මන්දාරම් පුර පුවත-මන්දාරම් පුර පුවත ii

දෙවැනි අදියර



37. පි රි සි දු සිහල හිරුගොත් රාජ පර පුර කි රි සි ඳු විලස නිමල ව පවතිනා වර හි රු බ ඳු පතළ තෙද බල නැණ විකුම් සර පි රි සු දු වලිය ඇතිවිය ලක බණ් ඩාර


38. ආ රි ය බමුණු ගහපති කුල මහ සාර සූ රි ය වංස රජකුල මුසු විය එ වර සූ රි ය දෙවිඳු ලෙස තෙද බලැති නො වි තර බෝවිය බණ්ඩ‍ාරවලි ලක තුළ එවර


39. පැ ව තා බණඩාර වලියෙන් යුතු මහිමා මා යා දුනු නරනිඳු ලක් ඉසුරු සැමා සි ය තා කර රජදම් විලසින් නියමා සීතාවක නුවර වැජඹුණි සතුරු නිමා


40. ඔබට දා උප නා තෙද යස බෙලෙන් දිලෙ නා රදම් සිප් දැනෙ නා මෙලක නරපති බවට හොබ නා


41. අනගි පින් රුව නා ටිකිරි බණ්ඩාර නමි නා දනන් සිත් රැගෙ නා විසී රජබද ගැඹුරු ගුණෙ නා


42. වැඩී නිසි බල යෙන මැඩී නෙක බල සතුර න රජේ කළ ලොබ යෙන මැරී තම පිය රජුහු සියති න


43. පිය රජහු සතු වන රජසුරු සමග ගරු වන රජකුලෙහි පැවැතෙ න සමග සැම සිප් මතුරුලේක න


44. රහස් ඔසු මතු රා දඬුරූ සිල්ප යතු රා බූතසිප් කතු රා විමන් ඈ නෙක දිස්ටි ඇදු රා


45. අනගි දේ ලැබ ගෙන සතුරන් මරා ජය ගෙන රජසිහ යන නමින‍ මෙ ලක රජ වී බලය පාමින


46. යළි ඉසුරුමත් වී පිය නැසූ පුවත් සිහි වී නිරාදුක බිය වී සුදත් දම්පඬිවරහු ගෙන් වී


47. මහ සඟන ගෙන් වා සිවුපසෙන් පුද කර වා කිරුළ බිම තර වා හඬා මෙවිලස කියන බිය වා


48. පියා නැසු අකුස ල් නසා හරිමින් එ සිය ල් ලබා සුව මතු ක ල් ඉන්න නිසිපින් දෙසනු මනක ල්


49. සුගත් දම් දන් නා සඟන ඔහු බස් අස නා පියා නැසූ පවි නා නොවේමය උපදෙසක් මිදෙ නා


50. එසේ මුත් රජු නේ පින්දම් වඩනු නිති නේ දෙවන අත් බැවි නේ‍ මතුව පලදේ එපින් සොඳි නේ


51. එරජ නො ම තොස් වී නිරාදුක් ගැන බිය වී පරසමය බැලැ වී ඉසුරු ගැතියෙක් මෙලෙස දැක් වී


52. නරනිඳුනි! පින් ව ත් නො බා ගිදිනේ යාප ත් සිව දෙවිඳු යැදුම ත්‍ වේ ය පිළිවෙත යාග හෝම ත්


53. අඳුරු ගිරු ලෙසි නා සියලු පව් දුක් නස නා නිමල සැප දෙව නා පුදනු මැන සිවදෙවිඳු බැති නා


54. ඉසුරුගැති බසි නා එ රජසිහ රජ තොසි නා මෙ වැනි දේ නො දැ නා කුමන මහණ ද කියා රොසි නා


55. බික් සඟුන් මරමි න බණපොත් වෙහෙර තසමි න සිව දෙවිඳු වඳිමි න නළල අලු ගෑය මිසදිටු ගෙ න


56. එකල ලක්වැසි ද න රජු වෙත පැමිණ අදරි න මිසදිටු හරින මෙ න අයැද සිටිය ද නිබඳ යටති න


57. සුදනන් බස නො ගෙ න රජහු දැන නො තරම් ව න ලක් රජය කරව න විලස කුමරකු යෙදූ රහසි න


58. එබව දත් නිරි ඳා නොයෙක් පොත් පත් ගිනි දා ලක ඉසුරු පසි ඳා මහත් අනදර කෙළේ සැම දා


59. සොලී ඈ නෙ රවි න ගෙන්වා ඉසුරු කපුව න‍ මෙ ලක්දිව තැන තැ න බාර කරමින් යැවී බලයෙ න


60. එලෙස පත් සිවසෙ න් අතරින් බලැති කපුව න් සත් දෙනෙක් නො ලසි න් මෙ ලක වනසා කළෝ අබිම න්


61. ඉනුදු යුතු යස සා බලැති ගිරි නම් තවු සා මන්දාරම් දෙ සා පැමිණි රජසිහ අණින් විග සා


62. ස ද හ ස් සිව පිරිවර සමඟින් බලැ ති අ ද හ ස් ලෙස වසන්නට අණ ලත් කැමැ ති නි ද හ ස් බල පිරිස් ලැබෙමින් ගිරි නමැ ති එ ත වු ස් සසිරි මන්දාරම් පුරය ග ති


63. ඉක්බිති නොයෙක් සෙත් ගෙන රජ අණ ලෙසි න අත්කර සතිස් ගම් උඩහේවාහැටි න අත්තන කුඹුර පෙදෙස ද ඌව සමගි න මුංවතු වලපනය යන රට පැහැර ගෙ න


64. සුගත් සසුන වනසා මිසදුටු දෙවුය‍ අලුගා නළල සැම සිව සමය ගැන්වුය මිසදුටු නො වූවන් ගිරියේ වැලි ලැවුය රදල මුදලි දන මිරිකා මෙහෙ ගතුය


65. මහබෝ වෙහෙර පුද උන් උදුරා ගනිත සිල්වත් සඟන මරවන බුදුරුව කඩන පොත් ගිනි ලත අනගි විසිතුරු දේ නසන වැසියන් පෙළත උන් සතු දේ හැර ගනිත


66. එකල ලක උසස් ගරු තනතුරු දරන දෙනුවර දුම්බර ද ගම්පලය තුම්පන සිටුසිය පත්තු හේවා හැට ද වලපන කොත්මල ඌව දෙස මාතලය සමගින


67. සිවු සත් කෝරළ ද වන්නිය අනුර පුර නෙකරට වැසින් රැස්වී ගම්පල නුවර රජසිහ රකුසු පලවා ලක්දිව ඉසුර සුන්දර බණ්ඩාර හට දෙන්න යෙදු වර


68. එපවත් දැන රුදුරු රජසිහ රජු විසින සුන්දර බණ්ඩාර මරවාලූ බැවින පින්සර කුමරු ඔහු පුත් බාලව සිටින සඟුරන් කෙත නුවර සඟවා තැබූ එදින


69. අ ස මි න් එපුවත ද රජසිහ නම් දුදන ස ගු ර න් කෙත පුරය වටකර සිවු දිගින සැනෙකින් කොනප් බණ්ඩාර නො ම දුන හොතින ව න ස ත් තෙමි සියල් මෙ නුවර කී බැවින


70‍. නැණැති දනන් හේවා හැට වැසි සියලා සිටින ලෙඩින් පෙළෙනා මරණ ළං වෙලා එ වැනි රු වි න් සම අන් කුමරක්හු බලා ගෙන්න දෙමින් රැවැටූ රජසිහ එකලා


71. එ විට නිරිඳු ඔහු මුර කරවා එදින සැට ඈඳුතු ඔංඩුවක් සඟුන් මරමින සියලු වෙහෙර ගිනි ලා පාලු කරමින පලිය ගන්න එකුමරු හික්මූ බැවින


72. රජසිහ නිරිඳු රැවැටී මෙලෙස ගිය වර ලක්දිව ඉසුරු ලැබ සිටිනා කොළොම් පුර ප්රදතිකල් රජහු ‍‍වෙත පඬුරු ත් සමග සර කොනප්බණ්ඩාර හැරියෝ බාර කර


73. පින්සර මෙ ලක රජකම හිමි ඒ කුමර ප්රපතිකල් රජහු වෙත සැපතින් වැඩුණු වර “කොනප්බණ්ඩාර උඩරට‍ට රජ කර ප්රපතිකල් රජුට පවරා ලක මුහුදු කර


74. වියවුල් දෙපස මතුවට කිසි ඇති නො කර ප්රපතිකල් රජහු ලක්දිව නිති රකින යුර” එසියල් සිහල සෙත් සමගින් කතා කර මෙලෙසින් දෙරට ගිවිසුම් කර සිටින වර


75. එකමත නැති කුහක ප්රනතිකල්රජ එකලා ලබනට සියලු බල වංචා සිත් පෑලා ලක්වැසි දනන් බිඳුවන උපමා යොදලා කැඳැවිය වෙනින් කුමරකු රජකමට බලා


76. සිහල රටින් පැනගිය රජසිහ බියෙන එකුමරකු දොන් පිලිප් ප්රගතිකල් සමය ගෙන සිටියහු කෙ‍ානප් බණ්ඩාර සමගින් දෙදෙන සෙංකඩ ගලට යවමින් යුදපිරි වරින


77. පිලිප් කුමරු එහි රජකමට පත් කර කොනප් බණ්ඩාර හට දින සෙනවි දුර සතොස් නො වී ඉන් එ කුමර නුවණ සර මෙලෙස් සිහල සෙන් සමගින් මතුරු කර-


78. පිලිප් කුමරු යමපුර හැර විගසකි නා ප්රෙතිකල් වැසියනු දු පන්නා බිය දෙමි නා සෙංකඩ පුරය සරසා සුරපුර ලෙසි නා රජ විය විමලදම් සූරිය යන නමි නා


79. සීතාවක එකල රජ කරනා රුදුරු රජසිහ නිරිඳු අබිමන් සිතැ ලා ගැඹුරු නෙදහස් බලපිරිස් පිරිවරමින් මහරු සෙංකඩ පුර බලා පිවිසියෙ නො කර සරු


80. එකලා විමලදම් හිමි තෙද බල මහිමා පතළා සිහල සෙන් පිරිවර ගෙන නොපමා දැකලා බලන වෙත රජසිහ සෙන් සෑමා වටලා යුද කළේ මිහිකත් කර ගිගුමා


81. “පරම්පරා දන නිසි විලස අත් කර අහංකාරයෙන් ලද තනතුර අතැර තරම් නො දැන ලක්රජකමට ලොබ කර බලන් පියා හට වූ හරිය සිහි කර”


82. මෙලෙස එ රජසිහ රජ පණිවුඩය කර ‍ විමල දහම් හිමිසඳ වෙත යැවූ වර “කළ දෙය ම පිය හට සුන්දර බණ් ඩාර හැරගෙන මිස පලිය නැත නැවතුම් මෙ වර”


83. මෙ ලෙසින් පිළිපණිවුඩ හරවා ගැඹුරු නැඟ සුදු අසු පිට මරවා සෙන් සතුරු රජසිහ රජු පලවාහැර වෙතට මරු මුළු ලක්දිව ජය - දිව කුසුමින් තැවැරූ


84. බොහෝ දිරිය වඩමින් යුද කළ මුත් - රජසිහ රජ රුදුරු බොහෝ මැතින් සමගින් මරුමුවපත් - විය බලසෙන් සොඳුරු අ හෝ කරුම පල දෙන්නට වන් කල - නවතිනු හැකි කවුරු බොහෝ පුරුදු අසු නැග ආපසු ගියෙ - පැනගෙන මඩ වගුරු


85. ග ම් බි ර සේනා පැරද පලාගිය - හසර නො දැන වනයේ සු න් ද ර අසු ගේ පිටින් වැටීගොස් - මඩවගුරේ ගිලියේ සි ල් ක ර මිරිඩැඩි පතුල විදීගියෙ - උණකටුවෙන් තරයේ ළං ක ර මහදුක් නාවිස මෙන් විස - නපුරු කරුම බලයේ


86. සි ය ති න් කග ලා පියරජු මරමින් - යළි මිසදුට රැගෙනා ම ර මි න් සිල්වත් බොහෝ සඟුන් නෙක - දරුණු වදන් දෙමිනා න ස මි න් වෙහෙර ද සඟු සතු ගම්බිම් - අන්සතු කර දෙමිනා කඳු මෙන් ගොඩකර බණපොත් ගිනි දී - සසුන ද වන සමිනා


87. ම ර මි න් ලක්දිව බොහෝ දනන් ගුරු - රදල මහත් උතුමන් සි ත මි න් මේ ලෙස කරුණු වරින් වර - සුසුම් ලමින් හඬමින් සි ය ති න් ගල් පෙරළා අන්තිම වර - බුදුන් සරණ ගනිමින් තෙ රි ඳු න් දෙව්දත් විලසින් රජසිහ - නිරිදු හඬා පෙළමින්


88. පි රි ක ර පුද කරවා සඟනට යැද - සිහි කර ගුණ තෙරුවන් දු රු ක ර මොහඳුරු නිමවා එම වර - මිසදුටු පවිටු වදන් ල ක් පු ර රජිසුරු සමගින් මනුකය - ආලය කළ නියතින් අ ත් හැ ර ගියෙ රජසිහ නරනිඳු සඳ - රුදුරු මරහු වසඟින්



මෙතෙකින් මන්දාරම්පුර පුවත

දෙවැනි අදියර නිමි.