බුදු ගුණ අලංකාරය-1-5
බුදු ගුණ අලංකාරය-1-5
1. කව් මුව
සංස්කරණය1. කුලුණූ මෙන් සත වෙත පතළ නැණ සව් පදරුත එළි කළ ලොවට සෙත නිතර නමදිම් මුනිඳු සරණත 2. ළං කැරැ සසර හිම් දුරැ කැරැ කෙලෙස් බිය හිම් සිදු කළ යුතු උතුම් වඳිම් නව ලොවුතුරා සදහම් 3. කිසි කෙනකුන් පමණ නො කළැකි ගුණැති අපමණ සත හට පිළිසරණ වදිම් අදරින් අරී සඟ ගණ 4. බව සිඳු පසුරුවන් අව බිය අඳුරු හිරුවන් මුනි පෙර මහ රුවන් මෙ සේ නම කැරැ පුදා තෙ රුවන් 5. කය නම් අසාරය බව නම් බයංකාරය කියනුව දිවා රය කියම් බුදු ගුණ අලංකාරය 6. මහ කිවි වරන් පෙර පවසා නොපත් පර තෙර සුගතිඳු ගුණ ගැඹර මේ මා කියමි යි සිතනු වැරසැර 7. සුවාසූ දහසක් යොදුන් ගැඹුරැති මුහුදක් ගොඩ කෙරෙමැ යි උදක් ලෙහෙනු කළ තැත් වැන්නැ දවසක් 8. එතෙකුදු වත් සොඳින් පුරමී පිනක් නොමඳින් මුනිඳු ගුණ මුහුදින් බිඳක් දක්වමි උදක් ඔකඳින් 9. නුවණැතියෙනි මෙ මා බස ෙදාස ඇතත් එ දමා දෙ සවන් පුට නමා පමා නො වැ ගනුව මුනි ගුණ‘මා
2. විසල් පුර වැනුම්
සංස්කරණය10. සඟ සිරි අසාලා කළ යුරු සොඳුරු සාලා සිරිත් සුවිසාලා පවර නුවරෙක් වී විසාලා
11. සත් සමුදුර අගළ
සත් ගිරි පවුරු වට කළ
සක් පුර මිසැ උදුළ
එ පුර සරි කො ද පුරෙක් සක්වළ
12. බබළන පැහැ ගිහිණි
වෙන වෙන දෙසින් සැපැමිණි
පබළු රන් මුතු මිණි
නොයෙක් සල්පිලි සියෙන් සුසැදිණි
13. ගන රන් කොත් පැලැඳි
බිතු සිතුවමින් සිත් බැඳි
මිණි පහ පැහැ විහිදි
කො වේ මා වේ සියෙන් සිය සැදි
14. පුරවැසියන් තිළී කෙළින කෙළි මෙන් නියැළි දද ඉන් ඉන් වෙළී කෙළී පුර ‘ඹර රැසින් බැබැළී
15. මනහර රුසිරි සර
දෙවියන් ලෙසින් සුර පුර
උරයෙන් උර පැහැර
නිතර මහ සෙන් සිටිති එ නුවර
16. සෙණ හෙන සේ කිපෙන
තවසුන් ලෙසින් හික්මෙන
හැම රුපු සෙන් දිනන
මහත් ගජ සෙන් සිටිති තැනැ තැන
17. හසළ පස් දහරේ
කිසි ද්රෙෙස් නොවැකි සිරුරේ
යනෙන නිති එ පුරේ
තුරඟ සෙන් වැනි තරඟ සයුරේ
18. එ පුර රජ මහවත
බන් රන් දෙදෙන් පැහැපත
සක් සන් ගත් දිගත
නිතර රත සෙන් විතර වනු නැත
19. සුර තුරු මෙන් කැමැති
දෙය යැදියනට දෙන නිති
ලොවැ පරසිදු පිනැති
නොයෙක් මහසල් කුලන් ගෙන් යුති
20. සුරඟන සිරි සිලු
වරඟන කෙළින සඳලු
ලිය ගී කන්කලු
ඉමෙක් නැත තරග රඟ මඞුලු
21. ඇම තැනැ ඇති සැපත් එක තැනැ මැ වු සිරි ගත් දැකැ දැකැ රිසි නුමුත් නැතැ යි යන සම්පතෙක් එහි තැන්
22. නන් වෙස් නන් බරණ
සැපතින් පිරුණූ අපමණ
සිටි වයසෙහි තරුණ
කෙසේ මෙ තෙකැ යි යෙත් ද නර ගණ
23. සිහිල් දිය පිරුණු
පිය ගැට පෙළින් දිලුණු
බිඟු දැල් විසුරුණූ
වී යැ තැනැ තැනැ පියුම් පොකුණූ
24. නල‘ඹළ නන් කෙහෙලි
බන් මිණි කිකිණි මුතු ලැලි
රන් වැට පහන් දිලි
දොරින් දොරැ දන් දෙවන දන් හලි
25. අසුර සෙන් තරමින්
තැනැ තැනැ පණ අත‘රමින්
රුපු මන් උපුරමින්
සරන මහ සෙනඟැ අවි සරමින්
26. ගිජිඳුන් තිමද ගිලි
තුරඟුන් ලෙසින් නොහැකිලි
තබා බන් රනැකිලි
කෙළින තන් තන්හි බිහි අලි කුලි
27. දැනැ-ගෙන විදු සියල්
උනුනට වෙමින් පිළිමල්
කියන රෑ දාවල්
සැදිණි වෙන වෙන නොයෙක් විදු හල්
28. විහිදි මිණි කිරණ ය
දොර දොරෙහි රන් තොරණය
නිති සතොස කරණ ය
සිරිත් පිරිතිරි එ පුර දෙරණ ය
29. සතුරන් කළ නිහඬ
එහි රිය සක්හි සක් හඬ
වැජැඹෙයි දසත මැඬ
ලෙසින් රළ ගළ සයුර ගත් හඬ
30. පුර දෙරණතැ පිරී
කුර රොන් සමඟ ඉතිරී
දිගතැ ගොස් පැතිරී
පවති භය මිණි කිකිණි ගිගිරී
31. පසඟ තුරු නාදේ
ගජ සෙන් කුංච නාදේ
සමඟ තුති නාදේ
එ පුරැ දිව රෑ එක නිනාදේ
32. එව කව බොව කියන
තෙපුලෙන් පිරුණු ඇම තැන
උතුරුකුරු දිවයින
වැන්නැ ඉසුරින් එ පුර ඇම තැන
33. සුරන් පහ සදිසි ය
දිලි සත් රුවන් බිතු සි ය
සත් දහස් සත් සි ය
සතක් රජ මහ පහය ගැවැසි ය
34. කෙළින පුර වැසියන්
ලොබ වන තරම් දෙවියන්
සව් සිරිනි සැදියන්
සැදිණි එ පමණ පොකුණු-ගෙ-උයන්
35. නිරිඳුන් පෙම් බැඳී උනුන් වෙතැ සිත් පැහැදී ඉඳිනෙන් එහි සැදී බියෙන් මෙන් කිසි දුකෙක් නො වදී
3. රද වැනුම්
සංස්කරණය36. රැ දෙවෙහි නිතොරේ මිණි පහ පැහැය පැතිරේ දුරු වන ගන‘ඳරේ ලොවැති සව් සිර සපිරි එ පුරේ
37. සත් සිය දහස් සත්
සත් නරනිඳුහු සම ගොත්
සත් වග කෙරෙහි මෙත්
යුත් වැ පවතින් සිතින් මැදහත්
38. දුසිරී සිත නැවැති
රද නීති දත් ගුණ ඇති
මැදහත් ලෙස පැවැති
එ රජ ලිච්චචි නිරිඳු නම් වෙති
39. කුල දෙටුවන් පැවැති
සෙබෙහි තෙද‘ණින් නො දිලෙති
වෙන් වු සඳැ දිලෙති
රසින් මුසු නුමුසු රන් සේ වෙති
40. නො වළා ‘වරද තන්
නො නැමී බසට මහ තන්
විලසින් පිය සුතන්
සතන් රකිනු යැ බලා ඇම තන්
41. නො මකා කුල සිරිත්
නො තබා මැ දෙන දන් වත්
නො වඩා අය බදුත්
නැඟු සිත් සේ මැ දියැ දිය කොත්
42. ගත උන් ස බා මැ යැ
බස උන් ගේ ස බා මැ යැ
ඉසුරන් ස බා මැ යැ
සබා නම් උන් උන් ස බා මැ යැ
43. අවා බිය ඇවුරූ
සිත් සත් ගුණෙන් සපිරූ
දිගු බිතැ කිවියරූ
ඔවුන් ගුණ සිතුවමින් තැවැරූ
44. රන් රූ සදිසි ය හ
දැකැ දැකැ නොයන රිසි ය හ
කන්කලු සුබැසි ය හ
ඔහු මැ නර දෙවි නමට නිසි ය හ
45. රුසිරින් ලොවැ ගරූ
අයුරු සුරඳුන් පිළිරූ
දස රජ දම් දැරූ
ඔවුන් සිරි වෙති මෙ ලොවැ කවුරූ
46. සක බිමැ පෙරැළෙමින්
ගැලැ බඬු නිසල කෙරෙමින්
පවතින මෙන් නොමින්
තුමූ දුක් විඳිති සත රකිමින්
47. රොන් ඇරැ-ෙගනැ පෙමින්
යන බිඟු ලෙසින් කුසුමින්
ලොවට දුක් නො දෙමින්
ගනිති අය පඬුරු පෙර නියමින්
48. ලුව ද සිඳු පෙදෙසේ
දිය නො ගෙනැ සිටි නැව සේ
දන නො ගෙනැ මැ තොසේ
සිටිති දනවත් දනන් සිත සේ
49 පල ගත් අතු නසා
පල ගන්නවුන් විලසා
දන ගැනුමක් නිසා
දහම් නො නසති දනන් වනසා
50. සවනනින් අසන බස
නුවනින් අසව යන ලෙස
කෙරෙතී තමා බස
යමක් නො යොදති මිසක් නිසි ලෙස
51. දෙත‘තුල් සේ ඉසට
සතින් වළකන වැස්සට
යෙදෙන මහතුන් හට
දෙයක් නො යොදති හීනයන් හට
52. පර අඟනන් දෙසේ
බලත ලෝ වැඩ පිණිසේ
ගිම් රිවි මඬල සේ
බලති ඇස හකුළුවා දුක සේ
53. පුතු වෙත සනහසේ
පසව දුක් ඉවසන සේ
ලොව රැකුම‘දහසේ
විඳිති දුක් සරු නො කොටැ සැප සේ
54. බබළන තුරු වසා
වලා ලන මරු විලසා
අනුන් ගුණ කෙලෙසා
නුගුණ නො මැ පතුරුවති වෙසෙසා
55. ඇත් ගොවුවන් මරා
තුටු වන ගජන් අයුරා
දුක් ගන්නන් මරා
එයින් තුටු සිත් නො වෙති ඉඳුරා
56. සුවඳ හැල් උදුරා
රකිනෙව් වරා ඉඳුරා
අදහම් රැකැ පුරා
දහම් නො නසති සිතින් නිතොරා
57. පස් ඉඳුරන් රැගත්
අරමුණු පසින් සැප ලත්
විලසින් ජවන් සිත්
ලෙවන් ලද සැපතින් මැ තුටු වෙත්
58. වතුරු වැලි බිම් පෙත
නො හැරැ මැ කරන මෙන් තෙත
දුප්පත් සතුන් වෙත
කෙරෙති නිති මහ කුලුණු මෙත් සිත
59. කළ පිරුණු තෙල් ඇති
රකිනෙව් නිසල කොට නිති
මහතුන් ගුණ නැණැති
නිතර රැකැ බැති සිතින් පවතිති
60. හමන පවනක් සේ
ගවර වළැ පුල් සරසේ
කුලනුකුලන් දෙසේ
සම වැ පවතිති සිතින් සොඳ සේ
61. හිරු නැංග ද කෙසේ
රකිත‘දුරු ගිරි ලෙණ සේ
සැඬ දනැතත් කෙ කෙසේ
දුගී සත රැකැ සිටිති සිත සේ
62. දත් මැදැ-ලා දමන
දැහැටි දඬු මෙන් දිනැ දින
මෙහෙ ගෙනැ දනන් ගෙන
පසු වැ නො දමති නොදත්තන් මෙන
63. වෙන වෙන කරලැ දුටු
වී ගෙනැ පුරන මෙන් අටු
හැම සත සිතැ සතුටු
තමා ළෙයි ලා නො වී අක පටු
64. කුස ගිනි විතර මිස
නොකරන ලෙසින් බත් කිස
නො කරවති දන රැස
සතන් රකිනා විතරකට මිස
65. පියුමෙහි මී විලෙහි
තබා බොන හස මෙන් එහි
දන දනවතුන් ගෙහි
තබා වැඩ විඳැ ගනිති නිතියෙහි
66. ඇතු රකිනා පිණිස
දා - ලන අනුන් සස් ලෙස
එකකුට වැඩ පිණිස
නො දෙති උදුරා එකකු ගේ යස
67. මෙ වැනි දස් කම් කොට
ලබමී යමක් ආ හට
නොමැ දී ඒ ඔහුට
නො යා දෙති දොම්නසින්, ඔහු ගෙට
68. මල සිෙඳන පමණට
දවන රන් සේ ගිනි කොට
කළ වරද පමණට
දෙවනි සන්තාප ඔහු දන හට
69. සිඳු වඩ දිය නො වන
කලපුව සිෙඳන දිය මෙන
සැපෙන් දුරු වුව දන
තුමූ නො ඉඳිති සිතින් සැප ගෙන
70. දුන්නෙහි දැඩි කමෙන්
විදී සරය දුර යන මෙන්
තම කළ දැඩි කමෙන්
සතුන් දුරු නො කරවති නියමෙන්
71. මුල තිර වැ සිටි සේ
සලෙළ වන තුරු සිර සේ
සත සුව විඳින සේ
තුමූ සලෙළ වැ සිටිති සිත සේ
72. නුවර රකවරණට
කරන පවුරෙව් තිර කොට
ලොවට රකවරණට
තමා තර කොටැ-ගනිති හැම විට
73. බොන මෙන් මුව රැගෙන
ඇතු සොඞිනු‘කාගත් පැන
ලෝ වැස්සන් පොවන
තමා ලත් සැපත‘මා නිතියෙන
74. මල් නො ගෙනැ පල දෙන
දිඹූල් තුරු සේ ඇම තැන
කිසි කරුණක් නො ගෙන
දනන් සුවපත් කෙරෙති නිතියෙන
75. සඟිනි තොප පුහුදුන්
නුදුටුයෙන් සගැ සුරිඳුන්
බලව යි තෙල රදුන්
බුදුන් වදහළ බැවින් සෙත දුන්
76. සැබැවින් තිදස පුර
සුර සෙන් ලෙසින් මනහර
තුටු කළ ලොව නො හැර
කෙසේ වනමු ද ඔවුන් සිරි සර
4. තුන් බිය
සංස්කරණය77. සුර සිරි මෙන් නොමඳ රජ සිර යෙහෙන් විඳැ විඳ ඔවුනොවුන් පෙම් බැඳ මෙ සේ එ රජුන් රජ කරන සඳ
78. දෙවියන් ගතෙහි දිලි
දිසි මෙන් ජරා විලි පිලි
ඒ නුවරැ පවා කලි
කලෙකැ දුබ්බික් දුකෙන් විය‘කලි
79. නැතැ තිත්ත වන්නේ
සව් සැප ලොවැ සතුන්නේ
පානෙව් මෙ තැන්නේ
රෝග බියෙකුත් අවුත් වන්නේ
80. ඉසුරින් තම නුවර
සරි යැ යි සිතින් බැඳැ වෙර
දුන් මෙන් කුවෙර වර
වන්නු යක් සෙන් අවුත් ඒ නුවර
81. නුවරෙහි විසාලා
යම් කිසිවකු තබා ලා
යම් දැ යි සිතා ලා
මරු ගොසින් උන් වැනි වසා ලා
82. ගජ තුරඟ සෙන් හඬ
රිය සක් පසඟ තුරු හඬ
මෙ හැම වෙසෙසින් මැඬ
වැජැඹි බලු කැණහිලුන් ගේ හඬ
83. දිය අගළ ගැඹුරූ
වසා පවුරිස් අතුරූ
මළ මිනියෙන් පිරූ
වටා කළ වැනි අමුතු පවුරූ
84. දඹ දිව් තල අවට
උවදුරු තාක් එක් කොට
නො හැරැ-ගෙනැ එ පුරට
අවුත් මරු බට වැන්නැ එක විට
85. ගොඩැ ගොඩැ ඇට සැකිලි
තැන තැනැ තුබු බලි බිලි
මඟැ මඟැ රෙදි වැරැලි
එ පුර ඇම තැන බලත් පිළිකුලි
86. දොරැ දොරැ මිනී බෙර
ගෙයි ගෙයි හඞ යැ බියකර
පිලැ පිලැ අදින මර
දුගී ගිලනුන් ගෙන් නැත‘වසර
87. මුත වරලැ ඉසැ ඉසැ
හෙන කඳුලැලි යැ ඇසැ ඇසැ
සා ගිනි යැ කුසැ කුසැ
කියන දුකුලවු මැ වියැ බසැ බසැ
88. කඩ කබලැ අතැ අතැ
ඉපිලි නහර යැ ගතැ ගතැ
බැගෑ හඬැ වතැ වතැ
වැඩුණු දළ සෝ ගිනි යැ සිතැ සිතැ
89. බිය තුනෙකින් රුදුරු
බලා සැපැමිණි උවදුරු
ඇදුරන් ගෙනැ නැඹුරු
ඇතුළු නුවරුට වන්නු එ නුවරු
90. උනුන් වෙතැ පිය බස
යොදමින් සිතින් සහතොස
උන් රජ මැති පිරිස
නැමැදැ ඇති තතු කිවු යෑ මේ ලෙස
91. දැඩි දුබ්බික් දුකෙකි
කිසි වෙද කමක් නො කළැකි
සැඬ රෝ දුක් බියෙකි
යකුන් ගෙන් වන මහත් වනසෙකි
92. කෙත් වත් විපත වී
ගං හෝ දිය ගිය තැවී
වැසි නැති වියත වී
නොයෙක් තුරු ලිය දා පතිත වී
93. තොලු ගානා තණක්
දිය තලු තෙමන පමණක්
නැති වැ තුරු සෙවණක්
දුකෙකි සිවුපාවුනට දියුණක්
94. පෙර සුර‘ඟනන් වැනි
අඟනෝ සොඳුරු රුසිරිනි
මස් ලේ නැති බැවිනි
උදක් ගෙයි ගෙයි යකින්නන් වැනි
95. නොයෙක් උක් මී රස
ගිය වැනි බියෙන් පර දෙස
සුලබ පස් ගෝ රස
දුලබ වියැ මෙහි ඇතැ යි යන බස
96. පෙරැ සත සිත ලෙසිනි
තෙවුනා මනා සුවඳිනි
කපුරු කස්තුරි දැනි
මෙ පුර නපුරැ යි දමා ගිය වැනි
97. නැති වන් සිල් අට‘හ
සුවඳ ගෑමෙක් නැත ඇඟ
දුර ලුයැ ලිය සසඟ
පිහිටි අය සේ මැ බඹසර මඟ
98. දුසිරි මඟ නැවැති සිල්වත් දනන් සේ නිති කව් නළු රසිනි‘වති නටන නටවන අයෙක් නම් නැති
99. දැනෙන් එකඟ සිත
වු මෙන් කෙළි සිනා නැත
නොසිඟන කෙනෙක් නැත
පිහිටි අය මෙන් දුහඟ පිළිවෙත
100. අයකු රට වැස්සෝ
වට ලු යැ දිසි-දස්සෝ
ඌ යැ පෙරැ නිස්සෝ
දැනුත් වට ලා දුවති මැස්සෝ
101. දිය සෙ සිවු සයුරේ
මහ සෙනඟ ඇති නිතොරේ
සැපැමිණි උවදුරේ
ඔවුන් ගැණැ-ගත හැකි යැ මේ පුරේ
102. වැඩ කැරුමෙන් ලොවට
සැපැමිණි මෙ රජ සැපතට
කිසි කම් නැති ලෙසට
කිමෙක පිහිටක් නොවනු මේ දුකට
5. ලොවට වැඩ අවැඩ
සංස්කරණය103. දුබ්බික් දුක් මුසූ තම සිත දුකට සුදුසූ නුවරුන් බස් ඇසූ නිරිඳු මෙ ලෙසින් තෙපුල් පැවැසූ
104. රජුන් අදමිටු වත්
වෙති මැතිෙඳා්ද එ පුවත්
දැකැ උන්ගේ පුවත්
බමුණු ගහපතියෝ ද එ ගනිත්
105. උන් දැකැ දනවු වැසි
දත වෙති අදහමට රිසි
රැකැ උන් වෙතැ පැහැසි
සුරත් සිතටත් අදම් අදහසි
106. එ දැක තුරු දෙවියෝ
වෙති අදහම මැ සෙවියෝ
එයින‘හසැ දෙවියෝ
කෙරෙති සිත අදහමින් නොවියෝ
107. මෙ ලෙසින් අදහමට
නිරිඳුන් ලොවැ පැමිණී විට
එ රදුන් සතු රටට
හමයි විසම වැ පවන් දැඩි කොට
108. එ පවන් වැදැ සැලෙත
නුබ දෙවි විමන් ගමනොත
කිපුණෙන් සුරන් සිත
නො වස්වති වැසි ලොවට කැරැ සෙත
109. රවිසඳහු ද තොසේ
යන මහැ නො යෙති පෙරැ සේ
ඒ සුරන් වත එ සේ
නැති වැ වැසි සස් කලට නො පැසේ
110. එක ගමෙක ද වැසී
වසිතත් සම වැ නො වසී
ඉන් විසම වැ පිසී
තුබූ සස් වග ඉතා නොරසී
111. ඒ අහර කන බොන
දන හට එයින් වෙන වෙන
රෝ දුක් වන බැවි න
ලොවට වැඩ අවැඩ නිරිඳුන් ගෙන
112. එ බැවින් අප ලොවට
පෙර රජ සිරිත් වෙන් කොට
කළ කී දෙය තොපට
දැනෙත කියව යි කිවු නියම කොට
113. නුවරෝ එ බස‘සා
නිරිඳුන් නුගුණ විමසා
තැතියෙන් කිස දොසා
මෙ සේ පවසති ඔවුන් පසසා
114. සව් සතරෙහි පුරුදු
මහ සත් ගුණෙන් පරසිදු
මහ පින් ඇති මේ බඳු
උපන් නිසා කැත් කුලෙන් පිරිසුදු
115. දැනැ කළ ගුණ වෙසෙස
නුවණැති දනන් කී ලෙස
පවතින ඇම දවස
දුරින් දුරු කොටැ වසන බොරු බස
116. මෙරමා වැඩ කැමැති
කීකරු ඇමැත්තන් ඇති
නො හැරැ මැ රද නිති
කැමති දෙය සිදු කරන විකුමැති
117. නැගෙන රිවි විලසින්
දිනැ දිනැ උදය සිරසින්
පෙර නිරිඳුන් විසින්
පැවැති ලෙසට මැ පැවැති වෙසෙසින්
118. විකුමට නිබොරුවට
දෙන මහ දනට දන හට
දිවි සතර වනු කොට
රකින සිහිපත් ඇති වැ හැම විට
119. පිරි සුසිරී මගේ සිටි මැති වරන් සමගේ රකින නිති සතගේ කවර වරදෙක් ද ඔබ ඇම ගේ