බුදු ගුණ අලංකාරය-විවරණය-305-329
අසු අනුවියදුන්
සංස්කරණය305. ටිප්පණී:ජන - ජනයා. මනොරංජන කරවන - ඇලැවීම කරවන්නා වූ. නිරංජන මුනිඳු ගෙ - නීරඤ්ජන (රඤ්ජනයක් හෙවත් ඇල්මක් නැත්තා වූ) මුනීන්ද්රෙයා ගේ. වීතරාග වූ බුදුන් ගේ. අනුවැංජන - අනුව්ය1ඤ්ජනය. අනුව පිහිටි ලකුණු.
බුදු පෙළහර
සංස්කරණය306. ටිප්පණී: තම වන දෙසැ - තමන් වන්නා වූ (ඉන්නා වූ) දිශාවට. කෙනෙකුන්නේ - අන් කෙනකුන් ගේ. වඳිනා ලෙස - වඳිනා ආකාරයෙන් - යස තුති කළ - කීර්ති ප්ර ශංසා කළා වූ වතට - මුඛයට. පිරිදෙව් - පරිදෙවනය. හැඬීම.
307. ටිප්පණී: හැම දොම්නස් දුක් - සියලු දොම්නස් දුක්. මෙහි ‘කිසි’ යනු යෙදියැ යුතු තන්හි ‘හැම’ යනු යෙදූ සේ නොමැනැවි. හැම දොම්නස් දුක් වැද්දැ නො දේ නම් සමහර දොම්නස් දුකක් වැද්දැ දෙන බව හැෙඟයි. උපත ම - උත්පතතිය මැ. තමන් ගේ උත්පත්තිය මැ හේතු කොටැ - ගෙනැ දනන් ෙග් ලෙඩ සුව වූ බව කී සේ යැ.
308. ටිප්පණී: පෑදේ යා - මෙහි ශුද්ධ රූපය ‘පෑදැ’ යනු යි. එළි වැට රක්නා පිණිස මෙ සේ විරූප කැරිණ. පෑදැ - පැහැදී. සිඟමනකට - මෙහි භාවයෙහි ‘මන්’ ප්රදත්ය.ය යි. පිසමන් යනාදිය ද මේ පසින් නිපන.
309. ටිප්පණී: සිහිලැල් - ඉතා සිහිල් වූ. ‘සිහිල්’ යනු ද ‘ඇල්’ යනු ද එකාර්ථ. යි. අධික වචනය අධිකාර්ථ්යක් ගෙනැ දේ. ගිම් - ග්රීයෂ්මය. මඬවා - ලී යැ - මර්ද්නය කොටැ - ලූයේ යැ. නිවවා - ලී යැ. ‘ඒ මුනි’ යනු උක්තය සේ සැලැකියැ යුතු. වියවුල් සත - (ශෝකාදීන්) ව්යාඋකූල වූ සත්තවයන් ගේ. ගන බොල් - ඉතා ඝන වූ. මහඬින් - මහ අඬින්. මහ හඬින්. භූමිය කම්පිත කැරැවී යැ යූ සේ යි. මෙ සේ කැරැවුයේ කවර දිනෙකැ ද? ‘එ බුදුන් බුදු වත්’ යන්නෙන් ඒ නිර්දිෂ්ට යි.
310. ටිප්පණී: මුහුදැ ද - මුහුදෙහි ද. රත් - රක්ත වූ. රතු වූ. පෙඬර - සුදු. පුප් - පුෂ්පයන්. ගැවස්වියැ ගැවැසී ගන්නට සැලැස්වී යැ. සත සුව සේ වැස්වියැ - සත්වයා සුව සේ වාසය කැරැවී යැ.
311. ටිප්පණී: අට තුරු සිය - අට තුරා සියක්. අටක් වැඩි සියයක්. එක සිය අටක්. සුබ ලකුණෙන් - මඟුල් ලකුණෙන්. සිරමත් - ශ්රීැමත් වූ. ‘එ බුදුන්’ යි සබඳි. බව දුක් යට කැරැ - සංසාර දුඃඛය යටපත් කොටැ. බුදු වත් - බුදු වත් මැ. බුදු වන කල්හි. ගන ගිනි දැල් ගත් - ඝන වූ වහ්නි ජ්වාලාවන් විසින් ගන්නා ලද සියපත් අවුල් වියැ - ශත පත්රා.කූල වී යැ. නෙළුම් මලින් ආකූල වූයේ යැ.
312. ටිප්පණී: පේත ලොවේ - ප්රේ ත ලෝකයෙහි. සා ගිනි දුක් - ක්ෂුධාග්නි දුඃඛය. බඩ ගිනි දුක. මුල් සිඳැ - මුලෝච්ඡින්න කොටැ. මුලින් මැ නසා. ‘බුදු වන සඳ’ යි සබඳි. ‘බුදු වන සඳ දුක් මුල් සිඳ’යි ඇතැමෙක් අන්වයය
වරදවා - ගෙනැ වියරණ නසා අරුත් බෙණෙති. බිත කරන - භීත කරන්නා වූ. බිය වද්දන්නා වූ. උන් - ඒ ප්රේකතයන් ගේ. එ මැ සඳ - ක්ෂණයෙහි මැ මියුරස - මධුර. මියුරු + අස් = මියුරස්. මෙහි ‘අස්’ යනු වෙසෙයි අරුතක් නොදෙයි. මියුරැ මැ ‘මියුරස්’ ‘සිහිලස්’ යන තැනැ මෙනි.
313. අන්වය: අවි ගත් යමපල් නන්දන කෙළි වන දනවන නන් බලවත් කම් කටුලින් බිය පත් නන් දන වන අසි පත් වන, සුර කෙළි නන්දන වන සිරි ගත්.
අර්ථන: ආයුධ ගත්තා වූ නිරය පාලකයන් ගේ (නන්දන) ප්රීසතිජනක ක්රීනඩා වන්නා වූ (දනවන) උපදවනු ලබන්නා වූ (නන්) නානාවිධ වූ බලවත් වූ වධයෙන් භයප්රා ප්ත වූ නානා ජතයන් වන්නා වූ අසිපත්ර වනය (නම් වූ නරකය) දිව්යල සේනාවන් ක්රීනඩා කළා වූ නන්දන වනයේ (සිරි) ආකාරය ගත්තේ යැ.
ටිප්පණී: නන්දන කෙළි වන - මෙ බඳු (නිරය පාලකයනට නන්දන කෙළි) වනුයේ බලවත් කම් කටුලු යැ. දනවන - ‘දන’ ඉපැනුම්හි ධාතු යි.
314. අන්වය: සත් වග වෙත් මහ මෙතට අමාවට උන් අමා වට බුදු බවට බත් වත, නිරි සත් මුවට අමාවට පත් වන දිලි රත් යවට අමාවට පත් වියැ.
අර්ථට: සත්තව වර්ගතයා කෙරෙහි මහා ෛමත්රිතය පිණිස ද අමායාව (නොරැවැටිල්ල) පිණිස ද ඔවුන් (ඒ බුදුන්) අමෘතය වැස්සා වූ (නිවන් ගෙනැ දුන්නා වූ) බුද්ධභාවයට ප්රාේපත වත් මැ (පැමිණි කල්හි,) නිරය සත්තවයන් ගේ මුඛයට ආමය (වේදනා දුඃඛය) පිණිස පත් වන්නා වූ (ගිනි ගෙනැ) දිලියුණා වූ රත් වූ (යාවට) ආයොගොල (ලොහො ගුළි) අමෘතභාවයට (අමා බවට) පත් වී යැ.
ටිප්පණී: මහ මෙතට අමාවට - උන් බුදු වූයේ සත්ත්ව වර්ගයයා කෙරෙහි මහා මෛත්රිිය කරණ කොටැ - ගෙනැ යැ. සත්ත්ව වර්ගයයා ගේ අමායාව හෙවත් නොරැවැටීම සඳහා යැ. අමාවට බුදු බවට - මෙහි ‘අමා’ නම් නිර්වාැණය යි. අසඞඛ්යර ජනයාට නිවන ගෙනැ දුන් හෙයින් ඒ ‘අමා වට බුදු බවෙකි’. ‘වස්. (වර්ෂඞණයෙහි) ධාතුව වසී - වසිති - වටී - වටු ඈ විසින් වරනැහේ. අන්ත්යට ස්වර ලෝප ‘අ’ කාර යෝගයෙන් ‘වට’ යනු වෙයි. නිරි සත් මුවට අමාවට - මෙහි ‘අමා’ නම් ආමය යැ යි මෙහි (වේදනා දුඃඛය) යනු අර්ථ යි. යවට - මෙහි ‘වට’ යනු දැකැ දැකැ මැ ඇතැමෙක් අයොශූල යැ යි අරුත් බෙණෙති. ‘ශුල’ නම් හූල යි. ‘අයඃ ශූල’ යනු ‘අයොශූල’යි සන්ධි කළ හැක්කේ සංස්කෘත ව්යා්කරණානුකූල වැ නො වේ.
315. අන්වය: තුමුල් වන ගිනි දැල් විසිරැ බියකරු, තුල් වන කටු සොළොස් අඟුලින් නිරතුරු ඔසුපත් නිර අතුරු පිහිටි ඉඹුල් වන, සත සතොසැ උපුල්වන සුර තුරු වියැ.
ටිප්පණී: තුඹුල් වන - මහත් වන්නා වූ. තුල් වන - ස්ථුල [විශාල] වන්නා වූ. කටු සොළොස් අඟුලින් නිරතුරු - කටු අඟල් සොළොසින් [අඟල් සොළොසේ කටුයෙන්] අතරක් නැත්තා වූ. ඔසුපත් නිර අතුරු - උත්සද [නම්] තිරය ඇතුළෙහි. සත - සත්වයා. උපුල්වන - ‘සන්තෝෂයෙහි’ ඉපිලී යන්නට සලස්වන්නා වූ.
316. අන්වය: කරවැල් අවුලින් දඟ වන තිරිසන් යම් පල් බිළියෙන් ළගැ ළගැ අදනා ඇම කල් දල අවුල් වේතරණී ගඟ සුර ගඟ විලසින් සිහිල් ඇල් දිය වියැ.
ටිප්පණී: කරවැල් අවුලින් - කියත් දත් වැනි කටු ඇති වැල් අවුලින්. දඟ වන - හිර වන්නා වූ. ඇවිණෙන්නා වූ. බිළියෙන් - බිළි කටුයෙන්. දල අවුල් - වහ්නිජ්වාලා - කුල වූ. සිහිල් ඇල් දිය වියැ - අතිශීත ජලය ඇත්තේ වී යැ.
317. අන්වය: නිති ගිනි ගෙනැ රත් ගන බොල් යකබල්, ඇම කල් සිලිලැ ඔත් මෙන් සිහිල් ඇල් වත්, ගිනි දැල් ලෝ දිය ලෝකුඹු නිරයන් මනකල් මල් අවුල් පිරි කුඹු සිරි ගත්.
ටිප්පණී: යකබල් - අයඃ කපාලයන් අයෝමය භූමිභිත්ති ආදිය. සිලිලැ ඔත් මෙන් - ජලයෙහි හොත්තා මෙන්. වත් - වන කල්හි. ගිනි දැල් ලෝ දිය - ගිනි දැල් ද ලෝ දියද ඇති. මල් අවුල් පිරි කුඹු - පුෂ්පාකූල වූ පූර්ණද ඝටයෙකැ (පිරුණු කළයෙකැ).
318. ටිප්පණී: සක්වළ අතුරෑ - චක්රැවාටාකාරයෙහි. එක රඟට මැ - ඒකාකාරයට මැ. ලොවැඳිරි නිරයේ - ලෝකාන්තරික නරකයේ. වන් මෙන් - වැදුණා සේ. පිවිසියාක් මෙන්.
319. ටිප්පණී: හිමවතැ - හිමාලයයෙහි. මෙර ගිරි කූල ගිරි සිරසේ - මේරු පර්වමත කුල පර්වේත ශීර්ෂ-යෙහි (මුඳුනෙහි.) මෙර වටා සිටි සප්ත පර්ව තයෝ කුල ගිරිහු යැ. එකබඳ සේ - එකාබද්ධ පරිදි.
320. අර්ථ : (බුදුහු) උරගයන් ගේ ශරීරයෙහි රැස් වූ ධූලීන් මයුරයන් ගේ පිච්ඡකලාපයෙන් පිස්වූ හ (පිසැ දැම්මූ හ.) ක්රීීඩා මණ්ඩලයෙහි රැස් වූ මුවන් ගේ අං දළුයෙන් දිවියන් ගේ ග්රිැවාව කැස්වූ හ.
‘දෙන්නේ’ ‘දුන්නේ’ ‘ෙද්’ ‘මඞවා - ලිය’ යනාදීන් පෙරැ එක බසින් කියා දැන් බුහු බසින් කියන සේ නො - මැනැවි.
ටිප්පණී: දුහුලින් - දෙ වන විබත් බුහු බසි වෙෙහලුන් - ‘වෙහෙල්’ යනු මෘග විශෙෂයකට නමි.
321. ටිප්පණී: අරණේ - අරණ්යුයෙහි. වනයෙහි සතපා - නිඳි ගන්වා. උන් - ඒ උරගුන් ගේ. සහවුන් - සාවුන්. එ කෙණේ - එකකෂණයෙහි. එක් වෙලාවෙහි මැ.
322. ටිප්පණී: වණ වූ - ව්රුණ ඇත්තා වූ. තුවාළ වූ. ඔසු ඇණැවූ - ඖෂධ නියමය කැරැවූහ. සෙනෙහසැ එක පණ වූ - ස්නේහයෙහි ලා ඒකප්රායණ වූ. සෙනහයෙන් එක පණ මෙන් වූ. මිහිවුන් - මහිෂයන්. අශවයෝ ද මහිෂයෝ ද උනුන් හට වෛරි වෙති.
323. ටිප්පණී: අරතර - මහත්. දිවඳුන් - දිවාන්ධයන්. බකමුහුණන්. වෙර - වෛර.
324. අන්වය: (බුදුහු) කෙසරුන් නිය පඳුරින් ගෙනැ ඇරැ දුන් රස ගොදුරින් ගිජිඳුන් සනහා ලු. ගිජිඳුන් කර පොකුරින් ගෙනැ වත් කළ දිය දහරින් කෙසරුන් ගිම් දුරැ ලූ.
ටිප්පණී: කෙසරුන් - (කෙසර) සිංහයන්. නිය පඳුරින් - නිය පෙළින්. කර පොකුරින් - සොඬ අගින්. සොඬය ඇතාට අතක් වනුයෙන් ‘කර’ නමි. සොඬ අගට පොකුරු (පුෂකර) යනු යෙදෙයි
325. අන්වය: ගොළුවන් කී මියුරස ගී ලෙසට බිහිරන් දෙන අත් තල තාළමට දැ අඳුන් ඇසැ දුන් රස අඳුන් ලෙසට නන් පිළු දන රුවට රඟ කැරැවූ.
ටිප්පණී: අත් තල තාළමට - හස්තතල (ගසන්නා වූ) තාළයට. සියලු තන්හි ‘ටා’ යනු ඡන්දස රැෙකන පිණිස කැරුණු දිගි. දෑ අඳුන් - ජාත්ය න්ධයන් ගේ. ඇසැ දුන් රස අඳුන් ලෙසට - ඇසෙහි දුන්නා වූ රසාඤජන සේ. ඇසට අතිශයින් ප්රිසයකර සේ. නන් පිළු දන - නොයෙක් කොර ජනයන්. ගොළුවන් ගේ ගීතයට අනුවැ බිහිරෝ අත් තල ගසති. එයට අනුවැ කොරු නටති. ඒ නැටුම ජාත්ය්න්ධයන් ගේ ඇසට රාසඤ්ජනයක් වැන්නැ.
326. ටිප්පණී: වැඳැ - වැදී. ප්රසවිෂ්ට වැ. මිනිස් අත් බව - මනුෂ්යි ආත්මභාවය. මනුෂ්යක ජන්මය.
327. ටිප්පණී: මැදැ හළ මෙන් - මැදැ හැරියා මෙන්. නිකසළි වී - පිරිසුදු වී යැ. ‘නිකිසළ’ යන්නට එළි පිණිස අගැ ‘ඉ’ යන්නෙක් වී යැ. සිවු සයුර නිසල වැ අම රස ඇතිළි වී - සතර සාගරය නිශ්චල වැ අමෘත රස (පිරූ) ඇතිළියක් වී යැ. කර රස නැති වැ ඉතා මිහිරි රස වූ හ යි යූ සේ යි. ගත් පුද කෙළි වී - ගත්තා වූ පූජා ක්රීඉඩා ඇත්තේ වියැ.
328. අර්ථ.: සියලු තුන් ලෝකයෙහි ෙගයක් ගෙයක් පාසා හරන ලද දොර ඇති වැ, ජන සමූහයන් වධබන්ධනයෙන් තොර වැ, සියලු තැන් දිව්ය සුගන්ධයෙන් මනෝහර වැ, මේ ආකාරයෙන් සියලු ලෝකයෙහි මහා ප්රායතිහාර්යර වි යැ.
ප්රයථම පාදත්ර්යයෙහි ‘වී’ යනු ආඛ්යා තයක් කොටැ - ගන්නාහු ව්යාෙකරණය වනසති. ‘දන කැන්’ යනු ඒකවචනාඛ්යාතතයක් නො ගනී.
329. ටිප්පණී: එ බසින් බසට මැ - ඒ වචනයෙන් වචනයට මැ. වචනයක් පාසා තුති නද කරවා - ස්තුති නාද කරවා. අසා සිටියාහු වචනයෙන් වචනයට මැ ස්තුති නාද පවත්වති. පිරිසිඳ - පරිචේජ්ද කොටැ ගෙනැ. සීමා කොටැ - ගෙනැ. අහසින් එක පිණි බිඳ බානා මෙන් - බුදු ගුණ අනන්ත යැ. අහසෙහි පිණි බිඳු ද අනන්ත යැ. මේ මැතිඳු බුදු ගුණ කීම අහසින් එක පිණි බිඳක් බෑවා වැන්නැ.