රසවාහිනී ජාතකට්ඨ කථා - ix
ථුපවංසය
1. යම් චෛත්ය යක සවණක් ගණ බුදුරැසින් බබලන බුදු රජාණන් වහන්සේගේ ශ්රීම ධාතු ලෝක හිත යට හේතු වූ බුදු රජාණන් වහන්සේ ගේ රූපය මැවු අතිශයින් අද්භූතවූ ඒ චෛත්ය යට ශීර්ෂජප්රේණාමයෙන් වැඳ
මුළු මහත් ලෝකයට හිතය ගෙන ගෙන දෙන සියලු මිනිසුන්ට සතුටට කරුණුවු. දෙව් මිනිසුන් විසින් නිතර පුදන ලද රුවනින් බබළන් චෛත්ය යාගේ වංශය.
පුරාතන භික්ෂුයන් වහන්සේ විසින් සිංහල මිනිසුන් සඳහා කරන ලද ථූපවංසය සිංහල භාෂාවෙන් පිළියෙළ කරන ලද නිසා සියලුම ජනතාවට මනාකොට වැඩ ඉටු නොවේ.
මාගධි භාෂාවෙන් කරල ලද ඒ ථූපවංසය විරුඬ නීති හා ශබ්දයන්ගෙන් ආකුල හා කියයුතු බොහෝ දේ නො කියා ඇති නිසා මම නැවතද ථුපවංසය කියමි.
සම්පූර්ණප වූ නිරවුල් වූ බුදු රජාණන් වහන්සේගේ ථූපය පිළිබඳ වංශය මා විසින් කියනු ලැබේ. සත්පුරුෂවරුනි, නුඹලා එය මනාකොට අසව්.
2. මෙහි ථූපයාගේ වංශය කියන්නෙමි යි යන මෙහි තථාගත අර්හත් සම්ය.ත් සම්බුදු රජාණන් වහන්සේ ස්තූප කරණයට සුදුසු ය. පසේ බුදු රජාණන් වහන්සේගේ ශ්රාුවක යන් වහන්සේ ද ස්තූප කරණයට සුදුසු ය. චක්රනවර්ති රජ තුමා ද ස්තූපකරණයට සුදුසු ය. යන කියමන නිසා ස්තූප කරණයට සුදුසු බුදු රජාණන් වහන්සේ ගේ ධාතු නිදන් කොට කරන ලද චෛත්ය ය විශෙෂයෙන් උස්ය යන අදහසින් ථූපයයි කියයි. මෙහි දි රුවන්වැලි සෑය අදහස් කෙරේ.
162 ථුපවංසය
ඒ චෛත්යලය කාගේ ධාතු නිධාන කොට කරන ලද්දේද? යමෙක් දිපඞ්කර බුදු රජාණන් වහන්සේ ආදි කොටැති සූවිසි බුදු වරුන්ගේ සමීපයෙහි ලැබු විවරණ ඇත්තේ සම තිස් පෙරුම් පුරා උතුම් සම්බෝධියට පැමිණ දම්සක් පැවතුම් සුත්රමයේ පටන් සුභද්රම පැවිද්දා භික්මවීමෙන් සම්බුදු කිස නිමවා අනුපාධිශෙෂ පරිනිර්වාරණයෙන් පිරිනිවියේ ඒ භාග්ය වත් සම්ය්ක් සම්බුදු රජාණන් ගේ ධාතු පිහිටුවා කරන ලද්දේ ය. මේ සංෙක්ෂයප කථාව යි. විස්තරවශයෙන් දත යුතුය.
3. මෙයට කල්ප ලක්ෂනයකට අධික සාරාසඞ්ඛ්යෙේයක්හු ගේ මත්තෙහි අමරවතී නම් නුවරක් විය. එහි සුමෙධනම් බමුණෙක් වසයි. හෙතෙම අන් දෙයක් නොකොට බ්රා්හ්මණ ශිල්පයම ඉගෙන ගත්තේය. ඔහු කුඩා කලම ඔහුගේ දෙමාපියෝ කළුරිය කළාහුය. ඉක්බිති අය කැමි ඇමැතියා අය පොත ගෙනවිත් රන් රුවන් මැණික් මුතුවලින් පිරී ගිය ගබඩා ඇර කුමාරයාණෙනි. මෙපමණක් ඔබගේ පියා සතු ධනයයි, මේවා මුතුන් මිත්තන්ගේ ය. මෙසේ සත් වැනි කුල පරපුර දක්වා ධනය ගැන කියා මේවා පරිහරණය කරන්න යයි කියේ ය.
හෙතෙම යහපතැයි පිළිගෙන ගිහි ගෙදර වසිමන්එක් දිනක් මෙසේ සිතීය. නැවත ජීවිතයක පිළිසිඳ ගැනීම දුකයි. උපනුපන් තැන මරණය ද දුකයි. මම ද උත්පත්තිය. ජරාව. රෝග, මරණය ස්වාභාව කොට ඇත්තෙමි. මෙවැනි මා විසින් ජාතියක නැති, ජරාවක් නැති, ලෙඩක් නැති, මරණයක් නැති සැපවත් සිහිල් නිවන සොයන්නට වටී යයි මහණ කමට කරුණු සිතා නැවත සිතීය. මේ සියලු ධනයට මගේ පිය මුතු ආදීහු පරලොව යන විට එක් කහ වණුවක් වත් ගෙන නොගියහ. මා මේවා අරගෙන යා යුතු යයි නුවර බෙර හසුරුවා මහාජනයාට දන් දී හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව සතියක් තුල පඤ්චාභිඤ අෂ්ටසමාපත්ති උපදවා සමවත් සැපයෙන් කල් යැවීය.
ථූපවංසය 163
4. එකල්හි දිපඞ්කරනම් බුදු රජාණන් වහන්සේ උතුම් සම්බෝධියට පැමිණ සත්සතියක් බෝධිය සමීපයෙහිම කාලය ගෙවා සුභද්රාඋරාමයෙහි ධර්මණචක්රෝය පවත්වා කෙළ සියයක් දෙව් මිනිසුන්ට දහම් නමැති අමාව පොවමින් සතර දිගට එකසේ වසින මහ වැස්සක් සේ ධර්මද වර්ෂාිව වස්වමින් සාරදහසක් රහතුන් වහන්සේලා පිරිවරා පිළිවෙළින් දනව් සැරිසරමින් විත් රඹහම් නම් නුවරට පැමිණ සුදර්ශපන මහා විහාරයෙහි වාසය කරන සේක. එකල්හි රඹගම්නම් නුවර වැස්සෝ ගිතෙල් උක්සකුරු ආදි බෙහෙත් ගෙන්වා මල් සුවඳ දුම් වර්ගන ගත් අත් ඇතිව බුදු රජාණන් වහන්සේ වාසය කරන තැනට එළඹ උන්වහන්සේට නමස්කාර කොට, මලින් පුදා එකත් පස්ව හිඳ බණ අසා හෙට දිනට දානයට බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට හුනස්නෙන් නැගිට බුදුරජාණන් වහන්සේ පැදකුණු කොට ගියාහු ය. ඔව්හු දෙවැනි දින දසදිස මහදන් පිළියෙළ කොට බුදු රජාණන් වහන්සේ වඩින මාර්ගවය ශුද්ධ කරති.
5. එකල සුමෙධ තාපස තෙම තමන් ගේ අසපුවෙන් උඩට නැගී රඹගම් නුවර වැසි ඒ මිනිසුන්ගේ උඩින්. අහසින් යන්නේ ඔව්හු තුටුපහටුව මග පිරිසුදු කරනු දැක කුමන හේතුවක් දැයි සිතන්නේ සියල්ලන්ම බලා සිටිද්දී අහසින් බැස එකත් පසක සිට ඒ මිනිසුන් විචාළේ ය. පින්වත්ති, කවරකු සඳහා මේ මග පිරිසුදු කරව්ද? ඔව්හු කීහ. ස්වාමිනී, සුමේධ තාපසයාණෙනි. කිමෙක් ද නුඹවහන්සේ නොදන්නා සේක් ද? දීපඞ්කර බුදු රජාණන් වහන්සේ උතුම් සම්බෝධි යට පැමිණ දම්සක් පවත්වා දහම් සැරිසරන්නෝ පිළිවෙළින් අපගේ නුවරට පැමිණ සුදර්ශ්න මහා විහාරයෙහි වසනසේක.අපි ඒ බුදු රජාණන් වහන්සේ ආරාධනා කෙළෙමු. ඒ බුදු රජාණන් වහන්සේ වඩිනා මාර්ග ය පිරිසිදු කරමුයි. මේ ඇසු සුමේධ තාපස තෙම මෙසේ සිතුවේ ය. බුද්ධ යන වචනය ඇසීමද දුර්ලරභයි. බුද්ධෝත්පාදය ගැන කියනුම කවරේ ද? එසේ වීනම් මා ද මේ මිනිසුන් සමග බුදුරජාණන් වහන්සේ වඩිනා මග ශුද්ධ කරන්නට සුදුසු ය. හේ මිනිසුන්ට
164 ථූපවංසය
මෙසේ කීයේ ය. යම් විදියකින් මේ පාර බුදු රජාණන් වහන්සේට පිරිසිදු කරව් ද මට ද එක් කොටසක් දෙව්. මමත් නුඹලා සමග පාර පිරිසුදු කරමියි. ඔව්හු යහපතැයි පිළිගෙන මේ සුමෙධ පණ්ඩිත තෙම මහත් සෘද්ධි ඇති බව දන දුකසේ පිරිසුදු කළයුතු දියබු ඉතාම විෂම ස්ථානයක් ගැන සිතා මේ ස්ථානය නුඹවහන්සේ ශුද්ධ කරනු මැනවි. අලඞ්කාර කරනු මැනවි යයි දුන්හ.
6. සුමේද පණ්ඩිත තෙම බුඩාලම්බන ප්රිඅතිය උපදවා සිතී ය. මම මේ කොටස සෘඞියෙන් පරම දර්ශනීය කරන්නට පොහොසත් වෙමි. එසේ කිරිම මගේ සතුටට හේතු නොවේ. අද මා විසින් කළයුතු වතාවතක් කිරීම වටී යයි පස් ගෙන්වා ගෙන ඒ පෙදෙස පුරවයි. ඔහුගේ මේ කොටස පිරිසුදු කිරීමට පෙරම රඹගම් නුවර වැසියන් විසින් කාලය දැන්වූ කල්හි බුදු රජාණන් වහන්සේ දැසමන් මල් හා සමාන දෙපට සිවුරක් තෙමඩුලු කොට ඇද පොරවා ඊමත රන් සවඩියකින් මල් සමූහයක් වට කරන්නා සේ විදුලිය හා ශොභාමත් පටිය බැඳ රන්ගිරි හිස් මත්තෙහි ලා රස වගුරු වන්නා සේ රන් සෑයක් පබළු දැලකින් වටකරන්නා සේ රන් කරඬුවක් රතු කම්බිලියක් මුදන්නා සේ සරත් සඳ රත් වලාවකින් වසන්නාසේ ද ලා රසයෙන් කැල මල් වැනි රතු පාංශුකූල චීවරයක් පොරවා ගඳ කිළි දොරෙන් රන් ගුහාවකින් සිංහයකු නික්මෙන්නා සේ නික්මී ෂඩ් අභිඥා ලාභී රහතුන් වහන්සේලා විසින් පිරිවරන ලද්දේ දෙව් පිරිස පිරිවරා දහසක් නෙත් ඇත්තා (ශක්රපයා) මෙන් බ්රකහ්ම සමූහයා පිරිවරාගත් මහා බ්රකහ්මයා මෙන් නොයෙක් කාලයන්හි එකතු කරන ලද කුසල් බලයෙන් හට ගත් උපමා රහිත බුද්ධ ලීලාවෙන් තුරු සමූහයා පිරිවැරූ සරත් සඳ සේ අහස් තලය වැනි අලංකාරයෙන් පිළියෙළ කරන ලද මඟට පිළිපන්නේ ය.
7. සුමෙධ තාපසයාණෝ ද එ සරසන ලද මගින් වඩින දීපඞ්කර බුදු රජාණන් වහන්සේගේ දෙතිස් පුරිස ලකුණින් ශොභාමත් අසු අනු ලකුණෙන් රැඳුණු බ්යාිම ප්රුභාවෙන්
ථූපවංසය 165
වට කළ ශොභාමත් ඉඳුනිල් මැණික් හා සමාන අහසෙහි නන් වන් විදුලිය මෙන් සවණක් ගණ බුදුරැස් විසුරුවමින් රූපයෙන් අගතැන් පත් ජීවිතය බලා අද මා විසින් බුදුන්ට ජීවිතය පරිත්යාෙගය කළ යුතුයයි බුදු රජාණන් වහන්සේ මඩ නොපාගාවා! මැණික් මුවා හේ දණ්ඩක් පාන්නා සේ සාර ලක්ෂසයක් රහතන් වහන්සේ සමග මගේ පිට පාගමින් යන සේක්වා! එය මට බොහෝ කලක් හිත සැප පිණිස පවතී යයි කෙස් මුදා අඳුන් දිවිසම් වැහැරි සිවුරු මඩමත එලා ඒ මඩ මතම වැද හොත්තේ ය. වැදහොත් සුමේධ පණ්ඩිත තෙම ඉදින් මට කැමැත්තෙම් නම් සියලු කෙලෙස් දවා සංඝයාගේ තවකයෙක්ව රඹගම් නුවරට පිවිසිය හැක. මට රහසිගතව කෙළෙස් දවා නිවන් ලැබීමෙන් මට වැඩක් නොමැත. මමත් දීපඞ්කර බුදු රජාණන් වහන්සේ මෙන් උතුම් සම්බෝධියට පැමිණ දහම් නැවට නංවා මහා ජනයා සසර සයුරෙන් එතෙර කොට පසුව පිරිනිවන් පාන්නෙම් නම් මැනවි. මෙය මට ගැලපේ යයි සිතා ධර්මන අටක් එක් වීමෙන් බුදු බැව් පිණිස ප්රාිර්ථෙනා කොට වැද හොත්තේ ය. දීපඞ්කර බුදු රජාණන් වහන්සේ ද පැමිණ සුමෙධ පණ්ඩිතයන් ගේ හිස් දොර සිට මඩ මත නිපන් තවුසා දැක මේ තාපසයා බුදුවීමට පෙරුම් පුරා හොත්තේ ය. මොහු ගේ ප්රාසර්ථනනාව ඉටුවේද නොවේ දැයි සලකන්නේ අනාගතයෙහි ගෞතම නම් බුදු වන්නේ යයි දැන සිට ගෙනම පිරිස මැද ප්රිකාශ කෙළේ ය. මහණෙනි, බලව්, මේ මඩමත හොත් උග්රැ තපස් ඇති තාපසයා. එසේය ස්වාමීනී, මේ තෙමේ බුදු වීම සඳහා ප්රාපර්ථරනා කොට වැද හොත්තේ මොහුගේ ප්රා්ර්ථ නාව කල්ප ලක්ෂසයක් අධික කොටැති සාරාසංඛ්යෙ යක්හු ගේ ඇවෑමෙන් ගෞතම නම් බුදු වන්නේ යයි සියල්ල ප්රැකාශ කළ සේක.
බුද්ධ වංශයෙහි එහෙයින් කියන ලදී.
8. දන් පිළි ගැනීමට සුදුසු දීපඞ්කර බුදු රජාණන් වහන්සේ මගේ හිස් දොර සිටගෙන මේ වචන කීවේ ය.
166 ථූපවංසය
මේ උග්ර තපසින් යුත් තාපසයා දෙස බලව්. මොහු මෙයින් අප්ර මාණ කල්පයන් ගෙවී ගිය පසු ලෝකයෙහි බුදු වන්නේ ය.
සිත්කළු කපිලවාස්තු නම් නගරයෙන් නික්ම පධන්වීර්යය කොට දුෂ්කරක්රිවයා කොට.
අජපාල නුගගසමුල තථාගතයන් වහන්සේ වැඩ හිඳ එහිදී කිරි පිඬු පිළිගෙන නෙරඤ්ජරාවට පැමිණිසේක.
නෙරඤ්ජරා ගං ඉවුරෙහිදී ඒ බුදු රජාණන් වහන්සේ කිරිපිඬු පිළිගෙන සරසා නිමකළ මඟින් බෝ මුලට වන්නේය.
ඉක්බිති ඒ උත්තමයා බෝමැඩ ප්රිදක්ෂිවණා කොට ඇසතු ගස මුලදී බුද්ධත්වතය අවබෝධ කරන්නෝ ය.
මොහු ගේ මව මහාමයා නම් වන්නී ය. පියා ශුද්ධොදන වෙයි. මොහු ගෞතම නම් වන්නේ ය. ආශ්ර වයන් ගෙන් තොර විතරාගී වූ සන්සුන් ඉඳුරන් ඇති කෝලිත - උපතිස්ස දෙදෙනා අග්රෙ ශ්රා වක වන්නාහ.
මේ බුදුරජාණන් වහන්සේට ආනන්ද නම් උපස්ථායකයෙක් වන්නේ ය. ඛෙමා - උත්පලවර්ණ , දෙදෙලනා අග්ර ශ්රාාවිකා වන්නෝ ය.
ආශ්ර.ව නැතිකළ වීතරාගීවූ සන්සුන් ඉඳුරන් ඇති එකඟ සිත් ඇති ඒ බුදුරජාණන් වහන්සේ ගේ බෝධය ඇසතු වන්නේ ය.
අභිනීහාර කථා ____
1. ඊටපසු දීපඞ්කර බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව යන් වහන්සේට ප්රාශංසා කොට මල් අටමිටක් පූජාකොට ප්රධදක්ෂිබණා කොට වැඩි සේක. සාරදහසක් රහත්හු ද බෝසතාණන්ට මලින් හා සුවඳින් පූජාකොට ප්ර්දක්ෂිරණා කොට ගියාහු ය. දිව්යි මනුෂ්යෂයෝ ද එසේම පූජාකොට
ථූපවංසය 167
වැඳ ගියා හුය. ඉක්බිති බෝසත් තෙම බුදුරජාණන් වහන්සේ ගේ ප්ර කාශනය අසා බුදුබව අත්තලයට පැමිණියා මෙන් සිතමින් සතුටින් පිනාගිය හෘදයක් ඇත්තේ සියල්ල ගියායින් පසුව යහතින් නැගිට මල්රැසමත පලඟක් බැඳ හුන්නේ බුදුකුරු දම් සලකමින් බුදුකුරු දම් කොහේදෝ යි සලකන්නේ ඒ ධර්මේ උඩ ද යට ද දිශාවන්හි ද අනුදිශාවන්හිදැයි ක්රධමයෙන් මුළු මහත් ධර්මනධාතුව පරීක්ෂාය කරන්නේ පෞරාණික බොධිසත්ව යන් විසින් සෙව්නාලද විශේෂයෙන් සෙව්නාලද පළමුවැනි දානපාරමිතාව දැක එහි දැඩිවගෙව මෙසේ පිළිවෙළින් ශීල - නෛෂ්ක්රිම්ය - ප්රවඥ - වීර්යා - ක්ෂා න්ති සත්යජ - අධිෂ්ඨාන - මෛත්රී් - උපෙක්ෂාි පාරමිතා දැක එහි දැඩිවගෙන දෙවියන් විසින් ස්තුතී කරනලද්දේ අහසට පැනනැඟී හිමාලයට ගියේ ය.
2. දීපඞ්කර බුදුරජාණන් වහන්සේ සාර ලක්ෂ්යක් රහතන් වහන්සේ පිරිවරාගෙන රඹගම් වැස්සන් විසින් පුදනු ලබන්නේ දේවතාවන් විසින් සතුටු කරන්නේ සරසනලද මාර්ගවයෙන් රඹගම් නුවරට ඇතුල්ව පනවන ලද බුදු අසුනෙහි හුන්නේ ය. භික්ෂූ් සංඝයා ද තමතමන්ට පැමිණි ආසනවල හුන්නේ ය. රඹගම් නුවර වැසි උපාසකයෝ ද බුදුන් ප්ර මුඛ භික්ෂුසන් වහන්සේට මහදන් දී වළඳා අවසන්කළ පාත්ර ය බහා තබා බුදුරජාණන් වහන්සේට මල්සුවඳින් පූජාකොට දන් අනුමෝදනාව අසනු කැමැත්තෝ ම වාඩි ගත් හ. බුදුරජාණන් වහන්සේ ද ඔවුනට අනුමෙවනිදම් කරන්නේ දාන ශීල - සර්ගබකථාත් කාමයන්ගේ ආදීනවත් ආකාරයත් කෙළසීමත් නෛෂ්ක්ර ම්යසයේ ආනිසංසත් ප්ර්කාශ කොට නිර්වාසණය කෙළවර කොට ධර්මකකථාව කීසේක. මෙසේ ඒ මහා ජනයාට ධර්මිය දේශනා කොට සමහරෙක් සෝවාන්ඵලයෙහි ද, සමහරෙක් සකෘදාගාමි ඵලයෙහි ද සමහරෙක් අනාගාමි ඵලයෙහි ද සමහරෙක් සිවුඵලයෙහි ද සමහරෙක් ත්රීහ විද්යා්වෙහි ද සමහරෙක් ෂඩ් අභිඥාවන්හි ද සමහරෙක් අෂ්ටසමාපත්ති ඵල පිහිටුවා ආසනයෙන් නැඟිට රඹගම් නුවරින් නික්මී සුදර්ශෙන මහා විහාරයට ම පිවිසියේ ය.
168 ථූපවංසය
එහෙයින් කියන ලදී.
3. එකල්හි ඔව්හු සංඝයා සහිත ලෝකනාථයන් වහන්සේ වළඳවා දීපඞ්කර බුදුන්ගේ සරණ ගියාහු ය.
තථාගතයන් වහන්සේ සමහරෙක් සරණාගමනෙහි පිහිටුවත්. සමහරෙක් පන්සිල්හිද තවත් අය දස සිල්හි ද,
සමහරෙකුට සතර ශ්රාදමණ්යස ඵලද, සමහරෙකුට අසමවූ පටිසම්භිදාවද දෙයි.
සමහරෙකුට උසස් අෂ්ටසමාපත්ති ද, සමහරෙකුට ත්රිමවිද්යාටව ද ෂඩ් අභිඥා ද දෙයි.
මේ අවස්ථාව අනුව බුදුරජාණන් වහන්සේ මහා ජනයාට අවවාද කළසේක. බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය උන්වහන්කසේ විසින් විස්තර කරනලදී.
මහා හනුවක් ඇති, වෘෂභයකුට බඳු කඳක් ඇති දීපඞ්කර නම් බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනා සංසාරයෙන් එතර කරවති. දුගතියෙන් මුදවති.
ඒ බුදුරජාණන් වහන්සේ නිර්වාාණය අවබෝධ කළහැකි මිනිසුන් දැක ලක්ෂදයක් යොදුන් පවා මොහොතකින් ගොස් ඔහුට ධර්මුය අවබෝධ කරවන සේක.
4. මෙසේ ඒ දීපඞ්කර ශාස්තෲන් වහන්සේ අවුරුදු ලක්ෂුයක් සිට සත්ව.යන් සංසාර බන්ධශනයෙන් මුදවන්නෝ සියලු බුදුකිස නිමවා නන්දා රාමයෙහිදී අනුපාධිශෙෂ නිර්වා්ණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.
ඒ දීපඞ්කර බුදුරජාණන් වහන්සේ ගේ ධාතු විසිරී නොගිය හ. රන්පිළිමයක් මෙන් එකඝනව පවතී.
සියලු දඹදිව වාසී මිනිස්සු ගනරන් උළුවලින් තිස්සය යොදුන් මහාථූපයක් කළාහු ය.
ථූපවංසය 169
එහෙයින් කියන ලදී.
දීපඞ්කර බුදුරජාණන් වහන්සේ නන්දා රාමයෙහි දී පිරිනිවිය හ. ඒ බුදුරජාණන් වහන්සේ ස්තූපය සතිස් යොදුනක් උස්ය.
උන්වහන්සේ පාවිච්චි කළ සිවුරු, පාත්ර , පිරකර ආදිය බෝමුල තබා කළ ස්තූපය තුන් යොදුන් උස්ය.
දීපඞ්කර බුදුරජාණන් වහන්සේට මෑතභාගයෙහි එක් අසංඛෙය්යතයක් ඉක්මවා කොණ්ඩඤ්ඤ නම් ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළවූහ. එකල්හි බෝසත්තෙම විජිතාවි නම් සක්විතිව කෙළ ලක්ෂියක් පමණ බුදුරජාණන් වහන්සේ ප්රාධාන භික්ෂුෙසංඝයාට මහදන් දුන්නේ ය. ශාස්තෲන් වහන්සේ බෝසතාණන් වහන්සේ බුදුවන්නෝ ය. යයි ප්රදකාශ කොට ධර්මසය දේශනාකළ සේක. හෙතෙම බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම්කථාව අසා රාජ්යසය භාර දී පැවිදි වීය. තුන්පිටකය ඉගෙනගෙන අෂ්ටසමාපත්ති හා අභිඥා පස ද උපදවා තොපිරිහුණු ධ්යායන ඇත්තේ බ්රිහ්මලෝකයෙහි උපන්නේ ය. ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු ලක්ෂරයක් සිට සියලුම බුද්ධකෘත්යස නිමවා චන්දාණරාමයෙහිදී පිරිනිවන් පෑ සේක. ඒ භාග්යතවතුන් වහන්සේ ගේ ධාතු ද විසිරී නොගියහ. සියලු දඹදිව වැසි මිනිස්සු එක්ව යොදුන් සතක් උස චෛත්යික් කළහ. එය සත් රුවනින් හිරියල්වලින් මැටි කටයුතු ද තෙල් හා ගිතෙලින් ජල කෘත්යහය ද කොට චෛත්ය නිමකළාහු ය.
කොණ්ඩඤ්ඤ නම් බුදුරජාණන් වහන්සේ සිත්කළු චන්දා රාමයෙහි දී පිරිනිවන් පෑවෝ ය. උන්වහන්සේ ට සත් යොදුන් චෛත්ය යක් කෙළේ ය.
5. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේට මෑතභාගයෙහි. එක් අසංඛෙය්ය්ක් ඉක්මවා එකම කපක බුදුවරු සතරනමක් මංගල, සුමන, රෙවත, ශොභිතයයි උපන්හ. මංගල බුදුන්ගේ කාලයෙහි බෝසතාණෝ සුචිනම් බමුණකු වී බුදුරජාණන්
170 ථූපවංසය
වහන්සේට ආරාධනය කරමියි එළඹ මිහිරි බණ කථාව අසා හෙටදවස දනට ආරාධනා කොට කෙළලක්ෂඑයක් බුදුන් ප්රාධාන මහා සංඝයාට සත්දිනක් ගවපාන නම් දනක් දුන්නේ ය. ශාස්තෲන් වහන්සේ අනුමෝදනාව කරන්නේ මහාපුරුෂයාට අමතා ඔබ කල්ප ලක්ෂශයක් අධික කොට ඇති දෙ අසංඛෙයක්හු ගේ මත්තෙහි ගෝතම නම් බුදුවන්නේ යයි ප්ර කාශ කළහ. මහා පුරුෂ තෙම මේ විවරණය අසා මම බුදුවෙම්ල (එනිසා) මට ගිහිගෙයි විසීමෙන් ඇති ප්රතයෝජනය කුමක් ද? පැවිදි වෙමියි සිතා එබඳු සම්පත්තිය කෙළ පිඩක් සේ අතහැර බුදුරජාණන් වහන්සේ සමීපයෙහි මහණව බුදුවදන් ඉගෙන පංචභඥා අෂ්ට සමාපත්ති උපදවා ආයු කෙළවර බ්ර හ්මලෝකයෙහි උපන්නේ ය. ඒ බුදුරජාණන් පිරිනිවි කල්හි ධාතු විසිරී නොගියේ ය. දඹදිව වැසියෝ පෙරමෙන් තිස්යොදුන් චෛත්ය යක් කළහ.
එහෙයින් කියන ලදී.
වසභ නම උයන මංගල නම් බුදු කෙනෙක් උපන්හ. එතැනම උන්වහන්සේ සඳහා ගොඩනැඟූ චෛත්ය ය තිස් යොදුන් ය.
6. උන්වහන්සේට මෑත සමයක සුමන නම් බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි උපන්සේක. එකල්හි බෝසතාණෝ අතුල නම් මහත් වූ ආනුභාව හා සෘද්ධි ඇත් නාරජෙක්ව උපන්නේ ය. හේ බුදුහු උපන්නෝ යයි අසා නෑ සමුහයා විසින් පිරිවර නා භවනින් නික්මී කෙළලක්ෂ්යක් භික්ෂූාන් වහන්සේ පිරිවරා කොටැති බුදුරජාණන් වහන්සේට දිව්ය්මය තූර්යූයන්ගෙන් පුදකොට මහදන් පවත්වා වෙනවෙන වස්ත්රසයුග්මයන් පුදා සරණ සිල්හි පිහිට වූයේ ය. උන්වහන්සේ ද බෝසතාණන් අනාගතයෙහිදී බුදුවන්නේ යයි ප්රවකාශ කෙළේ ය. ඒ බුදුරජාණන් පිරිනිවි කල්හි ද ධාතුහු නොවිසුරුණාහ. දඹදිව් වැස්සෝ පෙරමෙන් යොදුන් හතරක චෛත්යියක් කළාහු ය.
ථූපවංසය 171
එහෙයින් කියන ලදි.
යසස් දරණ සුමන නම් බුදුරජාණන් වහන්සේ අග්ගාරාමයෙහි පිරිනිවිසේක. ඒ බුදුරජාණන් ගේ චෛත්යූය එතනම යොදුන් පහක් උස්ව ගොඩ නැඟීය.
උන්වහන්සේට මෑත භගයෙහිදී රේවත නම් බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක. එකල්හි බෝසතාණෝ අතිදෙවනම් බමුණුව ශාස්තෲන් වහන්සේ ගේ ධර්ම ය අසා සරණ සිල්හි පිහිටා හිසෙහි ඇදිලි බැඳ ඒ බුදුරදුන් ගේ කෙලෙස් පහකිරීමේ ආනිසංස කියා උතුරු සළුවෙන් පූජාවක් කෙළේ ය. උන්වහන්සේ ද බෝසතාණන්ට බුදුවන්නේ යයි විවරණ දුන් සේක. උන්වහන්සේ පිරිනිවන් පෑ කල්හි ධාතුහු විසිරී ගියහ.
එහෙයින් කියන ලදී.
රේවත නම් උතුම් වූ බුදුපියාණන්වහන්සේ ද මහා පුරයෙහි දී පිරිනිවන් පෑවේ ය. ඒ ඒ ප්රුදේශවල ධාකූහු විසිරී ගියහ.
8. උන්වහන්සේට මෑත කාලයෙහි ශෝභිත නම් බුදුවරයෙක් ලොව පහළ වූ සේක. එකල්හි බෝසතාණෝ අජිත නම් බමුණෙක් ශාස්තෲන් වහන්සේ ගේ ධර්ම් දේශනාව අසා සරණ ශීලයෙහි පිහිටා බුඬප්රසමුඛ මහා සංඝයා වහන්සේට මහදන් දුන්නේ ය. ඒ බුදුරජාණන් වහන්සේ ද මහබෝසතාණෝ බුදුවන්නෝ යයි විවරණ දුන්හ. ඒ භාග්ය වතුන් වහන්සේ ගේ ධාතුහු ද විසිරී නොගියහ.
එහෙයින් කියන ලදී.
ශොභිත නම් සම්මාසම්බුදුරජාණන් වහන්සේ සීහාරාමයෙහිදී පිරිනිවන් පෑ සේක. ඒ ඒ ප්ර දේශවල ධාතු විසිරි ගියේය.
172 ථූපවංසය
උන්වහන්සේට මෑතභාගයක එක් අසංඛෙය්ය යක් ඉක්මවා එකම කල්පයෙහි අනෝමදස්සී, පදුම, නාරද යයි බුදුවරුන් තුන්දෙනෙක් උපන්හ. අනෝමදස්සි බුදුන් ගේ කාලයෙහි බොසත්තෙම එක් යක්ෂහසෙනාපතියෙක් වූයේ ය. හේ මහත් සෘද්ධි හා මහානුභාව ඇත්තේ ය. නොයෙක් කෙළ ලක්ෂනයක් යක්ෂගයන්ට ප්රතධාන වීය. හෙතෙම බුදුන් උපන්නේ යයි අසා පැමිණ බුදුරජාණන් වහන්සේ ප්රනධාන මහාසංඝයා වහන්සේට මහාදානයක් දුන්නේ ය. ශාසතෲන් වහන්සේ ද ඔහු අනාගතයෙහි බුදුවන්න් යයි ප්රාකාශ කොළෝය. අනොමදස්සි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි ධාතුහු විසිරී නොගිය. දඹදිව් වැස්සෝ විසිපස් යොදුන් ස්තූපයක් කළාහු ය.
එහෙයින් කියන ලදී.
අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ධර්මාතරාමයෙහි දී පිරිනිවන් පෑ වෝ ය. ඒ බුදුරජාණන් වහන්සේට එහිම පස්විසි යොදුන් උස ස්තූපයක් වීය.
10. ඒ බුදුරජාණන් වහන්සේට මෑතභාගයෙහි පදුම නම් බුදුවරයෙක් පහළ වූහ. තථාගතයන් වහන්සේ අගාමක ආරණ්යසයෙහි වාසය කරන කාලයෙහි බෝසත් තෙම සිංහයකු වී බුදුරජාණන් වහන්සේ නිරොධ සමාපත්තියෙන් යුක්තබව දැක පැහැදී වැඳ ප්ර දක්ෂීමණා කොට ප්රීලතියෙන් හා සොම්නසින් යුක්තවූයේ තෙවරක් සිංහනාද කොට සත්දිනක් බුදුරජාණන් අරබයා හටගත් ප්රීෙතිය අත්නොහැර ප්රී තිසැපයෙන්ම ගොදුරු සඳහා නොගොස් ජීවිතය පරිත්යාෙග කොට උපස්ථාන කරමින් සිටියේ ය. බුදුරජාණන් වහන්සේ සත්දිනක ඇවෑමෙන් නිරොධ සමාපත්තියෙන් නැඟිට සිංහයා දෙසබලා භික්ෂූඇසංඝයා කෙරෙහි සිත පහදවා සංඝයා වඳින්නේ යයි භික්ෂූාසංඝයා පැමිණේවායි සිතීය. එකෙනෙහිම භික්ෂුණහු ගියාහු ය. සිංහයා සංඝයා කෙරෙහි සිත පැහැද වීය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ සිත බලා අනාගතයෙහි බුදුවන්නේ යයි ප්ර කාශ කළහ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතු විසිරී ගියේ ය.
ථූපවංසය 173
එහෙයින් කියන ලදී.
පදුම නම් බුදුරජාණන් වහන්සේ ධර්මා රාමයෙහි පිරිනිවන් පෑහ. ඒ ඒ පෙදෙස්වල ධාතු විසිරී ගියේ ය.
11. උන්වහන්සේට මෑතභාගයෙහි නාරද නම් බුදුවරයෙක් වූයේ ය. එකල්හි බෝසත්තෙම සෘෂි ප්රේච්රිජ්ජාවෙන් පැවිදිව පංචාභිඥා අෂ්ටසමාපත්තීන්හි විණ්ණවසීව බුද්ධප්රමුඛ මහාසංඝයා මහදන් පවත්වා රත්සඳුනෙන් පූජා කෙළේ ය. උන්වහන්සේ ද ඒ බෝසතාණන් අනාගතයෙහි බුදු වන්නේ යයි ප්ර.කාශ කළහ. නාරද බුදුජාණන් වහන්සේ ගේ ධාතු එකඝන වූහ. සියලු දෙව් මිනිස්සු එක්රැස්ව යොදුන් සතරක සෑයක් කළහ.
එහෙයින් කියන ලදී.
නාරද බුදුරජාණන් වහන්සේ සුදර්ශෙන විහාරයෙහි දී පිරිනිවන් පෑහ. එහිම දොළොස් යොදුන් උස සෑයක් කෙළේය.
12. උන්වහන්සේට මෑතභාගයක එක් අසඞ්ඛයක් ගෙවා මෙයින් කල්පලක්ෂ.යක්හුගේ මත්තෙහි එකම කල්පයක පදුමුත්තරනම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූහ. එකල බෝසත් තෙම ජටිල නම් මහරැටියෙක්ව බුදුන් ප්රවධාන මහා සංඝයාට සිවුරු දානයක් දුන්නේ ය. උන්වහන්සේ ද බෝසතාණන් අනාගතයෙහි බුදුවන්නෝ ය යි ප්රිකාශ කළෝය. පදුමුත්තර බුදු රජුන්ගේ ධාතූහු එක් ඝන වූහ. සියලු දිව්යේ මනුෂ්ය්යෝ එක්ව දොළොස් යොදුන් මහ සෑයක් කළහ.
එහෙයින් කියන ලදී.
පදුමුත්තර නම් බුදු රජාණන් වහන්සේ නන්දා්රාමයෙහි පිරිනිවන් පෑහ. ඒ පිරිනිවන් පෑ දෙනම දොළොස් යොදුන් චෛත්යහයක් උන් වහන්සේ වෙනුවෙන් කළහ.
174 ථූපවංසය
13. උන්වහන්සේට මෑත භාගයක කල්ප තිහක් ඉක්මවා සුමෙධ සුජාත යයි එකම කපෙහි බුදුවරු දෙදෙනෙක් උපන්හ. සුමෙධ භාග්ය වතුන් වහන්සේ ගේ කාලයෙහි බෝසත්තෙම උත්තර නම් මාණවකයෙක් ව නිධන් කොට තබන ලද අසූ කෙළක් ධනය වියදම් කොට බුදුපාමොක් මහ සඟනට මහදන් දී බණ අසා සරණ සිල්හි පිහිටා නික් මී පැවිදිවීය. උන්වහන්සේ ද අනාගතයෙහි බුදු වන්නේ යයි ප්රිකාශ කළහ. සුමේධ බුදුරජාණන් වහන්සේගේ ධාතු විසිරී ගියහ.
එහෙයින් කියන ලදී
සුමේධ නම් බුදු රජාණන් වහන්සේ මෙධාරාමයෙහි පිරිනිවන් පෑහ. ඒ ඒ පළාත්වල ධාතු විසිරී ගියේ ය.
14. උන්වහන්සේට මෑත භාගයක සුජාත නම් බුදු රජාණන් වහන්සේ පහළ වූහ. එකල බෝසතණෝ සක්විති රජව බුදුන් උපන්නේය යයි අසා ළඟට එළඹ බණ අසා බුදුරජාණන් වහන්ස් ප්රතධාන මහාසංඝයාට සප්තවිධ රත්නයන් සමග සිවු දිවයිනටම රජකම දී ශාස්තෲන් වහන්සේ සමීපයෙහි මහණ වීය. මුළු මහත් රට වැසියෝ ම රටින් උපදින දේ ගෙන ආරාමික කටයුතු සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්ර ධාන මහා සඞ්ඝයාට නිතර මහදන් දුන්හ. උන්වහන්සේ ද ඒ බෝසතුන්ට අනාගතයෙහිදී බුදු වන්නේ යයි ප්රරකාශ කළහ. සුජාත බුදුරජාණන් ගේ ධාතුහු එක් ඝන වූහ. දඹදිව් වැසියෝ තුන් ගවු සෑයක් කළහ.
එහෙයින් කියන ලදී
සුජාත බුදු රජාණන් වහන්සේ සීලාරාමයෙහි දී පිරි නිවන් පෑහ. උන්වහන්සේ පිරිනිවන් පෑ තැනම තුන් ගවු පමණ සෑයක් කෙරිණ.
15. උන්වහන්සේට මෑතභාගයෙහි දී කල්ප එකසිය දහඅටකට මත්තෙහි එක් කපක පියදස්සී, අත්ථ දස්සී,
ථූපවංසය 175
ධම්මදස්සි යයි බුදුවරයෝ තිදෙනෙක් උපන්හ. පියදස්සී බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බෝසත් කාශ්යතප නම් මාණවක තෙම ත්රිසවේදයෙහි පරතෙරට ගියේ බුදු රජාණන් වහන්සේගේ ධර්මදදේශනාව අසා කෙළ ලක්ෂයක් ධන වියදම් ෙකාට සංඝාරාමයක් කරවා සරණ ශීලයන්හි පිහිටෙව්වේ ය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහනසේ කල්ප එකසිය දහ අටක් ඇවෑමෙන් බුදු වන්නේ යයි ප්ර කාශ කෙළේ ය. පියදස්සි බුදුරජාණන් වහන්සේ ගේ ධාතූහු එක් ඝන වූහ. දඹදිව් වැස්සෝ එක් රැස්ව තුන් යොදුන් මහ සෑයක් කළාහු ය.
එහෙයින් කියන ලදී.
පියදස්සී බුදුරජාණන් වහන්සේ සල්ලාවරාමයෙහි දී පිරිනිවන් පෑහ. උන්වහන්සේ පිරිනිවන් පෑ තැනම උන්වහන්සේට තුන යොදුන් උස් ථූපයක් කළහ.
16. උන්වහන්සේට මෑත භාගයෙහි අත්ථතදස්සී නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. එදා බෝසත්තෙම මහත් සෘඩි හා තපස් ඇති සුසීම නම් තාපසයෙක්ව බුදු රජාණන් වහන්සේ සමීපයෙහි බණ අසා පැහැදී දිව්ය්මය මදාරාමල් පරසතු ආදී වූ මල් ගෙන අවුත් සතර මහ දිවයිනට වසින වැස්සක් සේ මල් වැස්සක් වස්වා හාත් පසින් මල් මඩුවක් මල් ඇගෑ තොරන් ආදිය කොට මදාරා මල් සතකින් බුදුරජාණන් වහන්සේට පුජා කෙළේය. උන්වහන්සේ ද මහ බෝසතුන්ට අනාගතයෙහි ගෝතම නම් බුදුවන්නේ යයි ප්රරකාශ කළේය. ඒ භාග්යගවතුන් වහන්සේ ධාතු ද විසිරී ගියහ.
එහෙයින් කියන ලදි.
අත්ථිදස්සී බුදු රජාණන් වහන්සේ අනොම නම් ආරාමයෙහිදී පිරිනිවියහ. ඒ ඒ රටවල ධාතු විසිරී ගියහ.
17. උන්වහන්සේට මෑත භාගයක ධම්මදස්සී නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල්හි
176 ථූපවංසය
බෝසතාණෝ ශක්රංදේව රාජව දිව සුවඳවලින් ද දිව්යබ සංගීතයෙන් ද පූජා කෙළේය. උන්වහන්සේ ද ඒ මහසතුට බුදුවන්නේ යයි විවරණ දුන්නේය. ඒ භාග්ය වතුන් වහන්සේ ගේ ධාතු ද විසිරී නොගියහ. සිවු යොදුන් රුවන්මය සෑයක් කළාහුය.
18. උන්වහන්සේට මෑතභාගයෙහි අනුසතර වැනි කල්පයෙන් එකම කල්පයෙහි සිද්ධාර්ථ්නම් එකම බුදුවරයෙක් පහළ විය. එකල්හි බෝසතණෝ උග්රි තේජස දඹඵලයක් ගෙන බුදු රජාණන් වහනසේට දුන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ ගෙඩිය වළඳා අනු සතර වැනි කල්පයේ මතුයෙහි බුදුවන්නේ යයි විවරණ දුන්හ. ඒ භාග්යව වතුන් වහන්සේගේ ධාතු විසිරී නොගියේ ය. සතර යොදුන් රුවන් මය සෑයක් කළාහු ය.
එහෙයින් කියන ලදී.
සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ කෝසල ආරාමයෙහි පිරිනිවන් පෑහ. උන්වහන්සේට ද ඒ පිරිනිවි තැන තුන් යොදුන් උස සෑයක් කළහ.
19. උන්වහන්සේට මෑත භාගයක මෙයින් දෙ අනු කල්පයකට මත්තෙහි තිස්ස ඵුස්ස යයි එක ම කපෙහි බුදුවරු දෙදෙනෙක් උපන්හ. තිස්ස භාග්ය්වතුන් වහන්සේගේ කාලයෙහි බෝසත් තෙම මහා භාග්යෙ හා මහා යසස් ඇති සුජාත නම් රජෙක්ව සෘෂි ප්රලවුජ්ජාවෙන් පැවිදිව මහත් සෘද්ධි ඇති බවට පැමිණ බුදුරජාණන් වහන්සේ උපන්හයි අසා දිව්යප මදාරා පියුම් පරසතු මල්ගෙන සිවුපිරිස් මැද වඩින තථාගතයන් වහන්සේට පූජා කළහ. අහසෙහි මල් වියනක් මෙන් වූයේ ය. උන්වහන්සේ ද මහබෝසතුන්ට මෙයින් දෙ අනු කප මතුයෙහි බුදුවන්නේ යයි ප්රවකාශ කළහ. ඒ භාග්යුවතුන් වහන්සේගේ ධාතු ද නොවිසුරුණාහ. ධාතු ගෙන තුන් යොදුන් සෑයක් කළාහු ය.
ථූපවංසය 177
එහෙයින් කියන ලදී.
තිස්ස බුදුරජාණන් වහන්සේ නන්දා රාමයෙහි පිරිනිවන් පෑහ. උන්වහන්සේ පිරිනිවන් පෑ තැනම තුන් යොදුන් උසට සෑයක් බැන්දාහ.
20. උන්වහන්සේට මෑත භාගයෙහි ඵුස්ස නම් බුදුවරයෙක් ලොව පහළ වීය. එදා බෝසත් තෙම විජිතාවී නම් ක්ෂරත්රිහයෙක්ව මහා රාජ්ය ය අතහැර බුදුරජාණන් වහන්සේ සමීපයෙහි මහණව තුන් පිටකය ඉගෙනගෙන මහා ජනයාට බණ කථා කියා සීල පාරමිතාව පිරීය. උන්වහන්සේද බෝසතුන්ට එසේම බුදුවේ යයි ප්රතකාශ කළහ. ඒ භාග්යනවතුන් වහන්සේගේ ධාතු විසිරි නොගියහ. සියලු දෙව් මිනිස්සු රැස්ව ධාතු ගෙන සත් යොදුන් සෑයක් කළාහු ය.
එහෙයින් කියන ලදී
ඵුස්ස බුදු රජාණන් වහන්සේ සුනන්දායරාමයෙහිදි පිරිනිවන් පෑහ. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරී ගියහ.
21. උන්වහන්සේට මෑත භාගයෙහි මෙයින් එක් අනූ කපකට මත්තෙහි විපස්සි නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූහ. එදා බෝසතාණෝ මහත් සෘද්ධි ඇති මහානුභාව ඇති අතුල නම් නා රජෙක්ව සත්රුවනින් කරන ලද රන් මහ පුටුවක් බුදුරජාණන් වහන්සේට දුන්නේ ය. උන්වහනසේ ද බෝසතුන්ට මෙයින් එක් අනූ කපක් මත බුදු වේ යයි විවරණ දුන්සේක. ඒ භාග්ය වතුන්ගේ ධාතු ද විසරී නොගියහ. සියලුම දෙව් මිනිස්සු රැස්ව ධාතු රැගෙන සත් යොදුන් සෑයක් කළාහු ය.
එහෙයින් කියන ලදී.
වීරවූ විපස්සී බුදුරජාණන් වහන්සේ සුමිත්තාරාමයෙහිදී පිරිනිවන් පෑහ. පිරිනිවන් පෑ තැන ගොඩ නැඟු සෑය සත් යොදුන් උස් ය.
178 ථූපවංසය
22. උන්වන්සේට මෑත භාගයෙහි මෙයින් තිස් එක් වැනි මතුයෙහි සිඛීය වෙස්සඟු කකුසඳ යයි බුදුවරයෝ තිදෙනෙක් උපන්නාහ. සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බෝසත්තෙම අරින්දතම නම් රජ වී බුදුන් ප්ර ධාන මහා සඞ්ඝයාට සිවුරු සමග මහදන් දී සත් රුවනින් අලංකාර වූ ඇත් රුවනක් දී ඇතා ප්ර මාණ කොට සැප බඩු දුන්නේය. උන්වහන්සේ ද මෙයින් තිස් එක්වැනි කපෙහි බුදුවන්නේ යයි විවරණ දුන්හ. සිඛි බුදුරජාණන්ගේ ධාතු එක ඝන වූහ. මුළු දඹදිව් වැසි මිනිස්සු ධාතු ගෙන තුන් යොදුන් උස් වූ සත්රුවන්මය හිමාලය පර්වුතය වැනි ශෝභාවත් සෑයක් කළාහු ය.
එහෙයින් කියන ලදී.
සිඛී බුදුරජාණන් වහන්සේ දුස්සාරාමයේ දී පිරිනිවන් පෑහ. උන්වහන්සේ පිරිනිවි තැන තුන් යොදුන් කොට සෑයක් ගොඩ නැඟූහ.
23. උන්වහන්සේට මෑතභාගයෙහි වෙස්සභූ නම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වූහ. එකල්හි බෝසත් තෙම සුදර්ශන නම් රජව බුදුරජාණන් වහන්සේ ප්ර ධාන මහා සඞ්ඝයා වහන්සේට සිවුරු සිහිත මහදන් දී උන්වහන්සේ සමීපයෙහි පැවිදිව ආචාර ගුණයෙන් යුක්තවූයේ බුද්ධරත්නයෙහි මහාර්හෙ බව නිසා ප්රීයතිය බහුල වීය. උන්වහන්සේ ද මහබෝසතාණන්ට මෙයින් තිස් එක් වැනි කපෙහි බුදුවන්නේ යයි ප්රතකාශ කළෝ ය. වෙසසභූ බුදුරජාණන් වහන්සේගේ ධාතු විසිරී ගියහ.
එහෙයින් කියන ලදී
වෙස්සභූ බුදුරජාණන් වහන්සේ ඛෙමාරාමයෙහි දී පිරිනිවන් පෑහ. ඒ ඒ පළාත්වල ධාතු විසිර ගියහ.
24. උන්වහන්සේට මෑතභාගයෙහි මේ කපෙහි කකුසඳ කෝනාගමන, කස්සප, අපගේ බුදුරජාණන් වහන්සේයයි
ථූපවංසය 179
බුදුවරු සතර නමක් උපන්හ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බෝසත්තෙම ඛෙම නම් රජව බුඬප්රමමුඛ මහා සඞ්ඝයා වහන්සේට සිවුරු ද අඳුන් ආදී බෙහෙත් ද දී බුදුරජාණන් වහන්සේගේ ධර්මඞදේශනාව අසා පැවිදිවූයේ ය. ඒ බුදුරජාණන් වහන්සේ ද බෝසතාණන්ට බුදුවන්නේ යයි විවරණ දුන්සේක. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතු විසිරී නොගියහ. සියල්ලම එක්රැස්ව ධාතු ගෙන ගව්වක් උස සෑයක් කළාහු ය.
එහෙයින් කියන ලදී.
කකුසඳ බුදුරජාණන් වහන්සේ ඛෙමාරාමයෙහි දී පිරිනිවන් පෑහ. උන්වහන්සේ පිරිනිවන් පෑ තැන ගව්වක් උස සෑයක් ගොඩ නැඟූහ.
25. උන්වහන්සේට මෑත කාලයෙහි කොනාගමන නම් බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වූහ. එකල්හි බෝසත්තෙම පර්වජත නම් රජෙක් ව ඇමැති ගණයා පිරිවරා බුදුරජාණන් සමීපයට ගොස් ධර්මතදේශනාව අසා බුදු පාමොක් බික්සඟනට ආරාධනා කොට මහදන් පවත්වා චීන පට කොසෙය්යම පලස් දුහුල් ද රන් පට ද දී බුදු රජාණන් වහන්සේ සමීපයෙහි පැවිදි විය. උන්වහන්සේ ද බෝසතුන්ට බුදුවන්නේ යයි විවරණ දුන්සේක. ඒ බුදු රජාණන් වහන්සේගේ ධාතු විසිරී ගියේය.
එහෙයින් කියන ලදී.
කොනාගමන බුදුරජාණන් වහන්සේ පර්වණතාරාමයෙහි පිරිනිවන් පෑහ. ඒ ඒ පළාත්වල ධාතු විසිරී ගියේ ය.
26. උන්වහන්සේ මෑත භාගයෙහි කස්සප නම් බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන්නහ. එදා බෝසත් තෙම ජෝතිපාල නම් මානවකයෙක් වී ත්රිනවේදයෙහි පරතෙරට පැමිණ මිනිස් ලොව දෙවියන් අතර ප්රකකට ඝටීකාර කුම්භකාරයාගේ මිත්රණයා වූයේ ය. හේ මිතුරා ද සමග
180 ථූපවංසය
බුදුරජාණන් වහන්සේ කරා එළඹ බණ කථාව අසා පැවිදිව පටන්ගත් වීර්යජ ඇත්තේ තුන් පිටකය උගෙන ඒ තුන් පිටකය දෙසන්නෙක් වී, වත් සම්පතින් බුද්ධ ශාසනය බැබළවීය. උන්වහන්සේ ද මහ බෝසතුන්ට බුදුවන බවට විවරණ දුන්නේ ය. කාශ්යනප බුදුරජාණන්ගේ ධාතුහු විසිරී නොගියහ. සියලු දඹදිව් වැසි මිනිස්සු එක්ව කෙළක් වටිනා රුවනින් විසිතුරු කළ එක එක රන් ගඩොල් කැටය කෙළක් අගනා අභ්යතන්තරයෙහි පිරවීමට හිරියෙල් වලින් වැටි කිසද තල තෙලින් දිය කිස ද කරමින් යොදුනක් උස්කොට සෑය කළාහුය.
ඒ නිසා කියනලදි.
27. මහාකාශ්යකප බුදුරජාණන් වහන්සේ සෙතව්යාලනුවරදී පිරි නිවියහ. උන්වහන්සේ පිරිනිවන් පෑ තැන යොදුනක් උසට සෑයක් කළහ.
එහිම
දීපඞ්කර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, අනොමදස්සී නාරද, පදුමුන්තර, සුජාත, පියදස්සී, අත්ථෑදස්සී, ධමම්දස්සිය, කකුසඳ, කස්සප යන මේ සොළොස් බුදුවරයන් වහන්සේලා ගේ ස්තූප ප්ර මාණය පාලියෙහි දක්නා ලැබේ.
ඒ මේ බුදුවරයන් වහන්සේලාගේ සෑ පිළිබඳ සියල්ල මා විසින් ප්රේකාශ කරන ලදහ. ශ්රලද්ධාවත් මහජනයා ඒ ස්තූපයන් ආදර සහිතව වඳිව්.
සෙසු හිතවත් බුදුවරයන් වහන්සේලාගේ ධාතු එ ඒ පළාත්වල විසිරී ගියේ ය.
සත්පුරුෂ ජනයාගේ සිතෙහි පැහැදීම දියුණු කිරීමට කරනලද ථූපවංසයෙහි විද්යසමාන ස්තූප ඇති බුදුවරුන්ගේ ස්තූප කථාවද සියල්ලම සමීපයෙහි කළ විවරණ කථාවද නිමියි.
_____
ථූපවංසය 181
1. කාශ්ය ප භාග්ය වතුන් වහන්සේගෙන් මෑත භාගයෙහි මේ බුදුරජාණන් වහන්සේ හැර අන්ය බුදුරජාණන් වහන්සේ නමක් නැත. මෙසේ දීපඞ්කර ආදී සූවිසි බුදුවරුන්ගේ සමීපයෙහි ලැබූ විවරණ ඇති බෝසතාණෝ පාරමී පුරා වෙස්සන්තර ජීවිතයෙහි සිට:
මේ මහා පෘථිවිය සිත්පිත් නැත්තීය සැප දුක් නොදන්නීය. ඒ පෘථිවිය මගේ දාන බලයෙන් සත්වරක් කම්පා වී ය යි.
මෙසේ මහ පොළොව කම්පා කිරීම් ආදි පින්කොට ආයුෂ කෙළවර එයින් චුතව තුසිත දිව්යර ලෝකයෙහි උපන්නේ ය. එහි අන් දෙවියන් දශවිධ ස්ථානයකින් ගෙන දිවිතෙක් දිව්යහසම්පත් අනුභව කෙරෙමින් මිනිස් ගණනින් දින හතකින් ජීවිතය කෙළවරට පැමිණේ, වස්ත්රම කිළිටි වේ. මල්මාලා මැලවේ. කිසිලි වලින් දහඩිය වැගිරේ. ශරීරය දුර්ව ණ වේ. දිව්ය් ආසනයෙහි නො ඇලේ, මේ පූර්වල නිමිති පහ ඇතිවූ කල්හි ඒවා දැක එකාන්තයෙන් අපට ස්වර්ගඇයෙන් ගිලිහීමට සිදුවේයයි සංවේගව දෙවියන් විසින් මහසත් පාරමි පිරූබව දැනගෙන මෙහි හෝ අන් දෙව් ලොවකට නො පැමිණ මිනිස් ලොවැ ඉපිද බුදුබව් පැතීමට පින් කොට චුතවූ අය දිව්ය ලෝකය පුරවන්නෝ යයි සිතා.
2. යම් හෙයකින් මම තුසිත දිව්යි ලෝකයෙහි සංතුසිත නම් ඇතිව විසීමි. එකල්හි දසදහසක් සක්වල දෙවියෝ එක්වී ඇඳිලි බැඳගෙන මෙසේ මගෙන් ඉල්වති.
මහාවීරයන් වහන්ස, මව් කුස පිළිසිඳ දෙවියන් සහිත ලෝකයා එතෙර කිරීමට මේ සුදුසු කාලයයි.
මෙසේ බුදු බවට ආරාධනා කළ කල්හි කාලය, වීපය දේශය, කුලය, මව්ගේ ආයුෂ ප්රආමාණය යන මේ පස්මහ බැලුම් බලා බුදුවීමට කරන ලද සනිටුහන් ඇත්තේ එයින් චුතව ශාක්ය රාජ වංශයෙහි පිළිසිඳ ගෙන එහි මහ සැපතින් පරිහරණය කරන්නේ පිළිවෙළින් බදයොවුන්වියට පැමිණ
182 ථූපවංසය
තුන් සෘතුවට සුදුසු තුන් පහයෙහි දිව්ය ලෝක සම්පත්තිය වැනි රාජශ්රී ය අනුභව කරන්නේ උයන් කෙළියට යන අවස්ථාවෙහි පිළිවෙළින් මහලු - ලෙඩ - මළ යන දේවදූතයන් තිදෙන දැක හටගත් සංවේග ඇත්තේ නැවතී සතරවැනි වාරයෙහි පැවිද්ද දැක පැවිද්ද මැනවයි පැවිද්දට රුචිය උපදවා උයනට ගොස් එහි දවස ගෙවා මගුල් පොකුණු ඉවුරෙහි හිටියාවූ කපු වෙසක් ගෙන පැමිණි විශ්වකර්මල දිව්යර පුත්රුයා විසින් අලංකාරයෙන් සරසන ලද බෝසතාණෝ රාහුල කුමාරයා උපන් පණිවුඩය අසා පුත්ර්ස්නේහයේ බලවත්කම දැනගෙන මේ බැඳුම නොවැඩෙන සේ එකෙනෙහි ම එය සිඳලමියි සිතා සවස නගරයට පිවිසෙන්නෝ.
3. එකාන්තයෙන් (මොහුගේ) මෑණියෝ නිවුණු තැනැත් තියකි. පියාද එකාන්තයෙන් නිවුණෙකි. ඒ ස්ත්රි)යද මෙබඳු පුරුෂයෙක් වේද ඕ තොමෝ ද නිවුණු තැනැත්තියකි.
කිසාගෝතමී නම් නැන්දණීයන්ගේ දුවණිය විසින් කියන ලද මේ ගාථාව අසා මම මැගෙන් නිවීම් පද ඇස්වීමියි ගෙලෙහි ලු ලක්ෂථයක් වටිනා මුතුහර මුදා ඇයට යවා තමන්ගේ මාළිගයට පිවිස සිරි යහනෙහි හොත්තේ නිදිහත් නළු ස්ත්රීාන්ගේ විපරියාසය දැක කළකිරුණු සිත් ඇත්තේ ඡන්නයා නැගුටුවා කන්ථ්කයා ගෙන්වා ගෙන ඔහු මත නැඟ ජන්නයා සහාය කොට දසදහසක් සක්වළ දෙවියන් විසින් කරන ලද පිරිවර ඇත්තේ මහභිනික්මන් නික්මී එම රාත්රි යගේ කෙළවර රාජපත්රියක් ගෙවා අනොමා නම් ගංගාවේ පරතෙරට පැමිණ අශ්වයා පිටින් බැස මුතු රැසක් බඳු වැලිමත සිට ඡන්නය තෝ මගේ අබරණත් කන්ථනක අශ්වයාත් භාරදී දකුණතින් මඟුල් කඩුව රැගෙන මහත් වූ මෞළිය සහිත සිළුවත් සිඳ ඉදින් මම බුදුවන්නෙම් නම් මේ කෙස් අහසෙහි රඳවා බුදුනෙවේ නම් බිමට වැටේවා අහසට වීසි කෙළේය. සිළුමිණි බඳිනා යොදුනක් පමණ තැනට ගොස් ආකාසයෙහි සිටියේ ය. ඉක්බිති ශක්රන දිව්යත රාජයා යොදුනක් උසඇති රුවන් කරඬුවකින් පිළිගත්තේ ය.
ථූපවංසය 183
ඒ මෙසේය.
4. උතුම් සුවඳ වහනයවන මෞලිය සිඳ ශාක්යූසිංහතෙම අහසට විසි කෙළේය. ශක්රවතෙම එය රන්මය කරඬුවකින් හිසින් පිළිගත්තේය.
පිළිගෙන දිව්යඳලෝකයට පමුණුවා සුමෙරු පර්වසත මුදුන්හි තුන් යොදුනක් පමණ කොට ඉඳුනිල්මිණියෙන් කරනලද සිළුමිණ සෑය යයි නම් කළහ. ඉක්බිති කාශ්යරප බුදුරජාණන්ගේ කාලයෙහි පැරණි මිත්රළයෙක් වූ ඝටීකාර මහා බ්රලහ්මයා එක් බුද්ධාන්තරයක් පමණක් තොර මිත්රළ භාවය නිසා කල්පනා කෙළේ ය. අද මගේ යාළුවා මහ භිනික්මනට නික්මියේ ය. ඔහුට ශ්රෙමණ පරිෂකාර ගෙන යන්නෙමියි.
තුන් සිවුරු පාත්ර ය, දැළිපිහිය, ඉදිකටුව, පටිය, පෙරහන් කඩ යන මේවා භික්ෂු වකට යොග්යට වේ.
මේ මහණ පිරිකර ගෙන්වාගෙන දුන්නේ ය.
මහා පුරුෂතෙම අර්හත්. ධ්වජය හැඳ උතුම් වූ පැවිදිවෙස් ගෙන සළු යුවළක් අහසට විසි කෙළේ ය. මහා බ්රතහ්මයා ඒ සළු යුවළ පිළිගෙන බ්රළහ්මලෝකයෙහි දොළොස් යොදුන් සියල්ලම රුවන්මය දුස්ස චෙත්ය්යක් කෙළේ ය.
එකෙණෙහි බෝසතාණන් වහන්සේගේ කෙළෙස් ප්ර හීණ නොවුවත් යම් පිනක ආනුභාවයකින් වස්ත්රි නිධන් කළ දුස්ස චෛත්යපයකින් කෙශ නිධන් කළ චූළ චෛත්යායකිනුත් පූජා ලබන ලදි.
ඒ නිසා ඒ මහ බෝසතුන්ගේ පිළිවෙත කවර නම් ඥානවන්ත මිනිසෙක් නොකරන්නේහි ද? කරන්නේමැ යි. වුඩාමණ් දුස්ස චෛත්යෙ ථූප ව ය කථායි.
_____
184 ථූපවංසය
1. බෝසතාණෝ පැවිදිව පිළිවෙළින් රජගහ නුවරට ගොස් පිඬු පිණිස හැසිර පාණ්ඩව පර්වණත ප්රාෙන්තයෙහි වාඩිගත්තෝ මගධ රජතුමා විසින් රාජ්යපයෙන් ආරාධනා කරනු ලබන්නෝ එය ප්රහතිෙක්ෂිප කොට බුදුබවට පැමිණ ඔහුගේ රටට පැමිණීම සඳහා ඔහු විසින් ගත් පිළිණ ඇත්තෝ ආළාර උද්දක කරා පැමිණ ඔවුන් සමීපයෙහි ලබන ලද ඥාන විශේෂයෙන් තෘප්ප නොවී සයවසක් දුෂ්කර ක්රිපයා කොට වෙසක් පුණු පොහෝදා සෙනානී නම් නියම් ගමෙහි සුජාතාව විසින් දෙනලද කිරිපිඬු වළදා නෙරඤ්ජරා ගඟෙහි රන් පාත්රවය පා කොට යවා නෙරඤ්ජරා ගං ඉවුරෙහි මහවන ලැහැබෙහි නොයෙක් සමාපත්තීන් ගෙන් දවස් දවස ගතකොට සවස් කාලයෙහි සොත්ථීසය විසින් දෙනලද තණමිටි ගෙන කාල නාග රාජයා විසින් ගයන ලද ගුණ ඇතිකලැ බෝ මැඩට නැඟ තණ අතුරා මේ පළඟ ආශ්රිව ක්ෂණය කරන තුරු අත් නොහරිමියි පිළිණ කොට ප්රාෂචීන දිශාවට මුහුණ ලා හිඳ සූර්යාණ අස්තඞ්ගත වීමට පෙර මාරබලය පහකොට පළමුවැනි යාමයෙහි පූර්වේනිවාසානුස්මෘති ඥානයත්. මධ්යළම යාමයෙහි චුති - උත්පත්ති ඥානයටත් පැමිණ පශ්චිම යාමයෙහි දශබල සතර විශාරද ආදි සියලු ගුණයන්ගෙන් සැරසුණු සර්වපඥතා ඥානයත් පිළිවිද දැනගෙන සත්සතියක් බෝ මැඩම කාලය ගෙවා අටවැනි සතියෙහි අජපල් නුගගසස මුල හුන්නෝ ධර්මඩයෙහි ගැඹුරු බව මෙනෙහි කීරීමෙන් මන්දොත්සාහී වුකල දසදහසක් මහ බ්රාහ්මසේනාව විසින් පිරිවැරූ සහම්පතී මහා බ්රහහ්මයා විසින් ධර්ම්දේශනා කිරීමට ආරාධනා කරන ලද්දේ බුදු ඇසින් ලොව බලන්නෝ බ්රමහ්මයාගේ ආරාධනය පිළිගෙන කවරකුට මුලින්ම ධර්මනය දේශනා කරන්නෝදැ යි බලමින් ආලාර උද්දක දෙදෙනා කළුරිය කළබව දැන පස්වග මහණුන් බොහෝ උපකාරක වූ බව සිහිකොට හුනස්නෙන් නැඟිට කාසි පුරයට යන්නෝ අතරමග උපක සමග කථාබස් කොට ඇසළ පුණු පොහොදා ඉසිපතනයෙහි මිගදාවෙහි
ථූපවංසය 185
පස්වග මහණුන් වසන තැනට පැමිණ ඔවුහු නුසුදුසු ආවුසොවාදයෙන් ව්යවවහාර කරන්නේ දහම්සක පවත්වන්නෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් ප්රවධාන අටළොස් කෙළකට අමාපැන් පෙවුහ. එතැන් පටන් පන්සාළිස් වසක් සිට අසූහාර දහසක් ධර්මටස්කන්ධ්යන් දෙසා සඞ්ඛ්යා වක් නොකළ හැකි සතුන් බවකතරින් එතෙර කොට සියලු බුදුකිස නිමවා කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයනෙහි සල්ගස් දෙකක් අතර උතුරට හිසදා පණවන ලද ඇඳේහි වෙසක් පුණු පොහොදා දකුණු පසින් සිහි ඇතිව නොනැගිටින සැතපීමෙන් නිදාගත්තේය. එදා බුදුරජාණන් වහන්සේට පූජා සඳහා සල්ගස් දෙක මුලසිට අග දක්වා එකසේ මලින් පිරී ගියේය. මේ සල්ගස් දෙක පමණක් නොව සියලුම සල්ගස්හු මලින් පිපී ගියාහු ය.
2. මේ සල්වනයෙහි පමණක් නොව මුළු මහත් දස දහසක් සක්වළ ගෙඩි හටගන්නා ගස්වල ගෙඩි හටගත්හ. හැම ගසක කඳකම මල් පිපී ගියේ ය. අහසෙහි අහස් පියුම් ද පොළෝතලය බිද දඬුමල් පිපී ගියේ ය. සියලු මහමුහුද පස් පියුමෙන් ගැවසිණ. තුන් දහස් යොදුන් පළල හිමාලය ඝනව බැදී ගිය මොනර පිල් කලප් මෙන් නිරතුරුව මල්දම් කවළුවෙන් මෙන් මනාව පෙළා බඳනා ලද කොබෝගෙඩි වැලක් මෙන් ද මනාව පිරීගිය මල්කරඬු වක් මෙන් ද ඉතාම සිත්කළු විය. භූ දේවතාවෝ සල්ගස්දෙක් හි අතු සොලවා බුදු රජාණන් වහන්සේගේ ශරීරය මත මල් විසුරුවති. දිව්යනමය මදාරාමල් අහසින් වැටෙත්. ඒවා රන්වන් පත්කුඩ පමණ ය. මහකුඹක් පමණ රේණු ඇත මදාරාමල් පමණක් නොව අනික් සියලු පරසතු මල් ආදිය රන්කරඩු පුරවා නිදස් පුරෙහි ද බඹලොව ද සිටින ලද දෙවියන් විසින් ඉසිනලද නො විසිරී පැමිණ කොල රේණු සුණු අහසින් බුදුරජාණන් වහන්සේගේ ශරීරමත වැටේ. කළුඅගිල් තුවරලා රත් සඳුන් ආදි සියලු සුවඳ සුණු හිරියෙල් අමරන් රිදීසුණු ආදි සියලු සුවඳ ජාති රන්රිදී ආදි කරඬුවල පුරවා සක්වළ මුව
186 ථූපවංසය
විටි ආදියෙහි සිටි දෙවියන් විසින් විඳුනාලද අතරතුර නො විසිරී බුදුරජාණන් ගේ ශරීරයෙහි විසිරේ. දිව්යල වාද්යි අන්තරීක්ෂ යෙහි වාදනයවෙත් දිව්යර වාද්ය පමණක් නොව සමින් වසන ලද සැම වාද්යර භාණ්ඩයක් හා තලාදි ප්රිභෙද ඇති දසදහසක් සක්වළ දිව්යස - නාග - සුපර්ණේ හා මිනිසුන්ගේ තූර්ය්භාණ්ඩයෝ ද එක්සක්වලක එක් රැස්ව අන්තරීක්ෂදයෙහි වාදනය වෙත්.
3. වරවාරණනම් එක් දීර්ඝා්යුෂ්ක දෙවියෝ මහ පුරුෂයා දේවතාව මිනිස් පියෙහි ඉපිදී බුදු වන්නේ යයි අසා පිළිසිඳ ගන්නා දවසෙහි ගෙන යන්නෙමුයි මල් මාලාවක් ගෙනීමට ආරම්භ කළෝය. ඒ මල්මාලය ගොතද්දීම මහපුරුෂයා මව්කුස පිළිසිඳගත් කල්හි නුඹලා කවරකුට ගොතව් දැයි අසා එය නොතිමි බැවින් කුසින් බිහිවන දිනයෙහි ගෙනයමුයි කීවෝ ය. ඊට පසු මහ සතාණන් වහන්සේ මව් කුසින් බිහිවුයේ යයි අසා ගිහි ගෙයින් නික්මෙන දවසෙහි ගෙන යන්නෙමුයි කිවාහු ය. අද බුද්ධත්වියට පැමිණියහයි අසා දම්සක් පවත්නා දිනයෙහි යමු යයි කීවාහු ය. දම්සක් පැවැත්වී යයි අසායමක මහා ප්රාදතිහාර්යද පානා දවසෙහි යමුයි කීවාහු ය. අද යමක මහා ප්රාමතිහාර්යා දැක්වීයයි අසා දේවාරෝහණ දිනයෙහි යමුයි කීවාහු ය. අද දේවා රෝහණයට කළේ යයි අසා ආයුෂ අත්හරින දින යමුයයි කීවාහු ය. ආයුසංස්කාර අත්හළේයයි අසා තවම (මල්දම) නොහිමි නිසා පිරිනිවන් පානා දින යමුයි කීවාහු ය.
අද බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙක අතර දකුණු ඇලයෙන් සිහියෙන් යුතුව සිංහ සෙය්යා්වට එළඹීයේ ඉතා උදාසන කාලයෙහි පිරිනිවන් පාන්නෝය. තොපි කවරකුට මේ මල් දම ගොතා දැයි අසන ලද්දේ කිමෙක්ද අදම මව්කුස පිළි සිඳගත් සේක. අදම බිහිවු සේක. අදම මහභිනික්මන් නික්මුණසේක. අදම බුදු
ථූපවංසය 187
වුසේය. අදම දම්සක් පැවැත්වූ සේක. අදම දෙව්ලොවට වැඩිසේකැයි අදම ආයුෂ අත්හැරීම කළසේක. අදම පිරි නිවන් පෑ සේක.
කැඳ ටිකක් බොනතුරාවත් ජීවතුන් අතර නොසිටියා නොවේ ද? දශපාරමී පුරා බුදුබැව් පැමිණු උතුමකුට එය නොගැලපේ යයි ගෙතු මල්මාලය ගෙන ඇතුලු සක්වල අවසරයක් නොලබා සක්වළ මුවවිට ලැබ දුවන්නේ අතින් අත ශ්රීවවාවෙන් ශ්රීුවාව ගෙන තුනුරුවන් අරඹයා දෙතිස් මහ පුරිස් ලකුණු සවණක් ගණ බුදුරැස් දශ පාරමිතා තුන්සියයක් ජාතක තුදුස් බුදුගුණ අරබයා ගී ගයා ඒ ගී ගැයීම් කෙළවර පින්වත් සහායකයාණෙනි, පින්වත් සහායකයාණෙනි යි කියතී. මෙයට අරබයා දිබ්බානිපි සංගීතානි අන්තලික්ඛෙ වත්තත්තී යයි කියූහ.
4. භාග්යනවතුන් වහන්සේ මෙසේ මහත් පූජාවන් පවත්නා කල්හි පළමුවැනි යාමයෙහි මල්ල රජුන්ට ධර්මෙය දේශනා කළ සේක. මැදුම් යමෙහි සුභද්දට ධර්මිය දෙසා ඔහු මාර්ගේඵලයෙහි පිහිටෙව්වෝ ය . අන්තීම යාමයෙහි භික්ෂූනන්ට අවවාද දී ඉතා උදැසන මහපොළොව සොලවා නිරුපධිශේෂ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පෑසේක. බුදුරජාණන් වහන්සේ පිරිනාවන් පෑ කල්හි ආනන්ද ස්තවීරයන් වහන්සේ මල්ලරජ දරුවන්ට මේ ප්රලවෘත්තිය සැළ කළහ. මල්ලරජදරුවෝ එය අසා සුවඳ දුම්මල් විජිනිපත් හා පන්සියයක් දුහුල්සළු ගෙන ගොස් බුදු රජාණන් වහන්සේගේ ශරීරය නෘත්යයයෙන් ගීතයෙන් හා වාදනයෙන් හා මල්සුවඳින් ද සත්කාර ගරුකාර කරමින් පූජා කෙරෙමින් රෙදි වියන් කරමින් මඩුලු මාලා පිළියෙළ කරමින් මෙසේ ඒ දිනය ගතකළාහු ය.
5. මෙසේ දෙවියන්ට ද කුසිනාරානුවර මල්ලයන්ටද මෙබඳු සිතක් ඇතිවිය. අද බුදුරජාණන් වහන්සේගේ සිරුර දැවීමට තවම නොකල් ය. හෙට ආදාහනය කරන් නෙමැයි මෙසේ දෙවැනි දිනද ඉක්ම ගියේ ය. එසේම
188 ථූපවංසය
තුන්වැනි සතරවැනි පස්වැනි හයවැනි දින ද ගතවිය. සත්වැනි දින දෙවියෝ ද කුසිනාරානුවර මල්ල රජදරුවෝද බුද්ධශරීරයට දිව්ය මය හා මිනිස්මය නැටීමෙන් ගී කීමෙන් වාදනයෙන් මල්මාලාවෙන් හා සුවඳින් සළකමින් ගරුකරමින් පුදමින් නුවර මැදින් ගෙන ගොස් මකුට බන්ධසන නම් මල්ලවයන්ගේ චෛත්යදය පිහිට තැනට ගෙන ගියාහු ය.
6. එසමයෙහි කුසිනාරා නුවර තෙක් සන්ධින ස්ථාන දණ තෙක් මදාරාමලින් අතුරා සැරසී ය. ඉක්බිති කුසිනාරා නුවර මල්ලයෝ බුදුරජාණන් වහන්සේ ගේ සිරුර සක්විති රජකුගේ සිරුර මෙන් අළුත් වස්ත්රායෙන් වෙලා පෙලු පුලුන් වලින් වෙලුවාහු ය. පෙලු පුලුනින් වෙලා අළුත් වස්ත්රරයෙන් වෙලුහ. මේ ක්රවමයෙන් පන් සියයක් වස්ත්ර් යුගවලින් වෙලා යකඩයෙන් කළ තෙල් දෙණක බහා අනික් යකඩයෙන් කළ දෙණකින් වසා සිසලු සුවඳ වර්ගහ දරින් චිතකයන් සාදා බුදුරජාණන් වහන්සේගේ සිරුර චිතකයට නැංගවූවාහු ය. මෙසමයෙහි ආයුෂ්මත් මහා කාශ්යේප ස්ථවිරයන් වහන්සේ පාවා නුවර සිට කුසිනාරාවට පැමිණෙන මගට පන්සියයක් භික්ෂුරන් සමග පිළිපන්නෝ ය. මේ සමයෙහි තෙරුන් වහන්සේ කෙරෙහි සිත පහදවා දිව්යුලෝකයෙහි උපන් දෙවියෝ මේ සමාගමෙහි තෙරුන් වහන්සේ නොදැක අපගේ කුලු පහ තෙරුන් වහන්සේ කොයිදැයි මෙනෙහි කරන්නෝ අතරමග පැමිණිමට පිළිපන් බව දැක අපගේ කුලුපහ තෙරුන් වහන්සේ නොවදිනා තෙක් සෑය ගිනි නොදැල් වේයයි අධිෂ්ඨාන කළසේක. ඉක්බිති ප්රිධාන මල්ලරජුන් සතර දෙනෙක් හිස නා අළුත් වස්ත්රක හැඳ එකසිය විසිරියන් සඳුන් සෑය ගිනි අවුලුවමු යි අට, දහසය, දෙතිස් දෙනා වශයෙන් එක්වී පන්දම් දෙක බැගින් ගෙන තල්වැටින් පවනේ සලමින් මයින සම්වලින් පිඹිමින් උත්සාහ ගත්තේ නමුදු ගිනි අවුලා ගත නොහැකි විය.
ථූපවංසය 189
7. ඉක්බිති කුසිනාරාවේ මල්ලරජවරු සෑය නොදැල් වෙන කරුණ අනුරුද්ධ තෙරුන්ගෙන් අසා දෙවියන්ගේ අදහසයි අසා මහා කාශ්යැප ස්ථවීරයන් පන්සියයක් භික්ෂූවන් වහන්සේ සමග බුදුරජාණන්ගේ පා වඳින්නෙමියි එහි ඔහු නොපැමිණෙන තුරු සෑය නොදැල්වේද මේ භික්ෂුගන් වහන්සේ කලුද සුදු ද දිග ද මිටි ද මෙබඳු තෙරුන් වහන්සේලා ඇතිකල්හි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට කිමදැයි සමහරෙක් සුවඳමල්ගත් අතින් යුතුව පෙර මගට ගියෝ ය. සමහරෙක් විථි විසිතුරු කොට එනමග බලමින් සිටියෝ ය.
8. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්යැප තෙරුන් වහන්සේ කුසිනාරාවෙහි මල්ලවයන්ගේ මකුට බන්ධකන සෑය යම්තැනක ද භාග්යුවත් බුදුරජාණන් වහන්සේගේ චිතකය යම් තැනකට එතනට පැමිණ සිවුර එකස් කොට සිවුර පොරවා තෙවරක් චිතකය පැදකුණු කොට කල්පනා කරමින් සැලකූහ. මෙතැන පා (පියුම්) ඇත. ඊටපසු පා සමීපයෙහි සිට අභිඥාව පාදක සතරවැනි ධ්යාමනයට සමවැදී එයින් නැගිට සක් ලකුණු පිහිටි බුදුරජාණන් වහන්සේගේ පාදයෝ කපු පිළි පන්සියයත් රන්දෙණත් සඳුන් සෑයක් දෙකඩ කොට මගේ හිසෙහි පිහිටාවායි අධිෂ්ඨාන කළසේක. අදිටනත් සමගම ඒ දුහුල් දෙකඩ කොට වලා අතුරින් පුන්සඳ මෙන් පාදයෝ නික්මුණහ. තෙරුන් වහනසේ පිපී ගිය රත්පියුම් සමාන අත් දිගු කොට රන්වන් බුදුරජාණන් වහන්සේ ගේ පාදයෙහි ගොප් මස දැඩිකොට ගෙන තමන්ගේ හිසෙහි පිහිට වීය. මහජනයා ඒ පුදුමය දැක එක්හඬින් මහහඬ නැඟීය. සුවඳ මල් ආදියෙන් පුද පුදා කැමති සේ වැන්දේය. මෙසේ තෙරුන් වහන්සේ විසින් ද මහාජනයා විසින් ද ඒ පන් සියයක් භික්ෂුවන් විසින් ද වැන්ද කෙනෙහිම තෙරුන්ගේ අතින් මිදී ලතුවැනි බුදු රජාණන් වහන්සේගේ පාද දර ආදි කිසිවක් නොසොල්වා සුදුසු තැන පිහිටියාහු ය. බුදුරජාණන් වහන්සේගේ පාද පිටතට
190 ථූපවංසය
නික්මෙද්දී හෝ පිටවෙද්දී කපුපුලුං පොදක් හෝ රෙදි කොනක නූලක් හෝ තෙල් බින්දුවක් හෝ දරකඩක් හෝ ඒ තැනින් සෙලවීමක් නම් නොවීය. සියල්ලම සුදුසු තැන පිහිටියාහු ය. උදාවී බැසගිය සඳ හා ඉරු සේ බුදු රජාණන් වහන්සේගේ පාදයන් අතුරු දහන් වූ කල්හි මහා ජනයා මහ හඬින් හැඬුහ. පිරිනිවන් ගිය කලට වඩා අධිකතර කරුණාවක් වීය. ඉක්බිති දෙවියන්ගේ ආනුභාවයෙන් චිතකය එකවිට වටේටම දිළිසිණ. බුදු රජාණන් වහන්සේ ගේ දැවෙන සිරුරෙහි සම් සිවි මස ආදීන්ගේ අළු පමණකුත් යටත් පිරිසෙයින් නොවී ය. දැළිද නොවී ය. සමන් කැකුළු සේ රන්වන් ධාතු පමණක් ඉතිරිවූහ.
9. දීර්ඝාඉයුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ සිරුර රන් කඳක් සේ එක් ඝන වේ. බුදුරජාණන් වහන්සේ මම් වැඩිකලක් නොසිට පිරිනිවන් පාමි මගේ ශාසනය තවම විසිරි නොගියේ ය. පිරිනිවීයායින් පසු අබ ඇටයක් පමණ ධාතු ගෙන තමතමන් වසන තැන්හි චෛත්යස පරිහරණය කරන මහාජනයා ස්වර්ගම පරායණ වේයයි ධාතු විසිරීම අධිෂ්ඨාන කළෝය. කෙතෙක් විසිරී ගියාහුද කීයක් විසිර නොගියහුද? දළඳා සතරය අකුධාතුදෙකය ඌර්ණය ධාතුවය යන මේ සත විසිරී නොගියේ ය. ඉතිරිවා විසිරී ගියේය. සියල්ලටම කුඩාධාතු අබ බිජු පමණ ය. මහාධාතු මැද බිඳී ගිය සහල් පමණ ය. ඉතා මහත් වැ මැදබිදුණු මුං බිජුවට පමණයි. බුදුරජාණන් වහන්සේගේ සිරුර දැවී ගිය විට අහසින් අත් අග සා හා කෙණ්ඩා සමාන තල්කඳසා දිය ධාරා වැටී සෑය නිවී ගියේ ය. අහසින් පමණක් දියධාරා නික්මි නිවී යා නො පිරිවරා සිටි සල්ගස්වල අතුවලින්ද දියධාරා නික්මී නිවී ගියේ ය. බුදුරජාණන් වහන්සේගේ දරසෑය ඉතා විසාල ය. හාත්පස පොළොව බිදගෙන නඟුල් හිසක් පමණ දිය වැටියක් ඵලකයෙන් කළ කොබෝ ගෙඩි වලල්ලක් සේ නික්මි චිතකය වෙලායයි. මල්ලරජ දරුවෝ ද රන්කළ රීදීකළ පුරවා සුවඳ පැනින් රන්රිදීමය අෂ්ට දන්තකයන් ගෙන් විසුරුවා සඳුන් සෑය නිවුවාහුය.
ථූපවංසය 191
10. දරසෑය දැවෙන විට පිරවරා සිටි සල්ගස්වල අතුවෙලෙප්. කොළ අතරින් ගිනිදැල් ගියත් කොළයක් අත්තක් නො දැවිණ. කුහුඹි මකුණු ආදි සත්තු ද ගිනි දැල් අතරින්ම හැසිරෙත්. අහසින් වැටුණු දිය ධාරාවන් හිද සල් රුක්වලින් නික්මුණු දිය ධාරාවන්හිද ස්වභාවයම ප්රාමාණයි. මෙසේ සෑය නිවු මල්ලරජවරු සන්ථාරගාරයෙහි සිවුදැගඳින් පිරිබඩ කොට ලදපස්මල් විසුරුවා මත්තෙහි රෙදි වියන් බඳවා රන්තරු ඔබ්බවා එහි ගඳමල් එල්ලා සන්ථා ගාරයේ සිට මකුට බන්ධරන සඞ්ඛ්යාෙත හිස් පළඳවන මඟුල් හල තෙක් දෙපසින් වට තිර නමැති රේණුයෙන් වට කොට මත්තෙහි රෙදිවියන් බඳවා රන්තරු ඔබ්බවා එහිද සුවඳ මල්දම් එල්ලා මිණි දඬුවල පස් වණක් කොඩි උසවා හාත්පස ධජපතාකවලින් වට කොට මැනවින් හැමදි වීථිවල කෙසෙල් පුන්කලස් තබවා දඩු පහන් දල්වා සරසනලද ඇත්කදෙහි ධාතුසහිත රන් දෙණ තබා මල්සුවඳ ආදියෙන් පුදා සාධුක්රීෙඩා කරන්නේ ඇතුල් නුවරට පිවිස සන්ථාවගාරයෙහි සරභ මුවා පුටුවෙහි තබා ඊ උඩ සේසත් දරා ආයුධගත් අත් ඇති මිනිසුන්ගෙන් වටකොට ඇත්තුඩෙන් තුඩ පහරමින් වට කොට ඊටපසු අසුන්ගේ ග්රීවවායෙන් ග්රීපවාව පහරවමින්, ඊටපසු රිය ඇණ කෙළවරින් ඇණකෙළවර පහරවමින් ඊටපසු යුඬභටයන්ගේ අතින් අත පහරමින් ඔවුන්ගේ කෙළවරින් කෙළවර හැපෙන දුනුවලින් වට කළහ. මෙසේ යොදුනක් පමණ තැන යුඩසැට්ටවලින් සැරසුණවුන් මෙන් ආරක්ෂක සංවිධාන කළහ. කුමක් නිසා මොවුහු මෙසේ කළාහුද මෙයින් පළමුවැනි දෙවැනි සති වල ඔව්හු භික්ෂුොන් වැඩ හිඳුනා තැන් කරමින් කෑ යුතු බිඳිය යුතු පිළියෙළ කරමින් සාධු ක්රීහඩාවෙන් ක්රීැඩාකරන්නෙමු මේ කරුණු විද්යයමානය. යමෙක් අපේ පමා බව දැන කෙ සේ හෝ පැමිණි ධාතු ගන්නේය. එනිසා ආරක්ෂායව තබවා ක්රීනඩා කරමු යි මෙසේ කළාහු ය.
192 ථූපවංසය
11. ඉක්බිති අජාසත් රජතුමාට මෙබඳු ආරංචියක් ලැබිණ. භාග්ය වත් බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේදී පිරිනිවන් පෑවේය කියා එය ඇසුසේ කෙසේද? මුලින්ම අසා මෙසේ සිතූහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑහ. පෘථග්ජන ශ්ර ද්ධාවෙන් අපගේ රජතුමා සමාන කෙනෙක් නොමැත. යම් විදියකින් මේ ප්ර්වෘත්තිය මේ ක්රාමයට ම ඇසුවොත් රජතුමාගේ හෘදය පැළෙන්නේ ය. රජතුමා අප විසින් රැක ගත යුතුය ඔව්හු රත්රන් ඔරු තුනක් ගෙන්වා ගෙන සිවුමිහිරෙන් පුරවා රජුගේ සමීපයට ගොස් මෙසේ කීවාහුය. දේවයන් වහන්ස, අප විසින් නරක සිහිනයක් දක්නා ලදී. එයින් වලකනු සඳහා නුඹ වහන්සේ විසින් දුහුල් පටක් ඇඳ නාස්පුඩුව පමණක් පෙනෙන සේ සිව් මිහිර පිරවූ ඔරුවෙහි වැද ගොවීන්නට වටී. රජතුමා තමාට වැඩ කැමැති අයගේ වචන අසා එසේ වේවා දරුවෙනියි පිළිගෙන එසේ කෙළේ ය. ඉක්බිති එක් ඇමැතියෙක් අබරණ මුදා කෙස් මුදා හැර බුදුරජාණන් වහනසේ පිරිනිවන්පෑ දිශාවට අභිමුඛව ඇඳිලි බැඳගෙන රජුන්ට කීය. දේවයන් වහන්ස, මරණයෙන් මිදෙන කෙනෙක් නොමැත. අපගේ ආයුෂ දියුණුකළ චෛත්ය ස්ථානය වූ පින්කෙත් වූ අබිෂේකයට පුටුවක් බඳු බුදු රජාණන් වහන්සේ කුසිනාරා නුවරදී පිරිනිවන් පෑ සේකැයි කීහ. රජතුමා මේ ප්රේවෘත්තිය අසා විසංඥ විය. වතුමධුර ඔරුවෙහි උෂ්ණය පිටවිය. රජතුමා ඔසවා දෙවැනි ඔරුවෙහි වැද හෙවුහ. රජතුමා සිහලැබ දරුවෙනි, කුමක් කියව්දැයි ඇසී ය. මහරජ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේකැයි අසා නැවත ද සිහිසන් නැති විය. ඉක්බිති නැවත ද එයින් ඔසවා තුන්වැනි චතු මධුර ඔරුවෙහි වැද හෙවුහ. රජතුමා නැවත ද සිහි ලැබීය. චතුමධුර ඔරුව උණුසුම් විය.
ඉක්බිති එයින් ද ඔසවා නහවා හිසමතට දියවත් කළහ. රජතුමා සිහිලැබ ආසනයෙන් නැගිට සුවඳ ගැල්වූ මිණිවන් කෙස් රන්වන් පිටෙහි විසුරුවා ගෙන
ථූපවංසය 193
පබළුපැලවැනි මනාව වටවු ඇගිලි වලින් රන් බිඹුවක පාටවැනි හෘදය මසන්නාවැනිව ගෙන හඬමින් උමතුවෙසින් ඇතුල් වීදියට බැස්සේ ය.
රජතුමා සැරසුණ නිළියන් පිරිවරා නුවරින් පිටව ජීවකගේ අඹවනයට ගොස් යම්තැනක වැඩහිඳ බුදුරජාණන් වහනසේ ධර්මේය දේශනා කළසේක් ද එතැන බලා බුදුරජාණන් වහන්ස් මෙතැන සිට මට ධර්මාය දේශනා කළා සේක් නොවේ ද? නුඹවහන්සේ මගේ සෝහුල නැති කළාහු ය. මම ඔබවහන්සේගේ සරණ ගියෙමි. දැන් මට පිළිවදනක්වත් නොදෙනසේක. නැවත නැවතත් හඩා භාග්ය වතුන් වහන්ස, නුඹවහන්සේ වෙනදා භික්ෂුගන් වහන්සේ පිරිවරා ගෙන දඹදිව් තලයෙහි දනම් සැරි සරවූ සේක. දැන් නුඹවහන්සේ ගැන නො ගැලපෙන නුසුදුසු ආරංචියක් ඇසීමි. මේ ආදිය කියා ගාථා සැටකින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කොට මෙසේ සිතී ය. මගේ වැලපීමෙන් කටයුතු සිද්ධ නොවේ. එබැවින් බුදු රජාණන් වහන්සේගේ ධාතු ගෙන්වා ගනිමියි මල්ල රජ දරුවන් වෙත දුතයකු හා ලිපියක් යැවී ය.
12. භාග්ය වතුන් වහන්සේ ද ක්ෂ ත්රිහයෙකි. මම ද ක්ෂවත්රීණය වෙමි. මම ද සුදුස්සෙකි බුදුරජාණන් වහන්සේගේ ශරීරය සෑයකින් උත්සව පූජාවක් කිරීමට. පණිවුඩය යවා ධාතු දුන්නොත් යහපති. යම් විදියකින් නුදුන්නොත් ගෙන ආ හැකි උපායකින් ගෙන එමියි සිවුරඟ සෙනඟ සුදානම් කොට තමාන් නික්මුණේම ය. අජාත සත්තු රජමෙන් ම විශාල නුවර ලිච්ච චි රජවරු, කපිල වාස්තුවෙහි ශාක්යලයෝය, අල්ලකප්පරටෙහි බුලු රජවරු, රාමගමෙහි කෝලියෝ ය. වේඨදීපක රටෙහි බමුණෝය, පාවා රට මල්ලයෝ ද පණිවුඩ යවා තම තමාත් සිවුරඟ සෙනඟ ගෙන පිටත්වූහ. සියල්ලට වඩා කුසිනාරාවට ආසන්න පාවා රට වැසියෝ කුසිනාරාවෙන් තුන් ගවුවක් අතරතුර නගරයෙහි වාසය කරති. බුදුරජාණන් වහන්සේ ද පාවා නුවරට පැමිණ
194 ථූපවංසය
කුසිනාරාවට ගියෝ ය. මේ රජවරු මහත් පෙරහර කරමින් පසුවුහ. මේසත් නගර වැසියෝ පැමිණ අපට ධාතු දෙත්වා නැතහොත් යුද්ධය හෝ කරත්වායි කුසිනාරානගරය වැටලුහ. ඉක්බිති මල්ලරජදරුවෝ මෙසේ කීවාහුය. බුදුරජාණන් වහන්සේ අපේ ගම් කෙතෙහි පිරිනිවියහ. අපි බුදුරජාණන් වහන්සේට පණිවුඩ නොයැවීමු. ගොස් වැඩම කරවා ගෙන නොආමු බුදුරජාණන් වහන්සේ තමන්ට පැමිණ පණිවුඩයක් යවා අප කැඳවු සේක. නුඹලා ද නුඹලාගේ ගම් කෙතක රුවන් හටගත හොත් ඒවා අපට නොදෙන්නහු දෙවියන් සහිත බුඩ රත්නය සමාන රුවනක් නැත. මෙවැනි උසස් රුවනක් ලැබී අපි එය නොදෙමු. මෙසේ යම් විදියකින් තොපි කලහ වඩව්ද තොපි පමණක් මව් තනයෙන් කිරි නොබීවහු අපි විසින් ද බොනලදි. තොපි පමණක් මිනිස්සු ද අපි මිනිස්සු නොවෙමු ද ඔවුනොවුන් අහංකාරයෙන් කථා කොට, හසුන් පිළිතුරු හසුන් යවා ඔවුනොවුන් මානයෙන් ගර්ජථනා කළාහු ය. යුද්ධය ඇති කල්හි කුසිනාරා නුවර වැසියන්ටම ජය වන්නේ ය. කුමක් නිසාද ධාතුවැඳීමට පැමිණ දෙවියෝ ඔවුනට පක්ෂ වූහ.
13. ඉක්බිති දෝණ බ්රා.හ්මණ තෙම මේ විවාදය අසා මේ රජවරු බුදුරජාණන් වහන්සේ පිරිනිවි තැන විවාද කරති. මෙය නුසුදුසු ය. මේ කෝලාහයෙන් වැඩක් නොමැත. සංසිඳවමියි නම් ගර්ජයනාවක් කෙළේය. පළමුවැනි බණවරෙහි එක පදයකුදු ඔව්හු නොසැලකූහ. දෙවැනි බණවර කෙළවර පින්වත්නි, ගුරුවරයාගේ හඬ වැනි හඬකියි සියල්ලෝ නිශ්ශබ්දවූහ. මුළු දඹදිව් තලයෙහි කුල ගෙයක උපන් කෙනෙක් වෙත්නම් බොහෝ සෙයින් දෝණ ආචාර්යාදගේ ගෝලයෙක් නොවුයෙක් නම් නොවේ. ඉක්බිති හෙතෙම තමන්ගෙ වචනය අසා නැවත මෙසේ කීවේ ය.
ථූපවංසය 195
14. පින්වත්නි, - පින්වත්හු මගේ එකවාක්ය යක් අසත්වා! අපගේ බුදුරජාණන් වහන්සේ ක්ෂා න්තීවාද සේක. එබඳු උතුම් පුද්ගලයකුගේ ශරීරය විනාශව ගිය කල්හි ඔවුනොවුන්ට පහරදීම නොකළයුතු ය.
පින්වත්නි, සියල්ලෝ සමගිය සතුටුව ධාතුන් වහන්සේලා අට කොටසක් කොට දිශාවන්හි දැගැබ් බඳවා පූජා කරව්. එසේකල්හි බෙහෝදෙනා බුදුරජාණන් වහන්සේට පහදිති.
15. එහි අදහස මෙසේ ය.
අපගේ බුදු රජාණන් වහන්සේ ක්ෂා න්තිවාදීව බුදු බවට නො පැමිණ ක්ෂා න්තිවාදී කාලයෙහි පෙරුම් පිරූහ. ධර්මාැපල කුමාර කාලයෙහි ඡද්දන්ත ඇත් කාලයෙහි භුරිදත්ත නාරජ කාලයෙහි, සඞ්ඝපාල නාග රාජ කාලයෙහි ද මහාකපි කාල යෙහි ද අනිත් බොහෝ ජාතකවලද අනුන්ට කෝපයක් නොකොට ක්ෂාදන්තියම කළසේක. ක්ෂාකන්තිය. වැණුසේක. දැන් වර්තාමාන තාදි ගුණවලට පැමිණිම ඇති සම්බුදු රදුහු ක්ෂාසන්තිවාදී වූහ. යන්න කියනුම කවරේ ද? මෙබඳු වූ බුදුරජාණන් වහන්සේගේ සිරුර විනාශ වූ කල්හි (පිරි නිවන් පෑ කල්හි) විරුඬව ගැනීම නුසුදුසු ය. නහි සාධයන්ති එය සුදුසු නොවේ. සරීරභඬ්ගෙ යනු සිරුර විනාශවි යෑම ධාතු කොටස්වීමට හේතුව යනු තේරුමයි. සියාසම්පරායෝ යනු ආයුධ ගැටීම සුදුසු නොවේ යයි කියන ලදී. සබ්බෙව හොන්තො සහීතා සමග්ගා යනු ඔබ සියලු දෙනම සමගි වව් නොබිදෙව්. සමග්ගා යනු කයින් වචනයෙන් එකට එක්ව එක්වදන් ඇත්තෝ වව්. සම්මෝදමානා යනු සිතින්ද ඔවු නොවුන් සතුටු වන්නො කරොමඪභාගෙ යනු බුදුරජාණන් වහන්සේගේ සිරුර කොටස් අටකට කරමු. චක්ඛුමතො යනු පස් ඇස් ඇති බුදුරාජාණන් වහසේගේ උදෙක් ඔබලා පමණක් නොව බොහෝ දෙන පහදී ඔවුන් අතර එකකු දු ලබන්නට නුසුදුසුය යනාදි බොහෝ බොහෝ කරුණු කියා දැන්වීය.
196 ථූපවංසය
16. ඉක්බිති සියලුම රජදරුවෝ මෙසේ කීවාහු ය. එසේනම් (ඇඳුරු) බ්රා හ්මණයාණෙනි, ඔබම බුදුරජුන්ගේ ශරීරධාතු - කොටස් අටකට සමානව බෙදන්න එවිට ඒ පින්වත් දෝණ බ්රාඔහ්මණයා ඒ රජුන්ගේ වචනය පිළිගෙන ධාතු සමව මනාව බෙදීය.
එහි මේ පිළිවෙළයි.
දෝණ රජුන්ට පිළිවදන් දී රන්දෙණ ඇරවීය රජවරු පැමිණ දෙණෙහි වූ රන්වන් ධාතු දැක සර්වබඥයන් වහන්ස, පෙර අපි නුඹ වහන්සේගේ දෙතිස් පුරුෂ ලක්ෂසණයෙන් බබළන සවණක් ඝන බුදුරැසින් ඕව්දුනා ලද රන්වන් සිරුර දැක්කෙමු. දැන් ඉතිරිවූ රන්වන් ධාතු දකිමු. මෙය ඔබවහන්සේට සුදුසු දැයි වැලපුණාහ. බමුණෝ මෙවේලෙහි රජුන්ගේ පමාවක් දැක දකුණු දළදාව ගෙන ජටාව අතර තැබීය. ඊටපසු සමානව මැනවින් බෙදුවේ ය. සියලුම ධාතු ප්ර කෘති නැළියෙන් සොළොස් නැළියක් විය. එක එක නුවර වැස්සෝ නැළි දෙක දෙක ලැබුහ. බමුණා ධාතු බෙදන අතර දෙවියන් සහිත ලෝකයාගේ සැක දුරු කරනු සඳහා චතරාර්ය සත්යර කථාව දෙසීමට උපකාර වූ බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදාව කවරකු විසින් ගන්නා ලද්දේදැයි සලකන්නේ බමුණා විසින් ගත්බව දැක බමුණාට මේ දළදාවට පිළිවෙත් පිරීමට නොහැකියයි එය ගනිමියි ජටාව අතරින් ගෙන රන්කරඩුවක දමා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයෙහි තැබී ය. බමුණා ද ධාතු බෙදා අවසන් කොට දළදාව නොදකින්නේ කවරකු විසින් ගන්නා ලද්දේ දැයි ප්රබශ්න කීරීමට අපෝසත් විය. ඔබ විසින් ධාතු බෙදන කල තමා ඇති බව මුල දී නොදැක්කේ ඇයි දැයි එන දෝෂා‍්රෝපනය දැක මටත් කොටසක් දෙන්නයයි කීමට ද නොහැකි ය.
එහෙයින් මේ රන්කුඹඳ ධාතු සංඛ්යා වෙහිම වේ. සර්වකඥ ධාතු මැන්න බැවින් මෙය ගෙන දැගැබක් කරමියි සිතා
ථූපවංසය 197
මේ ධාතු බෙදු කුඹ මට දෙත්වායයි ඉල්ලීය. ඉක්බිති බමුණාට කුඹ ලැබිණ. පිප්ඵලී රට මෞලියෝ ද බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම අසා බුදුරජාණන් වහන්සේද කාලක්රිදයා කළ බව අසා, අපිත් ක්ෂ ත්රි්යයෝ වෙමු. බුදුරජාණන් වහන්සේගේ ධාතු ලැබීමට අපිදු සුදුස්සෝ වෙමු. ඒවා ලබා ගැනීමට දූතයන් එවා යුද්ධයට සුදානම්ව පැමිණියාහ. ඔවුනට රජවරු මෙසේ කීහ. බුදුරජාණන් වහන්සේගේ ධාතු බෙදු නිසා ධාතු නොමැත. මෙයින් අඟුරු ගෙන යව්. ඔව්හු එතැනින් අඟුරු ගෙන ගියහ.
17. ඉක්බිති අජාතසත්තු රජතුමා කුසිනාරා නුවරටත් රජගහ නුවරටත් අතර පස්විසි යොදුන් මග අට ඉස්බක් පමණ සමතලා කොට, මල්ලරජුවරු මකුට බන්ධයනයටත් සන්ථාපගාර ශාලාවලටත් අතර පූජා කළාහු ද එසේ පස්විසි යොදුනක් මග පූජා කොට ලෝවැස්සන් කළ නොකිරෙනු සඳහැ ඇතුළු කඩවීථි සාදවා රන් දෙණක බැහු ධාතු ආයුධ පඞ්ක්තියකින් වට කොට තමන්ගේ රටෙහි පන්සියයක් යොදුන් ගම්මානයේ ගම්මානයේ පිරීමඩළු සේ මිනිසුන් රැස් කරවීය. ඔව්හු ධාතුගෙන කුසිනාරා නුවරින් ධාතු ක්රීසඩා කරමින් නික්මි යම් යම් තැනක පාට ඇති මල් පෙනේ ද ඒ ඒ තැන් ධාතුන් වහන්සේලා ආයුධ අතර තබා ඒ මල් අවසන් වූ කල්හිම යයි. රියෙහි වියගහ තුබු තැනට පසු තැන පැමිණි විට සත්දිනක් උත්සව කරති. මෙසේ ධාතුරැගෙන යන්නවුන්ට හත් අවුරුදු හත්මස් සත්දිනක් ගෙවී ගියේ ය. මිස දිටුවෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දින සිට බලාත් කාරයෙන් ධාතු පූජා කරවති. එයින් කරදරයට පත්වීමු. අපේ හැම කර්මා න්තයක්ම විනාශයට ගියේ යයි දොස් කියමින් සිත් කලකිරවාගෙන අසූ හය දහසක් පමණ දෙනා අපායෙහි උපන්නෝ ය. රහතන් වහන්සේ පරීක්ෂාමකරන්නෝ මහා ජනයා සිත දූෂණය කරගෙන අපායෙහි උපන්බව දැක ශක්රරයා හමුව ධාතු ගෙන ඊමට උපායක් කරමුයි ඔහු සමීපයට ගොස් මෙය සැලකොට ධාතු ගෙනයන්නට
198 ථූපවංසය
ක්ර මයක් සිදුකරනු මැනව මහරජාණෙනියි කීවාහු ය. ශක්ර යා මෙසේ කීයේ ය. පුහුදුන් මිනිසුන් අතර අජාත සත්තුට සමකළ හැකි කෙනෙක් නොමැත. හේ මාගේ වචනය නොකෙරේ. එසේද වුවත් මාරයාගේ බියජනක විෂම යක්ෂහයන් දක්වමි. යක්ෂ යන් විසින් කරන ලද උමතු රෝග සෙම් ප්රයතිශ්යා් හා අරුචිද කරන්නෙමි. තමුන්නාන්සේලා, මහරජ, අමනුෂ්ය්යෝ කිපී ගියහ. ධාතුන් වහන්සේලා වහා වඩවනු මැනවි යයි කියන්න.
එවිට හෙතම ධාතුවැඩම කරවනු ඇත. ඉක්බිති ශක්රේයා මේ සියල්ල කෙළේ ය. භික්ෂුතන් වහන්සේලා ද රජු කරා පැමිණ මහරජතුමා ධාතුන් වහන්සේලා වහා වැඩම කරවීම මගේ සිතට සතුට ගෙන නොදේ. එසේ වුවත් වැඩම කරවමුයි සත්වැනිදා ධාතුවැඩම කළහ. මෙසේ වැඩම කළ ධාතු ගෙන රජතුමා රජගහ නුවර චෛත්යතයක් කෙළේ යත අන්යව රජවරු ද තමන්ගේ ශක්ති පරිදි ධාතු වැඩම කරවා සියරටෙහි දාගැබ් බැඳ පූජා කළෝ ය. දෝණ බමුණාද පිප්පලී නුවර මෝරිය රජ දරුවෝද තමතමන්ගේ නුවරවල දාගැබ් කොළෝය.
18. එක් දාගැබක් රජගහනුවර පිහිටියේ ය. එක් දාගැබක් විශාලානුවර ද එකක් කපිල වස්තුවෙහි ද එකක් අල්ලකප්ප නුවරද, එකක් රාමගමෙහි ද එකක් වේඨදීපක රටෙහිද එකක් පාවෙය්ය රටෙහි ද එකක් කුසිනාරා නුවරද මෙසේ අප බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටුවා කළ චෛත්යුයෝ දඹදිව පිහිටියාහු ය. අඟුරු පිහිටුවා කළ චෛත්යුයද කියා දශ චෛත්යඹය කෙනෙක් වෙති.
මේ දැගැබ් දශයටම රජවරු තමන්ගේ ශක්තිය අනුව පූජා කළාහු ය. දෙවිමිනිසුන් සහිත සියලු ලෝක වාසීහුද ඒ දාගැබ් දශයම හැමකල්හිම වැදපුදා ගතයුතුය.
දශ ථූපකථා නමි. ____
ථූපවංසය 199
1. මෙසේ දාගැබ් බැඳිකල මහා කාශ්යගප මහ ස්ථවීරතෙම ධාතුන් වහන්සේලාට අන්තරාය බව දැන අජාසත් රජුකරා එළඹ මහරජතුමාණෙනි, එකම ධාතු නිධානයක් තැනීම සුදුසු ය. මැනවි හිමියෙනි, නිදන් කිරීම මා සතු දෙයකි. ධාතුන් වහන්සේලා කෙසේනම් වැඩම කරවා ගනිමුද? මහරජතුමාණෙනි, ධාතු ගෙනඊම අපසතු ය. ඔබ සතු නොවේ. මැනවි ස්වාමීනී, තමුන්නාන්සේලා ධාතු ගෙන එන සේක්වා මම ද ධාතු නිධානය කරන්නෙමි. ස්ථවිරයන් වහන්සේ ඒ ඒ රජගෙවලට පරිභරණයට පමණක් තබා ඉතිරි ධාතු ගෙන ආසේක. රාම ගමෙහි ධාතු නාගයෝ ගෙන ගියහ. ඒ ධාතුවලට අනතුරක් නැත. අනාගතයෙහිදී ලංකාවීපයෙහි මහාවිහාරයෙහි මහා චෛත්යඅයෙහි නිදන් වන්නේයයි ඒ ධාතු නොගෙනාසේක ඉතිරි නගර සතෙහිම ධාතු රජගහ නුවර ගීනි කොණෙහි තැන්පත් කොට එතැන ඇති ගල් අතුරු දහන් වේවා පස් නිර්මිලවේවායි දිය නොනඟීවායි. අධිෂ්ඨාන කළ සේක. රජතුමා එතැන කණවා එයින් නැඟුණු පසින් ගඩොල් කරවා අසුමහ සව්වන්ට දාගැබ් කරවීය. මෙහි රජතුමා කුමක් කරයිදැයි ඇසූවනට මහා ශ්රා වකයන්ගේ දාගැබ්යයි කියති. කිසිවෙක් ධාතු නිධානය බව නොදනී. අසුරියන් පමණ ගැඹුරු සාරා ලෝහ පටක් අතුරා එහි අනුරාධපුර ථූපාරාම ගැබ පමණ තඹගෙයක් සාදවා සඳුන් කරඬු අටක් ද දාගැබ් අටක් ද කරවීය.
2. ඉක්බිති බුදුරජාණන් වහන්සේගේ ධාතු සුදු හඳුන් කරඩුවක බහා ඒ සුදු හඳුන් කරඬුව අනික් සඳුන් කරඬුවකද, එය තවත් සුදු හඳුන් කරඬුවක දැයි මෙසේ සුදු හඳුන් කරඬු අට එක් කොට මේ ක්රසමයෙන් ම කරඩු අට සුදු හඳුන් දාගැබ් අටක් කරවා ඒ ධාතුන් වහන්සේ දාගැබ් අටක් බහා රත් සඳුන් කරඬු අටකින් වසා නැවත සඳුන් කරඬු අටෙක බහා මෙසේ සඳුන් කරඬු අට නැවත සඳුන් දාගැබ් අටෙක බහා නැවත ඒ දාගැබ් දළකරඬු අටෙක බහා ඇත් දළින්ම ලියන ලද දාගැබ්
200 ථූපවංසය
අටෙක බහා නැවත සත් රුවනින් කරනලද කරඩු අටෙක බහා එසේම කරනලද සත් රුවන් දාගැබ් අටකින් වසා නැවත් ඒ රුවන් කරඩු අටකින් වසා ඒ රුවන් කරඩු අට නැවත රන්දාගැබ් අටක බහා ඒ රන් දැගැබ් නැවත රිදී කරඩු අටෙකින් වසා ඒ රිදී කරඩු අට රිදී දැගැබ් අටෙකින් වසා නැවත මැණික් කරඩු අටකින් වසා නැවත මැණික් දැගැබ් අටෙකින් වසා ඒ මැණික් දාගැබ් අට දැවානමය කරඩු අටෙක බහා නැවත දැවාන කරඩු අට දැවාන දාගැබ් අටෙකින් වසා මෙකී සියලු දාගැබ් කරඩු දාගැබ්වලින් වසා නැවත දැවාන දාගැබ ථූපාරාම දැගැබ් වහන්සේ හා ඇති සේක.
ඉක්බිති දාගැබ් මත්තෙහි සියලු රත්නයෙන් සුගු කරවා ඒ මත්තෙහි සත් රුවන්මය ගෙයක් කරවා ඒ සත් රුවන්මය ගෙය වසා රිදියෙන් ගෙයක් කරවා ඒ රිදී ගෙය වසා තඹගෙන් ගෙයක් කරවූ ය. ඒ සියලු බිම් සත් රුවන්මය වැලි අතුට දියෙහි පිපි මල් ගොඩ පිපි මල් අතුට පන්සිය පණස් ජාතකය ද අසූමහ සව්වන් වහන්සේ ද ශ්රගද්ධෝදන රජතුමා ද මහාමායා දේවිය ද සප්තසභ ජාතයන් ද සියල්ලම රනින් කරන ලද්දේ ය. පන්සිය, පන්සිය රන් හා රිදී පුන් කලස් තැබවීය. පන්සීයක් රන් ධජ ද පන්සීයයක් රන් පහන් කරවා සුවඳ තෙල් පුරවා ඒවායෙහි දුහුලින් පහන්වැටි තැබීය. ඉක්බිති මහාකාශ්යෙප ස්ථවීරයන් වහන්සේ මල්මාලා නොමැලවේවා සුවඳ නැති නොවේවා පහන් දැල්වේවා යයි අදිටන් කොට රන්පට අකුරු කෙටවීය. අනාගතයෙහි පියදාස නම් කුමාරයෙක් සේසත් නංවා ධර්‍රුාශෝක නම් රජෙක් වන්නේ ය. හෙතෙම මේ ධාතු විසුරුවා විහාර කරන්නේය. රජතුමා සියලු ආබරණයන්ගෙන් පූජා කොට මුල පටන් දොරවල් වසමින් නික්මුණේය. තඹයෙන් කරන ලද ගෙයි දොර වසා එය අදිනා නූලෙහි කෙසි යතුරු මුදු බැන්දේය, එහිම මහත්වූ මැණිකක් තැබීය. අනාගතයෙහි ඇතිවන දිළිඳු රජවරු මේ මැණික ගෙන
ථූපවංසය 201
ධාතුන් වහන්සේලාට සත්කාර කරත්වායි අකුරු කෙට වීය. ශක්ර තෙම විස්කම් දෙව් පුතා කැඳවා දරුව, අජාත සත්තු රජු විසින් ධාතු නිධානය කරවන ලදී. එහි ආරක්ෂා ව තබාවායි යැවී ය. හෙතෙම පැමිණ ව්යාවලරූප යුක්ත යන්ත්ර.යක් යෙදී ය. දණ්ඩෙන් නෙලූ රූප ඒ දාගැබෙහි දැවාන පැහපත් ගෙන වාත වේගය හා සමවේගයෙන් සිසාරා දුවන්නා සේ යන්ත්ර යත් යොදා එක ඇණයකින් සම්බන්ධද කොට හාත්පසින් ගෙඩි ගෙයක් මෙන් ගලින් වට කොට මත්තෙහි එකකින් වසා පසින් බිම හා සම කොට ඒ මත ගලින් දාගැබක් පිහිට වීය.
ධාතු නිදාන කථාවයි. _____
1. මෙසේ දාගැබ් පිහිටුවා නමි කල්හි මහා කාශ්ය.ප ස්ථවීරයන් වහන්සේ පිරිනිවන් පෑසේක. රජතුමා ද තමාගේ කර්මානුරූපව මරණයට ගියේ ය. ඒ මිනිස්සු ද කළුරිය කළාහු ය.ඊට පසු කාලයෙහි පියදාස කුමාරයා සේසත් නංවා ධර්මානශොක නම් රජව ඒ ධාතුගෙන දඹදිව අසූහාර දහසක් දාගැබ්වල නිධන් කෙළේ ය. කෙසේ ද? බින්දුාසාර රජුට එකසියයක් පුත්ර යේ වූහ.
අශෝක තෙම තමන්ගේ මෑණියන්ගේ කුසින් උපන් තිස්ස කුමාරයා හැර අන් සියල්ලන්ම මරා දැමීය. මෙසේ ඝාතනය කොට අවුරුදු සතරක් අභිෂේක නොකොට රාජ්යමය කරවා අවුරුදු සතරකට පසු බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු දෙසිය දහඅට වැනි වසරෙහිදී මුළු දඹදිව එකසේසත් කෙළේ ය. අභිෂේකයේ ආනුභාවය නිසා මේ රාජ සෘද්ධිය ලඟා වීය. මහ පොළොවෙන් යට යොදුනක් පමණ තැන අණසක පැතිරිණ. උඩ අහසෙහි ද එසේම විය. අනවතප්ත විලෙන් කඳවල් අටකින් පැන්කළ දහසයක් දිනපතා දෙවියෝ ගෙනවිත් දෙති. සසුනෙහි උපන් ශ්ර්ද්ධාව නිසා එයින් කළ අටක් භික්ෂු. සංඝයා වහන්සේට දුන්නේ ය.
202 ථූපවංසය
කළ දෙකක් ත්රි පිටකධාරී භික්ෂු න් සැටනමකට ද, කළ දෙකක් අගමෙහෙසියවූ අසන්ධි ත්රා වට ද කළ සතරක් තමන්ගේ පරිභෝගයට ද දුනි. දෙවියෝ හිමාලයෙහි නාගලතා දැවටු දඬු ඇත. ඒවා සිනිඳුය, මෘදුය, රසවත්ය, ඒවා දිනපතා ගෙනවිත් දෙති. මේ දැහැටි දඬුයෙන් අග මෙහෙසියට ද සොළොස් දහසක් නාටක ස්ත්රීින්ට ද සැට දහසක් භික්ෂුින් වහන්සේට ද දිනපතා දැවටි වැළදීම වන්නේ ය. නැවතත් දෙවියෝ ඇඹුල ද බෙහෙත් අරළු ද රන්වන් සුවඳැති ඉදුණු අඹ ගෙන එත්. එසේ ඡද්දන්ත විලෙන් පස් පෑයෙන් යුත් අඳින පොරෝනා රන්වන් පිළි ද මුව පිස්නා පිළි ද දිවපානය ද ගෙන දෙන්නේ ය. දිනපතාම විලවුන් සුවඳ ද පෙරවීමට හුයින් නොගොතන ලද දෑසමන් මල්පට ද, මාහැඟි අඳුන් ද නාග භවනයෙන් නාරජවරු ගෙන එති. ඡද්දන්ත විල අසල වැවී ගිය සියදාහැල් නව දහසක් දවස දවස ගිරව් ගෙන එති. මීයෝ පොතු ඉවත් කොට දෙති. එක දිනකුදු කැඩුණු සහල් නොම වෙති. රජතුමා හැම තැනදීම මේ හැල් සාලම පාවිච්චි කෙරේ. මීමැස්සෝ මී කරති. කර්මා න්ත ශාලාවලට පැමිණි වලස්සු කුළු ගැසීම් කරති. දිවියෝ සම් සොලවති. කුරවිකෙවිල්ලෝ පැමිණ මිහිරි පර විහිදුවමින් රජුට පූජා කෙරේ.
මේ සෘද්ධින්ගෙන් හෙබි රජතුමා එක් දිනක් ඇති රන් හැකිලි බැඳුමක් යවා සතර බුදුවරයන් වහන්සේලාගේ රූපය දක්නාලද කල්පය තෙක් ජීවත් වෙන මහාකාල නාගරාජයා ගෙන්වා සේසත් යට මනාව වටිනා (පුටුවෙහි) සිංහාසනයෙහි හිඳුවා නොයෙක් සිය ගණන් පැහැති ගොඩ හා දියෙහි පිපෙන මලින් ද රන් මලින් ද පුද කොට සියලු අලඞ්කාරයෙන් සැරසුණු සොළොස් දහසක් නළුවන් විසින් හාත්පසින් වටකොට නොයෙක් නුවණ ඇති සඞ්ර්මහචක්රුවර්තී සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ රූපය ඇස් හමුකරන්නයයි කියා ඔහු විසින් මැවූ මුළු සිරුරෙහි විසිරීගිය පින් ප්රයභාවෙන් යුත් අසූ අනු
ථූපවංසය 203
ව්ය ඤ්ජනයන්ගෙන් ශෝභමාන දෙතිස් මහ පුරිස ලකුණෙන් ශෝභමානවු පිපීගිය නෙලුම්, නිලුපුල් සුදු නෙළුම් වලින් ගැවසුණු දියතලයෙහි තරු සමූහයාගේ රශ්මි පැතිරී ගිය ශෝභාවෙන් බැබළෙන්නික් වැනි අහස්තලය නිල්, කහ, රතු ආදි පැහැ විශේෂයෙන් විසිතුරු පාටින් ගැවසුණු බැමයක් පමණ වටා පවතින විලාසිතාවෙන් සැන්දැ රැස්හි ඇලීමෙන් දේදුනු, විදුලියෙන් වටකළා වැනි රන්ගිරි සිඛරයක් නොයෙක් රැස්වලින් නිමල් කේතුමාලාවෙන් බබළන ඇසට රසඳුනක් වැනි මනහර මස්තකය බ්රලහ්ම - දේව - මනුෂ්යය - නාග - යක්ෂර සමූහයා බුද්ධ රූපය බළමින් සත්දිනක් ඇසින් පූජා කෙළේ ය.
2. රජතුමා අභිෂේකයෙන් තුන් අවුරුද්දක් ගත වනතුරු අන් තොටුවන්ට සංග්රතහ කෙළේය. සතරවැනි වසෙහිදී බුදු සස්නෙහි පැහදුනේ ය. මොහුගේ පිය බිම්බිසාර රජතුමා බමුණන්ගේ දායකයෙකි. හේ බමුණන්ට ද බමුණු ජාතියේ වූ බමුණුදැයේ තොටුවන්ට ද පිරිවැජියන්ට ද යන සැට දහසකට දන්වැට එළවා තිබුණි. අශොක රජතුමා පියා විසින් පවත්වාගෙන ආ දත් තමන්ගේ බිසෝ පුරයෙහිදී එසේම දීගත පැමිණියේ, එක් දිනක් සිංහ පඤ්ජරයෙහි සිටි උපසම්යෙන් වියුත් ආචාර ගුණයෙන් තොරව වළඳන ඉන්රිිනක ය සංයමයෙන් තොර අවිනීත ගති පැවතුම් ඇති බව දැක කල්පනා කෙළේ ය. මෙබඳු දනක් දියයුත්තේ පරීක්ෂා් කොට සුදුසු තැනකටයි. මෙසේ සිතා ඇමැතියන්ට කීහ. කොලෙනි, යව් තම තමන් යහපතැයි සම්මත මහණ බමුණන්ට ඇතුල් නුවරට කැඳවව්. දන් දෙමු. ඇමැතියෝ යහපත දේවයන් වහන්ස, යයි පිළිගෙන ඒ ඒ පණ්ඩරඞ්ග, පිරිවැජි, ආජීවක, නිවටු ආදීන් ගෙන්වා මහරජතුමාණෙනි, මොව්හු අපගේ රහත්හු යයි කීවාහු ය.
ඉක්බිති රජතුමා ඇතුල් පුරයෙහි උස් පහත් අසුන් පනවා වඩිනසේක්වායි කියා ආ ආවුන්ට මෙසේ කීහ.
204 ථූපවංසය
තම තමන්ට සුදුසු අසුන් බලා වාඩිවෙනු මැනවියි සමහරෙක් උස් ආසනවල ද, සමහරෙක් ලෑලි ආසන වල ද වාඩිවූහ, මේ දැක රජතුමා මොවුන්ගේ ඇතුළෙහි හරයක් නැතැයි දැන ඔවුනට ගැලපෙන කෑයුතු බිදියයුතු බොජුන් දී පිටත් කොට යැවීය. මෙසේ කල් ගෙවෙත්ම එක්දිනක් රජතුමා සිහිමැඳුරෙහි සිටියේ රජමිදුලෙන් ගමන් කරන දාන්න, සංසුන් ඉඳුරන් ඇති ඉරියව්වෙන් යුත් නිග්රෝ ධ සාමණේරයන් වහන්සේ දුටුවේ ය. මේ නිග්රෝිධ සාමණේරයන් වහන්සේ දුටුවේ ය. මේ නිග්රෝදධ සාමණේර තෙම කවරෙක් ද? බින්දුවසාර රජුගේ වැඩිමහල් පුත් සුමන කුමාරයාගේ පුතා ය.
3. මේ එහි පිළිවෙළ කථාවයි. බින්දුඩසාර රජතුමාගේ දුර්ව ල කාලයෙහි අශෝක කුමාර තෙම තමා විසින් ලබන ලද උජ්ජයිනී නගරය අතහැර පැමිණ මුළු නුවර තමා අයත් කොට ගෙන සුමන කුමාරයා ද අල්ලා ගත්තේ ය. එ දවසම සුමන රාජකුමාරයාගේ සුමාන නම් දේවි පිරිපුන්. ගැබ් ඇත්තී වුවා ය. ඇය වෙස්මාරු කොට ගෙන පිටවී නුදුරු තැන එක්තරා සැඩොල් ගමකට යන්නී දෙටු සැඩොලාගේ ගෙදොරට නුදුරෙහි එක් නුග රුකක අධිගෘහීත දේවතාවා විසින් සුමනාවෙනි, මෙහි පැමිණෙන්න යයි කියන හඩ අසා ඒ සමීපයට ගියා ය. දේවතාවා තමන්ගේ ආනුභාවෙන් එක් ශාලාවක් මවා එහි වසන්නයයි එය භාරදුනි. ඕ තොමෝ ඒ ශාලයට ඇතුල්වූවා ය. එහි ගිය දිනම පුතකු වැඳුවා ය.
4. ඕ තොමෝ නුග රුකෙහි දෙවියා විසින් ආරක්ෂාෝ කරනලද නිසා නිග්රෝූධ යයි නමක් තැබී ය. දෙටු සැඩොලා දුටු දින පටන් ඇය තමන්ගේ ස්වාමි දුවණිය මෙන් සලකා නිතර ආහාර පානාදිය එළවීය. රජ දුවණියෝ එහි සත් වසක් විසුවා ය. නිග්රොදධ කුමාරයා සත්මැසි (දරුවෙක්) වීය. මෙකල ක්ෂිසණාශ්ර ව මහාවරුණ ස්ථවිරයන් වහන්සේ දරුවාගේ වාසනාව බලා වදාරන්නේ දරුවා මහණ කිරීමට සුදුසු කාලයයි. සිතා රජ දුවණියට
ථූපවංසය 205
දන්වා නිග්රෝ ධ කුමාරයා පැවිදි කරවූසේක. කුමරුවා හිසකෙස් බානවිටම රහත් බවට පත්වීය. හේ එක් දිනක් උදැසනම සිරුර සප්පායම් කොට ආචාර්ය් උපාධ්යාේයයන්ට වත් කොට පා සිවුරු රැගෙන මව් උවැසියගේ ගෙට යමි යි නික්මුණේ ය. උන්වහන්සේගේ මව් වසනා තැනට දැකුණු දොරටුවෙන් නුවරට පිවිස නුවර මැදින් ගොස් නැගෙනහිර දොරටුවෙන් නික්ම යා යුතුය. මේ වේලාවෙහි අශොක රජතුමා නැගෙනහිර සිවුමැඳුරු කව්ළුවෙහි සක්මන් කෙරේ. එකෙනෙහිම නිග්රොෙධ සාමණේර තෙම රජ මිදුලට සන්සුන් ඉඳුරන් ඇතිව, සන්සුන් සිත් ඇතිව වියගස් බැලු බැලුම් ඇතිව වඩියි. ඒ නිසාය මෙසේ කීයේ.
එක් දිනක් සිංහපඤ්ජරයෙහි සිටින රජතුමා දාන්තවූ සංසුන් ඉඳුරන් ඇති නිග්රෝසධ සාමණේරයන් දැක ඔහුට මෙබඳු සිතක් ඇතිවීය. මේ ජනයා සියලු දෙනම වික්ෂිමප්ත සිත් ඇත්තෝ ය. බියපත් මුවන්වැන්නෝ ය. මෙ දරුවාට එසේවූ වික්ෂිසප්ත සිතක් නොමැති. ඉදිරියෙහි හා දෙපස බැලුම් නැත. එකාන්තයෙන් අභ්යඇන්තරයෙහි ලොවුතුරා දහමක් ඇත. දුටු දැක්ම හා සමගම සාමණෙරයන් වහන්සේ කෙරෙහි ඒ රජ පැහැදීය. ආදරයක් ඇතිවිය. කුමක්නිසා ද? පෙර පින් කරන කාලයෙහි මොහු රජුගේ දොටු සොහොයුරු වෙළෙන්දා විය.
5. ඉක්බිති රජතුමා හටගත් ප්රේ ම ඇත්තේ බුහුමන් ඇත්තේ සාමණේරයන් කැඳවා ගෙන ඊමට ඇමැතියන් යැවීය. කල් යන්නේයයි නැවත ද ඇමැතියන් දෙතුන් දෙනකු යැවී ය. වහාම වැඩම කරන්නයයි කියා. සාමණේරයන් වහන්සේ තමන් වහන්සේගේ ප්රාකෘති ගතියෙන්ම වැඩම කළහ. රජතුමා සුදුසු ආසනයක් බලා වැඩ හිදින්නයයි කීයේ ය. ඔබිනොබ බලා දැන් වෙන භික්ෂු න් වහන්සේ නැතැයි සේසත් ඔසවා ඇති සිංහාසනය කරා එළඹ පාත්ර ය ගැනීමට රජතුමාට ඉඟියක්
206 ථූපවංසය
කළහ. රජතුමා මොහු සිංහාසනය කරා යනු දැක මෙසේ සිතී ය. අදම මේ සාමණේර තෙම මේ ගෙදර ස්වාමියා වන්නේ ය. සාමණේර තෙම රජතුමාගේ අතට පාත්ර ය දී සිංහාසනයට නැඟ හුන්නේ ය. රජතුමා තමා සඳහා පිළියෙළ කළ සියලු කැඳ බත් ආදිය. එළවීය. සාමණේර තෙම තමන්ට යැපෙන පමණක් ම ගත්තේ ය. බත්කිස අවසානයෙහි රජතුමා බුදුරජාණන් වහන්සේ විසින් ඔබට දෙනලද අවවාද ආදිය තිබේ ද? මහරජ, ටිකක් දනිමි. දරුව මට ද එය කියව. මහරජ මැනවි රජුට සුදුසු ධර්මරපදයෙහි අප්පමාද වග්ගය අනුමෝදනා වශයෙන් දේශනා, කළ සේක. රජතුමා, අප්රමමාදය අමෘතය ලබාගැනීමට හේතුය; ප්රනමාදය මරණයට හේතුය යයි අසා දරුව දැනගතිමි, නැවතුන මැනවි යයි කීයේ ය. අනුමෝදනාව අවසානයෙහි සලාක බත් දෙතිසක් ලැබ දෙවැනි දිනයෙි දෙතිසක් භික්ෂුනන් වහන්සේ කැඳවා රජ ඇතුළු නුවරට වැඳ බත්කිස කෙළේය. රජතුමා තවත් භික්ෂුඳන් වහන්සේ දෙතිස් දෙනෙක් තමුන්නාන්සේ සමග භික්ෂා ව ගනිත්වා යයි මේ ක්රේමයෙන් දිනපතා වැඩි කරමින් සැට දහසක් බමුණු පිරිවැජියන්ට දුන් බත වළකා රජගෙදර තුළදී සැට දහසක් භික්ෂූ න්ට නිතිබත් පැනවී ය, නිග්රෝසධ සාමණේරයන් වහන්සේ ගිය මග ගොස් නිග්රෝූධ සාමණේරයන් වහන්සේ රජ පිරිස සහිතව තුන් සරණෙහි හා පංච ශීලයෙහි පිහිටුවා බුදු සසුන්හි පුහුදුන් ශ්රතඬාවන්තයන් අතර නොසෙල්වෙන ශ්ර ඬාවන්තයකු කොට පිහිට වීය.
6. නැවත රජතුමා අශොකාරාම නම් මහා විහාරයක් කරවා සැටදහසක් භික්ෂුතන්ට දන් තැබී ය. මුළු මහත් දඹදිව අසු හතරදාහක් නගරවල අසූහාරදාහක් චෛත්ය්යන්ගෙන් බබළන විහාර අසූහතරදාහක් අධර්ම යෙන් තොරව ධර්මනයෙන් කරවීය. එක් දිනක් රජතුමා අශොකාරාමයෙහි දී මහදන් කරවීය. එක් දිනක් රජතුමා අශොකාරාමයෙහි දී මහදන් දී සැටදහසක් භික්ෂුඑන් මැද හිඳ සංඝයාට සිවුපසයෙන් පවරා මේ පැණය ඇසී ය. ස්වාමීනි, භාග්යාවතුන්
ථූපවංසය 207
වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම ය. කෙතෙක් ද? මහරජතුමාණෙනි, නව අඞ්ගයකි. සක්න්ධයවශයෙන් අසූහාරදාහකි. රජතුමා ධර්මියට පැහැදී එක එක ධර්ම ස්කන්ධ යට එක එක විහාරයෙන් පූජාකරමියි එක් දිනක සය අනූකෙළක් ධනය වියදම් කොට ඇමැතියන්ට අණකෙළේ ය. කොලෙනි, එව් එක එක නගරයෙහි එක එක විහාරය බැගින් අසූහාරදහසක් නගරවල අසූහැරදහසක් විහාර කරව් යයි. රජතුමාම අශොකාරාමයෙහි අශොක මහා විහාර කර්මා න්තය එළවීය. සංඝයාවහන්සේ ඉන්දගුත්ත නම් මහත් සෘද්ධි, මහත් ආනුභාව ඇති රහතන් වහන්සේ විහාර නව කර්මාශන්තය කරවන්නා හැටියට නිලකළ සේක. ස්ථවිරයන් වහන්සේ නොනිමි විහාර උන්වහන්සේගේ ආනුභාවයෙන් නිමාකළසේක. එකම දින සියලු නගරයන්ගෙන් පණිවුඩ පැමිණියේ ය. ඇමැතියෝ රජතුමාට සැළ කළාහ, දේවයන්වහන්ස, අසූහාර දහසක් විහාර නිමියේ යයි ඉක්බිති මහරජතුමා භික්ෂු සංඝයා කරා එළඹ ස්වාමීනි, මා විසින් අසූහාර දහසක් විහාර නිමකරන ලදී. ධාතු කොහෙන් ලබමි දැයි ඇසීය.
1. මහරජතුමාණෙනි, ධාතු නිධානයක් ඇතැයි ඇසීමු. අසවල් තැන ඇතැයි නොදනිමු. රජතුමා රජගහ නුවර චෛත්යයය බින්දවා ධාතු නොදැක ප්රනතිසංස්කරණය කොට භික්ෂුව, භික්ෂුුණී, උපාසක, උපාසිකා, යන සිවු පිරිස් ගෙන විශාලා නුවරට ආයේ ය. එහි ද නොලැබ රාමගමට ද ගියේ ය. රාම ගමෙහි නාගයෝ චෛත්යහය බිඳීමට නුදුන්හ. චෛත්යටයෙහි හැපුණු උදැල්ල කඩකඩව ගියේ ය. මෙසේ එතැනින් ද නොලැබ අල්ලකප්පනුවර, පාවානුවර කුසිනාරානුවර යන සෑම තැනම චෛත්ය යන් බිඳ ධාතු නොලැබ ප්රාතිසංස්කරණය කොට රජගහ නුවරට සිව්පිරිස් රැස්කරවා අසුවල් තැන ධාතු ඇතයයි කවුරුත් විසින් ශ්රකවණය කිරීමක් සිදුවුයේ ද? ඔවුනතුරෙන් එකසිය විසිවස් තෙරුන් වහන්සේ නමක් අසවල් තැන ධාතු නිධානයයි නොදනිමි. මගේ මුත්තණු මහ තෙරණුවෝ මට සත් අවුරුදු වයස්
208 ථූපවංසය
කල්හි මල් වට්ටියක් (ඔලගුවක්) ගෙන්වාගෙන සාමණේරය, එන්න. අසුවල් ගස් ලැහැබ අතර ගල් සෑයක් ඇත. එහි යමු ගොස් පූජා කොට මේ ස්ථානය පරීක්ෂාැකිරීම වටනේය සාමණේරය, යි කීයේ ය. මම මෙපමණක් දනිමි.
රජතුමා, මෙයම ස්ථාන යයි කියා පඳුර උදුරා ගල් සෑයක් පසුත් ඉවත් කොට යට ශුද්ධ භූමිය දුටුවේය. එහි හුණු ගඩොල් හරවා පිළිවෙළින් පිරිවෙනට බැස සත්රුවන් වැලි ද, අසූරියන් ලී රූප ක්රිරයා කරනු දුටුවේය. රජතුමා යක්ෂස සේවකයන් කැඳවා බිලිකම් කරවා කොනක් දැනගත නොහැක්කේ දෙවියන්ට වඳිමින් මම මේ ධාතු රැගෙන අසූහාර දහසක් විහාරවල නිදන් කොට සත්කාර කරමි. දේවතාවෝ අනතුරු නොකරත්වායි කීයේ ය.
8. ශක්රයයා චාරිකාවෙහ් යෙදුනේ එය දැක විශ්වකර්මා කැඳවා කීය. දරුව, ධර්මා ශෝක රජතුමා ධාතු ගෙන එන්නෙමියි පිරිවෙන බැස්සේ ය. ගොස් ලී රූප මුදවා හෙතෙම කොණ්ඩ පහක් ගෙතු ගම් දරු වෙසක් මවාගෙන රජුගේ ඉදිරියෙහි දුනුගත් අත් ඇතිව මුදුවමි මහරහත්තුමාණෙනි, යි කීයේ ය. මුදව දරුව, යි කීයේ ය. ඊ ගෙන සන්ධි්ස්ථානයටම විද්දේය. සියල්ල විසිරී ගියේ ඉක්බිති රජතුමා අස් රොද්දෙහි බැඳ තුබූ කෙසි ය ගත්තේ ය. මැණික ද දැක්කේ ය. අනාගතයෙහි වෙන දිළිඳු රජවරු මේ මැණික ගෙන ධාතුන් වහන්සේ සංග්රයහ කරත්වා යන අකුරු කියවා කෝපයට පත් මා වැනි රජුන් දිළඳුයයි කියන්නට සුදුසු දැයි න නැවත කියමින් දොර හැර ඇතුළු ගෙට පිවිසිගෙන අවුරුදු දෙසිය දහඅටකට පෙර දැල්වූ පහන් ඒ පත්තුවී තිබුණි. නිල්උපුල් මල් එකෙනෙහි ඇතුරු වැනි සුවඳ ඒ මොහොතෙහි තබා ගියා මෙනි. රජත රන්පට ගෙන අනාගතයෙහි පියදාස කුමරා සේසත් න ධර්මා ශොක නම් රජවන්නේ ය. හේ මේ ධාතු ගෙ
ථූපවංසය 209
විසුරුවා හරින්නේය. යන වචන කියවා ආර්යූ කාශ්ය ප මහා ස්ථවිරයන් වහන්සේ විසින් මා දක්නා ලදියි කියා වම් අත හකුළුවා දකුණු අතින් අත් පොළාපී ය. හෙතෙම එතැන පාරිභෝගයට ධාතු ස්වල්පයක් පමණක් ඉතිරි කොට ඉතිරි ධාතු සියල්ල රැගෙන දා ගැබ පෙර පිහිටි සේ වසා සියල්ල ඇතිසැටියට ප්රගතිසංස්කරණය කොට ඊමත ගල් සෑය ද පිහිටුවා අසූහාර දහසක් විහාරවල ධාතු පිහිටවීය. මෙසේ දඹදිව ධර්ම අශොක රජතුමා අසූහාර දහසක් චෛත්යායන් කරවීය.
මුළු මහත් ලොවට එක පහනක් වැනි සියල්ලන්ටම යම්තාක් ස්වර්ගඹ මොක්ෂමය ගෙන දේද සියලු අන් කිස අත් හැර මිනිසා විසින් හැමපරිද්දෙන්ම හැමකල්හි ඒ වස්තු වැඳිය යුතු ය.
අසූහාර දහස් දාගැබ් කථාව. _______
1. මෙසේ ධර්මා ශෝක රජතුමා අසූහාරදහස් විහාර පුජොත්සවය කෙළවර කොට මහතෙරුන් වැඳ මෙසේ ප්රෝශ්න කෙළේ ය. ස්වාමීනි, මම බුඬශාසනයෙහි උරුම කරුවෙක් ද? මහරජතුමාණෙනි, ඔබ තුමා තවම ශාසනයට බාහිර ය. ස්වාමීනි, අනූ කෝටියක් ධනය වියදම් කොට විහාර දහසක් විහාර චෛත්ය්යන් ද සහිතව කරවා මම ශාසනයට හිමිකාරයෙක් නොවේනම් කවරෙක් හිමි කාරයෙක් වේ ද? මහරජතුමාණෙනි, ඔබතුමා ප්රේත්යි දායකයෙක් ය. යමෙක් තමන්ගේ පුතකු හෝ දුවකු පැවිදි කරවා ද හෙතෙම ශාසනයෙහි හිමිකාරයෙක් වේ. මෙසේ කී කල්හි අශෝක රජතුමා ශාසන උරුමය පතමින් නුදුරෙහි සිටි මිහඳු කුමරු දැක දරුව, ඔබට පැවිදිවීමට හැකි ද? සවභාවයෙන්ම කුමාරයා පැවිදිවීමට සතුටු ය. රජුගේ වදන් අසා අතිශය ප්ර?මෝදයට පැමිණියේ දේවයන් වහන්ස, පැවිදි වෙමි. මා පැවිදි කොට ශාසනයට හිමි.
ථූපවංසය
210
කාරයෙක් වන්නැයි කීයේ ය. මෙසමයෙහි රජුගේ දුව සංඝමිත්තාවෝ එතැන සිටියා හ. ඇය ද දැක දුවණීයෙනි, නුඹටත් පැවිදිවීමට හැකිදැයි ඇසී ය. යහපති පියාණෙනි, යි මනාව පිළිගත්තා ය. රජතුමා දරුවන් ගේ කැමැත්ත ලැබ අධිකව සතුටුව භික්ෂුක සංඝයා කරා පැමිණ ස්වාමීනි, මේ දරුවන් මහණ කොට මා ශාසනයේ හිමිකරුවකු කරන්න. සංඝයා වහන්සේ රජතුමාගේ වචනය අසා කුමාරයා මොග්ගලීපුත්ත තෙරුන්ගේ උපාධ්යාරයත්වනයෙන් හා මහාදේව ස්ථවිරයන් වහන්සේගේ ආචරියත්වයෙන් පැවිදිකරවීය. මධ්ය්න්තික ස්ථවිරයන් වහන්සේගේ උපාධ්යාවයත්වෙයෙන් උපසම්පදා කරවීය. උපසම්පදා මාලකයෙහිදීම සිවුපිළිසිඹියා පත් අරහත් බවට පැමිණියේ ය. සංඝමිත්තා රජදුවණියට ආයපාල ස්ථවිරා තොමෝ ආචාර්යබ වුවා ය; ධර්මිපාල ස්ථවීරා තොමෝ උපාධ්යා්ය වූවා ය.
මහින්දා තෙරුන් වහන්සේ උපසපන් වූ කාලයේ සිටම තමන් වහන්සේගේ උපාධ්යාරයයන් වහන්සේ සමීපයෙහිම ධර්ම්ය ද විනය ද පිරුවහන්නේ සංගීතිවයට ආරූඪවූ අර්ථහකථා සහිත ස්ථවීර වාදය තුන් අවුරුද්දක් ඇතුළතදී ඉගෙන තමන් වහන්සේගේ උපාධ්යාසයයන් වහන්සේ ගේ අතවැසි දහසක් භික්ෂූනන්ට ප්ර ධාන වූහ.
2. මේ කාලයෙහි මොග්ගලිපුත්තතිස්ස තෙරුන් වහන්සේ අනාගතයෙහි ශාසනය කෙසේ මනාව පිහිටන්නේ දැයි පරීක්‍ෂාකරන්නේ පසල් දනව්වල පිහිටන්නේ යයි දැන ඒ ඒ භික්ෂූ න්ට භාර කොට ඒ ඒ භික්ෂුනහු ඒ ඒ තැන යවා මජ්ඣත්තික තෙරුන් කාශ්මීර ගන්ධාරර රටට යැවී ය. ඔබ මේ රටට ගොස් ශාසනය පිහිටුවන්න. මහාදේව ස්ථවීරයන් වහන්සේට ද එසේම කියා මහිංසක මණ්ඩලයට යැවීය. රක්ඛිත තෙරුන් වහන්සේ වනවාස රටට ද යොනක ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ අපරන්ත රටට ද, මහා ධම්මරක්ඛිත තෙරුන් වහන්සේ මහ රටට ද මහා ධර්ම්රක්ෂිාත තෙරුන් වහන්සේ යෝනක
ථූපවංසය 211
ලෝකයට ද, මජ්ඣිම ස්ථවිරයන් වහන්සේ හිමාලය දේශයට ද, සොණ හා උත්තර තෙරුන්වහන්සේලා සුවණ්ණභූමියට ද, තමන් ගේ ශිෂ්ය මිහිඳු තෙරුන් වහන්සේ ඉට්ටිය, උත්තිය, භද්දසාල, සම්බල යන තෙරුන් වහන්සේලා තම්බපණ්ණි (සිංහල) විපයට ගොස් එහි බුඩාගම පිහිටුවව්. සියල්ලෝම ඒ ඒ දිසාවන්ට යවන්නෝ තමන් පස්වැනි කොට ගියාහු ය. සියලුම තෙරවරු ගියගිය තැන මිනිසුන් පහදවා බුදුසසුන පිහිටෙව්වාහු ය. මිහිඳු තෙරුන් වහන්සේ වනාහි හෙල දිවයිනට වැඩ සසුන පිහිටුවන්න යයි උපාධ්ය යයන් වහන්සේ විසින් හා සංඝයාවහන්සේ විසින් මෙහෙයවන ලද්දෝ මේ සිංහල රටට වැඩමවීමට සුදුසු කාලය දැයි පරීක්ෂාම කරන්නේ මුටසීව රජුගේ මහළුබව ගැන සිතී ය. මේ මහරජ, මහළු ය මොහු නිසා ශාසන පිහිටුවන්නට අපහසු ය. දේවානම්පියතිස්සට රාජ්යළය ලැබුණු කාලයෙහි පිහටුවිමට පහසු ය. එබැවින් කාලය පැමිණෙන තුරු නැවත මේ දනව්වට පැමිණිමට හැකිවේ ද නොවේ දැයි නොදන්නා නිසා නෑයන් බලමු.
3. උන්වහන්සේ මෙසේ සිතා උපාධ්යාොයයන් වහන්සේට හා භික්ෂුබන්ටත් වැඳ අශොකාරාමයෙන් පිටවී ඉට්ටිය ආදි සතරදෙනා වහන්සේ හා සංඝමිත්තාවගේ දරු වූ සුමන සාමණේරයන් විසින් හා භණ්ඩුක උපාසකයා ද සමග රජගහනුවර සමීපයෙහි දකුණු ගිරි දනව්වෙහි සැරි සරන්නේ නෑයන් බලමින් මාස හයක් ඉක්ම වූ හ. ඊටපසු මෑණියන් වාසය කරන වේදිය නගරයට පැමිණියෝ ය. පැමිණි තෙරුන් දැක තෙරුන් වහන්සේ ගේ මෑණියෝ උන්වහන්සේ ගේ පාදය හිසින් වැඳ භික්ෂාසව දී තෙරුන් වහන්සේ තමන් විසන් කරවනලද සෑගිරියට වැඩම කරවී ය. තෙරුන් වහන්සේ එහි වාසය කරමින් මෙසේ සිතී ය. මෙහි මා විසින් කළයුතු කිස නිමවන ලදී. දැන් ලඞ්කාවට යෑමට සුදුසු කාලය දැ යි සිතා නැවත ද මෙසේ සිතී ය. පියාණන් විසින් යවනලද අභිෂේක උපකරණයන්ගෙන් අභිෂේකය ලැබ රත්නත්රිය ගැන ද
212 ථූපවංසය
අසා උත්සවශ්රී යෙන් නගරයෙන් නික්ම මිශ්රකක පර්ව තයට නැගේවා! එහිදී අප දකීවා යි සිතා නැවත එක් මසක් එහි වාසය කෙළේ ය.
4. මාසය ඉක්ම ගිය කල්හි ශක්රායා මිහිඳු හිමියන් කරා එළඹ මෙසේ කීයේ ය. ස්වාමීනි, මූටසීව රජ කළුරිය කෙළේ ය. දැන් දෙවානම්පියතිස්ස රජතුමා රාජ්ය.ය කරවයි. බුදුරජාණන් වහන්සේ විසින් ද නුඹවහන්සේ ගැන මහින්දය නම් භික්ෂුාන් වහන්සේ නමක් ලංකාව පහදවන්නේය යි. ස්වාමීනි, එබැවින් ඒ දිවයිනට වැඩමකරවීමට මේ සුදුසු කාලයයි. මම ද තමුන්නාන්සේට උපකාර වෙමි. තෙරුන් වහන්සේ ශක්රදයා ගේ වචනය අසා තමා සත්වැනි කොට වෙදිය ගිරි විහාරයෙන් අහසට පැන නැඟී අනුරාධ පුරයට නැගෙනහිර මිස්සක පර්වහතයෙහි බැස්ස සේක. දැන් වෙතිය පර්වාතයයි ද ව්යිවහාර කෙරේ. එදින ලක්දිව දෙටු මුල් නැකත වේ. රජතුමා නැකත් හඩ කරවා සැණකෙළි කරව් යයි ඇමතියන් අණවා සතළිස් දහසක් මිනිසුන් පිරිවරා නුවරින් නික්ම මිස්සක පර්වසතය තෙක් මුවදඩයම සඳහා ගියේ ය. ඉක්බිති ඒ පව්වෙහි අධිගෘහීත දෙවියා රජු ට තෙරුන් දක්වමි යි රෝහිත නම් මුවවෙසක් ගෙන නුදුරුතැන තණ කොළ කමින් මෙන් හැසුරුණේ ය. රජතුමා ඒ දැක පමාවුවහු විදීම නුසුදුසුය යයි දුනුදිය පොළාපී ය. මුවා අඹස්තලමාර්ග ය ගෙන පලායන්නට නැංගේ ය. රජතුමා ද පිටුපසින් ලුහුබැඳ අඹස්තලයට ම නැංගේය. මුවා තෙරුන්ට නුදුරුතැන සැඟවුණේ ය. මිහිඳු හිමියෝ රජු නුදුරෙහි එන විට මා පමණක් දකීවා යි අනික් අය නොපෙනේවා යි අධිෂ්ඨාන කෙළේ ය. තිස්සය, තිස්සය, මෙහි එන්න යයි කීවේ ය. රජතුමා මෙය අසමින්ම සිතීය. මේ ලංකාවෙහි උපන් කෙනෙක් මට ‘තිස්ස’ යන නමින් කථාකිරීමට සමර්ථ, නොවෙත්. ජින්නභින්න පටධර වූ කෂායවස්ත්රා පෙරෙවි මෙබඳු තැනැත්තෝ මට නමින් කථා කරති. මොහු මිනිසෙක් ද නැත්හොත් අමනුෂ්ය්යෙක් දැ යි සිතී. තෙරුන් වහන්සේ මෙසේ කීහ.
ථූපවංසය 213
5. මහරජතුමාණෙනි, අපි ශ්ර මණයෝ වෙමු. බුදු රජාණන් වහන්සේ ගේ සව්වෝ ය. ඔබටම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි ආමු.
මේ කාලයෙහි දෙවානම්පියතිස්ස රජත් ධර්මා ශෝක රජත් අදාෂ්ට මිත්රලයෝ ය. දෙවානම්පියතිස්ස රජුගේ පින් බෙලෙන් ජාත නම් පව්ව අසළ එක් උණ පඳුරක් උණයටි තුනක් හටගත්හ. එකක් ලතා යෂ්ටිය, එකක් පුෂ්ප යෂ්ටිය, එකක් සකුණ යෂ්ටිය. ඔවුන්තුරින් ලතා යෂ්ටිය රිදීවන් ය. අලංකාරකරමින් පැමිණි වැල රන්වන්ලිය මෙන් වෙයි. පුෂ්ඵයෂ්ටියෙහි නිල්, කහ, රතු, සුදු, කළු මල් මනාකොට බෙදන ලද නැටි, පෙති, රේණු ද පෙණෙති. සකුණ යෂ්ටියෙහි හංස කුකුළු ජීවංජිවක ආදි සියොත්හු ද නන් අයුරු සිවුපාවෝ සජීවි සතුන් මෙන් වෙත්. සාගරයෙන් අනේකවිධ වූ මුතුමැණික් චෛදූර්ය ආදිය හටගත්තේ ය. තඹපැන් දිවයිනෙහි අටමුතු උපන්නේ ය. ගජමුතු, අස්මුතු, රථමුතු, ඇඹුල ඵල වැනි මුතු, වලලු මුතු. ඇගිලි වෙළුම් මුතු. කුඹුක් ගෙඩි වැනි මුතු, පියවි මුතු යන අටමුතු උපදිණ. දෙවන පෑතිස් රජු මේ යෂ්ටිය ද මුතු ද තවත් බොහෝ රුවන් ජාති ද ධර්මාුශොක රජතුමාට පඬුරු වශයෙන් යැවී ය. අශෝක රජතුමා ද පැහැදී පඤ්ච රාජකකුධ භාණ්ඩ ද තවත් අභිෂේකයට අවශ්යව බොහෝ පඬුරු ජාතිය ද යැවීය. මේ පඬුරු මතු නොවෙයි, ධර්මඬ නමැති මේ පඬුරු ද එවීය.
6. මම බුදුන් ද ධර්ම ය ද සංඝයා ද සරණ කොට ගියෙමි. ශාක්ය පුත්‍ුනයන් වහන්සේගේ ශාසනයෙහි උපාසක බවට පැමිණියෙමි.
මේ උතුම් තුන් සරණය මම ගියෙමි. නරොත්තමය, ඔබ ද සිත පහදා මේ තුන් සරණය සරණ කොට යව.
රජතුමා වැඩිකල් නොගොස් ඇසූ ශාසන ප්ර්වෘත්තීය සිහිකරමින් තෙරුන් වහන්සේ කී “සමණාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා” යන වචන අසා ආර්යයන් වහන්සේලා
214 ථූපවංසය
වැඩි සේකැයි සිතා එකෙනෙහි අත වූ දුනු, ඊ බහා තබා සිහිකටයුතු කථා කරමින් එකත් පස්ව හුන්නේ ය. සිහිකටයුතු කථා කරමින් සිටිද්දී ඔහුගේ සතළිස් දහසක් සේනාව පැමිණ රජතුමා පිරිවැරූහ. එකල්හි රජතුමාට ඉතිරි ජනයා ද දැක්වීය. රජතුමා ඔවුන් දැක මොව්හු කවර අවස්ථාවක පැමිණියාහු දැයි ඇසීය. මහරජතුමාණෙනි, මා සමගම ය. දැන් දඹදිව මෙබඳු තවත් භික්ෂුසහු ඇත. මහරජතුමාණෙනි, දැන් දඹදිව කෂාය වස්ත්රතයෙන් බැබළේ. සෘෂින්වාතයෙන් පිරිවරා ගොස් ය. එහි
ත්රි්විද්යාබවට පත්වූ, සෘඬිවිධියට පැමිණි, අනුන් සිත් දැන ගැනීමෙහි සුර වූ බුදුරජාණන් වහන්සේ ගේ ශිෂ්යපයෝ බොහෝ වෙති.
7. ඉක්බිති රජතුමා ස්වාමිනි, හෙට රථය එවන්නෙමි. එහි නැඟී වඩිනු මැනවයි දන්වා ගියේ ය. රජතුමා වැඩි නොබෝ වේලාවකින් තෙරුන් වහන්සේ සුමන සාමණේරයන්ට කථාකළ සේක. සුමන එන්න. ධර්මන ශ්රනවණයට කාලයයි. කාල ඝොෂාව කරව. සාමණේරතෙම අභිඥපාදක කොටැති සතරවැනි ධ්යාසනයට සමවැදී එයින් නැගිට අධිෂ්ඨාන කොට එකඟ සිතින් මුළු ලංකාවටම ඇසෙන සේ ධර්ම ශ්ර වණ කාලය ඝොෂා කෙළේය. සාමණේරයන් වහන්සේගේ ශබ්දය අසා බූමාටු දෙවියෝ ශබ්ද කළාහු ය. මේ ක්රවමයෙන් බඹ ලොව තෙක් ශබ්දය පැතිර ගියේ ය. මේ ශබ්දයෙන් දෙවියන් ගේ විශාල එක් රැස්වීමක් විය. තෙරුන් වහන්සේ මහත් වූ මේ රැස්වීම දැක සමවිත්තසූත්රීය දේශනාව කෙළවර අසංඛෙය්යමයක් දෙවියන්ට ධර්මාීභිසමය විය. බොහෝ නාග සුපර්ණෙයෝ සරණ සිල්හි පිහිටියාහු ය. ඉක්බිති ඒ රාත්රි.යේ ඇවෑමෙන් රජතුමා තෙරුන්ට රිය යැවී ය. තෙරුන් වහන්සේ අපි රථයට නොනගිමු. ඔබ යන්න අපි පසුව එමු යි කියා අහසට පැන නැඟී අනුරාධ පුරයේ බස්නාහිර පඨමක චෛත්යසය පිහිටි තැනට බැස්සෝ ය.
ථූපවංසය 215
8. රජතුමා රියදුරා යවා ඇතුල් ගෙයි මණ්ඩපයක් පිළියෙළ කොට සිතී ය. ආර්යරයන් වහන්සේලා අසුන්වල හිදිත් ද නොහිදිත් ද සිතත විටම රියදුරා නුවර දොරට පැමිණිවිට තෙරුන් වහන්සේලා මුලින් පැමිණ පටිය බැඳ සිවුරු පොරවනවා දුටුවේ ය. දැක අතිශයින් පැහැදී අවුත් දේවයන් වහන්ස, තෙරුන් වහන්සේලා පැමිණියහ. රජතුමා රියට නැඟ පැමිණියාහු දැයි ඇසී ය. දේවයන් වහන්ස, රියට නොනැංගෝ ය. එසේ ද වුවත් මට පසුව විත් මට පෙර විත් පෙර වාසළ සිටියාහු ය. රජතුමා රථයට නොනැංගෝය යනු අසා එහෙනම් කොලෙනි, බුමුතුරුණු අතුරා ආසනයන් පණවව් යයි කියා පෙර ගමන් ගියේ ය. ඇමැතියෝ පොළොවෙහි පත් අතුරා ඒ පත් මතුයෙහි කොදුපලස් ආදි විසිතුරු බුමුතුරුණු පැණවූහ.
රජතුමා ද පෙරගමන් ගොස් තෙරුන් වැඳ මිහිඳුහිමි යන්ගේ අතින් පාත්රාය රැගෙන මහත්වූ පූජාවෙන් හා සත් කාරයෙන් තෙරුන් වහන්සේ නගරයට පිවිසුවා ඇතුලු ගෙට පිවිසවීය. රජතුමා තෙරුන් ප්ර ණීත කෑ යුතු බිදිය යුතු දෙයින් සිය අතින්ම වළඳවා අනුලා දේවිය ප්රතධාන පන් සියයක් ස්ත්රීයහු තෙරුන්ට වැඳුම් පිඳුම් ආදියෙන් සත් කාර කරත්වායි කැඳවා එකත් පසක හුන්නේ ය. තෙරුන් වහන්සේ රජුන් ප්රසධාන පිරිසට ධම්රුවන් වැසි වස්වා ප්රේුත වස්තුවත්, විමාන වස්තුවත් සච්චසංයුත්තයත් දේශනා කළහ. ඒ අසා ඒ ස්ත්රීේන් පන්සිය දෙනා යොවුන් ඵලය ප්රසත්යංක්ෂශ කරවූහ.
9. එකල්හි නාගරිකයෝ තෙරුන් ගේ ගුණය අසා තෙරුන් වහන්සේ දැකීමට නොලබමුයි කෑගැසූහ. ඉක්බිති රජතුමා මෙහි ඉඩක් නැතැයි සිතා කොල, යනු අත්හල පිළියෙළ කොට වැලි විසුරුවා වියන් බැඳ මඟුල ඇතාගේ ස්ථානයෙහි තෙරුන් වහන්සේට ආසන පණවා කීයේ ය. ඇමතියෝ එසේ කළහ. තෙරුන් වහන්සේ එහි ගොස් හිඳ දේව දූත සූත්රඳය දේශනා කළහ. සූත්රනදේශනාව අවසානයෙහි
216 ථූපවංසය
ප්රා ණීන් දහසක් සෝවාන් වූහ. එසේ ඇත්හල සම්බාධයයි දකුණු දොර නන්ද න වනයෙහි ආසන පැනවූහ. තෙරුන් වහන්සේ එහි ගොස් හිඳ ආසි විෂොපම සූත්රදය දේශනා කළ සේක. ඒ සූත්රස දේශනාව ද ශ්රොවණය කොට ප්රාපණීන් දහසක් සෝවාන් ඵලය ලැබූහ. මෙසේ සෝවාන් වූහ. තෙරුන්ට නන්දපන වනයෙහි ආ ආ කුලකතුන් ඔවුන්ගේ යෙහෙළියන් හා කුල කුමරිකාවන් සමග ප්රිහය කථාවන් කරන්නේ සවස් විය. තෙරුන් වහන්සේ කාලය සලකා දැන් මිස්සක පව්වට යමියි නැගිට්ටෝ ය. ඇමතියෝ මහමේ උයනෙහි තෙරුන් වැඩ හින්ද වූහ. රජතුමා ද එම රාත්රිතයෙහි ඇවෑමෙන් තෙරුන්ගේ සමීපයට ගොස් සැපසේ නිදා ගත්තේ දැයි අසා ස්වාමීනි, භික්ෂූගන් වහන්සේට ආරාම කැපදැ? යි ඇසීය. තෙරුන් වහන්සේ මහරජ, කැපයි කී සේක. රජතුමා සතුටුව රන් කෙණ්ඩිය ගෙන තෙරුන්ගේ අතෙහි දියවත් කොට මහ මේ උයන දුන්නේ ය.
10. තෙරුන් වහන්සේ දෙවැනි දින රජ ගෙදරම වළදා නඳුන් උයනෙහිදී අනමතග්ගිය සූත්රසය දේශනා කළ සේක. දෙවැනි දින අග්ගීක්ඛෙන්ධා්ප සූත්රයය දේශනා කළසේක. මේ ක්රගමයෙන් සත් දිනම බණ දේශනා කළහ. අට දහස් පන්සියයක් දෙනා අමා මහ නිවන් දුටහ. සත්වැනි දවසෙහි තෙරුන් වහන්සේ ඇතුල් නගරයෙහිදී රජුට අප්ර්මාද සූත්රනය දේශනා කොට සෑගීරියටම වැඩි සේක. ඉක්බිති රජතුමා ආරාධනා නොකොට තමාම වැඩම කළසේක. ඒ නිසා නොකියා වැඩීම නිසා වැඩීම වේදෝයි සිතා රථයට නැඟී සෑගිරියට මහත්වූ සෙනගත් සමග ගියේ ය. ගොස් තෙරුන් සමීපයට එළඹ ඉතාම ක්ලාන්ත ශරීර ඇතිව එළඹීයේ ය. ඉක්බිති රජුට උන්වහන්සේ මෙසේ කීහ. මහරජ, කුමක් නිසා මෙසේ වෙහෙසව පැමිණියෙහිද? නුඹ වහන්සේ මට දැඩිව ගෙන අවවාද දී වඩින්න දැයි දැන ගනු කැමැත්තෙනි. හිමියෙනියි කීයේ ය. මහ රජ අපි යනු කැමැත්තෝ නො වෙමු. මේ වස් එළඹෙන කාලයයි. භික්ෂූඩන් වහන්සේ
ථූපවංසය 217
විසින් එම කාලයෙහි වස් එළඹීමට තැනක් දැන ගත් යුතු ය. රජතුමා එකෙනෙහිම කරණ්ඩක සෑ මිදුල වට කොට අටසැට ලෙනෙහි කටාර කොටවා නුවරට ගියේ ය. ඒ තෙරුන් වහන්සේලා ද මහජනයාට අවවාද දී සෑගිරියෙහි වස් විසූහ.
11. ඉක්බිති ආයුෂ්මත් මහින්ද් ස්ථවීරයන් වහන්සේ වැස නිම කළ වස් ඇත්තේ පවාරණය කොට ඉල්මස මැදි පොහොදා රජතුමාට මෙසේ කීයේ ය. මහරජ තුමාණෙනි, අපි බුදු රජාණන් වහන්සේ බොහෝ කලකින් වැඳීමෙන් ළඟට එළඹීමෙන්. ඇඳලි බැඳීමෙන්, සාමීවි කර්මියෙන් තොරවෙමු. එයින් අපි උකටලි වෙමු. ස්වාමීනි, තමුන් නාන්සේ කීවා නොවේද බුදුරජාණන් පිරිනිවන් පෑහයි. තෙරුන් වහන්සේ වදාරණසේක් මහරජ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් බුදුරජාණන් වහන්සේගේ ධාතු ඇත. ස්වාමීනි, දැන ගතිමි ථූපයක් පිහිටවමු. බිම් කොටසක් සෝදිසි කරන්න. එසේ වුවත් ධාතූන් වහන්සේලා කොහෙන් ලබමෝද? මහරජ, සුමන සමග කථා බස් කර ගන්න. මහරජතුමා සුමන හිමියන් වෙත එළඹ ප්රනශ්න කෙළේ ය. ස්වාමීනි, ධාතුන් කොහොන් ලබමෝද? සුමන හිමි කියයි. මහරජ, ඔබතුමා මන්දෝත්සාහි නොවන්න වීථි පිරිසුදු කොට ධජ පතාක පුන්කලස් ආදියෙන් ඒවා සරසවා පිරිවර ජනයා සහිතව පෙහෙව ගෙන සියලු පඤ්චාඞ්ගික තූර්යස පවත්වා මඟුලැතා සියලුම ආභරණයන් ගෙන් සරසා ඊමන සේසත් නංවා සවස් කාලයෙහි මහානාග උද්යාආනයට අභිමුඛව යනුමැනවි එහිදී ධාතූන් ලැබිය හැක. රජතුමා යහපතැයි පිළිගති.
12. තෙරුන් වහන්සේ සෑගිරියට වැඩම කළහ. එහිදී මේ ආයුෂ්මත් මහින්දව තෙරුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට මෙසේ කීහ. ඔබ දඹදිව මුත්තණු ධර්මාහශොක රජුකරා යනු. ගොස් මගේ වචනයෙන් මෙසේ කියන්න. මහරජතුමාණෙනි, ඔබතුමා ගේ මිත්රේ දෙවානම් පියතිස්ස
218 ථූපවංසය
රජතුමා බුදු සස්නෙහි පැහැද ගියේය (දැන්) දා ගැබක් පිහිටනු කැමැත්තේ ය. තමුන්නාන්සේ ළඟ බුදු රජාණන් වහන්සේ පරිභෝග කළ පාත්රකයත් ධාතුන් තිබේ. ඒ වාද රැගෙන ශක්ර්දේවේන්ර්ළ ගයා කරා එළඹ දේවේන්ර්ිබේයාණෙනි, ඔබ තුමා ළඟ දකුණු දළදා ය, දකුණු අකුධාතුව ය යන දෙක ඇත. එයින් තෙපි දකුණු දළදාව පුදව්. දකුණු අකුධාතුව අපට දෙවයි මෙසේද කියව සක්දෙව් රජ තුමාණෙනි. ඔබ අප ලක්දිවට එවා පමාවන්නේ ඇයිදැයි අසව. සුමන සාමණේරයන් වහන්සේ යහපති ස්වාමීනි, යයි තෙරුන්ගේ වචනය පිළිගෙන එකෙනෙහිම පාසිවුරු ගෙන අහසට පැන නැඟී පැලලුප් නුවර දොර බැස රජුවෙත ගොස් මේ කරුණ සැලකළ සේක.
රජතුමා සතුටුව සාමණේරයන් වහන්සේ ගෙන් පාත්ර ය රැගෙන වළඳවා බුදු රජාණන් වහන්සේ පාත්රාත ධාතුව සුවඳින් උලා උතුම්වූ ධාතුවලින් එය පුරවා දුන්නේ ය. ඒ සුමන සාමණේරතෙම එය ගෙන සක්දෙව් රජු කරා ගියේ ය. ශක්රඒදෙවෙන්ර්එය තෙම සාමණේරයන් වහන්සේ දැක සුමන ස්වාමීනි, කුමක් නිසා මෙහි වැඩි සේක්ද? දේවරාජයාණෙනි, ඔබ අප ලක්දිවට යවා කුමක් නිසා පමාවන්නෙහිද? ස්වාමිනී, මම පමා නොවෙමි කියන්න කුමක් කරන්නද කියා ඔබතුමා ළඟ දකුණු දළදාව හා දකුණු අකු ධාතුව යන ධාතුන් වහන්සේලා දෙනම වෙයි. එයින් ඔබතුමා දකුණු දළදාවට පූජාකරන්න. දකුණු අකුධාතුව මට දෙන්න. මැනවි ස්වාමිනියි ශක්රජදේවෙන්ර්ා ද තෙම යොදුනක් පමණ වූ මැණික් දා ගැබ ඔසවා දකුණු අකුධාතුව සුමන සාමණේරයන් වහන්සේට දුන්සේක හෙතෙම එය ගෙන සෑගිරියෙහි තැබීය. ඉක්බිති මිහිඳු හිමියන් ඇතුළු සියල්ලෝ ධර්මාෑශෝක රජතුමා දුන් ධාතු සෑගිරියෙහි තබා දකුණු අකුධාතුව පමණක් අරගෙන පස්වරු වේලෙහි මහමෙවුනා උයනට වැඩියෝ ය.
13. රජතුමා ද සුමන හිමියන් කියූ පරිදි පුද සත්කාර කොට ඇත් කඳ උඩ නැංගේ හවස් යාමෙහි මඟුලැතු පිට
ථූපවංසය 219
සේසත් දරමින් මහමෙවුනා උයනට පැමිණියේ ය. ඉක්බිති ඔහුට මෙ බදු සිතක් පහළ විණ. මේ බුදු රජාණන් වහන්සේ ගේ ධාතුනම් ඡත්රසය නැමේවා! මඟුලැතා දණින් බිම සිටීවා! ධාතු කරඬුව මගේ හිස මත පිහිටාවා! රජුගේ සිතු විල්ලත් සමගම කුඩය නැමීණ. ඇතා දෙදණින් බිම වාඩිවිය, ධාතු කරඬුව රජු ගේ හිසෙහි පිහිටියේ ය. රජතුමා ආමාවෙන් අභිෂේක කළා සේ අධික ප්රීුති ප්රේමෝද්යියෙන් යුතුව මෙසේ ප්රමශ්න කෙළේ ය. ස්වාමිනී, ධාතුන් වහන්සේට කුමක් කරමුද? මහරජතුමාණෙනි, ඇත් කුඹයෙහි තබනු මැනවි. රජතුමා ධාතු කරඬුව ඇත් කුඹයෙහි තැබී ය. සතුටුවු ඇතා කුඤච්නාද කෙළේ ය. මහා වැසි වළා කුලක් පැන නැඟී පොකුරු වැසි වැස්සේ ය. පසල් දනව්වලද බුදු රජාණන් වහන්සේගේ ධාතු පිහිටන්නේ යයි මහ පොළොව සෙල්විණ.
14. ඉක්බිති ඒ හස්ති නාගයා නොයෙක් තූර්යර ඝෝෂා වන් ගෙන් පිරිවරා ඉතා මහත් පුද පෙරහරින් සත්කාර කරන්නේ බස්නාහිරට මුහුණලා පසු බස්නේ ය. බස්නාහිර වාසල තෙක් ගොස් නැගෙණහිර වාසලින් ඇතුළු නුවරට වැද මුළු මහත් නුවරම උදාර පූජා කරද්දී දකුණු දොරටු වෙන් නික්මී ථූපාරාමයට බස්නාහිර කොටසෙහි ප්ර්භෙද වස්තු නම් තුනක් ඇත. එහි ගොස් නැවත ථූපාරාමයට අභිමුඛව නැවතිණ. ඒ තැන පෙර තුන් බුදු වරයන් ඩබරා ධාතුව ද, පටී ධාතුව ද, ජලසාටිකාව ද පිහිටුවා බඳනා ලද චෛත්ය තුබු ස්ථානයයි. ඒ චෛත්යතය විනාශව ගියද දෙවියන්ගේ ආනුභාවයෙන් කටුවලින් ගැවසුණු අතු ඇති නොයෙක් පදුරුවලින් වටව තිබේ. කිසිවෙකුට එහි අශුචි පහ කිරීම් ආදියෙන් කිලිටි කළ නොහැක. ඉක්බිති ඇතුට ඉදිරිව ගොස් සියලුම රාජ පුරුෂයෝ පඳුරු සිඳුවා බිම පිරි සුදු කරවා එය බෙර ඇසක් සේ සමකළහ. ඇත්රජා එහි ගොස් එ තැන ඉදිරි කරගෙන ඊට බස්නාහිර දිසාවෙහි බෝරුක පිහිටි තැන පිහිටියේ ය. ඉක්බිති ඔහුගේ මස්තක යේන ධාතු බස්සා ගන්නට සුදානම් වූහ. ඇතා ඉඩ නොදෙයි
220 ථූපවංසය
තෙරුන් වහන්සේ විචාළහ. කුමක් නිසා ඇතා බැස්සීමට ඉඩ නොදේද? මහරජතුමාණෙනි, උඩතුබූ ධාතුන් වහන්සේ බාගන්නට නොවටී යයි කියයි. මෙකල අබය වැවේ දිය සිදී ගොස් ය. බිම හාත්පස පැලි ගොස් ය. මනාව උඩට ඉල්ප ඇත. එයින් මහජනයා වහවහා මැටි ගෙනවුත් ඇත් කුඹතෙක් ගොඩ කෙළේ ය.
15. එකෙනෙහි සෑ කරනු සඳහා ගඩොල් කිරීමට පටන් ගත්හ. ගඩොල් කපනාතුරු ඇත්රජ කිහිප දිනක් දවල් බෝරුක පිහිටි තැනද ඇත් හල්හිද සිටී. රෑ සෑය ගොඩ නඟන තැන බිම වටේට කැරකේ. ද්ර ව්ය සකස්වූ පසු රජතුමා තෙරුන් ගෙන් විචාළේ ය. ස්වාමීනි, මොන ආකාරයකට ද? වී රැසක ආකාරයටයි මහරජ මැනවි ස්වාමීනි, රජතුමා දණ පමණක් කොට ථූපයක් කරවා ධාතූන් වහන්සේ බස්සවා ගැනීමට මහා උත්සවයක් කළහ. සියලු නුවර වැස්සෝද දනව් වැස්සෝද ධාතු පූජාව දැකීම සඳහා රැස්වූහ. ඔවුන් රැස්වූ කල්හි බුදු රජාණන් වහන්සේ ගේ ධාතු ඇත් කුඹෙන් සත්තලයක පමණ අහසට පැන නැඟී යමක මහාප්රා තිහාර්යෙ දැක්වීය. ඒ ඒ ධාතූන් කොටස් වලින් සවණක් බුදුරැස ද දියධාරා ද ගිනි කඳු ද පවතිත්. සැවත්නුවරෙහි ගණ්ඩබ්බ මූලයෙහි භාග්ය වතුන් වහන්සේ විසින් දැක්වන ලද ප්රාවතිහාර්යම සමාන ප්රාාතිහාර්ය යක් වීය. එයද තෙරුන්ගේ ආනුභාවයෙන් හෝ දෙවියන් ගේ ආනුභාවයෙන් හෝ නොව බුදුන්ගේ ආනුභාවයෙනි. බුදුරජාණන් වහන්සේ ජීවත්ව වාසය කරද්දී ලංකාදීපයෙහි අනුරාධපුරයෙහි දකුණු පස පෙර බුදු වරුන් තිදෙනාගේ චෛත්යුය පිහිටි තැන මගේ දකුණු අකුධාතුව පිහිටන දිනයෙහි යමක මහා ප්රා තිහාර්යය වේවායි අධිෂ්ඨාන කළසේක.
මෙසේ බුදුවරු අචින්ත්යවයෝ ය. බුද්ධ ධර්ම්ය ද අචින්ත්ය ය අචින්ත්යේ බුදුවරුන් කෙරෙහි ප්රයසන්න වූවන්ට ලැබෙන විපාකයද අචින්ත්යි යි.
16. ධාතු ශරීරයෙන් නික්මුණු දියෙන් ලඞ්කාදීපයෙහි ස්පර්ශ් නොවූ තැනක් නොමැත. මෙසේ මෙ සියලු ලංකා
ථූපවංසය 221
වීපයෙහි ගිනි නිවු ඒ ධාතු ශරීරය ප්රා තිහාර්යූ පා බැස රජුගේ මස්තකයෙහි පිහිටියේ ය. රජතුමා මිනිසත් බව ඵල ලැබීයයි හඟිමින් මහත් සත්කාර කොට ධාතු පිහිටවී ය. ධාතු පිහිටුවන්නාහාම මහා භූමි කම්පාවක් ඇති විය. ථූපයේ කටයුතු නිමාවට ගිය පසු රජතුමා ද, රජතුමාගේ බෑයෝ ද දේවීහු ද දේවතාවෝ ද නාගයෝ ද යක්ෂමයෝ ද යන සියල්ලෝ ම පුදුමව වෙන වෙනම ධාතුන් පූජා කළහ.
මෙසේ බුදුරජාණන් වහන්සේ (තමන් වහන්සේගේ) ධාතු ශරීරයෙන් ජනතාවට වැඩ පිණිස ශාන්තියට ගියේය. සැප ලබන දහම් බොහෝ කන්නේ ය. නාථයන් වහන්සේ ධරමානව සිට ගෙන කළ දේම අනුකරණය කරන්නේ ය.
ථූපාරාම පූජා කථාව. ____
1. ධාතු පිහිටුවා ධාතු පූජාව නිමා ගිය කල්හි මහින්දස ස්ථවීරයන් වහන්සේ මහමෙවුනා උයනටම වැඩ එහි වාසය කළසේක. එසමයෙහි අනුලා දේවී තොමෝ පැවිදි වනු කැමැතිව රජතුමාට සැළ කළා ය. රජතුමා ඇගේ වචනය අසා තෙරුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. ස්වාමීනී, අනුලා දේවී තොමෝ පැවිදිවනු කැමැති ය. ඇය පැවිදි කරන්න. මහ රජ තුමාණෙනි, අපට කාන්තාවන් මහණ කිරීමට අකැප ය. පැලලුප් නුවර මගේ සොහොයුරි සංඝ මිත්තා තෙරණියෝ ඇත්තාහ. මහරජ තුමාණෙනී, ඇය මෙහි කැඳවන්න. එසේම මුලින් බුදුවු බුදුවරයන් වහන්සේලා තුන් නමගේ බෝධි මේ දිවයිනෙහි පිහිටියේ ය. අප ගේ බුදුරජාණන් වහන්සේගේ සවණක් රැස් විසුරුවන බෝධිය ද පිහිට විය යුතු ය, එනිසා සංඝමිත්තාව බෝධිය ද රැගෙන පැමිණිය යුතු යයි පණිවුඩයක් යවන්න. රජතුමා තෙරුන් ගේ වචනය පිළිගෙන ඇමතියන් සමග කථා බස් කොට අරිඪ නම් තමන්ගේ බෑණනුවන්ට කීයේ ය. දරුව, ඔබට පැලලුප් නුවරට ගොස් මහා බෝධියත් සමග සංඝමිත්තා
222 ථූපවංසය
ආර්යා ව වඩමවා ගෙන ඊමට හැකිද? දේවයන් වහන්ස මට මහණ වීමට අවසර දෙනසේක් නම් හැකි ය. යන්න දරුව, තෙරණිය වැඩම කොට මහණ වෙන්න.
2. ඒ කුමාරයා රජුගේ හා තෙරුන් වහන්සේ ගේ පණිවුඩගෙන මිහිඳු හිමියන්ගේ අධිෂ්ඨානය අනුව එක්දිනකින්ම දඹකොළ පටුනට ගොස් නැවට නැඟ මුහුද තරණය කොට පැලලුප් නුවරට ගොස් රජතුමාට පණිවුඩය කීයේ ය. දේවයන් වහන්සේ, තමුන්නාන්සේ ගේ පුත්රි මහින්ද තෙරුන් වහන්සේ මෙසේ සැළකළහ. ඔබතුමා ගේ මිත්රප දේවානම්පිය තිස්ස රජතුමා, එතුමාගේ සහෝදරයාගේ බිරිඳ වූ අනුලා දේවී තොමෝ පැවිදිවනු කැමැත්තී ය. ඇය පැවිදි කිරීමට සංඝමිත්තා තෙරණිය එවත්වා! තෙරණිය සමග මහ බෝධිය ද එවන්න යයි තෙරුන් වහන්සේ ගේ පණිවුඩය දන්වා සංඝමිත්තාව කරා පැමිණ මෙසේ කීවේ ය. ආර්යා ව, ඔබතුමිගේ සොහොයුරු මහින්ද තෙරුන් වහන්සේ මා ඔබතුමී සමීපයට එවුසේක. දෙවානම්පියතිස්ස රජුගේ සහෝදරයාගේ භාර්යාමව, අනුලා දේවී තොමෝ පන්සීයයක් කාන්තාවන් හා අන්තඃපුර ස්ත්රීහන් පන්සියයක් සමග පැවිදිවනු කැමැත්තී ය. එනිසා පැමිණ පැවිදි කරත්වා! ඕ තොමෝ එකෙනෙහි වහවහා ගොස් රජුට මේ බව සැළකොට මහරජතුමාණෙනි, මම සිංහලවීපයට යන්නෙමි යි කීවා ය.
3. එසේවීනම් මෑණියෙනි, මහා බෝධිය ද රැගෙන යන්නැයි කියා පැලලුප් නුවර සිට මහබෝ දක්වා ඇති මගට සත් යොදුන් දිග තුන් යොදුන් පළල ඇති මහා සේනාවක් සමග පැලලුප් නුවින් නික්මී ආර්යො සංඝයා රැගෙන මහ බෝමැඩ සමීපයට ගියේ ය. සේනාව විසින් ඔසවනලද දද කොඩි හා නොයෙක් රුවනින් විසිතුරු නන් මලින් ගැවසුණු නන් තුරුගොස් ඇතිව මහා බෝධිය වට කළහ. ඉක්බිති රජතුමා මල්සුවඳ ආදියෙන් පූජාකොට තෙවරක් පැදකුණු කොට අට තැනක සිට වැඳ නැගිට ඇඳිලි බැඳගෙන සිට සත්ය් ක්රි යාවෙන් බෝධිය ගනු
ථූපවංසය 223
කැමැත්තේ රුවන් පුටුවට නැඟ තෙල්ලක් රැගෙන හිරියල්වලින් ඉරක් ඇඳ ඉදින් මහබෝධිය ලක්දිව පිහිටිය යුතු නම් මම ද එසේ ම බුද්ධශාසනයෙහි විමතියක් නැත්තෙමි නම් මහා බෝධිය තෙමේම මේ රන්කටාරමෙහි පිහිටාවියයි. සත්යබක්රිේයා කෙළේ ය. සත්ය ක්රි යාවත් සමඟම බෝධි ශාඛාව හිරියල් වලින් වටකළ තැනින් සිඳි සුවඳ මලින් පුරවාතුබූ රන් කටාහයෙහි පිහිටා ගියේ ය. ඉක්බිති රජතුමා මහබෝමඬින් මහත් පුද සත්කාරයෙන් පැලලුප් නුවරට සියලුම පෙරහැර දී මහාබෝධිය ගඟෙහි නැවක නංවා තමා ද නගරයෙන් නික්ම වින්යාැර ද පර්විතය ඉක්මවා පිළිවෙළින් දිනහතකින් තාම්රකලිප්තයට පැමිණියේ ය. අතරමග දිව්ය නාග මනුෂ්යළයෝ මහත් වූ මහා බෝධි පූජාවක් කළාහු ය. රජතුමා ද මුහුදු ඉවුරෙහි සත්දවසක් මහබෝ තමා මහත්වූ සත්කාර කොට බෝධිය ද සංඝමිත්තා තෙරණිය ද පිරිවර සහිතව නැවට නංවා බොලව් බුදුරජාණන් වහන්සේගේ සවණක් රැස් විහිදුවන බෝධීන් වහන්සේ යයි හඩා ඇඳිලි බැඳ කඳුලු වගුරුවමින් සිටියේ ය. ඒ මහාබෝධිය නැගි නැව මහරජතුමා බලා සිටිද්දීම මහමුහුදට වැදී ගියා ය. මහමුහුදෙහි හාත්පස යොදුනක් තැන් රළ සංසිඳිණ. පස්වණක් මල් පිපී ගියේ ය. අහස්හි දිව්ය්මය සංගීත වාදනය විණ. අහස්හි දිය හා ගොඩ ඇසුරුකළ දෙවියන් විසින් පවත්වනලද පූජාව අතිශයින්ම උදාර විය. මෙසේ මහත් වූ පූජාවෙන් නැව දඹකොළ පටුනට පිවිසියා ය.
4. දේනානම්පියතිස්ස මහරජතුමා උතුරුවාසළ පටන් දඹකොළ පටනතෙක් මඟ පිරිසුදුකොට සරසා නුවරින් නික්මෙන දින උතුරුවාසල්දොර සමීපයෙහි සමුද්රුශාල භූමියෙහි සිටියවුන් තෙරුන් වහන්සේ ගේ ආනුභාවයෙන් මහමුහුද වැඩමවා එන මහබෝධිය දැක තුටුසිත් ඇත්තේ නික්මී සියලුම මහමග පස්වණක් මල් විසුරුවා අතරතුර මල් ඇගෑ ආදිය තබමින් එකදිනකින්ම දඹකොළ පටුනට ගොස් සියලු තූර්යු ඝොෂාදියෙන් පිරිවරා මල් දුම් ආදියෙන්
224 ථූපවංසය
පුදමින් කරවටක් පමණ දියට බැස බොලව්, බුදුරජාණන් වහන්සේ ගේ සවණක් රැස් විහිදුවන බෝධීන් වහන්සේ වැඩමකළසේකැයි පැහැදුණු සිත් ඇතිව මහා බෝධිය ඔසවා උතුම් සිරුරෙහි තබා මහබෝධිය පිරිවරා පැමිණි ජාති සම්පන්න සොළොස් කුලයෙහි ජනයන් විසින් මුහුදින් එතරව මුහුදු තිරයෙහි බෝධින් වහන්සේ තබා තුන් දින් මුළුමහත් ලක්දිව රාජ්යමයෙන් පිදී ය. ඉක්බිති සතරවැනි දින මහබෝ රැගෙන මහත් වූ පූජාසත්කාර කරමින් පිළිවෙළින් අනුරාධ පුරයට පැමිණියේ අනුරාධ පුරයෙහිදී ද මහත් සේ සත්කාර කොට චතුද්දසී දිනයෙහිදී සෙවෙනැල්ල දියුණුව යන වේලාවේදී උතුරු දොරටුවෙන් නුවරට බෝධීන් වහන්සේ ඇතුල් කොට නුවර මැදින් ගෙන ගොස් දකුණු වාසළට නුදුරු දුනු පන්සියයක් තැන අපගේ බුදුරජාණන් වහනසේ නිරෝධ සමාපත්තියට සමවැද වැඩහුන් සේක් ද එසේම යම්තැනක කකුසඳ බුදුරජාණන් වහන්ස් ගේ මහරි බෝධින් වහන්සේ පිහිටියේද, කොනාගමන බුදුරජාණන් වහන්සේ ගේ බෝධිය පිහිටියේ ද එතන මහමෙව්නා උයනට තිලකයක් වැනිව භූමිකර්මා න්ත ඇතිව රාජොද්යා නයෙහි දොරටුව වූ ස්ථානයෙහි මහා බෝධිය පිහිටුවා වදාළසේක.
මෙසේ ලංඞ්කාවාසීන්ට හිත පිණිස ශාසනයා ගේ වෘද්ධිය පිණිස රම්යඞ වූ මහාමෙඝ උයනෙහි මහා බෝධිය පිවිසියේ ය.
බෝධි ආගමන කථා. ¬¬¬______
1. අනුලා දේවී තොමෝ පන්සියයක් බිසෝවරුන් හා පන්සියයක් පුරස්ත්රී න් ද යන කාන්තාවන් දහසක් දෙනා සමග සංඝමිත්තා තෙරණිය සමීපයෙහි මහණව තොමෝ කලකින් පිරිවර සහිතව රහත් බැව්හි පිහිටියා ය. රජුගේ බෑණනුවන් වු අරිෂ්ට කුමාරයා ද පන්සියයක් මිනිසුන් පිරිවරත් සමගම රහත්වූහ. ඉක්බිති එක්දිනක් රජතුමා
ථූපවංසය 225
බෝධිය වැඳ තෙරුන් වහන්සේ සමග ථූපාරාමයට යනවිට ලෝවාමහාපාය කරවන සමීපයට පැමිණි රජ්ජුරුවන්ට රාජපුරුෂයෝ මල් දුන්හ. රජතුමා තෙරුන්ට මල් දුන්නේ ය. තෙරුන් වහන්සේ මලින් ලෝවාමහාපාය පිහිටි තැනට පූජාකළහ. මල් බිමවැටුණු කෙනෙහිම මහත් වූ භූමි චලනයක් විය. රජතුමා ස්වාමීනි, කුමක්නිසා භූමිකම්පාවක් වීදැයි ඇසී ය. මහරජතුමාණෙනි, අනාගතයෙහි මෙතැන සංඝයාට උපොසථාගාරයක් වන්නේ ය. මේ එයට පෙර නිමිති යි.
නැවත උන්වහන්සේ මහා චෛත්ය. පිහිටෙන තැන මලින් පුදා වැන්දේය. එකෙනෙහිම මහ පොළොව බලවත්ව කම්පා විය. රජතුමා ස්වාමීනි, කුමක් නිසා මහපොළොව කම්පා වී දැයි ඇසී ය. මහරජතුමාණෙනි, මෙතැන අනාගත යෙහිදී බුදුරජාණන් වහන්සේ ගේ අසදෘශ චෛත්යිය පිහිටන්නේ ය. මේ එයට පෙරනිමිතියයි දේශනා කළහ. ස්වාමීනි, එය මම ම කරමියි කීයේ ය. කම්නැත මහරජුනි, ඔබතුමාට බොහෝ වැඩ ඇත ඔබගේ මුණුබුරු දුටු ගැමුණු රජතුමා කරනු ඇත. මුණුබුරා විසින් කරන්නේ නම් මා විසින්ම දෙවානම්පියතිස්ස රජුගේ මුණුබුරු දුටුගැමුණු රජතුමා මෙතැන චෛත්යියක් ගොඩනගන්නේයයි අකුරු කොටවා තැබ්බවීය. ඉක්බිති දෙවානම්පිය තිස්ස රජතුමා සෑගිරියෙහි තුබු බුදුරජාණන් වහන්සේ වැළඳු පාත්ර්ය පුරවා ගෙන ආ ධාතු ඇත් පිටෙන් වැඩමකරවා මුළු ලක්දිව යොදුනෙන් යොදුන චෛත්ය යන් කරවා ධාතු පිහිටෙව්වේ ය. බුදුරජාණන් වහන්සේ ගේ පාත්රිය රජ ගෙදරම තබා පූජා කෙළේ ය.
බුදුරජාණන් වහන්සේ ගේ පාත්ර යක් පමණ ධාතු නිධන් කොට මහරජතුමා යොදුනෙන් යොදුන චෛත්ය යන් කරවීය.
යෝජන ථූප කථාව නිමි. ___
226 ථූපවංසය
1. ඉක්බිති රජතුමා තවත් බොහෝ පින්කම් කොට සතළිස් වසක් රාජ්ය ය කරවීය. ඔහුගේ ඇවෑමෙන් ඔහුගෙ බාල සොහොයුරු උත්තිය රජතුමා දස අවුරුද්දක් රාජ්ය ය කරවීය. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ බාල සොහොයුරු මහාසීව දවසක් රාජ්යතය කරවී ය. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ බාල සොහොයුරු සූරතිස්ස දසවසක් රාජ්යයය කරවීය. ඊටපසු අස් වෙළෙඳුන් ගේ පුත්රිද්රසවිඩයෝ දෙදෙනෙක් සුරතිස්ස රජු අල්වාගෙන අවුරුදු විසිදෙකක් දැහැමින් රාජ්යරය විචාළාහ. මොවුන් අල්වා මරා මුටසීව රජුගේ පුත්රෙ අසෙල රජතුමා දසවසක් රාජ්යාය කරවීය. ඉක්බිති සොළී රටින් පැමිණි එළාර නම් දෙමළ රජෙක් අසෙල රජතුමා අල්ලාගෙන අවුරුදු සතළිස් සතරක් රාජ්යම කරවීය. එළාර රජුමරා දුටුගැමුණු රජ රජවීය.
2. එය දැක්වීමට මේ පිළිවෙළ කථාවයි. දෙවානම්පිය තිස්ස රජුගේ දෙවැනි සහෝදර මහානාග නම් යුවරජතුමෙක් විසී ය. ඉක්බිති රජුගේ දේවී තොමෝ තමන්ගේ පුතාට රාජ්යජය කැමැතිවන්නී තරස්වැව කරවන යුවරජුන්ට අඹයකට විෂ යොදා අඹමත තබා යැවීය. දේවියගේ පුතා යුවරජතුමා සමඟ ගියේ භාජනය ඇරි කල්හි තමාම අඹය ගෙන කා කළුරිය කෙළේ ය. යුවරජතුමා මේ කරුණ දැන, දේවියට බියව එතැනින්ම තමාගේ දේවයන් බලවාහනත් ගෙන රුහුණට ගියේ ය. ඔහුගේ දේවිය අතරමග යටාල විහාරයෙහි දී පුතකු වැදුවා ය. ඔහුට තිස්ස යයි සහෝදරයා ගේ නම තැබීය. හෙතෙම එයින් ගොස් මහගම වසමින් රුහුණ ආණ්ඩු කෙළේ ය. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් යටාලතිස්ස මහගම ම රාජ්යළ කරවීය. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් ගෝඨාභය තෙම එහිම රාජ්යරය කෙළේ ය. ගෝඪාභය ගේ පුත්ර කාකවණ්ණතිස්ස එහිම රාජ්යය කෙළේය. කාකවණ්න තිස්ස රජතුමාට කල්යා්ණිතිස්ස රජුගේ දුව වූ විහාරමහා දේවී තොමෝ අගමෙහෙසුන් වූවා ය. ඕ තොමෝ රජුට ප්රිුය මනාප වූවා ය. රජතුමා ඈ සමග සමගිව වසන්නී පින්කරමින් වාසය කෙළේ ය.
ථූපවංසය 227
3. ඉක්බිති එක් දිනක් දේවී තොමෝ රජ ගෙදරදීම භික්ෂූසසංඝයාට මහදන් දී සවස් කාලයෙහි සුවඳ මල් ආදිය ගෙන්වාගෙන බණ ඇසීමට විහාරයට ගියා. එහි වැදහොත් දැඩි සුවඳ මල් ආදියෙන් පුදා තමන්ගේ සම්පත්තිය වර්ණකනා කොට මගේ පුත්බව ස්වාමීනී, පතන්නයි ඉල්ලුවා ය. හෙතෙම නොකමැති විය. ඕ තොමෝ ද නැවත නැවත ඉල්ලුවා ය. සාමණේරයන් වහන්සේද මෙසේ සිදු වුවහොත් ශාසනයට අනුග්ර හ කළ හැකැයි පිළිගෙන ගතිනිමිති වශයෙන් ලැබීමට තුබූ දෙව්ලොව අතහැර රන්සිවි ගෙයින් වඩනා දේවිය ගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. ඕ තොමෝ දසමසක් ඇවෑමෙන් පුතකු වෑදුවා ය. ඔහුට ගාමිණි අබය යයි නම් තැබී ය. මෑත භාගයෙහි තවත් දරුවෙක් ලැබිණ. ඔහුට තිස්ස යයි නමක් කළහ. ගැමුණු කුමරා ක්ර මයෙන් වැඩෙන්නේ සොළොස් වයසට පත්ව ඇත් අසුන් නැඟීමේ ශිල්පයෙහි දක්ෂෙව තේජස් බලයෙන් හා පරාක්රතමයෙන් යුක්ත විය. ඉක්බිති කාවන්තිස් රජතුමා නන්දි මිත්ත සුරනිමල, මහාසේන, ගොඨඉම්බර, ථෙරපුත්තාභය, භරණ, වෙළුසුමන, ඛඤ්ජදෙව, ඵුස්සදෙව, ලභිය්යන වසභ යන මේ දශ මහ යොධයන් පුත්රයයන් සමීපයෙහි වැස්ස වීය. මොවුන්ගේ උත්පත්ති කථා මහා වංශයෙන් ගතයුතු ය. රජතුමා දශමහ යෝධයන්ට පුතාට සම සත්කාර ඵලවීය. තිස්ස කුමාරයා දනව් රැකීමට දිගාමඩුල්ලෙහි තැබී ය. ඉක්බිති දිනක් ගැමුණු කුමාරයා තමන්ගේ යුද්ධ හමුදා බල සම්පත දැක දෙමළුන් සමග යුද කරන්නෙමියි රජුට කියවීය. රජතුමා පුතා රැකීමට ගඟෙන් පහත කොටස පමණක් අපට සෑහේයයි වැලැක්වීය. කුමාරයා තුන්වැනි වර දක්වා ඉල්වීය. රජතුමා කිපී රන් හැකිලි හදව් බැඳ රකිමුයි. ගැමුණු කුමරා පියාට කිපී මලය රටට ගියේය. එතැන් පටන් පියාට විරුඬව ගත්නිසා දුෂ්ටගාමිණි යයි ප්රකකට වූයේ ය. රජතුමා පුතුන් අතර කොලාහලය වලක්වනු පිණිස දශමහයොධයන් ලවා දිවිරවිය.
228 ථූපවංසය
4. කාවන්තිස්ස රජතුමා විහාර සැට හතරක් කරවා අවුරුදු හැට හතරක් සිට කළුරිය කෙළේ ය. තිස්ස කුමාරයා පියා කළුරිය කළ බව අසා දිගාමඩුල්ලෙන් පැමිණ පියාණන්ගේ ආදාහනය කොට මවත් කඩොල් ඇතාත් ගෙන බෑයාට බියෙන් දිගාමඩුල්ලට ගියේ ය. ඇමැතියෝ එක්රැස්ව මේ ප්රගවෘත්තිය කියා දුටුගැමුණු කුමාරයා වෙත දූතයන් යැවූහ. හෙතෙම මේ පණිවුඩය අසා ගුත්තලට පැමිණ සහෝදරයා වෙත පණිවුඩකාරයන් යවා එයින් මහගමට පැමිණ අභිෂේකයට පැමිණ මවත් කඩොල් ඇතැත් එවන්නයයි තුන්වැනිවර දක්වා බෑයාට ලිපි යවා නො එවන බව දැන යුඬය සඳහා නික්මුණේ ය. කුමරා යුදයට සුදානම්ව නික්මුණේ ය. යුදඟන පිටියේදී දෙසොහොයුරන් අතර මහ සටනක් විය. ඒ යෝධයෝ දිවුරූ නිසා මේ යුඬයේදී එක්නොවුහ. රජුගේ නොයෙක් දහස් ගණන් සෙනඟ මැරුණහ. රජතුමා පැරදී තිස්ස ඇමැතියාත් දීඝ තුණිකා නම් වෙළඹත් රැගෙන පලා ගියේ ය. කුමාරයා පසුපස එළවීය. අතරතුර භික්ෂුගහු පර්වේතයක් මැවුහ. මේ දුටු කුමායා භික්‍ෂුන් වහන්සේගේ ක්රිරයාවක් බව දැන නැවතිණ. රජතුමා පලාගොස් කප්කදුරු නම් හොය දාවල් නාන තොටට ගොස් බඩසා වෙමියි කීයේය. අගමැතිතුමා රන් තැටියෙහිවූ බත් රැගෙන දුන්නේ ය. රජතුමා කාලය සලකා සංඝයාට දී වළඳමියි සංඝයාටය, අමැතියාටය, වෙළඹටය. තමාට යයි කොටස් සතරකට බෙදා කාලය දැන්වීය. එදා පියඟු දිවයිනෙහි කුටුම්බිය තිස්ස නම් තෙරුන් වහන්සේ පැමිණ පෙරටුව සිටියෝ ය.
5. රජතුමා තෙරුන් වහනසේ දැක පහැදුණු සිතැත්තේ සංඝයාට තුබු කොටස හා ම කොටසත් තෙරුන් වහන්සේගේ පාත්ර්යෙහි බැහී ය. ඇමැතියා තමන්ගේ කොටසත් පිදීය වෙළඹ ද තමන්ගේ කොටස දෙනු කැමැතිවීය. ඇගේ අදහස දැනගෙන ඇමැතියා එ කොටස ද පාත්රෙයට බෙදීය මෙසේ ඒ රජතුමා තෙරුන් වහන්සේට පුරා බත් පාත්ර යක් දුන්නේ ය. තෙරුන් වහන්සේ පාත්ර්ය
ථූපවංසය 229
රැගෙන ගොස් ගෝතම තෙරුන්ට දුන්හ. උන්වහන්සේ පන්සියයක් භික්ෂුගන් වහන්සේට වළඳවා එයින් ලද කොටසින් පාත්ර ය පුරවා අහසට දැම්මේ ය. පාත්රනය ගොස් රජු ගේ ඉදිරියෙහි විය. තිස්ස ඇමැතියා පාත්රීය රැගෙන රජුන් වැළඳවී ය. ඊටපසු තමාත් වළඳා වොළඹටත් දුන්නේ ය. ඉක්බිති රජතුමා තමාගේ යුද්ධ සැට්ටය සුඹුළුවක් කොට පාත්රටය ඊමත තබා පාත්රතය යැවී ය. එයින් පාත්රපය ගොස් තෙරුන්ගේ අතෙහි පිහිටියේ ය. රජතුමා මහගමට නැවත ගොස් සේනාව පිළියෙළ කරගෙන සැටදහසක් සේනාව ගෙන නැවත සොහොයුරා සමග යුද කෙළේ ය. එදා කුමාරයාග් දහස් ගණන් සේනාවෝ වැටුණහ. කුමාරයා පලාගොස් විහාරයට ඇතුල්ව මහ තෙරුන්ගේ ගෙට පිවිසියේ ය. රජතුමා පසුපස ලුහුබඳවා විහාරයට ඇතුල් වූ බව දැන නැවතුණේ ය. පසුව තෙරුන් වහන්සේලා දෙ සොහොයුරන් ඔවුනොවුන් ක්ෂ මා කරවූහ. එකල්හි රජතුමා ගොවිතැන් දියුණු කිරීමට තිස්ස කුමාරයා දිඟාමඩුල්ලටම යවා තමන්ද බෙර හසුරුවා ගොවිකම් කරවීය. ඉක්බිති මහජනයාට සංග්රතහ කොට කොන්තයෙහි ධාතු නිධන් කොට බලවාහන පිරීවරා තිස්සරාමයට ගොස් සංඝයාට වැඳ ස්වාමිනී, බුද්ධශාසනය බබුළුවන්නට ගඟින් එතෙර යනු කැමැත්තෙමි. සත්කාර කිරීමට අප සමග යන වඩින්නට භික්ෂු්න් වහන්සේලා දෙන්න. සංඝයා ගෙන කණ්ඩුල ඇතා පිටට පැනනැඟී යෝධයන් පිරිවරා මහත්වූ බලකායකින් යුද්ධය සඳහා නික්මි මහියඞ්ගනයට පැමිණ එහිවූ දෙමළුන් සමග යුදකොට මහියඞ්ගනයට කඤ්චුක චෛත්ය්යක් කරවීය. ඒ චෛත්යුය බැන්දවූ නියාව කියනු පිණිස මේ කියන පිළිවෙළ කථාවයි.
6. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්ව යෙන් නවවැනි මස මේ දිවයිනට වැඩම කොට ගඟ ඉවුරෙහි තුන් යොදුන් දිග හා යොදුනක් පළල ඇති මහානාග උද්යා නයෙහි වූ යක්ෂ සමාගමයට වැඩම කොට ඒ යකුන්ගේ ඉස්මත්තෙහි
230 ථූපවංසය
මහියඞ්ගන චෛත්ය ඇති තැන අහස සිටගෙන වැහි අඳුරු කුණාටු ආදියෙන් යකුන් බියකොට ඔවුන් විසින් අබය ඉල්වුයේ තොපට අබය දෙමි. තොප සමග මට වාඩි වීමට තැනක් දෙව් යයි කී සේක. යක්ෂතයෝ නිදාකාණෙනි, නුඹවහන්සේට මේ සියලු දිවයිනම දෙමු. අපට අබය දුන මැනවයි කීවාහු ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ බිය සංසිඳුවා ඔවුන් විසින් දෙනලද බිම් කොටසෙහි සම්කඩ අතුරා එහි හිඳ තෙජෝකසිණයට සමවැදී සම්කඩ වටේට ගිනිදල්වා දියුණු කෙළේ ය. ඔවුහු සම්කඩින් මැඩී ගියෝ හාත්පසින් සාගරය අසළ එක්වූහ. බුදුරජාණන් වහන්සේ සෘද්ධිබලයෙන් ගිරි දිවයින මෙහි පමුණුවා යකුන් එහි නංවා දිවයින තුබු තැනම තබා සම්කඩ ඇකිළී ය. එදා දේවතා රැස්වීමක් සිදුවීය. ඒ රැස්වීමේ දී භාග්ය වතුන් වහන්සේ ධර්ම්ය දේශනා කළසේක.
එකල
7. නොයෙක් කෝටි ගණන් ප්රා්ණීන්ට ධර්මාවභිසමය වූහ. අසඞ්ඛ්යා ගණනක් සරණ සිල්හි ද පිහිටියෝ ය.
සමන් ගිරෙහි සුමන දෙව් රජතුමා සෝවාන්ව පිදිය යුතු වස්තුවක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීය.
බුදුරජාණන් වහන්සේ හිස අතගා නිල්නිමල් කෙස් මිටක් ඔහුට දුන්හ.
හේ රන් කරඬුවකින් බුදුරජාණන් වහන්සේ ගේ කෙස්රොද පිළිගෙන තමන් වාසය කරන ස්ථානයෙහි නොයෙක් රුවන් මත සත්රියනක් ඇති නොයෙක් සත් රුවනින් ඒ කේශධාතුව පූජාකොට ඉඳුනිල්මිණිමුවා දා ගැබක් කෙළේය.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි ධර්මු සේනාධිපති සැරියුත් තෙරුන්ගේ අතවැසි සරඟු නම් එක් තෙරනමක් චිතකයෙන් ශ්රීටවා ධාතූන් වහන්සේ ගෙන
ථූපවංසය 231
භික්ෂු සංඝයා පිරිවරා පැමිණ එම සෑයෙහි ම පිහිටුවා මේවන් ගලින් වසා දොළොස් රියන් උස්කොට සෑයක් කරවා ගියේ ය. ඉක්බිති දෙවානම්පියතිස්ස රජුගේ සොහොයුරු චුළාභය කුමරා මේ පුදුම චෛත්යමය දැක තිස්රියන් සෑයක් කරවීය. දැන් දුටුගැමුණු රජතුමා මහියඞ්ගණයට පැමිණ එහිදී දෙමළුන් මඩිමින් අසූරියන් කඤ්චුක චෛත්ය්යක් කරවා පූජා කෙළේ ය.
සසර බියට බියවූ ගුණයනට ආකරවූ නුවණැත්තෝ මෙසේ ඉතා අවශ්යි දේ කරමින්ම පින්කම් කරති.
මහියඞ්ගන ථූප කථා නිමි. _____