඒ සත්ත්ව නිකායෙහි උත්කෘෂ්ට උත්කෘෂ්ටවම උපදනේය. උදාර උදාරතරවූ ම සියලු බූඬ කාරක සම්පත්තියට පැමිණෙන්නේය.


මෙසේ ශීලය නම් සියලු සම්පත්තියන්ට..

සංස්කරණය

මෙසේ ශීලය නම් සියලු සම්පත්තියන්ට ප්‍රතිෂ්ඨා වන්නේය. සියලු බුඬ ගුණයන්ට උත්පත්ති භූමියෙක් වන්නේය. සියලු බුඩකාරක ධර්මයන්ට ප්‍රථම පාදයෙක, දුවාරයෙක උපායෙකැයි බුහුමන් උපදවා කාය වාක් සංයමයෙහි ද ඉන්ද්‍රිය දමනයෙහිද, අජීව සම්පදායෙහිද, ප්‍රත්‍යය පරිභොගයෙහිද, ස්මෘති ප්‍රඥාබලයෙන් අප්‍රමාදය, ලාභසත්කාරය, කීර්තිය යන මේ තුන මිත්‍රයක්හු බඳුවූ මුඛ ඇති සතුරක්හු සෙයින් සලකා “ කිකී ච අණ්ඩං” යනාදි ක්‍රමයෙන් මනා කොට ශීලසමෘද්ධිය කටයුත්තේය. තවද, මේ ශීලය නම්:-

තමහට නරකාදි සතර අපායෙහි දුකින් මිදීමෙන් සුගතියෙහි රාජ්‍ය සම්පත්තියක් පිණිසත් නොවන්නේය. චක්‍රවර්ති රාජ්‍යශ්‍රීක් පිණිසත් නොවන්නේය. දිව්‍යසම්පත්තියක් ශක්‍රසම්පත්තියක් මාරසම්පත්තියක් බ්‍රහ්මසම්පත්තියක් ලබන පිණිසත් නොවන්නේය.තමහට ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පඤචාභිඥා පසළොස් වරණධර්්ම සඩඛ්‍යාත විශේෂ ධර්මයන්ගේ ලැබීමක් පිණිසත් නොවන්නේය. ප්‍රත්‍යෙක බොධිඥානය ලබනු පිණිසත් නොවන්නේය. වැළි කුමක් පිණිසද, යත්:- සර්වඥබවට‍ පැමිණිමෙන් සියලු සත්ත්වයන් නිරුත්තරවූ ශීලාලඬකාරයෙන් සරහනු පිණිසමයයි ශීලය සම්‍යක් සම්බොධියට පිරිනමැමිය යුත්තේය.

තවද, සකල ක්ලෙශයන්ට වාසස්ථාන බැවින් ද පුත්‍රදාරාදින් ගෙන් මහත් වු පීඩා උපදනා හෙයින්ද, ගොවිකම් වෙළදාම් ආදීවූ අනෙක ප්‍රකාර කර්මාන්ත කිරීමෙන් වියවුල් වන බැවින්ද, ගිහිගෙයි විසිම නෛෂ්ක්‍රම්‍ය සැපයට අනවසරයයි සැලකිය යුත්තේය. පඤ්චකාම වූකලි කඩුමුවාත ගල්වනලද මීබිඳු ලෙවීමක් මෙන් ස්වල්ප වූ ආස්වාද ඇතිබව හා බොහෝ අවැඩ ඵලවන බැවින් විදුලිය ආලොකයෙන් ගතයුතු නැටීමක් මෙන්ද, ඇසිල්ලෙක්ම යයි දතයුත්තේය. ගිනි රත්තරනැයි සිතා අශුචි සඳුනැයි සිතා පළඳනා උමතු ඇත්තක්හු සෙයින් විපරිත සංඥාවෙන් අනුභව කටයුතු වන්නේය. තවද පංචකාමය නම් මලමුත්‍ර දෙක වසා සඟවා දුර්ගන්ධ නොඇසීමෙන් වන සැපයක් මෙන් ප්‍රතිකාරයෙන්ම සැප වන්නේය. පැණෙහි ඇඟිල්ල ගලා ලේහකිරීමෙන් පිපාසා නොයන්නාක් මෙන් අතෘප්තිකරය. සාකුස් ඇතිව අනුභව කරණ භොජනයක් මෙන් පීඩා සහිතය. බිලියෙහි අමුනන ලද ඇමක් මෙන් ව්‍යසන රළවීමට කාරණ වන්නේය. වඳුරුලමක් මෙන් බන්ධනයට කාරණ වන්නේය.සතුරන් වසන ගමෙක විසීමක් මෙන් භයට කාරණ වන්නේය. සතුරන්‍ට කරණ පොෂ්‍යයක් මෙන් ක්ලේෂ මාරාදීන්ට ගොදුරු වන්නේය. උත්සවසම්පත්තියක් මෙන් විපරිණාම දුක්ඛයෙන් දුක්වන්නේය. රුක්බිලයෙක් වැදගත් වහ්නියක් මෙන් ඇතුළෙහි සිටම දවන්නේය. දරාගිය කැදැල්ලක තිබූ අතින්ගනුත් අත් කැපෙන දිවින් ගණුත් දිව කැපෙන බීරණ නම් තණෙහි වැදගත් මී බින්දුවක් සෙයින් නොයෙක් ආදීනව ඇත්තේය. ලුණු පැන් බීමක් මෙන් පිපාසයට කාරණ වන්නේය. රාමෙර පීමක් මෙන් හීන ජනයන් විසින් සෙවුන ලද්දේය. බල්ල්කු ඩෑගෙන සපන ගෝ ඇටයක් මෙන් ස්වල්පවූ ආස්වාද ඇති බැවින් හා සර්වසාධාරණ නොවන බැවින් මස් වැදැල්ලකට බඳු උපමා ඇත්තේය යන මේ ආදි ක්‍රමයෙන් කාමයෙහි ආදීනව සලකා ඒ කාමයට විපරිත ක්‍රමයෙන් නෛෂ්ක්‍රම්‍ය යයි කියන ලද ප්‍රව්‍රජ්‍යායෙහි අනුසස් දඅක්කහු විසින් නෛෂ්ක්‍රමය සැපය උපසම සැපය යන මේ ආදී සැපයෙහි නම්නවූ ප්‍රවංකවූ ප්‍රාග්හාර වූ සිත් ඇතිව නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරිය යුත්තේය.

තවද, යම්හෙයකින් අන්ධකාරය හා සමග නොපත්වන්නා වූ ප්‍රදීපා ලොකය මෙන් ප්‍රඥාව මොහය හා සමග නොපවතීද, එහෙයින් පළමු කොට බොධිසත්ත්වයන් විසින් මොහයට නිසි කාරණ කවරේද? යත්:- උකටලි බවය, පමාබවය, කාය්‍යර්‍ යෙහි පමාබවය, මැලි අඹන බවය, අලස බවය, ගණ සඬගණිකායෙහි ඇලුම් ඇති බවය, නිදදාසීල බවය, ඤාණයෙහි නිශ්චය නොකරණසුලු බවය. කුහුල් බවය, කාමච්ඡන්දාදි පඤ්චනීවරණ යන් ඇති බවය, විපරිතාභිමානය, නොපිළිවිස කරණ කථා ඇති බවය, කයට මනාකොට පරිහාර නොකිරීමය, එකගවූ සිත් නැති බවය, අප්‍රඥ පුද්ගලයන් සෙවනය කිරීමය, ප්‍රඥාවත් පුද්ගලයන් සෙවනය නොකිරීමය, තමාට අවඥා කිරීමය, විපරිත කල්පනාවය, කායදරථ බහුල බවය, විපරිතාභිනිවෙශය, සංවෙගසීලි නාවන බවය, සංක්ෂේප හෙයින් යම් යම් අකුශල ධර්මකෙනෙකුන් සෙවනය කරන්නාහට නූපන්නා වූ ප්‍රඥාව නූපදීද උපන්නා වූ ප්‍රඥාව පිරිහේද, මෙසේ මෙබඳු වූ සම්මොහයට නිසි වූ කාරණයන් දුරුකරන්නහු විසින් බහුශ්‍රැත වීමෙහිද, ධ්‍යානාදි යෙහිද, අභ්‍යාස කටයුත්තේය.

එහි බහුශ්‍රැත වීමෙහි විභාග කවරේද? යත් :- රූපස්කනධාදී පඤ්චස්කන්ධය, චක්ෂුරායතනාදි ද්වාදශායතනය, චක්ෂු ධාත්වාදී අෂ්ටාදශ ධාතුය, දුක්ඛ සත්‍යාදි චතුරාරර්‍ය්‍ය සත්‍යය, චක්ෂුරින්ද්‍රයාදී වාචිසතින්ද්‍රිය, ද්වාදශාඬග ප්‍රතිත්‍ය සමුත්පාදය, කායානුදර්ශනාදි සතර සතිපඨටානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඍඬිපාදය, පඤ්චෙන්ද්‍රියය, පඤ්චබලය. සප්තබොධ්‍යාඬගය, ආර්‍ය්‍ය අෂඨාඬගික මාර්ගය යන සියලු කුශල ධර්ම ප්‍රභෙදයද ලොකයෙහි නිරවද්‍ය වූ යම්කිසි විද්‍යාස්ථාන කෙනෙක් ඇද්ද සත්ත්වයන්ට හිතසැප පිනිස එළවීමට කාරණවූ අක්ෂරය, ගණිතය, ලිඛිතය ආදී යම් චතුෂ්ෂට්ඨිකලා විශෙෂයෙක් අද්ද මෙසේ මෙබඳුවූ ප්‍රකාර ඇති සියලුම ශ්‍රැත විශේෂය උපාය කෞශල්‍යය පූර්වංගම කොට ඇති ප්‍රඥාවෙන් ස්මෘති වීය්‍යර්‍ දෙකට උපස්ථම්භ කරණ හෙයින් සකස්කොට ඉගෙනීමය, ඇසිමය,දැරිමය, නැවත නැවත අබ්භ්‍යාස කිරීමය, නොදත්තැන් විචාරිමය යන මෙයින් දැන ඉගෙණ ඒ උගත් ධර්මාදියෙහි මෙරමාට පිහිටවිමෙන් ශ්‍රැතමය ප්‍රඥාව ඉපැද විය යුත්තේය. තවද ස්කන්ධාදීවූ ස්වභාව ධර්මයන්ගේ ආකාර කල්පනා කිරීම මුඛයෙන් ස්කන්ධාදීන් නුවණට වටහන්නහු විසින් චින්තාමය ප්‍රඥව ඉපැද විය යුත්තේය. එම ස්කන්ධාදීන්ගේ ස්වභාව ලක්ෂණ සාමාණ්‍ය ලක්ෂණ පිරිසිඳ ගැණිම් වශයෙන් ලෞකික ප්‍රඥාව උපදවන්නාහ විසින් පූර්වභාග භාවනා ප්‍රඥාව සමෘඬ කටයුත්තේය. මෙසේ කල්හි මේ නාමරූප මාත්‍රයෙක සුදුසු සුදුසු පරිද්දෙන් ප්‍රත්‍යයෝ උපන්නාහුත් නිරුද්ධ වන්නාහුත් වෙති. මේ ශරීරය කරන්නාවූත් කිසි කර්තෘ වරයෙක් නැත්තේය. ඇතිව නැතිවන්නාවූ අත්‍ථියෙන් අනිත්‍යයය. උදාවීමෙන් පෙරළෙන්නා වූ අත්‍ථියෙන් දුක්ඛය. ස්ව වසයෙහි නොපවත්නාවූ අත්‍ථියෙන් අනාත්මයයි අද්ධ්‍යාත්මික බහ්‍ය රෟප ධර්මයන් නිරවශෙෂ කොට පිරිසිඳ දැන් මෙන් ඒ ශරීර යෙහි ආලය හැර අන්‍ය සත්ත්වයනුදු ඒ ශරීරයෙහි ආලය හරවා හුදෙක් කරුණා වශයෙන් ම යම්තාක් බුද්ධගුනය හස්තතලයට සම්ප්‍රාප්තවේද; ඒතාක් බුද්ධ, ශ්‍රාවක බොධි ආදීවූ යාන්ත්‍රයෙහි සත්ත්වයන් ඇතුළත් කිරීමෙන් හා නුවණ මිහිකිරීමෙන් පිහිටුවමින් ධ්‍යානවීමොක්ෂ සමාධි සමාපත්තියෙන් වසඟ බවට පමුණු වන්නේය. ප්‍රඥා පාරමිතාවෙහි මස්තකප්‍රාප්ත වන්නේය.


තවද :- කයින් වචසින් මනසින්..

සංස්කරණය

තවද :- කයින් වචසින් මනසින් බොධි සමභාර ධර්මයන් අතුරක් නැතිව රැස් කරන්නාහු විසින් බලවත්වූ වීර්‍ය්‍ය පැවැත්විය යුත්තේය. තවද අචින්ත්‍යයවූ අපරිමිතවූ විපුලවූ උදාරතරවූ නිර්මල වූ උපමා විෂයාතික්‍රාන්තවූ , ගුණ සමූහයට නිධාන වූ බුඬත්වයට නොපසුබැස ඉදිරියට පැමිණ සමෘඬ කරන්ට යොග්‍යවු වීර්‍ය්‍යානුභාවයෙන් බොහෝ ජනයෝ අසන්ට සමර්ථ වන්නාහ. ඒ එසේ මැයි. ත්‍රිවිධවූ අභිනිහාර චිත්තෝත්පත්තිය, චතුර්විධ බුඬ භූමිය, සතර සංග්‍රහ වස්තුවය. කරුණාව එක කෘත්‍ය කොට ඇති බවය. බුඬධර්ම ගුණයන් නුවණට වැටහීමය. සියලු ධර්මයෙහි සංග්‍රහයෙක් නැති බවය, සංසාර දුක්ඛයෙන් භෙදයකට නොපැමිණීමය. සියලු දින වස්තුව පරිත්‍යාග කිරීමය, ඒ දානයෙන් අභිමාන නැති බවය. සංසාර දුක්ඛයෙන් හෙදයකට නොපැමිණීමය. සියලු දාන වස්තුව පරිත්‍යාග කිරීමය, ඒ දානයෙන් අභිමාන නැති බවය. අධිශීල ශික්ෂාව තරකොට ඉටිමය. ඒ අධිෂ්ඨානයෙහි නිශ්චල බවය මෙරමා විසින් කරණලද අනුපකාරයෙහි නිශ්චල බවය , මෙරමා විසින් කරණලද අනුපකාරයෙහි අවිකාරි බවය. ධීරවීරගුණ ඇති බවය. විරියාරම්භයෙහි ස්ථිර බවය, කුශල ක්‍රියායෙහි ප්‍රීති ප්‍රමොද්‍යය බහුල කොට ඇති බවය, විවේකයට නම්නවූ සිත් ඇති බවය. ධ්‍යාන ධර්මයෙහි යෙදීමය, නිරවද්‍යවූ ශ්‍රැතියෙන් තෘප්තියකට නොපැමිණිමය, අසනලද සඬර්මය මෙරමාට දෙශනා කිරීමයථ. සියලු සත්ත්වයන් න්‍යාය ප්‍රතිපත්තියෙහි පිහිටුවීමය. සමාපත්ති සැපය වසඟකොට ඇති බවය. පංචාභිඥාවෙහි බලවත් පැවතුම් ඇති බවය, අනිත්‍යාදි ලක්ෂණත්‍රය අවබොධ කිරීමය, සතිපට්ඨානාදී ධර්මයෙහි අබ්භ්‍යාසයෙන් ලොකොත්තර මාර්ගය ලැබීමට පාරමිතාවන් පිරිමය යන මේ ආදී වූ සියලු බොධි සම්භාර ප්‍රතිපත්තිය වීය්‍යර්‍ නුභාවයෙන් ම සමෘඬවන්නේයයි ප්‍රථම ප්‍රණිධානයෙහි පටන් යම්තාක් සම්‍යක් සම්බොධි ඥානය සිද්ධ වේ ද ඒ තාක් විය්‍යර්‍ ය නොහරණනු විසින් සකස්කොට වීය්‍යර්‍ පාරමිතාව පිරිය යුත්තේය.

වීර්‍ය්‍ය ය සිද්ධවූ කල්හි කෂාන්ති පාරමිතා දාන පාරමිතා ආදිචු සියලු බොධිසම්භාර ධර්මයෝ ඒ වීර්‍ය්‍යය ආයතිවූ පැවතුම් ඇති බැවින් සමෘඬවූවාහු නම් වෙත්. ක්ෂාන්ති පාරමිතා ආදියෙහිදු මෙම ක්‍රමයෙන් ප්‍රතිපත්තිය සමෘඬ කට යුත්තේය.

මෙසේ සම්‍යක් සමබොධියට කරණලද ප්‍රාර්ථනා ඇති මහා බොධි සත්ත්වයන් විසින් අද කවර කුශල සම්භාරයෙක් ඥාන සම්භාරයෙක් රැස් කරණ ලදද? මා විසින් අද කවර පරහිත වැඩක් කරණ ලද්දෙදයි දවස දවස ප්‍රත්‍යවෙක්ෂාකොට සියලු සත්ත්වයන්ට වැඩ-සැප එළවිමට උත්සාහ කටයුත්තේය. සියලු සත්ත්වයන්ට උපකාර පිණිස තමාගේ කාය ජීවිතය පරිත්‍යාග කටයුත්තේය. සියලුම සත්ත්වයෝ අනොධිඝොඵරණමේත්තාවෙන් හා කරුණාවෙන් පැතිරිය යුත්තාහු. තවද , සියලු සත්ත්වයන්ට උපදනා යම් දුකෙක් ඇත්නම් ඒ සියලු දුක් තමා කෙරෙහි කැමති විය යුත්තේය. සියල්ලවුන්ගේ කුශලය විශෙෂයෙන් අනුමෝදන් විය යුත්තේය. බඬ මහත්වය එක්වන් සැලකිය යුත්තේය. කයින් වචසින් යම්නිසි කුශල කර්මයක් කරන්නේ වීනම් ඒ සියලු කුශල කර්මය සම්‍යක් සම්බෝධිඥානය පූර්වාංගමකොට කටයුත්තේය. මෙසේ කරන්නා වූ මේ ක්‍රියාවෙන් බොධිසත්වයන්ට ප්‍රමාණාති ක්‍රාන්තවූ කුශල සම්භාරය රැස්වන්නේය. තවද සියලු සත්ත්වයන්ට ප්‍රයෝජන හා පිණිස හා සියලු සත්ත්වයන් රක්ෂා කරනු පිණිස තමාගේ ශරීරයත් ජීවිතයත් පරිත්‍යාගකොට ක්ෂුධා පිපාසා ශිතෝ’ෂණ වාතා‘තපාදි දුඃඛ ප්‍රතිකාරය සෙවිය යුත්තේය.

තවද , ඒ මහා බොධිසත්ත්වතෙම යථෝකත ක්ෂුධා පිපිසා දිවු දුක්ඛ ප්‍රතිකාරයන් නිසා උපන්නා වූ යම් සැපයක් තෙමේ විඳීද එපරිද්දේන්ම සිතකළුවූ ආරාමොද්‍යාන පසාදතල ආරණ්‍යායතනය යන මේ සියලු ස්ථානයෙහි කයට සිතට තැවුලියක් නැති බැවින් නිවියාවූ ආත්ම ඇත්තේ සැප විඳින්නේය. තවද ඒ බොධිසත්ව තෙම බුඬ,ප්‍රත්‍යෙක බුඬ, ආර්‍ය්‍ය ශ්‍රාවක බොධි සත්ත්වවරයන්ට ඉහාත්ම භාවයෙහි සැප විහරණය ඇත්තාවූ යම් ධ්‍යාන සමාපත්ති සැපයක් ඇත්ද ඒ සියලු සැපය සියලු සත්ත්වයන් කෙරෙහි සාමාන්‍යයෙන් එළවන්නේය. තෙමේත් විද්‍යාමානවූ ප්‍රීති සෞමනස්‍ය සැපය සියලු සත්ත්වයන් කෙරෙහි පිහිටුවන්නේය. තවද. ඒ මහා බොධිසත්ත්වයන් විසින් මහත්වූ සංසාර දුඃඛයෙහි ඒ සංසාර දුඃඛයට කාරණව ගැලුනා වු සත්ත්ව සමූහයා දැක. එහිදු සිඳීම, බිඳීම, පැසීම, විසිරීම, නරක ගින්නෙන් තැවිම යන මේ ආදියෙන් උපන්නාවූ තිව්‍රවු කර්කශවූ දුක්ඛවේදනාවෙන් අතුරක් නැතිව බොහෝ කලක් දුක් විඳිනා වූ නාරකික සත්ත්වයන්ද, ඔවුනොවුන් කිපීම, තැතිගැන්වීම්.පීඩාකිරීම නැසීම, මෙරමා අයත් වීම යන මේ ආදියෙන් දුක් විදිනාවූ තිරශ්චිනයන්ද, වහ්නි ජාලාවෙන් ගැවසි ගත්තාවූ ශරීර ඇති, දොහොත් හිස තබා මොරගා හඩන්නාවූ මුඛයෙන් නික්මෙන ගිනිසිළු ඇති ක්ෂුධා පිපාසාදියෙන් දන්නාවූ, මෙරමා විසින් වමනය කරණලද ඇත්තාවූ මහත් දුක් අනුභව කරන්නා වූ ප්‍රෙතයන් ද; වස්තුව පර්ය්‍යෙෂණය මුල්කොට ඇති මහත්වූ අවැඩට -දුකට පැමිණෙන්නාවූ හස්තපාද කර්‍ණනාසාදීන්ගේ ජෙදනයෙන් දුක් කම් කටුලට පැමිණීමෙන්ද දිළිඳු බැව් ආදියෙන්ද, ක්ෂුධා පිපාසාදියෙන් මිරිකී මෙන්ද, ප්‍රභූ සත්තවයන් විසින් මැඩ පවත්නා විසින්ද , අනුන් අයති බැවින්ද නාරකික සත්ත්වයන් ප්‍රෙතයන් තිරශෟචිනයන් ඉක්ම යවත්නාහුයයි අපාය දුකට නොවෙනස්වූ මහදුක් අනුභව කරන්නාවු මනුෂ්‍ය ප්‍රෙතයන්ද , පංචකාම විෂය අනුභව කිරීමෙන් වික්ෂිප්ත සිත් ඇති බැවින් රාගාග්නීන් දන්නාවූ මාරුත වෙගයෙන් නැඟි වහ්නි ජ්වාලාවෙන් සමෘඬවූ වියළි දරගොඩෙහි ඇවිලෙන වහ්නිස්කන්ධයක් වැනිවු නොසන්සුන් කාමාස්වාදය අයිතිව පවත්නා කාමාවචර, දෙවියන්ද මහත්වූ ව්‍යායාමයෙන් පක්ෂ ප්‍රසාරණය කොට ඉතා දුරුවූ ආකාශයට නැඟි පක්ෂින්ද, ශක්තිසම්පන්න ධනුර්ධරයන් විසින් විදිනාලද සැරයක් මෙන්ද, කල්පායුෂකව බොහෝ කලක් පැවතිම් ඇති කල්භිදුඅනිත්‍යය කෙළවර කොට ඇති බැවින් ආයු කෙළවර බ්‍රහ්මලොකයෙන් පිරිහීම හේතුකොට ගෙණ නොඉක්මුනාවූ ජාති ජරා මරණ ඇති රූපාවචර, අරූපාවචර දෙවියන්ද දක්නා වූ මහා බොධිසත්වයන් විසින් සියලු සත්ත්වයෝ සාමාන්‍යයෙන් මෙත්තා කරුණාදියෙන් පැතිරිය යුත්තාහ. මෙසේ සියලු සත්ත්වයන්ට සැපයට සුදුසු උපකරණ දන්දීමෙන් නොයෙක් පරිද්දේන් අනුග්‍රහකිරීම දානයෙන් වන්නාවූ ප්‍රතිපත්තිය ය. සියලු සත්ත්වයන්ගේ ජීවිතය රැකීම, සම්පත් රැකීම, පුත්‍රදාරාවන් රැකිම, කේළාම් ආදියෙන් ඔවුනොවුන් නොබිදිම, අප්‍රියතෙපුල් වැළකීම, වැඩට නිසි බස් කීම, මැරීම් තැලීම් ආදීවූ හිංසා පීඩාවක් නොකිරීම යන මේ ආදි ශීලයෙන් වන්නා වූ ප්‍රතිපත්ති නම් වන්නේය.

ඒ සියලු සත්ත්වයන්ගේ ආහාරපාන වර්ගාදි ආමිෂ පිළිගැන්ම හා ධර්මදානාදින් නොයෙක් පරිද්දේන් වැඩකිරීම නෛෂ්ක්‍රම්‍යයෙන් වන්නාවූ ප්‍රතිපත්තියය.

ඒ සියලු සත්ත්වයන්ට වැඩ සිඬවන්නට සුදුසුවූ කරුණා ප්‍රඥා දෙක සන්තානයෙහි පිහිටුවීම ප්‍රඥාවෙන් වන්නාවූ ප්‍රතිපත්තියය.

ඒ ප්‍රඥා ප්‍රතිපත්තියෙහි උත්සාහය පටන්ගැන්ම ය, පටන්ගත් වීර්‍ය්‍යය නොනැසීමය යන මේ සියල්ල වීර්‍ය්‍යයෙන් වන්නා වූ ප්‍රතිපත්තිය.

සියලු සත්ත්වයන්ගේ අපරාධ සහනය කිරීම, ක්ෂාන්තියෙන් වන්නා වූ ප්‍රතිපත්තිය ය.

ඒ සියලු සත්ත්වයන්ට අතිශයින් උපකාර කිරීමෙහි සමාදානය. අවිසංවාදය යන් මේ ආදි‍සෙතයයෙන් වන්නාවූ ප්‍රතිපත්තියය.

ඒ සියලු සත්ත්වයන් අනුපකාර කිරීමෙන් තමහට අවැඩ පමුණන කල්හිදු නිශ්චලව පිහිටීම අධිෂ්ඨානයෙන් වන්නා වූ ප්‍රතිපත්තියය.

සියලු සත්ත්වයන්ට හිතසැප වන සේ එකවන් සිතීම මෛත්‍රීයෙන් වන්නා වු ප්‍රතිපත්තිය ය.

ඒ සියලු සත්ත්වයන් කරන්නා වු උපකාර අපකාර දෙකෙහි වෙනසකට නොපැමිණ මඬ්‍යස්ථාකාරයෙන් පැවත්ම උපෙක්ෂාවෙන් වන්නාවූ ප්‍රතිපත්තිය යි. 

මෙසේ ප්‍රමාණාතික්‍රාන්ත වූ සත්ත්වයන් අරභයා අනුකම්පා කරණලද සියලු සත්ත්වයන් ඇති මහාබොධිසත්ත්වයන්ට අවශෙෂ පෘථග්ජන සත්ත්වයන් හා අසාධාරණවූ ප්‍රමාණාතික්‍රාන්තවූ කුශල සම්භාරය හා ප්‍රඥාසම්භාරය රැස්කිරිම මේ දාන ප්‍රතිපත්ති ආදිවූ දශවිධ ප්‍රතිපත්තින් නිසා වන්නේයයි දතයුත්තේය.


මේ දශවිධ පාරමිතාවන්ගේ ..

සංස්කරණය

මේ දශවිධ පාරමිතාවන්ගේ යම් ප්‍රත්‍යයයෙක් කියනලද්දේ වී නම් ඒ ප්‍රත්‍යයයාගේ සකස්කොට සමෘඬකිරීමද, පාරමිතා ප්‍රතිපත්ති නම් වන්නේය. ඒ දශවිධ පාරමිතාවෝ වූකලි දශපාරමිතාය, දශඋපපාරමිතාය, දශපරමාර්ථපාරමිතායයි සමතිස් වැදෑරුම් වන්නාහ.

කෙසේද? යත්:- පුත්‍රදාරාවන් හා මුක්තාමාණික්‍යදීවූ සියලු වස්තූන්ගේ පරිත්‍යාගය පාරමිතා නම් වෙයි. තමාගේ අංගපරිත්‍යාගය උපපාරමිතා නම් වෙයි. තමාගේ ජීවිත පරිත්‍යාගය පරමාර්ථ පාරමිතා නම් වෙයි. තමාගේ ජීවිත පරිත්‍යාගය පරමාර්ථ පාරමිතා නම් වෙයි කියා දාන පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ.පුත්‍රදාරාදිවූ ත්‍රිවිධ පරිත්‍යාගයට හේතු නොඉක්මීම් වශයෙන් සීල පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. එම ත්‍රිවිධවස්තුවෙහි ආලය සිඳ නික්මීම් වශයෙන් නෛෂ්ක්‍රමය පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. උපකරණය, අංගය, ජීවිතය යන මේ තුණෙහි තෘෂ්ණාව නසා සියලු සත්ත්වයන්ට වැඩ අවැඩ නිශ්චය කිරීම් වශයෙන් ප්‍රඥා පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ.

යථෝක්තවූ ප්‍රභේද ඇති දාන පරිත්‍යාගාදිය‍ට උත්සාහ කිරීම් වශයෙන් වීර්‍ය්‍යපාරමිතාවෝ තුන් දෙනෙත් වන්නාහ. උපකරණය, අංගය, ජීවිතය යන මේ තුණට අන්තරාය කරන්නවුන්ට ක්ෂමා කිරීම් වශයෙන් ක්ෂාන්ති පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. උපකරණය, අංගය, ජීවිතය, නිසා සත්‍යය නොහැරීම් වශයෙන් සත්‍ය පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. දානාදි පාරමිතාවෝ කොප්‍යයට නොහැකි අධිෂ්ඨාන වශයෙන්ම සමෘඬවන්නාහයි උපකරණාදින්ගේ විනාශයෙහිදු අචලාධිෂ්ඨාන වශයෙන් අධිෂ්ඨාන පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. උපකරණාදින් විනාශ කරන්නවුන් කෙරෙහි මෙත්තාව නොහැරීම් වශයෙන් මෛත්‍රී පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. යථෝක්ත වස්තු-තුණින් උපකාර අපකාර කරන්නාවූ සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථවීම් වශයෙන් උපෙක්ෂා පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහයි සියලු දානාදි පාරමිතාවෝ සමතිස් වැදෑරුම් වන්නාහ.ප්‍රතිඥානුකුල කොට සියලු පාරමිතාවන්ගේ පරිග්‍රහය සත්‍යාධිෂ්ඨානය; එයම සියලු පාරමිතාවන්ට ප්‍රතිපක්ෂධර්මයන්ගේ පරිත්‍යාගය කෘත්‍යාධිෂ්ඨානය; සියලු පාරමිතා ගුණයෙන් සන්හුන් බව උප සමාධිෂ්ඨානය; එම පාරමිතාවන් විසින් පරවැඩ කිරිමට උපාය කෞශල්‍යය ප්‍රඥාධිෂ්ඨානයි. ඒ සියලු පාරමිතාවන්ගේ අධිෂ්ඨානයෝ සතරදෙනෙක් වන්නාහ.

තවද, සියලු පාරමිතාවෝ සත්‍යයෙන් ප්‍රශවය කරණලදහ. ත්‍යාගයෙන් ප්‍රකාශකරණ ලදහ. උපසමයෙන් වර්ධනය කරණ ලදහ. ප්‍රඥාවෙන් පිරිසිදුකරණ ලදහ. තවද, සියලු පාරමිතාවන්ට සත්‍යය උත්පත්තිකාරණය, ත්‍යාගය පරිග්‍රාහකහෙතුය. උපසමය අභිවෘධියට හේතුය, ප්‍රඥාව පිරිසිදු බවට හේතුය. යම්සේ චතුරාධිෂ්ඨානයෙන් සියලු පාරමිතාවන්ගේ සංග්‍රහයවේද එපරිද්දෙන්ම කරුණා ප්‍රඥා දෙකින් සියලු පාරමිතාවන්ගේ සංග්‍රහය වන්නේය. සියලු බොධිසම්භාර ධර්මය කරුණා ප්‍රඥා දෙකින් පිරිසිඳ දන්නා ලද්දෙදය. කරුණා ප්‍රඥා දෙකින් සංග්‍රහකරණ ලද දානාදී ගුණධර්මයෝ මහාබොධි සම්භාර නම් වන්නාහ. බුඬත්වයාගේ සිඬියත් කෙළවර කොට ඇත්තාහ.

සියලු පාරමිතා පිරීමෙන් බුඬත්වයට පැමිණෙන්ට කරණලද ප්‍රාර්ථනා ඇති මහාබොධිසත්ත්වයන්ට යථාස්වභාවය දැනීමෙන් සියලු ධර්මයෙහි නොඇලීම හේතුකොටගෙණ ආත්මස්නේහය නිරවශෙෂයෙන් සිඳි යන්නේය. මහා කරුණා සමාවෙෂයෙන් සියලු සත්ත්වයන් ප්‍රිය පුත්‍රයන් මෙන් දක්නාවූ ඒ මහාබොධිසත්තවයන්‍ට සියලු සතුන් කෙරෙහි කරුණාස්ටන්හය මතුමත්තෙහි වර්ධනයවන්නේය. ඉක්බිත්තෙන් ඒ ඒ අවස්ථාවට සුදුසුව ස්වසන්තාන පරසන්තානයෙහි ලොභ, ද්වෙෂ, මොහ, පහකිරීමෙන් පුරුදු කරණ ලද මාත්සර්‍ය්‍යාදි ප්‍රතිපක්ෂධර්මයන් ඇති මහපුරුෂතෙමේ දාන, ප්‍රියවචන, අර්තථචරර්‍ය්‍යා, සමානත්මතා සංඛ්‍යාත සතර සංග්‍රහ වස්තුවෙන් සත්‍යධිෂ්ඨානාදි චතුරධිෂ්ඨානයෙන්ද අත්, ද්වෙෂ, මොහ, පහකිරීමෙන් පුරුදු කරණ ලද මාත්සර්‍ය්‍යාදි ප්‍රතිපක්ෂධර්මයන් ඇති මහපුරුෂතෙමේ දාන, ප්‍රියවචන, අර්තථචරර්‍ය්‍යා, සමානත්මතා සංඛ්‍යාත සතර සංග්‍රහ වස්තුවෙන් සත්‍යධිෂ්ඨානාදි චතුරධිෂ්ඨානයෙන්ද අතිශයින් ජනයන්ට සංග්‍රහකිරීමෙන් සඬර්මයට අවතීර්ණ ජනයන්ගේ සීලාදී ගුණයන් මුහුකුරු වීමද අණවතීර්ණ ජනයන්ගේ සතරසංග්‍රහ වස්තුවෙන් ඇතුළත් කිරීම්ද කරන්නේය. එසේ හෙයින් කියනලදි.

“ සච්චවාද උපසන්තෝ, පඤ්ඤචා අනුකම්පකො

සම්භතංසබ්බ සම්භාරො, කං නාමත්ථං න සාදයෙ.


මහාකාරුණිකො සත්ථා, හිතෙශිව උපෙක්ඛකො

නිරපෙක්ඛොව සබ්බත්ථ, අහො අච්ඡරියොජිනො.


විරත්තො සබ්බ ධම්මෙසු, සත්තෙසුව උපෙක්ඛකො

සදාසත්ත හිතෙයුත්තො, අහො අච්ඡරියො ජිනො” යි


මහාබොධිසත්ත්වවරයෝ වූකලී..

සංස්කරණය

මහාබොධිසත්ත්වවරයෝ වූකලී මහා කරුණා මහා ප්‍රඥා හා දාන ප්‍රියවචන, අර්ථචර්‍ය්‍යා, සමානාත්මතා යයි කියනලද සතර සංග්‍රහ වස්තුවෙන් සැරහී සිටිනාහ කාලවිශේෂය වූකලි යටත් පිරිසෙයින් සතර අසංඛ්‍යයක් හා කල්පලක්ෂයෙක. මධ්‍යම පරිච්ඡෙදයෙන් අට අසංඛ්‍යයක් හා කප්ලක්ෂයෙකි. උත්තම පරිච්ඡෙදයෙන් සොළොස් අසංඛ්‍යයක් හා කප්ලක්ෂයෙකි. මෙබඳුවූ මේ කාල විභාගය ප්‍රඥාධික, ශ්‍රඩාධික වීර්‍ය්‍යාධික බොධිසත්ත්වයන්ගේ වශයෙන් දතයුත්තේය. ප්‍රඥාධික බොධිසත්ත්වවරයන්ට ශ්‍රඬාව මධ්‍යම වනනේය. ප්‍රඥාව තීක්ෂණවන්නේය. ශ්‍රඬාධික බොධිසත්ත්වවරයන්ට ප්‍රඥාව මධ්‍යම වන්නේය. ශ්‍රඩාව තීක්ෂණ වන්නේය. වීර්‍ය්‍යාධික බොධිසත්වවරයන්ට ශ්‍රඬාව මධ්‍යම වන්නේය. වීර්‍ය්‍යය තීක්ෂණ වන්නේය. සාමාන්‍යයෙන් අර්හත්ඵල විමුක්තිය මුහුකුරු වන්නාවූ ධර්මයන්ගේ තීක්ෂණ මධ්‍යම මෘදු භාවයෙන් මේ තිවිධවූ ප්‍රභේද දතයුත්තේය.

උග්ඝටිතඤ්ඤැය, විපචිතඤ්ඤැය, ඤෙය්‍යය යන මොවුන්ගේ ප්‍රභෙද හෙයින් ත්‍රිවිධවූ බොධිස්තවවරයෝ අභිනිශාර ලක්ෂණයෙහි සම්හවන්නාහ. ඔවුන් අතුරෙන් උග්ඝටිතඤ්ඤැ බොධිසත්තව තෙමේ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ සමිපයේ සතර පදයෙන් යුක්තවූ ගාථාවක් අසන්නේ තුන්පදයක් අසා නිමවන්නාට පළමුකොටම ෂට්අභිඥා හා සමග අර්හත් ඵලයට පැමිණෙන්ට සමර්ථවූ උපනිඃශ්‍රය ඇතිවන්නේය. විපචිතඤ්ඤැ බොධිසත්ත්ව තෙමේ සර්වඥයන් වහන්සේ සමීපයෙන් එකම ගාථාවක් අසන්නේ සතර පදය අසා නිමවන්නට පළමුකොට ෂට් අභිඥා හා සිවුපිළිසිඹියා හා සමග අර්හත් ඵලයට පැමිණෙන්ට සමර්ථ වූ උපනිඃශ්‍රය ඇතිවන්නේය. ඤෙය්‍ය බොධිසත්ත්වතෙමෙ සර්වඥයන් වහන්සේ සම්මුඛයෙන් සතර පදයෙන් යුක්තවු ගාථාවක් අසා ඒ ගාථාව අසා නිමවන්නට පළමුකොට ෂට් අභිඥා හා චතුපටිසම්භිදා හා අර්හත් ඵලයට පැමිණෙන්නට සමර්ථවු උපනිඃශ්‍රය ඇතිවන්නේය.

මෙසේ කරණලද ප්‍රාර්ථනා ඇති ලබන ලද විවරණ ඇති මේ බොධිසත්ත්ව වරයෝ පාරමී ධර්මයන් පුරන්නාහු ක්‍රමයෙන් යථෝක්ත වූ කාල විභාගයෙන් පැමිණෙන්නාහුය. ඒ ඒ කාල විභාගය සම්පූර්ණ වන්නට පළමුකොට ඒ මහා බොධිසත්තවවරයෝ දවසක් පාසා විශ්වන්තර දානය හා සමාන වූ දන් දෙන්නහුද එබඳුවුම සීල සංරක්ෂණාදි සියලු පාරමි ධර්මයන් රැස්කරන්නාහුද කර්මක්ෂයකරඥානය මුහුකුරා නොගිය බැවින් අතුරෙහි බුදුබවට නොපැමිණෙන්නාහුය. කලට පැසෙන්නාවූ ගොයමක් මෙන් සම්‍යක් සම්බොධිය නිශ්චය කරණලද කාල විශෙෂයාගේ නිෂ්පත්තියෙන් සමෘඬ වන්නේය. යථෝක්තවූ කාලයට අතුරෙහි හැම උත්සාහයෙන්ම උත්සාහ කරන්නාවුත් මහා බොධිසත්ත්වවරයන් විසින් සම්‍යක් සම්බොධියට පැමිණෙන්නට නොපිළිවන් වන්නේ යයි පාරමී ධර්මයනගේ පූර්ණය යථොක්ත කාල විශේෂයෙන්ම සිඬවන්නේයයි දතයුතුය.

තවද, කරණ ලද ප්‍රාර්ථනා ඇතිමහා බොධිසත්තවවරයෝ අවිචි මහා නරකාදියෙහි නූපදනාහුය. ඔසුපත් නරකයෙහි උත්පත්තිය නොවලකන ලද්දේය. ලොකන්තරික මහා නරකයෙහි නූපදනාහ. රුක් සිදුරුවල අතුරක් නැතිව ඇවිලෙන්නාවූ වහ්නිස්කනධයක් මෙන් අනවරතයෙන් ඇතුළු කුස ඇවිලෙන්නා වූ වහ්නි ජාලාවන් වැද පහරණ ලදුව බලවත් පීඩාවට පැමිණෙන්නාවූ නිජ්ඣාම තෘෂ්ණිකා නම් ප්‍රෙත ලොකයෙහි නුපදනාහ. ඔසුපත් නරකයෙහි නොඑක් බුද්ධාන්තරවල ක්ෂුධා පිපාසායෙන් යුක්තවූ ක්ෂුත්පිපාසී ප්‍රෙතව නුපදනාහ.ගිනිගෙණ දිලියෙන්නා වූ ආයුධයෙන් ඔවුනොවුන් පැහැර පැසෙන්නා වූ කාලකඤ්ජක අසුරනම් ප්‍රෙතනිකා යෙහිත් නූපදනාහ. වටු කුරුල්ලන් පමණින් ක්ෂුද්‍රපාණීවත් නූපදනාහ.


මනුෂ්‍ය ජන්මයෙහි ඉපැද..

සංස්කරණය

මනුෂ්‍ය ජන්මයෙහි ඉපැද ජාත්‍යන්ධ නොවන්නා. ජාතිබධිර නොවන්නාහ. ජාතිමුග නොවන්නාහ. ජාති පිළු නොවන්නාහ. ස්ත්‍රී නොවන්නාහ. පණ්ඩක නොවන්නාහ. උභතොඛ්‍යජනක නොවන්නාහ. නපුංසක නොවන්නාහ. සොවාන්, සෙදගැමි , අනාගැමි, රහත් යන සතර මඟ සතර ඵලයට නොපැමිණෙන්නාහ. මාතුඝාතක, පිතුඝාතක , අරහන්ත ඝාතක, ලොහිතුප්පාදක, සංඝ භෙදක යන පංචානන්තරියකර්මය නොකරන්නාහ. නියත මිථ්‍යා දෘෂ්ටි නොගන්නාහ. අසංඥතලයෙහි නූපදනාහ. පංච සුද්ධාවාසයෙහි අනාගාමින් උපදනා හෙයින් එහි උත්පත්තියට හේතුයෙක්ම නැත්තේයයි මේ අටළොස් අභව්‍ය ස්ථානයට ඒ මහබොධිසත්ත්වවරයෝ නොපැමිණෙන්නාහ.

තවද,” සතොසම්පජානො ආනන්ද බොධිසත්තො තුසිතා කායාවචිත්වා මාතුකුච්ජිං ඹක්කමති” යනාදින් දක්වනලද සොළොස් වැදෑරුම්වු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෝද “ ජායමානේ සාරිපුත්ත බොධිසත්තෙ අයං දස සහස්සී ලොකධාතු සංකම්පති සම්ප කම්පති සම්පවෙධෙති” යනාදීන් දක්වනලද දෙතිස් පූර්ව නිමිත්තද යම් අනිකුත් බොධිසත්ත්වවරයන්ගේ අභිප්‍රායසිඬියක් හා සමවසිතා ප්‍රාප්ති ප්‍රභෙදයෙක් ඇත් නම් ඒ සියලු ආනිසංසත් දතයුත්තේය.

තවද, මහත්වූ කරුණා ඇති අෂ්ටලොක ධර්මයෙන් අකම්ප්‍යවූ ස්වභාව ඇති සියලු ලොකවාසින්ට අසහාය බන්ධුවූ මහානුභාවසම්පන්නවූ මහාබොධිසත්ත්වවරයෝ මෙසේ මෙබඳුවූ ආශ්චර්‍ය්‍ය අත්භූතවූ ගුණ ධර්මයන් ඇතිවන්නාහ. හැම කල්හි සද්ධර්මය ගොචරකොට ඇති නිර්මල වූ සල්ලෙඛ ප්‍රවෘත්ති‍ ඇති මහබොධිසත්ත්වවරයෝ සර්වඥවරයන් වහන්සේ හැර අන්‍ය සත්ත්වයන් විසින් සිතිනුත් නොසිතිය හැකි මහත්වූ ප්‍රතාප තේජස් ආනුභාව ඇත්තාහ. මහත්වූ චණඩ මාරුතයෙන් ගසා උඩ නගන ලද තරංග මාලාවක් ඇති මහා සාගඑය වේලාන්තය යම්සේ නොඉක්මේද. එපරිද්දේන්ම මහාබොධිසත්ත්වවරයෝත් තමන්ගේ ධර්මතාවයන් නොඉක්මවන්නාහ. ලොකයෙහි ඉපැද, වැඩියාවූත් ඒ මහාබොධිසත්ත්වවරයෝවඩනාලද භාවනා මනස්කාර ඇති බව හේතුකොටගෙණ වෙන්ව එහි නොඇලෙන්නාහ.

යම් බොධිසත්ත්වවර කෙනෙකුන්‍ට ඉදින් තමා කෙරෙහි ස්නේහය යම් යම් පරිද්දෙකින් අඩුවන්නේ වී නමුත් සියලු සත්ත්වයන්කෙරෙහි කරුණා ස්නෙහය ඒ ඒ පරිද්දෙන් අඩු නොවී මතුමත්තෙහි වර්ධනය වන්නේයි. සම්සේ චිත්තය තමා වසඟයෙහි පවතීද, එපරිද්දෙන්ම මහා බොධිසත්ත්වවරයෝ තමන් චිත්ත වසඟව සිතුවක් නොකරන්නා. යම්සේ ඍඬි විධඥානාදිහු පංචාභිඥා සංඛ්‍යාත ඍඬි විශේෂය අධිෂ්ඨානවසිතාදි වශයෙන් තම වසඟයෙහි පවත්නේ වී නමුත් එපරිද්දෙන්ම මහා බොධිසත්ත්වවරයෝ ඍධ්‍යානුභාබවයෙන් යුක්තවමෝවේදැයි සිතු සිතූ පරිද්දෙන් අණිමාලඝමාදි ඍඬි විශේෂය නොදක් වන්නාහ. බොධිසම්භාර ධර්මයන් පුරා ඇවිදින්නාවු පුරුෂ ශ්‍රෙෂ්ඨ වූ ප්‍රාඥවූ බොධසත්ත්වවරයෝ රාගාධි ‍ දෝෂයන් විසින් නොමඩනා ලැබෙති. රාගාදි දෝෂයෝ කිසිසේත් ඒ බොධිසත්ත්වවරයන් නැසියත් නොහෙන්නාහ. මෙබඳු වූ උත්තම වූ බොධිසත්ත්වවරයන් විෂයෙහි චිත්ත ප්‍රසාදය කොට සියලු සත්වයන් විසින් සංසාර දුඃඛයෙන් මිදෙන්ට උත්සාහ කටයුත්තේය.

ඒ බොධිසත්තවවරයන්ගේ උත්තම වූ ප්‍රතිපත්ති මාර්ගය දැන ඉගෙණ ඒ ප්‍රතිපත්තිවූ පරිද්දෙන් පිළිපැද සකල ක්ලේශයන් නස ාඅර්හත් ඵල ඥානය සමධිගමනය කරන්ට උත්සාහ කටයුත්තේය. තවද සංක්ෂේපයෙන් බුද්ධත්වය සිද්ධ කිරීම සියලු පාරමී ධර්මයන්ගේ ඵලවන්නේය. විස්තර හෙයින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනව්‍යඤජන, ඛ්‍යාම ප්‍රභා ද නොයෙක් ගුණ සමූහයෙන් බබලන්නා වූ රූපකාය සමෘඩිය හා දසබල චතුර්වේසාරද්‍යඥාන, ෂට් අසාධාරණඥාන, අෂ්ටාදාශ ආවේණික ධර්මාදි බුද්ධ ගුණයන්ට පිහිට වූ නොයෙක් කෙළ ලක්ෂගනන් ගුණධර්ම සමූහයෙන් හොබනාවූ ධර්මකාය මෘඬිය ලොවුතුරා සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ විසිනුත් මුඛයෙන් කියා නිමවන්ට නොපිළිවන් වන්නේයයි කියා මේ රූපකාය සම්ප්තතිය හා ධර්ම කාය සම්පත්තිය ඒ දානාදි සියලු පාරමි ධරමයන්ගේ මුඛ්‍ය විපාකයෙකැයි දත යුත්තතේය.

තවද, මේ පාරමිතාවෝ නම් කවරහුද? කවර අර්ථයකින් පාරමිතා නම්වූද? ඒ පාරමිතාවෝ කවර ප්‍රකාරයක් ඇත්තාහුද? මොවුන්ගේ ක්‍රම කවරේද? ලක්ෂණ රස ප්‍රත්‍යුපසථාන පදස්ථාන කවරේද? මොවුන්ට ප්‍රත්‍යය කවරේද? සංක්ලේශකවරේද? නිර්මල බව කවරේද? ප්‍රතිපක්ෂ ධර්මයෝ කවරහුද? ප්‍රතිපත්ති කවරේද? විභාග කවරේද? සංග්‍රහ කවරේද? පාරමී ධර්මයන් සිද්ධකරන්නාවූ උපාය කවරේද? කොපමණ කලකින් සිද්ධකට හැකිද? ඒ පාරමී ධර්මයන්ගේ අනුසස් කවරේි්ද? ඵල කවරේද? යි මාතෘකා තබා මහාබොධිසත්ත්ව ප්‍රතිපත්ති සුත්‍රය ත්‍රිපිටකයෙහි විභාගකොට දක්වන ලද අති විස්තර කොට නොකියන ල්දදේද. එතකුදු වුවත් මෙසේ සංක්ෂෙපයෙන් බොධිසත්ත්ව ප්‍රතිපත්තිය නුවණැති සත්ත්වයන් විසින් දත යුත්තේය.