ලෝකෝපකාරය-iii
101. ඇතිතෙක් ම කඩතෙල්- අඳුර දුරු කර පහන් බැබලේ
පින් ඇති තෙක් - දනෝ සව් සිරිනි පරසිදුව බබළත්
පදාර්ථ:- පහන - පහන, කඩ තෙල් - පාන් තිරය හා තෙල් ඇතිතාක්, අඳුර දුර හැර - අන්ධකාරය දුරු කොට, බැබළේ - බැබළේ, දනෝ - මිනිස්සු, පින් ඇති තෙක් - පුණ්යක ඇතිතාක්, සව් සිරින් - සකල සම්පත්තියෙන්, පරසිදුව - ප්රරසිද්ධව, බබලත්- බබළති.
භාවය:- පහන තිරය හා තෙල් ඇතිතාක් අඳුර දුරු කොට බැබළේ. මිනිස්සු පින් ඇතිතාක් සියලු සම්පතින් ප්රළසිද්ධව බබළත්.
102. උතුමෝ පවා ලොව - නිවැරදි සතන් නමුත් බඳවත්
කළ වරදට රවුළු - දියරම් නො බැඳ වීද සමුදුර.
පදාර්ථ:- ලොව - ලෝකයෙහි, උතුමෝ පවා - උත්තමයන් පවා, නිවැරදි සතුන් නමුත් - වැරැද්දක් නො මැති සතුන් නමුත්, බදවති - බඳිති, රවුළු කර වරදට - රාවණයා කළ වරදට, රම් - රාමයා, සමුදුර - මහමුහුදෙහි, දිය - ජලය, නො බැඳවීද - නො බැඳවීද.
භාවය:- ලෝකයෙහි ශ්රේදෂ්ඨයන් පවා නිවැරදි සතුන් මුත් වැරැද්දක් නො මැතිව බඳිති. රාවණා කළ වරදට රාමයා මහ මුහුදෙහි ජලය අවුරා හෙයක් බැඳවීය.
103. හැම සැපම ඇතිතැන් - මුළු ලොවමනැති නැණින් බැලුවත්
කප්තුර පවා ඇති - උතුරු කුරු දිව යකුන් බියවේ.
පදාර්ථ:- හැම සැපම - සියඵ සැපත් ම, ඇති තැන් - ඇත්තාවූ ස්ථාන, නුවණින් බැලුවත් - බුද්ධියෙන් බැලුවත්, මුළු ලොවම නැති - මුළු ලෝකයේම නැත්තේය, කප් තුර පවා ඇති - කල්ප වෘක්ෂය පවා ඇති, උතුරු කුරු දිව - උතුරු කුරු දිවයින, යකුන් - යකුන්ගෙන්, බියවේ - බිය ඇති වේ.
භාවය:- සියලු සැපක් ඇති තැනක් මුළු ලොවම නැත. කල්ප වෘක්ෂය ඇත් උතුරු කුරු දිවයිනෙහි යක්ෂ භය ඇති වේ.
104. සව් සිප් දත් වියත්- පඬිවර වෙතට පැමිණි අවියත්
පහන රිවි පහනේ - අබිමුවෙහි පහනෙව් නො බබළත්.
පදාර්ථ:- සව් සිප් දත් - සියලු ශිල්ප දන්නා වූ, වියත් පඬිවර වෙතට - උගතුන් වෙතට, පැමිණ - පැමිණි, අවියත් - නූගත්තු, පහන - පහන, රිවි පහනේ - උදයෙහි සූර්යයා ලෝකයෙහි, අබිමුවෙහි - අභිමුඛයෙහි - පහන එව්- පහනක් මෙන්, නො බබළත්- නො බබළති.
භාවය:- ශිල්ප ශාස්ත්ර යහපත් සේ දන්නා උගතුන් වෙත පැමිණි නූගත්තු සූර්යයා උදාවූ විට පත්තු කළ පහනක ස්වරූපය දරයි.
105. පින් පව් කළ සතන්- එක තැනදීම බලා දැනගන්නේ
යාන වාහනයෙහි - ඉඳිනවුන් සමහරෙක් උසුළත.
පදාර්ථ:- පින් පව් කළ සතන් - පින් කළාවූ ද පව් කළාවූ ද සත්වයෝ, එක තැනදීම - එක් ස්ථානයේදිම, බලා - බලමින්, දැන ගන්නේ - දැන ගන්නේය, සමහරෙක් - සමහරෙක්, යාන වාහනයෙහි ඉඳිනවුන් - යාන වාහනයෙහි හිඳින අය, සමහරෙක් - සමහර කෙනෙක්, උසුළත් - උසුලා ගෙන යති.
භාවය:- පින් කළ අයත්, පව් කළ අයත් එකම තැනකදී බලා ගත හැක. පින් කළ අය යාන වාහනවල් අරා ගමන් යති. පව් කළ අය ඒ වාහන ඇදගෙන යති.
106. නීචයෝ වැඩ බස් - කීවත් නො අසත් අසත් සුදනෝ
නොඅසත් ගැරඬි මතුර - අසත් උරඟිදු තරම් ඇතියෝ.
පදාර්ථ:- නීචයෝ - පහත් අය, වැඩ බස් - අභිවෘද්ධි වචන, කීවත් - කීවත්, නො අසත් - නොඅසති, සුදනෝ - සත්ජනයෝ, අසත් - අසති, ගැරඬි- ගැරඬියෝ, මතුර - මන්ත්රෝ, නො අසත් - නො අසති. උරඟිදු තරම් ඇතියෝ - නාග රාජයා වැනි අය, අසත් - අසති.
භාවය:- හීන පැවතුම් ඇතියෝ වැඩදායි වචන කීවත් නො අසති. සත් පුරුෂයෝ එබඳු වචන අසති. ගැරඬි මන්ත්ර නො අහති. නාග රාජයෝ එබඳු මන්ත්රැ අසති.
107. සබා බී රුක වූ - නැණැතිය උගත් නො මද සොඳසිප්
රුපු අභිමුවට පත් - දූබලයකු අත අනගි අවි වැනි.
පදාර්ථ:- සබා බී රුක වු - සබාවට බිය වු, ණැනතිය - ප්රා ඥයා, නො මඳ - බොහෝ කොට, උගත්, - උගත්තාවු සොඳ - යහපත් වු, සිප් - ශිල්ප, රුපු - සතුරන්ගේ, අබිමුවට පත් - ඉදිරියට පැමිණි, දුබලයකු - දුර්වලයකු; අත - අතෙහි, අනගි - අනර්ඝ වු, අවි වැනි - ආයුධ සමානය.
භාවය:- සබාවට බිය වු නැණවතා ඉගෙන ගත් බොහෝ හොඳ ශිල්පය සතුරන් ඉදිරියට ගිය දුබලයෙකු අතෙහි ඇති වටිනා අවියක් වැනිය
108. කිසියම් කම් කරත - කරව් නුවණින් බලා විමසා
එකකට පටන් ගෙන - පසුව ඳ තැවෙනහු අවිදු වෙත්.
පදාර්ථ:- කිසියම් කම්- කිසියම් කටයුත්තක්, කරන- කරන කල්හි, නුවණින් - බුද්ධියෙන්, බලා විමසා - බලා පරික්ෂා කොට, කරව් - කරව්, එතතට පටන් ගෙන එක කටයුත්තකට පටන් ගෙන, ඉඳ- හිඳිමින්, පසුව පසුව, තැවෙනුවෝ - තැවෙන්නෝ, අවිදුවෙක් - මෝඩ වෙති.
109. නුපුළුවන් කිසියම් - කරලා ගෙන සැපෙන අවියත්
තමා තම කරටම - නැහෙනුව පයත්නය කරන වැනි
පදාර්ථ:- කිසියම් කම් - කිසියම් කටයුත්තක්, නුපුළුවන් - තමා විසින් නො කළ හැකි වුයේ, කරලා ගෙන - කරට ගෙන, සැපෙන - හැපෙන්නාවූ, අවියත් - මෝඩයා, තමා - තෙමේම, තම කරටම - තමන්ගේ කරටම, නැගෙනුව - නැගීමට, පයත්නය කරන වැනි - උත්සාහ කරන්නා වැනිය.
භාවය:- තමන්ට කළ නො හැකි වූ යමක් කරට ගෙන ඒ සඳහා තැත් කරන මෝඩයා තමාගේ කරටම ගැනීමට තැත් කරන්නාක් මෙනි.
110. පිනින් පැමිණුණු දෙය - මඳ යයි සිතා ඉසුරු පතනුවෝ
උවදුරු ඇති ගඟක -පීනුම් නොදැන වැටෙනුවෝවෙත්.
පදාර්ථ:- පිනින් - පුණ්යෙයෙන්, පැම්ණුණු දෙය - ලැබුණු දෙය, මද යයි සිතා - මද යයි කල්පනා කොට, ඉසුරු පතනුවෝ - සම්පත් පතන්නෝ, උවදුරු ඇති - උපද්ර ව ඇති, ගඟක- ගඟක, පීනුම් නොදන්නා- පීනන්නට නො දැන, වැටෙනුවෝ වෙත් - වැටෙන්නෝ වෙති.
භාවය:- පිනෙන් ලැබුණු දෙය මද යයි කල්පනා කොට සම්පත් පතන්නෝ උපද්ර-ව ඇති ගඟක පීනන්නට නො දැන වැටෙන්නෝ වෙත්.
111. උස රුකට නො නැගෙව් - තම බල විතරටම වදන් දෙව්
නුවණැතියන් වදන් - ගනුව නො ගනුව නො මිනිස් බස්.
පදාර්ථ:- උස රුකට - උස ගසට, නො නැගෙව් - නො නැගෙව්, තම බල විතරටම - තම්ගේ ශක්ති ප්රගමාණයට ම, වදන් - වචන, ගනිව් - ගනිව්, නො මිනිසුන් බස් - මිනිසුන් නො වන්නවුන්ගේ වචන, නොගනිව් - නොගනිව්.
භාවය:- උස් ගසට නො නැගෙව්. තමන්ගේ ශක්ති ප්රුමාණයට පමණක් වචන කියව්. නුවණ ඇත්තන්ගේ වචන අසව්. නො මිනිසුන් ගේ වචන නො අසව්.
112. රෑදින දිවා මැද - තනි මග පරඟනන් සොරුන් පසු
නො යව් ගිය අවැඩක් - පැමිණේය අද සතුනි සැකනැත්.
පදාර්ථ:- සතුනි - සත්වයෙනි, රෑදින - රෑ කාලයෙහි, දිවා මැද - දහවල් කාලයෙදි, තනිමග - හුදෙකලා මාර්ගයෙහි ද, පරඟනන් - පර ස්ත්රීැන් හා, සොරුන් - සොරුන්ගේ, පසු - පස්සෙහි ද, නොයව් - ගමන් නොකරව්, ගිය - ගමන් කළේ නම්, අවැඩක් - අනර්ථයක්, පැමිණේ - පැමිණෙන්නේ ය. සැක නැති- සැකයක් නැත්තේය.
113. දුටත් රත්රන් ඇණ - රනැයි නස්නා විනා නො දැනේ
නිමලව් නෙත් ඇතත් -රුවන් පෙනෙනුයේ දීපයෙන්මේ
පදාර්ථ:- රත්රන් ඇණ - රත්රන් ආභරණ, දුටත් - දුටුවත්, නස්නා විනා - උරගෑමෙන් වෙන්ව, රනැයි - රත්රන් යැයි, නො දැනේ - නොම දැනෙන්නේය. නෙත් - නේත්රුයන්, නිමලව - නිර්මලව ඇතත්, රුවන් - රත්රන්ය, පෙනෙනුයේ - පෙනෙන්නේ, දීපයෙන්මේ - මේ පහනින්ය.
භාවය:- රත්රන් ආභරණ දැක්කත් උරගෑමෙන් තොරව මේ රත්රන් යැයි නොදැනේ. ඇස් යහපත් වුවත් රන්බව දත හැක්කේ එම උරගලෙනි.
114. දනවත් තැනට ලගු - වත් දීයෙනුත් ලබත් දන දන
ලොව ඳුරු හළ ඉරුට - කරන පුදයෙහි පහන් ලනමෙනි.
පදාර්ථ:- දන- ජනයෝ, දනවත් තැනට - ධනවතුන්ට, ලගුවත් - සුළු වස්තු, දීමෙනුත් - දීමෙන්, දන - ධනය, ලබත් - ලබත්මැයි, ලොව - ලෝකයෙහි, අඳුරු හළ - අන්ධකාරය දුරු කළා වූ, ඉරුට - සූර්යාට, කරන පුදයෙහි - කරන්නා වූ පූජාවෙහි, පහන් ලන මෙන් - පහන් දල්වන්නාක් මෙනි.
භාවය:- මිනිස්සු ධනවත් අයට සුළුදේ දීමෙන් ධනය ලබති. ලෝකයෙහි අඳුර දුරුකළ සූර්යයාට කරන පූජාවෙහි පහන් දල්වන්නාක් මෙනි.
115. තපසුන් ගුරුන් තම - දෙගුරුන් පඬිවරුන් සුරන්හට
නොම කොට බැති අදර -නින්දා කරනුහට නොවේ වැඩ
පදාර්ථ:- තපසුන් - තාපසයන්ට, තම ගුරුන් - තමන්ගේ ගුරුවරයන් හට, දෙගුරුන - දෙමාපියන්ට, පඬිවරුන් - පඬිවරයන්ට, සුරන්හට - දෙවියන්හට ද, ආදර බැති- ආදර භක්ති, නොමකොට - නොකොට, නින්දා කරනු හට - නින්දා කරන අයට, වැඩ නොවේ - වැඩ සිදු නොවේ.
භාවය:- තාපසයන්, ගරුවරුන්,දෙමාපියන්, පඬිවරුන් දෙවියන් බැති අදර නොකොට නින්දා කරන අයට වැඩ සිදු නොවේ.
116. කුළු දෙස් ද කේළම් - බොරු උඩුඟු බස් සතට නින්දා
අනඟ රස මුසු කතා-කුරිරු බස් නොකියව් වැනසෙතත්.
පදාර්ථ:- කුඵ දෙස් - බොරු සාක්ෂි, කේළාම් - කේළාම් ද, බොරු - මුසාවාද ද, උඩඟු බස් - උඩගු වචනද, අනඟ රසමුසු කතා - රාගික කථා, කුරිරු බස් - කෲර වචන, වැනසෙතත් - විනාශ වෙතත්, නො කියව් - නො කියව්.
භාවය:- බොරු සාක්ෂි, කේලාම්, බොරු, උඩගු බස්, රාගික කථා, කෲර වචන තමා වැනසෙතත් නො කියව්.
117. නො මඳ අකුසල් කොට - අවිදු විදු සව්සත කරන පින්
දුගඳ වළැ හී සිට - ඇග පිට සුවඳ අලෙවි කරනෙව්
පදාර්ථ:- නො මද - බොහෝ, අකුසල් කොට - අකුසල් සිද්ධ කොට, අවිදු - නො දැන්මෙන්, විදු - දන්නාලද, සව් සත කරන පින් - සියළු සත්වයන් කරන්නා වූ පින්, දුගඳ- දුර්ගන්ධ වූ, වළැ - වළක, වැටී සිට - වැටීමෙන්, ඇඟ පිට - ඇඟෙහි, සුවඳ අලෙවි කරන එව් - සුගන්ධය ආලේප කරන්නාක් මෙනි.
භාවය:- බොහෝ අකුසල් කොට නො දැනීම නිසා විදිනා ලද සියලු සතුන් කරන පින් දුගඳ වලෙක වැටී සිට ඇඟෙහි සුවඳ කවන්නාක් මෙනි.
118. නොකා නොදී ඉසුරු - තිබුවොත් පිනැතිහට පැමිණේ
ගොදුරෙහි රස යෙදූ - දසන් හැර දිව රස විඳිනා මෙන්
පදාර්ථ:- ඉසුරු - සම්පත්, නොකා නොදී - භාවිත නොකොට පරිත්යාිග නොකොට, තිබුවොත් - ඉතුරු කළ හොත්, පිනැතිහට - පිනි ඇත්තා හට, පැමිණේ- පැමිණෙන්නේය, ගොදුරෙහි - ආහාරයෙහි, රසයෙදූ - රසයෙන් යෙදූ, දසන් හැර - දත් හැර, දිව - දිව, රස විඳින මෙන් - රස විඳින්නාක් මෙනි.
භාවය:- පරිභෝගත් දීමත් නොකොට එකතු කළ ධනය පින් ඇතියෙකුහට යන්නේය. ආහරයෙහි යෙදූ රස දත් හැර දිව රස විඳින්නාක් මෙනි.
119. සව් ඉසුරු අඩු වැඩි - වේය ගුණ නැණැති උතුමන්ටත්
සිත අද නද කරන - සුපුන් සඳ අඩු වැඩි වන මෙන.
පදාර්ථ:- ගුණ නැණ ඇති - ගුණ නුවණ ඇත්තාවූ, උතුමන්ටත් - උත්තමයනටත්, සව් ඉසුරු - සියලු සම්පත්, අඩු වැඩි වේය- අඩු වැඩි වන්නේය, සිත - සිත, නද කරවන - සතුටු කරන්නාවූ, සුපුන් සඳ - පූර්ණ චන්ද්ර,යා, වැඩීමෙන් - වැඩිවීමෙන්, අඩු වන මෙන - අඩු වන්නාක් මෙනි.
භාවය:- ගුණ නැණැති උතුමන්ටත් සියඵ සැපත් අඩුවැඩි වෙයි. සිත් සතුටු කරන පුන්සඳ වැඩීමෙන් අනතුරුව අඩු වන්නා මෙනි.
120. දහම් දන විදු සොඳ - අබය බත් වත් බුලත් කර පෙම්
දෙන මෙකී දන දන - දානයයි ලෙව් කියත් පඬුවෝ.
පදාර්ථ:- දන - මිනිසා, දහම් - ධර්මය, දන - ධනය ද, සොද විදු - යහපත් විද්යාදවන් ද, අබය - අබය, වත් - වස්තුව, බත්- බත් ය, බුලත් - බුලත් ය, මෙකී දන - යන දෙය, පෙම් කර - ආදර කොට, දෙන දෙන්නේ නම්, ලෙව් - ලෝකයෙහි, පඬුවෝ - පණ්ඩිතයෝ, දානයයි - දාන නම් කියත් - කියති . භාවය:- ධර්මය, දානය, විද්යාලව, අබයය, බත් ය වස්තුව ය, බුලතය යන ද්ර-ව්ය,යන් ආදරයෙන් දෙන්නේ නම් ඒ දීම දානයයි. පඬුවෝ කියති.
121. රාජවිල් නෙත්තම් - කෙලන දන හා දුත අගනන්
සොරුන් රා සොඩුනුත් - මොවුන් සෙව්වත් නෑසෙනු නියතයි.
පදාර්ථ:- රාජවිල් . එනම් ක්රී ඩාව, ( දාම් ඇදීම වැනි) ද නෙත්තම් කෙළින දන - නෘත්යස කරන ජනයා ද, දූත අඟනන් - වෙසඟනන්ද, සොරුන්, සොරුන් ද රා සොඬනුන් - රා සොඬුන්ද, යන මොවුන් - මේ අය, සෙව්වත් - සේවනය කරන අය, නැසෙනු - නැසීම, නියතයි- නියතමය.
භාවය:- රාජවිල් ක්රී්ඩාව නෘත්යී කාරයන්ද වෙසඟනන් සොරුන් රා සොඬුන් යන මොවුන් සේවනය කරන අය වැනසීම නියතමයි.
122. නුවණැසෙකි සුචියත් - සත සමග වනු ඇසෙකි දන හට
නො නැසෙන මෙ ඇස් දෙක - ඇති සත සමග යනු වරද නැත.
පදාර්ථ:- දනහට - මිනිසාට, නුවණ ඇසෙක් වේ - නුවණ නමැති ඇසෙක් වේ, සුචියත් සත සමග - මනා උගත් අය සමග, වනු - එක්වීම, ඇසෙකි - තවත් ඇසෙකි, නො නැසෙන මේ ඇස් දෙක - නො නැසෙන මේ දෙඇස, ඇති සත සමග - ඇත්තා වූ සත්වයා සමග, යන් - යෑම, වරද නැති - වරදක් නැත්තේය,
භාවය:- මිනිසුන්ට නුවණ නමැති එක් ඇසෙකි. උගත් ජනයා එක්වීම තවත් ඇසෙකි. නො නැසෙන මේ දෑස ඇති ජනයන් සමග යාම වරදක් නැත.
123. දුදනන් සමග මිතුරුව - ඉඳින නො දැනුම් විතරට
ගුණ නැණැති සුදනන් - සමග සතුරුව උනත් වැඩවේ.
පදාර්ථ:- දුදනන් සමග - දුර්ජනයන් සමග, මිතුරුව - මිත්රතව, ඉඳින විතරට - වාසය කිරීමට වඩා, ගුණ නැණැති - ගුණ නුවණ ඇත්තාවූ, සුදනන් සමග, සතුරුව - සතුරුව, උනත් - වාසය කළත්, වැඩ වේ - අභිවෘද්ධියක් සිදුවේ.
භාවය:- දුර්ජනයන් හා මිතුරුව වාසය කිරීමට වඩා ගුණඇති සත්පුරුෂයන් සමග සතුරුව වාසය කිරීමත් තමන්ගේ අභිවෘද්ධියට හේතු ය.
124. නොමඳ පිරිවර යස - ඇතත් වළකන්නට බැරි වන දෙය
තරුසෙන් පිරිවැරූ -සුපුන් සඳ රහු ගහණ නොකෙරෙද?
පදාර්ථ:- නොමඳ පිරිවර යස - බොහෝ වූ පිරිවර, ඇතත් - සිටියේ වී නමුත්, වළකන්නට බැරිවන දෙය - වළක්වන්නට නො හැකි වන දෙය, තරු සෙන් පිරි වෑරූ - තාරකා සමූහයක් පිරි වැරූ, සුපුන් සඳ - පූර්ණ චන්ද්ර්යා, රහු - රාහු, ගහණ නො කෙරෙද, රාහු අල්ලා ගනු නො ලැබුවේද?
භාවය:- කෙනෙකුට නොයෙක් පිරිවර ඇතත් සිදුවන දෙය වැළැක්වීමට නො හැක. තාරකා සමූහයක් පිරිවරා ගත් පුන්සඳ රාහු අල්ලා ගනු නො ලැබුවේ ද?
125. අදමින් ලත් ඉසුරු - නො වෙති සොරුන් සෙවූ දන මෙන්
දහමින් ලත් ඉසුරු - සැපත් එ සුරිදු ලත් ඉසුරු මෙන්
පදාර්ථ:- අදමින් - අසත් ධර්මයෙන්, ලත් - ලැබුවා වූ, ඉසුරු - සම්පත්, සොරුන් - සොරුන්, සෙවු- සොයන ලද, දන මෙන් - වස්තුව මෙන්, නො වෙති - නො පවතී, ලත්- ලැබූ, ඉසුරු - සම්පත්, එ සුරිඳු - ශක්ර දේවේන්ද්රමයා, ලත් - ලැබූ, ඉසුරු මෙන් - සම්පත් මෙන් වේ.
භාවය:- අධර්මයෙන් ලැබූ වස්තුව සොරුන් සෙවූ ධනය මෙන් ස්ථිරව නො පවතී. ධර්මයෙන් ලැබූ වස්තුව ශක්ර යා විසින් තබන ලද වස්තුව මෙන් වේ.
126. වැව් අමුණු පිරි දිය - පිටවාන හැර සුරැකි කළ මෙන්
දනවත් නැණැතියෙනි - දන් දී දෙ ලොව වැඩ සිදුකරව්
පදාර්ථ:- වැව් අමුණු පිරිණු පිරි දිය - වැව් අමුණු පිරුණු ජලය, පිටවාන හැර - සොරොව්වෙන් බස්වා, සුරැකි කළ- මනාව ආරක්ෂා කළා මෙන්, දනවත් නැණැතියෙනි - ධනය ඇති ඥාණවන්තයෙනි, දන් දී - දන් දී, දෙ ලොව වැඩ - දෙ ලොවෙහි වැඩ, සිදු කරවු - සිද්ධ කරව්.
භාවය:- වැව් අමුණු දිය පිරුණු කල වතුර බස්වන්නා වූ සොරොව්වෙන් වතුර බස්වා දන රුක ගන්නා සේ ධනය ඇති නැණැතියෙනි දන් දී දෙ ලොවම වැඩ සිද්ධ කරව්.
127. ගුරු නිරිඳු මිතුරන් - තම ලිය මවු මෙ කීවන්
තම මවු ලෙස සිතා - පවතිත් නැණැති සුදනෝ.
පදාර්ථ:- තම - තමන්ගේ, ගුරු- ගුරුවරයාගේ ද, නිරිඳු - රජුගේ ද,මිතුරන් - මිතුරන්ගේ ද, ලිය - භාර්යාව හා ලිය මවු - භාර්යාවගේ මවු ද, මෙ කීවන් - මෙකී භාර්යාවෝ තම මවු ලෙස - තමන්ගේ මෑණියන් ලෙස, සිතා - සලකා, නැණැති සුදනෝ - බුද්ධිමත් යහපත් ජනයෝ, පවතිත් - පවතිත්.
භාවය:- ගුරුවරයාගේ ද, රජුගේ ද, මිතුරාගේ ද, භාර්යාවනුත්, තම භාර්යාවගේ මෑණියනුත් තමන්ගේ මව මෙන් සලකා බුහුමන් කිරීම නැණැති යහපත් ජනයාගේ පැවැත්මයි.
128. නිදන දනහට දෙන - දෙය මැයි ලොවෙහි උතුම් වියතුනි
ඉසුරුමත් හට දෙන - දෙය වපුරන වැනි කෙතෙහි බිජු
පදාර්ථ:- වියතුනි - උගතුනි, ලොවෙහි - ලෝකයෙහි, නිදන දනහට - වස්තු නැති ජනයාට, දෙන - දෙන්නාවූ දෙය - වස්තුව, උතුම් - උතුම්ය, ඉසුරුමත් හට - සම්පත් ඇති තැනැත්තාට, දෙන දෙය - දෙන්නාවූ දෙය, කෙතෙහි- කුඹුරෙහි, බිජු - බිත්තර වී, වපුරන වැනි - වපුරන්නාක් මෙනි.
භාවය:- ලොව දුප්පත් ජනයාට දෙන්නාවූ දන ඉතා උතුම්ය. සම්පත් ඇති තැනැත්තාට දෙන දෙය කුඹුරෙහි බිත්තර වී වපුරන්නාක් මෙනි.
129. තර තිරව වැට කළ - කෙතට සිවුපා නො විඳිනා මෙන්
පිරිසිදුව පින් කළ - සතන් හට දුක් නොවේ කලෙකත්.
පදාර්ථ:- තර තිරව - ස්ථිර සාරව, වැට කළ - වැට බැඳි පසු, සිවුපා - සිවුපාවුන්,කෙතට නොවදිනා මෙන් - කුඹුරට නොවදිනා මෙන්, පිරිසිදුව - පරිශුද්ධව, පින්කළ - පින් කළා වූ, සතන්හට - සත්වයාහට, කලෙකත් - කිසි කාලයකත්, දුක්නොවේ - දුකක් නොවේ.
භාවය:- හොඳට වැට බැන්දාට පසු සිවුපාවුන් කුඹුරට නො වදින්නා මෙන් පිරිසිදුව පින් කළ අයට කිසිම කලෙකත් දුකක් ඇති නොවේ.
130. දළ අං නිය විසැති - සත දුදන ලිය රදුන් සිඳු ගං
කලෙකත් කා කීවත් - කෙරේ අපදා පමණ නො කරව්
පදාර්ථ:- දළ - දළය, අං - අංය, නිය - නියපොතුය, විස ඇති - විස ඇත්තාවූ, සත - සත්වයෝ, දුදන - දුර්ජනයෝ ද, ලිය - කාන්තාවෝ ය, රදුන් - රජ්ජුරුවන් ද, සිඳුගං - මුහුද හා ගංගා ද, කා කීවත් - කවුරු කීවත්, කලෙකත් - කිසියම් කලෙකත්, අපදා - විපත් කෙරේ - සිදු කෙරේ, එනිසා පමණ නොකරව් - එනිසා ප්රිමාණ නොකරව්.
භාවය:- දත්, අං, නිය වල විෂ ඇති සත්වයෝද, දුර්ජනයෝ ද, කාන්තාවෝ ද, රජවරු ද, මුහුද හා ගඟ ද කවුරු කීවත් ලැබුණු වාටෙක කරදර කරති. එ නිසා මොවුන් ගැන විශ්වාස නො කරව්.
131. ලොබ දොස් මෝ මදමත් - යතිහට තපස්කම් කිසි නැති
මෙකී සිවු ගුණ නොමැති - සතහට තපස්කම් ඇති.
පදාර්ථ:- ලොබ - ලෝබ කම, දොස් - තරහ ගතිය, මෝ - මෝඩකම, මදමත් - මදයෙන් මත් වූ, මෙකී සිවු ගුණ - මෙකී සිවු ගුණ, ඈ ඇති - ඇත්තා වූ, යතිහට - යතිතුමාට, තපස්කම් කිසි නැති - තපස්කමක් නැත, මේ සිවු ගුණ නොමැති, සතහට - මිනිසුන්ට, කිසි - කිසියම්, තපස්කම් - තපස් බවක්, ඇති - ඇත්තේය.
භාවය:- ලෝබකම, තරහා බව, මෝඩ කම හා මදයෙන් මත්බව යන සිවු කරුණ ඇත්තාහට තපස්කමක් නැත. මේ අවගුණ නො මැත්තාහට තපස්කම් ඇත.
132. බෝ දරු වදති වග - එක දරු වදන ගව වගා වෙත්
සත් කුල නසනු වන් - කුල නැසෙත් සත්වග වගා වෙත්.
පදාර්ථ:- වග - දිවි දෙන්නු, බෝ දරු - බොහෝ දරුවන්, වදත් - වදත්, එක දරු වදන - එක දරුවකු වදන, ගව - ගව සමූහයා, බෝ වෙති - බෝ වෙත්, සත් කුල නසනුවත් - යහපත් සතුන් නසන්නන්ගේ, කුල - කුලය, නැසෙත් - විනාශයට යති, සත්වග - යහපත් අයගේ, වග,වගිය - වගාවෙත්, දියුණු වෙත්.
භාවය:- ව්යාදඝ්රු දෙන්නු දරුවන් බොහෝ කොට වදති. ගවදෙන වදන්නී එක දරුවෙකි. ගව සමූහය බෝ වෙති. දිවි වර්ගය බෝ නොවේ. යහපත් සතුන් විනාශ කරනවුන්ගේ කුලය විනාශයට යේ.
133. සුරාපානය කළ - පවිටුන්ට දෙන ඔවා මුසු බස්
දිය තුළ වන් එකකු - පුළුස්සන වැනි ගිනිසුලක් ගොස්
පදාර්ථ:- සුරා පානය කළ- මත්පැන් පානය කළ, පවිටුන්ට- පාපාෂ්ඨයන්ට, දෙන- දෙන්නා වූ, ඔවා මුසු බස්- අවවාද මිශ්ර් වචනය, ගිනි සුළක්- ගිනි සුලක්, ගොස්- ගොසින්, දිය තුළ- දිය යට, වන්- සිටින, එකකු- එකෙක්, පුලුස්සන වැනි- පුළුස්සන්නාක් මෙන් ය.
භාවය:- රා බී ගත් අයට දෙන අවවාදය දිය යට සිටින කෙනෙකු ගිනි හුලක් ගෙන පුළුස්සන්නා වැනි දෙයකි.
134. සුරා සො ඬෙක නොබී - මිනිස් ගුණැතිව උන්විටෙක වත්
අනෙකකු සුරා බී - විඳින දුක් නුදුටුවොද වරෙකත්.
පදාර්ථ:- සුරා සොඬෙක්- සුරා සොඬ කෙනෙක්, නොබී- සුරා පානය නොකොට, මිනිස් ගුණ ඇතුව- මිනිස් ගුණ ඇතිව, උන් විටෙකවත්- උන් කල්හි, අනිකකු- අනිකකු- අනිත් කෙනෙකු, සුරා බී- රා පානය කොට, විදින දුක්- විඳින්නා වූ දුක්, වරෙකත්- වරක්වත්, නුදුටුවොද - නො දැක්කේ ද?
භාවය:- සුරා සොඬ කෙනෙක් සුරා පානය නොකළ වෙලාවක මිනිස් ගුණ ඇතුව වාසය කරන විටක අනික් කෙනෙක් රා බී විඳින දුක් එක් වරක්වත් නුදුටුවේ ද?
135. නොකා නොබී ඉසුරු - තබා දිවි රකින අය අවියත්
කෙත රැකවලට බැඳි - මිනිස් රුවැති තණින් බැඳලූ.
පදාර්ථ:- නොකා නෙබී- නොකා නොබී, ඉසුරු තබා - සම්පත් තබාගෙන, දිවි රකිනා අවියත් අය - ජීවිතය ආරක්ෂා කරන මෝඩ අය, කෙත- කුඹුරෙහි, රැක වලට - ආරක්ෂා වලට, තණින්- තණකොළ වලින්, බැඳලූ- බඳින ලද, මිනිස් රෑ වැනි- පඹයන් වැනිය.
භාවය:- නොකා නොබී ධනය තබා ගෙන දිවි රකින්නා වූ මෝඩයෝ කුඹුරෙහි ආරක්ෂාවට පිදුරු වලින් හදන ලද පඹයන් වැන්නෝය.
136. යමෙකුගේ සැපතක් - හඬව හඬවා ගතොත් බලයෙන්
හඬ හඬා ඔහුත් තම - ඉසුරු දෙයි පත් සිය පනස් වර
පදාර්ථ:- යමෙකුගේ සැපතක් - යම් කිසිවෙකු ගේ සැපතක්, බලයෙන් - බලහත්කාරයෙන්, හඬ හඬවා ගතොත් - හඬවමින් ගතහොත්, ඔහුත් - ඔහුත්, හඬ හඬා - හඬමින්, තම ඉසුරු - තමන්ගේ සම්පත්තිය, පන්සිය පනස්වර - පන්සිය පනස් වාරයක්, දෙයි - දෙන්නේ ය.
භාවය:- කෙනෙක් තව තෙනෙකුගේ සැපතක් බලහත්කාරයෙන් හඬව හඬවා ගතහොත් (සංසාරයේදී) හඬමින් තම සම්පත් පන්සිය පනස් වාරයක් දෙයි.
137. ලොවට ඉත නො වනා - දෙය කෙරෙති ඉසුරට පැමිණියෝ
ලොවට උතුම් ගොවිඳු - පවා නයි යහන සැතපෙනුයේ.
පදාර්ථ:- ඉසුරට පැමිණියත් - සම්පත්තියට පැමිණියත්, ලොවට -ලෝකයට, ඉත නොවන - යහපත් නොවන, දෙය -දෙය, කරති - කරති, ලොවට - ලෝකයට, උතුම් උත්තම වු, ගොවිඳු පවා - විෂ්ණු පවා , නයි යහන - සර්ප යහනෙහි, සැතපෙනුයේ - සැතපෙන්නේය.
භාවය:- ඉතා උසස් බවට ගියෝ ලෝකයට සතුට නූපදින්නා වූ දේ ද කරති. ලෝකයට උතුම් වූ විෂ්ණු දෙවියා පවා නයි යහනෙහි සැතපෙන්නේය.
138. නිසල නොම වනසත - නොමඳ සව්සිප් නොයෙක් උගතත්
සසල ගුණ නො හරිත් - දියෙහි පිළිබිඹු පෙනෙන සදමෙන්
පදාර්ථ:- නිසල නොමවන සත - නිශ්චල නොවන්නා වූ සත්වයා, නො මද - බොහෝ වූ, සව් සිප් - සියලු ශිල්පයන්, නොයෙක් උගතත් - නොයෙක් දේත්, උගතත් - ඉගෙන ගත්තත්, දියෙහි පිළිබිඹු පෙනෙන සඳ මෙන් - දියෙහි සෙවනැල්ලේ පෙනෙන චන්ද්රයයා මෙන්, සසල ගුණ - චංචලත්වය, නොහරිත් - අත්නොහරිත්.
භාවය:- තහවුරු කමත් නැති මිනිස්සු බොහෝ ශිල්පයන් ඉගෙන ගත්තත් දියෙහි සෙළවෙන පිලිබිඹු ඇති සඳ මෙන් ඒ සැලෙන ගතිය අත් නො හරිත්.
139. මහ සැපතට පැමිණි - මදින් මඳ යයි සිතා වැනසෙත්
මුළු දෙව් රජ ලොබින්- මන්දාතුරජ මෙලොව හුණු මෙන්
පදාර්ථ:- සමහරෙක් මහ සැපතට - මහත් වූ සම්පත්තියට, පැමිණි - පැමිණ, එය මදින් මද යයි - මදයයි, සිතා - සිතමින්, වැනසෙත් - විනාශයට පත්වෙත්, මුඵ දෙව් රජ ලොබින් - මුළු මහත් දිව්යි රාජ්යනසම්පත් ලෝබයෙන්, මන්දාතු රජ - මන්ධාතු රජතුමා, මෙලොව - මේ ලෝකයට, හුණු මෙන් - ගිලිහුණා මෙනි.
භාවය:- සමහරෙක් මහත් සම්පත්තියට පැමිණ එයත් මදි යයි සිතමින් ටිකෙන් ටික විනාශයට යති. මුළු මහත් දිව්යි රාජ ලාභයෙන් මන්දාතු රජ මේ ලොවටම වැටුනා මෙනි.
140. මසුරු දනෝ දන් - දෙන්ට නො කියති ඇතත් යදිහට
ගොළුවන්ට මුළු දිව - ඇතිවත් කතා නො කියන මෙන්.
පදාර්ථ:- මසුරුදනෝ - මසුරු මිනිස්සු, ඇතත් - ධනය ඇතත්, දන්දෙන්ට - දන් දීමට, නො කියත් - නො කියත්, ගොළුවන්ට - ගොළු වූවන්ට, මුළු දිව ඇතත් - සම්පූර්ණ දිවක් ඇතත්, කතා නො කියන මෙන් - කථා නො කියන්නාක් මෙනි.
භාවය:- මසුරු මිනිසුන්ට ධනය ඇතත් දන් දීමට අකමැතිය. ගොළුවන්ට සම්පූර්ණ දිවක් තිබුණත් කථා කිරීම අපහසුවාක් මෙනි.
141. මසු බෝ වටී මුත් - සිපි නොම වටී මුතු ලකක් වත්
එමෙන් ලුහු දන පුත් - පෙරදා කළ පිනෙන් මෙන්.
පදාර්ථ:- මුතු - මුතු කැටයක්, බෝ මසු වටී - මසුරන් බොහෝ ගණනත් වටින්නේය, සිපි - සිප්පි කටුවක්, මුතු - මුතු වලින්, ලකක්වත් - ලක්ෂයෙන් කොටසක් වත්, නො වටී - නො වටින්නේ ය, එමෙන් - එපරිද්දෙන්, ලුහු දන - මෝඩ මිනිසුන්ගේ, පුත් - පුත්රියෝ, පෙරදා - පූර්ව ජාතිවල, කළ පිනෙන් - කරන ලද පිනෙන්, බබළති - ආලෝකවත් වෙති.
භාවය:- මුතු කැටයක් මසුරන් බොහෝ ගණනක් වටින්නේය. සිප්පි කටුවක් මුතු වලින් ලක්ෂයෙන් කොටසක්වත් නො වටින්නේය. එසේම පොඩි මිනිසුන්ගේ දරුවෝ පෙර කළ පින් වලින් බබළති.
142. කම්මැලිහට සිල්ප - නොසිදුවේ එබැවින් නිදනවේ
නිදනට මිතුරු නැත් - එහෙයින් සිතට සැප නැත.
පදාර්ථ:- කම්මැලිහට - අලසයාට, සිල්ප නො සිදුවේ - සිල්ප සිදු නොවන්නේ ය, එබැවින් - එනිසා, නිදන වේ - දුප්පතෙක් වේ, නිදනට - දුප්පතාට, මිතුරු නැත් - මිත්රතයෝ නො වෙති, එහෙයින් - එනිසා, සිතට - චිත්තයට, සැප නැත් - සැපයක් නැත.
භාවය:- කම්මැලියාට ශිල්පයක් නො සෑදේ. එනිසා දුප්පතෙක් වේ මය. දුප්පතාට මිත්ර්යෝ නැත්තේය. එනිසා සිතට සැපයක් නැත.
143. කිරි සමුදුර ඉදන් - උවිඳු නොබනුය ගනු නොමැතිවත්
මසුරු වූ දනන් වෙත - උනත්දන දෙ ලොවට වැඩක් නැත
පදාර්ථ:- උවිදු - විෂ්ණු තෙම, කිරි සමුදුර - කිරි සයුරෙහි, ඉදත් - වාසය කළත්, එය නො බනුය - එය නොබොන්නේය, වත් - එහි ඇති වස්තුව, ගනු නොමැත - ගැනීමක් නො මැත්තේය, මසුරු වූ දනන් - මසුරු මිනිසුන් වෙත, දන උනත් - ධනය ඇතත්, දෙලොවට - දෙලොවට, වැඩෙක් නැත - වැඩෙක් නැත්තේය,
භාවය:- විෂ්ණු කිරි සමුදුරෙහි වාසය කළත් එහි වූ වතුර නො බොයි.එහි ඇති වස්තුවද නො ගනී. මසුරු මිනිසුන් ළග ධනය ඇතත් දෙ ලොවට වැඩක් නැති.
144. සිවුපා සතුන් වුව - දුරු දුරැර කෙත රකින වැට මෙන්
දස දමිනි පවතින - නිරිඳුන් වෙතින් සත දුක් නිවේ
පදාර්ථ:- සිවු පා සතුන් - සිවුපා සතුන්ගෙන්, වන, උවදුරු - උපද්රථව, දුරැර - දුරු කොට - කෙත - කුඹුර, රකින - රකින්නා වූ, වැට - වැට මෙන්, දස දමින් පවතින - දස ධර්මයෙන් පවතින්නා වු, නිරිඳුන් - රජුන්, වෙතින් - සමීපයෙන්, සත - සත්වයන්ගේ, දුක් - දුක, නිවේ - නිවෙන්නේය.
භාවය:- සිවුපා සතුන්ගෙන් වන කරදර දුරු කොට කෙත රකින වැට මෙන් දස ධර්මයට අනුකූලව පවතින්නා වූ රජවරුන් නිසා ජනතාවගේ දුක නිවෙයි.
145. බාල රිවි වැද සිටි - යමකුළෙන් අඳුරු දුරුවන මෙන්
දස දමිනි පවතින - නිරිඳුන් වෙතින් සත දුක් නිවේ.
පදාර්ථ:- බාල රිවි වැද - අරුණ සූර්යාගේ රශ්මිය වැදී, යමකුළෙන් - අවරගිරින්, අඳුරු - අන්ධකාරය, දුරුවන මෙන් - පහව යන්නා මෙන්, මැදහත් - මධ්යීස්ථව, නිරිඳුන්ට - රජවරුන් කරා, පැමිණ - පැමිණි, සතුරෝ - හතුරෝ, බිදි - භේදව, දුරුවෙත් - දුරුවන්නාහ.
භාවය:- බාල සූර්යාගේ රශ්මිය වැද අවරගිරින් අදුර දුරුව යන්නා සේ මැදහත් රජවරුන්ට, විරුද්ධව පැමිණි සතුරෝ පලායති.
146. ලොව රකින නිරිඳෝ - සතට දුක්වන්ට ඉඩ නොහරිත්
ලොව රකිනා මෙරදු - කලට වැසි වස්වන විලස්මෙන්.
පදාර්ථ:- ලොව - ලෝකය, රකින - රකින්නා වූ, නිරිඳෝ - රජවරු, සතට - සත්වයාට, දුකුවන්ට - දුක්වන්ට, ඉඩ නො හරිත් - ඉඩ නො හරිත්, ලොව රකින මෙරදු - ලෝකය ආරක්ෂා කරන්නා වූ මේඝය, කලට - සුදුසු කාලයට, වැසි - වර්ෂාව, වස්වන - වස්වන, විලස්නෙන් - විලාශයෙන්.
භාවය:- ලෝකය රකින රජවරු ජනයන්ට දුක්වීමට ඉඩ නො දෙති. ලෝකය රකින වළාකුළ කලට වැසි වස්නාක් මෙනි.
147. වන දවන ගිනි කඳ - සිහිල නල වසඟව නිවෙනු මෙන්
තද තෙදැති නිරිදඳෝ ගුණැනි මැතිවර වදන පිහිටත්.
පදාර්ථ:- වන දවන - කැලෑව දවන්නා වූ, ගිනි කඳ - අග්නි ස්කන්ධය, සිහිල් නල - ශිතල පවනට, වසඟව - යටත් වී නිවෙනු මෙන් - නිවෙන්නාක් මෙන්, තද තෙදැති - තද වූ තේජස් ඇති, නිරිඳෝ - නිරිඳෝ, ගුණැති - ගුණවත්, මැතිවර - ඇමතියන්ගේ, වදන - වචනයෙහි, පිහිටත් - පිහිටත්.
භාවය:- වනය දවන ගිනි කඳ සිහිල් සුළගට යටත්ව නිවී යන්නාක් මෙන් තද තෙදැති රජවරු ගුණවත්ව ඇමතියන්ගේ වචනයෙහි පිහිටත්.
148. සීනෙන් ගැලවෙන්ට -නොපිළිවන කොතැනක සැඟවුනත්
එමෙන් නිරිඳුන් හට - වරද කළවුන් වදින තැන් නැති.
පදාර්ථ:- සීනෙන් - හීනෙන්, ගැලවෙන්නට - ගැලවීම සදහා, කො කැනක සැඟවුනත් - කෙබඳු සැගවීමටවත්, නොපිළිවන - පුළුවන් කමක් නැත, එමෙන් - එසේ, නිරිඳුන්හට - රජුන්ට, වරද කළවුන් - වරද කළවුන්, වදින - වදින්නා වූ, තැන් - ස්ථාන, නැත - නැත්තේය.
භාවය:- කො තැනක සැගවුනත් සීන දැකීමෙන් ගැලවෙන්ට පුළුවන් කමක් නැත. එමෙන් රජවරුන්ට වරද කළවුන් යා හැකි තැනක් නැත.
149. තම හිමි හට දුකක් - පැමිණිවිට නොහැර ගතහොත් දුක්
මෙලොව යසසිරි වේ - පරලෙව් හි සුර සැපත් අත්වේ.
පදාර්ථ:- තම හිමිහට - තමන්ගේ ස්වාමියාට, දුකක් පැමිණි විට - දුකක් පැමිණි කල, අත් නො හැර - අත් නො හැරීම, දුක් ගතහොත් - දුක් ගතහොත් (ඔහුට) ලොව - මේ ලෝකයෙහි, යස සිරි වේ - යස සම්පත් වේ. පරලෙව්හි - පරලොව, සුර සැපත්- දිව්යේ සම්පත්, අත් වේ. අත් වන්නේය.
භාවය:- තමන්ගේ හිමියාට දුකක් පැමිණි විට, අත් නොහැරීම දුක් ගතහොත් මේ ලෝකයෙහි කීර්ති හා ශෝභාව අයත් වේ. පරලොව දෙව් සැපත් අත් වේ.
150. නිරිඳුට දෙලොව වැඩ - සිදුවේ නුවණැති ඇමතියන්ගෙන්
මහ ඔසු පඬි නැණින් - රජුට වූ වැඩ අසවු දහමින්.
පදාර්ථ:- නුවණැති ඇමතියන්ගෙන් - ඥාණවන්ත ඇමතියන් නිසා, නිරිඳුට - රජුට, දෙලොව - දෙ ලෝකයෙහි, වැඩ අභිවෘද්ධිය, සිදු වේ - සිද්ධ වේ. මහ ඔසු පඬි නැණින් - මහෞෂධ පණ්ඩිතයන්ගේ නුවණ නිසා, රජුට - රජුට, දහමින් - ධර්මයෙන්, සිදුවු,වැඩ , දියුණුව, අසව්, අසව්.
භාවය:- බුද්ධිමත් ඇමතියන්ගෙන් රජුට දෙලෝ වැඩ සිදුවේ. මහෞෂධ පණ්ඩිතයන්ගේ නුවණ නිසා රජතුමාට සිදු වූ වැඩ යහමින් අසව්.