101.    සුත්තනෙතසු අසනෙතසු පම්මුට්ඨෙ විනයම්හි ච 
           තමො භවිස්සති ලෝකම්හි සූරියෙ අත්ථංගතෙ යථා


මෙසේ හිරු නැති දිවසභාගය මෙන්ද, චන්ද්ර්යා නැති රාත්රිනය මෙන්ද, බුදුන්ගේ පාළි ධර්මය නැති වූ කල්හි විනය ප්රදඥාපති නොදත් භික්ෂූහු කුශලාකුශල ව්යයවහාර නොදන්නාමෘගසූකරයන් වැනි ලෝවැස්සන් බොහෝ දෙනා අපායභාග් වන කල්හි බුදුන් විසින් වදාරණ ලදී. ‘යො වො ආනන්ද මයා ධම්මොච විනයොච දේසිතො සො වො මමච්චේයෙන සත්ථා’’ යි ආනන්ද ස්ථවිරය, මාවිසින් තොපට දෙසන ලද සුවාසු දහසක් ධර්මස්කන්ධයෝ සුවාසු දහසක් බුදුවරයෝය. ඔහු තොපට මා ඇවෑමෙහි අවවාද කෙරෙතියි වදාරණ ලද හෙයින්ද, තවද බුදුන් විසින් සක්දෙව් රජහට ‘‘සබ්බදානං ධම්ම දානං ජිනාති’’යි යනාදීන් වදාරණ ලද ශක්රඇදෙවේන්ද්රදය; මාගේ සුත්රස විනයාභිධර්ම සංඛ්යාකත පිටකත්රුය පාළිධර්මයෙන් ගාථාවකුදු ඉගෙන ය‍ෙමක් සතිස්ලක්ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් වට ඇති උසින් බඹලොව අවසන් කොට ඇති මේ සක්වළ පුරා සත්රුවන්මය මණ්ඩපයක් කරවා එහි පුරා බුදු පසේ බුදු මහසව්වන් වඩා හිදුවා දෙන ලද මහත් සිව්පස දානයට වඩා එක ගාථාවකින් කියන කියවන ලද ධර්මදානයට සොළොස්වන කලාවෙන් කලාවට උතුමැයි වදාරණ ලද හෙයින් මාගේ අවධියෙහි සූත්ර විනයාභිධර්ම සංඛ්යායත වූ බුදුන්ගේ සුවාසු දහසක් මසුරන් පුදා ගම ගම කුලියට පොත් ලියන සේ නියෝග කොට අකුරු කරණ සංඝයා ප්රිත්ය‍ නිසා දුක් නොගෙණ මාගේ දොරටම සිඟා වඩනේ යයි ආරාධනා කරවා-

102. චතුද්දිසායාතජිනත්රකජානං ආපානභූතං ඝරමාසි තස්ස

                        යදිච්ඣිතප්පවචයලාහහෙතු දෙවදැදුමො වාසී මහානුභාවො


මෙසේ වැඩි වැඩි දහස් ගණන් සංඝයාට දවස් පතා දන් දී මහාස්ථවිරාදී ස්ථානාන්තරප්රාුප්ත තෙනට දවස් පතා දන්වසුන් තබාදී බොහෝ සංඝයාට අකුරු කරවා තෙරබණ නීසබණ ආදී අස්වා ස්ථානාන්තරප්රාවප්ත කොට මෙසේ ශාසනෝපකාරීව අමුතු කථිකාවතකුදු කරවා බොහෝ ශාසනෝපකාර කෙළේය.

   එ‍ෙස් හෙයින් කියන ලදී :-


103. ඒවංහි නා නා ගුණභූසනා ජනා

            ගුණානුභාවේන උපේන්ති සග්ගං
            පූරේථ තස්මා ගුණමේව කේවලං 
            ගුණංහි සබ්බත්ථ පසත්ථ මේව 


ඉක්බිති ඒ රජහුගේ අතිජාත පුත්රථ වූ රජකුමරතෙම-


104. ශ්රැරති:ස්මෘතිව්යාතකරණං ඡන්දොවිචිතිරෙවච

            නිරුකතිර් ජ්යෙ තිෂාං ශක්ෂා මොක්ෂඥානං ක්රිතයාවිධ:


105. ධනුවේදො හස්ති ශික්ෂා කාමතන්ත්රෂඤ්ච ලක්ෂණම්

            පුරාණමිනිහාස්ශච නීතිස්තකොථ වෛද්යතකම්
            වදන්ත්යනෂ්ටාදශෛතානි විද්ය්ස්ථානානි පණ්ඩිත: 


යනාදී වු අෂ්ටාදශශිල්පයෙහි හා සර්ව ශාස්ත්රියෙහි නිපුණ හෙයින් කලිකාල ස‍ාහිත්යථකුලාදිත්යබ පණ්ඩිත පරාකුමබාහු මහ රජාණෝ ජම්බුද්රෙීණි නම් පුර ප්රාවරයෙහි රජ පැමිණ අධිකතර රාජාභිමාණ උපදවා මා වැනි ආඥාසම්පන්න චක්රලවර්තී රජක්හුගේ කාලයෙහි දෙමළ වියවුල් හරිමියි සිතා සිංහළ පිරිස් ඇති කරන්නේ ජීවිතය තොර කිරීමට සුදුසු වරදෙහිද අත් පා කණ් නාසා හැරිය යුතු වරදෙහි උදහස් පමණකින් හැර සිංහළ බල පිරිස් ඇති කරවා අතුරු නොහැර විසිරි මහවතුරක් සේ සතුරුව පසළොස් තැනක කඳවුරු බැද සතලිස් හවුරුද්දක් බලාත්කාරයෙන් හුන් නොයෙක් දහස් ගණන් දෙමළුන් හා නැවත විසිදහස, හතලිස්දහස යනාදින් දෙමළ බලපිරිස් ගෙණ විෂ පෙවු නවවම්බු ආදි චන්ද්රො චක්ර විවිධායුධ ගෙණ සර්ප සේනාවක් සේ දෙමළ බල පිරිස් ගෙණ ආ තඹලිංගමු රජු ආදී දෙමළ රජුන් හා දොළොස් මහා යුද්ධයකදී බුදු සසුන් ඇති කෙරෙමියි දෙමළ හඩ පළවමියි අඩි පස් නොලා එඩිතරව යුද්ධ කොට ජය ගෙණ සියළු ලක්දිව අක්සත් කොට දඹදිවද කීර්ති පතුරුවා නොයෙක් දේශයෙන් රාජ කන්යාිවන් ආදි පඩුරු ගෙන්වා වැවත බෙලිගල වැඩහුන් දළදා පාත්රා් ධාතුන් වහන්සේ ගෙන්වා තමන්ගේ වාසභවනයට නුදුරු තැන විජය සුන්දරාරාම නම් දළදා ගෙයකුදු කරවා එහි අනගි ආසනය කුදු කරවා දළද්රද වහන්සේ වඩා හුස්නේ මිණිරුවන් වැඩු තුණුරුවන්හි පැහැදි බුදුරුවන් උදෙසා වටරුවන් සැදි අනගි රුවනින් අතුරු නැති විසිතුරු මිණිරුවන් කරඬුවක් කරවා ඒ වසා පන්දහසක් ඝනරනින් පන්ලක්ෂයක් අගනා ඝනරන් කරඬුවක් කරවා ඒ වසා රිදි තිස්සහසකින් වඬුදෙරියන් කරඬුවක් කරවා මෙසේ පුජෝත්සවය කොට මේ රජ දවස් පතා පන්සිල් හා පොහොය අටසිල් සමාදන්ව මස සාර පොහායේ මහසඟනට මහදන් දී එදා රාත්රික බණ ඇසීම ද තලතෙල්, එළඟිතෙල්, කපුරෙනැයි මෙසේ පාන් සතරක් ද්රෙයළොස් අවුරුද්දක් රාත්රි දිනයෙහි නොකඩ කොට පවත්වා එක නම් ඇති සුවඳ මල් දවස් පතා ලක්ෂයක් ද, නෙ‍ායෙක් පුජා පූපයෙන් දළදා වසුන් සතරක් ද පවත්වා සියලු ලක්දිව වැස්සන් ලවා තුන් මසක් මුළුල්ලෙහි නොහැර දළදා පූජා කරවා රජතෙමේ සුවඳ පැනින් ඉස්සෝධා නහා අමු කපුරෙන් පාන් ලක්ෂයක් පුද්ර් අටසිල් සමාදන්ව දළද්රු ප්රාලතිහාය්‍්ා ්ර්ව‍, දක්නා පිණිස ඒ රජ තමාගේ හස්ත තල නමැති පද්මයෙන් වඩා සිටි කල්හි දළද්රි වහන්සේ :-


106. ලංකාධිනාථ කරපංකජ රාජහංසි

              නාම්මාය සා දසන්ධාතු මුනින්දරූපං
              නෙකෙහි රංසිවිසරෙහි සමුජ්ජලන්ති
              සබ්බාදිසාච විදිසා සමලංකරිත්ථ 


107. දිස්වා තම්බභූතමතිච පසන්තවිතෙතා

               සම්පත්තවක්කරතනො විය දක්කවත්තී 
               සෙට්ඨහි නෙකරත්නාහරණාදිකේහි
               පූජෙසි ධාතුමසමං මනුජාධිනාථො


මෙසේ දළදා ප්රා තිහාර්යත රන්වන් හංස රාජයෙකු සේ සත් පෑ සමාරක් අහස වැඩ සිට දැක්වූ කල්හි ඒ දුටු රජ චක්රසරත්නය ලත් සක්විති රජක්හු මෙන් අතිශයින් සතුටු වූයේය. අනිකුදු බොහෝ ජනයෝ සෝවාන් ආදී වූ මාර්ගයෙන් නිවණට පැමිණියාහ. ඒ රජ තෙමේ ශ්රී වර්ධනපුරප්ර වරාදි නා නා ස්ථානයෙහි විසිතුරු විහාර කරවා මහාසංඝයා වහන්සේ එහි වස්වා චීවරාදී සිවුපස දානයෙන් උපස්ථාන කොට කපුයෙහි පටන් එකදා කඨින සිවුරු අසූවක්ද මාහැඟි වූ විල් තඹ ලෝතලි හිංකරාදී වූ නොයෙක් ශ්රවමණපරිෂ්කාර සදා පිළිගන්වා මෙම රජ බුදුන්ගේ ශ්රීඑපාදය දක්මියි සිතා සමනොළ යනුයේ පදිවෙල්පාය, වල්ගම්පාය ආදි වූ තමන් ඇරි ඇරී ඉඩමෙහි විහාර කරවා ගම් බිම් කෙත්වත් දැසි දස් ගවමහීශාදීන්ද පුදා ගම්පළ පටන් ඇළ කඳුරු ආදී දුර්ගස්ථානයෙහි හස්ත්යරශ්වාදීන් ගෙණ යන පරිද්දෙන් ඒදඩු ලවා මාර්ග සරහා ගොස් ශ්රීගපාදය වැද අතිශයින් සතුටුව ලක්දිව ඒ ඒ ස්ථානයෙහි අරම් අම්බලම් කරවා තම්ගේ පීතෘ වූ කාලිංග විජයබාහු නම් රජු ආදාහනය කළ අත්වනගළු විහාරයෙහි මහවෙහෙරක්ද කරවා එහිම නොයෙක් දහස් ගණන් රහතන්වහන්සේ වාසය කළ අටස් ගෙයද කරවා එහිම නෙයෙක් දහස් ගණන් රහතන්වහන්සේ වාසය කළ භූමුයෙහි තුන් මහල් ප්රානසාදයක්ද එහි වාසය කරන්නාවූ බොහෝ භික්ෂූන් වහන්සේට චීවරාදී සිවුපසය නිරන්තරයෙන් තබා දී ඒ ඒ තන්හි ප්රතමාද විහාරීව වසන භික්ෂූ භාවයට අයෝග්යා වූ දුශ්ශීල ශීලවිපන්තයන් ශාසනයෙන් පහ කරවා ශාසනය ශුද්ධ කොට දහස් ගණන් මහාසංඝයා දොළොස් වරෙක උපසම්පදා කරවා උභයවාසගත මහාසංඝයා එළු, මගධ, ව්යාසකරණ, නිස බණ, තෙර බණ, ආගම, තමන් සහෝදර මල් බුවනෙකබාහු වම් ඈපානෝ ආදි වූ බොහෝ තැන් ලවා බොහෝ මහණ ගණයා අසන තැන් කියවා බොහෝ බොහෝ ශාසනෝපකාර කෙළේය.

    කියන ලදුයේ මැයි :-


108. පරමචරීතමෙතං ධීමතානං විදිත්වා

                    දිවි මනුජසුඛං වා නිබ්බුතිං පත්ථයන්තා
                    දදථ විමලසීලෙ බුද්ධපුත්තෙසු දානං 
                    සුරතරුසදිසමෙහා කාමදං ආ භවග්ගං


එකලට අප බුද්න් පිරිනිවි එක්වාදහස් අටසිය නව හවුරුද්දක් අතික්රාඈන්ත විය. යටකී මහානාම රජු දවස් බුද්ධඝෝෂාචාර්යන් වහන්සේ පටන් මේ අතුරෙහි වාගීශ්වරය, ධර්මපාලය, ධර්මකීර්තිය, සාහිත්ය් විල්ගම්මුලය, මයුරපාදය මනාදී මහා සිථවිරයන් හා කවරාජශේඛරය, ගුරුළුගෝමිය, ආගමදක්රසවර්තිය, පරාක්රයමපණ්ඩිතය යන බොහෝ පණ්ඩිතවරු ‍ෙනායෙක් විකාර්ථ කථා හා තදුපායොපාශ්ර ය වූ අනෙකප්රා කාර ධර්ම ප්රුබන්ධ හා සන්න ගැටපද පිටපත් ආදිය උපදවා බුදුන්ගේ පර්යාපති ශාසනය බැබලවූහ.

     එ‍ෙස් හෙයින් කියන ලදී :-


109. විහාය පාපං නරකොපගාමිං

            කත්වාන පුඤ්ඤං සුගතප්පසත්ථං
            වින්දන්ති භොගං ස නරාමරෙසු
            ඒවම්පි ධීරා බලවා භවන්තී


ඉක්බිති ඒ පණ්ඩිත පරාක්රධමභාහු රජු පටන් බෝසත් විජයබාහු නම් රජ රජපැමිණ දඹදෙණි න්වරින් දළදා පාත්රාය ධාතුන් වහන්සේ පොළොන්නරු නුවරට වඩා ගෙණ ගොස් මහත්වූ පූජා කරන්නේ එක්දහස් සසියයක් පමණ මහ සඟ රැස් කරවා නේ දහස් ධන වියදම් කොට දහස්තොට මාහැඟි මහළුකම් පූජාවක් කරවා මහා සංඝයා වහන්සේට බොහෝ සන් පවත්වා ලෝවැඩ සසුන් වැඩ ‍‍ෙකළේය.

   එ‍ෙස් හෙයින් කියන ලදී :-


110. දානේන සනෙතා තිදිවං පයන්ති

           දානේන නිබ්බානපුරං පයන්තිං
           දානංහි සබ්බත්ථ පරායන්ති
           දානේන විත්තං රමයන්ති


ඔහු මල් ලෝකෙබාහු වූ භුනනෙකබාහු නම් රජෙක් සුන්දරගිරි නම් යාපවු නුවර ඈපා මාපා ඇමතිගණ පිරිවරා තුන් රජය එක්සත් කොට රජසිරි විදිමින් මහළුකම් පූජා හා තෙවළා දහම ලියවා දළදා වහන්සේට ‍ෙබහෝ පූජා පවත්වා විපුල කුසල් රැස් කෙරෙමින් ලෝවැඩ සසුන් වැඩ ‍‍ෙකළේය.


111. යො දෙ ගුණාධාරජිනත්රහජානං

              අප්පම්පි සද්ධාය දදිති දෙය්යං‍ 
              ස පෙච්ච සංඝාරමහාවිදුග්ගෙ
              සම්පත්තිනාවාය පතිට්ඨහෙය්ය් 


ඒ රජු ඇවෑමෙන් පඩි පස්බෑ නිරිදුන්ගෙන් බලපිරිස් දී එවන ලද ආර්යචක්ර වර්තී නම් ඇමතියෙක් ලක් දිව් බැස ලෝ සසුන් නසා දළදා වහන්සේ ගෙණ ගොස් කුලශේඛර නම් පඩි නිරිදුන් හට දුන්නේය. ඉක්බිති යටකී විජයබාහු නිරිදු පිත් පරාක්රලමබාහු නම් රජෙක් ලක්දිව රජ පැමිණ එතෙර ගොස් පඩි නිරිඳුන් පහදවා දළදා වහන්සේ ලදින් නැවත වඩා ගෙණවුත් පොළොන්නරුයෙහි වඩා මහත් කොට පූජා පෙළහැර කෙරෙමින් සඟනට මහ දන් දී ලෝවැඩ සසුන් වැඩ ‍‍ෙකළේය.

   එ‍ෙස් හෙයින් කියන ලදී :-


112. ඒවං දානං සග්ග සොපාන මග්ගං

                       දිබ්බං යාවං භූසිතං චාරුමග්ගං
                       තස්මා හොනෙතා දෙථ දානානි නිවචං
                       ගනත්වා සග්ගං ඪුඤ්ජථිසේසරමග්ගං


	 ඒ රජු ඉක්බිති භුවනෙකබාහු නිරිදු පිත් ශ්රීඪනිවාසී අද්විතීයබාහු ද්විතීය භුවනෙකබාහු නම් වත්හිමි භුවනෙකබාහු මහරජ රජසිරි පැමිණ දළදා වහන්සේට අපමණ වූ පූජා කෙරෙමින් මහාසංඝයා වහන්සේට ‍සිවුපසයෙන් අපස්ථාන කරන්නේ ශාසනගත භික්ෂූන් ගෘහස්ථ නොවන සේ විධාන කරවා ගෙණ මහ ගණ යශස් ඇති පරම්පරාවෙන් බොහෝ මහණ මහළු පැවිදි කරවා සඟ නවසියයක් ඇතිකොට බොහෝ සංඝයා වහන්සේ අකුරු කරවා තෙවළා දහම් නොවළහා උලන්වා තෙර මහතෙර මාහිමි නන් පමුණුවා සගමොක් සුව පතා හවුරුදු පතා කෙළින් සිවුරු අටපිරිකර දන් දී පින් බොහෝ වන ලෙස තුන් බෝ වෙහෙර කරවමින් තුන් එජයෙහි මහා සංඝයා  වහන්සේට හවුරුදු පතා පාත්රාප සිවුරු දෙවා සූවිසි වොටුන්නක් පැළඳ, සූවිසි  මහළුකම් කරවා සූවිසි  හවුරුද්දක් රාජ්යජය කෙරෙමින් ලෝවැඩ සසුන් වැඩ ‍‍ෙකළේය.            
   එ‍ෙස් හෙයින් කියන ලදී :-


113. අවෙඡරමෙහා කතසුචරිතං නිජ්ජරඤ්චාභිගන්ත්වා

           මානේනත්වං අථ ථුනිමුඛා වර්ණනං නර්ණයන්ති
           ඒවං ඤත්වා විබුධමනුජා මඤ්ඤමානා සුකින්තිං
           ලොකෙ පුඤ්ඤං කුරුථ සත්තං මා ඛණං යාතු තුච්ඡං


ඉක්බිති ඒ බුවනෙකබාහු නම් නරේන්ද්ර චන්ද්රායාගේ අතිජාත පුත්රහ වූ හස්තිශෛලපුර නිවාසි පණ්ඩිත පරාක්ර මබාහු මහ රජ රජ පැමිණ දළදා පාත්රාිධාතුන්වහන්සේට නිරන්තරව පූජා කෙරෙමින් මහසඟනට සත්තයෙන් මහ දන් දී බෝධිස්මහාර ප්රා නොයෙක් පින් රැස් කොට ලෝවැඩ සසුන් වැඩ ‍‍ෙකළේය.

   එ‍ෙස් හෙයින් කියන ලදී :-


114. යො සද්ධං පුරතො කත්වා දනං නරො ඉධ

           කිපිල්ලකමුපාදාය තිරච්ඡානගතස්පි


115. විපාකං තස්ස දානස්ස දේවමානුසිකං සුඛං

            දක්වා නිබ්බාණසමප්තතිං අනෙත දෙනීති නිවජිතං


ඉක්බිති ඒ රජු ඇවෑමෙහි රජ පැමිණි වන්ති භුවනෙකබාහුය, විජයබාහුය යන දෙරජුන් ඇවෑමෙහි සුදොවුන් රජු මල් අමිතෝදන නම් ශාක්යඩ රජ හට ජාත දසබෑ රජකුමරුවෝ විජය රජ ඉක්බිති රජ පැමිණි පඩුවස් දෙව් රජු දවස ලක්දිව් බැස අනුරාධ ශාක්යද කුමරුවා විසූ තැන් අනුරාධ නම් විය. රොහණ නම් ශාක්යක කුමරුවා විසූ තැන රුහුණු නම් විය. උරුවෙල නම් ශාක්යඅ කුමරුවා විසූ තැන මහවැලි නම් විය. ඒ නමින් මහවැලි ගං අස ගම්පල ගංගාශ්රී පුර නම් රාජධානියෙහි රජ පැමිණි සතරවන භුවනෙකබාහු නම් මහාරජාණන් සතර වන්නට බුදුන් පිරිනිවී එක්වාදහස් අටසිය සයානූ හවුරුද්දක් අතික්රා න්ත විය. ඉක්බිති ඒ නුවර රජ පැමිණි පරාක්රරමබාහුය. වික්රඅමබාහුය යන දෙරජුන් ඇවෑමෙහි මහවැලි ගං අස පේරාදෙණි නුවර රජ පැමිණි වික්රුමබාහු මහාරජාණන් ඇවෑමෙහි ගිරිවංශාභිජාත අලගක්කෝනාර නම් මන්ත්රීටශ්වරයාණන් භුවනෙකබාහු නම් මහාරජව ගංගාශ්රීජ පුර රාජ්යිශ්රීියට පැමිණ-


116. පාසාදබෝධිවරවංකම මණ්ඩපේහි

                       පාකාර සාල පටිමාලය චෙතියෙහි
                       කල්යා ණිනාමනගරි රුචිරාපනෙහි 
                      රාජෙති චාරුතරගොපුරතොරණෙහි 


යනාදීන් වර්ණනීය කල්ය ණි නම් වූ මහා වෙහෙරට දකුණු දිග්භාගයෙහි වු දාරුග්රාමමාසන්ත තටාක මධ්යයයෙහි චක්ර වාට පර්වතොපම මහා ප්ර කාර පන්තින් පරිෂිප්ත කොට කරවූ හෙයින් ජයවර්ධන කෝට්ට යයි ප්රගසිද්ධ වූ ශ්රී‍වර්ධනපුරයෙහි සූර්යවංශාවතංස ලංකාංගනාවල්ලභ, නවරත්නාධිපති, ත්රි සිංහලාධීෂ්වර, භුජංගපති භොබාහු නම් නරේන්ද්‍ූතෙයක් රජ පැමිණ අටළොස් වන්නිපත්තු සාධා මායා රජයෙහි දෙලක්ෂ පනස් දහසක් ගම් හා පිහිටි රජයෙහි සාරලක්ෂ පසානු දහසක් ගම් හා රුහුණු රජයෙහි සත්ලක්ෂ පසානූ දහසක් ගම් ඇතුළුව කියන ලද ත්රි සිංහළයට ද්වීපචක්ර වර්තීව දළදා වහන්සේට විසිතුරු තුන් මහල් ප්රා සාදයක් කරවා දවස් පතා මහත් පූජොත්සව කෙරෙම්න් සියළු ලක්දිව අයබදු තොට බදු ව්යීවස්ථා කොට දී නොයෙක් දළදා සිරිත් පවත්වා මහා සංඝයා වහන්සේට සත්තයෙන් නිති දන් තබා දී මාස් පතා අටපිරිකරද හවුරුදු පතා කෙළින් සිවුරු ද තුන් රජයෙන් වැඩි මහා සඝනට තුන් දවසක් මහදන් පවත්වන සේ සංඝික කොට පවත්වාදී එහිම පිටකත්රීය ටිකාර්ථ කථා සහිත කොට ලියවා දවස් පතා නොහැර පොත් ලියන සේ ගම් බිම් කෙත්වත් පවත්වා දී බොහෝ මහළුකම් කරවා තමන් රජ කළ හවුරුදු දෙපණසකට සුප්රකතිපන්නතාදී ගුණගණාංග සංඝගත මහා සංඝයා වහන්සේට දෙනලද සවිසිදහස් එක්සිය දෙසාලිසක් තුන් සිවුරු පිරිවර කොට ඇති තුන්දහස් සාරසිය දෙතිසක් කෙළින් සිවුරු දන් දී අනිකුදු තුණුරුවන් උදෙසා අප්රඑමාණ වූ ධන පරිත්යාුගයෙන් ලෝවැඩ සසුන් වැඩ ‍‍ෙකළේය

   එ‍ෙස් හෙයින් කියන ලදී :-


117. සංසාරදුග්ගවිපිනෙ භයදේ අසාරේ රෝපෙන්ව ද‍ානසුරපාදපමච්චුලාරං තස්සානුසාව ජනිතං සුඛමේධමානා අනේත ලහනති සුජනා අමතප්ඵලානි


ඒ රජහු ඉක්බිතිව රජ පැමිණි වාජයබාහු නම් රජු ඇවෑමෙහි රජ පැමිණි භුවනෙකබාහූ පසළොස් වැන්නට අප බුදුන් පිරිනිව් එක්වාදහස් නවසිය එකුන්තිස් හවුරුද්දක් අතික්රා න්ත විය. මෙරජ දළඳා වහන්සේට රිදී සත්දහසකින් දළඳා කරඬුවක් කරවා බොහෝ දළඳා පූජා කරවා මහසඟනට මාස්පතා අටපිරිකරද හවුරුදු පතා කෙළින් සිවුරුද දී අපමණ ධන පරිත්යාපගයෙන් ලෝ වැඩ සසුන් වැඩ කෙළේය. නැවත රජ පැමිණි පණ්ඩිත පරාක්රාමබාහුය. වීරපරාක්රමමබාහූය, විජයබාහුය, භුවනෙකබාහුය යි මෙසේ රාජනන්දනයෝ තම තමන්ගේ සැදැහැ පමණින් තුණූරුවන් පුදා ලෝවැඩ සසුන් වැඩ කළාහු ය.


118. ඒවං පරත්ථපටිබද්ධමනා සපඤ්ඤ සත්තා හි සත්තහිතමේ ච ගවේසයන්ති සාධු හි තෙන සපරත්ථ හිතස්ස ඨානං බෝධාගමාය විරියං කරණියමේව


එකලට අප බුදුන් පිරිනිව් දෙ‍දහස් පසාසු වන්නෙහි මහබෝ වඩා ආ සිරිසඟබෝ වංශයෙන් රජෙක් විය. ඒ රජ කෙසේ වීද යත්


119 මහාසම්මතො යාව සුද්ධෝදනම්හීපති තාව පත්වාන රාජාතො රවිවංසමහී සමහවා


යනු හෙයින් ප්රාඡම කල්පයෙහි ශ්රීප කාතනාව හා සූර්ය දිව්යඩ පුත්රං යන දෙදෙනාගේ සංගමයෙන් උපන්හයි කියන ලද මහාසම්මතරජු ආදී කොට සුදුවුන් රජු දක්වා පැවැත ආ සූර්ය වංශෝද්භූත රජහු විඩූංහ යුදධයේහිඩ කිඹුල්වත් පුරය හැර ගංගා නම් ගං අස මෝරිය නම් පුරයක් කර විසූහ. ඒ පුරයෙහි වසන ගෞර වීර්ය බල පරාක්රයමයෙන් යුක්ත වූ චන්ද්රධගුප්ත නම් රජ කුමරුවෙක් වාණක්යග නම් අමාත්යි බ්රාකහ්මණයක්හුගේ සහායෙන් කාලාශෝක රජු ඉක්බිති පැලලුප් නුවර රාජ්ය් ගෙණ විසූයේය. ඔහු පිත් බින්දුසාර නම් රජ එම මෝරීය නුවරින් ධමා නම් ශාක්යය කුමරියක ගෙන්වා වසනුයේ අශෝකය, තිස්සය යන රජකුමරුවන් දෙදෙනෙකු ලද්දේය. එයින් ප්රදධාන පුත්රෝ වූ අශෝක කුමාරයාහට දම්මා, නම්වූ මව් බිසවුන්ගේ නම එක් කොට කියන ලද නම් ඇති තෙසැට දහසක් නුවර පිරිවැරැ පැළලුප් නුවර සද්ධර්මාභීලාෂී වූ ධර්මාශෝක රජ දශරාජධම්මයෙන් රාජ්යකය කරන සමයෙහි ලංකාද්වීපයෙහි සකලනගරාංග සම්පත්තීන් සමෘද්ධ වූ අනුරාිධපුර පුරප්රවචාරයෙහි සවණ ගුණ මෙනෙන් ගත් අවතී පතිකුල දෙවන පෑතිස්ස රජ රාජශ්රීීයට සම්ප්රාසප්ත විය. ඒ දෙවනපෑතිස්ස රජු හා පූර්ව වාසනා බලයෙන් අදෘත්ව මිත්රදව රාජධර්මය පවත්වන්නා වූ ධර්මාශෝක රජ ත්රිගපිටකධර වූ සැටදහසක් භික්ෂූ සංඝයා වහන්සේට සූපකාර ගෘහයෙන් සැට දහසක් නිල දන්වසුන් තබාදී සුවාසූ දහසක් විහාර කරවා ඒ මුහූර්තයට නෙත්ර්පූජා කරවා රතනත්රකයෙහි ඇදහිලි ඇතිව ශුද්ධ බෞද්ධව රාජ්යසය කරන කල්හි භික්ෂූන් වහන්සේ වදාරණසේක් ධර්මාශොක රජ්ජුරුවෙන, අපගේ බුදුහු ජීවමානකාලයෙහි වදාරනසේක් අනාගත කාලයෙහි ධර්මාශෝක නම් රජෙක් දඹදිව පහළ වෙයි. ඒ රජුගේ කාලයෙහි මා පිටදී හිඳ දසබිම්බරක් මරසෙන් සාධා සවාඝනා සකලකෙලශයන් ප්රයහීණ කොට ලොව්තුරා බුදුවූ දෙවන සතියෙහි දස දහසක් සක්වළ දිව්යප බ්රමහ්මයන් සැඩ පවනින් ඉගිල ගිය පුරාණ පත්රායන් සෙයින් මා හැර ගිය කල්හි මට පිහිට වූයේ මේ ද්රැුමේන්ද්රිරාජයා වේදැයි ප්රටත්යුමපකාර පිණිස මාගේ පස් පෑ දිස්නා නිලුපුල් පෙති සඟලක් බඳු නෙත්රර යුග‍ලයෙන් සතියක් මුළුල්ලෙහි පුදන ලද ශ්රී‍ මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාද්වීපයෙහි මාගේ ශාසනානතර්ධානය දක්වා දිව්යෙ, බ්ර හ්ම, ගරුඬ, ගානධර්ය, නාග , සූපණි, සිද්ධ, වීදයධරාදීන්ට ඓහලෞකික, පාරලෞකික, සකලාභිවෘද්ධි වර්ධනය කෙරෙමින් පස්වාදහසක් මුළුල්ලෙහි කල්ප වෘක්ෂයක් මෙන් පවත්නා සේ අධී‍ිෂ්ඨාන කල සේක. එසේ හෙයින් ශ්රීද මහා බෝධීන් වහන්සේට නොයෙක් පූජා සත්කාර කරවා ලංකාද්වීපයට වඩනා සේ ආරාධනා කරවයි.භික්ෂූන් වහන්සේ විසින් වදාරණ ලද බස් මුදුනෙන් පිළිගෙණ ඒ ධර්මාශොකම්භරජ හසතයශවරථපදාද නෛක මහා සෙනඟ පිරිවරා නරේන්ද්රව වූ රාජේන්ද්රහ තෙම සූරේන්ද්ර ලීලාවෙන් ද්රැ්මෙන්ද්ර යන් වහන්සේ සමීපයට ගියේය.


එසේ හෙයින් කියන ලදි -:


120 අමිතයසො පරහිතමාවහනෙනා සුජනහිතො ධීතිමා අවීතස්සදෙධා සුපරිවුතො මහිතො මහිපතිහි අවනිපති බොධිවරං උපාගමි


යනාදින් වණනිය වූ බොධීන්වහන්සේ කරා එළඹ අපරිමිත වූ පූජොත්සව කරවා උපොසථ ශීලය සමාදන්ව මඟුල් කපු වෙස් ගෙණ රන් හිනින් ගොස් රන්තෙල්ලෙන් ශ්රීබ මහාබොධීන් වහන්සේගේ දක්ෂිණ හාඛාව වට කර දා හිඟුලෙන් රේඛාවක් දුන්නාවූ ක්ෂණයෙහි පූර්වයෙහි බුදුන්ගේ අධීෂ්ඨාන බලයෙන් හා රජුගේ ශ්රරද්ධා බලයෙනුත් කියතකින් කැපුවාක්මෙන් දක්ෂිණ ශාණාව වෙන්ව සුවඳ තෙල් පිරූ විශ්වකම් දිව්යන පුත්රබයා විසින් සවර්ණකාර වෙස් ගෙන මවා දෙන ලද වට නවරියන් උස පස් රියන් පුළුල තුන් රියන් බොල අට‍ඟුල් ඇත් සොඬක් පමණ මුවපිට ඇති සවර්නකාටාහයෙහි පිහිටුවා එකෙණෙහිම සියක් මුල් දුටුයේය.

එසේ හෙයින් කියන ලදි.


121 එවංසතෙන මූලෙන නත්ථ සාගනද්ධ කද්දමේ පතීටඨාසි මහාබොධි පසාදෙනනි මහාජනං


මෙසේ දෙවන හිරු මඩලක් වැනි රන් කටාභය හා සමඟ අහසට පැන නැගී සවණක් රැසින් වොරජමින් වැඩ සිටි සේක. ඒ ආශ්වර්ය්යව දුටු ධර්මාශොක් මහ රජ මාලත් මනුෂ්යා ත්මභාවය සඵලයයි සතියක් මුළුුල්ලෙහි සඩඛ්ය්පථාතීක්රාොනත වූ පූජා කරවා සියලු ජම්බුද්වීපය මහාබොධීන්වහන්සේට පූජා කොට දක්ෂිණ ශ්රීභ මහාබොධීන් වහන්සේ ලංකාද්වීපයට ගමන් කළ මැනැවැයි සිතා ස්වකීය ගොත්රපයෙන් රාජකුමාරයන් ආදී වූ රාජකුමාරවරුන් අටදෙනෙකු හා ඔවුන්ට පිරිවර දසඅටකුලවාසීන් හා ඒ රජ තමාගේ සහජාත දුහිතෘ වූ සංඝමිත්රා් ස්ථවිරීන් ආදිකොට ඇති බොහෝ භික්ෂූණීන්වහන්සේ ශ්රීෙ ලංකාද්වීපයෙහි වූ අනුරාධපුර ප්රතවරයෙහි රජ කරණ මාගේ යහළු වූ දෙවනපෑතිස්ස රජහට දී මෙ‍ෙස් කියව “මම මේ සියළු ජම්බුද්වීපයෙන් තුන් වරෙක ජයමහාබෝධීන්වහන්සේට පූජා කෙළෙමි.මගේ යහළු වූ දෙවනපෑ තිස්ස රජ ද එසේම පුදව “යි කියා අවවාද දෙනුයේ ¬-


           122. 	අහං රජ්ජේන තික්ඛත්තුං මහා බෝධිං  අපූජයි
                    	ඒව මේවහි පූජේතු රාජා රජ්ජේන මෙ සඛා


යනාදීන් මා භාර , කළ ලෙස වදාළ මැනවැයි සංඝමිත්රාා ස්ථවිරීන් වහන්සේට භාර කොට නැව් නන්වා ධර්මාශෝක රජ බෝධීන්වහන්සේ දසාවට දොහොත් මුදුන් දී සිට සිත් පිරුණු ශෝකයෙන් නෙත් පිරුණු බාෂ්පයෙන් යුක්තව ස්වාමීනී: සර්වඥයන් වහන්සේට ප්රධතිෂ්ඨාධාර වූ ද්රැව මෙන්ද්රොයාණන් වහන්ස: ජනානුග්රෙහයෙන් ලංකාද්වීපයට වැඩිය මැනවැයි ධර්මාශෝක රජ්ජුරුවන් ආරාධනා කළ කල්හි සවනක් රැසින් නහොකුක්ෂිය විස්තිණී කර අතික්රා න්ත වූ කල්හි සුමිත්රානදී රාජකුමාරවරුන් ද පිරිවර දසඅටකුලවාසීන්ද නැංගාවූ නැවු සමුද්රියෙහි ශරවේගයෙන් යෑම ද ශ්රීෂමහාබෝධීන්වහන්සේගේ අහසින් ගමන් ද පූජා විධාන වූ මේ ආශ්චර්ය්යර දුටු යක්ෂ රාක්ෂස බ්ර හ්ම සුරාසුරෝරග ගරුඪ ගාන්ධර්ව සිද්ධ විද්යාීධරාදීන් කරණ ලද අපරිමිත වූ පූජා විද විද සුරපතීහු විසින් දෙවන පෑතිස්ස නරපතීහු කරා එවන කල්ප වෘක්ෂයක් මෙන් නවම්ණිධරණී ප්රදභා විභාසුර ලංකාද්වීපයෙහි පෙර අනුරාධයා විසූ හෙයින් අනුරාධපුර නම් වූ පුර ප්රරවාරයට ශ්රීස මහාබෝධීන්වහන්සේ අහසින් අවුත් බැස පූර්ව සර්වසඤ්ඥයන්ගේ ශ්රීඅ මහාබෝධී පිහිටියා වූ ස්ථානයෙහි භූමියට සත්රියන් උස පිහිටි කල්හි -


123 . යොයං දුමින්දං යතිනන්ද්රධනෙන

      	 සමුපූජතං පූජයතෙ  සපඤෙඤ
       	සහොගවා හෝතී  අනීති කෝ ච
       	සබ්බත්ථ සො හොති පස්සත්ථ රූ පො


යනාදීන් අනුසස් ඇති බෝධිපූජා සියළු ලක්දිව මුළුල්ලෙහි දෙවියන් හා මනුෂ්යමයන් විසින් එකමල් වියනක් එකමල් අස්නක් එක සුවඳ කරඬුවක් මෙන සාදා පිදූ කල්හි ඉක්බිති සුමිත්රාුදී රාජකුමාරවරුන් නැංගාවූ නැව් එකවිටම මහවටු පටුන්තොට ගොට බටුයේය. එසේ හෙයින් කියන ලදී :-


124 ඉත්ථං බුද්ධසුතෙ භුජ්ජංගනීතං භීතිං සමෙත්වා ගතෙ සා තාවා පවනා පකමපිතධජා තුංගං තරංගාවලිං බින්දන්ති ගතිවෙගසා පුථූතරං මේඝාවලී සන්තිභා ලංකාපට්ටනමොතරීත්ථ සහසා ථෙරස්ස තස්සිද්ධියා


         මෙසේ නැව් ගොඩබටුයේය යි අසා දෙවන පෑතිස්ස  රජ සංතෝෂයෙන් පෙර  ගමන් කොට ඔවුන් ගෙන්වා ගෙණ  බෝධිමූලයට අවුත් මාගේ කල්යා ණ මිත්රා වූ  ධර්මාශෝක රජ්ජුරුවන් විසින් ආශ්චර්යවත්  පඬුරක් එවන ලද්දේය යි ප්රී ති  භරිතව සියළු ලංකාද්වීපය ශ්රීා මහා  බෝධීන්වහන්සේට සතියක් පුදා  දෙවන පෑ තිස්ස රජ තෙමේ දොරටුපාල වෙස් ගෙණ  සතිය එ ඉක්බිති  සංඝමිත්රාඬ  ස්ථවිරීන් හ‍ා  සුමිත්රා දී  රාජකුමාරයන් ආදීවූ ජනයන්  තමාගේ නුවර‍ට කැදවාගෙණ  ගොස් ආදර  සම්භාවනා කරවා දස අට කුලවාසීන් ඒ ඒ ධූරවල නියුක්ත  කොට කීපදවසක් ගිය කල්හි රාජකුමාරවරුන්ගෙන්, බෝගොත් කුමාරය, සුමිත් කුමාරය, දෙවිගොත් කුමාරය ,දම්ගොත් කුමාරය , හිරුගොත් කුමාරය , සඳගොත් කුමාරය , ජයගොත් කුමාරය , ජුතින්ධර කුම‍ාරය ,  යන කුම‍ාරවරුන්   අට දෙනාගේ ගුණායුණු පරීක්ෂා කොට  දෙවන පෑ තිස්ස රජ තමාගේ  වර්ගයෙන් සන්නද්ධ නව යෞවනයෙන් විරාජමාන රාජ කන්යාුවන් සදෙනෙකු  රාජ කුමාරවරුන් සදෙනෙකුට භාරකොට දී  ප්රදධාන බොධිගුප්ත  කුමාරයා හට  දඹදිවින් සංඝමිත්රන ස්ථවිරීන් කැටිව ආ බොහෝ භික්ෂුණීන් වහන්සේ අතුරෙන් හස්තාළ්හකාරාමයෙහි  වසන්නා වූ මොරීය  නම් ශාක්යටවංශයෙහි උපන්නා වූ  බොධිමිත්රාි  ස්ථවිරීන්ගේ  නංවූ සුනන්දා නම් පුථුජ්ජන සාමණේරීන් වහන්සේ  සිවුරු හරවා සුදු පිළි හදවා සර්වාභරණයෙන්  සරහා මහා පෙළහරින් රජගෙට  ගෙන්වා බොධිගුප්ත කුමාරයන්ට භාරකොට දී  ජයමහ‍ාලේන තනතුර දුන්හ.
        
      මෙසේ බොධිගුප්ත කුමාරයන් නිසා සුනන්දා දේවීන්  වැදූ රාජ පරම්පරාව මෙහෙණවරවංශය යි ප්රරසිද්ධ විය. ඒ රාජ කුමාරවරුන් අටදෙනා  අතුරෙන්  සූයර්යේගොත් කුමාරයන් දෙවන පෑ තිස්ස රජ මහත් ‍ෙප්රාමයෙන් රාජ භවනයෙහි තබා රක්ෂා කරන කල්හි මායා රජයෙහි  කළුගම් පියස නම් එක් ග‍ෙමක හිරණ්යු ස්වර්ණාදී බොහෝ ධනධාන්යාරඬ්ය ව වසන එක්තරා  බ්රාභහ්මණයෙක්  තමාගේ රන් රිදී ආදී ධන නිධාන කොට මිය  පරලොව ගියේය. ඉක්බිත් ඒ  බ්රා්හ්මණයාගේ දුහිතෘවක් ඒ නිධානගත  දනයෙහි කළ ලෝභයෙන්  එම  ග්රාෙමාසන්නයෙහි වසන මයුර ධේනුවකගේ කුක්ෂියෙහි  ප්රේතිසන්ධීග්ර හණය කළහ.  ඒ මයුර  ධේනුව නිධාන මස්තකයෙහි  බිජුවටය තබා රක්ෂා කරණ කල්හි  එම  ගම වැසි එක්තරා මනුෂ්‍යෙෙයක්   කුඩා  කළයක් පමණ වූ  ඒ බිජුවටය දැක දැවාණ  කරඬුයෙක්හි තුබූ ස්වර්ණ රූපයක් මෙන් බිජුවටය ඇතු‍ෙළහි දිළිහෙන කුමාරිකාව දැක  රජ හට දක්වන්න‍ට  පඬුරෙකැයි  ගෙන බිජුවටය ඇතුළෙහි  හිදිනා කුමරියගේ  පින් බෙලෙන් එකදාම අනුරාධපුරයට ගොස් එම ද‍ා  සවස  දෙවන පෑ තිස්ස රජු හට දින . එකෙණෙහි ඒ බිජු වටය  කරඬුවක්  පිධාන  හැරීයාක්මෙන් දෙකක්ව රාජ කන්යාක තොමෝ ඒ දෙවන පෑ තිස්ස රජුගේ  ඇකයෙහි පහළ වූවාය.  ඒ ආශ්චර්ය්යූ දුටු  දෙවන පෑ තිස්ස රජ නුවර බෙර ලවා  දුහිර්තෘවක් ලත් සතුටින්  මහත් පූජා පෙළහර කරවා  ඒ කුමාරිකාවට  මයුරවතී  යයි නම් තබා  සුත ප්රෙයමයෙන් වඩා මහත්ව  වැඩිවිය පැමිණි කල්හි  කනක , කටක , නුපුරාදී සිවුසැට ආභරණයෙන් සරහා යට කී සූර්ය්ය ගොත්රස  කුමාරයාහට  භාර කොට දී ඒ සදවන පෑ තිස්ස රජ තෙමේ මයුරවතී  රාජ මහෙසිකාවට  හිරණ්යර ස්වර්ණ දාසිදාස  ගවමහේෂාදී බොහෝ ධන පරිත්යායග කොට  දී ගම්වර  දෙනුයේ පළමු කී නිධාන මස්තකයෙහි පුග ද්රැුමයක් ප්රිමාණව උසින්  වඩුසත්රියන් උස්ව බටු වෘක්ෂයන්  ඇති වූ හෙයින් එම ගම බටුවත්තය යි නම්  තබා දී අනිකුදු රයිගම්  කෝරළයෙන්  වැලිකොල ආදී ගම ද කුරුණෑගල්  කෝරළයෙන් ගොඩගම ආදී   ගම් ද සිදුරුවාණ  යටිනුවරබද   රංමුංගොඩ  ආදී  ගම් ද ඒ ඒ දිගින්  බොහෝ ගම්වර  ශිලා‍ෙලඛ හිඳුවා දුන්නේය. එසේ දෙන ලද  ග්රාුමයන් අතුරෙන් ඒ මයුරවතී රාජමහේසිකාවකගේ  රාජකුමාරියන් බොහෝ  කලක් විසූ ගම් සෙබළ නම් විය. කාලාතික්රා න්තයෙන්  සෙබළ නම පෙරළී  සවුළුව යයි මෙනමින් ප්ර සිද්ධ විය . මෙසේ ඒ මයුරවතී රාජමහේසික‍ාවකගේ  පරම්පරාව නො හැර පැවත ආ  ජයමහලේනා සවුළු පරාක්ර‍මභාහු  මහරජාණන්ට මුනුබුරු වූ  පීතෘපක්ෂයෙන්  යටකී මෙහෙණවරවංශොද්භූත  වික්ර මබාහු මහරජාණන්ට  මුනුබුරු වූ උභයකුල   පාරිශුද්ධ සූර්ය්යහවංශාවතාංස විශාල  විමලතර කුසලබල  සමෘද්ධියෙන් හා  ත්රිණවික්රිමාතිවික්ර මයෙන්  යුක්ත වූ බුද්ධ   ධර්ම සංඝ සංඛ්යාධත රත්නත්රශය  ශරණපරායනව  ලංකාද්ධීශ්වර ප්ර්වරතර නරේන්ද්රර  රාජාධිරාජ ප්රතශස්ත සකල ගුණගණාබරණ නෛකදිගන්තරාභිව්යාගප්ත යශොමරිව්මාලාවෙන්  සොපලක්ෂිත  විචිත්රස ගාත්ර්රූපශොභාභාරධාරක නිජ බුද්ධි බුද්ධ බුද්ධාගමාදී  බුද්ධශද්ධාතීශයවර්ධනාභිවෘද්ධිකර ශුද්ධ බුද්ධාදී රත්නත්ත්රෙයාධාර ප්රිසිද්ධ ප්රරශස්ථ  ප්රභවර ක්ෂත්රී්යවංශොද්භූත වූ  මේ රජතෙම නානාදේශවාසී  නිඛිලජන  ප්රායත්ර්නීය වූ  සකලනගරාංගසමාපත්තීන් යුක්ත වූ  ජන්ම ප්රිවේණී වූ   එක භූමික ද්විභූමික  ත්රි්භූමිකාදී ප්රූභේද  ඇති නානප්රීකාර  විචිත්රප චිත්ර් කර්මාන්ත විශෙෂයෙන් යුක්ත  භික්තිසත්මහ සොපාන මාලායෙත්  සමාලංකෘත වූ  සුධාධවල‍ෛකලාසකූටප්රූතිභාගප්රාමසාද පන්කතින්  හා එසේම  සුරක්ෂිත වූ  නොයෙක් ප්රා කාර පන්කතින්   හා නානාප්රිකාර වෛත්යාං ගත  බොධි්යං ගන  ප්රනතිමාගෘහ චංක්රමමණ  විශාලශාලාගොපුරශ්රේණීන් විරාජමාන  විහාරොපශොභිත  විථිවන්යාාස  සම්පනන්උභයවීථිගත  නානා දෙශවාසී ජනසමූහ සංකීර්ණ සර්වසම්පත්තින්සමුර්ධි සම්පන්න වූ  කටුපුඵල බද  සෙංඛණ්ඩශෛල  නම් පුරවරයෙහි රජ පැමිණ -


                   125. 	භජෙ සද්ර  උත්තම්මජඣිමාධම්මේ
                           	තදා තදා තෙහි  සියා පයොජනං 
                          	අමිතනවනෙත්හි කදාවි පිළිතො 
                            	තදා ජයො හොති සමාගමෙන 


මෙසේ වූ පරශත්රැ ප්ර තිබාඟනය පිණිස සර්වාත්ථිපරාත්ථ ප්රාතිබුද්ධ විචිත්ර් ප්ර්වෘත්ති ඇති ශද්ධාභක්තිපුරස්සර සකලාභිමතාර්ථ සාධාදීමෙහි සමර්ථ වූ ස්ථානොචිත කාර්ය්යාාකාර්ය්යි විජානනයෙහි දක්ෂ විචක්ෂණ ගුණ නිති සුවච කීකරු රජ යුවරජ සෙනෙවිරත් ඈපා මාපා ආදී සේවක මණ්ඩලයෙන් යුක්තව රජකරණ කල්හි උමංදායෙහි එසියයක් රජුන් හා අටළොස් අක්ෂෞභිණියක් පමණ මහාබළ සෙනඟ ගෙණ වුළනී බ්රඩහ්මදත්ත රජහු අවුත් මියලු නුවර වටකළ දවස් ජනහිත නිරත මහෞෂධාභිධාන ශ්රීණ මහ‍ාබෝධිසත්වයන් වහන්සේ භය චකිත රහිතව හිද සතුරු සෙනඟ ලුහු බඳවා ජයගත් බවට දාෂ්ටාන්ත දක්වන්නාක්හු මෙන් සිංහ සමාන වික්රීම ඇති සිංහල දෙමළ මහ සෙනඟ පිරිවරාහුන් මේ රජතෙමේ -


       126.	ඉති තදුභයසෙනා ඝට්ටයන්තාඤඤ්මඤ්ඤං
             	 විවිධ  පහරණොඝෙ  උග්ගිරන්තී  සමන්තා 
              	ඛුහීත විවට වෙලා  සාගරූ මිව භන්තා 
               	ලලිත ලූලිත චිත්තා යුද්ධනීන්තා ඨිතාසූං 


මෙසේ යුද්ධ සජ්ජිතව චන්ද්රූ චක්ක්රායදී විවිධායුධ ගෙණ අහස් පොළෝ දෙක දැදුරු කෙරෙමින් දිව ආ නානාප්රනකාර විරූපවෙශධාරී මරසෙනඟ පරිද්දෙන් නාතාවර්ණ සන්නාහසන්නද්ධව යුද්ධ සජ්ජිතව ආ දෙමළ සිංහළ මහසෙනඟ තමන්ගේ වීරවික්රෙමයට සුදුසු බාහු වික්රිමයෙන් ජය ගෙණ නැවත ශ්රීා ලංකාධිපති දුෂ්ටගාමිණී ප්රතමුඛ පූර්ව නරවීරයන් විසින් මියුගුණ ආදී නානාඝථානගත දෙමළ කඳවුරු පැහැර කළ වික්ර ම මෙලෙසය යි දියුණු කර දක්වන්නාක් හු මෙන් ඒ ඒ ස්ථානයෙහි අතුරු නොහැර විසිර සිටි මහවතුරක් බදු සතුරු සෙනඟ සාධා දශ දිශාන්තරයෙහි යශස් තේජස් පතුරුවා -


127 තථානන්ථ කබ්බත්ථ සුධාධාරභුතො දලංකාර ලංකාඛ්ය සුවණ්ණද්දි වාසො පසතේත්බ කුමහප්ප‍ෙභදෙ පවිරො විරාජෙතු ලංකා ධිපො රාජසිහො


  යනාදීන්  නෛකකවිවරයන්  විසින්  වර්ණනීය වූ දාන  ප්රිතයවචන අර්ථචර්ය්යාම  යන  සතර සංග්රාහ වස්තුවෙන් ජනරංජනය කෙරෙමින්  වාසය කරන්නේ  පරලෝක  ප්රෛතිෂ්ඨාව පිණිස තමන් වසන පුරප්රපවරාසන්තහෙහි  බුදුන්ගේ ශාරීරික ධාතු  පිහිටුවා අපමණ  ධන පරිත්යාතග කිරීමෙන්  මහ වෙහෙරක් කරවා  තදාසන්නයෙහි  ශීලාස්තම්භ  හිදුවා විචිත්රර චිත්රත   කර්මාන්තයෙන් යුක්ත  ද්විභූමික උපොසථමාලයක්ද  නොයෙක් ධනපරිත්යාරගයෙන්  කරණ ලද ප්ර්තිමාගෘහයක්ද  එහිම සතර දිගින්  වඩිනා මහාසංඝයාට  සාංඝික කොට කරවන ලදී . විචිත්රො චිත්රහ කර්මාන්ත සුධා ධවල  භික්තිසතමහ  සොපාන මාලයෙන් විරාජමාන වූ  ස්තවිකාච්ඡාදන  සංඝාරාම  සයක් ඇතුළු  සයාසූවක් දංඝාරාම කරවා  සුපතිපන්න  සෟජුභාවාදී  රක්ෂිත  පොෂිත ශීල ස්කන්ධයන් ඇති  උභයවාස ගත මහා  සංඝයාවහන්සේට  චීවරාදී  සිවුපස දානයෙන්  උපස්ථාන කරන්නේ-


128 අක්ඛරං එකමේකං වා බුද්ධරූපසමං සියා තස්මාහි පණ්ඩිතො පොසො ලිඛෙය්ය් පිටකත්තයං


යනාදීන් එකි එකී අක්ෂරයෙක් එකි එකී ප්ර තිමාරූපයක් හා සාදාශ්යි කොට දක්වන ලද හෙයින් දෙකෙළෙ තෙයානුලක්ෂ අට සැට දහසක් පමණ අක්ෂරයෙන් ප්රරතිමාණ්ඩිත වූ බුදුන්ගේ සූත්රයවිනයාභිධර්ම සංඛ්යාටත සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් ටිකාර්ත්ථ කථා හා තිස්දහසක් කොළ ලියවා සැට දහසක් ධන පරිත්යාරග කෙ‍ාට දී


129 අසංඛ්‍යා කප්පානපි මත්ථකස්මිං චිත’ප්ප පුඤ්ඤම්පි න නස්සතීති මානත්වාන පුඤ්ඤස්ස විපාකමිච්චං ජහන්තු දිවසං කුස‍ෙලන ධීරා


මෙසේ අනල්ප කල්පයකිනිනිදු තමන් තමන් මතු බුදුවන මෙදාතුරෙහි තෙවළා දහම් අලළා ඉගෙණ නොහෙළා ධැරීමට ච්ත්ත මංජුසයන් වැනි වූ විචිත්රය ධර්මමංජුසයන් ද කරවා -


130 සුවණ්ණ ථූපං කත්වාන උච්චතෝ අකනිට්ඨකා එකස්ස ධම්ම සානස්ස කලං නාග්ඝති සොළසිං


යනාදීන් වර්ණනීය වූ ධර්ම දානයෙහි අනුසස් අසා තමන් ලියවූ පිටකත්රාය පාළි ධර්මය අසනු කැමතිව-


131 ඛන්ධිත්වාන විතානානි පඤ්ඤ පෙත්වාන ආසනේ පූජෙත්වා නෙක පුප්ඵානි උජ්ජාපලත්වා පදීපකේ


මෙසේ නොයෙක් විචිත්රව චිත්රප කර්මාන්තයෙන් විචිත්ර වූ චිත්ර කූට‍ෙගය පවිත්රි කොට සරහා වියන් බදවා මහාර්ඝ වූ ධර්මාසනයක් පනවා ඒ මත්තෙහි විචිත්රි රන් තොරණක් නඟා එහිම විල් කෙණ්ඩි, දෝළි , අත්පන්දම්, තෙල් කුලා, දළකඩ, විජිනිපත්, විසිරීපත්, ආදී ද ගරු භාණ්ඩ සාධා තමන් කරවූ විහාරයේ වසන ස්ථවිරාදී විචිත්රත චිත්ර කථික වූ ධර්ම කථිකයන් විහාරයෙහි පටන් රජගෙය දක්වා මහත් පූජා පෙළහරින් ගෙන්වා ධර්මාසනයෙහි වඩා හිදුවා -


                            132  තස්මිං ඛණෙ   මහාරාජා  සබ්බාලංකාර  භූසිතො
                                     සහොරොධො  සහමවෙවා  බලොගපරිවාරිතො


  133     ආගන්ත්වා  ධම්මංදීරං  හින්දනෙතා විය මෙදිනිං
     සංඝමජ්ඣම්හි  අට්ඨාසි සුණ්නෙතා  ධම්මමුත්තමං


මෙසේ අනත:පුර පිටිපුර වාසීන් හා සමග තුන් යම් රාත්රීන බණ පස් පනසක් අසා එම ධර්ම මන්දිරය ඇතුළ පිට සෑදූ නොයෙක් සිය සිය ගණන් වස්ත්රන මහාසංඝයාවහන්සේට දන් දී තවද පන්තිස් නමක් පිරිවර කොට පරදෙසිත් වැඩි පිටකත්රධධාරී මහා ස්ථවීර කෙනෙකුන් වහන්සේට අභිනව මහාවිහාරයක් පැන්හල් වැසිකිළි ළිං පොකුණු ආදී සශ්රී ක කොට කරවා පිළිගන්වා චීවරාදී සිව්පස දානයෙන් උපස්ථාන කොට උභයවාස ගත සියගණන් මහා සංඝයාට පිටකත්රළය පාළි ධර්මය අස්වා බොහෝ ශාසනොපකාර කරවා :

        තවද යටකී කාවන්තිස්සාදී  නරවීරයන් විසින් ජන්මාන්තර  ගත මහාස්ථවිරයන්ට කරණ ලද  පූජොත්සව අසා එසේම පරදෙසින් වැඩි නික්ලෙශි වූවාක් මෙන් ප්ර තිපත්තිසාරව පවත්නා  ආරණ්යමවාසී තුන් නමකට  බොහෝ දවසක් සිවුපසයෙන්  උපස්ථාන පවත්වා ජීවිතාන්තය  දක්වා බොහෝ ධන පරිත්යාමගයෙන් මහත් පූජා පවත්වා :
           තවද මතු තමන් දඹදිව ද ෂාධමි යි යන උදාරතර අදහසින්  විශාරදව කරණ  ලද ධන පරිත්යා ගයක් මෙන් පරදෙසින් වැඩි බොහෝ භික්ෂූන්වහන්සේට තුන් දවසක් උපස්ථාන කොට  අදනා පොරෝනා ආදී සිවුරු  වැත්තක් බැගින් තමාගේ ජීවිතාන්තය දක්වා පවත්වා දී: 


134. බුද්ධො ත සක්කොති ගුණස්ස වණ්ණො

                                        	කප්පම්පි වත්වා ඛයතං  ගමෙතුං 
                                        	පගෙව න බ්ර හ්මසුරාසුරෙහි  
                                         	වත්තුං නහානන්ත ගුණා තථාගතා


යනාදී ගුණ ඇති බුදුන්ගේ ප්ර තිපත්ති ශාසනයද ඇති කෙරෙමියි සිතා පූර්වකාලයෙහි ශ්ර ද්ධාවන්ත රාජරාජ මහාමාත්යාඩදීන් විසින් ආඥා චක්රුය මුල්ව මහොත්සාහයෙන් බුදුසසුන් පවත්වා කළ කී නොයෙක් ශාසනොපකාරයෙහි ආ‍ද්යා‍ත්න ප්රජවෘත්ති අසා ඒ ඒ ස්ථානයෙහි ස්වච්ඡන්දිකව වසන ශ‍ාසනාවතාර කුලපුත්ර යන්ගේ අනාචාර ස්වරූප අසා තදූපාය සොයන්නේ රක්ෂිත පෝෂිත ශීලස්කන්ධාදී නෛකගුණානුභාවයෙන් දස දික්හි පතළ තේජස් කීර්ති ශ්රීක ඇති ධර්ම කීර්ති මායා ස්ථවිරයන් ගෙන්වා එපවත් දන්වා උභය වාසයෙහි කාරක මහා සංඝයා රැස්කරවා සංඝ මාධ්යතගතව කල්යා ණාධ්යා‍ශයෙන් යෙදී විචාර නියම කොට රජබලය පෙරදැරි කිරීමෙන් ලජ්ජිත් වහන්සේට බලය දී ප්ර සිද්ධව වසන දුශ්ශීල නම ලණනක් ශාස‍නයෙන් පිටත් කරවා ලංකා නැමති අංගනාව විසින් පළදන ලද මුක්තහාරයක් වැනි මහවැලි ගං උදක කුක්ෂයෙහි දෙමහල් ගෙයක් කරවා ගෙය ඇතුළ පිට නොයෙක් වස්ත්රායෙන් අලංකෘත කොට සරහා එම ගංගාතීරයෙහි බොහෝ ගෙවල් කරවා තුන් රජයෙන් වැඩි පන්සීයක් පමණ මහා සංඝයා එහි වස්වා සිව්පස දානයෙන් උපස්ථාන කොට ඒ ධර්මකීර්ති මහාස්ථවිරයන් ප්රගධාන කොට ඇති පන්තිස් නමක් පමණ ගෙණ -


                                     135 නවකෝටි සහස්සානි අසීතිං සත  කොටියෝ
                                             පඤ්ඤස්සං සතසහස්සානී   ජත්තිංසා ව  පුනාප‍ෙර

      
  	යනාදීන් නවකෙළ පනස් ලක්ෂ සතිස්  සංවරයක් සංක්ෂේප කොට බුදුන්  විසින් වදාරණ ලද ශීලස්කන්ධයෙන්  යුක්ත වූ උපසම්පන්න භාවයට  තුන්සිය  පනස් නමක් පමුණුවා  ශාසනොපකාර  කොට තවද මෙම රජ තමාගේ  වීරවික්ර්මයට සුදුසු වූ  කායවික්ර්මයෙන් එක දා සමනොළ  ගොස් ශ්රී  පාදය වැද  සතුටුව ස්වර්ණරජතාදී වූ  පුෂ්පයෙන්  හා මුක්තමාණීක්යා දී ධනයෙන්  පුදා  සත්‍ නානාදේශවාසීන්ගේ  සංචරණයට  දුර්ගව තිබූ මාර්ගය දැක  ගම්පල පටන් ඒ දඬු  අම්බලම්  කරවා මඟ සරහා ගෙත්තම් පාන පටන් කල්පස්ථායිව පවත්නා සේ  මේ ලක්දිව මා මුත් අන් රජුන්ට  අහිමිය යි ශිලාලේඛයෙහි  හිදුවන්නාක් මෙන්  සත්සිය අසූවක් ශෛලමය සෝපාන මාලවක් කරවා අපමණ  ධන පරිත්යාාග  කොට දී තමන් කැරවූ පින් දෙව්මිනිසුන්ට  ප්රනකිශ කොට දක්වන්නාක් මෙන් උස  පස් රියන් වට පසළොස් රියන් ඇති  මහා පන්දමක් කරවා තෙල් සියක්  කළයක්  වත් කොට  අවුළුවා-  


                                  136   දේව මනුස්ස ගණාගණ යන්තා

ථාමගුණායත විත්ථ තකිත්තිං

                                           යත්රද උපෙව්ව  සුවණ්ණයමානො
                                           තත්රද සුපංඤමහං  විපුලං’කා 


මෙසේ අපමණ කුසල් රැස්කොට -


137 යාවතා අකනිට්ඨග්ගා රාසිං සොවණ්ණයං මම ඒකස්ස පද්විතිභාරස්ස කලං නාග්ඝති සොළසිං


යනාදීන් පද්විතිභාරයෙහි අනුසස් අසා මේ රජතෙම පරසතුරන් ජය‍ෙගණ කෙලෙස් සතුරන් ද ජයගනිමි යි ලුහුබැඳ යන්නාහු මෙන් එකදා මහියංගන ස්ථානයට ගොස් :


138 පංඤවිධං අට්ඨවිධං පාතිමොක්ණංච සංවරං පාලෙන්ති යෙ තෙ පාලෙන්ති දේවා සබ්බත්ථ සබ්බදා


මෙබදු අනුසස් ඇති උපොෂථ සීලය සමාදන්ව ස්වර්ණ රජතාදී වූ පුෂ්පයෙන් හා රන්ධජ රත්පතාක, රිදී පතාක හා කර්පුරාදී රාත්රීං පාන් හා මේ ආදී බොහෝ පූජෝත්සව පවත්වා කුශලවර්ධනය කොට තවද යටකී පැලලුප් නුවර මහසෙන් නම් රජෙක් තමන්ගේ රාජ්යීයෙහි දවස්පතා සඟ දහසකට දන් දෙනුයේ එසේත් සිත නොසතුටුව වස්තු ශුද්ධිකොට දන්දෙමියි සිතා තමන්ගේ රජ සැපත් හැර උත්තර මධුරා නම් නුවරට හුදකලාව ගොස් බැලමෙහෙවරකොට එයින් ලත් ධාන්යවයෙන් දන් දුන්හයි අසා -


139 භිත්වා මහන්තසිරිමා සතිමා විභූති ආකංඛයං කිමපි දුක්ඛම විනත්තයන්තා පුංඤං කරොන්ති සූජනා ඉති මන්තයිත්වා

                                           නිච්චං කරෝථ කුසලං  කුසලා සහත්ථා 


යාදීන් මම ද වස්තු ශුද්ධි ‍ෙකාට දන්දෙමියි සිතා රණධර සහශ්රු බාහු ප්රැණමිතදාතබාහු පර්හත්රැක මදීන දීර්ඝ බාහු ඇති වික්රීමයෙන් සාලික්ෂේත්රුයක් කොට එයින් ලත් ධාන්ය යෙන් මහියංගනාදී බොහෝ සිද්ධස්ථානවලට පූජා කරවා අභිනව උපසහ්පන්න බොහෝ භික්ෂූන් වහන්සේට සර්ව හස්තයෙන් දන් දී කුශල වර්ධනය කොට -


140 සබ්බ සම්පත්ති අම්හෙහි ලද්ධායං පුංඤකම්මුනා අප්පමාදේව කාතබ්බෝ පුංඤකම්මං ඉදානිපි


මෙසේ සිතා දහස් ගණන් ප්රකතිමාරූපයෙන් අලංකෘත වූ මහාපෙති තුන් නමක් ඇතුළුව අටතිස් නමක් පෙති කරවා තුන්මහල් උළු ගෙයක් කරවා ඇතුල්පිට මාලාකර්ම ලතාකර්ම හස්ති අශ්වාදී නොයෙක් චිත්රප කර්මාන්තයෙන් විචිත්රන කොට කරවා -


141 ගජානං කුංචනාදේන භයානං හෙසිතෙ න ච භෙරි නාදෙහි නෙකෙහි එකනීග්ඝෝස ඝෝසිතං


142 හෙරි මණ්ඩල මජ්ඣ‍ට්ඨා නාටිකා සමලංකතා තත්ථ තත්ථ ජනාකිණ්ණා නව්වමණ්ඩල මණ්ඩිතා


143 හෙරි මුතිංගා පනර්වා ව දෙණ්ඩිමා ඝනාව නෙතා සුසීරාදයො ච පග්ගයාහ වදෙත්ති පහට්ඨ රූපා නච්චන්ති කීලන්ති ජනා අනෙකා


යනාදීන් සියළු මුළු නුවර රඹ තොරණ , පිළි තොරණ , ධජ පතාක තල් පොල් ආදියෙන් එකොත්සව කොට සදා බත් මල් පහන් රුක් ආදී ගත් මහසෙනඟ හා හස්ති අශ්ව රථ පදාති සිව්රඟ සේනාව හා නෘත්ය ගීත ආදීන් තමන් මතු බුදුවන දවස් දසදහස් ලෝදාහි නේ දහස් ගණන් දෙව්බඹුන් කරණ ලද පුද වෙසෙස් මෙලෙසය යි සව්සතුන්ට දක්වන්නාක් හු මෙන් සියලු නුවර එකලෙස කොලාහලයෙන් තිස් දවසක් මුලුල්ලෙහි බොහෝ පූජා කරවා මෙලෙසම නොයෙක් තෙන තුන්මහල්, පස්මහල් , පෙති ගෙවල් කරවමින් නේ දහස් ධන වියදමින් බැති සිතින් තුන් දොරින් තුණුරුවන් සන්තොසින් පුදා : තවද මේ රජ -


144 ගිරිරාජසමන් රාසිං සංඝෙ දෙති තිව්වරං ඒකස්ස කඨිනදානස්ස කලං නාග්ඝති සොළසිං


යනාදීන් වර්ණනීය කඨින දානයෙහි අනුසස් අසා මම ද කඨින දානයක් දෙමියි සිතා විනයානුකූල කොට ගෙවල් දෙසිය පස්විස්සක් කරවා -


145 පිඨකේ සුගතේ දත්වා සංඝ ගුණවරුත්තමෙ පංචානිසංසේ අනුබොමි කම්මානුච්චවිකෙ මම


146උච්චේ කුලෙ පජායාමි මහාභොගො භවාමහං

      සබ්බේ මං අපචායන්තී කීත්ති  අබ්භුග්ගතා මම 


147 සතකප්ප සහස්සානී පල්ලංකා චතුරස්සරා

       පරිවාරෙන්ති මං නිච්චං  පීඨදානස්සිදං ඵලං 


148 භාජනෙ පරිභොගෙ ව දත්වා සංඝෙ ගනුත්තමෙ සොළසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම


149 ස්වර්ණමයෙ මණිමයේ අථොපි ඵලිකාමයෙ ලොහිතංකමයෙ වෙව ලභාමි භාජනේ අහං


150 භරියා දාසි දාසා ච හත්ථිස්සර ථපත්තිකා ඉත්ථි පතිබ්බතා වෙව පරිභොගාදි සබ්බදා


151 විජ්ජාමන්තපදෙ වෙව විවිධෙ ආගමෙ බහු සබ්බ සිප්පං නිසාවෙමි පරිභොගාදි සබ්බදා


152 දීපිකා සුගතෙ දක්වා සං‍ෙඝ ගුණවරුත්තමෙ

                                         තීණානිසංසෙ අනුභොමි  කම්මානුච්ඡවිකෙ මම


153 ජාතීමා අග්ගසම්පත්තො පංච වා බුද්ධිසම්මතො ඉමේ ගුණෙ පවිල්ලහේ සංසරන්තො බවෙ ස’හං


යනාදී අනුසස් ඇති හැඳ පුටු  පන්සීයයක් ඇතුළු වූ  පරිභොගභාජනයන් දී :-


154 දුස්සානි සුගතෙ දත්වා සංඝෙ ගුණවරුත්තමෙ අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම


                                      155	සුවණ්ණවණ්ණො  විරජො  සප්පභාසො පතාපවා 

සිනිද්ධිං හොති මේ ගත්ත භවේ සංසරතො මම


                                      156 	 දුස්ස සතසහස්සානි  සෙතා පිතාව ලොහිතා 

ධාරෙන්ති මත්ථකෙ මය්හං දුස්ස දා නිස්සදං ඵලං


යනාදී අනුසස් ඇති වියන් තිර ජවනිකා ඇතිරිලි එක්දහස් සාර සිය සැටක් දී එහි වස් විසූ මහ සඟනට -


                                        157 	අන්නපානෙ සුගතෙ දත්වා සංඝ ගුනවරුත්තමෙ  

දසානිස්සංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම


158 ආයුමා බලවා වීරො වණ්ණවා යසවා සුඛී ලභාමි අන්නපානස්ස සුරො පංඤා වන්තතා


මෙබදු අනුසස් ඇති ආහාරාදී සිවුපස දානයෙන් මහදන් පවත්වා -


                                         159 	අකක්කසෙ අඵරුසේ නිසිතෙ සත්ථකෙ බහු 
                                                 	පසන්ත විත්තො දත්වාන  සංඝ ගුණවරුත්තමෙ

පංචානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම


160 කල්යාුණ මිත්තං විරියං ඛන්තිංච මෙත්ත විත්තං තණ්හා සල්ලං ජෙත්වාන පංඤා සත්ථං අනුත්තරං වජ්රෙණ සමං ඤාණං තෙසං නිස්සන්දතො ලභෙ


161 චිත්තබන්ධන සම්බන්ධා සුකතා වාසයො බහු දත්වාන බුද්ධසෙට්ඨස්ස සංගස්ස ච තථෙවහං


162 අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම සුරො හොමි විසාලී ච ‍ෙවසාරජ්ජේසු පාරමී


                                          163 	ධිතිවිරීයවා හොමි  පග්ගහිතො මනො සදා 

කිලෙසච්ඡෙදනං ඤාණං සුඛුමං අතුලං සුවිං


                                           164 	සුවියො සුගතෙ දත්වා සංඝ  ගුණවරුත්තමේ 

පංචානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම


165 නමස්සියො කංකච්ජෙදො අභිරූපො ව ‍ෙභාගවා නික්ඛපඤ්ඤො සදා හොමි සංසරන්තො භවාභවෙ


                                            166  	ගම්භීරො  නිපුණං  ඨානං  අත්ථංඤාණෙන  පස්සයිං 
                                                     	වජිරග්ගසමං ඤාණං  හොති මෙ තමඝාතකං 


167 නකච්චඡ්ද නෙ සුගතෙ දත්වා සංඝ වරුත්තමෙ

               පංචානිසංසෙ අනුභොමි   කම්මානුච්ඡවිකෙ මම


168 දාසි දාසෙ ගවස්සෙ ච හතකෙ ආදිකෙ බහු නහාපිතෙ ච සුදෙ ච සබ්බත්තථ ව ලභාමහං


                                          169  	කත්තරයට්ඨියො සුගතෙ  දත්වා සංඝෙ ගණුත්තමෙ 

පංචානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම


                                          170  	පුත්තා මය්හං බහූ හොන්තී  තාසො මය්හං නවිජ්ජති

අප්පස්සයහො සදා හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො බලිතං යං නජානාමි අහං හි මානසං මම


මෙබදු වූ අනුසස් ඇති කැති, පොරෝ, උදළු , ගිරා , කිළ්ලවාටා, කර්කතුරු , ඉදිකටු ,නියකටු, සැරයටි මේ ආදිය දහස දහස හා,


                       171  	මුඛධොවනකං දත්වා  බුද්ධෙ සංඝෙ  ගණුත්තමෙ
                                            පංචානිසංසෙ අනුභොමි   කම්මානුච්ඡවිකෙ මම


172 විසුද්ද කණ්ඨො මධුස්සරො කාසො නවිජ්ජති

                                            උප්පල ගන්ධං මුඛතො  උපවායති මෙ සදා 


173 තෙල තාළෙ සුගතෙ දත්වා සංඝෙ ගුණවරුත්තමෙ

                                           පංචානිසංසෙ අනුභොමි   කම්මානුච්ඡවිකෙ මම


174 සුවාරූපො සුගතො සුසමුග්ගතමානසො

                                               අවිකල්ලමනො හොමි  සබ්බා රක්ඛෙහි  රක්ඛිතො


175 සුවණ්ණඛවිතා චාමරියො දත්වා සංඝෙ වරුනක්කමෙ

                                               උපසන්ත කිලෙසො ‘හං විහාරාමි අනාසවො 


                      176 	ඡත්තානි සුගතෙ  දත්වා  සංඝෙ  ගුණවරුත්තමෙ 
                                               අට්ඨානිසංසෙ අනුභොමි   කම්මානුච්ඡවිකෙ මම


177 සීතං උණ්හං නජානාමි රජො ජල්ලං නලිම්පති

                                                අනුපද්දවො අනීතී ච  හොමී අපවිතො සදා 


178 සුඛුමච්ඡවිකො හොමි විසාලං හොති මානසං ඡත්තසතසහස්සානි භවෙ සංඝරතො මම ධාරෙස්සන්ති මමං නිච්චං ඡත්තදානස්සිදං ඵලං


මෙබසු අනුසස් ඇති විල්, කෙණ්ඩ්, ලොහොදෝලි, අත්වැට , ‍ෙතලකෙුලා, තඹ කොතලා රන්චාමර , දළපුඬුසේසත් ආදී කඨිනානිසංසයෙහි කී නොකී ගරු භාණ්ඩ හා හස්ති අශ්ව ගව මහීෂාදී සවිඤ්ඤාණක අවිඤ්ඤාණක සියළු පරිෂ්කාර සාදා එකදා ම දස පැය ඇතුළත කපුයෙහි පටන් කොට කරණ ලද නඨින දශයක් ඇතුළුව කෙළින් සිවුරු එක්සාළිසක් පිළිගන්වා වස්විසූ නො විසූ සියළු තුන් රජයෙන් වැඩි අටසියපස්විසි නමක් මහා සංඝයා අතුරෙන් උපසම්පන්න තෙනට අටපිරිකර හා සාමණෙර තැනට සිවුරු වෑත්තක් බැගින් දන් දී එහිම දළදාවහන්සේට සියලු පිරිකර සැදූ පරිෂ්කාරයන් ඇතුළුව හස්ති අශ්වයන් දශ‍ෙදනෙකු දී -


  	179  		දාතබ්බං හි සදා දානං  උත්තමාධම්මජ්ඣිමෙ   
                                            ආදි මජ්ඣාවසාතම්හි  සද්ධාය පූරතො කරෙ 


යනාදී ශ්ර ද්ධාව පෙරදැරි කොට උත්තමාධම්මධ්යමම වූ අන්ධ ඛධිරාදී දොළොස් යාචකයන්ට ද දන්දෙමියි සිතා -


180 තහිං තහිං කතා ආසුං දානසාලා මනොරමා නිවීතාසුමනෙකානි ඩදානොපකරණං තහිං


මෙසේ නොයෙක් දානොපකරණයෙන් සෑදූ දන්හල් සතරක් සතර වීථියෙහි කරවා එසේම සතරවාසල් දොර නා නා වර්ණ වස්ත්රය සහශ්ර සංඛ්යායයෙන් වූ කපුරුක් සතරක් ද සදා අන්ධබිහිරාදී සොළොස් යාචකයන්ට දන් දී -


181 භයානකාපායික සත්ත සංකුලෙ දූරසදා අග්ගිසිඛා නිරන්තරෙ

                             මහට්ඨපායෙසු ච  සොළසුස්සදෙ න ජාය‍රෙ  ලෙඛක බිම්බකාරකා 


යනාදීන් ප්ර තිමා කරවීමෙහි අනුසස් අසා බොහො විහාර කරවා එක්ලක්ෂ සොළොස්දහසකින් ලෝහමය තමන් උසට වැඩහුන් ප්ර්තිමාරූපයක් කරවා සත්කල දෙකින් අනර්ඝ වෛඬූර්ය්යස මාණික්ය යෙකින් කරවන ලද ප්රිතිමා රූපයක් ඇතුළු වූ එක් සිය අසූ නමක් ප්රකතිමාරූප කරවා පන්තිස් කලදෙකින් ස්වර්ණමය ධාතු කරඬුවක් ඇතුළුව ධාතු කරඬු එක්සිය එක්සාලිසක් හා තමන් රාජ්ය ලත් මෙ දැතුරෙහි පින් පිණිස සදන ලද හස්ති අශ්වයන් දෙසැටක් හා ගව මහීෂයන්ගෙන් සාරසිය පණසක් හා -


1‍80 සබ්බත්ථ පූජිතො හොමි යසො අච්චුග්ගතො මම

                                            මහාපක්ඛො සදා හොමි  අභෙජ්ජපරිසො ස
                                            ඤතීනං උත්ත‍ෙමා  හොමි  පුප්ඵ පූජා ඉදං ඵලං


යනාදීන් පුෂ්පපූජායෙහි අනුසස් අසා ස්වර්ණ රජතාදී පුෂ්පයෙන් සදාස්තුන්සියවිස්සක් ඇතුළුව නොයෙක් සුගන්ධ පුෂ්පයෙන් සූ සැට ලක්ෂ අටදාස් තුන්සියවිස්සක් හා -


183 සතසහස්සේ ඉතා කප්පෙ යං දීපමහිපූජයිං

                                              දුග්ගතිං නාභිජානාමි  දීප පූජායිදං ඵලං 


මෙසේ ප්ර දීප පූජායෙහි අනුසස් අසා කර්පුරාදී නොයෙක් තෙලින් රාත්රීම පාන් එක් ලක්ෂපස්විසිදහස් තුන්සිය පන්සැටක් හා :-


184 සීලවන්තා ගුණවන්තා සුක්ඛතා යතයො ඉමෙ

                                     ඒතේසු  දින්නමප්පම්පි අනන්තඵලදං  සියා 


මෙසේ අනන්තඵල ඇති බුද්ධානුබුද්ධ තපොනිධානඋභයවාසගත මහා සංඝයා වහන්සේට දෙන ලදී:-


                      185 	 චීවරෙ සුගතෙ දත්වා සංඝෙ  ගුණවරුත්තමෙ

පංචානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම


                     186 	    	අභිඤ්ඤාසු  ත කංඛාමි කම්මානුච්ඡවිකෙ මම
                                              අභෙජ්ජපරිසො  හොමි ආදෙය්ය්  වචනො සදා 


187 උපට්ඨිතයති හොමී තාසො මය්හං න විජ්ජති දෙව්ලෝකෙ මනුස්සෙ වා අනුබද්ධා ඉමෙ ගුණා


මෙබදු අනුසස් ඇති චීවර දෙදාස් එක්සිය දෙ අසූවක් හා -


188 ධම්මේන ලද්ධං සකසන්තකං වා තථෙව ලද්ධං පරසන්තකං වා

                              සමාදපෙත්වාන  පරම්පි තේන  දදෙය්යද දානං ඵලමබ්භුතන්ති


මෙසේ සෑම දාන කුසලඵල මහත්සේ අසා ගෞතම බුදුන් ඇවෑමෙහි බුද්ධ රාජ්‍යදය ලත් මහා කාශ්යතප ස්ථවිරයන් වහන්සේ දළදා වහන්සේගේ බොහෝ කලක් පෙම් වඩමින් වැඩ හුන් බෙන්තොට විහාරයට දෙන ලද විසිදහසක් කර්ෂාපණයෙන් ඇතුළු වූ විහාර කර්මාන්තාදී නොයෙක් පිංකමට දෙන ලද පස් ලක්ෂ සතාසු දහසක් ධන පරිත්යාෙග කිරීමෙන් ලෝවැඩ සසුන් වැඩ කෙළේය. එසේ හෙයින් කියන ලදී :-


189 අසාර සාරාදී කමෙන භූමිසු නිවුත්තබීජෙ කමතො මහප්ඵලං ඒවම්පි දානස්ස ච ඛෙත්තසම්පදා ලබන්ති දාතා භවභොග සම්පදා


190 ඒවාං අසාධුජනසංඝමසන්තිවාසං සංවඡ්ඡ සාධු සුවි සජ්ජනසංඝමෙන දානාදි නෙකකුසලං පරිපූරයිත්වා සග්ගාපවග්ගවිභවං කරගං අකාසි


තවද -

191 තිණි සතසහස්සානි චතුත්තිංසසහස්ස ච පුන පංචසතානි ච එකනවුති උත්තරා


	යනු හෙයින් මහාසම්මත රජුහු පටන්  ජම්බුද්වීපයෙහි රජ පැමිණි සත් ලක්ෂ  සත්දහස් සත්සිය  සතානූවක් පමණ රාජනන්ද්රකනයන්  අතුරෙන් අභිෂෙකප්රායප්ත  තුන් ලක්ෂ සූතිස්දහස් පන්සිය  එකානුවක් රජුන්  ඇවෑමෙහි රජ පැමිණි අජාසත්  රජු ආදී කොට පැළුලුප් නුවර රජ පැමිණි  ධර්මාශෝක රජු අවසන් කොට ඇති  අභිෂේකප්රා්ප්ත වූ අටවිස්සක් රජුන් හා  මේ ශ්රීැ ලංකාද්වීපයෙහි පළමුව රජ  පැමිණි විජය රජු ආදී කොට මෙවකට මෙදැතුරෙහි අභිෂෙකප්රාටප්ත වූ දෙසිය පණසක් රජුන් හා අභිෂෙකප්රා ප්ත නොවූ  බොහෝ රාජ නන්දකයෝ තමතමන්ගේ  රාජර්ධීන් දිලිහී නහොමධ්යෙගතව “ආ සමනත්තො දිප්පතීති  ආදිව්වො” යනු ‍ෙහයින්  ඒ ඒ දිගින් නවලක්ෂ යොදුන් ආලෝක පතුරවා -      


192 ආලෝකංච වීධං සෙති නාසෙති තිමරම්පි ව

                                              පදුමංච විකාසෙති  රූපානි ච පකාසති 


යනාදීන් කුමුදු වනයන් ද ප්ර බෝධ කරවමින් අන්ධකාර විද්ධවංසනය කරමින් දිලිසෙන්නා වූ සූර්ය්යිදිව්යනපුත්රවයා මෙන් ලංකා නැමති තටාකයෙහි පද්ම නමැති සත්වයන් සතරසංග්රමහවස්තු නමැති ආලෝකයෙන් පුබුදු කරවා ශාසනොපද්රයව නමැති අන්ධකාරයෙන් විද්ධවංසනය කිරීමෙන් හස්තංගත වූහ. යම් සේ අහසට දමන ලද සක්ඛර කඨලාදිය භූමියෙහි මුත් අහස නොරදාද එමෙන් අහස වැනි රජ ඉසුරු හැර මරණ නමැති මහා පෘථීවියෙහි පතිත වූවාහුය යි දැන තම තමාගේ කාලයෙහි පැමිණි ශාසනෝපද්ර ව දුරුකොට අප්රහමාදව බුදුන්ගේ පර්ය්යාිප්ති ප්රතතිපත්ති ශාසනයට බලය දී පවත්වා -


193 යො දාරචාරුමතිමා ජිනසාසනම්හි

                                              සංජාතසාසනම්ලං යදි  සොධයෙය්ය්
                                              පුඤ්ඤේන තේ න  තිදිවේසු චීරං චරිත්වා 
                                              තේනේව යාති චර  සන්තිපුරං සුරම්මං 


යන‍ාදීන් දක්වන ලද යම්කිසි ශ්ර ද්ධාවත් නුවණැති මහෝත්තමයෙක් ස්වාර්ථ පරාර්ථ භංජක වූ දුර්ජන දුශ්ශීල මහණුන් විසින් ශාසනයෙහි උපන් යම්කිසි කිලුටක් අසා යුහුව නින්දා කිරීමෙන් ශාසනයට අනාදර නොකොට සිල්වත් විනයධර මහාස්ථවීරවරයන් හා සසඳා බලා විනය වස්තු ලෙස පිළිපැද යම්සේ බුදුන් විසින් “ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති” යි ලෝ වැස්සාහට නිරුත්තර වූ කුශලක්ෂේත්ර යකැ යි වදාරණ ලද හෙයින් යම් සේ තමන්ගේ ක්ෂේත්රනය රක්ෂා කරණ ගොවියෙක් තෘණලතාදීන් උපුටා හැර ශෂ්ය යන් රක්ෂා කෙරේ ද එමෙන් සර්වඥශාසන නමැති ක්ෂේත්රනයෙහි තෘණලතා නැමති දුශ්ශීල සීලවිපත්ත මහණුන් ශාසනයෙන් තොර කොට ශෂ්යශයන් වැනි රක්ෂිත පෝෂිත ශීලස්කන්ධයන් ඇති මහස්ථවිරාදීන්ට චීවාරාදී සිව්පසය දීමෙන් සාධු සම්මත ලජ්ජි බලය පවත්වා සර්වඥ සාසනයට පිටුවහල් වූයේ වී නම් හෙතම ඒ කුශලානුභාවයෙන් කල්පයක් සැප විසුනේය යි වදාරණ ලද හෙයින් බොහෝ කාලයක් මුළුල්ලෙහි චුති ප්රාතිසන්ධි වශයෙන් සදෙව්ලොව සැරි සරා දිව සැපත් විඳ ඇති ප්රපවර වූ නිවන්පුර වදනේය යි දක්වන ලද හෙයින් ද -


194 සාසනංචෙව ලෝකංච යො රාජා අභිරන්ණති තස්ස උත්තමකම්මස්ස ඉච්ඡත්තො සමිජ්ඣති


යනු හෙයින් යම් රජෙක් බුදුන්ගේ පර්ය්යාණප්ති ප්රෙතිපත්ති ප්ර තිවේධ සංඛ්යායත ත්රිැවිධ ෂාසනය ද ලෝකය ද තමාගේ ජීවිතය මෙන් අප්රසමාදව රක්ෂා කෙරේ ද එසේම ලෝක ශාසනය අප්රිම‍ාදව රක්ෂා කරන්න‍ා වූ රජහු ගේ ඒ උතුම් කුශල ක්රිරයාව හේතුකොටගෙන මෙලොව කැමති අභිමතාර්ථ සිද්ධවන්නේය යි දක්වන ලද අවවාද සිත්හි තබාගත් තත්තත් කාලෝචිත ආඥා පුරස්සර ශ්රූද්ධා බුද්ධි සම්පන්න රාජ නන්දනයන් විසින් තම තමන්ගේ කාලයෙහි සර්වඥ ශාසනයට පැමිණි ශාසනෝපද්ර්ව දුරුකොට බුදුන්ගේ ත්රිශවිධ ශාසනය නොපසු බැස පවත්නා සේ බුදුසසුන් බබුලුවා එයින් ජනිත වූ ඉෂ්ට විපාකයෙන් මතු ස්වර්ග මෝක්ෂ සම්පත්ති සංඛ්යාුත සකලාභිමතාර්ථ සිද්ධියට පැමිණෙන ලෙස උත්සාහ කළ යහපති.


195 භවගතමිතසත්තා ධම්මමග්ගානුපත්තා

                                            අගතිගතිවියුත්තා ධූතපාපා ගුණංඨා 

අනයවිරතවිත්තා මච්ඡරාරිජ හනත්තා

                                            සපරහිතවිධාතා හොන්තු  සබ්බේ සමග්ගා 


196 පුඤ්ඤෙනානෙන ගත්තවා තුසිතපුරමිතො පුරයිත්වා පුරානතං දිස්වා මෙත්තෙය්ය නාථං නමිතසුරවරං තම්හි සම්මා වසිත්වා පත්වා තෙනෙව සද්ධිං ධජපතිනගරිං තස්ස බෝධිං නමිත්වා

                                   සුත්වා බුද්ධො භවෙය්යා සිති මුදිතගිරො තෙන බුද්ධො  භවෙය්යං  


     197  	 සද්ධා සීලාදී පඤ්ඤා  සිරිධිතිසතිමා වාගමෙත්තා  දයාලු 
                      සන්තො දන්තො සුචිත්තො  සකලකවිමතො  දස්සනීයාහිරු පො‍
                      තෙජො නිස්සිද්ධි  ජාතිස්සරමති සුවචො සුස්සරොනන්තහොගො 
                      සද්ධම්මොයෙව  තාණො භවතු භව භවේ  පාපුනෙය්යාතම බෝධිං 


198 පුඤ්ඤේන නෙ යසතෙජධනී සුරූපී

                     දීඝායුංණකුලසීලබලී  අරොගී
                     සද්ධොරු ඤාරු  සුවචෙ‍ා  සපරතථකාමී
                     හෙස්සාමි දානපති යාව  ජිනො භවාමි 


ජාතො’හං මනුස්සත්තෙ තතො මේ කුසලජ කතං දදාමී දේවසංඝානං පතිගණ්හන්තු තෙ සදා


අලු‍ෙදණියේ විජයකෝන් මුදියන්සෙගේ ආරාධනයෙන් ලෝවැඩ සසුන් වැඩ පිණිස රාජත්නාකර නම් පොත කරණ ලදී.


ශකවර්ශ 1703 දී කොලමුන්නේ ආරච්චිල විසින් ලියූ මුප්පනේ සුමන ස්ථවිරයන් සතුව තිබූ දිග 11.2’ පළල 1.8 ‘ පුස්කොළ පොතකින් ස.ජ. සුමනසේකර බණ්ඩා විසින් පිටපත් කරණ ලදී.

"https://si.wikibooks.org/w/index.php?title=රාජාරත්නාකරය-ii&oldid=4483" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි