විල්ගම්මුළ පබඳ-අනාගත වංශය නම් වූ මෙතේ බුදු සිරිතi
අනාගත වංශය
නම් වූ
මෙතේ බුදු සිරිත
01. ආරාධනය
සංස්කරණයසකල ගුණනිධාන වූ කරුණාවෙන් සාර වූ ළ ඇති ප්රපඥා නැමැති ප්‍රදීපයෙන් දුරුකරණ ලද මොහන්ධකාර ඇති, දෙවි මිනිසුන් සහිත ලොවට එක ගරුවූ, මහර්ෂිවූ අෂ්ටාංග සමුපෙත බ්රාහ්මස්වර විහිදු වන්නාවූ, ඉෂ්ටානිෂ්ටයෙහි නිර්විකාරීවූ. තිලෝගුරු සම්යෙක් සම්බුදු රජානන් වහන්සේ විසින් බුද්ධවංශ දෙශනාවසානයෙහි දම්සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් ආකාශයෙහි රුවන් සක්මන් මවා එහි සක්මනක් සවා එහි සක්මන් කෙරෙමින් සිට වදාළා වූ අනාගත වංශ දෙශනාව ත්රි්සිංහලාධිශ්වර, නවරත්නාධිපති අසරණ සරණ කරුණා නිධාන, යාචක ජන පාරිජාත ප්රතඥාජනබණ්ඩ, ප්රවජාසංරක්ෂණ ප්රතවීණ නිර්ජිත පුෂ්පකෙතු රූප සෞන්දර්ය් ා . අර්ත්ථිජන ඒන්තාමණි, සකලකලාචාර්ය්රජා, අනවරත දාන ධාරා ප්රදවාහ. සකල සත්ත්ව නෙත්රොතත් යම ශාසනාභිවෘද්ධිකර සකල ගුණගණාභරණ විභූශිත දෙහ, රාජ කුලම්බර පූර්ණචන්ද්රධ, රාජමාණි මකූට රස්මීරඤ්ජත පාද පිඨ, රාජ සකල භූමණ්ඩල, දාන ශිලාද්ය්නෛ ප්රගකාර පුන්යීසම්භාර සම්පූර්ණ සන්තානොපෙත දෙවෙනි පණ්ඩිත පරාක්ර්මබාහු මහරජ්ජුරුවන් ගේ ආරාධනාවෙන් ස්වදේශවාසීන් වැඩ පිණිස ස්භාෂාවෙන් ප්රජකාශකොට කියමි. ඒ මා කියන්නාවූ අනාගතවංශය දෙශනාව සත්පුරුෂවූ සියලු සත්ත්වයෙනි! කන් නමා සිත් යොමා සාවධානව අසවු.
02. නිදාන කථාව
සංස්කරණයතවද, මේ අනාගතවංශ දෙශනාව කවරෙකු විසින් දෙසන ලද්දේද? කොතැන්හිදී දෙසන ලද්දේද? කවර කලෙක දෙසන ලද්දේද? කුමක් පිණිස දෙසන ලද්දේද? කවර කෙනෙකුගේ ආරාධනාවෙන් දෙසන ලද්දේදැ? යි යන මේ ප්රදශ්නයන් පස්දෙනාගේ විසඳීම කොට වර්ළණනා කටයුතු.
එහි කවර කෙනෙකුන් විසින් දෙසද ලද්දේද? යන්නෙහි සියලු ධර්මයෙහි අස්බලිතව පවත්නා ඥානගති ඇති, චතුර්වෛශාරද්ය් විශාරදවූ, ධර්මරාජ වූ ධර්මස්වාමී වූ සර්වඥ වූ සම්බුදුරජාණන් වහන්්සේ විසින් දෙසන ලද්දේය.
කොතැන්හිදී දෙසන ලද්දේද? යන්නෙහි කිඹුල්වත් නුවර නිග්රොහධාරාමයෙහි ඉතා සිත්කලු වූ දැකුම ඇති රුවන් සක්මන සක්මන් කරන්නාවූ සර්වඥයන් වහන්සේ විසින් දෙසන ලද.
කවර කලෙක දෙසන ලද්දේද? යන්නෙහි බුද්ධවංශදෙශනාව’ සාන යෙහි දි දෙසන ලද්දේය.
කුමක් පිණිස දෙසන ලද්දේද ? යන්නෙහි කාමොඝාදි චතුරොඝයෙන් නිස්සරණය පිණිස දෙසක ලද්දේය.
කවුරුන්ගේ ආරාධනාවෙන් දෙසන ලද්දේද ? යන්නෙහි දහම් සෙනවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් දෙසන ලද. මෙපමණකින් කවර කෙනෙකුන් විසින් දෙසන ලද්දේද යනාදීවූ ප්රිශ්න පස විශෙෂයෙන් ප්ර්කාශ නොවන්නේය. එසේ හෙයින් ඒ ප්රශනයන් පස්දෙනාගේ විස්සජ්ජනය මේ මතු කියන්නා වූ ක්රසමයෙන් දතයුත්තේය.
එහි “ කවර කෙනෙකුන් විසින් දෙසන ලද්දේද” යන්නෙහි යම් සර්වඥ කෙනෙකුන් වහන්සේ මේ කල්පයට සාරාසංඞ්ඛ්ය් කප්ලක්ෂයකින් මත්තෙහි අමරවතී නම් නුවර සුමේධ නම් ප්රාහ්මණ කුමාරව අක්ෂර ලිඛිතාදී වූ සියලු ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණ දෙමවුපියන්ගේ ඇවෑමෙන් නොයෙක් කෙළගණන් වස්තු පරිත්යා ග කොට ඍෂිප්රවවුජ්ජාවෙන් පැවිදිව හිමාල වනයෙහි වෙසෙමින් සර්වඥයන් වහනසේ සුදර්ශන මහා විහාරයෙන් නික්ම රඹගම නුවරට වඩනා සඳහා මං එළිකරන්නාවූ මහජනයා දැක ඒ සුමෙධ තාපසයෝ තමන්ටත් එක් ප්රඳදේශයක් ඉල්වාගෙණ ඒ මාර්ගප්රුදෙශය සරහා නිමවන්නාට පළමුකොට වැඩියාවූ සර්වඥයන් වහන්සේට තමන් හෙයක් කොට මඩමත්තෙහි අතුට “සර්වඥයන් වහන්සේ සාරලක්ෂයක් ක්ෂිණාශ්රතවයන් වහන්සේ හා සමඟ මඬ නොමැඬ මාගේ පිට මැඩගෙන වඩනසේක්වා”යි සිතා වැදහොත්තාහුය.
දීපඞ්කර සර්වඥයන් වහන්සේ..
සංස්කරණයදීපඞ්කර සර්වඥයන් වහන්සේ ඒ සුමෙධ තාපසයන් දැකලාම මේ තෙමේ බුඬාංකුරයෙකැයි අනාගතයෙහි සාරාසංඛ්යා කල්ප ලක්ෂයකින් කෙළවර ගෞතම නම් බුදුවන්නේ ය යි විවිරණ දි වදා සේක. ඒ සර්වඥයන් වහන්සේට මෑත භාගයෙහි කොඩඤ්ඤය, මංගලය, සුමනය, රෙවතය, සොහිතය, අනොමදස්සිය, පදුමය, නාරදය, පදුමුත්තරය, සුමේධය, සුජාතාය, පිය දස්සිය, අන්ථදස්සීය, ධම්මදස්සීය, සිද්ධත්ථය, කොනාගමනය, කස්සපය යන ලොව බබුලුවා උපන්නාවූ තෙවිස්සක් පමණ සර්වඥයන් වහන්සේ සමීපයෙන් ලබන ලද විවිරණ ඇතිව දසපාරමිතාය, දසඋපපාරමිතාය, දශපර මාර්ත්ථ පාරමිතාය යන සමත්රිංතශත් පාරමී ධර්මයන් පූරණය කොට වෙස්සන්තරාත්ම භාවයෙහි සිට මහිකම්පා කරවමින් මහදන් දී පුත්රව දාරාවන් පරිත්යාතග කොට ආයු කෙළවර තුසිත දිව්යක ලොකයෙහි ඉපැද එහි ආයු පමණින් සිට දසදහසක් චක්වළ දෙවියන් විසින් රැස්ව සිට :-
“කාලොයං තෙ මහාවීර, උප්පජ්ජ මාතු කුසව්ජියං
සදෙවකං තාරායන්තො, බුජ්ඣස්සු අමතංපදං”
යි. යාඥාකරණ ලදුව පඤ්වමහා විලොකනය කොට එයින් චුතව ශාක්යිරාජ වංශයෙහි ප්රයතිසන්ධි ග්රවහණය කොට එහි මහසැපත් විදිමින් ක්ර මයෙන් සොඳුරුවූ යෞවනයට පැමිණ; තුන් ඍතුවට සුදුසුවූ තුන්පායෙහි දිව්යමලොක ශ්රිරයක් වැනි වූ රාජ්යරශ්රිද අනුභව කෙරෙමින් උයන්කෙළියට යන වේලෙහි ක්රිමයෙන් ජීර්ණ, ව්යායධි, මෘත සංඛ්යාකත වූ දෙවදූතයන් තුන්දෙනා දැක සංවේගයට පැමිණ, වැළක සතරවෙනි වාරයෙහි ප්රයවුජ්ජිත රූපය දැක ප්රේවුජිජාව යහපතැයි මහණවීමට සිත් උපදවා උයනට ගොස් එහි දවස් යවා මඟුල් පොකුණු තෙරෙහි දී කපුවෙස් ගෙණ ආවාවූ විශවකර්ම දිව්යව පුත්රරයා විසින් සරහා පිළියෙළ කරණ ලද්දාවූ රාහුල කුමාරයන් උපන් නියාව අසා ස්නේහ බලවත් බව දැන යම්තාක් මේ ස්නේහබන්ධනය මතු මත්තෙහි වඩාගෙණ නොයන්නේ වී නම් එයට පළමු කොටම ඒ ස්නේහ බන්ධනය සිඳිමි යි සිතා සවස නුවරට වදනාවූ බොධිසත්ත්වයෝ :-
“නිබ්බුතා නූන සා මාතා, නිබ්බුතා නූන සෝ පිතා
නිබුබුතා නූන සා නාරි, යස්සායං ඊදිසො පතී” -යි-
කිසාගොතමි නම් බිසවුන් විසින් කියන ලද මේ ගාථවෙ අසා “මම මෑ විසින් නිබ්බුතපදය අස්වන ලද්දෙමි”යි මුක්තාඟාරය ගලවා ඒ බිසවුන්ට යවා තමන්ගේ මාලිගාවට වැද ශ්රිස යහන්මස්තකයෙහි හුන්නාහු නිද්රාුවට පැමිණියාවූ නාටක ස්ත්රීගන්ගේ තැතනිම් නන්දෙඩ වීම දත්කැවිලි ආදීවූ නොයෙක් විප්රවකාර දැක සසර කළකිරුණාවූ සිත් ඇතිව ඡන්න නහ් අමාත්ය්යා ලවා කන්ථක නම් අශ්වයා ගෙන්වා ගෙණ ඔහු පිටට පැනනැඟී ඡන්න නම් අමාත්යියා හා සමග දසදහසක් සක්වළ දෙවියන් විසින් පිරිවරණ ලදුව මහබිනික්මන් නක්ම අනෝමා නම් ගංතෙරදී මහණව, ක්රණමයෙන් රජගහනුවරට ගොස් පිළිවෙළින් එහි පිඬුසිගා ඇවිද පාණ්ඩව නම් පර්වත සමීපයට පැමිණ එතැන්හිදී බිම්සර රජ්ජුරුවන් විසින් රාජ්යවයෙන් පැවැරූ කල්හි ඒ රාජ්යහය ප්ර්තික්ෂෙප කොට ආළාරකාලාමය, උද්දකරාමපුත්රැය යන තාපසවරුන් දෙදෙනා සමීපයට ගොස් ඔවුන්ගේ සමය පරීක්ෂා කොට එහි සාරයක් නුදුටු හෙයින් කළකිරුණාවූ සිත් ඇතිව, එතැන් පටන් සාවුරුද්දක් මුලුල්ලෙහි අනන්යි සාධාරණ වූ දුෂ්කරක්රිූයා කොට වෙසක් මස මැදිපොහෝ දිනයෙහි උදාසන සුජාතා නම් සිටුදුව විසින් දෙන ලද අසම්භින්න ක්ෂර පායාසය නෙරංජරා නම් ගංඟා තීරයෙහි දී වළදා තලිය වේලෙහි සොත්ථිය නම් බමුණකු විසින් දෙනලද හීතණ අට මිටක් ගෙන ශක්ර සූයාම සන්තුෂිතාදීවූ නොයෙක් දෙවියන් පඤ්වාඞ්ගිකවූ තූර්ර්ය්ශක නාදයෙන් හා පරසතු මදාරා මල් ආදියෙන් පූජාසත්කාර කරන්නට පටන්ගත් කල්හි; මහකෙළ නම් නා රජ්ජුරුවන් විසින් ස්තුති ඝෝෂා පවත්වන්නට පටන්ගත් කල්හි; බෝමැඬට පැනනැඟී හීතණ සලා පැනනැංගාවූ තුදුස් රියන් වජ්රා සනරූඨව “ යම්තාක් සම්යැක් සම්බෝධින්දාරනය සමධිගමය නොකෙළෙම් වීම් නම් ඒ තාක් මේ පර්යං“නනැකයෙන් නැඟී නොසිටිමි” යි ප්රිතිඥාකොට නැඟෙනහිරට මූන ලා වැඩහිඳ හිරු අස්තයට යන්නාවූ පළමුකොට ම සපරිවාරි මාර පරාජය කොට ප්ර ථම සාමයෙහි පූර්වෙනිවාසානුස් මෘතිඥානය ද, මධ්යජමයාමයෙහි චුති උත්පත්ති දෙක දන්නා දිව්යකඤ්චක්ෂුරභිඥානය ද, පශ්චිමයාමයෙහි ද්වාදහාංග ප්රහතිත්යිසමුත්පාදය ද අනුලොම ප්රචතිලොම වශයෙන් සමපණස් ලකුණු දැක ගොත්ර්භූඥානය දක්වා විදර්ශනා වඩා ආර්ය්්රච මාර්ගයෙන් සමපණස් සකලක්ලේශයන් නසා අරුණ නැගෙන වේලෙහි සර්ව ඥතාඥානය ප්රලතිවෙධය කොට ප්රිවති වෙගයෙන් “අනෙක ජාති සංසාරන්” යනාදීන් උදන් ඇනූසේක.
ඒ භාග්‍යවත් වූ නික්ලේශී වූ..
සංස්කරණයඒ භාග්‍යවත් වූ නික්ලේශී වූ සම්‍යක් සම්බුදුරජානන් වහනසේ විසින් මේ අනාගත වංශය දෙසන ලද්දේය. මෙ පමණකින් කවර කෙනෙකුන් විසින් දෙසන ලද්දේද යන මේ ප්‍රශ්ණය විශේෂයෙන් විසඳන ලද්දේය.
කොතැන්හි දි දෙසන ලද්දේද? යන්නෙහි ඉක්බිත්තෙන් ලබන ලද සර්වඥතාඥානය ඇති ඒ සර්වඥයන් වහන්සේ බොධිද්රැිම සමීපයෙහි ම සත්සති යවා ඉකුත්කොට අටවැනි සප්තාහයෙහි අජපාල න්ය ග්රොමධ වෘක්ෂ මූලයෙහි වැඩ උන්සේක් තමන් වහන්සේ විසින් ප්රපතිවෙධ කරණ ලද ධර්මය ගැඹුරු බව සැලකීමෙන් දෙශනාකිරිමට මන්දොත්සාහ වන බවට පැමිණ දහසක් සක්වල මහාබ්ර්හ්මයන් පිරිවර කොට ඇති සහම්පති මහාබ්රහහ්මයා විසින් “නස්සති වන හො ලොකො’ විනස්නති වන හො ලොකො යනාදීන් ධර්මදේශනාවට ආරාධනා කළ කල්හි බුඬවක්ෂුසින් ලොව බලා වදාරා බ්රමහ්මාරාධනාව පිළිගෙණ පළමුකොට මම කවරෙක්හට ධර්මදේශනා කෙරෙම් දෝහෝ’යි බලා වදාරණ සේක් අළාරකාලාමයන් හා උද්දකරාම පුත්ර්යන් කලුරිය කළ නියාව දැන පස්වගමහණුන් වහන්සේ තමන් වහන්සේට නොයෙක් පරිද්දෙන් උපකාරි නියාව සිහිකෙට හුනස් නෙන් නැඟී කසීපුරයට වඩනාසේක් අතරමග දී උපක නම් ආජීවක යක්හු හා සමග කථා කොට ඇසළ මස පුණුපොහොය ලද දවස් බරණැස් නුවර ඉසිපතන නම් මිගදායෙහි පස්වග මහණුන් වහන්සේ වසන්නාවූ ස්ථානයට පැමිණ නුසුදුසු වූ ආවුසොවාදාදී වූ ව්යුවහාර යෙන් ව්යාවහාර කරන්නා වූ ඒ භික්ෂූන්වහන්සේට තමන් වහන්සේ බුදුවූ නියාව කියා ගිවිස්වා අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේප්ර ධාන කොට ඇති අටළොස් කෙළක් බ්රයහ්මයන් සඞර්මාමෘත පානය කරවමින් දම්සක් පැවතුම් සූත්ර්දේශනාව කොට පවත්වන ලද උතුම් වූ දම්සක් පැවතුම් සූත්රමදේශනාව කොට පවත්වන ලද උතුම්වූ දම්සක් පැවතුම් ඇති ඒ සර්වඥයන් වහන්සේ ඇසළ මස අවවිසේනියෙහි ඒ සියලු පස්වග මහණුන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටුවා ඒ දවස් යස කුලපුත්ර්යන්ගේ අර්හත්ඵලයට උපනිශ්රඥය සමෘඞිය දැක රාත්රිිභාගයෙහි කළකිරී ප්රසාදය හැර නික්මෙන්නාහු ‘ මෙසේ වර! යස!’ යයි කියා කැඳවා එම රාත්රිර භාගයෙහි ශ්රොසතාපත්ති ඵලය හා දෙවැනි දවස් අර්හත්ඵලයට පමුණුවා අන්යකවුත් ඒ යස කුලපුත්රෙයන්ට යහළු වූ සිවුපණස් දෙනෙකු එහි භික්ෂුභාවයෙන් පැවිදි කරවා අර්හත්ඵලයට පමුණුවා මෙසේ ලොකයෙහි එක්සැටක් රහතුන්වූ කල්හි වැස නිමවන ලද වස් ඇතිසේක් වස් පවරා, “මහණෙනි! ඒ ඒ තැන්හි චාරිකා කරව්” යි කියා සැටක් පමණ භික්සූන්වහන්සේ ඒ ඒ දිග යවා තමන්වහන්සේ උරුවේලාවට වඩනාසේක් අතර මඟ කප්පාසික වනසණ්ඬමධ්ය යෙහි දි භද්රාවර්ග රාජකුමරුවරුන් තිස් දෙනෙකුට ධර්මදේශනා කළ සේක. ඔවුන් අතුරෙන් ඇමට කෙළවර රාජකුමාරයෝ සෝවාන් වූහ. ඇමට වැඩිමාලු රාජකුමාරයෝ අනාගාමී වූහ.
ඒ තිස්දෙනා එහිභික්ෂුභාවයෙන් මහණ කරවා ඒ ඒ දිගයවා උරු වේලාවට වැඩ තුන්දහස් පන්සියයක් ප්රාළතිඵාර්ය්වා යන් දක්වා උරු වෙලකාශ්යැපයන් ප්රනධාන ඇති තුන් බෑ ජටිලයන් හා දහසක් ජටිලයන් විනයනය කොට එහිභික්ෂුභාවයෙන් මහණ කරවා ගයා ශීර්ෂයේ හිඳුවා ආදිත්තපරිපාය සූත්රඑදේශනාවෙන් අරුහත්ඵලයෙහි පිහිටුවා ඒ දහසක් රහතුන්වහන්සේ විසින් පිරිවරණලදුව “ බිම්සර රජ්ජුරුවන්ට දෙනලද ප්රුතිඥාව මුදමි”යි සිතා රජගහනුවර ලඨීවන නම් උද්යාරනයට වැඩ “සර්වඥයන් වහන්සේ වැඩිසේක” යනු අසාඑක්ලක්ෂ විසිදහසක් පමණ බ්රාවහ්මණ ගෘහපතීන් සා සමඟ සමීපයට ආවාවූ රජජුරුවන්ට මිහිරිවූ ධර්මදේශනා කරණසේක් රජ්ජුරුවන් හා සමඟ එක්ලක්ෂ දසදහසක්දෙනා සෝවාන් පෙලෙහි පිහිටුවා දසදහසක් දෙනා සරණ සීලයෙහි පිහිටුවා දෙවෙනි දවස් ශක්රහදේවේන්ද්ර්යන් විසින් මානවක වේශයක් ගෙණ :-
කප්පකසායෙ කලියුගෙ, බුඞුප්පාදො අහො! මහච්ජිරියං
හුන්වහ මජෙඣ ජාතං , පමුදිත මකරන්ද මරවින්දං
යනාදීන් විශෙෂයෙන් ස්තුති කරණලද සේක් රජගහ නුවරට වැඩ රජ්ජුරුවන්ගේ මාළිගාවෙහි දී වළඳා වෙළුවනාරාමය පිළිගෙණ එහි වාසය කොට වදාළසේක.
එසමයෙහි සුද්ධොදන මහරජ්ජුරුවෝ..
සංස්කරණයඑසමයෙහි සුද්ධොදන මහරජ්ජුරුවෝ “මගේ පුතනුවන් වහන්සේ උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණ පවත්වන ලද උතුම් වූ දහම්සක් පැවැතුම් සූත්‍ර දේශනාවන් ඇති සේක් රජගහ නුවරට වැඩ වේළුවනාරාමයෙහි වැඩවසන සේක” යනු අසා එක්තරා මහාමාත්යැයෙකු කැඳවා “දහසක් පුරුෂයන් පිරිවරා රජගහ නුවරට ගොස් මාගේ කීමෙන් ‘නුඹ වහන්සේගේ පිතෘවූ සුද්ධොදන මහරජ්ජුරුවන් වහන්සේ දක්නා කැමැති සේකැ’යි කියා මාගේ පුතනුවන් වහන්සේ කැඳවා ගෙන එව”යි කියා සම්මත කළහ.
ඒ අමාත්යනයා “යහපත! දේවයන් වහන්සැ”යි කියා රජ්ජුරුවන්ගේ බස් පිළිගෙණ පුරුෂයන් දහසක් පිරිවර කොට ඇත්තේ සැට යොදුන් මාර්ගය ගෙවා ගොස් ධර්මදේශනා කරණ වේලෙහි විහාරයට වැඳ රජ්ජුරුවන් වහන්සේගෙන් කියා එවු අසුන් තව තිබෙන්නාටය යි සිතා බණ පිරිස් කෙළවර සිට බුදුරජානන් වහන්සේ වදාරන්නාවූ ධර්මදේශනාව අසා සිටියේ සිටම පුරුෂයන් දහසක් දෙනා හා සමඟ රහත්ව මහණවීමට අවසර ඉල්ලා එහි භිඛ්ෂුභාවයෙන් පැවැදිව පර්ෂත් හා සමඟ භාග්ය වත් වූ සර්වඥයන් වහන්සේ පිරිවරා ගෙන සිටිසේක.
සුද්ධොදන මහරජ්ජුරුවෝ “ගියවුන්ගෙන් එන කෙනෙකුත් නැත, අස්නකුත් නො ඇසෙන්නේය”යි පළමු පරිද්දෙන්ම නවවාරයක් පුරුෂයන් දහසක් දහසක් පිරිවර කොට ඇති මහාමාත්ය යන් වන දෙනෙකු යවා ඔවුන් හැමදෙනාත් ගොස් අර්හත්ඵලයට පැමිණ මහණව මුවෙන් නොබැණ හුන්කල්හි මහාපුරුෂයානන් වහන්සේ හා සමඟ එක දවස් උපන් අතිවිශ්වාසී වූ එක්ව වැලිකෙළියෙහි පටන් කෙළිනා වූ, කාළුදායි නම් අමාත්යඑයා කැඳවා” දරුව! උදායිනි! මාගේ පුතනුවන් වහන්සේ දකිනු කැමතිව අමාත්යයන් නවදෙනෙකු සමග පුරුෂයන් නවදහසක් යැවීමි. උන් හැම දෙනාගෙන් එකකුත් අවුත් අසුන් පමණකුත් මට කී කෙනෙක් නැත. එසේ හෙයින් මගේ පුතනුවන් වහනසේ මා ඇය පා පියන්නට පිළිවන්දැ”යි කී කල්හි “ස්වාමිනි! ඉඳින් මහණවන්ට අවසර ලද්දෙම් වීම් නම් ගෙණවුත් දක්වා ලන්ට සමර්ථයෙමි’ යි කි කල්හි “දරුව! තෙපි මහණ වෙවයි. මහණ නොවී වෙව යි මපුතනුවන් වහන්සේ මට ගෙනවුත් පෑ ලව”යි සම්මත කළහ.
කාළුදායි නම් අමාත්ය යා “යහපත! දෙවයන්වහන්සැ” යි කියා දහසක් පුරුෂයන් පිරිවරා රජගහ නුවරට ගොස් සර්වඥයන් වහන්සේගෙන් ධර්මදේශනාව අසා පුරුෂයන් දහසක් දෙනා සමඟ අර්හත්ඵලයට පැමිණ එහි භික්ෂුභාවයෙන් පිවිදිව මිදින් මස පුරපසළොස් වක් දිනයෙහි ; ‘හෙමන්ත කාලය ඉකුත් විය, වසන්තකාලය පැමිණි යේය. වන ලැහැප් මනාව පිපියේය, මාර්ගය වැඩීමට සුදුසුය. දශබලධාරීවූ බුදුරජානන් වහන්සේ ඥාති සංග්රපහ කරන්නට කලැ’යි සිතා සර්වඥයන් වහන්සේ කරා එළඹ :-
අංගාරිනොදැනි දුමා හදන්තෙ, එලෙසිනො ඡදනං විප්පහාය
තෙ අචිවිමන්තොව පභසයන්ති, සමයො මහාවිහාර භගිරථානං
යනාදීන් සැටක් පමණ ගාථායෙන් මාර්ගසවර්ණනාව කොට සර්වඥයන් වහන්සේ , උදායි ස්ථවීරයෙනි! කුමක් පිණිස ගමන වර්ණනා කරවුදැ’යි වදාළ කල්හි ‘එසේය! ස්වාමීනි!! නුඹ වහන්සේට පිතෘවූ සුද්ධොදන මහරජ්ජුරුවෝ දක්නා කැමැත්තෝය. එසේ හෙයින් නෑයන්ට! සංග්ර්හකොට වදාළ මැනව”යි කි කල්හි ‘යහපත! උදායිනි!! නෑයන්ට සංග්රහ කෙරෙමි. එබැවින් භික්ෂු සංඝයාට කියව’යි වදාළ කල්හි ‘යහපත! ස්වාමිනි!!’යි කියා උදායි කියා උදායි ස්ථවිරයන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට දැන්වූසේක. සර්වඥයන් වහන්සේ අඟු මගධ දෙරට වැසි කුලපුත්රූයන්ගෙන් දසදහසක් දෙනා වහන්සේය, කිඹුල්වත් නුවර වැසි කුලපුත්රයන්ගෙන් දසදහසක් දෙනා වහන්සේ යයි කියා එක්කොට විසි දහසක් ක්ෂිණාශ්ර ව භික්ෂූන්වහන්සේ විසින් පිරිවරණ ලදුව රජගහ නුවරින් නික්ම දවස දවස යොදනක් යොදනක් වඩනා සේක් මෙසකින් කිඹුල්වත්පුරයට පැමිණිසේක.
ශාක්යස රජ්ජුරුවෝත් සර්වඥයන් වහන්සේ වඩනාට පළමු කොටම අපගේ නෑ උතුමානන් වහනසේ දක්නමෝ වේදැ’ යි කියා භාග්යේවතුවූ සර්වඥයන් වහන්සේ වසන්නට සුදුසු තැනක් පරීක්ෂා කරන්නාහු නිග්රෝධ නම් ශාක්යව රජ්ජුරුවන්ගේ උයන සිත්කලු යයි සලකා එහි ගඳකිළි මණ්ඩප දොරට ආදී වූ රාත්රීරස්ථාන දිවාස්ථාන කර නිමවා ගඳ දුම්මල් පහන්ගත් අත් අතිව පෙර ගමන් කරන්නාහු ස්වර්ණාභරණයෙන් සැරහී සුවඳ මල් සුවඳ සුණු ආදියෙන් පූජා කෙරෙමින් සර්වඥයන් වහන්සේ පෙරදැරිකොට නිග්රෝධාරාමයට ගියාහුය. එහි බුදු රජානන් වහන්සේ විසිදහසක් ක්ෂිණාශුවයන් වහන්සේ විසින් පිරිවරණ ලදුව පණවනලද බුඞ්සන මස්තකයෙහි යුගඳුරු මුදුනෙහි දිලිහෙන්නාවූ ලහිරු, සඞලක් මෙන් දිලිහි දිලිහි වැඩහුන්සේක. ශාක්යල රජදරුවෝ වූකලී ජාතිය නිසා තදමන් ඇත්තාහු ‘දිඞ්ර්ථ කුමාරයෝ අපට ඉතා බාලයෝය. අගේ මලනුවෝය, බෑණනුවෝය, මුනුබුරානෝය, පුතනුවෝය’යි සිතා බාල බාල රාජ කුමාරවරුන්ට “තොපි වඳුව! අපිත් තොපගේ පිටිපස්සේ බිඳුම්හ” යි කීහ. මෙසේ ඒ හාක්යවරජ දරුවන් ජාති මානය පෙරදැරිකොට උන්කල්හි ඉක්බිත්තෙන් භාග්ය වත් වූ සර්වඥයන් වහන්සේ ඔවුන්ගේ අදහස් බාල “මාගේ මේ නෑයෝත් තමන් වයසින් වැඩිමහලු පමණකට මා නො වඳති. බුදුහු නම් කෙබඳු සේක් ද? බුදුබල නම් කෙබඳු දෙයකැයි කියා නො දනිති. එබැවින් මම මාගේ බුඞ්බලයත් දක්වමි. ඍඞ්බලයත් දක්වමි. ප්රා.තිභර්ය්ම මයත් කෙරෙමි. ආකාශයෙහි දස දහසක් සක්වල පැතිර සිටියාවූ යත්රුවන්මය සක්මනක් මවා එහි සක්මන් කෙරෙමින් මහජනයාගේ අඞ්යා ශය පරීක්ෂාකොට ධර්ම දෙශනායකුත් කෙළෙම් වීම් නම් යහපතැ”යි සිතූසේක.
ඉක්බිත්තෙන් මෙසේ බුදුරජානන් වහන්සේ...
සංස්කරණයඉක්බිත්තෙන් මෙසේ බුදුරජානන් වහන්සේ සිතූ සිත හා සමඟ දසදහසක් සක්වළ බූමාටු දෙවියන් ආදිකොට සියලු දෙවතාවෝ සතුටු සිත් ඇතිව සාධු කාර නාද පැවැත්වූහ. එසඳ සර්වඥයන් වහන්සේ සිතූ සිතට අනතුරුව ම ඔදාතකසිණ සමාපත්තියට සමවැද ‘දහසක් සක්වළ ආලොක වෙව”යි ඉටුසේක. ඒ අධිෂ්ඨාන චින්තය හා සමඟ අවිවියෙහි පටන් අකනිටා බඹලොව දක්වා එකා ලොක විය. එකෙනෙහි භාග්ය වත් වූ සර්වඥයන් වහන්සේ දස දහක් සක්වළ ආලොක පතුරුවා අභිඥාව පාදකොට ඇති චතුර්ත්ථඞ්යාකනයට සමවැද එයින් නැඟී ආවර්ජනාකොට අධිෂ්ඨාන චින්තනයෙන් ආකාශයට පැණනැඟී ඒ නෑයන්ගේ හිස පයපස් වගුරවන්නාක් මෙන් මහත් වූ දිව්යපමනුෂ්යන පර්ෂත් මධ්යනයෙහි යමකප්රාබතිභාර්ය්ාශ දක්වා වදාළ සේක. ඒ කෙසේද ? යත් :-
ඌර්ධව ශරීරයෙන් ගිනිකඳෙක් පවත්නේය. අධඃශරීරයෙන් දියකඳෙක් පවත්නෝය. අධඃ ශරීරයෙන් ගිනිකඳෙක් පවත්නේය. ඌර්ධව ශරීරයෙන් දියකඳෙක් පවත්නේය. පූර්ව ශරීරයෙන් ගිනි කඳෙන් පවත්නේය. පශ්විම ශරීරයෙන් දියකඳෙක් පවත්නේය. පශ්චිම ශරීරයෙන් ගිනිකඳෙක් පවත්නේය. පූර්ව ශරීරයෙන් දියකඳෙක් පවත්නේය. දකුණැසින් ගිනිකඳෙක් පවත්නේය. වමැසින් දියකඳෙක් පවත්නේය. වමැසින් ගිනි කඳෙක් පවත්නේය. දකුණැසින් දියකඳෙක් පවත්නේය. දකුණු කන්සිදුරෙන් ගිනිකඳෙක් පවත්නේය. වම් කන්සිදුරෙන් ගිනිකඳෙක් පවත්නේය. දකුණු කන්සිදුරෙන් දියකඳෙක් පවත්නේය. දකුණු නාසාසිදුරෙන් දියකඳෙක් පවත්නේය. වම් නාසාසිදුරෙන් ගිනිකඳෙක් පවත්නේය. දකුණු නාසාසිදුරෙන් ගිනිකඳෙක් පවත්නේය. වම් නාසාසිදුරෙන් ගිනිකඳෙක් පවත්නේය. දකුණු නාසාසිදුරෙන් දියකඳෙක් පවත්නේය. දකුණු සදරුවෙන් ගිනිකඳෙක් පවත්නේය. වම් සදරුවෙන් දිය කඳෙක් පවත්නේය. වම්සදරුවෙන් ගිනිකඳෙක් පවත්නේය. දකුණු සදරුවෙන් දියකඳෙක් පවත්නේය. දක්ෂිණ හස්තයෙන් දියකඳෙක් පවත්නේය. දකුණැලයෙන් ගිනි කඳෙන් පවත්නෝය. වමැලයෙන් දියකඳෙක් පවත්නේය. වමැලයෙන් ගිනිකඳෙක් පවත්නේය. දකුණැලයෙන් දියකඳෙක් පවත්නේය. දකුණු පයින් ගිනිකඳෙක් පවත්නේය. වම් පයින් දියකඳෙක් පවත්නේය. වම්පයින් ගිනිකඳෙක් පවත්නේය. දකුණු පයින් දියකඳෙක් පවත්නේය.
ඇඟිල්ලක් ඇඟල්ලක් පාසා ගිනිකඳෙන් පවත්නේය. ඇඟිල්ලක් ඇඟල්ලක් පාසා දියඳෙන් පවත්නේය. ඇඟිලි අස්සක් අඟිලි අස්සක් පාසා ගිනිකඳෙන් පවත්නේය. ඇඟිලි අස්සක් අඟිලි අස්සක් පාසා දියකඳෙන් පවත්නේය. ලෝමයක් ලෝමයක් පාසා දිය ගිනිකඳ පවත්නේය. ලෝමයක් ලෝමයක් පාසා දිය ගදියකඳ පවත්නේය. ලොමකූපයක් ලෝමකූපයක් පාසා ගිනිකඳ පවත්නේය. ලොමකූපයක් ලෝමකූපයක් පාසා දියකඳ පවත්නේය. බුදුරජානන් වහන්සේ වැඩ උන්සේක් වී නම් නිරමිත සර්වඥයන් වහන්සේ සක්මන් කරණ සේක් හෝය. වැඩසිටිනසේක් හෝය; වැඩහිදිනාසේක් හෝය. සැතපෙනසේක් හෝය; බුදුරජාණන් වහන්සේ සැතපෙනසේක් වී නම් නිර්මිත සර්වඥයන් වහන්සේ සක්මන් කරණ සේක් හෝය. වැඩ හිදිනසේක් පවතනේය.
ඒ භාග්ය වත් බුදුරජාණන් වහන්සේ තෙජොකසිණ සමාපත්තියට සමවැදීමෙන් උර්ධව ශරීරයෙන් ගිනිකඳෙක් පවත්වේය. අංපොකසිණ සමාපත්තියට සමවැදීමෙන් අධඃ ශරීරයෙන් දියකඳෙක් පවත්නේය. නැවත තෙජොකසිණ සමාපත්තියට සමවැදීමෙන් අධඃශරීරයෙන් ගිනි කඳෙක් පවත්නේය. අපොකසිණ සමාපත්තියට සමවැදීමෙන් ඌර්ධව ශරීරයෙන් දිය කඳෙක් පවත්නේය. මෙහි වූ කලි ගිනි කඳ දියකඳ හා මිශ්රි නොවන්නේය. දියකඳ ගිනිකඳ හා මිශ්රප නොවන්නේය. ෂට්වර්ණ ළන බුඞ්රශ්මින් අතුරෙන් දෙවැනි වූ රශ්මිය පළමු පළමු වූ රශ්මියට යුවළ යුවළ වූවාක්මෙන් එකක්ෂණයෙහි පවත්නේය. දෙසිතක් එකවිට උපනේත් නැත. එතකුදු වුවත් සර්වඥයන් වහන්සේගේ භවාඞ්ග පරිව්තනය ලඝු බැවින් හා පස් ආකාරයෙකින් පුරුදු කරණ ලද්දාවූ සිත්ඇති බැවින් ඒ සවණක් රැස් එකක්ෂනයෙහි ම පවත්නේය. ඒ ඒ රශ්මි පිණිස ආවර්ජනය පරිකර්මය අධිෂ්ඨානය මේ සියල්ලම වෙන වෙනම වන්නේය. ඒ එසේමැ යි. ඒ භාග්ය වත් වූ සර්වඥයන් වහන්සේගේ නිල රශ්මිය සඳහා නීලකසිණ සමාපතතියට සමවදනාසේක. රන්වන් රස් සඳහාපීතකසිණ සමාපත්තියට සමවදානාසේක. රන් වූ රස් විහිදුවනු සඳහා ලොහිත කසිණ සමාපත්තියට සමවදානාසේක. සුදුරස් විහිදුවන සඳහා ඔදාත කසිණ සමාපත්තියට සමවදානාසේක.
මෙසේ ඒ බුදුරජාණන් වහන්සේ යමක ප්රාතතිභාර්ය් ස ය කරණ කල්හි සියලු දස දහසක් සක්වල නොයෙක් සැරහීමෙන් සරහන්නාක් මෙන් වූයේය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ යමක ප්රා්තිභාර්ය්දා ය කරණසේක් මහජනයාගේ සිත් හසර බලා ඔවුනගේ අදහසට සුදුසු වූ ධර්මකථාවක් සක්මන් කෙරෙමින් සිට වදාරණු කැමැතිව දසදහසක් සක්වළ දසදහසක් රුවන් මෙන් පිලිවෙළින් සිට රුවන් තැම්මෙන් කොට ඒ මෙර මුදුනෙහි දසදහසක් සක්වළ පැතිර සිටියා වූ එක් කෙළවරකින් නැඟෙනහිර සක්වල මෝවිට ඉක්ම සිටියාවූ කෙළවර ඇති සත්රුවන් මය වූ පැහැසර වත්වූ සක්මනක් මවා එහි සක්මන් කරණසේක් අෂ්ටංගයෙන් සමූපෙත වූ කර්ණශ්ර වනීය වූ සිත්කළු වූ බ්රෙහ්මස්වර විහිදුවා නොයෙක් නයින් විසිතුරු වූ චතුස්සත්යවයෙන් යුක්ත වූ අනිතළ්යානදී ලක්ෂණත්ර්ය ප්රනකාශකරන්නාවූ අතිමධුර වූ ධර්මදෙශනා කරණ සේක් දිව්ය මනුෂ්යයයන්ගේ නෙත්රරයට රසාඤ්ජනයක් බඳු වූ යමක ප්රාණතිභාර්ය් අ ය කොට වදාරණසේක.
එසඳ භාග්යකවත් වූ සර්වඥයන් වහන්සේ ඒ රුවන් සක්මන් සක්මන් කරණසේක් එසක්මන් දෙකෙළවරට පැමිණ ම නවත්නාසේක් අතුරෙහි කෙළවරට නො පැමිණ නො නවත්වා සේක. යම් සේ සතැ රියන් පමණ සක්මනෙක සක්මන් කරන්නෙක් සකම්න් දෙකෙළවරට පැමිණ වහා කරකැවේ ද එ පරිද්දෙන් ම සර්වඥයන් වහන්සේ දසදහස් යොදනනෙහි පැතිර සිට රුවන් සක්මන දෙකෙළ වරට පැමිණ මුත් අතුරෙහි සිට කරකැවී නොකඩනාසේක. කිමෙක්ද? ඒ සර්වඥයන් වහන්සේ දසදහස් සක්වල පමණ දිග ඇති සක්මන හුස්වකොට පූසේක් ද? නොහොත් ඒ සක්මන දිග පළල නිසා මහත් වූ ආත්මභාවයෙන් මැවූසේක්ද? එසේ ඒ දෙකම නො කළ සේක. ඒ සර්වඥයන් වහන්සේ බුඬ මහිමය නොසිතිය හැක්කේය. අකනිටා බ්රරහ්මලොකයෙහි පටන් අවිවිය දක්වා එකාංගණ විය. සරසින් දසදහසක් සක්වල එකෙළිවිය. දෙවියෝ මනුෂ්ය යන් දකිති. මනුෂ්ය යෝ දෙවියන් දකිති.
යම්සේ සියලු දිව්යො මනුෂ්යයයෝ..
සංස්කරණයයම්සේ සියලු දිව්යො මනුෂ්යයයෝ ස්වභාවයෙන් අභිමුඛයෙහි සිට සමීපයෙහි සක්මන් කරන්නාහු දකිත් ද? එපරිද්දෙන්ම භාග්යිවත්වූ සර්වඥයන් වහන්සේ මෙරමුදුනෙහි පිහිටි රුවන් සක්මන් සක්මන් කරන්නාහු දුටහ. එසේ භාග්යිවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් කිඹුල්වත් නුවර නිග්රොටධාරාමයෙහි ඉතා සිත්කලු වූ දැකුම් ඇති රුවන් සක්මන් සක්මන් කෙරෙමින් සිට මේ අනාගත වංශ දෙශනාව දෙසන ලද්දෙය. මෙ පමණකින් කොතැන්හිදී දෙසනලද්දේද? යන මේ ප්ර ශනය සර්වාකාරයෙන් විස්සජ්ජනය කරණ ලද්දේ යි.
කවර කලෙක දෙසන ලද්දේ ද? යන්නෙහි පස්විස්සක් පමණ සර්වඥයන් වහන්සේගේ වංශයෙන් සැරහුනා වූ නොයෙක් නයින් විසිතුරු වූ බුඞ්වංශ දෙශනාවසානයෙහි දෙසන ලද්දේ ද?
කුමක් පිණිස දෙසන ලද්දේ ද? යන්නෙහි කාමොඝය,භවොඝය, දිඨොඝය, අවිජ්ජෝඝය යන චතුර්විධ වූ ඔඝයෙන් නිස්සරණ්යය පිණිස දෙසන ලද්දේය. කවරෙකෙනෙකුන් වහන්වසේගේ ආරාධනාවෙන් දෙසන ලද්දේ ද? යන්නෙහි දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් දෙසන ලද්දේය.
සම්බුඞශ්රීයය හා ආරාධනය
හේ කෙසේ ද ? යත් :-
ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ රජගහා නුවර ගිජුකුළු පව්වෙහි වසන සේක් භාග්ය්වත්වූ සර්වඥයන් වහන්සේ කිඹුල්වත් නුවර ආකාශයෙහි රුවන්සක්මනක් මවා එහි සක්මන් කරන්නා දුටුසේක. ඒ බුදුහු කෙබඳු ශ්රී් සමෘඞියෙකින් යුක්ත වූ සේක්ද? යත් :- දෙතිස් මහපුරුෂ ලක්ෂණයෙන් හා අසූ අනුව්ය්ණ්ජනයෙන් බබලන්නාවූ උතුම් වූ ශ්රීම ශරීර ඇතිසේක. සරත් කාලයෙහි සම්පූර්ණවූ චන්ද්රු සණ්ඩලය වැනි සේක. අග සිට මුල දක්වා පිපි ගිය මල් ඇති යොදුන් සියයක් උස ඇති පරසතු මඳාරා රුක වැනි සේක. අටළොස් රියන් බුඬරූපය වටා සිටියාවූ බ්යායම ප්රරභාමළණ්ඩලයෙන් සග්රිාකසේක. ගමන්ගත් උතුම් වූ රුවන් මෙරක් වැනි සේක. සුපිපි පියුමෙන් ගැවසී ගත්තාවූ පියුම් විලක් වැනිසේක. නොයෙක් රත්නයෙන් විසිතුරු වූ උතුම් වූ රුවන් තොරණක් වැනිසේක. තාරකා රශ්මියෙන් ගැවසී ගත්තාවූ අකාශතලයක් වැනිසේක. ඈත මෑත දිවෙන්නාවූ ෂට්වර්ණඝණබුඬ රශ්මිමාලාවන් විහිදුයන සේක. නිරුත්තර වූ බුඞශ්රී න් හා උපමා විෂයාතික්රාමන්තවූ බුඬ විලාසයෙන් බබලන සේක.
මෙ බඳු වූ බුඬශ්රීින් විරාජමානව සක්මන් කරන්නාවූ ඒ බුදුරජානන් වහන්සේ දැක මේ සියලු දස දහස් සක්වළ දිව්‍යබ්රවහ්මාදිහු රැස්වූහ.මෙතැන්හි වූ කලි මහත් වූ ධර්මදේශනාවක් විය යුතුය. බුඞවංශ දෙශනාව වු කලි බොහෝ සත්ත්වයන්ට උපකාරය ප්ර්සාදාවහය. එසේ හෙයින් මම දශබලධාරී වූ සර්වඥයන් වහන්සේගේ මූල ප්රණිධානයෙහි පටන් බුඞවංශ දෙශනාව විචාළෙම් වීම් නම් යහපත් වන්නේ ය’යි සිතා තමන් වහන්සේගේ පරිවාර භික්ෂූන් පන්සියයක් දෙනා වහන්සේ හා සමඟ ආකාශයෙන් ගොස් සර්වඥයන් වහන්සේ සමීපයට එළඹ නමස්කාර කොට දොහොත් මුදුන්හි පිහිටුවාසිට “මහාවීර්ය්ුන් ඇති නරොත්තම වූ සර්වඥයන් වහන්ස! නුඹ වහන්සේ ගේ ප්රුථම ප්රනණිධානය කෙබඳු ද? කවර කළෙක නුඹ වහනසේ විසින් මේ උතුම් වූ බුදු බව ප්රානර්ථනා කරණ ලද්දේ දැ” යි විචාළසේක.
එසඳ අසාධාරණ ඥාන ඇති සංසාර දුක්ඛාදී වූ සයලු දුඃඛයන් ප්ර භිණ කළා වූ භාවනායෙන් වඩනලද සිත් ඇති මිහිරි වූ කටහඬ ඇති මහර්ෂීවූ ධර්මරාජ වූ සර්වඥයන් වහන්සේ “ මේ කල්පයට සාරසංඛ්ය් කල්ප ලක්ෂයකින් මත්තෙහි දර්ශනීය වූ මනොඥ වූ අමර නම් පුරයෙක් වූයේය” යනාදීන් බුඞවජශ දෙශනාව නිමවා කෙළවර “මේ භද්රනකල්පයෙහි කකුසඳය, කොනාගමනය, කස්සපය වන සර්වඥවරයෝ තුන්දෙනෙක් උපන්නාහුය. මම දැන් සතර වැනිව ගෞතම නම් බුදුවීමි. මතු මෛත්රීු නම් සර්වඥකෙනෙක් ලොකයෙහි පහළ වෙති. අෂ්ටනලොක ධර්මයෙන් අකම්ප්යී වූ සියලු ලොකවාසී වූ සත්ත්වයන් කෙරෙහි පතළා වූ කරුණා ඇති මේ සර්වඥවරයෝ පස්දෙනම මේ කල්පයෙහි පහළවූහ”යි අනාගතවංශ දෙශනාවට අවසර කොට බුඞවංශ දෙශනාව නිමවාවදාළසේක. ඉක්බිත්තෙන් ආයුෂ්මත් වූ දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහනසේ දිව්යි මනුෂ්යආයන්ගේ අදහස් දැන අනාගතයෙහි වන්නා වූ මෛත්රී සර්වඥවරයන් වහන්සේ වංශ අසනු කැමැතිව සර්වදඥයන් වහන්සේ කරා එළඹ නමස්කාරකොට සුවුරු එකාංශ කොට බහා දොහොත් මුදුනෙහි බැඳ සිට, “ස්වාමිනි! නුඹ වහන්සේ විසින් අනාගතයෙහි මෛත්රීව නම් බුදුකෙනෙකුත් උපදිති’ යි සංක්ෂේපයෙන් වදාරණ ලද, ඒ මෛත්රීෙ නම් බුදුහු කෙබඳු සේක් ද? ස්වාමීනි! භාග්යාවත්වූ බුදුරජාණන් වහන්ස !! මා කෙරෙහි කරුණාවෙන් විස්තර කොට ඒ අනාගතවංශ දේශනාය්වය වදාළ හොත් යහපත් වන්නේය”යි ආරාධනා කළසේක.
ඒ සැරියුත් මහතෙරුන් වහන්සේ..
සංස්කරණයඒ සැරියුත් මහතෙරුන් වහන්සේ කෙබඳු කෙනෙක්ද ? යත් :- මනුෂළ්යුරෑපය ඉක්ම සිටියාවූ, දිව්යතරූපයට නොපැමිණියා වූ රූප සාරයද, සියලු ලොක වාසී වූ සත්ත්වයන් විසින් පිදියයුතු වූ බ්රවහ්මණ මහාසාර කුලය යි කියන ලද කුලසාරයද , ප්රනමාණාතික්රාවන්ත සම්පත්ති සාරය ද , භූවනත්රහයෙහි පතළා වූ දන්ද්රාදලොකයක් හා සමාන සශ්රීාක වූ යසසාරය ද කුලස්ත්රිරන්ට ආභරණයක් හා සමාන වූ ආචාර ගුණසාරය ද, මාර්ගඵල උපදවන්ට සමර්ථ වූ කුශල සම්භාරශාරය ද මොවුන්ට ඇත්නු යි දියා සාරි යයි තෙරුන් වහන්සේගේ මෑණියන් වූ බැමිණි දේවින්ට නමි. උන්ගේ ඹෟරස පුත්රම හෙයින් ශාරිපුත්රම නම් වනසේක. මහත්වූ සතිපට්ඨාන, සම්යක් ප්රිධාන,ඍඞිපාද, ඉන්ද්රීිය, බල, බොජ්ජඞෳග, ආදී වූ ධර්මයන් පිළිගන්ට සමර්ථ මහත්වූ ප්රලඥා ඇති බැවින් ලොකස්වාමීවූ සර්වඥයන් වහන්සේ හැර ප්‍රඥාවෙන් තමන් වහන්සේ හා සම කොනකුන් ලොකයෙහි නැති බැවින්ද, පඤවමහා ගංඟායෙහි වැලි හා සමුද්රකයෙහි ජලය හා පෘථිවියෙහි පාංශූව මුන්වහන්ගසේගේ නුවණට ලක් තබත්හොත්, වැලි ආදිය මද, නුවණම බොහෝ වන බැවින් නො ගෙවන්නාවූ ප්ර්ඥා ඇති බැවින් ද, කපක් මුලුල්ලෙහි වැසි වට කල්හි ජල ථල වන පර්වතාදී වූ හැම තන්හි වගුළ දිය බින්දු මෙතැකැයි පිරිසිඳ කියන්ට සමර්ථ ප්රසඥා ඇති බැවින්ද මහත් වූ ප්රිඥා ඇති සේක. සමචිත්ත පරියාය සූත්රඇ දෙශනාවෙන් කෙළවර ලක්ෂයක් දිව්යි මනුෂ්යසයන් අර්හත් ඵලයට පැමිණ වූ සේක. සෝවාන් සෙදගැමි, අනගැමි යන තුන්මග තුන්ඵලයට පැමිණියාවූ සත්ත්වයන්ගේ සංඛ්යාදවෙක් නැත්තේය. මෙපණ වූ සත්ත්වයන් විනයනට කරණ හෙයින් විනායක නම් වනසේක.
චක්රහවර්ති වූ රජ්ජුරු කෙනෙකුගෙන් චක්රයරත්නය පවත්වන්නාවූ ප්රයධාන පුත්රෙරත්නයන් මෙන් බුදුරජානන් වහන්සේ විසින් පවත්වන ලද ධර්මචක්රරය අනුව පවත්වා ධර්මයට සෙනෙවිරත් තනතුරෙහි සිටි බැවින් ධර්මසේනාධිපති නම් වනසේක. මෙබඳු වූ ග්රරණගණාංගයෙන් සමන්විත වූ ඒ දහම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ යොදනක් පමණ දිග ඇති රැහැණක් සුවාසූ දහසක් යොදුන් පමණ ඇති ගම්භීර සාගර පත්ළට පිමිණිය නොහෙන්නා සේ කාලාත්රොයවර්ති වූ සියලු ධර්මයන් දැනගන්නට සමර්ථ වූ සර්වඥතාඥානය නොලත් බැවින් ප්රායදෙශික ඥානයට විෂයවූ සිත සර්වඥතාඥානය විෂය කොට පවත්වන්නට අසමර්ථ බැවින් ඒ මෛත්රී බුදුහු කෙබඳු සේක් දැයි තමන් වහන්සේගේ සිතට උපන් සැකය මසැස, දිවැස, පැණෑස, බුදුඇස සමතැස යන පසැස් ඇති සර්වඥයන් වහන්සේ අතින් විචාරා වදාළසේක. මෙසේ ඒ දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් ආරාධනා කරණ ලද්දාවූ සියලු ධර්මයෙහි අස්ඛලිතන පවත්නා ඥානගති ඇති සර්ව ඥරාජෝත්තමයානන් වහනසේ රුවන්සක්මනෙහි සක්මන් කෙරෙමින් සිටම රන්ගල්තලා මුදුනෙහි සිංහනාද කරන්නා වූ අභීත කෙශර සිංහරාජයක්හු පරිද්දෙන් ගර්ජනා කෙරෙමින් බ්රිහ්ම ස්වර විහිදුවා, ආකාශගංගාව ගෙණහැර පාණා කලක් මෙන් අනාගතවංශ දෙශනාව පටන් ගත්සේක් “ශාරිපුත්රකයෙනි! සර්වඥ කෙනෙකුන් හැර අන් සත්වකෙනෙකුන් විසින් දෙශනා කරන්නට නො පිළිවන් වූ මෛත්රීන සර්වඥයන් වහන්සේගේ කුශල රාශිය සර්යප්රකකාරයෙන් කියන්නට නොපිළිවන. එතකුඳු වුවත් ඒක දෙශයකින් කයමි” යි දක්වන්නා වූ බුදුරජානන් වහනසේ.
දෙශනාරම්භය.
අනප්පකං පුඤ්ඤරාසිං, අජිතස්ස මහායසං
න සක්කා සබ්බසො චත්තුං, චිත්ථාරෙනෙව කස්සචි
එකදෙසෙන චක්ඛාමී, සාරිපුත්ත සුණොහිමෙ -යි
මෙසේ වදාළසේක. යම්සේ දිවැසින් සියලු මහාසමුද්ර-ය දැක සිටියාවූ කෙනෙකුන්ට තමන් විසින් දක්නාලද සියලු මහාසමුද්රාය දිවැස් නැති කෙනෙකුන්ට සර්වප්රනකාරයෙන් දක්වන්ට නොපිළිවන්ද, එක් ප්රටදෙශයකින් බස්වා මේ සමුද්රවය බලව යි කියා එක් ප්ර්දෙශයක් දක්වන්නට පිළිවන්ද? එපරිද්දෙන්ම සර්වඥතාඥානයෙන් සියලු බුඬානුභාවය ප්ර්තිවෙධ කොට සිටියා වූ තමන් වහන්සේ විසින් ප්රනතිවෙධ කරණ ලද මෛත්රීව සර්වඥයන් වහන්සේගේ කුශල සමෘධිය මහානුභාව සම්පන්න යසස් සමෘද්ධිය සර්වඥ නොවන්නාවූ තොපට සර්වප්රහකාරයෙන් දක්වන්නට නො පිළිවන. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්රිඥප්ති යන යන පඤ්චවිධ ඤෙය මණ්ඩලය හස්තාමලකඥානයෙන් දන්නාවූ දර්වඥ කෙනෙකුන් විසිනුහ් ඒ මහත් වූ කුශල රාශිය, ඥොන ගතිය මහත් සිඝු බැවින් දැනගන්නට නො පිළිවන. වාග්ගතිය මඳ බැවින් කියන්නට නො පිළිවන. එසේ හෙයින් ඒකදෙශයකින් කියමි යි තමන් වහන්සේ විසින් ප්රිතිඥා කරන ලද අනාගත වංශය ඒකදෙශයකින් දක්වන්නා වූ බුදුරජානන් වහන්සේ :-
ඉමම්භි භද්දකෙ කප්පෙ, අසඤ්ජාතෙ වස්සකොටියෙ
මෙත්තෙය්යොදනාම නාමෙක, සම්බුධො දීපදුත්තමො - යි
වදාළසේක.