බුදු ගුණ අලංකාරය-විවරණය-103-183

5. ලොවට වැඩ අවැඩ සංස්කරණය

103. ටිප්පණි : දුබ්බික් දුක් මුසු - දුර්භීක්ෂ දුඃඛ‍ෙයන් මිශ්රත වූ. ‘නුවරුන් බස්‍‍‍’ ගළපන්නැ. තම සිතැ දුකට සුදුසු - තමන්ගේ සිතෙහි දුක් ඉපැදැවීමට ප්ර මාණ වන.

104. ටිප්පණි : අදමිටු වත් - අධර්මිෂ්ඨ වත් මැ. එ පවත් වෙති - ඒ පැවතුම් ඇත්තාහු වෙත්. බමුණු ගහ පතියෝ ද - බ්‍රාහමණයෝ ද ගෘහපතීහු ද. ගෘහපතීහු නම් වෛශ්ය්යෝ යැ ඒ ගනිත් - ඒ අධර්මදය ගනිති.

105. අන්වය : උන් දැකැ දැනවූ වැසි දන අදහමට රිසි වෙති. උන් රැකැ වෙතැ පැහැසි සුරන් සිතටත් අදම් අදහසි.

අර්ථ : ඔවුන් දැකැ ජනපද වැසි ජනයෝ අධර්ම.යට රුචි (ඇත්තාහු) වෙති. ඔවුන් රැකැ සමීපයෙ හි පැහැසුණා වූ හෙවත් සම්බන්ධ වු දෙවියන්ගේ සිතටත් අධර්ම ය අභිමත යි.

ටිප්පණි : පැහැසි - ‘පහස්’ (පැහැසුම්හි) ධාතු යි. පහසී - පහසිති - පැහැසී - පැහැසි ඈ විසිනැ වරනැ‍ෙඟනුයේ.


106. ටිප්පණි : තුරු දෙවියෝ - වෘක්ෂ දෙවතාවෝ. අදහම මැ සෙවියෝ වෙති - අධර්මදය මැ සෙවනය කළාහු වෙත්. අහසැ දෙවියෝ - ආකාශයෙහි දෙවතාවෝ. සිත අදහමින් නොවියෝ කෙරෙති - සිත අධර්මායෙන් නොවෙන් කෙරෙත්. අධර්මියෙන් යුත්ත කෙරති. වියෝ’ නම් වියෝගයයි හෙවත් වෙන් වීමයි. ‘නොවියෝ’ නම් වියෝග නොවීම යි.

107.ටිප්පණි : සතු - අයත්. විසම වැ - විෂම වී. සම පරිදි නො වැ. නොනිසි පරිදි.

108. අන්වය : එ පවන් වැදැ නුබ ගමන් ඔත දෙව් විමන් සැලෙත සුරන් සිත කිපුණෙන්, ලොවට සෙත කැරැ වැසි නොවස්වති.

අර්ථ්: ඒ සුළඟ වැදී ආකාශයෙහි ගමන් පවත් වූ දිව්ය විමානයන් සෙලැවෙත් මැ දෙවියන් සිත කිපුණෙන් (ඒ දෙවියෝ) ලෝකයට සෙත් කෙටැ වැසි නො වස්වති.

109. ටිප්පණි : සස් - ශස්යෙ. ධාන්යි.

110 අන්වය : එක ගමෙකැ ද වැසි වසිතත් සම වැ නො වසී. ඉන් විසම වැ පිසී පැසුණු සස් වග ඉතා නොරසි.

අර්ථි: එක් ගමෙකැ නමුත් වැසි වසිතත් සම වැ හෙවත් සුදුසු කාලයෙහි නො වසී. ඒ හේතුයෙන් විෂම වැ වැඩී පැසුණා වූ ශස්යන වර්ගස ඉතා නොරස යැ (රස හීන යැ.)

ටිප්පණි : පිසී - පුෂ්ට වැ ‘පුස්’ (පෝෂණයෙහි) ධාතු යි. කමර්‍ ප්ර්යෝගයෙහි ‘පිසී’ යනු පූර්වෂක්රිීයා නිපාත රූපයි.

111.ටිප්පණි : නිරිඳුන් ගෙන - නිරිඳුන් ගෙන් යැ.

113. ටිප්පණි : ඔවුන් පසසා - ඔවුනට ප්රුශංසා කොටැ.


114. ටිප්පණී: සව් සතරෙහි - සකල ශාස්ත්ර යෙහි. මහසත් ගුණෙන් - මහාසත්ව ගු‍ණයෙන්. පරසිඳු - ප්ර සිද්ධ වූ. කැත් කුලෙන් - ක්ෂත්රිොය කුලයෙන්. රාජ කුලයෙන්.

115. ටිප්ටණී: කළ ගුණ වෙසස දැන - කළා වූ ගුණ විශේෂය දැනැ.

116. ටිප්පණී: මෙරමා වැඩ - පර වැඩ. පරාර්ථණය. විකුම් ඇති - වික්රොම ය ඇත්තා වූ. රාජ නීතිය නො හැරැ මැ කැමැති දෙය සිද්ධ කරන්නා වූ වික්රතමය යි.

117. ටිප්පණී: උදය සිරිසින් - උදය පර්වධත මස්තකයෙන්.

118. අර්ථප: වික්ර මයට ද සත්යධ වචනයට ද ජනයාට දෙන්නා වූ මහා දානයට ද ජීවිතය සතර වනු කොටැ සියලු කල්හි පැමිණි සිහි ඇති වැ රකින්නා වූ -

119. අර්ථ-: සම්පූර්ණණ සුචරිත මාර්ගනයෙහි සිටියා වූ මන්ත්රී. වරයන් සමඟ නිරන්තරයෙන් සපතාඞගස රකින්නා වූ ඔබ හැම දෙනා ගේ කවර වරදෙක්ද?

ටිප්පණී: සත් අගේ - සපත අඞගය (1) ස්වාමි (2)අමාත්යන (3) මිත්ර (4) කොශ, භාණ්ඩාගාර) (5) රාෂ්ට්රේ (6) දුගී (7) බල (සේනාව) යන මේ යැ.


6. සෙත් මඟ සංස්කරණය

120. ටිප්පණී: නෙත් සලසා - ඇස් යොමු කොටැ.

121. අන්වය: නිවටුන් නිවට බසැ දැවටී සසරට පිවිටු, නට ගුණ ගුණට ගත් මැතිඳෙක්, එ විටැ සෙබෙන් නැහැ සැටැ -

අර්ථ : නිගණ්ඨයන්‍ ගේ අසාර වූ වචනයෙහි වෙළී සංසාරයට ඇතුළු වූ, නෂ්ට ගුණය (ගුණ නැති බව) ගුණයට (ගුණය කොටැ) ගත්තා වූ ‍මනත්‍ිැතන්ද්රැයෙක් එ විටැ සහායෙන් නැඟී සිටැ -


122. ටිප්පණී: පද තඹරට - පාද නමැති තාමරසයට (පද්මයට). සෙමෙන් - සන්සුන් වැ. දළැ - නළලෙහි. බද ඇඳලි වැ - බඳනා ලද දොහොත් ඇති වැ.

123. ටිප්පණී: පැසැඳැ - සුන් කොටැ. මෙ සඳ - මේ කාලයෙහි. පවර - ප්රවවර (උතුම්) වූ පූරණ කසුබු - පුරණ කාශ්යාප නම් බුද්ධ කාලයෙහි විසූ නිගණ්ඨයෙකි. පසු වැ කියැවෙන කකුධ කෘත්ය යනාදීහු ද බුද්ධ කාලයෙහි මැ විසූ හ.

124. අන්වය: සනන පිරිසිදු කළ සුදු තපෝ ගුණයෙන් පිරිසිදු කකුද කසයින් නමින් පරසිදු බුදු කෙ‍ෙනක් ඇත.

අර්ථ : සන්තානය (සිත) පිරිසිදු කළා වූ ශුද්ධ වූ තපො ගුණයෙන් පිරුණා වූ සිද්ධ වූ (සියලු ගුණයධර්ම්‍යන් සිද්ධ කොටැ - ගත්තා වූ) කකුධ කෘත්යාදයන නාමයෙන් ප්රුසිද්ධ වූ බුදු කෙනෙක් ඇත.

125. ටිප්පණී: තුති ලද - ස්තුති ලැබුවා වූ. තෙද ඇති - තේජස් ඇත්තා වූ.

126. ටිප්පණී: දිලි තව තෙදින් ඇම නැතැ සත සතන තුටු කළ - ජ්වලිත වූ තපස් තේජසින් සියලු තන්හි සත්ත්වයන් ගේ සන්තානය (සිත) සතුටු කළා වූ. නිගටනත පුත් - නිගණ්ඨනාථ පුත්රය.

127. ටිප්පණී: සඳ සෙ - චන්ද්රනයා සේ. තවුස් ගණ - තාපස සමූහයා.

129. ටිප්පණී: හිමි සඳ - හිමි තුමාණෙනි. නිති පුද - නිත්යෙපූජා නොකඩ වැ කැරෙන පූජා. මෙ පුර බඳ උවදුරු - මේ පුරයෙහි බැඳුණා වූ උපද්රවව. සෙද දුරු වෙති - වහා දුරු වෙති යි.


130. ටිප්පණී : ජඩ - මෝඩ. නිවටුන් නිසා - නිගණ්ඨයන් සඳහා. බුදුනැ යි නමක් සලසා - බුදුන් යැ යි නමක් යොදා. එ බස‘සා - එ බස් අසා.

131. අන්වය: මූ හැම දෙන පව් පින් නැතැ යි යන නිවටෝ යැ. මුන් ගෙන් ලොවට වන සෙත ඇත, ගින්නෙන් සිහිලස ලැබෙයි.

ටිප්පණී: සෙත ඇත - ශාන්තිය ඇත හොත්. සිහිලස - ශීතලය.

132. අර්ථ:: පව් පින් දෙක මැ නැත හොත් රකින්නා වූ තපස ඵල (කමක්) නැත්තේ යැ. ඔවුන් බුදුන් යැ යි කියති. මෙ සේ වූ මෝඩ කමෙක් නැත්තේ යැ.

පව් පින් දෙක නැත් නම් තපස් රැකීමෙන් ඇති කම් කිම?

133. ටිප්පණී: පුද කරනු - පූජා කිරීම. තෙලියතැ - තෙල් සිඳිනා යන්ත්ර යෙහි. ‘වැලි මලු ලා’ යි ගළපන්නැ. සතත - නිරන්තරයෙන්. තෙල් පතා - තෙල් ප්රාතර්ථමනා කොටැ මඬින වැනි - මිරිකන වැන්නැ.

134. ටිප්පණී: බඩ වඩන - උදර පෝෂණය කරන. බඩ රැකැ - ගන්නා. දුරැරැ - දුර හැරැ. දුරු කොටැ. සිවු වේ - චතුර්වෙනදය. සෘක්, යජුස්, ශාම, අථර්වැ යන සතර වේදය. නොකඩ දත් - අඛණ්ඩ කොටැ හෙවත් අඩු නො කොටැ දත්තා වූ. බමුණන් ඇරැ ගෙන - බමුණන් පමුණුවා - ගෙනැ.

‘හර’ ධාතුයෙන් හැරැ යනු වැ ‘හ’ කාර ලෝපයෙන් ‘ඇරැ’ යනු ලැබේ. මෙහි අර්ථත ‘දුරු කොටැ’ යනු යි. ‘අර’ ධාතුයෙන් ද ‘ඇරැ’ යනු වේ. මෙහි අර්ථ් ‘ඉදිරියට ගෙනැ’ යනු යි.


135. ටිප්පණී: ගහ කැන් වළඳවා - ග්රණහ සමූහයාට (ආහාර) අනුභව කරවා. ග්රංහ පූජා කොටැ. පුදවා - පූජා කරවා සොඳවා යාග කළ - සොඳින් යාග කළ හොත්. දුක් මුලින් මුදවා - දුක් සම්පූර්ණහයෙන් නැති කොටැ. ‘සෙත ඒ යැ’ යි ගළපන්නැ.

136. ටිප්පණී: ලෙඩ දුක් පත් අයට - ‍ෙලඩ - දුකට පැමිණියා වූ අයට. පිටැ පිටැ - නැවැතැ නැවැතැ දෙයි ද - දෙහි ද?

137. ටිප්පණී: වේ මතුරු ‍ - වේද මන්ත්රස. ලෙවන් වළහන - ලෝකයා රවටන්නා වූ. දුලද - දුලීබ්ධික වූ. මිථ්යාහදෘෂ්ටික වූ. කිකලැ ද - කවර කාලයෙහි ද?

138. අර්ථ : (අඹරැ) ආකාශයෙහි ග්ර.හයෝ නම් දෙවියෝ යැ. ඔහු දිව්යහ ලෝකයෙහි හුදෙක් (කේවල වූ) මනොහර අමෘත රසය විනා අන්ය ආහාර නො ගනිත්.

ටිප්පණී: උදක් අමරස මිසක් - අමෘත රසය මැ විනා.

139. අන්වය: එයිත් උන් පෙරැ කළ නිකසළ කුසලින් නිපත. අනෙක් කෙනකුන් කළ දෙයක් උදෙසා එ පහළ නො වෙයි.

ටිප්පණී: එයිත් - ඒත්. ‘යි’ ආගම යි. උන් - ඒ දෙවියන්. නිකසළ - කසළ නැති. නිර්මකල වූ. නිපන - උපන්නේ යැ. කළ දෙයක් උදෙසා - කළා වූ දැයක් සඳහා. එ පහළ නො වෙයි - ඒ (ආහාරය) ප්රවකාශ නො වෙයි (ඇති නො වෙයි.)

140. අන්වය: සිඳු දිය ලෙස සගැ නිසග සැප පමණ නො කළැකි. එ රඟ නර ලොවැ සැප තණ අගැ රැඳුණු පිනි බිඳු වැන්නැ.


ටිප්පණී: සිඳු දිය - සමුද්ර ජලය. සගැ නිසග සැප - ස්වර්ගවයෙහි ස්වාභාවික සම්පත්තිය. එ රඟ - ඒ ආකාරයට.

141. අන්වය: නරෝ යම් කලැ සිවු සිය ගවු අසලැ නම්, දෙවියෝ තමන් ගෙලැ දැවැටි කුණු සේ. පිළිකුල් කෙරෙති.

ටිප්පණී: සිව් සිය ගවු අසලැ - යොදුන් සියයක් ආසන්නයෙහි. ගෙල දැවැටි - බෙල්ලෙහි දැවැටුණා වූ (රැඳුණා වූ)

142. ‍ටිප්පණී: රැකැ සිටැ - බලා සිටැ. සෙත කෙරෙති යෙති - සෙත කෙරෙති යි කියත්.

143. ටිප්පණී: රිසි වන - කැමැති වත් හොත්. ‘එ නිවට දුගී යාචකයනට සුරනැ යි යනු කුමට’ යි ගළපන්නැ. සුරනැ යි යනු - දෙවියන් යැ යි කියන්නේ.

නර ලොව දෙන පුදට දොරින් දොරැ සිටැ රිසි වත් හොත් ඔහු නිවට දුගී යාචක‍යෝ යැ. එ බඳු වූ නිවට දුගී යාචකයනට සුරනැ යි කියන්නේ කුමට ද?

144. අන්වය: අන් ඉසුරු ගැනුමට විසිතුරු උපමා යොදා බොරු යාග කෙරෙති යි ලොවැ උවදුරු කෙසේ දුරු වේ ද.

ටිප්පණී: අන් ඉසුරු... අන්යුයන් ගේ සම්පත්තිය විසිතුරු උපමා - (විචිත්රය වූ) නානාවිධ වූ උපමාවන්. කෙරෙති යි... කරත් නමුදු. කිරීමෙන්.

145. ටිප්පණී: පුද කළ - පූජා කළ කල්හි. සෙත වෙති යනු - ශාන්තිය වෙති යි කීම. බොරු මායමෙකි - බොරු රැවැටීමෙකි.

146. ටිප්පණී: නිසැක ගුණ නැණ යුත් - සැක නැති වැ ගුණයෙන් ද නුවණින් ද යුක්ත වූ. පින්සර - පුණ්යොයෙන් සාර වූ බමුණු උතුමෙක - බ්රාිහ්මණ


උත්තමයෙක් එළි වැට රැකෙන පිණිස ‘අ’ කාර යුක්ත කැරිණ උපත - උපන්නේ යැ.

147. අර්ථක: ඥානය නමැති නැවින් (ගොස්) සර්ව ශාස්ත්රි නැමති සමද්රජයෙහි පර තෙර (එ තෙර) දැකැ, (පතර) මහත් වූ ලෝකයෙහි ප්රුසිද්ධ වැ. තමා (මවු කුසින්) බිහි වන්නා වු දිනයෙහි මා පියන් විසින් - (නො නිවා රැක තබා දුන් ගිනි රැගෙනැ’ යි ගළපන්නැ.)

ටිප්පණි: නැණ නැවින්....... පර තෙර දැකැ- සියලු ශාස්ත්රවයන් උගත් බව කී සේ යැ.

148 අර්ථැ (තමා බිහි වන දිනෙහි මා පියන් විසින් ) නො නිවා රැකැ තබා දුන් ගිනි ඇරැ - ගෙනැ වනයෙකැ වැසැ, නොයෙක් හවුරුදු (ගණනක් ) ගිනි දෙවියාට පුදා, දවසෙකැ (‘සිඟා ගිය තැතැ’ යි ගළපන්නැ.)

උපන් දිනැ දැල්වු ගිනි නො නිවා රැකැ තබා වැඩුණු කලැ දෙනු සිරිති. පුත් ඒ ගිනි රැගෙනැ ගොස් නො නිවා තබා පුදයි.

149. ටිප්පණි: ‘දවසෙකැ සිඟා ගිය තැනැ ලද’ යි සබඳි ලද - ලැබුවා වු. මහ පුද ගිනි දෙවියා හට - මහා පුජ්යැ වු මහා පුජාවට සුදුසු වු ගිනි දෙවියා හට.

150. ටිප්පණි නපුරැ යි - නොමැතැවැ යි. ඔහු ලුණට යා දී - ඔහු ලුණු (ලබනු පිණිස ගිය දී (ගිය පසු) මෙහි ‘දී’ යනු ‘දෙ’ (දීමෙහි) දයින් නිපන් පුර්වබක්රියය‍ා නිපාත පද යි. වියරණ නොදන්නන් කියන සේ ප්ර ත්ය යයෙක් නො වේ.

151. ටිප්පණි මස් පලහා - මස් පුලුස්සා. කමින් - කා නොසරස් - වහා (සරස් නො වැ.) එ ගොස්- ඒ බමුණා ගෙ‍ාස්.


152. අන්වය: තෙපි,අප රකිනා තබා තොප ‍සතු ගොනා නො තබා වෙතැ කත තෙක් අත බා බලා උන් කෙනෙකි.

ටිප්පණි අප රකිනා තබා - අප රැකීම තිබියැ දී. නො තබා - ඉතිරි නො කොටැ. වෙතැ තබා - ළගැ මැ තබා - ගෙනැ. අත බා - අත හෙළා - ගෙනැ. ගොනා කෑම වැළැක්වීමට අතක් වත් නො නගා.

153. අර්ථඅ: එ හෙයින් ගිනි දෙවියෙක් නැත්තේ යැ. උන් නැත හොත් පුජායෙන් ඵල නැත්තේ යැ. බොරු වචන ලෝකයෙහි පැවැති නුවණ නැති සත්තවයා විසින් කරන්නා වු පුජාවෙකි.

154. අර්ථක: ‘ගොන් මස් නොලත් හෙයින් ඉතින් මෙ පමණක් ( මෙය විතරක් ) කව ‘යි කියමින්, වල් අගින් (නගුට අගින්) දියවර ගසා ඒ ගින්න නිවී යැ.

ටිප්පණි: දියවර - දැන් ‘දියර’ යි ව්යනවහාර යි

155. ටිප්පණි : නුවණැතියවුන් - නුවණ ඇත්තන්. නිසරු කොටැ - සරු නො කොටැ නො සලකා. කළැ යි - කළා හ යි. කළායින්.

156. ටිප්පණි : රුති කැරැ - රුචි කොටැ.

157. අර්ථප: දිර්ඝ කාලයෙකින් බ්රා හ්මණ ජනයා තමන් උදෙසා ලබන්නා වු ධනය ගිනි දෙවියාට පුදන්නා වු පුජායෙන් ලෝකයට සිදු වන්නා වු ඵලය කිම.

මේ මඳක් ව්යාදකුල යැ.

158. ටිප්පණි: බමුණන් කතා - බමුණන් ගේ වචන. ගෙනැ - අදහා. මෙ සතා - මේ ලෝක සත්තවයා. (කරවන යාග කෙබඳු ද යත්.) නියතා- ඒකාන්තයෙන්. අකුරු - ශකීරා. ගල් කැට.


159. අන්වය : කරින් තිසුල් අවි ගත්, උගුරින් කළු පැහැ ඇරැ ගත්, අඹරින් ගත් සළු හන් අඩක් සිරුරින් උමයඟන ගත්.

ටිප්පණි : කරින් - අතින්; තිසුල් අවි - ත්රිාශූලායුධය. ඊශ්වරයා ගේ ආයුධයෙහි හුල් තුනෙකි. කළු - ඊශ්වරයා විස පු හෙයින් උගුර කළු වියැ නීලකණ්ඨ යනු එ හෙයින් නම්. අඹරින් ගත් සළු හන් - ආකාශයෙන් ගත් වස්ත්රධ හැන්දා වු. නග්න වු. ආකාශයෙහි වස්ත්ර- නැති. එ හෙයින් ආකාශයෙන් ගත් සළු හැදීම නම් නිර්ව්ස්ත්ර් වීම යි . හන් - ‘හඳ’ ධාතු යි. හඳී - හඳීති - හති - හනු ඈ විසින් වරනැහේ. අඩක් - ඊශ්වරයා අර්ධ ශරීරයෙන් උමාව ගත්තේ යැ

160. ටිප්පණි: දළැ - ජටායෙහි. හැඩ පළු ගෙතුණු කෙස් වැටියෙහි. බඳින - බඳින්නා වු. පළඳින්නා වු ඊශ්වරයා‍ ගේ ජටායෙහි අර්ධයචන්ද්ර යා වෙයි. ගොර - ඝොර. දරුණු. සප් හරක් - සර්පර හාරයක්. සර්පධ මාලයක් ඊශ්වරයා නයකු මාලයක් මෙන් පැළැන්දේ යැ. රඟ- නැටීම. මහලු ගොන් වාහනෙන් - ඊශ්වරයා ගමන්කරනුයේ නන්දි නම් වු මහලු ගොනකු පිටිනි.

160.අන්වය : මහ පදවි ලත්,සිර සුර ගඟින් දෙවි, අනග රුව දැවි, මහ දෙවියා පුද කරත යෙහෙකැ.

ටිපපණි : මහ පදවිය - ලෝකයට ඊශවර බව. සිර -. සුර ගඟින් - ආකාශ ගඞගායෙන්. ගඞගා නදියෙන්. දෙවි - සේදු. අනඟ රුව දැවි - අඞගයා ගේ රෑපය (ශරිරය) දැවු.අනඞගයා තපශ්චර්ය යෙහි යෙදි සිටි ඊශ්වරයාට ශර විදීමෙන් කාමය ඉපැදැවී යැ. එයින් කෝපයට පත් ඊශ්වර තෙමේ තමාගේ ලලාටාක්ෂියෙන් අනඞග ශරිරය දැවී යැ.

162. ටිප්පණි: සිව ලිංගය - ලිඞගාකාර කොටැ තනන ලද රූපය. පිදුවොත්-පිදුව + හොත් =පිදුවො + හොත් = පිදුවො + ඔත් = පිදු‍වොත්. ලොවට බොහෝ


සෙත ඇම හෝ (සෙත) එතී - ලෝකය‍ට බොහෝ ශන්තිය (ඇතැම් විට) සියලු මැ ශාන්තිය හෝ එති යි. බොහෝ ශාන්තිය එයි. ඇතැම් විටැ සියලු මැ ශාන්තිය පවා එනු බැරි නො වෙති යි යු සේ යි.

163 ටිප්පණි : එ වසා - ඒ (ඇති දුක් ) වසා. ඒ මතු පිටට.

164. ටිප්පණි : සගය - බාලය ආමන්ත්රදණ යි. ස සශයැ පැලැ‍ෙඔන අයෙකි - ෂට් ස්වර්ගවයෙහි ( දිව්යත ලෝක සයෙහි) හැසිරෙන්නා වු කෙනෙකි. උන් රූ මන රඟ යැ - උන් ගේ රූප චිත්තානුකූල වෙයි (ප්රිසයකර වෙයි). මෙ රඟය - මෙ සේ. (මේ මහේශ්වරයා ගේ මෙන්.) මෙහි ‘ය’ පාද පුරණ යි. විසුළු වෙස් ඇති නො වෙයි - විනාර වේශ ඇත්තේ නො වේ.

165. ටිප්පණි : සත දැකැ - ජනයා දැකැ. ජනයාට පෙනෙන හෙයිනැ යු සේ යි. විළින් - ලජ්ජායෙන් ‘ලියන් වෙතැ නො ඉඳිති’ යි ගළපන්නැ. මෙහෙසුරු - මහේශ්වරයා. සිය ගතැ - ස්වකීය ශරීරයෙහි.

166. ටිප්පණි : මෙ ලොව රැකැ පවතින හිරි ඔතප් දෙක - මේ ලෝකය පවත්නේ හිරි ඔතප් දෙක නිසා යැ. බුද්ධ මත යි. එ හෙයින් එ දෙකට ‘ලෝක පාලක ධර්මද’ යනු නමි. හිරි - පවට ලජ්ජාව ඔතප් - පවට භය.

167. අන්වය : අවි අන් වැනැසුමට (වෙයි.) නැත, තමා රැක්මට වෙයි. එයින් තිසුලවි හට රා දොස් ඇතැ යි මොනෙ‍ාවට දැනේ.

ටිප්පණි : අවි - ආයුධ (නම්). අන් වැනැසුමට (වෙයි) - අනුන් විනාශ කිරිම පිණිස වේ. නැත - නැත හොත්. එයින් - ඒ කාරණයෙන්. තිසුල් අවි හට - ඊශ්වරයා හට. රා දොස් - රාග ද්වේෂ (යන දෙක.) මොනෙ‍ාවට - මනා සේ.


ආත්ම රක්ෂාව කරනුයේ රාගය ඇති හෙයිනි. අනුන් වනසනුයේ දේවෂය ඇති හෙයිනි.

168. අර්ථ  : රාග දේවෂ (අ‍ාදි ) පාපයන් ගෙන් මිදී (එ හෙයින් මැ පුජාව‍ට ) නිසි වු උත්තමයනට නො බැඳී, භවයෙන් (සංසාරයෙන්) බැඳී සිටියා වු ඔහුට (ඊශ්වරයාට) පැහැදී පුද කොටැ (ඇති ඵලය ) කිම් ද?

රා දොස් පව්න් මිදුණාහු භවයෙන් මිඳුණාහු යැ. රා දොස් පව් ඇති මෙ තෙමේ භවයෙන් බැඳුණේ යැ. භවයෙන් මිඳුණු උත්තමයනට නො බැදී භවයෙන් බැඳුණ මොහුට පුද කිරීමෙන් කවර ඵලයෙක් ද?

169. ටිප්පණි : සබව - ස්වභ‍ාවය. දත් - දැනැගත්තා වු. රඟ - නැටීම. රඟන රඟකුත් - නටන්නා වු නැටුමකුත්. ඇතැමුන් ගන්නා ‘කළ නැටුමකුත්’ යනු බුදු ගුණ අලංකාර කාරයෝ ද නොදත් හ.

170. ටිප්පණි : නළු වෙස් - නට වේශය. නටන්නකු ගේ වේශය.

171. ටිප්පණි : දද දන - දග්ධ (මෝඩ) ජනයා ගේ. මල් නිසා - මල් උදෙසා. මල් පතා. නොලසා - අනලස් වැ. දියැදැ - දිය ඇදැ. (ගස මුලට ඉස්නට.)

172. ටිප්පණි : අයකු පිළිකුල් වන - සමහරකුට පිළිකුල් වන්නා වු. සිතැ රා - චිත්තයෙහි රාගය. ලිඟු සටහන් - ලිඞගයෙකැ ආකාරය (රූපය.) ලිඟු සටහන සමහරකුට පිළිකුලෙකි. සමහරකුට රාගය වැඩීමට හේතුවෙකි.

173.අර්ථි : සිත දුශ්චරිතයෙන් කිලිටු වු මේ ලෝකයට පුණ්යෙක්ෂෙත්ර( නොවන්නා වු ඊශ්වරයාට පුජා කිරීම, ගලෙකැ (වී ආදි ) බිජු වැපිරීම වැන්නැ.



174. අර්ථර  : යගදාව අතට ගත්තා වු දිව්ය) ගරුඬ යානයට පැමිණියා වු සමුද්රායේ ජලයට වැදී අනන්ත නාගයා ගේ දරණ වැළ පිටැ සැතැපුණා වු - (‘උවිඳු මැ යැ’ යනු හා ගළපන්නැ).

ටිප්පණි : යගදා - යකඩින් කළ ගදාව (පොල්ල). දිව ගුරුළු යානට - විෂ්ණුහු ගේ යාන‍ය දිව්යය ගරුඞයා යැ. යාන, ශයන (යහන) යන දෙකෙහි වෙනස අවබෝධ කළ යුතු යි. හස්ති අශ්ව රථාදීහු යානයෝ යැ ඇඳ අ‍ාදිය ශයන යි.

175. අන්වය : තෙ දියතැ උවිඳු මැ යැ. එ සම (ය) වෙන කෙනෙක් නැත. පුදයට නිසි ඒ මැ යැ. පුද කරන ලෙස මහිමය කී යැ.


ටිප්පණි : ‍ෙත දියතැ - (සවර්ගය මනුෂ්යැ පාතාල යන) තුන් ලෝකයෙහි. උවිඳු මැ යැ - උපෙන්ද්රසයා (විශ්ණු) මැ යැ. විෂ්ණුහු ලොවැ හැම තැනැ මැ ඇති යි යන හෙයින් කියත්. එ සම (ය) - ඔහු හා සමාන වු. එ මැ යැ - ඒ (විෂ්ණු ) මැ යැ. මහිමය - (ඒ විෂ්ණහු ගේ ) අනුභාවය. ඇතැමෙක් ‘මහිමය’ යන්නට ‘මහත් වු’ අරුත් බැණැ ‘පුද’ යන්නට විශෙෂණ කෙරෙති. ආශ්චර්යය යි.

176. ටිප්පණි : ගුණ වෙසෙස - ගුණ විශේෂය. අබියෙසැ - ඉදිරියෙහි.

177. ටිප්පණි : පැන් පවස - පැන් බොනු කැමැත්ත. පිපාසාව. වෙහෙස - දුක.

178. අන්වය : අන්ද මන්ද, ලොවැ නින්දා නො බා තා කීවත් උවින්දා පුද කැරැ වැඩක් වින්දා ඇසුවා ඇද්ද?

ටිප්පණි : අන්ද මන්ද - අන්ධ බාලය. එළි පිණිස කළ දිගි. ලොවැ නින්දා නො බා - ලෝකයා ගේ නින්දාවට භය නො වැ. වැඩක් - යහපතක්.



179. අර්ථණ  : සියලු තන්හි උපෙන්ද්ර්යා ඇත හොත් සීතාව වෙන් වීමෙක් නැත්තේ යැ. ඒ නිසා යුද්ධත් ඇත් ද? මේ බොරු මත කුමකට පැවැසී ද? (තුන් ලොවැ කිසි ද තැනෙක් විශ්ණුහු ගෙන් වෙන් නො වේ නම්, සීතාවට ඔහු ගෙන් වෙන් වියැ හැකි නො වේ. එ හෙයින් සීතාව ගෙන් වෙන් වී ඒ හේතු කොටැ - ගෙනැ යුද්ධයෙක් වී යැ යනු බොරුවෙකි. සීතාව වෙන් වූ නම් ‘තෙ සියන උවිඳු මැ යැ’යනු බොරුවෙකි. මේ බෙ‍ාරු මත [කල්පනා] කුමට කීයෙහි ද?)

180. අන්වය : වඳුරකු පිනූ මුහුද එ තෙරැ චැ යා නො හී ඉඳැ, රම් හේ බැඳැ ගියෙ ල. මෙ ලෙ‍ාවැ දෙවියන් තෙද මෙ සේ වෙ ද?

ටිප්පණි : වඳුරකු පිනු - වානරයකු පැන්නා වු. හනුමත‍ා දඹ දවැ සිටැ ලකට එනුයේ මුහුදෙහි එ තෙරැ සිටැ මෙ තෙරට පැන්නේ ල. යා නො හී - යා නො හැකි වැ. රම් - රාම තෙමේ. රාම වුයේත් විෂ්ණු මැ යැ. හේ බැඳැ - සේතුවක් හෙවත් පාලමක් බැඳැ. ගියේ ල- ගියේ ලු.

වානර වු හනුමතා මුහුදින් එ තෙරට පැන්නේ යැ. දෙවි වු රාමයා පාලමක් බැඳැ ගියේ යැ. මෙ සේ වේ ද මෙ ලොවැ දෙවියන් ගේ තෙද?

181. අර්ථග : මා ගේ සත්යල වචනය අසව. මේ තෝ තත්ත්ව‍ය නො දනිහි. ඔහුට (ඒ විශ්ණුහු‍ට) භය ඇත්තේ යැ. යගද‍ා ආයුධය ගත්තේ එ හෙයින් යැ.

182. අර්ථහ  : රාග ද්වේෂ (දෙක ) සිතෙහි නො තිබී නම් සක් බෙල්ලකු පිඹී යැ? (පිඹී ද?) ඔහුට භය ඇති කලැ නරයන් (මනුෂ්යතයන් ) ගේ භය කෙසේ දුරැ ලයි ද?

සක පිඹීම ශබ්දයට කල රාගයෙන් හෝ සතුරනට ‍ද්වේෂයෙන් හෝ වියැ යුතු. රාගය හෝ ද්වේෂය හෝ


නැත් නම් සකක් නෙ‍ා පිඹී. විෂ්ණුහු සකක් පිඹිනා හෙයින් ඔහුට රාග ද්වේෂ ඇති. ඔහුට බිය ඇති බව පෙරැ මැ කියැවිණ.

183. ටිප්පණි : ඉදිරි සෙත - අනාගතයෙහි ශාන්තිය. ලබමි - ලබමි යි කියා. පුද සිරි - පූජාශ්රීතය පුජා සම්පත්තිය. කෙබඳු ද යත් :- ලබනුව - ලබනු පිණිස. තබා අළලන ඔටු කිරි වැන්නැ - තබා කලඹිනුනා වු ඔටු කිරි වැනි යැ.