73 වෙනි පරිච්ඡේදය

සංස්කරණය

ඉක්බිති කරණලද අභිෂේක ඇති අත්වස දක්නවුන් අතුරෙන් ප්රපවරවූ ප්රබඥාසම්පන්නවූ ඒ පැරකුම්බා මිහිපල්තෙම මෙසේ සිතීය. “අතිශයින් ලෙව්සසුන් වැඩුම් ක්රිනයාහි උපාය රහිතවූ ඡන්දේයෙන් වෙෂයෙන් භයින් මොහයෙන් අගතිගාමීවූ වූ නුසුදුසු අයගැණී‍ම් ආදී මහාදුක් දෙන්නාවූ පෙර රජුන් විසින් පූර්ව යෙහිදී බොහෝසේ පෙළනලද්දාවූ මේ ලෝක‍යතෙම යම්සේ සුවපත්වන්නේද; එසේම මහර්ෂිහුගේ සස්නද දුලද සියගණනින් මුසු බැවින් කලක් කැලැත් බවට ගියේ තුන් නිකාය භෙදයෙන් බිඳුනේ කුසපුරණ කිසි ඇති අලජ්ජවූ නොයෙක් භික්ෂු න් විසින් බැසගන්නාලද්දේ පස්වාදහස නොයික්මුනු කල්හිම විනාශ භාග බවට ගියේ යම්සේ දීර්ඝනකාලයක් පවත්නේද ; ඒ ඒ තන්හි විනෂටවූ මහකුල ඇත්තවුන් සුදුසු තන්හි තබා විධිවූ පරිද්දෙන් පරිපාලනයයි යන යමක් වේද ; චාතුර්වීපික මෙය සෙයින් අනවරතයෙන් දන් නැමැති මහවැසි වස්වමින් යාචකයන් පොෂ්යචය කෙරෙමින් යන යමක් ‍වීනම් එද ; මහදුක් ඇතිව රාජ්යෂසම්පාදනය කරන්නාවූ මා විසින් මේ සියලු විධානය නොයෙක් පරිද්දෙන් ඵල බැවින් ගරුකොට සිතනලදි. ඒ යථාභිප්රෙිතය කරනට දැන් මේ කාලයයි සිතා තනතුරු දියයුත්තන්ට ඒ තෙමේ තනතුරු දින. ඉක්බිති බෙර පියවි කරවා යදියන් රැස් කොට අවුරුදු පතා තුලාබර මහදන් දෙවි. ඉක්බිත් රජතෙමේ ශාසන සංවෘධි විධානයට තුන් නිකාවැසි මහසගහු රැස්කොට එසේම ආපත්ති ආනාපත්ති විභාග ක්රිමයෙහි පණඩිතවූ ප්රුවර බොහෝ ආචාය්ය්ට එයන්ද රැස් කොට ස්ථානාස්ථාන දන්නා විනයධරයන්ට තෙමේත් පුරස්ස රව ශුධාශුධ තපස්වීන් පක්ෂරපාතවතීති නොවන බැවින් ආදර අනාදර රහිතවූයේ අප්රධමාද ස්වභාව ඇති හෙයින් රැදෙවෙහි නොපමාව පැණවත්ව න්යායයෙහි පණ්ඩිත වූයේ ශල්ය්කර්තොතෘ වෛද්යාමතාය්ය්ොු යක්හු සෙයින් පිළිමයට සුදුසු නුසුදුසු දොෂයන් සලකමින් පිළියමට යොග්ය‍යන් පිළියම් කෙරෙමින් පිළියමට ආයොග්ය යන් හරි


73 වෙනි පරිච්ඡේදය 149


මින් අයුත්නතෙන් පහවූ සඞකල්පනා ඇති හෙතෙමේ විනයෙහි කී ක්රයමයෙන් වට්ටගාමිණී අභය රජු දවස් පටන් මෙකල් දක්වා බොහෝවූ පෙර මිහිපලුන් විසින් මහාප්රයයාසයෙනුත් සර්වදප්රපකාරයෙන් කොට අඩාල සමගිබැව් ඇති උන්න්ට විරුද්ධ හැසිරීම් ඇති නානාවිග්ර්හයෙහි දක්ෂිවූ නිකායත්රගය පූර්වටඅතික්රාීන්ත ජාතිවල ශාසනායාගෙම සංසුද්ධිය පතා ගන්නාලද ව්රිත ඇත්තේ රාජ්යටසාධන දුඃඛයටත් වඩා මිගුණවූ අත්යසත්වද ආයාසය අනුභව කෙරෙමින් මහපැණැති ඒ රජ තෙමේ සමඟි කොට පස්වාදහසක් යම්සේ සුඬව පවත්නේ නම් එසේ බුදුසස්න කිරි හා දිය සෙයින් ඒකඟ ‍කළේයි. ඉක්බිත් ඒ නරශ්රෙ ෂ්ඨතෙමේ නුවර මැද විසාල නානා ශාලා ඇති සතර දිගට දොරටු ඇති චතුශශාලාවක් කරවා නොයෙක් සිය ගණන් සිල්රක්නවුන්ට දවස්පතා දන්දෙන්ට ස‍ර්වො පකරනයෙන් යුක්තවූ මහදන්වැට තැබීය. සොම්නස් ඇත් ඒ රජතෙමේ ඔවුන්ට වැඩිමහලු පිළිවෙළින් හැමකල්හි අවුරුදුපතා හඳනා පොරෝණ (පිළි) දෙවීය. ඉක්බිති ඒ රජතෙමේ නුවර සතරදිග භාග වසයෙන් ප්රළමාණ කොට බෙදන ලද්දාවූ දන්හල් සතරක් කරවා එහි ‍එහි ලොහොමුවා නොයෙක් බදුන් හා කන්වසින් මාවුලාද කලල් ඇතිරිල් හා මැසිද දහස් ගණන් මිහිරි කිරි ඇති දෙනුන් තබ්බවා පසුව ඒ සමීපයෙහි පිරිසිදු ජලාලය ඇති නොයෙක් මල්පිල්ලෙන් සැදුම්ලද තුරු පෙලින් හෙබියාවූ ආනන්‍ි ජනක නදුනුයන්සේ සිත්කළුවූ උයනුදු කරවා එම දන්හල් වෙත ධනධාන්යනයෙන් යුක්ත වූ සකුරු ගුළමි ආදී සර්වොුපකරණයෙන් යුක්තවූ පරිපූර්ණ් බොහෝ කොටු ගුලුද කරවා මසුරු නැතිව එහි සීලාදී පණයොග ඇති නොයෙක් දහස්ගණන් සතර දිගින් වඩනා භික්ෂු න්ටද බමුණන්ටද වර්ණෙබබකයන්ටද බොහෝවූ අනික් යාචකයන්ට හා මගීන්ටද අකම්ප්යනවූ බුහුටිවූ ප්රීබතියෙන් පිණගිය සිත් ඇති පැණවත් ඒ රජතෙමේ දවස්පතා එහි මහදන් පැවැත්වීය. ඉක්බිති කරුණපර නරෙශ්වරතෙමේ නොයෙක් සිය ගණන් රොගීන්ගේ වාසයට සුදුසුවූ මහා සාලාවක් කරවා යටකී ක්රනමයෙන් එහිද සියලු ‍උපභොග සාමග්රිුය තබ්බවා සියලු රොගීන්ට එකෙක් පාසා දිවාරාත්රීද දෙකිහි පොහොණපමණින් බෙහෙත් යා කැයයුතු බුදියයුතු ආහාරදීයද සපයනු පිණිස එක් දසෙක් හා දැසක් දෙවා ඒ වෙදහල්හි නොයෙක් බෙහෙත් සම්භාර හා ධනධාන්යා්දින් රැස් කරණ ලද බොහෝ කොටු ගුළු කරවා නොයෙක් අවස්ථා විභාගයෙහි නිපුණවූ මහපැණ ඇතිසියලු වෙදසතර දන්නා කෘතහස්ත වෙදුන්ට‍ වැටුප් දී හැමතැන වෙසෙන් දන්නේ උන්ලවා සුදුසු පරිද්දෙන් රෑ දෙවෙහි මොනවට පිළියම් කරවමින් සම සතර පෙහෙවස් දවස්හි හපකළ සව්බරණින් මොනවට සමාදන්වූ පෙහෙ


150 මහාවංශය


වසින් සුපිරිසුදුව සුදු උතුරුසළු පෙරවගෙණ ඇමතියන් විසින් පිරිවරණලදුව තෙමේම ඒ වෙදහලට එළඹ කුළුණින් සිහිල් සිත් ඇතිව පහන් සොමි නෙතින් රොගින් බලා නරශ්රෙඹෂ්ඨවූ තමනුත් ආයුර්වෙහදයෙහි නිපුණ බැවින් එහි නියුක්ත වෙදුන් ගෙන්වා මහ පැණැත්තේ ඔවුන්ගේ පිළියම් ක්රෙමයෙන් සර්වුප්ර කාරයෙන් විචාරා ඔවුන් විසින් වරදවා කරණ ලද පිළිමයක් ඉඳින් වීනම් වාදීන් අතුරෙන් ශ්රෙරෂ්ඨවූ ඒ තෙමේ විරොධයන් සුක්තිපරිද්දෙන් ඔවුන්ට අවබෝධකරවා තෙමේ කිහිපදෙනෙකුට පිළියම් කොට රොගීන් සියල්ලන්ගේම සුවිදුක් විචාරා එසේම රොගමුක්තයන්ට අඳනා පිළි දෙවා කුසල්හි ඇලුනේ වෙදුන් අතින් පින් අනුමෝදන්ව උන්ටද පින්දී සියගෙට යයි. කරුණනුගතවූ නිරොගී ඒ රජ තෙමේ මේ උපායෙහිම අවුරුදුපතා රෝගීන් සියලු රෝගයන් ගෙන් මිදෙව්. පෙර නුදුටු නෑසූ අනිකුදු අද්භූතයෙක් ඇති, මොනවට පවත් වනලද මහාකරුණගුණයොග ඇති ඒ රජහුගේ වෙදහලට කොපුල හටගත් අරුබුදයකින් අතිශයින් මිරිකුනාවූ මහදුකින් පහට එක් කව‍ුඩෙක් ආය. උහු දැඩිදයාමලපතින් බඳනාලද්දෙකු සේ බැගෑව අතිශයින් හඬමින් පියා සුන්නෙකු සේ එයින් බැහැර නොයෙයි. එකල්හි වෙදහු ඒ කවුඩා අවස්ථාව තත්වූ පරිද්දෙන් හැඳින උහු ගෙණ මහරජහු විධානයෙක් පිළියම් කළහ, රොගය සන්හුන්කල රජතෙමේ ඒ කවුඩා ඇතෙකුපිට නංවා නුවර පැදකුණු කරවා මුදාහැරවීය. තිරිසනුන් කෙරෙහි පවා මෙබඳු උදාරතර කරුණාවක් තොමෝ කොහි කීකලක කාවිසින් මෙසේ දක්නාලද්දී හෝ අසන ලද්දීද. ඉක්බිති සතුටුකළ හුදී ජනයා ඇති නොපසුබස්නා පැරකුම්බා රජතෙමේ නාමශෙෂබවට පැමිනි පොලොන්නරු නගරවරය ඉතා මහත් රජසිරිසර ඔලඹනට නොපොහොනහු විසල් සිත්කළු කොට කරවන්ට ආරම්භ කෙළේය. අනතුරුව මිහිපල්තෙමේ හාත්පසින් පෙර රජුන් පුර පවුරු වලල්ලෙන් බැහැර කඳවුරු පිරිකෙව් කොට සුණුපිරියමින් දිලියෙන උස් මහත් පවුරු වලල්ලක් සරත් වලාසේ ප‍ඬෙර කොට කරවී, ඒ වටා අනුක්ර මයෙන් කුඩා පවුරු තුණක්ද ඒ කිරිකෙව් කොට නානාප්රරකාර වීථිද කරවි. එසේම ස්වකීය රාජභවනය හා සියලු අන්තඃපුරයද පරි‍ෙක්ෂිප කොට අනු ප්රාමකාර මඬලයක් කරවී. ඉක්බිති සියලු මිහිපලුන් අග්රජතෙමේ ගබ්ගෙවල් දහසින් හෙබියාවූ විසිතුරු නොයෙක් සිය ගණන් ටැඹින් සැරහුනාවු කෙලෙස්කුළුවන් කුළු ගෙවල් කැටිකළාවූ නන් විසිතුරු ලියකම් හා මල් කමින් දිලියෙන්නාවූ රන්මුවා මහදොර සුලුදොර හා කවුළු ඇති මොනවට බෙදුනලද බිතු හා හිනිපෙති ඇති සියලු ඍතුයෙහි


73 වෙනි පරිච්ඡේදය 151


සුව එලවන්නාවූ ‍රන්මුවා දළකඩමුවා ආදීවූ මාහැඟි ඇතිරියෙන් යුක්තවූ නොයෙක් හැඳ දහසින් අනවරතයෙන් හෙබියාවූ අහස්ගඟ හොබනා බවට සිනාසෙන්නාක් බඳ කැලුම් ඇති සඳරැන් සේ සුදුවූ සතරකොන්හි එලෙන දළමුතු කළඹින් නිතොර අතිශයින් හොබනාවූ රන්මුවා මහත් පහන් මාළාවෙන් තෙවුනාවූ මල්දුම්සබඳ දුරහමන සුවඳ අනවරතයෙන් නගන්නාවූ සිරියහන් ගැබින් යුක්තකළාවූ උතුම් පසතුරු රැව් සුදුසු රැව් වගුරුවන්නාවූ කුසලයන්ගේ නොමද අනුසස් ගුගුරන්නාබදු ඒ ඒ තැන එලෙන රන් කිකිණි දැලින් යුක්තවූ විස්සම් දෙව්පිත්හු අසමාන මැවීමක් සමානවූ පහන්බැව් එලවන විජයොත් නමින් යුත් තමහට වැඩියක් නැති උතුම්වූ සක්බුමු මහ පහයක් කරවි. ඊට ඉක්බිති කොට බමුණන් ලවා ශාන්ති කරවන්ට රන්මැදුරක්ද, මන්ත්රි පුරවන පිණිස සිත්කළුවූ ධාරාණිගෘහයක්ද අනතුරු කොට මහඍෂීහු විසින් වදාරණ ලද ජාතකයන් එහි සිටි ආචාය්ය්්ද කෙනෙකුන් විසින් අස්වන්ට රම්යනවූ වටගෙයක්ද, ඉක්බිති කසාපිළී හඳනා ව්රැතීන් හෝ බෞධ භික්ෂූසන් විසින් දෙනලද පිරිත්පැන් පිරිත්හු ගන්නා පිණිස පන්සැත්තෑගෙයක්ද (කරවිය). හාත්පසින් විසිතුරු තිරපව්රෙන් පිරිකෙව් කරණලද්ද‍ාවූ මාහැගි රන්වියනින් හෙබියාවූ ඒ ඒ තැන පුදනලද නන්වන් සුවඳමලින් එක් මල්ගුලාවක් සේ බබලන සුවඳ තෙල් පහනින් අනවරයෙන් අළුකළ ගැබ් ඇති කළුවැල්දුමින් හාත්පසින් සුවඳ කවනලද්දාවූ රන්මුවා ඈ නොයෙක් බුදුපිළිරුවින් විසිතුරු කරණලද වස්ත්රවයෙහි නගනලද්දාවූ සර්ව්ඥයන් පිළිබිඹුමාලාවෙන් හොබවනලද බුදුපිළිරුවෙහි සියතින් නෙත් තබන්ටත් බුදුන් පුදන්ටත් අනුත්තර සධර්මිශ්රිවණයටත් ඒ රාජෙන්ර් ප යා ප්රාවිෂ්ට කල දිව්යන සගිති සදාශ කොට ලයාන්විතව මිහිරි ගායනා කොට නටන නාටක ස්ත්රී න් සමඟ කෙකාරවය වගුරන්නාවූ අනවරතයෙන් පටන්ගත් නැටුම් ඇති ජනයා ආශචය්ය්ෙක යෙන් විසව කරන්නාවු උතුම් මොනරෙකුගෙන් හෙබියාවූ ධර්මානගාරයක්ද හැමකල්හි ධර්මනයට අනුව පවත්නා හේතෙමේ කරවීය. ඉක්බිති සදලල වෙත ලයාන්විත ‍අනෙකගාන්ධිනර්ව ගීතිකාව අසන්ටත් රම්යිනෘත්යය දක්නටත් රන්මුවා ටැඹින් හාත්පසින් තෙවුනාවූ තමා‍වගේ චරිතයෙන් යුක්ත සිතියමින් මනහරවූ කුඩලාභරණය අගු පලදනාය මුකතාහාරය යනාදී නානාභරණ දීපති ඇති ක්ෂෞකමකෞශෙය විනාදී විචිත්රය වස්ත්රා ශොභාවෙන් යුක්තවූ සවර්ණෂමය මහාකද හා අතුපතරින් තෙවුනාවූ සිතියම් කරණලද නොයෙක් පක්ෂි් සමූහයන්ගේ ශොභාවෙන් යුක්තවූ අභිමතාත්ථිණදායක කල්පවෘක්ෂෂයෙන් හෙබියාවූ සරස්වතී මඩපයක්ද නරශ්රෙතෂ්ඨතෙමේ කරවීය. ඊට ඉක්බිති කොට සුධර්මාක නම් දිව්යෂසභාව පොළෝතළට බැස්සා බඳුවූ සියලු ලොකයෙහි චාරිත්රා එකතැනෙක කැටිකළා බඳවූ තුන් මහලයක් ඇති විසිතුරු සිතතමින් හෙබියාවූ සිත්කළු පිළිකඩ


152 මහාවංශය


පෙළින් වටකරණලද්දාවූ එහෙයින් ම සිත් අලවන්නාවූ ගායකාදීන්ට ඉෂ්ටාත්විස ප්රිදානය කරන්නාවූ කල්පවෘක්ෂතයාගේ අධඃප්රනදෙශ යෙහි කරණ ලද මාහැගි අස්නකින් හෙබියාවු ස්වකීය බාහුබලයෙන් යෙන් යුදෙහි ලඞකාඟනාව ලත්කල (එහෙයින්ම මුදුනෙහි) බබලන්නාවූ කිරීටයක් බඳු නානාරත්නයෙන් භාස්වරවූ නරලෝ තොපුලක්හුගේ හෙවත් මහදෙවිගාගේ දළමඩුලු බඳුවූ රාජවෙසී භුජග නම් රම්යොවූ මඬපය කරවීය. එසේම පොළෝ බිඳගෙණ නැංගා වැනි මකරතොරණින් නිමියාවූ රම්යවවූ එකස්තම්භ ප්රාුසාදයක්ද කරවී. පසුව ( එය) මනෙඥවූ රන්මුවා ටැම් මත්තෙහි පිහි‍ටි රන්බිමින් හෙබියාවූ හොබනා පහන්තුරකින් යුත් සිත්කළුවූ ඒ රාජසිංහයාගේ රන්ලෙන් සිරි එලවන රන් ගෙයකින් හොබවන ලද්දේය. ඉක්බිති ඒ රාජනිවෙසනය වෙත පෙදෙස්හි පෘතිවිපාල නායක ඒ රජතෙමේ ගෘහොදෘනයක් කරවී. ( ඒ උයන තෙමේ) අධිකශ්රී න් නදුනුයන් හා සාදාශ්ය ය දැක්වී. ජනයන්ගේ නෙත්ර සන්තුෂ්ටි දායක වූයේ සතුටු ‍කෙරෙහි යන හේතුවින් නමින් නන්ද නය. ඒ උයන කුන්ද්ලතාවෙන් වලඳනාලද රුක් ඇත්තේය. සපු ‍හෝපලු තෙල් නා දොඹ දුනුකේ සල් පළොල් කොලොම් අඹ දඹ බක්මී මුහුළු පොල් කෙළිඳ රත්කරව් දෑසමන් මලිගිය තමළු යොහොඹු මේ ආදී නනපලකුසුමෙන් යුත් ද්රැමමයෝ යම්තැනකට ගිය මිනිසුන්ගේ සිත් උමතුකරන්නා බඳු වෙත්ද, මොනරුන්ගේ කේකාරවයෙන් හා කොව්ලන් මියුරු අවියත් හඩින් හැමකල්හි ලෝවැස්සා ලොභකරමින් සිත්කළුද, කමලොත්පලසාඵල්යහයෙන් හා විල්ලිහිණිරව‍ෙයන් මනොහරවූ සිත්කළු ඉවුරුඇති විල්රැසින් හෙබියේ ; ඇත්දළමුවා හිමිනැති රූ පෙලින් හෙබියාවූ ටැඹින් දැඩිකලාක් වැනිවූ මහත්ව බබලන්නාවූ යතුරු නළින් හරණලද දියදහරින් හැමකල්හි වස්නා මහමෙකුළු අයුරින් සිත්කළුවූ උද්යාණනශ්රිහය‍ගේ මෞලි මඞනාකාර දරන්නාවූ නෙත් පැහැරගන්නා ධාරා මඞපයකින්ද හොබවන ලද්දේය. නොමද සඳුන් ටැඹින් හෙබියාවූ භූමඬල මඬනාකාර එලවන්නාවූ තෙවුනා විමාකයකින්ද, (එසේම) වොරජනා අසමාව අටැස් මඩුවකින්ද, නැවත නැදවැටක් බඳු මඩුවකින්ද, අනන්තයා දරණවැල සිරි එලවන ශ්රීුමත් මනොඥ මහත් මඩුවකින්ද හෙබවීය. යම් උයනෙක්හි පිහිටි ගල්පොකුණු තොමෝ සතුටුකළ අනත් සපුරිසන් ඇති මිහිපල් මුදුන්මල් රජහු හැමකල් සිත් සතුටු කරන්නීද, යම් උයනෙක්තෙමේ මගුල් පොකුණ කරණකොටගෙණ අතිශයින් රමණීය වූයේ හැමකල නදුන් පොකුණෙන් යුත් නදුනුයන සෙයින් හැගේද, යම් උයනෙක්හි සුවඳ දියදහරින් යුත් අනික් පුණු නම් පොකුණු තොමෝ ඒ මිහිපල්සඳහු සතුටු කරන්නී වොරජනීද,


73 වෙනි පරිච්ඡේදය 153


එසේම යම් උයනෙක් වසත්නම් ලෙනින් හා පොකුණුවලින්ද යුක්ත වූයේ නොමදසිරින් මනාවූයේ හැමකල සිත්කළුව පෙණේද; මෙරමා මඩනා ඒ රජතෙමේ දෙපරිද්දෙකින් ගිය දියදහර ඇති බැවින් දිවයිනක් බඳු පෙදෙසක අන්යමවූ විපොද්යා නයක්ද කරවීය. යම් උයනෙක්හි සියලු සුණුවමින් නිමියාවූ වින්මයාවහවූ කෙලෙස් කුළු මුදුන් බඳු සුදුගෙය දෘශ්ය.මානද, නානා විද්යාාවිශෙෂයන්ගේ දර්ශසනය පිණිස ‍කළහෙයින් විද්යාදමඬප නම්වූ විමානයෙන් සැරහෙන ලද්දේද, රන්නරස්සෙන් යොදනලද මනොහර ඕවිල්ලෙන් යුක්තවූ ඉතා පවිත්රදවූ එසේම සිත්කළුවූ දෝලාමඬපය යම් උයනෙක හෙබේද භාෂ්යූරස දන්නා ක්රීදඩාමාත්යසයන් විසින් පෙරටුකරණලද රජතෙමේ යම් තැනක සිත්අලවාද, එහෙයින් ක්රී්ඩාමඬපයයි නම්වූ විමාකයෙන් වොරජනාවූද එසේම දළකඩ කර්මාදන්තයෙන් උපලක්ෂිරත වූ තිරස් කරණි මඬපයෙන්ද මයුර මඬප නම් අන්ය මඬපයකින්ද හැමකල්හි හොබවන ලද්දේය. යම් උයනෙක්හි අනන්තයා දරණවැල (අතුට) බඳනාලද ගලින් යුක්තවූ අනන්තපුෂ්කරණී තොමෝ හැමකල්හි ජනසමූහයා සතුටු කරන්නීද ; තවද යම් උයනෙක්හි විසිතුරු සිත්තමින් යුක්තවූ චිත්රා නම් පුෂ්පකරණී‍තොමෝ මෙරවා මඩනාවූ ප‍රාක්රාතන්තබාහු නැමැති රාජඍෂියා සිත් අලවන්නීද යමි උයනෙක්හි නන්සිතියමින් විසිතුරුවූ තමහට විඩියක් නැත්තාවූ සිවුමහල් විමන ශෘගාරශබ්ද පෙරටුකොට හෙබේද තල් කිතුලින් යුක්තවූ නා දොඹතුරින් රඳනා (යම් උයනක්) කෙසෙල් ගසින් හා කිණිහිරි ගසින්ද (එසේම) යොහොඹු ගසින් යුක්තවීද. ඊට ඉක්බිතිව සියලු මිහිපල් නැමැති කුලපර්වකතයන්ට මහාමේරුව බඳුවූ ඒ රජහුගේ අභ්ය න්තරිකවූ තුණුරුවන් මාමක කොට ඇති අත්වාමනත්වඒයන් පරිග්රගහ කරන්නාවූ පැණවත් පිරිසිදු සිත් ඇති නොයෙක් කුශලක්රි්යාවන්ගේ විධානොපායෙහි පඬිතවූ ඡන්ද යෙන් වෙෂයෙන් භයින් මොහයෙන් අත්යනත්වතයෙන් අගතිගාමී නොවන්නාවූ ජලයෙන් සයුරක්සේ කුශලරාශීන් තෘප්තනුවූ හිරිඋතතපපනනවූ නිත්යාඅරබධ පරාක්ර ම ඇති සිල්රක්නා විචක්ෂ්ණවූ මහෙන්ර්ව නම් එක් ඇමතියෙක් තෙමේ සුවාසූදහස් දහම්කඳ නැමැති අමෘතාභිෂෙකයෙන් පවිත්රවවූ දළදා ධාතුස්වාමිහු‍ගේ වැඩිම පිණිස සියලු කම්හි සැමදා උපස්තම්භකවූ ශ්රීූමත් එම නරෙන්ර්ාමියා අනුග්රලහයෙන් රනමුවා පියසිදොර කවිළුයෙන් හෙබියාවූ ඇතුළ පිට කරණලද නොයෙක් සිත්තමින් සමුජ්ජවලිතවූ විදුලිදැලින් වලදනාලද රන්මුවා පව්වක් සෙයින් නන්වන් විසිතුරු වියනින් හෙබියාවූ නන්පැහැ විසිරෙණ තිරයෙන් චොරජනාවූ මාහැගි ඇතිරිසෙයිනි යුත් මැසිපෙළින් යුක්තවූ ශ්රීණදේවතාවගේ නිවාස ගෘහයක් බඳුවූ සියලු ලෙව්හි සිත්කළු දෑ එක්තැනෙක කැටිකළා මූර්තෙතිමත් ව බබලන්නාවූ බඳුවූ ඉතා සිත් X 33-16


154 මහාවංශය


කළුවූ මුත්හර හංස තුෂාර කිරිවලාසේ ප‍ඬෙර විසල් මනොඥ චන්ර්්නා ශාලාවකින් වොරජනාවූ නගනලද කොඩි ඇති සිත්කළුවූ රන්වුමා කොත්කැරලි ඇති ප්රජසාදජනකවූ හොබනා විසිතුරුවූ පහය කරවීය. ඊ‍ට ඉක්බිතිව කීර්තබතිශ්රීපමෙඝ මහාරාජා නමැති මහාර්ණනවයෙන් පහළවූ චන්ර්ාවූලේඛා බදුවූ ලොවැස්සා නෙතට මනොහරවූ ක්ෂනත්රීනය වංශයට එක කෙතුවූ ඒ මහරජහුගේ ප්රි්යභය්යාා බදවූ ඒ මිහිපල් මුදුන්මල්හු සීතා‍දේවිය රාමයා සෙයින් සිත් අලවන්නාවූ නොයෙක් සිය ගණන් අනතඃපුර ස්ත්රීනන් අතුරෙහි අන්යමන්ත වල්ලභතරවූ තුණුරුවන් ස්වාමි කොට පවත්නා සියහිමියා තබා ශක්රඅදෙවයා හා ශදාශවුවත් යම්බඳු යම්බඳු කිසිවෙක් තණපතටත් නොතකන්නාවූ ඒ නරෙන්ද්ර්යා මන වඩනා පරිද්දෙන් හැසිරෙන්න‍ාවූ ප්රි‍යවාදිනීවූ ශ්රයද්ධා ශීලාදී අනෙක ගුණභරණයෙන් හෙබියාවූ නැවුම් ගීයෙහමි දක්ෂනවූ කුශාග්රිබුඬින් යුක්තවූ කරුණාගුණ යොගයෙන් හැමකල් සිහිල් මනස් ඇති රූපවතීන් අතුරෙන් ප්රණවරවූ පතිව්රහතා ධර්මසය රක්නාවූ ප්ර්ඥාවන්තවූ පුණ්යිවන්තවූ පවිත්රොක්රිවයා ඇති ලෙව්හි පතළ නීතිනි ඇති රූපවතී නම් දෙවිතොමෝ “මිනිසුන්ගේ ආයුස සවල්පයි, සත්පුරුෂතෙම එය සුළු කොට හගින්නේය, ගිනි ගන්නාලද හිස ඇත්තෙකු සෙයින් හැසිරෙන්නේයි මරහුගේ නො‍ඒම නැත්තේය” මේ ආදී අනිත්යුතාවෙන් යුක්තවූ බුද්ධ භාෂිතය මෙනෙහිකරන්නී නොයෙක් මුනි ශ්රේෂ්ඨයන්ගේ භාෂිතය ශ්ර වණ ධාරණ ඇත්තී සත්ව්යන්ගේ අල්පායුෂකබවහා සසර සයුර මුළාව හැසිරෙන්නට කුසල් සමාන ප්රරතිෂ්ඨාවක්හුගේ අභාවයත් දන්නී නොමැලිව නානාප්රනකාර කුසල් සම්පාදනය කරන්නී සසර සයුරෙන් වහා තමා එතර කොට නිවන්තෙරට පමුණුවනු පිණිස රන්මුවා නැවක් බඳු රන්මුවා මහ සෑයක් නුවරමැද කරවූවා. ඉක්බිති රම්යරවූ ඒ නගරයෙහි නොයෙක් සියගණන් දෙමහල් තුන්මහල් ආදියෙන් යුකත නොයෙක් දහස්ගණන් ගෙවලින් හොබවනලද්දාවූ සියලු අතුරු සල්පිළින් යුකත සියලු උපකරණයෙන් යුකතවූ දවස්පතා ඇති අස් රථ සංචාරණයෙන් නොකඩවූ නිත්ය්යෙන් පටන්ගන්නාලද මහ සැණකෙළියෙන් යුකත ජනසමූහයාගෙන් ගහණවූ නානාප්රුකාර විථිත්, පැණඇති ඒ රජතෙමේ කරවීය. ඒ රජතෙමේ ඊට ඉක්බිතිව සියලු සම්පත් එලවන්නාවූ ශ්රීි වහනය වන තුන්මහල් තුන්පහයකින් සමලඞකෘතවූ සමීපයෙහි කරණලද වෙළුවනය ඉසිපතනය කුසිනාරාමය යන නමින් යුත් විහාරත්රමයකින්ද යුකතකරණ ලද්දාවූ ‍රාජවෙසී භුජගය එසේම රාජ කුලාන්තකය විජතයයි යන ‍නම් ඇති අතු නුවර තුනක් කරවීය.


73 වෙනි පරිච්ඡේදය 155


ඉක්බිති පෘථිවිපාලතෙමේ ඒ සමීපයෙහි රාජප්රා සාදයට හා පුරත්රතයට මඬ්යිවන්ති (ප්රිදෙශයෙහි) ගවුගවුතන්හි සතර දිගින් වඩනා භික්ෂූරන් පිණිස (කරණලද) විශ්රාීමශාලායෙන් හෙබියාවූ සිත්කළු ධර්මුශාලා ප්ර්තිමාගෘහසහිතවූ එබඳුවූම උතුම් වෙහෙර තුණක් කරවීය. මෙසේ සර්වතත සම්පන්නවූ සර්වාකාමයෙන් සමර්පිතවූ ඒ රජ තෙමේ වසන්තශ්රීතන් හෙබියාවූ අමරාවතිය සදාශවූ සතරගවු අයමින් සත්ගම් විතරින් තමා විසින්ම වඩනලද්දාවූ ස්වකීය නාමයෙන් උපලක්ෂි ත වූ හොබනා සිත්කළු පව්රුවලලු ඇති එසේම සිත්කළු මුඩුසෙවෙනි ගෙයින් සමුජ්ජුවලිතවූ කොමේ මහවෙයින් යුකතවූ ඇසට රසයින්බඳු පුලස්ති නම් පුරයෙහි ශක්රතදෙවෙන්ර්ොමේයා සදාශවූ හැමකල්හි නොලත් ලද්දාවුන්ගේ ලාභ පාලනයෙහි පඬිතවූයේ විශිෂ්ටවූ රාජවාරය මනො‍රම්යේවූ සිංහචාරය විශාලවූ හස්තිචාරය එසේම විශාලවූ අන්යජවූ ඉන්ර්ම්යචාරය හනුමන්තචාරය උත්තුගවූ කුවෙරචාරය විචිත්රයවූ වඩිවාරය එසේම රාක්ෂමවාරය උස්වූ භුජගචාරය උජ්ජවලවූ පානීයචාරය අන්ය්වූ උද්යාරනචාරයි හොබනා මායාචාරය මහා තිත්වඋචාරය උතුම්වූ ගන්ධුර්වාාරය යන මේ තුදුස්දොර නරශ්රෙිෂ්ඨවූ ඒ රජතෙමේ කරවීය. මෙසේ පූර්වොයෙහි ඉතා කුඩාවූ අනෙක යුද්ධයෙන් නටුවාවූ ඒ පොළොන්නරුව මෙරුසාරවූ විදුරු අගක් වැනි ප්ර්ඥා ඇති ඒ පරාක්රනමබාහු රජතෙමේ මනා තව්තිසා දෙව්නුවර මෙන් සජ්ජිත කෙළේයි. මෙතෙකින් හුදීජනයා ප්රවසාද සංවේග පිණිස කළ මහවස පුළත්ථි පුර පටිසඞබරණ නිදෙදස නම්වූ තෙසැත්තෑ වන අදියර නිමි. ________________________________________


74 වෙනි පරිච්ඡේදය

සංස්කරණය

‍ ඉක්බිති නරශ්රෙතෂ්ඨතෙමේ සොළී සේනාව විසින් සර්ව ප්රරකාරයෙන් සියල්ල නසනලද තමන් මුල් රාජධානිය වූ ඒ අනුරාපුරය ජීවමාන ශාස්තෘහුගේ දැවී දහස හා නිම්වලලු ඇති චක්ර ලක්ය්ය යෙන් හෙබිය‍ාවූ පාදයෙන් පිවිතුරුකළ බිම් හෙයින්ද මහර්ෂීහුගේ මහා බොධිය දකුණු ශාඛාවෙන් හා ධාතුද්රොෘණයකින් පිහිටි ප්රරදේශ හෙයින්ද අතිශයින් පිදිය යුතුයයි හඟනේ ඒ නගරයාගේ ප්රිතිසංසකරණය කරවන්ට පටන්ගත. පසුව විචක්ෂනණවූ ඒ රජ තෙමේ එක් මහ ඇමතියෙකු කැඳවා සියකැමතිවූ පරිද්දෙන් එය උහුට අණකෙළේය. ඉක්බිති හේ තෙමේද ඒ ආඥාව සර්වමප්රෙකාරයෙන් නුගුළුවා හිසින් පිළිගෙණ ඇදිලිද බැද අනුරාපුරයට ගොස් තෙමේත් විධානයෙහි පඬිතවූයේ සියලු රාජාඥාව සම්පාදනය කරන්ට ආරම්භ කෙළේය.


156 මහාවංශය


ඉක්බිති නුවනැති ඒ ඇමතිතෙමේ පෙර රජුන් රජදහන් සීමායෙහි පවුරු අනු පව්රු හා වීථි ප්රාඇසාද තොරණයන්ද මනොඥ පොකුණුද සුදසුන් උයන්ද පෙර පරිද්දෙන් නොබෝ කලකින්ම කරවිය. පසුව මහසෑ ආදී තුන්නිකා අයත් දාගැප්ද ලොහොපා ආදී බොහෝ වෙහෙරද කරවීය. තමා විසුවාවූද දොරටු අටලු තොරන් සහිතවූ දුටුවන් සිත් පිණවන සදල්ලෙන් සිත්කළුවූ රාජාඟන සහිත රුසිරු පහයද මේ ආදී සමෘඬියෙන් යුක්ත සියලු නුවර පෙර සෙයින් කරවීය. මෙසේම ඒ රජතෙමේ බොහෝවූ පෙර රජුන් සෙයින් කරවීය. මෙසේම ඒ රජතෙමේ බොහෝ වූ පෙර රජුන් විසින් කරවන ලද කර්‍මාන්තයන් එක් ස්වකීයාමාත්යනයෙකු ලවා වහා නිමවිය. (ඒ එසේමැයි) නොයෙක් ජාතියෙහි රැස්කළාවූ කුශලොද්භාවයට භාගීවූ නුවනැත්තන්ගේ සියලු මනදොළ ඒකාන්තයෙන් මොනවට සිදුවේමැයි. ඊට ඉක්බිතිව නුවර දොරටු තොරණින් යුක්තවූ පව්රු දිය අගල් වීථි හා පහ අවන්හලින් හෙබියාවූ සීලාදී ගුණයොග ඇති නොයෙක් සිය ගණන් භික්ෂුින්ගේ වාසය පිණිස කරණලද ප්රතසාද‍යන්ගෙන් හෙබියාවූ ආරාමයෙන් සිත්කළුවූ දෙවියන්ගේ ආලකමන්දාස නුවර සෙයින් පොහොසත්වූ පිරුණවූ සුභික්ෂවවූ හැම කල්හි මනුෂ්යද සමූහයාගෙන් ආකීර්ණරවූ පරාක්රෙම නම් නුවරද මහ පැණැති ඒ රජතෙමේ කරවී. ඊට ඉක්බිතිව මේ සිංහල ද්වීපයෙහි ඒ ඒ ජනපදයෙහි සිටියාවූ මහ ඇමතියෝ ඒ ඒ දනව් වැසි මහජනයා නොපෙළා ඒ ඒ දනව්වෙන් උපදනා අයත් නොනස්නා කොට යම් යම් පරිදදකින් ඔව්හු ගණිත් නම් එසේ එසේ ආඥා කෙළේය. පසුව මසක් පාසා සතර පෙහෙවස් දවස්හි සියලු ලක්දිව්හි වැව් ආදී සියලු තැන්වල ගොඩ දිය හැසිරෙන්නාවූ මුවන් මසුන් ආදී ප්රාිණීන්ට ප්ර ඥාසම්පන්නවූ කොයිනුත් භය නැත්තාවූ ඒ රජතෙමේ අභය දෙවීය. පසුව රුහුණුරට වැසි බොහෝ සාමනතයෝ මාණභරණ රජහු මළකල තමන් පිහිටක් නැත්තෝ පරාක්රමමබාහු රජහුගේ ස්වරූප නොදන්නෝ භයින් තැතිගත් සිත් ඇති බැවින් ඒ රජහට තමන් නොදක්වා ස්වකීය අපරාධය කෙණෙහි කෙණෙහි මෙනෙහි කරන්නෝ කල් පසු යත් යත් භය දෙගුණබවට ගියකල ඒ රාජෙන්ර්ෙහි ශ්රෙයෂ්ඨයාගේ අන්යගයන් විසින් අවිලඞගනීයවූ උදාරවූ වික්රපම ක්රකමය සර්ව‍ ප්ර කාරයෙන් දැන දැනත් “උපන් වැඩුන් රට එක දවසකුදු ජීවත්ව හිදීම මැනවැ”යි සිතමින් අනික් යායුතු මගක් නොදන්නෝ “නදී පර්ව ත දූර්ගාමදියෙන් යුක්තවූ මේ ජනපදය සතුරු සෙනගට කිසි කලොකත් දකින්ට හෝ දොමොදැ”යි මෙසේ මේ ආදිය කියා සියලු ර‍ටවැස්සන් වසඟ කොට ගෙණ සුගලා නම් රාජ මාතාව කරා අවුත් “මාණභරණ රජහු මළබව හේතුවූ යම් සොකයෙක් වීද දේවීනි ඒ ශොකය තෙමේ ඒකාන්තයෙන් ඔබගේ සිත නහමක් පෙළාවා අප ජීවත්වන කල නොයෙක් දුර්ගෙයෙන් යුක්තවූ අපගේ


74 වෙනි පරිච්ඡේදය 157


මේ ජනපදයට ඒකාන්තයෙන් කවරෙක් නම් වදනේද” මේ ආදී බසින් ඒ රාජනියට හඟවා සියල්ලෝ සමගිව සියලු දුගර්ඝ ස්ථානයෙහි රට සීමාව දක්වා ඇතුන් විසිනුදු කම්පා ‍කටනොහැකි බොහෝ බලකොටු කොට ගෙණ ඊ වටා අගල් බිඳුවා එහි යකුටු බඳුවූ තියුණු‍කටු අතුරවා කපා හෙලනලද රුකින් මාර්ගබයනුදු දුර්ගුම කොට පසුව රටවැසි ඒ සියල්ලෝ ප්රදතිවිරුද්ධයෝව එකෙකී මහ කොටුවෙක නොයෙක් දහස් ගණන් යොධයන් ඇතිව යුද පිණිස කැසපට බැඳගත්තෝ බොහෝවු සනනාහ ආයුධ ඇතිව මහා බල ඇතිව අතිශයින් සාහසිකව හිඳගත්හ. සුගලා රාජිනීතොමෝද විචාරක්ෂ මබුඬි නැති බැවින් හා තමන් ප්රලකෘතියෙන්ම දුෂ්ට බැවින් තියුනු ව්යවසනයට භාගීවූ ඔවුන් බස් ගෙණ තමා අයත් මිණිමුතු ආදී බොහෝ වස්තුද එසේම දළදා පාද සනතකවූ බොහෝ වස්තුද ගින්නෙන්හි බහාලන්නියක් සෙයින් සියල්ල ඔවුන්ට විසර්ගස කොට කර්‍තව්යා ර්කසව්යලයෙහි අපණ්ඩිත වූවා තනතුරුද දී තොමෝත් ඔවුන් ලවා රජහට පටහැණිකම් කරවන්ට පටන්ගත්තාය. අනුන් විසින් ඇක්මිය නොහැකි විකුම් ඇති පැරකුම් නරනිඳුද එවපවත් අසා ලීලාසහිත මිහිරි සිනාවෙන් සිනාසෙමින් යුද්ධාක්ෂ මවූ රක්ෂඅ නම් සෙනෙවියා කැඳවා ඒ පවත් ඇසූ පරිද්දෙන් තත්වධයෙන් උහුට කියා “ තෝ වහා ගොස් නැංගාවූ සතුරුසෙන් නැමැති ලැව් ගින්න ශර වර්ෂා‍ හෙලීමෙන් සියලු ආකාරයෙන් නිවා ඒ දනව්ව රක්නට තැබිය යුතතන් තබා වහා එව”යි කියා මහ බල ඇති උහු යැවීය. එකල කොටසර රටවැසි සිංහල කේරළයෝ වේළක්කාර බලයත් සමඟ රැස්ව “පරාක්ර ම නරෙන්ර් බ යන් විසින් රුහුණුරට ගැන්ම පිණිස ඇමැතියන් සහිත ප්ර්සිඬ බොහෝ යෝධයෝ යවන ලද්දෝල. මේ අතුරෙහි රජටර ගනුම්හ”යි මන්ත්රටණය කොට සියල්ලෝ එක්බස්ව මහ යුද පටන්ගත්හ. අවනත සියලු මිහිපලුන් ඇති පරාක්රසමබාහු රජතෙමේ රථවාහන බලයෙන් සහිත වීරවූ කිහිප ඇමති කෙනෙක් එහියවා මැරියයුතු ජනයන් මරවා එහි බොහෝ ගම් ගණ වැසි (භික්ෂූ්න්ට) දෙවා තවත් නොයෙක් ගම් රාජභොගාගී කරවා එහිද පසමිතුරන්ගෙන් හටගත් භය කොයිනුත් භයනැත්තේ සමනය කරවි. ඉක්බිති රක්ෂ් නම් ඒ සෙනෙවිතෙමේ ඒ මහරජහු අණ පිණිපා පෙරටුව හිසින් පිළිගෙන වීරවූයේ මහා යසස් ඇත්තේ පොළොන්නරුවෙන් නික්ම බරබබල නම් පෙදෙසට ගොස් එහි වාඩිලාගත්තේය. රටවැසියන් සහිත රුහුණු සියලු මහ සේනාවෝ උහු එලඹී ක්රඑමය වූ පරිද්දෙන් අසා “අපි ජීවත්වන්නමෝ අපගේ රාජ්යේ සීමාව පැනගෙණ මෙහි එන්ට නොදෙම්හ”යි මෙසේ කරණලද


158 මහාවංශය


නිශ්චය ඇත්තෝ මහත් බලාත්කාර ක්රි යා ඇත්තෝව ස්වකීය ජීවිතයෙහි අපෙක්ෂාඇරහිතව යුධාරම්භයෙහි ඉතා කැමැතිය එතැනටම එලඹියහ. පසුව රක්ඛ නම් සෙනෙවිතෙමේ ඒ සේනාව සමඟ රුදුරු යුද කෙරෙමින් බොහෝ බලසෙන් මරවමින් ඔවුන් විසින් මාර්ගුයෙහි සිඳ හෙලනලද රුක් සිඳිමින් කටුවන නම් තැනට ගොස් මහාබල ඇත්තේ එහි බලකොටුවක් කොට ගෙණ උන්නාවූ සතුරු සේනාව හා යුද කොට ඒ කොටුව බිඳ හේතෙමේ ඇතුල්ව නොයෙක් දහස් යොධයන් ජීවිතක්ෂ යට පමුනුවා එයින් පිටත්ව ගෙණ අම්බල නම් තැනට ගියේ, එහි සිටි සේනාව සමගත් යුද කොට එහි බලකොටුවත් බිඳ සියලු ඒ යුධභූමිය මස් ලෙහෙයෙන් පූර්ණග කොට එයිනුත් නික්ම සැවැන් නම් මහ කොටුවද බිද බොහෝ භටයන් මරා ඒ ඉදිරියෙහි දිවාචන්දමන්තබාටව (බලකොටුවෙහිද ඊට ඉදිරියෙහි ඒ මහ දැලයෙහි මහපව්වෙන් ගහනවූ මැදිමැද්දෙහිද සිඳ හෙලන ලද නොයෙක් මහරුකින් බැසගත් නොහැක්කාවූ (මිනිසුන්ගේ) යාම් ඊම් වර්ජිතවූ මහ මග ගව්වක් දෙකක් පමණ දුරවූ වෙනෙහි මතැතුන් විසිනුදු සෙල්විය නොහැකි මහ දොර ඇති අතිශයින් යානොහෙන බලකොටු සතක්ද පිළිවෙළින්ම කරවා එකක් පාසා තමන් විසු බලකොටුවට (සතුරු සේනාවට) “ඒකාන්තයෙන් වදනට නොදෙන්නම්හ” යි සර්ව්ප්රමකාරයෙක් කරණලද දැඩි ගිවිසීමෙන් යුක්ත පසමිතුරුසෙන් හා කීප මාසයක් රෑ දාවල් දරුණු යුදකොට ඇමැතියන් සහ නොයෙක් දහස් ගණන් යොධයන් මරවන්නේ මහත් බල ඇති ඒ සෙනෙවිතෙමේ එහිම විසීය. වීරවූ පරාක්රහම මහරජ තෙමේ පොළොන්නරු නුවර වෙසෙමින් ඒ සෙනෙවිහුගේ මේ යුධ ක්රමමය දූත මුඛයෙන් අසා “ ‍ලාමකවූ දාමරිකවූ උන් මෙතෙක්කල් සමව යුදකිරීම සර්ව ප්රෙකාරයෙන්ම නොයෙදේ ; මා විසින් කියනලද උපදෙසින් දොරටු සහිත සියලු බලකොටු බිදහෙලා අනලපවූ සියලු සේනාව මරවා ඒ වෘත්තාන්තය තත්වූ පරිද්දෙන් කියා වහා මා වෙත එව”යි මෙසේ ආඥා කොට බොහෝ යොධයනුදු දෙවමින් එම යුධ භූමිය වෙතට ස්වකීය රාජභවනයෙහි වසන සංග්රාෙමොපාය කුහලවූ භූතධිකාරීහු යැවුයේය. ඉක්බිති ඒ මහ ඇමති තෙමේ පුලස්ති නගරවරයෙන් නික්ම රක්ෂර සෙනාධිනාථයා හා කැටිව මහ බල ඇත්තේ ශ්රී මත් නරශ්රේෂ්ඨයාගේ ආඥාව විරුද්ධ නො‍කොට වීසම් වුවා සන්නාහ කරවා ගෙණ මහසෙන් සරහාගෙණ මහ යුද කොට නොයෙක් සිය ගණන් බොහෝවූ යොධයන් මරවන්නේ පිළිවෙළින් කරවූ සත් බලකොටු බිඳුවා එයින් නික්ම කැලවත්තයි නම් ද ගමට ගියාහු, නැවත එහිදු සොරවූ ඉතා බිහිසුන් යුද කොට එයිනුදු නික්ම වටරක්


74 වෙනි පරිච්ඡේදය 159


ගොඩට ගොස් එකල එහිදී නානා දිගින් පැමිනියාවූ සතුරන්සෙන් මරවා දළවඩුන් නම් ගම්හි මහ යුද කොට එයිනුදු ගොස් සොහොවුරා නම් ගම්හි මහ යුද කොට එයින් රක්සෙනෙවි තෙමේ ලොග්ගල සිටි සතුරු සේනා සාධනයට බොහෝ බලසෙන් යවා බොහෝ යොධසහස්රලයන් තමා වෙතද රැදවීය. මේ අවකාශයෙහි සෙනෙවි අධිකාරීන් ගණුම්හයි ආවාවූ මහ සෙන් මරවා හේතෙමේ පැලවී. ලොග්ගල ගියාවූ මහත් චතුරගිනී සේනා තොමෝද එහි සිටි සතුරුසෙන් කථාශෙෂ කරන්නී උන් සතු වස්තු ජාතයා සර්ව ප්රිකාරයෙන් අසිද ගෙණ සෙනාධානාථයන් විසු තැනටම පැමිණියා. දෙසෙනග එක්ව මැදගමට ගොස් එහිද ලොග්ගල සිටි සෙනෙවි අදිකාරීන් හා “දළදා ස්වාමීන්ද පාදා වරයද ගන්ට නොදෙම්හ”යි දැඩි නිශ්චය කොට ගෙණ කටුදොර වත් ගම්හි යුන් සතුරු සේනාව හා මහ යුද කොට සතුරු සේනාව මරවා උදුන්දොරට ගොස් එහි බලකොටු තනා හුන් සතුරුසෙන් හා දරුණු යුද කොට දොරටු සහිත බලකොටු බිද ප්රුවිෂ්ටව බොහෝ සතුරන් මරවා බලවාහන සරසාගෙණ ඒ ගම විසූහ. ඉක්බිති සුගලා රාජනීතොමෝද දළදා පාදා ස්වාමින්වහන්සේලා ඇරගෙණ උරුවෙල් ගියහ. තවද දිගාවැව සිටි සතුරුසෙන් සාදනු පිණිස පරාක්රසම නරෙන්ර්ගෙ යා විසින් බලසෙන් සහ යවනලද කීර්තුති නම් අධිකාරීතෙමේද කීර්තාති ජීවිත පුස්තකීතෙමේද අන්යීවූ මහා ප්ර ධානයෝද සරසනලද මහත් බලවාහන ඇත්තෝ එරාහුලුදිගින් ගොස් ගිවලබා නම් ගම හුන් සතුරන් හා බිහිසුණු යුද කොට එහි බලකොටුවද බිඳ නොදමවූ සතුරනුදු නසා ඉනුත් නික්ම නැවත උඩුගම් ගොස් එහි බලකොට සතුරනුදු නසා ඉනුත් නිද්ම නැවත උඩුගම් ගොස් එහි බලකොට කොට ගෙණ තුන්මසක් නිරන්තරයෙන් මහ යුද පවත්වා මහසෙන් පලවා ඉන් ඉක්බිතිව හිහොබු නම්වු තැන බලකොටු බැඳගෙණ පරිබා කණවා කටු අතුටගෙණ සෙනඟ රැස්කරවගෙණ හැමකල්හි යුධයට සජ්ජිතව හුන් සතුරුසෙන් හා බිහිසුනු මහ යුද කොට දො‍රටු සහිත ඒ සියලු බලකොටු බිඳ ප්ර විෂ්ටවී. ඉක්බිති ශරවර්ෂාජ වැස්වීමෙන් ලංවිය නොහැකි යුද කොට ඉනිදු නික්ම කිරින්දෂ නම් ගම ගව්වක් පමණ තන්හි පෙර සෙයින් බලකොටු බැඳ හුන් සතුරු සෙනඟ පෙර සෙයින්ම බිඳ මහ බල ඇති ඔව්හු දිගාවැ නම් තන්හි විසුහ. දීර්ඝැදර්ශීන් අතුරෙන් ප්ර.වරවූ පරාක්ර ම නරෙන්ර්ලක යාද එහි සිටි ඇමැතියන්ට මෙසේ හසුන් යැවීය. “යුධයෙහි බිදී පලායන සතුරෝ වනාහි ප්රනවරවූ පාත්රැ දෘෂ්ට්රාන ධාතු ස්වාමින්වහන්සේලා ගෙණ බියවැද මුහුදු එතර යන්නාහි - මා විසින් අසනලද - එසේ කල මේ ලඞකාද්වීපය හිස්වන්නේය. වැලි මේ ලක්දිව්හි මිණිමුතු ආදී හෙද ඇති මාහැඟි නන්රුවන් වර්ග ය විද්යාිමාන කල්හිත්සර්වි ප්රදකාරයෙන් අසධාශවූ රුවන් නම් ධර්මවස්වාමිහුගේ දෘෂ්ට්රාව පාත්රර


160 මහාවංශය


ධාතූන්වහන්සේලා දෙදෙනාය. තවද සාරවූ බොහෝවූ ධනයත් විසදා සනනාහ ආයුධ සහිත යොධයන් අතුරු නැතිව රැස් කොට ගෙණ මේ උතුම්වූ ලක්දිව නිරවුල් කොට සාදන්නාවූ මා විසින් කරණලද මහත් ව්යාුයාමය තෙමේද ඒකාන්තයෙන් නිෂ්ඵල වන්නේය. නන්රුවන් රසින් උකටින් දිලියෙන මාහැගි කිරුළෙන් මා උතුම්ග ලකළකළ නුමුත් මහර්ෂීහුගේ දළදා පාදා වහන්සේලා දෙදෙනාගේ උතුම් පහස් යෙදීමෙන් පවිත්රිහන නම් වන්නේය. එහෙයින් බලවාහන සහිත සියල්ලෝ ඒකමුධව මා විසින් කියනලද උපදෙනයත් නොවරදවා සාකල්යලයෙන් සතුරුසෙන් ජයගෙණවර දළදාව හා පාදා වහන්සේ වහා එවව්ය”යි කියා (හසුන් යැවීය). කීර්ත ති නම් අධිකාරිහුද දිගාවැව් මඩල වසන්නේ ඒ රජු හසුන් හිසින් පිළිගෙණ සෙනග සහිත බොහෝ ඇමතියනුදු රැස්කරවා ගෙණ සේනානායක අධිකාරීන් සිටි තැනට එලඹියේය. ඉක්බිති යුහුවම රටවැසි මහා සේනාවද වර්ගරගිකයෝද සියලු ඇමතියන් කැටිව බොහෝවූ සන්නාහ ආයුද ඇතිව යුධයට සැරසී ගෙණ නොපසුබස්නා වීය්ය්බො ඇතිව වේගවත් අවයව රූ ඇතිව උදුන්දොර නම් ගමට යුද‍කට්ටිව අවුය “අප අයත් රට මැදට වන් සතුරන් අතුරෙන් එක සතුරෙකුත් මිදෙන්නට ඒකාන්තයෙන්ම අවසර නොදී සතුරන් පලායන මාර්ගකයෙහිද බලකොටු බැද දෙතුන් ගවු පමණ තැන මාර්ගුයද නොයාහැකි කොට සතුරන් වසන ප්රැදෙශය හාත්පස නානාවිධ ධාන්යායන්ගේ ප්රයවෙශයද වලකා සියලු සතුරු සේනාවම දුබලබවට ගියලද ශර වර්ෂා්වෙන් ලංවිය නොහෙන මහ යුද කොට (සතුරන්) මරන්නෙමුය”යි සිතා යටකී ආකාරයෙන් මහ බලකොට බැඳගෙණ යුද ලොල්ව හිඳගත. ඉක්බිති භූතාධිකාරීද රක්ෂාට සේනාධි නායක තෙමේද කීර්තලති නම් අධිකාරීද රණබිම සුරුවූ‍ිවෝ, මහසෙන් සරහාගෙණ සතුරුසෙන් මඩ‍නෝ, උපදෙස් පරිද්දෙන් සියල්ලෝ එකස්ව නික්මගෙණ ඉතා දරුණු යුද කොට බොහෝ භටයනුදු මරවා ඉතිරියන් පලවා පසුව එයිනුදු නික්මුනු මහ බලැතියෝ මහරීවර නම් බලකොටුවද බිද එතැනින් සියල්ලෝ නික්මගෙණ වොයලගමුව නම් තැන රැස්ව යුධ දක්ෂදවූවෝ වාඩිලාගත්හ. ඊට ඉදිරියෙහ් සමන්ගල් නම් දෙපෙදස හුන් සතුරුසෙන් යටකී ආකාරයෙන් බියකරු යුදෙහිදී මරා ඉන් ඉක්බිති බදගුන නම් තැන හුන් සියලු සතුරුසෙන් බිඳ ඉකිබිතිව උරුවෙල් මඩුලු තැන්හි බලකොටු බැඳගෙණ හුන් සියලු යෙස් මහයුදෙහිදී බිද ප්රලවර දෘෂ්ට්රාන පාත්රෙ ධාතුන් වහන්සේලා ගෙණ මහසෙන් විසින් පෙරටුකරණ ලද්දෝ එහිම විසූහ. එකල මාණභරණ රජහු සාමන්ත හූරුබෑදෙව් නම් දුර්බුදධීවූ එක් සෙනෙවියෙක් පරාක්රාමබාහු මහරජහු විසින් දඟගෙහි හැකිලි බැම්මෙන් බඳනාලද්දේ දම් බිඳගෙණ පලාගොස් රුහුණට වන. ඉක්බිති (පැරකුම්බා) නරපල් තෙමේ මජු අධිකාරීන් අණවා


74 වෙනි පරිච්ඡේදය 161


(කියන්නේ) “හුරුබෑ සෙනෙවියා සියරටට පලාගියේය ; හේතෙමේ යම්තාක් එක් තැනෙක දැඩිමුල් ඇති නොවේ නම් ඒතාක් තා විසින් යායුතුය”යි කියා නරෙශ්වර තෙමේ උහු යැවී. හේ තෙමේ පොළොන්නරුවෙන් නික්ම සාපත්ගමු නම් තැනට ගොස් එහිදී සතුරුසෙන් හා මහයුද කොට එහිදී බොහෝ යොධයන් මරවා බල කොටුවකුදු බිඳගෙණ මහාසේනාව විසින් පෙරටු කරණ ලද්දේ තෙමේ එහිම වාඩිලාගත. එකල්හි සියවග වැසි සියල්ලෝද බොහෝ දාමරිකයෝ ද බාලදරුවන් දක්වා රටවැසි සියල්ල ද පෙරලා “අපි ප්රාිණය ත්යාදග කරන්න මෝත් දෘෂ්ට්රා් පාත්රි ධාතූන් දෙදෙනා සර්වපප්රරකාරයෙන් ත්යාරග නොකරන්නෙමුය”යි මෙසේ කොට ගත් නියම ඇතිව කෙලෙසුනු චිතතපඞකලපනා ඇතිව, දැඩිමන් වසඟවූ ඒ සියල්ලෝ බත්සු නම් ගමට රැස්වුහ. එකල රක්සෙනෙවිද කීර්තටති අධිකාරීද එසේම භූතාධිකාරීද අන්ය්වු බොහෝ සාමන්තයෝද සතුරුසේනා හා බිහිසුනු යුද පවත්වන්නෝ දෙදෙනෙකු විසින් එක් මගෙක යන්ට නොදෙන්නෝ යුධක්ෂනමවූවෝ දළදා පාදා ගෙණ රාජ‍ගෞරවයෙන් මහපුද පවත් වමින් කොයිනුත් බිය නොව නික්මුනාහ. එකල දෙමටමල් නම් තැන සියලු සතුරු සේනා තොමෝ සනනාහ සනනඬව ගන්නා ලද ආයුධ ඇතිව වහාම වැව්නම් තැන වසන්නී සියලු අතින් අවුත් බිහිසුන් ලොමුදමන් මහයුද පැවැත්වී. සෙනෙවිනා ආදීවූ ඒ ඇමතියෝද දරුණු යුදෙහි මරණලත් මිනිසුන් සිරුරෙන්ද දමනලද ආයුධයෙන්ද හාත්පසින් ‍පදනික්ෂෙනපයට අවකාශ නොදෙන්නෝ එතැනින් ප්රආවර දෘෂ්ට්රාි පාත්ර‍ ධාතූන් වහන්සේලා ගෙණ සපපනාරුකෝකිල නම් ගමට පැමිනියහ. එකල්හි රක්සෙනෙවි තෙම අතීසාරයෙන් මිරිකුණේ කම්වූ පරිද්දෙන් පරලොව ගියේය. සියලු සංස්කාරයෝම නස්නාසුල්ලහ. එකල මජු කීර්තයති නම් ඇති ඒ අධිකාරීහු දෙදෙනා ඒ සෙනෙවිරත්හුගේ තනතුරට සුදුසුවූ ගෞරවය නොවරදවා ප්රෙදතකෘත්යහ කරවා, ප්රදඥා සම්පන්න ඒ සෙනෙවියා මළකල්හිදු නරශ්රොෂ්ඨයා දුරසිටි කල්හිදු භිමවික්රසම සම්පන්න එම ධරණීශවරයාගේ ප්ර්භාවාතිශයෙන් සියලු සෙන් එක්කොට ගෙණ කිසිවක්හුගේත් කිසි සඞක්ෂොාභයකට අවසර නොදෙන්නෝ ( දෘෂ්ට්රාක පාත්රස සඞඛ්යාෂත) ධාතු ස්වාමීන් දෙන මටද මහත් පූජා පවත්වන්නෝ ඒ හසුන් ශ්රීොමත් නරෙන‍ද්රසයාහට පමුනුවා වීරවූ ඔව්හු කිහිපදවසක් එහිම විසුහ. එපවත් අසා කෙළෙහිගුණ දන්නවුන් අතුරෙන් ප්ර වරවූ (කර්තොව්යා කතිව්යු) විභාග දන්නවුන් අතුරෙන් ප්ර්ථම වූ පරාක්ර්ම මහීපාලතෙම අණවමින් “යම් පෙදෙසක ඔව්හු ඒ සෙනෙවියා දැවූ නම් එහි සතර දොරක් ඇති මහත් දන්හලක් කරවා සතර දිගින් එන දුප්පතුන්ට මහත් දන්වැට තබ්වීය”යි පූජා පිණිස හසුන් යැවී. ප්රතධානයෝ දෙදෙනද සතුටුවූවෝ ඒ ඇණවීම් විධිවූ පරිද්දෙන් නිමවා Y 33-16


162 මහාවංශය


ක්ර ම දන්නෝ එහිම හුන්හ. එකල්හි ඒ දාමරිකයෝ සෙනෙවියා මළහෙයින්ද හූරැබෑ සෙනෙවියා ලත්හෙයින්ද ( මේ අතුරෙහි) ජය පිණිස උත්සාහ කරමුය”යි සිතා ඒ සියල්ලෝ ගුත්හල් මඩුල්ලට ආහ. එපවත් අසා පරාක්රා න්තරජහුගේ ඇමතියන් සහිත මහත්වූ සතුරන් බල මිරිකන්නාවූ සේනාතොමෝ නොයෙක්තන්හි මහයුද පවත්වන්නී සියලු අතින් ගුත්තල්මඩල අභිමුඛවිය. එකල්හි ඒ සියලු දාමරිකයෝ ඒ ගම හැර භයින් මාගම් මඩුල්ලට පැලහ. පරාක්ර ම මහීපාලතෙමේ එපවත් අසා “දෘෂ්ට්රාය පාත්රන ධාතූන් දෙදෙනා ගමින්ගමට ගෙණෙන්නන් විසින් යුධකිරීම ඒකාන්තයෙන් සර්වනප්රලකාරයෙක්ම මට නුරුස්නේය. වහා මාවෙත ධාතුයුගලද එව්වයයි” ලංවිය නොහෙන පැරකුම් ඇත්තේ දූතයන් මෙහෙයි. සෙනෙවි අධිකාරීහු ඒ හසුන් අසා දළදා පාදාවහන්සේලා පොළොන්නරු නුවර යවනු කැමැත්තෝ එක් සාමනතයෙක් ආරක්ෂාහවෙහි යොදා කිතුල්වල් නම් ගමින් නික්ම කිරිගම්හිදී සම්ප්රාකප්ත සතුරුසේනාව හා පෙරසෙයින් බිහිසුණු යුද කොට උන් ඔබිනොබ පලවා කිරීගමට වැද ඔව්හු එහිදීද මහ යුද කොට බොහෝදෙන මරවමින් ඉනිදු නික්ම තණගලද සුවගිරද කටදොරවෑදඹගලද සහල්පතද එසේම මහ යුද කොට මහපූජාවෙන් උපලක්ෂිදතව දළදා පාදා වහන්සේලා දෙදෙනා ගෙණවුත් මංජු නම් අධිකාරීහු වෙත යැවූහ. සාපත්නම් ගම්හිද ලොග්ගලද අනලප භටයන් මරවා දුනුමඩලා වෙහි සියල්ලන්ද වසඟ කොට එහි සිටි හේතෙමේ දළදා පාදා වහන්සේලාට පෙරගමන් කොට රැදෙවෙහි මහපුද පවත්වන්නේ අඳුන්කම්නාවන් ධාතු රක්ෂානයෙහි යොදා ධාතු යුගලද මහරජුවෙත යවා එයින් නික්ම බොකුසල නම් ගමට ගොස් මන්ත්රෙණක්ෂයම වූයේ සියලු ඇමතියන් හා මන්ත්රුණය කෙරෙමින්” මේ වෛරීහු ප්ර්දේශ කුශලයෝය තමන් වෙතින් අප බැහැර ගියකල ඔබිනොබ පලා ගොස් අප විසින් සාදනලද තැනට වැද වසඟ කළ ජනයා පෙ‍ළති, අපගේ ස්වාමීවූ ජගදීශ්වර තෙමේද ස්වකීය උපදේශය වරදවා මොනවට සාදනලද රජය පවා දන්නාලද යුධක්රදම ඇත්තේ තණ පතටත් නොතකන්නේය. එහෙයින් ශ්රීාමත් උන්වහන්සේගේ උපදෙස්ම පුදන්නමෝ (අප විසින්) වසඟකළ තෙනට එව්හු යම්පරිද්දෙකින් නොවදිද්ද, එසේ ඒ ඒ තැන්හි සාමානතයන් සහිතවූ බොහෝ සෙන් වෙන් වෙන් කොට තබා සියලු වෛරීන් සුන්මුල් ඇති කොට ස්වාමීහුගේ චරණ පද්මය හිසින් උසුලන්ට අපි යන් නෙමුය”යි නිශචයක්ෂෙම ප්රදඥා ඇත්තේ නිශචය කෙළේය. ඉක්බිති සියලු ඇමතියෝ උහු බස් පිළිගෙණ යුධක්රුමයෙන් මහසෙන් ගෙණ පිටත්ව නොයෙක් මාර්ගස ඇති වැලිවෑසර ගමට පැමින එහි බොහෝ වෛරින් ජීවිතක්ෂායට පමුනුවා එයින් නික්ම බලගල් නම් තැන


74 වෙනි පරිච්ඡේදය 163


බලකොටුවක් කොට පසුව එහි කීර්ත තිය ලඞකාපුරය යන දෙදෙනඃ හා අතින් චතුරගිනී මහත් සේනාවක්ද සිටුවා සියලු ඇමතියෝද ප්රරධානීහුද මහාබලසේනාවෙන් පෙරටුකරණ ලද්දහු දිගාවෑමඩුලු නම් තැන්හි සිටි බොහෝ දාමරිකයන් සාදනුවට මහත්බල ඇති ඔව්හු (රාජ) ආඥා පරිද්දෙන් පිටත්ව ගියහ. ඉක්බිති දිනන ලද (සතුරු ) රජුන් ඇති පරාක්ර)මබාහු රජතෙමේ දූරිභූත සතුරු වියවුල් ඇති සිත්කළු පොළොන්නරු නුවර වසන්නේ ශ්රතඩාබුද්ධි ගුණයෙන් උපගතවූ නානා පුණ්යොපදයෙන් උපලක්ෂී තව මධුර ක්රීධඩා විනෝදනයෙන්දු නවනාට්යපරස දන්නවුන්ට අග්රෙ සරව දවස්යවන්නේ ධාතුන් වඩා ආක්රනමය අසා පරමසනෙතාෂ ප්රුසාදයෙන් සම්පුණී සිත් ඇත්තේ “ මමයයි යන යමෙක් මුනි රජුගේ මේ ධාතු යුග්මය දැකීමට හා නිසෙවනයට ලැබුයෙම් නම් අහෝ ඒ මාගේ මහත් ලාභයෙක, මාගේ ජීවිතය මනාකොට ලබන ලද්දේය. රාජ්යකසාදන ව්යාගයාමයෙහි උතුම් ඵලය මාවිසින් ලබන ලද්දේය “ මේ ආදී වදන් කියමින් මොනවට ස්තානය කොට මොනවට හැන්දේ මනා විලවුන් ගත්තේ මොනවට සැරසුනේ සැටසෙනලද රජකුමරුවන් හා ඇමතියන් පිරිවරණලද්දේ තරුකැලන් විසින් වෙළනලද සරත් වන්ර්ිය ලීලායෙන් මහපින් ඇත්තේ යොදනක් පමණ තැන් පෙර ගමන් කොට පළමුවෙනි දැක්වෙහිදී විසිතුරු අබරණින් හා මිණිමුතු ආදී නනවැදැරුම් මාහැගි රුවනින්ද නොයෙක් දුමින් හා පහනින්ද සුවඳමලින් හා නන්සුවඳින්ද සත්පුරුෂයන් විසින් පසස්නාලද්දේ පුදා දිවමනු බුදුන් කෙරෙහි සෙයින් දක්වනලද ආදර ඇති වීරතෙමේ නිරතුරු සතුටු කඳුලු දහර හෙලන්නේ සිතහටගත් පහන් බැවින් බැහැර ලියලුවා බඳු ‍රොමු දෙහෙන් සියල් සිහගත හොබවමින් මහා ප්රීනති ප්ර වාහයෙහි සියමනස ගල්වමින් අමාරසදහරින් තෙමූ ගතින් යුක්තවූවකුසේ ධීරවරතෙමේ හිසින් දළදාවරය උසුලන්නේ හිසින් අඩසඳ දරණ චන්ර්ුසේශෙඛර ලීලා ඇත්තේ එක්ව ආ සියල්ලවුන්ට ධාතු යුගලය දක්වමින් මොනවට අසනලද ආගම ඇත්තේ ඒ ධාතුහුගේ ප්‍රභාවය ප්රිකාශ කෙරෙමින් මහපැණ ඇති ඒ රජතෙමේ උන්ලවාද මහත් පූජා කරවා ‍නරෙශ්වරතෙමේ ධාතු යුගලය එහිම තබ්බවා මොනවට ගොපනය කරණලද සියලු ඉඳුරන් ඇත්තේ ඊට මහත් ගො‍පනයද කරවා නානාප්රිකාර පූජා කරන්නටත් නියොග කොට පහන් බැවින් යුක්තවූ සිත්ඇත්තේම ඇමතියන් හා පිරිස් සහිතව මහබඹහු බඹවිමනට සෙයින් සිය මැදුරට පෙරලා ආයේය. ඉක්බිතිව නුවරමැද මනා ‍දළදා ගෙයක් මොනවට බෙදන ලද සුදම් සබයසේ හොබවා රජගෙදොර පටන් යොදනක් තැන් මහ ඇතුල්තලයක් සෙයින් සමතලා කරවා සියලු සතුන්ගේ වැඩෙහි ඇළුනේ හැමතැන්හි සිතියමු දරන්නාවූ ලොකානන්දහේතුවූ තොරන් කරවා තොරන් යට නන් කුසුම් එලෙන විසිතුරු වණර්‍


164 මහාවංශය


පරම්පරා ඇති පුල් වියන් පැලලි බඳවා තොරන්ටැම් එකක් පාසා නත්වතින් වසා බැඳ ඒ ටැම් මුදුනුත් ඡත්ර චාමර පන්තීන් හා නානා පුෂ්ප කලාපයෙන්ද විසිතුරු කොඩියෙන්ද පූජාවට සුදුසු අන්යචවූ දෙයින්ද සරසා මාර්ගවයාගේ උභයපර්ශුවයත් පලදරණ තැඹිල් කෙසෙල් පුවක් පොල්ගස් ආදියෙන් හොබවා මනාමල් කලඹින් හා පුන්කලසින්ද නොයෙක් ධජපතාකාවෙන් හා පහන් දුම් ආදීයෙන්ද සරසවා ත්රිනදශෙන්ර්ක් යාගේ සුදුසුන් වෙය සෙයින් මාර්ගාේමාර්ග දෙක්හි විචක්ෂ්ණවූ රජතෙමේ මාර්ගනයත්අලඞකාර කරවා දළදා ගෙදොර මාලකයත් අලකානුවර සේ සත්පුරුණයන් සතුටුකිරීමෙහි හැකිවූ චතුර රජතෙමේ එකෙණෙහි සරසවා ඉක්බිති පෘථිවිශ්වරතෙමේ මාහැගි එක් මහ මිණිරුවනක් කණවා සුවඳ සුණින් පුරවා රාෂ්ට්රව වර්ඬිනයට හේතුවූයේ වරදළදාව එහි වඩා ඒ මිණිරුවන රැවන්මුවා කරඬුවෙක තබා ඒ කරඬුව මාහැඟි රන්මුවා කරඬුවෙක තබා ඉක්බිති ඒ පාදාවද මාහැගි කසුන්මුවා නන්රුවන් රැසින් වොරජනා සිත්කළු දෙව්දුනුබඳු සක්තරෙක්හි පිහිටි ලහිරු රස්පිඬක් බදු ඉතා සිත්කළු මඩුවෙක්හි මොනවට පණවල ලද මහඟු ඇතිරිළි අතුළ අස්නෙක්හි සුවඳමල් ඇතිරියෙක වඩා ඡත්රණවාමර ඛඩ්ගාදීන් ගත් අත්ඇති ලඹකර්ණලයන්ද අන්යකවූ මහා කුලවතුන්ද මඩුව හාත්පස්හි ලද් දෙය සංරක්ෂ ණයෙහි සමත්ථිත රජ තෙමේ ආරක්ෂානයෙහි තබ්බවා ඒ මඩුව පිරිවරා මාහැඟි නොයෙක් සියගණන් මඬපයන්හි සර්වායභරණ විභූෂිත වීණ වස්කුලල් මිහිඟු බෙර ආදිය ගත් අත් ඇති ජනයා විසින්ද දිව්ය ගාසන්ධි ර්ව්ස්ත්රීදන් සදාශ ගන්ධ ර්ව‍ස්ත්රීි සමූහයන් විසින් ද පෙරටුකරණලද්දාවූ නාටක ස්ත්රීාන් වෙන් වෙන් කොට සිටුවා එවුන්ගේ නැටුම්ගීයෙන් වැයුමෙන්ද පුදන්නේ නන්කුසුමෙන් දුමින් නන්වැදෑරුම් ගඳින් සියලු නුවර සුවඳ කවමින් බොහෝ ජනයන් පිණවමින් නොයෙක් පහන් දහසුන්ගේ අලුයෙන් හාත්පස සියලු දිගුන් හා එසේම විදිසා වන් එකලුකොට ඡත්රනවාමර පන්තීන්ද විචිත්රන ධ්වජ පන්තීන්ද නානාවර්ගු පතාකාවෙන්ද සියලු අහස් (කුස) වසමින් ඇතුන්ගේ කුංචනාදයෙන්ද අසුන්ගේ හේසාරවයෙන්ද රථයන්ගේ චක්ර)නාදයෙන්ද භෙරීන්ගේ භාඞකාරයෙන්ද සියලු ම‍ඟල සඞඛයන්ගේ මනොහර ශබ්දයෙන්ද කාලහලයන්ගේ ශබ්දයෙන්ද වන්දිසන්ගේ ජයඝෝෂාවෙන්ද සාධුකාරධ්වනියෙන්ද ආසෙඵාටන රවයෙන්ද එසේම උක්කුඩි ශබ්දයෙන්ද සියලු දිගුන් දොඩමලු කෙරෙමින් මිහිපල්තෙමේ සර්වාඩභරණයෙන් විභූෂිතවූයේ රන්සැත් ආදියෙන් සැදුම්ලද ප්රවවර ශොභා ඇති ඇතෙකු නැගී නොයෙක් වාහනාරූඪවූ ඇමැත්තන් විසින් පිරිවරණලද්දේ මහත් වූ රජානුභාවයෙන් ප්ර වර නගරයෙන් නික්ම දළදා ස්වාමීන් හා උතුම් පාත්රව ධාතූන්වහන්සේ වෙතගොස් මොනවට ඉසෙහි ඇඳිල් බැද සුවඳ මලින් සියඅතින් මොනවට පුදමින් ධාතුයුගලය ගෙණ ඒ රජ තෙමේ මගට පිළිපන.


74 වෙනි පරිච්ඡේදය 165


එකල ගැඹුරු හඬින් පටහ භෙරීන්ගේ ස්වරය දික්කෙරෙමින් ඉන්ර්ැඹුචාපකලාපයෙන් නභසතලය හොබවමින් ආලොක සහිත විදුලින්ද ඔබ මොබ වගුරුවමින් ශිඛඩිමඬලයාගේ අඛඬතාඬවයට උපදෙසක්වූ අසුන් කුරපහරින් උස්ව නගනලද ධූලින් හා සමඟ හිරුහුගේ රශ්මිතන්තීන් අන්තර්ධා්න කොට ගෙණ සියලු ආකාසතලය අඳුරු රැසින් මුවහකෙරෙමින් (දිගුබිත් වසා) පැතිරගෙණ මහත්වූ අකාලමෙඝයෙක් ආය. සියලු ඇමතියෝ ඒ දැක මහපෙළහර වලහන ඝනවර්ෂාගව වස්නේ යයි නැවත නැවත සිතන්නෝ මහත් දුක අයත් සිත්ඇත්තෝ පහපැණැති ඒ මිහිපල්හුවෙත එලඹ “මෙහි කුමක් කටයුතුදැ”යි විචාළහ. එකල්හි ඒ මහරජතෙමේත් ස්වකීය තෙජස් ආධික්යමය මා මහර්ෂීහුගේ චින්තාවිෂයාතිකාන්තවූ ආනුභාව‍යත් දන්නේ “ තෙපි වූකලී නහමක් සිතව්, මිනිසුන් දෙවියන් සිත්ගන්නාසුලුවූ අද්භූතවූ මෙබඳු මහත් පූජාවක් පවත්නේමය ; මහපිණැති මහ පැණැති මහයසැති ලංවියනොහැකි පැරකුම් ඇති මමද නික්මී නිමි ; මෙහි කවර ‍දෙවියෙක් කවර මාරයෙක් මාවිසින් පවත්වන ලද ඉතා උසස් පූජාවට බාධා පිණිස අන්තරාය කවරන්නේද (නොවනැනේමැයි) ; ධාතුයුගලය වඩාගෙණ කිසි සැකයක් නොසිතා ඒ තෙපි නික්මෙව්ය” යි කියා නුවණැති රජතෙමේ නික්මින. එකල්හි ඒ මහාමෙඝය තෙමේත් උත්සව ස්ථානයෙන් බැහැර වැසි දහරින් දැඩිගංවතුර ඇත්තේ සැමතැන්හි වැව් පුරවමින් තෙමේ මහපූජාව ඉදිරිවූයේම ඉදිරි මාර්ග යෙහි ධාරා පරාගමාත්රේයක්ම ප්රයශමයට යවන්නේ වටුයේයි. ඒ අද්භූතය දැක සියලු නුවර වැස්සෝද ප්රිපයශීලී නොයෙක් සියගණන් භික්ෂුශහුද රැස්ව “සතුරන් දමනය කරන්නාවූ මේ රජතෙමේ මහානුභාව ඇත්තේමැහි, ඒකාන්තයෙන් අපගේ මහත්වූ පිණකින් ලක්දිව්හි පහලවූයේය” මේ ආදීවූ විස්මයාතිශය වදන් කියන්නෝ මහත්වූ ස්තුති ඝොෂාවෙන් සියලු දිගුන් පිරවූහ. ඉක්බිති ධරණීපාලතෙමේ පෙර නොදක්නාලද නොඅසන ලද මෙබඳුවූ ආශචය්ය් පරම්පරාව කියවමින් ස්වකීය ආනුභාවයට සුදුසු මහ සැණකෙළි පවත්වමින් දළදාපාදාවහන්සේලා දෙදෙනා දළදාගෙට වඩා ගෙණවුත් නුවණඇත් වීරතෙමේ සියලු පුලදස්ති නගරයෙහි සත්රැයක් සර්‍ඇතලෝකෛකදීපායමානවූ හේතෙමේ දීප පූජා කරවීය. මෙසේ අවලොකනය කරණ ජනයාගේ ප්රපමෝද මදවිසමය සම්භ්රීමණයන්ට ඒකහේතුවූ මහත් වරධාතු පූ‍ජාවක් අවන්ත භූමිපාලයන් ඇති පරාක්රමමබාහු නම් රජතෙමෝ මනාකොට කරවීය. මෙතෙකින් හුදීජනයා ප්රපසාද ස‍ංවේග පිණිස කළ මහවස දාඨා ධාතු මහානිදෙදස නම්වූ සූසැත්තැවන අදියර නිමි.


166 මහාවංශය


75 වෙන් පරිච්ඡේදය

සංස්කරණය

එකල්හි මහබලැති සියලු ඇමතියෝද ප්ර ධානීහුද දිගාවෑමඩුලු රට ගන්ට නික්මුනෝ ස්ය වනවියල නම් තන්හි මහයුද කොට එහි දොළොස් දොරටුවක් ඇති බලකොටුව සර්විප්රිකාරයෙන් බිද ඉන් ගොස් ගොමගම් නම් තැනද සගම නම් බලකොටුවද බලගලද මහත් යුද කොට සතුරු සෙන්බිඳ බලගල නම් බලකොටුවෙහි බලවාහන සහිත ඒ සියල්ලෝ වාඩිලාගත්හ. ඉක්බිති ඇමතියෝද ප්රබධානීහුද එයිනුදු නික්ම මල්වතු මඩුලේලහි මහයුද කොට වටගම් පහණද මුලුත නම් ගමද සෙන්ගොත් නම් ගමද බොලගමු නම් තැනද වඳුරාගමද ගල්ලමබඪික ගමද ඒ ඒ තැන බිහිසුනුක්රොම ඇති මහයුද කරන්නෝ කිතුල්වල්ගමු නම් ගමට ගොස් හාත්පස තුන් ගවු පමණ තන්හි බොහෝ ආවරණ සහිතවූ මහබලකොටුවක් කොට ගෙණ හුන්නාවූ සතුරු සෙන් හා මහයුද පවත්වා බොහෝ භටයන් මරවා සතුරන්ට භයඋපදවමින් ඔව්හු එහිම වාඩි ලූහ. එකල්හි සියලු දාමරිකයෝ “මුළුරට වසඟ කරණලදුව ගණුම් හ” යි දිගාවෑමඩලට නික්මුනාහ. කිතුල් වල් ගම්හි සිටියාවූ ඇමතියෝද ඒ විධාන තත්වූ පරිද්දෙන් අසා බොහෝ භටයන් යැවූහ. ඒ සියල්ලෝ දෙරැයකින් විසිගවූ පමණ මග ගෙවා ගොස් මහයුද කොට සතුරන් මරා නැවත යුධයක නිරුත්සාහ වන පරිද්දෙන් භය කොට දිනුවාවූ ඔව්හු එතැනටම පෙරලා අවුය. එකල්හි සියලු ඒ ඇමතියෝ එම ගම් සමීපයෙහි ඈපාදොඹකඩ නම් තැන බලකොටුවක් කොටගෙණ ගුත්හල මඩල සිටි වෛරීන් හා මහායුද කොට ‍එසේම සොරඹගමුවෙහිද නැවත මුලානගම්හිද එසේම හුදලුමඩ ලද යන මේ ගම්වල මහයුද කොට කිතුල්ගම් තැනින් පිටත්ව කිත්රජවැලිගම්හි යුද කොට උළදානම් තැන්හිද වැලිකසා නම් ගම්හිද බිහිසුණු යුද කොට ඉක්බිත් හුයලගම්හි යුද කොට බොහෝ සතුරන් මරමින් වාඩිලා හුන්හ. ඉක්බිති පෙර රජුන් විසූ මානාකුලනුවර රාජධානි කරණු පිණිස (පැරකුම්බා) මහරජහු විසින් යවනලද්දාවූ රකඛ නම් දෙමළ අධිකාරීතෙමේ ද රකඛ කංචුකී නායක තෙමේද මහත් සේනාව සරසාගෙණ යුදකටවිට නික්මුනාය. පසුව රකඛකංචුකී නායක තෙමේ පස්යොදුන් රටවැසි දේවරාජ නම් කෙස්දානාවන්ද මහසෙන්ද යවා එහි සිටි බොහෝ සතුරන් විනාස කරවා පසුව ගිම්තොට නම් ගම ‍රාජධානියක් කරන්ට කරණලද නොයෙක් බලකොටුවල වාඩිලාහුන් සතුරන් බොහෝසෙයින් කථාශෙෂ කොට විධානයෙහි පඩිත වූයේ යුධයෙන් කලාන්තවූ සෙනඟ විශ්රාථම කරවන්ට වීරවූ හේ තෙමේ එහිම කිහිප දවසක් කල් ගෙවිය. එකල්හි ඒ මේ සතුරෝ මහදුකින් පෙළෙනලද්දාහු සියල්ලෝ රැස්වගෙණ නැවත දැඩිසේ මෙසේ සිතූහ. “ප‍රාක්රගම නරෙන්ර්වූ යාගේ කලපාන්තවහනිය බඳු තෙජසතෙමේ මුළු දඹදිව රජුන් විසි


75 වෙනි පරිච්ඡේදය 167


නුත් නොඉවසියගෙහි, ගජබා රජතෙමේද මාණභරණ රජ තෙමේද යන යුධොපාය දන්නා මේ රාජශ්රෙිෂ්ඨයෝ දෙදෙනා මහසෙන් සරසා බොහෝ වස්තු වියදම් කොට රෑ දෙවෙහි අනෙකා කාරයෙන් යුද ක‍රන්නෝ ඒ රජහුගේ ජයබෙරහඩ අසා දුරින්ම බිදුනාහු හිරු උදාකල කනමැදිරියන් බඳුව සියරට වසන්ටත් නොහැකිවූවෝ භයින් පෙළුනාහු අනික් ගතියක් නොදක්නාහු යමරජුම ඇසුරුකළහ. අපගේ බලකොටු හැර අන්යොවූ ආරක්ෂාර ස්ථානයක් විද්යා මාන නොවේ සියලු ආකාරයෙන්ම මේ රටතෙමේ ගිරිදුර්ගා දියෙන් යුක්තය. එහෙයින් සියලු දුර්ගමයන්හි බොහෝ අවුරුණු කොටගෙණ සියලු ප්ර්සිඬ ‍මහාමාර්ග.යන්ද යානොගෙනු කොට බොහෝ සොරමාර්ගහයනුදු කොට රට දුෂ්ප්රමවෙශබවට ගියකල රැස්ව ගෙණ යුධ කරම්හ”යි (මන්ත්රදණයකොට) පසුව සියලු දාමරිකයෝ තුමූ එක්මුවව‍ ගාළුනදියගේ මුවදොරට යුද කැමතිව පැමිණියහ. ඉත්බිති කංචුකී නායක තෙමේ එපවත් අසා එහි පැමින මහයුද පවත්වා ඔවුන් පැලවී. යුදෙහි බුන් ඒ සේනාතොමෝ මහවැලි ගම්හි හුන් සතුරන් හා හැමඅතින්ම සමාගම් විය. වැලි කංචුකී නායක තෙම සියසෙන් සතප්වාගෙණ මහවැලිගම සිටි සතුරන් හා යුදකරණු පිණිස (එතනින්) පිටත්ව ඒ සියලු සතුරන් මැඩ පවත්වා යුධාගනය ගුරුළන් විසින් පහරණලද නාලොවසේ කොට එතනිනුදු ඔවුන් දිවියෙකු බොහෝ මුවන්සේ පලවා ජයගන්නා සුලුවූ මහබල ඇති හේතෙමේ එහි වාඩිලාගත. ඉක්බිති ඒ කංචුකී නායක තෙමේ වැලිගම වෙසෙමින් අන්නලනථ චින්තායෙහි විචක්ය්තෙ වූයේ මෙසේ මන්ත්රසණය කෙළේය. “මේ සතුරෝ නොදන්නා ලද දහනක්රනම ඇති පළගැටියන් සෙයින් බොහෝවූවෝ එහිම දනුලබමින් අතිශයින් විනාස වන්නාහ. මුන් නටකල රටද වනයක් බඳු වන්නේය. මොව්හු වනාහි අප රජහුගේ දයාබහුලබව නොදනිති මෙතැන් පටන් යම් සතුරු කෙනෙක් අප වසයට එත්නම් උන්ට අභය දෙවා රක්ෂ්ණය කටයුතුය”යි (මන්ත්රභණයකොට) පසුව රටවැසි කිසිවෙකුට හසුන් (යවන්නේ) යමෙක් යමෙක් ජීවත්වනු කැමැත්තෝ නම් ඔව්හු මාකරා එත්ව” යි කියා යැවීය. එ අසා සියපණ හා සියදන කැමැති වැලිගම්වැසි වෙළදුන් හා බොහෝ පටුන් වැස්සෝද අන්යෙවූ රටවැස්සෝද හාත්පසින් අවුත් බියෙන් මිරිකුනෝ රක්ඛක චුකීනායකයා දුටහ. ඉක්බිති ඒ කංචුකී නායක තෙමේ දෙව්නුවරද එසේම කඹුරුගමුවෙහිද මහාපනාල ගම්ද මානාකපිටිගමද නිල්වලාගංතෙරද කෙහෙල්පත් නම් ගමහිද යන නොයෙක් තැන සිටි සතුරන් ස්වකීය යොධයන්යවා බොහෝ යුදකරවා ඒ ඒ තැන ජයලැබ සප්ප්රානප්තවූ ඔවුන්ට අනුග්රකහ කෙළේය. එකල්හි සියලු දාමරිකයෝ “වෛරීන්ගේ ප්ර‍බලබලයට මාකෙත නම්තැන (මාවැල්ල ? ) නදිය එතරව යුදකරන්ට නොදෙන්නෙමුය” යි නිශ්වයකොට ගෙණ ඔව්හු එයින් නික්ම මහත් සාහසික


168 මහාවංශය


වූවෝ තුමූම හෝ තෙරට පැමිණියහ. කංචුකී නායක තෙමේද එපවත් අසා ඒ බල සෙන් හා එහි ගොස් සතුරන් හා යුද පිණිස සියසෙනඟ යැවීය. පසුව උභයපාර්ශවිකවූ මනාභටයෝ ගඟමැද රළුයුද කළහ. එකල දෙසෙනාවන්ගේ යුධය මුහුදෙන් නැංගාවූ දානවයන් ‍හා දෙවියන්ගේ යුධ සෙයින් බිහිසුනුවිය. එකල ඒ මහාවීරයෝ වනාහි ඒ සතුරු මහසෙන් හා යුධකරන්නෝ මෙ‍ෙස් සිතූහ. “මුන්හා සමසංග්රා මයනම් පරාජයක් වැන්න අපගේ ස්වාමීවූ රජු තබා ඒ කංචුකී නායක තෙමේත් මෙපවත් ඇසූයේ වීනම් අපට මහත් නින්දාය.මේ සතුරන් කිලිල් කඩ සෙයින් සිඳ හෝදියෙහි හෙලා මස්කැස්බන් බත්කරන්නෙමු උන්ගේ ක්ෂු්ධා දුරුකරන්නෙමු නොහොත් අපිහෝ (ඔවුන් බත්වන්නෙමු” යයි සිතා) රාමරාවණසංග්රාෝමයෙහි තරණය කරණලද මුහුදු ඇති වදුරන් සෙයින් අත්යකන්තදාරුණ මහා යුධ කොට වහාම සේනාව මස්ලේ ගඞගා කොට මහ බල ඇත්තෝ දිගැලිකෙත ගන්නා පිණිස එයින් නික්මුනාහ. ඒ යෝධයෝ එහි ගොස් කෙසෙල්වන යට ඇතුන් සෙයින් වැද පසමිතුරන් මුළු උම්මුලනය ක‍ළහ. එහිදී බිඳුනු සතුරෝද ස්වර්ණමමලය නම් තැන්හි රැස්වගෙණ නැවතද යුද පටන්ගත්හ. ඉක්බිති ඒ කංචුකී නායක තෙමේ එහිද බොහෝ භටයන් යැවීය. ඔව්හුද නිරන්තරයෙන් ශරවර්ෂාත වස්වන්නෝ චරයන් අතින් වනගාමී මං විවාරා ඔවුන් විසින් දක්වනලද මගින් එහි වැද ඒ ඒ බලකොටු ඇසුරුකළාවූ බොහෝවූ ඒ යෝධයන් මරා ස්වර්ණ මලය නම් තැනද නිෂකණ්ටක කළහ. ඉක්බිති ඒ කංචුකී නායක තෙමේ මාලාවරත්ථණලී නම් තැනට යෙමින් ස්වර්ණිමාලයට ගිය යොධයන් වෙත “මම මේ මගින්ම මාලාවරත්ථවලී නම් ගමට යෙමි තෙපිදු ඒ යන මගට පිළිපදිවිය”යි අසුන් යැවීය, ඔව්හුද ඒ අසා එසේ කළහ. ඒ තෙමේද ඒ සියලු (යොධයන්) ගෙණ මාලාවරත්ථදලීයට ගියේය, යුධාක්ෂපමවූ රක්ඛ නම් දමිළාධිකාරී තෙමේද මහබලසෙන් විසින් පෙරටුකරණලද්දේ දෙණවකට එලඹියේය. එකල්හි බොහෝ දාමරිකයෝ එපවත් අසා මානාකුල නුවර වසන රක්ඛලඞකාපුරු නම් ඇමතියාහටද තත්වූ පරිද්දෙන් එපවත් ප්රුකාශ කොට වහා එනු පිණිස උහුටද හසුන් සනිකේ යවා “දෙනවක පටන් වන යොදුන් රටට වැදීම (වලක්වා) ඒ බලකොටුවලම නවත්වන්නෙමුය “යි සිතා මහත් සාහසිකවූ ඒ සියල්ල යුධාරම්භ කළහ. විධානයෙහි පණ්ඩිතවූ රක්ඛ නම් දමිළාධිකාරී තෙමේද විධානයට ප්රමථමයෙන් සතුරන් හා යුධයාගේ මුඛ භගය කරන්ට කැමැත්තේ බොහෝවූ භටයන්ද ලොද නම් කෙස්දානාය නාථනම් සඞඛනායකය යන මේ ආදී සාමනතයන්ද යුද කැමැත්තේ යැවී. ඔව්හුදු මහයුද කොට මහජයට පැමිණියහ. එකල්හි බිඳුනාවු ඒ සතුරෝ මහබියෙන් වියවුල්වූවාහු ගරුළඪක ලඤජ නම් තැන රැස්


75 වෙනි පරිච්ඡේදය 169


වූහ. එකල්හිද රක්ඛනම් ඒ දමිළාධිකාරීතෙමේ එතැනත් ගන්නා පිණිස එම මහසෙන් යැවීය. ඒ මහා යෝධයෝ ගොස් බොහෝ අවුරුණු සිඳින්නෝ නොයෙක් දොරටු යෙදූ මහබලකොටු බිඳිමින් සතුරන් වුසූ තැනට සම්ප්රාකපතව ජීවග්ර හයෙන් ගතයුතුවූවන් ගෙණ බොහෝවූ අන්යූවෛරීන් වහාම මරුමුවට පමුනුවා ඉතිරියන් පිහිට නැතිව පලවා එතැනද නිෂ්කණ්ටක කොට ගියාවූ ඒ යොධයෝ උහුවෙතටම පෙරලා ආහ, එකල්හි ඒ තෙමේ සුදුසු පරිද්දෙන් උන්ට ප්රුසාද දෙවීය. එකල්හි දෙමළ අධිකාරීතෙමේද ගිම් හිරු තෙදින් දනු ලබන්නාවූ වලක් මෙඝය සෙයින් ඒ රජහුගේ තෙදින් අළු ශෙෂ බවට යන වෛරීන් ශාමප්රෙයෝගයෙන් රක්නට නුවනැත්තේ දෙණ වකටම පෙරලා අවුත් සිඬකළ සිඬකළ රටෙහි තැබ්බයුත්තකන් තබ්බවා වසඟවන්නන් වසඟකොට ඒ රටත් ශුඬ කෙළේය. පුවක් දණ්ඩාවෙහි බලකොටුවක් කොට ගෙණ හුන්නාවූ මහත් බල ඇති පසමිතුරෝ නැවත යුද පටන්ගත්හ. ඉක්බිති දෙමළ අධිකාරීතෙමේද එහිදු යුදක්රීරඩායෙහි නුවනැත්තාවූ සාමන්තයන් හා බොහෝ භටයන් යැවීය. ඒ මහා යෝධයෝද ගොස් ශරවර්ෂාා වස් වන්නෝ භෙරීන්ගේ නාදයෙන්ද බඩගයන්ගේ විවර්ත තනයෙන්ද විදුලිය සහිත අකාලමෙෂ විභ්රබම සෙයින් දක්වන්නෝ ස්වකීය වීර රසාස්වාදයෙන් යුදාශ්රඅම දුරුකෙරෙමින් තමන්ගේ ජයභෙර‍ියෙන් වීරශ්රිවයද පිදූහ. පසුව බොහෝ ඒ පසමිතුරෝ තඹගමු නම් තැන බලකොටුවක් කොටගෙණ ඉන්නාහයි අසා වීරසම්මතවූවෝ ස්වකීය වික්රුමෛක රසබව දක්වනු කැමැත්තවුන් සෙයින් රාත්රිරයෙහි ‍එහි ගොස් රණශෙරී ධ්වනියෙන් යුද පිණිස පසමිතුරන් කැඳවන්නවුන් සෙයින් වන්හ. එකල්හි සියලු දාමරිකයෝ බෙරහඬ අසා ඉස ගෙන හෙන්නාසේ සිතමින් කිසිවෙක් මුර්ජිත වූහ, කිසිවෙක් පලාගියහ, කිසිවෙක් ආයුඃක්ෂඑයට පැමිනියහ ; ඒ බලකොටු භස්මාව ශෙෂ කොට දමා එකල්හි මහබල ඇති ඔව්හු පුවක් දඬාවටම පෙරලා ආහ. රක්ඛ නම් දමිළාධිකාරීතෙමේ නැවත සියසෙන් කැඳවා සියරට ඒ ඒ තැන සැඟවී උන් පසමිතුරන් සාදනු පිණිස සාමන්තයෙකු හා වතුරභිනීසෙන් යැවීය. ඒ සේනාතෙමෝ බෝවල කිතුල්වල අත රන්දාාමාබෝකඳ ( යන ගම්වල) බොහෝ සතුරන් මරා රාත්රිවයුධද කොට පෙරලා ආවා. එකල්හි දෙමළ අධිකාරීතෙමේද මහබල සේනා විසින් පෙරටුකරණලද්දේ ඌරල බෙරණපණතොට නම් තැනට ගොස් සර්වුප්රඌකාරයෙන් නරෙන්ර්ෙමළයාගේ උපදේශය විරුද්ධ නොකොට වෛරීනොව ඒ ඒ තැන සැඟවී උන් බොහෝදෙනා සියරට පෙර සෙයින් පිහිටුවා දිනූ රටත් තැබ්බයුත්තන් තබ්බවා බිහිසුණු මහසේනායෙන් පෙරටුකරණලද්දේ එයින් නික්ම හින් තල්ගොඩ නම් ගමට එලඹියේය. එකල්හි ඒ ඒ තැන සැඟවී උන් Z 33-16


170 මහාවංශය


බොහෝ දාමරිකයෝ රටවැසි සේනා ගෙන්වා මහබල ඇත්තෝ තමන් විසින්ම සෙනෙවිරත්බැව්හි තබනලද නොයෙක් සියගණන් යොධයන් විසින් පෙරටුකළ රක්ඛ ලඞකාපුර නම් තැනැත්තහුද බෙර හා කාලම් හඬින් නානාදිගුන් පුරවන්නා කැඳවා නදීහඬ නම්වූ ගමට එලඹුනාහ. නැණැති දෙමළ අධිකාරීතෙමේ ඒ විධාන අසා සිය භටයන් කැඳනා මේ බස් ඔවුන්ට (කියන්නේ) “තොපගේ ස්වාමියාහට පක්ෂුපතා බැවි මෙහිදී දක්වවි, තොපගේ වීරබැව් ‍මමද මෙහිදී දකිමි, මෙතෙමේ නොරටය. මේ සතුරෝද මහාසාහසිකයෝයයි මෙසේ කල්පනා නොකොට අපගේ ස්වාමීහුගේ තේජසින් යුධභූමියෙහි නිසැකයෙන් ජයලාභය මෙනෙහි කෙරෙමින් යුදකරණට පෙදෙසක් පළමුකොට ගන්නා පිණිස යව්ය” යි කීය. ඉක්බිති මහා උත්සාහ ඇති ඉතා සාහසිකවූ ඔව්හුදු නික්ම ගෙණ මහා සේනා නම් ගම්හි යුද පිණිස තැනක් ගත්තහ. එකල දෙපක්ෂගයෙහිම යොධයෝ පැන යුධ භූමියෙහි ආයුධ අන්යෝන්යහ ඝට්ටනයෙන් හටගත් ගිනිපුපුරුයෙන් සියලු අහස දවල් තරු නැංගාසේ කෙරෙමින් ශරවර්ෂාඑ නිපාතයෙන් සියලු දිගුන් පුරවන්නෝ වීර ගජ්ජිනා වෙන් ගජ්ජනා කෙරෙමින් මහයුද පටන්ගත්හ. එකල්හි මහ බල ඇති දෙමළ අධිකාරීතෙමේ ‍රක්ඛ ලඞකාපුර නම් සේනාපතියාගේ වීරභාවයත් සමගම හිස ගත්තේය. එකල්හි සියලු දාමරීකයෝ පිටවහල් නැතිව වෙරල නැගී සාගර ‍ජලොසයන් සෙයින් බිදුනාය. එකල යුධභූමියද කා ගිජුලිහිණි ආදීන් විසින් ගැවසි ගත්තේ වී. එකල්හි දෙමළ අධිකාරීතෙමේද යුධයෙහි ලත්ජය ඇත්තේ මහසැණකෙළි කෙළිමින් සෙනඟ විසින් පිරිවරණ ලද්දේ මහත් යසස් ඇතිව මානාකුල නුවර ගත්තේයි. එකල්හි රක්ෂත කංචුකී නායකතෙමේද මාලාවරත්ථරල* යෙන් පිටත්ව මානාකුල නුවරට වහාම ගියේ දමිලාධිකාරීහු දිට. එකල්හි කල් නොකල් දන්නා ප්රාවඥවූ ඒ තෙමේද උහු සමඟ මෙසේ මන්ත්රණණය කෙළේය. “ස්වාමීහුගේ උපදෙස් පරිද්දෙන් මානාකුල පුරය අප විසින් ගන්නාලද්දේය. එහෙත් නොනටුවාවූ ‍බොහෝ වෛරීහුද වෙති. ඔව්හු පිටිවහල් නැතිව ගොස් කඩවකට† වන්හ, ජය ලැබ සිටියාවූ යොධයන්ගේ වහාම එහි යාම මට නුරුස්නේය. ස්වාමීන්ගේ උපදේශයම අපට සරණමැ”යි එහෙයින් එහි ඉදගෙණ පසමිතුරු නොවී ඒ ඒ තැන සැඟවී උන් (එහි වැස්සන්) ගෙන්වා ස්වකීය ස්වකීය රටෙහි පිහිටුවා ඒ මානාකුල නුවරම කල් ගෙවූහ. එකල්හි ක‍ඩවතට වන් බොහෝවූ ඒ සියලු පසමිතුරෝ වර්ගකගිකයන් පෙරලා නැවතත් යුදකරණු කැමැතිව කඩවක් නම් තැන්හි රැස්වූහ. එකල්හි දෙමළ අධිකාරිතෙමේද “යුධය පිණිස මේ කාලය” යි මෙසේ සිතා මානාකුල නුවරින් පිටත්ව (අවුත්) කග්ගල උඩවැව්හි බිහිසුණු යුධාරම්භ කෙළේය. මහා ප්‍රාඥ ________________________________________

  • ( මාරාකඩ? ) † ( කඩවතු කෝරළය ? ).


75 වෙනි පරිච්ඡේදය 171


හේ තෙමේ ඒ සියල්ලන් පලවා පෙරලා ගියේය. එකල්හි කිසි සතුරුකෙනෙක් සඟබේ නම් ගම්හි පැමිනියහ. සූකරභාතුදේව නම් සේනාපතිතෙමේ ස්වකීය භටයන් හැරගෙණ යුදකටටිව මගමට ආය. එකල්හි හේ දෙමළ අධිකාරී තෙමේද ස්වකීය භටයන් සඟබොය නම් ගමට ප්රසථම‍කොට යැවීය. එකල්හි ඒ මහාවීරයෝ යුධ භූමියට ගොස් ශ්රීගමත්වූ ප‍රාක්රොම නරෙන්ර්ුව යාගේ තේජස්ගින්නෙහි බොහෝ වෛරීන් දවා එහි මනාකොට මහා සැණකෙළි පවත්වමින් මානාකුල නුවරටම පෙරලා අවුය. එකල්හි දෙමළ අධිකාරීතෙමේද සෙනෙවියා ගන්ට දෙවලඞකාපුර නම් සෙනෙවියාද අන්යකවූ බොහෝ භටයන්ද යුද පිණිස යැවීය. ඔව්හුද යුධභූමියට ගොස් අනවරතයෙන් යවනලද හීයෙන් සියලු අහස වසමින් ගර්ජනාත් කෙරෙමින් යුධ භූමියට වන්නාහු සෙනෙවියා මරා සතුරන් බින්දාහ. එකල්හිද ඒ මහා යෝධයෝ ජයභෙරී ධ්වනියෙන් දෙමළ අධිකාරීහු සතුටු කරන්නෝ මාගමට එලඹයහ. එකල්හි රක්ඛලඞකාපුර නම් සෙනෙවියාගේ වැඩිමහල් ‍සහෝදරයෙක් එහි තමන්ගේ ප්රඛධානත්වසය තෙමේම කොට ගෙණ මරණලදින් ඉතිරි‍ බොහෝ සතුරන් ගෙණ චොර යුධ පිණිස මානා කුල නුවරට එලඹියේය. එකල්හි දෙමළ අධිකාරී තෙමේ වනාහි එහිත් බටයන් යැවීය. ඒ යෝධයෝ එහිදී උහු ම‍රා බොහෝ සතුරන් බින්දාහ. බිඳනා ලද ඒ යෝධයෝ කුරවකගල්ල* නම් තැනට පැමිනියහ. රක්ඛ නම් දෙමළ අධිකාරි තෙමේ මානාකුල නුවරින් නික්ම ඒ සියල්ලන් බිද පෙරලා එහි නො‍ආය. එකල්හි වික්ර මනම් ලොකගල්ල තෙමේද එසේම අන්යනවූ බොහෝ සතුරෝද මානමුල පුසතකීහු සමඟ මාගම්හි යුද පිණිස හැමඅතින් එලඹියහ. මානමූලපුස්තකී නම් ඒ තෙමේද ඒ යුදයෙහිදී ස්වකීය පක්ෂාිපාතයනුත් එක්ව යුදකොට ලායෙලා ජය ගත්තේය. එකල්හි දෙමළ අධිකාරීතෙමේ ඇමතියන් සහ මන්ත්රයණය කෙරෙමින්” එකී එකී මහයුධයෙක්හි වෛරීන්ගේ විනාශයද භයින් ඒ ඒ තැන පලා යාමද දකිමින් වෛරීහු පෙරලා යුධයෙහි නිරුත්සාහ වූයයි සිතම්හ, එසේද උවත් උන්ගේ මුල් නැති බව නොපෙණේමැයි රටමැද හැර ඒ ඒ තැන සැඟවී උන්නන් රටමැදට පැමිණිකල නසන්නෙමුය”යි කියා පණ්ඩිතවූ මහා යසස් ඇති හේතෙමේ පුවද්දණ්ඩවට පෙරලා ඇයේය. ඒ දාමරිකයෝ වනාහි උහමුගේ මන්ත්ර ණය නොදැන ඒ ඒ දුගීමස්ථානයෙන් රට මැදට බැස්සාහ. දෙමළ අධිකාරී තෙමේ වූ පරිද්දෙන් එපවත් අසා එතැනින්ම පිටත්ව වීරයන් විසින් පෙරටු ක‍රණ ලද්දේම බොවල නම් ගම හුන් බොහෝ වෛරීන්ද පසුවූ උරල බෙරගල නම් තැනද මීගොඩ නම් දුර්ගවයෙහි දැයි යන හැම තැකන්හි මහ යුද පවත්වා සතුරන් ජීවිතක්ෂ්යට පමුනුවා රට මැදට

  • (කොරවග්ගල ? ) .


172 මහාවංශය


එලඹ එහිද තන්හි තන්හි සියසෙන් යවා ඒ සියල්ලන් මුල් උදුරවා පසුව හුලය නම් ගම සිටි ප්රතධානයන් වෙතින් ආවාවූ හසුන් අසා කුඹුගමට එලඹියේය. ඉක්බිති හුයල බලකොටුවෙහි උන් මඤ්ජු නම් අධිකාරී තෙමේද කීර්තඹතිනම් භුතනම් ඒ අධිකාරීන් දෙදෙනාද අනලපවීර සාමන්තයන් හා භටයන් විසින් පිරිවරණ ලද්දෝ මහසැණ පවත්වමින් එතනටම එලඹියහ. එයින් මඤ්ජු නම් අධිකාරීතෙම රක්ඛු නම්වූ දෙමළ අධිකාරීහු කැඳවා මේ වදන් කීය. “තොපගේ රටින් බිඳි අවුත් නොයෙක් දුර්ගධමස්ථානයන්හි සැඟවී හුන් බොහෝ පසමිතුරෝ යම්තාක් එහි ප්ර්තිෂ්ඨා නොලබද්ද ඒතාක් ඒ සියල්ලන් මරවා අපි අට දහස් රට* දුර්ගකමස්ථානයෙහි සිටි සතුරන්ද සුගලා නම් රාජිනියද ගණුම්හ. වැලි දුර්ගකමන්ථානාශ්රී‍ත බොහෝ ‍වෛරීහු ඉදින් තොප විසින් දුස්සාධ්යටයෝනම් භටයන් එවන්නෙමුය”යි (කීය). දෙමළ අධිකාරීතෙමේ ඒ වදන් යහපත්කොට පිළිගෙණ එයින් (පිටත්ව) සේනාව කැටිව වහා වන හෝ ආදියට වැදී බලමින් ගිරුදුර්ගයදියට නැගෙන්ට සනිකේ මාලාවරත්ථේලියට ගියාවූ සතුරන් වෙතට වහා පැමිනියේය. ඔව්හුද ඒ අධිකාරීහු නික්මුනු බැව් අසා භයින් මිරිකුනෝ මහපව් ඇසුරුකළාවූ මහවනයට වන්හ. දෙමළ අධිකාරී තෙමේද වනපව් වටලා උන් හා මහයුද දොට සර්ව ප්ර.කාරයෙන් උන් වනසමින් සතුරු කටු නැති කොට ඒ දොළොස්දාහස් රට ගෙණ ජීවග්රපහයෙන් ගත් වෛරීන්ගේ කටයුතු විචාරා ගම්හිද නියම්ගමි හිද නොයෙක් සියගණන් වෛරීන් උල හිඳුවා පසුව මානාකුලගම් හාත්පසද බොහෝ වෛරීන් උල හිඳුවා මහබල ඇත්තේ කිසිවෙක් තුළාරූඪ කොට අළු ශෙෂ කොට දවා මානාකුල නම් ගම්හිම හිදගෙණ ශ්රීළමත්වූ නරෙන්ර්ො යාගේ ආඥාභොරිය පස්සනා නකතින් ගම්හිද නියම්ගම්හිද හැසිරවී. නරෙන්රාා වෙත එපවත් කියායවා මහ රජහු වෙතිනුත් ප්රමසාද ලැබගෙණ මහ පැණැති ඒ තෙමේ ඒ දොළොස්දහස් රටම කටයුතු විචාරමින් මහත් යසස් ඇත්ව විසීය. කුඹු ගම හුන් සියලු ප්ර්ධාන අමාත්යේයෝද “යුද පිණිස රුහුණු රට බලා අප නික්මුනු කල් පටන් ‍ඒ ඒ තැන මහා යුධයෙහි අප විසින් යවනලද මහායෝධයෝ වෙරීන්ගේ ඇටයෙන් පොළෝතෙල වැසුම් කළහ. තවද මේ භටයන් වලකන්ට දඹදිව් වැසි සියලු මහා යෝධයෝ උවත් කිසිකළෙකත් හැකිනොවෙති. එහෙයින් භයින් ඒ ඒ තන්හි සැඟවී උන් කිසි සතුරෙක් හා යුධකරන්ට මින් මත්තේ කුමට සිතමුද ? උන්ගේ දාමරිකබවට මුල්වූ සුගලා රාජනීතොමෝම ඒ ඒ දුර්ගකයෙහි වනයෙහි උන් ප්රේවෙශ කරන්නීය එහෙයින් ඒ රාජිනී, තොමෝම ජීවග්රා හයෙන් ඇල්විය යුත්තතීය”යි මෙසේ නිශ්චය කොට ගෙණ කුසුගමින් පිටත්ව මහපැණැත්තෝ අරළුවාවට ගොස් එහි නොයෙක් නුවර යහපත්වූ අතිවිරයයි සම්මතවූ තැබිය යැත්තන් තබා

  • ( අ‍ටකලන්නකෝරලේ ? ).


75 වෙනි පරිච්ඡේදය 173


එතැන්නි කළුවලට ගොස් බහා පලඳනාලද කවදත් අවි ඇත්තෝ වල්ගම් නම් තන්හි රාජිනිය සහිත සතුරුසෙන් දැක එහි ඉතා බිහිසුණු මහයුද කොට ජයභෙරි ධ්වනියෙන් පොළෝතෙල බිඳින්නවුන්සෙයින් රාජිනිය අල්වා ගෙණ බොහෝවූ වස්තු ජාතයද ගෙණ වස්තු රක්ෂාඳකරණ පිණිස තැබියයුතු කචුකීන් තබා පටන්ගත් යුධ ක්රීෙඩාව එකලිහි එහිදී සමාප්ත කෙරෙමින් වෛරීන්ගේ අතින් පයින් හිසින් පො‍ළෝ වසමින් ජීවග්රාීහයෙන් ඇල්විය යුත්තන් අල්වාගෙණ සර්විප්ර‍කාරයෙන් රුහුණු රට සතුරුකටු රහිත කළහ. එකල්හි කිසිම අවසරයක් හේතුකොටගෙණ සතුරන් අතින් මිදී භයින් පෙළී පලායන කිසිභට කෙනෙකුදු ගෙණ ආයුඃක්ෂතයට පැමිනි ඵාලකාල නම් තුන්දෙනාද තඩිගාම නම් තැනැත්තේද පර්වරත නම් දෙදෙනාද ලඞකාපුර නම් තැනැත්තේද එසේම කඩක්කුඩයයි ප්රදසිඬ දණ්ඩ නාත සහෝදර දෙදෙනාද අන්යතවූ ලඞකාපුර නම් (සෙනෙවියෙක්ද) භටයන් සහිත බොහෝ සාමන්තයෝද උඩනවාර නම් ගම් හිදී හමුව මහයුදයෙහිදී බිඳී නිග්රොයධමාරගල්ල නම් තැනට එලඹීයහ. එකල්හි ඒ මහ ඇමතියෝත් සාමන්ත‍යන් කැටිව සතුරන් පස්සෙහි ලුහුබඳනෝ ඵාලකාළයාගේ ඉස ප්රිධාන ඇමතියන් වෙත යවා ලඞකාපුරව පර්වරතය යන නම් ඇත්තන් ජීවග්රාපහයෙන් අල්වාගෙණ සර්වවප්ර කාරයෙන් සියලු සතුරන් කථාශෙෂ කළහ. එකල්හි මජු නම් අධිකාරීතෙමේ මන්ත්රකණය කරන්නේ “ මේ රුහුණු දිනන්ට ආරබධකාලය පටන් අපගේ ස්වාමීහුගේ තෙජසින් සංග්රානමයෙහිදීම සතුරන්ට කළාවූ විනාස හැර රාජාපරාධයතෙමේ මෙසේ ආදිනව සහිතයයි අත්යනන්ත භයදායක වූ මහජනයා කෙරෙහි දන්වන පිණිස පිළිමළුන්ට කළ නිග්ර්හයක් නැත්තේය. එහෙයින් නිග්රණහ කටයුත්තන් සර්ව ප්ර‍කාරයෙන් නිග්ර්හකරවා හැමතැන්හි ප්රාග්රනහ කටයුත්තන් ප්ර ග්රවහ කරවා ස්වාමීහු ආඥාව පරිද්දෙන් සංග්රරහ නිග්රාහ කරන්නමෝ”යි (කීය) සියල්ලෝම ආදර සහිතවූවෝ උහුගේ ඒ මන්ත්රාණය සතුටින් පිළිගත්හු.

ඉක්බිති නිග්රාහයොග්යට බොහෝ පසමිතුරන් ගෙන්වා ගම්හිද නියම්ගම්හිද බොහෝ උල් හිඳුවා නොයෙක් සියගණන් වෛරීන් එහි නංවා. බොහෝවූ සතුරන් කිසිවෙක් තුලාරූඪ කොට භස්ම කරවා, පරාක්රනම නරෙන්ර්රන යාගේ ඉවසිය නො හෙන්නා වු අවිලඞඝනීයවූ විස්මය එලවන්නාවූ ප්රගතාපගුණය සර්වයප්රවකාරයෙන් ප්රයකාශ කළහ.

පසුව අනුග්රනහකරන්ට සුදුසුවූ අනුග්රංහ යොග්ය යන් ලැව්ගින්නෙන් දැවෙනු ලබන්නාවූ වනලැහැබක් ප්රාරවෘට්කාලික මේඝයන් සෙයින් (නිවා) විධිවූ පරිද්දෙන් ඒ රට අල්වා‍ගන්නෝ සංසුන් බවට පැමින වූහ. එපවත් අසා පරාක්රෙමබාහු මහරජතෙමේ මහත් ප්ර්සාද සහිතවූ හසුන් යවන්නේ “ජීවග්රඒහයෙන් ගත් සියලු ඇමතියන්ද සුගලා නම් රාජිනියද පළමුකොට මෙහි එවා එරට සියලු බාරය භුතාධිකා


174 මහාවංශය


රීන් කෙරෙහි සම්පිණය කොට එරට වැසි අනල්පවූ භික්ෂු සඞඝයා පෙරටුකොටගෙණ මෙයින් මෙහෙයන ලද්දාවූ සිවුරග සෙනග ගෙණ ඒ ඒ ජනයෙහි තැබි යුත්තන් තබ්බවා වහා අවුත් මනායයි සම්මත නකත් මොහොතෙක සියලු ඇමතියන් විසින්ම මම දැක්ක යුත්තෙමි වෙමි” මෙසේ හසුන් යැවීය. ඉක්බිත් ඒ සියලු ඇමතියෝද ඒ මහසෙන් විසින් පෙරටුකරණ ලදේදෝ ඒ මහරජානන් ආඥවූපරිද්දෙන් සර්විප්රඒකාරයෙන්ම විරුධ නොකෙරෙමින් රුහුණු ජනපදයෙන් නික්ම පොළොන්නරු අවුත් බොහෝ සෙයින් වාදනය කරන්නාවු ඔල්වරසන් අත්පොළසන් දෙන්නාවූ සර්වනප්ර්කාරයෙන් දහස් ගණන් පිළිහිස සිසාරන්නාවූ ජය ශබ්ද කරන්නාවූ පොළොන්නරු වැස්සන් විසින් අනුගමනය කරණුලබන්නාහු ප්රසවරවූ රාජ මන්දි්රයට උප සඞක්රා න්තව මහත්වූ දීපතියෙන් හුන්නාවූ ශ්රීිමත් ඒ රාජාධි රාජයාගේ පාදපද්ම රෙණුයෙන් ස්වකීය උත්තමාගයන් පවිත්රත කළහ. මෙසේ ලැබ් ගින්නක් සෙයින් උග්රීතරවූ ඉතා බිහිසුණු තෙද ඇති නයවිනයක්ර මය අනුව යන්නාවූ ව්යරක්ත බුද්ධි ඇති නරශ්රෙිෂ්ඨ තෙමේ සහගතවීරයන් ඇත්තේ රුහුණුටර පහකළ සතුරු කටු වූවාක් කරවී. මෙතෙකින් හුදී ජනයා ප්රුසාදසං‍වෙග පිණිස කළ මහවස රොහණ භජන නම්වූ පන්සැත්තෑවන අදියර නිමි. ________________________________________


76 වෙන් පරිච්චේදය.

සංස්කරණය

ඉක්බිති ඒ මිහිපල්හු දිවා රූ දෙක්හි නොමැලිව ප්රකඥාවෙන් යුකතව ලෙව්සසුන් වැඩුම් කරණකල්හි ශ්රීවමත් ඒ නරෙන්ර්ප යාගේ ඔටුනු පැලඳි අටවැනි හවුරුදුයෙහි රුහුණු රට අධිවාසී සියල්ලෝ එක්වගෙණ ඉතා දරුණුවූ කිසිම පව්කමකින් මෙහෙයනලද්දෝ නැවතත් දාමරිකවූවෝ තියුණු විපතට භාගි වූහ. ඒ පරාක්රවමබාහු රජතෙමේ එපවත් අසා නැවතද ඇමතියන් සහිත මහසෙන් එහි යවා යටකී සියලු ගම්හිද නියම්ගම්හිද පෙරසෙයින් නීති පටන්ගත් බොහෝ යුද කෙරෙමින් සතුරු සේනාව සියතෙද ගින්නට දරකොට මුළු රුහුණු රට වහාම කටුරහිත කෙළේය. පසුව ඒ ‍රාජාධි රාජ‍යාගේ ඔටුන්පලන් සොළොස්වෙන් වස මාවටුපටුන හා ඒකාබද්ධ රට සර්වුප්ර‍කාරයෙන් පැමිණිආයුඃක්ෂ ය ඇති ඒ රට වැසි කිසි ජන කෙනෙක් පෙරලී උතුමැයි සම්මතවූ යුද පැවැත්වූහ. ප්ර ඥා සම්පන්න මහ රාජතෙමේ විහිදූ සිවුරඟසෙන් යවා පොළෝ ධූලිවන තෙක් සතුරන් නැස්වී. සම්ය ග්දෘෂ්ටි සමඟි මිනිසුන්ගේ නිවාස බැවින් ලඞකා රාමඤ්ඤ දෙශයෙන්ගේ භෙදයෙක් හැමකල්හි නොවීය. ලක්දිව් අධිපතිවූ රජදරුවෝ රාමඤඤදෙශ ඊශ්වරයෝද යන මේ දෙපක්ෂීයෙහි


76 වෙනි පරිච්ඡේදය 175


ඇත්තෝ සාදෘශ්යපයෙන් හැමකල්හිම පරම සෞගතයහ. එහෙයින් දෙශ දෙක්හිම පූර්වපවික සියලු රජදරුවෝ දැඩියේ හටගත් විස්වස් ඇත්තෝ සිතින් යුක්තවම හිතයෝය. මාහැඟි නොයෙක් පඬුරු උනුන්වෙත පමුනුවමින් බොහෝ කලක් නොකඩව සමඟබැව් පැවැත්වූහ. පරාක්රලමබාහු මහරාජානන් සමගත් රාමඤඤ රජතෙමේ පෙර රජුන් සෙයින් චිරානුගත සමගිය පරිපාලනය කරන්නේ නැවත එක් කලෙක නැණහීන ඒ රජතෙමේ මේ ලක්දිවින් ගිය කණෙහි කොදුරන්නාවූ කිසි දූතකෙනෙකුන්ගේ බස් අසමින් තමන්වෙත ගිය ල‍ෙඞකශ්වරයාගේ දූතයන්ට පුරාණ සිරිත්වූ දෙනුලබන්නාවූ වැටුප් පිරිහෙලී. බැහැර නොයෙක් තැන නොයෙක්දෙනා විසින් විකුණණු ලබන්නාවූ “අත්තු නොවිකිණියි යුත්තාමයුහ”යි සම්මතයකුදු කරවී. යම් ඇත් කෙනෙක් වනාහි රිදීතිකල් යියයට හෝ වැලි දහසට හෝ පූර්ව්යෙහි එහි විකුනනුලබන්නෝ “සහස්රීවයට හෝ සහස්ර ත්රරයට හෝ වික්ක යුත්තාහ” යි මෙසේ දුෂ්ට අදහස් ඇති හේතෙමේ ගණන් සීමා තැබ්බවී. ( මෙයින් ) ගෙණයන පඬුරු පිණිස නැවක් පාසා එකෙක් එකෙක් බැගින් දෙනුලබන්නාවූ පුරාණ ඇත්පඬුර මුලිනිදිරී. තමන් උදෙසා එලවනලද රන්වුමා ලියුම් දක්නේත් “දූතවූ මේ මිනිස්සු කම්බෝජ රට සඳහාය”යි මෙසේ යමිකිසි (මුඛවෙශවූවක් ) කියා සියලු වස්තු උදුරාඝෙණ ල‍ෙඞකශ්වරයාගේ දූතයන් කදුරට බල කොටුවෙක ලැවීය. ස්වකීයවූ තපස්වීනම් දූතයාහට ල‍ෙඞ‍කශ්වරයා විසින් කරණලද සංග්රවහ සියල්ල සියලු ආකාරයෙන් අසමින්ම ල‍ෙඞකශ්වරයාගේ දූතයන් සතු වස්තුද ඇත්තුද එසේම නැව්ද යන ඒ සියල්ල උදුරාගෙණ නීතික්රාම නොදන්නා ඒ තෙමේ ඔවුන්ගේ පාදයන්හි බොහෝසේ මුපලපීඩනය කරවා දියඇදීම පිණිසද සිරගෙවලද යෙදුයේයි. එක්කලෙක කසුබ් නම්වූ දඹදිව් ප්රතධානියෙකු විසින් රන්ලියුම් සහිතකොට එවන ලද්දාවූ සරුවූ පඬුරු නවතා ඒ මිනිසුන්ගේ ගොඩබැස්ම වලකා පසුව ඒ ලියුම් සහිත (පඬුරු) අවමන් සහිත කොට සියපුරයට ගෙන්වීය. ඉක්බිති හේතෙමේ ‍එක්කලෙක සිංහල දූතයන් කැඳවා (කියනුයේ) “මෙතැන්පටන් අපගේ රටට සිංහල දෙශයෙන් වැනි නොඑවිය යුක්තාහ. ඉදින් ඔව්හු එවත්නම් ඉන් ඉක්බිති මෙහි පැමිනි දූතයන් සර්වාප්රඉකාරයෙන් නසන්නාවූ ද තොපගේ වරදෙක් නැතැයි මෙසේ පතක් දැන් අපට දෙව ඉඳින් නොදෙව්නම් තෙපි සියගෙට (රටට) යන්ට ‍නොලබන්නාහුය” යි කීය. මෙසේ ඔවුන් ආක්රතමණය කොට පසුව සියරට එනු පිණිස ලියවා උන් අතින් පතක් ගත්තේය. වාහිශවර නම් ආචාරීන්ද ධම්මකීර්තාති නම් පණ්ඩිතයාද සිදුරු සහිත නැවෙකිස් මුහුද හැරියේයි. නැවත එක් කලෙක ඇතුන් විකිණගන්නා පිණිස ල‍ෙඞකශ්වරයා විසින් මෙහෙ


176 මහාවංශය


යනලද පඬරු හා බඩුත් දූතයන් අතින් හැරගෙණ “ ඇතුන් තුදුසක් තොපට දෙමු, රිදීමිල හෝ දෙමුය” යි මෙසේ කිය උන්ට කිසිවක් නොදෙන්නේ හුදක් බොරුමය කීය. ඉක්බිති ලඞකාධිපතිහු විසින් කමෙබාජ රට බලා යවනලද රජකුමරියක්ද බලාත්කාරයෙන් උදුරාගත. පරාක්රිමබාහු මහරජතෙමේ ඒ රජහු විසින් අනෙකප්රබකාරයෙන් කරවනලද විප්රරකාර අසා අත්යඋත්වජයෙන් කිපීසිත් ඇත්තේ “මුළු දඹදිව්හි කවරනම් රජෙක් තෙමේ මා අයත් දූතයන්ට මෙබඳු ක්රිේයාවක් කරණු පිණිස සමත්ථතවූයේ විද්යාාමානද” මෙසේ කියා ඇමතියන් රැස් කොට “ අරීමර්දාදන රජහු අල්වා ගැන්ම හෝ මැරීම හෝ වහා කට යුතුයි” යි ඒ තෙමේ කීයේය‍ි. එකල්හි ආදිත්යහ ද්ර විඩාධිකාරී නම් ඇති එහි එක් ගණක මහ ඇමතියෙක් බඳනාලද ඇඳිලි ඇත්තේ තෙමේම එහි යනු කැමැත්තේ රජහට මෙබස් කීය. “මේ ක්රි යායෙහි ප්රතධානවූ මහඇමතියන් නොයොදන සේක්වා නුඹ වහන්සේලාගේ උපදේශ මර්ගේගයෙන් අවක්රිමණය නොකරන්නාවූ ප්රගතිලාබ්ධ නියෝග ඇති හුදකළාවූ මට දුරතික්ර‍මණය අනුශාසනා ඇත්තාවුම ස්වාමීහුගේ අනුශාසනාව නොසිස් ආකර කරුණු පිණිස කිසිකලෙකත් බරෙක් නැතැයි කීය. ර‍ජතෙමේ ඒ අසා ප්රබසන්නවූයේ යැවියවුත්තාවූ සියලු ඒ භටාධිපතීන් උහු කෙරෙහි ස්මර්ප ණය කොට වහා යන්ට අණ කෙළේය. පසුව මහා යසස් ඇති ඒ රජතෙමේ “නොයෙක් සියගණන් නැව් විශෙ‍ෂයෝ වහා සම්පාදනය කටයුත්තාහ”යි නියෝග කෙළේයි. එකල්හි මොනවට පටන් ගන්නා ලද නැව්කර්මහමාන්තයෙන් ආකූලවූ ( ලක්දිව ) හාත්පස මුහුදුබඩ දෙශයෝ එක් කර්මාරන්ත ශාලාවක් බදුවූහ. පසුව පස්මසකින් ඒ සියලු නැව්කම් නිමවා දළුවක් නම් තොට යුදුව රැස්කතරවි. ඒ රජතෙමේ හවුරුද්දකට පොහොනා සහල් ආදී මා‍ර්ගොවපකරණද සන්නාහ ආයුධ ආදී නොයෙක් යුධොපකරණද තියුණු අග් ඇති ( හී ආදිය) වලකනු පිණිස අයොමය සන්නාහද නොයෙක් සියගණනින් දහස් ගණනින් ගණනා ලද ගෝණ සමින් කළ සන්නාහද විෂපෙවූ හීයෙන් හටගත් තියුනු වණයන්ගේ ශාන්ති පිණිස ගොහඟ බහාලනලද බෙහෙත් ජාතීන්ද නොයෙක් ජලාධාරාවන්හි විෂයෙන් මිශ්රඟකරණ ලද ජලයන්ගේ විෂොපහමනය පිණිස එසේම ඖෂධ ජාතීන්ද කර්ණිසහිත විෂපෙවූ ගැඹුරෙහි වන් උදුරණට දුක්වූ හීදඬු එයින් බැහැර අදනට යහඬුද එසේම තියුනු බුද්ධි ඇති වෙදුන්ද සප්පාය කර ස්ත්රීඑන්ද මහාරාජර්ධියෙන් යුක්තවූ රජතෙමේ අඩු නොකොට පිළියෙළ කෙළේය. නොයෙක් සහස්ගණනින් ගණනලද ප්රූබල බලසෙන් නැව්හි නංවා සංවිධානයෙහි අසහාය පණ්ඩිතවූ ඒ මහීපාළතෙමේ අනෙකොපකාරණයෙන් ආකීර්ණවණවූ මහාභටයන්ගෙන් සම්පූර්ණත වූ සියලු නැව් එක දවසින්ම පිටත් කෙළේයි. මුහුද මැද කැටිව ඒ


76 වෙනි පරිච්ඡේදය 177


නැව් රාශිතෙමේ ඉතා වේගයෙන් යන්නේ ගමන්ගත් දිවයිනක්සේ පෙණින. ඒ නැවින් කිසිවක් විරුද්ධවූ වායුවෙන් අවුරන ලද්දාහු සමුදුරදී නටහ. කිසි‍වක් නොරට පැමිණියහ. එක් නැවෙක නැංගාවූ ඉතා සමත්ථිහ බොහෝ භ‍ටයෝ කාකදිවයින ගොඩබැස්සෝ එහි යුදකොට ඒ දිවයින් වැඩි නොයෙක් ජනයක් ජීවග්රයහයෙන් අල්වාගෙණ එයින් ගෙණවුත් ලඞකාධි රාජයාහට දැක්වූහු. එකල්හි නැව් පසෙක නැංගාවූ මහබලඇති ‍යෝධයෝ අරමුණ දෙශයෙහි කුසුම්තොට බැස්සාහ. කීර්ත තිනගරගිරි ප්රශධානකොට ඇත්තාවූ ප්ර බලවූ ඒ භටයෝ නැවෙන් ගොඩබට තොට පටන් බහා පලඳානා ලද කවදත් හා ආයුධ ඇතිව අරමණරට වැසි නොයෙක් දහස් ගණන් ඒ බලසෙන් බිහිසුනු යුදෙහිදී මරමින් මතැතුන් සෙයින් හාත්පස නෙරළු ආදී නොයෙක් වෘක්ෂහයන් සිඳිමින් ගම්හි ගිනිලමින් රාජ්ය යෙන් භාගයක් විනාස කළහ. ආදිත්යි ද්රාවිඩාධිකාරීන් විසින් අධිෂ්ඨාන නෞකාතෙමෝද එම රට පපඵාළ නම් තොට බටුවා, එසේම දෙමළ අධිකාරීන් ප්රමධානකොට ඇති ජනයෝ වෛරීන් විධවංසනය කරන්නාවූ ඝොරවූ බිහිසුන් යුද කෙරෙහින් ජනපද වැසි බොහෝවූ ඒ (අරමුණ) ජනයන් ජීවග්රබහයෙන් අල්වමින් එකල්හි අරමණ නම් ඒ රට අත්යිත්ව)යෙන් ඇල්ලූහ. පසුව භීමවික්රහම ඇති සිංහලයෝ ක්රණම උල්ලඞඝනය කළ නුවරට වැද ශාස්ත්රමයෙන් කර්ක ශවූ අරමණ හිමියා මැරුහ. ඒ රට අරමුණ යන් මැඩ රජය ස්වහස්තගත කොටගෙණ ඒ මහාවීරයෝ ප්රලවරවූ සුදු ඇත්කඳ නැගී විගත බය ඇත්තෝ ඒ නුවර පැදකුණු කෙරෙමින් පසුව ල‍ෙඞකස්වරයාගේ ආඥායෙන් එහි අණබෙර කරවූහ. එකල්හි රාමඤඤ රට‍ ජනයෝ කම්පිතවූවාහු අනික් ආරක්ෂාබ ස්ථානයක් නොදන්නෝ සියල්ලෝ එක්රැස්ව මන්ත්රමණයකොට “මෙතැන්පටන් අවුරුදු පතා අප අතින් කැමැතිතෙක් සුංකම් පිණිම ඇත්තු ගෙණ යායුත්තාහ. මෙසේ අපගේ වස්තු වර්ගකය උදුරන්නේම ලක් මිහිපල් තෙමේ වෙමැනිවු ඉතා ඉවසිය නොහෙන්නක් යම්සේ නොකෙරේනම් එසේ ඒ රජහට අනුශාසනා වදාරන්නාවූ හැමකල්හි දයාබහුල ස්වාමින්වහන්සේලා විසින් අපි සියල්ලෝම දයාකටයුත්තෙමුය”යි මෙසේ කියා හසුන්ගත් අත් ඇති ස්වකීය දූතයන් ලක්දිව් වැසි බික්සඟහු වෙත වහා එවූහ. ඉක්බිති නිකායත්රූයවාසී සගහු වසින් මොලොක් බවට පැමිනි ලක්දිව රජහට (අරමණරට වැසි) ඔව්හු හව්රුදු පතා බොහෝ ඇතුන් එවන්නෝ සත්ය(සන්ධාකන ඇති ලඞකාධිපතියා හා නැවත සන්ධිු කළාහ. ඉක්බිති මදුරාපුරයෙහි පරාක්ර මනම් පඩිරජතෙමේ යුද කටටිවු කුලශෙඛර නම් සතුරු රජහු විසින් බලයෙන් සමඟ අවුදින් සිය පුරය වටලූකල දඹදිව්තෙලෙහි ශරණහි රජක්හු නොදැක “ශර 2A 33-16


178 මහාවංශය


ණර්හ යානෙනි ශත්රැ තෙජොගිනේනහි හුදකළා පළකැටියෙක් බඳු මට ඔබ‍ගේ පාසගල් නමැති වජ්රනපජරය අත්යතත්වි යෙන් පිහිටවෙව්වා” යි මෙසේ කියා ළඞකානාථයාවෙත දූතයන් ‍එවීය. ල‍ෙඞකස්වර තෙමේ උවුන් බස් අසා (මේ කියන්නේ) “ අප සරණවන්නක්හුගේ ආපදාතෙමෝ ඉදින් බැහැර නොලනුලැබේ නම් අපගේ ඒ පැරකුම්බා බැව් කෙසේ ගැලපේද, මා ඇසිරු කෙළේ යම්කිසි සතුරෙකු විසින් දුෂප්ර සහ්යගය. සඳ ඇසිරුකළ සාතෙමේ මෘගශත්රැකවූ කවරෙකු විසින් මඩනා ලද්දේද? ලක්බුර දණ්ඩානාථය කුලශෙඛරයා මරා පඩිරජු සියරටෙහි පිහිටුවා එව”යි යෙදුයේය. ඉක්බිති හොබනා විකුම් ඇති ලක්පුර අබිදන් යුධොපාය දන්නා සතුරු මහ වනයට ලව්ගිනි බදු දණ්ඩනාථතෙමේ “එසේය” යි රජහු අණ මල්වඩමක් සෙයින් හිසින් පිළිගෙණ යුධයෙහි දක්ෂිවූ බොහෝ සාමන්තයන් කැටිව යුධයෙහි දුර්වාපරවූ මහසෙන් විසින් පෙරටුකරනලද්දේ නුවරින් පිටත්ව මාවටුපටුනට එලඹියේය. කුලශෙඛර රජතෙමේත් අඹු දරුවන් සහිත පඬිරජහු ම‍රා මධුරා නම් පුරය (පැහැර) ගත්තේය. මහරජහු විසින් එපවත් දැන “උහු විස උපන්නක්හටවත් රජය ගෙණ දෙවා” යි නැවතත් නියෝග කරණ ලද්දාවූ දඬනාථතෙමේ මෙතෙර තල්විල් නම් තොටට ගියේය. නොයෙක් සියගණන් නැවට මහබලයෙන් නංවා (ඉන් ) පිටත්ව මුහුදුපිට එක් රෑ දවාලක් ගොස් (එයි) ගියේ එතර දැක එහි සතුරුසෙන් සිටිබැවින් නැව්හිදිම සියලු බල සන්නධ කරවා ඉතා ගඹුරෙහිම නව් නවත්වා බැවින් එහිම බට කල සියලු සේනාවගේ සන්නාහයන් තෙමෙන හෙයින් ඒ තෙමේ එක් කඳ හොරු සියගණන්හි සෙන් නාගවා ගොඩ සිටි දෙමළුන් විසින් (විඳිනාලද) ශරවර්ෂාඉ වැටෙන කල්හි සමින් කල සන්තාහයන් ඉදිරියෙහි තබ්බවා පඩිරට තලවිල් නම් තොට බැස්සේය. තොට සිටි දෙමළුන් පලවා ඒ තොට ගෙණ එහි වාඩිලාගත් මහාබල ඇත්තේ යුද සතරක් කෙළේය. වඩවලත්තීරුක්කුනාඩල්වාර් නම්වුය එසේම කුඩයමුත්තුරායර නම්වූව විල්ලාවාරායර නම්වූය අඬුකොට්ට නාඩාල්වාර් නම්වූය නරසීහදේව නම්වුය යන මේ සාමන්ත රජුන් පස්දෙනා පුදපිණිස ආකල ඔව්නු සමඟද යුදකොට බොහෝ දෙමළුන් මරා උන් අසුන් ගෙනමහසෙන් පලවන්නේ යුදපසක්කොට රාමෙශ්වරම ගත්තේය. වැලිහේතෙමේ එහි හුන්නේම යුද නවහක්කොට දසවැනනෙහිදී ශිලාමේඝය නරතුගබ්රපහ්මහාරායරය ඉලඞ්කිය රායරය එසේම අචුකෙකාට්ටා රායරය පලුදියරායරය පණසියරායරය යන සාමන්ත රජුන් සදෙන් හා යටකී සාමන්ත රජුන් පස්දෙනා මහත් බලසෙන් ගෙන එලඹිය වුන් (හා) (හේ ලඞකානාථ) තෙමේ යුදකොට ජයට පැමිණ බොහෝ අසුන් ගෙණ දෙමළුන් මරවමින් ‍රාමේශ්වරම පටන් සතර ගවුමත්තෙහි මුහුදු දෙකට අතුරු පිහිටි කුන්දුකාල්


76 වෙනි පරිච්ඡේදය 179


නම් තැනට ( ඒ රාමෙශ්වරමෙන්) ගියේය. බොහෝ දෙමළු භයින් පලාගොස් වලට වන්නාහ. පසුව ඔවුන් අල්වාගෙණ කිසිවෙකු උල තැබ්බවී. “දෙමළුන් විස්න පූර්වඅයෙහි බිඳිනාලද ලක්දිව්හි සියලු සෑ උන් ලවාම කරවිය යුතුය”යි සිතා ලඞකාධිපති (රජහු) විසින් ඇණවූ කල සමහරුන් ලක්දිවට පමුනුවා රුවන්වැලිසෑයෙහි කර්මාවන්ත කරවීය. ල‍ෙඞකශ්වරතෙමේද දෙමළුන් විසින් බිඳිනාලද ඒ සෑය පෙරලා බඳවා අවසානයෙහි කොත් පලදන පෙළහර කරන්ට ඇමතියන් හා පිරිවර කැටිව අනුරපුරයට ගියේය. ලක්දිව්හි මහා භික්ෂුඇසඞඝයා ද රැස් කරවී. ඒ සඞඝයාසමූහයාට සිවුපසයෙන් උපස්ථාන‍ කෙරෙමින් තුදුස්වක් පැමිනිකල නුවර බෙර හසුරුවා “නුවර අලඞකාර කෙරෙත්වා ගඳමල් ආදිය ගෙණ මහනෙතෙමේ මහසෑතැනට සෙට යේව”යි කියා සියලු පූර්‍දිවිධිය මොනවට කරවා පුණු පොහෝ දිනයෙහි නන්මිර්ණායෙන් ගහනවූ මෞලිමාලා අගදාදි මහගු අබරණින් දෙවලීලායෙන් සැරසෙන ලද්දේ දිවසරන් විලසින් මොනවට සැරසුනු සිරුරු ඇති නොයෙක් සියලගණ ඇතෙවුරන් විසින් පෙරටුකරණ ලද්දේ නන්අබරණ වතින් විසිතුරු වෙසින් ලීලෝපෙතවූ මහායසස්ඇති නොයෙක් සාමනත රජුන් විසිනුදු අනුගමනය කරණ ලදුයේ සියොලග පහන් පුදින් සෑය පුදන්නාවූ දිලියෙන රන්සන්නාහ ඇති ඇත් අස් මුළින් හා ජනරාසිභාරයෙන් මැඩ පොළෝතෙල ගල්වන්නා සෙයින්ද සත් සෙමෙර දෙදෙන් දිසා මුඛය වසන්නාමෙන්ද නන්තුරු රැවින් ගිරි ගුහා බිඳිනා සෙයින්ද සිරිසැපතින් ලෝ වැස්සා නෙත් සතුටුකඳුළු ගන්වමින් කරඬුකොඩි කෙඩිකා තල්වැට කළසාදී ස්වර්ණා භාණ්ඩයන්ගේ රැස්න් එතැන පිගුවන් කෙරෙමින් ඒ (රජතෙමේ) රජමැදුරින් අවුත් ඡායාව වැඩෙනකල (සවස්වේලෙහි) සෑ මිදුලෙහි දෙව් රජ සිරින් සිටගත. නොයෙක් සියගණන් භික්ෂුේහුද පබුලු පළිකඩින් සැය වටලන්න වුන් සෙයින් අවුදින් පිරිවැරූහ. රජතෙමේ සෑ මතුයෙහි රන් කොත තබා මස්තකයෙහි සිටි හිරුමඬුලු ඇති කෛලාශශ්රීෙය ලොකයාහට දැක්වී. එදවස් රජහුගේ පහන් පූජාවෙන්දෝ සෑයෙහි පිහිටි රන්කොතින්දෝ නුවර රෑ නැත්තේසේ වී. මෙසේ පරාක්රනම බාහු මහරජතෙමේ උතුම් සැය පිළිබඳ මහපෙළහර කරවා පොළොන්නරු පුරවරයටම එලඹියේව. ඒ දඩනාථතෙමේත් එයගේ චිරස්ථිති කැමැත්තෙන් කුන්දුකාල් නම් පෙදෙස පරාක්ර්මපුර නම්වූ කඳවුරක් කරවී. දෙ‍දහස් සාරසිය රියන් අයම් ඇති උත්තුඟවූ පහන්මුවා පව්රු තුණක් හා දොළොස් දොරටුවක් හා චතුශ්ශාලාවක්ද කරවා මුහුදින් මුහුදට දිය යම්සේ යේද එසේ පරිඛාත්රශයක්ද කරවා ඒ බලකොටුවෙහි වෙසෙමින් කඩක්කුඩිය නම්වූය චොළගඟ නම්වූය යනාදී සාමන්ත රජුන්ද


180 මහාවංශය


ගෙන්වී. මෙසේ දවසින් දවස සිංහලයන් බලවැඩෙන කල කුල ශෙඛර රජතෙමේත් එයින්ම උන් පලවන්ට සුන්දනරපඩි රජ ‍නම පඬිරජ නම යන ‍දෙන්නා හා අන්ය්වූ බලවත්වූ බොහෝ සාමන්ත රජුන් නැවතද මෙහෙයී. ලක්පුරනම් (ප්රනභූරාජ) තෙමේ උන් හා යුදතුණක් කොට උන් පලවා චාරුකොට්ට නම් ගම ගත්තේය. ඉනුදු පිටත්ව එම සාමන්ත රජුන් හා එක්වත් ආළවන්ධටපේපරුමාල් නම් දෙමළා හා මහයුධකොට ජයට පැමින කොලුවූරුනම් ගම හා මරූඵූපනම් ගම ගත්තේය. ඒ දඞනාථතෙමේ කඞ්කුඬිය රටද කොලුඌරු රටද මරවරනම් භටයන් වසඟ කෙළේයි. වීරගඟයාගේ රට කුණප්පුය නල්ලුරුය යනාදීවූ බොහෝ ගම් හා නියංගම් කොල්ලකා මහා බල ඇත්තේ මාළවරායර නම්වූ බලවත් සාමන්ත රජහුද දෙමළ දහසුන්ද ‍වසෙහි කොට එහි විසීය. ඉක්බිති ඒ තෙමේ එයින් පරාක්ර මපුරයට ස්වකීය බලසේනා බත් වියදම් දීමෙන් සතපපනට පෙරලා ආය. එමින් අතරමඟ වඩලිනම් ගම හුන්නාවූ ආළවන්ද්යා හා යුදකොට උහු මැරීය. ඉක්බිති සිංහවික්ර ම ඇති යුධක්ෂමම මහාසේනා සම්පන්නවූ යුධොපායෙහි පඬීතවූ බලවත් කුලශෙඛරනම් රජ තෙමේ බොහෝ බලවාහන ඇති මහ ඇමතියනුදු මෙහෙයා උහු දිනනු නොහැකි වූයේ තෙමේම යුද පිණිස නික්මිනි. මාළාව චක්රමවර්තදතීය මාළවරායරය පරිතතික්කුඩ ‍රායරය තොඬමානා රායරය තුවරරට අධිපති වේළාරය වීරපේපර රායරය සෙඞ්කුඩිය රායරය නිකලට රායරාය කරුමමලත්ත රායරය එසේම නකුලරායරය පුංකොඩනාඩාලවාරය කරඹ රායරය ඛඬියුරුය ථලඬුරුය යන නාඩාලවාර දෙදෙනාය කාඟයාරය වීරගගය වෙමුව රායරය අලත්තුරුනඩාල්වාරය මණ්ණයරායර තුන්දෙනාය කලවඬිය නාඩාළවාරය කෙරළසීහ මුත්තරය මේ ආදී සාමන්ත රජදරුවන් හා යටකියන ලද්දවුන්ද ගෙණ පැරකුම් පඬිරජහුගේ රට සෙසු බලසෙන්ද මයිලන් දෙදෙනාගේ කොඬිගුරට දෙක්හි සියලු බලසෙන්ද තමා අයත් ත්රිලණවේලි රජයෙහි සියලු බලසෙන්ද නිච්තවිනොදමානය රායරය පට්ටිරායරය තඩ්කුත්තරායරය තොමපිය රායරය, ආළවන්දිපේපරුමාළය චොළකොනාරය එසේම තඩ්ගිපෙ‍පරුමාළය අලඛිය රායරය මාණභරණ රජය අවන්දිුය රායරය මූන්දිඩය රාජයර විට්ටාර දෙමළය මෙකී සාමන්ත රජුන්ද මහත් බලවාහනයන්ද ගෙණ ප‍රාක්රාම පුරය වෙත අවුත් “සිංහලයන්ගේ හිස් සිඳුම කොට රාමෙශ්වරම් දෙවොලෙහි මේවර මාගේ දේවපූජාය වන්නේය”යි සිංහගජිනාවෙන් ගර්ජලනාකොට එරුකෙකාට්ටනම් ගමද ඉඩගළීස්සරනම් ගමද කඳවුරු පිහිටවී. පසුව පරාක්රවමපුරනම් කඳවුරු කොල්ලකන්ට කුලශෙඛරතෙමේ ගොඩින්ද බොහෝ (දෙන) නැව් නගා මුහුදුපිටින්ද මහසෙන් මෙහෙයි. මෙසේ නොයෙක් දිගින් අවුත් මහාසේනා යුද කරණ


76 වෙනි පරිච්ඡේදය 181


කල සමුද්රෙයන් දෙදෙනෙකුගේ ඉවුර උතුරන්නා බඳු වී. ඉක්බිති ඒ ලඞකාපුරනම් (ප්රදභූරජතෙමේ) මහාසේනා සන්නධ කරවා කඳවුරින් නික්ම ඔවුන් හා යුදකරන්ට ප‍ටන්ගත. ඉක්බිත් ඒ දෙමළ සේනාතොමෝ යුදකරන්නී මහ යුදෙහිදී ඛඩ්ගප්ර‍හාරයටද අනල්පවූ ශ‍රවේධයටද පැමින කලාන්තවූවා සිය කඳවුරට පෙරළා ගියාය. මෙසේම අවුදින් තෙපණස් යුදයක් කළා. ඉක්බිති කුලශේඛර රජතෙමේ යුධයක් යුධයක් (පාසා) පරාජය දැක තෙමේත කඳවුරින (නික්ම) යුද පිණිස බලසෙන් මෙහෙයි. ලඞකාපුර නම් (ප්රැභූරාජ) සියලු දොරටු හරවා මහා ශෛලයක් සෙයින් සියසෙන් ඉදිරිකොට ගෙණ නික්මුනේ යුදකොට බොහෝ දෙමළුන් මරා අසුන්ද ගෙණ ජයට පැමිණ ලුහුබඳනේ කුරුඹඞඩකලියට ගියේය. එහි කඳවුරක් කරන්ට පටන්ගත්කල කුලශෙඛර රජතෙමේ යුදෙහි බුන් ඒ මහාසේනාවද එකතුකරවා සාරභූතවූ තමා හා සමානවූ ‍මහසෙන්ද ගෙණ තෙමේම අවුත් පිළිකතුරන්ට භය එලවන්නේ යුද කෙළේය. කඩු නැමැති මසුන් සහසුන් විසින්ද අශ්වනමැති රල සියයන් විසින් ද පදික සේනා ජලභාරයෙන්ද කුඩ නැමැති ඵණ පඞක්තීන් විසින්ද හී නමැති ගහාවන්ගේ නිපතනයෙන්ද බෙරහඬ නැමැති ගිගුමෙන්ද එකල යුධභූමි තොමෝ මහාර්ණපවය සෙයින් බිය එලවන්නී වී. මෙසේ මහ යුද පවත්නාකල මහාවික්රේම සම්පන්ත සිංහලයෝ භුජකඬුතිය දුරු‍කළෝයි. විල්ලව රායර නම්වූහුද චොල කොනාර නම්වූවහුද යාධව රායර නම්වූවන්ද ඉති මහත් බල ඇති සාමන්තයෙක්ද, නොයෙක් සිය ගණන් භටයන්ද සියලු රාජාමාත්යබයන්ද මැරූහ ; කුලශෙඛර රජු නැගි අස්හුද විද්දෝයි. ඉක්බිතිව සෙනාසහිත කුලශෙඛර රජ තෙමේ සිංහලයන්ගේ මහා ඛඞගප්රරහාරයට අවසරදෙන්ට සෙයින් පිටු දැක්වී. යුදෙහි පලායන උහු විසින් හුදක් වික්රාමයට හරණ උද්දේ නොවෙයි, සිංහාසනය ඡත්රුය අලඞකාරාදිය යන මේද දැම්මෙයි. ලඞකාපුර නම් (ප්රැභූරාජ) තෙමේ සතුරුවූ කුලසේකර රජහු‍ විසින් වාසයකළ හරික්කවුර නම් බලකොටුවට ගොස් එය ගිනි තබ්බවා පසුව තෙමේ අලුත් බලකොටුවක් කරවා ගෙණ මදකලක් එහි වැස එකල් ලඞකාවිදුතෙමේ එයින් පිටත්ව වඩලියට වැද එයිනුදු ගොස් ඉක්බිතිව දෙවියාපටටන නම් ජනපදය ලාහෙලා ගත්තේය. එයින් සිරියවලයට ගොස් කොළුවක්කොට්ට නම් වූ බලකොටුවෙහි වසන්නාවූ බුද්දකඞ්කුඩ රායර නම්වූ (බලනායකයා) සැරහුතහු ක්රෑටර යුධකොට පිඹහැර එසේම කුලශෙඛර රජ හුගේ බොහෝ ඇමතියන්ද ඒ යුදයෙහිදී පලවා ඒ බලකොටුවද ගෙණ මහගම් සත්විස්සක්ද දවාදනතික නම් ගම වෙසෙමින් බිහිසුණු පැරකුම් ඇති හේතෙමේ කොටය බුක්කය යන නම් ඇති දෙතැනය බමුණුගමය යන මෙහි වසන පඬියඬාර දෙමළය චොළ


182 මහාවංශය


කොනරය යාථව රායර නම් සාමනත (රජය) එසේම විලලව රායරය කලිඟ රායරය සුන්දරරපඬු රායරය නරසීහදෙවනම් දෙදෙනය එසේම පඬිය රායරය යන මොවුන් හා යුදකෙරෙමින් ඔවුනිදු බිද බොහෝ දෙමළුන් මරවා බොහෝ අසුන් ගෙණ සම්පන්න බලවාහන ඇත්තේ, පසුව කුඩයන්නේක නම්වූ තැන වසනේනේ කුඬයමුත්තු රායරය එසේම කඬිලි රායරය යාථව රායරය යන සාමන්ත දෙමළ රජුන් තුන්දෙනා ව‍සෙහි කොට ඒ තැන්හි වෙසෙමින් ස්ථාන දන්නා හේතෙමේ වික්රාම චොළපෙපර නම් බලකොටුවෙහි පඬිය රායරය පඬිමඬල නාඩාල වරාය වීරමග රායරය සඟකොඩපේපරයරය යන මොවුන් තුන්දෙනාද කාමන්දයකොටට (රට) වැස්සන්ද මහාවීර තෙමේ එකල්හි වසඟකොට ගෙණ මහ යුද කරුණු කැමැත්තේ මරුථුකේකාට්ටයට ගියේයි. එහිද චොළකොනාරය තොන්රිණු යය එසේම අන්යුවූ සුත්තඩාර සාමනතය වීරගඟර දෙමළය එසේම කුත්තඬාරය යන මේ ආදීන් හා මහ යුදකොට තොන්රි ද ය (බලනායකයා) එහිදී ජීවිතක්ෂායට පමුනුවා උහුගේ අසුන්ද ගෙණ බොහෝ දෙමළුන් මරවා මත්තෙහි කග කොට්ටානයයි ප්රහසිඬවූ බලකොටුව ගත්තේය. එයින් නික්ම පර්ණයව නම් තැන්හි හුන්නේ. අළත්තුරු නාඩාල්වාර දෙදෙනය පන්රිා මතය රායරය විලලවා රායරය වුල්ලකඩ්කුඩ රායරය යන මොවුන් හා මහ යුද කොට එහි ඔවුන් බිද පර්ණ‍වකෙතාට්ටය ගෙණ එතනින් හැරී ඒ තෙමේ කඟකොට්ටාන නම් තැනටම හුන්පරිද්දෙන් අවුදින් එයින් අර්ණ වලකේකාට්ටයට යුද පිණිස ගොස් එහිද ඛඬමාළව රායරය වීර ගඟර දෙන්නාය චොළකොනාර නම් දෙමළය යන මොවුන් හා මහ යුද කොට ඒ සියල්ලන් බිඳ බොහෝ දෙමළුන් මරවා බොහෝ අසු නුසු ගෙණ ඒ බලකොටුව සහ නෙට්ටුරුවන් ගෙණ තෙමේ එහි හුන්නේම කුත්තාඬය වීරගගය තගිපේපරුමාල්ය යන (බලනායක යන් හා) උන් ඇසුරු කළ නොයෙක් සිය ගණන් දෙමළුන්ද එසේම ඉලඞකීය රායරය අවුකේකාට්ට රායරය (යන මොවුන්ද ) වසෙහි ගොට ගෙණ (මිණි) කො‍ඬොල් ආදී අබරණ (ප්රසසාද පිණිස) දී ඉක්බිති ඉලඞ්කී රායරයාහට රාජවෙසීභුජඟ සිලාමෙඝයයි න අභිපසිත (විරිඳු ) නාමය දී. මේ අතුරෙහි ප‍රාක්රසම පඬිරජයුගේ දරුව වීරපඬු කුමාරයයි ප්රජසිඬවූ සැමට බාල කුමාරයා පුත්රිභාය්යාල යන් සහිත මරණප්රාපප්තවූ සතුරන් වසයට පැමිනි පියරජහුගේ ජීවිතක්ෂරයට පැමිණීමෙහිදී එක්තරා උපායෙකින් සතුරන් අතින් මිදුනාහු භයින් නොඅවුත් මලය නම් රට හුන්නහු අසා (උහුවෙත) දූතයෙක් යැවීය. “මම මෙහි මහ යුදෙහිදී ඇමතියන් සහිත කුලශෙඛර රජහු නොයෙක් වට දිනා රාජ්ය්යෙන් භාගයක් ගෙණ ප්රඇමා‍ණයෙන් දෙතුන් ගව්වක් පමණවූ මදුරාපුරයට නුදුරු දෙශයෙහි පැමින සිටියෙමි වීමි ; අපගේ ස්වාමිතෙමේද ‍තොපගේ පියරජහු අනුරක්ෂ ණය පතන්නේ සතු


76 වෙනි පරිච්ඡේදය 183


රන් විසින් ඒ නරනායකයා නැසූකල්හි එපවත් අසා “මා සරණ ගියාවූ (ඒ තෙමේ) ඉදින් එසේ  සතුරු රජහු විසින් නසනලද නම් දැන් උහුද මරා ප‍රාක්රවම පඬිරජහුගේ ඒ රාජ්යදය ඒ වංශයෙහි උපන් නාවූ කිසිවෙක් ඉදින් විද්යාුමාන නම් උහුටවත් ගෙණ දෙව්ය” යි අප මෙහෙයූසේක, එහෙයින් (සිතෙහි) භයක් නොකොට වහා අවුත් පිය සන්තකවූ රාජ්ය ය අනුශාසනා කරවීය” යි සත්යෙ මෘදු වදන් කියා (යැවිය.) කුමාරතෙමේද ඒ වෘත්තාන්තය විධිවූ ප‍රිද්දෙන් අසා කල් නොගෙවා උහුවෙත එලඹියේය.

එකල්හි කිසිවක් නැති කුමරහු ආබැව් කියා ලඞකාපුර (ප්ර්භූරාජ තෙමේ) මහරජු පිළිබඳව ලඞකාවට පතක් එවී. මහරජතෙමේ එපවත් විධිවූ ප‍රිද්දෙන් දැන භොජනයට සුදුසුවූ ස්වර්ණඑමය රජතමය නොයෙක් බඳුන් හා රන්මුවා රිදීමුවා බොහෝවූ ප්ර දීපාධාරයන්ද මාහැඟිවූ තමන්ගේ වසත්රු බදුවූ අඳනට සුදුසුදැද කර්ණූකුණ්ඩල හා මුතුවැල්ද රුවන්මුවා වලලුද මේ ආදී (භාඩයන්) සතුටුවූ (රජතෙමේ) සතුටු පඬුරු කොට යැවුයේයි. ඉක්බිති කුමාරතෙමේ ඉතා ආදර යෙන් ඒ පඬුරු සියල්ල රජහු දිසාවට වැද භය සහිතව පිළි ගත්තේය. එකල්හි මහබල ඇත් ඒ ලඞ්කාපුර තෙමේ මුඬික්කාර (රට) බඬ දෙව මාළාව රායර නම් තැනැත්තහුද යුදකොට එතැනින් පලවා කීලමඟල නම්වූද මේල මගල නම්වූද යන දෙරට දෙමළුන් වසඟ කොට එහි වෙසෙමින් පසුව වීරතෙමේ එකල්හි භයපරවසවූ සිත් ඇතිව පහවූ මන්ඇතිව සරණ පිණිස ආවාවූ මාළව රායරයා පූවර්‍ ස්ථානාන්තරයෙහි පිහිටුවා මුඩික්කාරයද පෙරලා දී මහල දෙරට ප්රයධානද කොට මුඬන්නංකොඬගතවූ ගොකණ්නනාඩ නායක කොට අර්ණෙවලක්කීකොට්ටයෙහි ලඞ්කාපුරතෙමේ එකල විසීය. ඉක්බිත් තෙමේව එයින් නික්ම ලාහෙලා නෙට්ටුරුවට වැද මාන වීර මධුරාවෙහි වැසි සාමන්තයන් සමඟද, අලත්තුරු නාඩාල්වාර දෙදෙනය කාලිග රායරය කලිකාල රායරය යන මොවුන් සමගද මහයුදකොට බොහෝ දෙමළුන් හා කලිකාල රායරයාත් මරා මහත් බලඇත්තේ ඒ මධුරාව අත්පත්කොටගෙණ ; පසුව බොහෝ දෙමළුන්ද එසේම මුවරය (නම් රායරයා) ද කරුම්මඑතත රායරයාද තමා වසයෙහි කොටගෙණ බලවත් හේතෙමේ අලත්තුරනාඩාලයාගේ දුග්ගයට ගොස් කාලීග රායරය චුල්ලකඬ්කුඩ‍ රායරය යන මොවුන් හා මහයුදකොට දුතික්ර ම භිමවික්ර ම ඇත්තේ ඔවුන් එතනින් පලවා ප්රමසිද්ධවූ ගම් කිහිපයකුත් ගිනි තබ්බවා මහාවීරතෙමේ නැවතත් නොට්ටුරුවටම එලඹියේය. එකල දකුණු දිගින් චුල්ල්කඬ්කුඩ රායරය අලතතුරු නාඩාල්වාර දෙදෙනාම මණ්ණය රායර නම්වූය පරිතතික්කුඩියාර් නම්වූය එසේම සෙඩ්කුඩි රායර නම්වූය යන බලනායකයන් හා සඞග්රාකම විධානයෙහි කොවිදවූ අන්යරවූ බොහෝවූ දෙමළුද කුලශෙඛර රජහු අභ්යඩන්තරිත


184 මහාවංශය


සාමනතවූ කාලිඟ රායරතෙමේද තෙන්නප්පල්ලව රායරතෙමේද ආළවන්දූපේපරුමාල් තෙමේද යන මේ පැරදවිය නොයෙන්නෝ සිය සෙන් සන්නධකොට නික්ම සාහසයෙන් යුත් සිත් ඇත්තෝ පාත පත නම් තැනට එලඹියහ. ඒ වාරයෙහි සතුරුවිජය පිණිස කරණලද නිශ්චය ඇතිවුහ. ඉක්බිති විධානයෙහි දක්ෂු ලඞ්කාපුරතෙමේ ඒ විධාන අසා බොහෝ බලවාහන ඇති සාමන්තයන් එහි යවී. ඔව්හු එහි ගොස් ඒ බල කොටුව හාත්පසින් වටලාගෙණ බලකොටුව වෙත මහගම් විස්ස කුදු දවා පසුව එපවත් කියා ලඞකාපුර නම් (ප්ර භූරාජයා ) වෙත “බලකොටුව පැහැර ගන්නමෝද නොහොත් එසේ නොකරන්න මෝදෝ” යි දැනගන්ට දූතයෙක් යැවූහ. ඒ තෙමේ ඒ අසා නැවතත් මහ සේනාවක් යවා “බලකොටුව පැහැරගණිව්ය” යි කියා හසුන් යැවීය. එකල්හි ඔව්හු සියල්ලෝ උහු විසින් එවනලද හස්ත අසා ඉතා බියකරු යුද කරණට පටන්ගත්තුය ; කල්පානතවාත සඬක්ෂොභයක් බඳුවූ ඉවසිය නොහෙන මහා යුධයක් එහි උභය සේනාවන් සම්බන්ධතවූයේ වීය. දහස්ගණන් දෙමළුන් ජීවිතක්ෂකයට පමුනුවා එසේම (කුලශෙඛර) රජහු අභ්යදන්තරිකවූ තෙන්නප්පල්ලව රායරනම් (ඇමතියාද) මරා ආළමන්දභපේපරුමාලු විත්කා පලාගියකල උහු නැගී අසුද අනිකුත් බොහෝ අසුන්ද ගෙණ සිංහවික්රමම ඇති ඒ සිංහලයෝ වීරශ්රීග දෙවියගේ මුවපියුම් තුටුකරවමින් දෙමළ සෙන් බින්දහ. පාතපත නම් ඒ ( පෙදෙස) අත්පත් කොටගෙණ එහි සිටි සේනාව ලඞකාපුරතෙමේ පසුව තමා වෙතටම ගෙන්වී. පසුව ඒ ලඞ්කාපුරතෙමේ අර්ණටවලක්කීකොට්ට නම් (තැනට) ගියේ මාළව චක්ර වර්තමතීහුද අඬුකොට්ටයන්ද වසඟ කෙළේයි, මෙසේ තොඬිය පාසය යන (දෙරට) ගෙණ උතුරු දිග සතුරන් නැතිකොට සධනු පිණිස කුරුන්දවඬ්න්කුඩියට හේතෙමේ ගියේයි. එහි වළුඪිය රායරනම් (සාමන්තරජු) තමාවසෙහි කොට ගෙණ උහුට ස්වකීය පදවියත් ස්වර්ණයවලයාදීයත් දී ඉනුදු නික්ම නැවත තිරිවේකමබම නම් (රට) ට ගොස් එකල්හි (එහිසිටි) සිලාමෙඝ ර‍ායරය එසේම කණසි රායරය අවුකේකාට්ටනාඩාල්වාරය යන (සාමන්තයන්) වසයට ගෙණ මොවුන් සියල්ලන්ට පෙරසෙයින් සතුටු පඬුරු දී ප්රංමකොට්ටනාඩාල්වාර (නම් බලනායකයා) ද තමා වසයෙහි පමුනුවා මොවුන් සියල්ලන්ටද පෙරසෙයින් ප්රකසාද දී. ඉක්බිති සත්යරසන්ධාීන ඇති මහාවීරතෙමේ තමා වසඟවන්ට මාළව චක්රිවර්තනතින් වෙත හසුන් යවා වැලි උහු (තමා) නොදක්වා සෙන්පොන්මාරියට ගියකල ලඞකාපුරතෙමේ සෙන්පොන්මාරි නම් නුවර ) ගන්නා පිණිස තෙමේව එහි ගියේය. ඒ නුවර ගන්ට පූර්වඋයෙහි ආවාවූ සොළී සේනාතොමෝ වනාහි දෑවුරුද්දක් එහි යුද ක‍රන්ට ගන්ට නොහැකිවිල. එබඳුවූ යාමට දුක්වූ ඒ බලකොටුව


76 වෙනි පරිච්ඡේදය 185


සිංහවික්රෙම ඇති ඒ සිංහල‍යෝ දිනයාගේ අඩ්භාගයක් කලුදු පසු නොකොට පව්රු දෙක හා දොරටු සතර බිද වෙන වෙන ඇතුන් සෙයින් දුර්ග ය ඇතුළට වන්නාහ. එහි නොයෙක් සියගණන් දෙමළුන් මරා මෙසේ ඔව්හු සෙන්පොන්මාරි නම්වූ ඒ නුවර ක්ෂ්ණයකින් පැහැර ගත්හු. එකල්හි කල්ලරසේනාවය නැවත මරවරයෝය එසේම ගෝළී හලයෝය වැලි එසේම කුන්තවරයෝය වල්ලක්කුතතාර සේනාවය එසේම ඌවෙන සේනාවය එසේම අඬුකේකාට්ටයන්ගේ දෙශයෙහි බලවත්වූ සේනාවය යන පණස් දහස් සැට දහස් ගණනට ගියාවූ ඉතා උදාරපරාක්රූම ඇති දෙමළ බහාබලය, සිංහලයන් සිටි ඒ බල කොටුව වටලා පසු‍ව ඉතා බිහිසුනු තරයුද කරණට වහා පටන් ගත. ඉක්බිති දකුණු දොරටුවෙහි දොර හැර දේවලඞකාපුර නම්වූය එසේම සෝර ලඞකාගිරිය යන ඉක්මවිය නොහැකි වික්රහම ඇති (බලනායකයෝ) සිය සෙන් සහිතවූවෝ දහස් ගණන් දෙමළුන් ජීවිතක්ෂ යට පමුනුවා ඒ දිගින් ආවාවූ ඉතා උග්ර්වූ දෙමළ බලය ඇතිමුළක් සිංහයන් සෙයින් සිංහවික්ර ම ඇතිව බින්දහ. ගොකර්ණල දණ්ඩනායක නම්වූද ‍ලොක කෙසධාතු නම්වූද (සේනාපතීහු) එකෙණෙහි එම දකුණු දොරින් නික්මගෙණ සතුරන්ගේ බොහෝ භටයන් රණබිමෙහි මරවා නසනලදින් ඉතිරිවූ සියලු සතුරු බලසෙන් භගත කළහ. මහත් බල ඇති කීර්තිතිකෙසධාතු නම් බලනායකය ජගද්විජය නම්වූ ලංවිය නොහෙන එක් සාමන්තයෙක යන වීරයෝ දෙදෙනා උතුරු දොරින් බැහැරව දෙමළයොධයන් අතුරෙන් බොහෝදෙනෙක් ජීවිතක්ෂුයට පමුනුවා දෙමළුන් අයත් බලසෙන් වහා බින්දහ. මෙසේ එදවස්ම සිංහලයෝ ක්ෂනණයකදී දෙමළුන්අයත් සියලු සේනා මරාද පලවාද බොහෝ අසුන් ගත්තාහ. දිනන ස්වභාව ඇති ප්රනසිධවූ අනෙක වික්රතම ඇති ඔව්හු සෙන් පොන්මාරී යයි ප්රදසිද්ධ වූ බලකොටුවටම පෙරළා අවුය. එකල්හි කුන්තවරයෝය එසේම කල්ලර සේනාය ගෝළිභළයන්ගේ සේනාය මරවරයන්ගෙසේනාය වල්ලක්කුත්තාර සේනාය එසේම ඌවෙන පිරිසය ඵලයුරුනාඩාල්වාරය එසේම කාඟයරාය යන මේ දෙදෙනාගේ සේනාය එසේ ඵලයුරුනාඩුවාසීහුය කලහයිනාඩුවෙහි සේනාය ථලයුන්නාඩුවාසීහුය කානන්නාඩුවාසීයයි යන මේ දෙමළ බලයෙන් හා සොළීදේශසීමාවෙන් (මොඛ) චොල්ලාරු නම් ගම දක්වා මොබරට වැසි සියල්ල තමා සවයට ගෙණ ආයේය. මේ තෙමේ යථානුපූර්වමයෙන් මොවුන්ට ප්ර්සාද්ද දිනි. එකල්හි වෛශ්යොයන් විසින්ද යොනුන් විසින්ද ගෙණෙනලද පඬුරු ගෙණ ඔවුනුදු බොහෝ ප්ර‍සාද (දිමෙන්) සත්කාර‍කොට පෙරළා සරණ පිණිස ආවාවූ මාළව චක්ර වර්තසතිනම් ( බලනායකයාට) සෙන්පොන්මාරි (නුවර) දී උහු සියපදවියෙහි තබා එයින් පිටත්ව තිරුචේකමබමයට නැවත අවුත් ඉනුදු නික්ම කුරුන්දානන්ඩිය ආයේය. 2B 33-16


186 මහාවංශය


එකල්හි බලවත්වූ කලවඬිනාඩාල් වාර්තෙමේ යුදකොට මාළව රායරයා කෙරෙනන් මුඬිකකාරය පැහැර ගත්තේය. එසේකල මාළව රායරතෙමේ අනික් සරණක් නොදක්නේ මට ඔබ සරණවෙව”යි ලඞකාපුර දණ්ඩනාථයන් වෙත එලඹියේය. එකල නියොජක වූ ලඞකාපුර තෙමේ කෙසධාතුය ලොකසම්මත වූ කිර්තේතිය ලොක නාථය යන දෙදෙනාය ගොකර්ණෙ දණ්ඩනාථය යන උතුම් වූ සාමානතයන් කැඳවා යුද කොට මූඩික්කාරය ගෙණ නැවත උහුටම දෙනු පිණිස නියොග කෙළේයි. ඔව්හු එහි ගොස් දුරති ක්රමම යුද කොට (කල වඬිය නාඩාල් වාර නම්වූ ) උහු එයින් බැහැර ලා බොහෝ දෙමළුන් මරා මාළව රායරයන් වැනතත් යථා ස්ථානයෙහි තබා තුමූ එයින් ලඞකා පුර (දඬනාථ) යන් වෙතටම පෙරළා අවුය. තවද පුංකොඬනාඩාල්වාර නම්වූ අනික් සාමනතයෙක් තෙමේ සිරියවල නම්වූ තැනට අවුත් එහි වෙසෙමින් මාළව චක්රෙවර්තරතීන් හා මහයුද කොට ජයංකොට්ටානයයි ප්රහසිඬවූ ගමට උහු පලවා තෙමේ එකෙණෙහි සෙන්පොන්මාරිය අත්පත් කොට ගත. එකල්හි ධීරයන් අතුරෙන් ප්රගවරවූ ලඞකාපුරතෙමේ ඒ ක්රි යාව අසා තෙමේ එකෙණෙහි අණිලන්කීපුරයෙන් පිටත්ව සෙන්පොන්මාරි (කොටුව ගන්ට) තිරිවේකම්බමයට ‍ගියේය. පසුව පුංකොඬ නාඩාල්වාර් තෙමේ ඒ විධාන අසා භයින් සෙන්පොන්මාරිය හැර එයින් සිරියවලයට ගියේය. නැවත ලඞකාපුරවීරතෙමේ සෙන් පොන්මාරියට එලඹියේය. පුංකොඬනාඩාල්වාර් තෙමේ (ලඞකා පුරයන්ගේ ) වසෙහි වන්නෙමැයි ආයේ, (තමා) නොදක්වා නැවතත් සිරියවලයටම ගියේය. ලඞකාපුර තෙමේද සිරියවල නම් ගමට ගොස් හාතිපසින් ඉතා බිහිසුණු යුද කරණට පටන් ගත. ඉක්බිති පුංකොඩ නාඩාල්වාර් තෙමේ “ඉඳින් මම ලබන ලද අභය ඇතිතෙමේ නම් ඔබ වසෙහි වන්නෙමි ඉඳින් නැත්නම් මහාභයපරාධීනවූයේම් එන්ට නොහැක්කෙමි” මෙසේ හසුන් යැවී. ඒ අසා ලඞකාපුර තෙමේ “ පහවුභය ඇතිව තෙමේම ඒවා”යි පිළි හසුන් යැවී. ඉක්බිති විගතසාරද්යන ඇති ඒ තෙමේ සැබෑවෙන් සැබෑ ගළපන්නාවූ ලඞකාපුර වීරයාගේ හස්නෙන් (උහු) වෙතට උපාගතවී. පසුව ලඞකාපුරතෙමේ උහුට අනල්පවූ ප්රනසාදදී මාළව චක්ර වර්තතතිහුද තමන්වෙත ගෙන්වා දෙදෙනාම මිතුරුකේට ඒ දෙදෙනා යථාස්ථානයෙහි තබා මහාවීරවූ ඒ තෙමේ නෙට්ටුරුවට එලඹියේය. විනෂ්ටවූ රාජසිංහ මහාල නම්වූ ( ගම්හිද ) විශ්රැයත වාළුගම්හිද විනෂ්ට වැව් දෙක ප්රෂකෘතිමත්කොට බඳවා එසේම ඒ තෙමේ සිරියවලයෙහිද පෙරුම්පයල්හිද වැව් දෙකක් බඳවා කෘෂිකාම් කරවි. කුලශෙඛර භුපාලතෙමේ ත්රිවණවෙලියෙහි බලසෙන්ද තෙත් කොගුය වඩකොගුය යන දෙරට මයිලන්ගේ බලසෙන්ද එසේම සාමදානාදී නානානය දන්නේ එකල්හි බිඳුවා තමා වසයට ආ


76 වෙනි පරිච්ඡේදය 187


බොහෝ දෙමළුන්ද ගෙණ සම්පන්න වාහන ඇත්තේ යුද පිණිස එන්ට ආරම්භ කෙළේය. ඉක්බිත් ප්රාහඥ ලඞකාපුරතෙමේ ඒ විධාන අසා දුෂ්ට නිග්රකහ කෘත්යටය පිණිස ස්වාමීහුගේ අනුශාසනායෙහි පිහිටියේ ශඨ බුධී ඇති ඒ දෙමළුන් සමූලඝාතනයෙනි මැරවි. එකල්හි පිටිවහල් පිණිස පැරකුම්බා මහරජුන් විසින් මෙහෙයන ලද ලොකාතික්රාගන්ත වික්රාින්ති ඇති ජගද්විජය නම්වූ ( නායක තෙමේ ) පාබලසේනා හා බොහෝ අශ්ව සේනාවන් විසින් අනුගත වූයේ එතරවූ මහමුහුද ඇත්තේ නොපසුබස්නා වීය්ය්ාවන ඇත්තේ අර්ණූවක්කිලයට උපගතවී. මහා යසස් ඇති ලඞකාපුරතෙමේ නෙට්ටු‍රුවෙන් නික්ම අර්ණත වලක්කීයට එලඹ අධුනාගතවූ උහු දැක වැලඳගෙන සිහිකටයුතුවූ රම්යනවූ කථාව කොට නිමවා නැවතත් නෙට්ටුරුවටම අවුත් පරාමඩනා හේතෙමේ එයින් නික්ම මුන්ර්නැ න්නධයයි ප්රනසිද්ධවූ ස්ථානයට එළඹ විශ්රැ ත වික්රතම ඇත්තේ ස්ථාන දන්නේ එහි සිටි කිළකොණ්ඩ නම් තැනද මගලනම් තැනද දෙමළුන් හා යුදකොට බොහෝ භටයන් මරා ජීවග්රාතහයෙන් ගතයුතුවූ බොහෝ වෛරීන් ගෙණ යුධ භූමියෙහි ඉතිරිවූ බොහෝ අසුන්ද ගෙණ එයින් නික්ම ඔරිත්තියුරු තොඩමයට ගොස්. පුඬ්කොඬනාඩාල්වාරයා සිලාමේඝරය අඬුක් කොට්ට නාඩාල්වාරය යන මොවුන් හා මහයුද කොට භිමඋද්දාම අතිශය වික්රමමයෙන් යුක්තවූයේ බොහෝ දෙමළුන් මරා එයින් සිරියවලයට ගියේයි. තමා වසයට නොපැමිනි පුඞ්කොඬනාඩාල්වාර් (නම් බලනායක) යාගේ දෙමහල් ප්රාිසාදය හා කොටුවද ගිනිලවා තිරික්කානපේපර නම් තැනින් නික්ම ගියේය. එකල්හි ජගද් විජයනායකතෙමේ අර්ණිවක්ඛිලයෙන් නෙට්ටුරු වට ගොස් ඉනුදු නික්ම මානවීර නම් මධාරාවද පතනනල්ලුරුවද සොරඬකොට්ටයද යන මේ දුර්ගකම දුර්ගධයන් බිඳ නැවත නොට්ටුරුවටම පෙරලා අවුත් (එහි) වෙසෙමින් අලත්තුරුනාඩාල්වාරයාන් හා චුල්ලකඞකුඩ රායරයා වසයට පැමිනවි. මහාබල ඇති වීරවූ හේතෙමේ කිසිකලෙක පත්තල් නල්ලූරුවට අවුත් එකල්හි ලඞ්කා පුරයන් වෙත “සිංහ නම් නදියට වහා ඔබ විසින් එන්ට යෙදෙයි අවශ්ය යෙන්ම දැක කියයුත්තක් විද්යවමානය” යි අසුන් යැවි. එපවත් අසා ලඞකාපුර තෙමේ වහා ඉන් පිටත්ව මහාබල ඇත්තේ මගට පිළිපන්නේය. තිරුප්පාලුරුයයි ප්ර්සිද්ධ වූ තැන්හි සිටි සතුරු සේනා තොමෝ සන්නාහ සන්නද්ධව ස්වකීයවූ බොහෝ අසුනුත් (ගෙණ) අවුදින් අඞ්මාර්ගනයෙහිද බිහිනුණු යුද කරණට පටන්ගත්තීය. යුද්ධාගම වීරවූ දෙමල - කාපුරාදීන් සමඟ ඒ වීරයෝ එහිදී ඒ මහසෙන් (විසුරුවන්නෝ) පතල සූය්ය්්ම රශ්මිහු අඳුරු කඳ සෙයින් එකෙණෙහිම බින්දාහ. මෙසේ එකෙණෙහි ලඞ්කාපුර තෙමේ තිර්ප්පාලුරුව ගෙණ නල්පාන්ත වහනි බඳු පරාක්රසම ඇත්තේ එහිම වාසය කෙළේය.


188 මහාවංශය


මන්ත්ර ණයෙහි කොවිදවූ ජගද්වීජය නම් සාමන්ත තෙමේද යුද ශාස්ත්ර යෙහි සමත්ථි වූයේ පන්නට්ට කොට්ටවාසීවූ දෙමළුන්ගේ මහ බලසෙන් යුධාඟනයේදී බිද බලකොටුව අත්පත් කොට ගෙණ එහිම හුන්නේය. ඉක්බිති කුලශෙඛර රජතෙමේ බලාත්කාර ක්රිණයා විශෙෂයෙන් යුක්තවූයේ තුවරාධිපති වේළාර නම් තැනැත්තහුද තොණ්ඩමානවර නම් තැනැත්තහුද වීරපේප රායර (බලනායක) යාද එසේම නිගධ රායරය කලවඬිය නාඩාල්වාරය එසේම කාඟය රායරය (යන සෙනෙවියන්) හැරගෙණ ස්වකීයවූ බොහෝ භටයන්ද සන්නධ කොට ගෙණ යුද පිණිස බඳනා ලද කැසපට ඇත්තේ රාජිනා (නුවරට) ආයේය. බිහිසුණු පැරකුම් ඇති මහසෙන් ඇති ඒ තෙමේ බියකරු ස්වකීය සේනාව ලඞකාපුර (නම් ප්රටභුරාජ) යා හා යුද කරණට මෙහෙයි. එකල්හි ලඞකාපුර වීරතෙමේ විධානයෙහි පඬිතවූයේ ජගද්විජය (නම් සාමන්ත රජ) හට විධානවූ පරිද්දෙන් ඒ විධිය (කියන්නේ) “කුලශෙඛර මිහිපල්හු පලවනට මට සහායව එක් දිගෙකින් යුදකරණට සේනා සන්නධ කොට ගෙණ තොප විසින් වහා ආගමනය කටවුත්තේය” කියා හසුන් යවා එකෙණෙහි බලවත්වූ ස්වකීය සෙනඟ සරහා ගෙණ එයින් පිටත්ව දෙමළුන් හා මහ යුද පැවැත්වී. ඒ දෙමළු එහි ඇසිල්ලකදී බිදුනෝ රාජිනා ( පුරය) ට පිවිස එහි කු‍ඩා මහත්දොරටුද ගොපුරයන්ද වසාගෙණ මිහිපල්හු සහිත දෙමළු ඇතුළත සිටගත්හ. එකලිහි පූවර්තැම වීරවූ ගොකර්ණය දණ්ඩනායක තෙමේද ‍ලොකනම් කෙශධාතු ( සාමන්ත ) තෙමේද එසේම දෙව ලඞකාපුර සාමන්ත තෙමේද යන මොව්හු ගෙණ බටහිර දොට පවුරු බිඳ හෙලන්ටද ගොපුරයන් බිඳින්ටද පටන් ගත්හ. දෙවලඞකාපුර තෙමේද ගොකර්ණ දණ්ඩනායක තෙමේද ප්රා්කාරය හා දොරටුව බිඳ ඇතුළට වන්හ. ඉක්බිති මහත් බලඇති මානිලොක නම් කෙශධාතු තෙමේ “ මම අනුන් ගිය මගින් නොයන්නෙමැ”යි සිතා බොහෝ වීරයන් මරමින් බොහෝ අසුන් හෙලමින් දකුනු දොර බිඳගෙණ ක්ෂලණයෙක්හි ඇතුල්වී. එකල්හි අත්යහත්ථිනයෙන් බාගිය සිත් ඇත් ඒ කුලශෙඛර රජ තෙමේ ආඳි සිය වතටත් අනිශ්චරවූයේ නැගෙණහිර දොට හැර දොරටුවෙන් බැහැර ගොස් කිසි හේතුවකින් සතුරන් අතින් මිදිනි. ඒ සියල්ලෝ එහිදී දෙමළුන්ගේ බොහෝ භටයන් මරා බොහෝ අශ්වයන්ද බොහෝ වස්තු වර්ගියද පැහැර‍ගෙණ පිළි හිස සිසාරන්නෝ ඔබ මොබ පනන්නෝ අත්පොළසන් දෙන්නෝ සිනාසෙන්නෝ විජයොත්ස්වය පැවැත්වුහ. පසුව ලඞකාපුර තෙමේද ජගද් විජය නායක තෙමේද අන්යය විරයන් සමඟ රාජිනා පුරයට ප්රාෙධාන්යයයෙන් එලඹියෝයි.



77 වෙනි පරිච්ඡේදය 189


මෙසේ කළ පින් ඇත්තාවූ තීක්ෂමණ ප්ර ඥාවෙන් යුක්තවූ නීති හා ශික්ෂාඑ ඇත්තවූ බිහිසුණු තෙද ඇති නොලිහිල් ව්යා යාම ඇත්තවුන්ගේ චිත්තසඞකල්පයෝ සරාකල් පෙරඩමස සඳ සෙයින් සමෘධියට පැමිණෙති. මෙතෙකින් හුදීජනයා ප්රනසාද ‍සංවේක පිණිස කළ මහවස රාජිනා පුරගගණ නි‍ෙදදස නම්වූ සැත්තෑහවෙනි අදියර නිමි.


________________________________________

77 වෙන් පරිච්ඡේදය

සංස්කරණය

ඒ කුලශෙඛර මහිපල් තෙමේ භයින් එතැන්නි පලාගියේ තොඩමාන නම් තැනැත්තහුගේ පර්වමත දුර්ග්යෙහි ස්ථිතිය කෙළේයි. වීරනුක්කර සේනාවෝද එසේම අන්යගවූ කකෙකාලයෝද මධුරක්කාර සේනාද රාජිනා නුවරට ආවෝ එකල්හි කුලශෙඛර රජහුගේ ඒ සියලු පවත් කියා මධුරාපුරයට යන්ට ලඞකාපුර (ප්රගභූරාජ) යා හට ආරාධනා කළහ. පසුව ලඞකාපුර තෙමේ ද ජගද්විජයනායක තෙමේද මහත් ශ්රිරයෙන් යුක්තවූවෝ මධුරාපුරයට ගොස් “මේ තෙමේ තොපගේ උපන් ගෘහයද පියරජහුගේ විනාසයද වෙයි” කියා වීරපඬි කුමරහට (පාවා) කී ඔව්හු එහි විසූහ. සිරිවල්ලභ නම් වූ රජය නාරායණ නම්වූය පරාක්රහම බඬු නම්වූය වීරප්පපේරය රායරය මණ්ණය රායර සාමනතය එසේම සෙඞ්කුඩි ‍රායරය අන්ය්වූ වීරපේපරායර නම්වූය කෙරළසීහ මුත්තරය යන මොවුන් වසයට පමුනුවා ආශරණදිය දී තමා වසයට ආවාවූ චොළ ගගර නම් තැනැත්තාහට පූර්වවයෙහි තමා විසින් අනුභව කරණලද පරිත්තික්කුඬි රට නායබැව් අනුදැන උහු සිය පදවියෙහි තැබූහ. කලවඬිය නාඩාල්වාර් තෙමේ “වසඟ වන්නෙමැ”යි අනේතා මධුරාවට අවුත් “මා දක්වන්ට භය” යි කියා තමා නොදක්වා හේ තෙමේ සියතැනටම ගියේයි. එකල්හි ලඞකාපුර තෙමේ උහුගේ රට ගන්ට ගොස් දුරර්තටක්ර.ම වීය්ය්කාප ඇත් ඒ තෙමේ යුදකොට ඔහු පලවා මහාබල පරාක්රිම ඇත්තේ ආලග්වාන ගිරිරට ගත. අන්යේවූ සුරදේව නම් කලවඬිය නාඩාල්වාර් තෙමේ සරණගත වූයේ පසුව (ලඞකාපුර දඬනාථ) නායකයන්ගෙන් රට ඉල්වීය. ලඞකාපුර තෙමේද ඒ රට උහු විසින් ඉල්වනලදුයේ උහුට දී පසුව කුරුඹ ‍රායරනම් (බලනායක) යාගේ රටට ගොස් මහා යසස් ඇත්තේ කුරඹ රායරයන්ද තමා වසෙහි කොට එසේම සඟය රායරයන්ද තමා ‍වසෙහි පවත්වා නියමයෙහි වෙසෙමින් පසුව ඒ වීරතෙමේ නිකලධ රායරයන් වසෙහි බවත්වන්ට එතැනින් තිරප් පුත්තුරු නම් තැනට ගියේයි. නිකලට රායරතෙමේත් සිය සෙන් රැස්කරවා අකලඞක නාඩාල් වාරය එස්ම කඬඹ රායරය මළයඝ රායරය කිචාරත්තරායරය යන මේ සොළී සාමාන්තයන් හා ඔවුන්ගේ අනල්පවූ බලසෙන්ද ඔවුන්


190 මහාවංශය


අයත් බොහෝ අසුන්ද ගෙණ දුරතික්ර ම සඞ්ග්රා ම කරණට පටන් ගත්තේය. පසුව යහළුවන් පදිකයන් සහිතවූ ඒ සතුරු සේනාව තිරුප්පත්තරුව පටන් පොන්අමරාවතිය තෙක් මේ අතුරු මහ මග තුන්ගව් පමණ තන්හි එක් මස්කලවිටි කොට ඒ මහබලයෙන් බිඳ සිංහලයන් අයත් සේනාතොමෝත් පොන්අමරාවතියට එලඹ එහි කරණලද තෙමහල් පහයකුදු දවා අනිකුදු බොහෝ ගෙවල්ද සමෘද්ධ වී කොටුද ගිනිලා පසුව රට වැස්සන් භය දුරලනු පිණිස වීරතෙමේ අණබෙර හසුරුවා රටවැසි ජන සමූහයා තමා වසයට ගෙණ පෙරලා මදුරාවට ආයේය. එකල්හි දැඩි ආඥා ඇති ( පැරකුම්බා) මිහිපල්තෙමේ වීරපඬිකුමර හට ඔටුන් පැලඳීම මඟුල් විධානයට හසුන යැවුයේය. පසුව රජහු දුරතික්රකම හසුන් අසා ඒ තෙමේ එකෙණෙහිම අභිෂෙකවිධිය කරවන්ට ආරම්භ කෙළේය. මාළව චක්රඒවර්තිතිය එසේම මාළව රායරය ඵලයුරු නාඩාල්වරය යන මේ ලඹකර්ණ (ගොත්රේ) ඇත්තවුන් ලඹ කර්ණ ධුරාව කරණට මෙහෙයා පසුව ( අනුන් විසින් ) ඇක්ම නොහැකි ආඥා ඇත්තේ රජයෙහි අණබෙර හසුරුවා සියසෙන් විසින් පෙරටු කරණ ලද්දාවූ නන් අබරණින් හෙබියාවූ පඬිරජයෙහි සාමන්තයන් සියල්ලන්ම රැස්කරවා පූර්වර රාජමන්දිරරයෙන් උතුරු දිග්භාගයෙහි පූර්වහයෙහි ලබනලද ජයභෙරියෙන් හෙබියාවූ දෙවොලෙහිදී කුමරහට විධානවූ පරිද්දෙන් ඒ අභිෂෙක ( මගුල්) කරවා මහා යසස් ඇත්තේ උහුලවා නුවර පැදකුණු කරවීය. ඉක්බිති තොඬමානයන්ගේ ගිරිදුර්ග යට පලවන ලද කුලශෙඛර මිහිපල්තෙමේ තොඬමානයන් තමා වසයෙහි කොට ගෙණ උහුගේ සෙනගත් ස්වකීය සෙනගත් ගෙණ බිහිසුණු විකුම් ඇති අනුජීවිස මිඩ නම් තැනැත්තහු ගෙණ ඒ පර්වගතදුර්ගුයෙන් බැහැර ආයේ පසුව මගල නමවූ බලකොටුවට වැද මණ්ණය රායරය සෙඞ්කුඩි රායරය යන සිංහලයන් වසඟයට ගියවුන් හා මහයුද කොට ඒ කොටුව පැහැරගෙණ හේතෙමේ එහිම හුනි. ඉක්බිති ලඞ්කාපුර තෙමේ වූ පරිද්දෙන් එපවත් දැන “ වෛරී රජහු එතනිනුදු පලවා පර්වාත දුගර්යෙදන් ආරණ්ය දුර්ගීයෙත් යුක්තවූ රටද ශුඬකොට එන්ට වටනේය”යි සිතා මධුරාපුරයෙන් පිටත්ව මගලකොටුව සමීපයෙහි බල කොටුවක් කොට ගෙණ හිඳ ගත. වෙල්ලිනාඛ (නම්) බලකොටුවෙහි මහාසේනා හා සිටිවායූ තොඩමානයන් බිරින්දගේ සහෝදර යන් තුන්දෙනා සමගද කලලක්කනම් වේළාරය මුනයධරායරය කාලිගරායරය යන මොවුන් සමඟත් මහයුද කොට ඒ බලකොටුව පැහැර බොහෝදෙමළුන් මරා පසුව සීවලීප්ත්තුරුව පැහැර මහා යසස් ඇත්තේ හුනි. එකල කුලශෙඛර නම් සතුරු රජතෙමේ ත්රිවණවෙලියෙහි හුන් බලසේනාද කැටිකොට එසේම මයිලන් දෙදෙනාටද හසුන් යවා තෙන්කොඟු වඩකොඟු දෙරට බලසෙන් ගෙණ මහසෙන් ඇත්තේ


77 වෙනි පරිච්ඡේදය

    191


එකල්හි ඒ සියලු සේනාවට අණ කොට සාන්තනේරියයි ප්රඟසිද්ධවූ බල කොටුවෙහි සිටින්ට නියෝග කෙළේයි. එකල්හි ලඞකාපුර තෙමේද ජගත්විජයනායක‍ තෙමේද ඒ බලකොටුව ගන්ට එකෙණෙහි මගට පිළිපන්හ. එකල්හි උපායකුශලවූ කුලශෙඛරතෙමේ සතුරන්ගේ මග ඇවිරීම් පිණිස තෙමේ මහවැවක් සින්දවී. එකල්හි වීරවූ ලඞ්කාපුර තෙමේ එපවත් දැන සතුරන්හා මහයුද කරණට යන්නහු විසින් අතරමග සුන්වැව දැකීම් අයුක්තයයි මෙසේ සිතා මහබල ඇත්තේ එකෙණෙහි ඒ වැව බඳවා මහාබල පරාක්රමම ඇත්තේ ඒ මහාදුර්ගතයට ගොස් දරුණු යුද කොට එකෙණෙහි එය පැහැර එහිදී කල්ලකනම් වේළාරයා හා අන්යගවූ බොහෝ දෙමළුන් මරා බොහෝ දෙමළුන්ද අසුන්ද ගෙණ එයින් තිරමලක්ක නම්වූය එසේම කතතලනම යන තොඬමානයාගේ ගම්දෙකට කෙණෙහි වැද තිරිමලක්කනම් ගම නාමශෙෂකොට ගිනිලවා එයින් පිටත්ව චොල කුලාන්තකනම් ගමට ගොස් මහායසස් ඇත්තේ මදකලක් එහිම විසීය. ඉක්බිති කුලශෙඛර රජතෙමේ ස්වකීය මයිලන් දෙදෙනාද ඒ දෙදෙනාගේ බලසෙන්ද එසේම බොහෝ අසුන්ද අකලඞ්ක නාඩාල්වාරය එසේම පල්ලව රායරය මළයප්ප රායරය එසේම කඬඹ රායරය කිචාරත්න රායරය මහාබල පරාක්රමම ඇති මෙකී සොළී සාමන්තයන්ද ඔවුන්ගේ අනල්ප සේනාව හා කලවඬිනාඩාල්වාරය උහු අයත් බල සේනාවය සියසේනාව විසින් පෙරටුකරණලද පුඞ්කොඬලාඩාල් වාරය ( යන මෙතෙක් බලසෙන්) ගෙණ තෙමේම පලඞ්කොට්ටනම් තැනට ආයේ, පඬුනාඬුකොට්ටාන නම් තැනද එසේම ඌරිසේරිනම් තැනද ඒ මහසෙන් සිටිනට මහාබල ඇති හේතෙමේ ඒ වාරයෙහි සතුරන් දිනනු පිණිස කරණලද නිශ්චය ඇත්තේ නියොග කෙළේය. ඉක්බිති ලඞ්කාපුර නම් ප්රලභූරාජතෙමේද ජගද්විජය නායක තෙමේද යුද පිණිස චොළකුලාන්තක නම් ගමින් පිටත්ව ගෙණ මහ බලකොට දෙක්හි සිටි සතුරුසෙන් යුධභූමියෙහි යුධාරම්භයට නොසතුටු කොට ඌරියේරි නම් ගම්හි වෑමත්තෙහි මහ බලකොටු කරවා එහි එකල්හි රාත්රිොභාගයෙහි විසූහ. එකල බලකොටු දෙක්හි සිටුවනලද්දාවූ සතුරු සේනාතෙමෝ බිඳුනා, යම් තැනක කුල ශෙඛර රජතෙමේ වීනම් එහි ගියා. එකල්හි ලඞ්කාපුර තෙමේද ජගද්විජයනායක තෙමේද තැන් නොතැන් (දැන්මෙහි) විචක්ෂනණවූවෝ පලඞ්කොට්ට ‍නම් තැනට ගොස් බිහිසුණු යුද කොට නොපසුස්නා වීය්ය්ද ජ ඇත්තෝ වෛරී රජහුගේ බොහෝ යොධයන් මරවා බොහෝ අසුන් ගෙණ කුලසෙඛර මිහිපල්හු පලවා එකෙණෙහි පලඞ්කොට්ටය ගෙණ ඉනුඳු නික්ම තුවර ( රට ) අධිපති වේළාර නම් එකක්හුගේ වෙතට ගොස් උහු විසින්ම දෙන ලද්දාවූ අසුන්ද ඇතුන්ද ගෙණ “ කුලශෙඛර මිහි


192 මහාවංශය


පල්තෙමේ මධුරාවට ආයේය” යි අසා උහු එතැනිනුදු නෙරපනු පිණිස අධරට්ටෙරි ( නම් තැනට ) අවුත් එහි නිගලරායරයා වෙසෙහි කොට උහුට බොහෝ ප්රිසාද දෙවුහ. පසුව එතැනින් නික්මුනු කල කුලශෙඛර මිහිපල්තෙමේ භයට පැමිණියේ එයින් සොළී රටට වන. ඉන්පසු ලඞකාපුර තෙමේද ජගද්විජයනායක නම් ඇමතියා පතත නල්ලූර නම් තැන්හි සිටින්ට නියෝග කොට තෙමේ බල සේනා විසින් පෙරටුකරණ ලද්දේ තිරික්කානු‍ෙපපර නම් තැනට ගියේය. කුලශෙඛර රජතෙමේද නානා ප්රදකාර යාචනකර්මපයෙන් සොළී රජු පහදවා ඒ රජහුගේ නියෝගයෙන් පල්ලවරායර නම් වුව හුගේ සේනාවද බොහෝ අසුන්ද ඉනන්දපපාද නම් තැනැත්තහුද වැලි අන්යගවූ තොඩමාන නම් වුවහුද රාජරාජකළප්ප නම් වුවහුද පත්තාරායර නම් වුවහුද කගකොඬකළප්ප නම් රායරයාද එසේම අන්යරවූ නකාරාන්බිබුපාදී රායරයාද එසේම ‍අන්යයවූ නිච්චවිනොදමානව රායරයාද වීරවූ නරසීහ පද්මරයාද සේකීරපද්ම රායරයාද රාජින්ර්ාද බ්රවහ්ම හා රාජයාද මාධව රායරයාද (නිකලධ රායරයාද ) චොළ කොනාරයාද ජන්ද බ්රරහ්ම මහාරායරයාද චොළනිරික්ක රායරයාද උච්චංකුඪ (රට) මෙකී බල නායකයන් ගෙණ නියරාය කප්පිංචිමෙප කුලය ( යන මොවුන්ද) හැරගෙණ මාධව රායරයාද නැවත අන්ය්වූ අකලඞ්ක නාඩාල්වාරය එසේම කඬ්ඹ රායරය කීළමඟල නාඩාල් වාරය එසේම අන්යකවූ විශාල මුත්තු රායරය ඔවුන් බොහෝ අසුන්ද (එක්කොට) තොඪිය පාසය යන දෙරටට එවීය. ලඞ්කාපුරතෙමේ ඒ විධාන අසා ඔවුන් සාමශේස කරන්ට සිතා මධුරායෙහි ජගද්විජයනායක ඇමතියා සිටුවා වීරවූයේ තිරික්කානුපේපරු නම් තැනින් පිටත්ව පසුව තෙමේ කීළෙනිලය නම් මධුරන්තක පුරයට එළඹියේය. එකල්හි සොළී මහාසේනාතොමෝ මහයුද පටන ගත. සතරගවූ පමණවු ඒ මාර්ගනය මිනීයෙන් ආකුලකොට මුහුද හුනුවා වූද බොහෝ භටයන් මරවා සයුර දිය සතුරන් ලෙහෙයෙන් ඉතා රතුකොට බොහෝ අසුන්ද එසේම බොහෝ දෙමළුන්ද ගෙණ රාජින්ර්ා බ්රවහ්ම හා රායරය නන්දිඅපද්මරය නරසීහ පද්මරය චොළ කොනාරය යන (බලනායකයන්) ජීවග්රාුහයෙන් අල්වාගෙණ නැවතත් මහබල ඇත් ඒ තෙමේ වඩමණමේක්කුඩිය මනමේක්කුඩිය එසේම මඩක්කු‍ඩිය (යන තැන්) භුමිශෙෂ කොට ගිනිලවා සොළීදේශයෙන් සත්ගව් පමණ තැන්ද ගිනිලවා මෙසේ ඒ සොළීන් සාධා ඉනුදු පෙරලා ආයේ නිකලධරයරයා අයත්වූ වෙලඞ්කුඩි නම් ගමට වැද එනු පිණිස උහුට හසුන් යැවී. එකල්හි ඒ තෙමේ කුලශෙඛර රජහු ව‍සෙහි වී කුලශෙඛර රජය ශිලාමෙඝරය අකලඞ්ක නාඩල්වාරය එසේම කඩඹ රායරය මල්යප්ප රායරය විශාලමුත්තුරායරය කලවඩි නාඩාල්වාරය ත්රිකණ


77 වෙනි පරිච්ඡේදය 193


වෙලියෙහි බල (සේනාය) පූඞ්කොඩ නාඩල්වාරය (වන මෙකී සෙන්) ගෙණ මහබල ඇත්තේ මහයුද කරණු පිණිස පොන්අමරා වතියට ආයේය. මහබල ඇති ලඞ්කාපුරතෙමේ එපවත් අසා සතුරු රජහු දිනන්ට වේලඞ්කුඩියෙන් නික්ම පස්දිගෙකින් අවුත් පවත්වලලද මහයුද ඇති සතුරුසෙන් එකෙණෙහි බිඳ බිහිසුණු විකුම් ඇත්තේ දහස් ගණන් දෙමළුන් මරවා බොහෝ අසුන් ගෙණ කුලශෙඛර රජහු පැලවී. නිකලධ රායර තෙමේ පසුව භයවූයේ “මාසතු වස්තු වර්ගවයද ම‍ාගේ බොහෝවූ අසුන්ද ගෙණ මාගේ මේ දොෂයතෙම ඔබ විසින් ක්ෂුමා කටයුතුය” යි කියා හසුන් එවීය. ඉක්බිති ලඞ්කාපුරතෙමේ ඒ අසා පිළිහසුන් (යවන්නේ) “අවශ්යයයෙන් තොප විසින් මා අනුසසුන් පිළිපැද්දයුතුය. තොපගේ ධනයෙන් හො අසුන්ගෙන් හෝ මට වැඩෙක් නැත. භයනුවුයේ තෙමේම අවුත් දර්ශසනය කෙරේව”යි හසුන් යැවීය. ඒ අසා ඒ තෙමේ ලඞකාපුර (නම් ප්ර භූරාජයා) දක්නට එකල්හි එළඹියේය. උහු දැක ප්රසසාද හා රටත් උහුට දී දන ලද ගෙවල් කරවන්ට බොහෝ වස්තුවද දී එයින් නික්ම මහා යසස් ඇති හේතෙමේ නියමයට අවුදින් ඒ සියලු රටම නිෂ්කණ්ටක කොට පරාක්ර ම මහීපාලයාගේ නාමාඞ්කිතකර්ෂා පණයන් ඒ රට සෑමතන්හි ව්යේවහාරයන්හි නියොග කොට වීරපඬි කුමරහට ඒ රට ප්රපතිපාදනයකොට ‍සොළීදෙශයෙන්ද පඬිරටින්ද ගන්නාලද්දාවූ බො‍රහෝ අසුන් හා මිනිසුන්ද ඇතුන්ද වහා සිංහල ද්වීපයට එවීය. එකල්හි රාජෙන්ර්‍ කෙශරසිංහවූ පරාක්රතමබාහු රජතෙමේ පඬිරට ජයප්රිකාශකරන්නාවූ පඬුවිජය නම් සියලු කාලයෙහි සමෘද්ධි ඇති උතුම් ගමක් කොට සැමකල්හි දානයෙහි ඇළුනේ බමුණන්ට දනී කොට දුන්නේය. මෙසේ විචිත්රාදනන්ත වික්රාටන්තිසාර ඇති පරාක්ර මබාහු නම්වූ ධරණී පාල කුලාග්රචවූ යමෙක් තෙමේ පරාබිභවනය කෙරේ නම් යුක්තායුක්ත වි‍වේක චින්තනයෙන් උපගත උත්කෘෂ්ට චිත්තාචාර ඇති අද්විතීයවූ හේතෙමේ බොහෝ කාලයක් සමුදාන්තකොට ඇති මේ පෘථිවිය උද්වහනය කෙරේවා. මෙතෙකින් හුදීජනයා ප්රොසාදසංවේග පිණිස කළ මහවස පඬුරඪ විජය නම්වූ සත්සැත්තෑවෙනි අදියර නිමි.


78 වෙනි පරිච්ඡේදය

සංස්කරණය

මෙසේ සම්ප්රාිප්තාභිෂෙක ඇති ක්රිමදක්ෂුවූ ඒ පරාක්රවමබාහු ලඞ්කෙශ්වරතෙමේ ලඞකාද්වීපතලය නිරවුල් කොට රාජ්යද සාධනයෙහි ප්රකධාන ඵලභාවයෙන් ප්රායත්ථිොනාකරණ ලද්දාවූ ගරුකොට සලකන ලද බුධාශාසනාභිවෘඬීය කරුණු කැමැත්තේ “සඟසතුගම්හි සඞ්ඝ 2C 33-16


194 මහාවංශය


යාගේ පුත්රිදාරාදී පොෂණයම ස්වභාවය එයින් අන්යලවූ ශීලයක් නැත්තේමය” යනුද සමගිවූ කර්මරදිය තබා ඔවුනොවුන් දර්ශ නයත් නොරුස්නා සුසිල්වත් කිසියම් භීක්ෂූ්න් ද බලා බුධශාසනාභිවෘඬිය පිණිස පළමු කොට ශාසනශුඬියද තුන්නිකා වැසි භික්ෂූෂන්ගේ සාමග්රිෘයද කරවනු කැමැත්තේ ධර්මාතසොක මහරජහු මොග්ලිපුත්ත තිස්ස ස්ථවිරයන් ( ප්රඬධාන ‍කොට ) සෙයින් ත්රිුපිටකධර විසාරදවූ විශෙෂයෙන් විනය දන්නාවූ ස්ථවීරවංශයට අසහාය ප්ර‍දීපායමානවූ පැවදිව බොහෝකල් ඇත්තාවූ මහාකාශ්ය්ප නම් මහාස්ථවීරයන් ප්රපධානකොට අනුරාධපුර වාසීවූ ශිෂ්ය්යන් සහිත ඤාණපාල නම් ස්ථවීරයන්ද සපරගමු වැසි භික්ෂූපන්ද මෞද්ගල්ල්යායයන ස්ථවිරයන් සහිතවූ නාගෙන්ර්ි පල්ලියෙහි ස්ථවිරයන්ද යුවරජ රටවැසි අන්යාවූ සියලු භික්ෂූනන්ද ගලතුරුමුල විහාරවාසීවූ නන්දි නම් ස්ථවිරොත්තම යන් ප්රවමුඛ කොට රුහුණු රට තුන්නිකා වාසී භික්ෂූසන්ද පොළොන්නරුවට කැඳවූයේය. ඉක්බිත්තෙන් පෘථිවිශ්වරතෙමේ ඔවුනොවුන්ගේ සමගිය පිණිස මහාවිහාරවාසී භික්ෂූමන්ට ආයාචනා කෙළේය. අලජ්ජීන්ගේ උත්සන්න භාවයෙන්ද බොහෝ කල් විවිධව භින්නවූ බැවින්ද එකල්හි බොහෝවූ භික්ෂුිහු සාමග්රිදය නොයිවසූහ. ඇතැම් කෙනෙක් පරදෙශයට යන්ටද ඇතැම් කෙනෙක් සිවුරු හරණටද ආරම්භ කලහ. ඇතැම් කෙනෙක් විනිශ්චය මණ්ඩලයෙහි හිදිනටද නොකැමැතිවූහ. ඉක්බිත්තෙන් දුකසේ සමනය කටයුතුවූ මහාධිකරණ පටන් ගත්හ. එකල්හි සමගිය මහමෙර එසවීම සෙයින් වැට‍හින ( ඡන්ද.යෙන් ) මමත්ව්යක් නැත්ත‍ාවූ ස්ථිරවූ ආරම්භ ඇති ධර්මනමිකවූ ඒ පෘථිවිශ්වරතෙමේ ඒ භික්ෂූ‍න් අස්වසා දුකසේ පිළිගැන්වීය. ඉක්බිත්තෙන් උපනුපන් අධිකරණයන් සමථයට පමුනුවන පිණිස මහා කාශ්යතපස්ථවීර ප්රඋධානවූ භික්ෂූයන් ලවා විනිශ්චය කරවි. විනිශ්චය පිළිගැන්මෙහි පිටකත්රවයධාරීවූ ආචාය්ය්ික්වරයන් සමග තමන් සමීපස්ථව පිළියම් කළහැක්කන් ධර්මරයවූ පරිද්දෙන් ශුධියෙහි පිහිටුවා මහාවිහාරවාසීවූ සියලු භික්ෂූධන් සමගි කෙළේය. හේතෙමේ දුස්සීලයන් “ලාභාපෙක්ෂා වෙන් ශාසනය නොනසත්ව”යි මහතන තුරුදී සිවුරු හැරවූයේය. මෙසේ මහාවිහාරයම මහොත්සාහයෙන් ශුද්ධ කොට (වට්ටගාමිණී) අභය මහරජානන්ගේ කාලයෙහි පටන් වර්ග භාවයට ගියාවූ අභය ගිරි විහාරවාසී භික්ෂූනන්ද මහසෙන් නරනිඳු කල් පටන් භින්නවූ වෛතුල්යර පිටකාදී අබුද්ධ වචනයම බුද්ධ වචනයයි ප්රරකාශකරන්නාවූ ප්ර තිපත්තියෙන් පරාඞ්මුඛවූ ජෙතවන විහාරානූගත භික්ෂූපන්ද නිරවශෙෂ ගුණ යුක්තවූ මහාවිහාරවාසී භික්ෂු්න් සමග රතනයන් හා කදාගල් සෙයින් සමගිකරන්ට ආරම්භකෙළේය, ශීලාදී සාරශුන්යනවූ ඔව්හු මහා සඞඝයාගේද නරෙන්රොේය ත්තමයාගේද තේජස කරණ


78 වෙනි පරිච්ඡේදය 195


කොටගෙණ බුධශාසනයෙහි ඇල්මට නොපැමිනියෝය. එසේත් ධාර්මහමිකවූ ‍රජතෙම ක්රනම දන්නන් ලවා විචාරණය කරවන්නේ ප්ර කෘතිභාවයෙන් යුක්තවූ එකම උපසපන් කෙනෙකුත් නොලද්දේය. එකල්හි බොහෝවූ භික්ෂූරන්ට සාමණේරභාවය කරවූයේය. දුස්සීලයන් සිවුරු බරවා මහ තනතුරු දුන්නේය. මෙසේ ඒ මහ රජතෙම මහොත්සාහයෙන් බොහෝ කලකින් ශුඬය් හා සාමග්රි ය සම්පාදනය කොට සඞ්ඝයා බුද්ධ කාලයෙහි මෙන් පැවැත්වූයේය. අවුරුද්දක් පාසා මහාසඞ්ඝයා ගඞ්ගාතීර සමීපයට පමුනුවා එහි උයනෙහි වස්වා අමාත්යහයන් සහිතවූයේ උපස්ථාන කෙරෙමින් ගඟ මැද අතිශයින් නිශ්චල කොට නැව් තබ්බවා එහි මනොහර සුවි බක්ත මණ්ඩපයක් කරවා මාහැඟි සිවුරුද නොයෙක් පිරිකරද දෙවා මහා ප්රාිඥවූ හෙතෙම උපසම්පදාකර්මරය කරවූ‍යේය. මෙසේ බොහෝවූ නොයෙක් සියගණන් භික්ෂූ්න්ගේ සැප විහරණයට යොග්යබවූ මහාවිහාරයන් කරවනු කැමැත්තාවූ ඒ මහරජ තෙම ජෙතවන විහාර සම්පත්තිය ප්රවත්යයක්ෂමකොට දක්වන්නා සේ ජෙතවන නම් මහාවිහාරයක් කරවූයේය. එහි ආශ්ර‍මස්ථානවාසීවූ තරසිල් ඇති ස්ථවිරයන්ට මාහැගිවූ තුන්මහල් පහ අටක් කරවූ යේය. ශාරිපුත්රස නම් ස්ථිරශීලයෙන් යුකතවූ ස්ථවිරයන් වහන්සේටද සඳලු සහිත උඩුමහල් ඇති ගබ්ගෙවලින් යුක්තවූ බබලන්නාවූ මහාප්රාදසාදයක් කරවූයේය. ප්රනතිමාරූපයන්ගෙන් සංහුක්තවූ පර්වබතයන් පරිද්දෙන් අප්රනතිසම්මතවූ සැත්තෑවක් පමන තෙමහල් ප්රෙතිමා මන්දි්රයන්ද කරවූයේය ; පන්සැත්තෑවක් පිරිවෙන් පිණිස රම්ය් ලක්ෂිණ ඇති දෙමහල් දීර්ඝූපාසාදයන් එපමණම කරවූයේය. සුලුපග එක්සිය සැත්තෑ අටක්ද සූතිසක් දොරකොටුද පුස්තකාලය දෙකක්ද කුළුගෙවල් හා ගුහාවන්ද මල්කම් ලියකමින් යුත් දෙව් බඹ ආදීන් පිළිරූ ඇති ශාලාවන් හා බොහෝවූ ගබඩාගෙවල්ද උළුකම් හා සුණුවමින් නිපදවනලද්දාවූ නෙත්රහරසායනය දක්වා ත්රි වඞක ප්රිතිමා ස්වාමීන් වහන්සේ සඳහා ත්රිදවඞ්ක ප්රවතිමා ගෘහයක්ද සිහ කිදුරු හස් ආදී රූපෙළින් බබලන්නාවූ නානාදැල්කවුළුවලින් හා බොහෝ පිළිකඩින්ද සිත්කළුවූ ටැම් බිතු ආදියෙන් සැදුම්ලත් මනාවූ සර්වාශෛලමය වෘත්ත දන්තධාතු මන්දිතරයක්ද ධර්ම්ශාලා තුණක් හා එක් චෛත්යායක්ද දිගු සක්මන්මළු අටක්ද, දිගු පුළුල් වූ එක් බො‍ජුන් හලක්ද. උළුසෙවෙනිකරණ ලද අසූපසක් ගිනිහල් ගෙවල්ද, වැසිකිළි එක් සිය සැත්තෑ අටක්ද කරවූයේය. භික්ෂූ්න්ගේ අභ්යතන්තර මලය ශාසන සුඛියෙන් ශුද්ධකොට පිටත් මලද ශුද්ධකරණු පිණිස සෙයින් ග්රීනෂ්ම සමයෙහි නහනු පිණිස වට නාන කොටුවය ගුහා නාන කොටුවය පියුම් නම් නාන කොටුවද භද්රහ නම් නාන කොටුවය යනාදී ටැම් පියගැට පිළිකඩ ආදියෙන් සැදුම්ලත් ශෛලමයවූ නානා කොටු අටක් කරවූයේය. මහරජතෙමේ එහි බොහෝවූ


196 මහාවංශය


ප්රා කාරද බැඳවූයේය. මෙසේ ජෙතවන විහාරයෙහි සියලුම ගෙවල් පන්සිය විස්සක් වූහ.* නොයෙක් පිරිකරද එහි සඞ්ඝයා වැස්වූයේය. ක්ෂ්ත්රි*යතෙමේ ආදාහණ පිරිවේන එහි කරවූයේය. එහි ස්ථිවිරයන් වහන්සේ පිනිස ඉතා දුරනොවීම් ආදී සියලු අඞ්ගයෙන් සමන්විතවූ මනායයි සම්මත ඉතා සිත්කළු සදළුතල ඇති නානාවිධ උතුම් ගැබ් ගෙවල් ඇති කුළුගෙවලින් හෙබියාවූ තෙමහල් පහයක් ( කරවූයේය ) දිගු පහ සතළිසක්ද එපමණ වැසිකිළිද සුලුපහ අටක්ද දොරකොටු සයක්ද ගිනිගල් ගෙවල් සූතිසක්ද අතිශයින් මහත්වූ ප්රා්සාද දෙකක්ද සුභද්රි නම් චෛත්යඅයක්ද රූපවතී නම් චෛත්යියක්ද ( කරවූයේය ) මාලාකර්ම් හා දෙව බ්රදහ්මයන්ගේ මනොහර රූප ඇත්තාවූ කුටාගාර ගුහාගර්බ(භශාලා මන්දි)රයෙන් උපශොභිතවූ යම් ප්රබතිමා මන්දිවරයක්හි ලඞ්කාතිලකය යන අත්ථිනන්විත නාමයකුත් වීද මනහර පස්මහල් ඒ පිළිම ගෙයද (කරවීය ). ඒ පිළිමගෙයි ජීවමාන සර්වාඥයන් වහන්සේගේ ආයාමයෙන් යුක්තවූ ලඞ්කාතිලක නම්වූ නෙත්රථ රසායනවූ සිරිපිළිමයක්ද කරවූයේය. නොයෙක් කුළුගෙවලින්ද ගබ්හල් ගෙවලින්ද එසේම මැදිරි ගෙවලින්ද යුක්තවූ බඩසීමා ප්රාළසාද නම්වූ දොළොස්මහල් පොහෝ ගෙයක් (කරවූයේය ) එහි සීමාබන්ධරනය කරවනු පිණිස අමාත්යහයන් සහිතව අන්තඃපුර ජනයා සහිතවූ මහා සෙනා වාහන ඇති සව්බරණින් සැදී ඒ රජතෙමේ ශක්ර දෙවෙන්ර්වාහ විලාසයෙන් ඒ වෙහෙරට පැමින මහාකාශ්ය්පස්ථවිර ප්ර‍මුඛවූ මහ සඞ්ඝයා විසින් මෙහෙයන ලද්දේ මඞ්ගල ස්තුති ගීතිකාවෙන් හා තූය්ය්ාකා නාදයෙන්ද සාධුකාර නිනාදයෙන්ද සිවුදිගුන් පුරවමින් ස්වර්ණාෙදීන් කරණලද කලස් හා සුමුගුද බොහෝවූ ධවජයන්ද ජත්රුයන්ද දරන්නාවූ ජනයන් විසින් පිරිවරණලද්දේ මහත්වූ සැණකෙළි පවත්නා කල්හි මගුලැතුන් යොදනලද්දාවූ රන් නගුල් අල්වාගෙණ භුමිපාල තෙමේ සාමීන් වැඩියේය. ඒ සඞ්ඝතෙමේ එහි පෙර බඳනා ලද සීමාවන් සම්බන්ධිෙවූ ශඞ්කා දුරුකරණු පිණිස ප්රඝථමකොට නොයෙක් තැන සිටියේ සීමා සමූහණය කොට නරෙන්ර්ශඞ්යන්ගේ සීවිට අනුසාරයෙන් හාත්පස නිමිතීන් කීර්තටතනය කොට සකල සම්පත්තියෙන් යුක්තවූ කර්මාවාක්ය යෙන් ඛණ්ඩසීමා තුණක් හා එක් මහාසීමාවක් මනාකොට බන්ධතනය කෙළේය. පස්රියන් යටියෙන් ලක්තිලක ගෙය පටන් සූසාළිසය, එකුන්පණ සය, අටතිසය, සතිසය, පන්තිසය, සත්පණසය, සතළිස්පසය, සැටසය යට‍ෙයක යන දුර ඇති තන්හි පිළිවෙළින් පෙරදිග ආදී අට දිගුන්හි නිමිතිගල් පිහිටියහ. දකුණු දිග්භාගයෙහි පිහිටි නිමිත්ත පාෂාණයතෙම ගොපලු පව්වෙන්ද අටපණස් යටයක දුර ________________________________________

  • මෙකී සියල්ල පන්සිය විස්සට වැඩිව පෙණේ, මෙයින් සරඝංඛ්යා්වට නොපැමිණි පදය හැර සැලකිය යුතුයි.


78 වෙනි පරිච්ඡේදය 197


ඇත්තේය, උතුරුදිග යම් නිමිතිගලක් පිහිටියේද එය විද්යාඛධර ගුහායෙන් පණස් යටියෙක දුරය, ඒ පාෂාණයෝ මහා සීමා සම්බන්ධද නිමිත්ත භාවයට පැමිනියහ. බඩසීමා ප්රාාසාකයෙහි පසළොස් යටක් හා තෙළෙස් යටක් තන්හි දිගින් හා පුළුලින්ද බ‍ඩසීමා තොමෝ විය. ඛණ්ඩසීමා නම්වූ මළකයෙහි දිගින්පසළොස් යටියෙක්ද පුළුලින් යෂ්ටි සයක් තන්හිද සීමාතොමෝ බඳනාලද්දීය. එසේම ස්ථවිරයන් වහන්සේගේ ප්රාාසාදයෙහි බඬසීමාතොමෝ දිගින් අ‍ට ‍ළොස්රියනක්ද පුළුලින් විසිරියනක්ද (බඳනා ලදී ) ඒ විහාරය පිරිකර සමඟ භික්ෂූ න්ට දුන්නේය. එසේම නරෙශ්වරතෙම පශ්චිමරාමය කරවූයේය. එහි දෙවිස්සක් පමණ පිරිවෙන්හි එපමණ දෙමහල් දීර්ඝ්ශාලාවෝද ගිනිහල් විස්සක්ද දෙමහල් සුලුපහ එක්විස්සක්ද එසේම වැසිකිළි පන්තිසක්ද සක්මන් මළු දෙකක්ද එක් ධර්මලමශාලාවක්ද දොරකොටු දශයක්ද වූහ. පරීෂ්කාර සහිතවූ ඒ විහාරයද භික්ෂූමන්ට දුන්නේය. එසේම නරෙශ්වරතෙම මහා චෛත්යකයට ආසන්න තන්හි පවර්තමයට බිඳුවා එහි උත්තරාරාමය කරවූයේය. සියලු කර්මහයන් දක්වා විද්යාමධරගුහාවද වැඩහුන් පිළිම ලෙනක්ද හොත්පිළිම ගුහායෙක්දැයි මෙසේ පිළිම ලෙන් තුණක්ද දක්ෂයවූ ශිල් පින් ලවා කරවූයේය. පඬිරජය ගෙණ ඒ රටින් ගෙණෙනලද දෙමළුන් ලවාති කරවූ බැවින් දෙමළයෑයි නම් ලත් එක්දහස් තුන්සිය රියන් විශාලවූ සියලු ථූපයන්ට මහත්වූ දෙවෙනි කෛලාශයක් සමානවූ මහසෑයක් රහතුන්ගේ ඍධියක්ද දෙවර්ඝූයක්ද නැතිව මහත්වූ රාජඬීයෙන්ම කරවූයේය. එසේම රාජවෙසීභුජග නම්වූ ශාඛානගරයෙහි යතීන්ගේ සිත පිණවන්නාවූ ඉසිපතනක නම් විහාරයක් කරවූයේය. ඒවිහාර යෙහි එක් දාගැබක්ද තුන්මහල් පිළිමගෙයක්ද (එහි) සිතියමින් බැබලි මාහැගි පිළිම තුණක්ද ප්රිසාද එලවන්නාවූ කර්මහමාන්තයෙන් යුක්තවූ දෙමහල් පහයක්ද, දිගුපහ දෙකක්ද, දොරකොටු සතරක්ද, සුලුපහ අටක්ද, ධර්ම්මශාලාවක් හා චඞ්ක්රුමණමාලකයක්ද, එසේම ගිනිහල් අටක්ද, වැසිකිළි සයක්ද, රම්යකවූ සර්ව්ශෛලමයවූ එක් නාන කොටුවක්ද, එකම සීමාපව්රුවලල්ලක්ද, සගසතු උයනක්ද වී. එසේම සිංහපුර නම්වූ ශාඛානගරයෙහි සිංහ වික්ර ම ඇති පෘථිවිශ්වරතෙම තුසිනාරානම් විහාරයක් කරවූයේය. එහිද දාගැබක්ද තුන්මහල් ප්රවතිමා මන්දිතර තුණක්ද, දීර්ඝයප්රාිසාද සයක්ද, ධර්මරශාලාවක් හා සක්මන් මළුවක්ද, සුලුපහ සොළසක්ද, දොරකොටු තුණක්ද වැසිකිළි එකොළොසක්ද, ගිනිහල් සයක්ද වූහ. පරාක්රදමබාහු නරෙන්ර්ු තෙම විජිත නම් ශාඛාපුරයෙහි වෙළුවන නම් වෙහෙරක්ද කරවූයේය. එහි මනොඥවූ පිළිම හා සිතියමින් බැබලි තුන්මහල් පිළිම ගෙවල් තුණක්ද, දාගැබක්ද, සක්මන්


198 මහාවංශය


මළුවක්ද, දෙමහල් පහයක්ද, දොරකොටු සතරක්ද, දිගුපහතුණක්ද, සුපුපහ අටක්ද, එක් බොජුන් හලක්ද එසේම එක් ධර්මකම ශාලාවක්ද, ගිනිහල් සතරක්ද, වැසිකිළි දොළසක්ද වූය. ඒ මනු ජෙන්ර්ේම තෙම ගව්වක් ගව්වක් තන්හි මනොඥ ප්රිතිමා මන්දිුරයන් හා දොරකොටු පව්රු දම්හලින් යුත්වූ ගාවුතවිහාරයන්ද කරවූයේය. විවේක කාමීවූ සියලු ධුතාඟධර භික්ෂූමන්ගේ සැපවිහරණය පිණිස කපිල නම් විහාරයක් කරවූයේය. එහි මහාර්ග්වූ දෙමහල් පහයෙක්ද, දීර්ඝත චඞ්ක්රමමණයක්ද, දීඝර්‍ ප්රා්සාද සතරක් හා දෙමහල් පහ සතරක්ද වේ. නානාප්ර්කාර විචිත්රූකර්මතමාන්තයෙන් යුක්ත වූ කුළු ගෙවල් ආදියෙන් හෙබිවායූ ගිජුලිහිණියෙකු බඳු ගෙයක්ද කපිල නම් තපස්වින්ට කරවනලද්දේය. සිලුපහ සතරක්ද වැසිකිළි තුනක්දැයි පිරිකර සහිතවූ ඒ විහාරයක්ද භික්ෂූතන්ට දුන්නේය. අනුරාධපුරයෙහිද පූර්ව යෙහි දෙමළුන් විසින් නසනලද දුෂ්කර හෙයින් නොයෙක් රජුන් විසින් නොකරවල ලද්දාවූ විහාරයන් කරවනු පිණිස එක් ඇමතියෙක් යවා, එක්සිය විසිරියන් අස්වූ රුවන්වැලිසෑය කොට නිමවා එක්සිය සතළිස් රියන් උස්වූ අභය ගිරි නම් සෑයද. එක්සිය සැටරියන් උස්වූ ජේතවන සෑයද. අසූ රියන් උස්වූ මිරිසවැටි මහාසෑයද, යන මේ පෙර මෙළුන් විසින් පලනලද්දාවූ මහ රුකින් වැසුනු වලසුන් දිවියන් නිබඳ සෙව්නා ලද්දාවූ ගඩොල් හා මැටිපිඬු කරනකොට ගෙණ දුකසේ යායුතු ජාඞ්ගල භූමිප්රෙදේශ ඇත්තාවූ තුනිසෑයත් වනයසිඳුවා මනාකොට බඳවා සුනුකම්ද කරවා සැමළු සුඬකරවූයේය. එක් එක් පසෙකින් සියක් රියන්වූ සියක්රියන් විශාලවූ උසින් එපමණවූ සොළීන් විසින් නසනලද්දාවූ ලොවාමහපාය එක්දහස් සසියයක් ගල්ටැම් පිහිටුවා නොයෙක් සියගණන් ගබ්ගෙවලින් හා උතුම් කුළු ගෙවලින්ද සිවුමැදුරු කව්ළු පෙළින්ද අලඞ්කෘතවූ නොයෙක් මහල් ඇති අතිශයින් විස්මය එලවන්නාවූ කර්මාුන්ත ඇති කොට නරෙශ්වරතෙම කරවූයේය. සැටක් මහපා ඇති ශෙපරණී පුෂ්ප නම්වූ මහා ප්රාොසාදයද නටුවාවූ මහෙන්ර්ි සෙන නම් ප්රාශසාදයද බොහෝවූ සීමා ප්රාරකාරයන්ද පිරිවෙන්ද කරවූවේය. දන්හලක්ද කරවා දන්වැට තැබ්බවීය. ථූපාරමාදී පරණ පිරිවෙන්හිද ඛණ්ඩ පුල්ලපටිසංකරණයත් කරවූයේය. හේතෙමේ සෑගිරියෙහිද සූසැටක් දාගැබ් කරවීය. පු‍රාණ වාසයන්හි සුන්බුන් තැන්ද පිළිසකර කරවීය. මෙසේ විශුදධ බුද්ධිමත්වූවෝ මහත් සම්පතෙහි පිහිටාද පුණ්යු ක්රිණයාව එකරසකොට ඇත්තෝ වෙත්යයි දැන ලොකයෙහි කවර නම් පණ්ඩිත ජනයෙක්තෙම සියල් සුව එලවන්නාවූ පුණ්යතක්රි්යායෙහි ප්ර‍මා‍දයට පැමිනේද ? මෙතෙක්න් හුදීජනයා ප්රලසාද සංවේග පිණිස කළ මහවස විහාර කාරාපණ නම්වූ අටසැත්තැවෙනි අදියර නිමි.


79 වෙනි පරිච්ඡේදය 199


79 වෙනි පරිච්ඡේදය

සංස්කරණය

නරෙන්ර්ට තෙම නුවර වැස්සන්ට සර්වොපපකරණයන් සුලභ කරවනු කැමතිවූයේ ඒ ඒ තන්හි උයන්වතු කරවූයේය ජනයන්ට සතුරු එලවන්නාවූ නරෙන්ර්ය තෙම ඵල පුෂ්පධාරී වූ නොයෙක් සියගණන් වෘක්ෂ යෙන් සමලඞ්කෘතවූ නන්ද්න නම් උයනක් කරවීය. නෙරලු අඹ කොස් පුවක් තල් රුක් ආදීන් එක ජාතියෙන් ලක්ෂනය ලක්ෂවය පමණ රොපණය කරවා අත්ථිරනුගතව නම් ඇති බැවින් ලක්ඛය්ය්නයයි සම්මතවූ මහ උයනක් බො‍හෝ උත්සාහ ඇත්තේ සාඞ්ඝික කොට කරවූයේය. ග්රීකෂ්මකාළයෙහි භික්ෂූහන්ට නහනු පිණිස ඒ උයනෙහිදු ගුහා ඇත්තාවූ සිත්කළුවූ ගල්පොකුණු දෙකක් කරවූයේය. රජතෙමේ ඒ පුරයෙහි දිවාවිහරණ ඇත්තාවූ තමන් විසින් සතතයෙන් සම්භාවනා කටයුතුවූ සොභාවෙන් බබලන්නාවූ දීපනම් උයනෙක, මහමෙව්නා නම් උයනෙක, එසේම චිත්රනලතාවන නම් උයනෙක, මිශ්රනක නම් උයනෙක, රාජනාරායණ නම් උයනෙක, ලඞ්කාතිලක නම් උයනෙක, තිලොක නන්ද න නම් උයනෙක, වානරාකර නම් උයනෙක, නය නුස්සවනම් උයනෙක, මනොහර නම් උයනෙක, නිර්ම මිතපුර නම් උයනෙක, ජඞ්ළාභාරනම් උයනෙක, පූර්ණ්වර්ඬ න නම් උයනෙක, සංසාර ඵල නම් උයනෙක, එසේම ළාරුසක නම් උයනෙක, සාලිපොත නම් උයනෙක, සොමනාථ නම් උයනෙක, ඨානකොඞ්කණ නම් උයනෙක, උතුරුකුරුනම් උයනෙක, භරුකච්ජ නම් උයනෙක, පුලචේවරි නම් උයනෙක, කීළාකර නම් උයනෙක, පණ්ඩවාවන නම් උයනෙක, රාමෙශ්වර නම් උයනෙක, සාමිසනෙතාෂ නම් උයනෙක, එසේම චින්තාමණී නම් උයනෙක, ප්රාචුර නම් උයනෙක ( යන මේ උයන් ) කරවූයේය. ඒ නරෙන්ර්ෙ තෙමේ රජ රට නොයෙක් ගම් නියම් ගම්වලද නවඅනූවක් අභිනව ථූපයන් කරවූයේය. මහීපතිතෙමේ තුන්සැත්තෑවක් පමණවූ ධාතු ගර්හ යන්හි සුන්බුන් පිළිසකර කරවා සුණුවම් කරවිය. සදාස් එක්සියයක් ප්රිතිමාමන්දි්රයන්ද ප්ර්තිසංස්කරණය කෙ‍ෙළ්ය. ජීර්ණ වූ ප්රිතිමාමන්දි්ර තුන්සියයක් අභිනව කොට කරවූයේය, සාරසිය සත්තෑ සයක් නානාප්ර කාර ප්ර‍තිමාවන් කරවූ යේය. සතර දිගින් වඩනා සඞ්ඝයාගේ යාම් ඊම් ආදියෙහි වාසය පිණිස දෙසියතිසක් අවසථයක් කරවූයේය. සපණයක් ධර්මපමශාලාවන්ද සක්මන්මළු නවයක්ද කරවූයේය. සූසාළිසක් අධිකකොට ඇත්තාවූ සියයක් දොරටුකොටුද, එක්සිය අනූදෙකක් මලසුන් ගෙවල්ද, සැටසතක් ප්රායකාරයන්ද, තෙළෙසක් දේවාළයන්ද, ආගන්තුක යන්ගේ ප්රැයෝජනය පිණිස දොළසක් ආරාමයන්ද, දෙසියතිසක් ආගන්තුක ශාලාවන්ද කරවූයේය. එකුන්තිසක් ධර්ම මශාලාවන් ප්රිකෘති මත් කරවූයේය. භූමිපතිතෙම එක්තිස් ලෙනක්ද ආරාම පසක්ද එසේම එක්පණසක් ආගන්තුක ශාලාවන්ද නවසැත්තෑවක් පීර්ණිණ


200 මහාවංශය


දේවාලයන්ද (අභිනව කිරීම් වසයෙන් කරවූයේය) අතිශයින් සාධු මනුෂ්යමවූ ඒ රජතෙමේ සත්ව යන්ගේ දුර්බ භික්ෂයදුඃඛය නසන පිණිස ඒ ඒ තන්හි නොයෙක් වැව්ද මාතිකාවන්ද කරවූයේය. භූමිපතිතෙම කරගඟ මහත්වූ ගල් හෙයකින් අවුරා ඒ ගඟ විශාලවූ ජලප්රගවාහය ආකාළගඟානම්වූ මහත් මාතිකාවකින් ගෙණවුත් උතුම් රාජ ප්රා්සාදයකින් බබලන්නාවූ දූවක් ඇති ප‍රාක්රුම සමුද්ර්යයි ප්රවසිඬ නිබධවූ දිය ඇති දෙවෙනි සමුද්රායක් වැනිවූ මහවැවක් කරවූයේය. ගලින් කරණලද දුර්ගමමවූ හතහස්ත ප්රෙණලිකාවක් ඇත්තාවූ ප‍රාක්රේමතාඩා ගවු නම්වූ මහ වැවක්ද කරවූයේය. හේතෙමේ මිහිඳුතළා නම් වූ (වැවක්) ද, එකාභවාපි නම්වූ වැවක්ද, පරාක්රතමසාගර නම්වූ වැවක්ද, කොටුබඳ ගඟුල් හැලි නම්වූ වැවක්ද කරවූයේය. නරශ්රෙයෂ්ඨතෙමේ නොයෙක් තන්හි එක්දහස් සාරසිය එක් සත්තෑවක් කුඩා වැව්ද කරවූයේය. එසේම මහීපතිතෙම තුන්සියයක් පමණ වැව්වල එපමණම ශෛලමයවූ ( ජලනිර්ගමම ) ප්රැණලිකාවන් කරවූයේය. බිඳුනාවූ බොහෝවූ පුරාණ වැව්ද බැඳවූයේය. හේ තෙමේ මින්නේරි නම් මහ වැවද, මහාදාරගල්ල නම් වැවද, සුවන්තිස් නම්වූද, දූරතිස්ස නම්වූද, කළාවැව් නම්වූද, බමුණුගම් නම්වූද, නෙරළු මහටැම් නම්වූ ද, රෙහෙර නම්වූද, එසේම ගිරිතළා නම් වූ ද, යන මේ වැව්ය. කිඹුල්හෙබ්වැවය, කණු වැව ය, පදි වැවය, කටීගම් වැවය. පත්පහන් වැව ය, මහණ්ණ නම් වැවය, මහනම්මතනම් වැවය, වඩුනානා නම් වැවය, මාදැත්තානම් වැවය, කණගම්නම් වැවය, වීර වැවය වලස්වැවය යන නම්වූද, සුරමාන පහන්ගම් නම්වූ වැව්ද කළුවැල් නම් වැවද, කාහල්ලි යන නම්වූ වැවද, අභගම් නම් වැවද, ගිලිපත්කඩ නම් වැවද, මදගු නම් වැවද, යන මේ ජීර්ණමණවූ වැවුත් පෘථිවිශ්වරතෙමේ ප්රදකෘතිමත් කරවූයේය. නටුවාවූ සාරසිය සැටසතක් කුඩාවැවැ ( ප්රූතිසංස්කරණය විය ) නොයෙක් වැව්වල එක්දහස්තුන්සිය අනූපසක් බිඳුනු තැන් ස්ථාන දන්නාවූ රජතෙමේ සුස්ථිරකොට බැඳවූයොය. පරාක්රැම සමුද්රවනම් වැව මකර නම් මුඛයෙන් නික්මුනාවූ ගම්භීර නම් මාතිකාවක් නරෙන්ර්න තෙම කරවූයේය. ඒ මුඛයෙන්ම මහමේවනයට අභිමුඛව නික්මුනාවූ හේමවතී නම් මහාමාතිකාවක්ද එසේම කරවූයේය. එම පරාක්රේම සමුද්රි නම් වැව මාලතීපුෂ්ප නම් ප්රඒණලිකාවෙන් නික්මුනාවූ නීල වාහිනීයයි ප්රරසිද්ධ වූ මාතිකාවක්ද, එසේම කීළාකරුය්යා‍න නම්වූ ප්රූණලියෙන් නික්මුනාවූ සලලවතී නම් මාතිකාවක්ද, වෙත්රකවතී නමින් ප්රවසිද්ධ වූ ප්රිනලියෙන් බැස ගියාවූ වෙත්ර වතී නම් මහාමාතිකාවක්ද, දක්ෂිනන ප්රවණලිකාවෙන් නික්ම ගියාවූ තුඟභද්රස නම් මාතිකාවක්ද, එසේම මඟල නම් ප්රවණලිකාවෙන් නික්මිනුවූ මඟලගගා නම් මාතිකාවක්ද, චණ්හි නම් දොර ප්රවණලිකාවෙන් නික්මුනාවූ චම්පා නම් මාතිකාවක්ද, තොයවැ‍ෙවන් නික්ම පුණ්ණවඩ්ඪන නම් වැවට ගියාවූ සරස්වතී නම් මාතිකවෙක්ද, ඒ වැව පශ්චිමදිගින් නික්මුනාවූ


79 වෙනි පරිච්ඡේදය 201


වෙණුමතී නම් මාතිකාවක්ද. පුන්වඩුන්නාවැවෙන් පශ්චිමදිශාභිමුඛව ගියාවූ යමුනා නම් මාතිකාවක්ද, උතුරට අභිමඛවූ නික්ම ගියාවූ සරභු නම් මාතිකාවක්ද, ලක්ෂො ද්යාඛනය මැදින් ගියාවූ චන්ර්මාත භාගා නම් මාතිකාවක්ද, ජෙතවන විහාරන්තයෙන් නික්ම ගියාවූ නර්මෂදා නම් මාතිකාවක්ද, එම වැව උතුරට අභිමුඛව එසේම නික්ම ගියාවූ නෙරජරා නම් මාතිකාවක්ද අනොතත්ත නම් වැවෙන් නික්මගියාවූ භාගීරථි නම් මාතිකාවක්ද, එයින්ම දකුණු දිගට අභි මුඛව නික්ම ගියාවූ ආවර්තභගහා නම් මාතිකාවක්ද, අඹාලවැවෙන් උතුරු දිගට ගියාවූ තම්බපණ්ණි නම් මාතිකාවක්ද, මහවැලිගඟින් පශ්චිමදිගට අභිමුඛව ගියාවූ බොහෝකල් දුර්බ භික්ෂහය නසන්නාවූ අචිරවතී නම් මාතිකාවක්ද, එයින් නික්ම නැගෙණහිරට අභිමුඛව ගියාවූ ගොමතී නම් මාතිකාවක්ද, උතුරු දිගට අභිමුඛව නික්මුනාවූ මාලාපහරණී නම් මාතිකාවක්ද, අචිරවති‍යෙන්ම නැගෙණහිරට අභිමුඛව ගියාවූ යතරුඩ නම්වූද, නිබ්බින්දච නම්වූද, ධවල නම්වූද සීද නම්වූද මාතිකාය, මින්නේරි මහවැව දක්ෂිබණවාරිමාර්ගය යෙන් දකුණුදිගට අභිමුඛව ගියාවූ කාලින්දිූ නම් මාතිකාවක්ද, එසේම ගිරිතළානම්වැවින් කදුරු වඩමින් තඩාගයට ගියාවූ කාවේරි නම් මාතිකාවක්ද, කදුරුවඩමන් වැවෙන් බැස අරිමද්දව්ජය ගමට ගියාවූ සොමවතී නම් මාතිකාව්ද, ඒ මහීපාලතෙම කරගඟින් නික්ම පරාක්රගමසාගර නම් වැවට ප්ර්විෂ්ටවූ ගොදාචරී නම් මාතිකාවක්ද කරවූයේය. රජතෙ‍ම කළාවැවෙන් නික්ම අනුරාධපුරයට ගියාවූ නටුවාවූ ජය ගහා නම් මාතිකාව කරවූවේය. කුඩා මාතිකාවන් පන්සිය සූතිසක් කරවූයේය. නටුවාවූ මාතිකා තුන්දහස් තුන් සියයක් ප්රවකෘතිමත් කෙළේය. විචක්ෂයණවූ ශ්රෙටෂ්ඨ නරෙන්ර්ස් තෙමේ යුවරජහු‍ගේ රටද නොයෙක් තැන අනෙකප්ර කාරවූ කර්මාරන්ත කරවූයේය. හේතෙමේ පිළගම ස්වකීයවූ ප්රකසූතිමන්දි රස්ථානයෙහි සූතිඝර නම් චෛත්ය්යක්ද එක සියවිසිරියනක් උත්තුහ කොට කරවීය. දැගැබ් දෙවිස්සක්ද තිස් සතක් බො‍ධිවෘක්ෂ්යන්ද, ප්රතතිමා මන්දි ර සියයක්ද, ලෙන් පසලොසක්ද, සතරදිගින් වඩනා සඞ්ඝයා පිණිස විසිඑකක් ආවාසයන්ද, එසේම අසූසතක් ආගන්තුක ශාලාද කරවූයේය, එකුන් තිසක් පමණ මලසුන් ගෙවල්ද ධර්මේශාලා සතක්ද පවුරු සතක්ද තෙසාළිසක් නානාවිධවූ ප්රවතිමාවන්ද කරවූයේය. ජීර්ණෙව ප්රවතිමා මන්දි ර සූවිස්සක්ද නවකර්මධයෙන් සෑදවූයේය. මහගලවැවද, තලගල වැවද, මිහිපල්තෙමේ දෙශයෙහි ශස්යම සමෘධිය පිණිස රැජන නම් දොලද තෙල්පිසී නම් දොලද, දැදුරු නම් දොලද, ජජ්ජර නම් දොලද, විලතනාකඩ නම් දොලද බැඳවූයේය. වැව්වල ජීර්ණො ස්ථාන තුන්සිය අටපණසක්ද, එසේම තෙළෙස් වැවෙහි ශෛලමය ප්ර්ණලිකාවන්ද එකසිය සැටක් කුඩාවැව්වල ස්ථීර ආවරණයන්ද සත්තිසක් පමණ නව වැව්ද ඒ මහීපතිතෙම බැඳවූයේය. 2D 33-16


202 මහාවංශය


අන්යDවූ පුණ්ය කර්ම කැමැතිවූ රජතෙම රුහුණුරටද ගම් නියම් ගම්හි නානාවිධි කර්මDන්ත කරවූයේය. රජතෙමේ කිරිගම් තමන් මෑනියන්ගේ ආදාහණ ස්ථානයෙහි එකසිය විසිරියන් අයමි ඇත්තාවූ රත්තානවී නම් චෛත්යෑයක්ද, දාගැබ් සොළසක්ද, බොධි වෘක්ෂත සතක්ද, එපමණ මහ බෝගෙවල් හා බෝ කොටුද, තෙසාලිසක් පමණ ‍ෙදමහල් පිළිමගෙවල්ද, ධර්මබශාලා දෙකක් හා පන්සැත්තෑවක් ප්රතතිමාවන්ද, සතරදිගින් වඩන සඞ්ඝයායට තිස්සතක් ආවාසයන්ද, සතළිස්සතක් ප්රාිකාරයන්ද දොරකොටු විස්සක්ද, එසේම එකුන්සැටක් ආගන්තුක ශාලාවන්ද, ආරාම සතරක් හා මෛත්රෙතය ( බෝසත් ) රූතුණක්ද, නාටකශාලා පසක්ද, භූපාල තෙමේ කරවා ඒ ඒ තැන සුන්බුන්ද ප්රුතිසංස්කරණය කරවූයේය. තිස්සතරක් ථූපයන්ද, බෝකොටු දෙවිස්සක්ද, දෙසිය සූසැත්තෑ වක් මහ පිළිමගෙවල්ද, එක් දාගෙයක්ද, හොත් පිළිම ගෙවල් සතක්ද, සතළිස් ලෙනක් හා ගෙඩොල්න් කළ මන්දි,ර සතරක්ද, දීර්ඝම ප්රා සාද සතරක්ද තෙමහල් පහ සයක්ද, ධර්ම,ශාලා එකුන්තිසක්ද, සක්මන්මළු තුනක්ද, වාසමන්දිහර එක්සිය සවිස්සක්ද, පුස්තකාලය එක්සිය අටවිස්සක්ද, ආගන්තුක ශාලා සතරක්ද, දෙවමන්දිදර සූවිස්සක්ද, එකසිය තුණක් ගොපුරවාරයන්ද, එකසිය සවිස්සක් ප්රානකාරයන්ද, පෘථිවිශ්වරතම පිළිසකර කරවූයේය. උරුවෙල් මහ වැවද, පඬුවැවද, කොළොම්වැව ද ආදී කොට ඇත්තාවූ දෙසිය සොළසක් සඟසතු වැව්ද, සුන්වැව් සො‍ළසක්ද, ජීර්ණසවූ ආවරණ අටළොසක්ද, නටුවාවූ කුඩා වැව් දෙසිය පසක්ද, ඒ මිහිපතිතෙම බැඳවූයේය. වැව් දසයෙක්හි ශෛලමයවූ ප්ර්ණලිකාවන්ද කර වූයේය. ඒ ඒ තන්හි සුලාළිසක් මාතිකාවන්ද කැණවූයේය. මෙසේ සිත්කළුවූ වෙහෙර උයන් වැව් ආදීන් කරවා ඒ නොයෙක් දෙයින් මුව ලක සැරසුයේය. මෙසේ කරණලද විසිතුරු නොයෙක් පින්වෙසෙස් ඇති සත්තයෙක් ශාසතෘ ශාසනයෙහි අති ප්රුසන්නවූ උතුම් වූ ධාරණ ප්ර්ඥායෙන් යුක්ත වූ ඒ පරාක්රිමබාහු රජතෙමේද දෙතිස්වසක් රජය කෙළේය. මෙතෙකින් හුදීජනයා ප්රොසාද සංවේග පිණිස කළ මහවස උය්යකනාදිකාරාපණ නම්වූ එකුන් අසූවන අදියර නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=ම_හා_වං_ශ_ය_-_viii&oldid=5652" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි