මහාබයිබල සූත්‍රය iii

සැ.යු: මේ කෘතිය ක්‍රිස්තියානි ආගම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් බැලීමකි. දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් නොවන බව බුදු දහමට අනුව පෙන්නුම් කිරීමට ලියන ලද්දකි. කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොමැත.


මේ ධාතු විභාගය පහසුවෙන් තේරුම්ගන්නා පිණිස ඒ ධාතු සෝඩිය අකුරුවලට උපමා කරන්නෙමි. සෝඩියේ අකුරු හතලිස එකක් ඇත. එනම් ගාත්රාමක්ෂිර 33 ක්ද, ප්රාතණක්ෂමර අටක්ද වෙත්, එයාකාරයෙන්ම මේ සමස්තලොකයේ යටකී සියුම් ධාතු අසූතුනක් ඇත. එනම් අවිඤ්ඤාණක ධාතු සූපනසක්ද සවිඤ්ඤාණක ධාතු එකුත් තිසක්ද යනුයි. ගාත්රාදක්ෂ රයන්හි තනිවම ශබ්දය පිහිටන්නේ නැතුවාක්මෙන් සවිඤ්ඤාණක ධාතුවල තනිවම පීවිතෙන්රිෂරයනය පිහිටන්නේ නැත මේ යටකී සියුම්ධාතු සයක් පමණ එකතුවීමෙන් වාතයාද දොසාලිසක් පමණ එකතුවීමෙන් රත්රන්ද සෑදෙන්නේය. මේ අවිඤ්ඤාණක ධාතු සූපනස කිසිකල එකතෙනක දරානොසිට නිරන්තරයෙන්ම සංචාරණය කරමින් ඉඩතියෙන ආකාරයට ගමන් කරති. වාතයා නිරන්තරයෙන් හමන්නේය, උදකයා නිරන්තරයෙන්ම ගලායන්නේය. එයාකාරම පඨවිධාතුවත් නිරන්තරයෙන් සංචාරණය කරමින් පුලුපුලුවන් අතට හෙවත් යන්ට ඉඩතියෙන අතට යන්නේය, සමහර පණ්ඩිතවරු මීට විරුධව කථාකරමින් අවිඤ්ඤාණක වස්තු එකතෙනක දරා සිටිනවා මිස සංචාරණය කරමින් ඇවිදින හේතුවක් ඔවුන්ගේ නැත්තේය කියත් අයිසක් නිව්ටන් නම් ඉංග්රී්සි පණ්ඩිතයාගේත් එයාකාරම මතයක් තිබුණේය, එනම් ඉනර්ෂියා" නම් ලත් අවිඤ්ඤාණක වස්තු එකතෙනක දරා සිටීමට හේතුය, ඒ අවිඤ්ඤාණක වස්තු සංචාරණය කරමින් ඇවිදීමට හේතුවක් නැත යනුයි, අවිඤ්ඤාණක හෝ සවිඤ්ඤාණක හෝ මොනයම් වස්තුවක් නුමුත් එකතැනක දරාසිටීමේ හේතුවක් නැත්තේය. යම්සේ වාතයා හෝ උදකයා හෝ යම් බෝතලයක හෝ වන භාජනයක හෝ දමා භාජනය වසා සවිකර තිබුවේනම් ඒ වාතාදිය එකතැනක දරා තිබෙන්නට පුලුවන, ඒ වාතයා සහ ඒ උදකයා බෝතලයක දමා නොතිබෙන ලද්දේනම් ඒවා එක මොහොතක්වත් එකතැනක දරා නොසිට පුලුපුලුවන් අතට සංචාරණය කරමින් යන්නේය. තවද සත්යානලංකාරය, මේ තොප ඉසේදමන තොප්පියේ තිබෙන බරකම නිසාත් පොළොවේ ඇදගැන්ම නිසාත් එකතැනම තිබෙනවා මිස මේ පෘථිවිය නැත්තේනම් මේ තොප්පිය එකතැනම දරා නොසිට ගුවනේ සංචාරණය කරමින් ඇවිදින හේතුවක් එහි ඇත්තේය. මේ සමස්ථ ලෝකයේම ඇතිතාක් සියලුම අවිඤ්ඤාණක සවිඤ්ඤාණක වස්තූන් සෑදීමට‍ යොග්යිවූ හේතුවූ යටකී අසූතුන් වැදෑරුම්වූ ධාතුවල අති සියුම් භාවය දක්වන පිණිස උපමාවක්


41

ඇසිය යුත්තේය හේ කෙසේදයත් තිස්කඳක් පමණ බරඇති ගෙන්දරාසි කැටයක් අජාතසත්ත රජුගේ ශ්රීියහන් ගබඩාවේ තිබී ඒ ගෙන්දරායි කැටය ඒ ශ්රිසයහත් ගබඩාව මුලුදාම පස ලොස් අවුරුද්දක් රෑ දවල් දෙ‍ක්හි ඒකාකාරම සුවඳ කරමින් තිබුණේය. ඒ ප‍සළොස් අවුරුද්ද ගියතැන එය කිරා බැලූ කල එම තිස්කලඳම තිබුණේය එයින් කිවිසක් අඩුවුනුබවක් දැන ගන්නට නොතිබුනේය. මෙසේ ගඳ ආඝ්රා්ණය සෑහෙන තරමේ කැබලි කැඩිකැඩී එකලෙසම ඒ ගෙන්දරාශි කැටයෙන් පසලොස් අවුරුද්දක් මුලුල්ලේ විසිරගියේවී නමුත් ඒ ගෙන්ද රාශි කැටයෙන් කොපමණ විසිරගියාද කියා කිරා දැනගන්නට බැරි තරමට කැබලි විසිර ගියේනම් ඒ එක කැබෙල්ල ධාතු කීපයකින් සෑදෙන්ට ඕනෑනිසා ඒ එක ධාතුව කොපමණ සිහින්ව තියෙන්ට ඕනෑද කියාත් තොප විසින් කල්පනා කට යුත්තේය. ගඳ කියන්නේ යම් දෙයකින් කැබලිකැඩී වෙන්වී වාතයා හා මිශ්ර්ව අපේ නාසයට ප්ර්විෂ්ටව ආඝ්රාවණය වීමය. මේ කැබලි යටකී සියුම් ධාතුහයකට අඩු‍ගණනකින් සමන්විතවූ කල්හි ඒවා වාතය හා මිශ්රේව අපේ ඝාණයතුළට ප්ර‍විෂ්ටවෙනවා මිස ධාතු හයකට වැඩිතරමේ කැබලි වාතය හා මිශ්රපව ගුවනේ සංචාරණය කරන්නේනැත. මේ කැබලි කොපමණ සියුම්ද කීවොත් ඒවා මනුෂ්යයයාගේ ඇහැටවත් කන්නාඩි ආදියකටවත් කිසිම දිව්යොඥානයකටවත් පෙනෙන්නේ නැත. ඒවායේ රාශිගතබව සහ ඒවායේ තරමත් බුද්ධඥානයට ‍පමනක් පෙනෙන්නේය, දිව්යුඥානයට නොපෙනෙන බොහෝදේ බුද්ධඥානයට පෙනෙන්නේය. මක්නිසාද දිව්ය ඥානය කියන්නේ අතිසියුම් පිරිසිදු නිර්ම.ල භාවයට ගියාවූ චක්ෂුය විඤ්ඤාණයාගේ කෙ‍ලවර වන්නේය, බුද්ධඥානය කියන්නේ අති සියුම් පිරිසිදු නිර්මනලභාවයට ගියාවූ ප්රපඥාවගේ කෙලවර වන්නේය. අපේ ඇහැට හෝ කන්නාඩි ආදියට හෝ නොපෙනෙන දේවල් අපේ ප්රනඥාවට හෙවත් නුවනට පෙනෙන්නේය. එබැවින් දිව්යේ ඥානයට නොපෙනෙන බොහෝ දේ බුද්ධඥානයට පෙනෙන්නේය. තවද සත්යා ලංකාරය, යටකී අසූතුන් වැදෑරුම්වූ ධාතු වාතයාමෙන්ද උදකයාමෙන්ද පඨවීමෙන්ද එකතැනක ධරා නොසිට නිතරම සංචාරණය කරමින් හැසිරෙති, ඒ සංචාරණය කරමින් ඇවිදින අතර එයින් රූප සෑදෙන්නේය. එසේ ඒ ධාතුන් ගමන්කරණ අතර ඒ ධාතුවලින් රූප සැදුනේවී නුමුත්


42

ඒ ධාතු එකතැන ධරානොසිටින බැවින් ක්ෂදණයෙන් වෙන්වී යන්නේය. මේ වෙන්වීමෙන් ඒ රූපය බිඳීයන්නේය, මේ වෙන්වී මේ බිඳීයාම මරණයයයි ලෝකයා සම්මත කරන්නේය. අපි අවකාසය දෙස බලමුනම් ඒ අවකාසයෙහි වලාකුල් වලින් අනේකාකාර රූප සෑදෙනබව පෙණෙයි. ඒ වලාකුල් නිරන්තරයෙන්ම එකතැනක ධරා නොසිටින බැවින්ද වාතයා නිරන්තරයෙන්ම සංචාරණය කරණ බැවින්ද ඒ වලාකුල් බිඳී වෙන්වී යන්නේය. ඒ බිඳී වෙන්වීයාමෙන් ඒ වලාකුල් වලින් සැදුනු රූපද බිඳී යන්නේය. තවද අපි ගංගාවක් දෙස බලමු නම් ඒ ගගේ ජලය මත්තේ අනේකාකාර රූප සෑදෙන්නේය, ඒ ගංගාවේ දිය එකතැනක දරානොසිට නිරන්තරයෙන්ම ගලා යන බැවින් ඒ රූපක්ෂ ණයකින් මැකීයන්නේය. එයාකාරයෙන්ම සත්යානලංකාරය, මේ සත්වකයාගේ රූපය සෑදී තිබෙන්නාවූ පඨවිධාතුවත් ආකාසයේ වාතයාමෙන්ද ගංගාවේ උදකයා මෙන්ද එකතැනක ධරානොසිට නිරන්තරයෙන්ම සංචාරණය කරමින් සැරිසරණනේ‍ය. එසේ ඒ පඨවිධාතුව කරණකොට සත්වණයාගේ රූපය සැදෙන්නේය, ඒ පඨවිධාතුව එකතැනක ධරානොසිට නිතරම සංචාරණය කරමින් සැරිසරණ බැවින් ඒ සත්වකයාගේ රූපය සැදුනු ධාතු ක්ෂැණයෙන් වෙන්වී යන්නේය, බිඳීයන්නේය, මේ බිඳීයා‍මට ලෝකයා මරණයයි සම්මතකරති. තවද සත්යායලංකාරය, යටකී සූපනස් වැදෑරුම්වූ අවිඤ්ඤාණක ධාතු අතරෙන් උනු උනුන්ට මිත්රලධාතු ඇත්තේය, ශස්ත්රැනධාතු ඇත්තේය. අති මිත්රූධාතු ඇත්තේය, අති ශස්ත්රැණධාතු ඇත්තේය. මිත්රාධාතු දෙකක් එකතුවී රූපයක් සෑදෙනවා මිසක් ශසතෘ ධාතු දෙකක් එකතුව රූප සැදෙන්නේ නැත. ඊට කාරණනම් තෙල් ‍ධාතු‍වත් වතුර ධාතුවත් එකට මිශ්ර වෙන්නේනැත. මක්නිසාද ඔහු සතුරු ධාතුවෙත් යම් සතුරු ධාතු දෙකක් එකට එකතු නොවන කල්හී ඒ දෙදෙනාටම මිත්ර වූ ධාතුවක් එහි පැමුනුනේනම් එකල ඒ සතුරු ධාතුදෙක මිශ්ර වන්නේය. ඊට උදාහරණනම් තෙල් ධාතුවත් වතුර ධාතුවත් එකට මිශ්රමනොවන කල්හි අලුධාතුව එහි පැමුනුනේනම් වතුරත් තෙලුත් අලුත් එකට මිශ්රනවන්නේයි, ඊට හේතුව නම් අලු ධාතුව තෙල් ධාතුවටත් මිත්ර වන්නේය. යම්සේ සතුරු ධාතු දෙකක් එකට මිශ්රස නොවනකල්හි ඒ සතුරුධාතු දෙදෙනාටම මිතුරු ධාතුවක් එහි පැමින ඒ සතුරු ධාතුව මිශ්රධවුන කල්හි ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙකුගේ අති මිත්ර ධාතුවක් පැමිණියේනම් ඒ අති මිත්රගයෝ දෙදෙන එකතුවීමෙන් පෙර


43

සතුරුව සිටි දෙදෙන නැවතත් වෙන් වෙන්නේය. ඊට උදාහරණයක්නම් වතුර ධාතුවත් තෙල් ධාතුවත් එකිනෙකට සතුරුවෙත්. මෙසේ වතුරත් තෙලුත් මිශ්ර නොවනකල්හි අලු ටිකක් ඊට මිශ්රඑකළේනම් ඒ වතුරත් තෙලුත් හමුවෙන්නේය. ඇඹුල් ධාතුව අලුධාතු‍වගේ අති මිත්රරයෙක්ය. තෙලුත් වතුරත් අලුවල අනුසාරයෙන් මිශ්රතවූ කල්හි එයට ඇඹුල් ටිකක් මිශ්ර් කළේනම් ඇඹුලුත් අලුත් මිශ්ර‍ වෙමින් තෙලුත් වතුරත් පෙරසේම ශස්තෘව වෙන් වෙන්නෝය. අනිත් ධාතු ගැණද මෙයාකාරම කල්පනා කටයුත්තේය. මේ වනාහි ධාතුන්ගේ එක්වීම සහ වෙන්වීම වන්නේය. මෙසේ එකතැනක ධරානොසිට නිරන්තරයෙන්ම සංචාරණය කරමින් ඇවිදින්නාවූ ධාතු සුපනසෙන් සත්ව යාගේ ශරීරය සැදීමට යම් පමණක් ධාතු යොග්යූවන්නේද එපමණ ධාතු යම් ආකාරයකින් රාශිගතවූයේ නම් එකල සත්ව‍යා ඉපදීම වන්නේය. මෙසේ නාමය දැරීමට යොග්යාවූ රූපයවූ කල්හි එතනම නාමයත් පිහිටන්නේය. යම්සේ හෙලක බොරලු ගල් දමා ‍තලා ඇදනැති පාරක්සාදා ඒ පාර ඉහළින් හතරැස් රෝදයක් තැබුවේනම් ඒ රෝදය පහසුවෙන් පෙරලෙන්නේ නැත. ඒ රෝදය වටවූයේනම් ඒ වටවෙනවා සමගම එහිපෙරලීම පිහිටා ඒ රෝදය පෙරලෙන්නට පටන්ගෙණ හෙල පහලට පෙ‍රලෙන්නේය, එයාකාරයෙන්ම පෙරලෙන්නට පුලුවන්කම නැමති නාමය රෝදය නැමති ශරීරයෙහි පිහිටි කල්හි ඒ ශරීරයට නාමය ප්රුත්යි වශයෙන් හේතු වශයෙන් උපදන්නේය, නාමයනම් වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ යන මේ ස්කන්ධඋයො වෙති. රෝදය වට බැවින් පෙරලෙන්නට පුලුවන්කමක් උපන්නාක්මෙන් රූපය උපන්කල්හි ඒ ශරීරයෙන් යමක් කරන්නට පුලුවන්කම නැමති කායලහුතාව නිසා අනේකාකාර ක්රි යාවන් ක්රනමයෙන් නිම්නභාවයෙන්ද බාරභාවයෙන්ද පුරුදු භාවයෙන්ද සමග හැසුරුනු භාවයෙන්ද පුරුදු කරන්නේය.





44

(මෙසේ වදාරමින් සත්යාමලංකාර කර්තෘ්ට යටකී චක්රෝාපමාව යහපත් ආකාර තේරුන්කරදෙන පිණිස බුදුරජානන් වහන්සේ වලාගැබකින් නික්මුනු විදුලි කලඹක්මෙන් තමන්වහන්සේගේ ශ්රීි හස්තය අවකාශයට දිඟුකොට මේ ඉහත පෙනෙන චක්රන සිතියමේ ආකාර ඇඟිල්ලෙන් පෙන්නා වදාරා) එම්බා සත්යේලංකාරය, මා විසින් පළමුවෙන් සටහන් කරණලද සමරේඛාව පෘථිවියයි සිතිය යුත්තේය. ඒ මත්තෙහිවූ ඇ‍ලරේඛාව බොරලු ගල් දමා තලා සෑදූ පාර වන්නේය. ඒ මත්තේ සටහන් කළ කවාකාර රේඛාව රෝදය වන්නේය. මේ රෝදය හෙල පහළට නො පෙ‍රලී තියෙන්නට බැරිය. මේ සමස්ත ලෝකේ ඇතිතාක් සියලුම අවිඤ්ඤාණක රූපික ධර්මටයන්ට ආකර්ෂනණයයි කියනලද ඇදගැන්ම සමාන බල ඇති වෙන ධර්මියක් අතිශයින්ම නැත්තේය. එබැවින් මේ ඇදගැන්ම සහ බරකම නිසා මේ රෝදය පාත භූමියට පෙරලෙන්ටම ‍ඕනෑය. මක්නිසාද ඒ රෝදේ බිමට ස්පර්ශරවුනතැන කැපෙන්නට ‍සමරේඛාවට හරි කොන්රේඛාවක් අඳින ලද්දේනම් රෝදේ වැඩිකොඨාශය පහලට බෙදෙන්නේය. එබැවින් ඒ වැඩි කොඨාශය තිබෙන දෙසට රෝදේබර වැඩි බැවින් ඒ දෙසට ඇදෙන්නේය. සත්යාවලංකාරය, මේ බාහිර ශාස්ත්ර‍යාගේ ඉගැන්වීම මාගේ ධර්ම්යට සමානකර බලන්නෙමි. සත්යානලංකාරය, මා විසින් පළමුවෙන් අඳිනලද සමරේඛාව සංසාරයවන්නේය. ඒ මත්තෙහි ඇලරේඛාව ජාතියවන්නේය. ඒ මත්තෙහි දැක්වූ චක්රාෙකාර ‍රේඛාව නාමය සහ ස්කන්ධනයින් පිහිටීමට යොග්යිවූ රූපය වන්නේයි, පෙරලෙන්නට පුලුවන්කම ඇති වටවූ රෝදය පෙරලෙන්නට පුලුවන් දෙසට බර වැඩිවූ කල්හි නොපෙරලි තියෙන්ට බැරිය, එයාකාරයෙන්ම වේදනස්කන්ධය සංඥාස්කන්ධර සංස්කාරස්කන්ධු විඤ්ඤාණස්කන්ධන යනමේ ස්කන්ධුයින් ප්රාත්යධ වශයෙන් පිහිටන්නට පුලුවන් රූපයෙක්හිය. ඒ ස්කන්ධධයින් පිහිටුවනුලැබූ කල්හී කෙලෙස් සහිත ක්රිියාවන් ඒ සත්වහයාට නොකර ඉන්නට බැරිය. මක්නිසාදයත් සංසාරය නැමති සමරේඛාවේ පටන් ඒ සත්වටයාගේ ජාතිය පිහිටිතැන කැපෙන්ට හරි කොන්රේඛාවක් අඳින ලද්දේනම් ඒ සත්වගයාගේ වැඩිකොඨාශය ජාතිය දෙසට බෙදෙන්නේය. එබැවින් ඒ වැඩි කොඨාශය තිබෙන දෙසට බරනමැති මො‍හය වැඩි බැවින් ඒ සත්වියාගේ ක්රිසයා ආදිය මොහය නිසා ජාතිය දෙසට ඇදෙන්නේ ය. අවිඤ්ඤාණ රූපික දේවල ඇත්තාවූ ඇද‍ගැන්ම සවිඤ්ඤාණක සත්ව යාගේ රාගයමෙන්යයිද, අවිඤ්ඤාණ රූපික දේතුලතිබෙන බරකම සවිඤ්ඤාණ සත්වයයාතුල තිබෙන මො‍හය මෙන්යයිද 45

මම මීට ප්ර ථම කීවෙමි. නැවතද සත්යා‍ලංකාරය, යම් වස්තුවක තිබෙන්නාවු ඇදගැන්ම සහ බරකමත් ඒ වස්තුවෙන් අහක්කළේනම් වෙන්කර තැබුවේනම් ඒ වස්තුව මේ පෘථිවියේ හෝ වෙන මොනතැනක හෝ වැටෙන්නේ නැත, එයාකාරයෙන්ම ඇද‍ගැන්ම නමැතිරාගයත් බර නමැති මොහයත් සත්ව යාතුලින් අහක්කළේනම් වෙන්කර තැබුවේනම් ඒ සත්වහයා මේ සංසාරයේ මොනයම් ජාතියකමුත් නො‍වැටෙන්නේය කියාත් ‍මම මින් මින්ඉහත කීවෙමි. එබැවින් සත්යාරලංකාරය, මේ පොළවේ මොනයම් දෙයක්වත් වැටීතිබුනොත් ඒ දෙයෙහි ඇදගැන්ම සහ බරකමත් ඇතැයි අප විසින් නිසැකවම කිය යුතුය. එයාකාරයෙන්ම යම් භවයක සත්වවයෙක් ඉන්නේනම් ඒ සත්වයයාතුළ රාගය සහ මොහය ඒ කාන්තයෙන්ම ඇතැයි අප විසින් සැකවම කියයුතුය. එසේ හෙයින් සත්යා ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේ ‍භවයෙහි සත්වියෙක් මෙන් සැරි සරන්නේයයි කියන සෙයින් ඒ දෙවියන්ටත් ඒකාන්තයෙන්ම රාගය සහ මෝහයත් ඇතැයි අප විසින් නිසැකව කියයුතුයි. මෙසේ සත්යානලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන් වහන්සේ භවයෙහි වැටී ඉන්න කාරණයෙන් ඒ දෙවියන්වහන්සේ රාගසහිත වන්නේය, වෙෂ සහිත වන්නේය, මොහ සහිත වන්නේය. ක්ලේශ සහිත වන්නේය, මාන සහිත වන්නේය. තවද ඒ දෙවියන්වහන්සේ සංඥාසහිත වන්නේය, වේදනා සහිත වන්නේය, චෙතනා සහිත වන්නේය, ‍මනස්කාර සහිත වන්නේය, ජිවිතෙන්රි ව ය සහිත වන්නේය, විතකීය සහිත වන්නේය, විචාරය සහිත වන්නේය, වීර්ය්යසහිත වන්නේය, චිත්ත ප්රීරතිය සහිත වන්නේය, ඡන්දයය සහිත වන්නේය, අධිමොක්ඛය සහිත වන්නේය, සර්ධාීව සහිත වන්නේය, ස්මෘතිය සහිත වන්නේය, හිරිඔතප් සහිත වන්නේය, ලොභා ලොභ සහිත වන්නේය, ප්රනඥාව සහිත වන්නේය, මධ්ය,සත්තාව සහිත වන්නේය, කායපසාධිය සහිත වන්නේය, චිත්තපසාධිය සහිත වන්නේය, කායලහුතාව සහිත වන්නේය, චිත්තලහුතාව සහිත වන්නේය කායමෘදුතාව සහිත වන්නේය, චිත්තමෘදුතාව සහිත වන්නේය, කායකර්මාන්යතතාවය සහිත වන්නේය, චිත්තකර්මතන්ය තාවය සහිත වන්නේය, කායපාගුන්යයතාවය සහිත වන්නේය, චිත්තපාගුන්යමතාවය සහිත වන්නේය, කායඍජුත්වගය සහිත වන්නේය, චිත්තඍජුත්වයය සහිත වන්නේය, කරුණාව සහිත වන්නේය, මුදිතාව සහිත වන්නේය, උඩවජ්යසහිත වන්නේය, අහිතය සහිත වන්නේය, අනොතප්පය සහිත වන්නේය, 46

විචිකිච්ඡාව සහිතවන්නේය, මාතසර්යනය සහිතවන්නේය, කුකුච්ඡාව සහිත වන්නේය, මේ ආදී අනිකුත් චිත්ත චෛතසික ධර්මහ සහිත වන්නේය, නැවතද සත්යාඅලංකාරය, මේ කාමලෝකයෙහිවූ දිව්ය මනුෂ්යන ප්රෙේත තිරිසන් තිරිසන් ආදීන්ට ඇත්තාවූ ක්ලේශයන් සහ ඔවුන්ට ඇත්තාවූ චිත්ත චෛතසික ධර්මියන් ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඇත්තේය, ඒ දෙවියන්වහන්සේට ඇත්තාවූ ක්ලේශාදීන් සහ චිත්තචෛතසික ධර්ම්වල් මනුෂ්යට තිරිසන් ප්රෙටත තිරිසන් ආදීන්ට ඇත්තේය, එබැවින් ඒ දෙවියන්වහන්සේද මනුෂ්ය් තිරිසන් තිරිසන් ආදී සත්වව සංඛ්යාෂවට ගණන් කරන්නේය. එබැවින් ඒ දෙවියන් වහන්සේ මනුෂ්යි තිරිසන් ප්රේසතාදීන් හා සමවන්නේය. ඒ මනුෂ්යෂ තිරිසන් ප්රෙපතාදීන්ට වඩා අමුතු උදාරතර ගුණයක් ඒ තාගේ ‍මහොත්තම දෙවියන්වහන්සේ කෙරෙහි නැත්තේය, මනුෂ්ය තිරිසන් ප්රේොතාදීන්ගේ ගණනට එක්කොට ගණන්කරණු ලබන්නාවූ ඒ දෙවියන්වහන්සේත් මහ දුක්රාශියක් අනුභවකරන්නේයයි සත්යානලංකාරය, මම තොපට කියමි එබැවින් සත්යාකලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන් වහන්සේ බොහෝ දුක් විඳින සත්වේයෙක, බොහෝ දුක් අනුභවකරණ සත්වවයෙක, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ කිසිසෙත් දුකින්මිදී නැත්තේය. එබැවින් ඒ දෙවියන්වහන්සේ දුක දැරීමට භාජනයක් වැන්න, දුක හෑරීමට යුවලක් වැන්න, දුක ගොඩකෙරීමට උදැල්ලක් වැන්න, තවද සත්යා්ලංකාරය තාගේ දෙවියන්වීහන්සේ ‍ක්ලේශ කුණුගොඩෙහිම ඉඳගණ ඒවායේ දුර්ගකන්ධවය විඳිමින් ඒ ක්ලේශ කුණපයන්ම අනුභව කරමින් ඒ දෙවියන්වහන්සේ විඳින දුක්ඛ රාසිය මෙපමණයයි කියා දක්වන්නෙම්නම් උපමා දහසකින් උපමා ලක්ෂ යකින්වත් ඒ දුක්ඛයකියා නිමකරන්නට නොහැකි වන්නේය, තවත් වර්ණණනා කරන්ට බොහෝ ඉතිරිව ඇතිවන්නේය, තවද සත්යාවලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ දුක් විඳින්නේද සැපවිඳින්නේද කියා දැනගන්නා කැමැත්තේනම් පළමු කොට දුක කියන්නේ මොකද, සැපකියන්නේ මොකද, දුක තියෙන්නේ කොතනද, සැප තියෙන්නේ කොතනද, දුක විඳින්ට හේතු අය කවුද, සැප විඳින්ට හේතු අය කවුද කියා යොනිසොමනස්කාරයෙන් බලා දැනගත යුත්තේය. එබැවින් සත්යාොලංකාරය, ඒ ඝෞරවූ විද්යේමානවූ දුක්ඛයා ගැණ වචන මාත්ර යක් මම කියන්නෙමි, එම්බා සත්යාෞලංකාරය, නාම රූප


47

වශයෙන් හෝ තනිකරම නාම වශයෙන් හෝ විද්යලමාන යම් සජීවක සත්වනකෙනෙක් තමන්ගේ හිතට විරුද්ධව හෝ අවිරුද්ධව හෝ ඒ තමන්ගේ ස්කන්ධක ධර්ම යන් චලිත කරමින් කම්පාකරමින් යමක් විඳින්නේද මේතෙම දුකවන්නේය. ඉදින් සත්යා්ලංකාරය, මෙය ලුහුඩින් කියන්නෙම්නම් විඳින යම් දෙයක් ඇද්දය මේ තෙම දුකවන්නේය, නොවිඳින යම් දෙයක් ඇද්ද මේ තෙම දුක නොවන්නේය. ඉදින් දුක නොවන්නේනම් ඒ තෙම සැපවන්නේය. තවද සත්යානලංකාරය, මේ ලෝවැසිතෙම දුක් සැප දෙකක් ඇත්තේය කියා සම්මත කරන්නේවීනමුත් පරමාර්ථව වසයෙන් දුකකියා එකකුත් සැපකියා එකකුත් දෙකක් මේ ලෝකයෙහි හෝ වෙන මොන තැනක හෝ නැත්තේය. මේ ලෝකයේ විද්යනමාන වශයෙන් ඇත්තේ දුක පමණෙක. සැප කියනනේ දුක නැතිකමය, එසේහෙයින් සත්යාතලංකාරය, මේ ලොකේ ඇත්තේ දුක ඇතිකමත් දුක නැතිකමත් පමණෙක, එබැවින් සත්යාකලංකාරය, යමෙක් යමක් විඳීනම් මේ තෙ‍ම දුක වන්නේය. යමෙක් යමක් නොවිඳීනම් මේතෙම සැපවන්නේය, ඊට උපමාවක් දක්වන්නෙමි, එනම් සත්යාමලංකාරය, මේ ලෝකේ උෂ්ණය කියා එකකුත් ශීතකියා එකකුත් මෙසේ ශීතොෂණ කියා දෙකක් ඇත්තේයයි ලෝකයා සම්මතකර කියන්නේවීනමුත් පරමාර්ථෙ වශයෙන් ඇත්තේ උෂ්ණය පමණෙක, ශීතකියන්නේ උෂ්ණ නැතිකමය. එසේහෙයින් සත්යාෙලංකාරය, මේ ලෝකයේ ඇත්තේ උෂ්ණ ඇතිකමත් උෂ්ණ නැති කමත් පමණෙක, එබැවින් සත්යා ලංකාරය, ‍යමෙක් යමක් විඳිනම් මේතෙම ශීතවන්නේය. එයාකාරයෙන්ම සත්යාේලංකාරය, මේ ලෝකයේ දුකසැප කියා දෙකක් නැත්තේය. ඇත්තේ විද්යඋමානවූ දුක පමණෙක, සැපකියන්නේ දුක නැතිකමය, ශීත අවිද්යලමාන දෙයක් වන්නාක්මෙන් සැපත් අවිද්යනමානදෙයක්ය. උෂ්ණය විද්යනමානදෙයක් වන්නාක්මෙන් දුකක් විද්ය මාන දෙයක්වෙයි උෂ්ණය සැමතැනම සෑම දේවලම ඇත්තේය, අසවල්තැන උෂ්ණය නැත්තේය කියා පෙන්වන්නට තැනක් මේ භවත්රඅයේ නැත්තේය, මිදුන ‍දියෙහි පවා උෂ්ණය තරමකට ඇත්තේය. එයාකාරයෙන්ම දුක සෑම තැනම සෑම අයින් අතරම ඇත්තේය, අසවල්තැන අසවල් සත්ව යා දුක් නොවිඳින්නේය කියා පෙන්වන්නට සත්වසයෙන් මේ භවත්රායෙහි නැන්තේය. එම්බා සත්යානලංකාරය, මේ දුකවනාහි සැම වේලේම සෑමතැනම සෑම අයින් අතරම ඇත්තේය. ඒ දුක 48

වනාහී සියලුම දිව්යඅබ්රයහ්ම මනුෂ්යන තිරිසන් තිරිසන් ආදීන් මැඩපවත්වන්නේය. ඒ දුක්ඛයාගේ ආඥාචක්රුය සියලු අයින් අතරේම පැතිර පවත්නේය. මේ දෙවියාය මේ බ්රමහ්මයාය මේ රජාය, මේ හිඟන්නාය කියා හෝ මේ ‍දවල්ය මේ රෑය මේ අව්වය මේ වැස්සය කියා ඒ දුක්ඛයාට කිසි විභාගයක් නැත්තේය. තවද සත්යාවලංකාරය, මහා බල ඇති වීරපුරුෂයෙක් එක්ලක්ෂ අට සැට දහසක් යොදුන් උස ඇත්තාවූ දසදහසක් යොදුන්වට ඇත්තාවූ මහාමෙරු පර්වසතය තනිඅතින් ඔසවාගෙණ ඊට සෑහෙන ගලක් මත්තේ ඒ වීරපුරුෂයාගේ මුලු ශක්තියෙන් අඹරන්නේනම් ඒ මැදට අසුවුනු කූඹි‍යා යම්සේද ඔහුගේ ඇඹරීයෑම සුණුවිසුණුව යාම යම්සේද ඔහුට වන්නාවූ දුක යම්සේද එමෙන්ම දුකනැමති ඇඹරුම්ගල කර්මදය නමැති වීරපුරුෂයා විසින් ගෙන ජාතිය නැමති දාගලෙහි දමා සකල ප්රා‍ණින් මිරිකනකල්හි අඹරන කල්හි යටකී කූඹියාට වඩා බලයක් තාගේ මහොත්තම දෙවියන්ට මෙතනදී පාන්ට බැරිය, දුක්ඛරාජයා විසින් ඒ තාගේ ‍මහොත්තම දෙවියන් වහන්සේ ජාතිය නැමති ගලෙහිලා අඹරණුලබන කල්හි යටකී කූඹියාමෙන් කිසිකථාවක් නොකර සියල්ලම ඉවසන්නේය. ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ දුක්ඛරාජයාට ඉතාම කීකරුව ඉතාම යටහත්ව ඒ දුක්ඛරාජයා යමක් කරන්නේද කියන්නේද ඒ සියල්ලම කිසි කථාවක් නොකොට ඉවසන හැටිත් ඉවසූහැටිත් මේ මහා බයිබල සූත්රා න්ත ධර්මතදේශනාවෙන් පැහැදිලිව තේරුම්යාය. හේකෙසේදයත් සත්යාාලංකාරය, මා විසින් සත්යිසම්මුති වශයෙන් දේශනාකරණලද මේමහාබයිබල සූත්රාමන්ත ධර්මිදේශනාවේ උත්පත්තිනම් පොතේ හවෙනි පරිච්ඡේදයේ සවෙනි සත්වෙනි පදවල දෙවියන්වහන්සේ පො‍ළවේ මනුෂ්යේයා මැව් බැවින් තැවුනුසේක, උන්වහන්සේගේ හෘදයෙහි දුක්වූසේක, සොඩම් සහ ගොමෝරානාස්ති කිරීමේදී දෙවියන්වහනසේ අධික ක්රොේධයකට පැමිණ හෘදයෙහි දුක්වූසේක. තවද මේ මහා බයිබල සූත්රා්න්ත ධර්ම දේශනාවේ නික්මයාමනම් පොතේ ආරොන්ගේ කියමනේ ප්ර්කාර ඊශ්රා ලිතයින් රන්වස්සෙක් සාදා එයට වන්දනමානනාදිය ‍කරණවා දෙවියන්වහන්සේට පෙනී මොසෙස්ට අඬගසා ඊශ්රාසලිතයින් විනාස්කරණලෙස මාගේ ක්රොේධය ඔවුන්ට විරුද්ධව දිලිසෙන්ට අවකාසදෙව කියා ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ කීවේය. තවද සත්යාකලංකාරය, මෙම සූත්ර්යේ සියදහස්වාරයේ දෙවියන්ගේ හිතට බොහෝ දුක් වූයේය කියාද, දුකින් බොහෝ පීඩිතවූයේය කියාද, ඉතාමත් තදලෙස හිතට දුක්වූයේය කියාද ඇත්තේය. මෙයින් සම්පූර්ණේ 49 යෙන් පෙණීයන්නේ දුක්ඛරාජයා තාගේ මහොත්තම දෙවියන් වහන්සේට අච්චුකරන්ට දඬුවම් පනවන්ට පුලුවන් කෙනෙක් බවත් එයාකාරයෙන්ම ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ ‍දුක්ඛරාජයා නිරන්තරයෙන්ම හිංසාපීඩාදි දඬුවම් කරණ බවත් ඒ කරන්නාවූ දඬුවම් ඒ දෙවියන්වහන්සේ කිසි කතාවක් නොකොට කීකරුව ඉවසන බවත් ඒ දුක්ඛරාජයා ඒ දෙවියන්ට වඩා ශතසහශ්රී වාරයෙන් බලයෙන් බලතර කෙනෙක් බවත්ය. තවද සත්යා්ලංකාරය, ඒ දුක්ඛරාජයා බොහෝ බල සම්පන්න කෙනෙක, බලයෙන්ද තේජසින්ද කෙලපැමිණියේය. ඒ දුක්ඛරාජයාගෙන් අච්චු නොලබන්නාවූ දඬුවම් නොලබන්නාවූ සජීවක සත්වඛයෙක් කිසිතැනක නැත්තේය. තවද සත්යසලංකාරය, මේ මාගේ ප්රවනීතවූ උතුම්වූ ධර්මතයට විරුද්ධව කථාකරමින් සමහර දුෂ්ට චණ්ඩපරුෂ මනුෂ්යායො මෙසේ කියති. එනම් මේ ලෝකයේ සැප දුක කියා දෙකක් නැත්තේය. ඇත්තේ සැප පමණෙක දුක කියන්නේ සැප නැතිකමය, මේ ලෝකේ ඇත්තේ සැප ඇතිකමත් සැපනැතිකමත් පමණෙක කියාය, මේ කියමන මාගේ කියමනමෙන් ස්ථිර නොවන්නේය, බල නොපිහිටන්නේය, මදකින් ලිහීයන්නේය, මේ ගැණ සත්යා,ලංකාරය, ‍මම අතීත මුල්‍ෙකලවර බලායන් නෙම් මේ භවයෙහි දිව්යතලෝක බ්රිහමලොක මනුෂ්යකලොක ආදියද නක්ෂ ත්රතග්ර හ තාරකාවන්ද චන්ර්්ය සූර්යමයාදියද නැතිකල්හි මේ ලොකේ කිසිම දෙයක් නැත්තේය. එසේ කිසිමදෙයක් නැතිකල්හි සූර්ය්යයා නැත්තේය. සූර්ය යයා නැතිකල්හි උෂ්ණය නැත්තේය, උෂ්ණය නැතිකල්හි ශීත ඇත්තේය. එසේකල සත්යාදලංකාරය, උෂ්ණය වනාහි ය‍ම‍කගේ අනුසාරයෙන් පහලවුනු ‍විද්ය්මාන දෙයක්ය, ශීතවනාහි කිසිවකගේ අනුසාරයක් නැතුව පැතිර සිටියාවූ අවිද්යංමාන දෙයක්ය. මෙසේ සත්යාඅලංකාරය, පරමාර්ථදවශයෙන් මේ ලෝකේ ශීතොෂණකියා දෙකක් නැත්තේය. මේ ආකාරයෙන් ඇත්තේ උෂ්ණය පමණෙක, ශීත කියන්නේ උෂ්ණ නැතිකමය. එයාකාරයෙන්ම සත්යාාලංකාරය මේ ලෝකේ දිව්යැබ්ර.හ්ම මනුෂ්යැ තිරිසන් ප්රේසත තිරිසන් ආදී මොනයම් සවිඤ්ඤාණක සචේතනික සත්වසයෙක්වත් නැති කල්හි දුක්විඳින්ට කිසි සත්වසයෙක් නැත්තේය. දුක්විඳින්ට කිසි සත්වනයෙක් නැතිකල්හි කිසිවෙක් දුක් නොවිඳින කල්හි දුක කියා දෙයක් ලොකේ නොතිබුනේය. ඉදින් දිව්ය්බ්ර්හ්ම මනුෂ්යි ආදී සචේතනික සවිඤ්ඤාණක ප්රාතණීන්වූයේනම් ඔවුන් දුක් විඳින්නේය. ඒ දිව්යිබ්රකහ්ම මනුෂ්යායදීන් දුක් විඳින්නේනම්


50

එකල්හි දුක උපන්නාවේ. එසේ හෙයින් සත්යානලංකාරය, දුක වනාහි යම් සත්වහයෙකුගේ අනුසාරයෙන් උපන්නාවූ විද්ය්මාන දෙයක්ය. ඒ දුක උපදින්නට පූර්වෙයෙන් දුක නොතිබුනේය. දුක නොතිබීම දුකනැතිකම වන්නේය. දුක නැතිකම සැපවත්නේය, එසේහෙයින් සත්යානලංකාරය, දුකනැතිකම හෙවත් සැප කිසිදෙයක අනුසාරයකින් නුවූ අවිද්යඑමාන දෙයක්ය. සත්යාෙලංකාරය, පරමාර්ථනවශයෙන් මේ ලෝකේ දුක්සැපකියා දෙකක් නැත්තේය. ඇත්තේ දුක පමණෙක, සැපකියන්නේ දුකනැතිකමය. මෙසේ මේ ලෝකේ ඇත්තේ දුක ඇතිකමත් දුකනැති කමත් පමණෙක, මෙසේ මෙලෝ ඇත්තේ සැප පමණෙක, දුක කියන්නේ සැප නැතිකමය කියා ස්ථිරකරන්නට වෑයම් කරන ‍යම් කපටි ඡණ්ඩ පරුෂ මනුෂ්යකයින්නේ ලාමක කියමන මෙපමණකින් ලිහියාය. ඔවුන්නේ කියමන බොරුවන්නේය, මෙසේ සත්යාිලංකාරය, දුක කියන්නේ මොකද සැපකියන්නේ මොකදකියා සං‍ෙක්ෂ පයෙන් පෙන්නාදුනිමි. නැවතද දුක ඇත්තේ කොතනද සැප ඇත්තේ කොතනද දුකවිඳින්ට හේතු අය කවුද සැපවිඳින්ට හේතුඅය කවුද කියා ඒගැණ වචන මාත්රටයක් දක්වන්නෙමි. ‍සත්යා ලංකාරය, දුක්විඳින්ට හේතු අය කව්ද සැපවිඳින්ට හේතු අය කවුද කියා සොයා දැනගන්නා කැමැත්තෙන් මේ ක්රිතයා පදය විමසා බැලියමනාවූ එකක්මය “දුක්විඳින්නේය” කීතැන විඳින්නේ යන ක්රිඑයාපදය වේදනා යන්නෙන් බිඳී ආවේය. වේදනා යනු සත්වවයාගේ පංචස්කන්ධයයෙන් එක්ස්කන්ධියක් වන්නේය. ඉදින් වේදනාස්කන්ධිය නැත්තේනම් ඒ තැනැත්තේ දුක් නොවිඳින්නේය, වේදනාස්කන්ධ්ය ඇති සත්ව්යාම දුක් විඳින්නේ‍ය. එම්බා සත්යාිලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට වනාහී රූපස්කන්‍ේයයක් ඇත්තේය, වේදනාස්කන්ධ යක් ඇත්තේය, සඤ්ඤාස්කන්ධයක් ඇත්තේය, සංස්කාරස්කන්ධදයක් ඇත්තේය, විඤ්ඤාණස්කන්ධේයක් ඇත්තේය. එහි රූපසකන්ධ‍නම් කවරේද යම්කිසි අතීතවූ රූපයක් ඇද්ද අනාගතවූ රූපයක් ඇද්ද ප්රනත්යුහත්පන්න රූපයක් ඇද්ද අධ්යායත්මිකවූ රූපයක් ඇද්ද, බාහිරවූ රූපයක් ඇද්ද, ඕලාරිකවූ රූපයක් ඇද්ද, සියුම්වූ රූපයක් ඇද්ද, හීනවූ රූපයක් ඇද්ද, ප්රූනීතවූ රූපයක් ඇද්ද, දුරවූරූපයක් ඇද්ද, සමීපවූ රූපයක් ඇද්ද යනමේ එකෙලොස් තන්හි සිටි ඒ රූපය එක රාසිකොට එකට බහාලමින් මේ රූපස්කන්ධනයයි කියනු ලැබේ. දෙවියන්ගේ රූපස්කන්ධකය මනුෂ්යසයාගේ රූපස්කන්ධනය මෙන් බාහිර හෙවත් අති සියුම් විනිවිද පෙණෙන ධාතුවකින් සෑදී 51

තිබෙන රූපයක් වන්නේය. මේ එකොලොස් වැදෑරුම්වූ රූප කොට්ඨාස ධර්මනයේ ඒ තාගේ මහොත්තම දෙවියන්ගේ රූපයට අති සියුම්වූ රූපයයි කීවෙමි. නින්නභාවය බාරභාවය පුරුදු භාවය සමග හැසුණුභාවය යන සතර භාවයෙන් දැකීම් ඇසීම් ආදී අරූපික ධර්මරයන් පුරුදුකරගන්නාබැවින් කොපමණ සිහින්වූවත් රූපයකමුත් අරූපයක මේ ධර්මරයන් පිහිටන්නට බැරිය, එබැවින් තාගේ මහොත්තම දෙවියන්වහන්සේට කොපමණ සියුම් නමුත් රූපයක් තියෙන්නට ඕනෑය. ඒ තාගේ මහොත්තම දෙවියන්ට මනුෂ්ය්යාට මෙන් රූපස්කන්ධ යක් නොව සිහින් රූපයක් ඇත්තේය. ඒ රූපය අනිකෙක මනුෂ්යනයාගේ පවතින රූපස්කන්ධූය අනිකෙක. රූපයන්ගේ පරිභෙද ස්වභාවවූ අනිච්චතාව දැයි යනමේ විසිඅට වැදෑරුම් වූ රූපයෝ “රුප් පතා”ර්ථගයෙන් රූපනම් වෙති. “නීරාසි” අර්ථ”යෙන් රූපස්කන්ධරනම්වෙති තවද සත්යාඅලංකාරය, එම එකොලොස්තන්හි සිටියාවූ රූපයට ඉෂ්ටාලම්බනයෙක්වීනම් සැපවේදනාවෙයි. අනිෂ්ටාලම්බනයෙක්වීනම් දුක්ඛවේදනාවෙයි මධ්ය ථාරමුනෙක්වී නම් සැපවේදනාවෙයි, උපෙක්ෂා වේදනාවෙයි, නොහොත් මනාපරූපය දැක දුක්ඛවේදනා උපදී, ප්රිලයාප්රිෂය විරහිතවූ භූමිපර්ව්ත කැට කැබලිතියෙදි මධ්යදස්ථ රූප දැක උපෙක්ෂා‍ වේදනා උපදී, මේ සෙයින් මනාප ශබ්දය අසා සැපවේදනා උපදී. අමනාප ශබ්දය අසා දුක්ඛවේදනාඋපදී මනාප අමනාප විරහිතවූ ශබ්දය අසා උපෙක්ෂාදවේදනා උපදී. මනාපගන්ධ ය අඝ්රාකණය කොට සැපවේදනා උපදී, අමනාපගන්ධා ආඝ්රාාණයකොට දුක්ඛ වේදනා උපදී. මනාප අමනාප විරහිතගන්ධය ආඝ්රාමණයකොට උපේක්ෂාාවේදනා උපදී, මනාපරසවලඳා සැපවේදනාව උපදී, අමනාපරසවලඳා‍, දුක්ඛවේදනා උපදී මනාප අමනාප විරහිත රසවලඳා උපෙක්ෂාය වේදනා උපදී. මනාප වස්තුස්පර්ශමය කිරීමෙන් සැපවේදනා උපදී. අමනාපවස්තු ස්පර්ශප කිරීමෙන් දුක්ඛවේදනා උපදී. මනාප අමනාප විරහිත වස්තු ස්පර්ශ යකිරීමෙන් උපෙක්ෂා වේදනා උපදී. මනාප‍දෙය සිතීමෙන් සැපවේදනා උපදී. අමනාපදෙය සිතීමෙන් දුක්ඛවේදනා උපදී මනාප අමනාප විරහිතදෙය සිතීමෙන් උපෙක්ෂාදවේදනා උපදී, මෙසේ නානා විස්තාරයටගියාවූ චක්ෂුාරාදි සදො‍රින් උපදනා වේදනාව වේදනාස්කන්ධෙනම් වෙයි. තවද සත්යාෂලංකාරය, කාල‍ප්රනස්ථා ස්වාමීපදුර යනමේ සතර ආකාරයෙන් සැප දුක වන්නේය. දුක සැප වන්නේය, එක කාලයකදී එක ප්රදස්තාවදකී එක තැනකදී සැපමෙන් පෙනීයන සැපමෙන් විඳීමක් ඇති වේදනාව අතින්

52

කාලයකදී ඝොරවූ දුකමෙන් පෙනේය. ඊට උපමාවක්නම් ශීතල ඇති යම් උදෑසනක ගිනිතැපීම සැපෙක, එම ශීතල ඇති මනුෂ්ය යාට එමදාම දවල් ඉරමුදුන් වේලේ එම ගින්දරම තැපීම දුකවන්නේය. තවද සත්යාඉලංකාරය, ආහාරගැණීම සත්වලයාට ලොකු සැපතෙක හෙවත් සම්පූර්ණ‍යෙන්ම බඩපුරා ආහාර අනුභවකරමින් පැත්ත වැටී ඉන්න මනුෂ්ය්යෙක් අල්ලා ඒ මනුෂ්යායාට එපමණ ආහාරයන් ඒ බඩපිරී ඉන්න වේලාවට බලයෙන් කැව්වොත් ඒ ආහාරයන් කෑම ඒ මනුෂ්යඑයාට මහත් දුකෙක, දියරපීමත් මෙයාකාරම සැලකිය යුත්තේය. මෙසේ එක කාලයක එක ප්ර ස්ථාවක සැප ගෙණදෙන දෙයම අනිත් කාලයක අනිත් ප්රයස්ථාවක එම මනුෂ්යෙයාට දුක වන්නේය. චක්ෂුේ ශ්රොකතඝාණ ජිව්හාකය මනො යනාදියට දැකුම් ඇසුම් ආඝ්රාෂණරසස්වාද ස්පර්ශේ ධර්මකචිත්තාවන් ආදී වශයෙන් යහපත් දර්ශ්නාදියක් පැමිණි කල්හි එය දුරස්තරවීමෙන් හෙවත් එය නොපෙණී යාමෙන් අයහපත් දර්ශැනාදියක් දුරස්තරව තිබී ස්වමිපවීමෙන්ද දුකවන්නේය. මෙසේ එක තැනක සැපමෙන් පෙණෙන දෙයම අනික් තැනකදී දුක්මෙන් පවතිනකාල ප්රේස්ථානුදුර දුරයන සතර ආකාරයෙන් වෙන්වීම වේදනාස්කන්ධවනම් වෙයි. තවද සත්යාසලංකාරය, ඇසින් දුටු නීලපීතාදි රූපයන් වෙන්වෙන්ව අසවල් රූපය යනාදි වශයෙන් වෙන්වෙන්කොට හැඳිනීමය, කයින් ස්පර්ශදය කොට ‍මේ රලුය මේ සෙවෙනිය මේ සිනිඳුය මේ ගොරෝසුය යනාදි වශයෙන් තේරුම්කොට හැඳිනීමය, මනසින් ධර්මනයන් චින්තනයකොට මේ අසවල් ධර්මමය මේ අසවල් ධර්මෝය මේ යහපත් මේ අයහපත් ධර්මනයන්ය යනාදි වශයෙන් වෙන් වෙන්කොට හැඳිනීමය ‍යනමේ ෂට්විධවූ සංඥාව සංඥාස්කන්ධ්ය නම්වේ. 1 තවද සත්යාාලංකාරය, ප්රආථමකොට උදෑසන්හි භක්ති ආදියෙහි පැතිර වැද ස්පර්ශුවන අව්රස්මියක්සේ ප්රංථම කොට චක්ෂු ශ්රොරතඝාණ ජිව්හාකාය මනෝයනාදීන් රූපශබ්ද ගන්ධරරස ස්පර්ශර ධර්මුචින්තාවන් හැඳින ඒ ඒ අරමුනු අඳුනන ආකාරයෙන් පවත්නාවූ සංඥාවද, 2 ගොවියෙකු තමන් යහලුවන් පනස් ‍පස්දෙනෙකු සමග සිසෑම් ගොයම් කැපීම් ආදියකට තමන් කුඹුරට ගියේ සෙසු පනස්පස් දෙනාට වඩා ඕනෑකමින් මහත් උත්සාහයෙන් යෙදී ඒ ඒ කටයුතු කෙරේද ඒ පරිද්දෙන් සෙසු පනස්පස් ධර්මයයන්ට වඩා මහත් උත්සාහවත් ලක්ෂදණ


53 යෙන් යුක්තව ඒ සියලු ධර්මනයන් විසිරයානොදී ආරම්මනයෙහි හසුරුවන්නාවූ චේතනාවද 3 අජානිය අශ්වයන් මෙහෙයන්නාවූ සාරර්ථනයක්මෙන් සහජාත ධර්මධයන් ආලම්බනාභිමුඛකොට මෙහෙයන්නාවූ මනස්කාරයන්ද, 4 උත්පලාදීන්ට ජල‍යමෙන් සහ ජාත අරූප ධර්මව පරිපාලනයෙහි අධිප්ර4ත්යාාකරණ ආයුසංඛ්යානත ජීවිතේන්රිධර යද, 5 යුධ මණ්ඩලයකට මහානරෙන්ර්ල යෙකු පිරිවරාගණගිය සෙනගක් ඒ මහා රජ්ජුරුවන්වහන්සේ වැඩිය වැඩිය තැනකටම යෙද්දී ඒ සියලු සෙනග එකරාසිකිරීමට ප්රනධානවූ නරෙන්ර්කට යන්සේ සේසාදී සෙසු සියලු ධර්මයයන් විසිරයානෙදී එක් ආරම්මනයක සම්පින්ඩනයකරණ චිත්තේකා‍ග්ර්තාවද, 6 ඝණ්ඨාරයෙහි ප්රාථමකොටම වදින පහරක් මෙන් අරමුනට ප්රීථමකොට චිත්තය නැගීම ලක්ෂ ණකොට ඇති චිතර්ක්යද, 7 ඒ පහරින් නැන්ගාවූ රාවය ඝණ්ඨාරයෙහි පවත්නාසේ වී තර්කෂයෙන් අරමුනට නැගුනු චිත්තයාගේ නැවත නැවත පවත්නාවූ ලක්ෂකණ ස්වභාවවූ විචාරයද, 8 සියලු කටයුතු කෘත්යඇයෙහි පසුබට නොවන යොධභට‍යකුගේ හැම ක්රිවයායෙහි උත්සාහවත් ලක්ෂතණවූ වීර්ය්න ද, 9 පැන් නැති ග්රීවෂ්ම කාලයෙහි කාන්තාර මාර්ග්යෙහි පිපාසයෙන් මිරිකීයන පුරුෂයෙක්හට පස්පියුමෙන් ගැවසුනු සිහිල් පැන් පොකුණක් දැක උපදනා චිත්ත පිනවීමසේ ඉෂ්ටාරම්මනයෙහි උපදනා චිත්ත ප්රීදතියද, 10 ආරම්මන ග්රතහනයෙහි සිතින් අත දිගුකරන්නාක්මෙන් කෘත්යනකම්යානතායයි ලක්ෂගණවූ ඡන්දතයද, 11 නිශ්චලවූ ඉන්ර්ාන කීලයක්මෙන් අරමුනෙහි සන්තිෂ්ඨාන ලක්ෂයණවූ අධිමොකඛයද, 12 චක්ර1වර්තිති චතුරංගිනි සේනාගමනින් කැලඹීගිය මඩජලයක් ප්රොශන්නකරණලද ප්රරශාද මානික්යඹරතනයක් මෙන් ලොභාදි චිත්ත ක්ලේශයන් පහදවන ලක්ෂංණවූ ශ්රිද්ධාවද, 13 මහරජක්හට කළමනා නොකළමනා සියලුම කටයුතු සඳහන්කරවන විශ්වාස අමාපත්යනයකුසේ අකුසල ධර්ම්යන් හරිනසේ කුසල ධර්ම යන් කරණසේ සිහිකරණ ලක්ෂුණවූ සමෘතියද, 14 අකුසල ක්රිලයාවෙහි ලජ්ජා ස්වභාවවූ හරියද, 15 අකුසල ක්රි යාවේ භය ස්වභාවවූ ඔත්තප්පයද, 16 පියුම් පත්රලයෙක්හි ජනිත ජලබින්දුිවක් සේ දුටු ඇසූ කිසි අරමුනෙක ඇලීම නොකරන්නාවූ අලොභයද, 17 අනුකූල මිත්රියෙකුසේ අවිරුධ ස්වභාවවූ අවිරුද්ධ ස්වභාවද, 18 අන්ධ‍කාරයෙහි රූපයන් ප්රරකාශකරණ ප්රසදීපයක් සේ අවිද්යාරන්ධ8කාරය විධමනයකොට සියලු හොඳ නොහොඳ ප්රශකාශකරණ ලක්ෂයණවූ ප්ර‍ඥාවද, 19 සම්ප්රූයුත්ත චෛතසික ධර්මොයන් ස්වකීය ස්වකීය කෘත්ය‍යෙහි සම්ප්රරවර්තියට හේතු වූ


54

තත්රිමධ්ය්ස්ථතාවද, 20 වේදනා සංඥා සංස්කාර යන ස්කන්ධුත්ර්යාගේ ද රථයයි කියනලද උධත්යාශදි ක්ලේශයන් සංහිඳුවන කාය ප්රෙශ්රඥධියද, 21 විඤ්ඤාණස්කන්ධඋයගේද රථයයි කියනලද උධත්යානදි ක්ලේශයන් සංහිඳුවන චිත්තප්රයශ්රයධියද, 22 වේදනාදි ස්කන්ධසත්ර2යාගේ දානසීලාදි පුණ්යැ කර්මඳයෙහි අයොග්යරතායයි කියනලද කමච්ඡන්දාදි ‍ක්ලේශයන් සන්හිඳුවන කායලහුතාවද, 23 විඤ්ඤාණස්කන්ධ යාගේ ගරුභාවයයි කියනලද ථිනමිඩාදි ක්ලේශයන් සංහිඳුවන චිත්තලහුතාවද, 24 වේදනාදි ස්කන්ධත්රකයාගේ තබ්ධිභාවයයි කියනලද දෘෂ්ටිමානාදීන් සංහිඳුවන කාය මෘදුතාවයද, 25 විඤ්ඤාණස්කන්‍ධයාගේ තබ්ධභාවයයි කියනලද දෘෂ්ටිමානාදීන් සංහිඳුවන චිත්තමෘදුත්වියද, 26 වේදනාදි ස්කන්ධ ත්රායාගේ දානසීලාදි පුණ්යනකර්මකයෙහි අයොග්ය තායයි කියනලද කාමච්ඡන්දාදී ක්ලේශයන් සංහිඳුවන කාය ‍කර්ම‍න්ය‍ තාවද, 27 විඤ්ඤාණස්කන්ධකයාගේ දානසීලාදි පුණ්යුකර්මකයෙහි අයොග්යවතායයි කියනලද කාමච්ඡන්දාදීන් සංහිඳුවන චිත්තකර්ම්න්ය‍තාවද, 28 වේදනාදි ස්කන්ධත්ර යාගේ ගෙලඤ්ඤයතායි කියනලද අසසධි ආදීන් සංහිඳුවන චිත්තප්රරගුන්යගතාවද, 30 කාය ‍සංඛ්යා්තවූ වේදනා සංඥා සංස්කාරය යන සකන්ධපත්රරයාගේ කුටීලභාවකරවූ මායාසාඨෙය්යාහදි අකුසලයන් සංහිඳුවන කාය ඍජුත්වකයද, 31 විඤ්ඤාස්කන්ධයයාගේ වංක ස්වභාවයයි කියන ලද මායාසාඨෙය්යා‍දී අකුසල් සංහිඳුවන චිත්ත ඍජුත්ව්යද, 32 දුක්ඛිත සත්වසයන්ගේ දුක් පහකරණු කැමැත්තාවූ කරුණාවද, 33 ප‍රලාභසත්කාර කීර්ති ප්රුශංසායෙහි මෝදන ලක්ෂනණවූ මුදිතාවද, 34 බොල් සුල‍ගේ හැර වියක් රැස්කරණ ගොවියකුසේ මුසාවාදාදිය දුරුකොට වාක් සත්යා දිය පැවැත්වීම් ලක්ෂේණවූ සම්ය3ක් වචනයද, 35 අසූචි මලමුත්රාතදිය අතගාන ලදරුවෙකුසේ නොකොට කලමනා සාරවත් කටයුතුම කරණ ප්ර්ඥාවන්තයකුසේ යහපත් කායකර්මල ස්වභාවවූ සම්ය ක් කර්මාුන්තයද, 36 රත්රන් දවා පිරිසිදුකරණලද ස්වර්ණයකාරයකුසේ ‍ජීවිකාව පිරිසිදුකිරීම ලක්ෂ ණකොට ඇති සම්යික් ආජීවයද, 37 රූප ශබ්දාදියෙහි පන්චෙන්රිිරී යන්ගේ ඇලීම ලක්ෂයණකොට ඇති ලොභයද, 38 දණ්ඩෙන් ගැසූ නයෙකු කිපෙන්නාසේ කිපීම් ලක්ෂිණකොට ඇති වෙෂයද, 39 චතුස්තත්යලයන් දැක්කනොදෙන අවිද්යාො ලක්ෂවණකොට ඇති මොහයද, 40 මෙලොනැත පරලො නැත ඇත්ත නැත්තකර නැත්ත ඇත්තකර කියමින් යනාදිය ගන්නා අභූතලක්ෂඇණවූ මිථ්යා දෘෂ්ටියද, 41 සිත නොසන්හුන්බව ලක්ෂයණවූ උඩච්චයද, 42 ග්රාෂමසුකරයා

55

අසූවියට කැත නැත්තාසේ පාප ක්රිණයාවට ලජ්ජානැති ලක්ෂයණ වූ අහිරිකයද, 43 ප්රචදීපයට සලභයානොබව පනින්නාසේ පාප ක්රිසයාවට භයනැති ලක්ෂ ණවූ අනොතප්පයද, 44 ධර්ම සංඝ සික්ෂාස පූර්වානන්ත අපරාන්ත පූර්වා පරාන්ත ඉදප්පච්චයතා යනාදී ප්ර තිත්යාාසමුත්පන්න ධර්ම් යන අට තැන සැක සිතන්නාවූ විචිකිච්ඡාවද, 45 මම සියල්ලටම වැඩිතරමැයි කියා වරදවා සිතන්නාවූ මාන්යඡයද, 46 අනුන් කෙරෙහි කරණ ඊර්යාවරද වද, 47 තමාගේ සියලු ඓශ්චර්ය් රම වෙන කෙණෙකුන්ට නොවේවයි සිතන්නාවූ මාශ්චර්ය්ාවදද, 48 චිත්ත හැකිලීම් ලක්ෂ ණවූර්ථපනයද, 50 කාය කර්ම්න්යම ලක්ෂතණවූ මිද්ධයද යන මේ පනස් ධම්මයන් හා වේදනා සංඥා දි පනස් ධර්ම යේ සංස්කාරස්කන්ධ්නම්වේ. තවද සත්යා ලංකාරය, ඇ‍සෙහි උකුනු හිසක් ප්රයමාණවු අභිමුඛගත රූපයක් දක්නා චක්ෂුල ප්රූසාදයෙන් දුටු නීලපීතාදී වර්ණවයන් දැනගන්නා චක්ෂු් විඤ්ඤාණයද, ශ්රො‍තයෙහි සිහින් තඹ මුන්දක් ප්රුමාණවූ රොමයෙන් නොයෙක් ශබ්ද අසා දැන ගන්නාවූ ශ්රො‍ත විඤ්ඤාණයද, නාසිකාවෙහි එලුවන්ගේ පියවර සටහන් බදුවූ සූගඳ දුගඳ දැනෙන්නාවූ ඝාණ විඤ්ඤාණයද, දිවෙහි මහනෙල්මල් පෙත්තකට බඳුවූ සටහන් ඇති නොයෙක් රස විඳ දැනගන්නාවූ ජිව්හා විඤ්ඤාණයද, කයින් ලැබූ ස්පර්ශා දැනගන්නාවූ කාය විඤ්ඤාණයද, සිතු නොයෙක් සිතිවිලි දැනගන්නාවූ මනො විඤ්ඤාණයද යන මේ ෂට්විධවූ ඤාණයද, සතර අපායෙහි පිළිසිඳගන්නාවු හෙවත් දිව්යූ මනුෂ්ය ආත්මවල ඉපිද රාගාදී කෙලෙස් නැසීම පුලුවන්ව තිබෙද්දී එය සිතට නෙගෙණ රාගාදී කෙලෙස් මුහුකරවන්නාවූ අකුසල වීථාක අහෙතුක මනො විඤ්ඤාණ ධාතු චිත්තයද, මිනිස්ලොව ජාත්යයන්ධී, බධිර, උමතු, ගොලු, බිහිරි ආදි - සත්වවයින්ගේ පිළිසිඳ ගන්නාවූ කුසල විඵාක අහෙතුක මනොවිඤ්ඤාණ ධාතු චිත්තයද, දෙවියන්ගේ හා මිනිස්ලොව පින්වත් සත්වතයින්ගේ පිළිසිඳ ගැණීමට හෙවත් දිව්ය් මනුෂ්යා දි ආත්මවල ඉපිද රාගාදි කෙලෙස් මුහුකරවීමට හේතුවූ කාරණා තිබෙද්දී එය හිතට නොගෙණ රාගාදි කෙලෙස් මැඩපවත්වාගැණීමට හේතුවූ සහේතුක කාමාවචර විඵාක සිත් අටද, රූපි බ්රතහ්මලොකයෙහි පිළිසිඳ ගැණීමට හේතුවූ රූපාවචර විඵාක සිත් පහද, අරූපි බ්රහහ්ම ලොකයෙහි උපදවන අරූපාවචර විඵාක සිත් සතරද, ඉෂ්ටානුභව ලක්ෂබණකොට ඇති සොම්නස් සහගිය අනින්යාතදි ධර්මෂ ස්වභාව හැර නිත්යඇ සුඛ ස්වභාවාදි වශයෙන් විපරිතවූ මිථ්යාර දෘෂ්ටියෙන් යුක්ත වූ තමා විසින් හෝ අන්යනයන් විසින් හෝ

56

කරණලද පූර්වැයප්රෝයොග විරහිතසෙයින් අසංඛාරීවූ එක් අකුසල චිත්තයෙක, තමා විසින්හෝ අනුන් විසින්හෝ කරණලද පූර්වී ප්රචයොග සහිතවූ සෙයින් සසංඛාරිවූ එක් අකුසල චිත්තයෙක, සොම්නස් සහ ගියාවූ කාමයෙහි ආදීනව නොයෙක් නැතැයි යනාදීන් ගත් මිථ්යාෝදෘෂ්ටිය හා අමිශ්රිවූ අන්යොනතසහ සහිතවූ සිතින් කාමසෙවනාදිය හෝ දෘෂ්ට මංගලාදිය හෝ සාරයයි ගන්නාකල උපදනා සසංඛාරිකවු එක් අකුසල චිත්තයෙක; මධ්යාස්ථනුවූ භාවලක්ෂාණවූ උපෙක්ෂා් වේදනාව හා එකොතපාදාදීභාවයට ගියාවූ විපරිත මිථ්යා දෘෂ්ටියෙන් සම්ප්රායුක්තවූ එක් අසංඛාරික අකුසල චිත්තයෙක, එසේම සසංකාරවූ එක් අ‍කුසල චිත්තයෙක, උපෙක්ෂාක සහගතවු විපරිත මිථ්යාමදෘෂ්ටිය හා මිශ්රරනුවූ එක් අසංඛාරික අකුසල චිත්තයෙක යන මේ ලොභය සහගතවූ අකුසල චිත්තයින් අටදෙනද, අනිෂ්ටානුභව ලක්ෂ්ණවූ මානසික දුක්ඛ වේදනාව සහගතවූ චණ්ඩ ස්වභාවවූ අරමුණෙහි ගැටෙමින් උපදනා ප්රූතිඝයෙන් සම්ප්රගයුක්තවූ අසංඛාරිවූ එක් අකුසල චිත්තයෙක, එසේම දොම්නස් සහගතවූ ප්රමතිඝයෙන් සම්මිශ්රූවූ සසංඛාරිකවූ එක් අකුසල චිත්තයෙක, යන මේ වේෂ සහගත චිත්තයින් දෙදෙනද, උපෙක්ෂාඅ සහගියාවූ බුද්ධාදි අටතැන්හි ඇද්ද නැද්දෝහොයි උපදනා සංඝය ලක්ෂිණයෙන් විචිකිච්ඡාවෙන් සම්ප්ර යුක්තවූ එක් අකුසල චිත්තයෙක, ආලම්ඛනයෙහි නොසන්හුන්බවයයි කියනලද උද්ධච්චයහා එකොතපාදාදි ප්රෂකාරයෙන් යුක්තවූ එක් අකුසල චිත්යෙක යන මොහ මුහ්යක චිත්තයින් දෙදෙනද යන මෙකී දොළොස් අකුසල චිත්තයින්ද, උපෙක්ෂා වේදනාව හා එකොතපාදාදී භාවයට ගියාවූ රූප දර්ශතනයට කාරණවූ චක්ෂුෂ ප්රනසාදය ආශ්රීයකොට පවත්නාවූ චක්ෂුද විඤ්ඤාණයද, එසේම උපෙක්ෂා‍ සහගතවූ ශබ්ද ශ්රාවණයට හේතුවූ ශ්රොරත විඤ්ඤාණයද, ඝන්ධාෂ්රා්ණයට කාරණවූ ඝ්රාශණ ප්රොසාදය ආශ්ර්යකොට පවත්නා ඝාණ විඤ්ඤාණය ද, රසාස්වාදයට හේතුවූ ශ්රොබත විඤ්ඤාණයද, ඝන්ධාෂ්රා්ණයට කාරණවු ඝ්රාොණ ප්ර්සාදය ආශ්ර්යකොට පවත්නා ඝාණ විඤ්ඤාණය ද, රසාස්වාදයට හේතුවූ ජිව්හා ප්රරශාදය ආශ්රනයකොට පවත්නා ජිව්හා විඤ්ඤාණයද, එසේම කාය විඤ්ඤාණයද, උපෙක්ෂාඝ සහ ගියාවූ රූපාදින් තීරණයකරමින් උපදනා සන්නීරණ චිත්තය ද යන මේ අකුසල චිත්යන් ‍සදෙනද, උපෙක්ෂා සහගතවූ රූප දර්ශආනයට හේතුවූ චක්ෂු ප්ර්ශාදය ආශ්රතයකොට පවත්නාවූ චක්ෂුහ විඤ්ඤාණයද, එසේම ශ්රෝත විඤ්ඤාණයද, එසේම ඝාණ විඤ්ඤාණයද, ‍එසේම ජිව්හා විඤ්ඤාණයද, ඉෂ්ටවූ කාය චිත්ත සැප සහගතවූ කාය විඤ්ඤාණයද, උපේක්ෂාම සහගතවූ රූපාදි අරමුණු පිළිගන්නා වූ ‍සම්පටීවඡන්න චිත්තයද, එසේම පිළිගත්

57

රූපශබ්දාදි අරමුනු විමසන්නාවූ සන්තීරණ චිත්තයයි කියන ලද කුසල විඵාක අහෙතුක මනොවිඤ්ඤාණ ධාතුවද, සොම්නස්යාල සහගතවූ සැපවේදනා ඇති සන්තීරණ චිත්තයද, යන මේ අෂ්ටවිධවූ කුසලවිඵාක අහෙතුක චිත්තයින්ද, උපෙක්ෂාද සහගත චක්ෂුවරාදි පචවාරයෙහි වැදගත් රූපාදි අරමුණට චිත්තසන්තතීය යොමුකරණ පචවාර වර්ජණ චිත්තයද උපෙක්ෂාඅසහගතවූ මනොවාරයට හමුවූ රූපාදි අරමුණට චිත්තසන්තතිය යොමුකරණ මනොවාර වර්ජණ චිත්තයද, සොම්නස් සහගියාවූ අනොදාරික ආලබමනයෙහි රහතුන්ට සිනා උපදවන හසිතොතපාද චිත්තයද, යනමේ අහෙතුක ක්රිනයා සිත් තුනද; අකුසල විඵාක කුසල විඵාක ක්රිලයාහෙද වශයෙන් දැක්වූ මේ සමතිස් චිත්තයොද, නිර්මකලානිසංස දක්නා බැවින් හා විසුද්ධ ශුද්ධාදෘෂ්ටි ප්ර ත්යතය ප්රවතිග්රාිහකාදි සම්පත්තියෙන් මානසික සුඛවේදනාව හා එකොතපාදාදි භාවයෙන් සොම්නස් සහගතවූ නිරවද්යඛ ශිල්ප ග්රදහණ ධාරණ ක්ලේශයන්ගේ දුරිභාව ඉන්ද්රීනය පරිපාකයෙන්දැයි යනාදි කාරණයෙන් ඤාණය හා සම්ප්රවයුක්තවූ අනික් කෙණෙකුන් විසින් උත්සාහයක් නැතිව ස්වභාව තීක්ෂරණවූ සිතින්ම දානසීලාදි පින්කරණලද උපදනා අසංවාරිකවූ එක්කුසල චිත්තයෙක, සොම්නස් සහගතවූ ඤාණය හා සම්ප්රවයුක්තවූ දන්දෙව පින්කරව යනාදි අන්යොමනසාහ සහිත වූ සිතින් දානාදි පින්කරණලද උපදනා සසංඛාරික එක්කුසල චිත්තයෙක ඉෂ්ටානුභාව ලක්ෂකණ මානසික සුඛවේදනාදි කාරණයෙන් සොම්නස් සහගතවූ දෙමව්පියන්ගේ පුණ්යඛ ක්රිෙයා දර්ශතණයෙහි සංජාත පරිචය ඇති බාලදාරකයො භික්ෂුගන් දැක සොම්නස් උපදවා වහා දිවගොස් අතතුබූ කිසිවක් දෙද්දවඳිද්ද එකල ඔවුන්ට සොම්නස් සහගතවූ ඤාණ විප්ර්යුක්තවූ අසංඛාරිකවූ කුසල චිත්තයෙක් උප‍දනේය, විසුද්ධි ශ්රිද්ධාබුද්ධි සම්පන්න සත්පුරුෂ ජනයො ධාතුපෙති පෙලිම ආදිය දැක තමන් දරුවන් ලංකොට පුතඬ බුදුන් වඳුව පුදව යනාදීන් උත්සාහිතවූවාහු සතුටුව වඳිද්ද පුදද්ද එකල සොම්නස් සහගතවූ ඤාණ විප්රුයුක්තවූ සසංඛාරිකවූ එක් කුසල චිත්තයෙක් උපදනේය, උපෙක්ෂාතසහගතවූ ඤාණය හා අසම්මිශ්රරවූ අසංඛාරිකවූ එක් කුසල චිත්තයෙක, සසංඛාරික එක් කුසල චිත්තයෙක, බලවත් ශ්රයද්ධාය විසුද්ධා විසුද්ධ දෘෂ්ටිය යන ආනිසංස දර්ශ ණයද ප්ර,ත්ය්ය ප්ර්තිග්රාහක යන සොම්නස් ඉපදීමට හේතුවූ මේ සතර අර්ථස විකල්පයෙහිම සොම්නස් රහිතව සිත් ඇති වෙද්ද එකල මේ සතර සිත් උපෙක්ෂාකසහගතව උපද


58 නේය යනමේ කාමවචර කුසලසිත් අටද, සොම්නස්ස සහගතං යනාදි මෙකී ක්ර මයෙන්ම දැක්වූ කාමාවචර සහේතුක කුසල් විඵාක සිත්අටක, කාමාවචර හේතුක්රිරයා සිත්අටෙකැයි මෙසේ කාමාවචර කුසල් සිත් සූවිස්සෙක, විතර්කය විචාර ප්රීේති සුඛෙකාග්රූතා සහිතවූ ප්ර ථමධ්යාින කුසල චිත්තයද, විචාර ප්රීිති සුඛෙකාග්රවතා සහිතවූ විතියධ්යාසන කුසල චිත්තයද, ප්රීරති සුඛෙකාග්රාතා සහිතවූ තෘතියධ්යාධන කුසල චිත්තයද, සුඛෙකාග්රේතා සහිතවූ චතුර්ථීධ්යාරන කුසල චිත්තයද, උපෙඛෙකාග්රි සහිත වූ පංචමධ්යාුන කුසල චිත්තයද, මෙසේ ‍යථොක්ත ක්රයමයෙන් විඵාක සිත් පසෙක, ක්රි යාසිත් පසෙක රූපාවචරසිත් පසෙකැයි, මෙසේ රූපාවචරසිත් පසලොසක, අරූපාවචර කුසල් සිත් සතරෙක විඵාක සිත් සතරෙක, ක්රිකයාසිත් සතරෙකැයි දොලසක සොතාපත්ති මංගගවිතතං යනාදි මගේ දෙශනානු ක්ර්මයෙන් මාර්ගෙසිත් සතරෙක ඵලසිත් සතරෙකැයි ලොකොත්තරසිත් අටෙක්වේ, මේ එකුත් අනූවක්පමණ චිතතයෝ විඤ්ඤාණස්කන්ධ‍යවේ. මෙසේ සංසාර දුක්ගන්නාවූ සියලු සංසාරදුකට භාජනය වූ සියලු සංසාරදුක ගෙණයාමට පොහොසත්වූ සියලුම සංසාර දුකින් පීඩිතවන්නාවූ මේ යථොක්තවූ පංචස්කන්ධයන්ගෙන් ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේ සමන්විතව ඇත්තේය. මේ පංචස්කන්ධෙයන් අතරෙන් රූපස්කන්ධගය අනික් ස්කන්ධධයන් හා බැඳී පෑහී සිටින බැවින් හා ඒ අරූප නිසා තිබූ අනික් ස්කන්ධනයන්ගේ පුරුදු කිරීම හැසුරුවීම එක්සත් කිරීම ඒ රූපය නිසාම වන්නේය. දෙවියන්ගේමෙන්හෝ අනික් එවැනියන්ගේමෙන් හෝ සිහින් රූපයමෙන් හෝ රූපයක්ම දකින්නටවත් නුවූයේනම් දුක්සැප උපෙක්ෂා්දි ත්රිකවිධවේදනාව නොවන්නේය. එබැවින් දුක්සැප උපෙක්ෂා්වයයි කියනලද ත්රිවවිධ වේදනාවෝ ශරීරය නිසාමවෙති. ඉදින් මොන ආකාරයකින්වත් එනම් සිහින්ව ගනසරව හෝ ඇහැට පෙණෙන හෝ නොපෙණෙන හෝ ශරීරයක් නුවුයේනම් අනික් ස්කන්ධපයන්ගේ බැඳීම හෝ ඒ නිසා වන්නාවූදුක හෝ නොවෙයි. පුරුදු නොකළාවූ පුරුදු කරමින්ම සිට ඇරගියාවූ වේදනාදි ස්කන්ධයන්ගේ විඳීමක් නැත්තේය. එවලේම උපන් ලදරුවා වේදනාදි ස්කන්ධයයන් පුරුදු කරණමෙන් ඒ ලදරුවාට වෙහෙසකළාට වේදනාදිය නොදැනෙයි. ඒ වේදනාදිය පුරුදුකරසිට ඇරගියාවූ එනම් ජීවිතය හැරගිය මිනිහෙකුගේ ශරීරය කොපමණකෙටුවත් කොපමණ කැපුවත් ඒ රූපයට වේදනාවක් නැත්තේය, ඒ ඇරගියාවූ වේදනාස්කන්ධ්යන්ට ශරීරයක් නැත්නම් වේදනා 59

කරවන්නට විධියක් නැත්තේය, වෙධනාදී ස්කන්ධනයන් ධරා සිටීමට මොන ආකාරයකින්වත් ශරීරයක් හෝ ශරීරයක් සමාන යමක් හෝ නැත්නම් ඒ සත්වතයාට දුක්පමුණුවන්නට නුපුලුවන. මෙසේ සත්යාසලංකාරය, තොපගේ දෙවියන් වහන්සේට මේ කාරණයන් නිසා ශරීරයක් හෝ ඡායාශරීරයක් හෝ තිබෙන්නට ඕනෑය. ඒ ශරීරය ගුවනේ සංචාරණය කරන්නේයයි කියන බැවින් ඒ ශරීරය වාතයාටවඩා සැහැල්ලු වන්නේය. තවද සත්යා ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට බාහිර වූ ආකාර රූපයක් හෝ ඡායා රූපකාර රූපයක් හෝ රූපදර්ශයනාදි අරූපිවූ ධර්මරයන් පුරුදුකරවීමට හසුරුවීමට යොග්යයවූ රූපයක් හෝ ඇත්තේය, ඒ බව මා විසින් සත්යමසම්මුතිවසයෙන් දේශනා කලාවූ මහාබයිබල සූත්රරයෙන් දැනසැකදුරු කටයුත්තේය. ඒනම් ඒ තාගේ මහෝත්තම දෙවියන් වහන්සේලෝකය සහිත මනුෂ්යටයා මවා ඉක්බිති යම්කිසි කටයුත්තක් නිසා ඒ මවනලද මනුෂ්යයයා බලන්නට එනකල්හි ඒ දෙවියන්වහන්සේගේ පාදපෂ්ටනය ආදම් සහ ඒවට ඇසී ඔව්හු සැඟවුනෝය කියා ඇත්තේය, මෙම සූත්රසයේ උත්පත්තීනම් කාණ්ඩයේ තුන්වෙනි පරිච්ඡේදයේ අටවෙනි පදයේබලව, අරූපික ධර්මීයක් අරූපික ධර්මවයක වැදීමෙන් හෝ අරූපික ධර්ම්යක් රූපික ධර්ම යක වැදීමෙන් හෝ කිසිකලක ශබ්දයක් උපදින්නේ නැත. රූපිකධර්මයයක් රූපිකධර්මකයක වැදීමෙන් ‍පමනක් ශබ්දය උපදින්නේය. ලීයකින් ලීයකට ගැසීමෙන් ශබ්දය උපදින්නේය. ලීයකින් ගලකට ගැසීමෙන් ශබ්දය උපදින්නේය. ගලකින් ගලකට ගැසීමෙන් ශබ්දය උපදින්නේය. අතකින් අතකට ගැසීමෙන් හෝ අතකින් දඬුමුගුරු ආදියකට ගැසීමෙන් හෝ ශබ්දය උපදින්නේය. මක්නිසාද ඒ ගහන එකත් ඒ ගහනු ලබන එකත් රූපික බැවින්ය. රූපය සෑදෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි යන ධාතු ඒකරාසිගතවීමෙන්ය. මේ ධාතු එකිනෙකා ඝෂ්ටනයවීමෙන් නිරන්තරයෙන්ම ශබ්ද උපදිති. ඒ ශබ්ද වාතයාගේ ආධාරයෙන් අපේ කණට වැටෙන්නේය, මේ ශබ්දය වනාහි ලඟසිටි අයට කල් ඇතුවද ඈතසිටි අයට ටිකක් ප්ර මාදවීද ඇහෙන්නේය, මක්නිසාදයත් යම්රූපයක තවත් රූපයක් වැද ශබ්දය උපන් කල්හි ඒ ශබ්දය වාතයා විසින් ක්ර්ම‍ක්රයමයෙන් පතළකරවන බැවිනි. මෙසේ සත්යා ලංකාරය, තාගේ දෙවියන්වහන්සේ උයනේ ඇවිදින ශබ්දය ආදම්ට සහ ඒවටත් ඇසු‍නේය. කියන බැවින් ඒ

60 දෙවියන්ට පොළොවෙහි වැදී ශබ්දයක් උපදවන්නට පුලුවන් ධාතුවලින් සෑදුනු කකුල් දෙකක් ඇතිබව මෙයින් නිසැකවම පෙනීයන්නේය. තවද ඒ දෙවියන්වහන්සේ කථා කරණවා ආදම්ට සහ ඒවටත් ඇහුනේය. ඒ දෙවියන්වහන්සේගේ කථාකරණ ශබ්දය ඒ කාලවල්වල සිටි සියලුම මනුෂ්ය්යින්ටම ඇහුනේය. අපි කථාකරණවිට අපේ අසල්වාසීන්ට ඇහෙන්නේ අපේ දිව උඩුතල්ලේ යටිතල්ලේ වැදීමෙන්ද දත්වල වැදීමෙන්ද උපදින ශබ්දය ඒ ලඟ තිබෙන වාතයාගේ උපකාරයෙන් අපේ කන්වලට පතලකරවන බැවින. එසේම ඒ දෙවියන්වයහන්සේගේ කථාව මනුෂ්යපයාගේ කන්වලට ඇසෙන්නේය. ඇසුනේය කියන බැවින් මනුෂ්යනයාටමෙන් හෝ වෙන මොන ආකාරයකට හෝ සොකඩයක් හා දිවතක්මෙන් මුඛ‍යක් සහ ඒමැද දිවකුත් ඒ දෙවියන්ට තියෙන්ට ඕනෑය, ඉඳින් එසේ නොවූයේනම් කිසිකලක කොපමණ කථාකලත් ශබ්දය නගින්නේනැත. මක්නිසාද කිසියම් රූපික දෙයකින් නොසෑදුනු අරූපිවූ සොකඩයක් ගෙන කොපමණ ‍හයියෙන් සෙලෙව්වත් එයින් ශබ්දය නගින්නේමනැත. නමුත් දෙවියන් වහන්සේ කථාකරණ කල මනුෂ්යනයාගේ කන්වලට ඇසෙන්නේය කියන බැවින් ඒ ශබ්දය නගන්ට පුලුවන් රූපිකවූ මුඛයක් සහ රූපිකවූ දිවකුත් ඒ දෙවියන්ට තියෙන්ට ඕනෑය. තවද සත්යාුලංකාරය, ඒ තාගේ දෙවියන්වහන්සේ අනේක තැන්වලදී අනේකවාරවලදී නෝාවා ආබ්රූහම් මෝසෙස් ආරොන් ආදින් විසින් පුදකරණලද රීරිමස් පුලුටු ආදිය ආඝ්රා ණ‍යකොට ඒ වනාහි මට ඉතා මිහිරෙක කියා ඒ දෙවියන් කීවේය. රූපික නාසයකමුත් අරූපිවූ නාසයක ගඳආඝ්රාිණය ලැබීම වෙන්නේ නැත, තවද සත්යාමලංකාරය, ඒ තාගේ දෙවියන්වහන්සේ බොහෝ තැන්වලදී එලුමස් හරක්මස් කිරි තෙල් කැවුම් ආදිය අනුභවකර ඇත්තේය, රූපික බඩකමුත් ඇරූපිකවූ බඩේ මේ ආහාර කිරි තෙල් ආදිය අල්ලා සිටින්නේනැත, එබැවින් ඒ තාගේ ‍මහොත්තම දෙවියන්වහන්සේට රූපිකවූ ශරීරයක් ඇත්තේය. තවද සත්යාාලංකාරය, පුරාණයේ පැවති මහාවනචර කාලකන්නි නින්දිාත භයානක ආගම්වල කපුවන් විසින් මනුෂ්යනයින් මරා පුලුස්සා ඒ ඒ ආගම්වල දෙවියන්ට බිලිදෙන සිරිතක් තිබුනේය. තවද සත්යාලලංකාරය, මෙම මනුෂ්යියින් පුලුස්සා ආගමේ දෙවියන්ට බිලිදෙන සිරිතක් එංගලන්තයේ ඩෘඩ්ස් පාදිලිවරු අතරේ බහුලව තිබුනේය, මේ මනුෂ්ය්යින් පුලුස්සා ආගමේ දෙවියන්ට බිලිදෙන සිරිත ඉන්දියාවේද අප්රියකාවේද


61

අමෙරිකාවේද පුරාණ ප්රලන්සයේද, පුරාණ රෝමයේද, බහුලකොට ති‍බුනේය. එයාකාරයෙන්ම සත්යාදලංකාරය, මේ මනුෂ්යියින් පුලුස්සා ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේට බිලිදෙන සිරිතක් ආබ්රංහම්ගේ මෝසෙස්ගේ කාලවලදී බහුලකොට පැවත ආවේය. ඊට සාක්ෂිායක්නම් සත්යා්ලංකාරය, ‍තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ආබ්ර්හම්ගේ පුත් අයි‍සක් මරා පුලුස්සා දුම්බොන්නට සිතී ආබ්රදහම්ට අඬගසා තාගේ පුත් අයිසක් මරා මට දවනපූජාවක් කරවකියා ආබ්රීහම්ට ඒ දෙවියන්වහන්සේ කීකල්හි ඒක අපූරුව දුර්ලභ ක්රිීයාවක් කොට ආබ්රයහම් සැලකුවේ නැත. අයිසක්මරා දවනපූජාවක් කරන්නටය කියා කියනවා සමග දවස දෙවේ‍ලේ කරණ ක්රිරයාවක් කරන්නට යන්නාක්මෙන් දරත් ගිනිත් ගෙන අයිසක්වත් අඬගහගෙණ වහම පිටත්වුනේය. මෙසේ මනුෂ්ය යින් මරා පුලුස්සා දුම්බීම සහ මස් අනුභව කිරීමක් රූපිකවූ ශරීරයකින් a මුත් අරූපිකවූ ශරීරයකින් කරන්නට බැරිය, ඒ ආහාරපානාදිය අරූපිවූ ශරීරයක අඩංගුකරන්නටත් බැරිය මේ කාරණයන් නිසා සත්යාූලංකාරය, තා‍ගේ මහොත්තම දෙවියන්වහන්සේට රූපිකවූ ශරීරයක් ඇත්තේයයි මේලෝවැසිතෙම නිරවද්යවව කියන්නේය. තවද සත්යාිලංකාරය, ජාකොබ් සමග තාගේ මහොත්තම දෙවියන්වහන්සේ පොරබදා ඇත්තේය (උත්පත්තිනම් පොතේ 32 පරිච්ඡේදයේ 24 වෙනිපදයේ) සවස පටන් එලිවෙනතුරු දෙවියන්වහන්සේ සමග ජාකොබ් පොරඅල්ලා ජාකොබ් දිනූබැවින් ඒ ස්ථානයට පෙනියල්යයිනම් තැබුවේය, මක්නිසාද දෙවියන්වහන්සේ මුහුනට මුහුනලා දුටු වෙමි යන අතර්ථබ ඇති හෙයිනි, මෙසේ රූපික මනුෂ්ය යෙකුට අරූපික දෙවියෙක් සමග රැයක් මුලුල්ලේ පොර අල්ලන්නට බැරිය. හෙවත් තිස්පැයක් මුලුල්ලේ ජාකොබ් දෙවියන් සමග පොරබැදූ බැවින් අතින් අල්ලන්ට පුලුවන් හෙවත් අතට අසුවෙන්ට පුලුවන් ශරීරයක් ඒ දෙවියන්වහන්සේට ඇත්තේය කියා ලෝකයා තෙම සම්මතකර කියන්නේය. තවද සත්යාටලංකාරය, වනචර අඥාන මනුෂ්යමයින් විසින් සාදනලද ආගම්වල නින්දිත ඉගැන්නුම් යහපත් ප්ර්ඥාවන්ත මනුෂ්යනයින් ඇති කාලවලදී අනික් ආකාරයකට තෝරන්නට

a ජප්තාගේ දුවත් මෙසේ මරා පුලුස්සා ඒ තාගේ දෙවියන්ට දවන පූජාවක් කරණු ලැබුවේය. ඒවා උන්වහන්සේට මිහිරි සුවඳක්වූයේය, (විනිශ්ච. 11 පරිච්ඡේදයේ)

62

වෑයම්කරණ චණ්ඩකපටි අඥාන මනුෂ්යායන් වැනි ක්රි්ස්තියානිකාරයෝ මේ දෙවියෝ මනුෂ්යියෙක් සමග පොර ඇල්ලුවේයයි යන නින්දා බස වසාලන පිණිස ඒ පොර ඇල්ලුවේ දෙවියන් වහන්සේ නොව උන්වහන්සේගේ දේවදූතයෙක්ය කියා තෝරන්නට වෑයම්කරන්නෝය. නුමුත් මේ වෑයම නිෂ්ඵල වන්නේය, වඳවන්නේය, කාරණයන්ගෙන් සිස්වන්නේය. මක් නිසාද සත්යානලංකාරය, මාවිසින් සත්ය සම්මුතිවසයෙන් දේශනා කළාවූ මේ මහාබයිබල සූත්රාංන්තධර්මනයේ ‍ඉගැන්නුම්වල ආකාරයට සහ ජාකොබ්ට සහ ඒ පොර බැදූ ස්ථානයට යොදනලද නාමාභිදානවල ආකාරයට ඒ පොරබැදූ තැනැත්තා පටන්ගැම්මේදී අහස පොළව මැව්වාය කියන තාගේ මහොත්තම දෙවියන්වහන්සේමය, මක්නිසාද ඒ පටන්ගැම්මේදී අහස පො‍ළව මැව්වාය කියන දෙවියන්වහන්සේලාට ‍එලෝහිම්කියා ව්ය වහාරවූයේය. ඒ එලොහිම් දෙවියන්වහන්සේගේ එලෝහිම් යන්නෙහි “ඒලි” යන දේවධාතුව එලෝහිම් නම්වූ ඒ දෙවියන් වහන්සේ සමග පොරබැදූ ජාකොබ්ට දෙමින් ජාකොබ් යන නාම ඉස්රාේඑල් කියා පෙරලුවේය. තවද ඒ පොරබැදූ ස්ථානයට එසේමදෙවියන්වහන්සේගේ නාමයෙන් “පෙනුඑල්” කියා නම් තැබුවේය.

"https://si.wikibooks.org/w/index.php?title=මහාබයිබල_සූත්‍රය_iii&oldid=8752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි