මන්දාරම් පුර පුවත-මන්දාරම් පුර පුවත vi
සවැනි අදියර.
සංස්කරණය390.තිදසපුර පැමිණි හිමි රජසිහ දෙවැනී
දෙසිය දෙවිසි පිරි දෙදහස බුදු වසිනී විමලදහම්සූරිය හිමිසඳ දෙවැනී පැමිණි මෙ ලක් රජසිරි හිරු බදු තෙදිනී
391.වි ම ල දහම්සූරිය හිමි හිරු රැසින
සි ය ල සතුරු ගනදුරු දුරු විය කෙමෙන එ ක ල කොළොම්තොට වැසි ඹ්ලන්ද දන වි පු ල පඞුරු ගෙන දී විසි සමගි යෙන
392.කොට්ටියාර තම්මැන්නයද යාපන
මඩකලපුව කතරපුර හම්බන් තොටින වෙන වෙන පඞුරු හැමකල ගෙනවුත් දෙමින හිමි සහ එකඟ වී විසි ඕලන්ද දන
393.පමාවරද උත්තර දෙන්ට දස් වන
සදෙනෙකු දනන් නිරිඳුට බාර කර මින බටහිරි දකුණු සිඳුතෙර පඞුරු පම ණින ඕලන්දා වැසි දන හට බාර දුන
394.මෙම ලෙස රුපු අඳුරු සිඳ ලක සියලු තැන
වඩමින සසුන්දම් සුසිරිත නිති යෙ හෙන රජසිරි විඳින සඳ ලක්දිව උපස පන නොම පවතිනු විමසා දැන තතු ලෙ සින
395. පඞුරු යවා මැතියන් සහ රකඟ දෙසා
සපිරි සැඳ සිල් ලැබ සඟගණ තෙ තිසා දෙවා උපසපන ලක්දන පියකු ලෙසා සසුන සමග දෙවෙහෙර වැඩුවේ ස කසා
396. අනිස දුක අනත බවමින් මහස ඟන
සඟළ කහබහත් බැඳ පත ගෙන අ තින ගෙපිළිවෙළ සිඟා දිවිරැක නිසි ලෙ සින සතන දම් දෙසා සුසිරිත වැඩූ යෙ හෙන
397. දුසිරිත හැර වැසියන් සුසිරි වඩ මින
සැදැයෙන පුදා සිවුපසයෙන් බික්ස ඟන දෙගුරුන් ඇදුරු කුලදෙටුවන් ද පුද මින දැහැමින් දිවි රකින නිති රජඅණ ලෙ සින
398.වෙසක් ඇසළපුද සහ දේවාල පුද
සිරිත් සියලු බක්මස පැවැති විදි ලෙද මහත් අදර බුහුමන් කරමින් නො සිඳ පවත් වමින් වැසියන් සිත්ගෙන නි බඳ
399. අදරින සියලු රටවැසියන් සමගි කර
තුන්රට වැව් අමුණු බැඳ කෙත්ගරු උයන් කර මනුනීතිය සමග සදහම් නිතර ගරු කර දැහැමින රජකරන සඳ ිරිවඩන පුර
400.ලක්දිව නෙක ඉසුරු හැරන්නා ලෙසිනි
ඕලන්දා වැසි සොර ජානකු විසිනි මහවැලි නදිය දෙපසෙහි වෙහෙර බි ඳිමිනි පැහැදුණු දන පැහැරගත් පුවතෙක් කෙමෙනි
401.සසියක් පමණ ඕලන්දා සොර දුදන
සැටක් වෙහෙර සිඳ සරු දන පැහැර ගෙන මියුගුණු වෙහෙර පත්වූ පුවත අස මින යෙදී ඇමැතියන් උන් ගන්නා ලෙ සින
402.ගලගොඩ , මඞුගල්ල , බෝගමුවේ එ මෙන
බජ්ජල, යටිවැල්ල, අඹගහපිටිය, යන මැතිවරු සදෙන දුම්බර හේවැමැ ටින දෙදහස් බලසෙනඟ ගෙන ගොස් විග සින
403.අල්වා ඹවුන් නිරිඳුන් හට දැක්වූ තැන
උදහස් වී බඩු සහ සොරුන් දකි මින දරදිය මේ වරට ඒ ගරු මැතිව රුන දොළසක් බැගින් පාවාදී ඹවුන් ගෙන
404.සෙසු සොරු වෙහෙරවල නෙක රට මේව රින
සකසා බෙදා ඒ ඒ තැන පාර දුන යළිදු මෙ බව දන්වා ලියමින් හ සුන ඕලන්දා පති වෙත යැවි තතු ලෙ සින
405.උදහස නිරිඳු ගේ දැන ඕලන්දා දන
එවිගස නෙක පඞුරු සහ අගනා ති ලින සමගින සෙනෙවියකු එවමින් රජු වෙ තින අදහස ලෙස කමා පණිවුඩ ගත් සැ ණින
406.ක මා කර ඔවුන් මතුකල ලක්දි වට
ප මා වරදකුත් නොම ඇතිවන ලෙ සට ස මා දාන ගිවිසුම් කරමින් එ විට සැ මා ලෙස නතුව සිටියේ හිමි ස ඳුට
407.මේ ලෙස සතුරු බිය පිස ලක තුළ ප තර
තුන්රට වැව් අමුණු කෙත් නෙක සකස් කර සපුරා ලක ඉසුරෙන් දන සතුටු කර අමුතුව ගම් සමග මාවත් ද ඇති කර
408.සැම කල සරු ඉසුරු අගනා ලක මහත
පරදෙස රුපුන් හැරගත් තතු දැන නියත සතුරන් නොදත හැකි ගබඩා කර මහත රහසිව තබන ලෙස අදහස් කර නැවත
409.පෙර සිට මෙ ලක ගරු කුලයෙන් පැවත එන
රජ පස ඇමති වන හළුවඩන , දිඹු ලන මඞුගල්ලේ , මොහොට්ටාරච්චි, සම ගින ඇරව්වාවල, ද කොට්ටව, මැති ස දෙන
410. කරනුව රහස් ගබඩා නියම කළ තැන
මැදමහනුවර සත් ගබඩා කරව මින තබමින එහි අනගි දේ රජිඳු තුටු වන පවරා මඞුගල්ලෙ මැතිඳුට බාර දුන
411.කඩදොරපිටිය මහගබඩාව කොත් මල
මියඟුණ වෙහෙර රන්කොත සමගින වි පුල පසළොස් වෙහෙර රන්කොත් තබමින් ළ කල මොහොට්ටාරච්චි පවරා දුන එ කල
412.සදෙනකු ඇතුන් බර නෙකරුවන් සම ගින
හේවාවසම් දේපල නිදන් කර මින රහස්මිගොල්ල නම් පියස වල පත දිඹුලන ඇමති හට සලසා බාර දුන
413. ඕකඳගලෙහි පෙර සිට ඇති සත්නි දන
මහපැරකුම් නිරිඳු මිණිකිරුළ සම ගින දෙතිසක් වොටුනු ඇතුළුව නොයෙකුත් රු වන හළුවඩනා මැතිඳුන් හට බාර වන
414.අඩගව් දිගැති දෙතිසක් අත් පුළුල් වන දියතලාපවෙහි සඟුරන් කෙත මු දුන පෙර සිට පැවැත ආ තුදුසක් පර පු රෙන රහස්ගබඩා දැක සතුටුව සො බන
415. සුසැටක් ඇතුන් බර ඇති රුවන් සම ගින සදහස් තුවක්කු ද යළි පලිහ වෙන වෙන මහතුවක්කු කඩු සන්නාහ දහ සින හෙල්ල දුනු තොප්පි සැට්ට ද සුවහ සින
416 ඊයම් වෙඩිබෙහෙත් කූඩාර සම ගින බෙහෙත් බුජම් ඉගිකැට පත්ඔත්තු සන ඉලක්ක එලි අංජනම් සියලු ෙබහෙ තින විසදුලිය කටුකපනා සහ වි දින
417 පුරා උපකරණ යුදබරණ සම ගින උඩවෙල පහළවෙල මතුරට මැද වෙ ලින බෝදිගොල්ල කටුපන්වල ගොණග මින ඉල්ලගොල්ල කිතුල්පෙ සහ කෙත්වි සෙන
418 හේවාවසම්කෙත් ලෙස වැවස්තා කර මහගබඩා වැවස්තාපනත ඇති කර ගල් කැටියා සියලු මේවරට පත් කර කොට්ටව මැතිට දුන ගබඩා බාර කර
419 මෙලෙස යොදා රට බලනුව වැඩිය වර සඟුරන්කෙත වාහල සහ දෙව්මැ දුර ජරපත් යවා මනරමි ෙලස සකස් කර පහණඇල්ල මාලිගය ද පියවි කර
420 ඌව ද කොත්මලය මාවත් සකස් කර විදි ලෙස පිහිටුවා දුන මුරද අත වර යළි සැම රටවල ද අයබදු නියම කර ඇති කොට දන කුවෙරපුර ලෙස මෙලක් තුර
421 වැසියන් හට සියලු සුවහපසු විදි කර එලෙසින් පින් දහම් අපමණ දියණු කර පුද මින් තෙරුවනට කෙත් වතු කැපඅ යුර විඳිමින් මනුනිය සෙ රජ සිරි සියලු වර
422 මෙලෙස ලෝසසුන් දියුණුව කළ නි තින විමල දහම් සුරිය සක්විති රු වන සියලු දනන් සෝදුක්සයුර ගල මින රුදුරු මරරකුසු ගති අගය නොම දැන
මෙතෙකින් මන්දාරම් පුර පුවත සවැනි අදියර නිමි.