රුහුණු මාගම්පුර වර්ණනාව - iii

හත්වෙනි පරිච්ජේදය


දුටුගැමුණු තිස්ස යන සහෝදර කුමරුන්ගේ භෙද දුටුගැමුණු කුමරු මාගම් පරයෙහි සිංහසනා රූඪවීම.

ඉක්බිති තිස්සකුමාරතෙම පියරජතුමා කළුරියකළ බැව් අසා වහා දිඝවාපි ස්ථානයෙන් පිටත්වැ මාගම්පුරයට පැමිණ පියරජ තුමාගේ අන්තිම සත්කාරය කොට නිමවා මෑනියන් හා කඩොලැතුද වෙනත් හස්තසාර වස්තුවද ගෙන දිඝවාපි ප්රෑදෙශයට ගියේය. තදනන්තරව අමාත්යව මණ්ඩලය මාගම් පු‍රයෙහි රැස්ව සම්මන්ත්රනණයකොට සියලු තොරුතුරු තත්වූ පරිද්්දෙන් ලියා වහාඑන සේක්වයි දුට‍ුගැමුණු කුමාරයාවෙත දූතයන් යැවූයේය. දුටුගැමුණු කුමරු ඒ සන්දේශ බලා වහා පිටත්ව ගුත්හල් මඩුල්ලට පැමිණ එහි ආරක්ෂාේ සංවිධානය කොට මාගම් පුරයට ගොස් තම සතු රාජ්යලය ලැබ සිංහාසනාරූඪවැ මැණියන් හා කඩොලැතුද රැගෙන එවයි තිස්සකුමාරයාවෙත දූතයෙකු යැවුයේය. ඉක්බිති තිස්ස කුමාරතෙම දුටුගැමුණුරජ විසින් යවනලද සන්දෙශය බලා අප ගේ පියරජතුමාණෝ ස්වර්ගදස්ථවුහ. දැන් මම මෑණියන් වහන්සේට උපස්ථානකරමින් මෙහිම වසමියි කියා රජඅණ නොසලකා හැරියේය. දූතයා විසින් කියනලද සියලුප්රමවෘත්ති අසනලද දුටුගැමුණු රජ මම වනාහි වැඩිමලාවෙමි. එබැවින් මැණියන්ට උපස්ථාන කිරිමමට භාරවූ වැඩක්ය. ඉදින් නොමළුවන්නෙහිනම් ගෙන්වන උපාය මම දනිමියි කියා නැවතත් හසුන්පතක් යැවි නමුත් එයද ප්රනතික්ෂෙදපකළ හෙයින් ඒ කාරණය මුල්කොට සහෝදර දෙදෙනා සේනාසන්නඬකොට ගෙන චුලංගනිය පිටියෙහිදි සංග්රායමයක් පටන් ගත්තාහුය.

දුටුගැමුණු තිස්ස යුඬය.

                 “අහුචිත්තං මහායුඬං චුල්ලඞ්ගනිය පිට්ඨියං

තත්ථ නෙක සහස්සානි පතිංයු රාජි‍ෙනාතරා රාජාවතිස්සා මචේචාච වලවා දිඝහුනිකා ‍ තයොයෙව පලාසිංසු කුමාරොපඅනුබන්ධිජතො ‍ උභින්ත මන්නරෙ භික්ඛු මා පයිංසු මහිධරං තංදිස්වා භික්ඛු සංඝස්ස කම්මං ඉතිනිවත්තිසො”‍‍‍ දුටුගැමුණු මහරජ සේනා සන්නාහ සන්නඬව බුත්තලට පැමිණිකල දිගාවැවේ සිටි තිස්ස කුමාරතෙම නැගෙණහිරි රට වැස්සන් හා එසේම සේනාසන්නාහ සන්නඬව ආ තිස්සකුමාරයා ‍‍


54


චූලංගනිය පිට‍ියෙහිදි මුනගැසි දෙසෙනග එහිදි යුද්ධය පටන් ගෙන අති දරුණු සටන් කරන සඳ දුටුගැමුණු රජුගේ සේනාව බොහෝ සෙයින් නැසූ හෙයින් රජු පරාජයට පැමිණඛි තිස්ස නම් අමාත්යහයා හා සමඟ දිඝහුනි නම් වෙළඹ පිටින් පලාගොස් කප්ප කන්ද රනදි (වලවේගඟ) යෙහි ජනලමාලි නම් තොටට පැමිණ සන්නාහ මුදා අත්ශය ක්ෂුනධාවට පත්ව අමාත්ය යා අනතුබු බත්තලිය ගෙන හතර කොටසකට බෙදා සංඝයා රහිත වනාන්තරයේවී නමුත් දන්දි අනුභව කිරිම සැමදාම පවත්වාගෙන ආ චාරිත්රත ධර්ම යක් බැවින් අමාත්යඅයාලවා කාලඝොෂණය කරවූකල්හි එ ශබ්දය ඇසූ පුවඟු දිවයින් වැසි ගොතමනම් මහරහතන් වහන්සේ තමන්ගේ සඬ්විහාරික තිස්සකුටිම්බික තෙරුන් වහන්සේ කැඳවා දුටු ගැමුණු රජුගේ පිණිඩපාත දානය පිළිගෙන එවයි කියා පිටත් කළසේක. ක්ෂිණණා ශ්රගවවූ ඒ මහතෙරුන් වහන්සේ අහසින් වැඩ දුටුගැමුණු රජු ඉදිරියෙහි පහළවු කල්හි තෙරුන් වහන්සේ දැක පස්වණක් ප්රීගතියට පැමිණ සංඝයා උදෙසා වෙන්කළ කොටස හා තමන්ගේ කොසද පාත්රැයෙහි බහාලූ කල්හි අමාත්ය යාද තමන්ගේ කොටස පුජා කෙළේය. මේ සියල්ලම බලා සිටියාවු වෙළඹද තම කොටසත් දන්දෙනු කැමති බැව් කුරගැසිමා‍දියෙන් ඇඟවු කළ ඒ කොටසත් පාත්ර යෙහි බහා පිරුණාවූ පාත්ර.ය රජු විසින් මහ තෙරුන් වහන්සේගේ ශ්රී හස්තයට පිළිගැන්වූ‍යේය. තෙරුන් වහන්සේ ඒ බත් පාත්රහය පිළිගෙන අහසින් ගොස් ගොතම ස්ථවිරයන් වහන්සේට පිළිගැන්වුයේය. උන් වහන්සේ තුබු බතින් පාත්ර.ය පුරවා රජුවෙත එවුසේක. මහ රහතන් වහන්සේගේ අධිෂ්ටානය පරිදි ඒ බත් පාත්ර්ය අහසින් විත් රජ‍ුගේ ශ්රිහ හස්තයෙහි පිහිටකල ප්ර සන්න සිතින් යුක්තවැ තිදෙන බත් අනුභළු කොට ආය්ය්ුගේයන් වහන්සේගේ අපරි මිතවූ ගුණ සලකා හිස් පාත්ර්ය යැවීම සුදුසු නොවන්නේයයි කල්පනාකොට පාත්ර්ය සෝදා උතුරු සළුව එහි බහා ආකාශයට දැමු කල්හි රහතුන් වහන්සේගේ ආනුභාවයෙන් හා රජුගේ ශ්ර ඬාබලයෙන්ද පාත්ර ය අහසින් ගොස් තිස්ස ස්ථවිරයන් වහන්සේගේ ශ්රී් හස්තයෙහි පිහිටියේය.

ඉක්බිති දුටුගැමුණු රජ මාගම් නුවරට ගොස් සැටදහසක් බලසේනා සන්නාහ සන්නඬාකොට ගෙන වෙළඹ පිටනැගී යලිඳු යුඬයට පැමිණි කල්හි තිස්සකුමාරයාද බලසේනාව පිරිවරා කඩොලැතු පිටින් යුඩයට පැමිණියේය. දෙසෙනග යුඬයට පටන්ගනෙ වැඩිවෙලා යන්ට ප්රපථම තිස්ස කුමාරයාගේ සේනාව බොහෝ සෙයින් නැසුනහෙයින් කුමාරයා පැරද පලායන්ටවිය. දුටුගැමුණු





55

රාජ කුමාරයා ලුහුබඳවා ගොස් කඩොලාතු පිටින් යන කුමාරයාගේ ඉසඋඩින් වෙළඹ පන්වා තම අත තුබු තෝමරය කුමාරයාගේ පිටසමෙහි තවරා සුළු තුවාලයක්කොට කුමාරයාගේ සේනාව බිඳුවා පලවා හැරියේය. එසේවූ කල්හි කඩොලැතු මැපිටසිටි මෙතෙම පුරුෂයෙක් නොවන්නේයයි සිතා කිපි පිට සොලවා කුමාරයා බිමහෙළනු කැමතිවුයේද ‍ නොහෙළා එක් රූකක් වෙත් පැමිණිකල කුමාරයයා ගසට නැගගත් කල්හි දුටුගැමුණු රජුගේ සමිපයට ගියේය. තිස්ස කුමාරයා පලා ගොස් ඒ අසල විහාරයට වැදි මහ තෙරුන්වහන්සේගේ සයනාසනය යට සැඟවී සිටියේය. මහ තෙරුන් වහන්සේද කුමාරයා නොපෙණෙන පිරිදි සිව්රකින් වසා මංචකයෙහි වැඩසිටසේක. එවිට දුටුගැමුණු රජ තිස්සකුමාරයා ලුහුබඳවා ගොස් විහාරයට පැමිණ තිස්සයා කොයිදැයි පිළි විසූ කල්හි මහරජ උන් මංචකය උඩ නැතැයි වදාල බසින්ම කුමාරයා ඇදයට සැඟවි සිටින බැව් දත් දුටුගැමුණු රජ ඉන්නික්ම විහාරය අවට ආරක්ෂාැ සංවිධානය කොට රජතෙමේ දොරටුවෙහි රැකවල් ගෙන සිටියේය. ඉක්බිති මහා සංඝයාගේ නියමය පරිදි තිස්සකුමාරයා ඇඳකතබා සිවුරල වටකොට බැඳ මළභික්ෂුඉවක් බැහැරගෙන යන ආකාරයට සාමණේරයන් විසින් උසුලා‍ඟෙන විහාරයෙන් පිටගෙන යනු දුටු රජතුමා කාරණය තත්වූ පරිද්දෙන් දැනගත් නමුත් සංඝ ගෞරවයෙන් කිසිවක් නොකොට මෙසේ කීවේය. “එම්බල තිස්සය කුලදෙවතාවූ සංඝයාවහන්සේලවා ඔසවාගෙන යන ආකාරය අයොග්යිය. දැන් තෝ බලාත් කාරයෙන් වුවත් අල්වාගැනීම මට පිළිවන් නමුත් අපගේ කුල දෙවතාවුන් වහන්සේලා අතින් එබඳු බලහත්කාරයක් කොට ගැනීම මම කිසි කලකත් නොකරන්නෙමි. සංඝයා වහන්සේ විසින් තට කරනලද මහත්වූ උපකාරය නිතර සිතේ තබාගත යුතුය” යි කියා රජතෙම මෑණියන්වහන්සේ ලබනලද ආධාර ඇති තිස්සකුමරු අප්ර”සිඬ වෙශයෙන් දිගාවැවට ගොස් එහි මහාවිහාරාධිපිත “ගොධගත්තතිස්ස” මහ තෙරුන් වහන්සේ සමිපයට පැමිණ වැඳ ස්වාමිනි, අප සෙ‍හොයුරු රජතුමාට මවිසින් අපරාධ කරන ලද්දේය. එබැවින් කෝපයට පැමිණ සිටින භාතුරාජයා ක්ෂරමා කරවා වාදළ මැනවැයි ඇවිටිලි සහිතව අයැද සිටිකල්හි මහ තෙරුන් වහන්සේගේ පිරිකරාදිය කුමාරයා ලවා ගෙන්වා ගෙන පන්සියයක් මහා සංඝයා පිරිවරා මාගම්පුර රාජභවනයට වැඩ තිස්සකුමරු ගිනිපාමුල හිඳුවා ඇතුළු රජගෙට වැඩිකල භික්ෂු සංඝයා දුටු රජතෙමේ උන්වහන්සේලා වඩා හිඳුවා කැඳ ආදිය






56

පිළිගන්වා තෙරුන් වහන්සේ නොවළඳන බැව් දැක ස්වාමිනි, කුමන කරුණක් පිණිස දැයි මහ තෙරුන් වහන්සේ අතින් පිළිවිසිය. එවිට මහ තෙරුන් වහන්සේ වදාරණ සේක් “මහරජ තොපගේ සොහොයුරු කුමරා කැඳවාගෙන තොප ක්ෂවමා කරවිම පිණිස පැමිනියෙමි”යි වදාළේය. එබස් ඇසූ රජතෙමේ “ඒ සොරා දැන් කොයිදැ”යි විචාළේය. මාලිගාවේ ගිනිපාමුල නවතා ආ බැව් මහ තෙරුන් වහන්සේ විසින් දැන්වූපසු විහාරමහා දෙවිය වහා එහි ගොස් පුත්රරයා ආවරණය‍ෙකාට තොමෝ ඉදිරියෙහි සිටියාය.

ආශ්චය්ය්‍ වවත් අනුරාධපුර ගමනක්.

ඉක්බිති දුටුගැමුණු රජා මහා සංඝයා කෙරෙහි අතිශයින් ප්ර.සන්නවී “ස්වාමිනි මම වනාහි මහ සංඝා කෙරෙහි දාසභවොප ගතයෙක්වමි” සත්හැවිරිදි සාමණෙර නමක් හෝ එවා අපට අනුශාසනය කළසේක්විනම් මේසා මහත් කලහයක් පැමිණ ජනක්ෂවය භාවයක් නොවන්නේය. එසේ නොකිරිම ඔබවහන්සේලාගේම පමාදොසය නිසා ඊට දඬුවම් ඔබවහන්සේලා විසින්ද දැරිය යුත්තේය. ස්වාමින්වහන්සේලා වැඩි කාරණය සිත්වූ පරිදි සිඬවිමට කිසිබාධාවක් නැත්තේයයි කියා කැඳ වැළඳුව මැනවයි ආරාධනා කොට ස්වකීය ස‍හෝදරයා කැඳවා එහිම සංඝයාවහන්සේලා මධ්යධයෙහි හිඳ එක්ව ආහාර අනුභව කිරිමෙන් සමගිව මහා සංඝයා වහන්සේ පිටත්කොට හැර කිපදවසක් ඇවෑමනේ තිස්සකුමාරයා දිගාමඬුල්ලට යවා ධාන්යි රැස්කිරිමට නියමකොට තමන්ද බොහෝ කෙත්වත් අස්වද්දා රන්රිදි මුතුමැණික් ගවමහිෂාදි බො‍හෝ වස්තූන් සම්පාදනය කරවා විශෙෂ වශයෙන් යුඬාභාණ්ඩ සම්පාදනය කොට දසමහා යෝධයන් ඇතුළු භට සමූහයාට විභාවානුරූප පරිදි කෙත්වත් ධනධාන්යා්දියදි සතුටුකොට අපරිමිත වූ කායබල ඤණ බලාදිය හා කොවල්ල යුඬාණිවාදි අනෙකවිධ ශාස්ත්රු පෙරතෙරපත් මහා සේනාපතීන් ප්රකධාන රණවීරවූ වීරවික්රවම සිංහල භටසේනාව මොනවට ශක්තිමත් කරවා අසුර භටයන් විසින පිරිවෑරූ වෙපචිත්ති අසුරෙන්ර්ස යාමෙන් මහත් බලපරාක්ර ම යෙන් යුක්තවැ භිමවික්රිමාන්විත දුටුගැමුණු නම් සිංහල මහරජ තුමා තමන්ගේ අතිදක්ෂක බලපිරිස් ගැණ සතුටුව දැන් වනාහි දෙමළ කුණුකසල දවා භෂ්මකොට ශ්රීත සම්බුඬ ශාසනය බබුලු වන්ට කාලයයි සනිටුහන්කොට නා නා ආයුධ සන්නඬ ඇත්, අස්, රථ, පාබල යන චතුරඞ්ගිනි සේනාව පිළියෙළ කොට යුඬපිටිපාටි ශාස්ත්ර්යෙහි කොටිප්රා ප්ත අසහාය පණ්ඩිත වූ සිංහල මහරජතුමා





57

රිත්යතනුකූලව සියල්ල සම්පූර්ණ් කොට ජයකොන්තයෙහි සර්වපඥධාතු නිධානකොට ගෙන දෙදෙව්ලොව දෙව්සෙන් පිරිවරා අසුර යුඬයට නික්මුණු පුරඳරා සෙයින් මහත්වූ රාජානුභාවයෙන් බල සේනා පිරිවරා ශ්රීම ‍ශොභාවෙන් බබලමින් තිස්සමහා විහාරයට ගොස් භික්ෂුලසංඝයා වැඳ ස්වාමිවරුණි “මම වනාහි ශ්රීස සම්බුඬ ශාසනයට හා සිංඑල ජාතියටත් බලවත් හානි පමුණුවමින් රජ රට ආණ්ඩුකරන දෙමළ මහාසේනා මද්ර්දටනයකොට සාසන ජොතනය සඳහා ගඟින් එතර යන්නෙමි. එබැවින් අපට නත්යො මඞ්ගල්යව භූතවු අතවරයෙන් ආරක්සාඑකාරිවු මහා සංඝයා වහන්සේට උපස්ථානය කරමින් යාම අපට මහා මඞ්ගල්යතකාරණයක් හා ආරක්ෂාඋවද වන්නේය. එබැවින් අපකෙරෙහි අනුකම්පාකොට අප හා සමඟ භික්ෂු්සංඝයා වැඩමකළ යුත්තේයයි ආරාධනාකළ නොවැලැක්වූ වරදට දඬුවම් වසයෙන් පන්සියයක් භික්ෂුතසංඝයා සංඝසම්මතයෙන් ගමනට නියමවූ කල්හි උන්වහන්සේලා අභිමුඛ කොට ඒ භිමවික්රයමාන්විත රණවීර තෙජො බලැති දුටුගැමුණු නම් සිංහල මහරජතුමා මහාසේනා සමඟ පංචාගිත කතුය්ය්ව ඝොෂස යෙන් යුක්තවැ පිටත්වු ආකාරය මහමුහුද ගොඩගමන්ගත් කලක් මෙන්විය. මහරජතුමා ‍කඩොලැතකුපිටනැගි ඒ ඒ සේනාපතීන් හට වෙන වෙන සේනා භාරකොට මනාව සංවාධාන පවත්වා සියලු සේනා පරීක්ෂාෙ කොට ශොධනය කරවා මහත්වූ රාජඍඬි යෙන් යුක්කවැ පිටත්වුයේය. එසේ පිටත්වු මහාසේනාව මාගම් පුරයේ පටන් බුත්තල දක්වා වර්ත්මාන හාතැප්ම 40 ක් පමණවූ මාර්ගටය අතුරු නැතිසේ පැතිර සිටියාය.

පළමුවෙනි දෙමළ යුඬය.

ඒ භිමවික්රෙමාන්විත රණවීර තෙ‍ජොබල පරාක්රූමයෙන් යුත් දුටුගැමුණු මහිපාලොත්තමයාණෝ මහා ගංගාව සමිපයට පැමිණ මහියංගන ථූපය බැඳ කෝත්පළඳවා ගඟින් එතරවී පදසමහායෝධයන් ප්රමමුඛකොට ගොස් ඒ ඒ තැන ආරක්ෂළක බලකොටු තනා රැකවල්ගෙන සිටි දෙමළ සෙන් හැ යුඬකොට ඡත්ත නම් සේනා නායක දෙමළ යෝධයා සහිත දෙමළ සේනාධිපතීන් සත්දෙනෙකු යටත්කොට ගෙන ඊට අනතුරුව අඹතොට මහකඳ වුරෙහි සිටි අම්බ නම් බලනායකයා ඇතුළුවූ බො‍හෝ දෙමළුන් නසා අන්තර සොබ්භය, මහාකොණ්ඩය, ද්රෝසණගමය, භාලකෝලය, ගි‍ෙසාබ්භය, කනුගමය, තම්බුන්නය යන තැන්හි ඇති රෞද්ර් පටන් පවත්වා ඒ ඒ බලකොටු අල්වාගෙන ක්ර,මයෙලන් සුවිසි 8





58

තැනක කඳයුරු බැඳගෙන සිටි මහාබලසම්පන්න ආරක්ෂික දෙමළ යොධයන් නසා ඒ ඒ කඳයුරු පැහැරගෙන‍ දෙමළසේනා සමූලඝාතනය කිරිමෙන් ‍ෙසාධනය කොට මහා යුඬක‍ළෝය.

ඉක්බිති රණවිර වික්රයමයෙන් යුත් සිංහල යුඬභටයන් රඹවන යට වන් හස්ති සමූහයක් මෙන් දෙමළසෙන් මැදට පැව ඔවුන් නසමින් අතිදරුණු බිහුසුණු යුඬපවත්වන සඳ සියසෙන් හඳුනා ගත නොහැකිව ස්වපක්ෂදයේ අය ඔවුනොවුන් අතින් මරණ ප්රා ප්ත වන බව අසා සංවේගයට පැමිණ සංවිධානයෙහි අසහාය සූර පණ්ඩිතවූ සිතුමිණිරුවනක් සදෘශ ඒ දුටුගැමුණු මහරජ මෙසේ සත්යහක්රිඩයා කෙළේය.

“අජානිත්වාඩ සකං සෙනං ඝාතෙන්ති සංනනා ඉති සුත්වා න සච්චකිරියං අකරි තන්ථක භූපති රජ්ජසුඛාය වායාමො නායං මම කදාච්පි සම්බුඬ සාසනසේසව ඨපනාය අයං මම තෙනසච්චෙන මෙසෙනා කායොපගත භාණ්ඩකං ජාලාවණ්ණංව හොතූති තං තථෙව තදා අහු” සියසේන ‍ෙනාහැඳින ඔවුනොවුන් අතින් මැරෙණ බැව් අසා ඒ භූපතිතෙමේ ඒකාන්ත චිත්ත සුඬියෙන් සස්කරනුයේ “මේ මාගේ යුඬකිරිමේ ව්යාියාමය කිසිසේත් රාජ්යස සැපය පිණිසම නොවන්නේය. දෙමළුන් විසින් නාස්තිකරමින් පහළ බැස යන ශ්රීර සම්බුඬ ශාසනය ජ්යොාතිමත් භාවයට පමුණුවා අභිවර්ධ නය කිරිම පිණිසමය. ඒ සත්යේය කරණ කොට ගෙන මාගේ ‍ සෝනා හා ඔවු‍න්ගේ ආයුධාදි භාණ්ඩ ගිනි දැන්මෙන් දිලිසේවා “යි කියායි. ඒ සාත්යහක්රිබයා බලයෙන් අධිෂ්ඨානය එසේම සිඬවුයේය.

මෙපරිද්දෙන් බිහිසුණු යුදකොට දෙමළ කඳයුරු සුවිස්සක් අල්වා ගංගාසන්නයේ පටන් දෙමළ කණ්ටක සෝදාහැර ඉතිරි පසුබැස දෙමළ සේනා හා යුද පවත්වමින් විජිතුපුරය බලා නික්මුණාහුය. පසුබැස යන දෙමළ සේනා සිය්ල්ලෝම විජිතපුර මහ බලකොටුවට රාසිභූතවූවාහුය. දුටුගැමුණු මහරජ සියසෙන් සමගින් විජිත පුරාසන්නයට සම්ප්රාහප්තවැ එහි රම්යණවූ ස්ථානයක කඳයුරු බැඳ ක්ලාන්ත භාවයටපත් හේවා ආදීන්ට ව‍ිවේකදි සන්තර්පබණයකොට අතිශයින් ප්රීබල සම්බන්න විජිතපුර මහාබලකොටුව බිඳිමට උවමනා සියලුම උපක්රයමයන් මොනවට සපයා යෝධයන්ගේ බල විමසා ප්රීාතියට පැමිණ නන්දිමිත්ර කඩොලැත් යන දෙදෙනා විමං සනය පිණිස කඩොලැතුට රාපොවා නන්දිමිත්රන යෝධයාගේ පෙරට මෙහෙයුයේය.




59

“ගන්හිතුං ආගතං හත්ථිං නන්දිමිතේතා කරෙහිතං උභොදනේනපිලයිත්වා උක්කුවටිකංක නිසිදයි හත්ථිේනා නන්දිමතේතා තු යස්මා යත්ථි අයුජඣි‍පො තස්මා තත්ථය කතො ගාමො හත්ථිි පොරොති වුච්චති”‍

නන්දිමිත්රය යෝධයා හා කඩොලැත් යුදකළ ස්ථානයෙහි කරන ලද ගමට යත්‍ිමිෙපාර යන නම තබන ලදි.

අටවෙනි පරිච්ජේදය

විජිතපුර මහා සංග්රාෝමය.


විජිතපුර බලකොටුව වනාහි අතිශය සුරක්ෂි ත භාවයෙන් යුක්තකොට සාදා අතිසමත්ථට බලසම්පන්න රණාකමි විරවික්ර ම දෙමළ ‍යෝධයන් ගෙන් පරිපූර්ණසවූ සතුරන් වැද්ද නොහෙනා පරිදි බළ ඇණි පිහිටුවා ප්රාමකාරයවටේ යන්ත්ර් බලයෙන් වෙඩිසැර යැවීමේ ක්රපම අතුරු සිදුරු නැත්සේ සකස්කොට පිහිටුවා ආරක්ෂාල කරනලද ආශ්චය්ය්ක්රවත් මහා බලසම්පන්න කොටුවක් වුයේය ඒ මහා බලකොටුව අතිශය ශක්තිමත් කොට බඳින ලද දසඅටරියන් උස්වූ ප්රාාකාරකින් හා යකඩ තඹ ආදී ලොහවර්ගට යෙන් ශක්තිමත්කොට බඳිනලද ලොහොව්රකින්ද ඊට අනතුරුව පදනම් සාදා යකඩම්ය ප්රාහකාරයකින් වටකරනලද ප්රදධාන දොරටු සතරකින් යුක්තවුයේය. මහා ප්රාලකාරයට පිටින් කිඹුලන් ආදී නා නා විධ ශූෂ්කකදීමයෙන් යුත් පරිඛායෙන් හා මඩඅගල කින්ද වටකරන ලද්දේවිය. අතිහය ශක්තිසම්පන්නවූ ගොපුර අට්ටාල පඞ්ක්තියෙන් වටකරනලද ඒ විජිතපුර මහා බලකොටු වෙහි ශක්තිසම්පන්න ‍අයෝමය වාරසතරෙහි. මහා බලසම්පන්න රණකාමිවූ දහස්ගණන් දෙමළ යෝධයෝ නා නා ප්රහකාර වෙඩි සැර ක්ෂ ණ ක්ෂ්ණයෙහි පවත්විමින් පචායුධ සන්නඬවැ සිවුවර මුන්ගේ මහා බලසේනාව වුවත් ක්ෂෂණයෙන් භෂ්මකොට ජයග්රවහණය කිරිමට පිළිවන්සේ අතිදෘඪාකාරයෙන් සැරසී අභිමුඛව සිටින්නාහුය. එහි තන්හි තන්හි විදුලි යන්ත්රද බලයෙන් වෙඩිසැර හැරි මෙහි යෙදිසිටින භටසේනා පඞ්ක්තිහූ අනවරතයෙන් පිරිසිටින් නාහු. එහිසිටි ඇතැම් ‍සෙනාවන් විසින් යන්ත්රන පාෂාණයෙන් වෙඩිසැර හරින ශබ්දය හෙන දහස් ගණන් පුපුරණ කලක්මනේ වුයේය. ඉක්බිති දුටුගැමුණු මහාරජතුමා විජිතපුරා සන්නයට පැමිණ කඳයුරු බැඳ යෝධයන් රැස්කොට පරික්සාටකළ ස්ථානය කඳයුරු පිටිය නම්වුයේය. මෙසේ යෝධයන් පරික්ෂාකකොට විජිත




60

නගරය ගැනීමෙහි ශංකාරහිතවු දුටුගැමුණු මහරජතුමාණෝ විජිතපුරට වටකොට මහා සංග්රාරමය පටන් ගත්තාහුය. මෙහි අග්රප‍ සේනාපති ධුරය අනුරාධපුර විජිත පුර ආදියෙහි තොරුතුරු හොඳින් දත් නන්දිතමිත්රරනම් මහා බලසම්පන්න යෝධයා විසින් උසුලන ලද්දේය. අශ්වාරොහක සේනාවේ අධිපති ධුරය අශ්වා රොහක ශාස්ත්රදයෙහි පාරගතවූ වෙළුසුමන යෝධයා විසින්ද පාබල මහා සමුදාවේ සේනාධිපතිධුරය ගොඨඉමිබර මහායෝධයා විසින්ද ධනුර්ඬ ර සේනාවේ ප්රනධාන සේනාපති ධුරය සකල ධනුශ් ශිල්ප ශාස්ත්රනයෙහි පරාගතවූ ඵුස්සදෙව යෝධයා විසින් ද උසුලන ලද්දේය.

ඉක්බිති වෙළුසුමන ‍ යෝධයා ආජාතිය අස්රජ පිටට පැන නැගි තමන්ගේ අශිවාරොහක සේනාව පිරිවරා නැගෙණහිර දොරටුවෙහි යුඬකරමින් සියදහස් ගණන් දෙමළ යෝධයන්ගේ හිස්සිඳ බිමපතිත කළ මළසිරුරෙදන් ඒ ප්ර දෙශය පිරි ගියේය. එසේවූ කල්හි දෙමළ යෝධයන් සුලුදොර මහදොර වසා කොෂටා භයන්තරයෙහි සිටි අනෙක විධ වෙඩිසර දුනුසැර එවමින් යුඟඬ කරන අතර එක එක සේනාපතීන් තමතමන්ගේ සෙන් හා වෙන වෙන චාරයන් කරා ගොස් යුඬකරනලෙස අණලදින් නන්දිමිත්රව සුරනිර්මෙල යන යෝධයන් කඩොලැතු හ සියසෙන් සමඟ දකුණු දොරටුවෙහිද මහාසොන, ගොඨයිම්බර, ථෙරපුත්තාභය යන යෝධයන් සිසෙන් හා සමඟ අනිත් දොරටුවලද එකවිට යුඬය ‍ආරම්භකොට යුඬකරන ලදි. කොටුවතුළ ගොපුරයෙහි සිටි දෙමළ යෝධයන් විසින් නා නා විධ සැර එවමින් අතිදරුණු බිහි සුණු යුද පවත්වමින් හුණුකොට එවන ලද ‍ ලෝකටාරය කඩොලැතු පිටවැදි වේදනාව ඉවසාගතනොහි දුවගෙන ගොස් දිය අගලෙහි හි වෙදනාවනේ සිටිනාතර වහා හස්ති වෛද්ය චාය්ය්හ තෙම පැමිණ ඇතු‍ගේ තුවාලය සෝදා බෙහෙත්කොට කපුපිලි ආදියෙන් වෙලා සතප්පවුයේය. ඉක්බිති ගොඨයිම්බර යෝධයා ඇතුළඟට විත් එම්බල හස්තිය තෝ එදා සුරාබී පුරුදුව මේ දිය අගල සුරායයි සිතා මෙහි පැමිණියෙහිද? ඒ තාගේ කල්පනාව වැදිය. මේ සුරානොවන්නේය. යව පිළිවන්වීනම් අයෝචාරය බිඳුවයි කී කල්හි අභිමානයටපත් ඇත්රජතෙම හෙනදහසක් එකවිට පුපුරණ කලක්මෙන් මහත්සේ ශබ්දපවත්වා දුවගොස් යකඩ දොරට දිළින් ඇන කඩා මහත්වූ ශබ්දයෙන් ඒසා මහත් යකඩදොර බිමපතිත කළේය. ඉක්බිති ගොපුරතුළ සිටි දෙමළ යෝධයන් විසින් මහත්වූ දාරුසම්භාර සහිත පාෂාණ වෘත්තිය






61

ඇතුපිටට කඩාහෙලුකල ඒ දුටු නන්දිාමිත්රතතෙම අතින්ගසා එය ඉවත් කෙළේය. එවිට ඇත්රජ දසඅටරියන් උස්වූ මහා ප්රා්කාරය බිඳ පූර්ව වෛරය හැර නන්දිකමිත්රව යෝධයා දෙස බැලූකල එම්බල ? මම කිසිකඩලක අනුන් කළ මගින් ඇතුල් නොවෙමියි කියා දස අටරියන් ප්රා කාරය කඩා නවුර තුළ සිටි දෙමළ යෝධයන් පිටට හෙළා ඇතුල් වුයේය. සුරනිර්මරල, ‍ෙගාඨයිම්බර, ථෙරපුත්තාභය, වෙළුසුමනාදි අනික් යෝධයෝද එක් එක් නැනින් වෙන වෙන කඩා පුරය තුළට ප්රාවිෂ්ටවුහ. එසේ ඇතුල්වු යෝධයෝ වෙනවෙන විථිවලට ගොස් දෙමළුන් සුන්කොට සිවුමසක් හුගේ ඇවෑමෙන් විජිත පුරය හස්ත ප්රාිප්තකොට ගෙන ගිරිලෝක නම් බලකොටු වට ගොස් ගිරිය නම් මහ බල දෙමළ සෙනෙවියා අල්වා මහෙල නගරය කරා ගියාහුය.

අති බලසම්පන්න මහ කඳයුරක්වු ඒ මහෙල නගරය ඉතා දැඩිවු අට්ටාල ගොපුර සහිත සොළොස් රියන් උසඇති මහා ප්රා කාරයකින් ප්රගතිමණ්ඩිතවැ දිය අගල, මඩඅගල, වැලිඅගල යන පරිබා තුනකින් වට‍ෙකාට සූරවූ විරවික්රිම දෙමළ මහා යෝධයන් විසින් දෘඪතර ආරක්ෂාිවෙන් යුක්තවැ කිසිවෙකු විසින් වැද්දනොහෙනා පරිදි යහපත්ව රක්ෂාරකරන ලද්දේවිය. ඒ සාමහත් ශක්තිසම්පන්න වු මහෙල නගරයෙහි පවුරු පදනම් බිඳ එහිසිටි සූරවූ වීරවික්රාම දෙමළ ‍ යෝධයන් ඝාතනයකොට සිංහල මහ රජුගේ බලසම්පන්න යෝධයෝ මහෙල නගරය අත්පත්කොට ගෙන අනුරාධපුරය බලා නික්ම කාශපර්වහත ස්ථානයෙහි කඳයුරක් බැඳ එහි පොසොන නගරය නම් නුවරක් ‍ගොඩනගා එනමින් වැවක්බැඳ පොසොන නගරය නම් නුවරක් ගොඩනගා එනමින් වැවක්බැඳ පොසොන් මස එම වැවෙහි ජලක්රීමඩා කොට අනුරාධපුරයට යාමට කාලය බලා එහිම වාසය කළාහුය.


අනුරාධපුර මහා යුඩය.

ඉක්බිති එළාලරජ මන්ත්රීයන් රැස්කොට සාකච්ඡා කරණුයේ දුටුගැමුණුරජ යුඬයට සැරසී මහා බල‍්සේනා පිරිවරා අවුත් මහා ගංග්වේ පටන් සියලු කඳයුර අල්වා අපගේ මහා බලසම්පන්න විජිතුපරය. ගිරිලොකය, මහෙ නගරය යනාදියත් අල්වා දැන් අනුරාධ පුරාසන්නව කඳයුරු බැඳ සිටිතල. එබැවින් මන්ත්රි් වරුණි, අප විසින් කුමක් කටයුතුද කුමණ කල්පනාවකින් සිටි මුද යනාදිය කීයේය. ඉක්බිති දිඝජන්තු යෝධයා ප්‍යුධාන විසිමහ යෝධයන්ගෙන් යුත් යුඬ මන්ත්රී. සභාව රැස්ව මන්ත්රුණය‍ෙකාට හෙට යුඬකරමුයයි සම්මතකරගෙන දෙවෙනිදවස් යුඬයට සැරසී මහාබලසෝනා රැස්කොට එළාලරජ මහා පර්වනත නම් ඇත්රජ




62

පිටට නැගි බලසෙන් පිර‍ිවරා යුඬයට නික්මුණේය. කූලත්ථසවාපි නොහොත් කලත්වැව සමිපයේදි දෙසෙනග මුනගැසි අතිරෞද්රට සටන්කරන සඳ දුටුගැමුණු මහරජ තුමාණෝ මෑනියන්ගේ විධානය පරිදි දෙතාසක් බලකොටු කරවා ස්වකීය රූපයසේ දෙතිසක් රජරූප සාදා සේසත් ධරමින් සි‍ටිනාසේ සලස්වා ඇතුළු කොටු වෙහි සිටියාහුය. මෙසේ දෙසෙනග යුඬකරනඅතර එළාල රජුගේ දිඝජන්තු නම් මහා බලපරාක්රරමාන්විත යෝධයා මහත්වූ කඩුවක් අතින්ගෙන දසඅටරියනක් අහසටන පැන නැගි අහසෙහි සිට යුඬකරමින් රජුයයි සංඥවෙන් රාජරූප ක්රැමයෙන් සිඳ ගැමුණු රජ‍ සිටි බල‍ෙකාටුව කරා එනබැව් දුටු සුරනිර්මපල‍යෝධයා “එම්බල මම වනාහි සුරනිර්මසල යෙමි, තෝ කොහියන්නෙහිද ? ඉදින් තෝ පිරිමියෙක්වෙහි නම් මෙහි මා කරා එවයි කියා ආක්රොනශ පරිභව වශයෙන් කී කල්හි පළමුවෙන් මොහු නසා දෙවනු රජුනසමැයි සනිටුහන්කොට සුරනර්මකලයා දෙසට අහසින් බසින්ට වන, එවිට සුරනිර්මිල යෝධයා තම අතතුබු පලිහ දිඝජන්තු යෝධයා දෙසට පෑකල්හි දිඝජන්තු තෙමේ පලිහ හා සමග/ම සුරනිර්මෝලයා කපා දෙපලුකර මැයි සිතා කඩුව අ‍මෝරා ගැසුයේය. ඒ පහර වලකා සුරනිර්මාලයා දිඝජන්තූ යෝධයාට කඩුපහර ගැසිය. එවිට දිඝජන්තු පලිහ ඉදිරියට පෑයේය. සුරනිර්මජල විසින් ගසනලද කඩුපහර එහි වැදි පලිහ ගලවාගත් නොහි දීඝජන්තු යෝධයා බිමපතිතවූ කල්හි සුරනිර්මගල යෝධයා විසින් එක කඩුපහරින්ම දිඝජන්තු යෝධයා දෙපළු කළ බැව් දුටු උම්මාද ඵුස්සදෙව යෝධයා ජයසක පිම්බේය. ඒ ශබ්දය හෙනසියදහසක් පුපුරණ ශබ්දය මෙන් වූයේය. මහත්වු ඒ ශබ්දය ඇසූ දෙමළ සේනාව උමතුවුවන්මෙන් පැරද පලායන්ට වන එකල දුටුගැමුණු රජුගේ සේනාව දෙමළ සෙන් නසා එහි රාසි භූත කළාහුය. ඒසා මහත් දෙමළ සේනා නැසූ ලෙයින් ඒ අසල විල ‍‍ ලේවිලක් මෙන් වූයෙන් ඒ අනුසාරයෙන් යථොක්ත ස්ථානටය කලත් වැව යන නාමය අද දක්වා පවතින්ිනේය.

ඒ බව රසවාහිනියෙහි මෙසේ සඳහන්ව තිබේ.

තත්ථ්වාපිජලං ආසි හතානං ලොහිතාවිලං තස්මා කුලත්ථථවාපිති නාමතො විස්සූතා අහු චරාපෙත්වාත නහිං හෙරිං දුට්ඨගාමණි භූපති නහතිස්සතු ඵලාරං මං මුං විය පරොඉති සන්න‍ඬොසය මාරුය්හ සන්නඩං කණ්ඩු ලං කරිං ඵලාරජ අනුබන්ධමනේතා දක්ඛිණචාර මාගම්





68


“පූරෙ දක්ඛිණවාරම්හි උභොයුජ්ඣිංසු භුමිපා තොමරංබිපි ඵලාරො ගාමණිතමවඤ්වයි විජ්ඣා පෙසිව දනේතහි තං හත්ථිං්සක හත්ථි නා‍ ‍ ‍ෙතාමරංඛිපි ඵලාරං සහත්ථිං තත්‍ත්ෙසාපති තත්ථෙවිජිත සඞ්ගාමොසයොග්ග බලවාහනො ලඞකා එකාතපන්නංසො කත්වාගන පාවිසිපුරං”

ඉක්බිති දුටුගැමුණු මහරජතුමා පැරද පලායන එළාලරජු ලුහුබැඳ ‍ෙගාස් අනුරාධපුර දකුණු දොරටුවේදි මරා එළාලරජු හට කටයුතු අන්තිම සත්කාර ගරු අන්දමින් පවත්වා නුවරට පැමිණ ශාසන කණ්ටක දෙමළ කුණු ඉවත් කොට යලිඳු පර තෙරින් සැටදහසක් පිරිසේගෙන යුදයට පත් භල්ලුක යෝදයාද නසා මුළු ලංකාව එකච්ඡත්රි කොට අක්ෂෝහිනියක් පමණවු දෙමළුන් නසා අනුරාධපුරයෙහි සිංහාසනා රූඪවැ ලෝවාමහා පරාල් සාදය, මිරිසවැටි විහාරය, රුවන්වැලි මහා චෛත්යලය ආදි සියගණන් දාගැබ් විහාර කරවා ශාසනය බබුලුවා සිංහල ජාතියේ හා ශ්රීච සම්බුඬ ශාසනයේත් මහත්වූ තෙජොබල පරාක්ර ම උසස් ලෙස‍ පෙන්වා බොහෝ පින්කම්කොට ආයුකෙළවර තුසිතභවන යෙහි මහෙශාක්ය් දිව්යහරාජයෙක්ව උපන්නේය. දුටුගැමුණු රජු සසර වසනා කල බෝමලුවක් හැමදි පිණින් මේසා වික්ර්මයක් ලද බව දතයුතුයි.

මේ ශ්රීත ලඞ්කාවිපයේ හා සිංහල ජාතියේද ශ්රීංවසම්බුඬ ශාසන යේද දියුණුව පිණිස ජිවිතාසාව හැරපියා උනන්දුවෙන් ක්රිලයා කළ උතුමෝ සියල්ලම ව‍ාගේ රුහුණුරට උපන් මහෝත්තසමයෝ වෙති. මේ උතුමෝ ලංකාභූමියෙහි නූපන්නාහු නම් අද ලංකාවේ සිංහල ජාතියව.ත් බුඬාගමවත් නැත්තේයයි කිම වැරදි ‍නොවේ. මහාපරාක්රේමබාහු, මහාවිජයබාහු ආදි ම‍ෙහාත්තමයන් හා දුටු ගැමුණු, සඬාතිස්ස, සිරිසඟබෝ, ධාතුසේන. ආදි මහරජුන් හා දසමහා යෝධයෝද රුහුණුරටෙහි ඉපිද සකල ශාස්ත්රාාණිව පාර ප්රාැප්තවැ ලෝසසුන් දියුණු කිරිමෙහි සතනයෙන් ක්රි යාකළාහුය. රුහුණුරට උප න් කාවන්තිස්ස මහරජාණෝ මතු මෛත්රෙනය සම්මාසම්බුදුරජාණන් වහන්සේට පියතනතුර ලබන ඒකාසංඛ්යම කල්පලක්ෂ්යක් මුළුල්ලේ පෙරුම් පුරා පාරමි මස්තකප්රාවප්ත වූ උතුමෙක ඒ රජුගේ අග්රකමහෙසිකාවව විහාරමහාදෙවිය මතුකාලයෙහි ‍ලෝපහලවීවදාරණ මෛත්රෙලය ‍ෙලාකනාථයන් වහන්සේ හට මව්වන උත්තමාඟනාව ය. ඒ දෙවියගේ පුත්ර දුටුගැමුණු තිස්ස යන මහ රජවරු මෛත්රෙඟය බුදුරජානන් වහන්සේගේ අග්රෙශ්රාුවක




64

විතිය ශ්රා වක විම පිණිස එකාසංඛ්යර කල්පලක්ෂණයක් මුළුල්ලෙහි පෙරුම් පුරා ශ්රායවකපාරමි ඥනයෙහි කොටිප්රාාප්ත මහොත්තමයෝය. මේ ආදි මහොත්තමයන් අන්තිම කාලයෙහි මෙසිරිලක රුහුණුරට ඉපිදි සියරටේ අභිවෘඬිය පිණිස උත්තුඞ්ග ක්රිසයාකළ බැවින් ඒ උතුමන්ගේ චරිත සිංහල සැමදෙනා විසින්ම දිනපතා සිහිකරමින් පුරුද කටයුත්තේමය. එම නිසා ජාත්යනභිවෘඬිකාමින්ට කියවිමට මිට වඩා උතුම් කථා වනෙ නොමැත්තේමය.

සූරතිස්ස නම් සිංහල මහරජතුමා ලඞෳකාරාජ්ය ය කරන කාලයෙහි සේන සහ ගුත්තික යන අස්නැව් පුත්ර යන් දෙදෙනන මහබල පිරිස් පිරිවරා ලංකාව ‍ගොඩබැස සිංහලල රාජ්යුය අත්පත්කොට ගෙන රජරට අණසක පවත්වනකල අසේල රජු විසින් ඔවුන් නසා සිංහල බලය ඇතිකළ නමුත් සොලිරටින් මහබල පිරිස් පිර‍ිවරා පැමිණි එළාල රජ අසේල රජු නසා අනුරාධපුර රාජ්ය්ය ගෙන ඔවුන්ගේ අණසක පවත්වමින් සිටින කාලයේදි රුහුණු රට හැර ලංකාවේ අන්ය සෑම පලාත්වලම සිංහල ජනයා දෙමළුන්ගේ සාහසික ක්රි යා කරණකොටගෙන මිරිකි වර්ෂස හැටහතරක් පමණ පසුවෙනාතර රුහුණුරට රණකාමි සිංහල සමූහයා එක්ව විත් දෙමළුන් පන්නාහැර සිංහල ජාතියේ නිදහස ඇතිකර වුයේය. අනුරාධපුර රජකළ රජුන්හට පරසතුරන්ගෙන් හිර හැර පැමිණ සෑම කාලවලම රුහුණුරටට පලාගොස් ආරක්ෂාු හා බලපිරිස්ද ලැබ සිංහල රාජ්යෑයට හානි පමුණුවමින් සිටි පරදෙශින් විධ්වංසනයට පමුණුවා ජාතියේ හා ආගමේද අභිවෘඬියට කටයුතු කරනලද්දේය. රජරටවැසි රාජවංශිකයන්ට හා කුල වතුන්ටද මහාසංඝයා වහන්සේලාටද සතුරු වියවුල් පැමිණිකල නිලින ස්ථානය‍මෙන් රුහුණුරටට ගොස් ස්වකීය ගෞරවය ආරක්ෂාකකරගෙන විසු‍වෝය. එබැවින් රුහුණුරට සිංහලජාතියේ හා සම්බුඬ ශාසනයේද ආරක්ෂාක මහකඳයුරක්‍ මේන් පැවැත්නේය. ඇතැම් සිංහල රජුන්ගේ දුර්මාත දුර්නීති ආදිය නිසා මිරිකි මට පත් කුලවත් උතු‍මෝද ඒ ඒ කාලවල රුහුණුරටට ගොස් ආරක්ෂානලැබ සියඅදහස් මුදුන්පත් කරගත්තෝය. එමනිසා සිංහල ජාතියේ අත්යුෂත්තම නිලින ස්ථානය රුහුණුරට වුයෙන් ජාත්යාභීවෘඬිකාමි සකල සිංහල උතුමන් විසින්ම රුහුණු රටට විශෙෂ ගෞරව කළයුත්තේමය.







65

නවවෙනි පරිච්ජේදය

රොහණ රාජ පරම්පරාව පිළිවෙළින් ලක්රජවූ පරිදි.

දුටුගැමුණු සඬාතිස්සාදි මහරජුන්ගෙන් පසු සඬඝතිස්ස, සඞ්ඝ බොධි, ගොඨාභය යන ක්ෂාත්රිරය‍යෝ රුහුණෙන් ඇවිත් පිලිවෙළින් ලක්රජ වුවෝය. ඉකිබිති චූලවංශයෙහි බොහෝ රජුන් රුහුණුරට ඉපිද විය. පැමිණ පරසතුරන් නසා ලක්රජය එක්සත් කළ පරිදි කෙසේදයත් ශ්රීඉ බුඬවර්ෂප 976 යේදි ලංකා රාජ්යක ශරි කළයටපත් මිත්ත සේන රජු දවස පඩිරජුන් ‍හා සොළි රජුන්ද මහබල පිරිස් පිරිවරා ලංකාවිපයට ගොඩබැස සිංහල රජුන් හා බිහිසුණු යුදකොට රජරට හස්තප්රාලප්තක‍ොට ගත්කල්හි රජරට වැසි කුලවතුන් හා රාජකුමාරයෝද රහුණුරට ගොස් එහි වාසය කළෝය. ඉක්බිති මෞය්ය් ව වංශාභිජාත ක්ෂණත්රි්ය කුමරෙක් රුහුණෙහි ඈපා තනතුරට පැමිණ එහි නන්දිබවාපි ගම වසනාන්ත ධාතුසේන නම් සෞභාග්යාසම්පන්න කුමාර තෙම ඉපිද විය පැමිණ රුහුණුරට මහබලසෙන් හා විත් රජරට අත්කරගෙන සිටි පාරින්දඉ කුඩා පාරින්දාමදි පඬිරජුන් පලවා සතුරුකටු පහකළේය. ඒ රජ රුහුණෙහි විභීෂණවෙහෙර, අඹවිටිය, රුහුණුදාගම, බදුලුවෙහෙර යන ස්ථානකරවා වැව් කිපයක් බැඳ ශිලාකාලරජුගේ පුත දාථප්පභුති කුමාරයා රුහුණුරට ඈපා තනතුරට පත්කොට දක්ෂිජණ හා නැගෙණහිරි මුහුදු පෙදෙස ආරක්සාටකරණයේ නිලකෙළේය. ඉකිබිති අඹහෙරණ සලමෙවන් රජු කල රුහුණුරට සංගිල්ලා ගම උපන් අග්බෝ පුත් මහානාග තෙමේ රුහුණුකැමිව අන්ධල සේනාපති යන නමින් ප්රගසාඬවැ රුහුණෙහි වැස මහබල ඇත්තේ ලංකා රාජ්යටය නඒකච්ඡත්රම කළේය. ඒ රජු මියල්පිත් අග්බෝකුමාරයා හා රොහණාධිපති මුගලන් කුමාරයාද යථොක්ත සංගිල්ලා ගම ඉපිද විය පැමිණ පිළිවෙළින් ‍ලක්රජවුහ. එකල රුහුණුරට මලය රජුගේ පුත් මුගලන් නම් අසිග්රාපහක තෙම බලවත් යුඬ හමුදාවක්ගෙන රුහුණෙන්විත් දළමුගලන් රජු හා යුදකොට සලමෙවන් යන නමින් ලංකා රාජ්යණ ශ්රීලයට පැමිණියේය. ඒ රජු ආවෑමෙන් රොහණාධිපති සිරිසඟ‍බෝ නමින් ප්ර‍සිඬ අග්බෝ කුමාරතෙම ලංකා රාජ්යමශ්රීපයට පැමිණ තමන්ගේ මල්වු මාන කුමාරයා මුහුදු පෙදෙස ආරක්ෂා කිරිම පිණිස රුහුණුරටට පිටත් කෙළේය. පසුව දාඨොපතිස්ස රජු විසින් පරාජයකරනු ලැබූ අග්බෝ රජු රුහුණු රටදි කථාශොෂොපගතවිය. දා‍ඨෙ‍ාපතිස්ස රජු පිත් මාන කුමාරතෙම පියරජු හා යුදයට පත් දෙමළ සෙනක 9





66

හා බිහිසුණු යුදකොට ඔවුන් නසා දෙමළ වියවුල් ප්රිතිබාහණය කොට පියරජතුමා රුහ‍ුණෙන ගෙන්වා රාජමාලිගාව භාරදි වාසය කළේය. ඉක්බිති නැවතත් දෙමළ සේනා ගොඩබැස රජ රට කළඹන කල්හි භාණ්ඩාගාරයෙහි තුබු සියලු දේම රුහුණට යෑවීය.

මාහිමි නම් ලත් රජෙක්.

තදනන්තරව ඔකාවස් රජ පරපුරෙන් පැවත ආ දප්පුල නම් ක්ෂ ත්රිතය තෙම රුහුණුරට වසනුයේ රොහණාධිපති රජුගේ දුවූ සංඝසීවා නම් කුමාරිය සරණපාවාගෙන සතුටින් වසනාතර අග්බෝය, දප්පුලය, මණිඅක්ය යන පුතුන් තිදෙනෙක් හා එක් දුවක්ද ලැබ ඒ කුමරුන් යසසින් වර්ඬකනය‍ෙකාට පිරිවර යෝධයන්ද සම්පාදනය කෙළේය. ඉන් දප්පුල කුමාරතෙම රුහුණු රට ඊශ්වරව මාගම්නුවර වෙසෙමින් බොහෝවු පින්කම්කරනුයේ මාගම්හි මහාපාලි නම් ලහබත්ගෙයකල් කරවා මහසඟනට නිකි දන්වැට සලස්වා එහිම දළඅක්බෝ නම් පිරිවෙණක්කරවා කතර ගම් නුවර ප්රමකෘතිමත්කොට අන්ධ්යන්ට හා ගිලනුන්ට සැප විහරණය පිණිස අක්ෂිටවෛද්ය් ශාලා හා ගිලානශාලා කරවා එනතුරුව මාගම්පුරයෙහි පිළිම නම් අනගි විහාරයක්කොට එහි ඍඬයෙන් මවාපැවාකි බඳු මනෝහර පිළිමයක් කරවා ශාලාවාන නම් තැන ස්වකීය නාමයෙන් පිර‍ිවෙණක් සහිත වෙහෙරක්ද කතරගම්නුවර දම්හල් වෙහෙරද වෙනක් බොහෝ කර්මාවන්ත යන්ද කොට ස්වර්ගටපරායන වුයේය. ඉන්පසු එතුමාගේ මලනුවු සාමිදප්පුල නම් කුමාරයා රුහුණු ර ඊශ්වරවැ රොහණ තීත්ථිුය නම් නැව් නවතන අනගි වරායක් සහිත විහාරයක්කොට මනාව ප්රෙජාපාලනය කිරිමෙන් වැසියන් සිත් දිනාගත් බැවින් මුළු රටවැස්සෝ එතුමාහට මාහිමි යන ගෞරවනාමය ව්යිවහාමර කරන්ට පටන් ගත්හ. ඒ කීර්තිරාවය අසුන ලැබු ලංකාධිපති ශිලාදාඨ නො‍ෙහාත් අසිග්රාිහක සලමෙවන් රජ එකුමරු කෙරේ අත්ශයින් තම දියනිය හා උපරාජ පදවියද දී ඔහු සතුටු කෙළේය. එතැන් පටන් ඒ තුමාගේ දරු මුණුබුරු පරම්පරාවට මාහිමි යන ගෞරවනාමය ව්ය්වහාර වුයේය. සත්කීර්තිමත් එතුමාගේ ඖරස පුත්‍රවු මාණවම්ම කුමාර තෙම සම්බුඬ ශාසනයෙහි අතිශයින් පහන්සිත් ඇත්තේ පානම් පටුනෙහි රජමහවිහාරවාසි මහතෙරුන් වහන්සේගෙන් බණ අසා පැහැද එහි උතුම් විහාර යක් කරවා උන්වහන්සේට පූජාකොට අඹමල්වෙහෙර, කිහිරැලි වෙහෙර ආදි බොහෝ විහාරයන් සාදා “පානමෙහි අනුරාපහය






67

මුතු දැලින් නවකම් කරවා සිරිවඩ නම් ප්රාරසායකොට දෙතිස් නමක් භික්ෂුුන් එහි වස්වසවා රුහුණු රට උතුරු පසෙහි නාග ලෙන විහාරයකොට එහි කෙවුල් ගැඹුරු නම් ගම ඒ විහාරයට පුදා රජමහ විහාරයට ගෝනගමද සිතුල්පව් විහාරයට ගෝනවටි නම් ගමද පුදා සිතුල්පව්වෙහි සිත්කලු පිලිමගෙයක් කරවා එහි සිටිපිළිමයෙහි ඌණිරොම ධාතුවක්කොට පසළොස්රියන් මෙතේ බුදුරුවක් සාදා තුන්වසක් රුහුණු රට රාජ්ය්ය ‍ෙකාට කාශ්යදප රජු පිත් මහින්දන රජ මළකල අගරජවුයේය.

එකල මෙහෙනවරෙහි මහණවි සිටි ධාර්මරමික ශිලාමෙඝ රජු ගේ දුවූ සංඝා නම් නරාජස්ථවිරිය සිවුරු හරවා ස්වකීය අවශ්යම බන්ධුුවරයෙක්වු අග්රහබෝධි නම් ඇති කුමරෙක් සංඝා කුමරිය හා සමඟ රුහුණු රටට ගොස් වාසය කෙළේය. ඒ සමයෙහි රුහුණු රට භොගාධිපති දෘඨශිව ආදිපාදයන්ගේ පුත් මහින්දන කුමරු ස්වකීය පියාට විරුඬව කැරලි ගසා රජරට තුන්වෙනි දප්පුල රජු කරා පැමිණ ඒ රජු‍ගේ දුවු දෙවානම් කුමරිය සරණකොටගෙන බල සෙනග ලදින් රුහුණු රටට ගොස් පියරජු හා යුදකොට පියරජු දඹදිවට නෙරපා හැර රාජ්ය ය තම වසඟයට ගත්තේ කම්වූ පරිදි මිය පරලොව ගියේය.

ගිරිමඬුල්ලෙල යුඬය.

තදනන්තරව රොහණාධිපති කිතුඅග්බෝ රජු තම පුතුන් සිව්දෙනා හා දූන් තිදෙනාද මහපෙරහරින් වඩමින් රුහුණු රට අනුශාසනයකරන අතර දෙටුපිත් මිහිඳු කුමාරතිම ස්වකීය නැන්ද නීය මරා ඇය අයත් මලය රාජ්යතය ගත්තේය. එවිට සෙසු සහෝදරයන් ඊට රුචිනැතිව නැගෙණියන් තිදෙනා හා සමඟ පොළොන්නරුපුර සේන රජු කරා පැමිණි කල්හි සේන රජතෙමේ ඒ උතුම් කුමාර කුමාරියන්ට මොනවට සත්කාර කරමින් ඉතා ස්නෙහයෙන් දෙව්කුමරුන්සේ වර්ඬයනය කෙළේය. ඔවුනතුරෙන් කසුප් කුමාරයාට සේනාවාහණ සන්නඬකොටදී මලයදෙශයට පිටත්කළ පසු ඒ කුමරු උවදුරු රහිතවැ එහි ගොස් රාජ්යශය ගෙන තමන්ගේ ජ්යෙුෂ්ඨ සහෝදරිය සිරිලක උපරජහට පාවාදි ඔහුගේ බාල සාහෝදරවූ සකල ශාස්ත්රන පාරගත මිහිඳු කුමාරයා හට තිස්සාය, කීර්තිය යන බාල කුමරියන් පාවාදි ඥතිසම්බන්ධහය වර්ධකනය කළේය. මේ අතර කාලයෙහි රොහණ නම්වූ රාජකුමාර






68

යෙක් පඩිරට යුදකොට බොහෝ අගනා වස්තු ගෙනැවිත් රුහුණු රට සශ්රීුක කළ නමුත් මාතෘඝාතක කිතුඅග්බෝ ඈපාණන් රට පෙරලමින් ගිරිමඩුල්ල වසගයටගෙන සිටිනු ඇසු පො‍ළොන්නරුපුර උදය රජතෙමේ තම සහෝදරයාගේ පුත්රිවු කාශ්යගප යුව රජු කැඳවා කියනුයේ . තොපගේ පුත්රප මිහිඳු කුමාරයා වනාහි මවුපිය දෙපසින්ම රුහුණ හිමියෙක. එබැවින් කලහකාරිවු මාතෘ ඝාතක ඒ අග්බෝ අල්වා එවයි කියා මහා භටසේනා සන්නාහ සන්නඬකොටදී රුහුණට යැවුයේය. ඒ කුමර ගුත්හල්මඬල්ල (බුත්තල) ට පැමිණිකල ර‍ටවැස්සෝ සතුටුව කුමාරයා පිරිවරා දෙසෙ‍නග එක්වි අග්බෝ නම් දාමරික කුමාරයා ඇල්විම පිණිස දොළොස් දහස් රට ගිරිමඩුල්ල (ගිරුවා පත්තුව) ටන පැමිණියෝය. අග්බෝ කුමර එපවතක් දැන හස්තසාර වස්තුවගෙන ගිරිදුර්ග‍යට ගියේය. ඒ බැව් දත් විරුඬ සේනාව කුමරා වටකළ කල්හි එහි තිබු බොහෝ වස්තුව හාත්පස විසුරුවාහැර සැඟවුන නමුත් බල වන්නවූ ඒ සේනාවෝ දාමරිකයා අල්වා ගුත්හල මඩුල්ලෙහි උන් කාශ්යැප යුවරජුවෙත පැමිණිවූ‍වෝය. ඉකිබිති ඒ දාමරිකයා රජ රට පොළොන්නරුව පුරුයට යවා මහත්වූ භාග්යොයෙන් යුත් කාශ්යඩප යුවරජතෙමේ මාගම්පුරයට ගොස් මාතෘඝාතක පවිටුකුමරා විසින් පෙළනලද රටවාසින් සනහා සුවපත්කොට ඔහු විසින් නාස්තිකරනලද විහාර ප්රරකෘතිමත් කරවා ශාසන සංග්ර්හ කොට අනතුරුව බොහෝ ඵලවතු මල්වතු කරවා මහා ගංගාව බැඳ බොහෝ වැව් ජලයෙන් පුරවා ගොවිතැන් වර්ඬ නය කොට රට සමෘඬ්යට පමුණුවා නපුරුවු අධිපතින් මැඩපවත්වා සොරභය දුරුකොට සුගතොරස මහසඟනට නිති දන්වැට පවත්වා සියලු යදියන්හට පහුළවු කප්තුරක් සදශව ධර්මහයෙන් රට රකිමින් මාගම්පුරයෙහි වාසය කෙළෙය. ඒ කාලයේදි පොළොන්නරු පුර අගරජ වූ ලදරු සේන රජතුමා පරසතුරු භයින් පලා ගොස් රුහුණෙහි කලක්වැස බලසේනා සන්නඬකොට ගෙන පරසතුරන් පලවා හැර පුරයට සම්ප්රා්ප්තවිය. ඊට අනතුරුව පොළොන්නරු පුර රජ පැමිණි හතරවෙනි මිහිඳු රජුගේ හේවා භටයන්ට වැටුප් නොලැබීනේ කෝපයට පැමිණ රජ වාසල වටකොට වැටුප් නොලැබීමේන කෝපයට පැමිණ රජ වාසල වටකොට අරගල කිරිමට පටන්ගත්කල උමගකින් පලාගොස් රුහුණු රටට පැමිණ සිදුපබ්බත නම් ස්ථානය රාජධානිය කොට ආරක්ෂාව සහිතව එහි වාසය කරනලද ඒ ස්ථානයද ආරක්ෂා් රහිතබැව් පෙ‍ණි ගියෙන් ඉන් ඔබ්බෙහිවු කපුගල්නුවර රාජධානිය පිහිටුවා රුහුණෙහිම වාසය කෙළේය.






69

අනුපන් දහසක් සොළි යෝධයන් විසින්

රුහුණු රට කැළඹවිම.

එහිදි ඒ රජහට කාශ්යැප නම් පුත් රුවනක් උපන එකල බලවත් සොළි සේනාවක් ලක්දිව බැස රජහට වසඟකොට ගෙන ඔවුන්ට පක්ෂ වු රජරට වැසි පන්දහසක් සිංහලයන් හා සමඟ ලක්ෂොයක් පමණවු බලවත් යුඬහමුදාවක් රුහුණු රටට ගොස් මිහිඳු රජු ජිවග්රාැහයෙන් අල්වා ඒ රජහට දෙවියන් විසින් පමුනුවනලද වජමය වලල්ලක් හා කැඩිය නොහැකි සිරියද කපනලද පටිධාතු වද ඇතුළුව සියලු රජජ වස්තු පැහැරගෙණ සොලීරටට යැවූහ එසා මහත් භයානක අන්තරායයේදි රුහුණුරට වැස්සෝ සිංහල රජුගේ කසුප් නම් ලදරුකුමාරයා සතුරන්ට අසුවියනොදි බේරා ගෙන අත්යාොදරයේන වර්ඬලනය කළෝය. ඒ බැව් දත් පොළොන් නරුපුර සිට‍ි සොළීරජු විසින් සියක් දහසකින් යුත් ප්රතබලවූ මහත් යුඬසේනාවක් යවා මුව රුහුණුරට කළඹවන ලද්දේය.

පලටුපාන මහා යුඬය.

සිංහලයන් විසින් සොළින්ට පහරදිම.

ඉක්බිති රුහුණුරට වැස්සන් විසින් සමාදරයෙන් බලවත් ආරක්ෂාර සහිතව වර්ඬිනයකරනලද රාජකුමාරයා දොළසැවිරිදි වයසටන පැමිණ සිටිනු ! අසා අනූපන්දහසකින් යුත් ප්රරබල වූ සොළි මහා සෝනාවෝ ඔවුන්ට එකතුව සිටි රජරට සමහර සිංහලයන්ද කැටිවන ගොස් රුහුණුරට කළඹවන බව දැන රුහුණුරට මකූගමු ගම්වැසි මහා බලසම්පන්න කීර්ති නම් අමාත්යනයා හා ගිරිවා ජනපදයට අයත් මාරාගල වැසි ධීරවිර ලබයෙන් යුත් බුඬ ඇමති‍ තෙමේ ද යන විචක්ෂරණ වූ රණවීර සේනාපතීන් දෙදෙනා සොළින් සමුලඝාතනයෙන් නැසිමට නිශ්චය වශයෙන් සම්මන්ත්රැණ්යප කොට විසාරදබුඬිමත් ඒ විරොත්තමයන්ගේ අනුමතයෙන් මාගම් පුර සම්ප “පලටුපාත” නම් ස්ථානයේ බලකොටු බැඳ එහි සම සත් අතිරෞද්රස ලෙස දරුණු සටන් කොට බොහෝ ‍ ‍ සොළි සේනා “රණකෙළයෙ”හිදි නසා ලක්ෂලයක් පමණවු ඒසා මහ්ත සොළි සේනාව ඒ උතුම් සිංහල රණවිරයන්ගේ විචක්ෂතණ යු‍්ඬොපක්ර්ම නමැති වේරම්බ වාතයෙන් ඇලලී ගිය පරඬලාපත් මෙන් සුණු විසුණු කොට සමයාකරා හැරියේය.






70

ඉක්බිති දිනන ලද සිංහල මන්ත්රී්හු එක්ව දොළසැවිරිදි කසුප් කුමරා මාගම්පුරයෙහිදි සිංහාසනාරූඪ කොට බෙරහසුරුවා ජයග්රමහණය කළ මන්ත්රීරන්ට රාජප්රතසාද වරලබා දුන්නේය. ඒ මන්ත්රීී මණ්ඩලය අතුරෙන් ශ්රතඬාසම්පන්න ප්රපඥවත් කීර්තුති නම් මහ ඇමති තෙම සාංසික ඉඩම්වලින් අයබදු නොගන්නා නියා යෙන් රජුගේන් වරවලා රජු පාවැන්දේය. ම්වපියන් පරසතුරන් විසින් අල්වාගෙන ගියකල රුහුණුරටවැසි සත්ගුණවත් උතුමන් විසින් මොනවට රක්ෂාජ කරන ලද පිරිසිදු චන්ර්්වප‍ වංශයෙහි උපන් ඥති වියෝගවූ ඒ පුණ්ය්වන්ත කුමාරයා කෙරෙහි පහන් සිත් ඇති සියලු සිංහල උතුමෝ එකතුව ඒ උතුම් කුමාරයාහට වික්රලමබාහු යන නාමය තබා සමාදර පුරස්කෘතව සත්කාර කළෝය.

සියක් දහසක් සිංහල යුඬසේනාව

මාගම්පුරයට රැස්වීම.

ඉක්බිති රජරට අත්කොට ගෙන පොළොන්නරුපුර වසන සොළි සේනා නාසා සිංහල විපය එක්සත් කරනු වස් නොයෙක් පරිද්දෙන් වස්තුව රැස්කොට ලදරු මහරජුගේ බලය වර්ධ නය කොට රාජසේවකයන් හට විධිවු පරිදි සංග්රඩහ පවත්වා වයසින් බාලවුයේ නමුදු තෙද අණසකින් අතිශයින්ම බලවත්වූ ඒ උතුම් ක්ෂ්ත්රියය තෙම රුහුණුරටවැසි සියක් දහසකින් යුත් මහා යුඬ හමුදාව මාගම්පුරයට රැස්කරවා සොළින් හා යුඬාරම්භ කළ නමුත් අභිතවූ උතුම් අදහස් ඇති ලදරු රජතුමා හට වාත‍රෝග යක් වැළඳ අභිෂෙක ප්රා්ප්ත ස්වල්ප කලකින් මෙලොව රජසැප තට වඩා දෙව් සැපත් විඳිම උතුමායි සම්මත කරන්නක්හු මෙන් ස්වර්ගස පරායන වුයේය. ඉන්පසු මහා බලැති මගලානක කීර්ති නම් ඇමති තෙම මහ ජනසම්මතයක් නොමැතිව තම බල සම්මත යෙන් මාගම් පුරයෙහි රාජ්යාුභිෂෙක ප්රාකප්තවැ රුහුණුරට අනුශාසනා කළ නමුත් ඔහු‍ගේ ඒ නොමනා ක්රියයාව නිසා මහජනයා අප්රරසන්නවුයෙන් සොළින් හා යුදකරණාතර පරාජයට පැමිණි රණබිමෙහිදිම සියතින් ගෙල කපාගෙන මළේය. ඉක්බිති සොළින්හට බියෙන් රටහැර සැඟවි උන් වික්රුම පඬියයි ප්රබසිඬ රාජ කුමාරයාණන් රුහුණු රට රාජ්ය්ය ගෙන කළුතොට රාජධානයි පිහිටුවා එක් අවුරුද්දක් රාජ්ය්ය කළ නමුත් ජගත්පාල නම් රාජපුත්රකයෙක් බලසෙන් හා සමඟ අයොධ්ය් පුරයෙන් අවුත් යුදකොට වික්රෙම පඬිරජු රණබිමෙහිදි මරා රුහුණුරට රජවි සිව්වසක් රාජ්යුය කෙළේය. ඊට අනතුරුව පඬිරට රාජපුත්රදයෙක් බලසෙන්






71

පිරිවරා විත් රුහුණුරට අල්වා දෙවසක් රාජ්ය ය කළ නමුත් ඒ රජතෙමේ ද සොළින් විසින් නසන ලද්දේය. ඉක්බිති රුහුණුරට උපන් ලොකෙශ්වර නම් සෙනෙවිරත් තෙමේ සොළින් හා යුද කොට රුහුණුරට වසඟයට ගෙන කතරගම් පුරය රාජධානිය කොටගෙන රාජ්යා නුශාසනය කෙළේය.

මන්ත්ර ශාස්ත්රක බලයෙන් කඳකුමරුගෙන් වරලැබිම.

එසමයෙහි රුහුණුරට මහා බලැති කීර්ති නම් රාජකුමාර යෙක් වාසය කෙළේය. අතිපරිශුඬ චන්ර්ා වංශාභිජාතවූ එකුමර පරපුරෙහිවු කාශ්යුප රජුගේ පුත්රර මාණනම් කුමරු ඈපාණ තනතුරු ලැබ නැගෙණහිරි ප්රජදෙශය අනුශාසනය කරන සඳ ඒ ඈපාණ තුමාගේ ජ්යෙුෂ්ඨ ස‍හෝදර මානවම්ම ක්ෂරත්රියය තෙමේ ‍ගොළුමුහුද අසල (ඔකඳ) මහා වැව්ඉවුරෙහි හිඳ කඳකුමරුගෙන් වරලබාගන්නා පිණිස බිලිතටුවක්සාදා පොල්කබලෙක දියවත් කොට නවගුණවැළ අතින් ගනෙ මන්ත්රා ජපකරන්ට පටන්ගත් තේය. විධිවු පරිද්දෙන් ජපකරණාතර සකන්දි කුමාරතෙම වාහනයත් සමඟ ඔහු ඉදිරියේ ප්රාැදුර් භූතිවය එකෙනෙශි කඳකුමරු ගේ වාහනයවු මොණර රාජයා බිලිතටුව තුඩින් ඇණබිද පොල් කබලෙහි දියසිඳිතිබෙනු දැක මතුරු ජපකරණ ඔහුගේ ඉදිරියට ආකල සිඬියෝග මොනවට හදාළ ඔහු ස්වකීය නේත්රණය මොණරා වෙති පෑකල මයුරතෙම ඇසබිඳ දියබිවේය. ඒ කටයුත්තෙහි තුෂ්ටි ප්රාෙප්තවූ කඳකුමරු ඔහු අභිමත වරදි. අතුරුදන්විය. ඉක්බිති අමාත්යටයන් රජුගේ එක් ඇසක් නැසුනබැව් දැන බැගැපත්ව හඬන්ට වන්කල තමා විසින් අභිමතවු වර ලද බැව් කියා ඔවුන් සනසා තම මල් කුමාරයාහට රාජ්යතයද තෙමේ පැවිදිවුයේය. සුපරිශුඬ චන්දුලවංශොද්භූත මේ උත්මන්ගේ දරුඅමුණුබුරන් සොළොස් ‍දෙනා අතුරෙන් එක්කුමරෙක් මහා සාමියයි ප්ර සිඬවැ රුහුණුර වාසාය කෙළේය. මිහිඳු කුමාරයාගේ මයිලනුවන්හට දෙවාලය, ලොකිතාය යන නමින් රූපලාවණ්ය ගු‍ෙණොපෙත දුන් දෙදෙනෙක්ක වුහ. ඉන් ලොකිතා නම් කුමරිය ස්වකීය අවශ්ය මයිලනුවන්ගේ පුත් වු මුගලන් කුමාරයා‍ කෙරේ වැස කසුබ් නම් කමරෙකු ලැබිය. එකුමරු වියපැමිණ තම අවශ්යව මයිලනුවන්ගේ දූ සරණකොට ගෙණ මුගලන් යන නම ඇති පුතෙකු ලැබුවේය. ඒකුමර වනාහි සකල ශාස්ත්රණයෙහි පාර ප්රාතප්තවූ ත්රිමපිටකධර්මළයෙහි විසාරද පණ්ඩිතවැ “මහාසාමි” යයි ප්රවසිඬව රුහුණුරට වාසය කෙළේය.






72

මහා විජයබාහු මහරජතුමා.


ඉකිබිති සොම වංශයෙහිඉ උපන් බෝධි නම් රාජකුමාරයා උභයකුල පරිසුඩ බුඬා නම් රාජකුමාරිය සරණකොටගෙන රුහුණුරට වසනුයේ වරපින් ලකුණැති ලොකිතා නම් දූ කුමරියක් ලැබ ඇය වැඩිවිය පැමිණි කල මහාසාමි නම් ක්ෂ ත්රි ය කුමරාගේ පරපුරෙන් ආ ප්රණඥසාරවු මුගලන් කුමාරයාහට පාව, දුන්නේය - ඕතොමෝ කිර්ත්තිය, රක්ඛිතය, මිහිඳුය යන පුත්රමයන් තිදෙනෙුක හා හනාරූ නඇති මිත්රාි නම් කුමරියක්ද ලද්දීය. ඔවුනතුරෙන් කීර්ති කුමාරතෙම අෂ්ටාදශ ශාස්ත්ර යෙහි හා සුසැට කලා ශිල්පයෙහිද නිපුණව ධීරවු වීරවික්රමමයෙන් අගතැන් පැමිණ බාලාවස්ථාවෙහිම ලඞ්කාරාජ්ය්ය එක සේසතින් හොබවන අභිලාෂ ඇතිව රුහුණුරට මුසල් නම් ගම වාසය කෙළේය. එකල සුන්සල් දනව්වෙහි බුඬරාජයයි ප්රසසිඬ මහා බලැති වීරයෙකු කතරගම් නුවර වැසි ලොකෙශ්වර සෙනෙවිහට විරුඬව රුහුණුරට වැසි මහා බලපිරිස් පිරිවරා මලයරටට ගොස් එහි වසනාතර සංඝනම් මණ්ඩලාධිපතිතෙම මහත් භාග්යරයෙන් අගපත් කිර්තරති කුමාරයාගේ ප්රමවෘත්තිය බුඩරාජ සෙනෙවිහට මෙසේ කීවේය. “මාහිමිපුත් කිර්තරති කුමාරතමෙ ධන්යබ පුණ්යට ලක්ෂයණ යෙන් යුත් උතුම් බුඬි හා ප්ර්බල තෙදවිකුමැති මේ දිවයින තබා මුළුදඹදිව එක්සත්කිරිමට පොහොසත් උතුමෙක්ය”යි කීකල එසේ වීනම් ඒ උතුම් කුමාරයාහට සේවය කරමැයි නිශ්චය කරගත් බුඬරාජ සෙනෙවිතෙමේ ඒ බැව් කුමරාහට දන්වනසේ දූතයන් යැවිය. තමසිත්වු පරිදි බලසේනා සහිත සෙනෙවියා සිටිනු දුත මුඛයෙන් ඇසූ විර වික්රසමයෙන්යුත් ඒ කුමාරතෙම මව්පියන්ට නොදන්වා කඩුව හා දුන්න පමණක් ගෙන සිරිවගපිටියේ සිටි ‍ෙස්නාපතියා සමිපයට එකලාව ‍ෙගාස් බලසේනා දැක සතුටුව පසමිතුරන් නසන පිණිස ‍‍ බෝවල නම් ස්ථානයට හේවායන් යැවුයේය. එපවත් දත් ලොකෙශ්වර සෙනෙවි තෙමේ ප්ර තිවිරුඬව බලසෙන් යැව් නමුත් පුණ්යාමනු භාවයෙන් අගතැන්පත් කුමාරයාගේ සේනාවෝ ඔවුන් හා බිහිසුණු යුදකොට විසුරුවා හැර සුන්සල් දනව්වට ගොස් මලය මණ්ඩලය වසඟ කළෝය.

ලක්ෂරයක් යුඬභටයින් කුමාරයානට එක්විම.

ඉක්බිති මාගම් පුරයෙහි රජපැමිණි තුන්වසකින් සොළින් හා යුදකොට සියතින් ගෙලකපා මරණනප්රාරතවු මකුහමු ගම් වැසි කීර්ති නම් ඇමතියාණන්ගේ පුත්රණවූ දෙවමල්ල සෙනෙවි




76

තෙම බන්ධුග මිත්රරයන් සහිත රුහුණුරට වැසි භටයන් ලක්ෂියක් පිරිවරාවිත් මහත් භාග්යනයෙන් යුත් අභින්ව බාලාකි මණ්ඩලයක් බඳු කිර්ත තිකුමරාහට එක්වූයේය. මෙ‍සේ බලා‍පොරොත්තු රහිතවැ ඒසා මහත් බල සේනා ලත් කුමාරතෙම අපමණ ප්‍රීතියට පැමිණ හිරණ්යකමණ්ඩලයෙහි රෙමුණුගලන කඳයුරු බැඳ ලොකේශ්වර සෙනෙවිමරා සිරියබැඳ ඇපාන තනතුරට පැමිණිංයේය. එකල් හි කසුබ් නම් කෙ‍ශාධාතු නායකයා රුහුණුරට අණසක පැවැත්විමට යන්න කරන බැව් දත් සොළිරජු තමසෙන් යවා යුදකළ නමුත් කෙස්දානා තෙම සොළින් පන්නා රක්පහන් නම් තැන ආරක්ෂළක හේවායන් නවතා බලකොටු බැඳ වාසය කරන බැව් දත් කීර්ති ඈපාණන් කෙශධාතු නාකය සෙනෙවියා අල්වන පිණිස ඉදිරියට ගමන් කරණාතර සෙනෙවිතෙමේ ද බලසෙන් හා සිප්තලයෙට පැමිණ බලවත් යුඬයක් කොට පරාජයවී පසු බැස ඛදිරංගනියට ගියේය. ඈපානෝ එහිදු ගොස් යුදකොට සෙනෙවියා නසා කතරගම් නුවර අල්වාගෙන මුළුරුහුණුරට සතුරන් මූ‍ෙෙලාච්ජින්න කළාහුය. තදනන්තරව රුහුණ ගන්නා පිණිස ආ සොළිසෙනා නසා ක්රාමයෙන් යුදකොට වාතගිරි පර්වරතයෙහි කඳයුර බැඳ තෙමසක් සටන් කොට සොළින් පසුබස්වා මානාකුල නුවර ආදි ස්ථානගෙන ක්ර මයෙන් සොළිකඳයුරු බිඳ පොළොන්නරු පුරයට පැමිණ ප්රාබලවූ ඒ සොළි මහා සේනා හා අතිරෞද්රබ සටන්කොට රවිදෙව, චල ආදි සිංහල මහා යොධයන් පව්රුපැන පුරතුළට ප්රබවිෂ්ටවැ සොළීසේනා සමූල ඝාතනයෙන් නසන ලදින් මුළුවලක එකසේසත් කොට දහහත් අවුරුදු වයසේදි ඔටුනු පැළඳ මහාවිජයබාහු යන නමින් ප්රොසිඬවිය. මෙම රජතුමා විසින් කිර්ති ඇමතියාගේ පුත්රරයා මැරවිමගැන පලිගන්නා පිණිස සිය සහෝදරයා බලවත් සේනාවක් සන්නඬකොටගෙන රුහුණුරට කළඹවනාතර රජු විසින් සේනායවා ඒ අරගලයසංසිඳුවා සෙනෙවියා මරවා රුහුණු රටෙහි දියුණුව පිණිස නොයෙක් කර්මෘසන්ත කරවන ලද්දේය.

ඉක්බිති විජයබා රජතෙමන රුහුණුරට මේරුකන්දර නම් දනව්වේහි අධිපතිවූ ගුඬවන්ර්රු වංශොද්භූත වීරවර්මර කුමාරයාහට සිය දියනිය වූ යසොධරා නම් රාජකන්යාබව පාවාදි තම නගැණිය වූ මිත්තා නම් රාඥිය සුපරිශුඩ චන්ර්ාජකවංශාභිජාත පඬිරට ක්ෂ ත්රිාය කුමරෙකු ගෙන්වා සරණ පාවාදි ඈපාපදවියට පත්කොට දක්ෂිදණ දිහාභාගයදි යුවරජරට පිළගම්නුවර රාජධානියකොට එහි වාසය කරවූයේ. මහත් රාජඍඬියෙන් යුක්තවු විජයබා නරෙන්ර්කො තෙමේ තම බිසෝ වූ ලිලාවත්යට තවත් දරුවන් නැති සෙයින්





74

ස්වකීය වංශය රක්ෂා කරනු වස් කළිඟුරට උපන් තිලොක් සුන්දරී නම් රාජකුමාරිය ගෙන්වා විතිය අභිෂෙකය කොට සතුටින් වසනුයේ පුණ්යසවන්ත එම මහෙසිනියගෙන් සුභද්රා වය, සුමිත්රා‍වය, රතනාවලීය, ලොකනාථාය, රූපවතීය, යන දියනියන් පස්දෙනෙක් හා වික්ර මබාහු නම් පුතනුකෙනෙක් ලැබිය. ඒ භිමවික්රනමාන්විත මහා විජයබාහු මහරජතුමාගේ නැගණිය වන මිත්රාබ නම් රාඥිය ස්වකිය ස්වකීය ස්වාමිවු රජු හා සතුටින් පිළගම්හි වසන්නී මාණාභරණය, කීර්තීති ශ්රී මේඝය, සිරිවල්ලභය, යන පුතුන් තිදෙනා යථා කාලයෙහි ලද්දිය. ඒ කුමරුන් මහත් භාග්යර යෙන් යුක්තව විය පැමිණි සඳ ඤතිසමූහයාගෙන් ප්රකබලවූ ඒ විජයබා රජතුමා ස්වකීය වංශය වඩ වඩා බලවත් කරනු වස් සිය දියනිවරුන් අතුරෙන් පුණ්යා තෙජසින් අධිකව සිටි රතනාවලී කුමරිය මාණාභරණ කුමාරයාට හා ලොකනාථාව කිත්සිරි මේ කුමාරයටද රූපවතිය සිරිවල්ලභ කුමාරයාට දැයි තම ‍නැගෙණිය ගේ පුත් කුමාරයින් තුන්දෙනාට පාවාදි සුභද්රාාව විරබාහු කුමාර යාටද සුමිත්රාාව ජයබාහු කුමාරයාට දැයි රොහණාධිපති චන්ර්්රා වංශාභිජාත රුහුණු රටින් පැන නැංගාවු කල්ප වෘක්ෂ සදෘශ උත්තම ක්ෂටත්රිිය කුමරුන්හට සරණකොටදි ස්වකීය වංශ පරම්පරාව අතිශයින් වර්ඬතනය කෙළේය.

ඔවුන්තුරෙන් මාණාභරණ රජතෙමේ රතනාවලී මෙහෙසිය මහ පෙරහරින් කැඳවා ගෙන ගොස් පිළගම් නුවර රාජධානිය කොට දකුණු ප්රහදේශයේද කිත්සිරිමේ රජ උදුන් දොර නුවර රාජධානිය කොට අට දහසක් ර‍ටෙහිද සිරිවල්ලභ රජ මාණාකුල නුවර රාජධානිය පිහිටුවා දොළොස්දහස් රටෙහි දැයි සියල්ලෝම තම තමන්ගේ අණසක් පවත්වමින් සැපතින් වාසය කළෝය.

එකල වනාහි විජයබා මහරජතුමාගේ ඖරස පුත්රවවු වික්ර ම බාහු ඈපාණන් දක්ෂිනණ දිශාභාගයෙන් පැමිණෙන පරසතුරන් වලක්වනු සඳහා මුහුදුතෙර රක්නා පිණිස මහාතිත්ථෙ නුවර (මාතර) රාජධානිය කොට එහි නැවැත්වුයේය. එහි සතුටින්න වසන්නාවූ එතුමාහට ගජබා නම් පුත් රුවනක් උපන්නේය. එපවත් අසා ප්රවමුදිතවූ මහරජතුම‍ාණෝ එක් කුමරාහට රොහණ ප්රාදෙශයේ ආදි පාද තනතුර ප්රනදානය කොට ඥති සංග්ර හ විධිවු පිරිදිකොට මාගම් පුරයෙහි ජිණි දාගැබ් ප්රවකෘතිමත් කරවා තම මව් පියන්ගේ සොහොන් පිහිටි තන්හි වෙහෙර විහාරිදිය කරවා අනතුරුව රුහුණුරට මණ්ඩල ගිරිවෙහෙර, මීගොඩ වෙහෙර, උරු





76

වෙල් වෙහෙර, දෙව්නුවර වෙහෙර, මියුගුණු වෙහෙර, ගිරිකඩ වෙහෙර, බදුළු වෙහෙර, පරගම් වෙ‍හෙර, කහගල් වෙහෙර, සඳ ‍ගිරි වෙහෙර, විල්ගම් වෙහෙර, යනාදිය ‍කොට රුහුණු ප්රරදෙශය අතිශයින් සමෘධිමත් භාවයට පැමිණ වූවෝය. මේ ශ්රීෙ ලඞ්කාවීප නමැති අවකාශයේ ග්රාඅජමානවූ සහස්රව කිරණයාබඳු ඒ උතුම් මහා විජයබාහු මහරජුතුමා රුහුණෙහි ‍බොහෝ මංමාවත් සාදා වැව් අමුණු දිය තහවුරු කොට රටේ අභිවෘඬියට උවමනාදැ සියල්ල සම්පූර්ණතයෙන්ම කොට ලොකශාසනාභිවෘධි වධනයෙහි ම‍ෙහාත් සාහිව පො‍ළොන්නරු අග්රලරාජධානියෙහි වාසය ‍කොට පස්පනස් වසක් මුළුල්ලේ රටේ දියුණුවට ක්රිජයා ‍ෙකාට ස්වර්ගජසථවු‍යේය. ඉන් පසු මහජන සම්මතයෙන් ජයබා කුමරාහට රාජ්යකය පැවරු නමුත් මාහ තිත්ථයයෙහි සිටි වික්රමමබාහු ආධිපාදයා‍නෝ මාණාභරණාදි තුන්බෑ රජුන් හා උදුන්දොර, ඈපාදඹය, කටගම, බුත්තල, බෝසේනපව්ව යන ස්ථානයන්හිදි බලවත් සංග්රාරම පවත්වා තුන්බෑ රජුන් මැඩ පොළොන්නරු පුරයට පැමිණ ලක්රජය අත්කර ගත්තාහුය.

දසවෙනි පරිච්ජේදය

ආශ්චය්ය්රිචමත් ස්වප්නයක්.

පරාක්රයමබාහු කුමාරයාගේ උත්පත්තිය.

ඉක්බිති වික්රමමබාහු රජාණන් විසින් පරාජයට පමුණුවන ලද්දාවු තුන්බෑ රජුන් සියනුවරවලට ගොස් වසනාතර සිරිවල්ලභ රජුගේ සුගලා නම් රාජිනි තෙමෝ ලීලාවතී නම් දියනිය කෙනෙකු හා මාණාභරණ නම් පුත්රනයෙකුද ලැබිය. එකල්හි මාණාභරණ රජුගේ අග්ර මෙහෙසිකාවු පින් පැන ගුණයෙන් කොටිප්රා.ප්ත මහත් භාග්යඅයෙන් යුත් රතනාවලී රාජනියහට මිත්රාොය, ප්රිභාවතිය යන දියනිවරු දෙදෙනෙක් වුහ. ඒ දුන් දෙදෙනා දක්නාලද වීරබාහු මහ ඈපානන් (මාණාභරණරජ) හට මෙබඳු විතර්කදයක් ඇතිවිය. “ලොකයා විසින් මනායයි සම්මත කරන ලද්දාවු සියලු රජකුලයන්ගේ මුදුනෙහිවු පිරිසිදු චන්ර්ි වංශයෙහි උපන්නා වූ අපනි වනාහි අතිශයින් ඉච්ඡාකටයුතු ආකාර ඇත්තාවු සියලු ශක්තියෙන් උසස් වු නා නා විධ ශාස්ත්රඡයෙහි දක්ෂත වු ඇත් අස් ආදි ශිල්පයන්හි පොහොසත්වූවෝ වම්හ. එතකුදු වුවත් මේ අපි තුන්දෙනාම උදකලා වික්රපමබාහු ඈපාණන් විසින් යුදයෙන් පරදාවා නින්දාුවට පත්කරන ලද්දෝ වම්හ. මේ කිළුට සුඬකරන්ට වෙසෙසින් පොහොසත්වූ ‍පුතෙකු පහළවිමක් නො




76

පෙණේ. අපගේ මදපිණැති බව අ‍ඬඳෝමය, ජනවාදයෙන් කිලුටුවු රාජ්ය යෙන් මට කිම්කිම්? දැන් කාමසැපයෙහි ඇල්මහැර මනා කම්හි සතනයෙන් නොපමා වුවහු විසින් දවස් යැවියයුතුයයි සිතා රාජ්යල විචාරණය ඇමතියන්ට පාවාදි සත්අට මාසයක් වසනුයේ එක් දිනක් රෑ ශිලසංයමය ඇතිව දෙව් රජගෙයි සයනය කෙළේයි. ඉක්බිති අළුයම් කාලයෙහි විසිතුරු වස්ත්රානනභරණ ඇත්තාවු සුවඳ මලින් සැරසුනාවු වෙසෙසින් උදාරවු රූ ඇති සිය සිරුර බබැළුමෙන් අහස්කුසට නැගි හිරුසෙයින් සියලු දිගුන් හෙළි කරන්නාවු ඍඬිමත්‍ දෙව පුත්රුයෙක් මෙසේ කියන්නා සිහිනෙන් දිටි. මහ පිනැත්ත පහදුව මිහිපතිය ප්රීරතිමත් වෙව පිණැති ලකුණෙන් සමෘඬවූ ඊප්සිතාත්ථිහය සිඬකරන්නාවු සුශික්ෂි‍තවූ ලොව තුළ පතල තෙද පැරකුම් ඇත්තාවු අඥබල යශස් කීර්තින් බබලන්නාවු යහපත් ගුණයන්ට ආකරවූ ලොකශාසනාභිවෘඬිකාරී වූ උතුම් පුත්‍රයෙක් දැන් ‍තොපට නොබෝ කලකින්ම ලැබෙන්නේය. පුත්රවදාරාදීන් වසායකරන පුරයට වහා යවයි මෙසේ කියන දෙවපුත්රකයා දැක්කේයි.ක ස්වප්න දර්ශකනයෙන් පිබිදියාවු හටගත් ප්රී්ති අති දැහැමි රජතෙම රෑ පහන්වූ කල්හි එයින් නික්ම පිළි ගමට ගියේය. ඇමතකි ගණයා හා අගමෙහෙසිය විසින් සත්කාර ගරුකාර කිරිමෙන් පිළිගත්පසු මිහිපල් ඇමතියන්හට කීයේය. එසේ කියා මෙහෙසිය සමඟ උතුම් පුතෙකු පතමින් දානශිලාදි නා නා ප්ර කාර කල්යාෙණ ධර්මසයන් පුරන්නේ යලිත් එක් දිනක් අලුයම් වෙලෙහි සියලු ලකුණෙන් සමෘනඬවු සර්වායඞ්ග ධවලවූ මන හරවූ දමිත වූ උතුම් ඇත් පොව්වෙකු ප්රේඬමයෙන් කණ අල්ලා හැරගෙන මෙහෙසියගේ ශ්රීක යහන් ගබඩාවට ඇතුල් වෙන්නාසේ දැක පිබිඳ උතුම් යහනෙන් නැගිට හටගත් ප්රීසතිප්රීමොද්ය් වේගයෙන් පිනාගිය සිත් ඇත්තේ එම වේලෙහිම මෙහෙසියගේ ශ්රී‍ යහන් ගබඩාවට ලිවිස දුටු් පරිද්දෙන් සිහිනය ඇයට පැවසි මමද මාගේ යහන පැදකුණු‍ කොට සිටියාවු එබඳු ඇත්පොව්වෙකු සොඬ අල්වාගෙන යහනට ඇදනගා ප්රේිමයෙන් සිහිනෙන් වැළඳ ගතිමියි දෙවිතොමෝද උහුටකි. ඒ දෙදෙන දුටුදෙය ඔනුනොවුන්ටස මෙසේ ප්රිකාශ කොට සන්තුෂ්ට වුවෝම එකූල නිදිනැතිව අරුණනු නැගුහ. ඉක්බිත්තෙන් උදය උපස්ථාන කරන පිණිස ආ බමුණන් පිළිවිසිකල වර පුත්රහලාභයක් අවශ්යනයෙන් වියයුතුයයි ප්රනකාශ කළෝ. ඒ අසා ඇමති‍යෝ හා නුවර වැස්සෝද සැනකෙළි කෙළියාහුය. රජතෙමේ නා නා විධ දානාදි පුණ්යර ක්රි්යා කරමින් ජිණි දාගැබ් හා වැව් ප්රනකෘතිම්ත් කරවා ආරක්ෂා ව







77

පිණිස මහාසංඝයා ලවා පිරිත් බැනවී, (මහාවංශය) මෙසේ සුභ ලකුණු පහළවිමෙන් මව්කුස උපන් ඒ අත්යුසත්තම කුමාරයා දස මස් ඇවෑමෙන් මව්කුසින් බිහිව මව්පියන් සහිත රටවාසීන්ගේ මනනෙත් පොබවමින් වර්ඬුනයවූ පසු නම් තබන මඞ්ගල්ය්දින යෙහි අනෙකවිධ පූජෝත්සවයෙන් යුක්තවැ නඅතිදක්ෂූ පණ්ඩිතා චාය්ය්ින වරයන් ගෙන්වා කුමාරයාගේ පින්ලකුණු පරික්ෂැකරවා මේ එක දිවයිනක් තබා මුළු දඹදිව එක්සත්කිරිමට සමර්ථ මහත් භාග්යෂ ලක්ෂමණයන්ගෙන් සම්පූර්ණ වූ ඒ උතුම් කුමාරයාහට ජනකා රීෂ්ටක යෝගයක් සම්භව උපන් බැවින්ද, සතුරු ජනයන් මඩනා තොදැති බාහුයෝගයෙන් “පරාක්රයමබාහු” යන නාමය තබා වඩා වර්ඬකනය කරනුයේ උගත් ගුරුන් ලවා සකල ශාස්ත්රනයන් මොනවව ප්රනගුණකරවා ඥන ශක්තියද කරවූයේය. මේ උතුම් කුමාරයාගේ උත්තුඟචරිතය සකල සිංහල භවතුන් විසින් ඉතා ආදරයෙන් කියවියයුතු මාහැඟි කථාවක් වන්නේය. † මෙම උත්තම කුමාරයා විය පැමිණ මුළුලකක එකච්ඡත්රව ‍ ‍කොට අරමන,

කේරල, සොළි, පාඬි, රාමඤ්ඤදි දෙහ දහඅටක් යටත්කොට සිංහල රාජාණ්ඩුව ඒ ඒ රටවල පිහිටුවා මුළුලංකාව සකලසම්පත් තියෙන් සමෘඬකොට අපරිමිතවූ තෙද අණසක පවත්වා ප්රුජාපාල නය කෙළේය. ඒ රජතුමාගේ කාලයේ මෙම ලංකාවිපයේ පස්කෝටියක් පමණ සිංහල ජනයෝ  වාසය කළාහුය. ඒ සියල්ලටම උවමනා සියලු භාණ්ඩ මෙම රටේමසාදා ප්රයයෝජනයට ගත්තාහුමය ලක්ෂ ගණන් වැව් ප්‍රකෘතිමත් කොට මහාගංගා හරහ විශාල බැව් බඳවා වාරිමාර්ග  සාදා ගොවිතැන් දියුණු කිරිමෙන්  මුළුලංකාවිපය එකම ධාන්යාිගාරයක් මෙන් කෙළේය. එපමණකුත් නොව ශ්රීව සම්බුඬ ශාසනයේ චිරස්ථිතිය අරබයා කටයුතු සියල්ලක සම්පූර්ණයයෙන් නොපිරිහෙළා කොට ශාසනය ජ්යොඅතනයද කරන ලද්දේය.

ඉක්බිති කලිකාල සාහිත්ය සර්ව ඥ පණ්ඩිත පරාක්ර්මබාහු මහ රජතුමා විසින් දෙව්නුවර දේවාලය ප්රිකෘතිමත්කොට එහිසකල ජනසන්තුෂ්ට කරවන්නාවු නන්දන නම් සාංඝික පිරිවෙනක් හා වෙනත් නොයෙක් කර්මානන්තයන්ද කරවන ලද්දේය. තදනන්තරව කුමාර සිංහ විජයපාල, රාජසිංහල, පරාක්රනමබාහු, වේදෙහ, ජයසූරිය , දෙවෙනි රාජසිංහ, විමලධර්මදසූරිය, දෙවෙනි වමිලධර්මිසූරිය, යන මහාරාජොත්තමයන් විසින් රුහුණු රටෙහි බොහෝවු නොයෙක් කර්මූන්තයන් කරවා සමෘඬ්ත්වියට පැමිණවු නමුත් අන්තිම සිංහල රජු‍ගේ කාලයේ පටන් පිරිහිමට පටන්ගෙන වන දුර්ගනවිතිබේ. මෙම ශ්රීා ලඞ්කාවිපය අතිශයින් සමෘමඬ්ත් භාවයට පැමිණිවූ





78

මහොත්තමයන් සියල්ලම වාගේ මෙම අත්යු ත්ම රුහුණු රටෙහි ඉපිද සකල ශාස්ත්රය ඉගෙන ප්රමබලවූ කායබල ඥනබලාදියෙහි කොටිප්රාසප්තවැ රජරට අණසක පවත්වමින් සිටි පරසතුරන් මර්ධනය කොට ලංකාවීපය ඒකච්ඡත්ර්නංවා ශාසනාන්තර්ධානය දක්වා පවත්නා නියායෙන් අනෙකවිධ දාගැබ් ප්රමතිමා ගෘහාදිය හා අතිවිශාල වැව් අමුණු ආදියද සාදවා ලොකයේ අන් රටකට දෙවෙනි නොවනසේ ‍ෙනායෙක් උත්කෘෂ්ට ක්රි්යාකොට උත්තමවූ සිංහල ජාතියේ යශඃකීර්තිය ‍ ලෝකුස පතුරුවා ජන්මාන්තරගත වූ පසු වර්තිමාන සිංහල ජාතියේ අවාසනාවකටමේන් උතුමන්ගේ පහළනොවිම හේතුකොටගෙන අපරට සර්වේප්රපකාරයෙන්ම පිරිහානි පක්ෂුයට වැටී තිබේ.

තිස්සමහා රාම විස්තරය.


එකොලොස්වෙනි පරිච්ජේදය.

ශ්රිොමත් ශ්රිවඝන සුගත තථාගත අප සම්මාසම් බුදුරජාණන් වහන්සේ පන්සියයක් ක්ෂීමණාශ්රඋව මහ රහත් භික්ෂුමසඞ්ඝයා පිරිවරා සමවත්සුවෙන් වැඩ සිටි සොළොස් මහාස්ථානයන් අතුරෙන් එක් ස්ථානයක්වු මෙම තිස්සමහාරාම මහාචෛත්යහය වනාහි මාගම්පුරයෙහි රාජ්යකශ්රීම පදප්රාවප්ත ශ්රීැමත් මහානාගක කාවන්තිස්ස ඉලනාග ආදි මහරජතුමන් විසින් රියන් එකසිය විස්සක් උසින් හා තුන්සියහැටරියන් වටප්රජමාණය ඇතිව ගොඩනගනලද මහා චෛත්යනයවේ. අන්යුවු මහානාග, ගොඨාභය, යටාල තිස්සාදි මහ රජුන් විසින් කරවනලද දාගැබ්වලට වඩා මහත්වු හෙයින් මිට මහා චෛත්යයයයි ව්යයවහාකරනුන ලැබේ. පුරාණ කාලයේ දහස් ගණන් මහරහතන් වහන්සේලා විසින් පරිභොග කරන ලද රමණීයවූ සියදහස් ගණන් භික්ෂූව භික්ෂූ ණීන් වහන්සේලාගෙන් සමාකීර්ණ සියගණන් විහාරයන් ගෙන් විරාජමානවූ රන්රිදි මුතුමැණික් ආදි අනෙකවිධසම්පත්ති යෙන් ආඪ්යිවූ ඊශ්වර ජනසමූහයාගෙන් ගැවසිගත් නෘත්යිගිත වාදිතාදි නා නා ක්රිඊඩොත්සවයෙන් ජනමනොනන්දතනකාරිවු අනවරතයේන දන්දිම පුදපුජා පැවැත්විම ධර්ම්දෙශනා කිරිම ආදි නොයෙක් පුණ්යයකර්මුයෙහි නියුක්ත උපාසක උපාසිකාදින්ගෙන් ගහනවූ නොයෙක් ශිල්ප ශාස්ත්රන පුහුණු කරවන විද්යාතමන්දිදරාදි





79

යෙන් විරාජමානවැ පැවැති ඒ උත්තම වන්දානිය ශුඬස්ථානය රාජ රාජ මහාමාත්යාජදි ම‍ෙහ‍ාත්තමයන් විසින් මනාව පරිපාලනය කොට පවත්වාගෙන එනාතර වලගම්අබාමහරජුකල මෙම ලක් දිව පැවැති අතිරෞද්රි දුර්භික්ෂ ය හේතු‍මකොටගෙන මේ අත්යුරත්තම වන්දරනීය සිඬස්ථානයන්ගෙන් ගහනවූ සිත්කළු ප්ර‍දෙශය පිරිහිමට පටන්ගෙන දහස් ගණන් විහාරාරාමාදිය වල් බිහිවුයේය. අති භයානක ඒ දුර්භික්ෂටය පැවති කාලයේ දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි වර්ෂා ව නොලැබිමෙන් ගංගා, ඇලදොල වැව් පොකුණු ආදිය ශුෂ්කව ගොවිතැන් පාලුවිමෙන් හටගත් බලවත් හානිය කරණකොටගෙන මනුෂ්යතයෝ ක්ෂූනධාග්නිය ඉවසීමෙන් හා දුක්ඛ හාර දුක්ඛසේය්යානවෙන් පිඩිතවැ නා නා රෝගයන්ට භාජනවී ඇටසම් පමණක් ශෙෂවු දුක්ඛිත‍යෝ වූහ. එකල ගෙයක් ගෙයක් පාසා ස්ත්රීෂහු යක්ෂකනියන්මෙන්ද පුරුෂයෝ ප්රේතතපිසාචකයන් මෙන්ද වුහ. ගෙයක් ගෙයක් පාසා හැඬිම් විලාප කිම් ආදි අවමඞ්ගල්යව කොලාහල ශබ්දයෙන් එකකොලාහලව මැරෙණ මැරෙණ මනුෂ්යඞයන්ගේ කුණපගන්ධ්ය හේතුකොටගෙන ඊට අධිගෘහිතවු අමනුෂ්යනයන් කරණ කොටගනෙද මහත් භයෙක් වුයේය. “බැමිණිටියා මහාසාය” නමින් ප්රනකාටවු මේ භයානක දූර්භික්ෂඅ කාලයේ පවා තිස්සමහා විහාරයෙහි දොළොස් දහසක් මහරහතන් වහන්සේලා වැඩ සිටියාහුය.

සුවිසි දහසක් මහරහතන් වහන්සේලා එකවිට පිරිනිවිම.

බැමිණිතියාසායනම් වූ ඒ භයානක දුර්භික්ෂනය පැමිණෙනබැව් නොයෙක් කාරණාවලින් දැනගත් සර්ඬානවත් උතුමන් විසින් දුර්භික්ෂම කාලය පැමිණිවට භික්ෂූලන් වහන්සේලාගේ ප්රතත්යිය පිණිස දොළොස් දහසක් දෙනා වහන්සේලාට තුන් අව්රුද්දකට ප්රනමාණවූ තරම් වී රැස්කොට තිස්ස මහා විහාරයෙහි මහත් වි අටුවක් සාදා සුරැකිව තබන ලද්දේය. ඒසා මහත්වී අටුව එක් රැයක් තුළදිම මහ මියන් විසින් කා දහවියා පමණක් ශෙෂව තිබෙන බව දුටු සඞ්ඝයා වහන්සේ දොළොස් දහසම රැස්ව කතාකාකොට එසේම දොළොස් දහසක් දෙනා වහන්සේට තුන්හවුරුද්දකට පොහොනා වී ඇති සිතුල්පව් මහා විහාරයට යාමට කතිකාකොට පිටත්ව වඩිනාතර එදින රෑ සිතුල්පව් මහා විහාරයෙහි තුබු ඒ මහත් වි අටුවද එක් රැයක් තුළදිම අතුරුදන් වුයෙන් ඒ බැව්දත් එම විහාරවාසි දොළොස් දහසක් භික්ෂුදන් වහන්සේලා එක්ව තිස්ස මහාරාමයට යාමට පිටත්ව එනාතර සිතුල්පව් මහාවියාරයටත් තිස්සමහා විහාරයටත් අතර කඳුරැලියක් දමිපයේදි දෙකොටස මුනගැසි සිදුවි තිබෙන බලවත් හානිය තත්වූ පරිදි කියා ඊට





80

හේතුව දිවැසින් බැලූකල සසර සැරිසරණා කාලයේදි කරනලද පාපකමියක ශෙෂ වූ විපාකයක් අන්තිම ආත්මයේදි විපාකදිමට පැමිනි බැව් සලකා විසිහතර දහසක් මහරහතන් වහන්සේලා නිරාහාරව එහිම පිරිණිවන්පෑසේක.

අභිනව සංස්කරනය.

මේ ආදි කාරණා නිසා දුර්භික්ෂේ කාලයෙහි විහාරාරාම පාළුවි මෙන් දිව්යිලොක සදාශ අනන්තා පරිමාණ නා නා විධ සම්පත්ති යෙන් පිරිතුබු මේ අති උත්තම ශුඬස්ථාන ක්ර්මයෙන් පිරිහෙන්ට පටන් ගත් නමුත් දුර්භික්ෂු භය සංසිඳි රට සුභික්ෂසවු පසු පෙර පරිද්දෙන් සව් ඉසුරෙන් පරිපූර්ණරවැ මුල් ස්වභාව පරිදි දියුණු ස්වභාවයෙන් කෙළ පැමිණියේය. මාණභරණ, මහා විජය බාහු, මහා පරාක්රෙමබාහු. ආදි මහාරජුන් විසින් රොහණ ප්ර දෙශයේ සමෘඬභාවය ඉතා උසස් පරිදි දියුණනු කරවුයේය. ඉන්පසු ක්රාමයෙන් පිරිහෙන්ට පටන්ගෙන පෙර සුධර්මාද නම් දිව්යහස්භාවසේ අලඞ්කාරවැ රත්නත්ර යානිප්ර්සන්න මහ රජුන්ගෙන් හා මහා ධන සිටුවරා දින්ගෙන්ද පිරිතූබු සිත්කළු ප්රැදෙශය වල් බිහිව චණ්ඩ මෘගාදින් ගෙන් පිරුණාවු වනගත ප්රිදෙශයක්ව ශතවර්ෂර ගණනක් මුළුල්ලේ පැවත එනාතර ක්රි ස්තු වර්ෂර 1853 වෙනි අව්රුද්දේදී එහි වන්ද නාවට ගිය “වේපත ඉර සුමන” නම් වු ධෛය්ය්දෙශවත් සාමණේර ස්වාමින් වහන්සේ ජරපත්විතුබු ඒ මහා දාගැබ දැක හටගත් සංවේගයෙන් අලි, වලස්, කොටි, ආදසි චණ්ඩමෘග සමාකීර්ණැ මහ වනයෙන් ගැවසිගත් ඒ දාගැබ සමිපයෙහිම නැවති බොහෝ දෙනාගෙන් ලබන ලද ආධාරයෙන් ඒ මහ දාගැබ ප්ර කෘතිමත් කිරිමට සනිටුහන් කොට උදාරතරවූ විය්ය් අධිෂ්ඨානයෙන් දාගැබ අවට වනය සුඬකොට ජරාවාසවු ඒ මහ දාගැබෙහි අත්තිවාරම පාදා දැගැබ ප්රඅකෘතිමත් කිරිමේ වැඩ පටන්ගෙන ඉතා විය්ය් අතයෙන් ක්රි්යා කරණාතර ඒ සත්කෘත්යනය දුටු දක්ෂිේණ දිශාවාසි බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ඒ සත්කෘත්යියට විශෙෂ ආධාර කරන්ට පටන්ගත් සෙයින් වඩ වඩා ධෛය්ය්් යෙන් චෛත්යාය ප්රරකෘතිමත කිරිමේ කටයුතු කරගෙන එනබව ආණ්ඩුවේ උසස් මුලාදැනින්ට දැනගන්ට ලැබි ඒ උතුමෝද අතිශය ප්රතමුදිතවැ මේ වේපතඉර ස්වාමින් වහන්සේ විසින් කර ගෙන යන වැදගත් කටයුත්තේ භාරදුර ස්වභාවය එවකට ලංකාණ්ඩුකාර ධුරය දැරූ ශ්රි මත් රොබින්සන් තුමාට දන්වා එතුමාගේ මගින් විශෙෂාධාර ලැබි චෛත්යූ කර්මමමාන්තය යුහුසුළුව ක‍රගෙන එනාතර යථොක්ත වේපත ඉර ස්වාමින්වහන්සේ කිසිවෙකු විසින් වැලැක්විය නොහෙන ඝොරවූ මාත්යූර රාජ්යාේට වසඟ වි ස්වර්ගනපරායන වූයේය.





81

තදනන්තරව එහි අධිකාරි ධුරයට පත් “වල්පිට මෙධංකර” ස්ථිවරයන් වහන්සේගේ පාලනය පිට චෛත්යය කර්මිමාන්තය කර ගෙන එනාතර එවකට මාගම් පත්තුවේ විහාර දෙවාල කොමිටියේ ප්ර ධාන තැන්පත් ධනවත් නැනවත් ගුණවත් දෙශ දෙශාන් තරයන්හි සුප්ර‍කට කීර්ති ඝොෂෘ අති සී. ඇප්. ඇස්. ජයවික්රදම මුදලි මන්ත්රීහතුමාගේ ප්රකධානත්වය පිට “තිස්සමහාරාම විහාර කාය්ය්ඇස් සාධක” සමාගම පිහිටුවා ජේ. ඒ. අමරසිංහ මහතා එහි භාරකාර ධුරයට පත්කොට වර්ෂව 1890 වේ අවුරුද්දේ පටන් චෛත්යන කර්මහමාන්තය මනාපිළිවෙළින් හොදාකාර කරන්ට පටන් ගෙන අතිදුෂ්කරවූ ඒ බැරෑරුම් කර්මිමාන්තය ශිඝ්රමලෙස කරගෙන ගොස් වර්ෂද 1899 යේ අවුරුද්දේදී චෛත්යෙ කර්මිමාන්තය නිමකොට අඩි එකොළහ මාරක් උසඇති මාහැඟි විශාල ‍ලොහමය කොතක් සාදවා එම අවුරුද්දේ පොසොන්පුර පසළොස්වක් දින කොත පළඳවා සියක් නමක් මහා සංඝයා වහන්සේ වැඩ මවා සතිනයක් මුළුල්ලේ පිරිත් ධර්මංදෙශනාව පවත්වා මහා පූජොත් සවයෙන් යුක්තව කේතුපිලන්ධසන මහා පූජාව කොට † එතැන් පටන් සුනු කර්ම මාන්තය කරන්ට පටන්ගෙන දැනට වැඩ අවශාන ‍කොට තිබිම සකල බෞඬ පින්වුතන්ගේ චිත්ත සන්තෝෂයට හේතුවක්වේ. පුරාණ නරපතින් විසින් කරවන ලදුව ජරා වාසවූ මහා චෛත්යහ අතුරෙන් සියලුම කර්මාසන්ත නිමකොට කොත්පළඳවනලද එකම දාගැබ මෙම තිස්සමහාරාම මහා චෛත්ය බැවින් ඒ උතුම් කර්ම මාන්තය පළමුවෙන් පටන්ගෙන කළාවු වෙපතඉර ස්වාමින්වහන්සේ හා වැඩ නිමකොට කොත පළඳවනු ලැබූ විහාර කාය්ය්ි සාධක සමාගමේ උතුමෝද ලොකවාසි සියලු දෙනාගෙන් පමණක් ‍ෙනාව දිව්යා බ්රකහ්මාදීන්ගේන්දය ප්රතශංසා ලැබී මට සුදුස්සෝ වෙති. එබැවින් අපවැන්නන් විසින් කරනු ලබන ප්රදශංසා කුමක් ‍අගිද පෘථිවිපාල මහ රජ කෙනෙකුන් හැර අවශෙෂයන් විසින් කරන්නාන තබා සිතිමටත් නොහැකිවූ මේසා මහත් චෛත්ය කර්ම මාන්තය නිමකිරිමෙන් සිංහල බෞඬයන්ට ගෞරව අත්කරදුන් ජයවික්‍රම මුදලිතුමා ආදි විහාර කාය්ය්ඬයනසාධක සමාගමේ උතුමන්ගේ නාම මෙම දාගැබ කළාවු මහ රජුන්ගේ † මෙම කෙතු පිළන්ධෞන මහා පූජොත්සව දවසේදි තිස්සමහාරාම මහා චෛත්ය ය අසල පැවති ශ්රී් විභූතිය වර්ණාදවිෂයාතික්රාාන්ත වුයේය. කොත් වහන්සේ මහා චෛත්යස රාජයා සමිපයට මහ පෙරහරින් වැඩමවනු දුටු අපගේ සකල ශරීරය රොමොද්ගමනය වීමෙන් ඇතිවූ ප්රී තිය ප්රඩමාණාතික්රාගන්ත මැයි.





82

නාමමෙන් ඉතිහාසයෙහි සඳහන්ව මතු අව්රුදු දහස් ගණනක් පවතින බව කුමට කියමුද එබැවින් දාගැබේ ගෞරවය ආරක්ෂාහ විමට හේතුවනසේ වටේට ප්රා කාරයක් බැඳ මුරගෙවල් සෑදිම අවශ්යා කාරණයක් බැවින් එය යුහුසුළුව කිරිම පිණිස සකල බෞඬ පින්වතුන් විසින් ආධාර කටයුතු බව ප්රාකාශ කරම්හ.

මෙම මහා චෛත්යක කර්මානන්තය පටන් ගත්තාට පසු තිස්සමහරාමය අවට ප්ර දෙශයට විතිබෙන ශාන්තිය සුලුපටු නොවේ. පෙර කල වනයෙන් ගහනව අලි වලස් කොටි ආදි චණ්ඩ මෘගයන්ගේ වාසස්ථානව තුබු විශාල භූමිය දැනට මනුෂ්යසයන්ගේ ජිවනොපායට අතිශයින් ආධාරවූ කෙත්වත් ආදියෙන් හා සෑමතැනම පිරි ධාවනය කරන ජලධාරාවෙන්ද පරික්ෂිවප්තවැ තිබෙන අයුරු දකින විට අපමණ ප්රී තිප්රනමොද්යෙ උපදි. එපමණක් නොව පෙර චණ්ඩ මෘගයන්ගෙන් ගහනව පැවති මේ ප්රපදෙශය වර්තතමාන කාලයේ දහස් ගණන් මනුෂ්යගයන්ගේ වාසභවන වීම හා අවුරුදු පතා වෙසක් පො‍ෙසාන් යන පසළොස්වක් පොහොදිනයන්හි විසිදහසකට අඩුනොවන තරම් මහාසේනා වන්දසනාවට පැමිණි මෙන් මේ ශූඬ වන්දතනීය ස්ථානය නැවතත් දියුණුවීම ලොකවාසින්ට ප්රීවතියට කාරණයකි. එබැවින් මේ පලාතේ වැසි සැම දෙනාම සමගිය භජනය කරමින් කර්‍මාන්තශාලා ශාස්ත්ර ශාලා පිහිටුවා බාල පරිම්පරාව දියුණු කිරිමට පටන් ගන්නේ නම් එය ප සිංහල ජාතියේ අභිවෘඬියට විශෙෂ හේතුවක් වන්නේය.

පුරාණ කාලයේදි මෙම චෛත්යේය අසල පිහිටි නා නා ප්රටකාර සඞ්ඝවාස, පිරිවෙන්, චංක්රනමණ, විහාර ආදිය තුබූ ස්ථානවත් දැන ගන්ට නොමැතිය, පචම්බමාලක පිරිවෙණ, ශිලාපස පිරිවෙන ආදිය මහා චෛත්යබයට නුදුරින් පිහිටාතිබෙන්ටප ඇතැයි කල්පණා කිරිම යෝග්ය වේ. මෙහි චෛත්යනමළුවේ පුරාණ ශිලාප්රපතිමා හා රජ රූප ආදී ගල්කර්මආමාන්ත ස්වල්පයක් දක්නටතිබේ. පුරාණ කාලයේදි කරණලද නොයෙක් ගල්කර්මා න්ත යම් කිසි අයවළු විසින් මින් බැහැර ගෙණයන්ට ඇතැයි හැ‍ඟේ. එසේ ගෙනයාමෙන් මෙහි ගල්කර්මහමාන්ත ඌනව තිබෙන බව සිතිය හැක්කේය. ගෙනයා නොහැකිසේ තුබූ ගල්කණු ආදිය වැවබඳින ක‍ාලයේ නොයෙක් වැඩට කඩාගත් බව ඇසීමු. එය ඛෙදජනකය.

‍සඳිගිරි වෙහෙර.

මහා චෛත්යරයට නැගෙණහිරින් පිහිටි මෙම චෛත්යවය න්ට මත් ජරාවාස ස්වභාවයෙන්ම තිබේ. මෙම පෞරාණික චෛත්යයයද ප්රරකෘතිමත් කිරිමට පටන්ගන්නේ නම් මැනවි; මෙම දාගැබ කර



83

වන ලද්දේ මහානාග රජතුමා විසින්ය. නමුත් මහා විජයබාහු මහරජතුමා විසින් මාගම් පුරයෙහි සඳගිරි විහාරය නමින් වෙහෙරක් කරවූ බව ඉතිහාසයෙහි සඳහන්වතිබෙන බැවින් මෛ චෛත්යනය අසල විහාර හා සංවාස කරවන ලදැයි කල්පනා කිරිමට අවකාශ තිබේ. මෙ අසල පුරාණ විහාර ආරාමාදිය පිහිටි අත්තිවාරම් කිපයක් සහ ගල්කණු මණ්ඩි කිපයක්ද තිබේ. පුරාණ නොයෙක්කර්මාතන්ත මෙහ පොළවයට ඇතැයි කල්පනා වේ. මේවා හාරවා බැලුව‍ෙහාත් නොයෙක්දේ සම්භවෙනු නිසැකය.

යටාල වෙහෙර

මෙම චෛත්යමය තිස්සමහාරාම මහා චෛත්යැයට බස්නාහිරින් පිහිටා තිබෙන මහා චෛත්යමයට ස්වල්පයක් කුඩාවූ දාගැබකි. මිට යටාල වෙහෙරයයි ව්යෙවහාරවූයේ ඒ ස්ථානයේ නාමයෙන් හා එය කරවන ලද රජුගේ නායන් නිමිත්තකොට ගෙණබව පෙණේ. ඒ කෙසේදයත් මහානාග රජතුමා අනුරාධපුරයේ සිට මාගම් නුවරට යනාතර යටාල නම් වූ ස්ථානයේදි ගැබ්පිරිසිටි තම බිසව කුමාරයෙකු ප්රකසූත කළනිසා ඒ ස්ථානයේ නම හා තම ජ්යෙපෂ්ඨ සහෝදර දෙවන පැතිස්සන මහරජතුමාගේ නාමයත් කැටිකොට යටාල තිස්ස යන නාමයතබා එය සිහිවිම පිණිස මෙම දාගැබ බඳවා එතුමාගේ නාමයෙන් යටාල වෙහෙර යන නාමය පැවතා බැව් සිතීම ‍ යෝග්‍යවේ. මහානාග රජතුමා මාගම්පුරයෙහි රාජ්ය ශ්රීායට පැමිණ නුවරට නුදුරු නොලංවූ මෙම ඉඩමෙහි සංඝාරාම විහාර පි‍රිවෙන් ආදිය කරවා ත්රිපපිටක මහා අරිෂ්ට මහරහතන් වහන්සේ ප්ර මුඛ කොට ඇති මහාසංඝයාවහන්සේට හසේතාදක කොට පුදා‍රොහණ ප්රරදෙශයෙහි බුදුසසුන බැබලවුයේය. මෙ නයින් කල්පනාකර බලනවිට රුහුණුරට පළමුවෙන් ඇතිවූ විහාරය මෙයයි කල්පන කිරිමට ඉඩතිබේ. මෙම යටාල වෙහෙරද තිස්සමහරාමයේ අන්යි චෛත්යමමෙන් වල්බිහිව ජරාවාසය තිබෙනාතර යම්කිසි මිසදිටු වන් විසින් දාගැබ මැදින්බිඳ වස්තුව උපක්රවම යොදනාතර කළුදෙබරු මතුවී බිඳින්ට නොහැකිවූ බව මුඛපරම්පරාගත කථා අනුසාරයෙන් දැනගන්ට තිබේ. රන්නත්රකයාති ප්ර සන්න රාජ අමාත්යාතදි උතුමන්ගේ අභාවයේන වනයෙන් ගහනව ජරාවාසව තුබූ මෙම උත්තම දා ගැබ දියුණුකිරිම පිණිස පණ්ඩිතාචාය්ය් ගහ අමර පුර ගණප්රතධාන ශාසන වංශාලඞ්කාර කවිධජ විනයා චරිය ගෞරවාහි වැලිගම ශ්රී‍ සුමංගලාභිධාන මහානායක මාහිමි තුමන් ගේ ධර්මාානේත්වාසීවු ගෞරවාහි තංගල්ලේ ශ්රීහ ජිනරතනාභිධාන මහාස්ථවිරයන් වහන්සේවිසින් ලංකාණ්ඩුවෙන් බලසලබාගෙන





84

රත්නත්රෙයානි ප්ර සන්න ධනවත් මල්ලගම දොන් දිනෙස්ද සිල්වා වෙද මහත්මයාගේ ප්රමධානත්වහයපිට සමාගමක් පිහිටුවා බොහෝ දෙනාගෙන් ලබනලද ආධාර ඇතිව ගර්භය දක්වා බැඳ මදක් ප්රමකෘතිමත්කොට තිබේ. ඉතිරිවැඩ කොටසද යුහුසුලුව කිරිමට බෞඬ සෑමදෙනාම ආධාර දියයුතු බව කියම්හ. මේ අසල පුරාණ රජරූප ගල්කනප්ප කල්කනු අත්තිවාරම් ආදී පුරාණ කර්මාටන්ත කීයක් තිබේ.

මැණික් ‍ වෙහෙර

මෙනම් වන්දානීය රජමහ විහාර සංඛයාත පෞරාණික චෛත්යනය ජරාවාසව තිබෙනාතර ගෞරවාර්භ තංගල්ලේ ශ්රී ජිනරතනාභිධාන මහාස්තවිරපාදයන් වහන්සේගේ අනුශාසනය පරිදි ප්රණකාතිමත් කොට සියලු වැඩ නිමවා සුදුහුණු ආලේපකොට කොතපළදවා තිබෙන උතුම් සිඬස්ථානයකි. එනක් සත්කෘත්යියට ආධාරවූ ප්රොධාන උතුමන්හට දෙව්බඹ නරනාගාදි සියලු දෙනාගෙන්ම පැසසුම් ලැබෙනු ඒකාන්තය. මෙහි වටේම ප්රාකකාරය බැඳ මුරගෙවල්තනා ආවරණය කිරිම අවශ්යෙයෙන්ම උමවනා බව ප්ර්කාහ කරම්හ. තිස්සමහාරාම සිඬස්ථාන වන්දකනාවට යනවිට කිරිඳිගඟින් එතරව හැතැප්මක් දුර යනවිට පළමුකොට දකින්ට ලැබෙන්නේ මෙම උත්ම් චෛත්යහවේ. මේ අසල පුරාණ සංඝාවාස විහාර ආරාමාදියේ අත්තිවාරම් හා ගල්කණු මණ්ඩි කිපයක්ද තිබේ. ඉන් දාගැබට නැගෙණ හිරින් තිබෙන උස්වූ ගල්කණු පංක්තියෙන්යුත් ගොඩනැගිල්ල පුරාණ ධර්මැශාලාවක්යය් කල්පනා කර තිබේ. දාගබට උතුරෙන් අඩිපහක් පමණ වටප්රණමාණය ඇති රවුම් ගල්කණුවක් ඇත්තේය. ඊට ඇතාබැඳි කණුවයයි සමහරු කියති. මේ අසල වනගතව පුරාණගොඩනැගිලි අත්තිවාරම් හා ගල්කණුද තිබේ. දාගැබට උතුරෙන් දෙබරවැව නම් වැව පිහිටා තිබේ.

දොළොස්වෙනි පරිච්ජේදය

වැව්

පූර්ව්කාලයේදී සිංහල මහරජුන් විසින් මාගම්පුරය අසල බඳ වනලද විශාල වැවන් කරණ කොටගෙන මාගම් ප්රනදෙශය සමෘඬිමත් ප්ර දෙශයක් වූයේය. කිරිඳිගඟ හරස්කොට ඇල්ලේගලනම් ස්ථානයේ බඳනලද පුරාණ බැම්ම හේතුකොටගෙන මෙහි වැම් අනවරතයෙන් ජලයෙන් පිරිතිබේ. එහිසිට හැතැප්ම හයක් දිග ඇති යෝද ඇලනම් මහාචාරි මාර්ගපයෙන් වැව්වලට වතුර ලැබේ.



85

තිසාවැ, යෝධ වැව, දෙබර වැව, යන මහවැව් ප්රබකාතිමත් කොට ජලය පුරවාගැනීමෙන් අවට ප්රෝදෙශය ගොවිතැනෙන් සශ්රි කවතිබේ- තිස්සමහාරාම මහා චෛත්යමය සමිපයේ සිට හැතැප්ම එකක් දුර දකුණු දෙශට ගමන් කරනවිට ‍යෝධවැව සම්භවේ. එහි බිසෝකොටුව යටින් උමගයකින් ගොස් තිබෙන යෝධඇලනම් ජලමාතිකාව මාගම්පුර දක්වා තිබේ. බිසෝ කොටුවේ සිට බලනවිට කුඩාදාගැබක් දක්නට ලැබේ. ඊට නාගම්හවෙහෙරයයි ඇතැම් අය ව්යනවහාර කරනුලැබේ. මේ අසල වනගතව පුරාණ කර්මාින්තතිබෙන නමුත් ඒවා ගැන තෘතිය භාගයේ සඳහන්වේ.

රණකෙළිය.

මේ වනාහි කාවන්තිස්ස මහරජතුමාගේ මහා යුඬභටයින් හට යුඬපෙළපාලි පුහුණු කරවනු ලැබූ ස්ථානය ‍හෝ ඔවුන්ගේ වාසභවන (බැරැක්ක) පිහිටි ස්ථානය වියයුතුයි. පෙරමහරජුන් කල යුඬශිල්ප ඉගැන්විම පිණිස විද්යාුල පිහිටුවා කෝචල්ල යුඬාණිව, ආදි ශාස්තර ක පුහුණුකිරිමට ශාස්ත්රිශාලා පිහිටුවාතුබූ බැව් හැ‍ඟේ.

මාගම් නුවර.

පුරාණ මහ රජුන්ගේ රජමාලිගා ආදිය පිහිටි මෙම නුවර වර්තඟමාන කාලයේ වනගතවී සුවගමක්ව පවතින නුමුත් අද දක්වාම මාගම යන නාමය ව්යයවහාරකරති. පෙර කැල එහි කරන ලද විශාල ගොඩනැගලි ආදිය සම්පූර්ණ‍යෙන්ම නාස්තිවී කිසි වක් දැනගන්ට නැති නමුත් තැනින් තැන ගල්කණු අත්තිවාරම් ආදිය දක්නට ලැබේ. මාගමඅසල වනයේ දාගැබ් විහාර මාළිගා ආදියේ අත්තිවාරම් තිබේත්. පුරාණනකාලයේ මෙම පුරයෙහි මහා විථි දහඅටකින් හා ක්ෂූ්ද්රට විථි රාශියකින්ද පරිපූර්ණවැ දෙමහල් තුන්මහල් සිවුමහල් ආදි විශාල ගෘහතිස්දහසක් නුවර මහාවිථි දහඅටෙහි පැවති බැව් පුරාණ ග්ර න්ථයන්හි සඳහන්ව තිබේ. මෙම විථිදහඅටෙන් ප්රරධානවූ මංගල මහා විථියෙහි සේනාධිපති අමාත්යා්දි උතුමන්ගේ වාසභවන පිහිටි බැවද පොත්පත්වල සඳහන්ව තිබේ. නා නා ශාස්ත්රභ ඉගැන්විම සඳහා සාදනලද මහාවිද්යාතල අවශෙෂ විථිවල සුදුසු පරිදි පිහිටුවා සකල සම්පත්තියෙන් අඪ්යවවැ ලංකාගනාවගේ හිසපලන් මිණිකිරුළක් සදෘශවු ලංකා ඉතිහාසය අලංකාර භාවයට පැමිණවු මෙම මාගම්පුරය වර්තදමාන කාලයෙහි නාම මාත්රටය පමණක් ශෙෂව අෂ්ටලොක ධර්මමයේ ස්වභාව බලය බව කල්පනා කටයුතුවේ.