විජයබා පිරුවන් පති
විජයබා පිරුවන් පති
සංස්කරණය232. කඳ වුරු ගම් කුල - දලනිඳු ලකළ මුදලිඳු
පිවි තුරු උතුරු මුළ මහ තෙරිඳුට සොඳුරු
මු නුබුරු මහරු ගුණ සරු පිළිවෙත් ගැඹුරු
කිවි කල මුඳුන් මල් - කළ තම තෙපුල් හැම කල්
ම න ර ම් මුනි සසුන් වැඩ පිණිස නිකසළ
පැර කු ම් රජු විසින් සුත පෙමිනි ඇති කළ
සිරි බ ර මෙසිරි ලක’ඟන පැළඳි පිරිසුදු
පුව ත ර මහ වෙහෙර වැසි තෙර ගණ සිනිඳු
මනහ ර රුවන් වැළ මැද බඳ මිණෙ’ක බඳු
නමකර පවර විජයබ පිරුවන් තෙරිඳු
233. තවද, අසදෘශ ප්රිඥා පාටව ප්ර ශස්තතර ත්රිය-පිටක වාගීශ්වර ශ්රී සංඝබෝධි විජයබාහු ස්ථවරොත්-තමයාගේ
මෙද එක් වර්ණ භාෂණයෙක.
එද තා කර්ණ භූෂණය කර
234. ගැ ඹු රු විජම් පෙළ කිරි සයුර ඇම විට
සොඳුරු නුවණ මෙර පහරින් සකොබ කොට
මි යු රු පද අරුත් අම ගෙන දෙන ලොවට
ක වු රු සදිසි වෙති මෙකලට එයතිඳුට
235. වි හි ගු ම් නොයෙක් දිටු සකිළිටු ගිම් විහිට
දෙන තුම් සග’පවග පල සිරි මුළු ලොවට
න ර ද ම් සැරි සුතුරු දම් තුඟු සුර තුරට
ම න රම් ඔහු නුවණ දෙරණම විය පිහිට
236. මු නි ව ර සසුන් මිහි මඬලෙහි කළ නදනා
ම න හ ර විනය පද‘රුත් මහ මිණි අදනා
පෙරැ දු ර ‘නුවදෙසුන් ලැබ නැණ පතළ දනා
ගෙනඇර දෙමින් කරවයි යති ගුණ නදනා
237. ස ත ර පහළ කළ ඇදුරන් සේ පොරණය
නොහැර සිත සේදැන ගෙන අට වියරණය
ප ව ර පබඳ බැඳ සත සතොස කරණය
නිතොර පසිඳු කරවිය සියලු දෙරණය
238. ස ස ම ය සතර සිඳු අගතිසි කර තලය
අ ස ම ය සපිරි පිරිසිදු ගුණ ඇම කලය
මෙසමය පසිඳු දියතෙහි එහිමි තෙපලය
වි ස ම ය ඇදුරු තුරු උදුරන සැඬ නලය
239. සේපිරි යත් මහ කව් දැන ගෙන යෙහෙන
සේපිය පත් කොඳ සඳ යස රස සොබන
පෑ දියකොත් බඳවා දියතෙහි නිතින
ඒ සිරිමත් යති හිමි බබලයි නඳක
240. පසිඳු රුසිරු සරසවි ලිය රැඳි නිතොර
කිවිඳු සවන් බිඟු වැළ තුටු කළ නොහැර
පු බුදු සොඳුරු ඔහු මුව තඹරට පවර
සිනිඳු සුවඳ මුවරඳ විය සඳ ලකර
241. ති ව ට කසබු ඉසි සුරගුරු මෙන් සුබඳ
ලොවට කලණ ඒ යති සඳුගේ නොමඳ
සුමට වදන් දුල විසිතුරු මහ මුහුද
දසට පොරණ රළ පතරින් පිරි නිබඳ
242. අ ව ට ඉඳින පඬිවරුනටද අඩදැණි
සි තට සතුටු වන සොඳ පද’රුත් සරණි
රුව ට කියන පෙර ඇදුරන් ලෙස පැමිණි
ඔ හු ට දස’ට විදු තැන් විය සිය පවෙණි
243. නොමි ක ර න මිසදුටුවන් බස් අබඳ
නි සී නැණැති සිරි පැරකුම් රජුට නඳ
ර සී ගැඹුරු තෙපලෙන් සැක සිත පසිඳ
දෙ සී සුවා’සූ දහසක් දහම් කඳ
244. එ හිමි කෙලෙස් ගිරි මුදුනින් වැහෙන සොඳ
දහම් අහස් ගඟ දුල දිය දහර වැද
නොමඳ සතොස් අම ඔදසින් පිරි නිබඳ
බැබලි වෙසෙස් නරනිඳු සඳ කිරි මුහුද
245. දෙ ස න දහම් දන මන කර විකාසය
සොබන එයති සඳුගේ ගුණ නිවාසය
නඳන වදන් නළ’ඟන පෑ විසේසය
රඟන පවර රඟ බිම් විය සබාසය
246. ප සැ ස් පසැස් කර වදහළ ලෙසම සොඳ
නිදොස් වෙසෙස් පිළිවෙත් සිරිත නොවිහිද
සදොස් කෙලෙස් සතුරන් ඔද මැඬ නොමඳ
අ පි ස් සතොස් ගුණයෙන් වැජඹෙයි නිබඳ
247. සි ල් සෙනඟහු ය ස සෙමෙරහු මෙත් සතහු
ගුණ’බරණ හු ද ද ම් කිරු ළහු නැණ කගහු
බු න් න ර ඟ හු තව තෙද’ණ හු සරි රජහු
සු ර ඇ දු රු හු හැර ක ව ර හු වනති ඔහු
248. සහ සැස් යුරු සොඳුරු පැරකුම් නිරිඳු ගෙන
මහ වෙල් ගොඩ පිටිය ඇතුළුව නොයෙක තැන
මහ ගම් බිම් පමුණු කොට අමුතු ලැබගෙන
බහ දුරු සිරි සිරින් එහි වැජඹෙයි නිතින