රාජ වර්ණනා සංස්කරණය

28. ම හ සෙ න් විකුම් සරු-මහ සෙන් නිතොර රඳනා

වෙසෙ සින් සියල් ඉසුරින්-පිරි සක් පුරෙ’ව් එපුරේ


29. පවර ඉසුරු පරසිදු දම්බා විරිදු

විරිදු නිරිඳු මත ගජ කුම්බා මිගිඳු

සතත සුසිරි නය නොකලම්බා පුරුදු

වැජඹි සොඳුරු සිරි පැරකුම්බා නිරිඳු


30. තවද, මේ නිජ භුජ බල පරාක්රිමාක්රාෝන්ත පර රාජ චක්රා වික්ර ම-ප්ර ශස්ත භූ චක්ර -චක්රිවර්ති ශ්රී පරාක්රිමබාහු මහා ‍රාජෝත්තමයාගේ සංග්රාජම වික්ර මාතික්රරම ප්රරතාප ප්රතදාන කීර්ත්යා‍දි ගුණෛකදෙශයක් ශ්රරවණය කර.


31. මෙ ර ද ගු ණෙ න් සව් සත සිත් සැනැහැවිය

නි බ ඳ දෙනෙ න් සිතුමිණෙකැයි ඇදැහැවිය

නොමඳ බෙලෙන් පෑලොව බල-දෙව් හැවිය

දු හ ද ර දු න් කග දලදරිනි නැහැවිය


32. ස ත සි ත රැඳි නිමල් ගුණ පසිඳු විකුමැති

සි රි ක ත සිරි කමල් වැනි මෙනිරිඳුගෙ නිති

මෙදි ය ත දිව සියල් තද තෙද’ග නොනැවති

රු පු ක ත නෙතසිලිල් සිඳු තෙර වැද නැවති


33. මෙරද රුපුන් ක ර පා වැජඹි මෙ දියත

සගුණ මහල් සි වු පා සිවු බිතිනි යුත

දස රද දම් මි ණිපා තද’ණ මැඳුරත

සතත සිතින් ස ත පා කෙළෙය සුබ සෙත


34. ප සි ඳු මොහුගෙ දළ දන් දලදර පබඳ

දි ළි ඳු සිතෙයි කලි මල දෙවියේ මතු ද

කි විඳු වදන් බිම බැබලුම් කර නිබඳ

සිනි ඳු යසස් ලිය සුහුඹුල් කෙළෙ නොමඳ


35. සකත අයුරු පැරකුම් නිරිඳුගෙ පවර

සමත විපුල් බල සිවුරඟ සෙන් ළතර

දිග ත පැමිණ කොද නොපහළ රුපු නුවර

යුගත සයුරු රළ නොපහළ තැන් කවර


36. සොරකම් කර රැගෙන වෙන වෙන වෙස් රුදුරු

සු රු ක ම් කළ පොරණ දියබඳහු නරතුරු

පැ ර කු ම් පෑ නොයෙක එක වෙස සිට සොඳුරු

පැ ර කු ම් රජුට සරි යැයි පවසති කවුරු


37. දෙසින් දෙසම දිසි යසසට මෙ නරනිඳු

අ සි න් අසක් වත් සරි වේ නම් තරිඳු

ඇසි න් ඇස පෙනෙත ලොව සැමට එක බඳු

ම සි න් මසට කුමකට අඩු වෙද උළිඳු


38. ළ ඳු න් සිනිඳු කොමළ’ත වැලඳි සිහිලසේ

න ඳුන් මෙහිමි සොඳ බඳ බදන ගුණ රැසේ

නු දු න් අතුරු උරගුන් දරණ කළ තොසේ

ස ඳු න් තුරෙක සරි යයි කියමෝද කෙසේ


39. සු ර තු රු අයුරු අතු අත රැඳි කනාලිය

නි ර තුරු සිටින රූ සිරිසර මනාලිය

පි ය කරු මෙරද රුසිරින් මද දිනා-ලිය

සු ර ගු රු හටද ඉන් නොම හැකි වනා-ලිය

"https://si.wikibooks.org/w/index.php?title=රාජ_වර්ණනා&oldid=4165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි