බුදු ගුණ අලංකාරය-විවරණය-36-102

3. ලිච්ජව් රාජ වර්ණ-නය සංස්කරණය

36. ටිප්පණි : පැතිරේ - ‘පැතිර’ යනු එළි වැට රක්නට විරූප වී යැ. ගනදරේ - මේ ‘ගනඳර’ යනු යි.

37. ටිප්පණී : සමගොත් - සමාන ගොත්රි වූ. සත් වග -- සත්ත්ව වර්ගේයා.

38. ටිප්පණී : දුසිරි සිත නැවති - දුශ්චරිත චිත්තය නැවැත්තා වූ. දුශ්චරිතයට නැමුණු සිතක් ඒ රජුනට නැතැයි කී සැටි යැ. එ රජ -- රාජයෝ. මෙහි ‘රජ’ යනු බහු වචන රූපයි.

39. අන්වය : (ඔහු) කුල දෙටුවන් පැවැති සෙබෙහි තෙද අණින් නො දිලෙති. වෙන් වූ සඳැ දිලෙති. රසින් මුසු නුමුසු රන් සේ වෙති.

අර්ථ. : (ඒ ලිච්ඡවි රාජයෝ) කුල ජේ්යසෂ්ඨයන් ඉන්නා සහායෙහි තේජසින් ද ආඥයෙන් ද නො දිලෙති. වෙන් වූ කල්හි දිලෙති. (එ හෙයින්) රස දියෙන් මිශ්ර් වූ ද අමිශ්ර වූ ද රන් වැනි වෙත්.

රස දියෙන් මිශ්ර් වූ රන නො දිලෙයි, අමිශ්ර වූ රන දිලෙයි. එ මෙන් මැ කුල දෙටුවන් ඉන්නා සභායෙහි ලිච්ඡවි රාජයෝ තමන් ගේ තේජස හෝ ආඥ බලය හෝ නො දක්වති.

වැඩි සිටි අයට රජ දරුවන් දකවන ගෞරවය මෙයින් වැනූ හ .

40. අන්වය : අවරද තන් නො වළා, මහ තන් බසට නො නැමී, ඇම තන් බලා, සතන් පිය සූතන් ලෙසින් රකිනූ යැ.


අර්ථ  : අවරජ වූ තැනැත්තන් හෙවත් හීන ජන්ම ඇත්තන් දුරු නො කොටැ, උසස් තැනැත්තන් ගේ වචනයට වචනයට නොනැමී, සියලු තැන් බලා සත්ත්වයන් ප්රි්ය පුත්රනයන් මෙන් රකින්නේ යැ .

ටිප්පණී : අවරද - අවරජ. ‘අවර’යනු පහත් යන අර්ථ යෙහි යෙදේ. පහත් වැ උපන්නාහු අවරජයෝ යැ. වළා - වළහා. ‘වළහ’ (දුරු කිරීමෙහි) ධාතු යි.

41. ටිප්පණී : නො මකා - විනාශ නො කොටැ දන් වත් - දාන වස්තු. නො තබා- නොනවත්වා. නො වඩා - වැඩි නො කොටැ. දියැ - ලෝකයෙහි. දිය කොත් - ජය කොඩි.

42. ටිප්පණී : ගත සබා මැ යැ - ශරීරය කාන්ති සහිත මැ යැ. ‘බා’ නම් කාන්තිය යි. බස සබා - මෙහි සබා නම් සත්යරය යි. ඉසුරන් සබා මැයැ - ඊශ්වරයන් ( අධිපතීන් )ගේ ස්වභාවය මැ යැ.

43. ටිප්පණී : අවා - අපාය. ඇවුරූ - ආවරණය කළා වූ. සත් ගුණෙන් - සත්පුරුෂ ගුණයෙන්. දිගු බිත - දිශා නමැති භිත්තිය. කිවියරු- කිවිවරු. තැවැරූ ආලේප කළ හ.

කවීහූ ඔවුන්ගේ ගුණ නමැති සිතියම දිශා නමැති භිත්තියෙහි ඇන්දෝ යැ. කාව්යියන් කිරීමෙන් ඒ ගුණ දිශාන්තයෙහි පැතිරී ගිය සේ මෙයින් කියැවිණ.

44. අන්වය : (ඔහු) රන් රූ සදිසිය හ; දැකැ දැකැ නොයන රිසිය හ; කන් කලු සුබැසිය හ. ඔහු මැ නර දෙවි නමට නිසිය හ.

අර්ථ  : ඒ ලිච්ඡවි රජහු ස්වර්ණ රූප සමානයෝ යැ; දැකැ දැකැ ද නොයන්නා වූ රුචි වඩන්නා හ. කනට ප්රිරය වූ යහපත් වචන ඇතිය හ. ඔහු මැ ‘නර‍ෙදව’ නාමයට තිස්ස හ.


ටිප්පණී : සුබැසි - සුබස් (මනා බස්) ඇතියේ සුබැසි යි. නර දෙවි -‘නර දෙව’ යනු රජුන‍ට නමෙකි. නරයනට දේව වන හෙයිනි.

45. ටිප්පණී : පිළිරූ - ප්රනතිරූප. කෙනෙකු ලෙසට කැරුණු රුව පිළිරුව යි. දස රජ දම් - දශ රාජ ධර්මයය. (1) දානය, (2) ශීලය, (3) පරිත්යා ගය, (4) ඍජු බව, (5) මෘදු බව, (6) තපස, (7) ක්රෝ3ධ නැති බව, (8) හිංසා නොකරන බව, (9) ඉවැසීම, (10) විරුද්ධ නොවන බව යන මේ රාජ ධර්මයෝ දසය.

46. ටිප්පණී : සක-චක්ර9ය. නොමින් - බෙහෙවින් බඩු නිසල කරනු පිණිස සක පෙරැළෙයි. සතුන් සුව පත් කරනු පිණිස රජහූ දුක් විදිත්.

47. ටිප්පණී : පෙමින් - ප්රේිමයෙන්. ගැහැට නො කොටැ. නො තළා. අය පඬුරු - අය බදු. පෙර නියමින් - පූර්වෘ රාජයන් විසින් නියම කරන ලද පරිදි.

48. ටිප්පණී : සිඳු පෙදෙසේ - සමුද්ර ප්රවදේශයෙහි. ලුව ද - ලන ලද නමුත්. සමුද්ර මධ්ය යෙහි සිටිය ද නැව දිය නොගන්නා සේ ධනවතුන් අතරැ සිටියද මේ රජහූ ඔවුනගේ ධනය නො ‍ගනිත්.

49. ටිප්පණී : පල ගන්නවුන් විලසා - ගෙඩි කඩා - ගන්නන් මෙන්. දන ගැනුමක් - ධනය ගැනීමක්. දහම් - (යුකති) ධර්ම-ය.

50. ටිප්පණී : සවනින් -කනින්. නුවනින් - නයනයෙන්. ඇසින්. යන - කියන. තමා බස කෙරෙති යි - තමා කීවා කෙරෙති යි කියා. නිසි ලෙස මිසක් - නිසි ‍ෙස් විනා (අන් පරිද්දෙකින් ) බස අසියැ යුත්තේ කනිනි. ‘එය ඇසින් අසව’ යි කීම නිසි ලෙස යෙදීම නො ‍ෙව්. තමාට කීකරු වු පමණින් ඒ රජ හු ‍මෙ බඳු අයුතු යෙදුම් නො කෙරෙති.

‘නුවණීන්’ යන්නක් ගෙනැ ‘ඥානයෙන්’ යි අරුත් බණණුවෝ පදාර්ථන නො දනිත්.

51. අන්වය : සතින් වළකන වැස්සට ඉසට අතුල් දෙන සේ ..............

ටිප්පණි  : සතින් - ඡත්රටයෙන්. කුඩයෙන්. වැස්සට - වැස්සෙහි දී අතුල් - හස්ත තලය. යෙදෙන - සුදුසු වන මහතුනට සුදුසු දැයක් හීනයනට යෙදිම කුඩය වෙනුවට අත්ල හිසට දීමක් වැන්නැ.

52. ටිප්පණි  : ලෝ වැඩ පිණිස - නඩු ඇසිම් ආදියෙන් වන ලොකාර්ථිය පිණිස. මෙ බඳු තන්හි දි අන්යුයන් ගේ සත්රී න් දෙස ද බැලීමට සිදු වෙයි. එ කලැ සුර්ය යා දෙස බලන්නා සේ ඇස හකුඵවා - ගෙනැ දුක සේ බලත්. පර ස්ත්රීරන් කෙරෙහි කිසි ඇල්මක් නොකරන බව මෙ සේ කී හ.

53. ටිප්පණි : සනහසේ - සෙනහයෙහි ලා. සෙනහය කරණ කොටැ-ගෙනැ යැ යු සේ යි. කරණර්ථනයෙහි පස් වන විබති පසව දුක් - ප්රොසව දුඃඛය. වැදීමේ දුක. අදහසේ - අදහස කරණ කොටැ - ගෙනැ. සරු නො කොටැ-නොසලකා. සැප සේ - සැප මෙන්.

54. ටිප්පණී : තුරු - තාරකා. වලා-වලාහක. වලා කුළු. මරු - මාරුතය. සුළඟ. කෙලෙසා- කිලිටි කොටැ. වෙසෙසා - විශෙෂ කොටැ.

55. ටිප්පණි : ගජන්-හස්තීන්. ඉඳුරා - සෘජු වැ මැනවින් යැ යු සේ යි.

56. ටිප්පණි : සුවඳ හැල් - එ නම් ගොයම්. වරා - එ නම් වල් පැළය. රකින එව් - රකින්නාක් මෙන්. අදහම් පුරා රැකැ - අධර්ම ය සම්පුර්ණු කොටැ රැකැ.

57. ටිප්පණි : පස් ඉඳුරන් - ප‍ඤ්චේන්ද්රිරයයන් විසින් ඇස, කන, නාසය, දිව, කය යනු පසිඳුරු යි. අරමුණු පසින් - රූප ශබ්ද ගන්ධ රස සපර්ශඑ යන ආලම්බන පසින්. ජවන් සිත් - ජවන චිත්නයන්. ලෙවන් - ලෝකයන්. ඉන්ද්රිියයෝ අරමුණු ලබත්. ජවන චිත්තයෝ එයින් සන්තර්පිත වෙත් ලෝක සත්ත්වයෝ සැප ලබත්. රජහු එයින් මැ සතුටු වෙති.

58. ටිප්පණි : වතුරු - ප්රුවාහය. ඔඝය. ගලා යන දිය පහර. වැලි බිම් පෙත්-වාලුකා භූමි ප්රරදේශය. විද්යාාචක්රටවර්තීහු - ‘වෙහෙල්ල තෙමා - ගෙනැ බස්නා ජල ප්රවවාහය සේ අනාථයන් තෙමා කරුණා වතුරු පැවැත්වුහ’ යි යෙති. මහ කුලුණු මෙත් සිත් - මහා කරුණා මෛත්රිප චිත්තය.

59. ටිප්පණි : කළ - කළය. නිසල - නිශ්වල. ගුණ නුවණ ඇති මහාතමයනට ගෞරවයෙන් පවතිති යි යු සේ යි.

60. ටිප්පණි : ගවර වළැ - අශුචි වළෙහි. පුල් සරසේ - පිපුණු විලෙහි. සුළඟ මේ දෙ තන්හි මැ සම වැ හමයි කුලුණු කුලන් දෙසේ - කුලීනයන් හා අකුලීනයන් කෙරෙහි.

61. අන්වය : රිවි කෙසේ නැංග ද, අඳුරු රකින ගිරි ලෙණ සේ, කෙසේ සැඬ දන ඇතත්, දුගී සත සිත සේ රැකැ සිටිති.

ටිප්පණි : කෙසේ නැංග ද - කවර අකාරයෙන් නැඟියත්. ගිරි ලෙණ -පර්වකත ගුහාව. සුර්යේයා කෙ‍ෙස් නැගුණත් ගුහාව අන්ධකාරය රකී මැ යැ. කෙසේ සැඬ දන - කො තරම් චණ්ඩ ජනයා.


62. ටිප්පණි : මෙහෙ ගෙනැ - කටයුතු කරවාගෙනැ. නොදමති - බැහැර නො කෙරෙති. නොදත්තන් මෙන. නොදත්තවුන් මෙන්. ඇතැම්හු මිනිසුන් ගෙන් මෙහෙ ගෙනැ පසු වැ ඒ බවක් නොදත්තවුන් මෙන් ඔවුන් අහක් කෙරෙති. මේ රජ හු ඒ සේ නො කෙරෙත්.

63. අන්වය : වෙන වෙන කරලැ දුටු වී ගෙනැ අටු පුරන මෙන්, හැම සත සිත සතුටු තමා ළෙයි ලා අක පටු නො වී.

අර්ථි : වෙන වෙන කරෙලහි දක්නා ලද වී ගෙනැ (ඒ වී) අටු පුරන (රාශියක් වන්නාක්) මෙන්, සියලු සත්ත්වයන් ගේ සිතෙහි සන්තෝෂය තමන්ගේ හෘදයයෙහි ලා (ඒ සන්තෝෂය) හක හෝ පටු හෝ නො වි යැ, හෙවත් ඉතා මහත් වී යැ.

එක් එක් කරලින් ගැනෙනුයේ වී ස්වලපෙයකි. එහෙත් ඒ වී අටුව පුරයි. මේ රජහු එක් එක් සත්ත්වයා ගේ සන්තෝෂය තමන් ගේ හෘදයයෙහි ලති. මෙ සේ ඔවුන් ගේ හෘදයයෙහි ඒක් වු සන්තෝෂය ඉතා මහත් වේ. ලෝ වැස්සන්ගේ මඳ වු ද සන්තෝෂය රජු න් ගේ මහත් ප්රි තියට හේතු වන බව මෙයින් කි හ.

ටිප්පණි : ළෙයි -ළෙහි . අක - හක. හැකුළුණු. අල්ප.

64. ටිප්පණි : බත් කිස - භක්ත කෘත්යවය. බත් කෑම.

65. අන්වය : විලෙහි පියුමෙහි මී එහි තබා බොන හස මෙන්, දන දනවතුන් ගෙහි තබා නිතියෙහි වැඩ විඳැ - ගනිති.

ටිප්පණී : එහි - ඒ විලෙහි පියුමෙහි මැ. නිතියෙහි - නිරන්තරයෙන්. වැඩ - ප්රතයෝජන. මෙ සේ කිරීමෙන් ‘අප ගේ ධන නො ගත් හ’යි ධනවත්තු ද සතුටු වෙත්. රජුන්ගෙ කාර්යිවය ද පිරිමැසේ.


66. ටිප්පණි : දා-ලන - කපා-ලන්නා වු ‘දා’(කැපිමෙහි) ධාතු යි. ‘බහා ලන’ යි අරුත් බණන්නෝ ධාත්වර්ථ නො දනිති. සස් - ශස්යධ. ගොයම් යස -සම්පත්තිය.

67. අන්වය : ඔහු ‘මෙ වැනි දස් කම් කෙටැ දෙයක් ලබමි’ යි ආ හට ඒ නොදී, දොම්නසින් ඔහුට ගෙට නො යා දෙති.

අර්ථත : ඔහු (ඒ රාජයෝ) ‘මෙ බඳු වු සමර්ථය කමක් කොටැ යම් කිසි දෙයක් ලබමි’ යි ආවහුට ඒ (දෙය) නො දී, සතුටු සිතින් ඔහුට ගෙට නො යා දෙති. ඒ දැය දී ඔහු සතුටු කොට මැ යවති යි යු සේ යි. ඇතැම් අය මල්ල යුද්ධ කිරිම් ආදියෙන් තමන්ගේ දස් කම් පෙන්වා තෑගි ලැබීමට යෙත්.

68. ටිප්පණී : මල-කුණු. අපිරිසිදු ලෝභ. සිඳෙන-නැති වී යන. සන්තාප - දඬුවම්.

69. අන්වය : සිඳු වඩ දිය නො වන, කලපුවැ සි‍ෙඳන දිය මෙන, දන සැපෙන් දුරු වුව, තුමු සිතින් සැප ගෙනැ නො ඉඳිති.

ටිප්පණි : සිඳු වඩ දිය නොව වන - මුහුදෙහි වඩ දිය නො වැදුණ (නො අව) හොත්. වුව - වුව හොත්

70. ටිප්පණි : දැඩි කමෙන් - ද්රිඪ (තද) බව හේතු කොට - ගෙනැ. තද බැවින්. ‘කමින්’ යි සිටියැ යුතු වුව ද ‘මෙන්’යන්න හා එළි වියැ යුතු හෙයින් මේ වු රූපයයි. ’නියමෙන්’ යනු ද මෙ බඳු යැ. සරස - හීය. නියමෙන්-ඒකාන්තයෙන්. දුරු නො කරවති - ඈත් නො කරවත්. බැහැර නො කරවත්.

71. ටිප්පණි : මුල තිර වැ සිටි සේ - මුල සර්ථතර ව සිටි සිටි පරිද්දෙන්. මුල සර්ථ.ර වු ප්රමමාණයට. සළෙල වන - සලීල වන්නා වු. ලීලා සහිත වන්නා වු. සෙලැවෙන්නා වු. තුරු සිර සේ - ගස් මුඳුන මෙන්. සත සුව විඳින සේ - සත්ත්වයන් සුව විඳිනා ප්රරමාණයට. තුරු සිර සළෙල වීම. නම් චලනය විමයි. රජුන් සළෙල වීම නම් ක්රි ඩාදීන් චිතතාභිරමණය කිරිම යි. මෙ රජුන් ගේ විනෝදය සත්ත්වයන් සුවපත් වු පමණට යැ යනු භාව යි.

72. ටිප්පණි : රකවරණට - රක්ෂාවරණයට. පවුරු එව - ප්රානකාරය මෙන්. තමා තර කොටැ- ගනිති - තමන් මැ සර්ථපර කොටැ-ගනිත්. තුමු ස්ථිර වැ සිටිත්.

73.අන්වය : ඇතු සොඬින් උකා-ගත් පැන මුව ඇරැ ගෙනැ බොන මෙන් තමා ලත් සැපත් අමා නිතියෙන් ලෝ වැස්සන් පොවන.

අර්ථර : ඇත් තෙමේ සොඬින් පැන් උකා-ගනී. එහෙත් මුඛය ඒ පැන් රැගෙන බොයි. රජ හු සැපත් නමැති අමෘතය ලබති. ලෝවැස්සො එය බොත්.

මෙ රජුන් තමන් ලැබු සැපත් ලෝ වැස්සන් ලවා අනුභව කරවති යි යු සේ යි.

74.ටිප්පණි : කිසි කරුණක් නො ගෙනැ- (අසුවලා ගෙන් අසුවල් වැඩය ඇතැ යනාදී වශෙයන්) කිසි කරුණක් නො සලකා.

75.ටිප්පණි : සඟිනි-මහණෙනි. පුහුදුන් තොප-පෘථග්ජන වු තොප. සතර මග සතර ඵලයට පැමිණියාහු අර්යසයෝ. ඒ ආර්ය ධර්‍මයන් ගෙන් පෘථග්වුවාහු (‍ෙවන් වුවාහු) පෘථේජනයෝ යැ. සෘද්ධි නැති පෘථග්ජනයනට ස්වර්ගපයෙහි සුරි‍ෙඳා නො පෙනෙත්. සගැ-ස්වර්ගනයෙහි තෙල - මේ සෙත දුන් - ශාන්තිය (නිර්වානණය) දුන්නා වු .

76. ටිප්පණි : සිරි සර - ශ්රී සාරය. සරු වු ශ්රි්ය.

4. තුන් බිය සංස්කරණය

78. ටිප්පණි : ජරා විලි පිලි - ජරායෙන් වන්නා වු චලිත පලිත. චලිත නම් ඇඟැ රැළි යැ. පලිත නම් පැසුණු කෙස් යැ. දිසි මෙන්-පෙණුනා මෙන්. කලි එ පුරයෙහි පවා-කල්යශ වු (ප්රි.යකර වු,) ඒ නගරයෙහි පවා. අකලි දුබ්බික් දුකෙන් - අකල්යි (අමනොඥ) වු දුර්භික්ෂ දුඃඛයෙක්.

79. ටිප්පණි : නිත්ත වන්නේ නැතැ - නිත්යි වන්නේ නැත. පාන එව් -පානාක් (පෙන්වන්නාක්) මෙන්.

80. ටිප්පණි : තම නුවර - තමා ගේ (වෙශ්ර වණයාගේ) අලකා පුරය. ‍ෙකෙලාස පර්වවත මුඳුනෙහි ඇතයි යන මෙය ලොවෙහි සැපතින් අග්රව වු නගරය ල. සරි යැ යි - සමාන යැ යි. වෙර - වෛරය. කුවෙර වර දුන් මෙන් කුවෙරයා වර දුන්නාක් මෙන්. කුවෙරයා නම් යක්ෂාධිපති වු ‍ෙවෙශ්ර්වණයා යැ. නපුරු වෙරයක් හෙවත් ශරිරයක් ඇත්තෙන් හේ කුවෙර නමි වී.

81. ටිප්පණි : තබා ලා - ඉතිරි කොටැ ලා. යමි දැ යි - විශාලා නුවරැ එකකු වත් ඉතිරි කොටැ බැහැරකට යෙම් දැයි වසා ලා - තමා පිටත නොයන ලෙස නුවර වසා-ගෙනැ. උන් වැනි - හුන්නාක් වැන්නැ.

82. ටිප්පණි : මැඬැ - යටපත් කෙටැ. වැජැඹි -පැවැතිණ.

83. අන්වය : ගැඹුරු දිය අගළ පවුරු ඉස් අතුරු වසා පිරූ මළ මිනියෙන්, වටා අමුතු පවුරු කළ වැනි.

අර්ථක : ගැඹුරු දිය අගළ (ද) පවුරෙහි මුඳුන (ද) අතර වසා පුරවන ලද මළ මිනී කරණ කොටැ-ගෙනැ (නුවර ) වටා අමුතු පවුරක් කළා වැන්නැ.

84. ටිප්පණි : අවට-හාත් පසැ. උවඳුරු තාක් - උපද්රසවයන් ඇති තාක්. සියලු උවදුරු. බට වැන්නැ - බැස්සා වැනි යැ.


85. අර්ථක : ගොඩක් ගොඩක් පාසා ඇට සැකිලි යැ.ස්ථානයක් ස්ථානයක් පාසා තුබු බලි හා බිලි යැ. මාර්ගැයක් මාර්ගුයක් පාසා රෙදි වැරැලි යැ. (එ හෙයින්) බලන කල්හි ඒ පුරයෙහි සියලු තැන පිළිකුල් යැ.

ටිප්පණි : බලි බිලි--බලි හා බිලි පුද.

86. ටිප්පණි: පිලැ පිලැ - ගෙ පිලක් ගෙ පිලක් පාසා. මර අදින-පණ අදින්නා වු. අවසර -අවකාශයෙක්. ඉඩෙක්.

87. ටිප්පණි : ඉසැ ඉසැ - හිසක් හිසක් පාසා. මුත - මිදුණා වු. වරලැ -කෙශ කලාප යැ හෙන - වැහෙන. කදුළු ඇලියා - කදුළු ධාරා යැ කුසැ කුසැ-බඩක් බඩක් පාසා. දුකුලවු මැ -දුක් උලවු වචන මැ.

88. ටිප්පණි : අතැ අතැ-අතෙක්හි අතෙක්හි. කඩ කබලැ -ඛණ්ඩ කපාලය යැ. බිදුණු හිඟන බඳුන යැ. ඉපිලි-මතු වු. වතැ- මුඛයෙහි. හ හඬ හඬයැ.දළ සෝ ගිනි යැ-ද්රකඪ (දැඩි) ශොක ගින්න යැ.

89. ටිප්පණි : රුදුරු --රෞද්රක වු. නැඹුරු ඇඳුරන් ගෙනැ-නම්ර. වු (නැමුණා වු)ආචාර්ය යන් කැටි වැ ගෙනැ. ඹවුන්ගේ ආචාර්යැත්වයෙන් මේ උපද්රැවයෙහි දි කිසි පිහිටක් නුවු හෙයින් මන් බිඳී ඔහු ද නැඹුරු (නම්රය)වු හ. ඇතුළු නුවරට-රාජාදීන්ගේ වාසය සඳහා වු ඇතුළු කොටස .කොළඹ නගරයෙහි කොටුව මෙනි.

90.ටිප්පණි : උනුන් වෙතැ පිය බස යොදමින්-ඔවුනොවුන් කෙරෙහි ප්රිෙය වචන යොදමින්. ප්රි ය වදන් බෙණමින්. මෙ සේ උන්නාහු රජ මැති පිරිස යි.

91.ටිප්පණි : වනසෙකි -විනාශයෙකි.


91. ටිප්පණි : ගං හෝ දිය තැවී ගිය -ගං-හෝවලැ ජලය උෂ්ණ වි සිඳී ගියේ යැ. වියත -ආකාශය. තුරු ලිය - ගස් වැල්. ද්රැ-දග්ධ වැ; පිළිස්සි. පතිත වි -වැටුණේයැ.

92. අන්වය : තොලු ගානා තණක්, දිය තලු තෙමෙන පමණක් තුරු සෙවණක් නැති වැ, සිවුපාවුනට දියුණක් දුකෙකි

අර්ථක :තොල උළා කන තරම් තෘණයක් (හෝ) ජලය තල්ල තෙමෙන ප්රථමාණයක් (හෝ) වෘක්ෂවඡායාවක් හෝ නැති වැ සිවුපා සතුනට ද්විගුණයක් දුකෙකි.

94.ටිප්පණි: උදක් -කිසි වෙනසක් නැති වැ.

95.ටිප්පණි: බියෙන් -නුවරැ උපද්රතවයනට බියෙන්. පර දෙස -අන්යැ දෙශයකට. සුලබ -පෙරැ සුලභ වු. පස් ගෝ රස-ගවයන් ගෙන් ලැබෙන රස පස. කිරි, දී, වෙඬරු, ගිතෙල්, මෝරු. ඇතැ යි යන බය දුලබ වියැ-පස් ගෝ රස ඇතැ යි කිමද දුර්ල,භ වී යැ.

96. අන්වය : පෙරැ සත සිත ලෙසිනි මනා සුවඳිනි තෙවුනා කපුරු කස්තුරු දැන් මෙ පුර නපුරැ යි දමා ගිය වැනි.

අර්ථු : පුර්‍වයෙහි සත්වයන් ගේ සිත්වු පරිද්දෙන් මනා සුගන්ධයෙන් (යුක්ත වැ) පවත්නා වු කපුරු, කස්තුරු,දැන් මෙ පුරය අයහපත් යැ, නොහොත් පුරයක් නො වෙ ති’ යි කියා අත් හැරැ ගියා වැන්නැ.

ටිප්පණි : දැන් - මේ එළි වැට රැකෙන පිණිස ‘ඉ’ කාරවත් කිරීමෙන් ‘දැනි’ යනු වී. නපුරැ යි -මේ අර්ථව දෙකක් දෙයි. ‘ අයහපත් යැ’ යනු එක් අර්ථදයෙකි ‘පුරයෙක් නො වේ’ යනු අනෙක යි.


97.ටිප්පණි : අටඟසිල්-අෂටාඬග ශීලය.බඹසර මහැ පිහිටි-බ්රපහ්මචර්යඅ මාර්ගැයෙහි පිහිටියා වු. බ්ර්හ්මචර්ය මාර්ග්ය නම් ස්ත්රී සෙවනයෙන් තොර වැ විසීම යි. ලිය සසඟ-ස්ත්රීර සංසර්‍ග දුරලූ යැ-දුරු කළෝ යැ. නගර වාසීහු එ සේ කළ හ.

98. අන්වය : නිති සිල්වත් දතන් සෙ දුසිරි මග නැවැති කව් නළු රසින් ඉවති. නටන නටවන අයෙක් නමි නැති.

අර්ථම: නිත්ය්යෙන් සිල්වත් දනන් ගෙ මෙන් දුශ්චරිත මාගීය නැවැත්ත යැ. කාව්යට නාටකයෝ රසයෙන් ඉවත් හ. නීරසය හ. රස නැත්තා හ. (එ හෙයින්) නටන අයෙක් නම් නටවන අයෙක් නම් නැත්තා හ.


99. ටිප්පණි : දැනෙන් - ධ්යාමනයෙන් සිත එකඟ වු මෙන් - චිත්තය එකාග්ර වූවාක් මෙන්. සිත එක් අරමු‍ෙණකැ පිහිටියා සේ. කෙළි සිනා - කවට සිනා. දුහහ පිළීවෙතැ - ධුතාඞග ප්රපතිපත්තියෙහි තෙළෙස් ධුතාඞගයන් ගෙන් මෙහි ලා පිණ්ඩපාතිකඞගය ගැනිණ. පිණ්ඩපාතිකඞගය රක්නාහු පිඬු සිඟා -ගෙනැ මැ අනභව කළ යුත්තේ යැ.

100. අන්වය : රට වැස්සෝ දැසි - දස්සෝ අයකු වට ලූ යැ.පෙරැ නිස්සෝ ඌ යැ‍. දැනුත් මැස්සෝ වට ලා දිවෙති.

අථර්‍ : රට වැසි වූ දාසි - දාසයෝ ඇතැම් කෙනකුන් වට ලූ හ. පුවර්‍ යෙහි (එ සේ වට ලීමට) සුදුස්සෝ (නම්) ඔහු යැ. දැනුත් මැස්සෝ (උන්) වට ලා දිවෙත්.

101. ටිප්පණී : සැපැමිණී උවදුරේ - පැමිණියා වූ උපද්ර වයෙහි දී.


102. අන්වය: ලොවට වැඩ කැරුමෙන්, සැපැමිණි මෙ රජ සැපතට කිසි කම් නැති ලෙසට. මෙ දුකට පිහිටක් නොවනු කිමෙක‍‍.

අර්ථ : ලෝකයට වැඩ කිරීමෙන්, පැමිණියා වූ මේ රාජ සම්පත්තියට කිසි කමක් (ප්රෙයෝජනයක්) නැත්තා සේ, මේ දුකට පිහිටක් නොවන්නේ කිමෙක්ද?

ලෝකයට වැඩ කිරීමෙන්, ලෝකයා ගේ සිත් ගෙනැ තමන්ගේ අර්ථක සිද්ධිය කැරැ - ගත හැකි යැ. එහෙත් මේ රජහු සිද්ධ වූ අභිමතාර්ථ් ඇත්තෝ යැ; පැමිණියා වූ රජ සැපත් ඇත්තෝයැ. එ හෙයින් දැනට මැ පැමිණීයා වූ මේ රාජ සම්පත්තියට තවත් ලෝකයට වැඩ කිරීමෙන් කිසි කමක් නැතැයි සිතා මෙන්, දුකට පිහිටක් නො වන්නේ කිම් දැයි ඇසූ නියා යැ.