මන්දාරම් පුර පුවත-මන්දාරම් පුර පුවත vii
දෙවැනි භාගයේ
මුල් අදියර
සංස්කරණය423 ලක්දිව වැණුම් කළ මන්දාරම් පු වත
පළමු බාග මෙලෙසින් කරමින් ස වත විරපැරකුම් නිරිඳසිහ දෙව්හිමි පු වත මුල්කර කියම් මතු සුදනෙනි අසනු යුත
424 විමල දම්සුරිය හිරු ලක්පති දෙ වන පිවිසි මර අවර පසුකර නොබෝ දින මහිම තෙද නුවණ යුතු ඔබ පිත්රු වන දිලුණ මෙ තුන්ලක රජ සිරි පත් වෙ මින
425 විරපැරකුම් නිරිඳූසිහ හිරු අණ රැ සින ෙතර සිට මුහුද රුපඳුරු බිඳුණේ එ දින පෙර නොපනත් කළ නෙක ඕලන්ද දන දරු ලෙස හිමි සැම දින සැලකු අද රින
426 හිමි සඳ කලණ ගුණ යුත් ලක්පති ප වර කිසි සඳ නුදුට පසමිතුරකු මෙලක තුර රජ බඳ සියලු වග සැම තැන සකස් කර අනු බඳ ඕලන්ද දන හට කළ අ දර
427 ලක්දිව සැම දනන් සිය දරු ලෙස නි තර යක් බු පිසස් කිසිවකු නො කළ අන දර කල් වැසි ලොපල් නියතින් සැලසු නො හැර මල් පල අකල් සැම තැන දැරු සියලු තුර
428 මෙම වර මෙලක රජපෙළපතින පැව තෙන බණ් ඩර වලිය බෝවිය ලක බොහෝ තැන රජි සුර පතා අදිපති දනෝ නොල සින අන දර යුද කැරලි ඇති කළෝ දින දින
429 දියුණුව ලෝසසුන් නොම සලකා එ වර
සැම දන කග ඉවත නො තබා කළෝ වැර ගොවිකම ඇ නො කළ නො වැඩු සිප්ස තර ෙතදහස ගම් පාලු විය මෙලෙස ලක් පුර
430 පර දෙස දතෝ ලක්දිව නසනුව පි විසා
අනදර අවුල් ඉපදු දත වෙත ර හසා උනුනුන් බේද කර අදිපති දන ව තසා ලක්පුර ඉසුරු ලබනුව දිරි ලති මෙ ලෙසා
431. ඉසුරු ලද නොයෙක් රටවල බණ් ඩාර
ඇදුරු බමුණු හන්ද්ර රු ගොවි මහ සාර ගොපලු සමඟ පවතින විදි තිර සාර අයුරු නැසෙන මැතිවරු කළ විස් තාර
432 අසමින් වීරපැරකුම් හිමි මෙම පුවතා නියතින් ලක් රජය පවතින ලෙස දිමුතා නුවණින් වැවස්තා පනවන්නෙමි සිතා වැසියන් පිළිවිසී කුමකැයි කරනු ය
433 බණ්ඩරවලිය ලක් තුල පවතින මෙ වරා
රජසිරි බඳ වග උත්තර සෑම උ දුරා නුමුසු පරපුරක් රජසිරි ලබන යුරා වැවස්තා කළොත් දියුණුව වෙයි ඉ ඳුරා
434 එහෙයින් මෙ ලක බණ්ඩරවලියට සෑමා
රජසිරි බඳ උරුමය මුල්සිඳ ලීමා ලක් රජයේ මතු වියවුල් දුර ලීමා වේයයි පැවසු නිරිඳුට මැතිවරු සැමා
435 යළිදු හිමි ! මෙ ලක මුසු රජ කතුන් හැරා සොඳුරු රජඟනක හට මෙහෙසි තන තුරා දෙමින රාජපරපුර කළොත් පිවි තුරා එයින අවුල් හැර සිරි වැෙඩයි හැම වරා
436 අසමින් එබස් මැතිඳුන් පැවසු සෑමා
වීරපැරකුම් නරනිඳුසිහ රජ උ තුමා පිවිතුරු රජදුවක මදුරාපුර නි යමා අගමෙහෙසුන් තනතුර තැබුවේ නො පමා
437 දරු ගබ් නො ලැබ එබිසෝ මද කලක් වැසා
මරු මුව පිවිසි දී ලක්දනට දුක් රැසා නරනිඳු එසඳ වියොදුක දිරියෙන් ඉ වසා දුරුකර පව් ලොසසුන් වැඩුවේ වෙ සෙසා
438 දළද්රරමැදුර සමනොළ මියුගුණු වෙ හෙර
නවකම් සමග පුද පිළිවෙත් කළ නො හැර මහවැලි නදිය කරවි හෙයක් මන හර ෙබහෙත්පසය දුන ගිලනුන් හට නො හැර
439 මැගියන් හට කිරි උක් සකුරු සම ගින
තැබවිය පස මංමාවත නොයෙක් තැන සඟනට පිදී සිව්පසයෙන් සියලු දින බණපොත් ලියා සදහම් කියවී එ මෙන
440 මනරම් කෙතක් සිය’තින කොට සැදැ යෙන
දළද්රම හිමිට සහ බික්සඟනට ද දුත නවගම් සදා දෙසැටක් ගෙවතු සම ගින ලක්දිව සියලු දිළිඳ්ර න් හට බාර ද්රාන
441 සමනොළ පැමිණ වඳිනුව සිරිපා සු ගත
ලක්සපාන සිට දෙපසින් ම මහ වත සරසා නවලක්සයක් පහනින් දි මුත පිදු සියතින තෙලින් තල තැඹිලි සිදු හත
442 එකල රුදුරු කාපිරි අවජඩ ගො ල්ලා
තම්මැන්නා පුර සැම ජනයින් අ ල්ලා පැහැර බරණ රන් මුතුමිණි සිය ල්ලා නොතරම් කළෝ ෙගවුයන් සැම ගිනි ද ල්ලා
443 මෙපුවත අසා නරනිඳු උදහස් වෙ මින
තිදෙනකු ඇමැතියන් යැවු කටුපුළුල යෙන මැතිවරු එ සැම කාපිරියන් අල්ල මින දක්වාලු ගෙනගොස් සැම නරනි ඳුන
444 සුපයි දනන් සහ කාපිරියන් සු සැට ගහලගමේ සිරකරමින් සැම ක ලට වසුරු-කුණුකසළ- ඇත්කුණු ඇදී මට තැබවිය ඔවුන් හට වෙන වෙන නියම කොට
445 දර හඬකඹුර පුස්සල වලහේන යන උන් ඇල්ලු මැතිනට කරුණා දෙ මින කස්තානය ඇත් අස්වාහන ද වෙන මැදවෙල කෙතේ ආද්රනයම් බාර දුන
446 යළි සමනොළ වඩිනුව සහ පිරිව රින
ලක්සපාන ගොස් රජු රැ නැවති තැන මදැතකු නරනිඳුහු ඉදිරිවැ පැමිණි යෙන පිරිවර වල් වැදුණ බියවී තැනින් තැන
447 මතුරා දැත පෑ ඇතු පලවාලුපු යෙන
කොට්ටාව මැතිට කස්තානය පළඳ මින මුදලි දිසානායක පදවිය සම ගින සඟුරුවන් කෙතේ සතමුණු බාර දුන
448 සැඩ දිය ගැලු කල මහවැලි ගං තො ටින
දිය කෙළි වැඩිය සඳ මැතිගණ පිරිව රින සැඩ දිය පහර මැද හිමි පිහිනන ග මන සැඩ වතුරෙන් ගෙන ගිය යටි ගං සැ ණෙන
449 මැතිවරු සහ පිරිවර දන සිටි දෙ තෙර
නොකඩව පැමිණ වෙහෙසී පසුබසින වර හළුවඩනා මැති දෙණියේ බල වීර නරනිඳු තුමා උසුලා සිය ළයෙහි කර
450 බලයෙන් දෙපය පැමිණි ගංතෙර සැ ෙණක
අද රින කමා කොට සිටි නිරිඳු බැහැ දැක සතොසින පඬුරු දී මැතිහට ගම් ව රෙක නිල දුන වලපනේ ආද්රහයමැ එ වක
451 නන් රට වැසි මැති බලසෙන් පිරිව රින
වන් දන පිණිස මියුඟුණ වඩිනා ග මන රන් ටැඔ තොටෙහි වැඩසිට හිමි ගල මු දුන යන් නට වද්රැළේ සමතුන් එ දිය පැන
452 සැම දන හෙළා මුව බිමැ නො බැණ උන් තැන
ලෙළදෙන නුවන් බජ්ජ්ල මැතිඳු සසො බන වෙළමින වරළ හිසවට දෙකන් වස මින වදිමින නිරිඳු සමු ගෙන සැඩ වතුරු පැන
453 පවතින අහස ගෙන යන පුලුනක් ලෙ සින
මඩිමින ගැඹුරු දිය කඳ නො සිට කිසි තැන සැණෙකින පිහිනමින් ගොඩ වී යටි ග ඟින අවු දින නිරිදු බැහැ දැක සිටියේ යෙ හෙන
454 අද රින නිරිඳු අත ගා ඔහු හිස මු දුන
එග ලින නො බැස සිට ගම්වරයක් දෙ මින වල පන දිසාපති පදවිය ද සම ගින ගරු වන දෙදුම්බර සෙන්පති පදවි
455 වඩි මින් නිරිඳු හේවාහැට මුල් ග මන
මහ දන් වල - මොරපා දෙවෙහෙර සො බන පුද මින් රන් පිළිම සේසත් යුවළ කින බර පැන් දුන සියලු නවකම් කරව මින
456 වෑ ගම් වෙහෙර යන පෙත්මග කරව මින
නව කම් මුනි මැදුර කරවාලිය එ මෙන මන රම් මැදුර යළි කරවා අරත් තන දුමි දුන් හට පවුරකුදු කරවිය සො බන
457 පිළපිටියේ උඩගම සහ දැලිවෙ ලය
ඇකිරිය ඇසළමල්පේ පල්ලේ වෙ ලය හීන්කෙන්ද මදුවඹ යටි වැල් ලේය වීරසිංහ මඩුවේ අලවතුපි ටිය
458 නුගයායේ යන මේ ගරු මැතිව රුන
හේවාපන්න අණ සැලසුම බාර දුන ඇත්පන්තිය අස්පන්තිය ද බෙද මින වැල්ල ගිරිය ගලුකේ දෙගමට දු න්න
459 මහගබඩා සත බාරය පෙර ලෙ සින
කොට්ටව ඇමති බෝගමුවේ හළුව ඩන අරාවෙ කපුකොටුවේ සහ වල හේන පුස්සලමංකඩ සත් මැතිඳුන්ට දුන
460 බමරබද්ද කොටිකාබද්ද සම ගින
දුනුකේබද්ද මහරාබද්ද ද එ මෙන කුරුඳුබද්ද සහ කුඩමසු බද්ද යන දෙගමට වැල්ලගිරි මුංවතු මෙ හැම දුන
461 දඩමස් බද්ද මීරා බද්ද සම ගින
මීරිය බද්ද කුළුපොතු බද්ද වෙන වෙන ගල උඩ මොරගොල්ල ඇල්ගම උනන් තැන මාරුතුවෙල යන මේ ගම්වලට දුන
462 ඇල්ගවරා අල්ලනුවස් වැඩි ග මන
කෝවිල් දෙක ඕකඳගල මොරප තන නවකම් ඔප්පුකර වැකඩ මොරතැ න්න කෙත් දෙක දේවමෙහෙයේ පඬුරට දු න්න
463 යළි කොත්මලේ සහ ඌවේ මහව නය
රට මැද පාර වලපන හෙය මහව නය දුම්බර සහ සෙංකඩගල මහව නය වෙන වෙන නියම විදි සලසමින කර විය
464 සොලිකෝට්ටේ හඟුරන් කෙතද වෙන
පහණඇල්ල රජමන්දිර නවක මින පුවක්ගොල්ලෙ පුස්සල කොට්ටව ති දෙන ඇතුල්කට්ටු විදි වාසල් බාර දුන
465 පිටකට්ටුවෙ මුර පංගාරතු එ මෙන
දරදිය අතවර ත් මේවර සලස මින පස් මේකරුවනුදු පත්කර විදි ලෙ සින කඩවත් මුරජාම හැම සැලසී සො දින
466 හේවාහැට ද මතුරට මෙලෙස සැම තැන
දියුණුව සතොස සැලසු බව අරුම වන මෙදෙසට රුදුරු දුක් ඇති කළ උදහ සින මෙ පුවත සිත් තැවුලි කරවයි මතු කි යන
467 ඉතා දිගු කලක් සව් ඉසුරු බැබ ළුණ
සැමා රජුන් දිනු ,විසු නොයෙක මැති ගණ හෙවා හැට සබඳ ලොව රකින සුර ගණ පමා බවය නිරිඳුන් උදහස් ක රුණ
468 බොහෝ නිදන් ඇති පිරි නෙක රන්රු වන
මහාසාර කුල ගොවි බමුණන් ව සන සැදී තුදුස් සියදහසක් කෙත් උ යන හෙවාහැට ත් දුම්බර දෙනුවර ද වෙන
469 සිවුසියපත්තු මතුරට පියස සම ගින
මහදන බාර මහමැති පදවිය දෙ මින සරුවන සියලු ගබඩා බාර කර මින දෙමළකු වඩිග පෙළපත පත් කළ බැ වින
470 සමාදිය දුරැර රජු සමඟ සැම දන
කොලාහල කැරලි අතදර කර ත දින මහාදන ඇමති පිරිවර ද මර මින නිමා නැති අවුල් ඇති කළ සියලු තැන
471 ගිනි ලෙස කිපි නරනිඳු අන් සැම ර ටින
යුද සෙන් එවු මුත් සුරු විරු පසිඳු වන අදහස නොසිදු වුයෙන් නරනිඳු එ යින පරදෙස ඕලන්ද සෙන් යැවු සියලු තැන
472 ගිනි ලා හේවහැට මතුරට ද සම ගින
දුර ලා කැරලිකොලහල අදිපති තෙ දන බැඳ ලා හේවාහැට දුම්බර ද දෙර ටින වැනසු දෙදහසක් සෙන් අදිපතිහු දැන
473 මේ ලෙස දෙනුවර ද යළි නො හැර වල පන කොත්මල සමඟ බින්තැන්න ද සියලු තැන සිවුසියපත්තුව ද මතුරට ද එලෙ සින වැනසු ඉසුරුමත් දන රුදු උදහ සින
474 නිලාවතුර කොට්ටව අඹලියැද් දය පිළපිටියේ උඩගම සහ දැලිවෙ ලය ලබුතල බෝගමුව සහ පල්ලේවෙ ලය ඇකිරිය ඇසළමල්පේ යළි බජ්ජ ලය
475 පුවක්ගොල්ලෙ රතමක යටිවැල් ලේය
දරහඬකුඹුර මඬුවේ වලහේ නේය මීගස්වත්තෙ දෙණියේ සපුවින් නේය අරාවේ සමඟ පුස්සල මංක ඩය
476 අදිපතිකමින් කොලහල කළ මේ හැ මට
දෙවමින් මරණවද උන් හැම පෙළප තන හැම දේ අහිමි කොට උන් සතු නිලත ලට අන් රට දනන් පත් කළ නරනිඳු එ විට
477 සෙසු අතදරට මැදහත් ජනයන් අ තර
යැවු සමහරුන් අත්රට දන අහිමි කර කෙත්වතු සියලු වාහල දෙයට එක් කර සැම වැසියන් ගිල්ලුව දුක්මහස යුර
478 කල් ගතවී රජහු උදහස තිවුණු සඳ
මාතල සපරගමු සිවු -සත් කෝර ළඳ ඌව වෙල්ලස්ස දෙස තෙක මැතිව රුඳ අදිකාරම් සත්කට්ටුව රැස් ව හිඳ
479 මැතිගණ රජුට පැවසු මෙලෙස විස් තර
ලක්දිව පැවති තෙක් හිමි සඳිනි පින් සර පරදන ඇමති තනතුරු ලද මෙයින් පෙර නැත ඇසුමට වත් මෙම හැර කිසි ම වර
480 රජබඳ සියලු දේ සිය දිවිමෙන් ර කින
අපමණ ඇත ඔබ රජයෙහි සුර දන පුරුදුව ඇමැතිවරු ඇති කල පරපු රෙන මැතිදුර පැවරීම නො ම වටී පර දන
481 අනදර මෙලෙස සිදුවු කරුණ දැන ගෙන
අදහස දෙවනු මැත වැසියනට කුළු ණින නො කුලන් කුලවතැයි යනු දහමක් නො වන සිය දන වද යෙදුම හිරුගොත නොගැළ පෙන
482 මෙපුවත අසා නරනිඳු මනුතිය ස මත
සැම දන අයිති තනතුරු උන් උන් ම වෙත පෙරදින විලස පවරා උන් සතුම හත සැම දෙය බාර කොට දුනි නො අඩුව නැ වත
483 වද යෙදුවන් සතු වු තනතුරු සි යලා
උන් පරපුරට පැවරී වතගොත අ සලා දැවු ගෙවතු වන්දිය සැම දේ ස රිලා මහගබඩා අරමුදලෙන් දුනි සි යලා
484 හේවාහැට වැඩිය රජු තුන්වැනි ග මන
පහණඇල්ල වහසල සහ පිරිව රින වැඩ සිට සියලු විදි සලසා පෙර ලෙ සින වැවස්තා ද වෙන් කල මුරජාම ගැන
485 කොත්නාමංකඩ මුර කරුවන් දෙ දෙන
විල්කඩ මහතැන්න දුම්මල බද්ද දුන නයිමල මංකඩේ මුර සමසක් බැ ගින දෙදෙනකු තබා කඹබදු සදෙනකුට දුන
486 සිතාකන්ද මුර බටගල්ලට දෙ මින
උඩුතුල හොයේ මුර ජංගව්ලවිට දුන ආඳාඔයේ මුර ආඳොළුවට දෙ මින වක්කුඹුරට මාඔය කඩවත දු න්න
487 අත්තන කුඹුර පත්තිනි මැදුර සැම දින තෙල්වියදම් සරිලන ගණන බෙද මින බුලතයාට කංකානම් නිල දෙ මින මීරියබද්ද පංගුව දුන විල්ක ඩින
488 පන්දම් පනත මාරුතුවෙල නියම වන
දෙගුණ කර බෙදා පුස්සලයාට දුන ඇසළගස්තැන්න අත්තන කුඹුර යන තොවිල් දෙ ගම දෙව්මැදුර බාර දුන
489 සඟුරන්කෙත තෙල්වියදම ගොණග මින
තොවිල් තේව අතවර විදි පෙර ලෙ සින තොරණපතන විල්වල සහ උනත් තැන දුන දෙවෙහෙරට මාදන්වල අරත් තන
490 විල්වල සැම පනත් ගමපංගුවට දුන
පුජාතොරණ නියමය මහගමයි න්න පුජාතොරණ අතවරවිදි අරත් තන මැදපිටියට සලසා පණිවුඩ දු න්න
491 පුජාතොරණ මහදන්වල සැල සීම මහගමපංගු අතවරපංගුව නි යම තොරණපතන අතවර සමග වෑ ගම බඹරගම ත් ඇළවටුපංගුව නි යම
492 කඩදොර තොරණඅතවර සහ මුර ජාම
නැකැතිදුර සමග ගමපංගුව නි යම මොරපායේ තොරණඅතවර විදි සෑම වැල්ලගිරිය ගමපංගුව කළ නි යම
493 හඟුරන්කෙත ඇකිරිය සමග වෑ ගම
ගලඋඩ කිතුල්පේ විල්වල ගොණා ගම දෙසිපේ උඩුතුලේ අම්පිටිගොඩ සෑම ආවරිදනන් බදු මහගබඩා නි යම
494 ලියන්වෙල ද අත්තනකුඹුර සම ගින
වැල්ලගිරි උනත්තැන සහ බෝව ලින කොට්ටල්බදු හෙල්ල අවි තෝමර ද වෙන කොඩිතුවක්කු හේවා වසමට දු න්න
495 රන්කඩුපට්ටලේ පැවතුණු තල හේන
මතුරට පුර ඇමති සහ හේවා ප න්න කඩු සන්නාහ සලසා වැඩිපුර ති බෙන මහගබඩා විදි නියමෙට බාර දුන
496 මේ ලෙස වැවස්තා සැම රට නියම කර තුන්ලක වැඩි දියුණු සලසා ලෙසින තිර සිව්දෙව්මැදුර සහ දළදා පුද නො හැර තිරකර වසන සඳ රජු සිරිවඩන පුර
497 නිවසන කොළොම්පුරයෙහි මිසදිටුන් පති වනසන බුදුසමය නායක දේව ගැති විල සින පහතරට උඩරට දන ද නිති ගන්වන ලෙස මිසදිටු දිරිලයි නි යති
498 ඔහු බස් ඇදහීම සත් උඩරට ව සන කිසිවෙක් නො කළේය වදනින බික්ස ගන අදහස් මුදුන් පමුණනු වස් නොයෙක් තැන සිල්වත් සඟුන් නෙක වැනසු විස දෙ මින
499 උඩරට රජ යුවරජ මැතිගණ නි තින සිය නෙත විලස ගරු කොට අදරින ර කින සරණංකරබිදන් හෙරණිදු ගුණන දන විස දී නසනු වස් යෙදු කාපිරි දු දන
500 ඔහුබස් ගිවිස නුනුවණ කාපිරි දුදන
තිදෙනෙක් ඌව පසුකර සීතා මුදුන කඩවත් පැමිණි ගොළු බැව් ලියවු හසුන දක්වාලුව හිඟමන අවසර බැවින
501 ගෙන්වා උන් මතුරට කඩවත් තුළට
සොලීකොටුව සිරකර තබමින් එවිට ඇතුල්කට්ටුවේ මැති දෙවමින් දු බැට ඇසු මුත් කතා නො කළෝ ගොළු ලෙසින සිට
502 සැටියෙන ඔවුන් යෙදු පරසතුරන් විසින
විම සන පුවත් රටතොට වරයනැයි යන සැකයෙන ඇමතිවරු මතුරට පුර වසන නොමයන ලෙස සිරකර තැබු උන් තිදෙන
503 අන් තිදෙනෙක් එලෙස ම මියුගුණු මැදින
දුම්බර පැමිණි සඳ උන් ගැන සැක සිතින අල්ලා ඔවුන් මඩුගල්ලේ මැති එමෙන යැවු මතුරට පුරයට විමසන ලෙසින
504 උන් ගැන කරුණු විමසු මුත් කිහිප දින
කිසිවක් නො කී ගොළු බිහිරුන් වෙස් රැ ගෙන එනමුත් නැණැති මැතිවරු සැක කොට ත දින කාපිරිබස් දැනෙන මිනිසකු කැඳව මින
505 සිරකර තැබී එක් තැන ඔවුන් සම ගින
ගියකල පසුව මද කල් රහස රැ දින කොඳුරා උනුන් ආ තතු පැවසු බැ වින පසුදින ඇමැති බැට දී කරුණු ඇසු තැන
506 දෙව් ගැති ගෙන් මහත් අත්ලස් ලබා ගෙන
සරණංකර හෙරණිදු මරනා ලෙ සින විසදීමට ආමුයි උන් කී බැ වින පසුදින යැවු නරනිඳු වෙත උන් ස දෙන
507 සැම තතු අසා නරනිඳු ඔවුන් සිර කර
සැලකර යැවු සඳ එ පුවත කොළොම් පුර අදිපති විමසමින් දැන සියලු විස් තර දෙව්ගැති රුදුරු හැරියේ පිටුවහල් කර
508 යළි පෙරළා පතක් එවු එවැනි අන දර
මතු නොවනා ලෙස ගිවිසුම් කර ප තර එම පතිනා .තුටු වු මුත් රජ එ වර වද දෙමිනා කාපිරි මැරවිය රු දුර
509 අදහස් දත් බැවින් මිසදිටුවන් එ සඳා
සරණංකර හෙරණිඳු සඳ වෙත නි බඳා මුරකරුවන් සොළසක් රැදෙවෙහි යෙඳා සියැස ලෙසත් රැකියේ සිව්පසය පුඳා
510 රජසිරි ලැබියයුතු දු දරු නැති බැ වින
හෙරණිඳු සහ ඇමැතියන් අදහස් ලෙ සින මදුරාපුර පිරිසුදු රජ කුලෙන් එන සිය මෙහෙසිය සෝයුරු පින් ගුණ නැ ණින
511 අගපත් වඩිග කුමරිඳු දකුණු අත ගෙන
සරණංකර හෙරණිඳු අතෙහි තබ මින මෙකුමර හට දහම් සිප්සතර ද දෙ මින සසුන ද රජය රක්වනු මැන මතු යෙ හෙන
512 මෙලෙස බාර කොට පැවරූ සඳ නි රිඳා
කුමරු ඇසුරු කොට සරණංකර ය තිඳා ඉගෙන නොයෙක සිප්සත සදහම් මු නිඳා වසන අතර බුදුසසුනෙහි සිතු පැ හැඳා
513 වීරපැරකුම් නිරිඳුසිහ නරනිඳු මෙ ලෙස
නිර කොට ලක රජය මතු පවතින වි ලස නිරතුරු වඩවමින් තිදොරින් කුසල් රැස ගොර මරු මුව පිවිසි පළකළ දම් අ නිස
මෙතෙකින් මන්දාරම් පුර පුවත
දෙවැනි භාගයේ
මුල් අදියර නිමි