රසවාහිනී ජාතකට්ඨ කථා - vi

රසවාහිනී ජාතකට්ඨකථා ථූපවංශය අනුවාදය




පටුන

රසවාහිනී 1 - 76 ජාතකට්ඨකථා 77 - 160 ථූපවංශය 161 - 235
















රසවාහිනී

මිගපෝතක කථා වස්තුව

1. සිංහල රටෙහි උද්දලොලක නම් එක් සිත් කළු විහාරයක් විය. ඒ විහාර සමීපයෙහි බොහෝ මුවෝ හා ඌරෝ වසති. එක් වැදි ගමක වැදි පුතෙක් මේ වනයෙහි බොහෝ මුවන් හා ඌරන් දැක එක් දිනක වනයෙහි ‍පැත්තක කොටුවක් සාදා වනයෙහි කෙළවර කොළ අතු බැඳ දුනු කලප් රැගෙන මුවන්ගේ පැමිණීම බලමින් කොටුවෙහි සිටියේ ය.

ඉක්බිති මුවෙක් එහි ගොදුරු ගෙන පැන් බොන්නට තොටට යන්නේ එම විහාරයෙහි බණ අසනු සඳහා ඝෝෂා කළ ශබ්දය අසා දික්කළ ගෙලින්, උස් කළ කතින් හා නොතබනලද දකුණු පාදයෙන් යුතුව දම් දෙසන භික්ෂුව ගේ කට හඩෙහි නිමිති ගෙන සිටියේ ය.

2. එකෙනෙහි වැද්දා එක පහරින්ම විද මරණයට පත් කෙළේ ය. ඉක්බිති ඒ මුවා කළුරිය කොට එම වෙහෙර වැසි අභය හිමියන්ගේ නැගණියගේ කුසෙහි පිළිසිඳගෙන දසමස් ඇවෑමෙන් මව් කුසින් බිහිවී පිළිවෙළින් වැඩෙන්නේ සත්වයස් ඇත්තෙක් වීය. මව්පියවරු ඒ දරුවා අබය හිමියන් ළඟට ගෙන ගියාහු ය. හේ නොබෝ කලකින් පැවිදි කරවීය. ඒ කුමරා පෙර මුව දිවියෙහිදී කරනලද දහම් දෙසුම්හි බලයෙන් කර අගදීම රහත් බවට පැමිණියේ ය. ඔහුගේ මයිලණුවන් වන හිමියෝ අවබෝධ කළ පඤ්චාහිඥා අෂ්ට සමාපත්ති ඇත්තෝ නමුදු රහත්බව් නොලැබුවෝ ය. ඉක්බිති එක්දිනක් සාමණේරයන් වහන්සේ උදැසනම උපාධ්යාෝය ස්ථවිරයන් වහන්සේ කරා ගියහ. ඉක්බිති උපාධ්යාායයන් වහන්සේ අත ඔසවා සඳ මඬල පිරිමදිමින් සිටියේ ය. සාමණේර තෙම ස්වාමීනි,


2 රසවාහිනී

මෙය රැකීම සුදුසුය කීයේ ය. ස්ථවීරයන් වහන්සේ සාමණේර තැන අගපල රහත්බවට පත්බව නොම දැන ඔහුගේ වචනය මෙනෙහි නොකළහ. ඉක්බිති සාමණේර තෙම සෘඬියෙන් දහසක් චන්ර්. රයන් ගෙන හැර පා තෙරුන් වහන්සේට දක්වා ස්වාමීනි, චන්ර්්ර්යන් දහසක් ලක්ෂවයක් ගෙනහැර පෑම අමාරු නොවේ. යමෙක් එකම තෘෂ්ණාව අතහරීද එයම ශ්රෙැෂ්ඨය වැදගත් යයි සලකවමින් මෙසේ කීයේ ය.

3. යම් නැණහීන මිනිහෙක් ඉවුරෙහි සිට මහමුහුද දැක මහ මුහුද දැක්කෙමි යි කියයි ද?

මෙවැනිම මහණ තමාළඟ ඇති කෙලෙස් පහකොට නොහැර එකාන්තයෙන් අභිඥා බලය ලබාගෙන,

කෙලෙස් නොනසා කෙලෙස් නැසුයෙමියි හගී ද (හේ) තෘෂ්ණා නමැති දාසකමින් යුක්තවුයේ නොමිදීම පවතී.

ඉලක්කයක් නොමැති ‍ෙක්ෂිමනොවූ බියජනකවූ අත්හැර නොයන්නාවු තෘෂ්ණාව යමෙක් ඉවත් කෙරේද හේ මරුගේ බැඳුම්වලින් නිදහස්වූවා වේ.

මෙයසා ස්ථවීරයන් වහන්සේ එදිනම රහත් වූ සේක. ඉක්බිති දෙවැනි දින තෙරුන්ගේ නැඟණියෝ සාමණේරයන් වහන්සේත් සමග තෙරුන්ට ආරාධනාවක් කළහ. ස්ථවිරයන් වහන්සේ සොහොයුරියට මෙසේ වදාළහ.

4. උපාසිකාව ති විසින් අද බොහෝ මහණුන්දැ දැක සිත පැහැදිය යුතුය. එහෙත් (ආහාර) කොටස දෙදෙනාට පමණක් විය යුතුයයි ඇය යවා පෙරවරු ‍සමයෙහි හැඳ පොරවා ගෙන පාසිවුරු ගෙන මහණුන් දැ තිස් දහසක් සමග වැඩම කළහ. ඇය එය දැක මාමාට හා බෑණාට පමණක් ආසන පැනවූවා ය. ඒ ආසන ඔවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් තිස් දහසක් පමණ විය. උන්වහන්සේනලාගේම ආනුභාවයෙන් ඇගේ ගෙය ද විශාල


                                           රසවාහිනී                                             3

වීය. භික්ෂූ හු පැමිණි පැමිණි අසුන්වල වැඩ හුන්හ. ඒ දෙදෙනා වහන්සේට පිළියෙළ කරනලද සූපව්යෂඤ්ජනාදිය ඒ තිස් දහසක් පමණ භික්ෂූනන්ට සෑහිණ. වළඳා අවසානායෙහි ඒ උවසිය අනුමෙවෙනි බණ සඳහා සාමණේරයන්ගේ පාත්රළය ගත්තා ය. ඒ හෙරණුන්දෑ ද උන්වහන්සේලාගේ මැද අභිවෘඞිය වඩවමින් මිහිරි වදන් පිටකරමින් ධර්මනය දෙසූහ. දෙසුන් අවසන මව්පියන් මුල්කොට කුල පන්සියයක් සෝවාන් පෙලෙහි පිහිටවූහ. බොහො දෙනාට ධර්ම දේශනාව සාර්ථහක වූවා ය.

දහම් දෙසන විට වන සත්තු ද ඒ ‍ශබ්දයේ නිමිත්ත පමණක් ලැබගෙන මිනිස් සැප හා නිවන් සැප ලබති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි යොදවනලද ශ්රහඬාව ඇති අය බණ අසා බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකරන ලද වර්ණවනාවට සුදුසු දෙව් විමන්වල නො ඇලේද (ඇලේමැයි)

මුව පොව් වත නිමි. _______

බණ ඇසූ උපාසිකාවගේ වත

1. ලක්දිව රුහුණු දනව්වෙහි සිය ගණන් මහණ මෙහෙණින්නන්ගෙන් ගැවසුණු. සියගණන් වෙහෙර විහාරයන්ගෙන් ද නොයෙක් රත් රුවන් ඈ වස්තුන් ගෙන් ද සමන්විත ප්රෙභූ ජනයාගෙන් ද ගැවසුණු, නන් නළු ගී හඬින් නිතොර දනමන පුබුදු කරවන නිරතුරු දන්දී‍ම් නමැති ක්රීනඩාවෙහි යෙදුණු මිනිසුන්ගෙන් හෙබී, තුනුරුවන්ට පූජා කිරීමෙහි නියැලුණු. සැදැහැති කුලයන් ගෙන් ගැවසුණු. ඒ ඒ තැන හැසිරෙන දහම් සොඬ මිනිසුන් විසින් එකනින් පැවැත්වෙන සාධුනාදයෙන් යුත් මහගම නම් එක් සිත්කළු ගමක් වීය.

2. ඒ ගමෙහි රජමහ වෙහෙර මැද සුදෝ සුදු පවුරින් වටකරනලද මුතු ඇතුරුවා වැනි සියගණන් සුදුවැලි


4 රසවාහිනී

තලාවෙන් සැරසුණු මලුව මැද මිහි අඟන මත කරනලද රිදී ඔටුන්නක් වැනි සොබා දහමින් අගතැන් පත් මැණික් වෙහෙර නම් මහ වෙහෙරක් වීය. ඒ විහාරයෙහි මහ දොරටුව සමීපයෙහි පිළියෙළ කරල ලද දහම් මඩුයෙහි නිතොර දහම් දෙසුම් පවතී. බණ ඇසීමට එක් උවැසියක් තමන්ගේ පුතා ඇඟිල්ලෙහි එල්ලාගෙන පැමිණ පිරිස් කෙළවරෙහි හිඳ විපිළිසර නොවී බණ ඇසුවා ය. ඇයගේ පුතා (මේ අතර) සෙල්ලම් කරමින් පවුර සමීපයට ගොස් වැලි කෙළි කෙ‍ළියි. එක් නයෙක් පවුරේ සිදුරෙන් පිටට පැමිණ ඒ ළමයා දෂ්ට කොට සැඟවිණ.

3. ඈ පුතා දෂ්ටකළ නයා දැක ඉදින් කිසිවකුට කියම් නම් මගේ ධර්ම.ය ඇසීම අනතුරට පත් වේ. පුත්රුයෝ දුර්ල භ නොවෙත්. බු‍ඬොත්පාදය දුර්ල බ ය. අමාරුවෙන් ලැබූ මිනිස් දිවියක් ඇති මා විසින් දුලබ දහම් ඇසීම ඉතා වටිනේ යයි කිසිවකුට නොකියා ධර්මෙයට ඇසී ය. ඇගේ පුතා ද විෂ වේගයෙන් මුර්ඡාවූයේ ය. ඊටපසු ධර්මටදේශනාව කෙළවරට ගියාට පසු උවැසිය නැගිට දරුවා සමීපයට ගොස් විෂ වේගයෙන් තද වූ සිරුරක් ඇති පුතා දැක මන්ත්රු හා ඖෂධයන්ගෙන් ප්රතයෝජනයක් නොමැත සත්යා ක්රි යා නමැති ඖෂධයම උසස් යයි පුතා ගේ හිස ගෙන සත්ය්ක්රියයා කරන්නී මෙසේ කීවා ය.

4. යම් සත්ය වචනයක් හේතුකොට මම බුදු රජාණන් වහන්සේ ගේ සරණයෙහි පිහිටියෙමි නම් ඒ සත්යව වචනය හේතු කොට ගෙන මාගේ මේ පුතා විස නැතිව සුවපත් වේවයි.

යම් සත්ය වචනයක් හේතු කොට මම ධර්ම යෙහි පිහිටියෙමි නම් ඒ සත්යසවචනය හේතු කොට ගෙන මාගේ මේ පුතා විස නැතිව සුවපත් වේවයි.

යම් සත්ය.වචනයක් හේතුකොට මම ධර්මපයෙහි පිහිටියෙම් නම් ඒ සත්යසවචනය හේතු කොට ගෙන මගේ මේ පුතා විස නැතිව සුවපත් වේවයි.



                                           රසවාහිනී                                              5

යම් සත්ය වචනයක් හේතුකොට මම මොහොතක් විපිළිසරව ධර්ම ය ඇසීම් නම් ඒ සත්යය වචනය හේතු කොට ගෙන මගේ පුතා විස නැතිව සුවපත් වේවයි.

අකුරක් පදයක් හෝ කථාමාර්ග ය හෝ අත් නොහැර උසස් ධර්ම ය ඇසුවෙමි. ඒ සත්යවය වචනය කරණ කොට ගෙන විස නසාවා.

බුදුරජාණන් වහන්සේ සව්නේ ගෙවා දැක නෛය්යා නික සේක් වී නම් ධර්මනය මේ ජීවිතයේම අකාලික ඵල දෙන්නේ වීනම් ඒ සත්යී වචනය හේතුකොට ගෙන මාගේ පුතා ගේ විස නැති වී සුවපත් වේවා.

සුපිළිපන් මහාසංඝයා වහන්සේ සුප්රසතිපන්නසේක් වී නම් සතරමග සතරඵලයෙහි පිහිටිසේක් වී නම් සත්ය වචනය හේතු කොට ගෙන මාගේ පුතාගේ විස නැතිව සුවපත් වේවයි.

මේ බුදුසසුන අවුරුදු පන්දහසක් පවතීනම් ඒ සත්යච වචනය හේතු කොටගෙන මගේ පුතාගේ විස නැතිව සුවපත් වේවයි (සත්යයක්රිහයා කළා ය.)

5. මේ සත්යික්රි්යාව ගේ කෙළවර ඇගේ පුතා සුවපත් ව නිදුක්ව නිදා පිබිදියකු මෙන් නැගිට මව් සමීපයෙහි සිටියේ ය. ඈ මෙසේ සත්යදක්රිගයාවෙන් පුතා නිදුක් කොට ගෙන ගෙදරට ගෙන ගොස් ඒ සොම්නසින් ම බොහෝ පින්කම් කොට එයින් චුතව ස්වර්ග යෙහි උපන්නා ය.

මෙසේ පිනාගිය සිතින් යුතුව බණ අසන ස්ත්රී්හු ද එවැනි තද විෂ පවා නැතිකොට දෙව්ලොව ඉපද එහි සැප විඳිති. ශ්රඑඩා බුඬිසම්පන්න ජනතාව යහපත් ධර්මවයෙහි හැසිර දිව්යි මනුෂ්යශ සම්පත්ති විඳ නිවන් ද ලබති.

බණ ඇසු උපාසිකාවගේ වත දෙවැනියි. ______


6 රසවාහිනී

කුඩ්ඩ රජ්ජ වස්තුව

1. සිංහල වීපයෙහි මහගම නොයෙක් සියගණන් භික්ෂූහන් වහන්සේ වාසය කරන මහවැවනම් විහාරයක් විය. එකල ඒ විහාරයෙහි වසරක් පාසා අරියවංස ධර්ම දේශනාව පවත්වන්නේ ය. දුර සිටත් බොහෝදෙනා පැමිණෙති. මහත්වූ ජනසමාගමය වේ. මේ දනව්වෙහි වාසය කරන එක් මහතෙර නමක් මම ද අරියවංශ ධර්මනදේශනාව අසමියි එහි ගොස් ඉඩක් නොලැබ මහපිරිස් කෙළවර මලුවෙන් පිටත තණපඳුරෙන් යුත් තැනක් අවසරයක් ලැබවී ය. හේ එතැන සිට මුළු රැයම බණ අසමින් අධික සන්තෝෂයට පැමිණියේ ලොමුඩැහැගත් සිරුර ඇත්තේ වීය. ඒ තණ පඳුරෙහි පොළ‍ඟෙක් වසයි. එක්බිති ඒ පොළඟා තමා වසන තැනින් නික්මී තෙරුන්ගේ කකුල් අතරට වැද සතර දළ ඔබා පිඩිපිට දෂ්ට කෙළේය. මෙකරුණ දුටු තෙරුන්වහනසේ ඉදින් මම මෙතැනින් පහව ගියෙම් නම් බණ ඇසීමට කරදර වේ යයි අත පාත බහා පොළඟාගේ හිස දැඩි කොට අල්වා ගෙන වහන් පසුම්බියෙහි බහා කට බැඳ එක් පසක තබා ධර්ම ය ඇසී ය. බණ ඇසීමේ ආනුභාවයෙන් ඔහුගේ ශරීරයෙහි විෂ නො පැතිරිණ. ඉක්බිති අරුණ උදාවූ විට මිනිසුන් (විහාරයෙන්) ගියකල ස්ථවිරයන් වහන්සේ මා විසින් සර්පටයකු ගත්තේ යයි සර්පනයා දැක්වීය. කවර වේලාවක සර්පසයා ගත්තේදැ යි භික්ෂු න් විසින් විචාරණ ලද්දේ නිධාන කථාව ආරම්භ කළ කාලයේම යයි කීයේ ය. පුදුමයි ස්වාමිනී, පුදුමයි. තමුන්නාන්සේ විසින් සිදුකොට ඇත්තේ මහා පුදුම දෙයකි. මෙබඳු ඝෝරවු සර්පමයකු විසින් දෂ්ටකරන ලද්දේ නමුදු විෂ වේගයෙන් විපිළිසර නොවී බණ අසන ඔබ විසින් කරන ලද්දේ යයි කීවාහුය. ඉක්බිති තෙරුන් වහන්සේ, එම්බා ඇවැත්ති, මාගේ ශරීරයෙහි විෂ ඉතිරි විය. එය සත්යේක්රි යාවෙන් අත හරින්නෙමියි සත්ය ක්රියයා කරන්සේක් මෙසේ කීහ.





                                           රසවාහිනී                                      7

2. බුදුරජාණන් වහන්සේ විසින් ලෝවැස්සනට හිත පිණිස මොනවට වදාරණ ලද නවලොවුතුරා සදහම් අද මා විසින් ඉඳුරා අසනලද්දේ වී නම් ඒ සත්යුවචනය හේතු කොටගෙන පොකුරු පත නො ඇලී පහව යන පැන් ටිකක් මෙන් මාගේ ශරීරගත විෂය විනාශයට පැමිණේවා.

ඒ අසන්නාවු ධර්ම යෙහි එක අකු‍රක් පදයක් නොනසමින් පදගත අර්ථනය ද ධර්ම ය ද මෙනෙහි කරමින් ඉඳාරා බණ ඇසීමි. මේ සත්ය වචනය හේතු කොටගෙන පොකුරු පත නො ඇලී පහව යන දිය සේ ශරීරයෙහි ද විෂ විනාශයට යේ වා.

බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවයෙන් ද එම බුදුරජාණන් වහන්සේ විසින් දෙසනලද ධම්මානුභාවයේන ද සංඝයාවහන්සේගේ ද තේජස කරණ කොට වහාම මේ විෂවේගය විනාශයට යවාවා.

3. මේ සත්යදක්රියයා‍වගේ කෙළවර පියුම් පත්හි දිය බින්දුන් සේ පෙරලී පොළොවට පිවිසියේ ය. ඉක්බිති හෙතෙම විෂයෙන් තොරවූයේ භික්ෂූයන්ට ධර්මාටනුභාව විශේෂය දක්වමින් ස්තුති කරමින් මෙසේ වදාළහ.

මේ ධර්මපය බුදුරජාණන් වහන්සේ විසින් පසස්නා ලදී. සංසාර නමැති සාගරයෙන් එතරවීමට මහ නැවක් වැන්න. බ්ර්හ්ම සුරාසුරයන් විසින් වැන්ද යුතුය. තුන්ලොවම ඇති එකම රසය ධර්මා රසයයි.

ධර්මදය ජරාමරණ නමැති රෝග පහකිරීමට දිව ඔසුවක් වැන්න. සියලු උපද්ර ව නමැති විෂ නැසීමට දිව්යී මන්ත්රවයක්. වැන්න. කැමැති කැමැති දෑ දෙන බැවින් කප් රුකක් වැන්න. එසේ සිතුමිණි රුවනක් බදුරු කළයක් වැන්න ධර්මයය.

දහමින් තොර මව් පිය කෙනෙක් නොමැත. ධර්මඑයම රක්ෂාකස්ථානය වේ. පිහිට වේ. එසේ හෙයින් පින්වත්නි, සෙසු කාර්යන තබා ධර්මමය අසව. සිතිනුත් ධර්ම්යෙහිම හැසිරෙව. ධරව්.


8 රසවාහිනී

මෙසේ හේ ධර්ම ස්තුතියෙන් මහණුන්ට අවවාද කොට සිය තැනටම ගොස් බොහෝ කලක් එහි වාසය කොට ආයුෂ කෙළවර ස්වර්ගදයෙහි උපන්සේක.

මෙසේ ඒ තෙරුන් වහන්සේ සතුටුසිතින් බණ අසා ඒ දහම් ආනුභාවයෙන් විෂඝොර සර්පතයා දෂ්ටකළ එවැනි විෂ වේදනාව ඉවසා නිදුක්වූ සේක. එබැවින් පින්වතුනි, තොපි හැම දෙනාමද සෙසු දෑ නැතත් බණ පමණක් අසව. ඒ බණ තොපට අනාගතයෙහි දිව්යව මනුෂ්යා සම්පත් හා නිර්වාකණ සම්පත්තිය සාදා දෙන්නේ ය.

කුඩ්ඩරාජ වාසී තෙරුන්ගේ කථාවස්තුව තෙවැනියි. _____

ආරණ්යරක මහා අභය ස්ථවිරයන්ගේ වස්තුව

1. සිංහල වීපයෙහි මහවැව නම් විහාරයක් වීය. එහි අභය ‍නම් පරියත්ති හා ත්රිලපිටකධාරී එක් මහතෙරනමක් ග්රායමසේනාසනය අතහැර එයට සමීප එක් වන ලැහැබෙක කරනලද පන්සලක වසයි. හේ මෑත භාගයක ආරණ්ය්ක මහා අබය ස්ථවිර යයි ප්රකසිද්ධ විය. ඉක්බිති එක් කලෙක උපාසක කෙනෙක් උන්වහන්සේ කරා එළඹ වැඳ බණ අසා සතුටුසිත් ඇත්තේ උන්වහන්සේට අභියාචනය කෙට අවුරුදු දොළසක් උවටැන් කෙළේය. සිවු පසයෙන් හේ තෙරුන්ට සිවුරු සඳහා කලින් කල සළු දෙයි. දුන් දුන් සළු ඒ ගෙයතුලදීම හරන්තික නම් එක් හොරෙක් රාත්රියයෙහි ගොස් පැහැර ගනී. තෙරුන් වහන්සේ දිරූ සිවුරු ඇත්තෝම ය.

2. ඉක්බිති එක්දිනක් උපාසක තෙම විහාරයට ගොස් තෙරුන් දිරුණු සිවුරු දැක සිවුරු සඳහා සළු පිළිගන්වා මෙසේ සිතී ය. මා විසින් මුන්වහන්සේට බොහෝ සිවුරු දෙන ලදි. නමුත් සිවුරු මසා නොපොරවයි. එකතු


                                           රසවාහිනී                                          9

කීරිමක් හෝ වෙන කෙනෙකුට දීමක් නොපැනේ. මොකක් හෝ කරුණක් වියයුතුයයි ආසන්න ස්ථානයක ‍පාරෙන් ඉවත්ව යන එන්නන් පරීක්ෂා් කරමින් සැඟවී සිටියේ ය. ඉක්බිති සොරා තෙරුන් වහන්සේට සිවුරු පිළි පිළිගැන්වූ බව දැනගෙන එය ගනිමියි රෑ යාමෙහි විහාරයට ගොස් සළු ගෙන නැවත ඒ මගින්ම එයි. ඉක්බිති උපාසකයා බඩු සහිත සොරා දැක වේගයෙන් දිවගොස් ඔහුගේ සළුවෙන් අල්ලාගෙන මෙතෙක් කල් ආර්යෙයන් වහන්සේට දුන් සළු ගත්තේ බොළ, තෝ නොවෙහිදැයි ඇසී ය. ඔහු විසින් එසේයයි පිළිගත් කල්හි උපාසක තෙම ඔහුගේ අතින් සිවුරුපිළි ගෙන අත් පා වලින් ඔහුට තලා දුර්ව ල කොට අමුසොහොනට ගෙන ගොස් මළ මිනියක් යටිකුරු කොට ඔහුගේ පිටෙහි උඩුකුරු කොට හොවා අත් පා පිට ආදියෙන් බැමි කොට වෙන වෙනම දැඩි කොට බැඳ මැද තබා පින්වත් ගැමිවැසියෙනි, මගේ වචනය අසව්! අද රාත්රි් එක අමනුෂ්ය යෙක් එයි හේ නුඹලාට මහා විනාසයක් කරන්නේය. (එමනිසා) නිර්භිය ස්ථානයකට පිවිස දොරවල් වසා හිඳිව්. මම අසුවලා වෙමි. අසුවලාගේ නෑයා ය, මිත්ර යාය ආදිය කියා කථාකරන්නේ නමුදු ඔහු හා සමග කථා නොකට යුතුයයි උද්ඝෝෂණය කෙළේ ය.

3. ගම් වැස්සෝ මෙය අසා බියව ත්රාස්තව දොරවල් වසාගෙන ඒ ඒ තැන සැඟවුණහ. රාත්රි යෙහි සොරාට මළ මිනිය මුදා ගැනීමට නොහැකිවූයේ එය සමගම එකට බැඳුණේ තමන්ගේ දොරකඩට ගොස් බිරියට ඇමතීය, මම හරන්තික වෙමියි. ඇය බියපත්ව ත්රීස්තව යක්ෂටයා යන කල්පනාවෙන් සැඟවී ගති. සොරා තමා නත් අයුරින් අදහවන්නේ තමුදු දොර ඇරවා ගන්නට නොහැකි වන්නේ එසේම දෙමාපියන් නෑ සහලේ නෑයන් යහළුවන්ගේ ද ගෙවලට ගොස් එසේ දොර ‍අරවා ගැනීමට බැරිවිය. ගිය ගිය තැන මිනිස්සු අමනුෂ්ය යා ආයේයයි යන කල්පනාවෙන් බියට පැමිණ දොරවල් විවෘත නො කළහ.





10 රසවාහිනී

4. සොරා ගම සෑම තැනම ඇවිද වෙන පිළිසරණක් නොලබන්නේ තෙරුන් වහන්සේම පිළිසරණ කරගනිමියි විහාරයට ගොස් ස්වාමීනි, ඔබ වහන්සේගේ දාසයාට පිහිට වන්න, මේ මළ සිරුර මුදවා මා සුවපත් කරනු මැනවයි ඉල්ලීය. තෙරුන් වහන්සේ වෙවුලන සිරුර ඇති ඔහු දැක වහාම මළ මිනිය මුදා දුරට දමා ඔහු උණුදියෙන් නහවා නළෙන් තෙල්ගෙන ඔහුගේ මුළු සිරුරෙහි ගල්වා ඔහු විසින් පහරදුන් තැන් පිරිමදිමින් හුන්නේ ය. රාත්රිනය පහන් වූ විට උපාසක තෙම සොරා කොහි ගියේදැයි විචාරමින් සොයන්නේ තෙරුන් සමීපයට ගොස් ඔහුගේ පිට තෙල් ගල්වනු දැක තෙරුන් සමග කථාකරමින් කීවේ ය.

5. මොහු මගේ යහළුවායයි යමෙක් උපකාර කෙරේ ද ඒ සොරා එය සිහි නොකෙරේ. සොරා සමග යහළුකමක් නැත.

කමීන් ද බොමින් ද එකට නිදමින් ද සොරා තමන්ගේ ස්වභාවය අත්නොහරී සොරා සමග යහළුකමක් නැත.

සොරා කටින් එකක් කියයි. (එසේම) හේ කයින් අනිකක් කරයි අවකාසයක් ලැබුණු හැටියේම සොරකම් කරයි. සොරා සමග මිතුරු කමක් නොමැත.

මව්පියෝ ද නෑදැයෝ ද මිතු‍රෝ ද සොරා දැක දුරින්ම දුරු කරත් හැමදා ඔහු හා එක්වීම සැක කෙරෙති.

මෙසේ කියා ස්වාමීනි, මෙබඳු අනුන්ගේ වස්තුව පැහැර ගන්නා මිත්රකදෝහියාට උපකාර නොකරනු මැනවි. පලවා හරිනු මැනවියි කීයේය. ඉක්බිති ඔහුට අවවාද කරන ස්ථවීරයන් වහන්සේ මෙසේ කීහ.

යම් බල්ලෙක් යමෙකුගේ පාදය ඩසින්නේ ද ඔහු බල්ලාගේ පාදය දෂ්ට නොකෙරේ. මෙසේම දුෂ්ට ගුණඇති අසත් පුරුෂයා කවරතරම් අපරාධයක් කළත් උන්ට සත්පුරුෂයන් නපුරක් නොසිතති.



                                           රසවාහිනී                                             11

කෙළෙහිගුණ නොදන්නා මිනිසාට යම්කිසි සත්පුරුෂ කෙනෙක් මෛත්රීග නොකරන්නාහු නම් ඔහු කවරෙකුට මෛත්රිෛය කෙරෙද්ද.

6. මෙසේ ද කියා පින්වත, දුෂණයවූ සිතින් තමා විසින් කරනලද කර්ම.යාගේ විපාකය ඔහු විසින් ලබන ලදැයි කියා උපාසකයා යැවීය. හරන්තක කිහිපදිනකින් ශරීර ශක්තිය ලබා තෙරුන් වහන්ිසේ කරා පැමිණ වැඳ ස්වාමිනි, මම මේ දිවියෙන් අනිකකු සේ විමි. නැවත ගිහිගෙයි වාසය කරන්නට නොහැක්කෙමි. අනුකම්පා උපදවා මා පැවිදි කරනු මැනවි ස්වාමීනි යි, පැවිද්ද ඉල්ලීය. ඉක්බිති තෙරුන් වහන්සේ ඔහු මහණ කරවා උපසම්පදා කරවීය. හේ වත්පිළිවෙත්හි දක්ෂ වුයේ භාවනානුයෝගීව වසන්නේ නොබෝ කලකින්ම රහත් බවට පැමිණ භරන්තික ස්ථවිර යයි ප්ර්කට වීය. යමෙක් ප්රකථම වයසෙහි පවිටෙක්වී පස්කම්හි ගිජුවුයේද නුවණින් කල්පනා කිරීමෙන් පසුව ඒ මද ගතිය අත්හරිත්ද ඔහු කාමය පහකොට ත්රි්බවයෙහිම බුදුරජාණන් වහන්සේ පැසසු නිර්වායණ පුරයට යති.

ආරණ්ය ක අබය ස්ථවිරයන්ගේ වස්තුව සතර වැනිය. _______

සිරිනාග කථා වස්තුව

1. සිංහල වීපයෙහි සිරිනාග නම් බමුණු පුතෙක් විය. හේ එක් දිනක් අධික ‍විවේකයෙන් යුක්තවූයේ මෙසේ සිතී ය. ධනය සොයාගෙන එයින් යුඬ හමුදාවක් නඩත්තු කොට අනුරාධ පුරයෙහි සේසත් ඔසවා රජ වන්නෙමියි. ඊට පසු හෙතෙම ධනය කොහෙන් ලබම්දැයි ධනය ලැබෙන සැටි දක්ෂිකණ මහා විහාරයෙහි චෛත්ය යක් දුටුවේය. මෙය බිඳ ධනය ගෙන පිරිසට සංග්ර‍හ කරන්නෙමියි හේ බොහෝ මිනිසුන් ගෙන ඒ ඒ තැන පැහැර ගන්නේ දක්ෂිිණ මහා විහාරයට පැමිණ ස්තූපය බිඳින්න යයි මිනිසුන් යෙදවී ය. මිනිස්සු චෛත්යහයේ සන්ධිය සොයන්නෝ



12 රසවාහිනී

සන්ධිය නොදකිමු ස්වාමිනියි කීහ. ඉක්බිති කවරෙක් එය දනිත්දැයි සිරිනාග විසින් අසන ලද්දී ස්වාමීනි, හෙල්ලෝලි ගම බහුල නම් සැඩොලෙක් වේ. හේ මෙය දනීයයි (ඔව්හු) කීවාහුය.

2. ඉක්බිති හේ ඔහු කැඳවා කොල, මේ සෑයෙහි සන්ධිය නුඹ විසින් දන්නා බව මිනිස්සු බොහෝ සෙයින් කියති. සන්ධිය දැන සෑය බිඳින්න යයි කීයේ ය. ඉක්බිති හෙතෙම ස්වාමීනි, දෙවියන් මරුන් බඹුන් මහණ බමුණන් සහිත මෙලොව අග්ර වූ ශ්රෙමෂ්ඨ වූ භගවත්වූ අර්හනත්වූ සම්මා සම්බුදුන්ගේ සරණය දිවිතෙක් මම සරණ කොට ගිය උපාසකයෙක්මි. මම ඒ දේවාති දේවවු උන්වහන්සේගේ ධාතු නිදන් කොට පිහිටෙව් සෑය බිදීම ආනන්තර්ය කර්මසයක් සමානයි ස්වාමිනි කීයේ ය.

3. ඔහුගේ මෙවන් බුදුගුණ කනෙහි පිවිසි යකඩ උල්මෙන් විය. හේ ඔහුට කිපී මොහු ගෙනගොස් දිවස් උලෙහි තබවයි නියෝග කෙළේ ය. ඔවුහු ඔහු දිවැස් උල තැබුහ. මොහුට පුත්තු සත්දෙනෙක් ඇත. ඔවුහු මේ සන්ධිය දනිතියි කීහ. හේ ඔවුන් ද කැඳවා සන්ධිය බිඳුවව් යයි නියෝග කෙළේ ය. ඔව්හු ද ‍එසේම බුදුරජාණන් වහන්සේගේ ධාතු නිධානයෙන් කළ චෛත්යනය බිඳින්නට නොහැකි වෙමුයි අකමැති වූහ. සිරිනාග ඔහුනට ද කිපී මුලසේම දිවැස් උලෙහි තැබ්බවීය. ඒ ‍එසේමැයි.

4. සත්පුරුෂ නමැති සඳුන් අගිල් ආදි සුවඳ ද්රහව්යැවල සුවඳ ආඝ්රානණය කළ නිලමැස්සෝ එයින් වෙන්වෙති. කුණපයෙහිම ඇලෙති. බුදුරජාණන් වහන්සේ දැක කනට රස ඇති කරවන ධර්ම්ය අසා සසර කණු වැනි ඒ අසත් පුරුෂයෝ සිතේ සතුට නුපුදුවත්.

5. ඉක්බිති මේ අටදෙනාගේ ගුණ ආනුභාවයෙන් දෙවියෝ දේවලෝකයෙන් වාහන ගෙන අවුත් සියල්ලම බලාගෙන ඉදිද්දීම රියෙහි නංවා දේව සේනාවන් සමග




                                         රසවාහිනී                                      13

තුසිත දිව්ය ලෝකයට ගෙන ගියහ. එහි රැස්වු මහජනයා මේ ආශ්වර්ය කාරණය දැක පැහැදුණු සිතැත්තෝ දේවයන් වහන්ස, සෑය නොබිදිණු මැනවයි සිරිනාගට දැන්වූහ. ඉක්බිති හේ ඔවුන්ගේ වදන් අසා සෑය අතහැර දමා නැගෙනහිර මහගඟ සමීපයෙහි මධුපිටඨීක නම් ගම කොල්ලකා එහි මධුපිටඨි නම් සෑය බිඳුවා දනය ගෙන එයින්ම මහත්වූ සේනාවට සංග්රමහ කොට යුදකර රාජ්යයය ගෙන අනුරාධපුරයෙහි සේසත නංවා රජසිරියට පැමිණ‍ියේය. ඒ මේ අකුශලය නිසා නොබෝකලකින්ම අතිශය දරුණු පිළියම් නොකළ හැකි බඩේ අමාරුවක් ඇතිවිය. පිළියම් කරන්නෝද ඒ රෝගය නිමා කිරීමට නොහැකිවූහ. ඉක්බිති හෙතෙම ධනය ඇද සෑයෙහි පිහිටුවා ප්ර කෘතිමත් කොට කරන්නේ රෝගය සංසිඳුවා ගන්නට නොහැකිව ඒ ආබාධයෙන් ම මහ දුකට පැමිණ කුස පලා කළුරිය කොට පා උඩුකොට හිස යටකොට දිළිසෙන අඟුරුවලින් ගැවසුණු මහා නරකයෙහි උපන්නේය. ඒ එසේමැ යි.

6. යමෙක් සධාතුක සෑය බිඳී ද හෙතෙම සිරිනාග සේ හුදෙක් දුකට පැමිණේ.

යමෙක් බුදුපිළිමයක අත් පා සිඳීම කෙරේ ද හෙතෙම අත් පා සිඳීමෙන් අපායවල උපදී.

යමෙක් බෝ රුකට සිඳුම් බිඳුම් ආදිය කෙරේ ද ඔහුට ප්රපත්‍යක්ෂනයෙන් ම එබඳු විනාශ සිදුවේ. මරණින් මතු රෞරව නරකයට ද යයි.

යමෙක් බණලියු පොත්පත් සිඳබිඳ දමා විනාශ කෙරේ ද හේ නරකයට යයි නුවණැත්තා මෙය මහත් හානිකර දෙයක් යයි දැන උවදුරු සහිත මග දුරින් දුරු කරයි.

මෙසේ කළ සුචරිත ඇති සැඩොලා පවා තුනුරුවන් පුජා කරන්නේ නමුදු තව්තිසා වැසි දෙවියෝ දෙව්ලොවට ගෙනගොස් ස්වර්ගු සම්පත්ති දෙති. එසේම කුසල්



14 රසවාහිනී

දම් නොකළ රජවරුන් පවා ඝොරවූ අපායට යති, එහෙයින් මේ පිනය පවයයි දැන පව දුරු කරව් පින් භජනය කරව්.

සිරිනාගගේ වත පස්වැනියි. ____

සදැහතිස් ඇමැති කථා වස්තුව

1. ලක්දිව ශ්රතඬාතිෂ්ය මහරජතුමා රාජ්යි කරවන කාලයෙහි යුවරජ තනතුරෙහි තිස්ස නම් එක් ඇමැතියෙක් විය. සැදැහැයෙන් යුත් හෙතෙම ඔහුගේ ශ්රතඬාබලය නිසා ශ්ර්ඬාතිෂ්යස අමාත්යහයායි නමක් ලැබී ය. එකල්හි හේ අනුරාධ පුරයට ගොස් රජුට උවටැන් කරමින් වසයි. ඉක්බිති එක් දිනක් හේ රජුට උවටැන් කොට තමන්ගේ ගෙට ආපසු එන්නේ තාලවතුෂ්ක නම් ස්ථානයෙහි වූ සුදස්සත පදන් ශාලාවෙහි වාසය කරන පිණ්ඩපාතික තිස්ස ස්ථවිරයන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පාත්රණය ගෙන තමන්ගේ ගෙට ගොස් බත් පිස නොමැත්තේ බත්මුලක් රැගෙන යන එක මිනිසකු දැක මිත්රසය. කහවණුවක් ගෙන බත්මුලක් මට දෙනු මැනවයි කීයේය. මම තට නොදෙමියි කී කල්හි පිළිවෙළින් කහවණු මිළ දියුණු කොට කහවනු 8 ක් ගෙන දෙන්න මෙපමණමයි මා අතේ ඇත්තේයයි කීය. ඉක්බිති හෙතෙම යහපතැයි දුන්නේ ය. හේ එය ගෙන පාත්රටයට බෙදා තෙරුන්ට දුන්නේ ය. තෙරුන් වහන්සේ පිණ්ඩපාතය ලැබු සැටි දැන තමා තමාට ම අවවාද කරමින් මෙසේ කීහ.

2. තිස්ස ය, මේ උපාසක තෙම ඔබේ පියාවත්. මවවත් මාමාවත්, නෑයෙක්වත් සහ ලේ නෑයෙක්වත් සාංදෘෂ්ටිකයෙක්වත් නොවේ.

පෙර ඔබ විසින් ඔහුට කරනලද උපකාරයක් නැත. සීලවන්තයෙක යන හැගීමෙන් ඔබට ආහාර දෙයි.



                                           රසවාහිනී                                          15

ඉදින් ඔබ සතුටුනම් ඔහුට මහත්වූ ආනිසංසයක් දිය හැකිය. මැරුණත් මේ බොජුන සරාගීව අනුභව නො කරනු.

ඒ ධෛර්ය වත් තෙරුන් වහන්සේ තමන්ට අවවාද දී දුක ක්ෂසය කොට බුඬශාසනය බබලුවන්නෙක්ව බත් කිස කළහ.

3. මෙසේ හේ තමන්ටම අවවාද කොට ගෙට ගොස් කරජකය ගැන සිතා විදර්ශලනා වඩා අරහත්ව පිණ්ඩපාතය වැළඳී ය. එකල්හි රජු ගේ සේසතෙහි අධිගෘහීත දේවතාවා සාධුකාර දුන්නී ය. රජතුමා කුමක්නිසා සාධුකාර දුන්නේදැයි විචාරණ ලද්දී සඬාතිස්සගේ දානය නිසා සාධුකාර දුනිමියි සියල්ල කීවා ය. රජතුමා ඔහු ද ඔහුගේ දෙමව්පියන් ද කැඳවා ඔවුනට බ්රසහ්මදෙය්ය කොට වඬමානක නගරය දුන්නේය.

විෂමව ගිය ගොවිතැන නිසා පසු කලක ලඞ්කාවදුර්භික්ෂගයකින් පෙළිණ. මිනිස්සු පැන් නොලබන්නෝ කලාන්ත වෙති. එකල්හි මොහුගේ පින්බලයෙන් දෙවියෝ ජාතවිලකින් පැන් කළ එළවූහ. ඉක්බිති හෙතෙම ආර්යබයන්ට පැන් නොදී පාවිච්චි කිරීම නුසුදුසුයයි සිතා මට අනුකම්පා කොට ආර්ය‍වරු පැමිණෙත්වායි කල් දැන් වීය.

4. තිස් දහසක් පමණ භික්ෂු හු එක්වූ හ. ඉක්බිති හෙතෙම ඒ භික්ෂු න් වහන්සේට කැමැති සේ පැන් කළයෙන් වැළඳ වීය. එකල්හි ද රජුගේ සේසතේ අධිගෘහීත දෙවියෝ සාධුකාර දුන්හ. රජතුමා ද ඔහු කැඳවා විචාරා ඇතිසැටියේ අසා කොටු දොර අතර ගඟ දුන්නේ ය.

5. ඉක්බිති එක් දිනක් අන්තර ගඟට යන්නේ කඩදොරට පැමිණ මොනර මස් කනු කැමැත්තේ මිනිසුන් අතින් විචාළේ ඇතයයි කීහ. ඉක්බිති ඔහුගේ පින් තෙදින් දෙවියෝ ‍මොනර මස් එළවුහ. ඉක්බිති හෙතෙම ආර්යනයන් වහන්සේලා පැමිණෙත්වායි අඩ ගැසීය. එකල්හි බොහෝ



16 රසවාහිනී

භික්ෂු හු එක්රැස් වූහ. හේ කැමතිතාක් මොනර මසින් වැළඳවීය. එදා ද දෙවතාවා සාධු කාර දුන්නේ ය. ඉක්බිති රජතුමා ඔහු කැඳවා බොහෝ සම්පත් දුන්නේ ය. ඊට පසු කාලයෙහි රජතුමා සෑපව්වෙහි අම්බසඵල මහ සෑයෙහි හිරි යල් මඩින් විලේපන කරනු කැමැත්තේ ඒ තිස්ස ඇමතියා ද සමග අම්බස්ථලයට ගොස් සෑය හිරියල් සුන්නෙන් උලා පුජා කෙළේ ය. ඇමතියා ද එකල දොළොස් දහසක් භික්ෂුසන් වහන්සේට හිරියල් පාටවැනි පාට ඇති තුන් සිවුරු දුන්නේ ය. සියලුම පින්වතුන් වහන්සේලා මේ සිවුරු පොරොවා සෑය වඳිත්වායි ඉක්බිති ඔවුහු මනාව හැඳ පැළඳ හිරියල් මඩෙහි ගැලුනවුන් මෙන් බබළමින් ඒ සෑය පැදකුණු ‍කොට පිළිවෙළින් රන් හසුන් බසින්නා සේ බසිති. එයින් හේ අධික සතුටට පැමිණියේ ප්‍ීුනතියෙන් පිනාගිය සිරුරු ඇත්තේ එහි සිටම සෝවාන් විය. රජ පිරිසෙන්ද ඇත මෙක් සෝවාන් වූහ. මේ පුදුමය දුටු බොහෝ දෙනා දන්දී සිල් රැක පොහොයකම් කොට දෙව්ලොව උපන්හ.

එසේ හෙයින් පින්වත්ති, මෙසේ ආශ්චර්යොමත් ලෙස කරන ලද කුශල ධර්මහයෝ දෙවියෝ පවා සාධුකාර දෙමින් අනුමෝදන්ව ස්තුති කරමින් පින් කරන්නන්ගේ ගුණ වර්ණවනා කරති.

මෙසේ දැනගත් පණ්ඩිත මිනිස්සු මානයෙන් තොරව ලෝකයෙහි පින් රැස් කරති. මොහොතක්වත් හිස් ‍නො කරවා නිතර කුසල් කරනු මැනවි.

සැදැහතිස් වත හයවැනියි. ______

සමණගාම වස්තුව

1. එක්කාලයක සෑ පව් වැසි දොළොස් නමක් භික්ෂුයහු ලඞ්කාවෙහි තැනින් තැන බෝධි චෛත්යසයන් වන්දවමින් පිළිවෙළින් සමණගමට (මහණ ගමට) පැමිණියෝ ය. එකල්හි හිරු බැස ගිය කල්හි රාත්රිගයෙහි අන් අතක යෑමට නොහැක්කෝ එහි පෙරපස පූර්වයපාදයෙහි සෙවණැති මහත්


                                           රසවාහිනී                                           17

මයිල ගසක් දැක ගස මුලට ගොස් නිදාගත්හ. ඉක්බිති ඔවුනතුරෙන් එක් භික්ෂුසවක් නැගිට කාශ්යොප සර්ව ඥයන් වහන්සේ විසින් දේශනා කරන ලද, නන්දෂ බ්රානහ්මණයා විසින් අපගේ සතසෝම බෝධිසත්වහයන්ට කියන ලද අතිශයින් උසස්වූ අදහසින් යුත් සීයක පරිත්යාපගයට සුදුසු සතාරහ නම්වූ ගාථාවන් පිරිවහා පින් දුන්නේය. කෙසේද යත්?

2. සුතසෝමයෙනි, සත්පුරුෂයන් හා එක්වීම එක වරද යහපති. අසත් පුරුෂයන් හා සියක් අවුරුදු එකතැන් වාසය කිරීම අයහපත සඳහා වේ.

යහපත් අය සමගම මිතුරුදම් කළයුතුය සතුපුරුෂයා සඬර්ම ය දැන ගෙන ශ්රෙ ෂ්ඨයෙක් වේ. පාපියෙක් නොවේ.

මනාව සරසන ලද රජුන්ගේ වාහන පවා දිරති. ඉක්බිති ශරීරයද ජරාව කරා යයි. සත්පුරුෂ ධර්මිය ජරාවට නොපැමිණේ. සත්පුරුෂයෝ එකාන්තයෙන් ශාන්තිය ප්රනකාශ කරති.

අහසට පොළොව දුරු වුවා සේ ද සමුද්ර යෙහි මෙතෙරට එතෙර දුරු වුවා සේ ධර්මුය අධර්මු දෙක අතර දුර ප්රඑමාණය ඊට ද වඩා දුරයයි කීයේ ය.

3. ඒ රුකෙහි අධිගෘභීත දේවපුත්රරයා මේ ගාථා අසා පැහදී රාත්රිිය පහන්වූ කල්හි මහණුන් ගමන් කරන වේලෙහි මිනිස් වෙසින් පැමිණ ඔවුනට මෙසේ කීහ. “ස්වාමීනි, අද නොයනු මැනවි. ගසමුලට හිඳිනු මැනවි, මම නුඹ වහන්සේට පිණ්ඩ පාතය එළවන්නෙමියි භික්ෂු හු ඔහුගේ ආරාධනාව පිළිගෙන වැඩ හුන්හ. ඒ දේවපුත්ර්යාට ආහාර ඉපද වීමෙහි පිනක් නොමැත. නිතරම බදාලතා කොළම ලැබේ. හේ මෙය වළඳමින් එහි වසයි. භික්ෂුනන් වහනසේලාට ද දිව ඕජසින් පිරීගිය බදාලතා කොළම එළවීය.

4. භික්ෂුකහු ද එයින් නිම කරන ලද ආහාර කිස ඇත්තේ ටිකක් විශ්රාඑම ගෙන අපි යමු නිදුකාණෙනිසි දේවපුත්රියාට


18 රසවාහිනී

කීවාහු ය. මේ ඈසු දේවපුත්ර යා පින්වත් ස්වාමිවරුනි, මට සමාවන්න මාළගින් රළු කොළම වැළදුහ. මගේ මිත්රයයා එක් දිව්යන පුත්රයයෙක් වේ. හේ දවසක් හැර දවසක් මෙහි පැමිණ පිරිවර සහිතව මහත් ආනුභාවයෙන් දිව්ය මය භෝජන වළඳන්න් ය. හෙට එන දවසයි. ආර්යයවරුන් බත් කිස කොට යන සේක්වායි ආරාධනා කෙළේ ය.

5. ඉක්බිති ඒ රාත්රියය ගෙවීමෙන් පසු මිතුරු දෙව් පුතා පිරිවර සහිතව ඔහුගේ සමීපයට ගියේ ය. ඔහුගේ පරිභෝගයට තුන් ගව්වක් පමණ තැන මග දිව්යීමය කැඳ භාජන ගෙන පිළිවෙළින් සිටියාහු ය. ඉක්බිති ඒ දිව්යවපුත්ර යා තෙරවරුන් වඩා හිඳුවා දිවයමය කැඳ වළඳවා පසුව පිරිවර සහිතව තමා පාවිච්චි කෙළේ ය. ඊට අනතුරුව අවුළු පත් ගෙන එසේම සිටියාහු ය. දිව්ය පුත්රරතෙම දිව්යස ආහාරවලින් තෙරුන් මනාව වළඳවා සත්කාර කෙළේ ය. ඉක්බිති ඒ ස්වාමිවරු දිව්යු පුත්රේයාගේ මහත් වූ දිව්ය ‍සම්පත්තිය දැක පුදුමයට පැමිණි සිත් ඇත්තෝ ඒ පින්කම ගැන විචාරමින් මෙසේ ඇසුහ.

6. දිව්ය පුත්ර යාණෙනි. (ඔබ) මහත් වූ දිව්යළමය සෘඬියෙන් පැමිණියෙහි, ඔබගේ ආලෝකය හැම දිසාවක්ම එළි කරයි. දිව්ය මය පිරිස පිරිවරති. ඔවුහු නොයෙක් ආයුධ, සෙමෙර. මොනර ආදි අත් ඇති.

දෙවඟනෝ නෘත්ය. භූමියට ගියෝ නෘත්යවයෙන් ගීතයෙන් යුක්තව ලයෙන් තොර නොව සවනට අමාවක් වැනි උසස්ව ගීතයෙන් ගී කියා නටතී; ගයති.

සමහර දෙවඟනෝ වීණා, වස් දඬු, තන්ත්රිත ආදිය ගෙන ඒවායේ හඩ හා ගීත ස්වරය නො ඉක්මවා නානා විලාස දක්ව දක්වා තොප සතුටු කරවති.

නොයෙක් දෙනා සැරසී බෙර, මුතිඞ්ග, මුරජ. දෙණ්ඩිම ඝන, හා නොයෙක් නලාවර්ගර ගෙන වාදනය කරති. නටති, කෙළිති.



                                           රසවාහිනී                                             19

දිව්ය මය ආහාරපාන වර්ග යන් ගෙන් පිරීගිය රන්මය භාජන අරගෙන තුන්ගවු පමණ මග සිටිති. පිරිවර සහිත තෝ ඒ කරුණෙන් සතුටු වෙහි.

මහත් අනුභාව ඇති දේවතාවාණෙනි, මම ඔබගෙන් අසමි. මිනිසෙක් වූ සමයෙහි කෙබඳුවූ පිනක් කෙළෙහිද? කවර ශීලයක, කවර ව්රිතයක, කවර බ්රළහ්මචරියාවක, කවර පරිශුඬත්ව යක මේ විපාකද?

ඉක්බිති ඒ දිව්යක පුත්ර යා උන්වහන්සේලාට තමන් විසින් පෙර භවයෙහි සෑ පව්වේ භික්ෂුපවක් වී තමන්ට වස් අගින් ලැබුණු බතින් කොටසක් සංඝයා වහන්සේට පූජා කොට මේ සම්පත්තිය ලබාගතිමියි ප්රසකාශකරමින් කීයේ ය.

7. ලඞ්කාවෙහි මිස්සක පව්ව නමින් මහා විහාරයක් ප්රරසිද්ධ විය. නොයෙක් සෑවලින් බබළන, පිළිම ගෙවල් පඞක්ති ඇති,

බෝධීන් වහන්සේ ගෙන් බබළන, සුදු වැලියෙදු මළුවෙන් අලඞ්කාර, මනාව පිපීගිය සිහිල් දියෙන් පිරුණු නොයෙක් පොකුණු පතැස් ආදීන් යුත්,

එක් දහස් සාරසිය සතළිස් සයක් පමණ පිරිවෙන් පෙළවල් සතකින් අතිශයින්ම දැකුම්කළුවූ ඒ විහාරය සැමදාම මිනිසුන්ට ප්රීතතිය ගෙන දේ.

එහි වාසය කරන යති සමූහයා සුපෙශලා දි නොයෙක් ගුණ ඇත්තෝ ය; සියලුම ජනයා ආදර කරති. ආත්මාර්ථණය හා පරාර්ථ්ය සිද්ධ කරති.

ස්වාමිවරුනි, මම දෙවන ජාතියෙහි එහි එක් ශ්රණමණ යෙක් විමි. ඒ මම ශ්රාඬාව, ශීලය, දරමින් පිළිවෙතින් තුණුරුවන්ට පිදීමි.

පසු කාලයක මහජනයා භික්ෂු න් උදෙසා ඵලවන ලද අතිශයින් පිරිසිදු ප්රජණීත මහත් ආහාර පාන තම තමාම භික්ෂූින්ට වළඳවත්.


20 රසවාහිනී

මම ද එයින් කොටසක් ලදිමි. එයින අඩක් ඒ දානයාගේ ආනිසංස අදහමින් බුද්ධානුභාවය ද සිහිකරමින් සංඝයාට පූජා කෙළෙමි.

මා විසින් කරන ලද මේ දානය‍ාගේ ශීල සංරක්ෂමණයේ ආනුභාවයෙන් එයින් පරලෝ සැපත් ව භුමට්ඨ කෙනෙක්ව අනූනවූ දිව්යණ ශ්රීා අනුභව කෙළෙමි.

සුදුසු ස්ථානයෙහි ශ්ර ඬාවෙන් කරන ලද මේ දානමය සුළු පින්කමෙන් මහත්වූ සම්පත්තියක් ම ලබමි. මනා කෙතක වපුරණලද බීජය ගොවියාගේ සිත සතුටු කරන්නා සේ (මගේ සිත) සතුටුවිය.

මෙසේ හෙතෙම තමා විසින් කරන ලද කුශල කර්මේය ප්රලකාශ කෙළේ ය. භික්ෂූිහු ඔහුගේ කථාව අසා ගිය ගිය තැන දේව පුත්ර යා විසින් කරන ලද කර්ම.ය ප්රිකාශ කරමින් බොහෝ දෙනා දන්දීම් ආදී කුශල කර්මසයන්හි යෙදවූවාහු ය.

මෙසේ කුශලයෙහි නිරතවූ පින්වත්හු හොඳ කෙතක් බලා එහි කුඩාවූ බිත්තර වියක් වපුරා බොහෝවූ අස්වැන්නක් ලබති. සුසිල් කෙතක භක්තියෙන් නැමී එක් ‍කබලක් පමණ ආහාර පුජා කොට දිව්ය ලෝක මනුෂ්යෙලෝක සම්පත් ලබා නිවන් සැපද ලැබීය හැක.

සත්වැනි සමණ ගාම වතයි. _____

අභය ස්ථවිරයන්ගේ වස්තුව

1. ලඞ්කාවෙහි බස්නාහිර පැත්තෙහි පුෂ්ප වාසනම් සිත්කළු විහාරයක් වීය. ඒ විහාර ආසන්නයෙහි දේවගාම යෙහි දේව නම් ඇමැතියෙක් ඔහුගේ ප්රහධානත්ව්ය පතුරුවයි. එක් දිනක් ඇමතිතුමා ගමෙහි ඇවිද ගෙදරට පැමිණ වතාවත් කරන්නන් අමතා වැළදිය යුතු යයි කීයේය. එකල්හි ඔහුට වතාවත් කරන්නෝ කෑම එළවූහ. එකෙනෙහි බඩසයින් පෙලුණු එක් බල්ලෙක් බඩ ගින්නෙන් පෙලුණේ.

                                           රසවාහිනී                                           21

වෙවුලමින් විත් බත් දැක මෙයින් කිසිවක් ලදිම් නම් මැනවයි. ඔහු සමීපයට පැමිණියේ ය. ඔහුගේ එක් සුළු සේවකයෙක් බල්ලා එළවමියි දණ්ඩක් ඇරගෙන දිවී ය. ඇමැතියා සුනඛයා කෙරෙහි කරනලද කරුණාවෙන් පින්වත. ඌට පහර නොදෙන්නයයි වළක්වා නොයෙක් රසයෙන් යුත් ලොකු බත් පිඩක් ගුලි කොට දුන්නේ ය. බල්ලා බත් අනුභව කරන්නට පටන් ගති. මේ දුටු ඇමතියා තමා විසින් දෙන ලද දානයෙහි ම සිත පැහදවීය. හේ මේ පින්කමින් පමණක් කළුරිය කොට එම ගමෙහිම එක් කුල ගෙදරක උපන්නේ ය. හේ පිළිවෙළින් වැඩවියට පැමිණ අඹුවන් පෝෂණයෙන් ගෙදර වාසය නොකොට මහළු කාලයෙහි පුෂ්පවාස විහාරයට ගොස් භික්ෂුාන් වහන්සේ සමීපයෙහි පැවිදිව පර්යාලප්ති සඞර්මවය ඉගෙන මහා අභය ස්ථවීරයයි ප්රවකට විය. ඒ එසේ මැයි. සිත පැහැදුණු කල්හි තිරිසන් ගතයකුට පවා දුන් දානය මහත් විපාකයක් වේ.

2. යම් මිනිසෙක් ශ්රයඩාව මුලකොට ගෙන තිරිසන්ගත කුහුඹියකුට පවා දන්දෙයි.

ඒ දානයේ විපාකය දිව්යස මානුෂික සැප දී කෙළවර නිර්වානණ සම්පත්තිය දෙන්නේ ය.

ඉක්බිති ඊට පසු කලක ලඞකාවෙහි බැමිණිති සායනම් සොරබියක් විය. අවුරුදු දොළසක් මනාකොට නොවැස්සේ ය. දුබික් බියක් හා රෝබියක් ඇති විය. ඒ නිසා විහාර සමීප යෙහි මිනිසුන්ට ජීවත් වීමට නොහැක්කේ අන් තැනකට ගොස් ජීවිකාව කරමුයි තෙරුන් වහන්සේ සමීපයට පැමිණ මෙසේ කීහ.

ස්වාමීනි, දුබික් බියක් ඇති විය. මෙහි වසමින් ජීවත් වීමිට නොහැකි ය. නුඹවහන්සේත් වඩිත්වායි ආරාධනා කළහ. තෙරුන් වහන්සේ ඔවුන්ට මෙසේ කීහ. බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කොට කරනලද චෛත්යකය හා බෝධියට ජීවමාන බුදුන්ට මෙන් පුද සත්කාර කරමින් නිතර වසමි. ඒ වස්තු අත්හැර යන්ට නොහැක. මෙහිම



22 රසවාහිනී

වසමින් දිවිතෙක් උන්වහන්සේට පිළි දැගුම් කරමි. මා කැඳවා ගෙන යෑමට උත්සාහ නොකරනු මැනවි. මේ අසා මිනිස්සු ඒ ඒ තැන්වලට පලා ගියා හුය.

3. තෙරුන් වහන්සේ ආහාර නොගන්තෝ පළමුවැනි දවසෙහි වත් පිළිවෙතින්ම දවස ගෙවීය. දෙවැනි දවසෙහි ද එසේම ගෙවී ගියේ ය. තුන් වැනි දින සෑමළු බොමළු හැමදීම් ආදියෙන් කළයුතු දේ කොට විතර්කය මාලයෙහි සිටියේ ය. ඉක්බිති උන්වහන්සේ ගුණ තේජසින් මළුව කෙළවරෙහි සිටි කර ගසෙහි අධිගෘහීත දිව්යන පුත්රේ තෙම සිරුර මැලවුණු තෙරුන් දැක තමන්ගේ බිරිය කැඳවා මේ අභය හිමි සෑයත් බෝධියත් අතහැර අන්තැනක නොයමියි කරන ලද පිළිණ ඇත්තේ ය. මෙවැනි දුක් බික් බියක් ඇති වූ කල කිසි තැනක නොගොස් බතින් ‍තොරව වත් පිළිවෙත් කරයි. උන්වහන්සේට භික්ෂානවෙහි හැසිරෙන්නට තැනක් නොමැත. යම් විදියකින් උන්වහන්සේ කාලක්රියයා කළොත් එය නුසුදුසු ය. අද මුන්වහන්සේට දානය දෙමුදැ යි ඇසීය. ඉක්බිති සැමියාණෙනි, ඔබ තෙරුන් වහන්සේට ආහර දෙමියි කීයෙහි. උන්වහන්සේ පෙරකරන ලද පින්කම මට කියනු වැනවයි අසන්නියට මෙසේ කීයේ ය.

4. දේවයෙනි, මොහු සසර නමැති මහා දුර්ග යෙහි හැසිරෙද්දී භවභෝග සම්පත්ති ලැබීමට කිනම් පින්කමක් කෙළෙහි ද? කුමන කරුණක් නිසා උන්වහන්සේට දනක් දීමට ඔබගේ සිත මෙහෙයවී දැයි මම ප්රසශ්න කරමි. එය ප්රමකාශ කරනු මැනවි. දේව පුත්රගයා ඇයට මේ පින මෙසේ ප්රරකාශ කෙළේ ය.

මේ භික්ෂුසව ගිය ජිවිතයේදී ‘දේව’ නම් නමින් ප්රිකට විය. හේ ආහාර ගැනීමට සුදානම් වූ විට බඩසයින් යුත් කලාන්ත වූ බල්ලකු දුටුවේය.

කනු කැමැත්ත ඇති ඒ සුනඛයාට ඒ බතින් මහ ලොකු පිඩක් ගසා දුන්නේ ය. සොඳුර, ඒ මේ දානයේ



                                           රසවාහිනී                                            23

විපාකයෙන් මේ ජීවිතයෙහි විපාක එන්නේ ය. දැන සුළුයයි නොසිතිය යුතු ය. කුඩාම බීජයකින් මහ නුගයක් හට ගත්තේ ය.

5. මෙසේ කියා දෙවියාණෝ තමන්ගේ ආත්මභාවය අත හැර මිනිස් වෙසින් තෙරුන් වහන්සේ කරා පැමිණ පාත්රෝය ගෙන දිව්ය භාර දීමෙසේ කීහ. ස්වාමිනි, ජීවිතාන්තය තෙක් නුඹවහන්සේට ආහාර දෙමි. ඔබ වහන්සේ පමා නොවී මහණකම කරනු මැනවි. මගේ විමන කරඳ රුකයි. ඔබ වහන්සේ එතැනට වැඩිය මැනවයි ආරාධනා ‍කොට විමනට ගියෝ ය. එතැන් පටන් තෙරුන් වහන්සේ ගසමුලට එළඹෙති. දිව්යි පුත්රි නිතර ‍දිව අහරම දෙමින් වසයි.

ඉක්බිති එක් දිනක් බඩසයින් පෙළුණු මිනිස්සු මිනිමස් කමින් ඒ විහාරයට පැමිණ දිව්යඩමය ආහාරයෙන් වැඩුණු සිරුර ඇති තෙරුන් දැක මොහුමරා කමුයි සාකච්ඡාකොට තෙරුන් සෑමළුව හැමද නික්මුණු කල්හි මහා හඩනඟමින් දඬු මුගුරු ආදිය ගෙන වැටලුහ. තෙරුන් විසින් පෙර අමාත්යන කාලයෙහි බල්ලාට ගසනු පිණිස මුගුරු ඔසවා එළඹි මිනිසා වැළකී ය. ඔහුගේ මේ පින්කමින් වෙහෙර මැද මහත් පව්වක් පැන නැඟී විවරයක් තැබී ය. සොරු පැමිණ ඔබි මොබ බලා එහෙත් නොදැක රහත් භික්ෂු්න් වහන්සේ නමක් වන්නේයයි සිතා පලා ගියහ.

6. දඩුවමකට නුසුදුස්සකුට යමෙක් දඩුවම් කෙරේද හේ භවයක් භවයක් පසා දඩුවම් ලබන්නෙක් වේ. යමෙක් කෝපය නසා දඩුවම් කෙරේද දෙවි මිනිස්සු ඔහු පාලනය කෙරෙති.

ස්ථවීරයන් වහන්සේ දෙවියන් විසින් දෙන ලද සුධාභෝජන වළඳන්නෝ දොළොස් අවුරුද්දක් පුහුදුනෙක්ව විසුහ. පසුව විදර්ශ්නාව වඩා රහත් බවට පැමිණ එසේම අවුරුදු දොළසක් ගෙවීය. මෙසේ දිව්යු පුත්රය තෙම අවුරුදු විසිහතරක් දිව්ය ආහාරයෙන් තෙරුන්ට පිළි දැගුම් කෙළේ ය. තෙරුන් වහන්සේ එම විහාරයෙහිම පිරිනිවියෝ ය.



24 රසවාහිනී

බඩ සයින් පෙළුණු එක් බල්ලකුට ආහාර පිඩක්දී දිව්යා භාර ලැබුවේ ය. එසේම ඒ යතීන්ර්ට යා නිවීමට පත් වූයේ ය. නුඹලාද නිතර කාට හෝ යමක් දිය යුතුය. එය සංසාරවට්ටයෙහි පිළිසරණ වේ. කෙළවර නිර්වාාණය ද ලබයි.

අටවැනි අබය හිමි වත යි. _______

නාගවගේ කථා වස්තුව

1. බුදුරජාණන් වහන්සේ ජීවත්ව වාසය කරන සමයෙහි ලඞ්කාවෙහි නාගදීපයෙහි දී චුලෝදර - මහෝදර යන මාමා බෑණලා අතර මැණික් පුටුවක් උදෙසා මහා යුඬයක් එළඹ සිටියේ ය. එකල්හි බුදුරජාණන් වහන්ස් බෝධියෙන් 5 වැනි අවුරුද්දෙහි දෙවිරම් වෙහෙරෙහි වැඩවාසය කරමින් අළුයම ලොව බලන්නෝ ඔවුන් දැක අද මම එහි ගොස් කලහය සංසිඳවීම සුදුසුයියි සිතා බලන්නේ සමිද්ධි සුමන නම් දෙව් රජුන් දුටහ. මේ දෙව්රජ කවරෙක්ද? හේ මීළඟ ජීවිතයෙහි නාගවීපයෙහි එක්තරා මිනිසෙක් වී. එකල්හි ගන්ධ මාදන පර්වහතයෙහි වසන එක් පසේබුදු කෙනෙක් පිඩු පිණිස හැසිර ඒ කිරිපලු නුගගස තුබුණු තැන හිඳ බත්කිස කෙරෙති. හේ ඒ දැක ඒ කෙනෙහිම සිත පහදවා පාත්රධය සේදීමට කොළ කඩා දුන්නේ ය. හේ ඒ පින්කමෙන් එයින් චුතව දෙව්ලොව ඉපද අපගේ බුදුන් වහන්සේගේ කාලයෙහි දෙව්රම දොරටු කොටුවෙහි පසක කිරිපලු රුක්ක දේවතාවා වී උපන්නේ ය. භාග්යිවතුන් වහන්සේ ඒ දෙව්රජට කථා කොට මා සමඟ නාගදීපයට එන්නයයි කීහ. ඉක්බිති ඔහු විසින් තමන්ගේ භවනයවූ කිරිපළු ගස උදුරා භාග්ය වතුන් වහන්සේගේ හිසට කුඩයක් මෙන් දරමින් යන මොහු සමග භාග්ය වතුන් වහන්සේ නාගදීපයට වැඩියෝ ය.

එහෙයින් මහා වංශයෙහි කියන ලදි:


                                           රසවාහිනී                                       25

2. දුරුතුමස කළුවර පක්ෂ යෙහි පොහෝ දිනයෙහි උදයෙහි උතුම් පාසිවුරු ආදිය ගෙන, බුදුරජාණන් වහන්සේ කිරුපළු පස රැගත් සුමන දෙවියා සමගම අහසින් පැමිණ නයින්ට අනුකම්පාව සඳහා නාගදීපයට පැමිණියෝ ය.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ මේ නාරජුන් දෙදෙනාගේ සංග්රාපමය මැද අහසෙහි හිඳ වැස්ස, හුළඟ, අඳුර ආදියෙන් බිය හා තැති ගැන්ම උපදවා එයින් ඉතා ඝන අඳුරු පටල උගුල්ලා පැන නැගි සූර්යාආ සේ සවණක් රැසින් බබළමින් ආකාශයෙහි තමන් දක්වා ඔවුන් අස්වසා සියලුම බිය සංසිඳවී ය. ඉක්බිති නාගා තොමෝ සවණක් රසින් බබළන භාග්ය වතුන් වහන්සේ දැක පහන් සිතින් ගත් ගත් ආයුධයන් හැර බුදුරජාණන් වහන්සේගේ දෙපා හිසින් වැන්දාහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔවුනට ධර්මෙය දේශනා කළසේක. එම මහාවංශයෙහිම කියන ලදී.

3. බුදුරජාණන් වහන්සේ ඔවුනට සමගිකරන ධර්මහය දේශනා කළසේක. මේ දෙදෙනාම සතුටුව මැණික් පුටුව බුදුපියාණන් වහන්සේට දුන්නාහුය.

භූමියට වැඩමකළ බුදුරජාණෝ රතනාසනයෙහි වැඩහුන් සේක. දිව්යටමය ආහාරපානයෙන් නාග රාජයන් විසින් තර්පකණය කරන ලද්දේ.

ජලයෙහි හා ගොඩ වාසය කරන නාගයෝ අසු කෙළකි. බුදුරජාණන් වහන්සේ ඔවුන් සරණශීලයෙහි ද පිහිට වූසේක.

බුදුරජාණන් වහන්සේ ඒ කිරිපළු ගස ද මහාර්භ.වූ ආසනය ද නා රජුන්ට පූජාකරන්නට දුන්නෝ ය.

නාරජුනි. මගේ පාරිභෝගික චෛත්යහයන්ට නමස්කාර කරව්. එය නාග රජුනි, ඔබට හිත සැප පිණිස වේ.



26 රසවාහිනී

මේ ආදික්ර මයෙන් ධර්ම ය දේශනා කොට ඔවුන් සමගි කරවා සමිඞි සුමන දෙවියන් කිරිපළු ගසත් සමග එහිම නවතා දෙව්රම් වෙහෙරටම ගියසේක. ඉක්බිති නාගයෝ එහි සෑයක් හදා නිතර වඳිමින් පුදමින් වාසය කළාහු ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි එහි මිනිස්සු සෑයක් කළාහු ය. අද ද එය රාජයතත චෛත්යේ නාමයෙන් ප්රනකට ය. මේ රාජායතන චෛත්ය යාගේ උත්පත්තියයි.

4. එක්කලෙක ලංකාවීපයෙහි සැටනමක් පමණ භික්ෂූනහු සමන්කුළු - කැළණි ආදි මහා විහාරයන් වඳිමින් පුදමින් සැරිසරති. ඉක්බිති ඔව්හු නාගවීපයෙහි රාජායතන චෛත්යඳය වඳිනු කැමතිව පිළිවෙළින් එහි ගොස් රාජායතන චෛත්යජය වැඳ පුදා රැය පහන්වූ කල්හි උන්වහන්සේලා මනාව හැඳ පැළඳගෙන ගමට පිඩු පිණිස පිවිස මුළුගමෙහි ම ඇවිද කිසිවක් නො ලැබ සෙදු පාත්රටයෙන්ම නික්මුණහ. එකල්හි එගමෙහි කහවණු සැටකට දාසියකවී එක ගෙදරක වසමින් නාගා නම් දැස්සක්ව කළයද රැගෙන දිය සඳහා යන්නී ගම්දොර ඒ භික්ෂුගන් දැක ඔවුන්ගේ සමීපයට ගොස් වැඳ ආර්ය වරුනි, භික්ෂාැහාර ලැබුවාහුදැයි විචාළහ. උපාසිකාව, තවම පෙරබත් කාලයයි කීවාහු ය. ඕ තොමෝ උන්වහන්සේලාට කිසිවක් නොලැබුණු බව දැනගෙන දොම්නස්ව කිනම් උපායකින් අද ආර්ය්යන්ට දන් දෙමිදැයි සිතන්නී පෙර කහවණු හැට ණයටගෙන පරකුලයක සේවය කරමි. දැන් මම රාත්රිෙකාල දාසියක්ව දන් දෙමියි සනිටුහන් කොට ගෙන භික්ෂුඳන් කරා පැමිණ උන්වහන්සේලාගේ ඉදිරි පස කළය තබා ස්වාමිනී, මේ කළය රන්පාදයක් වටී. මා එනතුරු මෙතැනින් ඉවත් නොවනු මැනැවැයි කියා ඉක්මන් කොට ඒ ගෙදරටම ගොස් තවත් කහවණු සැටක් මට දෙන්නැයි කීවා ය. හේ එය අසා පින්වතිය, ති පරකුලයෙහි දැස්සක්ව පරණ ණයෙන් නොමිදුනෙහි. එසේ වුවත් නැවත නැවත ද වැඩියෙන් ධනය ගනී. මේ කිමෙක් ද? ධනය ගැන නොසිතනු මැනව




                                             රසවාහිනී                                        27

ස්වාමිනීයි ඈ කීවා ය. ඔබගේ ගෙදර රාත්රිඩ සේවිකාවක්ව කර්මා න්ත කරමින් ණය ගෙවමි. කහවණු සැටක් මට දෙන්න. හේ යහපතැයි හසුනක් ලියා කහවණු දුන්නේ ය. ඉක්බිති ඇය එය රැගෙන මුළු මහත් ගමෙහි ම ඇවිද එක එක ගෙදරට එක එක කහවණුව බැගින් කහවණු හැටම දී බත් පිළියෙළ කොට පාත්ර වලට බෙදා පිළිගන්නවා තමා විසින් කරන ලද වෑයම භික්ෂුළන්ට මෙසේ කීවා ය.

5. ආර්යරයන්ගේ ශ්රීි පාදය වඳිමින් මෙය දන්වමි. එය හොඳින් ශ්ර වණය කරනු මැනවි. දුගීබවෙන් මා හා සම කෙනෙක් මේ මිහිපිට නොමැත.

පළමු ණයට ගත් කහවණු ඇති නිසා ඉණ දාසියක් වීමි. පිස අනුභාවයට සාල් නැළියක් වත් නොමැතිව භෝගයන් ගෙන් තොරව නෑයන් නැත්තියක් ව වසමි.

අද දන් දුන්නී රාත්රි දාසීබවට පත්වීමෙනි. ආර්යපවරු මා විසින් දෙන ලද දුප්පත් දානය වළඳත්වා!

මේ ආදි ක්රනමයෙන් තමා විසින් කරන ලද සියල්ල කියා වැඳ කළය ද රැගෙන ගියා ය. භික්ෂුිහු ඇගේ කථාව අසා අහෝ! පුදුමයි යන විස්මිත සිතින් බත් ගෙන මහානාම නම් විල සමීපයේ මුචලින්දව වනයට ඇතුල්ව සිටියාහු ය. ඉක්බිති ඔවුනතුරින් ප්ර්ධාන භික්ෂුඇන් වහන්සේ ඇවැත්නි, යයි භික්ෂුහන් අමතා ආයුෂ්මත්හු මැයගේ ශ්ර ඬාබීජයට කෙත ශුද්ධ කරත්වා! රාගීව හිඳ මේ දානය නොවළඳවායි කියා මෙසේ කීහ.

6. එම්බා ඇවැත්නි, මෝ ස්ත්රීරතොමෝ අපගේ මවක්, සොහොයුරියක්. නැන්දණියක්. යෙහෙළණියක් නෑයෙක්, මිතුරියක් නොවන්නී ය.

මේ භික්ෂූ හු ශීලවන්තයහ: ගුණවන්තයහ, මනාව ව්රළත ඇත්තෙයි. මොවුන් වහන්සේලාට දුන් සුළු දෙය ද තමාට ඵල ගෙන දේයයි.



28 රසවාහිනී

සිතා දීනවූ දිළිඳුවූ ඕ තොමෝ අනුන්ට වැඩට තමා තමාම විකුණා අපට අද දන් දුන්නීය.

ඒ උපාසිකාවට මහ ආනිසංස ඇතිවනු සඳහා පිරිසිදු කරමු. එයම කැමැත්තෙන් රාගීව. ආශ්රාවයන් දුරු නොකොට නොවළඳමු.

මෙසේ කියා ඔව්හු මුචලින්ද වනයෙහි ඒ ඒ තැන හිඳමින් විදසුන් වඩා සිවුපිළිසිඹියා පත් රහත් වූහ. ඉක්බිති උන්වහන්සේලා එම වනයෙහි දෙවියන් විසින් සාධුකාර පවත්වද්දී පැමිණ බත් අනුභව කළහ. ඉක්බිති ඇගේ ද භික්ෂුනවහන්සේගේ ද ප්රිවෘත්තිය දැන දෙවියන්ගේ සාධු කාරය අසා රජුගේ සේසතෙහි අධිගෘභීත දෙවතාවා සතුටුව සාධුකාර දෙමින්.

7. මහා ශ්රභඬා ඇති තැනැත්තිය, තී විසින් කරන ලද්දේ ඉතාම යහපත් ක්රි.යාවකි. දානය නමැති බීජය කෙත්වතට ගියේ ය.

රජතුමා දේවතාවාගේ සාධු නාදය අසා බොල දෙවතාව, කිමෙක් ද තී අපගේ දානය සඳහා ද සාධුකාර දුන්නී. නැතහොත් කවර කෙනෙකුගේ දානයට සාධුකාර දුන්නීදැයි ඇසීය. තමුන්නාන්සේසේගේ දානය ගැන නොවේ, නාගාව ගේ දන ගැනයි කීහ.

යමෙක් සිඳුම් බිඳුම්වලින් අනුන් පෙළා මහදන් පවත්වතියි, එවිට එය මහත්ඵල නොවෙයි.

ආදරය පෙරදැරි නො කොට. ශුඬාවෙන් තොරව, නුවණින් නො සිතා කෙත් නොවන තැනකට යමෙක් දන්දේද එය මහත් ඵල නොවේ.

දිළිඳුවූයේ නමුදු මහා ශ්රකඬාවෙන් යුක්තවූයේ ආදරසහිතව පිරිසුදු සිතින් ඉතා සුළු දෙයක් හෝ දන් පිණිස දේද? එහ හැම කල්හි අප්රඑමාණ විපාක ගෙන දෙන්නේ ය.



                                           රසවාහිනී 					29

මේ ආදි විසින් මහත්ඵල බව වණා මහරජ, නාග දීපයෙහි නාගා නම් සැටකහවණුවක් ණයට ගත් ඉණ දාසියක වී භික්ෂු න්ට මෙසේ මෙසේ දන් දුන්නී ය. භික්ෂුිහු ද ඇගේ දානය නිසා රහත්වූහ. මම ඇයට සතුටුව සාධුකාර දුනිමියි සියල්ල විස්තර වශයෙන් කීයේ ය. රජතුමා එය අසා සතුටුවූයේ ණය දුන්නාට නියමයෙන් ණය දී ඇය දාසි බවෙන් මුදවා ඒ දිවයිනම බමුණන්ට නින්ද ගම් දෙන්නා සේ ඇයට දී මහ සම්පත් ද දෙවීය. එතැන්පටන් ඒ දිවයින නාගදීපයයි ප්ර කට විය. ඇය එතැන්පටන් බොහෝ පින්කම් කොට දිවි කෙළවර දෙව්ලොව උපන්නී ය.

මෙසේ නුවණ ඇති ශ්රකඬාවන්තයෝ තමන්ගේ ජීවිතය පවා අනුන්ට දාස කොටදී දන්පින් කොට මෙම ජාතියෙහි දිව්යය මනුෂ්යායදි බොහෝ දෙනාගේ ප්රදශංසා ලැබ දිව්ය ලෝකයට යති. එනිසා දානය නම් කැමැති කැමති දැ දෙන කප් රුකක් සම ය. සත්වයයන් විසින් මසුරු සතුරා විනාශ කොට දාන නමැති මිත්රසයා භජනය කරව්.

නව වැනි නාග වත. _____

වත්ථුනල පර්ව.ත වස්තුව

1. එක් කලෙක සිංහල රටෙහි බැමිණිතිසාය නම් බියක් දොළස් අවුරුද්දක් පැවතිණ. මෙතෙක් කල් ලක්දිව වැස්ස මනාව නොවැස්සේ ය. එනිසා ගොවිතැන මනාව නොවැඩුණු නිසා සා බිය හටගති. නරක ආහාර ගැනීමෙන් උවදුරටපත් මිනිසුන්ට රෝබියද හටගති. මෙසේ මිනිස්සු ඇට හා හම ඉතිරිබවට පත් වූහ. ස්ත්රීබහු ගෙයක් ගෙයක් පාසා යකින්නන් මෙන් වූහ. පිරිමි ප්රේටතයන් හා පිශාවයන් වැනි වූහ. ඒ ඒ දොරවල අවමගුල් කොලාහල හඬින් හඬන්නන්ගේ විලාප හඬින් ද එකනින් කොලාහල හඬින් හඩන්නන්ගේ විලාප හඩින් ද එකනින් කොලාහල විය. ඒ ඒ තැන මළවුන්ගේකුණප ගදින් රැස්වුණු අමනුෂ්යනයන් ගේ වශයෙන් මහත් බියක් විය. මෙසේ නොයෙක්


30 රසවාහිනී

බියවලින් උවදුරට පත් ලක්වැස්සෝ පර්ව ත ගඞ්ගා ආදි තැන්වලට ගොස් ජීවත් වෙති. එකල්හි වත්ථුරල පර්වඞත සමීපයෙහි මිනිස්සු ඒ පර්වලතය පිහිට කොට බොහෝසෙයින් පර්ව තපාදයෙහි වාසය කරති. එකල්හි පර්වබතපාදයෙහි වසන ගම්වැසි එක්මිනිසෙක් තමන්ගේ මාගම සමග ජීවත්වීමට උපාය සොයෙන්නේ පර්ව්තය නැඟ ඇවිදමින් පර්ව්තමස්තකයෙහි එක් කර රුකක් දැක එහිම වාසය කරන්නෙමියි රුක ආශ්ර්ය කොට ගෙදරක් කොට වාසය කරයි. ඒ කර රුකෙහි අතු තුනක් වේ. හෙතෙම ඒ අතුවලින් එකකින් ආගන්තුක සත්කාර කරන්නෙමු. එකකින් දනක් දෙමු. එකක් අපට පරිභෝගය සඳහා වන්නේයයි නියිමිත කොට තමන්ට නියමිත අත්තෙහි කොළ අනුබවකරමින් එහි වසයි.

2. ඉක්බිති එකිදිනක් එක් භික්ෂුිවක් භික්ෂා චාරස්ථානය සොයන්නේ ඔවුන්ගේ ගෙයි දුම් දැක දුම් සංඥාවෙන් ඔහුගේ ගෙට ගියේ ය. ඉක්බිති ඒ පුරුෂයා එය දැක සොම්නසට පැමිණියේ පුදුමයි මා මේ කර කොළ නිසා මහත් පින්කම් ඇතිකරමු. ආර්යමයන් වහන්සේ ද බොහෝ කාලයකින් දක්නා ලද්දහු අභිවාදනය ද කරමියි ගොස් තෙරුන්ගේ අතින් පාත්රකය ගෙන පහසු තැනක උන්වහන්සේ වඩා හිඳුවා කොළ ගෙන එන්නෙමියි කරගස සමීපයට ගියේය. එකල්හි රාත්රිනභාගයෙහි ඒ ගසේ කොළ පටන් යටත් පිරි සෙන් දල්ලක් දක්වාම පණුවෝ කෑහ. හේ මේ ගස දැක දුකට පැමිණ දොම්නස්ව නැවතී ගෙදරට ගියේ ය. ඉක්බිති ඔහුගේ භාර්යා ව හිස් අතින් එන ආර්යවයන් දැක අද ආර්ය.යන් වහන්සේ කුමක්නිසා හිස් අතින් එන්නේදැයි ඇසීය. ඉක්බිති හේ මෙසේ කීයේ ය.

3. පින් ඇත්තෝ යමක් සිතත් ද එයම සමෘඬ වේ. නමුත් පින්මද අයට තමන් පතන දේ සිද්ධ නොවේ.

බොහෝ කාලයකින් දකිනලද ආර්යේයන් වහන්සේට අද දන් සඳහා දීමට කොළයක්වත් නොලද්දෙමි. අපේ මඳපින් ඇති බව අනේ!




                                            රසවාහිනී                                          31

මෙසේ ද කියා සොඳුර කර ගසේ කොළයක් හෝ දල්ලක් යන හැම දෙයක්ම පණුවෝ කෑහ. ඇය එය අසා මෙසේ කිවා ය.

ලොව කළපින් ඇති සත්වකයාට ඇතිවන ස්වභාවය මෙයයි. මුතු වෛරොඩි ආදිය පින්වතා කරා ඉබේටම පැමිණේ. මෙය ස්වභාව ධර්ම යකි.

පින්මද කාලකණ්ණි සතුන් විසින් බොහෝ උත්සාහයෙන් සොයාගත යුතු යම් වස්තුවක් ‍ඇති නමුත් එය කිසියම් සැලැස්මකින් විනාශව යන්නේ ය.

මෙසේද කියා දැන් කුමක් කරමුද? තෙරුන් වැඩ හිඳුවා ටිකක්වත් නොදෙන්නට නුසුදුසුයයි කියති. තමන්ගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට ‍නොදන්වා දෙමියි. සිතා ලියන ආයුධයක් රැගෙන තමන්ගේ කලවා මාංසය කපනු කැමැතිව ගෙට පිවිසියා ය. ඇගේ සැමියා ද එසේම තමන්ගේ මස් තෙරුන්ට එසේම දෙමියි මස් කපනු කැමතිව එසේම පිවිසියේ බිරිය එසේ කරනු දැක කුමක් කරන්නේදැයි විචාළේ ය. ඕ මගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට දෙමි ස්වාමිනියි කීවා ය. ඒ අසා සැමියා ද තමන්ගේ සිරුරෙහි මස් දෙනු කැමැත්තේ සොඳුර, ස්ත්රීේය නම් ස්වල්ප නුවණ ඇත්තේ දුක් වෙසන්ට නොහැක්කේ මගේ සිරුරෙහි මස් දෙමියි කීයේය. ඉක්බිති ඔහුගේ බිරිය මස් දෙන්ට කැමැතියි සැමියාද එසේය. පුදුමයි ඔවුන්ගේ මහත් අදහස කියන ලදමැයි.

4. මෙසේ දානපතියන්ට දානයෙහිම සිත ඇලේ, මෙසේ අධ්යාිත්මික ශරීරමස් දෙන්න කැමැත්තා බාහිර දානය ගැන කියනුම කවරේද?

මේ දෙදෙනාම මම දෙමි මම දෙමියි සිතන්නො:

මෙසේ ඔවුන් විසින් මස්දීමෙහි උත්සාහවත් වූ විට ඔවුන් ගේ ශ්රේඬාබලයෙන් ශක්රයයාගේ පණ්ඩුකම්බල ශාලාසනය උණුවිය. හේ බලන්නේ ඒ අඹුසැමි දෙදෙනාගේ පිරිසුදු


32 රසවාහිනී

අධ්යා ත්මික දාන අධ්යා සය දැන මේ බෝසත් අදහසමයයි සතුටු සිත් ඇත්තේ රත් ඇලහාල් තිඹක්ද මුව පිඩියක්ද දී කළයක්ද තෙල්කළයක්ද රැගෙන මොහොතකින් ගොස් මිනිසකු මෙන් ඔවුන්ගේ ගෙදොර සිට මේ ගෙදර මිනිස්සු කොහි ගියාහුදැයි ඇසී ය. මේ හඩ අසා අඹුසැමි දෙදෙනා ගේතුලයැයි කියමින් ගෙදරින් පිටවූවාහු ය. ඉක්බිති ඔවුනට ශක්රදයා පින්වත්ති. මේ ආර්යියන්ට දියයුත්තක් තිබේ දැයි ප්රරශ්නකළ කල්හි ආර්යවයන්ට අපි දුප්පත් වෙමු. ආර්ය යන් වහන්පසේට කොහෙන් දියයුත දෙයක් ලබම්ද යටත් පිරිසෙයින් කොළයක්වත් නැතැයි සියල්ල කීවෝ ය. ඉක්බිති ශක්රියා එසේ නම් මේ සහලින් බත්පිස මේ උපකරණත් සමග තෙරුන් වළඳව්. ඉඳින් මම පසුවෙම් නම් මා ගැන නොසලකා නුඹලාත් අනුභව කරව්. ඉතිරිවා කැමැති හැටියක් කරවයි කියා එය කෙළවරකරගත නොහීමට අධිෂ්ඨාන කොට දෙව් ලොවටම ගියේ ය.

5. ඉක්බිති ඔව්හු ඒ වායෙන් බත් පිස තෙරුන්ට වළඳවා ඔහුගේ පැමිණිම බලාපොරොත්තුවුයේ නො පැමිණි නිසා ඔව්හුදු අනුභව කළහ. සැලියෙහි එක හැන්දක් ගත් පමණක්ම පෙනේ. උපකරණ එසේම ඉතිරිව ඇති. ඉක්බිති ඔව්හු මේ ආශ්චර්යා දැක සතුටුව එතැන්පටන් බොහෝ භික්ෂූමසංඝයා රැස්කරවා සත්කාර ගරුකාර කරමින් පුදමින් පර්වතතපාදයෙහි මිනිසුන් හා නොයෙක් දුගී මගී යාචකාදීන්ට ද දිව්යිමය ආහාර පානයන්ගෙන් සතපවා සිල් රකිමින් පෙහෙකම් කරමින් දැහැමින් සෙමෙන් වැස ආයු කෙළවර දෙව්ලොව උපන්නාහු ය.

පින්වතුනි, ශ්රකඬාබලය බලව්. අඹුසැමි දෙදෙනා ශරීර මාංස දීම සඳහා කළ දන්දීම් අදහස් පුරා ඔව්හු දානයාගේ ආනිසංස ලැබුහ. තොපිද ශ්රදඬාධුරය සේවනය කරව්.

දසවැනි වත්ථුරල පර්වවත වස්තුවයි.

මිගපෝතක වර්ශරය නිමි.



                                           රසවාහිනී                                            33

උත්තරෝලිය වස්තුව.

1. සිංහල වීපයෙහි බුඬාගම පිහිටි කල්හි ඒ ඒ තැන පැතිරගිය ධර්ම ය හා විනය ඇති රජරට උතුරාලු නම් එක් විශාල ගමක් විය. ඒ ගම අසළ ගොපලු ගමෙහි එක් ගොපලු සේවකයෙක් දහඩිය වැකුණු සිරුරු ඇතිව කඩ මාල්ලක් ඇඳ කැඳබී පාදාමයක් හා කෙවීටක් ගෙන උදැසනම ගවයන් බැලීමට වනයට යයි. ඉක්බිති ඔහුගේ මහලු මව් තොමෝ දරුව, නුඹ සමීපයට එන්නට කෙනෙක් නැත. මෙය කන්නයයි පිළිණ කටු අලයක් දුන්නේ ය. හේ එයත් රැගෙන යන්නේ අතරමග එක පිණ්ඩපාතික තෙර නමක් දැක වැඳ කටුඅලය පාත්රැයට බෙදුවේ ය.. තෙරුන් වහන්සේ එය පිළගෙන මෙසේ සැළකූහ. මේ ළමයා ඉතාම දුප්පති. ඔහුගේ මේ දාන වස්තුව සඵල කරන්නේමියි එහිම සිටගෙන විදසුන් වඩා රහත්බවට පැමිණ වැළදුහ. බුඬපුත්රනයන්ගේ කරුණා මහත්ත්වවය පුදුමයි.

2. සත්පුරුෂයන්ගේ කරුණාමහිමය මෙබඳු තන්හි පවතී. මේ බුඩපුත්රතයන් වහන්සේ ඉතාම දුප්පත් ළමයා පිළිගැන්වූ, පිට පොත්ත හැරිහැටි ඉවත් නොකළ පිළිණවු ලුණු නොදැමු පිසු කටුඅලය අනුභව කොට බාලයා සැපවත් කෙරේ.

ඉක්බිති ඒ දරුවා ආයුකෙළවර කළුරිය කොට එමගමැ එක්තරා ස්ත්රිියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. එකල්හි ඔහු පිදු කටුඅලයේ ආනුභාවයෙන් එක් නිධානයක් හට ගත්තේ ය. හේ දකිද්දීම උතුරාලු වැවෙහි ඔබිනොඹ පෙර ළෙමින් හැසිරේ. එකල්හි එක් ස්ත්රිීයක් පෙරළෙනු ලබන ඒ නිධානය දැක වේගයෙන් ගොස් එය ගත්තීය. ඉක් බිති එහි අධිගෘහීත දේවතාව ඇගේ අත මිදවීය. ඉක් බිති ඇය එක අතක් මිදෙන කල එක අතකින් ගත්තීය. එක්බිති දේවතාවා ඇගේ එක් අතක් එහිම ඇල වීය. ඇය ඒ අත අදින්නට නොහැකිවන්නී හැඳී වස්ත්රාකදිය හා පැළඳි අබරණද නිධානයටම දමා දෙවියන් ආරාධනා



34 රසවාහිනී

කොට මිදුණු අත් ඇත්තී නැවත ඒ නිධානය බැලීමටද නොහැකි විය. ඉක්බිති ඇයගේ අතින් මිදුණු හැටියේම නිධානය ගොස් පොළොවෙහි පිහිටියේ ය. ඉක්බිති ඒ ස්ත්රිාය ගොස් ඒ ප්රටවෘත්තිය මිනිසුන්ට සැළකළා ය. ගම්වැසි බොහෝ මිනිස්සු නිධානය බැලීමට වැවට ගියාහු ය.

2. ඉක්බිති කටුඅලය පිදූ ළමයාගේ මවද ඔහු කුසින් දරමින් තවත් පුතකු ඇකයෙන් වඩාගෙන වැවට ගියා ය. එකල්හි මේ නිධානය පොළොවෙන් මතුවී දියමත ඔබිනොබ හැසුරුණේ ය. එකල්හි මිනිස්සු අප සමීපයට ඒවායි පතමින් සිටියෝ ය. එක්බිති ඒ කුමාරයාගේ මව් තොමො එසේ කියා සිටියා ය. නිධානය ටිකක්දුරට පැමිණ ඇයගේ ඉදිරියෙහි සිටියේ ය. නැවත ඇය මගේ ඇකයේ වසන දරුවාගේ පිනට පැමිණේවායි කීවා ය. නොපැමිණියේම ය. ඉක්බිති ඈ මගේ කුසහොත් දරුවාගේ පින කරණ කොට පැමිණේවා යි කීවා ය. එය කියු සැටියේම නිධාන වහාම පැමිණ ඇගේ ඉදිරියෙහි සිටයේ ය. ඉක්බිති ඇය නිධානයට ඔබට සුදුසු තැන ඔබම දැනගන්නයි කී හැටියේම නිධානයට පොළොවෙහි පෙරළෙමින් ගොස් ඇගේ ගෙයි සුදුසු තැන පිහිටියේය. කුමාරයාට වැය කරනය හැර අන් කිසිවක් නිධානය කරන්නට ඉඩ නොදේ. ඉක්බිති මෑත කාලයක කුමාරා මව් කුසෙන් නික්මී ක්රදමයෙන් ශිල්පඉගෙන ගන්නා වයසට පැමිණියේ ය. එකල්හි දිවයිනෙහි මිනිස්සු පස්මැසි කුමාරයා සම්පත්තියට ගැලපෙන ආභරණයන්ගෙන් සරසා මංගල මොහොතින් ඉගැන්වීම කරවති. එකල්හි ඔහුගේ මෑණියෝ අකුරු කියවීමේ මංගල උත්සව දින පුතාට ආභරණ පැළඳවූහ. නිධානයෙන් එදා ස්ත්රිවය විසින් අත්හරින ලද වස්ත්රභය ගෙන හැන්දවූවා ය. ඉක්බිති වස්තුව අයිති කාරයෝ ඒ ගෙදරට ආවෝ වස්ත්රරය හැඳිනගෙන මෙය මගේ වස්ත්රඑය යයි ගත්තෝ ය. කුමාරයාගේ මව් තොමෝ එය දැක වස්ත්රසය ලැබුණු සැටි සියල්ල කීවා ය. ඇය මේ නිධානය ලැබගෙන සඟවාගෙන වළඳන්නෙහි ය. නිධාන




                                           රසවාහිනී                                            35

රජුට අයිති බව නොදන්නෙහි ද කුමක් නිසා තී විෂයකටත් වඩා වැඩි නිධානයක් වළඳන්නෙහිදැයි කියා මෙසේ කීයේය.

3. විෂ නොවන්න විෂයයි ගනිති. විෂයයි වහරන්නේ රජුටයි. සැබෑ විෂයනම් රජුන් අයත් වස්තුවයි.

වනයෙහි ගස් ලැව් ගින්නෙන් දැවී ඉතිරිව ගිය ගස් තිබේ. රජ කෝප නමැති ගින්නෙන් දැවුණුකලැ මිනිස්සු ඉතුරු නොවෙති.

රජදරුවන්ට වඩා බලවත් මාරයා ද නැතහොත් මාරයාට වඩා රජතුමා බලවත්ද මෙසේ තොප සිතට සංසයක් වේද කල්ගත නොකර විපාක දෙන නිසා මාරයාට වඩා රජතුමා බලවත් ය.

මෙසේ කියමින් තර්ජන කළා ය. ඉක්බිති කුමාරයාගේ මව මෙසේ කීවා ය.

යමකු විසින් යම් ධනයක් අයුක්තියෙන් ලබන ලද්දේ නම් ඔහුට රාජාදිභය ලැබෙයි. යමකු විසින් පූර්වමජන්මයෙහි වාසනාවෙන් ලබන ලද ධනයක් වේනම් එය දෙවි යන්ට විනාස කිරීමට නො හැකි වේ.

4. මෙසේ ඈලා අතර වස්ත්රකය නිසා ඇති වූ කලහය මුල් කොට ඇති මෝ කථාව රජු ළඟට ගියො ය. රජතුමා මෙය අසා ධනය ගෙන ඊමට මිනිසුන් යැවී ය. මිනිස්සු ධනහිමියා ළඟට ගොස් නිධානය දැක නිධානය ඇල්ලූහ. ඉක්බිති ඒ නිධානය බියජනක ශබ්ද පවත්වමින් ඔබිනොබ පෙරලමින් දිගු කළ අත් එහිම ඇලෙමින් ගන්නට නො හැකි විය. රාජ පුරුෂයෝ මේ ප්රකවෘත්තිය රජුට කියා යැවූහ. රජතුමා මෙය අසා පුදුමව එසේ නම් ධනය අයිතිකරු ධනයත් සමග ගෙන ඒවා යයි කියා යැවීය. ඔවුහු නිධානයත් සමග ධන හිමියා ගෙන ගොස් රජුට පෙන්නූ හ. රජතුමා නිධානයෙහි පුදුමය දැක ධනහිමියාට මෙසේ කීය. පින්වත, ඔබ‍ගේ නිධානයෙන් අපට ද ධනය



36 රසවාහිනී

දෙව. ඉක්බිති දිය ගෙන නිධානයට වත් කෙළේ ය. එකෙනෙහිම නිධාන මුඛයෙන් උඩට ආ මහත් වූ ධන රාසියක් විය. රජතුමා එය දැක ඉතා පුදුමයට පැමිණි සිත් ඇත්තේ නිධානය සමග ඔහුට මහත් වූ භෝග සමූහයක් දී ඒ ජනපදය ඔහුටම මහත් පිරිවරින් යැවී ය. හෙතෙම එතැන් පටන් දන් දීම ආදී පින් කොට ආයුෂ කෙළවර අඹුදරුවන් සහිතව ගොස් දෙව්ලොව උපන්නේ ය.

යමෙක් එකාන්තයෙන් ගුණයන්ට ආධාරවු භික්ෂුඹන්ට ශ්රගඬාවෙන් දානවස්තුව දේද; හෙතෙම පරලොව සංසාර නමැති මහා දුර්ගනයෙහි සම්පත් නමැති නැවෙහි පිහිටමු.

උත්තරෝලිය වස්තුව පළමුවැනිය. ______

තම්බසුමන ස්ථවිරයන්ගේ වස්තුව.

1. එක් ක‍ලෙක ලඞ්කාවෙහි සද්ධාතිස්ස නම් ‍රජෙක් රජ කරවයි. එකල්හි එක් රාජපුරුෂයෙක් රජතුමා විසින් කොටගල් දනව්වට යැවීය. රාජකාර්යකයෙහි යෙදුණු එගම් වැසි මිනිස්සු ඔහුට ආගන්තුක සත්කාර කරමින් ගිතෙල් ව්යයඤ්ජන සහිතව බත් පිස කාලය සැලකවූහ. ඉක්බිති ඔහු බොදුන් සඳහා හුන් කල්හි එක් භික්ෂුතවක් පිඩු පිණිස හැසිරෙමින් එතැනට පැමිණියේ ය. හේ තෙරුන් දැක පැහැදී එතැනට පැමිණ පාත්රෙය ගෙන ගිතෙල් සහිත බත් තෙරුන්ට දුන්නේ ය. ස්ථවිරයන් වහන්සේ බත් වළදා ගිතෙල් බෙහෙත් සඳහා එළවූ ය. හේ මෙතෙක් පින්කම් කොට ආයු කෙළවර කළුරිය කොට මේ දිවයිනෙහිම වලටම එක්තරා ගෙදරක උපන්නේ ය.

2. ඉක්බිති ඔහුගේ දෙමව් පියෝ සුමන යයි ව්යඋවහාර කළහ. හේ ක්ර්මයෙන් වැඩිවිය පැමිණ විවාහ වී ගෙදර වාසය කරන්නේ ගිහිගෙයි ආදීනව ද පැවිදිවීමේ


                                           රසවාහිනී                                            37

ආනිසංසය දැන සැපත් අත් හැර බ්රා හ්මණාරාම විහාරයට ගොස් පැවිදිව පටන් ගත් විර්යප ඇත්තේ වත් පිළිවෙතින් යුක්තව නොබෝ කලකින්ම විදසුන් වඩා රහත්බවට පැමිණ තම්බසුමන තෙරුණුවෝ යයි ප්රවකට වූහ. ඉක්බිති ඔහුගේ පින් බලෙන් එම වෙහෙරෙහි තිඹිරි ගසක අධිගෘහීත දෙවියා තෙරුන්ට නිතොර දිව්යමමය ආහාරයෙන් උපස්ථාන කෙරේ. ‍ඒ තෙරුන්ගේ දොළොස් වස් කාලයෙහි ලක්දිව බැමණිතිසාය පැමිණියේ ය. එකල්හි දුබ්බික් දුකින් මිනිසුන් පෙළෙන කල්හි තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂුබන් ආහාරයෙන් ක්ලාන්තවෙනු දැක ඔවුන් අමතා ඇවැත්නි, අපි කොහි ගොස් ජිවත් වෙමුදැයි කියා එක්සිත් වූ කල්හි තෙරුන් වහන්සේ ගමනට සුදානම් වූහ. මේ දුටු දෙව්පුත් තෙම ස්වාමීනි, කුමක් නිසා ගමනට සුදානම් ද? කොහි වඩිනා සේක් ද? ඇසු හ. මේ අසා තෙරුන් වහන්සේ දෙව් පුතාට මෙසේ කීහ.

3. එම්බා දිව්යට පුත්රියා, දැන් මේ ලඞ්කා‍වීපය හුදෙක් දුර්භික්ෂා විය. විල් පොකුණු වේලී පැලුනාහු ය.

මත්සයෝ විනාශ වූහ. පිපාසායෙන් යුත් මුවෙන් ඌරෝ දුර පෙනෙන මිරිඟුදිය දැක දුවති.

වෘකයෝ වැටීගිය කොළ ඇත්තෝ වූහ. පොළොවෙහි හටගත් තෘණ හා පැලෑටි වර්ගට සැඩ සුළඟින් බොහෝ සෙයින්ම වියලී ගියහ.

දිවයිනෙම මිනිස්සු නරක ආහාරයෙන් පෙලුනාහ. ඇට හා මස් පමණක් ඉතිරිව ගිය මොවුන්ගේ ලේ වේලී ගියහ.

දේවයන් වහන්ස, ‍ජීවිත ආශාව ඇති මිනිස්සු ජීවිත ආසාව නිසා අඹුදරුවන් රැගෙන යම් තැනක ජිවත් වීමට හැකිවෙද්ද ඒ ඒ තැන්වලටද අඹුදරුවන් සමග ගියාහු ය.




38 රසවාහිනී

දේවයන් වහන්ස, මේ සිංහල ‍රටෙහි ජීවත් වීමට නොහැකි ය. එනිසා දඹදිව යමු.

මේ අසා දෙව් පුත්තෙම ඔහුගේ අතීත කර්ම ය ප්ර්කාශ කොට ගමන් සිත වලක් වමින් මෙසේ කීය.

ස්වාමීනි, නුඹවහන්සේ අතීත කාලයෙහි එක් භික්ෂුීනමකට පින්ඵල විශ්වාස කරමින් ගිතෙල් සහිත බත් දුන්නේ ය.

එයින් චුතවූ ඔබ ඒ පන්කම් ආනුභාවයෙන් සැපවත්වූ මේ දෙවැනි ආත්මභාවයෙහි ඉපද,

දෙමව්පියන් අතහැර අමුරන් සහිත සිය ගෙදර අත හැර බුදුසසුන්හි බැඳිසිතැතිව එහි මහණව, පිළිවෙත් පුරන්නෙක් වී තිලකුණු වඩා ඒ තෝ රහත් වූයෙහි. එය එකල්හි දුන් දානයාගේ විපාකයයි.

මා විසින් දෙනලද යම් ‍ඒ දිව්යුමය ආහාර ‍වළඳන්නෙහි ඒ මේ එදා දුන් දනෙහි විපාකයයි.

මේ සිංහලවීපයෙහි දුබ්බික් බිය යම් කලෙක සංසිදේද ඒ තාක් කඩනොකට දානය දෙමි. මට කරුණා කොට ශිෂ්යකයන් සමග වාසය කරන්න.

සිවුරු පිණ්ඩපාත බෙහෙත් යහන් ආසන යන වේවා ඔබගේ පින් බලයෙන් උපන්නේ ය.

පින්වතුන් වහන්සේලා කිසි දිනක දඹදිවට නොවඩිනු මැනව. ධ්යා න භාවනා කොට දුක් කෙළවර කරත්වා.

4. මෙසේද කියා දෙව් පුත් තෙම දඹදිව් ගමන නවතා එතැන් පටන් තෙරුන්ට දිව්යෙමය සිවුරු පිණ්ඩපාත සේනාසනයන් ගෙන් උපස්ථාන කෙරේ. එය පන්සියයක් දෙනා වහන්සේට පහෝනේ විය. මේ දෙව් රජතෙම දොළොස් අවුරුද්දක් උපස්ථාන කෙළේය. දුබ්බික් බිය සංසිඳුණු කල්හි ස්ථවිරයන් වහන්දසේ දිව්ය් පුත්ර්යාට අමතා දනව් සැරිසරන්නෝ පන්සියයක් භික්ෂු්න් සමග පිළිවෙළින්

                                           රසවාහිනී                                         39

රජරට කඩරොද්ද නම් මහ ගමට පැමිණ පිඩු පිණිස හැසිර එක් තැනක හිඳ වළඳන්නට පටන් ගති. භික්ෂුි සංඝයා ද එදා වැසිවලාකුල් වලින් ගැවසීගත් කල්හි සුර්යාදලොකය නොදැක්කෝ ය. ඉක්බිති ඇතැම් භික්ෂු හු කුකුස් කරන්නෝ නොවැළදුහ. ඉක්බිති ස්ථවිරතෙම ඔවුන්ගේ කුකුස නැතිකිරීමට එක් (සකුරු පහනක්) ගල් කැටයක් ගෙන නිය අගින් අහසට දැම්මේ ය. හේ අහසට පැන නැඟී හිරු මෙන් දිලිහෙමින් සිටියේ ය. ඉක්බිති ඒ භික්ෂූයහු සැක නැත්තෝව වැළදුහ. එනිසා ඒ ස්ථානය එතැන් පටන් මිණිසුරිය නාමයෙන් ප්රහකට විය. ඉක්බිති තෙරුන් වහන්සේ නික්මි ගඟ අසල සුළුවැසර නම් ගම පිඬු පිණිස හැසිර ගංඉවුරෙහි හිඳ වළඳන්නේ ඒ භික්ෂූුහු ව්යඬඤ්ඡන මඳව රූක්ෂහ බත් වළඳනු දැක ඇවැත්නි රළු බත් නොවළඳමි. සුවඳ ගිතෙල් මගේ පිනෙන් හටගනී එය සමග වළඳන්නයයි කියේ ය. එය අසා භික්ෂූගහු ඉවසූහ. නිශ්ශබ්ද වීමෙන් තෙරුන් වහන්සේ ද එකල්හි තමා විසින් මුල් ජිවිතයේ එක භික්ෂුෂවකට දෙනලද ස්වල්ප ගිතෙල් ගැන කල්පනා කොට මේ ගගෙහි දිය ගිතෙල් වේවායි අධිෂ්ඨාන ‍කළෝ ය.

ඉක්බිති සුළු වැසර විහාර කොත සිට බත් ඩුන්න තොට දක්වා යොදුන් දෙකක් පමණ ජලය වෙනස්ව ගිතෙල් විය. භික්ෂුදහු හැකි තාක් වැළඳුහ. කියන ලදී.

ගිතෙල් ටිකක් දීමෙන් මෙවැනි ප්රතතිඵල ලැබීය. යමෙක් බොහෝ බෙහෙත් දෙද්ද එහි ප්රමතිඵල කවරෙක් කියත් ද.

මෙසේ ගඞ්ගාවේ දෙපස ගම්වැස්සෝ එය අසා මහසැල, කළ, කොතලාදිය පුරවා තම තමන් ගෙවල එක්රැස් ක‍ළහ.

එක් භික්ෂුවවකට එකවරක් දුන් දානයාගේ ප්ර තිඵල මේයයි දැන පින්වත්හු දානවස්තුව ඇති කල්හි මේ සැහේ යයි නොසිතා ශුඬාවෙන් දන් දෙව්.

දෙවැනි තම්බසුමන තෙරවතය.


40

පුවපබ්බතවාසී තිස්ස ස්ථවිරයන්ගේ වස්තුව.

1. ලෝවැස්සා ධර්මය අමෘත රස පානයෙන් නිවන් මහ නුවර පුරමින් අපගේ භාග්යසවතුන් වහන්සේට පෙර කාශ්යසප නම් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූහ. එකල්හි දනව් වැසි මිනිසෙක් වෙළෙඳාමෙන් ජීවත් වෙමින් වසයි. ඉක්බිති පසුකාලයක හෙතෙම හිරියල් සුණු විකුණමින් ගම් නියම් ගම්හි හැසිරෙයි. එකල්හි එක් ගමෙක යොවුන් ස්ත්රි යක් එය දැක කැඳවා මිළෙන් මනොසිලා සුණු ගත්තේ ය. එයින් වෙළෙන්දා විසින් බඩ සා ඇත්තෙමි මෑණියෙනීයි කී කල්හි ඕතොමෝ ඔහුට මොනර මස් රසයෙන් සුවඳ ගිතෙල් සමග ඇල්හාලේ බත් වැඩුවේ ය. එකෙනෙහි එක් සුනඛයෙක් වෙවුලමින් බඩසයින් යුක්ත වුයේ කෙළගිළමින් ඔහුගේ ඉදිරියට ගියේ ය. ඉක්බිති හේ ඔහු දුකට පත්වූ බව දැක කරුණාවෙන් කම්පාවන හෘදය ඇත්තේ මොනර මස් රසයෙන් හා තෙලෙන් මිශ්ර් කොට මහත්වූ බත් පිඩක් දුන්නේ ය. හෙතෙම බත් අනුභව කොට සතුටු වුයේ වල්ගය හොල්ලමින් ඔහුගේ ඉදිරියට පැමිණියේය. මේ දැක වෙළෙන්දා ද සතුටුව මෙසේ ප්රාිර්ථේනාවක් තැබී ය.

2. මේ පින්කමින් ජාතියක් ජාතියක් පාසා මම ගිතෙල් හා මොනරමස් සහිත උසස් ඇල්සාල් බත් ලබමි අවසානයෙහි දී නිවන් පුරයට සඡඣායනය කරමි.

ඒ වෙළෙන්දා මෙතෙක් පින්කම් කොට ජීවිතය කෙළ වර දෙව්ලොව ඉපද බුඬාන්තරයක් මහත් දිවසැපත් අනුභව කොට එයින් චුතව මිනිස්ලොව පන්සියයක් වරක් ඉපදී මොනරමස් ගිතෙල් සමග ඇල්හාලේ බතට ලැබුණේ ය. එහෙයින් මේ බුද්ධොත්පාද කාලයෙහි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑකල්හි සිංහල රටෙහි මහ වැලිගං ඉවුරෙහි පුගලු නම් ගමැ එක්තරා ගෙදරක පිළි



                                        රසවාහිනී                                               41

සිඳ ගෙන පිළිවෙළින් ගැබ මෝරා මව් කුසින් නික්මුණේ ය. ඔහුගේ මව්පියෝ තිස්සයයි නමක් කළහ. හේ වැඩවියට පැමිණියේ ගිහි ගෙදර විපාක ද පැවිද්දෙහි ආනිසංස ද අසා සියලුම සම්පත් අතහැර පුගුලු විහාරයට එළඹ පැවිද්ද ඉල්ලීය. භික්ෂුඅහු ඔහු පැවිදි කොට උප සම්පදා කළාහු ය.

3. හෙතෙම නොබෝ කලකින්ම උත්සාහ කරන්නේ උසස් ඵලය වූ රහත්බවට පැමිණියේ පින්වතෙක් හා නැණවතෙක් විය. තිස්ස තෙරණුවෝ යයි මුළු සිංහල රටෙහිම ප්රවසිද්ධ වූහ. ඒ තෙරුන්ගේ පාත්රාය යම්කිසි ඉසුරුමත් කෙනෙක් හෝ දිළින්දෙක් ගත්තාහු නම් හේ වනාහි ඔහුට මොනරමස්, සුවඳ ඇල්හාලේ බත් හා ගිතෙල් සමග පුරවා දෙයි. මේ ක්රටමයෙන් මොහුට සැට අවුරුද්දක් ඉක්ම ගියහ.

ඉක්බිති මෑතකාලයෙහි එක් ඇමැති පුතෙක් මෙසේ සිති ය. මේ තෙරුන්ට නිතොර මොනර මස් සුවඳ ගිතෙල් සහිත ඇල්සාලේ බත්ම ඇත. බෙහෝ දෙනා මෙය අප පරීක්ෂාඇ කිරීමට වටී යයි කියති. අපවිසින් වනාහි මේ කරුණ පරීක්ෂාද කරන්නට සුදුසුයයි සිතා ගෙදරට ගොස් රෑ යාමයෙහි භාර්යාපවට මෙසේ කීයේ ය. සොඳුරු, පුගලු විහාරයෙහි වාසය කරන තිස්ස ස්ථවිරයන්ට අද දනක් දෙනු කැමැත්තෙමි. තෙරුන් වහන්සේ මෙහි පැමිණි කාලයෙහි නිවුඩුසාලෙන් කුඩුමුසු කැඳ පිස වළඳවා වේලාව සමීපවූ කල්හි පලා මාලුවක් හා කාඩි ඇඹුල් දෙවැනි කොට නිවුඩු සාලේම බත් දෙන්නැයි කියා රැය පහන් වූ විට තමාම විහාරයට ගොස් තෙරුන් වැඳ ස්වාමීනී, අද අපට අනුග්ර හ කරන්නයයි ආරාධනා කොට තෙමේ අන්තැනක ගියේ ය.

4. ඉක්බිති ඔහුගේ ගෙදර අධිගෘහීත දෙවියා රාත්රිර භාගයෙහි භාර්යාසව සමග ‍කථා කරන ඒ වචන අසා මොවුහු එකාන්තයෙන් මේ තෙරුන් විසින් පෙර කරන




42 රසවාහිනී

ලද කර්ම ය විපාකය කිසිවකු විසින් නොවැලක්විය හැකි බව සිතා ඒ ගෙදර මහලු මිනිසකු මෙන් ඇල්සහල්, මොනර මස් හා ගිතෙල් කළයක් ද ගෙන ගෙදරට පැමිණ ඔහුගේ භාර්යා්වට දුන්නේ ය. ඈ විසින් කොහොන් ගෙන එන ලද්දේදැයි ඇසූ කල්හි දේවතාවා මෙසේ කීසේ ය. මෑණියෙනි, අමාත්යද පුත්ර් තෙම මා දැක පින්වත, මා විසින් අද පුගලු වාසී තිස්ස හිමියන්ට දනට ආරාධනා කරන ලදී. තෝ මේ උපකරණ ගෙන ගෙදරට ගොස් ගෘහණියට දී මෙසේ කියව. මෙයින් බත්පිස ව්ය ඤජන සහිතව තෙරුන් වළඳවන්න යයි මට කීවේය යයි කියා අතුරුදහන් විය. ඕ තොමෝ ද ඔහුගේ කථාව අසා මස් සහිත බත් පිළියෙළ කොට තෙරුන් වහන්සේ පැමිණි කාලයෙහි පාත්රහය ගෙන වැඩ හිඳුවා ව්ය ඤ්ඡන සහිත බත් වැළඳ විය.

5. තෙරුන් වහන්සේ බත්කිස නිමවා විහාරයට වැඩිසේක. ඊටපසු ඇමැතියා පැමිණ භාර්යාහවගෙන් තී තෙරුන්ට ආහාර දුන්නේදැයි. ඕ තොමෝ නුඹවහන්සේ එවු උපකරණයන්ගෙන් බත් පිළියෙළ කොට දෙන ලදැයි කිවා ය. ඇමැතියා, සොඳුර, මා විසින් නොඑවන ලදී. කා විසින් එය ගෙන එන ලද්දේදැ ඇසී ය. අසුවල් මහල්ලා විසිනැයි කී කල්හි ඔහු ද විචාර ඔහු විසින් මෙවැන්නක් නොගෙනන ලදී යයි කී කල්හි එය තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් මේ දෙවියන්ගේ වැඩක් යයි දැන කළ පින් ඇත්තහුගේ කුසල් විපාකය වලක්වන්නට නොහැකි යයි කියා බුදුසසුන්හි පැහදුනේ දනපතියෙක් වීය. ඊට මෑත භාගයෙහි තෙරුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි වැදහොත්තේ වෙහෙර බෙර හසුරුවා භික්ෂු න් කැඳවා තමන් පිරිනිවන් පාතා බව ප්ර කාශ කෙළේ ය. ඉක්බිති භික්ෂුනහු නුඹවහන්සේ මහ පින් ඇත්තෙකි. නුඹවහන්සේගේ පින මුළු ලඞ්කාවෙහිම ප්රිකට ය. අතීතයෙහි දී කවරනම් පින්කමක බලයෙන් මේ විපාකය ලැබීදැයි විචාළහ. එය අසා තෙරුන් වහන්සේ තමා විසින් අතීතයෙහි කරනලද කර්ම ය ප්ර කාශ කරමින් මෙසේ කීය.



                                           රසවාහිනී                                           43

6. මේ භද්ර කල්පයෙහි කාශ්ය ප නම් බුදුරජාණන් වහන්සේ නමක් මුළු සත්ව යන්ට හිතවත්ව උපන්නේ ය.

මම එදා හිරියල් වෙළඳාම් කරන වෙළෙන්ඳෙක් විමි. ඒ වෙළෙඳ කර්මදයෙන්ම ඒ ඒ තැන ඇවිදිමින් ජීවත් වූයෙමි.

ඉක්බිති එක්දවසක වෙළෙඳාම සඳහා ජනපදයකට ගියෙමි. එහි එක ගෙදරක කුලදෑරියක් මා දැක.

මහා භාණ්ඩයක් රැගෙන බඩසයින් පෙලුණු මා දැක්කා ය. ඉක්බිති ඇය මොනර මස් සුවඳ ගිතෙල් සමග,

ඇල් හාලේ බත් ද කරුණාවෙන් වැළදීමට මට දුන්නී ය. ඉක්බිති මම බත්කනු කැමැති බල්ලකු දැක,

ගිතෙල් සහිත බත් පිඩකින් සතපවා මෙසේ පැතීමි. මම ඒ පින්කමින් දෙව්ලොවට ගියෙමි.

එහි දී දෙවියන් සමග රුවන්මය ප්රාෙසාදයෙහි මිහිරි නෘත්යි ගීත වාදිතයන්ගෙන් සතුටුව,

දෙවඟනන් පිරිවරා දිව්යව සේනාව මුල්කරගෙන දිව්යය සම්පත් අනුභව කොට බොහෝ කාලයක් ගත කෙළෙමි.

එයින් චුතව මිනිසුන් අතර ජාති පන්සීයක් මහත් ධනය ඇති, මහා භෝග ඇති විශාලවූ ලෝකයාගේ ගරු කිරීමට භාජනයවූ,

නෑ සමූහයා විසින් පූජාකරන ලද උසස් කුලයක උපන්නෙමි. කර්මමයට සුදුසු සම්පත් මම අනුභව කරමි.

ගිතෙල්. මොනරමස්, ඇල්හාලේ බත් පන්සියයක් ජාතිවල නිතර වළඳනලද මගේ ආහාරය විය.

මේ අන්තිම ජීවිතයේදී එවැනි භෝජන හැමකල්හිම ලැබීමි. මගේ එක බත් පිඩක් ආනිශංස බලන්න.

පින්වතාගේ පින්කම මාරයාට ද වැලැක්වීමට නොහැක. එය වැලැක්වීමට සමත් අන් කවරෙක් වේද.


44 රසවාහිනී

තිරිසන් ගතයකුට පවා යමෙක් දන් දේද මා සේ හේ සියලුම භවයන්හි ත්රිුවිධ සම්පත්තිය විදී.

මෙසේ උන්වහන්සේ භික්ෂුිසංඝයා මැද තමා විසින් කරනලද කුශල කර්ම ය ප්ර්කාශ කොට අවවාද කොට පිරිනිවන් පෑයේ ය. තෙරුන් වහන්සේ වචන අසා මහාජනයා දන්දීම් ආදි පින් කොට මැරී ගොස් දිව්යේ ලෝකයෙහි උපන්නාහ.

ඉතා සුළු දන්දීමකින් පවා මිනිස්සු මෙසේ පුදුම විපාකයක් ලබයි. බුදු නොවු කිසිවකුට දනක විපාක මෙපමණයයි කියා නිම කිරීමට නොහැක.

තුන්වැනි පුගල තිස්ස වස්තුවය. _______

චූලතිස්ස වස්තුව

1. එක් කලෙක ලඞ්කාවෙහි දුටුගැමුණු අබය නම් රජෙක් රජ කරවීය. එකල්හි ඔහුට තිස්ස නම් එක් සුලු සේවකයෙක් අභ්යරන්තරව රජකම් කරයි. එකල්හි රජුට කණ්ඩුල නම් ඇතා යදම හා බැඳි කණුව බිඳ නැගෙනහිර බලා කැලයට වැදී සල් බෝ ගස් කොළ ආදිය සිඳ බිඳ කමින් පිළිවෙළින් මහනදුරු නම් විහාරයට ගොස් ඒ ඒ තැන්වල රුක්මුල් සුන්යෙගාර ආදි තැන්වල ධ්යාොනඞග දරණ භික්ෂුුන් දැක පසන් සිත් ඇත්තේ ඔවුනට කුඩා ගෙඩි මහ ගෙඩි ගෙනවිත් උපස්ථාන කරන්නේ එහිම වාසය කෙළේ ය. රජතුමා ඒ ඇතුන් ගිය තැන් පරීක්ෂා කරන්නේ නොදැක අමාත්යකයන් සතර දෙනෙක් සතර දිශාවට යවා චූලුපඪාක තිස්ස ඇමැතියා නැගෙනහිර දිශාවට යැවී ය. අන් දිශාවන්ට ගියෝ ඇතා නොදැක්කෝ ය. ඒ ඇමැතියා ගම් නියම්ගම් පරම්පරාවෙන් හැසිරෙන්නේ පිළිවෙළින් එම විහාරයට ම පැමිණියේය. එම විහාරයෙහි:



                                           රසවාහිනී                                            45

2. යම් සුබ විහාර උපවනයෙක්හි භාවනා වඩති. ඒ ඒ රුක්මුල්හි රුක්ඛ මූලිකයෝ හුන්නාහු ය.

ඒ ඒ විහාරයෙහි අභ්යනවකාශයෙහි භාවනා කරති යහපත් භාවනා ක්ර ම ගෙන සුන්යාෙගාරයෙහි ඇලෙති.

පාංශුකුලික අඞ්ග සමාදන්වූවෝ ද කසිණ භාවනා වඩන්නෝ ද මැණික් පොරෝනා පෙරවූ ඇතුන් මෙන් ඇලෙති.

යම් තැනක සොසානිකාඞ්ගය රකින නිතර මරණ සිහිය ඇති බුඬපුත්ර් භික්ෂුනහු බුඬ ශාසනයෙහි මනාව ඇලෙති.

මෛත්රීන, කරුණා මුදිතා ( යන බ්ර්හ්මවිහරණ) වඩන පිණ්ඩපාතික භික්ෂුනහු මේ විහාරයෙහි වාසය කරති.

ඒඒ තැන්වල නෙසජ්ජික ධුතාඞ්ගධාරීහු ය, එකාසනි කාඞ්ග ධූතාඞ්ගධාරීහු ය. බුඬානුස්සති ආදි අනුස්සති භාවනා මේ විහාරයෙහි කෙරෙති.

සිල්වත් ගුණවත් බුඬාශාසන මාමකයෝ යම් වෙහෙරක වසත් එ එතැන චූලතිස්සක හිමියෝ ද වසති.

ඒ අමාත්යතයා විහාරයට ගොස් භික්ෂුර සංඝයාට වැඳ එකත් පස්ව සිටියේ ය. ඉක්බිති කණ්ඩුල නම් ඇතා එකල්හි මනාව පැසුණු කරගෙඩි සහිත කර අත්තක් කඩා. භික්ෂුලන් වහන්සේලාට පිළිගැන්වීය. ඇමැතියා එය දැක මෙවැනි කැකුළු එරුෂ මිනිස්සු මරණ තිරිසන්නු ද ගුණවන්තයන්ගේ ගුණයෙහි පැහදුනේ වතාවත් කරති. මේ භික්ෂු හු නොයෙක් වතාවත්වලින් මහණකම මුදුන් පමුණුවා ප්රරත්යතදායකයන්ට ද තමන්ට ද ප්ර ත්යමය වෙයි. බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවය නොසිතිය හැකියයි පුදුම විය. ඒ ඒසේමැයි.



46 රසවාහිනී

3. අපිස් සතොස් හා විවේකකාමීන්ට තපසම ධන කොටැති පිරිසිදු සිල් ඇති බව දැක මිහිරි බව දැනගෙන කාගේ නම් සිත ප්රීධතියට පත් නොවන්නේ ද? වන්නේමැයි.

ඉක්බිති ඇමැතියා භික්ෂු් සංඝයා වහන්සේට වැඳ රජු සමීපයට ගොස් රජතුමනි, කණ්ඩුල ඇතා මහකදුර වෙහෙරට ගොස් මහාසංඝයා වහන්සේට වතාවත් කරනු මා විසින් දක්නා ලදැයි කීයේය. මේ අසා කොල, තෝම ඇතා අල්ලා ගෙන එන්නයයි රජතුමා කීයේ ය. ඉක්බිති හේ යහපතැයි පිළිගෙන සංඝයා වහන්සේට බොහෝ උක්සකුරු ආදිය ගෙන්වාගෙන වෙහෙරට ගොස් මනාව ‍ඉදුණු කරගෙඩි ගෙන්වා සකුරුත් සමග මිරිකා පැන් කොට භික්ෂු න්ට වළඳවා පැහදුණු සිත් ඇත්තේ ඇතා ගෙන නගරයට ගියේ ය. හේ මෙපමණක්ම පින් කොට එයින් චුතව මේ ලංකා වීපයෙහිම උතුරෙහි අඹවිටි නම් ගමෙහි එක් ගෙදරක උපන්නේ ය. ඔහුගේ මව්පියෝ ඔහුට ‘තිස්ස’ යයි නම් තැබුහ. හේ වැඩි වයසට පැමිණ සුදුසු කුමාරිකාවක් සමග වාසය කරන්නේ පැවිදිව තිස්ස තෙරුණුවෝ යයි ප්රුකටව ප්රමතිපත්තීයට ගරු කරන්නෙක්ව වාසය කරයි.

4. ඉක්බිති හේ මෑත භාගයෙහි ජයමහ බෝධිය වදිනු සඳහා යන්නාවු භික්ෂු් උපාසක උපාසිකාවන් සමග නැවට නැංගේය. මෙසේ නැවෙහි ගමන් කරන ඔවුනට ජලය නිමාවට පත්විණ. එකල්හි ඒ තෙරුණුවෝ පවස ඇත්තේ පැන් සොයා නොලැබ පවස ඉවසන්නට නොහැක්කෝ පාත්රතය බහා මුහුදු දිය ගෙන බීමට පටන් ගත්තෝය. එකෙනෙහිම ඒ ලුණුදිය උන්වහන්සේගේ ආනුභාවයෙන් වෙනස්ව මිහිරි රස ඇති සකුරු පැනක් සේ වීය කියන ලදමැයි.

සුළු පින්කමක ආනුභාව මහත්බව අහෝ පුදුමයි. අද්භූතයි. ලොම් කෙ‍ලින් සිටුවයි. අතීතයෙහිදී භික්ෂුදන් වහන්සේට සකුරුපැන් දී හේ මහසයුරේ වතුර මිහිරි බවට පෙරළිණ.




                                          රසවාහිනී                                           47

ඉක්බිති ඒ තෙරණුවෝ පැන් බී නැවේ සියලු දෙනාට ද දුන්නෝය එය රසවත්. ඔජවත්, ක්ෂ ය නොවන දිව අමාවතුර සේ විය. ඒ සියලුම මහා ජනයා මහබෝ ‍වැඳීමට යන එන කල්හි එම පැන්ම බීවාහු ය. ඉක්බිති ආයුෂ ඇතිතාක් පින් කොට කළුරිය කොට දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනක ඉපිද අප්සරාවන් දහසක් දෙනා විසින් පිරිවරා මහත්වූ දිව්යඉ සම්පත් අනුභව කෙළේ ය. ඔහුට ඒ සකුරු පැන් දිව්ය මනුෂ්ය‍ ලෝකවල ද නිතරම ඇතිවේ. ඒ සියලුම මිනිස්සු ඒ ඒ තැන දිව්ය මය පැන් සැලි පුරා සිටිති. පැමිණි පැමිණි දෙවියෝ ඒවායින් පැන් බී නටමින් ගයමින් කෙළිමින් තම තමන්‍ ගේ ගෙවලට ද පැන් ගෙන යති. මෙබඳු ආනුභාව සම්පන්න පැනක් වීය.

ලෝකයෙහි සමහර කෙනෙක් පැන් ටිකකින් මෙසේ මහත්වූ සම්පත් ලබති. බොහෝ දානවස්තු දුන් මිනිසාට මේ ලෝකයෙහි ලැබෙන විපාකය කවරෙක් වර්ණ්නා කෙරෙත්ද?


සතරවැනි චුලතිස්ස වස්තුවයි. ________

තිස්සාවගේ වස්තුව

1. සඬාතිස්ස මහරජුගේ කාලයෙහි රුහුණු දනව්වෙහි තිස්සම්බතොට නම් ගමෙහි මුද්ධගුත්ත නම් එක් දුගියෙක් විය. ඔහුගේ භාර්යා්වද තිස්සා නමි. ඕ ද එබඳුම ය. ඔව්හු අමාරුවෙන් එහි ජීවත්වන්නෝ අනුන් ගෙන් කහවණු සැටක් පමණ ණයට ගෙන එය ගෙවන්නට නොහැකිවන්නෝ ණයෙන් මිදෙනතුරු ඔහුගේ ගෙදර දාසකම් කොට කාලය ගත කරති. එසමයෙහි ගම්වැස්සෝ බොහෝ භික්ෂූයසංඝයාට ආරාධනා කොට දන් දෙමින් සිල් රකිමින් පින්කම්හි නිරතව වසත්. ඉක්බිති මේ අඹු



48 රසවාහිනී

සැමි දෙදෙනා සියල්ලෝ ම දන් දෙති. අපි හොඳට ම දුප්පත් නිසා දන් දීමට නොහැකි වෙමු. පෙර කිසිවක් නොකළ නිසා දැන් මහ දුප්පත්තු වූහ. දැනුදු කිසිවක් නොකොට අනාගතයෙහි ද මෙසේ වන්නෙමු. යම්කිසි උපායකින් දන් දීමට වටී යයි සාකච්ඡා කළහ. ඉක්බිති ඇයගේ ස්වාමියා සොඳුර, ගම්වැස්සො නොයෙක් සුප ව්ය ඤ්ඡනයන්ගෙන් පංච ගව රසය සමග දන් දෙති. අපි කෙසේ දෙමුදැයි කියා සැඟවුනේ ය. ඕ තොමෝ අද ද හෙට ද මරණයයි නොපැනේ. රළු හෝ ප්රකණීතවූ හෝ දුන්නේ නම් එයම උසස් යයි කියති. මෙසේ කිහ.

2. අද අදම කළයුත්ත කටයුතු ය. හෙට මරණය සිදුවේ දැයි කවරෙක් දන්නේ ද? නොයෙක් සේනා වාහන ඇති මාරයා අප අතර විශ්වාසයක් නැත.

එනිසා හිමියාණෙනි, ප්ර ණීත හෝ රූක්ෂ හෝ වේවා ලබන ලද්දක් එයින් අවස්ථා පැමිණි විට සංඝයාට දන් දෙමු.

මෙසේ කියා දෙවැනි දවස තමන්ගේ දිළිඳුකම නිසා කාඩි බත ලුණු නොදමා පිසූ කර කොළ සමග එක භාජනයක් පුරා හිසින් උසුලති ආසන ශාලාවට ගෙන ගොස් සිටියේ මහලු කළ පැවිදිවූ එක් මහලු පැවිද්දෙක් පැවිදි පඞ්කති ලැබ ඒ භික්ෂු වගේ පාත්රුයෙහි පිහිට වීය. ඒ මහල්ලා ද බත් දැකම දොම්නස්ව කිපී ඒ බත ගෙන බල්ලන්ට බත් දෙන පෝරුවෙහි දැමිමේ ය. මෝහයාගේ විපාක පුදුමයි. ඒ එසේමැයි.

මෙය සුදුසුය. මෙය නුසුදුසු යයි යන්න මුළාවු විට නොදනිති. කළයුත්ත නොකළයුත්ත. කරුණ නොකරුණ නොදනිති.

මෙලොව පමණක් දකිති. අනාගතයක් නොදනිති. හරිහැටි කරුණු නොදන්නා හෙතෙම ගර්භාඒවෙන් මිදීමට පත් නොවේ.



                                           රසවාහිනී                                         49

මෙසේ අවැඩ දායකවූ මෝහය නිතරම අනිටු ඵල ගෙන දේ සියලු සතුන්ගේ සිතෙහි නොම පවතීවා.

3. ඉක්බිති ඕ උපාසිකා තොමෝ එදැක දොම්නසට පැමිණියේ ගෙට ගොස් ශොක ‍කරමින් වැදහොත්තේ ය. ඉක්බිති ඇගේ ස්වාමියා කැලැවෙන් පැමිණ ඒ දැක සොඳුර, අමාරුවක් දැයි ඇසීය. ඕ තොමෝ සැමියාට නොකැමැත්තෙන් දන් දුන් නිසා පිළිවදන් නොදන්නී ය. ඉක්බිති ඕ තොමෝ සැමියා විසින් නැවත නැවතත් විචාරණ ලද නිසා සියලුම ප්රොවෘත්තිය කීවේ ය. ඒ අසා හෙතෙම නොසතුටු සිත් ඇත්තේ සොඳුර, කුමක් කරමුද? මෙය අපේම වැරැද්දයි. මේ බුඬොතපාද කාලයෙහි අපට පිහිටක් නොකර ගත්තමු නම් අපේම පිරිහීම වන්නේය. ඒනිසා දන් දියයුතුමය යයි කියා ඔව්හු දෙදෙනාම එක් ඊශ්වර කුලයකට ගොස් තමන්ගේ පුතා මිළ කොට ඒ ගෙදරට දී කහවණු 8 ක් වටිනා එළදෙනක් ගත්තෝ ය. ඒ එළදෙන එදවසම එක් වස්සකු වැදුවා ය. දෙවැනි දවස් හි ඒ තොමෝ ඒ දෙනගේ කිර දොවනා කාලයෙහි දන්දීමේ අදහසට පැමිණ නැලි දෙකක් පමණ තෙල්ම දුන්නී ය. ඉක්බිති ඔව්හු තෙල් ගෙන දන් සම්පාදනය කොට භික්ෂුමන්ට දන් දුන්හ. ඉක්බිති ඕ තොමෝ දෙවැනි දින පටන් පෙරබත් කාලයෙහි සතරක්ය, පසුබත් කාලයෙහි සතරක් යයි නිත්යපයෙන්ම නැළි අටක් පමණ සුවඳ ගිතෙල් ම දෙන්නීය. එයින් මේ දෙමාල්ලෝ පෙරබත් කාලයෙහි ලබන ලද නැළි සතර ගෙන භික්ෂු්න්ට ගිතෙල් බත් දෙති. බතින් පසු ලැබු ගිතෙලින් පහන් පූජා කරති. භික්ෂුතන් වහන්සේට බෙහෙත් පිණිස දෙති මෙසේ කල් ගෙවෙත්ම මේ ගමේ වසන එක් රාජ පුරුෂයෙක් ඔවුන්ට ගිතෙල් ලැබීමේ පුවත අසා කොල මටත් පින්වත්නි. ගිතෙල් ගෙන එත්වා යයි මිනිසුන් යැවී ය. ඒ පණිවුඩ කරුවන් ගේ කථාව අසා මෙසේ කීවාහු ය. අපිදු ගිතෙල් පාවිච්චි නොකරමු. ලැබූ හැටියෙන් භික්ෂුී සංඝයාට දන්දෙමු. පහන් පූජාදිය කරමුයි එයින් කිසිවක් නුදුන්නේ ය.




50 රසවාහිනී

ඉක්බිති ඒ රාජපුරුෂයා යවන ලද මිනිසුන් ගෙන් ඒ කථාව අසා බොලව් තෙපි රජුන්ට සුදුසු ගවරසය සඟවාගෙන වළඳව්. රජුට දන්වා ගිතෙල් තෙපිට කවන්නෙමියි තර්ජනය කරන්නේ බිය කරවීය. ඉක්බිති මුඞ්ගුත්ත බිරියට කීවේය. සොඳුර, මිනිසුන්ට යම්කිසි බියක් උපදීනම් එය අසත්පුරුෂයකුගෙන්ම උපදී මේ හිස් මිනිසා රජුට කියා අපගේ දානයට අනතුරු කරන්නේ ය. මෙය නොමැනිවී. ඔහුට නැලි බාගයක් පමණ දෙමු යයි කියා ‍නිතරම නැලි බාගයක් පමණ තෙල් දෙති. ඉක්බිති පසු කාලයක ඒ රාජ පුරුෂයා රජුගේ උවටැනට ගියේ ය. ඔහු ගිය බව දැන ඔව්හු ඔහුට තෙල් නුදුන්නේය. ඉක්බිති හේ රජුගේ උපස්ථානයට ගොස් බත් අනුභව කරන්නේ ගිතෙල් ගෙනවීය. ඔහුගේ බිරිය ස්වාමීනි, නුඹවහන්සේ ගිය කාලයේ සිට ගිතෙල් නුදුන්නහු ය යි කීයේය එය අසා දණ්ඩෙන් පහර ලත් සර්පේයකු සේ කිපුණේ ය. ඒ එසේමැයි අසත් පුරුෂයාගේ නොතැන්හිම කිපෙති. එහෙයින් කියන ලදී.

4. කාරණයක් ඇති කල්හිම බිය ජනක සර්පසයෝ කිපෙති. අධම මිනිස්සර්පගයෝ කරුණක් නොමැතිව කිපෙති.

ඉක්බිති හෙතෙම රජු සමීපයට ගොස් දේවයන් වහන්ස, ඔබතුමාට සුදුසු භාණ්ඩයක් එකෙක් සඟවා ගෙන තෙමේම වළඳවයි කීවේ ය. රජතුමා අසත් පුරුෂයාගේ වචනයෙන් එම මගට පිළිපන්නේ එසේ නම් කොළ එකම ඒ දෙන ගෙන ඊම අයුතුය. ඔබම ඒ ඵලදෙනත් සමග කපිලවන් දෙනුන් සීයක් ගෙනෙවයි නියෝග‍ කෙළේ ය. හෙතෙමේද ගම් නියම් ගම් වල හැසිර ඒ දෙනත් සමග දෙනුන් සියයක් ගෙන රජුට දැන්වීය. ඉක්බිති දෙනගේ අයිතිකරු ද භාර්යාැව සහිතව දෙන අලඞ්කාරයෙන් සරසා තෙල් දොවයි කීයේ ය. දේවිය විසින් දොවනා කාලයෙහි එක තෙල් බින්දුවක් පියයුරෙන් නොපැමිණියේ ය.





                                           රසවාහිනී                                        51

5. ඉක්බිති රජතුමා දෙනගේ අයිතිකාරිය කැඳවව් යයි කැඳවා ඇයද සියලු අලංකාරයන් ගෙන් සරසා තෙල් දොවවයි කීයේය. ඕ තොමෝ ද යහපති දේවයන් වහන්ස යයි කියා දෙන නොදෙවි දින ගණන් බොහෝ ය. දෙකක් තුනක් සැලවල් ගෙන්වා ගෙන තමන්ගේ ශ්ර ඩාව කල්පනා කොට දෙනගේ පියයුරු ගත්තේය. ඉක්බිති ඇගේ අතින් ස්පර්ශප කළ හැටියේම පියයුරෙන් ඉබේටම තෙල් වැගිරිණ. ඕ තොමෝ සැලි පිරවූ ගිතෙල් රජුට දැක්වීය. රජතුමා තෙල් බලා මෙතෙක් කල් මේ ගිතෙලින් කුමක් කෙළේදැයි ඇසී ය. ඕ තොමෝ තමන්ට දෙන ලැබුණු සැටි ද ගිතෙල් භික්ෂුින් වහන්වසේට දීම මම දෙන ගෙන ආ බව ද යන සියල්ල කීවා ය. මේ අසා රජතුමා මෙසේ නම් මේ ගිතෙල් අප විසින් පාවිච්චි කිරීම නුසුදුසු යයි කියා නුවරද පස්මහ ආවාසවල භික්ෂූ න් වහන්සේ රැස් කරවා ඇයගේ ශ්ර ඩා බලය ප්රමකාශ කොට ගිතෙල් සංඝයාට දෙව වයි. ඊට පසු දෙනගේ අයිති කාරිය කැඳවා ඒ ජනපදය ඇයටම දී භේදකාරී රාජ පුරුෂයා ඇයටම මෙහෙකාරයකු කොට දුන්නේ ය. ඉක්බිති ඒ අඹු සැමි දෙදෙන එම දනව්වෙහිම වසමින් දිවිතෙක් කුසලකම් කොට දෙව්ලොවට ගියාහු ය.

දිළිඳු ධනය නොමැති මිනිස්සු තුනුරුවන්හි ශ්රෙඬාව වඩා බොහෝ ස්වර්ග සම්පත්තිය ලබති. එනිසා රතනත්ර යෙහි ම ශ්රනඬාව වඩව්.

පස්වැනි තිස්සාවගේ වස්තුවයි. _____

"https://si.wikibooks.org/w/index.php?title=රසවාහිනී_ජාතකට්ඨ_කථා_-_vi&oldid=5817" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි