මුවදෙව් ‍දා විවරණය-විවරණය iv

127.

අන්වය : නරනිඳු සඳ සබ පියා, මුළු ‍නුවර පිනින් අද රත් උපුලින් සත් කෙරෙමින් මෙන් මුවදෙව් උයන් වැඩී.

පදාර්ථන : නරෙන්රොය ත්තම තෙමේ සභාව අත් හැරැ, සකල නගරය පිනින් තෙමුණු රත් උපුලින් ගගණ කෙරෙමින් මෙන් මඛාදෙව නම් උද්යාපනයට ගියේ යැ.

විස්තර : රජු තපසට යන බව ඇසූ සකල නගර වාසීහු කඳුළු හෙළමින් වලපින්නට වන් හ. ඔවුන් ගේ ඇස් රතු වියැ. කඳුළු හෙළන එ බඳු ඒ රතු ඇස් කරණ කෙටැ ගෙනැ මුළු නුවර පින්නෙන් තෙමුණු රත් උපුල් මලින් ගහණ වූවා වැන්නැ. නුවර ඒ තත්ත්වතයට පමුණුවමින් රජ තපස් කරන්නට ‘මුවදෙව්’ නම් උයනට ගියේ යැ.

ටිප්පණි :

1. මුවදෙව් උයන් - පුරාණ සන්නයෙහි ‘මුවදෙව් නරනිඳු සද උයන් වැඩි’ යි අන්වයය සැලැකිණ; ‘මඛාදෙව නම් නරෙන්ර් ස




-128] මුවදෙව් දා විවරණය 187

චන්ර්28 තෙමේ’ යි අරුත් ද පැවැසිණ. ‘එ දවස් මැ රාජ්ය්ය හැරැ ඍෂි ප්රේව්ර ජ්යාියෙන් පැවැදි වැ මඛාදෙව නම් අඹ උයනෙහි වෙසෙමින්’ යනු එළු ජාතක පාඨ යි.

2. පිනින ‘ද රතු ‘පුලින් - නෙතට සමාන වනුයේ නිල් උපුලී. ඇස් නිල් වැ සිටුනා තාක් ඒ යෙදෙයි. හැඞිමෙන් දැන් ඇස් රතු යැ. එ හෙයින් රත් උපුල් ගැනිණ. කඳුළු සලකා පිනින ‘ද යි කියැවිණි. ඉතා මුව දෙව් උයන් ගමන් වෑනුම්. මඛාදෙවොදාන ගමන වර්ණුනය මෙ සේ යැ. __________

128.

අන්වය : සුළඟ, බිගුන් අවල සුපුල් සල් තිහිය තනවා ලලා එ නරවරා රිසි අනු මඳ මඳ හමළ. පදාර්ථ  : මාරුතය තෙමේ, භෘඞගයන් ආකූල වූ ස්රඑපුෂ්පිත ශාල වෘක්ෂයන් සෙමෙන් කම්පිත කෙරෙමින් එ රජුහු ගේ අභිප්රාභයයට අනුවැ ඉතා මඳ මැ හැමී යැ.

	විස්තර :	මුවදෙව් රජ උයනෙහි තපස් කරණ කල්හි සුළඟ ඉතා මඳ කොටැ හැමි යැ. මඳ හෙයින් ශරීරයට ආයාසකර නො වී ය. ඒ සුළඟ මනාව පිපුණු සල් ගස් සෙමෙන් සොලවමින් ආයේ යැ, එ හෙයින් සුවඳවත් යැ; සල් ගස් ආශ්රලයයෙන් මඳ මැ ආ හෙයින් සිහිල් යැ. මෙ සේ ඒ සුළඟ රජු ගේ අභිප්රා යය ටඇනු වැ හැමී යැ.

ටිප්පණි:

1. රිසි ‘නු - සුළඟ තදින් හාමා ගස් හෙළා මහත් ශබ්ද ඇති කෙළේ වී නම්, සිත එකඟ කොටැ ගෙැනැ තපස් රැකීමට බාධා පැමිණෙයි. එ හෙයින් සුළඟ ද තපසට අන්තරාය නො කරන පිණිස මෙන් අතිමන්දා වැ හැමී යැ. මේ මාරුතය රාජයා ගේ අභිප්රාකයානුකූලවූ පරිදි යි.

2. නිහිය - මන්ර්ායාර්ථ.යෙහි අව්ය පදයෙකි.



188 මුවදෙව් දා විවරණය [129-

3. තනවා - ‘තන’ (නිනුම්හි - කම්පායෙහි) ධාතුයෙන් ‘වූ ප්රේයුක්ත පූර්වි ක්රි.යා නිපාත පද යි.

‘තන’ ධාතුව ‘බම ආදි ගණ උභය පදයි (පර පද) තනා - තනති - තිනි තිනූ, තුනූ (අත් පද) තෙනේකෙනෙති.

4. ලලා - ‘ල’ (ලීමෙහි) දයින් වූ පූර්වාක්රි්යා නිපාත පදය දෙරූ ගත් තැනි. පූර්වා ක්රි(යා නිපාත ය දෙ රූ ගත් විටැ මිශ්රර ක්රි යා නිපාර්ථිය දෙයි.

සිංහලයෙහි ඇතැම් ධාතුන් ගෙන් නිපදනා පදයෝ පූර්වූ ක්රි‍යා නිපාත පදයකට පර වැ යෙදෙන්නාහු අර්ථන රහිත වෙති. මෙ තැන එක් නිදර්ශානයෙකි. ‘ගත්’ පිය ‘දම’ යනාදි ධාතුහු ද මේ නයින් අර්ථ. රහිත පදයන් නිපදවත්. සිදත් සඟරායෙහි -


‘එක කතු කිරියනෙන් පෙර කිරියට ඇ ආ ඊ ඉන් ලා යුතු ද වියුතු ද - මුසු බැවැ මින් මින මනි ද’ ෴ යි

පූර්වක ක්රියයා නිපතා විෂයයෙහි අලා, අලා, ඊලා, ඉන්ලා යන මොවුන් ප්ර්ත්ය යයන් කොටැ දක්වන ලද නමුත්, ලා යනු කිසි සේත් ප්රරත්යනයෙක් හෝ ප්ර්ත්යංතශයෙක් හෝ නො වේ. ‍ ඇලා යනාදි තන්හි ලා යන පූර්ව් ක්රිහයා නිපාතය ප්ර්ත්යංයයට මැ ඇතුළත් කොටැ ලැ යළිත් -

‘මුදා ගනි කියා ලන්නේ, ඈ පෙර කිරි පසතින් වූ ගන , ල, පස ඈ දා වූ සේ’ ෴ යි.

ගනි මන්තෙහි ‘ගන්’ ධාතුව ද ලන්නේ යන්නෙහි ‘ල’ ධාතුව ද ප්ර්ත්යෙයාන්තයෙන් වූ ධාතුන් කොටැ දැක්වීමෙන් ආධුනිකයා මහත් මුළාවකට වැටෙයි. ගනි යනු ‘ගන්’ ධාතුයෙන් වූ ආඛයාතයෙක් බව ලන්නේ යනු ‘ල’ ධාතුයේන කෘදන්තය බව ද සලකා ගත් කැලැ මේ නිරවුල් වෙයි.

129.

අන්වය : ලොල් හස් පෙළ පුල් පියුම් මියුරු මී පුව දථ පෙර කල් සෙයින් කොමළ දිගු රැවු යුහු වැ නො ලු



-129] මුවදෙව් දා විවරණය

පදාර්ථ9 : (මියට) ලොහී වූ හංස පඞක්තිය පිපුණු නෙළුම් මල්හි මිහිරි වූ මී පානය කළ නමුදු , පූර්වි කාලයෙහි මෙන් කොමල වූ දීඝ්ර්ප‍ වූ රාවයන් නෙ පැවැත් වූ හ.

විස්තර : හංසයන් පුෂ්පය මධු පානය කළ කලැ මත් වැ නාද පවත්වනු සිරිති. එහෙත් මුවදෙව්රජ උයන්හි තපස් රකින කලැ පුෂ්ප මධුව ලොභයෙන් පානය කළා වූ ද හංසයෝ පෙරැ මෙන් රම්ය් වූ දීර්ඝ රාවයන් නො පැවැත්වූ හ. රජු ගේ තපසට බාධා වෙති යි යන ‍බියෙන් හංසයන් එ බඳු නාද නො කළා සේ මෙයින් හැඟැවිණ.

ටිප්පණි :

1. සුව - ‘පො’ (පීමෙහි) දයින් වූ අසම්භාව්යව කාදන්ත නිපාත යි. පො + - පූ + = පුව.

බෝ - බොති - පි - පූ - යන රුප නිපැදවූයේ මෙසේ යැ :- පො + ආ = (‘බ’ කාරාදෙශයෙන්) බො + ආ - (ස්වර පූර්ව රූපයෙන් ) බො + ඕ = (ස්වර්ණ( දීර්ඝෙයෙන්) බෝ. පො + ඇති - බො + ඇති = (පරස්වර ලොපයෙන් ) බොති. පො + ඊ = (ස්වර පර රූපයෙන්) පි + ඊ = [ස්වර්ණි දීර්ඝෙයෙන්] පී . පො + ඌ = පු + ඌ = පූ.

මේ තාක් මැ සිංහල ශබ්දිකයනට ‘පා’[පීමෙහි] ධාතුවක් අභිමත වූ නමුදු සිංහල ශබ්ද ශාස්ත්රල විෂයයෙහි ලා ඒ ඒ නො ගැනෙ යි. පාලි සංස්කෘත භාෂාවන්හි පනාර්ථශයෙහි ‘පා’ ධාතුවක් වු පමණින් මැ සිංහලයෙහි දූ ඒ එ සේ මැ යැ යි සිතීම මහත් භ්රාදන්තියෙකි. මෙහි ලා ධාතූව ‘ෂා’ යනු නම් එය කෙ සේ වරනැහේ දැ යි සැලැකියැ යුතු වෙයි. සුපරීක්ය්ෙහිකිරී වෑ බලන කලැ පෑමෙහි මිත් පීමෙහි නම් ‘පා’ ධාතුව නො යෙදෙන බව ප්රිත්යසක්ෂ‍ වේ.

සිංහල භාෂායෙහි පානාර්ථය ‘පා’ ධාතුව සිද්ධාන්තයක් කොටැ ගත් පතිරජපිරුවන්හු ද ‘බෝ’ යන ක්රිුයා රූපය ඒ ධාතුයෙන් සාධා ‍ගත නො හී කාර්යපය පිරිමසා ගැනිමට

‘වත්මන් ඉ ඕ ඒ ආ’ ෴ යි

වර්තවමානයෙහි ඕ ප්රරත්යමයයක් ද යෙදෙති යි කී හ. මේ තන්හි මුත් අන් එක ද තැනැකැ නො යෙදෙන්නා වූ මේ ‘ඕ’ ප්රකත්යියය



190 ම්වදෙව් දා විවරණය [129-

ගේ යොග්යා යොග්ය ත්ව-ය ගැනැ නො සලකා සිදත් සඟරායෙහි අන්යබ සූත්ර යන් හා මේ ඝටිත වේ දැ යි පිරික්සියැ යුතු.

‘පරා විසින් මෙහෙයන ලදහු කිරිය පියදුකිරය නම් -

මෙහි දයින් පර වැ ‘ව’ පස රු සි’ ෴

යනු සිදත් සඟරා පාඨ යි. මේ ක්රතමයෙන් ‘පා’ ධාතුයෙන් ප්ර්යුක්ත ක්රි යා රූපය සෑදු කලැ ඒ ‘පවා’ යි සිටියැ යුතු වේ. පනාර්ථ ධාතුයෙන් වූ ‘පොව’ යන රූපය විනා ‘පවා’යි රූපයෙක් සිංහල භාෂායෙහි නැති.

පොවා යනු පනාර්ථි ධාතුයෙන් වන ප්රභයුක්ත ක්රිැයා රුපය වේ නම් , ‘මෙහි දයින් පර වැ ‘ව’ පස ‘රුසී’ යනු යුක්ති යුක්ත ද වි නම්, ධාතුව ‘පො’ යනු විය යුතු යි. ප්රරයුක්තයෙහි දයින් පර වැ ‘ව’ පස ‘රුසි’ යි කියන ලද හෙයින් පොවා යන තත්හි ‘ව’ කාරය ප්ර්යුක්ත ප්ර ත්ය‘යය යි. මේ ප්රතයුක්ත ප්රරත්යිය හා යට ‘පර වු ක්රිතයා ප්ර’ත්ය යය ද අහක් කළ කලෑ ශෙෂ වනු‍යේ ‘පො’ යන ධාතුව යි. එ හෙයින් ‘මුළු ලෙව් ඔබ දහමොද ‘බො’ යනාදි තන්හි වන ‍ ‍ ‘බෝ’ ක්රියයා රූපයා ගේ ‘ඔ’ කාරය ප්ර ත්යරයයක් නො වැ ධාත්වනන්ත ස්වර දීර්ඝ‍ වීමෙන් නිපැයුණක් බව ප්රධත්යයක්ෂ‘ වේ. ධාතුව ‘පෝ’ යී ‘ඕ’ කාරාන්ත වුව ද ප්රීයුක්ත විෂයෙහි ‘පොවා’ යනු වියැ හැකි වේ. එහි දී ධාත්ව න්ත වූ දීඝර්‍ සවරයන් භ්රීස්ව වන හෙයින් ‘කා’ ධාතුයෙන් වන කවා යනුයෙන් ද ‘බා’ ධාතුයෙන් වන බවා යුනයෙන් ද ධාත්වවන්තයා ගේ භ්රිස්ව වීම පෙනේ.

ධාතුව ‘පො’ හෝ ‘‍පෝ’ යනු නම් වත්මන් ‘ ඉ ඕ ඒ ආ’ යි ‘ඕ’ ප්රුත්ය‘යයක් දැක්විම අයුක්ත යැ, එය යෙදෙන එක ද තෙැනක් භාෂායෙහි නැත හෙයින්. ධාතුව ‘පා’ යනු නම්, ‘බෝ’ යන තන්හි යෙදෙනුයේ ‘ඕ’ ප්ර්ත්යයය ද වේ නම් ‘මෙහි දයින් පර වැ ‘ව’ පස ‘රුසි’ යි ප්රෙයුක්ත විෂයයෙහි දි ‘ව’ ප්ර්ත්ය්යය ධාතුයෙන් පර වැ යෙදෙන බව කීයේ නො යෙදෙයි, පොවා යන තන්හි ‘ව පත්යයයය ‘පා’ යන ධාතුයෙන් නො වැ ‘ඕ’ ප්රපත්යපය සහිත ‘පො’ යන ක්රිවයා පදයෙන් පර වැ යෙදෙන හෙයින්.

මෙසේ ‘පා’ යනු ධාතුව වී නම් ‘ මෙහි දයින් පර වැ ‘ව’ පස ‘රුසි’ යනු නො යෙදෙන බව ද, ‘පො’ යනු ධාතුව වීනම් ‘වත්මන් ඉ ඕ ඒ ආ’ යනු නො‍ යෙදෙන බව ද ප්රෙත්ය‘ක්ෂ’ වෙයි. ප්රයයුක්ත විෂයෙහි වන කර්තෘ කාරක වර්ත මානකාල ක්රිනයා රූපයෙහි


129] මුවදෙව් දා විවරණය 191

ධාතුව ස්ව රූපයෙන් පෙනෙ හෙයින් පානාර්ථ ධාතුව ‘පො’ යනු යැ යි ද , එක ද නැතෙකා නො යෙදෙන හෙයින් වර්තනමානයෙහි ‘ඕ’ ප්රයත්ය’යයක් නැති යි ද දත යුතු.

‘පා’ (බිමෙහි) යනු මෙන් මැ සිංහල ශබ්දිකයන් විසින් හෙතු රහිත වැ දැක්වෙන තවත් බොහෝ ධාතු රූපයෝ වෙති සමහරෙක් නම් ‘වූ’ [ විමහි ]; ‘දා’ [දීමෙහි], ‘දිව්’ [පණ දැරීමෙහි] ‘නැගි’[නැගීමෙහි ] යන මොහු යි.

2. හස් පෙළ රැවු නො ලූ =

මෙහි ‘ලූ’ යන ආඛයාත පදය බහුවචන යි. එයින් උක්තවනුයේ ‘පෙළ’ යන නපුංසක ලිඞ්ග නාම පදය යි. උක්තය නපුංසක ලිඞග නම් එය එක වචන වූව ද, බහුවචන වුව ද ආඛයාතය එකවචන වියැ යුතු නො වේ ද?

මෙහි උක්ත පදය වූ ‘පෙළ’ යන්න සමුහාර්ථූවාචි යැ. එ බඳු පදයන් ආඛ්යාුතය ගනුයේ අර්ථයය බලා ගෙනැ යැ . මේ කවර පෙළෙක් ද? හස් පෙළෙකි - සවෙතනයන්ගේ පෙළෙකි. සවෙතනයන් සමුහයක් විසින් කැරෙනුයෙන් ආඛ්යායතය බහු වචන වෙයි.

‘නි ලු ද වට බිඟ පෙළ අද තමර නිලූ’ ෴

යනු ශ්රීු රාහුලොක්ති යි. ඉදින් උක්ත පදය ‍අචෙතන සමූහයක් හඟවා නම් නපුංසක ලිංග උක්තයට අනුරූප වල ලෙස ආඛ්යා තය එකවචන වෙයි.

‘සැදෑ වෙළ පෙළ පෙණිනි ගුවනා’ ෴ යනු ද ශ්රීෙ රාහුල වචන යි.

‘යි’ නිපාතයන් සම්බන්ධ. වන අන්තර්වායක්යරයෙකැ සන්දෙකහ වෘර්තාංදි අර්ථනයෙහි [ නිත්යි ප්රාථම පුරුෂ බහුවචන රූපයෙන්] යෙදෙන ආඛ්යාදතයා ගේ ගතිය මේ රීතියෙන් නො වැළැකේ.

පිටපත්හි එනුයේ නො ලී යනු යැ, නො පැවැත් වි’ යැ යි සන්නයෙහි අරුත පැවැසිණ. එහි මැ ගැනුණු ‘හංසාවලි තො‍මෝ යන උක්තය හා නො ගැළපේ.




192 මුවදෙව් දා විවරණය [131-

130.

අන්වය : වනැ සාමුව මුළු ලබර රුක් පෙළ පතතට නිසි වෙතැ දැකැ ද, සා ලෙළවන බියෙන් නො පිනූ

පදාර්ථ : වනයෙහි ශාඛාමෘග (වානර) සමූහයෝ ඵල හරති වෘක්ෂ පංක්තිය පනින්නට සුදුසු (තරම්) සමිපයෙහි දැකැ ද, (වෘක්ෂෙ) ශාඛාවන් චඤ්චල කරන භයින් නො පිනුවෝ යැ.

විස්තර : වඳුරන් රුකින් රුකට පනිනු සිරිති. පල බර වූ රුක් දුටු කලැ ඔහු මහත් අසායෙන් පනිති. පනින්නට සුදුසු තරම් සමීපයෙහි පල බර රුක් වී නම් ඔවුන් ගේ පිනුම් ගැන කවර කථා ද? එ බඳ පල බර රුක් ඒ තරම් ළඟැ මැ දැකැ ද වඳුරෝ නොපිනූ හ. කවර හෙයින් ද? උන් ගසට පිනූ කලැ අතු ‍ සෙලැවෙයි. එයින් ශබ්දයෙක් නැ‍ඟෙයි. ඒ මුවදෙව් රජු ගේ තපසට බාධාවක් වියැ හැකි යැ. එ හෙයින් වඳුරෝ තමන් ගේ කුල සිරිත ද මතක නැති කළ හ.

ටිප්පණි :

1. පිනූ = ‘පන්’ (පිනුම්හි) දයින් වූ අතිත ආඛ්යාුත පද යි.

පිට පත්හි එනු යේ ‘පිනී’ යනු යි සත්නය (ශාඛා) මෘග සමූහයෝ ඣම්පා නො ‍කළේ’යි යන අර්ථ(ය දි උක්තාඛ්යාපත සන්ධමය ද නස යි.

2. ලෙළවන = ‘ළෙල’ ධාතුයෙන් වු වර්ත මාන ප්රදයුක්ත කෘදන්ත නාම යි.

131

අන්වය : මියුරු මිහි ලෝල බිඟු මුළු සුවඳ මුවරඳින් අචල රමණි පුල් වන් ගෙළේ පෙරැ සේ නො බිණූ.

පදාරථ : මධුර වූ (පුෂ්අප) මධුයෙහි ලොභී වූ භෘඞග සමූහයෝ සුගන්ධක මකරන්දවයෙන් ආකූල වූ රමණිය වූ පුෂ්පිත වු වන ඝට, යෙහි (සමූහයෙහි) පූර්ව්යෙහි මෙන් නාද නො කළාහු ය.



-132] මුවදෙව් දා විවරණය 193

විස්තර : මුවදෙව් රජ තපස් කරන කල්හි, ඒ තපසට අන්තරාය වෙයි යන බියෙන් භෘඞගයෝ ද පෙරැ සේ නාද නො කළෝ යැ. ඒ වන සමූහය රමණිය යැ, පිපුණු මලින් ගැවැසුණේ යැ, එ හෙයින් සුගන්ධඅ මකරන්ද යෙන් ආකූල යැ, එහි වූ මධුර වූ මධුයෙහි භෘඞගයෝ ලොභීහු යැ. එසේ වූ ද භෘඞගයෝ එ බඳු වු ද වන සමුහයෙහි පෙරැ මෙන් නාද නො කළෝ යැ.

ටිප්පණි :

1. මිණු - මෙහි දු පිටපත් ‘බණි’ යනු දෙයි. වරදෙකි.

2. මියුරු මිහි ලොල් - මධුයෙහි ලොභි වන භෘඞගයෙන්ගේ ස්වභාවය වන හෙයින් මිහි ලොල් යි විශෙෂණයක් කරනු ද, මී ස්වභාවයෙන් මැ මධුර වන හෙයින් මියුරු යි විශෙෂණයක් කරුනු ද නිරර්ථ්ක පෙනෙතුදු, ඒ වි‍ෙශෂණ දිවයය මෙහිලා අර්ථ යා ගේ උද්දීප්තිය ගෙනැ දෙයි. බිඟු මුළු නාද නො කරනු ආශ්චර්යෙයෙකි. මධුයෙහි ‍ ‍ෙලාභි වූ කලැ නාද ‍ ‍ෙනා කරනු මහත් ආශචයයෙකි. ඉදින් මදු ව ද සාමාන්යහ මධුවට වඩා මධුර වී නම් එහි ලෝල වූ භෘඞග සමූහයන් නාද නො කරනු අතිශයින් මහත් ආහ්චර්ය‍යෙක් මැ යි.

3. සුවඳ මුවරඳින ‘චල රමණි පුල් වන ගෙළේ - මෙහි දු වන ඝටායෙහි සුවඳ මුවරඳින ‘වල බවද රමණි බව ද පුල් බව ද කීමෙන් භෘඞ්ගයන් නාද නො පැවැත්වීමේ ආශ්චර්යයය අධික කෙටැ දැක් වූ හු.

4. ගෙළේ - ‍ ගළ + ඒ = ගළේ = ගෙළේ ‘ගල’ ශබ්දය මෙහි සදමුහාර්ථෙවාචි යැ.

132.

‍අන්වය : දිය හිමියා ගුණ විසී සියොත් සිවුපු කැන් පෙරැ සේ තමා විසී නො වැ, තමා ලෝල දැහැ, විසූ

පදාර්ථ් : ලොක ස්වාමියා ගේ (මු‍වදෙව් රජු ගේ) ගු‍ණයෙහි චශග වූ පක්ෂිම - චතුෂ්පද - සමූහයෝ, පූර්වේයෙහි මෙන් ආත්ම වශග නො වැ, තමා‍ ගේ (අහර සෙවීමෙහි) ලොභය හැරැ විසූ හ.




194 මුවදෙව් දා විවරණය [132-

විස්තර : පක්ෂිෙ පාතීහු ද සිවුපා ජාතී හු ද තමන් ගේ සිත් වශග කැරැ ගැන්මෙහි නොපොහොසත්තු යැ, හෙවත් තමනට මැ- තමන් ගේ ‍ෙලාභාදි සිතට මැ - වශග වූවෝ යැ. එහෙත් ඒ වනයෙහි පක්ෂිු චතුෂ්පද සමූහයෝ මුවදෙව් රජුගේ ගුණයෙන් වශග කරන ලද්දාහු. පෙරැමෙන් තමන් ගේ ‍ ලොභාදියට වශග නො වැ, තමන් ගේ ලොභය හළ හ. ආහාර සෙවීම් ආදියෙන් රජු ගේ තපසට බාධා වෙති යි සිතුණු තන්හි, තමන් ගේ කාර්යෝය හැරැ රජු ගේ කාර්යියට අවකාශ දි විසූ හ.

පූර්වන පද්යස ක්රහමයෙන් සියොත් සිවුපු කැන් ‘තමා විසි නො වැ විසූ පරිදි කියැවිණ. එක් සිය අට විසි වන පද්යසයෙන්, අචෙතන වු සුළඟ ද ‘තමා විසි නො වැ, හැමූ සේ පැවැසිණි.

ටිප්පණි :

1. නො වැ තමා විසී - මෙහි තමා විසි විම නම්, තමා‍ ගේ ඉන්ද්රිායයනට දාස විමයි. යමෙක් රූප ශබ්ද ගන්ධව රස ස්පර්ශම යන පඤච කාමයෙහි බැඳී, තමා ගේ සිත දමනය කොටැ ගත නො හී, චක්ෂුදරාදි ඉන්ද්රිටයයන් පිනැවීමෙහි යෙදේ නම්, හේ තම විසී වූයේ ය. රූපාදීන් කෙරෙහි ආහාව උපන් කලැ ද, එය මැඬැ පවත්වා යමෙක් සිත දමනය කෙරේ නම්, හේ තමා විසි නුවුයේ යැ. මඛාදෙවොද්යාෙනයෙහි පක්ෂිි චතුෂ්පද ජාතීනට ආහාරාදියෙහි ලොභය ඇති වූ නමුදු, ඔහු තමන් රිසි සේ නාද කෙරෙමින් ඈත් මෑත් පනිමින් තමන් ගේ ස්වභාවය වූ පරිද්දෙන් නො පැවැතැ, ශාන්ත වැ විසූ හ. මේ ‘සියොත් සිවුපු කැන් තමා විසි’ නුවු පරිදි යි.

2. දිය හිමියා - මතු බුද්ධත්ව.යට පැමිණැ තුන් ලොවට අග්ර් වන්නට සිටි හෙයින් මඛාදෙව රාජයා ‘දිය හිමි’ නමින් ගත් හ.

3. ගුණ විසි - රෞද්රත ස්වභාවයෙන් යුක්ත වූ සත්වහයෝ ද තපොගණයෙන් දමිත වෙත්. එ හෙයින් ගුණ වසී යි කී හු. මෙහි මැ එක් සිය පස් පනස් වැන්නෙන් අරැඹුණු අෂට පද්ය යෙන් සත්ත්වියන් මෙත් ගුණ විසි වූ සේ කියැවෙයි.

4. සිවුපු - සිව් වක් (සතරක් ) පා පනුයේ යමක්හු හට ද හේ සිවුපු මේ නයින් භෘඞගයාට ‘සපු’ නාමය නිපදි. සයක් පා වනුයේ යමක්හූ හට ද හේ සපු ‘සිවුපා’ යනු වර්ත‘මාන ව්යයවහාර යි.




-133] මුවදෙව් දා විවරණය 195

133.

අන්වය : මුළු ලෝ සිත් ගත් නිරිඳු, වෙස් ගත් දහමක් සෙයින්, සොමි රමණි වල් උයන්හි මෙ සේ වෙසෙමින් (අනන්තර පද්ය ද්වයෙහි ‘එ නො රුස්වා හිමවු වන යා ගත්’ යනු හැ සබදි.)

පදාර්ථ3 : සකල ලොකයා ගේ සිත් ගත්ත් වූ රජ තෙමේ වෙශය ගත්තා වූ (මූර්තිමත් වූ - ශරීරවත් වූ ) ධර්ම යක් මෙන් සෞම්යො වූ රමණීය වූ වනොද්යාුනයෙහි මෙ සේ වාසය කෙරෙමින් (‘එ නො කැමැති වැ හිමාලය වනයට යා ගත්තේ යැ’ යි සම්බන්ධක වෙයි.)

විස්තර : මුවදෙව් රජ සකල ලෝකවාසීන් ගේ සිත් පිනැවූවෙකි. හේ ශරීර ස්වභාවයට පැමිණි ධර්මසයක් මෙන් වියැ. ඒ වනොද්යා්නය සෞම්යි යැ, රමණීය යැ. එ බඳු වූ වන උයන්හි වාසය කෙරෙමිනුත් ‘තපස් කිරිමට මේ සුදුසු යැ’ යි සතුටට නො පැමිණි‍යේ යැ.

ටිප්පණි:

1. වල් උයන්හි - ගෘහොද්යාපන‍ යැ වනොද්යා්න යැ යි උද්යාණනයෝ ද්විවිධය හ. ගෘහාසන්නයෙහි වූයේ ගෘහොද්යා‍නය යි. ගෘහයෙන් ඈත අරණ්යිසන්නයෙහි වූයේ ‍වනොද්යාිනය යි. මෙහි දෙවැන්න ගැනිණ.

2. දහමක් සෙයින් වෙස් ගත් -

යම් කිසි ලෙසෙකින් ගුණ ධර්ම ය මැ ශරීරාකාරයට පැමිණා සිටී නම්, ‘ඒ වෙස් ගත් දහම’ යැ යි කියැ හැකි වේ. සියලු තන්හි පෙනී ගියේ රාජයා ගේ ගුණ ධර්ම ය මැ යැ. එ හෙයින් හේ වෙස් ගත් දහමක් මෙන් පෙනිණ.

වෙස් ගත් දහමක් මෙන් වන සැටි ආර්යනශූරපාදයෝ විස්තර කොටැ කී හ -

‘දදෞ ධනං ශිලවිධිං සමාදදෙ ක්ෂ්මාං නිෂෙවෙ ජගදර්ථාමෛහත ප්ර්ජාහිතාධ්යාිශයසෞම්යෙදශිනඃ ස මූර්තිමාන්ධධම ඉව ව්යා රෙවත’෴ යි.



196 මුවදෙව් ‍දා විවරණය [134-

(ධනං - ධනය, දදෞ - දින; ශිලවිධිං - ශිලවිධිය, සමාදදෙ - මනා සේ ශභ; ක්ෂිධමාං - ඉවැසීම්, තිෂෙවෙ - සෙවනය කෙළේ යැ; ජගදර්ථංු - ලොකාර්ථේයෙහි ලා, ‍ෙඵගත - නිරත වියැ, ප්රිජාහිතාධ්යාංශ‍යසෞම්යනදර්ශගනඃ - සත්ත්වයන් කෙරෙහි හිත වූ අදහස් හා සෞම්යැ දර්‍ශන ඇත්ත් වූ , සඃ - හේ තෙමේ, මූර්තිමාන් වෙස් ග්තාත වූ ධම්මඃ ඉව - ධර්මසයක් ‍මෙන්, ව්යධරොවත - බැබළිණ.)

අන්වය : ‘මෙහි වසන මා දුහුයේ කවර පුර ඉසුරු’ වී ළෙන් එ නො රුස්වා, සුපුල් වන හෙළෙන් බිහි වැ -- (අනතුරු ගීයෙහි ‘හිමටු වන නයා ගත්’ යනු හා සබඳි.)

පදාර්ථං: ‘මෙහි (මේ වනොද්යාුනයෙහි ) වාසය කරත් හොත් මා අත් හැරියේ කවර (නම්) නගර ඓශ්චර්යයයෙක්දැ’ යි කියා එය (ඒ වනොද්යාිනයෙහි විසීම ) සිතින් අභිප්රාරය නොවැ සුපුෂ්පිත වූ වන ඝටායෙන් බැහැර වැ - (‘හිමාලය වනයට යා ගත් හ’ යි සම්බන්ධචය සලකන්නේ යැ.)

විස්තර : උයන නගරයට ඉතා ආසන්න යැ. ඥාතිමිත්රට සමූහයෝ පුද පඬුරු ආදිය ගෙනැ නිරතුරු පැමිණෙති. රජ ‍වැ සිටි හෙයින් ද, දැන් රජු ගේ පියා වන හෙයින් ද, සාමාන්ය් නගර වාසීහු ද දක්නට එත් මැ යැ, රාජ පරි‍භොගයට සුදුසු ‍ෙහයින් උයන පරමරමණිය ද වෙයි. මෙ‍ සේ උයන්හි ද පුර ඉසුරු අනූන වන හෙයින්, පුර ඉසුරු අත් හරන ලදැයි කෙසේ නම් කියැ හැකි ද? මෙ සේ සිතීමෙන් උයනෙහි වසීම රජුට නො රිසි වියැ. හේ උයනින් බැහැර වූයේ ය.

ටිප්පණි :

1. දුහුයේ - දුහු + ඒ ‘දුහූ’ යනු ‘දහ’ ධාතුයේන වූ අතීත කෘදන්ත නාමයි.

2. රුස්වා - ‘රුස්’ ධාතුයෙන් වූ ප්රකයුක්ත පූර්වි ක්රිවයා නිපාත යි.

3. ළෙන් -- (ළ + එන්) රිස්වීම හෝ නො රිස්වීම හෝ කැරෙනුයේ ළෙන් සිතින් මැ යැ. එසේ නම් ‘රුස්වා’ යි කී කලැ ඒ පමණ නො වේ ද? යළි ‍ ‘ළෙන්’ යන්නෙකුත් අව්යයශ ද?



-136] මුවදෙව් දා විවරණය 197

මෙහි ‘ළෙන්’ යනු යෙදුණේ උද්යාින වාසය බලවත් ලෙස නො රිසියුණු බව හැඟවීමට ය. එ හෙයින අධිකයෙක් නො වේ.

135.

අන්වය : ගුණ නදන්, මඟහි දුටුවන් වදන් අමයින් සතහම්නි මෙන්. තවට නදත් හිමවු වන යා ගත්

පදාර්ථට : ගුණ නිදාන (වූ ඒ ජජ) තෙමේ, මාර්ගනයෙහි දි (තමා) දුටුවවුන් වචන (නමැති) අමාතයෙන් සනහමින් මෙන්. තපසට නිධාන වූ හිමාලය වනයට ගමන් ගත්තේ යැ.

විස්තර : උද්යාතන වාසය තපසට සම්බාධකර යැ. හිමාලට වනය වනාහි තපසට නිධානයෙකි. නිදානයෙකැ මහඟු වස්තුවක් මෙන් හිමාලයෙහි තපස සුරක්ෂිනත වෙයි. රජ උතුම්ගුණයටනට නිධාන යැ. නිධානය මහාර්ඝි වස්තුයෙන් මෙන් රජ මහාර්ඝණ වූ ගුණයෙන් පිරුණේ යැ. හේ උයන හැරැ හිමාලයයට ගමන් ගත්තේ යැ. එ සේ යන කලැ මාර්ගේයෙහි දුටුදුටුවනට ප්රි්ය වචනයෙන් සඞග්රැහ කෙළේ යැ. ඒ වචන ඇසුවනට අමෘත මෙන් වියැ. ඇසුවෝ සැනැසූණ හ. එ හෙයින් ඒ මගැ දුටුවන් සනහන්නට ගිය ගමනක් මෙන් වියැ.

1. තමට නදන් - තපස් රක්නෝ බොහෝ සෙයින් හිමාලයයට මැ යෙත් එ හෙයින් හිමාලයය තපසට නිධානයක් වැනි වේ. එහි තපසට යොග්ය්ත්ව ය වැනූ හ. භාර්තෘකහරීහු -

‘ගඩගාතරඞගඝනශීකරශීතලානි විද්යාගධරාධ්යුලෂිතචාරුශිලාතලානි ස්ථානානි කිං හිමවතඃ ප්රුලයං ගතානි සත්සාවමානපරපණ්ඩරතා මනුෂ්යාඃ ’ ෴ යි.

(මනුෂ්යාඃ - එම්බා ‍ මනුෂ්යරයෙනි, (තෙපි), යත් - යම් හෙයකින්, සාවමාන පරපිණ්ඩරතාඃ - අවමන් රහිත වැ අනුන් විසින් දෙන ලද - ආකාරයෙහි ඇලුණාහු ද, ( එ හෙයින්) ගංගාතරඞග - ආකාශ නදී තරඞගයන් ගේ , ඝන ශීකර - සාන්ර්්ත වූ ජල බින්දුඃයෙන් ශීතලානි - සිසිල් වු, විද්යා්දර - විද්යාුධරයන් විසින්, අධ්යරෂිත - අධිෂ්ර්‍ර්ඨනත වූ, චාරු - මනොඥා වූ, ශිලාතලානි - ගලතල ඇති හිමවතාඃ ස්ථානාති - හිමාලයයාගේ ස්ථානයෝ, කිං ප්රිලයාං ගතාති - කිම විනාශ යට ගියාහු ද?)



198 මුවදෙව් දා විවරණය [136-

2. යා ගත් - මේ ‘යා’ යන්න ගැනැ මත දෙකක් වෙයි. ‘යා’ යනු ගමානර්ථායෙහි නාමයෙකැ යි ඇතැමෙක් යෙති’ ‘ය’ ගමන්හි දයින් වු පූර්වඞ ක්රිරයා නිපාතයෙකැ යනු ඇතැමකු ගේ කීම යි. ‘යා’ යී පූර්වෙ ක්රියයා නිපාතයක් ව්යාවහාරයෙහි නො ලැබෙති යි ද, ‍ ‘ගොස්’ යනුයෙන් මැ ‘ය’ ධාතුව සම්බන්ධි පූර්වි ක්රිතයා නිපාතාර්ථතය ලැබෙති යි ද යෙමින් පූර්වනයෝ පූර්වි ක්රිධයා නිපාත මතය නිගනිත් . ‘කර’ ධාතුයෙන් කරැ - කොටැ - යනුවේන පූර්වි ක්රිවයා නිපාත රූප දෙකක් මැ ලැබෙන්නා සේ, ‘ය’ ධාතුයෙන් යා - ගොස් - යන රූප දෙක මැ ලැබෙති යි ද, ‘යා ගෙනැ යනාදි ‍තන්හි පමණක් යෙුදණද ‘යා’ යන්නෙහි පූර්වන ක්රි යා නිපාතත්වලය ඇත් මැ යැ යි ද ඉතරයෝ පිළිවදන් දෙත්. ‘යා කරන්’ යනාදි තන්හි නම් ‘යා’ යන්න නාමයක් බවට සැකැ නැති.

3. යනහම්නි - ‘සනහ’ ධාතුයෙන් වූ මිශ්රනක්රිතයා නිපාත යි

4. අමයින් - රජ්ජුරුවන් ගේ මධුර වචනයෝ ඇසුවනට අමෘතාකාර වූ හ. අමා පියැ යුතු ද වදන් ඇසියැ යුතු ද චතුදු දෙකැ මැ ප්රවමොදකර වන හෙයින් වදනට අමෑතය උපමිත යි.

‘අමයින්’ යන තන්හි ප්රුකෘතිය ‘අමා’ යනු යි . (අම + ඉන්.) මේ ‘අම’ යි ද සිටී. එ හෙයින් කී හ. කාන්යචශෙඛර කාරයෝ -

අම බොන සුරන් ලෙස්’ ‘අම වි‍සයෙන් යෙදූ’

යන මේ ඈ ගුත්තිල කාරයෝ -

අමා රස සුදුසු ‘

යන තන්හි ‘අමා’ රස ගත් හ.

5. දුටුවන් - ‘දිස්’ දයින් සිදු ‘දුටු’ යන කාදන්ත නාමය දෙවන විබත් බහු වස ගෙනැ සිටි තැනි. දුටු + අන්

ඉති උයන් වැනුම් හා හිමවූ වන ගමන්. උද්යාමන වර්ණමනය ද හිමවත් වන ගමන ද මෙයේ යැ _______________

136. අන්වය : සමඟ, ගුවනැ ගන වෙලෙ හිරු තෙද වැළැකි ‍, මඳ නල සුවඳ මුවරඳ රොන් සළා දී හැමී. -136] මුවදෙව් දා විවරණය 199

පදාර්ථ6 : එක් විටැ මැ, ආකාශයෙහි ඝන වූ වලාහකයෝ සූය්යා්හ ගේ තෙජස වැළැකූ හ, මන්ද මාරතයෝ සුගන්ධ වූ මකරන්ද ඡටාවන් (රාශීන්) දෙමින් හැමූ හ.

විස්තර : ඝන වූ වලා කුළු ද මඳ වූ සුළඟ ද, තපසට යන මුවදෙව් රජුට එක් විටැ මැ‍ සේවය කරන්නට වන වලා සූය්යාරය ‍ ගේ චණ්ඩ වූ රශ්මියෙන් රජු ‍ ගේ ශරීරයට පීඩා වන්නට ඉඩ නො දින. මඳ සුළඟ සුවඳ මල් රොන් රැස් විසුරුවමින් හැමුයේ යැ.

තටාක, පක්ෂිැ , මාරුත, වලාහක යන මොවුන රාමාලක්ෂ මණ දෙ දෙනාට සෙවය කළ පරිදි කාලිදාසයෝ ද වැනූ හු -

තෞ සරාංසි රස වද්හිරම්බුහිඃ කුජිතෛ ශ්රැ තිසුඛෛඃ පතත්රිහණඃ වායවඃ සුරභිපුෂ්පරෙණුහි ගඡායයා ච ජලදාඃ සිෂෙවිරෙ’ ෴ යි.

(සරාසි - තඩාගයෝ. රසවද්හිඃ - රසවත් වූ, අම්බුහිඃ - ජලයෙන් ද- පතත්රිාණිං - පක්ෂීිහු, ශ්රැ තිසුඛෙඃ - කන්කලු වූ, කුජිතෛඃ - නාදයෙන්ද වායාවඃ , මාරුතයෝ, සරභිපුෂ්පරෙණුහිං - සුවඳ ‍ම ල් රෙනින් ද, ජලදාඃ - වලාහකයෝ ඡායායා ච - සෙවණින් ද, තෞ - ඒ (රාම ලක්ෂ්කමණ) දෙදෙනා, ර්සාෂෙවිරෙ - සෙවිය හ)

මේ මැ (ද්වතිය පාදය හැරැ ) විජයබා පිරුවන්හු හෙළුයෙන් කී හ.

‘සෙවණින් වලා නි ල් සුවඳින් පවන් මල’වු ල් සිහිල’ඹිනි වන වි ල් එ කලැ සෙවියේ කුමරු මන ක ල් ෴ යි.

විශ්වන්ත‍රයන් ගේ වධකගිරි ගමන වර්ණ෴නය කරන ආයුශූර පදායෝ ද, වෘක්ෂානදින් ගේ සෙවයක් හඟවති.

තිමන්ත්ර යාමාසුරිච ද්රැගමාස්තං හෘද්යෛඃර ඵලෛරානම්තාග්ර්ශාඛාඃ පුණ්යාඃනුභාභාවාද ‘ භිවික්ෂ්මාණඃ ශිෂ්යාඃ විනීතා ඉව ච ප්රණණෙමුඃ෴



200 මුවදෙව් දා විවරණය [137-

‘හංසාංසවික්ෂො භිතපඞ්කජාති කිඤජල්කරෙණුෂඵුටපිඤ්ජ රාණි ප්රාහදුර්බභූවුශ්ව සරාසිං තස්ය1 ‍‍තත්රෛාව යත්රාරභිචකාංක්ෂය වාරි ෴

‘විතානශොභං දධිරෙ පයොදා සුඛඃ සුගන්ධිභ ප්රසවචෞ නභස්වාන් පරිශ්රතමක්ලෙශමෘෂ්යධමාණා යක්ෂාරශ්ව සඤ්චික්ෂිමපුරස්යර මාර්ගඟම්’ ෴ යි

(භෘදෛඃ - මනොහර වු ඵලෛඃ - ඵලයන්, කරණ කොටැ. අනාම්තඅග්රයශාඛඃ - නමන ලද අග්රව ශාඛා ඇති ; ද්රැ මාඃ - වෘක්ෂදයෝ, තං - ඔහු (විශ්වන්තර රජහු) නිමන්ත්රනයාමාසුඃ ඉව - කැඳවූවන් වැන්නෝ යැ, පුණ්යා්නුභාවාත් - පින් අනුහසින්, අභිවික්ය්මනභමාණඃ - බලන්නා වූ , විනිතාඃ - විනීත වූ, ශිෂ්යාඃ් ඉව - ශිෂ්යියන්, මෙන්, ප්රමණෙමුඃ ච - වැදීම ද කළ හ.)

(යනු - යම් තැනෙක්හි, වාරි - දිය, අභිවකාංක්ෂණ - කැමැති වී ද, තත්ර එව - එහි මැ, තස්ය - ඔහුට, හංස අංස වික්ෂොිහිත පඞකජාති - හංසයන් ගේ අංසයෙන් කැලැඹුණු පියුම් ඇති, කිඤජල්කරෙණු ස්ඵුටපිඤ්ජරාණි - මුව‍රද රොනින් පළ වූ පිඟුවන් පැහැ ඇති, සරාංසි - තඩාගයෝ ද, ප්රාමදූර්බඟුවූඃ - පහළ වූ හු )

(පයොදාඃ - මෙඝයෝ, විතානශොභාං - වියන් සිරි, දධිරෙ - දැරූ හු, සුබං - සුබදායක වූ, සුගන්ධිඃ - සුවඳවත් වූ, තසස්වාන් - සුළඟ, ප්රෙව‍වෞ හැමී, පරිශ්ර්ම ක්ලෙශම් - විඩා දුක, අමෘෂ්යුඹාණඃ - නො ඉවසන්නා වූ, යක්ෂාඃර ච - යක්ෂ)යෝ ද, අස්යශ - මොහුගේ, මාහීම් - මග සඤවික්ෂි පුඃ - මොනවට හැකිළ වූ හු)

ටිප්පණි :

1. හැමී - ‘හම් ධාතුයෙන් වූ අතීත ආඛ්යාඤත පද යි

137

අන්වය : මහ අතෙහි ලෙළ ලිය වමියෝ සරා සිසි බිඹු සොමියො ලෝ හිමියා කුසුම් නෙත්නෙන් බැලූ හු.

පදාර්ථි ; මාර්ගාෙන්තයෙහි (මඟ අසලැ) ලෙළ ‍ දෙන්නා වූ ලතා නමැති ස්ත්රීිහු ශරච්චන්ද්රත බිම්බය‍ සේ සෞම්යෙ වූ ලොක ස්වාමියා කුසුම නමැති නෙත්රකයෙන් බැලූ හ.


-138] මුවදෙව් දා විවරණය 201

විස්තර : දෙ පසැ පිපී ලෙළ දෙමින් සිටි වැල් ඇති මාර්ග්යෙහි මුවදෙව් රජ ගිය බව මේ කී සැටි යැ. රජ ශරච්චන්ර්තිූ මණ්ඩලය මෙන් සෞම්යජ යැ. වල් ගැහැනුන් වැන්නැ. මල් ඇස් වැන්නැ බලන්නට අසන්නා වැන්නැ වැල්හි මල් පිපීම.

ටිප්පණි :

1. මඟ ‘තෙහි - මෙහි ‘අත් යනු සමිපාර්ථ වාචි යැ. ‘අතැ වැසි’ යන තන්හි දු ඒ එ සේ යැ.

2. බැලූ හු - මෙහි ‘හු’ යනු අර්ථාජවසානයෙහි නිපාත යි. මෙය යෙදෙනුයේ බහු වචන ආඛ්යාිතයකට පර වැ යැ. ආඛ්යාැතය අධ්ය.භාර්යව වූව ද යෙදේ. මෙහි ස්වර ලොපය වැ තත්ස්ථානයෙහි ‘අ’ කාරය වීෆමන් ‘හ’ යනු වෙයි. ‍එ හෙයින් ‘බැලූ හ’ යනු දු සාධු යි.

138

අන්වය : පුර දොර කඩෙහි තමන් අළ නොඑක් බඩු තැනැ තැනැ තබතබා සතප්නා සතත්වා කැන් එහි දිටි.

පදාර්ථය : පුරද්වාර සමීපයෙහි දී තමන් විසින් (දානය කොටැ) හරින ලද්දා වූ අනෙක භාණ්ඩයන් තන්හි තන්හි තබමින් විශ්රානමය කරන්නා වූ සාර්ථථවාහ සමූහයා එහි (ඒ යන මාර්ගායෙහි ) දුටුයේ යැ.

විස්තර : තපසට නික්මෙන් වූ මඛෘදෙව රාජයා විසින් පුරද්වාර සමීපයෙහි දී නොයෙක් බඩු දන් දෙන ලද. සාර්ථ්වාහ සමූහයෝ ඒ බඬු ගෙනැ යන්නාහු විඩා වැ තන්හි තන්හි බඩු තබතබා සැතැපෙති. (විඩා හරිති.) රජ, මාර්ගපයෙහි එ සේ සතප්නා ඔවුන් දුටුයේ යැ.

තපසට නික්මෙන්නට පෙරැ රජ වස්තු මහත් රාශියක් දන් දුන් බව මෙයින් හැඟැවිණ.

රජ බොහෝ දිනක් උයන්හි තපස් කෙළේ යැ. දැන් හිමාලයයට යෙයි. එ කලැ දුන් බඬු ගෙනැ යන සත්වාවෝ දැනුදු මඟැ වෙති. දානයෙහි මහත!




202 මුවදෙව් දා විවරණය [139-

ටිප්පණි :

1. තබතබා - ‘තබා’ යනු ‘තබ’ ධාතුයෙන් වන්නා වූ පූර්වා ක්රි යා නිපාත යි. පදය ද්විරූප වැ ‘තබතබා’ යනු වී යැ. දීර්ඝාස්වරාන්ත පූර්වි ක්රි යා නිපාත පදයක් ද්විරූප වූ කලැ පූර්වැ රූපයා ගේ අන්ත්යට ස්වරය භ්ර්ස්ව වෙයි.


2. සතප්නා - ‘සතප’ ධාතුයෙන් වූ කෘදන්ත නාමයි. සතප + තා ධාත්වූන්ත ස්වරය ලොප් වෙයි. ‘සතප’ ධාතුව ‘රක්’ ආදි ගණ යි. උභය පද යි. (පර පද) සතපී - සතපිති - සැතැපි (අත් පද) සැතැපේ - සැතැපෙති - සැතැපිණි - සැතැපුණු ‘සතපි’ සතපිති යන රූපයන් යෙදුණු තැන් ඉතා විරළ යැ.

විජයබා පිරුවන්හු -

‘සතර තතු දැ ක් මෙ න වන සික පද නො ඇ ක මෙ න සලේ ගුණ හි ක් මෙ න තපසි නො යතපි දුහඟ රැ ක් මෙ න’ ෴ යි.

එටක් නිදසුනක් සපයති.

3. සත්වා - වෙළෙන්දාට නමි. තවලම ආදියෙකින් බඩු එක් පෙදෙසෙකැ සිටැ අන් පෙදෙසකට ගෙනැ ගොස් වෙළෙදාම් කරන්නේ ද ‘සත්වා’ නමි.


139.

අන්වය : කරල් බර ඇල් කෙන්හි සිය තන්හි නො වරදවා තුමා යස ගී ගානා ඇල් ගෙවියන් දිටි.

පදාර්ථක : (වී) කරල් බර වූ හැල් කෙත් වැලැ ස්වකීය ස්ථානයෙහි නො වරදවා තමා ගේ ‍ යශොගීතිකාවන් ගායනය කරන්නාවූ ශාලි ගොපිකාවන් දුටුයේ යැ.

විස්තර : එ කලැ ඇල් කෙත් මොනොවට පැසී සිටියේ යැ. සියලු තැන් කරලින් බර යැ; ශාලිගොපිකාවෝ ගොයම් රකිති. එ සේ රකිමින් මුවදෙව් රජු ගේ යසස් වනා බඳනා ලද ගීතිකාවන් ගායනය කෙරෙති. පැසී සිටි ගොයම්


-139 ] මුවදෙව් දා විවරණය 203


මැනැවින් රැක්ක යුතු යැ. එ හෙයින් ශාලි ගොපිකාවන් ගේ ඇස් කන් ඒ මේ අතට ඇදී යෙයි. එ හෙත් එක් එක් හාලි ගොපිකාව ගී‍යෙන් තමාට පැමිණි ස්ථානය (කොටස) නො වරදවා ගායනය කෙරෙයි. ඇල් කෙත් රැක්මෙහි සිහිය කො තරම් බලවත් වුව ද, මුවදෙව් රජුට ඇත් ආදරය කො තරම් මහත් ද යත් හොත් එ රජු ගේ යශොගීතිකායේ සිහිය කිසි සේත් කඬ නො වෙයි.

මුවදෙව් රජ ලොකයා මනා සේ රැකැ සිටි බව ද ‍එ හෙයින් රට වැස්සන් ගේ ආදරය ඉතා බලවත් වැ පැවැති බව ද මෙයින් සූචිත යි.

ශාලි. ගොපිකාවන් විසින් රාජයා ගේ යශොගායනය කාලිදාසයන් විසිනිදු වර්ණකත යි -

ඉක්ෂුිච්ඡානිෂාදින්යිසතස්යව ගොප්තුර් ගුණොදයම් ආකමාරකථොද්ඝාතං ශාලිගොප්යොත ජගුඨිශඃ’ ෴ යි

(ඉක්ෂුතච්ඡායනිෂාදින්යංො - උකස් ගස් ගත සෙවණෙහි හිඳුනා වූ, ශාලි ගොපාඃ - ඇල් ගෙවියෝ. ‍ගොප්තුඃ - (ලොක) රක්ෂ ක වූ , තස්ය, - ඒ රඝු රජහු ගේ, ගුණොදයම් - ගු‍ණයෙන් උපන්නා වූ, යගඃ - කීර්තිය, ආකුමාර කථොංද්ඝාතම් - කුමාර කාලයෙහි කථායෙන් පටන් ගෙනැ, ජගුඃ - ගායනය කළ හ.)

ටිප්පණි :

1. ඇල් - ශාලි ගොයම්

2. ගෙවි - මේ ‘ගොවු’ යන්න ස්ත්රිකපත්යරයවත් වූ තැනි. ගොවිනුයේ (රක්නේ) ගොටු යැ. ‘ගොප’ යනු සංස්කෘතයෙහි ලැබෙන නාමය යි.

3. ගානා - (ගාන + න) ‘ගා’ දයින් වූ වර්ත මාන කෘදන්ත නාම යි.

4. සිය තන්හි නො වරදවා - රජු ‍ ගේ යශොගීතිකායෙහි එක් එක් කොටස එක් එක් ශාලිගොපිකාව විසින් ගායනය කරන ලද බව මෙයින් පැනේ. එක් ගොපිකාවක පළමු වන කොටස ගායනය කළ කලැ තවත් එකක් දෙ වන කොටස් ගායනය කෙරෙයි. මේ ක්රිමයෙන් ගොපිකාවෝ



204 මුවදෙව් දා විවරණය [141-

සියල්ලෝ මා තමන් ගේ වාරය පැමිණි කලැ තමනට පැමිණි කොටස නො වරදවත් ශාලිගොපිකාවෝ පවා කො තරම් ආශයෙන් රාජයා ගේ‍ යශොගීතිකාවන් සිත්හි ධාරණය කැරැ ගත්තු ද යනු මෙයින් ද්වනිත යි.

5. වරදවා - ‘වරද’ දයින් වූ ප්රෙයෝජ්යජ පූර්ව් ක්රි යා නිපාතයි.

140. අන්වය : මඟැ හිවි පුලුපු සුහුඹුල් පුවක් මුව බර කෙහෙල් සමවුල් වතු සියෙන් සන් නියම් ගම් බැලි.

පදාර්ථි : මාර්ගියෙහි, උස් වූ පොල්., මනා සේ වැඩුණු පුවක් මුව බර වූ කෙහෙල් (යන මේ ගස් ) සමාකුල (මොනොවට ආකුල) වූ වතු සිය ගණනින් වැසුණා වූ නියම් ගම් බැලී යැ.

විස්තර : හිමාලයයට යන මාර්ගැයෙහි නියම් ගම් වි යැ. ඒ නියම් ගම් සිය ගණන් වතුවනලින් යුක්ත යැ. එක් එක් වත්ත උස් පොල් ගසින් ද, මනා වැ වැඩුණු පුවක් ගසින් ද, මුව එල්ලී සිටි කෙසෙල් ගසින් ද අතුරු නැත.

ටිප්පණි :

1. නියම් ගම් - මහා ග්රාීමයනට මේ නමි. 2. හිවි - ‘හුව’ (උස් වීමෙහි) දියින් වූ අතීත කෘදන්ත නාම යි. 3. සන් ‘සඳ’ (වැසුම්හි) දයින් නිපන් අතීත කෘදන්ත නාම යි.

141.

අන්වය : රුසිරු ලෙළ තිසර වැළ කඩා මල් කඬ පැලැඳැ තරඟ අතිනි වඳනා වන් වන විල් වමියන් දිටි.

පදාර්ථි : සිත් කලු වූ ලෙළ දෙන්නා වූ හංස පඞකති නමැති මුඳුන් මල් කඬ පැලැඳැ ගෙනැ රළ නමැති අතින් වඳින්නවුන් වැනි වූ වන තටාක නමැති කාන්තාවන් දුටුයේ යැ.

විස්තර  : මුවදෙව් රජ ඒ යන මාර්ගියෙහි වන විල් දුටුයේ යැ. දිය පිටැ පිනන හංසයන් ඇති රළ නඟන්නා වූ ඒ විල් කෙ බඳු ද යත්. මුඳුන් මල් කඩ පැලැඳැ ගෙනැ අත් නගා වඳනා වූ ගැහැනුන් බඳු යැ.

ටිප්පණි : 1. පැලැඳැ - ‘පලඳ’ දයින් නිපන් පූර්වා ක්රි යා නිපාත යි. -143 ] මුවදෙව් දා විවරණය 205

2. රුසිරු - ‘සිත් ගන්නා’ යනු අර්ථව යි. සංස්කෘතයෙහි ‘රුචිර’ යනු වෙයි.

3. වඳනා - ‘වඳ’ දයින් වූ වර්තයමාන කාදන්ත නාම යි.

4. වන් - තුල්යාිර්ථි නිපාතයෙකි.

142.

අන්වය : ගුණමුහුදු, ඉති පුර‍ දොරකඩ දනවු නියම් ගම් එකින් දෙකින් ගෙවා, හිමවු වන අබියෙ ස් වී.

පදාර්ථ3 : ගුණසාගර (වූ ඒ මුවදෙව් රජ) තෙමේ, මෙ සේ පුරදිවාර ජනපද නිගමග්රා:ම (යන මොවුන්) එකෙකැ දෙකෙකැ යන ආදි වශයෙන් පසු කොටැ’ හිමාලය වනයට සමප වී.

ටිප්පණි :

1. ගෙවා :- ‘ගෙ’ දයින් වූ ප්ර්යුක්ත පූර්වන ක්රි යා නිපාත යි.

‘ගෙ’ ධාතු ආත්මනෙ පද යි. අකර්මමක යි. ගේ - ගෙති - ගිණි - ගුණු. කෙවේ - ගෙවෙති - ගෙවිණි - ගෙවුණු -යනාදිය ප්රේයුක්ත රූප යි.

2. ගුණමුහුදු - මෙයින් මුවදෙව් රජ ගැනිණ. මුහුදෙහි ජලය මෙන් ගුණයෝ එ රජු කෙරෙහි වෙත් නු යි හේ ගුණමුහුදු නමි.

3. අබියෙස් - සංස්කාතයෙහි ‘අභ්යාජස’ යනු ද මේ අර්ථ.ය දෙයි

ඉති දනවු ඈ බලමින් හිමවු වන අබියෙස් විම්. ජනපදාදිය බලමින් හිමාලය වනයට අභ්යාලස වීම මෙ සේ යැ.

143.

අන්වය : හිමවු පවන්. මෙදෙන් අද ගඳ ගජ කොපොල් මිහි ගඳහි විස්සල් ගී හමා, ඔහු ඇඟැ තැවුලි හළ.

පදාර්ථ් : හිමාලය මාරුතය තෙමේ මදයෙන් අර්ද්රහ වූ ගන්ධග හස්තීන් ගේ කපොලයෙහි මධු ගන්ධලයෙහි අනවරතයෙන් වැදි හමා ඔහු ගේ (ඒ මුවදෙව් රජු ගේ) ශරීරයෙහි තාපය දුරු කෙළේ යැ. 206 මුවදෙව් දා විවරණය [144-

විස්තර : හිමාලය වනයට සමීප වත් මැ තදාශ්රිිත වූ ශීත සුළඟ හමා රජු ගේ ශරීර දාහය නිවී ය. හිමාලයෙහි ගඳැත්තු වෙති. බහු නිරතරු ගලන ම‍දයෙන් තෙමුණාහු යැ ඔවුන් ගේ මඳ මිහිරි සුවඳින් යුක්ත යැ. එ බඳු සුවඳින් යුත් මද කලන හස්ති කපොලයෙහි නිරතුරු වැදි හමන හෙයින් සුළඟ එ තරම් සුවඳවත් යැ.

ටිප්පණි :

1. හමා - ‘හම’ ධාතුයේන වූ පූර්වඳ ක්රිඑයා නිපාත යි.

‘හමා’ යන්නට පුරාණ සන්නයෙහි කියැවුණේ ‘ළං වැ යන අර්ථතය යි. ඒ අර්ථ’යෙහි ‘හඹ’ ධාතුව වෙයි. ‘හම’ යනු මැ‍ ඝොෂා ගමයෙන් ‘හඹ’ වියැ හැකි. ව්යා කරණ විවරණය බලන්නේ යැ.

2. මෙහි - ‘මිහිරි’ යනු අර්ථ යි. සංස්කාතයෙහි ‘මධ’ යනු ද මේ අර්ථ.යෙහි වැටේ.

3. විස්සල් - නිරන්තරාර්ථන නිපාතයෙකි

‘දවහ අරියොර විස්සල් අරද සිය සයහ නිසැදි’ ෴

යනුයෙන් රුවන්මල්හි දු ඒ බව කියැවිණ .

144.

අන්වය : සිදු අඹුවෝ පියන් අත් තල නැටමේ තැත් ‘දැහැ’ සල මුතු දිගු ඇස් හමනා ලෝ හිමියා බැලූ හු.

පදාර්ථ් : සිද්ධාඞගනාවෝ තුමු වල්ලභයන් ගේ හස්ත තාල නෘත්යථයෙහි උත්සාහය හැරැ දමා (ඇසි පිය) චලනය නැත්තා වූ දිගු වූ ඇස් යොමු කොටැ ලොක ස්වාමියා (වු මුවදෙව් රජහු) නැරැඹූ හ.

විස්තර : හිමාලය වනයෙහි සිද්ධයෝ හස්ත තාල පවත්වති. ඔවුන් ගේ ප්රිතයාවෝ ඒ තාලයට අනු වැ නටති. මුවදෙව් රජ යනු දුටු ඒ සිද්ධාඞගනාවෝ නැටීමේ ආශාව හැරැ ඇස් වෙන අතකට නො හරවා මැ රජු දෙස බලා සිටිය හ.


-144 ] මුවදෙව් දා විවරණය 207

වල්ලභයන් ගේ හස්ත තාලයට නටන කලැ එහි ද ආශාව හැරැ මඛාදෙව රාජයා දෙස බැලීමට කුරුණු දෙකක් හෙතු වේ. සිද්ධාම්බිකා‍වන්‍ ගේ වල්ලභයන් ද පරදවන මඛාදෙව රාජයා ගේ ශරීර ලාවණ්ය්ය නයනානන්දමකර වීම එක් කරුණෙකි. දෙ වන කරුණ නම්, ශක්ර‍ සම්පත්තිය හැ සමාන වූ රාජ්යක සම්පත්තිය ද හැරැ පියා තපසට යන වීරයාගේ ගුණයෙහි බැඳීම යි.

ටිප්පණි :

1. සිද ‘ඹුවෝ - දෙව යොනි ‍ විශෙෂ්යීක් වූ සද්ධයන් ගේ කාන්තාවෝ යැ. දශ දෙවයොනී හු අමරසංහයන් විසින් -

‘විද්යාදධරො ‘ස්පරොයක්ෂුරක්ෂොේගන්ධණර්වවකින්නරාඃ පිශාවො ගුහ්යෙකඃ සිදොධා භූතො ‘මී දෙවයොනයඃ’ ෴ යි

දක්වන ලද හ.

අෂ්ටවිධ සිද්ධියෙන් හෙවත් අට වැදෑරුම් ඵෙශ්චර්ය යෙන් යුක්ත වූවාහු සිද්ධ නම් වෙත් ‘අණිමා ල ඝිමා ප්රා්ප්ති’ ප්රා කාම්යං‍ මහිමා තථා ඊශිතා වශිතා වෛව තථා කාමාමවශායිතා’ ෴

යනුයෙන් දැක්වෙන (1) අණිමත් හෙවත් අණුප්රකමාණ වියැ හැකි බව යැ, (2) ලඝිමත් හෙවත් අතිශයින් ලඝු වියැ හැකි බව යැ, (3) ප්රා ප්ති හෙවත් අබිමත දැස ලබා ගත හැකි බව යැ, (4) ප්රාබකාමය හෙවත් අනුල්ලඞඝය වූ ඉච්ඡා ඇති බව ය, )5) මහිමන් හෙවත් රිසි සේ මහත් වියැ හැකි බව යැ, (6) ඊශිතා හෙව්ත ඉසුරු බව ය, ‍(7) වශිතා හෙවත් වසග කරන බව යැ, (8) කාමාවාශාසිතා හෙවත් කාමය දමනය කරණ බව යැ යන මොහු ඊශ්චරයා ගේ අෂ්ට සිද්ධිහු යි.

2. අත් තල - අතුල් දෙක ගැසී මෙන් දැක්වෙන තාලය හස්ත තලය යි.

3. සලමුතු - සල (චලනය = සෙලැවිම) මුතුයේ (හළේ) සලමුතු යි. දෙවියෝ ඇසි පිය නො හෙළත්. එ හෙයින් ඔවුන් ගේ ඇස් සලමුතු වෙයි.


4. මුතු - ‘මුස්’ (මිදුම්හි) දයින් වූ අතීත කෘදන්ත නාම යි.

5.හම්නා - පූර්වශ ක්රි(යා නිපාත යි ධාතුව ‘හම්න’ යනු යැ යි හැ‍ඟේ


208 මුවදෙව් දා විවරණය [146-

‘හම්න’ ධාතුව ‘බල’ ආදි ගණ පරසෛම්පද යි. (කතු කරු) හම්නා - හම්නති - හැම්නී - හැම්නූ . (කම්කරු) හැම්නේ - හැම්නෙති - හැම්නිණි - හැම්නුණු.

‘හම්නා’ යන්නට පුරාණ සන්නයෙහි ‘ධරා හෙවත් පො‍ලොඹා’ යන අර්ථහය දැක්විණ.

145.

අන්වය : වන මුරුන් සුරත් ඇගිලි මුඳුනෙහි තබා නමත, එ වෙනේ මළ රුකැ පැහැ බර පුලු දුනු වන් වි.

පදාර්ථ් : වන දෙවියන් ඉතා රතු ඇඟලි (හිස්) මුදුනෙහි පිහිටුවා (ඒ රජහු වඳනා කල්හි, ඒ වනයෙහි මාරුණා වූ ගස්හි ප්රනභාභාර වූ (මහත් පැහැය ඇති) දළු හට ගන්නාක් වැනි වි යැ.

විස්තර : මුවදෙව් රජ දැන් තවුසෙකි, දෙවියන් විසිනුදු වැඳීමට සුදුසු යැ. එහෙයින් ඔහු හිමාලයයෙහි සන්නහු දුටු වන දෙවියෝ දොහොත් මුදුනේ තබා වඳිත්. සිටැ වඳනා වන දෙවි යන් ගේ කඳ නිශ්චල යැ. මැරි වියාළී ගිය අතු නැති රුක් කඳ වැන්නැ. හිස් මුදුනෙහි දෙන ලද ඉතා රුත ඇගිලි ලා දළු වැන්නැ. එ හෙයින් ඒ වනයෙහි මැරී වියැළුණු ලසෙහි ළා දළු හට ගත්තා මෙන් පෙනෙනු වෙයි.

ටිප්පණි :

1. නමත - ‘නම’ ධාතුයෙන් වූ ආවස්ථික කෘදන්ත නිපාත යි. නම + තු = නමතු = නමන් = නමත.

2. පැහැ බර - මෙහි ‘බර’ යනු වහදඅර්ථියෙහි වැටේ.

3. දුනු - ‘දන’ (ඉපැදුම්හි) දයින් වූ අතීත කෘදන්ත නාම යි.

146.

අන්වය : කොමළ මඳ නල පත් සුපුල් වන පෙත් මල් බර ගන සා හිසින් නැමී නැමී හිමියා වැඳි එව්.



-147 ] මුවදෙව් දා විවරණය 209

පදාර්ථ7 : මෘදු වූ මඳ සුළඟ පැමිණියා වූ මනා වැ පිපියා වූ වන පංක්තීහු නැමිනැමි කුසුම් රාශි ඇති ඝන වූ අතු නමැති හිසින් ලොක ස්වාමියා (වූ ඒ රජ හු) වැන්දවුන් වැන්නෝ යැ.

විස්තර : එහි වන පංක්තීහු පිපුණු මලින් ගැවැසුණාහු යැ, ඝන වෘක්ෂා ශාඛා ඇත්තාහු යැ. කොමළ මඳ සුළඟ හැමූ කලැ මේ වන පංක්තීහු නැමිනැමි යෙති. ‍ ඒ කෙබඳු ද සත් :- වන පංක්තීනු දු මහත් ගෞරවයෙන් නැමිනැමී රුක් ඇතු නමැති හිසින් මුවදෙව් රජු වඳනා වැන්නැ.

ටිප්පණි :

1. සුපුල් - අත්පිටපත්හි ගීයෙහි නම් ‘සුපුල්’ යනු මෑ එයි; සන්නයෙහි එනුයේ ‘පුල්’ යනු යැ. ‘විකසිත වූ’ යා යි අරුත් පැවැසිණ.

147.

අන්වය : එ රජ, කුරිරු රිවි තැවූලි බෙලෙන් විරී මමත වන් පිළි මිණි පව්වෙන් බට ගඟුල් හැලි බැලී.

පදාර්ථ් : ඒ රජ තෙමේ, ක්රෑ ර වූ සූර්යු සන්තාප බලයෙන් විලීන වැ (දිය වී) වහනය වන්නාක් මෙන් ස්ඵටික මණි පර්වබතයෙන් බටුවා වූ නිර්ඣර ධාරාවන් බැලී යැ.

විස්තර : පළිඟ පර්ව තයෙන් දිය දහර ගලයි. පර්ව‍තය ද සුදු යැ. පර්වතයෙන් පස්නා කලැ මෙහි වැදී පෙන මහත් රාහියක් උපදනා හෙයින් දිය දහර ද සුදු යැ. එ හෙයින් ‘පළිඟු පර්වතය මෙ දිය වී ගලන්නේ නො වේ දැ’ යි සිතෙන තරම් යැ. ගල් ගැසුණු හිම පර්ව තය නම් දරුණු වූ හිර අව්වෙන් දිය වී ගලා මැ යැ. හිම පව්ව ද පිළි මිණි පව්ව ද බෙහෙවින් සමාන වන හෙයින් එ බඳු රිවි අව්වෙන් පිළි මිණි පව්ව දිය වී ගල සේ සිතෙනු නො බැරි යැ’

අත් පිටපත්හි එනුයේ - එ රද පිළිමිණි පව්වෙන් බට කුරිරු රිවි තෙද තැවුලි බෙලෙන් විරි මිම් වන් ගඟුල් හැලි බැලී’ - යන අන්වයය යි. ‘එ රද බැලී ගගුලී හැලී පිළි මිණි

10



210 මුවදෙව් දා විවරණය [148-

පව්වෙන් බට කුරිරු රිවි තෙද තැවිලි බෙලෙන් විරි මිමී වන්’ - යනු ගී‍ය ‍ සේ එයි. ‘රිවි තෙද තැවුලි බෙලෙන්’ යන්නට ‘සූය්ය්ලෙ කාන්ති බලයෙන්’ යැ යි ද, ‘මිමි වන්’ යන්නට වැහෙන්නාක් වැනි වූ ‘ යැ යි ද අරුත් පැවැසෙයි. අරුත ගනිමු න්ම් ‘තද’ යනු හෝ ‘තැවුලි’ යනු හෝ එකාන්ත වශයෙන් අධීක යැ. ‘මිමි’ යනු සංවද්යල යැ.

148.

අන්වය : සිදු අඹුවන් අරණතෙහි ලූ ලා රෙසෙන් සන් විමල් ඉඳුනිල් මිණි තලට දවන කල හස් පෙළ දිටි.

පදාර්ථව : සිද්ධාම්බිකාවන් ගේ වරණ (පාද) අත්තයෙහි අඳනා ලද ලාක්ෂාද රායෙන් වැසුණා වූ නිර්ම්ල වූ ඉන්ර්ඳුනනීල මණි තලයට දිවෙන්නා වූ කල හංස පංක්තිය දුටුයේ යැ.

විස්තර : සිද්ධාඞගනාවන් ගේ පතුල් පියුම් වැන්නැ යි ද ඉන්ර්න්රනීල මනි තලය ගම්භීර ජලාශයයෙකැ පැහැයෙන් යුක්ත යැ යි ද මෙයින් ධ්වනිත යි.


ඉඳුනිල් මිනි තෙලෙහි සිදඹුවන් සරන කලැ ඔවුන් ගේ පතුල්හි ගෑ ලතු එහි වැකෙයි. ලතු රන් පැහැ ඇති හෙයින් ද පතුල් පද්මාකාර වන හෙයින් ද මේ සටහන් රත් පියුම් සදිසි වෙයි. ඉඳුල් මිණි තලය ද ගැඹුරු වූ ජලාශයයෙකැ පැහැ ඇත්තේ යැ. මේ දක්නා රාජ හංසයෝ. ‘රත් පියුමින් ගැවැසී ගත් පිරිසුදු දියෙන් යුත් විලක් ලදුම් හ’ යි ප්රීහතින් එ දෙසට දිවෙත්.

මෙ වැ අන් අයුරෙකින් ගෙනැ විදහයා පාන රහල් මහ තෙරණුවෝ -

‘සරත සුර’ ගත කැ ල ලා රස වැකි සරණ ත ල සොඳුරු පිළි මිණි ‍න ල තඹුරු පිපි සුර ගහෙ ‘ව් මනක ල’ ෴ යි.




-149 ] මුවදෙව් දා විවරණය 211

තිසර සන්දෙිශ කාරයන් ගේ -

‘පුර ගන සරත වරැ නිල් මිණි සඳලු තෙ ලේ වැකි ලතු පද ලසින් රැවැටුනු බමර කැ ලේ දැකැ දැකැ තඹරන් මැ මෙ පුරෙහි ගෙදිකු වි ලේ තම තුඬ නො ලත් එහි මිහි ලොලිනි කිසි ක ලේ

යනු ද මෙයට අසමාන නො වේ.

ටිප්පණි :

1. රෙයෙන් - රස + එන්.

2. කල හස් - මධුර නාදයට ‘කල’ යනු නමි. රාජ හංසයෝ කල නාදය කෙරෙත් ල. එ හෙයින් ‘කල’ හංස නාම‍යෙන් ඔහු ගැනෙති.

149

අන්වය : මහ සත්, කඳට නගා කන් හුවා නුව්න නිසල කැරැ රිසි සේ තමා බලමින් සිටි මුවන් දිටි.

පදාර්ථි : මහාසත්ත්වස (වූ මුවදෙව් රජ) තෙමේ. ග්රිඔවාව නහා ගෙනැ, කන් (කෙළින්) සිටුවා, ඇස් නිශ්චල කොටැ, කැමැති පරිදි තමා බලමින් සිටියා වූ මාගයන් දුටුයේ යැ.

විස්තර : යම් කිසි ශබ්ද මාත්රුයක් ඇසුණු කලැ ද ගෙල නඟාඟ, කන් සිටුවා, ඇස් මහත් ‍ කොටැ අයා නිහ්චල කොටැ ඇසිල්ලක් බලැ සිටැ, භයට කරුනු වේ නම් පැනැ යනු ද‍ නො වේ නම් සිටිය කි‍සෙහි යෙදෙනු ද මුවන් ගේ සිරිති. මේ මුවෝ එන රජු දැකැ ද නො දිවූ හ. නෙත් පුරා සිත් පුරා බලා සිටිය හ. රජු ගේ මෛත්රීග බලයන් ඔවුනට සොම්නස් උපන, භය පහ වියැ.

ටිප්පණි :

1. කඳට - සංස්කාතයෙහි ‘කන්ධ්ර’ යනුයේන මේ අර්ථ ය ලැබේ.

2. සිටි - ‘සිටු’ දයින් වූ අතීත කෘදන්ත නාම යි.


212 මුවදෙව් දා විවරණය [150--

150.

අන්වය ; මහ සත්. පියෙස්හි. කෙණෙර පිරිවර ගෙනැ අනේ ගිජිඳුන් කෙළනා අවුල් පවුල් පුල් විල් දිටි.

පදාර්ථ0 : මහාසත්ත්වු තෙමේ (ඒ හිමා ය ) ප්රථදේශයෙහි, ‍ කරෙ‍ණු (ඇතිනි) පරිවාරයන් ගෙනැ අනෙක හස්ති රාජයන් ක්රී ඩා කරන්නා වූ (එ හෙයින් මැ) ආකූල ව්යා කුල වූ (මල්) පිපුණා වූ විල් දුටුයේ යැ.

විස්තර : මුවදෙව් බෝසත් ඒ ප්රුදේශයෙහි විල් ද දුටුයේ යැ. ඒ විල් පිපුණා වූ නෙළුම් ආදි මලින් ගැවැසුණ ද බෙහෙවින් අවුල් වුයේ යැ. එසේ විටම හෙතව නම් බොහෝ ඇත් රජුන්ඇතින්නන් විසින් පිරිවරණ ලදු වැ ඇවුත් ඒ විලෙහි ක්රී ඩා කිරීම යි.

අත් පිටපත්හි ‘පියෙස්හි’ යන්නට ‘ඒ වන ප්රීදේශයෙහි’ යැ යි අරුත් පැවැ‍සේ. පෙළෙහි ද ‘එ’ යනු යෙදුණ මනා යැ එහෙත් පිටපත්හි නැති.

ටිප්පණි :

1. ගෙනැ - ‘ගත්’ (ගැනුම්හි ) ධාතුයෙන් සිද්ධ වූ පූර්ව ක්රිතයා නිපාත පද යි. ‘ගන’ ධාතුයෙන් සිද්ධ වන පූර්ව ක්රි යා නිපාත ගැනැ යි විනා ගෙන යි සිටිනු ශාස්ත්රෙ විරොධ වන හෙයින් ගෙනැ යනු ‘ගන්’ ධාතුයෙන් නො වැ ගෙන් (ගෙනීමෙහි) ධාතුයෙන් සිද්ධ යැ යි ද මතයෙක් වේ. මෙහි ව්යා’කුලත්වයයක් පැනෙන හෙයින් විස්තරයක් වුවමනා යැ.

ව්යානකරණ රීත්යිනුගත වැ ‘ගන්’ ධාතුයෙන් ගෙනැ යි පූර්ව ක්රි‍යා රූපයක් සිදු වියැ හැකි නො වේ යැ. යනු සත්යධයෙකි. ‘ඇ’ ප්රාත්ය‍ය කොටැ පූර්වි ‍ ක්රි යා පදය සිද්ධ කරන කලැ ධාතුහු ගේ ‘අ’ කරනය ‘ඇ’ කාර බවට මුත් ‘එ’ කාර බවට පැමිණීමක් නො වන හෙයින් එ සේ වී නම් ගෙනැ යනු කෙ සේ වි ද යන ප්රෙශ්නය උපදීත ‘ගන්’ ධාතුව උභය පදික යි. පරසෛම්පදයෙහි දී ගනී, ගනිත්, යනාදි වශයෙන් ද ආත්ම නෙප‍දයෙහි දී ගෙනේ. ගෙනෙත් යනාදි වශයෙන් ද ඒ වර නැගේ. සිංහල භාෂායෙහි එකම ව්යාදකරණ ග්රයන්ථය වූ සිදත් සඟරාව කළ පතිරජ පිරුවනුන් විසිනුදු සිංහල ක්රි යා පද විෂයයහි පරස්මෛපද ආත්මනෙපද භෙදයක් ඇතැ යි නො



[150- මුවදෙව් දා විවරණය 213

සලකන ලද හෙයින් ගෙනේ යන ක්රි යා රූපය දුටු ශාබ්දිකයෝ ‘ගෙන්’ යී ධාතුවක් ද, ඇති සේ සැලැකූ හ. ගෙන්වා යන ප්ර්යුක්ත පූර්වන ක්රි යා රූපය මේ සැලැකීමට තවත් හෙතුවෙක් ‍ වියැ.

‘ගණ’ (ගිණුම්හි) ධාතුයෙන් වූ පරමෛසපදික ගිණි ගණිනි, යන රූපයන් මෙන් මැ ආත්මනෙපදික ගෙණේ ගෙණෙති යන රූපයන් ද ‘බණ’ (බිණුම්හි) ධාතුයෙන් වූ පරමෛසපදික බණි, බණිති යන රූපයන් මෙන් මැ ආත්මනෙ පදික බෙණේ. බෙණෙති යන රූපයන් ද ඇති වන හෙයින් ගෙනේ යනු ‘ගන්’ ධාතුයෙන් වු ආත්මනෙපදික ක්රි යා රූපය යැ යනු සුචිත වේ. ගෙනැ යන පූර්වන ක්රිධයා පදය හා ගෙන්වා යන ප්රදයොජ්යර ක්රි යා රූපය ද්වයය මැ ‘ගෙනැ’ ධාතුවෙක් ඇතැයි වරදවා ගත්තන් විසින් ව්ය්වහාරයට පමුණුවන ලදැයි හැ‍ඟේ. මෙ හැඟීමට හෙතු මෙ තැන් සිටැ කන්වනු ලැබේ.

‘ගෙන්’ යි ධාතුවෙක් වේ නම් ඒ ගෙනේ, ගෙනෙති යනාදි වශයෙන් වර නැගෙන හෙයින් ආත්මනෙපදික වෙයි. එ හෙයින් ගෙනී යී පූර්ව් ක්රි යා නිපාත රූපය ද වියැ යුතු යි. වැටෙ වැටෙති ඈ විසින් වරනැහෙන ‘වට’ ධාතුහුගේ පූර්වන ක්රිනයා නිපාත රූපය යැ වැටි යි ද රිදේ, රිදෙති ඈ විසින් වර නැගෙන ‘රිදි’ ධාතුහු ගේ පූර්වු ක්රි.යා නිපාත රූපය රිදි යි ද සිටි. අන්ය‍ වූ ආත්මනෙපදික ධාතුන් ගෙන් වන පූර්වූ ක්රිකයා නිපාත රූපයෝ ද මෙ ලෙස සිටිත් ‍ ගෙනි යි පූර්වත ක්රිධයා නිපාත රූපයෝ ද මෙ ලෙස සිටිත්. ගෙනි යි පූර්වෙ ක්රි යා රූපයක් අසාධ්යග වන හෙයින් ගෙන් යි ධාතුවෙක්‍ නො වේ.

‘ගෙන්’ ධාතුහු ගේ අතීතකාලික රූපයෝ කවරහු දැ යි නිශ්චය කැරැ ගත නො හැකි යැ. අතීත කාලික ක්රි යාවන් යෙදෙන තන්හි කෘදන්ත පදයන් මැ බොහෝ ‍ෙසයින් භාවිත වන හෙයින් එ සේ ද බැලූ කලැ ව්යාවහාරයෙහි ඇත්තේ ගෙනා යන රූපය යි. මේ ‘ගෙන’ ධාතුයෙන් සිදු වූවක් නො වැ ගෙනැ යන පූර්වෙ ක්රිගයා පදය හා ‘එ’ (ඊමෙහි ධාතුයෙන් වූ ආ යන කෘදන්ත පදය හා එක් වීමෙන් සිද්ධ වූවෙකි. මෙයිනුදු පැහැදිලි වන‍ුයේ ‍ ‘ගෙන්’ ධාතුව ශශශෘඞගවත් වන බව යි.

ගැනැ යන පූර්වෙ ක්රිදයා පදයට ‘එ’ ඊමෙහි ධාතුරයෙන් වූ ‘ඵ්’ යන ක්රිධයා පදය එක් වීමෙන් ගැනේ යනු වැ ඉක්බිති ස්වරපර රූපයෙන් ගෙනේ යනු වී යැ යි ද කියැ හැකි වේ.





214 මුවදෙව් දා විවරණය [152-

ගෙනා යන තන්හි ආ යන කෘදන්තය යෙදිම මෙ මතය ‍සහෙතුක කෙරෙයි එ කලැ ගෙන්වා’ යනු ‘ගන්වා යන්නෙහි මැ විකාරයක් සේ සැලැකියැ යුතු යැ.

2. අවුල් පවුල් - මෙයට ආකූල ව්යායකූල’ යි අරුත් බැණුණ ද, ව්යා.කූලාර්ථවයෙහි ‘පවුල්’ යන්න කෙවල වැ යෙදෙන බවෙක් ‍ නො පෙන් ව්යාවහාරයෙහි ‘දත පත’ යනාදින් එක ලෙස අන්ත වන්නා වූ ශබ්ද යුග්මයක් යෙදෙන කලැ ඇතැම් වැටැ එකෙක් අර්ථ ශූන්යේ වෙයි.

151.

අන්වය : සුනිල් නුබ කුස්හි දුනූ රුසිරු නුබ ගහ වන් වූ විමල් ඉඳුනිල් පව්වෙන් බට ගඟුල් බැලී.

පදාර්ථ්: මොනොවට නිල් වූ ආකාශ කුක්ෂිේයෙහි උපන්නා වූ රුචිර (සිත් කලු) වූ ආකාශ ගඞගාව වැනි වූ නිර්මුල වූ ඉන්ර්ූ්කනීල මණි පර්ව තයෙන් බටුවා වු නිර්ඣරයන් බැලී යැ.

විස්තර : හිමාලයයෙහි ඉන්දුුනීල මණි පර්ව‍ත වෙයි. එයින් බස්නා ජලධාරා ද වෙයි. ඉන්ර්ුස්නීල මණි පර්වවතය ඉතා නිල් අහස වැන්නැ. පර්වවතයෙන් බස්නා හෙයින් පෙණ නැගී සුදු වූ ජලදාරාව ආකාශ ගඞ්ගාව වැනි වේ.

‘බැලු ගඟුල් හැලී සුනිල් මිණි පව්වෙන් බට සුනිල් නුබ කුස්හි දුනු රුසිරු නුබ ගඟ වන් වු’ - මේ අත් පිට පත්හි ගීය එන සේ යැ. එහෙත් ‘සුනිල් නුබ කුස්හි දුනූ රුසිරු නුබ ගහ වන් වූ විමල් ඉඳුනිල් මිණි පව්වෙන් බට ගඟුල් බැලී’ යනු ගැනෙන අන්වයය යි. ගීය විරිතට තනා ගන්නට නම් ‘මිනි’ යනු හළ යුතු යැ.

ටිප්පණි :

නුබ කුස්හි දුනු .......................... නුබ ගඟ - මෙහි ‘නුබ යනු දෙ තැනෙකැ යෙදුනු සේ රමනිය නො වේ.

152.

අන්වය : සෙමි නුබ තෙලේ පිරිවෙස් හුණු සරා සිසි මෙන්, වන ගෙළේ පිළි’ මිණි වට කොටැ බඳ තව පැල් දිටි.


153 මුවදෙව් දා විවරණය 215

පදාර්ථි: සෞම්ය වූ ආකාශ තලයෙහි පරිවෙෂය (වට රැස් වළල්ල) වැටුණා වූ චන්ර්ු යා මෙන් වන ඝටායෙහි (සමූහයෙහි) පිළිඟු (පවුර) හාත් පස කොටැ බඳනා ලද්දා වූ තපොගෘහයන් (තපස් රක්නා ගෙවල්) දුටුයේ යැ.

විස්තර : ඒ හිමාලය වන සමූහයෙහි තාපසයන්ට සුදුසු වූ පන්සල් වෙයි. පන්සල් වටා පළිඟු පවුරු යැ. වන සමූහය නිල් අහස වැන්නැ. පන්සල සඳ වැන්නැ. වටා බැඳි පිළිඟු පවුර සඳ මඬල වටා වැටුණු සුදු රැස් වළල්ල වැන්නැ.

ටිප්පණි :

1. පිරිවෙස් - චන්ර්ඟු සූර්යය මණ්ඩලයන් වටා විහිදි රැස් මඬුල්ල පිරිවෙස් නමි. සංස්කෘතයෙහි ‘පරිවෙෂ’ යනු වෙයි.


153.

අන්වය :- හිමි, සරා නුබ කුස් රැදැ වූ පැහැ සර පුන් සිසි ගින්, එක් පියෙසක් තමා තුනු සිරින් සැදී.

පදාර්ථ් : ස්වාමි (බොධිසත්ව ) තෙමේ, ශරදාකාශ කුක්ෂි්ය ප්රතභාසම්පන්න කළා වූ ප්ර්භාසාර වූ පූර්වා චන්ර්ි යා ගේ ආකාරයෙන්, එහි පණි ශාලාවෙකැ එක් ප්රපදෙශයක් තමා ගේ ශරීර ශොභායෙන් අලඞකෘත කෙළේ යැ.


විස්තර : බෝ සතු හිමාලය වනයෙහි වූ පන්සලෙක්හි තපස් කිරීමට පටන් ගත් බව මේ සේ නියැවිණ. ඒ ප්රමදෙශය ශරදාකාශය වැන්නැ. බෝ සත් සඳ වැනි යැ. ඔහු ගේ සිරුරු පැහැ සඳ පැහැ වැනි. සඳ තමා පැහැයෙන් යම් සේ අහස බබළවා ද, බෝසත් ද එ සේ මැ තමා ගේ සිරුරු පැහැයෙන් එ පියෙස බැබැළැවී යැ.

‘නුබ කුස්හි රැඳැ වූ’ යන පාඨය ගනිමින් අත් පිට පත්, ‘නොහො කුක්ෂිබයෙහි රඤ්ජමාන වූ’ යන අරුත දෙයි. රඤ්ජමාන වූ යන අරුතට සුදුසු ‘රැදි’ ‘රැදුණු’ යන දෙකින් එකෙකි, ‘රැදැ වූ’ යනු නො වේ. ‘රැඳැවූ’ යන කර්වරයක් ගන්නා හෙයින්, ‘නුබ කුස්හි’ යනු නො ගැළපේ.



216 මුවදෙව් දා විවරණය [154-

ටිප්පණි:

1. සිසි ගින් - මෙහි ‘ගි’ යනු ආකාරාර්ථැයෙහි වැටේ. (ගි + ඉන්.) කියන ලදුයේ මැ යි. රුවන් මල්හි, උපමා වාචක ශබ්දයන් දක්වන තන්හි -

පිළිරූ, නුරූ, අනුරූ, සුදුසු, හරණ, ගී මෙන්’ ෴ ඈ. ඉති වන වැනුම්. වන වර්ණවනය මෙ සේ යැ. _______

154.

අන්වය : අප දිය පියා යෙහෙන් තව කොටැ වසන සෙමෙහි, එ වෙනේ බිහිසුණු සැඬ මුව ගෙණේ මෙත් උමුව වී.

පදාර්ථි : අප ගේ ජගත් පිතෘහු සුව සේ තපස් කොටැ වාසය කරන සමයයෙහි ඒ වනයෙහි භීෂණ (භයඞකර) වූ චණ්ඩ මෘග සමූහයෝ මෛත්රීන උන්මුඛ වූ හ.

විස්තර : භීෂණ චණ්ඩ මෘගයෝ මෛත්රිඞය යනු කුමක් බවත් නො දනිති. දුර්වචල සත්ත්වියන් මරා ලේ බී මස් කා යැපෙති. එ හෙත් මුවදෙව් බෝ සතු තපස් කෙරෙමින් වාසය කරන කල්හි එ බඳු වූ චණ්ඩ මෘගයෝ ද මෛත්රිීයට මැ නැමුණා වූ සිත් ඇති වූ හ. බෝ සත්හු ගේ මෛත්රී් බලයෙන් සකල සත්ත්ව.යනට මැ මෛත්රි උපන.

කියන ලද මැ යි, සස දායෙහි දු- ‘එ විරු ගුණ බෙලෙ ‘න’ තර මිතුරු එක් සිගලෙක් යළි මකුළෙක් මසු කවෙක් සව් සත මැ මෙතු ‘මුව වු’෴

යනුයෙන් සස බෝසත්හු ගේ ගුණ බලයෙන් සකල සත්ත්වුයන් මැ මෛත්රනයුත්මුඛ වූ පරිදි සත් වග මෙතු ‘මුව වු කලැ පවත්නා පරිදි කියන ලද-



-155] මුවදෙව් දා විවරණය 217

‘ව්යා‍ඝ්රී් දෘෂ්ට්වා හරිණ්යඃ ස්වසුතමිව කාශම්පායයත්යායශු ශාඛං බහීච්ඡායං භුජඞගා ප්රරවිශති ශිධිනාමානපෛඃ ධින්නාදෙහඃ ක්රී්ඩනත්යාර ශීවිෂාණාං විෂදහනවතාං මූෂකා හොගහේ කුර්‍ඡානෙත්වං හි මෛත්රෂයා වසති ගිරිවනෙ යසතු තස්මෛ නමො ‘සතු’ ෴ යි.

(ව්යා‘ඝ්රීත - වග දෙන් තොමෝ. හරිණ්යාඃ - මුව දෙනගේ, කාහව - කෘශවු ශාකං - පැටවා, දෘෂ්ට්වා - දැකැ, අශු වහා, - ස්වසුතංඉව - සිය දරුවකු සෙයින් පායයතී - (කිරි) පොවයි; අතෙපෛඃ -අව්වෙන්. බින්න දෙකඃ - පෙළුණා, වූ සිරුරු ඇති, භූජංගඃ - නාග තෙමේ. ශිඛිනාම්‍ මොනරුන්ගේ, බර්හව්ජ යං) පිල් සෙවණට, ප්රවවිශති - වදී, මුෂකාඃ - මිසො, විෂදහනවතාං - විෂග්නි ඇත්තාවූ, ආශීවිෂාණාම් - සර්පයන් ගේ, බොගගර්ගෙ - දරණ ගබෙහි ක්රීදඩන්ති - කෙළිත්; හි - එ එ සේ ම යැ; යඃ තු - යමෙක් වනාහි, මෛත්රිඩය - මෛත්රියය කරණ කොට ගෙනැ, එවං කුවන් - මෙසේ ‍කෙරෙමින්, ගිරිවතෙ - ගිරි වන‍යෙහි, වසති වෙසේ ද. තස්මෛඃ ඕ හට; නමඃ අස්තු; නමස්කාරා වේවා!)

ටිප්පණි :

දිය පියා - සකල ලොක සත්ත්ව යාට පියකු මෙන් හිත සලසන් නට වන් හෙයින් බෝසත් දිය පිය නම් වේ.

2. මෙත් උමු - උමුව (උන්මුඛ) විම නම් නගන ලද මුව ඇති වීම යි. ‍යමි කිසිවකට බලවත් ආශා උපන් කලැ මුව නැ‍ඟෙනු සිරිති. එ හෙයින් බලවත් ආහාව ඇති වීමට උන්මුඛ වීම යැ යෙත්. මෛත්රිවය බලවත් ආශාව ඇති වූයේ ‍ ‘මෙත් උමුව’ වූයේ යැ.

3. සැඬ මුව ගෙණේ - ‘මුව’ ශබ්දය සමාන්ය්යෙන් චතුෂ්පාද පර්යා‘ය චතු දු මෙහි සකල තිරශ්චීනයන් කෙරෙහි වැටේ.

4. මුව ගණේ මෙතු ‘මුව වි - 87 වන ගීයට ලියූ 2 වන ටිප්පණිය බලන්නේ යැ. 155.

අන්වය : එ කල, ගෙර බුජගමා රුසිරු මොනර පියා ගබැ ගන හුණුසුමැ පුලුද්දේ. පෙරැ සේ තුඹස් නො වන්.

පදාර්ථම : ඒ කාලයෙහි, ඝොර වූ භුජඞග ම (සර්පු) තෙමේ රුච්ර වූ මයුර පක්ෂථ ගර්භයෙහි ඝන වූ උෂ්ණයෙහි ප්රූලුම්බ (ඉතා ලොල්) වූයේ, පූර්වෙයෙහි මෙන් තුඹසට නො වන්නේ යැ. 218 මුවදෙව් දා විවරණය [156-

විස්තර : උණුසුමට කැමැති නයා තුඹසට වදී. මොනරා නයි මරා කන්නෙකි මු‍වදෙව් බෝසතු තපස් කරන කල්හි නයා උණුසම ලබන්නට තුඹසට නො වන්නේ යැ. මොනරා ග් පියා ඇතුළතට මැ ‍වන්නේ යැ. එහි උණුසමු එ තරම් මනහර යැ හේ එහි එ තරම් ලොල් වූ යැ.

නයට පෙරැ මෛත්රී ලෙශයකු දු නො කළ මොරා දැන් එ සා මහත් මෛත්රිරයක් කරනුයේ බෝ සත්හු ගේ මෛත්රි .

කීයේ මැ නේ, සසදායෙහි දු -

‘තැවෙන ගිලනු ‘රා දැකැ ගිරි පිටැ හිරු රැසින් සිතින් පෙම් බැඳ සෙවණ කෙළේ සිකි පිල් මඬලින්’ ෴ යි?

ටිප්පණි :

1. බුජගමා - නාගයාට නමි. සංස්කෘතයෙහි ‘භුජඞගම’ යනු වෙයි. භූජඃ සන් ගච්ඡතිති භුජඞගමඃ ‘ යනු නිර්ව චන වන හෙයින් භුජ වැ හෙවත් කුටිල වැ යේ නු යි හේ ‘භුජඞගම’ නම් වේ.

2. පුලුද්දේ - පුලුදු + ඒ. ‘ප්රනලුබ්ම’ පුලුදු’ යන දෙක සමානාර්ථ යි.

156.

අන්වය : නළ, පැනට බට සිගලු බිය නො ගැණැ. ගුහෙන් නික්මැ, නගුලේ ඇගැ නිහිය ඩැහැ, ගඳ ගඟු‍ලේ කෙළ යැ.

පදාර්ථඇ : කර්ක ටක (හකුළු) තෙමේ, පැන් පිණිසැ (පැන් බොනු පිණිසැ) බටුවා වූ සිවලා කෙරෙන් වන භය නො විමසා (ගණනට නො ගෙනැ) ගුහායෙන් (බිලයෙන්) පිටපත් වැ, ලාඞගුලයෙහි (වාලධියෙහි) අග්ර ය සෙමෙන් දෂ්ට කොටැ සුවද වත් නිර්ඣරයෙහි ක්රී ඩා කෙළේ යැ.




-157] මුවදෙව් දා විවරණය 219

විස්තර : සිවල් තෙමේ කකුළුවා දුටු කලැ ඌ සවපා මස් කයි. එ හෙයින් සිවලා දැක්ම කකුළුවාට මහත් භයට කාරණයෙකි. පිටතැ සිටි කකුළු සිවලා දැකැ වහා බිලයට වදී. බිලයෙහි වූයේ තවතවත් ඇතුළට යෙයි. එ හෙත් මුවදෙව් බෝසතු තපස් කරන කලැ ඒ එ‍ෙස් නො වී යැ. සිවලා පැන් බොන්නට ගඟුලට එයි බිලයෙහි උන් කකුළුවා උහු දැකැ උහු ගෙන් දියැ හැකි බියක් ගණනට නො ගෙනැ, බිලයෙන් නික්මැ, පිටු පසින් අවුත්, පැන් බොමින් සිටි සිවලු ගේ නගුටෙහි අග තමා ගේ අඬුයෙන් සෙමෙන් දෂ්ට කොටැ, සිවලා ‘මේ කිමෙක් ද’ යි බලන්නට හැරෙණු හා සමග ගඟුලට පැනැ කෙළී. මෙහි නො කියාවුණ ද, සිවලා උහු දැකැ දර පෙම් උපදවා සිනා පහළ කරනු නිසැක යැ.

බෝ සත්හු ගේ මෛත්රී බලයක් බැලුව මැනැවි. කකුළුවාට සිලා ගෙන් වන භයෙන් නැත. සිවලාට වෙදනා වෙති යි බියෙන් කකුළුවා උහු ගේ වල ‘ග ඩසිනුයේ සෙමෙනි.

ටිප්පණි :

1. ගැණැ - ‘ගණ’ ගිණුම්හි දයින් වූ පූර්ව ක්රිවයා නිපාත පද යි. 2. නික්මැ - ‘නිකුම්’ දයින් වූ පූර්වව ක්රිගයා නිපාත යි. 3. ඩැහැ - ‘ඩස්’ ධාතුයෙන් වූ පූර්වව ක්රිගයා නිපාත යි. 4. කෙළි - මේ අතීත ආඛ්යාණත පද යි. 5. යැ - අර්ථාේවසානයෙහි නිපාත යි. 6. ගදගඟුලේ - ගඟුල ගන්ධවත් (සුවඳ) වීමට හෙතුව වන පුෂ්පාදින් සමඟ වන සම්පකීය යි.

157.

අන්වය : දාර, සුළගිනි වෙවුලන මුව පොල්ලනට පෙම් ‍කොටැ, තමා දළ දරණැ එවැ, තුස්මින් සැනැහී.

පදාර්ථැ : අජගර (පිඹුරු ) තෙමේ, සුලගින් වෙවුලන්නා වූ මුව පැටවුන් ප්රෙථම කොට, තමා ගේ මහත් වූ දරණ වැළ (වට කොට) බවා, ස‍න්තොෂ වෙමින් සැනැසුයේ යැ.

විස්තර : පිඹුරා මුවපැටවනු දුටු කලැ උන් දරණින් වෙළා ඇට බිඳැ ගිලියි. එහෙත් මුවදෙව් බෝසත්හු ගේ කාලයෙහි එ සේ නො ‍වී යැ. සුළං හමන කලැ මුව පැටවු


220 මුවදෙව් දා විවරණය [158-

ශීතයෙන් වෙවුලති. පිඹුරා ඒ දැකැ, දරු පෙම් උපදවා, මුව පැටවුන් වටා තමා ගේ දරණ වැළ පවුරක් මෙන් බහා, උන් සැළඟින් රැකැ සනසයි.

‘හොවා මල ලියෝ ළ දරුන් දාර දරණෙහි නිකුතු තන්හි තන්හි නිසැකියේ සිය කම්හි’෴

යනුයෙන්, කිරාතාඞගනාවන් ස්වකීය ළ දරුවන් අජගරයා ගේ භොගයෙහි හොවා නිසැක වැ ගිය සේ සසදායෙහි කියැවිණ.

ටිප්පණි : 1. පොල්ලනට - ‘පොලු’ යනු පොතකාර්ථ යෙහි වැටේ 2. එවැ - ‘ඕ’ (බැහැම්හි) දයින් වූ පූර්වව ක්රිටයා නිපාත යි. 3. සැනැහී - ‘සනහ’ (සනස) ධාතුයෙන් වු අතීත ආඛ්යාවත පද යි. 4. තුස්මින් - ‘තුස්’ ධාත්යෙන් වූ පූර්ව ක්රිුයා නිපාත යි.

158 අන්වය : රුදු මිහිඳු සෙණ, සසල, රන් ලිය විදු අවුල් ගල් වෙලෙහෙන්; මෙදෙන් අද දඩ ඇත් මුඳුනේ නො හිණි.

පදාර්ථ: රෞද්රෙ වූ මෘගෙන්ද්රේ (සිං) නමැති අශනිය (හෙණ) ගර්ජ නය කොටැ, ස්වර්ණද ලතා නමැති විද්යු,ල්ලතාවන් ආකුල වූ පර්වශත නැමැති වලාහකයෙන් (වලා කුළින්,) මදයෙන්ආර්ද්රි වූ වනය (වල්) හිස්තීහු ගේ මුඳුනෙහි පතිත නො වී ය.

විස්තර : පෙරැ සිංහයෝ ගර්ජනය කොටැ, රන් වැල් වැඩී ගැවැසුණු පර්වතයෙන් ඇතුන් මුදුනට පනිති. සිංහයා ගේ පිනීම හෙණ ගැසීමක් වැන්නැ සිංහ ගර්ජනය හෙණ පිපිරීමක් වැන්නැ. පර්වහතය වලා කුළක් වැන්නා, පර්වනතයෙහි වැඩුණු ‘රන් වැල් වලා කුළෙහි විදුලිය වැන්නැ. එ හෙයින් එ සේ සිංහයන් ඇතුන් මුඳුනට පිනීම, විදු ලිය ඇති වලා කුළෙකින්





-158] මුවදෙව් දා විවරණය 221

හෙණක් පුපුර‍ා ඇත්නු මුදුනට වැදුණා වැනි වෙයි. මුවදෙව් බෝසත්හු ගේ කාල‍යෙහි එ බන්දෙක් නො වී යැ. සිංහයෝ ඇතුන් නො මැරූහ. බොසත්හු ගේ මෛත්රිප බලය ඔවුනට ද පුරුද වී යැ.

‘ගල් කුළු කුඹු සියන් පියැලි පෙරැ පලන්නේ සෙණ සී එකල් නො හිණි රුදු ගිරි ගිජිදු මුඳුනේ’ ෴

යනුයෙන්, හස්ති පර්වුතයනට සෙණ නො ගැසූ සැටි සසදායෙහි කියැවිණ. සිංහයන් ඇතුන් සැනැහූ පරිදි ද වැනිණ -

‘වන ගජ කුමු පිළැ ඇනුණු කටු දැකැ බහසුරා තම නිය අගින් එ හැරැ නලපිඹැ තුඩින් සැනැහී’ ෴ යි.

ටිප්පණි:

1. රන් ලිය - හිමාලය වනයෙහි ස්වර්ණ ලතාවන් වෙති යි . යෙති.

2. වෙලෙහෙන් - වලහ + එන් = වලහෙන් = වෙලහෙන්. ‘වලහ’ සද වලාහකාර්ථ+ යි. ‘වලා’ යනු ‘වලහ’ යන්නෙහි ‘හ’ කාර ලොපයෙන් නිපන. වලහ = වල + අ = වලා.

3. සසලා -‘සසල (සැසැලුම්හි = ගැජුම්හි) දියින් වූ පූර්ව ක්රිලයා නිපාත යි.

මෙඝ ගර්නාර්ථ‘යෙහි සැසැලුම් ශබ්දය කියන ලද රුවන් මල්හිදු -

‘ගැජුම් හඬ මුමන තැතැනුම් ගිගුම් ගොස් නී සසල සසැලුම් ගිගුරුම් තරසන් ගිගිලි බොරවර’ ෴ යි.

4. මෙදෙ ‘නද දඩැත් - ඇතුන් ගේ මද වහනය අති කලැ දුරැ ද සිටුනා සිංහරාජයාට මද ගන්ධාතඝ්රාසණය වීමෙන්

222 මුවදෙව් දා විවරණය [159-

අසලැ ඇතුන් ඇති බව දැනේ. ඇත් මොළ බිඳීමෙහි ලොල උහුට උපදී. ‍ ‍ෙකා තරමි ඇත් මඳ ගඳ දැනුණ ද කො තරම් ඇත් මොළ රස සිහි වුව ද, දැන් සිංහයා ඇතුන් නො පෙළෙයි. හේ මෙතුමුව’ යැ.

159.

අන්වය : මල දූ වල අගනන් දඳටහි නිහිය ගෙනැ, යෙහෙන් හොඳ බොළඳ බස බෙණෙමින්, ඇ‍ඟෙහි කබර ගිණූ.

පදාර්ථෙ : කිරාතෘඞගනාවෝ (වැදි ගැහැනු) තුමූ ව්යාතල ධෙනූන් ශ්රිදවායෙහි සෙමෙන් (අල්ලා) ගෙනැ නිසැක වැ යහපත් බොළඳ වචන කියමින්, ශරීරයෙහි බින්දුග (ලකුණු) ගණන් කළ හ.

විස්තර : දිවි දෙනක දුට හොත් වැදි අඟනෝ බියෙන් පලා යන්නාහු යැ. දිවි දෙනක අල්ලන්නට ළං වුවකු දිවි පිටින් ගැලැවී අයනු අශ්චර්යයයෙකි. මුවදෙව් බොසතුහු ගේ සමයෙහි දී ඒ එ සේ නො වී යැ. වැදි අඟනෝ දිවි දෙනුනට නිසැක වැ ළං වෙති, උන් සෙමෙන් ගෙලෙන් අල්ලා ගනිති. උනට නිසැක වැ ආදරය හඟවන සොඳ බොළඳ වචන කියති. උන් ගේ ඇ‍ඟෙහි ලකුණු ගණිති.

සතුන් මරන්නට පරුදු වූ වැදි ගැහැනු ද දිවි දෙනුන් අල්ලන්නේ, උනට වෙදනා වෙ යි යන බියෙන්. සෙමෙනි. මස් කෑමෙහි ලොල් වූ දරුණු වූ දිවි දෙන්නු ද තමන් ගේ ගෙලෙන් අල්ලා ගන්නට ද ඇ‍ඟෙහි බින්දුන් ගණින්නට ද ඉඩ දෙති. මේ බෝ සත්හු ගේ මෛත්රිද ආනුභාවය යි.

ටිප්පණි :

මල දු - ‘මලය’ යනු දක්ෂිිණ ජම්බු ද්වීපයේ පර්වතයෙකි. එහි පෙරැ මිලෙච්ඡ (වනචර) මනුෂ්ය් වර්ග යෝ විසූ හ. ඔවුන් දිවි රැකියේ සතුන් විදැ මරා ගෙනැ කෑමෙනි. කඳු පෙදෙසට සිංහල යෙහිදු ‘මලය’ නම වෙයි. මලය වාසීනට ද මේ නාමය ‍අභෙදොප වාර වශයෙන් යෙදිණ එ‍ හෙයින් ‘මල’ යනු කිරාතයනට (වැද්දනට) වූ නමෙකි. කිරාතයන් ගේ ස්ත්රීමහු ‘මල දූ’ නමින් ගැනුණ හ.

‘වැදි පුත්’ යන ආදි තන්හි ‘පුත්’ යනු ඒ ගොත්ර යට අයත් වුවකු හඟවන්නා සේ මෙහි ‘දූ’ යනු ඒ ගොත්රහයට අයත් ස්ත්රිොයක හඟවයි.



-160] මුවදෙව් දා විවරණය 223

2. කඳටහි - කරණාර්ථ යෙහි පස් වන විබත් යෙදුණු තැනෙකි.

3. වල අඟනන් ඇ‍ඟෙහි කබර - ‘වල’ (ව්යානල) යනු දිවි වෙසෙසකට නමි. උන් ගේ ඇ‍ඟෙහි මණ්ඩලාකාර ලකුණු (පුල්ලි) වෙයි. එ බඳු ලකුණට ‘ද්විප’ යනු සංස්කාත නාමය යි. සිංහල යෙහි ‘දිවි’ යනු වෙයි. ද්විපයන් ඇත්තේ ‘ද්වීපින’ නම් යැ. දිව් ඇත්තේ දිවි යි. කිරාතාඞගනාවන් විසින් ගණනා ලද්දේ මේ කඅයැ වුණු ද්වීපය යි . ඒ ‘කබර’ නමින් මෙහි දැක්විණ.

160.

අන්වය : මුවෝ, වලග හසරෙහි. යෙහෙන් ඌලේ පැන් උරමින්. තඹ පල්ලේ මුව ලමිති, රිසි සේ ඇවිදියෝ.

පදාර්ථඞ : මෘගයෝ. ව්යා ඝ්රේයන් (සඤචාරය කරන්නා වූ මාර්ගථයෙහි නිසැක වැ උල්පතෙ හි පැන් බොමින් රතු දළුයෙහි කට දමමින් (කමින්) කැමැති පරිද්දෙන් ඇවිද්දේය.

විස්තර : ව්යා්ඝ්රදයන් යස මගෙකැ මුවන් හැසිරීම මහා ආශ්චය්‍් ොටසයෙකි. මුවදෙව් බොසත්හු විසු වනයෙහි ඒ අශ්චය්ය් ැන‍යෙක් නො වේ. ව්යායඝ්රහයෝ පුරුදු මඟැ යෙති. මුවෝ ඒ බවක් නො දත්තවුන්‍ මෙන් උල්පතින් පැන් ‍ බොමින් තඹ වන් ලා දළු කමින් රිසි සේ ඇවිදිත්. ව්යා ඝ්රෙයෝ මුවන් දැකැ කන්නට නො පනිති. මුවෝ ව්යා ඝ්රියන් දැකැ නො පලති.

‘මෙ තුමුව’ වූ ශාර්දූලයා මලෙහි බැඳුණූ මුවා ඉන් මිඳු සේ කියැවිණ, සසදා යෙහි -

‘සිසාළ මුව කරැ වැල් මලක් දැකැ නො සරස් දැවැ වැදැ දතිනි කැපී සදුල් වදුලින් බැහැවී’ ෴ යි.

ටිප්පණි :

1. ඇවැදියෝ - ‘ඇවිදි’ යනු ‘ඇවිදු’ දයින් වූ අතිත කෘදන්ත නාම යි.


224 මුවදෙව් දා විවරණය [162-

2. උරමින් - ‘උර’ දයින් වූ මිශ්රය ක්රි යා නිපාත යි. 3. තඹ පල්ලේ - ළ පලු තඹ පැහැ ඇත්තේ යැ.

161.

අන්වය : බුජගමා, කුරිරු රිවි තෙදිති ලෙඩ මැඬියන් දැකැ සමග තමා පෙණ සත් සෙවණෙහි සැතැපැවී.

පදාර්ථ2 : භූජඞගම තෙමේ, ක්රෑ ර වූ සූය්ය්්ා රහ්මියෙන් ක්ලාන්ත වූ මණ්ඩුකයන් දුටුවා හා සමඟ මැ (දුටු කෙණෙහි මැ ) තමා ගේ පෙණය නමැති ඡත්රුච්ඡා‍යායෙහි (කුඩ සෙවණෙහි ) විශ්රාණමය කැරැවී යැ.

විස්තර : මැඩියන් දුටු හොත් උන් ගිලැ දමන තාක් නයාට වෙන සි‍හියෙක් නැති. එහෙත් මඛාදෙව තාපස සමයයෙහි නයා කුමක් කළේ ද? සූය්ය්්ා රහ්මියෙන් ලොඩ වූ මැඬියන් දුටුව හා මැ ගොස් තමා ගේ පෙණ විදහා මැඬියනට සෙවණ කොටැ උන් සැනැසී යැ. දරුණු වූ නයා පවා එ තරම් ‘මෙතුමුව’ වී.

නයා බාල මණ්ඩුකයනට සිය දරුවනට ද වඩා ප්රෙනම කළ පරිදි කියැවිණ . සසදායෙහි-

‘ළද දැදුරන් ගෙනැ සුතන් හැරැ කරැ හිඳුවා පියක්හු ගින රගොත බිජග කෙළි පෙණ පිටුහි’ ෴ යි.

ටිප්පණි :

1. දැකැ සමග - ‘දුටුවා හා සමඟ මැ’ යනු අර්ථක යි. නයා ලෙඩ මැඩියන් දැකැ මොහොතකුදු නො සිටියේ යැ. ඒ සැණින් මැ ගොස් මැඬියන් ගේ ලෙඩයට පිළියම් සැපැයී යැ. උහු ගේ මෙත් ඒ තරම් මහති.

102

අන්වය : මෙදෙන් අද ගද ගිජිදු සහගුම් බිඟ වැළ සියෝ ලෙළ විපුල් සුපුල් ගන සා සත්පත් රුක් නුඋපුළ.

පදාර්ථ් : මදයෙන් ආර්ද්ර් වූ ගන්ධම හස්ති රාජ තෙමේ, ඝොෂ සහිත වූ භෘඞගාවලියෙන් යුක්ත වූ ලෙළ දෙන්නා වූ විපුල (බොහෝ) වූ සුඵුල්ල වූ ඝන ශාඛා ඇති සප්තපර්ණව වෘක්ෂොයන් නො ඉදිරි යැ. -144] මුවදෙව් දා විවරණය 225

විස්තර : සප්තපර්ණ (රුක් අත්තණ) කුසුමයෙහි ද ගජ මදයෙහි ද සුවඳ අතිශයින් සමාන යැ. එ හෙයින් බමරු සප්ත පර්ණදයට ද හස්ති කපොලයට ද එක සේ පැමිණෙත්. සප්ත පර්ණ යෙහි මල් පිපවුණු කලැ ඉන් එන ගන්ධකය හස්ති මද ගන්ධයයැ යි වරදවා ගත් හස්තීහු. ‘විරුද්ධ හස්තීන් පැමිණියේ වනැ’යි පරීක්ෂා් කොටැ බලා, ගසින් එන සුවඳ බව දැනැ, නො ඉවසිල්ලෙන් ඵ් ගස් උදුරත් මුවදෙව් සමයෙහි මෛත්රී් බලයෙන් වශීකෘත වූ සමද ගන්ධ හස්තීහු මෙ බන්දක් නො කළ හ.

සප්තපර්ණ ගජ මද ගන්ධස සාම්යොය වැනු හ. විජයබාඉ පිරුවන්හි -

‘ගිජිදුන් සත් ම දේ සත්පත් කුසුම් සුව ‍ඳේ නො මැ හැඳිනැ ඇවි දේ බමර මුළු මිදි වෙහෙස නොම ‍ඳේ ෴ යි

සත්පත් කුසුම් ඇත්න් ගේ අසූයාවට හෙතු වන සේ කාලිදාසයෝ කී හ.-

‘ප්රිසවෛඃ සප්තපර්ණාෙනාං මදගන්ධිුහිරාහතාඃ අසූයයෙව තන්නාගාං සප්තධෛව ප්රඳසුස්රැ්වුඃ’ ෴ යි.

(සප්තපර්ණාුනාම් - සප්තච්ඡ ද වෘක්ෂයන්ගේ , මදගන්ධිහිඃ - මද ගන්ධ යෙන් යුක්ත වූ, පුසවෛඃ - කුසුමයෙන්, ආහතාඃ - පහරන ලද්දා වූ, තන්නාගාඃ - ඒ රඝු රජහු ගේ හස්තීහු. අසුයයා ඉව - ඊර්ෂ්යාකයෙන් මෙන්, සප්තාධා එව - සත් තෙනින් මැ, ප්රෛසුස්රැණවූඃ මද වහනය කළ හ)

සස දායෙහි දු කියැවිණ -

ගන සා සත්දල දුම් මද ගඳ රොන් මමන සසහස ළෙන් නැරැඹු හිඳුවා කන් දඩැ ‘ත කැල’ ෴ යි.

ටිප්ඵණි :

1. මෙදෙනඳ ගඳ ගිජිදු - ගන්ධ’ හස්තියා මඳ නැගුණු කල්හි වඩා ලා මැ චණ්ඩ වෙයි. එ සේ වූ ද එහු ‍ ‍ ‘මෙතුමුව’ වීම ආශ්චර්යක වන හෙයින් ‘මෙදෙන් අද’ යනු විශෙෂණ කළ හ.

15


226 මුවදෙව් දා විවරණය [163-

2. සහගුම් බිඟු වැල සියෝ - වෘක්ෂසයන් අතිශයින් සුගන්ධලවත් පුෂ්පයෙන් ගහන වූ බව ද එ හෙයින් මැ හස්තිහු ගේ මහත් අසූයාවට හෙතු වියැ යුතු බව ද මින් හැඟැවෙයි. එ බඳු වූ ද සත්පත් රුක් නුපුළ හෙයින් උත්කර්ෂායෙන් වැනුණේ හස්තිහු ගේ මෛත්රීය බලය යි.

3. නුඋපුළ - නො + උපුළ. ස්වර්ණය දීර්ඝහයෙන් නුපුළ’ යනු ද වෙයි. ‘උපුළ’ යනු ‘උපුරු’ ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.

4. විපුල රුක් - හස්තිහු ගේ අසූයාව අතිශයින් මහත් වියැ යුතු බව හඟවන්නට ‘විපුල්’ යන විශෙෂණය ගත් හ. එක මැ සත්පත් රුකක් දැකැ කිපෙන ඇත් බොහෝ රුක් දුටු කලැ කෙ සේ නම් නො කිපේ ද?

163.

අන්වය : ළැවුගිනි ගුරුළු, ගන සා හිවි පෙණ පෙළ ලකුළු වල් බුජ‍ගමා කුරිරු දල කිඳු පසුරින් නො ගත්

පදාර්ථු : දාවාග්නි නමැති ගරුඬ තෙමේ, ඝන ශාඛා නමැති පැතුරුණා වූ පෙණ පෙළ අලඞකෘත කළා වූ අරණ්යා නමැති භුජඞගමයා (නයා) ක්රෑරර වූ (මහ්නි) ජ්වාලා ස්කන්ධව නමැති (නිය) පසුරින් නො ගත්තේ යැ.

විස්තර : වනයෙහි ගස් වැටීමෙන් ඇතැම් විටැ ගින්නෙක් හට ගනී. එය පැතිරැ යාමෙන් වනය දා‍ යෙයි. දාව‍යෙහි (වනයෙහි ) - ළැවුයෙහි - හට ගන්නා හෙයින් එයට දාවාග්නි - ළැවු ගිනි යන නම් වෙයි. එ බඳු ලැවු ගිනි මුවදෙව් සමයයෙහි හට නො ගත. අචෙතන වූව ද ‘මෙතුමුව’ වූ මෙන් වනය නො පෙළී යැ.

පැතිරැ යන ළැවු ගින්න ගුරුළකු වැන්නැ. ගිනි දැක් කඳු ගුරුළා ගේ නිය පසුරු වන්නැ. වනය නයකු වැන්නැ. වෘක්ෂි ශාඛා පෙණ පෙළ වැන්නැ. එ හෙයින්, විහිදුණු වෘක්ෂය ශාඛා ඇති වචනය (ගිනි දැල් සමුහයෙන් ගන්නා ගින්න විහිදුවන ලද පෙණ ඇති නයා නිය පසුරනි ගන්නා ගුරුළකු වැනි වේ . එ කලැ ළැවු ගිනි ගුරුළා වන බාුජ හා නො ගත්තේ යැ.




164] මුවදෙව් දා විවරණය 227

1. හිවි - අකර්මනක ‘හිව’ ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.

2. ළැව් ගිනි - මෙය උපදවන අයුරු කාලිදාසායෝ කීහ -

‘තං චෙද්වායෞ සරති සරලස්කන්ධපසංඝට්ටජන්මා

බාධෙතොල්කාක්ෂුපිත චමරිබාල භාරො දවාග්නිඃ’ ෴ යි

(වායෙං - පවන්හු, සරතී - හැසිරෙන කල්හි, සරලස්කස්ධ - සරල වෘක්ෂ ස්කඣයන් ගේ, සංඝටට ජන්මඃ - අන්යොෙන්යලස - සමීණයෙන් උපන්, උල්කා - විස්ඵුලිඞගයෙන්, ක්ෂපිත - නමන ලද, චමරි බාලභාරඃ - චමරීන් ගේ කෙෂ සමුහ ඇති, දවාන්තිඃ - ලැම් ගින්න්, තම - ඒ හිමාලය පර්වනතය, බාධෙතවෙත් - පෙළෙන්නේ වී නම්-)

3. පසුරින් - ‘පසරු’ යනු නඛ සහිත පාද යැ යන අර්ථග ඇත්තේ යැ. රුවන් මල් හී -

‘පසුරු සද සර‍ණෙහි දිය යන් වෙසෙස්හි දුඩේ’ ෴

යනුයේන ‘පසුරු’ ශබ්දයා ගේ වරණාත්ථිත වාචිත්වසය කියැවිණ.

164

අන්වය : තමා මහඟු ගුණෙන් සියල් වන පිවිතුරු කැරැ සෙරෙන් නිති දහම් සැරැ සැවැ ගොස් බඹ තලැ බිජි.

පදාර්ථ : තමා ගේ මහර්ඝඹ වූ ගු‍ණයෙන් සකල වනය පවිත්රත ‍ කොටැ බොහෝ කාලයක් මුළුල්ලෙහි නිත්යේයෙන් ධර්මගයෙහි හැසිරැ ව්යුනත වැ ගොස් බ්ර්හ්ම ලොකය භජනය කළේ යැ.

විස්තර : මුවදෙව් බෝ සත් හිමාල වනයෙහි දීර්ඝැ කාලයක් තපස් කෙළ් යැ, නිත්යමයෙන් තපස් කෙළ් යැ, චණ්ඩ සතත්වැයනුදු මෛත්ර්පුත්මුඛ වීම් ආදියෙන් සකල වනය පිරිසුදු වන සේ තපස් කළේ යැ; එ සේ තපස් කොටැ ඉක්බිති මනුෂ්යාරත්මභාවයෙන් ව්යු ත වැ ගොස් බ්රඩහ්ම ලොකයෙහි උපන්නේ යැ.

ටිප්පණි : 1. සැරැ - ‘සර’ (සැරුමිහි) දයින් ව පූර්වැ ක්රි යා නිපාත

288 මුවදෙව් දා විවරණය [164-


2. සෙරෙන් - (සැර + එන් = සැරෙන් = සෙරෙ‍න්) සුවාසු දහසක් හවුරුදු තපස් කළ හෙයින් මෙ සේ කී හු.

3. සැවැ - ‘සව’ ධතුයෙන් වූ පූර්වැ ක්රි යා නිපාතයි.

4. ‍ගොස් - ‘යා’ ධාතුව නිසා නිපාතයෙනි වූ පූර්වි ක්රි යා පදයෙකි.

4. බිජි - ‘විජෘම්භමාන වි’ යනු පුරාණ සන්න යි. ‘බඹ තෙලේ’ යන පාඨයට ‘බ්ර්හ්මය ලොකයෙහි ‘යන අරුත එහි පැවැසේ


ඉති මෙන් ලකර හා බඹ ලොවැ දිනිම් මෛත්රියලඞකාරය හා බ්රමහ්මලොකපත්තිය මෙ‍ සේ යැ. ________________ මාභුදායාස ඉත්යාාස්යා කාව්ය6ස්යා්ර්ථාුවබොධනෙ ශිෂ්යායණං මුනිදාසො ‘දා දෙතද්විරණං මුදා ෴ _________ මුවදෙව් දා විවරණය නිමි.


__________