මන්දාරම් පුර පුවත-පූර්විකා

මන්දාරම්පුර පුවත පූර්විකා


කවර ජාතියක වුවද භාෂාව හා සාහිත්යඅය එම ජාතියේ නියම තතු හෙළි පෙහෙළි කර දෙන කැඩපතකි. සිංහල වූ අපේද භාෂාවේ මුල් අවධියේ සිට මේ වන තුරු, ඉතිහාසය පරීක්ෂා කර බලන විට දුරාතීතයෙහි භාෂා තත්ත්වය මෙන්ම කලින් කල රටෙහි පැවති විවිධ බලපෑමි කරණකොටගෙන ඇතිවූ වෙනස්කම් ආදිය ද මැනැවින් දතහැකිය. සාහිත්යණයේ අනුසාරයෙන් ද අප ජාතිකයන්ගේ ප්රකබලකම් මෙන් දුබලකම් ද උන්නතිය මෙන් අවනතිය ද මොනවට අවබොධකටහැකියි. ක්රිගස්තු පූර්ව දෙවැනි තුන්වැනි ශත වර්ෂතයන්හි සිට අප රජුන් විසින්කලින් කල කරවන ලද සෙල්ලිපි වලින් ද ලංකාවේ නොයෙක් ඓතිහාසික ‍ෙතාරතුරු හෙළි කෙරේ. පැරණි සිංහලයන් විසින් සිංහලයෙන්ම විරචිත අට්ඨකථා මහාවංසය වැනි ඉතිහාසාත්මක ග්රංන්සථ අභවප්රාසප්ත වුවද දීපවංසය හා මහාවංසය යන පාලි වංසකථාදවරේ ය අප ඉතිහාසය ලොකයාට විදහා පාන මහාවංසයෙහි සඳහන් වන නොයෙක් කරුණු පිළිබඳව උග්රැ විවේචකයන් ඇතැම්විට යම් යම් සැක පහළ කරණ නමුත් විටින් විට සොයාගනු ලබන සෙල්ලිපිවලින් මහාවංස ප්රටවෘත්තීහුම සනාථ වෙති. දුටුගැමුණු රජුගේ දශමහායෝධයන් පිළිබඳ පුවත සුරාඞ්ගරනා ලොවකින් ඇදගත් කථා පුවතක් කොට ඇතැමුන් ගිණු නමුදු මෑතකදී සොයාගන්නා ලද ඉපැරණි සෙල්ලිපි කිහිපයකම දශමහා යෝධයන්ගෙන් කිහිප දෙනෙකුන්ගේම නම් සඳහන් වේ. ජනප්රපවාදයෙහි හෝ පැරණි පොතපතක සඳහන් වන සිද්ධියක් අන්කිසි ශාක්ය්් නැති හෙයින් නොඇදහිය හැක්කැයි දුරලන්නට තැත්කරන අයට මෙය මහඟු පාඩමක් විය යුතුයි.

පැරණි නරවීරයන්ගේ වික්ර්මාතිශයෙන් මෙන්ම සෙසු සිංහලයන්ගේ පෞඪ ක්රිියාවන්ගෙන් ද ඔද වැඩී ගිය පැරැන්නෝ අපේ පුරා වෘත්තය, ථූපවංසය, පූජාවලිය, නිකායසංග්රරහව, අත්තනගලුවංසය, සද්ධතර්මතරත්නාකරය, රාජාවලිය, නරෙන්ර්ග චරිතාවලෙ‍ාකන ප්ර දීපිකාව වැනි පත පොතට ද ඇතුළත් කළහ.මේ තාක් ප්රනකාශයට නෙපැමිණි මන්දාරම් පුවත, වන්නි රාජාවලි, කිරිමැටියාවේ මැතිඳුන්ගේ කෘතියෙන් අන්යණ වූ විශාල මහහටන ආදී ග්රනන්ථ රාශියක්ද ඇත්‍ෙත්යි මේ ග්රනන්ථයන්හි මේතාක් අනාවරණය නොවූ නොයෙක් ඓතිහාසික ප්රකවෘත් න ත‍ි දක්නට ලැබේ.


iv


යුරෝපීයයන්ගේ ඇස් එල්ලේම ලංකාවේ පැරණි ඉතිහාසය දෙස බලනනට පුරුදුවු අපට මේ නිදහස් යුගයේදී අපේ පැරණියන් ලියූ කියූ පවත් දැනගැනීමට සැබැවින්ම ප්රමවයෝජනවත් විය යුතුයි.

මහාජනයා වෙත පණ්ඩිීත ලබුගම ලංකානන්ද හිමිපාණන් විසින් ඉදිරිපත් කැරෙන මේ මන්දාරම් පුවතද පළමුවැනි රාජසිංහ රජුගේ සමයෙහි පටන් කීර්ති ශ්රීි රාජසිංහ රජුතුමාගේ රාජ්යජ සමය දක්වා ඓතිහාසික ප්රනවෘත්ති සංග්ර හ කොට සිංහලයෙන් රචිත ඉතිහාස කාව්යහයකි.දෙවැනි රාජසිංහ රජුගේ සළුවඩන නිලය දැරූ “විකුම් ඇදුරු” නම් කිවිවරයකු විසින් රචිත මෙම ග්රරන්ජුථයෙන් අවුල් වියවුල් වලින් ගහණ වු දුර්භාුග්යා සමයක්ව පැවති මහනුවර කාලපරිච්ඡේදය කෙරෙහි අමුතු එළියක් වැටේ.

විවිධ වෘත්රු තයන්ගෙන් සෑදුණු පද්යන 866 කින් පරිමිත මෙහි මහනුවර සමයෙහි දෙශවිභාග,නගර ග්රා‍ම,රජයේ තනතුරු ,සඞග්රාදම,යුදෝපක්රකම,පාලන විධි,සිරිත්විරිත්,ආදිය පිළිබද අගනා ‍ෙතාරතුරු රැසකු දැක්ක හැකිය.ඉතිහාස පුවත් සඞග්රභහ කිරීමේදී දීපවංශ,මහාවංස කතුවරයන් ගත් මගට වෙනස් නව මඟක් මෙහි ගෙන තිබෙන බව ද පෙනේ.මතුරට මන්දාරම්පුරය මුල්කොට ගෙන ලියන ලද මෙහි හේවාහැට හා දුම්බර ඉතිහාසය සවිස්තරව ද ලක්දිව සෙසු ‍ෙතාරතුරු සං‍ෙක්ෂහ වශයෙන් ද සදහන් වෙයි.ඒ දෙපෙදෛසෙහි ඉතිහාසය ලියා තැබීම කතුවරයන්ගේ අදහස වුවා විය හැකිය.

මෙ‍සකේ සැඟවී තුබුණු මේ අගනා ග්රරන්ථය සංශෝධනය කොට මුද්රවණය කරවා පාඨකයා හමුවේ තැබීම ගැන මොල්ලිගොඩ ප්රරවච‍ෙතාදය පිරිවෙන්හි උපප්රාධානාචාර්ය පණ්ඩිත ලබුගම ලඞ්කා‍නන්ද ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේට පාඨකයාගේ කෘතඥතාව හිමිවිය යුතුය.කෘතහස්ත ග්රාන්ථ ශෝධකයකු වශයෙන් ද ග්රකන්ථ නිෂ්පාදකයකු වශයෙන් ද සාහිත්යය ලෝකයෙහි දීප්තිමත් ව වැජ‍ෙඹන විශාරද පඬියරයකු වන ලංකානන්ද හිමියන් අතින් මේ ග්ර්න්ථය සංශෝධනය වීම ගෞරවයට ‍හේතුවකි.ග්රකන්ථාවසානයෙහි දැක්වු ප්රනවෘත්ති සඞග්ර හය හා වචන සූචියද පාඨකයාට බෙහෙවින් ප්රුයෝජනවත් විය යුතුයි.


ඩී.ඊ.හෙට්ටිආරච්චි

ලඞකා විශ්වවිද්යාටලය

පේරාදෙණිය

5.9.58






ප්රෙස්වත‍ලාවනා

සකල ලෝකයෙහිම දීර්ඝද වූ ද අඛණඩක‍ි වූ ද පරපූර්ණහ වූ ද ඉතිහාසයක් ඇති ජාතීන් අතුරෙහි ලක්දිවැ සිංහල ජාතියට හිමි වනුයේ අවිතීයස්යථානයෙකි. මේ විශිෂ්ඨ වූ ගෞරවය සිංහලයනට හිමි වනුයේ මහාවංස නම් වූ ප්රූශස්තතර ලඞකාඉතිහාසකථාව හෙතු කොට ගෙනය. ඉතිහාස නම්: “මෙසේත් වී යැ, මෙසේත් වී යැ” යි අතීත සිදුවීම් පිළිවෙළ දක්වාලීම යැ. කලෙකැ නැගී සිටි ජාතියක් කලෙකැ ඇද වැටෙයි. යළි වැටී සිටි ජාතියක් නැඟැයෙයි. ඔවුන් ගේ නැඟීමටත් බැසීමටත් හෙතුව දත හැක්කේ එ‍ෙතක් ඒ ජාතිය පිළිබඳ සිදුවීම් විමසා බැලීමෙනි. ඉකුත් සමාජයේ ක්රිියාත් එහි ඉෂ්ටාෙනිෂටතීග විපාකත් වතර්මාකන සමාජයේ සංසක‍ජාරණයට අතිශයොපයොගී වෙයි. අතීත ප්රෞවෘත්ිටත‍ි පශචාක් ත්සමාජය කරා ගෙන එනුයේ ඉතිහාසය යි. එහෙයින් මැ දුරාතීතයේ පටන් ශිෂ්ට්ලෝකයා විසින් ඉතිහාසය බෙහෙවින් සම්භාවිතයි. වෛදිකයෝ ඉතිහාසය වෙදය හා සමකක්ෂායෙහි ලා සැලකූහ. “ත්රිඉතං කුපෙ’වහිතමෙතේ සූක්ශතං ප්රසතිබහෞ තත්රෙ බ්රිහෙමතිහාසමිශ්රකමෘඞමිශ්රංහ ගාථාමිශ්රංෘ භවතී” යනු නිරුක්්ත (4 6) යි. ව්යාතසසෘෂිහු මහාභාරතයෙහි: “ඉතිහාසපුරාණාභ්යංා වෙදොසමුපබෘංහයෙත් බිහෙත්ය්ලපශ්රැයතාද්වෙදො මාමයං ප්ර හරිෂ්ය්ති” යි කීහ. භාරතයෙහි වෙදාධ්ය්යනවිෂයමාලායෙහි ඉතිහාසය ද අවශ්යරතම අඞ්ගභයෙක් විය.

ජාන්දොරග්යව උපනිෂද්හි: “සෘග්වෙදං භගවො’ධ්යෙනමි යජුර්වෙඉදසාමවෙදමථර්ව්ණම් ඉතිහාසපුරාණං පඤ්චයමං වෙදානං වෙදම්” (7. 1.) යි නාරදමුනිහු ස්වඤකීය වෙදැධ්යෙනයෙහි ඉතිහාසය ‘පඤ්චයම වෙදය’ යි කීහ. ත්රිමපිටකයෙහිදු: “තිණණං වෙදානං පාරගූ...... ඉතිහාස පඤ්චෙමානං..... සකෙ ආචාරියකෙ ‍‍ෙත විජජ“වෙකෙ පාවචනෙ” යි අම්ඛ්ට්ඨප (දීඝනිකාය) සෙල (සුත් ත නිපාත) තිකණණ (අඞ්ගුචත්්තර නිකාය) සූත්රචයන්හි එන පාඨයෙනුදු ඒ මැ තහවුරු වේ. ශාස්ිත්රෙයෙහි: අවිනිශ්චරයට ඉතිහාසය ද එක් ප්ර්මාණයෙක්. ශාසනයෙහිදු: විනයශික්ෂාෙවිනිශ්චශයෙහි දී නිදානය ප්රඅමාණ කරනු ලැබේ. ඒ එහි ඉතිහාසය කරා යෑමෙකි.


vi


ශික්ෂාහවිනිශච යෑයෙහි: මතභෙද නැගුණු කලැ ‘ආචාර්ය ප්රලවෙණිය’ ද එක්තරා ප්ර්මාණයක් බව විනයෙහි එයි. එ ද එහි ඉතිහාසය යි. සමාජයෙහිදු : සිරිත්විරිත් ඈ කරුණු විනිශ්චකයෙහි ඉතිහාසය ගුරු කොට ගැනීම දුරාතීතයෙහි පටන් පැව‍නේනෙකි. කිඹුල්වත්පුර පිඞුසිඟා වඩන බුදුරදුනට සුදොවුන්මහරජ කීයේ “ මේ අපගේ වංශයෙහි සිරි‍ිෙතක් නො වේ” කියා යි. වාදබිමැ : ප්රකතිවාදීන් මැඩීමට ඉතිහාසය බලවත් අවියෙකි. බුදුරදුන් විසින් මානයෙන් දර්පිත වැ සිටි ‘ අම්බැට්ඨත’ නම් බ්රා හ්මණ මානවකයා දුර්මුඛ කෙළේ ඔහුගේ පරපුර ඉතිහාසය දැක්වීමෙනි. (දීඝනිකාය අම්බටට්ඨඨසුත්රත) සියරටෙහි සියදැයෙහි සියරජපරපුරෙහි සියඇදුරුපරපුරෙහි පවත් තතුසේ දත හැක්කේ ඉතිහාසයෙනි. එයින් පුරුෂයාගේ සන්වතානයෙහි අභිමානයත් අධිෂ්‍හිානයත් උත්සයථානවීර්යයත් නිතැතින් මැ උපදනේ යි. මෙසෙසින් බලන කලැ ඉතිහාස‍ය වනාහී අතිශයින් මැ සම්භාේවිත වූ අවශ්යියෙන් මැ උගතයුතු වූ දැයෙකි. ඉතිහාසඥානයෙන් වෙන් වූ ශාස්ත්රනඥානය සම්පූර්ණ‍ නො වේ. සිංහලයන්ගේ වංශකථාව උගනු කැමැතියන් විසින් පරිශීලනය කළ යුතු ප්රගශස්සතර ග්රයන්නථය මහාවංසය මැයි. එසේම සිංහල වංශකථාව ප්රශකාශ කරන අනෙකුදු පැරණ ග්රනන්කථයෙකි දීපවංසය. මේ වූකලී සම්බුසඞපරිණිර්වාකණයෙන් පසු නවවැනි ශතවර්ෂයයේ මධ්ය භාගය දක්වා, මහසෙන් රජු ගේ ප්රුවෘත්වති අවසන් කොට, කරන ලද්දෙකි. හෙ ද පාලිපද්ය,යෙන් ලියන ලද පරිච්ඡෙිද දෙවිස්සකින් යුක්අත වෙයි.බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම, ධාත්වා‍ගමනය, දික්ෂිසණමහාබොධි ශාඛාව වැඩමවීම, සඞ්ගී තිකථා, ආචාර්යටවාද, ලක්දිව බුදුසසුන් පිහිටුවීම, විජයාගමනය, රජුන් ගේ වංශය හෙවත් ප්රරවෘත්ලති දැක්වීම, යන කරුණු දීපවංශයට වස්ජතු විය. මේ ග්රෘන්්ථය අතිශයින් සම්භා විත වූයේ අත්ෘථකථාචාර්යැ අනුබුඞ බුඞඝොෂ මාහිමියන් විසිනුදු සාධකයන් සඳහා ප්රෙමාණ කරන ලද්දේ ය. දීපවංස රචනා කාලය හෝ කතුවරයා දැක්විය නොහැකි වුව ද, මහසෙන් රජු ගේ අවසානය ‍කේ ඉතිහාසය සඞ්ග්රකහ කළ හෙයින් ද, බුදුන් පිරිනිවි අටසියපනස්වසකින් පසුවැ මහාවිහාරීය ආචාර්යවරයකු විසින් ලියන ලදැයි සිතිය යුතුය.


vii


දික්සඳසෙනෙවියා පිරිවෙන් වැසි මහානාම ‍‍කෙතරණුවන් විසින් මහාවංසය ලියන ලද්දේ දීපවංස රචනායෙන් මද කලකට පසුව ය. හෙ ද පුර‍ාතනයන් විසින් කරන ලද වංශකථාව ම සකස් කිරීමෙනි. මෙහිදී මහානාම ‍‍නෙතරණුවෝ පුරාතනයන් විසින් ලියා තුබූ වංශකථ‍ායෙහි දොෂස්දථාන දෙකක් සැලකූහ: කිසි තැනෙක ඉතා විස්තර කළ බව හා නොයෙක් පුනරුක්‍තදොෂ ඇති බවත්ය. එහෙයින් ඔබලේ මහාවංස කථාව පුරාතනයන් ගේ ලිපියට වඩා දෙපරිද්දෙකින් ම සංක්ෂි ප්යත වී ගිය බව හෙළි වෙයි. විස්තර අඩුකිරීමෙන් හා වරක් කියැවුණු කරුණ නැවත නො කීමෙනි.මෙයින් මහානාම ‍‍ෙතරුන්ට අභමත වූයේ පාශ්චා ත්යවයන් විසින් මහාවංසය සුවසේ ග්රයහණ ධාරණ කළ හැකි බව ය. මෙය ශාස්ටත්රසකාරයන් අනුගමනය කළ යුතු උපදෙශයෙක් ද වෙයි. මහානාම ‍ෙතරණුවන් ගේ මහාවංස කථාව ද දීලවංසය ගිය දුර ම ගොස් නැවැතිණි. එහෙත් දීපවංසය පරිච්ඡෙ ද දෙවිස්සෙකි. මහාවංසය සාඞපරිච්ඡහ ද සතිසෙක් විය. මෙයින් එකවර ම දීපවංසයට වඩා මහාවංසයෙහි පරිපූර්ණවත්ව ය පෙනෙයි. එකල ම යම්කිසි ආචාර්යකවරයෙකු විසින් මහාවංසයට ලියන ලද පැපැසිය යුතු ටීකාවක් ද ඇත. මහාවංසයෙහි සංක්ෂිසප්ත වූ යම් තැනෙක් වේ නම් හෙ ද මේ ටීකාව හෙතු කොට ගෙන අනාවරණය වූයේ ය. මහසෙන් රජු ගේ කාලයෙන් පසුව පැවති ලංකා ඉතිහාසකථාව ද ඒ ඒ කාලයෙහි විසූ ආචා්යවරයන් විසින් පාලි පද්යවයෙන් රචනා කොට මහාවංසයට ම එක කරන ලද්දේය. මෙසේ මහාවංසය සර්වවප්ර්කාරයෙන් වැඩී ව්යාරප්.ත වත් ම දීපවංසයෙහි වැඩීම ද නැවතී භාවිතයෙන් ඈත්ව ගියේය. ජාතික සාහිත්ය් මාලායෙහි සියගණන් අගනාග්රීන්ඩථරත්නයන් සතුරු උවදුරු ගින්නෙන් වැනැසීගිය කල්හි කෙසේ නමුදු මේ ග්රරත්යථවය ශෙෂ වැ තිබීම ජාතියේ වාසනාවකි. පාලිභාෂායෙන් ලියැවුණු මේ වංශකථා දෙක හැර සිංහල භාෂායෙන් ලියූ මහාවංශයක් පොළොන්නරු සමයෙහි ද තුබූ බව සඳහන් වෙයි. සාරත්හථදීපනී සමන්භතපාසාදිකා ටීකායෙහි “ ‍‍ෙතනෙව ව සිහළභාසාය ලිඛි‍ෙත මහාවංසෙ චතුපඤ‍ඤාසාය සඞින්හති වුත්වතං” යි දක්වමින් ශාරීපුත්ර සඞ්ඝඤරාජයන් විසින් පාළි මහාවංසයෙහි හා සමන්යතපාසාදිකායෙහි ද ‘අරිට්ඨ ’ නම් ඇමතියාගේ පුව‍නෙතහි දී එන “පඤ්චනපඤ්ඤාසසාය” යන වචනය ප්රබතික්ෂෙ”ප කොට සිංහල මහාවංශපාඨය ප්රවමාණ කරන ලද්දේ ය. මෙසේ සම්භාරවිත වූ ඒ සිංහලමහාවංශය මෙකල අප හමුයෙහි නැති.


viii


තවද - “සඞර්මාරත්නාවලී, පූජාවලී, සඞර්මා ලඞ්කාහර, ථූපවංස, සඞර්ම්රත්නාකර” යන ග්ර න්ණථවල ද ලඞ්කා්ඉතිහාසය පිළිබඳ ‍ෙතාරතුරු එක් එක් අයුරෙකින් සඞ්ග්රසහ වී ඇත. ඒ සියල්ල යම් යම් කරුණක් නිශ්ච්ය කරගැනීමට උපකාර වන නමුදු ලඞ්කා‍ ඉතිහාසකථාව සපුරාලීම එයින් කළ නො හැකි ය. නිකාය සංග්රලහය වූ කලී ලක්දිව ශාසනප්ර වෘත්මති දැක්වීම සඳහා ලියන ලද්දක් වුව ද, කුරුණෑගල සමය දක්වා සැපැයුණු ඉතා සංක්ෂිාප්ත ඉතිහාසයෙක් ද වෙයි. අවිශාරදයකු විසින් නොවියත් බසින් ලියන ලද රාජාවලිය ද අන්ය‍ ග්රැන්ථයක සඳහන් නොවන ඓතිහාසික සිඞීන් හෙළි කරන්නෙකි. එය විශෙෂයෙන් පෘතුගීසියුගය පිළිබඳ කරුණු නඟාගත හැකි ග්ර්න්ාථයෙකි. එසේම රාජරත්නාකරය, නරෙන්ර්‍ සචරිතාවලොකනප්රයදීපිකාව, සුළුරාජාවලිය යන ග්රෙන්ථ ද මහාවංසාදී පැරණි ග්රවන්ථයන් ඇසුරු කොට සම්පා දනය කළ කුඩා ඉතිහාසයෝ යි. මේ හැම ග්රේන්ථයකින් ම ලක්දිව ඉතිහාසය ඉගෙනගනු රිසියනට ලැබෙනුයේ පිටුවහලෙකි. වන්නිරාජාවලිය ආදී මේ තාක් මුද්රතණයෙන් හෙළි නො වූ ඉතිහාසග්රනන්ථ ද ඇත. දුර්ලභ වූ ග්රදන්ථ අතුරෙහි සහස්ස වත් ථු අඨකථා (හෂාවහකථා) නම් ග්රඑන්ථයද ඇත. එහි දු ලඞ්කාරවේ පුරාවෘත්ාත බෙහෙවින් සඞ්ග්රවහ වී ඇතැයි අසනු ලැබේ. මන්දාරම්පුර පුවත වනාහී මේ තාක් ජනප්රථවාදයෙහි පැවැති සිංහල පද්යායෙන් රචනා කළ ඉතිහාස ග්රජන්ථයෙකි. සීතාවක රාජසිංහ 1 රජුගේ කාලයෙහි හේවාහැට පෙදෙසෙහි ‘මන්දාරම්පුර’ නම් අඞ්කානර වූ කුඩා නගර්යෙක් ගොඩනැගිණ. රාජසිංහ රජු ශිවසමය වැළඳගත් පසු ඉන්දියානු ශිවපූජකයන් ලක්දදිවට ගෙන්වා උඩරට ඇතුළු නොයෙක් පළාත්වල ඔවුන් නැවැත්විය. ඒ ‍ෛශවයෝ සත්තැනක බලකොටු බැඳ සිංහලයන් ශිව සමය ගන්වමින් ඒ ඒ රටවල අයබදු ගෙන විසූහ. ඔවුනතුරෙහි ප්රිධාන වූ ගිරි නම් ශීවපූජකයා විසූයේ මේ මන්දාරම් පුරයෙහි ය. විමලර්ධනමසූර්යව i රජ උඩරට රාජ්ය යට පැමිණ ශෛවයන්ට රට හැර යන ලෙස නියම කෙළේ ය. රජ අණ නො තකා ඔවුන් ක්රිනයා කරන කල්හි විමලදහම්සූරිය රජු මන්දාරම්පුර ඇතුළු සත් සිවමඩුලු වනසා ඔවුන් සමූලඝාතනය කළ පුවත වටා, ‘මන්දාරම්පුර පුවත’ නම් ග්රුන්ථය ගෙතුණේ ය. ඒ සටනේ දී විනාශ වී ගිය මන්දාරම්පුරය නැවත නගරයක් ලෙස ගොඩනැගුණේ නැත මෙකල ඒ ප්රණදේශය විදෙශීය වැවිලිකරු සමාගමකට යටත් වූ විශාල තේවතු යායෙකි.

‘මන්දාරම්පුර පුවත’ යිද ‘මන්දාරම්පුවත’ යී ද හඳුන්වා ඇති මේ. ඉතිහාසග්රරන්ථය කාණ්ඩට දෙකක සඞ්ග්රරහ කළ පරිචෙඡ ද


ix


එකොළොසින් යුක්ත වෙයි. විවිධ වෘත්තපවලින් බැඳුණු පද්යඳ 866 ක් පමණ ඇත්තේ ය. අවසාන පරිච්ඡෙ දයෙහි එන 779 වැනි පද්යඳයට අනතුරු ව පැරැණි පිටපතෙහි පත්ඉරුවක් ගිලිහීයාම නිසා කවි විස්සක් පමණ සොයාගත නො හැකි විය. එහෙත් ග්රඉන්ථය පරිශීලනය කරනුවනට එයින් හානියෙක් නො හැකි විය. එහෙත් ග්ර න්ථය පරිශීලනය කරනුවනට එයින් හානියෙක් නො විය හැකිය. සීතාවක රාජසිංහ 1 රජු ගේ කාලයෙහි සිට සෙංකඩගල කීර්ති ශ්රීහ රාජසිංහ රජු දක්වා ශතවර්ශ1 දෙකක් පමණ කාලය තුළ ‍රාජ්යීයට පැමිණි රජවරුන් අටදෙනෙකුන් ගේ ඉතිහාසප්රශවෘත්ති මෙහි විස්තර වෙයි.

මන්දාරම්පුවත එකකතෘක ග්රහන්ථයෙකු දු නො වෙයි. කතුවරයන් කීපදෙනෙකුන් විසින් වරින් වර රචනා කොට එක්තැන් කරන ලද්දෙකි. මෙහි ප්රකථම පරිචෙඡද (- අදියර) සතර බුදුවසින් දෙදහස්එක්සිය අනූ (2190) වැන්නෙහි (ක්රි : ව: 1647) හළුවඩන නිලය ලත් විකුම් ඇදුරු නම් පඬිවරයකු විසින් රචනා කරන ලද්දේ ය. පස්වැනි පරිචෙඡදයෙහි පටන් ග්ර්න්ථය රචනා කරන ලද්දේ ය. පස්වැනි පරිචෙඡදයෙහි පටන් ග්රපන්ථය රචනා කරන ලද්දේ ය. පස්වැනි පරිචෙඡදයෙහි පටන් ග්රචන්ථය රචනා කරන ලද්දේ ය. පස්වැනි පරිචෙඡදයෙහි පටන් ග්රයන්ථය රචනා කරන ලදුයේ බුදුවසින් දෙදහස්දෙසියපන්සාලිස් (2245) වැන්නෙහි (ක්රිෙ: ව: 1702) ගලගොඩ දිසාවේ මැතිඳුන් විසින් ආරාධිත වැ උනම්බු‍ෙවනෙම් යතිවරයකු විසිනි. උනබම්බුවේ යතිඳුන් ගේ රචනාව කෙනෙක් දුර ගියේ දැයි හෝ, අග කොටස කවුරුන් විසින් ලියන ලද දැයි හෝ කිසි තැනෙක සඳහන් ව නැත. එහෙත් උනම්බුවේ යතිඳුන් ගේ රචනාව සිදු වූයේ නරෙන්ර්ක සිංහ රජු ගේ රාජ්යබකාලයෙහි හෙයින් ද. විමලධර්මදසූර්යෙ ii රජු ගේ ප්රබවෘත්ති දැක් වූ සවැනි පරිචෙඡදයෙන් මන්දාරම්පුවත ප්ර ථමභාගය අවසන් කළ හෙයින් ද, ඒ යතිඳුන් විසින් දෙවැනි රාජසසසිංහ විමලධර්මේසූර්යය යන දෙ රජුන් ගේ ප්රiවෘත්ති දැක් වූ පස්වැනි සවැනි පරිචෙඡද දෙක රචනා කරන ලදැයි නිශ්ච‍ය කළ හැකිය. දෙවැනි භාගයෙහි පරි‍ෙචඡද පස කවරක්හු ගේ කෘතියක් දැයි දැක්වීම දුෂ්කර ය. කීර්ත්ති ශ්රීන රාජසිංහ මහරජාණන් ගේ රාජ්යපයෙහි මධ්යිභාගය වන තෙක් ප්රරවෘත්ති ඇතුළත් වූ හෙයින් එකල මැ විසූ ආචාර්යහවරයකු විසින් මේ කොටස රචනා කළ බව සිතිය යුතු ය. ‘මන්දාරම් පුවත’ කතුවරයන් විසින් ළඟ ළඟ මැ තමන්ට ප්ර ත්යික්ෂ වූ කරුණු මෙහි සඞ්ග්ර්හ කළ බවද, එහෙයින් ‘මන්දාරම්පුවත’ සත්ය‍යෙන් ඈත් නො වූ ඉතිහාසකථාවක් බව ද, පිළිගත යුතු වේ.

1. මන්දාරම්පුවත ප්ර,ථමභාගයේ පළමුවැනි අදියරෙහි ලක්දිව පිහිටිම, මායා රුහුණු පිහිටීම, මායා රුහුණු පිහිටි යන තුන්රට, ග්රා’මාදිය පිළිබඳ සඞ්යාමායා හා විශෙෂයෙන් හේවාහැට විස්තාරයක් ද, වෙයි. 8 වැනි පද්යඳයෙහි පටන් 15 වැන්න දක්වා ඇති සඞ්යා්තා ලෙඛනය දඹදෙණි රාජ්ය’කාලයෙහි සකස් කරන ලද්දකි.


x


2. දෙවැනි අදියර ලක්දිව බණ්ඩාරවලිය පහළ වූ සැටි රාජසිංහ i රජුගේ රාජ්යිය, ඔහුගේ දරුණු ක්රිටයා, කොනප්පු බණ්ඩාර විමළදම්සූරීය නමින් සෙංකඩගල රජවීම, රාජසිංහ ගේ පාරාජය සහ අවසානය ද සඳහන් වෙයි.

   	 3.    තුන්වැන්නෙහි මන්දාරම්පුර සටන, බලසෙනඟට සඞ්ග්රබහ කිරිම, කර්මාින්තශාලාදිය පිහිටුවීම, රජදැකුම් හා සම්මානවිධි, ආදියද - 

4. සතරවැන්නෙහි සෙනරත් රජු ගේ රාජ්යිය, හේරත් දිසාපති ගේ කුමන්ත්ර‍ණය, සොළි බමුණකු රට පෙළිම, ගොණ ගම්කෝරළය කරවීම, රන්දෙණි වෙලේ සටන. හා රාජකීය චාරිකා ආදිය ද - 5. පස්වැන්නෙහි රාජසිංහ ii රජතුමා ගේ රාජ්ය්ය,ගන්නෝරු සටන, පෘතුගීසීන් තෙරපා හැර ලන්දේසීන්ට තොටමුණු පවරා දීම, හා ජයපෙරහර ආදිය ද - 6. සවැන්නෙහි විමලධර්ම සුර්ය ii රජුගේ රාජ්යේය, රක්ඛගඞ්ග යෙන් සඟුන් ගෙන්වා උපසම්පදා කරවීම, ලන්දේසි සොරමුළක් වෙහෙර බිඳ ධනය පැහැරගැනීම, රහස් ගබඩා කරවා මියුගුණු රන්කොත ආදි වස්තු නිදහන් කිරීමාදිය ද 7. දෙවැනි භාගයේ පළමුවැනි අදියරෙහි නරෙන්ර්හෙරසිංහ රජු ගේ රාජ්යහය, කාපිරි දාමරිකයන් තම්මැන්න ආදි පෙදෙස් පැහැර ගැනීම, රජුට විරුද්ධ ව හේවාහැට කැරැල්ල, මිසදිටුවන් විස දී සඟුන් නැසීම, හා වඩිග කුමරකු රාජ්ය යට පුහුණු කිරිම ආදිය ද - 8. දෙවැන්නෙහි විජය රාජසිංහ ගේ රාජ්යනය, රට ආරාක්ෂා කිරිමට බලකොටු බැඳිම,උපසම්පදාව සෙවීමට හා භික්ෂූන් ගෙන් වීමට දෙවරක් දුතයන් යැවීම ආදීය ද - 9. තුන්වැන්නෙහි කිර්තීශ්රීනරාජසිංහ ලඞ්කාරාජ්ය යට සම්මත කිරිම, විජයරාජසිංහ රජුගේ ආදාහනය ,ඔටුනු පැලැඳවී මේ උත්සවය, ශාස්ත්ර ශාලා පිහිටුවීම, සියම්රටට දුතයන් යැවීම, සියම් භික්ෂුන් තිරිකුණාමලයට පැමිණීම යන කරුණු ද - 10.සතරවැන්නෙහි නුවර සරසා මහපෙරහරින් සියම් භික්ෂුන් වැඩමවීම, උපසම්පදාව පටන් ගැනීම යනාදිය ද - 11.පස්වැනි අදියරෙහි ලක්දිව සියලු විහාරයන් අස්ගිරි මල්වතු දෙ වෙහෙරට පවරාදිම, සඟරජපදවිය හා මහානායක පදවි පත්කිරිම, ලන්දේසීන් හා සටන් කිරීම, ඇතැම් භික්ෂූන්ගේ නොමනා ක්රිියා නිසා කතිකාවන් ඇති කොට ශාසනය චිරස්ථායී කිරීම යනාදි කරණු ද විස්තර කරන ලද්දේයි.


මේ කාලපරිච්ඡේදය තුළ ලක්දිව පැවැති සිදුවීම් මෙකළ භාවිතා වන ලඞ්කාලඉතිහාසයට ඇතුළුවී ඇත්තේ බෙහෙවින් ම විදේශිකයන් ගේ වාර්තාා සටහන් වලින් නගාගත් කරුණු ඇසුරු කිරීමෙනි‍‍‍‍‍‍‍. ජාතික වශයෙන් හෝ ආගමික වශයෙන් හෝ වැදගත්කම් ඇති රටේ අභ්යකන්තර ප්රවවෘත්ති විදේශිකයන් ගේ වාර්තාක වලින් බලාපොරොත්තු විය නොහැකි ය.අප ඉතා අගය කොට සලකන දෙය ඔවුන්ට සුලු කරුණක් විය හැකි ය, නොහොත් ඕනෑකමින් ම නො සලකා හරින්නට ද පිළිවන. එහෙයින් මෙරට ලෙඛකයන් ලියා තුබූ සටහන් හා පොතපතට මුල්තැන දී ජාතික ඉතිහාසය සකස්විය යුතු ය. මෙතෙක් අණාවරණය වී නැති ඉතා වැදගත් ජාතික සිදුවීම් මන්දාරම්පුවතින් හෙළ‍ි වෙයි. පාරම්පරික ව එන ඇතැම් ප්රනවෘත්ති ද මන්දාරම්පුවත ව්ය්ක්තහ කොට දක්වයි ඒ එසේ මැ ය.

රාජසිංහ I රජු ආගමඥනය නො ලැබූවකු හෙයින් පියා මැරූ අකුශලයෙන් මිදීමට උපාය සොයනු සඳහා ශිවසමය වැළැඳ ගත්තේය. භික්ෂූන් මැරැවීම පොත් ගිනි ලැවීම ආදිය එයට පිළියම් නො වෙයි. එහෙත් ඔහු එබඳු ක්රෑීරක්රිලයාවනට පෙලැඹුණේ කුමක් හෙයින් ද? යනු හෙළි වනුයේ මන්දාරම් පුවතෙහි අවසාන කාලයෙහි හෙතෙම මිසදිටුව හැර සීතාවකට භික්ෂූන් ගෙන්වා තෙරුවන් කමා කරවාගත් බව ද මන්දාරම් පුවත කියයි.

මන්දාරම්පුරය ඇතුළු සත් ‍තැනෙක බලකොටු බැඳ සිටි ශෛවයන් පලවාහැරීම සඳහා විමලදහම්සූරිය i රජු විසින් කළ බිහිසුණු සටන සටහන් වූයේ මන්දාරම්පුවතෙහි පමණි. හම්බන්තොට පටන් මන්නාරම දක්වා බොහෝ ස්ථානවල යකඩ - ලෝහ කම්මල් කරවා කඩු තුවක්කු ආදී භාණ්ඩ නිපදවූ සැටි ද, යු‍ධෝපකරණාදිය රහස්ගබඩාවල තැන්පත්කර තුබූ සැටි ම, විමලධර්ම සූරිය දෙරජුන් ගේ ප්රරවෘත්තිවලදී දැක්ක හැකිය. රටේ ආර්ථික දියුණුව සඳහා ඇළ අමුණු හා කුඹූරු කපු හා නොයෙක් පළතුරුවතු කරවූ සැටි රජවරු කීපදෙනෙකුන් ගේ චරිතවල දැක්ක හැකි ය. මැණික් පමණක් නො ව රන් ආකර ද මෙරට ඇති කළ බව සඳහන් වෙයි.

සිංහල රජුන් රට‍තොට බැලීම සඳහා නොයෙක් විට චාරිකා වල යෙදුණේ ශිල්පකර්මා්න්තා්දියෙහි මිනිසුන් උනන්දු කරවීම සඳහා ය. දෙවියන් වීකරල් සොළොස්වියත් රඹකැන් ආදිය විමලධර්මයසූරිය i රජුට හා විජයරාජසිංහ රජුට ද රජදැකුම් වලදී හමු විය. ඉතා සරුසාර වූ කුඹුරු පොල් - කෙසෙල් වතු ද දැකීමෙන් ඒ ඒ වැවිලිකරුවනට පාරම්පරික ව පවත්නාසේ සම්ප ත්


xii


දෙමින් බුහුමන් කළ සැටි මන්දාරම් පු‍වතෙහි කතුවුන් ප්රජකාශ කරන්නේ දැනුදු කියන්නවුන් සිතට ධෛර්යි උපදවන ලෙසිනි. යුදබිම් වලදී පමණක් නො ව සාමාන්යු අවස්ථා‍වක දී පවා වීර පුරුෂයනට සඞ්ර්් හ කිරීමෙහි සිංහල රජුන් ගේ පසුබටවීමෙක් නැත රන්ටැඹතොට දී මහවැලිගඟ පිහිනා ගිය ‘බජ්ජල’ මැතිට නරෙන්ර්ම සිංහ රජු ගම්වරක් සමඟ දිසාපදවියක් හා සේනාපති පදවියක් ද දුන්නේ ඒ ගල උඩ ම සිටගෙන ය.හැම යුදබිමක ම වීරභටයනට විශෙෂ බුහුමන් දැක්වූ අයුරු මන්දාරම්පුවතෙහි චමත්කාර වැනුම් වෙයි.

අලුත් ගම් හා ගෙවතු තනවා දිළිඳු මිනිසුන්ට දුන් රජවරු ද මෙහි සිටිති. ගම් දහසකින් යුත් ගොණගම් කෝරළය ඉදි කරවා බංගාලි පවුල් සූසැටක් ගෙන්වා එහි පදිංචි කරවූයේ සෙනරත් රජතුමා විසිනි. එයින් ජනගහනය, ගම් දියුණු කිරීම, එ රජුට අභිමත විය. එහෙත් දැන් එහි එක ද බංගලියෙක් දක්නට නැත. ඒ සමග ම සතුරන් ගෙන් රට මුදාගැනීමට හා ආරක්ෂා කිරීමට රජුන් දැරූ ප්ර යත්න කෙබඳු වී දැයි දැනගැනීමට මන්දාරම්පුවත කැඩපතෙකි උඩරටට ඇතුළු වන මාර්ගූවල බලකොටු බැඳ මුර ජාම තැබුයේ විජයරාජසිංහ රජු විසිනි. එයින් එක් ලැනෙක පමණක් කාලතුවක්කු භටයන් තුන්සියයක් හා අත්තුවක්කු භටයන් නවසියයක් ඇතුළු දෙදහසක් පමණ සේනාව විය. මෙබඳු තත්ව්ය යක් ඇති වූයේ යුධසේනාවලින් පමණක් නො වැ කොල්ල කරුවන් ගෙන් ද රටට විපත් පැමිණි හෙයිනි‍.

ලක්දිවට කොල්ලකරුවන් පැමිණි වාර කීපයක් ද මන්දාරම්පුවත හෙළි කරයි. සෙනරත් කාලයෙහි සොලීන් සියයක් සමඟ පැමිණි දෙමළ බමුණෙක් රට පෙළන්නට විය සොලී කොටුව ගොඩනැගුණේ ඔවුන් අල්ලා සිරකර තුබූ තැන ය. විමලදහම් සූරිය ii කාලයෙහි මහවැලිගඟ දෙපස පිහිටි දාගබ් සැටක් බිඳ ධනය පැහැරගත්තේ හසියක් සෙනඟ සමග පැමිණි ලන්දේසි සොර ජාතෙකි මියුගුණු රන්කොත පවා පහැරගත්තේ ඔවුන් විසිනි. තම්මැන්න අනුරපුර පෙදෙස කොල්ලකෑ සුපයි පිරිසක් ගැන නරෙන්‍ද්රොසිංහ කාලයෙහි සටහන් වෙයි. මන්දාරම්පුවතින් මතු වන මෙබඳු පුවත් ද ලඞ්කාරඉතිහාසයෙහි ඇතුළු විය යුතු ය. රන්දෙණිවෙලේ සටන. ගන්නොරුසටන, ආදිය ද මෙහි මැනැවින් විස්තර වෙයි. පිටතින් පැමිණෙන විපත්වලට වඩා ඇතුළත ගිනි වැනි අභ්යාන්තර කැලැඹිලි රටේ දියුණූවට බාධා කළ බව මන්දාරම් පුවතින් හෙළිවන තවත් වැදගත් කරුණෙකි. හේරත් දිසාපති හේවාහැට කැරැල්ල, වඩිග කුමරකු රාජ්යේට පුහුණ කිරීම ආදිය එයට සාධක වේ.


Xiii



විවිධ සතුරු බලවේගයනට ද මුහුණ දෙමින් රට සංවර්ධනන යෙහි යෙදුණ සිංහල නරවීරයෝ ආගම ධර්මගය හා ශාස්ර්රට ය නඟාසිටුවීමෙහි ද නො පසුබට වූහ. වෙහෙර විහාර පොත්ගුල් දියුණු කිරීම පොත් පත් ලියැවීම ආදිය කරන අතර ම උපසම්පදාව සඳහා විදේශවලින් භික්ෂූකන් වැඩමවීම ද සිදුවිය. විමලධමර්සූ රිය ii රජතුමා රක්ඛ ඞ්ගභයෙන් භික්ෂූන් ගෙන්වා උපසම්පනදාව පිහිටවූ නමුදු වැඩි කලක් නො යාදී මැ නරෙන්ර්ද සිංහ කාලය වන විට එක ද උපසපන් භික්ෂූප කෙනෙක් නැති වූහ. මෙහි ගුප්ත හේතුව දත හැක්කේ මන්දාරම් පුවතිනි. මිසදිටුවන් විසින් බොහෝ භික්ෂූහු විෂ යොදා මරනු ලැබූහ. මේ හෙළි වූයේ වැලිවිට තෙරණුන්දැට ද වස දීම පිණිස චරපුරුෂයන් යෙදූ කල්හි ය. කීර්ති ශ්රීට රාජසිංහයන් ගේ රාජ්ය ය ආගමික නවොදය පහළ කල වකවානුව ය. සියම් රටින් භික්ෂූන් වැඩමවා උපසම්පදාව පිහිටුවාලු රජතුමා මෙරට උපසම්පදා‍ව නො නැසී පවත්නා ලෙස සියලු විධිවිධාන යෙදී ය. කුල ග්රොමත්රප ප්ර ශ්නය පවා නැගී ආයේ මෙහි දී ය‍. විලොම ප්ර්තිපන්ත වූ භික්ෂූන් දෙතිසක් පිටු දැක්මට ද රජුට සිදු විය. ඒ සඳහා පැනවූ මහආඥාව* විස්තර කළ ග්ර්න්ථය ද මන්දාරම් පුවත මැ ය‍.

*ශ්රී සුඞ ශකරාජ වර්ෂ යෙන් එක්වාප දහස්සසිය සයාසූවට පැමිණි මේ වෂර්යෙ‍හි ඉල්මස පුර - පසළොස්වක් නම් තිථිය ලත් ගුරුදින සවස් භාගයෙහි සඟලිස පටිබැඳ වනපොත් විමසා දෙවෙ‍හෙර වියත් හෙරණුන් සම පනසක් තෝරා රජබරණින් සරසා පෙරහැර පවත්වා දළදාමැදුරට පත්කර පිරිකර සමග කුඩ කොඩි තුරි රැඟුම් නළු පිරිස් සමග ඇමතියන් පිටත් කරවා දෙවෙහෙර මුල් උප සම්ප දා මංගලයතුන් දිනක් කරවා ඒ නවක තැන් සමග දෙවෙහෙර බික්සඟන දළදාමැදුරේ වඩා හිඳුවා මහත් කුසලාධ්යා සයෙන් යෙදී සිවුපස ප්ර දානය කොට කල් යවන ප්රුස්ථා වට කීර්ති ශ්රීය රාජසිංහ දෙවස්වාදමිදුරුවානන් වහන්සේගේ මහාකරුණා දිවස් එලියේ මහිමතාවට සැලවූ කාරණාව නම් හීනකුලලොත් වලින් නික්ම සිල්ල ත් සමාගමට එක්වක ශෑසනේ මහණව පිටිසර සිටින ඇතැම් මහනුන්නාන්ෂේලා රට දිසාවල ඉසිරු දන දැක සිවුර ඉනපිට වෙලා වැඳ වැතිර ආවැඩු බව මහාවාසලට සැලවී කම්පිසතව සඟරජ හා දෙවෙහෙර ගණ නායක දෙනම ඇතුළු බොහෝ සඞ්ඝීයාත් මහ නිලමේහා රදලවරු ඇතුළු වැසියොත් දළදාමාලිගාවට රැස්කර වදාල පණත මෙසේ දතයුතු —

ශ්රීම ජිනෙන්ර්ල ශෑසනය පස්වාදදහසක් අවුරුදු මේ සිරිලක පැවතිය යුතුමය— අප ඇස් හමුවෙහි ම අරුචි දේ ලැබෙයි — බුධපුත්රව වූ මහසඞ්ගයා මොනයම් කරුණක් නිසාවත් ගිහි ජනයන්ට වැඳීම යුතු නොවෙයි— කරුණ දක්වා් කිසි


xiv



තවද කුමාරවරුන් රාජ්යවයට පුහුණු කිරීම, රජකු තෝරා ගැනීම, ඔටුනු පැළැඳවීමේ උත්සව, පෙරහර විධි, රජුන් ආදාහන කිරීමේ චාරිත්රග, සිංහල රාජ්යායේ තනතුරු හා පැරණි නම් ගම් සිරිත් විරිත් ආදිය ද මන්දාරම් පුවතින් අනූනව හෙථි වේ.


යම් සඟනමක් මැතිවරු දැක අදරින් දෙපා වැඳ ආවැඩූ බව සැලවී ඇත— ඒ සැබැවදැයි විතාල බසට හීන කුලගොත් ඇති හෙරණ පැවිදි තැනක් දොහොත් මුදුන් දී නිරිඳු වැඳ දෙයියෝ බුදුවන්ට අපගේ ස්වාණමිවරුන් දැක පස්වාීදහසක් කල් දිනේවා කියමින් වැඳ ආවැඩූ බව සැබව‍ — කියා සැල කළාම රජ බොහෝ සංවෙගයට පැමිණ බියට පැමිණියාක් මෙන් බිම බලා සිත දැඩි කර ගත්තා ය — එවිට ම රුහුණු බද ගිරුපත්තුවේ නළු සතර දත් හෙරණ තැනක් දවුල් බැඳ නටන පුවතකුත් සැලවී ඒ සැබැවදැයි විතාල කල ශිෂ්ය දරුවන් හදනා පිණිස දවුල් ගැසූ බව සැබැවයි කීවාය— මෙසේ කාරණා විනිශ්චෙ කොට මතු එසේ නොකරණා ලෙසට අවවාද ලැබූ නොබෝ කලකින් පැවිදි තැනක් කදක් ගෙනගිය පුවතකුත් සැලව විනි‍ශ්චෙ කළ තැනේ දී රාජකාරිය කරන්නට කෙනෙක් නැති නිසා කළබව සැබවයි කී තැනේ දී ඒත් මතු එසේ නොකරන්ට අවවාද ලැබුනාය— ඒ නොබෝ කලකින් දෙවස්වා මිදුරුවානන් වහන්ෂේලා තුන්නමක් සාමීනී අපටත් කරුණාව ලැබේවායි වැඳ බැහැදැකගත් තැනේදී බොහෝසේ සංවෙගයට පැමිණ රාජාඥාව තබමි සිතා වදාරා නුවරට පැමිණ රටහත සතරදිසාව ඇතුළු ත්රිරසිංහලේ රදලවරු ඇතුළු බොහෝ වැසියන්දර දෙවෙහෙර ඇතුළු සැම සඞ්ඝරයාද මඞ්‍ගල්යා මඩපයට රැස්කරවා සහරජු මුල්කර සංඝයාට වදාළ පනත මෙසේ දතයුතු — කෙසේද යත් —

බොහෝ වූ සාධාරනයද දුර්ලසභ වස්තුත ද රටවටිනා මැතිවරු ද මුහුදුබත් කර ලක්දිව ශෑසනය පිහිටුවෙමි—

මිසදුටු අඳුරු හැර ස්ථිසර දහම් වඩනුවස් සියළු වි සලසා දුනිමි. මහසඟනට සැම පස අඩු නොව පුදා සැපසේ මොක්මග වඩන ලෙස සියළු විධි සලසා දුනිමි—

නමුත් තිලොවගමුනිසසුන පැවිදිව සිටින සමහර තැන් නොමනා දේම කරන බව අහන්නට දකින්නට ලැබෙයි — ගිහිජනයන්ට වඳින බෙර ගසා නටන කදමල්ලු අදින පිලී අපුලා දෙන තොවිල් ඇනවුම් කරන දියමසුන් මරණ ගිහින් මෙහෙ කරන ඇතැම් මහණුන් සිටිති — අප ඇස් හමුවෙත් මෙලෙස නම් මතු ශෑසනය පන්දහසක් කල් කෙසේ පවතී ද — අධිගම ඇති කල


xv


බොහෝ කලක් ශ්රැදතියෙහි පැවැති මේ ග්ර න්ථයෙහි පූර්ණත පිටපත් සොයා ගැනීම ඉතා දුෂ්කර විය. පිටපත්වල ඇති ව්යාුකුලත්ව්ය නිසා ම ඇතැම් කෙනෙක් පොත ශුධ කිරීමට මැලි වූ හ. මේ අතර අස්ගිරි — විජයසුන්දයරාරාම විහාරද්වපය‍ාධිපති යටවත්තේ ධර්මවකීර්ති ශ්රීත සුමඞ්ගනල ධම්මයරතනාභිධාන අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක මාහිමියන් වහන්සේ කෙසේ


හීනකුලගොතුවන් සහ මාගමුන් පැවිදි නොකරන සේ පෙර තිරිඳුන් පැනවු මහ අන සිහි නොකර පුරාණසමාගමේ නොතිබුණ මේ නොමනා සිරිත් සිල්ලනත් සමාගමට ඇතුලත්වක සිටන නානා කුලිකයන් නිසාම ඇතිවන බව පෙනෙන්නා‍ —

පෙර නිරිඳුන් දවස නොයෙක්වර උපසම්පදා පිහිටුවා ශෑසන වර්ධෙනය කල මුත් නොතරම් දන නිසාම පිරිහුන බව නියතය — උතුම් බුදුසසුන පියවිකල අප විසින් පස්වාදහසක් කල් මුළුල්ලෙහි නොම නසිතා රක්ෂාවවරන ගුන්තිි සංවිධාන කොට ස්වවස්ථිළරව තැබිය යුතුමය —

එහෙයින් බුධාඥව මුල්කොට රාජාඥව පනවමි— අනුන් මෙහෙ කරන නිසුකම් රුදුකම් කරන ජනයින්ටද උන්ගේ පැටවුන්ටද හීනකුලගොත් ඇතියන්ටද මෙකල බුදුසසුනෙහි පැවිදි නොම දෙනු—

	උතුම් කුලගොත් දරණ සතුන් කරුණා ඇති බැතින් පිංකරන පිනෙන් නොඅඩු ලකුණු ඇති අධික රුදුමානය නැති නිහතමානය ඇති මෙලක වැසි ගොවිදනන් පමණක් ගෙන පැවිදි දෙනු — පස්වා දහසක් පවතින ලක්දිව ශෑසන‍ය ඇතිතෙක්ම උභයවිහාරය මේ මහ අන අකඩ නොකර වඩමින් ශෑසන පිළිවෙත් පවිත්ර ව රැකගත යුතුමය — 

සසු‍නෙහි පැහැද පැවිදි ලබා සිටින හීනකුලගොත් දරණ තැන් ගැන කෙසේ කටයුතුද දෙවයිනි කියා සඟරජ්ජුිරුවෝ වදාළ ප්රිස්ථාැවය ඒ තැන් උපසම්පදා නොකළ යුතුය කියා මහ අන ලැබුනාය —

ඉක්බිති බුදුවදන්හි නොමරිසි සියළු තැන් පෙරලා පැවසූ බොහෝ සෙනඟ නොමග ගෙනගිය සීතාවක් මොරවක් දෙතිසක් සඟන සහරජ මුල්ව උභයවිහාරයෙහි ගණනායක දෙනම මහ නුවරට ගෙන්වාල විනිශ්චෙග කර මහාවාසලට සැලකල තැනේදී උරණව ලක්දිව සසුන් නැසීම පිණිස තැත්කළහයි වදාරා ඒ දෙතිස් සඟන යාපනයට පිටිවහල් කළාය —

මෙසේ කොට දෙවස්වාහමිදුරුවානන් වහනේෂ් සසුන වවා දන්සැල් විපුල් කරවා දහම් පඬුරු හැර අටුවා සහිත පාලිර්ධාමය විසිතුරුව දෙසවා දහම්මග එලිකර දුන් බවදතයුතු—


xvi


නමුත් මේ වටනා ග්රුන්ථය ශුධ කළමැනැවැ’ යි ඒ සා දුෂ්කරයෙහි අප මෙහෙයූහ. උන්වහන්සේ ගේ විධානය වූ පරිදි පුරාසාරමසක උත්සාහයෙන් මන්දාරම් පුවත මෙලෙසින් සංස්කිරණය කළ හැකි විය. මෙහි දී පොත් සපයාදීමෙන් හා පිටපත් කර දීමෙන් අස්ගිරි විහාරවාසී කරල්ලියද්දේ රතනපාල ස්ථ විරයන් වහන්සේ අපට දුන් අනුබලය කෘතඥතා පූර්වවක වැ සිහිකරම්හ. කීර්ති ශ්රීප රාජසිංහ මහ ආඥාව සදහන් පැරණි ලිපිය සපයා දෙන ලද්දේ විද්යා චන්ර්ම පරිවෙණාධිපති පණ්ඩිහත කෝදාගොඩ ඥානාලෝක ස්ථාවිරයන් වහන්සේ විසිනි.

මන්දාරම්පුවත මහනුවර යුගයට අයත් කෘතියක් හෙයින් උසස් රචනාවක් බලාපොරොත්තු නො විය හැකි බව පිළගත යුතු ය. එහෙත් එවක සිටි අන්යප කවීන් ගේ කෘතීන් හා සසඳන විට එකල උසස් යැයි සැලැකෙන රචනාවක් හා මෙය සමතැන් ගෙන සිටී. අපගේ සංස්කරණයෙහි දී ඒ ඒ කතුවරයන් ගේ වාක්සම්ප්රයදාය හා රචනාක්ර ම නො නසා අතිනත ලිවීමේ දී හටගත් දොෂස්ථාගන පමණක් බැහැර කරන ලද්දේ ය. විශේෂයෙන් ග්ර න්ථය කියවනුවන් ගේ ප්රකයෝජනය සලකා ග්ර න්ථය මුළුල්ලෙහි එන තුන්දහසක් පමණ වූ ශබ්දීකොෂය අකාරාදි ක්රරමයෙන් යොදන ලද්දේය. එහි ද ස්ථාන නාම, පුද්ගලයන් ගේ සංඥා, පාරිභාෂිකශබ්දය හා එවක සිංහල ආණ්ඩුයවෙහි පැවැති රාජකාර්ය වෙන් වෙන් වශයෙන් සංග්රඥහ කොට ඇත.

මන්දාරම් පුවත මෙසේ සකස් වූ නමුදු මුද්ර්ණය - කරවීමේ මඟක් නො ලැබ දසවසක් පමණ ඉක්මැගිය අතර “විද්යා්ලඞ්කාවර” පිරිවෙන්හි ආවාසී කොස්ගොඩ පණ්ඩිත ධර්මඉවංශ ස්ථුවිරයන් වහන්සේ ලඞ්කාකබෞධ මණ්ඩවලය ග්රාන්ථණය පිළිගත් නමුදු ආචාර්ය ආනන්දූ ඩබ්ලිව් .පී. ගුරුගේ මහතා මෙහි ප්රලවෘත්තිධ සාරය ද සැකෙවින් ලියාලුවොත් වඩාලාත් මැනැවැයි දන්වාලීය. එහි ප්රීතිඵලය වූයේ අගින් යොදා තිබෙන ප්රුවාත්තිසාරය නිපැදීම හා මුද්ර.ණයට පෙර බෞධමණ්ඩලය විසිර යෑමෙන් මුද්ර්ණය පමාවීමය. අනතුරු ව සංස්කෘටතික කටයුතු පිළිබඳ දෙපාතර්මෙදන්තුවේ ‘සාහිත්යොහපදෙශඛ සභෘව’ විසින් ද මන්දාරම්පුවත මැනැවයි සම්මත වූයේ ය.

ලඞ්කා විශ්ව විද්යාිලයේ සිංහලාංශයෙහි ප්රෙධාන තන්පත් සම්මාන්යන පණ්ඩිත විද්වත් ඩි. ඊ. හෙට්ටිආරච්චි මහාචාර්ය තුමාණන් විසින් මන්දාරම් පුවත සංස්කතරණය මැනවැයි පසස්නා ලදුයේ පූර්විකාව ද ලියා දීමෙන් මෙහි ගෞරවය වඩාලාත් නගා සිටුවන ලද බව ද සදහන් කළ යුතුය.


ලබුගම ලඞ්කාසනන්ද

මොල්ලිගොඩ ‘ප්රඞවවනොදය’ පිරිවෙන

5. සැප්තැම්බර් 1958