බුදු ගුණ අලංකාරය-විවරණය-184-238

7. බුදු බල


184. ටිප්පණි : සකසා- මනා කොටැ.


185. ටිප්පණි : මෙ දනා - මේ ජනයා. කිරි පිරි තන හැරැ - කිරි පිරුණා වු තන හැරැ දමා. කිරි දෝනා වැන්නැ - කිරි දෝවිනා වැනි යැ.


186. ටිප්පණි : නිකසළ - කිලුටක් නැති. දිව ඇස - දිව්යෙ නෙත්රෙය. උදුළ - බබළන්නා වු. සත් ලොවට - සත්තව ලෝකයට.


187. අන්වය : මෙර ගිරි සරි ගිරෙක් (ද) රිවි සඳ සදිසි පහනෙක් (ද) සිඳු සරි සරෙක් (ද) නැත. එ මෙන් මුනිඳු සරි උතුමෙක් නැත.

ටිප්පණි : මෙර ගිරි - මෙරු පර්ව තය. සරි - සම‍ාන. පහනෙක් - ප්ර්දීපයෙක්.ආලෝකයෙක් සරෙක් - විලෙක්.


188. අර්ථම : ඔහු නොවැඩියා වු දේශය දේශයෙක් නො වෙයි. ඔහු දිශාව‍ට නොනැමුණා වු හිස හිසෙක් නො වෙයි. ඔහු නුදුටුව‍ා වු ඇස් ඇස් නො වෙයි. ඔහු ගේ ගුණය නො වැකුණා වු (නොගෑවුණා වු ) වවන වවන නො වෙයි.

දේශයකට යන්නට හෝ වඳින්නට හෝ දකින්නට හෝ ගුණ වනන්නට හෝ බුදුනට සුදුස්සකු නැති යි කී පරිදි යි.


189. ටිප්පණී: වත - මුඛය. එ සරණ - ඔහු ගේ ශරණය (පිහිට.) සත - සත්ත්වයා.


190. ටිප්පණී: ‘ඔහු සිහි නො කළ’ යි සබඳ කරනු. නොවන් - නොවැදුණා වූ. ගුණ නොදත් පැන පැන නො වෙයි-බුදුන් ගේ ගුණය නොදත්තා වූ ප්රණඥාව ප්රසඥාව නො වෙයි. ඔහු මුල් නොකළ පින - බුදුන් ප්රතමුඛ නො කළා වූ පුණ්යරය.


191. ටිප්පණී: බව දුකට බටුවෝ - සංසාර දුඃඛයට බැස්සෝ. ‘එ මුනි සඳු දුටුවෝ යමෙක්ද) මොක් සැපත දුටුවෝ ඔහු මැ වෙති’ යි ගළපන්නැ. මොක් සැපත - නිර්වාණ සම්පත්තිය. බුදුන් නුදුටු අය සසරින් නොගැලැවෙන බව ද දුටු අය නිවන් ලබන බව ද මෙයින් කීහ.


192. ටිප්පණී: සසර බැසැ විසුවෝ - සංසාරයට බැසැ වාසය කළාහූ.


193. අන්වය: මුනි බසැ රසැ නොදන්නෝ (යමෙක් ද) නොදන්නෝ ඔහු මැ යැ. ඔවුන් ගුණ දන්නෝ (යමෙක් ද) සග අපවග සැප ද‍න්නෝ ඌ මැ යැ.

ටිප්පණී : නොදන්නෝ ඔහු මැ යැ - අඥයෝ නම් ඔහු මැ යැ. අපවග - අපවර්ග නිර්වා ණ.


194. අන්වය : අන්ද මන්දෝ කිමෙකින් (දෝ) කුමන් දෝ නො දනිති. මුනි සරණ වැන්දෝ (යමෙක් ද) සැප සිඳු වැදැ කිමින්දෝ ඌ මැ යැ.

අර්ථ : අන්ධ බ‍ිාලයෝ (මේ) කිමෙකින් ද, කිමෙක් වී දැ යි නො දනිති. බුදුන් ගේ පාදය වැන්දාහු (යමෙක් ද) සැප නමැති මුහුදට වැදී කිමින්දාහු ඔහු මැ යැ.

ටිප්පණී : ‘සැප සිඳු වැදැ කිමිදීම’ නම් කිසි දුකක් නැති වැ සැපයෙහි මැ ගැලීම යි.


195. ටිප්පණී : පද තඹර - පාද නමැති පද්මය. මුඳුනෑ ඇඳිලි බැන්දෝ - මුඳුනෙහි දොහොත් බැන්දෝ යැ. අත් බැවෙහි - ආත්ම භාවයෙහි. ජන්මයෙහි.


196. ටිප්පණී : දිටු කිලුටු වන්නෝ - දෘෂ්ටිය කලිෂ්ට වන්නෝු. මිථ්යාහදෘෂ්ටි වන්නෝය. සරණ වන්නෝැ - ශරණය කොටැ (පිහිට කොටැ) පැමිණියාහු. බව ‍පර තෙරට - භවයා ගේ කෙළවරට. නිර්වණයට.


197. අන්වය : තම බස වන් සවන් (සතපා) (තම) රූ වන් දෙ නුවන සතපා සැදැහෙන් වන් ලෙවන් මහ සැපත වන එ නිවන බහයි.

අර්ථ  : තමා ගේ වචනය වැදුණා වූ කන පිනවා, (තමා ගේ) රූපය වැදුණා වූ දෑස පිනවා, ශ්ර ද්ධායෙන් පැමිණියා වූ ලෝකයා මහත් සැපය වූ ඒ නිර්වාණයෙහි හෙළයි.


198. ටිප්පණී : සත - සත්ත්වයා. මඟපෙ‍ෙලන් - මාර්ගූ ඵලයෙන් සතර මඟ සතර ඵලයෙන්. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අභීත් යන මේ යැ සතර මඟ ඵල. එක් එක් මඟකට ඉක්බිති එහි ඵලය වෙයි. පිනවන - සතුටු කරවන්නා වූ. සරි වන - සමාන වන්නා වූ. දෙ වන කෙනෙක් - තවත් කෙනෙක්.


199. ටිප්පණී : ඔවුන් මුත් - ඒ බුදුන් විනා. ‘ලොවට උතු‍මෝ නිති ’ යනු හා සබඳි.


200. ටිප්පණී : උන් උන් තැන් පුදා - ඔවුන් හිඳැ-ගත්තා වූ ස්ථානයට පූජා කොටැ. වන - සිටින්නා වූ. බව දුක් මුදා යෙති - සංසාර දුක මුදා (දුරු කොටැ) යෙති. උන් මහිම - උන් ගේ අනුභාවය. පහදා කියනු කිම - විස්තර කොටැ කියනු කුමටද?


201. ටිප්පණී : පය - පාත්රවය. පද ලස් ඇති - පාද ලාඤ්ඡනය (පද ලකුණ) ඇති. පහණ - පාෂාණය. ගල. දුක් සිඳැ - දුක් වනසා. ලබති - ‘ලෝක සත්ත්වයෝ’යි උක්තය සලකනු.


202. ටිප්පණී : එ මොක් පුර වන් දැ යි - ඒ (සර්වැඥ තෙමේ) නිවන් පුරයට වන්නේ දැ යි. කුමක් දැ යි - කිමෙක් දැ යි. නො කියව - (මෙ සේ සැක සිතා) නො කියව. තමා පද ගිරි තුරු ඳු වන්දයි - (හේ මුනි තෙමේ) තමා ගේ පාදය, පර්වයතයන් ලවා ද වෘක්ෂයෙන් ලවා ද වඳවයි.


203. ටිප්පණී : සතනට - සන්තානයට. සිතට. මඟ දහම් - උත්තම වූ ධර්මගය.


204. අර්ථ, : (හේ) මිථ්යායදෘෂ්ටි නමැති මුල් ඉදිරි යැ; (ආර්ය ) අෂ්ටාඞගික මාර්ගේ නැමති බිජුවට වැපිරී යැ. ධර්ම නමැති ගංගා ජලය එළැවී යැ (පැමිණීවී යැ.) ශාන්තිය ලෝකයෙහි පැතුරුණේ ඔවුන් ගෙන් යැ.


205. අර්‍ථ : දියෙහි මෙන් බිමැ ගිලෙත් හොත්, බිමැ මෙන් දියෙහි ඇවිදිත් හොත්, අහසෙහි ද එය මැ කෙරෙත් හොත්, සමර්ථ යෙක් ඒ බුදුහු විනා අනෙකෙක් නැත්තේ යැ.


206. ටිප්පණී : දිනැ දිනැ - දාවලෙහි දාවලෙහි. නොබසින්නා වූ යැ යූ සේ යි. දිනිඳු - සූර්ය යා. කර රස - ක්ෂාර (ලුණු) රස. නොනැසි - නොනැසුණා වූ. ස්ථීර වූ. විදු කිඳු - විදු ලිය කාන්තියක්. වැජැඹි - විජෘමහ්මාන වී. පැවැත්තේ යැ.


207. අර්ථඳ : ලෙඩෙහි දිව්ය ඖෂධයක් සේ ද, වාලුකා කාන්තාරයෙහි පිපුණු විලක් සේ ද දොරක් දොරක් පාසා පිහිටි කල්ප වෘක්ෂයක් සේ ද, දුකෙහි එක සේ පිහිටැ යැ.


208. අන්වය : මරණයට ළං වැ සිටැ වැඳැ හොත් එ සක් දෙවිඳුට එ මැ විටැ එක බසින් තෙ කෙළ සැට සුවහස් ‍ආයු දිනි.

අර්ථ : මරණයට ආසන්න වැ සිටැ වැඳැ - ගෙනැ හොත්තා වූ ඒ ශක්රැ දෙවෙන්ද්රසයාට ඒ ක්ෂණයෙහි මැ එක වචනයෙන් තුන් කෝටි සැට ලක්ෂයක් (හවුරුදු) ආයුෂ දුන්නේ යැ.

ටිප්පණී : තෙ කෙළ සැට සුවහස් ආයු - ‘සුවහස්’ යනු සිය දහසට (ලක්ෂයට) නමි. ඇතැමෙක් මෙය ‘තෙ කෙළ සුවහසකට’යි ගෙනැ ශක්රලයාට දුන් ආයුෂ එකුන් සැට ලක්ෂයක් අඩු කිරීමෙන් මහා පාපයක් කෙරෙති.


209. ටිප්පණි : තිදස පුරවර - ත්රිාදශ (දිව්යි) පුරවරයට තෘතීය වූ (යෞවන දශාව සියලු කල්හි වන හෙයින් දෙවියෝ ත්රිුදශ නම් වෙති. වැඩි කලැ - ගිය කලැ. පවර - ප්රරවර. උතුම්.


210. අර්ථ  : අටළොස් රියනක් වූ ශරීරය ඇරැ-ගෙනැ අබ පියල්ල ඇතුළෙහි ගමනය කරත් හොත්, ශයනය කරත් හොත්, හිඳිත් හොත්, සමර්ථහයෙක් ඒ බුදුන් විනා වෙත නැත්තේ යැ.

මෙහි සිවු ඉරියවුව නො කියැවිණ. අඩුවෙකි.


211. අන්වය : තිල බිජු පමණ ගතින් අළ උදුළ ස වනක් රසින් අපිරියත් සියලු සක්වළ ඇම තැන් එක් එළි කළ.

අර්ථි : තල ඇටයක් පමණ ශරීරයෙන් නිකුත් කරන ලද ජ්වලිත ෂඩ්වර්ණත රශ්මියෙන් අනන්ත වූ අපර්යතන්ත වූ සියලු චක්රතවාටවලැ සියලු තැන් ඒකාලෝක කළ.

ටිප්පණි : ස වනක් රසින් - නීල, පීත, ‍ෙලාභිත, අවද්රටත, මාඤ්ජිෂ්ට, ප්ර්භාස්වර යන ෂඩ්වර්ණක රශ්මියෙන්. තිල බිජු - තල ඇට. එකෙළි කළ - එක් හෙළි (එකාලෝක) කළ.


212. ටිප්පණී : එළි කොට - ප්ර්කාශ කොටැ. පහදා. දෙසත - දේශනා කරත් මැ. සිය බස ලෙස - ස්වකීය භාෂාව සේ.


213. අර්ථප : ඔහු (ඒ බුදුහු) ධර්ම. දේශනා කරන විටැ ධර්ම මණ්ඩලයට වන්නා වූ ශබ්දය, පිරිස පමණට විනා එක අඟලකුත් (ඉන්) පිටතට නො යේ.

ටිප්පණී : ධර්ම මණ්ඩලය නම් දහම් අසන පිරිස රැස් වැ උන් ප්රමදේශය යි.


214. ටිප්පණී : දොරගුළු - දොර අගුළු. දිගු කළ කළ පයට - දික් කළ කළ පාදයට. සත් බුමු පියුම් - පෙති තල සතක් ඇති පද්ම.


215. ටිප්පණී : එ විග‍ෙස් - (වඩින්නට වන්) ඒ ක්ෂණයෙහි. වළ ගොඩ - මිටි තැන් උස් තැන්. දිව මල් වැසි වැසැ - (වැසේ යනු එළි වැට රක්නා පෙරැළියෙකි.) දිව්ය් පුෂ්ප වැසි වැසැ (වැස්සක් මෙන් වැටී.) මඟ දෙපසේ - මාර්ග යේ උභය පාර්ශවය. සැදෙයි - අලඞකෘත වෙයි.

‘වැසේ’ යන්නට ඇතැමෙක් ‘වෂීනය වේ’ යන අර්ථමය දෙති. ඒ අර්ථවයෙහි ‘වැසේ’යනු සිංහල නො වේ.


216. අන්වය : මුනි සඳ උසේ යත මෙර ගිරි සිරස වුවත් හිවූ වේ බඩ අග සේ නැමී එ මැ සේ පද පිළිගනී යැ.

ටිප්පණී : උසේ - උසෙහි. උස් තැනකට. මෙර ගිරි සිරස වුවත් - (‘සිර‍ෙස්’යනු එළිය රක්නා පෙරැළි යි.) මේරූ මස්තකය වුව ද. හිවූ වේ බඩ අග සේ - තැම්බූ වේ වැල් බඩයෙකැ අග මෙන්. තැම්බූ වේ වැල් බඩයෙහි අග ඉතා මෙළෙකි. එ හෙයින් වහා නැමෙයි. එ මැ සේ - (බුදුන් පාදය) තුබූ සේ මැ.


217. ටිප්පණී : ඉඳිති - මේ ආඛ්යාසතයනට ‘ඔහු’ (සඟහු) යනු උක්තය යි. කප් සිය දහස් - කල්ප ලක්ෂ ගණන්. නරඹති - (දිවැසින්) බලති. පිරිමදිති - ස්පර්ශ කෙරෙත්.


218. අර්ථ) : සර්වපඥයා ගේ පිරිවර (නම්) වක්ර වාට පර්ව තය, මහාමෙරුව, පෘථිවිය (යන මොවුන්) එක් වරැ කම්පිත කරවා මහාප්රාවතිහාර්යෘ කරන්නා වූ ප්රනවර වූ සඞඝ සමූහයා යැ.


219. අර්ථ  : මේ සංසාරයෙහි පූර්ව කාලයෙහි අනෙක කල්ප කෝටි ශත සහස්රරයෙහි සකන්ධ පරම්පරායෙහි විශෙෂය දකින්නා වූ සඟ පිරිවර යැ. (ඒ ඒ ජන්මයෙහි පඤ්වස්කන්ධය කෙබඳු කෙබඳු වී දැයි දැක්ම කඳ පිළිවෙළ වෙසෙස දැක්ම යි.)


220. අන්වය : මහ සඟ ගණ (නුවණට) ‘ලක් තබතත් දෙරණැ පස් මඳ යැ’ යන අපමණ මහ නුවණ ලැබැ - ගෙනැ එ මුනි වෙතැ සිටිති.

ටිප්පණී : ලක් තබතත් - ලක්ෂ්ය කොටැ තැබීමට ද. (නුවණ) මැණැ බැලීමෙහි දී ලක් කොටැ ගැනීමට ද. දෙරණැ - පොළොවෙහි. මඳ යැ -- අඩු යැ. මහ පෙ‍ාළොවට වඩා අතිශයින් මහත් නුවණ ඇතැ යි යූ ‍ෙස් යි.


221. ටිප්පණී : සත සිත -- සත්ත්වයා ගේ චිත්තය. සිත සේ දකින - සිත් වූ පරිදි දක්නා වූ. දිව ඇස ලැබැ ගෙනැ - (‘ඇසේ’ යනු කවර හෙයින් යෙදිණි ද?) දිව්යඩ නේත්ර ය ලබා - ගෙනැ.


222. ටිප්පණී : සතන -- සත්ත්වයන්.


223. ටිප්පණී : විදසුන් මඟින් -- විදර්ශ නා මාර්ගෙයෙන්. තත්ත්වය ඇති සේ දැක්ම විදර්ශ නා යි. සෙත ලැබැ - නිර්වාාණය ලබා. දියැතැ - ලෝකයෙහි.


224. ටිප්පණී : මුඳුනැ ඇඳිලි බැඳ වැඳි සත - මුඳු - නෙහි ‍ෙදාහොත් බැඳැ වැන්දා වූ සත්ත්වයන්. සඟ මොක් සැපතැ ලන - ස්වර්ගා මොක්ෂ සම්පත්තියෙහි ලන්නා වූ. තමන් වැන්දවුනට දිව සැප නිවන් සැප දෙන්නා වූ යැ යූ සේ යි.


225. ටිප්පණී : සේ සත් - ශේවතචඡ්ත්රන සුදු කොඩි. සක් පිඹිති - ශඞඛයන් පිඹිත්.


226. ටිප්පණී : මුනිඳු නා - මුනීන්ද්ර නාගයා මුනී‍ෙන්රා ර් ත්තමයා. මෙහි ‘නා’ යනු හස්ති පර්යා්ය යි. ගමන් ඔත - ගමනට වැටුණු කල්හි. සිරි විදුනා සුරිඳු රජ - සම්පත්තී විඳින්නා වූ දිව්යය රාජයෝ. නල - සුළඟ. විදුනා - පතුරුවන්නා වූ . වල් විදුනා - වාල ව්ය ජනයන්. වාමරයන්.


228. ටිප්පණී : සිතුමිණ - චින්තාමාණික්යුය. සිතූ පැතූ දැය දෙන මණ. මිණි තල් වට - මණි තාල වෘත්තයන්. මිණියෙන් කළ පවන් පත්.


229. ටිප්පණී : දිව මලින් - දිව්යය පුෂ්පයෙන්. ‘පුදති’යි සබඳි. සිත් පළොලින් - චිත්රත පාටලීයෙන් (පුෂ්පයයෙන්) අසුර ලොව චිත්ර පාටලී නම් වෘක්ෂය වෙයි. කඬුපුලින් - නා ලොව කඩුපුල් මල් වෙයි. ගිරි තුරුදු - පර්වරතයෝ ද වෘකෂ - යෝ ද පවා. පුල් කමලින් - පිපුණා වූ නෙලළුම් මලින්.


230. ටිප්පණී : බඹ ලොවැ සිටැ බලත - බ්රාහ්ම ලෝකයෙහි සිටැ බලත් නමුදු. මුඳුනත - හිස් මුඳුන අ‍ෙනාලොකිත යැ. නොදක්නා ලද්දේ යැ. බුදුන් මුඳුන කිසිවකු විසිනුදු බැලියැ හැක්කේ ‍ෙනාවේ.


231. ටිප්පණී : විසිතුරු - විචිත්රල යැ. සරණතැ - වරණයෙහි. පාදයෙහි. එ සුගත - ඒ සුගතයා‍ ගේ (බුදුහු ගේ). නෙතැ නෙතැ - නේත්රහයක් නේත්රසයක් පාසා.


232. ටිප්පණී : දසට රියන් වූ බුදුන් කුඩා වූ ද ගෙයකට වදනා පරිදි යි.


233. ටිප්පණී : එක් දිගත නරඹා - එක් දිශාන්ත - යක් (දිශාවක්) බලා. වුවනත - මුහුණ.


234. ටිප්පණී : පුරවි වෙණ නදට ද වඩා - කොවු - ලන් ගේ හා වීණායෙහි ද හා නාදයට වඩා. නඳ වෙයි - නන්දනීය වෙයි. සතුටු එළවන්නේ වෙයි.


235. අර්ථණ : සක්වළෙහි (ප්රදමාණය) ද, ආකාශයෙහි (ප්ර මාණයද) ද, (සතර අණ) සතර සාගරයෙහි පිරුණු දිය ක‍ෙඳහි ප්ර‍මාණය ද දැනැ කියැ හැකි යැ. (එහෙත්) ඒ මුනි තුමන් ගේ ගුණ ප්රරමාණ නො කළ හැකි යැ.


236. අන්වය : ‘මෙ තැනට මේ වටී’ කියත උතුරක් නො දිටී. එ වැඳැ වැටී ගනිත මුළු ලොවට බුහුටි එ මුනි මැ යැ.

අර්ථ  : (ඒ සර්වටඥ තෙමේ) ‘මෙ තැනට මේ වටී’ යනු කියත් මැ උත්තරයක් නො දුටුයේ යැ. (‘එයට වඩා මෙය මැනැවැ’යි කියන්නක් නො දුටුයේ යැ) (ලෝකයා) එය වැඳැ වැටී ගන්නා කලැ සියලු ලෝකයට විශාරද වූයේ ඒ සර්වකඥයා මැ යි.


237. ටිප්පණී : සේ නොසේ කම් පල ඈ - ස්ථාන අස්ථාන කර්ම ඵල ආදී. එම්බල - එම්බා පින්වත. ඉන් - එ හෙයින්.

මෙයින් බුදුන් ගේ දස නුවණ බල දැක්විණ. එ නම්:-


238. අර්ථන : ලෝකයෙහි ඇත්තා වූ කිසිවකු හට නිත්ය්යෙන් දුකක් නොකරන නමුදු රූපයෙන් යුක්ත වූ ඒ මුනි උත්තමයා ඇතුන් කෝටි සහස්රුයකට (කාය) බලය ඇත්තේ යැ.