මුවදෙව් ‍දා විවරණය-විවරණය iii

85.

අන්වය : සසිනිඳ නෙළුඹු දල ගැබැ සැදි බැහැ සර තුසර බිඳු මරා මිනි තැටියැ එත කොමළ මුතු සිරි බිජි.

--86] මුවදෙව් දා විවරණය 143

පදාර්ථ  : සංස්නිග්ධ වූ පද්ම පත්රන ගභර්යෙසහි (නෙළුම් පත ඇතුළතැ) සැදුණා වූ ප්රරභා සාර වූ තුෂාර බින්දුි, මරකත මිණි වෂකයෙහි බැහූ කොමල වූ මුක්තා ඵලයන් ගේ ආකාරය භජනය ක‍ළේ යැ.

විස්තර : උදය කාලයෙහි නෙළුම් පතෙහි පිනි බිඳු වෙයි. නෙළුම් පත නිල් හෙයින් මරා මිණි තැටියක් වැන්නැ. එහි පිනි බිඳු මුතු ඇට හා අතිශයින් සමාන යැ.

ටිප්පණි :

1. ඔත - ‘ඕ’ (බැහුම්හි) දියින් වූ අතීත කෘදන්ත නාම යි.

86.

අන්වය : වැට, අදින් කලුන් කෙළි සරත අඟ නො දක්මි යි වී, තැවුලි වඩා පැහැ පියා වෙවුලා ගිය එව්.

පදාර්ථි : ප්රාදීපය තෙමේ , ‘මෙ තන් පටන් කාන්තාවන් ගේ ක්රි ඩායෙන් ශ්‍ර්ාන්ත වූ ශරීරය නො දකිමි’යිි කියා (චිත්ත) තාපය වඩා, ප්ර්භාව (අත්) හැරැ වෙවුලා ගියා වැන්නැ.

විස්තර : උදය කාලයෙහි ආලොකය එත් මැ ප්රාදීපයෙහි පැහැය අඩු වීම ද සුළඟ වැදීමෙන් ප්රපදිප ශිඛාව වෙවුලා යෑම ද සිරිති. රාත්රිුයෙහි කාන්තාවන් කළ දෑ බලා තවතවත් දැකිනු රිසි වූ ප්රමදීපය ඒ දෑ දැන් දැන් නවත්වන බව දැනැ, ‘තවත් එබඳු දෑ දැකුම් නැතැ’යි මහත් දොම්නසට පැමිණ, තමාගේ කාන්තිය ද හැරැ දමා වෙවුලා ගියා වැන්නැ යි කවීහු උත්ප්රෙුක්ෂා් කළ හ.

මාඝයෝ ද කි හු මැයි -

‘අනිමි‍ෂමවිරාමා රාගිණාං සර්ව රාත්රං් නවනීධුවනලීලාඃ කෞතුකෙනාතීවීක්ය්ණාං ඉදමුදවසිතානාමස්ඵුමාලොකසමප - තනයනමිව සනිද්රංම ඝුර්ණ්තෙ දෛපමර්විඃ’ ෴ යි

( රාගිණාං - කාමින්ගේ හා කාම්නින් ගේ හා, අවිරාමඃ - අවිච්ඡින්ත වූ, තවනිධුවනලීලාඃ - අභිනව සුරත විලාසයන්, කෞතුකෙන - ආශායෙන්, අතිටිපං - ඇස් නො පියා සර්වාුරාත්රංස - මුළු රෑ , අතිවික්ය්ිය් - බොහෝ කොටැ බලා,


144 මුවදෙව් දා විවරණය [86-

ඉදම් - මෙ, අස්ඵුට - මඳ වූ අලොකසම්පත් - අලොකසම්පත්ති ඇති, දෛපම් අර්වි = ප්රදදීපජ්වාලාව (පහන් දැල්ල), සනිද්රෘ් සහිත වූ, උදවසිතානාම් - ගෘහයන් ගේ, නයනං ඉව - ඇසමෙන්, ඝූණිතෙ = වෙවුලා)

ප්රංභාතයෙහි ප්රනදීපයන් ගේ නො බැබැළීම කියන ලද මැ යි-

‘න දීපා රාජන්තෙ ද්රපවිණරහිතානාමීව ගුණඃ’ ෴ යි.

(දීපාඃ, ප්රපදීපයෝ; ද්රතවිණරහිතානාම්, වස්තුරහිතයන්ගේ හෙවත් දිලිඳුන් ගේ; ගුණඃ ඉව, ගුණයන් මෙන්, නරාජන්තෙ නො බැබැළෙත්; ප්රගබාරහි.ත යෝ යැ යූ සේ යි.)

ටිප්පණි :

1. අදින් - අද හබ්දයට ‘ඉන්’ පස යෙදිමෙන් සිද්ධ යැ. අද යනු බොහෝ සේ මැ ‘මේ දිනය’ යන අර්ථ යෙහි වැටෙතුදු මෙ තන්හි ‘මේ වේලාව යා’ යන අර්ථ යෙහි යෙදිණ. සංස්කාතයෙහි දු අද්ය‍ ශබ්දය ඇතැම් විටැ මේ අර්ථ යෙහි යෙදේ. එ හෙයින් කීහ. ‍ සොමදෙවහට්ටයෝ -

‘අද්ය. ගච්ඡ ගතා රාත්රිඃ්’ ෴ යි.

(රාත්රිඃන . රාත්රිහ තෙමෝ , ගතා, ගියා යැ, අද්යව ,දැස් ; ගච්ඡ , යා)

2. දක්මි - ‘දිස්’ ධාතුවට ආදෙශ වූ ‘දක්’ යන්නට ‘ඉමි’ විභක්තිය යෙදිණු කලැ දකිමි යනු‍ වේ මේ ආඛ්යාකත රූපයා ගේ ‘කි’ යන්නෙහි වූ ස්වරය ලොපයට පැමි‍ණිමෙන් දක්මි යනු සිද්ධ යි. දකිමි යන්නෙහි අන්ත්යභ ස්වර ලොපයෙන් දකිම් යී ද රූපයෙක් වේ. මෙ සේ දකිමි, දක්මි, දකිම්, යී එක මැ ආඛ්යානත පදයා ගේ රූපයෝ තුන් දෙනෙක් වෙත්’

දක්මි යනු මෙහි අනාගතකාලික ආඛ්යා්ත රූපයෙකි. වතර්මාපනාර්ථරයෙහි දු මේ ආඛ්යානත රූපය මෙ සේ මැයි. සිංහල භෂායෙහි විශෙෂයෙන් අනාගතාර්ථි සූවක වූ ආඛ්යානත විභක්තීහු නැත්තා හ. අනාගතයෙහි දු යෙදෙන්නාහු නම් වර්ත‍මාන විභක්තීහු මැ යැ.

සිදත්සඟරායෙහි --

‘ඒ ඉ ඊ උ ද අයු - වත්මත් ඉ ඕ ඒ ආ නේ යුත් අන් එනොන්තේ - අත්කරු එකතැ ‘නායේ ෴’

-87] මුවදෙව් දා විවරණය 145

යනුයෙන් මුළාවට පත් නවීන ව්යාඅකරණකර්තෘතහු ද අන්නේ, එන්නේ, ඔන්නේ, නේ, යන මොවුන් අනාගත විභක්තිනැ යි දක්වති අන්නේ විභක්තිය යෙදෙන තැනක් නො වේ. ඒ කරනු යන කෘදන්ත නාමයා ගේ ප්රමථම එකවචනාත්ත රූපය යි. ඉදින් කරන්නේ යනු ආඛ්යානත පදයෙක් වේ නම් කරන්නා, කරන්නාව, යනාදිය ද ආඛ්යාකත පද වියැ යුතු යැ.

‘සිල්ප සත් වන දවසැ දක්වමි’ ෴ ‘මම ද එමි එ මැ දින’ ‘උවම් නැත දුට කියමි මින් මතු’

යනාදි අනෙක් ස්ථානයෙහි පුරාතනයෝ අනාගතාර්ථතය දක්වනු වස් වර්ත මාන විභක්තිය මැ යෙදූ හ. පතිරජ පිරුවනුන් ගේ ‘සද දහමින් සද හෙනි හොත පස් පෙරැළි ඈ කරනු’ යන උපදෙශය වාග්දාරිද්යැ පහරණකර වූ කල්ප වෘක්ෂනයක් කොටැ ගත් ශාබ්දිකයෝ අනාගතර්ථ සුවක වූ ‘දක්වමි’ යනාදීන් ‘කිරිය පෙරැළියට’ නිදසුන් කොටැ දක්වත්.

3. පියා - ‘පිය’ ධාතු යි.

4. වෙවුලා = ‘වෙවුල’ ධාතු යි.

පිටපත් හි එනුයේ ‘වෙවුලී’ යනු යි. එක් පිටපතෙකැ ‘වෙවුළු’ යනු ද එයි. තැනට නො ගැළැපේ. පුරාණ සන්නයෙහි ‘චලිත වැ’ යන අරුත පැවැසිණ.

87.

අන්වය : මඳ මුහුලු කුමුදුහි හි රචන බමර ගෙණ සක් ලැ නරතුරු පිඹැ නිරිඳු සඳු ‍ පොබයා මෙන්.

පදාර්ථය : මඳක් හැකුළුණා වූ කුමුද පුෂ්පයන්හි වැටී නාද කරන්නා වූ භ්රකමර සමූහය තෙමේ ශඞඝයන් ගෙනැ නො නවත්වා මිඹැ නරෙන්ද්රොැත්තමයා ( නින්දෙන්) පුබුදුවන්නා වැන්නැ.

විස්තර : රාත්රිවයෙහි පිපෙන්නා වූ කුමුදු මල් උදයැ. හැකිළෙන්නට පටන්ගනී. සම්පූර්ණයෙන් නො හැකුළුණු මල්හි බමරු බැසැ නාද කෙරෙති. සුදු කුමුදු මල මඳක් හැකුළුණේ මැද මහත් වූයේ විවර සහිත වූයේ සකත් මෙන් වෙයි. ඇතුළතැ. 10

146 මුවදෙව් දා විවරණය [88-

බමරුන් හඬනුයෙන් සකින් හඬ නික්මෙන්නා වැනි යැ. එ හෙයින් මද් හැකුළුණු කුමුදු මලෙහි භෘඞග නාදය රජහු පිබිදැවීමට කැරෙන සක් පිඹුමක් වැනි වේ.

පුරාණ සන්නයෙහි ‘මඳ, මඳ’ යනු ‘රවන’ යන්නට විශෙෂණ කොටැ ‘මඳින් මඳින් පවත්වන්නාවූ’ යැ යි අරුත පැවැසිණ.

ටිප්පණි : 1. රචන - ‘රව’ (නදෙහි) ධාතු‍යි. 2. ගෙණෙ - ගණ + එ = ගණෙ = ගෙණෙ.

ප්ර්ථම එකවචන ‘ඒ’ යනු ප්රිකෘතියෙන් මැ සිටිනුයේ පුල්ලිඞග ශබ්දයන් වර නැ‍ඟෛන කලැ යැ. හේ එකත්වාය හඟවන ලකුණෙකි. මේ විබත ගත් ශබ්දයක් කොතරම් බහ්වර්ථ් වූව ද එය උක්ත කරන ආඛ්යාකතය එකවචන කොටැ මැ යෙදීම සිංහල රීති යි. එ හෙයින් මේ ‘ගෙණෙ’ යනු ‘ඩපාබයා’ යන එකවචනය ආඛ්‍යාත පදයෙන් උක්ත වි.

3. පිඹැ - ‘පුඹු’ ධාතු යි.

ඇතැමෙක් පිඹි - පිඹිත් - යනාදිය මැ බලා මෙහි ‘පිඹ’ ධාතු යැ යෙත්. ධාතු ‘පිඹ’ යනු නම් ‘පිම්බා’ යනාදිය ප්රෙයුක්ත රූප වියැ යුතු. එ සේ නොවන බව් -

‘රුදු විරුදු පුම්බා ‘ ෴ ‘ළතර රුපුන් ජය ගැනැ පුබ්බා විරුදු’ ෴

යනාදි ප්රියොගයන් ගෙන් ස්ඵූට වේ.

4. සක් ලැ - මෙහි ‘ලා’ යනු ‘යොදා’ යන්නට සමාන අර්ථ ඇත්තේ යැ

5. පොබයා - ‘පොබය’ ධාතු යි.

88.

අන්වය : උදා මිහිදුරු බෙයදෙහි සැදි තුරුණු රිවි සහසැස්හු වදුරු අවියෙන් පියා සුන් වණ වෙන් වි.

පදාර්ථ් : උදය මහිධරයා ගේ (පර්වණතයා ගේ) මෙඛලායෙහි (අංශයෙහි) සැදුණා වූ තරුණ සූර්යහ තෙමේ, සහශ්රාණක්ෂියා ගේ (ශක්ර(යා ගේ) වජ්රාොයුධයෙන් පක්ෂ ය (පියා පත) සින්දා වූ වණය වැනි වී. -88] මුවදෙව් දා විවරණය 147

විස්තර : උදය පර්වදතයෙහි අංශයෙකැ තරුථ සූර්යි බිම්බය පෙනේ. ඒ කෙ වැනි ද? ශක්‍රයා වජ්රාෙයුධයෙන් පියා පත කපා හළ තන්හි වූ වනය වැනි යැ. තරුණ සූර්යරයා ඉතා රතු හෙයින් මහ වණයක් මෙන් පෙනේ මැ යැ.

සියලු පිට පත්හි ‘තුරුණු රිවී මෙරජ’ යන පාඨය පෙනෙයි. පුරාණ සන්නයෙහි ‘තරුණාර්කි මරිචි තොමෝ’ යන අර්ථයය ද පැවැසිණ. එ හෙත් වණයක් මෙන් පෙනෙත් හොත් ඒ තරුණ සූර්යනයා මැ යැ, ඔහු ගේ මරීචියා නො වේ. එ හෙයින් ‘මෙ රජ’ යනු ප්රීක්ෂියත පදයෙකැ යි නිසැක වැ මැ හළුමු.

ටිප්පණි :

1. මිහිදුරුහු - ‘මිහිදුරු’ යනු පර්වරතවාචි යි සංස්කෘතයෙහි දු ‘මභීඡධර’ යනු වෙයි. මභී නම් වූ පෘථිවිය ධාරා නු යි, පර්ව තය මහීධර’ නම් වේ.

2. පියා - ආදිකල්පයෙහි පර්වපතයෝ පක්ෂ පත්රසයන් ගෙන් යුක්ත වූවාහු පක්ෂීණන් මෙන් ආකාශයෙහි සංචාරණය කළ හ. දිව්යි ලොකයට පබා ගිය හ. මොවුන් ගේ මේ ගමනින් පෙළුණු දෙවියෝ මොවුන් වළකන ලොස ඉන්ර්තයායා යැදිය හ. ඉන්ද්රී තමා ගේ වජ්රදයෙන් පර්වයතයන් ගේ පියා පත් සිඳැ ඔවුන් තන්හි තන්හි හෙළී යැ. මේ පුරාණ කථා යැ.

ගොස් තම පුර වරට කෙළ ඇවිදිති යි පෙ ර රොස් පුරුඳුරු ගිරි ලොව පිය සඳින ව ර රැ ස් ගත ‘යුරු ගිරි තැනෙකෙ ‘හි බියෙනි තො ර උ ස් පහකුළු බල සුලකුළු එ පුර ව ර’ ෴

යනු මෙය සලකා තිසර ස‍ඳෙස් හි කියන ලද.

6. සුන්- ‘බස්’ ආදි ගණ ‘සිදු’ ධාතු යි.

4. සහසැස්සු - ඉන්ද්රුයාට ඇස් දහසක් ඇති හෙයින් හේ සහස්රායක්ෂහ නම් වේ. මේ ඇස් කහස නම් නුවණ දහසෙකැ යනු බෞද්ධ මතය යි.

බ්ර්හ්ම තමා විසින් ප්රටථම කොටැ මවන ලද අහල්යා් නම් වූ ස්ත්රිවය ගෞතම නම් ඍෂිනට දින අහල්යාුව කෙරෙහි පළිබඳ සිත් ඇති වූ ඉන්ර්ියය දිනක් චන්ද්රයයා ද සහාය කොටැ ගෙනැ ඇය



148 මුවදෙව් දා විවරණය [90-

දුෂණය කරනු සඳහා ගියේ යැ. (චන්ද්රව මධ්ය රාත්රි්යෙහි කුකුළු වෙසින් අවුත් රැවු දින. ගෞතමර්ෂීහු ද , ‘බ්ර්හ්ම මුහුර්තයය පැමිණියේ වනැ’යි නිදි පියා ස්නානාදිය පිණිස බැහැරැ ගිය හ. එ කලැ ඉන්ද්රෙ ගෞතමර්ෂින් ගේ වෙශයෙන් අවුත් අහල්යාහව හා සැතැපිණ. පෙරළා ගෙට පැමිණි ඍෂිහු ද සියලු පවත් දැනැ අහල්යාහවට ශාප කොටැ ඇය ගලක් කළෝ යැ. ඉන්ර්ැමියාට කළ ශාපයෙන් ඔහු ගේ සකල ශරීරයෙහි දහසක් ස්ත්රීර විහ්නයේ වූ හ. ඉක්බිති මහත් ලජ්ජාවට පැමිණි ඉන්ද්රහයා ගේ බලවත් යාච්ඤායෙන් ඒ විහ්නයෝ නෙත්රෂත්ව.යට පමුණුවන ලද හ. මේ පුරාණ කථා යැ.

5. වදුරවියෙන් - (වදුර + අවි) ශක්රනයා ගේ ආයුධය වජ්රපය යි. සිංහලයෙහි ‘වදුරු’ නමි. ‘විදුරු’ යනු වර්තනමාන ව්යධවහාර යි. මේ වජ්රලය නම් අනෙකක් නො වේ, අශනිය යි. ( සෙණ යි.)

89.

අන්වය : තුරුණු රිවි බිඹු, උදා ගිරිඳු නරනිඳු කුළු වොටුන්නේ රඳනා පැහැ සර සිළු මිණි සිරින් හෙබි

පදාර්ථව : තරුණ සූර්යි බිම්බය (තෙමේ) උදය - පර්වනත රාජ නමැති නරෙන්ද්රරයා ගේ කූට නමැති වොටුන්නෙහි රඳන්නා වූ ප්රේභා සාර වූ ශිඛා මාණික්යා කාරයේන ශොභමාන වී.

විස්තර : උදය පර්වවතය රජෙකි. පර්ව තයා ගේ කූටය රජුගේ කිරුළ යි. කූටයෙහි රඳනා තුණ සූර්යත බිම්බය කිරුළෙහි රඳනා ශිඛා මාණික්යගය යි (මුඳුන් මිණ යි)

අන්වය : මඳ මඳ මුහුලු කුමුදු රෙදෙන් සන් සුළඟ පිනින් අද කොමළ ලෙළ ලිය කොළෙහි මඳින් ඇවිසී හමළ.

පදාර්ථි : මඳින් මද මුකුලිත වූ (හැකුළුණා වූ) කුමුද පරාගයෙන් (රොණින්) ගැවැසී ගත්තා වූ මාරුතය (තෙමේ) තුෂාරයෙන් අර්ද්රය වූ කොමල වූ ලෙළ දෙන්නා වූ ලතා පත්රීයෙහි සෙමෙන් ඇවිසී හැමී යැ.

විස්තර : ප්රා තඃකාලයෙහි මඳ සුළඟ හැමී යැ. ඒ සුළඟ එ කලැ මඳින් මදු හැකිලෙමින් තුබූ කුමුදු මල්හි රොන් සුනුයෙන් ආකුල වූයේ යැ, පින්නෙන් තෙමුණා වූ මෘදු වූ ලෙළදෙන්නා වූ ලතා පත්ර යන්හි සෙමෙන් ආවෙශ වූයේ යැ.



-90] මුවදෙව් දා විවරණය 149

මෙයින් ප්රදහාත මාරුතය ගුණ ත්රදයයෙන් යුක්ත බව කී හ. පිනීන’ ද කොළෙහි ඇවිසියේ ශීත යැ. කොමළ ලෙළ ලියා කොළෙහි දු මඳින් ඇවිසියේ අතිශයින් මන්ද‍ යැ. කුමුදු රෙදෙන් සත් වූයේ සුරභි මැ නු?

මේ ප්ර්කාරන්තයෙන් කියැවිණ -

‘ලතාං පුෂ්පවතීං ස්පෘෂ්ටවා ස්නාතො විමලවාරිණා පුණං සමපර්කෂශඞකිව මන්දංි වරති මරුතඃ’ ෴ යි.

මාරුතඃ - මාරු‍ තෙමේ; පුෂ්පවති - මලින් යුත් වූ දෝහෝ නොහොත මල්වර වූ; ලතා - ලිය දෝහෝ නොහොත්; ස්ත්රියය ; ස්පාෂ්ටවා - ස්පර්ශ් කොටැ, විමලවර්තා - නිර්මමල වූ ජලයෙන් : ස්නතා - ස්නානය කෙළේ; පුන; සම්පකි ශඞ්කි ඉව - නැවැත; ස්පර්ශා කිරීමේ සැකයෙන් මෙන්; මන්දාා - මද වැ; වරති - හැසිරේ.)

ටිප්පණි

1. හමළ සුළඟ මඳ මඳ මුහුලු කුමුදු රෙදෙන් සන් -

‘මුහුලු - මුකුලිත වූ, කුමුදු රෙදෙන් - කුමුද පරාගයෙන්, සන් - ගැවැසී ගත්තා වූ, මඳ මඳ - අතිමන්දද වූ, සුළඟ - මාරුතය, හමළ - ‘හැමි’ යනු පුරාණ සන්නයෙහි අර්ථ, කථනය කළ පරිදි යි. එ සේ ගත් කලැ පද්යතය පුනරුක්තියෙන් ද ප්රනතිඥාවිරොධයෙන් ද දුෂ්ට වේ.

(අ) ‘ලිය කොළෙහි මඳින් අවිසී’ යැ යි මාරුතයා ගේ මන්ය්යනීය හඟවා, ‘මඳ මඳ හමළ’ කීමේන පුනරුක්තිය වේ.


(ඉ) ‘මුහුලු’ ‘කුමුදු’ යි කමුදසා ගේ මුකුලිතත්වරය කියා නැවැතැ ‘කුමුදු රෙදෙන් යන්’ යි එ මැ කුද යා ගේ විකාශිතත්වතය හැඟැවීමෙන් ප්රිතිඥා විරොධය වේ. ‘සුළඟ කුමුදු රෙදෙන් සන්’ වීමට නම් කුමුදු නුමුහුලු වූව මනා මැ නු ?

‘මඳ මඳ මුහුලු’ යි මඳ මඳ යනු මුහුලු යන්නට විශෙෂණ කොටැ ගත් කැලැ මේ දොෂයෝ ‍ළං නො වෙත්. ප්රදභාතයෙහි දී කුමුදයා ගේ සම්පූර්ණ මුකුලිතත්වමයක් නො වන හෙයින් ද මඳක් මුකුලිත වූ පුෂ්පයා ගේ පරාගයන් මාරුතය හා එක් වීමට බාධා නැති වන හෙයින් ද, හේ යුක්ත මැ යි.

‘කුමුදු රෙදෙන් සන්’ යනුවෙන් මාරුත‍යා ගේ සෞරභ්යමය වැනු හු. එයින් මැ ප්රිභාත මාරුතය ජලාශ්ර්යයෙන් එන බව ද

150 මුවදෙව් දා විවරණය [91-

කී හ. උදය කාලයෙහි ජලයට වඩා ඉක්මනින් භූමිය උෂ්ණ වෙයි. එහි වාතය උෂ්ණ වැ ඉහළ නඟින කලැ ඒ ස්ථානයට ජලාශ්රනයයෙන් සුළඟ හමයි.

2. රෙදෙන් - රද + එන් = රදෙන් = රෙදෙන්. මෙහි රද නම් රජස් හෙවත් සුනු යැ.

91.

අන්වය : එ සමාහි එළැමී වැදි පුත් ගෙණෙ මියුරු වදනින් ඉනි බැණැ එ නිරිඳුහු නින්දේ තැත් පියැ වී.

පදාර්ථහ : ඒසමයයෙහි පැමිණියා වූ චන්දිද පුත්‍ර සමූහය තෙමේ මධුර වූ වචනයෙන් මෙ සේ කියා එ රජ හු ගේ නද්රාදයෙහි ඇල්ම පහ කැරැවි යැ.

විස්තර : එ දිනැ වන්දිැහු, ‘බිජි කොමළ මුතු සිරි’ යනාදිය මිහිරි ලෙස කියා මුවදෙව් රජු ගේ නිදිමත දුරු කළ හ.

චන්දීරන් අවුත් උදය ද වර්ණනනය ද කීර්තිප්රාතාපාදි වර්ණපනය ද ගායනය කොටැ රජුන් පිබිදැවීම සිරිති. එ හෙයින් කී හ.

කාලිදාසයෝ --

‘තං කණිභූෂණනිපිඩිතපීවරාංසං ශ‍ෙය්යාිත්තරච්ඡද්විමර්දකෘහාඞගරාගම් සුතාත්මජාඃ ස්වයසඃ ප්රහථි තප්ර‍බොධං ප්රාතබොධයන්නුෂසි වාග්හිරුදාරවාවඃ ෴ යි.

(කර්ණාඃභූෂණ - කරර්ණාඃභරණයෙන්, නිපීඩිත = පෙළෙන ලද, පියවරඅංසං - මහත් අංස ඇති, ශය්යාා - ශශනයෙහි, උත්තරච්ඡද - ආසහරණයෙහි, විමර්ද - සමීණයෙන් , කෘශ - විරල වූ , අඞගරාගම් - විලෙවුන් ඇති, ප්රණර්ථමත ප්රුබොධම් - ප්රණකෘෂ්ට ඥාන ඇති, නම් - ඔහු (ඒ අජ කුමාරයා, ) ස්වයසඃ - සමාන වයස්ක වූ, උදාරවාචඃ - ප්ර්ගල්භ වචන ඇත්තා වූ; සුතාත්මජාඃ - වන්දිසපුත්රණයෝ, වාග්හිඃ - ස්තූතිපාඨකයන් කාරණකොටැ ගෙනැ, උපසි = ප්රාඔතඃ කාලයෙහි. ප්රාිබොධයත් - පුබුදු කැරැවූ හ.

ටිප්පණි :

1. ඉති - මෙයින් ගැනෙනුයේ 85 වැන්නෙන් පටන් ගෙන 90 වැන්නෙන් කෙ‍ළවර වූ පද්ය දශ්යව යි. -92] මුවදෙව් දා විවරණය 151

2. බැණැ - ‘බණ’ (බිණුම්හි ) දයින් වූ පූර්වා ක්රිවයා නිපාත යි.

3. වැඳි පුත් - මෙහි ‘පුත්’ යනු ඒ කුලයට අයත් බව හඟවයි. වන්දියනට දැන් විරුදු කාරයෝ යැ යනු යෙදේ.

ඉති උදා වැනුම්.

උදය වර්ණදනය මෙ සේ යැ. ______

92.

අන්වය : මෙදෙන් අද ගඳ ගිජිඳු බඳු නරනිඳු පුල් - කොඳ - කුමුදු - සුදු බජන යහන් තල පියා මහලට වැඩි.

පදාර්ථන : මදයෙන් අ‍ාර්ද්රු වූ ගන්ධ ගජෙන්ර්් යකු වැනි වූ නරෙන්ර්න තෙමේ ඵුල්ල (පිපුණ) කුන්ද කුමුදයන් මෙන් සුදු වූ බබළන්නා වූ හයත තලය හැරැ මතු මහල් තලයට පැමිණි යේ යැ.

විස්තර : වන්දීාන් ගේ ගායනයෙන් පිබුදුණා වූ රජ, පිරිසුදු වූ ඇතිරිලි කරණ කොටැ ගෙනැ කොඳ මල් කුමුදු මල් මෙත් සුදු වූ, ශයනයෙන් නැගී මතු මහලට ගියේ යැ. ඒරජ මදාර්ද්රක වූ ගන්ධ ගජෙන්ර්ා යකු වැන්නැ.

ටිප්පණි :

1. ගඳ ගිජිඳු බඳු - කවර හෙයින් ගඳ ගිජිදු බඳු වී ද යනු නො කියැවිණ . අත්නගලු වංශයෙහි මද සහිත වූ කන්ධන හස්තී හු කෙරෙන් ගමන ලිලාව ද ඔහු ගේ සොඬට බඳු වූ ආකාරය ද ඌරු යුගලයෙහි ගෙනැ යොදන්නා වූ’ - යන පාඨයේන ගන්ධ ගජෙන්ර්් කාර වන අයුරු දෙකක් පෙනෙයි.

ගන්ධේ ගජොපමානය අන්යි කවීනුදු විසින් සම්භාවිත බව ගුරුළු ගොමින් ගේ-

‘වසත් නල පහස් ලද නහඹ ගඳ ගජක්හු සේ හර්ෂවයෙන් උත්කර්ෂද වැ, ගොස් බැලුව මැනැවැ යි -’

යන පාඨයෙන් ද , විජයබාපිරුවනුන් ගේ -

‘මිණි කවසින් දිමු ත් ගඳැත් විලසින් සඟහු ගුණ ව ත් ෴ 152 මුවදෙව් දා විවරණය [92-

යන පාඨයෙන් ද අන්යත කවීන් ගේ මෙබඳු ප්රකයොගයන්ගෙන් ද ප්ර්කාශ වේ.

ගන්ධ් ගජ නම් කවරේ ද යනු - ‘යස්ය‍ ගන්ධංග සමාඝ්රා්ය න තිෂ්ඨන්නි ප්රැතිද්වීපාඃ ස වෛ ගන්ධංගජො නාම නෘපතෙර්විජයාවහඃ’ ෴ යි. කියන ලද.

( යස්යල - යම හස්තියකු ගේ ගන්ධඃ - ගඳ; සමාඝ්රාගය - අඝ්රානණ කොටැ, ප්රනතිද්විපාඃ- විරුද්ධ හස්තීහු; න නිෂ්ඨන්ති - නො සිටිත් ද වෛ= ඵකාන්ත යෙන්; කා‍පතෙඃ - රජහුට; විජයාවහඃ - විජය ගෙන දෙන්නා වූ ; සඃ - ගේ තෙමේ; ගන්ධගජො නාම - ගජ නම් වේ.)

කාලිදාසයෝ ද කී හු - ‘ප්රාෝයඃ ප්රණතිපභග්නත්වා-දරිණාං තස්ය දුලිභඃ රණො ගන්ධරද්වි‍පස්යෙතව ගන්ධභින්නාන්යිදන්නිනඃ’ ෴ යි

ගන්ධප හස්තිහු ගේ ගන්ධ- මාත්රියෙන් මැ අන්ය෴ හස්තීන් භගන වන බව්.

(අරීණිං - සතුරන්ගේ; ප්රධතාපභන්ගත්ව - ප්ර්තාපභග්නත්වය වන බැවින්; ‍(මොහුගේ ප්රවතාපය හෙවත් අතිතෙජස කරණ කොටැ ගෙනැ යුද නැති වැ මැ සතුරන් බිඳීම වන බැවිනැයි යු සේ යි.) තස්යභ - ඒ අතිර්ථන රජහට; ගන්ධහින්න - ගඳ කරණ කොටැ ගෙනැ මැ බිඳුණා වූ ; අන්ය.දන්තිනඃ - අන්ය හස්තීන් ඇති ; ගන්ධද්විපස්යකඉව - ගඳාත් හට මෙන්; රණඃ - යුඬය ; ප්රා යඃ - බොහෝ සෙයින්; දුර්ලභඃ - දුබල වියැ; (ගඳැත්හුගේ ගඳ දැනුණු පමණින් මැ අන් ඇත්හු බිඳි පාලා යෙති එ හෙයින් ඔහුට ,යුද නොලැබෙයි. එ මෙන් මැ අතිර්ථ් රජුගේ මහත් තෙ‍ජසින් මැ තුරුන් බිඳි පලායනුයෙන් ඔහුට ද යුද නැතැ යි යූ සේ ගී

ගන්ධල හස්තීන්ගේ ගන්ධපය පුෂ්ප සුගන්ධණයටත් වඩා භෘඞගයනට ප්රිසයකර බව් ද කී හු ඔහු මැ ‍ ‘නෙත්ර්ව්රේජාඃ පෞරජනස්ය තස්මි - නවිහාය සර්වාසන්තෘපතින්නිපෙතුඃ මදොත්කටෙ රෙචිතපුෂ්පවෘක්ෂාි ගන්ධ් ද්වීපෙ වන්ය‍ ඉව දවීරෙඵාඃ’

(පෞරජනස්යධ - පුර වැසියන්ගේ; නෙත්රඵව්ර ජාඃ - නෙත්රූ පංක්තීහු; සර්වාහන්තෘප තීන් - සියලු රජුන් ; විභාය - හැරැ; තස්මින් - ඒ රජ කුමරහු කෙරෙහි; නිපෙතුඃ වැටුණ හ; (කෙ සේ ද යත් හොත්) රෙචිත - හරනා ලද; පුෂ්ප වෘක්‍ෂඃ - මල් තුරු ඇති; ද්විරෙපා -භෘංගයෝ; මදොන්කටෙ - මඳ නැගුණු, වන්ය ගන්ධද්විපෙ - දඩ ගඳැතකු කෙරෙහි; (යම් සේ පතිත වෙත් ද එවිමෙනි;) -93] මුවදෙව් දා විවරණය 153

පුරාතනයන් විසින් -

‘කළාවකං ව ‍ගඩෙගය්යග පණ්ඩරං තම්බපිඞගලං ගන්ධකමඞගලහෙමං ච උපොසථඡදදන්ති මෙ දස’යි.

දක්ව ලද බදස ඇත් කුලන් අතුරෙහි ස වනු වූයේ ගන්ධ නමි

93.

අන්වය : විසා ඇත් හට තියුණු අකුසු , ජර ලියස මල් කැන් සරා මන පුල් තඹරට තුසර සමා තුසර අසර

(95 වන ගීයෙහි ‘නරක්’ යනු හා සබඳි.)

පදාර්ථ : (පඤ්ච කාම) විෂය නමැත හස්තීහු හට තීක්ෂ්ණ අංකුසයක් වූ, ජරා නමැති ලතාවට කුසුම සතවකයක් (පොකුරක්) වූ, රාග සහිත සිත් නමැති පිපුණු නොළුම් මලට හිම කාලයෙහි හිම වැස්සක් වු - (‘නරක් දැකැ’ යි සබඳ කළ යුතු.)

විස්තර : මඟුල් කපු රජු ගේ හිසෙහි රනක් (පැසුනු කෙසක් දිට. එ කෙ බඳු නරෙක් ද? පස් කම් නමැති ඇතටු අකුස්සෙකි යම් සේ ඇත් අකුස්ස දැකැ බිය වැ කර බා ගනී ද? එ මෙන් මැ ජරා ලක්ෂ ණ වූ නරය දැකැ පඤ්චකාමානුභවයෙහි ශක්තිය හීන වැ යෙයි.

ඒ නර කෙස ජරා නමැති ලතාවට මල් කැනෙකි. යම් සේ මල් හට ගත් කැලැ ලතාව ප්රෞ ඪ වූයේ නම් වේ ද එ මෙන් මැ නර හට ගත් කලැ ජරාව ප්රෞයඪ වූයේ නැමැ. ලියෙහි මල් ගත් කලැ තව ඇත්තේ ඵල ගැනුම් පමණෙකි. එ මෙන් ජරාව පැමිණි කලැ නම ඇත්තේ මරණය පමණෙකි.

ඒ නර කෙස සාගර චින්ත නමැති නෙළුමට හෙ‍මන්ත් ඍතු යෙහි හිම වැස්සෙකි. යම් සේ හෙමන්ත ඍතුයෙහි හිම වැස්සෙන් පුල් පියුම් වැනැසේ ද එ මෙන් මැ ජරා ලක්ෂ ණය වූ නර කෙසින් සරාග ච්න්තය මැඬි යෙයි.





154 මුවදෙව් දා විවරණය [93-

නර කෙස යෞවන විනාශයා ගේ ලක්ෂ ණයක් බව කී යේ මැ නු -

‘වෘද්ධත්වාෙනලදග්ධස්යෘ සාරයෞවනවස්තුනඃ දෘශ්යෘතෙ දෙහගෙහෙෂු ‍භ සෛමව පලිතචඡලාත්’ ෴ යි?

(වෘද්ධිත්වානලදග්ධස්යල - ජරා නමැති ගින්නෙන් දවන ලද, සාරසෞවන - වස්තුනඃ - සාර වූ තරුණත්ව නැමැති වස්තුමහු ගේ, භස්ම එව - අළු මැ, පිලි - තච්ඡලාත් - පලිතාකාරයෙන් (නර කෙස් ලෙසින්. දෙහගෙහෙෂු - ශරිර නමැති ගෙහි, දෘශ්ය්නෙ - පෙනේ)

ටිප්පණි : 1. වීසා - විෂයයෝ නම් කවරහු ද යනු -

‘රූපං ශබ්දො ගන්ධ රසස්පර්ශාරශව විෂයා අමී’ ෴ යි.

අමරසිංහයෝ කී හු. 2. සරා මන පුල් තඹරට තුසර සමා තුසර ‘සර -

තුෂාර වර්ෂාණයෙන් තාමරසයෝ වැනැසෙත්. ඉදින් හෙමන්ත සම‍යයෙහි මැ තුෂාර වර්ෂෝණයෙක් වී නම් එයින් පද්මයනට වන විනාශය ගැන කවර කථා ද? උඳුවප් , දුරුතු දෙ මස හෙමන්ත ඍතු යි. එහි ස්වභාවය කියැවිණ. ඍතු සංහාරයෙහි -

‘නවප්රවවාලොද්ගමසස්ය රම්යඃහ ප්රාඵුලලලොධ්රඃම පරිපක්වහාලි වලීනපද්මඃ ප්රිපතත්තුෂාංරො හෙමනතකාලඃ සමුපාගතඃ ප්රිෂයෙ’ ෴ යි

(නවප්රකවාලොද්ගම - ළ දලු නැගීම් ඇති, සස්යභ - සස්යඍයෙන්; රම්යඃව - රමණීය වූ, පුඵුල්ලලොධ්රඃි - මොනොවට පිපුණා වූ‍ලොත් ඇත්; පරිපක්වහාලිඃ - පැසුණා වූ හැල් ඇති, විලින පද්මඃ - ක්ෂොය වූ පියුම් ඇති, ප්රෂපතන්තුෂාරඃ - අධික වැ වැටෙන්නා වූ හිම ඇති, හෙමන්ත කාලඃ - හිම සමය, ප්රි යෙ - සොඳුර, සමුපාගතඃ - සැපැමිණියේ යැ.)

මෙහි තුසර සමා තුසරසර යන්නට ‘තුෂාර සාර වූ තුෂාර කාලයෙක් වැනි වූ’ යි පුරාණ සන්නයෙහි අර්ථ් කියන ලදී. තුෂාර සාර භාවය තුෂාර කාලයා ගේ ලක්ෂාණයෙකි. ‘ප්ර පතත්තුෂාරඃ’යි ඒ කියැවිණ. එ හෙයින් ‘තුෂාරසාර’ යි තුසාර සමා 94] මුවදෙව් දා විවරණය 155

යන්නට විශෙෂණයක් කරනු ‘හුණු ගිනි’ යි කීම වැන්නැ. ‘තුසර අසර’ යී ගත් කැලැ මෙ බඳු දොෂයෙක් නො වේ. අසර නම් අසාර යැ.

‘ධාරසම්පාන ආසාරඃ’ ෴ යි.

අමරසිංහයෝ ආසාර නම් ‘මහත් වැස්සැ’ යි කී හු.

‘තුසරකරා තුසරසර’ – ‘තුසර සමා තුසරකර’ යනාදි විසින් පිටපත්හි මේ විවිධ වැ එයි. ‘තුසර සමා තුසරකර’ යන්නට ‘තුෂාර සමයයෙහි චන්ර්හ යා’ යැ යි අරතු දියැ හැකි .


94

අන්වය : සැපත් රඹ වනට අසි පත්, ගිහි ගෙ දළ සඳ කිරි අණවට සුණෙර මත්, වසන් තමට සහස්රස් - (‘නරක්’ යනු හා සබඳි.)

පදාර්ථ: සම්පත්ති නමැති කෙසෙල් වනයට කඩු පතක් වූ, ගෘහ වාසයෙහි දැඩි ආශාව නමැති කිරි මුහුදට මෙරු මන්ථ වූ, ව්යිසන නමැති අන්ධෙකාරයට සහස්රකරශ්මිහු (සූර්යූයා) වූ - (නරක් දැකැ යි සබඳ කළ යුතු.)

විස්තර : (ඒ නර කෙස) කඩු පත කෙසෙල් වනය සිදැ දමන්නා සේ සැප සිඳ දමයි, මෙරු මන්ථය කිරි මුහුද කලඹන්නා සේ ගිහි ගෙයි බලවත් ආශාව කලඹයි. සූර්යරයා අන්ධ කාරය දුරු කරන්නා සේ ව්යිසනයන් දුරු කෙරෙ යි.

ටිප්පණි:

1. සඳ - ඡන්දධය ආශාව

2. කිරණවට - කිරි + අණවු අණඩු නම් සාගරයයි. මේ සංස්කෘතයෙහි අණ්ව යි ද පාලියෙහි අණණව යි ද සිටී. අණස් එහි ඇත් නු යි. සාගරය අර්ණයව නම් වේ. ජල, තරඞග, ප්රිවාහ, යනාදි අථර්යෙන්හි අර්ණයස් යනු වැටේ.

3. සුනෙර මත් - මේ නො මැනැවි. ක්ෂි‍ර සාගර මථනයට මන්ථය කොටැ ගන්නා ලද්දේ මෙරු පර්ව.තය නො වේ, මන්දනර පර්ව්තය යි. ඒ බව කුමාරදාසයෝ ද කී හු -

‘සමුද්ර මථනෙ යස්යු භ්රැමන්මන්දවරඛන්ඩිතාඃ තරා ඉව දිශො වව්රැඃථ ප්රුදීප්තාඞගදකොටයඃ’ ෴ යි 156 මුවදෙව් දා විවරණය [94-

(යස්යම - යමක්හු ගේ; සමුද්ර මථනෙ - සාගරය ඇලැළීමෙහි ලා, භ්රයමත් - බමන්නා වූ. මන්ද-ර - මන්දසර පර්වනතයෙන්; ඛණ්ඩිතඃ - කඩ කරන ලද්දා වූ, ප්රාදිප්ත - දිලිසෙන්නා වූ; අඞගදකොයඃ - අඟුපලදන කොටීහු; තාරා ඉව - තාරකාවන් මෙන් ; දිශාඃ - දිගුන්; - වු -වැසූ ද)

බො‍හෝ සිංහල කවින් ,ක්ෂීනර සාගර මථනය මෙරු පර්විතයෙන් කැරුණු සේ ගත් බව - හංස සන්‍ෙ ශයෙහි - සුනෙර මතින් අලළන සඳ කිරි සයුර’ ෴

ගුත්තිල දායෙහි - ‘රුපු සයුර මෙර මත්තෝ ෴

යන මේ ආදියෙන් පෙනේ. එහෙත් විජයබා පිරුවන්නු ‘උගු සැව් ගුරු සයුර අලළත මඳ ගිරේ’ ෴ යි කී හු.

සිංහල කොශ ග්රගන්ථයන්හි මෙරුපය්යාග ය වූ මදුරු ශබ්දයක් වේ.

4. වසන් - ව්යහසනයෝ කාමයෙන් උපදනාහු යැ, ක්රො ධයේන උපදනාහු යැ යි ද්විධවෙත්. එ හෙයින් කී හ, මනුහු

‘දශ කාම සමුත්ථාධනි තථාෂෙටෟ ක්රොිධජානි ච ව්යනසනානි දුරන්තානි ප්රෂයත්නෙන විවර්ජයෙන්’ ෴ යි.

කාමසමුත්ථා නි දශ - කාමයෙන් උපදනා දශය යැ, තථා - එසේ මැ, ක්රොමධජානි අෂෙටනම - ක්රොෙධයෙන් උපදචනා අට දැ යි යන, දුරන්තානි - කෙළවරැ දුක් ගෙනැ දෙන්නා වූ; ව්යොසනානි - ව්ය සනයන්. ප්රහයන්තෙන - උත්සහයේන, විවර්ජයෙත් - හරන්නේ යැ.

කාමජ වූ වු දශ ව්යදසනයෝ කවරහු ද යනු-

‘මෘගයාක්ෂා දිවාස්වප්නඃ පරිවාදඃ ස්ත්රිේයො මදඃ තෞය්‍ර්ය්ත්රිවකං වෘථාට්යාේ ච කාමජො දශකො ගණඃ’ ෴ යි. කී හ, ඔහු මෑ (මෘගයා - මුව දඩයාම යැ, අක්ෂාස යැ, අක්ෂාත - දූ කෙළිය යැ, දිවාස්පනඃ - දවල් නිඳි යැ, පරිවාදඃ - පරදොෂකථනය යැ ස්ත්රියයඃ, - ස්ත්රීාසම්භොගය යැ, මදඃ මද්ය පානයෙන් උපදනා මද ය යැ:, ත්රෞ ර්යන්රිණකා - නෘත්ය ගීත වාද්ය් යන තුන යැ, වෘථාට්යප - නිකරුණේ සඤචාරණය යැ යන, දශකඃ - දශකය මජඃ ගණං - සුඛෙවඡායන් උපදනා ව්යටසන ගණ ය යි) -95 ] මුවදෙව් දා විවරණය 157

ක්රො9ධජ වූ අෂ්ට ව්යදසනයෝ ද - ‘පෛශුන්යංර සාහසං ද්රොවහ ඊර්යාිකර සූයර්ථකදුෂ්ණම් වාග්දණ්ඩජං ච පාරුෂ්යංං ක්රොණධජො ‘පි ගණොෂ්ටකඃ’ ෴ යි,

ඔවුහු විසින් මැ කියන ලද

(ක්රොසධජඃ ගණං අපි කොධයෙන් උපදනා ගණය ද, පෛශුන්යො’ - කේළාම් යැ, සාහයං - (සත්පුරුෂබන්ධ,නාදි) බලාත්කාරය යැ, ද්රොාහඃ - ද්රො හය යැ ඊර්ෂ්යාය - ඊර්ෂ්යාණව යැ, අසුයා - පරගුණයෙහි දොෂ දැක්විම යැ අවිදුෂණම් - (නො ගත යුතු දැ ගැන්මයැ දියැ යුතු දැ නො දී ම යැ යන) අවදුෂණය යැ, වාග්දණ්ඩඡං පාරුෂ්යං‍ ච -(ආක්රො ශාදි ) වාක්පාරුෂය ද (තාඩනාදි) දණ්ඩ පාරුෂ්යදය දැ යි දෙක යැ යන අෂ්ටකඃ - අටයි)

95.

අන්වය : නරක් හිස්හි නහමා, මඟුල් කපු පැසුළු (වැ.) අඩදැණි වැ, මිටු සක් කැරැ නරනිඳු හට හිඟු කි.

පදාර්ථර : පලිතයක් (පැසුණු කෙසක්) හිසෙහි දැකැ, මගුල් කපු තෙමේ පසු බැසැ දණ බිමා ඇනැ අත් දෙක එක් කොටැ, රජු හට වහා කී යැ.


විස්තර: විසා ඇත් හට තියුණු අකුසු යන ආදි විසින් යටැ කියැවුණු පරිදි වූ නර කෙසක් රජු ගේ හිස්හි තිබෙනු මඟුල් කපු තෙමේ දුටුයේ යැ. එ ද එක මැ නර කෙසෙකි. එය දැකැ හේ බිය වැ මෙන් පස්සට ගියේ යැ, ගොස් දණ බිමැ ගැසී ය, දැත් එක් කෙළේ යැ. එසේ කොටැ රජුට ඒ බව වහා කීයේ යැ.

මඟුල් කපු නරක් දැකැ කවර හෙයින් පැසුළු වී ද? කවර හෙයින් අඩදැණි වී ද? කවර හෙයින් මිටු සක් ‍කළේ ද? මේ රජ ‍පෙරැ දිනෙකැ කපුවා බණවා, ‘යහළු වූ කපුව, යම් දවසෙකැ ‍මා හිසැ නර කෙසක් දුටුයෙහි වී නම්, එ දවස් මට කිය ව’ යි කී යැ. ඒ අණ පිළිපදින්නට වාරය පැමිණි හෙයින් කපුවා ගේ සිත කැලැඹිණ. එ හෙයින් පසු බැසීම ආදිය වී.

ටිප්පණි :

1. නහමා - ‘නහම’ (දැකුම්හි) ධාතු යි.

2. පැසුළු - ‘අඩදැණි වැ’ යන තන්හි වූ ‘වැ’ යනු මෙ තන්හි දු යෙදේ . පැසුළු විම නම් පස්සට යාම යි.


158 මුවදෙව් දා විවරණය [96-

3. අඩදැණි - දණ නැමූ කලැ ඒ අඩ දණ නම් වේ. අඩදණ ඇත්තේ අඩදැණි යි.

4. මිටු සක් - එක් අතක් මිට කොටැ එය වටා අනෙක් අත මිට කළ කල්හි ඒ ‘මිටු සක්’ නමි. එ කලැ දෑත සකක් (ශංඛයක්) මෙන් වෙයි. එ හෙයින් ‘සක්’ යනු යෙදේ.

5. කී - ‘කිය’ ධාතුයෙන් වූ අතීත ආඛ්යාඑත පද යි.

6. මඟුල් කපු - රජු ගේ කර කම් කරන්නා මඟුල් කපු නම් යැ. ‘කල්පක’ යනු සංස්කෘතයෙහි නමි. ඔහුගේ මෙහෙය කර කම පමණෙක් නො වේ. අන්දනු පලන්දනු ආදය ද ඔහු අතින් කැරෙයි.

96.

අන්වය : එ තෙපුලෙන්, නිරිඳු සඳ සතුටු කඳුළින් ඇස්, ලොම් උදෙගෙන සියල් අඟ සත් කෙරෙමින් ඔහු අස්වැසි

පදාර්ථ  : (කල්පකයා කී) ඒ වචනයෙන්, නරෙන්රෝ න්තම තෙමේ සතුට‍ු කඳුළින් ඇස් ද රොමොද්ගමයෙන් සකල ශරීරය ද ඡන්න කෙරෙමින් (වසමින්) ඔහු (ඒ කල්පකයා) ඇස් වැසී යැ.

විස්තර : හිසෙහි පලිතයක් වන බව මගුල් කපු කී යැ. එ ඇසූ රජු ගේ ඇසින් සතුටු කඳුළු නික්මිණ. සකල ශරීරයෙහි ලොම් කෙ‍ළින් වැ සිටියේ ය. බියට පත් වැ මෙන් සිටි මඟුල් කපුවා රජ ‍(තෙමේ) මෙ සේ අස්වැසී යැ.

‘නර කෙසෙක් හිස්හි පෙනෙයි’ යනු කී කලැ, ‘ගිහි ගෙය හැරැ තපසයට යාමට කල් පැමිණියේ වැන’ යි සතුටු ඉපැදැ දෙ‍ නෙතින් කඳුළු නික්මෙයි. එ හෙයින් මැ සකල ශරීරයෙහි රොමොද්ගමය ද ඇති වෙයි. වෘද්ධ වයස්හි දී තපසට යනු සූර්යශ වංශක රාජයන් ගේ කුල සිරිති. එ හෙයින් කී හ. කාලිදාසයෝ -

‘ශෛෂවෙ ‘භ්යංස්තවිද්යාිනං යෞවනෙ ‍විෂෙයෛෂිණාම් වර්ධශකෙ මුනිවෘත්තිනාං යොගෙනානෙත් තනුන්යවජාම්’ ෴ යි.

(ශෛෂවෙ - බාල කාලයෙහි; අභ්යනසත විද්යාෂතන - පුරුදු කරන ලද ශාස්ත්රත ඇත්තාවූ ; යෞවනෙ - තුරුණු වියෙහි : විෂයෛපිණාම් - භෙගාවිලාභි ඇත්තා


-97] මුවදෙව් දා විවරණය 159

වූ: වාර්ධවකෙ - වෘද්ධ වයස්හි, මුනිවෘත්තිනාම් - තාපස වාත්තිය ඇත්තා වූ අන්තෙ - කෙළවරැ; යොගෙන -ධ්යා නයෙන්; තනුත්යා්ජාම් - ශරීර ත්යාතගය කරන්නා වූ; (රුඝුන් ගේ හෙවත් සූය්ය් ව වංශික රාජයන්ගේ’ යී සම්බන්ධජ කරනු.)

සුවසු දහසක් හවුරුදු කුමර කෙළ කෙළැ සුවාසු දහසක් හවුරුදු යුව රජ කම් කොටැ, සුවසු දහසක් හවුරුදු දඹදිවැ එක රාජ්යරය කළ රජුට ජිවිත සඵල්යකය වූ තපස් පිණිස යාමට කාලය පැමිණි කල්හි මහත් සතුටු උපදී මැ නු?

ටිප්පණි :

1. ඇස් ¬- මේ පිටපත්හි නො ආයේ ය. එහෙත් එය නැති වැ අර්ථවය සම්පූර්ණඇ නො වේ. පුරාණ සන්නයෙහි සතුටු කඳුළින් ද රොමාද්ගමයෙන් ද සකල ශරීරය සංඡන්න කළ බවක් කියැවෙයි. රොමොද්ගමයෙන් කුමක් වුව ද කඳුළින් සිහලඟ සන් කළ සේ කියනු නො මැ යෙදෙයි.

2. ලොමුදෙහෙන් - (ලොම් + උදහ) උදහ + එන් = උදහෙන් = උදෙහෙන්; ‘උදහ’ නම් උද්ගමනය යි, උස් වැ නැගීම යි.

3. අස්වැසි - ‘අස් වස’ දයින් වූ අතීත ආඛ්යාවත පද යි

97.

අන්වය : යෙමු නිරිඳුන් කිරුළු කුළු මිණි රස් තමා සරණ නිය රජ කැල්මෙ ගලමිනි, සැදි සබ මැදැ වැදැ - (99 වන ගීයෙහි ‘නිරිඳු සඳ මේ කී’ යනු හා සබඳි.)

පදාර්ථි : අවනත වූ රජුන් ගේ වොටුනු මුඳුන්හි වූ මාණික්යගයන්ගේ රහ්මිය තමා ගේ පාදයෙහි නඛ රාජි කාන්තියෙහි නිමග්න කෙරෙමින්, අලඞකෘත වූ සභා මධ්යගයට පැමිණැ- (රජ කීයේ යැ’ යනු ගෙනැ සබඳ කරන්නේ යැ._

විස්තර : අලඞකෘත වූ සභා මධ්යනයට මුවදෙව් රජු පැමිණෙත් මැ, ප්රාෘදෙශික රාජයෝ එ දෙසට යොමු වෙති; කිරුළු පලන් හිස බිමැ මහ රජු ගේ පා වඳිති. එයින් ඔවුන් ගේ වොටුනු මුදුන් මිණි රස් මහ රජු ගේ පා නිය රස්හි ගැලෙන්නාක් මෙන් වේ.



160 මුවදෙව් දා විවරණය

නරෙන්ර්ි යෙන් දශරථාය ගේ පදා චන්ද නයට කළ පරිදි කුමාරදාසයෝ වැනූ හු.

‘තස්යෛුකබාණාසනහග්නශත්රො - රාලොකභූමෞ චරණාරවින්දෙණ ආසෙදතුඃ සර්වණනරෙන්ර්දෙතමෞලි - රත්නප්ර භාලක්තමණ්ඩනානි’ ෴ යි.

( එකබාණාසත - එක දුන්නෙන්, භග්න බිඳුනා ලද, ‍ශත්රොඃන සතුරන් ඇති; තස්යප දශරථායා ගේ; වරණාරවින්ද් පාද පද්මයෝ දෙදෙන; ආලොකභූමෞ - ආස්ථාන භූමියෙහි ලා (සභායෙහිලා;) සර්ව නරෙන්ර්ද - සියලු රජ දරුවන් ගේ; මෞලි වොටුන්නෙහි; රත්න ප්රාභා - රුවන් ශොභා නමැති, අලක්තකමණ්ඩනාති - ලතු පහසින්, අසෙදතුඃ - පැමිණියෝ; (වොටුන්නෙහි රුවන් ශොභා නමැති ලතු ගෑම ලැබූ හ යි යූ සේ යි.)

ටිප්පණි :

1. වැදැ - ‘වද’ (පිවිසුම්හි) දයින් වූ පූර්වතක්රි්යා නිපාත ය.

2. යොමු - ‘එ දෙසට නැමුණා වූ’ යන අර්ථන ය මෙන් මැ ‘අවනත වූ (යටත් වූ) යන අර්ථෙය ද මෙයින් ලැබේ.

3. නිය රජ - මෙහි ‘රජ’ යුන පංක්ති යන අර්ථ ඇත්තේ යැ.

98.

අන්වය : සසිනිඳු දසන් අග ළ සඳ කැල්මෙන් මිණි මුතු කොඳ පැහැ වතුරේ සියල් සබ ගලමිනි මෙන් - (99 ‍වන ගීයෙහි ‘නිරිඳුබ සඳ මෙ කී’ යනු හා සබඳි.)

පදාර්ථස : ඉතා සිනිඳු වූ දත් කෙළවර නමැති තරුණ චන්ර්ි පයාගේ රශ්මියෙන් පිපුණා වූ කුන්දඉකෛරවයන් ගේ ප්ර භා ප්ර්වාහයෙහි සකල සභාව නිමග්න කෙරෙමින් මෙන් - (‘රජ කීයේ යැ’ යනු ගෙනැ සබඳ කරන්නේ ය.)

විස්තර : අවනත නරෙන්ර්(ිනයන් ගේ පා වැඳි කලැ මුවදෙව් රජ මඳ සිනා පහළ කළ බව ද එයින් ප්රරමුදිත වූ අවනත නරෙන්රාන් දීනුදු ප්රෙසන්න මුහුණු ඇති වූ බව ද මේ කී සැටි සැ.


-99] මුවදෙව් දා විවරණය 161

මඳ සිනා පිණිස මුව මඳ කොටැ ඇයු කලැ දන්තාග්රඅ පංක්තිය පෙනෙන්නට පෙයි. ඒ බාල චන්ද්ර්යා වැන්නැ. එයින් නික්මෙන් සිනා එළිය චන්ර්්න රශ්මිය වැන්නැ, මහ රජු ගේ මේ සිනා දු‍ටු අවනත නරෙන්රා දීන් ගේ ද මඳ සිනා ඇති වෙයි. ඒ, ළ සඳ සැකැ කොඳ මල් කුමුුද මල් පිපෙන්නා වැන්නැ. සභායෙහි සියල්ලන් ගේ මැ මඳ සිනාව කරණ කොටැ ගෙනැ, සකල සභාව පිපුණු කොඳකුමුදුයෙහි පැහැ වතුරේ ගැලෙන්නා වැනි වේ.

ප්රාුදෙහික රාජ අමාත්ය් ආදි අනෙකයන් එහි වූ හෙයින් ‘කොඳ කුමුදු’ යි පුෂ්ප වර්ගෙ දෙකක් ගත් හු.

ටිප්පණි :

1. සසිනිඳු - සංස්නිග්ධ. මොනොවට සිනිඳු

2. මිණි මුතු - මිණිය මුතුයේ මිණි මුතු. මෙහි ‘මිණි’ නම් පුෂ්ප කොෂය යි.

3. මුතු - ‘මුස්’ (මිදුම්හි) දයින් වූ අතීත කෘදන්ත නාම යි.

99.

අන්වය : නරනිඳු සඳ, ගන කල්හි සසිනිඳු දල ලඹ නිල් වලා හඬ තමා හඬිති පරයම්නි මෙ කී.

පදාර්ථප : නරෙන්රේ න්තම තෙමේ මේඝ කාලයෙහි සංස්නිග්ධ වූ ජාලාවල මබ (ධාරාවත්) වූ නීල වලාහකයා ගේ හඬ තමා ගේ හඬින් පරදවමින් මෙය කී යැ.

විස්තර : රජ මතු දැක්වෙන වචන කීයේ ය. කෙසේ ද? වැසි කාලයෙහි මෘදු වැ වැසින්නා වූ නිල් වලායෙහි හඬට ද වඩා හයපත් වූ හඬින් කීයේ යැ.

මෙඝ කාලයෙහි වස්නා බලා කුළෙකැ හඩ ගැඹුරු යැ, මියුර යැ, සසිනිඳු යැ, මේ ගුණයන් රජු ගේ හඩෙහි සර්වදසම්පූර්ණන වැ පැවැති බව හඟවන්නට එ බඳු බලා කුව හඩ පරයන හඬින් කී බව පැවැසූ හ.

ටිප්පණි:

1. දල ලඹ - ‘දල’ නම් ජලය යි. ‘ලඹ’ නම් එල්ලීම යි. වලා කුළින් ජලය එල්බෙනුයේ වස්නා විටැ යැ. 11 162 මුවදෙව් දා විවරණය [100-

2. පරයම්නි - පරය + මිනි . ‘පරය’ ධාතු යි. 3. මෙ කී - ඒ කී බස් යැ මෙ තන් සිටඇ කියැවෙනුයේ.

100.

අන්වය : විද් එව් දිවියට වඩා දළ පෙම් පමයින් බැඳැ සැපත් අඳරේ ගැලී මෙ තෙක් කල්හි විසීමි.

පදාර්ථෙ : විදු ලියක් වැනි වූ ජිවිතයට ඉතා දෘඪ වූ ප්රෙඅමය ප්ර මාදය කරණ කොටැ බැඳැ සම්පත්ති නමැති අන්ධ්කාරයෙහි නමග්න වැ මේ තාක් කල් මුළුල්ලෙහි විසූයෙමි.

විස්තර : මේ ජිවිතය විදු ලිය මෙන් අතිචපල යැ. මම වනාහි එ බඳු වූ ඒ ජිවිතයට අත්යිර්ථයෙන් දාඪ වූ ප්රෙැම බැන්දෙමි. ප්රහමාදය කරණ කොටැ - ගෙනැ බැන්දෙමි, එ සේ පෙම් බැඳැ සම්පත්ති නමැති අන්ධ කාරයෙහි ගැලී මේ තාක් කල් විසීමි. සම්පත්තිය කරණකොටැගෙනැ ඇස් නො පෙනී අඳුරු වැ ගිය හෙයින් කාරණාකාරණ තෝරා බේරා ගත නො හැකි වැ විසීමි.

කියන ලද මැයි. ජිවිතය විදු ලිය වැනි බව - ‘විජ්ජුප්පභාවතිවපලානි ච ජිවිතානි’ ෴ යි.

(ජිවිතානි ච - ජිවිතයෝ ද, විජ්ජුප්පහා - විදර්යවත් ප්රරභාවන් මෙන්, අතිචපලාති - ඉතා චපලයෝ යැ)

ටිප්පණි : 1. පමයින් - පමා + ඉන්. මෙහි ප්ර මාදය නම් ස්මෘති විප්රභවාසය යි. (සිහියෙන් වෙන් විම යි. ) යම් විටෙකැ තත්ත්ව ය සලකා ගැනීමට සිහි මඳ වැ ගියේ නම් ඒ ප්රෙමාදයෙකි.

2. බදැ - ‘බඳ’ ධාතුයෙන් පූර්වත ක්රි යා නිපාත යි.

3. වඩා - මෙ තන්හි අධිකාර්ථපය ගෙනැ දීමට යෙදුණෙකි. ‘වඩා හොඳ - වඩා උස’ යනාදි විසින් සාමාන්යධ ව්යවවහාරයෙහි ද මේ ලබෙයි.

4. සැපත අඳුරේ - අ‍න්ධ්කා‍රයෙහි ගැලුණු සත්ත්ව තෙමේ නිරවද්ය් වූ මාර්ගසය සොයා ගත නො හී ව්ය සනයට පත් වෙයි. විෂම වූ ද මාර්ග්ය ඔහුට සම සේ පෙනෙයි. එ මෙන් සම්පත්තියට

-101] මුවදෙව් දා විවරණය 163

පැමිණියේ ද සියලු සංස්කාර ධර්මවයන් ගේ අනිත්යවත්ව.ය, මෙනෙහි කොටැ ‍ගත නො හී මහත් දුකට පැමිණෙන්නේ යැ. එ හෙයින් සම්පත්තියට අන්ධකාරය උපමිත යි.

101.

අන්වය: සැපත්හී ලගනා ලොව් බලත, පවසින් පැන වී මිරිඟු සිලිලට දණැනි ළ වෙහෙල් බෙහෙවින් පරදි.

පදාර්ථළ : සම්පත්තියෙහි ඇලුණා වූ ලොකයා බලත් හොත්, පිපාසායෙන් ජලය යැ යි කියා මෘගතෘෂ්නිකා සලිලයට (මිරිඟු දියට) දණ ඇත්තා වූ තරුණ මෘග තෙමේ බොහෝ සෙයින් පරදි.

විස්තර : මූග්ධ වූ ලොකවාසීහු සම්පත්තියෙහි තදින් ඇලෙති. ඔවුන් ගේ මොහය කො තරම් ද යත හොත් පිපාසාව ඇති කාලයෙහි දුරැ පෙනෙන්නා වූ මිරිඟුව දැකැ ‘මේ පැනෙකැ’ යි සිතා දණ ඇනැ ගත්තා වූ තරුණ මුවා ද ඔවුනට බොහෝ සෙයින් පරදී. මුවා ගේ මොහය ‍ඔවුන් ගේ මොහොය තරම් මහත් නො වේ.

මෘග පොතකයා මුළා වන සේ කීයේ මා නො-

‘දිසවා මරීචිසලිලං හි සුදුරතො හො බාලො මිගො සමුපධාවති තොයසඤ්ඤි එවං සභාවර‍භිතෙ විපරිතසිදෙධ දෙහෙ පරෙති පරිකප්පනයා හි රගං’ ෴ යි.

(හො - පින්නවන්ති බාලො ම්ගො - බාල මෘග තෙමේ, මරිව්සලිලං -මිරිඟු දිය; සුදුරතො හි - ඉතා දුරින් මැ; දිස්වා දැකැ; තොයසඤ්ඤි - ජලය යැ ගන සංඥා ඇත්තේ; සමුපධාවති - (එයට) දිවෙසි: එවං - මෙසේ , සභාව රහිතෙ - සවභාව රහිත වූ; විපරිතසිද්ධෙ - විපරීත වැ සිදු වූ; දෙහෙ - ශරීරයෙහි, පරීකප්පතයා - පරිකප්පනායෙන්; රාං - රාගයට; පරෙන - පැමිණේ)

ටිප්පණි :

1. පරදි - ‘පරද’ ධාතුයෙන් වූ අතතීත ආඛයාත පද යි.

2. බෙහෙවින් - ‍බොහෝ + ඉන් = බෙහොවින් = බෙහෙවින් ‘ඔ’ යන්න අනම්යහ භාවයට පැමිණියේ යැ.


164 මුවදෙව් දා විවරණය [102-

3. ලගනා - ‘ලග’ ධාත්යේන වූ වර්තිමාන කෘදන්ත නාම යි.

දණැහි - දන + ඇති පුරාණ ස්න්නයෙහි එනුයේ ‘ජානු නමින වූ හෙවත් අවතීර්ණම වූ’ යන අර්ථ ය යි. පාඨය ‘දනු’ ‘දනනු’ යනාදි විසින් අනෙකවිධ වැ එයි.

102.

අන්වය : යමෙක් තමා දිවියට දළ පෙම් වඩා නම්, හේ විදු ලිය කලබ සුලබ කැරැ පලඳුතු පොහොසත් නු?

පදාර්ථැ : යමෙක් තෙමේ තමා ගේ ජිවිතයට දෘඪ ප්රෙුමය වර්ධලනය කෙරේ නම් , ‍ෙහ් තෙමේ විද්යුගල්ලතා කලාපය සුලභ කොටැ පලඳුන් හෝත සමර්ථන නො වේ ද?

විස්තර : තමා ගේ ජිවිතයට කො තරම් මහත් ප්රෙලම කළ ද රැකැ ගැන්මෙක් නො ලැබේ. කවර විටෙකැ ඒ ජිවිතය භග්න වේ ද යනු කියැ නො හැකි යැ, සලකා ගත නො හැකි යැ. එ බඳු වූ ඒ ජිවිතයට ප්රෙැම කිරීම මහත් මූඪ කමෙකි. ඉදින් ‍එ සේ ප්රෙජම කොටැ දිවි පවත්වා ගත හැකි නම් විදු ලිය කලබක් සුව සේ සපාය‍ා ගෙනැ පලැඳිම ද නො බැරි නො වේ.

ජිවිත තත්වයය මෙ සේ වදාළ හ, බුදුහු- ‘පුත්තා ම ‘ත්ථි ධනිං ම ‘ත්‍ථි ඉති බාලො විහඤඤති අතතා භි අතතනො නත්ථිව කුතො පුත්තා කුතො ධනං’ ෴ යි.

(පුත්තා - පුත්ර යෝ; මෙ - මට; අර්ථය - ඇත; ධනං - ධනය, මේ - මට, අත්ථි ඇත; ඉති - මෙසේ; මාලො - අන්දම තෙමේ; විභඤ්ඤති වෙහෙසෙයි; අත්තා හි - තෙමේ මැ; අත්ත නො - තම හට; නත්ථි - නැත; පුත්තා - පුත්ර යෝ; කුතො - කොයින් ද? ධනං - ධනය; කුතො - කොයින් ද?)

ටිප්පණි:

1. ‍යමෙක් - මේ රූපය දෙ බස්හි සම යැ. විශෙෂයෙන් බහු වචනත්විය හැඟැවූ මනා තන්හි ‘යම්කෙනෙක්’ යනු යෙදේ.




-104] මුවදෙව් දා විවරණය 165

103

අන්වය : මෙ‍ සේ මුළා වැ ගොස් දුකු මුහුදුහි නො හී, යෙහෙන් වැසැ ලෝ රක්නා අනෙක් කරුණෙක් ඇති. කියම්.

පදාර්ථ4 : මේ ආකාරයෙන් මුළා වී ගොස් දුක් නමැති මුහුදෙහි නො වැටී, සුවසේ වැසැ ලෝකය රක්නා වු අනෙක් කාරණයෙක් ඇත්තේ යැ (එය) කියමි.

විස්තර : ජිවිතයට දැඩි ආසා කිරීම මහත් මුළාවෙකි. මුළා වී ගොස් වැටෙනුයේ දුක් මුහුදෙහි යැ. එසේ මුළ වී ගොස් දුක් මුහුදෙහි නොවැටී සුව‍සේ ලොකය රක්නට හෙතු වනුයේ මෙ සේ මේ සපතෙහි ලැගිම නො වේ. අන්යන කාරණයෙක් ඇත. ඒ කියනු ලැබේ.

මේ කියන අනෙක් කරුණ නම් වනයට ගොස් තපස් රැක්ම බව මතු පැවැසේ. එ කලැ කවර නම් ලොක රක්ෂතණයෙක් ද? ඒ රක්ෂපණය. රජුන් අතින් කැරෙන රක්ෂ ණය වැන්නෙක් නො වේ. ලෝක පාලක ධර්මදයන් රැක්ම යි. විළි බිය දෙක ලොක පාලක ධර්මන යි. යම් ධර්මපයෙකින් ලොක පාලනය සිදු වේ නම් ඒ ධර්ම යි. යම් ධර්ම යෙකින් ලොක පාලනය සිදු වේ නම් ඒ ධර්ම ය ඉඳුරා රක්නො ද ලෝක පාලකයෝ මැ යැ.

‘කියමැති ‍ අනෙක් කරුණෙක්’ යනු පිටපත්හි එක සේ එතත් බොහෝ සත්න පිටපත්හි ‘අනෙක් කරුණෙක් - අනෙක් කාරණයෙක්, ඇත් නම් - විද්යාැමාන වී නම්, ඇතැම් - අමාත්යල - යෙනි, කිය - කථනය කර’ යි අරුත් පැවැසිණ. නො ගැළපේ.

ටිප්පනි :

1. ගොස් - ‘යා’ ගමන්හි ධාතුව ඇසුරු කොටැ නිපතන විධියෙන් පූර්වා ක්රි.යා නිපාත යි.

2. යෙහෙන් - යහ + එන් = යහෙන් = යෙහෙන් .

3. රක්නා - ‘රක්’ දයින් වූ කෘදන්ත නාම යි.

104.

අන්වය : විසා වසට ඔසු, කෙලෙස් අඳරට සරා හිරු, සසර ගිමට සේ තුරු, සුර ලෝ යතුරට පිහිට - (අනතුරු ගීයෙහි වෙනේ වැසැ තව ගත් බව්’ යනු හැ සබදි.) 166 මුවදෙව් දා විවරණය [104-

පදාර්ථ4 : (පඤ්චකාම ) විෂය නමැති විෂයට ඖෂධ වූ , ක්ලේශ නමැති අන්ධ්කාරයට ශරත් සූර්යය වූ, සංසාර නමැති ග්රීවෂ්මයට ඡායා වෘක්ෂත වූ, දිව්යැ ලොක ගමනට ප්රරතිෂ්ඨා වූ - වන‍යෙහි (වැසැ තපස්ු ගත් බව’ යැයි සම්බන්ධය සැලැකියැ යුතු.)

විස්තර : (වනයෙහි වාසය කොටැ තපස් රැකීමෙන්) ඖෂධයෙන් විෂයක් මෙන් පඤචකාමාශාව දුරු වන්නේයැ, සරත් කාලයෙහි සූර්යයයා ගෙන් අන්ධකාරය මෙන් කෙලෙස් දුරු වන්නේ යැ, ඡායා වෘක්ෂහයකින් ග්රීඡෂ්මය මෙන් සසර දුක් නිවෙන්නේ යැ, දෙව් ලොවට යාමට පිටිට වන්නේ යැ.

විෂ‍යයෝ කෙ සේ විෂ සදෘශ වෙත් ද? කීයේ මැ නු -

‘ආපාතමාත්රයමධුරා‍ විෂයා විෂං ච ඝොරා විපාකකටුකා විෂයා විෂංච මොහන්ධාකාරගහනා විෂයා විෂං ච දුර්වාාරවෙගවපලා විෂයා විෂං ච’ ෴ යි?

(විෂයා - (රූප ශබ්දාදි) විෂයයෝ ද. විෂංව - (හල හලාදි) විෂය ද. අපාන මාත්රිමධුරාඃ - පරිභොග මාත්රෙයෙන් මධුරය ‍හ හෙවත් අනුභවයට ගත් පමනින් මිහිරි වෙත්; විෂයාඃ - විෂයෝ ද, විංෂච - විෂය ද, ඝොරා විපාක කටුකා :- ඝෙරා වූ විපාකයෙන් කටුකය හ; විෂ්යාඃා - විෂ‍යයෝ ද, විෂංව - විෂය ද; මොහන්ධරකාර ගහනාඃ - සොහ නමැති අන්ධෂකාරයෙන් ගහනය හ, විෂයාඃ - විෂයයෝ ද, විෂං ච - විෂය ද, දුර්වාපරවෙගචපලාඃ - (ඔවුන් ගේ) නො වැළැක්වියැ හැකි වූ වේගයෙන් චපලයෝ යැ.)

විෂයයනට වඩා විෂය මැ මැනැවැ යි ද කියන ලද -

‘කාමං විෂං විෂයාශ්ච නිරූප්යාමාණඃ ශ්රෙකයො විෂං න විෂයා විෂමශ්වභාවාඃ එකත්රා ජන්මනි විෂං විෂතාම්ප්රෂයාති ජන්මාන්තරෙපි විෂයා විෂතාම්ප්රෂයාන්ති’ ෴ යි.

(කාමං - එකාන්තයෙන්. විෂං ච - විෂය ද, විෂ්යි ද, විෂයාඃ ච - විෂයායෝ ද, නිරූප්යංමාණඃ - පිරික්සනු ලබන්නාහු, විෂඃ - විෂය, ශ්රෙ යඃ - උතුම්; විෂම ස්වභාවාඃ - විෂම වූ ස්වභාවය ඇති, විෂයාඃ - විෂ‍යයෝ, න - (එසේ) නො වෙත්; (කමර හෙයිනැ යත්:-) විෂම් - විෂය, එකත්රි ජන්මනි - එක් ජන්මයෙක්හි, විෂතාම් - විෂ බවට, ප්රණයාතියේ, විෂයාඃ - විෂයයෝ, ජන්මාන්තරෙ අපි - ජන්මාන්තරයෙහි දු, විෂතාම් - විෂ බවට, ප්රටයාන්ති - යෙත්.)

-106] මුවදෙව් දා විවරණය 167

ටිප්පණි :

1. අඳරට - අඳුරු + අට = අඳරට = අඳරට

2. යතුරට - මෙහි ‘යතුරු’ නම් යාත්රාතව යි හෙවත් ගමනය යි.

105.

අන්වය : වෙනේ වැසැ තව ගත් බව්, නිවන් තොටට එක මඟ, වසන් මුහුදට පසුරු, පමා ලියට තුයුණු කග.

පදාර්ථි : වනයෙහි වාසය කොටැ තපස් ගත් බව (නම්) නිර්වාපණ නමැති තිර්ථථයට එක මැ මාර්ගතය යැ, ව්යටසන නමැති සමුද්රපයට පසුර යැ, ප්රයමාද නමැති ලතාවට තීක්ෂථණ වූ ඛඞ්ගය යැ.

විස්තර : වනයෙහි වාසය කොටැ තපස් රැකීමෙන්, එක මැ මගින් තොටට පැමිණෙන්නාක් මෙන් නිවනට පැමිණියැ හැකි යැ, පසුරින් මුහුදු තරණය කළ හැක්කාන සේ ව්යැසනයන් ගෙන් එ තෙර වියැ හැකි යැ, තියුණු කඩුවෙකින් වැලක් සිඳින්නා සේ ප්රමමාදයට වැනැසියැ හැකි යැ.

ටිප්පණි :

1. වසන් - මෙහි ව්යනසනයෝ නම් රොගපීඩාදිහු යි.

2. බව් - මේ ප්රමකෘතිය යි. තුන් වන පස් වන විබත් ගෙනැ නිපදනා ‘බැවින්’ ‘බැවෙහි’ යන රූපයන් බලා ඇතැමෙක් ‘බැව්’ යනු ප්රතකෘතිය සේ සලකති. නො මැනැවි.

106.

අන්වය : ඇමැත්තෙනි, එ බැවින් දැන් ගොස් රමණි පුල් වන ගෙලේ සැහී නිත්තෙන් තව කොටැ යෙහෙන් වෙසෙම්.

පදාර්ථව : අමාත්යහයෙනි, එ හෙයින් දැන් ගොස් රමණිය වූ පිපුණා වූ වන ඝටායෙහි සාහසික වැ. නිත්ය්යෙන් තපස් කොටැ සුව සේ වෙසෙමි.

විස්තර : ‘මුළා වී ගොස් දුක් මුහුදෙහි නො වැටී සුව සේ වැසැ ලෝකය රකින්නා වූ ක්රතමය නම් වනයෙහි වාසය කොටැ තපස් රැකිම වන බැවින් දැන් මැ තපස් රැක්මට වනයට යෙමැ’යි මේ කී සැටි යැ. 168 මුවදෙව් දා විවරණය [107-

ටිප්පනි :

1. වන ගෙළේ - ගළ + ඒ = ගළේ = ගළේ. ‘ඝටා’ නම් සමූහය යි.

2. සැහි - සාහසික වෑ. ඉක්මන් වැ නොහොත් අභීත වැ. සැහැසි = සැහැගී = සැහිගී = සැගි + ඊ - සැගී.

107. අන්වය : නිරිඳු උවිඳු, සියල් සබ රෙළු කෙරෙමින් තමා වදන් හරි මෙර මතින් රුදු සබ මුහුදු අළලී.

පදාර්ථි : නරෙන්ර්ැ නමැති උපෙන්ර්ර (විෂ්ණු) තෙමේ සකල සිනාව රොදනය කරවමින් තමා ගේ වචන නමැති ස්වර්ණග මෙරු මන්ථයෙන් මහත්වූ සභාව නමැති සමුද්රලය අලොලනය කෙළේ යැ (කැලැඹි යැ.)

විස්තර : විෂ්ණුහු මහා මෙරුව ගෙනැ මුහුද ඇළලු කලැ සමුද්රැයෙහි ඝොෂය ඇති වු පරිද්දෙන් රජ ‘තපසට යොමැ’ යි කී කලැ සකල සභායෙහි හැඬිම් ඇති වි යැ.

‘සබ මුහුදු’ යි පෙරැ මැ කියා යළි ‘සියල් සබ රෙළු කෙරෙමින්’ යි කීම පද්යද දූෂණයට ඵ්කාන්ත හෙතු යැ. විමැසියැ යුතු තැතෙකි.

ටිප්පණී :

1. හරි මෙර මතිනි - මෙහි ‘හරි මෙර’යනු ‘ස්වර්ණන මෙරු’ යන අර්ථ.යෙහි යෙදිණ. ‘හරි’විශෙෂණයක් නැති වැද ‘මෙර’යන්නෙන් මෙරු පර්ව.තය ගැතෙතු දු සිංහල කවීහු ස්වර්‍විාර්ථද වාචි ශබ්දයෙකින් විශිෂ්ට කොටැ ද මෙය ද යොදත්.පැරැකුම්බා රජහු ද කි හු. -

‘පිවිසැ සිරිනදන් - ඉති විසිතුරු වැටුම් මඬු සැදී සිහසුනෙ ‘නිරිඳු - තිකී’ ළහැ පැ කනා මෙර ෴ යි.

සංස්කෘතයෙහි ‘හරි’ ශබ්දය ස්වර්ණාහර්ථනයෙහි යෙදෙන බවෙක් නො පෙනේ. අමරසිං‍හයෝ -

‘යමානිලෙන්ර්න චන්රාසි කීවිහිණුසිංහාංශුවාජිෂු ශුකාහිකපිභෙකෙෂු හරිර්නා කපිලෙ ත්රිසෂු’ ෴ යි.

108] මුවදෙව් දා විවරණය 169

යම , අනිල, ඉන්ර්ිවර, අර්කජ, (සූර්යච), විෂ්ණු, සිංහ, අංශු (රශ්මි), වාජි (අශ්ව), ශුක, අබි (සර්පර), කපි, (වානර), හෙක (මණ්ඩුක), කපිල වර්ණර. යන තුදුස් අරුත්හි ‘හරි’ ශබ්දය යෙදෙන බව් කී හු.

එහෙත් රුවන්මල්මහි -

‘හරි හෙම් සක් වෙනුහු - සී රැස් ගඳඔ ය කප් දැදුරු කිවි බැසුරු - සිසි වා සුවන් වනැ වේ’

යනුයෙන් ‘හරි’ හබ්දය ස්වර්ණා ර්ථ යෙහි දු වැටෙන බව කියන ලද . ‍පාලියෙහි දු හරි යනුයෙන් ස්වර්ණවය ද ගැනේ.

2. රෙළු - මේ රොදනාර්ථියෙහි යෙදිණ. චින්ත්යු යි.

108.

අන්වය: මහගූ නියවන් ඇමැත්තෙක් සෙබෙන් නැගී සිටැ, වහන් සේ මුඳනතැ කොටැ නරනිඳු හට මෙ කි.

පදාර්ථල : මහා අඪ්යන වූ ඥානවත් වූ අමාත්යහයෙක් සභායෙන් නැගි සිටැ, උපානච්ඡායාව (මිරිවැඩියෙහි සෙවණ) හිස් මුඳුනෙහි කොටැ, රජු හට මෙය කී යැ.

විස්තර : රජු ගේ වචන අසා එක් පොහොසත් නුවණැති අමාත්ය යක් සභායෙන් නැගී සිටියේ යැ, රජු ‍ගේ පය ළඟැ හිස තබැ වැන්දේ යැ, එ සේ කොටැ රජුට මේ මතු දැක්වෙන) වචනය කීයේ යැ.

ටිප්පණි :

1. සිටැ - ‘සිටු’ ධාතුයෙන් වූ පූර්වජ ක්රියයා නිපාත යි.

2. සෙබෙන් - සබ + එන් = සබෙන් = සෙබෙන්. ‘සබ’ යැ, ‘සබා’ යැ යි ප්රිකෘති දෙකෙකි.

3. වහන් සේ මුඳනතැ කැරැ - ‘පා වැඳැ’ යනු මේ කී සිටි යැ. රජ සිංහාසනාරූඪ වැ පා පුටුයෙහි පා තබා හිඳී. අමාත්යසයා හිස බිමැ ඔබා රජු වඳි. එ කලැ රජු ගේ වහන් සෙය ඇමතිය ගේ හිසට වැටෙයි.


170 මු‍වදෙව් දා විවරණය [109-

4. මහඟු - මෙයින් අමාත්යටයා ගේ ආඪ්යබත්ව ය ප්රිකාශිත යි. සභායෙහි කථාවට නැඟී සිටින්නකු නියවන් වූව මනා මැ යැ. එ හෙත් ඔහු ගේ ආඪ්යකත්වනය කථාවට පිහිටක් වේ ද, ඒ මහත් පිහිටෙක් වේ ද? එ සේ හෙයින් කියන ලද , භර්තෘයහරීන් විසින් -

‘යස්යාහසති විත්තං ස තරඃ කුලීනඃ ස පණ්ඩිතඃ ස ශ්රැ තවාන්ගුණඥාඃ ස එව වක්තා ස ව දර්ශරනීයඃ සර්වෙව ගුණාඃ කාඤ්චනමාශ්රඃයන්ති’ ෴ යි.

(යස්ය‍ - යමකුට, චිත්තං - වස්තුව, අස්ති -ඇත් ද, සඃ නරඃ - ඒ මනුෂ්යය තෙමේ, කුලීනඃ - කුලවතෙකිඃ සඃ - හේ තෙමේ පණ්ඩිතඃ - පඬුවෙකි; සඃ - හේ තෙමේ. ශ්රැකතවාන් - ශාස්ත්ර ඥයෙනි. ගුණඥඃ - ගුණදත්තෙකි; සං එව - හේ තෙමේ මැ වක්තා කථායෙහි දක්ෂුයෙකි. සඃ - හේ තෙමේ දර්හුනියඃ ච - දැකුම් කටයුත්තෙක් ද වෙයි. සර්වෙ ගුණාඃ - සියලු ගුණයෝ, කාංචනං - ස්වණිය හෙවත් ධනය , අශ්රසයන්ති - ඇසුරු කෙරෙත්)

109.

අන්වය : මෙ වත් මනැ මුළු ලෝ, තා යස සිරින් සරා සිසි කැල්මෙන් අද කොමළ කොඳ කුමුදු කුස් පැරැසි

පදර්ථම : මේ වර්ත මාන කාලයෙහි සකල ලෝකය ‍තා ගේ යශඃ ශ්රීචය කරණ ‍කොටැ ගෙනැ, ශරච්චන්ර්මාන කාන්තියෙන් ආර්ද්රශ වූ කොමල වූ කුන්දතකුමුදයන් ගේ කුක්ෂිොය පැරැදැවී යැ.

විස්තර : තොප ගේ කීර්තිය මුළු ලොවැ පැතිරැ ගියේ යැ ඒ කීර්තියෙන් මුළු ලොව එක පැහැරැ සුදු වි යැ. කො තරම් සුදු වී ද යත් :- ශරච්චන්ර්කුන කාන්තියෙන් වැසී ගිය සමන් මලෙහි එළ මානෙල් මලෙහි ඇතුළත ද තොප ගේ කීර්තියෙන් වැසුණු ලොකය තරම් සුදු නො වේ.

ටිප්පණි :

1. සරා සිසි කැල්මෙන් අද කොඳ කුමුදු කුස් - කොඳ කුමුදු මල් සුදු යැ. එ හෙයින් සුද හැඟැවීමට එ මල් ගත් හ. එ මල්හි ඇතුළත පිටතට සුදු යැ. එ හෙයින් ශුභ්රසත්වයය මහත් බව හැඟැවීමට කොඳ කුමුදු කුස් මැ අළ හ. සඳ රස් ද


--110] මුවදෙව් දා විවරණය 171

සුදු යැ. එ බඳු සඳ රසින් කොඳ කුමුදු මල් පිපෙයි. එ පමණෙක් මැ නො වේ. සුදු සඳ රස් සුදු මලට වැටුනු කලැ සුද වැඩි වෙයි. එ හෙයින් සුද තවද අදික කොටැ පැවැසීමට ‘සිසි කැල්මෙන් අද’ යනු යෙදූ හ. සරා කල්හි සඳ අධික ප්රෙභායෙන් යුක්ත යැ. එ හෙයින් ඒ ස‍ඳෙහි රස් වඩා ලා මැ සුදු වෙයි. ශුභ්රේත්වෙය කෙළ පැමිණි බව දැක්වීමට ‘සරා’ යනු සබඳ කළහ. රජු ගේ කීර්තිය එ බඳු සුදටත් වඩා සුදු බව ‘පැරැයි’ යන්නෙන් කී හ.


110.

අන්වය : නිරිඳු සඳ ලෝ ත යසැ මත් වැ, අත් නල ගී සම තන් යුතු මිහිඟු හඬ නො හැරැඹැ නැටී.

පදාර්ථර : නරෙන්ර්ද චන්ර්බඳකය. ත්රි,විධ ලොක තෙමේ තා ගේ කිර්තියෙහි ලා (කිර්තිය කරණ කොටැ ගෙනැ) මත් වී, හස්ත තාලය ද ගීතය ද සම තානයන් යුතු මෘදඞග නාදය ද සංරබ්ධ නො ‍ කොටැ ( එකඟ නො කොටැ) නැටී යැ.

විස්තර : මුව දෙව් රජු ගේ කීර්තිය කරණ කොටැ ගෙනැ තුන් ලෝ වැස්සෝ අධික ප්රීදතියට පැමිණෙති, මත් වෙති. ‘තමන් තමන් බව’ නො දනිති. එ හෙයින් තාන යුක්ත කොටැ වසන මිහිඟු බෙරෙහි හඬ ද අත් තල හඬ ද ගිතය ද සම වැ නො යන බවත් නො දැනැ මැ උතුම් වූ මෙන් නටති.

මෙයින් රජු ගේ කීර්තිය උත්කර්ෂැයෙන් වැනූ හ. එය මුවු තුන් ලොවට ආනන්ද්කර බව ද හැඟැවූ හ.

ටිප්පණි :

1. හැරැඹැ - ‘හරඹ’ දයින් වූ පූර්වය ක්රි.යා නිපාත යි. ‘හරඹ’ ධාතුයෙහි අර්ථල නම් පැවැත්මෙන් සමාන කිරීම යි. එකක් අනෙකක් හා සම වැ යේ නම් ඒ හැරැඹීමෙකි. ගීතය වාදිතයට අවිරුඬ වැ යේ නම් එහි හැරැඹීම වෙයි.

2. අත්තල - හසත තාලය යි. තාලයට අත් පිඬු ගැසීමයි.

3. සමතන් - මෙහි තන් (තාන) නම් සංගීත ශාස්ත්රියෙහි නියමිත ස්වරයා ගේ කාලය යි.



172 මුවදෙව් දා විවරණය [111—

111.

අන්වය : අනේ දිලිඳු බමර මුළු න දන් හල් සුපුල් පියුම් විල් වැදැ රිසි සේ රුවන් මුවරඳ රොන් ගත්.

පදාර්ථ  : නොයෙක් දරිද්රර නමැති භ්ර්මර සමුහයෝ, තා ගේ දාන ශාලා නමැති සුපුෂ්පිත පද්ම තඩාගයනට වැදී අභිමත පරිද් දෙන් රත්න නමැති මකරන්දල රෙණුන් ගත් හ.

විස්තර : බමරුන් පිපුණු මල් ඇති පොකුනකට වැදි කැමැත් පැරිද්දෙන් මල් පැණි ගත්තාක් මෙන් කොයෙක් දිලිඳන් ඒ රජු ගේ දාන හාලාවට වැදැ කැමති පරිද්දෙන් රත්නයන් ගත් බව කීමෙන් මුවදෙව් රජු ගේ මහාත්යාෙගිත්වණය වැනිණ,

ටිප්පණි

මුවරඳ රොන් ගත් - මුවරඳ නම් පුෂ්ප මධුව හෙවත් මල් පැනි යි. රොන් නම් පුෂ්ප රජස හෙවත් මලෙහි වූ ධූලි වැනි ද්රදව්ය ය යි. භෘඞගයෝ මකරන්දරයෙන් මධු හෙවත් මී පැනි ද රෙණුයන් මධු කොෂය හෙවත් මී වදය ද කෙරෙත්. රත්නයන් නානා විධ වන හෙයින් උපමානය පිනිස මුවරඳ රොන් පී දෙ වර්ග යක් මැ ගැනුණ හ යි හැ‍ඟේ.

බමරුන් මුවරඳ රොන් ගන්නා සේ ආවාර්යම ගුරුළුගොමි හු ද කී හු-

‘සඳකත් ගඟුල් ඌල් කෙ‍ළැ කොළෙඹිළු වැදැ මුවරද රොන්; තවර ගෙනැ දවන රවන බමන බමර වැළ අලළ මින් බට හිමවු පවන් -’෴ යි.


භෘඞගයන්‍ ගේ පුෂ්ප මධු පානයට ‘රොන් ගැන්ම’ යැ යි සිංහල භාෂායෙහි අවිශෙෂයෙන් ව්යණවහෘත යි කී හු මැ යි. විජයබා පිරුවන් තෙර හිමියෝ ද -

‘රොන් අරැ ගෙනැ මලි නි මී බඳන බමරුන් මෙ නි ලොව නො පෙළා යෙහෙ නි අයින් දන රැස් කරන් නිරිඳි නි ෴ යි.



-113] මුවදෙව් දා විවරණය 173

එ හෙයින් ‘මුවරඳ රොන් ගත්’ යන තන්හි රොන් යනු පුෂ්ප පරාගාර්ථහයෙහි නො යෙදුණ හ යි ද රොන් ගත් යන්නෙන් භෘඞගයා ගේ පාන ක්රිායාමාත්රවය මැ ගත යුත්තේ යැ යි ද සමහර පඬුවෝ කියත්.

112.

අන්වය : අනේ නිරිඳුන් මුඳුන් කළ සේ සතින් රඳනා තවත් දොර, පළ හෙළ පුල් පියුම් විල් පැරැයී.

පදාර්ථ් : නො යෙක් නරෙන්ර්ු යන් ගේ මස්තකයෙහි කරන ලද්දා වු ශ්වෙතච්ඡත්රියෙන් ශොභමාන වූ තා ගේ වාස්තු ද්වාරය තෙ‍මේ පතළා වූ සුදු වූ පිපුණා වූ නෙළුම් විල පරැද වී යැ.

විස්තර : ‍ මුවදෙව් රජු දැක්මට එන ප්රා දෙශීක රාජයන් ගේ සංඛ්යාළව ඉතා මහති. ඔවුන් අවුත් වාස්තු ද්වාරයෙහි රැසු වූ කැලැ ඔවුන් ගේ ‍ ශ්වෙතච්ඡත්ර්යන් ගෙන් සකල ‍ ප්රදදෙශය සදු වැ යෙයි. එ කලැ එය පිපුණු සුදු නෙළුම් මලින් ගහන වූ විලකට ද වඩා ශොභමාන යැ. සුදු කුඩය සුදු නෙළුම් මල වැන්නැ

මහ රජු දැක්මට එන ප්රා.දෙශික රජුන් ගේ ගණන මහත් බව මෙයිනුදු කීය ( 43 වන 44 වන ගී බලන්නේ යැ.)

113.

අන්වය : තා සෙනහෙහි හයන් කුරින් උදුයූ රෙදෙන් හිරු මැලැව ද නිරිඳුන් සිව මිණි‍මෛරජ ගුව්න අලු කෙළෙ

පදාර්ථන : තා ගේ සේනායෙහි අශ්වයන් ගේ කුරින් උඩට නංවන ලද්දා වු රජසින් ( දූලියෙන්) සූර්ය යා මලින වූ කල්හි ද (ප්රවදෙශ) රාජයන් ගේ හිඛා මණි රශ්මිය අහස ආලොක කෙළේ යැ.

විස්තර : මඛාදෙව ‍ රාජයා ගේ වාස්තු ද්වාරයෙහ වන්නා වූ අශ්වයන් ගේ කුර පහරින් නැ‍ඟෙන ධූලි ය අහසට වැදැ සූර්යි රහ්මිය මුවහ කෙරෙයි. මේ කරණ කොටැ ගෙනැ රඑහි ආකාශ්යන අදුරු වියැ යුතු වැ ද, එ සේ නො වේ. කවර හෙයින් ද, රාජයන් ගේ මුඳුන් මිණිවලින් නික්මෙන මහත් රශ්මියෙන්. සූය්ය්රව රහ්මියෙන් මෙන් මැ, අහස ‍ ආලොක වන හෙයිනි.



174 මුවදෙව් දා විවරණය [114-

මෙයිනුදු මුවදෙව් රජු ගේ ආදිපත්යෙය වැනිණ. අහස ආලොක කරන තරම් රස් ඇති විමට කො තරම් සිළු මිණි වියැ යුතු ද ? එ තරම් සිළු මිණි ඇති වීමට කො තරම් රජවරුන් සිටියැ යුතු ද?

අශවයන් ගේ කුර ඝර්ෂ ණයෙන් උද්ගත වූ ධූලීන් අහස වැසෙන සේ මයුර ‍ සන්දෙුශ කාරයෝ ද කී හු-

දැ වැ ග ත් හයන් කුර රොන් නැඟෙත නුබ ව සා සි ය ප ත් පොබයවන රිවි කැලුම එන නී සා ම හ ව ත් හරන මෙන් සෙද අතපයින් ග සා පැ හැ ප ත් පහ ‘ගැ දද එහි කරන වැනි උ සා’ ෴ යි

හංස සන්දේශයෙහි දූ කියන ලද -

        	‘වු	හු	ටු	හය සෙනෙඟ කුර රොන් වැදැ තිද 	ස

කි ලු ටු වෙති දෝ සැඩකර ක පහ ස දැ මි ටු සතට නො වදින ලෙස දෝ බැ ස නොප ටු වල කුළු හිඳුවයි පුර අහ ස’ ෴ යි.

ටිප්පණි :

1. සෙන‍ඟෙහි - ප්රුකෘතිය ‘සෙනඟ’ යනු යි. විභක්තිය හා සමග ප්ර්කෘතියෙහි ‘අඟ’ යනු ද ලොපය පැමිණැ ‘සෙත’ යනු වෙයි ‘සෙත්’ යි ප්ර්කෘතියෙක් නැති.

2. උදුහු - ‘දහ’ ධාතුයේක වූ අතීත කෘදන්ත නාම යි. උදහ (උඩට නැගීමෙහි) ධාතු ‘බම’ ආදි ගණ යි. උදහා - උදහති - ඉදිහි - උදුහු.

මැලැවැ - ‘මලා’ (මැලෑමෙහි) ධාතුයෙන් වූ ආවස්ථික කෘදන්ත නිපාත යි. මලා + අ = මැල + අ = මැලැව. ‘මිලාන වූ කල්හි’ යනු අර්ථා යි.

114.

අන්වය: නිරිඳු සඳ, මිහි කල් ත කිතු හෙළ අඟරින් ත පතුල් පුල් තඹරින් සැදි, මෙ කල්හි යෙහෙන් හෙබි.


-114] මුව‍දෙව් දා විවරණය 175

පදාර්ථි : නරෙන්ර් චන්ර්7පුය, මහී කාන්තා තොමෝ, තා ගේ කීර්ති නමැති ශුභ්රද අඞගරාගයෙන් ද තා ගේ පාද තල නැමැති පිපි පියුමින් ද අලඞකෘත වැ. මේ කාලයෙහි සුව සේ හොභමාන වූ.

විස්තර : පෘථිවි නමැති කාන්තා තොමෝ තොපගේ යසස් නමැති සුදු අහරය (ශරීර විලෙපනය) තවරා ඇත්තී යැ. තා ගේ පදා තලය නමැති නෙළුම් මල මුඳුනෙහි පැලැඳැ ගත්තී යැ. එ හෙයින් තොප නිසා මැ සුව සේ අලඞකාත වූවා යැ.

මුවදෙව් රජු ගේ කීර්තිය ලොව පු‍රා පැතිරි ගිය බව ද, ඔහු මුළු ලොවට අග බව ද , ඔහු විසින් රක්නා ලද ලොකය සුවපත් වූ බව ද මෙයින් කි හු. ඔහු ගේ කීර්තිය පෘථිවි කාන්තාවඑ අඞගරාග වි යැ. එයින් හැඟැවෙනුයේ ඒ කීර්තිය ලොව පුරා පතළ බව යි. මුඳුනෙහි පැලැ‍ඳෙනුයේ අත්යුිත්තම වස්තුවෙකි. මිහි කත මුවදෙව් රජු ගේ පා පියුම් පැළැදෑ ගතු. එයින් දැක්වෙනුයේ ඔහු මුළු ලොවට අග බවය. ‍ ‘යෙහෙන්’ යනුයෙන් ලොකයා ගේ සුඛිතත්වයය ඉඳරා පැවැසිණ

ටිප්පණි :

1. අඟරින් - ‘අගර’ නම් ශරීරය වර්ණ වත් කිරීමට ඇඟ තැවැරෙන ද්ර්ව්යනයෙකි. ‘අඟර’ ‘අඟරා යන ශබ්ද ද්වයය මැ අඞගරාගාර්ථවයෙහි වැටේ. ගුත්තිල දායෙහි -

‘ජය කෙළියට එ ත ර දැකැ සැරැසුණන් නො විත ර තෙමේ ‍ ද කුමුදාක ර පුබුදු කුමුදින් ගතෙ ‘ව් සුඳ ‘ග ර

යන තන්හි ‘අගර’ ශබ්දය වෙයි. එහි මැ, -

        ‘	සු	ව	ඳ	සඳන් කොකුම ‘ග	රා

පැ හැ ද තමන් වෙරැ තව රා නොම ද සලෙළු දන එ පු රා ති බ ද කෙලිති ‍ සතොස පු රා

යන තන්හි ‘අඟරා’ ශබ්දය එයි. පැරැකුම්බා රජාණෝ ද,



176 මුවදෙව් දා විවරණය [116—

‘දස වමියන් රුදු

                                විසිතුරු පියොවුරු මඩලැ

දුළ පළ කොකුම ඟරා ගී වී තෙදෙ නරවරා’ ෴

යන තන්හි ‘අඟරා’ ශබ්දය දක්වන්.

        ‘හෙළභ රසින්’ යනු පිටපත්හි එයි. ‘ශුභ්රාංයශු රාශියෙත්’, ‘ශුභ්‍ොවාංග රාශියෙන්’ යන ඈ නත් ලෙයින් අරුත් පැවැසිණ.

115.

අන්වය : නර වර, ත යස සිරිත් මෙසේ සිරි පත් ලෝ සෝ මුහුදුහි ගලා ගිය හොත්, එ හි උදා කිම?

පදාර්ථ  : නරොත්තමය. තා ගේ යශඃ ශ්රී යෙන් මෙ සේ ශ්රිමයට පැමිණියා වූ ලෝකය‍ ‍‍ශොක නමැති සමුද්රදයෙහි නිමග්න කොටැ ගිය හොත් ඒ ගමනෙහි අභිවෘධිය කිමෙක් ද? විස්තර : ලොකය මෙ සේ ශ්රීන ශොභාවට පැමිණියේ තා ‍‍ෙග ‍් කීර්තිය කරණ කොටැ ගෙනැ ය. එ බදු වූ ඒ ලෝකය දැන් ශොක සගරයෙහි ගිල්වා තපසට ගියහොත්ඒ ගමනින් ලොවට වන වැඩ කවරේ ද?

මුවදෙව් රජ තපසට ගිය හොත් ලොකයට මහත් අවැඩ වෙති යි මේ කි පරිදි යි. ලොව සරියට පමිණියේ ඔහු ගෙනි. ඔහු ගිය කලැ ඒ සිරි ද යෙයි. එයින් වනුයේ අවැඩෙක් මැ නු?

116.

අන්වය : නර සී ඔහු එ තෙපල අසා , සසිනිඳු දසන් අග රැසින් එ සයල් සබ සදම් ත් සී,මෙ කී.

පදාර්ථ් : නරසිංහ තෙමේ ,ඔහු ගේ (ඒ අමාත්යුය‍ා ගේ) ඒ වචනය අසා මොනොවට සිනිඳු වූ දන්තාග්ර රශ්මියෙන් ඒ සකල සභාව අලඃකෘත කෙරෙමින් සිනා සී මේ (මතු දැක්වෙන වචනය) කී යැ.



-118] මුවදෙව් දා විවරණය 177

විස්තර : අමාත්ය යා ගේ වචනය අසා රජුටසිනා පහළ වියැ. සිනිඳු වූ දත් අග මඳ වැ පෙනෙන්නට වියැ. එයින් නික්මුණු සුදු රශ්මියෙන් සියලු සභාව සුදු වියැ. ඉක්බිති මේ මතු දැක්වෙන වචනය කී‍යේ යැ.

ටිප්පණි :

1. අසා - ‘අස’ ධාතුයෙන් වූ පූර්වය ක්රිායා නිපාත යි.

2. සී - ‘සෙ’ (සිනායෙහි) ධාතුයෙන් වූ පූර්වසක්රිතයා නිපාත යි. සෙ + ඊ = සි + ඊ = සි + ඊ = සී.

‘සිසිනිඳ දසනග රැසින් එ සියල් සබ සදමිනි’ යනුයෙන් හැඟැවෙනුයේ සනාව මැ යැ. එ හෙයින් යළි දු ‘සී’ යැ යි කීමෙන් වනුයේ පුනරුක්තියෙකි.

117.

අන්වය : දර රදහු යෙහෙන් වැදැ, යෝන දනන්නට නැඟු සේ කෙහෙලි එව් නරක්, අද හිස්හි දිටිමි.

පදාර්ථ : ජරා නමැති රජහු විසින් සුව සේ (නො පැකිළැ) වැදී යෞවනය දිනනු පිණිස නඟන ලද්දා වූ සුදු කොඩියක් වැනි වූ පලිතයෙක් අද (මාගේ) හිසෙහි දිටිමි.

විස්තර : අද මා ගේ හිසෙහි පලිතයක් දිටිමහි. කෙ බඳු වු පලිතයෙක් ද? රජ කෙනකුන් කිසි පැකිළීමක් නැති වැ වැදී සතුරකු දිනිමට සුදු කොඩියක් නහන්නාක් මෙන් ජරාව වහා වැදි තරුණ භාවය නැති කිරීමට ඇති කළ පලිතයෙකි.

ශරීරය නමැති රටෙහි යෞවන නමැති රජහු රජ කෙරමින් සිටින කලැ ඔහු පරදවා පලවන්නට ජරා නමැති රජහු පැමිණෙනු සිරිති.

118.

‍අන්වය : එ බැවින් දැන් ගොර මරණ ඇත්හු අත්හි තමා නො‍ හෙන් මැ ගොස් , වල්හි තව ගත් බව් දිනූ බව්.

පදාර්ථ් : ඒ කාරණය හේතු කොටැ ගෙනැ මේ කාලයෙහි ඝොර වූ මරණය නමැති ඇතා ගේ අතෙහි (අතට) මා නො වැටෙත් මැ (වැටෙන්නට පෙරැ මැ) ගොස් වනයෙහි තපොවෙශය ගත් බව දිනූ බව නම් වෙයි.

12 178 මුවදෙව් දා විවරණය [118-

විස්තර : මරණය ඇත්ක් හු සෙයින් පහර දෙන්නට සැරැසි සිටී. ම‍රණයට පූර්ව ලක්ෂහණ වූ ජරාව ද එළැඹැ සිටියේ ය. එ හෙයින් ඒ මරණ නමැති ඇතැ ගේ අතෙහි වැටෙන්නට පෙරැ මැ වනයට ගොස් කෙලෙස් තවා සිල් රැකීම පරලොව දිනන්නට ඇති එක මැ මාර්ග ය යි.

කියන ලද මැ යි -

‘යාවත්ස්වස්ථමිදං ශරීරමරුජං යාවජ්ජරා දූරතො යාවවෙවන්රි්ව යශක්තිරප්ර තිහතා යාවත්ක්ෂ‍යො නායුෂඃ ආත්මශ්‍රෙයයි තාවදෙව විදුෂා කාර්යඃ ප්රටයත්නො මහා - නසන්දීනප්තෙ භවනෙ තු කූපකනනං ප්රෂත්යුෙද්යඃමඃ කීදෘශඃ෴

භතෘහරීන් විසින්

(යාවත් - යම් තාක්, ඉදං ශරීරං - මේ සිරුර, ස්වස්ථම් - පීඩා රහිත ද, අරුජං - අරොග ද, යාවත් - යම් තාක්, ජරා - ජරාව, දූරතඃ - දුරැ සිටියාවූ ද, යාවත් - යම්තාක්, ඉන්ද්රිතයශක්තිඃ ච - ඉන්ද්රිෂයයන් ගේ ශක්තිය ද, අප්ර තිහතා නො නැසිණි ද, යාවත් - යම් තාක්, ආයෂඃ - අයුෂයා ගේ, ක්ෂවයඃ - විනාශය, න - නො වේ ද, තාවත් එව - ඒ තාක් ම , විදුෂඃ - පණ්ඩිතයා විසින්, ආත්ම ශ්රෙ-යසි - ආත්මයට වැඩ පිස, මණිභාන් ප්රශයන්තඃ - මහත් වූ උත්සාහය නොහෝත පුජ්ය වූ තපස, කාර්යඃ - කළ යුත්තේ යැ, භවනෙ - ගෙය, සන්දිතප්තෙ - ගිනි ගෙන දිලියෙන කල්හි, කුපඛනනං ප්රභති - ළිඳ කැනීමෙහි ලා, උදාමඃ - උත්සාහය, කීදෘශඃ - කෙ බඳු ද?)

‘බුද්ධා ‘පි බුද්ධකමලජ ‘මලවාරුනෙතනා වත්තිංසලක්ඛණවිරාජිතරූප‍සොභා සබබාසවඛ්ඛයකරා ‘පි ච ලොකනාථා සම්මාද්දිතා මරණමත්තමහාගජෙන’ ෴ යන තන්හි දු මරණය ඇත් කොටැ දැක්විණ.

(බුද්ධ - පුබුදු , නිර්මෙල - පියුම් වැනි, අමල - නිර්මෙල වූ. චාරු - මනොඥ වූ, නෙතතා - නොත් ඇති, චන්තිසලක්ඛණ - දෙතිස් ලකුණෙන් විරාජිත - බබළන්නා වූ, රූප ශොභා - රූප සෞන්දනර්යය ඇති, සබ්බආසව බයකරා අපි චසලකාශ්ර,වක්ෂොයකර වූ ද , ලොකනාථා - ලොකස්වාමි වූ , බුද්ධා අපි - බුදුහු ද, මරණ මත්ත මහාගජෙන - මරණය නැමැති මත් මහ ඇතහු විසින් සම්මද්දිතා - අත්යාත්වරයෙන් මඩනා ලද්දා හු යැ.)

ටිප්පණි :

1. තව ගත් බව් දිනු බව් - මෙහි දිනූ බව නම් පර ලොව දිනූ බව යි. කියැවිණි ‍ මැ නො - ‘දිනුවා නම් පර ලොව දිනුවා මැ යැ’ ෴ යි. -119] මුවදෙව් දා විවරණය 179

119.

අන්වය : ඇමත්තෙනි, මා නවත්තන්නට පියෝ පිය, යුගඳුරු හෙත, කවුරු පොකුරු දැළියෙන් වළකති.

පදාර්ථප : අමාත්ය්යෙනි, මා (තපසට යාමෙන්) නවතන්නට (කැරෙන) ප්රරයෝගයන් හරිවූ. යුගන්ධ,රය වැටෙන කල්හි කරව නම් කෙනෙක් (එය) නොළුඹු දැලියෙන් නවතත් ද?

විස්තර : අමාත්යියෙනි, තපසට යෑමට මා කළ අධිෂ්ඨානය ඉතා බලවති. එය තොප විසින් පැළැකීය හැකි නො වේ. එය වළකන්නට තොප විසින් කැරෙන ප්රඑයෝගයෝ ඉතා දූර්වකලයෝ යැ. මා වැන්නකු ගේ බලවත් අධිෂ්ඨානය එ බඳු දුර්වපල ප්ර යෝගයෝ කෙසේ වළකත් ද? යුගන්ධ ර පර්ව තය වැටෙන කල්හි කවුරු එය නෙළුඹු දැලියෙන් නවතත් ද?

ස්ථිර නිශචය ඇති චිත්තයා ගේ දුර්වාතර භාවය කාලිදාසයෝ කී හ.

‘ක ඉප්නසිතාර්ථයස්ථිරනිහ්චයං මනඃ පයශව නිම්නාභිමුඛං ප්ර්තිපයෙත්’෴ යි.

(ඉප්සිතාර්ථි - ඉෂ්ටාර්ථ෴යෙහි ; ස්ර්වීරනිශ්චයඃ - ස්ථිර වූ නිශ්චයය ඇති ; මනඃ - සිත ද; නිම්නාභිමුඛං - නිම්නප්ර෴වණ වූ හෙවත් පහත බලායන්නා වූ ; සෙයඃ ච - ජලය ද; කඃ - කවරෙක් ; ප්රයතිපයෙත් - වළකා ද?)

ටිප්පණි :

1. නවතන්නට - (නවතනු + අට ‘නවතනු’ යනු ‘නවත්’ ධාතුයෙන් වූ කෘදන්ත නාම යි.

2. හෙත - ‘හෙ’ (හීමෙහි - වැටීමෙහි) ධාතුයෙන් වූ ආවස්ථික කෘදන්ත නිපාත යි.

3. වළකති - ‘වළක’ ධාතු යි.




180 මුවදෙව් දා විවරණය [120-

4. යුගඳුරු - මහ මෙර වටා සිටිති යි සැලැකෙන සත් කුල පව්වන් ගෙන් එකෙකි. කුල පව්වෝ -

‘යුගන්ධගරො ඊසධරො කරවීකො සුදස්සනො තෙමින්දි්රො විනතකො අස්සකණෙණා කුලාවලා’

යනුයෙන් දැක්වුණ හ. මොවුන් ගේ ප්රිමාණය ද මොවුන් පිහිටි සැටි ද ගුත්තිල දායෙහි -

පෙ ර සු ර පුරට පවුරෙව් මෙර වටා සි ටි ස මු දු ර තරඟ සෙ‍මෙරට ලූ කිරණ මි ටි යු ග ඳු ර පටන් අඩෙකින් එකිනෙකට මි ටි ම න හ ර රුවන් සත්කුල පව් වළලු දි ටි’෴

යනුයෙන් දක්වන ලද.

120.

අන්වය : පිරිසුන් එ තෙපුලෙන් නුවණින් ඇස් දර වහමින් හිඳ නො වහන ඇමැත්තෝ නවතා මෙ වදන් කියූ.

පදාර්ථ් : පරිච්ඡින්ත වූ ඒ වචන කරණ කොටැ ගෙන ඇසින් කදුළු ධාරා හෙළමින් හෘදයය නූසුලන්නා වූ අමාත්ය්යෝ නැවැතැ මෝ වචනය කී හ.

විස්තර : රජු‍හු ගේ ඒ වචනය පිරිසිඳැ හෙවත් කෙළවර කොටැ කියන ලද්දේ යැ. එ හෙයින් අමාත්ය්යන් ගේ ශොකය ඉතා බ ලවත් වියැ, නො ඉසිලියැ හැකි වියැ. ඔහු ඇසින් කඳුළු දහර වස්වන්නට වූ හ. යළි දු මෙ සේ කී හ.

ටිප්පණි:

1. පිරිසුන් - (පිරි) ‘සිඳු’ ධාතුයෙන් වූ අතීත කෘදනන්ත නාම යි.

2. වහමින් - ‘වහ’ (ඉසුලුම්හි ) දයින් වූ මිශ්රත ක්රිනයා නිපාත යි.



-122] මුවදෙව් දා විවරණය 181

3. ඇස්දර - මෙහි ඇස් යනු අශ්රැි කඳුළු පාර්යාාය යි. ඒ අක්ෂිය පර්යා‍ය යැ යි ද, ‘ඇස් දර’ නම් ඇසින් ගලන දහරැ යි ද, ඇතැමෙක් යෙති.

121. අන්වය : සෝ ගිජිඳු දිරිය තර ටැඹ බිඳැ නුවරට වන්. නිරිඳු සඳ, ඔහු ත වදන් තියුණු අකුසු බෙලෙය් නවතා.

පදාර්ථ  : ශොක නමැති හස්ති රාජ තෙමේ ධෛර්යු නමැති ස්ථිර වූ (අලාන) සථම්බ්භයය බිඳැ නුවරට වන්නේ යැ. රා‍ජොත්තමය, ඔහු (ඒ සෝ ගිජිඳු ) තා ගේ වචන නැමැති තීක්ෂණ වූ අංකුසයේ බලයෙන් නවත්වව.

විස්තර : තමා බැඳැ තුබූ තර වූ ටැඹ බිඳැ ගෙනැ මහත් හස්ති රාජයකු නගරයට වන්නා සේ. මහත් වූ ධෛර්යගය ද මැඩැ ගෙනැ, ශොකය නගර වාසීන් ගේ සිත් තුළට වන්නේ යැ. නරෙන්රෝ ත්තමය, ‘තපසට නො යෙමි, නුවරැ මැ නවතිමි’ යන වචනය කියා ඒ ශොකය වළකා ලව.

රජු තපසට යන හෙයින් සියලු නගර වාසීන් ශොකහිභූත වූ බව ද, රජු ‘තපසට නො යමි’ යන වචනය කීවොත් මුත් අන් ලෙසෙකින් ඒ ශොකය නො සන්සිඳෙන බව ද මේ කී සැටි යැ.

1. දිරිය තර ටැඹ - මෙහි ‘ටැඹ’ යනුයෙන් ගැනුණේ ඇතුන් බඳනා ස්තම්භ්යද යි. සංස්කෘතයෙහි මෙයට ‘ආලාන’ යනු නමි.

‘පැන කලුණු කිර ‘ග න බඳනා රන ‘ලු විලසි න’ ෴

යන තන්හි කාව්යුශෙඛර කාරොය් එයට ‘අලු් යි කී හ.

2. බිඳැ - ‘බිද’ දයින් වූ පූර්වා ක්රි යා නිපාත යි.

122.

අන්වය : නිරිඳු සඳ, ත වන සෝ සැඩ ගඟ, මුළා උම සළා දී, අප හැම මියුඩුහුරු කෙරෙමින් ගලා.



182 මුවදෙව් දා විවරණය [122-

පදාර්ථ2 : නරෙන්රෝ ත්තමය, තා ගේ විරහයෙන් වූ ශොකය නමැති චණ්ඩ වූ ගඞගා තො‍මෝ මුළා බව නමැති රළ සුළි නගා අප සියල්ලන්, නිඃශ්වාස මාරුත ඇති කෙරෙමින්, නිමග්න කෙරෙයි.

            විස්තර :	තපසට යන රජු ගෙන් නගර වසීහු දැන් දැන් වෙන් වෙති. එයින් ඇති වන ශොකය ඉතා මහති. යම් සේ වෙ‍ගයෙන් බස්නා ගඟක් රළ සුළි නංවා එයට අසු වූවන් මුඛයෙන් මහත් සුසුම් හෙළවා (ප්රාවාහයෙහි) ගිල්වා ද, එ මෙන් ඒ මහත් විරහ ශොකය මුළාව ඇති ටාකටැ සකල නගර වාසීන් මුවින් සුසුම් හෙළවමින් ගිලැ ගනී.

විරහ ශොකයෙන් නගර වාසින් මුළා වැ කටයුතු නො කටයුතු සලකා ගත නො හි සිටුනා බව මෙයින් කියැවිණ.

ටිප්පණි:

1. උම සළා - මෙහි ‘උම’ යනු තරඞග (රළ) පර්යා්ය යි. සංස්කාතයෙහි ‘ඌර්මි’ යනු වෙයි.

‘සළා’ නම් සාමාන්යන ව්යාවහාරයෙහි ‘සුළි’ යනුයෙන් ගැනෙන්න යි. සංස්කාතයෙහි ‘භ්රුම’ ‘ආවර්තු’ යන නාමයෝ වෙති.

2. මියුඩුහුරු - ශොකාදිකා‍රයෙන් මුවින් හළනු ලබන මාරුතයට මේ නම් මේ මාරුතය හෙළන්නට පළමු කොටැ මුඛය මඳක් උඩට හරවා හුළං ඇද ගැනීම සිරිති. එ හෙයින් ‘මියුඩුහුරු’ යන නම වූ හ යි හැ‍ඟේ.

පුරාණ සන්තයෙහි ‘නිරිඳු සඳ තා යත සෝ සැඩා ගඟ උම සළා දි මියුඩුහුරු කෙරෙමින් මුළා අප ගලා’ යන විසිති අන්වයය ගැනුණේ. ‘මුළා’ යන්නට ‘මුඪ වැ’ යි අරුත් පැවැසිණ.

‘ඔවුන් මැ සතු මියෙනුඩුහුරු නල සවිවක් උසුලමින් පුල් නී කොළොඹි එ ‘හී මඳ වඳ සැලැසෙමින් මර්ම.න පවනසිත් කල් වහරේ කල් එව්හු හට අකල් වී’෴ යන තන්හි ආචාර්යු ගුරුළු ගොමීහු ‘‍මියෙනුඩුහුරු නල’ යි කී හ.



-123] මුවදෙව් දා විවරණය 183

‘මියුඩුහුරු කෙරෙමින්’ යන්නට ‘ඌඩ්වමුඛ කෙරෙමින් යන අර්ථ ය ද දියැ හැකි යැ. ඒ මෙ තැනට නො ගැළැපෙන්නේ නො වේ.

3. වන යෝ - වෙන් වීම යැ, වෙන් වූ පුරුෂයා යැ, වෙන් වූ ස්ත්රීය යැ යන අර්ථු ත්ර යයෙහි මැ ‘වන’ යනු වැටේ. මෙහි ගැනුණේ වෙන් වීම යි. ‘වියෝ’ යනු පර්යාන ශබ්දයෙකි. වියොග, විරහ, යනාදිය සංස්කාතයෙහි වෙයි.

123.

අන්වය : නිරිඳු සඳ, අප මන දොළ පුරා නො මැ කියග. සරා සිසි රෙජ නැත, කවර කුමුදු විල් පුබුදි.

පදාර්ථ් : නරෙන්රාු ත්තමය, අප‍ ගේ වින්තාභිලාෂය සම්පූර්ණ‘ කොටැ තෝ මැ කියව. ශරච්චන්ර්ිරු රශ්මිය නැත හොත් ‍ කවර නම් කුමුදු තටාකයෙන් ප්රිබුද්ධ වේ ද?

විස්තර : ශරත්කාලයෙහි චන්ර්ේල්යා ගේ රශ්මිය නො ලැබිණි නම් කුමුදු විල නො පිපෙන්නා සේ ‍ ඔබ ගේ රාජ්යා්නුශාසනය නැත හෝත අපේ සිත කිසි සේත් සතුටු නො වෙයි’ යනු මෙයින් අමාත්යියෝ කී හ.

කවි සමයෙහි චන්ර්ධීමයා කමුදයන් පුබුදුවතී යි යෙති. කුමුදයෝ ශරදෘතුවට අයත් හ. එ හෙයින් මෙහි ‘සරා සිසි මෙරජ මැ ගැනිණ ඍතුසංහාරයෙහි දු

‘කාශෛර්මයහී ශිශිරදිධිතිනා රජන්යෝ හංසෛර්ජලානි සරිතාං කුමුදෛඃ සරාංසි සජතවඡදෛඃ කුසුමභාරතෛර්‍වනාත්තාඃ ශුක්ලීකෘතාන්යුයපවනාති ව මාලතීහිඃ ෴ යනුයෙන් කුමුදයෝ ශරදෘතුයෙහි ලා වැනුණ හ.

(කොශෛං - වැලූක් මලින්, මහී - පාථිවියද, ශිශිරදිදිතිනා - චන්ර්හාරයාගෙන්, රජන්යංශ - රාත්රීයහු ද, හංසෛඃ - හංසයන් ගෙන්. සරිතාං - ශඩගාවන ගේ, ජලාති - ජල‍යෝ ද, කුමුදෛඃ - කුමුදයන් ගෙන් සරාංසි - විල් ද, කුසුමභාර නතෛඃ - මල් බරනි නැමුණු. සප්තච්ඡදෛඃ - සත්පස් ගසින්, වනාන්තා - වනාන්ත‍යෝ ද, මාලතිහිඃ සුමන කුසුම් යෙන්, උපවතානි ච - උපවනයෝ ද, ශුක්ලිකෘතානි - සුදු කැරුණහ.)




184 මුවදෙව් දා විවරණය [124--

1. කියග - කියහි = කියහ = කියහ. ‘හ’ කාරයට ‘ග’ කාරා දෙශ යි.

2. පුබුදි - ‘පුබුදු’ දයින් වූ අනතීත ආඛයාත පද යි.

124.

අන්වය : සිනිඳ පැහැ තද කොමළ පොද අචල වලා මුළු, මෙයින් පත්තේ ලෙළ ලිය කලබ මලවත පොහොසති.

පදාර්ථ4 : ස්නිග්ධ වූ ප්රරභාන්ද්ද වූ ( පැහැයෙන් වැසුණු ) මෘදු වූ බින්දු4යේන ආකුල වූ වලාහක සමූහය තෙමේ මින් මතු ලෙළ දෙන්නා වූ ලතා කලාපය මලානික කරත් හෝත සමර්ථ් යැ.

විස්තර : වලා කුළු සමූහයෙකින් වැල සමුහය මැලැවීමෙක් නො වේ. වනුයේ නම් වැල් ප්රා ණවත් වීමෙකි. ලිය ලෑමෙකි. වලා සිනිඳු නම්, පැහැ තද නම්, කොමළ පොදින් අවල නම්, ඉන් ලිය කලබ පණවත් වීම ලිය ලීම අත්ය,ර්ථකයෙන් අධික වෙයි. එහෙත් මින් මතු එ බඳු ‘වලා මුළු, ළෙල ලිය කලබ’ මැලැවීමට සමර්ථම යැ. කවර හෙයින් ද? මුවදෙව් රජ පිටතිනුදු මහාපුරුෂ ලක්ෂළණයෙන් හෙබියේ යැ, ඇතුළතිනුදු දායාක්ෂනමාදි මහාපුරුෂ ගුණයෙන් පිරුණේ යැ, ප්රිජා රක්ෂ’ණයෙහි මැ යෙදුණේ යැ. රට වැස්සන් ගේ සිත් දොම්නසින් මුදා සොම්නසිනි පුරා ලන්නට මැ ඇරුණේ යැ. එ බඳු වූ ඒ රජ ද, රට වැස්සන් වලප්පා, සෝ සයුරෙහි හෙළා. තපසට යාමට පොහොසත් නම් ඉන් පසු, ‘සිනිඳු පැහැ නද කොමළ පොදවලා මුළු’ කෙසේ නම් ‘ලෙළ ලිය කලබ’ මැලැවීමට නොපොහොසත් වේ ද?

මුවදෙව් රජු වැනි මෘදු ගුණවතකු ස්වකිය ජනයාට මැ ශොකසන්තාපය පැමිණැවීම කො තරම් ස්වභාව විරොධ ද යනු හැඟැ වීමට කියැවිණ.

ටිප්පණි:

1. පොහොසති = පොහොසත් + යි = පොහොසත් + ඉ = පොහොසති. මෙ බදු තන්හි ‘යි’ නිපාතයා ගේ ව්යපඤ්ජන ලොපය වේ.

2. මලවත - ‘මලා’ ධාතුයෙන් වූ ප්රායුක්ත ආවස්ථික, කෘදන්ත නිපාත යි. මලා + ව + තු = මලවතු = මලවත් = මලවත



-126] මුවදෙව් දා විවරණය 185

125.

අන්වය : සොවින් මුලා වූ ඇමැත්තන් මෙසේ කියතුදු, එ නිරිදු, රජ සිරි, තමා කුල කොත් පුන් හට දිති

පදාර්ථ6 : ශොකයෙන් මුඪ වූ අමාත්යකයන් මේ ආකාරයෙන් කියන කල්හි ද ඒ රජ තෙමේ රාජ්යඪශ්රිකය තමා ගේ කුලයට නායක වූ පුත්රායා හට දුන්නේ යැ.

වෘද්ධ වයසට පැමිණි කලැ සූර්යේවංශ්ය් රාජයන් රාජ්ය ය දෙටු පුත් හට දී තපසට යනු රිසිති. එ හෙයින් කීහ. කාලිදාසයෝ -

‘අථ ස විෂ්යි ව්ය්වෘත්තත්මා යථාවිධි සුනවෙ නෘපතිකකුදං දත්වා‍ යු තෙ සිතානපවාරණම් මුනිවනතරුච්ඡායං දෙව්ය තයා සහ ශිශ්රිනයෙ ගලිතචයසාමික්ෂයවාකූණාමිදං හි කුලව්රරතම්’ ෴ යි.

(අථ - ඉක්බිත්තෙන්, විෂය - පංචකාමයෙන්, ව්යතවෘත්ත - නැවැත්තා ව, ආත්මා - සිත් ඇති; සඃ - ඒ දඅලීප රජ තෙමේ, යථාවිධ - ශාස්ත්රා නියමය වූ පරිදි, යුනෙ - තරුණ වූ. සූනවෙ - පුත්ර්යා හට. තෘපති කකුදං - රාජ විහ්ල වූ. සිත අතාපවාරකම් - ශෙවතචඡත්රරය, දක්වා - දී, තසා දෙව්යා සහ - ඒ සුදක්ෂරණා නම් දෙවිය සමඟ, මුනිවවතතරුච්ඡායං - තපොවන වෘක්ෂච්ඡායාව, ශිශ්රියයෙආශ්රයය කෙළේයැ, ඉදං හි - මේ වනාහිං ගලිත වයාසාම් - ගත වූ වයස් ඇති ඉක්ෂ්වාකුනාම් - ඉක්ෂ්වාකුවංශිකයන් ගේ හෙවත් සූය්ය්් යවංශිකයන් ගේ, කුලමතං - කුලධර්මනය යි)

ටිප්පණි :

1. කියතු - ‘කිය දයින් වූ ආවස්ථික කෘදන්ත නිපාත යි.

2. කුල කොත් - කොත (ශෘඞගය) නැඟෙනුයේ ප්රා සාද මස්තකයෙහි යැ. එ‍ හෙයින් අග්රූ යැ ප්රනධාන යැ යන අර්ථවයෙක් ‘කොත්’ යන්නෙන් ලැබේ ‘කුලය බබළන්නා වු’ යන අර්ථිය ද ‘කුල කොත්’ යන්නෙන් ගත හැකි යැ. කොත යම් සේ මන්දිවරය බබළවා ද පුත් එ සේ මැ කුලය බබළවා නු යි හේ කුල කොත් වෙයි.


126.

අන්වය : අනේ නිරිඳුන් යොමු කළ මුතු ලැල් බර කිරුළු කුළු මිණි කැලුම් ඇලු පියවිළි පතුල් පැහැයෙන් තවරම්නි -( අනතුරු ගීය හා සබඳි.)

186 මුවදෙව් දා විවරණය [127-

පදාර්ථ7 : නොයෙක් රජුන් අවනත කළා වූ මුතු වැලින් බර වූ වොටුනු මුදුන්හි මාණික්යණයන් ගේ කාන්ති ආලොක නමැති පියවිළිය පාද තලයෙහි ප්රුභායෙන් තවරමින් - ‘නරෙන්රෝ ත්තමයා උද්යාෙනයට වැඩියේ යැ’ යි සම්බන්ධප කරන්නේ ය.)

විස්තර : මුවදෙව් ‍රජ තපසට යන්නට මැ සැරැසුණු හෙයින් නෙයෙක් දහස් ගණන් ප්රෙදෙශ රාජයෝ යන මඟ දෙ පසට වී මිණි කිරුළු පලන් හිස් බිමැ ඔබා වැඳැ සිටිති. ඔවුන් ගේ කිරුළු මුදුන්හි මහාර්ඝ් මාණික්යඋයන් ගෙන් නික්මුණු කාන්තියෙහි ආලොකය මහ බිම වසා පියවිළියක් මෙන් පැතිරැ සිටි. මුවදෙව් රජු යන කලැ ඔහු ගේ පතුල්හි ප්රළභාව ඒ මාණික්යි ප්ර භාව හා මිශ්රග වෙයි. එ හෙයින් පාද තල ප්ර භායෙන් මාණික්ය් ප්රඒභාව නමැති පියවිලිය තවරන්නා වැන්නැ.

මෙහි දෙන ලද්දේ පුරාණ සන්න පිටපත්හි ආ අන්වයය යි. පිටපත්හි එන ‘පතල්’ යනු ‘පතුල්’ යැයි ගතුමු. මෙය විරිතකට නගා ගැන්මය අපහසු .