මයුර සන්දේශ-විවරණයiv

76. මන කල් තෙපුල් මනවුල් කැරැ ලිය කෙළන

 		බිගු ලොල්  විමල් මල් තුරු ගෙ උයන්	සෙවුන

ඇම කල් විසල් සල්පිල් වෙළෙඳුන් රඳන සැදි හල් බේරුහල් ගමැ ‍සැතැපි වධන


මයුර විවරණය 154

අන්න ය : තෙපුල් මන කල් ලිය මන් අවුල් කැරැ කෙළන, ලොල් බිඟු විමල් මල් තුරු සෙවුන ගෙ උයන් (සැදි,) ඇම කල් වෙළෙඳුන් ‍රඳන විසල් සල්පිල් (සැදි,) හල් සැදි, බේරුහල් ගමැ සැතැපි වඩන.

අර්ථි : වචනයන් මනොඥ වූ ස්ත්රිරන් සිත් ආකුල් කෙරෙමින් ක්රීලඩි කරන්නා වු, ලෝල වු භෘඞගයන් නිර්මවල වු පුෂ්ප වෘක්ෂසයන් සෙවනය කරන්නා වු ගෘහොද්යා,නයන් (අලඞකෘත වු) සියලු කල්හි වෙළෙඳුන් වසන්නා වු විශාල වු ආපණ ශාලාවන් (අලඞකෘත වු)ශාල වෘක්‍ෂයන් අලඞකෘත වු බේරුවල් ගමෙහි ගිමන් නිවා යනු (මැනැවි)

විස්තර : බේරුවලැ ක්රි ඩා කරන්නා වු ස්ත්රිේහු මනොඥ වචන ඇත්තෝ යැ. උන් ක්රීමඩා කරනු දක්නවුන් ගේ සිත් මත් වි අවුල් වෙයි. එහි විසිතුරු ගෙ වතුවලැ නිර්ම‍ල වු මල් හස්හි මල් පැණියෙහි ලොල් වු බමරු වෙති. විශාල වු සල්පිල්හි වෙළෙන්දෝ නිරතුරු වෙසෙති. බේරුවලැ සල් ගස් ද අලඞකෘත වැ සිටි.

ටිප්පණි : 1. සෙවුන - සෙවුනා. සෙවනය කරන්නා වු. ‘සෙවු’ ධාතු ‘රක්’ ආදි පර පද යි. සෙවි - සෙවිති - සෙවි - සෙවි.

2. හල් - සල් ගස්. මේ ගස් මොනරුනට ප්රිඅය බව පෙනේ. “සලග මියුරු සහයුරු සමතු වන්නේ’ යනු ශ්රිට රාහුල වචන යි.

3. සැතැපි - ‘සතප’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර පද) සතපි - සතපිති - සැතැපි - සැතැපි. (අත් පද) සැතැපේ - සැතැපෙති - සැතැපිණි - සැතැපුණු.

	සකර්ම ක ‘සතප’ ධාතු ‘බල’ ආදි පර පද යි. සතපා - සතපති - සැතැපි- සැතැපු.

77. වෙන් කොට වනත ගේ උයන් සිරි නො දත හැකි මන් තුට වඩන යැදි සිරි දෙත දෙව් තුරෙකි පින් කොට නො ගොස් ඹබ මෙ ලොවැ මැ පැමිණි සකි බෙන් තොට දෙ ගොඩැ දෙ න‍ුවර දෙව් ලෝ දෙකෙකි

මයුර විවරණය 155 අන්න ය : සකි, වෙන් කොටැ වනත ගේ උයන් සිරි නො දත හැකි, යැදි සිරි දෙත මන් තුට වඩන දෙව් තුරු එකි, බෙන්-තොටැ දෙ‍ගොඩැ දෙනුවර, පින් කොටැ ඔබ නො ගොස් මෙ ලොවැ මැ පැමිණි, දෙව් ලෝ දෙකෙකි.

අර්ථ  : මිත්රෙය, වෙන් වෙන් වශයෙන් වර්ණවනය කරන් හොත් ගෘහොද්යාගනයන් ගේ ශ්රි ය නො දත හැක්කා වු, යාචිත (ඉල්ලු) සම්පත්ති දෙන කල්හි චිත්ත සන්තොෂ වර්ධ නය කරන්නා වු දිව්යහ වෘක්‍ෂ හා නොවෙනස් වු, බෙන්තොටැ උබය තිරයෙහි නගර ද්වයය, කුසල් කොටැ එහි නො ගොස් මේ ලෝකයෙහි දී මැ පැමිණියැ වු, දිව්යො ලෝක දෙකෙකි.

විස්තර : ‍‍ෙබන්‍ෙතාට නදිය දෙ තෙරෙහි නගර දෙකෙක් වෙයි. එ දෙකෙහි ගෘහොද්යාකන වණීනය කොටැ නිම කළ නොහැකි ශ්රියයෙන් යුක්ත යැ. කැමැති කැමැති සම්පත්ති ඒ දෙ නුවරින් ලැබෙයි. එ හෙයින් දෙ නුවර සිත් සතුටු කරන්නා වු දිව්යත වෘක්‍ෂ වැනි යැ. සැකෙවින් මැ ඒ දෙ නුවර කො තරම් ශ්රි‍ සම්පන්න ද යත හොත්. ඒ දිව්ය් ලෝක දෙකෙකැ යි නිසැක වැ කියැ හැකි යැ. ඒ දෙව් ලෝ දෙකෙක් නම්, මහත් ආයාස ගෙනැ නොයක් පින් කම් කොටැ, මේ ලොවින් ච්යුැත වැ එ ලොවට ගිය යුතු නො වේ. මෙ ලොවැ දී මැ දෙව් ලොවට පැමිණියැ හැකි යැ. කෙසේ ද? බෙන්තොටට යෑමෙනි.

ටිප්පණි : 1. වනත, දත, දෙත - අසමභාව්යද කෘදන්ත නිපාතයා ගේ හෙද දෙකෙක් මෙහි පෙනේ. වනත - දෙත - යන දෙක ‘තු’ ප්රතත්යහයය යෙදීමෙන් නිපන. වන + තු = වනතු. දෙ +තු = දෙතු. අනන්යැ ස්වර ලෝපයෙන් ‍වනත් - දෙත් -යන රූප ද, ‘ද’ කාරය පැමිණිමෙන් වනත - දෙත - යන රූප ද ලැබෙයි. ‘දත’ යනු ‘අ’ ප්ර ත්ය,යය යෙදී නිපන්නේ යැ. දන් + අ = අත් + අ = දත. ‘අ’ ප්ර ත්ය,යය පර කල්හි ධාතුව අතිත කෘදන්ත නාම රූපය ගනි.

2. දෙව් තුරෙකි - දෙව් තුරු + එකි. දිව්යර වෘක්‍ෂ‍යන් හා එකාකාර වු. දෙව් තුර ද බෙන්තොට ද එකෙකි. එ දෙක අතරෙහි වෙනසෙක් නැති.

3. ඔබ - ‘එහි’ යනු අර්ථර යි. එ නම් මෙ ලොවින් බැහැර යි.

4. බෙන්තොට - බෙම් + තොට = (පර ස්වණර්දේශයෙන්) බෙන්තොට. ‘බෙම්’ යනු රාක්ෂෙස පර්ඨාතය යි. රාක්ෂෙයකු ගේ තීර්වතය වු හෙයින් මෙය ‘බෙම් තොට’ නමු වු හ යි යෙති. ‘බෙම්තොට’

මයුර විවරණය 156 තොට’ යනු පාළියට නගන්නෝ ‘භිමතිත්‍ථ’ යනු ගතින් ‘භයානක තිර්ථවය’ යනු එහි තිර්ථො යි. (1) ‘බෙම්තොට’ නාමය කොකිල සන්දෙනශ කාරයන් විසින් අවිකෘත කොටැ යොදන ලද නම්, (2) බොහෝ කවීන් යෙදු ‘බෙන්තොට’ නාමය ද ‘බෙම්+තොට’ යන තන්හි පර ස්වර්ණා්දෙශයෙන් සිදු වේ නම්. (3) පර සවර්ණාෘදේශය (වගී ව්යපඤ්ජනයක් පර කල්හි පූර්වෙ වර්ගාමන්තයට තද්වර්ගා‍න්තට ආදේශ වීම) සිංහලයට අවශය වු ව්යෙකරණ විධියෙක් වේ නම්, (4) පාළියෙහි ලැබෙනුයේ ‘භිමතිත්‍ථ’ යන නාමය මැ නම්, බෙන්තොට මුව දොරැ ගල් ඇති වු පමණින් ‘භින්තතිත්‍ථ’ යන පාළි නාමය පළමු කොටැ නිපදවා, ‘බෙන්තොට’ යනු එයින් නොපිටට බිඳැ - ගැනිමට මේ තැනෙක් නො වේ. 5. දෙකෙකි - මෙහි ප්ර කෘතිය ‘දෙ’ යනු යි. එක් යනු අනියමාර්ථා ප්රවත්යකයයෙකි. ‘දෙ + එක්’ යැ යි සිටි කල්හි මධ්යකයෙහි ‘ක’ කාරාගමය වැ ‘දෙකෙක්’ යනු සිද්ධ යි. මෙ සේ අනෙකුදු තැනෙක් වි යැ. එ නම් ‘ගෙ’ ශබ්දයෙන් පර වැ. ‘එක්’ ප්රසත්යඑයය යෙදුණු තැන යැ. ගෙ+එක් = ගෙකෙක්.

78. ප ර තෙ ර පැමිණි අවි සිප් සමුදුරේ දුර ව ර ත ර සරම ඇම ලෙස ගෙනැ ගත් පවර වැර ස ර සමරැ සෙබළුන් ‍රඳනා නිතොර ප ර ත ර කයේ කම සතපා යන් මිතුර

අන්න ය : මිතුර, අවි සිප් සමුදුරේ දුරු පර තෙර පැමිණි වරතර සරම ඇම ලෙස ගෙනැ ගත් පවර, සමරැ වැර සර සෙබළුන් නිතොර රඳනා, පරතරකයේ කය සතපා යන්.

අථි : මිත්ර ය, ආයුධ ශිල්පය නමැති සමුද්ර,යෙහි දුරයෙහි වු පරතීර‍යට පැමිණියා වු, අතිශයින් උතුම් වු ශාරිරික අභ්යාපසයන් සියලු ආකාරයෙන් ගෙනැ ශරිරය ප්රවවර (ඉති උතුම් වු), සමරයෙහි (යුද්ධයෙහි) වීර්යරසාර වු සෙවක භටයන් නිරන්තරයෙන් සිටින්නා වු පරතරකයේ ශරිරය සතපා (ගිම් නිවා) යනු (මැනැවි)

විස්තර: පරතරකි‍ෙය් සෙවක භටයේ නිතර සිටිත්. සකල ආයුධ ශිල්පය සමුද්රනය නම් ඔහු ඒ සමුද්රියෙහි ඉතා දුරින් පිහිටි පරතෙරට මැ ගියාහු යැ. (ශරිරය ශක්තිමත් කරන හෙයින්) ඉතා උතුම් වන ශ්ර මයන් (අභ්යාශසයන් ) සියලු අන්දමින් ගත් හෙයින් (පුරුදු කළ හෙයින්) ඔවුන් ගේ ශරිරය ද ඉතා උතුම් වෙයි. යුද්ධයෙහි දි ඔහු විර්යයයෙන් සාරයෝ වැ.

මයුර විවරණය 157 ටිප්පණී:

1. වරතර - ‘වර’ නම් උතුම්. උතුම් සියල්ල දෙ පසක් කළ කලැ වඩා උතුම් වනුයේ ‘වරතර’ යැ. උතුම් සියල්ලන් අතුරින් අතිශයින් මැ උතුම් වුයේ-උතුම් බැවින් අග්ර් - වරතම යි. ගුණ විභාගය මෙ සේ වර - වරතර - වරතම - ඈ විසින් වෙයි. ඉංගිරිසියෙහි high – higher – higherst- ඈ විසින් සිටින්නා මෙනි.

2. සරම - ශුම. ශාරිරික අභ්යාරස. මෙහි ගැනෙනුයේ භටයන් ගේ අභ්යා්ස යි. [Military exercise] මේ ශ්ර මයෝ රුධිර සංසරණය ස්වස්ථ කොටැ; පෙශින් දෘඪ කොටැ. කර්මsන්යමත්‍වයෙන් ද රොගත්‍වයෙන් ද ශරිරය ඉතා උතුම් බවට පමුණුවති.

79. නෙ ත ත ට වතට වලගට පිය ‍පියොවුරට සර ‍‍ෙකා ට ‍‍ෙලාවැ’ම නොසිතෙන සිතට තොප දු ට වෙතට එත අඟනන් සතුටු කොට වැ ලිතො ට ගමට වැදැ රඟ කොටැ යන් එ පිට

අන්නිය: වැලිතොට ගමට වැදැ, නෙතතට වතට වලහට පිය පියොවුරට මෙ ඇම ලොවැ උවම් සරි කොටැ සිතට නොසිතෙන අඟනන්, තොප දුට වෙතට එත, සතුටු කොටැ රඟ කොටැ, එ පිට යන්.


අර්ථො : වැලිතොට ගමට වැදි, ඇසට මුහුණට ඉහට ප්රිපය වු තනයට මේ සකල ලෝකයෙහි උපමාවන් සරි කරන සේ සිතට නොසිතෙන්නා වු ස්ත්රිටන්, තොප දුටු කලැ සමිපයට පැමිණෙත හොත, (උන්) සතුටු වන සේ රැගුම් දක්වා. (ඉන්) ඔබට යනු (මැනැවි).

	විස්තර : 	වැලිතො ගමට වදුව. එහි ස්ත්රිුහු, තොප දුටු කල්හි සමිපයට එත්. එ සේ  අව හොත්. උන් සතුටු වන සේ නටව, නටා නික්මැ යව. 

ඒ ස්ත්රි හු නො වැනියැ හැකි රූ සපුව ඇත්තෝ යැ. උන් ගේ ඇසට හෝ මුහුණට හෝ ඉඟට හෝ පියොවුරය හෝ සරි කළ හැකි උපමානයෙක් මේ සකල ලෝකයෙහි නැති. එ බන්දක් ඇත‍ි බවෙක් සිතට නම් නො සිතෙයි.

මයුර විවරණය 158

ටිප්පණි : 1. නෙතතට - නෙත මැ නෙතත්. මෙහි ‘ අත්’ යනු ස්වාර්ථය යි . එ හෙයින් නෙත් - නෙතත් - යන දෙක මැ සමානාර්ථ යැ. නුවනත් - කනත් - සවනත් - නළලත් - යනැදි තන්හි දු මේ ස්වාර්ථැ ‘අත්’ යනු පෙනෙයි.

‘නෙතත්’ යනුයෙන් නෙතෙහි කෙළවර ද ගත හැකි යැ. එ කල්හි ‘අත්’ යනු ස්වාර්ථෙ නො වේ, ‘අන්ත’ (කෙළවර) යන අර්ථෙ ඇත්තේ යැ.

2. සරි කොටැ - සරි කරන සේ. මෙහි අතීත කෘදන්ත නිපාතය ප්රතකාරාර්ථ-යෙහි වෙයි. (සතුටු කොටැ) යන තන්හි දු. එ සේ යැ. 3. වැලිතොට - දැන් වැල්තර නමින් ප්රැස‍ිද්ධ යැ. 4. එ පිට - ඒ අතට. ඉන් ඔබට. මොබට නම් ‘මෙ ‍පිට’ යනු වෙයි.

80. දෙව් ලිය මෙන් නොදැනෙනුවෙන් සැක වැ තර සිය නෙතුවන් ලිය දුටුවෙන් නුදුටු පෙර ස සි නිඳු වෙන් දිගු දනුවෙන් කෙ‍කා කැර තො ට ගම‍ුවෙන් වැලි තුඩුවෙන් වඩු මොනර

අන්න ය : මොනර, පෙරැ සිය නෙතුවෙන් නුදුටු ලිය දුටුවෙන්, දෙව් ලිය වෙන් නොදැනෙනුවෙන් සැක තර වැ, සසිනිඳුවෙන් දිගු දනුවෙන් කෙකා කැරැ තෙ‍ාටගමුවෙන් වැලිතුඩුවෙන් වඩු.

අර්ථ  : මයුරය, පූර්වඩයෙහි දී ස්වකිය නෙත්රෙයෙන් නුදුටුවා වු ස්රි ඇත න් දුටු හෙයින්, ද‍ිව්යය ස්ත්රිවන් ‍ගේ වෙනස නො දැනෙන හෙයින් ශඞකාව බලවත් වී, සංසනිග්ධ භාවයෙන් (මනා සිනිඳු බැවින් යුක්ත යැ) දීර්ඝහ ධ්වනියෙන් කෙ‍කා (නාදය) කොටැ, තොටගමුයෙන් ද වැලිතුඩුයෙන් ද යව.

විස්තරය : තොටගමුව වැලිතුඩුව යන දෙ ගමෙහි ඉතා රූමත් ස්ත්රි)හු වෙති. ඔහු මින් පෙරැ කිසි කලෙකැ දක්නට නොලැබුණු තරම් රූමත් යැ. දිව්යන ස්ත්රියන් මනුෂ්ය් ස්ත්රි න් ගෙන්



මයුර විවරණය 159

වෙනස් වනුයේ කිමෙකින් දැ යි නො දන්නා හෙයින්, එ බඳු ස්ත්රි න් දුටු කලැ “මොහු ‍මනුෂ්යන ස්ත්රි්හු ද දිව්ය් ස්ත්රි හු ද? “ යන සැකය ඉතා බලවත් වෙයි. එ බඳු ස්ත්රි‍න් දක්නට ලැබිමේ ප්රියතිය ප්රරකාශ කිරිම් වශයෙන් කොකා ධවනි පවත්වන සේ ඇණැවිණ.

ටිප්පණි : 1. වෙන් - මෙ ද ‘වෙනස්’ යනු ද එකාර්ථි යැ.

2. දැනෙනුවෙන් - දැනෙනු + එන් = (‘ය’ ආගමයෙන්) දැනෙනුයෙන් මේ පුරාතන‍යන් අතරැ බහු සම්මත ප්රතයෝගය යි. ‘ව’ ආගමයෙන් වන ‘දැනෙනුවෙන්’ යනු මෙහි යෙදුණේ ‘වෙන්’ යනු හැ එළි වැට බැඳිම පිණිස යැ. 3. නෙතුවෙන් - ‘නෙතු’ යනු ප්රදකෘතිය බව මෙයින් පෙනේ. 4. නුදුටු - නො + දුටු = (ස්වර පර රූපයෙන්) නුදුටු 5. සසිනිඳුවෙන් - සංසතිනඟඩ භාවය නම් මනා සිනිඳු බව යි. රළු හඬ නො නගනු මැනැවැ යි මෙයින් කියැවිණ. 6. දිගු දනුවෙන් - “ස්වරය දිගට ඇදැ” යැ යු සේ යැ. 7. වැලිතුඩුවෙන් - වැලිතුඩුව නම් තොටගමුවට නුදුරු වැ පිහිටි ගමෙකි.

81. බා ල් ලේ පුරුදු කව් නළු සියල්ලේ ඊ ල් ලේ වදන් දුන් ළඳුනු’ඳුල්ලේ නෑ ල් ලේ කො තැනෙකැත් ලොව මුළුල්ලේ ගා ල් ලේ සිරි දකු නො වැ පැකිල්ලේ

අන්නලය : බාල්ලේ කව් නළු, පුරුදු ඊල්ලේ වදන් දුන් ළඳුන් උදුල්ල, ලොවැ මුළුල්ලේ කො තැනෙකැත් නො ඇල්ලේ පැකි‍ලිල්ල නො වැ, ගාල්ලේ සිරි දකු.

අර්ථල : බාල්‍යයෙහි (බාල වියෙහි දි) කාව්යු නාටක සියල්ල පුරුදු වු හෝ විලියෙහි (උන්සිල්ලායෙහි) වචනයන් දුන්නා වු ස්ත්රිෙන් ගේ උජ්ජ්වලිත භාවය, ලෝකයෙහි සියලු තන්හි කිසි ද තැනෙක්හි අසු නො වේ, පැකිලි‍මක් නො වි, ගාල්ලේ ශ්රිකය දකුව.


මයුර විවරණය 160

	විස්තර : ගාල්ලේ ස්ත්රිසහු බාල වියෙහි පටන් මැ කාව්යක නාටක පුරුදු වූවෝ යැ. ඔහු හෝවිල් පදිමින් ඊය සුදුසු ගී කියති. ඔහුන් ගේ බැබැළිම හෙවත් රූප ශොභාව සකල ලෝකයෙහි. අන් කිසි තැනෙකැ දි අසු නෝ වේ (දක්නට නො ලැබේ.)

ටිප්පණි : 1. බාල්ලේ - බාල්යනයෙහි; බාල වියෙහි. බාල + ඒ = (‘ය’ ආගමයෙන්) බාලයේ = (මධ්යි ස්වර ලෝපයෙන්) බාල + යේ = (ව්යපඤ්ජන පූර්වන රූපයෙන්) බාල්ලේ. 2. කව් නළු - රසවත් වු වාක්ය්ය කව් (කාව්ය ) නම් වේ. [Poetry.] ඒ ඇසියැ යුත්තේ යැ. එ මැ දැක්කැ හැකි වුයේ ‘නළු’ (නාටක) නමි.Drama. 3. සියල්ලේ - සියලල්. ‘අ’ යනු ‘ඒ’ බවට පැමිණියේ එළි රක්නට යැ. 4. ඊල්ලේ - ‘ඊලි’ නම් හෝවිලිය යි. Swing . ඊලි + ඒ = (පූර්වන ස්වර ලෝපයෙන් ) ඊල් + ඒ = (ව්යිඤ්ජන ද්වි රූපයෙන් ඊල්ලේ . ප්රේකෘතිය ‘ඊල්’ යැ යි ද සිටි. 5. ඊල්ලේ වදන් - හෝවිල් පදනා කලැ කියැවෙන් විශෙෂ ගිතිකා මෙහි ගැනිණ. 6. උදුල්ලේ - ‘උදුල්ල’ යැ යි සිටියැ යුතු තැන්. උජ්ප්වලිත භාවය (බැබැළිම) යනු අර්ථඋ යි. 7. නෑල්ලේ - නො + ඇල්ලේ (ස්වර පර රූපයෙන්) නැ + ඇල්ලේ = (ස්වර්ණ දිඝීයෙන්) නෑල්ලේ. ‘ඇල්ලේ’ යනු සඳහා 32-5 (32 වැනි පද්ය යට ලියු 5 වැනි විපපණිය) බලන්නේ යැ. 8. මුණල්ලේ - ‘මුළුලු’ යනු ප්රිකෘතිය යි. 9. පැකිලිල්ලේ - ‘පැකිලිල්ල’ යි සිටියැ යුතු තැනි පැකිලිලි + අ = පැකිලිල්ල. ‘පැකිලිල්ල’ යනු ‘පකුලු’ දයින් වු භාව කෘදන්ත නාම යි. පකුලු + ඉලි = පැකිලිලි.

‘පකුලු’ ධාතු ‘රක්’ ආදි අත් පද යි. පැකිලේ - පැකිලෙති - පැකිලිණි, පැකිලි - පැකුලුණු පැකිලි.

මේ ධාතුව ‘පකුළු’ යි ද සිටි.


මයුර විවරණය

161 82. න ඳ ව සයුරු ලෙළ රළ සළු සලන්නේ සොඳ ව සුපිපි තුරු සේ සත් සෙ වන්නේ ර ද ව ලබව සැප එ තෙකින් ලබන්නේ ර ඳ ව මියුර සයුරසැ මිරිපැ‍න්නේ

අන්න ය : සයුරු නඳ වැ ලෙළ රළ සළු සලන්නේ, සොඳ වැ සුපිපි තුරු සේ සත් සෙ වන්නේ. එතෙකින් ලබන්නේ රද වැ ලබන සැප මියුරු, ‘මිරිපැන්නේ’ සයුරු රඳව.

අර්ථු: සාගරය තෙමේ ආනන්‍දය වන සේ ලලිත වු තරඞග නමැති සාටකයන් සලන්නේ යැ. මනැ සේ සඵුල්ල වු වෘක්‍ෂය ශේවතචඡත්රතය මෙන් වන්නේ යැ. එ පමණෙකින් ලබනුයේ රජ වී ලබව සැප යැ. මයුරය, මිරිපැන්නේ සාගරාසන්නයෙහි නවතුව.

විස්තර : සළු සැලීම හෙවත් වාමර සැලිම කැරෙනුයේ රජුට යැ. සේ සත වනුයේ ද රජුට යැ. මෙ දෙක යම් කෙනකුට වේ නම්, එ තෙකින් ඔහුට ලැබෙනුයේ රජ වී ලැබෙන සැප යි. මිරිපැන්නේ මුහුද අසලැ නැවැතුණු කලැ මයුරයාට ද‍ මෙ කී රජ සැප ලැබේ. කෙසේ ද? සාගරය රළ නමැති සළු සලන්නා වැන්නැ. පිපුණු සුදු මලින් වැසී - ගිය හස ශෙව්තච්ඡත්රුය වැනි යැ.

ටිප්පණි :

1. නඳ ව - ‘නඳ වැ’ යි සිටියැ යුතු තැනි. මෙහි අතීත කෘදන්ත නිපාතය ප්ර්කාරාථර්යෙපහි වෙයි. “ආනන්‍ද වන සේ” යැ යි අරුත් පැවැසුණේ එ හෙයින්. ‘සොඳ වැ’ යන තන්හි අතීත කෘදන්ත නිපාතය ද මේ අර්ථසය දෙයි.

2. සළු සලන්නේ - ඇතැම් විටැ සළුව ද වාමරය මෙන් අල්ලා සැලිම සිරිති.

3. සොඳ ව සුපිපි - මෙහි ‘සොඳ වැ’ යන්නේන් ‍මානොහරත්‍වය ද, ‘සුපිපි’ යන්නෙහි ‘සු’ යන්නෙන් පිපිමේ සම්පුර්ණ‍ත්‍වය ද හැඟැවෙයි.

4. සේ සත් - සුදු කුඩය. රාජත්වයය හඟවන ප්රපධාන වස්තු තුන නම් සේ සත යැ, චාමර දෙක යැ යන මේ යැ. එ හෙයින් කී හ. කාලිදාසයේ -

මයුර විවරණය 162 “ අදෙයමාසිත් ත්රමය එව භුපතෙඃ ශශිප්ර භං ඡත්රවමුහෙ ච වාමරෙ” යනු

“ රජහු ගේ ශශිප්රංභ (සුදු) වු ඡත්ර ය ද‍ චාමර දෙක ද (යත) තුන පමණක් නො දියැ යුත්තේ වී” යනු අර්ථර යි.

88. ව න් සඳැ සඳ රිවි බිඹු සමුදුරේ දු රේ ර න් කිරුළනැ බද ඉඳු මිණි වරේ යු රේ කැන් ලඹ දුන් මල් පුල් කිණිහිරේ තු රේ ම න් පිනවන ලගු ලනුමෝදරේ කරේ

අන්න ය : සඳ රිව් බිඹු සමුදුරේ දුරේ වන් සඳැ, ලනුමෝදරේ කරේ, පුල් මල් කැන් ලඹ දුන් මන් පිනවන කිණිහිරි තුරේ, රන් කිරුළු අගැ බඳ ඉඳු මිණි වරේ අයුරේ, ලගු. අර්ථේ : චන්‍ද්රු සූර්යඅ බිම්බයන් සමුද්රඅයෙහි දූරයෙහි දූරයෙහි වන් කල්හි, ලනුමෝදරෙහි තිරයෙහි. පිපුණා වු පුෂ්ප සතචකයන් එල්ලුණා වු සිත් සතුටු කරන්නා වු කිණිහිරි ගසෙහි, ස්වර්ණප කිරිටාග්රලයෙහි බඳනා ලද උතුම් ඉන්ර් දූනීල මාණික්යව වරයක් මෙන්, ලගුව. ‍ විස්තර : දාවල් දවස ගෙවුණු කල්හි ලනුමෝදර තිරයෙහි කිණිහිරි ගසෙකැ ලගුව යි මෙයින් ඇණැවිණ. මේ වේලායෙහි නැඟැ එන චන්‍ද්රම බිම්බය පූර්වර (නැගෙනහිර) සාගරයෙහි කෙළවරැ ද, බැසැ යන සූර්යු බිම්බය පශ්විම (බස්නාහිර) සාගරයෙහි කෙළවරැ ද, පෙනේ. එ හෙයින් අතරෙහි දුර ඉතා මහත් වෙයි.

‍නිල් පිල් කලබින් සැරැසුණු මොනරා, රන්වන් මලින් වැසුණු කිණිහිරි ගස අගැ ලැගි කලැ, රන් වොටුන්නෙකැ මුඳුනෙහි බඳනා ලද ඉන්‍ද්රසනිල මාණික්‍ි යක් මෙන් දිසෙයි.

ටිප්පණි : 1. ඉඳු මිණි වරේ - ‘පුර වර’ යනැදි තන්හි මෙන් මෙහි දු ‘වර’ යනු උත්තමාථර්යු දෙයි. ‘අ’ ‘ඒ’ වූයේ එලි වැට බඳනට යැ. ඉඳු නිල් මිණි ‘ඉඳු මිණි’ නමිනුදු ගැනේ.

2. අයුරේ - ‘අයුරින්’ යන්නට සමාන යැ. මයුර විවරණය 163 3. ලඹ දුන් - ‘ලඹ’ නම් එල්ලිම යි. එ හෙයින් ‘ලඹ දුත්’ යනුයෙන් හැඟැවෙනුයේ මල් කැන් ගසෙහි එල්ලේමින් තුබු බව යි.

4. කිණිහිරේ - ‘කිණිහිරි’ යැ යි සිටියැ යුතු තැනි.

5. පිනවන - ‘පින’ ධාතු ‘බල’ ආදි පර පද යි. පිනා - පිනති - පිනී - පිනු. 6. ‍කරේ - ‘කර’ යනු මෙහි තිර්ථය වාචි යැ. දෙමළෙහි ‘කරෙයි’ යනු ද මේ අර්ථුය දෙයි.

ලනුමෝදර එ නමින් මැ ප්රේසිද්ධ හොය මුහුදට වැටෙන් තන්හි පිහිටියේ යැ. ලගිනට කීයේ ඒ හෝ තෙරැ යැ. රහල් හිමියෝ ලනුමෝදර මෙ‍ සේ වනති :- “ නල වැද සසල සිහිලඹ රළ ග ලා යා මන නඳ කරන පහළ හෙළ වැලි ත ලා යා මුව රඳ වගළ ඉවුරසැ තුරු නි ලා යා සකි සඳ වඩින් ලනුමෝදර බ ලා යා”

84 . ගු ව න් මිණිහු කර‍ නො පැවියැ දුන් බිමට නු ව න් පිනන පුල් වැටකේ පහන් වැට ගෙවන් සුන‍ිල් වන සැප වන පැමිණි හට ගෙවන් සෙමෙන් සිටැ මා වතැ යටන් යට

අන්න්ය : ගුවන් මිණිහු කර බිමට නො පැවියැ දුන් පුල් වැටකේ පහන් වැට, නුවන් පිනන පැමිණි හට සැප වන සුනිල් ගෙ වන වන, මා වතැ යටන් යටැ සිටැ, සෙමෙන් ගෙවන්.

අර්ථ් : ගගනමණිහු (සූර්ය යා) ගේ රශ්මිය බිමට පාන්නට නුදුන්නා වු පිපුණා වු, වැටකේ ප්රමදිප පඬකතියෙහි නයනයත් සතුටු වන්නා වු ආවහුට සැප වන්නා වු ඉතා නිල් ගෙයක් වැනි වු වනය, මහා පථයෙහි ගස් යටැ සිටිමින්, ඉක්මන් නො වැ පසු කරනු (මානැවි.)

විස්තර : මහ මඟැ ගස් යටැ නැවැති සිටිමින් වනය සෙමෙන් පසු කරව. ඒ වනයෙහි තුරු ලිය කො තරම් ගන වැ සිටියේ ද යත හොත් හිරු රැස් බිමට නො වැටෙයි. පිපි සිටි මයුර විවරණය 164

වැටකේ ගස් පෙළ දුටු කලැ පහන් වැටක් දුටු කලැ මෙන් ඇස් ‍ පිනා යෙයි. ඒ වනය එහි පැමිණියන් හට සැප දෙන්නේ යැ. ඉතා නිල් ගෙයක් මෙන් සැප දෙන්නේ යැ.

ටිප්පණි : 1. නො පැවියැ දුන් - පාන්නට නුදුන්නා වු. පාන්නට අවකාශයක් (ඉඩක්) නො තුබුවා වු. ‘පැවියැ’ යනු අසම්භාව්යු කෘදන්ත නිපාත යි. පා + ඉයැ = පැවියැ.

2. ගෙවන් - ‘ගෙව’ ධාතු ‘බල’ ආදි පර පද යි. ගෙවා - ගෙවති - ගෙවී - ගෙවු. 3. සෙමෙන් - ‘සම භාවයෙන්’ (ඉක්මන් නො වැ) යනු අර්ථග යි. සම + එන් = ‍ස‍ෙමන් = (ස්වර පර රූපයෙන්) සෙමෙන්. ඇතැමුන් සුපාඨය කොටැ ගන්නා ‘සෙමින්’ යනු ‘සම’ ශබ්දයෙන් සිදු නොවන්නෙකි. එය සිදු කරන්නට පොහොසත් එක මැ ශබ්දය නම් ‘සෙමි’ යනු යි.

85. මා නැවියා පොකුණැ - යෝනන් සිලිල් සනහා කෙළනන් දුට ගමන් - මං ගිමන් සනහා

අන්නනය : යෝනන්, මා නැවියා පොකුණැ සිලිල් සනහා කෙළනන් දුට, ගමන් කළ මං‍ ගිමන් සනහා.

අර්ථ  : යුවතීන්, මහ නැවියා පොකුණෙහි ජල ස්නනය කොටැ ක්රීුඩා කරන්නවුන් දුටුව හෝත්, ගමනය විසින් කරන ලද්දා වු මාගර්‍ ශ්රනමය සනහයි (ශමනය කෙරෙයි.)

විස්තර : තරුණ ස්ත්රිතහු මහ නැවියා ‍පොකුණෙහි දිය නාමින් ක්රීිඩා කෙරෙති. එ සේ කරන ඔවුන් දුටුව හොත්, තොප ගේ ගමන් වෙහෙස ද නිවෙයි. ඔහු එ තරම් රූප සෞන්‍දර්යතයෙන් යුක්තයෝ යැ.

ටිප්පණි : 1. සිලිල් සනහා - සිලිලින් සනහා. ස්නානාර්ථය සනහ - නහ (නා) - ධාතු යෝගයෙහි කරණය දෙ වන විබතිනුදු සිටි. මයුර විවණරය 165 2. කෙළනන් - කෙළනවුන්. ‘යෝනන් කෙ‍ළනන්’ යනු විශෙෂණ පූර්වව කොටැ යෙදු කල්හි ‘කෙළන යෝනන්’ යැ යි සිටි,

3. දුට - අසම්භාව්යක කෘදන්ත නිපාත යි. දිස් + අ = දුටු + අ = දුට. ‘ව’ කාරාගමය වු තන්හි ‘දුටුව’ යනු වෙයි.

4. ගමන් කළ මං ගිමන් - ගමනය (ගමන් කිරිම) විසින් කරන ලද්දා වු මාර්ගග ශ්රමමය (විඩාව.)

5. සනහා - කිමෙක් මං ගිමන් සනහා ද? ඒ යෝනන් දැකුම මං ගිමන් සනහයි. මෙහි ‘සනහ’ ධාතු සකර්ම්ක යි. ගිමන් ආදිය නිවිමෙහි වැටේ.

86. තැ වු ලි නොලි රි‍වි අනොතත් විලැ ලෙසිනි සි ලි ලි බ ලි සිලස රළ රැළි දෙමිනි ඉ පි ලි ගැ ලි පිනත යෝනන් සෙදිනි වි දු ලි දි ලි ගන ගන ගබැ පෙනෙන වැනි

අන්නුය : රිවි අනොතත් විලැ ලෙසිනි, තැවුලි නො ලි සීලස බල සිලිල. ඊ ගැලි ඉපිලි යෝනන් රළ රැළි දෙමිනි සෙදිනි පිනන, විදුලි ගන ගන ගබැ දිලි පෙනෙන වැනි.

අර්ථන : සූර්ය තෙමේ, අනවතප්ත තඞාගයෙහි මෙන්. තාපය (අවුව) නො ලි යැ. ශිතල භාවය මහත් වු සලිලය (ජලය) යි. එහි ගැලි ඉපිලුණා වු (දිය යටැ ගොස් මතු වු) තරුණියන් මහත් රළ ද කුඩා රළ ද නඟමින් ශිඝ්ර වැ පිනන කල්හි, විද්යුනල්ලතාවන් ඝන වු මෙඝ ගහියෙහි ප්වලිත වැ පෙනෙන්නා වැන්නැ.

විස්තර : මා නැවියා පොකුණ හොඳ සෙවණ ඇති තැනෙකැ පිහිටියේ යැ. එ හෙයින් හිර අවුව එයට නො වැටෙයි. අනවතප්ත තඞාගයට ද හිර අවුව නො වැටෙයි. එ හෙයින් මා නැවියැ පොකුණ අනෝතත් විල වැන්නැ. මෙ සේ හිරු රැසින් නො තැවෙන හෙයින් මා නැවියා පොකු‍ෙ‍ණහි ශිතලය බලවත් වු ජලය වෙයි. තරුණ ස්ත්රිොහු එ බඳු වු ජලයෙහි ක්රිණඩා කෙරෙති. වරක් යටට ගිලෙති, ඉක්බිති මතු වෙති, ඉක්බිත් වහා වහා පීවති. මෙ සේ පීනන කලැ කුඩා මහත් රළ නැගෙයි. පොකුණෙහි ඉතා නිල් වු දිය මතු පිටැ

මයුර විවරණය 166 තරුණියන් ගේ ඉතා රන් වන් වු ශරීර පෙනෙන විටැ කෙවැනි ද? ඝන වු වලා කුළෙකැ විදු ලිය දිලිහි පෙනෙන් නා වැනියැ.

ටිප්පණි : 1. තැවුලි - මේ ‘තව’ ධාතුවට ‘ඉලි’ පස යෙදීමෙන් නිපන් භ‍ාව කෘදන්තයෙක් නො වේ. තාපනාර්ථ‘යෙහි නාම ‍පදයෙකි. ‘තැවුල් යැ යි ද සිටි.

2. ලි - ‘ල’ ධාතුයෙන් නිපන් අතීත ප්රුථම පුරුෂ එකවචන ආඛ්යා්ත යි. ‘ල’ ධාතු ‘බල’ ආදි පර පද යි. ලා - ලති - ලී - ලු.

3. අනොතත් විලැ - හිමාලයයෙහි ඇතැ යි කියන විලෙකි. සුදර්ශ්න, චිත්රත, කාල,ගන්ධමාන, කෛලාස යන පර්වෂතකූට පසින් මැ වැසැණු හෙයින් කිසි කලෙකැ මෙයට සූර්ය රශ්මිය නො වැටෙත් යි යෙති. එ හෙයින් ම ‘අනවතප්ත’ නාමය විල. න + අවතප්ත = අනවතප්ත. අවතප්ත නම් තැවුණේ යැ. අනවතප්ත ‍නම් නොතැවුණේ යැ.

4. සිලිලි - සිලිල් යි. සලිලය යි. ජලය යි. ජලය වෙයි. සිලිල් + යි = (‘ය’ ලෝපයෙන්) සිලිල් + ඉ = සිලිලි. ඇතැමෙකි ‘සිලිල්හි’ යනු ‘සිලිලි’ යි වු හ යි යෙති. එ බන්දෙක් සිංහල රිතියෙන් සිදු නො වෙයි.

5. බලි - බල + ඊ.

6. සිලය - සිසිලස = (‘හ’ ආදේශයෙන්) සිහිලස = (‘හ’ ලෝපයෙන්) සි + ඉලස = (සවණී දිර්ඝේයෙන්) සීලස. සිසිල මැ ‘සිසිලස්’ නම් වෙයි. මෙහි ‘අස්’ යනු ස්වාර්ථි තද්ධිත ප්රලත්ය)ය විශෙෂයෙකි. මුහුලස - වරලද - මියුරස - යනාදි තන්හි දු ඒ පෙනේ.

7. සීලස බල සිලිලි - ‘ශිතල භාවය බලවත් වු - මහත් වු - ජලය වෙයි’ යනු අර්ථස යි.

8. ඊ - එහි. ඒ සීලස බල සිලිලෙහි. එහි - (ස්වර පර රූ‍පයෙන් ) ඉහි = (‘හ’ ලෝපයෙන්) ඉ +ඉ = (සවණි දීර්ඝයයෙන්) ඊ.


මයුර විවරණය 167 9. රළ රැළි - මහත් තරඞ්ග ‘රළ’ නම් ද කුඩා තරඞග ‘රැළි’ නම් ද වෙයි. 10. ඉපිලි - ‘උපුල්’ දයින් නිපන් අතීත කෘදන්ත නාම යි.

‘උපුල්’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (ප.) උපුලි - උපුලිති - ඉපිලි, ඉල්පි - ඉපිලි. (අ.) ඉපිලේ, ඉල්පේ - ඉපිලෙති, ඉල්පෙත් - ඉපිලිණි, ඉල්පිණි - ඉපුලුණු, ඉල්පුණු. ‘ඉප්ලේ’ යන ඈ විසින් සිටියැ යුතු තනිහි වර්ණ විපර්ය,යෙන් ‘ඉල්පේ’ යනාදිය නිපන් රඟ පැහැදිලි යැ.

11. ගැලි - අතීත කෘදන්ත නිපාත යි. ‘ගල’ (ගිලිහිම් ගිලිම් අරුත්හි) ධාතු ‘බම’ ආදි උභය පද යි. (ප.) ගලා - ගලති - ගිලි - ගිලු, ගුලු. (අත්) ගෙලේ - ගෙලෙති.

12. පීනත - පිහිනත. ‘පිහින’ ධාතු ‘බල’ ආදි පර පද යි. පිහිනා - පිහිනති - පිහිනී - පිහිනූ.

13. ගන ගන - ‘ඝන’ යනු මේඝයට (වැසි වලා කුළට) නමෙකි. සිහින් නුවු, එ හෙයින් මැ ඉතා කළු වැ සිටි මෙඝය ඝන ඝනයෙකි.

87. සයුරු බොමිනි කුඹුයොන් දුටුයෙ මිණි පබා පොකුතු බොනුව අපයත් සැලැසි නමි බඹා මේ දිය කෙළනුවන් ඉණැ මිණි මෙවුල් සුබා දැකු‍මැ එ තැනැ සලෙළුවො කියති සිතු ලොබා

අන්න‍ය : “කුඹුයොන් මිණි පබ‍ා දුටුයෙ. සයුරු බොමිනි බඹා අපටත් පොකුණ බොනුව සැලැසි නම්, මේ දිය කෙළන වුන් ඉණැ මිණි මෙවුල් සුබා දැකුමැ” එ තැනැ සලෙළුවෝ සිතු ලොබ කියති.

අර්ථම : “කුම්භ ‍යොනිහු මණි ප්ර භාව දුටුයේ සාගරය බී යැ. බ්ර්හ්ම තෙමේ අපට ද පුෂ්කරිණිය බොන්නට සැලැසුයේ නම්, මේ ජල ක්රිණඩා කරන්නවුන් ගේ කවියෙහි (ඉගෙහි) මණි මෙඛලා ස්වභාවය දැකිම යැ” යි ඒ ස්ථානයෙහි කාමුක තරුණයෝ චිත්ත ලෝභය (සිතෙහි ආශාව) කියති.

විස්තර : “පෙරැ අගස්ත සෘෂි සාගර ජයල බී, පත්ලෙහි තුබු මාණික්යමයන් ගේ කාන්තිය දුටුයේ යැ. බ්රසහ්මයා අපටත් මේ මයුර විවරණය 168

‍පොකුණු දිය බොන්නට බලය දුන හොත් මේ දිය කෙළනා තරුණියන් ගේ ඉණෙහි බඳනා ලද. මේඛලාව කෙබඳු දැ යි පෙනෙන්නේ යැ. “මේ ඒ පොකුණ වටා රැස් වී , දිය කෙළි බලා උන් තරුණ කාමුකයන් කී සැටි යැ. එයින් ඔවුන් ගේ සිතෙහි ලෝභය කිමෙක් දැ යි ප්රාකාශ වෙයි. මේඛලාව බැ‍ඳෙනුයේ වස්ත්රමයට යටිනි. එ හෙයින් වස්ත්රුය තිබියැ දී එහි දර්ශානයෙක් නො වෙයි. දියට බට කලැ වස්ත්රි ඉපිලැ සිටි. එ කල්හි දිය නැති වුව හොත් මේකලාව පෙනෙනු වෙති යි කාමුකයෝ සිතති. පොකුන බොන රිසි වුයේ එ හෙයින්. ‍වස්ත්රේයට යටින් බැඳි හෙයින් මේඛලාව පෙනෙන්නා හා මැ ශරීරය ද පෙනෙයි. කාමුකයන් ගේ සිතෙහි ලෝභය ‍නම් ශරීරය දැක්ම යැ. මේඛලාව දැකුම් වෙති යි පැවැසුණේ ඒ ලෝභය යැ. මනි මෙඛලාවන් ගේ පැළැදිම සාටකයන් ගේ මතුයෙහි මිසැ අභ්යමන්තරයෙහි නො වෙති යි ඇතැමෙක් යෙති. එහෙත් පුරාතනයෝ එ බවක් නො දත් හ.

“ ලෙළුකුළැ රැඳි ඉහිල් වසන් අසින් පෙනෙන රුවන් රසන්” –

“ ඇ සි න් හ න් වසන් නන් වතින් යු කලුන්නේ රු ව න් බන් රසන් දම් කැලුම් කැන් පෙනෙන්නේ”

යනාදිය එයට සාධක යි.

ටිප්පණි : 1. කුඹුයොන් - කුම්භයොනි. අගස්ති නම් වු මහර්ෂි වරයා. අගස්ති මහර්ෂි කුමුබයෙකැ (කළයෙකැ) උපන්නේ ල. එ හෙයින් ඔහුට ‘කුඹුයෙන්’ (කුම්භයොනි) නාමය වී යැ.

සුරයනට පීඩාකර වු ‘කාලෙස’ නම් අසුර සමුහයෙක් මහා සමුද්ර යෙහි සැඟැවුණා හ. ඔවුන් සුරයනට පෙන්වා - දෙනු පිණිස අගස්ති මහර්ෂි සකල සමුද්රක ජලය දොහොතින් ගෙනැ පුයේ යැ.

2. සැලැසි නම් - සැලැසී නම්. ‘සලස’ ධාතු ‘බල’ ආදි පර පද යි. සලසා - සලසති - සැලැසි - සැලැසු. 3. දැකුමැ - දකුම් + යැ. මයුර විවරණය 169 88. වත නෙත කමලුපුල සරි වි කිවි වදන බොරු යැ යි කියත් මෙ උවම් නො දැකැ එක තැන දිය ගෙළනවුන් දැකැ පොකුණේ පුල් මලින කිවි බසැ සැබැව නුඹට මැ පෙනෙනු යැ එ තැන

අන්න ය : ” ‘වත නෙත කමල උපුල සරි වි’ කිවි වදන බොරු යැ” යි මෙ උවම් එක තැනැ නො දැකැ කියති. දිය කෙළනවුන් දැකැ, පොකුණේ පුල් මලින, කිවි බසැ සැබැව නුඹට මැ එ තැනැ පෙනෙනු යැ.

අර්‍ථ : “ ‘ මුහුණ ඇස පියුම මානෙල වැනි යැ’ (යන)කවීන් ‍ගේ වචනය බොරු යැ” යි, මේ උපමා එක ස්ථානයෙහි නො දැකිමෙන් කියත් ජල ක්රිිඩා කරන්නවුන් දැකැ, පොකුණෙහි පිපුනා වු මල් කරණ කොටැ-ගෙනැ,කවි වචනයේ සත්යදත්‍වය නුඹට මැ ඒ ස්ථානයෙහි පෙනෙන්නේ යැ.

විස්තර : කවිහු “මුහුණ පියුම වැන්නැ. ඇස මානෙල වැන්නැ” යි කියති. මුහුණ දුටු කල්හි එය පියුම වැනි බව ලෝකයාට නො පෙනේ. කවර හෙයින් ද? ඇස දුටු කල්හි එය මහනෙල වැනි බව නෝ පෙනේ. කවර හෙයින් ද? සමානාසමාන් බව නිශ්වය කැරැ - ගැනීමට මුහුණ ළඟැ මැ පියුම ද, ඇස ළඟැ මහ නෙල ද, නො පෙ‍නෙන හෙයිනි. මෙහි ගැහැනුන් දිය කෙළනා කලැ. මුහුණු ළගැ මැ පියුම් පෙනේ. ඇස ළඟැ මැ මහනෙල් පෙනේ. එ හෙයින් කවින් ගේ කිම සැබෑ බව මොනරාට මැ දැක්කැ හැකි යැ.

ටිප්පණි : 1. වී - වාක්යක සම්බන්‍ධයෙහි නිපාතයෙකි. ‘යි’ නිපාතයෙන් අන්ය යි. ‘සරි වී’ ද ‘සරි යැ යන’ යන්නට සමාන යැ. මෙයින් ‘වී’ යන්නෙහි අරුත් පළ වෙයි.

2. කෙළනවුන් - කෙළනා + උන් = (‘ව’ කාරාගම, පුර්වි හ්රයස්ව යන දෙකින්) කෙළනවුන්.

3. පුල් මලින - ‘පෙනෙනු’ යන්නට කරණය වෙයි. සැබෑ බව පෙනෙනුයේ පොකුණේ පිපුණු මල් ඇති හෙයිනි.

4. සැබැව - සැබෑ + අ = සැබැව. සත්ය.ය.සත්යව භාවය.

මයුර විවරණය 170

89. නි ද නා දනන් හට නිදනා මෙන් පිහිට ස ද නා රවන් නොවරදනා වැළ දිගට සොබනා විදියෙන් වඩනා පුර ඇමට ව ඩ නා මැනැවි මන නඳනා වැලි ගමට

අන්න ය : නිදන දනන් හට නිදන මෙන් පිහිට, දිගට වැළ නොවරදන සදන ආර සොබනා විදියෙන් පුර ඇමට මඩනා, මන නඳනා වැලිගමට වඩනා මැනැවි.

අර්ථව : නිර්ධාන ජනයන් හට නිධානයකි මෙන් පිහිට (පිළි සරණ )වු, සියලු තන්හි ආවලිය (පෙළ) නොවරදින්නා වු සජ්ජනයට ආකාර වැනි වු, ශොභන වීර්ථි කරණ කොටැ-ගෙනැ නගර සියල්ලට මැ උසස් වු, සිත් සතුටු වන්නා වු වැලිගමට යනු මැනැවි.

විස්තරය : වැලිගම ඉතා ආඪ්යල නගරයෙකි. එහි ධනවත්තු බොහෝ වෙති. එ හෙයින් එය දිලිඳු මිනිසුනට නිධානයක් මෙන් පිහිට වෙයි. එ නගරය සත්පුරුෂයනට ආකරයක් වැනි යැ. එහි සත්පුරුෂයන් අතරින් පතර සිටින්නේ නො වේ. දිගට මැ වැළ නො කැඩී ඉන්නා සත්පුරුෂයෝ වෙති. වැලිගමැ වීර්ථ් ඉතා හොබනේ යැ. ඒ අතින් මේ නගරය අන් සියලු නගරයන් පරදවයි.

ටිප්පණි : 1. දනන් හට - ‘දනා හට’ යනු ඇතැමුන් ගන්නා පාඨය යි. අර්ථඑ විශෙෂයෙක් නැති. 2. සදනාර වන්...... - ගුණවර්ධනන සංස්කරණයෙහි “සදනා රුවන් නව. රඳනැ වැලි දිගට”

යනු පාඨ යි. “නව රත්න සම්පාදක වු හෙවත් නම රත්නයන් ප්ර්දානය කරන්නා වු, අඛන්ඩ වැ රඤ්පමාන වු වල්ලින් හෙවත් භූම් භාගයන් ඇති” යැ යි අරුත් පැවැසිණ. කවි මුහුණුවර එහි නො පෙනේ. ‘නව රුවන් යු යි ඉඳුරා කියැ හැකි තන්හි ‘රුවන් නව’ යැ යි පෙරැළියෙකි.

3. දිගට - නොකඩ වැ’ අර්ථි යි. මේ කවිහු මැ - “ තොස්වා ගුණ නුවණ ආ සිරි දී දිගට”

යැ යි යොදති.

මයුර විවරණය 171

4. පුර ඇමට වඩනා - මේ අර්ථ යෙහි ‘වඩ’ ධාතුව ද‍ ගමනාථර්යෙ හි ‘වඩ’ ධාතුව මෙන් වරනැගේ.

90. අ ය ත් නයෙ න් ළද ලිය නො ම දතුවමිනි අ ය ත් නු‍ ව න් ඔත් කැලුමෙන් යොත් ලමිනි ප ය ත් එ යි න් තට කිකරු නොවනු වැනි ප ය ත් නයෙන් මුත් යා නොහැකි එ පුරෙනි

අන්නතය : උවමිනි අයත්නයෙන් නො මැ දත් ළද ලිය නුවන් ඹත් කැලුමෙන් යොත් ලමිනි අයත්. එයින් පයත් තට කීකරු නොවනු වැනි. එ පුරෙත් පයත්නයෙන් මුත් යැ නොහැකි.

අථිර්‍ : උපමායෙන් අයත්නයෙන් නො මැ දන්නා ලද්දා වු තරුණ ස්ත්රියහු, ඇස් හෙළුවා වු කාන්තායෙන් රජ්ජුන් දමා අදිති. ඒ හේතුයෙන් පාදය ද තට කීකරු නොවන්නා වැන්නැ. ඒ නගරයෙන් ප්රදයත්නයෙන් විනා යෑම නොහැකි යැ.

විස්තර : ඒ නගරයෙහි තරුණ ස්ත්රිදහු කො තරම් රූප ශ්රිහ සම්පන්න ‍වෙත් ද යත හෝත්. කවීන් විසින් පවා ඔහු උපමා විසින් අයත්නයෙන් නොදන්නා ලද්දෝ යැ. කවීන් ඒ ස්ත්රිහනට උපමානයක් සොයා ගනිත හොත් ඒ බලවත් උත්සාහයෙකින්. ඔවුනට සරි ලන උපමානයක් සිතිම පවා එ තරම් දුෂ්කර යැ. එ බඳු වු ඒ ස්ත්රි හු මොනරා දෙස බලති. ඔයුන් ගේ නෙත්රර කාන්ති ලණු මෙන් ඇදි යයි. මොනරාට එ තැනින් යන්නට බැරි යැ. ස්ත්රිරන් නෙත්රල කාන්තිය නමැති යොත් දමා අදින්නා සේ දැනෙයි. එ හෙයින් පස නඟා -ගත නොහැකි යැ. එය නොකීකරු වන්නා වැනි යැ. ඒ නගරයෙන් යෑම නොහැකි යැ. හැකි වතොත් ඉතා මහත් උත්සාහයෙනි.

ටිප්පණි : 1. අයත්නයෙන් - ‘අයත්න’ යන සංස්කෘත ශබ්දය සිංහල කොටැ -ගෙනැ යෙදු සේ යැ. ‘යත්න’ නම් උත්සාහය යි. යත්න නොවනුයේ අයත්නයි.

2. නො මැ දතුවමිනි - ගුණවර්ධඋන සංස්කරනයෙහි මේ සඳහා ‘පත් ත දකිමිනි’ යනු ගැනිණ. ‘නො මා දතුවමිනි’ යන්නෙහි අරුත් නො දැකැ කළ ශුද්ධියෙකැ යි හැගේ. “අයත්නයෙන් ළද ලිය පත් ත දකිමිනි” මයුර විවරණය 172

යන්නට “තරුණ කාන්තා‍වෝ අනායාසයෙන් ප්රා්ප්ත වු යුෂ්මතා දර්ශ නය කෙරෙමින්” යැ යි අරුත් පැවැසිණ. ‘නුවන් අයත්’ යන්නට ‘නයනයන් උන්මිලයන කරත්’ යැ යි අරුත් දුන් හෙයින් මෙය නොගැළැපෙන සේ පෙනෙයි. මොනරා ‍දුටුයේ නයනොන්මලනයෙන්.දුටු පසු තවත්කවර උන්මිලනයෙක් ද?

3. අයත් - හයත්. ‘අය’ ධාතු ‘නෙතු මුව අයා’ යනාදි තන්හි මෙන් විවෘත කිරිමෙහි ද, ‘හය’ ධාතු ‘කඩුව කොපුයෙන් හයා ගෙනැ’ යනැදි තන්හි මෙන් ඇදැ - ගැනිමෙහි ද වැටේ. ‘හ’ කාර ලෝපයෙන් ‘හස’ ධාතු ද ‘අය’ යි සිටි. ‘හය’ ධාතු ‘බල’ ආදි පර පද යි. හයා - හයති - හැසි - හැයු.

4. නුවන් ඹත් කැලුමෙන් යොත් ලමිනි අයත් - නයනය (ඇස) කැලුම ඔවී (බහයි.) නුවන් ඹත් කැලුමෙන් හැයිම (ඇදිම) යොත් ලැ හැයිමක් වැන්නැ. ඇසින් බලන කලැ කාන්තිය නිකුත් වීම නුවන් කැලුම් ඕනා ලෙස ගැනිණ.

“ නුවන් ඔත් කැලුමෙන් “ යනු, ගුණවර්ධෙන සංස්කරණයෙහි

“නුවන් මෙත් කැලුමන් “ යැ යි ගැනිණ. එහෙත් අරුත් පැවැසුණේ,

“ නුවන් මෙත් බැලුමන්”

යන්නට යැ. “මෛත්රෙකය නිරික්ෂුණයත් රජ්ජුන් සේ ප්රසක්ෂෙලප කෙරෙමින් නයනයන් උන්මිලයන කරත්” යනු පද්යන පාදයට පැවැසුණු අර්ථ යි.

5. පයත් එයින් තට - “පයත් තොපට ඉන්” යනු සියලු පිටපත් හි එන සේ යැ. අර්ථ”යෙන් වෙනසෙක් නැති. එ හෙයින් එළිය කැඩුණු බව මේ කවීනට නො පෙනුණ හ යි සිතියැ හැකි නො වේ.

91. අ තා න් කොමළ බැවිනළ තද යැ ර න් ද මා නෙතින් බලන සිරි කො ද ඉඳුව ර න් ද මා ග ති න් නොසරි වනුයෙන් සුර’ස ර න් ද මා ඉ ති න් මෙ ලොවැ උවමට කියනු කි න් ද මා මය‍ුර විවරණය 173

අන්නිය : රන් දමැ, අතින් කොමළ බැවින් අළ තද යැ. නෙතින් බලන සිරි කො ද? ඉඳුවරන් දම (කො ද?) ගතින් නොසරි වනුයෙන් සුර අසරන් දමා ඉතින් මා උවමට කියනු මෙ ලොවැ කිමි ද?

අර්ථ් : ස්වර්ණ් දාමයෙහි හස්තයෙන් කොමල භාවයෙන් දුරු කරන ලද්දා වු ස්තබ්ධ භාවය යැ. ඇසින් බලන්නා වු ආකාරය කිමෙක් ද? ඉන්‍දිවරයන් ගේ ධර්ම්ය කිමෙක්ද ? ශරිරයෙන් සමාන නො වන හෙයින් ද‍ිව්යාකපසරාවන් දමව (බැහැරැ කරව) ඉතින් උපමාවට මා කියන්නේ මේ ලෝකයෙහි කිමෙක්ද?

විස්තර : වැලිගමැ ස්ත්රිඋන් උපමායෙනුදු අයත්නයෙන් නො දන්නා ලද බව පූර්වර පද්යෙයෙන් කියැවිණ. කවීහු මේ පද්යොයෙන් ඔවුනට උපමාන සොයන්නට තැත් කෙරෙති තැත ව්යනර්ථ. වෙයි.

අතට රන් දම උපමාන කරනු ලැබේ. එහෙත් මේ ස්ත්රි න් ගේ අත්හි කොමල භ‍ාවයෙන් මැ රන් දමේ තද බව පරදවන ලද්දේ යැ. අත් කොමළ යැ. රන් දම තද යැ. තද රන් දම කොමළ අතට පරදි. ඇසින් බැලියැ හැකි යැ. ‍මානෙල් මල පිළිබඳ ධර්මමයෙහි (ස්වභාවයෙහි) එ බඳු බැල්මෙක් නැති. ඇසින් බැලිම කෙබඳු වේ ද? මානෙලෙහි ධමර්යහ කෙබඳු වේ ද? ඒ දෙකෙහි වෙනස ඉතා මහත් යැ. එ හෙයින් සමාන කිරිම නුසුදුසු වෙයි. ශරිරයෙන් දිව්යානපසරාවෝ මේ ස්ත්රිදනට සමාන නො වෙති. එ හෙයින් උන් හැරැ-දමමු. උන් ගැනැ සිතිම ද නුවුව මනා යැ. මෙ සේ බලන කලැ ඒ ස්ත්රිනනට උපමාන වශයෙන් ගැන්මට සුදුසු කිසිවක් මේ ලෝකයෙහි නැති සේ පෙනෙයි.

ටිප්පණි : 1. අළ - හල. දුරු කළා වු. පැරැද්දු.

2. කො ද - කිමෙක් ද? දීපක වන හෙයින් මෙය දෙ තැන මැ හා සම්බන්ධ වෙයි, “නෙතින් බලන සිරි කොද? ඉඳුවරන් දම කොද ? “ යි.

3. සුර’සරන් - සුර අසරන්. දිව්යා ප්සරාවන්.

“ ඝාතාවි මෙනකා රම්හා උර්විසි ව තිලොත්තමා සුකෙශි මඤ්ජුඝොෂාද්යාඃර කථ්ය‍නෙත’ප්සරසෝ බුධෛඃ “

මයුර විවරණය 174

යනුයෙන් දැක්වුණු සෘතාවි ආදිහු අප්සරස් නම් වෙති. කිරි මුහුදු කලඹන කල්හි එහි ජලයෙන් නැගුණු හෙයින් ‍ඔහු අප්සරස් නම් ලබත්. ‘අප්’ යනු ජලයට නම්. මේ ස්ත්රි හු අනුපම රූපශ්රි්න් යුක්ත වෙති.

4. අමා - දමව.විධාන යි. ශරිරයෙන් සමාන නො වන හෙයින් දිව්යනප්සරාවන් හැරැ-ලන්නට කි සේයැ.

5. කින්ද - කිමි + ද = (පර ස්වර්ණ දේශයෙන්) කින්ද පිරිසුදු සිංහල රිතියෙකි. මුං බියල් - මුම්බියලි අම් ගෙඳි = අංගෙදි යනාද තන්හි දු මේ රීතිය පෙනේ.

92. ඔ ද ම න් යොවුන් මද මනහන පෙලැඹුමට ස ල ම න් සලැඹැ සන් කොලහල යනෙන විට සොබමන් තමන් දහ සරි යැ යි තොප කරට අ ව ම න් කරන වැනි ඉන් යා ගන් ‍නො සිට

අන්නමය : ඔද මන් යොවුන් මද වත් අඟන පෙලැඹුමට යන එන විටැ සලඹැ සලමන් සන් කොලහල, තමන් සොබමන් දන තොප කරට සරි යැ යි අවමන් කරන වැනි.ඉන් නො සිටැ යා ගන්.

අර්ථව : ඔජස් මාන යෞවන (යන) මදයෙන් වත් වු ස්ත්රි න් (දුටුවන්) ප්‍ උලොභ කිරිමට ගමනාගමනය කරන්නා වු කාලයෙහි නුපුරය සෙලැවිමේ ශබ්දය කොලහලය (කෙබඳු ද යත හොත්) තමන් ගේ ශොභමාන් වු ජඞ්ඝාව තොප ගේ ශ්රීගවාසට සමාන යැ යි අපමාන කරන්නා වැන්නැ. එ හෙයින් නො නැවැති ගමන් කරන්නැ.

විස්තර : වැලිගමැ ස්ත්රිනහු ‍නිරෝග ශක්ති‍ සමිපන්න ශරීර ඇත්තෝ යැ.එ හෙයින් ඔවුනට ඹජො මදය වෙයි. ඔව‍ුනට මානය ඇත්තේ යැ. එ හෙයින් මාන මදය වෙයි. ඔහු අභිනව යෞවනයෙන් යුතු වෙත්. එ හෙයින් යෞවන මදය වෙයි. ‍‍ෙම සේ තුන් මදයෙන් මත් වූ ස්ත්රි හු , දුටුවන් ගේ සිත් තමන් කෙරෙහි ‍ලෝභ කැරැවිමට මෙන් ගමනාගමනය කෙරෙති. එ සේ යන එන විටැ ඔවුන් ගේ නුපුරය සෙලැවිම වෙයි. එයින් ගිගිරිය නැගේ. ඒ කුමක් කියන හඬ වැනිද? ඒ‍ ස්ත්රිෙන් ගේ මයුර විවරණය 175 ජඞ්ඝාව (කොඩය) මොනරා ගේ කරට සමාන යැ යි කියා අපහාස කරන්නා වැනි යැ.හිස හා සම්බන්ධ වු ග්රීගවාවට, පය හා සම්බන්ධ වු ජඞ්ඝාව සමාන කිරිම යි අපමානය. එ බඳු ආපහාසය විඳැ විඳැ නැවැතිමට වඩා වහා එ තැනින් යෑම සුදුසු මැ වෙයි. කෙළවර සිහින් වැ ක්රනමයෙන් මහත් වැ ගිය ජඞඝාව මොනර කරට සමාන යැ. වෙනස නම් මේ යැ:- ජඞඝැයෙහි පහළ පෙදෙස සිහින් යැ. ඉහළ පෙදෙස මහත් යැ. මොනර කරෙහි ඉහල පෙදෙස සිහින් යැ. පහළ පෙදෙස මහත් යැ. කියත් මැ යි මේ කවිහු යැ -

“ පසිඳු සිඳුරු කර සිදුරැ යි දුරැ ම තමා සොඳුරු සිනිඳු රසුදුළ යුවළ දග තමා උසස පෙදෙස සිහිනැ යි යන අඩුව තමා මොනර කර යැ සරි නම් යන්තමක් තමා”

සිරි රහල් හිමියෝ ද -

“ ප ව ර මොනර කර දග වී තම නො සරි නි ත ර කියන වැනි මිණි නුපුර ගිගිරි”

යැ යි කියති.

ටිප්පණි : 1. ඔද මන් ....... - කෙනෙක් “ අඟන මද මත් යොවුන් ඔද මන් පෙලැඹුමට” යන ඈ විසින් අන්වයය ගෙනැ “කාන්තාවන් මදයෙන් මත් වු යෞවනයන් ගේ ඹජොන්විත චිත්තය ප්‍් ලොහ කරවනු පිණිස........” යන ආදින් අර්ථව කියති. නොමැනැවි සිංහ‍ලයෙහි ‘යොවුන්’ යනු ද සංස්කෘතයෙහි ‘යෞවය’ යනු ද තරුණ භාවයෙහි මැ වැටේ. කිසි විටෙකැ ද තරුණයාට නම් නො වේ. යුවයා ගේ (තරුණයා ‍ෙ‍ග්) භාවය ‘යෞවන’ යි. ඒ සිංහලයෙහි ‘යොවුන්’ යැ යි සිටි. 2. පෙලැඹුමට - පෙලැඹිමට. ප්‍ි‍ලොභ කැරැවීමට. සකර්මොක ‘පොලඹ’ ධාතු ‘බල’ ආදි පර පද යි. පොලඹා - පොලඹති - පෙලැඹි - පෙලැඹු. අකර්‍මක ‘පොලඹ’ ධාතු ‘රක් ‘ ආදි අත් පද යි. පෙලැඹේ - පෙලැඹෙති - පෙලැඹිණි. පෙලැඹි - පෙලැඹුණු, පෙලැඹි. 3. සලමන් - ‘සෙලැවීම ‘සල’ ධාතුමට භාවයෙහි ‘මන්’ ප්රංත්යඹයය යෙදි නිපන, මේ ‘මන්’ ප්රැත්යධයය ගන්නා ධාතු මයුර විවරණය 176 කිහිපයෙකි. කිය - ලිය - පිස - හිඟ - දෙ - පොහො - විද - යන ධාතු පිළිවෙළින් කියමන් - ලියමන් - පිසමන් - හිඟමන් - දීමන් - පෝමන් - විදමන් - යන ශබිදයන් නිපදවයි. ‍’සලමන්’ යනු භාව නාමයෙකි.මාගධි ‘වලමාන’ යන්නෙන් බිඳුනේ නො වේ. ‘චලමාන’ යනු ‘සෙලැවෙන’ යන අරුත ‍ෙදයි. එහෙත් ‘සලමන්’ යන්නෙහි අර්ථ්ය ‍’සෙලැවිම’ යනු යි.ග්රාෙමිණ ව්යොවහාරයෙහි ‘සොල්මන්’ යැ යි සිටිනුයේ මේ යැ. ‘මන්’ පද කර්ම ර්ථසයෙහි දු වැටේ. එ හෙයින් කියන ලද්දේ ද ‘කියමන්’ නම් වේ. ලියන් ලද්දේ ද ‘ලියමන්’ නම් වෙයි. සෙස්සෙහි දු මෙ මැ නය යි.

4. සලඹැ - නුපුරයට (පයේ ලන ගිගිරි ලන ගිගිරි වළල්ලට ) ‘සලඹ’ යනු නම් දෙමළෙහි ‘ශිලම්බු’ යනු වෙයි. 5. සන් කොලහල - ‘සන්’ (ස්වන) නම් නාදය යි. එය නො සිඳි පවත්නා විටැ කොලාහලයෙක් වෙයි.

98 . මි ල දි යැ තු න් වටනා රජ කුලේ දු ලේ තු ල දි ගැ තු න් උසුලන් මී තලේ බ ලේ ග ල ම දැ තු න් ලොබිනෙන මී ලොලේ අ ලේ බ ල ම දැ තු න් මා තොටැ ඇත් හලේ නි ‍ෙල්

අන්න ය: තුන් දියැ මිල වටනා, රජ කුලේ දුල, බලේ මී තල උසුලන දිගු ඇතුන් තුල, ගල තුන් මදැ ලොබින් එන් මී ලොල් අල, මද ඇතුන්, මා තොටැ නිල් ඇත් හ‍ලේ බල.

අර්ථ  : තුන් ලෝකයෙහි මුදල වටින්නා වූ, රාජ කුලයෙහි බැබළුණා වූ, බලයෙහි (ශක්තියෙහි ලා මහී තලය ධරා සිටින්නා වූ දිශා හස්තින් වැනි වු, ගිලිහුණා වු ත්රිශවිධ මදයෙහි ලොභයෙන් එන්නා වු මධුලොලනයට (බමරුනට) ආලය (නාවාසය) වූ, මත්ත හස්තීන් , මහා තීථර්‍ පුරයෙහි නිලයේ හස්ති ශාලායෙහි, බලව.

විස්තර : මාතරැ ඇත් නිලයට අයත් ඇත් හලෙක් වෙයි. ‍එහි ‍ෙබ‍ා‍ෙහා් බලසම්පන්න ඇත්තු වෙති. අගය කරත් හොත් ඒ ඇත්තු තුන් ලොවැ මැ ඇති මුදල් වටිති. ඔහු රාජ කුලයට අයත් ඇත්තු යැ, ඒ කුලයෙහි දු බබළන්නේ යැ (විශිෂ්ටයෝ යැ.) ශක්ත‍ියෙන් ඔහු පොළොව උසුලා සිටින්නා වු දිග්ගජයනට සමාන වෙති. බමරු උන් ගේ තුන් මදයෙහි ආශායෙන් අවුත් ඒ මද බොමින් වසා සිටිති. මයුර විවරණය 177 ටිප්පණි : 1. තුන් දියැ මිල වටනා - ස්වර්ගන, මනුෂ්යස, පාතාල යනු මෙහි තුන් ලොවයි. මේ ඇතුන් ගේ මිල නියම කළ නොහැකි යැ. සාමාන්යු වශයෙන් තුන් ලොවෙහි මැ ඇති මුදල් වටිනා බව කියැ හැකි යි. 2. වටනා - මෙහි ‘වට’ ධාතු ‘රක්’ ආදි පර පද යි. වටී - වටිති - වැටි - වැටි. 3. රජ කුලේ දුලේ - මිනිසුන්ි ‍ෙග් මෙන් ඇතුන් ගේ ද කුල සතරෙකි. බ්රා-හ්මණ, ක්‍ෂත්රිෙය, වෛශ්ය , ශුදු යැ යි. මේ ඇතුතු ක්ෂ-ත්රිිය කුලයට අයත් තු යැ. ඒ කුලයෙහි දු අග්ර වැ බබළන හෙයින් “රජ කුලේ දුලේ” යැ යි කියන ලද. රාජ කුල ලක්‍ෂණ මෙ සේ යැ:-

“ ශුරා විශාලා බහ්වාශාඃ ක්රැ ද්ධාඃ ක්‍ෂත්රිඇයජාතයා”

ක්ෂනත්රිලය ජාතිහු ශුරයෝ යැ, විශාලයෝ යැ, බහුභොජිහු යැ (බොහෝ ආහාර අනුබව කරන්නෝ යැ, ) ක්රෝැධ ඇත්තෝ යැ.

බ්රාවහ්මණයෝ වදශයෙහි ඇතුන් ‍නො ගෙනැ මෙහි ලා රජ ඇතුන කවර හෙයින් ගත්තු ද? රජුන් ගේ යුද්ධාදි කාර්ය යට බමුණු ඇතුනට වඩා රජ ඇතුන් සුදුසු වන හෙයිනි. බ්රා්හ්මණ හස්ති ලක්ෂණ මෙ සේ යැ -

“ විහාලාඞගාඃ පවිත්රිහශ්ව බ්රාහහ්මණාඃ ස්වල්පහොජාතඃ”

බ්රා හ්මණයේ විශාල ශරීර ඇත්තෝ යැ. පවිතුයෝ යැ, ස්වල්පභොජිහු යැ.

4. දුලේ - ‘දුල්’ යැ යි සිටියැ යුතු තැනි. මි තලේ - මි ලොලේ - අලේ යන තන්හි ද’ඒ’ පැමිණි සැටි සලකන්නේ යැ. 5. දිගැතුන්- පූර්වැ, ආග්නෙසි (ගිනි,)දක්ෂිණ , නෛරසෘති (නිරිත,) පශ්චිම, වායව්යහ (වයඹ,) උත්තර, ඓශානි (ඊසාන,) යන අට දිගට -

“ඓරාවතඃ පුණ්ඬරිකෝ වාමනඃ කුමුදො’ පුෂපසන්තඃ සාර්වඬභෞමඃ සුප්රිතිකශ්ව ද්ග්ගජාඃ”

යනුයෙන් දැක්වුණු ඓරානක, පුණ්ඬරීක, වාමන, කුමුද, අඤ්ජන, පුෂපසන්ත, සාර්ව භෞම, සුප්රාතීක යන අට ඇත් කෙනෙක් වෙති. මෙහු හිස හිස බැහැරට කොටැ පිට දී මහ පොළොව උසුලා සිටිත් ල. මයුර විවරණය 178 6. ගල - ‘ගල’ ධාතු ස්ව රූපයෙන් මැ අතීත කෘදන්ත නාමය වැ සිටි තැනි. මෙ තන්හි ‘ගල’ ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර පද) ගලැ - ගලති - ගිලී - ගිලූ, ගුලූ. (අත්පද) ගෙලේ - ගෙලෙති. 7. තුන් මැදැ - කපොල (කම්මුල්) දෙක යැ, කොෂය යැ යන තුන් තැනින් ගලන්නේ තුන් මද නම් වෙයි. ඇතුන් ගේ රාගාධික කාලයෙහි දෙ කොපුල පැළි එ තැනිනුදු කොෂයෙනුදු මද නිල් පැහැයෙයන් යුත් ද්රාව්යකයෙක් ගලයි. ඒ යැ ‘මද’ නම්. එය රුක් අත්තන මලෙහි සුවඳින් යුතු යැ යි ද, බමරුන් එයට මහත් ලොභ කෙරෙති යි ද කියති.

“ ගිජිඳ‍ු න් සන් මදේ සත්පත් කුසුම් සුවදේ නො මැ හැඳිනැ ඇවිදේ බමර මුළු විඳි වෙහෙස නො ම‍ඳේ”

යනු ශ්රිම රාහුල වචන යි .

8. නිලේ - නිලයේ. රාජ කාර්ය යට අයත් රාජ්යේයේ ඒ ඒ කාර්යුය භාර වු නියුක්ත මණ්ඩලය ‘නිල’ නම් වේ. මෙහි ගැනුණේ ඇත් නිලය යි. ඇත් නිලයේ ප්රණධාන තැන ගජ නායක නම් මුදලි කෙනෙකි. මාතරැ පොල්හේන නම් ප්ර්දෙශයෙහි එ කලැ නිලයට අයත් මහ ඇත් හලෙක් වී යැ.

94. තු ල් වලා සෙද දිවෙන දිසි දියා තර ලොල් වලා සනත මෙන් විදු සියා කැරැ නි ල් වලා සිඳු පිය’වි බිමැ ගියා යුර නි ල් වලා ගගිනේ තෙර කර පියා සර

අන්න ය : ලොල් වැ ලා පනන විදු සියා කැරැ මෙන්, සෙද දිවෙන තුල් වලා දිය අතරැ දිසි, සිඳු පියැ අටි නිල් වලා බිමැ ගිය අයුරු නිල් වලා ගගින් එ තෙර පියා සර කර.

අර්ථ  : ලලිත වැ (ලෙළ දි) පනින්නා වු විද්යුිත් අනවරත කොටැ මෙන්, ශිඝ්රශ වැ දිවෙන්නා වු මහත් වු වලයින් ජලාන්තරයෙහි පෙනු‍ණා වු, සමුද්ර්ය බොනු කැමැති වු නීල වලාහක‍යක් භූමියෙහි ගියා වැනි වු, නිල්වලා ගගින් එ තෙරට පියා සර කරව.

මයුර විවරණය 179 විස්තර : නිල්වලා ගගෙහි ‘වලා’ (වලයි) නම් මත්ස්යුයෝ වෙති. උන් දිය තුළැ වේගයෙන් දිවෙනු පෙනෙයි. එ සේ දිවෙන් කලැ විදු ලිය නො නැසි පවත්නා මෙන් දිසේ. ක්‍ෂණයකි ලෙළ දී නො පෙනි යෑම විදු ලියේ ස්වභාවය යි. මත්ස්යනයෝ එ බඳු වු ඒ විදු ලිය නිත්යන ස්වභාවයට පමුණුවන්නවුන් වැන්නෝ යැ. තව ද, ඒ ගඟ කුමක් වැනි ද? මුහුද බොනු රිසි වු නිල් වලා කුළක් බිම දිගේ ගියා වැනි යැ.

ටිප්පණි : 1. තුල් - මහත්. ‘ස්ථුල’ යනු සංස්කෘතයෙහි එයි.

2. වලා - ගංහෝවලැ වෙසෙන මත්ස්යස විශෙෂයෙකි. ග්රාෙමිණයෝ ‘වලයි’ යන නම වහරවති. ‘ළමා’ යන්නෙන් ‘ළමයි’ යනු ලැබෙන්නා සේ ‘වලා’ යන්නෙන් ‘වලයි’ යනු ලැබේ.

3. දියාතර - දිය + අතර. ‘දියතර’ යනු සම්භාවිත රූපය යි. දිර්ඝලය එළිය නිසා වු හ යි ‍සිතේ, ‘අ + අ’ දෙකට ‘ආ’ වීම සිංහලයෙහි නොලැබෙන්නේ නො වේ. අටානු - නවානු - අටාසු - යනාදි. තන්හි ඒ පෙනේ. ඇතැම් තනිහි කෙවල ‘අ’ කාරය ද දිර්ඝු වෙයි. සතාසූ - සයානූ - ආසිය නිදර්ශනන යි. ‘අසු’ අනු’ ශබ්දයන් ගේ ‘අ’ කාරය මෙ සේ දිර්ඝ- වන බව පෙනෙයි.

4. ලොල් ව ලැ - ලොල් වැ ලැ. මෙහි ‘ලා’ යනු නිරර්ථික යැ. කාලා - බීලා - යනාදි තන්හි මෙනි. ලොල් වීම නම් ලලිත වීම යි. (දිලිසීම) වඤ්වල විම ද ලොල් විම නම් වෙයි.

5. පනන - පැබැ යන. “නැති වැ යන්නා වු” යනු අථර්‍ යි. ‘පන් ධාතු ‘බණ’ ආදි උභය පද යි. (පර පද) පනි - පනිති - පිනි - පිනූ, පුනු. (අත් පද) පෙනේ - පෙනෙති.

6. සියා - සියහ. නිරන්තරාර්ථිමෙහි නිපාත යි. “ සියහ තම පිය වු - ගිරි දූ සිරි විසිනට “ යනු සිදත් සඟරා පඨ යි.

7. සිඳු පියටි - සමුද්රරය බොනු රිසි වු. පියැ + අටි = පියට. ‘පියැ’ යනු ‘පො’ ධාතුවට ‘ඉයැ’ ප්රිත්යපයය වැ සිදු අසම්භාව්යි කෘදන්ත නිපාත යි. ‘අටි’ යනු ආශාව යැ යන අර්ථ ඇත්තේ යැ. පිමෙහි අටි (ආශාව) ඇත්තේ පියටි යි. මයුර විවරණය 180

වලාකුළු මුහුදු දිය බොන සේ ගින්ම කවි සමයානුකූල යි. සමුද්ර් ජලය සූර්යව තාපයෙන් වාෂ්ප බවට හැරි අහසට නැගිමෙන් වලා කුළු නිපදනා හෙයින් මේ වතය ඇති වු හ යි සිතති. ඇතැමි විටැ වලා කුළක් මුහුදට පහත් වැ දිය අදනා බවෙක් ද‍ පෙනේ. වැසි වසිනා කලැ ඇතැම් විටැ මත්ස්යා ද ජලවර‍යන් අහසින් වැටිමෙන් පෙනෙනුයේ වාෂ්පාකාරයෙන් පමණක් නො වැ අන්යාඇකාරයෙන් ද මුහුදු දිය අහසට යන බව යි.

“සිඳු බොන අටින් මේ කුළු රැස් වු සෙ වටින්”

යනුයෙන් ‍කොකිළ සන්දෙශ කාර‍යෝ ද‍ වලා කුළු මුහුදු දිය බොන බවක් කියති.

95. අවුලේ වන් පෙනෙත - වන හිසැ සවසැ තැවුලේ අවුලේ නොලා සිතු - යන්නැ උග්ගල් නමැති බැවුලේ

අන්නේය : සවසැ වන හිසැ ලේ වන් අවු පෙනෙත, තැවුලේ සිතු අවුලේ නො ලැ, උග්ගල් නමැති බැවු‍ලේ යන්නැ.

අර්ථේ : සවස් කාලයෙහි වන මුඳුනෙහි ලේ පැහැ ඇති අව්ව (සූර්යව රශ්මිය) පෙනෙන කල්හි, තාපයෙන් චිත්තය ආකුල භාවයෙහි නො හෙලා, උග්ගල් නම් බැවුලෙහි යනු (මැනැවි).

විස්තර : සූර්යැයා බැසැ යන කල්හි ලේ පැහැ ඇත්තේ යැ. එ හෙයින් වන මුඳුනෙහි රතු අව්ව වෙයි. සූර්යුයා මොනරා ගේ කුල් දෙවි යැ.ඒ කුල දෙවියා අස්තංගත වන කාලය ඉතා ළං වු බව පෙවුණු කල්හි මොනරාට තැවුල (සිතේ ශොකය) හට-ගන්නේ වෙයි. එයින් සිත අවුල් වියැ හැක්කේ යැ. එ සේ සිත අවුල් නො කෙ‍ාටැ-ගෙනැ උග්ගල් බැවුලෙහි යන ලෙස මෙයින් කියැවිණ.

ටිප්පණි : 1. තැවුලේ - කරනාර්ථෙයෙහි පස් වැනි විබති. එ හෙයින් ‘තැවුලින්’ යනු දු යෙදෙයි. 2. උග්ගල් නමැති බැවුලේ - මා තොටට නැගෙනහිරින් දෙවි නුවර දක්වා සිටි උස් බිම් දෙදෙස ඒ කලැ ‘උග්ගල් බැවුල’ නමි වී යැ. ‘බැවුල’ නමි වනයෙන් යුත් උස් බිමි කොටසෙකි. මයුර විවරණය

96. නුඹ සිය නිති රෑ ලැගුමට එ තැනැ එති ඉන් කුල පති සෙබඩක වෙතැ ලෙසේ රුති සැක නොපැවැති ගන සා තුරු වදුරු ඇති තුඟු වන පති තුරගෙනැ ලගුතු යාපති

අන්න ය : නුඹ සිය රෑ එ තැනැ ලැගුමට නිති එති. ඉන් කුල පති සෙබඩක වෙතැ රුති ලෙසේ, සැක නොපැවැති,ගන සා අතුරු වදුරු ඇති, තුගු වන පති තුරු අගෙකැ ලගුතු යාපති.

අර්ථ  : නුඹ ගේ ස්වකියයේ (නෑයෝ) රාත්රිියෙහි ඒ ස්ථානයෙහි ලැගිමට නිත්යඅයෙන් එති. එ හෙයින් කුල ශ්රෙනෂ්ඨ වු මයුර ධෙනුවක සමිපයෙහි රුචි වු පරිද්දේන් ශඞකාවකි නොපැවැත්ත‍ා වු ශාඛ‍ාවන් අතරෙහි ආවරණය ඇත්තා වු උස් වු වනස්පති වෘක්‍ෂ අග්රරයෙක්හි ලගින හොත් මැනැවි.

විස්තර : උග්ගල් බැවුලේ රෑ ලැගිමට මොනරු සියලු දවස්හි එති. එ හෙයින් මේ මොනරාට ද රැය ගෙවිමට ඒ ස‍ුදුසු තැනෙකි. පැමිණි මොනරුන් අතුරින් උසස් කුලවත් සෙබඩක හා යහළු වැ, ඇය ගේ තුරුල්ලේහි ලැග්ග හැකි යැ. එහි උස් වු වනස්පති වෘක්‍ෂ වෙයි. ඝන වු අතු අතරෙහි මුවාව ද ඇති. එ හෙයින් සැකයට කරුණු නැ‍ත්තේයැ. එ බඳු ගස් මුඳුනෙකැ ලැගිම මැනැවි.

‍ටිප්පණි : 1. සිය - ‘සියෝ’ යැ යි සිටියැ යුතු තැනි. ප්රතථමා බහු වචනයෙහි විභක්ති ලෝප‍ය ඉවසන ශබ්ද අතුරින් එකෙකි. ගොන් - සත් - ගැහැනු - යනාදිය ද මේ ගණයට අයත් යැ.

2. නිත් - නොකඩ වැ සිරිතක් වසයෙන් මොනරුන් එහි රෑ ලැගිමට එන බව හැගැවිමට මේ යෙදිණ.

3. සෙබඩක - ‘සෙබඩ’ යනු මයුර ධෙනුවට විශෙෂ නාමයෙකි. ‘මොනර’ යන්න ස්ත්රි ප්රයත්යමයවත් වු කල්හි ලැබෙනුයේ ‘මෙනර’ යනු යි.

4. සැක නොපැවැති - ආවරණය නැත හොත බැහැරට පෙනෙන හෙයින්, සැක පවත්නේ යැ. මෙහි එ බඳු සැකයකට ඉඩෙක් නැත. අතු අතර වදුල ඇති හෙයිනි.


මයුර විවරණය 182

3. වඳුරු - ගස්වලැ අතු ගන වැ කොළ ගන වැ වැසී ඇතුළතැ අඳුරු වන පිරිදි සිටි තැන ‘වදුලු’ නම් වේ. ව්යඅවහාරයෙහි ලැබෙනුයේ මේ වදුලු යනු මැ යැ. එ හෙයින් සුපාඨය එ මැ දැ යි පිරික්සියැ යුත්තේ යැ.

4. වන පති - වනස්පති. වනයට අධිපති. වනයෙහි අතිවිශාල ගස් වනස්පති නම් වේ. ‘මල් නො ගෙන පල දෙන’ නුඟ ආදි‍යට මේ විශෙෂ නාමයෙක් ල.

97. දවස පුරා දිවැ වහළෙවි උදය වරා අවර ‘ඹරා පත් වරැ තරහ’තින් දරා සරත දුරා කැරැ නහවනුව සමුදුරා සහස කරා කර ඇදි වැන්නැ තම කරා

අන්නකය: වහළ එව්, උදය වරා දවස පුරා දිවැ. අවර අඹර පත් වැරැ, තරග අතින් දරා, සරත දුරු කැරැ නහවනුව, සහස කරා කර, සමුදරා තම කරා ඇදි වැන්නැ.

(අඹර - දුරු - යන දෙ තැන සඳැස රක්නට අඹරා - දුරා - යැ යි යෙදිණ)

අථර්‍ : සිරිත වු පරිදි, උදයෙන් පටන්-ගෙනැ දිවස (භාගය) මුළුල්ලෙහි දිවැ, අවර ආකාශයට පැමිණි කල්හි තරඞග නමැති හස්තයෙන් උසුලා-ගෙනැ, ශ්රාආන්ත භාවය පහ කොටැ ස්නානය කරවනු පිණිස, සහස්ර රශ්මිහු ගේ කර (රශ්මිය දොහෝ නොහොත් අත) සමුද්රාය තෙමේ තමා ගේ සමිපයට ඇද්දා වි (වේ.)

විස්තර : සූර්ය්ය උදය කාලයෙහි පටන්-ගෙනැ දවස මුළුල්ලේහි දිවිම ව්ය්වහාරය යි(සිරිත යි.) ඒ ව්ය්වහාරයට අනුවැ දිවැ පශ්විම (බස්නාහිරි දැගැ) ආකාශ‍යට පැමිණි කල්හි සූර්යිය ගේ රශ්මිය මුහුදට වැටේ. සමුද්ර ය කුමක් කළා වැනි ද? කමා ගේ රළ නමැති අතින් දරා-ගෙනැ විඩාව දුරු වන ලෙස නාවනු පිණිස, ඒ සූර්ය ය ‍ගේ අත තමා ළගට ඇද්දා වැන්නැ. හිර බස්නා කලැ මුහුදු රළෙහි ගෑවෙමින් නහන්නා සේ පෙනේ. නහවනු කැමැත්තකු අතින් දියට අදිනු සිරිති. විඩාවට පත් හිරු නහවනු කැමැති වු මුහුද ද ඒ ගිරුහු ගේ අත ගෙනැ ඇද්දා හා සමාන යැ. මයුර විවරණය3 183 මුහුද කවර හෙයින් හිරුහු නහවනු කැමැති වේ ද? මුහුදෙහි වසන වරුණ දෙ‍ව් රද හිරුහු ගේ නෑයෙකි . කි හු මැ නො -

“ සැ දෑ ළෙන් වරුණ දෙව් රද මුහුදැ වි සු සැ දෑ සහස කර එන මහ වතැ සැලසු වි දෑ උපුල් පිල වන් රන් පටින් වැසු සැ දෑ වලා පෙළ පැළැ දිග පෙනුණු පසු”

යැ යි රහල් හිමියො ද?

ටිප්පණි : 1. වහළෙවි - වහළ එව්. ව්යැවහාරය වු පරිදි.

‘වහර’ (ව්යදවහාරයෙහි) ධාතු ‘බස්’ ආදි අත් පද යි. අකර්මැක යි. වැහැරේ - වැහැරෙති - වැහැරිණි, වැහැරි, වහළි, වගළ - වැහැරුණු, වැහැරි, වහළු, වහළ. ඇතැමෙක් ‘වහළ එව්’ යන්නට “වෑරුණකු (කෘශ වුවකු) මෙන්” යන අර්ථෙය දෙති. කෘශ වීමට නෑවිම පිළියමෙක් ද? ගුණවර්ධන සංස්කෘතියෙහි “මහ වේ” යනු පාඨ යි. “මහා ද්විපයන්හි” යනු අර්ථ යි. “මහ ලෙව්” යන පාඨය ගන්නෝ “මහා ලෝකයෙහි” යැ යි අරුත් කියති.

2. වරා - හැරැ. උදය වරා දිවිම නම් උදය හැරැ - අත් හැරැ- දිවිම යි. ‘වර’ ධාතු ‘බල’ ආදි පර පද යි. වරා - වරති - වැරී - වැරු,

3. වරැ තරඟ’තින් දරා - ඇතැමුහු “වරතර ගතින් දරා” යනු සුපාඨය කොටැ-ගනිති. “අවරා උදය වරතර ගතින් දරා අවර අඹරා පත” යනු අන්වය කොටැ-ගන්නෝ “ පුත්යාමසන්න වු ප්රනත්යුඹෂ කාලය (ඊ ළග අරුණෝදයය) උත්කෘෂව වු (ස්වකිය) ශරිරයෙන් ධාරනය කොටැ අපරාකාශයට ප්රා්ප්ත වු කල්හි” යැ යි අරුත් පවසති. “වරතර ගනාන් දරා සතර” යැ යි ගන්නෝ “උත්තමත් දෙහයෙන් ධාරත ව‍ු ශ්රාවන්තය” යැ යි අරුත් දෙති.

4. නහවනුව - නහ + ව + නුව. ප්රයයොජ්යව අනාගත කෘදන්ත නිපාත යි. ‘නහ’ ධාතු ‘බල’ ආදි පර පද යි. නහා, නැ-නහති, නාති - නැහි, නෑ නැහු, නෑ. මය‍ුර විවරණය 184

5. කර - ශෙල්ෂ යි. රශ්මිය යැ හස්තිය යැ යන දෙ අරුත මැ දෙන හෙයිනි.

98. පියයුරු අඳුරු තැරු යළු පටිනි වසමිනි නිස කත එ සඳැ එත සිය කර හකුළමිනි පරදර වරද වරමින් වර ගුණ සිතිනි සිය කුල සිරිත රිවි මුළු ලොවට පැ වැනි

අන්නකය : එ සඳැ, නිස කත, පියයුරු අඳුරු උතුරු සළු පටිනි වසමිනි එත, රවි සිය කර හකුළමිනි, වර ගුණ සිතිනි පරදර වරද වරමින්, සිය කුල සිරිත මුළු ලොවට පෑ වැනි.

අර්ථ  : ඒ කාලයෙහි, නිශා කාන්තාව , පයොධරයන් අන්‍ධකරා නමැති උත්තර ශාටක පට්ටයෙන් වසමින් එන කල්හි, සූර්යියා ස්වකිය රශ්මින් දොහෝ නොහොත් හස්තයන් හකුළමින්, උත්තම වු ගුණ චිත්තයෙන් පරදාර දොෂය වාරණය (වැළැකිම) කෙරෙමින්, ස්වකීය කුල චාරිත්රධය සකල ලෝකයාට ප්ර කාශ කලා වැන්නැ.

විස්තර : සූර්යවයා නො පෙනි ගිය බව මේ කි සැටි යැ.

රාත්රි නමැත් කාන්තාව ආසන්න වැ. එයි . ඕ සූර්යිය ගේ ප්රියයාව නො වේ. චන්‍ද්රනයා ‍ගේ ප්රි.යාව යැ. ඉතා උත්තම කුලයට අයත් වු සූර්යියා පරදාරයන් (අනුන් ගේ අඹුවන් )කෙරෙහි නො ඇලේ. එ හෙයින් ස්වකිය රශ්මිය නොහොත් අත් හකුළුවා ගෙනැ එ තැනින් පලා යෙයි. ඒ තමා ගේ කුල වාරිත්රඅය ‍ලෝකයට පෑවා වැන්නැ.

නිශා කාන්තාව පැමිණෙනුයේ පයොධරයන් අන්‍ධනාර නමැති උතුරු සළු පටින් වසා එන්නා සේ, රාත්රි්ය වලා කුළු අඳුරින් වසා ගෙනැ ‍ආවා යැ.

එනු දැකැ අත් හකුළුවා-ගන්නේ තමන් නොකැමැති බව දැක්විමට යැ; අත දිගු කරනුයේ කැමැත්ත දක්වමින් පිළිගැනිමට යැ.


මයුර විවරණය 185 ටිප්පණි : 1. පියයුරු - පයොධර. වලා කුළට ද තනයට ද‍ නමි. ‘පයස්’ යනුයෙන් දිය ද කිරි ද ගැනේ. පසස (දිය හෝ කිරි හෝ) ධරනුයේ ප‍යෝධර යි.

2. සිය කුල සිරිත - සූර්යගයා මහා බ්ර හ්මයා ගේ නෙත්ර යෙන් උපන් බව සෘශේවදයෙහි කියැවිණ. එ හෙයින් හේ බ්ර හ්මයා ගේ පුත්රමයෙකි. බ්ර්හ්මයා ‍කුලයෙහි වුවෝ පර ස්ත්රි්න් ගේ පුත්ර්යෙකි. බ්රමහ්මයා ‍ෙග් කුලයෙහි වූවෝ පර ස්ත්රිලන් දෙස ද නො බලත්. පුරාණ කථාවන්හි පෙනෙනුයේ සූර්යහයා දක්‍ෂ ප්ර්ජාපතින් ගේ ද අඳිතිය ගේ ද පුත්රෙයා බව යි.

99. සඳා නැ‍ඟෙන බලනෙව් තුරු කොළ’තුරිනි එඳා සිසඹු තෙමො තම හට සැක වෙමිනි සඳා සිතින් බොරු තතු හිමිට පාමිනි සඳා වෙල සහල’ගුරු මැඬැ නිවු වැනි

අන්නවය : තුරු කොළ අතුරින් බලන එවි සදා නැගෙන, එ දා තිස අමු තෙමො තම හට සැක වෙමිනි, සිතින් සදා හිමිට බොරු තතු පිමිනි, සදා වෙල සහල අඟුරු මැඬැ නිවු වැනි.

අථී : වෘක්ෂ පත්රාසන්තරයෙන් බලන්නා සේ, චන්‍ද්රුයා නැ‍ඟෙත් මැ, ඒ දිනයෙහි රාත්රිු නමැති ස්ත්රිස තොමෝ මැ තමා හට සැක ඇති වි, සිතින් උපදවා අසත්යහ ප්රිවෘත්තාය ස්වාමායා හට ප්රැකාශ කෙරෙමින්, සන්යා් උ වලාහක නමැති ජ්වලිතාඞගරය පාගා නිවුවා වැන්නැ.

විස්තර : චන්‍ද්ර්යා නැගි එන විටැ රශ්මිය පෙනෙනුයේ ගස්හි කොළ අතුරින්. ඒ කෙබඳු ද? චන්‍ද්රියා කොළ අතුරින් එබි බලන බඳු යැ. මෙය දක්නා නිශා කාන්තාවට තමා ගැනැ මැ සැක සිතෙයි. කවර හෙයින් ද? මොහොතකට පෙරැ තමා සූර්යසයා පස්සේ දැ හෙයින් ද? කුමක් කළ යුතු ද? බොරු තතු පා චන්‍ද්රැයා රැවැටියැ යුතු ය‍ැ. තමන් ගේ සත්‍වයෙහි කිලුටක් නැති බව දක්වනු කැමැති. ස්ත්රිාහු අග්නි ශුදධිය කෙරෙති. අග්නි ශුද්ධිය නම් ගිනි මැදට වැදිම යැ. එ සේ කළ කල්හි. දොෂ ඇත්තාහු දා විනාශ වෙති; දොෂ නැත්තාහු, පියුම් ගබකට වන්නවුන් මෙන්, නිරුපද්රැනත වෙති. නිශා කාන්තාව ද මේ තන්හි සිතා බලා උපායයක් යෙදුවා යැ. ඕ සන්යාර වලාහක නමැති ජ්වලිතාඞගාර රාශිය පාගා නිවා-දැමුවැ යැ. ගිලි ගෙනැ දිලියෙන් අඟුරු මැඬැ නිපා කෙසගකුදු නො දැ හෙයින්, නිශා කාන්තාව ද අග්නි ශුද්ධියට පැමිණියා යැ. මයුර විවරණය 186

චන්ර්විවයා උදා ‍වත් මැ සන්‍ධ්යා් වලාහකයන් නැති ව‍ු බව මේ කී සේ යැ.

ටිප්පණි : 1. නිස’ඹු තොමො - ‍‍ෙමහි ‘තොමො’ යනු වාකයයෙහි උක්තය නො දක්වයි. “තොමො තම හට සැක වෙමිනි” යන තන්හි සැකය තමන් විසින් මැ ඇති කැරැ-ගන්නා ලද බව හැඟැවිමට මේ යෙදිණ. නිපාත ප්රසයොග යි. සංස්කෘතයෙහි ‘ස්වයං’ යනු මෙනි.

2. සිතින් සදා - ඇතැම්හු මෙය “සදා සිතින්” යැ යි ගෙනැ, “ශ්රමද්ධා චිත්තයෙන්” යැ යි අරුත් බෙණෙති. 3. සදා - සන්‍ධ්යා්‍ සඳහා = (‘හ’ ලෝප සවර්ණය දිර්ඝ වීමෙන්) සදා = (අනම්යදයෙන්) සැඳැ. ‘සදා’ යන තන්හි හ්ර‘ස්වය වීමෙන් ‘සඳ’ යනු ද වෙයි. 4. සහලඟුරු - සහල අගුරු. ගිනි සහිත අඟුරට මේ නමි. 5. මැඬැ - ‘මඬ’ ධාතු ‘රක්’ ආදි අත් පද යි. මඬි - මඬිති - මැඬී - මැඬී. 6. නිවු - සකර්මඬක ‘නිව’ ධාතු ‘බල’ ආදි පර පද යි. නිවා - නිවති - නිවි - නිවු. අකර්මනක ‘නිව’ ධාතු ‘රක්’ ආදි අත් පද යි. නිවේ - නිවෙති - නිවිණි, නිවි - නිවුණු, නිවි.

100. කුඹුයෙන් සයුරු බොත මහි මිණි සේ අනත නුබ කැට තෙලෙහි දිසි මේ තුරු පහන් වත සැදැ සඳුට සදමින් මහ නිසා කත ඉසි වැනි නිමල් මලිගිය මල් සිය දිමුත

අන්නවය : කුඹුයොන් සයුරු බොත, එහි අනත මිණි සේ නුබ කැට තෙලෙහි දිලි මෙන්, තුරු පහන් වත, නිසා කත සැදැ සඳුට මඟ ‍සදමින්, දිමුත නිමල් මලිගිය මල් සිය ඉසි වැනි.

අර්ථි : කුම්හයෙනිහු සාගරය බොත් මැ, එහි අනන්ත වු මාණික්ය,යන් ගේ ඡායාව අහස් නමැති දර්ප ණ තලයෙහි පෙනුණා මෙන්, තාරකාවන් ප්රතසන්න වත් මැ, නිශා ක‍ාන්තාව ශ්රෙද්ධා සහිත චන්‍ද්රණය‍ාට මාර්ග්ය සරසමින්, දීප්තිමත් වු නිර්මසල වු මාලනි තුසුම ශතයන් (සිය ගණන් මාලති කුසුමයන්) ඉස්සා වැන්නැ.


මයුර විවරණය 187 විස්තර : නිශා කාන්තාව ගේ අග්නි ශුද්ධිය චන්‍ද්රල ස්වාමියා විසින් අදහන ලද සේ යැ. ඔහු ගේ මඳ වු ද අප්රගසන්න භාවයෙක් නැත. (විශෙෂයෙන් ප්රසසන්න භාවය මැ පෙනෙයි.) එ හෙයින් ඔහු එන්නා වු මාර්ගිය ද නිශා කාන්තා තොමෝ සරසන්නී යැ. එ සේ සරසමින් ඉස්සා වු සිය ගණන් මලිගිය මල් වැන්නැ, අහසෙහි වෙනුණා වු තරු.

ඒ තරු තව ද කුමක් වැනි ද? අගස්ති සෘෂිහු මුහුද දිය පූ කල්හි, ඒ මුහුදෙහි වු අප්රසමාණ මාණික්යනයන් ගේ ඡායාව ආකාශ නමැති කැට ‍පතෙහි පෙනුණා වැන්නැ.

සන්‍ධ්යාරලෝකය නැති වි ගියෙන් අහසෙහි තාරකා පහන් වැ බැබැළුණු බව මේ කී පරිදි යි.

ටිප්පණි : 1. සැදැ - ‘සැදැහු’ යනු අථි යි. ‘සදහ’ ධාතු ‘සදා’ යැ යි සිටි කලැ අතීත කෘදන්ත නාමය ‘සැදැ’ යැ යි සිටි, ‘නහ’ ධාතු ‘නා’ වු කලැ ‘නෑ’ යනු නිපදින්නා මෙනි. “ උදා වෙමින් එන සඳු මඟ නිසා/ කත” යනු ඇතැමුන් ගන්නා පාඨය යි. පිටපත්හි නොඑන්නෙකි.

2. ඉසි - (ඉසිමෙහි - සිඤ්චනයෙහි) ‘ඉස්’ ධාතු ‘රක්’ ආදි පර පද යි. ඉසි - ඉසිති - ඉසි - ඉසි.

"https://si.wikibooks.org/w/index.php?title=මයුර_සන්දේශ-විවරණයiv&oldid=4427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි