මහාබෝධිවංශ ග්‍රන්ථ පදය-ප්‍රස්තාවනාව

උපකාරානුස්මෘති

සංස්කරණය

මෙම ශාස්ත්රීතය සංස්කරණයේ දී ශ්රීත ජයවර්ධනපුර විශ්වවිද්යානල‍ෙය් සිංහල අංශයේ මහාචාය්ය්සංසව සිටි විමල් ජී. බලගල්ල මහතා හා මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා මෙහි දී ගුරු බැතියෙන් සිහිපත් කරමි. මහාබෝධිවංශ ග්‍රන්ථිපදයේ ඇතැම් ගැටළු තැන් නිරාකරණය කර දුන් හිටපු පුරාවිදු අධිකාරී සෙනරත් පරණවිතාන මහතාගෙන් ද බුරුම අකුරින් ලියැවී තිබුණු බෝධිවංශ ටීකාව සිංහල අකුරින් පිටපත් කිරීමට සහය දුන් අග්ගමහා පණ්ඩිත තුඩාවේ අරියවංශ හිමියන්ගේ හා අග්‍රමහා පණ්ඩිත රන්සෑගොඩ සරණපාල හිමියන්ගෙන් ද ලත් අනුග්‍රය හරසරින් සමරමි.

සංස්කරණයට අවශ්‍ය වූ පුස්කොල පිටපත් සපයා ‍දීමෙන් හා පිටපත් කිරීම් ආදී වෙනත් අයුරින් උදවු කළ ශාස්ත්‍රපති පියතිස්ස මුනසිංහ මහතාටත් පිටකවරය සැලසුම් කොට චිත්‍රය ඇඳදුන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවේ සෝමසිරි හේරත් මහතාටත් මුද්‍රණයේ දී සෝදුපත් කියවීමට උදව් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ සහකාර කථිකාචාය්ය ර්‍ රත්නසිරි අරංගල මහතා, තල්පේ අස්සජී හිමි, කුසුමලතා ලංකාමුල්ල, ජයලතා මැදවත්ත මෙනවියටත්, අප ශිෂ්ය මීගස්ආ‍ෙර් යසස්සි, කැන්දකැටියේ නන්ද හිමිවරුන් ඇතුළු සැමටත් හද පිරි තුතිය පිරිනැමේ. ප්ර්කාශන ආධාර වැඩ පිළිවෙළ යටතේ ආධාර කිරීමට අනුමැතිය දුන් ශ්රී් ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයට හා මුද්රධණ කටයුතු නිසි පරිදි ඉටුකර දුන් ගංගොඩවිල පියසිරි ප්රි න්ටින් සිස්ටම්ස් හි කාය්ර්ංකාෙ‍ මණ්ඩලයටත් විශේෂ ස්තූතිය හිමිවේ.



ප්‍රස්තාවනාව

සංස්කරණය

මහාබෝධිවංසය


පාළි වංශකථා‍වන් අතර විශේෂ කරුණු කීපයක් නිසා සම්භාවනීයත්වයට පත් කෘතියකි මහාබෝධිවංසය. බෞද්ධ ජනතාවගේ මහත් සම්මානයට පාත්ර් වූ පූජ්ය වස්තුවක් පිළිබඳ ඓතිහාසික වෘත්තාන්තය සවිස්තරව අප හමුවට ගෙන එන්නේ ‍මහාබොධිවංසය මඟිනි. වංස කථාවනට ආවේනික පොදු ලක්ෂණයන්ට අනුකූල වන පරිද්දෙන් මහා කථාවනට ආවේණික පොදු ලක්ෂණයන්ට අනුකූල වන පරිද්දෙන් මහා බෝධීන්වහන්සේගේ පරපුර වර්ණොනා කිරීම එහි අරමුණයි. ‘වංස’ යන වචනය භාවිතා කිරීමෙන් ම එය ප්ර කට වේ. සංස්කෘතික භාෂාවෙහි ‘වංශ’ ශබ්දය අරුත් කීපයක් පළ කරයි. මෙහිලා පිළිවෙළ කථාව පරපුර යන අරුත් ගෙනදෙන බව පෙනේ. මහාබෝධිවංශ ග්රපන්ථිපද කාරයෝ සංස්කෘත කෝෂකාරයන්ගේ අර්ථ කථනයක් ද උපුටා දක්වමින් වංශ ශබ්දය ප්ර්බන්ධාර්ථයෙහි වැටෙන බව අවධාරණය කරති.1 ‘මහා බොධෙර් වංශොනුක්රරම: පරිපාටිස්සන්තාන‍: ප්රරබන්ධ: පරම්පරා’යි2 කතුවරයා ජය ශ්රී් මහාබෝධිය, ඵලරුහ මහාබෝධිය, ශාඛාමහා බෝධිය යන තුන්මහා බෝධීන්ගේ වංශය වර්ණවනා කිරීම අරමුණු කරගත් නමුදු එයට අවශ්යා පසුබිම මවනු පිණිස බෝධිසත්වයන්ගේ නිධාන කථාව ද, බුද්ධචරිතය හා ශාසන ඉතිහිසය ද ගෙනහැර දක්වයි. පරිච්ඡේද 12 කින් හා ග්ර්න්ථ තුන්දහසකින්3 යුත් මෙම කෘතිය ‘පෞරාණික සීහළ බෝධිවංසයක’ අනුවාදයක් ලෙස සැලකේ. ඒ බව කතුවරයා ම ග්රෙන්ථාරම්භයෙහි ප්රළකාහ කරන්නේ මෙසේය.

දස්සයිස්සං මහාබෝධි වංස - හාසය සත්ථුනො

පු‍බ්බේ සීහළහාසය - ඨීතං වුද්ධ ජනානුගෝ


සිංහල භාෂාවෙන් පැවති මහාබෝධිවංසය ශාස්තෘහුගේ භාෂායෙන් දක්වන බව එයින් පළකෙරෙයි. බෝධිවංස කතුවරයා කරන්නේ සිංහල භාෂාමය කෘතියක පදානුපදින පරිවර්තයනයක් ඉදිරිපත් කිරීම නොවේ. ඔහු එය මූලාශ්රකය කරගනිමින් කාව්යායක් රචනා කරයි. ‘දසබලස්ස දෙසනා වචන මාලානුකුලාය වාචාය රචයන්තෝ’5 යන කතුවරයාගේ ම වචන‍වලින් ඒ බව පැහැදිලි වෙයි. මෙහි ‘රචයන්තො’ යන්න අපගේ විශේෂ සැලකිල්ලට බඳුන්විය යුත්තකි. එය පරිවර්තධනයක් නම් ඔහු යොදනු ඇත්තේ පාලි භාෂාවට පෙරළා, හෝ පාලි භාෂාවට නගා යන අරුත් ඇති වචනයකි. පෙළබස යන්න හඟවනු පිණිස මෙහිදී පාළි, තන්ති මාගධි වැනි වචනයක් නොයොදා තිබීමෙන් ද

1. මහාබොධිවංශ ග්‍රන්ථිපදය 70 පිට

2. මඃ බෝඃ වඃ ග්රඃි 3 පිට

3. මහාබොධිවංශය සොහිත සංස්කරණය අවසන් ගාථා 1 පිට

4. එම 1 පිට

5. එම 1 පිට


කතුහුගේ එම අදහස පැහැදිලිවෙයි සන්දර්භවය පිළිබඳ වෙනසක් කිරීමෙන් නො නැවතෙන ඔහු භාෂාව පිළිබඳම ද වෙනසකි කිරීමට සැරසෙන බව එයින් හඟවා ඇත. ‘පාලි භාසාය’ යන්නක් යෙදිය හැකිව තිබියදී ‘බුදුන්ගේ දේශනා වචන මාලාවට අනුකූල වචනයෙන්’ යයි එය දිග්ගස්සා ඇත්තේ මුල් කාලයේ පාලියේ නොපැවතී කාව්යලමය අරුත් නගන, එහෙත් පාලි සම්ප්රලදායට අවිරුද්ධ භාෂාවක්1 සිය රචනය සඳහා යොදා ගන්නා බව දක්වනු සදහා විය හැක.


සීහළ බෝධිවංසය පදනම් කරගත් ලේඛකයා තමා අගය කළ කාව්ය‍ සම්ප්රෝදායයක පිහිටා සිය කෘතිය රචනා කරන්ට ඇතැයි සිතිය හැක. දීපවංසය මහාවංසය, සමන්තපාසාදිකාව වැනි කෘතීන්ගෙන් උපුටා ගත් කොටසක් ද එක් කිරීමෙන් සිය කෘතිය සම්පූර්ණත්වයට පත් කිරීම ලේඛකයාගේ අභිප්රාාය වූ බව පෙනේ. හෙළටුවා සහ අනෙක් හෙළ බසින් රචිත ප්ර බන්ධ පාළියට නැගීමේ දී පාළි ඇදුරන් අනුගමනය කළ අර්ථසාරය2 පමණක් ගැනීමේ සම්ප්ර දායික මාර්ගායෙහි ඔහු ගමන් කරන්ට ඇතැයි සලකනු යුක්ති සහගතය. එපමණක් නොව කාවයයට උචිත බස හා ශෛලිය උපයෝගි කර ගැනීමේ දී නව පියවරක් ගැබීමට පාලි සම්ප්රවදාය දෙසට නැඹුරු නොවූ බෝධිවංස කතුවරයා සමකාලීන සාහිත්යිය කරුවන් අතර ජනප්රිැයත්වයට පත් අලංකාරවාදය ගුරුත්වයෙන් සැලකීය.


ඕජෝ ගුණය ගද්යියේ ජීවය3 ලෙසින්හැඳින් වූ මහාකවි දණ්ඩීන්ගේ දශකුමාර චරිතයත්, ඔහු හෙළිකළ කව්ම ගේ ගමන්ගත් බාණහට්ටගේ කාදම්බරී4 හර්ෂචරිත යන ගද්යය කාව්ය යනුත් බෝධිවංසයේ රචනා ශෛලිය හා කාව්යදමාර්ගය හැඩ ගැස්වීමෙහි ලා පුරෝගාමී වු බව පැහැදිලිව දිස්වේ.


මහාබෝධිවංසයේ භාෂාව හා ශෛලිය ගැන විවේචනයක් කරන මහාචාය්ය්ා කව ජී.පී. මලලසේකර මහතා5 ග්රයන්ථාන්තරයෙන් උපුටාගත් තන්හි දී පවා එහි ශෛලිය මුල් ‍කෘතියට හාත්පසින් වෙනස්ව ගෙ‍ාස් ඇති අතර එය කෘත්රිාම වාගාඩම්බරයෙන් යුක්ත බව පළකරයි. සංස්කෘතියට අනුව හැඩගැසුණු පාලි රචනාක්ර්මයක් භාවිතා කිරීමේ යුගය, බෝධිවංසයෙන් ඇරඹුණු බව ද හේ වැඩිදුරටත් සඳහන් කරයි. සංස්කෘත ගද්යර සම්ප්රවදායයේ අභාසය බෝධිවංසයේ හැම වර්ණනාස්ථලයක ම දිස්වන බව සැබෑ වුවත් සංස්කෘතියට අනුව හැඩ ගැසුණු පාලි රචනාක්ර මයක් භාවිත කිරීමේ යුගය බෝධිවංසයෙන් ඇරඹුණු


1. Malalasekara G.P. The Pali Literature of Ceylon, P 159

2. සමන්ත පාසාදිකා, හේව‍ාවිතාරණ මුද්ර9ණය, 10වන ගාථාව

3. කාව්යාපදර්ශය අනුකූල චන්දා ‍ෙබනර්ජී ස. 1-80 වැනි ශ්ලෝකය

4. කාදම්බරී, කාලේ සංස්. 102 පිට (විලාසවතී වැණුම) ම.බෝව. සෝහිත සංස්. 12 පිට බිම්බාදේවී වැණුම බලන්න.

5. Malalasekara G.P., opcit P. 159


බවට මලලසේකර මහතා කරන නිගමනය පිළිගැනීම දුෂ්කරය. බුද්ධ‍ෙඝ‍ාෂ හිමියන්ගේ අටුවාවන්හි එන ඇතැම් වර්ණනයන්හි සංස්කෘතියට අනුව හැඩ ගැසුණු රචනා ක්රේමයක ලකුණු දැකිය හැකිවෙයි.1


බුද්ධ වංසට්ඨකථාවේද සංස්කෘත ගද්යි සම්ප්ර දාය සිහියට නැංවන වැණුම් තල2 දක්නට ලැ‍ෙබ්. මෙසේ වුව ද සංස්කෘත ගද්යව කාව්ය සම්ප්රාදාය මත පිහිටා පාලියෙන් ප්රනථම වරට ලියැවුණු ගද්යෙ කාව්යකය බෝධිවංසය බව කිව යුතුය.


අර්ථශරීරයට ‍වඩා කාව්යග ශරීරයට ප්රගමුඛස්ථානයක් දී ඇති එහි ඉතා සුළු අදහසක් වුවද කියාපෑමට අලංකාරයෙන් බරවූ - අන්තර්වාක්යබ කීපයකින් යුත්, දිග වැකියක් ලිවීමට කතුවරයා විශේෂ අභිරුචියක් දැක්වීය. සන්ධි සමාස බහුල, එබඳු දික්වැකියක් බොහෝවිට කෙළවරවන්නේ පේළි දහයක් පහළොවක් ඉක්ම ගිය පසුය.3 එම වාක්යළයන්හි අනුප්රා සවත් පදසංඝටනය තුළින් නැගෙන ශබ්ද මාධුර්යය සහෘදයාගේ සිත නළවයි. බෝධිවංසයේ භාෂාව හා සන්දර්භය පිළිබඳ එකී නවතම ලක්ෂණ එහි ජනප්රියයත්වයට හේතු වූවාට සැකයක් නොමැත.


කර්තෘ හා කාලය

සංස්කරණය

ලංකා‍ෙව් හා බුරුමයේ ථේරවාදී ආචාර්යවරයන්ගේ පැසසුමට බඳුන් වු මෙම කෘතිය කවර කාලයක කිනම් ආචාර්යවරයකු විසින් රචිත වීදැයි නිශ්චිත ලෙස කිව නොහැක. කතුවරයා ගැන හෝ රචිතකාලය පිළිබඳ කිසිදු සටහනක් බෝධිවංසයේ අන්තර්ගත වී නැත. එහෙත් තදාසන්න යුගයක ලියැවිනැයි සැලකෙන බෝධිවංශ ග්රතන්ථිපදයෙහි ද ක්රිඃි වඃ 18 වැනි සියවසේදී සරණංකර සංඝරාජයන් විසින් ලියන ලද මධූරාර්ථ ප්රරකාශිනී නම් බෝධිවංශ සන්නයෙහි ද මේ පිළිබඳ සටහනක් එයි. දංෂ්ට්රා නාග4 නමැති හිමිනමකගේ අයාචන යෙන් උපතිෂ්යට5 නමි ස්ථවිර නමක් විසින් බෝධිවංසය රචිත වූ බැවි එයින් පළවේ. සියමේ රතනපඤ්ඤ නමැති හිමිකෙ‍ණකුන් විසින් ලියනලද ජිනකාලමාලී නම් ග්රනන්ථයෙහි බෝධිවංසය බුද්ධදත්තාචාර්යයන්ගේ කෘතියක් ලෙස දැක්වේ.6 සාසනවංසදීපය බෝධිවංස‍ෙය් කර්තෘත්වය උපතිස්ස හිමියනට ම පවරයි.7 ක්රිඃා වඃ 1890 දී බෝධිවංසය සකස් කර මුද්රරණය කර වූ සෝභිත


1. දියනීකායට්ඨකථා. හේවා. 2-99 පිට.

2. බුද්ධවංසට්ඨකථා. 233 පිට.

3. ම.බෝ.වං.සොභිත සංස්කරණය 14,15,16,38,39 පිටු

4. ම.බෝ.වං. ග්රං. 4 පිට

5. එම 5 පිට

6. ජිනාකාලමාලි, බුද්ධදත්ත සංස්කරණය, 58 පිට.

7. සාසනව සදීප 1262 ගාථාව.


හිමි ද බෝධිවංශ ග්රීන්ථිපදයේ හා මධුරාර්ථ ප්ර කාශිනියේ එන අදහස ම ප්රිතිරාවය කළේය.1 උන්වහන්සේ ග්රසන්ථයේ කාලනිර්ණයක් නොකළ නමුදු සමන්තපාසාදිකා අටුවාවට ඉතා ආසන්න යුගයක එය රචනාකරන්නට ඇතැයි හැගෙන බව පළකළහ. ක්රිඃු වඃ 1891 දී බ්රිකතාන්යන පාලිපොත් ‍සමාගම සඳහා බෝධිවංසය සංස්කරණය කළ එස්. ආතර් ස්ට්රෝං මහතා එයට සංඥාපනයක් ලියමින් බෝධිවංස කතුවර උපතිස්ස හිමි බුද්ධඝෝෂාචාර්යයන් හා සමකාලීනයකු ලෙස දැක්වීමට උත්සහ කළේය. ඔහුගේ මතය විවේචනයට ලක්කරන මලලසේකර මහතා සුමංගල විලාසනිය ලිවීමට ආරාධනා කළ හයි ගන්ධවංසයෙහි දැක්වෙන දාඨා නමැත්තාවත් බෝධිවංසයට ආරාධනා කළ දාඨානාගත් එක් අයකු ලෙස සැලකීම නිසා ස්ට්රෝංව මහතා නොමඟ ගොස් ඇති බව පළ කරයි.2 බෝධිවංසය රචනා කිරීමට ආරාධනා කළ දාඨනාග හිමියන් ස්ථිර වශයෙන් හඳුනාගත හොත් උපතිස්ස හිමි වැඩසිටි යුගය හෙළිකර ගැනීම දුෂ්කර නොවේ. සිවු වැනි මිහිඳු (ක්රිඃය වඃ 975-991) සමයෙහි අභිධර්මය දේශනා කරනු සඳහා පත් ‍කරණු දාඨානාග හිමි නමක් ගැන මහාවංසයේ සඳහන් වේ.3 බෝධිවංශ ග්රගන්ථිපද කරුවා දාඨානාගයන් වෙසෙසනුවස් යොදා ඇති ‘නරපති චූඩාමණිමරිචි රඤ්ජිත පාදාන්ත’ යන වාක්යාංනශය ද මහාවංසයේ එන දාඨානාගයන් හා සැස‍ ඳෙයි. ඒ හිමි මහින්ද රජුගේ ඉමහත් සම්ම‍ානයට බඳුන් වැ සිටි හෙයිනි. විසුද්ධිමග්ග ටීකාව ලිවීමට ධම්මපාලාචාර්යයන්ට ආරාධනය කළ දාඨනාග හිමිත් මහාවංසයේ එන දාඨනාග හිමිත් එක් කෙණෙකුන් බැව් පැහැදිලිය. දෙදෙනා ම සිත්ථගාම පිරිවෙණ හා සම්බන්ධ කර දැක්වෙයි.4 බෝධිවංසය රචනා කිරීමට ආරාධනය කරන ලද්දේ ද යථොක්ත දාඨනාග හිමියන් විසිනැයි නිගමනය කළහොත් බෝධිවංස කතුවර උපතිස්ස හිමියන් ක්රිඃම වඃ 10 වන සියවසේ වැඩ සිටි බව පිළිගත හැක. මහාචාර්ය ගෛගර් හා ආචාර්ය වික්ර මසිංහ ද උපතිස්ස හිමි ක්රිඃ වඃ 10 වන සියවසේ වැඩසිටි බව ප්රරකාශ කර ඇත.5 නිකාය සංග්ර්හයේ දැක්වෙන පඬිපරපුරේ උපතිස්ස හිමියන්ගේ නම අනුරපුර යුගයේ විසූ ජොතිපාලාචාර්යයන්ටත් පොළොන්නරු යුගයේ සිටි මුගලන් හිමියන්ටත් අතර කාලපරි‍ච්ඡේදයක විසුවකු ලෙසිනි දැක්වෙන්නේ.6 ඉහත දැක්වුණු කරුණු අනුව ‍බෝධිවංශය උපතිස්ස හිමියන් විසින් ලියැවුනු බවත් ඒ හිමි ක්රිඃන වඃ 10 වන සියවසේ පමණ වැඩ විසූ බවක් පිළිගැනීමට බාධකයක් නොමැත.


1. ම.බො.වං. විඤ්ඤාපනය.

2. Malalasekara G.P. Opcit. P. 157

3. මහාවංස, බු.සං. 1959 52 පරිච්ඡේද 36 ගාථා; E.Z. 4,145 පිටේද ධම්පියා අටුවා ගැටපදයේ අවසානයේද දළනා හිමියන් ගැන සඳහන්වෙයි.

4. පිරිවෙණං සිත්ථගාමං - මහාවංස බු.සං, 52 පරිච්ඡේද 6 ගාථාව, විසුද්ධිමග්ග ටීකාව අවසන් ගාථා

5. W.Geiger, Dipavamsa and Mahawansa, p. 79, Catalogue of Colombo museum, 2pxxl

6. මේ අතුරෙහි බුද්ධදත්තය, ධර්මපාලය,ජොතිපාලය,කේමෙය, ධර්මශ්රී;ය, නන්දය, ආනන්දය, අනුරුද්ධය, උපතිස්ස, බුද්ධරක්ෂිතය, මෞද්ගලපාසනය යනාදී ආචාර්ය... නිකාය සංග්රදහය, 22 පිට


මහා බෝධිවංස කථාව හා මහා බෝධිවංසය

සංස්කරණය

මහා බෝධිවංසය රචනා කරන ලද්දේ සීහළ බෝධිවංසයක් ඇසුරු කරගෙන බව කතුවරයා ග්රචන්ථාරම්භයෙහි සඳහන් කොට ඇත. පූර්වාචාර්ය කේශරින් විසින් සිංහල භාෂාවෙන් තබන ලද බෝධිවංශය පාලිභාෂාවෙන්1 රචනා කරන බවට උපතිස්ස හිමියන් ප්ර්තිඥා දීමෙන් පෙනෙන්නේ පැරණි බෝධිවංශයේ ආකෘතිය හා අර්ථසාරය ඔහු විසින් අදෘත බවයි. එය පදනම් කරගත් ඔහු තමා අගය කළ භාරතීය කාව්යා සම්ප්රඅදාය අනුව යමින් බෝධිවංසය නැමැති ගද්යග කාව්යවය රචනා කළේය. උපතිස්ස හිමියන්ගේ බෝධිවංසය හැර තවත් බෝධිවංස කථාවක් පැවැති බවට ඉඟියක් වංසත්ථප්පකාසිනී නමි මහාවංස ටීකාවේ දැක්වෙන තොරතුරකින් මතුවෙයි. මහා වංසයේ එන


එවං ලංකා ලොකහිතං සංසන වුද්ධිං

සං‍සාධෙන්තො එස මහාබෝධි දුමින්දො

ලංකාදීපේ රම්මෙ මහාමෙඝවනස්මිං

අට්ඨාසි දීඝකාලං අනෙකබ්භූත යුත්තො2


යන ගාථාවෙහි ‘අනෙකබ්භූත යුත්තො’ යන්න විස්තර කරන මහාවංස ටිකාකරු මහාබෝධි වංශකථා3 නැමැති කෘතියක් ගැන සඳහන් කරයි. ඉන් උද්ධෘත ගාථාවක්ද ගෙන හැර දක්වයි.4 මහා වංස ටීකා කරු සඳහන් කරන මහාබෝධිවංස කථාවත්- දැනට පවත්නා මහා බෝධිවංසයත් එක‍ම කෘතියකැයි ගෛගර් පඬිතුමා කල්පනා කරයි.5 එහෙත් ඒ මතය බොහෝ වියතුන් විසින් බැහැර ‍කෙරෙයි. මහාවංස ටීකාව බෝධිවංස කථ‍ාවට වඩා මෑත භාගයක දී රචනා කළ කෘතියක් බැව් දක්වන මලලසේකර මහතා එයින් උපුටාගත් සේ මහාවංස ටීකාවේ දැක්වෙන ගාථාව මහාබෝධිවංසයෙහි නොමැති බැව් පෙන්වා දෙයි.5 එසේ නම් දැනට පවත්නා මහා බෝධිවංසය හැර අනෙක් බෝධිවංස කථාවක් පැවති බව පිළිගත යුතුවෙයි. එය සැබැවින් ම අනෙකක් නොව උපතිස්ස හිමියන්ගේ කෘතියට මුල් වූ සීහළ බෝධිවංසය විය හැක. මහාවංස ටීකාවට මූලාශ්රලය වූ කෘතීන්ගේන් එකක් සේ සැලකෙන එය සිංහල භාෂායෙන් රචිත වූවක් විය හැක.


1. ජින සාසනාභරණ භූතෙහි පුබ්බචරිය කෙයරීහි ලංකාවාසීතමත්ථාය සීහළහාසාය ඨපීතං මහා බෝධිවංසං, ම.බො.වං. 1 පිට

2. Extended mahavanosa, Ed. By G.P.malalasekara, 170, V 189. Mahavansa, Ed. By W. Geiger, xix V- 85

3. මහාබෝධිවංසට්ඨකථා යනුවෙන් වංසත්ථප්පාකාසිනී වචන සූවියේද ලංකා පාලි සාහිත්යං නැමැති ග්ර න්ථයේ ද මලලසේකර මහතා විසින් භාවිත කර ඇතත් වංසත්ථප්පකාසිනියෙහි 412 පිට ඇත්තේ මහාබෝධිවංස කථා යන නාමයයි.

4. මහාබෝධිං පුජිස්සන්ති - ලංකෙනස්මිං නාරාධිපා පච්චත්ථිකා නහිංසෙය්යුං් - එසා සම්බෝධි ධම්මිකා Vamsatthappakasini, Ed. By G.P. Malalasekara, p. 412

5. W.Geiger, Dipavansa and mahavansa, p 495

6. Vamassathappakasini, Ed. By G.P.Malalasekara Introduction, CVII

අමාවතුර, ධර්මප්ර,දීපිකාව, පූජාවලිය වැනි සිංහල ගද්යා කෘතීන්හි කරුණු පැහැදිලි කිරීමටත් මතයන් සනාථ කිරීමටත් විවිධ මූලාශ්රූයන්ගෙන් පද්ය‍ උපුටා දැක්වූවාක් මෙන් එම සිහළ බෝධිවංස කථාවේත් පෙරැදුරන් විසින් පැබැදුණු බෝධිපූජාවේ අනුසස් දැක්වෙන ගාථා පඬික්කි පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිය.1 මහාවංස ටිකාකරු උපුටා දක්වන්නට ඇත්තේ එබඳු ගාථාවකැයි හැගේ. කෙසේ වුවද එම කෘතිය පිළිබඳ තොරතුරු අප්රටකටය.


බෝධිවංස ටීකා

සංස්කරණය

මහා බෝධිවංසය රචනා කිරීමෙන් පසු ඒ ඇසුරෙන් පරිවාර ග්‍රන්ථ රැසක් බිහි වී ආයේය බෝධිවංස ටීකාව පාලියෙන් ලියැවුණු අතර ගැටපදයක් හා පරකථාවක් ද අනුවාදයක් හා සන්නයක් ද සිංහලයෙන් ලැයැවිණි. මේ හැර චුල්ලබෝධිවංස නම් සිංහල ගද්යහ කෘතියක් ද බිහිවිණි. බෝධිවංස ටීකාව ගැන කිහිප තැනකම සඳහන් වී ඇති අතර එය දුර්ලභ ගණයේ කෘතියක් ලෙස හදුන්වා ති‍ෙබ්. රත්මලානේ ශ්රී ධර්මාරාම නාහිමියෝ බොධිවංශ ග්ර්න්ථිපද විවරණයට විඥාපනයක් ලියමින් බොධිවංස ‍ටීකාව මෙකල ඉතා දුර්ලභයයි’ ප්රාකාශ කළහ. එහිදී බොධිවංශ ග්රින්ථිපදයේ මූලාශ්රාය ගැන කරුනු දැක්වූ උන්වහන්සේ බොධිවංස ටීකාව යයි සැලකිය යුතු ටීකා ග්රේන්ථයකින් ද බොහෝ තැන සාදක වාක්යඋ සංග්රසහ කරන ලද බැව් පැවසූහ. එයින් එතුමන් පවා එම ග්රෝන්ථය නොදුටු අයුරක් හැ‍ඟේ. බොධිවංස ටීකාව ගැන ලාංකික සංහිත්යයකෘතීන් අතුරෙන් පළමු සටහන අපට හමුවන්නේ චුල්ලබොධිවංසයෙනි.2


හුදෙක් බොධිවංස ටීකා යන නම සඳහන් වීම හැර ඊට වැඩි තොරතුරක් එහි නොදැක්වේ. ලාංකික ග්රමන්ථයන්හි මේ ගැන තොරතුරක් නොදැක්වෙතත් බුරුම හා සියම් ‍ෙද්ශීය ලේඛකයන්ගේ සටහන්හි මේ පිළිබඳ තොර‍තුරු ඇතුලත්ව ඇත. සියමේ රතනපඤ්ඤ නම් යතිවරයකු විසින් ලියන ලද ජිනකාලමාලයෙහි බොධිවංස ටීකාව ගැන සටහනක් එයි. ඒ අනුව බුඃ වඃ 1747 දී (ක්රිඃන වඃ 1204) සිරි තිගුවනාදිච්ච නම් ධර්මරාජයාගේ දක්ඛිණා නම් අගමෙහෙසියගේ පුත් අරීද්දන පුරාධිපති සීඝ විජය රජුවිසින් බොධිවංස ටීකාව ලියවන ලද බව පෙනේ. ජිනකාලමාලි කතුවරයා සිය අදහස තහවුරු කරනු වස් ‍ටීකාවෙන් උපුටාගත් ගාථාද්වයක් ද ඉදිරිපත් කරයි.3 බොධිවංස ටීකාවක්


1. ධම්ප්ර්දීපිකා, ධර්මාරාම සංස්. 33 පිට, පූජාවලී 3-4 පිටු

2. චුල්ල බොධිවංසය-පොලොම්මාරුවේ පියරතන සංස්කරණය 1914, 14 පිට

3. සම්මා නමස්ස - සත්ථු තිබ්බාණතො ‍ගතෙ

යහස්සෙ ව සත්තසතෙ - සත්තකාළිස තුත්තරෙ

අසමිං දෙසම්හි ලොකෙන - පඤ්ඤත්ත සතරාජතො

පඤ්ච වස්ස සතෙ යාතෙ - පඤ්ච සට්ඨිම හ‍ාය‍ෙන


ජිනකාල මාලි, බුද්ධත්ත සං 59 පිට


මෙම ගාථාද්වය බුරුම අකුරින් ලියනලද බොධිවංශ ටීකාවේද මදක් වෙනස්ව දැක්වේ. පුස්කොළ පොත තවම ප්රංකාශයට පත්කර නැත. එහි මෙම ගාථා මදක් වෙනස් ලෙසින් දැක්වේ.

ගැන බුරුම පාලි සාහිත්යු ඉතිහාසය නැමැති ග්ර න්ථයේ ද සඳහනක් ‍එයි. එම්. එච්. බොදේ විසින් ලියන ලද එම ග්රනන්ථයෙහි ටීකාව හදුන්වා ඇත්තේ සහස්ස රස්මි’ යන නමිනි. ක්රිඃන වඃ 1174 දී පගන්හි නරපති රජු සමයෙහි එය රචිත බැව් ද එහි සඳහන් වෙයි.1 ‘නරපති සිතු’ රජතුමා ක්රිඃ වඃ 1173 – 1210 තුළ රජ කළ බැව් ඩී.ජී.ඊ. හෝල් ගේ අදහසයි.2


සහස්ස රස්මි

සංස්කරණය

බොධිවංස ටීකාව සහස්සරස්මි නමින් හඳුන්වන ලද්දේ එය එනම් ආචාර්යවරයකු විසින් රචනා කරනු ලැබීම නිසාද? නැතහොත් අර්ථාවබෝධය සඳහා සූර්යයා මෙන් ආලෝකය විහිදුවන්නක් හෙයින්දැයි නිශ්චය කිරීම දුෂ්කරය. කතුවරයාගේ නමින් තදීය කෘතිය ද ඇතැම්විට හඳුන්වනු සිරිතකි. මොග්ගල්ලාන ආචාර්ය වරයා විසින් රචිත ‍ව්යා්කරණ ග්රින්ථය මොග්ගල්ලාන ව්යාුකරණය නම්විය. වජිරබුද්ධි හිමියන් විසින් රචිත ටීකාව වජිරබුද්ධි ටීකාව යයි ව්යමවහෘත විය. එමෙන් සහස්ස රස්මි නැමැති ආචාර්ය වරයකු විසින් රචිතවීම කරණකොට ගෙන එකී ග්ර්න්ථය සහස්ස රස්මි (සහස්ස රංසි) ටීකාව යනුවෙන් ප්රනකට විණැයි සැළකීමට පුළුවන. අපට ලැබුණු බොධිවංස ටීකා පිටපතේ අවසනැ සහස්සරංසි යන නම දක්නට ලැ‍ෙබ්.සිලාදී ගුණ කස්සපස්සේතං2 සහස්ස රංසිති සහස්සරංසි නාම බොධිවංසප්පකරණස්ස ටීකා සමන්තා යන්නේන් දැක්වෙන පරිදි සහස්සරංසි යනු බෝධිවංස ප්රරකරණය පිළිබඳ ටීකාවේ නාමයයි. කස්සප නැමැත්තකු‍ෙ‍ග් කෘතියක් බවද‍ ඉන් කියැවෙයි. කස්සප යනු කතුවරයාගේ නමද? නැතහොත් එය පිටපත් කළ අයගේ නමද යනු පැහැදිලි නැත. අහාසල මෙවන් කසුප් රජුගේ ධම්පියා අටුවා ගැටපදයේ ‘දළනා’ නම් හිමිනමකගේ4 නම සඳහන් වන්නාක් මෙන් මෙහි ද කස්සප යනුවෙන් සඳහන් වන්නේ ග්රැන්ථය පිටපත් කළ අයකුගේ නම වීමට ද බැරිකමෙක් නැත. ටීකාව අවසන්හි එන ගාථාවක5 ‘අත්ථරතන‍මඤ්ජුසං’ යන්න ටීකාව වෙසෙසනු වස් යොදා තිබේ. එය ටීකාවේ නමාන්තරයකැයි සැළකිය හැක.


දැනට ඇති බොධිවංස ටීකාව සිංඝ විජය විසින් ලියවනු ලැබූවකි. ලියැ වූ වර්ෂය ලෙස සඳහන් කර ඇත්තේ ක්රිඃ වඃ 1204 වැන්නය. එම්. එච්. බෝදේගේ සටහන අනුව සහස්සරංසි ටීකාව ලියන ලද්දේ ක්රිඃන වඃ 1174 දීය. වර්ෂය පිළිබඳ ‍එම වෙනස ඇතිවූයේ කෙසේදැයි පැහැදිලි නැත. බොධිවංස


1. Bode M.H., The Pali Literature Burma P. 104

2. Hall, D.G.E. – A History of South East Asia, (1958) p. 129

3. කස්ස්පDස්සෙයා යි ශූද්ධවිය යුතුය.

4. දළනා පැවිජියෙම. දහම්පියව අටුවා සන්යuය හවුරුදුයෙකින් ලීමි ධ.අ.ගැ.ඊ. හෙ‍ට්ටිතආරච්චි සංස්, අවසන.

5. අත්ථරතනමඤ්ජුසං-පොත්ථාකෙසු ලිඛාපයෙ. බොධිවංස ටීකා නිගමන ගාථා.


ටීකාවේ කතුවරයා සහස්සරංසි අචාර්යවරයා යැයි නිගමනය කිරීම සම්බන්ධයෙන් ‍වර්ෂය පිළිබඳ එම සුලු වෙනස බාධාවක් නොවේ. සහස්සරංසි ආචාර්ය වරයා පිළිබඳ වතගොත අප්රිකටය. ජිනකාල මාලයෙහි ද සහස්සරංසි ආචාර්යවරයකු ගැන සඳහන් වේ. ක්රිඃව වඃ 1495 දී පමණ බිලක පනත්තාධිරාජයා මහාබෝධාරාමයෙහි පොහොයගෙයක් කරවූ බවත් එහි රැස්වූ භික්ෂූන් අතර සහස්සරංසි නම් තෙරකෙණෙකුන් වැඩසිටි බවත් දැක්වෙයි.1 එහෙත් ඒ හිමියන් බොධිමංස ටීකාවේ කතුවරයා ලෙස දැක්විය නොහැක. වර්ෂය පිළිබඳ මහත් පරතරයක් පවත්නා හෙයිනි. කෙසේ වුවද ඉහත සදහන් සහස්සරංසි යන පදය වෙනත් අංශයට ද ‍නවාලෝකයක් විහිදුවන්නකැයි හැ‍ඟේ. බොධිවංසයෙන් තොරා ගනු ලැබූ පදයනට පරිකථාවක් ලියන ගුරුළු ගෝමී පඬිතුමා ‘සහස්රදරශමීන් විභක්ත’ පදයන් අතුරෙහි පරිකථානුකූල පදගෙන වර්ණනා කරන බව පළකරයි.2 ධර්මප්ර දීපිකාව සංස්කරණය කළ ධර්මාරාම නාහිමියන් ඇතුළු බොහෝ වියතුන් සූර්යපයර්යාය සහස්රමරශ්මි යන පදයෙන් ද්වාදශ සංඛ්යාොව වාච්යයවන බව ප්රරකාශ කර ඇත.3 ඒ අනුව නම් සහස්ර රහ්මීන් විභක්ත යන්නේ තේරුම ‍ ‍වශයෙන් ගතයුතු වන්නේ පරිච්ඡේද දොළහකින් බෙදන ලද යන්නයි. ශ්රීන සුමංගල ශබ්දකොෂයෙහි සහස්රෙරහ්මි යන පදයට සෝරත නාහිමියෝ අරුත් දෙකක් දක්වති. ධර්ම ප්රිදීපිකාවේ එන සහස්රපරහ්මි යන්නෙන් පෙරසිටි ආචාර්යවරයෙක් වාච්යංවන්නේ දැයි අනුමාන කරන උන්වහන්සේ ආදිත්යසයන් දොලොස් දෙනෙකුන් හෙයින් ආදිත්යේ පර්යාස නාම ද්වාදශ ‍සංඛ්යා්වාචකය යන සෙසු වියතුන්ගේ මතය ද දක්වති.4

සහස්රවරශ්මි පදය ගැන සෝරත නාහිමියන් කරන ‍අනුමානයට බෝධිවංස ටීකාව සම්බන්ධි සහස්ස රස්මි හෝ සහස්සරංසි යන පදයෙන් බලවත් ප්රඅතිෂ්ඨාවක් ලැබේ. ඉහත සඳහන් ධර්මප්ර දීපිකා වාක්යාං ශයෙන් සහස්රුරශ්මි නම් ආචාය්ය්ඉහ්වරයා විසින් බෙදන ලද - විවරණය කරන ලද යන අරුත ගතහොත් සහස්රහරශ්මි ටීකාව ධර්ම ප්ර දීපිකාවට ආශ්රරය වී යයි ද ගුරුළුගෝමී සිය කෘතිය සදහා පරිකථානුකූල පද 205 ටීකාවේ විවරණය කෙරුණු පද අතුරින් තෝරා ගන්නට ඇතැයි සිතීමට ඉඩ තිබේ. ධර්මප්රවදීපිකාවේ ඇතැම් පරිකථාවන්හි උද්දේස පාඨ දෙස බලනවිට ඒවා මහාබොධිවංශ ග්රපන්ථිපදය හා දැඩි සබඳතාවක් පෙන්වන බව ප්රවකට කරුණෙකි. එබඳුම සමානතාවක් ධර්මප්රවදීපිකාවේ ඇතැම් පරීකථාවන් හා බොධිවංස ටීකාවේ එන විවරණයන් අතර ද දක්නට ලැබේ.


1. ජිනකාලමාලී බු.සං. 86, 87, 88 පිටු

2. ධර්මප්රාදීපිකා ධ.ස. 1 පිට

3. ධර්මප්රාදීපිකා විඥාපනය 1 පිට සන්නස්ගල- සිංහල සාහිත්යිවංශය 104 පිට

4. ශ්රීප සුමංගල ශබ්දකෝෂය ද්විතීය භාගය, 1026 පිට


සංවෙගමුපයාතො යනුවෙන් කුමක් නියූ වෙති යත්? සංසාරය අනවරාග්රටය නරකදුඃඛ භයානකය. සෙසුතැන් පුණ්යෙ කර්මයට අස්ථානය ‍මාගේ පිතෘ පිතාමහාදිහු අනේකකෝටි ධන සඤ්චය කොට තබා මිය පරලොව යන්නාහු මෙයින් එක කර්ෂාපණයක් නොද ගෙනැ ගියහ. නැවත මෙවළඳන්නට නොද එති. අහෝ පිරිහුණහ. ක්ෂණ සම්පත් වැරදවුහයි කරුණායෙන් කම්පිත වූ පරිදි කියුවෙත්.1 ධර්මපුදීපිකාවේ එන මෙම ‍කොටස මහාබොධිවංශ ග්ර න්ථිපදයේ ද ටීකාවේ ද සමාන ලෙස දැක්වෙයි. ග්ර්න්ථිපදයේ වෙනසකට ඇත්තේ නැවැත යන පදය වෙනුවට වටාගෙන යන්න යෙදීම පමණකි. බොධිවංස ටීකාවේ එය දැක්වෙන්නේ මෙසේය.

සංසාර අනමතග්ගො. නරයදුකඛං භයානකං මනුස්සත්තං දුල්ලභං සෙසට්ඨානං පුඤ්ඤකිරියාය අට්ඨානං, මය්හං පිතුපිතාමහාදයො අනෙක කොටි සත ධන සන්නිචයං කත්වා ඉතො චවින්වාය පරලොකං ගචිඡන්තා එකං කහාපණම්පි අගහෙත්වා ගතා නාපි ඉමං ධනං පරභූඤ්ජිතුං පුනාගච්ඡන්ති අහො බණ සම්පන්ති විනාසොති කරුණාය කම්පිනොති වුත්තං’2 මෙකී සමානතාව විමසනවිට මතුවන ගැටළුවක් නම් ධර්මප්රිදීපිකා කරුවා එම කො‍ටස් උපුටාගත්තේ කොතැනින්ද? යන්නයි. ඔහු මේ සඳහා ග්ර න්ථිපදය ඇසුරු ‍කළේද? නැතහොත් ටීකාව ඇසුරු කළේද යන්න විසඳාගත යුතුව ඇත.


බෝධිවංස ටීකාව හා මහා බොධිවංශ ග්‍රන්ථිපදය

සංස්කරණය

මහා බොධිවංස ග්රාන්ථිපදය කියවා අනතුරුව ටීකාව දෙසට ‍‍හැරෙන අයකුට ඉන් අමුතු කිසිවක් දැනගත නොහෙන බව එක්වට ම හැඟීයනු නැසැකය. එපමණට ග්ර න්ථ දෙකෙහි අරුත් විසින් ද වින්යායසය විසින් ද සමානතාවක් දක්නට ලැබේ. එක් කෘතියක් අනික් කෘතියේ පදානුපදීක පරිවර්තනයක් තරමට ලංව ගමන් කරයි. මේ නිසා එක් කෘතියක් අනික බලාගෙන ලියැවිණි ද යන විමතිය නිතැතින් ම සිතට නැගේ. ග්රින්ථිපදයේ ඇති හැම අර්ථකථනයක් ම ටීකාවේ ද ඇත. ඇතැම් විවරණයන්ගේ කොටස් හා සාධක ශ්ලෝකාදිය ටීකාවෙන් ගිලිහී ඇති අතර ඇතැම් විස්තර අසම්පූර්ණය. ලෝකනාථ ශබ්දය පිළිබඳ ව ග්රින්ථිපදයේ හා ටීකාවේ එන විවරණයන් සැසදීමෙන් ටීකාවේ තත්වය වටහා ගැනිම පහසු වෙයි.

‘නාථ ශබ්දය සතර අර්ථයෙක්හි වැටේ. යාච්ඤාය, උපතාපය, ඓශ්වර්ය, ආශිසයයි එහි යාච්ඤායෙන් ලෝකය අයජ තමාම වූ නිවන් පුර ගෙන වදනා බැවින් ලෝකනාථ වෙයි. උපතාපයෙහි ලෝකයා යස පමණින් පෙළමින් එන කෙලෙස් සතුරනට සන්තාප කරන බැවින් ලෝකනාථ වෙයි. ආශිසයෙහි ලෝකයෝ ශ්රටද්ධාදී ගුණධර්මයෙන් ‍කිසේ වසති හොයි ප්රා ර්ථනාකරන බැවින් ලොක‍නාථ වෙයි.3 එම කොටස ටීකාවේ එන්නේ

1. ධර්මප්රනදීපිකා, ධ.සං. 68 පිට පරිකථා - 12

2. බොධිවංස ටීකා, බුරුම පුස්කොළ පොත.

3. ම. බොවං ග්රි. 35 -36 පිටු


මෙසේය. “අයං ලොක නාථ සද්දො අත්ථචතුක්කෙ වත්තති, යාචක, උපතාපන, අසිංසත්ථෙති තත්ථ යාචකත්ථො ලොක ආයාචිත අත්තනා නිම්මිතට්ඨාන පුරස්ස ගහෙත්වා පාචීන නින්නෙන ලොකනාථො නාම භවති. ඉස්සරත්ථෙ බොධිමණ්ඩ සහිතෙ රතනාකරෙ උප්පන්නං සද්ධම්මරතනං ගහෙත්වා ලොක ඉස්සර කරණත්ථෙන ලොකනාථො නාම”.1

ටීකාවේ අර්ථ සතරක් ගැන සඳහන් කරන නමුත් විස්තර කරනුයේ අර්ථදෙකකි. හැරත් ලොක ආයාචිත ...... පාවීනනින්නෙත යන කොටස ග්රින්ථිපදයේ එන ඡේදය හා සමාන නොවේ. මෙම ඡේදයේ අර්ථය නොපැහැදිලිය. සන්දර්භය ව්යාඡකූලය. භාෂාවිලාසය කෘත්රිේමය. මෙබඳු තවත් තැන් රැසක් ටීකාවේ දක්නට ලැබීමෙන් හෙළි වන්නේ දැනට පවත්නා බොධිවංස ටීකාවේ කතුවරයා පාලිභාෂා විශාරදයකු නොවන බවකි. ග්රොන්ථිපදයට වහලි එහි එන අරුති පාදානුපදිකව පාලියට නැගීමට ටීකාකරු ප්රියත්නය අරා ඇති බවක් පෙනී යයි. ටීකාවේ එන පහත සඳහන් ප්රායෝග කීපය ද ග්රින්ථිපදය හා සසඳා බැලීම එහි කතු හඳුනා ගැනීමට ප්රඑයෝජනවත් වේ.

i. නුරු නාම නගරස්ස අග්ගිකොනෙ නුරු පුරට අග්නි දෙසෙහි

ii. මණිකුම්භ රුක්ඛට්ඨානෙ මිණිතුඹුරුප් යන තැන්හි

iii. තතො සුවණ්ණමාසුය්යානනෙ පිච්ජිව දිසාය ඉක්බිති රන්මසු උයන පැදුම් දෙසේ

iv. වඩ්ඪමාන මහාබොධිගෙහ සමීපෙ, වඩමන් මහ මෙලාගේ තැන්හි

v. මොර නිධාන පිට්ඨිපාසාදං මොරවා පියන්ගලට

vi. කුවෙණ්ණා නාම යක්ඛිනියා

vii. නීලූප්පල ලතානං, මහනෙල්ලියන්ගේ

මෙ‍ම වාක්යලඛණ්ඩයන් පිරීක්සන විට පැහැදිලිව පෙනි යන්නේ ග්රතන්ථිපදය ආශ්ර ය කරගෙන එකී පාලි පාඨ ලියා ඇති බවය. සිංහල වචනයන්ගේ මුල් අරුත් ගැන නොසලකා, මතුපිටින් පෙනෙන ස්වරූපය අනුව ඔහු සිතාගත් අරුතක් පාලියට නඟා ඇති අයුරු මොරනිධාන පිට්ඨාපාසාදං නීලූප්පල ලතානං’ වැනි යෙදුම්වලින් ප්රිකට වෙයි. ග්රපන්ථිපදයේ පියන්ගල යන්න යෙදී ඇත්තේ පධානඝර යන අරුත දීම සඳහාය. මෙහි දී ටීකාකරු ඒ ගැන සලකා ඇති බවක් නොපෙනේ. බෝධිවංශ ග්රරන්ථිපදයේ, ‘මහනෙල්ලියන්ගේ’ යන්න යොදා ඇත්තේ “කමලිනි, මහනෙල්විල, යන්න වෙනුවටය. ටීකා කරුට එ ම අරුත වැ‍ටහුණු බවක් නොපෙනේ. ඇතැම් තන්හි ටීකාරකාරයා පුස්කොළ පොතේ දැක්වෙන සමහර අක්ෂර රූප නිවැරදිව


1. බොධිවංසටීකා, බ.පු.පො.

සංස්කරණය

හඳුනාගත නොහැකිව මෙන් වැරදි ලෙස පාලියට නැගූ තැන් දක්නට ලැබේ. මණිකුම්භ රුක්ඛට්ඨානෙ යන්න එබන්දකි. තුඹුරුප් යන්න මිණිකුඹුරුක් ලෙසින් වරදවා තේරුම් ගෙන පාලියට නඟා ඇති අයුරකි පෙනෙන්නේ. එය නියම ලෙස පාලියට නැගිය යුත්තේ “මණිථුපාරාමට්ඨානෙ” යනුවෙනි.


බොධිවංස ග්රතන්ථිපදය ණයගැති බව පෙන්වන තවත් යෙදුම් කීපයක් ටීකාවේ හමුවේ. ජොතිය ගිරි කුම්භණ්ඩාභිධානානං, යන්නට ලුහුඬු විවරණයක් සපයන ග්රවන්ථිපද කාරයා ‘කලගම්නා වඩුන්නා තන්හි ගිරිය නම් නිවටහුගේ වාසය ද’ (ඇතැම් පිටපත්හි) ( 155 පිට) යි දක්වයි. ටීකා කරුද ඒ රූපයට අනුව යාමෙන් දෝ ගිරියං නාම, ගිරිය න‍ාම යන රූප යොදා ඇත. එහි යෙදිය යුත්තේ ගිරි හෝ ගිරික යන ශබ්ද රූපයයි. ගාමවරෙහි සනතප්පෙසි යන්න මහා බොධිවංස ග්රාන්ථිපදයේ පිටපත් කීපයක පුස්කොළ පිටපත් කරන්නන් අතින් වැරදීමකින් දෙපළක යෙදී ත‍ිබේ.1 බෝධිවංශ ටීකාවේ ද එය ‍එසේ ම දෙවරක් යෙදී ඇත. බොධිවංශ ටීකාව ග්රබන්ථිපදය ආශ්රවයෙන් ලියා ඇති බවට වැදගත් සාධකයක් වශයෙන් මහාබොධිවංස ග්ර න්ථිපද‍ෙය් එන ශ්ලෝක පාලියට නැඟීමට දැරූ අසාර්ථක ප්ර්යත්නය ඉදිරිපත් කළ හැක.2 එහිදී ඇතැම් පද්යක ගිළිහී ගොස් ඇති අතර බොහෝ පද්යශ ව්යාඉකූලත්වයට පත්ව තිබේ. ‍ බොධිවංස ටීකාවේ දැක්වෙන විශේෂස්ථාන කීපයක් ද මෙහිදී සාකච්ඡා කළයුතුව ඇත. ඒවා පාළි බොධිවංසයේ හෝ මහා බොධිවංශ ග්ර න්ථිපදයේ යෙදී ඇති පාඨයන්ට අසමානය.

මුච්චලිනතො මුචලින්දො?

මග්ගදෙව මඛාදේව?

අජ්ජුන අජ?

ඔක්කාක මුඛ උක්කාමුඛ?

විසුකම්ම විස්සකම්ම?

මජ්ඣ තිත්ථ මච්ඡතිත්ථ?

බහුවංගණං බෙලුවංගණං?

අභයතුල අභයුත්තර?

කට්ඨාකුපො කුණ්ඨකුපො?

මග්ගසිරින මග්ගසිර?

ඉස්සරල සමණාරාමෙ ඉස්සර සමණාරාමෙ?


ටීකාවේ දක්නට ලැබෙන් මෙම් වෙනස්කම් පුස්කො‍ල පිටපත් කරන්නවුන් අතින් වූ වැරදීම් නිසා සිදුවීද ආචාය්ය් ග පරම්පරාවන්හි උච්චාිරණ විශේෂතා නිසා සිදුවී ද යනු ස්ථීරව කිව නොහැක. එහෙත් ‍අජ්ජුන යන්න තෙවරක් ද මග්ගදේව යන්න දෙවරක් ද ඔක්කමුඛ යන්න සිව‍ුවරක් ද නොවෙනස් ව එකම රූපයෙන් යෙදීමෙන් පෙනෙන්නේ ‍ලේඛක දෝෂ


1. ම.බො.වං, ශ්රහ, 169 – 170 පිටු

2. බොධිවංස ටීකා, බු.පු. පො


නිසා ම එසේ නුවු බවයි. එම පාඨයන්ගේ විශේෂත්වයට උච්චාරන භේදය හේතුවන්ට ඇතැයි සිතීමට ඉඩ තිබේ. මෙය බුරුම ඇඳුරන් අතර පැවතුණු කෘතියක් හෙයින් මෙරටට නුහුරු යෙදුම් ඇතුළු වීම ස්වභාවිකය. බුරුම ආචාර්යවරයන්ගේ පාලි වචන උච්‍නුාරණ ලාංකික ආචාර්යවරයන්ගේ උච්චාරණයෙන් වෙනස්වන තැන් බොහෝය. ලාංකිකපාලි ව්ය්වහාරයෙහි බෙහෙවින් යෙදෙන ගන්ථ ශබ්දය වෙනුවට ඔවුන් ගන්ධ ශබ්දය යොදන බව ප්රවකටය. ඔවුන්දගේ ග්ර න්ථ වංශයක් හඳුන්වා ඇත්තේ ද ගන්ධවංස යන නමිනි. මේ අනුව උච්චාරණ භේද නිසා එහි ඇතැම් වෙනස් කම් සිදුවන්නට ඇතැයි සිතිය හැක. එහෙත් කටිඨාකුපො, මග්ගසිරින, ඉස්සරල යන පදයන්ගේ අසමානතාවට හේතුව කුමක් දැයි පැහැදිලි නැත. බොධිවංස ටීකාවේ එන ඇතැම්පද ග්රාන්ථිපදයට අනුරූප නොවන අතර ඇතැම්පද පෙළටත් ග්රීන්ථිපදයටත් අනුරූප නොවේ. මහාබෝධිවංශ ග්රඇන්ථිපදයේ එන ‘මද ගන්ධ’ යන්න වෙනුවට පාලිපොතේ යෙදී ඇත්තේ මදාන්ධ’ යන්නය. ටීකාවේද එය යෙදී ඇති අතර ‍මදෙන අන්තභූත යි එයට අර්ථ කථනය ද කර ඇත. ග්රනන්ථිපදයේ ‘දුමිත්’ යන පදය වෙනුවට ටීකාවේ බුද්ධමිත්ත යන්න යෙදී ඇත. බුදුමිත් යන්න දුමිත් යි ලියැවිණිදැයි විමසිය යුතුය. එහෙත් එක් පිටපතෙක වත් බ‍ුදුමිත් යි රූපයක් හමු නොවීය.


‘පුරවාසිහි පූජියමානො’ යන්නට ග්රින්ථිපද කාරයා ‘පුරවාසීන් විසින් පුදනලදුයේ’ (85 පිට) යයි අර්ථ දක්වා ඇත. ටීකාකාරයා එය වාර පුරවාසීහි පූජියමානො යනුවෙන් වෙනස් ලෙස දක්වා ඔරොධෙහි පූජියමානොයි එයට අනුරූප වන පරිදි අර්ථකථනය ද කර ඇත. නිබ්බානපථෙ, නිර්වාණ නැමැති පථයෙහි, (89 පිට) යයි ග්රඇන්ථිපදයෙහි දැක්වෙන පාඨයන් වෙනුවට ටීකාවේ ඇත්තේ ‘නිබ්බාණථලෙ, නිබ්බානසංඛාතමුන්නතට්ඨානෙ යනුවෙනි. ටීකාවේ එන ඡේදය පාලි බොධිවංසයයෙන් ද වෙනස් වෙයි. ග්ර්න්ථි පදයටත්-පාළි බොධිවංසයටත් වෙනස් ව ටීකාවේ යෙදී ඇති තවත් එබඳු පාඨයක් මෙසේය.


නාටක න‍ායකොචිය, නාටකිත්ථිනං සාමිභූතො ඉන්දො විය.1 මෙය විශේෂ යෙදුමක් වනුයේ ශක්රතයා හඳුන්වනුවස් ‘නාටකිත්ථිනං සාමිභූතො’ වැනි යෙදුමක් ලාංකික පාලි ඇඳුරන් විසින් යොදා ඇති බවක් නොපෙනෙන හෙයිනි. එහෙත් එය අරුත් විසින් නොයෙදෙන්නේ නොවේ. ශක්රනයා අඩතුන්කෙළක් දෙවඟනන්ගේ හිමියා බැව් පළවන හෙයිනි.2


මහාබොධිවංශ ග්රැන්ථිපදයේ නොමැති ඇතැම් අර්ථ විස්තර ටීකා‍ෙව් තන්හි තන්හි දිස්වේ. ඉන් ඇතැම් අර්ථ ව්යාඅඛ්යා ත අගය කළයුතු යයි හැ‍ඟේ. බුදුනට සෙයින් යයි ග්රින්ථිපදයේ දක්වා ඇති අර්ථ කථනයට ටීකා කරු‍වා තවත් කොටසක් එක්ක‍රයි


1. නාකනායකොවිය. දෙවිරජුහු සෙයින් ම.බො.වං, ශ්රං. 52 පිට

2. දි‍සනිකායට්ඨකථා හේවාවිතාරණ මුද්රුණය, 1925 සක්කපඤහසුත්ත වණනනා, 497 පිට.


‘ධරමාන සම්මාසම්බුද්ධස්ස කත සක්කාරසම්මානමිව’ යි මෙම ඡේදයේ එන අමතර කොටස් පැහැදිලි වූත් පරිපූර්ණවූත් අර්ථයක් ගෙන දෙයි.

‘සගාමරාගං, ග්රාපමරාග සහිත වූ’ යනුවෙන් ග්ර2න්ථිපද කාරයා දක්වන අරුත ‘ඡජ්ජගාමො, මජ්ඣිම ගාමො, සාධාරණගාමොති, ත‍යොගාමා’ යනුවෙන් ටීකාකරු වඩාත් පැහැදිලි කෙරෙයි.

ගංගා යන්නට මහගහ ම යි ග්ර.න්ථිපදයේ අරුත් කියන අතර ටීකාව “මහාවාලුකා ගංගායෙව” යි නිශ්චිත ‍අර්ථයක් දක්වයි.

බොධිවංස ටීකාව පිළිබඳ මෙතෙක් කෙරුණු විමසීම අනුව එහි ග්රදන්ථිපදයට වහල්ව අරුත් බිණීමෙහි යෙදුණු තැන් රැසක් ඇති අතර ස්වතන්ත්ර ව අරුත් දැක්වුණු තැන් කිහිපයක් ද දක්නට ලැබෙන් බව පැහැදිලි වෙයි. මහාබෝධිවංශ ග්රතන්ථිපදය ඉතා ළඟින් ඇසුරු කර ඇති බව කියාපාන ලක්ෂණ බහුල වශයෙන් පෙනෙන බැවින් හැඟීයන්නේ දැනට පවත්නා ටීකාව ග්රහන්ථිපදයට පසුව රචනා කරන්ට ඇති බවෙකි. පිටපත් කීපයක් සංසන්දනය නොකර එක් පිටපතක් ‍දෙස පමණක් බලා කිසියම් ග්රපන්ථයක් ගැන නිගමනයකට බැසීම අසීරු වුවද දැනට ලැබී ඇති ටීකා පිටපත සුපරීක්ෂා කාරිව කියවා සමස්තසක් වශයෙන් ගෙන කිසියම් සාධාරණ අනුමානයකට එළඹිය හැකි වෙතැයි හැ‍ඟේ‍. සහස්ස රස්මින් විසින් ලියන ලද ටීකාව අභාවයට යාම නිසා හෝ දුර්ලභ කෘතියක් බවට පත්වීම නිසා හෝ ඒ අඩුව පුරවා ලනු වස් පසු කාලයක දී මහාබෝධිවංශ ග්රබන්ථිපදය ඇසුරු කර දැනට පවත්නා ටීකාව රචනා කරන ලදැයි සිතිය හැක. ටීකාව අවසානයේ එන ගාථාවලින් ද කියැවෙන්නේ එහි ප්රලථම රචනය ගැන නොවේ.‍ ‘පොත්ථකෙසු ලිඛාපයෙ’1 යන්නෙන් ප්රථකාශවනුයේ පොත්වල ලියැවූ බවකි. සිංඝවිජය රජු‍ගේ මෙහෙයීම පරිදි කස්සප නැමැති ආචාර්යවරයකු විසින් එම කෘතිය ලියනට ඇත.

මහා බෝධිවංශ ග්රින්ථිපදය ලිවීමේ දී ටීකා ග්රචන්ථයකින් උපුටා ගන්නා ලදැයි සිතිය හැකි පාඨ රැසක් ග්රපන්ථිපදයෙහි විද්යා්මාන හෙයින් දැනට පවත්නා ටීකාවට වඩා පැරණි ටීකාවක් පැවැතිණැයි සාදාරණ අනුමානයකට එළඹිය හැක.

i. කුඤ්ජරොති කුඤ්ජෙ ගිරිතවෙ රමති අභිරමති, තත්ථ‍වා රමති කුඤචනාදං නදන්තො විවරති කුංචා පඨවිං, තටාඝාතෙන ජරයතිති කුඤ්ජරො. (16 පිට)


1. මහාබෝධිවංස ටීකා නිගමනය ගාථා

ii. තුන්හීරස්ස මුඛං, තුණ්හීර මුඛං, ධනුස්ස ගුණං, ධනුගුණං, එතෙසං අන්තාරෙ ගමනඤච ආගමනඤච, ගමනාගමනං, සන්ධානඤච මොක්ඛො ච සන්ධාන මොක්ඛො එතෙසු ඨානෙසු ‍අවිහාවිතං කරතලං යස්ස සො අවිහාවිත තුන්හීරමුඛ ධනුගුණ ගමනාගමන සරසන්ධාන මොක්ඛ කරතලො. (47 පිට)

iii. සන්නිපතිංසුති අනෙකෙහි කප්පකොටි සහස්සෙහි දුල්ලභ දස්සනානං .............සබ්බ කිච්චානී පහාය තුට්ඨාමානසා අගමංසුං (107 පිට)

iv. දානාදිමයන්ති දානදමසඤ්ඤමමයං, (111 පිට)

v. රජනීයොති, රඤ්ජෙතුං සමත්ථො කම්නීයොති දිවසම්පි සූරියත්ථ නො ඛමතෙව ‍න නිගච්ජති, මදනීයොති මානමද පුරිසමද ජනනො (112 පිට)

vi. තදහුපොසථෙ පණ්ණරසෙති එත්ථ තදහුති තස්මිං දිවසෙති අත්ථො (113 පිට)

vii. ස්වාගතත්ති, සුට්ඨු, ආගතං; සකන්තෙති සක සන්තකං. ( 113 පිට)

viii. ව්යාත්තොති වෙය්යුත්තියෙන සමන්නාගතො විද-ඤාණෙ, මෙධාවීති ඨානුප්පත්තික පඤ්ඤාසංඛාතාය මෙධාය සමන්නාග‍ෙතා ( 116 පිට) ටීකාවකින් උපුටාගන්නා ලදැයි හැ‍ඟෙන මෙබඳු පාඨ 68 ක් ග්රකන්ථිපදයේ තන්හි තන්හි දක්නට ලැබේ. ඒවා සහස්රස්මි ආචාර්යවරයා විසින් රචිතව පැවැතිනැයි සිතිය හැකි බෝධිවංස ටීකාවකින උපුටා ගන්ට ඇතැයි පරිකල්පනය කළ හැක.


මහාබෝධිවංශ ග්රින්ථිපදය

සංස්කරණය

මහා බෝධිවංශ ග්රවන්ථිපදය වූ කලී එහි කතුවරයාගේ අදහසට අනුව පාළි මහා බොධිවංසයේ ගැටළු පදයන් පිළිබඳ ව කෙරුණු විවරණයකි.1 නොපැහැදිලි හෝ ගැඹුරු තේරුම් ඇති පාලි වචනයන්ට සිංහල අරුත් දක්වන ලේඛකයා ඇතැම් තන්හි දී ඒවායේ නෛරුක්තිකාර්ථ ඉදිරිපත් කරයි. ඇතැම් තන්හි පරීකථා ස්වරූපී විවරණ ද සපයයි. ඔහු බොහෝ විට පාලි වචනයට සිංහල අරුත් දීමෙන් පමණක් නැවතෙයි. දැනට ශේෂවී ඇති මුල් මැ සිංහල අර්ථව්යා ඛ්යාිනය වූ ධම්පියා අටුවා ගැටපදයේ දී මෙන් අරුත් පැහැදිලි කිරීම සඳහා පැරණි ඇඳුරන් යොදාගනු ලැබූ ව්ය ඛ්යාටන සම්ප්රරදාය මහා බෝධිවංශ ග්රරන්ථිපදයෙහි ද දක්නට ලැබේ. ආරම්භයෙහි සංඥාදී අර්ථපඤචකය දක්වන ග්රබන්ථිපද කාරයා ව්යාදඛ්යාටතව්ය් අර්ථ ශරීර ද ව්යාරඛ්යා්ත ප්රජකාර ද පැහැදිලි කරයි.2


1. ම.බෝ.වං.ශ්ර්. 1 පිට

2. ම.බෝ.වං.ශ්ර්. 5 පිට


අනතුරුව සමුදායර්ථ අවයවාර්ථයන් විස්තර කරයි.1 ඒ අනුව ග්ර්න්ථිපද කාරයා ස්වකීය ව්යාකඛ්යා්නයේ දී සමුදායාර්ථ, ව්යුරත්පත්ය්ර්ථ හා පදාර්ථයන් විවරණය කිරීමට අපේක්ෂිත බැව් පළවෙයි. කතුවරයා එකී අර්ථකථන මාර්ගයේ ගමන් කරනුයේ එබඳු අර්ථ කථනයකට උචිත අස්ථාවන්හි පමණි. අනෙක් අවස්ථාවන්හි සමුදායාර්ථය, ව්යු ත්පත්යථර්ථය පදාර්ථය යන මෙයින් එකක් හෝ දෙකක් පමණක් දැක්වීමෙන් කතුවරයා සෑහීමකට පත් වෙයි. “යස්සමූලේ නිසින්නොව” ආදී ගාථාව සම්බන්ධී අර්ථත්ර ය ම ඔහු දක්වා තිබේ.2


අර්ථ වර්ණනා ක්ර මය

සංස්කරණය

මෙහිදී මහා බොධිවංස ග්රහන්ථිපදයේ අර්ත වර්නනා ක්රනමය නිදසුන් කීපයක් මගින් පැහැදිලි කිරීම උචිත යයි හැගේ.


i. ජින සාසනාභරණ භූතෙහි, බුදුන්ගේ ශාසනයෙහි ආභාරණස්ථානයට ප්රාභප්ත වූ; ජිතඃ සවාසනාඃ ක්ලේශ විකල්පාඃ අන්යචතීර්ථිකාශ්ශත්රසවොනෙනෙති ජිනඃ, සාසිතබ්බ පුග්ගල ගතෙන යථාපරාධාදි සාසිතබ්බභාවෙන අනුසාසනං විනයං, සාසනං භූ - ප්රාතප්තාවාත්මනෙපදී යන ධ‍ාතුයි. (11 පිට)


ii. පුබ්බාචරිය කෙසරිහි, පූර්වාචාර්ය නැමැති කේශරින් විසින්; වෛශාරද්යහ ගුණයෙන් කේශර සිංහයන් බඳු වූ පූර්වාචාර්යවරයන් විසිනැ යුසේයි. ලංකාවාසීනමත්ථාය යන තන්හි අර්ථ ශබ්ද හි‍තයෙහි වැටේ. ලංකා නම් යක්ෂයන්ගේ පුරයැ. අවයවයන් කෙරෙහි වැටෙන බැවින් ලංකා ශබ්දය සියලු ද්වීපස්ථයෙහි ම වැටේ. අහං යනු ආත්ම නිර්දේශයැ. ඉදානි යනු කාල සප්තමීයි. (11 පිට)


iii. ‘සබ්බස්ස සජන පරිජනස්ස රුදෙතො’ යන තන්හි සජනයො නම් බන්ධූන් හා දාසයහ. පරිජනයෝ නම් මිත්රසයන් හා අමාත්යායෝයි. රුදත් ශබ්ද ශත්ර්න්තයැ. රුදිර්-අශ්රැය විමොචනෙ යන ධාතුයි. හැම සජන පරීජනයන් කෙරෙහි ආදර නොකොට රුදතඃ ප්රිව්රාැජිත් යන තන්හි සෙයින් වලප්ව වලප්වා ගිය බැවින් ෂෂ්ඨි වානාදරෙ යන සූත්රඅයෙන් අනාදරයෙහි ෂෂ්ඨි වේ. (15 පිට)


iv. ජින්නං මෙ ගිහි බන්ධනං යන තන්හි ගිහි බන්ධන නම් කලත්රවයයි කීයේ මැනෝ; කලත්රරලාහමයං නිගලම් යි (18 පිට)


1. ම.බෝ.වං ශ්රය 6 පිට

2. ම.බෝ.ව.ශ්ර් 1 සිට 7 පිට තෙක් බලන්න


v. සග්ගපවග්ග මග්ගං යන තන්හි ස්වර්ග නම් සුන්දර ස්ථානයයි. ඝෘජ ගතස්ථානයොඃ යන ධාතුයි. ඝඤන්ත වන බැවින් අර්ගවෙයි. සූපූර්ව වන බැවින් ස්වර්ගවේ. අථවා රූපාදීහි විසෙසෙහි සූට්ඨු අග්ගොති සග්ගො අපවග්ගො නිබ්බාණං, (21 පිට)


vi. භික්ඛු විය, මහණක්හු සෙයින්, භික්ඛුති එත්ථ භික්ඛගකොති භික්ඛු, හික්ඛාච‍රියං අජ්ඣුපගතොති භික්ඛුති ආදිනා නයෙන වචනත්ථො වෙදිතබ්බො. (25 පිට)


vii. චන්දොදයෙන, සඳ උදයින්: ජලනිධිමිව, ඔදවඩනා මුහුද සෙයින් කලකලමුඛරං, කලකලයෙන් මුඛරිතවූ: මහත්තං උස්සවං, මහත් උත්සව; පතිදිනං, ප්රනති දිනයෙහි, දවස දවස.


viii. නානාවිරාග, නොයෙක් පැහැඇති;; තනු, ශරීර ඇතියේ; නන් නන් මිණි රසින් දිලිහෙන ශරීර ඇතියෝයැ යූයේය. (53 පිට)


ix. වාසරාවසානෙ, දිවසාවසානයෙහි, දිවසසාගේ තුන් වන භාගයෙහි; සායහ්නයෙහිය, යූසේයි. ( 53 පිට)

x. නහායිත්වා යන තන්හි ෂණ ශෞවෙ යන ධාතුයි. ( 63 පිට)


xi. උදානං උදානෙසි, උදන් උදාන කෙළේ. මෙහි උදාන නම් කළක් තෙල් නැළියක ඕනාකල්හි නැළියේ ගන්නා ගෙන නොගන්නා ඉතිරි වැම්මෙන සෙයින් ළෙහි උපන් ප්රීෙති නොහැම්මිය හි කරන වාග් ව්යමහාරයයි. ( 67 පිට)


xii. විසමතලෙහි, විෂම භූමි ඇති; නොහොත් හුරු වසුරු කසළනෙන් ගහණ වූ ගිනිගල් කම්හල් ඈ විෂම භූමිතල ඇති. ( 93 පිට) ඉහත සඳහන් ඡේදයන් පිරීක්සීමේ දී බොධිවංස ග්රඇන්ථිපදය අනුගමනය කළ අර්ථවර්ණනා ක්රනමයේ ලක්ෂණ පැහැදිලි වෙයි. ඇතැම් විට ලේඛකයා පදාර්ථ දක්වා වැදගත් යයි හැ‍ඟෙන පදයන්ගේ ව්යුිත්පත්ය.ර්ථ ද විස්තර කරයි. මෙහි උපුටා දක්වන ලද පළමු වැනි හා සිවුවැනි ඡේදවල එම ලක්ෂණ දිස්වෙයි. එහි ජින, සාසන, සග්ග යන වචනයන්ගේ විග්රිහවාක්යඑ දක්වා ඇති අතර ඒ සඳහා සංස්කෘත හා පාලි භාෂාවන් ‍අවිශේෂයෙන් භාවිතා කර ඇත. ව්යා්කරන විභාග දැක්වීමේදී ද කතුවරයාගෙන් මේ දෙවැදෑරුම් මගම අනුමතව ඇත. පළමුවැනි, දෙවැනි තෙවැනි හා පස්වෙනි ඡේදයන්හි ප්රැකෘති ප්ර ත්ය.යාදී ව්යාිකරණ විභාග දක්වා ඇත්තේ සංස්කෘතය ඇසුරෙනි. ධම්පියා අටුවා ගැටපදයේ ද සුලභ ලෙස දක්නට ඇත්තේ මෙම ක්රිමයයි.1


1. භාතරො, හාසමානා හා දීප්තො යුතැන්

ධ.අ.ගැ. ජය. සං. 21 පිට ගිලාතො, ගුණ්පි සොම්නස් ඇතියෙමි; ග්පෙල හර්ෂක්ෂයේ යන ධාතුය ධ. අ. ගැ. 23 පිට

පොලොන්නරු යුගයට අයත් සේ සැලකෙන ජාතකඅටුවා ගැටපදයේ ද දඹදෙණි යුගයේ ලියැවුණු විශුද්ධි මාර්ග සන්නයේ ද බොහෝ විට පාලි පදයන්ගේ ධාතු නිර්දේශය කර ඇත්තේ සංස්කෘතයෙනි. පාලියෙන් ධාතු නිර්දේශ කර ඇති තැන් ද එහි වරල වශයෙන් දක්නට ලැබේ. මහාබෝධිවංස ග්රාන්ථිපදයේ ද ඇතැම් තනහි පාලියෙන් ධාතුරූප දක්වා තිබේ.


බුධ, අවගමන ( 2 පිට)

පිස සඤ්චුන්ණනෙ ( 115 පිට)

විද, ඤාණෙ ( 116 පිට)

ආස, උපවෙසනෙ, ( 116 පිට)


යන නිදසුන් වලින් එය පැහැදිලිවේ. මහාබොධිවංශ ග්රාන්ථිපද කාරයාගේ අර්ථ වර්ණ‍නයෙහි අනෙක් ලක්ෂණ ද සෙසු සමකාලීන සන්න ගැටපදවලට අසමාන නොවේ.


i. පාලි වචනයට සිංහල වචනයක් දැක්වීම1

ii. සිංහලයෙන් අරුත දක්වා යළි සංස්කකෘතයෙන් හෝ පාලියෙන් එහි විග්රෙහයන් දැක්වීම2

iii. ධාත්වර්ථය හා විග්රදහ වාක්ය ය ද ඉදිරිපත් කොට යලිත් එම තේරුම පැහැදිලි කිරීම.3

iv. පදයන්ගේ ප්රාකෘති ප්රකත්යයයන් හා පද නිෂ්පත්තියට අදාළ ව්යාමකරණ සූත්රා දැක්වීම.4

v. පාලි පදයේ අරුත නොදක්වා ධාත්වර්ථය පමණක් දැක්වීම5

vi. පාලි පර්යාය පදයක් පමණක් දැක්වීම.6

vii. එකට සම්බන්ධ වූ පද කීපයකට වෙන් වෙන් වශයෙන් අරුත් කියා අනතුරුව ඒ සියල්ලේ අරුත් එක්ලස්කර දැක්වීම.7

viii. පදාර්ථ දක්වා අනතුරුව මුඛයාර්ථය ගෙනහැර පෑම.8

ix. පරිකථා ස්වරූපී විවරණ සැපයීම.9

x. පරිකථා ශ්ලොක, ගාථා, හා ගද්යද ඛණ්ඩ ඉදිරිපත් කරමින් ‍ පදාර්ථයන් පැහැදිලි කිරීම.10


1. ඉහත දැක්වූ vii ‍ඡේදය බලන්න

2. i, v, vi ඡේද බලන්න.

3. බෝධිමහීරුහෙ යන තන්හි ආදිඡෙදය-ම.බෝ.වං.ග්ර 8-9 පිටු

4. i, iii, ඡේදයන් බලන්න

5. x ඡේදය බලන්න

6. අපවග්තො, නිබ්බාණං v වන ඡේදය බලන්න

7. viii වන ඡේදය බලන්න

8. ix, xi ඡේදය බලන්න

9. xi ඡේදය බලන්න

10. ‍ම. බෝ.ව.ග්රඡ 35, 38, 40-41, 49, 50, 53, පිටු බලන්න.

බෝධිවංශ ග්ර න්ථිපද කාරයා බොහෝ අවස්ථාවන්හි මුල් කෘතියේ එන අදහස් වඩාත් නිරවුල් ලෙස පැහැදිලි කිරීමේ අභිප්රාොයෙන් ඇතැම් පදවලට විව‍රණ සපයා ඇත. එම වි‍වරණ මඟින් අර්ථාවබෝධයට ලැබෙන එලිය මහත්ය. ‘භගිනි පතිනා යනු ‍අනේ වඩු සිටහු බුහුන් රජගහා සිටුහු කෙරේ වන්නෙන් කියත්, රජගහා සිටු බුදුන් ‍අනේ වඩු සිටුහු කෙරේ වේ.’1 මෙහිදී නැගණියගේ සැමියා විසින් යයි දැක්වීමෙන් හෝ එම තේරුම ඇති වෙනත් පදයක් ඉදිරිපත් කිරීමෙන් වැලකුණු ‍ෙල්ඛකයා පදාර්ථය නොදක්වා ම අරුත පැහැදිලි කිරීමෙන් ග්රෙන්ථිපද කාරයකු සතු කාර්ය ඉටුකර තිබේ. අරුත් දැනීමෙහිලා ආධුනිකයනට එයින් බලවත් පහසුවක් සැලසෙන හෙයින් එම අර්ථ කථනය උචිතය. අනවශ්යල විස්තරයෙන් බැහැර වීම නිසා එය බුද්ධිගෝචරය.


ඔහු ඉදිරිපත් කරන විස්තර සියල්ල හැම විට ම එකසේ වැදගත් නොවුව ද මුල්කෘතිය වටහා ගැනී‍මෙහිලා ඒවා උපකාර නොවෙතැයි ඇතැමකු2 දක්වන අදහස පිළිගැනීම අසීරුය. ග්රින්ථීපද කාරයා කර ඇති සමහර විවරණ හා බැහැරින් ගෙන එක් ක‍රන ලද ගාථා, ශ්ලෝක හා ගද්යප ඛණ්ඩ ද හුදෙක් ඔහුගේ පාණ්ඩිත්ය ය ප්රේදර්ශනය කිරීම සඳහා මෙම කෘතියට ඇතුළත් කරන්ට ඇතැයි බැලූ බැල්මට පෙනෙන නමුත් ඒ එ‍ෙස් නොවේ. එබඳු විවේචනයකට ලක්කළ හැකි තැන් කීපයක් ඇත.


“සිලාතලෙ, මඟුල් සලවටෙහි; නිසිදිත්වා,

සුගන්ධි සෞගන්ධික ගන්ධ හෘද්යල

සසරොනිලස්සාරස නාද කර්ෂි

ආධුත රාජීව රජො විතානෛ

රංගම්පිශංගං නෘපතෙශ්චකාර

යන තන්හි සෙයින් වනවිල් සුලඟින් ‍එළවන ලද මුවරද පට පෙරව හිඳ”


මෙහිදි ‘නිසිඳිත්වා’ යන්නට ‘හිඳ’ යි පදාර්ථය දැක්වී නම් සෑහෙතැයි ද ජානකී හරණයෙන් උපුටාගත් ශ්ලෝකයෙන් හා ඒ අනුව කළ විස්තරයෙන් මුල් කෘතියේ අර්ථාවබෝධයට වහලක් නොලැබෙතැයි ද කෙණකුට තරක කළ හැකිය. එහෙත් මුල් කෘතියේ එන වර්ණොනයෙන් නිරූපිත අවස්තාවට සමාන අවස්ථාවක් ගෙනහැර පෑමෙන් ලේඛකය‍ාගේ බහුශ්රැෙතභාවය හෙළිවනු පමණක් නොව ආධුනික පාඨකයාට එම තවත් එබඳු අවස්ථාවක් හා සසඳා බැලීමට ඉඩකඩ සලසන බව ද කිව හැක. ජානකීහරණයේ එන ශ්ලෝකයෙන් නිරූපනය කෙරෙන්නේ මුව සඩයමේ ‍ගොස් විඩාපත් දශරථ කුමරු විල් ඉවුරක හුන් අවස්ථාවකි.4 ලේඛකයා, උයන් කෙළියට ගිය සිදුහත් කුමරු විල් ඉවුරේ හුන් අවස්ථාව ඒ හා සසඳයි.

මෙබඳු සංසන්දනයක් වඩාත් අර්ථවත් වනුයේ මහාබෝධිවංසය සංස්කෘත ගද්යන සම්ප්රතදා‍යයේ ආභාසය ලබා රචිත ගද්යප කාව්ය යක් වන හෙයිනි.


1. ම.බෝ.වං.ග්රි. 81 පිට

2. Godakumbura C.E.Opicit p 33

3. ම.බෝ.වං.ග්රි. 53 පිට

4. Janaki Harana, Ed.By. Gopal Raghaath, Nandargikar, prathara, Sarga, V. 64.


කතුවරයා ග්රaන්ථිපදයක් සපයනුයේ ධම්මපට්ඨකාථාව, ජාතකට්ඨකථාව වැනි අටුවා ග්රවන්ථයකට නොව කාව්ය්මය නිර්මාණයකටය. මහාබෝධිවංශ ග්රනන්ථිපදය ධම්පියා අටුවා ගැටපදයටත් ජාතක අටුවා ගැටපදයටත් ආකෘතික ලක්ෂණ අතින් මඳක් වෙනස් මඟකට යොමු වී ඇත්තේද මේ කරුණ නිසා විය හැක. මුල් කෘතියේ එන පදයනට අරුත් කිම, වියරණ ලකුණු දැක්වීම හා විවරණ සැපයීම ධම්පියා අටුවා ගැටපදය වැනි කෘතීයට ප්රතම‍ාණවත් වේ.භාෂාවෙන් අතිවන වෙනස හැරුණු විට මුල් කෘතියේ අර්ථාවබෝධයට බලපාන අනෙක් බාධාවක් නොමැත. එහි සැඟවුණු අරුත් වෙසෙසක් ගැබ් ව නොමැති හෙයිනි.

කාව්යක ග්රමන්ථයක් සම්බන්ධයෙන් මේ තත්වය වෙනස්ය. වචනාර්ථය දැක්වීම පමණක් කාව්ය් අරුත් දැනිමට නොසෑහේ. කාව්ය් නිර්මාණයේදී කවීන්ට විශේෂ වන ‍ව්‍යවහාර ඇසුරු කරනු ලැබේ. කවි සමය නොදැන එකී ව්ය වහාරයන් තේරුම් ගැනීම අසීරුය. වෙනත් ලේඛක‍යකු භාවිතා කරන වචන ම කවියා භාවිතා කළ ද අනෙකුත් නොමවන ‍අරුතක් එම වදන් උපයෝගී කරගෙන ඔහු පහළ කරයි. කවියා පහළ කරන නව අරුත් අවබෝධකර ගැනීමට මං සැලසීම කාව්ය මය කෘතීයක් සඳහා අර්ථව්යාරඛ්යාැනයක් සපයන්නෙකුට පැවරෙන වගකීමකි. මහාබෝධිවංශ ග්රකන්ථිපද කාරයා මෙබඳු තන්හි බැහැරින් උපුටාගත් ගද්යන පද්යග ඛණ්ඩයන් ගෙනහැර පාන්නේ එම වගකීම නිසා විහ හැක.1

මහා‍බෝධිවංශ ග්රින්ථිපදය හා ධම්ප්රපදීපිකාව

සංස්කරණය

පාලි මහා බොධිවංසයේ පරිව‍ාර ග්රදන්ථ දෙකක් වන මහාබෝධිවංශ ග්රනන්ථිපදයේ හා ධම්ප්රහදීපිකාවේ අන්ත‍ර්ගත කරුණු අතින් මෙන් ම භාෂාව හා රචනා විලිසය අතින් සමාන ලක්ෂණ විදහා පාන තැන් රැසක් දක්නට ලැබේ. මහාබෝධිවංශ ග්රභන්ථිපදය පාලි බොධිවංසයේ දු‍රබෝධ පදයනට අර්ථ දක්වනු වස් ලියා ඇති අතර ධර්මාප්ර දීපිකාව බෝධිවංශයෙන් තෝරාගනු ලැබූ පද 205 කට පරිකථා දක්වනු වස් ලියා ඇත. මහා බොධිවංශ ග්ර න්ථිපදයේ විවරණ සැපයීම ද කර ඇත. එහි එන පරීකථා සංක්ෂේප වීම ‍විශේෂ ලක්ෂණයකි. ධර්මසප්රඇදීපිකාවේ පදාර්ථ කථනයක් නැති නමුදු පදයන් සම්බන්ධි විවිධාර්ථ නිරූපනයක් දක්නට ලැබේ.2 එහි පරිකථාවන්ගෙන් වැඩි ‍ෙකාටසක් දීර්ඝයය. ඇතැම් කොටස් පර‍ිකථාත්මක ලක්ෂණවලට වඩා කාව්ය මය ස්වරූපයක් උසුලයි.3

ග්රමන්ථ දෙකෙහි ම ව්යාමකරණ විභාග දක්නට ලැබෙන අතර ඒවා සංස්කෘතියට නැඹුරු වී පැවතීම විශේෂයකි. ග්ර න්ථිපද කාරයා චාන්ද්රෘව්යායකරණය මෙන්ම පණිණී ව්යාුකරණය ද අනුගමනය කර ඇත.4

1. ම.බෝ.වං.ග්ර . 69, 146 පිටුවල ද මෙබඳු තැන් දක්නට ලැබේ. 2. ධර්ම.ප්ර.දීපිකාව ධ. සං. පරිකථා 2-2වන පිට, පරිකථා 3-29, 30,31,32, පිටු 3. ධර්ම.ප්රරදීපිකාව ධ. සං. පරිකථා 50,51,227 පිට, පරිකථා 52,53,54,228 පිට පරිකථා 57, 229 පිට පරිකථා 146-295 පිට 4. මනෝර්ජාතෞයත්ෂුක්ව චාන්ද්රිසූත්රකයකි ම.බො.වං.ග්රද. 23 පිට උපාන්වධ්යා ඩිවසං, පාණිනීය සූතුයකි.ම.බෝ.වං.ග්ර 20 පිට.


ධර්මයප්රමදීපිකා කාරයා ද එසේය.1 එහෙත් දෙදෙනාම වැඩිපුර සැලකිල්ල දක්වා ඇත්තේ චන්ද්රාණව්යාතකරණයටය. ග්රාන්ථිපද කාරයා පාලි ‍ටීකාවේ ඇසුර ලබමින් ඇතැම් පදයන්ගේ විග්රාහ වාක්යණ පාලියෙන් දක්වා ඇති නමුදු ධර්මයප්ර‍දීපිකා කාරයා හැම තන්හි ම පද විග්රගහ කර ඇත්තේ සංස්කෘතයෙනි. එපමණක් නොව විවිධාර්ථ දැක්වීමේ දී අතැම් වාක්යරවල අර්ථ ද සංස්කෘතයෙන් දක්වා ඇත.2

පොළොන්නරු යුගය මෙරට සංස්කෘත භාෂාධ්ය යනය ව්යාවප්ත වී ගිය කාලපරිච්ඡේදයක් බව ප්රංකටය. තත්කාලීන ගත්කරුවෝ එයට වෙසෙයි සැලකිල්ලක් දැක්වූහ. සංස්කෘත කාව්ය්යන්ගේ ආභාසය ලත් ගී කාව්යරවලින් හා ව්යාවඛ්යාපනයන්ගෙන් ද ඒ බව හෙළි වෙයි. එම යුගයේ ලියැවුණු සන්න පොත්වල සංස්කෘත මිශ්රාභාෂාව බෙහෙවින් උපයෝගී කරගනු ලැබුයේ එහෙයිනි. අරුත් කීමේ දී මෙන්ම පරීකථාත්මක විස්තරයන්හීදී ද සංස්කෘත මිශ්රන දීර්ඝයවාක්ය යෝ දක්නට ලැබෙති. මිශ්ර් සිංහලයා හා සංස්කෘත රචනා රීතිය එම යු‍ගයේ ලියුවුණු ගද්යෙ ග්රෙන්ථයන්ට පිවිසුණු නමුදු එය ස්ථාවර නොවීය. ගුරුළු ගෝමීන්ගේ ධර්ම ප්රයදීපිකාවේ හා අමාවතුරේ රචනා ශෛලිය හා භාෂාව විමසන විට එය මැනවින් පැහැදිලි ‍වේ. සංස්කෘත රීතිය හා පාලි රීතිය වින්වර යටයමින් හා ඉස්මතු වෙමින් පැවති අයුරු මහාබෝධිවංශ ග්රහන්ථිපදයත් ධර්මයප්රවදීපිකාවන් විදහාපායි. ග්රින්ථිපදයේ මුල් කොටස්වල පවත්නා සංස්කෘතය කෙරෙහි වූ අධික නම්ය‍තාව අවසන් කොටස්වල දී බොහෝ දුරට ලිහිල් වේ. එහි ඇතැම් තන්හි සංස්කෘත රීතිය අභිභවා පාලි රීතිය ඉස්මතු‍ව එයි. පහත සඳහන් වාක්ය ඛණ්ඩ කිහිපය සැසදීමෙන් ඒ බව පැහැදිලි වෙයි.

i. බාහ්යාලතාරණවූවෝ තාදෘශ මහා කාරුණික පූජ්යඩ පූජනීය සර්ව.ජගදෙකශරණ සමස්ත ශාස්ත්රශ සාගර පාරගත ශීලව්රකතෛක භාජන විඛ්යාවත කීර්තික නරපති වූඩාමාණිවරිවී රඤ්ජිත පදාන්ත ඇති දංෂ්ට්රාග නාගාභිධාන මහාස්ථවිරයෝය.3

ii. මහත් කඳුළු කැකුළු බඳු තියුණු දළ ඇති, කළාර මුඛ ඇති, පෘථූල ලලාටතට ඝවිත විකට භ්රෑුකුටි ඇති, ආදීප්ත භෛරව දෘෂ්ඨි ඇති, ප්රලදීප්ත ඌර්ධ්ව කේශ ඇති, රක්තලෝම මාලාකුල ප්රුභේද ඇති, විචිත්රාවස්ත්රල නිවසිත වූ, සඟර්වි වූ, සරෝෂ වූ කල්පානල සන්නිභ මාර සේනායෙන් පරිවෘත වූයේ,4

iii. මහානුභාව දෙවියෝ විසිතුරු පුදගෙනැ දකුණත් පස දිලිහෙන රන් හිණින් බසිති. එසෙයින් ම බඹහු වමත්පස රස් විහිදුනා රිදී හිණින් බසිති. බුදුහු රස්කලඹෙන් වොරජමින් මැද හිණින් බසිති තෙසු දෙවියෝ නුඹබිත්හි සිත්තම් සෙයින් දද පෙළ, සෙමෙර සේසත් රුවන්දම් මල්දම් ගඳ දුමි නැටුම් ග‍ඳෙව් ගෙන සක්වළ ගැබ්හි පිරී බසිති.5


1. අභී: ප්රෙශංසායාම් ධ.ප්රි. 33 පිට (පාණීනි සූත්ර,යකි.)

2. කිමර්ථම යනු කිම් ප්ර.යෝජනම් යුසේයි. සත්වතනු නම් ද්රුව්යප ශරීරයැ. ද්ර්ව්ය.ශරීරෙ ප්රෝතිෂ්ඨිත: යුසෙයි. ධ. ප්ර . 55 පිට

3. ම.බෝ.වං.ග්ර 4 පිට

4. ම.බෝ.වං.ග්ර 65 පිට

5. ම.බෝ.වං.ග්ර 104 පිට


iv. එහි එකෙක් ලිය යටෙක එකෙක් මල් යටෙක. එකෙක් ලිහිණි යටෙකි. ලියයට ලතාවෝ ගන‍රන් මුවා වන බැවින් රන්වන්හ. ලෙලදිදී අති ‍මනෝහර පැහැ දිසෙති. මල්යට දියෙහි ගොඩ පුප්නා නොයෙක් සටහන ඇති. නොයෙක් පැහැ ඇති, කුසුම්හු කෙසුරු මුවරදින් හොබවමින් එවිගස පිපියවුන් සෙයින් දිසෙති.1 මෙහි පළමුවන වැකිය මුළුල්ලේම ඇත්තේ එක් සිංහල වචනයෙකි. සිංහල විභක්ති ප්රයත්යතයාන්ත පද දෙකෙකි. දෙවන වැකියේ අමිශ්රහ සිංහල වචන මෙන් ම මිශ්රල සිංහල වචන ද දක්නට ලැබේ. එහෙත් වැකිය පුරාම අනූන‍ව දිස්වෙන්නේ සංස්කෘතයේ අනුභාවයයි.


තෙවැනි හා සිවුවැනි වැකි මුල් දෙවැකියෙන් සපුරා වෙනස් ‍මගෙක ලකුණු විඳහාපාන සුලුය. අමිශ්රි සිංහල වචනයෙන් සමන්විත එම වාක්යපයෝ පාළියේ මහිමය පළ‍කරති. ධර්ම්ප්රංදීපිකාවේ භාෂාව හා රචනා විලාසය පෙන්වනුයේ ද යටකී දෙමඟ හා දැඩි සබඳතාවකි. එහෙත් එහි පාළියේ මහිමයට වඩා සකුවේ අනුභාවය ඉස්මතු වැ පෙනේ.2 අමිශ්රෙ භාෂාවෙන් ලියන ලද කාව්යේමය නිර්මවණයක් වන සුළු කලිගුදාව3 වුවද සන්දර්භය විසින් ළං වනුයේ සංස්කෘත කාව්යනයන් වෙතටයි. අති‍ශයෝක්තියෙන් බරකොට වර්ණිනාත්මක ශෛලියෙන් ලියැවුණු සුළුකලිගුදාව ගුරුළුගෝමීන්ගේ අනෙක් කෘතිය වූ අමාවතුරේ රචනා රීතිය සමඟ නොසැසදෙයි. අති‍ශ‍යෝක්තියෙන් හා වාක්ප්රයපඤ්චයෙන් තොර ප්රයසාද ගුණය වහනය වන අමාවතුර රීතිය අනුරපුර යුගයේ ජනප්රිඤයව ගිය පාලි රීතියේ ආභාසයෙන් සැකසුණකි.

එකම ලේඛකයකුගේ වුව ද කෘති දෙකක භාෂාව හා ශෛලිය ‍අතින් වෙනස්කම් පැවතීම විස්මයට කරුණක් නොවේ. දක්ෂ ලේඛකයා තම වස්තු විෂයට උචිත නව බසක් හා රීතියක් සෙවීමෙහි නිරතුරුව ව්යාභවෘත වන්නෙකි. ඒ සඳහා අත්හදා බැලීම් කරන්නෙකි. ධර්මයප්රිදීපිකාවේ හා අමාවතුරේ බසේත් රචනා විලිසයේත් වෙනස්කම් දක්නට ලැබෙන්නේ එහෙයිනි. මහා බොධිවංශ ග්රරන්ථිපදයෙහි ද මුල් කොටසේ හා අග කොටසේ බස හා රචනා විලාසය පිළිබඳ එබදු ම වෙනස්කම් ඇතිවීම ස්වභාවිකය. අරුත් පැහැදිලි කිරීම, කරුණු සනාථ කිරීම හා සමාන අවස්ථා දැක්වීම ද උදෙසා බැහැරින් උපුටාගෙන එක් කරන ලද ගද්යන පද්යා කොටස් ග්රදන්ථද්වයෙහි ම දක්නට ලැබේ. ත්රිකපිටකයෙන් මෙන් ම අටුවාවලින් ද සංස්කෘත ග්රදන්ථයන්ගෙන ද උපුටාගත් පාඨ ඒ අතර වෙයි. මහාබෝධිවංශය ග්ර න්ථිපද කතුවරයා රඝුවංශ4 මේඝදූත5 ජානකී හරණ6 කාදම්බරී7 නාගානන්ද8 ශිෂ්යඋලෙඛ9 අමරකොෂ10 වාක්යතපදිය11 වැනි ප්ර සිද්ධ සංස්කෘත ග්ර්න්ථයන්ගෙන් උපුටාගත් පද්යි දක්වා තිබේ. ඒ හැර පාලි සූත්රද පාඨ, ගාථා, හා ටීකා පාඨ 105 ක් එහි දක්නට ඇත. ටීකාත්මක විවරණ සහිත ගද්යස ඛණ්ඩ 68 ක් ඒ අතර වෙයි. ධර්ම1ප්රහදීපික‍ාවේ උද්ධෘත පාඨ 531

1. ම.බෝ.වං.ග්රර. 139 පිට 	2. ධ.ප්රප. පරිකථා ‍ 3. 23,28,30,37,47, පිටු. පරිකථා 12,89 පිට., පරිකථ‍ා 19, 155 පිට පරිකථා 21, 156 පිට	4. ධ.ප්රර. 296-302 පිටු පරීකථ‍ා 146  5. ම.බෝ.වං.ග්ර . 32,35 පිට6. ම.බෝ.වං.ග්රර. 146 පිට7. ම.බෝ.වං.ග්රව. 53,145,146 පිට 8. ම.බෝ.වං.ග්ර3. 12 පිට  9. ම.බෝ.වං.ග්රන. 148 පිට10. ම.බෝ.වං.ග්රර. 59 පිට11. ම.බෝ.වං.ග්රු. 40,40 පිටු  12. ම.බෝ.වං.ග්රය. 28 පිට


ක් ඇති අතර ප්රිසිද්ධ හා අප්රරසිද්ධ සංස්කෘත ග්ර6න්ථයන්ගෙන් උපුට‍ා ගත් පද්යප ද රැසක් වෙයි. සංස්කෘත භාෂා විශාරදයකු වූ ධර්ම ප්රරදීපිකා කතුවරයා බොධි චය්ය්යි වතාරය1. පඤ්ච තන්ත්රරය2. ශිෂ්යයලෙඛ3. ජාතක මාලා4. ප්රපමාණවාර්තික5. රත්නාවලී5. වැනි ග්රවන්ථයන්ගෙන් සාධක ශ්ලෝක උපුටාගෙන ඇත. ඒ හැර, ශ්රැංැගාර තිලක7 නාගානන්ද8 යන කෘතීන්හි ශ්ලෝකවල අරුත් ඇසුරෙන් කළ වැණුම් ද එහි දක්නට ලැබේ. වර්ණික කරුණු ගැන සලකන විට ද බොධිවංශ ග්රසන්ථිපදයේ හා ධර්මටප්ර.දීපිකාවේ මහත් සාමාන්යවක් පවත්නා බව කිව හැක. ධර්මමප්ර‍දීපිකාවේ එන ඇතැම් පරිකථාවන්හි උද්දෙස පාඨ බොධිවංශ ග්රමන්ථිපදයෙන් ගෙන ඇති බවක් පෙනී යයි.

පහත සඳහන් පාඨයන් සංසන්දනය කිරීමෙන් ඒ බව පැහැදිලි වෙයි.

i. කප්පසත සහස්සාධිකානං, කල්ප ශත සහස්ර.යක් අධික කො‍ට ඇති; මෙහි කල්ප ශබ්ද ත්රිෙත්ව කල්පයන් කෙරෙහි මහා කල්පයෙහි වැටේ.9 කප්ප සත සහස්සාධිකානං, යන තන්හි, කල්ප ශබ්දය ත්රිහවිධ කල්පයන් කෙරෙන් මහා කල්පයෙහි වැටේ.10

ii. වර ජම්බුදීපෙ යන තන්හි මහා ජම්බු වෘක්ෂයෙන් ප්රිකට වූ ද්වීපය ජම්බු ද්වීප නම, බුද්ධාදී මහා පුරුෂයනට ජන්මභූමි වන බැවින් වර විය.11 කල්පස්ථායි මහා ජම්බු වෘක්ෂයෙන් ප්රවකට වූ ද්වීපය ජම්බු ද්වීප නම් විය. බුද්ධාදී මහා පුරුෂයනට ජන්මභූමි වන බැවින් වර විය.12

iii. ලහිස්සාමි සමණඵලං, යන තන්හි ශ්රනමණඵල නම් ‍‍ජාති ජරා මරණයෙන් පරිමුක්ති යි13

iv. අසිද්ධත්ථං කරීස්සාහමිති, අසිද්ධාර්ථ කෙරෙමියි. අසිද්ධාර්ථං යනු නඤ් සමාසයයි.14 කාමං සිද්ධත්ථමසිද්ධත්ථං කරොමි යන තන්හි අසිද්ධත්ථං යනු නඤ් සමාසය.15


මෙසේ සමානත්වයක් දැක්වෙන ස්ථාන රාශියක් ග්රින්ථ දෙකෙහි දක්නට ලැබේ. ඉහත් සඳහන් ඡේදයන් පිරීක්සන විට, එක් ඡේදයක්, අනික් ඡේදයෙන් වෙනස් වනුයේ වචනයකින් හෝ චවන් කීපයකින් පමණක් බව පෙනී යයි. සංවෙගමුපයාතො යන පදය ඇසුරෙන් මහා බෝධිවංශ ග්රණන්ථිපදයේ (15 පිට) හා ධර්මගප්රපදීපිකාවේ (පරිකථා 12-68) ලියා ඇති විවරණ විශේෂ සැලකිල්ලට බඳුන් විය යුතුය. එහිදී සංවේග යන වචනය ගැන ග්රණන්ථිපද කාරයා විග්රමහයක් කර ඇති නමුදු ධර්මපප්රීදීපිකා කාරයා එය අත්හැර ඇත.

1. ධ.ප්රං. 172 පිට 6. ධ.ප්රක. 300 පිට 11. ම.බෝ.වං.ග්රු 13 පිට 2. ධ.ප්රං. 154 පිට 7. ධ.ප්රක. 299 පිට 12. ධ.ප්රී. පරිකථා 9 62 පිට 3. ධ.ප්රං. 157, 158 පිටු 8. ධ.ප්රධ. 306 පිට 13. ම.බෝ.වං.ග්ර 18 පිට 4. ධ.ප්රං. 175 පිට 9. ම.බෝ.වං.ග්ර් 13 පිට 14. ධ.ප්රක. පරිකථා 21 163 පිට 5. ධ.ප්රං. 2 පිට 10. ධ.ප්රර. පරිකථා 7-58 පිට 15. ම.බෝ.වං.ග්රක 18 පිට


මහාබොධිවංශ ග්ර්න්ථිපදයේ එන වටාගෙන යන්න වෙනුවට එයට වඩා නව්ය9තර ස්වරූපයන් ඇති ‘නැවත’ යන පදය ධර්ම ප්ර9දීපිකාවේ යොදා තිබීම හැර ‍අනෙක් හැම වචනයක් ම සමාන ලෙස යොදා තිබේ. එපමණක් නොව ග්රටන්ථිපදයේ සංවේගමුපා‍යාතො යන්න යටතේ ලියැවුණු එක් එක් ඡේදයක් උද්දේස කරගෙන ධර්මගප්රයදීපිකාවේ විවරණ සපයා ඇති අයුරු ද දැකිය හැක.1

ග්රමන්ථද්වය අතර පවත්නා සාම්යරය දහම් කරුනුවලට ‍හෝ මූලාශ්රාය පදාර්ථයනට පමණක් සීමා වූ බවක් ‍නොපෙනේ. කාව්යෝමය ස්වරූපයක් උද්වහනය කරන වර්ණටනයන්හිදී ද එබඳු සමානතාවක් දක්නට ලැබීම විශේෂත්වයෙන් සැලකිය යුත්තකි. නාගානන්දයෙන් උපුටාගත් ශ්ලෝකයක් ඇස‍ුරෙන් ග්ර්න්ථිපද කාරයා දක්වා ඇති අරුතක් එම වචනවලින් ම ධර්මුප්රකදීපිකාවේ සුළුකාලිඟු දාවේ වැණුම් තලයක දිස්වේ.

අමීශීතෛරභ්රෛදර්මුඛරිත ලතාමණ්ඩප භුව:

පරාගෛඃ පුෂ්පනාම් ප්රරකට පට වාසව්යමතිකරඃ

පිබන්තඃපය්ය්නාමප්තාස්සහ සහවරීහිර් ම මධුරසං

වසන්තාදාපනොත්සවමනුභවන්තීච මධුපාඃ2


යන තන්හි සෙයින් බමරහු බමරඟනන් හා සමඟ බොන පමණ මල් මී බී මවරද පට පෙරව බමර පියරැවින් ගගා අවන් වැද කෙළිනුවුන් වැනියෝ.3 මෙම අදහස සුළුකාලිගුදාවේ එන්නේ මෙසේය.

මෙහි හාත්පස්හි බමර ග‍ඳෙව් පැවැතියේයැ. මුවරද රොන් තවරගත් බමර අඟනන් හා සමඟ රිසිසේ මල්මී බොන බමරහු අවන් සුව විඳිනවුන් වැනියව්හ. ධම්ප්රහදීපිකා වාක්ය ය මුල් වැකියෙන් වෙනස් වනුයේ ඇතැම් වචනවල ස්ථාන මාරුවත්, ඇතැම් වචනයක් වෙනුවට එම අරුතම දෙන අනෙක් වචනයක් බහාලීමත් නිසා පමණි. මුවරද පට පෙරව යන අරුත ධර්මතප්රකදීපිකා‍ කරුවා ඉදිරිපත් කර ඇත්තේ මුවරද රොන් තවරගත් යන වදන් වලිනි. බොන පමණ මල්මී බී යන අරුත නගනු සඳහා ධර්මසප්ර්දීපිකා‍ කරු රිසි සෙ මල් මී බොන යන වදන් කීපය දක්ව‍ා ඇත. බමර අඟන, අවන්සුව විදිනා’ යන වදන් දෙදෙනා ම එකසේ යොදා ඇත. මෙබඳු ප‍ාඨයන් අතර ග්ර්න්ථද්වයෙහි සාම්යකයක් දක්නට ලැබෙතත් ග්රකන්ථාන්ත‍රයෙන් උද්ධෘත ශ්ලෝක හා ගාථාවන්ගේ සමානත්වයක් නොපෙනේ.5

ග්රෝන්ථද්වයෙහි උද්ධෘත පාඨයන් විමසන විට එක් කෘතියක එන ගද්යය හෝ පද්යා පාඨයන් අනෙක් කෘතියට ඇතුළුවනු වැළකීම සඳහා එක් ලේඛකයකු ප්රපයත්නය දරා ඇති බවක් ‍හැ‍ඟේ. එබන්දකින් ස්වකීය බහුශ්රැ්ත

1. ව.ප්රද. 68-90 පිටු බලන්න.

2. නාගානන්ද කෘතිය අංකය 8 වන ශ්ලෝකය මීට මඳක් ලෙසය යෙදී ඇත්තේ, ඒමෙසේය.

අම්ගිතාරමෛහඃ මුඛරිත ලතා මණ්ඩප භුවාඃ - පරාගෛඃ පුෂ්පානම් ප්ර කට පට වාසව්යැතිකරඃ පිබන්තං පය්යිතප්ත සහ සහචීහිර් මධුරසං - සමන්තාදාපානොක්සවමනු භවන්තීව මධුපාඃ නාගනන්ද පී.වී. රාමානුජස්වාමි සංස්කරණය 1932

3. ම.බෝ.වං.ග්රශ 148 පිට

4. ධ.ප්රර. 300 පිට

5. කාමපංක යන්න යටතේ ලියැවුණු ගාථාවේ ‘පඬිකො ච කාමාපලීපාව කා‍මා, යන පාදය ජමණක් සමාන‍ව යෙදී තිබේ. ම.බෝ.වං.ග්රඳ 18 පිට ධ.ප්රප. 154 පිට


භාවයට කැළලක් වෙතැයි දෙවැන්නා සිතූ නියාය.

මෙම කෘති දෙකකට ම මූලාශ්රනය වූයේ එකම මහාබොදිවංසය වුව ද මෙහි ඇතැම් පාඨයන්ගේ විසදෘශතාවක් දක්නට ලැබිම විශේෂයකි.

i. දේව මනුස්සෙ1 ( ම.බෝ.මං.ග්ර්) (22 පිට) දෙව මනුස්සෙහි පූජියමානං (ධ.ප්රෂ) (188 පිට)

ii. පරම පීති පසාද ආපුණ්ණහදයො2 ( ම.බෝ.වං.ග්රෂ) (23 පිට) පරම පීති පසාද පූණ්ණ හදයෝ ( ධ.ප්රබ ) (108 පිට)

iii. අසිධත්ථං කරිස්සාමි.3 (ම.බෝ.වං.ග්ර ) ( 65 පිට) අසිද්ධත්ථං කරොමි. ( ධ.ප්රව.) ( 237 පිට)

මෙම පාඨයන් අතුරින් මහාබොධිවංශ ග්රවන්ථිපදයේ සඳහන් වන පළමුවන හා දෙවන පාඨ මහාබෝධිවංසයට මඳක් වෙනස්ය. තෙවැන්නේ ධර්මපප්රවදීපිකා පාඨය මහාබෝධිවංසය හා නොසැසදෙයි. පාලි මහාබෝධිවංසයෙන්4 වෙනස් වන පාඨ කිපයක් මහාබොධිවංශ ග්රෙන්ථිපදයේ තන්හි තන්හි ‍දිස්වෙයි. විරල ලෙස වුවද යෙදී ඇති එබඳු පාඨයන් පි‍රීක්සීමෙන් එම ලේඛකයන්ට මූලාශ්රවය වූ පිටපත්වල එකී පාඨයන් අසමාන ලෙස යෙදී තිබෙන්නට ඇති බව පැහැදිලි වෙයි.

ධර්මනප්ර දීපිකාකරු තවර මූලාශ්ර යකින් පද තෝරා ගන්නා ලද්දේදැයි විමසා බැලීම අවස්ථොචිතය. ඔහු මහාබොධිවංශයෙන් එකී පද ‍තෝරා ගත්තේද? නැතහොත් ඒ සඳහා මහාබොධිවංශ ග්රමන්ථිපදය ගුරුතන්හි තබා ගත්තේද? එසේත් නැති නම් බොධිවංශ ටීකාව අනුයමින් එසේ කළේද? යන පැන විසදිය යුතුව ඇත. මහාබොධිවංශ ග්රංන්ථිපදයේත්, ධර්මථප්රිදීපිකාවේත් පවත්නා දැඩි සබඳතාව ගැන විමසන විට එක් වරම පෙනී යනුයේ ගුරුළුගෝමි ග්ර න්ථිපදය ගුරුතන්හි තබාගෙන සිය ග්ර න්ථයේ විවරණය කෙරුණු පද ‍‍තෝරාගන්ට ඇති බවයි. එහෙත් එම නිගමනයේ ස්ථාවරව පිහිටිය නොහැක්කේ මහාබෝධිවංශ ග්රපන්ථිපදයේ නො එන ඇතැම් පදයනට ධර්මනප්රබදීපිකා කරු පරිකථා ලියා තිබෙන හෙයිනි.

තපොවනං5 යන්න පමණක් මහාබොධිවංශ ග්රරන්ථිපද කාරයා අරුත් කීමට ගෙන ඇති නමුදු ධර්මහප්රකදීපිකා කරුව‍ා තපෙ‍ාවනං පවිට්ඨොස්මි6 යි. එයට තවත් පදයක් ඈදාගෙන අරුත් විස්තර කරයි. මහාබෝධිවංශ ග්රදන්ථිපදයේ නීතානං7 යන්නට පමණක් අරුත් දි ඇති අතර ධර්මරප්රිදීපිකාවේ අලංකරීත්වා නීතානං8 යයි ‍අ‍නෙක් පදයක් ද එක්කර විවරණ සපයයි.

රම්ම නගරවාසීහි යන්න ගැන ධර්ම ප්රිදීපිකා‍වේ දීඝ විස්තරයක්9 එතත් මහාබොධිවංශ ග්ර න්ථිපද කාරයා එය අරුත් කිම සඳහාවත් ‍තෝරා ගන

1. දෙවමනුස්සෙහි පූජියමානං, මහාබොධිවංස සො. ස. 4 පිට

2. පරම පීති පසාද පුණ්ණ හදයො ම.බො.මං. 4 පිට

3. කාමං සිද්ධත්ථ මසිද්ධත්ථං කරීස්සාමි. ම.බෝ.වං. 19 පිට

4. ම.බෝ.වං. 11,27,29,34,34,43,48,49, පිටු 7. ම.බෝ.වං.ග්රු 48 පිට

5. ම.බෝ.වං.ග්රක 19 පිට 8. ධ.ප්රේ. 225 පිට

6. ධ.ප්ර්. 169 පිට 9. ධ.ප්ර්. 179 සිට 187 පිටු කියවන්න.

නොමැත. මෙසේ ම ධර්මධප්ර1දීපිකාවේ එන-කලල පි‍ට්ඨෙ නිපජ්ජ ( 199 පිට) වතුහි බීණාසව සහස්සෙහි ( 203 පිට) එකස්මිං කප්පෙ (205 පිට) යන පරිකථානුකූල සේ ගුරුළුගොමි සැලකූ ‍පද ග්රථන්ථපදයේ නො එයි.

මෙයින් ‍පැහැදිලි වන්නේ ගුරුළුගෝමී ධර්මොප්ර.දීපිකාවට පරිකථානුකූල පද තෝරා ගැනීමේ දී මහාබෝධිවංශ ග්රේන්ථිපදය පමණක් ගුරුතන්හි තබා නොගත් බවයි. පාලි මහාබෝධිවංසයත් දැනට පවත්නා බොධිවංස ටීකාවට පෙර පැවතිණැයි සැලකිය හැකි බොධිවංශ ටීකාවකුත්1 ඒ සඳහා ඔහු ඇසුරු කරන්නට ඇතැයි සිතිය හැක.


මහා බෝධිවංශ ග්රබන්ථිපදයේ රචිත කාලය

සංස්කරණය

මහාබොධිවංශ ග්රරන්ථිපදය කවර වකවානුවක රචිත වීදැයි නිශ්චිත ලෙස කිව නොහැක්කේ කර්තෘිනාම සන්දර්ශනනයක් එහි නොඑන හෙයිනි. ග්‍ හනථයේ අන්තර්ගත භාෂා ලක්ෂණ දෙස බලා සංස්කෘත භාෂාව මෙරට බෙහෙවින් ප්රනචලිත ව ගිය පොළොන්නරු යුගයේ මේ කෘතිය රචනා කරන්ට ඇතැයි බොහෝ විද්වත්හු අනුමාන කරති.2 ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය වී ඇත්තේ භාෂාලක්ෂණ අනුව එය පොළොන්නරු යුගයේ මුල් භාගයට අයත් විය හැකිය යන්නයි3 මෙම කෘතිය පොළොන්නරු අවධියට අයත් සේ සලකතත් එහි භාෂාව 10 වැනි සියවසේ භාෂා විලාසයට අනුරූපවන බව මහචාය්යැර්‍ සෙනරත් පරණවිතාන ප්රාකාශ කරයි.4 මහාබෝධිවංශ ග්රවන්ථිපද කතුවරයා අනුරාධපුරයේ භූමි ප්ර දේශයන් පිළිබඳ තොරතුරු ප්රබකටව පැවැති වකවානුවක ජීවත්වන්නට ඇතැයි ද ඒ මහතා කල්පනා කරයි.5

මහාබොධිවංශ ග්රටන්ථිපදය ප්ර ථම වරට සංස්කරණය කළ රත්මලානේ ශ්රීත ධර්මොරාම නාහිමියයෝ එය ගුරුළුගොමීන්ට සමකාලීන වියතකගේ කෘතියක් වියහැකි යයි අනුමාන කරන නමුදු රචිත කාලය පිළිබඳ ස්ථිර නිගමනයක් නොකෙරති.6 මෙහි කාල නිර්නය කිරීමේදී බොධිවංශ ටීකාව ද ග්ර්න්ථිපදයේ ආශ්රතය ස්ථාන ද බෙහෙවින් වැදගත් සේ ගත හැක.

බොධිවංස ටීකාව සම්බන්ධී සටහන්වල දැක්වෙන පරිදි එය ක්රිඃප වඃ 1174 දී හෝ 1203 දී රචිත වූවකි. යම් හෙයකින් දැනට පවත්නා එම ටීකාව මහාබොධිවංශ ග්රහන්ථිපදය ඇසුරෙන් ලියැවිණි නම් ග්රඑන්ථිපදය ටීකාවට පූර්වයෙහි රචිත බැව් පැහැදිලිවෙයි. මහාබෝධිවංශ ග්රනන්ථි පදයේ ආශ්රයය ග්රබන්ථියන්ගෙන් එකකි, අභිධානප්පදීපිකා නම් නිඝණ්ඩුව. ඉන් උපුටාගත් ගාථාවක් ග්ර‍න්ථිපදයේ එයි.7 අභිධානප්පදීපිකාව රචනා කරන ලද්දේ

1. එම ටීකාවෙන් උපුටාගන්ව ඇතැයි සිතිය හැකි ඡේද කීපයක් ග්රගන්ථිපදයෙන් තෝර් මුලදී සාකච්ඡා කරන ලදී. ඇතැම්විට එය සහස්සරංසි ටීකා නමින් පවතින්නට ඇත. ගුරුළුගොමි සහස්ර‍රශ්මීන් විභක්ත යි ධර්ම්ප්රිදීපිකාවේ සඳහන් කරන්ට ඇත්තේ ‍එම ටීකාව ගැන විය හැක.

2. සන්නස්ගල පී.බී. සිංහල සාහිත්යිවංශය 1961 93 පිට කුලසූරිය, ආනන්ද සිංහල සාහිත්ය , 1951 84 පිට, C.E. Godakumbura, Sinhaless literature, P. 34

3. History of Ceylon, Vol, 1. part 1. p. 584, university of ceylon’ 1960

4. University of Ceylon Review, Vol. Nos. 1 & 11.

5. History of Ceylon, Vol. 1 part II. P. 584

6. ම.බෝ.වං.ග්රP.වි. ධර්ම0රාම 1960 සඥාපනය

7. ම.බෝ.වං.ග්රP. 49 පිට, හා අභිධානප්පදීපිකා සුභූතී සංස් 1921, 107 ගාථාව


මොග්ගල්ලාන නම් හිමිකෙනෙකුන් විසිනි. සරොග්ගාම මූලයට අයත් උන්වහන්සේ පැරකුම්භා රජතුමා විසින් කරවන ලද ජේතවන විහාරයේහි වැඩ විසූ බව සඳහන් වේ.1 පොළොන්නරු යු‍ගයේ මොග්ගල්ලාන නමින් හිමිවරුන් දෙදෙනෙකු විසූ බවත් අභිධානප්පදීපිකාකාර මොග්ගල්ලාන හිමි ව්යාිකරණකාර මොග්ගල්ලාන හිමියන්ගෙන් අන් කෙනකුන් විය හැකි බවත් මහාචාය්ය්්ගල මලලසේකර කල්පනා කරයි.2 අභිධානප්පදිපිකා කාරක මොග්ගල්ලාන හිමි 1 වන පරාක්රනමබාහුගේ අපර රාජ්යන කාලයට අයත් බව පරණ විතාන සූර‍ීන් ගේ මතයයි.3

අභිධානප්පදීපිකා නිගමන ගාථාවන්හි දැක්වෙන අන්දමට එය රචනා කරන්ට ඇත්තේ මහ පැරකුම්බාවන්ගේ අභාවයෙන් පසුව ඒ ආසන්න යුගයක යයි හැ‍ඟේ. රජු ජීවමාන අවස්ථාවක එය ලියැවිණි නම් ‘ලංකායමාසි’ ලංකාවේ විසුවේය. යි අතීත කාලික ක්රිගයාවක් නෙ‍ායොදනු ඇත. රජු අභාවප්රාලප්ත වී බොහෝ කලක් ගත වූ බවක් ඉන් නො ඇ‍ඟේ. එයට හේතුව පැරකුම්බාවන්ගේ දිවමනු සමය සම්බන්ධ ‍තොරතුරක් එහි ම ගැබ් වී තිබීමයි. මොග්ගල්ලාන හිමියන් ඒ රජුගේ අනුග්රමහය ලබා ග්රබන්ථකාරකත්වයට පත් වූ බව එහි සඳහන් වේ.4 1වන පරාක්රුමබාහුගේ රාජ්යර කාලය වශයෙන් ගැණෙන්නේ ක්රිත. ව. 1153-1186 අතර වකවානුවය. ක්රිල.ව.1186 න් පසු ඒ ආසන්න වර්ෂෙයක අභිධානප්පදීපිකාව ලියැවෙන්ට ඇත.

ග්ර්න්ථිපදකාරයා ‘හ‍ෙය් කොධෙ පසංසායං’ ආදී ගාථාව අභිධානප්පදීපිකාවෙන් උපුටා ගන්නා ලද්දේ නම් මහාබෝධිවංශ ග්ර1න්ථිපදය 1 වන පරාක්රපමබාහු රාජ්යා කාලයෙන් පසුව ලියැවුණු සේ සලකනු යුක්ති සහගතය. ග්රකන්ථිපදයේ කාල නිණියේ දී උපයෝගී කරගත හැකි යයි හැගෙන තවත් පාඨයක් මහාබෝධිවංශ ග්ර්න්ථිපදයේ සඳහන් වෙයි. එහි නිඝන්ඩු නම් නාම නිඝණ්ඩුය. හෙද ත්රිෝකාල උත්පලමාලා අමරමාලා සෙයින් ‍වෘක්ෂාදීන්ගේ පය්ය්හන ය වචන ප්රපකාශක ශාස්ත්රවයයි. කෙටූහ නම් ක්රි ය කල්ප විකල්පයැ. හේ දැන් ජය දෙව ‍දණ්ඩි සෙයින් කවීන්ට උපකාර වූ ඡන්දො ලක්ෂණ ජාති ලක්ෂණ වෘත්ත ලක්ෂණ වෛදර්හව මාර්ගේ ගෞඬමාර්ගප ප්ර කාශක ශාස්ත්රවයය5

මෙම ඡේදය නිසණ්ඩු, කෙටූහ යන වචන හඳුන්වා ඇති සැටියෙන් අභිධානප්පදීපිකාව පිළිබඳව ග්රකන්ථිපද කාරයා දැනගන සිටි බව පෙනේ.6 එහි දැක්වෙන ‘හේ දැන් ජයදේව’ යන වචන ග්රදන්ථිපද කාරයා ජීවත් වූ වකවානුව හඳුනා ගැනීමෙහි ලා නවාලෝකයක් විහිදුවතැයි හැ‍ඟේ. ජයදේව නැමැති සුප්ර සිද්ධ භාරතීය ලේඛකයා ග්රමන්ථිපද කාරයාගේ සමකාලීනයෙක් ද යන හැඟීම එමගින් පාඨකයාගේ මනසට නැංවෙයි. සමකාලීන තොරතුරු දැක්වීමේදී ලේඛකයා ‘හේ දැන්’ යන්න නිරතුරුව භාවිතා කර ඇත. අනුරාධපුරයේ ඓතිහාසිකස්ථානයක් පිළිබඳව තත්කාලීන සම්මතය ඉදිරිපත් කිරීමේදී ද මේ වචන උපයෝගී කරගන ඇති අයුරු.


1. අභිධානප්පදිපිකා නිගමනගාථා 2. Malalasekara, opcit p. 179

3. History of Ceylon.(1960) Vol. 1 part II p 586 4. අභිධානප්පදීපිකා නිගමනය ගාථා

5. ම.බෝ.වං.ග්ර 132-133 පිටු

6. නාමප්පතාසකං සත්ථං - රුක්ඛාදීනං නිඝණ්ඩුසො, අභිධානප්පදිපිකා 111 ගාථාව

   කෙටුබන්තුක්රිකයාකප්පො - විකප්පො කවීනං හිතො, අභීධානප්පදීපිකා 112 ගාථාව


හේ දැන් ලෝවාමහ පා වූ තැන් (151)

හේ දැන් පදලස පැදුම් දෙසෙන් තුන්වන මහසැතැන් ( 151)

හේ දැන් පුත්මා වෙහෙර පැළදෙසේ......( 155)


යන යෙදුම්වලින් පැහැදිලි වෙයි. මෙ අනුව ජයදේව ග්රවන්ථිපද කාර‍යාගේ සමකාලීනයකු බව සිතිය හැක. ජයදේවයන් විසූ වකවානුව නිශ්චිත ලෙස පහදාගත හොත් ග්රකන්ථිපද කාරයා විසූ කාල පරිච්ඡේදය දත හැකිවෙයි. ආලංකාරික ජයදේව කෙනෙකුන් හා ගීතගෝවින්දරකාර ජයදේව කෙනකුන් ගැන සංස්කෘත සාහිත්ය්යෙහි ප්රරසිද්ධය. ගීත ගොවින්ද නැමැති භක්ති කාව්යියේ කතුවර ජයදේවයන් ලක්ෂමණ සේන (ක්රිඃර වඃ 1175-1200) රජු සමයෙහි විසූවකු බව බොහෝ විචාරකයන්ගේ පිළිගැනීමයි.1

ලක්ෂමණ සේන 12 වන සියවසේ අගභාගයේ විසූවකු සේ පිළිගැනෙන හෙයින් ‍ඔහුගේ රාජසභා කවියකු වන ජයදේව 12 වන සියවසේ අගභා‍ගයේ හෝ 13 වන සියවසේ මුල් දශකය තුළ විසූහයි අනුමාන කළ හැක.චන්ද්රායලෝක නමැති අලංකාර ග්ර්න්ථයේ කතුවර ජයදේව ද මීට ආසන්න කාලයක විසූ බව පෙනේ.2 යටකී යෙදුමෙහි දැක්වෙන්නේ අලංකාරික ජයදේව ගැන විය යුතුය. මෙම කාල පරිච්ඡේදය මහාබෝධිවංශ ග්රෙන්ථිපදයේ ද රචනා කාලය සේ සැලකිය හැක. අභිධානප්පදීපිකා මූලාශ්රවය පිළිබඳ සාධකයෙන් ද ‍ෙබාධිවංශ ටීකාව ලියැවුණු වකවානුව සම්බන්ධී සාධකයෙන් ද එය තහවුරු වෙයි.


මහා බෝධිවංශ ග්රහන්ථිපද කතුවරයා

සංස්කරණය

මහාබෝධිවංශ ග්රරන්ථිපදයත්. ධර්මලප්රිදීපිකාවත් අතර පවත්නා සමාන අසමානතාවයන් ගැන මුලදී සාකච්ඡා කෙරුණි. මේ ග්ර්න්ථ දෙක අතර පවතින සාම්යතය ග්රලන්ථිපදයේ කතුවරයා නිගමනය කිරීම සඳහා උපයෝගී කර ගැනීමට ඇති ඉඩ කඩ කවරේදැයි විමසා බැලීම යෝග්යපය. එම ග්ර න්ථද්වයෙහි දක්නට ලැබෙන ඇතැම් සමාන ලකෂණ සලකන එක් විචාරකයෙක් කෘති දෙක ම එක් ලේඛකයකු විසින් හෝ එක් ගුරු කුලයට අයත් දෙදෙනකු විසින් රචනා කරන්ට ඇතැයි යන අනුමානය ඉදිරිපත් කරයි.2

අන්තර්ගත කරුණු හා භාෂා විලාසය අතින් පැනෙන සාම්යසය මෙන් ම ග්රතන්ථය තුළින් මතුවන පාණ්ඩිත්යනය බාහුශ්රැ්ත්යනය අතින් දක්නට ලැබෙන සමාන අසමානතා ද සැලකිල්ලට බඳුන් විය යුතුයි. ප්රබමාණයෙන් මෙන් ම විෂය අතින් ද පුළුල් බවක් හා සංකීර්ණීතාවක් පෙන්වන ධර්ම.ප්රාදීපිකාවෙන් තරම් මහාබොධිවංශ ග්රුන්ථිපදයෙන් එහි කතුවරයාගේ බහුශ්රැ්ත බාවය පිළිබඳ

1. Keith A.B., History of Sanskrit Literature, p.53, 190; Smith P.V.A., The Early History of India, (1957) p. 419. Majumdar, An Advanced History of India, p. 188 කින් මහතාගේ මතය ලකෂ්මණ සෙන ක්රිඃ වඃ 12 වන සියවස විසූබවය. චන්ද්රiලෝකය 12 වැනි සියවසට ‍වඩා නොපැරණි බව එස්.‍එන්. දාස්තුප්ත පළකරයි. 2. Dasgupta S.N.History of Sanskrith Literature Vol. I. p. Calcutta, 1947,p. 560. 3. Godakumbura C.E.: opcit p.35


‍තොරතුරු අනාවරණය නොවන බව සැබැවි. එහෙත් එම කතුවරයන් දෙදෙනාම ත්රිතපිටක ධර්මනය ද එවකට පාලියෙන් හා සංස්කෘතියෙන් ලියැවී ත්රි පිටක ධර්මැය ද එවකට පාලියෙන් හා සංස්කෘතයෙන් ලියැවී තිබුණි. බොහෝ ධර්මය ශාස්ත්රී ය කෘතීන් හා කාව්යෙ ග්රෘන්ථයන් ද කියවීමෙන් ලත් දැනුම වැටහීමත් ඇති, ග්ර න්ථ කරණයෙන් ලත් පළපුරුදුකම් ඇති වියතුන් බ පළකෙරෙන සාධක එහිල සුලභය. ධර්ම ප්රතදීපිකාව හා සසඳන විට මහාබෝධිවංශ ග්රින්ථිපදය ප්රලමාණයෙන් කුඩාය. මුද්රිීත පිටු 173 කි. කතුවරයාගේ බහුශ්රැ ත භාවය හා පණ්ඩිත්යලය පිළිබඳ ව ඉන් හෙළිවන තොරතුරු ධර්මරප්රබදීපිකාව හා සිංසන්දනය කරන විට සීමා සහිතය. එහි අශ්රතයස්ථාන සියල්ලම වාගේ ප්ර කටය.

මහාබෝධිමංශ ග්ර්න්ථිපදයේ කිසිදු පිට පතක එහි කතෘත්වය පිළිබඳ සටහනක් නෙ එයි. ගුරුළුගෝමිගේ ධර්මපප්ර දීපිකාවේ මෙන්ම අමාවතුරේ අවසන්හි කර්තෘධනාම සන්දර්ශමනයක් එයි. ග්රටන්ථිපදය ද ගුරුළුගෝමීන් විසින් රචිත නම් එහි පමණක් කතුවරයාගේ නම සඳහන් නොවීමට හේතු කවරේද? පැනයක් මතුවේ. ඇතැම්විට එහි නම සඳහන් ව තිබී පසුකලෙක පිටපත් කරන්නන් අතින් එය ගිලිහී ගියේදැයි කිව නොහැක. යම් හෙයකින් ගුරුළුගෝමී මෙහි කතුවරයා වී නම් පළමුව ‍මහාබෝධිවංශ ග්රීන්ථිපදය රචනා කර එහි දී වැදගත් යයි හැගුණු පද තෝරා අනතුරුව ධර්මමප්ර්දීපිකාව රචනා කරන ලදැයි සිතීමට ද නොබැරිය. එසේ නොමැති වී නම් ගුරුළුගෝමීන් විසිනුදු ගුරුත්වයෙන් සැලකුණු කිසියම් ආචාය්ය්තීමවරයකු විසින් ග්රුන්ථිපදය රචනා කරන්ට ඇත. ඔහු බෝධිවංස ටීකාවේද කතුවරයා වූ සහස්‍රරශ්මි හා විය හැක. කෙසේ වුවද මහාබෝධිවංශ ග්රවන්ථිපදයේ කතුවරයා පිළිබඳ නිශ්චිත නිගමයකට බැසීමට තරම් ප්රුබල වූ ද නිසැක වූ ද සාධක තවම ලැබී නැත. මහාබෝධිවංශ ග්ර න්ථිපදයෙන් භාෂා ඉතිහාසයට හා වෙනත් අංශයන්ට ලැබෙන ආලෝකය

බෝධිවංශ ග්රගන්ථිපදයේ භාෂාව පොළොන්නරු යුගයේ පොත් භාෂාලක්ෂණවලය අනුරූපය. එහි දක්නට ලැබෙන මිශ්ර් සිංහලය පොළොන්නරු යුගයේ ගද්යද ලේඛකයන්ගේ ව්ය වහාරයෙහි සුලභ වූවකි. එම යුගයේ බස පිළිබද විශේෂයක් පැනෙන්නේ ගුරුළු ගෝමීන්ගේ රචනාවන්හිය. ඔහු අමිශ්රක සිංහල හෙවත් හෙළ බස ද ගද්යන සඳහා භාවිත කිරීමේ නව පියවරක් තැබීවට වෙර දැරීය. ධර්ම්ප්රහදීපිකාවේ එන සුළුකලිඟුදාව වැනි කාව්යපමය ස්වරූපයක් ගන්නා පරිකථා‍වන්හි හා අමාවතුරෙහි ද බස පිරීක්සීමෙන් ඒ බව පැහැදිලි වෙයි. මහා


බොධිවංශ ග්ර්න්ථිපද කාරයාද මිශ්රථ සිංහලය හා අමිශ්රු සිංහලය අවිශේෂයෙන් භාවිතා කිරීමට රුචි කළ අයුරක් දිස්වේ. අර්ථකථනයේ දී ඔහු උපයෝගී කරගත් බසෙහි තතු පහත සඳහන් නිදසුන් වලින් හෙළිවේ.

i. කප්පාදප, කප්රුක්හි, පල්ලව, පලුපත් සෙයින්, පාටල, රත් වූ; පාදතලො, පතුල් ඇතියේ; කොමලො, මොලොක් වූ; කරා, අතුල් ඇතියේ;1

ii. සරදරඡනිකර, සරච්චන්ද්ර යන්ගේ, කරනිකර, රශ්මිකදම්බයක් සෙයින්; අවදාත, ධවල වූ; වර උතුම් වූ; වාරණවිලාසං, හස්තිවේශයක්; අවිජහිත, අපරීත්ය්ක්ත වූ,2

iii. ආසිවිසොපම සුත්තලන්තංන, සංයුත් සහිය සළයින් වග අසිවස උවම් සුතන්; දෙවදූත සුත්තන්තං, මැදුම් සඟියැ උපරිපණය දෙව් දූ සු‍තත්.3

iv. වාණිජ කුල ජෙට්ඨිස්ස, වෙළඳ කුලෙහි දෙටුහට; මහාවාණිජ නායකට්ඨානං, තමා පිරිවර වෙළඳ ගණන් ගෙන, සිද්ධතුපා එළවනුකොට මහ වෙළඳ නා තැන් දින ධනුග්ගය කුල ජෙට්ඨස්ස, දුනුවා කුල දෙටුවහට; මහාබොධි ආරක්කට්ඨානං, තමා පිරිවර දුනුවාවන් ගෙන දුනු හී පා මහබොයට කපුටුවන් නොබැස්ස දෙනු කොට මහ බෝ අරකනා තැන් දින. පැසුළු ඔහු කොඩහර රවින් කොටසරෙහි කොප්පරුන් දුනුවාවන් විසින් එවුන් හා එක්හු.4

මෙහි පළමු ඡේදය නොගැඹුරු හෙළ බසත්, දෙවැන්නෙහි සිංහල විභක්ති ගන්වන ලද සංස්කෘත පද බහුල මිශ්රර භාෂාවත් උපයෝගී කරගෙන ඇති අතර තෙවැන්නෙහි තන්භව ශබ්ද බහුල ලෙස භාවිතා කර ඇත. සිව්වැන්නෙහි එකී තෙම‍හට ව‍ඩා වෙනස් බස් වහරක් දිස්වේ. සන්න ගැටපදවල පොදුවේ දක්නට ලැබෙන සමකාලීන භාෂාවට වඩා පැරණි මුහුණුවරක් ඇති බසක් එහි යෙදී ඇති බව පෙනේ. මෙබඳු බස්වහරක් වැඩිපුර දිස්වනුයේ ග්රඇන්ථය අවසාන භාගයේ ‍මහබෝ පුද පිළිබඳ විස්තරයන් හීය. සිහළ බෝධිවංසය වැනි ඉපැරණි කෘතියක් ළඟින් ඇසුරු කිරීම නිසා බස් වහර පිළිබඳ එකී වෙනස සිදුවන්න‍ට ඇතැයි සිතිය හැක.

1. ම.බෝ.වං.ග්ර 17 පිට 2. ම.බෝ.වං.ග්ර 38 පිට 3. ම.බෝ.වං.ග්ර 141 පිට 4. ම.බෝ.වං.ග්ර 168 පිට


සමකාලීන භාෂාවට වඩා පැරණි බවක් පෙන්වන එම බසෙහි අර්ධතත්සම ශබ්ද රූම කීපයක් ද දැකිය හැක. සාධමින් (20) සිද්ධත් (65) ධැමින් (77) ධැරුයෙන් (79) අතුරුධන් (128) විධමා (136) පඬු අභා (139) සිද්ධතුපා (168)


ක්රිඃභ වඃ 10 වැනි සියවසට අයත් බසෙහි විශේෂ ලක්ෂණයක් වන විකල්ප රූප භාවිතයද මහා බෝධියංශ ග්ර න්ථිපදයේ ඇතැම් තන්හි දක්නට ලැබේ.

(පා) අනුරාධපුර - අනුරාධපුර (138) නුරුපුර (138) අනුරපුර (171) (පා) මහාබොධි - මහබෝ (169) මහබොය (169) මහබොධි(169) (පා) ආතොජ්ජවාදක-අවුස්වා (169) අදුස්වා (169) (පා) සිද්ධත්ථ - සිදුහතු (48) සිදුධතු (168) (පා) පඨවි -පොළව (48) පොළෝ (157) පෙළොවේ (161) (පා) කුවෙණි -කුවෙණි (137) කෙවින් (167) (පා) තම්බපණ්ණි -තඹෙන් (136) තාම්රතපර්ණි (138) (පා) වෙඨිස -විටිස (141) වෙටිස් (141) වෙටෙස් (142) (පා) වෙටස් (162) (පා) මහාථුප -මහතුපු (150) මහාථූප (152) මහාතුඹ (157) (පා) ගෘහදීර්ඝිකා -ගෙදිග් විල් (56) ගෙදික්නීවිල්(80) ගෙදිග්නීවිල් (80) (පා) භද්දකච්චානා -භද්ර කාත්යාියනා (38) බත්කසයින් (79) බදකසයින් (138) (පා) කත්වා,කත්වාන-කොටිනැ (89) කො‍ටින (124) කොටින් (167) (පා) -කොටන (167) කොට (167)

භාෂාවේ නොතහවුරු බවක් පෙන්වන් මෙබඳු තැන් ග්රවන්ථයේ අවසන් භාග‍යේ පමණක් ඉතා විරල ලෙස යෙදී තිබෙනු දක්නට ලැබේ. එහෙයින් එය මහාබෝධිවංශ ග්ර න්ථිපදයේ පොදු භාෂා ලක්ෂණයක් සේ ගත නොහැක. සමකාලීන සෙසු කෘතීන්හි නොපෙණෙන මෙම ග්ර න්ථයට විශේෂ වන යෙදුම් කීපයක්ද දිස් වෙයි.


වග්ගමානෙන, වල්ගත් (161) (සමූහය) පිචුලවමිව, පුළුන් සිනෙළි සෙයින් (65) (කෙදි) කෙතු. ඔඩි (65) (කොඩි) අලාත චක්කං, ගිනියෙල්සක් (90) (ගිණිපෙනෙලිචක්රනය)


ආණන්යංක, ආනෘණභා‍වයෙක්, නිදරදි1 බැවෙක යුසේයි (122) (ණය නැති) අම්බලට්ඨිකායං, අඹයටියෙන්හි, (124) (යට්ඨිවන) ඛග්ගජාලාවලීල්හ, කඩුනැමැති දලසිළින් අමියනලද (128) (වැළඳගන්නා ලද) වය්හං වා, අතවැටුගැළට (135) (අතින් තල්ලුකරන කරත්තය) තම්බපණ්ණි, තඹෙන් (137) ලංකාපුරනීතං, මෙලාඩුරෙහි2 ලක්දිව නුවරින් අල (137) (එනම් ප්ර දේශටයන්) කුම්භකාර ආවාටකං කුඹල් බෙහොරුවට, (154) (වළ) මෙත්ගි‍රි වෙහෙර2 154 (මේඝගිරි?) වඩමන් මහවෙලාගේ (155) දෙවානංපිය, දෙවනු පෑ4 (157) නාවිනි තැන් (159) (න‍ාවෙනෙහි වූ) සමුස්සිත, හුසුවන ලද (162) (ඔසවන ලද) ගන්ධකාර, ඔස්නාවටු5 (163) සුවඳ ද්ර ව්ය) (තනන්නා) කමලිනී, මහනෙල්ලියන්ගේ6 (167) (මහනෙල්පොකුණ) චුල්ල ජයමහාලානට්ඨානං, සුත්ලිය මහලෙ7 (170) චුල්ල සෙට්ඨිටිඨානං, සුත් සිටු (170)


1. ජාතක අටුවා ගැටපදයේ දරදි යන වචනය යෙදී ඇත. ඉණං, දරදී; 53 පිට හෙට්ටිආරචිචි සං 1960. 2. මලයද්වාරඝ>මලාදුර>මලාඬුර>මේලාඩුර උදය> උදය> උදා> නිරය> නීරා. ආදීකත්හි මෙන් අය ආ වේ. ලග්ගල පල්ලෙ සිය පත්තුවේ විල්ගමුව වසමට මේ නම දැන් භාවිතා‍ වේ. 11 වන ගජබාහුගේ නපුරු වැඩු ඔය ශිලාලේඛ‍නයෙහි ද මැලෑදුර සඳහන් වේ. සාහිත්යා මණ්ඩලය ලිපිමාලා අංක 1 ලංකා ඉතිහාසය 1697 ශ්රිආ ලංකා සාහිත්ය‍ මණ්ඩලය. 251 පිට. 3. මෙඝගි‍රි > මෙයගිරි > මේ ගිරිය, සිටිය යුතු වුවද මෙත්ගි‍රි යනුවෙන් යෙදී ඇත්තේ පුස්කොල පිටපත් කරන්නන් අතින් සිදුවූ දෝෂයක් නිසා බැව් පරණවිතාන මහතා කල්පනා කරයි. S. Paranavithana, Atribus Asiae Vol. xvi p. 182. අපට ලැබුණු සියළු පිටපත්හි දක්නට ලැ‍බුණේ මෙත්ගි‍රි යන්නයි. එයට මුල්වියහැකි රූපය නම් මෙත්තගිරියන්නය. 4. දෙවානංපිය > දෙවනපිය > දෙවන පෑ. යනුයි. පුකට රූප ලෙස දක්නට ලැබෙන්නේ එහෙත් දෙවනු යි යෙදීමට කතුවරයා කැමැති වූ සේය. 5. ඔසඳ යන පදය සුවඳ යන අරුත නයනු පිණිස ධ.අ.ගැ. 82 පි‍ටෙහිදී ඇ. ඔසධ > ඔසද > මයන් > ඔස්න > ඔස්නා > යනුවෙන් සකස්වන්නට ඇත. ඔස්නාවටු, යන්නෙන් සුවඳ විලවුන් තනන්නා යන අරුත දෙන බව පෙනේ. 6. මහානෙලී (ම.බෞ.වං.ග්රු.වි) යනු කමලිනී යන පදයේ අරුත දැක්වීමට යෙදුනකි, අපට ලැබූණු පිටපත් සියල්ලේම මහනෙල්ලියන්ගේ යනුවෙනි යෙදී ඇත්තේ, ලකාරද්ලවිත්වයෙන් එසේවන්නට ඇතැයි සි‍ෙත්. මහනෙල් + ඉ. (අසත්යයර්ථය) මහනෙලි මහනෙල් පොකුණ යනු එහි අර්ථය. 3, 7. චුල්ල > සුලු යෙදිය යුතු වුවද සුත්යි යෙදීමට කතුවරයා අභිමතවූ සේය. ජිද > ජිද්ද > සිද්. ජිල්ල (ප්රාේ) සිල්. හිල්. ක්ෂ්ද්ර > ජුද්ද > සුද් > සුත්? මධ්යජ ඉන්දු ආය්ය්. ග ක්ෂ සංයෝගය නූතන භාෂාවන්හි කෂ සංයෝගය නූතන භාෂාවන්හි ක රූපයෙන් බහුල වශයෙන් දක්නට ලැබෙතත් කලාතුරකින් ස රූපයෙන් ද සිටිය හැකි බව ක්ෂය සය වැකි රූපවලින් පැහැදිලි වෙයි. ජයමහාලාන > දිය මහලෙ යි සිටිය යුතු තන්හි ලියමහලේ සී යෙදී තිබීම විශේෂයකි. එය දිය යි ශුද්ධවිය යුතු බැව් සොර‍ත නාහිමියෝ පළ ‍කරති. ශ්රී සුමංගල ශබ්දකෝෂය 11 භාගය 1063


මහාබෝධිවංශ ග්රනන්ථිපද කාරයා ඇතැම් ශබ්දරූපයන්ට වීබත් ගැන්වූ ආකාරයෙහි ද විශේෂත්වයක් දක්නට ලැබේ. ප්රාශණවාචී පුරුෂ ලිංගික නාමයන් හා අප්රා.ණවාචී නාමයන් අතර වෙනසක් නොමැත්තාක් මෙන් සලකා ඔහු පස යෙදූ අයුරක් පෙනේ. පෙර විබත් බුහු බසැ ඕ පස-මන්දමාරුතා, මඳමරුවෝ (165 පිට)

හු පස - සල්ලාසය සහස්සානි, විල්දහස්හු (75) කම් විබත් බුහු බස්හි අන් පස යෙදුණු අප්රා,ණවාචී නාම රැසක් දක්නට ලැබේ. නරක මණ්ඩලෙසු, නිරැමඩුලුවන් (40) ද්වාර කවාටෙසු, දොරකවුළුවන් ( 41) දියඩ්ඨසහස්සානී, අඩු දෙදහසුන්, යෙළ දහසුන් යූ සේයි. (141)

සබඳ විබත් හි, හු, පස ද ප්රා ණවාචී හා අප්රා,නවාචී විශේෂයකින් තොර වැ යෙදී ඇති අයුරු පහත සඳහන් නිදසුන්වලින් පැහැදිලි වෙයි.

ශ්රරවස්ත නම් ඍෂිහිගේ (84) කෙ‍ලාස සිඛරි, කෛලාශ ශිඛරිහිගේ ( 31) කපි, වඳුරක්හුගේ, ( 59) කණ්කාරතරු, කිණිහිරි රුකක්හුගේ ( 59) තුලපිචුනො, හිඹුල් පුළුන්හුගේ, (115) කප්පාස පිචුනො, කපු පුළුන්හුගේ, (115) සලාකග්ගස්ස, පිරිත්ලාගේ හුගේ (149)


අප්රා්ණවාචී ‍නාමයන්ටත් සබඳ විබත් බුහුබසැ පස ගන්වා ඇති අයුරු විමලලොචනො, නිර්ම්ල වූ ලොචන යු‍ගළුවන්, ඇතියේ (118) කමලිනී, මහනෙල්ලියන්ගේ (167) යන නිදසුන්වලින් දැක්වෙයි.


ස්ත්රී් ලිංගික පද යෝජනය පිළිබඳ ග්ර්න්ථිපද කාරයාගේ පිළිවෙත හෙළි කෙරෙන නිදසුන් කිපයක් විමසා බැලීම ද අවස්ථෝචිතය.

නලිපන්නී, නො ඕනි, (79) නිවත්ථා, හඳනී, (146) හෙරැණි, (170) ‍ බොධිමිත්තත්ථෙරියා, බෝමිත්තෙරීන්, (170) නන්දා සාමණෙරිං, නන්දාහෙරණිය (170) සිංසපානුගමනෙන, සිංසපානම් යකින්නියගේ (138) වරමහෙසි, අගමෙහෙස්න (138) සාරමෙයවෙසී, බැලී (වෙස්ගත්) ‍(136) තැරමුල සමාසිනං, රුක්මුලෙක හින්නී ( 137)


පුරුෂලිංග නාමයකින් ස්ත්රීැ ලිංගික පදයක් සකස් කර ගැනීමේ දී ඔහු ඉ, ඊ, නි, යන ප්රුත්යසයන් යොදා ඇති බව ‍පෙනේ. හෙරණ + ඉ - හෙරැණි, මෙහි වූ පිළි පෙරළිය විකල්පත්වයෙන් සැලකූ බව නන්දායෙරණිය යන්නෙන් පැහැදිලිවේ. තෙර + ඉ - තෙරි බලු + ඉ - බැලි යනු ද ‘ඉ’ ප්රනත්යනයෝගයෙන් ස්ත්රීදලිංගත්වයට පත් නාමයෝයි. හඳන + ඊ - හඳනී හිඳින + ඊ - හිඳිනි - හින්නි හුන්නී මෙහි අර්ථ ක්රිෙයාරූපයෙන් පරව ඊ ප්රිතයනීයය යෝගයෙන් ස්ත්රීතලිංග පදරූප සිද්ධිය වී ඇත. යක් + නී යකිනි මෙහෙසි + නි ව මෙහෙසිනි නි, හෝ ඉනි යන ප්රනත්යරයන් සිදත් සඟරාවේ දක්වා නැතත් මෙම ප්රතත්යංය යෝගයෙන් සිදුවී ඇති ස්ත්රීෝලිංග පද රැසක් සිංහලයේ දක්නට ලැබේ.1 ශබ්දාන්ත ගත සංවෘත ස්වරයෙන් ස්ත්රීරලිංගාර්ථය පළ කිරීම ද ලේඛකයාගේ අභිමතය වූ බව සැරසෙන්නට නි‍සියගේ (81) නිසියාගේ-පුරුෂ) කරුණාභගවතී, කුලුණු නැමැති මහ පිනැතිය විසින් (93) (පිනැතියා විසින් - පුරුෂ) යන යෙදුම් වලින් පෙනේ. මාතෘ භාෂාවෙහි ස්ත්රීර ලිංගාර්ථයේ යෙදුණු ඇතෑම් පදයනට අර්කථනය කරන ලේඛකයා කොම වැනි ස්ත්රීව අර්ථ ප්ර්කාශක පදයක වහලින් එම අරුත හැඟවීමට රුචිකළ බවඃ සමත්ථතා, සමාර්ථ බැව් තොම (173) යන්නෙන් පැ‍හැදිලිවේ.


මහාබොධිවංශ ග්ර න්ථිපදයේ භාෂාව සම්බන්ධයෙන් මෙතෙක් දැක්වුණු කරුණු වලින් සිංහල නාමපදයේ පරිණාමය සම්බන්ධී එක්ත‍රා වකවානුවක තතු අනාවරණය කෙරෙයි. වත්මන් බස්වහරට අනුරූප පරිදි බස හැඩ ගැසීමේ ආරම්භය දක්නට ලැබෙන්නේ පොළොන්නරු ‍යු‍ගයේය. එතෙක් පැවැති පැරණි මුහුණුවර වෙනස්කර බස නවමගකට යොමුකරන ලද්දේ එම යුගයේ විසූ ලේඛකයන් විසිනි. අර්ථව්ය ක්තියට අදාළ පරිද්දෙන් නවතාවකින් බස හැසි‍රවීමේ මං සෙවීමෙහි නිරත වූ ඔවුහු පැරණි වියත් බස් මහ අනුයමින් ම නව ප්රනයෝග එයට එක් කළහ. පොළොන්නරු යුගයට අයත් ගද්යඅ කෘතීන්හි බස්වහර පිළිබඳ විවිධත්වයක් දක්නට ලැබෙන්නේ එහෙයිනි. මහාබොධිවංශ ග්ර න්ථිපදය ‍ජාතක අටුවා ගැටපදය වෙසතුරුදා සන්නේ, යනාදී ව්යඅඛ්යාශන ග්රථන්ථවලින් ද ගුරුළු‍ෙගාමීන් විසින් රචිත කෘතීන්ගෙන් ද එහි තතු දත හැකි

1. ‍ෛ‍ිසයර් මහතා ඉනි ප්රරත්යිය ‍වශයෙන් මෙය දක්වා ඇත. සිංහල භාෂාවේ ව්යාඑකරනය; රාජ්යතභාෂාදෙපාර්තුමේන්තුව, 1964; 93, පිට

වෙයි. මේ එක් එක් ලේඛකයකුගේ භාෂාවේ දක්නට ලැබෙන් පොදු ලක්ෂණ මෙන් ම විශේෂ යෙදුම් ද ගැබ්වෙයි. මෙම අංශයෙන් ‍ෙපාළොන්නරු යුගයේ භාෂා ලක්ෂණ හැදෑරීමේ දී මහාබෝධිවංශ ග්රකන්ථිපදයෙන් ලැබෙන පිටුබලය අනල්පය.


පුරාවිද්යාරත්මක ගවේෂණයන්හිදී ද මහාබෝධිවංශ ග්රලන්ථිපදයෙන් මහත් එලියක් ලැබේ. එහි මහාවිහාර පට්ග්ගහණ ක‍ථාවේ සිට දුමින්දා ගමන කථාව තෙක් එන විස්තරය එම අංශයෙන් වඩාත්වැදගත් වෙයි. මහාවිහාරයට අයත් ගොඩනැගිලිවල පිහිටීම තත්කාලීන සම්මතයට අනුව මෙහි විස්තර කර තිබේ. මෙම ග්රනන්ථය මඟින් ක්රිඃස පූඃ 3 වන සියවසේදී දෙවන පෑතිස් රජ තුමන් පැරණි අනුරාධපුරයෙහි පූජනීය පෙදෙස දැක්වීමේ දී නියම කළ මායිමේ සළකුණු 10 වැනි සියවසේ හෝ ඊට ආසන්න කාලයේ නගර‍යේ භූමිලක්ෂණ සමඟ සම්බන්ධ කෙරෙන බව මහාචාය්ය්්න එස්.පරණවිතාන සඳහන් කරයි.1 අනුරාධපුරයේ ඇතැම් ඓතිහාසික ස්ථානයන් හඳුනාගැනීමේ දී මහ‍ාබොධිවංශ ග්ර න්ථිපදයෙන් ලැබෙන වහල අනෙක් සිංහල ග්රහන්ථයකින් නොලැබෙන තරම්ය. ලේඛකයා එකී ස්ථානයන් හැදින්වීමේ දී පැරණි නම් ගම් පමණක් නොව සමකාලීන ව්යටවහාරය ද, ඒවායේ සීමා හා සලකුණු ද ඉදිරිපත් කරයි.


‘තතො මරුත්තපොක්ඛරණිං, එයින් මුරුත පොකුණට ගියේ; හේ දැන් පැසුළු මෙත් ගිරි වෙහෙරට පොකු‍ණු විය. එයින් ඉක්බිති රන්මුසු උයන පැදුම් දෙසේ රන් දොරටුයෙන් මධ්යෙම දොරටුව වදනා අත දකුණත් වී’ (154)


මේ විස්තරයෙන් පැරණි මුරුත පොකුණ එකල ( ග්රුන්ථිපදය ලියැවුණු අවධියේ) මෙත්ගි‍රිවිහාරයට අයත් වැ පැවති බවත් ඒ අසල රන්මසු උයන පිහිටා තිබුණු බවත් කිය‍ැවෙයි. දැනට ඉසුරුමුනි වෙහෙර අසල වෑ කණ්ඩිය තෙක් ‍විහිදී ඇති රමණීය බිම් පෙදෙස රන්මසු උයන වශයෙන් පුරා වද්යාු දෙපාර්තුමේන්තුව හඳුන්වා ඇත. එම හැදින්වීමට මහාබෝධිවංශ ග්ර‍න්ථිපදයේ ආ යටකී විස්තරය බලවත් ප්රතතිෂ්ඨාවක් වූ බවට ‍සැකයක් නැත.2 රන්මසු උයන යන නම පවා මහාබොධිවංශ ග්ර න්ථිපදය හැරුණුවිට දක්නට ලැබෙන්නේ ක්රිඃද වඃ 10 වැනි සියවසයට පමණ අයත් වන වෙස්සගිරි සෙල්ලිපියේ3 පමණි.


ඉසුරුමුණි විහාරය පිළිබඳව මෙහි එන හැදින්‍ී්නම ද වැදගත් වූවකි. ඉස්සර සමණාරාම, ඉසුරුමණුවෙහෙර; හේ දැන් කසුන්ගිරි වෙහෙර තැන් වී (165) ග්රාන්ථිපදය ලියැවුණු වකවානුවේ ඉසුරුමුණිය කසුන් ගිරිවෙහෙර යන නමින් හැදින්වුණු බව මෙම විස්තරයෙන් අනාවරණය වෙයි.


1. Artibus Asiae, 1953 Vol. XVI. P.181

2. Ibid

3. E.Z. Vol. I-p. 32.


වෙස්සගිරි පුවරු ලිපියේ සඳහන් වන ‘තිසැ උවනිසා පිහිටි ඉසුරුමෙණු බොඋපුල්වන් කසුප්ගිරි රද්මහ වෙහෙ‍ර්හි’ යන පාඨය හා සැසදීමේදී එම හැඳින්වීවම තහවුරු වෙයි. ඉහත සදහන් කසුරි ගිරි යන්න කසුප්ගිරි යන්න සඳහා පසුව ලේඛකයන් අතින් යෙදුනක් හෝ එකල වහරේ ආවක් හෝ විය හැක.


මහාබෝධිවංශ ග්ර න්ථිපදයේ එන පහත සඳහන් විස්තරයන් ද ඓතිහාසික හා පුරාවිද්යා ත්මක තොරතුරු දැනුමට ආලෝකය සපයන බව කිව හැක.


i. ලංකාපුරානිතං, මෙළාඩුරෙහි ලක්දිව් නුවරින් අළ; (137)

ii. ජාතපබ්බත නිතම්බ, නුරුපුටුව අග්නි දෙසෙහි යෝජනකින් මතුයෙහි සැපවු වෙනෙහි (139)

iii. ජන්තාඝර පොක්ඛරණී, ගිනි‍හල් පොකුණු; පසල ‍ ‍ එපොකුණු හැස්වා එතන පිරිවෙණක් කළහ. දැන් එතන හෙළිගල් පොකුණ වී (149)

iv. සලාකග්ගස්ස, පිරින්ලාගේහුගේ (149) රතනමාළකෙ, රුවන් මළුයෙහි; භේදැන් සතර බුදුන් පදලස් පැදුම් දෙසෙන් දෙවන මහසෑ තැන්හි (150)

v. සොමනස්සමාළකෙ, සොම්නස් මළුයෙහි; හේදැන් පදලස පැදුම්දෙසෙන් තුන්වන මහ සෑ තැන් (151)

vi. සිලාචෙතියට්ඨානෙ, සලසෑ තන්හි දු, හේ පදලස සතරවන කුඩා දා ගැබයි.(152)

vii. ‍තෙලුමපාළිං, එයින් තෙල් පෙළට ගියේ හේ ‍වාදුයෙන් (156)

viii. මොරපාසාදෙ පධානඝටං, මොරවා පියන්ගලට (166) ලංකාපුරයේ පිහිටීම, පිළිබඳ තත්කාලීන සම්මතය දැනගැනුමට මෙහි මුල් ඡේදය ප්රායේජනවත් වෙයි. දැනට මාතලේ දිස්ත්රිැක්කයට අයත් ලග්ගල පෙදෙස ඉන් කියැවෙතැයි සිතිය හැක. ලග්ගල පල්ලෙසිය පත්තුවේ විල්ගමුව වසමට මැලෑඳුර යන නම දැනට ද ව්ය යමහාර වෙයි. සෑ පවුව අනුරාධපුරයෙන් යොදුනකින් මතුයෙහි ගිනිකොන පිහිටි බැව් දෙවන ඡේදයෙන් කියැවෙයි. තත්කාලීන මිනුම් කුමයේ යොදුනක ප්රහමාණය කොපමණදැයි එයින් වටහාගත හැක. ලංකාවේ ගාවුක කණුගැන් විස්තරයක් කරන කොඩ්රින්ටන් මහතා යොදුනෙත් ¼ ක් වන ගාවුතයට ලංකික මිණුම් ක්රකමය අනුව මර්තනමාන සැතපුම් 3.18 ක් පමණවන්ට ඇතැයි කල්පනා කරයි.1 යටකී විස්ත‍රය අනුව එම නිගමනය පිළිගැනීම අසීරු බව පෙනේ.

1. සාහිත්යොමණ්ඩලීය ලිපිමාලා, අංක 1 ශ්රීත ලංකා සාහිත්ය් මණ්ඩලය, 1967, 288 පිට


සිවුවැනනේ සඳහන්වන සලාකග්ගය හෙවත් ලහගන්නා ගෘහය හැඳින්වීකමේ දී එය වෙසෙ‍සනු වස් යොදා ඇති පිරිත් යන්න වැදගත් වෙයි. ක්රිඃේ වඃ දහවැනි සියවසට පමණ අත්වන් මහින්තලා පුවරු ලිපියේ එයට සැසදෙන ඡේදයක් එයි. ‘අත්වෙහෙර ලහාග් අවුත් මෙත් පිරිත් කොට බැපැ හම්බු ගත් යුතු’ මහින්තලයෙහි වැසි භික්ෂූන්ගේ සිරිතක් දක්වෙන මේ වැකියෙන් සලාකග්ගය ‘පිරිත්ලභහේ’ යනුවෙන් හැදිනවීමේ හේතුව අනාවරණය කෙ‍රේ. ග්ර්න්ථිපදය ලියැවුණු වකවානුව තෙක් එම වහර පැවති බව එයින් දත හැක.

5,6,7,8 ඡේද‍යන්ගෙන් අනාවරණය වන කරුණ වඩාත් වැදගත් කොට සැලකිය හැකිව තිබේ. එහි එන සතර බුදුන් පදලස යන වචන චූලවංසයෙහි දැක්වෙන ඓතිහාසික වෘත්තාන්තදිවයනට ‍නවාලෝකයක් විහිදුවන බව පරණවිතාන මහතා පෙන්වා දෙයි.1 පදලස යන්න පදලාඤ්ජන යන්නෙන් තත්භව වූවකි. එය පා සටහන යන අරුත නඟයි. සතර බුදුන්ගේ ලංකා ගමන සිහිපත් කරනුවස් පදලාංජන චෛත්ය පිහිටුවා තිබූ බව පෙනේ. මේ කල්පයෙහි පහළ වූ කුකුසඳ, කෝණාගමන, කාශ්ය ප, ගෞතම යන සිවුබුදුවරුන් ලක්දිවට වැඩමවා ඒ ඒ තැන් පාදස්පර්ශසයෙන් පවිත්ර,කොට වදාරා ‍පෙරළා දඹදිවට වැඩමවීම පිළිබඳ කථා පුවත මහාබෝධිවංශයේ මහාවිහාර පට්ග්ගහණ කථ‍ාවෙහි2 දක්ව‍ා ඇත. එක් එක් බුදුවරයකු සිය චාරිකාව අවසාන කොට පෙරළා දඹදිවට වඩිනු සඳහා ගුවනට නැඟුණාහයි මහාබෝධිවංශයේ සඳහන්වන තන්හි එකී පදලාඤ්ජන චෛත්යු පිහිටුවා තිබුණු බැව් ‍මහාබෝධිවංශ ග්ර න්ථිපදයේ එන විස්තරයෙන් අනාවරණය වෙයි.

අනුරාධපුර යුගයේ සුප්ර සිද්ධ අධ්යාරපනායතනයන්ගෙන් එකක් වූ වාදු මූලය ගැනත් පැරණිලාංකික ගෘහනිර්මාණයේ විශේෂ අංගයක් වූ ‘පියන්ගල’ ගැනත් ග්රයන්ථිපදයේ එන සටහන් (7-8 ඡේද) වැදගත් ලෙස සැලකිය හැක. මේ හැර ගණතිස්ස රජ3 ගැන හා විල්බා දනව්ව4 ගැන මහාබෝධිවංශ ග්රදන්ථිපදයේ එන සටහන් ලංකා ඉතිහාසයේ සැඟවුණු තැන් හෙළි කර ගැනීමට ඉවහල්වන බව පෙනේ.

මහාබෝධිවංශ ග්රහන්ථිපදය විවිධ අංශයන්ගෙන් වර්තහමානිකයන්ට‍ ප්රබයෝජනවත් වන්නාක් මෙන්ම, සිංහල සාහිත්යකයට තවත් ග්රපන්ථ දෙකක් එක් කිරීමෙහි ලා පැරණි වියත් ලේඛකයන් ‍දෙදෙනකුට ද මඟ පෙන්විය. වර්ත මාන ධර්මමශාස්ත්රෝතන්තියේ ආදී කතෘවරයා වශයෙන් සලකනු ලබන වැලිවිට සරණංකර මාහිමියන් විසින් ඉන් එක් කෘතියක් ලියන ලදී. මධුරාර්ථ ප්රනකාශිනී නම් වු එය මහාබෝධිවංශයට සපයන ලද පදගත සන්නයකි. මහාබෝධිවංශ ග්රින්ථිපදයත්, සිංහල බෝධිවංශයත් ඉතා ලඟින් ඇසුරු කෙරෙමින් ලියැවී ඇති එම ව්යාධඛ්යාානය පෙළබස හදාරන්නවුන්යේ පහසුව නකා සැපයුනක් බව පෙනේ

1. Padahanchana at Anuradhapura, UCR. Vol.XVI.Nos 1 & 11, p.58

2. ම.බෝ.වං.ග්රV 77 පිට සිට 86 පිටු

3. ම.බෝ.වං.ග්රV 139

4. ම.බෝ.වං.ග්රV 167


අනික් කෘතිය ලියන ලද්දේ කුරුණෑගල යුගයේ වැඩවිසූ විල්ගම්මුල මාහිමියන් විසින්. මහාබෝධිවංසය අනුවාදය කරමින් ලියා ඇති එය සිංහල බෝධිවංශයයි. සවිස්ත‍ර අනුවාදයක් වන එම ග්රදන්ථයට බැහැරින් ගත් විස්තර ද එක්කර ඇත. පාලිපොතේ නො එන එබඳු බොහෝ විස්තරයන් සඳහා ඔහු බෙහෙවින් ඇසුරුකර ඇත්තේ මහාබෝධිවංශ ග්රඑන්ථිපද‍යයි. මරසෙනඟ පිළිබඳ ව සිංහල ‍බෝධිවංශ කතුවරයා කර ඇති වර්ණ නය ග්රථන්ථිපදයේ එන වැණුම පදනම් කර සැකසී ඇති බව පොනේ.1 ග්රඑන්ථිපදයේ දැක්වෙන ඇතැම් ඇදහස් සිංහල බෝධිවංශයේ දී තවත් විස්තීණි වෙයි. එහි එන ‘ප්රෙදීප්ත ඌරුධ්වකේශ සන්නිහ’ යන්න ගිනි ඇවිලියාක් වැනි තඹවන් කෙසේ ඇති, කියා ද කල්පනල සන්නිහ යන්න කල්පාන්ත වහ්නියක්සේ දිලියෙනා වූ කියාද සිංහල බෝධිවංශයේ දක්වෙයි. විජයගේ පටන් දෙවන පෑතිස් තෙක් රජුන් පිළිබඳ පුවත් දැක්වීමේදී ද බෝධාරකෂක නිළධ‍ාරීන් පිළිබඳ තොරතුරු දැක්වීමේදී ද සිංහල බෝධිවංශ කරුවා ග්ර න්ථිපදයේ ආශ්රජය බෙහෙවින් ලබා තිබේ.2 ග්ර්න්ථිපදයේ එන වැකියත් මද වෙනස්කම් සහිතව ‍එසේම සිංහල බෝධිංශයට ඇතුළත් කොට ඇති ආකාරය පහත සඳහන් ‍ෙඡ්දයන් විමසීමෙන් පැහැදිලි වෙයි.


‘විජයරහට දා කෙවින්නම් යකින්න බඩහොත් වීරබාහු කුමරහු විසුයෙන් වීරබාහු නමු ජනපද පැසුළු විල්බා ජනපද නම් වී3

පළමු කුවේණි නම් යක්ෂිණියගේ පුත්ර වූ වීරබාහු කුමාරයන් විසුහෙයින් වීරබාහු ජනපද නම් වූ විල්බා දනව්ව ඕහට ප්රුවේණී කොට දුන්නේය.4

මුල්වැකියේ එන අදහස් අළුත් වචන භාවිතාකර දෙවැන්නේ එසේම ඉදිරිපත් කොට ඇති ආකාරය දැකිය හැක.

මහාබෝධිවංශ ග්රකන්ථිපදයේ දැක්වෙන් ඇතැම් සංස්කෘත පද්යඑ ද සිංහල බෝධිවංශයට ගෙන ඇත.5 ඇතැම් තන්හි මද වෙන්සක් සහිතව එම පද්යය ඉදිරිපත් කිරීමට ඔහු අභිමත්යය වූ අයුරක් ද දිස්වේ.6 එමඟින් මූලාශ්රඉය පිළිබඳ සිය දැනුම පළකිරීම ලේඛකයාගේ අභිප්රාදය වී දැයි සැකයෙක් පහළ වෙයි. මධුරාර්ථ ප්රුකාශනියත්, සිංහල බෝධිවංශ‍ත් විමසා බලන විට ‍ඒකෘති දෙකෙහි ම මහාබෝධිවංශ ග්රාන්ථිපදයේ ප්රිභවය විහිදී පවත්නා අයුරු පැහැදිලිව දිස්වෙයි.


1. ම.බෝ.වං.ග්රය 65 පිට සිංහල බෝධිවංශය ධම්මරතන යං 1929, 54 පිට

2. සිංහල බෝධිවංශ ධම්මරතන සං. 156,157,158,211,212,213 පිටු

3. ම.බෝ.වං.ග්රය 167 පිට

4. සිං.බෝ.වං 212

5. සිං.බෝ.වං 28,31,33,39,60 පිටු

6. ම.බෝ.වං.ග්රය 35 හා සිං.බෝ.වං 31 පිට බලන්න. රංඝවංශයෙන් ගෙන ම.බෝ.වං .ග්රහ පදයේ බහාලද ලද ශ්ලෝකවලින් එකක් ඉවත් කරන ‍ෙල්ඛකයා ඒ වෙනුවට අනෙක් ශ්ලෝකයත් එක් කරයි. පූර්වාවදන වරීතෙයු යන ශ්ලොකපාදය සිංහල බෝධිවංශයේ පූර්වාරවදාන චරිතෙයු සුදුප්තරෙපුයි දක්වා තිබීමද විශේෂයකි.


මහාබෝධිවංශ ග්රෙන්ථිපදය

නව සංස්කරණය

සංස්කරණය

මහාබෝධිවංශ ග්රශන්ථිපදය ප්ර‍ථම වරට මුද්රතණය කරවන ලද්දේ ක්රිඃ වඃ 1910 දීය. රත්මලානේ ශ්රීථ ධර්මබරාම නාහිමියන් විසින් සංස්කරණය කරනලදුව මහාබෝධිවංශ ග්රයන්ථිපදය විවරණය යනුවෙන් නම් කෙරුණු එකී මුල් කෘතියේ පිටපත් දැනට බෙහෙවින් දුර්ලභය. දැනට පවත්නේ 1957 දී ලඬකා බෞද්ධ මණ්ඩලය මගින් මුද්රනණය කරවූ කෘතියයි. මෙම පිටපත් දෙක‍ම නවසංස්කරණය සඳහා පරිශීලනය කළ නමුදු මුල් පිටපතක් ලෙස ප්රටමාණත්වයෙන් සලකන ‍ල‍ද්දේ 1910 දී මුද්රදණය කෙරුණු කෘතියයි. 1957 දී මුද්ර‍ණය කරවන ලද කෘතියේ නවසංස්කාරකයකු ගැන සඳහන් නෙවෙතත් මේ පිටපත් දෙකෙහි විසදෘශ පාඨ රැසක් දක්නට ලැබේ. ඒවා මුද්රේණ දෝෂ නිසා වූ බව පෙනේ.

ධර්මටරාම සංස්ක‍රණය ව්යතක්ත කෘතියක් වුවද සම්‍භාවිත ග්රලන්ථ සංස්කරණය ක්රමමයනට අදාළ පිරිදි එය ‍සම්පාදනය වී නොමැත. එහි ක්රිමවත් පාඨාන්තර සංස්දනයක් නොපෙනේ. කලාතුරකින් ඇතැම් පිටුවල අ‍ධෝලිපි හමුවන නමුදු ‍ඒවා කවර පිටපත්වල පවත්නේදැයි දැන ගැනීමට මඟක් නොමැත. ඇතැම් තන්හි කතුවරයා විසින් ම යොදනු ඇතැයි පරිකල්පනය ‍ කළහැකි මූල පාඨය කුමක්දැයි තර්කාිනුකූලව ගවේෂණය කිරීමට සංස්කාරයා වෙහෙසී ඇති බවක් ද දැකිය නොහේ. මේ නිසා සංස්කාරකයා අතින් ඇතැම් පදයන් ස්වෛරී ලෙස වෙනස් වීමට ද ඇතැම් පදයන් ගිලිහී යාමට ද බැරිකමක් නැතැයි යමෙකුට හැඟීයා හැක. සිය සංස්ක‍රණයේ දී ඇසුරු කරනු ලැබූ පිටපත් පිළිබඳ විස්තර අනාවරණය නොවීම නිසා සංස්කාරකයාගේ ශුදිධිය කොතෙක් දුරට ශාස්ත්රීිය දැයි මැනබැලීමට පාඨකයනට අවසරයක් නොලැබේ. ධර්ම රාම සංස්කරණයේ දී සංස්කෘත තත්සම ශබ්ද ප්රවකෘතීන් මූලිකත්වයෙන් සලකා ශුද්ධපාඨයන් දැක්වීමට බොහෝ අවස්ථාවන්හි ප්රංයත්න දරා ඇති බව පෙනීයයි. කල්ප (13 පිට), අග්රන මහීෂිය (66 පිට), ගුල්ම (75 පිට), වර්ෂූ (76 පිට), පුෂ්කරිණියට (86 පිට), ධවවියෝග (149 පිට), ශ්රනවිෂටා (157), වත්සල ( 261 පිට).

මෙම වචන පාලි තත්සම රූපයෙන් හෝ මිශ්රී රූපයෙන් නැතහොත් තත්භව රූපයෙන් සිටුනා සැ‍ටි පාඨාන්තරයන් හා සැසදීමෙන් දත හැක. පුස්කොල පිට‍පත්හි බහුල වශයෙන් දැක්වෙන අන්දමට එකී රූපයෝ කප්, අග්රැමහේසිය, ගුම්බ, වර්ෂාි, පුෂ්කරණියට, සිත, වච්ඡල, යනුවෙන් සිටිති. බොහෝ සිංහල ගද්යහ ලේඛකයන්ගේ සම්මත ශිෂ්ට ව්යිවහාරය ඉක්ම නොයතැයි හැඟී යන, අර්ථයට බාධකයන් නොවෙතැයි පෙනීයන, එබඳු හැම තන්හි පුස්කොල පිටපත්වල එන බාහුල්යිව්ය,හාරයට නව සංස්කරණයේ විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. සංස්කෘත භාෂා ප්ර වීණයෙකැසි සැලකෙන මහා බොධිවංශ ග්රින්ථිපදකාරයා අතින් කප්ලක්ෂය, අග්ර මෙහෙසිය, පුෂ්කරණිය, වැනි යෙදුම් නොලියවෙතැයි යමකුට තර්කසකළ හැක. එහෙත් ග්රපන්ථිපදකාරයා එකම භාෂා සම්ප්ර,දායයක් ත‍රයේ එල්බාගෙන සිටි අයකු නොව අළුත් යෙදුම් බසට එක් කිරීමට ප්රෂයත්න දැරූ සුඛනම්යත මනසක් ඇති ලේඛකයකු බව එහි භාෂා විලාසය පිරීක්සීමෙන් හෙළිවන බව කිය යුතුය. භාෂා දෙකකට අයත් මිශ්රා පදයන්ගේ සන්ධිය හෝ සමාසය වියත් වහරට නොගැලපෙතැයි ඇතැම් නූතන වියතුන් පවා දක්වතත් එබඳු භාෂා සම්ප්රවදායයන් මහා බෝධිවංශ ග්රමන්ථිපද කාරයා නොඅනුදත් බව ‘සාරසඬ්ඛ්යහ, අටාසඬඛ්යග. සොළසාසඬඛ්යෙ (13 පිට) දෙපාර්ශූවය (131), ගජකුම්භ පහණට (155), සමාර්ථ බැව් තොම (173 පිට) යනාදී යෙදුම් වලින් පැහැදිලි වෙයි. මේ නිසා මහා‍බොධිවංශ ග්ර න්ථිපදයේ මූලපාඨයන් සෙවීමේ දී ව්යදක්ත ව්ය.වහාරය සම්බන්ධී ඒකවිධ මානයක් ම උපයෝගී කර ගැනීම අන‍ුචිතයයි හැගේ.

නව සංස්කරණයේදී පුස්කොල පිටපත්හි එන බාහුල්යනව්යනවහාරයට විශේෂ සැලකිල්ලක් දක්වා ඇතත් කිසිවිටක එයම ප්රාාමාණකත්වයෙන් නොසැලකුණි. මහාබෝධිවංශයත්, එම ටීකා‍වත්, මහාබෝධිවංශ ග්රමන්ථිපද විවරණයත්, වෙනත් ආශයනුත් සසාඳා මූලපාඨය සෙවීමට ප්රතයත්න දැරුණි. මෙහි දැක්වෙන මූල පාඨ සියල්ලම වාගේ යටත් පිරිසෙයින් ඇසුරු කෙරුණු එක් පිටපතක් සමඟ ‍හෝ සැස‍ඳෙයි. එයට වෙනස්ව ගිය තැන්ද ඇත.

හෙසප්රනතිපත්ති (121 පිට) යන්න සියලු පිටපත්හි යෙදී ඇතත් අවස්ථානුගත අර්ථය හා සබඳතාවක් නොදක්වන හොයින් ද, වෙනත් ‍ආශ්රසයක් හා නොසැස‍ඳෙන හෙයින් ද පෙළට නොගන්නා ලදී. D (ඩී) පිටපත්හි එන හේයාප්රුතිපත්ති, යන්න පාලි මූලපාඨයේ අරුතට ගැලපෙල හෙයින් ද බොධිවංශ ටීකාවේ යෙදී ඇති අනුපායපටිපත්ති යන්න හා අරුත් විසින් ගැලපෙන හෙයින් මූල පාඨය ලෙස ගැණිණ.

මෙසේම ආස්ථාලනා (34 පිට), අධ්වස්තරිතව (65 පිට), අඩාල කරන ලද්දේ (110 පිට), දෘෂඩසුඛානුභාවයට (123 පිට), නිව්රිර්ත, (128 පිට), ප්රෙමෝද්යසයෙන් (131 පිට), නැමීම (140 පිට) පුෂ්පප්ර කාරයෙන් (144 පිට), විස්සජීනිය (165 පිට) වැනි ප්ර‍කට ලෙස ම ලේඛක දෝෂ නිසා පිවිසුණහයි පෙනෙන රූපයන් වැඩි පිටපත් ‍සඬ්ඛ්යා වක යෙද‍ී ඇතත් මූලපාඨ ලෙස නොසැලකිණ.


අවස්ථානුගත අර්ථය හා නොසැස‍ලෙඳන්නා වූ ද, මූලාශ්ර්යෙන් ප්ර්තිෂ්ඨාවක් නොලැබෙන්නා වූ ද, ඇතැම් පාඨ පිටපත් වැ‍ඩි සඬ්ඛ්යාටවක් යෙදී ඇතත් නව සංස්කරණයේ පෙළින් බැහැර කරණ ලදී.


වසුධා, පොළොවිහි (149 පිට) යි සියලු පුස්කොල පිටපත්වල ම යෙදී ඇතත් මහාබෝධි වංශය හා නොසැස‍ඳෙයි. ‘කස්මා හන්තො වාසුධාතල මිදං කම්පතීති’ – (මහා බෝධිවංස 78 පිට) එහි වසුධා යන රූපය තනිව යෙදී නොමැති අතර පොළො‍ව්හි යන අදර විබත් අරුත ද ‍නෙ‍ායෙදෙයි. එබැවින් එහි වසුධාතලං යන්න මූලපාඨය ලෙස ගන්නා ලදී.


ප්රනකට සංස්කෘත රූපය හා සසඳන විට අශුද්ධ යයි බැහැර කෙරෙන නමුදු ඇතැම්විට වියත් ලේඛකයකු අතින් වුවද යෙදෙනු ඇතැයි අනුමාන කළ හැකි ඇතැම් වචන නව සංස්කරණයේ පෙළට එක් කෙරුණි. මාඤ්ජෙෂ්ඨ (118 පිට) එබඳු රූපයකි. එය පුස්කොල පිටපත් සියල්ලෝම යෙදී තිබේ. එම අරුත දෙන ප්රනකට සංස්කෘත රූපය මාඤ්ජිෂ්ඨ යනුයි. D (ඩී) පිටපත්හි ද යෙදී ඇත්තේ එයයි. මාඤ්ජෙෂ්ඨ යන්න සර්වුඥ ගුණාලඬ්කාරය (188 පිට) වැනි පශවාත් කාලීන කෘතිවල දැකිය හැකිය.


ඇතැම් රූපයක් යෙදී ඇති පි‍ටපත් සඬ්ඛ්යාරව මඳ වුවද එය සුදුසුම යැයි හැ‍ඟෙන විටෙකට දී එම රූපය සංස්කරණ පෙළට ඇතුළත් කරන ලදී. සදස වසන (166 පිට) යන්න යෙදී ඇත්තේ සී පිටපකේ පමණි. මහාබෝධිවංශයේ (101 පිට) ද යෙදී ඇත්තේ එම රූපයයි. එහි කියැවුණු අරුතටද එය ගැලපෙයි.


සිංහල වචන පිළිබඳම පාඨාන්තර දක්නට ලැබෙන්නාක් මෙන්ම ඇතැම් තන්හි පාලි වචනනේගේ ද පඨාන්තරයෝ දක්නට ලැබෙති. මහාබෝධිවංශයේ එන පාඨයන්ගෙන් මඳක් වෙනස්ව ගියතැන් එහි දක්නට ලැබෙයි. 137 පිටේ එන කුවෙණිහිධානං යන්න සියලුම පුස්කොල පිටපත්හි එකක් මහාබෝධිවංශයේ (70 පිට) එය යොදා ඇත්තේ කුවෙණාභිධානිං යනුවෙනි. මහාබෝධිවංශ ග්රෙන්ථිපදය ඇතැම් කරුණු පැහැදිලි කිරීම සදහා


බැහැරින් ගෙන යොදන ලද ගද්යර පද්යන ඛණ්ඩයන්ගේද පාඨයන් සම්බන්ධී විවිධ රූප පුස්කොල පිටපත්හි දක්නට ලැබෙතත් දැනට ප්ර‍සිද්ධව පවත්නා එම කෘතීන්හි යෙදී ඇති රූපය ම බො‍හෝ විට මූල පාඨය ලෙස සලකන ලදී. සත්තප්සතිට්ඨිතො (115), පබ්බජිතො (157), සම්බොධාය (87), පරිනිබ්බාපණය(87) ආදී පාඨ පිටපත් සියල්ලේ ම දක්නට ලැබෙන නමුදු මූල පාඨ වශයෙන් ඒවා නොසනකන ලදී. ග්රලන්ථිපදයේ එන සංස්කෘත‍ හා පාලි ගාථාවන්ගේ ද පාඨාන්තර දක්නට ලැබේ. එම පද්ය් උපුටාගනු ලැබූ මුල් කෘතීන්හි දැක්වෙන් පාඨ ගැන විශේස සැලකිල්ලක් දක්වනලදී. එහෙත් එකී මුල් කෘතිවලට වෙනස්ව ගිය පාඨයන් ද වැදගත් යයි හැ‍ඟෙන හැම විටෙක මුලපාඨ වහයෙන් ගැනිණ.


මේ නිසා එම පද්ය මුල්කෘතිවලින් තරමක් වෙනස් වෙයි. භර්තෘහරීගේ වාක්යාාපදීයෙහ් ( 2 - සර්ග , 314 ) වාක්යදත් ප්රිකරණල්ලිඬ්ගදෞ විත්තාදිදෙහකාලතඃ ආදිශිලෝකය ග්රාන්ථිපදයේ (38 පිට) දැක්ගවෙන්නේ අර්ථාත්ප්ර කරනල්ලිඬ්ගා දෞචිත්තාද්ගදෙහකාලතඃ ඇදී ලෙසිනි. මෙසේම නාගානන්දයේ 3 - අංක 8 ශ්ලෝකයේ එන ‘අම් ගීතාරම්හෛඃ මුඛරිතලතාමණ්ඩපඟව: -පරාගෛ: පුෂ්පාණාං ප්රෝකට පටචාසව්යඃතිකරා:-පිඛන්ත ‍යන කොටසේ මුල හා අග ඇති අමිගීතාරමිහෛ: සමන්තාදාපානොත්සව’ යන පාඨායන්වෙනුවට මහාබෝධිවංශ ග්රතන්ථිපදයේ (148 පිට) අව්හිතෛරභ්රෛයර්, වසන්තාදාපානොත්සව යන පාඨ දක්නට ලැබේ.


මහබෝධිවංශ ග්ර්න්ථිපදයේ සංස්කරණය සම්බන්ධ බොහෝ පිටපත්හි දශමහා යෝධයන්ගේ නම් ඇතුලත් ගාථාදිවය ඒ සඳහා සුප්රබසිද්ධ ගාථාවලින් තරමක් වෙනස් ව ඇත. ඒමා මූගපාඨ ලෙස ගැනීමට තරම් ප්රටමාණවත් සාධක නොමැති බැවින් ‍අධෝලිපි ‍වශයෙන් යොදන ලදී. එහි වි‍ශේෂයක් නම් බලදේව නමැති යෝධයකුගේ නමක් අමුතුවෙන් එක්කර තිබීම හා මහාසොණගේ නම එකී නාමලේඛනයෙන් බැහැරවීමයි. යෝදයන්ගේ නම් අනුපිලිවෙළද එහි වෙනස්ය. අනාගත පර්යේෂකයන්ට මෙය ප්රා්යේජනවත් වනු ඇත.


නව සංස්කරණයේදී පුස්කොල පිටපත්හි පාඨාන්තරයන් අතුරින් විශේෂත්වයක් පෙනෙන බොහෝ පාඨයන් වැදගත් කොට සලකනු ලැබීය. ගෙහෙ, සර්වෂච්ඡන්නගුහායෙක්හි (107 පිට), සර්ව.සස්ය් සම්ප්රෝදානය කරන ( 140 පිට) මෙකී ගුහායෙක්හි, සම්පාදනය, යන පදානුගත අර්ථ පළකෙරෙන වචනයයි. ඉහත දැක්වුණු රූප විශේෂත්වයක් උසුලන අතර අවසථානුගත අර්ථයට ද අවිරුද්ධය.

අයට (84 පිට) ආය D (ඩී) වැදෑ (121) අවද්යග D (ඩී) උදවහ මුහුදුහි (13) උදවහ ඇතියේ D (ඩී) පඬුදෙව් (138) පඬුවස්දෙව් D (ඩී) වලය, වැල (139) වළලු D (ඩී) පසල එපො‍කුණු (149) එපොකුණු D (ඩී)

නව සංස්කරණය දැක්වෙන මෙම් පාඨ සියල්ල D (ඩී) පිටපතෙන් වෙනස්ය. ඉන් සමහරක් භාෂාව අතින් විශේෂත්වයක් ද උද්වහනය කරයි. එහි එන පසල යන්න පසුළු යන්නේම විකල්ප රුපයක් බව පෙනේ. පැසුළු යන්නද (293 පිටුවේ) යෙදී තිබේ.

මහබෝධිවංශ ග්ර න්ථිපද විවරණයේ D (ඩී) එන අවුල් සහිත වැකි‍යක් නිරවුල් කර ගැනීමට සෙසු පිටපත්වල එන පාඨාන්තරවලින් මහත් එළියක් ලැබෙයි. එම අවුල් සහිත වැකිය මෙසේය. ‘ ආදී පන් සියයක් මහරහතන් පිරිවරා ‍අවුත් තත් තත් ස්ථානයෙහි නිරොධ සමාපත්ති සමවැද පදලස් දක්වා එපියෙස් දැක ලහ බෙදු බුදුහු, පැසුළු රාතන් සඟුන් ගෙන... ( 135 - 136 D (ඩී)) මෙහි ‘දැක ලඟ බෙදු බුදුහ’ යන්නේ අරුත නොපැහැදිලිය. පද අවුල් වැ ඇති බවක් පෙනේ.බෙදු යන්න එහි කියැවෙන සිද්ධිය හා සම්බ න්ධ බවක් නොහැ‍ඟේ. එම වචනය එක් පුස්කොල පිටපතක වත් නොහමුවිය. එම පිටපත්වල පාඨයන් සසඳා යථොක්ත වාක්යාංයශය පදලස් දක්වා එපියෙස් ද කළහ. බුදුහ.(ම.බෝ.වං.ග්රය 157 පිට යනුවෙන් සකස් කරන ලදී. එවිට ‘පද ලාඤ්ජනය දක්වා (පිහිටුවා) ඒ පෙදෙස් පාරිභෝගික ධාතු භාවයට පත් කළාවූ බුදුහු ය. යන අරුත ගත හැකිය. සිව් බුදුවරුන්ගේ පදලස ගැනත් එයට හරසර දක්වනුවස් පිහිටුවන ලැබු පදලස සෑ ගැනත් මුලදී කෙරුණු සදහන සමඟ ද මෙය සැස‍ඳෙයි. පදලස දැක්වීමෙන් එකී පෙදෙස පාරිභොගික ධාතුතුවයට පත් කිරීම පිළිබඳ එම පුවත වැදගත් ‍වන්නකි.

බරණැස සාරානාථ්හි ධම්මිකස්තුපයේ ධාතු නිදන් කර නොමැති බවත්, බුදුරදුන්ගේ පාරිභොගික ධාතුත්වය සලකා එම චෛත්යනය ගොඩ නඟා ඇති බවත් ප්රුසිද්ධය. මේ අනුව යටකී අරුත එතැනට සුදුසු බව පෙනේ.

මහාබෝධිවංශ ග්රින්ථිපද විවරණයේ D (ඩී), 116 පිට) එන ත්රී කාණ්ඩ උත්පලිනී යන පාඨ දෙකද අනෙක් පිටපතුත් ටීකාවත් ඇසුරු කරගෙන් නවසංස්කරණ පෙළින් බැහැර කරන ලදී. ම.බෝ.වං.ග්රු. (132 පිට)

ත්රිසකාල, උත්පල මාලා යනුවෙන් සෙසු ප‍ිටපත් හයේම ඇත‍. එය බෝදිවංශ ටීකාවේ දැක්‍ වෙන්නේ ‘ උරුත්තිකලාපා උප්පලමාලා’ යනුවෙනි. එයින් දැක්වෙන්නේ එකල පැවැති කෝෂ ග්රකන්ථ දෙකකි.


ආශ්රිත පුස්කොල ‍පිටපත්

සංස්කරණය

මහාබෝධිවංශ ග්රතන්ථිපදය පිළිබඳ ශාස්ත්රී ය සංස්කරණය සඳහා පුස්කොල පිටපත් හයක් ඇසුරු කරන ලදී. මේ එක් එක් පිට‍පත් A B C E F G යන සංකේත වලින හැදින්වේ.

මාතර, කඹුරුපි‍ ටියේ සපුගොඩ විද්යා නිකෙත විද්යා්යතන පරිවෙණාස්ථ පුස්තකාලයට අයත් වූවකි. පොත් කම්බා රහිත මෙහි පත් ඉරුවක දිග අඟල් 14 කි. පළල අඟල් 2.2 කි. පත්ඉරු 115කි.පත් ඉරුවක සාමාන්යසයෙන් පේලි 8 ක් පමණ ලියා ඇත. පේලි දෙකක් අතර පරතරය අඟල් 2ක් පමණ වේ. අකුරක ප්රරමාණය අඟල් 1කි. මෙහි අකුරු වටකුරු නැත. එකම ක්රපමයකට අකුරු දිගට ම ලියා ඇති බවක් ද නො පෙනේ. ඇතැම් පත්ඉරුවක අකුරු නොපැහැදිලිය. පත් ඉරුවල අංක සිංහල අකුරෙන් ද රෝම ඉලක්කමෙන් ද දක්වා ඇත. ‘ක’ යන්නේ සිට ‘ජු’ දක්ව‍ා අකුරු ‍යොදා ඇත. ඉලක්කම් ලිවීමේදී ද ‍වරදක් සිදුව ඇති බව පෙනේ. 110 සිට ඉදිරියට ඇති ඉලක්කම් 1010(110), 1011(111) ආදී වශයෙන් ලියා ඇත. මෙහි විරාම ලක්ෂණ වශයෙන් කුණ්ඩලිය හා කොමා දෙකක් වැනි ලකුණක් ද භාවිතා කර ඇත. සාමාන්යශයෙන් වෙනත් බොහෝ පුස්කොල පිටපත්හි දැක්වෙන අක්ෂර වින්ය සය පිළිබඳ දුර්ව‍ලතා මෙහි ද දකනට‍ ලැබේ.

ග්රින්ථාරම්භයෙහි ස්වස්ති සිද්ධම්’ යන්න හා නමස්ක‍ාරය ඇත. මහබෝධිවංශ ග්රනන්ථපදය නිමි.’ සිද්ධම්, චිරං ජීවස්තු තත්බපඤ්ඤස්සු හොතු යි අවසානයේ දැක්වේ. පිටපත් කළ වර්ෂ්ය හෝ තැනැත්තා ගැන ග්රසන්ථයේ සඳහන් නොවේ.


මාතර, හිත්තටියේ, රජමහවිහාරස්ථ පුස්තකාලයට අයත් වූවකි. පොත් කම්බා ‍රහිත මෙහි කා-චු දක්ව‍ා පත් ඉරු 86 ක් ඇත. පත් ඉරුවක දිඟ අඟල් 18 ½ කි.පළල අඟල් 2.2 කි.ඉරුවක සාමාන්ය යෙන් පේලි 10 ක් පමණ ඇත. පේලි දෙකක් අතර පරතරය 1 පමණ වේ; අඟලට අකුරු හතක් පමණ ඇත. මැනවින් සකස්කර ඇති පත් ඉරුවල ඉතා පැහැදිලි ලෙස වටකුරු අකුරන් ලියා ඇත. මේ පොත් විරාම ලක්ෂණය සඳහා කුණ්ඩලිය පමණි යොදා ඇත්තේ. අක්ෂර වින්යාතසය පිළිබඳ දුර්ව ලතා බෙහෙවින් අඩුය.

මෙහි පළමුවන පත් ඉරුව නැත. ග්රින්ථය අවසන් වන්නේ ‘මහාබෝධිවංශ ග්ර න්ථිපදය නිමි’ යනුවෙනි. ග්රකන්ථය අවසන්හි මහාබෝධිවංශ සනනයේ කොටසක් දක්වා ඇත. එය හඳුන්වා ඇත්තේ මහාබෝධිවංශාන්ත දුමින්දාගමන කථා නම් වූ ධර්මථ ව්යිඛ්යාේනය’ යනුවෙනි. එහි අවසානයේ සිලෝ විරිතින් බැඳි පද්යමයක් වෙයි.

                 මෙකුසල බලයෙන් මම් සිවු ‍අපා දුන නොහී මෙන් 

තිදස පුරවරේ මෙත් බොසතාණන් දකිම්වා විද සවුසිරි ඉන්ගොස් කේතුමත්යාමපුරේදි දුරුකර කෙලෙසුන් ‍මොක් මෙත් බුදුන්ගෙන් ලබම් සෙත් මේ පද්යකය අවසානයේ ‘සකාබිදම් දෙශ සත්යසම්, සුගතාම්ධර්මම ධූළි ගෝත්රයම්’ ග්රාන්ථය පිටපත් කළ වර්ෂසය දැක්වෙයි. පි‍ටපත් කළ අයගේ නම් නොදැක්ගවේ.

මාතර පඹුරන වාලුකාරාමස්ථ පුස්තකාලයට අයත් පොතකි. පත් ඉරු 79 කින් යුත් මෙය පොත් කම්බා සහිතය. කම්බා සිතුවම කර නොමැත. ද්රවවිඩ අක්ෂර රූප මඟින් පත්ඉරුවල අංක යොදා ඇත. පත් ඉරුවක දිග අඟල් 17.5 කි. පළල අඟල් 2 කි. පත් ඉරුවක සාමාන්යොයෙන් පේළි 9ක් පමණ ඇති අතර පේළි අතර පරතරය අඟල් .15කි අකුරු පැහැදිලිය. වටකුරුය. බෙහෙවින් නිවැරදි අක්ෂර වින්යා සයෙන් යුක්තය.

ග්ර්න්ථය සම්පූර්ණය. බෝධිවංශ ග්රනන්ථිපදය නිමි යන්නෙන් ග්රනන්ධය අවසන් කර ඇත. ග්රුන්ථය පිටපත් කල වෂර්යට දැක්වෙන්නේ ‘ක්රි‍ස්තු වර්ෂෂ 1849 කවූ දෙසැම්බ්රඇ මස 13 වෙනි දින යනුවෙනි. පිටපත් කළ අය‍ගේ නම් සඳහන්ව නැත.


පැල්මඬුල්ලේ මීගහගොඩ පුරාණ විහාරස්ථ පුස්තකාලයට අයත් වූවකි. සිතුවම් කරන ලද පොත් කම්බයෙන් යුක්තයි. අන්නාසිමල් මෝස්තර එහි ඇත. පත්ඉරු 132 ( ක - ඣි) ක් ඇති මෙහි පත් ඉරුවක දිග අඟල් 19 කි. පළල අඟල් 2 කි. පත් ඉරුවක පේලි 14 ක් පමණ ඇත. අකුරු වටකුරු නැත. එහෙත් පැහැදිලිය. අකුරක් අඟල් .11 පමණ වේ. වෘක්යාංමශ මැනවින් වෙන්කර ඇත. එහි බහුල ‍වශයෙන් කුණ්ඩලිය යොදා තිබේ. අක්ෂර වින්යා.ශය පිළිබඳ සාමාන්යන දුර්ව්ලතා ද දකනට ලැබේ.

ග්රටන්ථය අවසන් වනුයේ මහාබෝධිවංශ ග්රරන්ථිපදය නිමි. යනුවෙනි. පිටපත් කළ වර්ෂ්ය හෝ පිටපත් කළ අයගේ නමක් නොදැක්වේ. ග්ර න්ථය අවසානයේ යස්සමුලේ යන ගාථාවේ සිට දුමින්දාගමනකථ‍ා තෙක් බෝධිවංශ පදගත සන්නයකි.

බෙලිඅත්තේ ගොඩවෙල ශ්රීට සද්ධර්මෝේදය පිරිවෙන් විහාරස්ථ පුස්තකාලයට අයත් වූවකි. පොත් කම්බා සහිතයි. චිත්ර රහිතය, පත් ඉරු 109 කි. පත් ඉරුවක සාමානයූව යෙන් පේලි 14 ක් පමණ වේ. අකුරු පැහැදිලිය. අකුරක පමාණය අඟල් .1 කි. අක්ෂර වින්යාලසය පිළිබඳ දුවර්ලණතා සෙසු පිටත් වලට වැඩියෙන් මෙහි දක්නට ලැබේ.

මහාබෝධිවංශ ග්රෙන්ථිපදය නිමි. යනුවෙන් පොත අවසන් වේ. එහි අවසානයේ ‘වලකන්දෙ ගුනරතන උන්නානේෂගේ පොත් වහන්සේය’ යනුවෙන් දැක්වෙන්නේ පොත පිටපත් කල අය‍ගේ නම ද අයිතිකරුගේ නමදයි පැහැදිලි නැත.

ගම්පහ බෙම්මුල්ලේ ශ්රීද වර්ධයන පිරිවෙන් පුස්තකාලයට අයත් වූවකි. පොත් කම්බා රහිතය. පත් ඉරු ( න - වඃ ) 97 කි. පත්ඉරු අංක වශයෙන් රෝම ඉලක්කම් යෙදා ඇත. පත්ඉරුවක පේළි 9 ක් පමණ ඇත. අකුරු පැහැදිලිය. එතරම් වටකුරු නැත. අකුරක ප්රුමාණය අඟල් .1 ක් පමණ ‍ය. අක්ෂර වින්යා්සය පිළිබඳ සාමාන්යර දුර්ව ලතා දක්නට ල‍ැබේ.


ග්රාන්ථය සම්පූර්ණය. මහා බෝධිවංශ ග්ර න්ථිපදය නිමි යනුවෙන් අවසන් වෙයි. පිටපත් කළ වර්ෂ්ය හෝ පිටපත් කළ අයගේ නම් සඳහන් නොවේ.


මෙහි සඳහන් කෙරුණු එක් එක් පිටපතක අක්ෂර වින්යා්සය පිළිබඳ තතු වඩාත් පැහැදිලිව දැන ගැනීමට පහසුවන පරිද‍ි මහාබෝධිවංශ ග්රින්ථිපදයේ නව සංස්කරණයේ අධෝලිපිවල ඒ සියල්ල දක්වා ඇත.


මහාචාය්ය්ෝලි ගතාරේ ධම්මපාල සථවිර


1994.11.06.

සිංහල හා ජනසන්නිවේදය අධ්යයනාංශය,

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාශලය,

නුගේගොඩ.