යසෝදරාවත.


1 සා රා සං ක්යර කප්ලක්ෂවය පෙරුම්පුරා සොලසා සංක්යස කප්ලක්ෂකය පෙරුම්පුරා සු විසි සං ක්යක කප්ලක්ෂකය ‍පෙරුම්පුරා මෝ රා පු බු දු මලලෙස බුදුවු ලොවුතුරා

2 නිමනැති සංසාර සාගරය පින ලා නිමනැති වස්තු ඉස් මස් ලේ දන් දි ලා නිමනැති විරියක් කෙරුවාය හිතවෙ ලා නිමනැති බුදුබවට ජිවිත දන් දී ලා

3 දීපන්කර බුදුන් ලෝකෙට පහල වෙ නා සුමෙද නම් තපසව බෝස්ත එදි නා කඳුරැලියේ වැඩසිට මහතා එදි නා මේ මහතා මතු බුදුවෙයි වදාර නා

4 සිරි හස්තෙන් මල්පූජා කළ තැන දී දෙසිතක් නැතුව නියමයි එක සිත් පැහැදී ‍දෝත පුරා වැඳ පිදු රඹගංපුර දී නියත විවරණේ ලැබුනේ එතැන්හි දී

5 සුවිසි බුදුන්ගෙන් විවරණ ලබාගෙ න ආයුස තිබෙන පමනක් එහි වැඩසිටි න වෙසතුරු වෙලා තපසේ ගොස් වැඩසිටි න අහස පොලො‍වමෙන්අන්තිම දන්දෙමි න

6 සහන්පති වැනි අන්තිම වැඩි ගම න සම්බලඋනේ ලංවී බුදුබව සොඳි න සැම දෙවියෝ රැස්වී සිට සැල කර න බඹලොව ලක්ෂ ගණනක් දිවසිරි විඳි න

ය සෝ ද රා ව ත

7 කාලේ බුදු වෙන්ඩ සිරි උනිය මහුත නේ ආ ලේ ඉතින් ඇරලා යමුව සුවාමි නේ කාලේ බාල වැඩසිටි බෝසත් එදි නේ සී ලේ ගුනේ බැලුවොත් උපදින්ඩ අ නේ 8 දී පේ දේස උපදින කුල කොතන බලා කෝපේ ‍ෙනාවි මව් පිය කව්ද විමස ලා රූ පේ කව්ද සරනෙට මට සිතා බ ලා දී පේ උතුන් දඹදිව දිවසින් දැක ලා 9 සුදොවුන් නිසා මහමාහා කුස දැක ලා පන්සියයක් රූ ඇති කිරි මව් දැක ලා අගමෙහෙසුන් කැටුව එන බවම දැක ලා ඉතින් දඹදිවට යෙමි මම වදා ලා 10 රන් යහනේ සැතපෙනකල බිසවුන් ට පුන් සඳමඬල අහසින් ඒ යහන පි ට රන් කඳ ලෙසින් වැඩියා සුදොවුන් ලඟ ට තුන් ජාමෙට පෙනුනා සඳු මඬල ම ට 11 දනක් පමන මල් අතුරපු දිව යහ නේ පමණක් බිසවු සැතපෙන කල දුටු සී නේ මැනිකක් දකින කොට ගැබ ඇතුලට වැදු‍ නේ මොන මොනදෙයක් දෝ නොදැනෙයිසුවා මි 12 මහමයා සැතපෙන කල මල් යහ නේ අහසින් රිදී පරුවතයක් එම යහ නේ දහසක් බිසෝවරු වටකර මුරසිටි නේ මහරජුහට සැලකෙරුවා මේ සී නේ 13 නේරංජනන් ගංගාවේ සුදුවැල් ලේ නේරංජනේ සනානේ නෑ විල් ලේ පැන්නා වටකරට සුවඳට මනලොල් ලේ පෙන්නාදිදී දරුසීනය පෙලින් පෙ ලේ 14 දෙනොදහක් අගනෝ මට මල් නෙළු වා අනෝතත්ත විල මැද යහනක ඉඳ වා කන්යා් ලියෝ දෙන්නෙක්පැන් නැවෙව් වා අනෝතත්ත විල මම සීනෙන් දුටු වා

ය සෝ ද රා වත 3

15 සුදු සකලෙසට ඇත් පැටියෙක් විත්යහනේ සුදු සොඬටිකෙන් මගෙබඩ පිරිමදිති අනේ සුදු යම් දෙයක් සිදුවෙයි මට දුටු සී නේ සුද සුන් නිරිඳුනේ මොකදැයි ඔය සී නේ 16 පිරි සිදු බමුනු ගෙන්නා මහරජ එදි නේ කිරි බත් කවා දෙවනුව ඇසුවා හී නේ නිරි ඳුනි අපල නැත කාටත් ඔය සී නේ පිරි සිදු බෝසතෙක් උපදිය ලොවට අනේ 17 සුද්දෝදන නරනිඳුනේ අසනව ට නපුරු සීන නොපෙනෙයි පින්කළ අය ට පෙනුන සීන දරු සිනේ මයි ඔබ ට පින් ඇති බෝසතෙක් උපදිය තුන්ලොවට 18 රන් යහනේ සැතපෙන කලබිසවුන් ට රන් මාලාවක් තිබුනා යහන පි ට රන් දම් විලස දැමුවා දෙවියෝ කර ට අලු යම වේලෙ ඔය සීනය පෙනුනිම ට 19 මහසෙන් රැස්ව කුඩ කොඩි ගෙනවටකර ට අහ සි න් ඇවිත් රන් තරුවක් දෙරණ පිට විග සි න් ඇහිඳ ගත්තෙමි අමයුර ලෙස ට සීනෙ න් තරුව ගිලුනා මගෙ ගැබ තුල ට 20 මහමායා සැතපෙන කල රන් යහ නේ මහමෙර මුදුන ආසනයක වැඩ හිඳි නේ අසල ගමක පුන් සඳ පිරිමදිමින් නේ මහ රජුනේ මොකදැයි ඔයු දුටු සී නේ 21 රීද යහන සැතපෙන කල බිසවුන් ට පිරි දෙතන කිරි එරිලා කරඬුව ට රිදී කඳකි නයි පැටියෙකි දෙරණ ව ට නෑරිය දරු ‍සීනෙපෙනුනා බිසවුන් ට 22 ඉ ති න් ඇවිත් බමුණෝ වාසල් දොර ට සොඳින් සින තෝරා දුන්නේ රජු ට මෙතු න් ‍ෙලාවට නායක පුන් සඳ ලෙස ට උතුන් බෝසතෙක් උපදිය තුන්ලොව ට

4 ය සෝ ද රා ව ත

23 දහස් ගණන් සිටිදෙවඟන අත්හැර ලා දහස් සිය දහස් දිවසැප අත්හැර ලා මහත් උතුම් මායාකුස දිවසින් දැක ලා අහස් උසින් පුන්සඳ ලෙස වැඩමක ලා 24 මායා බිසඋන්ට දොලදුක් හටගැනි ලා ද යා සිතින් සැම යදියෝ රැස්කර ලා කි යා සැමතැනම වාසල් කරවා ලා ගියා බිසවු දන්සැල් දැක සතුටු වෙ ලා 25 දොළ උපත්ක උනිම යා බිසවුන් ට අරිති වහති වාසල් දොර නුවර ව ට දොරටු සතර වාසල් දොර නුවර ව ට දොළ සංසිඳනි මහමායා බිසවුන් ට 26 දෙවනු දොලක් ද අටගත්තේ බිසවුන් ට නුවර සැමතැනම දිවපුරයක් ලෙස ට පවර උතුන් මණ්ඩපයක් සොඳරුව ට නුවර වට ඇවිද වැඩියා මණ්ඩපෙ ට 27 සල් උයනට යන්ට දොලදුක් උනිය ම ට රන් රිදියෙන් සරසන්නේ උයන ව ට සතරවරම් දෙවියෝ මුර ජාමව ට සන්තොස වෙමින් වැඩමෙව්වේ උයනව ට ‍28 සල් උයනට වැඩියේ බිසව් මනලො ලා මල් පිපිලා බඹරුන්ගේ එක විපු ලා සල් කඳ නැමුනි බිසවට බිම පාත්වෙ ලා කල් දැක දසමාස සපිරිනි ගැබය තු ලා 29 මැණික් කරඬුවේ ගනරන් පිළිම ලෙ සා මෑණියන්ට ‍පෙනි පෙනි කුමරුන්ගෙ ඇ සා සෑදි නොයෙක් අබරණ පැලදි ය සා පෙනී සැම දෙවියෝ වැඩියා විග සා 30 වඩා සිරිහස්ත සල්කඳ උඩින් ද රා වඩා පලදින්ඩ මල්කඳ නැමුනි පු රා විඩා හැර අල්ලමින් අත්ත මනහ රා වඩා වටකරට තිර ඇද එවසිතු රා ය සෝ ද රා ව ත 5

31 කල් දැනුනේ දසකඩ මස පිරුනුතැ නේ රැල් පුලුනේ බකුත් බඩට නොදැනු නේ මල් පවනේ එනලෙසසොද සිසිල්දැ නේ සල් උයනේ දී වද කුමරු බිහිවු නේ 32 අහසින් ඇවිත් දෙවියෝ වටකර සැදුනේ දහස් ගණන් සුරඟනව වටකර සැදු නේ වෙහෙස නැතුව බිහිවුනි කුමරු විගසිනේ මහබඹු ගෙනැත් වැඩුවා රන්දැල සොඳිනේ 33 බිහි උනි කුමරු පුන්සඳ ලෙස රන්දැල ට මනනද කුමරු බලමින් තුන් ලොව එවි ට මට වැඩිකෙනෙක් නැති බවදැනතුන්ලොව ට සිහ නද පෑය එදිගස කුමරු මනතු ට 34 පියුම් සතක් පිපුනුය සිදු කුමරුන් ට පියුම් පිටින් වැඩ බලමින් සතර ව ට අහනකාර නාදේ දෙසුවයි එවි ට රන්කරි මේ වඩිති එවිගස කුමරුන් ට 35 නොයෙක් කිරි මවුන් දෙපසෙ නෑරව ට දහස් ගණන් නිම නැති ගෝසාවකො ට දෙපොදාට පායන පුන් සඳලෙස ට නොයෙක් පෙරහරින් වැඩියා රජ ගෙට 36 දහස්සිය ගණන් මුරකාවල් වටකර ට දහස් සිය දහස් දිවමල් යස ලෙස ට දහස් පුන් සඳක් ලෙස ඒ කුමරුන් ට සොළොස් වයස පිරුනා මේ කුමරුන් ට 37 දනු සිල්පය සැදුනේ අප බෝසතු ට යසෝදරා අග මෙහෙසුන් පළමු සි ට එකුන්තිසක් අවුරුදු ගිහිව වැඩ සි ට උතුන් සි‍රි සැපත හැර බිසව් සහතු ට 38 සසර කලකිරි තපසට සිත් පැහැ දී බොහොම බිසව්ඇරියෝරජයන්ටනො දී කොහොම උනත් අදයමි‍ මම මෙතැන්හි දී මහන වෙන්ට කලකිරුනේ උයනේ දී

6 ය සෝ ද රා ව ත

39 දිවයහනේ බෝස්ත නැගිට විගසි නේ පිම්ම පැන්නලෙස යමි මහනට ඉති නේ ඔන්න කව්ද දොරටුව නග සිටින් නේ චන්න මමයි දොරටුවලඟ සුවාමි නේ 40 සංසාරේ ඈතම සිට පෙරුම්පි රූ දැන් කාලේ ආවා කැටුවම කුම රූ ඉතින් මහන වෙන්නේ දැක මගෙ කුම‍ රූ පින්වත් උතුන් ඉපදුනි රාහුල කුම රූ 41 මගේ යහලු එන්නේ නුඹ ඈත සි ට මගේ ඇති ගමන් අදවිතරයි මෙම ට මගේ ඇමති ආබරණත් දියන් ම ට මගේ යාලු අසු සරසා දියන් ම ට 42 ගලා කඳුලු වැටෙමින් ඇමති එම වි ට බලා මගේ කුමරුන් එමිය සහතික ට වැඩලා බිසව සිටිනා මාලිගාව ට දැකලා බිසව් සැතපෙන සැටි යහන පි ට 43 සිරි හස්තෙන් රන්බාපත අල්ලා ලා සිරි පද රන් පඬිකඳ පිට තබා ලා සිරි සිදු යහනෙ සතපෙන පුන් සඳ ලී ලා සිරි පද ගත්තෙ කිසිවක් ආපසු නොබ ලා 44 අමුණක් පමණ මල් අතුරපු යහන පු රා පමණක් එරුනි කුමරුට රන් කිරි තිස රා කව දත් වරද නැති පින් කඳ යසෝද රා වර ද ක් බුදුබවට පැමිණේ අන්ත රා 45 සත් බඹයක් නිල් වරලස මිදි ලා අත් බඹරෙකු ලෙසට වරලස කැරකී ලා සිත් ලෙස කුමරු යහනේ කිරිබොන ලී ලා අත් හැර ඉන්ට බැරි වෙයි රන්කුඹු දැක ලා 46 පෙරුන් පුරාගෙන එන්නේ ඈති සි ට පතා සතුන් දන දුන්නේ බුදු බව ට කතුන් සැමට නායක පුන් සඳ ලෙස ට ඉතින් කතා කෙරුවොත් මගෙ බිසවුන් ට

ය‍ සෝ ද රා ව ත 7

47 රන් යහනේ සැතපෙන කල බිසවුන් ට ලන් කර කුමරු බැලුවොතින් යහන පි ට ර න් ලිය වැලකි සිරි හස්තය කුමරු පි ට පින් කඳ බිසව සැතපෙන සැටි දුටු නෙත ට 48 මැනික් කරඬු කටලා කිරි බොන කුම රු අනික් දෙයක් දුටුවම මොකටද නිස රු වෙනස් කමක් සිතුවේ නැත මට අයු රු සිතක් දරාගෙන ‍ෙනත් දෙක කඳුලුපි රු 49 සාගර ජලය මදි ඇඬුවා මා සින් දා කීකරු ලඳ ලියෙක් ලෙව් තුල ඇද්ද මෙ දා වෙන් කර අදම යන්නේ බුදුබව සින් දා සුන්කර කෙලෙස දුරු කර එක සිතපැහැ දා 50 එක ‍ අඹු දරු නිසා මම කල් බැඳිම ය නිම නැති සතුන් සසරන් ගොඩ නැගීම ය අද මහන වෙමි ආලය හැරීම ය පුදුමු කුමරු රුව ඇති මගෙ රාහුල ය 51 පැතුන් බලෙන් දෙන්නා අවේ පේ වී කතුන් සැමට නායක බිම්බා දේ වි ඉතින් සසර ඇවිදින්නේ නැත දේ වී ගොසින් බුදුව එනකන් සිටපන් දේ වී 52 සඳුන් සුවඳ මල් අතුරපු යහන පු රා යොදුන් ගණන් පැතිරෙයි සුවඳ මනහ රා රුවින් උතුන් රුව ඇති මගෙ යසෝද රා ‍ෙසාඳින් බුදුව එන්නෙමි මම එ ලොව්තු රා 53 පිරි සිදු එරන් කඳසේ බිසවුන් හැර ලා සිරි පද මම ගත්තේ ආපසු නොබ ලා වීරිය කරන්නේ බුදු බව සිහි කර ලා සූරි ය මඬල මෙන් ආපසුවැඩි ලී ලා 54 ආ වේ එන්ඩ අපි දෙන්නම ඈත සි ට කී වේ යාලු අපිදෙන්නම ඇසිම ට ඇසු වේ සුවාමිනි කොයිබට වඩින්න ට ඇසූ වේ ඇමති වැඳලා සිරිපා දෙක ට

8                                           ය සෝ ද රා වත

55 පා ලු වේය වැඩියෝතින් මෙ අප ර ට සා ලු සලුද පැළිදි රන් කඩු අත ට වේ ලු බුදුබවට බාදා නොකර ම ට යා ලු ඇමති අසු සරසා දියන් ම ට 56 කඩ කඩා වචන නොකියිත බෝසතු ට අ ඬ අඬා ගොසින් කන්තක අසු ලඟ ට අඬා දොඩා අසු සරසයි සොඳ රුව ට වඩා සිරි හස්ත පිරිමැද අසුගෙ පි ට 57 සැරසී කුමරු සැනෙකින් යන්ට එමව රා සිරිගන සිරි පතුල පඩි කඳට බර ක රා සිරි රන් කඩු මුනෙන් ඇරලා එරන්දො රා පිරිය රාහුලය සහ බිසව් සිහික රා 58 සරණ අදහ මහනට වඩින ගමන ට බරණ පැලඳ සැතපෙනකුමරු ලන්කො ට ව ර ල නිල් කළඹ මුවලා යහන පි ට ද රණ උඩ බලා අත් බඹරෙකු ලෙස ට 59 සමන් පිච්චමල් අතුරා යහන පි ට ගිමන් හැර බිසවු කුමරුන් තුරුලුකො ට රුවන් කිණිහිරිය මල් ගෙතුවා ලෙස ට දමා සිරි හස්ත කුමරුන්ගෙ ඇඟ පි ට 60 දි දී සතුන් මතු බුදුවන බව පත න වි ඳ පු සිරි සැපත හැර මහනට වඩි න බැඳි සසර ගිහිගෙයි ආලේ අරි න මි දී නිල් වරල ඇඳ පා මුල දර න 61 චන්ද්රර ගුණ සිසිල සිඹ සනසනමුහු න ‍ෙපම්බර ගුණසොබණ කුමරුන් වඩාගෙන පුන්සඳ ලහ සිටින රන්තරුවක් ලෙසි න පුන්සඳ මෙන් වඩිති කුමරුන් සිහිකර න 62 පුන් සඳ ලෙසට බොසත් වැඩියාය පි ට රන් කඳ කුමරු ඇරයමිඉතින් කෙලෙසට රන් කඳ ලෙසින් වැඩියා මුන් ගංතෙර ට පින් ඇති මගේ අඹුදරු දකිමි ආවි ට

ය සෝ ද රා වත 9

63 තිබෙනා අවගුනය දැකලා කලකිරි ලා කන්තක නම් අසුපිට පැනනැගි ලා තිස් යොදුනක් හිමගතයද ගෙවා ලා මහණවෙන්ට වැඩියේ ගංතෙරදබ ලා 64 පැන ලා වැලිතලෙන් අඩිතර බරකර ලා හ ය ලා කටහඬින් හේසාරව කර ලා නෙර වා දෙකන් පොතු අසු කරකැවි ලා පින වා ලෙවකැයකුමරුන්ගෙදෙපතු ලා 65 ඇසල මසේ පුරපසළොස්වක් එදි න එතරවෙලා ගංගා වැල්ලටන පැමි ණ අබරණ මුදාලා සන් ඇමිතට දෙමි ණ එතරවෙන්ට ගංගාවනේ වදාර ණ 66 පවර උතුම් මගෙ හිමි සඳ ඔබ ඇර ලා ඉවර නොවන ගිනි කඳ අපහට දී ලා අවර ගිරඟ වැටුනාලෙස වේයමු ලා නුවර ගොසින් මම ඉන්නේ කවුරුබ ලා 67 පිරි සිදු එරන් කඩුවක් සුරතට ගනි ති පිරි මැද කේසධාතුව අහසට අරි ති සිටු කුල උතුම් සක්දෙව් දුතුවගති ති පිරි කර පළමුකොට දුන්නේ සහම්ප ති 68 අ ඬා ඇමති බිමපෙරලෙයි දෙරණපි ට ව ඩා සිරි හස්ත දිගු‍ෙකාට අසුලඟ ට ක ඩා දමා යමුතුන්දෙනම නිවන ට අ ඬා මැරී අස්රජ ගියෙ දිවපුර ට 69 අ ස් රජ සමඟ බෝසත්නැතිසෝකය ට හි ස් කර අරින්ඩද අද හිමි මා ගම ට රැ ස් කර කියමි උනුදේ පියතිරිඳහ ට වි ස් තර හිමි සාමි අවසරමටයන් ට 70 ආබරණද අවසර දී ඇමති හ ට සාගර ජලෙන් පලයන් පසු නොබැස් සි ට පිය නිරිඳුට කිය මගෙපුතු ද‍ැක ඉන් ට යසෝදරා දේවීට කිය සැන සෙන් ට 10 ය සෝ ද රා ව ත

71 ඡ න්න ඇමති නුවරටගිය කල එදි නේ ඇන්න පැනපු සිහදෙන ලෙසබිසව් අනේ ඡන් න යාලු මගෙ හිමි සඳ අද කොත නේ ඇන්න වරෙන් මගෙ හිමි සඳන දකින මෙනේ 72 රෑන‍එරන් කෙඳි සේ රන් කෙඳි පී රා පින පයෝදර ගන රන් කරඬුයු රා වහමන මොක් නිවන් සාදන මුනිඳු පු රා යහන පිට වැටි අඬතෙයි ‍යසෝද රා 73 සිතා ගෙන ගියේ බුදුවෙන්ඩ මයි සි ත පතා ජාතියේ ඔබටම සරණ වෙ ත පුතා ඉතින් බැඳ දුන්නේ මිට අ ත කතා නොකර මට වැඩියේ මන්ද සි ත 74 මුව ජාතියේ වද පළමුව උපන් නේ එම ජාතියේ සිට නෑරම මම එන් නේ කොයි ජාතියේ උපනත්මෙහෙසුන් වන්නේ මේ ජාතියේ ඇයි මා තනි කරයන් නේ 75 එදා ගියේ තපසට දෙන්න සහ කැ ලේ වඩා දෙ දරුවන් උකුලට රැගෙන ‍ ලොලේ බොදාක උනිමි පන්සල් දෙකම එක කැ ලේ මෙදා මොකද තනිකර යන්ට මම ක ලේ 76 සි තා ගනම වෙර වෑයම් කර දුනි මී ප තා පෙරුම් බලයෙන් නෑරම ආ මී ගොතා දැත බැඳලා අප දන් දුනි මි ක තා මට නොකර වැඩියේ මන්ද හිමි 77 තෙමා වැටේ මගෙ සලුපිලි නෙත් පුර වා අ මා රසක් වැනි හිමි සඳ සිහි වෙන වා ද මා කුමරු වැඩියා මට සිහි වෙන වා මෙ මා ඇර ලියෝ ලෙව් තුල ඇද්ද ත වා 78 උන්නෙමි අපි ඉපිද ලෙහෙනුන් කුලේඑ දා වැටුනේ ජලය මැද සමුදු‍රයේ බිලි ඳා දැනුනේ කරපු වීරිය ගොඩගන්න එ ඳා හිමි රජුනේ මග ඇරියේ මන්ද මෙ දා


ය ‍සෝ ද රා ව ත 11

79 රු ව ඇති පුතුන් වැදුවා මම වැරදි ද රු ව ගුන තේජස්ක මගෙ අඩු වුනාවන ද ග රු සරු නැති කමක් මාතින් යෙදුනා ද ම රු බිඳ බුදුවෙන්ඩ සී‍ෙනන් පෙනුනා ද 80 කි රා ලා බිජු රකින සැටි හිමි අසන් නේ වැ ර ලා දෙපය අහසට නගිමින් ඉන් නේ අ ඬ ලා මගෙ ල‍සෝ ගිනි දැන් ඇවිලෙන් නේ නොවලා ලැමද අත තබමින් අඬන් නේ 81 වනන්තරේ සෙවනැලිවල සිටින් නේ ගිමන් හැර සයන අඳුරටනොපෙනෙන් නේ නිලන්තරේ මට ගිනිකඳ ඇවිලෙන් නේ රන් බඳ ලැමද අත තබමින් අඬන් නේ 82 සුවඳ බොජුන් වැලඳ මගේ හිමි සඳ ට නිබඳ බොජුන් රස කර දුන් වලදින් ට සුව ඳ පලාපල වැවියන් හිමියන් ට සුව ඳ මල් නිතර තිබියන් රන්කඳ ට 83 පි රි ය ලෙසට සැතපුන අපෙමල්යහ නා බැරිය සිතින් දැකලා මගෙ පපුව ද නා වී රි ය බුදුබවට බාදා නොම වඩි නා සූ රි ය මඬලමෙනිඔබ සැතපුන යහ නා 84 වෙසතුරු වෙලාවැඩිදා ඔබ සිහි ඇද් දා රස තු රු හෙමේ සොයමින් රැක්කානොවේ දා කර ද ර සිතක් සිතුවේ නැතුවානොවෙ දා පර තෙර නැතුව රැක්කාවද මහිමි ස දා 85 සඳ ලප ලෙසට කැටුවම ආවා නොවෙ ද අද මා ඇර යන්නට කීවේ කව් ද සඳ මහනුවර ඉන්නට කිව්වා නොවෙ ද එදා අඬ අඬා පස්සේ ගියාව ද 86 බාදා නැතුව දන් දුන්නේ කුමරු මෙ මා එ දා ඉතින් මම වෙස්සතරම ත මා ව දා රුවට සිටි කුමරුන් රාහුල මා මෙදා ඉතින් වැඩියේ ඇයිද මා ද මා 15 ය සෝ ද රා ව ත

87 රහසක් මගේ කවදාවත් නැත මිතු රා වෙහෙසක්වෙන්ට ඇරියේ නැත මෙම දරා යහපත් මම ඇඬිමි නිමනැතිව නුඹක රා දහසක් ගුණැති මම වදය‍සෝ ද රා 88 කාරණාවන බුදවෙනවා ලකුණු දැ නේ නෑර කැටුව ආවාම සරණගෙ නේ බාවනාව තොර ‍නොකරමි සිතින් අ ‍නේ මාලිගාව අද අඳුරයි සුවාමි නේ 89 දරුවන් එදා අත් බැඳලා දන්දුන් නේ එර වන් තනේ කිරි එරිලා කුමරුන් නේ අඬමින් එදා සිරිපා මුල වැටෙමින් නේ මෙලෙසින් වෙහෙසවුනුමට ඇයිගිනි දුන්නේ 90 කිඳරුවොල අපිදෙන්නම උපන් නේ ඇදුරු සඳ පව්ව එකඟව වැඩ උන් නේ සොඳුරු අපිදෙන්න එක රෑට වෙන්වු නේ දෙදරාඉතින් අද දක්වා අඬන් නේ 91 ගණන් නැතුව අපදුන්නේ අතබැඳ දා ගණන් නැතිව ඇඬුවේ මම ඔබ සින් දා කිය න් ඉතින් මමකළවරක් ඇද් දා හෙමින් මහන වෙන්නටවැඩියේ ඇයි දා 92 නිමනැති සතුන් වුනුකාලේ පෙරුම් පු රා පියයුරු පෑවෙ නැත කවදත්වෙනස් කරා මෙවැනි පෙරුම් පිරුමට කරණ අනද රා අමයුරු මම නොවදෙ බිම්බා යසෝද රා 93 අනගි මුතු මැනික් අබරණ ගලවා ලා අනගි රනපේරස් පා මුදු ගලවා ලා කණක කුන්ඩලාබරනත්ගලවා ලා මලානිකව සිටියේ බිසව ගල්වෙ ලා 94 විලාප කියකියා ඉඤ්ඤයි අඬා‍දො ඩා ගලා කඳුලු නිම නැතිවම ඇඬුම් අ ඬා කලාපිලා උනුතැන් නිමනැතිව අ ඬා කරලා මෙමට ගියදේ වනදාට ව ඩා

ය‍ සෝ ද රා වත 13

95 ඇ තා වෙලා හිමයේ ඔබ උපන් එ දා සි තා ඇවිත් විද හෙළුවේවැදිනොවෙ දා ප තා අහිරි ගා සිටියේ මමනොවෙ දා පු තා දමා වැඩියේ ඇයි මහිමි ස දා 96 මව් සද පඬිව ඔබමට කරපු පුවත රා අඹරා බත් මාළු මගෙ ඇඟ ඉසතව රා නොමරා මරන්නට කළදේ මම මිහි රා අමරාවතී දේවිය මම යසෝද රා 97 නිමනැති තපස් රැක්කා මම කැටුව ගොසින් එම දවසේවත් නිමනැති වැඳුම්ද පිදු ම් පමණක් වරද වත් සිහිනැතිවමට ඉතා න් එහෙම හිටපු ඇයි මා තනි කලේ ඉති න් 98 හිමයේ ‍ෙගාසින් මල්යහනක සිටිනව ද කොමලි අනගි සිරිපා දෙක නොරිදේ ද හිගේ නැතුව දෙවියෝ මුරකරණව ද මගේ ඇත් රජුනි හිමි අද ‍කොතනක ද 99 සෑ ම වරද තිබුනත් හිමියනේ ම ට කෑ ම රසබොජුන්දුන්නෙමිසොඳරුව ට බෝම ඉපිට වඩිනා හිමය පසු කො ට සෑ ම සියලු දෙවියෝ පිහිටයි ඔබ ට 100 කැලේ තියෙන කොයිදේවත් රසවේ වා මලේ බමරු ලෙස පිරිවර ලැබේ වා අව්වේ තියෙන කොයිදේවත් රස වේ වා ගව්වෙන් ගව්ව දිව මාලිග සැදේ වා 101 කියන මැසිවිල්ල හිමිහට නො පෙනේ වා රන්කඳ මහිමිමට සිහිනෙන් නොපෙනෙන ව කම්රස විඳම්ක නැත මම දිව්රන වා වෙන්කර ගියත් මම සීලේ පිහිටන වා 102 වෙහෙස උන්ත තදදුක් මම ඉවසඤ්ඤ යි අහස පොලොව ලෙස හිමි සිහි කරනඤ්ඤ යි රහත් වෙන්ට මම වෑයම් කරඤ්ඤ යි ඇසට දකින තුර නවගුණ පුරවඤ්ඤ යි

14 ය සෝ ද රා ව ත

103 සත් දවසක් අඹ උයනේ වැඩ සිට ලා සත් වෙනිදා රජගහ නුවරට වැඩ ලා පෙරත් බුදුන් කළදේ දිවසින් දැක ලා ගෙනත් අහර වැළඳුවෙ ගං තෙරදිබ ලා

104 බින්සර රජුට අවසරදී වැඩම ක ලා පළමුව බණ ඔබට දෙසමැයිවදා ලා උරුවෙල් දනව්වට බෝසත් වැඩම ක ලා අවුරුදු සයක් එහි තපසේ වැඩ සිට ලා

105 පුන් සඳ ලෙසට බුදු බඳ රුව වැඩුණු ක ලා සුන්දර මරුන් බිඳ බුදු බවට නිකස ලා සුජාතාව දුන් කිරිපිඬු වැළදු ක ලා එරන් තලිය ඇරියා උඩුගඟ ඉහ ලා

106 චිත්තිය කිය කියා එන්නේ පළමු සි ට සොත්තිය බමුණු දුන්නේ කුසතණ එවි ට සිත්ලෙසටම ගනෙ වැඩියේ බෝ මුල ට තුදුස් රියන් විදුරුසන දුටු නෙත ට

107 පුරා දහම් සිහි කර මුනි වැඩ සිට ලා දරා වට කරට දෙවියෝ මුර දර ලා පුරා මාර සෙනගක් බෝමැඉපිරි ලා ලොව්තුරා බුදුව දස බිම්බර බිඳ ලා

108 පන්දහසක් පවතින දහම් මෙලොව ට පින් කඳ පළමු බුදුවි ‍ලොව බලා සි ට සුන් කර සාම සතුන් සසරින් මුදන්න ට දම්සක් පැවසුවා මුනි රජ පළමු කො ට

109 උතුම් මුනි රද දිවසින් බාල සි ට තුන් ගමණක් වැඩියේ තිසි පිළිවෙල ට පන්සාලිස් අවුරුදු නිසි පිළිවෙල ට සුදසුන් රජ නිසා වැඩියේය නුවර ට

110 උතුම් නුවර දිවපුර නෙලසරසා ලා පන් සියයක් රහතුන් පිරි වරා ලා දහම් දෙසති නෑයන් හට වැඩම ව ලා රනවන් බුදුරැසින් සිය නුවර පටල ලා

111 පිරිසිදු රිදි කඳ සේ අහිරි ගා බිස ව් සවනක් බුදු රැසින් සියො ලඟ වෙලා බිස ව් පිරිවර සමඟ රන් ලිය වැල ලෙස බිස ව් සිරි පද පිට වැටිලා ඉඳ අඬති බිය ව්

112 සම්පත් දියන් කියලා රාහුල කුම රූ පුන් සඳටම දිලෙන ‍රන්තරුව පිරිවැ රූ දහම් දෙසති එකසිත් පහදා කුම රූ මහන කළේ එවිගස රාහුල කුම රූ

ය ‍සෝ ද රා ව ත 15

113 සුද්දෝදන නිරිඳුට බණ වදා ලා ලද්ද සෝක ඇර දහමට සිත නැමි ලා වින්ද සැපත් හැර බිසවුන් මහණ වෙ ලා සුද්ද ඇතුව සිල් රැක්කේ නැණින් බ ලා

114 කලක් මෙහෙම සිල් රැකලා යසෝද රා තෙදක් පාමි දෙව් මිනිසුන්ගෙ සැක හැ රා සුගක් බිසව් මහණට යති යසෝද රා පලක් බැද එවැඩ උන්නේ යසෝද රා

115 පින් කළ අයට කාටත් මෙහෙම සතහ ට සුන්කර කෙලෙස් දුරු කරලා විගස ක ට අහස පලක් බැඳ වැඩ උන්නා එවි ට රාහුල මාතාව මන්වද පලමු සි ට

116 පිරිසිදු සිල් රකිමි අවසර රැගෙන සි ට නො හැරම කෙලෙස් දුරු කර බිසව් හනික ට සිරි සැපතට පැමුණුනි බිසව් හනික ට පන්සිය පිරිනිවන් පෑවාය එම වි ට

117 බැඳපු දාගැබක් ඒ දාතු පිහිටු වා පිදුසැම දෙන එමකල් වරුසා වා සිදුහත් බුදුවෙලා පින්කද වරුසා වා බුදුවී හස්තයෙන් සෑයට මල් පිදු වා

118 සකල සම්පත් හැර දමා‍ගොස් පැවිදවුවා මෙහෙනිසස් නේ සකල බව දුක් බින්දවා හැර රහත්වි බබලවා සස් නේ සකල නරගන දෙවි බඹුන් ඈ පිරිස් හටදන්දෙමින්සේ නේ සකල සැපතින් අග්රුනිවනට යන්ට අවසර ගෙනනොලස් නේ

119 ලැබු තැන සිටනියත වීවරණ බුදුවෙනා ලෙස මෙම කපේ දී යෙදුන තම ඡායාව විලසට නොහැර ආ බැව් සැමතැනේ දී බුදුවු තැන සිට වෙන්ඩ අවුදින් පළමුනිවනට යන තැනේ දී පුරුදු ඔබ ලැබු නොයෙක් ඉර්දිය පාපුපෙළහරපෑතැනේ දී

120 පැනනැගෙමින් සත්සමුදුර ජලය පිටට නොලසින් දා වෙන කිසියන් දෙයක් නොපෙනි මුදපුරා මසෙකු ලෙ දා දෙවි මිනිසුන් වෙස පාමින් පෙළහැර මේ ලෙස වල දා යස එලඳුන් යසෝ දරා නිවන් පුරට ග‍ියෙ ‍ෙනාර දා

121 නෙකනෙක ඉර්දි බල පාමින් මුනිඳුට පුදමින්පෙළහැ ර දැ ක දැ ක මුනී ඳුන්ට පෙනී අහසට වඩිමින් නෙකව ර දු ක දු ක නසමින් නිවනට පැමුණුන උත්තමයසෝද ර එ ක එ ක මුවකින් ගුණ කඳ කියනු කෙලෙසදො මෙවෙ ර 16 ය සෝ ද රා ව ත

122 තලෙක දෙතලෙක තුන්තලෙක ඈ පිළිවෙලින් අහසේසිටන් ඉඳුරුපතිමහබඹුද නාගුරුළුන්ගෙ නන්වෙස් ගෙන සොඳින් අවට සැදි සිටි පිරිස්හට මම යසෝදරයයි පවසමි න් සුගතසමිඳුට නොයෙක් තුතිදි පෑවෙ එදවස පිරිනිව න්

123 මෙබඳුපාදේ අපන් සැම ඉතිරින්ගෙ මස්තක පිට සැ දූ කිරිළයක් බදු යසෝදර දේවිගේ ලංකාරය සු දූ සවනකරමින් සියළු දිගැසින් නමතු එමෙන උපදින ලෙ දූ කලක පින් කරණාවු අවියෙන් සිත්දරවු මේබණ ක දූ

124 මොක් සැප පකතා වසනා ‍ලෝ සතා සිත දු ක් දැක සසර ආලය හල පුතා හොතා දු ක් ලැබ නෙදන රැස් කරණා සිතා යුතා දු ක් කරකල් නොසිඳ පින් කළ පුතා හොතා

125 අසමි න මේ දහම් අග‍නෝ ගෙන සිත ට ය ටැසින රවාවත් නොබලා තම හිමි ට වසමි න රන් රසසෙ එකඟින් අදර කො ට උප දි න යසෝදර බිසවුන් ලෙස සොඳ ට

126 හි මි ට ඇති පහසු අපහසු නොබල මිනි අ ප ට මෙනම් දෙය දෙය ගෙනෙවකිය මිනි සි ත ට දුක් දෙවන බස් කිසි නොකීය මිනි සොඳට සිටිනු මැන සිය හිමි වෙත පෙ මිනි

127 දු ක ක් වන් කලට අතමිට හිඟ වෙමි න සෙතක් වන් කලට වැඩියෙන් දයාවෙ න ඇ ද ක් නොව කතුනි හිමි සැලකවෝති න කිමෙක් මොක් දකිනු බැරි යසෝදර මෙ න

128 රැ ක පතිදම් යසෝදර බිසවුන් ලෙස ට දු ක සැප දෙකෙහි වෙනසක් නොව එක ලෙස ට එ ක හිමි පතා සිටියොත් ලඳුනි බැති කො ට සැක නැත සගපවග මතු ලැබෙනව ට

129 ඉ න් නි සා ලියනි හිමිහට යහනි න දොම් න සා නොව ලෙඩ දුකෙහි සතනි න අන ‍ දෙ සා නොලා සිතූ යසෝදර මෙ න පි න් රැ සා කරව් සග මොක් ලබන මෙ න

130 හැ මා සුරන්ගෙනපින් සතියුරාස රා යො මා සුබ වැඩෙහි සිතූ නිරතුරා යු රා පෙ මා කර සතන් රැක දුක් දුරාහැ රා අ මා මහ නිවන් ලබනුය තිරා ස රා

"https://si.wikibooks.org/w/index.php?title=ය_‍සෝ_ද_රා_ව_ත&oldid=13841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි