මේ සංස්කරණය ගැන. . . . . .

‍ කෝට්ටේ සයවැනි පරාක්ර.මබාහුගේ රාජ්යොරදය සමයට අයත් සේ ගැණෙන ගිරා සන්දේශය සිංහල සම්භාව්ය සන්දේශාවලි එක් සුවිශේෂ ‍ස්ථානයක් හිමි කර ගත්තකි. ගිරා සන්දේශය යැවෙනුයේ ශ්රීය ජයවර්ධනපුර පිරිවෙනක සිට තොටගමුවේ විජයබා පිරිවෙන වෙතය; එහි වැඩ විසූ සිරි රහල් මාහිමියන් වෙතය. එයින් කියවෙනුයේ සවැනි පැරකුම්බා රජුත්, ලක්දිවත් නිරන්තරයෙන් රැක ගන්නා සේද බුදුන් වහන්සේ තෙවරක්ම වැඩම කොට සස්න පිහිටුවන ලෙස කටයුතු කර ඇති බැවින් සිරි ලක බුදු සසුනද පන්දහසක් කල් රැක දෙන සේද දන්වමින් නාථ දෙවියන් අයදින ලෙස සිරි ‘රහල් හිමියන්ගෙන් කෙරෙන ඉල්ලීමකි.(250-252 කවි)

ගිරා සන්දේශයේ කතුවරයා කවරෙක්දැයි ස්ථිර වසයෙන්ම පැවසිය නොහැකිය. ඇතැමෙක් මෙය වෑත්තෑවේ හිමියන්ගේ කෘතියක් සේ සලකති. එහෙත් එය සහේතුක හෝ නිරවද්යය නිගමනයක් සේ ගිණිය නොහැකිය. දෙදෙනාගේ ශෛලීන් අතර වෙනසක් පැහැදිලිව පෙනෙන හෙයිනි. කෙසේ වුවද, මෙය පද්යීකරණයෙහි ලා මනා කුශලතාවකින් හෙබි, තොටගමුවේ සිරි රහල් මාහිමියන්ට හිතැති භික්ෂු නමකගේ කෘතියක් බව කිව හැකිය. ගිරවා තමා වෙසෙන වෙහෙරෙහි සිට පිටත් කර හැරීමත්, සිය අස්න සිරි රහල් හිමියන් මගින් නාථ දෙවියන්ට සැළ කරවීමත් මේ බවට සාධක සපයයි.

මෑතක සිට බාහිර උපාධි පරීක්ෂණය හා පිරිවෙන් විභාග සඳහා මෙම කෘතිය නිර්දිෂ්ටව ඇතද ශාස්ත්‍රාභිලාශින්ගේ අවශයතා පූරණය සඳහා සරි ලන සංස්කරණයක් දැනට සපයා ගත නොහැති බැවින් මුද්‍රිත සංස්කරණ කිහිපයක් සසඳමින් ප්රණශස්ත පෙළ හා නිරවද්යග කෙළෙමු. මෙහිදී අප විසින් ප්‍රධාන වශයෙන්ම පහත සඳහන් ගිරා සන්දේශ සංස්කරණ ආදේශ කෙරුණු බව කෘතඥතාපූර්වකව සඳහන් කරමු.

(1) ගිරා සන්දේශ විවරණය, කුමාරතුංග මුනිදාස, 5 වන මුද්ර ණය, 1953, කොළඹ

(2) ගිරා සන්දේශය, ආචාර්ය මකුළුදූවේ පියරතන හිමි, ප්රමථම මුද්රරණය 1948-දෙසැම්බර්, කොළඹ

(3) ගිරා සන්දේශය, රැ. තෙන්නකොන්, ප්රනථම මුද්රුණය, ශ්රී- ලංකා ප්ර කාශකයෝ, කොළඹ

(4) ගිරා සන්දේශය, ටී සුගතපාල

(5) Gira Sandesaya@ Ed: by N. D. Wijesekara, 1st Edition. 1949, Colombo

මෙම කෘතිය දර්ශනීය ලෙස මුද්ර ණය කළ ශීලා ප්රි න්ටින් ආයතනයට අපේ ස්තුතිය හිමි වේ.

කේ. ජී. ප්රේරමරත්න

කන්නිමහර, වතුරගම.

"https://si.wikibooks.org/w/index.php?title=මේ_සංස්කරණය_ගැන&oldid=11586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි