මොරතොටවත-කාව්‍යනායකයාණෝ

4. කාව්‍යනායකයාණෝ


මේ කව මොරතොට මහානායක හිමියන් ගේ 1. සඬ්ක්ෂිප්ත ගුණ වර්ණ නයක් බව යට කියවිණි. එ හිමියෝ චරිතය මොරතොට නම් ගමේ රණසිංහ නමැති රදල පවුලේ උපන්නකි. මොරතොට වනාහි තුන් කෝරළය බද දෙහිගම්පොළ කොරළ යේ එගොඩපොත පිහිටි ගමෙකි. රණසිංහ පවුල එහි පරම්පරාගත රදල ගොල්ලකි. සවැනි බුවනෙකබා රජු දවස ලක්දිවට සැපත් බාලකෘෂ්ණ නැමැති බ්රාදහ්මණ කුලවතකු ගෙන් පැවැත එන ඒ රණසිංහ පවුල මුල සිට මැ රාජපූජිත වූහ.


කීර්ති ශ්රීද රාජසිංහ රජු දවස මොරතොට රණසිංහ වලව්වේ මූලිකයා වූයේ පටබැන්දා නමැති ප්රිභූවරයෙකි. ඒ පටබැඳි මැති සිය කුලයේ මුලපුරුෂයා‍ණන් වූ බාලකෘෂ්ණයන් ගේ පස් වැනි මුනුබුරා වියැ. ඔහුට දූ - පුතුන් කීප දෙනෙකු වූ බව පෙනේ. ඒ දරුවන් කෙරෙන් අප ගේ කව්නාවෝ වැඩිමලා නො වූහ. ඔවුනට දෙටු බෑයකු වූ බව අපි දනිමු. ඔහු ගේ පුතෙක් යැ පසු කලෙකැ පැවිදි වැ කුඩා මොරතොට හෙවත් පරණාතල හිමි නමින් ප්රගසිද්ධ වූයේ. පටබැඳි මැති ඳු ගේ කනිටු පුතණුවෝ බාල වියෙහි දීමැ ශ්ර මණ ජීවිතයෙහි අනුසස් දුටුවෝ, තෙළෙස් වියෙහි දී පැවිදි වූහ.


ශ්රෙඬා බුධි සම්පන්න මොරතොට සාමණෙරයාණෝ නියම බණ දහම් වහ වහා උගෙන කිතුණු වසින් 1755 දී උපාලි මහා ස්ථවිරයන් වෙතින් මහනුවර පොහෝමළු විහාරයේ බඩසිමා මන්දිරයෙහි දී අධි ශීල සඬ්ඛ්යාවත මහණ උප සම්පදාව ලැබූහ. එ දවැස උප සම්පදා මාලකයෙහි දී ඒ නවක භික්ෂුවට 'නිග්රොපධ' යන සම්භාවනීය නම දෙන ලදී. එහෙත් ඒ නම වැඩි වේලාවක් නො පැවැතිණි. ඒ නවක භික්ෂුව ගේ මංගල ධර්මී දේශනාව අසා සිටි උපාලි මහ තෙරු‍ණුවෝ ඔහු ගේ ධර්මඒකථනයෙහි කෙතරම් පැහැදුණා ද කිවහොත් ඒ නිග්‍ෙඋපාධ යන නම අස් කොට ධම්මක්ඛන්ධ යන අන්වර්ථප නාමය ඔහුට කළහ. එවක් පටන් හ් නවකයාණෝ මොරතොට ධම්මක්ඛන්ධ යන යථාථි නාමයෙන් පළ වූහ.


මෙසේ මහත් ඖදාර්යයෙන් මොරාතොට හිමියන් ඇරැඹී භික්ෂු ජීවිතය තමන්ටත්; සම්බුඬශාසනයටත්, සාධාරණ ලොකයටත් හැමතින් ම හිත වැඩ පිණිස වියැ. මහත් ආශාවෙන් ධර්මශාස්ත්රුය උගත් එ තුමනට සුදුසු කාලයේ මල්වතු පාර්ශ්වයේ දෙවැනි නායක පදවිය ලැබිණි. එ මැ පදවිය කරවන කාලයේ ‍‍ලෙමාතරතොට හිමියන් පිළිබඳ වැ සාමාන්ය ලොකයා අතර පතළ කීර්තිය සමකාලීන ලෙඛකයකු වූ ආයිත්තාලියද්දේ මුහන්දිරම් රාලගේ සංඝරාජ සාධු චරිතයෙහි එන මේ පාඨයෙන් දැක්වේ.


"එසේ ම මොරතොට ධම්මක්ඛන්ධ අනුනායක ස්ථවිර උන්නාන්සේ ද කම්මවාචා කීමෙන් උපාධ්ය් වීමෙන් බොහෝ දෙනා වහන්සේ උපසම්පදා කිරීමෙන්, තුන් පිටකයෙහි පොත් ලියවමින් බලමින්, පාඩම් කළාක් මෙන් ඇහු-බැලු තැන් තෝරා තත් වූ පරිදදෙන් අර්ථි කථනය කිරීමෙන්, දික්සහි මැදුම්සඟි ආදී ශ්රීො මුඛ පාලි හා අටුවා කතා ආදියෙන් රාජ රාජ මහාමාත්යය නායක අනුනායක ආදී මහ සඟ සහිත සභා මධ්යආයෙහි විවිධ විශේෂ විචිත්රාීර්ථු ප්ර කාශක වූ ධර්මී කථනයෙන් සාධු ජන මනොනන්ඳය කිරීමෙන්, ශිෂ්යි ගණයා බොහෝ කොට ලිම කීම් ශබ්දශාස්ත්රූ උගැන්වීමෙන්, අභිනව ගාථා අෂ්ටක ආදී ප්රවබන්ධ-ක්රිොයාවෙහි සමර්ථාකර වූ, ආර්ය වංශ-සූත්රථ යන්නය කළ බැමිණිවත්තේ උන්වහන්සේ ඇතුළු වූ බොහෝ ශිෂ්යහ වහන්සේ ලා සමර්ථම කරවීමෙන්, අවවාදානුශාසනා කිරීමෙන් හික්මවා රාජකරුණාවෙන් ග්රායමක්කෂේත්ර් පරිවාර සහිත වැ කරවා ලැබුණු ගංගාරාම විහාරයෙහි නිවුල්හැල්ලේ ධම්මදින්න උන්වහන්සේ ඇතුළු වූ කීප නමක් ද දෙගල්දොරුවේ මහා විහාරයෙහි දුනුවිල සීලවංස උන්නාන්සේ ඇතුළු වූ කීප දෙනෙකුන් වහන්සේ පොරොත්තු කරවා ‍සොඳින් මෙකී ස්ථානවල පූජාවිධීන් පවත්වමින්, ධර්මතවිනය ආදී බණ දහම් උගනිමින් සොඳින් කල් යවන සේ සලස්වා, ධර්මවධර විනයධර බහුශ්රැරත ගුණ නුවණ ලැබූ විලාසානුගත වැ, ආත්මාර්ර්ථව පරාර්ථි සෑදීමෙන් නායක අනුනායක හැම දෙනා වහන්සේ කෙරෙහි ම සාමග්රීුභාව වඩා මල්වත්තේ විහාරයෙහි පොරොත්තුවැ හොඳින් කල් යවනවා ය."


මේ මුහන්දිරම් රාල කියන සේ "හැම දෙනා වහන්සේ කෙරෙහි මැ සාමග්රී්භාව වඩා මල්වත්තේ විහාරයේ පො‍ෙරාත්තු ව හොඳින් කල් යවන" - ‍මේ දෙවැනි නායක හිමියනට දරමිටිගල ධම්මරක්ඛිත මහාස්ථවිරයාණන් වහන්සේ ගේ ඇවෑමෙන්, කිතුණු වසින් 1787 දී ස්වකීය පාර්ශ්වයේ මහා නායක පදවිය ද ලැබිණි. ඒ මහා පදවිය පුරා සූවිසි හවුරැද්දක් ශාසනයා ගේ ශුභ සිද්ධිය ස හා නිර්භීත වැ මෙහෙයවා 1811 දී ඒ සත්කීර්තිමත් මහානායක මහා ස්ථවිරයාණෝ සංස්කාර ධර්මනයන් ගේ අනිත්යපතාවය දක්වන්නට මෙන් ස්වර්ගස්ථ වූහ. කියැවේ මැ නො එ පවත කලහේ ගුණරත්න හිමියන් කළ සිරි සිදුහත් සුමඟුල් වතෙහි -


සුර ගුරු ලෙස සිරි ලක පළ වී සිඳු තෙර දුටු මොනව ට නර විරු ගුරු මොරතොට දම්මක්කන්ද බිදන් තෙරිඳු ට පිවි තුරු මහ නායක පදවිය පත්කැර රකින කල ට ගොරමරු මුව අවර ගිරට පත් වියැ තිලකුණු පළ කො ට

කි තුනු වසින් 1780 සිට 1798 දක්වා රජය

2. රාජාධි රාජසිංහ විතාළ රාජාධි රාජසිංහ රජ්ජුරුවෝ මොර- රජු හා පැවති තොට මහිම‍යන්ගේ ගෝළයෙක් වූහ. ඒ සම්බන්ධත්වය. හිමියන් වෙතින් ධර්මිශාස්ත්ර.ය හදාළ රජතුමන් විශේෂයෙන් දීඝනිකාය, උපාසක ජනාලංකාරය, මිළින්දප්රයශ්නය හා මහාවංශය මොරතොට හිමියන් ගෙන් අසා දැන ගත් බව දෙගල්දොරු සන්නසේ සඳහන් වේ. රජුනට ගුරු වූ හෙයින් අප හිමියනට රාජ ගුරු යන රාජදත්ත විරුද නාමය ද විණි. අප හිමියනට ඒ රජුන් දැක් වූ ආදර බුහුමනට ඒ සන්නස ප්රදමාණ මැයි.


දවිඩ ජාතිකයෙක් වූ රජුහු බුද්ධ ධර්මයත් ශබ්දශාස්ත්රවයත් උගෙන නිකම් ම නොයිඳ කිවිකම්හි ද සිය හැකියාව දක්වන්නට යැතූ හ. අසදිසි ජාතකය ගෙන එය සිංහල කාව්යයයට නැගූහ. ඒ කව කළේ මෙ හිමියන් ගේ ඇරියුමිනි. එහි ද ගුණවත් රජුහු සිය ගුරු හිමියන්ගේ වත ගොත ගුණ පණ මහ ඉහළින් වනති. මෙන්න ඒ උදාර වර්ණුනය -

එ වෙහෙරඹර සොඳ නොයෙක් සහ පෙළ තුරු මැද සදිරි සපිරි සඳ වි ලෙද නමැති යතිදෙක් වී යැ දම් කඳ

එ යතිඳු ගෙ පර පුර දැනෙනා විලස අම කර පවසමි යැ කව් කර අසවු සතොසින් සතුනි පැණසර

ලකැ පත් රජකමට බුවනෙකබාහු නිරිඳුට දිගා සිරි වැඩුමට පොරණ ආ දඹදිවින් මෙ ලකට

බමුණු නව දෙන හට කන්ද උඩ ගම් නව යට සන්නස් නියම කොට දෙවු සව් සිරි වෙනත් තිර කොට

සිටි ඔවුන් අතුරෙන බාල කෘෂ්ණා යැ යි යන නැමැති බමුණා ගෙන පැවැති ආ පරපුරෙකි සසොබන

එ විප් කුල මිණිවැළ නායක මිණෙව් පැහැදුළ සව් සත පැමිණි කෙළ වෙසේ මොරතොට යතිඳු මනකළ

දෙසූ අප පසකය නො හැර ‍දැන තුන් පිටකය කියනට නො වැ සැකය මෙ යති මැ යැ දැන් පසිදු තිලකය

හෙළු මගද සකු බස දැන ගෙන යෙහෙන් මුල් පිස දෙරණ පත් අට ඇස විලස මේ යති පසිදු දිය කුස


මේ අප යතින්දේ කොමළ කර අරවින්දේ තිලින මකරන්දේ රැගෙන තුටු වෙති කිවි අලින්දේ

මෙ යති මුව නො කිලිටි වැඩ නැති බසෙක් නො දැවැටී දෙසු අප පස දිටි දහම් සියලු මැ දිවග මැ යි සිටි

තෙවළා දම් කිරණ අලළ මින් නැණ මතයෙන ගැඹුරරුත් අම ගෙන සතට දෙති මේ යතිඳු හැම දින

ගැඹර'රුත් තරහින මුනි දම් සයුර සසොබන මෙ යති නැණ වෙරළින ඉක්ම පැනැ යනු නො හැකි වෙසෙසින

මෙ යති ඳුගෙ නැණැ' සට පෙනෙණ කටයුතු විල සට මිසක් දිව ඇසකට නො දිසි වේ වෙන මෙ ලෝ සත හට

මෙ ලක පඬි වරු සැම ඇවිත් මේ යති වෙතට ම ඇසු ගැඹුර' රුත් තම උගන්වති කරැඹුලෙක විලස ම

මෙ යති සිත කුලුණින දෙවානගි වත් නො පමණ මුනි රැ බඳවමින කරවි අපමණ වෙහෙර බැතියෙන


මුනි දළදා හිමිට පිදු දෙය මෙ යති විට විට කියනට නියම කොට වේය පොහොසත් අනත මඳකට

සහනට සිතු පැහැද දෙවන පිරි කර හැම සඳ කියත හොත් ඇති ලෙද දහස් මුව තව ලදත් මට මද

සඟන හට අඩ දඩ කැර අවවාද නො වැ කඩ සිත තුබු දුසිරි මැඩ මෙ යති මැ යැ ලක සසුන් කෙළෙ වැඩ

දෙවමින් අනගි වත් ලියවා නොයෙක් බණ පොත් සඟන හට පැණවත් දෙවති මඳකුත් නොවී ලොබ සිත්

මෙ යතිඳු ගෙ ගුණ රැස නොලස වනතොත් ඇති ලෙස නත ගුරුගුරු මැ මිස කවුරු පොහොසත් වෙද්ද දිය කුස

රාජාධිරාජසිංහ රජුන් ගේ මේ ගුරු වර්ණ නය ද, ඔවුන් තමන් හට ගුරු වූ මොරතොට හිමියන් වෙත තුබුණු ඉමහත් ගෞරවය හා ආදරය මැනැවින් මැ දක්වයි.

මොරතොට මා හිමියනට බලවත් සතුරන් වූ බව පෙනේ. ඒ බව අපි කලිනිදු පැවැසීමු. එයට ප්රරධාන හේතුව රජුන් මාහිමියන් වෙත දැක් වූ අතිශය කරුණාව මැ විය හැකි. එ කෙසේ වතුදු රජුන් ගේ සිත මාහිමියන් කෙරෙන් බිඳුවන්නට කෙනකු කළ තැනක් දක්වන එක්තරා රසවත් පවතක් ජනප්රේවාදයේ එයි.

එක් දවසක් කෙනෙක් මොරතොට මා හිමියන් ගේ ශීලය පිළිබඳ ප්රිලාපයක් රජුට කීහ. එ අදහන්නට නොකැමැති වුව ද, හෝදිසි කැර බලන්නට සිතා රජුහු පන්සලට ගොස් රන් වළල්ලෙන් ලියක ගෙ මෙන් සැරැසූ සිය අත හිමියන් සැතපෙන යහන් ග‍ෙබ් කව්ළුවෙන් ගෙතුළට ලූවෝ ල. අත දුටු හැටියේ මා එ හඳුනා ගත් මා හිමියෝ -

ළකල මුව තඹර සියො ගත සියුමැලියේ අසල ක නම් නිතර දැකුමට සිතු ඇලියේ ඇසළ මස දිටිමි යනවා දිය කෙළියේ සකල සිරි ලකට අග රජ නුඹ ද ලියේ

යි කීහු ල. එවිට හිමියන් කෙරෙහි පැහැදුණු රජුහු.

අමර ගුරු හරණ සත් දත් පිනාවන් විතර නො වන ගුණ නැණ සපිරිනාවන් පතර නමැති මොරතොට යති මනාවන් සසර වසන තුරු මට වාසනාවන් යි පිළිවදන් දුන් හ ල!

මොරතොට මාහිමියන් ගෙන් කැරුණු ශ්රෙිෂ්ඨ 3. භික්ෂු සමාජ තම ලොක සඬ්ග්රරහය නම් තක්කාල භික්ෂු සංශෝදනය සමාජය සංශාධනය කිරීම යි. වැලිවිට සිරි

                                        සරණංකර සඟරජුහු, කිතුනු වසින් 1753 වැනි 

හවුරුද්දේ, මෑත භාගයේ සියම් මහා නිකා‍ය යන නමින් පළට ගිය, සුපෙශල ශික්ෂාකාමී භික්ෂු සංහතිය පිහිටුවා මේ ධර්ම වීපයේ එ තෙක් පිරිහි ගිය බුඬශාසනය පුන නඟා සිටැවූහ. එක ලැ ශික්ෂාගරැක භික්ෂුහු විරල වූහ. සසුන සතු විහාරාදියට උරුමය කියා එයින් උපන් ලෞකික ධනය පැහැර ගත්තෝ නිසි ලෙස සිවුරවත් අඳින්නට නොදත් ශ්රනමණ ප්රයතිරූපක පාෂාණ්ඩ පිරිසෙකි. ඔවුන් ගේ සැටි මේ මුංකොටුවේ රාල මැ සිය සඟරජවතෙහි මෙසේ පවසත්

පැවදි වී එ කලට සිටිනා එ මඟ පිරිසට ඉසුරු වි ගණ දෙට සිටින අය ගෙන් පුරුදු නුවණට


සිතුණු දහමෙක ගති කුල දරුවනට සැදැහැති මහණ දම් නො වටිති කියා උන් වෙත පැවිදි වළකති

තෙරුවන් දියුණු වෙන ලෙස නැණැත්තන් පෙර දින පිදු ගම්වල වසන අයට මැයි පරවෙණිය කියමින

උන් ගෙන් පැවැත එන දරුවන් පැවිදි කැර ගෙන බැහැරින් පැවිදි ‍ වන අයට අවසර නොදී ඉඳ ගෙන

දහම් ලෙස නො හැසිර

	කුල දුසන මැ කැර 	කැර 

බණ නො උගෙන පවර නැකත් වෙදකම් පුරුදු කැර කැර

එයින් ලොව සිත් ගෙන වස්තුව උපදවා ගෙන අඹු දරුවන් රකින පමණ මයි උන් පුරන සිල් ගුණ

කෙසර සම් පොරවන මහලු වඳුරන් විලසින රහත් දද ඇඳ ගෙන චාටු තපසින් සසුන් කෙලසන

සැදැහැත්තන් පුදන නොයෙක් පූජා ලබමින නෑයන්ට බෙදමින නිමල සස්නේ කසළ තවරන


නියම පා හරිමින විසිතුරු පිඟන් ගනිමින පිඬු සිඟුම් හරිමින මහණ අඟනුන් ලවා පිසැ කන

පෙර බුදුන් හැසුරුණ මඟට සරදම් කරමින ගිහි ඇමැතියන් මෙන මහත් අබිමානයෙන් කල් යන

හෙරණ සඟ ගණ නෙක කටයුතු තබා අනෙකෙක හැසිරෙමින් නො වැ සැක සස්න නටබුන් කරති සිරි ලක

එ දවැස 'ගිණින්නාන්සේලා' යන නමින් හැඳින් වුණු ඒ පාෂාණ්ඩයන්ගේ දුර්ගුණ මෙහි මේ පැවැසුණේ ඉතා කෙටියෙනි. ඒ කෙසේ වෙතත් වැලිවිට මාහිමියන්‍ මහත් පරිශ්රිමයෙන් එ දවස ලක් රජය විතාළ කීර්ති ශ්රීි රාජසිංහ නරදෙවයන් ගේ මාර්ගයෙන් සියමින් භින්ෂුන් මොබට ගෙන්වා ගෙන එකලැ මෙහි නො තුබුණු මහණ උපසම්පදාව යළිත් මෙහි පිහිටුවා ලූ සැටි සඟරජවතට අප ලියූ ප්රෙස්ථාවනාවෙහි සවිතරින් එයි. ඒ දැනගනු කැමැත්තෝ එ කියවත්වා.

මොරතොට හිමියනට මහපදවිය ලැබුණේ වැලිවිට මාහිමියන් කළ ඒ උදාර ශාසන සඬ්ග්රයහටයන් පන් තිස් අවුරුද්දෙකැ අවෑමෙවි. එවකට සගරජුන් අපවත් වි ද නව අවුරුද්දෙකි. මේ සුළු කාල පරිච්ඡේදය තුළ යළිත් භික්ෂු සමාජය පිරිහෙන්නට පටන් ගෙන තිබිණි. එදා භික්ෂුන් ගේ තත්ත්වය මොරතොට වතේ මෙසේ සැඳැහේ-

නිරුත් විවසුන් යන සුසිරි පිළිවෙත හැසිරෙන මහ සඟනට පොරණ සැදැහැ ඇත්තන් කුසල් දැන ගෙන


පිදු ගම් නිසි කොට වැඩ‍ කොළෝ අද ඔතුවට පසු ක‍ලක් ගිය විට උන් ගෙ දරුවන් පැවිදි කර ‍ සිට

උන්ට බල ඇරැ ගෙන උන්ම පරවෙණි කැර ගෙන උන් මිස ලොවින් වෙන පැවිදි වෙන්නට නොදි ඉඳ ගෙන

හිරි ඔතප් හැරැ සිර විනය පෙළ බණ නැති කැර දුසිරිත් මැ කැර කැර තිබෙන සඳ මෙහි මෙසේ බැව හර

විහාරගම්වලැ අඳ ඔතුවට වැඩ කළ ගොවියන් එහි අස්වැන්න ආදිය සම්පූර්ණයෙන් තමනට අයැති කැර ගන්නට යෙදූ එක්තරා කූට ප්රඅයොගයෙකි මෙහි කිවියා හෙළි කරන්නේ.

තමන් වහන්සේට මහ පදවිය ලැබුණු සැටියේ ම මෙ වැනි නො පණත් කම් මඩිනු සඳහා යළිත් ශාසන ශුඬ්යක් කරන්නට කල් පැමිණි බව දත් මොරතොට මාහිමි පාණෝ, අස්ගිරි පාර්ශ්වයේ තත්කාල මහානායක තැන්පත් ඉඳවලුගොඩ සිරි ධම්මපාල මාහිමි පාණන් හා සාකච්ඡා කොටැ, එකල ලක් රජය විතාළ රාජාධිරාජසිංහ නරදෙවයන් ගේ ද උපකාරයෙන් උභය විහාරයේ භික්ෂුන් වහන්සේ මඟුල් මඬුවට රැස් කරවා, එදා වැලිවිට සඟරජුන් ගේ අවවාදයෙන් පණවන ලද මහා කතිකාවතට සුළු කතිකාවතක් උපන්යපස්ති කොට රජුන් ලවා පැණැවූහ. රාජාධිරාජසිංහ කතිකාවත යන නමින් හැඳින්වෙන මේ කුඩා කතිකාවතේ කතෘවරයා අප ගේ ‍මේ මාහිමිපාණෝ යැ. මේ උදාරතර ශාසන සඬ්ග්රඩහය කළේ කිතුනු වසින් 1787 දී යැ. එහි එන අණපණත් සකස් කිරීමට උන්වහන්සේට උපකාර කළෝ ඉඳවලුගොඩ මාහිමිපාණෝ යැ. මොරතොට හිමියන් ගේ මේ අනූපම කෘතිය මෙහි අන් තැනෙක අපි පළ කරමු.


මෙහි එන - ‍ දෙවිඳු බණ දන්නා ‍ නොකීකරැවන් පන්නා බණ දහම් දන්නා සඟුන් හට ගම්බිම් සමන්නා

මෙ කී පස බුදිමින දහම් වණ පොත් කැර ගෙන සසුන් වැඩ කැර ගෙන වසන ලෙස කැප කළා පණතින

යනුවෙන් කතිකාවතෙහි එන පණත් තමන්ගේ පසෙහි භක්ෂුන් කෙරෙහි ක්රි යාවෙහි යෙදැවීමේ බලය අප මහා නායක හිමියන්ට පැවැරුණු බව කියැවේ.

උපොසථාරාමයෙහි කීර්ති ශ්රීය රාජසිංහ රජු 4. විහාරාරාම විසින් 1753 දී කරවන ලද පොහො ගෙය

  කරණය 	දිරා පත් වන්නට ගොස් තිබිණි. ශාසනිසථතිය
                              සඳහා 	විහාරාරාම කරණයෙහි නියුක්ත මොර‍තොට මාහිමියන් ගේ පළමු වැනි කාර්යය වූයේ තද් උපෞෂථාගාරයා ගේ ප්රහතිසංස්කරණයයි. ඒ සත්කෘතිය- 

නිරිඳුට සැලකරවා වරම් ගෙන සිව් දිගුපති මැතියන් ඇනවා දිගු වැසියන් කැඳවා දිරා ගිය මල්වත්තේ ‍ෙපා ගෙය බිඳුවා නො විතර ගල් අදවා මිනිස් පමණක් උස් කුමුදාසන බඳවා සිව් බිම ගල් ‍බඳවා සතර දිග වාසල් දොර සතරක් සඳවා


සිව් ජනෙලක් සදවා ඇතුළ දෙ පසේ ගල් ටැම් සොළොසක් ස ද වා දැව ගෝනැස අදවා සොයා උළු ‍මුඳුනේ කොත් යුවලක් ස ද වා පස් මහලට බෙදවා ‍ ගෙබේ උඩු වියන් කසව් පේසම බ ඳ වා විසිතුරු තිර අඳවා අවට බිතු නානා විසිතුරු සළු බ ඳ වා

නෙක විසිතුරු කරවා වියන් යට තුනක් ගෙබද බණ සුන් ප න වා අසුන් නුදුරු කරවා පහන් සැදි ඉටි මල් රක් යුවළක් ස ද වා වැල වරකා උපදවා තොරණවල කදලි තැඹිලි වලු මල් පු ර වා බඹ විමනක් අඳවා තැබීමෙන් පොහො ගේ විසිතුරු කැර නි ම වා

යනුවෙන් මේ කවෙහි සවිස්තර වැ කියැවේ. මේ සත්කෘතිය වෙසෙසි තැනක් ගනිතත් මොරතොට හිමියන් ගේ ඉහළ මැ කෘතිය දෙගල් දොරුවේ අලුතින් කැරුවූ මහා විහාරයයි. එහි ගල් ලෙන බිඳුවා එය පිළිම බිතු සිතියම් ආදියෙන් සජ්ජිත කොට අමුතුවෙන් විහාරයක් කරවූහ. මේ කර්මින්තය 1771 දී නිමැවුණු වග එහි සන්නසෙහි සඳහන් වේ. මේ කෘත්යබය -

දෙගල් දොරව යැ යන වෙහෙර නවකම් කරවන පිරිසිදු අදහසින රජුට දන්වා වරම් ලැබ ගෙන

වැඩ හිඳින පිළිමෙක හොවී සැතැපෙන පිළිමෙක සත් රියන් මේ දෙක පුරුස පමණක් සිටී පිළිම දෙක


නොයෙක් තැත කැරලා අමුතුයවන් ලෙන බිඳලා පිළිමවල් ‍ බැඳලා නිමා විසිතුරුවලින් සකලා

මහ තෙරිඳු මොරතොට වැඩ කරපු සිත්තරුනට බොහෝ ‍ෙද් වැය කොට නෙත් තබා සැම කරුම නිම කොට-

යනාදීන් සැදෑහේ. මේ ආශ්චර්යමත් විහාරයේ කර්ම්මාන්ත ශිල්ප ශාස්ත්රහයෙහි පාරප්රා ප්ත පවිත්රස ගොත්රත ඇති ශිල්පීන් සතර දෙනෙකු විසින් මොරතොට හිමියන් ගේ ධමර්‍ාශාසනා පරදි කරනු ලැබිණි. එහි කර්මා්ධ්යනක්ෂ වූයේ නිලගම පටබැන්දා නැමැති සුප්රරසිද්ඬි ශිල්පියා යැ; වැලිවිට මාහිමියන් ගේ පුරාණ වැලිවිට සිල්වත් සමාග‍මයේ හෙරණ පැවිද්ද ලත් ශිල්පියෙක් ද විණි. දෙවරගම්පොළ ශිල්ප කුල‍යෙක උපන් ඔහු විසිනි. දෙගල්දොරුවේ බිතුසිතුවම් අඳිනු ලැබුණේ දෙවරගම්පොල සිල්වත්තැන නමින් එකල සුපතළ නමක් තුබුනු මේ ශ්රා මණෙර ශිල්පියාගේ චිත්රු අදත් ලාඬ්කෙය චිත්රන කලාවේ ගන්නේ විශේෂ ස්ථානයෙකි. මේ ශිල්පීන් හැමට මැ මහරජු ගෙන් ගම් බිම් ආදී වරප්ර සාද ලැබිණි. ඒ ගම් බිමි අදත් ඔවුන්ගේ පරම්පරාවල අය භුක්ති විඳිති. තමන් වහන්සේට මෙහෙ කළවුනට සුදුසු ආධාරොපකාර හා ආදර සත්කාර සුදුසු තැනින් ලබවා දීම අප මාහිමියන් අත පසු නොකළ බවට මේ අගනා සාක්ෂියෙකි.

මොරතොට මා හිමියන් වෙතින් ධර්මවශාස්ත්රාෙ 5. ජාත්රි ගණය උගත් ගිහි පැවිදි උතුමෝ බොහෝ ‍වූහ. ගිහි ගෝලයන් කෙරෙන් රාජාධිරාජසිංහ මහ රජ්ජු‍රුවෝ අග්රඋගණ්යල වූහ. ‍ දෙගල්දොරු විහාරයේ අධිපති වැ වැඩ විසූ දුනුමාලේ හෙවත් දුනුවිල සීලවංශ මහ තෙරණුවෝ පැවිදි ගෝලයන් කෙරෙන් අග්ර ගණ්යේ වූහ.


මොර තොට දහම් කඳ නායක රාජගුරු තෙ රි ඳු ට අතවැසි ව උන් සුවච කීරරු නිම කො ට වෑකරණ එළු පාළියෙහි සුරු දි ය ත ට පතළ දුනුමාලේ තෙරිඳු ගරු

වාදක නැණ අරණ නැණ'සින් සිඳ හරන ලෝසැක හැර කුසල් පල හඟවා කියන මේ ලක පසිඳු දුනුමාලේ යති සොබන නා ය ක තෙරිඳු ගේ මුල් අතවැසි රුවන

ක ල් නොයවා තුරුණු විය ගිහිගෙයි බාලේ ලොල් කැර පැවිදි බව ලබැ සසරට කෝලේ ඇ ල් මෙන් රකින ලද නිති පිරිසිදු සීලේ මු ල් අතවැසි රුවන යති සඳ දුනුමාලේ

දු නු ලීලේ විමසා වෙත පිහිටි ගුණ තුනු ආලේ සැරසීමෙහි සිත් නො වන අනු කැලේ අතවැසි‍යන් හසුරු ‍ වන දු නු මාලේ යති සොඳ අතවැසි රුවන

යම් තම් වත් නො ළංවා දුසිරිතේ සිතු සන් සුන් බැවින් දැන ගෙන සුසිරි කටයුතු ගම් බිම් හා දෙ‍ගල්දොරු වෙහෙර බලගතු මන් මෙන් බාර දුන් කරුණෙන් ම දතයුතු-

යි පැදි පසෙකින් ඒ හිමියන් ගේ ගුණ මේ කවේ සඳහන් වේ. මේ දුනු මාලේ හිමියන් ඇරැ මොරතොට හිමියන් ගේ ගෝලයන් නව විසි දෙනෙකුගේ නම් අපි දනුමු.

බැමිනිවත්ත නිවුල්හැල්ල දුල්ලෑව රත්තාගල වෙලගම මොරවක



30 ‍මොරතොටවත

වහරක මකුළුදොළ කුඩා මොරතොට දැදිගම කට්ටිමහණ ළිණියකඩුව ගිනිගත්පිටිය ඉසිපිටිය වරදමනය කහවත්ත ගොඩි‍ගොමුව කුඩා මකුළුදොළ ගෝනාගල උඩයාල දෙහිකුඹුර බෝපිටිය

යන ග්රා මනාමයන් ගෙන් හඳුන්වනු ලැබෙන මෙ තුමන් ගෙන් මුල් දෙනම හැර සෙසු විසි නම මේ කවෙහි සඳහන් වේ. මුල් දෙනම‍ සඳහන් වනුයේ සංඝරාජ සාධුවරියාවෙහි යැ. මේ හිමියන් කෙරෙන් මෙහි වෙසෙසි වැනුමකට ලක්වන කුඩා මොරතොට හිමයෝ පරණතාල යන නමිනුදු පතළ වූහ. එ තුමනට වූ හදියයට පැවැසිණි.

දානාදී පින් කම්හි දූ එ දවසැ විසූ භික්ෂුහු නිරත වූහ. වැලිවිට මාහිමියන් අසදිස දනක් සඟරජවතෙහි වෙසෙ 6 පුණ්යි කර්මත සින් වැනේ. තිරිසන් සතුන් උදෙසා මාහිමියන් දෙන්නට යැතු දනෙක විත්තිය ජනකථාලෝකයට ගිය සේයැ. අපගේ මොරතොට මාහිමියෝ ද චීවරපාත්රායදී පිරිකර නොයෙක් වර මහා සංඝයා වහන්සේට පූජා කළහ. උපොෂථාගාරයේ කර්මාකන්තයන් නිමවා, අනතුරු වෑ කැරැ වූ පින්කම-


සියක් නමක් කැඳවා මහත් බැතිපෙමින් අසුන්වල වැඩ හිඳුවා මසක් නොකඩ කරවා පිරිත් බණ තුනක් එහි ම පිට පිට කියවා නොයෙක් ලෙසින් රසවා සූප වැංජනයෙන් දන් වැටකුත් තබවා තුනක් පිරිත් නිමවා පසුත් එහි රෑ බණවල් සතරක් කියවා

පොරෝවලින් සියයක් උදලු සියයක් කඩ කැති සියයක් කිල්ලෝටා සියයක් ගිරා සියයක් දංඩාසනයන් සියයක් දැහැත් පයි ම සියයක් කතුරු සියයක් පිඟාන් කුසලාන් සියයක් සැරයටි දඬු සියයක් කොට්ට සියයක් විසිතුරු වීජිනි සියයක්

කලල් පැදුරු සියයක් ඇතිරිලි යුත් මුට්ටු තල පත් සියයක් ලෙංසු හාර සියයක් මේ කි දේ ඇර'ට පිරිකර සියයක් පන්සිය පණස් පහක් අදික දොළොස් දහක් අගනා එකිනෙක් නායක තෙරිඳු උදක් පිදුවා වැය කැර ම මෙතරම් මුදලක්

අපා මඟට සුසිරි නමැති විස කටු ඇති අකුල් ලන්ට විපාක උපනුපන් යසස දියුණු දියුණ පළ කරන්නට උපාය දන්නා නායක යති සඳ පර ලෝ දිනන්නට යපා පණසකුත් පිදුවා අමුතු පැමිණ සඟවරුන්ට


අගපත් නායක තනතුරු ලත් දම්කඳ මහ තෙරුන්ට සැරියුත් අනුබුදු හිමි මෙන් සසුනෙක නැණ සයුරු වන්ට පුහු පොත් ගෙඩි පන්හිත් සතළොසක් පමණ පිරිමැසෙන්ට දසසත් නමකට පිදුවා සිත් සේ බණ ලියා ගන්ට

සතක් විලස මුළු ලෝ අස- රණ සතහට සරණ වන්ට පොතක් සේ මැ රුසිරෙන් දහ- සක් සක්වළ එළි කරන්නට දිගත් පතළ කැර යස තෙද අණ සක ලොව වට කරන්ට කුඩත් සතළොසක් පිදුවා එ තැනට පත් සඟවරුන්ට-

යනුයෙන් මහ ඉහළින් සවිතරින් වර්ණරනය කැරේ.

මොරතොට මාහිමියන් කළ පින් කම් කෙරෙන් මේ පොහෝ ගෙය ගෙවැදීමේ පින්කම් ගන්නේ වෙසෙසි තැනෙකි. එහෙත් අප මාහිමියන් ලොවට ආමිෂ දානයෙන් පමණක් සංග්රෙහ කැර සැනැසුණේ නැති; ධර්මොදානයෙනුදු එතුමෝ සංග්ර හ කළහ. තමන් වහන්සේ කළ ධර්මගදේශනා ගණන එක සිය දෙකකි. ශාසන ශ්රීම භාරය දැරූ මහොත්තම මේ මොරතොට මහා ස්වාමීන් ගේ උදාර චරිතය සදාකල්හි ම ගණ දෙටු මහතෙරුන්වහන්සේ හැමට ම ආදර්ශදයක් වේවා!