මොරතොටවත-රාජාධිරාජසිංහ කතිකාවත


5. මොරතොට මාහිමියන්ගේ ධර්මා නුශාසනා පරිදි සකස් වුණු රාජාධිරාජසිංහ කතිකාවත සංස්කරණය

අප බුදුන් සාරාසංඛ්යස කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දස පාරමිතාවන් පුරා ලොවුතුරා බුදු වැ සියලු බුද්ධ කෘත්යුයන් නිමවා කුසිනාරා නුවර දී පිරිනිව් දෙ සිය සතිස් වන වර්ෂායෙහි ලක්දිවැ සසුන් පිහිටි තැන් පටන් වලගම් අබා රජු දක්වා නිර්මලල වැ පැවැතැ එ රජු දවසැ හින්න නිකාය වැ, එතැන් පටන් එක්වා දහස් දෙ සිය සූ පනස් වර්ෂියක් ගිය පසු, පොළොන්නරු පුරැ රජ සිරි පත් මහලු පැරකුම්බා මහ රජාණන් දවසැ මහොත්සාහයෙන් ශාසනය ශුද්ධ කරවා සංඝ සාමාග්රී කොටැ මතු පවත්නා පිණිස අමුතු කතිකාවතකුදු කරවා පැවැත්විණි.


ඉන් පසු රජසිරි පත් පෘථිවිපාලයන් විසිනුදු එ කලට පැවැති ශාසනර්බුද ශුද්ධ කොටැ කෝට්ටේ භුවනෛකබාහු මහා රජාණන් දක්වා පැවැත්විණි.


ඉන් පසු ශාසන මාමක රජ දරැවන් ගේ අභාවයෙන් සමහර ශාසනාවචර පුද්ගල කෙනෙකුත් නක්ෂත්රැ වෛද්ය යක්ෂ ප්රශලායා දී අකර්තුව්යව කිරීමෙන් ශාසනය පිරිහී. සාමණෙර ගණනක් අවිශිෂ්ට වූ පසු, අශරණ ශරණ කරුණාමෛත්රීර ගුණොපෙත විශුද්ධ බුද්ධාකුර වූ උතුම් කීර්ති ශ්රී රාජසිංහ දෙවි මහාරජාණන් බුද්ධ වර්ෂරයෙන් දෙ ‍දාස් දෙ සිය අනූ වැනි වර්ෂඋයෙහි සිරි ලක රජ පැමිණ, හාත් පසින් පරිහානි යට පත් බුදු සසුන් දැක ශාසනමාමක අශරණශරණ ශරණංකරාභිධාන සාමණෙරයන් වහන්සේ සහාය කොටැ ගෙනැ ශාසනාභිවෘද්ධි කෙරෙ‍මියි යන උදාරාද්ධ්යා ශයෙන් යෙදී, මාහැඟි පඬුරැ පාක්කුඩම් සහිත ඇමැතිවරුන් දෙශාන්තර යවා සියාම් දෙශයෙන් මහා සංඝයා වහන්සේ වඩා ගෙනවුත් ලක්දිව වාසී සිය ගණන් කුලදරැවන් මහණ මහලු පැවිදි කරවා ශාසනාභිවෘද්ධි කොටැ තමන් විසින් මහොත්සාහයෙන් දුකසේ තනා ගත් බුදු සස්න තමන් දවස ම පළමු සිට පැවැත ආ නක්ෂත්ර් වෛද්යන යක්ෂප්රමලය ආදී අකර්තුව්යම ක්රි යාවන් උගත් සමහර

ශ්ර්ද්ධා නැති ශාසනාවචර පුද්ගලයන් දැක ඔවුන් ගේ පරිත්යාරගය පිණිස පුරාතන කතිකාවතකුදු පත්වා පන්තිස් හවුරුද්දක් රාජය ශ්රීව වළඳා ස්වර්ගයස්ථ වූ පසු. එ මැ රජතුමා ගේ සහෝදර භ්රාතතෘ වූ ශ්රදද්ධා-ශීල-ශ්රැ‍ත ත්යාිග-ප්ර ඥා දී විවිධ ගුණරත්නාභරණ-විභූෂිත වූ උතුම් ශ්රී් රාජාධිරාජසිංහ අප දෙවි මහරාජොත්තමයාණන් ශ්රී‍ බුද්ධ වර්ෂ යෙන් දෙ දාස් තුන් සිය සූවිසි වන වර්ෂධයෙහි සකල නගරශ්රීතන් විරාජමාන ශ්රී්වර්ධන පුරයෙහි අසදෘශ රාජ්යස ශ්රී පදප්රායප්ත වූ සත් වැනි වර්ෂියෙහි ශාසනාවචර සමහර ශ්ර ද්ධා නැති හිරි ඔතප් රහිත පුද්ගලයන් ගේ බාහුල්යීතායෙන් ශාසන දූෂණ වන පරිදි අසා එ බඳු අප්රචතිපත්ති දූෂ්ප්රදතිපත්ති හැරැවීම අනන්තා පරිමෙය බුදුවරයන් ගේ කෘතයා එයක් බැවින් මමද ඒ බුද්ධකෘත්යලයට ඇතුළත් වෙමි යි - යන කරැණාධ්යාාශයෙන් යෙදී, උභය විහාරවාසී මහා සංඝයා වහන්සේ මඬ්ගල මණ්ඩපයට රැස් කරවා. එබඳු දුෂ්ප්රධතිපත්ති හරවන පිණිස යෙදුණු ධර්මේවිනයානුකූල මහාඥාව මුල් කොටැ උභය විහාරවාසී මහා සංඝයා වහන්සේ විසින් ව්යමවස්ථා කරන ලද කතිකාවත මෙසේ දත යුතු-


1. උපසම්පදා සාමණෙර කොයි යම් තැනකට වත් ග්රැන්ථ විදර්ශනා ධුරවයෙන් එකෙකැ යෙදී නිසි ගන්නට නිසි කෙනෙක් ඇති. නිසගෙන ගුරු කෙ‍නකුන් ආශ්රමය කොට වසනවා මිස නිස මුක්තාංග සම්පුර්ණ නොවන තුරු සෙරවාරි වැ නො විසියැ යුතු.


2. එසේ වසන තැන් විසිනුදු වතට පිරිතට එළැඹෙමින් ගුරු උපද්ධ්යාොයන් වහන්සේලාට සුවච කීකරැ වැ විසියැ යුතු.


3. කාල විකාලයෙහි ඇතුළු ගමට යන කල නායක අනුනායක

         ආදී දැනැමිති 	තනකට අසුවල් කරුණ නිසා යනවා යැ 

කියා දෙනමක් මැ යා යුතු.


4. මහ වාසලට සැල කරන දෙයක්, රදලවරුන් ඉදිරියේ කියන කරන දෙයක් නායක අනුනායක තැන් ලවා කියවන බව මුත් නො දන්වා නො කියැ යුතු.


5. පඤ්ව සහධාර්මිකාදී විනයෙහි පෙනී තිබෙන අයට කරන වෙද කමක් මිසැ, පිටත් කෙනෙකුන්ට වෙදකම් නොකට යුතු.


6. නකත් කීම ආදී එක්විසි අනේවෂණයෙන් ජීවත් නො වියැ යුතු.


7. මීට පළමුවෙන් මේ එක්විසි අනේවෂණයෙන් උපන් ප්ර ත්යපයක් ඇත විෂ මිශ්රන භොජනයක් මෙන් දුරු කට යුතු.


8. ස්ථවිර මධ්යවයම නවක සාමණෙර යන කොයි නමක් විසින් වත් රන් රිදී ආදිය කැපකරුවන් විසින් කැර දෙන දෙයක් ප්ර්යෝජන විඳිනවා මිස අකැප වස්තු නො පිළිගත යුතු.


9. කැපකරුවන් විසින් කැර දෙන දෙයක් මුත් කැප අකැප

         වස්තු උකසට පොළියට නො දියැ යුතු. 


10. කැප කරුවන් විසින් ණයට පොළියට දුන් දෙය තම තමන් අය නො කැර ගත යුතු.


11. නෑ නො නෑ ගිහින් ප්රයතිබද්ධ කොයි යම් මැ කෙනෙකුන් ගේ වත් නඩු හබ කියනු පිණිස වලවුවලට නො යා යුතු.


12. යම් කෙනෙකුන් ගේ ප්රවමාදයක් පෙනේ නම්, හැම දෙනා එක් වැ ගෙන ඔවුන් ඒ ප්රනමාදයෙන් වළක්නා ලෙස කරත් මුත් දෙ පක්ෂ වැ ගෙන උන්ටත් සස්නටත් අවැඩ වන ලෙස නො කට යුතු. ඔවුන් විසිනුදු එසේ මැ සමඟි-වැ කී කළ දෙය පිළිගත යුතු.


13. යක්ෂ ප්රඔලය කිරීම්, අංජනම් එළිය ඇරීම්, මන්ත්රආ පුරවා සොරුන් ඇල්වීම, නිමිති, පේන කීම් ආදී ගර්භිත විද්යාෙ නො කටයුතු, නූගත යුතු.


14. කැප කරුවන් කැප ලෙසින් කැර දෙන දෙයක් මිසැ, තම තමන් විසින් කෘෂි වණිග් ආදී කර්මෙන්ත නො කට යුතු.


15. දැන දැන මේ ව්යතවස්ථා වරදවා හැසිරෙන නමක් ඇත් නම් ඒ නම බුද්ධාඥා, රාජඥා දෙක මැ ඉක්මවා වසන හෙයින් එබඳු හිරි ඔතප් නැති තැනට ශාසනාවෙෂධාරී වැ සිටින්ට අවසර නො දියැ යුතු.


-රාජාධිරාජසිංහ කතිකාවත නිමි-


6. ප්රස්තුත කාව්ය-යාගේ වස්තු වින්යාසය සංස්කරණය

1-3 නමස්කාරය


4. දෙවතාරාධනය


5. කාර්ය්යස දර්ශටනය


6-14 කාව්ය්නායකයන් ගේ පරම්පරාව


15-19 කාව්යසනායකයන් ගේ බාල්ය ය


20 ප්රාව්රයජ්යායව


21-29 ශ්රායමණෙර ජීවිතය


30-37 උපසම්පදාව


38 මඬ්ගල ධර්මවදෙශනාව


39-40 අධ්යමනය


41 අනුනායක පද ප්රායප්තිය


42-43 ‍ධර්මරකථිකත්වය


44 දෙගල්දොරු විහාරය ලැබීම


44. ගංගාරාමය ලැබීම


46. රාජාධිරාජසිංහ රජුට දික්සඟිය උගැන්වීම


47 දෙගල්දොරු විහාරය කාව්යරනායකවන් ගේ ඥාතී ශිෂ්ය පරම්පරාවට පරවෙණි කොටැ රජු ගෙන් ලැබීම


48-50 මහානායක පද ප්රාදප්තිය


51-57 මහානායක‍ෙකාත්සවය


58-60 මහානායක හිමියන් ගේ ගුණවර්ණසනයක්


61 රාගුරු පදප්රාහප්තිය


62 අභිනව රාජගුරු ස්වාමීන්ගේ ගුණවර්ණ නයක්


63 පුණ්ය කර්මා වර්ණ්නයක්


64-73 මල්වත්තේ පොහෝ ගෙය අලුතින් තැනැවීම කිරීම හා එහි පින්කම


74 කාවයනායක මාහිමියන් කළ කටින පින්කමක්


75 කළ දහම් දෙසුම් ගණන


76-86 කාව්යනනායක-ගුණ-වර්ණ නයක්


89-95 දෙගල්දො‍රුවේ අලුතින් විහාරයක කැරැවී‍ම ‍හා එහි පින්කම


96-105 කව්ය්නායක මාහිමියන්‍ ගේ පුණ්ය‍කාමීභාවය


106 බුරුමයෙන් පැමිණි තානාපති තැන හා පාළියෙන් කථා කිරීම


107-113 කව්ය නායක මාහිමියන් ගේ වෙසෙසි ගුණ


114-117 තත්කාල භික්ෂු සමාජයේ පැවැති ඇතැම් දුෂ්ප්රිතිපත්ති


118-122 භික්ෂු සමාජශොධනය හා රජුගෙන් ලැබුණු වරප්රෂසාද


123-130 අධ්යාලපනික සෙවාව


131-157 ඡාත්ර් ගණන


158-166 ගුණවර්ණ්නයක්


167 කර්තෘ6සංදර්ශරනය



7. මොරතොට මාහිමියන්ගේ ජීවිතයේ විශේෂ සිඬීන්ගේ වකවානු සංස්කරණය

සකවසින් කිතුවසින්

උපත *1656 1735

පැවිද්ද *1559 1748

උපසම්පදාව 1676 1755

අනුනායක පදප්රා5ප්තිය ?  ?

දෙගල්දොරු විහාරයේ 1693 1771 කර්ම‍න්ත නිමැවීම

(කීර්ති ශ්රීම රාජසිංහ රජුගේ අභාවය හා රාජාධි රාජසිංහ රජුගේ රාජ්යසපදප්රාාප්තිය) 1701 1780]

මහානායක පදප්රා ප්තිය 1708 1787

භික්ෂුසමාජ ශොධනය හා නව කතිකාවත් කරණය 1708 1787

රාජගුරු නාම ලාභය ?  ?

පෝයමලු විහාරයේ පැරැණි පෝය ගෙය බිඳුවා එහි අලුතින් පෝය ගෙයක් තැනවීම [රාජාධිරාජසිංහ රජුගේ අභාවය] 1719 1798

අභාවය 1732 1811


  • අනුමානයෙන් ගැණැ ගත් අවුරුදු



8. අපගේ සංස්කරණය සංස්කරණය

මොරතොටවතේ අපගේ මේ සංස්කරණය අප වෙත කලෙක සිටැ තිබෙන අත් පිටපතක් පදනම් කැරැ ගෙන තැනුණෙකි. බෙන්තර ඇල්බට් ද සිල්වා මහතා විසින් ශුද්ධ කරනු ලැබැ 1897 දී මුද්ර.ණය වුණු සංස්කරනයේ පිටපතක් ද සපයා ගෙන එ අප‍ගේ අත් පිටපත හා සසඳා බැලූ මුත් එහි සැලැකියැ යුතු තරම් පාඨන්තර හෙදයක් නුදුටුමු. එහෙත් අප මේ සැකැස්ම පිළියෙළ කිරීමට අපේ අත් පිටපත මැ ගුරුතන්හි තැබුයෙමු. බෙන්තර සංස්කරණයෙහි වෙනස් ව එන තැන් අධොලිපි මගින් උචිත තන්හි දැක්වීමු.


මහනුවර පළාතේ විසූ කිවිවරයන් කෙරෙන් වෙසෙසි තැනක් ගන්නා මුංකොටුවේ රාල ගේ මේ කෘතියට ද අප මෙයට කලින් පළ කළ ඔවුන් ගේ සඟරජවතට දැක් වූ සැලකිල්ල මැ කාව්යායහිලාෂීහුත් පුරාවෘත්ත ශ්රජවණාභිලාෂීහුත් දක්වාත්වා ! අප සුමිතුරැ පැරැණි ලතීන කවියාගේ බසට මෙහි දීත් පිළිරැව් දෙමින් මේ ප්රවස්තාවනාව සමහර කෙරෙමු.

Majores majora sonent; mihi parva locuto sufficit investras saepe redire manus.

(මායෝරෙස් මායොර සොනෙන්ත් මිහි පරව ලෙකුතෝ සුප්ථිකිත් ඉන් වෙස්ත්රානස් සළුපෙ රෙදීරෙ මනුස්)

වැඩි වැඩි තැනැත්තෝ - වැඩි වැඩි හඬ නඟත්වා

යන්තම් බසක් කීමට මේ කව නිතර- ඔබ අතැ තිබෙනු දුටුවොත් ඒ ඇත මිතුර.

සාහිත්යාිවාගීශ්වරාචාර්ය්යත විද්යාේවාචස්පති ශ්රීත චාල්ස් ද සිල්වා


1959 ජනවාරි 1 වැනි දින මහනුවරැ තිණිති විදුහලේ දීයැ.