මයුර සන්දේශ-විවරණයii

26. ස ල ත් තලින් සන් කැරැ රන් වළලු ලන ලොලත් වඩන් වර’ගන නිලුපුල් නුවන බ ල ත් මෙ තොප කබ පිල් ඇස් අඳන මෙන බ ල ත් ගමුවැ බල නව යෝනන් කෙ‍ළන

අන්න ය : අත් ලොල වඩන නිලුපුල් නුවන වරහන රන් වළලු ලන සල අත් තලින් අත් තලින් සන් කැරැ, මෙ තොප කබ පිල්, ඇස් අඳන මෙන, බලත්. බලත් ගමුවැ කෙළන නව යෝනන් බල. අර්ථ  : ඇතුළත් හි ආශාව වඩන්නා වු නිල් මානෙල් වන් ඇස් ඇති වරාඬගනාවෝ, රන් වළලු ලන්නා වු ලෙළ දෙන්නා වු අත් තලින් සංඥ කොටැ, මේ තොප ගේ සඳැස් පිල්, (තමන් ගේ) ඇසට (රස) අඤ්ජනයත් මෙන් බලති. බලත් ගමුයෙහි ක්රි(ඩා කරන්න‍ා වු (එ බඳු වු) අභිනට යුවතීන් (තරුණ ස්ත්රිින්) බලව.

විස්තර : බලත් ගමුයෙහි ස්ත්රිදහු රූප ශ්රිකන් බබළත්, නිල් මානේල් වැනි ඇස් ඇත්තෝ යැ, එ හෙයින් දුටුවවුන් ගේ සිත්හි ආශාව වඩත්. එ බඳු වු ස්ත්රි හු රන් වළලු ලන්නා වු සංඥ කොටැ, තොප ගේ සඳැස් පිල් පහත් ආශායෙන් බලති. තමා ගේ ඇසට රසාඤ්ජනයක් මෙන් සිතා බලති. අභිනව තරුණියෝ බලත් ගමුයෙහි ක්රිගඩා කෙරෙත්. “රන් වළලු ලන සල අත් තලින් සන් කැරැ අත් ලොල වඩන, නිලුපුල් නුවන් වරඟන......”යන ඈ විසින් ද‍ අන්වොයය සලකා-ගත හැකි යැ. ඒ ස්ත්රීටන් රන් වළලු ලන චඤචල හස්ත තලයෙන් සංඥ කොටැ, ඒ දුටුවවුන් ගේ සිත්හි ආශා උපදවන දේ එයින් සිතා -ගත යුතු වෙයි, එ කලැ ‘වරහන’ යන්නට ‘වාරාඬගනා’ (වෙසඟන) යැ යි අරුත් බිණියැ යුතු වෙයි. සෙස්සවුන් එ බඳු සංඥ නො කරන් හෙයිනි.

ටිප්පණි : 1. සල - ධාතු රූපය මැ අතීත කෘදන්ත නාමය වැ සිටි තැනි.

‘සල’ ධාතු ‘බල’ ආදි පර පද යි. සකර්මෙකයි. සලා - සලති - සැලි - සැලු.

සකර්මලක ‘සල’ ධාතු ‘බම’ ආදි උභය පද ද වෙයි. (ප) සලා - සලති - සිලි - සිලූ, සුලූ.(ආ) සෙ‍ෙල් - සෙලෙති. මයුර විවරණය 77 2. ලොලත් - මෙහි ‘අන්’ නම් ඇතුළත හෙවත් සිත යි. 3. වරඟන - සංස්කෘතයෙහි වරාඬගනා (වර + අඬගනා) යනු උත්තම ස්ත්රිිනට ද, ‘වරාඬගනා’ (වාර + අඬගනා) යනු වෙශ්යානවනට ද නම් වෙයි. වාරයන් ගේ (සමුහයන් ගේ) අඬගනා වාරාඬගනා යැ. සිංගලයෙහි ‘වරඟන’ යනුයෙන් මේ දෙ අරුත මැ ලැබෙයි. 4. නිලුපුල් නුවන - නිල් උපුල් වන් නුවන් ඇත්තේ යමකට ද‍ ඕ නිලුපුල්නුවන්.

5. කබ පිල් - සඳැස් පිලට මෙ ද ‍නමෙකි. මොනරා ගේ පිල් කලබ ඉතා පිසිතුරු යැ. එහෙයින් එය ඇසට රසඳුනක් මෙන් සලකා මහත් ආශායෙන් බලනු සිරිති.

6. ඇස් අඳන - දැක්මෙන් ප්රිඳතී එළවන්නා වු දැ ඇසට රසඳුන් සේ සලකා - ගැනිම කවි සම්ප්ර දාය යි. අඳුන් + අ = අඳුන = අඳන

7. බලත් ගමුව - සියලු පිටපත්හි එනුයේ ‘බුලත් ගමුව’ යනු යි. එහෙත් මෙහි වන ගමට දැන් ව්යඅවහාර වන නාමය ‘බලත් ගමුව’ යනු යැ. බලත් ගමුව අම්බුලුවාවට බස්නාහිරින් පරණකුරු කෝරලයේ තුන් පළාත පත්තුයෙහි නැ‍ඟෙනහිරැ පිහිටියේ යැ.

8. නව යෝනන් - ‘යෝන යනු තරුණ ස්ත්රිකයට නමෙකි. ඉතා තරුණ වුව‍ාහු හෙවත් ළඟැ දී මැ තරුණ බවට පැමිණියැ හු නව යෝනෝ යැ. ‘නව’ යනු ‘අලුත්’ යන අර්ථත ඇත්තේ යැ.

9. කෙළන - කෙළනා. ‘කෙළ’ ධාතු ‘රක්’ ආදි පර පද යි. කෙළි - කෙළිති -කෙළි -කෙළි.

27. සැටියෙන් නඳුනුයන - තුරු යටි සැදි සිටියෙන් අටියෙන් එහි නේ සිටැ නුඹ - යා ගන්නැ දික්පිටියෙන්

අන්වය : නඳුන උයන සැටියෙන් තුරු යටි සැදි සිටි‍ෙයන නුඹ අටියෙන් එහි නො සිටැ, දික්පිටියෙන් යා ගන්නැ.

මයුර විවරණය 78 අර්ථ  : නන්දයනොද්යාැනයෙහි මෙන් වෘක්‍ෂ යෂ්ටින් අලඬකෘත වැ සිටි හෙයින්, නුඹ ආශායෙන් එහි නො නැවති, දික්පිටියෙන් යා-ගනු (මැනැවි.)

විස්තර : දික්පිටියෙහි ගස් නඳුන් උයනෙහි ගස් මෙන් අලඬකෘත වැ සිටියේ යැ. එ හෙයින් එහි නවතින්නට ආශා උපදි.

ටිප්පණි : 1. නඳුනුයන - නන්‍දන නම් වු උද්යාහනය. එ නම් ශක්ර(යා ගේ ශ්රෙ ෂ්ඨ වු උයන යි. එ තරම් සිත් කලු උයනක් අන් කිසිතැනෙකැ නැතැ යි යෙති. 2. තුරු යටි - යසෙහි ශාඛා ‘යටි’ (යෂ්ටි) නම් වෙයි. 3. යා ගන්නැ - ගනු + යැ = (මධ්ය( ස්වර ලෝපයෙන්) ගත් + යැ = (ව්යයඤජන පූර්ව රූපයෙන්) ගන්නැ. මෙය නොදන්නාහු ‘අන්නැ’ ප්රශතය්ව්යයක් දක්වති. මෙහි ‘යා’ යනු ‘ය’ ගමන්හි ධාතුයෙන් වු අතීත කෘදන්ත නිපාතය යි. ‘ගන්’ යනු සමඟ විනා මේ තනි වැ නො යෙදේ.තනි වැ යෙදෙනුයේ ‘ගොස්’ යන නිපතිත රූපය යි.

4. දික්පිටියෙන් - දැන් ‘දිප්පිටිය’ යැ යි කියති. තුන් පළාත පත්තුයෙහි නැඟෙනහිරු පිහිටියේ යැ.

28. උදු සුනිලා පැහැ ගන ගන වලා පෙළ විදු ලිය ලා සහ බට කැන් තුලා කළ තුනු උදුලා යහ එන මන කලා ලෙළ මඟැ විපුලා වෙල බල අලුපලා වළ

අන්නවය: උදු සුනිල් පැහැ ගන ගන වලා පෙළැ විදුලිය ලැ සහ බට තැන් තුල් කළ, යන එන මනකල් ලෙළ තුනු උදුල, විපුල් වෙලා, අලපලාවළ මඟැ, බල.

(සුනිල් - තුල් - කල් - විපුල් - යන තැන් සුනිලා - තුලා - කලා - විපුලා - යැ යි වුයේ සඳැස හා එළිය හා රැක්මකට අධික අකාරයක් පැමණැවිමෙනි. මේ සඳහා මැ ‘උදුල’ යන තන්හි අනත්ය ස්වර දීර්ඝප කැරිණි.)

අර්ථ  : කෙවල වු අතිනීල ප්ර භාව ඝන වු මෙඝ වලාහක (වැසි වලා) පඬකතියෙහි විද්යුඋත් අඬකුරිත වැ (විදු ලිය ලිය ලා) මයුර විවරණය 79 එක් වැ බටුවා වු ස්ථානයක් සමාන කළා වු, ගමනාගමනය කරන්නා වු මනස්කාන්තාවන් ගේ ලීලොපෙත වු ශරීරයන් බැබැළුණා වු, මහත් වු කුඹුර, අලපලාවළ මාර්ගනයෙහි. බලව.

විස්තර: අලපලා වළ නම් ගමෙහි මඟැ වෙලෙක් වෙයි. බාල ගොයමින් වැසි සිටි හෙයින්. ඒ පිරිසුදු තද නිල් පැහැයෙන් යුතු යැ. රන්වන් සිරුරු ඇති මනහර ගැහැනු ඒ වෙලෙහි ඔබ මොබ යෙති එති. එ බඳු වු ඒ වෙල, තන්හි ලිය ලා විහිඳුණු විදු ලිය ඇති නිල් වැසි වලා පෙළකි බට තැනක් හා සමාන යැ.

යන එන ගැහැනුන් ගේ ලෙළ දෙන රන්වන් සිරුරු විදුලිය වැනි යැ. අත් පා මුහුණු හා එක් කොටැ සැලැකූ කලැ ගැහැනු සිරුරු ලිය ලු විදුලිය සේ පෙනෙයි.

ටිප්පණි : 1. උඳු - හුදු. ශුද්ධ (පිරිසුදු - අමිශ්රල) 2. ලිය ලා - මෙහි ලිය ලීම විහිදි යෑම යි. ‘දළු ලයි’ යනු ද ‘ලිය ලයි’ යනු ද ව්යිවහාරයෙහි සමානාර්ථහ වැ වැටෙයි. 3. සහ බට - සහ බැසිම නම් ‍එක් වැ බැසිම යි. වලා පෙළ ද ලිය ලු විදු ලිය ද එක් වැ බට සේ මෙහි පා ගත යුතු. 4. යන - ‘ය’ (ගමන්හි) ධාතු ‘බම’ ආදි උභය පද යි - (පර පද) යා - යති - ගිය - ගිය. (අත් පද) යේ - යෙති. 5. මන කලා - මනට කල් මන කල්. සිත් තොස් කරන්නාහු මන කල්හු යැ. මෙහි ස්ත්රිහහු ගැනෙති. 6. ලෙළ - ධාතු රූපය මැ අතීත කෘදන්ත [නාම] වැ සිටි තැනි.

‘ලෙළ’ ධාතු ‘රක්’ ආදි අත් පද යි. ලෙළේ - ලෙළෙති - ලෙළිණි,ලෙළි - ලෙළුණු. ලෙළි.

7. ‍ෙවළ - මෙය ‘වෙළ’ යි (‘ළ’ කාර යුක්ත කොටැ) ගැන්ම අයුක්ත යැ. ප්රිකෘතිය ‘වෙල’ යනු යි. 8. අලපල‍ාවළ - දික්පිටියට බස්නාහිරින් පරණකුරු කෝරලයේ මාවත පත්තුයෙහි පිහිටි ගමෙකි.


මයුර විවරණය 80 29. ගෙ උ ය න් සි රි න් සැදි උයනෙව් පුරන්දර ඉ සු රි න් ද න න් රැඳි ගුණයෙන් නිරන්දර අ ඟ න න් තෙනෙන් කළ රන් හසුනසුන්දරය යව ස‍ න් තො සි න් දැකැ ගුරුගොඩ අරන්දර

අන්න ය : ගෙ උයන්, පුරන්දර උයන් එවි, සිරින් සැදි, ගුණයෙන් නිරන්දර දනන් ඉසුරින් රැඳි, අඟනන් තෙනෙන් රන් හසුන් අසුන්දර කළ, ගුරුගොඩ අරන්දර දැකැ සන්තොසින් යව.

අර්ථද : ගෘහොද්යා නයන්, පුරන්දරයා (ශක්රනයා) ගේ උද්යාිනයක් මෙන් ශ්රිදයෙන් සැරැසුණා වූ, ගුණයෙන් නීරන්ධි (නිර්දොෂ වූ) ජනයන් ඓශ්වර්යරයෙන් විසුවා වු, ස්ත්රිැන් (තමන් ගේ) පයෝධරයේන් රාජ හංසයන් අසුන්‍දර කළා වු (පැරැද්දු) ගුරුගොඩ අරන්දර දැකැ සන්තොෂයෙන් යව.

විස්තර : ගුරුගොඩ අරන්දර නම් ගමෙහි ගෙවතු ශක්ර.යා ගේ උයන් මෙන් සමෘද්ධියෙන් යුක්ත යැ. එහි මිනිසුසු ඉතා ගුණවත්තු යැ. ඔවුන් ගේ ගුණයෙහි සිදුරු (අඩු තැන් - දොස්) නැති. ඔහු සැපතින් වෙසෙති. එහි ගැහැනුන් ‍ගේ පයෝධර රාජ හංසනයට ද‍ වඩා ශොභමාන යැ. ගුරුගොඩ අරන්දර අලඬකාර ගෙවතු ඇති බව ද, ගුණවත් ඉසුරුමත් මිනිසුන් හා රූමත් කතුන් හා වසන් බව ද මේ සේ කියැවිණි.

ටිප්පණි : 1. පුරන්දර - (ශත්රැ ) පුරයන් දාරණය ‍(විනාශය) කරන් හෙයන් ශක්රපයා ‘පුරන්දර’ නම් වේ.

2. නිරන්දර - ‘රන්දර’ (රන්ධ්රණ) යනු සිදුරට දි දුර්වාල ස්ථානයට ද දොසට ද නම්. රත්දර නැතියේ තිරන්දර යි. සංස්කෘතයෙහි ‘නීරන්ර් ’ යනු වෙයි. නිර් + රන්ධ්රර = නීරන්ධ්ර .

3. තෙනෙත් - තන + එන් = තනෙන් = (ස්වර පර රූපයෙන්) තෙනෙන්.

4. රන් හසුන් - රාජ හංසයෝ මැ ‘රන හස’ නමින් ගැනෙති. පා ද තුඬු ද රත් වු සෙසු සිරුරු සුදු වු හංසයෝ රාජ හංසයෝ යැ.

මයුර විවරණය 81 5. ගුරු‍ගොඩ අරන්දර - පුරාතනයෙහි ගුරුගොඩ නම් අරමක් වු බව ද, ඒ අරමට ඇතුළු වන්නා වු ස්ථානය ගුරුගොඩ අරන්දර නම් වු බ ද සැලැකියැ හැකි. ‘අරම්’ යනු උයනට නම්. අරම් + දොර = (පර ස්වර්ණාැදේශයෙන්) අරන්දොර = (ස්වර පර රූපයෙන්) අරන්දර.

ගුරුගො‍ඩ නමින් ගැනෙන්නෙක් දැන් මේ අසලැ නැති. අරන්දර නම් බෙලිගල් කොරලයේ කඳුපිට පත්තුයෙහ් පිහිටි ගමෙකි.

30. එකිකෙකිනේ මිණි නිදනේ නිදන මෙන අද අදනේ පිය වදනේ පිය වදන ඉටු සකිනේ තුටු සකිනේ නරඹ මින දොරවකිනේ නො වළකිනේ යන ගමන

අන්නකය: ඉටු සකිනේ, නිදනේ මිණ‍ි එකින් එකින් නිදන (අදන) මෙන්, පිය වදන් (එකි‍න් එකින්) අද ‍අදන පියවදන තුටු දකින් නරඹමින, දොරවකින් යන ගමනැ නොවළකිනේ.

අර්ථම : ඉෂ්ට මිත්රනය, නිධානයෙහි මැණික් එකින් එකින් නිධනයන් (අදින්නා) සේ, ප්රි:ය වචන (එකින් එකින්) හෘදයය (සිත) අදින්නා වු ප්රිනය මුඛින් සතුටු වු ඇසින් බලමින්, දොරවකින් යන්නා වු ගමණින් නො නවතිනු (මැනැවි).

විස්තර : දොරවකැ සුමුඛිහු ප්රිගය මුහුණු ඇති ස්ත්රිැහු) වෙති. ඔවුන් කියන්නා වු එක් එක් වචනය, අසන්නහු ගේ සිත අදී හෙවත් පොලඹවයි, කෙසේ අදි ද? නිධානයෙකැ ඇති මැණික් අතුරින් එකක් එකක් මැ දිලින්දකු අදින්නා (පොලඹවන්නා) මෙන් අදි, ඒ ස්ත්රිඅහු කො තරම් සිත් අලවත් ද යත්:- ඔවුන් බැලිමෙන් මේ යන ගමන ද වැළැකියැ හැකි යැ. එ හෙයින් සතුටු ඇසින් ඔවුන් බලබලා හිදිමෙන් මේ යන ගමනට බාධා නොකිරිම යහපත් වෙයි.

ටිප්පණි : 1. එකිනේ - ‘එකින්’ යැ යි සිටියැ යුතු තැනි. ‘ඒ’ යන්න එළි වැට බදනට ගැනුණේ යැ. (තුටු) සකිනේ - දොරවකිනේ - යන දෙ තන්හි ‘ඒ’ යන්න ද එළි බඳි.

2. අද - හද. මයුර විවරණය 82 3. අදනේ - ‘අදන’ යැ යි සිටියැ යුතු තැනි. අගැ ‘අ’ ‘ඒ’ කැරුණේ එළි රක්නට යැ. ‘අද’ ධාතු ‘රක්’ ආදි පර පද යි. අදී - අදිති - ඇදි - ඇදි.

4. පියවදන - පිය වු වදන (මුහුණ) වනුයේ යමකට ද‍ ඔ පියවදන. ශෝභන මුහුණ ඇති ස්ත්රියයට නමි. මෙ තන්හි බහුවචන යි. මුඛ ව‍ාචි තන්හි ‘වදන’ යනු ප්ර්කෘති යි. ‘වදන්’ යනු ප්රනකෘති වනුයේ වචන වාචි තන්හි යැ.

5. ඉටු සකිනේ - ඉෂ්ට මිත්‍යියිනි. ‘සකි’ (සඛින්) යනු මිත්රේයාට නම්.

6. නරඹමින - ‘නරඹ’ ධාතු ‘බල’ ආදි පර පද යි. නරඹා - නරඹති - නැරැඹි - නැරැඹු. 7. දොරවකිනේ - දොරවක නම් අරන්දරට බස්නිහිරින් බෙලිගල් කෝරලයේ කිරවැලි පත්තුයෙහි පිහිටි ගමෙකි. 8. වළකිනේ - වළකින්නේ. මෙහි ‘වළක’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. අකර්මේක යි. (පර පද) වළකි - වළකිති - වැළැකි - වැළැකි.(අත් පද) වැළ‍කේ - වැළැකෙති - වැළැකිණි - වැළැකුණු. සකර්මෙක ‘වළක’ ධාතු ‘බල’ ආදි පර පද යි. වළකා - වළකති - වැළැකි - වැළැකූ. 9. ගමන - ‘ගමනැ’ යැ යි සිටියැ යුතු තැනි. අවධි අථියෙහි පස් වන විබති. “ ගමනැ (ගමනෙහි) නේ වළකිනු” සයු “ගමනින් නො වළකිනු” යන්නට සමාන යැ.

31. නෙත් සන හමින් බලමින් බුදු රුවන් වෙස අ ත් වන පිණිස මොක් බවැ දුක් නොවන ලෙස සි ත් තන මින් පතමින් පින් පල වෙසෙස අ ත් තන ගල්ල නමඳුට නමමින් සිරස

අන්නතය : බුදු රුවන් වෙස බලම්න් නෙත් ‍සනහමින්, මොක් අත් වන පිණිස බවැ දුක් නොවන ලෙස සිත් තනමින්, පින් පල වෙසෙස පතමින්, සිරස නමමින් අත්තන ගල්ල නමදුව.

අර්ථන : බුද්ධ රත්නයාගේ වෙශය (පිළිමය) බලා ඇස් සනහා (නිවා) ගෙනැ, මොක්ෂ්ය (නිර්වාදණය) අයිති වන පිණිස මයුර විවරණය 83 භවයෙහි දි (සංසාරයෙහි දි) දුක් නොලැබෙන පරිද්දෙන් සිත පහදා -ගෙනැ, පුණ්යි ඵල විශෙෂය පනා, හිස නමා අත්තනගල්ල වඳුව.

විස්තර : අත්තන ගල්ලේ බුද්ධ විමානයෙහි බුදු පිළිම වෙයි. එය බැලු කලැ උපදනා ප්රිලතියන් ඇස් සැනැහෙයි.සිත පිරිසුදු කොටැ - ගෙනැ, පින් පල අදහා - ගෙනැ වැන්ද හොත්, නිවන් අත් වෙයි, සංසාරයෙහි දි අප්රිටය සමිප්ර,යොගාදි දුකෙකුදු නො වෙයි.

ටිප්පණි : 1. සනහමින් - ‘සනහ’ ධාතු ‘බල’ ආදි පර පද යි. සනහා - සනහති - සැනැහි - සැනැහු. 2. අත් වන පිණිස - “අත් වන තුරු මැ” යනු බොහෝ පිටපත්හි එන පාඨයයි. අනුචිතාර්ථ්යක් දෙන හෙයින් ඒ මෙහි නුසුදුසු යැ. “අත් වන තුරු මැ” යන්නෙන් එ කලැ ලැබුණු අර්ථ ය නම්, “අයිති වැ පවත්නා තාක්” යනු යැ. ‘තුරු’ යන්නේන් වර්ත මාන ව්ය‍වහාරයෙහි ලැබෙන අර්ථඅය එ කලැ නොලැබුණේයැ. 3. බවැ දුක් නොවන ලෙස - ඉපැදිමත් දුක් නම්, ජරාවත් දුක් නම්, මරණයත් දුක් නම්, භවයෙහි දුක් නොවන ලෙස පැතිමෙන් කවර අර්ථමයෙක් ද? මෙහි ගැනෙනුයේ ජාත් ජරා මරණ යන නො වැළැක්වියැ හැකි දුක් නො වේ, රෝග පිඩාදි වැළැක්වියැ හැකි දුක් යැ.

4. තනමින් - නිමැවිම් ආදි ‍අර්ථැයෙහි ‘තන’ ධාතු ‘බල’ ආදි පර පද යි. සකර්ම ක යි. තනා - තනති - තැනි - තැනු. කම්පනයෙහි ‘තන’ ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර පද) තනා - තනති - තිනී - තිනු, තුනු. (අත් පද) තෙනේ - තෙනෙති.

5. පතමින් - ‘පත’ ධාතු ‘බල’ ආදි පර පද යි. පතා - පතති - පැති - පැතු.

6. පින් පල වෙසෙස - පුණ්යහ ඵල විශේෂය. පිනින් ලැබියැ හැකි විශිෂ්ට (ඉතා උතුම්) ඵල.

7. අත්තනගල්ල - ගොඨාභය කුමරුන් රජය පතා යුද්ට පැමිණි කල්හි පලා ගිය සිරිසහබෝ රජුන් සිය හිස දන් දුන්නේ මෙ‍ තන්හි දි යැ යෙති. එ කල්හි එහි අත්තන වනයක් මයුර විවරණය 84 වු හෙයින් ‘අත්තන ගල්ල’ යන නාමය වු හ යි ‍සිතේ. පසු වැ ‍‍ෂ්ෙම් ස්ථානය මහත් ප්රහසිද්ධියට පැමි‍ණියේ යැ. මේ ස්ථාන‍ය පිළිබඳ ප්රපවෘත්තිය අත්තන ගලු වංශයෙහි එයි. සිංහලයෙහි ‘ගොලු’ යනු වනය යැ සමුහය යැ යනාදි අර්ථපයෙහි වැටේ. ඇතැම් තන්හි මේ ‘ගොලු’යනු ‘ගලු’ යි ද සිටි. බළගල්ල -බෙලි ගල්ල - යනාදි ගම් නම් වලැ ද ‘ගලු’ යනු පෙනෙයි.

8. නමඳුව - ‘නමඳ’ ධාතු ‘රක්’ ආදි පර පද යි. නමඳි - නමඳිති - නැමැඳ‍ි - නැමැඳි.

32. රැවු කළ මි ලොල්ලේ මි ලො‍ල්ලේ ය පුල් දොඹනා ගොල්ලේ සෙවණැල්ලේය මඟැ ආරැලි එල්ලේ සිතු වැල්ලේය යව ඕ පත් ඇල්ලේ සිතු ඇල්ලේය

අන්න ය : මිලෝල් මි ලොල්ලේ රැවු කළ පුල් දොඹ නා ගොල්ලේ සෙවැණැල්ලේ ආරැලි එල්ලේ මඟැ සුදු වැල්ලේ යව. ඕපත් ඇල්ලේ සිතු ඇල්ලේ. (සතර පාදයෙහි මැ අනන්තයෙහි ‘ය’ කාරය නිරර්‍ථක යැ.)

අර්ථස : මධුලොලයන් (බමරුන්) මධුවට (මල් පැණියට) ලෞල්ය ය (ආශාව) කරණ කොටැ-ගෙනැ නාද කළා වු පිපුණා වු දොඹ නා ගස් සමුහයන් ගේ ඡායායෙහි කඳුරැලි එල්ලෙහි වු මාගර්යොහි සුදු වැල්ලෙහි යව. (මෙ බඳු වු) ඕ පත් ඇල්ලේහි සිත බැ‍ඳේ.

විස්තර : ඕ පත් ඇල්ලේ මඟ කඳුරැලියක් ඔස්සේ වැටුණේ යැ. එ හෙයින් එහි සුදු වැලි වෙයි. පිපුණා වු දොඹ ගස් නා ගස් සමුහයේ සෙවණ ඒ මඟට වැටෙයි. ඒ ගස්හි බමරු මල් මි ලොලින් නාද කෙරෙති. මෙ සේ වන හෙයින් ඕ පත් ඇල්ලේහි සිත බැ‍ෙඳයි.

ටිප්පණි : 1. මිලොල්ලේ - මියෙහි ලොල යමක්හු ගේ ද හේ මිලොල්. බමරාට නම්. ‘මිලොලුත්’ යැ යි සිටියැ යුතු තන්හි ‘මලොලි’ යන ප්රපකෘති රූපය මැ සිටියේ යැ. ‘ලේ’ යනු අධික යි. ශබ්ද්යරකන ‘ල’ කාරය එළි රක්නට මේ සේ ද්විරූප කොටැ ස්වරයක් ද පැමිණැවිම කවි සමිප්රිදායයට අවිරුද්ධ යැ.

මයුර විවරණය 85 “ වයන පදය තබමින් පද කමල්ලා” යනාදි තන්හි දු ඒ පෙනේ.

2. මි ලොල්ලේ - ‘මි ලොල්ලේ’ යනු ‘මි ලොලින්’ යන්නට සමාන කොටැ යෙදිණ.කරණාර්ථොයෙහි පස් වැනි විබත ද යෙදෙයි. “ වෙණ අසන ‍‍රිස්සේ අයෙක් සිටියෝ යැ අසු අස්සේ” යනාදි තන්හි මෙනි.

ලොලු + ඒ = ලොල්ලේ. ‘ලොල්’ යනු මෙන් මැ ලොලු යනු ද ප්ර කෘති වෙයි. 3. සෙවැණැල්ලේ - සෙවැණැලි + ඒ = සෙවැණැල්ලේ. සෙවණලු මැ සෙවැණැලි. ස්වාර්ථ තන්ධිතයි. ‘සෙවණලු’ යන්නේන් ලැබෙනුයේ. ‘සෙවණ’ යන්නෙන් ලැබෙන අර්ථවය මැ යැ. එ හෙයින් ‘අලු’ යනු නිරර්ථ්ක සේ යැ. ඇතැමෙක් ‘ඡායාලොක’ යැ යි. අරුත් පවසති. එහෙත් එහි සුදුසු බවෙක් නො පෙනේ. 4. ඕ පත් ඇල්ලේ - සියනු කෝරලයේ උඩුගහ පත්තුයෙහි මේ ඕ පත් ඇල්ලේ පිහිටියේ යැ. 5. ඇල්ලේ - යම් කිසිවක් හසු කැරැ-ගනු ලබන්නේ අත ලිමෙන්. එ හෙයින්.’අත ලනු’ නම් හසු කැරැ ගැන්ම යි. මෙහි ‘අත්’ යනු. බස්තවාචි නාම යි. ‘ලනු’ යනු ‘ල’ ලිමෙහි ධාතුයෙන් වු‍ෙය් යැ. ‘අත් + ල’ යනු පර රූප විධියෙන් ‘අල්ල’ යි ද වෙයි. මෑත කාලයෙකැ දී මේ ‘අල්ල’ යනු මැ ධාතුව සේ වරනැ‍ඟෙන්නට වි යැ. අල්ලා - අල්ලති - ඇල්ලී - ඇල්ලු - ඈ විසිනි. ඇල්ලේ - ඇල්ලේති - ඇල්ලිණි - ඇල්ලුණු - යනාදිය කර්ම සාධක රූප යි. එ හෙයින් යෙහි ‘ඇල්ලේ’ යනු කර්මිසාධන වතිමාන් ප්රාථම පුරුෂ එකවචන ආඛ්යා්ත පද යි. “ඇල්ලනු ලැබේ” යනු අර්ථර යි. ‘අල්ලා’ යනා දි තන්හි ග්රාලමිණත්‍වයක් සලකා දෝ, නැත හොත් ‘සිල්වා’ යනාදිය හා එළිසම කරනු පිණිස දෝ, මෑතෙකෑ සිටැ ඇතැමෙක් ‘අල්වා’ යනාදියක් යොදති. ඒ පිරිසිදු අපහ්රං ශ යි. මේ පමණක් නො වැ ‘ඉල්ලා’ යනාදිය ‘ඉල්වා’ යන ඈ විසින් යොදන්න ට ද හේතු නැති සේ පෙනෙයි.

33. ලිය ලිය ගී කියන අඬින් මඳ මඳ විඳැ එ මං කඩින් පිපි විසිතුර සටන් බඩින් වඩු මොනරිඳුනි වෑබඩින් මයුර විවරණය 86 අන්න ය : මොනරිඳුන්, ලිය අඩින් කියන ලිය ගී එ මං කඩින් මඳ මඳ විඳෑ. පිපි යටන් බඩින් විසිතුරු වෑබඩින් වඩු.

අර්ථ්‍  : ‍ ‍‍කි මයු ‍‍ෙරන්ද ‍ෙයනි, කාන්තාවන් නාදයෙන් (හඩ නඟා) කියන්නා වු ලයාන්විත ගීතයන් ඒ මාර්ගන ප්රිදේශයෙන් මඳින් මඳ විඳිමින් (අසමින්), පිපුණා වු වෘක්‍ෂලතාවන් ගේ සමිපත්‍වයෙන් විචිත්රි වු වෑබඩින් යව.

විස්තර : වෑබඩ මඟ අසලැ ස්ත්රි හු මිහිරි ගී හඬ නඟා කියති. ඉක්මනින් නො වි (සෙමෙන් සෙමෙන්) යන කලැ ඒ ගි රසය වින්දැ හැකි යැ. තව ද වෑබඩ දෙ පසැ මල් පිපුණු ගස් වැල් ඇති හෙයින් විසිතුරු යැ.

ටිප්පණි : 1. ලිය ගී - ලයාන්විත (ලය ඇති) ගීත ගායනයෙහි ද්රැ ත, මධ්යි, විලම්බිත යන විසින් ත්රිගවිධ වු තාල භෙදය ලය නම් වේ. ශිඝ්රෙ වුයේ ද්රැදත යි. මන්‍ද වුයේ විලම්බිත යි. ද්රැලත විලම්බිත දෙක අතරෙහි වුයේ මධ්යැ යි.

2. අඬින් කියන - ගී හඬින් කීම නම් ඒ ඒ ස්ථානයට සුදුසු වු හඬ නගා කිම යි. 3. මඳ මඳ - ගී මඳ මඳ විඳිනුයේ කෙසේ ද? ඉක්මන් වැ නේ ගොස් නැවැතිල්ලේ යන කලැ, ඒ නැවැතිමේ පමණට ගී ද විඳියැ (ඇසියැ) හැකි යැ.

4. විඳැ - ‘විඳ’ ධාතු ‘බස්’ ආදි පර පද යි. විඳි - විඳිති - විනි - වුනු. මේ ධාතු ‘රක්’ ආදි පර පද ද වෙයි. විඳි - විඳිති- විඳි -විඳි.

5. එ මං කඩින් - මං කඩ නම් මාර්ගඳ ප්රසදෙශය යි වෑබඩ නම් ගමෙහි මාර්ගතය මෙහි ගැනිණ.

6. පිපි - ‘පුප්’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර පද) පුපී - පුපිති - පිපි - පිපි. (අත් පද) පිපේ - ප‍ිපෙති - පිපිණි - පිපුණු.

7. විසිතුරු - විචිත්ර්. නානාවිධ වු - විවිධ වර්ණපයෙන් යුත් - රමණීය - ආශ්වර්ය - යනාදා අර්‍නමයන්හි මේ වැටේ.


මයුර විවරණය 87 8. යටන් - ‘යට’ යනුයෙන් ගස් ද වැල් ද ගැනේ. 9. වෑබඩින් - වෑබඩ නම් සියනෑ කෝරලයේ අදිකාරි පත්තුයෙහි පිහිටි ගමෙකි.

34. කි ර ණ විහිදි පහ කුළු තුඟු කොතින් සැදු න ර ණ ලියෙව් පිය ලන පිය ලියන් රැඳු දෙර ණ නුසුලන මෙන් සව් සිරින් යෙදු ත ර ණ සිරින් සිරි මහ කැලණි පුර වදු

අන්නණය : පහ කුළු සැදූ තුගු කොතින් කිරණ විහිදි, නරණ ලිය එව් පිය ලන පිය ලියන් රැඳු, දෙරණ නොඋසුලන මෙන් සව් සිරින් යෙදූ, සිරි මහ කැලණි පුර, තරණ සිරින්, වදු.

අර්ථන : ප්රා සාද කූටයන් අලංඞකෘත කළා වු උස් වු ගෘඞගයෙන් රශ්මිය විහිදුණා වු, නාරායණ කාන්තාව (සිරි කත) මෙන් පා තබන්නා වු (ගමනාගමනය කරන්නා වු) කාන්තාවන් විසින් විසිතුරු කරන ලද්දා වු, ධරණිය (පෘර්ථකවිය) නොඋසුලන්නා වු තරම් සකල සම්පත්තියෙන් යුක්ත කරන ලද්දා වු, ශ්රි( මහා කළ්යා ණි පුරයට, දෙව් පුරයට ලෙසින්, වදුව.

විස්තර : කැළණියෙහි මහ ප්රා්සාදයන් ගේ කූට හෙවත් මුඳුන් උස් වු කොතින් සරසන ලද්දේ යැ. ඒ කොතින් රශ්මිය විහිදී යෙයි. කැළණියෙහි ස්ත්රිතහු ශ්රි් කාන්තාව මෙන් ගමනාගමනය කරන්නෝ යැ. ඔවුන් ගෙන් නගරය රැඳුණේ යැ. හෙවත් විසිතුරු වුයේ යැ. ඒ නගරයෙ හි ඇත්තා වු සම්පත්ති භාරය මුළු පොළොවට ද ඉසිලියැ නොහැකි තරම් යැ. ඒ නගරයට වදනා කලැ දෙව් පුරයට වදනා කලැ මෙන් වෙයි. කවර හෙයින් ද? කැළණිය ද දෙවි පුරය ද අතරැ වෙනසක් ඇත් සේ නොපෙනෙන හෙයිනි

ටිප්පණි : 1. විහිදි - මෙහි ‘විහිදි’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (ප) විහිදි- විහිදිති - විහිදි - විහිදි. (ආ) විහිදේ - ‍විහිදෙති - විහිදිණි - විහිදුණු. සකර්මික ‘විහිද’ ධාතු ‘බල’ ආදි ද ‘බස්’ ආදි ද පර පද වෙයි.

2. නරණ ලිය එවි පිය ලන - ‘නරණ’(නාරායණ) යනු විෂ්ණුහුට නමෙකි. ඔහු ගේ ලිය නම් ලක්ෂ්මි යැ. ලක්ෂ්මිය ගේ පිය ලිම - පා තිබිම - ගමන් කිරිම - යම් පමණ ප්රිලයජනක ද, කැළණියෙහි ස්ත්රිුන් ගේ පිය ලිම ද එ තරම් මැ ප්රිනයජනකයැ.

මයුර විවරණය 88 3. පිය ලියන් රැඳු - ඒ පිය ලියෝ කැළණි පුරය රඳති - තමන් ගේ ශරිර වර්ණ.යෙන් වර්ණ්වත් කෙරෙති - විසිතුරු - කෙරෙති. 4. නුසුලන - නො + උසුලන = (ස්වර පර රූපයෙන්) නු + උසුලන = (ස්වර්ණස දිර්ඝ යෙන්) නුසුලන. ‘උසුල’ ධාතු ‘බල’ ආදි පර පද යි. උසුලා - උසුලති - ඉසිලි - ඉසිලු. 5. තරණ - මෙහි ‘තරණ’ යනු ස්වර්ගවයට නම්. සංස්කෘකයෙහි දු ස්වර්ගු වාචි ‘තරණ’ ශබ්දයෙක් වෙයි. 6. සිරි මහ කැලණි පුර - කැලණිය පුණ්ය තිර්ථරයෙකි එ හෙයන් ‘සිරි’ යනු ගෞරව සඳහා යෙදිණ.

35. කියඹු වතළ දළ කැළැලොත ළ සේකර පැළැඳි ඔරැඳි මලිගිය මලිනි සේකර ලියෙවි ලියන් කැලුමළු ළ පලු සේකර තො දැකැ නොපටැ සිතිවිලි සිතැ තොසේකර

අන්නැය : කියඹු වතළ දළ කැළැල ඹත ළ සේකර, ඔරැඳි මලිගිය මලිනි සේකර පැළැඳි, කර ළ පලු සේ කැලුම් අළු, ලිය එව් ලියන් දැකැ, තෝ සිතැ නොපටු සිතිවිලි තොසේ කර.

අර්ථු : අලකා වැතුරුණා වු නළල කලඞකය (සස ලපය) වැටුණා වු තරුණ චන්‍ද්රතයා වු, විරාජමාන වු (බැබැළුණා වු) මාලති කුසුමයෙන් ‍ෙශඛර (මුදුන මල් කඩ) පැළැන්දා වු, හස්තය තරුණ පල්ලවය මෙන් කාන්තිය දුන්නා වු, ලතාවන් වැනි වු ස්ත්රි්න් දැකැ, තෝ සිතෙහි අල්ප නුවු සිතිවිලි සන්තෝෂයෙන් කරව.

විස්තර : කැලණියෙහි ස්ත්රි න් දැකැ උන් ගේ රූප සෞන්දපර්යවයෙන් බෙහෙවින් පහදුව යි මේ කි සැටි යැ. ඒ ස්ත්රී න් ගේ අලකා විසිරි ගිය නළල සස ලපය ඇති බාල සඳ (අඩ සඳ) වැන්නැ. ඒ ස්ත්රි හු සත්පෙති දැ සමන් මලින් කළ මුඳුන් මල් කඩ පැළැඳියෝ යැ. උන් ගේ අත් ළා දළු මෙන් රතු යැ. එ හෙයින් ඔහු ලතාවන් වැනි වෙත්.

ටිප්පණි : 1. කියඹු - නළලට වැටෙන සේ ගොතා හෙළූ කෙස් රොද මෙ නම් වේ. සංස්කෘතයෙහි ‘අලකා’ යනු නමි. මයුර විවරණය

89 2. වතළ - මෙහි ‘වතුර’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. වැතිරේ - වැතිරෙති - වැතිරිණි, වැතිරි, වතිළි, වතිළ, වතළ- වැතුරුණු, වැතිරි, වතුළු, වතුළ, වතළ. 3. දළ - නළලට මේ නමි, 4. ඔත - ‘ඕ’ ධාතු ‘බස්’ ආදි පර පද යි. ඔවි - ඔවිති - ඔති, ඔත්, ඔත - ඔතු, ඔත්, ඔත. 5. සේකර - ශෙඛර, චන්‍ද්රුයාට ද මුඳුන් මල් කඩට ද නම් වෙයි. 6. ඔරැඳි - ‘ඔරඳ’ (බැබැළිමෙහි) ධාතු ‘පිහිට’ ආදි උභය පද යි. (පර පද) ඔරදා - ඔරදති - ඔරැඳි - ඔරැදි, (අත් පද) ඔරැ‍ඳේ - ඔරැ‍ඳෙති - ඔරැඳිණි - ඔරැඳුණු. මේ ධාතු ‘වොරඳ’ යි ද සිටි. 7. අළු - ‘ඉදිරියට පැමිණැවු’ යනු අර්ථ, යි. ‘අර’ ධාතු ‘බස්’ ආදි පර පද යි. අරී - අරිති - අළි, අළ - අළු, අළ. 8. නොපටු - මෙහි ‘පටු’ යනු ‘සිහින්’ හෙවත් ‘අල්ප’ යන අරුත දෙයි. හෙයින් අන්ලප (මහත්) වූයේ නොපටු යැ.

36. රුවැ සැක වෙමින් සුර’හන යැ යි කළ මාන දන සක රඳන නව යෝනන් සොබමාන දැකැ දැකැ මෙ පුර වරැ සිරි සර අසමාන බස රැකැ මිසක් නො කියමි සුර පුර මාන

අන්න ය : සුරඅඟන යැ යි රුවැ සැක වෙමින් දන මාන කළ සක රඳන නව යෝනන් සොබමාන මෙ පුර වරැ අසමාන සිරි සර දැකැ දැකැ, බස රැකැ මිසක්, සුර පුර පාන නො කියමි.

අර්ථ් : සුරඞගනාව නැ යි රූපයෙහි ශඞකා ඇති වැ ජනයන් එල්ල කළා වු චක්‍ෂුස (ඇස) පිනවන්නා වු අභිනව යුවතින් ශෝභමාන වු මේ පුර වරයෙහි අසදෘශ වු ශ්රිු සාරය දකිමින්, වචනය රැකැ -ගෙනැ විනා, දිව්යහ පුරය හා සමානත්‍වය නො කියමි.

විස්තර : මේ නගරයෙහි ස්ත්රි,න් ගේ රූපය දුටු මිනිස්සු, “මොහු දිව්යා ඞගනාවෝ නො වෙත් දැ” යි සැක කෙරෙමින්, තමන් ගේ ඇස් එ දෙසට මාන කෙරෙති (එල්ල කෙරෙති) ස්ත්රිිහු


මයුර විවරණය 90

තමන් ගේ පරමරමණිය රූපයෙන් ඒ ඇස් රඤ්ජනය කෙරෙති (පිනවති.) මේ නගරයෙහි අසදෘශ වු (අන්යර නගරයෙකැ ශ්රිු සාරය හා සමාන නොවන්නා වු) සම්පත්ති සාරය දුටු කලැ, “දිව්යය පුරය වැනි යැ” යි කීමට ද‍ සිත පැකිළෙයි, කවර හෙයින් ද? “දිව්ය පුරයට වඩා මෙ පුරය මැනැවැ” යි කියන්නට ද හේතු පෙනෙන හෙයින‍ි.

ටිප්පණී : 1. මාන කළ - එල්ල කළා වු, එල්ල කිරිමට ‘මාන කිරිම’ යැ යනු ව්යෙවහිරයෙහි දු එයි. ‘ඇස මාන කිරිම’ නම් එ දෙස බැලිම යැ, 2. බස රැකැ මිසක් නො කියමි - බස රැකැ කිම ‍නම්, එක් වරැ මැ නිසැක කොටැ නො කියා, තමන් කියන දැ ගැනැ මහත් සැක තමාට මැ ඇති බව හඟවමින්, ඇදැ පැදැ නළවා කිම යැ, 3. රැක - ‘රක්’ ධාතු පර පද යි. රකී - රකිති - රැකි - රැකි. මෙ සේ වරනැ‍ෙඟන ධාතු ‘රක්’ ආදි ගණයට අයත් යැ. 4. සුර පුර මාන - මෙහි ‘මාන’ යනු ‘සමාන බව’ යන අරුත්හි වැටේ. සංස්කෘකයෙහි දු ‘මාන’ යන්නෙන් ඒ අර්ථුය ලැබෙයි.

37. සඳ කැන් පෙර ගිරගිනෙන්ට කොඳ වන වත පුබුදුවන්ට බමරුන් මුවරඳැරැ යන්ට මද රද දුනු කමට එන්ට

අන්නදය: සඳ කැන් පෙර ගිරි අගින් එන්ට [වත,] කොඳ වත පුබුදුවන්ට [වත,] බමරුන් මුවරඳ ඇරැ යන්ට [වත.] මද රද දුනු කමට එන්ට වත,

අර්ථන : චන්‍ද්රි කාන්තාය උදය පර්වටත මස්තකයෙන් එන්නට වත් මැ, කුන්‍ද වනය පිපෙන්නට වත් මැ, භෘඞගයන් මකරන්‍දය (මල් පැණි) අත් හැරැ යන්නට වත්‍ මැ, අනඞගයා විදීමට එන්නට වත් මැ - (අනන්තර පද්ය්යෙහි “රජ ගෙට පිවිසැ” යනු හා සම්බන්ධ කරන්නේ යැ.)

විස්තර : “රාත්රි මුඛය පැමිණි කලැ විභිෂණ දෙවාලයයට වදුව” යි කියනු සඳහා රාත්රි මුඛය වැනු තැනි.

මයුර විවරණය 91 ඒ කාලයෙහි පෙර දිගින් නැගුණු චන්‍ද්ර යා ගේ රශ්මිය පැමිණෙන්නට වෙයි, කොඳ වනය පිපෙන්නට වෙයි, බමරු පියුම් ආදියෙන් මල් මි ගැනුම හැරැ යන්නට වෙති, අනඞගයා ද විදිම පිණිස එන්නට වෙයි.

චන්ර් වෙයා උදා විම යැ, කොඳ මල් පිපිම යැ, පියුම් ආදියෙහි ම උරමින් සිටි බමරුන් එය හැරැ රාත්රි වාසයට යෑම යැ යන මේ කරුණු සිදු වනු හා සමඟ, අනඞගයා ද විදීමය එයි. අනඞගයා ගේ විදීම නම් සිතෙහි රාගය ඉපැදැවිම යි. මේ, ශරීර තාපය නිවි ශාන්ත භාවය ඇත් වන වේලාව යැ, එ හෙයන් කය සිත් දෙකට යැ සුව උපදී. එ බඳු සුවයෙහි දී පැනැ නගිනුයේ රාගය යි.

ටිප්පණි : 1. පෙර ගිරගින් - නැගෙනහිරි දිගැ ‘උදය’ නම් පර්විතයෙකි. බස්නාහිරි දිගැ ‘අස්ත’ නම් පර්විතයෙකි. චන්‍ද්ර සූර්යම දෙ දෙන උදය පර්වවතයෙන් නැගී එති, අස්ත පර්වෙතයට මුවා වී බැසැ යෙති. මේ කවි සමයය යි. ‘පෙර ගිරි’ යනු ද උදය පර්ව තයට මැ නමෙකි.

2. එන්ට - ‘එන්නට’ යැ යි සිටියැ යුතු තැනි. ‘න’ යන්න හැළෙන්නට වුයේ එළිසම කව් බැ‍ඳෙන්නට වු පසු යැ. ව්යාැකරණය හා ගැළැපෙන යෙදුමෙක් නො වේ. ‘එන්ට’ යන මෙය උච්චාරණය කිරිම පහසු නො වෙයි. දාන්ත්ය් වු ‘න්’ යන්න හා සමඟ මුර්ධ න්යච වු ‘ට’ යනු කෙසේ නම් උච්චාරණය කළ හැකි ද?

3. කොඳ - කුන්ද්. සමන් වැනි මල් ඇත් වෘක්‍ෂ විශේෂයෙකි. මෙය පුබුදිනුයේ රෑ යැ. එ හෙයින් කවි සමයයෙහි චන්‍ද්ර්යා කොඳ පුබුදුවයි.

4. ඇරැ - හැරැ. ‘හර’ ධාතු ‘බස්’ ආදි පර පද යි. හරි - හරිති - හළි - හළු.

5. එන්ට - ‘එ’ ධාතු ‘බස්’ ආදි පර පද යි. ඒ - එති - අයි - අවු.

83. නො ලැගි ලොබින් බලමින් එ පුරෙහි වෙසෙස අ නැ ගි නළගනන් සහ රජ හෙට පිවිස කළ ගි රැඟුම් පුද අනතුරු වැ එ විගස යස ගි කෙකා සත් කැරැ සබ මැදට බැස

මයුර විවරණය 92

අන්න ය : එ පුරෙහි වෙසෙස බලමින් ලොබින් නො ලැගි, අනැගි නළු අගනන් සහ රජ ගෙට පිවිසැ, කළ ගී රැඟුම් පුද අනතුරු වැ, එ විගසැ සබ මැදට බැසැ, යස ගී කෙකා සන් කැරැ-

අර්ථ  : ඒ පුරයෙහි (ශ්රිු) විශෙෂය බලමින් ලෝභයෙන් ඇලි නො සිටැ, අනර්ඝ වු නාටක අඞගනාවන් සමග රාජ මන්‍දිරයට වැදැ, කළා වු ගීත නෘත්යව පුජාවට අනන්තර වැ (ඉක්බිති වැ,) ඒ ක්‍ෂණයෙහි සභා මධ්යුයට බැසැ, සශොගිතිකාව කෙකා ධවනිය ‍කොටැ - (අනතුරු දස පද සැහැලැලෙහි “විබිසණ සුරවරණ සිරි සරණ වැඳැ......කිය” යනු හි සම්බන්‍ධ කරන්නේ යැ.)

විස්තර : රාත්රිය මුඛයෙහි දෙව පුජාව අවසාන වු ඉක්බිති මයුරයා ගේ කෙකා ධවනි පුජාව කරන්නට මේ කී පරිදි යැ.

කැළණිය ශ්රිට සාරයෙන් කො තරම් විශිෂ්ට ද යත් හොත්, පුර සිරි බලමින් ඇලී සිටින්නට ද සිතෙනු නොබැරි යැ. එ සේ ඇල් නො සිටැ. නළගනන් හා සමඟ දෙවි රජ ගෙට ඇතුළු වියැ යුත්තේයැ. නළඟනෝ ගි කියමින් නටමින් දෙව පූජාව කෙරෙති. එය කොටැ අවසන් වනු හා සමඟ මැ, මයුරයා ද සබා මැදට බැසැ, දෙවි රජු ගේ සශෙ‍ාගීතිකාව නම් කෙකා ධවනිය යි.

ටිප්පණි: 1. ලැගි - ‘ලග’ (ඇලිමෙහි) ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර පද) ලගී - ලගිති - ලැගි - ලැගි (අත් පද) ලැගේ - ලැගෙති - ලැගිණි - ලැගුණු.

2. අනැගි - ‘අනැගි’ යැ යි සිටියැ යුතු තැනි. දීර්ඝටය සඳැස ද එළිය ද රකි.

3. රජ ගෙට - මේ නම් ‍දෙවි රජ ගෙය යි.

4. පිවිස - ‘පිවිසැ’ යැ යි සිටි යැ යුතු තැනි. ‘පිවිස’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. පිවිසේ - පිවිසෙති - පිවිසිණි, පිවිසි, පිවිටි. පිවිට - පිවිසුණු, පිවිසි, පුවුටු, පුවුට.

5. රැඟුම් - ‘රඟ’ ධතු ‘බල’ ආදි පර පද යි. රගා - රගති - රැගී - රැගු.

මයුර විවරණය 93 6. අනතුරු වැ - එකකට එකක් අනතුරු විම නම්. ප්රතථමය කෙළවර වන්නා හා මැ ද්විතීයය ඇරැඹිම යි. අතර නොවනුමෙ යමෙක්හි ද ඒ අනතුරු.

7. යස ගි - කිර්තිය වනමින් ගැයෙන ගී යස ගී නම් වෙයි.

8. කෙකා සන් - ‘කේකා’ යනු මයුරයා ගේ ‍නාදයට අනුවැ නිපදවා - ගන්නා ලද ශබ්දයෙකි.

89. විබිසණ සුර වරණ - සිරි සරණ වැඳැ දන්වත් සි රි න් මු ඳු න් නිරි ඳුන් සහ බිසෝ ළඳුන් ත රි න් බෙලෙන් දිසි තුන් බැ මෙ හිමි සඳුන්

			තෙසු රජ රජ ඇමැති - ඈ සෙනඟ ඇම 		සමගින්

දස වතැ රැ රම් නිරිඳුට ජය දුන් ලෙසිනි දස අතැ ත ර ම් වැඩි අණ සක සලසමිනි

සක සකතැ මෙ දෙවි ඇමට වැඩි සිරි දි රුති විලසට සෙත කැරැ රැකියැ කප් හිමට යුත මෙ පවත කිය දෙවිඳුට

අන්නමය : විබිසණ සුර වරණ සිරි සරණ වැඳැ දන්වත්, “සිරිත් මුඳුන් නිරිඳුන් සහ බිසෝ ළඳුන්. තරින් බෙලෙන් දිසි තුන් බෑ මෙ හිමි සඳුන්, තෙසු රජ රජ ඇමැති ඈ ඇම සෙනඟ සමඟින්, දසවත් ඇරැ රම් නිරිඳුට ජය දුන් ලෙසිනි, දස අතැ වැඩි තරම් අණ සක සලසමිනි, සක සකත ඈ මෙ දෙවි ඇමට වැඩි සිරි රුති විලසට දී, සෙත කැරැ කප් හිමට රැකියැ යුත.” මෙ පවත දෙවිඳුට කිය.

අර්ථ  : විභිෂණ දෙවොත්තමයා ගේ ශ්රිු පාදය වැඳැ (තමා යන ගමන) දන්වන කල්හි -

“ශ්රි්යෙන් අග්රි වු නරෙන්‍ද්රතයන් ‍සහ බිසෝ කාන්තාවන් ද, ස්ථිර භාවයෙන් ද බලයෙන් ද (යුක්ත වැ) පෙනි සිටි මේ ත්රි‍හ්රාඳතෘ ස්වාමි චන්‍ද්රසයන් ද, අවශෙෂ වු රාජ රාජාමාත්ය ආදි සකල සෙනාව සමගින් දශමුඛයා (රාවණයා) හැරැ රාම නරෙන්‍ද්ර යාට ජය දුන්නා සේ, දශ දිශායෙහි අධිකප්රණමාණ වු ආඥ චක්රනය ඇති කෙරෙමින්, ශක්රර විෂ්ණු ආදි මේ දෙවියන් ‍සියල්ලන් හට වැඩි වු ඓශවර්යමය රුචි පරිද්දේන් දී. ශාන්තිය කොටැ, කල්ප සීමාව (කල්පාන්තය) දක්වා රක්‍ෂණය කළ යුත්තේ යැ” මයුර විවරණය 94

(යන) මේ ප්රතවෘත්තිය දෙවෙන්ර්ේ දයාට කියව.

විස්තර : විභිෂණ දෙවියන් වැඳැ මේ ගමන දන්වන කල්හි තව ද කියැ යුත්තෙක් ඇති. එ නම් “අවශෙෂ වු රාජ රාජමාත්යහ ආදි සකල සෙනාව හා සමඟ, රජ යැ රජ බිසොව යැ (අලගක්කෝනාර, වීරබාහු, දෙව ස්වාමි යන) ත්රිතභ්රා තෘ ස්වාමිහු යැ යන. මොවුන් කල්පාන්තය දක්වා රක්‍ෂණය කළ යුතු යැ” යන මෙ යැ. රජ සකල ශ්රි.යෙන් අග්ර් ප්රා ප්ත යැ.තුන් බෑ හිමිහු සර්‍ථරයෝ යැ. බලවත්තු යැ.

මොවුන් රක්නා කලැ ද, ශක්ර‍ විෂ්ණු ආදි සියලු දෙවියන් ලේ ඓශ්‍වර්යකයට වැඩි වු අභිමත පරිදි දී රැක්කැ යුතු යැ. විභිෂණ දෙවියෝ සිය සොහොවුරු රාවණයා හැරැ රාම රාජයාට ජය ගෙනැ දුන්නෝ යැ. එ ලෙසින් ශක්රහ විෂ්ණු ආදි දෙවියනට වැඩි සිරි මොවුනට දිම නො කළ හැකි නො වේ.

ටිප්පණි : 1. විබිසණ සුර වරණ - විභිෂණ සුර වාරණයා. මෙහි ‘වරණ’ (සංස්කෘක ‘වාරණ’) යනු හස්ති පර්ඨා ය යි. ඒ හෙයින් පූර්වක නාමයට උත්තමාර්ථෘය එක් කෙරෙයි. අතිපුරාණයෙහි ලක් වැස්සෝ රාක්‍ෂය නම් වු හ. ශාස්ත්රි ඥන ගුණ සම්පත්ති යනාදියෙහි ලා ඔවුන් ගේ සමෘද්ධිය අප්රහමෙය වියැ. ඔවුනට රාවණ නමි රජෙක් වී. අශ දෙශයකට අධිපති වු ඔහුට වොටුනු දසයක් වුයෙන්, කවිහු ඔහුට හිස් දහසක් ඇති සේ සලකන්නට වු හ. දශශිෂි - දශමුඛ - දශවදන - දශශ්රි ව - යනාදි නම් වුයේ එ හෙයින්. අසුර වර්ගදයට අයත් මහු ගේ බලය වැඩෙත් මැ සුරයන් ගේ ද ඔවුන් ‍ඇසුරු කළ බ්රා හ්මණයන් ගේ ද බලය හීන වූයේ යැ. එ කලැ උත්තර ජමිබුද්විපයෙහි අයොධ්යා පුරයෙහි දශරථ නම් රජෙක් වී. ඔහුට කෞශල්යාඅ, සුමිත්රාා, කෛකෙයි නම් බිසෝවරු තිදෙනෙක් වු හ. හේ කෞශල්යා ව ගෙන් රාම නම් පුතකු ද, සුමිත්රා ව ගෙන් ලක්ෂ්මණ, ශත්රැ ෂන යන පුතුන් දෙ දෙනකුන් ද, කෛකෙයිය ගෙන් භරත නම් පුතකු ද ලද්දේ යැ.

දිනක් දශරථ රජු විසින්, “කැමැති වරයක් ගනුව” යි කෛකෙයි බිසොවට කියන ලද. බිසෝ “එය පසු වැ


මයුර විවරණය 95 ගනිම” යි සිටැ, මෑත භාගයෙහි දිනෙකැ, සිය පුතුට රජය දෙන ලෙස යැදිය‍ා යැ. රජ මහත් සංවේගයට පැමිණියේ යැ.රාම කුමර සිය කැමැත්තෙන් මැ තුදුස් වසක් වනයෙහි වසන්නට ගිවිසැ නිකුත් වියැ. ඔහු ගේ ප්රිමයාව වු සිතාව ද, ලක්ෂ්මණ කුමාරයා ද ඔහු නො හැරැ ගිය හ. මේ තුන් දෙන දක්‍ෂිණ ජම්බුද්විපයට ගොස් දණ්ඩක නම් වනයෙහි විසු හ. එ කලැ දක්‍ෂිණ ජම්බුද්වීපය රාවණ රජුට අයත් වැ පැවැත්තේ යැ. දිනක් දණ්ඩක වනයට පැමිණි රාවණ සොහොවුරිය රාම ලක්ෂ්මණ දෙ දෙනා අතින් ගහට විඳැ, ඒ බව රජු දැන්වුව. රාවණ රජ තමා ගේ පුෂ්පක නම් ආකාශ යානයෙන් පැමිණැ, එ කලැ අසපුයෙහි තනි වැ උන් සීතාව බලාත්කාරයෙන් ගෙනැ ගියේ යැ.

රාම කුමර වානර සේනාවත් සහාය කොටැ -ගෙනැ, මුහුද සරසැ සෙතුවක් බැඳැ, ලඞකාවට අවුත්, දොළොස් වසක් යුධ කළේයැ. අන්තිමයේ දී රාවණ රජු ගේ මල් බෑ වූ විභිෂණ කුමර රාජ්යළ ලෝභයෙන් රජු ට විපක්ෂු වැ, සතුරනට එකතු වී. ජය ඔහුට ලබා දුන්නේ යැ. රාම කුමර රාවණ රජු මරා, විභිෂණ කුමාරයාට ලඞකා රාජ්යුය දී සීතාව ගෙනැ, දඹදිවට මැ ගියේ යැ.

රාක්‍ෂස ගෝත්රඞයට අයත් අසුරයකු වූ විභිෂණ, සුර පක්‍ෂයට බැඳුණු හෙයින්, සුරයකු (දෙවියකු) ලෙස ගැනෙන්නට වියැ. ඔහු ගේ රාජධානිය කැලණිය වුයෙන් දෝ, ඔහු ගේ දෙවාලයය කැලණියෙහි පිහිටි යේ යැ.

2. දන්වත් - ‘දන්’ ධාතුයෙන් වු ප්රහයෝජ්ය අසමභාව්යු කෘදන්ත නිපාත යි.

3. තරින් - ‘තර’ ‍නම් ස්ථිර භාවය යි.

4. බෙලෙන් - බල + එන් = බලෙන් = (ස්වර පර රූපයෙන්) බෙලෙන්.

5. තුන් බෑ මෙ හිමි - අලගක්කෝනාර, වීරබාහු ආදාපාද, දෙව ස්වාමි යන තුන් දෙන.

6. තෙසු - ‘සෙසු’ යනු මෙ සේ ද සිටි. ‘අවශෙෂ’ (ඉතිරි) යනු අර්ථ. යි.


මයුර විවරණය 96 7. රජ රජ ඇමැති - ‘රජ’ යනු සාමාන්යබ වශයෙන් අනුශාසකයකුට ද (Governor) නම් වෙයි. යෙහි පළමු වැනි ‘රජ’ යනු ඒ අර්ථ යෙහි යෙදිණ, ද්ුවීපාධා රාජ, මණ්ඩලික රාජ අන්තර්භෞරගික රාජ, අනුශාසක රාජ යැ යි රජවරු පස් දෙනෙකි. 8. රජ ඇමැති - රාජාමාත්යණ රාජ කාර්යනය භාර වැ සිටුනා ඇමැතිවරු Ministers of State. 9. දසවත් - දශමුඛයා, රාවණයා, විභිෂණයා විසින් රාවණයා ගරනා ලද පරිදි යටැ පැවැසිණ. 10. ඇරැ - හැරැ. 11. සකත් - චක්රශහස්ත. චක්ර‍පාණි. විෂ්ණු. විෂ්ණුහු අතෙහි චක්රනයෙක් වෙයි. එ හෙයින් හේ චකුහස්ත යැ. ‘චක්ර‍’නම් වට වු ආයුධ විශෙෂයෙකි. Disc. 12. රැකියැ යුත - ‘රැකියැ’ යනු අසම්භාව්යට කෘදන්ත නිපාත යි. නිපාත යි. රක් + ඉයැ = රැකියැ.

40. දිලි විදු ලිය නුවන්න් බලමින් සොඳින තතු සුව සැප පිළිවිසිනෙවි ගුම් බසින වෙතැ සැපැමිණ ත-සබඳ ගන කුළක් මෙන ලගු තුරු රැවු රැඳි ඉඳු මිණි පා මුඳුන

අන්නතය: දිලි විදු ලිය නුවනින් සොඳින බලමින්, සුව සැප තතු ගුම් බසින පිළිවිසින එව්, වෙතු සැපැමිණි ත-සබඳ ගන තුළක් මෙන. තුරු රැවු රැඳි ඉඳු ‍විණි පා මුඳුනැ ලගු.

අර්ථව : බැබැළුණා වු විද්යුනල්ලතා නමැති නයනයෙන් (ඇසින්) මනා සේ බලමින්, සූඛසම්පත්තියෙහි තත්ත්‍වය ඝොෂ නමැති වචනයෙන් අසා බලන පරිද්දෙන්, සමිපයට පැමිණියා වු තා ගේ මිත්ර මෙඝ කූටයක් වැනි වූ, කූර්යි රවය පැවැත්තා වූ ඉන්‍ද්රප නීල මණි ප්රා සාද මස්තකයෙහි සැතැපෙව.

විස්තර : කැලණියෙහි ඉන්‍ද්ර්නීල මණි ප්රාවසාදයෝ වෙති, ඒ ප්රාsසාදයන්හි තූර්යර නාදය පවත්නේ යැ. ඉන්‍ද්ර්නිලමණිමය වන බැවින්, ප්රා‍සාදය මෙඝ කූටයක් (වැසි වලා කුළක්) වැන්නැ. ප්රාමසාදයෙහි තූර්යි නාදය මෙඝ කූටයෙහි ගර්ජනය හා සම යැ. මණි ප්රණසාදය වන බැවින්, එහි කාන්තිය විහිදෙයි. ඒ මෙඝ කූටයෙහි විදුලිය බඳු වෙයි. මෙඝ කූටය මයුරයා ගේ මිත්රරයෙකි. මේඝ කූට නමාති මිත්ර යා, මයුරයා දැකැ සුව සැප තොරතුරු විචාරන්නට. මයුර විවරණය 97 පැමිණි සේ යැ. මේඝ කූටයෙහි විදු ලිය කෙටීම, මිත්රනයා ඇස් අයා බලනු වැන්නැ. මේඝ කූටයෙහි ගිගුරුම, මිත්රුයා සුව සැප තොරතුරු පිළිවිසින වචන වැන්නැ, මෙහි ලා තුන් පක්‍ෂයෙක් වර්ණිත යැ. ප්රාසසාදය උපමෙය පක්‍ෂය යි. මෙඝ කූට, මත්ර යැ යි උපමාන පක්‍ෂ දෙකෙකි.

උපමෙය ප්ර්ථමොපමාන ද්විතීයොපමාන

පා ගන කුළු සබඳ දිලි බව විදු ලිය නුවන් තුරු රුවු ගුම් බස්

ටිප්පණී : 1. සුව සැප තතු - කායික චෛතසික පිඩායෙන් දුරු විම සුව නම් ද අභිමත සම්පත්ති සැප නම් ද වෙයි. එ දෙක පිළිබඳ තොරතුරු යැ සුව සැප තතු ‍නම්. 2. පිළිවිසිනෙව් - පිළවිසින මෙන්. පිළිවිසිනු පිණිස. ‘පුළුවුස්’ ධාතු ‘රක්’ ආදි පර පද යි. පුළුවුසි - පුළුවුසිති - පිළිවිසි - පිළිවිසි. මේ ධාතුව ‘බස්’ ආදි පර පද ද වෙයි. පුවවුසි - පුවවුසිත් - පිළිව්ත්, පිළිවිත්,පිළිවිත - පුළුවුතු, පුළුවුත්, පුළුවුත.

3. සැපැමිණි - අතීත කෘදන්ත නාම යි. ‘සපමුණු’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. සැපැමිණේ - සැපැමිණෙති - සැපැමිණිණි, සැපැමිණි. සපති - සැපැමුණුණු, සැපැමිණි, සපතු. 4. තුරු රැවු - තූර්යැ නාදය. තූර්යි නම් වාද්යු විශෙෂ යි. (1) තත යැ (2) විත්ත යැ (3) ඝන යැ (4) ශුෂිර යැ යි තූර්යි සතරෙකි. වීණාද තන්ත්රිප වාද්ය) තන නම්. චිත්තනම් හෙරි වාද්යර යි. එක් කොටැ ගැසිමෙන් හඬ නඟන කංසු තාළම් ආදිය ඝන යි. නළා ශුෂිර යි.

41. බියෙන් බසරුවන් වේ මහැ බැසැ සරත ව ස න් සියනැ රසිනලු කළ රුවන් කොත ල මි න් එ දැකැ අද සිකර නුඹෙ ගත ප හ න් වෙති උන් නොපහන් නො කර පත



මයුර විවරණය 98 අන්න ය: වසන් සියනැ රුවන් කොත රසින් අලු කළ වේ. මගැ බැසැ, බිසරුවන් බියෙන් සරත, එ දැතැ, උන් පහන් වෙති යි. සීකර අද නුඹේ ගත ලමින්, පත නොපහන් නො කර.

අර්ථන : වසන ඡදනයෙහි (ගෙයි පියස්සෙහි) රත්න ශෘඞගය රශ්ම‍ියෙන් ආලොක කළා වු විර්ථ මාගීයෙහි බැසැ, අභිසාරිකාවන් භයින් සඤ්වාරය කරන කල්හි. එය බලා, උන් ප්ර්සන්ත වෙති යි. සීකරාර්ද්ර වු (දිය බිඳුයෙන් තෙත් වු) නුඹ ගේ ශරිරය බහා පථය (මාගර්ය ) අන්‍ධකාර නො කරව.

විස්තර : මයුරයා ලැගා ගෙයි පියසි මුඳුනෙහි වු මණිමය ශෘඞගය (කොත) රශ්මියෙන් මාර්ගාය ආලොක කෙරෙයි. එ සේ ආලොක කරන ලද මාර්ග යෙහි බැසැ අභිසාරිකාවෝ බියෙන් යත් නම්, මයුරයා අනුකම්පා උපන් කලැ, අභිසාරිකාවනට පිහිට වනු සඳහා රත්න ශෘඞගය මයුරයා ගේ ශරිරයෙන් වැසුව‍ හෝත් අභිසාරිකාවෝ නම් ප්රඞසන්ත වෙති, මාර්ගීය නම් අන්‍ධකාර වෙයි. එ හෙයින් අභිසාරිකාවන් ප්රාසන්ත චතු දු රත්න ශෘඞගය නොවසන්නට මෙ සේ ඇණැවිණ.

ටිප්පණි : 1. සරත - ‘සර’ ධාතු ‘බම’ ආදි උභය පද යි, (පර පද) සරා - සරති - සිරී - සුරූ (අත් පද) සෙරේ - සෙරෙති. මේ ධාතු ‘බල’ ආදි පර පද ද වේ. සරා - සරති - සැරි - සැරූ.

2. වසන් - වාස ගෘහයට නම්. සංස්කෘකයෙහි ‘වසන’ යනු වෙයි.

3. සීකර අද - රාත්රින කාලයෙහි පිනි බෑමෙන් මයුර ශරීරය සිකරාර්ද්රය වෙයි. ‘සීකර’ යනු සියුම් දිය බිදට නම්. මයුරයා ගේ පියා පත් සීකරාර්ද්රර වු කලැ, එළිය වැසිම වඩා ලා මැ මැනැවින් කැරෙයි.

4. වෙති - වෙති + යි = වෙති. “උන් පහන් වෙති යි” යනු පිරිසුදු සිංහල යි. ‘වෙති’ යන ආඛ්යාවතයට ‘උන්’ යන ද්විතියාන්ත පදය උක්තය වු සැටි සලකන්නේ යැ. 5. පත - පථය. මාර්ග ය. ‘සත’ යනුත්පාඨ යි. එය ගත් කලැ “සත, නොපහන් නො කර” යන විසින් අන්නගය ය වෙයි. “සත්පුරුෂය, අන්‍ධකාර නො කරව” යනු අර්ථි යි. මයුර විවරණය 99 42. පාන නැඟි ගොස් වැදැ මුනි විමන් තොසේ යාන සෙයින් යන පුරදර පුරය දෙසේ පාන වෙමින් වැඳැ වඩමින් කුසල් රැසේ මාන් ඔයින් යා ගන් පින් පිඬක් ලෙසේ

අන්න ය : පානැ නැගි ගොස්, තොසේ මුනි විමන් වැදැ, පාන වෙමින් වැඳැ, පුරඳර පුරය දෙසේ යන යාන සෙයින් කුසල් රැස වඩමින්, පින් පිඩක් ලෙස මාන ඔයින් යා ගන්.

අර්ථඔ : උදයැ (නින්දෙන්) නැගි ගොස් බුද්ධ මන්‍දිරයට සන්තොෂයෙන් ඇතුළු වැ, ප්රනසන්න වෙමින් (ස‍ිත පහදවා -ගෙනැ) වැදැ. පුරන්‍දර පුර දිශායෙහි (තව්තිසා දෙව් ලොව දෙසට) යන්නා වු යානයක් මෙන්, කුගල රාශිය වඩා -ගෙනැ, පුණ්ය පිණඩයක් මෙන් මාන ඔයින් යා ගනුව.

විස්තර : උදය නින්දෙන් නැගි ගොස්, බුදු ගෙය වැඳැ, බුදුන් වැඳැ, ද‍ිව්ය‍ ලෝකයට පමුණුවන්නා වු යානයක් වැනි පින් පත් පත් කොටැ -ගෙනැ, පින් කැටියක් සේ , මාන ඔයින් යන්නට කී පරිදි යැ. පින් කළ කලැ, ඒ පින කළහු දිව්යය ලෝකයට පවුණුවයි. එහි පින් දෙව් ලොවට යන යානයෙක් වෙයි.

ටිප්පණි : 1. පාන - ‘පාතැ’ යි සිටියැ යුතු තැනි. ‘පහන්’ යනු ප්රෂභාතයට (උදය කාලයට ) නමෙකි. ගැමි වහරෙහි ‘පාන්දර’ යනු ලැබේ. පහන් + ඇ = පහනැ = (‘හ’ ලෝපයෙන්) ප + අනැ = (ස්වර්ණන දිර්ඝයයෙන්) පානැ. 2. ගොසින් - ‘ය’ (ගමන්හි) ධාතුව නිසා නිපතිත වු අතිත කෘදන්ත නිපාතය ‘ගොස්’ යනු යි. ගොසින් - ගොසින් - ගොසින - යන රූප ද ‍ලැබේ. මෙ බඳු නිපතිත අතීත කෘදන්තයන් ‘ඉනි’ ප්රතත්යගය ද ගන්නා බව පෙනේ, කොටැ - කොටිති - කොටින් - කොටින - යනාදිය ද විමසන්නේ යැ. 3. පාන වෙමින් - පහන් (ප්ර්සන්න) වෙමින්. 4. මාන ඔයින් - මේ කිමෙක් ද යනු අප්රනකාශ යැ. 5. පින් පිඬක් ලෙසේ - ‘......ලෙස’ යි සිටියැ යුතු තැනි. සිත් පහදා-ගෙනැ බුදුන් වැඳැ පිරිසුදු වු හෙයින්.දැන් මයුරයා පින් පිඬක් බඳු වෙයි.


මයුර විවරණය 100

43. මුනි දිය නා පෙරැ දිය නා කළ දුළිය ඉන් දිව න‍ා තොස දිව නා පුද කෙළිය ගඟැ බැසැ නා මගැ බැසැ නා ක‍ැරැ ගිළිය තො ද විසිනා බල විසිනා ම ස් කෙළිය

අන්නදය : විසිනා දිය නා මුනි පෙරැ දිය නා දුළ (දුළිය) කළ, ඉන් දිව නා දිව නා තොස පුද කෙළිය ගඟැ, තො ද බැසැ නා ඉගිළි, නා කැරැ මඟැ බැසැ මස්කෙළිය . විසිනා බල.

අර්ථෙ : වශ්ය.නාගය, ජගන්නායක වු සවර්ඥ යා පුර්වළයෙහි ජල ස්නානය කොටැ ජ්වලිත කළා වූ, එ හෙයින් දිව්යග නාථයන් ද දිව්ය නාගයන් ද සන්තොෂ පූජා ක්රිෙඩා කළා වු කසියෙහි. තො ද බැසැ ස්නානය කොටැ (එයින්) ඉගිළි (නැගැ;) නාද කොටැ, මස්කෙළිය පරික්‍ෂා කොටැ බලව

විස්තරය : පෙරැ ලක් දිවට වැඩි බුදුහු කැලණි ග‍ඟෙහි ජල ස්නානය කොටැ ගඟ ජ්වලිත (ශුද්ධ) කළ ය. එ හෙයින් දෙවෙන්‍ද්රසයෝ ද දිව්ය නාගයෝ ද සනේතාෂ පුජා කෙළි කෙළිය හ. ඒ බඳු වු පිරිසුදු ගඟෙහි නෑම භාග්යගයෙකි, එ හෙයින් තෝ ද ඒ ග‍ෙහි බැසැ නහා. නැහී. නාද කොටැ, මස්කෙළිය පරික්‍ෂා කොටැ(ස්ථාන ලක්‍ෂණ මේ මේ යැ යි විභාග කොටැ) බලව.

ටිප්පණි : 1. දිය නා මුනි - දියට (ලෝකයට) නායක වන බැවින් බුදුහු ‘දිය නා’ නම් වෙති. 2. පෙරැ දිය නා - - නහා = න + ආ = නා. ‘නහ’ ධාතු ‘බල’ ආදි පර පද යි. නහා - නහති - නැහි - නැහු. ‘හ’ කාර ලෝපයෙන් ධාතුම ‘නා’ යැ යි ද සිටි. එ කලැ වරනැහිම නා - නාති - නෑ - නෑ - ඈ විසින් වෙයි.

“ ස ම නො ළ ගිරි ගිජිඳු දිගු කළ සො‍ෙඬක සැටි සි හි ල ළ ගගැ සිලිල් සනහා මුනි නො ගැටි පැ හැ දු ළ තුන් සිවුරු ඇඳැ පෙරෙවැ වැඩැ සිටි තැනැ ක ළ සිවුරු දා ගබ වඳු නො පෑ පිටි”

යනුයෙන්, රහල් මහ තෙරහු ද‍ බුදුන් කැලණි ග‍ඟෙහි නෑ පරිදි කීහ.

මයුර විවරණය 101 3. දුළිය - ‘දුළ’ යි සිටියැ යුතු තැනි. ‘ය’ යනු අධික යැ. ‘අ’ කාරය ද එළි රක්නා පිණිස ‘ඉ’ කාර බවට පෙරැළිණ. 4. දිව නා.... දිව නා - දිව්යට නාථ (දිව්ය නායක) - දිව්ය න‍ාග -යන දෙ අරුතෙහි වැටෙයි. බුදුන් ග‍ඟෙහි නා ගඟ. පූජනියත්‍වයට පැමිණැවු කලැ, දිව්යහ නායකයෝ ද දිව්යබ නාගයෝද මහත් ‍සන්තෝෂයට පැමිණැ පූජා ක්රි ඩා පැවැත්වු හ.කැලණි ගඟෙහි දිව්යද නාල භවනයක් වු හ යි ඇතැම් පුරාතනයෝ විශ්වාස කළ හ. 5. කෙළිය - කෙළියා වු. ‘කෙළි’ යනු අතීත කෘදන්ත නාමයයි.

6. නා කැරැ - නාද කොටැ. මෙ තන්හි නාද කිරිමට හේතුව එ තරම් පරිශුද්ධ වු නදියෙනැ නාන්නට විමෙන් උපදනා ප්රි තිය යි.

7. ඉගිළිය - ‘ඉගිළි’ යැ යි සිටයැ යුතු තැනි. මෙහි ‘උගුළ’ ධාතු ‘රක්’ ආදි අත් පද යි. ඉගිළේ - ඉගිළෙති - ඉගිළිණි, ඉගිළි - ඉගිළුණු. ඉගිළ. සකර්ම ක ‘උගුළ’ ධාතු ‘බල’ ආදි පර පද යි. උගුළා - උගුළත් - ඉගිළි - ඉගිළූ. ඉගුළූ.

8. තො ද - මෙහි ‘ද’ කාරය කෙසේ නම් සුදුසු ද? “බුදුන් කෑ ගගේ නුඹත් නා” යන ඈ විසින් වන වහර සැලැකූ කල්හි එහ් සුදුසු බව වැටැහෙයි.

9. විසිනා - වශ්යහනාගය. මොනරාට කැරැණු ආමන්ත්ර ණය යි. නයි (නාගයෝ) යමක්හු විසින් විසි (වශ්යම) වූවා හු ද හේ ‘විසිනා’ යැ. මොනරා නයින් බුදී. වයා මොනරා විසින් මඬිනු ලැබෙති - වශ්යව කරනු ලැබෙති, එ හෙයින් ‘විසිනා’ නම මොනරාට යෙදෙයි.

10. විසිනා - පරික්‍ෂා කොටැ. අතීත කෘදන්ත නිපාත පද යි. ‘විසින’ (පිරික්සිමෙහි) ධාතු ‘බල’ ආදි පර පද යි. විසිනා - විසිනති - විසිනී - විසිනු. “විසිනත මෙ තෙ දියැ උවම්”

(මේ තුන් ලෝකයෙහි උපමා පරික්‍ෂා කරත් හොත් යනාදි තවිහි ද ‘විසින’ ධාතු යෙදුණු සේ පෙනෙයි.

මයුර විවරණය 102

44. කි ත් සිරි මේ වෙහෙරෙහි සෙත් පොද වතළ ස ත් ගන තුව වන් දුමිඳුන් වැඳැ උදුළ ප ත් යා කප්පිල් කලබින් ඇමැඳැ ලෙළ අ ත් පත් කර පන් සිය පල නියම කළ

අන්න්ය : කිත් සිර මේ වෙහෙරෙහි සෙත් පොද වතළ සත් ගන කුළු වන් උදුළ දුමිඳුන් වැඳැ, පත් සා ලෙළ කප්පිල් කලබින් ඇමැඳැ, නියම කළ පන් සිය පල අත් පත් කර.

අර්ථප : කීර්ති ශ්රිල මේඝවර්ණි විහාරයෙහි ශාන්ති නමැති බින්‍දු වැතුරුණා වු යහපත් මේඝ කූටයක් වැනි වු බැබැළුණා වු ද්රැරමෙන්‍ද්රහයන් (බෝධි වෘක්‍ෂ රාජයන්) වැඳැ, පත්රදශාඛවන් ලලිත වූ (ලෙළ ‍දුන්නා වු) චන්‍ද්රයක පිච්ඡ කලාපයෙන් (සඳැස් පිල් වැටියෙන්) පිසැ දමා, නියම කරන ලද්දා වු පන් සිය ඵලය හස්ත ප්රා ප්ත (අයිත්) කරව.

විස්තර : කිත් සිරි මෙවන් විහාරයෙහි මහ බෝ රුකෙක් වෙයි. ඒ යහපත් වු වැසි වලා කුළක් වැන්නැ. වැසි වලා කුළින් දිය බින්දු වැහෙන්නා සේ බෝ රුකින් සෙත් වැහෙයි. බෝ රුක වැඳැ පුදන්නවුනට ස්වර්ගනමෝක්‍ෂ සාධක වු පින් සිදු වන හෙයින්. ඒ බෝ රුක යටැ වැටී ඇත් කොළ ද අතු කැබැලි ද පිල් වැටියෙන් හැමැඳැ, එ බඳු පින් කමට ආගමයෙහි නියම කරන ලද්දා වු පන්සිය ඵලය අයිති කැරැ -ගන්නා ලෙස මොනරා ඇණැවිණ.

‍ටිප්පණි: 1. කිත් සිරි මේ වෙහෙරෙහි - මේ නම් රජ මහ කැලණි වෙහෙරට කෙළින් කැලණි ගහ වම් ඉවුරෙහි පිහිටි විහාරය යි. මෙයට හවුරුදු එක් දහස් තුන් සියයට පමණ පෙරැ කිර්ත් ශ්රිප මෙඝවණර්‍ රජුහු විසින් කැරැවුණේ යැ.

2. වතළ - මෙහි ‘වතුර’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. වැතිරේ - වැතිරෙති - වැති‍රිණි, වැතිරි, වතිළි. වතිළ, වතළ - වැතිරුණු, වැතුරුණු, වැතිරි, වතුළු,වතුළ,වතල.

3. සත් ගන කුළු - ‘සත්පුරුෂ’ යනැදි තන්හි මෙන් මෙහි දු ‘සත්’ යනු ‘යහපත්’ යන අර්ථිය දෙයි. ‘සත්ය්’ (සැබෑ) යන අරුත්හි දු ‘සත්’ යනු වැටේ. මයුර විවරණය 103 4. දුමිඳුන් - දුම් + ඉඳු. ‘දුම්’ (ද්රැ ම) යනු වෘක්‍ෂ පාර්ඨායය යි. බෞද්ධයනට පරමොත්තම වෘක්‍ෂය බෝධිය වන බැවින් ඒ ‘දුමිඳු’ ලෙස ගැනේ. 5. කප්පිල් - කබ + පිල් = (මධය ස්වර ලෝපයෙන්) කබ් + පිල් = (අඝෝෂදේශයෙන්) කප්පිල්.

6. කලබින් - කලාපයෙන්. මිටියෙන්. ‘කලබ’ යනු ප්රිකෘති යි. ‘කලඹින්. යනු වැරැදි යෙදුමෙකි. ‘කලබ’ (කලාප) යනු එකෙකි. ‘කළඹ’ (කදම්බ) යනු අනෙකෙකි. 7. ඇමැඳැ - හැමැඳැ. ‘හමඳ’ ධාතු ‘රක්’ ආදි පර පද යි. හමඳ - හමඳිති - හැමැඳි - හැමැඳි. 8. පන් සිය පල - මහා බෝධිය යටැ වැටුණු පතක් ගෙනැ බැහැරැ ලීමෙන් පන් සියක් ජාතියෙහි සක්විති රජ බව ලැබෙති යි යෙති. මෙ යැ ‘නියම කළ පන් සිය පල’ නම්.

45. තගෙ සබඳහු වියොවට පත් කෙත් කතට ගබ පිහිටන ලෙස වැසැ ගිම නිවුම කොට නහමින් කෙකා සන් ඔහු කැඳවන ලෙසට ඇල් ගෙවි දිශා දෙත යන දිග මඟ දෙ පිට

අන්නගය : තගෙ සබඳහු වියොවට පත් කෙත් කතට, ගිම නිවුම කොටැ වැසැ ගබ පිහිටන් ලෙස ඔහු කැඳවන ලෙසට කෙකා සන් නඟමින්, දිල මඟ දෙ පිටැ ඇල් ගෙවි දිගා දෙත, යන.

අර්ථග : තා ගේ මිත්ර යා (මෙඝය) වියොගයට පැමිණියා වු ක්‍ෂෙත්රද නමැති කාන්තාවට වැසැ (වර්ෂතණය කොටැ දොහෝ නොහොත් එක් වැ වාසය කොටැ) ග්රි(ෂ්මය නිවිම නිවිම කොටැ ගභිය පිහිටන පිණිස, ඔහු (තගෙ සබඳහු) කැඳවන පරිද්දෙන් කෙකා නාදය නගා, දික් වු මාර්ගියේ උබය පාර්ශ වයෙන් ශාල‍ිගොපයන් (ඇල් ගොවියන්) දීර්ඝායුෂ දෙන කල්හි, යනු (මැනැවි.)

විස්තර : එ කලැ විසි නැත් වුයෙන් කෙතට දිය නැති වූයේ යැ. එ හෙයින් ගොවියෝ වැපිරිමක් නැති වැ තැවි සිටියො යැ. වැසි වට හොත් ගොවියෝ දිය ලැබැ සී සා කුඹුරු වපුරති. එයින් කෙතෙහි ගර්හගය පිහිටයි, හෙවත් ගොයම් ඇති වෙයි.මෙඝය (වැස්ස) ළං වන විටැ ඒ මොනරාට දැනේ. 7

මයුර විවරණය 104 එ කලැ හේ කෙකා ධවනි පවත්වයි. ඒ වැසි එන ලකුණක් බව දන්නා ගොවියෝ,සැනැසිලි ලැබැ, ඒ සන්තොෂදායක ප්රුවෘත්තිය දැන්වු මොනරාට දිර්ඝාහයුෂ ප්රාලර්ථ නා කෙරෙති. කෙත කතක් නම් මේඝය ඇය ගේ වල්ලභයා යැ. ඒ දෙ දෙනා ගේ එක් වීමෙන් කෙත් කතට ගර්භ ය ඇති වෙයි.

ටිප්පණි : 1. ත‍ෙග සබඳහු - මොනරාට වැස්ස ඉතා ප්රිඑයැ යැ. එ හෙයින් වැසි වලා කුළ මොනරා ගේ මිත්රහයා ලෙද කවිහු සලකති.

2. වියොවට - වියෝ + අට.’වියෝ’ නම් වියෝගය යි (වෙන් විම යි) කෙත් කත මේඝයෙන් වියෝ වු බව කිමෙන් හැඟෙනුයේ එ කලැ නියඟක් පැවැති බව යි.

3. පිහිටන - ‘පිහිට’ ධාතු පර පද යි. පිහිටා - පිහි‍ටති - පිහිටි - පිහිටි.මෙ සේ වරනැගෙන සියලු ධාතු ‘පිහිට’ ආදි ගණයට අයත් වෙයි.

4. වැසැ - මේ අර්ථි දෙකක් දෙයි. වැස්ස වැසැ (දිය හෙළා,) කෙතම ගබ පිහිටයි. පුරුෂයා වැසැ (සමඟ වාසය කොටැ,) කතට ගබ පිහිටයි. පුරුෂයා වැසැ (සමය වාසය කොටැ) කතට ගබ පිහිටයි. මෙ අර්ථැ දෙක මැ මෙහි යෙදේ. මෙඝ නමැති පුරුෂයා වැසැ කෙත් නමැති කතට ගබ පිහිටන හෙයිනි. වර්ෂනනාර්ථවයෙහි ‘වස්’ ධාතු ‘බස්’ ආදි පර පද යි. වසී - වසිති - වටි, වට - වටු, වට. වාසාර්ථතයෙහි ‘වස’ ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර පද) වසා - වසති - විසී - විසූ, වුසු (අත් පද) වෙසේ - වෙසෙති.

5. ගිම - කෙතෙහි හිම වැසි නැත්තෙන් වෙයි. කත ගේ ගිම වියෝගයෙන් වෙයි.

6. නිවුම - ‘නිව’ ධාතු ‘බල’ ආදි පර පද යි. නිවා - නිවති - නිවි - නිවූ. අකර්ම්ක ‘නිව’ ධාතු ‘රක්’ ආදි අත් පද යි. නිවේ - නිවෙත් - නිවිණි, නිවි - නිවුණු, නිවි.

මයුර විවරණය 105 7. කැඳවන - ප්රහයොජ්යන වර්තසමාන කෘදන්ත නාම යි. වර්ත-මාන ව්යරවහාරයෙහි ප්‍ිවයොජ්යය නොවන තන්හි දු යෙදෙනුයේ. ප්රදමොජ්යා රූප යැ. ‘කැඳ’ ධාතු ‘රක්’ ආදි පර පද යි. කැදි - කැඳිති - කැඳි - කැඳි. මෙය ‘බණ’ ආදි උභය පද ද වේ. (ප) කැඳි - කැඳිති - කැඳි - කැඳු - කැඳු. (අ) කැ‍‍ඳේ - කැඳෙති.

8. ඇල් ගෙවි - ගොයම් රක්නෝ ඇල් ගොවියෝ යැ. මෙහි ‘ගෙවි’ යනු ස්ත්රිඳ ලිඞග නෙ‍ා වේ. ගොවි මැ ගෙවි. ස්වාර්ථි තදධිත යි.

46. ලෙස ල ද් ද න සිය කුල සිය ගුණෙන් සර රැදි ස ද්දස න සැදි මහ විදි මනහර ජය ව ද් ද න ගජ හය රිය සෙන් තිතොර ජය ව ද් ද න පුර සිරි සර බල මොනර

අන්න ය : මොනර, සිය කුලැ ලද්දන් ලෙද සිය ගුණෙන් සර සද්දන රැඳි මනහර මහ විදි සැදි. ජය වද්දන ගජ හය රිය සෙන් නිතොර, ජයවද්දන පුර සිරි සර බල.

අර්ථ  : මයුරය, ස්වකීය කුලයෙහි ලැබු. ධනය මෙන් සිය ගුණයෙන් (සිය වරක්) සැර වු සජ්ජනයන් විසූ මනොහර වු මහා වීර අලඞකෘත වූ, ජය පමුණුවන්නා වු හස්ති - අශ්ව - රථ - සෙනාවන් තොර නුවු, ජයවර්ධුන පුරයේ ශ්රිු සාරය බලව.

විස්තර : ජයවර්ධ්න පුරයෙහි මහා විර්ථඅ මානොහර යැ. ඒ දෙ පසැ සත්පුරුෂ මනුෂ්යනයෝ වෙසෙත්. ඔහු මහා ධනවත්තු යැ. පරම්පරාගත ධනය යම් පමණ ලදිදාහු ද, වෙළදාම් ආදියෙන් එය සිය ගුණයෙන් වැඩි කොයැ -ගෙනැ සාර භාවයට පැමිණියා හු යැ. ජයවර්ධානයෙහි හස්ති - අශ්ව - රථ, සේනාවෝ තොර නො වෙති. ඔහු ගිය ගිය තන්හි ස්වකිය පක්‍ෂයට ජය පමුණුවන්නාහු යැ.

ටිප්පණි : 1. ලද්දන - ලද + දන = (මධ්යෂ ස්වර ලෝපයෙන්) ලද්දන.

2. සද්දන - සත් + දන = (ව්යයඤ්ජන පර රූපයෙන්) සද්දන.

මයුර විවරණය 106

3. වද්දන - ‘වද’ (පිවිසුම්හි) දයින් වු ප්ර යොජ්ය් වර්ත මාන කෘදන්ත නාම යි. වදවන = (මධ්ය+ ස්වර ලෝපයෙන්) වද් + වන = (ව්යරඤ්ජන පුර්ව රූපයෙන්) වද්දන.

4. ගජ හය රිය - පා බළ සෙනඟ අනන්තර පද්යවයෙන් වැනෙන හෙයින් මෙ අඬග ත්ර යය පමණක් මෙහි දැක්විණ.

5. ජයවද්දන පුර - දැන් ‍‍කොට්ටය නම්න් ප්රෙසිද්ධ නගරය යි. එ කලැ ඒ මහ බල කොටුවෙකි. දෙමළෙහි ‘කොට්ටෙයි’ යනු ‘බල කොටුව’ යැ යන අර්ථ( ඇත්තේ යැ. ජයවර්ධණනය අලගක්කෝනාර ප්ර්භූ රාජයන් විසින් කරවන ලද්දේ යැ.

47. කු ල ගිරි තු මු ල සහ මෙර ගල එන කලය ඇ ල නො වැ ඉ පි ල ජයැ ලොබ ලන දිරි නිලය නි ල පැහැ නො වු ල කළ අසි තල අත් තලය බ ල දෙවි දු බ ල කළ යෝ බල බල බලය

අන්න ය : තුමුල කුල ගිරි සහ මෙර ගල එන කලැ (ය) ඇල නො වැ ඉපිලැ ජයැ ලොබැ ලන, දිරි නිලය, අත් තල (ය) නිල පැහැ නො වු අසි කල ලකළ, බලය බල දෙවි දුබළ කළ, යෝ බල බල.

අර්ථ  : මහත් වු කුල පර්වතයන් සමඟ මේරු පර්වත එන කලිහි (පවා ) ඇල නො වී ඉපිලි (ඉදිරිය‍ට පැනැ) ජයෙහි ලෝභය ලන්නාවු, ‍ෛධර්යයට නිවාස වු, හසත කලය නීලවර්ණ නුවු බඞග පත්රනය අලඞකෘත කළා වු, බලය (ශක්තිය) බල දෙවයා දුර්‍වල කළා වු, යෝධ සේනාව බලව.

විස්තර: ජයවර්ධානයෙහි ඉතා බලසම්පන්න යෝධයෝ වෙති. කුල පර්වයත සහිත වු මහ මෙර අව ද ඔහු ඇල නො වෙත්, මතු වෙමින් ඉදිරියට මැ පැනැ, ජයට මැ ආශාව කෙරෙති. ඔහු ධෛර්යුයට නිවාස වැන්නෝ යැ. (සකල ධෛර්ය ය ඔවුන් කෙරෙහි වැසැ ඉන්නා වැන්නැ.) ඔවුන් ගේ හස්තයෝ දීප්තිමත් වු කඩු පත් අලඞකෘත කළාහු යැ. (කඩු පත් ඔවුන් ‍ගේ අත් නිසා බැබැළුණේ යැ.) ඔහු කො තරම් බලසම්පන්නයෝ ද යත හොත්, ඔවුනට සමාන කැරැ බලන කලැ, මහාබල වු බලභද්ර් තෙමෙ ද දුර්වතලයෙකි.

කුල පර්ව‍ත සමඟ මහා මෙරු පර්වබතය එන කලිහි ද ඇල නොවන මේ යෝධයෝ කවුරුන් එන් කල්හි නම් ඇල වෙත්ද? මයුර විවරණය 107 ටිප්පණි : කුල ගිරි - මහා මෙරු පර්වයතය වටා පිහිටි පර්වදත වළලු සතෙක් ල.

“ යුඟන්ධ රො ඊසධරො කරවිකො සුදස්ස‍නො නෙමින්ධිරො විනතකො අස්සකණේණා කුලාවලා “ යනුයෙන් ඒ සතෙහි නම් දැක්විණ.

“ පෙ ර සු ර පුරට පවුරෙව් මෙර වටා සිටි ස මු දු ර තරඟ සෙමෙරට ලු කිරණ මිටි යු ග ඳු ර පටන් අඩෙකින් එකිනෙකට මිටි ම න හ ර රුවන් සත් කුල මවු වළලු දිටි”

යනුයෙන් ගුත්තිල කාරයො සත් කුල පවු සැටි පවසති.

2. ඉපිල - ඉපිලැ.

‘උපුල්” ධාතු ‘රක්’ ආදි උභය පද යි. (ප) උපුලී - උපුලිති - ඉපිලි, ඉල්පි - ඉපිලි, ඉල්පි. (අ) ඉපිලේ - ඉපිලෙති - ඉපි‍ලිණී - ඉල්පුණු. වර්තිමාන ව්යිවහාරයෙහි ඉල්පේ - ඉල්පෙති - ඉල්පිණි, ඉල්පි - ඉල්පුණු, ඉල්පි - යන ඈ විසින් වරනැගීම වෙයි. එහි වු වර්ණ විපර්ය,සය පැහැදිලි යැ.

3. ජය ලොබ ලන - මෙයින් හැ‍ඟෙවෙනුයේ “ජය මැ ගනුම් හ” යි තරයේ ඉටා - ගන්නා බව යැ.

4. දිරි නිලය - ‘නිලය’ යනු වාස ස්ථානයට නම් සංස්කෘතයෙහි දු ‘නිලය’ යනු මැ ලැබේ, යෝධයෝ කො තරම් ධෛර්යාවත්තු ද යත හොත් ඔහු, ධෛර්යිය සියලු කල්හි වැසැ ඉන්නා ගෘහ වැන්නෝ යැ.

5. නිල පැහැ නොවු - ‘නො වු’ යැ යි සිටියැ යුතු තැති හ්ර ස්වය සඳැස රකී.

කඩු පත සාමාන්යහයෙන් කළු යැ. (කවි සමයයෙහි කළු - නිල් දෙ පැහැය සමාන සේ සැලැකේ.) එහෙත් එය මැනැවින් මැද තුබුව හොත කළු නො වෙයි. මේ යෝධයන් ගේ කඩු පත් සියලු කල්හි මැදැ කවර විටෙකැ වුවත් කාර්යසයට සුදුසු කොටැ තබන ලද බව ‘නිල පැහැ නො වු’ යන්නෙන් හැඟැවෙයි.

මයුර විවරණය 108 6. අත් තල අසි කල ලකළ - ඇතැමුන් ගේ අතට කඩුව අලඞකාරයෙකි. එහේ මේ යෝධයන් ගේ අත කඩුවට අලඞකාරයෙකි. කඩුවක් වියැ යුතු එ බඳු අතෙකැ යැ. කඩුවෙකින් ගත යුතු නියම ප්ර්යොජන ගැනෙනුයේ එ බඳු අතෙකැ වු විටැ යැ. එ හෙයින් එ බඳු අතෙක් ‍නම් කඩුවට අලඞකාරයෙක් මැ යි.

7. බල දෙවි - බල දෙව.බල භද්රව, බල රාම යනාදි නාමයෝ ද මොහුට වෙති. කෘෂ්ණයාට දෙටු බෑ වු මේ තෙමේ ඉතා මහත් බලයෙන් යුක්ත වුවෙකි. බාල වියෙහි දී මැ මොහු විසින් කරන ලද වීර ක්රිනයා අනන්ත යැ.ගද්රකහ සිරුරන් යුත් ධෙනුක නම් අසුරයෙක් වරක් බල හද්රගයා මැරිමට ආයේ යැ. බල භද්රර ඔහු දෙ පයින් ගෙනැ දි‍වි ගැලැවෙන තෙක් මැ හිස වටා බැමැවී යැ. දිනක් බල හද්ර යා කෙළි මඬලෙහි කෙළිමින් සිටියැ දී ප්රැලම්බ නම් අසුරයෙක් බාල වෙසක් මවා - ගෙනැ අවුත් කෙළියෙහි ලා පැරැදුණහුට නියමය වු පරිදි, කුමාරයා ඔසවා - ගෙනැ කෙළි මඬලෙහි ඉදිරි කෙළවරට යන්නට වියැ. ගේ මඳ තෙනක් ගොස් තමා ගේ අසුර වෙස මැ ගෙනැ දිවෙන්නට වන. බල තෙමේ දෙ දණින් අසුරයා ගේ ශරීරය පෙළා, මිටින් ඇණැ ඔහු ගේ හිස සුනු කෙළේ යැ. නිල් වනක් දැරු හෙයින් බල ‘නීලාම්බර’ නාමයෙන්ද ප්රයසිද්ධ වියැ. මොහොල ඔහු ගේ අවියකි. ඒ හෙයින්, ඔහුට මූසලී- මුසලත් -යනාදි නමුදු වියැ. ඇතැම් විටැ හේ නඟුලිස ද අවියක් කොටැ-ගත. එ හෙයින් හලායුධ - ලාඞගලී - හලී - යනාදි නමුදු ලද.

බල, මත් සැනෙහි අතිශයින් ලොල් වුවෙකි. දිනක් සුරා බී මත් වැ සිටි බල, නහන රිසි ඇති වැ, යමුනා නදිය තමා ළඟට කැඳැවී යැ. නදිය නො පැමිණි හෙයින් ගේ කිපි,...නගුලිස නදියෙහි බහා නදිය ඇදැ-ගෙනැ යන්නට වියැ. නදිය බිය වැ දෙවතා වේශයෙන් අවුත් ඔහු වැඳැ කැමැවුව. වරක් බල තෙමේ. කෞරවයන‍ට කිපී ඔවුන් ගේ හස්තිනාපුර ප්රාැකාරය නගුලින් ඇඳැ-ගෙනැ ගියේ යැ. කෞරවයෝ ද ඔහු කමවා පවුර මුදා-ගත් හ.

අතිවිශාල ශරීරයෙකින් යුත් ද්විවිද නම් අසුරයෙක් බල දෙවයා ගේ නගුලිස සොරා-ගෙනැ ගොස්, “තවත් අවියෙක් ඇත් දැ” යි සරදම් කෙළේ යැ. “ඇතැ”යි කියමින්, බල, මොහොල ගෙනැ පහර දී අසුරයා හෙළි යැ. අසුරයා ගේ සිරුර හුණු පහරින් අසලැ වු කන්ද සුනු වැ ගියේ යැ.


මයුර විවරණය 169 එසා මහත් බල ඇත්තාවු බල තෙමේ ජයවර්ධයනයෙහි යෝධ‍යකුට සමාන කරනු ලබන කලැ දුබල වෙයි.

8. යෝ බල - යෝධ සෙනාව, ‘වතුරඞග බල’ (සිවුරග සෙන්) යනාදි තන්හි දු ‘බල’ ශබ්දය ‍සෙනාර්ථරයෙහි යෙදිණ,

48. ම දු තු ළ වි පු ල දොළ බිඟු වැළ කෙළැ වතළ කනකළ ස ස ල ක ළ සන් ගළ ඉගිළි ගිළ යුගකෙළ ඉ පි ල ස ළ ගිරි පෙළ පහළ කළ දළ දළ උ දු ල මොළ ගජ රළ බල පුවළ

අන්න ය : උතුළ මඳැ දොළ විපුල බිගු වැළ කෙළැ වතළ අතළ කන් සසල කළ ඉගිළැ ඉගිළැ සන් කළ, යුග කෙළැ ඉපිලැ අසළ ගිරි පෙළ ‍පහළ කළ, දළ දළ උදුළ, මොළ, පුවළ ගජ රළ බල.

අර්ථද : ඉතිරුණා වු මදයෙහි ආශාව මහත් වු ගෘඬගාවලිය ක්රිඅඩා කොටැ වැතුරුණා වු පැතුරුණා වු කණියන් චඤවල කළ කල්හි ඉහිළි-ඉහිළි (උඩට නැඟි-නැඟි) නාද කළා වු, යුගාන්තයෙහි ඉපිලි හැසුරුණා වු පර්වඩත පඬකතිය ප්රිකාශ කළා වු, දෘඪ (මහත්) වූ දෘෂ්ට්රාුවන් බැබැළුණා වු, චණ්ඩ වූ, ‍ ප්රෞඉඪ වූ හස්ති සමුහයා බලව. විස්තර : එ නුවරැ හස්තිහු උතුළා වු (ඉතිරි ගියා වු) මද ඇත්තෝ යැ . ඒ මදයට මහත් ලෝභ කළා වු ගෘඞගයෝ කෙළිමින් වැතිරි (පැතිරි) සිටිති. (විශාල හෙයින්) අතළා වු (ඇතුරුණා වු - පැතිරි සිටියා වු) කන් වඤ්වල කළ කල්හි (ඒ ගෘඞග‍යෝ) ඉගිළි - ඉගිළි නාද කෙරෙත්. ඒ ඇත්තු, ඉතා විශාල ශරීර ඇති හෙයින්, පර්වයතයන් වැ‍න්නෝ යැ, හැසිරෙන්නා වු පර්වැතයන් වැන්නෝ යැ. සාමාන්යව ‍වශයෙන් පර්වැතයන් ගේ හැසිරිමක් නැති හෙයින්, කල්පාන්තයෙහි දි මහා වාත ‍වේගයෙන් ඉදිරි ඒ මේ අත් යන්නා වු පර්වයතයන් වැන්ානෝ යැ. තව ද ඒ ඇත්තු මහත් වු දළ ඇත්තෝ යැ. දර‍ැණෝ යැ. ප්රෞාඪයෝ යැ.

ටිප්පණි : 1. මද - ඇතුන් ගේ කන් ආදි දස තැනෙකින් වැගිරෙන ද්ර්වය ‘මද’ නම්. ඒ රුක් අත්තන මා‍ෙලහි සුවඳ ඇත්තේ යැ. බමරු එයට බෙහෙව‍ින් ලොල් වෙති.

මයුර විවරණය 110

ගිජුඳුන් සත් මදේ සත්පත් කුසුම් සුව‍ෙඳ් නො මැ හැඳිනැ ඇවිදේ බමර මුළු විඳි වෙහෙස ‍‍ෙනා ම‍දේ

යැ යි කියන ලද. කවි සේකරයෙහි. මද වැහෙන කලැ ඇත්තු බෙහෙවින් චණිඩ වෙති. එ හෙයින් ය දමින් බැඳ මද නොසි‍ෙඳන තුරු රඳවනු ලැබෙත්.

2. උතුළ - මද අධින වැ වැගිරෙන් කලැ උතුරනු නම් වෙයි. 3. කෙළැ වතළ - කෙළිමින් වතළ, ‘කෙළැ’ යන අතීත කෘදන්ත නිපාතය මෙහි වර්ත මානර්ථිය දෙයි. 4. කනතළ - කන් අතළ. ඇතා ගේ කන් ඉතා විශාල වන බැවින් ඇතිරි (පැතිරි) සිටි. 5. සසල කළ - ‘කළ’ යනු මෙහි අසමාභාව්යා කෘදන්ත නිපාත යි. ‘කළ කල්හි’ යන අථර්යක දෙයි. 6. ඉගිළිගිළ - ‘ඉගිළිගිළැ’ යැ යි සිටියැ යුතු තැනි. ඉගිළැ + ඉගිළැ = ඉගිළිගිළැ. 7. යුග කෙල - ‘යුග කෙළැ’ යි යි සිටියැ යුතු තැනි. යුග සතරෙකි, කෘත යුගය යැ, ත්රෙයතා යුගය යැ. ද්වාපර යුගය යැ. කලි යුගය යැ යි. සතර යැ එක් වු කලැ මහා යුගයෙකි. මහා යුග දහසෙක් කල්පයෙකි, මහා යුග දහස ගෙවුණු කලැ කප් කෙළ හෙවත් කල්පාන්තය පැමිණෙයි. එ කලැ ලෝක විනාශය වන්නේ යැ. පර්වතතයෝ ද කල්පාන්ත වාත‍ෙයන් ඉදිරි ඒ මෙ අතැ යෙත් ල. 8. ඉපිල සළ - ඉපිලැ + අසළ. මෙහි ‘ඉපිළිම’ නම් ස්ව ස්ථානයෙන් නැගිම යි. 9. අසළ - හසළ = (‘හ’ ලෝපයෙන්) අසළ ‘හැසුරුණා වු’ (සඤ්වාරය කළා වු) යනු අර්ථ‘ යි.

‘හසුරු’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. හැසිරේ - හැසිරෙති - හැසිරිණි, හැසිරි, හසිළි, හසළ - හැසුරුණු, හැසිරි, හසුළු, හසුළ, හසළ.


මයුර විවරණය 111 10. ගිරි පෙළ පහළ කළ - “පර්වහත පඞකතිය ‍ෙම බඳු යැ යි ප්රුකාශ කළා වු” යනු අර්ථ යි. 11. පුවළ - ප්රෞ ඪ. සම්පූර්ණඞ වැ වැඩුණු - බලවත් - සාඩම්බර - යන අර්ථියන් ගෙන් කුමක් වුව ද මෙහි ගැළැපෙයි.3

49. අණ සක් පතළ හිරි සඳ කළ නියෝ මෙනි දන සක් සමඟ ලකැ සුලකළ ගන ගලිනි පුර සක් වළට ගල් හිම් පවුරු පෑසෙනි පර සක් පළෙකැ වැනි ‍පර සතු‍රෝ ඉතින

අන්න ය : අණ සක් පතළ හිමි සඳ නියෝ මෙනි ලකැ දන සක් ‍සමඟ සුලකළ ගන ගලිනි කළ පවුරු, පුර සක්වළට ගල් හිමි පෑයෙනි, ඉතිනි පර සතුරෝ පර සක්වළෙකැ වැනි.

අර්ථළ : ආඥා චක්රළය පැතුරුණා වු ස්වාමි චන්ර් සතයා ගේ (රජු ගේ) නියෝගය මෙන් ලඞකායෙහි ජන සමුහයා විසින් සමග්‍ර වැ (එක් වැ) අත්ය ලඞකෘත කළා වු ඝන ශෛලයෙන් කරන ලද්දා වු ප්රාිකාරය, පුරය නමැති චක්රාවාලයට ශෛල සීමාව දැක්වු හෙයින්, ඉතින් පර සතුරෝ අන්යග චක්රරවාලයෙකැ(ඉන්නවුන්) වැන්නෝ යැ.

විස්තර : ලක් දිවැ අග රජ “බල කොටුවක් කරව” යි කළනියෝගයට අනුවැ ලඞකාවාසි ජනයා එක් වැ ජයවර්ධතනය වටා මහ ගල් පවුරක් කළ හ, ඒ සඳහා යෙදුණු ඝන වු ගල් මට්ටම් කිරිමෙන් මොනොවට අලඞකෘත කරන ලද්දේයැ. ජයවර්ධ නය නමැත් චක්රමවාලයට ඒ පවුර (ප්රාලකාරය) ගල් සීමාව යි, හෙවත් චක්ර වාල පර්වතය යි. චක්ර්වාල පර්වටතයෙන් පිටැ සිටියකුට ඒ චක්ර්වාලයට ඇතුළු වීම නො කළ හැක්කා සේ, ජයවර්ධචන පුර ප්රාඒකාරයෙන් පිටැ සිටි සතුරකුට ජයවර්ධවන පුරයට ඇතුළු වීම නම් නො කළ හැක්කේ මැ යැ, ප්රාරකාරය එ තරම් ශක්තිමත් යැ. එ හෙයින් ඉතින් නම් පර සතුරෝ අන්යු චක්රරවාලයෙකැ ඉන්නවුන් වැන්නෝ යැ. සතුරන් විසින් කිසි ලෙසෙකිනුත් බිඳියැ නොහැකි, පැනැගිය නොහැකි, ගල පවුරෙකින් ජයවර්ධෙනය සුරක්‍ෂිත කරන ගද බව මෙ සේ කියැවිණ.

ටිප්පණි : 1. පුර සක්වළට ගල් හිමි පවුරු - ඇතැම පුරාතනයන් ගේ ලෝක විද්යා වට අනුවැ නම්, එක් හිරෙකින් එක් සඳෙකින් එළිය ලබන සරිය චක්රිවාලයෙකි. එය වට‍ා මහ ගල් පවුරෙක්

මයුර විවරණය 112

වෙයි. ඒ චක්රවවාල පර්වහත නම්. ඉන් බැහැරට හිරි එළිය හෝ සඳ එළිය පෝ නො යෙයි. සෘද්ධිමතකුට මුත් අන් කිසිවකුට ඒ පවුරින් බැහැරට යෑමක් කිසි ලෙසෙකිනුත් කළ නොහැකි යැ. මෙ දේ ප්රවකාර සහිත වු චක්රමවාලය පාත්රහයක් වැනි ‍වෙයි. ලෝක ධාතුව මෙ බඳු චක්ර වාලයන් ගෙන් පිරුණේ යැ, එක් එක් චක්ර වාලයට (සක්වළට) බැහැරැ වූ‍වෝ පර චක්රාවා‍ලෝ සැ (පර සක්වළ යැ.) ජයවර්ධනනය චක්‍ධිවාලය යි. ප්රාවකාරය චක්ර‍වාල පර්වකතය යි.

“ස්ථිරත්‍වය පිණිස අගළැ පටන් මුඳුනෙහි බඳනා ලද සර්වප ශෛලයට මහා ප්රාසකාර මස්තකයෙහි අතරතුරැ විශ්වකර්මෙ නිර්ම ණයක් මෙන් විචිත්ර කොටැ සරහා ඒ ඒ තන්හි කරන ලද ඉඩංගිති පුලිමුගම් භූමි අංතට්ටු අට්ටාල වට වෙටිටමින් සුරක්‍ෂිත කොටැ.....”

යනාදීන් නිකාය සංග්ර හයෙහි ‍මේ පවුර වර්ණිත යැ.

2. පර සතුරෝ - ‘පර’ යනු ‘අන්යර’ යන අථි ඇත්තේ යැ. එ හෙයින් සිංහල නුවු සතුරෝ සිංහලයනට පර සතුරෝ යැ. මේ කලැ සිංහලයෙන් විසින් විශේෂයෙන් ගණනට ගන්නා ලද පර සතුරා නම් යාපා පටුනෙහි රජය කෙරෙමින් රට පෙළූ ආර්ය චක්රටවර්ති නම් දෙමළ රජ යැ. යේ මහාබල වැ සිංහල රාජ්යරයෙනුදු අය බදු ගන්නට වී යැ. අලගක්කෝනාර ප්රාභූ රාජ තෙමේ මෙය නො ඉවැසුයේ, සිංහල සේනාවට රක්‍ෂා ස්ථානයක් වශයෙන් පළමු කොටැ ජයවර්ධැන කෝට්ටය කර‍වා, ඉක්බිති මහා යුද්ධයතට වුව මනා සියලු දැ සපයා තබා, අය බදු ගන්නට ඒ ඒ තන්හි ආර්යමචක්රවවර්තිහු විසින් නවත්වන ලද නියුක්ත‍යන් ගෙන්වා එල්ලා මැරැවීයැ. ආර්යයචක්රවවර්ති රජ කිපි යුද්ධාරම්හ කොටැ ගොඩිනදු මුහුදිනුදු මහ සෙනඟ මෙහෙයී යැ. සැරැසී සිටි අලගක්කෝනාර කොළඹට ද පාණදුරේ තොටට ද පැමිණි දෙමළුන් මරා පල‍වා උන් ගේ නැවි ද සුනු විසුනු කොටැ, දෙමළ රජු ගේ බලය සුන් කළේයැ.

50. වැසැ පිය රම් රජ සීතාවන් ලෙසිනි බස නොතරම් නො ඇසු තම දිවි හිමිනි ගුණ මනරම් ලිය රැඳි රන් ලිය සිරිනි යව සඟරම් සල්පිටි වෙල් පිට මඟිනි

මයුර විවරණය 113 අන්න ය  : රම් රජ පිය සීතාවන් ලෙසිනි වැසැ, තම දිවි හිමිනි නොතරම් බස නො ඇසු, ගුණ මනරම් ලිය රන් ලිය සිරිනි රැඳි සඟරම් සල්පිටි වෙල් පිට මඟිනි යව.

අර්ථස  : රාම රජු ගේ ප්රිියාව වු සිතාවන් මෙන් වාසය කොටැ (ද) තමන් ගේ දිවි ඇති වු කාලයෙහි තරම් නොවන වචනයක් නො ඇසු, ගුණයන් මනොරම්යව වු ස්ත්රිමන්, ස්වර්ණය ලතාවන් ගේ ආකාරයෙන් රැඳුණා වූ සංගාරමෙහි ද සල්පිටියෙහි ද කුඹුරු පිට මගින් යව.

විස්තර : සංගාරම යැ සල්පිටිය යැ යන ගමිහි ස්ත්රිාහු මනොහර රූප සෞන්‍දර්ය:යෙන් යුක්තයෝ යැ. ස්වර්ණගවණි වු සිහින් සිරුරු ඇති බැවින් ඔහු ස්වර්ණෙ ලතාවන් වැන්නෝ යැ. ඔවුන් ගේ ගුණ මනහර යැ.රාම ප්රිසයාව වු සීතාවන් මෙන් අන්යැයක ගේ ගෙයි බොහෝ කල් විසුව ද, ඒ ස්ත්රීයහු තමනට ප්රාමාණ නොවන්නා වු හෙවත් නින්‍දාවට වැටෙන්නා වු වචනයක්් නම් දි‍වි හිමියෙන් නො ඇසුවාහු යැ.

සංගාරමෙහි ද සල්පිටියෙහි ද ස්ත්රි න් අන්යා පුරුෂයකු ගේ ගෙයි බොහෝ කලක් විසුව ද තමන් ගේ චරිතයට මඳ වු ද කිලුටක් වන්නට ඉඩ නොදෙන ඉතා උසස් ගුණ ඇත්තවුන් බව මෙහි ලා විශේෂ වශයෙන් වරණිත යැ.

විපපණි : 1. සීතිවන් ලෙසිනි වැසැ නොතරම් බස නෙ ඇසු - රාම ප්රි යාව වු සිතාවෝ දොළොස් වසක් මැ රාවණ රජු ගේ රැක්මෙහි විසු හ. අග්නි ශුද්ධියෙන් තමන් ගේ පිරිසුදු බව ප්ර කාශ කොටැ ගිය ද, පසු වැ නොතරම් බස් අසන්නට ඔවුනට ද සිදු වියැ, “රාවණ රජු ගේ රැක්මෙහි වැසැ දරු හබකුදු ලැබැ ආ හ” යි මිනිස්සු කියන්නට වු‍ හ. සංගාරමෙහි ද සල්පිටියෙහි ද ස්ත්රිිහු වනාහි එ සේ අන් නිවෙසැකැ එ තරම් මැ දිගු කලක් විසුව ද, නොතරම් බසක් නම් නොඇසුවාහු මැ යැ. ඔවුන් ගේ ගුණයෙහි මිනිසුන් ගේ විශ්වාසය එ තරම් මහත් යැ. සිතාවන් ගේ ගුණයෙහි දු එ තරම් විශ්වාසයෙක් නො වි යැ. 2. තම දිවි හිමිනි - මෙහි ජිවිත සීමාව නම් උපන් දිනය හා මෙ කියන දිනය හා අතරැ පැවැති කාලය යි. 3. සඟරම් - මේ දැනට සංගාරම නමින් ගැනෙන කුඩා ගමෙකි. සල්පිටි ‍‍කෝරලයේ උඩුගහ පත්තුයෙහි පිහිටියේ යැ.

මයුර විවරණය 114

4. සල්පිටි - දැන් හල්පිටිය නම් වු ගම යි. පල්ලේ පත්තුයෙහි පිහිටියේ යැ. සල්පිටි කෝරලයට මෙ ගමින් නම සැලැසුණු බව පෙනේ. එ හෙයින් එ කලැ ඉත් ප්රපසිද්ධ ස්ථානයක් වැ තුබු බව නිසැක යැ.

5. වෙල් පිට මඟිනි - මෙයින් ගැනෙනුයේ වෙල් (කුඹුරු) උඩින් වැටුණු මාර්ගතය යි.

"https://si.wikibooks.org/w/index.php?title=මයුර_සන්දේශ-විවරණයii&oldid=4424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි