නමව් මුණිසරණ


1. මුනිඳුට සරි කෙනෙත් - තුන්ලොවම නැති මුනිතුමෙක්මුත්

අපමණතරු රැසින් - සඳට සරි තරුවක් නොමැතීමෙන්


පදාර්ථ:- මුනිඳුට - බුදුරදුන්ට, සරි කෙනෙක් - සමාන කෙනෙක්,

මුනිතුමෙක් මුත් - බුදුවරයෙකු හැර, තුන් ලොවම, - තුන්ලොවෙහිම, නැත් - නැත්තාහ. අපමණප්රුමාණ කළ නො හැකි, තරු රැසින් - තරු සමූහයෙන්, සඳට - චන්ද්රියාට, සරි - සමාන ව, තරුවක් - තාරකාවෙක් නොමැතිමෙන් - නො මැත්තාක් මෙනි.

භාවය:- බුදුවරයෙකුට බුදුවරයකු හැර සමාන බවක් ඇති කෙනෙක් තුන් ලොවෙහි ම නැත්තාහ. බොහෝතරු අතර සඳට සමාන තරුවක් නැත්තා මෙනි.


2. සමුදුර මෙර පොළෝ - තරු ලේ හිස් මසට ඇස් දුන්

නොසරිවන කල ලොව - බුදු බව පතනුවෝ ළතර වෙත්.


පදාර්ථ:- ලොව - ලෝකයෙහි, බුදු බව පතනුවෝ - බුදු බවපතන්නෝ, ලේ, හිස්, මස්, ඇස් දුන්- ලේ, හිස්, මස්, ඇස් දන් දුන්හ. සමුදුර - මහ මුහුද ද, මෙර - මහා මේරුවද, පොළෝ - මහ පොළොව ද, තරු - තාරකා ද, නො සරි -සමාන නොවේ. (එනිසා බෝසත්හු) ළතර වෙත් - දැඩි සිත් ඇත්තෝය.

භාවය:- බුදුබව පතන බෝසත්හු ලේ, හිස්, මස්, ඇස්, දන් දුන්හ මහ මුහුදෙහි වතුරට වඩා ලේ ද, මහමෙරට වඩා හිසාද, පොළොවෙහි පසට වඩා මස්ද දන් දුන්හ. එ නිසා බෝසත් වරු දැඩි සිත් ඇත්තෝ ය.


3. දහම් සිතුරුවනට වඩිනා - වතෙක් තුන් ලොවම නැති

දහම් සොඬ නරනිඳු - ඉන්වද රකුසු කටට පැන්නේය,


පදාර්ථ:- දහම් - ධර්මය, සිතුරුවනට - චින්තා මාණික්යතයට.

වඩනා වතෙක් - වටිනා වස්තුවක්, තුන් ලොවම නැත.

තුන් ලෝකයෙහිම නැත්තේය, දහම් සොඬ නරනිඳු,

දහම්සොඩ රජතුමා රකුසාගේ කටට, පැන්නේ ඉන්වද පැන්නේ ඉන් නිසාද?

භාවය:- ධර්මය සිතූ පැතූ දේ දෙන මාණික්යවකි. එබඳු වටිනා දෙයක් තුන් ලොවම නැත්තේ ය. දහම් සොඬ රජතුමා රකුසාගේ කටට පැන්නේ ඒ නිසා ම ය.

මෙයින් දහම් සොඬ ජාතකය සිහියට නඟවා ඇත.


4. වටු පැටිව දෙගුරුන් - තොමතිවද ලව් ගිනි එනු බල බලා

කළ සත් කිරි බෙලෙන් - සිටපි ගංතෙරට පත්මෙන්.

පදාර්ථ:- වටු පැටිව - වටු පැටියෙක් ව, දෙගුරුන් - දෙමාපියන් නොමැතිවද - නැතිකල, ලැව්ගිනි - ලැව් ගින්නක්,

එනු බල බලා,- එනවා බලමින්, කළ සත් කිරි බෙලෙන්- කළා වූ සත්ය ක්රි,යා බලයෙන්, ගංතෙරට පත් මෙන් - ගඟ සීමාවට පත් මෙන්, සිටපි- නතර කරවී.


භාවය:- වටු පැටියෙක් වූ බෝසත් තෙම, දෙමාපියන් ලැව්ගින්න දැක බියව ගියවිට (සන්ති පක්ඛා අපතනා යනාදීන්) කරන ලද සත්යත ක්රිතයා බලයෙන් ලැව් ගින්න සංසිඳ වීමට පැමිණ විය . ගංතෙරට පත් ගින්නක් නිවී ගියා සේ සත්යැ ක්රි යා බලයෙන් ගින්න නිවී ගියේය.

මෙයින්කතුවරයා වට්ටක ජාතකය සිහියට නංවා ඇත.


5. මනා වන විදුචක් - අවිදුන් මැදෙහි පාන අවියත්

අද දනහට දපණ - එවුන් වන බලන්නට දෙන වැනි.


පදාර්ථ:- මනාවන විදුවක් - යහපත් වන විද්යා වක්, අවිදුන් මැදෙහි - නූගතුන් අතර, පාන - ප්රයකාශ කරන්නා වූ, අවියත්-

මෝඩයා, අඳ දනහට - අන්ධ ජනයාට, එවුන් වත බලන්නට - ඔවුන්ගේ මුහුණ බැලීම සදහා, දපණ දෙන වැනි කණ්ණාඩියක් දෙන්නාක් මෙනි.

භාවය:- නූගත් පිරිසක් මැද වැදගත් විද්යාිවක් පෙන්වන්නා ද මෝඩයෙකි.ඔහුගේ ක්රිරයාව දෙඇස නැත්තන්ට තමන්ගේ මුහුණ බැලීම සදහා කණ්ණාඩියක් දෙන්නාක් මෙනි.



6. සුදනක් කෝප වුව - දුදනන් මෙන් වුවද නො තිබේ


මඳක් කල් තිබුවත් - ඉන්වන වැඩක් අවැඩක් නැති.


පදාර්ථ:- සුදනන් - සත්පුරුෂයන්, කෝප වුව - කෝප වුවත්,

දුදනන් - දුර්ජනයන්, මෙත් වුවද - මිතුරු වුවත් නො තිබේ - නො පවතී. මදක් කල් -ටික කලක් , තිබුණත් ඒ කෝපය තිබුණත්, ඉන්වන - එයින් වන්නා වූ අවැඩක් අනර්ථයක්,නැත. - නැත්තේය.

භාවය:- සත්පුරුෂයන්ගේ කෝපයත්, දුර්ජනයන්ගේ මිත්රැ කමත්යන දෙකම වැඩි කල් නො පවතී. මේ දෙක ටික කලක් පැවතීමෙන් වැඩක් හෝ අවැඩක් සිදුනොවේ.


7. රනහසව රිවි සමග - දිවත් ජය ගති බුදුකුරු විසින්

තිරිසන්ව උපනත් - බෝසතුන් සිතූ දෙයක් සිදුවේ


පදාර්ථ:- රනහස - ස්වර්ණ හංසයා, රිවි සමග - සූර්යයා සමග,

දිවත් - දිව්වත්, බුදුකුරු විසින් - බෝසතුන් විසින්, ජයගති - ජයග්රිහණය කළේ ය. තිරිසන්ව - තිරිසනෙක් වී, උපනත් - උපන්නත්, බෝසතුන් - බෝධිසත්වයන් විසින්, සිතූ දෙයක් සිතන ලද දෙයක්, සිදුවේ - සිද්ධ ‍වේ.


භාවය:- බෝසත් රනහංසයා සූර්යයා සමග දිවීමෙන් ජය ගත්තේය. බෝසත් වරයෙක් තිරිසන්ව උපන්නත් ඔහු සිතූ දෙය ඉටුවීම සිරිති.


කතුවරයා බෝසත්කමේ අගය පෙන්වීමට මේ ඉදිරිපත් කළේ ජවන හංස ජාතකයයි.



8. රූරු මුවරදා කල - මහදන කුමරු ගඟින් ගොඩ ලා

බඹදත් රජුට දම් දෙසා - සුව අබය ලදි සත්හට.


පදාර්ථ:- රූරු මුව රද කල - (බෝසත්) රූරු මුවරාජව උපන් කාලයෙහි, මහදන කුමරු - එ නම් කුමාරයා, ගඟින් ගොඩලා - ගඟින් එතෙර කොට, බඹදත් රජූට - බ්රලහ්මදත්ත රජුට, දහම් දෙසා - ධර්මය දේශනා කොට සත්හට - සත්වයාට, සුව අභය ලදී - සැපය හා අභය ලද්දේය.


භාවය:- බෝසත් රූරු මුව රාජව උපන් යුගයෙහි මහදන කුමරු

ගඟෙහි ගිලෙන්නට නොදී ගොඩ ගත්තේය. පසුකල

බ්‍රහ්මදත්ත රජුට බණ කියා තමන්ගේ පිරිවර සතුන්ට සැප හා අබය ද දෙවි ය.


කතුවරයා රූරුමෘග ජාතකයේ එන සිද්ධිය මෙයින් පිළිබිඹු කෙරේ. මහදන කුමාරයා ගොඩගත් බෝසත් තමා ගැන කිසිවතුට නො කියන සේ ගිවිය ගත්තේය. බ්‍රහ්මදත්ත රජුට ධන ආශාවෙන් මුවා ගැන කීය.


9. අමා රසයට වැඩි රසයෙක් - නො මැත සුරන් බුදිනා

ඊටත් වැඩිය රසෙයකි - තමා දරුවන් ඇණූ සුබොජුන්


පදාර්ථ:- සුරන් - දෙවියන්, බුදිනේ - අනුභව කරන්නේ, හැම

රසයට ම - සියඵ රසයන්ට, වැඩි - අධික වූ, නො මැති

රසයෙකි - දුර්ලභ රසයෙක් වේ. තමා දරුවන් ඇණූ -

තමාගේ දරුවන් විසින් අණන ලද, සුබොජුන් - මනා

භෝජනය, ඊටත් වැඩි රසෙකි - ඊටත් වඩා රසයෙක් වේ.


භාවය:- දෙවියන් අනුභව තරන අමා රසයට වැඩි රසයෙක් නැත. තමාගේ දරුවන් ඇණූ හොද ආහාරය ඊටත් වඩා රසවත් වේ.


10. දෙගුරුන් විසින් තම දරුවන්ට - දෙන නොමඳ දන නම්

වියතුන් සභා මැද - ඉන්ට ඉදිරිව සිල්ප දෙනු මැයි.


පදාර්ථ:- දෙගුරුන් විසින් - දෙමාපියන් විසින්, තම දරුවන්ට -

තමන්ගේ දරුවන්ට, දෙන - දෙන්නාවූ, නො මඳ -

බොහෝ වූ, දන නම් - ධනය නම්, වියතුන් සභා මැද-

උගතුන්ගේ සභා මැදෙහි, ඉදිරිව - අභිමුඛව, ඉන්ට -

හිඳීමට, සිල්ප දෙනුමැයි - ශිල්ප ඉගැන්වීමයි.


භාවය:- දෙමාපියන් විසින් දරුවනට දිය යුතු හොඳම වස්තුව

නම්, උගතුන් වාසය කරන සභාවක ඉදිරියට ගොස්

වාඩිවීමට හැකිවන සේ ශිල්ප ඉගැන්වීමයි.



11. සඳකැන් සඳුන් මඳ නල - මේ ඇම සිසිලටත්

උතුම් සිසිලසයකි - ගතෙහි තම දරුවන් වැකෙනවා.


පදාර්ථ:- තම දරුවන් - තමාගේ දරුවන්, ගතෙහි - සිරුරෙහි

වැකෙනවා - ගෑවීම, සඳකැන් - චන්ද්රව රශ්මිය, සඳුන් -

හඳුන්, මද නල - මද පවන, මේ ඇම සිසිලටත් - මේ

සියලු සිසිලට වඩා, උතුම් සිසිලසකි - උත්තමසිහිලකි.


භාවය:- තම දරුවන් සිරුර ස්පර්ශ වීම සඳරැස්, සඳුන් මද සුළඟ

යන හැම සිසිලට ම වඩා උතුම් ය.


12. දෙගුරුන්ටත් වඩා - දරුවන්ටමයි දනෝ සෙනෙහස

මෙලොවත් රැක මළත්- සඟමොක් දෙනබැවින් තරව්පින්


පදාර්ථ:- දෙගුරුන්ටත් වඩා - දෙමාපියන්ටත් වඩා, දනෝ- මිනිස්සු, දරුවනට මයි සෙනෙහස - සෙනෙහස දරුවන්ට මයි, මෙ ලොවත් - මේ ලෝකයත් , රැක - රක්ෂා කොට,මළත් - මැරුණත්, සඟමොක්- ස්වර්ග මෝක්ෂ දෙක, දෙන නිසා, පින්- පුණ්ය කර්මයක්, කරව්- කරව.


භාවය:- මිනිස්සු තමන්ගේ දෙමාපියන්ව වඩා දරුවන්ට ආදරය

කරති. එනිසා දරුවෝ දෙමාපියන් රක්ෂණ කොට පින්

-කම් කළ යුතුය. එය ස්වර්ග මෝක්ෂ ලාභය කෙරේ.


13.. සාව අප බෝසත් - සක් බමුණාට දෙනුව ඇඟ මස්

පීනූ සඳ ගින්නට - සුරිඳු ගෙන සඳ මැදෙහි ඇන්දේ


පදාර්ථ:- අප බෝසත්- අපගේ බෝසත් තෙම, සාව- සාවෙක් ව,

ඉපිද - ඉපිදී, ඇඟ මස් - ශරීර මාංශය, සක් බමුණාට- ශක්ර් බ්රාීහ්මණයාට, දෙනුව - දෙනු පිණිස,

ගින්නට- ගින්දරට, පීනූ සඳ - පීනූ කල්හි, සුරිඳු- ශක්ර, තෙම, ගෙන- අරන්, හඳ මැදෙහි - චන්ද්ර් මණ්ඩලයෙහි, ඇන්දේ- ඇන්දේ ය.


භාවය:- බෝසත් සාවෙක්ව ඉපිද ඇඟ මස්, බමුණු වෙසින්

පැමිණ ශක්ර යාට දීම සදහා ගින්නට පැන්නේය. ශක්ර යා

ගින්නට පනින සාවා රැගෙන ගොස් ස‍ඳෙහි ඔහු රූ

සටහන ඇන්දේය..

මෙයින් සස ජාතකය සිහියට නංවා ඇත.


14. මුනිඳුන් ගුණ මහිම - මෙ ලොව දැනෙයි නිදිගත් විට

යක් බූ ඔබාගත - සුගත සිහිකළ බිය බැහැර යේ.


පදාර්ථ:- මුනිඳුන් ගුණ මහිම - බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමය, නිදිගත් විට - නින්දට ගිය කල්හි, මෙලොවම-‍ මේ ලෝකයෙහිදී ම, දැනෙයි - දැනගත හැකිවෙයි. යක් බූ - යක්ෂ භූතයන්, ඔබාගත - ඔබාගත් කල්හි, සුගත - බුදුරජුන්, සිහිකළ - සිහිකළා නම්, බිය - භීතිය ‍ බැහැරයේ - පිටතට යෙයි.


භාවය:- බුදුගුණ මහිමය මෙ ලොවදී ම දැනෙයි. නිදිගත්විට (සිහිනෙන්) යකුන් විසින් වැළද ගත් කල්හි, බුදුරජුන් සිහි කළ විට බිය දුරුවෙයි.



15. ඉසුරෙන් පිරිහුණත් - සුදන තම ගුණය අඩු නො කරත්

බිඳුනත් රන් බඳුන - ඇති බර අගය අඩු නොවන මෙනි.


පදාර්ථ:- සුදන - සජ්ජානයෝ, ඉසුරෙන් පිරිහුනත්- සම්පත් තියෙන් පිරිහී ගියත්, තම ගුණය - තමන්ගේ ගුණය, අඩු නොකරත්, රන් බඳුන - රත්රන් භාජනය, බිදුණත් - බිදීගියත්, ඇති බර - ඇත්තා වූ බර හා, අගය- අගය, අඩු නො වන මෙන් - අඩු නො වන්නාක් මෙනි.

භාවය:- යහපත් අය ධනයෙන් පිරිහී ගියත් ගුණයෙන් නො පිරිහේ. රන් බදුන බිඳි ගියත් එහි ඇති බර අගය අඩු නො වන්නාක් මෙනි.


16. සුදනෝ තම සිරිත් - කළවුන් තමන් ලෙසම සලකත්

පහනින් ගත් පහන් - එක ලෙසට බබළන විලස්නෙන්

පදාර්ථ:- සුදනෝ - යහපත් මිනිස්සු, තම සිරිත් - තමන්ගේ චාරිත්රනයන්, කළවුන් - කළා වූ අය, තමන් ලෙසම - තමන්ගේ ආකාරයෙන් ම . සලකත් - සලකති, පහනින් - පහනෙන්, ගත් - ගත්තාවූ, පහන් - ප්රසදීප, එක ලෙසම - එක් අයුරින්, බබළන විලසනෙන් - බැබළෙන්නාක් මෙනි.

භාවය:- යහගුණ ඇති තමන්ගේ සිරිත් අනුගමනය කරන අය තමන් අයුරින්ම සලකත්. එය පහනකින් දල්වා ගත් පහනක් ඒ වූ විදියට බබළන්නා මෙනි.


17. මුතු මිණි කනාවක් - නො මඳ පළඳිතත් සිත් සේ

ගුන නුවණ සිප් දත් - දරුවන් ලබනු වැඩි පෙම් ලබයි.

පදාර්ථ:- මුතු මිණි කතාවක් - මුතු , මැණික් රන් ආදී වස්තු, නො මඳ ලැබ - බොහෝ ලැබ, සිත් වූ පරිදි පළඳිතත්- කැමැති පරිදි පැළැන්දත්, ගුණ නුවණ සිප් දත් - ගුණ හා ඥානය ඇති, දරුවන් - දරුවන් ලබනු, වැඩි පෙම්- අධික ප්රේිමයක්, වඩයි- වඩයි.

භාවය:- මුතු මැණික්, රන් ආදී වස්තු ලැබ කමන්ට කැමති පරිදි පළඳිත් ගුණ නුවණ වැඩි ශිල්ප දත් දරුවන් ලැබීම ඊට වඩා සෙනෙහසක් ඇති කෙරේ.


18. සවන පිනවන සව් නඳට - තුටුවන දනෝ ලෙව් හී

තම දරුවන් බොළඳ - වදන් නො ඇසූ එ දනෝ

පදාර්ථ:- ලෙව්හි - ලොවෙහි, සවන - කණ, පිනවන - පින වන්නා වූ, සව් නදට - සියලු නාදයන්ට, තුටුවන - සතුටු වන්නා වූ, දනෝ - මිනිස්සු, තම දරුවන් - තමන්ගේ දරුවන්, බොළඳ වදන් - මොළකැටි වචන, නො ඇසූ - නො අසන ලද්දෝද, ඒ දනෝ - ඒ ජනයෝ, නැසු - කනට ප්රි්ය වදනක් නැසුවෝය.

භාවය:- ලොව ඇති කන් පිනවන නාදයන්ට සතුටු වන මිනිස්සු තම දරුවන්ගේ බොළඳ වදන් නො ඇසූ අය වෙති.


19. තම පාපිටෙහි උන් රුපුන් - නො නසා රකිති උතුමෝ

අදුරු රුපු පහන් කඳ මුල - අඳුරු නුදුරු කළ මෙන්


පදාර්ථ:- උතුමෝ - උතුම් අය, තමන් පාපිටෙහි - තමන්ගේ යටතෙහි, උන් - උන්නාවූ, රුපුන් - සතුරන්, නො නසා - විනාශ නො කොට, රකිති - ආරක්ෂා කෙරෙති, රූපදුරු - අඳුරට චිරුද්ධ වූ, පහන් කඳ - පහන් කඳ, මුල - මුල්හි, අඳුරු - අන්ධකාරය, නුදුරු කළ මෙන් - දුරු නො කරන්නා මෙනි.

භාවය:- උතුමෝ තමන් යටතට පත්වූ සතුරන් නොනසා රකිති. අඳුර නැති කරන පහන, පහන් කඳ මුල ඇති අඳුර නොනසන්නා මෙනි.


20. උතුමෝ දුදන බස් - නො අසත් සතන් බස් මිස

සුගඳ දුගඳ දෙකට සතුටු - නො සතුටු වන ගහණ මෙන්

පදාර්ථ:- උතුමෝ - උත්තමයෝ, සතන් බස් මිස - සත් පුරුෂයන්ගේ බස් හැර, දුදන - දුර්ජනයන්ගේ, බස් නො අසත් - නො අසති, සුගඳ දුගඳ දෙකට - සුගන්ධ දුර්ගන්ධ දෙකට, සතුටු නොසතුටු වන - සන්තෝෂ අසන්තෝෂ වන්නාවූ, ගහණ මෙන් - නාසය මෙනි.

භාවය:- උත්තමයෝ යහපත් මිනිසුන්ගේ වචනයට තුටු වෙති. දුර්ජනයන්ගේ වචනයට අසතුටු වෙති. නාසය දුගඳට අසතුටු වන අතරම සුවඳට සතුටු වන්නා මෙනි.


21. ඇසුරුවන් සත- සිය පණ සේ රක්නා සුදන හට

මොක් දකිනා තුරුම-දුකත් නොම වේ ලෙව් සතන්ගෙන්

පදාර්ථ:- ඇසුරුවන් සත - ආශ්රෙය තරන අය, සිය පණසෙ - තමන්ගේ ප්රාතණය මෙන්, රක්නා සුදන හට - ආරක්ෂාකරන යහපත් ජනයා ට, මොක් දකිනා තුරුම- නිර්වානය දක්නා තුරාම, ලෙව් සතන්නේ - ලෝක වාසි සත්වයාගෙන්, දුකක් නො මවේ - දුකක් ඇති නො වේ.

භාවය:- ඇසුරට පැමිණි අය තමන්ගේ පණ මෙන් රකිනා සුදනන් හට නිවන් දකිනා තුරුම ලෝ සතුන්ගෙන් කිසි දුකක් ඇති නොවේ.


22. ඇම සැපයටම වැඩි- සැපයෙකි දනුව දැකුම උතුමන්

ඊටත් වැඩි සැපකි- නොදැකීම කලකින් දුදනයන්


පදාර්ථ:- උතුමන් දැකුම - උත්තමයන් දැකීම, ඇම සැපයටම වැඩි - සියලු සැපයන්ට ටැඩි, සැපයෙකි - සැපයෙක් වේ, දුදනන් - දුර්ජනයන්, කලෙකින් - කිසියම් කාලයකින් නො දැකිම, නො දැක්ම, ඊටත් වැඩි උසස් සැපයෙකි.

භාවය:- උතුමන් දැකීම හැම සැපයටම උසස් සැපයෙකි. කිසි කලෙක දුර්ජනයන් නො දැකීම ඊටත් වඩා උසස් සැපයෙකි.


23. උතුමෝ නොලැබලබ-වැඩ කෙරෙතිලොවෙහිනිවතුන්ටත්

නොයෙක් පල බරතුරු- සදා පලදා සතන් රකිනෙව්.

පදාර්ථ:- උතුමෝ - උතුම් අය, ලැබ නො ලැබ - ලාභයන් නො ලබා, ලොවෙහි - ලෝකයෙහි, නිවතුන්ටත් - වස්තු නැත්තන්ටත්, වැඩ කෙරෙති - වැඩ වැඩති,‍ නොයෙක් පලබරතුරු - නොයෙක් පලයන්ගෙන් බර වූ ගස්, සදා- හැම කල්හි, පල දී - පලදායක කොට, සත රකින එව් - සත්වයන් රක්ෂා කරන්නා මෙනි.

භාවය:- උසස් අය කිසි ලාභයක් නො ලබා ලෝකයෙහි වාසය කරන නිර්ධන මිනිසුන්ට වැඩ කටයුතු කෙරෙති. නොයෙක් පලතුරු පිරුණු ගස් හැම කල්හි පලදෙමින් සත්වයන් ආරක්ෂා කරන්නා මෙනි.


24. මසුරු දනා දන - සුදනතට පත් දනට වැඩි වේ

කරදිය මේ රඳුට - හසුව සතහට අමා වන මෙන්.

පදාර්ථ:- මසුරු වූ දනා - මසුරු මිනිසුන්ගේ, දන - වස්තුව, සුදනතට - යහපක් මිනිසුනිගේ අතට, පත් - පැමිණි, දන - ජනයාහට, වැඩි වේ - වැඩ සිදුවේ. කරදිය - මුහුදු දිය, මෙරඳුට - මේඝ රාජයාට, (වැසි වළාකුලට) හසුව - අසුවී, සතහට - සත්වයාට, අමාවන මෙන් - මිහිරි වන්නාක් මෙනි.

භාවය:- මසුරු මිනිසුන්ගේ වස්තුව සුදනන් අතට පත්වූ විට ජනයාට වැඩ පිණිසම වේ. මුහුදු ජලය වලාකුලට අසුව සතුන්ට අමාවක් වන්නා මෙනි.


25. නිදුකින් සව් ඉසුරු - නො මඳ ලැබෙතත් නුවණ ඇතියෝ

අනුන් නසා ලබන - ඉසුරු වසුරු අයුරු සලකත්.

පදාර්ථ:- නිදුකින් - දුකක් නො මැතිව, සව් ඉසුරු - සියලු සම්පත්, ලැබෙතත් - ලැබුණත්, නුවණ ඇතියෝ - නුවණ ඇත්තෝ, අනුන් නසා - අන්යනයන් විනාශ කොට, ලබන - ලබන්නා වූ, ඉසුරු - සම්පත්, වසුරු අයුරු සලකත් - වර්චස් මෙන් සලකත්.

භාවය:- බුද්ධිමත් අය ඉතා පහසුවෙන් සියලු සම්පත් ළඟා කරති. එහෙත් අනුන් වනසා ලබන සම්පත් අශූචී සේ සලකත්.


26. ගුරුන් දෙගුරුන් හා - නෑ සිය සුතඹු රකින සුදනෝ

මෙලොව යස මඟුලුත් - ලබත් පරලොව සුව සඟමොක්


පදාර්ථ:- දෙගුරුන් හා - මවුපිය දෙදෙනා හා, ගුරුන් - ආචාර්යයන් ද, නෑසිය - සිය නෑයන්ද, සුතඹු - පුත්ර් දරාවන්ද, රකින - රකින්නා වූ, සුදනෝ - යහපත් අය, මෙලොව - මේ ලෝකයෙහි,යස - කීර්තියත්, මඟුලුත් - මංගලත්, පරලොව - පරලෙව්හි, සඟමොක් සුව - ස්වර්ග මෝක්ෂ සැපත්, ලබත් - ලබන්නාහ.

භාවය:- දෙමාපියන්, ගුරුවරුන්, නෑයන්, අඹු දරුවන් රකින සත් පුරුෂයෝ මේ ලෝකයෙහි කීර්ති ප්රිශංසාත්, පරලොව ස්වර්ග මෝක්ෂ සම්පතුත් ලබති.


27. ගුණමකු දනන් හා - සමග විසුවත් නැණති සුදනෝ

මනා ගුණ නො හරිත්- කොසඹ තුර තුළ බැඳි මීය මෙන්

පදාර්ථ:- නැණැති සුදනෝ - නුවණ ඇති යහපත් මිනිස්සු, ගුණමකු - ගුණ මකන, දනන් හා ජනයන් හා, සමග- එකතුව, විසුවක් - වාසය කලත්, මනාගුණ - යහපත් ගුණයත්, නො හරිත් - නො හරින්නෝය. කොසඔ තුරු තුළ - කොහොඔ වෘක්ෂයක ඇතුළත, බැඳි- බැන්දාවූ, මීය මෙන් - මීය මෙනි.

භාවය:- බුද්ධිමත් යහපත් අය ගුණමකුවන් හා එක් ව වාසය කළත්, ඔවුන්ගේ යහපත් ගුණ අත් නොහරිත්. කොහොඹ වෘක්ෂය තුළ බැඳි මීය එහි පැණි රස අත් නො හරින්නා මෙනි.


28. කලගුණ දෙලොව බස - රස සුදන මෙ ඇම දත් උතුමෝ

මිනිස් වෙස් ගෙනවුත්-මෙලොව සත රකින සුරනයුරුවෙත්


පදාර්ථ:- කළගුණ - කරන ලද්දාවූ ගුණය, දෙලෝ - මෙලෝ පරලෝ ය, රස බස - රස බස් ය, සුදන - සුදනයා, මේ ඇමදත් - මේ සියල්ල දත්, උතුමෝ - උත්තමයෝ, මිනිස් වෙස් ගෙනවුත් - මිනිස් වෙස් රැගෙන, මෙලොව - මේ ලෝකයෙහි, සත රකින - සත්වයා ආරක්ෂා කරන, සුරන් අයුරු වෙත්- දෙවියන් වැනි වෙත්.

භාවය:- කෙළෙහි ගුණ දන්නා අය, මෙ ලොව පරලොව දන්නා අය, රස වදන්, සජ්ජනයන් යන මේ හැම දෙයක් ගැන දන්නෝ මිනිස් වෙසින් මෙහි පැමිණි ඇති දෙවියෝ ය.


29. නුවණැතියෝ සසල - නොවෙත් කොතරම් දුක් සැප වුවත්

ගැසුවත් තද මේග -පවන් නිසලව සිටින සල මෙන්


පදාර්ථ:- නුවණැතියෝ - නුවණ ඇත්තෝ, දුක් සැප - දුක් හා සැප, කොතරම් වුවත් - කොතෙක් වුවත්, සසල නොවෙත් - චංචල බවට නොයෙත් . තද මේග ගැසුවත් - දැඩි මේඝයන් ගැසුවත්,පවනින් - මාරුතයෙන්, නිසලව - නොසෙල්වන, සලමෙන් - පර්වතය මෙනි.

භාවය:- නුවණ ඇත්තෝ දුක් හා සැප කොතෙක් වුවත් චංචල නොවෙත්. දැඩි මේඝ ගර්ජනා තිබුණත් සුළගින් නොසෙල්වෙන පර්වතයක් මෙන් වේ.


30. විරිදුන් මඳවරද - කියනුයේ දකිනට තමන් දොස්

කිසි කලෙකත් දුතත් - කෙසඟ විතරක් නොවේ. දෙලොවින්

පදාර්ථ:- විරිදුන් - සතුරන්ගේ, මදවරද - සුඵ වරද, කියනුයේ - කියන්නේ ය, තමන් දොස් - තමන්ගේ දෝෂය, දකිනට - දක්නාහට, දෙ ලොවින් - දෙ ලොවින් ම, කිසි කලෙකත් - කිසිම කාලයකත්, දුකෙක් - දුකක්, කෙසඟ විතරක් - කෙස්ගස් අගක් පමණවත්, නො වේ - නොවන්නේ ය.

භාවය:- සතුරාගේ සුඵ වරද කියන්නා සේ තමන්ගේ වරදක් දකින තැනැත්තාට කිසි කලෙකත් කෙසඟක් පමණවත් දුකක් දෙ ලොවෙහි ම සිදු නො වේ.


31. උතුමන් ගුණ නුවණ - කියනුහට දෙලෝ වැඩ අත්වේ

එහෙයින් සත් සතන් - ගුණත් මනුවණ පමණ දක්වම්.

පදාර්ථ:- උතුමන් - උතුම් අයගේ, ගුණ නුවණ - ගුණය හා ඥානය, කියනුහට - කියන්නාහට, දෙලෝවැඩ - දෙලොවෙහි වැඩ, අත්වේ - අත්වේ, එහෙයින් - ඒනිසා, සත් සතන් - සාධු සත්වයන්ගේ, ගුණත්- ගුණයනුත්, මණුවන පමණ - මගේ නුවණ පමණින්, දක්වයි - ප්රිකාශ කරමි. භාවය:- උතුමන්ගේ ගුණ නුවන කියන්නාහට දෙ ලොව අභිවෘද්ධිය අත් වේ. එනිසා යහපත් තැනැත්තන්ගේ ගුණත්, මාගේ නුවණ පමණින් දක්වමි.


32. රන් බඳනෙහි කෙසර - තේල් අඩු නොවී පවතින මෙන්

උතුමන් හද සපිරි - කුඵණු මෙත් අඩු නොවී පවති .


පදාර්ථ:- රන් බඳනෙහි - රන් බඳුනක, කෙසර තෙල් - සිංහ තෛලය, අඩු නොවී - අඩු නොවී, පවතින මෙන් - පවතින්නාක් මෙන්, උතුමන් - උත්තමයන්ගේ, හද - හාදයෙහි, සපිරි - පිරී ගිය, කුඵණු මෙත් - කරුණා මෛත්රිිය, අඩු නොව - අඩුවක් නො මැතිව, පවතී - පවතියි.

භාවය:- රන් බඳුනෙහි සිංහ තෙල් වත් කළ විට අඩුවක් නොවී පවතී. එසේ උත්තමයන්ගේ හෘදයෙහි පිරුණු කරුණා මෛත්රිිය ගුණ ද අඩු නොවී පවතී.


33. සුදනෝ නිවන්වත් - පරහට දුකක් විට පිහිට වෙත්

කිසි නැති පවන් පත - පවන ඇරියා ගිම අරින මෙන්.


පදාර්ථ:- සුදනෝ - සත්පුරුෂයෝ, නිවන්වත් - දුප්පත් වුව, පරහට - අන්යෝයන්ට, දුකක් විට - දුකක් ඇති කල්හි. පිහිට වෙත් - පිහිට වෙති. කිසි නැති - කිසිසෙත් පවනක් නැති, පවන්පත - විජිනිපත, යා පවන ඇර - යහපත් පවන් යවා, ගිමන් - ග්රීනෂ්මය, අරින මෙන - අරින්නා මෙනි.

භාවය:- සුදනෝ තමාට වස්තුව නැතත් අන්යනයන්ට දුකක් වූ විට පිහිට වෙති. කෙසේද කිසිම දෙයත් නොමැති විජිනිපත පවන ගෙන දී ගමන් වෙහෙස දුරු කරන්නා මෙනි.


34. දෙ පස රුපුනි දිතත් -වෙසෙත් සැපසේම නුවණැතියෝ

දසන් දෙතිසක් මැද - වැස නොතැළී දවසරින දිව මෙන්


පදාර්ථ:- දෙ පස - දෙ පැත්තෙහි, රුපුන් - සතුරන්, ඉඳිතත් - උන්නේ වී නමුත්, නුවණැතියෝ - ඥානවන්තයෝ, සැපසේ ම - සැපවත් ව, වෙසෙත් - වාසය කරති, දෙතිසක් දසන් මැද - තිස් දෙකක් දත් අතර, දිව - දිව, නො තැලී - තැලෙන්නේ නො මැතිව, දවසරින - දවස් අරින්නාවූ. දිව මෙන් - දිව වගේ.

භාවය:- නුවණැතියෝ දෙ පසම සතුරන් ඇතත් බුද්ධිමත්ව ජීවත් වෙති. දත් දෙ තිසක් මැද ඒ දත්වලට නො තැලී ඇති දිව මෙනි.


35. යමකු කළ යහපත සිහි නොවනුසේ ලොව නපුරු නැති

ලුහු දන කළ නපුර - සිත නො තබනු යහපතෙක් නැති


පදාර්ථ:- යමකු කළ - යමකු විසින් කරන ලද යහපත - යහපත්කම, සිහිවනුයේ - සිහියට එන්නේ නම්, ලොව - ලෝකයෙහි, නපුරක් - නපුරක්, නැත් - නැත්තේමය, ලුහු දන - පොඩි අය විසින්, කළ - කරන ලද, නපුර - නපුරුකම, සිත - සිත්හි, නො තබනු - නො තබන්නේ නම්, යහපතෙක් - යහපතක්, ඇත - ඇත්තේ ය.

භාවය:- යමකු කළා වූ යහපතක් සිහි නො කිරීම වැනි වූ නපුරක් තවත් නැත. පොඩි අය කළා වූ නපුරු දෙය සිත නො තැබීම වැනි යහපතක් නැති.


36. කෙත්වත් ලොව නොයෙක් - පලතුරු රහිත මේග විලසින්

සත් සත් කළත් සැප - සත දුක් ගිනට මහත් සෙවනක්.


පදාර්ථ:- ලොව - ලෝකයෙහි, කෙත්වත් - ක්ෂේත්රන වස්තූන් හා, නොයෙක් පලතුරු - නානා වර්ගික පලතුරු, රකින - රකින්නාවූ, මේග විලසින් - වැස්ස මෙන්, සත් සත් - සත් පුරුෂ අය, අත් කළ - තමා අයත් කළ, සැප - සම්පත්තිය, සත් - සත්වයන් ගේ, දුක් ගිමට - දු:ඛ ග්රීතෂ්මයට, මහත් සෙවනෙක් - මහත්වූ සෙවනක් වේ.

භාවය:- කෙත්වතු හා නොයෙක් පලතුරු වෘක්ෂ ආරක්ෂා වන්නේ වර්ෂාව නිසාය.මෙසේ සත් ජනයත් ලැබූ සැපත සත්වයන්ගේ දුක් නමැති ග්රී ෂ්මය නිවීමට මහත් සෙවනක් වේ.


37. මහඵ පඬි තපසුන් - අද ද දුබල දිළිඳා සත් සත්

මෙ ඇමට පිහිට වනු - නිරිඳුන් විනා අන් කෙනෙක් නැත්

පදාර්ථ:- මහඵ - වයසක අය, තපසුන් - තාපසයන්, අද ද - අන්ධයන්, දුබල - දුබල වූවන්, දිළිඳු - දිළින්ඳන්, සත් සත් - සත් පුරුෂයෝ ද, අත් කල - තමා අයත් කළ, සැප - සම්පත්තිය, සත- සත්වයන්ගේ, දුක් ගිමට - දුක්ඛ ග්රී ෂ්මයට,මහත් සෙවනක් - මහත්වූ සෙවනක්වේ.

භාවය:- මහඵ, පඬි, සුදන, දුබල වූ දිළිඳු වූ හැම කෙනෙකුගේ ම පිහිට සදහා රජතුමා හැර අන් කෙනෙක් නැත.


38. නො මද ගං හෝ ඇල - දිය නිති වැදත් නො පිරිසිදු මෙන්

අපමණ දන ලදත් - ඉසුරුමත් දනගේ සිත් නොපිපේ.

පදාර්ථ:- නොමද - බොහෝ වූ, ගං - ගංගා හෝ වල, දිය - වතුර, නිති වැදත් - නිතර වැදීමෙන්, ගැලීමෙන්, නො පිරි - නොපිරිහෙන්නා වූ, සිඳු මෙන් - මුහුද මෙනි, අපමණ බෝහෝ, දන - දාන වස්තුව, ලදත් - ලැබුවත්, ඉසුරුමත් - සම්පත්තියෙන් මත් වූ , දනගෙ - මිනිසුන්ගේ, සිත් - සිත, නො පිපේ - නො පිරෙන්නේ ය.

භාවය:- බොහෝ ගංගා, ඇල දොලවල දිය නිතර ගලා බසින මුහුද මෙන් කොතරම් ධනය තිබුණත් යස ඉසුරු ඇති මිනිසුන්ගේ සිති නොපිරිහෙන්නේය.


39. යමකු යම් තැනකට - පමුණුවනු ගුණ දැනයි නියවත්

සුරනිඳු දිනිඳු හැර - තරිඳු මැද සසැඳියා විලසින්.


පදාර්ථ:- නියවත් - ඥාණවන්තයෝ, යමකු - යම් කෙනෙකු, යම් තැනකට - යම් ස්ථානයකට, පමුණුවනු - පමුණුවන්නේ, ගුණ දැනයි - ගුණය දැන ගෙනය. සුරනිඳු - ශක්රගයා, දිනිඳු හැර - සුර්යයා හැර, තරිදු මැද - චන්ද්රමයා මැද, සසැඳියා විලසින් - සස ලපය ඇන්දා මෙනි.

භාවය:- බුද්ධිමත් අය යමෙක් යම් තැනකට පමුණු වන්නේ ඔහුගේ ගුණ දැනගෙනය. ශක්රකයා සූර්යයා අත්හැර, චන්ද්රගයා මැද සස ලපය ඇන්දා මෙනි.


40. මේග ගං පලතුරු - පරහට ම වැඩ පමුණුවන මෙන්

සුදනන් ලත් ඉසුර - සව් සතට වැඩ වේය නිතියෙන්.


පදාර්ථ:- මේග - වර්ෂාව, ගං පලතුරු - ගංගා හා වෘක්ෂයන් ගෙන් වන්නාවු, වැඩ - අර්ථයන්, පරහටම - අන්ය යන්ටම, පමුණුවන මෙන් - පමුණුවන්නාක් මෙන්, සුදනන් - සත්පුරුෂයන් විසින්, ලත් ඉසුරු - ලබන ලද සම්පත්, නිතියෙන් - නිරන්තරයෙන්, සව් සතට - සියලු සත්වයන්ට, වැඩවේය - වැඩක් වන්නේය.

භාවය:- වැස්ස - ගංගා හා පල දරණ ගස් අනුන් හට වැඩ සිදු කරයි. එමෙන් සුදනන් ලත් වස්තුව ද සියලු සත්වයන්ට නිතර යහපත ගෙන දේ.


41. නීචයන් රැගෙනත් - සිදුවන දෙයක් සාදු කෙරේ කැත්

කනා නොමදැතිවත් - ලෝ කැඩ පතෙන් වත බලනුමෙනි


පදාර්ථ:- කැත් - රජතෙම, සිදුවන දෙයක් - සිදුකරන දෙයක්, නීචයන් - පහත් අයගෙනුත්, රැගෙනත් සිදු කෙරේ - සිද්ධ කෙරේ, කනා - රන්, නො මද ඇතිවත් - බොහෝ ඇති නමුත්, ලෝකැඩ පතෙන් - ලෝ කැඩ පතින්, වත - මුහුණ, බලනු මෙනි - බලන්නා මෙනි.

භාවය:- රජතෙම සිදුවන දෙය නීචයන්ගෙනුත් සිදු කර ගනී. රත්රන් කොතරම් තිබුනත් ලෝභ කැඩපතින් මුහුන බලන්නාක් මෙනි.


41. එකකට වත් එකෙක් - සමත් අනෙකක් අනික් එකකට

තද පවන ලදුවත් - නැව ගොඩක රිය මුහුද නො දිවේ.

පදාර්ථ:- එකෙක් - එකෙක්, එකකට - එක කරුණකට, සමත් වේ - දක්ෂ වේ, අනෙකෙක් - අන් එකෙක්, අනිත් එකෙකට - අන් දෙයකට, සමත් - දක්ෂය, තද පවන ලදුවත් - සැඬ සුළං හමා ගියත්, නැව - නෞකාව, ගොඩත් - ගොඩත්, රිය - රථය, මුහුද - මුහුදෙහි ද,නො දිවේ - නො දිවේ.

භාවය:- එකෙක් එකකට සමත් වෙයි. අන් එකෙක් අනිත් එකකට සමත් වෙයි. සැඬසුලං හමා ගියත් නැව ගොඩෙහිත් රිය මුහුදෙහිත් ගමන් නොකෙරේ.


43. ඇම සතට වැඩ වන - ගම්මැදෙහි පලතුරක් විලසින්

සුදනන් අතට පත් - ඉසුරු වැඩිවේය සව් ලෙව් හට.

පදාර්ථ:- ඇම සතට - සියඵ සත්වයන්ට, වැඩවන - වැඩක් සිද්ධ වන, ගම් මැදෙහි - ග්රා ම මධ්ය යෙහි, පලතුරක් විලසින් - ඵල වෘක්ෂයක් මෙන්, සුදනන් - සත්පුරුෂයන් ගේ, අතට පත් - අතට පැමිණි, ඉසුරු - සම්පත්තිය, සව් ලෙව් හටත් - සියලු ලෝකයා හටත්, වැඩ වේ - වැඩ පිණිස වන්නේය.

භාවය:- හැම දෙනාට යහපත සලසන පලතුරු ගසක් මෙන් සුදනන් අතට පත් වූ වස්තුව සියලු ලෝකයාට ම යහපත සලසයි.


44. නසතත් දුදනයන් - සුදනෝ උන්ට ම වැඩ සලසත්

සඳුන් තුරු සිඳිනා - පොරොව මුව අත සුවඳ වන මෙන්


පදාර්ථ:- සුදනෝ - සත්පුරුෂයෝ, දුදනන් - දුර්ජනයන්, විසින්, නසතත් - විනාශ කලත්, උන්ටම - ඔවුන්ටම, වැඩ සලසත් - වැඩ සිද්ධ කරති, සඳුන් තුර - සදුන් ගස්, සිඳිනා - කපන්නා වූ, පොරොව - පොරොවෙ, මුව අත - මුවාත, සුවඳ අමන මෙන් - සුගන්ධය හමන්නා මෙනි.

භාවය:- දුර්ජනයන් තමන් විනාශ කරතත් සුදනෝ උන්ටම වැඩ සලසති. සඳුන් ගස කපන්නාවූ පොරොවෙහි මුවාතෙහි සුවඳ හමන්නා මෙනි.


45. තද රුදු ගුණැතිවත් - ලියෝ මදහස සිසිල පෑලත්

තද යකඩින් තැනූ - යහපත් සිසිලසය පානෙව්.


පදාර්ථ:- තද - දැඩිවූ, රුදු - රෞද්රි වූ, ගුණැතිවත් - ගුණ ඇතත්, ලියෝ- කාන්තාවෝ, මදහස - මද සිනා, පෑලත්- ප්රූකාශ කරත්, තද යකඩින් - තද වූ යකඩින් තැනූ, තනන ලද යපත් - යකඩ පත්‍රය, සිසිලසය - සීතලකම, පාන එව් - පාන්නක් මෙනි.

භාවය:- කාන්තාවෝ තද රෞද්ර ගති ඇති වුවත් මද සිනා පෙන්වති. කද යකඩින් තැනූ පත්රසය සීතල බවක් පෙන්නන්නාක් මෙනි.


46. රකුසෙක් තම ලියක - තිබී කරඬුවක ලා කුස තුළ

එහි තුළ වන් සිදුට - තම හිමිට දියුණුව කළා පෙම්.


පදාර්ථ:- රකුසෙක් - රාක්ෂයෙක්, තම ලියක - තමන් ගේ ස්ත්රිාය, කරඬුවක ලා - කරඬුවක දමා, කුස තුළ - කුස ඇතුළෙහි, තිබී - තැබුයේය, එහි තුළ - ඒ ඇතුළට, වන් - ඇතුල් වූ, සිඳුට - සිද්ධයාට, තම හිමිට - තමන්ගේ ස්වාමියාට, වඩා දියුණුව- දෙගුණයක්, පෙම් කළා - ප්රේගම කළාය.

භාවය:- රාක්ෂයෙක් තම බිරිය රැකීමට ඇය කරඬුවෙක දමා තමන්ගේ කුස තුළ තරඬුව තබා ගති. මේ කරඩුව තුලට ඇතුල් වූ සිද්ධයකුට තම ස්වාමියාට වඩා දෙගුණයක් ඕ ආදරය කළාය.

මේ සමුග්ග ජාතකය සිහියට නංවයි


47. සද නද කරන සඳ - පහන් සියුරන් මන තෙමන මෙන්

සද සඳ පහන් සඳ - සලෙළු සද කොඳ සද පහන් වේ.


පදාර්ථ:- සද - සන්ධ්යාෙ කාලයෙහි, නද කරන - නාද කරන්නාවූ, සඳ පහන් - චන්ද්රා ලෝකය, සියරන් - ඇටිකුකුඵ වන් ගේ , මන - චින්තය, තෙමන මෙන්- තෙමන්නාක් මෙන්, සඳ - සුන්දරියන්ගේ, සද - චිත්තය, පහන් සඳ - පහන් වූ කල්හි, සලෙඵ - සල්ලාලයාගේ, සඳ කොඳ - සිත් නමැති කුන්දයට, සඳ පහන් වේ - චන්ද්රෙ ප්රදභාව වෙයි.

භාවය:- සල්ලාලයාගේ සිත් කොඳ වනය පිනවීමට සඳ එළිය උදවු වේ. සන්ධ්යාසවෙහි නාද කරන ඇටිකුකුළා ද චන්ද්රි ආලෝකයෙන් සතුටට පත් වේ.


48. නිමල ගුණ රුසිරු - ඉසුරු තෙද විකුම් ඇති තැනටත්

පැමිණ තද රැකවල - ඇතත් සිතුවත් කෙරෙති අඟනෝ.


පදාර්ථ:- නිමල - නිර්මල වූ, ගුණ - ගුණයන් ද, රූසිරු - රූප ශ්රී්යද, ඉසුරු - සම්පත් ද, තෙද - තේජස ද. විකුම් - වික්රථමය ද, ඇත් - ඇත්තාවූ, තැනටත් - ස්ථානයටත්, පැමිණ - පැමිණ, තද රැකවල ඇතත් - දැඩි ආරක්ෂා ඇතිමුත්, අඟනෝ - කාන්තාවෝ, සිතුවක් කරති - කැමැත්තක් කරති.

භාවය:- හොද ගුණවත්, රූපවත්, ධනවත්, තෙදවත්, වික්රිමවත් ස්වාමි‍යෙකු යටතට පැමිණියත්, නොයෙක් ආරක්ෂා තැබුවත් ඒවා බිඳ දමා, අඟනෝ තමන්ගේ අභිමතය ඉටු කර ගනිති.



49. කනාලිය පැරයූ - තුනු සිරිමාවා ඇතිදු සිවුවත්

මනා ගුණ පිය පියා - හදතුල ගලක් අතුලේ තුලේ.


පදාර්ථ:- කනාලිය පැරයූ - රන්ලිය පරදවා, සිවුවත් - මහබඹු, තුනු සිරි මවා - ශෝභාසම්පන්න රූපයක් මවා, ඇතිද්රක - ඇත්තේ වී නමුත්, පිය - ස්ත්රි යගේ, මනගුණ- චිත්තයෙහි ගුණයත්, පියා - පහකොට, හදතුළ - හෘදයාභ්ය න්තරයෙහි, තුලේ - මහත් වූ, ගලක් - ගලක්, අතුළේ - අතුරන ලද.

භාවය:- රත්රන් රුවක් සේ ස්ත්රිලය මවා ඇයගේ හෘදය ගලක් සේ තද බවට පත් කිරීම නිසා මහබඹු නුවණ නැත්තෙකැයි කියන ලදි.


50. වැදුවත් දරුවන් - ලඳුන් සෙනෙහස සැබෑ නොකරව්

සිළුමිණිනි බබළන - උරග විස සඟවා කෙළන වැනි.


පදාර්ථ:- දරුවන් - දරුවන්, වැදුවත් - ප්රුසූත කළත්, ළඳුන් සෙනෙහස - කාන්තාවන්ගේ සෙනෙහස, සැබෑ නො කරව් - විශ්වාස නො කරව්, සිඵමිණනි - චූඩාමාණික්යියෙන්, බබළන - බබළන්නාවූ, උරග - නාගයා, විස - විෂ, සගවා - සඟවා ගෙන, කෙළින වැනි - ක්රී ඩා කරන්නාක් වැනිය.

භාවය:- දරුවන් ලැබූවත් කාන්තාවන්ගේ ආදරය සැබෑ යයි නො සිතව. සිඵමිණින් නාගයා තම විෂ වසාගෙන ක්රීෑඩා කරන්නා වැනි ය.

"https://si.wikibooks.org/w/index.php?title=ලෝකෝපකාරය-i&oldid=11875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි