බුදු ගුණ අලංකාරය-8-10

බුදු ගුණ අලංකාරය-8-10


8. පැරුම් බිම්

සංස්කරණය

239. දිවකුරු බුදුන් කල පටන් වන තෙක් දසබල මෙ සතර අසෙකි කල නො කෙළෙ එක උපතකුත් තිස්පල


240. දිසි ඇම තැන අහස පමණ කළ හැකි තුරු රැස මුනි සඳු පෙර දවස පමණ නැත යදියනට දුන් ඇස


241. පරයා පොළොව පස් දුන් යදියනට ඇඟ මස් ඔහු දනට දුන් ඉස් වේ යැ මහ මෙර ගිරි සිරට උස්


242. දිවකුරු මුනි කෙරේ පටන් බුදු වන අතරේ දුන් ලෙයට සිරුරේ මඳ යැ දිය කඳ මෙ සිවු සයුරේ


243. අප මුනි සස කලේ දුන් දනට නො වැ සසලේ දෙවිඳු ඇඳි සස ලේ දැනුත් පවතී යැ සිසි මඩලේ


244. බුදු බල මින් දැනේ නො කීවත් බොහෝ මෙ තැනේ වටු වැ ද උන් තැනේ මෙ කපැ ගිනි නො ගනී යැ එ වනේ


245. වඳුරු වැ උපන් කල කළ අදිටනින් දසබල පුරුක් බට දඬුවල දැනුත් නැත්තේ යැ උන් උන් වල


246. වඳුරු වැ මහ වනත මිනිසකු වළින් ගොඩැ ලත එමෙකා තම මරත ඔහුට මඟ පෑ කෙළේ මහ මෙත


247. පිය රද යෙදු වද කම්කරු කරත ඉස් සිඳ මව වලපුන් වැලැඳ කෙළේ සම මෙත මැ සත්මැසි වැ ද


248. ගුණයෙකැ බුදුන්ගේ සිව් නිරිඳු වැ උපන්නේ ඇස් උපුට දුන්නේ සිතෙහි පිරි සන්තොස මැ දුන්නේ


249. පුණූ යකු ගෙනැ දමත විදුරු පඬි කලැ එ සුගත ගල සැට යොදුනුසැත වැටෙන අතුරෙහි ගණන් දැන-ගත


250. ගිජිඳු වැ මුනි සෙතළ විදි වැද්දවුට සිටැ වළ සියතින් කපා දළ දුන්නෙ සතොසින් සවන් පැහැදුළ


251. දිව නයි වැද නොමඳ වද කැරැ රැගන ගත විද ඇත ද දිව විස තෙද රැහිණි නොවැ සිල් මැ රැක්කේ වෙද


252. මහජනක වැ පවර නැසුණු තුරු දැකැ පල බර සපිරි රජ සිරි හැර ගොසින් වන වැද කෙළේ තවසර


253. මුව රද වැ මුනි විරු විද විද දුවන නරවිරු වැටුණා වළ ගැඹුරු බලා ගොඩ ලා කෙළේ පිය දුරු


254. වඳුරු වැ එ තෙර ගඟ පැනැ වේ වැලක් බැදැ ඉඟ වානර සෙන් සමඟ ගඟින් එ තෙර වැ යන්ට කෙළෙ මඟ


255. මැස්සකු බොන විතර ලෙහෙයක් නො සොල්වා වෙර මහඔසු පඬි වැ පෙර දීති යැ දඹ දිවැ රජුන් එක වර


256. සීලව රද වරැ දු නුවර ගෙනැ රුපු නරනිඳු මහත් වද කරතු දු කෙළේ තම සිත සිල් මැ පිරිසුදු


257. බලා සත සිතැ රඟ පැවැසු දහම් මනරඟ සිදු කුරැ සැප ස ස ඟ සිටී පස් වා දහස් එක රඟ


258. බව දුක් විඳැ තදිනි සිටින සත දැකැ නොමඳිනි ගොඩ ලමි යන සදිනි දනට අඹු-දරුවන් ද බැඳ දිනි


259. මග පල නියම කොට පැහැදැ ඔහු කී දහමට වන් සත මොක් පුරට කියත් සුවිසි අසංකයකට


260. දැඩි බැල්මක් නෙතින් මඳ ‍ෙදාම්නසක් සිතතින් කිසි අවියක් අතින් නො ගෙනැ මර සෙන් දිනි යැ එ මෙතින්


261. ගණිත දත් අතෙකින් නො ඉගෙනැ දෙයක් පොතෙකින් නො අසා ඉවතෙකින් මෙ ලොව දැනැ නිමැවී යැ මතෙකින්


9. නව ගුණ

සංස්කරණය

262. රහසත් පව් නොකොට
කෙලෙසර යනුත් දුරු කොට
නිසි වූයෙන් පුදට
‘අරහ’ යැ යි නම කියති මුනිඳුට

263. තුන් කල්හි මැ පැවැති
පදරුත් සියල් ලොවැ ඇති
අතැඹුල සෙ දැනගති
එයින් ‘සම්මා සම්බුදුනැ’ යෙති

264. විද්දෑ නැණ අට ද
පසළොස් සරණ ගුණය ද
ඇතියෙන් එ මුනි සඳ
පිරුණු විජ්ජා චරණ’ නම් ලද

265. යහපත් කොටැ ‍යෙතැයි
සුන්දර තැනට සැපතැයි
සොඳුරු බස් කියතැයි
කියති ඒ මුනි රජුට ‘සුගතැ’යි

266 තුන් ලොව තතු ලෙසට
දැනැ - ගෙනැ නොදත් මෙ ලොවට
දෙසුයෙන් නියම කොට
‘ලෝකවිදු’ යැයි කියති මුනිඳුට

267 හැම ගුණයෙන් නඳා
සම වැඩි සතකු ඇම ඳා
දියතෙහි නැති සඳා
‘අනුත්තර’ යැයි කියති මුනිඳා

268 බඹ සුර යකුන් තද
දමනය කැරැ තමන් ලද
සෙත් දී මුනිඳු සඳ
‘පුරිස දම් සාරති’ නම් ලද

269 බව කතරින් එතෙර
ලනුයෙන් “සතන්” හැම වර
තිලෝ ගුරු මුනි වර
වීයැ “සත්තා” නමින් පුවතර

270 සිවු සස් සිය නැණින්
දැනැ දැන්වී යැ කුලුණින්
දුරැලයි අනුවණින්
එ “බුදු” නම් වී යැ නැණ පමණින්

271 බෙදුයෙන් දහම් කඳ
බජනය ‍කෙළෙන් ගුණ කඳ
බග දහමින් සසඳ
බැවින් “බගවත්” වී යැ මුනි සඳ

10. දෙතිස් මහ පුරිස් ලකුණු

සංස්කරණය

272 රන් මිරිවැඩි ලෙසට වළ ගොඩ නො වී එක විට වැදැ නැහෙන මිහි පිට මෙ වැනි දෙ පතුල් යැ අප මුනිඳුට


273 නැබ නිම් දිසි නිමල අර දහසෙකින් මනකල සියටක් රුවිනිදුල මෙ වැනි රිය සක් දෙකෙකි දෙ පතුල


274 පතුල සතරක් කොට බෙදුමෙන් එකක් විළුඹට දිලි රත් පලස් වට ලෙසින් දිගු විළුඹැ අප මුනිඳුට


275 අඩු වැඩි නූ විතර ඉඟුල් පලු සේ පැහැසර රතැඟිලි යැ මුනි වර මොළොක් දික් අක් සිහින් මනහර


276 පිටි පසැ ඉදිරිපිට බැලුවත් දෙ අත්වරැ සිට යටි පතුල පෙනෙනට උස් වැ සිටි බොලට වෙයි මුනිඳුට


277 මුලින් දළ සිහිනග වට වැ සිටි මස් එක රඟ සොඳුරු ඇල් ගප් රඟ කෙරෙයි මන දඟ මුනිඳු යුග දඟ


278 දිලි මුනි දිව නෙතින් කුදු මිටි නො වී නියතින් නො නැමී සිටැ ගතින් දෙ දණ පිරිමදිනේ යැ දෙ අතින්


279 ඇදුරකු විසින් කළ දැල් කවුළු සේ නිකසළ අතපය මුනි ලකළ ඇඟිලි සම අතුරු වෙයි පැහැදුළ


280 පොළමින් සියක් වට පහන් ගිතෙලෙහි ලු යට කපු පුලුනක් ලෙසට මොළොක් අත්පා යැ අප මුනිඳුට


281 පියුම් පෙති ඇතුළට වැදැ සිටින කෙමි විලසට වැදැ සිටි කය තුළට පුරිස් ලකුණැත්තේ යැ මුනිඳුට


282 දැ හිඟුලින් මැද’ළ ඔප් ලා බහා දිවි දළ ගුරු පිරියම් ලක’ළ මුනිඳු රුව රන් රුවෙ ‘ව් නිකසල


283 අල පතැ දිය ලෙසට දැලි තෙල් රජස් හැම විට ගත නොරඳන ලෙසට සියුම් සිටි ඇත්තේ යැ මුනිඳුට


284 දුට වෙයි පෙරේමය දැකැ දැකැ රිසි නො යේමය මුනිඳු ඇඟ රෝමය දෙකෙක් එක තැනැ නො සිටිනේ මය


285 නිල් මිණි රස් තරඟ විහිදුවා සිටි මනරඟ හැම ලොම් මුනිදු ඇඟ වළලු හී උඩ බලා සිටි අඟ


286 නෙතැ තෙතැ පියකරු ව තිරසර ගුණෙන් විදුරු ව ලෙසින් මහ බඹ රු ව මුදු වැ ඉරිදු වැ සිටී මුනි රු ව


287 දෙ අත් පිටැ පා පිට දෙ උ‍ෙරගි ක‍ෙඳහි නහරැට නොපැනෙත ලෙස උසට පිරුණු මස් ඇත්තේ යැ මුනිඳුට


288 සී රදු ගෙ හිම දඩ පිරුණු වන් වෙයි පෙර කඩ පෙර කඩ ද පසු කඩ පිරුණු වන මුනිඳු ගේ දිය වැඩ


289 කටියෙහි පටන් කොට කඳට දක්වා සම කොට රන් පලඟක් ලෙසට පිහිටි මස් ඇත්තේ යැ මුනිඳුට


290 මුළු තුන් ලෝ වියත් දනයන් කරන නොවියත් මුනිඳුන් ගේ කයත් දිගින් එක පමණ වෙයි බඹයක්


291 සදහම් දෙසත වර නොඉපිලි නහර පැහැසර මෙන් රත මිහිඟු බෙර වට වැ මොනෙ‍ාවට සිටී මුනි කර


292 මුනි සඳු ගෙ උගුරා සත් සියක් රස නහරා සිටියෙන් තුඬු පුරා යැපෙයි මඳ අහරෙකින් සිරුරා


293 දොළොස් වකැ සඳු ගේ මඬල හනු සී රජු ගේ පරයා එක ර‍ෙඟ් පිරුණු හනු දෙක යැ මුනි සඳු ගේ


294 පිහිටි දත් දෙ නිකට දෙ තිසෙක් ‍ෙව් යැ දන හට උස් මිටි නො වැ රුවට පිහිටි දත් සතළිසෙ කැ මුනිඳුට


295 ගා ඇතුළත් පිටත් සම කොටැ තුබු සක් පත් විලසින් මුනිඳු දත් සිටි යැ උස් මිටි නො වී මදකුත්


296 තෙලි තුඩෙකින් සොඳුරු ඇඳි හිරි ලෙසින් පෑ’තුරු මඳකුත් නො වැ සිදුරු විදුරු සේ සිටි යැ දත් මුනි විරු


297 සුදු රස් මනරගේ ලෙසින් සුර ගඟැ තර‍ෙඟ් විහිදින දස දිගේ සතර දළ දා යැ මුනි සඳු ගේ


298 දිග පෑ දෙ කන් සිල මොළක දක්වා නැහැ තුළ පළලින් මුළු නළල වසන දිවැ මුනි සඳු ගෙ පැහැදුළ


299 කුරුවී කෙවිලි හඬ මියුරැ යි කියන බස මැඬ දෙවා තුති තුඩැ තුඩ පවතිනෙයැ මුනි සඳු ගෙ කට හඬ


300 ඉඳුනිල් මැණික් රස සරි කොටැ නො කියැ හැකි ලෙස වඩවන සත ‍ සතොස පහන් නිල් පැහැ යැ මුනි යුවළැස


301 එ කෙණෙහි මනර‍ෙඟ් උපන් රතු වස්සකු ගේ ඇසි පිය ගුළි ර‍ෙඟ් පහන් ඇස් ගුළි යැ මුනි සඳු ගේ


302 ඇදැ රියනක් දිගට හළ සඳ මඩල සේ වට බැම මැදැ නළල් පිට දිලෙන උණු ලොම් යැ අප මුනිඳුට


303 දිය බුබුළක් ලෙසේ වට වැ ගෙනැ සිටැ සොඳ සේ නිල් මිණි රස් ලෙසේ බැබැළි අප මුනි සඳු ගෙ සිරසේ


304 මෙ ලෙසින් බුදුන් බඳ දෙ තිසෙකැ ලකුණු මනනඳ එ බැවින් මුනිඳු සඳ පහන් තුරැ සේ දිලෙයි හැම සඳ

"https://si.wikibooks.org/w/index.php?title=බුදු_ගුණ_අලංකාරය-8-10&oldid=7717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි