අරියගාල තිස්ස වස්තුව

1. හෙතෙම ‍අතීතයෙහි රුහුණු දනව්වෙහි ඡගාම වාරයෙහි එක්තරා කුලගෙයක ඉපදී වැඩිවිය පැමිණියේ වීය. හේ එක් දිනක් ඡගාම බොධියඞ්ගනයට ගොස් බෝධිය ද භික්ෂුී සංඝයා ද වැඳ එතැන්පටන් නිතරම බොමළුවෙහි වැලි විසුරුවමින් මලුවෙහි මැටිකම් කරමින්



52 රසවාහිනී

මල් පූජා කරමින් බෝධිය ගඳ පැනින් ඉසිමින් සුවඳ පසැඟිල් කරමින් දන් දෙමින් බොහෝ පින්කම් රැස් කොට, එයින් චුතව එම රෝහණ ජනපදයෙහි මහාගම මගුල් වීථියෙහි මහාධන දේවනම් ප්රචධානියකු නිසා ඔහුගේ භාර්යාගවගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. හෙතෙම ගැබ මෝරාගිය බව දැන මව් කුසින් නික්මිණ. ඔහුගේ මව් පියෝ ඔහුට තිස්ස යයි නමක් කළහ. ඉක්බිති ඊට මෑත භාගයෙහි ඔහුට අවුරුදු පහක් හයක් ගියකල සෙල්ලම් කිරීම ඔහුගේ ස්වභාවය නිසා කේළිය තිස්ස යයි ව්යපවහාර කළහ. ඉක්බිති හෙතෙම මෑත භාගයෙහි බුදු සස්නෙහි පැහැදුනේ භික්ෂුන් වහන්සේ සමීපයෙහි පැවිදිව පිළිවෙත් පුරන්නේ පස් වසක් විසී ය. ඉක්බිති හෙතෙම ‍සාසන ප්ර තිපත්තීය පුරන්නට නොහැකිවූයේ සිවුරුහැරීමට කැමැත්තේ වීය.

2. ශ්රමඬාවන්ත කුලපුත්රරයා විසින් බුදුසසුන්හි පැවිදිවූ ඉතිරි නොකොට ප්රා.තිමොක්ෂ සංවරය පාලනය කළ යුතුය.

වක්ඛු, සොත. ආදි දොරටුවලට රූප ශබ්ද ආදිය ගොදුරු වන දේ වැළැක්විය යුතුය. හැම කල්හි ඔහු විසින් ශ්රදඬා ඉන්රිදේ ය සංවර කරන ලදී.

කුලදුෂණාදිය පවත්වා හැමදා ශුඬවූ ආජීවයෙන් තමන්ගේ දිවිය මෙන් ආජිව ශීලය කළයුතු ය.

සතර පසය නුවණින් නිතර මෙනෙහි කරන්නා විසින් ප්රේත්ය්ය සන්නිශ්රිිත ශීලය හැමකල්හි ආදර සහිතව රැකිය යුතුය.

මේ සතර ශිලය පුරණ යතිතෙම ස්වර්ගැමොක්ෂස සම්පත්තිය අවශ්යරයෙන්ම අනුභව කරන්නේ ය.

යමෙක් රාග වෙෂ මෝහයන්කරණ කොට සීලයන්හි ආදර රහිතව අලසව නිරයෙහි උපදින්නේ ය.



                                              රසවාහිනී                                        53

හෙතෙම දායකයන් සතුටු නොකරයි. හෙතෙම තමා ද සතුටු නො කෙරේ. සොහොන් ගිණිපෙනෙල්ලක් සමත්වතයට යේ. ඥානවන්තයන් විසින් නින්දා කරන ලදී.

එනිසා එය පුරන්නට නොහැකි භික්ෂුෙව විසින් නො ඇලී ශාස්තෲ ශාසනයෙන් උත්සාහයෙන් යායුතු ය.

3. හේ මෙසේ සිතා සෙනසුන පිළියෙළ කොට තබා සිවුරු සෝධා පාත්ර ය සමග පිළියෙළ කොට තබා වැරදි සහිත සලුවක් නොමැති කමින් නග්නව ජලයෙහි සැඟවී ගඞ්ගාවෙහි වැටී යන්නේ ජලයෙන් පාවෙන ඒ දරකඩ පපුවට තබාගෙන එතෙරව යටි ගං බලා යයි. එකල වනිතාවන් දෙදෙනෙක් යටි ගං කොට නහන්නෝ ගඟදියෙන් ගසාගෙන එන දරකඩ දුරින්ම එනු දැක ඔවුන්ගෙන් එකියක් මේ දරකඩ මගේ යයි කීවා ය. අනික් තැනැත්තිය යමක් එහි වේනම් එය මගේ යයි කීවා ය. ඊට පසු ඒ දරකඩ ළංවෙත් ම දෙදෙනාම පීනා ගොස් අල්ලාගෙන ඒ දරකඩ සමග ඉවුරට පැමිණවූවාහු ය. ඉක්බිති ඈලාගෙන් යම් තැනැත්තියක් එහි විද්යදමාන දේ මගේ යයි කියු තැනැත්තීය වස්ත්රත නැති ඔහු දැක ඔහුට සළුවක් ගෙන එන්නෙමියි කියා තමන්ගේ ගෙදරට ගියා ය. ඇ ගියාට පසු ඉතිරි තැනැත්තී තමන් ඇඳී වත මැදින් ඉරා එය හඳවා මව් පියන්ගේ ගෙදරට ගෙන ගියා ය. ඇගේ මව්පියෝ ඔහුගේ කුලවංශය විචාරා ඇයටම භාර කළහ. ඕ තොමෝ නමින් සුමනා නම් වුවා ය. ගම් වැස්සෝ ඔහු ගඟෙන් පැමිණි නිසා ගඞ්ගාතිස්ස යයි නම් කළහ. මේ ගඞ්ගාතිස්ස ගෙදර වසන්නේ කෘෂි වර්ණාක් ආදි කිසි කර්මාාන්තයක් නොකරන්නේ ඒ ඒ තැන හැසිරේ. ඒ නිසා ඔහුගේ අකර්මයන්යි ශීලතාවයෙන් යුක්ත නිසා නිකම් නිස්ස යයි ව්ය්වහාර කරති. ඉක්බිති සුමනාවගේ සහෝදර සහෝදරියෝ එක් රැස්ව මව්පියන්ට මෙසේ කීහ. සුමනාවගේ හිමියා අලසකමින් යුක්තව වසයි. අපි ඔහුට කුමක් කරමුදැ යි ඉක්බිති ඔව්හු දරුවන්ට දැන්වීමට තිස්ස පිට ගිය වේලෙහි සුමන කැඳවා මෙසේ කීවාහු ය.




54 රසවාහිනී

4. තිගේ හිමියා කෘෂිකර්ම ය හෝ වෙළඳාමක් හෝ නොකොට අලස ස්වභාවයෙන් යුක්තව කෙසේනම් කුලය ගෙනයන්නේ ද?

අඹුදරුවන් නැයන් සමග කුලය දියුණු කරගනු කැමැති අය විසින් සියලු කටයුතුවල හැමදාම අලසයකු නොවී පැවතිය යුතුය.

කෙත්වත් දැසි දස් මිමුත් ආදීන් කෙරෙහි අලස නොවුයේ නම් හේ පිදියයුත්තෙක් වේ. සිය නෑයන් අතර ද පිරිවර ජනයා අතර පිදිය යුත්තෙක් වේ.

මේ සීත කාලය, මේ ඌෂ්ණ කාලය යයි සිතමින් කායික දුක ඉවසන්නේ කාලය - අකාල යයි දැන සැම කල්හි විර්යි කටයුතු ය.

වෙළඳාම් වලින් ද ශිල්ප උද්ග්ර හණ ධාරණ අවස්ථාවෙහි අනලස් ව හැමදාම නොමැරුනන් සේ ජීවත් වේ.

මෙසේ ද කියා ඇයට නැළියක් පමණ සහල් ද එක භාජනයක් ද දී අද සිට තෙපි වෙනම වසව්. අපගේ ගෙයි නොවසව් යයි කියා යැවුහ. ඒ එසේමැයි.

මව, පියා, සහෝදරයා, සහෝදරී, පුත්ර , අඹු, නෑයන් යන සියල්ලෝ දිළින්දන් කැමති නොවෙති. මෙය ලෝක ස්වභාවයයි.

ධනවතා කුලවතෙක් නොවුවත් ඒ ප්ර.භූවරයා ධනවත් වේ නම් ලෝ වැස්සා ඔහුට සැලකිළි කරති.

5. ඉක්බිති සුමනා ඒවා රැගෙන පාලු ගෙදරක කඳුලු සල සලා හඩමින් හුන්නීය. තිස්ස තමා ගිය තැනින් අවුත් හඩන භාර්යා්ව දැක සොඳුර. කුමක් නිසා හඩන්නෙහි දැයි විචාළේ ය. ඕතොමෝ මව්පියන් කියු හැම දෙයක්ම කියා වෙන්කළ බව කීවේ ය. එය අසා අප වෙන් කරන්නෝ කුමක් දී එසේ කළාහු ද?


                                           රසවාහිනී                                            55

එක සහල් නැළියක් හා පිසන බඳුනක් දුන්නාහුයයි කී කල්හි හෙතෙම එය අසා සොඳුර තී අමුත්තක් නොසිතනු. අපි කිසියම් උපායකින් ජීවත්වෙමු. සොඳුර. අපි වෙන්කළ දින සිට භික්ෂුප සංඝයාට කිසිවක් නොදී නොවළඳමු යි කියා තෙමේ මහා විහාරයට ගොස් සලාකයක් නියම කොට ගෙන අවුත් බිරිය අමතා සොඳුර මම එන තුරු ‍ණයක් ගෙන හෝ කිසියම් ‍උපායකින් නොපමා වී ආර්යඳයන්ට දන් දෙන්නෙහි යයි කියා තෙමේ කම්කරු වැඩක් සොයමින් ගියේ ය. එකල්හි ඔහුගේ පියාවූ මහාධන දේවයන් ගේ මිත්රි චන්දිසුරිය නම් රාෂ්ටීක පුත්රහයෙක් චිත්තසර කෙතෙක් පන්සිය කිරියක් ලැබ ශශ්යි කරවීය.

එකල්හි තිස්ස බැළමෙහෙයන් සොයමින් රාෂ්ටිකගේ ගෙදරට ගොස් ඔහු දුටුවේ ය. රාෂ්ට්රිටක ඔහු දැක කුමක් සඳහා පැමිණියෙහි දැයි විචාළේ ය. බැළමෙහෙයට ගොයම් කැපීමේ වැඩක් සොයාගෙන ආමි යි කී කල්හි රාෂ්ටික ඔහු දෙස බලා දරුව, ඔබ සිය අතින් කර්මාෙන්ත මීට පෙර නොකළ විරූ ය. ඔබට වී කපන්නට හැකිදැ යි ඇසී ය. මම ගොයම් කපමි යයි කී කල්හි පිළි නොගත්තේ ය. ඉක්බිති තිස්ස එහෙනම් මාගේ විර්ය් බලව් යයි දැකැත්ත ගෙන කෙතට බැස පෙරවරු කාලයෙහි ම ඒ කිරිය පන්සියයම කැපී ය.

6. රාෂ්ටික මේ දැක පුදුමයට පත්ව ඔහුට සතුටුවී තමන් සඳහා ගෙනත් තුබු බත් භාජන ද දැසිදස්සන් ද දුන්නේ ය. ඊට පසු තිස්ස ඒ සියලු කෙත තමාම එක් කොට මැඩ පිදුරු ඉවත් කොට තමාම පොළා වී මහ ගොඩක් කෙළේ ය. මහා රාෂ්ටික මේ මිනිසාගේ විර්ය දැක ඉතාම පැහැදි ඒ කෙතෙහි සියලුම ධාන්යඩ ඔහුට දුන්නේ ය. තිස්ස එතැන් පටන් භික්ෂුදන්ට සලාක දාන අටක් දෙයි. දෙන්නේ වතුර ලුණු පමණක් කොට සප්පාය නොවනසේ දෙයි. එනිසා ඔහුට උදකලොණ තිස්ස යයි ව්යකවහාර කෙරේ. මේ භික්ෂුන් අතර වෘඩ ප්රදව්රදජ්ජිතයෝ මහල්ලෝ භික්‍ෂූන් ගේ




56 රසවාහිනී

මේ ක්රි යාව දැනගෙන එතැන්පටන් දහසය කිරියක සලාක බත් එළවීය එනිසා උන්වහන්සේට භික්ෂුනන් වහන්සේ ඛීරිභත්තතිස්ස යයි නම් කළහ.

7. මෙසේ බොහෝකලක් කිරිබත්ම වැළඳීමෙන් ඒ භික්ෂූඋන්වහන්සේට අරුචියක් හටගති. ඒ කිරිබතින් සිත නොපැහැදේ ඉක්බිති ඛීරභත්තතිස්ස ඒ කාරණය දැනගෙන දෙනුන් සීයක් ලැබ තමන්ගේ ශ්රරඬාව ගැන සිහිකොට කොට තනය ගති සුවඳ ගිතෙල්ම වැගි‍රිණ. හේ එතැන් පටන් භික්ෂුඳන් වහන්සේලා දහසය නමකට තෙල් තැ...... නම් බතක් දෙයි. හෙතෙම එක් දිනක් භික්ෂූේසංඝයාට අලවර්‍ග දානයක් මා විසින් දියයුතුය සිතා බොහෝ මිනිසුන් සමග කුම්බුල (.......) පර්වකතයට නැඟ අල ජාති සොයන්නේ නිධන් සැටක් දැක තමන්ගේ ගෙදර නිධන් ගෙන ගොස් එයින් පසු වැඩිපුර දන් දෙමින් වාසය කරයි. එසමයෙහි අනුරාධපුරයෙන් පන්සියයක් භික්ෂූෙහු ඒ ඒ තැන බෝ පිළිම ආදිය වඳිමින් පිළිවෙළින් මහගමට ගියාහු ය. කල්යාබණ භත්ත තිස්ස හිමියෝ ඔවුන් දැක සතුටට පත්ව ආරාධනා කොට මහදන් දී අනුමෙවෙනි බණ කෙළවර ආර්යදයන් වහන්සේ කොහි සිට පැමිණියේ දැයි ඇසී ය.

8. උන්වහන්සේලා උපාසකවරුනි, අනුරාධපුරයේ සිට ආවෙමු යි කීහ. හෙතෙම ස්වාමීනි, දැන් කොතැනක බොහෝ භික්ෂූමහු වසත් දැයි ප්රකශ්න කෙළේ ය. ඉක්බිති ඒ භික්ෂූැහු නිදුකාණෙනි, දැන් ලඞ්කාවීපයෙහි චෙතියම්බ විහාරයෙහි ද අනුරාධපුරයෙහි හා නාගවීපය යන තුන් තැන නොයෙක් සිය ගණන් භික්ෂූනහු වාසය කරති යි කීවාහු ය. ඔවුන්ගේ මේ කථාව අසා සතුටුව එහි ගොස් මා විසින් දන් දිය යුතුය යයි සිතා මුලින්ම චෙතියම්බ විහාරයට ගොස් එහි භික්ෂූනන්ට දන් දී ඊටපසු අනුරාධපුරයෙහි පඤ්චමහා ආවාසයෙහි නොයෙක් දහස් ගණන් භික්ෂූෂන්ට දන් දී රජතුමාට ද පඬුරු දී ඔහු අනුග්රකහකරන ලදුව




                                           රසවාහිනී                                          57

නාගදීපයට ගොස් එහි භික්ෂූ න් වහන්සේට මහදන් දී එයිනුදු නික්ම අරියගාල තීර්ථ යෙහි වාසය කරයි. එකල්හි හෙතෙම තමන්ගේ භාර්යාලව කැඳවා සොඳුර, භික්ෂූ සඞ්ඝයාට දන්වැට නොකඩා දන් දෙව. මම ගංගාවෙහි ඔබිනොබ පහත් එහාම ඉවුරට යමින් පින් රැස් කරවමියි අවවාද කොට තෙමේ මිනිසුන් තැවෙන් ඉවුරට පමුණුවමින් දවස ගෙවී ය ඒ අරියතිත්ථඔයෙහි නියුක්ත බැවින් ඔහුට අරියගාල තිස්ස යයි නම් කළහ. මෙසේ ඒ පින්කමින් ඔහු කල් ගතකරන කල්හි ශක්ර යා ඔහුගේ ශ්රමඬාබලය. දන්නේ නමුදු ඔහු විමසනු කැමැත්තේ බමුණු වෙසකින් පැමිණ නැවෙහි හුන්නේ ය. අරියගාල තිස්ස ස්ථවීර තෙම එය ගෙන පදින්නේ පරතෙර සමීපයට පැමිණියේ ය. ඉක්බිති බමුණුතෙම පින්වත, සැරයටිය මතක් නුතෙමියි, කීයේ ය. හෙතෙම නැවත පදිමින් එය ගෙන ගියේ ය. නැවත පයෙහි ගාන තෙල් නැලිය අමතක වී යයි කී. යමක් යමක් කියයි ද ඒ ඒ දේ ගෙන එමින් සිත දුෂණය නොකොට ඔබිනොබ සැරිසරන්නේ ශක්රයතෙම මෙසේ එය විමසා ඔහුගේ ශ්රොඬාව නිශ්චලයයි දැනගෙන සතුටුව තමා අතහැර අහසෙයි තමාගේ ශක්රොවිලාසයෙන් සිට අවිවාද කොට අරියගාල සමීපයෙහි එක් විලක බොහෝ ස්වයංජාත වී මවා සත්රුවනින් ඔහුගේ ගෙය පුරවා අප්රිමාදයෙන් අවවාද කොට දෙව්ලොව ගියේ ය.

9. ඉක්බිති අරියගාල තිස්ස රන් අමුරන් ආදිය ගෙදරට පමුණුවා නොයෙක් දානාදි පිංකම් කොට එහිම වසයි. ඉක්බිති මෑත කාලයක පියඟු දිවයිනෙහි භික්ෂූං සඞ්ඝයා වහන්සේ එක් කලක එක් තැනක රැස්කොට හුන්නාහු මෙසේ කථාව නැංගුවාහු ය. දැන් දස දහසක් යොදුන් දඹදිව ශ්ර්ඩාවන්තයෝ කොහි වාසය කරන්නෝ ද ඉක්බිති මේ භික්ෂූයන් අතර සම්බෝධි ස්ථවිරතෙම දැන් සිංහලවීපවාසීහු ශ්රබඩා සම්පන්නයෝ යයි කීහ. යොන් රට රජපුත් බුඬරක්ඛිත ස්ථවිරයන් වහන්සේ වේලාව සමීප වූ





58 රසවාහිනී

කල්හි යොනක රටට ගියේ ය. සති සම්බෝධි ස්ථවිරතෙම ලඞ්කාවේ අරියගාල තිස්සගේ ගෙදොරට පැමිණියේ ය. එදා අරියගාල තිස්සගේ භාර්යාලව සුමනා දොළොස් දහසක් භික්ෂූධන් වහන්සේට දසවරක් දන් දී තමන්ගේ දානය ගැන මෙනෙහි කරන්නී කුඩා යහනක හුන්නී ය.

මා විසින් සිවුරු ආදි මේ මේ දේ දෙන ලදී. එසේම සියුම් සැප ස්පර්ශියව ගෙන දෙන ඇඳ පුටු ආදිය ද,

මිහිරි ආහාරපාන කෑයුතු පියයුතු දෙයින් සන්තර්පයණය වීමි. බුලත් මුව සුවඳ දෙයින් ද බෙහෙත් ආදියෙත් මනා කොට,

ඒ මම මීට අධික ව එය මනා කොට සපයා දාසිගණයා විසින් පිරිවරා විචාරන ඈ

10. මෙසේ හුන්නේ පැමිණි තෙරුන් දැක කාලය බලා දැන් බත්පිස දීමට නොහැකි යයි වහවහා තෙල් කපාලයක් ගෙන උදුනට නඟා සුවඳ ගිතෙල් බහා විනාකිරි භාජනයක බත්උළු පෙරා සෝදා ගිතෙලින් බැද එහි චතුමධුර බහා දිව්යරභෝජනයක් මෙන් පාත්ර ය පුරවා වස්ත්රද සුඹුලුවක් තබා තෙරුන්ට එලවීය. තෙරුන් වහන්සේ ඇගේ ප්රිසාදය වැඩීම සඳහා සොහොයුරිය, පාත්රෙය අහසෙහි හරින්න යයි කීහ. ඕ තොමෝ බියෙන් අත නොහැරියේ ය. තෙරුන් වහන්සේ විසින් ඔබගේ ශ්ර ඬා ගුණය ගැන කල්පනා කොට විසිරෙව්වේය. තෙරුන් වහන්සේ මේ බත වළඳන භික්ෂූාන් වහන්සේ මෝ තොමෝ දකීවා යි අධිෂ්ඨාන කොට බුද්ධිරක්ඛිත තෙරුන් නොපැමිණෙන්ට පෙර ගොස් භික්ෂූෂන්වහන්සේලාගේ පාත්රරවලට පිණ්ඩපාතය දී වැළඳවූ හ. ඕතොමෝ දානය වළඳන භික්ෂූලන් වහන්සේලා දැක හටගත් ප්රීැතිය ඇත්තී සාධුකාර දෙමින් ගෙදරට ගොස් සැමියා පැමිණි කල්හි ඔහුට තමා විසින් හා තෙරුන් වහන්සේ විසින් කරන ලද සියල්ල කීයේ ය. හෙතෙම එය අසා ඉතාම පැහැදුනේ ය. මෙසේ පුදුම එළවන පින්කම් රැස්කරමින්



                                           රසවාහිනී                                            59

මෑතභාගයෙහි මරණපරායණ වීය.එය එසේමැ යි. පින්වතුන්ට මරණ වේදනාවක් නොමැත. නිදා පිබිදියකු සේ කැමැති ස්ථානයක උපදී. ඒනිසා පැරණියෝ කීහ.

11. පින්කළ අය යම් කලක මරුගේ වේගයෙන් අදින ලබන කල්හි මරණ මඤ්චකයෙහි ගැහෙමින් මාරාන්තිකව නිදති.

එසමයෙහි ඔහු විසින් කරන ලද යම් කුශලකර්මා කෙනෙක් වෙත්නම් ඒවා ඒ වේලාවෙහි ඔහුගේ මනසෙහි එල්බ ගනී.

එකල්හි ඉටුවු අනුකුල නිමිති දකිත්. ස්වර්ගකයට යන සත්වමයාට උසස් වාහන විමන් ආදිය.

සියගණන් පුදුමයන් ගෙන් හෙබි සියගණන් අප්සරාවන්ගේ විමාන යානාවන් දැක ඔහුගේ (සිත) උදම්පත් වේ.

එකල්හි ඒ දායක මිනිසා පරම ආස්වාදය ලබයි. පරණ මඩුවක් අතහැර ප්රාාසාදයකට නඟින්නා මෙනි.

(සසර) බියෙන් එතෙරවනු සඳහා මා විසින් යහපත් දෙය කරන ලදී. කුශලානුභාවයෙන් හටගත් උදාර පුණ්යව විපාකය අනුභය කරමි.

මෙසේ හෙතෙම සතුටට පත්ව අභීතව අතිශයින් සතුටුව තමන්ගේ පින්කමින් අතිශයින් නැලවී.

පණ්ඩිත තෙම පින්කළ අයට ආවාසයක් වූ ස්වර්ග්යට පමුණුවයි. ඔහුට නුමුළා මරණය සිදුවේ පින්කම් කරන්නන්ට එය නියතයි.

මෙසේ හොත්තාවු ඔහුට දෙවියෝ දෙව්ලොවින් රථ සයක් ගෙන විත් තමතමන්ගේ දෙවුලොව වර්ණදනා කළාහු ය.

12. හේ මෙය අසා සදහම් අසා පුරුදු නිසා තුසිත දෙව් ලොවින් ගෙන ආ රථය හැර ඉතිරි ඒවා ගෙන යන්න යයි කීයේ ය. මේ අසා ඒ අසල සිටි සුමනා තොමෝ 60 රසවාහිනී

කීමෙක් ද ස්වාමීනි, මෙතෙක් කුසල් කොට මෙසේ මරණාසන්න කාලයෙහි විලාප කරන්නෙහිද, තිස්ස, මෙයසා, සොඳුර, මම විලාප නො කියමි. දෙව්ලොව දෙවියෝ රිය සයක් ගෙනාවාහු ය. මම ඔවුන් සමග කථා කෙළෙමි යි කීයේ ය. එයසා සුමනා තොමෝ මම ඒවා නොදකිමි කොහි දැයි විචාරන ලද්දී තොමෝ මම ඒවා නොදකිමි කොහි දැයි විචාරන ලද්දී මල්දාමයන් ගෙන්වාගෙන අහසට දැම්මවීය. එය ගොස් රිය හිසෙහි එල්බුණේ ය. එ දැක සුමනා තොමෝ ගැබට පිවිස ඇඳට ගොස් නාසිකාවාතය හිරකොට කළුරිය කොට සැමියාට මුලින් ගොස් රථයෙහි පහළ වූවා ය. ඕ තොමෝ එහි සිටිමින් සැමියාට හසුනක් එවමින් මෙසේ කීවා ය.

සාරයක් නොමැති ඒ මිනිසත් බවෙහි කුමක් නිසා බොහෝ කල් පමාවන්නෙහි ද? අශුචියෙන් අපිරිසුදු පණුවන්ට නිවසක් වූ මේ මිනිස් සිරුර අතහැර,

යනවිට එහි උතුම් දිව්යතරාජ්යුශ්රිර සැපත, ලෙඩින් උන් දෙ දණ තබා සතුටුවීමට තුසිතයට යයි.

මෙය අසා සිටි හෙතෙමේ ද කළුරිය කොට එම රියෙහිම උපන්නේ ය. ඔව්හු දෙදෙනාම සමටයෙන් සතුටුව දෙව් පිරිස පිරිවරා මහජනයා බලාසිටිද්දී ම තුසිත පුරයට ගියාහු ය.

මුඬිමතුන් ගේ මේ චරිත දැනගෙන දිව්යය මනුෂ්ය සම්පත් හා නිවන් සැපත් ‍පතමින් කල්පවෘක්ෂයයක් හා සමාන සංසාරයෙහි වසනා තෙක් කැමැති දෑ ලැබෙන නිර්ම්ල ශීල ඇති බුඬ පුත්රසයන්ට දන් දෙව්.

සයවැනි අරියශාල තිස්ස කථාවයි. _____




                                           රසවාහිනී                                           61

ගම්දැරියගේ වස්තුව

1. ලඞ්කාවෙහි දකුණුපස බ්ර හ්මවෝල නම් ගමක් විය. එහි මිනිස්සු විශාල බිම් පෙදෙසක් සීසෑමට පිළියෙළ කොට එහි මාස් වැපුරූහ. ඉක්බිති ඔව්හු මාස් පැසුණුකල්හි මාස් සිඳින්නෙමියි පැන් ගෙන මහා ශ්රී ෂ්ම කාලයෙහි එහි ගියහ. එසමයෙහි එක් ගම්වැසි පිපාසායෙන් මැඩගත් භික්ෂූිවක් මිනිසුන් සමීපයට ගියේය; මෙහිදී පැන් ලබමුයි. එකල්හි එක් ගම්දැරියක් ක්ලාන්ත ඉඳුරන් ඇත්තේ පිපාසයෙන් පීඩිතවූ භික්ෂූදවක් දැක උපන් ශ්රකඬා ඇත්තී මිනිසුන්ට නොදන්වා කළයෙහි තුබූ පැන් ගෙන ඒ භික්ෂූ්වට දී එහි සතුටින් සිත පහදවා යන තෙරුන් වඳිමින් සිටියේ ය. ඉක්බිති මාස් කපන්නෝ පැමිණ කළයෙහි වූ පැන් නොදැක කවුරුන් විසින් පැන් ගන්නා ලද්දැයි විචාළහ. ඔතොමෝ ස්වාමීනි, මව රැගෙන පිපාසිතවූ ඒක එක් භික්ෂූයවකට දුනිමියි කීහ. එකල්හි මිනිස්සු එය අසා පිපාසිතවූ අපට බීමට ගෙන ආ පැන් අපට නොදන්වා භික්ෂූීන් වහන්සේට තමා දුන්නීය. අනේ! මැගේ ශ්රීඩාවයයි අපහාස කොට කිපී අපි සුළගින් අව්වෙන් වේළෙන්නමෝ මාස් කපමින් පිපාසිත යම්හ. වහාම අපට පැන්ගෙන එවයයි ඇය සමග කළහ කළහ. ඉක්බිති ඕ තොමෝ ඔවුන්ට ආක්රොෙශකරද්දී පරභව කරද්දී නොකී පෙමින් දන්නිසා ඇතිව සොමනස් මෙනෙහි කරන්නී කළයක්ගෙන ඔවුනට පැන් ගෙන එන්නෙමියි සිටගෙන තමන්ගේ ශ්රකඬාව කල්පනාකොට මාස් කෙත දෙස බැලීය. ඇගේ ශ්රගඬාබලය නිසා මහ පොළොව බිඳගෙන මැණික් වැනි ලොකු දිය බුබුලක් නැඟ පොළොවෙහි පැතිරී පැවතුනේ ය. අහෝ ඇගේ ශ්ර ඬාවේ මහත්බව භික්ෂූළන් වහන්සේට පැන් ටිකක් දී එහිදීම නොසිඳෙන පැන් ලැබුණේ ය. එහෙයින් කියන ලදී.

2. දානයට ශ්ර ඬාව මුල් වේ. සම්පත්තියට ද ශ්රතඬාව මෙන් දෙන ලද කුඩාවූ දානය ද අකාලිකයයි.




62 රසවාහිනී


දන්දීම ස්වර්ග යට නිදානයයි. එසේම අනුගාමික නිධානයි. සියලු ලෝ වැස්සන් වශීකරන්නකි; එයම පරම ඖෂධවූ මන්ත්රගයයි.

හැම කල්හිම උත්තම - මධ්යඑ - හීන වූ දානයන් දිය යුතුය. මුල මැද අග මන තුන් තැන ශ්ර ඬාව මුල්ව වේ.

ඉක්බිති ඒ කුමාරිකා තොමෝ වැස්සෙන දිය දැක සතුටු සිත් ඇත්තේ කැමැති සේ නා පැන් බී එක් පැන් කළයක් ගෙන පිපාසිත මිනිසුන්ට දුන්නීය.

3. එවැනි දිය කඳක් අන් අය නොමදකිති ඕතොමෝම දකී. ඒ නිසා ඕ තොමෝ නැවත නැවත එහි ගොස් නහන්නීය. පැන් බොන්නීය. කළයෙන් දිය ගෙන මිනිසුන්ට දෙන්නීය. ඒ දැක මිනිස්සු අපි මීට පෙර පැන් නොදක්කෙමු. මෑණියෙනි කොහෙන් තී නාන පැන් ගෙන එන්නෙහිද? අපට ද එය පෙන්වවයි ඉල්ලූහ. ඕතොමෝ ඔවුන්ගේ ඒ කථාව අසා සතුටු සිත් ඇතිව ඉදින් මේ පැන් මගේ පුණ්ය.නුභාවයෙන් නීපන්නේය. එය සියලුම මිනිසුන්ටත් මුව උරු කුරුලු ආදීන්ට ද පාවිච්චියට සුදුසුව පෙනේවායි අධිෂ්ඨාන කළාය. එකෙනෙහිම ඇගේ ශ්ර්ඬා බලයෙන් පාවෙන පෙන සමූහයෙන් ද කැඩෙන උස තරඟමලාවෙන් ද විසිරී යන ජල කර්ණිකා බිඳුනු ජලවේගයෙන් හටගත් ඝොෂා විරහිත ඝොෂාවෙන් යුතුව ගලාබසින මහ දියකඳ දැක පුදුමයට පත් සිත් ඇත්තී අහෝ මැගේ දානානුශංසය මැය සකසා සිල්වතුන් කෙරෙහි පිහිට වීය යයි ඇයට පසසමින් නා පැන්බී ගියාහු ය. ඉක්බිති මෑත සමයෙහි එහි මිනිස්සු ගමක් පිළියෙළ කරගත්හ. ඒ ගමට මාස පිටඪි ගමයයි නම් කෙළේ ය. පසුව ඒ ජලය ආශ්රගය කරගෙන එහි විශාල විහාරයක් කළාහු ය. ඕ කුමරී තොමෝ ආයුෂ ඇතිතාක් වාසය කොට පින්කම් කොට දිව්යිලෝකයෙහි උපන්නී ය. ඖ තොමෝ එහි නොයෙක් ගස් සමූහයෙන් සැරසුණු උයන් ද බබළන පස්වණක් පියුමෙන් ගැවසී‍ගත් මිහිරි ජලයෙන් පිරීගිය ජලාසයන්



                                             රසවාහිනී                                         63

ගෙන් ගැවසුණු නොයෙක් අජසරා දහසසක් විසින් මනාව වාදනය කරන ලද බෙර - තුර්යව නාදයන්ගෙන් ගැවසීගත් නටන නොයෙක් දෙව් නිළියන් ගෙන් ගැවසුණු දොළොස් යොදුන් දෙව් විමනක් හටගති. ඇගේ පින ප්ර්කාශ කරනු පිණිස දිව පැනින් පිරී ගිය එක්රන් කළයක් එහිම හටගති. එය ඇය යන යන තැනට යයි. දෙදෙව් ලොව දෙවියන් පරිභොග කරන සමයෙහි ද සිදීමට නොගියේ ය.

මෙසේ යහපත් අය ශ්රොඬාවෙන් හොඳට දන්දී මහ සම්පත් විඳිති. බුදු නොවූ කවර සත්ව යෙක් දෙන්නාගේ (දානවර්ණමනාව) ඉතිරි නො කොට කියන්නට සමර්ථ වේද නොවේමැයි.

සත්වැනි ගම්දැරි වතයි. _____

ධර්මානවගේ වස්තුව

1 සිංහල දිවයිනෙහි ලජ්ජිතිස්ස රජතුමා රාජ්යව කරන කාලයෙහි රුහුණු දනව්වෙහි ගිරිනිම්බිල තිස්ස පර්වජත මහා විහාර වාසී භික්ෂූ න් වහන්සේ භික්ෂාහව පිණිස හැසිරෙන තැන සීව නම් ගමක් විය. ඒ ගමෙහි එක් දුගී ධර්මාි නම් ස්ත්රිියක් අනුන්ට දර කොළ දිය ආදිය ගෙනෙමින්, වී කොටමින්. පිදුරු වනමින් ගොයම් පාගමින් අමාරුවෙන් ජීවිකාව කරමින් වසන්නීය. ඕ තොමෝ මෑත කාලයෙහි මෙහෙකාරකම් කොට දුක සේ එක වස්ත්රයයක් සපයාගෙන මෙසේ සිතී ය. ඒ ‍එසේමැයි.

2. රාග නමැති ගින්නෙන් දැවී දොෂ නමැති රකුසා ගෙන් පෙළි. මෝහයෙන් මුලාවී බොහෝ කලක් සංසාරයෙහි හැසුරුණෙමි.

පෙර පිනක් නොකරන ලද්දේද, නැවත කිසිවක් කිරීමට ද, නොහැකිද දුප්පත්වීමට එකාන්තයෙන් කවරනම් පාපයක් මා විසින් කරන ලදද?

එනිසා මම අනුන්ගේ ගෙවල්වල අපහසුවෙන් මෙහෙකාර කම් කරමින් ජීවත් වෙමි. 64 රසවාහිනී

දැන් බුද්ධොත්පාද කාලයයි. ලෝකයෙහි ධර්මරය බබළයි. ගුණසාගරවූ බුඬපුත්රායෝ ලෝකයෙහි පවතිත්.

මා විසින් එකාන්තයෙන් ක්ෂ ණයක් ලබන ලදී. දැන් තම නො උදුරයි. සසර ගිලුනෙමි කවදා හිස ඔසවන්නද?

දුකසේ හදාගත් එක් සළුවක් මට ඇත. දැන් ඒ සළුවෙන් භවසාගරයෙහි පිහිට කරගත්නෙමි.

ඕ ධර්මාෙවෝ මෙසේ සිතා එකල්හි ඒ වස්ත්රනය සංඝයා මහත්ඵල ගැන විශ්වාසය තමින් ශ්රෙඬාවෙන් දුන්නීය.

3. එකල්හි ගිරිනිම්බිල තිස්ස පර්වසත විහාරයෙහි පන්සියයක් භික්ෂූ හු වස් එළඹූනහ. එයින් භික්ෂූ හු සීව ගමට පිඩුපිණිස බොහෝ සෙයින් එළඹෙත්. එකල්හි ඕතොමෝ උපන් ශ්රසඬාව විනාශ නො කොට වස්ත්රසය ගෙන ආසන ශාලාවට ගොස් එක් භික්ෂුමවකට මෙසේ කීවා ය. ස්වාමීනි, මේ වස්ත්රනය එක විහාරයක භික්ෂූවන්ට වස්වාසික කොට දෙන්නෙමි. නුඹවහන්සේලා එහි වැඩම කරවා මගේ දුප්පත්කමත් මේ සළුව දුකින් ලැබුණුවත් භික්ෂූවන්ට කියා දෙනු මැනව. උන්වහන්සේට වස්ත්රෙය ගෙන විහාරයට ගොස් රැස්වූ මහණුන්ට ඇය කියූ වචන කියා ස්වාමීනි, මේ වස්ත්රටය අඳින්නට සමත් කෙනෙකුට දෙනු මැනවැයි භික්ෂූ් සංඝයාට වස්ත්ර‍ය දුන්නේ ය.

4. මේ ඇසූ ඒ භික්ෂූ න් අතර එක නමක් ස්වාමීනි, මට තුන් මසකට දෙන්න. එය මම පරිභෝග කරමියි කීයේ ය. එය අසා අනික් භික්ෂු වක් මට දෙමසකට දෙන්න, එක් භික්ෂුිවක් ස්වාමීනි මට මසකට, සති දෙකකට. දස දිනකට, පස් දිනකට යයි මෙසේ කාලය අඩුකරමින් ක්රිමයෙන් එක් භික්ෂු වක් මට එකදිනකට දෙන්න මම එය පාවිච්චි කරමි. ඉක්බිති භික්ෂුකහු ඔහුට ඒ සළුව දුන්හ. හෙතෙම ඒ වස්ත්රාය ගෙන දහවලු



                                           රසවාහිනී                                             65

කපා මසා කප්ප බින්දු තබා සිවුරු පොරවා සක්මනට නැඟ පියවර සතක් ගෙවා අවසානයෙහි කිලෙස් සතුරා දිනමින් රහත්බවට පැමිණ ඒ සිවුර සෝදා, දෙවැනි දවසෙහි භික්ෂූරන්ට දුන්නේ ය. මේ ක්ර මයෙන් එම සිවුර නිසා ඇතුල් වසම පන් සියයක් භික්ෂූකහු රහත්බවට පැමිණියහ.

ඉක්බිති ලජ්ජිතිස්ස මහරජතුමා මහාපවාරණ දවසෙහි රජගෙදරින් නානා පාට වස්ත්රසයන් ගන්වාගෙන වියන් බන්දව්; තොරන් උසවව්; ධ්වජ හා පතාක බඳිව්; විහාර අලඞ්කාර කරව් යයි මිනිසුන් යෙදවීය.

5. ඉක්බිති ඔව්හු විහාරය අලඞ්කාර කළහ. භික්ෂූඟහු ද විහාරය අලඞ්කාර කරන කල සිවුර ගෙන මේ සිවුර බොහෝ දෙනාගේ කිලෙස් නැතිකිරීම සඳහා‍ හේතු වීයයි මළු දොර කොඩියක් කොට එසවවූහ. මළු දොර ඔසවනලද මේ අර්හත් ධ්වජය දැක, අපි නොයෙක් පාට වස්ත්රො එවීමු. කුමක් නිසා දිරුණුක් ඉදිරිපිට බැන්දාදැයි ආරාමික භික්ෂූ්න්ගෙන් ඇසූහ. රජු විසින් ඔවුනට මොහු විසින් කවර උපකාරයක් කළේදැයි කීකල්හි දේවයන් වහන්ස, අපි නොදකිමු ආර්යියෝම දනිතියි කීහ. ඉක්බිති රජතුමා භික්ෂූ සංඝයා වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නේ ස්වාමීනි, මේ වස්ත්ර ය සංඝයාට බොහෝ උපකාරයයි කියති. ඊටහේතු කවරේද? භික්ෂු සංඝ තෙමේ මහරජ, මේ වස්ත්රැය නිසා මේ ඇතුල්වස පන්සියයක් භික්ෂූවහු රහත්බවට පැමිණියෝ ය. එනිසා භික්ෂූමන්ට එය බොහෝ උපකාරයයි සිවුරෙහි ගුණ කියමින් මෙසේ කීයේ ය.

6. මලමූත්ර්වලින් තැවරුණු අපිරිසිදු පිලෝතික රහත් ධ්වජය දැක යම් තැනක ආදර නොකළේය.

මිනිසුන් විසින් පිදියයුතු ඒ ‍ෙක්ෂණම භූමියට පමුණුවා ආදර කළ යුතුයි එය අරහත් ධ්වජයයි.

රජතුමාණෙනි. රහතන් වහන්සේලා විසින් පරිභොග කරන ලද ඒ මේ දිරුණු අරහත් ධ්වජය උසවන ලද එය රහතුන් විසින් භාවිත කරන ලදී.


66 රසවාහිනී

මේ ආදි ක්ර මයෙන් ධර්ම ය දෙශනා කරන ලදී මේ ඇසු රජතුමා සන්තෝෂව මේ වස්ත්රමය දෙන ලදේදේ කවුරුන් විසින් දැයි විචාළේය. භික්ෂූවහු, අසා මහරජ, සීව ‍ගමෙහි දිළිඳු ධර්මාක නම් ස්ත්රීායක් ඇත ඈ විසින් මෙය දෙනලදැයි කීවාහු ය. රජතුමා මෙය අසා ඇය කැඳවා ඇයට බොහෝ වස්තුදී සීවගම ඇගේ බත්ගම කොට දුන්නේ ය. එතැන් පටන් ඒ ගම ධම්මසීව ගමයයි ප්ර සිද්ධ විය. රජතුමා ඇය තමන්ගේ දූ තනතුරෙහි තබා මහත්වූ කීර්තියක් දුන්නේය. ඕතොමෝ එතැන්පටන් දන්දී සිල්රැක ආයු කෙළවර ගොස් දෙව්ලොවැ උපදින්නීය.

දිළිඳු වන්නා විසින් සුපෙශල සංඝයාට වහන්සේට දෙනලද වස්ත්රාවයාගේ ආනිශංස ආනුභාවය පුදුමයි. ධර්මාන තොමෝ භවභොග සම්පත් ලැබුවාය. භික්ෂූආහු දක්ෂීදණා ශ්රාවයෝ වූහ.

අටවැනි ධර්මා.වගේ වතයි. _______

කිඤ්චිසංඝවගේ කථා වස්තුව

1. ලංකාවේ කාවන්තිස්ස රජතුමා රාජ්යද කරන කාලයෙහි අනුරාධපුරයෙහි සඩ්ඝනම් මහා අමාත්යතයෙක් වීය. රජතුමා ඔහුට රුහුණෙහි මහගම බත්ගම් කොට දුන්නේය. හෙතෙම වනාහි තමන්ගේ චුල්ලසඞඝනම් මල්ලී අමතා තෝ රජුගේ මෙහෙකරුවකු වී උවටැන් කරවයි රජු සමීපයෙහි නවතා තමා මහගමට ගොස් වසයි. එකල ඔහුට එක් දුවක් වූවා ය. නමින් කිඤ්චිසංඝා රූපයෙන් යුත් දෙවඟනක් වැන්නීය. මව් පියවරු ඇයට සූප ශාස්ර්වතාය උගන්වා පිසීම් ශාස්ත්රනය උගැන්නුවාහු ය. ඉක්බිති ඔව්හු ඇය විසින් මුලින් පිදූ කොටස භික්ෂුඋ සංඝයාට දුන්හ. ඕ තොමෝ එතැන්පටන් බොහෝසෙයින් සංඝයාට බත් හා ව්ය‍ඤ්ජන පිස උපස්ථාන කරන්නීය. ඔව්හු ඇයට සංඝ උපස්ථායිකාව යයි ව්ය වහාර කරති. මෑත



                                            රසවාහිනී                                        67

කාලයෙහි සංඝාමාත්ය තෙම ජනපදය පෙළමින් කොල්ල කමින් කලබල කරති. ඒ ප්ර වෘත්තීය මිනිස්සු ගොස් රජුට කීවෝ ය.

රජතුමා එය අසා ඔහුගේ මළණුවන් කැඳවා සහෝදරයා ජනපදය සංග්රාහ කිරීමට යවන ලදී. දැන් ජනපදය පෙළා කලබල කරයි. මෙයට ඔබේ සහෝදරයා යවා වලක්වන්න යයි කීයේ ය. හෙතෙම මෙය අසා සහෝදරයාට ලියුමක් යවමින් මෙසේ කීයේ ය.

2. සහෝදරයාට වැඳ මෙහි පැතිරී ඇති ප්රෙවෘත්තිය කියමි. සහෝදරය. රජවරු අවංක සේවයක් කළ යුත්තෝ ය.

මේ පොළොවෙහි යම, ආදිත්යහ, චන්ර් අස, මාර, කුවේර, අග්නි යන සය දෙනා විසින් රජවරු මවනලදහ.

යමතෙම පින්පව් අනුව සත්වහයන් ස්වර්ග යට හා අපායට පමුණුවයි. යම හා සමාන රජතුමා ද එසේ පවතී.

අවබෝධ කළ යුත්තන්ට අවබෝධ කරයි; වියලවීමට සුදුස්සන් වියලවයි. මෙසේ සූර්යාත ලෝකය ආලොක කෙරේ. සූර්යාව සමාන රජතුමා ද එසේමය.

ග්රමහතාරකාවන් නමැති මීමැස්සන් පිරිවරන ලද චන්ර්ස යා දිසාවන්හි පැතිරේ. චන්ර්ැතියා ලෝකය සතුටුකරවයි ලොව රජුද ලොවැ චන්ර්හ යා මෙන.

මාරයා මැරිය යුතු අය දයාවෙන් තොරව මැරිය යුතුය. රජවරු ද මාරයා මෙන් අසත්පුරුෂයන්ට නිග්ර්හ කළහ.

ධනය දීමෙන් කුවේරයා සතුටුකරනාතර ධන නමැති දිය සිඳීමෙන් ද කුවේරයා කටයුතු කරයි. මෙසේ රජතුමා ද කුවේර වැනිය මිත්රර - සතුර අය ධනදීමෙන් හා ධනය ගැනීමෙන් ‍කුවෙර වැනි ය.

ගින්න ලොවැ ඇති සියලු භූතයන් දවයි. රජතුමා ද ගින්න මෙන් අසතුටු පුද්ගලයන් දවයි.


68 රසවාහිනී

ගින්න නරකට ඇසුරු කළොත් එකම ගින්න විනාශ කර දවයි. රජ නමැති ගින්න නෑයන් සහිත චරාචර සතුන් සහිත කුලයම දවයි.

දැවුණු වනයෙහි ඇතැම් ගස් තිබේ. රජුගේ කෝප නමැති ගින්න පරාධීන නොවූ අයද දැවී ඉතිරි නොවෙති.

දිග අත් ඇති රජවරු දුරයයි සලකා අවමන් නොකළ යුතුය අහසින් ලෝකය පෙලනු ලබන දිසාවන් දැඩි කොට ගනිති.

ප්රයත්යින්තය නොපෙළව්, ගැමියන් පැහර නොගනිව්, අනුන්ගේ දේ පැහැර‍ගන්නෙක් නොවේවා තමන්ගේ මුල් නොසාරව්.

රජවරු පක්ෂ පාති උපකාරි හිත එළවන්නාවු මිනිසාට කීර්ති දීම් ආදියෙන් වැඩෙති.

3. මෙසේ ද කියා අප නොබලව්ද අප්රාමාද වී ජනයාට සංග්රෙහ කරමින් වාසය කරව් යයි සන්දේශයක් යැවීය. හෙතෙම ඒ සන්දේශය අසා මගේ බාලමල්ලී රජු ගේ අදහස දැන සන්දේශය යැවීම. රජු කිපි කලසිට අපට මෙහි වාසය කරන්නට නොහැකැයි සිතා දුවත් බිරියත් හරුබස්නත් රැගෙන යන්නේ පිළිවෙළින් නිග්රොාධසැලඛණ්ඩයට පැමිණි යේය. එහිදී හේ මෙසේ සිතීය. මම රජුට බියෙන් පලායමි. නැවත ඔහු දකින්නට නොහැකිය. අනුරාධපුරයට නොගොස් මලය රටට ගොස් යම් කිසි තැනක වාසය කොට ජීවත් වෙමියි. මේ කරුණ තමන්ගේ භාර්යාවට කියා ඇය පිළිගත් කල්හි තමන්ගේ දුවගේ රූසපුව සලකා ඉදින් අපට උපදීද, එය මේ නිසා උපදී යයි සිතා සොඳුර, කිමෙක් ද; සඞ්ඝාව නිසා අපට බියක් හටගනු ඉදින් ඔබට රුචිනම් ඇය අත්හැර යමුයි කීයේය. එය අසා ඕ තොමෝ නුඹලා යමක් කැමැති නම් එය කරවූ. මම නුඹලාගේ සිත නොබිඳින්නෙමි යි කියේ ය. ඉක්බිති හෙතෙම දුව අමතා මෑණියෙනි, අපි ඇතුළු ගමට ආහාර සොයා එනතුරු ටිකක් මෙතැන ඉන්නයයි දුව නවතා පලා ගියහ. පුදුමයි බියට පත් සතුන්ට ලෝක යෙහි ප්රේලමනීය අය කෙරෙහි ප්රේගමය හෝ ලෝභනීයන් කෙරෙහි ලෝභය ගෙවීමටයේ ඒ ‍එසේමැයි.

                                           රසවාහිනී                                          69

4. මෙබඳුවූ දුක් ඇතිවූ කල්හි මේ මිනිස්සු ඉදිඹු කසුඹුවන් මෙන් පුතුන්ට ඇති ප්රේුමය අත්හරිති.

ඉක්බිති එහි සිටි කුමාරිකාවෝ යන එනවුන් දැක මේ කුමාරිකා තොමෝ අභිරූපය, සුකුමාරය කුමක් සඳහා මෙහි සිටින්නී දැයි පුදුම්ව ළඟට එළඹ අප සමග මෑණියෙනි, එන්නයයි ඕ තොමෝ ඔවුන්ගේ ක්රි යාව අසා මාගේ මවුපියන් වචනය කඩ නොකෙරෙමියි සිතා නිශ්ශබ්දව එහිම සිටියේ ය. මෙසේ තැනක් කැපකරන ඇයට දින හතක් ඉක්මිණි. මෙතෙක් කල් නිරාහාරව සිටියේය. එකල්හි ශක්රිතෙම දෙව් මිනිස් ලොවෙහි සැරි සරන්නේ එසේ සිටි ඇය දැක මහගුණවත් කුමාරිකාවකැයි ඇය විමසමියි සිතා සිත්කළු මෙනෙව් රූපයක් මවා ගෙන ඇගේ සමීපයට එළඹ ඇය සමග කතාකරමින් මෙසේ කීයේ ය.

5. නිල්වු කෙස් කලාපයෙන් යුත් පිපී ගිය නෙළුම් වනයක් වැනි මුහුණක් ඇති නිල් පළල් ඇස් ඇති ඇසට උත්සවයක් වැනිය තී,

ලීලාවෙන් රන් ලියක් බඳු ය. නඳුන් උයනෙහි දිව්යන කන්යා වක් බඳු, අහසෙහි චන්ර්න් ලෙඛාවක් බඳු තී සොඳුර, මෙහි සිටින්නෙහිය.

තී කවුද? කාගේ දුවක්ද? කොහිසිට මෙහි පැමිණ යෙහිද? කුමක් සඳහා මෙහි සිඟන්නෙහිද සිත්කළු තැනැත්තිය, තිගේ ස්වාමියා කව්ද?

තරුණයෙක් තරුණියක කැමැති වේ. යුවතියක් තරුණයකු කැමති වේ. මම තිගේ හිමියාවන්නෙමි, තී මගේ බිරියවෙයි.

මේ අසා කුමාරිකාව කීවා ය.

මිත්රායා නුඹ යමක් සඳහා මා සමග කථා කරන්නෙහි ද එය කරුණක් මෙන් පෙනේ. ලෝකයෙහි ස්ත්රීමහු පුරුෂයාට ආබරණ්ය් නොවේ නම් නොගැලපෙති.



70 රසවාහිනී

යම් හෙයකින් ඈලාට ස්වාමිවරුන් නැත්නම් විධවා (වැන්දඹු) යයි කියති. හැමදාම වැන්දඹුවක් සියලු දුකට කොටස් කාරයෙක් වේ.

මට මව් හා පියා ඇත. ඔව්හු මට මෙසේ අනුශාසනා කළහ. දුවර්ණිය අපි එනතුරු මෙහිම නවතින්න.

මව් පියන්ගේ ‍වචනය යමෙක් මේ මනුලොව නො කරත්ද මේ ලෝකයෙහි විනාශය හා පරලොව විනාශය ද එයම වේ.

තරුණයා, යම් හෙයකින් මගේ දෙමව් පියෝ ඔබ සමග එක්වීම අනුමත කරත් නම් එක්වීම සිදුවේ. එසේ නොවුව හොත් එක්වීමක් නොමැත.

6. ඉක්බිති ශක්රදයා ඇගේ කථාව අසා එසේ නම් පින්වතිය, තී අධික බඩගිනි ඇත්තෙහි ය. මේ බත් වළඳවයි කියා එක්බත් මුලක් ඇයට දී ගියේ ය. ඕ තොමෝ බත් ගෙන කාලය බලා තවම පෙරවරු යයි දැන දන් දී වළඳමියි කාලය ඝොෂා කළා හ. තුන්වැනි ශබ්දය කෙළ වර සිතුල් පව් වෙහෙර වැසි එක් රහත්නමක් එය අසා අහසින් අවුත් ඇගේ ඉදිරියෙහි පහළ විය. ඕ තෙරුන් දැක සතුටු සිතැතිව පසඟ පිහිටුවා වැඳ පාත්රේය බතින් පුරවා තෙරුන්ට දී ටිකක් සිටින්න ස්වාමීනි යි කියා වහ වහා ලැහැබකට පිවිස ගස් අතු කඩා ඇදගෙන වැලකින් බැඳගෙන හැදිවත සෝදා සුඹුලක් දරණක් කොට තෙරුන්ට දුන්නේ ය. තෙරුන් වහන්සේ ඒ පාත්රණය සුඹුලෙහි (දරණෙහි) තබා මෝ මා දකීවායි අධිෂ්ඨාන කොට ඈ දකිද්දීම අහසට නැග විහාරයට ගියෝ ය. ඕ තොමෝ එය දැක සිතමින් දන්දී ඉතිරි වූ දෙය අනුභව කොට තමන් ගේ දානය ගැන සලකා ලැහැබක සැඟවී සිටයා ය. එකල්හි රජුගේ සේසතෙහි අධිගෘහීත දෙව් දුව ඇයගේ දානයෙන් සතුටුව සැත් පිඩු විවරයෙන් නික්ම සාධුකාර දෙමින් මෙසේ කීවාය.




                                         රසවාහිනී                                              71

7. කුමරිය, මැනවි, මැනවි. ධර්ම යෙන් ජීවත්වන තැනැත්තිය ශ්ර ඬා ඇත්තී වෙහි. තී යහපත් කොට දන් දුන්නේහි. හැමකල්හි යහපත් ජූජා ඇත්ති‍යක් වව.

රජතුමා මෙය අසා කවරකුට පිනැත්තිය සාධුකාර දුන්නෙහිදැ? යි විචාළා ය. ඕ තොමෝ මහරජතුමාණෙනි, මහාගමෙහි සංඝා මාත්යවගේ කිංචිසංඝා තොමෝ නුගගල්කඩ දොර දී දනක් දුන්නීය. ඇයට මම සාධුකාර දුනිමි යි කීවාය. රජතුමා එය අසා ඇමතියන් ඇණවීය. පින්වත්නි, තෙපි වහා එහි ගොස් ඇය යොග්යරවු රථයක වඩා හිඳුවා සරසා ගෙනඑමි යයි කීයේ ය. ඔවුහු ගොස් ලැහැබ අතර හුන් කුමරිය දැක මෑණියෙනි, අපේ රජතුමා තී ගෙන ඊම පිණිස අප එවීය. එන්න යන්න යයි ඉල්ලූහ. ඉක්බිති ඖ තොමෝ මගේ මව් පියන් නොපැමිණ දින සතකි. දැන් මා අත හැර එක්කෝ ගියාහු ය නැතහොත් මළාහු වියයුතුයයි සිතා ඔවුන්ගේ වචන මැනවයි පිළිගත්තා ය.

ඉක්බිති ඇමතියන් විසින් උනන්දුවකරන ලද (ඇය) ජලය බී නහා කොළ අතු දියෙහි දමා ඇඳීමට වස්ත්රදගෙන එන්නයයි අත දික්කළා ය. ඇමතියෝ රජතුමා විසින් එවන ලද සළුව බැහැර කොට ඇගේ අතෙහි තැබුහ. ඕ තොමෝ එය දැක පින්වත්නි, මේ වස්ත්රළ රළුය, සිත්කළු නොවේ. වෙන එකක් ගෙන එන්න යයි කිවා ය. ඉක්බිති ඇතැම් කෙනෙක් එය අසා අතු ඇද සිටි තැනැත්තියට මේ සළු ප්රිවය නොවේ යයි කියා මිනිස් ලොව මීට වඩා සියුම් වස්ත්ර්යක් නැතැයි කීවාහු ය. එකෙනෙහි ශක්ර යා ඇයගේ පින්බලෙන් දිව්ය්මය කිසිම දිනක විනාශයට නොයන සළු පසක් ‍යැවීය.

8. ඕ තොමෝ එක් සළුවක් ගෙණ ඇඳ වාහනයට නැඟ මහියඞ්ගන විහාරයට ගොස් එහි බොහෝ භික්ෂුඇන්ට සිවුරු පිණිස වස්ත්රාදී තමන්ගේ පිරිවර ජනයාට ද දිව්යහ වස්ත්ර‍ම දුන්නී ය. පොළොවෙහි වස්ත්රප ගත් ගත් තැන



72 රසවාහිනී

අඩුව පිරිණ. ඉක්බිති ‍ඕ තොමෝ පිළිවෙළින් අනුරාධ පුරයට ගොස් රජතුමා දැක්කා ය. රජතුමා ද එය දැක සතුටුව ඇයට මහත් සැපත් දුන්නේ ය. ඕ තොමෝ ද එහි සියලු භික්ෂූා භික්ෂූවණී සංඝයාට ද රජතුමා ප්ර.ධාන සියලු රජ පිරිසට ද නුවර වැස්සන්ට ද දිව්යක වස්ත්රි දුන්නී ය. රජතුමා ඇය එක පුතකුට පවාදී ඇයට මුළු රුහුණු ප්රයදේශයම බත්ගම් කොට දුන්නේ ය. ඕ තොමෝ එතැන් පටන් එහි වසමින් දන්දීම් ආදී බොහෝ පින්කම් කොට ආයුකෙළවර පිරිස් සහිතව දෙව් ලොව උපන්නී ය.

දානය කරණ කොට සත්වහයෝ දෙව් ලොව යති. දානය කරණ කොට ගෙන මිනිසුන් අතර සම්පත්තිය විඳිති. දානය කරණ කොට ගෙණ නිර්වානණය ද ලබති. එනිසා දානයෙහි (ඇලුනෝ) නිතර දෙන්නෝ ය.

නවවැනි කිඤ්චි සංඝාවගේ වතය. _____

ශ්ර_ඬා සුමනාගේ වස්තුව

1. එක් කලෙක අනුරාධපුරයෙහි මහවැලි වීථියෙහි සුමනා නම් ශ්ර_ඬාවත්. පැහැදුණු ඒ ඒ තැන සෑබෝ ආදියට මල් ආදියෙහි පුදන බණ අසන භික්ෂූ්න් වහන්සේට උපස්ථාන කරන එක් ස්ත්රීියක් වූවා ය. ඇයට ශ්ර ඬාවත් බව නිසා ශ්රපඬා සුමනා යයි නමක් වූවා ය. එසමයෙහි රුහුණු දනව්වෙහි මහගමින් එක් මිනිසෙක් කිසියම් කටයුත්තකට අනුරාධපුරයට පැමිණ මහවැලි විථීයෙහිම නවැතැන් ගති. ඕ තොමෝ ඇය සමග මිතුරු දම් පවත්වා ඔහු පිළිබඳ සිතැත්තී වූවා ය. ස්ත්රී න්ගේ සිත්හි පවත්නා අවිශේෂතාවය පුදුමයි.

මේ කටු ගසකි; මේ විෂ ගසකි; මේ සඳුන් ගසකියයි වැලකට මෙන් වෙනසක් නොමැත.

ලොවැ කාමයෙන් අන්ධ වූ ස්ත්රිිය හීන උත්කෘෂ්ඨ මධ්යයම යන මිනිසුන්ය. කුලීනය. හීන කුලීනයයි වැලක මෙන් අත් නොහරී.


                                          රසවාහිනී                                           73

2. හෙතෙමේ ද ඇය පිළිබඳ සිතැති නිසා ඇය මහ ගමට ගෙන ගියේ ය. ඉක්බිති ඕ තොමෝ එහි ගොස් ඔහු ගේ ගෙයි වසමින් නිතරම භික්ෂූ න් වහන්සේලා අට නමකට සලාක බත් දුන්නා ය; නිතර බණ ඇසුවා ය; වෙහෙර බෝධි ආදියට වඳිමින් පින්ම කළා ය.

ඉක්බිති ඕ තොමෝ අසුන්හලට ගොස් භික්ෂූයන් වහන්සේට වතාවත් කරමින් කාලය ගෙවුවා ය. ඇගේ හිමියා ශ්ර ඬාවන්තයෙක් නොවේ. එනිසා ඔහු ගෙදරට පැමිණි කල්හි තී පින්කම් කරමියි ගෙදර කිසිවක් නොකරන්නෙහි ය යි ඇයට කිපී ගෙදරින් බැහැර කෙළේ ය. ඕ තොමෝ සත් දිනක්ම කැඩුණු, වැටුණු ගෙබිතක් නිසා නිරාහාරව වාසය කොට නිසැකයෙන්ම තමා අත් හැරි බව දැන ගෙන අනුරාධ පුරයහි මගේ දෙමව්පියන් සමීපයට ම යන්නෙමියි අනුරාධපුර මගට පිළිපන්නා ඒ ඒ තැන සෑ බෝ ආදිය වඳිමින් පිළිවෙළින් නුගගල්කඩ දොරට පැමිණියා ය. හුදෙකලාව ඇවිදින්නන්ට මෙවැනි පිරිහීමක් වේමැයි. ඒ එසේ මැයි.

3. කුඩා වූ හෝ මහත් වූ හෝ ඉටු අනිටු වූ යම්කිසි කාරියක් මව්පියන් ආදි වැඩිමහල්ලන් විසින් අනුදත් දේම කළයුතු ය.

දෙමා පියන්ගේ අනු දැනුම නොමැතිව රාජ්යත සම්පත්තියක් ලබන්නේ නමුදු ඒ සම්පත්තිය ද අනු‍ජාත පුත්රපයා විසින් බහුමාන නොකරන්නේ ය.

මවු පියන් ආදි වැඩි මහල්ලන්ගේ අදහස් නොබලා යම් කිසි ආශ්චර්යනමත් වූ කාර්යනයක් කළත් හිතුවක්කාරයෙක් යයි නෑයෝ පවා ඔහුට නින්දාය කරති.

එමනිසා උඩඟු නොවී චපල නොවී ඥානවන්තව, සංයම වූ ඉඳුරන් ඇතිව වැඩ කරන පුත්රප තෙමේ ප්රයශංසාවක්ම ලබයි. හැම අතින්ම ප්රඔශංසාවට පැමිණේ. එසේ හෙයින් කියන ලදී.



74 රසවාහිනී

4. ඕ ශ්ර ඬා සුමනාවෝ මව් පියන්ට නොදන්වා පැමිණි නිසා මෙතෙක් දුක් අනුභව කළා ය. ඉක්බිති එහි සිටි අය දිව්යා මනුෂ්යෙයන් අතර සැරි සරණ ශක්රභයා ඇය දැක මෝ තොමෝ ශ්රිඬාවත් ය. තුනුරුවන්හි ඇලුණී යයි සිතා මහළු වෙසකින් බත් මුළුක් රැගෙන ඔහුගේ ඉදිරි පිට පහළව ඇයගේ සමීපයට ගොස් කොහි යන්නෙහි ද මෑණියෙනියි විචාළේ ය. ඇය අනුරාධපුරයට යමියි කී කල්හි ශක්ර තෙම තිට අධික බඩ ගිනි වෙහි. මේ බත් අනුභව කරවයි බත්මුල දුන්නේ ය. ඕ තොමෝ බත් මුල රැගෙන මෙතැන ජලය නැතැයි කියා සිටියා ය. ශක්රමයා එයට නුදුරු තන්හි පිපීගිය එක් පොකුණක් දැක්වීය. ඕ තොමෝ පොකුණට ගොස් නා බත් මුල ගෙන අත සොධා සිට කල් බලා තවම පෙර බත යයි දැන කල් දැන්වීය. මෙය අසා තලගුරු මුහුදු පව්වෙහි වාසය කරන ධම්මදින්න තෙරුන් වහ‍න්සේ නිරෝධ සමාපත්තියට සමවැද සත්වැනි දිනයෙහි නිරොධ සමාපත්තීයෙන් නැඟිට පා සිවුරු ගෙන ඇගේ ඉදිරියෙහි ප්රධකට විය. ඉක්බිති ඕ තොමෝ තෙරුන් දැක සතුටු සිතින් පාත්රයය රැගෙන බත් පුරවා තෙරුන්ට දී ස්වාමීනි, මොහොතක් වැඩ සිටිනු මැනවයි කියා සැඟවුණු තැනකට පිවිස කොළ අතු ඇඳ තමන් ඇඳ සිටි වස්ත්රවය සෝදා සුඹුලුවක් කොට දුන්නී ය. තෙරුන් වහන්සේ ඕ තොමෝ මා බලාවයි අධිෂ්ඨාන කොට වත්සුඹුලුවෙහි පාත්ර්ය තබා අහසට පැන නැගවී විහාරයටම වැඩිසේක.

ඕ තොමෝ තෙරුන් වහන්සේ වඩිනු දැක ප්රීටතියෙන් පිනා ගිය ශරීර ඇත්තී දර්ශුන පථය ඉක්මෙත්ම පසඟ පිහිටුවා වැඳ දී ඉතිරි වු බත් අනුභව කොට අනුරාධපුර මගට පිළිපන්නීය.

5. එකෙනෙහි ඒ නුග ගසැ අධිගෘහීත දෙවියා එක් පසුම්බියක දිව්ය වස්ත්රු 8 ක් තබා එක් පැත්තක දිව්ය මය බතක් ද තබා දිව්ය්මය කැවිලිවර්ගපයන් ගෙන් පුරවා සුදුසු වාහනයකට නැගී එය එහි තබා ගෙන ගැල පදවමින් ඈට




                                           රසවාහිනී                                            75

නුදුරු තන්හි ප්ර කට වී, මෑණියෙනි, කොහි යන්නෙහිදැයි විචාළේය. ඇය විසින් අනුරාධ පුරයට යමි යි කී කල්හි එසේ නම් එන්න. මේ ගැලෙහි වාඩිවෙන්න. මම ද එහි යමියි ඕ තොමෝ මැනවි ආර්ය.ය, ඔබ සමග පසුව එමි. කොළ අතු ඇඳ රියෙහි නඟින්නට නොහැකියි කීවා ය. ඉක්බිති හේ ඇයට එක් දිව්ය වස්ත්රනයක් දුන්නේ ය. මෙය ඇඳගෙන රියට නඟින්න. ඕ තොමෝ එය ඇඳගෙන රියට නැංගා ය. ඒ රිය දෙවියන්ගේ ආනුභාවයෙන් මොහොතකින්ම සෑගීරියට පැමිණියේ ය. එකල්හි දිව්යආ පුත්රෙ තෙම සකුරු පූ සියඹරාව සමීපයෙහි ගැල නතර කොට මෙතැන් මතු මට යා නො හැකියි කියා පසුම්බිය ඇයට දී අතුරු දාහන් වීය. එකල්හි සකුරු පූ සියඹරාවෙහි වාසය කරන දේවතාවා ඒ පසුම්බිය රැගෙන යන්නිය දැක වතාවත් කරන්නකු මෙන් වි ඇගේ අතින් ඒ සියල්ල ගෙන අනුරාධපුරයට පැමිණ මහා පාලියෙහි වාසය කරන භික්ෂූසන් රැස්වන වේලාවෙහි එහි තබා අතුරු දහන් විය. ඉක්බිති ඕ තොමෝ භික්ෂූරන් දැක සතුටු සිත් ඇත්තේ පස්මහ ආවසයෙහි‍ නොයෙක් සිය ගණන් භික්ෂුැන්ට ද භික්ෂූ ණීන්ට ද දිව්යහමය රස කැවිලි දිව්ය‍ සාටක ද දුන්නේ ය.

6. එකල්හි රජතුමා විහාරයට යන්නේ මහා පාලි දන්සැලෙහි වූ මේ සියල්ල දැක සතුටු සිතැතිව කවරකු විසින් මෙය දෙන ලද්දේදැ යි විචාළේ ය. මිනිස්සු ශ්ර ඬා සුමනාව විසින් දුන් බව කීවාහු ය. රජතුමා ඇය කැඳවා දන් උපකරණ ලැබුණු සැටි විචාළේ ය. ඕ තොමෝ ඒ සියල්ල විස්තර කොට කිවා ය. රජතුමා ඇයට සතුටුව තමන්ගේ අග මෙහෙසුන් බවෙන් අභිෂේක කෙළේය.

ඕ තොමෝ අභිෂෙකයට පැමිණ රජතුමා ආදි කොට ඇති සියලු නුවර වැසියන්ට දිව්යි වස්ත්ර දුන්නීය.

දිව සළු අට ගෙවීමකට (නිමාවට) නොගියේ ය. ඕ තොමෝ එතැන් පටන් දන් දීම් ආදී පින්කම් කොට දිව්යා ලෝක පරායණ වූවා ය.




76 රසවාහිනී

පින්වත්නි, සත්ව යන්ගේ ශ්ර ඬා බලය බලව්! දෙවියෝ මෙලොව දීම ඔහුට ගරු සත්කාර කරති. දෙවි - මිනිසුන් ‍ඉපද විදිනු ලබන මහත් වූ සම්පත්තිය ගැන කියනුම කවරේද?

දස වැනි ශ්රැඬා සුමනා වස්තුවයි.

සයවැනි උත්තරොලිය වර්ගඬයයි ____













ජාතකට්ඨකථා

‘අපණ්ණක’ වර්ගගය

1. අපණ්ණක ජාතකය.


1. පළමුව භාග්යයවතුන් වහන්සේ. සැවත් නුවර නිසා ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, මේ අපණ්ණක ධර්මන දේශනාව වදාළ සේක. කවරකු අරභයා මේ කථාව උපන්න් ද? සිටුහුගේ යහළු වූ පන් සියයක් තිර්වසක ශ්රා වකයන් අරභයා (වදාළ සේක) එක් දවසක වනාහි, අනේපිඬු සිටු තෙමේ තමාගේ යහළු වු පන්සියයක් අන්යන තීර්ථකක ශ්රාිවකයන් කැඳවා ගෙන බොහෝ මල් ගඳ විලවුන්ද තෙල් මී උක් සකුරු ද, අඳනා වස්ත්රව පෙරෝනා වස්ත්ර ද ගෙන්වා ගෙන, දෙව්රමට ගොස් භාග්යවවතුන් වහන්සේ වැඳ, මල් ආදියෙන් පූජා කොට. බෙහෙත් හා වස්ත්රර ද භික්ෂූ‍ සඞ්ඝයාට පිළිගන්වා, හිඳ ගැනීමේ පිළිවෙළෙහි දොස් සය දුරු කොට එකත් පස් ව හුන්නේ ය. ඒ අන්ය් තිර්ථීක ශ්රාොවකයෝ ද තථාගතයන් වහන්සේ වැඳ, ශස්තෲන් වහන්සේගේ පුත් සඳ සේ සිරියෙන් යුත් මුහුණ ද, ලකුණින් හා අනුලකුණින් සැදී ගත් බඹයක් පැතිරෙන පැහැයෙන් වට වූ උත්තම ශරීරය ද, රැලි සහිත ව යුගල යුගලව නික්මෙන්නා වූ ගන බුදු රැස් ද බලමින් අනේපිඬු සිටුහුගේ සමීපයෙහි ම හිඳ ගත්හ.

2. එකල්හි ශාස්තෲන් වහන්සේ රක් ගල් තලාවක සිංහ නාද කරන්නා වූ තරුණ සිංහයකු මෙන් ද, ගර්ජලනය කරමින් බස්නා වූ මහා වර්ෂාාවක් මෙන් ද, ආකාශ ගඞ්ගාව පෘථිවියට බස්නාක් මෙන් ද, රත්න දාමයක් ගොතන්නක්හු මෙන් ද, අඞ්ග අටෙකින් යුතු වූ, ශ්ර වර්ණතය වූ සිත් අලවන්නා




78 ජාතක අටුවාව

වූ බ්රාහ්ම ස්වරයෙන්, නා නා නය විචිත්රජ වූ මධුර ධර්මා කථාවක් වදාළහ. බුදුන්ගේ බණ අසා ප්රවසන්න වූ සිත් ඇති ඒ තීර්ථාක ශ්රාුවකයෝ. නැඟිට, දශ බල ධාරීන් වහන්‍ සේ වැඳ අන්යත වූ තීර්ථකයන් කෙරෙහි වූ සරණ බිඳ. බුදුන් සරණ ගියාහු ය. ඔහු තුමු එතැන් පටන් අනේපිඩු සිටු හා සමඟ ගඳ මල් ආදිය ගත්තා වූ අත් ඇත්තාහු වෙහෙරට ගොස්, බණ අසති, දන් දෙති, සිල් රකිති, පෙහෙවස් රකිති.

3. ඉක්බිත්තෙන් භාග්යසවතුන් වහන්සේ සැවැත් නුවරින් නැවත රජගහ නුවරට වැඩිසේක. බුදුන් වැඩි කාලයෙහි දී ඒ (තීර්ථක ශ්රාතවකයෝ) බුදු සරණ අත් හැර දමා අන්ය තීර්ථකයන්ගේ සරණ ගෙන තමන්ගේ මුල් තැනෙතහි ම පිහිටියාහුය. බුදුහු ද හත් අට මසක් කල් ගෙවා නැවත දෙව්රමට වැඩියහ. අනේපිඬු සිටු තෙමේ නැවතත් ඔවුන් කැඳවා ගෙන බුදුන් සමීපයට ගොස් ගඳ මල් ආදියෙන් ශාස්තෲන් වහන්සේ පුදා වැඳ එකත් පසෙක හුන්නේ ය. ඒ තීර්ථක ශ්රා වකයෝ ද බුදුන් වැඳ එකත් පසෙක හිඳ ගත්හ. ඉක්බිත්තෙන්, තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩි කල්හි තමන් ගත් සරණ බිඳ ගෙන නැවත ඔවුන් අන්යථ නිර්ථකයන්ගේ සරණය ම ගෙන මුල් විධියෙහි ම පිහිටි බැව් භාග්ය‍වතුන් වහන්සේට සැළ කෙළේ ය.

4. භාග්යිවතුන් වහන්සේ, පමණ නැති කෙළ ගණන් කප්හි නිරන්තරයෙන් පුරන ලද වාක් සුචරිතානුභාවයෙන් දිව්යර ගන්ධතයෙන් සුවඳවත් වූ, නා නා ගන්ධභයෙන් පිරුණා වූ රුවන් කරඬුවක් හරින්නාක් මෙන්, මුව පියුම හැර මිහිරි හඩ විහිදුමෙන්, ‘උපාසකයෙනි, තෙපි තුන් සරණ බිඳ අන්යප තීර්ථකයන්ගේ සරණ ගියාහු දැ?” යි විචාළ සේක. එවිට සඟවන්ට නොහැකි වූ ඔවුන් විසින් “භාග්යදවතුන් වහන්ස, සැබැව” යි කී කල්හි, “උපාසක වරුනි, යටින්





                                         ජාතක අටුවා                                       79

අවීචිය උඩින් භවාග්ර ය සීමා කොට සරසින් අප්රකමාණ වූ ලෝක ධාතුවෙහි ශීලාදී ගුණයෙන් බුදුන් හා සම වුවෙක් නැති. වැඩි ගුණ ඇත්තේක් කොහින් ද?” ‘මහණෙනි, යම් තාක් සත්වඇයෝ (ඇත් ද), පා නැත්තෝ (වෙත් ද) තථාගත තෙමේ ඔවුන් සියලු දෙනාගේ ම අග්රව ස්ථානය ගනී. මෙහි හෝ (මරණින්) මතු තැනෙහි හෝ යම් ධනයක් වේ ද........ පැහැදුණවුන් අතර අග්ර) වූ බැවින් යනාදී සූත්ර වලින් ප්රනකාශිත වූ රත්නත්රවයෙහි ගුණ වදාරා, “මෙබඳු උතුම් ගුණයන්ගෙන් යුක්ත වූ තුනුරුවන් සරණ ගිය උපාසක කෙනෙක් හෝ උපාසිකා කෙනෙක් හෝ නරකාදියෙහි උපන්නාහු නම් නො වෙති, අපායෝත් පත්තියෙන් මිදි දෙව් ලොව ඉපිද, මහා සම්පත්තිය අනුභව කරති. එහෙයින් මෙබඳු සරණ බිඳ අන්යඉ තීර්ථකයන්ගේ සරණ ගියා වූ තොප විසින් අයුත්තෙක් කරන ලදැ” යි වදාළ සේක. මෙහි දී ප්රවධාන වශයෙන් හෝ උත්තම වශයෙන් හෝ තුන් සරණ ගියවුන් අපායෙහි ඉපැදීම නොවීම දැක්වීම පිණිස මේ සූත්ර දැක්විය යුත්තේ ය.

5. “යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහු වෙත් ද? ඔහු තුමු අපායට නොයන්නාහුය: මනුෂ්ය් ශරීරය හැර දිව්යව ශරීරය සම්පුර්ණත කරන්නාහු ය.

6. යම් කිසි කෙනෙක් ධර්ම‍ය සරණ ගියාහු වෙත් ද, ඔහු තුමු අපායයට නොයන්නාහු ය: මනුෂ්යශ ශරීරය හැර දිව්ය ශරීරය සම්පූර්ණය කරන්නාහු ය.

7. යම් කිසි කෙනෙක් සංඝයා සරණ ගියාහු වෙත් ද, ඔහු තුමු අපායට නොයන්නාහු ය; මනුෂ්යඝ ශරීරය හැර දිව්ය ශරීරය සම්පූර්ණ කරන්නාහුය.

8. බියෙන් තැති ගත් බොහෝ මිනිස්සු, පර්ව‍තයන් ද, වනයන් ද, ආරාම හා චෛත්යි වෘක්ෂ යන් ද ඒකාන්තයෙන් සරණ යන්නාහුය.



80 ජාතක අටුවාව

9. ඒ සරණය වනාහි නිර්භ ය නො වෙයි. ඒ සරණය උත්තම නො වෙයි. ඒ සරණයට පැමිණ සියලු දුකින් නො මිදෙයි.

10. යමෙක් වනාහි බුදුන් ද, ධර්ම.ය ද, සඞ්ඝයා ද සරණ ගියේ (වේ නම්) ආර්ය් සත්ය යන් සතර මනා‍ කොට ඥානයෙන් දක්නේ වෙයි.

11. දුක්ඛ සත්යිය ද, දුක්ඛ සමුදය (දුක ඉපැදීමේ) සත්ය,ය ද, දුකෙන් ඉක්මීම ද දුක උපසමයට පමුණුවන්නා වූ ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගමය ද (යන මේ චතුරාර්ය සත්යමය යි.)

12. ඒ සරණය වනාහි නිර්භ ය වෙයි. ඒ සරණය උත්තම වෙයි. ඒ සරණයට පැමිණ සියලු දුකින් මිදෙන්නේය”

13. හුදෙක් ශාස්තෲන් වහන්සේ මෙපමණ ම ධර්මාය දෙසු සේක් නොවෙයි. තව ද “උපාසක වරුනි, බුඬානුස්මෘති කර්මක ස්ථානය නම්, ධර්මාිනුස්මෘති ....... සඞ්ඝානුස්මෘති කර්මඬ ස්ථානය නම්. ශ්රෝසතාපත්තී මාර්ග ය දෙයි, ශ්රෝතතාපත්ති ඵලය දෙයි, සකෘදාගාමි මාර්ග්ය දෙයි, සකෘදාගාමි ඵලය දෙයි, අනාගාමි මාර්ගෝය දෙයි’ අනාගාමි ඵලය දෙයි, අර්භෙත් මාර්ගකය දෙයි, අර්භටත් ඵලය දෙයි” මේ ආදී ක්රතමයෙන් ධර්මසය දේශනා කොට “ මෙසේ වූ සරණය බිඳින්නා වු තොප විසින් අයුත්තෙක් කරන ලද්දේ යැ” යි වදාළ සේක.

14. මෙහි දු බුද්ධානුස්මෘති කර්මය ස්ථානාදියෙහි ශ්රෝිතාපත්ති මාර්ගා දිය ලබා දීම් ආදියෙහි, “මහණෙනි, එක් ධර්මදයෙක් තෙමේ වඩනා ලද්දේ, නැවත නැවත පුරුදු කරන ලද්දේ, ඒකාන්තයෙන් පළකිරීම පිණිස, නොඇලීම පිණිස, (රාගාදිය) නිරුඩ කිරීම පිණිස, සංසිඳවීම පිණිස, දැන ගැනීම පිණිස, මනාව අවබෝධ කර ගැනීම පිණිස, නිවීම පිණිස, පවතී, කවර එක් ධර්මමයෙක් ද? බුද්ධානුස්මෘතිය යි (හෙවත් බුදුන් ගුණ සිහියට නැඟීම යි.”



                                         ජාතක අටුවාව                                        81

15. මෙසේ භාග්ය වතුන් වහන්සේ නොයෙක් ආකරයෙන් උපාසකයනට අවවාද කොට, “උපාසක වරුනි, පෙරත් මිනිස්සු “අසරණය සරණය’ යි තර්ක ගැනීමෙන් විරුද්ධවූ ගැනීමෙන් ගෙන, අමනුෂ්යරයන් විසින් අරක් ගත් කාන්තාරයෙහි යකුනට ගොදුරු ව මහා විනාශයට පැමිණියාහු ය ‘අපණ්ණකගාහ’ ය යි (කියන ලද) ඒකාන්ත ග්ර හණය වූ අවිරුද්ධ ග්ර හණ ගත්, (හෙවත් කරුණු ඇති සැටියෙන් තේරුම් ගත්) මිනිස්සු, ඒ කාන්තාරයෙහි ම සැපතට පැමිණියාහු ය” යි වදාරා තුෂ්ණිම්භූත වූ සේක.

16. එකල්හි අනේපිඩු සිටු තෙමේ හුන්ස්නෙන් නැගිට භාග්යිවතුන් වහන්සේට වැඳ, ස්තුති කොට, දොහොත් මුදුන්දී, මෙසේ කීය. “ස්වාමීනි, දැන් මේ උපාසක වරුන්ගේ උතුම් වූ සරණය බිඳ (කළා වූ) තර්ක“ ග්ර්හණය අපිට ප්රැකටයි. පෙර යකුන් අරක් ගත් කාන්තාරයෙහි තාර්කිකයන්ගේ විනාශය ද තත්ත්වාකර්ථ ග්ර හණය ගත්තා වූ මිනිසුන් ගේ ස්වාස්ථ්යියද අපට වැසී ඇති. ඔබ වහන්සේට ම ප්ර‍කටය. භාග්ය වතුන් වහන්සේ අහසෙහි පුන් සඳ මඬල නඟා පාන්නාක් මෙන් අපට මෙ කාරණය ප්රසකට කරණ සේක් වා! ඒ යහ පතැ” යි (කීය)

17. ඉක්බිත්තෙන් භාග්ය්වතුන් වහන්සේ “ගෘහපතිය, අපරිමිත වූ කාලයක් දස පැරුම් පුරා ලෝකයාගේ සැකදුරු කිරීම පිණිස මා විසින් සර්වකඥතා ඥානය අවබෝධ කරන ලද්දේ ය. සිංහ තෙලෙන් රන් නලයක් පුරවන්නාක් මෙන් සකස් කොට කන් යොමා අසව” යි (වදාරා) සිටු හට සිහි උපදවා වළා ගබක් පළා පූර්ණය චන්ර් යා ඇර පාන්නාක් මෙන් භවාන්තරයෙන් සැඟැවුණා වූ (ඒ) කාරණය ප්රතකාශ කළ සේක.

18. අතීතයෙහි කසී රට බරණැස් නුවර බ්රිහ්මදත්ත නම් රජෙක් විය. එකල බෝසත් තෙමේ සාර්ථය වාහකුලයෙහි පිළිසිඳ ගෙන ක්රරමයෙන් වැඩි වියට පැමිණ පන් සියයක්



82 ජාතක අටුවාව

ගැලින් වෙළදාම් කරමින් ඇවිදියි. කිසි කලෙක හෙතෙමේ පෙර දිගින් අපර දිගටත්. අපර දිගින් පෙර දිගටත් යයි. බරණැස ම අව්යික්ත වූ උපායයෙහි අදක්ෂෙ වූ අන්යි වූ සාර්ථ වාහ පුත්රකයෙක් ද ඇත්තේ ය. එ සමයෙහි බෝසත් තෙමේ බරණැසින් මහර්ඝ‍ වූ බඩු ගෙන පන් සියයක් ගැල් පුරා, ගමනට සරසා තැබීය. ඒ අඥාන වූ සාර්ථ් වාහ පුත්ර යා ද, එසේ ම ගැල් පුරා, ගමනට සැරසී සිටියේ ය. බෝසත් තෙමේ, “ඉදින් මේ අඥාන සාර්ථ වාහ පුත්රමයාත් මා සමග ම යන්නේ නම්, ගැල් දහසක් එක් ව මාර්ගියේ යන කල්හි මාර්ගරය ද නොපොහොනේ යි, මිනිසුන්ට දර දිය ආදිය ද සරක්නට තණ ද දුර්ල භ වන්නේ ය. ඔහු හෝ මා හෝ පළමු කොට යා යුතු ය” යි සිතීය. හෙතෙම ඔහු කැඳවා මේ කාරණය සැළ කොට “අප දෙදෙන එක්ව යනු නො හැකිය කිමෙක් ද? තෝ පළමුව යන්නෙහි ද? නැත. පසු ව (එවන්නෙහි) ද?” යි කීය. අනෙකා මෙසේ සිතීය. ‘මා පෙරටු ව යන්නට වන් කල්හි අනුසස් බෙහෝ ය. නොකැඩුණු මගින් යන්නෙහි. ගොන්නු නො ඉඳුල් තණ කොළ කන්නාහ. මිනිසුනට අනිකකු ‍විසින් විසින් නොකෑ මාළුවට සුදුසු පලා වන්නේය. පහන් දිය වන්නේ ය. කැමැති සේ මිළ තබා බඩු විකිණීය හැකි වන්නේ ය.” (මෙසේ සිතා) හෙතෙම “යහළුව, මම පළමුව යෙමි” යි කීය.

19. බෝසත් ද පසුව යාමයෙහි බොහෝ අනුසස් දීටීය. මෙසේ ඔහුට සිතුණේය. “පළමු යන්නෝ මඟ විෂම ස්ථානයන් සම කරන්නාහ. මම ඔවුන් ගිය මගින් යන්නෙමි, ඉදිරියේ ගිය ගොනුන් විසින් මෝරා තද ව ගිය තණ කැ කල්හි, මගේ හරක් නැවත හට ගත් මිහිරි තණ කන්නා හ. පලා නෙලා ගත් තැනින් නැවත නැ‍ඟෙන ළා පළා කොළ මාළුවට මිහිරි වන්නේ ය. මොහු දිය නැති තැන සාරා පැන් උපදවති. ඔවුන් කැපු වළින් අපි පැන් බොන්නමු. බඩු මිළ කිරීම නම් මිනිසුන් ගේ දිවි තොර කිරීම වැනි දෙයෙකි. මම පසු ව ගොස් ඔවුන් තුබු අගයෙන්




                                      ජාතක අටුවාව                                         83

බඩු විකුණන්නෙමි” යි මෙ තෙක් අනුසස් දුටු බෝ සත් තෙමේ “යහළුව, තෝ පළමු ව යවව” යි කී ය. මෝඩ සාර්ථවාහයා “මැනැව මිතුරැ” යි කියා ගැල් ඇර ගෙන යන්නේ ක්ර මයෙන් මනුෂ්යා වාසය ඉක්මවා කාන්තාර මුඛයට පැමිණී ය.

20. චෝර කාන්තාර (හෙවත් සොරුන් ගෙන් ගහණ වූ කතර) ව්යාතළ කාන්තාර (හෙවත් සතුන් ගෙන් ගහන වූ කතර) නිරූදැක කාන්තාර (හෙවත් දිය නැති කතර) අමනුෂ්යො කාන්තාර (හෙවත් යක්ෂා දි නොමිනිසුන් ගෙන් ගහණ වූ කතර අල්ප භක්ය්ර කාන්තාර (හෙවත් කෑ යුතු) දේ ඉතා අල්ප වූ හෙවත් නැති වූ කතර) යනුවෙන් කාන්තාරය පඤ්ච විධ ය. එහි සොරුන් සිටිනා මඟ චෝර කාන්තාර නමි. සිංහාදි සතුන් සිටිනා මඟ ව්යානල කාන්තාර නමි. යම් තැනෙක නෑමට වත් බීමට වත් දිය නැත් ද ඒ නිරූදක කාන්තාර ය. යක්ෂා දි අමනුෂ්යායන් ගේ උවදුරු ඇති මඟ අමනුෂ්යද කාන්තාර ය. මුල් හෝ කෑ යුතු දෙය හෝ නැති කතර අල්ප භෂ්යය කාන්තාරය. මේ පස් වැදෑරුම් කාන්තාරයන් අතුරින් ඒ කාන්තාරය නිරුදැක කාන්තාරය; (එ සේ ම) අමනුෂ්ය් කාන්තාර ය. එ හෙයින් ඒ සාර්ථ වාහ පුත්රයයා මහා සැළිවළ දිය පුරවා සැට යොදුන් වූ කාන්තාරයට පිවිසියේ ය.

21. ඔවුන් කාන්තාරය මැදට ගිය කල, එහි වූ එක් අධිගෘභීත යක්ෂසයෙක්, “මොවුන් ගත් දිය හිස් කැරැවා දුර්වකල කොට සියල්ලන් ම කන්නෙමි” යි සියලු අඟින් සුදු වු ගොනුන් යෙදු මනරම් රියක් මවා, දුනු හියොවුරු පලිස් හා ආයුධ ද ගත් අත් ඇති අමනුෂ්යොයන් දහ දොළොස් දෙනකු විසින් පිරිවරන ලදු ව ඇඹුල හෙළ උපුල් පැළඳ, තෙත් වූ හිස කේ හා පිළී හා ඇති ව, අධිපති පුරුෂයෙකු මෙන්, ඒ රියෙහි සිට මඬ තැවරුණු ගැල් සක් ඇති ව ඉදිරියට ගියේ ය. ඔහු ගේ පිරිවර මිනිස්සු ද





84 ජාතක අටුවාව

ඉදිරියෙන් හා පස්සෙන් යන්නාහු, තෙත් හිසකේ හා තෙත් පිළී ඇත්තාහු, උපුල් කුමුදු මල් පැළඳ, රත් පියුම් හෙළ පියුම් මිටි ගෙන, නෙලුඹල හා නෙලුඹු දැලි ද කමින්, දිය බින්දු හා මඩ ද වගුරුවමින් ගියාහු ය. සාර්ථ වාහයෝ නම්, යම් දවසෙක අභිමුඛ ව සුළඟ හමා‍ ද, එ විට ගැල තුළ හිඳ උපස්ථාකයන් පිරිවරා දුවිලි බැහැර කරමින් සෙසු ගැලව ඉදිරි ව යෙත්. යම් විටෙක පසුපසින් හමයි ද, එ විට පෙර සේ ම පසුපසින් යෙත්. මේ දවසෙහි ඉදිරියෙන් හැමී ය. එ හෙයින් ඒ සාර්ථ වාහ පුත්රරයා ඉදිරියෙන්ගියේ ය. යක්ෂ. තෙමේ එන්නා වූ ඔහු දැක, තමා ගේ රිය මඟින් ඉවත් කරවා “කොහි යවු දැ” ? යි ඔහු හා පිළිසඳර කථා කෙළේ ය. සාර්ථ වාහ තෙමේ ද තමාගේ රිය මඟින් ඉවත් කරවා සෙසු ගැල්වලට යන්නට ඉඩ දී එකත් පස් ව සිටියේ ඒ යක්ෂායාට මෙසේ කීයේ ය. “පින්වත, අපි වනාහි බරණැස සිට එමු. ඉදින් තෙපි ඇඹුල උපුල පැළැඳ, රත් හෙළ පියුම් අතින් ගෙන, තෙලඹල හා නෙලුඹු දැලි ද කමින් මඩ තවරා ගෙන දිය බින්දුක ඉස ඉස එහු ය කිම, තොප ආ මඟ වැසි වසී ද? උපුල් ඈ යුත් විල් ඇත් දැ?” යි විචාළේ ය.

22. යක්ෂයයා ඔහු ගේ කථාව අසා, “යහළුව. තෝ කුමක් කියහි ද? තෙල නිල් වන් වන රොද පෙනෙන්නේ ය. එ තැන් පටන් සියලු වනය පැනින් ගැවැසී ගත්තේ ය. නිබඳ වැසි වසින්නේ ය. පිරුණු කඳුරැලි වන්නේ ය. ඒ ඒ තැන පියුම් ආදියෙහි වැසුණු විල් ය” යි කියා පිළිවෙළින් යන ගැල්වල මිනිසුන් ගෙන්, “මේ ගැල් රැගෙන කොහි යවු දැ?”යි ඇසී ය. “අසවල් නුවරට ය” යි (ඔහු පිළිතුරු දුන් හ.) ‍”මේ මේ ගැල කිනම් බඩු ද?” “අසුවල් අසුවල් බඬු ය.” “පස්සේ එන ගැල් ඉතා බර ව එයි කිමෙක් වේ ද?” “දිය ය” “මෙ තෙක් දිය ගෙන ඒමෙන් තොප විසින් කළේ යහ පති. මෙ තැන් සිට දියෙන් ප්රයයොජනයෙක් නැති. ඉදිරියේ බොහෝ පැන් ඇති. සැළි බිඳ දමා දිය ඉවත් කෙට සුව සේ




                                         ජාතක අටුවාව                                       85

යවු” යි හෙ‍ තෙමේ කී ය. එස් ද කියා, “තෙපි යහු, අපට පමාවක් ඇතැ” යි (කියා) මඳක් දුර ගොස්, ඔවුන් ගේ අදර්ශානයට පැමිණ තමා ගේ යක්ෂ පුරයට ම ගියේ ය. ඒ නුනුවණ සාර්ථු වාහයා ද තමා නුනුවණ බැවින් යක්ෂමයා ගේ වචන ගෙන සැළි බිඳුවා, පතක් පමණකුත් දිය ඉතිරි නො කොට. සියල්ල බැහැර ලා, නො වී පදවා ගෙන ගියේ ය. ඉදිරියේ ස්වල්පයකුදු දිය, නො වී පැන් නැති ව, මිනිස්සු ක්ලාන්ත වූහ. ඔහු හර බසින තෙක් ගොස් (ගොන්) මුඳා ගැල් වළල්ලෙහි නවතා ගොන් ගැල් සක්හි බැන්දාහු ය. ගොනුනට හෝ මිනිසුනට හෝ කැඳ බත් (පිසින්නට) හෝ පැන් නොවී ය. දුර්වටල මිනිස්සු තැන් තැන්වල හිඳ නිඳා ගත් හ. රාත්රී්යෙහි යක්ෂබයෝ යක්ෂව පුරයෙන් අවුත් සියලු ගොන් ද මිනිස්සුන් ද මරා මස් කා ඇට කටු පමණක් ඉතිරි කොට ගියාහු ය. මෙ සේ එක් මෝඩ සාර්ථන වාහ පුත්රොයකු නිසා ඒ සියල්ලෝ විනාශ වූ හ. අත් ඇට ආදිය දිසානුදිසාවන්හි විසිරී ගියේ ය. පන් සියයක් ගැල් පිරු සේ ම වී ය. බෝ සත් තෙමේ ද මෝඩ සාර්ථර වාහ පුත්රායා නික්මුණු එක් මස් පසළොස් දිනක් ගෙවා, පන් සියයක් ගැල් ගෙන නුවරින් නික්ම ක්රුමයෙන් ගොස් කාන්තාර මුඛයට පැමිණියේ ය. එහි දී ඔහු දිය සැළි පුරවා බොහෝ පැන් ගෙන කඳවුරෙහි බෙර පියෙවි කරවා, මිනිසුන් කැඳවා මෙ සේ කි ය. “මා නො විචාරා පතක් පමණ වත් දිය ප්ර යෝජන නො ගනුව. කාන්තාරයෙහි විෂ ගස් වර්ගත ඇති. තොප නොකෑ විරූ කොළයක් හෝ මලක් හෝ ගෙඩියක් හෝ මා නො අසා නො කව” යි මෙ සේ මිනිසුනට ඔවාදී පන් සියයක් ගැල් සමග කතර මගට පිළිපන්නේ ය.

23 ඒ බෝසත්හු කතර මැඳට ගිය කල්හි ඒ යක්ෂනයා පෙර සේ ම බෝ සත්හු ගේ ඉදිරියෙහි තමා දක්වා සිටියේ ය. බෝ සත් ඔහු දුටු කෙණෙහි හැඳින්නේ ය. “මේ කතර දිය නැත්තේ ය. නිරුදක කාන්තාර නම් වේ. මේ යක්ෂකයා වනාහි නිර්භීත ය, රතු නෙත් ඇත්තේ ය.





86 ජාතක අටුවාව

මොහුගේ සෙවනැල්ල ද, නො පෙනේ. පෙරටු ව ගියා වූ මුඪ සාර්ථෙවාහයා සියලු දිය විසුරුවා මිරිකා පියා පිරිස් සහිත ව මොහු විසින් කෑවා විය යුතු ය. මා ගේ නුවණැති බවත් උපායයෙහි දක්ෂ භාවයත් මොහු නො දනිති යි සිතමි” යි යක්ෂතයාට මෙ සේ කී. “තෙපි යවු අපි වෙළෙන්දෝ වමු. අනෙක් පැනක් නො දැක ගත් දිය නො දැම්ම හ. පැන් දුටු තැනෙක දී මේ පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන යම් හ” (යනුවෙනි) යක්ෂම තෙමේ මඳ දුරක් ගොස් අදර්ශලනයට පැමිණ තමා ගේ නුවරට ගියේ ය. යකුන් ගිය කල්හි මිනිස්සු බෝසත් හට මෙසේ කීවාහු ය, “ස්වාමිනි, ‘මේ වන රොද ය. එ තැන් සිට නිබඳ වසී ය’ යි කියන මේ මිනිස්සු උපුල් කුමුදු මල් පැළාඳ රත් පියුම් හෙළ පියුම් මිටි ගෙන, නෙලුඹල හා නෙලඹු දැලි හා කමින් තෙමුණු හිස කේ හා වස්ත්රි හා ඇති ව, දිය බිංදු ඉස ඉස ආවාහු ය. එ හෙයින් දිය ඉවත ලා ගැල් හිස් කොට ගෙන වහා යමු” යි බෝ සත් තෙමේ ඔවුන් ගේ වචනය අසා ගැල් නවත්වා සියලු මිනිසුන් රැස් කරවා (මෙසේ) ප්රනශ්න කෙළේය. “මේ කාන්තාරයෙහි විලෙක් හෝ පොකුණෙක් හෝ ඇතැ යි මීට පෙර කිසිවකු කියනු තොප ඇසු විරූ දෑ?” යි ඇසීය.

“ස්වාමීනි, ඇසූ විරූ නැති. මේ නිරූදක කාන්තාරයයි” ‘දැන් ඇතැම් මිනිස්සු මේ නිල් වන රොදින් ඔබ වැසි වසිති යි කියති.” “වැසි සුළඟ නම් කෙතෙක් දුර හමා ද?” “ස්වාමීනි, යොදුනක් පමණ දුර ය.” “කිමෙක් ද? තොප එකකු ගේ හෝ සිරුරෙහි වැසි සුළඟ වදී ද?” ‘නැති, ස්වාමීනි,” “වැසි වළා කොතෙක් දුර පෙනේ ද?” ස්වාමිනි, යොදුනක් පමණ දුර ය.” “කිමෙක් ද? එක වැසි වළාවක් වත් තොප කවුරුන් විසින් හෝ දක්නා ලද ද?” ‘නැති, ස්වාමීනි,” “විදුලිය නම් කෙතෙක් දුර පෙනේ ද?” “හතර පස් යොදුනක් දුර පෙනේ” “තොප කවරකු විසින් හෝ විදුලියෙහි එළිය දක්නා ලද ද?’’ “ස්වාමීනි, නැති.”





                                         ජාතක අටුවාව                                      87

“මේඝයෙහි හඩ කෙතෙක් දුර ඇසේ ද?” ස්වාමීනි, එක් යොදුන් පමණ ය” “තොප කවරකු විසින් හෝ අහස ගුගුරණ හඩ අසන ලද්දේ ද?” “නැති, ස්වාමීනි,” “මොහු මිනිස්සු නො වෙති මොහු යක්ෂ යෝ ය. දිය අස් කරවා අප දුර්වකල කොට ‘කන්නමු’ යි ආවාහු වෙත්. පළමු ගිය නුනුවණ සාර්වඅවාහ පුත්රරයා උපාය දක්ෂහ නො වේ. ඒකාන්තයෙන් හෙ තෙමේ දිය අස් කරවා ක්ලාන්ත කරවා යකුනට ගොදුරු වූයේ වන්නේ ය. ගැල් පන්සියය පිරුණු සේ ම තිබෙන්නේ ය. අද අපි ඒ දකින්නමු. පතක් පමණ වත් දිය ඉවත නො ලා වහවහා පදුව” යි කියා පදවා පී ය. යන්නා වූ බෝ සත් තෙමේ පිරූ සේ ම සිටි පන් සියයක් ගැල් ද ගොනුන් ගේ හා මිනිසුන්ගේ හා අත් ඇට ආදිය ද, ඒ ඒ අත විසිර තිබෙනු දැක ගැල් මුදවා, ගැල් වට කුරු ව සිටුවා, කඳවුරු බඳවා ගොන් තණ කවා, මිනිසුන්ට සවස් බත කවා. මිනිසුන් මැඳ ගොනුන් හිඳුවා, තෙමේ ශක්තිමත් නායක පුරුෂයන් ගෙන උදාසනින් ම සියලු කට යුතු නිමවා ගොනුන් කවා දුර්ව්ල රිය අතැර, ශක්තිමත් ගැල් ගෙන, අල්පාර්ඝන වූ බඩු ඉවත ලා මහාර්ඝර වූ බඩු පටවා කැමැති තැනට ‍ගොස් වී ගුණ ත්රීත ගුණ වූ මිළට බඩු විකුණා සියලු පිරිස් රැගෙන, නැවත තමා ගේ නගරයට ම ගියේ ය.

24. බුදු රජාණන් වහන්සේ මේ කථාව දේශනා කොට, “ගෘහ පතියෙනි, මෙ සේ පෙර තර්ක ග්රානහය ගත්තෝ මහා විනාශයට පැමිණියාහු ය. අවිරුද්ධ ප්රේතිපදාව ගත් අය අමනුෂ්යහයන් ගේ අතින් මිදී සුවසේ අභිමත ස්ථානයට ගොස් නැවත තම තමන් ගේ තැන්වලට ද පෙරළා ගියාහු ය” යි කථා වස්තු සංසන්දසනය කොට මේ අපණ්ණක ධර්මෙ දේශනාවෙන්. බුද්ධත්වුයට පැමිණ. මේ ගාථාව වදාළ සේක.

25. “ඇතැම් පණ්ඩිතයෝ අවිරුද්ධ කාරණය හෙවත් නිවරැදි මඟ කියති දෙ වැනි වූ වැරදි මඟ මැනවැ යි කියති. නුවණ ඇති තැනැත්තේ මේ කාරණය දැන යමක් අවිරුද්ධ ද ඒ ගන්නේ ය.”




88 ජාතක අටුවාව

මෙ තැන අපණ්ණක නම්: එකාන්ත, අවිරුද්ධ උතුම්. යන අර්ත්ථඅ ඇත්තේ ය. ඨාන නම් කාරණය යි යම් හෙයෙකින් තමා හා බැඳී පවත්නා ඵලයෙක් වේ ද, ඒ. මූල හේතුව කාරණ වෙති යි කියනු ලැබේ. ‘ඨානඤ්ච අට්ඨානතො’ යනාදි තන්හි මේ ඨාන ශබ්දයා ගේ ප්රියෝගය දත යුතු. මෙ සේ අපණ්ණකං ඨානං යන දෙ පෙදෙහි ම, නො වරදවා හිත සුව එළවන බැවින්. පණ්ඩිතයන් අනුගමනය කළ ඒකාන්ත නිවැරැදි උතුම් කාරණය මේ යයි දක්වයි. මේ මෙහි සං‍ෙක්ෂ්ිපය යි. විස්තර වශයෙන් වනාහි ති සරණ, පන් සිල්, දස සිල්. ප්රා තිමෝක්ෂි සංවරය, සිවු පිරිසිදු සිල්, ඉන්රියි යයන් කෙරෙහි ‍රක්නා ලද දොර ඇති බව, භෝජනයෙහි ප්ර මාණය දන්නා බව, නිඳි වැරීම. ධ්යා නය, විර්ශ නාව, පඤ්චාභිඥාව, (අෂ්ට) සමාපත්ති, ආර්ය මාර්ගය. ආර්ය ඵලය, යන මේ සියල්ල ‘අපණ්ණක - ඨාන’ යි, ‘අපණ්ණක - පටිපදා’ යි, නෛර්යාණික ප්ර තිපදාව යි. යම් හෙයෙකින් නෛර්යාණික ප්ර තිපදාවට ම මේ නම් වේ ද, එහෙයින් භාග්ය වතුන් වහන්සේ ‘අපණ්ණක - පටිපදාව’ දේශනා කරණ සේක් මේ සුත්රුය වදාළ හ.

27. “මහණෙනි, තෙ කරුණෙකින් යුතු ව භික්ෂුසව අපණ්ණක පටිපදාවට පිළිපන්නේ වෙයි. ආශ්රතවයන් ගේ නැසීම පිණිස යෝනිය (හෙවත් නිර්වානණයට යැවෙන පිළිවෙත නම් වූ ධර්මේ මාර්ගයේ උත්පත්ති ස්ථානය) සම්පූර්ණට වූයේ වෙයි. කවර ධර්මර තුනෙකින් ද? මෙ තැන්හි මහණෙනි, භික්ෂූ්ව තෙමේ ඉන්රිි යයන් පිළිබඳ ව ආරක්ෂි ත වූ දොර ඇත්තේ වෙයි. භෝජනය පිළිබඳ ව ආරක්ෂිෙත වූ දොර ඇත්තේ වෙයි. භෝජනය පිළිබඳ තරම දන්නේ වෙයි. නිඳි වාරීමෙන් යුතු වන්නේ වෙයි. මහණෙනි, භික්ෂු වක් තෙමේ කෙසේ ඉන්රිිඳි යයන් පිළිබඳ වූ ආරක්ෂිෙත වූ දොර ඇත්තේ වේ ද? මෙ තැන මහණෙනි, භික්ෂූයව තෙමේ ඇසින් රූපයක් දැක එහි නිමිත්ත ග්රදහණය නොකරන්නේය.





                                         ජාතක අටුවාව                                     89

(හෙවත් බාහිර රූප ලක්ෂ ණ ගැනීම් වශයෙන් නො ගන්නේය.) ......... මෙසේ වනාහි මහණෙනි, භික්ෂූ ව තෙමේ ඉන්රි්න යයන් පිළිබඳ ව ආරක්ෂි ත වූ දොර ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ නම් භික්ෂූ ව භෝජනය පිළිබඳ තරම දන්නේ වේද? මෙ තැන දී මහණෙනි, භික්ෂූිව නුවණින් හේතු ඵල සලකා හෙවත් (ප්රෂත්යණවේක්ෂාේ කොට) ආහාර වළඳයි. කෙළි පිණිස නො (වළඳයි), මදය පිණිස නො (වළඳයි) මෙසේ මහණෙනි, භික්ෂූ ව භෝජනය පිළිබඳ තරම දන්නේ වෙයි. කෙසේ නම් මහණෙනි, භික්ෂූහව නිදි වැරීමෙන් යුතු වන්නේ ද? මෙහිදී මහණෙනි, භික්ෂුකව දාවල් දවස සක්මනින් ද හිඳවීමෙන් ද ............... මෙසේ මහණෙනි, භික්ෂුවව නිඳි වැරීමෙන් යුතු වන්නේ වෙයි.” මේ සූත්රමයෙහි කරුණු තුනෙන්ම කියන ලදි. මේ ‘අපණ්ණක පටිපදාව’ රහත් වීම දක්වා ලැබේ. එහි රහත් ඵලය ද, පල සමවතින්’ විසීමට ද, අනුපාද පරිනිර්වානණය පිණිසත් ප්ර,තිපදාව නම් වන්නේ ය.

28. එකෙ යනු කිසි යම් පණ්ඩිත මනුෂ්ය යෙක්; අසුවලා ය යි නියමයෙක් නැති මේ වනාහි බෝසත් සඳහා ම කියන ලදැ යි දත යුතුය. දුතියං ආහු තක්කිකා යනු පළමුව කී ‘අපණ්ණකට්ඨාන’ යට නෛර්යාණික කාරණයට දෙවැනි වූ, තර්කණ ග්රාවහ කාරණය, අනිර්යාණික කාරණය වෙයි - ධර්ම ය යන අර්ත්ථග යි ‘ආහු තක්කිකා’ යන මෙය මුල් පදය හා යොදා ගත යුතු යි. මේ බෝසත් ප්රණධාන ඇතැම් පණ්ඩිතයෝ ‘අපණ්ණකට්ඨාන’ නම් වූ අවිරුඩ නෛර්යාණික කාරණය ගත් හ. මෝඩ සාර්ථ වාහයා ප්ර මුඛ වු අය තාර්කිකයෝ යි. කිවාහු ද? ඔහු දෙවැනි සාපරාධිවු, ඒකාන්තයෙන් අනිර්යාණික වූ මඟ ගත් හ. ඔවුනතර යම් කෙනෙක් ‘අපණ්ණක පටිපදාව’ ගත්තු ද, ඔහු ශුක්ල ප්ර්තිපදාවට පිළිපන්නාහු යි. දෙ වැනි වූ තර්කි ග්රාගහ ය යි කියන ලද අනිර්යාණික ප්රිතිපදාව ගත්තෝ කෘෂ්ණ ප්ර තිපදාවට පිළිපන්නාහු ය. නොපිරිහීම




90 ජාතක අටුවාව

වන්නා වූ ප්ර තිපදාව ‘සුක්ක’ නමි. ‘කණ්හ පටිපදාව’ පිරිහිම සලසන්නී ය. එහෙයින් ශුක්ල ප්ර තිපදාවට පැමිණියෝ සැපතට පැමිණියාහු ය. කෘෂ්ණ ප්රයතිපදාව ගත්තෝ පිරිහී අක්රණමවත් වූ විපතට පැමුණුණාහු ය. භාග්ය වතුන් වහන්සේ මේ කාරණය අනේපිඬු සිටු හට වදාරා, මත්තෙහි ද “එතදඤ්ඤාය මෙධාවී තං ගණ්හෙ යදපණ්ණකං” යි වදාළ සේක.

29. එතදඤ්ඤාය මෙධාවී යන මෙහි විසුද්ධ උත්තම ප්රේඥාව “මෙධ” නමි. එයින් යුක්ත කුල පුත්රවයා අපණ්ණක සපණ්ණක (= නිවැරැදි - වැරැදි) දෙක්හි අතර්ක ග්රයහණ - තර්කඅ ග්රණහණයෙහි ගුණ දෝෂ, අභිවෘඬිය හා හානිය ද, අර්ත්ථාඅ නත්ථික ද දැන ගෙන, යන අර්ත්ථ යි. තං ගණ්හෙ යදපණ්ණකං යනු ඒකාන්තයෙන් ශුක්ල වූ ප්ර්තිපදාව අපරිහානිය යි කියන ලද නෛර්යාණික කාරණය ම ගත යුතුය. කුමක් නිසා ද? ඒකාන්තයේන ලබාදෙන හෙයිනි. අනෙක නොගත යුත්තේ ය. කවර හෙයින් ද? යථෝක්ත ගුණ ලාභයට අසමර්ත්ථත හෙයින් ය. මේ අපණ්ණක ප්රකතිපදාව බුදු පසේ බුදු මහ රහතුන් ගේ ප්ර්තිපදාව යි. සියලු බුදු වරයෝ වනාහි මෙහි ම සිට දැඩි වීර්යදයෙන් පාරමීන් පුරා බෝ මැඩ දී බුදු වූවාහුය. පසේ බුදුවරු ප්රමත්යේක බුද්දත්වරය බලන්නාහු ය. බුද්ධ පුත්ර යෝ ශ්රාබවක පාරමී ඥානයත් අවබෝධ කර ගනිති. මෙසේ ඒ උපාසකයනට ත්රි විධ කුල සම්පත්තියත්. ස දෙව් ලෝ බඹ ලෝ සැපත් ලබා දී අන්තයෙහි රහත් මඟ ලබා දෙන්නාවු අපණ්ණක පටිපදාව වුයේ ය. සපණ්ණක පටිපදාව වනාහි සතර අපායෙහි ද පස් නිච කුලයෙහි ද උත්පත්තීය ලබා දුන්නේ ය. මෙසේ භාග්යපවතුන් වහන්සේ අපණ්ණක ධර්ම් දේශනාව දක්වා වදාරා ඊ මත්තෙහි චතුරාර්ය සත්යසය සොළොස් අයුරෙකින් වදාළ සේක. චතුස්සත්යභ කෙළවර දී ඒ පන් සියයක් උපාසකයෝ සෝවාන් පෙලෙහි පිහිටියාහු ය.





				ජාතක අටුවාව                                          91

30. සර්ව ඥයන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා අතීත වර්ත මාන කථාව අනුසන්ධි වශයෙන් ගළපා ජාතක (දේශනාව) නිමවා වදාළ සේක. “එකළ මූඪ සාර්ථාවාහ පුත්රශයා දේවදත්තයා වී ය. ඔහු ගේ පිරිස දෙව් දත් පිරිස විය. පණ්ඩිත සාර්ථථවාහ පුත්රායා ගේ පිරිස බුදු පිරිස ය. පණ්ඩිත සාර්ථව වාහ පුත්රඩයා වනාහි මම් ම වීම්දැ” යි දේශනාව නිමවූ සේක.

______

2. වණ්ණුපථ ජාතකය

1. “අකිලාසුනො’’ යන මේ ධර්ම් දේශනාව භාග්යමවතුන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන කල්හි වදාළ සේක. කවරකු අරභයා ද? හැරියාවූ වීර්යඩ ඇති එක් භික්ෂූසවක් (අරභයා ය.) බුදුහු සැවැත් නුවර වැඩ වසන කල සැවත් නුවර වුසු කුල පුත්රකයෙක් ජේතවනාරාමයට ගොස්, බුදුන් ගෙන් බණ අසා පහන් සිත් ඇත්තේ කාමයෙහි ආදීනව වැටැහී, පැවැදි වී, උපසම්පදාවෙන් පස් වසක් ඇති ව මාතෘකා දෙක ඉගෙන, විදර්ශවනා ආචාරයෙහි ශික්ෂා් ග්රවහණය කොට ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දී තමා කැමැති කමටහනක් ඉල්වා ගෙන, එක් වනයකට ගොස් වස් වැස, තෙමස් විර්යි කරන්නේ. ආලෝක මාත්ර යක් හෝ නිමිත්ත මාත්ර යක් හෝ උපදවා ලිය නො හැකි විය. ඉක්බිත්තෙන් ඔහුට මෙසේ සිතුණේ ය. “ශාස්තෲන් වහන්සේ විසින් සතර පුද්ගල - කෙනෙක් වදාරණ ලද හ. ඔවුනතුරෙන් මා පද පරමයකු විය යුතුයි. මේ ආත්මයෙහි මට මාර්ගහයක් හෝ ඵලයක් හෝ නොලැබිය හැකි ය යි සිතමි. වන වාසයෙන් ඇති ඵලය කිම? බුදුන් කරා ගොස්, රූප ශ්රී.යෙන් අග්රෙ භාවයට පැමිණි බුදු සිරුර බලමින්, මිහිරි බණ අසමින් වාසය කරන්නෙමි” යි සිතා නැවත ජේත වනයට ම පෙරැළා ආවේ ය. ඔහු දුටු පෙර ආශ්ර ය කළ මිත්රතයෝ මෙ සේ ඇසූ හ. “ඇවැත්නි, තෝ


    92                                          ජාතක අටුවාව 

ශාස්තෲන් වෙතින් කමටහන් ගෙණ ‘මහණ දම් කෙරෙමැ’ යි ගියෙහිය. දැන් මෙහි පැමිණ ජන සමූහයා කෙරෙහි ඇලෙමින් හැසිරෙයි. කිම තා ගේ පැවිදි කිස මුඳුන් පැමිණියේ ද? ප්රයතිපත්තීයෙහි නො ඇලුණෙක් වීහිද?” “ඇවැත්නි. මාර්ග යක් හෝ ඵලයක් හෝ නො ලැබ, ‘මා අභව්යද පුද්ගලයකු වනැ’ යි සිතා වීර්ය හැර දමා ආයෙමි” යි (කී ය) ‘දෘඪ වීර්ය ඇති සර්වදඥයන් වහන්සේ ගේ ශාසනයෙහි පැවදිව, හරන ලද උත්සාහ ඇති තා විසින් කරන ලද්දේ අයුත්තෙකි. එව තථාගතයන් වහන්සේට කියන්නමු” යි ඒ භික්ෂූ්ව කැඳවා ගෙන බුදුන් කරා ගියාහු ය. ශාස්තෲන් වහන්සේ ඔවුන් දැක මෙසේ ඇසූ සේක. “මහණෙනි, තෙපි මේ භික්ෂූනව නො කැමැත්තෙන් කැඳවා ගෙණ ආවාහු ය. මෙහු විසින් කුමක් කරන ලද ද?” “ස්වාමීනි, මේ භික්ෂූගව මෙ බඳු නෛර්යාෙණික වූ සසුනෙහි පැවදි ව මහණ දම් කරන්නේ විර්යී කිරීම නවතා ආයේ වන” එයැසු ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක. “භික්ෂූ ව, වීර්ය් කිරීම හැරදමන ලද්දේ සැබෑ ද?” එසේ ය ස්වාමීනි” “කිම? භික්ෂුකව, මෙබඳු සසුනෙක පැවදි ව’ ‘අල්පේච්ඡතා ඇත්තෙක, සතොස් බැවින් යුක්තයෙක, (උපධි) විවේකයෙන් යුක්ත වුවෙක, පටන් ගත් වීර්යො ඇත්තෙකැ’යි තමා ගුණ ධර්මඳයෙන් නො හඳුන්වා ‘කුසිතයෙකැ’යි දැන්වූයේ ද? තෝ පෙර වීර්ය ඇත්තෙක් නොවෙහි ද? තා විසින් තනි ව කළ උත්සාහය නිසා වැලි කතරෙහි පන් සියයක් ගැල්හි වූ මිනිස්සු හා ගොන්නු පැන් ලැබ සුව පත් වූහ. දැන් කුමක් නිසා කම්මැළී වීදැ?” යි (බුදුහු ඇසූ හ.) ඒ භික්ෂූ ව මෙ පමණෙකින් පිහිට ලද්දෙක් විය. ඒ කථාව ඇසූ භික්ෂූින් වහන්සේ භාග්යූවතුන් වහන්සේට මෙසේ යාච්ඤා කළා හ. “ස්වාමීනි, දැන් මොහු වීර්යු අත් හැර දැමු බව ප්රටකට ය. පෙර තනිව කළ වීර්යීය නිසා වැලි කතර ගවයන් හා මිනිසුන් හා පැන් ලැබ සුව පත්වූ අයුරු වැසී ඇති; ඔබ වහන්සේගේ සර්වමඥතා ඥානයට ම ප්රවකට ය. එය අපට වදාළ මැනැවැ’’ යි.





                                         ජාතක අටුවාව                                    93

යාච්ඤා කළාහු ය. “එසේ නම් මහණෙනි, අසව” යි භාග්ය වතුන් වහන්සේ ඒ භික්ෂූළනට සිහි උපදවා භවාන්තරයෙන් වැසී තිබුණු කාරණය වදාළ සේක.

2. අතීතයෙහි කසී රට බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල බෝසත් තෙමේ වෙළඳ කුලයෙහි පිළිසිඳ ගෙන වැඩි විය පැමිණියේ පන් සියයක් ගැල් ගෙන වෙළෙඳාම් කරමින් ජීවත් වෙයි. දිනක් ඔහු සැට යොදුනක් තැන් පැතිරී සිටි වැලි කාන්තාරයකට පිවිසියේ ය. එහි වැලි මිටින් ගත් කල සියුම් හෙයින් අතෙහි නො සිටී; සූර්යෝනදයෙහි සිට අඟුරු රැසක් මෙන් උණුසුම් ය. පෑගිය නොහැක්කේ ය. ඒ නිසා ඒ කාන්තාරයට යන්නෝ දර දිය, තල, සහල් ගැල්හි පුරවා ගෙන රෑ කාලයෙහි ම යෙති. ඉර නැඟි කල්හි ගැල් වට කොට නවතා මතුයෙහි මඬුවක් කොට කල් ඇති ව අහර කිස නිමවා සෙවනැල්ලේ හිඳ දවස ගෙවා හිරු බැස ගිය පසු රෑ කෑම කා බීම සිහිල් වූ කල ගැල් බැඳ ගෙන යති. මුහුදෙහි යන ගමනක් මෙන් වෙයි. ඒ මාර්ගි දේශකයා ‘ඵල නියාමක’ යන නම ලැබීමට සුදුසු ය. හෙ තෙමේ තරු සටහනින් ගැල් පදවාගෙන යන්නේ ය.

ඒ සාත්තු නායකයා ද ඒ කාලයෙහි මේ ක්රනමයෙන් කාන්තාරය තරණය කරන්නේ එකුත් සැට යොදුනක් ගොස් “දැන් එක් රැයෙකින් ම කතරින් එතර වන්නේය” යි රාත්රිැ භෝජනය වළඳා සියලු දර පැන් නිමවා ගැල් ගෙන ගියේ ය. නියමුවා පළමු රියෙහි දික් සඟලා පුටුව සරහා අහසෙහි තරු ලකුණු බලමින්” “මෙ සේ යව, මෙසේ යව” යි කිය කියා හිඳී ය. දික් කලක් නොනිඳු බැවින් හේ කලාන්තව නිඳන්නට පටන් ගත්තේ ය. ගොන් කරකැවී ආ පසු එන බව නොදත්තේ ය. ගොන්නු මුළු රෑ ම ගමන් කළාහු ය. නියමුවා අලුයම පිබිදී තරු බලන්නේ. “ගැල් නවතුව, නවතුව” යි කීය. ගැල් ආ පසු හරවා පිළියෙළ කරද්දීම ඉර උදා විය, මිනිස්සු කියන්නාහු, “මේ ඊයේ




94 ජාතක අටුවාව

අප නැවැතී සිට කඳවුරම ය. අපගේ දර පැන් ද නිමා විය. දැන් අප නැසුණමු” යි ගැල් ගොන් මුඳා රිය වළල්ලෙහි නවතා මතුයෙභි මණ්ඩපය සදා තම තමන් ගේ ගැල යට ශෝක වෙමින් හුන්නාහු ය.

3. බෝසත් තෙමේ “මා උත්සාහය හැරැපුවොත් සියල්ලෝ නසිති” යි සිතා උදාසනින් සිහිල් වේලෙහි ම ඇවිදින්නේ එක් ඊ තණ ගසක් දිටී ය; “මේ තණ පඳුරු යට (පොළොවෙහි) දිය නැංගේ වනැ” යි නිශ්චය කොට උදැල්ලක් ගෙන්වා ගෙන එ තැන කැණවීය. (මිනිස්සු) සැට රියනක් යට හැරූහ. මෙ තෙක් කැණ (තව ද) කණින්නවුන් ගේ උදැල්ල පතුළේ ගලෙක වැදුණේ ය. ඒ කෙණෙහි සියල්ලෝ දුර්වනල වූහ. බෝසත් තෙමේ “මේ ගල යට දිය ඇති විය යුතු ය” යි සිතා වලට බැස ගස පිට සිට පහත් ව ගලට කන තබා සලකන්නේ යට දිය ඇති ශබ්දය අසා ගොඩ අවුත් අතවැසියාට මෙ සේ කිය: “දරුව, තා කම්මැළි වුව හොත් අපි සියල්ලෝ ම විනාශ වන්නමු. එහෙයින් තෝ මේ කුලු ගෙඩිය ගෙන ධෛර්යම ඇති ව වළට බැස මේ ගල පහර දෙව” අතවැසි බෝසතුන් ගේ වචනය පිළිගෙන සියල්ලවුන් මැළි ව සිටිද්දී තමා වීර්යස ඇති ව වලට බැස ගලට පහර දුන්නේ ය. ගල මැදින් බිඳී යටට වැටී දිය පහර වළකා සිටියේ ය. තල් කඳ සා දිය පාරෙක් උඩට නැංගේ ය. සියල්ලෝ පැන් බී නෑවාහු ය. අතිරේක ගැල් සක් ආදිය පළා කැඳ බත් උයා කා ගොනුන් කවා හිරු බැස ගිය කල්හි ළිඳ ළඟ කොඩියක් ඔසවා කැමැති තැනට ගියාහු ය. ඔහු එහි දී බඩු විකුණා දෙ ගුණ වූ තුන් ගුණවූ ලාභ ලබා තමන් වසන තැන්වලට ම ආවාහු ය. ඔහු දිවි ඇති තෙක් එහි සිට කම් වූ පරිද්දෙන් මිය ගියා හ. බෝසත් තෙමේ ද දානදි පින් කම් කොට මිය ගියේය. මේ කථාව වදාළ බුදු රජාණන් වහන්සේ බුදු බවට පැමිණ මේ ගාථාව දෙසු සේක.





                                         ජාතක අටුවාව                                       95

4. “කුසීත නොවුවාහු වැලි කතරෙහි හාරන්නාහු ඒ මිදුලෙහි පැන් ලැබුවාහුය. මෙසේ විර්ය යෙන් බලයෙන් යුක්ත වූ මුනි තෙමේ වීර්යවයෙන් යුක්ත වූයේ චිත්තයා ගේ නිවීම ලබයි.”

එහි අකිලාසු නම් නොකුසීත වුවා හු, පටන් ගත් වීර්යම ඇත්තාහු. වණ්ණුපථෙ වණ්ණු ය යි වැලිවලට කියති. ඛණ්න්තා පොළොව හාරන්නාහු උදඞ්ගණෙ මෙහි “උද” යනු නිපාතයෙකි. මිනිසුන් හැසිරෙන වළ නැති මට්ටම් වූ බිමෙහි. තත්ථ” ඒ වැලි මඟෙහි. පපං අවින්දුං පැන් ලැබු හ. බොනු ලබන බැවින් දියට ‘පප’ යනු නමෙකි. පෙරැළෙමින් යන උදක හෝ ‘පප’ නමි. ‘මහා ජලය’ යනු ය අර්ථර ය. එවං මින් උපමා ප්ර තිපාදනය යි. මුනී ‘මොන’ යනු නුවණ යි. කාය මෝනෙය්යා දීන් අතුරෙන් එකක් වත් ඇත්තා ‘මුනි’ නමි. හේ වනාහි අගාරිය මුනි, අනගාරිය මුනි, සේක මුනි, අසේඛ මුනි, පච්චෙක මුනි, මුනි මුනි ය යි අනේක විධ ය. ලැබූ මඟ පල ඇති දන්නා ලද ශාසනය ඇති ගිහියා අගාරික මුනි නම් වේ. එ බඳු ගුණවත් පැවිද්දා අනගාරිය මුනි ය. සත් තැන භික්මෙන්නේ සේඛ මුනි නමි. රහත්හු අසේඛ මුනි ය. පසේ බුදු පච්චෙක මුනි ය. සම්බුදු රජාණන් වහන්සේ මුනි මුනි නම් ය. මෙ තැන දී පොදු වශයෙන් මෝනෙය්ය ප්රදඥාවෙන් යුක්ත තැනැත්තා “ මුනි’ යයි දත යුතු ය. වීර්යදයෙන් ද කාය බල ඥාන බලයෙන් ද යුක්ත වුයේ විරිය බලුපපන්නො ය යි කියනු ලැබේ. අකිලාසු යනු අකුසීත වූයේ යි. “ශරීරයෙහි සම් නහර ඇට ඉතිරි වේ වා. මස් ලේ වියලේවා!” මෙ සේ කියන ලද චතුරඞ්ග සමන්නාගත වීර්යසයෙන් යුක්ත හෙයින් අලස නොවුයේ යි. හිත හා හෘදය ද සිහිල් කරන හෙයින් ‘සන්තිං’ ය යි කියන ලද ධ්යායන විදර්ශතනා ආභිඥා අර්හරත් - මාර්ගස ඥානය නම් වු ආර්යෙ ධර්මනය විඳී, ලබයි යනු අර්ත්ථ යි.

5. භාග්යිවතුන් වහන්සේ විසින් ද “මහණෙනි, කුසීත වූ, ලාමක වූ අකුශලයෙන් මිශ්ර් වූයේ දුක සේ වාසය




96 ජාතක අටුවාව

කෙරෙයි මහත් වූ ස්වාර්ත්ථ ය නැති කර ගනී. ලාමක කෙලෙස්වලට වසග නො වූ වීර්ය වත් පුද්ගල තෙමේ සැප සේ වෙසෙයි. මහත් වු ස්වාර්ත්ථයය ද ලබා ගනී. මහණෙනි, හීන ගුණයෙන් උතුම් නිවනට පැමිණීමක් නම් නොවන්නේ ය” යි නොයෙක් සූත්රේවලින් කුසීතයා ගේ දුඃඛ විහාරයන් වීර්ය වන්තයා ගේ සුක විහාරයත් වර්ණකනා කරන ලදී. මේ ධර්මව දේශනාවෙහි ද, වීර්යාවත් වූ ප්රවතිවේධ නොකළ ආර්යන ධර්ම ඇති විදර්ශශකයා හට වීර්යීයෙන් ලැබිය යුතු ඒ සුක විහාරය ම දක්වන්නේ, “එවං මුනි විරිය බලුපපන්නො අකිලාසු වි‍ෙන්ද හදයස්ස සන්තිං” යි කී ය. තව ද මෙ සේ වදාරණ ලදි. ‍ඒ වෙළෙන්දෝ අකුසීත ව වැලි බිම හාරා යම් සේ පැන් ලැබුවාහු ද, එ මෙන් මේ සස්නෙහි නොමැළි ව උත්සාහ කරන්නා වූ පණ්ඩිත භික්ෂුහව මේ ධ්යාසනාදි ප්ර්භේද ගත හෘදය ශාන්ති නම් ලද නිවන ලබයි. මහණ, පැනක් සඳහා වීර්ය කොට (පල ලත්) ඒ තෝ දැන් මෙ තරම් උතුම් සස්නෙක මාර්ග, ඵලයන් සඳහා කුමක් හෙයින් උත්සාහ නො කරහි ද? මේ ධර්මන දේශනාව මෙ සේ දක්වා චතුරාර්යි සත්යක ධර්මනය ද වදාළ සේක. සත්යෙ දේශනාවසානයෙහි අනුත්සාහී භික්ෂුසව රහත් විය.

6. ශාසතෲන් වහන්සේ මේ කථා දෙක වදාරා, වස්තු දෙක සංසන්දසනය කොට බහා දැක්වූ සේ ක. “එ දා වීර්යද නො හැර ගල (යකුළු පහරින්) බිඳ මහා ජනයාට පැන් ලබා දුන් චුලුපට්ඨාකයා මේ භික්ෂුනව ය. සෙසු පිරිස දැන් මේ බුදු පිරිස ය සාර්ථ් වාහ ජ්යේෂ්ඨ තෙමේ මම් ම වෙමි” යි දේශනාව නිම වූ සේක.

¬¬¬¬___________

3. සේරිවාණිජ ජාතකය

1. “ඉධ චෙ හි නං විරාධෙසි” යන මේ ධර්මය දේශනාව භාග්යෙවතුන් වහන්සේ සැවත් නුවර වාසය කරන සේක් එක් හරන ලද වීර්යය ඇති භික්ෂු වක් අරභයා වදාළසේක, භික්ෂු න්



                                         ජාතක අටුවාව                                     97

විසින් පෙර කී ලෙසට ම කැඳවා‍ ගෙන ආ එක් මහණකු දැක ශාස්තෲන් වහන්සේ මෙ සේ ඇසු සේක; “මහණ, තෝ මෙබඳු මාර්ගන ඵල දායක ශාසනයෙහි පැවිදි ව වීර්යඳ හැර දමා වසන්නේ ලක්ෂෝයක් වටිනා රන් තලියෙන් පිරිහුණු සේරිවාණිජ වෙළෙන්දා මෙන් බොහෝ කලක් ශෝක කරන්න් නොවෙහි ද?” භික්ෂූනහු ඒ කථාව වදාරණ ලෙස භාග්යරවතුන් වහනසේ අයදියහ. භාග්යළවතුන් වහන්සේ භවාන්තරයෙන් වැසුණු (ඒ කාරණය) දක්වා වදාළ සේක.

2. අතීතයෙහි මෙයින් පෙර පස් වැනි කල්පයෙහි බෝසත් තෙමේ සේරිය ‍රටෙහි කච්ඡපුට නම් වෙළෙඳෙක් විය. ඔහු සේරිවා නම් වූ එක් ලෝභී වෙළෙඳකු සමඟ නීලවාහිනී ගගින් එතර ව අන්ධවපුර නම් නුවරට පිවිසෙන්නේ. නුවර විථී බෙදා ගෙන තමාට පත් වීථියෙහි බඩු විකුණමින් ඇවිදී ය. අනෙකා ද තමාට පැමිණි විථිය ගත්තේ ය. ඒ නුවර එක් දුප්පත් ව ගිය සිටු කුලයෙක් විය. සියලු දරු සොහොවුරෝ ද ධනය ද ක්ෂඩයට ගියාහ. එක් දැරියක් මිත්තණිය හා ඉතිරි වුවා ය. ඔහු දෙ දෙන ම අනුනට බැළ මෙහෙ කොට ජීවත් වෙති. ඔවුන්ගේ ගෙහි වනාහි මහ සිටාණන් පෙර වැළඳු රන් පාත්රවය. බඳුන් අතුරෙහි දමා තිබී බොහෝ කලක් පරිභෝග නොකළ හෙයින් මළ බැඳී ගියේ ය. ඔහු තුමු එය රන් තැටියෙකැ යි නො දනිති. එකල ඒ ලෝභි වෙළොඳා “වළලු ගනුව වළලු නුව” යි යන්නේ ඒ ගෙයි දොර කඩට පැමිණියේ ය. ඒ කුමරිය ඔහු දැක මිත්තණියට කියන්නී, “මෑණියෙනි. මට එක් පළඳනාවක් ගන්තැ” යි (කීහ) “දරුව, අපි දුප්පත්මු. කුමක් දී ගනුමෝ ද?” “අපගේ මේ තැටියෙක් ඇති. ඉන් අපට ප්ර්යෝජන ද නැති. මෙය දී ගනුව’ යි (ඕ කීවා ය) ඖ වෙළෙන්ඳා කැඳවා අසුනෙක හිඳුවා, ඒ පාත්රුය දී, “ස්වාමීනි, මෙය රැගෙන තොපගේ නැඟණියට කිසිවක් දෙව” යි කීය. වෙළෙන්දා අතින් පාත්ර,ය ගෙන “රන් තලියෙක් වනැ” යි සිතා, පෙරළා පාත්රෙය පිට ඉදි කටුවෙකින් ඉරක්




98 ජාතක අටුවාව

ඇඳ, රන් බව දැන, “මොවුනට කිසිවක් නො දී ම මෙය ගෙන යන්නෙමි” යි සිතා, “මෙය කෙතෙක් අගී ද? මේ තලිය අඩමස්සකුත් නො වටී ය” යි කියා බිම දමා හුනස්නෙන් නැගී ගියේය.

3. “එකකු වැද ගිය විථියට අනෙක් තැනැත්තේ යන්නට නිසි ය” යි බෝ සත් ඒ වීථියට පිවිස, “වළලු ගණුව” යි කිය කියා යන්නේ ඒ ගෙදරට ම ගියේ ය; යළි දු ඒ කුමරිය පෙර සේ ම මිත්තණියට කීවා ය. එකල්හි මිත්තණිය කියන්නී, “දරුව, පළමු වෙළෙඳා තැටිය බිම ගසා ගියේය. දැන් කුමක් දී වළලු ගනුමෝ ද?” කිව. “මෑණියෙනි, ඒ වෙළෙදා රළු වචන කථා කරන්නෙකි. මේ වනාහි පිය කරු දැකුම් ඇත්තෙකි. මෘදු වූ බස් කියන්නෙකි. ඒ කාන්තයෙන් මේ තෙමේ මේ තලිය ගන්නේය.” “එ සේ නම් කැඳවව” ඕ ඔහු කැඳවූහ. ඉක්බිති ගෙට වී හිඳ ගත් වෙළෙඳාට ඒ පාත්රැය දුන්නාහු ය. හේ එය රන් තලියෙකැ යි දැන, “මෑණියෙනි, මෙය ලක්ෂරයක් වටී. තලියට වටිනා බඩු මා අත නැත” යි කිය. “ස්වාමීනී, පළමු වෙළෙඳා මෙය ‘අඩ මස්සකුත් නො වටීය’ යි බිම ගසා ගියේ ය. දැන් වනාහි මෙය ඔබේ පිතින් ස්වර්ණැ පාත්රීයක් වුයේ වන. අපි මෙය ඔබට දෙමු. අපට යමක් දී මෙය ගෙන යව” බෝසත් එකෙණෙහි අතෙහි වූ පන් සියයක් කහවණු ද පන් සියයක් වටිනා සියලු බඩු ද දී, “ මේ නරාදිය ද පසුම්බිය ද කහවණු අටක් ද මට දෙව’ යි මෙ තෙක් දැ ඉල්වා ගෙන (තළිය ද) රැගෙන ගියේය. හේ වහා ගං තෙරට ගොස් නැවියාට කහවණු අට දී නැවට නැඟුණේ ය. ඉක්බිත්තෙන් ඒ ලෝභී වෙළෙන්ඳා නැවැත (ඒ) ගෙට ගොස්, “ඒ පාත්රබය ගෙනෙව, තොපට කිසිවක් දෙන්නෙමි” යි කීය. ඕ ඔහුට පරිහාස බැණ, “තෝ අපගේ ලක්ෂෙයක් වටිනා තලිය අඩ මස්සකුත් නොවටිනා කෙළෙහි ය. තාගේ ස්වාමියකු වැනි එක් වෙළෙන්දෙක් අපට දහසක් දී පාත්රෙය ගෙන ගියේය” යි කීය. එයැසු හෙ තෙම “ලක්ෂයයක් අගනා ස්වර්ණද පාත්රියෙන් පිරිහුණෙමි. මේ මගේ මහා




                                         ජාතක අටුවාව                                       99

හානියෙකැ” යි හට ගත් බලවත් ‍සෝක ඇත්තේ සිහි එළවා ගන්නට නොහැකි වූයේ නැති ව තමා අත තුබු කහවණුත් බඩුත් ඒ ගෙදර ම දමා, හන් පෙරෙවි පිළී ද ඉවත ලා, තුලා දණ්ඩ මුගුරක් කොට ගෙන බෝ සත්හු ගේ පිය අනුව යන්නේ. ගං තෙරට ගොස්, යන බෝ සත් දැක, “එම්බා නැවිය, නැව රඳව” යි කීය. බෝ සත්, ‘නො නවතුව” යි වැළැක්වුයේ ය.

4. යන්නා වූ බෝ සත් දකින් දකිත් ම වෙළෙඳාට බලවත් ශෝක ඇති විය. හද උණු විය. මුවින් ලේ වමනය විය. (වියලි) වැවෙක මඩ මෙන් ළය පැළී ගියේය. හේ බෝ සත් කෙරෙහි වෛර බැඳ එතැන ම මළේය.

මේ බෝ සත් කෙරෙහි දෙව්දත්හුගේ පළමු වෙර බැඳීම යි.

බෝ සත් දානාදි පින්කම් කොට කම් වු සේ මිය ගියේය. මේ ධර්ම දේශනාව වදාරා සම්ය්ක් සම්බුද්ධයන් වහන්සේ බුද්ධත්ව යට පැමිණ ද මේ ගාථාව වදාළ සේක.

5. “මේ ශාසනයෙහි ඒ සද්ධර්මනයෙහි නියාමතාව හැරියා වූ වීර්යද ඇත්තේ ලබා නො ගනී. තෝ දීර්ඝම කාලයක් ශෝක කරන්නෙහිය. (කෙසේ ද?) ‘සේරිව’ නම් වෙළෙඳා යම් සේ ද(එ මෙනි.)”

6. එහි: ඉධ චෙ හි නං විරාධෙසි සද්ධම්මස්ස නියාමතං යනු මේ සස්නෙහි සද්ධර්මීයෙහි නියාමතා සඞ්ඛ්යාෙත මේ සෝවාන් මඟ සමෘඬ කොට නො ගනී. ඉදින් සමෘඞ කොට නොගන්නේ නම් විර්යම හැර දමන්නේ අධිගම නො කෙරෙයි. නො ලබයි යන අර්ත්ථේයි. චිරං ත්වංඅ අනුතපෙස්සසි යනු සදහම් මඟ මෙ සේ තිබිය දී තෝ බොහෝ කාලයක් ශෝක කරන්නෙහි. වලප්නෙහි තැවෙන්නෙයිය. නොහොත් හරනා ලද වීර්ය ඇති බැවින් ආර්යඟ මාර්ගිය වරදවා ගැනීම හේතු කොට ගෙන දිගු කලක් නරකාදියෙහි ඉපිද නොයෙක් අයුරින් දුක් විඳ තැවෙන්නෙහි ය, ක්ලාන්ත



100 ජාතක අටුවාව

වන්නෙහි යනු මෙහි අර්ත්ථ යි. කෙසේ ද? සෙරිවා යංච වාණිජො යන මෙහි ‘සෙරිවා’ යන නම ඇත්තේ, යං ව යනු යම් සේ මේ කියන ලද්දේ වෙයි: සේරිය වෙළෙඳා යම් සේ පෙර කාලයෙහි ලක්ෂ යක් වටිනා ස්වර්ණය පාත්රහය ලැබ ද එය ගැනීමට වීර්ය නො කොට එයින් පිරිහුණේ ශෝක කෙළේ ය. එ සේ තෝ ද මේ ශාසනයෙහි සැරැසූ රන් තලිය වැනි වු ආර්යේ මාර්ගයය අලස කමින් ලබා නො ගෙන ඉන් පිරිහී බොහෝ කලක් පසුතැවිලි වන්නෙහි ය. ඉදින් වීර්ය නොහරින්නේහි නම් පණ්ඩිත වෙළෙන්දා රන් තලිය මෙන් මාගේ ශාසනයෙහි නව විධ ලෝකෝත්තර ධර්මහය ලබන්නෙහි ය.

7. මෙ සේ ශාස්තෲන් වහන්සේ රහත් බැවින් කුළු ගන්වා ධර්ම් දේශනාව දක්වා චතුස්සත්යතය ප්රරකාශ කළ සේක. සත්යම දේශනාවසානයෙහි වීර්යතය හළ භික්ෂූරව අග්ර. ඵලයෙහි අර්භ ත්වෙයෙහි, පිහිටියේ ය. ශාස්තෲන් වහන්සේ ද වස්තු දෙක දක්වා අනුසන්ධි් ගළපා අතීත - වර්ත.මාන කථාවන් සමෝධානය කොට දැක්වූ සේක. “එ දා බාල වෙළෙන්දා දෙව්දත් විය; බුද්ධිමත් වෙළෙන්දා මම් ම ය” වදාරා දේශනාව නිමැවු සේක. ________

4. චුල්ලසෙට්ඨි ජාතකය

1. “අප්පකෙන’ පි මෙධාවී” යන මේ දේශනාව භාග්යාවතුන් වහන්සේ රජගහ නුවර නිසා ජීවකයාගේ අඹ වනයෙහි වාසය කරන කල්හි ‘චුල්ලපන්ථකක’ තෙරුන් අරබයා වදාළ සේක. ඒ කථාවට පළමු ව එහි චුල්ලපන්ථුක තෙරහුගේ උත්පත්ති කථාව කිය යුතුය. රජගහ නුවර මහධන සිටාණන්ගේ දුව තම දාසයකු හා සංවාසය කොට “මා ගේ මේ ක්රි යාව අනෙක් කෙනෙක් දැන ගැනිති” යි බිය ව කියන්නී, “අපට මෙ තැන විසිය නොහැකිය. ඉතින් මගේ මවු පියෝ මේ වරද දනිත් නම් මා කඩ කඩ කොට



                                    ජාතක අටුවාව                                          101

කරන්නාහ. විදේශයෙක ගොස් වසමු” යි හස්තසාර වස්තුව ද ගෙන පළමු ව හළ දොරින් නික්ම, ‘අනෙකකු විසින් දැන ගත නෙහෙන යම් කිසි තැනකට යමු” යි දෙ දෙන ම ගියාහු ය. මෙ සේ ගොස් එක් තැනෙක වසන්නා වූ ඔවුන්ගේ සංවාසයෙන් ඇය කුස දරු ගැබෙක් පිහිටියේය. ගැබ මේරූ කල ඕ තොමෝ සැමියා සමඟ මෙ සේ කීවා ය: “මා දරු ගැබ මුහුකුරා ගියේ ය. නෑ සබඳුන් නැති තැන ගැබ් බර මිඳීම අප දෙන්නාට ම දුක් ය. මවු පියන්ගේ ගෙදරට යමු” යි. හෙතෙමේ “අද යමු. හෙට යමු” යි කියමින් දවස් යවයි. ඕ සිතු: “මේ මෝඩ තැනැත්තේ තමා වරද මහත් බැවින් යන්නට උත්සාහ නො කරයි. මවු පියෝ නම් ඒකාන්ත හිතයෝ ය. එ හෙයින් මේ තෙමේ යන්නේ හෝ වේ වා, නොයන්නේ හෝ වේ වා, යා යුතු” යි ඔහු ගෙ දොරින් බැහැර ගිය කල ගෙයි බඩු තැන් පත් කොට තබා ලා තමාගේ කුල ගෙට ගිය බව අසල් ගෙවල වසන්නවුනට දන්වා ඕ මඟට බැස්සා ය. ඉක්බිති ගෙට ආ ඒ පුරුෂයා ඈ නො දැක නුදුරු ගෙයි වසන්නවුන් විචාරා මවු පියන්ගේ ගෙට ගිය හ යි අසා වේගයෙන් ලුහුබැඳ අතර මඟට පැමිණියේය. ඇගේ ගැබ මිඳීම එහි දී ම විය. පුරුෂයා “සොඳුර, මේ කිම් දැ?” යි ඇසී ය. “හිමියෙනි. එක් පුතෙක් උපන්නේ ය” යි ඕ කීවා. “දැන් කුමක් කරමු ද? අපි යමක් උදෙසා කුල ගෙයට යමු නම් ඒ කරුණ මඟ දී ම සිදු විය. දැන් එහි ගොස් කුමක් කරමෝ ද? නවතිමු” යි දෙ දෙන සම සිත් ව නැවතුනාහ. ‍මඟ දී උපන් ඒ දරැවාට ‘පන්ථක’ ය යි නම් කළාහ.

2. ඇයට නොබෝ කලෙකින් අනෙකුදු ගැබෙක් පිහිටියේ ය. සියල්ලක් පෙර සේ ම විස්තර කට යුතුය. ඒ දරුවා ද මඟ දී උපන් හෙයින් පළමු ව උපන්නහුට ‘මහාපන්ථුක’ ය යි නම් කොට දෙ වැන්නාට ‘චුල්ලපන්ථුක’ ය යි නම් කොට දෙ වැන්නාට ‘චුල්ලපන්ථාක’ ය යි නම් කළෝ ය. ඒ දෙ දෙනා ම දරුවන් ගෙන තම ගෙට ම ආවාහු ය. එහි වැඩෙමින් වසන්නවුන්ගෙන් මේ




102 ජාතක අටුවාව

(මහා) පන්ථ ක තෙමේ, අනෙක් දරුවන්, “සුළු පියා ය, මුත්තණුවෝ ය, මිත්තණියෝ ය” යි කියන හඩ අසා, “මෑණියෙනි, සෙසු දරුවෝ සුළු පියා, මුත්තණුවෝ. මිත්තණි‍ය යි කියති. අපට නැයෝ නැත් දැ?” යි මවගෙන් විචාළේ ය. “එ සේය. පුත, අපට මෙහි නෑයෝ නැති. රජගහ නුවර ධන සිටුහු තොපගේ මුත්තණුවෝ ය. එහි තොපගේ බොහෝ නෑයෝ ඇති” “මෑණියෙනි, කුමක් නිසා එහි නො යමු ද?” පුතුට ඕ තමා නොයාමේ හේතුව කියා, පුතුන් නැවත නැවත කියන කල්හි සැමියාට මෙ සේ කීවා ය. “මේ දරුවෝ හැම වේලේ ම මට බොහෝ පීඩා කෙරෙති. කීමෙක් ද? මවු පියෝ අප දැක මස් කත් ද? එව, දරුවනට මුත්තණු කුලය දක්වම්හ.” “මම ඉදිරියෙහි සිටින්නට අසමත් වෙමි. තී වනාහි එහි යවන්නෙහි” “යහපත ස්වාමිනි, යම් කිසි විධියෙකින් දරුවනට මුත්තණු කුලය දක්වන්නටම වටී ය” යි, දෙ දෙනා ම දරුවන් ගෙන පිළිවෙළින් රජගහ නුවරට පැමිණ දොර එක් ශාලාවෙක නැවතී. දරුවන්ගේ මවු දෙ දරුවන් ගෙන ආ බව මවු පියනට දන්වා යැවූ හ ඒ මවු පියෝ ඒ හස්න අසා, “සසර අපට මහා අපරාධ කළාහ. ඔවුන් විසින් අපගේ ඇස් ඉදිරියෙහ් සිටින්නට නොහැකි වෙයි. මෙපමණ ධනය රැගෙන කැමැති තැනකට ගොස් ජීවත් වෙත්වා දරුවන් වනාහි මෙහි එවත් වා” යි (දූතයන් යැවූහ.) සිටු දුව මවු පියන් එවු ධනය ගෙන දරු දෙ දෙනා ආ දූතයන්ගේ අතට දී යැවුහ. දරුවෝ මුත්තණු කුලයෙහි වැඩෙති. ඔවුනතුරෙන් චුල්ලපන්ථදක තෙමේ ඉතා මැ ළ දරු ය. මහාපන්ථැක කුමාරයා වනාහි මුත්තණුවන් හා දශ බල ධාරීන්ගේ බණ අසන්ට යයි. නිතර බුදුන්ගෙන් බණ අසන්නා වූ ඔහුට පැවිදි වීමට සිත නැමුණේ ය. ඔහු මුත්තණුවනට මෙසේ කී ය. “ඉදින් නුඹ කැමැති නම් මම පැවිදි වන්නෙමි” “දරුව, තෝ කුමක් කියහි ද? සියලු ලෝකයාගේ පැවිද්දට වඩා තාගේ පැවිද්ද ම මට





                                         ජාතක අටුවාව                                   103

සොඳුරු ය. ඉදින් හැකි නම් දරුව, මහණවව” යි අනුදැන ශාස්තෲන් වහන්සේ සමීපයට ගියේය. “කිම මහ සිට, තා විසින් දරුවෙක් ලබන ලද ද?” “එසේ ය, ස්වාමීනි, මේ දරුවා මගේ මුනුපුරා ය. නුඹ සමීපයෙහි ‘පැවිදි වෙමි’ යි කියයි” ශාස්තෲන් වහන්සේ ද. “මේ දරුවා මහණ කරව” යි එක්තරා පිණ්ඩපාතික භික්ෂුය කෙනකුට අණ කළ සේක. තෙර තෙමේ තව පඤ්චක කමටහන උගන්වා ඔහු පැවිදි කෙළේ ය.

3. හෙතෙම බොහෝ වූ බුද්ධ වචනය ඉගෙන පිරිපුන් වයස් ඇත්තේ උපසම්පදා විය. උපසම්පදා ව යොනිසොමනසි - කාරයෙහි කර්ම ය කරන්නේ රහත් බවට පැමිණීයේ ය. හෙතෙම ධ්යා්න සුඛයෙන් ද මාර්ගක සුඛයෙන් ද කල් යවන්නේ (මෙ සේ) සිතී ය. “ මේ සැපය චුල්ල පන්ථෙකයාට ලබා දෙන්නට (හැකි ද?”) ඉක්බිති මුත්තණු සිටාණන් සමීපයට ගොස්. “මහ සිටාණෙනි. ඉදින් තොපි අනුදන්නාහු නම් මම චුල්ලපන්ථ කයා පැවිදි කරන්නෙමි” යි කී ය” ස්වාමීනි, පැවිදි කරන්නැ” යි (සිටු කී) තෙර තෙමේ චුල්ලපන්ථනක සාමණේර තෙමේ පැවිදි වුව ද නුවණ නැත්තේ විය.

4. “සුවඳවත් වූ පිපිණා වූ පහව නොගියා සුවඳ ඇත්තා වූ රත් පියුම් උදෑසන ම යම් සේ (බබළන්නේ) වේද, (ඒ මෙන්) අහසෙහි දිලිසෙන්නා වූ සූර්ය යා මෙන් බබළන්නා වූ බුදු රජාණන් වහන්සේ බලව”

5. මේ එක ගාථාව සිවු මසෙකිනුත් ඉගෙන ගන්නට නොහැකි විය. හෙතෙම වනාහි කසුප් සම්බුදුන් සමයෙහි පැවිදි ව, නුවණැත්තෙක් ව, ඉගෙන ගන්නා කාලයෙහි එක් නුවණ නැති මහණකුට සිනා සී කවට කෙළි කෙළේ ය. ඒ කවට කෙළියෙන් ඒ භික්ෂූ ව ලජ්ජාවට පත් වූ යේ ඉගෙන නොගත්තේ ය. වන පොත් ද නොකෙළේ ය. ඒ කර්ම්යෙන් මේ තෙමේ පැවිදි ව ද නුවණ නැත්තේ විය. ගත් ගත්




104 ජාතක අටුවාව

පදය මතු මතු පද ගන්නහුට නැසෙන්නේ ය. මේ ගාථාව ඉගෙන ගන්නට උත්සාහ කරන්නා වූ ඔහුට සිවු මසෙක් ඉක්ම ගියේ ය. එ කල්හි ඔහුට මාහපන්ථකක තෙමේ (මෙසේ කීය: “පන්ථ්කය, තෝ මේ සස්නෙහි අභ්යවව ය. සිවු මසෙකින් එක් ගාථාවකුත් ගන්නට නොහැකි විය. ප්රථච්රමජිත කෘත්යසය තෝ කෙසේ මුඳුන් පමුණුවන්නේහි ද? මෙ තැනින් යා” යි විහාරයෙන් නෙරපීය. චුල්ලපන්ථ්ක තෙමේ බුදු සස්නෙහි ස්නේහයෙන් ගිහි බව නො පතයි. එ කල මහාපන්ථක තෙර ‘භත්තුද්දේසක’ (දන් නියම කරන්නේ) වෙයි. කෝමාරභච්ච නම් වූ ජීවකයා බොහෝ ගඳ මල් ගෙන, තමාගේ අඹ වනයට ගොස් ‍ශාස්තෲන් වහන්සේට පුජා කොට, බණ අසා හුනස්නෙන් නැගිට, දශ බන ධාරීන් වහන්සේ වැඳ මහාපන්ථ ක තෙරුන් කරා එළඹ, “ස්වාමීනි, බුදුන් සමීපයෙහි භික්ෂූථහු කෙතෙක්දැ?” යි ඇසී ය. “පන් සියයක් පමණ ය. “ස්වාමීනි, හෙට බුද්ධ ප්රූමුඛ පන් සියය ම භික්ෂු න් ගෙන අපගේ ගෙයි භික්ෂාිව ගනු මැනැව” “උපාසකය, චුල්ලපන්ථ ක තෙම නුවණ නැත්තේ ය. නොවැඩුණු දහම් ඇත්තේ ය. ඔහු හැර සෙස්සනට කරන ආරාධය පිළිගනිමි” යි තෙර තෙමේ කීය. ඒ අසා චුල්ලපන්ථ කයා මෙ සේ සිතී ය. “මෙ පමණ භික්ෂුන් පිණිස ආරාධනය පිළිගන්නා තෙරුන් වහන්සේ මා බැහැර කොට ආරාධනය ඉවසු සේක. මගේ සහෝදරයා ගේ හිත නිසැකයෙන් මා කෙරෙහි බිඳී ගියේ වන. දැන් මට මේ සස්නෙන් කවර ප්රැයෝජන ද? ගිහි ව දානාදී පින් කම් කෙරෙමින් ජීවත් වෙමි” යි.

6. හෙ තෙම පසු දා උදේ ම “ගිහි වන්නෙමි” යි නික්මුණේ ය. ශාස්තෲන් වහන්සේ අලුයම් කල ලොව බලන සේක්. මේ කරුණ දැක පළමු කොට ගොස්. චුල්ලපන්ථ කයා යන මඟ දොරටුවේ සක්මන් කරමින් සිටි සේක. චුල්ලපන්ථපක තෙමේ ගැබින් නික්මෙන්නේ බුදුන් දැක එළඹ වැන්දේය. එ විට ශාස්තෲන් වහන්සේ. “චුල්ලපන්ථුකය,




                                        ජාතක අටුවාව                                   105

තෝ මේ වේලෙහි කොහි යා දැ?” යි අසා වදාළහ. “ස්වාමීනි. මගේ සොහොවුරා මා බැහැර කෙළේය. එහෙයින් මම ගිහි වන්නට යමි” “චුල්ලපන්ථැකය, තා ගේ පැවිද්ද මා සන්තක ය. සහෝදයා විසින් බැහැර කරන ලද්දේ කුමක් හෙයින් මා කරා නො ආවේහි ද? එව, තට ගිහි වීමෙන් කවර ප්ර්යෝජනද? මාගේ සමීපයෙහි වෙව” යි චුල්ලපන්ථනකයා කැඳවා ගෙන ගොස් ගඳ කිළිය පෙරටුව හිඳුවා “චුල්ලපන්ථකකය, නැගෙන හිරට අභිමුඛ ව හිඳ මේ රෙද්ද “දූවිලි ගැනීම, දුවිලි ගැනීම” ය යි (කියමින්) පිරිමදිමින්. මෙහි ම හිඳුව” යි සෘද්ධියෙන් මවන ලද පිරිසුදු වස්ත්රයයක් දී වේලා දැන් වූ කල්හි භික්ෂූෙන් පිරිවරා ජීවකයාගේ ගෙට ගොස් පැනැවූ අස්නෙහි වැඩ හුන් සේක. චුල්ලපන්ථවක තෙමේ ද හිරු බලමින්. “දූවිලි ගැනීම, දුවීලි ගැනීම” යි. රෙදි කැබැල්ල පිරිමදිමින් හුන්නේ ය. එ සේ පිරිමැද පිරිමැද සිටින්නහුගේ ඒ රෙදි කඩ කිලිටි විය. ඉක්බිති (හෙ තෙමේ) සිතීය: “මේ රෙදි කඩ ඉතා පිරිසුදු විය. මෙ ශරීරය නිසා ප්රිථම ප්ර කෘතිය දුරු කොට මෙ සේ කිලිටි විය. ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්යිය හ” යි ක්ෂ යය ද විනාශ වී යෑම ද නඟා බලන්නේ විදර්ශයනා වැඩී ය. ශාස්තෲන් වහන්සේ ද චුල්ලපන්ථාකයාගේ හිත විදර්ශිනාවට නැඟුණේ ය යි දැන, “චුල්ලපන්ථුකය, තෝ ‘මේ රෙදි කෑල්ල ම කිලිටි ය. රජසින් මිශ්රහ වූයේ ය’යි නො සිතව. තාගේ අභ්යදන්තරයෙහි වනාහි රාග රජාදීහු ඇති. ඔවුන් දුර ලව” යි කියා. ආලෝකයක් විහිදුවා ඉදිරියෙහි සිටින්නාක් මෙන් පෙනෙන රූපයක් ව මේ ගාථා වදාළ සේක:

7. “රාගය නම් රජස්ය ධූලි ය යි නො කියැවෙයි. ‘රජො’ යනු තෘෂ්ණාවට මේ නමෙකි. මහණෙනි, මේ රජස දුරු කොට, ඔහු තුමු රජස් ගියාහු ගේ ශාසනයෙහි වාසය කෙරෙත්.

8. “ද්වේෂය නම් රජස් ය ................”

9. “මෝහය නම් රජස් ය.................”



106 ජාතක අටුවාව

10. මේ ගාථා අවසානයෙහි චුල්ලපන්ථ ක තෙර සිටු පිළිසිඹියා පත් රහත් බවට පැමිණියේ ය. පිළිසිඹියාවත් සමඟ ම උන් වහන්සේට සියලු තුන් පිටකය ප්රිගුණ විය.

11. ඒ (තෙර) වනාහි පූර්ව යෙහි රජෙක් ව නුවර පැදකුණු කරන්නේ නළළින් ඩහ දිය ගලන කල්හි පිරිසුදු සළුවෙන් නළල පිස දැම්මේ ය. සළුව කිළිටි විය. හෙ තෙම, “මේ සිරුර නිසා මෙබඳු පිරිසුදු සළුව ප්රුකෘතිය දුර ලා කිලිටි විය. සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්යස ය හ” යි අනිත්යු සංඥාව ලැබී ය. එහෙයින් ඔහුට දුවිලි ගැනීම ම උපකාරි විය.

12. කෝමාරභච්ච නම් වූ ජීවක තෙමේ වනාහි දශ බල ධාරීන් වහන්වසේට වැළදීමට පෙර පිළිගැන්වෙන පැන් පිළිගැන්විය. ශාස්තෲන් වහන්සේ, “ජීවකය, විහාරයෙහි භික්ෂුය කෙනෙක් ඇත්තේ නො වෙත් දැ” යි අතින් පාත්රයය වැසූ සේක, මහාපන්ථික තෙමේ. “ස්වාමීනි, විහාරයෙහි භික්ෂුපහු නැත්තා හ” යි කීය. ශාස්තෲන් වහන්සේ, “ජීවකය. භික්ෂූභහු ඇතැ” යි වදාළ සේක. ජීවක තෙමේ, “මිතුර, යව, වෙහෙර භික්ෂූ“න් ඇති බව හෝ නැති බව හෝ දනුව” යි මිනිසකු යැවීය. එ කෙනෙහි චුල්ලපන්ථ්ක තෙර, “මාගේ සොහොවුරු තෙමේ “විහාරයෙහි මහණුන් නැතැ” යි කියයි. වෙහෙර මහණුන් ඇති බව ඔහුට ප්ර“කාශ කරන්නෙමි” යි සියලු අඹ වනය භික්ෂුමන්ගෙන් පිරවීය. සමහර භික්ෂුතහු සිවුරු ගෙත්තම් කරත්. ඇතැමෙක් සිවුරු පඬු ගසත්. ඇතැමෙක් වන පොත් කෙරෙත්. මෙ සේ ඔවුනොවුන් හා අසම වූ භික්ෂූතන් දහසක් මැවීය. ඒ පුරුෂ තෙමේ විහාරයෙහි බොහෝ භික්ෂු න් දැක නැවතී ආ පසු ගොස් කියනුයේ, “ස්වාමීනි, සියලු අඹ වනය භික්ෂු න්ගෙන් ම පිරුණේ ය” යි ජීවකයාට සැල කෙළේය. තෙර වනාහි එහි ම.

12. පන්ථ ක තෙමේ තමා දහස් වරක් මවා ගෙන වැළදීමට කල් දන්වන තුරු රම්ය් වූ අඹ වනයෙහි හුන්නේ ය.



                                         ජාතක අටුවාව                                  107

14. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඒ පුරුෂයාට මෙ සේ වදාළ හ: “විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ චුල්ලපන්ථපකයා කැඳවන සේකැ”යි කියව. ඔහු ගොස් ‍එසේ කී කල්හි, “මම චුල්ලපන්ථක ය, මම චුල්ලපන්ථකක ය” යි මුව දහසෙක් නැංගේ ය. ඒ පුරුෂයා ගොස්, “ස්වාමීනි, සියල්ලෝම චුල්ලපන්ථ කයෝ නම් වෙති” යි කීය. “එසේ වි නම් තෝ ‍ගොස් යමෙක් ‘මම චුල්ලපන්ථථකයෙමැ’ යි පළමු ව කියා ද ඔහුගේ අත අල්වා ගනුව. සෙස්සෝ අතුරුදහන් වන්නාහු ය.” හෙතෙම එ සේ කෙළේය. එකෙණෙහි ම දහසක් පමණ භික්ෂුනහු අන්තර්ධා න වූ හ. ගියාවු පුරුෂයා සමඟ තෙරතෙමේ පැමිණියේ ය. ශාස්තෲන් වහන්සේ වළඳා අවසානයෙහි ජීවකයා ඇමැතූහ. “ජීවකය, චුල්ලපන්ථඅකයා ගේ පාත්රයය ගනුව. මේ තෙමේ තට අනුමෝදනා කරන්නේය’ ජීවකයා ද එසේ කෙළේය. සිංහ නාද කරන තරුණ සිංහයකු මෙන් තෙර තෙමේ ත්රිකපිටකය අළලා අනුමෝදනා කෙළේ ය.

15. ශාස්තෲන් වහන්සේ අස්නෙන් නැඟී භික්ෂූු සඞ්ඝයා පිරිවරා විහාරයට වැඩ, භික්ෂූේන් විසින් වත් දක්වා අවසන් වූ කල්හි අසුනෙන් නැඟිට ගඳ කිළි දොරටුවෙහි සිට මහ සඟනට සුගතෝවාදය දී කමටහන් වදාරා භික්ෂුින් (භාවනාවෙහි) යොදවා, සුගන්ධස ගන්ධ සුගන්ධිතයෙන් සුවඳවත් වූ ගඳ කිළියට පිවිස දකුණු පසින් සිංහ සෙය්යාමවට ගිය සේක. පසුව සවස් කාලයෙහි භික්ෂූිහු ධර්ම් සභාවට ඒ ඒ දිගින් රැස් වුවාහු රත් පලස් තිරයක් වට කරන කලක් මෙන් හිඳ ශාස්තෲන්ගේ ගුණ කථාවට පටන් ගත්හ. “ඇවැත්නි, මහාපන්ථටක තෙමේ චුල්ලපන්ථ්කයාගේ අදහස නොදන්නේ ‘සිවු මසෙකින් එක ගාථාවකුත් වන පොත් කොට ගත නොහැකි විය. මේ මොඩයකැ’යි විහාරයෙන් නෙරපීය, සම්ය‍ක් සම්බුඬයන් වහන්සේ වනාහි තමන් වහන්සේගේ නිරුත්තර ධර්මන රාජතායෙන් එක ම අතුර - බතෙක දී පිළිසිඹියා සමග රහත් බව (ලබා) දුන් සේක. පිළිසිඹියා - යෙන් ම තුන් පිටකය පැමිණියේය. අහෝ! බුදු වරුන්ගේ බලය නම් ඉතා මහත් වන්නේය” යනුවෙනි.



108 ජාතක අටුවාව

16. ඉක්බිති භාග්ය වතුන් වහන්සේ ධර්මත සභාවෙහි මේ කථා ප්ර වෘත්තිය දැන, “අද මා එහි යනු වටී” යි බුද්ධසෙය්යායවෙන් නැඟී යහපත් කොට පඩු ගැසූ සුරත් දෙපට අඳනා සිවුර හැඳ, විදුලියක් මෙන් (ඒ මත) පටිය බැඳ, රත් පලසක් හා සමාන වූ සුගත් මහා චීවරය පොරවා සුවඳ ගඳ කිළියෙන් නික්ම, උතුම් වූ මත්ත හස්ති රාජයක්හු ගේ ද සිංහයක්හුගේ ද ගමන් ලීලායෙන් අප්ර මාණ සර්ව ඥ ලීලාවෙන් ධම් සභාවට වැඩ, සරහන ලද මණ්ඩපය මඬ්යනයෙහි පැනැවු උතුම් වු බුද්ධාසනයට නැඟී සවනක් බුදු රැස් විහිදුවමින්, සාගර කුක්ෂිුය බබළවන යුගන්ධීර පර්වසත මස්තකයෙහි වූ තරුණ සූර්යුයා මෙන් ආසනය මත වැඩ හුන් සේක. සම්මා සම්බුදුන් වනාහි වැඩි කල්හි භික්ෂූය සඞ්ඝ තෙමේ කථාව නවත්වා නිශ්ශබ්ද විය. ශාස්තෲන් වහන්සේ මොළොක්වූ මෙත් සිතින් පිරිස බලන්නේ, “මේ පිරිස ඉතා හොබනේය එකකුගේ ද අත සෙලවීමෙන් හෝ පා සෙලවීමෙක් හෝ කිවිස්නා හඩෙක් හෝ විසි කරන හඩෙක් හෝ නැති. සියල්ලෝ ම බුද්ධ ගෞරවයෙන් ගෞරව සහිත වූවාහු. බුදු තෙදින් තර්ජිත වූවාහු. මා ආයු ඇති තෙක් කථා නොකොට සිටියේවී නමුත් පළමුව කථාවක් ඉදිරි පත් කොට නොකරන්නාහ. කථා පටන් ගැනීමෙහි වත මාමදත යුතු ය. මම ම පළමුව කථා කරන්නෙමැ” යි මධුර වූ බ්රාහ්ම ස්වරයෙන් භික්ෂූයන් අමතා, “මහණෙනි, දැන් කි නම් කථාවක් කරමින් හුන්නාහු ද? කිනම් අතුරුකථාවක් කළාහුදැ?” යි” යි වදාළ සේක. “ස්වාමීනි, මෙ තැන රැස්ව හුන්නා වූ (අපි) අනෙක් තිරශ්චීත කථාවක් නොකීමු. නුඹ වහන්සේගේ ගුණය ම වනමින් හුන්නමු. ‘ඇවැත්නි, මහාපන්ථුක තෙමේ චුල්ලපන්ථමකයාගේ අදහස නො දැන පෙ - අහෝ! බුදුවරයන්ගේ බලය මහත් ය,” යනුවෙනි.

17. ශාස්තෲන් වහන්සේ භික්ෂුැන්ගේ කථාව අසා “මහණෙනි, චුල්ලපන්ථ කයා මා නිසා දැන් ධර්මැයෙහි දහමින් මහත් බවට පැමිණියේ ය. පෙර දී වනාහි මා නිසා




                                     ජාතක අටුවාව                                       109

භෝග මහත්ත්ව යට ද පැමිණියේය” යි වදාළ සේක. භික්ෂු හු ඒ (කරුණ) ප්ර කට කරනු පිණිස භාග්යයවතුන් වහන්සේට යාච්ඤ කළාහු ය. බුදුහු භවාන්තරයෙන් වැසුණු කාරණය දක්වා වදාළ සේක:

18. අතීතයෙහි කසී රට බරණැස් නුවර බ්රවහ්මදත්ත නම් රජකු රජ කරන කල, බෝසත් තෙමේ සිටු කුලයෙක ඉපිද වැඩිවිය පැමිණියේ සිටු තනතුරු ලැබ “චුල්ලසෙට්ඨී” ය යි ප්රවසිද්ධ විය. හෙතෙමේ පණ්ඩිතය, ව්ය්ක්තය, සියලු නිමිති දනී. දිනක් හෙතෙම රාජෝපස්ථානයට යන්නේ ඇතුළු වීදියෙහි මළ මියකු දැක එකෙණෙහි නකත් ගැන මෙසේ කී ය: “නුවණැති කුල පුතකු විසින් මේ මීයා ගෙන අඹු දරුවන් රක්නට හෝ කර්මා:න්තයෙහි යොදන්නට හෝ හැකිය” එක්තරා දුගී පුරුෂයෙක් සිටුගේ ඒ බස අසා “මේ තෙම නොදැන නො කියන්නේය” යි මීයා ගෙන එක් සල්පිලෙක බළලකු උදෙසා දී කාකණිකයක් (දෙ වියැට සමාරක්,) රත් රන් ලැබුවේය (හෙතෙම) ඒ කාකණිකයෙන් පැණි ද එක් කළයකින් පැන් ද ගත්තේ ය. හෙතෙම වනයෙන් එන මල් කරුවන් දැක පැණි ස්වල්පයක් දී කිනිස්සෙන් පැන් පිළිගැන්වීය. ඔහු ඔහුට එක් එක් මල් මිටක් දුන්නාහු ය. හෙතෙම ඒ මල් මිළයෙන් පසු දවස්හි පැණි ද පැන් කළය ද මල් වත්තට ගෙන ගියේ ය. එදා මාලා කාරයෝ ඔහුට භාගයක් කඩා ගත් මල් දී ගියාහුය.

19. හෙතෙම නොබෝ කලෙකින් මේ නයින් කහවණු අටක් ලද්දේය. නැවත එක් සුළඟ හැ වැසි ද ඇති දවසෙක රජුගේ උයනෙහි බොහෝ වියැලි දර ද අතු ද කොළ ද සුළගින් ගිළිහී වැටුණේ ය. උයන් පල්ලා (ඒ) ඉවත් කරන්නට උපාය නොදන්නේ ය. හෙතෙම එතනට ගොස්, “ඉදිනි මේ දර හා පත් ද මට දෙන්නේ නම් මම මේ සියල්ල බැහැර කරන්නෙමි” යි උයන් පල්ලාට කීය. හෙතෙම “ගනුව මිතුර” යි ගිවිස්සේය. චුල්ලන්තෙවාසිකයා




110 ජාතක අටුවාව

ළමයින්ගේ ක්රි ඩාඞ්ගණයට ගොස් පැණි දී මොහොතින් සියලු දර හා පත් ද බැහැර කරවා උයන් දොර එක් රැස් කැරැවුයේ ය. එ දවස රජ ගෙට වළං සයන කුඹලා රජ මාලිගයට බඳුන් පිසනු සඳහා දර සොයන්නේ අයන් දොර තුබූ දර දැක ඔහුගෙන් මිළ දී ගත්තේය. එ දින චුල්ලන්තෙවාසිකයා දර විකිණීමෙන් කහවණු සොළසක් හා සැළි ආදී වූ භාජන පසෙක් ද ලැබී ය. හෙතෙමේ වෙළඳාමෙන් කහවණූ විසි හතරක් වු කල්හි “මේ උපායය මට ඇතැ” යි නුවර දොරන් නුදුරු තන්හි එක් පැන් තාළියක් තබා පන් සියයක් තණ හැර ගෙන යන්නවුනට පැනින් උපස්ථාන කෙළේය. ඔහු කීවාහු “යහළුව, තෝ අපට බොහෝ උපකාර වූයේහි, තොපට කුමක් කරමු ද?” හෙතෙම, “මාගේ කට යුත්තක් උපන් කල්හි කරන්නැ” යි කියා, ඔබ මොබ හැසිරෙන්නේ ගොඩ මාර්ගෝයෙහි කර්මා න්ත කරන්නන් සමඟ ද ජල මාර්ගැයෙහි කර්මා න්ත කරන්නන් සමඟ ද මිත්රා සන්ථසවය කෙළේ ය. ගොඩ කර්මාසන්ත කරන්නෙක්. “හෙට මේ නුවරට අස් වෙළෙන්දෙක් අසුන් පන් සීයක් ගෙන එන්නේය” යි ඔහුට දැන්විය. හෙතෙම ඔවුන්ගේ බස් අසා තණ ගෙන යන්නවුනට මෙසේ කීය. “අද මට එක් එක් තණ මිටියක් දෙව මා තණ විකුණන්නට පළමුව තෙපි තණ නොවිකුණවූ” යි. ඔහු “මැනැවැ” යි ගිවිස, තණ මිටි පන් සියයක් ගෙන’වුත් ඔහු ගෙයි හෙළූහ. අස් වෙළෙන්දා සියලු නුවර අසුනට ගොදුරු නො ලැබ ඔහුට දහසක් දී ඒ තණ ගත්තේය. ඉන් කීප දිනකට පසු ඔහුට මුහුදු කර්මාදන්තයෙහි නියුක්තයෙක්, පටුනට මහ නැවෙක් ආවේ” යි දැන්වීය. හෙතෙමේ “මේ උපායයෙක් ඇතැ” යි කහවණු අටෙකින් සියලු පිරිවර සහිත තාවකාලික රථයක් ගෙන ‍මහත් යසසින් නැව් පටුනට ගොස් එක් ඇඟිලි මුදුවක් නැවට අත්තිකාරම් දි නුදුරු තැනෙක තිරයක් වට කරවා එහි උන්නේ පුරුෂයනට නියෝග කෙළේය. “පිටතින් වෙළෙඳුන් ආ කල්හි තුන් වැනි දොරටු පාලයාට දන්වවු” යනුවෙනි.





                                         ජාතක අටුවාව                                  111

නැව ආහයි අසා සියයක් පමණ වෙළෙන්දෝ “බඩු ගනිමු” යි. බරණැසින් ආවාහු ය. “බඩු තෙපි නොබලන්නහුය. අසුවල් තැන මහ වෙළෙන්දා විසින් අත්තිකාරම් දෙන ලද්දේය.” ඒ වෙළෙන්දෝ ඔවුන් බස් අසා ඔහු සමීපයට ආවාහු ය. සමීපයෙහි වසන සේවකයෝ ප්ර්ථම සංඥා වශයෙන් තුන් වැනි දොරටු පාලයා හා ඔවුන් ආබව දැන්වූහ.

20. ඒ සියයක් පමණ වෙළෙන්දෝ එක එක දහස දී ඔහු සමග නැවට හිමි ව ගෙන නැවත එක එක දහස දෙවා අත්තිකාරම් දුන් තැනැත්තහුගේ හිමි බව නැති‍ කොට බඬු තමා අයත් කළාහු ය. චුල්ලන්තෙවාසික තෙමේ දෙ ලක්ෂදයක් ගෙන බරණැසට ගොස් “මා කෙළෙහි ගුණ දත්තකු විය යුතු ය” යි එක් ලක්ෂ යක් ගෙන්වා ගෙන චුල්ල සිටුහුගේ සමීපයට ගියේ ය. ඉක්බිති සිටු තෙමේ ඔහුට ‘දරුව, තා විසින් කුමක් කොට මේ ධනය ලබන ලද්දැ?” යි ඇසීය. හෙතෙම, “නුඹ විසින් කියන ලද උපායයෙහි සිට සාර මාසයක් තුළ ම ලද්දේය” යි මළ මීයා ආදි කොට සියලු ප්රෙවෘත්තිය කීයේ ය. චුල්ල සිටු ඔහුගේ වචනය අසා, “දැන් මෙබඳු දරුවකු අනුන් අයත් කරන්නට නො වටී” ය යි විය පැමිණි දියණිය දී සියලු සම්පතට හිමි කෙළේය. හෙතෙම සිටුහුගේ ඇවෑමෙන් එනුවර සිටු තනතුරු ලැබීය. සම්මාසම්බුදුන් වහන්සේ මේ ධර්මු දේශනාව වදාරා සම්යරක් සම්බුද්ධ කාලයෙහි මේ ගාථාව වදාළ සේක.

21. “ප්රධඥව ඇති පණ්ඩිත තෙමේ, ස්වල්ප වූ ද මිළයෙහි කුඩා වූ ගින්නක් පිඹ මොලොවන්නාක් මෙන් තමා ඉසුරු මත් බවට පමුණුවයි”

22. මෙහි අප්පකෙන’පි යනු ම‍ඳෙකින්. ස්වල්පයකින් මෙධවි නම් නුවණැත්තේ ය. පාහතෙන යනු බඩු මිළයෙන් විචක්ඛණො යනු වෙළෙඳාමෙහි දක්ෂො වූයේ සමුට්ඨාපෙති අත්තානං යනු මහත් වූ ධනය ද කිර්තිය ද උපදවා




112 ජාතක අටුවාව

එහි තමා තබයි. පිහිටුවයි. කුමක් මෙන් ද? අණුං අග්ගිං’ ව සන්ධනමං යනු යම් සේ නුවණැති පුරුෂයෙක් මඳ වූ ගින්න ගොම ආදිය බහා කටින් පිඹ නංවයි, බෝ කරයි, විශාල ගිනි ගොඩක් කරයි ද, ඒ පරිද්දෙන් පණ්ඩිතයා මඳවු මිළක් ලැබ නොයෙක් උපායයන් යොදා ධනය ද යසස ද ලබයි. ලැබ ඒ ඒ තැන තමා පිහිටුවයි. ඒ ධන යසස් මහත්ත්වකයෙන් තමා උසස් කොට තබයි ප්රතකට වු නම් ඇත්තකු කෙරෙහි යන අර්ත්ථතයි.

22. මෙ සේ භාග්යඇවතුන් වහන්සේ දෙසන සේක් මහණෙනි, චුල්ලපන්ථ කයා මා නිසා සස්නෙහි ධර්ම්යෙන් මහත් බවට පැමිණියේය” මෙසේ මෙ ධර්ම‍ දේශනාව දක්වා කථා වස්තු දෙක පවසා අනුසන්ධි ගලපා ජාතකය සමොධානය කොට වදාළ සේක, “එදා චුල්ල‍න්තෙවාසිකයා (අද) චුල්ලපත්ථක විය චුල්ල නම් මහ සිටු තෙම මම් ම විමි” යි දේශනාව නිමැවු සේක.

__________

"https://si.wikibooks.org/w/index.php?title=රසවාහිනී_ජාතකට්ඨ_කථා_-_vii&oldid=5818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි