රසවාහිනී ජාතකට්ඨ කථා - i
රසවාහිනී
ජාතකට්ඨකථා
ථූපවංස
සංග්රසහය
ප්‍රස්තාවනා
පාලි භාෂාව බොහෝ සෙයින් පැතුරුණු භාෂාවකි. බෞද්ධ ථෙරවාදී සාහිත්යෂය ප්ර කාශවන භාෂාව වශයෙන් පාලියට හිමිවන ස්ථානය උසස් ය. ත්රිතපිටක බුද්ධවචනය, තදනුබද්ධ අටුවා, ටීකා, අනුටීකා, ප්රථකරණ හා ධර්මතසංග්ර හ ද ඵෙතිහාසික ග්රශන්ථ ද කාව්යථ ග්ර න්ථී කිහියක් ද පාලි සාහිත්ය වශයෙන් වර්තබමාන උගත්තු සලකති.
එහෙත් බුද්ධඝොෂාචාර්යඋයන් වහන්සේ පාලි ශබ්දයෙන් ත්රි්පිටකබුද්ධවචනය පමණක් අදහස් කොට ඇති බව විසුද්ධිමග්ගයෙහි ‘යස්මා පන ඉදං චරියා විභාවත විධානං සබ්බා කාරෙක නෙව පාලියං, න අඪකථායං ආගතං කෙවලං ආචරිය මතානුසාරෙන චුත්තං” මෙයින් පැවසේ. මහාවංශයේ 37 වැනි පරිච්ජේදයෙහි බුඬඝෝෂාචාර්යායන්ගේ ප්රසවෘත්ති දක්වන තැන එතුමාගේ ආචාර්ය වරයා වූ රේවත මහතෙරුන් විසින් “පාළිමත්තං ඉධානීතං නත්ථිච අඪකථා ඉධ (පාළිය පමණක් මෙහි ගෙනෙන ලදි. අටුවාවෙහි නැතැ යි කී තැනද ඒ ප්රාවෘත්තියෙහිම පාළිමහාභිධම්මස්ස, අත්ථතමස්ස ත සොධිගා” (තෙරනම් අභිධර්මධපාඨයක් කීවේ ය. හෙතෙම අර්ත්ථත අවබෝධ නො කළේය) යන තැන ද පාළි ශබ්දය යොද තිබෙන්නේ ත්රිාපිටකය සඳහා ය” (පොල්වත්තේ බුඬදත්ත මහා නායක හිමියන් ගේ පාලි සාහිත්යටය)
මේ නයින් බලත ඈත අතීතයෙහි දී ‘පාලි’ යන්න භාෂාවට ව්යනවහාරවූ වචනයක් නොව ත්රිාපිටකයට ව්යයවහාරවූවකි. අටුවාවල මේ භාෂාව සඳහා ව්යහවහාරවූ නාමය මගධ භාසා - තන්තිභාසා යන වචනයි.
‘පාලි’ යන වචනයේ තේරුම පිළිබඳ නානා අදහස් උගතුන් අතර ඇත. ජගදීශ කාශ්යේප හිමියන්ගේ මතය හැටියට පාඨ යන්ත ම පසු කලක පාලි වූ බව පෙනේ. පාලි යන්න පිළිබඳ යුරෝපීය පඬිවරයෝ නානා මත ප්රිකාශ කළහ. ඒ මතයන් අතර පාඨ > පාලි වීම යන අදහසට
vi
බොහෝ දුරට එකඟ විය හැක්කේ ඉතිරි මත ගැන සැලකීමෙනි - “පාටලී > පාලි වීල. පාටලී පුත්රම (පැට්නා) නගරය ආශ්රිපත භාෂාව නිසා.” “පාලිය කලිගු රටෙන් ලක්දිවට පැමිණි භාෂාවකි” “පාලි භාෂාව බෞඬ සාහිත්යටමය භාෂාවමය, එය භාෂා කීපයක සංකලනයකි. මීට වැඩි පුර සම්බන්ධභය මාගධී ය.”
“පාලිය උජ්ජයිනි භාෂාව ය. අර්ධපමාගධියෙන් පාලිය සැකසුනේ ය.” මෙවැනි මත බොහෝ ගණනක් පාලි භාෂාවේ උත්පත්තිය පිළීබඳව පැවසේ. මේ කරුණු උඩින් කල්පනා කරන විට පාලි භාෂාවේ ආරම්භය හරිහැටි කීමට පුළුවන් කමක් නොමැති බව පෙනේ. පාලි භාෂාව සකස් කරන ලද්දේ අනුරාධපුර මහා විහාරයේ දීය යන මතයක් ද මුනිදාස කුමාරතුංග මහතා පළ කෙළේ ය.
අටුවා ටීකාවල මේ භාෂාව සඳහා ‘මාගධි භාසා’ යයි ගැනීම සැලකිය යුතු සිද්ධියකි. පාලි යන්න ත්රි පිටකයට සීමා වුවක් හැටියට පුරාණචාර්යවයන්ගේ ගැනීම බුදුරජාණන් වහන්සේ ගේ මුඛ පාඨ ගැනී නිසා සිදුවූවක් විය හැකියි. එසේනම් පාඨ > පාලි වීම බොහෝ දුරට ගැලපෙන්නක් වන්නේ ය.
මාගධී නම් දේශීය භාෂාවකි. මගධය අග නුවර කොට පැතුරුණු මේ භාෂාව මාගධී නාමයෙන් වහරට ගියේ ය. බුදුරජාණන් වහන්සේ නේපාලයට අයත් වූවත් අභිනිෂ්ක්රහමණයෙන් පසු කල් ගත කෙළේ මගධ රටෙහි බව බෞද්ධ සාහිත්යටයෙන් ඔප්පු වන්නකි. මේ මගධයෙහි ව්යහවහාර වූ භාෂාව මාගධී නම් ලැබීම සිදුවන්නකි. බුදුරජාණන් වහන්සේ ගේ දේශනා පැවැත්වීමට මේ භාෂාව සකස් කර ගෙන භාවිතා කළ බව සිතිය හැක. එබැවින්ම ඒ බසට ‘මාගධී නාමය ලැබීම නො වැලක්විය හැක්කකි.
බුදුරජාණන් වහන්සේ හා මහාවීර ක්ෂබත්රිාය වංශයෙන් පැවතෙන්නෝ ය. මේ දෙදෙනාම අමුතු දර්ශටන දෙකක් ඇති කළහ. දෙදෙනාගේ භාෂා යෙදුම් වලද තරමක සාම්යමයක (සමබවක්) ඇත. මහාවීර ගේ ආගම් ජෛන වූ අතර
vii
ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ආගම බුද්ධාගම වී. අර්ධ.මාගධිය ජෛනදර්ශඅනය ප්රවකාශ කළ භාෂාව වූ අතර මාගධිය බෞද්ධ දර්ශධනය ප්රජකාශ කළ භාෂාව විය.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද. ධර්ම ය සංගීති කාරක ආචාර්යවවරු විනය - සුත්ත - අභිධම්ම වශයෙන් කොටස් තුනකට බෙදූහ. එබැවින්ම එයට ‘ත්රිතපිටක’ යන නම ලැබිණ. බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මූය ආනන්දඑ උපාලි ආදි බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්ම ය ආනන්දක උපාලි ආදී ස්ථවිර පාදයන් වහන්සේලා මතකයෙන් දරා ගෙන ආ බව ප්රලථම සංගීතියෙන් මනාව ඔප්පු වේ. ඒ ගෙන ආ ධර්මරය මෙසේ කොටස් කිරීමෙන් සිදු කොට ඇත්තේ විශාල සේවාවකි. නොඑසේ වූයේ නම් නියම පැවැත්ම ඇන හිටින්ට තිබුණි. එබැවින් ඉතාම බුද්ධි සම්පන්න ක්රිකයාවකි ප්රැථම ධර්මි සංගීතියෙන් සිදු කොට ඇත්තේ.
සූත්ර් පිටකය පොත් පසකින් සමන්විත ය. 1. දීඝ නිකාය 2. මජ්ඣිම නිකාය 3. සංයුත්ත නිකාය 4. අංගුත්තර නිකාය 5. බුද්දක නිකාය
මෙයින් බුද්දක නිකාය වෙන වෙනම පොත් 15 ක් වශයෙන් බෙදේ. 1. බුද්දකපාඨ 8. ථෙර ගාථා 2. ධම්මපද 9. ථෙරී ගාථා 3. උදාන 10. ජාතක 4. ඉතිවුත්තක 11. නිද්දෙස 5. සුත්තනිපාත 12. පටිසම්භිදා 6. විමානවත්ථූක 13. අපදාන 7. පෙතවත්ථූථ 14. බුඬවංශ 15. චරියාපිටක වශයෙන්.
viii
විනය පිටකය 1. පාරාජික පාලි 2. පාවිත්තිය පාලි 3. මහාවග්ග පාලි 4. චුල්ලවග්ගි පාලි 5. පරිවාර පාලි යයි පොත් පසකට බෙදේ.
අභීධර්මට පිටකය 1. ධම්ම සඞ්ගණී ප්ර කරණය 2. විභඞ්ග ,, 3. ධාතු කථා ,, 4. පුග්ගල පඤ්ඤත්ති ,, 5. කථා වත්ථු් ,, 6. යමක ,, 7. පාඪාන ,, යයි පොත් 7 කට බෙදේ.
මේ බෙදීම් අනුව ත්රි පිටකය පොත් 31 කින් යුක්ත ය. ථෙරවාදී බෞඬයන් ගේ ත්රිමපිටක නාම මාත්රේයෙන් ගතහොත් මේ පමණකි.
මේ හැම ග්රඅන්ථයක්ම බුදුරජාණන් වහන්සේ ගේ කාලයේදී ම ඇති වී යයි සිතීම දුෂ්කර කරුණකි. කථාවත්ථු ප්පකරණය අභිධර්මවපිටකයට එක් වූයේ තෙවැනි සඞ්ගායනා වේ දී බව සියල්ලෝම පිළිගනිති. ප්රා තිමොක්ෂඞයේ හා සුත්ත නිපාතයේ ඇති පැරණි කම බොහෝ උගත්තු එසේම පිළි ගනිති.
පරිවාර පාලියේ සන්දකර්භ යට නෙත් යොමු කරන විට ඉතුරු ග්රඋන්ථර සතරේ එන කරුණු තහවුරු කර ගැනීමට ප්ර ශ්න - උත්තර මාර්ගඋයක් යොදවා ඇති බව පෙනේ. විනය පහසුවෙන් ඉගෙනීමට පසු කලක සම්පාදිත පොතක් වශයෙන් පරිවාර පාලිය සලකයි.
ix
බුද්ධදත්ත නාහිමි පාණන් ගේ පාලි සාහිත්යසයෙහි:
“පරිවාර පාලියෙහි ඇතුළත් වන්නේ පළමු කී විනය පොත් සතරේ තිබෙන ශික්ෂාාවන් පිළිබඳ විශේෂ විභාගාදියයි. ප්රිථම පාරාජිකා ශික්ෂාඑපදය කොහිදී පණවන ලද්දේද? කවරකු අරභයාද? කිනම් කරුණක් නිමිති කොටද? එහි අනු ප්රිඥප්තියක් තිබේද? එය ප්රා්දේශික පැනවීමක් ද? නැතහොත් හැම රටට සාධාරණවූවක් ද? යනාදි ප්රේශ්න අසා ඒවාට උත්තර සැපයීම මෙහි පෙනේ. එනිසා විනය ඉගෙනීමට උපකාරවන සේ පසුකලක සම්පාදිත පොතකි. අමුතු විනය ශික්ෂාකපද එකතුවක් එහි නැත.”
(127 පිට, පාලි සාහිත්ය .)
ථෙරවාදීන්ට ත්රි පිටකයක් ඇතුවා සේ ම සර්වා ස්තිවාදීන්ටද ත්රිාපිටකයක් ඇත. ඒ ත්රිරපිටකය ප්රාකාශ කළ භාෂාව සංස්කෘත ය. ‘නිකාය’ සුත්තපිටකයේ දීඝ නිකාය ආදි ව්ය වහාර දීඝාගම, මජ්ඣිමාගම, අංගුත්තරාගම විසින් වහරට ගිය බව පෙනේ.
අභිධර්මග පිටකයේ එන:
පඪාන යන්න ඥාන ප්රේස්ථාන කථාවත්ථුය ,, ප්ර කරණ පාද විභඞ්ග ,, විඥාන කාය ධම්මසඞ්ගණි ,, ධර්මයස්කන්ධප ධාතුකථා ,, ධාතුකාය යමක ,, සංගීති පර්යායය පුග්ගල පඤ්ඤන්ති ,, ප්රපඥප්තිපාද
මෙසේ සර්වාඤස්තිවාදීහු මේ ග්රාන්ථ එක එක කර්තෘධවරයාගේ කෘතිවශයෙන් සඳහන් කරති.
ඉන්දි යාවේ අය ඈත අතීත යුගයේ සිටම කට පාඩම් කිරීමේ රුසියෝ වූහ. වේද සාහිත්යී ඉතිහාසයට හැරෙන විට වේදය රැකගත් බමුණෝ එයට ක්රදමානුකූල උපාය යොදා ගත්හ. බ්රා හ්මණ පරම්පරාවලට ඒ ඒ වේදය පිළිබඳ කොටස්
x
භාරදුන්හ. ක්රිමපාඨ, ජටාපාඨාදිය පිළියෙළ කොට පාඩම් තබා ගැනීමේ නොවරදින ක්ර්ම යොදා ත්රිරවේදය ද මතකයෙන් ගෙන ආ බව රහසක් නොවේ. අපේ බෞඬ ආචාර්ය්වරුද නොවෙනස්ව ගෙන ඒම පිණිස සුත්ත පිටකය ආචාර්ය., පරම්පරා ගණනට බෙදා දුන්හ. ආනන්ද හාමුදුරුවන් ප්රනමුඛ උන්වහන්සේගේ ශිෂ්යාේනු ශීෂ්යමයෝ ඒ සඳහා ඉදිරිපත් වූහ. විනය පිටකය උපාලි හාමුදුරුවන්ට හා උන්වහන්සේගේ ශිෂ්යායනු ශිෂ්ය යන්ට වෙන්කර දුන්හ. අභිධර්මන පිටකය සාරිපුත්ත - මොග්ගලාන හිමිවරුන්ගේ ශිෂ්යාුනු ශිෂ්ය පරම්පරාවලට භාරදුන්හ. ඒ ඒ විෂය පිළිබඳව විශේෂඥවූ මහා ස්ථවිර පාදවරුන්ටම ඒ ඒ කොටස් භාරදීම ඒ ධර්මා කොටස් මැනවින් ආරක්ෂා කර ගැනීමට හේතුපකාර විය.
බුදුරජාණන් වහන්සේගේ ධරමාන කාලයෙහි ආරබ්ඩ දේශනා පාලිය නෘතීය සඞ්ගායනාව තෙක් වර්ධහනයට පත්වීය. මේ කියමන වරදවා වටහා ගැනීම නුසුදුසු ය. තෘතීය ධර්මය සඞ්ගායනාවේදී මොග්ගලීපුත්ත තිස්ස මාහිමියන් පරමන්ඛණ්ඩනය කරමින් සකස්කොට ඇති කථාවස්තුව බුදුරජාණන් වහන්සේගේම භාෂිතයි. උන්වහන්සේගේ දේශනා විලාසයයි. ධර්මිගත කරුණු ද උන්වහන්සේගේ ය. ත්රි.පිටකයේ ක්රම සංවර්ධයනය පිළිබඳ නොයෙක් දෙනා අතර මතිමතාන්තර ඇතත් පුරාණාචාර්යවන් පිළිගත් මේ ධර්මමසංගීති ක්රිමයම මැනවි.
ත්රිණපිටකයේ එන ඇතැම් සූත්රධ ශ්රාංවක භාෂිතබව හොඳින් පැහැදිලි ය. එහෙත් ඒ සූත්රි ත්රිැපිටකයට ඇතුල්වීම නොවැලක්විය යුත්තක් වන්නේ ඒ ධර්ම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒවා බැවිනි. මේ කරුණු ගැන සලකන විට ත්රිණපිටකයේ කර්තෘලත්වනය පිළිබඳ යුරෝපීය පණ්ඩිතයන් ගේ මතවල එල්බ ගැනීමට අපට උවමනාවක් නැත.
බුදුරජාණන් වහන්සේ විසින් ම මේ ත්රිැපිටකය, නවාද්ධශාස්තෘ ශාසන නාමයෙන් කොටස් කොට ඇත. පිට
xi වශයෙන් බෙදීමට පෙර මේ අඞ්ග නවය ඇතිවිය. එනම්: සුත්ත, ගෙය්යස, වෙය්යා කරණ, ගාථා, උදාන ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල කියායි.
1. සුත්ත. සූත්ර නිපාතයට අයත් මංගල සූත්රාටදී සූත්රාත්, උභතො විභඞ්ද්ධගය, නිද්දෙස, පරිවාර හා බුදුරජාණන් වහන්සේගේ සංවාද සූත්රතත් මෙයට අයත් වේ.
2. ගෙය්යා ගද්ය. - පද්ය දෙක මිශ්රංකොට ලැබුණු සගාථක සූත්රභ ගෙය්යු නාමයෙන් ගැනේ.
3. වෙය්යාතකරණ. සංයුත්ත නිකායේ සියලුම සගාථක වර්ග.යත් අභිධර්මව පිටකයත් ගාථා රහිත සුත්රකත් ඉතිරි අෂ්ටාඞ්ගයෙන් සංගෘහීත නොවූ බුද්ධවචනයත් වෙය්යාුකරණ නම් වේ.
4. ගාථා ඡන්ද.සෙන් බඳිනාලද ධම්මපද, ථෙරගාථා, ථෙරීගාථා සුත්ත නිපාතයේ සුඩික ගාථාත්, ගාථා නම් වේ.
5. උදාන. බුදුරජාණන් වහන්සේගේ ප්රීතති වාක්යථ උදාන සඞ්ඛ්යාධවට වැෙට්. ගද්යර පාඨවලින් ද මේ උදාන වාක්යා පවසා ඇත.
6. ඉතිවුත්තක. එය මෙසේ කියන ලදැයි “වුත්තං හෙතං භගවතා” ආදීන් පැවසෙන 10 සූත්රා න්තයන් ඉති වුත්තක නම් මේ. ඉති වුත්තක ද බොහෝ විට උදාන ස්වරූපය ගනී. එහි බුදුරජාණන් වහන්සේ විසින් ආචාරය සම්බන්ධි දේශනා කළ කරුණු ඇතුලත් ය.
xii 7. ජාතක. බුදුරජාණන් වහන්සේගේ (බෝසතුන්ගේ) පූර්වආචරිතයන් සම්බන්ධණයෙන් දැක්වෙන කථා හා සම්බන්ධේ වූ ධර්මච කොට්ඨාසයෝ ය. මෙහි ගාථා පමණක් ත්රිසපිටකයට අයත් යයි සළකති.
8. අබ්භුතධම්ම උතුරු මිනිස්දම් පිළිබඳ වූ තත්වයය හා ශක්තිය ප්ර.කාශ කෙරෙන “වත්තාරො මෙ භීක්ඛවෙ අච්ඡරිය අබ්භූත ධම්මා” ආදී වශයෙන් වදාළ සූත්රත ධර්ම් අබ්භූත ධර්ම යෝ ය.
9. වෙදල්ල. චුල්ල වෙදල්ල, මහාවෙදල්ල, සම්මාදිඨි, සක්ක පඤ්හ, සංඛාර භාජනීය, පුණ්ණම සුත්ත යන දැනීම සහ සතුට ලබමින් විචාළ සුත්රාවන්තයෝ වෙදල්ලයයි දතයුතු.
ධර්මරය කොටස් වශයෙන් භාරකළ පරම්පරා දීඝනිකාය භාණක, මජඣිම නිකාය භාණක, සංයුත්ත නිකාය භාණක ආදි විසින් කරනලද ව්යිවහාරයන්ගෙන් යථොක්ත කටපාඩම් ක්රාමය පිළිබිඹු වේ.
තුන්වැනි ධර්මවසංගීතියෙන් ඇති වූ ලොකුම ප්රවතිඵලය බොහෝ රටවල බුද්ධාගම පැතිරීමයි. අපේ රටට ද බුද්ධාගම පැමිණියේ මේ සංගීතියේ ප්රදතිඵලයක් වශයෙනි. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරවීමත් සමගම ලංකාවේ බුඬාගම දියුණු වන්නට විය. අරිඪ ආදී සිංහල කුමරුවන් මහණවීමෙන් මේ දිවයිනෙහි බුද්ධාගම මුල් බැසගති. මෙතෙක් කල්ම පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආ බුඬධර්මය හා අර්ථලවණිනා තුබුණු බව ධම්මපදඪකථාවේ.
පරම්පරාභතා තස්ස නිපුණා අත්ථව වණ්ණනා යා තම්බපණ්ණි දීපම්භි දීපභාසාය සණ්ඨිතා
යන පද්යපයෙන් පැවසේ. අරිඪ මාහිමි ප්රහධාන සිංහල භික්ෂුෙහු මිහිඳු මාහිමියන්ගේ අවවාද අනුශාසනාපිට හෙල අටුවා ප්රහථම වරට ලංකාවේදී සැපයුහ.
xiii
විනයමහ අටුවාවෙහි: 1. මහා අට්ඨකථා 2. මහා පච්චරියට්ඨ කථා 3. කුරුන්දිරයට්ඨ කථා 4. සංඛෙපට්ඨ කථා 5. අන්ධපකට්ඨ කථා යයි අටුවා පහක් ගැන සඳහන් වේ.
මෙයින් සංඛෙපට්ඨකථා - අන්ධුකට්ඨකථා දෙක ආන්ර්ට බසින් පිළියෙළ වූ බවත් ඉතිරි අටුවා තුන සිංහල භාෂා වෙන් පිළියෙළ වූ බවත් පෙනේ.
බුඬාඝෝෂ උත්පත්තියෙහි එන:
“මහා අට්ඨ කථඤ්චෙව මහා පච්චරිමෙව ච කුරින්දිංෙචාති තිස්සො පි සීහලට්ඨ කථා ඉමා” යන්නෙන් අප රටෙහි තුබු අටුවා ගැන සඳහනක් දැක් වේ. මේ අටුවා තුන අතරින් ‘මහ අටුවා’ සූත්රඅ අභිධර්ම දෙක සඳහා ලියවුණු අටුවාව විය යුතුයි. ‘කුරුන්දිරවෙල’ විහාරයෙහි දී සකසන ලද අටුවාව කුරුන්දිස අටුවා නමින් ගත් බව පෙනේ. පහුරක වසමින් කළ අටුවා මහා පච්චරිය අට්ඨකථාවයි. වළගම්බා කාලයේ ඇති වූ කලබලයේ දී සිංහල භික්ෂූ හු දඹදිව යෑමට දඹකොළ පටුනට ගොස් පසුරක නැඟී ගත්හ. එහි දී කළ නිසා එනම ලැබී ල. මේ සිංහල අටුවාවන් ගැන බුඬාගම පැතිරී ගිය සෑම රටකම ප්රවසිද්ධියක් පැතිරිණ. පිරිසිදු අටුවා පමණක් නොව පිරිසුදු බුඬ ධර්මිය මේ රටේ රැදී ඇති බැව් එදා පමණක් නොව අද ද විදේශවල ප්රපචලිත ය.
භාරතයේ ආචාර්ය්වරු තදින් ම ලක්දිවට නෙත් යොමු කළහ. බුඬිමත් ශිෂ්ය්යන් ලංකාවට එවා සිංහල අටුවා ඉගැන්වීමට සැලැස් වූහ. අනුරාධපුර මහා විහාරය එදා අපරට තුබූ විශ්ව කීර්තියක් ලත් විශ්ව විද්යා ලය විය.
xiv
ඒ අයගෙන් එක් කෙනෙකි බුඬඝෝෂ හිමියෝ. මහානාම රජු දවස (බු.ව. 955) ලක්දිවට වැඩම කළ මුන්වහන්සේ මහා විහාරයෙන් සිංහල භාෂාව ඉගෙන ගත්හ.
බුඬඝෝෂාවාර්ය්යෝ ඉන්දිකයාවේ ගයාව සමීපයෙහි බමුණු ගමක උත්පත්තිය ලැබුහ. ඒ බව මහාවංශයෙහි “බොධි මණ්ඩ සමීපම්භි ජාතො බ්රාතහ්මණ මාණවො” යන්නෙන් පැහැදිලි ය. එ සේම මේ වාක්යා ඛණ්ඩයෙන්ද එය ස්ථීර කරයි. “එකසමිං කිර සමයෙ ඝොසො නාම ගමො මහා බොධිතො අවිදුරෙ අහොසි. කස්මා බහුන්නං ගොපාල දාරකානං බාහුල්ල නිවාසට්ඨාන භූතත්තො ගාමස්ස ඝොසො ගාමො නාම අහොසි” (බුඬඝෝසුජ්පත්ති කථා) එක්කලෙක මහාබෝධියට නුදුරු තැන ‘ඝෝෂ’ නම් ගමක් විය. එය බොහෝ ගොපලු දරුවන් ගේ නිරන්තර වාසස්ථානයක් වූ බැවින් ඒ ගමට ‘ඝෝෂ’ නම් වී ය. මුන්වහන්සේ ගේ උත්පත්ති ග්රාූමය ‘ථෙටන්’ වශයෙන් කුප්පස්වාමි තෙළිඟු ඉතිහාසයකින් ගෙන මංගල සාමිසිය ග්රරන්ථථයේ ඇතුල් කර ඇතැයි හේ කියයි. සමහරෙක් ආන්ර්ංගල රටෙහි බමුණකු හැටියට සලකති. ථෙටන් නම් සුවණ්ණභූමි යයි. රාමඤ්ඤ රටට පුරාණ ව්යවහාරය ‘සුවණ්ණභූමි’ යන්නයි. මේ මතය අනුව බුඬඝෝෂාවාර්යවයන් වහන්සේ බුරුම ජාතියකු වශයෙන් සැලකිය යුතුයි. බුරුම උගතුන් ගේ එවැනි කල්පනාවක් තිබේ. තවත් අයෙක් කජඞ්ගල නම් නියම් ගම් කායස්ථ ගෝත්රගයෙහි උපන්නෙකියි කියති.
බුඬඝෝෂ - නාගසේන කථාවයේම මූලික පදනම බොහෝ සමානතාවයන් ගෙන් ගහණ ය, මූලික කොටස. ඉතිරි කොටස් එසේ නොවේ. බුඬ ඝෝෂාවාර්යායන් වහන්සේගේ ගුරුවරයා රේවත නම් මහා ව්යේක්ත බහුශ්රැවතයෙකි. දිනක් පාතඤ්ජලිය මහත් හඩින් පුරණු ඇසූ රේවත හිමියෝ ඔහුගේ බුඩි මහිමය සිතා වචනයෙන් මෙසේ ඇසුවේ ය. කොටළු හඩ හඩන්නේ කවරෙක් ද? කොටළු හඩේ අර්ථ් දන්නේ දැයි
xv හේ පෙරලා රේවත හිමියන් ගෙන් ප්රචශ්න කෙළේ ය. හිමියන් සමග වාදයට පත් බමුණු තරුණයා ත්රි වේදය පිළිබඳ ඉතා ගැඹුරු ප්ර.ශ්න ඇසී ය. හිමියෝ ව්ය කත්ව පිළිතුරු දුන්හ. රේවත හිමියෝ අන්තයේ දී චිත්තය පිළිබඳ ප්ර ශ්න ඇසූහ. බමුණු තරුණයාට මේ විෂය අළුත් ය. හේ පැකිළිණ.
ස්ථවීරයන් වහන්සේ බමුණු තරුණයාගෙන් ඇසූ ප්රණශ්නය නම් “යස්ස චිත්තං උප්පජ්ජති න නිරුජඣති, තස්ස චිත්තං නිරුජඣිස්සති නූප්පජජිස්සති, යස්ස වා පන චිත්තං නිරුජඣිස්සති, නූප්පජජිස්සති, තස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති” මේ ප්රජශ්නයේ අගමුල නො තේරෙන බුඬඝෝෂයෝ රේවත හිමියන්ගෙන් මේ මන්ත්රචය ඉල්වූහ. මහණව ගෙන මිස මේ මන්ත්රිය නො දෙමියි රේවත හිමියන්ගෙන් සැලවිණ. හේ මේ බුඬ මන්ත්ර ය ගැනීමට මහණවිය. නොබෝ කලකින් ත්රියපිටක ධර්මුයෙහි ව්යතක්තයෙක් විය. ගුරුවරයාගේ යටතෙහි විසූ බුඬඝෝෂ හිමියෝ ඤාණොදය නම් ග්ර්න්ථණයක් ලියූ වෝය. ධම්මසඞ්ගණියට අර්ථෝසාලිනී නම් අටුවාවක් ද කළෝ ය. පිරිත් අටුවා කිරීමට සුදානම් වූ විට රේවත හිමියෝ ශිෂ්යවයාට අවවාද කළහ. දඹදිව ත්රිරපිටක ධර්මිය පමණක් පවතීත ශුඬ ත්රියපිටකයත් එයට ලියූ හෙලටුවාවත් ලංකාවේ ඇත. එබැවින් එහි ගොස් සිංහල ඉගෙන ඒ අටුවා බලා ඒවා පාලියට නඟව් යයි කීහ.
බුඬඝෝෂ ස්ථවිරයන් වහන් සේ ගේ ලඞ්කා ගමනයට කරුණු ඇතිවුයේ මේ නයෙනි. බුඬඝෝෂාචාර්යුතුමා ලක්දිවට පැමිණිමට පෙර අටුවාචාර්යය බුද්ධදත්ත හිමි ලක්දිවට පැමිණ අටුවා පරිවර්ත්නය කොට ආපසු වඩින ගමනේ දී බුඬඝෝෂ හිමියන් සමුද්රක යාත්රාටවේදී මුණ ගැසුණු බව සඳහනි, දිව අරළුත්, පන්හිඳකුත් ගලත් දී ආශීර්වාද කළහ. බුද්ධදත්ත ආචාර්යමවරයෝ.
බුඬඝෝෂ හිමියෝ අනුරාධපුරයට පැමිණ ප්ර්ධාන ඝරයට ගොස් සංඝපාල මහ තෙරුන් හමු වූහ. බුඬඝෝෂ
xvi
පාදයෝ මුලින්ම සිංහල ඉගෙන ගත්හ; සෑහෙණ පමණට සිංහල ඉගෙන ගත් මුන් වහනසේ පාලියට නැඟීමට හෙලටුවා ඉල්වූහ. එහෙත් භික්ෂූකන් වහන්සේ එක්ව ඔහුගේ උගත්කම පරීක්ෂාට කිරීමට:
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පවඤ්ඤඤ්ච භාවයං අතාපි නිපකො භික්ඛු කො ඉමං චිජටයෙ ජටං”
යන ගාථාව දිණි. මේ ගථාව විස්තර කරමින් ලියන ලද ග්රහන්ථය විසුඬිමග්ග නමි. විශ්ව විද්යාරලයක දර්ශෙන විශාරද (පී.එච්.ඩී) උපාධිය දීමේ ඉතා හුරු කමක් මේ සිද්ධියෙන් ඉස්මතු වේ. විසුඬිමග්ගය ත්රිදපිටකයටම කළ අටුවාවක් වැන්න. සම්පූර්ණද බුඬ ධර්මදය එකම ග්රරන්ථරයකින් උගෙනීමට නම් විසුඬිමාර්ග්ය හැදෑරිය යුතුය.
බුඬඝෝෂ හිමියන්ගේන පරීක්ෂයණය අත්යඬර්ථමයෙන් ම සාර්ථික විය. එබැවින් හෙලටුවා පරීක්ෂාය කිරීමට අවස්ථාව ලැබිණ. ඒ ලැබීමේ ප්රවතිඵලයක් වශෙයන්:
1. පරිත්තට්ඨ කථා 2. සමන්තපාසාදිකා 3. කඞ්ඛා විතරණි 4. සුමඞ්ගල විලාසිනී 5. පපඤ්ච සුදනී 6. සාරත්ථසප්පකාසිනී 7. මනොරථ පූරණි 8. ජාතකට්ඨ කථා 9. පරමත්ථඨ ජොතිකා 10. සම්මොභ විනොදනී 11. ධම්මපදඪ කථා 12. විසුඬජන විලාසිනී 13. පරමත්ථනදීපනී ආදි අටුවාවෝ බුඬඝෝෂාචාර්යණ යන අතින් නිමවී ගියෝ ය.
xvii
ජාතකඪ කථාව බුඬඝොෂ හිමියන්ගේ කෘතියක් හැටියට ඇතැම් උගත්තු ජාතකඪ කථාව ඉදිරිපත් කිරීමට මැලිවෙති. දැනට පවතින සිංහල ජාතක පොත් වහන්සේ පාලි ජාතකඪකථාවේ අනුවාදයකි. හෙල අටුවා ඉගෙන ගත් බුඬඝෝෂ හිමියෝ හෙල අටුවා මගධ භාෂාවට පෙරලූනම් ජාතකඪකථාවට මුල්පොත වියයුත්තේ සිංහල ජාතක පොත විය යුතුය. එහෙත් අද අප අතර විද්යයමාන පොත නම් මේ පාලි ජාතකඪකථාවේ පරිවර්තදනයයි.
ජාතක පොත බෞඬයන්ගේ අති සම්භාවනයට ලක්වූ පොතකි. හිංදුන්ට මහාභාරතය, රාමායණය, යම් තරම් ප්රිනය ජනක ද බෞඬයන්ට ජාතකපොත, ජාතකඪ කථා ද එතරම්ම ප්රි ය ය. පැරණි සිංහල සාහිත්ය්යේ ජීවය කොට සැලකිය හැක්කේ ජතක පොතයි. පැරැණියෝ කියු හැම කවකම, ගැදියක ම කථා සාරය උකහා ගැනීම සිදුකළේ ජාතක පොතෙනි. ජාතක කීපයක් මතකයෙන් නොකිය හැකි, කිසි කෙනෙක් අපේ බෞඬ සමාජයේ නොමැත. අකුරු නූගත් ගැමියා ද රාත්රින ආහාරයෙන් පසු ජාතක කථාවක් කියාදීමෙන් සාමාන්යක විනෝදයක් සහ ආගමික වටිනාකමක් ද ඇති කරන බැව් අපි කියමු.
ජාතක කථාවක අන්යි කථා කියන ක්රදමයට වෙනස් මඟක් අනුගමනය කර ඇත වර්තිමාන කථාවක් නිසා අතීත කථාවක් ඉස්මතු වීම ජාතක පොතට ආවේණික විශේෂ ලක්ෂනණයකි වර්තකමාන හා අතීත කථාවන්ගේ පොතෙන් සොයාගත නොහැක. කථාන්තරය එකකෝ සුචරිත මාර්‍ගයෙහි ගමන් කරවයි. එක්කෝ දුශ්චරිත මාර්ගවයෙහි ගමන් කරවයි. සුචරිත මාර්ගනය ඔස්සේ ගමන කළ කථාවට එක්වන ගාථාව, එම කථා පුවතින් ද සඳහන්
xviii
හොඳ මාර්ගනය පිළිබිඹු කෙරේ. දුශ්චරිත මාර්ගඑයේ ගමන් කරවූ චරිතයකට සිදුවූ විපාක ඒ වූ විධියෙන් නඟා පෙන්වීමට බුදු රජාණන් වහන්සේ දෙශන ගාථාවට උපකාරී වේ. මේ ගාථාවට පාලියෙන් අරුත් සැපයීම ජාතකඪ කථාවේ එක් අඞ්ගයක් කොට ගනී. මෙකී ලක්ෂුණවලින් හෙබි කථාවක් වේනම් එය ජාතක කථාවක් කොට ගැනීම සිදුවන්නකි.
ජාතකඪ කථාවේ එන කථා තරම් උසස් කථා ලෝක සාහිත්ය්යෙන් සොයා ගැනීම දුෂ්කර ය. දැන් කෙටි හා නවකථා විවරණය කරන බොහෝ දෙනාගේ කියුම් අනුව ජාතකඪ කථාව හොඳ කෙටි කථා එකතුවක්සේම නවකථා එකතුවකි. දශ ජාතක නවකථා ස්වරූපය ගනී.
කථාකීමේ හා ඇසීමේ පුරුද්ද බෞඬයාට ඇතිවූයේ ජාතක පොතෙනැයි කියතහොත් එය එතරම්ම සාහසික ක්රි යාවක් නොව්නේ ය. රාමායණයට නෑකම් කියන දශරථ ජාතකය වැනි ජාතක නිසා ඇතිවන අවුල්බවද සැලකිය යුතුය.
ජාතකඪ කථාවෙන් එදා ඉන්දිථයාවේ පැවතුණු සමාජ තත්ත්වඇය, ආර්ථික පදනම්, සමය ඝට්ටන, විද්යා් අංශයේ දියුණුව, මිනිසුන්ගේ සිතුම් පැතුම්, සොයා ගැනීමට හැකි ය.
කඪහාරි ජාතකය වැනි ජාතකවලින් සමාජයේ පැවතුණු නරක පැත්ත හොඳින් ආවරණය වේ රජකුාෙග් අසංවර ගතිය, දුටුමතින් දරකඩන්නියක් සමග එක්වීම, එයින් සිදුවූ සිද්ධිමාලාව නිසා සිය පෙරැස් මුද්ද දීමට සිදුවිය. දරුවා වඩාගෙන රජ සබයට පැමිණ දරකඩන්නියට රජුගෙන් ලැබුණු නින්දාම රජකුට තරම් නොවේ. ශාකුන්තලා වේ ද ගලා යන කථාබීජය මේ කඪහාරි ජාතකයට සමානත්වජය ඉස්මතු කෙරේ.
පටුන
පාලි පෙල 1 - 219 රසවාහිනී 1 - 73 ජාතකට්ඨකථා 75 - 151 ථූපවංශය 153 - 212
සිංහල අනුවාදය 1 - 235 රසවාහිනී 1 - 76 ජාතකට්ඨකථා 77 - 160 ථූපවංශය 161 - 235