රත්නාවලී

(ශ්‍රී හර්ෂදේව)


ශ්‍රී හර්ෂදේව හා රත්නාවලී


යුද කළ රජතුට රට කරවිමට අවකාශ ලැබෙනුයේ කලාතුරකිනි. යුද කළාවුත්. රට කළාවුත් රජකුට සාහාත්යන සේවයෙහි යෙදීමට තරම් භාග්යළයක් හිමි වනුයේ ඉතාමත් කලාතුරකිනි. මේ දුබල ගණයේ භාග්යිය හිමි කර ගත්තෙකි ශ්‍රී හර්ෂදෙව රාජාධිරාජයා. ශ්‍රී හර්ෂ දෙවයන්ගේ රාජ සභා කවියා වු “භාණ” විසින් රචිත “හර්ෂ චර්තය” සත්වැනි සිය වසේ විසු සුප්රිතට වින දේශ සංචාරකයකු වු ‘හ්යුං් සාං’ භික්ෂුවගේ ‘භ්රාමණ වෘත්තාන්ත,’ ‘සොන්පත් තඹ මුද්රා්ව’ , බාන්ස්කේරා සන්නස’ සහ ‘මධුඛාන් සන්නස’ මේ අධිරාජයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් පිළිබිඹු කර දක්වන කැඩපත් වැන්න. ‘මාල්ව’ දේශයේ රජු සහග සටනෙහි යෙදි සිටිය දි මිය ගිය වැඩි මහල් සොහොයුරාගෙන් පසු සිහසුන් පත් හර්ෂදේවයන්ගේ සැලකිල්ල ප්රහථම කොට ම යොමු වු යේ ‘මාල්ව’ රජුගේ දරුණු තාඩන පීඩන වලට භාජන වි සිටි සිය සොහොයුරිය‍ බේරා ගැනිම, කනෞජ් දේශය විදේශිය ආධිපත්යටයෙන් මුදා ගැනිම සහ සිය සොහොයුරු රාජවර්ධනයන්. මැරිමේ පලිය ගැනිම යන කරුණු කෙරෙහි ය. මෙ පරිද්දෙන් සිය විජයග්රාසහි ජිවිතයේ මුල් පියවර තැබු ශ්‍රී හර්ෂ දේවයෝ අවුරුදු පහමාරක් පමණ වු දීර්ඝ කාලයක් මුළුල්ලේ කරන ලද සංග්රාිමයන්ගේ ප්රුතිඵලයක් වශයෙන් වයඹ දිග ඉන්දියාව සහ බෙංගාලයේ විශාල කොටසක් ද ඇතුළුව උතුරු ඉන්දි‍යාවෙන් වැඩි හරියක අධිපතියා බවට පත් වුහ.

vi

ක්රි. ව. 620 දි හර්ෂ දේව රජ ඩැකෑන් ප්රුදේශයද ආක්රඛමණය කිරිමට උත්සාහ කළ නමුදු 11 වාලුක්යව පුලකේශින් රජු විසින් පරදවන ලද්දේ විය.

ක්රි. ව. 633-641 දක්වා හෙතෙම ‘වලහි’ දේශයේ ද්රැණවසේන බාලාදිත්යද රජු සමග සටන් කිරිමෙහි යෙදි සිටියේය. ද්රැතවසේන බාලාදිත්යද රජු මුලදි 11 පුලකේශින් රජු‍ගේ පිහිට සෙවු නමුදු පසුව ශ්‍රීද හර්ෂදේව රජු සමග සමගි සන්ධිසයකට එළඹිමට එකඟ විය. අනතුරුව හර්ෂ දෙව රජු සිය දියණිය ද්රැිවසේනයන්ට පාවා දුන්නේ ඔහුට ‘වලහි’, ‘බටහිර මාල්වා’, ‘ආන්ද්රත පුර’ සහ ‘සෞරාෂ්ටු’ දේශයන්හි අර්ධ ස්වාධීන රජකු වශයෙන් රජය කිරිමට ද අවසර දුන්නේය.

නේපාලය හර්ෂ අධිරාජ්ය’යේ කොටසක් වි ද යන්න සම්බන්ධයෙන් ඇතැම් විද්වතුන් තුළ පවත්නේ සැකයකි. එහෙත් ‘හර්ෂගේ වර්ෂ ක්රිමය’ එහි ද ව්ය වහාර වු බවට ශාක්ෂි ඉදිරිපත් විමෙන් පැහැදිලි වනුයේ නේපාලය ද හර්ෂ දේයන්ගේ ආධිපත්ය්ය යටතේ පැවති බවයි.

සිය අධිරාජ්යවයේ බලය තහවුරු කර ගනු වස් මෙ රජ ත්රි‍විධ උපක්රධමයක් මහල් කොට ගත්තේ ය. ඔහු පළමු කොට ම සිය යුද හමුදාව තර කළේ ය. දෙවනුව සිය දියණිය වලභි දේශයේ රජුට පාවා දිමෙන් ඤාති සම්බන්ධයක් ඇති කර ගත්තේය. තෙවනුව ඇසෑම් රාජ්ය ය සහ චීන අධිරාජ්යතය සමග මිතුරුකම් පැවැත්වුයේය.

රණ ශුරයක වශයෙන් මෙන් ම සාමය පැවැත්වුවකු වශයෙන් ද ශ්‍රී හර්ෂදෙව උසස් කිර්තියක් දිනා

vii

ගත්තෙකි. එහෙත් ඔහු විශ්ව කීර්තියට භාජන වනුයේ ඔහු‍ගේ ආගමික සංස්කෘතික හා සාහිත්යික සේවාවන් නිසා ය. මහායාන බුද්ධාගමට ප්රංමුඛත්වයක් ලබා දෙනු වස් කනෞජ්හි පැවැත්වුණු ඓතිහිසික සම්මේලනයත්, බෞද්ධ විශ්ව විද්යාිලයක් වශයෙන් අමරණිය කීර්තියක් දිනා ගත් නාලන්දා විශ්ව විද්යාකලයේ උන්නතියන් හර්ෂ දේවයන්ගේ ව්යානයාමයේ ප්ර්තිඵලයක් යැ යි කිව යුතු ය.

රණ ශුරයෙක් උපායශිලා දේශපාලකයෙක් සහ ආගමික් භක්තිමතෙක් වුවාක් මෙන් ම ශ්‍රී හර්ෂ දේවයෝ ප්ර තිභා පූර්ණ කවියෙක් ද වුහ. හෙහෙම තමා අධිරාජයෙකැයි කියා ගැන්මට වඩා ලෝ පතළ කවියෙකැයි කියා ගැන් ම ප්රි ය කළ බැව් රත්නාවලී ප්රපස්තාවනාවේදි සූත්ර්ධාර‍ගේ මුවට නංවන ‘කිත් යසස් හර ලූ ගෙළේ දිග’ ඹුන් ‍මහා කවියෙකි රදුන්’ යන්නෙන් පෙනේ.

‘සුප්රිබුද්ධ ස්තොත්රාය’ සහ ‘අෂ්ට මහා චෛත්යහ ස්තොත්රෙය’ ත් ‘රත්නාවලි’ ‘ප්රි‍යදර්ශිකා’, සහ ‘නාගානන්ද’ යන දෘශ්ය’ කාව්යතත්ර’යත් ඔහුට කවියකු වශයෙන් විශ්ව කිර්තිය ළඟා කර දුන් කෘතීන් ය.

11

ශ්‍රී හර්ෂ දේවයන්ගේ නාට්යකත්රවයෙන් ‘රත්නාවලි’ සහ ‘නාගානන්ද’ පිලිවෙළින් පළමුවැනි හා දෙවැනි තන්හි ලා ගැනේ. මහායාන මත වලට මුල් තැන දෙමින් ‘ජිමුතවාහන’ කථාව ඇසුරු ‍කොට රචිත ‘නාගානන්ද’ නාටකය නිතිඥ ජෝන් ද සිල්වා මහතා විසින් ක්රිු.ව.1920 දෙසැ. 21වැනි දින කොළඹ ආනන්ද මහා විද්යා්ල ශාලාවේදි රඟ දක්වන ලදි.

viii

රත්නාවලියට වස්තු වුයේ පාලි සාහිත්ය යෙහි ද දක්නා ලැබෙන වත්ස රාජ චර්තයයි. ශ්‍රීය භාෂායන්ගේ ස්වප්න වාසවදත්තාව’ට වස්තු වුයේ ද මෙ ම යි. එහෙත් මේ දෙකෙහි කථා වස්තුව ගැළපිම හා චරිත නිරූපණය කර තිබෙනු යේ දෙපරිද්දෙකිනි.

‘කොසඹෑ නුවර වස්ස (උදේනි) රජු බලයෙන් පිරිහෙනු දුටු අගමැති යළිත් රජු යථාස්ථානයේ පිහිටුවා ලීමට‍ මාන බැලුවේය. ඔහු වික්රිමබාහු නම් සිංහල රජු‍ගේ රත්නාවලී නමැති දියණිය සිය රජුට ආවාහ කර දෙන මෙන් ඉල්ලා සිංහල දේශයට දුතයන් යැවී ය. එහෙත් එය රජුගේ අග බිසව වන වාසවදුත්තාට කරන බලවත් අකටටුත්තක් සේ සැළකු සිංහල රජ එයට එකඟ නො වුයේ ය. කෙසේ හෝ සිය අබිලාෂය මුදුන් පත් කර ගැනිමට සිතූ අගමැති අන්තඃපුරයේ පැතුරුණු ගින්නෙන් වාසවදත්තා බිසව පිළිස්සි මළා’ යි ආරංචියක් පතුරුවා හැර, අනතුරුව රත්නාවලී කුමරිය රජුට පාවා දිමට සිංහල රජු කැමති කරවා ගත්තේ ය. එහෙත් අතර මගදි නැව බිඳි රත්නාවලී කුමරිය මුහුදු වෙරළට පා වුවා ය. ඉක්බිති කෙසේ හෝ අගමැතිට හමු වු ඇය ‘සාගරිකා’ යන අපර නාමයෙන් යුතුව වාසවදත්තා බිසවට භාර කරන ලද්දීය. කුමරියත් බිසවත් එකි‍නෙකා හඳුනා ගැන්මට අපොහොසත් වුහ. මෙසේ සිටින අතර ය රජු හා රත්නාවලි අතර අන්යොැන්යත ප්රේ්මයක් ඇති වනුයේ. මේ ප්රේුම සම්බන්ධය වාසවදත්තාට හිසරදයක් විය. ඈ සාගරිකා රජු‍ෙග් දර්ශනයෙන් ඉවත් කිරිමට වෑයම් කරයි. මේ අතර සාගරිකා වඩ වඩා රජුගේ ඇසුරට පත් කිරිමට වසන්තක වෑයම කරයි.

ix

ඉවසිය නොහැකි තැන බිසව සාගරිකා යදමින් බැඳ අන්තඃපු‍රයේ සිර කර තබිය. එහෙත් අවසානයේ දි අගමැති විසින් එවන ලද ඉන්ද්ර ජාලිකයකු නිසා යළිත් සාගරිකා මුණ ගැසිමේ අවස්ථාව රජුට ලැබේ. මේ මොහොතේ දි සිංහල රටින් පැමිණ සිටි ඇමතිවරයා රත්නාවලි හඳුනා ගනි, අනතුරුව සාගරිකා හඳුනා ගන්නා වාසවදත්තා බිසව, සිය’තින්ම ඇය රජුට පාවා දෙයි. මෙය රත්නාවලියේ කතා පුවත.

"https://si.wikibooks.org/w/index.php?title=රත්නාවලී_-_i&oldid=15719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි