මයුර සන්දේශ-විවරණයiii
51. ලෙස තෙවිකුම් රුසු නොතැකුම් විකුම් කොට තුගු තුරු ගුම් බල සැලැසුම් සෙන් පිහිට ලොවැ සිරි තුම් ඇම පැවැතුම් කළ දිගට නිති මනරම් වඳ රයිගම් පුර වරට
අන්න ය : තෙවිකුම් ලෙස රුපු නොතැකුම් විකුමු කොටැ, තුඟු තුරු ගුම් සෙන් බල සැලැසුමු පිහිට කොටැ, ලොවැ උතුම් සිරි ඇම දිගට පැවැතුම් කළ, නිති මනරම් රයිගම් පුර වරට වදු.
අර්ථ : ත්රිරවිකුමයා (විෂ්ණුහු) වැනි සතුරා (පවා) නොතැකිම (ගණනට නොගැනීම) වික්ර්මය කොටැ, තුඞග (උස් වු) තූර්යා ඝොෂය බල සංවිධානය කිරිම සේනාවට ප්රිත්‍ෂඨාව කොටැ, ලෝකයෙහි උත්තම වු සම්පත්ති සියල්ල නොකඩ කොටැ පැවැතිම කළා වු, නිත්යෝයෙන් මෙනාරම්යු වු රයිගම් පුර වරයට වදුව.
විස්තරය : රයිගම් පුරය සියලු කල්හි මානොහර යැ. ලොවැ ඇති තාක් උත්තම සම්පත්ති එහි නොකඩ වැ පවති. පරශත්රෑ පද්රැව පැමිණි කල්හි ඇති සම්පත්ති ද කඩ වෙයි. ඒ එ සේ නම් රයිගම් පුරයෙහි සකල සම්පත්ති කෙසේ නම් නො කඩ වැ පවතී ද? රයිගම් පුරය වනාහි සතුරන් නො තකයි (නො සලකයි - ගණනට නො ගනී.) සාමාන්යන සතුරන් පමණක් නො වැ, විෂ්ණුහු වැනි වු සතුරනුදු නො තකයි. එ හෙයින් රයිගම් පුරයෙහි වික්රොමය නම් වික්රවමාන්විත වූ ද සතුරන් නො තැකිම යි. ඒ පුරයෙහි සේනාවට එක් විශිෂ්ට පිහිටෙක් වෙයි. එ නම් මහත් වු තූර්ය ඝෝෂයෙන් බල සංවිධානය කිරිම යි. එහි පැවැත්වෙන තූර්යව ඝෝධය ඉතා උසස් වෙයි, සකල නගරයට ඇසෙයි. ඒ තූර්යැ වාදනය කො තරම් ක්රෝමානුකූල වැ කැරෙයි ද, සේනාවෝ කො තරම් මනා ලෙස පුරුදු වුවාහු ද යත් :- සෙනඟ රැස් කිරිම යැ, “ වතුරඞගයෙන් මෙ තෙක් අසුවල් තෙතට
මයුර විවරණය 115 යන්නේ යැ, මෙ තෙක් අසුවල් කාර්යුයෙහි යෙදෙන්නේ යැ” යන ඈ විසින් කැරෙන විධානය යැ, යනාදි සියල්ල තූර්යහ ඝෝෂනුසාරයෙන් මැ ක්‍ෂණයෙකින් කරනු ලැබේ. එ හෙයින් කො තරම් බලවත් සතුරකුට වුව ද, තමා බල බිඳින්නට නගරය නොසැරැසුණු විටෙකැ නම් ළං වීම දුෂ්කර යැ. එ හෙයින් රයිගම් පුරයෙහි සම්පත්ති නොකඩ වැ පවතිනු වෙයි.
ටිප්පණි : 1. තුගු තුරු ගුම් බල සැලැසුම් - තුංග වු තූර්ය් ඝෝෂය (විසින්) බල සංවිධානය කිරිම. ‘බල’ යනුයෙන් මෙහි සේනා ශක්තිය ගැනෙයි, ශක්තිය සුදුසු පමණ බෙදා යොදා ලිම බල සැලැසුම යැ.
2. සැලැසුම් - ‘සලස’ ධාතු ‘බල’ ආදි පර පද යි. සලසා - සලසති - සැලැසී - සැලැසු.
3. පැවැතුම් - ‘පවත්’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර පද) පවති - පවතිනි - පැවති - පැවැති . (අත් පද) පැවැතේ - පැවැතෙති - පැවැතිණි - පැවැතුණු.
4. දිගට - නොකඩ වැ පවත්නුයේ දිගට මැ යෙයි. තන්හි තන්හි කඩ වනුයේ දිගට යන්නේ නො වේ. එ හෙයින් මෙහි ‘දිගට’ යනුයෙන් ලැබෙනුයේ ‘නොකඩ වැ’ යන අර්ථුයයි.
5. රයිගම් පුර වරට - රයිගම් දැනුදු එ නමින් මැ පවති. ‘රයිගම’ යන්නෙහි අථර්යු නම් ‘රාජග්රාඅම’ යනු යි. ‘රාජ’ යනු ඇතැම් භාෂාවලැ රාය - රායි - රෝයි - යන ඈ විසින් වහර වෙයි.
52. එ පුර හි පිළි මිනි පවුර දෙ පිරි දියෙනි ඉ තිර සපිරි පිරි ලෙස ඒ මිණි බිතිනි පැතිර ඔබින් ඔබෑ දිසි සේයා කෙ වැනි ගැඹර තර උනුන් එ දෙ දෙන බලන වැනි
අන්න ය : එ පුරහි පරි දියෙනි පිළි මිණි පවුර සෙ, ඒ මිණි බිතිනි ඉතිරැ සපිරි පිරි ලෙස, ඔබින් ඹබැ පැතිරැ දිසි සේයා කෙ වැනි ? එ දෙ දෙන උන් උන් ගැඹර තර බලන වැනි. මයුර විවරණය 116
අර්ථ : ඒ පුරයෙහි පරිඛා (අගළෙහි) ජලය කරණ කොටැ-ගෙනැ ස්ඵටිකමර්ණම ප්රා කාරය ලෙස ද, ඒ මණිහිත්තිය කරණ කොටැ-ගෙනැ ඉතිරෙන සේ සම්පූර්ණස පරිඛාව ලෙස ද, එයින් එහි (එකෙකින් අනෙකෙහි) පැතිරි පෙනුණා වු ඡායාව ඡායාව කෙ වැනා ද? (ප්රාඑකාර පරිඛා යන) දෙ දෙනා ඔවුනොවුන් ගේ ගැඹුර ද මහත ද (කො පමණ දැ යි) බලන්නා වැනි යැ.
විස්තරය : රයිගම් පුරය මහත් වූ පළිගු පවුරෙකින් වට කරන ලද්දේ යැ. පවුර වටා ගැඹුර දිය අගළෙකි, පවුර ලෙස වු ඡායාව පැතිරි අඟළ දියෙන් පෙනෙයි. අඟළ ලෙස වු ජායාව පැතිරි පළිගු පවුරින් පෙනෙයි. ඒ පෙනෙන්නෝ ප්රා කාර පරඛා දෙ දෙන මැ වෙත් නම්, ඔවුන් එහි කුමක් කරන්නා වැනි ද? ප්රාකාරය පරිඛාවට බැසැ, එහි ගැඹුර කො පමණ දැ යි බලන්නා වැන්නැ. පරිඛාව ප්රාෙකාරය ඇතුළට වැදැ එහි තරය (මහත) කො පමණ දැ යි බලන්නා වැන්නැ.
පවුර ඉතා මහත් බව ද අගළ ඉතා ගැඹුරු බව ද මේ හැඟැවු සැටි යැ, පවුරෙහි මහත් අඟළට ද පෙනි, අගළ විස්මයයට පැමිණැ පවුරෙහි මෙ පිටැ සිටැ එ පිටට විහිදි, මහත කො පමණ දැ යි බලන්නා බඳු යැ. අගළෙහි ගැඹුර පවුරට ද පෙනී, පවුර විස්මයයට පැමිණැ, අගළට බැසැ එහි ගැඹුර කො පමණ දැ යි බලන්නා බඳු යැ.
ටිප්පණි : 1. පුරහි - ‘පුර’ යනු ‘හි’ විබත් ගතත් තැනි. ‘පුරෙහි’ යනු දු යෙදෙයි.
2. පිළි මිණි පවුර - සුදු බිතු සුදු පවුරු යනාදිය පළිගුයෙන් කැරුණු සේ ගැනීම බොහෝ කවීනට අභිමත වි යැ. පළිගු පවුරෙක්හි, කැට පතෙක්හි මෙන්. අගළෙහි ඡායාව පෙනේ.
3. පිරි - පරිඛා. නගරයක් වටා ඇති දිය අගළ මෙ නම් වෙයි.
4.ඉතිරැ - ප්රටකාරාර්ථුයෙහි අතිත කෘදන්ත නිපාත යි. ‘ඉතාරැ සපිරිම’ නම් ඉතිරි යන සේ (ඉතිරි යන තරම්) සම්පූර්ණ විම යි.
‘උතුර’ ධාතු මෙහි ‘බස්’ආදී අත් පදයි. ඉතිරේ- ඉතිරෙති- ඉතිරිණි, ඉතිරි,ඉතිළි, ඉත්ළ- ඉතිරුණු, ඉතිරි,උතුළු, උතුළ
මයුර විවරණය 117 මේ ධාතු ‘බල’ ආදි පර පද ද වෙයි. උතුරා - උතුරති - ඉතිරි - ඉතිරූ.
5. සපිරි - ‘ස’ පූර්වත වු ‘පුර’ දයින් සිදු අතීත කෘදන්ත නාමය යි.
6. ඔබින් ඔබැ - එයින් එහි. “ පවුරින් අගළෙහි (පැතිරැ) ගළින් පවුරෙහි (පැතිරැ) “ යි යි සම්බන්‍ධය සලකන්නේ යැ.
7. ගැඹර - ‘ගැඹුර’ යනු ප්රරකෘතිය යි. විභක්ති ගන්නා කලැ මධ්යද ‘උ’ කාරය ‘අ’ බවට පැමිණේ. ගැඹුර + අ = ගැඹුර = ගැඹර. වැඩම (වැඩුම) - යැදම (යැදුම) - යොදන යොදුන) - යනාදිය ද විමසන්නේ යැ.
8. උනුන් එ දෙ දෙන - ඇතැමෙකි ‘එ දෙක උනුනුන්’ යනු සුපාඨය කොටැ-ගනිති. එහි මහ දොස් දෙකෙකි. (1)’උන් උන්’ (උනුන්) යැ යි දෙ වරක් විනා ‘උන් උන් උන්’ (උනුනුන්) යැ යි තුන් වරක් යෙදිමට ශාස්ත්රමයෙන් අවසරයෙක් නැති. (2) ‘උන්’ යැ යි ගැනෙන්නවුන් ඒ වාකයයෙහි මැ ‘දෙක’ යැ යි ගැන්ම ව්යානකරණය දන්නවුන් අතින් නො කැරෙයි.
58. තු ගු පා ලකළ කළ සල්පිල් වෙළෙඳ දනා නි ති පා නො කැරැ රඳනා රන් රුවන් තනා පි ළි පා පහන් කිඳු උඳු ඉඳි වැ වොරඳනා පි නි පා සියල් ලූ වැනි සිය කිරණ වනා
අන්නිය: තුගු පා ලකළ සල්පිල් කළ වෙළෙඳ දනා රන් රුවන් තනා පා නො කැරැ නිති රදනා වොරඳනා උදු පිළි පා පහන් කිඳු ඉදි වැ, පිනිපා සිය සියල් කිරණ වනා ලූ වැනි.
අර්ථ : උත්තුඞග ප්රාහසාදයන් අලඬකෘත කළා වු ආපණ ශාලාවන් කළා වු වර්ණ ග්ජනයා ස්වර්ණ මාණික්‍න්යන් පිළියෙළ කොටැ පහ නො කොටැ නිත්යනයෙන් රඳන්නා වු විරාජමාන වු ශුද්ධ (අමිශ්රළ) ස්ඵටික පාත්රයන් ගේ ප්ර්සන්න කාන්තාය සෘද්ධ වැ (පරිපුර්ණ( වීම කරණ කොටැ-ගෙනැ,) චන්‍ද්රහයා තමා ගේ සකල රශ්මිය පතුරුවා - ලුවා වැන්නැ.
විස්තර : වෙලෙන්දෝ එහි උස් ප්රාුසාදයන්හි ආපණ ශාලාවන් කොටැ-ගෙනැ සිටිති. ඉතා අගනා වස්තුන් ගෙන් යුත් බැවින් ඒ ආපණ ශාලාවෝ ප්රා සාදයන් අලඞකෘත කළාහු යැ. වෙළෙන්දෝ මෙ සල්පිල්වලැ පළිගු පාත්රසයන්හි රන් ද මැණික් ද පිළියෙළ මයුර විවරණය 118
කොටැ එ කිසිවක් කිසි විටෙකැ පහ නො කොටැ සිටිති. එ සඳහා පළිගු පාත්රග මැ විනා අන් කිසිවක් නො ගනිති. මෙ සේ සල්පිල් පුරා බබළමින් සිටි පළිගු පාත්රනවලැ සුදු කාන්තිය පැතිරි පිරි ගිය කලැ කුමක් මෙන් පෙනේ ද? චන්‍ද්ර්යා තමා ගේ සකල රශ්මිය ඒ සල්පිල්හි වනා ලු සේ පෙනෙයි.
ටිප්පණි : 1.පා නො කැරැ - පහ නො කොටැ. වෙළෙදාම පිණිස තුබු දැ පහ නො කැරේ නම් කවර වෙළෙදාමෙක් ද? විකිණිමෙන් අඩු වන දැ එ විටැ මැ නැවැතැ සපයන බැවින් කිසිවකුත් කිසි විටෙකැ පහ නො වනු වෙයි.
2. තනා - මෙහි ‘තන’ ධාතු පිළියෙළ කිරිමෙහි වැටේ. ‘බල’ ආදි පර පද යි. තනා - තනති - තැනී - තැනු.
3. උඳු - හුදු. ශුද්ධ (කෙවල - අමිශ්රැ)
4. ඉදි - සෘද්ධ. සම්පූර්ණත (සමෘද්ධ)
5. වොරඳනා - ‘ව’ ලෝපයෙන් ‘ඔරඳනා’ යනු ද වෙයි.
6. වනා - මෙහි ‘වන’ ධාතු (වියැළිමට ලු පිළි අදිය මෙන්) පැතිරිමෙහි වැටේ. ‘බල’ ආදි පර පද යි. වනා - වනති - වැනි - වැනු.
54. රු ව න් බඳ පොරොදු බැඳැ කඳු සැරැහුවෙති ලෙවන් තුටට යත එත ගජ වේ මැදිනි ගු ව න් මිණි උවම් මේ හිමි තෙද බෙලෙනි රු ව න් අකර පැතිරි ගිරි සරන වැනි
අන්න ය : ලෙවන් තුටට ගජ වේ මැදිනි යත එත, රැවන් බඳ ෙපාෙරාදු බැඳැ කඳ සැරැහුවෙති. ගුවන් මිණි උවම් මේ හිරි තෙද බෙලෙනි රුවන් අකර පැතිරි ගිරි සරන වැනි.
අර්ථර : ලෝකවාසීන් ගේ සන්තෝෂය පිණිස හස්තීන් පිරි මාධය අකයෙන් යත් මැ එත් මැ ( යන එන කල්හි,) රත්නයන් (මැණික්) එබු (හස්ති) සන්නාහයන් බැඳැ සකන්‍ධය (ශරීරය) සැරැහු හෙයින්, සූර්යපයා උපමා වු මෙහි (මෙ නගරයෙහි) ස්වාමිහු ගේ තේජෝ බලය කරණ කොටැ-ගෙනැ, රත්නාකරයන් විහිදි පර්වවතයන් සඤ්වාරය කරන්නා වැන්නැ. මයුර විවරණය 119 විස්තර : මහ ඇත්තු ඒ නගරයෙහි විර්ථැවලැ හැසිරෙති. ඔවුන් ගේ බඳ මැණික් ඔබ්බා කරන ලද සන්නාහයෙන් සරසන ලද්දේ යැ. මිනිස්සු ඔවුන් දැකැ සතුටට පැමිණෙති. එ සේ යන ඇත්තු කුමක් මෙන් පෙනෙත් ද? හැසිරෙන පර්වකත මෙන් පෙනෙති. ඒ ඇත්තු එ තරම් මහත් හ. පොරොදුවලැ මැණික් දැත් බඳ පුරා පැතිරි සිටි හෙයින් හැසිරෙන් පර්වඒතවලැ වු මැණික් ආකර පැතිරී - පිටතැ - මිහිදි - ගියා මෙන් පෙනේ. පර්වඒත හැසිරීමෙක්, මැණික් ආකර නිකම් මැ පැතිරිමෙක්, වේ ද? සාමාන්යැ වශයෙන් නො වේ. එහෙත් මේ නගරයෙහි ස්වාමි වු අලගක්කෝනාරයන් ගේ තේජෝබලය ඉතා මහත් යැ; සූර්යෙය ගේ තේජෝබලය වැන්නැ. ඒ තේජෝබලයෙන් නො සිදු වියැ හැක්කෙක් නැති. පර්වයත ද හැසිරේ, රත්නාකර ද පර්වයත පීෂ්ඨයන්හි පැතිරි සිටි.
ටිප්පණි : 1. සැරැහුවෙනි - ‘සැරැහු’ යනු අතීත කෘදන්ත නාම යි. ‘සරහ’ ධාතු ‘බල’ ආදි පර පද යි. සරහා - සරහති - සැරැහී - සැරැහු. මේ ධාතු ‘සරස’ යි ද සිටි.
2. ලෙවන් තුටට යත එත - ඒ ඇතුන් යනු එනු දක්නෝ උන් ගේ කල්යාරණයෙන්, උන් ගේ සැරැහිමෙන්, සන්තාෂයට පැමිණෙති. දක්නවුන් ගේ සන්තාෂය පිණිස මැ ඇතුන් හැසිරෙන වැන්නැ.
3. මෙ හිමි - මෙහි (මේ නගරයෙහි) හිමි. මෙහි - (ස්වර පුර්වත රඋපයෙන්) මෙහෙ - (‘හ’ ලෝපයෙන්) මේ + එ = (ස්වර්ණ දීඝීයෙන්) මේ.
55. උ සේ සරන නුබ සර යුවළ නුබ කුසේ තොසේ බලා පුර සිරි වන් නුවන් රසේ මෙ සේ විමන් ය සගින් කො තැන කැරැ සිසේ කෙ සේ ගෙනා දෝ සැක නොකරනු යැ කෙසේ
අන්නේය: උසේ සරන්නුබ සර යුවළ, නුවන් රසේ වන් පුර සිරි නුබ කුසේ තොසේ බලා, “මෙ සේ විමන් ස සගින් කො කැන සිස් කැරැ කෙසේ ගෙනා දෝ” කෙසේ සැක නොකරනු යැ?
අර්ථන : උසෙහි (උස් පෙදෙසෙහි) හැසිරෙන්නා වු නභශ්වර යුගලයන්, නයන රසායනයක් වැනි වු පුර ශ්රි ය ආකාශයෙහි සන්තෝෂයෙන් බලා, ”මෙ බඳු වු විමානයන්, ෂට්ස්වර්ගසයෙන්
මයුර විවරණය 120
කවර(නම්) ස්ථානයක් හිස් කොටැ කවර (නම්) ආකාරයෙකින් ගෙනාවාහු දොහො” යි කවර පරිද්දේකින් ශඞකා නොකරනු ද?
විස්තර : ඉතා ඉහළැ හැසිරෙන් ආකාශවර යුගලයෝ ද මේ පුරයේ අලඞකාරය අහසෙහි දකිති. ඒ තරම් ඉහළැ දි මේ පුරයෙහි අලඞකාරය කෙසේ දකිත් ද? මෙහි විමාන් එ තරම් උස් යැ. එ හෙයින් උසෙහි හැසිරෙන් ආකාශවරයෝ ද බිම හැසිරෙන්නවුන් මෙන් විමාන් ශ්රි ය දකිති. විමාන ඒ ආකාශවරයන් ගේ ද විස්මයය අවුස්සන තරම් ශොභාසම්පන්න යැ. ඉතා අලඞකාර විමාන ඇත්තේ ස දිව්යව ලෝකයෙහි යැ. එ හෙයින් මේ විමාන ස දිව්යර ලෝකයෙහි යම් කිසි තැනෙකින් ගෙනෙන ලදැ යි ආකාශ්වරයනට සිතෙයි. එහෙත් ස දිව්යන ලෝකයෙහි කවර නම් තැනකි හිස් කොටැ කවර නම් ආකිරයෙකින් මේ විමාන ගෙනාවාහු ද යන සැකය ඔවුනට උපදි, ආකාශවරයනුදු විමාන ස දිව්යා ලෝකයෙහි යම් කිසි තැනෙකින් ගෙනෙන ලදැ යි සිතිමෙන් ද, ඔවුනට පවා නගර ශ්රි ය නයන රසායන වීමෙන් ද හැඟෙනුයේ, ඒ විමානවලැ වර්ණයනා විෂයාතික්රාකන්ත ශ්රිනය යි. ස දෙව් ලොව කවර තැනෙකින් ගෙනෙන ලද ද යනු නොදැනිමෙන් එහි පවා වේ. විමාන විරල බව ද, කෙසේ ගෙනා දැ යි සිතිමෙන් විමාන ඉතා විශාල බව ද දැකිවෙයි. ඉතා ඉහළැ අහසෙහි හැසිරෙන් ආකාශවරයනට ද සමු වු හෙයින් හාගෙනුයේ විමාන එ තරම් උස් බව යි.
ටිප්පණි : 1. උසේ සරන - අහසෙහි පහළින් යන්නවුනට නම් සාමාන්යා විමාන ද පෙනේ. ඉහළින් යන්නවුනට පෙනියැ හැක්කේ ඉතා උස් විමාන යි. විමාන හැකි තරම් උස් කොටැ දක්වනු සඳහැ මෙහි ලා උසේ සරන නුබ සරත් මැ ගත් හ. 2. නුබ සර යුවළ - සිද්ධ විද්යාරධරාදිහු ‘නුබ සර’ (නහශ්වර) නම් වෙති. ‘නුබ’ නම් ආකාශය යි. නුබෙහි සරන්නෝ (හැසිරෙන්නෝ) නුබසරහු යැ. මෙහි ‘යුවළ’ යනුයෙන් ස්ත්රිි පුරුෂ දෙ දෙන ගැනෙති. Couple. මෙ බඳු දෙවතා විශෙෂයන් ගමන් යවන කවිහු චමත්කාර වර්ධශනය සඳහා ඔවුන් යුගල කොටැ ගනිති.
“ලොලා කෙළන වන දෙව් යුවළ ඇම කලේ” යනු ශ්රින රාහුල වචනයි. මයුර විවරණය 121 3. ස සගින් - චාතුර්මකහාරාජික, ත්රයයස්ත්රිං ශත් (තව්තිසා) යාම.තුෂිත, නිර්මාිණරති, පරනිර්මිත වශවර්ති යන මේ යැ ශටි ස්වර්ගදය නම්.
4. සිසේ - ‘සිස්’ යැ යි යිටියැ යුතු තැනි.
5. දෝ - ද + හෝ = (ස්වර පර රූපයෙන්) දො + හෝ - ‘හ’ ලෝපයෙන්) ද + ඕ = (ස්වර්ණන දිඝර්යෙින්) දෝ.
56. එ පුර වරේ වර’ඟන මේ මඟ’ස සරා සරන වරේ පිළිබිඹු වෙසෙහි තොරතුරා නො දැනැතරේ පිළිමිණි බිතට පන්සරා අ ත ර’ තු රේ විදැ රැවැවෙයු යැ පන් සරා
අන්න ය: එ පුර වරේ වර අඟන වේ මඟ අස සරා සරන වරේ, පත්සරා, පිළිබිඹු වෙසෙහි තොරතුරු නො දැනැ පන්සර අතුරුඅතුරේ පිළිමිණි බිතට තරේ. විදැ, රැවැටෙනු යැ.
අර්ථට : ඒ පුරවරයෙහි උත්තමාඞගනාවන් විථර්මායර්ගා්ශ්ර යය සරහි සඤ්වාරය කරන කල්හි, පඤ්චශරයා (අනඞගයා) ප්ර තිබිම්බ වෙෂයෙහි තත්‍වය නො වටහා -ගෙනැ, පඤ්ච ශරයන් අතරින් අතරෙහි ස්ඵටික මණි හිත්තියට තරයේ තදින්) විදැ, රැවැටෙන්නේ යැ.
විස්තර : ඒ නගරයෙහි විර්ථය මාර්ගයයෙහි හැසිරෙන්නා වු උත්තමාඞගනාවෝ ඒ විර්ථහ මාර්ගාරශ්ර්යය (විර්ථය මර්ගනය හා අවට ප්රාදෙශය) සරසති. ඔවුන් ගේ විශිෂ්ට රූප සෞන්‍දර්යය කරණ කොටැ-ගෙටැ විථර්මාථර්ගා ශයය ද බබළන්නට වෙයි. විර්ථ්ය දෙ පසැ වනුයේ මහ පෙහොසතුන් ගේ විමන් යැ. එහි හිත්ති පළිගුයෙන් කැරුණේ යැ. විර්ථයයෙහි සරන උත්තමාඞගනාමන් ගේ ප්රනතිබිම්බ, කැට පතෙක්හි මෙන්, පිළිගු බිතෙහි පෙනේ. ස්ත්රි හු කො තරම් රූප සම්පත්තයෝ ද යත හොත්, උන් දක්නා අනඞගයැ ද මත් වෙයි.ඔහු ගේ සිහිය ද මඳ වැ ගොස්, ප්රහකෘති වෙෂය යැ ප්රහතිබිම්බිත වෙෂය යැ යන දෙකෙහි වෙනස් තත්‍වය පවා නොදැනෙන්නට වෙයි. එ හෙයින් හේ ඒ ස්ත්රිබන් හියෙන් විදිනුයේ, ඇතැම් විටැ ස්ත්රිවන් මැ ලක් කෙරෙයි, ඇතැම් විටැ තතු නො දනැ ඔවුන් ගේ ප්රැතිබිම්බයන් ලක් කොටැ විසැ හිත්තියෙහි වැදැ බි බිමැ හුණු කල්හි. තමා රැවැටුණු බව දැනැ ගනි.
මයුර විවරණය
122
ගෙවලට පිළිමිණි බිතු වු හෙයින් නගරයට මහ දනවතුනට වාසය වු බව ද, යන මඟ පවා සැරැසු හෙයින්. අනඞගයා පවා මත් කැරැවු හෙයින්, එ නුවර ස්ත්රිපන් අනුපම රූපශ්රිෙන් යුක්ත වු බව ද හැගෙයි.
ටිප්පණි : 1. මේ මහ’ස - මෙහි ‘අස්’ යනු ‘ආශ්ර,යය’ යැ (අවට ප්රිදේශය යැ) යන අරුත්හි යෙදිණ, ‘අත්’ යනු මෙන් ‘අස්’ යනු නිරර්ථයක වැ යෙදෙන තැනුදු ඇත්. සිහිල මැ ‘සිහිලස්’ මුහුල මැ ‘මුහුලස්’ වරල මැ ‘වරලස්’ මේ නිදර්ශින කිහිපයෙකි.
2. සරා - සරහා. ‘සර’ (සැරැසීමෙහි) ධාතු ‘බල’ ආදි පර පද යි. සරා - සරති - සැරී - සැරූ.
3. පිලිබිඹු වෙසෙහි තොරතුරා - ‘තොරතුර’ යන්නෙහි අනන්යප ස්වර දීර්ඝල වුයේ සඳසැ රක්නට යැ. මෙහි තොරතුර නම් නියම තත්‍වයයි. ප්රුකෘති වෙෂය යැ ප්රඅතිබ්ම්බත වේෂය යැ යන දෙකට අයත් තතත්‍වයෙහි වෙනසෙක් වෙයි. ප්රුකෘති වෙෂයෙහි වම ප්රටතිබිම්බිත වෙෂයෙහි දකුන වැ ද දකුණ වම වැ ද පෙරැළි සිටි සිහිය අවිකල වුවකුට නම් මෙය හැඳිනැ - ගැන්ම දුක්‍ෂර නො වේ. අනඞගයා ඒ ස්ත්රිින් දැකැ මත් වුයෙන් ඔහු ගේ සිහිය විකල වියැ.
4. පන්සර - පසක් සර (හි) යමක්හු ගේ ද හේ පන්සරා යැ. අනඞගයාට මේ නම්. ‘සර’ ආදි ශබ්දයන් පර කල්හි ‘පස්’ යන්නෙහි ‘ස’ කාරයට ‘න’ කාරාදේශ වෙයි. පන්තිස් - පන්සාලිස් - පන්සැට - පන්සැත්තෑ - පන්සිය - පන්දහස් - පන්සිල් - යනාදිය ද නිදර්ශින යි. පස්විසි - පස් - පනස් - පස්අසු - පස්ඇස් - පස්රස- යනැදි තන්හි මේ ආදේශය නො වේ.
5. අතරතුෙර් - අතුරු + අතුරු = අතුරතුරු = (ස්වර පර රූපයෙන් හෝ පූර්වඅ රූපයෙන් හෝ) අතරතුරු. අතරතුරු + ඒ = අතරතුරේ. ‘අතරතුරේ’ යනු සඳහැ සාමාන්ය ව්ය වහාරයෙහි එනුයේ ඉඳැ - හිටැ-ලා’ යනු යි. මයුර විවරණය 123 6. විදැ - ‘විදැ’ ධාතු ‘රක්’ ආදි පර පද යි. විදි - විදිති - විදි - විදි.
7. රැවැටෙනු - මෙහි ‘රවට’ ධාතු ‘රක්’ ආදි අත් පද යි. රැවැටේ -රැවටෙති- රැවැටිණි,රැවැටි - රැවැටුණු. රැවැටි සකර්මරක ‘රවට’ ධාතු ‘බල’ ආදි පර පද යි. රවටා - රවටති - රැවැටි - රැවැටු.
8. පන්සරා - ගී පස. ‘පන්සර’ යැ යි සිටියැ යුතු තන්හි අනන්යද ස්වරය එළි වැට රක්නට දික් වී යැ.
57. සබඳ, මේ පුරවරාධීශ්වර මහෙශ්වර මිත්රැ අලබකශ්වර නම් ප්රළභූ රාජයා ගේ විශෙෂ ශ්රීවණය කර
අර්ථප : මිත්රෂය, මේ පුරවරයට අධිපති වු මහෙශ්‍වරයා ගේ මිත්රැ වූ, අලකෙශ්වර නම් අනුශාසක රාජයා ගේ විශේෂය (උසස් බව) අසව.
ටිප්පණි : 1. පුරවරාධීශ්වර - පුරවර + අධි + ඊශ්වර. ‘ඊශ්වර’ නම් ස්වාමියා යැ. ප්රරධාන ස්වාමි තෙමෙ අධිශ්වර නම් වෙයි.
2. මහෙශ්වර මිත්රස අලකෙශ්වර - මේ කියන අනුශාසක රජයා ගේ නම අලකෙශ්වර (අලකා + ඊශ්වර) යනු යැ. ‘අලකේශ්වර’ යන්නෙහි අර්ථමය නම් අලකා පුරයට අධිපති යනුයි. කෛලාසයෙහි යක්‍ෂයන් ගේ වාසය වු පුරය අලකා නම්. එයට අධිපති කුවෙරයා යැ.වෛශ්රජවණ යනු දු ඔහුට මැ නම්. කෛලාසයෙහි වසන්නා වු මහෙශ්වර (මහාදෙව - ශිව) තෙමේ අලකෙශ්වර වු කුවෙරයා ගේ මතුරෙකි. එ හෙයින් අලකෙශ්වරයාට ‘මහෙශ්වර මිත්රෛ’ යනු සුදුසු මැ නමෙකි. ඒ අලකෙශ්වරයාට ‘මහෙශ්වර මිත්රල’ යනු සුදුසු වුව ද . මේ අලකෙශ්වරයාට ඒ කෙසේ නම් සුදුසු ද? ‘මහෙශ්වර’ නාමයෙන් ලඞකායෙහි අග රජ ද ගත හැකි යැ. ඔහු ලඞකාමට මහෙශ්වර (මහා + ඊශ්වර) වන හෙයිනි. මේ අලකෙශ්වරයා ලඞකා මහෙශ්වරයා ගේ පරම මිත්රු යැ. එ හෙයින් මොහුට ද ‘මහෙශ්වර මිත්ර්’ යන නාමය යෙදේ මැ යැ. ‘මහෙශ්වර මිත්ර අලකෙශ්වර’ යනුයෙන් අනුශාසක රාජයා ගේ කුවෙරත්‍වය ද හැඟැවුණේ වෙයි. ලෝකයෙහි ධනවතුන් අතරැ කුවෙර තෙමේ අග්රව යැ. එ හෙයින් ඔහුට ධනද - ධනෙශ්වර - යනාදි නාමයෝ ද වෙත්. අලකෙශ්වර ප්ර්භූ රාජ තෙමේ ද කුවෙරයා වැනි මැ වු ධනවතෙකි. මයුර විවරණය 124
3. ප්ර භූ රාජයා ගේ - මෙහි ‘ප්රිභු’ යනු ‘අනුශාසක’ යන අර්ථන ඇත්තේ යැ. Governor, Ruler. දක්ෂිාණ පශ්චිම දෙශයනට හේ අනුශාසක වී යැ. එ හෙයින් ‘ප්රrභූ රාජ’ යන නාමය යෙදෙයි.
4. විශේෂ - යමක්හු ගේ යම් අධික ගුණයෙකින් හේ අනුන් ගෙන් වෙසෙසනු ලැබේ ද, යමක්හු ගේ යම් ගුණයෙක් අනුන් ගේ එ බඳු ගුණයනට වැඩි වැ සිටියේ ද, ඒ ඔහු ගේ විශෙෂය යි.
58. ජය සක් බෝ වාර ගොස කුඟු නාද කැර රුපු සක් නා පෑර ගත් ගජ කෙසර යුර මුළු සක් ලොනෑර යස තෙද පිරි ඉතිර අ ල ග ක් කෝනාර හිමි සඳ දින මේ පුර
අන්නගය : බෝ වාර ජය සක් ගොස තුගු නාද කැරැ, කෙසර ගජ අයුර, රුපු සක් නැ පෑරැ ගත්. යස තෙද ඉතිරැ මුළු ලෝ සක් නෑරැ පිරි, අලගක්කේනාර හිමි සඳ මෙ පුරැ දින.
අර්ථ : බොහෝ වාරයන්හි ජය ශඞඛ ඝෝෂ නමැත් උත්තුඞග නාද කොටැ, කෙසරිහු (සිංහයා) විසින් හස්තින් (පැහැරැ-ගත්) පරිද්දෙන්, රිපු චක්ර් (ඝත්රැ සමුහයන් ගේ) නායකයන් පැහැරැගත්තා වු, කීර්තියද තේජස ද ඉතිරි (ගොස්) සකල ලෝක චක්ර(ය අත් නො හැරැ පිරුණා වු, අලගක්කෝනාර ස්වාමි චන්ද්රේ තෙමේ මේ නගරයෙහි ජයෙන් වැජැඹේ වා.
විස්තරය : අලගක්කෝනාර ස්වාමි තෙමේ බොහෝ වාරයෙහි සතුරු සෙනඟ යුද්ධයෙහි ලා පරදවා සේනා නායකයන් (ජිවල්රාතහයෙන්) ගත්තේ යැ. සිංහයකු ඇතුන් ගන්නාක් මෙන් ගත්තේ යැ. සිංහයා උස් නාද කොටැ (ගජානය කොටැ)ඇතුන් ගන්නා සේ, ජය ශඞඛ ඝෝෂය කොටැ (ජය සක් පුම්බා) සතුරු සෙන් පතියන් ගත්තේ යැ. අලගක්කෝනාර නමැති සිංහ තෙමේ, ජය ශඞඛ ඝෝෂ නමැති තුඞග නාදය. (මහා ගර්ජ්නය) කොටැ රිපු චක්ර නායකයන් නමැත් ඇතුන් ගත්තේ යැ. ඔහු ගේ කීර්තිය ද තේජස ද ලෝකයෙහි පිරි-ගියේ යැ, පිරි ඉතිරි ගියේ යැ. ඉතිරුණු කීර්ති තේජස් උඩට සියලු ලෝකයෙහි එක ද තැනක් නෑරැ පිරි සිටියේ යැ.
ටිප්පණි : 1. ජය සක් - ජයෙහි දී පිඹිනු ලබන සක් ජය සක් යැ පුරාතනයෙහි දි පය සක්ඬින දැන්වීම සිරිත වි යැ. මයුර විවරණය 125 2. පෑර - ‘පෑරැ’ යැ යි සිටියැ යුතු තැනි. පැහැරැ = (‘හ’ ලෝපයෙන්) පැ + ඇරැ = (ස්වර්ණස දිර්ඝඹයෙන්) පෑරැ,
මෙහි ‘පහර’ ධාතු ‘බස්’ ආදි පර පද යි. පහරි - පහරිති - පහළි - පහළු. උදුරා-ගැන්ම යැ. පහර දිර යැ යන අරුත්හි මේ ධාතු වැටෙයි. මෙය ‘බල’ ආදි පර පදයෙහි ද වරනැගේ පහරා - පහරති - පැහැරි - පැහැරූ.
3. නෑර - ‘නෑරැ’යි සිටියැ යුතු තැනි.නො + හැරැ = (ස්වර පර රූපයෙන්) නැ + හැරැ = (‘හ’ ලෝපයෙන්) නැ + ඇරැ = (ස්වණී දර්ඝකයෙන්) නෑරැ.
4. අලගක්කෝනාර - දෙමළෙහි ‘අලගෙයික්කෝනාර’ යනු මේ සිංහලයට පෙරැළුණු සේ යැ.දෙමළෙහි ‘අලගෙයි’ නම් සංස්කෘතයෙහි ‘අලකා’ යනු මැ යැ. ‘කෝනාර්’ යනු ‘ඊශ්වර’ යන අර්ථ් ඇත්තේ යැ. මෙය මැ අර්ථඅය බලා සංස්කෘතයට පෙරැළිමෙන් මේ ප්රනභූ රාජයාට අලකෙශ්වර නාමය නිපන්නේ යැ. අලගක්කෝනාර, දෙවස්වාමි යන සොහොවුරන් දෙ දෙන දක්‍ෂිණ ජම්බුද්විපයෙහි වඤ්වි නම් පුරයෙන් ලක් දිවට පැමිණි බව ද ගිරි නම් වංශයෙහි උපන් බව ද සුප්ර සිද්ධ යැ එ හෙයින් “අලගක්කෝනාර නම් සෙනාලඞකාධිකර සෙනෙවිහු ගේ දෙටු පුත් යැ” යනු පිළිගත් හැකි නො වේ. “සෙනාලඞකාධිකාර සෙනෙවිහු ගේ මෙහෙණවර වංශයත් අලගක්කෝනාර ප්රුභූ රාජයා ගේ ගිරි වංශයත් එක මැ යැ” යනු කෙසේ කියමු ද?
59. ම ත ‘ ර ව ම් න් ර ඳ නා සරසවිය වත ව් ත ර වි සි න් කරවන මුළු ලෝ මවිත ස ත ර ව ති න් නිති නඳ දුන් සතර අත ස ත ර ව ත න් තෙවුනෙ යැ මේ හිමි සතත
අන්න ය : සරසවිය, වතර විසින් මුළු ලේ වමිත කරවන මන අරවමින් වතැ රඳනා, සතර වතින් සතර අතැ නිති නඳ දුන්, මේ හිමි සත් අත සතර වතින් තෙවුනේ යැ.
අර්ථන : සරස්වතිය, විස්තර වශයෙන් සකල ලෝකය විස්මිත කරවන්නා වු මතයන් පරන් කාශ කරවමින් මුඛයෙහි වසන්නා වු සතර (සඞග්රිහ) වස්තුයෙන් දොහෝ නොහොත් සතර ව්රනතයෙන් (සතර විහාරයෙන්) සතර දිශායෙහි නිරන්තරයෙන් අනන්‍දය (සන්තොෂය) දුන්නා වු, මේ ස්වාමි නමුත් බ්ර්හ්ම තෙමේ, ශාස්තෘ වෘත්තියෙන් දොහෝ නොහොත් චතුර්මුඛයෙන් බබළන්නේ යැ. මයුර විවරණය 126
විස්තර : අලගක්කෝනාර හිමි ද බ්රාහ්මයා ද සමානයෝ යැ. කෙසේ ද? දෙ දෙනා ගේ මැ මුඛයෙහි සරස්වතිය මත (හැගිම්) හෙළි කරවමින් රඳන්නී යැ. දෙ දෙනා ගේ මැ ඒ මත විස්තර වශයෙන් සකල ලෝකය විස්ම්ත කරවයි. දෙ දෙන මැ ‘සතර වතින්’ සතර දිශයෙහි සන්තෝෂය දුන්නෝ යැ. දෙ දෙන මැ ‘සතර වතින්’ බබළන්නො යැ. අලගක්කෝනාර හිමිහු ගේ මුඛයෙහි වසන සරසවිය කවරක් ද? ඕ කෙසේ නම් මත අරවා ද?
‘සරසවි’ (සරස්වති) යනු වචනයට ද නමෙකි. වචනය නිකුත් වනුයේ මුඛයෙනි, එ හෙයින් මුඛයෙහි සරසවිය හෙවත් වචනය රඳනුයේ නම් වෙයි. යම් කරුණක් පිළිබඳ වැ හැගිම් (මතය) ප්රරකාශ කැරෙනුයේ වචනයෙනි. එ හෙයින් වචනය හෙවත් සරසවිය මත අරවනු (හෙළි කරවනු - ප්රයකාශ කරවනු) වෙයි. මෙයින් අලගක්කෝනාර හිමිහු ප්රෞශඪ වු වාඞ්මාලයෙන් ස්වකීය උසස් මතයන් ප්රවකාශ කරන වාගිශ්වරයකු (කිමෙහි බිණිමෙහි අතිදක්‍ෂයකු) බව හඟවත්.
බ්රදහ්මයා ගේ භාර්යඟව සරස්වති යැ. ඕ සැමියා ගේ මුවෙහි වෙසෙයි. වචනයට ද ශාස්ත්රස ඥානයට ද අධිපති දෙවතා යැ. එ හෙයින් ඕ බ්රැහ්මයා ගේ මත ලොවට ප්රරකාශ කරවන්නී යැ. අලගක්කෝනාර ප්රශභූ රාජයා ගේ මත විස්තර වශයෙන් සකල ලෝකය කෙසේ මවිත කරවා ද?
ඔහු සැකෙවින් කී දැ, දෘෂ්ටර්ථ විසින් ලක්‍ෂ්යාර්ථි විසින් ව්යවඞගාර්ථත විසින් විවරණය කොටැ බැලු කලැ, ප්ර්කාශ වන බුද්ධි මහිමය මහා පණ්ඩිතයනුදු විස්මිත කෙරෙයි. සාමාන්ය්යන් ගැනැ කවර කථා ද? ඔහු ගේ එක් එක් වචනය පැතිරෙන සාරයෙන්, ගැඹුරු අථයෙන්, පුබුදුවන ධ්වනියෙන් යුක්ත යැ. එ හෙයින් විස්තර වශයෙන් ගත් කලැ මුළු ලොව මවිත කරවයි.
බ්රයහ්මයා ගේ මත විස්තර වශයෙන් සකල ලොකය කෙසේ මවිත කරවා ද?
ඔහු ගේ අතිසඞ්ක්‍ෂිප්ත වු ද මත ප්රනකාශය විස්තර කොටැ-ගත් කලැ සියල්ලෝ මවිත වෙති. වෙද වාක්යදයනට සායනාදින් කළ විවරණයන් ගෙන් ඒ බව ස්ඵුට වෙයි. මයුර විවරණය 127 ප්රරභූ රාජයා කවර නම් ‘සතර වතින්’ සතර දිශායෙහි ආනන්‍ද දෙයි ද? මෙහි ‘සතර වත්’ නම් චතුස්සඞග්රිය වස්තු යැ. රජුන් විසින් ලෝක සඞග්රවහය කළ යුත්තේ ඒ සතරින්. ප්රටභූ රාජයා ඒ සතර සර්ව් ප්රසකාරයෙන් සමෘද්ධ කෙරෙයි. එ හෙයින් රට මුළුල්ලෙහි සන්තෝෂය ඇති වෙයි. බ්රදහ්මයා කවර නම් ‘සතර වතින්’ සතර දිශායෙහි ආනන්‍දය දෙ ද? මෙහි ‘සතර වත්’ ව්ර ත සතරයි. එයට සතර බ්රිහ්ම විහරණ යැ යි ද කියති. සකල ලෝකවාසිහු බ්ර හ්මයා ගේ දරුවෝ යැ. ඔහු ගේ සතර විහරණයෙන් සකල ලෝකවාසිහු ප්රහමුදිත වෙති.
ප්ර භූ රාජයා කවර නම් ‘සතර වතින්’ බබළා ද?
මෙහි ‘වත්’ යනු වෘත්තියට (පැවැත්මට) නම්, ‘සතර’ යනු ‘ශාස්තෘ’ (ශාසක - Governor Ruler) යන අර්ථම ඇත්තේ යැ. ප්රාභූ රාජයා ගේ වෘත්තිය ජන ශාසනය යි හෙවත් දැහැමින් සෙමෙන් ජනයා ගේ වෘත්තිය ජන ශාසනය යි හෙවත් දැහැමින් සෙමෙන් ජනයා රැක්ම යි. හේ ඒ කාර්යූයෙහි අතිසම්ර්ප යෙකි. එ හෙයින් ශාස්තෘ වෘත්තියෙන් බබළන්නේ නමැ.
බ්රෙහ්මයා කවර නම් ‘සතර වතින්’ බබළා ද? මෙහි ‘වත්’ නමින් වක්ත්රකය (මුහුණ) ගැනේ. බ්රජහ්මයාට මුහුණු සතරෙකි. ‘සවුමුව’ (චතුර්මුඛ) යනාදි නම් ඔහුට වනුයේ එ හෙයින්. මෙ සේ බ්ර හ්මයා සතර වතින් බබළනු නම් වෙයි.
ටිප්පණි : 1. අරවමින් - ‘අර’ (ඉදිරිපත් කිරිමෙහි) ධාතු ‘බස්’ ආදි පර පද යි. අර - අරිති - අළි - අළු. මේ ධාතුව අර්ථන වශයෙන් ‘හර’ (හැරිමෙහි) ධාතුවට ඉඳුරා වෙනස් බව සැලැකියැ යුත්තේ යැ. ‘හර’ ධාතුයෙන් නිපදනා රූපයන් ද ඇතැමි විටැ ‘හ’ කාරය නැති වැ යෙදිමෙන් මේ වෙනස නොවෙනස් වෙයි. ආරෝහණයෙහි ‘අර’ ධාතු ‘බල’ ආදි පර පද යි. අරා - අරති - ඇරි - ඇරූ.
2. සතර වතින් - (1) - සතර සඞග්රදහ වස්තු නම් දාන (දිම) - ප්රි.ය වචන (මිහිරි බස්) - අථිචර්යා (රට වැස්සනට වැඩ පිණිස හැසිරිම) - සාමානානාත්මතා (රට වැස්සන් තමා හා සමාන කොටැ සැලැකිම) යන මෙ යැ.
මයුර විවරණය
128
සතර ව්රවතය හෙවත් බ්රසහ්ම විහරණය නම් මෛත්රිය, කරුණා, මුදිතා, උපෙක්‍ෂා (මැදහත් බව), යන මෙ යැ.
“ සැප වැඩි සත වෙතා සතුටු වන සේ මුදිතා”
යැ යි කී හ. රහල් මහ තෙරහු.
3. තෙවුනෙ යැ - තෙවුනේ යැ. ‘තෙවුනු’ යනු තෙවි’ (බැබැළිමෙහි) ධාතුයෙන් වු වර්තැමාන කෘදන්ත නාමයි. ‘රක්නේ’ යන තන්හි මෙහි ‘තෙවුනේ’ යන තන්හි වනුයේ (දානන්ය ) ‘න’ කාරය යි.
‘තෙවු’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (ප) තෙවි - තෙවිනි - තෙවි - තෙවි. (අත්) තෙවේ -තෙවෙති - තෙවිණි - තෙවුණු
60. තු න් කුළු වැනා තුන් රජයේ නර නැ ගති මෙන් අසුරිඳු පුර නර ලෝ මුඳුන් පති ම න් තුඟු බල මැති කුල කුල ගිරිත් ඇති දැ නි මේ හිමි රන් ගිරි සරි සිරින් යුත
අන්නිය: තුන් කුළු වැනි තුන් රජයේ තර වැ ගති; අසුරිඳු පුර මෙන් නර ලෝ මුඳුන් පති; මන් බල තුගු මැති කුල නුල ගිරිත් ඇත්. මේ හිරි දැන් රන් ගිරි සරි සිරින් යුති.
අර්ථන : ත්රිුකුටය වැනි වු තුන් රාජ්‍යයෙහි ස්ථිර වැ ගත්තේ යැ; අසුරෙන්‍ද්රු පුරයෙහි මෙන් නර ලෝකයෙහි මස්තකයෙට පැමිණියේ යැ. අභිමානය ද බලයද තුඞග (උස්) වු මන්ත්රීක කුල නමැති කුල පර්වුත ද ඇත්තේ යැ. මේ ස්වාමි තෙමේ දැන් ස්වර්ණිගිරිය (මහා මෙරුව) හා සමාන වු ශ්රිපයෙන් යුක්ත යැ.
විස්තර : අලගක්කෝනාර හිමි මහ මෙර වැන්නේ යැ. කෙසේද? මහ මෙර ත්රිතකූට නම් වු පවර්තෝ කූට තුන මුඳුනෙහි ස්ථිර වැ පිහිටියේ යැ. අලගක්කෝනාර හිමි තුන් සිංහල රාජ්යපයෙහි ස්ථිර වැ පිහිටියේ යැ. මහ මෙර අසුරෙන්‍ද්ර්යා ගේ පුරය (අසුර ලෝකය) මුඳුනෙහි පිහිටියේ යැ. අලගක්කොනාර හිමි මනුෂ්යඅ ලෝකය මුඳුනෙහි පිහිටියේ යැ. හෙවත් මනුෂ්ය. ලෝකයට අග්ර. වී යැ. මහමෙර වටැ කුල පර්වුත ඇත. අලගක්කෝනාර හිමි වටා මන්ත්රි. කුලයො (සමුහයෝ) ඇත්තාහ.
මයුර විවරණය 129 ටිප්පණි : 1. තුන් කළු - මහ මෙර ළිප් ගල් සේ සිටි මහා පර්ව ත කූට තුනක් මත්තෙහි පිහිටියේ ල. ඒ පර්වටත කූට තුනට ත්රිමකූට යැ යි කියති. ත්රිුකූටය ඇතුළකැ මහ මෙර යටෑ අසුර භවනම වේ ල. 2. තුන් රජයේ - ලඞකාව පුරාතනයෙහි රුහුණු, මායා, පිහිටි යැ යි. රාජ්යෙ තුනකට බෙදන ලද්දේ යැ. උතුරින් කළු මහවැලි දෙ ගඟ ද, සෙසු තුන් පසින් මුහුද ද හිමි වු ප්රබදේශය රුහුණ යි. මායා රටට උතුරින් දැදුරු ඔය ද, නැගෙනහිරින් මහවැලි ගඟ ද, දකුනින් කළු ගඟ ද, බස්නාහිරින් මුහුද ද හිමි වුයේ යැ. සෙස්ස පිහිටි රටට අයත් වියැ. අලගක්කෝනාර හිමිහු ගේ බලය මේ තුන් රජයෙහි මැ ස්ථිර වැ පිහිටි හෙයින් “ තුන් රජයේ තර වැ ගති’ යනු කී හ.
3. අසිරිඳු පුර - මහ මෙර මුඳුනෙහි දස දහසක් යොදුන් තව්තිසා දෙව් ලොව ද, මහ මෙර යටැ එ තරම් මැ වු අසුර භවනය ද පිහිටියේ ල.
4. රන් ගිරි - මහ මෙරට නමි. මහ මෙරෙහි පෙර පස රිදිමුවා යැ යි ද දකුණ පස ඉඳුනිල් මිණිමුවා යැ යි ද පැළ පස පළිගුමුවා යැ යි ද උතුරු පස රන්මුවා යැ යි ද යෙති. මෙ සේ රුවන්මුවා වන බැවින් ‘රුවන් ගිරි’ යනු ද එක් පසක් වුවත් රන්මුවා වන බැවින් ‘රන් ගිරි’ යනු ද නම් වෙයි.
61. ව ත දෙත සමත මෙ හිමි පත් තැන් පටනි කෙත ව ත සතත පෑ පල බලවත් බැවිනි ස ත සි ත ලෙසට වැඩි සිරි සිරි කත රිසිනි ස ත කි ත යුගය වත අමුතු වැ වැවෙන වැනි අන්නතය: වත දෙත සමත මෙ හිමි පත් තැනි පටන් කෙත වත සතත පෑ පල බලවත් බැවිනි, සත සිත ලෙසට සිරි කත රිසිනි වැඩි සිරි, සත කිත යුගය වත අමුතු වැ වැවෙන වැනි.
අර්ථු : වස්තු දිමෙහි සමර්ථස වු මේ ස්වාමිහු පැමිණි තැනි පටන් ක්‍ෂේත්රයයන් ද වාස්තුන් ද (කුඹුරු ද වතු ද ) පෑවා වු ඵල (අස්වැන්න) බලවත් බැවින්, සත්වතයන් ගේ සිත් වු පරිද්දෙන් ශ්රිු කාන්තාව ගේ රුචියෙන් (කැමැත්තේන්) වෘද්ධියට (වැඩිමට) පැමිණි සම්පත්ති සත්යා කෘත යුගය වනු පිණිස අමුතු වැ (අලුත් වැ) වර්ධ)නය වන්නා වැනි යැ.
මයුර විවරණය
130
විස්තර : අලගක්කෝනාර හිම් වස්තු දිමෙහි අතිසමර්ථයයෙකි හේ සුදුස්සන් බලා කෙත් දෙයි, වතු දෙයි, සි සානා උපකරණ දෙයි, බිජුවට දෙයි, අනෙකුදු කර්මකන්තයෙන්හි යෙදෙන්නවුන්ට වුව මනා දැ දෙයි.සියලු කම් කරුවෝ තමතමනට අයත් කර්මයන්තයන් නො පිරිහෙළා කෙරෙති. කෙත් - වතු සශ්රිසක වැ නොසිතු තරම් ඵල ලැබෙන්නට වෙයි. අනෙක් කර්ම.න්තයන් ගේ ඵල ද එ බඳු යැ. එ හෙයින් ජනයන් ගේ සිත් වු පරිදි සම්පත්ති වැඩෙයි. කො තරම් වැඩෙයි ද යත්, සත්ය නම්වු කෘත යුගය පැමිණෙන කලක් මෙන් වෙයි. සකල ශ්රිය සම්පත්ති අමුතු අමුතු වැ වැඩෙන් සේ පෙනෙන හෙයිනි.
ටිප්පණි : 1. පටති - ‘පටන්’ යැ යි සිටියැ යුතු තැනි.
2. සිරි කත රිසිනි වැඩි සිරි - ලක්ෂ්මි සම්පත්තියට අධිපති දෙවතා යැ. ඇය ප්ර සන්න වු කලැ සම්පත්ති වැඩෙයි ප්රතභූ රාජයා ගේ ක්රි යා මාර්ගුයෙන් පැහැදුණා වු ශ්රිව කාන්කාවට ලඞකාද්්විපයෙහි සම්පත්ති වැඩි කරවන රිසි උපදි. රට සමෘද්ධ වනුයේ එ හෙයිනි.
3. සත කිත යුගය - සත්යය නම් වු කෘත යුගය. මහා යුගයෙකැ ඇතුළත් වු යුග සතරින් පළමු වැන්න ‘කෘත’ නම් වේ. ‘සත්යඇ’ යනු ද ඊට මැ නමෙකි. යුග අතරින් ශ්රෙයෂ්ඨ වුයේ කෘත යුගය යි. කෘත යුග ස්වභාවය මෙ සේ වනත ලදි:
“ කෘතෙ ධර්මුශව තුෂ්පාදඃ සර්වෙධර්මතරතා ජනාඃ වර්ණාධශ්රශමාවර රතාස්තපොව්රධතපරායණඃ
“ නාරායණාර්ථගනපරාඃ ශොකව්ය ධිවවර්ජිතඃ සත්යොදක්තිභාෂිණඃ සර්වෙ සදයා දිර්ඝරජිවිනාඃ
“ධතධාන්යායදිසම්පත්තා හිංසාදම්භවිවරජිතාඃ පරොපකිරිණශෛවව සර්වභශාස්ත්ර විදස්තථා
“එවංර්වෛධාඃ සත්යශයුගෙ සර්වෙද ලොකා ද්විජොත්තම රාපධර්‍මග්රාසහිණාශ්ව භුපාලා ජනපාලිනඃ
“අහො සත්යයුගස්යාරස්ති කඃ සඞ්ඛයාතුං ගුණානි ක්‍ෂමාඃ අධර්මාොවරණං තත්රා ජනාඃ කෙවින්ත කුර්වගතෙ”
මයුර විවරණය
131
කෘත්යවහි ධර්මවය සිවු පා ඇත්තේයැ. ජනයෝ සකල ධර්මමයෙහි ඇලුණෝ යැ, වර්ණයශ්රධමාවාරයෙහි ඇලුණෝ යැ. තපොව්රරතය පරම පිහිට කොටැ ඇත්තෝ යැ,
නාරායණයා පිදිමෙහි ඇලුණෝ යැ. ශොකාරොග නැත්තො යැ. සියල්ලෝ සත්යි වචන කියන්නෝ යැ, දයා සහිතයෝ යැ, බොහෝ කල් ජිවත් වන්නෝ යැ,
ධන ධාන්යානදියෙන් යුත්කයෝ යැ, හිංසා කපට භාව නැත්තෝ යැ. පරොපකාරිහු යැ, එ සේ මැ සියලු ශාස්ත්රු දත්තෝ යැ,
බ්රාාහ්මණොත්තමය, සත්යර යුගයෙහි සියලු ලෝකවාසිහු මේ බන්දෝ යැ, භූපාලයෝ ද රාජ ධර්මොය ගත්නෝ යැ. ජනයන් රක්නෝ යැ.
අහෝ, සත්ය් යුගයා ගේ ගුණයන් සඞ්ඛ්යානනට කරන්නට සමර්ථ වු කවරෙක් ඇත් ද? එහි කිසි ද ජන කෙනෙක් අධර්ම යෙහි හැසිරිම නො කෙරෙත්,
4. වත - මෙහි අසමභාව්යම කෘදන්ත නිපාතය අනාගත කෘදන්ත නිපාතයෙහි අර්ථ.ය දෙයි. එ හෙයින් ‘වනුව’ යන්නට සමාන යැ.
62. ගු ණෙ න් අමිත මන් කළ අමතකිරණට තෙ දි න් සැහැසි සහස වැ සහසකිරණට ඔ දි න් විකුම් පෑ නව රතන දෙරණට ක ගි න් පහර රුපු නො ති බි යැ දරණට
අන්නගය : ගුණෙන් අමිත මන් කළ අමතකිරණට, තෙදින් සැහැසි සහසකිරණට සහස වැ, ඔදින් නව රතන දෙරණය විකුම් පෑ කගින් පහර දරණට රුපු නො තිබි යැ.
අර්ථව : ගුණයෙන් අප්රිමාණ මානය කළා වු අමෘතරශ්මිහු හට ද, තේජසින් සාහසික වු සහස්රකිරණයාට ද සහාස වැ (හාස හෙවත් සිනා සහිත වැ,)ඕජස කරණ කොටැ-ගෙනැ නවරත්න ධරණියට වික්ර මය ප්රතකාශ කොටැ, ඛඩ්ගයෙන් ප්රිහාර ධාරණයට සතුරකු ඉතිරි නො ෙකළේ යැ.
විස්තරය : අලගක්කෝනාර ප්රමභූ රාජ කෙමේ ඉතා මහත් (සෞම්යන) ගුණ ඇත්තේ යැ. සෞම්යල ගුණයෙන් චන්‍ද්රසයාට
මයුර විවරණය
132
වැඩියෙක් ලෝකයෙහි නො වී යැ. එ හෙයින් චන්‍ද්රසයා අප්ර මාණ වු මානය කළේ යැ. එ තරම් වු චන්‍ද්රතයාට ද ප්රාභූ රාජ තෙමේ සිනා සෙයි චන්‍ද්රරයා ගුණයෙන් ඔහුට පරදනා හෙයිනි.
සූර්යැයා තේජස කරණ කොටැ-ගෙටැ සාහසික යැ(අතිශයන් දරුණු යැ.) එ බඳු වු සූර්යයයාට ද ප්ර්භූ රාජ තෙමේ සිනා සෙයි. කවර හෙයින් ද? තමා ගේ තේජස් ඒ සූර්යයය ගේ තේජසට ද වඩනා හෙයිනි.
ප්රසභූ රාජයා ගේ ගුණය ද තෙජස ද කොතරම් මහත් වි ද යත්, පෙරැ තමන් ගේ ඕජස (උසස් වු ශක්තිය) කරන කොටැ-ගෙනැ ලඞකා භූමියට වික්ර මට දැකිවු සතුරෝ ද නැති වු හ. ඇතැම්හු ඔහු ගේ අනුපම ගුණයෙහි පැහැදැ, සතුරු බව දුරැ ලා මිතුරු වු හ. ඇතුම්හු ඔහු ගේ තේජසින් බිය වැ. යුද්ධයට නො පැමිණැ මැ බිඳුණෝ යැ. එ හෙයින් ප්රඔභූ රාජයා ගේ කඩුයෙන් පහරක් කෑමට (යුද පිණිස ඉදිරියට පැමිණිමට තරම් අභිත වු) සතුරෙක් ඉතිරි වැ නො සිටියේ යැ.
ටිප්පණි : 1. අමිත - සංස්කෘතයෙහි ‘අමිත’ 2. යන්නෙහි අර්ථසය නම් ‘නො මනනා ලද’ (ප්රරමාණ නො කරන ලද - මෙ තෙකැ යි නො කියැ හැකි) යනු යි. මනනා ලද්දේ ‘මිත’ යි. ‘මා’ (මානුම්හි) ධාතුමට ‘ත’ ප්රදත්යතයය වීමෙන් සිදු වු අතීත කෘදන්ත නාමය යැ ‘මිත’ යනු. ‘මිත’ නොවනුයේ අමිත යි.
2. මන් කළ - “මා හා සමාන වන්නෙක් නැති, මම සියල්ලනට වැඩියෙමි” යනාදි විසින් සිතීමෙන් අහඞකාරය ඉපැදැවිම ‘මන් කරනු’ නම් වේ. කවි සමයයෙහි සෞම්ය් ගුණයෙන් චන්‍ද්රුයාට සමයෙකි නැති. එ හෙයිනි ඔහු ‘අමත මන්’ කරනුයේ.
3. අමතකිරණ - සංස්කෘතයෙහි ‘අමෘතකිරණ’ යනු වෙයි. අමෘතය වැනි වු (එ තරම් ප්රිිය කර වු සිසිල් වු) කිරණය (රශ්මිය) වනුයේ යමක්හු හට ද හේ අමෘතකිරණ නමි. චන්‍ද්ර්යා යැ.
4. සැහැසි - සාහසික. සාහසය ඇතියේ සාහසික යි. ‘සාහස’ ශබ්දයා ගේ අනෙකාර්ථැයන් අතුරෙහි ‘දරුණු බව’ යනු මෙහි යෙදේ. මයුර විවරණය 133 5. සහස - හස (හාස - සිනා) සහ වුයේ සහස. “චන්‍ද්රතයා ගුණයෙන් අග්ර. යැ” යි කී කලැ. “සූර්යයයා තේජසින් අසම යැ” යි කී කලැ; ප්රයභූ රාජයාට සිනා පහළ වෙයි. ඔහු ගුණයෙන් චන්‍ද්රසයාට ද, තේජසින් සූර්යමයාට ද වඩනා හෙයිනි.
6. නව රත්න දෙරණය - ලඞකාව මෙහි ‘නම රතන දෙරණ’ (නම රතක ධරණි - නව රතන භූමි) යන නමින් ගැනිණ. ‘රත්න ද්වීප’ යනු ලඞකාවට අතිපුරාණයෙහි පටන් යෙදුණු නමෙකි. එ හෙයින්, මෙහි සතළොස් වැන්නෙහි. “ නව මිණි දෙරණියුරු රජ කුමරුවන් ලදූ” යන තන්හි ‘නවමිණි දෙරණිසුරු’ යන්නට ‘නව රත්න ධරණිශ්වර’ (නව රත්න භූමියට - ලඞකාවට - අධිපති) යැ යි අරුත් පැවැසීම සුදුසු වෙයි.
7. කගින් පහර - (අලගක්කෝනාර හිමිහු ගේ) කඩුයෙන් පහර. ඇතැමිහු ඔහු ගේ ගුණෙන් පහර කා සතුරු කම දුරු ලා. මිතුරු වූ හ. ඇතැම්හු ඔහු ගේ තෙදින් පහර කා බිය වැ වල් පැදුනෝ යැ. එ හෙයින් කගින් පහර කන්නට එකෙකුදු ඉතිරි නො වි යැ.
8. දරණට - ධරණයට. දැරිමට. ඉසිලිමට. සංස්කෘත ‘ධරණ’ යනු සිංහලයට පැමිණැ ‘දරණ’ යි සිටි. ‘දර’ දයින් වු ‘දරනු’ (දරන) යනු මෙයින් අන්යල යි.
63. හිමි සියපත් සිය පත් මෙන් වත තෙදිනි සිය සිය පත් සි ය ප ත් යුත් වු සිරිනි රුපු ගන පත් ගන පත් පළ වැදැ ගොසිනි මෙන් මහවත් ම හ ව ත් නො පතත් බියෙනි
අන්න ය : හිමි තෙදිනි සියපත් සිය පත් මෙන් වත, සිය සිය පත් සිරිනි සියපත් යුත් වු; රුපු නලැ පත් පත් ගන පළ වැදැ ගොසිනි, මහවත් මෙන්, බියෙනි මහවත් නො පතත්.
අර්ථන : ස්වාමිහු ගේ තේජස කරණ කොටැ-ගෙනැ, ශතපත්රප බන්‍ධුහු (සූර්යවයා) පැමිණියා මෙන් වන කල්හි, ස්වකීය ශතයෝ (සිය ගණන් ස්වකීයයෝ) ප්රා)ප්ත වූ ශ්රි්ය කරණ කොටැ-ගෙනැ, ශතපත්රපයන් වැනි වු හ; ශත්රෑයහු මේඝයෙහි (වැසි කලැ) පැමිණියා වු පත්රකයන් ඝන වු ස්ථානයනට වැදැ ගොසින් මහමුහුණන් (බකමුහුණන්) මෙන්, භයින් මහා පථයන් (මා මාගීයන්) ප්රාබර්ථ නය නො කෙරෙත්. මයුර විවරණය 134
විස්තර : ප්රනභූ රාජයා ගේ තේජස ඉතා දරුණු යැ. එය පැතිරෙන කලැ සුර්යරයා පැමිණි කලැ මෙන් වෙයි. ඔහු ගේ සිය ගණන් ඥාති මිත්ර්යෝ එයින් ශ්රියයට (සම්පත්තියට) පැමිණෙති. සූර්යරයා පැමිණි කලැ පියුම් ශ්‍ියයයට (පිපිමෙන් ශොභාවට පැමිණෙන්නා මෙනි. සතුරෝ වනාහි ප්ර.භූ රාජයා ගේ තේජස පැතිරෙන කලැ, හිරු දුටු බකමුහුණන් මෙන්, වල් වද්ත්; එහි දු අඳුරු තැන් සොයා, වැසි කාලයෙහි තුරුලියවලැ ඇති වු පත්රි ඝන වැ ඇත් තන්හි සැඟැවෙති. භය කො තරම් මහත් ද යත හොත්, මාර්ග්යකට බසින්නට වත් නො සිතති.
ප්රසභූ රාජයා නිසා භිතයන් සැපතට ද අභිනයන් විපතට ද පත් වු බව මේ කී සැටි යැ.
ටිප්පණි : 1. සියපත් සිය - සියත් පත් වනුයේ යමෙක්හි ද ඒ සියපත්. පියුමට නම්, ‘ස්වකීය’ (බන්‍ධු) යන අර්ථ.යෙහි ද ‘සිය’ යනු වැටේ. සූර්යශයා පියුමන් පුබුදුව යි යනු කවි සමයය යි. එ හෙයින් සූර්යුයා පද්මයනට ස්වකීය යැ - බන්‍ධු යැ - නෑ යැ, මෙ සේ සූර්යයයා ‘සියපත් සිය’ නමට සුදුස්සේ යැ.
2. සිය සිය - ස්වකීය ශතයෝ. මෙහි දෙ වැනි ‘සිය’ යනු ‘සියපත්’ යන තන්හි මෙන් ශතයට (සියයක් මැ හඟවන්නේ නො වේ, බොහෝ ගණනක් හඟවන්නේ යැ.
3. පත් සිරිනි - ප්රාවප්ත වු ශ්රිැයෙන්. ස්වකිය ශතයන් පත් සිරි නම් රන් රුනන් ගම් බිම් තනතුරු ආදිය යි. ශත පත්රුයන් පත් සිරි නම් ප්ර බෝධ වීමෙන් ඇති වන ශොභාව යි.
4. ගන පත් - ‘ගනැ පත්’ යි යි සිටියැ යුතු තැනි. ‘ගන’ යනු මෙඝයට (වැස්සට) නම් වෙයි. වැසි කලැ තුරුලිය වලැ දළු ලියලා පත්රන (කොළ) විඩි වීමෙන් සාන්‍ද්ර (ඝන) වෙයි. එ බඳු තැන් සැඟැවිමට සුදුසු යැ.
5. වැදැ ගොසිනි - මෙයින් ලැබෙනුයේ ‘වැදැ’ යන්නෙහි අර්ථනය පමණෙකි. එ හෙයින් ‘ගොසිනි’ යනු නිරර්ථයක යැ. 6. මහවත් - මහ වූ වත් (මුහුණ) යමක්හු ගේ ද හේ මහවත්. මහමුහුණු - බහුමුහුණු - යන දෙ නම ද මේ අර්ථරය මැ දෙයි. මයුර විවරණය 135 7. නො පතත් - ‘නොකැමැති වෙත්’ යනු අර්ථැ යි.
‘පත’ ධාතු ‘බල’ ආදි පර පද යි. පතා - පතති - පැතී - පැතු.
64. ඔහු තෙද යුත යුද පත සිපත ලෙළ දෙත විහිදි සුළඟ වැඳැ මෙන් රුපු රුක් සැලෙත අද වත් ළ පලු පත් එවි වෙව්ලුම් ගනුත විලිකුන් පතෙව් අව් ගිලිහිණි අතින් අත
අන්නකය: යුද පත, තෙද යුත ඔහු සිපත ලෙළ දෙත, විහිදි සුළඟ වදැ මෙන් රුපු රුක් සැලෙත, අද වත් ළ පලු පත් එව් වෙවිලුම් ගනුත, අතින් අතැ අවි, විලිකුන් පත් එව්, ගිලිහිණි.
අර්ථක : යුද්ධයෙක් පැමිණියේ නම්, තේජස් ඇත්තාවු ඔහු ගේ ඛඞග පත්ර ය ලෙළ දෙත් මැ, (එයින්) පිහිදුණා වු සුළඟ වැදි (වැදිමෙන්) මෙන්, ශත්රැී නමැති වෘක්‍ෂයන් චඤ්චල වත් මැ, හෘදය වස්තුන් බාල පල්ලව පත්රදයන් මෙන් වෙවිලිම ගනුත් මැ, අත්න් අත්හි (අතක් අතක් පාසා වු) ආයුධ, ඉදුණු පත්රරයන් මෙන්, වැගුරුණේ යැ.
විස්තර : යම් හෙයෙකින් යුද්ධයක්. පැමිණිය ද, ප්රළභූ රාජයා කඩු සරඹ දැක්තවීම මැ ප්ර මාණ වෙයි. එය දක්නා සතුරෝ, සුළඟ වැදුණු ගස් මෙන සැලෙන්නට වෙති; ඔවුන් ගේ හෘදය වස්තූහු සුළග වැදුණු ළා දළු මෙන් වෙවුලන්නට වෙති; ඔවුන් ගේ අත්හි ආයුධයෝ සුලඟ වැදුණු පුරාණ පත්රුයන් මෙන් හැලෙන්නට වෙති. ප්ර්භූ රාජයා කඩු හරඹයෙහි අසමාන දක්‍ෂයකු බව ද, ඔහු ගේ කඩු හරඹය දුටු පමණින් මැ සතුරන් බිය වැදැ, අවි හෙළා, පලා යන බව ද මෙ කී සැටි යැ.
ටිප්පණි : 1. සිපත - අසි + පත = (ආදි ස්වර ලෝපයෙන්) සිපත, සිංහලයෙහි මෙ ද සන්‍ධි විධියෙකි. 2. විහිදි සුළඟ - පරකි භූ රාජයා කො තරම් වේගයෙන් කඩු පත ලෙළවා ද යත හොත්, මහ පවන් පතක් වේගයෙන් සලන කලෙක්හි මෙන් , සුළඟ විහිදී යන්නට වෙයි. 3. අද වත් - හද වත්.
මයුර විවරණය 136
4. ළ පලු පත් - ‘පලු’ නම් දළු යැ. ඒ ළා වතු දු ‘ළ’ යනු දු යෙදුණේ අධිත වශයෙන් මැ ළා බව හැඟැවීමට යැ.
5. වෙව්ලුම් - වෙවුල + උම් = වෙව්ලුම්= (මධ්ය‘ ස්වර ලෝපයෙන්) වෙව්ලුම්. ‘වෙවුල’ ධාතු ‘බල’ ආදි පර පද යි. වෙවුලා - වෙවුලති - වෙවිලී - වෙවිලු, වෙවුලූ.
6. ගනුත - අසම්භාව්යල කෘදන්ත නිපාතයි. ගන් + තු = (‘ඉ’ විමෙන්) ගනිතු = (ස්වර පර රූපයෙන්) ගනුතු. ගනුත් - ගනුත - යන රූප ද යෙදේ.
7. විලිකුන් - අතීත කෘදන්ත නාම යි. ‘විලිකුස්’ (ඉදිමෙහි) ධාතු ‘බස්’ ආදි අත් පද යි. විලික්සේ - විලික්සෙති - විලික්සිණි, විලික්සි, විලිකිනි, විලිකින්, විලිකින - පිලික්සුණු, විලික්සි, විලිකුනු, විලිකුන්, පිලිකුන. ‘විලිකියේ’ යන ආදි විසින් වරනැගියැ යුතු වුව ද මධ්යක ස්වර ලෝපයෙන් ‘විලික්සේ’ යනැදිය වෙයි.
8. ගිලිහිණි - ‘ගුලු’ යන අතීත කෘදන්ත නාම රූපය ධාතුව වැ වරනැගුණු තැනි. මධ්ය-යෙහි ‘හ’ විකරණය වැ ආත්මනෙපදයෙහි වරනැගෙනු වේ.ගිලිහේ - ගිලිහෙති - ගිලිහිණි - ගිලිහුණු.
දූලූ - සූලූ රිසි යන රූප ද මෙ සේ වරනැගේ. ‘දුලු’ යනු ‘ස’ විකරණය ද, සුලු - රිසි - යන දෙක ‘ය’ විකරණය ද ගනි. දිලිසේ - දිලිසෙති - දිලිසිණි - දිලිසුණු. ‘හ’ ආදේශයෙන් දිලිහේ - දිලිහෙති - යනාදිය ද, ‘ය’ ආදේශයෙන් දිලියේ - දිලියෙති - යනාදිය ද වෙයි. සිලියේ - සිලියෙති - සිලියිණි - සිලියුණු. රිසියේ - රිසියෙති - රිසිගිණි - රිසියුණු.
‘ගල’ (ගිලිහිමි ගිලිම් අරුත්හි) ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර පද) ගලා - ගලති - ගිලී - ගිලූ,ගුලූ. (අත් පද) ගෙලේ - ගෙලෙති.
වහනාථර් ‘ගල’ ධාතු ‘බල’ ආදි පර පද යි. ගලා - ගලති- ගැලී -ගැලූ.
65. රිවි තෙද දිමුත හිමි හිමකර විලස මෙනි සොමි ගුණ සෙවණැ සොමි සඳ කර වනු කෙ වැනි විළි බිය දෙකින් ගැලැවියැ හැකි දොයි සිතිනි එ දෙ දෙන තමන් සැටි ඇරැ වෙස් වළන වැනි
මයුර විවරණය 137 අන්න ය : හිමි තෙද දිමුත රිවි හිමකර විලස මෙනි. සොමි ගුණ. සොමි ගුණ සෙවණැ සොමි සඳ කර වනු. කෙ වැනි? එ දෙ දෙන, විළි බිය දෙකින් ගැලැවියැ හැකි දොය සිතිනි, තමන් සැටි ඇරැ වෙස් වළන වැනි.
අර්ථව : ස්වාමිහු ගේ තේජස දීප්තිමත් වු කල්හි සුර්යළ තෙමේ චන්‍ද්රෙයා ගේ විලාසයක් මෙනි,(ස්වාමිහු ගේ) සොම්ය් ගුණච්ඡායායෙහි සෞම්ය චන්‍ද්රෙයා බර වන්නේ යැ. (ඒ) කෙබඳු ද? ඒ (සුර්යෞ චන්‍ද්රල)දෙ දෙනා, ලඡ්ඡා භය දෙකින් මිදියැ හැකි දොහො යි (යන) සිතින්, තමන් ගේ අකාරය හැරැ, වෙස් මාරු කරන්නා වැන්නැ.
විස්තර : අලගක්කෝනාර හිමිහු ගේ තේජස කො තරම් තියුණු ද යත හොත්, එය ඇති කල්හි සූර්ය යා ගේ තේජසෙකි නො දැනේ. සූර්ය යා සෞම්යම සේ දැනෙයි. එ හෙයින් හේ චනර් යා ගේ විලාසයකි වැන්නැ.
අලගක්කෝනාර හිමිහු ගේ සෞම්යෙ ගුණය පවත්නා කලැ, චන්‍ද්රරයා ක්රෑ ර (අසෞම්ය ) සේ දැනෙයි. ක්රෑදර වනුයේ චන්‍ද්රසයා නො වේ, සූර්ය්යා යැ. එ හෙයින් ක්රෑ)ර වැ දැනෙන චන්‍ද්රනයා සූර්ය යා ගේ විලාසයක් වැන්නැ. මේ සිදු වීම කෙබඳු ද? අලගක්කෝනාර හිමිහුට පැරැදිමේ ලජ්ජායෙන් ද, ඔහු ගේ තේජසිත් ඇති වියැ හැකි භයින් ද, උපායයෙන් වත් මිදි - ගත හැකි දොහො යි සිතා, චන්‍ද්රන සූර්යැ දෙ දෙනා තමන් ගේ වෙස් මාරු කැරැ-ගෙනැ යන්නා වැනි යැ.
සූර්යතයා චන්‍ද්රන වේශය ගනුයේ ප්රයභූ රාජයා ගේ තේජස ඇත් කල්හි යැ. එ කලැ ප්ර භූ තේජස හා සූර්ය තේජස සමාන කිරිමට අවසරයෙකි නො වේ. කවර හෙයින් ද? සෞම්ය් වැ පැනෙන නියම සූර්යටයා චන්‍ද්රලයා ගේ විලාසයෙකැ යි ලෝකයා සිතන හෙයින්. චන්‍ද්රැයා සූර්යට වේශය ගනුයේ, ප්ර භූ රාජයා ගේ සෞම්ය ගුණ පැතිරෙන කල්හි යැ. එ කලැ ප්රසභූ රාජ ගුණය හා චන්‍ද්රව ගුණය සමාන කැරැ බැලිමට ඉඩෙක් නො ලැබේ. කවර හෙයින් ද? ක්රෑරර වැ දැනෙන චන්‍ද්රටයා සූර්යහයා ගේ විලාසයෙකැ යි ලොව රැවැටෙන හෙයිනි.
ප්රනභූ රාජයා සූර්ය යාට ද වඩා තේජස්ව බව ද, චන්‍ද්ර යාට ද වඩා සෞම්යණ ගුණ යුක්ත බව ද, මෙ කී සැටි යැ.
ටිප්පණි : 1. හිමකර විලස - හිම (සිසිල්) වු කර (රශ්මිය) යමක්හු ගේ ද හේ හිමකර. මයුර විවරණය 138
“හිමකර මෙනි” යි නො කියා “හිමකර විලස මෙනි” යි කියේ කවර හෙයින් ද? සෞම්යෙ වැ දැනුණ ද, සූර්යිියා ප්රයමාණයෙන්ද වණියෙන් ද චන්‍ද්ර යාට නොසම වන හෙයිනි යම් කිසිවක්හු ගේ ගුණයෙන් යුක්ත වුවකු, ප්රමමාණයෙන් වර්ණ යෙන් වෙනස් වැ පෙනුණද, “මේ ඔහු ගේ විලාසයෙකැ, අවතාරයෙකැ” යි කියනු සිරිත්.
2. සොමි ගුණ සෙවණැ - ‘සෙවණ’ නම් ඡායාව යි. සෞම්යක ගුණයේ ඡායාවක් ලැබෙනුයේ සෞම්ය- ගුණයෙන් වැසි-ගිය කලැ යැ. එ හෙයින් “සෞම්යේ ගුනය පැතුරුණු කල්හි” යනු මෙයින් ලැබියැ යුතු අර්ථණය යි. 3. කර වනු - ඛර වන්නේ යැ. ‘ඛර’ යන්නෙහි එක් අර්ථයෙක් නම් ‘උපණ’ යනු යැ. එ හෙයින් සූර්යියාට ‘ඛරාංශු’ ‘ඛරරශ්මි’ යනාදි නම් වෙයි. 4. ගැලැවියැ - ‘ගල’ ධාතුයෙන් වු අසම්භාව්යන කෘදන්ක නිපාත යි. ගල + ඉයැ = (‘ව’ විකරක්‍ෂය වැ) ගල + වියැ = (අනම්යපයෙන්) ගැලැවියැ. මෙහි ‘ව’ විකරණය ප්රනයෝජ්යාෙර්ථයය නො දෙයි. 5. දෙයි - ද + හෝ + යි = (ස්වර පර රූපයෙන්) දොහෝ + යි = (‘හ’ ලෝපයෙන්) දො + ඕ + යි = (ස්වණි දිර්ඝ යෙන් ) දො + යි = (හ්රැස්වයේන්) දොයි. 6. වළන - ‘සඟවන’ යනු අරුති. වෙස් වැළිම (සැඟැවිම) නම් නියම වෙස සඟවා වෙන වෙසක් ගැනිම යි. ‘වළ’ ධාතු ‘බල’ ආදි පර පද යි. වළා - වළති - වැළි- වැළූ.
66. හිමි සඳ සොහොයුරු ගුණ සයුරු මන්ත්රිුශවරයා ගේ ප්ර කාශ ප්රසතාප ශුවණය කර
ටිප්පණි : 1. හිමි සඳ - අලගක්කෝනාර ස්වාමි චන්‍ද්ර්යා (උත්තමයා) ගේ
2. ගුණ සයුරු - ගුණ සාගර වු. සාගරයෙහි දිය මෙන් ඒ මන්ත්රිාශ්වරයා කෙරෙහි ගුණ පිරි සිටුනා බව මෙයින් හැඟැවෙයි.
3. ප්ර කාශ ප්රගතාප - යශස්......තේපස්. ‘ප්රාකාශ’ නම් පළ විම යි, ප්රතසිද්ධ විම යි. ඒ වනුයේ කීර්තියෙනි.
මයුර විවරණය
139
67. තුනු රුවන් නිති පුදන බැති පෙමින් ලැඳි
ම සු රුවන් සිතු සතුරු මෙන් මැ ලුහුබැඳි
සිතු රුවන් සෙයින් වත දෙවන යැදි යැදි
මැති රුවන් මෙ දෙව් හිමි දෙවි තුරෙව් සැඳි
අන්න ය : තුනුරුවන් නිති ලැදි බැති පෙමින් පුදන, මසුරුවන් සිතු සතුරු මෙන් මැ ලුහුබැඳි, සිතු රුවන් සෙයින් යැදි යැදි වත දෙවන, මෙ දෙව් හිමි මැති රුවන්, සැදි දෙව් තුරු එව්.
අර්ථ : රතන ත්රඑයයට නිත්ය යෙන් ලබ්ධි සහිත වු භක්ති ප්රේනමයෙන් පූජා කරන්නා වූ, මත්සරයන් ගේ (මසුරන් ගේ) සිත සතුරකු මෙන් මැ පලවා - දැමූ, චින්තා මාණික්‍ේ ය මෙන් යාචිත යාචිත (ඉල්ලු ඉල්ලු) වස්තුව දෙවන්නා වු, මේ දේව ස්වාමි මන්ත්රි් රත්නට තෙමේ, සජ්ජිත වු (සරසන ලද්දා වු) දිව්ය වෘක්‍ෂයක් වැන්නැ.
විස්තර : දෙව ස්වාමි මන්ත්රිට තෙමේ ලබ්ධිමත් යැ (හැදැගිලි ඇත්තේ යැ.) එ හෙයින් භක්තියෙන් ද ප්රේවමයෙන් ද යුක්ත වැ නිරතුරු තුනුරුවන් පුදයි. තමා ගේ සිතෙහි මසුරු බවට ඉඩ නො දෙයි. මසුරු බව සතුරකු කොටැ සිතා සිතින් පලවා - දමයි, ඉල්ලු ඉල්ලු වස්තුව දෙන හෙයින් හේ චින්තා මාණික්යසය වැනි යැ, එ හෙයින් මැ සරසන ලද්දා වු දිව්යෙ වෘක්‍ෂයක් වැන්නැ.
මසුරු ස්ත පැලැවු බව යැ, සිතු මිණ සෙයින් ඉල්ලු ඉල්ලු දැ දෙන බව යැ, සුර තුරක් වැනි බව යැ යි එක මැ ත්යා ගිත්‍වය තුනක් කොටැ වනන ලද්දේ, මේ මන්ත්රිවහු දිමෙහි එ තරිම් ඇලුණු බැවිනි.
සාමාන්ය් දෙවි තුරු වැනි යැ යි නො කියා, ‘සැදි දෙවි තුරු වානි යැ’ යි කිමෙන් මොහු දෙවි තුරට ද වඩා යහපත් බව හැගැවු හු.
ටිප්පණි : 1. තුනුරුවන් - තුන් + රුවන් = (‘උ’ ආගමයෙන්) තුනුරුවන්.
2. පුදන - ‘පුද’ ධාතු ‘බල’ ආදි පර පද යි. පුදා- පුදති - පිදි - පිදූ.
3. ලැදි - ලද (ලබ්ධිය) ඇතියේ ලැදි. තද්ධිත යි.
මයුර විවරණය 140
4. මසුරුවන් සිතු - මසුරන් ගේ සිත. ‘මසුරු’ සද දෙ වන විබත් බුහු බස ගෙනැ (මසුරු+අන්) ‘මසුරන්’ යැ යි සිටී. මෙහි ‘ව’ ආගමයෙන් ‘මසුරුවන්’ යන රූපය නිපදවන ලද. 5. ලුහුබැඳි - ‘ලුහු’ යනු උපපද කොටැ ඇති ‘බඳ’ ධාතුයෙන් වු. අතීත කෘදන්ත නාම යි. 6. සැදි - අකර්මික ‘සද’ ධාතු ‘බස්’ ආද් අත් පද යි. සැදේ - සැදෙති - සැදිණි, සැදි, සනි, සන්, සන - සැදුණු,සැදි,සනු, සන්, සන. සකර්මික ‘සද’ ධාතු ‘බල’ ආදි පර පද යි. සදා - සදති - සැදී - සැදූ.
7. දෙවි හිමි මැති රුවන් - අලගක්කෝනාර ප්රදභූ රාජයා ගේ සහෝදර වු මේ තෙමේ රයිගම් පුරයෙහි අග්ර් මන්ත්රික වියැ.
68. ලෝ ස ත් සතන් කොඳ නදකර වමින් වත යා ප ත් සොඳුරු සෙන් තුරු පිරිවරින් යුත බෝ ස ත් විලස උසුලන ලෝ මුඳුන් පත පෑ ප ත් සදෙව් මේ හිමි පිරි සිරින් සත
අන්න ය : ලෝ සත් සතන් කොඳ නඳකර, වමින වතැ යා පත්, සොඳුරු සෙන් උතුරු පිරිවරින් යුත, බෝසත් විලස උසුලන, ලෝ මුඳුන් පත, සත සිරින් පිරි, මේ හිම- ලෝ සත් සතන් කොඳ නඳකර. වමින් වත යා පත්, සොඳුරු සෙන් තුරු පිරිවරින් යුත, බෝසත් විලස උසුලන, ලෝ මුඳුන් පත, සත සිරින් පිරි, සඳ එව් - පෑ පත්.
අර්ථත : ලෝක සත්‍වයා ගේ සන්තානයට (සිතට) කුන්‍දයා (විෂ්ණුහු) සේ ආනන්‍දකර වු, වමින් (කපටයන්) ගේ වකත්ර(යට (මුහුණට) ලොහ පත්රණයකි (කඩුවකි) වු, සුන්‍දර වු සෙනා (සඞඛ්යාරත) උත්තර පරවාරයෙන් යුක්ත වු, බෝධසත්‍ව විලාසය උසුලන්නා වු, ලෝකයා ගේ මස්තකයට පැමිණියා වු ශත ශ්රිවන් පූර්ණස වූ, මේ ස්වාමි තෙමේ - ලෝක සත්‍වයා ගේ සන්තානයට ද කුන්‍දයනට ද ආනන්‍ද කර වු, වාමාවන් ගේ (සුන්‍දර ස්ත්රිුන් ගේ) මුහුණ මෙන් සහපත් වු සුන්‍දර සෙනාව වු තාරකා පරිවාරයෙන්යුක්ත වු, බෝධිසත්‍ව විලාසය උසුලන්නා වු, ලෝකයා ගේ මස්තකයට පැමිණියා වූ, ශත ශ්රි්න් පූර්ණස වූ, චන්‍ද්රවයා මෙන් - ප්රමභාවයට පැමිණියේ යැ. මයුර විවරණය 141 විස්තර : දෙව ස්වාමි තෙමෙ චන්‍ද්රසයා වැන්නැ. කවර හෙයින් ද? දෙ දෙන මැ (1) ලෝසත් සතන් කොඳ නඳ කර යැ, (2) වමින් වත යාපත් යැ, (3) සොඳුරු සෙන් තුරු පිරිවරින් යුතු යැ, (4) බෝසත් විලස උසුලන්නෝ යැ, (5) ලෝ මුඳන් පත් හ. (6) සත සිරින් පිරිය හ, මෙ සේ සමාන විශෙෂණ ඇත්තාහු සමානයෝ මැ යැ. සමාන පදයන් ගෙන් යුත් හෙයින් විශෙෂණයන් සමාන වතුදු, ඔවුන් ගේ අර්ථ සියලු තන්හි සමාන නො වන හෙයින්, දෙ පක්ෂ්යේ විශේෂණයන් බෙදා-ගෙනැ, දෙ පක්‍ෂයට සුදුසු අර්ථය අවබෝධ කළ යුතු යැ.
(1) දෙව ස්වාමි තෙමේ ලෝකයා ගේ සිතට කුන්‍දයා (විෂ්ණුහු) මෙන් ආනන්‍දකර යැ (සන්තොෂය කරන්නේ යැ.) ලොව රක්නා විෂ්ණු ලෝකයා යම් සේ සතුටු කෙරේ ද, ලොව රක්නා දෙව ස්වාමි තෙමේ ද, ලෝකයා එ මෙන් මැ සතුටු කෙරෙයි.
චන්‍ද්රෙ තෙමේ ලෝකයා ගේ සිතට ද කොඳ මලට ද සන්තොෂ කර යැ. ලොක සත්ත්‍වයෝ සඳ දැකැ පිනා යෙති. කොඳ මල් සඳ දැකැ පුබුදි.
(2) දෙව ස්වාමි තෙමේ වමින් ගේ (කපටයන් ගේ) මුහුණට කඩුවෙකි. මුහුණට කඩුවක් පෑ කලෙක්හි මෙන් කපටයෝ දෙව ස්වාමිහු දැකැ බිය වෙත්.
වමින් ගේ (වාමාවන් ගේ-සුන්ද ර ස්ත්රි්න් ගේ) මුහුණ මෙන් චන්‍ද්රුයා ද, යහපත් යැ (මනහර යැ.) එ හෙයින් කවිහු පිය මුහුණ සඳ වැන්නැ යි යෙති.
(3) දෙව ස්වාමි තෙමේ සුන්‍දර වු සේනාවන් උසස් පිරිවර කොටැ ඇත්තේ යැ. (ඔහු ගේ උසස් පිරිවර නම් සුන්දනර වු සේනාවෝ යැ.)
චන්‍ද්රෑ තෙමේ සුන්දර සේනාවන් බඳු වු තාරකා පිරිවර කොටැ ඇත්තේ යැ. (සඳ වටා සිටි තාරකා සුන්‍දර සේනාවන් වැනි යැ.)
(4) දෙව ස්වාම තෙමේ බෝධිසත්‍වයා ගේ ආකාරය අරන්නේ යැ. හේ එ තරම් දැහැමි යැ.
චන්ර්දැහ තෙමේ ද බෝධිසත්‍ව වු සාවා ගේ විලාසය (රූපය) දරන්නේ යැ. සාවකු ගේ රූපය සඳ මඬලෙහි වෙති යි යෙති.
මයුර විවරණය 142
(5) ලෝ වැස්සන් විසින් නමස්කාර කිරිමෙන් මුඳුනින් දරනු ලබව හෙයින්, ලෝ වැස්සන් අතරැ ශ්රේෂ්ඨ වන හෙයින් දෙව ස්වාමි තෙමේ ලෝකයා ගේ මස්තකයට පැමිණියේ යැ.
ලෝ වැස්සන් ගේ හිස් මතුයෙහි වු අහසෙහි සරන බැවින් චන්‍ද්ර තෙමේ ද ලෝකයා ගේ මස්තකයට පැමිණියේ යැ.
(6) බෝහෝ (සිය ගණන්) සම්පත්ති ඇති හෙයින් දෙව ස්විමි තෙමේ ශත ශ්රි6න් පූර්ණම යැ. ෙබාහෝ ශොභා ඇති හෙයින් චන්‍ද්රඅ තෙමේ ද ශත ශ්රි න් පූර්ණත යැ. මෙ සේ උපමෙය උපමාන දෙ පක්‍ෂයට මැ සාධාරණ වන විශෙෂණයන් යොදා කැරෙන වැනුම් ශෙලෂ නම් වේ.
ටිප්පණි : 1. යතන් - සන්තාන. සිතට නමෙකි.
2. කොඳ - කුන්‍ද, කොඳ මලට මෙන් මැ විෂ්ණුහුට ද ‘කුන්‍ද’ යනු නම් වේ. 3. වමින් - සංස්කෘතයෙහි ‘වම්’ යනු කපටයාට (තක්කඩියාට - rogue) නමෙකි. ‘වාමා’ නම් රමණිය කාන්තාවකි. සිංහයෙහි ‘වමි’ යනුයෙන් මේ දෙ අරුත මැ ලැබේ. ‘වමි’ යනු දෙ වන විබත් බුහු බස ගෙනැ ‘වමින්’ යැ යි සිටි, වමි + අන් = (පර ස්වර ලෝපයෙන්) වමින්. ‘ය’ කාරාගමය වීමෙන් ‘වමියන්’. යන රූපය ද නිපදී.
4. සත - ශත. සිය. සියකිරණ - සියපත් - යනාදි තන්හි ‘සිය’ යනු මෙන්, මෙහි ‘සත’ යනු ද ‘බොහෝ’ යන අරුත දෙයි.
69. සි ව් වත වන් ස ව් සත ඇති කරවන්නට හ ව් නෙතවන් හ ව් රුපු දිරි සිඳුවන්ට ලෙවි සිතු වන් සි ව් සඟරා වත දෙන්ට දෙ ව් හිමි දන් දෙව් තුර පුර සරහන්ට
අන්න්ය : සව් සත ඇති කරවන්ට සිටුවත වන්, හව් රුපු දිරි සිදුවන්ට හව් නෙත වන්. සිවු සඟරා වත දෙන්ට ලෙව් සිතු වන්, පුර සරහන්ට දෙව් තුර, දෙව් හිමි දන්. මයුර විවරණය 143 අර්ථ : සකල ශාස්ත්රුය ඇති කැරැවිමට චතුර්මුඛයා (බ්රුහ්මයට) වැනි වූ, සකල ශත්රෑවන් ගේ ධෛර්යතය සුන් කැරැවිමට භවයට ගේ (ඊශ්වරයා ගේ) නෙත්ර ය වැනි වූ, චතුස්සඞග්රධහ වස්තුව දෙන්නට ලෝකයා ගේ සිත වැනි වු, පුරය අලඞකෘත කිරිමට දිව්යර වෘක්‍ෂය වූ, දෙව ස්වාමිහු දනුව.
විස්තර : දෙව ස්වාමි තෙමේ සකල ශාස්ත්රෙයෙහි පර තෙරට ගියේ යැ. මෙ සේ ශාස්ත්ර්යෙහි අගය අත්තේ , විද්යා් ශාලා පිහිටිවීම ආදියෙන් ශාස්ත්රඞය පතුරුවා හරි. එ හෙයින් හේ සකල ශාස්ත්ර්ය ඇති කැරැවු බ්ර හ්මයා වැන්නැ. දෙව ස්වාමිහු දුටු පමණින් සියලු සතුරන් ගේ ධෛර්යය සිඳී යෙයි. හේ එ තරම් ප්ර තාපවන් යැ (තේජස් ඇත්තේ යැ.) එ හෙයින් ඊශ්වරයා ගේ ඇස වැනි යැ. ඊශ්වරයා ගේ ඇස දුටු කලැ ද සියලු සතුරන් ගේ ධෛර්යයය සිදි යෙයි. ලෝකයා ගේ රුචිය වෙන් වශයෙන් දැනැ-ගෙනැ දෙව ස්වාමි තෙමේ චතුස්සඞග්රයහ වස්තුයෙන් සඞග්ර හ කෙරෙයි. එයින් බලන කලැ, හේ ලෝකයා ගේ සිත වැන්නැ. දිව්යන වෘක්‍ෂය දිව්යි පුරය යම් සේ සරහා ද, දෙව ස්වාමි තෙමේ රයිගම් පුරය එ සේ මැ සරහයි. එ හෙයින් පුරය සරහන දිව්යම වෘක්‍ෂය වැනි වෙයි.
ටිප්පණි : 1. සව් සත ඇති කරවන්ට - බ්රරහ්මයා ලෝකයට සතර වෙදය දුන් හ යි ද, එයින් සකල ශාස්ත්ර යන් නිපන් හ යි ද යෙති. එ හෙයින් සකල ශාස්ත්රයයන් බ්රකහ්මයා විසින් ඇති කරවන ලද සේ ගැනෙයි.
“සගල සත්ත්‍වයා ඇති කරවන්නට “ යැ යි ද අරුත් පැවැසියැ හැකි. සකල ලෝකයා බ්ර හ්මයා විසින් මවන ලද සේ ගැනෙන හෙයිනි. දෙව ස්වාමිහු විසින් සකල සත්ත්‍වයා ඇති කරැවිම නම්, ඔවුන් ධර්මසයෙන් රැකැ බලා ගැනිම යි. රට ඇති කිරිම හෝ නැති කිරීම හෝ වනුයේ පාලකයන් අතිනි.
2. හව් නෙත - ‘හවු’ යි සිටියැ යුතු තැනි. ඊශ්වරයාට නම් වු ‘භාව’ යනු සිංහලයෙහි ‘හවු’ යි සිටි.
ඊශ්වරයාට නෙත්ර තුනෙකි. මෙහි ගැනෙනුයේ ඔහු ගේ නළල මැදැ වන නෙත්ර ය යි. කිපුණු කල්හි ඊශවර මෙ නෙත්ර යෙන් ගිනි දැල් විහිදුවා සතුරන් වනසයි. හේ වරක් කාම දෙවයා දැවි යැ; වරක් අසුරයන් ගේ ත්රිනපුරය හළු කෙලේයැ.ඒ ඇස දැකැ ධෛර්යර සම්පන්න වැ සිටින්නට සමතෙක් ලෝකයෙහි නැති.
මයුර විවරණය 144
‘හව් වත’ යනු ද පාඨ යි. එයින් ඊශවර මුඛය ගැෙන්. නෙත්ර්ය ද එහි වන බැවින් එ ද ශත්රැ ධෛර්ය ය සිඳුවන සේ ගත හැකි වෙයි.
3. හව් - සර්වි. ‘සවි’ යන්නෙහි ‘ස’ කාරයට ‘හ’ කාරාදේශය විමෙන් ‘හව්’ යනු වෙයි.
4. සිඳුවන්ට - සකර්මඳක ‘සිඳු’ ධාතු ‘රක්’ ආදී පර පද යි. සිඳි - සිඳිති -සිඳි - සිඳි. අකර්මුක ‘සිඳ’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. සිඳේ - සිඳෙති - සිඳිණි, සිඳිසි,සිනි, සින්,සත - සිඳුණු, සිඳි, සුනු, සුන්, සුන.
5. ලෙව් සිතු වන් - දෙව ස්වාමි තෙමේ එක් එක් රැටියා ගේ සිත වැනි යැ. කවර හෙයින් ද? ඒ එක් එක් සිත ඔහු ඉදුරා දන්නා හෙයිනි. සිත් දත් කලැ සිතට අනුකූල වු පැවැතුම් ඇති වෙයි. එ කලැ සියලු රට වැස්සෝ පුමුදිත වෙත්.
6 දෙව් තුර - මන්දි ර යැ පාරිජාත යැ සන්තාන යැ කල්ප වෘක්ෂ යැ හරිචන්ද න යැ යි දිව්යැ වෘක්‍ෂ පසෙකි.
70. සිතු මින් සෙ යි න් සිරි දුන් එ හිමින් වඳිනේ කිය මින් ග ම න් සමුගන් මින් මන් නඳිනේ නුබ මින් යෙ මි න් අව රන් ගිරි වන් සඳිනේ නුඹ මින් ගොසින් ගෙ උයන් වදිමින් ලගිනේ
අන්නමය : සිතු මින් සෙයින් සිරි දුන් එ හිමින්, මන් නදින් ගමන් කියමින් සමු ගන්මින්, වඳිනේ. නුබ මින් යෙමින් අවරන් ගිරි වන් සඳින්, නුඹ මින් ගොසින් ගෙඋයන් වදිමින් ලගිනේ.
අර්ථන - චින්තාමාණික්යිය මෙන් සම්පත්ති දුන්නා වු ඒ ස්වාමින්, චින්තානන්‍දයෙන් ( සිත් සතොසින්) ගමන කියා අවසර ගනිමින්, වඳිනු (මැනැවි.) නහොමණිහු (සූර්ය යා) ගොස් අපරාන්ත පර්විතයට වැදුණු කාලයෙහි, නුඹ මේ ස්ථානයෙන් ගොස් ගෘහොද්යාානයට වැදි ලහිනු (මැනැවි.)
විස්තර : “ දෙව ස්වාමිහු වැඳැ, මෙ යන ගමන කියා අවසර ගෙනැ. සවසැ ගෙ උයනට ගොස් ලගුව” යි කී යේ යැ.
ටිප්පණි : 1. වඳිනේ- ‘වඳ’ ධාතු ‘රක්’ ආදි පර පද යි. වදී - වඳිති - වැඳි - වැඳි. 2. අවරන් ගිරි - ‘අවර ගිරි’ යැයි කිව ද පමණි.
මයුර විවරණය 145 3. සදිනේ - ‘සඳින්’ යැ යි සිටියැ යුතු තැනි. ‘ඒ’ යනු එළි රක්නට ආයේ යැ. ‘නඳිනේ’ යන තන්හි දු ඒ එ සේ යැ. ‘සඳැ’ යි පස් වන විබත් වියැ යුතු තැනැ තුන් වන විබත වැ ‘සඳින්’ යනු වි.
4. මින් - මෙයින්. මෙ තැනින්.
71. උ දේ ගි රි න් රිවි එත තම කඳේ බි ඳේ සෙ දේ බි ගු න් මුව මල් මුවරදේ රැ ඳේ ළැ දේ වි ම න් ත සබඳ අනුබදේ ස ඳේ යෙ දේ ග ම න් එ පුරින් රිසි රි සිනුදේ ස ඳේ
අන්නේය : රිවි උදේ ගිරින් එත, සෙදේ තම කඳ බිඳේ, බිගුන් මුව මල් මුවරඳේ රැාඳේ, විමන් .ත-සබඳ අනුබඳ සඳ ළ ඇදැ ඒ එ සඳේ උදේ රිසින් එ පුරින් ගමන් යෙදේ.
අර්ථ් : සූර්යනය උදය පර්වඳතයෙන් එන කල්හි වහා තමස්තන්ධේය (අන්ධුකාර සමුහය) හිතන වෙයි. හෘඞගයන් ගේ මුඛය පුෂ්ප මකරන්‍දයෙහි නවතී, විමාන නමැති තා ගේ මිත්රවයා ගේ අනුබද්ධ (නොකඬ) ශබ්දය හෘදයය (සිත) අදිමින් එයි. ඒ කාලයෙහි උදයාභිලාෂයෙන් ඒ පුරයෙන් යෑම සුදුසු වෙයි.
විස්තර : සූර්ය ය උදා වන කල්හි ශිඝ්ර් වැ සිදු වන්නා වු කරුණු තුනෙකි. අන්‍ධකාරය දුරු විම යැ, බමරුන් මල් රොන් ගන්නට වීම යැ, නොකඬ වැ පවත්නා මේඝ නාදයක් මෙන් (තූර්යු) නාදය විමානයන් ගෙන් එන්නට විම යැ යන මේ යැ. අභීවෘද්ධි කැමැත්තෙන් ඒ කාලයෙහි නැඟි යෑම සුදුසු යැ.
උදය කාලයෙහි පඤ්ච තූර්යු නාදය පැවැත්විම සිරිත් වි යැ.
“ වෙ ස ඟන තුගු තන යුගැ රොන් කොකුමගර පි ස එත මඳ පව්න් හැදැ විල් ළිහිණි සර ගොස අලු යම් පස තුරු සමනතෙහි කැර ඇ ස නිඳි ගැට දැහැ නැඟැ සිටු උදාගිර”
යනුයෙන් රහල් හිමියේ ද ඒ බව කි හ.
තූර්යන නාදය මේඝ නාදය වැනි බව මෙහි මැ -(75) “වලා යෙමින් ලොබ නො වැ දෙන තුරු සදින” යන්නෙන් කියැවෙයි. විමානයන් මෙඝ කූටයත් වැනි බව මෙහි මැ - (40)
මයුර විවරණය
146
“වෙතැ සැපැමිණි ත-සබඳ ගන කුලක් මෙන
ලගු තුරු රැවු රැඳි ඉඳු මිණි පා මුඳුන”
යනුයෙන් කියැවිණි.
ටිප්පණි : 1. උඳේ - උදය = (‘අය’ යන්නට ‘ඒ’ ආදේශ වීමෙන් උදේ.
2. ළැදේ - ළ + ඇදේ. ‘ඇදැ’ යැ යි සිටියැ යුතු තන්හි ‘ඇ’ ‘ඒ’ වි යැ. එළි රක්ටය යැ. 3. ත - සබඳ - තා ගේ මිත්රියා. මොනරා ගේ මිත්රතයා නම් මේඝය යි.
4. අනුබඳේ - ‘අනුබඳ’ යැ යි සිටියැ යුතු තැනි.
මෙහි ‘අනුබඳ’ (අනුබද්ධ) යනු ‘දිගට පැවැතුණු’ (නොකඞවු) යන අර්ථඒය දෙයි. නො කඩ කොටැ පවත්වනු ලබන තූර්ය( නාදය අනුබද්ධ මේඝ ධ්වනි වැනි යැ. තූර්යි නාදය මෙන් මේඝ නාදය අනුබද්ධ වැ නො පවතී. අනුබද්ධ වන්නා වු තූර්යග නාදයට උපමෙය කැරෙන හෙයින් මෙඝ නාදයෙහි අනුබද්ධත්වීය විශේෂයෙන් සැලැකැවිණ.
5. සමෙද් - සද + ඒ. ශබ්දය එයි. මොනරා ගේ මිත්ර යා (මෙඝයා) ගේ ශබ්දය නම් ගර්ජනනය යි. මේ උපමාන පක්ෂයයෙහි ගර්ජ්නය සමාන වනුයේ උපමේය පක්‍ෂය වු විමානයෙහි තූර්යද නාදයට යි. එ මෙහි නො කියැවිණ. අර්ථ බලයෙන් ගත යුතු යි.
6. රිසිනුදේ සඳේ - රිසින් + උදේ + එ සදේ. උදේ+එ සඳේ = (සවණර් දිඝියෙන්) උදේ සඳේ. 7. උදේ රිසින් - උදය රිසින්. උදයාභිලාෂයෙන් උදයාභිවෘද්ධි කැමැත්තෙන්. අභාවෘද්ධි කැමැත්තෝ උදය මැ නැගි සිටැ කටයුත්තෙහි යෙදෙති.
72. සිතු පාදා සත නොමදා න දා දෙ න නොවැබාදා වත සමුදා යොදා ගෙන කළ පුදා පින් පලදා උ දා වන වඳු විදා ගම මුනිදා උ දා සන
අන්වය : සත, සිතු පාදා, නොමඳ නඳ දෙන වත සමුදා බාදා නො වැ යොදා-ගෙනැ කළ පූදා පින් පල දා උදා වන විදා ගමැ, මුනිඳා උදාසනැ වඳු.
මයුර විවරණය 147
අර්ථ : සත්‍වයන්, සිත පහදා, බොහෝ සෙන්තාෂය දෙන්නා වු වස්තු සමුදායය (සමුහය) බාධා නො වී පිළියෙළ කොටැ-ගෙනැ කළා වු පූජායෙහි පුණ්යව ඵල ජාතය ප්රඋකාශ වන්නා වු විද්යාත ගමෙහි දී , මුනීන්‍ද්රුයා, උදයාසන්ත කාලයෙහි වඳුව.
විස්තරය : උදය වීදා ගමෙහි දී බුදුන් වඳුව ළගැ දී මිනිසුන් කළ මහා පූජාවෙකැ පුණ්යඵ ළල සමුහය දැනි එහි ප්රපකාශ වෙයි. මිනිස්සු තමන් ගේ සිත පසදා - ගෙනැ වස්තු මහත් රාශයක් එක් කොටැ-ගෙනැ ඒ පූජාව කළ හ. ඒ වස්තු දුටු දුටු අයට මහත් සන්තොෂය දෙයි. ඒ තරම් අගනා එ තරම් මානොහර වස්තු රාශියක් එක් කැරැ-ගැනිමට කිසි ද බාධාවෙක් නො වී යැ. මිනිසුන් ලේභය දුරු කොටැ මහත් ශ්ර-ද්ධායෙන් වස්තු දුන් බැවිනි.
ටිප්පණි: 1. පුදා - ‘පූජා’ යනු මේ සිංහල කොටැ ලියු පරිදි යි. ‘පුද’ යැ යි ශබ්දයක් තිබියැ දී මෙ සේ ගන්නා ලද්දේ එළි රක්නා පිණිස යැ. පා - බා - පු - වී - යන අකුරු සතරෙහි දිර්ඝෂයෙන් එළිය වෙයි.
2. පින් පල දා උදා වන - වස්තු රාශියක් පූජා කළ හෙයින් විහාරය සමෘද්ධ වුවා සේ මැ, ඒ පුණ්ය් කර්මනයා ගේ සාන්දෘෂ්ටික විපාක වශයෙන්, මින්සුන් ගේ කටයුතු ද සමෘද්ධ වැ ඔවුන් මේ ජන්මයෙහි දී මැ සුඛීත වීම යැ. එහි ‘පින් පල දා උදා’ වීම නම්.
‘දා’ ‘(ජාන) යනු මෙහි සමුහාර්ථුය දෙයි.
ප්ර කාශ වීමට උදා වීම යැ යි කියත්.
73. නො ප හ න් වියත නොපැමිණියෙන් සරා කල නො ද ව න් තව මැ පියොවුරු තිසර උර විල
දෙ නු ව න් මියුර තට නො මැ අළ ළඳුන් පිල
මි ලි ඳු න් මෙ කල්වන් බොල්ගොඩ ගොසින් බල
අන්නලය : මියුර, සරා කල නොපැමිණියෙන් වියත නො පහන්, පිෙයාවුරු තිසර ද වත මැ උර විල නො වන්, දෙ නුවන් තට නො මැ අළ, මෙ කල් වන් මලාඳුන් පිල ළඳුන් බොල්ගොඩ ගොසින් බල. මයුර විවරණය 148
අර්ථ : මයුරය, සරාග (රාග සහිත) කාලය දොහෝ නොහොත් ශරත් කාලය නො පැමුණුණු හෙයින් ව්යගක්ත භාවය දොහෝ නොහොත් ආකාශය ප්ර,සන්න නුවු, පයෝධර නමැති හංසයන් ද මේ තාක් මැ ළය නමැති විලට නොවැදුණා වු (තගේ) දෙ ඇස තට නො මැ හළුවා වු, මෙඝ කාලය වැනි වු පුලින්‍දයන් (වැද්දන් ) ගේ බාල ස්ත්රිසන්, බොල්ගොඩට ගොස්, බලව.
විස්තර : බොල්ගොඩැ වැද්දෝ වෙති. ඔවුන් ගේ (දස දොළොද් හැවිදිරි) බාල දැරියෝ ද පැමිණෙති. ඒ දැරියෝ තව මැ රාගය නො හඳුනති. එ හෙයින් උන් ගේ ව්ය ක්ත භාවට (ගැහැනු නුවණ මේරූ බව) තව මැ පැහැදිලි වැ නො පෙනේ. ශරත් කාලය නො පැමිණි හෙයින් ආකාශය ප්ර සන්න වැ නොපෙනෙන්නා වැන්නැ. රාගය හඳුනන කාලය නො පැමිණි හෙයින්, ඒ දැරියන් ගේ ළයෙහි පයොධර ද තව මැ නැත ශරත් කාලය නො පැමිණ හෙයින් විලෙහි හංසයන් නැත්තා මෙනි. මෙ නයින් බලව කලැ, ඒ ස්ත්රිඒහු මේඝ කාලය (වැසි කල) වැන්නෝ යැ. වැසි කලැ වියත (අහස) නොපහන් යැ, තිසර විල නො වන් හ. ඒ ස්ත්රි හු කො තරම් මනෝහර රූප ශ්රිඝ ඇත්තාහු ද යත්, උන් දක්නා මොනරා ගේ ඇස් ඔහුට නො හරිති, තමන් දෙසට මැ ඇදැ-ගනිති. මෙළ කාලය ද මොනරාට ඔහු ගේ දෙ ඇස නො හරි. මොනරා මෙඝ ප්රිිය වන බැවින් සියලු කල්හි වලා කුළු දෙස බලයි, පිලඹරයි, නටයි, කෙකා ගනී. මේ කරුණිනුදු ඒ බාලාවෝ මේඝ කාලය වැන්නෝ යැ.
ටිප්පණි : 1. වියත නො පහන් - වියත (ව්යලකත භාවය) නම් කාරණාකාරණ මැනැවින් වැටැහෙන බව යි. එය නැති කලිහ් ඇත්තේ බොළඳ බව යි. Innoceuce. ‘වියත්’ යනු අහසට ද නමෙකි. අහස නොපහන් වනුයේ වැසි වලා කුළු ඇති විටැ යැ. වලා කුළු නැති වැ අහස ප්‍රසන්න වනුයේ සරා (ශරත්) කාලයෙහි යැ.
2. සරා කල - මෙහි ‘සරා’ යනු ‘සරාග’ (රා සහිත) - ඝරත් - යන අර්ථ. දෙක මැ දෙයි.
ස්ත්රිින් ගේ සරා (සරාග) කාලය පැමිණි කල්හි ව්යාක්ත භාවය ප්ර)සන්න වන්නට (පැහැදිලි වැ පෙනෙන්නට) වෙයි.
මයුර විවරණය 149 ශරත් කාලය පැමිණි කල්හි අහස ප්ර(සන්න වන්නට (වලා කුළු රහිත වන්නට) වෙයි.
3. නො ද වන් - මෙහි ‘ද’ නිපාතය කුමක් කෙරේ ද? “සරා කල නොපැමිණියෙන් වියත නො පහන්” යැ, “ සරා කල නොපැමිණියෙන් පියොවුරු තිසර උරවිල නො වන්” යැ යන මේ වචන දෙක සමුච්චය කෙරෙයි. සමුච්චයාථර් නිපාතය කෘදන්තය සමග බො ආඛ්යා තය සමග හෝ නො යොදා, ආසන්න වු අන්ය පදයක් සමග යෙදිම සිංහල රීතී යි. එ හෙයින් අර්ථය වශයෙන් ‘වන්’ යන්නට පර කොටැ යොදන ලද.
“ අ හ සින් අවුත් මණිඅක් නයිඳු යැදුමට ර හ තන් මැදෙහි මුති ඉදැ මිණි පලග පිට ද හ මුත් දෙසු තැනැ කළ සැට රියන් කොට ම හ දා ගප් හිමින් වඳු සොළොස තැන් සිට”
මෙහි ‘දෙසු ද’ සමුච්චයාර්ථග නිපාතය අර්ථ වශයෙන් කෘදන්තයට පර කොටැ යෙදියැ යුතු යැ. එහෙත් යෙදණේ ‘දහම්’ යන්නට පර කොටැ යැ. දහම් + දු = දහමුදි = දහමුත්.
4. තව මැ - මෙහි ‘තව’ යනු ‘මේ තාක්’ යන අර්ථ්යෙහි නිපාතයෙකි.
5. පියොවුරු තිසර උර විල - දැරියන් ගේ ළයට පියොවුරු නොපැමිණිම විලට හංසයන් නොපැමිණිය වැන්නැ. පියොවුරු උරට (ළයට) එනුයේ සරා (සරාග) කලැ යැ. තිතරුන් විලට එනුයේ ද සරා (ශරත්) කල්හි යැ වැසි කලැ පියුම් වැනැසෙන හෙයිනි.
6. අළ - හළ. දෙ ඇස ඒ මේ අත හරවන්නට ඉඩ නැති හෙයින්, එ දෙස මැ බැලියැ යුතු වු හෙයින්, මෙනරා ගේ ද ඇස ඔහුට නොහරනා ලද්දේ නමැ.
7. පිල ළඳුන - ‘පිලා’ යනු මෙන් මැ ‘පිල’ යනු ද ‘පැටි’ අරුත් දෙයි.
“ පැටි පිලු පිලා පෝ පොවු පිල දු සම අත් වනුයේ”
යනු එ හෙයින් කියන ලද, පියුම් මල්හි. මයුර විවරණය 150 8. මිලිඳුන් - ‘මිලිඳු’ යනු මෙලච්ඡයනට (වනවරයන්ට) නමි.
9. මෙ කල් - මෙ කල් මෙඝ කාලය වැසි කල.
10. බොල්ගොඩ - පාණදුරේ සිට හොරණට යන මහ මඟැ පිහිටි ගමෙකි. එකලැ මෙහි වැද්දන් විසු බවෙක් මේ පද්ය යෙන් පෙනේ.
74. සුනිල් පිල් පැහැ පත් - තඹ පත් පතර විදමින්
සුබ අඹ පිරි කල කළපුව මුදානතිනි නුඹ නුබ ගබ නුඟෙමින් ගමිනොත් සඳිනි
නො කලේ සඳ වෙලේ - උඳුලේ ද මේ අසලේ
රත මිණි සමහ සිඳු සිලිල ද නැගි යන සැපැමිණි මේ තැන මේ වෙලෙකැ යි නො මා ඇඳින
මෙ වන් සැකය කෙරෙමින් වන දෙවියනට ප වන් මඟින් යා කෙරෙමින් සෙමෙන් සිට ප වන් සිහිල් විදැ විදැ බසිමින් ගොඩට නි වන් මං ගිමන් සැතැපි යටන් යට
අන්න ය : සුනිල් පිල් පැහැ පත් තඹ පත් පතර විදමින්, සුබ අඹ පිරි කල කළපුව මුඳුනතිනි නුබ ගබ නැෙඟමිනි නුඹ ගමන් ඹත් සඳිනි -
“නො කලේ සඳ වෙලේ මේ අසලේ උදුලේ ද? මෙ තැන නො මැ අඳිනැ ’මෙ වෙලෙකැ’ යි සැපැමිණි රත මිණි සමඟ නැගි යන සිඳු සිලිල ද?”
මෙ වන් සැකය වන දෙවියනට කෙරෙමින්, පවන් මඟින් සෙමෙන් සිටැ යා කෙරෙමින්, ගොඩට බසිමින්, සිහිල් පවන් විඳැ විඳැ යටත් යටැ සැතැපී, මං ගිමන් නිවන්,
අර්ථ් : අත්නීල පිච්ඡයන් ෙග් ප්රිභාවට පැමිණියා වූ තාම්රසවර්ණං (පක්‍ෂ) පත්රඑ සමුහය විදා (දිල හැරැ,) ශුභ වු ජලය පිරුණා වු කාන්ත වු කළපුව උඩින් ආකාශ ගර්භායට නැගි නුඹ ගමනට වැටුණු කල්හි.
මයුර විවරණය 151
“අකාලියහි සන්‍ධ්යාට වලාහකයෙක් මේ සම්පයෙහි බැබැළුණේ ද? මේ ස්ථානය නො හැඳිනැ-ගෙනැ ‘මෙඝ වලාහකයෙකැ’ යි (සිතා) ආවා වු රක්ත මාණික්යනයන් සමඟ නැගි යන්නා වු සමුද්රය ජලය ද ?
(යන) මෙ බඳු වු ශඞ්කාව වන දෙවතිවන් හට උපදවමින් පවන මාර්ගපයෙන් (ආකාශයෙන්) ශිඝ්‍ර (ඉක්මන්) නො වැ ගමන් කෙරෙමින්, බිමට බැසැ, ශිතල මාරුතය විඳිමින් ගස් යටැ ලැහැ මාර්ගා ශ්ර මය නිවනු (මානැවි.)
විස්තර : කළපුයෙන් එ තෙර නු පිණිස මොනරා පියාපත් විදහා අහසට නැගි යන කල්හි, පිල් කලබෙහි නිල් පැහැය ද පියා පත්වලැ මඳ රත් පැහැය ද පෙනෙන්නට වෙයි. එය දක්නා වන දෙවතාවනට සැකෙයක් ඉපැදියැ හැකි යැ. කෙබඳු වු සැකයෙක් ද? “ මේ අහසෙහි එනුයේ කිමෙක් ද? වලා කුළෙක් ද? රත් පැහැයක් ඇති හෙයින් සැඳැ වලාවක් වියැ යුතු යැ. එහෙත් මේ සැඳැ වලා පෙනෙන කලෙක් නොවේ. එ හෙයින් නොකල් සැදෑ වලාවෙක් වේ ද? නොවේ නම් මේ අහසට නැගී යන සමුද්ර් ජල පටලයෙක් ද ? සමුද්රය චල පටලය නම් නිල් යැ. මෙහි නිල හා සමඟ මඳ රතෙකුඳු පෙනේ. සමුදුයෙහි රතු මැණික් ද ගෙනැ ජල පටලයක් නැගි යන වැන්නැ. නිල් ජලය තුළින් පෙනෙන හෙයින් මැණික්වලැ රත මඳ යැ. එ සේ යන ජල පටලය කවර හෙයින් මෙහි පැමිණියේ ද? මේ කළපුව හැඳනැ-ගත නොහැකි වී, වැසි වලා කුළෙකැ යි සිතා එය හා එක් වීමට පැමිණි යේ යැ.” මෙ බඳු වු සැකය වන දෙවතාවනට උපදවමින් ගොස් එ ගොඩට බැසැ, ගත් යටැ ලැගැ ගමන් විඩා නිවා-ගන්නට මෙහෙයිණ.
ටිප්පණි : 1. සුනිල් පිල් පැහැ පත් තඹ පත් පතර - මොනරා ගේ පිල් කලබ නිල් යැ. පියා පත් යට මඳ රත් (දුඹුරු) පැහැයෙන් යුතු යැ. ‘තඹ පත්’ යැ යි කීයේ මේ මඳ රත් පියා පතට යැ. පිල්හි නිල බලවත් වැ ද පියා පතෙහි රත මඳ වැ ද පෙනේ. එ හෙයින් තඹ පත්ම සුනිල් පිල් පැහැයට පැමිණියේ නමැ.
‘පතර’ නම් සමූහය යි.
2. විදමින් - මෙහි ‘විද’ ධාතු ‘බල’ ආදි පර පද යි. විදා - විදති - විදි - විදු
මයුර විවරණය
152
3. සුබ අඹ - ජලය පිරිසුදු හෙයින් සුබ (ශුභ) වෙයි.
4. කල - ‘කාන්ත’ (මනෝහර) යනු අර්ථ) යි.
5. කළපුව - දැන් ‘බොල්ගොඩ වැව’ නමින් ගැනෙන්න යි යි හැගේ. වස්කඩු බද්දෙහි ‘කළපු ගම’ නම් ගමෙකි වෙයි. එහි දැන් කළපුවෙක් නැති.
6. ගමනොත් - ගමන් ඔත්. ගමනට පත්
7. නො කලේ සඳ වෙලේ - සන්යා ල් වලාහක නම් තද රතින් යුක්ත යැ. මොනරා පියා හඹන කල්හි පෙනෙනුයේ මඳ රතෙකි. අකාල සන්‍්හක ා වලාහකයෙකැ නම් ඒ වෙනස ද ඇති වියැ හැකි නො?
8. රත මිණි සමග නැගි යන සිඳු සිලිල ද - ඇතැම් විටැ සමුද්ර් ජලය අහසට නැගි යන බන දක්නා ලැබේ. එ කලැ අසු වුවක් ඇදැ-ගෙනැ යෙයි. සමුද්රජය රත්නාකාරය යි. සකල රත්කයො එහි වෙති. එ හෙයින් ‘රත මිණි සමඟ සිඳු සිලිල’ නැගි යන සේ මෙහි සැලැකේ.
9. මෙ වෙලෙකැ යැ - සිඳු සිලිල නැගි එක් වනුයේ මෙඝ කූටයකට යැ. කළපුව මෙඝ කූටයෙකැ යි සිතා ඒ සිලිල එ තැනට පැමිණි යේ ගැනෙයි.
10. පවන් මඟින් - පවනයා ගේ මඟ නම් අහස යි.
11. සෙමෙන් සිටැ - මඳින් මඳ නැවැතිල්ලේ යෑම සෙමෙන් සිටැ යනු. නම් ග්රාවමිණයන් අතරෙහි ව්යවවහාර වන ‘හෙමිහිට’ යනු මේ ‘සෙමෙන් සිටැ’ යන්නෙන් උපන්නේ යැ.
12. ගොඩට - ‘ගොඩ’ යනු මෙහි ‘බිම’ යන අරුත්හි යෙදිණ, දියෙන් ගිය ද අහසින් ගිය ද අහසින් ගිය ද බසිනුයේ ගොඩට යි.
13. මං ගිමන් - මගෙහි (ගමනයෙහි දී) ඇති වන විඩාව ‘මං ගිමන්’ නම්.
75. ස ලා සෙයින් රස’ඳන ළඳ දුටු මතින තොලා නුවන් පියැ බලමින් මන් මතින ව ලා යෙමින් ලොබ නො වැ දෙන තුරු සදින වෙ ලා පු රි න් කළුතොටිනෙතෙර වැ වඩන
මයුර විවරණය 153 අන්න ය : කළු තොටින් එ තෙර වැ, ළඳ දුටු මතින මන් මතින රස අඳන සලා සෙයින් නුවන් පියැ නො ලා බලමින් දෙන තුරු සදින වලා යෙමින් ලොබ නො වැ, වෙලා පුරින් වඩන.
අර්ථැ : කළු තොටින් එ තෙර වී , ස්ත්රිුන් දුටු පමණින් චිත්තයෙහි මත්ත භාවයෙන් රසාඤ්ජන සලාකා පරිද්දෙන් නමන පක්‍ෂමයෙහි (ඇසි පියෙහි) නො බහා බලා, දෙන්නා වු (පවත්වන්නා වු) තූර්යි ශබ්දය කරන කොටැ-ගෙනැ, වලාහකයෙකැ යි. සිතමින් ලොභි නො වි, වෙලා පුරයෙන් යන (මානැවි.)
විස්තර : කළු ගඟින් එ තේර වු කල්හි වේලා පුරය දකුණු (කළුතර) වෙයි. එහි ස්ත්රිිහු අත්විශිෂ්ට වු රූප සෞන්‍දර්ය යෙන් යුක්තයෝ යැ. දුටුවවුන් ගේ සිත මත් වෙයි. එ හෙයින් ඒ ස්ත්රි්න් රස අඳුන් ටිකක් සේ සිතා ඇසි පියෙහි ලන්නට සිතෙයි. තව ද එහි පවත්වනු ලබන්නා වු තූර්යඑ නාදය මෙඝ නාදය මෙන් ගැඹුරු යැ. එ හෙයින් වැසි වලා කුළෙක් එන්නේ යැ යි. සිතා, මයුරයා ගේ සිතෙහි ආශා ඉපැදියැ හැකි යැ.
ටිප්පණි : 1. සලා - ශලාකා කුඩා කැබැල්ල ශලාකා නමි. රසඳුන් ඇසෙහි ගානා කූර ද ශලාකා නාමයෙන් ගැනේ. 2. දුටු මතින - දාෂ්ට මාත්රශයෙන් දුටු පමණින්. 3. යෙමින් - කියමින්.සිතමින්. 4. වෙලා පුරින් - දකුණු කළුතර වේලා පුර නම් වි යැ. ‘වේල්’ නම් කඳ කුමරු ගේ ආයුධය යි. තාරක යුද්ධයෙහි දි කඳ කුමරු ගේ සේනාව කළු ගඟෙහි වම් ඉවුරෙහි ද, තාරකයා ගේ සේනාව දකුණු ඉවුරෙහි ද වු හ යි යෙති. 5. කළු තොටින් - කළු ගගින් එ තෙර වන්නට තුබු තොට මෙහි ගැනිණ.