මයුර සන්දේශ-විවරණයvi

133. පෑ තුනු පෑ තුනු සුර අඟනන්නේ ‍ලෝ වටනා රඟනා නළඹුන්නේ සීලස රූ රසයන් නෙතැ ලන්නේ වේ තුට මේ තුට මේ දුටු වැන්නේ

අන්නුය : මේතුට, සුර අගනන්නේ තුනු පෑ තුනු පෑ රගනා, ලෝ වටනා නළ අඹුන්නේ සීලස රූ රසයින් නෙතැ ලන්නේ, මේ දුටු වැන්නේ තුට වේ.

අර්ථ් : මෙඝප්රිුයය (මයුරය,) සුරඞගනාවන් ගේ ශරිර ප්ර බායෙහි තනුත්වලය (අල්ප බව) ප්ර කාශ කලා වු, නටන්නා වු ලෝකය වටින්නා වු නටාඞගනාවන් ‍ෙග් සිසිල් වු රූප නමැත් රසායනට ඇසෙහි ලන්නේහි (ලන්නා හා,) මේඝය දුටු ආකාරයෙහි තුෂ්ටිය වෙයි. මයුර විවරණය 240 විස්තර : ඒ නටාඞගනායේ රූප ශ්රි යෙන් ලෝකයෙහි අසමානයේ යැ. ඔවුන් දුටු කලැ, දිව්යාපඞගනාවන් ගේ ශරිර කාන්තායෙහි අඩුව පෙනෙයි. දිව්යකඞගනාවන් ‍ගේ ශරිර කාන්තිය නටාඞගනාවන් ගේ ශරිර කාන්තිය තරම් රමණිය නො වන හෙයිනි. වෙන ලෙසෙකින් කියත්, නටාඞගනාවෝ දිව්යානඞගනාවන් ගේ ශරිර කාන්තියෙහි අල්ප බව දක්වන්නෝ යැ. එ තරම් රූප ශොබායෙන් යුක්ත වන හෙයින් ඒ නටාඞගනාවෝ මුළු ලෝකය මැ වටිති. ඇස පිනවන හෙයින්, නිවන හෙයින්, නළඹුන් ගේ රුපය සිසිල් යැ. ඇසට රසායනයක් බඳු යැ. ඒ ශිතල වු රූප රසායනය ඇසෙහි ලු කල්හි - රසායනයක් බඳු වු ඒ රූප ශ්රිවය දුටු කල්හි - මොනරාට මහත් මැ සතුට ඇති වෙයි. කෙබඳු සතුට ද? මේඝය (වැසි වලා කුළ) දුටු කලැ ඇති වන සතුටට සමාන වු සතුට මොනරාට මෙඝය දක්නා සතුට තරම් සතුටෙක් වෙන නැත. මේ ස්ත්රිතන් ගේ රූපය දුටුකලැ ඇති වන්නේ එ තරම් මැ සතුටෙකි. එ හෙයින් මහත් මැ සතුට යැ. ටිප්පණි : 1. තුනු පෑ තුනු පෑ - නතු ප්රමබායෙහි තනුත්‍වය පෑවා වු. මෙහි පළමු ‘තුනු’ (තනු) යනු ශරීරයට නමි. දෙ වැනි ‘තුනු’ (තනු) යනු තනුත්‍වය - අල්ප (තුනි) බව - කියයි. (තුනු) යනු විශෙෂණ වැ සිටි කල්හි ‘අල්ප වු’ යන අර්ථතය ඇත්තේ යැ මෙහි ඒ ‘අල්ප භාවය’ හගවයි. ‘උස’ ‘නිල’ යනාදිය උස් බව නිල් බව - යනාදි භාවර්ථයය හගවන්නා මෙනි. සුර අඟනන්නේ තුනු තුනු පෑ පෑ” යන විසින් අන්නයයය ගෙනැ, “සුරාඞගනාවන් ‍ෙග් තනු (සිහින් - කොමල) වු තනුයෙහි (ශරිරයෙහි) ප්රඅභාව පෑවා වූ” යැ යි ද අරුත් පැවැසියැ හැකියැ. 2. ‍‍ලෝ වටනා - අතිශයොක්තියකි. “ මිල දියැ තුන් වටනා රජ කුලේ දුලේ” යනු (93) හා සසදා බලන්නේ යැ.

3. නළ’ඹුන්නේ - නළ’ඹුන්ගේ ඇතැමෙක් ‘නළුවන්නේ’ යනු සුපාඨය කොටැ-ගනිමින්, ගැහැනුනට ‘නළු’ නම නොයදෙන බව තමන් නොදන්නා ලෙසක් හගවති.

4. සිලස - සිසිලස් = සිහිලස් = සි + ඉලස් = සීලස්. මෙහි ‘අස්’ යනු නිරර්ථාකයි. සිහිල් මැ සිහිලස්.

මයුර විවරණය 241 (1) “මයුරස නදින් සඳනා”

යන තන්හි ‘මයුරස’ යනු ද මෙ නයින් ගත යුතු වේ. මියුරු මැ මියුරස. ‘මියුරු රස’ යන තන්හි ‘ර’ කාර ‘ලෝපය වු සේ ගැන්ම නොමැනැවි.

5. රසයින් - ‘රසායන’ යනු මේ සිංහලයෙහි සිටුනා සේ යැ. ප්රි ය දර්ශ.නය නයන රසායන වන පරිදි සුප්ර’සිද්ධ යැ. 6. නෙතැ ලන්නේ - නෙතැ ලන්නෙහි. ඇසෙහි ලිමෙහි දී ඇසෙහි ලිම හා සමඟ දුටු කල්හි. 7. මේතුටු - මේ (මේඝය) තුට (තුෂ්ටිය - සන්තොෂය - ප්රිශයය) වනුයේ යමකුට හට ද හේ මේතුට. මොනරාට නාමෙකි. 8. මේ දුටු වැන්නේ - මේ දුටු වැන්නේහි. මේඝය දුටු ආකාරයෙහි.

134. සැ දු ස‍ඳෙව් සය සිරි පිරිසුදු සු දු මු දු කුලුණු සිලිලින් සිලිලිඳු බ ඳු මි දු ගිමන් වන් නව මේ රඳු රු ඳු ව ඳු සුරිඳු සඳ දිය සෙත යෙදු උ ඳු

අන්නුය : සඳ එව්, පිරිසුදු සුදු යස සැදු, මුදු කුලුණු සිලිලින් සිලිලිඳු බඳු, ගිමන් මිදු රුදු නව මේ රදු වන්, උදු දිය සෙත යෙදු සුරිඳු සඳ වඳු.

අර්ථ් : චන්‍ද්ර යා මෙන්. පරිශුද්ධ ශුහ්රද (වණිය) වු යශ ශ්රිමය සැදුවා වු, මෘදු කරුණා නමැති ජලයෙන් සමුද්ර ය වැනි වු, ග්රිිෂ්මය මිදුවා වු මහත් වු අභිනව මේඝ ‍රාජයා මෙන්, හුදක් ලෝක ශාන්තිය යෙදුවා වු සුරේන්ර්ුව චන්‍ද්රඳ වඳුව.

විස්තර : උත්පලවර්ණ දිව්ය රාජයාණෝ ලෝකයට හුදු ශාන්තාය සැලැසුවෝ යැ. කුමක් මෙන් ද? ග්රියෂ්මය නිවු අලුත් මහ වැසි වලා කුළක් මෙනි. තව ද, ඒ දෙව් රජහු මෘදු වු කරුණායෙන් පිරුණෝ යැ. මුහුද ජලයෙන් පිරුණා මෙනි. ඔවුන් ගේ කිර්තිය අතිශයින් සුදු යැ, සඳ රැස් වැන්නැ.

ටිප්පණි : 1. සය සිරි - කිර්ති ශොභාව.

2. පිරිසුදු සුදු - ‘පිරිසුදු සුදු’ යැ යි සිටියැ යුතු තැනි. ‘නුමුසු සුදු’ යනු අර්ථ. යි.සුද. යන්තමකි වත් අන්ය’ වර්ණසයක් හා මිශ්රැ නුවුයේ නම්, පිරිසුදු සුදු යැ.

මයුර විවරණය 242 3. මුදු - ‘මුදු’ යැ යි සිටියැ යුතු තැනි. දිර්ඝිය සඳැස රක්නට ආයේ යැ. පිරිසුදු - සුදු - සිලිලිඳු - බඳු - රදු - රුදු - වඳු - උදු යන තන්හි දු ‍එ සේ යැ.

4. සිලිලිඳු - සිලිලට (ජලාශයනට) ඉඳු (අධිපති) වුයේ සිලිලිඳු යි. මුහුදට නමෙකි. 5. නව - අලුත්. ග්රිජෂ්මය නිවන්නට ඉඩ ලැබෙනුයේ අලුත් වැසි වලාවකට යැ. වලාව පැරැණි වත් වත් නිවන්නට ග්රිඩෂ්මයෙක් ඉතිරි නො වේ. 6. රැදු - මහත් යන අරුත්හි දු ‘රුදු’ යනු යෙදෙයි. 7. උඳු - හුදු. කෙවල, පිරිසුදු, අමිශ්රෙ. ඒ දෙව් රජහු ලෝකයට හුදු ශාන්තිය කළ හ. ශාන්තිය මැ මිසැ අන් කිසිවක් නො කළ හ.

185. සිරි ලක පැවැරු හැගි පුරදර දැරැ මුඳුනි සැදු තෙද දළ උදුළ සිය පා සිය ‍සෙයින් එ සුරිඳු පැළැඳි රන් මිණි ගිහිණි කිරුළිනි සෙලඳුන් සුනිල් මතැ සිහ රද රඳන වැනි

අන්නුය: සිරි ලක පැවැරු පුරඳර හැගි මුඳුනැ දැරැ සිය පා සිය සෙයිනි උදුළ දළ තෙද සැදු එ සුරිඳු පැළැ‍ඳි රන් මිණි ගිගිණි කිරුළිනි, සුනුල් අඳුන් සෙල් මතැ සිහ රද රඳන වැනි.

අර්ථර : ශ්රිඳ ලඞකාව පැවැරුවා වු පුරන්දිරයා ගේ අදහස මුඳුනෙහි දරා, ශතර‍ශ්මින් (සුර්යියන්) සියයක් මෙන් බැබළුණා වු මහත් වු තේජස සැදුවා වු ඒ සුරෙන්‍ද්රැයා පැළැන්දා වු ස්වර්ණැය ද මාණික්යබයන් ද ගහන වු කිරිටය කරන කොටැ - ගෙනැ, අතිනීල වු අඤ්ජන ශෛල මස්තකයෙහි සිංහ රාජයා සිටුනා වැන්නැ.

විස්තර : දිව්ය රාජයාණන් ගේ ශරිරය නිල් යැ. මුඳුනෙහි වු වොටුන්න රනින් මැණිකින් කැරුණේ යැ. එ හෙයින් කුමක් වැනි ද? ඉතා නිල් අඤ්ජන පර්ව්තයක් මුඳුනෙහි සිංබ රාජයකු සිටින්නා වැන්නැ. “ලක් දිව රකුව” යි පැවැරූ ශක්රියා ‍ගේ බස මේ දිව්යල රාජයාණෝ මුඳුනින් පිළිගත්තෝ යැ. මොවුන් ගේ තේජස ඉතා මහත් යැ. සූර්ය්යන් සියයක් උදා වුවා වැන්නැ.

මේ පද්යන දුටු පරෙවි සන්දෙකශ කාරයෝ මේ සුරිඳුන් ගේ මැ කිරුළ වනන්නෝ, මේ සේ කියති :- මයුර විවරණය 243

“ රන් මිණි ලකළ එ සුරිඳු මුඳුනතැ කිරුළ රන් කෙසරිඳුට සරි කළ මතැ අඳුන් කුළ” මෙයින් බලවත් පහර වදිනුයේ -

“ සිරි ලක් පවර ගහදර දරන මුඳුනෙනි සැදි දළඋළිඳු සිය පානා සිය වෙසිනි එ සුරිඳු පැළැඳි රත් මිණි ගිගිණි කිරුළෙනි එරබදු තුරු රදකු එ දළ’ග සුපිපි වැනි” යැ යි මයුර පද්ය විකෘති කරන්නවුනට යැ.

ටිප්පණ : 1. පැවැරු - පැවැරූ, භාර කළා වු. මෙහි ‘පවර’ ධාතු ‘බල’ ආදි පර පද යි. පවරා - පවරති - පැවැරි - පැවැරු. 2. හැඟි - හැගිම. අදහස. 3. දැරැ - දරා. අතීත කෘදන්ත නිපාත යි.

මෙහි ‘දර’ ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර පද) දරා - දරති - දිරි - දුරූ. (අත් පද) දෙරේ - දෙරෙති. එහි අතීත කෘදන්ත නිපාතය දරා - දැරැ - යැ යි දෙ ලෙසෙකින් සිටි. මේ ධාතුව ‘බල’ ආදි පර පද ද වෙයි. දරා - දරති - දැරි - දැරු.

4. මුඳුනි - ‘මුඳුනැ’ යි සිටියැ යුතු තැනි. 5. සියපා - ශතපාද. ශතරශ්මි. සියක් පා (රශ්මි) වනුයේ යමක් හු හට ද‍, හේ සියපා සූර්යපයා ට නම්. 6. සෙලඳුන් සුනිල් මතැ - සුනිල් අඳුන් සෙල් මතැ. අඳුන් සෙල් නම් අඤ්ජන ශෛලය යි (පර්ව තයය යි) ඉතා නිල් අඳුන් සෙලක් මෙහි ගැනුණේ දිව්යල රාජයා ගේ ශරිරය ඉතා නිල් හෙයිනි. ‘අඤ්ජන’ නමින් පර්වණතයෙක් ද‍ වෙයි. එ ද නිල් යැ. 7. සිග රද - මෙහි සිංහ රාජයකු සමාන කරන ලද්දේ වොටුන්න සිංහාකාර වු හෙයිනි. ‘සිංහ වොටුනු’ නම් වොටුනු වෙසෙසෙක් වෙයි.

136. ශ ති නු පු ලේ පැහැ ගත හිමි නළල් තෙලේ රැඳැ නි ම ලේ රන් පට වොරඳනෙක තුලේ උඳු සු නිලේ ගන පැහැන’වල ගන වෙලේ කිව විඳු ‍ ලේ කිම දිළියෙනුද ඇම කලේ මයුර විවරණය 244 අන්න ය : හිමි ගත උපුලේ පැහැ ගතින්, නළල් තෙ‍ෙල් රැඳි එකතු‍ල් වොරඳන නිමල් රන් පට, උඳු ගන සුනිල් පැහැන් අවල ගන වෙලේ විඳු ලේ කිව, කිම, ඒ ඇම කල් දිළියෙනු ද?

(‘නිමල්’ යනු ‘නිමලේ’ යැ යි ද ‘එකතුල්’ යනු ‘එකතුලේ’ යැ යි ද, ‘සුනිල්’ යනු ‘සුනිලේ’ යැ යි ද යෙදුණු සේ සලකන්්නේ යැ.)

අර්ථස : (දෙව) ස්වාමියා ගේ ශරිරය උත්පලයෙහි ප්ර‍භාව ගත් හෙයින්, ලලාට තලයෙහි රැඳි එකාකාර වැ විරාජමාන වන්නා ව‍ූ නිර්මයල වූ ස්වර්ණෙ පට්ටය, ශ්රෙද්ධ වු ඝන වු අතිනීල ප්ර භාවන් ආකුල වු මෙඝ කූටයෙහි විද්යු්ල්ලතාව යැ යි කියුව (හොත්,) කිමෙක් ද ඒ‍ සියලු කල්හි දිළියෙන්නේ ද?

විස්තර : දිප්තිය අන්ධමකාර මධ්යලයෙහි විශෙෂයෙන් බබළයි. දිව්යි රාජයාණන් ‍ගේ ‍ශරිරය නිලෝතපලයෙහි (නිල් මානෙලෙහි) පැහැය ගත්තේ යැ. අඳුරුවන් යැ. එ හෙයින් දිප්තිමත් වු රන් පට (අඳුරුවන් වු) නළලෙහි වෙසෙසින් බබළයි, එකාකාර වැ බබළයි. ශරිර වර්ණ්යා ගේ වෙනසක් නො වන හෙයින් රන් පටේ බැබැළ‍ිමෙහි අඩුවෙක් වැඩියෙක් නො වේ. එ බඳු වු ශරිරයෙහි එ බඳු වු රන් පට, “ අමිශ්රෙ ඝන නීල වර්ණෙයෙන් යුක්ත වු මේඝ කූටයෙකැ විදු ලිය යැ” යි කියැ හැකි නො වේ. කවර හෙයින් ද? ශරිරය මේඝ ගූටයක් මෙන් නිල් බව සැබෑ යැ.රන් පට විදු ලියක් මෙන් දීප්තිමත් බව සැබෑ යැ. එහෙත් විදු ලිය ක්‍ෂණික යැ, ඇති වු මොහොතෙහි මැ නැති වෙයි, හැම කල්හි නො දිළියෙයි. රන් පට එ සේ නො වේ, සියලු කල්හි එකාකාර වැ බබළයි.

මේ පද්යදයෙන් පිබිදුණු රහල් හිමියෝ ද, සැල ළිහිණි අස්නෙහි -

“ සුනි ලේ පැහැය හැරැ සුදු වනු යැ ගන වෙලේ විදු ලේ එයින් වියොවට පැමිණැ වියවුලේ නිස‍ලේ එ මේ සිරි ගත් සුරිඳුනැම කලේ උ දුලේ දොහෝ රන් පට මෙන් නළල්’ තෙලේ” යැයි ගැයු හ.

අන්ය සංස්කාරකයො - “......රන් පට රඳන ඇම කලේ .......කිම දිලියෙනු ද ඇම කලේ”

යනු සුපාඨය කොටැ-ගෙනැ, මයුර සන්‍දෙශ කාරයන් ගේ මහත් අසරණ බවක් හඟවන්නට තැත් කෙරෙති. අපි බම්හ.

මයුර විවරණය 245 ටිප්පණි : 1. ගතින් - ‘ගත්’ යන අතිත කෘදන්ත නාමය තුන් වැනි විබත් (‘ඉන්’) ගත් තැනි. “ගත් යෙහින්’ යනු අර්ථ යි.

2. රැඳැ - ‘රක්’ ආදි ගණ ආත්මනෙපද ‘රඳ’ ධාතුයෙන් වු අතීත කෘදන්ත නිපාත පද යි. ‘රැඳි’ යනු ද වෙයි.

3. එකතුලේ - එකතුල්. එක තුල්යද වැ. එකාකාර වැ. වෙනස් නො වි.

4. උදු සුනිලේ ගන පැහැන් - උදු ගන සුනිල් පැහැන්. ශුද්ධ වු ඝන සුනිල ප්රදභාවන. ‘සුනිල්’ යැ යි කි පමණින් මැ තද නිල් පැහැය ගැනෙයි. නිල් බව හැකි තරම් උසස් කොටැ දක්වනු සඳහා ‘උදු’ ‘ගන’ යන විශෙෂණ ද්වයය ද යෙදිණ. සුනීලත්‍වය මහත් නම්, අතුරු නො තබා නම්, ඒ ‘ගන සුනිල්’යැ. අන් පැහැයක් අංශු මාත්ර් වශයෙන් වත් නේ දක්වා නම්, ඒ ‘උදු ගන සුනිල්’යැ. උදු = හුදු. ශුද්ධ. කෙවල. අමිශු. ‘ගන’ යනු සාන්ද්ර බව අතුරු නොතබන බව-හඟවයි.

5. ගන වෙලේ - ‘වලා’ යනු ද ‘වෙල’ යනු ද එකාර්ථද යි.

6.‍ කිව - අසම්භාව්යැ කෘදන්ත නිපාත යි. කිය + අ = කියු + අ = කියුව = (කිව) = කිව. 7. විදු ලේ - විදු ලිය = (‘ය’ ලෝපයෙන්) විදු ලි + ද = (‘ඉ+ද’ දෙකට ‘ඒ’ ආදේශ වීමෙන්) විදුලේ.

137. සුර ‘ඹ නෙ තා මින් ඇදි බිළි පෙළ වැ ගතා දෙ බැම ල තා සිරි දැකැ උලෙළ කැලුමැතා ස හ ස නෙ තා සැවු සරි නො වත විළි සිතා පෙනෙත ඉතා කලෙකිනි නො දියැ ගිය අතා

අන්නතය: සුර ‍අඹ නෙත් මින් ඇදි බිළි පෙළ වැ ගත්, උලෙළ කැලුම් ඇති දෙ බැම ලති සිරි දැකැ, සහසනෙතා සැවු, ‍සිරි ‍ෙනා වන, විළි සිතා, නො දිසැ ගිය අත පෙනෙත, ඉතා කලෙකිනි.

(නෙතා = නෙත්. ගතා = ගත්. කැලුමතා = කැලුමැති.අතා = අත.) මයුර විවරණය 246

අර්ථ  : සුරාඞගනාවන් ගේ නෙත්ර නමැති මිනයන් (මත්ස්යෙයන්) ඇද්දා වු බඩිශ පඞ්කතිය වැ ගත්තා වු (බිළි කටු පෙළ වුණා වු,) උල්ලලිත (උසස් ලෙස ලෙළ දුන්නා වු) කාන්ති ඇත්තා වු, භ්රෑ ලතා යුග්මයේ ශෙ‍ාභාව දැකැ, සහස්ර වෙත්රයයා ගේ (ශක්ර‘යා ගේ) චාපය (දුන්න) සමාන නොවන කල්හි ලජ්ජා සිතා (ලජ්ජා සිතිම හේතු කොටැ-ගෙනැ,) නොපෙනී ගියා වු දිශාව පෙනෙත හොත් ඉතා (දිර්ඝෙ) කාලයෙකිනි.

විස්තර : මේ දෙවි රජුන් ගේ ඇස් බැම දෙක දෙවි දුනනට ද වඩා ශොභමාන යැ. දෙව් දුන්න බැම දෙකට පරදී. එයින් දෙවි දුන්න ලජ්ජා සිතා;නො පෙනි යෙයි. ගිය අත වත් නො පෙනේ. එ සේ ගියා වු අත පෙනෙත හොත් ඉතා දිර්ඝජ කාලයෙකින් යැ. ඇස් බැම කො තරමි රමණිය ද යත හොත්, සකල දිව්යා ඞගනාවෝ එ දෙස මැ බලති. දිව්යාදඞගනාවන් ගේ ඇස් එයට ඇදේ. ඇස් මත්ස්යැයන් වැන්නැ. එ හෙයින් දෙව් රජුන් ‍ගේ ඇස් බැම දෙවඟනන් ගේ ඇස් නමැති මසුන් ඇද්දා වු බිළි පෙළ වුයේ යැ.

ටිප්පණි : 1. බිළි පෙළ - සංස්කෘතයෙහි ‘බඩිශ’ නම් වේ. බැමෙහි එක් එක් රොමයෙක් එක් එක් බිලි කටුවක් වැන්නැ. එ කලැ මුළු බැම බිළි කටු පෙළෙති.

2. බිළි පෙළ වැ ගතා - බිළි පෙළ වැ ගත්. ‘බිළි පෙළ වු’ යැ යි කිව ද පමණි. එ හෙයින් ‘ගත්’ යනු නිරර්ථ ක යි. සිටැ ගත් - හිඳැ ගත් - යනාදි තන්හි මෙනි.

3. බැම ලතා - නම්රගත්‍වය (නැමුණු බව), කොමලත්‍වය, සුන්දරත්‍වය යනාදිය හැඟැවුව මනා තන්හි මේ ‘ලතා’ (ලිය) යනු යෙදෙයි. බැම නැමුණේ යැ. සොඳුරු යැ.

4. උලෙළ කැලුමැ’තා - උලෙළ කැලුම් ඇති, ‘උලෙළ කැලුම්’ නම් උසස් වැ (අතිශයින්) ලෙළ දෙන්නා වු කාන්ති ය යි.

5. සහසනෙතා සැවු - ඉන්ද්රන චාපය. දෙව් දුන්න.

‘සහස්රහ නෙත්රි’ යනු ශක්ර ය‍ාට නමෙකි. සහසක් ( දහසක්) නෙත්රො වනුයේ ‍යමක්හු හටද හේ සහස් නෙත් එක් වරැ දහසක්


මයුර විවරණය 247 කරුණු දක්නා නුවණ ඇස් ශක්ර යාට ඇත්ල. මසැස් මැ දහසක් ලැබුණු සැටියෙක් රාමයණයෙහි කියැවිණ. මුවදෙව් දා විවරණය බලන්නේ යැ. වැස්ස දෙන්නේ ශක්රියා යැ යි සිතු පුරාතනයෝ වැසි කලැ ඇති වන දෙව් දුන්න ශක්රසයා ගේ දුන්න කොටැ - ගත් හ: ‘දෙව් දුන්න’ යනු ද ‘දෙවියන් ගේ දුන්න’ යැ යත අර්ථස ඇත්තේ යැ.

6. දිසැ - පෙනී. අකර්ම ක ‘දිස්’ ධාතු ‘රක්’ ආදි ගණ යි. ආත්මනේපදයෙහි වරනැගෙන කලැ දිසේ - දිසෙති - දිසිණි - සිසුණු - යනාදිය වෙයි. දිසි - දිසැ - යන දෙක මැ අතීත කෘදන්ත ‍නිපාත රූපයෝ යැ. සකර්මැක ‘දිස්’ ධාතු ‘බස්’ ආදි පර පද යි. දකී - දකිති - දිවි, දිට - දුටු, දුට.

7. ගිය අතා - ගිය අත. මෙහි ‘අත’ යනු දිශාර්ථණ යි. ඒ අත - මේ අත - යනාදි තන්හි මෙනි.

138. අනත යුරේ රිසි යැදි යැදි සතන් කෙරේ ඉසුරු තරේ දෙන බැලු මතිනි නොවිතරේ වනත තුරේ පුරනුව නෙතට එකයුරේ කවර වරේ මේ සිරි දිසි ද ඉඳුවරේ

අන්න ය : අනත් අයුරු රිසි යැදි සතන් කෙරේ බැලු මතිනි නොවිතර තර ඉසුරු දෙන නෙතට, අතුර පුරනුව, එක් අයුරේ වනත, ඉඳුවරේ මේ සිරි කව‍ර වරේ දිසි ද?

අර්ථද : අනන්තාකාරයෙහි රුචිය ඉල්ලු ඉල්ලු සත්ත්‍වයන් කෙරෙහි බැලු පමණෙකින් අපුමාණ වු සර්ථ ර වු ඓශ්වර්යිය දෙන්නා ව ඇසට, අතර සම්පුර්ණර කරන සඳහා එකාකාර යැ යි වර්ණථනය කරත (හොත්,) ඉන්‍දිවරයෙහි මේ ශ්රිරය කවර වාරයෙහි පෙනුණේ ද?

විස්තර : සත්ත්‍වයන් ගේ රුචිය අනන්තාකාර යැ. එකකුව එකෙක් රිසියෙයි. අනෙකකුට අනෙකෙක් රිසියෙහි. මෙ සේ විවිධ වු රිසි ඇති සත්‍වයෝ, “‍මට මෙය දුන මැනැවි. මට එය දුන මැනැවැ,ය සුරෙන්‍ද්රුයාට යාච්ඤා කෙරෙති. සුරෙන්‍ද්රියාණෝ තමා ගේ ඇස යොමා බැලු පමණින් මැ, සියල්ලවුනට අප්ර.මාණ වු සථ්ර්යාට වු (ගෙවි ගොස් මඳ කලෙකින් නොනිමෙන්නා වු) ඓහ්වර්යුය දෙති.. ඒ ඓශ්වර්යෙය දෙන්නේ ඇස යැ. එ බඳු වු ඇසට සමාන කළ හැකි දෙයක් සකල ලෝකයෙහි නැත්තේ යැ. එ හෙයින් කළ යුත්තේ ඇස වර්ණටනය නො කොටැ හැරැ-ලිම යි. හිස නළල මුව ආදි සියලු තැන් වනා, ඇස පමණක් හළ කලැ, අත

මයුර විවරණය 248 රෙක් (අඩුවෙක්) පෙනෙයි. වර්ණ,නය සම්ර්පූතර්ණි නො වෙයි. මේ අතර (අඩුව) පුරවනු පිණිස වත්, “ ඇසට නිල් මානෙල සමාන යැ “ යි කෙසේ නම් කියැ හැකි ද? ඒ ඇසෙහි ශොභාව නිල් මානෙලෙහි පෙනෙනුයේ කවර විටෙකැ ද? මේ සුරෙන්‍ද්රඳයන් ගේ යම්තම් වු බැල්මෙකි ඇත්තවුනට සිතු පැතු සියලු සැප ලැබෙන බව මෙයින් ප්රඳතීත කළ හ.

ටිප්පණි : 1. ඉසුරු තරේ - ‘තර’ යැ යි. සිටියැ යුතු තැනි. සර්ථ.ර වු - නිත්ය වු - ඉසුරු ලෝකයෙහි නැත්තේ යැ. සියල්ල අනිත්ය් යැ. මෙහි ‘තර’ යැ යි කියේ, නිකම් දවසක් දෙකක් තිබි නැති වි යන ඉසුරු නො වැ, ජිවිතය මුළුල්ලෙහි සැප විඳිමට ප්රකම‍ාණ වන ඉසුරු දෙන බව හඟවන්නට යැ. 2. බැලු මතිනි - “බැලුමෙකිනි” යනු දු පාඨ යි, “ බැලිමෙකින් - එක් වරක් බැලිමෙන්” යනු අර්ථ“ යි. 3. නොවතරේ - ‘නොවිතර’ යි සිටියැ යුතු තැති. විතර (ප්රයමාණය) නොවනුයේ යමෙක්හිද ඒ ‘නොවිතර’. 4. අතුරේ - ‘අතුර’ යැ යි සිටියැ යුතු තැති. ඇස නො වනා හළ කලැ,වැනුමෙහි පෙනෙන අතර යි මෙහි ගැනුණේ. 5. එකයුරේ - එක අයුර යැ. “එකාකාර යැ” යි. 6. ඉඳුවරේ - නීලෝතපලය ඉඳුවර ( ඉන්දීරවර) නම් වේ.

139. දිලි රත් තෝඩු යුග රිවි මඬලෙකි වෙතළ හිමි මුව තඹරැ ඉන් ඇම කල් සිරි දිසි ළ එත එක රිවි දුරිනි පුබුදින දිනැ ද කෙළ සියපත් නො පත් නඳ ගුණ සිය අසිනසළ

අන්නතය  : දිලි රන් තෝඩු, වෙතැ අළ යුග රිවි මඬලෙකි. ඉන් හිමි මුව තඹරැ ඇම කල් ළ සිරි දිසි. එක රිවි දුරින් එත පුබුදින දිනැ ද, කෙළ සියපත්, සිය අසින් අසළ නඳ සිරි නො පත්.

අර්ථ් : රක්ත තාඩඞකයෝ සමිපයට පමුණුවන ලද්දා වු උභය සූර්යව මණ්ඬලයෙකි (සූර්ය මණ්ඩල දෙකෙකි.) එ හෙයින් (දිව්ය ) ස්වාමිහු ගේ මුඛ නමැති තාමරසයෙහි (පියුමෙහි) සියලු කල්හි


මයුර විවරණය 249

තරුණ ශොභාව පෙනුණේ යැ. එක සූර්යදයා දුරින් එන කල්හි ප්රරබොධ වන්නා වු ද‍ිනයෙහි පවා, කෝටි ශතපත්ර යෝ (පියුමු කෝටි‍ෙයක්, ) ශතාංශ්රනවෙකින් (සියයෙන් කොටසෙකින්) ආශ්රිශත වු ආනන්‍ද ගුණයට නොපැමිණියෝ යැ.

විස්තර : දිව්යන රාජයාණන් ගේ තෝඩු (කර්ණ්භරණ) දෙක රක්ත මාණික්යභයෙන් කරන ලද්දේ යැ, විශාල යැ, දිප්තිමත් යැ, එ හෙයින් සමිපයට පමුණුවන ලද්දා වු තරුණ සූර්යද මණ්ඩල දෙකක් වැන්නැ. පියුම් පුබුදුවනු ලබන්නේ සූර්යායා විසනි. ඈතැ එක සූර්යනයා බොහෝ පියුම් පුබුදුවා නම්, ළඟැ සූර්යේයෝ දෙ දෙනෙකි කෙසේ නුපුබුදුව ත් ද? දිව්යම ‍රාජයාණන් ගේ මුඛය නමැති පද්මයෙහි සියලු කල්හි තරුණ ශොභාව පෙනෙයි. සූර්යම මණ්ඩල ළඟැ මැ සිටුනා හෙයිනි. එක මැ සූර්ය ය ඈතින් එන කල්හි සාමාන්යණ පද්ම පිපේ. සියලු කල්හි නො වේ. එක පද්මයෙකුත් නො වේ. පුබුදින දිනයෙහි මැ එ බඳු පද්ම කොටියෙකුත් මේ එක මැ මුහුණේ සියයෙන් කොටසෙකින් ආශ්රිුත වු (ආශ්රිය කරන ලද) ආනන්‍ද ස්වභාවයට නො පැමිණියේ යැ.

මෙහි වැනුනේ සුරෙන්‍ද්ර්යාණන් ගේ මුඛය යි. මුහුණ නො වේ. මහත් ප්රිිතිය හඟවන්නා වු මුඛය රත් පියුමක් වැන්නැ. ඒ මුඛයේ සියයෙන් කොටසකුත් සියලු කල්හි දක්වන ආනන්දැ ගුණය (ප්රීයත්මද්භාවය) අවශෙෂ පද්ම කෝටියෙකුත්, පිපෙන දිනැ මැ වුවත්. නො දක්වයි. රක්ත මාණික්යකමය තාඬංක යුග්මය අතිශයන් කාන්තිමත් බව ද, මුඛය පද්ම කෝටියකට ද ළං වියු නොහැකි ශොභායෙන් යුක්ත බව ද, මෙ සේ කියන ලද.

රහල් හිමියෝ මෙය බලා -

“ ර ත් මිණි තෝඩු යුග හිමි සවනතැ සොබන ව ත් සියපත පොබයන ලෙසිනි ඇම දින ප ත් රිවි යුග වැනි යැ යි කියත වෙසෙසින ම ත් ගජ රජුට නඟුලිය සදිසි කළ මෙන” යැ යි කී හ.

ටිප්පණි : 1. සිරි දිසි ළ - ළ සිරි දිසි. ‘ළ සිරි’ නම් තරුණ ශොභාව යි. පද්මයේ තරුණ ශොභාව ඇති වත් හොත්. පිබිසි දිනැ මයුර විවරණය 250 පමණෙකි. මේ මුඛ පද්මයේ තරුණ ශොභාව සියලු කල්හි වෙයි. සූර්යන මණ්ඩල දෙකක් ළඟට මැ පැමිණැ සිටි හෙයින්, ඒ අරුම නො වේ.

2. එත එක රිවි දු‍රි නි - දිව්ය රාජයා ගේ මුඛ පද්මය පුබුදුවන සූර්ය යෝ දෙ දෙනෙකි. සකල ලෝකයෙහි අන්යජ සකල පද්ම‍යන් මැ පුබුදුවන්නේ එක් සූර්ය‍යෙකි. පෙරැ කි සූර්යවයෝ දෙ දෙන මුඛ පද්මය ළඟට මැ අවුත් සිටිති. පසු වැ කී සූර්යශයා අප්රයමාණ දුරින් පැමිණැ පෙනුණු කල්හි, අන් සියලු පියුම්හි පිපෙති, දෙ පක්ෂශයේ මහත් වෙනස මෙයින් සිද්ධ යැ.

3.නඳ ගුණ - නන්දප ගුණය. අනන්දි ස්වභාවය. ප්රී,තිය. මුඛයේ ‘නඳ ගුණ’ නම්, සිතෙහි ප්රී තිය නිසා ඇති වන සිනා සහිත ශොභාව යි. පියුමෙහි ‘නඳ ගුණ’ නම් ප්රපබෝධයෙන් ඇති වන ශ්රි ය යි.

4. සිය අසින් අසළ - “හිමි වුව තඹර” යනු හා සම්බන්ධස කොටැ, අර්ථර සලකා-ගත යුත්තේ යැ දිව්ය රාජයාණන් ගේ මුඛ පද්මයේ සියයෙන් ‍කොටසෙකින් ආශ්රිතත වු නන්දධ ගුණ ප්ර මාණය අන්ය් පද්ම කෝටියෙක්හි ද නැත්තේ යැ.දිව්ය රාජ මුඛ පද්මය අංශ (කොටස්) සියයකට බෙදු කල්හි, එයින් එකි කොටසෙක් යම් පමණ වු නන්ද ගුණ‍යක් ඇසුරු කෙරේ ද, එ තරම් වු නන්දක ගුණයකට පද්ම කෝටියෙක් ද නොපැමිණියේ යැ.

140. අ ත ළ කුලුණු දිය පිරි උර විලැ වතළ ල ක ළ දිමුතු මුතු වැල නම් තරග වැළ අ ස ළ සුර’ඹ නරඹන ලොළ නුවන් පෙළ එ ර ළ ඇතුළඅ පැයි පැනැ කෙළන මින් රළ

අන්න ය : දිමුතු මුතු වැළ නම්, අතළ කුලුණු දිය පිරි උර විලැ වතළ ලකළ තරඟ වැළ. අසළ සුරඹ නරඹන ලොළ නුවන් පෙළ, එ රළ ඇතුළැ පැනැ කෙළන මින් රළ පැයි.

අර්ථ  : දිප්තිමත් මුක්තාවලිය නම්, අතට වු කරුණා නමැති ජලය පිරුණා වු ළය නමැති තටාකයෙහි පැතුරුණා වු අලඞකෘත කළා වු තරඞග පංක්තිය යි. ආශ්රමය කළා වු දිව්යාංාගනාවන් බලන්නා වු ලුලිත වු නයන පඞ්ක්තිය තෙමේ, ඒ තරඞගයන් ඇතුළෙහි පැනැ කෙළින්නා වු මත්ස්යබ සමුහය ප්රුකාශ කෙළේ යැ.

මයුර විවරණය 251 විස්තර : දිව්යන රාජයාණන් ‍ගේ ගෙලෙහි බඳනා ලද මුතු වැල ළය පිටැ පැතිර සිටි. ළය විලක් වැන්නැ. ළය පුරා සිටි කරුණාව විල පුරා සිටි ජලය වැන්නැ. කරුණාව අප්ර්මාණ වන බැවින් ජලය ද අපුමාණ වෙයි. එ හෙයින් අතට යැ, තටයක් (තීරයක් - පර තෙරක්) නැත්තේ යැ. මෙ සේ ළය විලක් වන කලැ, මුතු වැළ ඒ විල අලඞ්කෘත කළා වු රළ පඬ්ක්තිය යි. ආශ්රැය කරන්නා වු දිව්යා.ඞ්ගනාවෝ ඒ මුතු වැළ දෙස බලති. ඔවුන් ගේ ඇස් ලලිත වෙමින් (වඤවල වෙමින්) මුතු වැළට වැටෙයි. එ කලැ ඒ ඇස් කෙසේ පෙනේ ද? රළ ඇතුළෙහි පනිමින් ක්රි ඩා කරන්නා වු. මත්ස්යක සමුහයක් සේ පෙනෙයි. දිව්ය රාජයන්, අපරිමිත කරුණායෙන් යුක්ත බව ද. ඔවුන් ගෙලෙහි බැඳි මුතු වැළ නිතර පුරුදු වු ද දිව්යාිඞ්ගනාවන් ගේ ඇස් පවා අදනා තරම් විස්මයජනක ශොභායෙන් යුක්ත බව ද, මෙයින් වැනිණ

ටිප්පණි : 1. අතළ - තළ (තටය) නොවනුයේ යමෙක්හි ද, ඒ අතළ මෙහි ‘තළ’ නම් තීරය යි, ඉවුර යි. යම් ජලාශයයෙකැ ඉවුරෙක් නො වේ නම්, එහි ප්ර මාණය කියා නිම කළ හැකි වේ.

2. වතළ - වැතිරි (පැතිරැ) සිටියේ මුතු වැළ යි. මුතු කිහිප පටක් සිටුනා සේ බහා ලන ලද බව මෙයින් පෙනේ. ‘තරඟ වැළ’ යැ යි කියන ලදුයේ ද එ හෙයිනි.

3. ලකළ - අලඞකෘත කළා වු. කුමක් අලකෘත කළා වු ද? උර විල අලඞකෘත කළා වු.

4. අසළ - ‘අසුරු’ (ආශ්ර්යයෙහි) ධාතු ‘බස්’ ආදි අත් පද යි. ඇසිරේ - ඇසිරෙති - ඇසිරිණි, ඇසිරි, අසිළි, අසිළ, අසළ - ඇසුරුණු, ඇසිරි, අසුළු, අසුළ, අසළ. මේ ‘අසළ’ යන විශේෂණය කවර හෙයින් සුදුසු ද? ආශ්ර,ය කළා වු සුරඹුවෝ මේ මුතු වැළ නිතර දුටු පුරුදු ඇත්තෝ යැ. එ බඳු වු ඔහු ද, ඒ මුතු වැළ දෙස නිතර මැ බලත්. කො තරම් බැලුව ද, එ දෙස බැලිමේ ආශාව මඳකුදු අඩු නො වෙයි. මුතු වැළ එ තරම් විස්මයජනක ශොභායෙන් යුක්ත යැ.

5. පැයි - ප + යි = පැයි. ‘යි’ යනු අවසානයෙහි නිපාත යි.


මයුර විවරණය 252

141. යු ග බා සොඳුරු විසිතුරු සිරි සුලබා ය සු ර’ ඹා ගෙලෙහි පළඳන මන පොලඹා ය සසොබා සිනිඳු ඉඳුවර දමි පසු බා ය නොතබා වනත හොත් අනත ද කර බා ය

අන්නාය : ‍‍යෙසාඳුරැ විසිතරැ සිරි සුලබ යුග බා, සුර අඹ මන පොළඹා ගෙලෙහි පළඳන සසොබා සිනිඳු ඉඳුවර දම් පසු බා යැ. නො තබා වනත හොත් අනත ද කර බා යැ. (සුලබ - සුරඹ - පොලඹා - යන තැනි සුලබාය - සුරඹා - පොලඹාය - යැ යි සිටි සේ යැ.)

අර්ථ  : සුන්දවර වු විචිත්ර ශොභාව සුලභ වු උභය බාහුව (බාහු දෙක,) දිව්යාේඞගනාවන් සිත ප්රුලොභ කොටැ පළඳින්නා වු කාන්තිමත් ස්නිග්ධ වු ඉන්දීාවර දාම (නිල් මානෙල් දම්) පරදවයි. (එය) ඉතිරි නො කොටැ වර්ණානය කරත් හොත්, අනන්තයා ද බිම බලය.

විස්තර : දිව්යය රාඉයාණන් ගේ බාහු යුග්මය සුන්දාර යැ, එහි විචිත්රො ශොභාව සුලභ යැ (බෙහෙවින් ඇත්තේ යැ.) දිව්යාසඞගනාවෝ නිල් මහනෙල් මල් දම් මහත් ආශායෙන් ගෙලෙහි පළඳිත්. එයට ද වඩා මහත් ආශායෙන් මේ බාහු යුග්මය පළඳිති. කාන්තියෙන්ද සිනිඳු බැවින් ද බාහු යුග්මය නිල් මහනෙල් මල් දමට වඩා රමණිය යැ. මෙ සේ දිව්යාබඞගනාවන් ගේ සිත් පෙලැඹැවිම යැ, කාන්තිය යැ. සිනිඳු බව යැ, යන සියලු කරුණින් බැහු යුග්මය ඉඳුවර දම් පරදවයි. එ බඳු වු බාහු යුග්මය වැනිමට සමතෙක් ලෝකයෙහි නැත්තේ යැ. අනන්තයා වුව ද එය වැනිමට නැඟි නො සිටි. මේ දිව්යව රාජයාණන් ගේ අත් තමන් ගේ ගෙල වටා යවා ගන්නට - මෙවුන් ලවා ආලිඞ්ගනය කරවා ගන්නට - දිව්යා්ඞනාවන් මහත් ඇති අනුපම සෞන්ද්ර්යයය බව ද, මෙයින් ප්රයනීත යි.

ටිප්පණි : 1.ඉඳුවර - ඉන්දී්වර. නිල් උපුල්. දිව්ය රාජයාණන්‍ ගේ ශරීරය නිල් යැ. නිල් උපුල් මල් දම් ගැනුණේ එ හෙයිනි. 2. පසු බා - පස්සට බහයි.දිනුයේ ඉදිරියට යෙයි. පැරැදුණේ පසු බසී. එ හෙයින් පසු බෑම නම් පැරැදැවිම යි.

මයුර විවරණය 253 3. කර බා - ‘කර’ යනු මෙහි ග්රීටවාවට (ගෙලට) නමි. අසමර්ථර වුයේ ගෙල නමා, හිස පහත් කොටැ-ගෙනැ සිටි, සමර්ථය වුයේ හිස කෙළින් ‍කොටැ, අශිත වැ සිටියි. එ හෙයින් කර බෑම නම් අපොහොසත් බව හැගැවිමෙකි.

142. සිරි කමලේ මන් රඳනුයෙනි නිති නෙළේ වත විපුලේ දෙත උර බිතැ ‍බියෙනැලැළේ ඉති අතු‍ලේ නම් පදරු’තනුරු කළේ හිමි අතුලේ සිරි සරි කො ද මෙ ලෝ තුළේ

අන්න ය  : සිරි, මන් කමලේ රඳනුයෙනි, නිති නෙළේ; විපුල් වත දෙත, උර බිතැ බියෙන් ඇලැළේ. ඉති නම් පද අතුලේ අරුත් අනුරූ කළ ඒ හිමි අතුලේ සිරිසරි,‍‍ෙම ‍ෙලා් ත‍ෙළ් ‍ෙකා ද?

(‘විපුල්’ යනු ‘විපුලේ’ යැ යි යෙදුණු සේ සලකන්නේ යැ.)

අර්ථ‘ : ශ්රි‍ තොමෝ. (තමා ගේ) සිත පද්මයෙහි රඳන හෙයින් නිරන්තරයෙන් රැවැටෙයි. විපුල (බොහෝ) වු වස්තුව දෙන කල්හි, උරඃප්රඳදේශයෙහි භයින් කම්පිත වෙයි. මෙ සේ නාම පදය අතුල්ය) (යැ යන) අර්ථපයට අනුරූප කළා වු ඒ ස්වාමිහු ගේ හස්ත තලයේ ශොභාවට සමානයෙක්, මේ ලෝකාභ්යුන්තරයෙහි, කිමෙක් ද?

විස්තර : එක මැ ලක්‍ෂ්මිය (ශ්රි කාන්තාව) ඒ දෙව් රජුන් ගේ අත්ල බලා ඇල්ම ද කෙරෙයි, මහත් භයට ද‍ පැමිණේ තවර හෙයින් ඇල්ම කෙරේ ද? ලක්‍ෂ්ම පද්මයෙකැ වසන්ති යැ. දැන් මේ සුරුඳුන් ‍ගේ උරෙහි වස්තු දු, තමාට පුරුදු පද්මය දුටු කලැ, එහි මන් රැ‍ඳේ - සිත ඇලේ. මේ සුරිඳුන් ගේ අතුල ආකාරයෙන් ද වර්ණටයෙන් ද පද්මයක් බඳු යැ.ලක්ෂ්මි ඒ දැකැ, “පද්මයෙක් මැ යැ” යි දහස් වරැ රැවැටෙයි. එක් දිනෙකැ වන රැවැටිමෙක් නො වේ. සියලු දිනැ එක සේ රැවැටිම වන්නේ යැ. පද්මාකාරයෙ කො තරම් සම්පූර්ණො ලෙද අන්ලෙහි වුයේ ද යනු මෙයින් පෙනේ. කවර හෙයින් මහත් ‍භයට පැමිණේ ද? සුරිඳුන් ගේ ‍එ අත්ල බොහෝ වස්තු යැදියනට දෙන බව ලක්ෂ්මියට පෙනේ. දිමෙහි බලවත් ආශාව ඇත්තෝ, “මේ අගනේ යැ,මේ නො අගනේ යැ” යි විශෙෂයක් නො කෙරෙති. ඉල්ලු සියල්ල දෙති. “ මේ තරම් වස්තු දෙන මේ සුරෙන්ර්ො කයෝ, අහෝ, මා ද යැදියකු හට දුන්නු නම්”. යන සිතිවිල්ලෙක් ලක්ෂ්මියට ඇති වෙයි.

මයුර විවරණය 254

එයින් මහත් භය උපදි, භය අනෙකක් නිසා නො වේ. අනෙකකුට දුන හෝත ‍මේ සුරෙන්ර්ප යන් හැරැ යන්නට සිදු වන නිසා යැ. මහත් ආදරයෙන් ඔවුන් ගේ උරෙහි ඉන්නා ඇයට, ඔයුන් හැරැ යන්නට සිදු වුව හොත්, ඒ කො තරම් භයට කාරණ වියැ යුතු ද? ආකාරයෙන් ද වර්ණදයෙන් ද පියුම සුරිඳුන් ගේ අත්ලට සමාන බව සැබෑ යැ. එහෙත් විපුල් වත් දෙන ගුණය පියුම අසලකට වත් නොපැමිණියේ යැ. එ හෙයින් කෙසේ නම් දෙක සමාන වේ ද? සමාන වන්නට මැ සිටි පියුම මෙ සේ සමානත්වේයෙන් බැහැර වන කලැ, ‘අතුල්’ යන නාමය ‘අතුල්’ යැ (අතුල්ය යැ - තුල්යෙයෙක් නැත්තේ යැ) යන අර්ථමයට අනුරුප වුයේ යැ. (‘අතුල්’ යනු අන්නමථ්ර්ය‍ වුයේ යැ. ) සුරිඳුන් ගේ අත්ල, වර්ණ්යෙන් හා ආකාරයෙන් හා පියුමකට අත්යයර්ථුයෙන් සමාන බව ද, ඒ අත්ලෙන් බොහෝ වස්තු දෙන බව ද, මේ කි පරිදි යි.

ගුණවර්ධනයෝ පද්‍ඒ ය මෙ සේ සකස් කෙරෙත්: -

“ සි රි ක ම ලේ මෙන් රඳනුයෙන් නිති ‍ලොලේ ව ත වි පු ලේ වැණ උර බිත රුතින් ඇලේ ඉ න් අ තු ලේ නන් පදරුත් දැරූ කලේ හි මි අ තු ලේ සිරි සරි කො ද මෙ තුන් තලේ”

“ (විපුලේ+) උදාර වු (මේ ස්වාමිහු ගේ) චක්ත්රසයෙහි ශ්රි කාන්තාව විසින් පද්මයෙහි මෙන් නිත්ය ලොලයෙන් රඤ්ජිත වනු ලබන හෙයින්, (වැණ = ) වාර්ණෙ (සරස්ව ති) තොමෝ උරොභින්නායෙහි රුචියෙන් ආසක්ත වේ, (දොහෝ නොහොත්) පද්මයෙහි (‍‍ෙලා‍ෙල් =) ලොලාව (ශ්රි, කාන්තාව) මෙන් උදාර වු චක්ත්ර යෙහි (සිරි +) ශොබා සම්පත්තිය නිත්යවයෙන් රඤජිත වන ‍හෙයින්, වාර්ණත හෙවත් වාක් තොමෝ රුතයෙන් හෙවත් හුංකාරයෙන් ආසක්ත වේ. එ සේ හෙයින් (අතුලේ = ) සමාන රහිත වු (කලේ =) කල්යා වු හෙවත් මනොහාරි වු නානා පදාර්ථඑයන් ධාරණය කළා වු මේ ස්වාමිහු ගේ හස්ත තලයෙහි ශොභා සම්පත්තියට, මේ ත්රි කලයෙහි සමාන වුවක් කවරේ ද?”

මේ, පද්යපයට කී අර්ථ් ය.

ගත් අයාසය නම් බලවත් මැ යැ. එහෙත් වරද කවීන් අතැ නො වේ. මයුර විවරණය 255 ටිප්පණි : 1 නෙළේ - ‘නළ’ (රැවැටිමෙහි) දයින් වු ආත්මනෙපද ආඛ්යාුත පද යි.

2. ඇලැළේ - කැලැඹේ. මෙහි ‘අලළ’ ධාතු ‘රක්’ ආදි අත් පද යි, අකර්මෙක යි. ඇලැළේ - ඇලැළෙති - ඇලැළිණි, ඇලැළි - ඇලැළුණු, ඇලැළි. සකර්මෙක ‘අලළ’ ධාතු ආදි පර පද යි. අලළා - අලළති - ඇලැළී - ඇලැළූ. ‘අලළ’ – ‘අළල’ - යන රූප දෙක යැ භාෂායෙහි ලැබේ.

ගිරා ස‍ෙන්ද–ශ කාරයෝ - “ තෙ ව ළා රුවනකර උඩු යටි කැරැ රුවට අ ල ළා ගැඹර පදරුත් මිණි දෙන ලොවට තෙ ව ළා වදනිසුරු විජයබ තෙරිඳු හට නොවළා ගොසින් මේ හසුන් සැළ කරව සිට”

යන තන්හි ‘අලළ’ යන රූපය ගත් හ. පරෙවි ස‍ෙන්දහශ කාර‍යෝ -

“ ක ළ සුලකල හෙළ රුවනින් තුගු නැබළ ලෙ ළ සිලිලින් පිරි පිරි වෙතැ පවුරු දුළ අ ළ ලන වරැ කිරණව මත් පහර’ඹළ ප ළ කෙළෙ සලා ද‍ි නැහි වටැ තරඟ වැළ” යන තන්හි ‘අළල’ යන රූපය ගත් හ.

3. අතුපේ නම් පදරු’තනුරූ කළ - නම් පද අතුල යැ අරුත් අනුරූ කළ. ‘අතුල්’ යන නාමය ‘අතුල්ය ‘ යැ යන අර්ථැයට අනුරූප කළා වු ‘අතුල්’ නම් හස්ත තලය යි. ඒ අතුල් වුයේ ‘අතුල්ය ’ යැ යන අර්ථඅයෙන් නො වේ. එහෙත් කවිහු එ සේ වු සේ කොටැ-ගනිති. ‘අතුල්යල’ යන අර්ථරය ද ‘අතුල්’ යැ යි පැවැසියැ හැකි හෙයිනි.

4. කළේ - කළ + ඒ. මේ ‘ඒ’ යනු ‘හිමි’ යන්නට විශෙෂණ වෙයි.

5. අතුලේ සිරි සරි - අතුලෙහි (හස්ත තලයෙහි) ශ්රියයට (ශොභ‍ාවට) සරිය (සමාන වු දැය.)


මයුර විවරණය 256

143. ළ ක ල් කලුන් නරඹන නෙත් කැලුම බර සි ලි ල් නමන තුනු යටියට නැඟි පවර සු නි ල් වසා ලිය යට වටැ රැඳි නිතොර වි ම ල් සොඳුරු තෝ තැන්නෙකි නැබ ගැඹර

අන්නමය : ගැඹර නැබ, ළ කල් කලුන් නරඹන නෙත් කැලුම් බර සිලිල් නමන, පවර තුනු යටියට නැඟි, සුනිල් වසා ලිය යට වටැ රැඳි, නිතොර විමල්, සොඳුරු තෝ තැන්නෙකි.

අර්ථන : ගම්භිර නාභිය (කෙබඳු ද යත්: -) මනොඥ වු කාන්තාවන් බලන්නා වු නෙත්රව කාන්ත භාර (නෙත්රෙ රශ්මි සමුහ) නමැති ජලය ඉසින්නා වු, ප්ර වර ශරිර නමැති යෂ්ටියට (රුක් කඳට) නැගුණා වු, ඉතා නිල් වු වසා (රොම රාජාය) නමැති ලතායෙහි යෂ්ටිය (කඳ) වටා රැඳුණා වු, නිරන්තරයෙන් නිර්ම ල වු සුන්ද ර වු ආලවාලයෙකි.

විස්තර : ඒ දෙව් රජුන් ගේ ගැඹුරු නැබ ආලවාලයක් වැනි යැ, සියලු කල්හි නිර්මරල වු සුන්ද්ර වු ආලවයක් වැනි යැ.ළය මැදැ සිටැ පහතට විහිදි-ගිය ලොම් පෙළ වැළක් බඳු යැ. ශරීරය නමැති ලස් කඳට නැගුණු වැළකි බඳු යැ. නැබ මේ වැළේ කඳ වටා රැඳුණු ආලවාලය වැනි වේ. කාන්තාවෝ මේ දෙව් රජුන් ගේ ශරිරය දෙස ඇල්මෙන් බලති. ඔවුන් ගේ ඇස්හි නිල් කලුම් වැටෙන කලැ, දිය ඉසින්නා මෙන් පෙනේ. ඒ නම් වසා ලියට ඉස්නා ජලය යි.

ටිප්පණි : 1. ල කල් කලුන් - ළයට (සිතට) කල් (කල්යඉ - අනුකූල) වුයේ (ළ කල්.) ‘කලුන්’ යන තන්හි ‘කල්’ යනු ස්ත්රි්යට නමි. එහි ද මෙ ‘මනොනුකූල’ අර්ථ(ය වෙයි. එ සේ නම්, “ ළ කල් කලුන්” යැ යි. කී තන්හි පුනරුක්තියෙක් නො වේ ද? නො වේ. ‘කල්’ යන්නෙන් ස්ත්රිකය ගැනෙනුයේ, රූර්ඩී අර්ථකය (Converntional meaning) බලැගෙනැ යැ. එ තන්හි නිරුක්ත්යිර්ථයය (Etymological meaning) නො සැලැකේ. එ හෙයින් “ ළ කල් අඟනන්” යැ යි යම් සේ කියැ හැකි ද, “ ළ කල් කලුන්” යැ යි ද ‍එ සේ මැ කියැ හැකි යැ.

“ අගතිසිහු දිය රැස ඇඳිලින් ගතෙව් දිය රැස” යන තන්හි ‘දිය රැසැ දිය රැස’ නම් මුහුදෙහි ජල රාශිය යි.

මයුර විවරණය 257 මුහුදට ‘දිය රැස’ යැ යි නමෙකි. මෙහි ලා සැලැකුණේ, එ පමණෙකි. එ හෙයින් එහි ජල රාශිය ගන්නා සඳහා, “දිය රැසැ දිය රැස” යැ යි කියන ලද.

2. නෙත් කැලුම් බර සිලිල් - නෙත්රි කාන්ති භාරය නමැති ජලය. මෙහි ‘බර’ යනු ‘රාශිය’ යන අරුත දෙයි.

3. නමන - “කළයෙන් දිය නමන” යනාදි තන්හි මේ අර්ථේය පැහැදිලි වැ පෙනේ.

4. වසා - සංස්කෘතයෙහි ද මේ නාමය මැ වෙයි. ‘වසා රොද’ යනු සැමාන්යඑ ව්යරවහාරය යි. මෙය ළයෙහි සිටැ පහළට විහිදි-යෙයි. මෙහි ගැනුණේ, නැබින් උඩ කොටස පමණෙකි. සෙස්ස වස්ත්රහයෙන් වැසුණු හෙයිනි.

5. ලිය යට වට - වැලේ කඳ වටා. වසා රොද වැලෙකි. එය උඩට නැගි ගියේ යැ. බිමැ පිහිටි තැනි කඳ වටා ආලවාලය වෙයි.

6. තෝ තැන්නෙකි - ‘තෝ’ නම් ජලය යි. සංස්කෘතයෙහි ‘තෝය’ යනු වෙයි. තොයට (ජලයට) කළ තැන්න තෝ තැන්න යි. ගසෙකැ වැලෙකැ මුලට ඉසි දිය බැහැරැ ගලා‍ නො ගොස් නවතිනු පිණිස, මුල අවටැ සකස් කළ සරිය තෝ තැන්න යැ. ‘ආලාවාල’ යනු සංස්කෘත නාමය යි.

144. දිය සෙත නියුත හිමි උර බිතතුරුල්පත නිරතුරු උතුරුවනුතුරු කුලුණු බර’නත උසුලන බැවින් ලෙළ සිඟු වලඟින් සතත ශත රැළි සෙයින් තුන් විලි දිසිනේ එ මත

අන්නනය : දිය සෙතැ නියුත හිරි උර බිතැ අතුරු උල්පත නිරතුරු උතුරුවන උතුරු අනත කුලුණු බර. ලෙළ සිඟු වලගින් උසුලන බැවින්, සතත ගත රැළි සෙයින්, එ මතඅ තුන් විලි දිස්නේ.

අර්ථන : ‍ලෝක ශාන්තියෙහි නියුක්ත වු ස්වාමිහු ගේ උරඃ ප්රරදෙශ‍ය ඇතුළෙහි ප්රණශ්ර‍වණය (උල්පත) නිරන්තරයෙන් උතුරු වන්නා වු, උත්තර වූ, අප්රෙමාණ වූ, කරුණා භාරය, ලලිත වූ, කෘශ වූ, වලග්නයෙන් උසුලන හෙයින්, සත්තයෙන් ගත්තා වු රැළි ආකාරයෙන්, ඒ මතුයෙහි ත්රිි වලිය දෘශ්යෘමාන වන්නේ යැ.

මයුර විවරණය 258 විස්තර : ඒ දෙව් හිමියාණන් ගේ ළය ඇතුළෙහි උල්පතෙක් වෙයි. කවර උල්පතෙක් ද? අතිශයින් උසස් වු කරුණාව නො නවතා මැ උතුරුවන්නා වු උල්පතෙකි. මෙ සේ උතුරුවනු ලබන්නා වු අපමණ වු කරුණාව, සියලු ළය පුරා සිටි, එ හෙයින් එ සේ මෙ සේ බරෙක් නො වේ. මහත් මැ බරෙකි. මෙ මහ බර උසුලන්නේ කිමෙකින් ද? සිහින් වු මධයවේුයෙනි. මහ බරක් උසුලන්නකු ගේ ශරිරය එබී, හැකිළි, එහි සමෙහි රැළි ඇති වනු ස්වභාව යි. මධ්යන ප්රයදෙශය එ තරම් කුලුණු බරක් උසුලන හෙයින්, ශරිරයෙහි රැළි වැටිම අරුම නො වේ. එ සේ වැටුණු රැළි වැන්නැ, නාභියට උඩින් පෙනුණු වලි තුන. එ තරම් කුලුණු ඒ සුරිඳුනට අවශ්යඑ වෙයි. කවර හෙයින් ද? ඔවුන් ලෝකයට ශාන්තිය කිරිමෙහි නියුක්ත වැ (පත් කරන ලදු වැ) සිටුනා හෙයිනි.

ටිප්පණි : 1. නියුත - නියුක්ත. Delegated. කවුරුන් විසින් ද? ශක්රමයා විසිනි.

2. උර බිතතුරුල්පත - උර බිතැ + අතුරු + උල්පත.

3. උතුරුවන - මෙහි ‘උතුර’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. ඉතිරේ - ඉතිරෙති - ඉතිරිණි, ඉතිරි, ඉතිළ, ඉතිළ - ඉතිරුණු, ඉතිරි, උතුළු, උතුළ. ‘උතුරුවනු’ යනු ප්රියොජ්ය් වර්තිමාන කෘදන්ත නාම යි.

4. උතුරු - උත්තර. ඉතා උසස්.

5. ලෙළ - මෙහි ‘රමනිය - ආනන්ද කාර - සිත් අලවන යන අර්ථ ඇත්තේ යැ. 6. සිඟු - ‘කෘශ’ (සිහින්) යන අර්ථ ය දෙයි. අල්පාර්ථ්යෙහි ‘සුගු’ සදෙක් ද සිංහ‍ලයෙහි වෙයි. කටිය සිහින් විම ශොභනත්ව.යක් කොටැ සලකනු ලැබේ.

7. වලඟින් - කටියට (මධ්යි ප්ර්දෙශයට) ‘වලග’ යනු දු නමෙකි. සංස්කෘතයෙහි ‘වලග්න’ යනු වෙයි.

8. තුන් විලි - සමෙහි වැටෙන රැළි ‘විලි’ නම්‍ වේ. සංස්කෘතයෙහි ‘වලි’ යනු ද ‘වලී’ යනු ද වෙයි. මෙහි ගැනුණේ නාභියට උඩින් වැටි ඇති රැළි තුන යි. විශෙෂයෙන් ස්ත්රිව ශරිරයෙහි ශොභන ලක්‍ෂණයක් සේ ගැනෙන්නෙකි.

මයුර විවරණය3 259 9. දිසිනේ - ‘රක්’ ආදි අත් පද ‘දිස්’ දයින් වන වර්තටමාන කෘදන්ත නාමය ‘දිසිනු’ යනු යැ. එය ‘ඒ’ විබත ගත් කලැ යැ, ‘දිසිනේ’ යනු ලැබෙනුයේ.

10. එ මත - ‘එ මතැ’ යැ යි සිටියැ යුතු තැනි. ඒ මතුයෙහි. නාභියට උඩින්. මෙයට පෙරැ මැ වැනුණේ නාභිය යි. එ හෙයින් දැන් ‘එ මතැ’ යැ යි කි කලැ, ගත යුත්තේ ‘නාභිය මතුයෙහි’ යන අර්ථෙය යි.

145. පසිඳු සිඳුරු කර සිඳුරැ යි දුරැ ම තමා සොඳුර සිනිඳු රසුදුළ යුවළ දඟතමා උසස පෙදෙස සිහිනැ යි යනු අඩුව තමා මොනර කර යැ සරි නම් යන්තමක් තමා

අන්න ය : මා මතැ, පසිඳු සඳුරු කර සිදුරැ යි දුරැ. සොඳුරු සිනිඳු, රැස් උදුළ යුවළ දගත මැ. උසස පෙදෙස සිහින් යැ යි යනු අඩුව තමා. මොනර, යන්තමකි සරි නම්, තමා කර යැ.

අර්ථම : මා ගේ මතයෙහි, ප්රිසිද්ධ වු ඇත් සොඬ සිදුරු හෙයින් දුර යැ. සුන්දකර (වනුයේ නම්,) ස්නිග්ධ වු රශ්මි බැබැළුනා වු උබය ජඞ්ඝාව මැ යි. උච්ච ප්ර‍දෙහය (ඉහළ කොටස) සිහින් යැ යනු ඌනත්වනයක් බව සැබෑ යැ. මයුරය, (එ සේ වු ව ද) ස්වල්පයක් සමාන වත් හොත්, ඹබ ගේ ග්රිැවාය යැ.

විස්තර: මේ කවින් ගේ මතයෙහි සැටියට ඇත් සොඬ මේ සුරිඳුන් ගේ ජඞඝාවට සමාන කළ නොහැක්කේ යැ. ජඞඝායෙහි සිදුරෙක් නැත්තේ යැ. ඇත් සො‍සෙඞහි මහත් සිදුරෙක්. එ හෙයින් ජඞඝාව ගැනැ සිතන කලැ, ඇත් සොඬ ළගට පවා නො එයි. දුරු වෙයි. “සුන්‍දර යැ” යි කිව හැක්කේ ජඞඝා දෙක මැ යි. ඇත් සොඬ සිදුරු නො බලා, ළද කළ ද, එහි නැති තව ද ගුණ දෙකෙක් ජඞඝා ද්වයයෙහි වෙයි. ‍එ‍ෙකක් නමි සිනිඳු බව යැ. අනෙක කාන්තිමත් බව යැ. මේ එකෙකුදු ඇත් සො‍ක් ඩෙහි නො වේ. මොනරාණෙනි, ඔබට ද ජයෙකි. ඔබ ගේ ග්රි වායෙහි ඉහළ කොටස පහළ කොටසට වඩා සිහින් බව නම් අඩුවෙක් මැ යැ. සුරෙන්ර්රිව ජඞ්ඝායෙහි ඉහළ කොටස පහළ කොටසට වඩා මහත් බැවිනි. එහෙත් ‍සිනිඳු බවත් රසුදුළ බවත් සලකන කලැ, සුරෙන්ර්ි්ත ජඬ්ඝාවට යන්තමක් වත් සමාන වතොත්, ඔබ ගේ ග්රි වාව යැ.


මය‍ුර විවරණය 260 ටිප්පණි : 1. සිඳුරු කර - සංස්කෘතයෙහි ‘සින්ධුගර’ යනු ඇතාට නමෙකි. ‘කර’ නම් අත යි. සින්ධු්රයා ගේ කරයට ‘‍සොඬ’ යැ යි විශෙෂ නමෙකි.

2. සිදුරැ යි - “සිදුරු යැ” යි “සිදුරු සහිත යැ” යි කවිහු කවර හෙයින් සිඳුරු දුරු කෙරෙත් ද? “සිදුරැ” යි දුරු කෙරෙම - සිදුරු ඇති හෙයින් දුරු කෙරෙති. මෙහි ‘සිදුරු’ යනු මහත් කවිත්වබය හඟවන්නා වු‍ පදයෙකි. දොෂයට ද ‘සිදුරු’ යනු නමෙකි. දොෂ ඇත්තේ , ‘සිදුරු ඇත්තේ” නමැ. දොෂ නැත්සතේ ‘සිදුරු නැත්තේ’ නමැ. සිදුරු ඇත්තේ සිදුරු සිදුරු නැත්තකු හා කෙසේ නම් සමාන වේ ද? සින්ධුුර කර පක්ෂඇයෙහි ‘සිදුර’ නම් නාසි බිලය යි. සුරෙන්ර්්තේ ජඞඝාව නො සිදුරැ’ය කී කලැ. ගත යුත්තේ එහි මඳ වු ද දොෂයක් නැති බව යි.

3. දුරැ - දුර යැ.

4. මත මා - ‘මතැ මා’ යැ යි සිටියැ යුතු තැනි.

5. දහත මා - ‘දඟත මැ’ යි සිටියැ යුතු තැනි. “දඟත මැයි” යනු අරුති. වුවනත - නළලත - මුඳුනත - යනාදි තන්හි මෙන්, ‘දඟත’ යන තන්හි දු ‘අත්’ ශබ්දය නිරර්ථ ක යැ. දඟ මැ දඟ.

6. උසස - උස් මැ උසස්. මුහුලස - වරලස - සිහිලස - මියුරස - යනාද තන්හි මෙන්, මෙහි දු ‘අස්’ යනු නිරර්ථික යැ.

7. අඩුව තමා - මේ ‘තමා’ යනු ව්යයවහාරයෙහි බෙහෙවින් ලැබෙන්නෙකි. “ ඒ හොඳ තමා” “මේ නරක තමා” යනාදි තන්හි මෙනි. දෙමළෙහි ‘තාං’ යනු ලැබේ.

8. යන්තමක් - යම + තම් =(පර සවර්ණා දෙශයෙන්) යන්තම්, ‘අත්යහල්ප’ යනු අර්ථය යි.

9. තමා - තමා‍ ගේ. තොප ගේ.

146. සිරි කත මතිනි මුත මලිගිය මල’යුරිනි පැහැ රළ පැහැරැ නැඟි තුනු සිඳු ම‍ුතු ලෙසිනි දැඩියෙන් අසුර සෙන් යස ඇඳුනා සෙයිනි තෙවුනෙ ය සතත සරණත නිය කැන් සිරිනි මයුර විවරණය 261 අන්න ය : සිරි කත මතිනි මුත මලිගිය මල් අයුරිනි, තුනු සිඳු පැහැ රළ පැහැරැ නැගි මුතු ලෙසිනි, අසුර සෙන් යස දැඩියෙන් ඇලුණා සෙයිනි, සරණත, නිය කැන් සිරිනි, සතත තෙවුනේ යැ.

අර්ථර : ශ්රිස කාන්තාව ගේ මස්ත‍කයෙන් මිදුණා වු මල්ලිකා ‍කුසුම ආකාරයෙන් ද, ශරිර නමැති සමුද්රියෙහි ප්රතභා නමැති රළ ගසා නැඟුණා ව‍ූ මුතු ආකාරයෙන් ද, අසුට සේනාවන් ගේ කීර්තිය තද වැ ඇලුණු ආකාරයෙන් ද, පාදය, නඛ කාන්ති ශොභායෙන්, නාරන්තරයෙන් බබළන්නේ යැ.

විස්තර : නිල් පයෙහි සුදු නිය කෙබඳු ද? ශ්‍රි කාන්තාව ගේ හිසින් සත්පෙති දැ සමන් මල් ගිලිහි වැටුණා වැන්නැ. ශරීරය නමැති නිල් මහ මුහුදෙහි (ශරිර) කාන්ති ‍නමැති රළ ගැසිම කරණ කොටැ-ගෙනැ, මුතු නැගුණා වැන්නැ. සුරිඳුන් ගේ පා වඳනා අසුර සේනාවන් ගේ කීර්තිය තදින් ගෑවුණා වැන්නැ. ශ්රිණ කාන්තාව ගේ හිසින් ගිලිහී වැටුණු මලිගිය මල් පා ඇඟිලි අගැ රැඳුනේ නම්, යම් බඳු ශොභාවෙකි වේ ද, නියෙන් වන ශොභාව ද එ බඳු යැ. මුහුදෙහි රළ වේගය අධික වු කලැ, මුතු උඩට නැගී, වෙරළට ගසනු වෙයි. දෙව් රජුන් ‍ගේ ශරීරය නිල් වන හෙයින් මුහුද වැන්නැ. ශරීර කාන්තිය ඒ මේ අතැ විහිදෙන් කලැ, මුහුදෙහි රළ ගසන්නා වැනි වෙයි. අසුර සේනාවෝ මේ සුර රදුනට පරදිති. ඔවුන් ගේ යසස හීන වේ. මේ සුරිඳුන් ‍ගේ යසස වැඩේ. පැරැදුණා ව‍ු අසුරයන් මොවුන් පා වඳනා හෙයින් උන් ගේ කීර්තිය මුන් ගේ පයෙහි වැකුණා මෙන් වේ.

ටිප්පණි : 1. සිරි කත මතිනි මුත - උරෙහි ඉන්නා සිරි කත ගේ මතින් මලිහිය මල් මිදුණු සේ ගැන්ම ද නොබැරි යෑ. සිරි කත මහා වීරයන් ගේ පා මුල්හි වසන සේ ද කවිහු ගනිති.

“ උවිඳු උරෙහි තම පිළිබිඹු දිසුන් නුසුහු සතුටු වැ එ නරවරා වුසු සිරි පා මුල්හි”

යනු නිදර්ශපන යි. ප‍ා මුල්හි වසතුදු සිරි කත මතින් මුත් මලිගිය මල් සුරිඳුන් පයෙහි රැ‍ශඳෙනු නොහැකි නො වේ. මයුර විවරණය 262 2. පැහැරැ - හෙත්වොර්ථ යෙහි අතීත කෘදන්ත නිපාත යි.

3. ඇලුණා - මෙහි ‘අල’ ධාතු ‘පිහිට’ ආදි අත් පද යි. ඇලේ - ඇලෙති - ඇලිණි - ඇලුණු.

4. තෙවුනෙ යැ - තෙවුනේ යැ. ‘තෙවු’ (බැබැළිමෙහි) ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර පද) තෙවි - තෙවිති - තෙවි - තෙවි. (අත් පද) නෙවේ - තෙවෙති - තෙවිණි - තෙවුණු. තෙවුනෙ යැ’ යනු සුපාඨය යැ යි ගත ‍හොත්, ‘බැබැළුණේ යැ’ යි අථි කියැ යතු වෙයි.

5. සරණත - සරණ මැ සරණත. ‘අත්’ යනු ස්වාර්ථැ යි.

6. නිය කැන් සිරිනි - ‘කැන්’ යනු ‘කැඳි’ ශබ්දය විභක්ති ගන්නා කලැ, අන්ත්යි ස‍වරයත් සමඟ විභක්තිය ලොප් විමෙන් නිපන් සේ පෙනේ. කැඳි +අ = (ඉ අ ලෝපය ද අර්ධතවර්ගා න්ත වෘද්ධිය ද වීමෙන්) කැන්ද් = (අන්තයෙහි ව්යතඤ්ජලන දෙකින් ‍දෙ වැන්න ලෝප් විමෙන්) ‍කැන්.

147. වි ස් මය කැරැ දුටු සඳැ නො මැ ඇරෙන ‍ලොබා තොස් වඩවන රු රස සමුදුරෙයි පබා ඇ ස් පිල් පෙළ දිටු තට නො කළ කලැ බඹා ඇ ස් දෙකෙකින් නරැඹියැ හැකි ද ඇති සුබා

අන්න්ය : දුටු සඳැ නො මැ ඇරෙන් විස්මය කැරැ, ලොබ තොස් වඩවන, රූ රස සමුදුරෙයි පබා ඇති සුබා - බඹා පිල් පෙළැ ඇස් තට දිටු නො කළ කලැ - ඇස් දෙකෙකින් නැරැඹියැ හැකි ද?

අර්ථද : දුටු කල්හි අත් නොහැරෙන්නා වු විස්මයය (ඇති) කොටැ, ලොභය ද සන්තොෂය ද වර්ධැනය කරන්නා වූ, රූප රස නමැති සාගරය‍ා ගේ ප්ර)බායෙහි ඇති ස්වභවය - බ්ර්හ්මයා පිල් පෙළෙහි ඇස තට දෘෂ්ටි නො කළ කල්හි - ඇස් දෙකෙකින් බැලියැ හැකි ද?

විස්තර : ඒ දෙව් රජාණන් ගේ රූප රසය (රූපයේ අබිරමණීයත්වහය) සාගරයෙකි. ඒ සාගරයේ කාන්තියෙහි ඇති ස්වභාවය සම්පුර්ණර වශයෙන් බැලිමට ඇස් දෙක ප්රකමාණ නො වේ. බ්ර හ්මයා විසින් පිල් පිළෙහි නොපෙනෙන ඇසුත් මයුර විවරණය 263 පෙනෙන ඇස් කරන ලද්දේ නම්, මොනරාට දි සිත් පුරා බලාගත හැකි යි. එ සේ නොකරන ලද හෙයින්, දැන් කුමක් කළ හැකිද? ඒ රූප රස සාගරය කෙබඳු ද? එය දුටු කල්හි, විස්මයය උපදි. විස්මට නම් අපූර්වා දැයක් ප්රණථම වාරයෙහි දුටු විටැ උපදනා චිත්ත ස්වභාවයෙකි. එය පසු වාරවලැ දී නූපදි. මේ දෙව් රදුන් ගේ රූ රස සයු‍ර කී වරක් දුට ද, විස්මයය එක සේ පවති. ඒ රූප රස සාගරය බලත් බලත්. ලොභය වැ‍ඩෙයි, තොෂය - වැ‍ෙඩයි.

ටිප්පණි : 1. ලොබා තොස් - ‘ලොබ තොස්’ යැ යි සිටියැ යුතු තැනි.

2. රූ රස - රූපයෙහි ඇත්තා වු රසය නම් මනොහර භාවයයි.

3. සමුදුරෙයි - සමුදුරෙහි. මෙ බඳු තන්හි ‘හ’ කාරය ට ‘ය’ ආදේශ වෙයි.

4. ඇස් ......දිටු - පිල් පෙළෙහි ‘ඇස්’ වෙයි. ඒ ‍එකෙකුදු ‘දෘෂ්ටි’ නම් නො වෙයි. පෙනීමෙන් යුක්ත වුයේ ‘දිටු’ (දෘෂ්ටි) යි.

148. සුරනිඳු කුලුණු සඳ යදි සිඳු වැන්නේ යැ සිහි කළ සඳැ මැ ඇම සිරි පමුණන්නේ යැ සිහිනෙන් දුටෙව් පිරිපත දුරැ - ලන්නේ යැ යස තෙද සුව නුවන ආ සිරි දෙන්නේ යැ

අන්නෙය : සුරනිඳු කුලුණු , යදි සිඳු සඳ වැන්නේ යැ; සිහි කළ සඳැ මැ ඇම සිරි පමුණන්නේ යැ; පිරිපත, සිහිනෙන් දුටු එව්, දුරැ - ලන්නේ යැ; යස තෙද සුව නුවණ ආ සිරි දෙන්නේ යැ.

අර්ථන : සුරෙන්ර්කුලයා ‍ගේ කරුණාව, යාචක නමැති සමුද්ර යට චන්ර්ව්තයා සමාන යැ; සිහි කළා වු කාලයෙහි මැ සකල ශ්රිෙය (සම්පත්තිය) ඇති කරන්නේ යැ; සම්බාධය, සිහිනයෙන් දුටුවක් සේ, පහ කරන්නේ යැ; කීර්තියද, තේජස ද, සුඛය ද, ඥානය ද ආයුඃ ශ්රි්ය ද දෙන්නේ යැ.


මයුර විවරණය 264

විස්තර : මේ දෙව් රදුන් ගේ කරුණා මහිමය බැලුව මැනැව. සමුද්ර යට චන්ද්ර‍රයා යම් බඳු වේ ද, යාචකයනට දෙව් රදුන් ගේ කරුණාව ද එ බඳු වෙයි. චන්‍්රිව යා කරණ කොටැ-ගෙනැ, සමුද්රරයෙහි ඔද වැඩෙයි. මොවුන් ගේ කරුණාව කරණ කොටැ-ගෙනැ, යාචකයන් ගේ ඔද වැඩෙයි. යැදි යැදි දැ ලැබෙන හෙයිනි. සිහි කළ ක්ෂ ණයෙහි මැ සුරිඳුන් ගේ කරුණාව සියලු ශ්රි ය (සම්පත්තිය) ගෙනැ දෙයි; සියලු බාධාවන්, සිහිනයෙකින් දුටු බාධාවන් මෙන්, දුරු කෙරෙයි; යශස් තේජස් සුඛ ඥන ආයුශ්රික යන සියල්ල ද දෙයි.

ටිප්පණි : 1. ඇම සිරි - මෙහි ‘සිරි’ නම් ධන ධාන්යාදදි සම්පත්තිය යි.

2. සිහිනෙන් දුටෙව් - සිහිනෙන් දුටු පිරිපත සිහිනය හා සමඟ මැ නිරායාසයෙන් දුරු වන්නේ යැ.

3. පිරිපත - සුවයට පහසුවට බාධක වැ සිටින්නේ ‘පිරිපත්’ නම් වේ. සංස්කෘතයෙහි ‘පරිපන්ථන්’ යනු “බාධක වැ - විරුද්ධ වැ - සතුරු වැ - සිටින” අර්ථප ඇත්තේ යැ. ‘පරිපන්ථ’ නම් සතුරු යැ.

4. යස තෙද සුව නුවණ ආ සිරි - ‘ආ සිරි’ යන තන්හි ‘සිරි’ නම් ශක්තිය යි. ආයුෂ පිළිබඳ ශක්තිය ‘ආ සිරි’ නම් වේ. ‘සිරි’ යනුයෙන් සම්පත්තිය ද ගැනෙතුදු, දෙ වැනි පාදයෙහි ‘ඇම සිරි’ යනුයෙන් එය ගැනුණු හෙයින්, මෙ තන්හි නොයෙදෙයි.

149. සිතු මිණි සුරබි ළඟ නො වත කිව කිවි කෙ ලෙසේ සිතු යුරු සුර ඉසුරු හිමි සිරි දෙනු වනනු කුම් සේ

අන්න ය : කිවි කෙ ලෙසේ කිව, සිතු මිණි සුරබි ළඟ නො වත, සුර ඉසුරු හිමි සිතු අයුරු සිරි දෙනු වනනු කුම් සේ?

අර්ථ  : කවින් කෙ ‍ලෙස කියුව ද, චින්තා මාණික්ය්ය ද සුරහිය ද ළං නො වන හෙයින්, සුරෙශ්‍වර ස්වාමිහු සිතු පරිදි සම්පත්ති දිම වර්ණානය කිරිම කවර ආකාර ද? මයුර විවරණය 265 විස්තර : කවීහු ‍නම්, “චින්තා මාණික්ය්ය වැනි යැ, සුරභි ධෙනුව වැනි යැ” යි වර්ණවනය කෙරෙති. එහෙත් ඒ දෙදෙන මැ මේ සුරිඳුනට ළං නො වෙති. එ හෙයින් සිතු අන්දමට මේ සුරෙන්ර්ති ස්වාමින් සම්පත්ති දිම කෙ ලෙසෙකින් වත් වර්ණනනය නො කළ හැකි යැ.

ටිප්පර්ණ  : 1. සුරබි - සුරහි. දෙව් ලොවැ ධෙනුව යැ. සිතු පැතු දැ දෙන්නී යැ යෙති

2. සිතු යුරු - සිතු අයුරු. “පතන්නා ‍ගේ සිතේ සැටියට” යැ යු සේ යැ.

150. කු ළි න් කුළැ තුඟු සුනෙර හිම ගිරි මුඳුන මු ලි න් මුලැ නඳුනුයන කප් රුක් සදන තෙරි න් තෙරෙහි සුර ගඟැ සුරගන රගන තෙනෙන් තෙන ඉති කියති යස ගී නදින

අන්නනය : තුගු සුනෙර හිම ගිරි මුඳුනැ කුළින් කුළැ, නඳුන් උයන සදන කප් රුක් මුලින් මුලැ, සුර ගඟැ තෙරින් තෙරෙයි රඟන සුර අඟන, යස ගී නදින, “ තෙනෙන් තෙන” ඉති කියති.

අර්ථන : උස් වු සුනෙරු හිමාලය (පර්වුත‍යන් ගේ) මුඳුනෙහි කූටයෙන් කූටයෙහි ද, නන්දඉනොද්යාරනය අලඞකෘත කරන්නා වු කල්ප වෘක්ෂවයන් ගේ මුලින් මුලෙහි ද, දිව්යන නදියේ තීරයෙන් තීරයෙහි ද, නටන්නා වු සුරාඞගනාවෝ (සුරෙන්ර්දිවයා ‍ගේ) කීර්ති ගීත නාදයෙන් “තෙනෙත් තෙන” යැ යි කියති.

විස්තර : මහා මෙරු කූටයන් හි ද හිමාලය කූටයන්හි ද කල්ප වෘක්ෂ මුල‍යන් හි ද දිව්යර නදි තීරයන්හි ද දිව්යා ඞගනාවෝ නටති. උන් ගේ නැටුමට කියනු ලබන්නේ , මේ සුර රජුන් ගේ කීර්ති වර්ණ නය කරන ගීතිකා යැ. ඒ ගීතිකා අසත් මැ නටන සුරාඞගනාවෝ කුල්මත් වෙති, ප්රි‍තිය ඉවසා ගත නො හි, ගිත තාළයට බැ‍ඳෙමින්, “තෙනෙන් තෙන” යනාදිය තුමු ද කියත්

මේ සුරිඳුන් ගේ කීර්තිය දෙවඟනන් විසිනුදු ගායනය කරනු ලබන බව ද, එය ඔවුනට මහත් ප්රි තියට හේතු බව ද, මෙයින් හැඟැවිණ.


මයුර විවරණය 266

ටිප්පණි : 1. සුනෙර - සුනෙරු. මහ මෙරට නමි.

2. හිම ගිරි - හිමාලය පර්විතය.

3. නඳුනුයන සදන කප් රුක් - කප් රුකින් නඳුන් උයන අලඞකෘත වෙයි. එ හෙයින් කප් රුක් නඳුන් උයන් සදනු නම් වෙයි.

4. සුර ගඟැ - ආකාශ නදියෙහි. අඹ දිවැ අතිවිශාල නදිය ‘ගංගා’ නම්. එය විෂ්ණුහු ගේ පාදාඞගුෂ්ටයෙන් නිකුත් වැ, මහෙශ්වරයා ගේ ජටායෙහි වැටි, එයින් පොළොව බලා එන්නේ යැ යනු පුරාණ කථා යැ. මෙ සේ දෙවියන් ගේ ගඟ වුයෙන් ‘සුර ගඟ’ නම් වී.

5. තෙනෙන් තෙන ඉති - “තෙනෙන් තෙන” යැ යි ගීත තාළය අල්ලන විටැ, “තෙනෙන් තෙන- තනින තනින” යනාදිය කියනු සිරිති.

151. සෙත යදි සක් හට දෙන දිගු බිතැ ඉසිරි පිරි මුළු සක් වළැ පුල් සුරිඳු යස සිරි ලෙස වෙසෙසක් කැරැ නත නා හටත් සරි වත දහසක් තව ලදුවත වනත බැරි

අන්න ය : ඉසිරි දිගු බිතැ යදි සක් හට සෙත දෙන, යස සිරි මුළු සක්වළැ පිරි උපුල් සුරිඳු වනත, වෙසෙසක් ලෙස, නත නා හටත් සරි කැරැ, තව වත දහසක් ලදුවත්, බැරි.

අර්ථත : ඉසිරුනා වු දිශා ප්ර දෙශයන්හි යාචක චක්රදයන් (සමුහයන්) හට ශාන්තිය දෙන්නා වු, යශඃ ශ්රිවය සකල චක්රරවාලයෙහි පිරුණා වු, උත්පල සුරෙන්ර්දෙනයා වර්ණවනය කරත් හෝත් විශෙෂයක් සේ, අනන්ත නාගයාටත් සමාන කොටැ, තව ද වක්ත්රව සහස්ර යක් ලද නමුත් නොහැකි යැ.

විස්තර : මේ කවිහු දෙව් රජුන් වැනීමට උත්සාහ කළහ. සුදුසු පරිදි නොවැනුණු බව ඔවුනට මැ පෙනේ. එ හෙයින් වැනිම බැරි බව මෙසේ කියා පති. මේ වැනුයේ එක් වතෙකිනි (කටෙකිනි.) මනුෂය නිර්මාකණයෙහි විශෙෂයක් ලෙස අනන්ත නාග රාජයාට ද සමාන වන සේ. මේ ඇති වතට තවත් වත් (මුඛ) දහසක් ලැබුණත්, උපුල්වන් සුරිඳුන් වැනිම නම් බැරි මැ යැ. මයුර විවරණය 267 ඒ දෙව් රජුන් ගේ යශා ශ්රි්යා (කිර්ති ශොභාව) ඉසිරුණා වු දිශා ප්රෙදේශයන්හි යාචක සමුහයාට ශාන්තිය දෙන්නේ යැ. මුළු සක්වළැ මැ පිරුණේ යැ. දෙව් රජුන් ගේ නම ඇසුණු ප්ර්දෙශවලැ පවා යාචකයනට ශාන්තිය වු බව මේ සේ කි හ. දෙව් රජුන් ‍ෙග් කීර්තිය පැතුරුණු පැතුරුණු දිශායෙහි යාචකයනට‍ කෙසේ නම් සෙත දේ ද? යස පැතිරෙන කල්හි, ඒ ඒ දෙස්හි වුවෝ, “ මෙ බඳු මහිම ඇති මේ බඳු කරුණාහරිත දෙවොත්තම කෙනෙක් වෙති” යනු දැනැ-ගනිත්. එ සේ දැනැගෙනැ, “ ඒ දේවොත්තමයාණන් ගේ තෙජො බල මහිමයෙන් අප ‍ෙග් අභාමතාර්ථ සිද්ධිය වේ ව” යි පතති. එ කෙණෙහි සියලු පැතුම් සිදු වෙයි, ශාන්තිය එයි. එ හෙයින් “ඉසිරි දිගු බිතැ යදි සක් හට සෙත” දෙනුයේ ඒ දෙව් රජුන් ගේ යස සිරි යැ.

ටිප්පණි : 1. යදි සක් හට - ‘සක්’ ශබ්දයෙහි අනෙකාර්ථසයන් අතරැ ‘සමුහ’ යනු දු ‍එකෙකි. සංස්කෘත ‘චක්රථ’ ශබ්දයෙහි ද ඒ අර්ථරය ‍ඇත්තේ යැ.

2. ඉසිරි - මෙහි ‘ඉසුර’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. ඉසිරේ - ඉසිරෙත් - ඉසිරිණි, ඉසිරි, ඉසිළි - ඉසිරුණු, ඉසිරි, ඉසසුළු, ඉහිරෙන - ඉහිරුණු - ඉහිරි - යනාදිය ව්ය වහාරයෙහ් එයි. සකර්මකක ‘ඉසුර’ ධාතු ‘බල’ ආදි අත් පද යි. ඉසුරා - ඉසුරති - ඉසිරි - ඉසුරූ. මෙහි මුල් රූපය ‘විසුර’ යනු යි. එහි ‘වි’ ලෝපයෙන් ‘ඉසුර’ වෙයි.

ගුත්තිල දායෙහි - “ ඉසුරන අසෙනිය මල් දැකැ සතෙසින් “ යනු යෙදිණ.

3. පුල් සුරිඳු - උපුල් සුරුඳු. ‘උපුල්වන්’ යැ යි කියුව මනා තන්හි ‘ උපුල්’ යනු වී.

4. වෙසෙසක් ලෙස නත න‍ා හටත් සරි කැරැ - එකකුට මුව එක් දහස් එකෙක් ලැබේ නම්. ඒ සාමාන්යට රිතිය නො වේ. මහත් මැ විශෙෂයෙක්. ‍වශෙෂයක් ලෙද එ සේ වුව හෝත්, තව ද කරුණෙක් වෙයි. එ නම් අනන්ත නම් නාගයාට සමාන වීම යැ අනන්තයාට මුව දහසෙකි. මොහුට මුව එක් දහසකුත් එකෙකි.වෙනස ඉතා අල්ප යැ. එහෙත් දහසක් මුව ඇත්තහුට වඩා, එක් අහසකුත් එකක් ඇත්තේ වැනිමට පොහොසත් වන්නේ යැ. එසේ වුව ද මේ දෙව් රජුන් ‍වැතිම බැරි යැ. මයුර විවරණය 168 “වෙසෙසක් ලෙස නත නා හටත් සරි කැරැ” යැ යි කියු තන්හි. ‘කැරැ’ යනු ප්රරකාරාර්ථායෙහි අතීත කෘදන්ත නිපාත යි. “සරි කරන ආකාරයෙන්” යනු අර්ථ‍ යි.

5. නත නා හටත් - හට දු. මෙහි ‘දු’ නිපාතය කුමක් කෙරේද ? වෙසෙසක් ලෙස මුව දහසක් ලැබිම යැ. නත නා හට සරි කිරිම යැ. යන අර්ථක දෙක එක් කෙරෙයි.

6. තව - දැන් එක් වතක් ඇති හෙයින්, දහසක් ලැබෙත හොත් සියල්ල අධික යැ. එ හෙයින් ‘තව’ යනු යෙදෙයි.

7. ලදුවත් - ලදුව දු. ලද කල්හි ද. ‘ලදුව’ යනු අසම්භාව්යෙ කෘදන්ත නිපාත යි. ලබ + අ = ලදු + අ = ලදුව.

152. ද න් වා රදුන් කිරුළගැ මිණි කැන් සෙයිනි පෙන්වාය පැවැති නිති තෙද දුළ එදුළ මෙනි ග න්වා දහම් ලක රැකි සුරිඳුට බැතිනි ද න්වා ලන්නැ ගිය කටයුතු තතු ලෙසිනි

අන්නාය : දන්වා රදුන් කිරුළු අගැ මිණි කැන්ක සෙයිනි නිති පෙන්වා පැවැති තෙද, එදුළ මෙනි දුළ, දහම් ගන්වා ලක රැකි සුරිඳුට, බැතිනි, තතු ලෙසිනි, ගිය කටයුතු දන්වා-ලන්නැ.

අථ : දානව රාජයන් ගේ කිරිටාග්ර්යෙහි මණි කාන්ති ආකාරයෙන් නිරන්තරයෙන් පෙන්වා පැවැත්තා වු තේජස, පල්ලවිත (දළු ලිය ලු) ආකාරයෙන් ජ්වලිත වු, ධර්ම යෙහි පිහිටුවා ලඞකාව රක්ෂරණය කළා වු , සුරෙන්ර් ජ්යාට,භක්තියෙන්, තත්ත්වතකාරයෙන්, ගියා වු කාර්යෙය කියා-ලන්නැ.

විස්තර : මෙ සා දුරු බැහැරැ ගියේ යම් කාර්ය,යක් උදෙසා ද, ඒ කාර්යෙය දෙව් රජාණන් හට කියන්නැ: ඇති සැටියේ මැ කියන්නැ; භක්තියෙන් (ගෞරව දක්වා) කියන්නැ. ඒ දෙව් රජුන් ගේ තේජස දාන‍ව (අසුර) රාජයන් ගේ වොටුනු අගැ මිණි රශ්මිය සේ පෙනේ. දානව රාජයෝ අඟැ රතු මාණික් බඳ වොටුනු පළදිති. ඒ මැණිකෙහි කාන්තිය රතු යැ. දෙව් රජුන් ගේ තේජස ද රතු යැ. එහෙත් දානව රාජයන් ගේ කිරිටාග්රු මණි කාන්තිය, “මේ දෙව රාජයාණන් ගේ තේජස යැ” යි කෙසේ ගත හැකි ‍ද? දානව රාජයෝ මේ දෙවි රජුන් ගේ අණ මුඳුනින් දරන්නෝ යැ. අණ එ තරම් ගෞරවයෙන් දරන්නේ

මයුර විවරණය 269 තේජස නිසා යැ. එ‍ හෙයින් තේජස මැ මුඳුනින් දරන සේ ගත හැකි යැ. තේජස ද රතු හෙයින්, කිරිටාග්රෙ මණි කාන්තිය දැකැ, ‍එය ‍ෙම ‍‍ෙදවි රජුන් ‍‍ෙග් ‍ෙත්ජස ලෙස ගත හැකි වෙයි. දිනෙන් දිනැ, මොහොතින් මොහොතැ, මේ දෙවිඳුන් ගේ තේජස අධික වැ බබළයි, දළු ලිය ලුවා සේ අධික වැ බබළයි. දළු ද රතු යැ. එ හෙයින්, තේජස දළු ලිය ලුවා සේ බබළනු කොටැ - ගැන්ම යෙදෙයි. මේ දෙවෙන්ර්ල යාණෝ ලඞකාව ධර්මයයෙහි පිහිටුවා රකිති. ඔවුන් ගේ අණ බලවත් හෙයින්, ලඞකා වාසිහු අධර්මැය නො ගනිති, ධර්මිය මැ ගනිති. එ හෙයින් දෙවෙන්ර් යෝ ලක දහම් ගන්වා රක්නාහු නම් වෙත්.

ටිප්පණි : 1. දන්වා රඳුන් - දානව රාජයන් දක්ෂා ප්ර ජාපතින් ගේ ‘දනු’ නම් බිරියක් වුවා යැ. ඇම ගේ දරුවෝ ‘දානව’ නම් වු හ. ‘දන්වා’ යනු මේ ‘දානව’ යන්න සිංහලයෙහි සිටුනා පරිදි යැ. දානවයෝ අසුර වර්ග යට අයත් හ. ඇතැම් තනිහි ‘දානව’ යනු සියලු අසුරයනට සාධාරණ නමක් සේ යෙදිණ. අසුරයෝ සුරයනට විරුද්ධයෝ යැ. සුරයන් ගේ පක්ෂතයෙහි වුවන් විසින් ලියන් ලද සියලු පොත්හි වැනෙනුයේ, සුරයන් විසින් අසුරයන් පරදවන ලද පරි දි යැ. 2. සුරිඳුට දන්වා - ලන්නෑ - මයුරයා සුරිඳුට ගිය කටයුතු දන්වයි. මෙහි දැනීම ශුද්ධ ක්රිතයාව යි. එය කරනුයේ සුරිඳු යැ. ඒ දැනිම ඇති වන්නට බැහැරින් සිටැ සැලැසීම යැ ‘දැන්විම’ නම්. එය ප්රයයොජක ක්රිියා යැ. ‘දැන්විම’ නම් වු ප්රසයොජක ක්රිතයාව කරනුයෙ මයුරයා යැ. මෙ බඳු යෙදිමෙකැ දී ගුද්ධ ක්රිරයාව තරන්නහු හගවන පදය සිවු වන විබතින් යෙදිම ද සිංහල සම්ප්රවදායයට විරුද්ධ නො වේ. ‍‍ෙහයින්,

“ සුරිඳුට දන්වා “ යනු යෙදෙයි. පුරාතන රිතිය නම් -

“ සුරිඳුන් දන්වා” යැ යි ද්විතියාන්ත කොටැ යෙදිම යැ.



මයුර විවරණය 270

153. සේ කිරණ ‍රත් සිඳ - සේ කැරැ කිරණ රත් සිඳු යස තෙද බා තුරු නො තබා ලොවැ දිමුත අප මහ බා බුවනෙක බා නිරිඳු වෙත ලෝ වැඩ අදහසින් - සාසන රැකුම් මුල් කැරැ සා ර හිවි බෙලෙන් දිය රැකිම කිස කොට බා ර හෙයින් හිමි සිරි ලක් දිව ඔබට

යොමා කුලුණු මෙත් සව් දිගැ රුපුන්දමා නි මා කැරැ දුසිරි සිරි ලකැ දුරින්දමා ය මා දෙමින් රකිනුව පද’රුතන්දමා ඇ මා බල දෙව යි අයදින් සකින්දමා

අන්නමය : “හිමි රත් සිඳු කිරි අණ සේ (කැරැ) කිරි අණ රත් සිඳු සේ කැරැ, යස තෙද බා ලොවැ අතුරු නො තබා දිමුත, අප මහබා බුවනෙකබා නිරිඳු වෙතැ.

‍ලෝ වැට අදහසින් සාසන රැකුම් මුල් කැරැ, සාර හිවි බෙලෙන් දිය රැක්ම කිස කොටැ සිරි ලක් දිව ඔබට බාර හෙයින්, කුලුණු මෙත් යොමා, සව් දිගැ රුපුන් දමා, සිරි ලකැදුසිර දුරින් දමා නිමා කැරැ, පද අරුත් අන්දම් සම දෙමින් රකිනුව, ඇම බල දෙව” යි, මා සකින් ද, අයදින්.

අර්ථ් : “ ස්වාමිනි, රක්ත සමුද්රැය ක්ෂීාරාවණිය මෙන් (කොටැ,) ක්ෂීවරාවර්ණනය රකිත සමුද්ර ය මෙන් කොටැ.

යශස් ‍‍තේජස් ප්රනභාව ලෝකයෙහි අතරක් නො තබා දිප්තිමත් වු අප ‍ෙග් මහා භාග්යේ වු භුවනෛකබාහු නරෙන්ර්ො තයා කෙරෙහි,

ලෝකාභිවෘද්ධි අධ්යාජශයයෙන් ශාසන රක්ෂෙණය ප්රබමුඛ කොටැ,

සාර වු උස් ව‍ූ බලයෙන් ලෝක රක්ෂ ණ කෘත්යපය කොටැ ශ්රිැ ලඞකා ද්විපය ඔබට භාර හෙයින්,

මයුර විවරණය 271 කරුණා මෛත්රිිය යොමු කොටැ, සකල දිශායෙහි සතුරන් දමනය කොටැ, ශ්රිප ලඞකායෙහි දුශ්චරිතයන් දුරින් බැහැරැ ලා අවසාන කොටැ, පදාර්ථන වු පරිදි ශාමය දෙමින් රක්ෂා් කරනු පිණිස, සකල බලය දෙව” යි මගේ සඛින්ර් ශ ය (මිත්රෝත්තමය,) අයාචනා කරන්නැ.

විස්තර : මෙයින්, මොනරා විසින් පළමු කොටැ මැ සුර රදුනට කළ යුතු ආයාචනය දැක්විණ : -

“ස්වාමිනි, අප ගේ භුවනෛකබාහු රාජයාණට සියලු බලය දුන මැනැවි. කුමක් පිණිස ද? සියලු දිගැ සතුරන් යටත් කොටැ ශ්රිර ලඞකායෙහි සියලු දුශ්චරිතයන් දුරුන් දුරැ ගසා කෙළවර කොටැ, (‘ශාම’ යන) පදයෙහි අර්ථලය වු පරිදි ශාමය (සැනැසිල්ල) දී රක්ෂාො කරනු පිණිස, (සියලු බලය දුන මැනැවි;) කරුණාවත් මෛත්රි යත් යොමු කොටැ, සියලු බලය දුන මැනැවි. ලොකාභිවෘද්ධිය කරන අදහසින් ශාසනය රැකිම ප්රොමුඛ කොටැ - ගෙනැ, ‍එ ‍ෙස් කළ මැනැවි. කවර හෙයින් ඔබට මැ කියමි ද? ශ්රි ලංකා ද්විපය ඔබට භාර යැ. ඔබ‍ ගේ කෘත්යැය (ඔබ විසින් කළ යුත්ත) නම් ඔබ ගේ සාර වු උස් වු බලයෙන් ලෝකය‍ා රැක්මා යැ. එ හෙයින් ඔබට මැ කියමි. අප ගේ භුවනෛකබාහු රාජ‍යාණෝ මෙ බදු බලය ලා දිමට සුදුස්සෝ යැ. කවර හෙයින් ද? ඔහු මහත් යශස් ඇත්තෝ යැ, මහත් තේජස් ඇත්තෝ යැ, ඒ යශස් තේජස් දෙකෙහි ප්ර‍භාව ලෝකයෙහි ඉඩක් නො තබා පැතිරි-ගියේ යැ. යසස පැතිරෙන් කල්හි ලෝකයෙහි සියලු වස්තු සුදු වන හෙයින් රතු මුහුද කිරි මුහුද මෙන් වෙයි. තේජස පැතිරෙන් කල්හි සියලු වස්තු රතු වන බැවින්, රතු මුහුද ද කිරි මුහුද මෙන් වෙයි. එ තරම් වු අප ගේ භුවනෛකබාහු රාජයාණනට සියලු බලය දුන මැනැවි.”

ටිප්පණි : 1. කිරණ - කිරි + අණ. කිරිවන් (සුදු) අණ (ජලය) වනුයේ යමෙකිහි ද ‍ඒ ‘කිරණ’ යි සංස්කෘතයෙහි ‘අණිස්’ යනු ජලයට නමි.

2. රන් සිඳු - රක්ත සමුද්රවය. ප්රමවාල සාගරය.

මහ මෙර වටා, පූර්ව දි අෂ්ට දිශායෙහි වණිර්‍ අටෙකැ යි ද, ඒ ඒ දිශායෙහි වු සාගරය ඒ ඒ වර්ණ යෙන් යුක්ත යැ යි ද, ඇතැම් පුරාතනයෝ හැදැහු හ. එ බව සද්ධර්ම් රත්නාකර කාරයෝ මේ සේ කියති : -

මයුර විවරණය 272

“ මහා මෙරු පර්විතය සතර මහ දිගැ සතර පැහැයෙක, සතර අනු දිගැ සතර පැහැයෙකැ යි අට පැහැයෙක් ඇත්තේ යැ. එයින් පූර්වස දිගැ පළිගු වන් සුදු පැහැ යැ. අකුණු දිගැ ඉඳුනිල් මිණිවන් පැහැ යැ, පශ්චිම දිගැ පබළු වන් රත් පැහැ යැ, උතුරු දිගැ ඝන රන්වන් පැහැයැ, ඊශාන දිගැ සුදු රන්වන් මිශ්ර් වු පැහැ යැ, අග්නි දිශාව සුදු නිල් මිශ්රඝ පැහැ යැ, නිරිත රත් නිල් මිශ්රන වු පැහැ යැ, වායු දිගැ රත්රන් මිශ්රස පැහැ යැ. මෙයින් සතර මහ දිගැ සතර අනු දිගැ පර්වනත සමුද්රාැදිය ස්වකිය වණ්ර්ස‍ කෙරෙමින් සක්වළැ ගලැ පැහැරැ සිටුනේ යැ. එ සේ හෙයින් පූර්වය දිශායෙහි සමුද්රුය කිරි මුහුද නම් වියැ, දක්ෂි්ණ දිශායෙහි සමුද්ර්ය නිල් මුහුද නම් වියැ. පශ්චිම දිශායෙහි සමුද්රුය පබළු මුහුද නම් වියැ, උත්තර දිශායෙහි සමුද්රයය ස්වණර්‍ සාගර නම් වියැ”.

මේ මතයට අනුවැ, රත් මුහුද නම් මහා මෙරුවට පශ්චිම දිශායෙහි වු ප්රමවාල සාගරය යි.

3. යස තෙද බා - මෙහි ‘බා’ යනු ‘රශ්මි’ ‘(ප්රිභා) යන අර්ථන ඇත්තේ යැ. සංස්කෘතයෙහි ‘හා’ යනු වෙයි.

4. දිය - ලෝකය. ‘ජනයා’ යනු මෙහි අර්ථශ යි.

5. දුරින් දමා - “අසලෙකැ වත් නො තබා” යනු ගත යුතු අර්ථථය යි. “දුරින් දුරු කොටැ” යනු සාමාන්යබ ව්යනවහාරයෙහි දු එයි මෙහි ‘දමා’ යනු ‘දම’ (බැහිමෙහි) දයින් වුයේ යැ. ‘රුපුන් දමා’ යන තන්හි ‘දම’ ධාතු දමනයෙහි ‘(මැඬිමෙහි) වැටේ. 6. සමා - ‘සම’ යි සිටියැ යුතු තැනි. ‘ශම’ නම් ශාන්ත බාවය යි (නිවුණු සැනැහුණු බව යි.) රාජානුශාසනය දැහැමින් කැරෙන් කැල, ප්රතජාව නිවි සැනැහෙනු වෙයි. 7. පද’රුතන්දමා - ‘පද’රුතන්දම්’ යැ යි සිටියැ යුතු තැනි. “පදාර්ථෙයේ සැටියට” යනු අර්ථන යි. “ශමය ඇති කරම්හ” යි බසින් කියතත්, ඇතැම් රජුන් ඇති කරනුයේ ‘ශම’ ශබ්දයෙන් ලැබියැ යුතු අර්ථරයට අනුගත වු ශමයෙක් නො වේ; එයට ඉඳුරා විරුද්ධ වු විග්රනහය යි. එයින් රටැ වැස්සෝ පෙළෙති. ඇති කරත හොත් , ‘ශම’ ශබ්දයේ නියම අර්ථයයට අනුගත වු සැනැසිල්ල ඇති කළ යුතු යැ. 8. සකින්ද - ‘සකිඳු’ යනු ආලෙපනයෙහි ‘අ’ විබත් ගත් තැනි. සකිනට (මතුරනට) ඉඳු (ඉන්ර්ලෙප -ප්රතධාන) සකිඳු. මයුර විවරණය 273 154. රිවි කුලැ කිරි මුහුද - නඳ දෙන පුන් ස‍ඳෙකයුරු අ ල් ප සිතා නො සිතා වත දෙමින් ඉ තා කල් ප ලතා ස ර තා වන් ලෙවන් වෙතා පිරි සිරි සඳ ලෙසින් - ඇම සඳැ සිය සිරින් යොඳ සැ දු ස ඳු න් වැනි යස දිගගනන් ගතා ර දු ස ඳු න් කුල රූ ගුණ මුඳුන් පතා

දි ය කොත් දියත් නඟමින් කුල හොබවන්නට පි ය පු ත් රුවන් වඩමින් ‍ලෝ රැකැ දෙන්ට ලි ය ම ත් මුහුළු මෙන් රකුව යි බබළන්ට දි ය යු ත් වදන් වැඳැ වැඳැ සිටැ සුරිඳුන්ට

අන්නයය : “රිවි කුල කිරි මුහුදැ නඳ දෙන පුන් සඳ එක් අයුරු, අල්ප සිත නො සිත ඉතා වත දෙමින් සරත, ලෙවන් වෙතැ ආ කල්ප ලත් වන් සිරි සඳ ලෙසින් ඇම සඳැ සොඳ පිය සිරින් පිරි, දිගු අගනන් ගතැ සඳුන් වැනි යස සැදු, කුල රූ ගුණ මුඳුන් පත්, රදූ සඳුන්,

දියත් දිය කොත් නඟමින් කුල හොබවන්ට, පිය පුත් රුවන් වඩමින් ලෝ රැකැ දෙන්ට, ලිය මත් මුහුළු මෙන් බබළන්ට රකව” යි සුරිඳුන්ට වැඳැ වැඳැ සිටැ, වදන් දිය යුත්.

අර්ථ “සුර්යද කුලය නමැති ක්ෂිුර සමුද්ර යේ ආනන්දිය දෙන්නා වු පූර්ණු චන්ර්න යා බැ එකාකාර වු,

ලඝු සිතිවිල්ලක් නො කොටැ අතිශයින් වස්තු දානය කෙරෙමින් සඤ්වාරය කරත් මැ, ලොක වාසින් සමිපයට පැමිණියා වු කල්ප ලතාව වැනි වු,

ශ්රිා කාන්තාව මෙන් සියලු, කල්හි සුන්දයර වු ප්රි ය ‍‍ෙශාභා‍ෙයන් පිරුණා වු ,

දිශා නමැති ස්ත්රිනන් ගේ ශරිරයෙහි වන්දසනය වැනි වු කිර්තිය අලඞකෘත කළා වු, කුලය ද රූපය ද ගුණය ද මස්තක ප්රාුප්ත වු, රාජ දුහිතෘ උත්තමාවන්,


මයුර විවරණය 274

ලෝකයෙහි ජය කෙතුන් (ජය කොඩි) නංගමින් කුලය ශොභිත කරන්නට (ද,) ප්රි(ය පුත්ර රත්නයන් වර්ධනය කෙරෙමින් ලෝකය රැකැ දෙන්නට (ද,) කාන්තාවන් ගේ මස්තකයෙහි මකුටය ‍(වොටුන්න) මෙන් බබළන්නට (ද,) රක්ෂාා කරව” යි සුරෙන්ර්ු යනට නමස්කාර කෙරෙමින් සිටැ, වචන දියැ යුත්තේ යැ.

විස්තර : ‍වැඳැ වැඳැ සිටැ, ඒ සුරෙන්ර්නට යාණනට මෙ සේ කියැ යුත්තේ යැ: -

“රාල දුහිතෘ උත්තමාවන් රකුව කුමක් පිණිස ද? ලෝකයෙහි ජය කොඩි නගමින්, ස්වකිය වංශය ශොභාවත් කරන පිණිස, ප්රිජය වු ශ්රෙණෂඨ ප්රැත්රදයන් ඇති කිරිමෙන් ලෝකය රැකැ දෙනු පිණිස, ස්ත්රිරන් ගේ මුඳුනෙහි වොටුන්නක් මෙන් බබළනු පිණිස. ඒ රාජ දුහිතෘ උත්තමාවෝ එ සේ රකින්නට සුදුස්සෝ මැ යැ. කවර හෙයින් ද? ඔයුන් නිසා සූර්යක වංශය බබළන්නේ යැ. සඳ නිසා කිරි මුහුද බබළන්නා මෙනි. ඔහු ලෝකයා රිසි රිසි දැ දෙන්නෝ යැ. “කිසවක් නො දෙමි. කුමට දෙම් ද?” යනාදි විසින් ලඝු සිතිවිලි නොකරන්නෝ යැ. එ හෙයින්, “‍ලෝක වාසීන් ළඟට පැමුණුණා දොහො” යි සිතේ. ඔහු ශ්රිි කාන්තාව මෙන් සියලු කල්හි ප්රිෝය ස්වභාවයෙන් පිරුණාහු යැ. ඔවුන් ගේ කීර්තිය ලෝකය පුරා පැතිරි-ගියේ යැ, දිශා කෙළවරට මැ ගියේ යැ. දිශාවෝ ස්ත්රියහු වෙත් නම්, මේ උත්තමාවන් ගේ කීර්තිය ඔවුන් ගේ ඇ‍ඟෙහි ගෑ සඳුන් වැනි යැ. මේ උත්තමාවෝ කුලයෙන්, රූපයෙන්, ගුණයෙන්, අග තැනි පැමිණියෝ යැ.”

රජ බිසොව රකින ලෙස මෙයින් දෙව් රජුනට ආරාධනය කැරිණ. . “ලෝකයෙහි ජය කෙතු නංගමින් කුලය හොබවනු සඳහා ප්රියය පුත්රග රත්නයක් වඩා ලෝකය රැකැ දෙනු පිණිස” යැ යි ද අරුත් පැවැසියැ හැකි. එ කලැ ලෝකයෙහි ජය කෙතු නංගා කුලය හොබවන්නෝ පුත්තු යැ.

ටිප්පණි : 1. කල්ප ලතා - සිතු පැතු. (කල්පිත - කල්පනා කරන ලද දැ දෙන ගස් කල්ප වෘක්ෂත යි. මෙ බඳු ලතාවන් ‍ඇති බවෙක් නො පෙනේ. එහෙත් කවිහු, ස්ත්රියනට උපමාන කිරිමට


මයුර විවරණය 275 වෘක්ෂවයන් නුසුදුසු වන හෙයින්, ලතාවන් ද මවා-ගත් හ. කල්ප ලතාව වස්තු දෙමින් සඤවාරය කරන කල්හි, ලෝකයා වෙතට පැමිණියා වැන්නැ.

2. සරතා වන් - සරත ආ වන්.

3. සඳුන් වැනි - යස සුදු යැ. එ හෙයින් සඳුන් එයට උපමා කරනු ලැබේ, සඳුන් ද සුදු යැ. සුදු යැ රතු යැ යි සඳුන් දෙ වගෙකි. එහෙත් අවිශෙෂයෙන් ‘සඳුනැ’ යි කි කල්හි ගැනෙනුයේ සුදු සඳුන් මැ යැ.

4. රදු සඳුන් - රද දූ. (රජහු ගේ දුව) රදු ‘ද’ ලෝප යි. මෙහි බිසොවු ගැනු‍ණා හ. රජ කුලෙහි උපන් කවර කාන්තාවකට වුව ද ‘රදු’ යනු යෙදෙයි. ‘සඳුන්’ යන තන්හි ‘සඳ’ යනු උත්තමාර්‍ථයෙහි වැටේ.

5. කුල රූ ගුණ මුඳුන් පතා - අත්යුනත්තම කුලයෙහි උපන් හෙයින්, ඒ අතින් තවත් උසස් විමට ඉඩෙක් නැති. රූප ශ්රි‍යෙන්, එයට වඩා රමණියත්වඒයක් නො පැතියැ හැකි බැවින්, අග්ර යැ. ගුණ යම් පමණ උත්කෘෂ්ට වියැ හැකි ද, එ පමණට මැ උත්කෘෂ්ට යැ. එ හෙයින් ඒ තුනින් මුඳුන් පත් නමැ.

6. දියත් - “දිය අත්” යැ යි කඩා-ගෙනැ “ලෝකයෙහි කෙළවරැ” යැ යි ද අරුත් දියැ හැකි යැ. ‘දියත්’ යනු මැ ලෝකයට එක් න‍ෙමකි. සංස්කෘතයෙහි ‘ජගත්’ යනු වෙයි.

7. දිය කොත් නගමින් - ජය කෙතු නැගීම නම්, දිනූ බව හඟවන කොඩි එසැවීම යි. ස්ත්රිහයක ස්ත්රි ගුණයෙන් අග තැන් පැමිණි බව ලෝකයෙහි ප්ර්කට වු කලැ, ඇය විසින් දියතැ දිය කොත් නගන ලද්දේ නමැ.

8. ලිය මත් මුහුළු - කුලයෙන්, රුවුන්, ගුණයෙන් මුඳුන් පැමිණි කලැ, අන්ය. ස්ත්රිළන් ගේ හිසෙහි වොටුන්නක් වැනි වනු අරුම නො වේ.

‘මුහුළු’ යනු මකුටයට (වොටුන්නට) නමි.

155. රිවි සඳ සෙ තෙද යස - සැඳි අවටැ රන් ගිරි සර

ස යු රෙ ක් සේ නෑ ර තියු ගි නදින් රැඳි අ ල ග ක් කෝ නා ර හිමි සිරි සඳ වැලැඳි

මයුර විවරණය 276

සතපා උපා ගුරු - ඈපා හිමි දපින් සරු

දෙ ව් තුරු මෙන් ලෙව් රුති දුන් නුදුන් යුත දෙ ව් හිමි සඳ සව් සැපතින් මුඳුන් පත

පි නා නා ලකැ මේ තුන් බෑ හිමින වෙත ම නා නා ලොවිනිසුරු දෙවමින් සතත දි නා නා ලෙසින් තෙද දියුණා දිගත අ නා නා විකුම් දුන මැනැවි දිය සෙත

අන්නාය : රිවි සඳ සෙ තෙද අවටැ සැදි රන් ගිරි‍ සෙ සර (සැදි.)

සයුරු එක් සේ නෑරැ තියු ගී නදින් රැඳි, සිරි සඳ වැලැඳි අලගක්කෝනාර හිමි,

ගුරු උපා සතපා දිපින් සරු ඈපා හිමි,

දෙව් තුරු මෙන්, ලෙව් රුති, නුදුන් යුත දුන්, සව් සැපතින් මුඳුන් පත දෙව් හිමි සඳ,

ලකැ නා මෙ තුන් බෑ හිමින් වෙතැ පිනා, ලොවන් මනා නා ඉසුරු සතත දෙවමින්, දිනා නා ලෙසින් දිගතු තෙද දියුණා, අනා නා, දිය සෙත විකුම් දුන මැනැවි.

අර්ථව : සූර්ය්යා ද චන්ර්න යා ද මෙන් තේජස ද කීර්තිය ද හාත්පසැ සැදුණා වු, ස්වර්ණ්ගිරිය මෙන් සාරය (ශක්තිය සැදුණා වූ,)

සාගරය හා එකාකාර භාවය නො හැරැ සතුති ගීත නමැති නාදයෙන් රැඳුණා වූ, ශ්රි කාන්තාව වැලැඳියා වු අලගක්කෝනාර ස්වාම (යැ,)

ගුරුහු ගේ (වෘහස්පතිහු ගේ) උපායයන් නවති දර්ප යෙන් සාර වු ආදිපාද ස්වාමි (යැ,) දිව්යි වෘක්ෂිය පරිද්දෙන්, ලෝකයා ගේ රුචිය, (පෙරැ) නුදුන් සේ දුන්නා වු, සකල සම්පත්තියෙන් අග්රෘ ප්රාදප්ත වු දෙව ස්වාම චන්ර්යෙනයා (යැ යන,) මයුර විවරණය 277 ලඞකායෙහි නායක වූ මෙ ත්රි‍ භ්රා්තෘ ස්වාමින් කෙරෙහි සතුටු වැ (පැහැදි,) ලෝකයෙන් (ලෝකයා ලවා) යපහත් අනෙක ඓශ්වර්යදයන් දෙවමින්, දින නායකයා (සූර්යෝයා) ගේ සෙයින් දිගන්තයෙහි තේජස ද්විගුණ (අධිත) කොටැ, අනාථ නාථයාණෙනි, ලෝක ශාන්තිය වු වික්ර මය දුන (හොත්) යහපති.

විස්තර : අනාථනාථ වු දෙව් රජාණෙනි, අලගක්කෝනාර, ආදිපාද , දේව, යන මේ තුන් සොහොවුරු ස්වාමින් කෙරෙහි පැහැදී, ඔවුනට ලෝකයා ලවා යහපත වු අනෙක ඓශ්වර්යියන් දෙවුව මැනැවි. දිශානතයෙහි ඔවුන් ගේ තේජස, සූර්යවයා ගේ තේජස මෙන්, දියුණු කළ මැනැවි, ඔවුනට ලෝකයට සෙතක් වන වික්රනමය දුන මැනැවි. ඔවුනට වික්රුමය දීම ලෝකයට සෙතෙකි. කවර හෙයින් ද? ඔවුන් වික්රතමවත් වු කලැ, ලෝකයා මනා සේ රැකැ සුව පත් කරවන හෙයිනි.

කෙබඳු වු අලගක්කෝනාර ස්වාමිහු ද? ශ්රී කාන්තාව වැලැඳැගත්තා වු‍ (ශ්රි මත් වු) අලගක්කෝනාර ස්වාමිහු. අන් කෙබඳු අලගක්කෝනාර ස්වාමිහු ද? සාගරය වැනි වු අලගක්කෝනාර ස්වාමිහු , ඔවුන සාගරය වැනි වනුයේ කෙසේද? සාගරය රළින් උපන් නාදයෙන් යුක්ත යැ. මොහු ස්තුති ගීත නාදයෙන් යුක්තයෝ යැ. සාගරයෙහි රන් ගිර (මහා මෙරුව) වෙයි. මොවුන් කෙරෙහි ඒ හා සමාන මැ වු සාරය (ශක්තිය) වෙයි. රන් ගිර වටා සූර්යම චන්ර්ු දෙ දෙනා වෙති. මොවුන් ගේ සාරය නිසි උපන් තේජස ද කීර්තිය ද හාත්පසැ වෙයි. මෙ සේ අගලක්කෝනාර මන්ත්රිඋහු සාගරය හා එකාකාර භාවය නොහළුවාහු යැ. කෙබඳු වු ආදිපාද ස්වාමිහු ද? වෘහස්පතිහුට ද‍ වඩා උපාය දක්ෂ වැ එඩිතර වු ආදිපාද ස්වාමිහු, මොවුන් ගේ උපායයන් ඇති කලැ, වෘහස්පතින් ගේ උපායයෝ සැතැපෙති. මොවුන් ගේ උපායයන් පමණ වෘහස්පතින් ගේ උපායයෝ සියුම් නො ‍‍ෙවති.

කෙබඳු වු දෙව ස්වාමිහු ද? පෙරැ අන් කිසිවකුන් න‍ුදුන්නා දේ - සියල්ලවුන් පරදවා - ලෝකයා කැමැති කැමැති දැ දුන්නා වු කල්ප වෘක්ෂතයක් මෙන් ද‍ුන්නා වු - දෙව ස්වාමිහු. අන් කෙබඳු දෙව ස්ව‍ාමිහු ද? සකල සම්පත්තියෙන් මුඳුන් පැමිණියා වු (අග්රද ව‍ු ) දෙව ස්වාමිහු.



මය‍ුර විවරණය 278 ටිප්පණි : 1. රිවි සඳ සෙ තෙද යස අවටැ සැදි - සූර්යන චන්ර් දෙ දෙනා මහ මෙර වටා යෙති යි පුරාතනයෝ සිතු හ. එ හෙයින් මෙ සේ කියති කවි සමයයෙහි තේජස සූර්යි රශ්මියට ද කිර්තිය චන්ර්ින් ‍රශ්මියට ද සමාන යැ.

2. එක් සේ - එක් ලෙස. එකාකාරය. සමාන බව.

3. නෑර - ‘නෑරැ’ යි සිටියැ යුතු තැනි. නොහැරැ = (ස්වර පර රූපයෙන්) නැහැරැ + (‘හ’ ලෝපයෙන්) නැ + ඇරැ = (ස්වර්ණච දීර්ඝදයෙන්) නැරැ.

		4.	සතපා - මෙහි ‘සතප’ ධාතු නැවැතීමෙහි වැටේ. ‘බල’ ආදි පර පද යි. සකර්මැක යි. සතපා - සතපති - සැතැපි - සැතැපු.

“ අත නො සතපා යේ දැරැ දුක වහල් මේ යේ යන තන්හි ‘සතප’ ධාතුව මේ අර්ථතයෙහි යෙදිණ.

අකර්ම්ක ‘සතප’ ධාතුව ‘රක්’ ආදි උභය පද යි. (පර පද) සතපි - සතපිනි - සැතැපි - සැතැපි. (අත් පද) සැතැපේ - සැතැවෙති - සැතැපිණි - සැතැපුණු.

5. ගුරු - වෘහස්පති. සුරයන් ගේ (දෙවියන් ගේ) පක්ෂැයෙහි පළමු කොටැ අර්ථු ශාස්ත්රෘය පහළ ‍කළෝ මොහු යැ. මොවුනට පෙරැ ශුක්ර යෝ අර්ථප ශාස්ත්ර්ය හෙළි කළ හ. ඔහු අසුරයනට ආවාර්යැ වු‍ හ.

6. දපින් -යම් කිසිවෙක්හි විශේෂ සාමර්ථ්යවය නිසා ඇති වන එඩිය යි, දර්ප. නම්.

7. නුඳුන් - නො දුන් = (ස්වර පර රූපයෙන්) නුදුන්.

8. පිනා - අතීත කෘදන්ත නිපාත යි. ‘පින’ (සතුටෙහි) ධාතු ‘බල’ ආදි පර පද යි. පිනා - පිනති - පිනි - පිනු.

9. නා ලකැ - ලකැ නා. ලඞකාවට නාහක වු භුවනෛකබාහු නරෙශ්වයරයනට ද වඩා බලවත් වැ සිටියෝ මේ තුන් බෑයෝ යැ. එ හෙයින් සැබැවින් මැ නායකයෝ යැ.

10. ලොවින් - “ලෝකයා ලවා” යනු අර්ථව යි. ලෝක වාසිහු රජුනට අය පඬුරු වසයෙන් ඉස‍ුරු දෙති. මය‍ුර විවරණය 279 11. දිනා නා - ‘දින නා’ යැ යි සිටියැ යුතු තැනි. ‘දිනිඳු’ යන්නට සමාන යැ.

12. දියුණා - ‘දියුණා’ යන නාමය ධාතුව වැ නිපන් අතීත කෘදන්ත නිපාත යි.

13. අනා නා - නා (නාථයකු) නොවනුයේ යමකුට ද හේ අනා (අනාථ) යැ. අනාවනය (අනාථයනට) නා (නාථ) වනුයේ අනා නැ (අනාථ නාථ) නම්. “අශරණයනට පිහිට වන්නේ” යනු අර්ථට යි.

156. වි කු ම් දැ ඩි ඉකුම්වා රුදු රුපුන් ප තා ත ර ම් වැ ඩි පදවි නම් තියු සිරින් යු තා අ ද ම් එ ඩි නො කළ පළ අණ සකින් ග තා අ ග ම් ‍ ප ඩි සෙනඟ වෙතැ යළි සිතන් සෙතා

අන්නගය : යළි, රුචු රුපුන් දැඩි විකුම් ඉකුම්වා, තරම් වැඩි පදවි තියු සිරින් යුත නමි පත්, ගත අණ සකින් අදම් එඩි පළ නො කළ, අගම් පඩි සෙනඟ වෙතැ, සෙත් සිතින්. (සතර පෙළෙහි මැ අගැ දිර්ඝඅය සඳැස රකි.)

අර්ථස : නැවැතැ, රෞද්රො වු සතුරන් ගේ දෘඪ වූ වික්රඅමය අතික්රැමණය කොටැ (පරදවා,) ප්රැමාණයෙන් උසස් වු තනතුරට (ද) ස්තුති. ශ්රිරයෙන් යුක්ත වු නාමයට (ද) පැමිණියා වූ, ගත්තා වු ආඥ චක්ර(යෙන් අධර්මර දර්ථ‍ය ප්රයකාශ නො කළා වූ, අගම් පඩි සේනාව කෙරෙහි ශාන්තිය සිතන්නැ.

විස්තර : දෙවෙන්ර් සේයාණෙනි, අගම් පඬි සෙනඟ කෙරෙහි ද ශන්තිය වේ ව යි සිතුව මැනැවි. ඒ සෙනග සතුරන් ගේ වික්රිමය බින්දෝ යැ. එයින් ඔවුනට තව තව ද උසස් තනතුරු ලැබිණ , ස්තුතියෙන් යුත් ගරු නම් ලැබිණ . එ සෙනඟ, තමන් අතට ගත්තා ව‍ූ ආඥ බලය කරණ කොටැ-ගෙනැ, අධර්ම දර්ඵ ය නො පෙන් වුහ.

ටිප්පණි : 1. තරම් වැඩි පදවි - තරමින් උසස් වු තනතුරු. දැන් ලබා සිටි තනතුරට වඩා උසස් ව‍ූ තනතුරු. රාජ සේවායෙහි නියුක්තයන් කල් යත් යත්, ඔවුන් ගේ දක්ෂත භාවයට අනුරූප වන පරිදි, තරමින් උසස් කරනු සිරිති.

මයුර විවරණය 280 2. තියු සිරින් යුත් නමි - “විරුද නාම” යැ යු සේ යැ. යමකු විසින් කරන ලද දස් කමක් නිසා රජු ගෙන් ඔහුට ලැබෙන ගෞරව නාමය ‘තියු සිරින් යුත් නම’ යි. නාමයෙන් මැ ඔහු ගේ දස් කම හැ‍ඟෙයි. ඒ, ඒ නාමය හා සම්බන්ධද වු ස්තුගති සම්පත්ති ය යි. ‘ඉන්ර්හැ‍ජිත්’ යනු රාවණ පුත්රසයාට පැමිණි විරුද නාමයෙකි හේ ඉන්ර්ධ වයා (ශක්රෙයා) දිනි යැ. එ හෙයින් මේ නාමය වුයේ. නාමයෙහි මැ ඔහු ගේ වික්රතමාතිශයය සම්බන්ධශ කථා ප්ර වෘත්තිය ඇතුළත් යැ. ඒ ඔහුට ස්තුති පිණිස වේ.

3. අදම එඩි - අධර්මමයෙන් (අයුතු කමින්) දක්වනු ලබන එඩිය (අර්ඵඒය - ආඩම්බරය) ‘අදම් එඩි’ නමි. රාජාඥ බලය දරන්නවුන් රටුන් තලා පෙළා බෙහෙවින් අදම් එඩි දක්වනු දැනුදු අවිරල යැ.

4. ගතා අණ ශකින් - ගත්තා වු ආඥ චක්ර.යෙන්. රජුන් ගේ අණ බල සෙනාවෝ ලබති. එ හෙයින් රාජ බලයට හිමි වු අවනත කම් රට වැසියෝ සේනාවනට දක්වති. මෙහි ‘සක්’ (චක්රස) යන‍ු බලාර්ථතයෙහි වේ.

5. අගම් පඬි සෙනග - සිංගල රජුන් ‍පඬි රටින් ගෙන්වා සේවායෙහි යෙදු සෙන‍ඟෙකැ යි හැගේ. මොවුන් රජුන් ගෙන් විශෙෂ ගෞරව ලැබු බවෙක් පෙනෙයි. “සු විසි ලක්ෂන පස් විසි දහසක් පමණ රන් රිස් බන් අගම්ඬින් හා...” යනු නිකාය සංග්රුහයෙහි එයි. ‘අගම් පොඩි’ යනු ඇතුමුන් ගන්නා පාඨය යැ.

6. යළි - තුන් බෑ හිමියනට විකුම් දුන් ඉක්බිති.

7. සිතන් - දෙව් රජාණන් සිතු පමණින් මැ සියල්ල සමෘද්ධ වෙයි. එ හෙයින් ‘සිතන්’ යුනු යෙදිණ.

157. අ ත් ත ල උ දු ල අවි රුපු කැල කළ සසල ග ත් නි ල අ ස ල කැරැ විකුමන් පෑ අතුල ව ත් ත ල සිය ල වෙතැ සලසා ජය මඟුල සෙත් බ ල සි ය ල සිරි දුන මැනැවි සුවිපුල

අන්න ය : රුපු කැල සසල කළ ‍අවි අත් තලැ උදුල, අතුල විකුමන් පෑ නිල අසල කැරැ ගත්, වත්තලැ මෙ බල වෙතැ ජය මගුල සලසා, සුවිපුල සෙත් බල සියල සිරි දුන මැනැවි.

මයුර විවරණය 281 අර්ථ  : ශත්රැැ සමුහයන් වඤචල කළා වු ආයුධයන් හස්ත තලයෙහි බැබැළුණා වූ; අතුල්යම වු වික්රබමයන් ප්රචකාශ කොටැ නීලයා (විෂ්ණුහු) ආසන්න කොටැ-ගත්තා වු, වත්තලෙහි මේ සේනාව තෙරෙහි ජයමඞගලය සලසා අතිවිපුල (ඉතා බොහෝ) වූ ශාන්තිය ද බලය ද සකල සම්පත්තිය ද දුන මැනැවි.

විස්තරය : වත්තල විශෙෂයෙන් රඳවන ලද සේනාවෙකි. දෙවෙන්ර්බොහයාණෙනි, ඒ සේනාවට ජයොත්සව ඇති කොටැ, ඉතා බොහෝ වු සෙත ද බලය ද සියලු වර්ග්යේ සම්පත්තියද දුන මැනැවි. ඒ සේනායෙහි ව‍ුවන් ගේ අත්හි අවි බැබැළෙයි. උන් අවි අතට ගත් පමණින් මැ සතුරෝ වඥවල වෙති - කම්පිත වෙති - භිත වෙති. ඔහු අසමාන වික්ර්ම ඇත්තෝ යැ. අසමාන වනුයේ මනුෂ්යව වික්ර මයට යැ. විෂ්ණුහු ‍ගේ වික්ර්මය නම්, ඔවුන් ගේ වික්රේමය සමාන යැ. එ හෙයින් ඔහු වික්රවමයෙන් විෂ්ණ්රමහු ළං කොටැ-ගත්තෝ යැ - විෂ්ණුහුට සමාන වු වෝ යැ.

ටිප්පණි : 1. නිල - ‘නිල්’ යනු විෂ්ණුහුට නමෙකි. ඔහු ගේ ශරිරය නිල් යැ. කවි සමයයෙහි නිල් කළු දෙක සමාන ලෙස සැලැකේ. “ කෘෂෙණ නිලාසිතශ්යාදමකාලශ්යාකමලමෙවකාඃ” යැ යි කෘෂ්ණයෙහි නීල - අසිත - ශ්යාාම - කාල - ශ්යානමල - මෙවක - යන නම් යෙදෙන බව, අමරසිංහයෝ කීහ. සංස්කෘතයෙහි ‘කෘෂ්ණ’ යනු විෂ්ණුහුට නමෙකි. විෂ්ණුහු ගේ වික්රීමය ලෝක ප්රයසිද්ධ යැ. වත්තලැ භටයො වික්රයමයෙන් ඔහුට ළං වෙති.

2. අසල කැරැ ගත් - දෙ දෙනකු සමාන වන කලැ. එකකුට අනෙකා ළං වන සේ- එකකු ‍අනෙකැ ළං කැරැ ගන්නා සේ - කිම ව්ය වහාරයට ද අනුකූල වේ.

3. වත්තල - කොළොඹ අසලැ ගමෙකි. එය එ කලැ අලකෙශ්වරයන් ගේ කඳවු‍රක් වැ පැවැති බව පෙනේ.

4. ‍මෙ බල - ‘මෙ’ යනු ප්රේසිද්ධාර්ථනයෙහි වේ. සියල්ලවුන් දන්නා දැ ‘ඒ’ ‘මෙ’ යනුයෙන් ගැනේ.

‘බල’ යනු මෙහි සෙනාර්ථයයෙහි වේ.

මය‍ුර විවරණය 282

158. දි ලි කග’වි යකු හට කරත රණ බලි ඇ ලි සිරිතැ සිරි සඳ ඉඳින ඇදැහිලි ලොලි වෙමින් නිත් නම රැකි ඇසිරැ කලි කු ලි සෙනහ ළහැ කළ මැනැවි ජය බලි

අන්න ය : දිලි කග අවි යකු හට රණ බලි කරත, ඇදැහිලි සිරිතැ ඇලී සිරි සඳ ඉඳින, කල ඇසිරැ ලොල් වෙමින් නිති නම රැකි, කුලි සෙනඟ ළගැ, බලි ජය කළ මැනැවි.

අර්ථැ : දිලියුණා වු ඛඞ්ගායුධය නමැති යක්ෂ යා භට යුද්ධය නමැති බලිය (පූජාව) කරන කල්හි, හැදැහිමේ වාරිත්රමයෙහි ආශාව ඇති වැ ශ්රින කාන්තාව ඉන්නා වු, කාලය ආශ්රිය කොටැ ලොල සහිත වෙමින් නිත්යයයෙන් නාමය රක්ෂා කළා වු, කුලී සේනාව කොරෙහි, බලවත් වු ජය පැමිණැවුව (හොත්) යහපති.

විස්තර : කුලි සේනාවට මහත් ජය අත් කොටැ දුන මැනැවි. ඒ කුලී සේනාව කාලය ආශ්රකය කොටැ ආශායෙන් යුක්ත වී නිරතුරු නම රැකැ-ගනිති. කාලය ආශ්රයය කොටැ නම රැකීම නම්, තුමු යමකු ගේ කුලිය පතා යුද්ධ කෙරෙත් ද, ඔහුට ජය ගෙනැ දිමට මැ, දිවි නො තකා යුදධ කොටැ, තමන් විශ්වාස කළ යුතු බව දක්වා, තමන් ගේ ද ස්වාමියා ගේ ද ගෞරවය රැකැ - ගැනිම යැ. තව ද ඒ කුලි සේනාවෝ, තමන් ගේ කඩුව නමැති යකාට යුද්ධ නමැති (බලි) පුජාව කෙරෙති. එ කැල, ශ්රික කාන්තා තෙමෝ ඒ කුලීසෙනඟ සමිපයෙහි ඉන්නී යැ. කවර හෙයින් ද? ඇය ඇදැහිලි සිරිත්හි ඇලුණු හෙයිනි. මිනිසුනු යම් යම් ඇදැහිලි ඇති වැ පවත්වන සිරිත්වලට ශ්රි් කාන්තාව කැමැති යැ. මෙ කියන කුලි සෙනඟ යුද්ධයෙහි ලා සිරිත් වශයෙන් ජය ගන්නා බව ද, ඔවුන් විශ්වාසය කඩ කඩ නොකරන බව ද, මෙයින් පැවැසිණ.

ටිප්පණි : 1. දිලි - ‘දිලි’ යැ යි සිටියැ යුතු තැනි.

2. කග’වි යකු හට රණ බලි කරත - කඩුව යකෙකි. ඔහු පහදවන පිණිස ඔහුට බලියක් හෙවත් පූජාවක් දියැ යුත්තේ යැ. ඒ දෙන පූජාව නම් රණ යි (යුද්ධය යි).

මයුර විවරණය 283 3. ඇදැහිලි සිරිතැ - මෙ ලොවැ යකුන් වෙති යි ද, ඔවුනට බලි නුදුන හොත් විපත්ති පමුණුවති යි ද, ඇතැම් මිනිස්ස අදහති. මේ ඇදැහිමට අනුවැ බලි යාග කරනු සිරිති. ඒ යැ ‘ඇදැහිලි සිරිත්’ නම්.

4. සිරි සඳ - ශ්රිඒ කාන්තාව. මෙහි ගැනුණේ යුද්ධයෙහි දී ලැබෙන ජය ශ්රී.ය යි. ජය, ඇදැහිලි සිරිතෙහි ඇලි ඉඳින ශ්රිහ කාන්තාව මෙන්, ඒ කුලී සෙනඟ ළඟැ ඉඳි. ජය ඔවුනට අයත් වෙයි.

5. ඇදැහිලි - හැදැහිලි = (‘හ’ ලෝපයෙන්) ඇදැහිලි. හදහ + ඉලි + හැදැහිලි. භාව කෘදන්ත නාම යි.

‘හදහ’ ධාතු ‘බල’ ආදි පර පද යි. හදහා - හදහති - හැදැහී - හැදැහු.

6. ලොලි - ‘ලොල්’ යැ යි සිටියැ යුතු තැනි. ‘ඊ’ කාරය සඳැස රක්නට ආයේ යැ.

7. නම - තමන් ගේ නාමය යැ ස්වාමි යා ගේ නාමය යැ යන දෙ තම. විස්වාසය කඩ නො කොටැ, මුළු ශක්තිය යොදා යුද්ධ කිරිමෙන් තමන් ගේ නම රකිති. ජය ගෙනැ දිමෙන් ස්වාමියා ගේ නම රකිති.

8. ඇසිරැ - අතීත කෘදන්ත නාම යි.

9. කලි - ‘කල’ යැ යි සිටියැ යුතු තැනි.

‘කල ඇසිරැ’ (කාලය ආශ්රාය කොටැ) යනුයෙන් ගත යුතු අර්ථ’ය නම්, “ ඒ කාලයේ සැටියම” යනු යි. කුලී සෙනඟ එක් කලක් ‘විජය’ නම් රජ කෙනකුන් ගෙන් කුලී ලබා යුද කෙරෙති යි සිතමු. එ කලැ, ඔහු විජයයන් ගේ සතුරු ‘සුමිත්රග’ නම් රජුනට විරුද්ධ වැ, සර්වොනත්සාහය යොදා සටන් කොටැ, සුමිත්ර යන් පරදවතී. ඉන් මෑත කාලයෙකැ ඒ කුලී සෙනඟ මෑ සුමිත්ර යන් ගෙන් කුලී ලබන්නට ආවාහු නම්, එ කලැ විජයයනට සතුරු වැ, සර්වොෑත්සාහය යොදා යුද්ධ කොටැ විජයයන් ‍පරදවා, සුමිත්රතයනට මැ ජය ගෙනැ දෙති. මේ යැ කාලය ආශ්රොය කිරිම නම්.

10. කුලි සෙනඟ - කුලියට යුද්ධ කරන සෙනඟ. Mercenery Force. එ කලැ ලක් දිවැ රජුන් යුද්ධයට කුලී සෙනඟ දඹ දිවින් ගෙන්වු බව පෙනේ. ‘කුලි’ යනු දෙමළ ‘කුලි’

මයුර විවරණය 284

යන්නට සමාන යැ. ‘කුලී’ නම්, ගත් මෙහෙයට එ දිනැ මැ ගෙවන වැටුප යි. ‘කුලී සෙනඟ’ යන නමින් පෙනෙනුයේ. ඒ දෙමළ සෙනඟක් බව යැ.

11. ළගැ - සමීපයෙහි. කෙරෙහි. ‘සෙනඟ ළඟැ ජය කිරිම’ නම්, සෙනඟට ජය ලබා-දිම යැ. මේ ‘ළඟැ’ යනු දෙ වැනි පාදයෙහි ‘ඉඳින’ යනු හා ද සම්බන්ධ වෙයි. සිරි සඳ ඉඳන්නේ සෙනඟ ළඟැ යැ.

12. බලි - බලවත් වු. ‘බල’ ඇනියේ බලි. සංස්කෘතයෙහි ‘බලින්’ යනු වේ.

159. ජ ය ර ම් පුරය මෙන් කැරැ රජ පුර සකය ම න ර ම් සිරින් සිරි කත වන් පියුම් රැස කොතරම් ඉසුරු වුව දෙන යදි ඇයැදි ලෙස න ග ර ම් සිටු තුමන් සිඳු කරනු මන් තොස

අන්නරය : ජය රම් පුරය මෙන් . රජ පුර. සිරි කත වන් පියුම් රැසැ මනරම් සිරින් සකස් කැරැ, කො තරම් ඉසුරු වුව යදි ඇයැදි ලෙස, දෙන නගරම් සිටු තුමන් මන් තොස සිදු කරනු.

අර්ථස : ජය රාම පුරය පරිද්දෙන්, රාජ පුරය, ශ්රින කාන්තාව පැමිණියා ව‍ු පද්ම රාශියෙහ් මානොරම්යු ශ්රි යෙන් (ශොභායෙන්) සකස් කොටැ, කොපමණ ඓශ්වර්යනය වුවත්, යාචකයා ආයාචනය කළ ලෙසට දෙන්නා වු, නග‍රම් සිටු උතුමාණන් ගේ චිත්ත සන්තොෂය සිද්ධ කරන් නැ.

විස්තර : නගරම් නම් සිටු උතුරමාණන් කැමැති කැමැති දැ දිමෙන් උන් ගේ සිත් සතුටු කරන්නැ. ඒ සිටු තුමාණෝ රාජ පුරය (ගඞගිශ්රිා පුරය) රාම රාජයාගේ පුරය (අයොධ්යාේව) මෙන් අලඞකෘත කළාහු යැ; ශ්රිශ කාන්තාව ඉන්නා වු පද්ම වනයේ ශොභායෙන් අලඞකෘත කළාහු යැ. ශ්රිශ කාන්තාව යම් පද්ම වනයෙකැ වසන්නි ද, ඒ පද්ම වනය අතිශය ශොභායෙන් බබළන්නේ යැ. මේ නගරය ද, සිටු තුමත් සකස් කළ පසු, එ තරම් ශොබායෙන් යුක්ත වුයේ යැ. තව ද, ඒ සිටු තුමාණෝ දානපතිහු යැ. යාචකයේ යම් ලෙස ඉල්ලුවාහු ද, යම් පමණ ඉල්ලුවාහු ද, එ ලෙස මැ ඒ පමණ මැ දෙනු ඔවුන් ගේ සිරිති. මය‍ුර විවරණය 285 ටිප්පණි : 1. ජය රම් පුරය - රාම ර‍ාජයා ලොව දිනූ හෙයින්, ඔහුට ඇතැම් විටැ ‘ජය රාම’ යැ යි ද කියති. ඔහු ගේ පුරය නම් අයොධ්යාටවයි.

2. පියුම් රැස - ශ්රිි කාන්තාව වසන තැන් අතුරින් ප්රධධාන වනුයේ පද්ම වනය යි. “ ලක්ෂ්මීඃ පද්මවනෙ.....” යනාදින් ඒ කියැවිණ.

3. නගරම් සිටු තුමන් - මේ පිළිබඳ වැ ගුණවර්ධනයෝ මෙ සේ කියති:-

“’නගරම් සිටු’ යනු දෙමළ ‘නගරම් හෙට්ටියාර්’ යන්නට පර්ඨාුය කොට යොදා ගන්නා ලද නාමය යි. දෙමළ ව්යදවහාරයෙහි වනාහි ‘නගරම්’ නාගරික සභා‍ව වේ.... මේ සභාවෙහි ප්රහධානයා ඉතා උසස් කෙනකුන් විය යුතු බව ප්ර‍ත්ය ක්ෂ. ය. ඊය සිරිත් ‍වශයෙන් තෝරා ගන්නා ලද්දේ නගරයෙහි සියලු ම‍ වෙළෙන්දන් ගෙන් ශ්රෙයෂ්ඨ පඞකතියෙහි අතිශ්රෙපෂ්ඨ වු තැනැත්තෙකි. “

160. පි නා දෙ නා නනා සිරි සර වතිනා ද නා ම නා නා සොම්නසිනි වොරදනා ම නා මෙ නා නායක මැති සඳුන් මනා ම නා දි නා නා බල නැබළ දුන මනා

අන්න ය : මනා පිනා දෙන නානා සිරි සර වතින් දනා මන සොම්නසිනි අනා වොරඳනා, මනා මෙ නා නායක මැති සඳුන් වන දිනා, නැබළ නා බල දුන මනා.

අර්ථන : මා ගේ නාථයාණෙනා (ස්වාමිනි,) සතුටු වි දෙන්නා වු නානාවිධ වු ශ්රින සාර වස්තුයෙන් ජනයන් සිත සෞමනස්ය යෙන් (සන්තොෂයෙන්) අනා (සම්මිශ්රර කොටැ) විරාජමාන‍ වන්නා වු, යහපත් වු මෙ නාග නායක මන්ත්රීශ උත්තමයන්ගේ සිත දිනා (පහදවා) මහත් වු අනෙක බලය දුන (හොත්) මැනැවි.

විස්තර : මා ගේ ස්වාමිනි, නාග නායක මැති තුමන් ගේ සිත් ගෙනැ, ඔවුනට මහත් වු අනෙක බලය දුන මැනැවි. ඒ මන්ත්රි හු අනෙක ශ්රිය සාර වස්තු දනය දෙති; දෙන කල්හි තමන්

මයුර විවරණය 286 සිත පිනවා - ගෙනැ දෙති. එ සේ දීමෙන්, ජනයෝ බොහෝ ප්රී ත වෙත්, ජනයන් ගේ සිත් ප්රීාතියෙන් ඇනි - මොනොවට මිශ්රෙ වී - යෙයි.

ටිප්පණි : 1. දෙනා - ‘දෙන’ යැ යි සිටියැ යුතු තැනි.

2. සිරි සර වතානා - සිටියැ යුතු ‘වතින්’ යනු යැ. සිරි සර වත් නමි. ශ්රී.ය (ශොභාව) සාර වු වස්තු යැ (බොහෝ අගනා වස්තු යැ.)

3. දනා මනානා - දන මන අනා. ජනයන් ගේ සිත් මිශ්රෝ කොටැ. කිමෙකින් ද? සොම්නසිනි. ඒ දෙන ශ්රිය සාර වස්තු කරණ කොටැ-ගෙනැ මිනිසුන් ගේ සිත්හි අපමණ සොමනස උපදී, සිත සොම්නසින් මැ ඇනෙයි. සොමනස සියලු සිත හා මිශ්රත වෙයි. ‘අන’ (ඇනීමෙහි) ධාතු ‘බල’ ආදි පර පද යි. අනා - අනිති - ඇනී - ඇනු. ‘බත් අනා’ යනාදි තන්හි මේ බෙහෙවින් ව්යනවහාරයෙහි එයි. ප‍ුරාතනයෙහි මේ ධාතුව ‘හන’ යැ යි සිටියේ යැ. ‘හ’ සන්න ලොප් විමෙන් ‘අන’ ය‍නු වී.

4. ම නා - “ මා‍ ගේ නාථට” යනු අර්ථය යි. “ මා ගේ හිමියෙනි” යන්නට සමාන යි. මේ දෙව් රාජාණන් ඇමැතු පරිදි යැ.

5. මෙනා නායක මැති සඳුන් - මේ නාග නායක මන්ත්රිි උත්තමයන්. “මේ ගජ නායක’ යන නාමය දැක්වු සැටි යැ” යි ගුණවර්ධනයේ කියති. ‘නාග නායක’ යන්නට ‘ගජ නායක’ යන්න කවියෙනැ යොදා-ගත නොහැකි වැ මෙන්, මයුර ස‍නෙන්දාශ කාරයන් එය ‘නා නායක’ යන්නට පෙරළූ හ යි කෙසේ සිතමු ද? අප ගේ මතය නම්, ඒ ‘නාග නායක’ මැ යැ යනු යි. “ ‘නානායක්කාර’ නාමය යෙදුණු සේ යැ” යි ගත නොහැකි දැ යි මිත්ර යෙක් අසයි. විමැසියැ යුතු.

6. මනා දිනා - මන දිනා. සිත ගෙනැ. සිත සතුටු කොටැ.

පාඨය “මනාදිනා” යැ යි ගෙනැ “මන ඇඳිනැ” යැ යි අන්නෙයය සලකා, “රිසි දැනැ-ගෙනැ” යැ යි ද අරුත් දියැ හැකි වේ. “මනා දැනා” යනු ද යෙදේ.



මයුර විවරණය 287 7. නා බල - “අනෙක බල’ යැ යි අරුත් පැවැසුමු. ‍”නාග බල” යැ- “ඇති සේනාව” යැ යි ද අරුත් ගත හැකි. ගජනායක මන්ත්රිමහු ගැනු‍ණාහු නම්, ඔවුනට අන් සියලු බලයට වඩා, නාග බලය රිසියෙනු නිසැක යැ.

161. වෙන් හස් ක ර න විකුමන් මන්වමින් කිරා ම න් හස් ද ර න රජ දම් මිණි නිදන් වරා ර න් හස් ස ර න සිරි ලක් සර සිරින් සරා ස න් හස් ක ර න කැමිඳුන් මන් රිසින් පුරා

අන්න්ය : විකුමන් කිරා මන්වමින් වෙන් හස් කරන රජ දම් මිණි නිදන් වරැ මන් හස් දරන සිරි ලක් සිරින් සරා සරන් රන් හස්, සන් හස්කරන කැමිඳුන් මන් රිසින් පුරා.

අර්ථර : වික්රරමයන් බර පමණ බලවමින් විෂ්ණුහු අස් කරන්නා වු (පහ කරන්නා වු,) රාජ ධර්මර මණි නිධාන වරයෙහි සිත නමැති මුද්රා ව දරන්නා වු, ශ්රිඔ ලඞකා නමැති සරසිය (විල) ශ්රිියෙන් සරහා හැසිරන් ස්වර්ණා හංසයා වු, රාජ ලේඛනයෙන් කරන්නා වු කර්මෙන්ද්රරයන් ගේ සිත රුචියෙන් (රුචිය දිමෙන්) පුරව (තෘප්ත කරව).

විස්තර : සන්නස් කිරිමෙහි ප්ර‍ධාන වු මන්ත්රීින් ගේ සිත තෘප්තියට පමුණුවනු මානැවි. රුචියෙන් - ඔවුන් රිසි රිසි දැ දීමෙනි. ඒ මැති තුමෝ අතිශය වික්රනමයෙන් යුක්තයෝ යැ. එ හෙයින් විෂ්ණුහු ද පරදවති. විෂ්ණුහු ගේ ද මොවුන් ගේ ද වික්රනමයන් කිරා මැනැ බැලුව හෝත්, විෂ්ණුහු ගේ වික්ර මයන් බරින් අඩු බව පෙනෙයි. එ හෙයින් මේ මන්ත්රිගහු වික්රුමයෙන් විෂ්ණුහු අස් කෙරෙති ‍.(Dismiss) රාජ ධර්ම‍ නමැති මැණක් පිරූ නිධාන වරයෙන් (උතුම් නිධානයෙක්) වේ නමි, ඒ නිධාන වරයෙහි සිත් නමැති මුද්රා.ව මේ මන්ත්රීයන් හු ධරන්නෝ යැ. ඒ නිධානයෙහි මුද්රාඒව නම්, මේ මන්ත්රීින් ගේ සිත යැ. මුද්රායව නුගුළුවා නිධානයෙකින් කිසිවක් ගත හැකි නො වේ, එ මෙන් මැ. මේ මන්ත්රිනන් නොදන්නා රාජ ධර්මවයක් ගත හැකි නො වේ. මොහු සකල රාජ ධර්ම යෙන් මැනැවින් දත්තෝ යැ.සකල රාජ ධර්මඑයෙන් සිත්හි නොදැරු කෙනකුට සන්නස් කිරිම බැරි යැ.


මයුර විවරණය 288 තව ද, මේ මන්ත්රීකන් නිසා ලඞකාව බබළයි. කුමක් මෙන් ද? රාජ හංසයකු ‍ෙග් හැසිරිම නිසා විල බබළන්නා මෙනි. රාජ හංසයකු තමා ගේ ශරිර ශ්රිෙයෙන් විල සරහා ‍හැසිරෙන්නා සේ, මේ මන්ත්රිසහු ද තමන් ගේ කිර්ති ශොභයෙන් ලඞකාව සරහා හැසිරෙති.

ටිප්පණි : 1 හස් කරන - ‘හස්’ යන්නෙහි ‘හ’ ලොප් විමෙන් ‘අස්’ යනු වෙයි. ‍දැන් ව්යවවහාරයෙහි එනුයෙ මේ ‘අස්’ යන්නයි.

2. මන්වමින් - තරගයට වත් කලැ, දෙ පක්‍ෂයේ බල මනිනුයේ අනෙකෙකි. එ හෙයින් මෙහි දෙ පක්ෂ්යේ විකුමන් අනෙකකු ලවා කිරා මන්වන ලදි.

‘මන්වමින්’ යනු අතීතාර්ථ්යෙහි වර්ත මාන කෘදන්ත නිපාත යි. ප්රොයොජ්යය යි. ‘මන්’ ධාතු ‘බණ’ ආදි උභය පද යි. (පර පද) මනී - මනිති - මිනී - මීනු. (අත් පද) මෙනේ - මෙනෙති.

3. කිරා - අතීත කෘදන්ත නිපාත යි. ප්ර යොජ්යෘ රූපය නොයෙදුණේ, ‘කිරිම’ තරග කරන්නාවුන් විසින් මැ කළ නිසා ද? නො වේ. මෙ සේ ක්රිේයා දෙකක් යෙදෙන කලැ, දෙකෙහි මැ ප්ර යොජ්යකත්වය ද වන කලැ, දෙ වැන්න පමණක් ප්ර්යොජ්‍ය රූප ගැන්විම සම්ප්රරදාය යි. තළා මරවා - කපා - හරවා - ලිය පියවා - යනාදිය ද නිදර්ශූන යි. විනිශ්වය කාරයේ දෙ පක්ෂායේ විකුමන් කිරා මනිති - කිරා පමණ ගනිති. තරග කාරයෝ සිය විකුමන් කිරා මන්වති.

‘කිරා’ ධාතු ‘බල’ ආදි පර පද යි. කිරා - කිරති - කිරී - කිරු .

4. හස් - ‘මන් හස්’ යන තන්හි ‘හස්’ යනු මුද්රානවට (seal) නම්. කවර හෙයින් ‘හස්’ නම් වි ද? රජ්ජුරුවන් ගේ ලෙඛනයෙහි මුද්රානව හංස ලක්ෂනණයෙන් (හංසයකු ගේ) රූපයෙන් යුක්ත යැ. මෙ මැ කි හ. හංස සන්දෙශ කාරයෝ -

“ ‍තොප රුව ලත් හසත් සත සතන රැකැ සැප දේ”


මයුර විවරණය 289 මේ මුද්රාණව, උණු කළ ලා කිරි වැනි ද්ර ව්ය.යෙකැ ඔබනු ලැබේ. එය රජ්ජුරුවන් විසින් සම්මත වු බවට පැමිණෙනුයේ, මුද්රාකව එබු පසු යැ. යමි කිසිවක් හස් ඔබා හැවිම නම් සම්පූර්ණනයෙන් වසා බැඳැ, ලිහන ගැටය ඇති තන්හි මුද්රාවව පිහිටුවා යැවිම යි. හස් එබිමේ ලකුණ බොහෝ සෙයින් කොටවනු ලබන්නේ, මුන්දෙහි (මුද්රාලයෙහි ) යැ. ‘හස් මුන්ද’ යනු එයට නමි ( Signet ring) යම් කිසි ලෙඛනයකි සත්යි බව ප්රයකාශ කිරිම සඳහා, හස් එබිම වෙනුවට, සිය අතින් සිය නම් ලිවිම ද සිරිති. එ නම්, ‘හස් සන්’ කිරිම යි. සාමාන්ය) ව්ය වහාරයෙහි වනුයේ ‘අස් සන්’ යනු යැ. හස් සන් = (‘හ’ ලෝපයෙන්) අස් සන්. ඒ අතින් කරනු ලබන ලකුණ වන බැවින්, ‘අත් සන්’ නම් වු හ යි ද, ව්ය ඤ්ජන පර රූප විධියෙන් ‘අසසන්’ යන්නට පෙරළුණ හ යි ද, තතු නොදන්නෝ කියති.

5. රජ දමි මිණි නිදන් වරා - (‘වරැ’ යි සිටියැ යුතු තැනි.) රාජ ධර්ම.යෝ මාණික්යරයෝ යැ. ඔවුන් පිරුණා වු නිධාන වරය ර‍ාජ ධර්මන මණි නිධාන වරය යි. ‘රාජ ධර්මය’ නම් රාජ්යු පාලනයෙහි වහල් වන නීති යි.

6. සන් හස් - රාජ ලෙඛනය ‘සන් හස්’ නමි. හස් යන (හංස ලක්ෂ.ණය) එබු හෙයින් වු නමෙකැ යි හැ‍ඟේ, ව්යෙඤ්ජන පර රූපයෙන් සිද්ධ වු ‘සන්නස්’ යන රූපය යැ. වයවහාරයෙහි එනුයේ. ‘සන් හස්’ යනු හින්දි ‘සනද්’ යන්නෙන් වු හ යි. ගුණවර්ධ නයෝ කියති. “සනද් = සන්නස් = සන්හස්” යැ යි සිද්ධි ක්රරම ද දක්වති. අප ගේ වැටැහිම ඉක්මැ යන ක්රසමයෙකි.

7. (සන්නස් කරන) කැමිඳුන් - රජ්ජුරුවන් ගේ ලෙඛනයන් පිළයෙළ කරන්නා වු ද‍ පොත්හි ඇතුළත් කරන්නා වු ද යුක්ත මණ්ඩලයෙහි අධ්යෙක්ෂ වුවෝ ‘සන්නස් කරන කැමිඳු’ නම් වෙති. මේ යුක්ත මණ්ඩලයට ‘ලේකම් මඬුව’ යන නම වි යැ. ‘කැමිඳු’ යනු කර්මෙ න්ර් ක - කර්මධධ්ය ක්ෂ‘ යන අර්ථප ඇත්තේ යැ.

8. මන් රිසින් පුරා - මන් (සිත්) රිසින් (රුචියෙන් රුචිය දිමෙන්) පුරව (තෘප්ත කරව) “මන දෙළ පුරව” යි යු සේ යැ.


මයුර විවරණය 290 162. සුසැඳු බැදු සාසන - සිරින් සුලකළ ඇම සඳැ

පැහැ සර දහම් කොත් දිය කොත් කළ දියත පැන සර දහම් කි ත් මා හිමි සඳු සමිත

මහ ගුණ මහ තෙර - සුළු තෙර පවර හිමිනුදු

උ බ ය ලොවට සරූ පින් කෙත් කළ දැන්ම උ බ ය ‍වා ස සේ මහ සහ ඇම තැන්ම

තු ස් වා ගුණ නුවණ ආ සිරි දි දිගට ව ස් වා එක් වැ කිරඹෙව් ලෙව් සතුටු කොට ප ස් වා දහස් දම් රකිනු යැ දෙව් රඳුට අ ස් වා කියන් මෙ වදන් අස්නැ නම ‍කොට

අන්න ය : “බ‍ුදු සාසන සිරින් සුසැදු, ඇම සඳැ සුලකළ

පැහැ සර දහම් කොත් දියතැ දිය කොත් කළ පැන සර දහම්කිත් මා හිමි සඳු සමිත, මහ ගුණ මහ තෙර සුළු තෙර පවර හිමිනුදු (සමත,)

උබය ලොවට සරු පින් කෙත් දැන්ම කළ, උබය වාසයේ මහ සඟ ඇම තැන් මැ, දිගට ගුණ නුවණ ආ සිරි දි තුස්වා, කිරි අඹ එව් එක් වැ වස්වා ලෙව් සතුටු කොටැ වා පස් දහස් දම් රකිනු” යැ, අස්නැ මේ වදන් අස්වා, දෙව් රඳුට නම කොටැ, කියන්.

අර්ථස : “ බුද්ධ ශාසනය ශොභ‍ායෙන් මොනොවට සැරැසුවා වු, සියලු කල්හි අලඞකෘත කළා වු, ප්රකභා සාර වු ධර්මද කෙතුන් (දහම් කොඩි) ලෝකයෙහි ජය කොඩි කළා වු, ප්රකඥ සාර වු ධර්මදකිර්ති මහා ස්වාමි උත්තමයා ඇතුළු වු, මහාගුණ වු මහා ස්ථවිර ක්ෂුහල්ල ස්ථවිර ප්ර වර ස්වාමින් ද (ඇතුළු වු,) උභය ලෝකයට සාර වු පුණ්ය් ‍ෙක්ත්රෙරයන් දැනීම කළා වු උභය වාසයෙහි මහා සඞකයා සැම දෙනා මැ.


මයුර විවරණය 291 නො කඩ කොටැ ගුණ ඥන අයුඃ ශ්රි දි තුෂ්ට කොටැ, කිරි ද දිය ද මෙන් එක් වැ (සමඟ වැ) වාසය කරවා, ලෝකයා සන්තුෂ්ට කොටැ, වර්ෂ පඤ්ච සහස්රපයක් ධර්මඩය රක්ෂාු කරනු (මැනැවැ”) යි ස‍ෙන්දවශයෙහි මේ වචනයන් ඇසෙන සේ දෙවෙන්ර්‍ැ යාට නමස්කාර කොටැ, කියන්නැ.

විස්තර : ස‍ෙන්ද ශයෙහි මේ වචනයන් ඇසෙන සේ, දෙවෙන්ර්‍මහයාණනට නමස්කාර කොටැ, කියන්නැ. කවර වචනයන්ද: 155 වැන්නෙහි” රිවි සඳ සෙ තෙද යස” යන්නෙන් පටන් -ගෙනැ, මෙහි “දම් රකිනු” යන්නෙන් කෙළවර මේ වචනයන්.

මේ දස පද සැහැල්ලේන් මෙ සේ කියැවිණ :-

දෙවෙන්ර් සැයාණෙනි, හවුරුදු පන් දහසක් ධර්මුය රකිනු මැනැවි, කුමක් කොටැ ද? ලෝකයා සතුටු කොටැ, කෙසේ ලෝකයා සතුටු කොටැ ද? ධර්මුකිර්ති මා හිමියානන් සහිත මහ තෙරවරුන් ද සුළු තෙරවරුන් ද ඇතුළු වු උභය වාසයේ සියලු සඞඝයා ගුණ නුවණ ද ආයුෂ ද දි සමගි කොටැ වාසය කැරැවිමෙන් ලෝකයා සතුටු කොටැ.

ධර්මාකිර්ති මහා ස්වාමිහු ප්ර ඥයෙන් සාරයෝ යැ. ඔහු, ධර්මමය නමැති කොඩි මැ ලෝකයෙහි ජය කොඩි කළාහු යැ. ඒ ධර්මයය නමැති කොඩියෙහි ප්රිභා සාරය,සියලු කල්හි අලඞකෘත කරන ලද්දේ යැ. ඒ දහම් කොඩි බුද්ධ ශාසන‍ය ශොභායෙන් සැරැසුයේ යැ. මහ තෙර සුළු තෙර හිමිහු මහත් ගුණ ඇත්තෝ යැ.

උභය වාසයේ මහා සඞඝයා සියලු දෙන මැ, මේ ලෝ පර ලෝ දෙකට සාර වු පුණ්යේ ‍‍සෙක්ෂ.ත්රමයන් දැනිම කරවති; පින් කෙත් නම්, මේ බඳු යැ යි ලෝකයට දන්වති. ඔවුන් දුටු කලැ, ලෝකයා පින් කෙත් හැඳිනැ-ගනිති. “ලෝකයෙහි පුණ්ය ක්ෂෙදත්ර යෝ නම් මොවුන් වැන්නෝ යැ” යි සලකා - ගනිති.

ටිප්පණි : 1 සුසැදු - සුසැදූ ‘සු’ පුර්වන ‘සද’ ධාතුයෙන් වු අතීත කෘදන්ත නාම යි. බුදු සාසන සිරින් සුසැදුයේ දහම් ‍කොත් යැ. දහම් කොත් නිසා බුදු සසුන ශොභායෙන් බබළයි. දහම් කොත් උස් වැ බැබැළෙන කල්හි, එහි ශොභායෙන් බුදු සසුන ද බැබළෙනු නම් වෙයි. මයුර විවරණය 292

2. ඇම සඳැ සුලකළ - සියලු කල්හි අත්ය ලඞකෘත වුයේ ද දහම් කොත් යැ. එකලැ මා හිමියන් ධර්ම්ය රසවත් අලඞකාර භ‍ාෂායෙන් ලියු කියු හෙයින්, දහම් කොත් ඇම සඳැ ස්වලඞකෘත වුයේ නමැ.

3. පැහැ සර - දහම් කොත්හි ප්ර්භා සාර වුයේ ‍ඒ මා හිමියන් නානා නයින් ධර්මහය විස්තර කොටැ, පැහැදිලි බසින් තේරුම් කොටැ දෙන හෙයිනි.

4. දහම් කොත් දිය කොත් කළ - මා හිමියන් ලොව දිනු බවට නංවන ජය කොඩි නම් ධර්ම ය නමැති කොඩි යි. ඔවුන් දම් දෙසු දෙසු තන්හි ඔවුනට ජය යැ. ඔවුන් පරදමා-ලන්නට සමර්ථල වු ධර්මසවාදියෙක් එ කළැ නො වී යැ.

5. දහම්කිත් - ධර්මදකිර්ති. ලඞකා ඉතිහාසයෙහි සුප්රවසිද්ධ වු මහා ස්ථවිරවරු කිහිප දෙනෙක් මැ මේ නාමයෙන් දන්නා ලද්දෝ යැ.

ධර්මකීර්ති නාමය ජම්බුද්විපයෙහි ද අතිපුසිද්ධ යැ ධර්ම කීර්ති පාද ප්රමණිත ‘න්යාවය බින්දු්’ නම් අත්ප්රරශස්ත තර්ක ග්රවන්ථ යෙක් එහි ප්ර චලිත යැ. “රූපාවතාරය” නම්, ධර්මදකීර්ති කෙනකුන් විසින් කරන් ලද ව්යහකරණ ග්රමන්ථයයෙකි. භදත්ත ධර්මීකිර්තින් ගේ යැ යි ශ්ලොකයක් ක්ෂෙවමෙන්ර් ග්යෝ ස්වකිය ග්රාන්ථයෙකැ ඇදැ දක්වති.’භදන්ත’ ශබ්දය බෞද්ධ භික්ෂුො වාචක යැ.

මේ නාමය ලංකා ඉතිහාසයට එක් වුයේ ලිලාවතිය ‍ගේ රාජය සමයයෙහි යැ. එ කලැ ධර්මකීර්ති නම් රාජ ගුරු ස්ථවිර කෙනෙක් වු හ. ඔවුන් ගේ ශිෂ්යම ප්ර ශිෂ්ය් කෙනකුන් ධර්ම්කිර්ති නාමයෙන් පහළ වු බවෙක් නොසදහනි.

යළි දු ධර්මකීර්ති නාමය නැගී එනුයේ ද්විතීය පරාක්රිමබාහු නිරිඳුන් ‍ෙග් සමයයෙහි දි යැ. එ කලැ තාම්රරලිප්තියෙන් (තඹලිංගමුයෙන්) ලංකාවට කැඳවන ලද ධර්ම කිර්ති නම් මහා ස්ථවිර කෙ‍නෙක් පළාබද්දල වනවාසි පරම්පරාව ඇති කළ හ. මෙ ‘ධර්මකිර්ති පරමපරා’ නාමයෙනුදු ප්රගකට යැ. පරම්පරායෙහි ආදි පුරුෂයාණන් සංඝරාජ වූ බවෙක් නො පෙනේ.



මයුර විවරණය 293 පළාබද්දල වනවාසි පරම්පරායෙහි ධර්මකීර්ති කෙනෙක් ගහසිරි පුරැ භුවනෛකබාහු රාජයන් ගේ කාලයෙහි සංඝ රාජ වැ සිටිය හ. මෙහි සඳහන් වන්නෝ ද ඔහු යැ. ගඞලා දෙණියෙහි විසු, සද්ධර්මිරත්නාවලි ආදිය කළ ධර්මකීර්ති සංඝ රාජයෝ ඔවුන් ගේ ශිෂ්යියෝ යැ.

6. මා හිමි - මහා ස්වාමි. සකල සංඝ ගණයාට අධිපති වු ස්ථවිරයනට මේ නම්. ‘සංඝ රාජ’ යන නාමය ඇති කරන ලද්දේ ද්විතීය පරාක්රමමබාහු රාජයාණන් විසිනි.

7. සමිත - සංස්කෘතයෙහි දු මෙ‍ සේ මැ යෙදෙයි. සම + ඉ + ත = සමිත. ‘සම’ යනු උපසගි යි. ‘ඉ’ (ගමන්හි) ධාතු යි ‘ත’ යනු අතීත කෘදන්ත නාම ප්ර්ත්යසය යි.

8. මහ තෙර සුළු තෙර - උපසම්පන්න වැ දස වස් ඉතිමැවුවා හු තෙර (ස්ථවිර) නම් වෙති. විසි වස් ඉක්මැවුවාහු මහ තෙරහු (මහා ස්ථවිරයෝ) යැ. තෙරහු මැ ‘සුළු තෙර’ නමුදු වෙත්.

9. උබය ලොවට - මෙ ‍ලෝ පර ලෝ යන දෙක උභය ‍ලෝක නම් වේ.

10. පින් කෙත් - පින් උපදවන කෙත් වෙත් නු යි. පින් සදහා සවු පස ආදි බීජයන් වැපිරිමට සුදුසු වෙත් නු යි. සංඝයා පින් කෙත් නමින් ගන්නා ලැබෙති.

11. උබය වාසයේ - ග්රාපම වාසය යැ. අරණ්ය වාසය යැ යි. සගුන් ගේ වාස දෙකෙකි. ග්රා-මයෙහි වු පන්සල්හි වසන්නෝ ග්රානම වාසිහු යැ. ගමින් ඈතැ අරණ්යෙයෙහි වසන්නාහු අරණ්ය‍ වාසීහු යැ.

12. ඇම තැන් - හැම දෙනා. ‘තැනි’ යනු ස්ථාන වාචි නාම පදයෙකි. ස්ථානයෙහි වුයේ ද ඇතැම් විටැ මෙයින් ගැනේ එ හෙයින් ‘තැන්’ යනු පුද්ග වාචි යන්නට ද වි යැ.

13. තුස්වා - ‘තුස්’ ධාතු ‘බස්’ ආදි පර පද යි. අකර්ම ක යි. තුසී - තුසිනි - තිටී, තිට - තුටු, තුට. මේ ධාතු ‘බණ’ ආදි උභය පස ද වෙයි. (ප) තුසී - තුසිනි - තිසි - තිසු. (අ) තිසේ - ‍තිසෙති. මයුර විවරණය 294 14. එක් වැ - එක වන සේ. මෙහි ‘වැ’ යන අතීත කෘදන්ත නිපාතය ප්රරකාරාර්ථ යි.

15. කිරඹෙව් - කිර අඹ එව්. කිරි ද දිය ද එක් වු කලැ වෙන් කළ නොහැකි යැ.

16. පස් වා දහස් දම් රකිනු - හවුරුදු පන් දහසක් ධර්මැය රැකෙනුයේ, සංඝ සාමග්රිීය ඇති වැ, බුද්ධ ශාසනයෙහි ලෝකයා පැහැදුණු විටැ යැ. එ හෙයින් සංඝයා සමගි කිරිම නම් පස් වා දහස් දම් රැකිම යැ. ‘පස් වා දහස්’ යන තන්හි පස් යනු ද ‘වා පන් දහස්’ යන තන්හි ‘පන්’ යනු ද යෙදිණ. සඞඛ්යාහවාචි ශබ්දය නම් ‘පස්’ යනු යැ. ඇතැම් නාම පර කල්හි, මෙයට ‘පත්’ යනු ආදේශ වේ. ‘දහස්’ යනු ඉන් එකෙකි. ‘වා’ යනු ඉන් එකෙක් නො වේ. පස් ඇස් - පස් ඉදුහු - පස් කම් - පස් ගති - ආදිය ද, පන් සිල් - පන් සර - පන් සිය - පන් දහස් - ආදිය ද විමසන්නේ යැ.

17. අස්වා - ‘අස’ ධාතුයෙන් වු අතීත කෘදන්ත නිපාත යි. ‘අස’ ධාතු ‘බල’ ආදි පර පද යි. අසා - අසති - ඇසි - ඇසු. අසවා = (මධ්ය. ස්වර ලෝපයෙන්) අස්වා අස්වා කීම නම් ඇසෙන සේ ශබ්ද නඟා කීමයි. ඇහුම් කන් දෙන සේ කන්නලවු කොටැ කීම ද අස්වා කීමෙකි.

163. සත මත් අමිත් රැකි - මෙත් සිලිල පිරි සයුරෙව් වි සි තු රු මි තු රු අ න තු රු නි ස යුරු සෙයින ල ක තුරු අ තු රු නොව’තුරු ‘ඳුරු දුරු කරන

ලෝ සෙත් කැරැ බැබැළි ‍- කිහිරැලි පුල් සුරිඳු වෙතැ

මෙතා හිත අ ති න් වැඩි දළ බැතින් ඉ තා මෙතා හිත සි ති න් ‍ පතමින් සතත් සෙතා

වේ වා සෙමෙන් සැළ කෙරෙමින් අද නන්ද ගා වා ත යස ගි ලොවැ සැම එක බන්ද නා වා ලෙවන් අදරින් නෑ - මිතුරන්ද බෝ වා පවතු සිරි විඳැ විඳැ මොනරින්ද

මයුර විවරණය 295 අන්න ය : මින් අමිත් සත රැකි මෙත් සලිල පිරි සයුර එව්.

විසිතුරු මිතුරු අනතුරු නිසයුරු සෙයින, ලක් අතුරු අතුරු අඳුරු, අතුරු නො වැ. දුරු කරන,

‍ලෝ සෙත් කැරැ බැබැළි කිහිරැලි උපුල් සුරිඳු වෙතැ,

මෙ ති හිත අතින් වැඩි ඉතා දළ බැතින්, මෙත් ආහිත සිතින්, සතන් සෙත පතමින්,

අද නන්ද, සෙමෙන් වේ වා. සැළ කෙරෙමින්, සැම‍ ලොවැ ත සය ගී එක බන්ද ගාවා, ලෙවන් අදරින් නෑ - මිතුරන් ද නාවා, මොනරින්ද, සිරි විඳැ, බෝ වා පවතු.

අර්ථ  : මිත්ර වු ද අමිත්රු වු ද සත්ත්වතයන් රක්‍ෂා කළා වු මෛත්රිඇ නමැති ජලය පිරුණා වු සාගරය වැනි වු,

විචිත්රව වු මිත්ර යා (සූර්යුයා) ද අනන්තර වැ (එ ළඟට මැ) චන්ර්්රියා ද පරිද්දෙන් ලඞකාභ්යවන්තරයෙහි අනන්තරාය නමැති අන්ධූකාරය,අතරක් නැති සේ, පහ කරන්නා ව‍ු,

ලෝක ශන්තිය කොටැ බැබළුණා වු විහිරැලි උපුල්වන් සුරෙන්ර්් යා සමීපයෙහහි, මේ යුෂ්මතා ගේ හිතාර්ථබයෙන් වෘද්ධ වු (දියුණු වු ) අතිශයින් දෘඪ වු භක්තියෙන්, මෛත්රි යෙන් පිහිටුවන චිත්තයෙන්, සත්ත්ව යන් ගේ ශාන්තිය ප්රාරර්ථ නය කෙරෙමින්, හෘදයානන්දාය (සිතේ සතුට,)සෙමෙන් හෝ වේ වා (සෙමෙන් වුව ද,) දන්වා සකල ලෝකයෙහි ති ‍ගේ යශො ගීතය එකාකාරයෙන් ගායනය කරවා, ‍ලෝක වාසින් ගේ ආදරයෙන් ඥාති මිත්රශයන් ද නාවා, මයුරෙන්ර්ා තය, සම්පත්ති විඳිමින්, බොහෝ වර්ෂනයක් (හවුරුදු බොහෝ ගණනක් ) ජිවත් වව.

විස්තර : මෙයන් අවසානයෙහි දුතයාට ආශිර්වා්ද කළ හ.

උත්පලවර්ණෝ සුරෙන්ර්අව යාණන් ඉදි‍රියෙහි සත්ත්ව යන් හට සෙත් පතා. සෙමෙන ව‍ුවත්, හිතේ සන්තොෂය දන්වා, සැප විඳැ විඳැ දිර්ඝ් කාලයක් ජිවත් වවව. මෙ සා මහත් ‍ලොකාහි වෘද්ධියක් කළ කලැ, ලෝකයෙහි සියලු තන්හි තොප ගේ කිර්තිය මයුර විවරණය 296 පැතිරෙයි. මයුරයකු මෙ බඳු ලෝක ශාන්තියක් උපුල්වන් සුරිඳුන් ලවා කැරැවු හ යි ලෝක වාසිහු ගී බැඳැ ගෙනැ කියන්නට වෙති. තොපට පමණක් නො වැ, තොප ‍ගේ නෑයනට ද මිත්ර.යනට ද ලෝක වාසිහු මහත් ආදරය දක්වන්නට වෙති. තොප ලෝක සත්ත්වැයනට සෙත් පතන කලැ, හිත කැමැත්ත (වැඩ සිදු කිරිමට ඇති ආශාව) නිසා වැඩි වුණ වු ඉත් මහත් භක්තියෙන්, මෛත්රීටයෙන්, පිහිටුවන ලද සිතින්, එ සේ කරව. ඒ උත්පලවර්ණ දෙවෙන්ර්සා යාණෝ මිත්ර වු ද අමිත්රි වු ද සත්ත්ව්යන් රක්නා වු මෛත්රිල ඇත්තෝ යැ. මෛත්රිරය ජලය නම්. දෙවෙන්ර්රිදයෝ ඒ ජලය පිරි සාගරය වැන්නෝ යැ. තව ද ‍ඔහු විස්මයජනක වු සුර්යයයකු ද චන්ර්දෙවයකු ද වැනි වෙති. ලඞකායෙහි අනන්තරාය සියලු කල්හි දුරු කෙරෙති.දාවල් සූර්යුයා ද, සූර්යයයාට අනන්තර වැ චන්ර්ය යා ද, අන්ධ්කාරය දුරු කරන්නා මෙනි. සාමාන්යැ සූර්යෛ චන්ර්ා දෙ දෙනා ගත් කල්හි, එ දෙ දෙන සියලු කල්හි අතුරු නො තබා, එකකුට අනතුරු වැ අනෙකා, අන්ධකකාරය දුරු කරන්නා හු නො වෙති. ඇතැම් දිනෙකැ සූර්යයයාට අනතුරු වැ චන්ර්න යා නො පැමිණේ.ඇතැම් දිනෙකැ රෑ චන්ර්ුරුයා නො එයි. එ හෙයින් ඔවුන් ‍අන්ධනකාරය දුරු කරනුයේ අතුරු නො වැ මැ නො වේ. මේ සුරෙන්ර්වුනයාණෝ එ සේ නො වෙති. දාවල් ද රෑ ද සියලු කල්හි එක සේ අන්තරාය දුරු කෙරෙති. එ හෙයින් විස්මය ජනක වු සුර්යදයකු චන්ර් ක යකු වැන්නෝ යැ.මේ ස්රෙන්ර්ක යාණෝ එ බඳු වු ලෝක ශාන්තිය කොටැ බැබළුණාහුයැ.

ටිප්පණි : 1. අනතුරු - අතුරු නො තබා අනතුරු. එකක් සිදු වැ කෙළවර වනු හා සමග මැ අනෙක පැමිණේ නම්, ඒ ප්රඅථමයට ද්විතියය අනතුරු (අනන්තර) යැ.

2. අතුරු නො ව ‘තුරු’ඳුරු - අතුරු නො වැ අතුරු අඳුරු

3. අතුරු නො වැ - අනන්තරයක් (අතරෙහි ඉඩක්) ඇති නොවන සේ.





මයුර විවරණය 297 4. අතුරු අඳුරු - අනන්තරාය නමැති අන්ධයකාරය අනන්තරාය අර්ථ.යෙහි ‘අතුරු’ යනු වෙයි. දැන් ඇතැම්හු අනන්තරායයට ‘අනතුරු’ යැ යි අලුත් නමෙක් දෙති. ග්රා’මිණයෝ ද ‍එ තරම් වරදක් නො කෙරෙත්, ‘අතුරු’ යනු මැ යොදා, ඒ නෙ තෙරේ‍ දෝ යන බියෙන් මෙන්, ඒ සමඟමැ අර්ථතය ද ප්ර කාශ කෙරෙමින්, “ අතුරු අන්තරාය” යැ යි කියත් ‘අනතුරු’ යන්නෙහි ‘අන්තරාය නැති’ යනු අර්ථ“යෙක් වේ

5. කිහිරැලි - උපුල්වන් දෙවියන් ගේ විරුද නාමයෙකි. පුරාතනයෝ මෙය “ඛදිර දෙහලී” යැ යි සංස්කෘත‍යට පෙරැණළූ හ. ‘බදිර’ නම් කිහිරි යැ. ‘දෙ‍ගලි’ යනු එලිපතට නම්. මේ දෙවියන් ගේ ගෘහයෙහි එලිපත කිහිරි ලීයෙන් කළ හෙයින් ‍හෝ, එලිපතකට තුබු කිහිරි ලීයෙකින් මොවුන් ගේ රූපය කැපු හෙයින් හෝ, ‘ඛදිරදෙහලි’ නාමය විද? වී නම්, සිංහලයෙහි සිටියැ යුත්තේ ‘කිහිරෙලි’ යනු යි. එහෙත් සියලු තන්හි එනුයේ ‘කිහිරැලි’ යනු යැ. මුහුදෙහි පා වි ආ කිහිරි ‍ක‍ඳෙකින්, විශ්වකර්මනයා විසින් උත්පලවර්ණැ දෙව රූපය නෙළන ලද්දේ යැ යනු ජනප්රකවාද යි. ගුණවර්ධ්නයෝ මෙය පිහිට කොටැ - ගෙනැ ‘කිහිරැලි’ යන්න ‘ඛදිරාලීන’ යැ යි සංස්කෘතයට පෙරළති. දෙවියන් කිහිරෙහි (ඛදිරයෙහි) ඇලි (ආලීන වැ) පැමිණිය හ යි අරුත් සලකා යැ.

6. මෙතාශිත සිතින් - මෙත් ආහිත සිතින්. මෛත්රිලය විසින් පිහිටුවන ලද චිත්තයෙන්. ‘ආහිත’ යනු සංස්කෘතයෙහි සිද්ධ ශබ්දයෙකි. ‘ආ’ පුර්වත ‘ධා’ධාතුව පිහිටැවිමෙහි ව‍ැටේ. ‘ත’ යනු කෘදන්ත නාම ප්රනත්යආයය යි. ආ + ධා + ත = අහිත.

7. සෙමෙන් වේ වා - මඳින් මඳ හෝ වේ වා. මඳින් මඳ වුවත්. ඉක්මනට නුවුව ද. “ වහවහා නො කළ ද කමෙක් නැතැ” යි කියු සේ යැ. අප ගේ ස‍ෙන්දේශය කියා, ඉක්බිති තොප ගේ සිතෙහි සන්තෝෂය සැළ කරව, එ සේ සැළ කරන කල්හි, ඉක්මන් නුවුව ද වරදෙක් නැත.




මයුර විවරණය 298 8. ගාවා - ගයවා. ගායනය කරවා.

‘ගය’ ධාතු ‘බල’ ආදි පර පද යි. ගයා - ගයති - ගැයී - ගැයු.

මේ ධාතුව ‘ගා’ යැ යි ද සිටි, ‘ය’ ලෝප සවර්ණර දීර්ඝේ විමෙනි. එ කලැ වරනැගීම ගා - ගාති - ගෑ - ගෑ - ඈ විසින් වෙයි.

9. එක බන්ද - ‘එක බඳු’ යැ යි සිටියැ යුතු තැනි.

10. අදරින් නාවා - “මහත් ආදරය කරවා” යනු අර්ථ. යි.

164. කි වි සුරු මතැ කිරුළු යුරු රැඳි නැණිනි සරූ ග ණි සුරු ගුරුළු දැමි ඇදුරිඳුට මුනුබුරූ කි වි සුරු කිවි පුවළ කිවි රස බස මඟැරූ මෙම ස‍ුරු මිය‍ුරු ස‍ඳෙස යැ කළ රස’සැ පිරූ

අන්නිය : කිවිසුර මතැ රැඳි කිරුළු අයුරු, සරු නැණිනි ගණිසුරු ගුරුළු දැමි ඇදුරිඳ‍ුට මුනුබුරු, පුවළ කිවි රස බස මඟ ඇරූ කිවිසුරු කිවි කළ, පිරූ රස අසැ මසුරු, මෙ මියුරු ස‍ඳෙස යැ.

අර්ථම : කවිශ්වරයන් ගේ මස්තකයෙහි රැඳුණා වු කිරිටය වැනි වු සාර වු ඥනයෙන් ගණෙශ්වර වු ගුරුළු ගෝමි ආචාර්යෙයන්ර් ව යාට මුනුබුරු වු. ‍ෙප්රෟුඪ කවින් ගේ රසාන්විත වචන මාර්ගෝයට ආරූඪ වු කවිශ්වර (නම්) කවිහු විසින් කරන ලද්දා වු, පුරණය කළා වූ රස අංශුයෙහි මත්සර වු, මෙ මයුර ස‍ාන්දෙසශය යි.

විස්තර : මෙ තෙමේ කවීශ්වර නම් කවීන් විසින් කරන ලද්දා වු මයුර සන්දෙරශය යි. කෙබඳු වු මයුර සන්දේශය ද? මෙහි ලා පුරණය කරන ලද්දා වු රස අංශුයෙහි මස‍ුරු වු මයුර සන්දෙමශය යි. මෙහි පුරා ඇත්තේ රස අංශුවෙකි (අල්පයෙකි.) මුළු කාව්යරය ස්වල්ප වු රස ඇත්තේ යැ. රසය ස්වල්ප වුව ද එහි මසුරු යැ, මහත් එඩි ඇත්තේ යැ. ස්වල්ප වු රසයෙන් කාව්යුය සාඩම්බර වුයේ යැ. “මෙහි සැලැකියැ යුතු රසයෙක් නැත ද, කාව්යයයක් මෙන් ප්රයකාශ කිරිමට තරම් මම, මා ගේ මන්දය බව (මෝඩ බව) හේතු කොටැ-ගෙනැ එඩි ඇති විමි” යි. කවීන් තමන් ගේ නිරහඞකාර භාවය ප්ර්කාශ කළ යේ යැ.

මයුර විවරණය 299 කවීශ්වර කවීහු කෙබන්දෝ ද? ප්රෞ(ඪ වු, කවීන් ගේ රස වචන මාර්ගඇයට ආරූඪ වුවාහු යැ. ප්රෞදඪ වු, ශක්තියෙන් වැඩි සිටියා වු, කවීන් ගේ රස වචන මාර්‍ගය - ඔවුන් ගේ කාව්යඪයන් - මෙ කවීහු ආශ්රසය කළාහු යැ. “මම මහා කවීන් ගේ කාව්යමයන් බලා ඔවුන් ගේ උපකාර ලැබැ පුරුදු විමි” යි. කවීන් කී සැටි යැ. මෙ සේ වුව ද මේ කවීශ්වර කවීහු ප්රාසිද්ධ කෙනකුට මුනුබු‍රු ‍වුවෝ යැ. ගුරුළු ගෝමි ආචාර්යක වරයෝ කවීශ්වරයන් ගේ (මහා කවීන් ගේ ) මුඳුනෙහි රැඳුණා වු කිරීටයක් (වොටුන්නක්) වැන්නෝ යැ. සරු වු ඥනයෙන් ගණෙශ්වරයා වැන්නෝ යැ. එ බඳු කෙනකුනට යැ මේ කවීන් මුනුබුරු වුයේ.

ටිප්පණි : 1. කිවිසුරු - කිවි ඉසුරු. කිවිනට ඉසුරු (ඊශ්වර - අධිපති) කිවිසුරු යැ.

2. ගණිසුරු - ගණෙශ්වර ශෛව මතයෙහි. මොක්ෂ්ය ලැබුයෝ ඊශවරයා ගේ ගණයට (පිරිසට) ඇතුළු වෙති ඒ ගණයට ඊශ්වර වන හෙයින්, මෙ මශෙවර පුත්ර තෙමේ ගණිසුරු (ගණෙශවර) නම් වේ.ලෝකයෙහි නුවණැත්තතවුන් කෙරෙහි ගණෙශ්වර අග්රව වෙයි එ හෙයින් නුවණ ලබන්නට භක්තයෝ ඔහු ‍යදිති.

3. ගුරුළු දැමි - ගුරුව ගොමි සංස්කෘතයෙහි ‘ගෝමින්’ යනු ‘මහහෝපාසක’ යන අර්ථු ඇත්තේ යැ. සිංහලයෙහි ‘දැමි’ ‘දැහැමි’ යන දෙක ඒ අර්ථහය දෙන්නේ යැ. එ හෙයින් ‘දැමි’ යනු ‘ගෝමින්’ යන්නට සමාන යැ. ගුරුළු ගොමිහු නම් ධර්මය ප්රැදිපිකා, අමා වතුරු යන ග්රසන්ථයයන් කළා වු මහා පණ්ඩිත කෙනෙකි. ඔවුන් ගේ කාලය මැනැ - ලීමට තරම් වන කරුණෙක් ඉතිහාසයෙහි නො ආයේ යැ. සිදත් සඟරායෙහි ගුරුළු ගෝමි නාමය සඳහනි. එ හෙයින් ඔවුන් සිදත් සඟරාව කිරිමට පෙරැ මැ මහත් ප්රයසිද්ධියට පැමිණැ සිටි බවට සැක නැති. සිදත් සඟරාව කරන ලද්දේ, ප්රයතිරාජ දේව අමාත්යියාණන් ගේ ආරාධනයෙනි. ප්ර තිරාජ දේවයෝ ද්විතීය පරාක්රහමබාහු මහා රාජයාණන් ‍ගේ අමාත්ය්යේ යැ.




මයුර විවරණය 300

“ දකණ කල සියල් බුජ මහවුරින් රක්නා දද දද ගම් විමනගැ පති රජ දෙව් සැර දෙනේ”

යන සිදත් සඟරා පද්යරයෙන්, එ කලැ ප්ර්තිරාජ දේවයන් දක්ෂිීණ ලඞකාව පාලනය කෙරෙමින් විසු බව පෙනී යේ. මෙ සේ ගුරුව ගෝමින් වූ හ යි සිතියැ හැකි කාලයා ගේ මැත සීමාව හෙළි වුයේ වේ.

ද්විතිය පරාක්රෙමබාහු න‍රේන්ර්ජය යන් ගේ කෘතියෙකැ යි. සැලැකෙන කව් සිළු මිණි කුස දායෙහි - “ලියනගලා කුසුම් දෙලෙන් ගලත සිලිල් බිඳු සුරතැගිලි අගිනගනන් ගිලි‍ෙහන දිමුතු මුතු පෑ”

යන ගීයෙහි අර්ථනය. ගුරුළු ගෝමීන් ධර්ම් ප්රෙදීපිකායෙහි -

“ලියනගලා ලීය නමැති අඟනන් කුසුම් නමැති රතතින් ගත් මුත් හර බඳු මලින් ගලන දිය දහර බලා...”

යනුයෙන් පැවැසු බවෙක් පෙනේ. ගුරුළු ගෝමිහු පරිවර්ත්ක කෙනෙකි. එ හෙයින් ඔවුන් විසින් අන්යෙයන් ගේ අර්ථ.යන් ගෙනැ දක්වන ලද තැනි බොහෝ යැ. පරාක්රවමබාහුහු උත්පාදක කවි වර කෙනෙකි. ගුරුළු ගෝමින් හෝ අන් කෙනකුන් හෝ කියු දැයක් ගෙනැ, තමන් ගේ කාව්යයය සරසන්නට ඔවුන් නොසිතන බවට සැකයෙක් නැති. පරාක්රේමබාහු පද්යව දැකැ ගුරුළු ගෝමින් එහි අර්ථුය ස්ව ග්රණන්ථරයට ගත් සේ සිතීම යුක්තා යුක්ත යැ. එ හෙයින් ගුරුළු ගෝමින් ද්විතිය පරාක්රිමබාහු නරේන්ර්ස යන් ගේ රාජ්ය සමයයෙහි මැ වු සේ සලකනු යෙදෙයි.

4. කිවිසුරු කිවි - මෙහි දැක්වුණාට වැඩි විස්තරයෙක් මොවුන් ගැනැ දැනැ-ගන්නට නො ලැබිණ. මොවුන මැ විසින් කරන ලද ‘පොළොන්නරු පුර වර්ණැනා’ නම් කාව්යනයක් ද වෙති යි කියති. ඇපි න‍ුදුටුවම්හ.


මයුර විවරණය 301 5. ඇරූ - ආරූඪ වු.

මෙහි ‘අර’ ධාතු ‘බල’ ආදි පර පද යි. අරා - අරති - ඇරී - ඇරූ.

6. මසුරු - මත්සර ‘ආඩම්බර වු’ යන අර්ථුයෙහි දමේ යෙදෙයි. “පිරු රස අසැ මසුරු” යැ යි කල්හි තව ද අර්ථරයක් ගත හැකි යැ. ‘මසුරු’ යනු නො දෙන සුලු’ යන අරුත්හි ද යෙදේ. ඇති වු දැද නොදෙනුයේ මසුරු යැ. මේ කාව්යුයෙහි රස අංශුවෙක් ඇති. එහි ද කාව්යදය මස‍ුරු යැ. එය පවා ලෝකයාට දෙනු කැමැත්තෙක් කාව්ය්යෙහි නැති. ලෝකයාට විඳියැ ය‍ුතු රසයක් නැති කාව්යතයෙක් යැ මේ.

7. රසසැ - රස ඇසැ. රස අංශුයෙහි. ‘අස’ (අංශු) යනු ඉතා ස්වල්පය යන අර්ථැ ඇත්තේ යැ.


නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=මයුර_සන්දේශ-විවරණයvi&oldid=4429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි