රසවාහිනී ජාතකට්ඨ කථා - viii
5. තණ්ඩුලනාළි ජාතකය
1. “කිමඞ්ඝති තණ්ඩුලනාළිකා” යන මේ දේශනාව ශාස්තෲන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් ලාලුදායි තෙරුන් අරභයා වදාළ සේක. එ සමයයෙහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්ත ස්ථවීර තෙම සංඝයා වහන්සේට බත් නියම කරන්නේ වෙයි. ඔහු උදය ම ලහ බත් නියම කරන කල්හි ලාලුදායි තෙරුනට කිසි දවසක උතුම් බතක් පැමිණෙයි. කිසි දිනෙක ලාමක බතක් (ලැබෙයි) ලාමක බතක් පැමිණි දවසෙහි ලාලුදායි ස්ථවීරයන් වහන්සේ ලහ පත් දෙන ගෙය අවුල් කරයි. “කිම? සලාක දෙන්නට දන්නේ දබ්බ ම ද? අපි නො දනිමු දැ?” යි කියයි. ඔහු එසේ ලහ ගෙයි ව්යාසකූල කරන කල්හි” “එසේ වී නම් දැන් තෝම සලාක දෙව” යි කියා ලහ පැස දුන්නාහුය. එතැන් පටන් හෙතෙම සඞ්ඝයාට ලහ දුන්නේය. සලාක
ජාතක අටුවාව 113
දෙන්නේ ද, “මේ උතුම් බතය මේ ලාමක බතය” කියා හෝ, “අසුවල් වස් අගෙහි උතුම් බත සිටියේ ය. අසුවල් වස් අගෙයි ලාමක බතැ” යි නොදනී. පිරිසිඳිම කරන්නේ, “අසුවල් තැන පිරිසිඳීමය” යි නො සලකයි. භික්ෂූයන්. (පෙළෙහි) සිටි කල්හි, “මෙතන මේ නැවැත්ම සිටියේ ය, මෙ තන මේ නැවැත්ම සිටියේය” යි බිම හෝ බිත්තියෙහි හෝ ඉරක් අදී. දෙ වැනි දවසෙහි සලාක ගෙහි භික්ෂූ හු මඳ හෝ වෙති, බොහෝ හෝ වෙති. ඔවුන් මඳ වූ කල්හි රේඛාව පහළින් වෙයි. බොහෝ වූ කල්හි මත්තෙහි වෙයි. හෙ තෙම සිටිය යුතු තැන නොදන්නේ රේඛා සංඥාවෙන් ලහ දෙයි. ඉක්බිති ඔහුට භික්ෂූිහු. “ඇවැත් ලාලුදායි, රේඛාව නම් පහළ හෝ ඉහල වෙයි. උතුම් බත අසුවල් වස් අගෙහිය. ලාමක බත අසුවල් වස් අගෙහිය” යි කීවාහු ය. හෙතෙම භික්ෂූඅන් වළකන්නේ, “ඉදින් මේ රේඛාව කුමක් නිසා මෙසේ සිටියේ ද? කිම? මම තොප අදහම් ද? මේ රේඛාවෙන් අදහම් දැ?” යි කියයි. ඉක්බිති ඔහුට නවකයෝ ද සාමණේරයෝ ද, “ඇවැත් ලාලුදායි, තා සලකා දෙන කල්හි භික්ෂූිහු ලාභයෙන් පිරිහෙත්. තෝ සලාක දෙන්නට නුසුදුස් සෙහි ය. මෙයින් බැහැර යා” යි සලාක ගෙයින් පලවා දෑමුහ. එ කෙණෙහි සලාකා ගෙහි මහත් කෝලාහලයෙක් විය.
2. ඒ අසා ශාස්තෲන් වහන්සේ අනඳ තෙර විචාළ සේක. “ආනන්දෙය, සලාකා අගෙහි මහත් කෝලාහලයෙක් ය. මේ කුමන ශබ්දයෙක් ද?” ආනන්ද තෙර තථාගතයනට එ කරුණ පැවැසී ය. “ආනන්ද ය, ලාලුදායි තමාගේ නුනුවණ බැවින් අනුන්ගේ ලාභ හානිය කෙළේ දැන් පමණක් නො වෙයි. පෙර ද කෙළේ” යි වදාලශ. තෙර ඒ අර්ත්ථ ය ප්රමකාශ කරනු පිණිස භාග්යණවතුන් වහනසේට ආරාධනා කළ සේක. භාග්යෙවතුන් වහන්සේ භවාන්තරයෙන් සැඟැවුණු කරණය ප්රාකාශ කොට වදාළ සේක.
114 ජාතක අටුවාව
3. යට ගිය දවස කසී රට බරණැස් නුවර බ්රදහ්මදත්ත නම් රජෙක් විය. එ කල අප බෝසත් තෙමේ ඒ රජහට වන්නකු කම් කරන්නේ විය. (හෙතෙම) ඇත් අස් ආදීන් ද මිණි රුවන් ආදිය ද අගය කරවයි. අගය කරවා බඩු හිමයනට බඩුවට සුදුසු මිළ දෙයි. ඒ රජ තෙම ලෝභ වෙයි. හෙතෙම ලෝභ ප්රනකෘති ඇති බැවින් මෙසේ සිතීය. “මේ වන්නකු තෙමේ මෙසේ අගය කරන්නේ නොබෝ කලෙකින් මාගේ ධනය යන්නේය. අනෙක් අගය කරන්නකු පත් කර ගනිමි” යි (සිතා) සී මැඳුරු කවුළුව හැර රජ මිඳුල බලන්නේ. යන්නා වූ ගම් වැසි ලෝභි පුරුෂයකු දැක, “මොහු වන්නකු කම් කරන්නට හැකිය” යි සිතා ඔහු කැඳවා, “දරුව, අපට වන්නකු කම් කරන්නට තට හැකිදැ?” යි ඇසීය. “දේවයන් වහන්ස, හැකිය” රජ තමාගේ ධනය රක්නා පිණිස ඒ බාලයා වන්නකු තනතුරෙහි තැබී ය. එතැන් පටන් ඒ බාලය ඇත් අස් ආදීන් මිළ නියම කරන්නේ අගය හෙළා කැමැත්තෙන් ම කියයි. තනතුරෙහි සිටි බැවින් හේ යමක් කියා ද ඔහුගේ එය ම මිළ වෙයි.
4. එ කල්හි එක් අස් වෙළෙන්දෙක් උත්තරාපථයෙන් පන් සීයයක් අසුන් ගෙනාවේ ය. රජ ඒ පුරුෂයා කැඳවා අසුන් මිළ කරවූයේ ය. හෙ තෙමේ සියක් අසුන් එක් සහල් නැළියකට මිළ කෙළේය. එසේ මිළ කොට, “අස් වෙළෙඳාට එක් සහල් නැළියක් දෙව” යි කියා අසුන් අස් හලෙහි බැඳැවීය. අස් වෙළෙන්දා පැරැණි වන්නකු තැන කරා ගොස් ඒ පුවත කියා, “දැන් කුමක් කට යුතු දැ?” යි ඇසීය. හෙතෙමේ කීය: “ඒ පුරුෂයාට අල්ලස් දී මෙසේ අසව: ‘අපගේ අස්සු වනාහි එක ම සාල් නැළියක් වටිතියි අප විසින් දන්නා ලදී. තොප නිසා සාල් නැළියෙහි අගය දනු කැමැත්තමු: රජු ඉදිරියෙහි සිට ඒ සහල් නැළිය මෙ තෙක් අගී ය යි කිය නොහැකි ද? ඉදින්, ‘හැකි’ යි කියා නම් ඔහු කැඳවා ගෙන රජු කරා යව.
ජාතක අටුවාව 115
මම ද එ තැනට එන්නෙමි” අස් වෙළෙඳා, “යහ පතැ” යි බෝ සත්හුගේ වචනය පිළිගෙන වන්නකුට අත්ලස් දී එ කරුණ කියවූයේ ය. හේ අත් ලස් ලැබ, “හාල් නැළියෙහි මිළ කියන්නට හැක්කෙමි” යි (කී කල), “එසේ නම් රජු කරා යමු” යි ඔහු කැඳවා ගෙන රජහුගේ සමීපයට ගියේ ය. බෝ සත් තෙමේ ද අන් බොහෝ ඇමතියෝ ද ගියෝ ය.
5. අස් වෙළෙඳා රජු වැඳ, “දේවයෙනි, පන් සීයක් අසුන් එක සහල් නැළියක් අගනා බව දනිමි. ‘ඒ සාල් නැළිය කෙතෙක් අගි දැ?” යි වන්නකු තැන විචාළ මැනැව. දේවයෙනි, “යි (කීය.) රජ එ පුවත නො දැන “එම්බල වන්නකුව, පන් සීයක් අස්හු කෙතෙක් අගීදැ? යි ඇසී ය. “සහල් නැළියෙකි, දේවයෙනි,” “එසේ වේවා දරුව, පන් සීයක් අස්සු වනාහි හාල් නැළියක් වටිත් වා! හාල් නැළිය කෙතෙක් අගී දැ?” ඇසීය. (ඒ අසා) ඒ අඥාන පුරුෂයා, “ඇතුළු නුවර හා පිටි නුවර සහිත වූ බරණැස සහල් නැළිය අගනේ ය” යි කීවේය. හේ වනාහි පළමු ව රජ්ජුරුවන් අනුව පවත්නේ එක් සහල් නැළියට අසුන් අගය කෙළේය. නැවත වෙළෙඳාගේ අතින් අල්ලස් ලැබ ඒ සහල් නැළියට ඇතුළ පිට සහිත බරණැස අගය කෙළේය.”
6. “සහල් නැළියෙක අගය කෙතෙක් ද? අසුන්ගේ මිළ පිණිස කියව.” “රජ්ජුරුවන් වහන්ස, ඇතුළත් පිටත් සහිත බරණැස් නුවර මේ සහල් නැළිය අගනේ ය.”
7. එ සමයෙහි බරණැස් නුවර වටා සිටි පවුරෙන් ඇතුළත දොළොස් යොදුනෙක් වෙයි. මේ වනාහි ඇතුළු නුවරයි. පිටත වනාහි තුන් සියයක් යොදුන් රාජ්යිය වන්නේ ය. ඒ අඥාන පුරුෂයා මෙසේ ඇතුළත පිටත සහිත වූ මහත් බරණැස සහල් නැළියක් අගය කෙළේ ය. ඒ අසා ඇමැතියෝ අත් පොළසන් දී සිනා සී, “අප පෘථිවියත් රාජ්යඇයත් අගය නොකළ හැක්කැ යි සිතා සිටියමු.
116 ජාතක අටුවාව
මෙසේ මහත් වූ සරාජික වූ බරණැස් රජ සහල් නැළියක් අගනේ ය. වන්නකුවාගේ ප්රරඥා සම්පත්තිය පුදුම යි. මෙතෙක් කල් මේ වන්නකුවා කොහි විසී ද? මේ තෙමේ අපගේ රජට ම සුදුසුසේය” යි නින්දා කළාහු ය. එකල රජු ලජ්ජාවට පැමිණ, ඒ බාලයා බැහැර කරවා, බෝසත් ද කම් වූ සේ (මිය) ගියේ ය. ශාස්තෲන් වහන්සේ මෙසේ දම් දෙසා වස්තු දෙක පහදා පූර්වාජපර සන්ධි ගලපා ජාතකය නිමවා වදාළ සේක. “එ කල ගම් වැසි බාලවන්නකු තෙමේ දැන් ලාලුදායි භික්ෂුගව වෙයි. පණ්ඩිත අග්ඝාපනිකයා මම් ම වෙමැ” යි දොශනාව නිමැවු සේක.
______
6. දේවධම්ම ජාතකය
1. “හිරිඹත්තප්පසම්පන්නා” යනාදි මේ ගථාව භාග්යඅවතුන් වහන්සේ දෙව්රම වැඩ වසන සේක් එක්තරා බොහෝ බඩු ඇති භික්ෂු වක් අරභයා දේශනා කළ සේක. සැවැත් නුවර වැසි එක් කෙළෙඹියෙක් භාර්යාඝව මළ කල්හි පැවිදි වූයේ ය. පැදිවි වන්නා වූ හෙතෙම තමා පිණිස පන්සලක් ද ගිනි හල් හෙයක් ද බඩුගබඩාවක්ද කරවා ගබඩාව ගිතෙල් සහල් ආදියෙන් පුරවා තබා, පැවිදි වූයේ ය. මහණ වූ පසුත් තමාගේ දාසයන් කැඳවා කැමැති පරිදි ආහාර පිස ගෙන කයි. බොහෝ පිරිකර ඇත්තෙක් ද වූයේ ය. රාත්රිසයට එක් අඳනයක් හා පොරෝනයක් හා වෙයි. දවාලට අනෙකෙකි. විහාරය කෙළවර වාසය කරන්නේ ය. එක් දවසක් සිවුරු පසතුරුණු ආදිය බැහැර කරවා පිරිවෙන් (මළුවෙහි) දිග හැර වියලවන අතර ජනපද වැසි බොහෝ භික්ෂුපහු සේනාසන චාරිකාවෙහි ඇවිදින්නාහු. පන් සලට ගොස් සිවුරු ආදිය දැක, “මේ කාගේදැ?” යි ඇසූ හ. හෙතෙම, “ඇවැත්නි, ඒ සියල්ල මාගේ ය” යි කීවේය. “මේ ද සිවුරෙකි, මේ ද සිවුරෙකි. මේ ද අඳනයෙකි, මේ ද
ජාතක අටුවාව 117
අඳානයෙකි. මේ ද ඇතිරිල්ලෙකි, මේ ද ඇතිරිල්ලෙකි. සියල්ල ම තොපගේද?” “එසේය, ම ගේ ම ය” “ ඇවැත, භාග්ය වත්හු විසින් තුන් සිවුරක් අනුදන්නා ලදි. තෝ මෙසේ අල්පේච්ඡ වූ බුද්ධශාසනයෙහි පැවිදි ව මෙ සේ බොහෝ පරිෂ්කාර ඇත්තේ වෙහි ය. එව, තා බුදුන් සමීපයට ගෙන යන්නමු” යි ඔහු කැඳවා ගෙන බුදුන් වෙත ගියාහු ය.
2. ශාස්තෲවු දැකලා ම, “කිමෙක් ද මහණෙනි, මේ භික්ෂුගව නොකැමැත්තෙන් ගෙන අවු දැ” යි වදාළ සේක. “ස්වාමිනි, මේ භික්ෂූැව බහු භාණ්ඩික ය. බොහෝ පරිෂ්කාර ඇත්තේ ය.” “මහණ, තෝ බොහෝ බඩු රැස් කොට වසන්නේ සැබෑ ද?” “භාග්යමවතුන් වහන්ස, සැබෑය” “මහණ, තො කුමක් නිසා බොහෝ පිරිකර ඇත්තෙහි ද? මම නොයෙක් ආකාරයෙන් අල්පේච්ඡ භාවයෙහි හා සතුටෙහි ද - පෙ- ප්‍ක්විවේකයෙහි හා විර්යාපරම්භයෙහි ද ගුණ කීයෙම් නොවෙම්ද?” ඒ ශාස්තෲන්ගේ වචනය අසා කිපුණු හේ තෙම්. “දැන් මේ ආකාරයෙන් ඇවිදීම්දැ?” යි පොරෝණය ගලවා දමැ පිරිස මැද එක් සිවුරක් ඇතිව සිටියේ ය.
3. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට උපස්ථම්භක වන සේක්. “මහණ, තෝ පෙර හිරිඹතප් ඇත්තේ නොවුයේහි ද? දිය රකුසු ව උපන් කාලයෙහිත් හිරි ඔතප් සොයමින් දොළොස් වසක් විසුයෙහි නො වේද? එහෙයින් කුමක් නිසා දැන් මේ බඳු ගරු වූ බුද්ධ ශාසනයෙහි පැවිදි ව සිවු පිරිස මැ පොරෝනය හැර දමා ලජ්ජා භය දුරු කොට සිටින්නෙහි ද?” හෙතෙම බුද්ධ වචනය අසා හිරි ඔතප් නැවත උපදවා ඕ සිවුර පොරවා ශාස්තෲන් වැඳ එකත් පස් ව හුන්නේ ය. භික්ෂුිහු ඒ (අතීත) කථාව පහළ කරණු පිණිස බුදුනට ආරාධනා කළාහු ය. භාග්ය වතුන් වහන්සේ භවාන්තරයෙන් වැසුණු කාරණය ප්රහකට කළ සේක:
118 ජාතක අටුවාව
4. අතීතයෙහි කසී රට බරණැස් නුවර බ්රඅහ්මදත්ත නම් රජෙක් විය. එ කලබෝසත් තෙමේ ඔහුගේ අග මෙහෙසිය ගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. නම් තබන දවසෙහි ඔහුට ‘මහිංසාය’ කුමරු ය යි නම් කළෝ ය. ඒ කුමරු ඈත මෑත දිව පැන ඇවිදිනා කාලයෙහි ඒ රජ්ජුරුවනට අනෙක් දරුවෙක් උපන්නේ ය. ඔහුට ‘චන්දර’ කුමරු ය යි නම් කළාහු ය. ඔහු දුව පැන ඇවිදිනා කාලයෙහ් බෝසත් මව කලුරිය කළා ය. රජ තෙම අනෙකක අග මෙහෙසි තැන තැබීය ඕ රජ හට ප්රිාය වූවා ය. මනාප (වූවා ය.) ඕතොමෝ ප්රිබය සංවාසයෙන් එක් පුතකු වැදුහ ‘සූරිය’ කුමරුයයි ඔහුට නම් කළාහු ය. රජ පුතු දැක තුටු සිත් ඇති ව, “සොඳුර, තොපගේ පුතුට වරයක් දෙමි” යි කීය. බිසොව වරය කැමැති විටෙක ගත යුතු කොට තැබුවා ය. ඕ තොමෝ පුතු විය පැමිණි කල්හි රජුට මෙසේ කීවා ය. “දේවයන් විසින් මා පුතු උපන් විට වරයක් දෙන ලදි. මාගේ පුත්රයයාට රාජ්යේය දුන මැනැවැ” යි කීවා ය. රජ තෙම (කියන්නේ) “මාගේ පුත්තු දෙන්නා මහත් වූ ගිනි කඳන් මෙන් දිලිසෙමින් සිටිති. තිගේ පුතුට රජය දිය නොහැකිය” යි ප්රඳතිෙක්ෂටප කොට, නැවත නැවතත් රාජ්යාය ඉල්වන්නා දැක, “මෝ මාගේ පුතුනට අනර්ත්ථියක් සිතයි දෝ හෝ” යි පුතුන් කැඳවා (මෙසේ) කීයේ ය. “දරුවෙනි, මම සුරිය කුමරු උපන් දවසෙහි වරයක් දිනිමි. දැන් උන්ගේ මවු රාජ්යනය ඉල්වයි. මම ඔහුට දෙනු නොකැමැත්තෙමි. ස්ත්රී හු නම් පාපීහු ය, තොපට නපුරක් වුවද සිතාවි. තෙපි වනයට පිවිස මාගෙන් පසු කුල සන්තක වූ නුවර රාජ්යපය කරව” යි හඬා වැලැප හිස සිඹ යැවී ය. පියා වැඳ පහයෙන් බස්නා කල්හි එජ මිඳුලෙහි කෙළිමින් සිටි සුරිය කුමරා ඔවුන් දැක එ කරුණ දැන, “මමත් බෑයන් සමග යන්නෙමි” යි ඔවුන් සමග ම නික්මිණි. ඔහු තුමු හිමිවතට පිවිසියාහු ය. බෝසත් තෙමේ මගින් ඉවත් ව රුක් මුලෙක හිඳ සුරිය කුමරු ඇමැතී ය: “මල සුරිය, තෙල විලට ගොස් නා පැනුත් බී පියුම් පතින් අපට ද
ජාතක අටුවාව 119
පැන් ගෙනව” යි. ඒ විල වනාහි වෙසවුණු රජු වෙතින් එක් දිය රකුසකු විසින් ලබන ලද්දේ ය. වෙසවුණු තෙමේ ද ඔහුට මෙසේ කී ය: “දේව ධර්මනය දන්නවුන් හැර යම් අන් කෙනෙක් මේ විලට බසිත් නම් උන් අල්වා කන්නට ලැබෙන්නෙහි ය. නො බැස්සවුන් නො ලැබෙන්නෙහි ය.” එතන් පටන් ඒ රකුසා යමෙක් ඒ විලට බටුවාහු නම් උන් ගෙන් දේව ධර්මොය විචාරා යමෙක් නො දනිත් නම් උන් කයි. ඉක්බිත්තෙන් සුරිය කුමරු ඒ විලට ගොස් නො විමසා ම බටුයේ ය. එ කෙණෙහි යක්ෂනයා කුමරු අල්වා ගෙන, “දේව ධමර්ය දනිහි දැ? යි ඇසී ය. “දේව ධර්ම ය නම් සඳ හිරු දෙදෙනා ය” යි හෙතෙමේ කීවේ ය. “තෝ නම් දේව ධර්මිය නොදන්නෙහිය” යි දිය යට ඇතුළු කොට තමා වසන තැන තැබීය. බෝධි සත්වවයෝ ඔහු කල් ගෙවන්නා දැක චන්ද කුමරු යැවීය. රකුසා ඔහු ද අල්වා ගෙන, “දේව ධර්මයය දනිහි දැ?” යි ඇසී ය. “එසේය දනිමි. දේව ධර්ම“ය නම් සිවු දිගය” රකුසා, තෝ දේව ධර්ම ය නො දන්නෙහිය” යි ඔහු ද අල්වා ගෙන එතන්හි ම තැබීය.
5. බෝසත් තෙමේ එ කුමරුන් පමා වන කල්හි “එක් අන්තුරක් විය යුතුය” යි තෙමේ එහි ගොස් දෙදෙනාගේ ම දියට බට සළකුණු දැක. “මේ විල රකුසකු විසින් අධිගෘහීත විය යුතුය” යි කඩුව බැඳ ගෙන දුන්න ගෙන සිටියේ ය. දිය රකුසා බෝසත් දියට නොබසිනු දැක වනයෙහි කර්මාුන්ත කොට ඇවිදිනා පුරුෂයකු මෙන් වී බෝසතුට කිය. “පින්වත් පුරුෂය, තෝ මඟ ඒමෙන් ක්ලාන්තව ගියේහි ය: කුමක් හෙයින් මේ විලට බැස නා පැන් බී තෙලුඹල හා තෙලුඹු දැලි ද කා මල් පැළැඳ සුවසේ නො යෙහි ද?” බෝසත් තෙම ඔහු දැක, “මේ ඒ යක්ෂයයා වන්නේ ය” යි දැන, ‘මාගේ සහෝදරයො තා විසින් ගන්නා ලද්දාහු දැ?” යි ඇසී ය. “එසේය, මා විසිනි” “ කවර කාරණයෙකින් ද?” “මම මේ විලට බටුවන් ලබමි” ‘කිම? තෝ සියලලන් ම ලබහි ද? “යමෙක් දේව ධර්මකය දනිත් ද උන් තබා සෙස්සන් ලබමි”
120 ජාතක අටුවාව
“දේව ධර්ම යෙන් තට අර්ත්ථ යෙක් ඇද්ද?” “එසේ ය, ඇති “එසේ වී නම් මම තට දේව ධර්මමය කියන්නෙමි” “වදාළ මැනව. මම දේව ධර්ම ය අසන්නෙමි” බෝසත් තෙමේ, මම දේව ධර්ම ය කියමි. කිලුටු ව ගිය සිරුර ඇත්තෙක් වෙමි” යි කීය. යක්ෂයා බෝසතු නහවා බොදුන් වළඳවා පැන් පොවා මල් පළඳවා සුවඳ විලවුන් ගල්වා, අලංකාර වූ මණ්ඩපයක් මැද පළඟක් අතුරා දුන්නේ ය. බෝසත් තෙමේ අසුනෙහි හිඳ යක්ෂණයා පා මුල හිඳුවා, “එසේවී නම් කන් යොමා සකස් කොට දේව ධර්ම ය අසව” යි කියා මේ ගාථාව කීය.
6. මේ ලෝකයෙහි පව් කිරීමෙහි ලජ්ජා භයින් යුක්තවූ කුශල ධර්ම.යන්ගෙන් යුක්ත වූ ශාන්ත වූ සත්පුරුෂයෝ දේව ධර්ම යෝ ය යි කියනු ලැබෙත්”
7. එහි හිරිඹත්තප්පසම්පන්නා යනු හිරි ඔතප් දෙකින් යුක්ත වුවාහු. ඔවුනතුරෙන් කාය දුශ්චරිතාදියෙන් ලජ්ජාවෙනුයි හිරි නම් ලජ්ජාවට නමෙකි. ඒ කරණකොට ගෙන බිය වේ නු යි ඔත්තප්ප නම් වේ. පවින් වන භයට මේ නමෙකි. එහි ඇතුළතින් උපදින්නේ හිරි නමි. බාහිර වශයෙන් උපදෙනේ ඔත්තප් නම් වේ. හිරිය තමා අධිපති කොට ඇත්තේ ය. ඔත්තප්ප ලෝකයා අධිපති කොට ඇත්තේය. හිරිය ලජ්ජාස්වභාවයෙහි පිහිටියේ ය. ඔත්තප්පය භය ස්වභාව කොට ඇත්තේ ය. හිරිය ආදර සහිත බව ලකුණු කොට ඇත්තේ ය. ඔත්තප්පය වරදෙහි භය පත් වීම ලක්ෂහණ කොට ඇත්තේය. ඒ හිරි ඔතප් දෙක අතුරෙහි ඇතුළතින් උපන්නේ හිරිය - ජාතිය, වයස, ශුර භාවය, උගත් කම, ප්රකත්ය වේක්ෂාද කිරීමෙනි කෙසේ ද? මේ පව් කිරීම නම් උසස් කුලවතුන් ගේ වැඩෙක් නොවෙයි. මෙය හීන ජාති ඇති කෙවුළන් (දියෙහි මස් මරන්නන්) ආදින්ගේ වැඩෙකි. එබඳු වූ උත්තම කුලයෙක වුවකු විසින් මේ පාපය කරන්නට නුසුදුසු යි. මේසේ ජාතිය සිහි කොට පාණාතිපාතාදි පව් නොකරන්නේ හිරි නම් වු ලජ්ජාව උපදවයි. එසේ ම පව් කිරීම නම් බාලයන් විසින් කට යුතු දෙයෙකි එවැනි වයසෙහි සිටියහුට මේ කර්මරය කිරීම
ජාතක අටුවාව 121
නොයුතු ය යි මෙසේ වයස සිහි කොට පාණාතිපාතාදි පව් නොකරන්නේ ලජ්ජාව උපදවයි. එසේ පව් නම් දුර්විල ස්වභාව ඇත්ත න්ගේ වැඩෙකි. මෙ තරම් සූර කමින් යුක්තයකුට මේ දෙය නුසුදුසු යයි ශූරභාවය සිහිකොට පාණාති පාතාදි පව් නොකරන්නේ හිරිය උපදවයි. එසේම පව් නම් මෝඩයන්ගේ වැඩෙකි. උගතුන්ගේ වැඩෙක් නොවෙයි. එබඳු බහු ශ්රැෙත වූ පණ්ඩිතයකුට මේ කර්මනය කිරීම නොවටනේ ය. මෙසේ බහුශ්රැැත බව සිහි කොට පාණාතිපාතා දි පව් නොකරන්නේ හිරිය උපදවයි. මෙසේ ඇතුළතින් පහළ වන්නා වූ හිරිය කරුණු සතරෙකින් උපදනේ ය. උපදවා ද තම සිතෙහි ම ලජ්ජාව ඇතුළු කොට පව් නො කරයි. මෙසේ හිරිය අඬ්යාසත්මයෙහි උපදී නම් වෙයි. ඔප්තප්පය කෙසේ පිටතින් උපදනේ ද? “ඉදින් තෝ පව් කරන්නෙහි නම් වැස්සෝ අසුචියට යම් සේ ද, එසේ නුවණැති පුරුෂයෝ ඒ පාපකාරී තැනැත්තාට නින්දා කරත්. හේ සිල් වතුන් විසින් බැහැර කරන ලද්දෙක් වෙයි. මහණ, කෙසේ තෝ පව් කරන්නෙහි ද?” යි සිතා බලන තැනැත්තේ බැහැරින් උපදනා ඔත්තප්පයෙන් පව් නො කරයි. මෙසේ ඔත්තප්පය බහිද්ධා සමුට්ඨාන නම් වෙයි.
8. කෙසේ නම් හිරිය ආත්මය අධිපති කොට ඇත්තේද? මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්ර්යෙක් තමා අධිපති කොට, ජ්යෙකෂ්ඨ කොට එබඳු වූ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ, බහු ශ්රැ ත වූ ධූත ගුණ ඇත්තකු හට පව් කරන්නට නොව ටී ය යි පව් නො කරයි. මෙසේ හිරි නම් වූ ලජ්ජාව ආත්මය අධිපති කොට ඇත්තේ වෙයි එහෙයින් ම භාග්යමවතුන් වහන්සේ වදාළහ. “හෙතෙම තමා ම අධිපති කොට අකුසලය දුරු කරයි, කුසලය වඩයි වැරැදි සහිත වූ ධර්මමය දුර ලයි. නිවැරැදි දෙය තියුණු කරයි. පිරිසුදු ආත්මය පරිහරණය කෙරෙයි” ඔත්තප්පය කෙසේ ලෝකයා අධිපති කොට ඇත්තේ ද? මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්රායෙක් ලෝකය අධිපති කොට ජ්යෙේෂ්ඨ
122 ජාතක අටුවාව
කොට පව් නොකර යි. එසේ හෙයින් කීය. “මේ ලෝකය වනාහි මහත් වන්නේ ය. ඒ ලෝකයෙහි සෘද්ධි බල ඇත්තා වූ, දිවැස් ඇත්තා වූ, පර සිත් දන්නා වූ මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුර දී ම දකිත්. ළං වූවාහු නමුත් නො පෙනෙත්. (උන්) සිතින් (අප) සිත දැන ගනිත්. ‘පින්වත, මේ කුල පුත්ර යා බලව සැදැහෙන් ගිහි ගෙයින් (නික්ම) නොගිහි ගෙයෙහි ( එ නම් ශාසනයෙහි) පැවිදි වූයේ ලාමක වූ අකුශල ධර්මකයන්ගෙන් යුක්ත ව වාසය කරයි’ (කියා) ඔහු මා මෙසේ දැන ගනිත්. සෘද්ධි ඇති දිවැස් ඇති පර සිත් දන්නා දේවතාවෝ ඇති. ඔහු දුර දීම (මා) දකිත්. (මා) සමීපයෙහි සිටියාහු නමුත් ඔවුන් මට නො පෙනේ. උන් සිතින් අප සිත දැන ගනිත් ‘පින්වත, මේ කුල පුත්රඋයා පෙ - වාසය කරයි. (කියා) ඔහු මා දැන ගනිත්” (මෙසේ) හෙතෙම ලෝකය ම අධිපති කොට (එනම් ලෝකාපවාදයට භයින්) අකුසල් අත් හරියි. කුසල් කරයි වරද සහිත දැය අත හරියි. නිරවද්ය දැය කරයි. මෙලෙසින් ඔත්තප්පය ලෝකයා අධිපති කොට ඇත්තේ නම් වෙයි. “ලජ්ජා සභාවසණ්ඨිතා හිරි භය සභාවසණ්ඨිතං ඔත්තප්පං” යන මෙහි ලජ්ජා යනු ලජ්ජා වන ආකාරය යි. ඒ ස්වභාවයෙන් සිටියේ හිරි නම් භය නම් අපායට ඇති බිය යි. ඒ ස්වභාවය ඇත්තේ ඔත්තප්පයි. ඒ දෙක ම පව් දුරලීමේ ප්රිකට වෙයි. ඇතැමෙක් (කියති.) යම් සේ එක් කුල පුත්රනයෙක් මළ මු පහ කිරීම් ආදිය කරන්නේ ලජ්ජා විය යුත්තකු දැක ලජ්ජා වන ආකාරයට පැමිණේ නම්. එ සේ ම, ලජ්ජා ඇති කෙනෙක් අපායට බිය ඇති ව පව් කම් නො කරති, අධ්යාමත්මික වූ ලජ්ජා ස්වභාවයට බැස පව් කම් නො කරති. මෙහි මේ උපමාව, යම් සේ යකඩ ගුලි දෙකෙකින් එකෙක් සිසිල් වූයේ අශූචි වැකුණේ වේ ද, එකක් උණුසුම් වූයේ ගිනි ගෙන දිලිසෙන්නේ වේ ද එහි දී නුවණැත්තෝ අශූචි තැවැරී ඇති හෙයින් පිළිකුල් කරන්නේ සීතල යකඩ ගුළිය නො ගනී. දැමීමට බියෙන් අනෙක නො ගනී. අධ්යාගත්මික වූ ලජ්ජි ධර්මයයට බැස ගෙන පව් නොකිරීම
ජාතක අටුවාව 123
සිහිල් වූ අපවිත්ර වූ (යකඩ ගුළිය) පිළිකුලින් නොගැන් ම මෙනි. අපයාට බියෙන් පව් නොකිරීම උණුසුම් (යකඩ ගුළිය) දැවිමට බියෙන් නොගන්නාක් මෙන් ද දත යුතුයි. “සප්පතිස්සවලක්ඛණා - පෙ - ඔත්තප්පං” යන මේ දෙක ද පව් දුර ලීමෙහි දී ම ප්රකකට වෙයි. ඇතමෙක් වනාහි මහත් බව සිහි කිරීම, දායාදයෙහි මහත් බව ප්රඛත්යවවෙක්ෂාක කිරීම, සමාන බ්රේහ්ම චාරීන්ගේ මහත් බව ප්රයත්ය්වේක්ෂාම කිරීම ය යන සතර කරුණින් ආදර සහිත බව ලකුණු කොට ඇති හිරිය උපදවා පව් නො කරයි. ඇතැමෙක් අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩභය, දුග්ගනී භය යනු සිවු කරුණින් වරදෙහි බිය දැනීම ලකුණු කොට ඇති ඔත්තප්පය උපදවා පව් නො කරයි. එහි ජාතියෙහි මහත් බව, ප්රපත්යභවේක්ෂාකදිය ද අන්තානුවාද භයාදිය ද විස්තර කොට කිය යුතු ය. ඔවුන්ගේ විස්තර කථාව අඞ්ගුත්තර අටුවාවෙහි කියන ලදී. සුක්ඛධම් සමාහිතා යනු හිරි ඔතප් දෙක මුල් කොට කළ යුතු කුශල ධර්මදයෝ ශුක්ල ධර්මමයෝ නම් වෙත්. ඔහු සර්ව සඞ්ග්රාලහක න්යාුයයෙන් චාතුර්භූමික ලෞකික ලෝකොත්තර ධර්මවයෝ ය, එයින් යුක්ත ය, සමන්විතය යන අර්ත්ථත යි. ‘සන්තො සප්පුරියා ලොකෙ” යනු කාය කර්මා දීන්ගේ නිවීමෙන් ශාන්ත වූයේ ය. කෙළෙහි ගුණ දන්නා බැවින් ශෝභන පුරුෂයේ සත්පුරුෂයෝ ය. ලෝකය වනාහි සඞ්ඛාර ලෝක, සත්ත ලෝක, ඔකාස ලෝක. බන්ධා ලෝක, “එකො ලොකො සබ්බේ සත්තා ආහාරට්ඨිතීකා - පෙ අට්ඨාරසලොකා අට්ඨාරස ධාතුයෝ” (යන තන්හි) සඞ්ඛාර ලෝකය කියන ලදී. ස්කන්ධ ලෝකාදිය එහි ඇතුළත් ය.” “අයං ලොකො පරලොකො දෙවලොකො මනුස්සලොකො යනාදි තන්හි සත්වත ලෝකය කියන ලද්දේ ය. “යම් පමණ තැනෙක්හි චන්ර්දි සූර්යෝයෝ පවතින් ද, බබළන්නා වූ ඔහු දිශාවන් බබුළුවත් ද, ඒ තාක් දහසක් පමණ වූ ලෝකය වෙයි. මෙ පමණ තන්හි තාගේ ආඥාව පවත්නේ ය” මේ තන්හි අවකාශ ලෝකය කියන ලදී. ඔවුනතුරින්
124 ජාතක අටුවාව
මෙහි සත්ව ලෝක අභිප්රේ ත ය. මෙබඳු සත්පුරුෂයෝ සත්ත්ව ලෝකයෙහි ම වෙත්. ඔහු ම දේව ධර්ම යෝය යි කියනු ලැබෙති. ඒ ගථාවෙහි දෙවා යනු, සම්මුති දේව, උත්පත්ති දේව, විශුඩි දේවය යි (දෙවියෝ) තුන් වැදැරුම් වෙති. ඔවුනතුරෙන් මහාසම්මත කලපටන් ලෝකයා විසින් ‘දේව’ ය යි සම්මත කරන ලද හෙයින් රජ, රජ කුමර ආදීහු සම්මුති දේව නම් වෙත් දෙව් ලොව උපන්නාහු උත්පත්ති දේව නම් වෙති. ක්ෂිිණාශ්රදවයෝ විශුද්ධි දේව නම් වෙති. එහෙයින් කියන ලදී. “රජහු දේවීහු කුමාරයෝ සම්මුති දේව නම් වෙති. භූමස්ථ (බුමාටු) දෙවියන්ගේ පටන් මතු දෙව් ලොව උපන්නාහු උත්පත්ති දේව නම් වෙති. බුදුපසේ බුදු රහත්හු විශුද්ධි දේව නම් වෙති. මේ දෙවියන්ගේ ධර්ම යේ නු යි දේව ධර්මුයෝ යි” “චුච්චරෙ’ යි කියනු ලැබෙති. හිරි ඔතප් දෙක මුල් කොට ඇත්තාහු වනාහි කුශල ධර්මුයෝ යි. කුශල සම්පත්තියට ද දෙ දෙව් ලොව ඉපදීමට ද, විශුද්ධි භාවයට ද කරුණු හෙයින් කාරණ අර්ත්ථකයෙන් තුන් වැදෑරුම් දෙවියන්ගේ ධර්මටයෝ දේව ධර්මණයෝ නමි. ඒ දේව ධර්මවයෙන් යුක්ත වූ පුද්ගලයෝ ද දේව ධර්මටයෝ වෙති. ඒ හෙයින් පුද්ගලයකු ප්රවධාන කොට පවත්නා දේශනාවෙහි දී ඒ ධර්මරයන් පෙන්නා වූ (බෝසත් තෙමේ) “සන්තො සප්පුරිසා ලොකෙ - දෙවධම්මා’ ති වුච්චරෙ” යි කී ය.
යක්ෂමයා මේ ධර්මව දේශනාව අසා පැහදුණේ බෝධි සත්ත්ව යනට කිය: “පණ්ඩිතය, මම තා කෙරෙහි ප්ර සන්න යෙමි. එක් මලණු කෙනෙක් දෙමි. කවරකු ගෙන එම් ද?” “බාල මලණුවන් ගෙන එව.” ‘පණ්ඩිතය. තෝ දේව ධර්මනය දන්නා පමණම ය. එහි නො පිහිටා සිටියේහි ය.” “කවර කාරණයෙකින් ද?” “වැඩි මාල්ලා තබා බාලයා කැඳවන්නේ වැඩි මහල්ලන් පිදීම නො කෙරෙහි ය” “මම දේව ධර්මැයත් දනිමි, එහි පවතින්නේත් වෙමි. අපි මේ වනයට මොහු (එ නම් බාලයා) නිසා ම පිවිසියමු. මොහු පිණිස අපගේ පියාගෙන් මොහුගේ මව රාජ්ය්ය ඉල්ලුවා ය. අපගේ පිය
ජාතක අටුවාව 125
තෙමේ ඒ වරය නො දී අප ආරක්ෂා කරනු පිණිස වන වාසය අනුදත්තේ ය. ඒ කුමරු නො නැවතී අප සමඟ ආයේ ය. ඉදින් ඒ ‘කුමාරයා වනයෙහි දී එක් යකෙක් කැවේ ය, යි කියන කල්හි කිසිවෙක් නො අදහති. එ සේ හෙයින් මෙම ගර්භා වට බියෙන් ඒ (බාලයා) ම ගෙන්වමි” ‘සාධු! සාධූ!! පණ්ඩිතය, තෝ දේව ධර්මයය දන්නෙහි ය, එහි පවතින්නේ ද වෙහි ය” යි පහන් සිත් ඇති ව, යක්ෂෙය, බෝ සතුට සාධු කාර දී සොහොවුරන් දෙ දෙනාම ගෙන” වුත් දුන්නේ ය.
9. ඉක්බිති ඔහුට බෝ සත් තෙමේ මෙ සේ කී ය: “යහළුව, තෝ තමා විසින් කරන ලද පාප කර්මුයෙන් අනුන් ගේ මස් ලේ අනුභව කරන්නා වූ යකෙක් ව උපන්නෙහි ය. දැන් නැවතත් පව් ම කරයි. තාගේ මේ පාප කර්ම්ය නරකාදී සර අපායෙන් තා මිදවීමක් නොපෙනෙන්නේ ය. එහෙයින් මෙතැන් පටන් පව් දුරලා පින් කරව” යි ඔහු හික්මවන්නට පොහොසත් විය. බෝ සත් ඒ යක්ෂවයා දමනය කොට ඔහු විසින් කරන ලද ආරක්ෂාො ඇති ව එහි ම වාසය කරන්නේ එක් දිනක් තරු බලා පියා මිය ගිය බව දැන යක්ෂියාත් කැටු ව බරණැසට ගොස් රජය ගෙන චන්දනන කුමාරයාට යුව රජ තනතුර ද සුරිය කුමාරයාට සේනාපති තනතුර ද දී යක්ෂගයාට සිත් අලවන තැනෙක ගෙයක් කරවා, ඔහුට උතුම් මල් දම්, උතුම් මල්, උතුම් බත් යම් සේ ලැබේ නම් එ සේ කෙළේය. ඒ (රජ) තෙමේ දැහමෙන් රාජ්යුය කොට කම් වූ සේ මිය ගියේ ය.
10. ශාස්තෲන් වහන්සේ මේ ධර්මර දේශනාව ගෙන හැර දක්වා වදාරා චතුස්සත්ය ය ප්රනකාශ කොට වදාළ සේක. සත්යශ (දේශනාව) අවසානයෙහි ඒ භික්ෂූතව සෝතාපත්ති ඵලයෙහි පිහිටියේ ය. බුදු රජාණන් වහන්සේ කථා දෙක පවසා සන්ධිව ගලපා ජාතකය නිමාවීය. “එ සමයෙහි උදක රාක්ෂ සයා නම් දැන් මේ බහුභාණ්ඩික භික්ෂූාවය, සුරිය තෙරය වැඩි මහලු සහෝදරයා වූ මහිංසාය කුමාරයා මම් ම වෙමිය” යි වදාළ සේක. _________
126 ජාතක අටුවාව
7. කට්ඨහාරි ජාතකය
1. “පුත්තො ත්යා හං මහාරාජ” යන මේ දේශනාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් වාසභඛත්තියාවගේ කථාව අරබයා වදාළ සේක. වාසභඛත්තියාවගේ කථාව දොළොස් වන නිපාතයෙහි භද්දසාල ජාතකයෙහි පහළ වන්නේය. ඒ වාසභඛත්තියාව මහා නාම ශාක්යදයාගේ දු ය. නාගමුණ්ඩා නම් දාසියගේ කුස උපන්නී ය. කොසොල් රජ හට අග මෙහෙසුන් වූ වාය. ඕ තොමෝ රජ හට (දා ව) පුතකු වැදුවා ය. රජ තෙමේ ඈ දාසියකැ යි පසු ව දැන ගෙන තනතුරින් පිරිහෙළුයේ ය. විඩූඩභ නම් පුත්රසයා ගේ ද තනතුර පිරිහෙළුයේ ය. ඔහු දෙ දෙන ම රජ ගෙය ඇතුළත ම වසන්නාහ. ශාස්තෲන් වහන්සේ ඒ කරුණ දැන පෙර වරු පන් සියයක් භික්ෂුභන් පිරිවරා රජ ගෙට වැඩ පැනවූ අසුනෙහි වැඩ හිඳ, “මහ රජ, වාසභඛත්තියාව කොහි දැ?” යි වදාළ සේක. රජ එ කරුණ සැළ කෙළේ ය. “මහ රජ, වාසභඛත්තියාව කාගේ දුවක් ද?” “ස්වාමීනි, මහානාම රජහුගේ ය.” “එන්නා වූ ඕ කවරක්හු නිසා ආවා ද?” “ස්වාමීනි, මා නිසාය” “මහ රජ, මෝ තොමෝ රජුගේ දුවය” රජු පිණිස ම ආවා ය. රජු නිසා ම පුත්රජයකු ලද්දී ය, ඒ පුත්රුයා කුමක් නිසා පිය සතු රාජ්ය්යට ස්වාමියෙක් නො වේ ද? පූර්වදයෙහි රජ වරු මොහොතකට භාර්යා ස්ථානයට එළඹි දර ගෙන යන්නිය ගේ බඩෙහි උපන්නා වූ පුත්ර්යකු ලැබ රාජ්යයය දුන්නාහුය.” රජ තෙම එ කරුණ පහළ කරණු පිණිස භාග්යොවතුන් වහන්සේට යාච්ඤා කෙළේ ය. බුදුහු භවයෙන් වැසී තුබූ කාරණය ප්රභකාශ කොට වදාළ සේක.
2. යට ගයි දවස බරණැස් නුවර බ්ර හ්මදත්ත නම් රජෙක් මහත් වූ යසසින් උයනට ගොස් එහි මල් පල ලොබින් හැසිරෙන්නේ උයන් වන ලැහැබෙහි ගායනා කරමින් දර කඩන්නා වූ එක් ස්ත්රි යක දැක පිළිබඳ සිත් ඇත්තේ (ඈ හා) සංවාසය කෙළේ ය. එකෙණෙහි බෝ සත් තෙමේ ඈ කුස
ජාතක අටුවාව 127
පිළිසිඳ ගත්තේ ය. එවිට ඇගේ බඩ විදුරු පුරාලු කලක් මෙන් බර වූ ගැබෙක් විය. ඕ තොමෝ ගැබ පිහිටි බැව් දැන “දේවයන් වහන්ස. මට දරු ගැබක් පිහිටියේය” යි කීවා ය. රජ ඈට ඇගිල්ලෙහි ලන මුද්ද නොහොත් (පේරැස් මුද්ද) දී, “ඉදින් දුවක් වූ නම් මෙය විකුණා පෝෂණය කරව, පුතෙක් වී නම් මුදුව සමඟ මා කරා ගෙන එව” යි කියා ගියේ ය. ඕ තොමෝ මුහුකුරා ගිය ගැබ් ඇත්තී බෝ සත් වැදුවා ය. ඔහු දුව පැන ඇවිදින කල්හි ක්රී ඩාඞ්ගනයෙහි සෙල්ලම් කරන්නාවු ඔහුට මෙ සේ කියන්නෝ වූ හ. “පියා නැත්තකු විසින් පහර දෙන ලද්දෙමි” කියා ය. එය’ සා බෝ සත් මවු කරා ගොස්, “මෑණියෙනි, මාගේ පියා කවරෙක් දැ?” යි ඇසී ය. “දරුව. නුඹ බරණැස් රජහුගේ පුත්රදයා ය” “මෑණියෙනි, කිසි සාක්ෂිසයෙක් ඇත්තේ ද?” “දරුව, රජ මේ මුද්ද දී “ඉදින් දුවක් වූ නම් මෙය විකුණා, පෝෂණය කරව පුතෙක් වී නම් මේ මුද්ද සමඟ (දරුවා) ගෙන එව’ යි කියා ගියේ ය.” මෑණියෙනි, මෙ සේ තිබිය දී කුමක් නිසා මා පියා සමීපයට නො ගෙන ගියෙහිද?” ඕතොමෝ පුත්රයයාගේ අදහස දැන,රජ ගේ දොරට ගොස් රජු හට දැන්වූවා ය. රජු විසින් කැඳවන ලද්දී පිවිස රජු වැඳ, “දේවයන් වහන්ස, මේ ඔබගේ පුත්රජයා ය’ යි කීවා ය. රජ තෙම කාරණය දැන පිරිස මැද ලජ්ජාවෙන් “මේ මගේ පුත් නො වේ ය” යි කීය. “දේවයන් වහන්ස. මේ ඔබගේ මුද්ද ය. මෙය දැන ගන්නැ” යි කීවා ය. “මෙය මගේ මුද්දක් නො වේ ය” “දේවයන් වහන්ස, දැන් සත්යි ක්රි යාව හැර අනෙක් සාක්‍ෂ්යජයෙක් මට නැත්තේ ය. ඉදින් මේ දරුවා තොප නිසා උපන්නේ වී නම් අහසෙහි සිටී වා! නොඑසේ නම් බිම වැටී මැරේ වා!” යි බෝ සත් පයින් අල්වා අහසට දැම්මා ය. බෝ සත් තෙමේ අහස්හි පලක් බැඳහුන් සේක් මිහිරි හඬින් පිය රජ හට දහම් දෙසන සේක් මේ ගාථාව වදාළ සේක.
128 ජාතක අටුවාව
3. “මහරජ, මම තා ගේ පුත්රගයෙක් වෙමි. ජන ශ්රෙ ෂ්ඨය. තෝ මා පෝෂණය කරව. දේවයන් වහන්සේ අන්යග වූ ජනයන් පෝෂණය කරයි. රජ තමා ගේ ප්ර ජාව (වූ මා) (පෝෂණය නො කරයි.) නින්දා වේවා!”
4. එහි පුත්තො ත්යා්හං යනු මම තාගේ පුත්රරයෙකි. පුත්රායා ද අත්රකජ, ෙක්ෂ් ත්රතජ, අන්තෙවාසික, දින්නක ය යි සිවු වැදෑරුම්. තමා නිසා (තමනට දා ව) උපන්නේ අත්ර්ජ නමි. යහනෙහි ඇකයෙහි ළ මැද ආදි තන්හි පහළ වූයේ ෙක්ෂඋත්රරජ නමි. සමීපයෙහි ශාස්ත්රමය උගන්නේ අන්තෙවාසික නමි. හදා ගැනීම පිණිස දෙන ලද්දේ දින්නක නම් ය. මෙහි දී අත්ර්ජයා සඳහාම ‘පුත්තො’ යි කියන ලදී. සතර සංග්රෙහ වස්තුවෙන් ජනයන් පිනවන්නේ යි රජ නමි. මහත්වූ රජ මහ රජ නම් වේ. ඒ බන්දකු අමතන්නේ ‘මහා රාජ’ ය යි කියයි. ත්වංජ මං පොස ජනාධිප යනු ‘ජන නායකය, ජන ශ්රෙ ෂ්ඨය. තෝ මා පෝෂණය කරව, වඩව අඤේඤ’ පි දෙවො පොසෙති යනු අන් ඇත් ගොවු ආදි මිනිසුන් ද ඇත් අස් ආදී තිරිසන් ගත සත්ත්වවයන් ද රජ තෙම වර්ධ නය කරයි. කිඤ්ච දොවො සකං පජං මෙහි වනාහි කිඤ්ච යනු ගර්භාආර්ත්ථියෙහි ද අනුග්ර හණාර්ත්ථනයෙහි ද නිපාතයෙකි. ස්වකීය ප්රයජාව නම් වූ තමාගේ පුත්රන වු (මා) දේවයන් වහන්සේ පෝෂණ්යන නො කරති’ යි කියන්නේ නින්දාර කරයි නමි. ‘අනෙක් සත්ත්වහයන් ද පෝෂණය කරති’ යි කියන්නේ අනුග්රරහ කෙරේ නමි. මෙ සේ බෝ සත් ගරහන්නේ අනුග්ර්හ කරන්නේ “කිඤ්චි දෙවො සකං පජං” යි කී.
5. රජ අහසෙහි සිට මේ සේ කියන්නා වූ බෝ සතු ගේ බණ අසා, “දරුව, මෙහි එව. මම තා පෝෂණය කරන්නෙමි. මම පෝෂණය කරන්නෙමි” යි අත දිගු කෙළේය. (තවත්) දහස් ගණන් අත් දිගු කළාහු ය. බෝසත් අතෙකකු ගේ අතට නොබැස රජුගේ අතටම බැස ඇකයෙහි හුන්නේ ය. රජ ඔහුට යුවරජ තනතුරු දී. මව අග මෙහෙසිය කෙළේ ය. එ කුමරු පිය රජුගේ ඇවෑමෙන් ‘කට්ඨවාහන’ නම් රජ ව
ජාතක අටුවාව 129
දැහැමින් රජ කොට කම් වූ සේ මිය ගියේ ය. ශාස්තෲන් වහන්සේ කොසොල් රජ හට මේ ධර්මව දේශනාව වදාරා. අතීත වර්තොමාන කථාවන් දක්වා අනුසන්ධිේ ගළපා ජාතකය නිමවූ සේක. “එ කල මව මහාමායා දේවී ය. පියා සුද්ධෝදන රජ ය. කට්ඨවාහන රජ මම වෙමි” යි (වදාළ සේක)
________
8. ගාමිණි ජාතකය
1. “අපි අතරමානානං” යන දේශනාව ශාසතෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් අත් හැරියා වූ වීර්යන ඇති භික්ෂු වක් අරබයා වදාළ සේක. මේ ජාතක කථාවෙහි වර්තමාන වස්තුව ද අතීත වස්තුව ද එකොළොස් වැනි නිපාතයෙහි සංවර ජාතකයෙහි පහළවන්නේ ය. කථා ශරීරය එහිදී ද මෙහිදී ද එක සමාන ය. ගාථාව වනාහි වෙනස් ය. ගාමිණී කුමර තෙමේ බෝ සතුන් ගේ අවවාද යෙහි සිට සහෝදරයන් සියයකට බාල ව සිටත් සියයක් පමණ සොහොවුරන් පිරිවරා සේ සත් යට උතුම් අසුනෙහි හුන්නේ තමා ගේ යසස් හා සම්පත් ද බලා, “මේ මා ගේ යස සැපත අප ගේ ආවාර්ය යන් සතුය” යි සතුටු සිතැත්තේ මේ උදාන වාක්යපය පළ කෙළේ ය.
2. “අවවාද නොයික්මවා වැඩ කරන්නවුන් ගෙන් අසා ඵලය මුඳුන් පත් වේ මැයි. මුහුකුරා ගිය බඹ සර ඇත්තෙමි. ගාමිණි කුමාරය, මෙ සේ දනුව”
3. එහි අපි යනු නිපාත මාත්ර යෙකි. අතරමානානං යනු පණ්ඩිතයන්ගේ අවවාදයෙහි සිට (එය) නොයික්මවා නොඉක්මන් ව උපායයෙන් වැඩ කරන්නවුන් ගේ ඵලා සා’ව සමිජ්ඣති යනු යම් සේ ප්රායර්ත්ථුනා කළ ඵලයෙහි ආසාව එය ඉටුවීමෙන් සමෘඩ වන්නේ ය. නොහොත් ‘ඵලාසා’ නම් ආශාවෙහි ප්රඑතිඵලය යි. ප්රා්ර්ථිතවු සේ ප්රබතිඵලය ලැබේ ය. යන අර්ත්ථි් යි විපක්ක බ්රරහ්මචරියෝ’ යමි යන
130 ජාතක අටුවාව
තැන සිටු සඟරා වත ශ්රෙ ෂ්ඨ වර්යා වන බැවින් බ්ර හ්ම චරිය නමි. ඒ මුල් කොට යස ඉසුරු ප්ර තිලබ්ධ හෙයින් ‘විපක්ක’ (මේරූ) යන අර්ත්ථෝ යි. තමා ගේ යම් යසසින් වැඩුණේ ද ඒ ශ්රේෂ්ඨාර්ත්ථවයෙන් ‘බ්රිහ්ම චරිය’ නම් වේ. විපක්ක බ්රිහ්මචරියො’ ස්වාමි කියා එ හෙයින් ම වදාළේ.
එවං ජානාහි ගාමිණි යනු කිසි තැනෙක ගම් වැසි පුරුෂයා ද ගම් දෙටුවා ද ගාමිණි (යි.) මෙහිදී වනාහි සියලු දෙනාට නායක වූ තමා සඳහා එම්බා ගාමිණිය, තෝ ඒ කාරණය මෙ සේ දනුව. ආචාර්යායන් නිසා සොහොවුරන් සියයක් ඉක්මවා මේ මහ රජයට පැමිණියෙමි” යි ප්රීටති වාකය පැවැත්වී ය. ඔහු රජ වූ කල්හි හත් අට දවසෙකින් පසු සියලු සොහොවුරෝ තමන් ගේ වසන තැනට ගියා හ. ගාමිණි රජ දැහැමින් රජය කරවා කම් වූ පරිද්දෙන් (මිය) ගියේ ය. බෝ සත් ද පින් කොට කම් වූ පරිද්දෙන් (මිය) ගියේ ය.
4. ශාස්තෲන් වහන්සේ මේ දේශනාව ගෙන හැර දක්වා (චතුරාර්යු) සත්ය. ධර්මනය වදාළ සේක. දේශනාවසාන යෙහි හෘත විර්ය ඇති භික්ෂු්ව අර්භවත් ඵලයෙහි පිහිටියේ ය. ශාස්තෲන් වහන්සේ වස්තු වයස වදාරා අනුසන්ධිි ඝටා ජාතකය නිම වූ සේක.
_____
9. මඛාදේව ජාතකය
1. “උත්තමඞ්ගරුහා මය්හං” යන මේ (දේශනාව) ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් මහාභිනිෂ්ක්ර්මණය අරබයා වදාළ සේක. එය යට නිදාන කථාවෙහි කියන ලද්දේ ම ය. එ සමයයෙහි භික්ෂුේහු බුදුන්ගේ නෛෂ්ක්රථම්ය ය වර්ණබනා කරමින් උන්නාහ. එ වේලෙහි වනාහි දශ බල ධාරීන් වහන්සේ ධම් සබා මණ්ඩපයට වැඩ බුද්ධාසනයෙහි හුන් සේක් ම භික්ෂු න් ඇමැතු සේක. “මහණෙනි, දැන් කිනම් කථාවෙකින් ‘යුක්ත ව උන්හුද?” “ස්වාමීනි, අනෙක්
ජාතක අටුවාව 131
කථාවෙකින් යුක්ත ව උන්නමෝ නො වම් හ. නුඹ වහන්සේ ගේ මහ ‘බිනික්මන වර්ණ නා කොට උන්මු” “මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් මහබිනික්මන් කළ සේක් නො වෙයි. පෙර ද නික්මුණු සේක” යි වදාළ සේක. භික්ෂුඹහු ඒ අර්ත්ථුය පහළ කරනු පිණිස භාග්ය වතුන් වහන්සේ අයැදිය හ. භවයෙන් වැසුණු එ පුවත භාග්ය වතුන් වහන්සේ වදාළ හ.
2. අතීතයෙහි විදේශ නම් රට මිථිලා නුවර මඛාදේව නම් රජෙක් විය. හේ ධාර්මික ය, රාජ ධර්මාය අනුව රජ කෙළේ ය. හෙ තෙම අසූ සාර දහසක් අවුරුදු කුමාර ක්රීිඩා කෙළේ ය. එ පමණ කල් යුව රජ ව ද, එ පමණ ම කල් මහ රජ ව ද සිට දීර්ඝර කාලයක් ගෙවා එක් දිනයෙක කපුවා ඇමතී ය: “යහළු කපුව, යම් දිනෙක මාගේ හිසෙහි පැසුණු කෙස් දක්නෙහි ද එ විට මට කියව.” කපුවාත් බොහෝ කලක් ගෙවා එක් දිනෙක රජු ගේ අඳුන් වන් වූ කෙස් අතරෙහි එකම නර කෙසක් දැක, “දේවයන් වහන්ස, ඔබ වහන්සේ ගේ කෙස් අතුරේ නර කෙසෙක් පෙනෙන්නේ ය” යි දැන්වී ය. “එසේ වී නම් යහළු කපුව, ඒ නර කෙස උදුරා මා අත තබව” යි කී කල්හි එන් අඬුයෙන් උදුරා රජු ගේ අතෙහි තැබී ය. එ කලට රජු ගේ ආයුෂය සුවාසූ දහසක් වස් ඉතිරි ව සිටියේ ය. එ සේ තිබිය දීත් නර කෙස් දැකලා ම මෘත්යු රාජයා පැමිණ ළඟ සිටියාක් මෙන් ද, ගිනි ගත් කොළ ගෙයකට තමා පිවිසියාක් මෙන් ද සිතමින් සංවේගයට පැමිණ, ”බොළඳ මඛාදේවය, නර කෙස් නැඟෙන තුරුත් මේ කෙලෙස් දුර ලන්නට නොහැකි වී’ ය යි සිතී ය. මෙ සේ නර කෙස් පහළ වූ බව කල්පනා කරන්නා වූ ඔහුට අභ්ය න්තරයහි ඩාහ උපන්නේ ය. සිරුරින් ඩහ දිය වැගුරුණේ ය. සළු පෙළී (තෙමී) බැහැර ලිය යුතු තරම් විය. ඒ (රජ) “අද ම නික්ම පැවිදි වන්නට වටී ය” යි කපුවා හට ලක්ෂලයක් උපදනා ගම් වරයක් දී, වැඩි මහලු පුතු කැඳවා, “දරුව, මා ගේ හිස නර කෙසෙක් පහළ විය. මම මහලු ව ගියෙමි. මා විසින්
132 ජාතක අටුවාව
මිනිස් සැප වළඳන ලද්දේ ය. දැන් දිව සැප සොයන්නෙමි. මා ගේ ගිහි ගෙයින් නික්මීමට කාලය යි. නුඹ මේ රජය පිළිපදුව. මම් වූ කලී පැවිදි ව මඛාදේව අඹ වන උයන්හි වැස මහණ දම් කරන්නෙමි” යි කී ය. මේ සේ පැවිදි වනු කැමැති ඔහු කරා ඇමැතියෝ එළඹ, “දේවයිනි, ඔබ වහන්සේ ගේ පැවිද්දට කාරණ කවරේ දැ?” යි ඇසූ හ. රජ්ජුරුවෝ පැසුණු කෙස් ගස අතින් ගෙන ඇමතියනට මේ ගාථාව කීහ.
3. “මා ගේ වයස පැහැර ගන්නා වූ හිසෙහි හට ගත් නර කෙස්හු වූ හ. දේව දුතයෝ පහළ වූ හ. මාගේ මේ පැවිද්දට කාලය යි.”
4. එහි උත්තමඞ්ගරුහා යනු කේශයෝ යි. කෙස්හු වූ කලි සියලු අත් පා ආදි අවයවයන්ගේ මත්තෙහි සිරසෙහි වැඩුණු බැවින් උත්තමඞ්ගරුහා ය යි කියති. ඉමේ ජාතා වයොහරා යන තනහ් “පුත්ර යෙනි, බලවූ, නර කෙස් පහළ වීමෙන් තුන් වයස පැහැර ගන්නා හෙයින් මොහු වයස පැහැර ගන්නාහු නම් වෙති.” පාතුභුතා යනු උපන්නා හ යන අර්ත්ථි යි. දෙවදූතා යන්නෙහි දේව නම් මෘත්යුය ය. ඔහු ගේ දූතයෝ නු යි දෙවදූතා නම් වූ හිස නර කෙස් හට ගත් කල්හි මරණය සමීපයෙහි සිටියකු මෙන් වෙයි. එ හෙයින් පලිතයෝ මෘත්යු රාජයා ගේ දූතයෝ ය යි කියති. දෙවියන් වැනි දුතයෝ නු යි දේව දූතයෝ යි. යම් සේ අලංකාරයෙන් සැරැසුණු දෙවියකු අහසෙහි සිට “අසවල් දින තෝ මැරෙන්නෙහි ය” යි කි කල්හි එය මෙසේ ම වෙයි. එසේ හිස කෙස් පැසුණු කල්හි දෙවියකු ගේ නියමයක් මෙන් වෙයි. එහෙයින් පලිතයෝ දෙවියන් සමාන දූතයෝ නම් වෙති. විසුද්ධි දෙවියන් ගේ දූතයෝ නු යි ද දේව දූතයෝ යි. සියලු බෝ සත්හු වූ කලි ජීර්ණන ව්යාුධි මෘත ප්රිව්රසජිත (රූපයන්) දැක ම සංවේග උපදවා ගිහි ගෙයින් නික්ම පැවිදි වෙති. එ සේ හෙයින් කි හ.
ජාතක අටුවාව 138
5. “වයෝවෘද්ධ වූ රූපය දැක ද, ගිලන් වූ රෝගි රුව (දැක ද), ඉකුත් වූ ආයු පරිච්ජේද ඇති මළ රුව දැක ද” කසා වත හැඳි පැවිදි රුව දැක ද, මහ රජ, මම පැවිදි වූයෙමි.”
6. මෙ ලෙසින් නර කෙස් විශුද්ධි දෙවියන් ගේ දූතයන් වන බැවින් දේව දුතයෝ යි කියනු ලැබෙයි. පබ්බජ්ජා සමයෝ මම යනු ගිහි බැවින් නික්මෙන අරුතින් පැවිද්ද ය යි ලබන ලද නමක් ඇති ශ්රෝමණ ලිඞ්ගය ගැනීමට මට මේ කාලය යි දක්වයි.
7. රජ තෙමේ මෙ සේ කියා එ දවස ම රාජ්ය ය හැර සෘෂි ප්රීව්රෙජ්යාාවෙන් පැවිදි ව ඒ මුව දෙව් අඹ වෙනෙහි වසන්නේ සුවාසු දහසක් අවුරුදු සිවු බඹ විහරණ වඩා නො පිරිහුණු ධ්යා න ඇත්තේ කලුරියකොට බඹ ලොව ඉපිද. යළි ඉන් සැව මියුලු නුවර ම ‘නිමි’ නම් රජ ව පිරිහෙන්නා වු තමන්ගේ වංශය ගළපා ඒ අඹ වනයෙහි ම පැවිදි ව බ්ර හ්ම විහාර භාවනා කොට යළි දු බඹ ලොව ගියේ ය.
8. ශාස්තෲන් වහන්සේ “මහණෙනි, තථාගත තෙමේ දැන් පමණක් මහ බිනික්මන් කෙළේ නො වෙයි. පෙරත් නික්මුණේ ම ය” යි (වදාරා) මේ ධර්මක දේශනාව ගෙන හැර දක්වා සිවු සස් දෙසු සේක. කිසිවෙක් සෝවාන් සකෘදාගාමි වූ හ. කිසිවෙක් අනාගාමි වූ හ. මෙ සේ බුදු රජාණන් වහන්සේ කථා දෙක වදාරා අනුසන්ධිහ ගළපා ජාතකය නිමවූ සේක. “එ කල කපුවා නම් ආනන්දව ස්ථවීරයන් වහන්සේ ය. පුත්ර යා රාහුල ය. මඛාදේව රජ මම් ම වෙමි” යි.
________
10. සුඛවිහාරි ජාතකය
1. “යඤ්ච අඤේඤ න රක්ඛන්තී” යන දේශනාව ශාස්තෲන් වහන්සේ අනුපිය නගරය නිසා, අනුපිය අඹ වනයෙහි වසන සේක් සුඛ විහාරි වු භද්දිය තෙරුන් අරභයා
134 ජාතක අටුවාව
දෙසූ සේක. සුඛ විහරණ ඇති භද්දිය තෙර ක්ෂටත්රි ය කුමාර වරුන් ස දෙනා ගේ සමාගමයෙහි උපාලි ස්තවිරයන් සත් වැන කොට පැවිදි වූයේ ය. ඔවුනතුරෙන් භද්දිය, කිම්බිල, භගු. උපාලි යන තෙර වරු රහත් වූ හ. ආනන්දු තෙර සෝවාන් වුයේ ය. අනුරුද්ධ තෙර දිවැස් ඇත්තේ විය. දෙව්දත් තෙර ධ්යාරන ලාභි විය. මේ ක්ෂවත්රිතය කුමාරවරුන් ස දෙනා ගේ අනුපිය නුවර දක්වා වූ ප්රයවෘත්තී ඛණ්ඩගාල ජාතකයෙහි දැක්වෙන්නේ ය. ආයුෂ්මත් වූ භද්දිය (තෙර) රජ ව සිටිය දී තමා රක්නේ ආරක්ෂාෙ සංවිධානත්, පළමු ව ම බොහෝ රැකවරණින් රක්ෂිසත ව සිටත් මතු මහල් තෙලෙහි මහ යහන්හි පෙරැළෙමින් නිඳනහුට බිය පැමිණිමත්, දැන් අරණ්යා දි කිසි තැනෙක සිටත් තමා ගේ පහ වූ බිය ඇති බවත් දක්නාහු, “අහෝ! සැපය අහෝ! සැපය” යි උදන් ඇනූ හ. එය’සා භික්ෂූ හු ‘ආයුෂ්මත් භද්දිය තෙර අනෙකක් කියා” යි බුදුනට දැන්වූහ. භාග්යඅවතුන් වහන්සේ “මහණෙනී, භද්දිය තෙර සුව විහරණය කෙළේ දැන් මතු නොවෙයි, පෙරත් කෙළේ ය” යි වදාළ සේක. එ අර්ථවය හෙළි කරනු පිණිස භික්ෂුාහු ආරාධනා කළෝ ය. භාග්යයවතුන් වහන්සේ භවාන්තර ප්රථච්ඡන්ත ප්රුවෘත්තිය ප්රධකට කළ සේක.
2. පෙර බරණැස බඹදත් රජ රජය කරවන කල්හි බෝසත් තෙමේ ප්රධකට කුලයෙක ඉපිද කාමයෙහි ආදීනව ද නෛෂ්ක්ර ම්යයෙහි ආනිශංසය ද දැක කාමය හැර දමා හිමව් පියෙසට පිවිස සෘෂි ප්රරව්රරජ්යායව ලබා අෂ්ට සමාපත්ති ඉපිදැවී ය. ඔහුට මහත් පිරිවර වූයේ ය. පන් සියයක් පමණ තාපසයෝ වූ හ. හේ වැසි කල, හිමවතින් නික්ම. තවුස් ගණයා පිරිවරා ගම් නියම් ගම්හි සැරි සරන්නේ බරණැසට පැමිණ රජු නිසා රාජෝද්යානනයෙහි වාසය කෙළේ ය. එහි වර්ෂාම සෘතුව පිළිබඳ සිවු මස වැස රජු විචාළේ ය. එ විට රජ තෙමේ, “ස්වාමීනි, ඔබ වහන්සේ වෘද්ධ ය, හිමව් ගමනින් ඇති ප්ර යෝජන කිම? අතවැස්සන් හිමවතට යවා මෙහි ම විසුව මැනව” යි අයදියේ ය. බෝ සත් වැඩි මහලු අතවැසි හට පන් සියයක් තපස් වී
ජාතක අටුවාව 135
වරුන් පාවා දී, ‘තෝ යා. මේ පිරිවර සමඟ හිමවතෙහි වාසය කරව. මම් වනාහි මෙහි ම වසන්නෙමි” යි උන් හැර එහි ම වාසය කෙළේ ය. ඔහු ගේ වැඩි මහලු ඒ අතවැසි තෙමේ රාජ තපස් වීය. මහත් වූ රාජ්යව හැර පැවිදි ව කසිණ පරිකම්ම කොට අට සමවත් ලැබී ය. හෙ තෙමේ තවුසන් හා හිමවන වසන්නේ දින් ඇදුරහු දකිනු කැමැති වැ ඒ තවුසන් අමතා, “තෙපි අකටලී නො ව මෙහි ම වසව, මම ආචාර්යඒයන් වැඳ එනනෙමි’ යි ඇදුරුහු කරා ගොස් වැඳ පිළිසඳර කථා කොට එක් පැදුරක් එළා ගුරු වරයා ළඟ ම උන්නේ ය. එ සමයයෙහි බරණැස් රජ තෙමේ, ‘තාපයයා දක්නෙමි” යි උයනට ගොස් වැඳ එකත්පසෙක හුන්නේ ය. අතවැසි තවුස් තෙමේ රජු දැකත් නො ම නැගී සිටියේ ය. හිඳ ගෙන ම. “අහෝ! සුඛං, අහෝ! සුඛං” යි උදන් ඇනී ය. රජ, “තවුසා මා දැකත් නො ම නැගී සිටියේ ය” යි නො සතුටු ව බෝ සත් හට කී ය. “ස්වාමීන් වහන්ස, මේ තාපසයා කැමැති සේ වලඳන ලද්දේ වන්නේ ය. ප්රී“ති වාක්යැ පවත්වන්නේ සුඛ සෙය්යාැව ම කෙරෙයි” “මහ රජ, මේ තාපසයා පෙර තොප සේ ම රජෙක් වූයේ ය. මේ තැනැත්තේ. ‘මම පෙර ගිහි කාලයෙහි රජ සිරි විඳින්නෙම්. අවි ගත් බොහෝ යෝධයන් විසින් රකිද්දීත් මෙ බඳු සැපයක් නම් නො ලැබීමි’ යි තමා ගේ පැවිදි සුවය අරබයා මේ උදන් අනයි.” මෙ සේ ද කියා බෝ සත් තෙමෙ රජු ට ධර්මි කථාවක් කරනු පිණිස මේ ගාථාව කී ය.
3. “අන්යයෝ යමකුත් රක්ෂාම නො කෙරෙද් ද යම් පුද්ගලයෙක් අන්ය.යන් රක්ෂා නො කෙරේ ද, මහ රජ, ඒ තෙමේ ඒකාන්තයෙන් කාමයෙහි අපේක්ෂා්වක් නැති ව සුව සේ ගොවී.’’
එහි යඤ්ච අඤේඤ න රක්ඛන්ති නම් යම් පුද්ගලයකු අනෙක් බොහෝ පුද්ගලයෝ නො රකිත්. යො ච අඤේඤ න රක්ඛන්තී යනු යමෙක් හුදකලා ව, “මම රජ කෙරෙමැ” යි අන් බොහෝ වුවන් නො රකී.
136 ජාතක අටුවාව
ස චෙ රාජ සුඛං සෙති යනු මහ රජ, ඒ පුද්ගලයා තනි ව දෙවැන්නකු නැති ව මනා විවේක ඇති ව කායික චෛතසික සැපයෙන් යුක්ත ව සයනයකරයි. මේ වනාහි දේශනා ක්ර මය යි. හුදෙක් සයනය කරන්නේ ම නො වෙයි. එ බඳු වූ සත්ත්වකයා සුවසේ යයි. සිටියි. හිඳියි. නිඳයි සියලු ඉරියව්වෙහි ම සුව ඇත්තේ ම වෙයි. කාමෙසු අනපෙක්ඛවා යනු වස්තු කාමක්ලේශ කාමයන්හි අපේක්ෂාව නැති වූ දුරු කළ ආශා ඇති වූ තෘෂ්ණා රහිත වූ පුද්ගලයා මහරජ. සියලු ඉරියව්වෙහි සුව සේ වෙසෙයි.
8. රජ ධර්මර දේශනාව අසා සතුටු ව වැඳ මාලිගාවට ගියේ ය. අතවැසි තවුසා ද ඇදුරන් වැඳ හිමවතට ගියේ ය. බෝ සත්එහි ම වසන්නාහු නොපිරිහුණු ධ්යාවනයෙන් යුක්ත ව කලුරිය කොට බඹ ලොව උපන්නේ ය. ශාස්තෲන් වහන්සේ මේ දේශනාව ගෙන හැර දක්වා කථා දෙක පවසා අනුසන්ධි ගලපා ජාතකය නිමවූ සේක. “ඒ කල්හි අතවැසියා භද්දය තෙර වෙයි. ගණ නායක වූයේ මම් ම ය” යි වදාළ සේක.
137
සීල වර්ග ය
1. ලක්ඛණමිග ජාතකය
1. “භොති සීලවතං අෙත්ථාථ” යනාදි මේ ධර්මය දේශනාව ශාස්තෲන් වහන්සේ රජගහ නුවර ඇසුරු කොට, වෙළුවනාරාමයෙහි වාසය කරන සේක්, දේවදත්ත තෙරුන් අරබයා වදාළ සේක. දේවදත්ත තෙරුන් ගේ කථා වස්තු තොමෝ දුනු වායන් යෙදැවීම දක්වා, ඛණ්ඩගාළ නම් ජාතක කථාවෙහි පහළ වන්නී ය. ධනපාල හස්තියා යැවීම දක්වා වනාහි, චුල්ලහංස නම් ජාතක කථාවෙහි පහළ වන්නී ය. පොළොව පිවිසීම දක්වා සොළොස් වැනි නිපාතයෙහි සමුද්දවාණිජ නම් ජාතකයෙහි පහළ වන්නී ය.
එක් සමයයෙක්හි දේවදත්තයා පඤ්ච වස්තුන් ඉල්වා නොලබන්නේ භික්ෂූේ සංඝයා බිඳ පන් සියයක් භික්ෂුීන් ගෙන, ගයා ශීෂර්යෙසහි වසයි. එ කල්හි ඒ භික්ෂුසන් ගේ නුවණ මේරීමට ගියේය. ශාස්තෲන් වහන්සේ එය දැන අග්රකශ්රා්වක දෙ නම ඇමතු සේක. “ශාරීපුත්රෲයෙනි, තොප ගේ අතැවැසි වූ පන්සියයක් භික්ෂුෂහු දෙව්දත්හු ගේ ලබ්ධිය රුචි කොට, ඔහු සමඟ ගිය හ. දැන් වනාහි ඒ භික්ෂූතන් ගේ නුවණ මේරීමට ගියේ ය. තෙපි බොහෝ භික්ෂූවන් සමඟ එහි ගොස් ඔවුනට ධර්මෂය දෙසා ඒ භික්ෂූීන් මාර්ගහ ඵලයන් අවබෝධ කරවා එහුය” යි (කීහ) උන්වහන්සේ එසේ ම ගොස් ඔවුන්ට දහම් දෙසා මාර්ගම ඵලයන් අවබෝධ කරවා දෙ වැනි දවස්හි හිරු නැඟෙන වේලාවෙහි ඒ භික්ෂූනන් ගෙන වෙළුවනාරාමයට ම ගියහ. ඇවිත් ද වනාහි ශාරිපුත්ර තෙරුන් භාග්යබවතුන් වහන්ෙසේ වැඳ සිටි කල්හි භික්ෂු හු තෙරුනට ප්රපශංසා කොට භාග්ය්වතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, අප ගේ වැඩි මහලු සහෝදරයා වූ ධර්මම සේනාපති ස්ථවීරයන් වහන්සේ පන් සියයක් භික්ෂුඅන් විසින් පිරිවරන ලදුව එන්නේ ඉතාමත් හොබනේ විය. දේවදත්ත තෙමේ වනාහි පිරිහුණු පිරිවර
138 ජාතක අටුවාව
ඇත්තේ වී ය” යි (කී හ.) “මහණෙනි, ශාරිපුත්ර තෙමේ දැන් පමණක් ම නෑ සමූහයා විසින් පිරිවරන ලදු ව එන්නේ හොබනේ ම නොවේ. පෙරත් හොබනේ ම ය. දෙව් දත් වනාහි සමූහයා කෙරෙන් පිරිහුණේ දැන් පමණක්ම නොවේ. පූර්වවයෙහි ද පිරිහුණේ ම ය” යි (වදාළ හ) භික්ෂූණහු ඒ කාරණයා ගේ ප්ර කට වී ම පිණිස භාග්යිවතුන් වහන්සේට යාච්ඤ කළහ. භාග්යාවතුන් වහන්සේ අන්යි භවයෙන් වැසුණු කාරණය ප්රටකට කළ සේක.
4. යට ගිය දවස මගධ නම් රටෙහි රාජගහ නම් නුවර මගධ නම් එක් රජෙක් රාජ්ය්ය කරවීය. එකල්හි බෝධිසත්ත්වම තෙම මුව ජාතියෙහි පිළිසිඳ ගෙන වැඩි වියට පැමිණියේ පිරිවර මුවන් දහසක් ඇතිව ආරණ්යතයෙහි වසයි. ඔහුට ලක්ඛණ ය කාළය කියා පුත්රියෝ දෙදෙනෙක් වූහ. ඒ බෝධිසත්ත්වි තෙම තමා ගේ මහලු කල්හී, “දරුවෙනි, මම දැන් මහලු වෙමි තෙපි මේ පිරිවර පරිහරණය කරවූ” ය යි කියා මුවන් පන්සියය පන්සියය බැගින් එක එක පුතාට පාවා දුන්නේ ය. එ තැන් පටන් ඒ දෙදෙන මුව සමූහයා පරිහරණය කෙරෙත් මගධ රටෙහි ද ගොයම් කරන කල්හි ශස්යසයෙන් පිරී ඇති අරණ්යරයෙහි මුවනට උවදුරු ඇතිවෙයි මිනිස්සු ගොයම් කරන්නා වූ මුවන් ගේ මැරීම පිණිස ඒ ඒ තැන වල සාරත්, හුල් සිටුවත්, හබක් අටවත්, සොර මළ ආදිය පාසයෙහි අටවත් බොහෝ මුවෝ පැමිණෙත් බෝසත් තෙමේ ශස්ය යන් නිසා මුවනට අනතුරු ඇති කාලය දැන පුත්රබයන් කැඳවා, “දරුවෙනි, මේ ශස්යොයන් නිසා මුවනට අනතුරු සහිත කාලයයි. බොහෝ මුවෝ විනාශයට පැමිණෙත්. අපි මහලුවමු. යම් කිසි උපායයෙකින් එක් තැනෙක කල් ගෙවන්නමු. තොපගේ මුව සමූහයන් ගෙන අරණ්යකයෙහි පර්ව්ත ප්රාැන්තයට පිවිස ශස්යග කපා ගත් කල එවුය” යි කීය. ඔහු “යහපතැ” යි පියාගේ කීම අසා පිරිවර සහිත වූවාහු නික්මුණා හ. ඔවුන්ගේ වනාහි යන මාර්ගයන් මිනිස්සු. “මේ කාලයෙහි මුවෝ පර්වහතයට නඟිත්,
ජාතක අටුවාව 139
බසිත් ය” යි දනිත්. ඔහු ඒ ඒ වැසුණා වූ තන්හි සැඟැවුණාහු බොහෝ මුවන් විද මරත්. කාළ නම් මුව තෙමේ ද තමාගේ මුඪ බැවින්, “මෙ නම් වෙලාවෙහි යා යුතුය, මේ නම් වෙලාවෙහි නො යා යුතුය” යි නොදන්නේ මුව සමූහයා ඇර ගෙන පෙර වරු කාලයෙහි ද සවස් කාලයෙහි ද රාත්රි මුකයෙහි ද ඉතා අලු යම් කාලයෙහි ද ගම් දොරින් යයි. මිනිස්සු ඒ ඒ තන්හි ප්ර කෘතියෙන් ම සිටියාහු ද සැඟැවුණාහුද බොහෝ මුවන් විනාශයට පමුණුවත්. මෙසේ හෙ තෙම තමාගේ මුඪ බැවින් බොහෝ මුවන් විනාශයට පමුණුවා මුවන් ස්වල්ප දෙනකුන් සමඟම ආරණ්යනයට පිවිසියේ ය. ලක්ඛණ මුව තෙමෙ වනාහි නුවණැත්තේ ය, ව්ය ක්ත, උපායයෙහි දක්ස3 ය, මේ වෙලාවෙහි යා යුතුය, මේ වෙලාවෙහි නොයා යුතුය” යි දනියි. හෙතෙම ගම් දොරින් ද නො යයි, දහවල් ද නොයයි, රාත්රි මුඛයෙහි ද ඉතා අලුයම ද නො යයි. මුව සමුහයරැගෙන අර්ධය රාත්රිර කාලයෙහි ම යයි. එහෙයින් එක මුවකුත් විනාශ නොකොට ආරණ්යයයට පිවිසියේය. ඔහු එහි සාර මසක් වැස ශස්ය්යෙන් කපාගත් කල්හි පර්ව තයෙන් බැස්සා හ. කාළ මුව තෙම පෙරළා එන්නේ ද පළමු ක්රකමයෙන් ම සෙසු මුවන් වනයට පමුණුවන්නේ හුදෙකලා ව ම ආවේ ය. ලක්ඛණ මෘග තෙමේ වනාහි එක මුවකුන් විනාශ නොකොට, පන් සියයක් මුවන් විසින් පිරිවරන ලද්දේ මවු පියන් ගේ සමීපයට ආවේය. බෝසත් තෙමේ එන්නා වූ පුත්රරයන් දෙ දෙනා දැක මුව සමුහයා සමඟ මන්ත්ර්ණය කරන්නේ මේ ගාථාව පහළ කෙළේය.
4. “පිළිසඳරෙහි පිහිටියා වූ සිල්වතුන් හට වැඩෙක් වෙයි. නෑ සමුහයා විසින් පෙරටු කරන ලදුව, එන්නාවූ ලක්ඛණ මුවා බලව නැවත නෑයන් ගෙන් අතිශයින් පිරිහුණාවූ ම මේ කාළ නම් මුවා බලව”
5. ඒ ගාතාවෙහි සීලවතං යනු සුඛ ස්වභාවයෙන් සිල් වත් වූවන් ගේ ආචාර සම්පන්නයන් ගේ අෙත්ථා යනු වැඩී ම යි පටිසන්ථාවරවුතතිනං යනු ධර්ම ප්රේතිසන්ථාාරය ද ආමිස
140 ජාතක අටුවාව
ප්රමතිසන්ථා රය ද, මොවුන් ගේ පැවැත්ම නු යි පටිසන්‍ථාරවුත්ති නම් වේ. ඒ පටිසන්ථාරවුත්තීන් ගේ (යි) මෙහිදු පවින් වැළැක්වීම පිණිස අවවාදානුශාසන වශයෙන් ධර්මී ප්ර තිසන්ථානරයද ගෝචර ලාභය කරණ කොට වනාහි ගිලනුනට උපස්ථාරයද ගෝචර ලාභය කරණ කොට වනාහි ගිලනුනට උපස්ථාන කිරීම ධාර්මික රක්ෂාභ වශයෙන් ආමිස පටිසන්ථායර ය ද දත යුතුය. මෙය කියන ලද්දේ වෙයි. මේ දෙ වැදෑරුම් පිළිසඳරයන්හි සිටියා වූ ආචාර සම්පත්තියෙන් යුක්ත වූ පණ්ඩිතයනට වැඩීම නම් වෙයි. ඒ වැඩීම දක්වන්නට පුතා ගේ මවට ආමන්ත්ර කරන්නාක් මෙන්, “ලක්ඛණං පස්ස” යන මේ ආදිය කීය. එහි මේ සංෙක්ෂ්කපාර්ත්ථශය යි ආචාරයෙන් හා පටිසන්ථා”රයෙන් ද යුක්ත වූ එක මුවකුත් නො නසා නෑ සමූහයා විසින් පෙරටු කරන ලදු ව, පිරිවරන ලදු ව එන්නාවු තමාගේ පුතා බලව. ඒ ආචාර පටිසන්ථායර සම්ප්රනදායෙන් හීන වූ අප්රාඥ වූ එක නෑයකුත් සේස නොකොට නෑයන් ගෙන් වෙසෙසින් හීන වූ එකලා ව එන්නා වූ මේ කාළයා අනතුරුව බලන්නේහි. බෝ සත් තෙමේ මෙ සේ පුත්රූයාට ප්රරසංසා කොට ආයු ඇති තෙක් සිට, කම් වූ පරිද්දෙන් පරලොව ගියේ ය.
6. ශාස්තෲන් වහන්සේ ද “මහණෙනි, සැරියුත් තෙමේ දැන් පමණක් ම නෑ සමූහයා විසින් පිරිවරන ලද්දේ හොබනේ නොවෙයි පෙරත් ශෝභමාන වූයේ ම ය. දෙව්දත් දැන් පමණක් ම ගණයා කෙරෙන් පිරිහුණේ ද නොවේ. පූර්‍වයෙහි ද පිරිහුණේ ම ය යි මේ ධර්මම දේශනාව දක්වා. පූර්වාිපර වස්තු දෙක ගළපා පුර්වාණපර සන්ධි යොදා ජාතකය නිම කළ සේක. “එකල්හි කාළ තෙමේ දෙව්දත් වීය. ඔහුගේ පිරිස දේවදත්ත පිරිස ම ය. ලක්ඛණ මුවා සැරියුත් තෙමෙ විය. පිරිස වනාහි බුදුන් ගේ පිරිසය මවු තොමෝ රහුල මාතාව වුවා පිය තෙමේ වනාහි මම් ම වීමි” යි (වදාළ සේක.)
_______
ජාතක අටුවාව 141
2. නිග්රො ධමිග ජාතකය
1. “නිග්රො මෙව සෙවෙය්ය ” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරනසේක් කුමාර කාශ්යාප තෙරුන් ගේ මව අරබයා වදාළ සේක. ඕ තොමෝ වනාහි රජගහ නුවර මහ සම්පත් ඇති සිටුහු ගේ දුව වූවා. බලවත් වූ කුසල් මුල් ඇති මඩනා ලද සංස්කාර ඇති අවසාන භවයෙහි සිටියා ය. කළය ඇතුළෙහි පහනක් මෙන්, ඇය ගේ හෘදයයෙහි රහත් බවට භාග්ය ය ඇත්තෙක් දිලිසෙයි. ඕ තොමෝ, තමා දන්නා කල් පටන් ගෘහ ජීවිතයෙහි නො ඇලුණි, පැවිදි වනු කැමැති ව, මවු පියනට කීවා. “මවු පියෙනි, මා ගේ සිත ගිහි ගෙයි විසීමෙහි නො ඇලෙයි. මම නෛර්යාාණික වූ බුද්ධ ශාසනයෙහි පැවිදි වනු කැමැත්තී වෙමි මා පැවිදි කරවු ය” යි (කීවා ය.) “දියණියෙනි, කුමක් කියන්නේහි ද, මේ කුලය බොහෝ සම්පත් ඇත්තෙකි. තී ද අප ගේ එක ම දුව ය. තී විසින්, පැවිදි වන්නට නොලැබීය හැකි” යි (කී හ. ) ඕ නැවත නැවත යාච්ඤ කොටත් මවු පියන් ගේ සමීපයෙන් පැවිද්ද නොලබන්නී මෙ සේ සිතුවා ය. “වේ වා! ස්වාමි කුලයට ගිය කල්හි ස්වාමියා සිත් ගෙන පැවිදි වන්නෙමි” යි. ඕ තොමෝ වැඩි වියට පැමිණියා ස්වාමි කුලයට ගොස් ස්වාමියා දේවත්වැයෙන් සලකන්නියක් ව සිල් වත් ව යහ පත් පැවැතුම් ඇත්තියක් ව ගිහි ගෙයි විසු හ. ඉක්බිත්තෙන් සහ වාසයට පැමිණ ඇයගේ කුසෙහි ගැබෙක් පිහිටියේ ය. ඕ ගර්භයා ගේ පිහිටි බව නොදන්තී ය. ඉක්බිත්තෙන් නගරයෙහි නැකැත් කෙළියක් ඝෝෂණය කළ හ. සියලු නුවර වැසසෝ නැකැත් කෙළි කෙළිය හ. නුවර දෙව් නුවරක් මෙන් අලඞ්කාර කොට පිළියෙළ කරන ලද්දේක් විය. ඕ වනාහි ඒ තාක් මහත් වූ ද නැකැත් කෙළිය පවත්නා කල්හි තමන් ගේ සිරුර (සුවඳ) නො ගල්වයි, අලඞ්කාර නො කරයි. ප්රඝකෘති විලාසයෙන් ම හැසිරෙ යි.
2. ඉක්බිත්තෙන් ඇයට ස්වාමි තෙම, “සොඳුර, මුළු නුවර උත්සව නිශ්රිිත ය. තී වනාහි ශරීරය පිළිදැගුම්
142 ජාතක අටුවාව
නො කරන්නේහි ද?” යි කී ය. ස්වාමීනි, මා ගේ ශරීරය දෙතිස් කුණපයන් ගෙන් පුරන ලද්දේ ය. මේ (ශරීරය) අලඞ්කාර කිරීමෙන් කවර වැඩෙක් ද? මේ කය වනාහි දෙවියන් විසින් මවන ලද්දෙක් ද නො වේ, බ්ර හ්මයා විසින් මවන ලද්දෙක් ද නො වේ. රතින් කරන ලද්දෙක් ද නො වේ, මිණියෙන් කරන ලද්දෙක් ද නො වේ. රත් සඳුනෙන් කරන ලද්දෙක් ද නො වේ. හෙළ නෙලුම්, රත් නෙලුම්, මානිල් යන මොවුන් ගේ ගර්භයෙන් හට ගත්තේ ද නො වේ. අමෘතෞෂධ පුරවන ලද්දෙක් ද නො වේ. වැළිත් කුණපයෙහි හට ගත්තේ ය, මවු පියන් ගෙන් හට ගත්තේ ය, අනිත්යපය හ. සුවඳින් ඉළීම ය, මැඩීම ය, බිඳීම ය, නැසීම ය, යන මොවුන් ස්වභාව කොට ඇත්තේ ය, සොහොන් වඩන්නේ ය, තෘෂ්ණාවෙන් අල්වා ගත්තේය, ශෝකයට නිදානය, වැලැපීම් වලට ස්ථාන ය, සියලු රෝගයනට ගෘහය ය, කම් කටොලු වලට අයිති ය, ඇතුළත කුණු ය, පිටත නිතර වැගිරෙන සුලුය, පණු කුලයනට නිවාස ස්ථානය ය, සොහොන පිහිට කොට ඇත්තේ ය, මරණය කෙළවර කොට ඇත්තේ ය, සියලු ලෝ වැස්සා ගේ ඇස් හමුයෙහි පවත්නේ ද-
3. “ඇට නහර වලින් යුක්ත වූ, සම් මස් ආලේප කරන ලද්දා වූ කය සිවියෙන් වසන ලද්දේ ය, තත් වූ පරිදි නොදක්නේ ය.
4. – 5. “අතුනුයෙන් පිරුණේ ය, උදරයෙන් පිරුණේ ය, අක්මාවට ද, වස්තියට ද, හෘදය වස්තුවට ද, පපු කැනට ද, වකු ගඩුවට ද, බඩ දිවට ද, සොටුවට ද, කෙළට ද, ඩහදියට ද, මේදෝ තෙලට ද, ලෙයට ද, සඳ මිඳුලුවලට ද, පිතට ද, වුරුණු තෙලට ද (වාස ය.)
6 – 7. “ඉක්බිති ඒ සත්ත්වණයා ගේ නව දොරින් සෑම දාම අසූ වි වැගිරෙයි, ඇසින් අක්ෂික ගූථ (කබ) ද, කනින් කර්ණා ගූථ ද, නැහැයෙන් සොටු ද, (වැගිරෙයි) සමහර විටෙක කටින් වමනය කරයි, පිත ද සෙම ද වමනය කරයි, ශරීරයෙන් ඩහ දිය කුණු වහනය කරයි.
ජාතක අටුවාව 143
8. “ඉක්බිති ඔහු ගේ සිදුරු සහිත වූ හිස හිස්, මුලින් පුරන ලදි. අවිද්යා ව පෙරටු කොට ඇති අඥ තෙමේ ඒ (ශරීරය) ශුබ වශයෙන් හැඟීයි.
10.“ශරීරය ප්ර මාණ රහිත ආදීනව ඇත්තේ ය, විෂ වෘක්ෂඟයකට බඳු උපමා ඇත්තේ ය, සියලු රෝගයනට නිවාස ය, හුදෙක් දුක් ගොඩෙකි.
11. “(මේ) කය දුගඳ ය, අපවිත්ර ය’ කුණපයෙක් ය, කසළ ගොඩකට සමාන ය. කය ඇස් ඇත්තන් විසින් නින්දා කට යුත්තේ ය, අඥයන් විසින් සතුටු වන ලද්දේ ය.
12. “ආර්යස පුත්ර්ය, මේ කය අලඞ්කාර කොට කුමක් කරම් ද? මේ ශරීරයා ගේ අලඞ්කාර කිරීම අසුචි පිරුණු කළයා ගේ පිටත සිතියම් කරන්නාක් මෙන් වන්නේ නො වේද?” සිටු පුත් තෙමේ ඇය ගේ ඒ කීම අසා, “සොඳුර, තී මේ ශරීරයා ගේ මේ දෝෂයන් දකින්නී කුමක් හෙයින් පැවිදි නොවන්නී දැ?” යි කීය. “ස්වාමීනි, පැවිදි බව ලබන්නී නම් අද ම පැවිදි වන්නෙමි”, යි කීවා ය. සිටු පුත් තෙමේ, “යහ පති, මම තී පැවිදි කරන්නෙමි” යි කියා මහ දන් පවත්වා මහත් සත්කාර කොට මහ පිරිවරින් භික්ෂු ණීන් ගේ ආශ්ර්මයකට පමුණූවා, ඈ පැවිදි කරවන්නේ දේවදත්ත පක්ෂකයෙහි වූ භික්ෂුශණින් ගේ සමීපයෙහි පැවිදි කරවීය. ඕ තොමෝ පැවිද්ද ලැබූ සම්පූර්ණව වූ මනෝරථ ඇත්තී සතුටු සිත් ඇත්තී වූවා ය. ඉක්බිති ඇය ගේ ගැබ මිහිකිරීමට යන කල්හි ඉන්රිු යයන් ගේ වෙනස් බව ද පිටි අත් පාවල මහත් බව ද උදර පටලයා ගේ ද මහත් බව ද දැක, භික්ෂුිණි වරු ඇය අතින් විචාළ හ. “ආර්යාුවෙනි, තී ගර්භණියක මෙන් පෙනෙන්නෙහි ය. මේ කිමෙක් ද?” “ආර්යා වෙනි, මෙ නම් කරුණ ය යි නොදනිමි. මා ගේ ශීලය වනාහි පරිපූර්ණහය” යි (කීවා ය.)
143 ජාතක අටුවාව
13. ඉක්බිති ඒ භික්ෂූ ණි වරු දෙව්දත් සමීපයට පමුණුවා දේවදත්ත තෙරුන් අතින් ඇසු හ. “ආර්යෂයන් වහන්ස, මෝ කුල දුව දුක සේ සැමියා සතුටු කොට, ප්ර ව්රආජ්යායව ලැබුවා ය. දැන් වනාහි ඇයට ගර්භ යෙක් පෙනෙයි. අපි මේ ගර්භ්ය ගිහි කල්හි හෝ පැවිදි වූ කල්හි හෝ ලබන ලද බව නො දනිමු. දැන් කුමක් කරමු ද?” දෙව්දත් තෙමේ තමා ගේ නොබුදු බැවින් ද ක්ෂාුන්තී මෛත්රී් කරුණා යන මොවුන් ගේ නැති බැවින් ද මෙ සේ සීතී ය. “දෙව්දත්හු ගේ පක්ෂතයෙහි වූ භික්ෂු ණියක් කුසින් ගැබක් පරිහරණය කරන්නී ය. දෙව්දත් තෙමේ ද එය ඉවසා ය’ යි, මට ගර්භා් නින්දා උපදින්නේ ය. මා විසින් මෑ සිවුරු හරවන්නට වටී” ය යි, හෙ තෙම නො විමසා ම වට ගුළක් (බෝලයක්) පෙරැළන්නාක් මෙන් පැන, “යවු. මැය සිවුරු හරවවුය” යි කී ය. ඒ භික්ෂුාණිහු ඔහු ගේ කීම අසා නැගිට වැඳ ආශ්රරමයට ගිය හ.
14. ඉක්බිති ඒ භික්ෂූ්ණි තොමෝ තරුණ භික්ෂුුණිනට කී හ. “ආය්යා ු වෙනි, දෙව්දත් තෙර බුඬ ද නො වේ. මගේ පැවිද්ද ද ඔහු ගේ සමීපයෙහි නො වේ. ඒ පැවිද්ද වනාහි මා විසින් දුකින් ලබන ලදදේ ය. එය නැති නො කරවු. එවු මා ගෙන ජේත වනයෙහි ශාස්තෲන් ගේ සමීපයට යවුය” යි (කීවාය) ඒ භික්ෂුේණිහු ඈ රැගෙන රාජගහ නුවරින් පන් සාළිස් යොදුන් මඟ ඉක්මවා පිළිවෙළින් ජේතවනාරාම යට පැමිණ ශාස්තෲන් වහන්සේ වැඳ ඒ කාරණය සැළ කළ හ. ශාස්තෲන් වහන්සේ සිතූ සේක. “වැලි දු මැය ගේ ගැබ ගිහි කල්හි පිහිටියේ ය. මෙ සේ ඇති කල්හි දු ‘ශ්ර මණ භවත් ගෞතම තෙම දෙවුදත් විසින් හරනා ලද තැනැත්තිය ඇර ගෙන හැසිරේ ය’ යි තීර්ත්ථදකයනට අවකාශ ඇති වන්නේ ය. එ හෙයින් මේ කථාව පසිඳන්නට රජු සහිත පිරිස මැද මේ අධිකරණය විනිශ්චය කරන්නට වටී ය” යි දෙවන දවස්හි පසේනදි කොසොල් රජු ද මහා අනාථපිණ්ඩික සිටු ද සුළු අනාථ පිණ්ඩිත සිටුහු ද විහාඛා මහා උවැසිය ද අනිකුදු ප්ර කට වු මහා කුලවතුන් කැඳවා සවස් කාලයෙහි සිවු පිරිස රැස්වූ කල්හි උපාලි තෙරුන් ඇමැතුසේක.
ජාතක අටුවාව 145
“යව, සිවු පිරිස මැද මේ තරුණ භික්ෂුාණිය ගේ කර්මවය පිරිසුදු කරව” යි කී සේක. “ස්වාමීනි, යහ පතැ” යි තෙර තෙමේ පිරිස මැදට ගොස් තම හට පැමිණි අස්නෙහි හිඳ රජු ගේ ඉදිරියට විසාඛා උවැසිය කැඳවා මේ විනිශ්චයය පාවා දුන්නේ ය. විසාඛාවෙනි, යව මෝ තරුණිය අසවල් මාසයෙහි අසවල් දවසෙහි පැවිදි වූවා ය යි ඇති පරිද්දෙන් දැන මේ ගර්භමයට පෙර හෝ පසුව හෝ ලද බව දැනුව” යි, (කී ය) උවැසි තොමෝ, “මැනැව” යි පිළිගෙන තිරයක් වට කරවා තිරය ඇතුළත දී. තරුණ භික්ෂුයණියගේ අත් පා නැබ උදරයේ අවසානය යන තැන් බලා, මාස හා දවස් ද ගැන බලා ගිහි කාලයෙහි දී ගර්භසය ලත් බව තත් වූ පරිද්දෙන් දැන තෙරහු ගේ සමීපයට ගොස්, ඒ කාරණය සැළ කළා ය. තෙර තෙමේ සිවු පිරිස මැද ඒ මෙහෙණිය පිරිසුදු කළා ය. ඕ තොමෝ, පිරිසුදු වී, බික් සඟුන් හා බුදුන් ද වැඳ භික්ෂුරණීන් සමග ආශ්ර මයට ම ගියා ය. ඕ ගැබ් මේරීමට පැමිණ පදුමුන්තර බුදුන්ගේ පා මුල්හි පතන ලද ප්රා ර්ත්ථිනා ඇති මහත් වූ ආනුභා ඇති පුතකු වැදුවා ය.
15 ඉක්බිති එක් දවසක් රජ තෙම භික්ෂු්ණින් ගේ ආශ්රදමය සමීපයෙන් යන්නේ ළදරුවකු ගේ හඬ අසා අමාත්යරයන් විචාළේ ය. අමාත්යගයෝ ඒ කාරණය දැන, දේවයන් වහන්ස, ඒ තරුණ මෙහෙණිය පුතකු වැදුවා ය. මේ ශබ්දය ඔහුගේ ය” යි කීහ. ‘දරුවෙනි, භික්ෂූුණින්ට දරුවන් පිළිදැගුම් කිරීම නම් පළිබෝධ ය. අපි ඔහු පිළිදැඟුම් කරන්නමු” යි” රජ ඒ ළ දරුවා නාටක ස්ත්රීකනට දෙවා කුමර පෙරහරින් වැඩවී ය. ඔහුට නම් තබන දිනයෙහි “කස්සප” ය යි නම් කළ හ. ඉක්බිති ඔහු කුමර පෙරහරින් වඩනා ලද බැවින් ‘කුමාරකාශ්යයප’ ය යි හැඳින්වුහ. හෙ තෙම සත් හැවිරිදි කල්හි ශාස්තෲන් සමීපයෙහි පැවිදි ව සපිරුණු වයස් ඇත්තේ උපසම්පදාව ලැබ කල් යත් යත් ධර්මි කථිකයන් අතුරෙහි විසිතුරු කථා ඇත්තේ විය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ “මහණෙනි, මා ගේ ශ්රා වක වූ විසිතුරු
146 ජාතක අටුවාව
කථා ඇති භික්ෂූේන් අතුරෙන් මොහු අග්ර ය. යම් මේ කුමාර කාශ්ය පය ය” යි එතදග්රියෙහි තැබූ සේක. හේ පසු ව ධම්මික සූත්රාය දේශනා කරන කල්හි රහත් බවට පැමිණියේ ය. මොහු ගේ මාතෘ භික්ෂු්ණිය ද විදර්ශ නා වඩා අග්ර” ඵලයට පැමිණියා ය. කුමාරකස්සප තෙර බුද්ධ සාසනයෙහි අහස මැද පුන් සඳ මෙන් ප්රයකට විය. ඉක්බිති එක් දිනක් තථාගතයන් වහන්සේ පසු බත් කාලයෙහි පිණ්ඩ පාතයෙන් වැළැකුණේ භික්ෂුපන්ට අවවාද දී ගඳ කිළියට පිවිසි සේක. භික්ෂූ හු අවවාද ගෙන තමතමන් ගෙ රෑ දාවල් වසන තැන්වල දහවල් කාලය ගෙවා සවස් කාලයෙහි ධර්මක සභාවෙහි රැස් වී, “ඇවැත්නි, දෙව්දත් තෙරුන් විසින්, තමා ගේ නොබුදු බැවින් ද, ක්ෂාඇන්තී මෛත්රීෙ ආදීන් නොමැති බැවින් ද, කුමාරකස්සප තෙර ද ස්ථවිරී තොමෝ ද ඇසිල්ලෙකින් නසන ලද හ. සම්මා සම්බුදුහු වනාහි තමාගේ ධර්මඇ රාජ බැවින් ද, ක්ෂා න්ති මෛත්රීන කරුණා සම්පත්තියෙන් යුක්ත බැවින් ද ඒ දෙ දෙනාට ම පිහිට වූ සේකැ”යි, බුද්ධ ගුණයන් වර්ණුනා කරමින් හුන්නාහ.
16. ශාස්තෲන් වහන්සේ බුඬ ලීලාවෙන් ධර්ම සභාවට වැඩ, පනවන ලද ආසනසෙහි වැඩ හිඳ, “මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තය හුන්නාහු දැ” යි විචාළ සේක. “ස්වාමීනි, නුඹ වහන්සේගේ ම ගුණ කථාවෙන් යුක්තව ය” යි සියල්ල සැළ කළහ. මහණෙනි. තථාගත තෙමේ මේ දෙ දෙනාට ප්රයත්යයය ද පිහිට ද වූයේ දැන් පමණක් ම නොවේ, පෙරත් පිහිට වූයේමය” යි (වදාළහ) භික්ෂු හු ඒ කාරණයාගේ ප්රෙකට වීම පිණිස භාග්ය වතුන් වහන්සේට ම යැදුහ. භාගවතුන් වහන්සේ අන්යය භවයෙන් වැසුණු කරුණු ප්රනකට කළ සේක.
17. අතීතයෙහි බරණැස් නුවර බඹදත් නම් රජකු රාජ්යනය කරවන කල්හි බෝධි සත්ත්වත තෙමේ මුව යෝනියෙහි පිළිසිඳ ගත්තේ ය. හෙ තෙමේ මවු කුසින් නික්මෙන්නේ රන් වන් විය. ඔහුගේ ඇස් ද මිණි වට සමාන වුවාහු
ජාතක අටුවාව 147
වූහ. අං රිදී වන් ය. මුඛය රත් පලස් හූ වට බඳු වර්ණ ඇත්තේ ය. අත් පා කෙළවර ලා කඩින් පිරියම් කළාක් බඳු ය. වලිගය සෙමරක ගේ මෙන් වීය. ඔහු ගේ සිරුර වනාහි මහත් වූ අස් පැටියකු ගේ පමණ වීය. හෙ තෙමේ පන් සියයක් මුවන් පිරිවර කොට ඇතිව ආරණ්යඅයෙහි වාසය කෙළේ ය. නමින් නිග්රෝ ධ මුව රජ නමි. ඔහුට නුදුරෙහි වනාහි අනෙකුදු පන් සියයක් මුවන් පිරිවර කොට ඇති සාඛ නම් මුවෙක් වසයි. හෙ තෙමේත් රන්වන් වූයේ ම විය. එ සමයයෙහි බරණැස් රජ මුව දඩයමෙහි යෙදුණේ වෙයි. මස් නොමැති ව අනුභව නො කරයි. මිනිසුන් ගේ කර්මාේන්ත විනාශ කොට සියලු නිගම ජනපද වාසීන් රැස් කරවා, දින පතා මුවන් මැරීමට යයි. මිනිස්සු සිතූ හ. “මේ රජ තෙම අපගේ කර්ම ච්ජේදය කරයි. අපි උයනෙහි මුවනට තෘණ ආදි ආහාර වවා පැන් සම්පාදනය කොට බොහෝ මුවන් උයනෙහි ප්රිවේශ කරවා දොර බැඳ, “රජුට පාවා දෙන්නමු” යි. ඒ සියල්ලෝ උයනෙහි මුවන්ගේ ආහාරයට යොගය තෘණ රෝපණය කොට, දිය සම්පාදනය කොට, දොරක් යොදා. නුවර වැස්සන් ගෙන, මුගුරු ආදි නොයෙක් ආයුධ ගත් අත් ඇති ව අරණ්යගයට පිවිස, මුවන් සොයන්නාහු. ‘මැද සිටි මුවන් ගන්නමු” යි පමණ තැන වට කාට හකුළුවන්නාහු, නිග්රෝෙධ මෘග සාඛ මෘගයන්ගේ වසන තැන මැදි කොට, වට කළ හ. ඉක්බිති ඒ මුව සමූහයා දැක, ගස් පඳුරු ආදියට ද බිමට ද මුගුරුවලින් ගසන්නාහු මුව සමූහයා (කැළෑවෙන්) වැසුණු තැනින් බැහැර කොට කඩු සැත් දුනු ආදි වූ ආයුධ අමෝරා මහත් සේනා ද කරන්නාහු ඒ මුව සමූහයා උයනට ප්රදවේශ කරවා දොර වසා, රජු වෙත එළඹ, “දේවයෙනි, නිතර මුව දඩයමට යන්නාහු, අපගේ කර්මාින්ත නසන්නාහු ය. අප විසින් ආරණ්ය යෙන් මුවන් පන්නා ඔබගේ උයන පුරවන ලදි. මෙ තන් පටන් ඔවුන්ගේ මස් කනු මැනවැ” යි රජු විචාර ගිය හ.
148 ජාතක අටුවාව
18. රජු ඔවුන් ගේ කීම අසා උයනට ගොස් මුවන් බලන්නේ, රන් වන් මුවන් දෙදෙනකු දැක ඔවුනට අභය දුන්නේ ය. එ තන් සිට වනාහි කිසි කලෙක තෙමේ ගොස් එක් මුවකු විද ගෙනෙයි, කිසි කලෙක ඔහු ගේ අරක්කැමියා ගොස් විද ගෙනෙයි. මුවෝ දුන්න දැක මරණ බියෙන් තැති ගත්තාහු පලා යත්. දෙතුන් පහර ලැබ ක්ලාන්ත ද වෙත්. ගිලන් ද වෙත්. මරණයට ද පැමිණෙත්. මුව සමූහ තෙමේ ඒ ප්රකවෘත්තිය බෝ සතුට දැන්වීය. ඒ තෙමේ සාඛ මුවා කැඳවා කීය. “යහළුව, බොහෝ මුවෝ නැසෙත්. ඒ කාන්තයෙන් මරණයට පැමිණිය යුතු කල්හි මෙ තන් පටන් ඊයෙන් මුවන් නො විදිත් වා. දම් ගෙඩිය ඇති තැන මුවන් ගේ වාරය වේ වා. එක් දවසක් මා ගේ පිරිසට වාරය පැමිණේ වා. එක දිනයෙක තා ගේ පිරිසට වාරය පැමිණෙවා. වාරය පැමිණි මුවා ගොස් දම් ගෙඩිය හිස තබා හොවී වා. මෙ සේ ඇති කල්හි මුවෝ ව්රමණ සහිත නොවන්නා හ” යි කීය. හෙතෙම යහ පතැ” යි පිළිගත්තේ ය. එතන් පටන් වාරය පැමිණි මුවා ම ගොස් දම් ගෙඩියෙහි බෙල්ල තබා හොවියි. අරක්කැමියා අවුත් එහි හොත්තහුම ගෙනයෙයි.
19. ඉක්බිති එක් දවසක් සාඛ මුවාගේ පිරිසෙහි එක් ගර්භීණී මුව දෙනකට වාරය පැමිණියේ ය. ඕ තොමෝ සාඛ මුවා කරා එළඹ, “ස්වාමිනී, මම ද ගර්භීණි ය. පුතකු වදා දෙ දෙනා වාරයට යන්නමු. මාගේ වාරය ඉක්මව” යි කී හ. හෙ තෙම, “තී ගේ වාරය අන්යරයනට පමුණුවන්නට නොහැක්කේ ය. තිට පැමිණි වාරය තීම දැන ගන්නෙහිය. යව” යි කීය. ඕ ඔහු වෙතින් අනුග්ර හ නොලබන්නීය, බෝ සතුන් කරා එළඹ ඒ කාරණ සැළ කළා ය. හෙ තෙම ඇයගේ වචනය අසා, “වේවා! තී යව. ති ගේ වාරය ඉක්මවමි” යි තෙමේ ගොස් දම් ගෙඩිය හිස කොට හොත්තේ ය. අරක්කැමියා ඔහු දැක, “ලබන ලද අභය ඇති මුව රජ තෙම දම් ගෙඩියෙහි හොත්තේ ය. කුමන කරුණක්
ජාතක අටුවාව 149
නිසා දැ?’ යි වේගයෙන් ගොස් රජුට දැන්වීය. රජ ඒ කෙණෙහි ම රථයට නැඟ මහ පිරිවරින් පැමිණ බෝසතු දැක, “යහළුව මුව රජ, මා විසින් තට අභය දුන්නේ නොවේ ද? කුමක් හෙයින් තෝ මෙහි හොත්තේ දැ?” යි කී. ‘මහ රජ, ගැබිණි මුව දෙනක් අවුත් ‘මා ගේ වාරය අනෙකකුට පමුණුව’යි කී හ. මා විසින් එකකුගේ මතුයෙහි බහා ලන්නට නොහැක්කේ ම ය. ඒ මම තම ජීවිතය ඇයට දී ඇය සතු මරණය ගෙන මෙහි හොත්තෙමි. අන් කිසි සැකයක් නොකළ මැන” රජ කී. “ස්වාමි රන් වන් මුව රජ, මා විසින් තා බඳු වූ ක්ෂාකන්ති මෛත්රීජ කරුණා සම්පන්නයෝ මිනිසුන් අතරෙහි ද නොදක්නා ලද විරූ ය. එ හෙයින්. තට පැහැදුනෙමි. නැගිටුව, තට ද ඇයට ද අභය ලබන ලද කල්හි සෙස්සෝ කුමක් කරන්නාහු ද?” “ස්වාමීනි, සෙස්සන්ට ද අභය දෙමි” යි කී. “මහ රජ, මේ සෙත් උයනෙහි වැසි මුවෝ ම අභය ලබන්නා හ. සෙස්සෝ කුමක් කරන්නාහු ද?” “ස්වාමිනි. ඔවුනට අද භය දෙමි” මුවෝ පමණක් අභය ලබත් වා. සෙසු සිවු පාවෝ කුමක් කරන්නාහු ද?” ස්වාමි, ඔවුනට ද අභය දෙමි” “මහ රජ, සිවු පාවෝ පමණක් අභය ලබත්වා. පක්ෂීිහු කුමක් කරන්නාහු ද?” ස්වාමි, ඔවුනට ද අභය දෙමි” “මහ රජ, විජ ගණයා පමණක් අභය ලබන්නාහු දියෙහි වසන්නා වූ මත්ස්ය යෝ කුමක් කරන්නාහු ද?” ‘ස්වාමි, ඔවුනට ද අභය දෙමි” මෙසේ මහා සත්ත්වක තෙමේ රජු වෙතින් සියලු සත්ත්වයයනට අභය යාච්ඤා කොට පඤ්ච ශීලයන්හි පිහිටුවා, මහ රජ, ධර්මසයෙහි හැසිරෙව. මවු පියන් කෙරෙහිත් පුත්රන දුභිතෲන් කෙරෙහිත් බ්රා,හ්මණ ගෘහපතීන් කෙරෙහිත් නියම් ගම් ජන පද වාසීන් කෙරෙහිත් දැහැමින් හැසිරෙන්නේ සම සේ හැසිරෙන්නේ ශරීරයා ගේ බිඳීමෙන් මරණින් පසු ශෝභන ගති ඇති ස්වර්‍ග ලෝකයට යන්නේ ය.” යි රජුට බුදු කෙනකු ගේ ලීලාවෙන් දම් දෙසා කිහිප දිනක් උයනෙහි වැස, රජු ට
150 ජාතක අටුවාව
අවවාද දී මෘග ගණයා විසින් පිරිවරන ලදු ව ආරණ්ය යට පිවිසියේ ය. ඕ වුව දෙන ද මල් පොකුරක් වැනි පුතකු වැදුවා ය. හෙ තෙම ක්රීීඩා කරමින් සාඛ මුවා සමීපයට යයි. ඉක්බිති ඔහු මවු ගේ සමීපයට යන්නාහු දැක, “පුත. මෙතැන් පටන් ඔහු ගේ සමීපයට නො යව. නිග්රෝාධ මුවා ගේ ම සමීපයට යව” යි අවවාද කරන්නී.
20. “නිග්රොාධ මුව රජු ම සේවනය කරන්නේ ය. සාඛ මුවා කරා එළඹ නොවසන්නේ ය. සාඛ මුව රජු කෙරෙහි ඉදින් යම් ජීවත් විමෙක් ඇද්ද, (ඊට වඩා) නිග්රො ධ මුව රජු වෙත මිය යාම ශ්රෙ,ෂ්ඨ වන්නේ ය.”
21. ඒ ගාථාවෙහි නිග්රො ධමෙව සෙවෙය්යධ යනු “පුත, තෝ හෝ අනෙකෙක් හෝ තම හට කැමැත්තේ නම් නිග්රෝධ මුව රජු ම සේවනය කරන්නේ ය, භජනය කරන්නේ ය. එළඹෙන්නේ ය. න සාඛමුපසංවසෙ යනු සාඛා මුවා වෙත එළඹ වනාහි නොවසන්නේ ය, ඔහු නිසා ජීවිකාව නොකරන්නේ ය. නිග්රොවධස්මිං මතං සෙයෙයා යනු නිග්රෝඛධ රජුන් පා මුලෙහි මරණය ද ශ්රෙඑෂ්ඨය, යහපත් ය, උතුම් යඤේච සාඛස්මිං ජීවිතං සාඛා මුවා සමීපයෙහි යම් ජීවත් වීමෙක් වේ ද, එය ශ්රෙ ෂ්ඨ නො වේ, යහපත් නො වේ, උතුම් නො වේ යනු අර්ත්ථප යි.
22. එ වක් පටන් වනාහි ලබන ලද අභය ඇති මුවෝ මිනිසුන් ගේ ශස්ය්යන් කත්. මිනිස්සු, “මේ මුවෝ ලබන ලද අභය ඇත්තෝ ය’ යි ගසන්නට හෝ පලවා හරින්නට හෝ සමර්ත්ථි නො වෙත්. ඔහු රජ මිඳුලෙහි රැස් වී ඒ කාරණය සැළ කළ හ. “රජ පැහැදුණා වු මා විසින් උතුම් වූ නිග්රෝරධ මුවාට වරයක් දෙන ලදී. මම රාජ්යණ අත් හරින්නෙම් නමුදු ඒ ප්රනතිඥාව අත් නොහරින්නෙමි. යවු, මා ගේ රටෙහි කිසිවෙකුත් මුවනට ගසන්නට නො ලබා ය” යි ( කි ය.)
23. නිග්රෝ ධ මුවා ඒ පුවත අසා මුව සමූහයා රැස් කරවා, “අනුන් ගේ ශස්යන කන්නට නො ලබවු ය” යි
ජාතක අටුවාව 154
මුවන් වළක්වා මිනිසුනට දැන්වී ය: ශස්යජ කරන මිනිස්සු ශස්ය රැකීම පිණිස වැටක් නො කෙරෙත් වා. කෙත වට කොට. ගොප්පන් බඳිත්ව” යි එ වක් පටන් වනාහි කුඹුරුවල සංඥා පණි බැඳීම පහළ වී ය. එ වත් පටන් පර්ණප සංඥාව ඉක්මවන මුවෙක් නම් නැති. මේ වනාහි ඔවුනට බෝසතුන් ගෙන් ලද අවවාද ය යි. මෙ සේ මුව සමුහයාට අවවාද කොට බෝසත් ආයු ඇති තාක් සිට මුවන් සමග කම් වූ පරිද්දෙන් පර ලොව ගියේ ය. රජ ද බෝ සත්හුගේ අවවාදයෙහි පිහිටා පින් කොට කර්මාරනුරූප ව (මිය) ගියේ ය.
24. ශාස්තෲන් වහන්සේ, “මහණෙනි, මම ස්ථවිරාවට ද කුමාර කස්සපට ද පිහිට වූයෙම් දැන් පමණක් ම නො වේ. පෙරත් පිහිට වූයෙම් ම ය” යි මේ ධර්මද දේශනාව ගෙන හැර දක්වා වතුස්සත්යහ ධර්මව දේශනාව පෙරළා වස්තු දෙක වදාරා, අනුසන්ධි ගළපා ජාතකය නිමවූ සේක. “එ කල්හි සාඛි මිග තෙමේ දෙව්දත් වී ය. ඔහු ගේ පිරිස ද දෙව් දත් පිරිස ම ය. මුව දෙන ස්තවිරා වුවා ය. පුත්ර යා කුමාර කාශ්යදප වි ය. රජ ආනන්ද වී ය. නිග්රොනධ මුව රජ වනාහි මම් ම වීමි” යි.
______
3. කණඩින ජාතකය
1. “ධීරත්ථු කණ්ඩිනං සල්ලං” යනාදි දර්ම් දේශනාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වාසය කරන සේක් පැරැණි බිරින්දකගේ පෙළඹවිමක් අරබයා වදාළ සේක. එය අෂ්ටක නිපාතයෙහි, ඉන්රිම් ය ජාතකයෙහි පහළ වන්නේය. භාග්යේවතුන් වහන්සේ වනාහි ඒ භික්ෂුඉ වට මෙ සේ වදාළ සේක: “මහණ, පෙරත් මේ ස්ත්රිුය නිසා ජීවිතක්ෂ්යට පැමිණ පහ වූ ගිනි දැල් ඇති ගිනි අඟුරුවල පැසුණේ (වෙහි) ය” භික්ෂු්හු ඒ කාරණයා ගේ පහළ කිරීම පිණිස භාග්යලවතුන් වහන්සේට යාච්ඤා කළහ. භාග්යුවතුන් වහන්සේ භවයෙන් වැසුණු කාරණය ප්රුකට කළ සේක.
152 ජාතක අටුවාව
2. මෙයින් මත්තෙහි වනාහි ඉල්ලීම ද භවාන්තරයෙන් වැසුණු බව ද නො කියා, “අතිතය ගෙන හැර දැක් වූ සේක” යන මෙ පමණක් ම කියමු. මේ පමණක් කියන ලද කල්හිත් අයදීම වලා ගැබින් සඳ බැහර කිරීම් උපමාවෙන් භවාන්තරයෙන් වැසුණු කාරණයක් බව ය. යන මේ සියල්ල යට කියන ලද ක්රතමයෙන් ම යොදා දත යුතු ය.
3. අතීතයෙහි මගධ නම් රටෙහි රජ ගහ නුවර මගධ රජ තෙම රාජ්ය ය කරවයි. මගධ රට වැස්සන්ගේ ශස්යම කරන කාලයෙහි මුවනට මහත් උවදුරු වෙයි. ඔහු අරණ්යටයෙහි පර්වගත ප්රාාන්තයට පිවිසෙත්. එ විට එක් අරන් වැසි වූ පර්ව ත ප්රා්න්තයෙහි වූ මුවෙක් ගම් වැසි වු එක් මුව දෙනක සමඟ සහවාසය කොට මුවන්ගේ පර්ව්ත ප්රා්න්තයෙන් බැස නැවත ග්රාසමාන්තයට බස්නා කල්හි මුව දෙන පිළිබඳ ව බැඳුණු සිත ඇති හෙයින් ඔවුන් හා සමඟ ම බැස්සේ ය. ඉක්බිති ඔහුට ඕ කී හ. “ස්වාමි, තෝ කවරෙක් වෙහි ද? පර්ව.ත වාසී වූ බාල මෘගයෙක් ය. ග්රාමමාන්තය නම් සැක සහිත ය, ප්රසතිභය සහිත ය. අප හා සමඟ නො බසුව” යි හෙ තෙම ඇය පිළිබඳ සිත් ඇති හෙයින් නො නැවතී ප්රායන්තයෙන් බස්නා කාලය” යි දැන මාර්ගඳයෙහි වැසුණු කොටුවල සිටිත්. ඒ දෙ දෙනාගේද එන මාර්ග යෙහි එක් වැද්දෙක් වැසුණු කොටුවෙහි සිටියේ වෙයි. මුවැත්තිය මිනිස් ගඳ ආඝ්රා ණය කොට, “එක් වැද්දෙක් සිටියේ වන්නේ ය” යි ඒ අඥාන මුවා ඉදිරියෙහි කොට තොමෝ පසු වූවා ය. වැද්දා එක ඊ පහරින් ම මුවා එහි ම හෙළී ය. මුවැත්තිය ඔහුට විදි බව දැක උඩ පැන සුළඟට බඳු ගමනින් පලා ගියා ය. වැද්දා කොටුවෙන් නික්මී මුවා කපා මස් කොට ගිනි මොළවා පහ වු ගිනි දැල් ඇති අඟුරුවල මධුර වූ මස් පිස කා පැන් බී සෙස්ස වැගිරෙන්නා වූ ලේ බිඳුවලින් යුක්ත ව කඳෙන් ගෙන අඹු දරුවන් සතුටු කරමින් ගෙට ගියේ ය.
ජාතක අටුවාව 153
4. එ කල්හි බෝ සත් ඒ වන ලැහැබෙහි දෙවියෙක් ව උපන්නේ වෙයි. ඒ කාරණය දැක, මේ මෝඩ මුවා ගේ මරණය මව නිසා වූවක් නො වේ. පියා නිසා වූවක් ද නො වේ. වැළිත් කාමය නිසා ය. කාමය නිමිති කොට වනාහි සත්ත්වපයෝ සුගතියෙහි අත් සිඳීම් ආදියට ද දුගතියෙහිත් පස් වැදැරුම් බන්ධතනාදි නොයෙක් ආකාරදුකට ද පැමිණෙත්. අනුනට මරණ දුක ඉපැදීම ද, මේ ලෝකයෙහි ගර්භා කට යුතු ම ය. යම් ජන පදයක් මාගමක් විචාරණය කෙරේ ද, අනුශාසන කෙරේ ද, ස්ත්රීයය ප්ර්ධාන කොට ඇති ඒ ජන පදය ද ගර්හිත ම ය. යම් සත්ත්වර කෙනෙක් මාගම ගේ වසඟයට යෙත් ද ඔහුත් ගර්භිතයෝ ම ය” යි එක් ගාථාවෙකින් ගර්භා කටයුතු වස්තු තුනක් දක්වා වන දෙවියන් සාධු කාර දී සුවඳ මල් ආදියෙන් පුදනු ලබන කල්හි මධුර ස්වරයෙන් ඒ වන ලැහැබ නාද කරන්නේ මේ ගාථාවෙන් දහම් දෙසී ය.
5. “කණ්ඩිත නම් වූ, ශරය ඇති, දැඩි කොට විදින්නා වූ පුරුෂයාට නින්දා් වේවා. යම් ජන පදයෙක්හි ස්ත්රීැයක් තොමෝ නායකත්වය දරන්නී ද ඒ ජන පදයට ද නින්දාා වේවා, යමෙක් තුමු දරන්නී ද ඒ ජන පදයට ද නින්දා් වේවා, යමෙක් තුමු ස්ත්රීමන් ගේ වසඟයට ගියෝ ද ඒ සත්ත්වීයෝ ද නින්දි්ත ය හ.”
6. ඒ ගාථාවෙහි ධිරත්ථු් යනු නින්දාසර්ත්ථසයෙහි නිපාත යි. ඒ මේ (නිපාතය තෙමේ) මෙහි උත්රා ස උද්වේග වශයෙන්. ගර්භා කිරීමෙහි දත යුතු ය. තැති ගැනීමට හා කළ කිරීමට ද පැමිණියා වූ බෝසත් මෙසේ කීය. ඊය මොහුට ඇත්තේ නු යි කණ්ඩි නමි. එය එ නමි. ඒ ඊය වනාහි පිවිසීම් අර්ත්ථඇයෙක හුල ය යි කියනු ලැබේ. එ හෙයින් කණ්ඩිනං සල්ලං යි. මෙහි සල්ල නම් කණ්ඩිත නම් දුනුවායා ය. යන අර්ත්ථි යි. හුලක් හෝ මොහුට ඇත්තේ නු යි සල්ල නමි. ඒ උල ද මහත් වු ව්රනණ මුඛයක් කොට බලවත් පහරක් දෙන්නේ දැඩි කොට විදී නු යි ගාළඟවෙධි. ඒ ගාළහවෙධියා නොයෙක් ප්රනකාර ඊයෙන් කුමුදු පෙත්තක්
154 ජාතක අටුවාව
බඳු තලයෙන් ද සෘජු ගමන් ඇති උලින් ද යුක්ත වූ ගාළ්හවෙධී පුරුෂයාට නින්දාය වේවා යන මේ අර්ථන ය. පරිනායිකා යනු සංවිධානය කරන්නී. ධික්කීතා යනු ගර්භා කරන ලද්දෝ ය. සෙස්ස මෙහි ප්රිකට වූ අර්ත්ථන ඇත්තේ ම ය. මෙයින් මත්තෙහි වනාහි මෙ පමණකුත් නො කියා යමක් යමක් අප්රයකට ද ඒ ඒ තැන්ම වර්ණනනා කරන්නමු. එක් ගාථාවෙන් ගර්භා වස්තු තුනක් දක්වා ලීලාවෙන් දහම් දෙසී ය.
7. ශාස්තෲන් වහන්සේ මේ ධර්මී දේශනාව ගෙන හැර දක්වා චතුස්සත්යකයන් ප්ර්කාශ කළ සේක. සත්යයන් ගේ දේශනාවසානයෙහි කළකිරුණු භික්ෂු්ව සෝවාන් පෙලෙහි පිහිටියේ ය. ශාස්තෲන් වහන්සේ වස්තු දෙක වදාරා පූර්වාවපරසන්ධි ගළපා ජාතකය නිමවූ සේක. ඉන් පසු වනාහි වස්තු දවස දේශනා කොට මෙය නොකියා, “අනුසන්ධි ගළපා” යි මෙ පමණක් ම කියන්නමු. නොකියන ලද්ද යට කියන ලද ක්රුමයෙන් ම යොදා ගත යුතු ය. “ඒ කල්හි පර්වදත වාසි වූ මුවා කළකිරුණු භික්ෂූ ව වී ය. මුවැත්තිය පුරාණ පූර්ව දුතියිකාව ය. කාමයන්හි දොස් දක්වා දහම් දෙසු දෙවියා වනාහි මම් ම වීමි” යි.
______
4. වාතමිග ජාතකය
1. “න කිරත්ථි රසෙහි පාපියො” යන මේ ධර්මි දේශනාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් චුල්ලපිණ්ඩපාතික තිස්ස නම් තෙරුන් අරභයා වදාළ සේක. ශස්තෲන් වහන්සේ වනාහි රජගහ නුවර ඇසුරු කොට වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි තිස්ස කුමාර නම් මහත් සම්පත් ඇති සිටු කුලයෙක පුතෙක්, එක් දවසෙක වේළු වනයට ගොස් ශාස්තෲන් වහන්සේ ගේ ධර්මත දේශනාව අසා පැවිදි වනු කැමැත්තේ
ජාතක අටුවාව 155
පැවිද්ද ඉල්වා මවු පියන් විසින් නො අනුදන්නා ලද බැවින් ප්ර තික්ෂේප කරන ලද්දේ සත් දිනක් ආහාර නොගැනීම කොට රට්ඨපාල තෙරුන් මෙන් මවු පියන් අනුදන්වා ශාස්තෲන් සමීපයෙහි පැවිදි වී ය. ශාස්තෲන් වහන්සේ පැවිදි කරවා අඩ මසක් පමණ වැස වැඩි සේක. එහි මේ කුල පුත් තෙමේ තෙළෙස් ධුතාඞ්ගයන් සමාදන් ව සැවැත් නුවර ගෙ පිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නේ කල් ගෙවයි. චුල්ලපිණ්ඩපාතිකතිස්ස තෙර ය යි කී කල්හි අහස් තලයෙහි චන්ර්ගෙ යා මෙන් සර්විඥ ශාසනයෙහි ප්රේකට ව ප්ර සිද්ධ වීය. එ කල රජගහ නුවර නැකැත් කෙළි පවත්නා කල්හි තෙරහුගේ මවු පියෝ යමක් ඔහුට ගිහි කල්හි වී ද, ඒ ආභරණ පොදිය රිදී කරඩුවෙහි බහා ළයෙහි තබා, “අනෙක් නැකැත් ක්රීිඩාවන්හි දී අප ගේ පුත් තෙමේ මේ මේ අලඞ්කාරයෙන් අලඞ්කාර කරන ලද්දේ නැකැත් ක්රීිඩා කරයි. අප ගේ ඒ එක පුතා ගත් ශ්ර්මණ භවත් ගෞතම තෙම සැවැත් නුවරට ගියේ ය. දැන් කොතැන්හි හුන්නේ ද? කොහි සිටියේ දැ” යි කියා හඩත්. ඉක්බිති එක් වේශ්යාහවක් ඒ කුලයට ගොස් හඩන්නා වූ සිටු බිරිය දැක. “ස්වාමි දුව, කුමකට හඩන්නී දැ” යි විචාළා ය. ඕ තොමෝ ඒ කාරණය දැන්වූවා ය. ස්වාමි දුව, ආර්යය පුත්රට තෙම කුමකට ප්රිැය කරන්නේ ද?” “අසුවල් අසුවල් දේටය” යි (කීවා ය.) “ඉදින් තෙපි මේ ගෙයි සියලු සම්පත් මට දෙවු (නම්) මම තොප ගේ පුත්රකයා ගෙන එන්නෙමි” සිටු බිරිය. “යහ පත” යි පිළිගෙන උපකරණ දී “ යා, තම බලයෙන් මා ගේ පුත්රබයා ගෙනෙව” යි මහ පිරිවරින් ඇය පිටත්කර යැවුවා ය. ඕ තොමෝ වැසුණු යානාවෙක හුන්නී සැවත් නුවරට ගොස් තෙරහු පිඬු පිණිස හැසිරෙන වීථියෙහි නිවාසය ගෙන, සිටු කුලයෙන් ආවා වූ මනුෂ්ය යන් තෙරුනට නො දක්වා තම පිරිවර විසින් ම පිරිවරන ලද්දී පිඬු පිණිස පිවිසියා වූ තෙරුනට පළමු කොට ම සැන්දක් පමණ බත් ද මලාවක් පමණ බත් ද දී රස තෘෂ්ණාවෙන් බැඳ, ක්රපමයෙන් ගෙයි වඩා
156 ජාතක අටුවාව
හිඳුවා භික්ෂා ව දෙන්නී, වසඟයට එළඹි බව දැන, ගිලන් ආකාරය දක්වා ඇතුළු ගැබෙහි හොත්තා ය. තෙර ද පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි ගෙ පිළිවෙළින් හැසිරෙන්නේ ගෙ දොරට ආවේය. පිරිවර ජන තෙමේ තෙරහු ගේ පාත්රනය ගෙන තෙරහු ගෙයි වැඩ හිඳුවී ය. තෙර වැඩ හිඳ ගෙන ම “උවැසිය කොහි දැ?” යි විචාළේ ය. “ස්වාමිනි, ගිලන් වුවා ය. ඔබ වහන්සේ ගේ දැකීම කැමැත්තී ය” රස තෘෂ්ණාවෙන් බැඳුණා වූ හෙ තෙමේ සමාදන් වූ වත බිඳ ඇය හොත්තැනට පිවිසියේ ය. ඒ තමා ආ කාරණය කියා ඔහු පොළොඹවා, රස තෘෂ්ණාවෙන් බැඳ, සිවුරු හරවා තමා වසඟයෙහි තබා යානාවෙහි හිඳුවා මහ පිරිවරින් රජගහ නුවරට ම ගියා ය. ඒ පුවත ප්රාකට වූයේ ය. ධර්මස සභාවෙහි හුන්නා වු භික්ෂු හු “චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙර වනාහි එක් වර්ණ දාසියක් රස තෘෂ්ණාවෙන් බැඳගෙන ගියාය” යි කථාවක් නිපැදැවූහ. ශාස්තෲන් වහන්සේ ධර්‍ම සභාවට එළඹ අලඞ්කාර කරන ලද ආසනයෙහි වැඩ හිඳ, “දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නෝ වහු දැ?” යි වදාළ සේක. ඒ භික්ෂුනහු ඒ පුවත කී හ. “මහණෙනි, මේ භික්ෂුනව රස තෘෂ්ණාවෙන් බැඳී ඇය ගේ වසයට ගියේ දැන් පමණක් ම නො වේ. පෙරත් ඇයගේ වසයට ගියේ ම ය” යි වදාරා අතීත කථාව ගෙන හැර දැක්වූ සේක.
2. අතීතයෙහි බඹ දත් රජුට සඤ්ජය නම් උයන් පල්ලෙක් විය. ඉක්බිති, එක් වාතයට බඳු ජව වේග ඇති මුවෙක් ඒ උයනට අවුත් සඤ්ජය දැක පලා යයි. සඤ්ජය ද ඒ මුවාට තර්ජනය කොට බැහැර නො කරයි. හෙතෙම නැවත නැවත අවුත් උයනෙහි ම හැසිරෙයි. උයන් පල්ලා උයනෙහි නොයෙක් ප්රවකාර වූ මල් හා ගෙඩි හා ගෙන දවසක් පාසා රජුට එළවයි. ඔහු ගෙන් රජ තෙම එක් දවසක්, “හිතවත් උයන් පල්ල, උයනෙහි කිසි යම් ආශ්වර්ය්යෙක් දක්නා ලද්දේ ඇත්තේ දැ?” යි විචාලේ ය. “දේවයන් වහන්ස, අනෙකක් නොදක්නෙමි.
ජාතක අටුවාව 157
එක් වාත මෘගයෙක් නම් අවුත් උයනෙහි හැසිරෙයි. මොහු දකිමි” යි (කීය.) “ඌ අල්වා ගන්නට හැක්කෙහි ද?” “මී මඳක් ලබන්නේ නම් මේ රාජ මාළිගය ඇතුළට ද ගෙන එන්නට හැක්කෙමි” රජ ඔහුට මී දෙවි ය. හෙ තෙම එය ගෙන උයනට ගොස් වාත මෘගයා ගේ හැසිරෙන තැන තණ මීයෙන් තවරා සඟැවුණේ ය. මුවා අවුත් මී තැවැරුණු තණ කා රස තෘෂ්ණාවෙන් බැඳුණේ අන් තන්හි නො ගොස් උයනට ම එයි. උයන් පල්ලා ඒ මුවාගේ ම තැවරුණු තණ කෙරෙහි ප්රනලෝභ බව දැන ක්රාමයෙන් තමා දැක්වී ය.
3. හෙතෙම ඒ (උයන් පල්ලා) දැක කීප දිනක් පලා ගොස් නැවත නැවත දකින්නේ විශ්වාසයට පැමිණ ක්රටමයෙන් උයන් පල්ලා ගේ අතෙහි තුබු තණ කන්නට පටන් ගත්තේ ය. ෙහ තෙම. ඔහු ගේ විශ්වාසයට පැමිණි බව දැන, රජ නිවෙස දක්වා වීථිය පැදුරුවලින් වට කොට ඒ ඒ තන්හි අතු කැබැලි හෙළා, මී පිරූ ලබු ගෙඩිය ඇකයෙහි එල්ලා ගෙන තණ කොළ මිටිය කිසිල්ලෙහි තබා මී තැවැරුණු තණ මුවාගේ ඉදිරි ඉදිරියෙහි විසුරුවමින් රජ ගෙය ඇතුළට ම ගියේ ය. මුවා ඇතුළත පිවිස කල්හි දොර වැසුහ. මුවා මිනිසුන් දැක කම්පා වන්නේ මරණ බියෙන් බිය වූයේ ඇතුළු ගෙ මිදුලෙහි දුවයි. හාත්පස දුවයි. රජ ප්රායසාදයෙන් බැස කම්පා වන්නා වූ ඒ මුවා දැක, “වාත මෘගයා නම් මිනිසුන් දුටු තැනට සත් දිනක් නොයන්නේ ය. තැති ගත් තැනට දිවි ඇති තාක් නොයන්නේ ය. මෙ බඳු වු අරණ්යාේශ්රිවත වූ ඒ වාත මෘගයා රස තෘෂ්ණාවෙන් බැඳුණේ දැන් මෙ බඳු තැනකට ආයේ ය. පින්වත, ඒකාන්තයෙන් ලෝකයෙහි රස තෘෂ්ණාවට වඩා අතිශයින් ලාමක වූවෙක් නම් නැතැයි” යි මේ ගාථාවෙන් ධර්මෘ දේශනාව ආරම්භ කෙළේය.
4. “ආවාසයන් කරණ කොට (ජනින ඡන්දා රාගය ද), මිත්රඒ සන්ථ වය කරණ කොට (ජනිත ඡන්දන රාගය ද) ලාමක ය.
158 ජාතක අටුවාව
(එහෙත්) රස තෘෂ්ණාවට වඩා ලාමක වූවෙක් නැත්තේ ල. සඤ්ජය තෙම අරණ්යහ වාසි වූ වාත මෘගයා රසයන් ගෙන් වසයට පැමිණ වීය.”
5. ඒ ගාථාවෙහි කීර යනු ශ්රැනති සූචනාර්ථයෙහි නිපාතයෙකි. රසෙහි යනු දිවෙන් දැන ගත යුතු වූ මිහිරි ඇඹුල් ආදී රස කරණ කොට. පාපියො යනු අතිශයින් ලාමක ය. ආචාසෙහී වා සන්ථවෙහි වා යනු නිතර වසන තැන් යයි කියන ලද ආවාසයන්හි ද මිත්රා සන්තවයන්හි ද තෘෂ්ණා වශයෙන් ඇලීම ලාමක ම ය. ඒ ඡන්දත රාග සහිත ව පරිභෝග කරන්නා වූ ආවාසයන් කෙරෙන් ද, මිත්ර සන්ථරවයන් කෙරෙන් ද, සිය ගුණයෙන් ද දහස් ගුණයෙන් ද නිතර සේවනය කිරීම් හෙතුවෙන්, ආහාර නොමැති ව ජිවිතේන්රින් ය පාලනයාගේ නැති බැවින් ද, ඡන්ද රාග සහිත පරිභෝග රසයෝ ම අතිශයින් ලාමකයහ යනු යි. බෝසත් වනාහි ශ්රැ තියෙන් ආවාක් මෙන්, මෙම අර්ත්ථ ය ම කොට “න කිර’ ත්ථිය රසෙහි පාපියො ආවාසෙහි වා සන්ථ වෙහි වා” යනු කී ය. දැන් ඔවුන්ගේ ලාමක බව දක්වන්නේ, “වාත මිගං” යනාදිය කිය. එහි ගෙහනිස්සිතං යනු ආරණ්යල වාසී වූ යන අර්ත්ථ යි. මෙය කියන ලද්දේ වෙයි. “රසයන් ලාමක බව බලවු. අරණ්යාවයතනයෙහි කැලෑ ආශ්රිදත වූ මේ වාත මෘගයා සඤ්ජය නම් උයන් පල්ලා මධු රසයන්ගෙන් තමා ගේ වයසට පැමිණවී ය. සර්වන ප්රරකාරයෙන් ඡන්දා රාග සහිත පරිභෝග රසයන් හා සම වූ නම් අනෙක් පාපතර වු අතිශයින් ලාමක වූ රසයෙක් නැතැ” යි රස තෘෂ්ණාවෙහි ආදීනව කීය කියා ඒ මුවා කැළයට ම යැවීය.
6. ශාස්තෲන් වහන්සේ, මහණෙනි, ඒ වර්ණා දාසිය දැන් පමණක් ම රස තෘෂ්ණාවෙන් බැඳ මොහු තමා ගේ වශයෙහි නො කෙරෙයි. පෙරත්, කෙළේමය” යි මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා පූර්වාණපර සන්ධින ගළපා ජාතකය නිමවු සේක. “එකල්හි සඤ්ජය තෙමේ මෝ වර්ණර දාසිය වී ය. වාත මෘගයා චුල්ල පිණ්ඩපාතික වී ය. බරණැස් රජ වනාහි මම් ම වීමි” යි.
ජාතක අටුවාව 159
5. ඛරාදිය ජාතකය
1. “අට්ඨඛුරං ඛරාදියෙ” යනාදි මේ ධර්මහ දේශනාව ශාස්තෲන් වහන්සේ ජේත වනාරාමයෙහි වැඩ වසන සේක් එක්තරා දුර්වදව භික්ෂු වක් අරභයා දේශනා කළ සේක. ඒ භික්ෂුාව වනාහි දුර්වෂව ය, අවවාදය නො පිළිගනියි. ශාස්තෲන් වහන්සේ ඔහු අතින්. “මහණ, තෝ දුර්ව ල වූයේ අවවාද නොගන්නේහි ය යනු සැබෑද?” යි විචාළ සේක. “භාග්යෝවතුන් වහන්ස. සැබැව” පෙරත් තෝ දුර්ව ව බැවින් පණ්ඩිතයන් ගේ අවවාදය නො ගෙන, පාසයෙන් බැඳුණේ ම මරණයට පැමිණියේ ය” යි වදාරා අතීතය ගෙන හැර දැක්වූ සේක.
2. අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්යිය කරවන කල්හි බෝ සත් මුවකු ව මුව සමුහයා විසින් පිරිවරන ලදුව අරණ්‍යයෙහි වසයි. ඉක්බිති ඔහු ගේ නැඟණිය වූ මුව දෙනක් පුතකු දක්වා, “සහෝදරය, මේ තෙම ඔබ ගේ බැණා ය. ඔහුට මුව මායම් උගන්වා ලව” යි පාවා දුන්නා ය. හෙ තෙමේ ඒ බෑණාට, “අසවල් වේලෙහි අවුත් උගනුව” යි කී ය. හෙ තෙමේ කියන ලද වේලෙහි අවවාද සතක් ඉක්ම වූ හෙ තෙම මුව මායම් නො ඉගෙන ම හැසිරෙන්නේ පාසයෙක බැඳුණේ ය. ඔහු ගේ මව ද සොහාවුරා කරා එළඹ, “සොහොවුර, කිම, ඔබ විසින් බෑණා මුව මායම් උගන්වන ලද දැ?” යි විචාළා ය. බෝ සත් ද ඒ අවවාද නොපිළිගත්තහුගේ එ ම කාරණය ගැන, “නො සිතව, ති ගේ පුත්රදයා විසින් මෘග මායාවෝ නුගන්නා ලද හ” යි කියා දැනුදු ඔහුට අවවාද නොකරනු කැමැත්තේ ම වී මේ ගාථාව කී ය.
3. “ඛරාදිය නම් නැඟණිය. කුර අටක් ඇති, මුල වක් වු ද අග අතිශයින් වක් වූ ද අං ඇති, අවවාද කලා. සතෙකින් ඉක්මුණු ඒ මුවාට අවවාද කරන්නට උත්සාහ නො කරමි” යි.
160 ජාතක අටුවාව
4. එහි අඪකුරං යනු එක් එක් පදයෙක්හි දෙක දෙක වශයෙන් කුර අටෙකි. ඛරාදියෙ යනු ඇය නමින් ආමන්ත්රදණය කරයි. මිගං යනු සර්ව සංග්රාකහික වචනය යි. වඞ්කාතිවඞ්කිනං යනු මුලෙහි වක් වූ අගෙහි අතිවඞ්කානි යනු අතිශයින් වක් වී නු යි “වඞ්කාතිවඞ්කි’ ‘වඞ්කාතිවඞ්කිනං’ ඔහු සත්තහි කලාහ තික්කන්තං යනු අවවාද කලාසතෙකින් ඉක්මවී ය. න නං ඔවදිතුස්සහෙ යනු මේ බඳු වූ දුර්වතච මුවාට අවවාද කරන්නට උත්සාහ නො කරමි. මොහුට අවවාද දීම පිණිස මා ගේ සිත ද නූපදී ය යි දක්වයි. ඉක්බිති පාසයෙහි බැඳුණා වූ ඒ දුර්විව මුවා වැදි තෙම මරා මස් ගෙන ගියේ ය”
5 ශාස්තෲන් වහන්සේ ද, “මහණ, තෝ දුර්වදව වූයේ දැන් පමණක් ම නො වේ. පූර්වකයෙහි ද දුර්වෝච ම ය” යි ගෙන හැර දක්වා අනුසන්ධිා ඝටා ජාතකය නිමැවූ සේක. “එ කල බෑණණු මුවා දුර්වුව භික්ෂුයව වී ය. නැඟණිය උත්පලවර්ණාව වූවා ය. අවවාද දුන් මුවා වනාහි මම් ම වූයෙමි” යි.
_____________