මුවදෙව් ‍දා විවරණය-මුව දෙව් දා ව ii

83. (1) පිටපත්හි ගිය එන සේ පෙළෙහි දැක්විණ. (2) ‘එ සමාහි සියො වියො උවන් පුන් සිසි මෙ රජ සුනිල් සස ලේ කැල්මෙන් සැදූ ‘ - මේ සන්නය ගත් අන්වයය යි.

‘පුන් සිසි මෙරජින් - සුනිල් සස ලේ කැල්මෙන් සැදූ නිස කත් වූවත් - සියොවියොවුනෙ සමාහි’ යැ යි ගත ‍ මනා සේ යැ.

86. (1) ‘අදින් කලුන් කෙළි සරත අඟ නො දක්මි වි වැට පැහැ පියා තැවුලි වඩා වෙව්ලී එව්” යනු සන්න‍යෙහි අන්වයය යි.

‘(අදින්) මේ දිනයෙහි පටන් කාන්තාවන් ගේ ක්රියඩායෙන් ශන්ත වූ ශරීරය දර්ශ)නය නො කෙරෙමි කියා ප්රුදීපය ප්රමභා හැරැ සන්තාප වර්ධයනය කොටැ චලිත වැ ගියාක් වැනි වී’ - යනු ව්යැඛාන යි.

‘අදින් කලුන් කෙළි - සරත අඟ නො දක්මී යි. වි පියා පැහැ තැවුලි - වඩා වෙවිලී එව් වැට’ යනු මෙ දෙකට සරි ලන ගී ය යි.

2 18 මුවදෙව් දාව


88. උදා මිහිඳුරුහු - බෙයදෙහි සැදි තුරුණු රිවි වණ වන් වි පියා සුන් - සහසැස්හු වදුර ‘වියෙන් 89. හෙබි උදා ගිරිඳු -නරනිඳුහු කුළු වොටුනේ තුරුණු රිවි බිඹු රඳනා - පැහැ සර සිළු මිණි සිරින් 90. පිනින’ද කොමළ ලෙළ - ලිය කොළෙහි මඳිනැවිසී හමළ සුළග මඳ මඳ - මුහුලු කමුදු රෙදෙන් සන් 91. පියැවී ඉති බැණැ - එ නිරිඳුහු නින්දේ තැන් මියුරු වදනින් වැඳි පුත් - ගෙණෙ එළැඹි එ සමාහි

ඉති උදා වැනුම්.

92. පියා බජන යහන් - තල පුල් කොඳ කුමුදු සුදු මෙදෙන ‘ද ගඳ ගිජිඳු බඳු - නරනිඳු වැඩි මහලට 93. විසයැතුට ‘තුයුණ = කුසු මල් කැන් දර ලියට සරා මන පුල් තඹරට - තුසර සමා තුසර සර 94. සිපන් සැපත් රඹ - වනට ගිහි ගෙ දළ සඳ කිරණ ‘වට සුනෙර මත් - වසන් තමට සහස් රස් 95. පැසුළු අ‍ඩදැණි වැ - කැරැ මිටු සක් කී හිඟු මඟුල් කපු නරනිඳු හට - නරක් නහමා හිස්හි 96. එ තෙපිලෙනොහු අස් - වැසි සතුටු කඳුළිනැස් සියල ‘ඟ ලොමුදෙහෙන් - සන් කෙරෙමින් නිරිඳු සඳ 97. වැදැ සබ මැදැ සැදි - යොමු නිරිඳුන් කිරුළු කුළු මිණි රස් ගලමිනි තමා - සරණ තිය රජ කැල්මේ



සැසැඳිලි 19

88. ‘උදා මිහිඳුරු බෙය දෙහි සැදි තුරුණු රිවි මෙරජ’ මේ පූර්වදර්ධමය පිටපත්හි එන සේ ය.

90. ‘මඳිනැවිසැ කොමළ - ලෙළ ලිය කොළෙහි පිනිනද’ යි ප්ර්ථමාර්ධිය ගත විරිත නො නැසේ.

92. වැඩි මහලට නරනිඳු -‍ මෙදෙන ‘ ද ගඳ ගිජිඳු බඳු’ යැ යි අපරාර්ධිය ගත විරිත රැකේ.

93. (1) ‘සරා මන තඹරට පුල්’ යැ යි තෘතීය පාදය ගත් කලැ විරිත පිරේ. (2) විසයැත් හට, විස ඇත් හට - (ඇතැම්) (3) තුසරකරා තුසර හට - (ඇතැම්.)

94. (1) අසිපත් - (පිටපත්.) (2) රඹ වන - (ඇතැම්.) (3) ‘සැපත් රඹ වනට - අසිපත් ගිහි ගෙ දළ සඳ’ පූවාර්ධිය මෙ සේ ගැන්ම වඩා මැනවි.

95 (1) පැසුළු වැ අඩ දැණි -(ඇතැම්.) පැසුළු වැ අඩ දැණී වැ - (ඇතැම්.0

(2) ‘නරක් මඟුල් කපු - තහමා හිස්හි පැසුළු වැ අඩ දැණි වැකැරැ මිටු සක් - කී හිඟු නරනිඳු හට’ යි විරිත බැන් ද යුතු. මුල් ගීදෙකෙහි මැ වෙසෙසුන් ‘නරක’ යනු හා සබඳ හෙයින් ඒ ආදියෙහි මැ වියැ යුතු.

96. (1) සතුටු කඳුළින් - (පිටපත්.) (2) ‍ ‘ලොමු දෙහෙන් සිහලඟ’ ය යි ගත විරිත නො නැ සේ





20 මුවදෙව් දාව

98. මිණි මුත් කොඳ කුමුදු - පැහැ වතුරේ සබ සියල් ගලමිනි මෙන් සිසිනිඳු - දසන ‘ග ළ සඳ කැල්මෙන් 99. ගන කල්හි සසිනිඳු - දල ලඹ නිල් වලා හඩ පරයම්නි හඩිනි තමා - නරනිඳු සඳ කී මෙ 100. පමයින් වඩා බැඳැ - දළ පෙම් විදෙව් දිවියට ගැලි මෙතෙක් කල්හි - විසීමි සැපත් අදුරේ 101. පරදී බෙහෙවින් බලලන සැපත්හි ලගනා ලෙව් පවසින් පැන වි මිරිඟු සිලිලට අනු ළ වෙහෙල් 102. යමෙක් වඩා නම් - තමා දිවියට දළ පෙම් පලඳුතු විදු ලිය කලබ - පොහොසත් නු හෙ කැරැ සුලබ 103. මෙ ‍ සේ මුළ වැ ගොස් නො හි දුකු මුහුදුමහි යෙහෙන් වැසැ ලෝ රක්නා - කියමැති අනෙක් කරුණෙක් 104. ඔසු විසා වසට - කෙසෙල ‘ඳුරට සරා හිරු සසර ගිමට සේ තුරු - පිහිට සුර ලෝ යතුරට 105. වසන් මුහුදට පසුරු නිවන් තොටට එක මඟ පමා ලියට තියුණු කහ - තව ගත් බව් වැසැ වෙනේ 106. එ බැවිනි දැන් ගොස් - රමණි පුල් පුල් වන හෙළේ තව කොටැ සැහි නිත්තෙන් - යෙහෙන් වෙසෙම් ඇමැත්තෙනි 107 තමා වදන් හරි මෙර මතිනි රුදු සබ මුහුදු නිරිඳු උවිඳු ඇළැලී - කෙරෙමින් රෙළු සබ සියල් 108 නැගි සිටැ සෙබෙන් - කැරැ මඳුනේ වහන්සේ මහඟු නියවතැමැත්තෙක් - නරනිඳුට කි මෙ




සැසැඳිලි 21

98. ‘සසිනිඳු දසන’ග - ළ සඳ කැල්මෙන් මිණි මුතු කොඳ කුමුදු පැහැ වතුරේ - ගලමිනි මෙන් සබ සියල්’ -යනු යැ අන්වයයට ගැළැපෙන එක මැ ගීය.

99. ‍ ‘මෙ කී පරයම්ති - හඬිනි තමා ගන කල්හි සසිනිඳු දල ලඹ නිල් - වලා හඬ නරනිඳු සඳ’ ‍-මෙ සේ ගත් කලැ විරිත නො නසී.

100. ‘පමයින් බැඳැ වැඩා’ මෙසේ ගත ප්රවථම පාදයෙහි විරිත රැකේ.

101 (1) විරිතට මෙ විරිදු යැ.

‘බලන බෙහෙවින් ලොව් - සැපත් හි ලගනා පරදි මිරිඟු සිලිලට පැන වී - ‍ පවසින් අනූ ළ වෙහෙල්’ යැ යි ගත ගීයට පිරිමසී.

(2) පරැදි = (ඇතැම්.)

(3) අනු - (අනු වූ) ‘නැමුණා වු’ යනු අරුති. පිටපත්හි එනුයේ ‘දනු’ යනු යි ‘නම්න වූ’ යනු සන්න යි.

102. (1) ‘පොහෝ නු හෙ කැරැ සුලබ - පලඳුතු විදු ලිය කලබ’ යැ යි ගත අපරාර්ධනය විරිත රකී. (පොහෝපොහොසත් වේ.)

(2) වැඩී නම් - (පිටපත් පෙළ.) වර්ධ.නය කරන්නේ නම් (සන්න.)

105. අහෝ විරිත!

‘පසුරු වසන් මුහු - දට නිවන් ‍‍ තොටවෙක මඟ තව ගත් බව් වැස වෙනේ -පමා ලියට තියුණු කග’ යැ යි ගත හොත් පැහිටෙකි.

107. විරිත රකින්නට නම් ‘හරි’ යනු හළ මනා යැ. මේ නම් එකාන්තයෙන් තව මැ නො පිරිසිදු වූ තැනෙකි.

108. ‘මෙ කි නරනිඳු හට - මහඟු නියවතැමැත්තෙක්’ අපරාර්ධරය මෙ සේ ගත විරිත නො බි‍ඳේ. 22 මුවදෙව් දාව 109. සරා සිසි කැල්මෙන ‘ද කොමළ කොඳ කුමුදු කුස් පැරැයී මෙ වත්මනෙහි - මුළු ලෝ තා යස සිරින් 110. නැටි තා යස මත් - වැ තුන් ලෝ නිරිඳු සඳ නො හැරැඹැ අත් තල ගී - සම තන් යුතු මිහිඟු හඩ 111. රිසි සේ ත දන් හල් - සුපුල් පියුම් විල් වැදැ රුවන් මුවරඳ රොන් ගත් - අනේ දිලිඳු බමර මුළු 112. පැරැයී තා වත් - දොර නෙ නිරිඳුන් මුඳුනේ කළ සේ සතින් රඳනා - පළ හෙළ පුල් පියුම් විල් 113. සෙ‍නගෙහි තා හයන් - කුරි නුදුහු රෙදෙන් හිරු මැලැව ද අලු කෙළෙ ගුවන් - නිරිඳුන් සිළු මිණි මෙරජ 114. ත කිතු හෙළ ‘හරින් - න පතුල් පුල් තඹරින් සැදි හෙබි නිරිඳු සඳ -මිහි කල් මෙ කල්හි යෙහෙන් 115. මෙ සේ ත යස සිරින් - සිරි පත් ලෝ නරවර ගලා සෝ මුහුදුහි - ගිය හොත් කිම එහි උදා 116. එ තෙපල ‘සා ඔහු - දසන ‘ග රසින් සසිනිඳු සදමිනි එ සබ සියල් - නර සි සී කි මෙ 117. වැදැ යෙහෙන් ද දර - රදහු යොතා දනන්නට නැඟු සේ කෙහෙල්ලෙව් - නරක් දිටිම් හිස්හි 118. ‍එ බැවින් දැන් ගොර - මරණැත්හු අත්හි තමා නො හෙත් මැ ගොස් වල්හි - තව ගත් බව් දිනු බව් 119. මා නවතන්නට - පියෝ පියා ඇමැත්තෙනි හෙත වළකති කවුරු - යුගඳුරු පොකුරු දැළියෙන්




සැසැදිලි 23

109. ‘ත යස සිරින් මෙ වත් - ‍ම නෙහි පැරැසි මුළු ලෝ කොමළ කොඳ කුමුදු කුස් සරා සිසි කැල්මෙන් අද’ - මෙ සේ ගත විරිත නො නැසේ.

111. ‘වැදැ රිසි සේ න දන් හල් සුපුල් පියුම් විල්’ –(ඇතැම්.)

112. ‘පැරැසි ත වන් දොර - අනේ නිරිඳුන් මුඳුනේ’ –(ඇතැම්.)

114. ‘ත පතුල් සුපුල් තඹරින් යැ යි ගත විරිත නො නසී. පිටපත්හි ‘පුල්’ යනු මැ එයි ‘ඵුල්ල’ යනු සන්න යි.

115. (1) ‍කොඳ - (පෙළෙහි) කිම -( සන්නයෙහි.)

(2) මෙහි - (පෙළෙහි.) එහි - (සන්නයෙහි.)

(3) ‘ත යස සිරින් සිරි - පත් ලෝ මෙ සේ නර වර’ යි ගත වඩා මැනැවි.

116. ‘නර සි සී කී මේ බස්’ යැ යි ‘බස්’ යන්නත් හෙළා ගත යුතු වේ. ‘මෙ කී’ යන්නට සන්නයෙහි ‘මේ මතු’ කියන වචනය කථනය කළේ යැ’යි අරුත් පැවැසිණ

117. ‘දර රදහු යෙහෙන් වැදැ යෝනා දනන්නට නැඟු සේ කෙහෙල්ලෙව් අද ඉස්හි නරක් දිටිම්’ - මේ සන්නයෙහි ගැනුණු අන්වයය යි. එයට අනුවැ ගීය මෙ සේ වියැ යුතු :-

‘දර රදහු යෙහෙන් - වැද යෝනා දනන්නට’

නැ ඟු සේ කෙහෙල්ලෙව් - නරක් දිටිම් ඉස්හි අද’ ‘වැදැ යෙහෙන’ ද දර’ යැ යි ‘අද’ යනු හෙළූ තැන කිසි සේත් නො හොබි.

119. (1) හෙත් - (ඇතැම්.)

(2) වළකත - වළකත් - (ඇතැම්)

(3) කවර - (ඇතැම්.)


24 මුවදෙව් දාව

120. පිරිහුන් එ තෙපුලෙන් - නුවනින් වහමිනැස් දර කියූ නවතා මෙ වදන් - හිද නො වහන ඇමැ‍ත්තෝ 121 දිරිය තර ටැඹ බිදැ-නුවරට සෝ ගජිදු වන් ඔහු නවතා නාරිඳු සද-ත වදන් තියුණ’කුසු බෙලෙන්

                                                   122
    	මියුඩුරුහුරු කෙරෙමින් මුළා උම සළා දී	

තා වන සො සැඩැ ගඟ - ගලා අප නිරිඳු සඳ 123. අප මන දොළ පුරා - නො මැ කියග නිරිඳු සඳ නැත සරා සිසි මෙරද - පුබුදී කවර කුමුදු විල් 124. සිනිඳු පැහැනඳ කොමළ පොද ‘වල වලා මුළු පොහොසත මෙයින් මත්තෙ - මලවත ලෙළ ලිය කලබ 125. කියුතු දු මෙසේ සොවින් - මුළා වූ ඇමැත්තන් රජ සිරි දිනි එ නිරිඳු - තමා කුල කොත් පුත් හට 126. අනේ නිරිඳුන් යොමු කළ මුතුලැල් බර කිරුළු කුළු මිණි කැලුම ‘ලු පියවිළි - පතුල් පැහැ තවරමිනි 127. බුවදෙව් උයන් වැඩි - නරනිඳු සඳ සබා පියා කෙරෙමින් මෙන් මුළු නුවර - පිතින ‘ද රතුපුලින් සන්

ඉති මුවදෙව් උයන් ගමන් වැනුම්.

128. තිහිය තනවා ලලා - බිඟු ‘වල සුපුල් සල් හමළ සුළග මඳ මඳ රිසිනු එ නර වරා 129. පුව ද පුල් පියුම් - මියුරු මී ලොල් හස් පෙළ නො ලු කොමළෙ දිගු රැවු - පෙර කල් සෙයින් වැ යුහු



සැසැඳිලි 25

121. ‘දිරිය තර ටැඹ සෝ - ගිජිඳු බිඳැ නුවර වන් නවත ත වදන් තියුණ - කුසුබෙලෙතො හු නිරිඳු සඳ’ - මේ සන්න පිටපත්හි එන අත්වයයට සරිලන ගිය යි. ‘ත වදන්’ යන්නට ‘තා ගේ වචන නැමැති යි දු අරුති.

122. ‘නිරිඳු සඳ තා වන සෝ සැඬ ගහ උම සළා දි මියුඩුරුහුරු කෙරෙමින් මුළා අප ගලා’ - යනු පුරාණ සන්නයෙහි අන්වයය යි. එය අනුවැ-

‘මුළා අප ගලා - නිරිඳු සඳ මියුඩුරුහුරු කෙරෙමින් තා වන සෝ - සැඬ ගඟ උම සළා දී යනු ගීය වියැ යුතු මියුඩුරු ‘හුරු’ යනු මැ පැරැනි පිටපත්හි එයි. ‘නිඃශ්වාස මාරුත’ යනු සන්න යි. ‘මුළා අප’ යන්නට ‘මුළා වූ අප’ යැ යි අරුත් වේ.

123. කියග නිරිඳු සඳ - තො මැ අප මන දොළ පුරා කවර කුමුදු විල් සරා - සිසි මෙරද නැත පුබුදි’ යැ යි ගත ගිය සිලුටු වෙයි.

124. ‘වලා මුළු කොමළ - පොද ‘වල සිනිඳු පැහැ නද’ යි පූර්වා්ර්ධවය ගත යුතු.

125. ‘මෙ සේ ‍ සොවින් මුළා - වූ ඇමැත්තන් කියතු දූ යනු ගීයෙ පෙරැඩ වියැ යුතු.

126. ‘අනේ නිරිඳුන් යොමු කළ මුතු ලැල් බර කිරුළු කුළු මිණි කැලුම් අලු පියෙවිලි පතල පැහැයෙන් තවරමින්’ යනු පුරාණ සන්නය ගත් අන්වයය යි. මෙහි මාත්රා් පන් සාලිසෙකි. යොන් ගී විරිතට නො නැගි යැ හැකි. ‘යොමු කළ නො නිරිඳුන්’ යැ යි ප්රවථම පාදය ගත පිරිමැසේ.

127. (1) ‘මුවදෙව් නරනිඳු’ – (සන්න පිටපත්.) (2) 3 වැනි 4 වැනි පාද මාරු කළ කලැ විරිත නො නසී. 128. (1) ‘සුළඟ බිඟු අවල සුපුල් සල් නිහිය තනවා ලලා එ නරවරා රිසුනු මඳ - මේ සන්නය ගත් අන්වයය යි. ‘සුපුල් සල් නිහිය - තනවා ලලා බිඟු ‘වල එ නරවරා රිසිනු - හමළ සුළඟ මඳ මඳ’ යැ යි ගීය ගැන්ම මැනැවි

(2) හමුළු -(පිටපත් )

129. නොලී - (පිටපත්.) ‘හස් පෙළ’ යන උක්තය හා නො සැසැ‍ැඳේ. 26 මුවදෙව් දාව

130. දැකැ ද වෙත පනනට - නිසි පල බර රුක් පෙළ සාමුව මුළු නො පිනූ - සා ලෙළවන බියෙන් වනැ 131. පෙරැ සේ නො බිණු - මියුරු මී ලොල් හස් පෙළ සුවඳ මුවරදින ‘වල - රමණී පල් වන ගෙළේ 132 නො වැ තමා විසී - දිය හිමියා ගුණ විසි පෙරැ සේ ලොල් දැහැ තමා - වියූ සියොත් සිවුපු කැන් 133. වෙසෙමින් මෙ සේ සොමි - රමණි වල් උයන්හි දහමක් සෙයින් වෙස් ගත් - නිරිඳු මුළු ලෝ සිත් ගත් 134. මෙහි වසන කවර - පුර ඉසුරු මා දුහුයේ වී එ නුරුස්වා ළෙන් - බිහි වැ සුපුල් වන ගෙලෙන් 135. තවට නදන් හිමවු - වන යා ගත් ගුණ නදන් වදන් අමයෙන් දුටුවන් - සනහමිති මෙන් මඟකි ඉති උයන් වැනුම් හා හිමවූ වන ගමන්.

__________

136. සමග ගුවන් ගන - වෙලෙ වැළැකී හිරු තෙද හැමී මඳ නෙලෙ සුවඳ - මුවරද රොන් සළා දි 137. මෙඟතෙහි ලෙළලිය - වමියෝ පුල් කුසුම් නෙත් සරා සිසි බිඹු සොමියා - බැලු හු ලේ හිමියා 138. එහි තැනැ තැන තම - න ‘ළ නොයෙක් බඩු තබනට දිවි පුර දොර කඩෙහි - සතප්නා සත්වා කැන් 139. දිටි කරල් බර ඇල් - කෙත්හි ඇල් ගෙවියන් තමා යස ගි ගානා - සිය තන්හි නො වරදවා



සැසැදිලි 27

130. (1) ‘වෙතැ පනනට නිසි - දැක ද පල බර රුක් පෙළ’ යි ගත විරිත ට සුදුසු යැ.

(2) පිනි -(පිටපත්.) ව්යායකරණ විරොධ යි.

131. (1) බිණි - (පිටපත්) ව්යාණකරණය මරයි.

(2) නො මැ බිණි - (පෙළ) ‘නාද නො කෙළේ යැ’ –(සන්න.) ‘මැ’ යන්න අධික යි.

(3) මුවරඳිනවලා (පෙළ) වැඩි දිගෙකි.

132. (1) ‘විසු තමා විසී - නො වැ ‍ පෙරැ සේ තමා ලොල් දැහැ සියොත් සිවුපු කැන් - දිය හිමියා ගුණ විසී. මෙ සේ ගත විරිත නො නසී.

(2) විසී............ කැන් - (පිටපත්.) වියරණ නැසේ.

(3) පෙළෙහි ‘පෙරැ සේ යෙදුණු තැනින්’පෙරැ සේ තමා විසි නො වැ’ යි අන්වයය සලසා ගත නො හැකි.

133. ‘සොමි රමණි වල් - උයන්හි මෙ සේ වෙසෙමින්’ විරිත රක්නට මෙ‍ සේ වූව මැනවි.

135. (1) ‘හිමවු’ යන තන්හි ‘වූ’ යන් ‘ව්’ යන්නට සමාන හෙයින් ‘මවු’ යනු එක් ගුරෙක් සේ ගත හැකි. පදාන්ත ගුර ලඝුවක් සේ ගිණිය හැකි වන බැවින් විරිත නොබි‍ඳේ.

(2) ‘සනහමිනි මෙන් මහඟි - වදන් අමයෙන් දුටුවන්’ යැ යි ගත විරිත නිකම් මැ පිරේ. 137. (1) ‘මඟතෙහි පුල් කුසුම් - නෙතින් ලෙළ ලි‍ය වම් යෝ බැලූ හු ලෝ හිමියා - සුරා සිසිබිඹු සොමියා’ මේ විරිතට සරිලන පරිදි යි.

(2) ‘කුසුම් නෙතින්’ යනු ‘කුසුම් නෙත්’ යැයි නො ගත හැකි.

138. (1) ‘එහි තැනැ තැනැ නොයෙක්- තමන ‘ළ බඬු තබා තබා දිටි පුර දොර කඩෙහි - සතප්නා සත්වා කැන්’ විරිත රක්නට ගත යුතු සැටි යි. (2) ‘එහි තමන් අළ නොයෙක් බඩු තැනැ තැනැ තබ තබා පුර දොර කඩෙහි සතප්නා සත්වා කැන් දිට’ යැ යි අන්වයය ලන්නේ යැ.

139. ‘දිටි ඇල් ගෙවියන් - කරල් බර ඇල් කෙත්හි’ මෙ සේ ගත විරිත රැකේ



28 මුවදෙව් දාව

140. හිවි පුලුපු සුහුඹුල් - පුවක් මුව බර කෙහෙල් සම ‘වුල් වකු සියෙන් සන් මැලී මහැ නියම් ගම් 141. පැලැඳ රුසිරු තිසර - වැළ ලෙළ කඩා මල් කඩ දිටි වන විල් වමියන්- තරඟ ‘නින් වදනා වන් 142 ගෙවා ඉති පුර දොර - කඩ දනවු නියම් ගම් එකින් දෙකින් ගුණ මුහුදු - හිමවු වන අබියෙස් වී

ඉති දනවු ඈ බලමින් හිමවු වන අබයෙස් විම්.

______________

143. හමා හළ හිමවු - පවන් ඔහු ඇහැ තැවුලි මෙදෙන ‘ද ගඳ කොපොල් - මිහි ග‍ඳෙහි හි විස්සල් 144 සිද ‘ඹුවො පියන’ ත් - තල දැහැ නැටමේ තැන් බැලු හු ලෝ හිමියා - සල මුතු දිගැස් හම්නා 145 හමත වන මුරුන - සුරතැඟිළි මුඳුනේ තබා වී මළ රුකැ එ වෙනේ - පැහැ බර ළ පලු දුනු වන් 146 කොමළ මඳ නල පත් - පුල් වන පෙත් හිමියා නැමි නැමි මල් බර - ගන සා හිසින් වැඳි එව් 147 එ රද බැලී ගඟුල් - හැලි පිළිමිණි පව්වෙන් බට කුරිරු රිවි තෙද තැවුලි - බෙලෙන් විරී මිම් වන් 148 සිද ‘ඹුවන් සරණත්හි ලු ලා රෙසෙන් සන් විමලිඳු නිල් මිණි තලට - දවන කල හස් පෙළ දිටි 149 නඟා කඳට හුවා - කන් කැරැ නිසල නුවන් රිසි සේ බලමිනි තමා - මහ සත් සිටි මුවන් දිටි



සැසැඳිලි 29 140. බැලී මඟැ නියම් - ගම් හිවි පුලුපු සුහුඹුල් පුවක් මුව බර කෙහෙල් - සම් ‘වුල් වතු සියෙන්සන්’

                     මේ විරිත රක්නා සැටියැ.

141. පිටපතහි එනැ සේ විරිතට නගා ගත නො හැකි යැ. ‘තිසර’ යනු හැර ‘හස’ යනු ගත හොත් හැකි වේ. ‘පැලැඳ රුසිරු හස - වැළ ලොල කඩා මල් කඩ’ යන විසිනි.

142. ‍ගෙවා ගුණ මුහුදු - ඉති පුර දොර කඩ දනවු නියම් ගමෙකින් දෙකින් - හිමවු වන අබියෙස් වී’ යැ යි ගෙනැ විරිත රක්නේ ය.

143. (1) පවනොහු ඇඟ තැවුලි -(පිටපත්.) (2) කොපුල් (ඇතැම්.)

144. (1) ‘දැහැ පියන ‘ත් තල - නැටමේ තැන් සිද ‘ඹුවෝ’ යැයි ගෙනැ විරිත රකින්නැ. (2) නැටුමේ (ඇතැම්.)

145. ‘සුරතැඟිලි මුදුනේ - තබා තමත වන මුරුන් වී දුනු ව‍ෙන වෙනේ - මළ රුකැ පැහැබර ළ පලු’ මෙ සේ ගත විරිතට හානි නැති. (2) මුදුනෙහි - (පෙළ.) මුදුනේ - - (සන්න.) (3) රුක් - (පෙළ.) වෘක්ෂුයෙහි - (සන්නත 146. ‘මල්බර ගන සා - හිසින් හිමියා වැඳි එව් නැමි නැමි පුල් වන් පෙත් - කොමළ මඳ නළ පත්’ මෙ සේ ගත විරිත රැකේ.

147. (1) ‘කුරිරු රිවි තැවුලි - බෙලෙන් විරී මමන වන් පිළිමිණි පව්වෙන් බට - බැලි ගඟුල් හැ ලි එ රද’ ‍ෙම සේ විරිත රැකියැ යුතු. (2) රිවි තෙ තැවුලි බෙලෙන් - (පෙළ.) සූය්ය්නි කාන්ති බලයෙන් - (සන්න.) එ හෙයින් ‘තෙද’ යනු වැඩි යි. (3) මිමී එව් (පෙළ) වැහෙන්නාක් වැනි - (සන්න.) එ හෙයන් ‘මමත’ වියැ යුතු. 148. ‘සිද මුවන් සරණ - තෙහි ලු ලා රෙසෙන් සන් දිවි දවන විමලිඳු නිල් - මිණි තලට කල හස් පෙළ’ මෙසේ ගෙනැ විරිත රකින්නැ. 149. ‘කඳට ත හා කන් - හුවා නුවන් නිසල කැර’ මේ විරිත රැක්මට පමණි. 30 මුවදෙව්දාව

150 කෙණෙර පිරිවර ගෙනැ - අනේ ගිජිඳුන් කෙළනා අවුල් පවුල් පුල් විල් - මහ සත් දිටි පියෙස්හි 151 බැලී ගඟුල් හැලි - සුනිල් මිණි පව්වෙන් බට සුනිල් නුඹ ‍ කුස්හි දුනු - රුසිරු නුබ ගඟ වන් වූ 152 පිරි වෙස් හුණු සරා - සිසි මෙන සොමි ‍ නුබ තෙලේ පිළි මිණින් වට කොටැ බඳ - තව පැල් දිටි වන ගෙළේ 153 සැඳි එක් පියෙසකි - හිමි තමා තුනු සිරින් සරා නුබ කුස්හි රැඳැවූ - පැහැ සර පුන් සිසි ගින්

ඉති වන වැනුම් ______

154 වසන සෙමෙහි යෙහෙන් - තව කොටැ අප දිය පියා මෙතුමුව වි එ වෙනේ - බිහිසුණු සැඬ මුව ගෙණේ 155 පෙරැ සේ එ කල් තුඹස් - නො වති ගොර බුජගමා රුසිරු මොනර පියා ගබැ - ගන හුණුසුමැ පුලුද්දේ 156 පැනට බට සිගලු - බිය නො ගැණැ නික්ම ගහෙන් නිහිය ඩැහැ අග නගුලේ - නළ කෙළි යැ ගඳ ගගුලේ 157 සුළගිනි වෙවුලන - මුව පොල්ලනට පෙම් කොටැ එවා තමා දළ දරණ - සැනැහි දාර තුස්මිස් 158 රන් ලිය විදුන’වුල් - ගල් වෙලෙහෙන් සසලා නො හිණි ‘රැදු මිහිඳු සෙණ - මෙදෙන’ ද දඩැත් මුදුනේ 159 ගෙනැ ගිණු නිහිය - මල දූ කඳටහි යෙහෙන් බෙණෙමින් සොඳ බොළඳ බස් - වල’ හනනැ‍ඟෙහි කබර



සැසැඳිලි 31

150. ‘ගිජිදුන’ නේ ගෙනැ - කෙණෙර පිරිවර කෙළනා ප්රැථමාර්ධීය මෙ සේ ගන්නැ.

151. (1) ‘සුනිල් නුබ කුස්හි දුනූ රුසිරු නුබ ගඟ වන් වූ විමල් ඉඳුනිල් මිනි පව්වෙන් බට ගඟුල් බැලි’ - යනු සන්නයට ගැනුණු අන්වයය යි. එයට අනු වැ ගීය මෙ‍ සේ වි යැ යුතු.

‘බැලී විමලිඳු නිල් - මිණි පව්වෙන් බට ගඟුල් සුනිල් නුම කුස්හි දුනු - රුසිරු නුබ ගඟ වන් වූ’

152. ‘වට කොටැ බඳ පිළිමිනින්’ යි ගත විරිත පිරේ.

153. (1) එක් පියෙසක් හිමි - සැදි තමා තුනු සිරිත් පැහැ සර පුන් සසි ගින් - සරා නුබ කුස් රැඳැවූ’ යනු විරිත රකී.

(2) නුබ කුස්හි - (පිටපත්.) විරි බිඳි අරුත නො බිඳි.

155. තුඹස් නො වනෙ කල් - පෙරැ සේ ගොර බුජගමා ගන හුණුසුමැ පුලුද්දේ - රුසිරු මොනර පියා ගබැ’ මෙ සේ ගත විරිත නො නැසේ

157. (1) හෙවැ - (පිටපත්)

(2) තොස්මිස් - (ඇතැම්.)

158. (1) සසලා රන් ලිය - විදු අවුල් ගල් වෙලෙහෙන්’ යැ යි ගත විරිත පිහිටයි. (2) විදුනවුල් - (පෙළ) විදු අවුල් (සන්න.)

159. (1) ‘වල’ ගනනැගෙහි කබර - බෙණෙමින් සොඳ බොළෙඳ බස් යැ යි ගත වඩා මැනැවි. (2) වල’ඟග (පෙළ.) ව්යා ඞගනාවන්ගේ (සන්න.)



32 මුවදෙව් දාව

160 මුවෝ රිසි සේ ඇවිදියෝ වළගන හසරෙහි යෙහෙන් පැනුරමිනූලේ - මුව ලමිති තඹ පල්ලේ 161 දැකැ සමඟ කුරිරු - රිවි තෙදිති ලෙඩ මැඩියන් සැතැප්වි බුජඟමා - පෙණසත් සෙවණෙහි තමා 162 මෙදෙන’ද ගඳ ගිජිදු - සහගුම් බිගු වැළ සියෝ නුඋපුළ ලෙළ විපුල් රුක් - සුපුල් ගන සා සත්පත් 163 ගන සා හිවි පෙණ - පෙළ ලකුළු වල් බුජහමා නො ගත් ළැවු ගිනි ගුරුළු - කුරිරු දල කිඳ පසුරින් 164 තමා මහඟු ගුණෙන් - පිවිතුරු කොටැ වන සියල් නිති දහම් සැරැ සෙරෙත් - සැවැ ගොස් බඹ තෙලේ බිජි

ඉති මෙත් ලකර හා බඹ ලොවැ දිනිම්. ________

මුවදෙව් දාව නිමි.

සැසැඳිලි 160. රිසි සේ ඇවිදියෝ - මුවෝ වල’ ඟන හසරෙහි ප්රැථමාර්ථේය මෙසේ ගන්නැ.

162. ‘නුඋපුළ ලෙළ විපුල් - සුපුල් ගන සා සහ ගුම් බිඟු වැළ සියෝ සත්පත් - රුක් මෙදෙන’ද ගඳ ගිජිඳු’ මෙ සේ ගෙනැ විරිත රකින්නැ.

163. ‘ලකුළු හිවි ගන සා - පෙණ පළ වල් බුජඟමා’ පුර්වාලර්ධකය මෙ සේ ගත විරිත රැකේ.

164. සෙරෙන් - (පෙළ) චිරාත් කාලයක් මුළුල්ලෙහි -(සන්න.)