මාර්ග වර්ණනා III සංස්කරණය

101. පතඟ කිරණ දුරු කළ තුරු සෙවණැල්ල

නරඟ රඟන රඟ බිම් රඟ සුදු වැල්ල

සිතඟ ලෙසට පිය ලන පිය ලිය ගොල්ල

බලග මිතුර පෙර මග සැදි ව කලමුල්ල


102. පයියා ගල වෙහෙර - මුනි රූ බලා ‍ ‍වෙසෙසින්

වයියා කරන් මන රම් - පල’රම් හිසින් සතොසින්


103. සි ත් ස න හ න ර ත් ලවනත බිඹු පලය

වෙත් ව න ස ත ම ත් වන මියුරු තෙපලය

අ ත් ව න සකිනෙන් යුග තගෙ ලත් පලය

ම ත් ගො න කෙළි යුත් ලිය සැටි දැක පලය


104. රන් පන් සවන් යොන් ලිය රඳන‍ා නිමල

සන් රන් රුවන් සල්පිල් සොබනා ගෙවල

බන් නන් දෙදෙන් බබලන සිඳු නා අසල

මන් සන් තොසින් තො ගොසින් වදු බේරුවල


105. මත් ව න අබින් කංසා කා රළු පරළු

අත් ත න කුසුම් රත් මල් කනැ ලා ලකුළු

ගත් ව න මුගුරු ලෙළවා ඇදැ ඇදැ රවුළු

සිත්මෙන බමන බබුරන් රඟ බල යහළු


106. නො බැඳ විදෙන වරලස මල් පිටින් පිටින්

නොහැ ඳ තරව ගිලිහෙන සළු පටින් පටින්

පැ හැ ද ත-වෙත දිව එන ලිය වටින් පිටින්

ස බ ඳ නොසිට යාගන් බෙන්තොටින් තුටින්


107. වි ඳි නා සේ මතු සග මොක් සිරි නොමඳ

වන වා සේ වෙහෙ‍රට ‍ගොස් වැද සබඳ

දු ටු වා සේ දිවමන් මුනිඳුන් පැහැද

සිට බෝසේ බුහුමන් කෙරෙමින් නැමඳ


108. දිව’සර කය රුසිරින් පෑ දන සකය

සැදි අලකය ඇඳි නළලතෙහි තිලකය

සිටි නිසැකය ළද කොමළ’ඟනන් දැකය

පරතර ක ය වැද යව මග නොවැළකය


109. එළි කොට අ ව ට රිවි බට සිඳු මැඳුරතට

එක විට ලොවට එළි බට ගන’ඳර කඳට

රොසකොට යු දට අ ඹ රට සඳ එන කලට

‍වැලිතොට ගමට ලැගුමට ගොස් මග නොසිට


110. නිල් පැහැ බර කොළ අතු මැඳුරු විසිතුරේ

දිගු තර සර කඳු මහ වීදි මන‍හරේ

රැඳි පිය කර බිඟු දද සෙනඟ නොවිතරේ

තුරු කඳ වුර සැතපෙව අම්බලම කෙරේ

"https://si.wikibooks.org/w/index.php?title=මාර්ග_වර්ණනා_iii&oldid=4174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි