මයුර සන්දේශ-විවරණයi


1. සැරද මියුරිඳු සඳ - මියුරස නසින් නඳනා සඳැස් පිල් කැල කැල්මෙන් - පිනවන සඳැස් දුටවුන්

අන්න්ය : මියුරස තදින් නඳනා, සඳැස් පිල් කැල කැල්මෙන් දුටුවන් සඳ ඇස් පිනවන මියුරු ඉඳු සඳ සැර දෙ.

අර්ථප : මධුරරස නිදයෙන් නන්‍දන වු, චන්ද්රපක පිච්ඡ සමුහයා ගේ කාන්තියෙන් දුටුවවුන් ගේ සිත් ද ඇස් ද පිනවන්න් වු මයුරෙ‍ෙන්‍ද්රා ත්මය, බොහෝ කල් ජිවත් වව.

විස්තර : මෙයින් ස‍ෙන්ද ශ හාරක් මයුරයාට ආශිර්වපද කැරිණ.මයුරයාගේ නාදය මධුර යැ. එය ඇයු‍වෝ සතුටු වෙති. සඳැස් පිල් දීප්තිමත්යැ. එය දුටුවවුන් ගේ සිත් පිනා යෙයි, ඇස් පිනා යෙයි.

ටිප්පර්ණි : 1. සැරද - සැර + දෙ =(ස්වර පූර්වැ රූපයෙන්) සැරද. ‘සැර’ යනු ‘බොහෝ කල්’ යන අර්ථ් ඇති නිපාතයෙකි.’දෙ’ යනු වර්ත.මානකාල මධ්ය’ම පුරුෂ එකවචන ආඛ්යාාත යි. මෙහි ආශර්වවද ගහි ‍කොටැ ඇති විධාන යි. දෙ +හි = දෙහි=(‘හි’ ලෝපයෙන්) දෙ. ‘දෙ’ (පණ දැරීමෙහි) ධාතු ‘බස්’ ආදි පර පද යි. දේ - දෙති- දිනි-දුනු.දෙ + ඊ = (ස්වර පූර්වශ රූපයෙන්) දෙ + ඒ = (සවර්ණෙ දිර්‍ඝයෙන්) දේ. දෙ + ඉති = (පර ස්වර ලෝපයෙන්) දෙති. දෙ + ඉ = (‘න්’ ආගමයෙන්) දෙති = (ස්වර පර රූපයෙන්) දිනි. දෙ + උ = (‘න්’ ආගමයෙන්) දෙනු = (ස්වර පර රූපයෙන්) දුනු.

2. මියුරිඳු සඳ - ‘ඉඳු’ යනු මෙහි ශ්රෙ ෂඨර්ථප යි. ‘සඳ’ (චන්‍ද්ර ) යනු උත්තමාර්ථි යි සිංහ - ව්යා’ඝ්ර - වෘෂභ - හංස - චන්‍ද්රු - යනාදි අර්ථ ඇති නාමයෝ පර වැ ‍ෙයදුණාහු පූර්ථ් නාමයට උත්තමාර්ථායක් දෙති. 3. මියුරස - මියුරු + අස් = මියුරස් මියුරු යැ මියුරස්. 4. සඳැස් - ‘සඳ’ ‍නම් මොනර පිල් අග ඇසක් වැනි ළකුණ යි. එය ඇසක් වැනි හෙයින් ‘සඳැස්’ නම් වෙයි.

මයුර විවරණය

5. කැල්මෙන් - කැලුම් + එන් = කැලුමෙන් = (මධ්යව ස්වර ලෝපයෙන් කැල්මෙන්. ‘උම’ යන්නේන් අන්ත වන නාමයෝ ‘එන්’ විඛත මැ ගනිති. එ හෙයින් ‘කලුමින්’ යනු දුෂ්ට යැ.

6. පිනවන - ‘පින’ (සතුටු විමෙහි) ධාතු ‘බල’ ආදි පර පද යි, අකර්මනක යි. පිනා - පිනති - පිනී - පිනූ.

7. සඳැස් - සඳ + ඇස්. ‘සඳ’ යනු මෙහි සිතට නම්.

8. දුටවුන් - දුටු + උන් = (‘ව’ ආගමයෙන්) දුටුවුන්. ‘ටු’ යන්නේහි ‘උ’ ‘අ’ වීමෙන් දුටවුන්.

‘දිස්’ ධාතු ‘බස්’ ආදි පර පද යි. වතමන්හි මේ ධාතුවට ‘දක්’ යනු ආදේශ වෙයි. දකි - දකිති - දි‍පටි - දුටු. කම් කරුහි. මේ ධාතුවට ‘පෙන්’ යනු ආදේශ වෙයි. පෙනේ - පෙනෙති - පෙනිණි - පෙනුණු. අකමික ‘දිස්’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර පද) දිඝී - දිසිති - දිසි - දිසි. (අත් පද) දියේ - දිසෙති - දිසිණි - දිසුණු. ප්රියෝජ්යු විෂයයෙහි දිස් - දක්- පෙන්- යන තුන යු යෙදේ. දිස්වා - දිස්වති - දක්වා - දක්වති - පෙන්වා - පෙන්වති - යන ඈ.විසිනි.

2. සඳ යුරු මිතුරු සඳ - සිය සඳ කුමුඳු නඳ දෙන

මුළු ලෝ සනසමින් එන ගන රදහු වෙත තුටු රැවු මඟුල් ගි නඟමින් රැඟුම් ගත

සිරි ගිරි අසුන් පත් - සිරිමත් කෙළි මතින් වව

සොඳ ගුණකඳ කඳ දෙවි කඳිනි උසුලනා නුඹ තෙ දියතැ දිව විකුමැති කුලෙකි මනා

සොබමන් මෙ වන් සිරිතැති‍යන් ගේ දැකුම දෙවියන් යැදැත් හැකි වෙ ද නො දැනේ නියම අමුතු වැ අප පණෙව් ලත් සැප කියනු කිම අප සිරි අනා අත් පත් වු වැනි දැනුම අන්නිය : සිය සඳ කුමුදු නඳ දෙන සඳ අයුරු මිතුරු සඳ මුළු ලෝ සනදමින් එන ගත රදහු වෙතැ තුටු රැවු මඟුල් ගී නඟමින් රැගුම් ගත, කෙළි මතින් ගිරි අසුන් පත් සිරිමත් සිරි වව. කඳ දෙවිකදිති උසුලන සොද ගුණකඳ,නුඹ තෙ දියතැ දිව. මයුර විවරණය 35 විකුම් ඇති මනා කුලෙකි.මේ වන් සොබමන් සිරින් ඇතියන් ගේ දැකුම දෙවියන් යැදැත් හැකි වේ ද නියම නො දැනේ. අප පණ අමුතු වැ එව් ලත් සැප කියනු කිම? දැනුම අප අනා සිරි අත් පත් වු වැනි

අර්ථක : ස්වකීයයන් ගේ සිත් නමැති කුමුදයන් ගේ ‍ආනන්දදය දෙන්නා වු චන්‍ද්රතයා වැනි මිත්රොඅත්තමය, සකල ලෝකය සනසමින් එන්නා වු මෙඝ රාජයාට තුෂ්ටි රව නමැති මඞගල ගීතම පවත්වමින් නැටුම් ගත්තා වු කාලයෙහි, ක්රිමඩා මත්ත භාවයෙන් පර්ව්ත නමැති ආසනයට පැමිණියා වු ශ්රිෙමතකු ගේ ශ්රිරය (ශොභාව) වර්ධමනය කරන.ස්කන්ධන දෙවයා සකන්‍ධයෙන් (දෙහයෙන්) උසුලන්නා වු සුන්‍දර වු ගුණාසකන්‍ධයාණෙනි, නුඹ ගේ (වනාහි) තුන් ලොවැ දිව්යො වික්රයමය ඇත්තා වු යහපත් කුලෙයකි. මෙ බදු ශොභන වු චරිත ඇත්තවුන් ගේ ඇකිම, දෙවියනට යාචඤ කොටැ ද හැකි මේ දැ යි නියමය නො දැනේ. අප ප්රාඅණය අලුත් වැ මෙන් ලැබු සැප කියවු කිම් ද? දැනීම අප ගේ අනාගත ශ්රිගය හසත්ප්රා‍පත වු වැනි යැ.

විස්තර : චන්‍ද්ර්යා යම් සේ කුමුදු පුබුසුවා ද, මොනරා එ සේයැ ස්වකියයන් ගේ සිත් පුබුදුවයි. සකල ලෝකය සනසන්නා වු මෙඝය දැකැ මොනරා කෙකා ධවනි පවත්නා නටයි. (ලොවට වන යහපතට සතුටු බව හඟවන්නා වැන්නැ.) ක්රියඩායෙන් මත් මැ. පර්ව ත මුඳුනට පැමිණි මොනරා ක්රි ඩායෙන් මත් වැ ආසනයට පැමිණි ශ්රිකමතකුට ද වඩා ශ්රිතමත් යැ. මොනරා සිය කදින් කඳ කුමරු උසුලයි. ඒ කඳ කුමර තුන් ලො වැ පතළා වු වික්රමම ඇත්තේ යැග ඔහු උසුලන්නා වු මොනරා ද ලොවැ පතළා වු වික්රවම ඇත්තේ යැ. ඔහු උසුලන්නා වු මොනරා ද එ හෙයින් තුන් ලොවැ පතළා වු දිව්ය වික්ර ම ඇත්තේ යැ.ඉතින් මෙ බන්දන් දැකිම දෙවියන් යැදැ ද ලැබියැ නොහැකි තරම් යැ.එ තරම් දුලීභ දර්ශොනයක් ලද්දහුට අමුතු පණක් ලැබුණා මෙනැ යැ දි අනාගතයෙහි ලැබියැ යුතු සමප්තති ලැබුණා මෙනැ යි ද, කිම යෙදෙයි.

ටිප්පර්ණැ : 1. කුමුදු - හෙළ උපුල් ‘එළ මානෙල්’ යැ යි ගම්මු කියති රෑ පිපෙන හෙයින් මෙය සඳ රැසින් ප‍ිපෙති යි කවීයු යෙති. 2. දෙන - දිමෙහි ‘දෙ’ ධාතුව ද පණ දැරිමෙහි ‘දෙ’ ධාතුව මෙන් වරනැහෙයි. 3. සනසමින් - ‘සනස’ ධාතු ‘බල’ ආදි ‍පර පද යි. සනසා-සනසති-සැනැසී-සැනැසූ.


මයුර විවරණය 36 4. එන - ‘එ’ ධාතු ‘බස්’ආදි පර පද යි. ඒ-එති-අයි-අවු 5. නහමින් - මෙහි ‘නහ’ ධාතු ‘බල’ ආදි පර පද යි. නහි-නඟති-නැහි-නැඟු. අකර්මවක ‘නහ’ ධතු ‘රක්’ ආදි උභහ පදයි. (පර පද) -නගි-නගිති-නැගි-නැගි. (අත් පද) නැඟේ-නැ‍ඟෙති-නැගිණි-නැගුණු. 6. රැඟුම් - ‘රඟ’ ධාතු ‘බල’ ආදි පර පද යි. රගා-රගිත්-රැගී-රැඟු. 7. ගත - ‘ගන්’ ධාතු ‘බස්’ ආදි පර පද යි. ගනි-ගනිති-ගති,ගත්,ගත. 8. පත් - මෙහි ‘පමුණ’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. පැමිණේ-පැමිණෙති-පැමිණිණි,පැම්ණි, පති-පැමුණුණු,පැමිණි,පතු.අයුහි දී ධාතුයෙහි ‘මුණු’ යන කොටසට ‘ත’ කාරාදේශ වෙයි. 9. සිරිමත් - සිරි ඇතියේ සිරිමත් විභවසම්පත්තියෙක් ගැනේ.

   10.	වව - ‘ව’ ධාතු ‘බම’ ආදි පර පද යි. වා-වති-වි-වූ.

මේ ධාතුව ‘පිහිට’ ආදි අත් පද ද වේ. වේ-වෙති-විණි-වුණු.එකාක්‍ෂර ධාතුවති වන හෙයින් ‘වි’ යන රූපයෙක් නො වේ. පරතු යෝජ්ය වු තන්හි වවා-වවති-වැවි-වැවු-යනාදිය වෙයි. ‘වව’ යනු විධි රුප යි.

සිදත් සඟරායෙන් මුළාවට පැමිණියෝ ‘වු’ ධාතුවක් දක්වති.

     11.	උසුලන - ‘උසුල’ ධාතු ‘බල’ ආදි පර පද යි. උසුලා-උසුලති-ඉසිලි-ඉසිලු,ඉසුලු.		
        12.	යැදැත් - යැදැ + දු = (අනන්යි ස්වර ලෝපයෙන්) යැදැද් = (අඝොධාදේශයෙන්) යැදැත්.

‘යද’ ධාතු ‘රක්’ ආදි පර පද යි. යදී-යදිති-යැදි-යැදි.

       13.	දැනේ - ‘දන්’ ධාතු ‘බස්’ ආදි ‍පර පද යි. දනි-දනිති-දති-දතු. ‘දැනේ’ යනු කර්මා කාරක රූප යි.



මයුර විවරණය 37 14. ලත් - මෙහි ‘ලබ’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. ලැබේ-ලැබෙති-ලැබිණි,ලැබි,ලදි-ලැබ‍ුණු,ලැබි,ලදු.ලදි=ලත්-ලද.ලදු=ලත්=ලද. අනන්ය ස්වර ‍ලෝපයෙන් ‘ලද්’ යනු වු කලැ අඝොධාදේශයෙන් ‘ලත්’යනු වෙයි. ‘ලැබි’ යන රූපය අප්ර,යුක්ත සේ පෙනේ. ‘ලබ’ ධාතු ‘බල’ ආදි පර පද ද වේග ලබා-ලබති-ලැබි-ලැබූ.

15. කියනු - ‘කිය’ ධාතු ‘බල’ අදි පර පද යි. කියා-කියති-කියි,කී-කියූ,කී.කිය -ලිය-ආදි ඉයානත්ධාතුන් කර්මඅ කිරකයෙහි වරනැ‍ෙගන කලැ ධාතු ප්ර,ත්ය.ය මධ්ය්යෙහි ‘ව’ අගම් වෙයි. එ හෙයින් කියැවේ-ලියැවේ-යනාදි රූපයෝ වෙති.

2. ය ස ඟ පොරණැ ගුණ මිතුරනට කළ තමා ද ය ඟ වුවත් උන් අත් පත් වේ යැ ඇමා නි ස ග පුරුදු තම හට ඉන් කියනු කිමා අ ස ග මඳක් ම-තෙපල තා සවන් නමා

අන්න ය : යසඅඟ, පොරණැ තමා මිතුරනය ගුණ කළ, උන් සසඟ වුවත් ඇම අත් පත් වේ යැ.ඉන් නිසග පුරුදු තම හට කියනු කිම? ම-තෙපල ති සවන් නමා මඳක් අස.

අර්ථ : යශඃශරීරය, පුරාතනයෙහි තමා ගේ මිතුයනට යහපත කෙළේ වම්, ඔවුන් හා සංසගී වුව ද සියල්ල අත්පත් වෙයි. එ හෙයන් නිසර්ග යෙන් (ස්‍වභාවයෙන්) පුරුදු වු තමා හට කිය්න්නේ කිම් ? මා ගේ වචනය කගේ තන් යොමු කොටැ මඳක් අසව.

විස්තර : පුරාතනයෙහි මිත්‍රයනට ගුණ කරන ලද නම් ඒ, මිත්රවයෝ ද‍ පෙරළා ගුණ කරන්නට බලා සිටිති. උන් හා එත් වු පමණින් මැ සියලු අභිමතාර්ථ ය සිද්ධ වන්නේ යැ මයුරයා වනාහි ස්වභාවයෙන් මැ පුරුදු යැ. එ හෙයින් ඒ අතිත් කියැ යුත්තෙක් නැති.

ටි ප්පර්ණැ : 1. යස’ඟ - යස (කීර්තිය) අ (අඬගය - ශරීරය) වුයේ.යමක්හු හට ද හේ යසඟ. මේ මයුරයාට ආමන්ත්රිණය කළ පරිදි යි. ඔහු ගේ ශරීරය නම් නිර්මඟල වූ කීර්තිය යි. ලේමයින් යුත් ශරීර‍යට වඩා කීර්ති ශරීරය ඔහු උතුම් කොයැ සලකන බව මෙයන් හැඟැවිණ.

මයුර විවරණය 38

	2.  කළ -  ‘කර’ (කිරිමෙහි) දයින් වූ අතීත කෘදන්ත නාමයි.

‘තර’ ධාතු ‘බම’ ආදි උභය පද යි.(පර පද) කරා-කරති-කිරී,කළ-කිරූ,කුරූ,කළ.(අත් පද) කේරේ-කෙරෙත්. ‘කළ’ යන රූපයෙන් ‘කර’ ධතුව ‘බස්’ ආදි බවෙක් ප්ර කාශ වෙයි. වරනැගිම කරී-කරිති-කළි-කළු-ඈ විසින් වියැ යුතු. එහෙත් කරි-කරිති-කළි යන රූප යෙදුණු තැනෙන් නො පෙනේ.එක මැ ‘කළු’ යන රූපය.

“පහනෙව් වතුන් අලු කළු”

යන තන්හි රහල් හිමියෝ යෙදුහ. කළි-කළු-යන දෙ තන්හි යැ අනන්යඑ ස්වරය ‘ද’ වීමෙන් ‘කළ’ යනු ලැබේ.’කළු’ යනු නේ වී නම්, අයුහි ‘කළ’ යනු නිපතිත රූපයෙකැ යි කියැ හැකි.

3. වුවත් - වුව + දු= (අනන්ය ස්වර ලෝපයෙන්) වුවද්=(අඝොෂාදේශයෙන්) වුවත්. ස්වර රහිත ග-ද-බ-යන ඝෝෂනයට පිළිවෙළින් ක-ත-ප-යන අඝොෂයත් ආදේශ වීම අඝොෂාදේශ නම.

‘වුව’ යනු ‘ව’ දයින් වු අසම්භාව්යේ කෘදන්ත නිපාතයි. ව + අ = වූ + =වුව.

4. අසග - අසහි = අසහ = අසග.

‘අස’ ධාතු ‘බල’ ආදි පර පද යි. අසා-අසති-ඇසී-ඇසූ

5. නමා - අතීත කෘදන්ත නිපාත යි.

මෙහි ‘නම’ ධාතු ‘බල’ ආදි පර පද යි.තමා-තමති-නැමි-නැමු. ‘බස්’ ආදි අත් පද ‘නම’ ධාතුවෙක් ද වෙයි. ඒ අකර්මික යැ. නාමේ-නැමෙති-නැමිණි,නැමි, නති-නැමුණු.නැමි,නතු.

4. ස ව් දිගු බිතැ කිරණව් යස උදුල් වන සැව් බල පෑ එ දිනෙව් බු මඟුල් වන දෙව් නුවරෙහි හට දෙව් රජ උපුල් වන දෙව් මෙ හසුන් මතු සව් සිරි විපුල් වන 39 මයුර විවරණය

අර්ථ : බුද්ධ මඞගලය වන් (පැමිණි) කලැ ඒ දිනයෙහි මෙන් වාපයෙහි (දුන්නෙහි) බලය පෙන්වා, සකල දිශා ප්රණදෙශයෙහි යශස් නමැතු ක්‍ෂිරාර්ණඝවය බබළවන්නා වූ, දෙව් නුවරෙහි උත්පලවර්ණත දිව්ය රාජයා හට, අනාගතයෙහි සකල ශ්රි ය බොහෝ වන්නා වු මේ ස‍ෙන්දණශය දෙව.

විස්තර : බුද්ධ මඞගලය පැමිණි කල්හි ඒ දිනයෙහි ස්වකිය දුන්නේහි බලය යම් දේ දක්වන ලද ද, දුනුදු එ සේ යැ දැක්වීමෙන් උත්පලවර්ණයයන් ගේ කීර්තිය සකල දිශා ප්රදදෙශයන්හි බබළයි, කිරි මුහුදු මෙන් බබළයි. ඒ උත්පලවර්ණකයනට මේ ස‍ෙන්දළශය දිමෙන් අනාගතයෙහි සකල සම්පත්තිය විපුල (බොහෝ) වන්නේ යැ.

ටිපපර්ණර : 1. දිගු බිතැ - මෙහි ‘බිතු’ සද ප්ර දෙශර්ථමය දෙයි. ‘හිතතිඃ’ ප්රිදෙ‍ෙශ කුඩ්යෙර’පි’ යන කොශ වචනයෙන් සංස්කෘතයෙහි ‘භතති’ ශබ්දය ද ප්රතදෙශාර්ථථය දෙන බව ප්ර කාශ වෙයි.

2. යස කිරණව් - යශස් නමැති ක්‍ෂිරාණවය. ‘කිරණවු’ (කිරි + අණවු) යනු ප්ර්කෘති යි සිංහල පද්යෂයෙහි දී වි-වු-යන දෙක සමාන සේ සැලැකේ.

“ප ව් රද කඳ නා ලෝ මුල් දිගතු බර ලේව් තුරු සුසැදි යස මිණි මුතු මල් පතර ‍ස ව් සිරි පිරි සුර පුර වනු කැලණා පර දෙ ව් මෙ හහුන් විබිසණ සුරිඳුට පවර”

මෙහි ‘පව්’ යනු ‘පවු’ යැ යි ද ‘දෙව්’ යනු ‘දෙවු යැ යි ද සිටියැ යුතු නැති. ‘අණිවු’ යනු සාගරයට නම් වේ. සංස්කෘතයෙහි ‘අර්ණ’ව’ යනු වෙයි.

3. උදුල්වන - ‘උ’ පූර්වර ‘දුල’ දයින් වූ ප්රුයේජ්යැ වර්තවමාන කෘදන්ත නාම යි.

‘දුල’ ධාතු ‘පිහිට’ ආදී උභය පද යි. (පර පද) දුලා - දුලනි - දිලි - දිලි. (අත් පද ) දිලේ - දිලෙති - දිලිණි -දිලුණු.

ධාතු ‘දුළ’ යි ද සි‍ටී. 40 මයුර විවරණය

4. සැවි - ‘සැවු’ යනු ප්ර කෘති යි. එළි වැට රක්නට ඒ ‘සැව්’ යැ යි ගැනිණ.

5. පෑ - ‘පා’ දයින් වූ අතීත කෘදන්ත පූර්වෘ ක්රිියා නිපාතයි. පා + ඇ = (අනම්යෑයෙන්) පෑ + ඇ = (සවර්ණ දීර්ඝියෙන්) පෑ. මෙහි ‘පා’ ධාතු ‘රක්’ ආදි පර පද යි . පවී -පවිති - පැ - පෑ. පා + ඊ = ( ‘ව’ කාරගමයෙන්) පාවී = (හ්රපස්වයෙන්) පවී. පා + ඉති = පාවිනි = පාවිති. පා + ඉ = (ස්වර පූවර්‍ රූපයෙන්) පෑ + ‍ඇ = (සවණි දීර්ඝතයෙන්) පෑ.

6. වන - ‘වන් කල්හි’ යනු අප යි. ‘වද’ (පිවිසුම්හි) දයින් වූ අසමභාව්ය කෘදන්ත නිපාතයයි. අසම්භාව්ය් කෘදන්ත නිපාත ප්රයත්යපය තුනෙකි.

තු - වදුතු - වදුන් - වදුන ඉයැ - වැදියැ. අ - වන ‘අ’ ප්රනත්යවයය පර කල්හි ධාතුව අතීත කෘදන්ත නාම රූපය ගනී. වද+අ = වන් + අ = වන. ‘වද’ (පිවිසුම්හි) ධාතු ‘බස්’ ආදී උභය පද යි. (පර පද) වදී - වදිති - වනී - වනු. (අත් පද) වැදේ - ‍වැදෙති - වැදිණි - වැදුණු. වනි = (අන්ත්යී ස්වර ලෝපයෙන්) වන් = ( යළි ‘අ’ පැමි‍ණි‍මෙන් ) වන. වනු = වන් = වන

7. සැඩ් බල පැ එ ‍දිනෙවි බුදු මඟුල් වන - බුද්ධ මඞගල දිනයෙහි මාර සේනාව එත් මැ අන් සියලු දෙවියන් හිස් ලූලු අත දිවු නමුදු, උත්පලවණ්යන් මඳකුත් නො බා දුන්න ගෙනැ සිටි බවක් කියති.

“ අ මා ඇදුරු උන් සද විදුරසුන් මතු ප මා නොවී පැමිණෙත යුදට වසවතු ත මා මැ සැවු බල පෑ සිටි ‍නො බා සිතු මෙ මා වනනු කිම ඔබ තෙද බල අමුතු” යනු මේ සඳහා ‍කෝකිල ස‍ෙන්ද ශ කාර වචන යි.

8. දෙවි න‍ුවරෙහි - උත්පලවර්ණශයනට වාසය වූ නගරය යි. ලක් දිවැ දකුණු දිගැ පිහි‍ටියේ යැ. මේ නගරය පෙරැ ‘ගිරිහෙල’ නමින් පැවැති බව ද දෙව් රජු ගේ වාසය වූ පසු ‘දෙව් නුවර’ නම් වු බව ද කියත්. දැන් වහරෙහි ‍වැටෙන ‘දෙවුන්දර’ යන; 41 මයුර විවරණය

නාමය ඇතැමුන් සිතන පරිදි ‘දෙව් නුවර’ යන්නෙන් වූයේ නොවේ. ‍ෙද්වාලයයට ඇතැළු වන්නට පෙරැ මුව අත පය දොවින තැන දෙවුම් දොර යි. දෙවුම් + දොර ( ස්වර පර රූපයෙන්) දෙවුම් + දර = ( පර සවර්ණා්දේශයෙන්) දෙවුන්දර. පර වූ ව්ය ඤ්ජනය අයත් වර්ගදයෙහි අන්තාක්ෂ රය පූර්වා වු වර්ගරන්තයට ආදේශ වීම’ පර සවර්ණායදේහ නම්.

9. හට දෙව් රජ - දෙව් රජ හට. සිදත් සඟරායෙහි කුමක් කියැවුණ ද, ‘හට’ යනු විභක්තියෙක් නොවේ, සතර වන විභක්තියෙහි අර්ථ්ය හඟවන නිපාත ‍පදයෙකි. එ හෙයින් ‘හට දෙව් රජ’ යැ යි ‘හට’ යනු පූර්ව් කොටැ යෙදීම නිවැරැදියි.

“ හිමියන් හට දෙ ගුරු”- “ මෙ නම් වෙති දැනැ-ගන්කේ හට ගුරුළු” – යනාදිය පුරතනයන් ගේ යෙදුම්.

10. උපුල්වන දෙව් රජ - උත්පලවර්ණ”, ස්කන්‍ද කුමාර, සමන් බොක්සල්, විභීෂණ යැ යි සිරි ලකට අරක් ගත් සතර මහ දෙවි කෙනෙක් වෙත් ල. මොවුනතරැ ප්රයධාන වූ උත්පලවර්‍ යයෝ අෂ්ටාදශ පුරාණ රාමායණ මහා භාරත ආදී ග්රයන්‍ථ‍යන්හි සඳහන් වූ කෙනෙක් නො වෙති.

විජය කුමරුන් ලඞකාවනරණය කරන දවස් පරිනිර්වාරණ මඤ්චකයෙහි හොත් බුදුන්, ශක්රන දෙවෙන්‍ද්රහයන් අමතා, මතු සිරි ලකැ බුදු සසුන් පිහිටන හෙයින් විජයාදීන් ද ලක් දිව ද මැනැමින් රක්නට වදාළ බවත්, දෙවෙන්‍ද්ර යන් ද උත්පලවර්ණ්යන් ඒ කායියෙහි මෙහියූ බවත් මහාවංශයෙහි කියැවිණි. එ කලැ උත්පලවර්ණවයෝ කොහි විසු හු ද, කුමක් කළාහු ද, යනු නො සඳහනි.

“ ය ම ල් හලැ මුනි ලෙසින් වදයළ මෙ ලක ‍රකිනුව මෙත් සිතින් උ පු ල් වන් දෙවි මහ රජාණන් වඩිනු දැකැ මහ සයුරකින් නි ම ල් ගුණ යුන් නමින් දාසිලි සෙන් රජෙක් ආළු මො‍හොතින් වි පු ලු සිරි ‍දෙවි නුවර කරවා පිහිට කැරැවියැ යහපතින්”

යනුයෙන් පැරැකුම්බා සිරිත් කාරයෝ උත්පලවර්ණ යන් මහා සාගරයෙන් වැඩම ‍කළ බව ද, ඒ දුටු දාපුලු සෙන් රජ ඔවුන්ට දෙව් නුවර කැරැවූ බව ද කියත්.

42 මයුර විවරණය

දෙවියෝ මහත් කිහිරි කදෙකැ වෙයින් පැමිණියෝ යැ. මුහුදෙහි වෙරළට ආසන්න වැ පා වෙමින් තුබූ කිහිරි කඳ දුටු මිනිස්සු වෙරළට රැස් වූ හ. ඇතැමෙක් කිහිරි කඳ ගන්නට ද උත්සාහ කළ හ. මිනිසුන් ළං වන් මැ කිහිරි කඳ ඈත් වෙයි. මිනිසුන් ගෙ‍ාඩට එත් මැ ඒ පෙරළා වෙරළට ළං වෙයි. මේ අද්භූත ප්රිවෘත්තිය ඇසූ දාපුලු සෙන් රජ්ජු‍රුවෝ ද ඒ තැනට පැමිණියහ. ඔවුන් එත් වැ කිහිරි කඳ වේගයෙන් ඇදී අවුත් වෙරළෙහි මුතු ‍පටක් ‍වැනි වැලි පිටැ පිහිටියේ යැ. මෙ සේ යැ. දෙවියන් ‍ගොඩට පැමිණියේ. රජ්ජුරුවෝ එ තැන සුදුසු පුද සත්කාර පවත්වා කිහිරි කදින් දෙව රූපය කරවන්නට සිතා, ඊට සුදුස්සකු සොයන්නට වූහ. ඉතා සමත් කම් ‍කරුවෝ පැමිණෙති, කිහිරි කඳ බලති. “ මෙයින් දෙව රූපය කපන්නට අපි පොහොසත් නො වම් හ” යි කියති, ආ සේ මැ යේකි. මෙයට වඩා සමත් කමක් කළ හැකි කම් කරුවෙක් මුළු ‍ලක් දිවැ නොවියැ. රජ්ජුරුවෝ මහත් දොම්නසට පැමිණියාහු යැ.

දිනක් රජ්ජුරුවන් සිතිවිල්ලේන් සිටුනා අතරැ වෘද්ධයෙක් පැම්ණැ කිහිරි කඳින් දෙව් රුව කැපිමට තමා පොහොසත් බව කියා සි‍ටියේයැ.රජ්ජුරුවෝ ප්රී්ති වේගයෙන් උදම් වැ රජ පිරිස් පිරිවරා වෘද්ධයා හා සමඟ වෙරළය ගොස්, ඔහු දැක්වු ස්ථානයෙහි මහත් පට මණ්ඩපයත් කරවා, කිරි පැන් ඉස්වා පිරිසුදු කොටැ, කිහිරි කඳ එ තැනට පමුණුවා දුන් හ. වෘද්ධයාගේ කැමැත්ත වු පරිදි ඔහු පමණක් එහි රඳවා සියල්ලො වෙන් වැ ගිය හ.

පසු දින උදැසන රජ්ජුරුවෝ සහ පිරිවර වැ පැමිණියහ. වෘද්ධයා එහි නො සිටියේයැ.කිහිරි කඳ යෝ ඉන් කපා සිටි දැයෙත් හෝ එහි නො වි යැ. ජීවමානාකාරයේන් වැඩැ සිටි දෙව රූපය පවණෙක් යැ වි යැ. සියල්ලෝ මහත් විසමයයට පැමිණිය විශ්වකර්මූ දිව්යහ පුත්රලයා වෘද්ධ වෙශයෙන් පැමිණැ දෙව් රුව නිමවා දී ගිය බව පෙනිණ.

මේ පරම්පරාගත කථා යැ.

ශරීර වර්ණනය නිසා මේ දෙවියනට උත්පලවර්ණි නාමය වි යැ. කිහිරි ලියෙන් කළ හෙයින් දෝ ‘කිහිරැලි’ නම වු හ යි සිතේ. එ හෙයින් මැ දෝ ‘ඛදිරදෙහලි වංශොද්භුත’ යනාදිය ද කියත්. එහෙත් ‘දෙහලි’ යනු එළි පතට නමෙකි. කිහිරි ක‍ඳෙහි ඇලි සිටි හෙයන් ‘කිහිරැලි’ නම් වු හ යි ඇතැමෙක් යෙති. ඒ අර්ථරයෙහි ‘කිහිරැලි’ යනු ‘ඛදිරදෙහලී’ යන්නට සමාන ‍නො වේ.


මයුර විවරණය 43 ‘අත්තන ගල්ල’ යනු ‘හත්‍ථවනගල්ල’ යැ යි පාල‍ියට පෙරළන්නට පොහොසතුනුදු වු හෙයින්, ‘කිහිරැලි’ යනු ‘ඛදිරදෙහලී’ යැ යි. සංස්කෘතයට නො පෙරළූ හ යි කෙසේ නම් කියමුද? ‘ඛදිරදෙහලි’ නාමය පළමු මැ නිපන්නේ නම් සිංහලයෙහි සිටියැ යුත්තේ ‘කිහිරෙලි’ යනු යි. උත්පලවර්ණ නාමයෙන් විෂ්ණු දෙවයන් ගන්නාහු ද වෙති.තතු නොවිමසන්නෝ යැ. කෘෂ්ණ සමයයෙහි විෂ්ණු දෙවයන් නිල් වුව ද, ඔවුනට උත්පලවර්ණැ නාමය යෙදුණු තැනෙකි නො පෙනේ. පුරාතන කවිහු විෂ්ණු, උත්පලවර්ණය ‍දෙදෙනා දෙ දෙනකු මැ කොටැ දුට හ.

“ සතොසින් වසත සිරි සරසවිය මොහු කෙරේ වියොවින් පැමිණි දුක් නො මැ විඳැ එ අවස‍රේ රැකියෙන් මිසක් බඹ බඹ සර මැ බඹ අරතරේ සොවගින් තැවි කළු නො මැ වනු ද‍ වෙනු යුරේ”

යනු තිසර ස‍ෙන්දබශ කාරයන් ගේ කියුම්. ශ්රිෙ කාන්තාව විෂ්ණු දෙවයන් හැරැ අවුත් උත්පලවර්ණනයන් කෙරෙහි වසන හෙයින් විෂ්ණු දෙවයෝ ශෝකාග්නියෙන් තැවි කළු වු හ. විෂ්ණු උත්පලවර්ණ් නාම දමයයෙන් මැ ගැනෙනුවෝ එක් කෙනෙක් මැ ‍නම්, මේ උමතු බසෙක් නො වේ ද?

“ වි සේ සවන් විකුමෙන් සදිසි දියබඳ රොසේ රැපෑ පෙර සුර කුරිරු මන් බිඳ ළ සේ මුනිඳු සාසන් රකිමින් නිබඳ වෙ සේ සිරින් කිහිරැලි පුල් සුරිඳු සඳ”

යන තන්හි ‍කෝකිල ස‍ෙන්දසශ කාරයේ උත්පලවර්ණනයන් වික්රෂමයෙන් විශ්ණුන් හට (දියබඳ) සමාන කළහ. එයින් දෙදෙනා දෙ දෙනකු මැ බව නො පෙනේ ද?

“ ස ඳ ව න් යස රැසින් හෙළි කළ මුළු දියත ස ඳ ව න් සිරින් සන මන කොඳ කළ දිමුත ස ඳ ව න් සුරිඳු පිය තුනු රත් කරඬු පත ස ඳ ව න් බිසෝ සඳ වැඳැ කියව මෙ පවත”

යන තන්හි තොටගමුයේ රහල් මහ තෙරහු උත්පලවර්ණ යන් ගේ පියාව ගේ නාමය ‘චන්දමවණා’ යනු බව පවසති. දෙව පුජකයෝ ‘චන්‍ද්ර්වති’ යැ යි කියත්.ඒ සැබෑ නම් පද්යහයෙහි ‘සඳවන්’ යනු ‘සඳවන්’ යැ යි වියැ යුතු. සමානාර්ථ.යෙහි ‘වත්’ 44 මයුර විවරණය

යනු මෙන් මැ ‘වත්’ යනු ද වන හෙයින්, සිවු තන්හි මැ ‘සඳවත්’ යනු යෙදිමෙන් පද්යාිථියට වන වෙනසෙක් නැති. විෂ්ණු ප්රි්යාවෝ චන්ර්්ර්වණා නම් ‍හෝ චන්ර්ට වවති නම් ‍හෝ වෙත් ද?

“දු නු කමැ රම් රජු මෙන් ‍ලොවැ පුවතර ව දු නු පුරසු රම් ගන රන් දුනු සර දර ව දු නු පුල්වන් දෙව් රජ කුලැ ගරුතරව දු නු දෙව් රජු හට ද මෙතෙපුල් සැළ කරව”

යනුයෙන් රහල් හිමියෝ මැ උත්පලවර්ණරයනට ‘ධනු’ නම් පුත්රනයකු වු බව කියත්. විෂ්ණුනටත් ‘ධනු’ නම් පුත්රියෙක් වී ද?

10. දෙව් - දෙහු = දෙවු.

5. මියුරු සඳ, මියුරු රස බස් නුමුතු අස් නැ තතු මතු පවසමි. දැන් මෙ තොප නිකුත් වන පුර වර වෙසෙස අස.

ටිප්පණි : 1. මියුරු සඳ - ‘මයුරොත්තමය’ යන අර්ථ යි. 2. නුමුතු - නො + මුතු = (ස්වර පර රූපයෙන්) නුමුතු. ‘මුතු’ යනු ‘මුස්’ (මිදිමෙහි) දයින් වු අතිත කෘදන්ත නාම යි. ‘මුස්’ ධාතු ‘බස්’ ආදි පර පද යි. මුසී - මුසිති - මිති - මුතු. 3. අස්නැ - ‘ස‍ෙන්ද ශයෙහි’ යනු අර්ථම යි. ‘හසුන්’ යනු ප්රපකෘති යි. ‘හ’ කාර ලෝපයෙන් ‘අසුන්’ යනු දු වෙයි. අසුන් + ඇ = අසුනැ = (මධ්ය් ස්වර ‍ලෝපයෙන්) අස්නැ. 4. පවසමි - ‘පවස’ ධාතු ‘බල’ ආදි පර පද යි. පවසා - පවසති - පැවැසි - පැවැසු. අත්පුරාන භාෂායෙහි මේ ධාතුව ‘පුවස’ යි සිටියේ යැ. ස්වර පර රූපයෙන් ‘පවස’යනු වී පුවසා - පුවසති - පියැසි - පියැසු යනු ‘පුවස’ ධාතුව වරනැ‍ඟෙන පරිදියි. 5. වෙසෙස - විශෙෂය විස්තර වර්ණිනාව යැ යු සේ යැ.

6. තුගු සුලකුළු පහ පැහැ සර තර පවර සැදි දොරැ දොරැ බිහි දොරැ දද අඹළ’ඹර සෙන් සිවුරඟ වේ මඟ මඟුලින් නි‍තොර දනු සිරි පිරි ගගසිරි පුර වර මොනර මයුර විවරණය 45 අන්න ය : මොනර, තුගු පැහැ සර තර පවර පහ සුලකුළු දොරැ දොරැ සැදි බිහි දොරැ දද අඹරැ අඹළ වේ මඟ සිවුරග‍ සෙන් මගුලින් නිතොර, සිරි පිරි ගගසිරි පුර වර ‍දනු.

අර්ථ  : මයුරය, තුඬග (උස් වු) ප්රැභා සාර වු මහත් වු ප්රවවර (ඉතා උතුම්) වු ප්රා සාදයන් අලඬකෘත කලා වු දොරින් දොරැ සැරැසි සිටියා වු බහිර්ද්වාරවලැ (තොරණවලැ) ධ්වජයන් අවකාශයෙහි ඇඹැරුණා වු විර්ථල මාර්ගැයන් චතුරඞග සේනාවන් ගේ මඞ්ගලයෙන් (උත්සවයෙන්) නිරන්තර වු, ශ්රිථ (සම්පත්ති) පිරුණා වු ගඞගා ශ්රිෙ පුර වරය දනුව.

විස්තරය : ශඞගා ශ්රි පුරයෙහි සම්පත්ති පිරුණේයැ. ඒ පුරයෙහි විර්ථිවලැ චතුරඞග සෙනාවෝ නිරන්තරයෙන් උත්සව ක්රිරඩා කෙ‍ෙරත්. විර්ථයවැල ආකාශයෙහි කොඩි ඇඹැරෙයි. ඒ දොරක් දොරක් පාසා සැදුණා වු තොරණවලැ බඳනා ලද කොඩියැ. ප්රාඒසාදයන් අතිශයින් අලඞකෘත කළා වු බිහි දොර යැ ඒ. ප්රා‍සාදද උස් යැ, කාන්තිමත් යැ, මහත් යැ, ඉතා උතුම් යැ.

ටිප්පණි : 1. සුලකුළු - ‘සු’ පූර්ව ‘ලකුර’ (අලඞකාර කිරිමෙහි) ධාතුයෙන් නිපන් අතීත කෘදන්ත නාම යි. ‘ලකුර’ ධාතු ‘බල’ ආද් පර පද යි. ලකුරා - ලකුරති - ලැකිරි, ලකිළි, ලකිළ - ලැකිරූ, ලකුළු, ලකළ.

2. සැදි - ‘සද’ ධාතුයෙන් වු අතිත කෘදන්ත නාම යි.

මෙහි ‘සද’ ධාතු ‘බස්’ ආද් අත් පද යි, අකර්මොක යි. සැදේ - සැදෙති - සැදිණි, සැදි, සනි, සන්, සන - සැදුණු සැදි, සනු, සන්, සන. සකර්ම ක ‘සද’ ධාතු ‘බල’ ආදි පර පද යි. සදා - සදති - සැදි - සැදු.

3. බිහි ‍දොරැ - බිහියෙහි (බිවතැ) කැරෙන දොර බිහි ‍දොර නමි. තොරණ යැ යි ද කියත්.

4. අඹල - ‘අඹර’ (කරකැවිමෙහි) ධාතුයෙන් වු අතීත කෘදන්ත නාම යි.

මෙහි ‘අඹර’ ධාතු ‘බස්’ ආදි අත් පද යි, අකර්මතක යි. ඇඹැරේ - ඇඹැරෙති - ඇඹැරිනි, ඇඹැරි, අඹළි, අඹළ - ඇඹැරුනු, ඇඹැරි, අඹළු, අඹළ


46 මයුර ව්වරණය සකර්මවක ‘අඹර’ ධාතු ‘බල’ ආදි පර පද යි. අඹරා - අඹරති - ඇඹැරි - ඇඹැරූ.

5. සෙන්  : ප්රරකෘතිය ‘සෙනඟ’ යනු යි. පළමු වන දෙ වන විබත් පර කලැ විභක්තිය සමග ශබිදාන්තයෙහි වු ‘අඟ’ යනු විකල්පයෙන් ලොප් වෙයි. එ හෙයින් ‘සෙනග’ යනු මෙත් මැ ‘සෙන්’ යනු ද සාධු යි.

‍’සෙන්’ යනු මැ ප්රුකෘතිය නො වේ ද? නො වේ. වේ නම්, සෙන - සෙනට - සෙනිනි - සෙනෙහි - යන රූප ද ලැබියැ යුතු. ලැබෙනුයේ සෙනඟ, සෙන් - සෙනඟට -‍ සෙන‍ඟින් - සෙනඟෙහි - යනාදි රූප යි.

6. සිවුරඟ - හස්ති අශ්ව රථ පදාති (පා බළ) යන මොහු යැ චතුරඞගයෝ. 7. දනු - ‘දන්’ දයින් වු විධි රූප යි. 8. පිරි - ‘පුර’ දයින් වු අතීත කෘදන්ත නාම යි. මෙහි ‘පුර’ දා ‘බස් ‘ ආදි අත් පද යි. අකර්මුක යි. පිරේ - පිරෙති - පිරිණි, පිරි, පිනි - පිරුණු, පිරි, පුනු.

සකර්ම ක ‘පුර’ දා ‘බල’ ආදි පර පද යි. පුරා - පුරති - පිරි - පිරූ.

9. ගගසිරි පුර - දැන් ‘ගම්පළ’ නමින් ප්රදසිද්ධ යැ.

7. දැවැ ගත් හයන් කුර රොන් නැගෙත නුබ වසා සිය පත් ‍‍ෙපාබයවන රිවි කැලුම එන නිසා ම හ වත් අරන මෙන් සෙද අතපයින් ගසා පැහැපත් පහ ‘හැ දද එහි වැනෙත වන උසා

අන්නපය : එහා උස් වන පැහැ පත් පහ අඟැ දද වැනෙත, දැවැ-ගත් හයන් කුර රොන් නුබ වසා නැගෙත, සියපත් පොබයවන රිවි කැලුම එන නිසා, අතපයින් සෙද ගසා මහවත් අරන මෙන්.

අර්ථග : එහි (ගගසිරි පුරෙහි) උස් වන්නා වු ප්රගබාවට පැමිණියා වු ප්රානසාද මුඳුන්හි ධ්වජයන් වැනෙත් මැ (ඒ කෙබඳු ද යත් : - ) දිවැ - ගත්තා වු )දුවන්නට වන්නා වු) අශ්වයන් ගේ කුර දුලි ආකාශය වසා -ගෙනැ නැ‍ඟෙන කල්හි, පියුම් පුබුදුවන්නා වු සූර්යග කාන්තිය එනු පිණිස, අතින් ද පයින් ද වහා ගසා මහා මාගීය හරින්නා වැන්නැ.


මයුර විවරණය

47 විස්තර : එහි ප්රාුසාද බො‍හෝ උස් යැ. ප්රාමසාද මුඳුන්හි ධ්වජයෝ ඒ මේ අතැ වැනෙති. ඔවුන් කුමක් කරන්නා වැනි ද? දුවන අසුන් ගේ කුර ගැසිමෙන් නැගුණු දුලි අහස වසා සිටි කල්හි, නගරයෙහ් පියුම් පුබුදුවන හිරු රැස් එන මඟ ද වැසුණු හෙයින් වහවහා අතින් පයින් ගසා දූලි පහ කොටැ, ඒ මහ හෙළි කරන්නා වැන්නැ. ඒ නගරයෙහි මහත් අස් සෙනඟ වු බව ද, නගර වැසියන් ධනවත් බැවින් ඔවුන් ගේ ප්රාඅසාදයන් ඉතා උස් කොටැ තැනැවුණු බව ද, මේ කි සැටි යැ.

ටිප්පණි : 1. දැව - ‘දව’ (දිවිමෙහි) දයින් වු අතීත කෘදන්ත නිපාතයි. ‘දව’ ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර පද) දවා - දවති - දිවි - දිවු, දුවු. (අත් පද) දෙවේ - දෙවෙති.

2. දැවැ ගත් - මේ අර්ථ්යෙන් ‘දිවු’ යන්නට සමාන යැ. ගන් - පිය - ල - දම් - යනාදි ධාතුන් ගෙන් නිපන් පද මෙ සේ තිරර්ථ ක වැ යෙදේ, හැරැ පියා - දැකැලා - හැරැ දමා - යනාදිය ද නිදර්ශුන යි.

3. වසා - ‘වස’ (වැසිමෙහි) ධාතුයෙන් වු අතීත කෘදන්ත නිපාත යි. මේ නිපාතය මෙහි ප්ර්කාරාර්ථවයෙහි වැටේ. ‘වැසෙන සේ’ යනු අර්ථන යි. මේ අර්ථමයෙහි ‘වස’ ධාතු ‘බල’ ආදි පර පද යි. වසා - වසති - වැසි - වැසු.

4. පොබයවන - ‘පොබය’ (පිබිදැවිමෙහි) ධාතුයෙන් වු ප්රියෝජ්යව වර්ත.මාන කෘදන්ත නාම යි. ‘පොබය’ ධාතු ‘බල’ ආදි පර පද යි. පොබයා - ‍පොබයති - පෙබැයි - පෙබැයු.

5. නිසා - ‘නිස’ (ඇසුරුම්හි) දයින් වු අතීත කෘදන්ත නිපාත යි. ‘නිස’ ධාතු ‘පිහිට’ ආදි පර පද යි. නිසා - නිසති - නිසි - නිසි.

6. අරන - හරන. ‘හර’ දයින් වු වර්තිමාන කෘදන්ත නාම යි. ‘හ’ ලෝපයෙන් ‘අරන’ යනු වී.



48 මයුර විවරණය

සකර්මවක ‘හර’ (හරණයෙහි) ධාතු ‘බස්’ ආදි පර පද යි. හරි - හරිති - හළි, හළ - හළු, හළ.

7. අතපයින් - අත් ද පා ද අත්පා. එයින් අතපයින් මෙසේ විභක්තිමත් වන කලැ සාමසයෙහි පූර්වප ශබ්දාන්තයට ‘අ’ කාරය පැමිණෙන සේ සැලැකිය යුතුයු. මේ සිංහලයෙහි අවිරල රිතියෙකි. (පත්පොත්) පතපොතට - පතපොතින් - යනාදියද විමසන්නේ යැ.

8. ගසා - ‘ගස’ ධාතු ‘බල’ ආදි පර පද යි. ගසා - ගසති - ගැසි - ගැසු.

9. වැනෙත - ‘වන’ ධාතුයෙන් වු අසම්භාව්යද කෘදන්ත නිපාත යි. වැනෙතු - වැනෙත් - වැනෙත - යන රූප තුන මැ සාධු යි. මෙහි ‘වන’ ධාතු ‘පිහිට’ ආදි අත් පද යි, අකර්ම ක යි. වැනේ - වැනෙති - වැනිණි - වැනුණු. සකර්මික ‘වන’ ධාතු ‘බල’ ආදි පර පද යි. වනා - වනති - වැනි - වැනු.

8. දිසි මිණි නිල් සැඳැලියැ ලිය වත කමල දැකැ නොමලන පුල් පියුම යි කැරැ කුහුල සඳ පිළිබිඹු තුරු සෙන් සමඟින් සකල උදුරන ලොබින් බට වැනි බට පියුම් අල

අන්නනය : මිණි නිප් සැඳැලියැ දිසි ලිය වත කමල දැකැ, නො මලන පුල් පියුමැ යි කුහුල කැරැ, පිළිබිඹු සඳ සකල තුරු සෙන් සමඟින්, බට පියුම් අල උදුරන් ‍ලොබින් බට වැනි.

අර්ථල : මිණියෙන් කරන ලද නිල් වු චන්රින් දකා ශාලායෙහි පෙනුණු ස්ත්රිතන් ගේ මුහුණු නමැති පියුම් දැකැ, මිලාව නො - වන්නා වු පිපුණු පද්ම යැ යි සැක කොටැ, ප්රුතිබිම්බිත වු චන්ර්ි යා සකල තාරකා සෙනාවන් හා සමඟින්, (යටට) බටුවා වු නෙළුම් අල ඉදිරිමේ ලෝභයෙන් බටුවා වැන්නැ.

විස්තර : ගඟසිරි පුරැ චන්රිල් කා ශාල් නිල් මිණියෙන් කැරැණේ යැ, එ හෙයින් පිරිසුද දිය පිටු බඳු යැ. ස්ත්රිනන් ගේ මුහුණු එහි පිපි පියුම් මෙන් දිසෙයි. රාත්රිතයෙහි තාරකාවන් සහිත චන්ර්ු යා ද සඳලු බිමැ ප්ර තිබිම්බිත වැ පෙනේ. සඳ මතුයෙහ් ලිය වත දුටු කලැ, නිල් විලෙකැ පිපි පියුමැ යි චන්ර්රතියාට සිතේ. තමා


මයුර විවරණය 49 පැමිණි කලැ අන් සියලු පියුම් හැකිළෙතුදු මේ පියුම් නොහැකිළිම තමාට කැරෙන අවමානයක් දේ හගී. එ හෙයින් පියුම් විනාශ කරන රිසි ඔහුට උපදි. තවත් නොනැ‍ෙඟන සේ මැ විනාශ කරනු පිණිස නම් පියුම් අල උදුරා-දැම්යැ යුතු යැ. මෙ සේ සිතා, තාරකා සේනාව සහඟ චන්ර්ත යා විල් පත්ලට බට හ යි සිතෙයි, ප්ර තබිම්බිත වු චන්‍ද්රහතාරකාවන් දුටු කලැ.

ටිප්පණී 1. මිණි - මේ නම් ඉන්‍ද්රානීල මණි යැ. සඳලුව නිල් වනුයේ එහෙ‍යිනි. 2. සැදැලියැ - ප්රාපසාද මස්තකයෙහි කැරුණා වූ ඡදන රහිත වූ තලය චන්‍ද්රි-කා ශාලා නම්. චන්‍ද්රහකා‍ නම් වන්‍ද්රි රශ්මිය යි. සඳ එළියෙහි හැසිරෙන්නට කළ බැවින් චන්‍ද්රාකා ශාලා නම් වෙයි. ‘සඳලු’ යනු සිංහල නාමයයි. සඳලු මැ සැඳැලි. ස්වාථි තද්ධිත යි. කදලු - කැදැලි, කබලු - කැබැලි යනාදිය ද විමසන්නේ යැ.

3. මලන - ‘මල’ (මිලාන වීමෙහි) ධාතුයෙන් වූ වතර්මාදන කෘදන්ත නාම යි.

‘මල්’ ධාතු ‘බල’ ආදී පර - පද යි. මලා - මලති - මැලෑ - මැලැ. අයු රූ නිපදිනුයේ මෙ සේ යැ:- මලා + ඊ = (අනම්ය යෙන්) මැලැ + ඊ = (ස්වර පූර්වූ රූපයෙන්) මැලැ + ඈ = (සවණි දීර්ඝ යෙන්) මැලෑ. මාලා + ඌ = මැලැ + ඌ = මැලැ + ඈ = මැලැ. සිංහලයෙහි එ - ඔ - දෙක ‍හෝ දීර්ඝූ ස්වර හෝ ලොප් නොවන බව සැලැකියැ. යුත්තේ යැ. 4. උඳුරන - ‘උදුර’ ධාතු ‘බල’ ආදී පර පද යි. උදුරා - උදුරති - ඉදිරූ - ඉදිරි - ඉදුරූ 5. බට - ‘බස්’ ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාමඃයි.

‘බස්’ ධාතු පර ‍පද යි. බසී - බසිති - බටි, බට - බටු, බට, මෙසේ වරනැ‍ඟෙන සියලු ධාතු ‘බස්’ ආදී ගණයට අයත් යැ.

9. එ පුරෙහි සරන අබිසරු ලිය සොර බැවිනි සොබමන් විමන් දොරැ මිණි පහන වසමිනි මල් දම් සුඹුළු කැරැ - ගත සල ශත් අතිනි ගල මිණි පැමිණි පණිඳකු ගත් එ කග වැනි


50 මයුර විවරණය

‍ අන්නමය : එ පුරෙහි සරන අබිසරු ලිය සොර බැවිනි, සොබමන් විමන් දොරැ මිණි පහන වසමිනි සල ගත් අතිනි මල් දම් සුඹුළු කැරැ-ගත, ගල මිණි පැමිණි පණිඳකු ගත් එ කශ වැනි.

අර්‍ථ : ඒ පුරයෙහි. හැසිමෙන්නා වු අභිසාරිකාව සොර බව කරණ කොටැ-ගෙනැ, ශොභමාන වු විමාන ද්වාරයෙහි මණි ප්රරදීපය වසමින් වෙවුළුව ගත්තා වු අතින් පුෂ්ප දාමයන් සුඹුළු කොටැ-ගත් කල්හි කණඨ මාණික්යවයට පැමිණියා වු නාග රාජයකු ගත්තා වු ඒ ඛගයා (පක්‍ෂියා) වැන්නැ.

විස්තර : ගඟසිරි පුර ඉතා අස්ය යැ. විමාන ද්වාරයන්හි (ගෘහයන් ඉදිරියෙහි) මණි ප්රගදීප (මිණි පහන්) වෙයි. අභිසිරිකාව රෑ රිසි තැනට යන්නී, මේ පහන අසලට පැමිණි කලැ වෙවුලුම් ගනී. පහන් එළියෙන් තොමෝ පෙනේ දෝ යන සැකයෙනි. ඕ,සොර කම් දන්නා හෙයින්, පහන් එළිය වළකන්නට තමා ගේ මැ මල් දම් සුඹුළු කොටැ වෙවුලන්නා වු අතින් පහන වසා අල්ලා, තොමෝ මුවා වෙයි, එ කලැ කණ්ඨ මාර්ණ ක්යලයට පැමිණි නාග රාජයකු ‍ගත් ගුරුළා වැන්නි යැ. මණි ප්රවදීපය කණ්ඨ මාණික්යකය වැන්නැ. ඒ දෙසය දිගු කළ සුදු අත මැණිකට පත් නයා වැන්නැ. අතින් ගත් මල් සුඹුළුව නයා ගේ පෙණය වැන්නැ. පෙනේ දෝ යන බියෙන් අත වෙවුලවු, ගුරුළු බියෙන් නයා වෙවුලනු වැන්නැ.

චන්‍ද්රාැලෝකයෙහි මෙන් ප්රලදීපාලෝකයෙහි මල් නො පෙනෙනු වෙයි. එ හෙයින් අභිසාරිකාව මල් සුඹුළුයෙන් පහන් එළිය අවුරන්නී යැ.

ටිප්පණි : 1. සරන - ‘සර’ ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර පද) සරා-සරති-සිරි-සැරූ, සුරූ. (අත් පද) සෙරේ-සෙරෙති. මේ ධාතුව ‘බල’ ආදි ‍පර පද ද වෙයි. සරා-සරති-සැරි-සැරූ.

2. අබිසරු - අබිසාරිකා. වල්ලභයා පතා ඔහු නියම කළ සලකුණය යන්නි අභිසාරිකා නම්.

3. ගල මිණි - ඇතැමුන් ගේ මතයෙන් උත්තම නාගයෙක් නම් කණ්ඨ මාණික්යග ඇත්තේ යැ. නාගයා එය උගුරෙහි තබා පණ මෙන් රකි. ඒ ඉතා කාන්තිමත් යැ. රාත්රි

මයුර විවරණය 51 කාලයෙහි අලොක පිණිස කණ්ඨ මාණික්යරය වමාරා තබනු නාගයා ගේ සිරිත් වේල. යෙහි ගැනුණේ වමාරා තුබු මැණිකට පෙරළා. පැමිණි නාගයෙකි. ඇතැම් පියපත්හි ‘හළ මිණි’ යැ යි පෙනේ. ‘හරන් ලද මාණික්යනයට.යැ යි අරුත් පැවැසියැ හැකි හැ නොයෙදෙන්නේ නො වේ. නාගයා ගොදුරු ගන්නා විටැ මාණාක්යවය මුවින් නිකුත් කොටැ තැනෙකැ තබති යි ඇතැමුන් අදහන හෙයිනි.

4.පණි දකු - එණින්‍ද්රැයකු පෙණය ඇති හෙයින් නාගයා ‘එණින්’ නම් වෙයි. සිංහලයෙහි ‘එණි’ යු ලැබේ. පණිනට ඉඳු පණිඳු.

6.එ කග - සංස්කෘතයෙහි ‘ඛ’ නම් ආකාශය යි. ඛයෙහි (ආකාශයෙහි) ගමනය කරනුයේ ඛඟ යි. පක්ෂිෘන්ට ද ග්රබහයනට ද‍ නම් වේ. ‘එ’ යනු ප්රයසිද්ධාර්ථෙ යි. මෙහි ගැනෙ‍න ඒ ප්රනසිද්ධඳ ඛගයා නම් ගුරුළා යැ. කවි සම‍යයෙහි ගුරුළා නම් අතිවිශාල පක්‍ෂියෙකි. හේ නයින් බුදීල.

“ රිවි රිය හයන් ගෙන්වති යන සැක සිතිනි සඳ සිය රැසෙව් පහ සියනෙකිනෙකැ රැසිනි පඬුරය සුව රදුට දුන් කැලුමන් ලෙසිනි රන් කොත් දිලිණි රෑ දාවල් සෙ කෙරෙමිනි

අන්නකය: සඳ සිය රැස් එව් පහ සියන් එකින් එනැ රැසිනි, රිවි රිය හයන් ගෙන්වති යන සැත සිතිනි, යුව රදුය දුන් කැලුමන් ලෙසිනි, රන් කොත්, රෑ දවල් සෙ කෙරෙමිනි, දිලිණි.

අර්ථව: චන්‍ද්ර ශත‍යන් ගේ (චන්‍ද්රයයන් සිය ගණනෙකැ) රශ්මිය වැනි වු ප්රාවසාදච්ඡදනයන් (ප්රා‍සාදයන් ගේ පියසි) එකින් එකෙහි රශ්මිය කරණ කොටැ-ගෙනැ, සූර්ය්යා ගේ අශ්‍වයන් ගෙන්වති යන ශඞකා චිත්තයෙන්, යුව රාජයාට තෑගි පිණිස දුන්නා වු කාන්තීන් මෙන්, ස්්වර්ණය ශෘඬග, රාත්රි්ය දාවල ‍සේ කෙරෙමින්, බැබැළිණ.

විස්තර : ගඬගාශ්රි පුරයෙහි ප්රාසසාදයන් ගේ පියසිවලැ රශ්මිය සිය ගණන් චන්‍ද්රියන් ගේ රශ්මිය වැනි යැ. කවර හෙයින් ද? ඒ පියසි රිදියෙන් කැරුණු හෙයින්. ඡදන රශ්මිය දුටු කලැ සූර්යැයාට මෙ සේ සිතෙනු නිසැක යැ:- “චන්ද්රෙය‍ා ගේ සකල රශ්මිය ශඩගා ශ්රිේ පුරයට ගෙන්වන ලද්දේ වන. මගෙනුදු යම් කිසිවත් ගෙන්වනු මයුර විවරණය 52 ඒකාන්ත මැයැ. මගේ අශ්වයන් ගෙන්වා-ගත හොත් ගමන ද නැති වෙයි. එ බන්දත් කරන්නට පෙරැ යම් කිසි පඬුරුක් යැවීම සුදුසු යැ.” මෙසේ සිතා සූය්ය්ෙයි යුව රාජයාට පඬුරු කොටැ යැවු කාන්තීන් මෙන් රන් කොත්වලැ කාන්තීහු බැබැළුණාහු යැ.

රජුට නො යවා ‘යුව රදුට’ පඬුරු යැවුව මැනැවැ යි සිතුණේ කවර හෙයින් ද? රජු සිටි නමුතු සකල රජ්යර කාර්යව භාරය යුව රජු පිටැ රඳා සිටි හෙයිනි.

ටිප්පර්ණ : 1. රිවි රිය හයන් - සූර්යදයා නිල් (පලාවන්) අසුන් සත් දෙනකුන් යෙදු රථයෙකින් ලොව වටා යෙයි යනු කවි සමයය යි. නිල් අසුන් ඇති හෙයින් ‘හරිද්ශව’ (හරිත් + අශ් ව) යනු ද අසුන් සත් දෙනතුන් ඇති හෙයින් ‘සප්තාශ්ව” යනු ද සූර්යනයාට නම් වෙයි.

2. ගෙන්වති - ‘ගෙන්වති’ යැ යි යෙදුව මනා තන්හි සඳැස රක්නට කළ හ්ර්ස්වයෙන් ‘ගෙ‍න්වති’ යනු වී. ගෙන්වති + යි = ගෙන්වති. සංශය වාර්තාරදි අර්ථ්ය හඟවන ආඛ්යා තය, අන්තර්වායක්ය යෙකැ යෙදුණ. ‘යි’ නිපාතය පර වුව. උක්තය, කුමක් වුව ද, නියමයෙන් ප්ර ථම පුරුෂ බහුවචන රූපයෙන් සිටි. ‘ගෙන්වති’ යනු ‘ගෙන්’ ධාතුයෙන් වු ප්රෙයෝජ්යන වතීමාන ප්ර.ථම පුරුෂ බහුවචන ආඛ්යාථත යි. ‘ගෙන්’ ධාතුව මහත් අවුලෙකි. ගෙනේ-ගෙනෙති-ගෙනැ යන රූප විනා ප්රඛයෝජ්යත නුවු තන්හි මේ ධාතුයෙන් නිපන් ‍අන් කිසි රූපයෙක් ව්යාවහාරයෙහි නො ලැබේ. ‘ගෙනා’ යනු ‘ගෙනැ + ආ’ යන දෙ පදයෙහි සංහතයෙන් සිදු සේ සැලැකියැ යුතු යු. ගන්වති- ගෙන්වති - යන දෙ තන්හි අර්ථය භෙදයක් පෙනෙන හෙයින්, ‍’ගෙන්’ යනු ‘ගන්’ ධාතුව මැ යැ යි කිම ද සදොස් සේ පෙනෙයි. විමැසියැ යුතු.

3. සඳ සිය රැස් - චන්ර්ියැ රශ්මිය රිදී පැහැය ද. සූර්ය රශ්මිය රන් පැහැය ද ඇත්තේ යැ යනු කවි සමයය යි.

4. යුව රඳුට - යුව (තරුණ) රද යුව රද යි. සිටුනා රදුට ඉක්බිති වැ රද වන්නහුට මේ නම යෙදෙයි. මෙහි මැ එක් විසි වැනි පද්ය යෙහි සිටැ වැනෙනුයේ මේ යුව රද යි. රජ සිටිය ද රාජ්යා නුශාසනය මොහු අතින් කැරුණු බව මේ පද්ය යෙන් හැඟැවෙයි. 5. කැලුමන් - ‘කැලුම්’ සද ‘අන්’ විබත් ගත් තැනි. මයුර විවරණය 53 6. රන් කොත් දිලිණි - මේ සිංහල රිතියට අනුකූල වු යෙදුම. ‘කොත්’ යනු බහවර්ථ්යක් හඟවතු දු නපුංසකලිඞග වන හෙයින් ආඛ්යාරතය එකවචන වැ මැ සිටී.

11. ස තර දිලතු සල පා රන සක සකස ප තර තර පහල් කුළු ගේ සඳලු උස මෙතර මැ කළ පායෙකැ සුර ලොවේ මිස අ තර ලොවේ කො කැනැත මේ ‍ වෙසෙස

අන්නරය : සතර දිගු අතැ සල පා රන සක සකස තර මහල් පතර. කුළු ගේ ස සඳලු උස. කළ පායෙකැ මෙ තරයැ. මේ වෙසෙස පුර ලොමේ මිසැ නර ලොවේ අතරැ කො තැනැ ඇත.

අර්ථ : සතර දිශානතයෙහි ශිලා පාද ද ස්වර්ණ චක්ර ද සකස් යැ. ශක්තිමත් වු භූමි විශාල යැ. කූටාගා ද චන්ද්රිපකා ශාලැ ද උස් යැ. කළා වු ප්රාෙසාදයෙකැ මේ තරම් යැ (ප්රතමාණය යැ) මේ වි‍ෙශ්ෂය සුර ලෝකයෙහි මිසැ නර ලෝකයේ අතරැ කවර තැනෙක්හි ඇත් ද?

විස්තර : මේ රජ මාලිගයේ වර්ණයනයෙ කැ යි හැගේ. ගල් ටැම් ද රන් සක් ද සකසා කළ බ ද, ස්ථිර වූ භූම් මහත් බව ද, කුළු ගේ සදලු උස බව ද, කි කලැ, ප්රාජසාදයේ ප්රහමානය සාමාන්යුයෙන් වටහා - ගත හැකි යැ. ප්රා්සාද‍යක් පිළිබඳ මෙ බඳු විශිෂ්ට බාවයක් දිව්යේ ලෝකයෙහි වුත් මනුෂ්යු ලෝකයෙහි නැත් මැ යැ යි කිමෙන්, ප්රා‍සාදයැ ලේ ප්රෂමාණය දි අලඬකාරය ද ඉතා උසස් කොටැ හඟවන ලද? ටිප්පර්ණි : 1. සල පා - ශිලා පාද. ‘පාද’ යනු සත්මහාර්ථදයෙහි දු වැටේ. මෙහි ගැනෙනුයේ බිමැ සිටුවන ලද මහ ගල් ටැම් යැ. 2. රන සක - මෙයන් වැනෙනුයේ ගල් ටැම් අතරෙහි අලඬකාර පිණිස රන් කමින් නිමවා කරන ලද චක්ර යැ යි හැගේ. 3. සකය - ‘සකස’ යැ යි සිටියැ යුතු තැනි. එළි වැට රක්නට ‘ඇ’ යනු ‘අ’ වී යැ. සකස් + යැ =(‘ය’ ලෝපයෙන්) සකස්+ ඇ = සකසැ. මනා සේ කරන් ලද්දේ ‘සකස්’ නම් වෙයි. 4. මහල් - මෙයින් ගැනෙනුයේ යට මහල් උඩු මහල් නමින් වෙදෙදෙන භූමි යැ. Ground floor and the upper floors. එක්මහල්, දෙමහල්, තුන්මහල් යන ඈ විසින් මහල් ගණනේ සැටියට පහයට තම සැලැසේ. මයුර විවරණය 54

5. කුළු ගේ - සංස්කෘකයෙහි මෙයට කුටාගාර (කූම + අගාර) යනු නමැ. ප්රා.සාද මස්තකයෙහි කැරුණු ගබඩා මෙ නම ලබයි. 6. තරමැ - තරම් යැ. 7. මිසැ - ‘මුසු’ දයින් වු අතිත කෘදන්ත නිපාත යි.

12. ලි යා ලකළ’පබළු යැ ටැම් පෙළැ මහල සොයා පතර පල බිතු පිරියමිනුදුල අ යා නයන දැකැ දැකැ රිසි නොයන කල නි යා පහයැ සිරි අඟවනු කෙලෙ‍ස බල

අන්න ය: මහලැ ටැම් පෙළැ ලියා ලකළ පබළු යැ. පතර සොයා පල (උදුල) බ්තු පිරියම්න් උදුල නයන අයා දැකැ දැකැ රිසි නොයන කලැ, පහයැ සිරි කියැ අඟවනු කෙලෙස ? බල.

අර්ථ : (එක් එක්) භූමියෙහි සත්මහ පඬකතියෙහි කැටයම් කොටැ අලඬකෘත කළා වු ප්රුචාල යැ. (ස්වර්ණම) පත්රස සෙවිල් කොටැ පියස්ස බැබැළුණේ යැ. භිත්ති පරිකර්මියෙන් බැබළුණේ යැ. ඇස අයා දැකැ දැකැ (ද) රුචිය නොයන කල්හි, ප්රා සාදයෙහි ශ්රිබය කිය‍ා අවබෝධ කරවනුයේ කෙලෙසද? බලව

විස්තර: ඇස හොඳින් අයා-ගෙනැ මැ ඒ ප්රාබස‍ාදය බලා සිටිය ද තෘප්තියෙක් නම් නො වෙයි. එහි අලඬකාරය කියා නිම‍ැවිම නො කළ හැකි යැ. කවර හෙයින් එ සේ වේ ද? එහි එක් එක් භූමියෙහි ටැම් පෙළ කැටයම් කළ පබළුයෙන් සරසන ලද්දේ යැ. රන් පත් සෙවිලි කළ හෙයින් පියස්ස බබළයි. හිත්ති ද සුනු ගෑම් සිතුවම් ඇදිම් ආදි පරිකර්මසයෙන් බබළයි එ හෙයිනි.

ටිප්පර්ණි : 1. ලියා - මෙහි ‘ලිය’ ධාතු කැපිමෙහි වැටේ. ‘බල’ ආදි පර පද යි. ලියා‍-පියති-ලියි, ලිවි-ලියු,ලිවු. 2. සොයා - මෙහි ‘සොය’ ධාතු සෙවිලි කිරිමෙහි වැටේ. ‘බල’ ආදි පර පද යි. සොයා -සොයති-සෙවි-සෙවු. සෙයි-සෙයු- යන විසින් සිටියැ යුතු තන්හි දුරුචචාර්ය ත්ව-ය වළකනු සඳහා ‘ය’ කාරයට ‘ච’ කාරිදේශ වෙයි. ‘සෙවිලි’ යනු ද‍ ‘සොය’ ධාතුවට ‘ඉලා’ ප්ර ත්යවයය වැ සිදු වුයේ යැ. සොය + ඉලි = සෙයිලි= සෙවිලි.

මයුර විවරණය 55 3. පතර - පත්රි. මෙහි පත්රා නම් ස්වර්ණඉ පත්රද යැ. සංස්කෘකයෙහි ‘පත්ර.’ යනු මෙන් වැ සිංහලයෙහි ‘පත්’ යනු ද ඒ ‍අර්ථරය දීමෙහි සමර්ථත යැ.

4. අයා - ‘අය’ ධතු ‘බල’ ආදා පර පද යි. අයා-අයති-ඇයී-ඇයු.

5. අඟවනු - හඟවනු = (‘හ’ ලෝපයෙන්) අඟවනු.

‘හඟ’ ධාතු ‘රක්’ ආදි ‍පර පදි යි. හගි-හගිති-හැඟි-හැගි.

6. බල - විධි රූප යි. ‘බල’ ධාතු පර පද යි. බලා-බලති-බැලි-බැලු. මෙ සේ වරනැඟෙන සියලු ධාතු ‘බල’ ආදි ගණයට අයත් යැ.

13. සබඳ, ඒ පුරෙශ්වර නරෙශ්වරයි ගේ කීර්ති ප්ර තාප විශෙෂ ශ්රලවණය කර.

අර්ථ : මිත්රෙය, ඒ පුරයට අධිපත් වු නර පතිහු (රජ හු ) ගේ යශස් තෙජස් පිළිබඳ විශිෂ්ට භාවය (උසස් බව) අසව.

ටිප්පර්ණ,: 1. කීර්ති - යම් කිසිවක්හු ගේ ගුණ වර්ණ නා මුඛයෙන් රටෙහි පැතිරි යන කථාව කිර්ති නම්. 2. ප්ර්තාප - අනුන් තවන - අවනත කරන - බලය පරරි තාප නම් වේ.

14. සිරි සිත බා තරැ පෙලඹා රැඳි නිතොර රුපු ගජබා මල් නේ තබා ගත් කෙසර ලක මලඹා සිරි සුලබා කළ මෙ පුර දින මහබා බු ව නෙ ක බා රජ පවර

අන්නමය: බා අතරැ සිරි නිතොර සිකත පොලඹා රැඳි රුපු ගජ බා මුල් නො තබා ගත් කෙසර, ලක ඔලඹා සිරි සුලබා කළ, මහබා බුවනෙකබා රජ පවර, මෙ පුර දින. අර්ථග : බාහු අන්තරයෙහි (වක්‍ෂස්හි) ශ්රි කාන්තාව නිරන්තරයෙන් (තමා ගේ) සිත ප්රදලොභ කොටැ, (මහත් ආශායෙන්) රැඳුණා වු, සතුරන් නමැති හස්තීන් ගේ බාහු මුලයන් (කුම්හ‍යන්) මයුර විවරණය 56

ඉතිරි නො කොටැ ගත්තා වු කෙසරි (සිංහයා) වු, ලඬකාව අවලම්බනය කොටැ (ලඬකාවට පිහිට දි) සම්පත්ති සුලභ කලා වූ, මහාභග්යත වු භුබනෛකබාහු රාජප්රිවර (රාජොත්තම) තෙමේ, මේ නගරයෙහි යෙහෙන් වැජැඹේ ව.

විස්තර : භුවනෛකබාහු රාජොත්තම තෙමේ ඒ නගරයෙහි වැජැඹෙයි. ඔහු ගේ ළයෙහි ශ්රිට කාන්තා තෙමෝ නිතර ඇලී වසන්නී යැ. සිංහයා ඇතුන් ගේ කුඹු බිඳින්නා සේ හේ සතුරන් ගේ එඩි බින්දේ යැ. හේ ලඩකාවට පිහිට වැ සම්පත්ති සුලභ කෙළේ යැ.

ටිප්පර්ණේ : 1. සිරි - ශ්රිණ ලක්ෂ්මි විෂ්ණු ප්රිහයාවට මේ නම්. ඕ සෞභාග්යුයට ද සමප්ත්තියට ද අධිපති දෙවතා යැ. විෂ්ණුහු විසින් මෙහෙයුණු සුරාසුරයන් කිරි මුහුද අළලන කලැ ඉන් පහළ වුවා යැ. විෂ්ණුහු ගේ උරෙහි වසන්නී යැ. යම් කිසිවකු ශ්රික සෞභාග්යළසම්පන්න බව හැඟැවුව මනා තන්හි කවීහු ඔහු ගේ උරෙහි සිරි වෙසෙකි යි යෙති.

2. බාතරැ - බා + අතරැ. බාහ්වතත්රයෙහි. බාහ්වනතරය නම් ලය යි. ඇතැමෙක් ‘බා තෙලෙ’ යනු සුපාඨය කොටැ - ගෙනැ ‘බාහු තලයෙහි’ යැ යි අරුත් පවසති. බාහුයෙහි සිරි ඉන්නා බවක් කවිහු නේ කියත්.

3. පොලඹා - ‘පොලඹ’ ධතු ‘බල’ ආසි පර පද යි. පොලඹා - පොලඹති - පෙලැඹි - පෙලැඹු. අකර්මික ‘පොලඹ’ ධාතු ‘රක්’ ආසි අත් පද යි. පෙලැඹේ - පෙලැඹෙතා - පෙලැඹිණි. පෙලැඹි - පෙලැඹුණු, පෙලැඹි.

4. රැදි - ‘රඳ’ ධාතු ‘පිහිට’ ආදි උභය පද යි; අකර්ම ක යි.(පර පද) රදා - රඳති - රැඳි - රැදි. (අත් පද) රැදේ - රැඳෙති - රැඳිණි - රැඳුණු. සකර්මික ‘රඳ’ ධාතු රඟ පෙවිම් පිනැවිම ආදියෙහි වැටේ. ‘බල’ ආදි පර පද යි. රදා - රඳති - රැඳි - රැඳු.

5. බා මුල් - ඇතා ගේ බාහුව නම් සොඬය යි එහි මුලය කුම්හය වේ. සිංහයන් ඇත් කුඹු පළා මොල බුදිති යි කවිහු යෙති.

මයුර විවරණය 57 6. තබා - මෙහි සකර්ම ක ‘තම’ ධාතු ‘බල’ ආදි පර පද යි. තබා - තබති - තිබි - තිබු, තුබු.

අකර්මවක ‘තබ’ ධතු සිටිමෙහි ද වැටෙයි. ‘රක්’ ආදි අත් පද යි. තිබේ - තිබෙති - තිබිණි, තිබි - තිබුනු, තුබුණු, තිබි. ‘තැබේ’ යැ යි අනම්යර වියැ යුතු ‘අ’ කාරය මෙහි ‘ඉ’ කාර බවට පැමිණියේ යැ.

7. ඔලඹ - ‘ඔලඹ’ ධාතු ‘බල’ ආදි පර පද යි. ඔලඹා - ඔලඹති - ඹලැඹි, එල්බු - ඔලැඹු, එල්බු.

8. දින - විධි රූප වුව ද‍ මේ ආශිර්වාැදර්ථ ය දෙයි. ‘දින’ ධාතු ‘බම’ ආදි උභය පද යි, අකර්මයක යි. (පර පද) දිනා - දිනති - දිනී - දිනු, දුනු, (අත් පද ) දිනේ - දිනෙති. සකර්මික ‘දින’ ධාතු ‘බල’ ආදි පර පද වෙයි.

9. මහබා - මහ වු බා (භාග්යතය) යමක්හු ගේ ද හේ මහබා.

10. බුවනෙකබා රජ පවර - මේ නම් බුද්ධ වර්ෂ 1912 වැන්න පමණෙහි දී ගඟසිරි පුරු රජ පැමිණි පස් වැනි භුවනෛකබාහු රජ යැ.


15. ස වන් මිණි දහම සදනා ස ව න් මිණි ලෙ වන් රිසිය වන් දෙවනා දෙවන් මිණි ගු වන් මිණි කුල’ග ගුවනා ගු ව න් මිණි මෙ වන් රජමිණි වැඳුළ නා මු දු න් මිණි

අන්නවය : ලෙවන් රිසිය දෙවන දෙවන් මිණි වන් සවන් මිණි දහම මිණි සවන් සදනා. අග ගුවන් මිණි කුල ගුවනැ ගුවන් මිණි, මෙ වන් රජ මිණි නා මුඳුන් මිණි වැ දුළ.

අර්ථු : ලෝකවාසින් ගේ රුචිය (අභිමතාර්ථ ය) දෙවන්නා වු දිව්යම මාණික්යනය වැනි වු සර්වනඥ ‍ෙශ්රතෂ්ඨයා ගේ ධර්ම ය නමැති මාණික්යමය ශ්රකවණය (කන) අලඩකාර කරන්නා වු, අග්රත වු සූර්යධ වංශය නමැති ආකාශයෙහි සුර්යායා වූ. මෙ බඳු වු රාජ රත්නය තෙමේ නාථයනට ශිඛා මණි වැ බැබැළුණේ වෙයි. මයුර විවරණය 58

විස්තර : ලෝකවාසීනට අභිමත වනුයේ ස්වර්ගශ මොක්‍ෂ සම්පත්තිය යි. ඒ අභිමතාර්ථණය සාදා දෙන හෙයින් බුඳුහු වින්තා මානික්යතය වැන්නෝ යැ. මේ රජ එ බඳු වු බුදුන් ගේ ධර්මභයෙන් කන සරසයි, හෙවත් මහ්ත් ආදරයෙන් බුඳු බණ අසයි. සූර්යෝ වංශය මේ රජහු නිසා අතිශයින් බබළයි. එ හෙයන් සූර්යු වංශය ආකාශය බඳු ‍නම්. මේ රජ එහි සූර්ය්ය බඳු යැ. ලෝකයෙහි යම් පමණ නාථයෝ (රක්‍ෂකයෝ) වෙත් ද, මේ රජ ඔවුනට මුඳුන් මිණ මෙන් බබළයි. හෙවත් නා,යන් අතැරැ මෙ ශ්රෙ ෂ්ඨ යැ.

ටිප්පණි : 1. ලෙවන් - ‘ලෙව්’ ශබ්දය ‘අන්’ විබත් ගත් තැනි. මේ ලෙසින් මැ ‘දෙව්’ ශබ්දය ‘අන්’ වීබත් ගෙනැ ‘දෙවන්’ යනු නිපදි. 2. දෙවනා - දෙවන ප්ර’යෝජ්යය රූප වුව ද මේ ‘දෙන’ යන්නට සමාන යැ. 3. දෙවන් මිණි - දෙවියන් ගේ මාණික්ය්ය. මෙහි ගැනෙනුයේ චින්තාමාණිකයය යි ඒ සිතු දැ දෙන හෙයින් චින්තාමණි වේල.

“ ද න දෙන රඟ අප ‍ගෙන් දැනැ-ගෙනැ මෙ බඳු ද න දෙන සැටි කරව යි යන මෙන් පුරුදු ද න දෙනු දැකැ ඔහු සුරු මිණි සුර තුරු දු ද න නොලබන සුර පුර ගිය වැනි පසිඳු”

යන තන්හි හංස සං‍ෙන්දපශ කාරයෝ චින්තාමණිය දෙව් ලොවැ වන බව කී හ.

4. ගුවන් මිණි කුල - ගුවනට මිණි වන හෙයින් සූර්යරයා ‘ගුවන් මිණි’ නම් වේ. ඔහු ගේ කුල හෙවත් සූර්යව වංශය ගුවන් මිණි කුලයි.

සූර්ය්යා ගේ පුත්රු වු ‘මනු’ නමැත්තකු ලෝකයෙහි ප්රගථම රජ වු හ යි ද, ඔහු ගේ පරම්පරාව සූර්යර වංශ නමැ යි ද යෙති.

5. රජ මිණා - මෙහි ‘මිණි’ ශබ්දය ශ්රෙකෂ්ඨර්ථගයි. ඒ ඒ වර්ග යෙහි ශ්රෙවෂ්ඨ වුයේ ‘රතන’ නාමයට සුදුසු යැ. හසත්රිශ රත්න- අශ්ව රත්න - යනාදින් ඒ පෙනේ. ‘මිණි’ (මණි) යනු රත්න පර්ඨා්ය යි.


මයුර විවරණය 59 ‘සවන් මිණි’ (සර්වුඥ ශ්රෙගෂ්ඨ) යන තන්හි ‘මිණ’ යනු දු මේ අර්ථවයෙහි යෙදිණි.

6. දුළ - ධාතුව මැ අතීත කෘදන්ත නාම වැ සිටි සේ යැ. බඳ - ලෙළ - ගල - පුබුදු - යනාදි ධාතුන් කෙරෙන් වු අතීත කෘදන්ත නාම ප්ර ත්ය.යය විකල්පයෙන් ලොප් වෙයි. 7. නා - ‘නාථ ‘ යනු මෙහි අර්ථර යි.

16. සොබමන් යොවුන් මන් යොන් සැටි අඳුන් වන දෙන මන් රු ව න් වන් දන මන නඳුන් වන ඉ සු රි න් දැ මි න් අන් දස සත නුවන් වන නි රි ඳු න් මෙ ව න් දන් දැන් ලෝ මුඳුන් වන

අන්නිය : මන් යොන් සැටි අඳුන්වන යොවුන් සොබමන්, මන් රුවන් වන් මන නඳුන් වන දන දෙන, ඉසුරින් දැමින් අන් දසසතනුවන් වන, දැන් ලෝ මුදුන් වන, මෙ වන් නිරිඳුන් දන්.

අර්ථන : අනඬගයා ගේ ආකාරය අඳුනවන්නා වු යෞවනය ‍ශොභමාන වන්නා වු, චින්තාමර්ණ ය මෙන් මනොනන්‍දය වන්නා වු ධනය දෙන්නා වු ඓශ්වර්යුයෙන් ද ධර්ම්යෙන් ද අන්යම ශක්රශයකු බඳු වූ, වර්ත්මානයෙහි ලෝකයට නායක වන්නා වු, මෙ බඳු වු නරේන්‍ද්රොයන් දනුව.

විස්තර : එ රජු ගේ ශොභමාන වු යෞවනය (තරුණ භාවය) දුටු කලැ අනඬගයා ගේ සැ‍ටි මෙ බඳු යැ යි සලකා ගත හැකි යැ. ලැබුවන් ‍ගේ සිත් එක හෙළා සතුටු වන ධනය දෙන හෙයින්, ඒ රජ චින්තා මණිය වැන්නැ. ඔහු ගේ ඓශ්වර්යුය මහත් යැ. හේ ධර්මිෂ්ඨ යැ. එ හෙයින් හේ අන්යඔ වු ශක්රෙයකු වැන්නැ. හේ දැන් ලෝකයට එකනායක යැ.

ටිප්පණි : 1. මන් යොන් - මන(සිත) යොන්(උත්පත්ති ස්ථාන) වුයේ යමකුට ද හේ මන් යොන් අනඬගයාට නමි. රාගය කවි සමයයෙහි දෙවියෙකි. සිතෙහි උපදනා හෙයින් හේ මන් යොන් යැ, මනොභව යැ; සිත මත් කරවන හෙයින් මදන යැ; කලඹන හෙයින් මන්මථ යැ: මරණය දෙන හෙයින් මාර යැ; අඬගයක් (ශරිරයක්) නැති හෙයින් අනඬය යැ; ආශාව වන බැවින් කාම යැ. බලවත් රාගයෙන් ඇති වන (1) උන්මාදන මයුර විවරණය 60 (2) තපන (3) ශොෂණ (4) සත්මහන (5)ස‍ෙම්මාහන යන පස අනඬගයා ගේ ශර (හි) පස යි. කවි සමයයෙහි ඒ (1) නෙළුම් (2) හෝ පලු (3) අඹ (4) සත්පෙති දැ සමන් (5) නිල් උපුල් යන මල් පස සේ ද දැක්වෙයි. අනඬගයා ගේ දුනු දඞුව උක් දඞුවෙකි, දුනු දිය බිගු වැළෙකි, යහළුනා වසන්ත යැ, භාර්යාුව රති යැ. අනඬගයා අනුපම රූප ශ්රිදයෙන් යුක්ත සේ ද සැලැකේ.

2. අඳුන්වන - ‘අඳුන’ ධාතු ‘පිහිට’ ආදි පර පද යි.අඳුනා - අඳුනති - ඇඳිනි - ඇඳිනි. ධාතු ‘හඳුන’ යි ද සිටි. 3. දැමින් - දම් + ඉන් = දමින් = (අනම්ය යෙන්) දැමින් ශක්ර.යා ධර්ම යෙන් දෙව් ලොව රකී. බුවනෙකබා රජ ද දැහැමි බැවින් ශක්ර.යාට සමාන යැ. 4. දසයතනුවන් - සහස්රයනෙත්ර්යා. ශක්රබයා. දස වරක් සතය (ශතය - සියය) දසසතයි. ඒ දහසෙකි. දහසත් කරුණු එක් වරැ වැටැහෙන නුවණ ශක්රරයාට වේ ල. නුවණ ද ඇස් නම් වන හෙයින් ඔහුය ‘සහසැස්’ (සහස්රජනෙත්ර ) නම වෙයි.

ශක්රයයාට නෙත් මැ දහසක් පහළ වු සැටි ද, රාමයණාදියෙහි. කියැවිණා. ඒ කථාව මුවදෙව් දා විවරණය බලා දන්නේයැ.

17. නුබ මිණි කුල කිරුළු අගැ රග මිණෙව් යෙදු නව මිණි දෙරණිසුරු රජ කුමරුවන් ලදු ගුණමිණි අනැඟි අබරණ පැළැදි පිරිසුදු ලිය මිණි බිසෝහිමි රජ කුල සිරින් සැදු

අර්ථම : සූර්යස වංශය නමැති කිරියයෙහි අගැ යෙදුවා වු රඬග මාණික්ය(යන් වැනි වු, නව රත්නයට ද‍ පෟර්ථයවියට ද ඊශ්වර (අධිපති) වු රජ කුමාරයත් ලැබුවා වු, අනර්ඝ වු පිරිසුදු වු ගුණ නමැති මණි ආභරණ පැළැන්දා වු, රාජ කුලය ශ්රිමයෙන් සැරැසුවා වූ මහිෂි ස්වාමිනි තොමෝ කාන්තා රත්නයෙකි.

විස්තරය: රජු ගේ බිසොව පින්වත් රජ කුමරුවන් ලද්දීයැ. ඒ කුමරුවෝ සූර්යර වංශය බබළන්නාහු යැ. සූර්යල වංශය වොවුන්නක් වැනි නම්, කුමරුවෝ ඒ වොටුත්නෙහි අගැ බැදි කාන්තිමත් මාණික්ය යන් වැන්නෝ යැ. බිසොව පිරිසුදු වූ ගුණ ඇත්තී යැ. ඇය ගේ අනර්ඝ් වූ මාණික්යාොභරණ නම් ඒ ගුණ යි. බිසොව නිසා රජ කුලය ශ්රිතමත් වෙයි: ඕ කාන්තා රත්නයෙකි (අති ශ්රේෂ්ඨ වු කාන්තාවකි.) මයුර විවරණනය 61 ටිප්පණි: 1. නුබ මිණි - නභොමණි සූර්යඇයා, ‘නුබ’ නම් අහසයි. 2. රඟ මිණි - ඒ මේ අතැ විහිදී නටන කාන්ති ඇති මිණි රඟ මිණි යැ. 3. යෙදු - ‘යොද’ ධාතු ‘බල’ ආදි පර පද යි. යොදා-යොදති-යෙදි-යෙදු 4. නව මිණි ඉසුරු* - නවවිධ වු රත්නයෝ රජුන් අයත් හ. එ හෙයින් රජහු ද‍ ඔවුන් ගේ කුමරුවෝ ද නව රත්නාධිපති නම් වෙත්.

“ මුක්තාම‍ාණික්යගවෛදූර්යවගොමෙදා වජ්ර්විද්රැ මෞ පුෂ්පරාගො මරකතං නිල‍ෙශවති සථික්රවමම”

යනුයෙන් දැක්වුණු (1) මුතු, (2) රත් මිණි, (3) වෛදූර්ය , (4) ගෝමේද, (5) විදුරු (දියමන්ති,) (6) පබළු, (7) පුෂ්පරාග, (8) මරකත (පච්ච,) (9) නිල් -යන මේ යැ නව රතන නම්.

5. දෙරණිසුරු* - දෙරණ + ඉසුරු: රජ කුමරුවෝ පෘර්ථ්විශ්වරයෝ යැ. මෙහි ‘ඉසුරු’ යනු ‘නව මිණි’ යනු හා ද සබඳි. 6. ලදු - ‘ලදු’ යැ යි සිටියැ යුතු නැනි. ‘ලදු’ යනු මෙහි අතීත කෘදන්ත නාම යි. ලත්-ලද-යන රූප ද යෙදෙයි. 7. පැළැදි - මෙහි ‘පළඳ’ ධාතු ‘රක්’ ආදා පර පද යි. පළඳි - පළදිති - පැළැඳි - පැළැඳි.

18. වැඩැ සිරි තැන් ඇති වන්නේන් මන් ලෙසට රිසි සිරි දන් ‍ෙදනුයෙන් කප් ලිය වැ තුට ජය ‘සිරි දැන් වඩනෙන් මේ පුර වරට ජය සිරි නම් මෙ බිසෝ මැ යි මේ සමයට

අන්න ය: මන් ලෙසය වැඩ ඇසිරි තැන් ඇති වන්නේත්, තුට කප් ලිය වැ රිසි සිරි අන් සෙනුයෙන්, දැන් මේ පුර වරට අසිරි ජය වඩනෙත්, මේ සමයට ජය සිරි නම් මෙ බිසෝ මැ යි.

අර්ථි : සිත් වු පරිද්දේන් අභිවෘද්ධිය ආශ්රසය කළා වු ස්ථාන ඇති වන හෙයින් ද සතුටු කල්ප ලතාව වී අභිමත වූ

62 : වැනි පද්යභයට ලියැවුනු 6 වැනි ටිප්පණිය බලන්නැ. (133 වැනි පිටැ). මයුර විවරණය 62 සම්පත්තින් දන් පිණිස දෙන හෙයින් ද, දැන් මේ පුර වරයට ආශ්වර්යව වූ ජය වර්ධතනය කරන හෙයින් ද. මේ කාලයට ජය ශ්රිව නම් මේ බිසොව මැ යි.

විස්තර : මේ බිසොව සිත් මැ අභිවෘද්ධිය ආශ්ර‍ය කළා වු හෙවත් රටේ අභිවෘද්ධිය පිණිස මැ හැසුරුණා වු තැන්ආ ඇත්තේ යැ. සතුටු වූ කල්ප ලතාවක් මෙන් රුචි වූ සම්පත්ති මෝ තොමෝ දන් දෙන්නි යැ. මෝ ගඟසිරි පුරයට ආශ්වර්යච වු ජය වඩන්නී යැ. එ හෙයින් මේ කාලයට ජය ශ්රිි ‍නම් මේ බිසොව මැ යැ යි කිම යෙදෙයි.

කල්ප ලතාව සිතූ දෑ දෙයි. ඒ දිම කල්ප ලතාවට සතුට පිණිස වන බවෙක් දැනැ-ගන්නට නැති. බිසෝ නමැති කල්ප ලතාව අභිමත සම්පත්ති දන්, නො ඉල්ලා මැ දෙයි. ඒ දීම බිසෝ නමැති කල්ප ලතාවද සතුට පිණිස වෙයි. කල්ප ලතාව ද බිසෝ නමැති කල්ප ලතාව ද අතරෙහි වනුයේ මේ මහත් වෙනස යැ. බිසොව ගඟසිරි පුරය අසිරි ජය කෙසේ නම් වඩා ද? බිසොව ගේ පුණ්යි මහිමයෙන් වඩනා ජය ඇය විසින් මැ වඩනා ලද සේ ගැනීම අතිශයින් සුදුසු යැ. ඒ හෙයින් මහත් පින් ඇති බිසෝ අසිරි ජය සිරි වඩා මැ යි.

ටිප්පණි : 1. ඇසිරි - ‘අසුරු’ (ආශ්රියයෙහි) ධාතු ‘බස්’ ආදි අත් පදයි. ඇසිරේ-ඇසිරෙති-ඇසිරිණි: ඇසිරි, අසිළි, අසිළ. අසළ-ඇසුරුණු, ඇසිරි, අසුළු, අසුළ, අසළ.

2. රිසි - අතීත කෘදන්ත නාම යි. ‘රුස්’ ධාතු ‘රක්’ ආදි ‍පර පද යි. රුසී - රුසිනි - රුසිනි - රිසි - රිසි.

3. වඩනෙන් - වඩනුයෙන්.

මෙහි ‘වඩ’ ධාතු වර්ධුනය කිරිමෙහි වැටේ. ‘බල’ ආදි පර පද යි, සකර්මතක යි. වඩා - වඩති - වැඩි - වැඩු. වර්ධමනය විම් යෑම් ආදි අරුත්හි ‘වඩ’ ධාතු ‘රක්’ ආදි පර පද යි, අකර්මකක යි. වඩී - වඩිති - වැඩි.

4. ජය සිරි - ජය ලක්ෂ්ම්. ජයට අධිපති දෙවතා ජය සිරි නම් වෙයි. මේ සිරි කත ගේ නම මැ ‘ජය’ ශබ්ද පුර්වඩ ශබ්ද පූර්ව කොටැ දැක්වුණු නැති. මයුර විවරණය 63 19. ලෙවන් බැලුම් කිඳු දිගු නිල් යෝත් ලුව ද නු වන් යුවළ මින් යුවළෙකි එහි නොබඳ මෙවන් ගුණෙන් රැ ඳි එ බිසෝ ළඳුන් සොඳ වු වන් සහස යුත නත නො වැ වනනු කොද

අන්නවය: ලෙවන් බැලුම් කිඳු දිගු නිල් යොත් ලුව ද, නුවන් යුවළ, එහි නොබඳ මින් යුවළෙකි. නත මුත වුවත් සගස නො වැ, මෙ වන් ගුණෙන් රැඳි සොඳ එ බිසෝ ළඳුන් වනනු කො ද?

අර්ථඑ : ලෝකවාසින් ‍ෙග් නිරීක්‍ෂණ කාන්ති නමැති දික් වු නිල් වු යොත් (රජ්ජුන්) දැමු නමුදු, (බිසොවුන් ගේ) ඇස් දෙක නම් එහි නොබැඳුණා වු මතස්යජ යුගලයෙකි. අනන්තයා ගේ මෙන් මුව දහසක් නැති වැ, මෙ බඳු ගුණයෙන් යුක්ත වු සුන්‍දර වු ඒ මහිෂි කාන්තාවන් වර්ණ,නය කරනුයේ කවරෙක්ද?

විස්තර: මේ බිසොවුන ගේ රූප සම්පත්තිය කො තරම් මනහර ද යත්, සියල්ලෝ මහත් ආශායෙන් ඒ දෙසට ඇස් හරවත්, එහෙත් බිසොවුන් ගේ ඇස් නම් ඒ එක ද දෙසකට නො හැරේ. බිසොවු තුමු එ තරම් උත්තම වු ගුණ සම්පත්තියෙන් යුක්තයෝ යැ. ඇස් නිල් හෙයින් බැලිමෙහි දී ඇසින් නික්මෙන් කාන්තිය ද නිල් යැ. මේ නිල් කැලුම් නිල් යොත් වැනි යැ. දෙ කොන උල් වැ මැද මහත් වැ එක් කොනක් අනෙක් කොනට ‍වඩා දික් වැ සිටුනා හෙයින්, ඇස මසකුට සමාන වෙයි. බලන්නවුන් ගේ ඇසින් නික්මෙන් කැලුම මසුන් ඇල්ලිම ට ලු ‍‍යොත් ‍‍නම්, බිසොවුන් ගේ ඇස් , ඒ එක ද යොතෙකැ නොබැඳුණා වු මස්සු ය‍ැ. සියල්ලවුන විසින් බලනු ලැබුව ද ඒ කිසිවකු දෙස නොබැලිම වර්ණකනා විෂයාතික්රා න්ත වු ගුණයෙක් මැ යැ. එ බඳු ගුණ ඇති බිසොවුන් වැනිම කළ හැක්ාකේ අනන්තයාට මෙන් මුව දහසක් ඇත්තෙකි.

ටිප්පණි: 1. කිඳු - ‘කානති’ යනු අර්ථ් යි. 2. ලුව - ‘ල’ ‘(ලිමෙහි) දයින් වු අසම්භාව්යක කෘදන්ත නිපාත යි. ලා+අ=ලු+අ=ලුව.


මයුර විවරණය 64

‘ල’ ධාතු ‘බල’ ආදි පර පද යි. ලා - ලති - ලී - ලු.

8. බඳ - ධාතු රූපය මැ අතීත කෘදන්ත නාමය වැ සිටි තැනි. ‘බඳ’ ධාතු ‘බස්’ ආදි පර පද යි. බඳි - බඳිති - බනි - බනු. මේ ධාතු ‘රක්’ ආදා පර පද ද වෙයි. බදී - බඳිති - බැඳි - බැඳි.

4. නත - අනන්තයා. අනන්තයක් (කෙළවරක්) නැති හෙයින් හේ අනන්ත නම්.ඉතා බලවත් නාගයෙකි. ඔහුට හිස් දහසෙකි. සාමාන්යමයකු විසින් නො වැනියැ හැක්කක් වැනිමේ විශෙෂ සාමර්ථ්ය්යකු වනුයේ එ හෙයිනි. 5. වනනු - කර්තෘ්කාරක වර්තරමාන කෘදන්ත නාම යි. ‘වන’ ධාතු ‘බල’ ආදි පර පද යි. වන - වනති - වැනි - වැනු.

20. තවද, ඒ පුර පුරවරයෙහි විරාජමාන් වු යුව රාජ පද ප්රාවප්ත ධරණීශ්වරයා ගේ ප්රවතාප ශ්ර්වණය කර.

ටිප්පර්ණණ: 1. පුර ප්ර්වරයෙහි - ඉතා උතුම් නගරයෙහි. ප්රාකර්ෂෙයෙන් (ඉතා උසස් තරමින්) වර (උතුම්) වුයේ ප්රිවර යි. පුර‍යන් අතුරින් ප්ර වර වුයේ පුර ප්ර වර යි. 2. විරාජමාන - බබළන්නා වු. ‘වි’ පූර්ව ‘රාජ්’ ධාතු බැබැළිමෙහි ‍ වැටේ. 3. යුව රාජ පද ප්රාුපන - යුව රජ පදවියට පැමිණි. මේ විමැසියැ යුතු තැනෙකි. රාජ්යරය යනුය් රජු ගේ පුතකුට යැ.රජුට පුතුන් සිටි බව -

“නව මිණි දෙරණිසුරු රජ කුමරුවන් ලදු” –

යනුයෙන් පෙනෙයි. යුව රජ තනතුරු අනතුරු වැ රජ වන්නහු හිමි යැ. රජුට පුත්තු වුහු නම් වීරබාහු ආදිපාදයෝ කෙසේ යුව රජ වු හු ද?

4. ධරර්ණමශ්වරයැ - ධරණියට (පෘර්ථ වියට) ඊශ්වර (අධිපති) වුයේ ධරර්ණුශ්වර යි. රජුය ‍නමෙකි. 5. ප්ර්තාප - තේජද ප්රනකර්ෂෘයෙන් තාපනය (තැවිම) කරනුයේ ප්ර්තාප යි.


මයුර විවරණය 65 6. ශ්ර්වණය - ඇසිම. ‘ශ්රැ‍’ ධාතු ඇසිමෙහි වැටේ. ශ්රැර + අන = ශවණ.

21. ද ස ස ත පා අළ සතපා තෙද දිමුත පෙරැ කදපා මෙන් සදපා යොවුන් ගත නව පිනිපා වන් පිනිපා කරන සත දින ඈපා හිමි සිරි පා තඹර පත

අන්නපය: දිමුතු තෙද දස්සතපා සතප අළ, ගත යොවුන් පෙරැ කඳපා මෙන් සදප්, සත නව පිනිපා වන් පිනිපා කරන, ඈපා හිමි පා තඹර පත සිරි දින. අර්ථප : දීප්තිමත් වු තේජස සහස්ර රශ්මිහු ගේ (සුර්ය්යා ගේ) සන්තාපය (අටුව) ගළුවා වු (පැරැද්දු) ගාත්රගයෙහි (ශරීරයෙහි) යෞවනය පුරාණ කන්‍දපියා ගේ (අනඩගයා ගේ) මෙන් දිර්පේසහිත වු, සතත්‍වයා අභිනව චන්‍ද්රයයා මෙන් ප්රඅණිපාත (වැදිම) කරන්නා වු, ආදිපාද ස්වාමි හ‍ු ගේ පාද නමැති තාමරසයට (පියුමට) පැමිණියා වු ශ්රි තොමෝ දිනේ වා.

විස්තර: “ආදිපාද ස්වාමි තෙමේ ජය ගනී වා” යනු මේ කී සැටි යැ. සෘජු වැ එ සේ නො කියා “ඈපා හිමි පා තඹර පත සිරි දින” යි කියන ලද්දේ වැඩි හරසර පිණිස යැ.

ආදිපාද ස්වාමිහු ගේ තේජස සුර්යපය ගේ තේජසට ද‍ වඩා සන්තාප කර යැ. ඔහු ගේ ශරිරයෙහි තරුණ භාවය ද පුරාණ අනඩගයි ගේ ශරිරයෙහි තරුණ භාවය ද සමාන යැ. ලෝකවැසිහු, අලුත් සඳ වඳින්නාක් මෙන්, මහත් ආදරයෙන් ඔහු වදිති.

ටිප්පණි: 1. දසසතපා - ‘පා’ යනු රශ්මියට ද‍ නම් සංස්කෘතයෙහි ‘පාද’ යනු දු ඒ අථිය දෙයි. දසසතයක් (දහසක්) පා (රශ්මි) වනුයේ යමක්හු හට ද හේ දසසතපා.සුර්යසයට ඉතා මහත් රාශියත් රශ්මි ඇති හෙයින් මේ නම වෙයි. 2. සතපා - සතප. දිර්ඝිය එළිය ද සඳැස ද රකි. බෙහෙවින් තාපනය (තැවිම) කරනුයේ සන්තාප යි. සිංහලයෙහි ‘සතප’ යනු වෙයි. 3. පෙරැ කදපා - .’කඳප්’ නම් අනඬගයා යැ. සංස්කෘතයෙහි ‘කන්‍දපි’ යනු මෙයි.’කර්ම-’ සුඛය යි. එයින් එහි හෝ - දර්පිත මේ නු යි ‘කන්‍දවි’ නම් අනඬගයා‍ෙග් දර්ථ-ය

මයුර විවරණය 66 ඇති වනුයේ සුවය ඇති කල්හි යැ. ‘කර්ම ’ යනු කුත්සිතාර්ථ්යෙහි දු වැටේ. එ හෙයින් කුන්යිත වු (නින්‍දිත වු) දර්ථ ය වනුයේ යමකු කෙරෙන් ද‍ හේ ‘කන්ද‍ර්ථ’’ නමැයි ද ගත හැකි.

මෙහි ‘පෙරැ කඳපා’ මැ ගැනුණේ කවර හෙයින් ද? වරක් අනඬගයා ඊශ්වරයා විසින් දැවිණ. දැවෙන්නට පෙරැ හේ අතිශයින් විශිෂ්ට වු රූප සම්පත්තියේන යුක්ත වුයේ යැ. දෙවියන් යැදමෙන් අනඬගයාට ඊශ්වර ගෙන් යළි දු දිවි ලැබුණ ද, ඔහු ගේ රූ සපුව පෙරැ මෙන් විශිෂ්ට නො වී යැ. එ හෙයින් කවිහු අතිශයින් විශිෂ්ට වු රූප සම්පත්තිය ඇත්තකුට සමාන කරන කලිහි ‘පෙරැ කඳපා’ ගනිත්.

අනඬගයා ඊශ්වරයා විසින් දැවුණු පරිදි කිසේ යැ යත්:-

පෙරැ තාරක නම් අසු‍රයෙත් මහා තපස් කොටැ බඹු පහදවා, ඉපැදැ සත් දින ඉක්මැවුවතු විසින් ‍නොමැරි යැ හැකි වන සේ වර ලද ඉකිබිති හේ මහාබල වැ, සුරයන් පෙළි යැ. දුකට පැමිණි සුරයෝ ඔහු මඬින ලෙද මහ බඹු යැදිය හ. “මහෙශ්වරයා හට පුතකු වුව හොත්, හේ තාරකයා මරන්නේ යැ” යි බඹ කී. මේ ඇසු සුරයෝ. ඊශ්වරයා රාගයෙන් මත් කොටැ, භිමාලය පුත්රි වු උමාව ගේ ස්වාමි භාවයට පමුණුවන ලෙස අනඬගයා මෙහෙයු හ. අනඬග “මැනැවැ” යි කියා ගොස් දිනක් උමාව මලින් ඊශ්වරයා පුදමින් සිටි යැ දි, තමා ගේ සමේමාහන නම් වු ශරයට ඊශ්වරයා ලක් කෙළේ යැ. ඊශ්වරයා ගේ ධෛර්යවය ළිහිල් වියැ එයට හේතු බලන ඊශ්වර, දණ බිම ඇනැ, දුනු දිය කන දක්වා ඇදැ විදි වන මැ සි‍ටි අනඬගයා දැකැ කිපි, තමා ගේ ලලාටාක්‍ෂියෙන් ගිනි දැල් විහිදුවා, ඔහු හළු කෙළේ යැ. අනඬගයා හළු වුව ද, දෙව කාර්ය ය සිද්ධ නුවුයේ නො වේ. ඉසුරු තෙමේ උමාව පාවා - ගත. ඔවුන් ‍ෙග් කඳ කුමර නම් පුතු ඉපැදැ දත් දිනක් ගෙවෙන්නය පෙරැ, දෙව සෙනාව පිරිවරා ගොස් තාරකයා මැරී.

3. නව පිනිපා - ‘පිනිපා’ යනු චන්‍ද්ර යාට නමෙකි. ‘පිනි’ නම් තුෂාර යි. Dew මේ අර්ථපයෙහි වැටෙන ශබ්ද යෝ සාමාන්ය යෙන් ශිතල භාවයට ද‍ නම් වෙත්. චන්ද්රෙයා ශිතල රශ්ම් ඇත්තේ යැ. එ හෙයින් හිමකර - තුසරකර - යනාදි නාමයනට හේ සුදුස්සේ යැ. ‘පිනිපා’ යන නම යෙදෙනු යේ ද මේ අරුතිනි.පිනා වු (සිසිල් වු) පා (පාදය - රශ්මිය) යමක් හු ගේ ද හේ පිනිපා.

මයුර විවරණය 67 බලා චන්‍ද්රපයා වැදිම ලෝ සිරිති. එ හෙයින් කියැවිණි “ප්රවථමවයසි චන්‍ද්රඃ සර්වඑලෝකෛකවන්‍ද්යඃ “

(ප්රවථම වයස්හි වු චන්‍ද්රේ තෙමේ සකල ලෝකයා විසින් එකහෙළා වැන්ද යුතු යැ ) යනු.

5. පිනිපා කරන - ප්ර ණිපාතය කරන්නා වු. වඳින්නා වු. සංස්කෘතයෙහි ප්රෙ -නි -යන උපසර්ගයයන් පූර්ව් කොටැ ඇති ‘පත්’ ධාතු වැඳිමෙහි වැටේ. 6. ඈපා හිමි - ආදිපාද ස්වාමි මතු රජ වන්නට සිටිනුයේ යුව රජ යැ. ඒ ස්ථානය හැරුණු කලැ සිංහල රාජ කුමාරයකු විසින් ලැබියැ හැකි වු ඉතා උසස් පදවිය ආදිපාද ස්ථානය යි. ඇතැම් විටැ මෙ ස්ථාන ද්වයය එක මැ කුමාරයා විසින් උසුලනු ලැබේ. මේ එ බඳු තැනෙකි. මේ කියැවෙනුයේ සතර වැනි භුවනෛකබාහු රජුන් ගේ සෙනාපති වු සෙනාලඩකාධිකාර මන්ත්රිඑශ්වරයන් ගේ දෙ වැනි පුත් වීරබාහු කුමාරයා යැ යනු ඇතැම් ඉතිහාසඥයන් ගේ මතය යි. මෙ කුමර දෙ වැනි වීරබාහු නාම‍ෙයන් රජ වී යැ යි ද.

පරෙවි ස‍ෙන්ද ශයෙහි - “ මා පා වීරබා කැරැවු නමින් තමා මා පා පටන් වැදැ යා ගන් මිතුරු තුමා”

යන තන්හි මේ කුමරා සඳහන් වු හ යි ද ඔහු යෙති. ඈපා තැන හැරුණු කලැ ඉතා උසස් වැ සිටියේ මාපා තැන යැ.

“ ස යු ර ක් සේ නෑ ර තියු ගී නදින් රැඳි අ ල ග ත් කෝ නා ර හිමි සිරි සඳ වැලැඳි

සතපා උපා ගුරු - ඈපා හිමිඳු පින් සරු

දෙව් තුරු මෙන් ලෙව් රුති දුන්ඔ නඳුන් යුත දෙව් හිරි සඳ සව් සැපතින් මුඳුන් පත

පි නා නා මෙ ලක තුන් බෑ මෙ හිම වෙත” යනුයෙන් මේ මයුර ස‍ෙන්ද ශයෙහි යැ අවසානයෙහි කියැවෙනුයේ ‍මේ ආදිපාදයන් අලගක්කෝනාර දෙවස්වාම් යන දෙ දෙනා ගේ සහෝදර බව යි. ආදිපාදයන් ගේ නාමය වීරබාහු යනු යි. පස් වැනි භුවනෛකබාහු රජුට අනතුරු වැ ඔහු ගේ සුහුරු වීරබාහු නමුන ප්රරසිද්ධයතු රජ වු බව මහාවංශයෙහි කියන ලදි. මයුර විවරණය 68 වීරබාහු, රජු ගේ සුහුරු වේ නම්, ඔහු ගේ බෑයනැ යි කියන ලද අලගක්කෝනාර, දේවස්වාම් යන දෙ දෙනා ද සුහුරු නොවන්නට හේතු ‍ෙනා පෙනේ. වීරබ‍ාහු නාමය ද අලගක්කෝනාර දේවස්වාමි යන දෙ නම හා එක් සැටි නො වෙයි. එළු අත්තනගලු වංශ ප්ර ස්තාවනායෙහි මේ තුන් බෑ වගෙක් නො කියැවෙයි. කියැවෙනුයේ දෙ බෑ ‍වගෙකි. ‘තුන් බෑ’ යනු ‘තුන් සොහොවුරු’ යන අර්ථයයෙහි මැ යෙදිණි ද යනුත් පිරිකිසියැ යුත්තේ යැ. ‘එක් වැ කළ යුත්තක් පැමිණි කල්හි උනුන් නො හැරැ සිටුම් හ” යි ගිවිසුමකට බැ‍තුඳෙන තුන් දෙනකුන් ‘තුන් බෑ’ නමින් ගත හැකි නම්, මේ එ බඳ තැනෙකැ යි ගත් කලැ අවුල ළිහී යෙයි.

7. පා තඹර පත සිරි - සිරි උරෙහි වසන දේ කීම සම්ප්රකදායය වේ. පා තඹරට පැමිණි යේ කීම නිවැරැදි වේ ද? වෙයි. සිරි විෂ්ණිහු ගේ උරෙහි වෙසෙයි. පද්මයෙහි ද ඇය ගේ වාසය වෙයි. එ හෙයින් ඇයට පද්මාලයා - කමලාලයා - යනාදි නමුදු වේ. ඈපා හිමිහු ගේ පාදය පද්මයෙකි. පද්මයෙහි ශ්රින වසන්නීයැ.එ හෙයින් පාද පද්මයෙහි සිරි වසන සේ කීම සම්ප්ර දාය විරුද්ධ නො වේ.

මුවදෙව් දායෙහි  :- “ උවිඳු උරෙහි තම - පිළිබිඹු දිසුත් නුසුහූ සතුටු වැ එ නර වරා - වු සූ සිරි පා මුල්හි”

යනුයෙන්, පද්මොපමානය නැති වැ ද, සිරි පා මුල්හි වසන සෙයෙක් කියැවිණ. උවිඳුහු ගේ ද උරෙහි වසන ලක්ෂවමිය මොහු ගේ පයෙහි වෙසෙති යි කිමෙන්, මොහු ලක්ෂලමිය එ තරම් ලඝු කොටැ සිතන බවෙක් හැඟැවෙයි.

22. ලො ව ට උතුම් කුල සිරි නුවණ ගුණ රැස ද ව ට පැතිරි යස තෙද අණ සක සකස රු ව ට මෙ ඇම ගෙනැ මවමින් උවිඳු ලෙස ති ව ට මෙ හිම කෙළෙ ලකැ රජ සිරි පිණිස

අන්න ය: කුල සිරි නුවණ ගුණ රැස ලොවට උතුම්. යස තෙද අණ සක සකස අවට පැතිරි. තිවට, මෙ ඇම ගෙනැ, උවිඳු ලෙස රුවට මවමින්, මෙ හිමි ලකැ රජ පිණිස කෙළෙ.

මයුර විවරණය

69 අර්ථ  : මේ ආදිපාස ස්වාමිහු ගේ) කුලය ද සම්පත්තිය ද ඥනය ද ගුණ රාශියද ලෝකයට උතුම් යැ. කීර්තිය ද තේජස ද ආඥ චක්ර,ය ද සකසා (මොනොවට) හාත්පස්හි පතළේ යැ. මහාබ්‍රහ්ම තෙමේ මේ සියල්ල ගෙනැ, උපෙන්‍ද්රුයා (විෂ්ණුහු) සේ මනා කොටැ මවා, මෙ ස්වාමිහු ලඩකායෙහි රාජ ශ්රි්ය සඳහා කෙළේ යැ.

විස්තර : සූර්යස වංශයෙහි උපන් හෙයින් ආදිපාද ස්වාමිහු ගේ කුලය උතුම් යැ; දැහැමින් සෙමෙන් සපයන ලද හෙයින් ද, අනුනට වැඩ පිණිස පැවැත හෙයින් ද, සමප්තතිය උතුම් යැ; ලෝක විෂයයෙහි ද ශාස්ත්රි විෂ‍යයෙහි ද නො පැකිලැ සිටි හෙයින් නුවණ උතුම් යැ; නො පරදනා හෙයින් ගුණ උතුම් යැ. එ බන්දකු යේ කීර්තිය ද තේජස ද‍ අඥ චක්රඋය ද‍ රට පුරා පැතිරි යනු ආශවර්යඩ නො වෙයි. සියල්ල සලකන කලැ, මෙ හිමි ලොව රක්නා විෂ්ණුහු වැන්නැ. බ්රවහ්මයා මෙ කී සියල්ල එක් කොටැ - ගෙනැ මේ ස්වාමිහු ලඩකායෙහි රාජ ශ්රිෙය පිණිය මැ මවා ලු සේ සිතෙයි.

ටිප්පණි : 1. පැතිරි - අතීත ආඛ්යාෙත යි. මෙහි ‘පතුර’ ධාතු ‘බස්’ ආදි අත් පද යි, අකර්මහක යි. පැතිරේ - පැතිරෙති - පැතිරිණි, පැතිරි, පතිළි, පතළ - පැතිරුණු, පැතුරුණු, පැතිරි, පතුළු,පතළ, සකර්මික ‘පතුර’ ධාතු ‘බල’ ආදි පර පද යි. පතුරා - පතුරති - පැතිරි - පැතිරූ, පැතුරූ.

2. අණ සක - ආඥ චක්ර්ය. ‘සක්’ යනු ද අණට නමෙකි. එ හෙයින් අණ මැ ‘අණ සක් ‍නම් වෙයි,

3, රුවට - ‘රූ’ශබ්දය ‘අට’ විභක්තිය ටගනැ නිපත් ‘රුවට’යනු මෙහි විශේෂ අර්ථයක් දෙයි . එ නම් ‘ඉතා මනා සේ’ යනු යි.සාමාන්ය් ව්යේවහාරයෙහි දු මේ ප්ර යෝගය ලැබේයි.

4,	මවමින්-මේ වර්තිමාන කෘදන්ත නිපාතය අතීත කෘදන්ත නිපාතයෙහි අර්ථ4ය දෙයි. එ හෙයින් ‘මවා’ යන්නට 

‘මව’ ධාතු ‘බල’ ආදි පර පද යි. මවා - මවති - මැවි - මැවු.

මයුර විවරණය 70 5. උවිඳු ලෙස - වාමන සමයෙහි විෂ්ණු තෙමේ ඉන්‍ද්රියාට (ශක්ර යාට) මල් බෑ වැ උපන්නේ යැ. එ හෙයින් උපෙන්ද්රහ (උප + ඉන්‍ද්රට) නම් වී. විෂ්ණු ලොව රක්නේයැ.ඈපා හිමිහු ගේ කාර්යනය ද ලොව රැක්ම යි. ප්රිධාන වශයෙන් සමානත්‍වය වනුයේ මෙහි යැ.

6. තිවට - බ්රේහ්මයාට නම්. ‘වට’ නම් පැවැත්ම යි. තුන් වැදෑරුම් පැවැත්මක් ඇති හෙයින් බ්ර හ්ම ‘තිවට’ නම් වෙයි. මැවිම යැ රැක්ම යැ නැසිම යැ යන මේ යැ තුන් වැදැරුම් පැවැත්ම නම්. බ්රරහ්ම තෙමේ ලෝකය මවයි, මැවු ලෝකය රකි, රැකි ලෝකය කෙළවරැ දි නසයි. මැවීයෙහි දි බ්ර හ්ම නමින් ද, රැකිමෙහි ‍ද‍ි විෂ්ණු නමින් ද, නැසීමෙහි දී ඊශ්වර නමින් ද හේ දන්නා ලැබේ.

7. කෙළෙ - කළ + ඒ= කළේ - (ස්වර පර රූපයෙන් කෙළේ = (හ්රකස්වයේන කෙළෙ.

8. රජ සිරි පිණිස - කවීන් විසින් ‘රජ සිරි’ යන්නෙන් අදහස් කරන ලද්දේ කිමෙක්ද ? අග රජ බව ද? යුව රජ බව ද? යු රජ නම් මතු රජ වන්නට සිටියේ යැ.ඈපා හිමි දැනුදු යුව රජ යැ. එ හෙයින් හේ රජ බව පිණිස කැරුණේ යැ යි ගැන්ම සුදුසු සේ පෙනෙයි.

එහෙත් - “ නව මිණි දෙරණියුරු රජ කුමරුවන් ලදූ” යනුයෙන් පෙනෙනුයේ රජ බිසොවට පුතුන් වු බව යැ. රජුට පුතුන් ඇති කලැ අන්යෙයතුට රජ බව ලැබේ ද? විමැසියැ යුත්තෙකි.

23. කොකු මි වැකුමි වන් තෙද දිගමුවන් ගත වි කු මි එ කුම් යැ යි තෙවිකුම් වනන සත දැ කු මි ඇකුම් කළ රඋ රස’ගනන් නෙත රැ කු මි තැකුම් ලොව ඔහු බැම ලියෙන් පත

අන්වය: තෙද දිගු අඹුවන් ගතැ කොකුම් වැකුම් වන්, “තෙවිකුම් එ කුම් යැ” යි සත විකුම් වනන, දැකුම් ඇකුම් කළ රූ අඟනන් නෙතැ රස, ඔහු බැම ලියෙන් ලොව රැකුම් තැකුම් පත.

මයුර විවරණය 71 අර්ථ  : තේජස දිශා නමැති අඬගනාවන් ගේ ගාත්ර.යෙහි (ශරීරයෙහි) කුඞකුම ආලෙපනයක් (කොකුම් ගෑමක්) වැනි වූ, “ත්රි‍වික්රකමයා ගේ ඒ (විකුමය නම්) කියෙක් දැ” යි සත්ත්‍වයන් වික්රිමය වර්ණ(නය කරන්නා වූ, දැකමට පැමුණුණ හොත් රූපය ස්ත්රිදන් ගේ ඇසෙහි රසාඤජනයක් වූ, ඔහු ගේ ක්රැ් ලතායෙන් ලෝකයා ගේ රක්ෂ්ණාපෙක්‍ෂාව පැමිණායේ යැ.

විස්තර : යුව රජු ගේ තේජස ලෝතයේ දිශා කෙළවරට මැ පැතිරෙයි. දිශාවෝ ස්ත්රිවහු වෙත් නම්, මේ තේජස පැතිරිම ඔවුන් ගේ ශරීරයෙහි කොකුම් ගෑමක් බඳු වෙයි.

යුව රජු ගේ වික්රවමය‍ ලෝකවාසිහු විසිතුරු ලෙස වර්ණැනය තෙරෙති. එ සේ කරන කලැ ඔහු ත්රි‍විකුමයා (විෂ්ණුහු) ද සඳහන් කොටැ. “ත්රිඑවික්රුමයා ගේ කවර වික්රේමයෙක් ද? අප ගේ යුව රජු ගේ වික්රරමය නො වේ ද වික්රහමය නම්?” යැ යි කියති.

යුව රජු ගේ රූප සම්පත්තිය පරම රමණිය යැ. එය යම්තම් වත් දකින්නට ලැබුණ හොත්, ස්ත්රිවන් ගේ ඇසට රසාඤ්ජනයත් මෙන් ප්රිිතිදායක වෙයි.

“ලෝකය රැකෙයි” යනු රට වැසියන් සිතා-ගත්තේ යුව රජු ගේ බැම දෙස බැලිමෙනි. යම් කිසිවකිහු ගෙන් වැඩක් (අභිවෘද්ධියක්) ඇති කල්හි යුව රජු ගේ බැම විහිදී යෙයි. එයින් පළ වනුයේ සිත පැහුදුණු බව යි. යුව රජ කවුරුත් කෙරෙහි පැහැදුණේ ද යනු දත් කලැ, අමාත්ය යේ ඒ අභිවෘද්ධි කාරීන් ඉසුරින් තනතුරන් පුදා උසස් කෙරෙති. රටට වැඩ සැලැසිමෙහි ඉෂ්ට විපාක දක්නා අත්හු ද වැඩක් මැ කිරිමට පෙලැඹෙත්. මේ නයින් මහ වැඩ සිදු වේ. එ නම් ලොව රැක්මෙකි. ඒ රැක්මි එ සේ වන බව ලොවට පෙනී - යනුයේ යුව රජු ගේ බැම ලියෙනි. යම් කිසිවකු ගෙන් අවැඩ අති කල්හි යුව රජුගේ බැම බිදි (වකුටු වී) යෙයි.ඒ කෝපයේ ලකුණෙකි. කවුරුනට යුව රජ කිපුනේ ද‍ යනු දැනැ -ගත් කලැ, අමාත්යදයෝ ඒ අවැඩ කරුවන් ගෙන්වා මරණයට හෝ පමුණුවති, මරණය හා සමාන දුකට හෝ හෙළති,රටින් හෝ නෙරැ-පියති. ඒ දක්නා අන්හු ද අවැඩ කිරිමෙන් දුරු වෙත්, එ ද ලොව රැක්මෙකි. එ බව දැනෙනුයේ ද යුව රජු ගේ බැම ලියෙනි. මෙ සේ යැ. ලොව රැකුම් තැකුම් ඔහු බැම ලියෙන් පැමිණෙනුයේ.

“ නරතුරු න‍ිතොර වැ - එ නර වරා බැම ලියෙන් විපක්සුපතිනට මිමි - කුරිරු මරණ පියකරණ”


මයුර විවරණය 72 යනුයෙන්, මුවදෙවි දා කාරයෝ, රජු ගේ බැම ලියෙන් විපක්ෂ සුපක්‍ෂයනට මරණ ප්රි යකරණ පත් සේ කී හ.

“ නම කළ සත හැලේ පි ගි ගේ සැප සිලිලී බිය සෙණ රුපුකැලේ තු මු ලේ දෙන නොකලී නළලත ගිරි තලේ සු නි පේ රැසිනිපිලී සුර රද දෙ බැම ලේ ගනලේ සිරි කියෙලී” යනුයන් රහල් මහ තෙර විභිෂණයන් ‍ගේ බැම ලිය වැනු හ.

ටිප්පණී : 1. කොකුම් - කොකුම් රතු යැ. එ හෙයන් තෙද පැතිරෙන කල්හි කොකුම් ගෑමක් වැනි යැ යනු යෙදෙයි. කවි සමයයෙහි තේජස රතු යැ; කීර්ති‍ය සුදු යැ. තේජස උෂ්ණ ගුණ යුක්ත බැවිනුදු එයට උපමාන වන්නට කොකුම් සුදුසු යැ.

“ වළදා හුණු බොජුන් - - ගල්වා කොකුම්ඟරනැඟැ හැඳැ රතු වතුනුරු ලා - - අඹුන් තිළි මන හිමින්” යන තන්හි, යස දා කාරයෝ උණුසුම් දෙන්නවුන් අතරැ කොකුමුදු දැක්වු හ.

“ දස වමියන් රුදු -- විසිතුරු පියොවුරු මඬලැ දුළ පළ කොකුමඟරා -- ගී වී තෙදෙ නර වරා”

යන තන්හි, පැරකුමිබා මහ රජාණෝ තෙදට කොකුම් උපමාන කළහ. 2. වැකුම් - ‘වක’ ධාතු ‘බල’ ආදි පර පද යි. වකා - වකති - වැකි - වැකූ. අකර්ම්ක ‘වක’ ධාතු ‘රක්’ ආදි අත් පද යි. වැකේ - වැකෙති - වැකිණි, වැකි - වැකුණු, වැකි, 3. විකුම් - වික්රකම. සංස්කෘතයෙහි ‘වී’ පූර්වැ ‘ක්රිම’ ධාතු පිය තබිමෙහි ද මැඬැ- ලිමෙහි ද‍ වැ‍ටේ.එ හෙයින් පිය තිබිම ද අනුන් මැඬැ-ලිමේ බලය ද ‘වික්රැම’ නාමයෙන් ගැනෙයි. මෙහි යෙදෙනුයේ දෙ වැන්නයි. 4. තෙවිකුම් - ත්රිගවික්ර්මයා. විෂ්ණු. වික්ර ම (පිය වර) තුනක් තබා බලි දමනය කළ යෙහින් විෂ්ණු ‘ත්රිගව්කුම’ නම් වී. ත්රි වික්රුමයෙන් බලි දමනය කළ පරිදි කියේ යැ යත්:- පෙරැ බලි නම මහාබල අසු‍රයෙත් වි, හේ තුන් ලොව දිනී යැ. පෙළුණු සුරයෝ ඔහු ගෙන් ලොව. ගලවන ලෙස විෂ්ණුහු මයුර විවරණය 73

යැදිය හ. විෂ්ණු වාමන (මිටි) වේශයෙන් ගොස්, දාන පති වු බලිහු ගෙන් ඉන්නට තැනක් ඉල්ලී යැ. “රිසියෙන තරම් බිම ගනුව” යි බලි කී. “පිය වර තුනක් තබන තරම් බිම ඇතැ” යි වාමනයා කී හෙයින්, බලී සිනා සී. “රිසියෙන් තෙනෙකින් ඒ ගනුව” යි අවසර දින. ඉක්බිත් විෂ්ණු නාරායණ වේශය ගෙනැ, එක් පිය වරෙකින් ස්වර්ග ය ද, අනෙකින් පෘථිවිය ද වැසී යැ. බලි, වාමනයා හැඳිනැ, හිස නමා සිටියේ යැ. විෂ්ණු තුන් වන පිය වර ඒ හිස පිටැ තබා අසුරයා පාතාලයට පැලැවී යැ.

5. ඇකුම් - ආක්රැම.ළං වීම යැ. මැඬිම යැ, පැරැද‍ැවිම යැ, පැතිරිම යැ යනාදි අරුත්හි වැටේ. 6. රස - රසාඤජනය. ඇසට සිසිල දනවනු පිණිස ආලේප කරනු ලබන ඖෂධ විශෙෂයෙකි. Collyrium. 7. රැකුම් - ‘රක්’ ධාතු පර පද යි. රකී - රකිති - රැකි - රැකි. මෙ සේ වරනැගෙන සියලු ධාතු ‘රක්’ ආදා ගණයට අයත් වේ. 8. තැකුම් - ‘තක’ (තකීණයෙහි - සිතිමෙහි) ධාතු ‘බල’ ආදි පර පද යි. තකා - තකති- - තැකී - තුකූ. 9. බැම ලියෙන් - මෙහි ‘ලිය’ යනු සොඳුරු බව, සිහින් බව, නැමි බව යනාදිය හගවන්නේකි.

24. උ දා වෙමාන් නිති වැඩ පබ සරින් රඳා ර ඳා ලමින් සිය සෙන් තඹුරු කැන් සෙඳා යොදා ඉවතැ රුපඳුරු තෙද රසින් සදා ස දා දියත නුබ මිණි මෙන් මෙ හිමි සඳා

අන්නදය: උදා වෙමින්, නිති වැඩ පබ සරින් රඳා, සිය සෙන් තඹුරු කැන් සෙද රඳා ලමින්, තෙද රසින් රුපු අඳුරු සදා ඉවතැ යොදා, මෙ හිමි සඳා, නුබ මිණි මෙන්, සියත සදා.

අර්ථල : උදයයට පැමිණැ, නිත්ය අභිවෘද්ධි නමැති ප්රඳභා සාරයෙන් (විශිෂ්ට රශ්මියන්) යුක්ත වැ සිටැ, ස්වකීය සෙනා නමැති පද්ම සමුහය වහා රඤජනය (පිනැවිම) කොටැ -ලා, තේජස නමැති රශ්මියෙන් ශත්රැඤ නමැති අන්ධාකාරය සියලු කල්හි පහ කොටැ, මේ ස්වාමි චන්‍ද්රි තෙමේ, සූර්යනයා මෙන්, ලෝකය අලඬකෘත කෙරෙයි. මයුර විවරණය 74 විස්තර : යුව රජ උදා වෙයි, සූර්ය්යා ද උදා වෙයි. යුව රජ නිති වැඩ ඇති වැ සිටැ ස්වකිය සෙනාවන් පිනවයි. සූර්යූයා ප්රෙභා සාරයෙන් යුක්ත වැ සිටැ පද්ම සමූහයන් පුබුදුවයි. යුව රජ සතුරන් දුරු කෙරේ. සූර්ය්යා අඳුරු දුරු කෙරේ. යුව රජ ලෝකය අලඬකෘත කෙරෙයි. සූර්යුයා ද ලෝකය අලඬකෘත කෙරෙයි. මේ අයුරින් බලන කලැ යුව රජ ද‍ සූර්ය යා ද සමානයෝ යැ.

ටිප්පණි : 1. උදා වෙමින් - යුව රජු ගේ උදයය නම් දිනෙන් දිනැ වැඩි වැඩි ඉසුරට පැවිණිය යි. සූර්යුයා ගේ උදයය නම් නැඟිම යි. 2. නිති වැඩ - ‍රටෙහි අභිවෘද්ධිය සඳහා ‍ෙනාකඩ වැ කැරන දැ නිති වැඩ යැ. 3. රඳා...රඳා - දෙ තන්හි මැ ‘රඳ’ ධාතුයෙන් වු අතිත කෘදන්ත නිපාතය වෙයි. අර්ථ- දෙකෙකි. 4. ඉවතැ යොදා - ‘දුරු කොටැ’ යනු ‍අර්ථ යි. සිටි තැනින් බැහැර කිරිම ඉවතැ යෙදිම යැ. 5. සදා - ‘සියලු කල්හි’ යන අරුත්හි අව්යියයෙකි.එ හෙයින් ඇතැමුන් යොදන ‘සඳා කල්’යනාදිය උමතු කථා යැ. 6. ‍‍‍ෙම හිමි සඳා - මෙහි ‘සඳ’ යනු උත්තමාර්ථවය දෙයි.

25. ග හ න් වියතැ වියැකෙත සිටි සිටි තැනිනි ව ග න් කරන මල් මුවරඳ සල් හිසිනි ප හ න් සඳෙහි රිවි කැන් උදය’හ උඩිනි ප හ න් සඳින් වඩු අම්බුලුවා කඩිනි

අන්නනය: වියතැ ගහන් සිටි සිටි තැනින් වියැකෙත, සල් හිසිනි මල් මුවරඳ වහන් කරත, උදය අග උඩින් රිවි කැන් පහන් සඳෙහි, පහන් සඳින් අම්බුලුවා කඩිනි වඩු.

අර්ථි : ආකාශයෙහි ග්රනහයන් සිටි සිටි ස්ථානයෙන් ක්‍ෂය වී යත් මැ, වෘක්‍ෂ ශීර්ෂ යෙන් පුෂ්පයන් මකරන්ද්ය වහනය කරත් මැ. උදය පර්වකත මස්තකයෙන් සූර්ය රශ්මින් පෑවු - කල්හි, ප්රයසන්ත චින්තයෙන් අම්බුලුවා කඩින් යව.

විස්තර : උදය මැ අම්බුලුවා කඩ නම් නුවර දොරින් නික්මෙන්නට කී පරිදි යි.

මයුර විවරණය 75 හිරු පායා එන කලැ, ග්රශහයෝ උන් උන් තන්හි ක්‍ෂය වෙති (නො පෙනී යෙති,) ගස් මුඳ්ර්න්හි පුෂ්පයෝ රොන් වහනට කෙරෙති (උසුලති නොහොත් වගුරුවති.)

ටිප්පණි: 1. වියතැ - සංස්කෘතයෙහි දු ‘වියන්’ යනු ආකාශයට නම් වෙයි. 2. වියැකෙත - ‘වියක’ (ගෙවීමෙහි) ධාතු ‘රක්’ ආදි අත් සද යි. වියැකේ - වියැකෙති - වියැකිණි, වියැකි - වියැකුණු, වියැකි. 3. සිටි - ‘සිට’ ධාතු ‘රක්’ ආසි පර පදි යි.සිටි - සිටිති - සිටි - සි‍ටී. මේ ධාතු ‘සිටු’ යි ද සිටි. 4. වහන් කරත - ඉසිලිම මෙන් මැ වැගිරිම ද ‘වහන’ නම් වෙයි: අර්ථස දෙක මැ මෙහි යෙදේ. ඇතැම් පුෂ්පයෝ මේ වෙලායෙහි මුවරඳ දරා සිටිත්, අන් ඇතැම් පුෂ්පයෝ මුවරඳ වගුරුවත්. 5. සල් - වෘක්‍ෂ සංස්කෘතයෙහි ‘ශාල’ යනු ද වෘක්‍ෂාර්ථ යෙහි යෙදේ. ‘ශාල’ නම් වූ වෘක්‍ෂ වර්ගතයට ‘සල්’ යනු විශෙෂ නාමයෙකි. 6. පහන් - අතීත කෘදන්ත නාම යි. ‘පහද’ ධාතු ‘බස්’ ආදි පර පද යි. පහදී - පහදිති - පහනි - පහන්, පහන - පහනු, පහන්, පහන.

‍ මේ ධාතු ‘රක්’ ආසි උභය පද ද වේ, (පර පද) පහදී - පහදිති - පැහැදි - පැහැදි. (අත් පද) පැහැදේ - පැහැදෙති - පැහැදිණි - පැහැදුණු. සකර්මික ‘පහද’ ධාතු ‘බල’ ආදි පර පද යි.පහදා - පහදති - පැහැසි - පැහැදූ.

7. ස‍ඳෙහි - මෙහි ‘සඳ’ යනු කාලාර්ථිවාචි නාමයෙකි. 8. සඳින් - මෙහි ‘සඳ’ යනු චිත්තාර්ථනවාචි නාමයෙකි. 9. අම්බුලුවා කඩිනි - අම්බුළුවාව නම් ගම්පළට දකුණු දෙයින් පිහිටි පර්ව.තයෙකි. මේ අසලින් වු නුවර දොර අම්බුළුවාකඩ නම් යැ.

දෙමළෙහි ‘කඩෙයි’ යනු පුර ද්වාරයට නම්. සිංහ‍ලයෙහි ‘කඩ’ යනු වෙයි.

"https://si.wikibooks.org/w/index.php?title=මයුර_සන්දේශ-විවරණයi&oldid=4423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි