බුදු ගුණ අලංකාරය-විවරණය-1-35
1 කාව්යු මුඛය
සංස්කරණය1. අන්වය : කුලුණු සත වෙතැ (පතළා) මෙන් නැණ සව් පද අරුතැ පතළ, ලොවට සෙත එළි කළ මුනිඳු සරණත නිතර නමදිම්.
අර්ථ. : බුදුන් ගේ කරුණාව සකල සත්ත්වයා කෙරෙහි පතළේ යැ. එ මෙන් මැ ඥානය සකළ පදාර්ථතයෙහි පතළේ යැ. බුදුහු ලෝකයට ශාන්තිය එළි කළා හ. එ බඳු වූ ඒ බුදුගේ පාදය නිතර වදිම්.
ටිප්පණී : පදරුත - සචෙතන වූ හෝ අචෙතන වූ හෝ රූපි වූ හෝ අරූප වූ හෝ සියල්ල පදාර්ථඒයි, පදයන් ගෙන් දැක්වියැ යුතු අර්ථ වන බැවැන්. එ හෙයින් ලෝකයෙහි ඇති තාක් සියල්ල පදාර්ථ් නමි. බුදුන් සියල්ල දත් බව මේ කී පරිදි යි. ලොවට සෙත නම් නිර්වාපණය යි. සරණත - මෙහි ‘අත්’ යනු නිරර්ථ ක යි. සවනත්, නුවනත්, වුවනත් යනාදි තන්හි දු ඒ පෙනේ. වරලස, මුහුලස යනාදි නන්හි ‘අස’ යනු ද මෙ බඳු යැ.
2. අන්වය : සසර හිම් ළං කැරැ, කෙලෙස් බිය හිම් දුරු කැරැ සිදු කළ යුතු, උතුම්, නව ලොවුතුරා සදහම් වඳිම්.
ටිප්පණී : සසර හිම් - සංසාරයේ සීමාව. නිවන. කෙලෙස් බිය හිම් - ක්ලේශ භීතියේ සීමාව. සිදු කළ යුතු - මෙහි සිදු කිරීම නම් අවබෝධ කිරීමයි. නව ලොවුතුරා සඳහම් - සතර මඟ සතර ඵලය නිවන යන නවය.
3. අන්වය : කිසි කෙනකුන් පමණ නො කළ හැකි ගුණ ඇති, අපමණ සත හට පිළිසරණ අරී සඟ ගණ අදරින් වඳම්.
ටිප්පණී : අපමණ - ඇතැමෙක් මෙය ‘ගුණ’ යන්නට විෙශෂණ කොටැ ගනිති ‘පමණ නො කළ හැකි අපමණ ගුණ’ යනු උමතු බසෙකි. අරී - ආර්යප. සතරමඟසතර - ඵලයට පැමිණියාහු ආර්යයෝ යැ.
4. අන්වය : බව සිඳු පසුරු වන්, අව බිය අඳුරු හිරු වන්, මහ රුවන් මුනි පෙර තෙරුවන් මේසේ නම කැරැ පුදා -
අර්ථ : සංසාර නමැති සමුද්ර්යට පසුරු (පහුරු - යාත්රාෝ) වැනි වූ, අපාය භය නමැති අන්ධකාරයට සූර්ය යා වැනි වූ, මහාරතන වූ බුදුන් මුල් කොටැ ඇති රතනත්රඅයයට මෙ සේ නමස්කාර කොටැ, පූජා කොටැ -
ටිප්පණී : මහ රුවන් - තමනට වඩා රතනයන් නැති වන බැවින් බුද්ධාදීහු මහාරතනයෝ යැ මුනි පෙර - බුද්ධාදි. මුනි පූර්ව්. බුදුන් ප්රමධාන කොටැ ඇති.
5. ටිප්පණී : බව - භවය. සංසාරය. කියනුව - කියනු පිණිස. මෙහි ‘නුව’ ප්ර ත්ය-ය යි; අනාගතාර්ථයයෙහි වෙයි. දිවා රය - දිවා රැය. එළි වැට රැකැ - ගන්නා පිණිස ‘ඇ’ කාරයට කළ අගෞරවයෙකි.
විශාලාවට පැමිණි තුන් බිය සැලැකීමේ දී ‘කය නම් අසාර යැ’ යි ද ‘බව නම් බයංකාර යැ’ යි ද කියන්නට සිදු වේ.
6. සුගතිඳු - (සුගත්+ඉඳු) මුනීන්‍ද්‍රයා ගේ වැරසැර-වීර සාරය. නිර්භිතත්වය.
7. ටිප්පණී : උදක් ගොඩ කෙරෙමි යි - ගොඩ මැ ෙකරෙමි යි. හුදු ගොඩක් කෙරෙමි යි. දවසක් - කලන්දක ජාතකයෙහි.
8. ටිප්පණී : එ තෙකුදු වත් - (එතෙක් + දු) එ තරම් (එ සේ) ද වන නමුත්. නොමදින් - බෙහෙවින්. උදක් ඔකඳින් - හුදු මහත් ප්රීොතියෙන්. ‘ඔකඳ’ නම් මහත් ප්රී තිය යි.
9. ටිප්පණී : එ දමා - එ (දෝෂය) ඉවතැ ලා. දෙ සවන් පුට - දෙකන් නමැති (පත්) ගොටු. නමා - යොමු කොටැ. මුනි ගුණ අමා - මුනි ගුණ නමැති අමෘතය.
2. විශාලා පුර වර්ණ්නය
සංස්කරණය10. අන්වය : සග සිරි අසා ලා කළ අයුරු සාලා සොඳුරු, සිරින් සුවිසාල, විසාලා නම් පවර නුවරෙක් වී.
ටිප්පණී : සග සිරි - ස්වර්ගයයෙහි ග්රී ය සාලා - ශාලාවන්. සොඳුරු - යහපත් වූ. සුවිසාල - ඉතා විශාල වූ. එළි වැට රැකෙන පිණිස කළ දිගි.
11. ටිප්පණී : සත් සමුදුර - සප්ත සිදන්ත සාගර. මහ මෙර වටා සිටි සාගර සත. සත් ගිරි - මහ මෙර වටා සිටි පර්වඑත සත. සප්ත සාගර නැමති අගළ ද සප්තකූල පර්වීත නමැති ප්ර-කාර ද වට කළා වූ ශක්රළ පුරය මෙහි ගැනිණ. ‘එ පුර සරි පුරෙක් සක්වළැ කො ද.) සරි - සමාන. කො ද - කවරේද?
12. අන්වය : වෙන වෙන දෙසින් සැපැමිණ පබළු රන් මුතු මිණි බබළන පැහැ ගිහිණි නොයෙක් සල්පිල් සියෙන් (එ පුර) සුසැදිණි.
ටිප්පණී : පැහැ - ප්රිභාව. ගිහිණි - ගැවැසී ගන්තා වූ. සුසැදිණි - මොනවට අලඞකෘත වී. යුක්ත වී.
13. ටිප්පණී : සිත් බැඳි - සිත් ගත්තා වූ. මිණි පහ - මණි ප්රාදසාදයන් ගේ. කො වේ - කුඩා වීථි. මා වේ - මහා වීථි. සැදි - යුක්ත වී.
14. ටිප්පණී : තිළි-- සතුටු වැ. දද - ධ්වජ, කොඩි නියැළි- ශක්ත වැ. විශේෂෙයන් ඇලී ඉන් ඉන් වෙළී - එකිනෙකින් වෙළී අහස්හි දද ඇඹැරෙන කලැ එකෙකින් අනෙකක් වෙළන හෙයින් කියත්. රැසින් -රශ්මිෙයන් ස්වර්ණාෙදියෙන් කැරුණු හෙයින් කොඩි රැසින් බැබැළී කෙළී. පුර අඹරැ - පුර ආකාශයෙහි.
15. අන්වය : සුර පුරැ දෙවියන් ලෙසින් මනහර රුසිරි සර මහ සෙන් ඒ නුවරැ උරෙයන් උර පැහැර නිතර සිටිති.
ටිපපණි: මනහර -- මෙනාහර. සිත් ඇදැ - ගන්නා. සෙන්-- ‘සෙනඟ’ යන්නෙහි අන්ත්යව ලෝපයෙන් නිපත. උරෙයන් උර පැහැරැ -- උරින් උරය. හැපී. ඒ තරම් ළං වැ ගැවැසි යැ යූ සේ යි.
16. ටිප්පණී : සෙණ හෙන සේ -- අශනිය පතිත වන්නා සේ. හෙන ගසන්නා සේ. තවුසන්- තාපසයන්. හික්මෙන - කීකරු වන්නා වු.
17. ටිප්පණී : පස් දහරේ හසළ -- පඤච ධාරායෙහි පුරුදු වූ පඤච ධාරා නම් අශ්වයන්ගේ පඤචවිධ ගමනයයි.[1] ආසකන්දිත )පියෙවි ගමන(. [2]රෙචිත )හැල්මේ ගමන [3] (ධෞරිත )මද පිම් ෙම් ගමන( [4] වල්ගිත )මැදි පිම්මෙ ගමන[5] පලුත )තද පිම්මෙ ගමන( යනු ඒ පසට නමි. තුරගසෙන් -- අශ්ව සේනාව. තරඟ වැනි -- රළ වැනි යැ.
18. අන්වය : බන් රන් දෙදෙන් පැහැ පත සක් සන් දිගත ගත් රත සෙන්, පුරැ රජ මහවතැ නිතර විතර වනු නැත.
ටිපපණි : බන් බඳනා ලද. දෙදෙන් -- ධවජයන් කරනනකොට - ගෙනැ. පැහැ පත - ප්ර භාවට පැමිණියා වූ, ප්රයභාවත් වූ. සක් සන් --වක්ර‘ ස්වනය. රිය සෙකහි නාදය දිගත ගත් - දිශාන්තය ගත්තා වූ. දිශා කෙළවරට ගියා වූ. රජ මහවතැ -- සාමාන්යස මහා මාගර් යෙහි. මහා ජනයාට
අයත් වූ මාර්ගිය)Public Road (රාජ මාගර් නමි. විතර වනු නැත-)මෙ පමෙණකැ යි( ප්ර මාණ වීමෙක් නැත. අපමණ යැ.
19. ටිප්පණී : සුර තුරු -- දිව්යව වෘක්ෂ. සිතූ පැතූ දෑ දෙන ගස්. යැදිනට -- යැදියා වූ )ඉල් වූ( අය හට. මහසල් කුලන් ගෙන් -- මහාසාර කුලයන් ගෙන්. මහ පොහොසත් පවුල්වලින්. යුති - -)යුත්+යි(යුක්ත යි.‘ඒ පුර’ යනු අධ්යාතහාර්ය් උක්ත යි.
20. අන්වය : සුර අඟන සිරි ඉසිලු, වර අඟන කෙළිත සඳලු. ලිය ගී කන් කලු. නරඟ රඟ මඬුලු ඉමෙක් නැත.
අථ්ර්ල : දිව්යධ අඞගනාවන් ගේ ආකාරය ඉසිලු උතුම් අඩගනාවන් ක්රීෙඩා කන්නා වු චන්ද්රි කා ශාලා යැ. මධුර ගීතිකාවෝ කනට ප්රි්ය වූ යැ. )එ හෙයින්( අනන්ගයා ගේ නෘත්යා මණ්ඩලයන් ගේ ගණන සීමාවෙක් නැත. චන්ද්රිුකා ශාලාවන්හි කාන්තාවන්ගේ රූපය දැක, මධුර ගීතිකා අසා, රාගය උපදනා බව මෙයින් කියැවිණ.
21. අන්වය : ඇම තැනැ ඇති සැපත් ඒක තැනැ මැ වූ සිරි ගත් දැකැ දැකැ රිසි නුමුත් ඒහි නැතැ යි යන සම්පතෙක් නැත්.
ටිප්පණි: සිරි - ආකාරය. ශොභාව. දැක දැකැ රිසි නුමුත් -- කොපමණ දුටුව ද රුචිය නැති නොවූ නමුත් -- ‘නො’ නිපාත යි.‘මුස්’(මිදුම්හි (දය යි.
22. ටිප්පණි: නන් වෙස් -- නානාවෙශ වූ. මෙහි වෙශ නම් ඇඳුමි. නර ගණ-මනුෂ්යූ සමූහයා. යෙත් ද - කියත් ද ‘ය’ (කියුම්හි ( දය යි.
23. ටිප්පණි: පිය ගැට- පඬි. බිඟු දැල්- භෘඞග ජාල. බමර සමූහ. විසිරුණු - විසිරී-ගිය.
24. අන්වය : රන් කෙෙහලි නලැ අඹළ. මිණි කිකිණි මුතු ලැලි බන්, රන් වැට පහන් දිලි, දොරින් දොරැ දන් දෙවන දන් හලී.
අථර්: රන් කොඩි සුළගෙහි ඇඹැරුණා වූ, මැණික් රසු ද මුතු ලැලි ද බඳනා ලද්දා වූ, සවණර් ප්රාදීපයන් බැබැළුණා වූ, දොරක් දොරක් පාසා දන් දෙවන්නා වූ දාන ශාලා යැ.
ටිපපණි : රන් වැට පහන්--‘වැට පහන්’ නම් වැටියෙකින් දැල්වෙන පහනි. මෙහි ඒ පහන් රනින් කැරුණේ යැ. දන් හලි - දන් හල්+යි.
25. අන්වය : අසුර සෙන් තරමින් තැනැ තැනැ පණ අත් අරමින්, රුපු මන් උපුරමින්, අවි සරමින් සරත මහ සෙනග යැ.
ටිපපණි : තරමින් -- ලෙසින්; ප්‍රමාණයෙන්. පණ අත් අරමින් -- ප්රාණණය හස්තයට ආරූඪ කෙරෙමින්. පණ අතට ගනිමිනැ යු සේ යි. දිවි නොතකා ඉදිරියට යන බව මින් කී හ. මන් -- මානය, දපර් ය. අඩිය. උපුරමින් -- උදුරා හරිමින්. අවි සරමින් -- ආයුධ සරඹ යෙන්. අවි සරඹ කෙරෙමින් හැසිරෙන සේ කී හ.
26. අන්වය : තිමද ගිලි ගිජිඳුන් නොහැකිලි තුරඟුන් ලෙසින්, බන් රන් ඇකිලි තබා තන් තන්හි කෙළිත, බිහි අලි කුල යි.
අථර්: තුන් මද ගලන්නා වූ ඇතුන් හැකිලී නැති අශ්වයන් මෙන්, බඳනා ලද රන් හැකිලි තබා, තන්හි තන්හි ක්රී ඩා කරන කලැ, බැහැරැ භෘඞග සමූහ යෝ යි.
ඇතුන් කෙළනා කලැ උන් ගේ මදට ලොබින් වටා හැසිරෙන භෘඞග සමූහයන් වෙතියි ෙමි කී යැටි යි.
ටිපපණි : තිමද -- තුන් මදය. ඇතුන් ගේ තුන් තැනෙකින් වෑහෙන මදය. හැකිලි ඇකිලි --මෙ දෙක මැ ඒකාථර් යි. ශෘඞබල නම් ඇත් ආදීන් බදනා යදම් යැ.
27. ටිප්පණි : විදු -- විද්යාු, ශාස්ත්රහ. උනුනට -- ඔවුන් ඔවුන් හට. පිළිමල් වෙමින් - )ප්රවතිමල්ල( විරුද්ධ වෙමින්. තරග වෙමින්. කියන පාඩම් කියන්නා වූ. විදු හල් - විද්යාල ශාලා. පල්ලි, පාඨශාලා.
28. අන්වය : දොර - දොරෙහි රන් ෙතාරණ මිණි කිරණ විහිදි, සිරින් පිරි ඉතිරි එ පුර දෙරණ, නිති සතොස කරණ යැ.
‘තොරණ ය’ යනාදි තන්හි ‘ය’ පාද පූරණ යි.
අථ්ර් : දොරක් දොරක් පාසා රන් තොරණෙහි මණී රශ්මිය විහිදුණා වූ,
සම්පතතින් පිරුණා වූ, ඉතුරුණා වූ ඒ නගරයෙහි භූමිය, නිරන්තරයෙන් සන්තෝෂයට කාරණ )හෙතු( යැ.
29. අන්වය : එහි රිය සක්හි සක් හඬ සතුන් නිහඬ කැරැ..............
ටිප්පණි : රිය සක්හි - රථ සමූහයෙහි සතුරන් නිහඬ කැරැ - සතුරන් නිශ්ශබ්ද කොට ඒ නගරයෙහි රථ චක්රි නාදය ඇසූ පමණින් මැ සතුරන් භය වැ නිශ්ශබ්ද වෙති යි කී සේ යැ. සයුරැ රළ ගළ ගත් හඬ ලෙසින්-සාගරයෙහි තරංග සමූහය ගත්තා වූ හඬ ලෙසින්. දස අත-දශ දිශාව. මැඬැ-මර්දනය කොටැ. අන් හඩ යට පත් කොටැ යැ යූ සේ යි.
30. අන්වය : හය මිණි කිකිණි ගිගිරි කුර රොන් සමඟ පුර දෙරණතැ පිරී ඉතිරී දිගතැ පැතිරි ගොස් පවතී.
ටිපපණි : භය - අශ්වයන් ගේ. ගිගිරි - ඝෝෂය. පුර දෙරණතැ - නගර භෑමියෙහි. දිගතැ - දිශාන්තයෙහි.
31. අථී : පඤචාංගික තූර්ය නාදය ද හස්ති සේනාවන් ගේ කුඤච නාදය ද සමග ස්තූති නාදය වෙයි. (ඒ හෙයින්) ඒ නගරය දිවා රාත්රිා දෙක්හි එකනිනාද යැ (එක කොලාහල යැ )
ටිපපණි : පසඟ තුරු නාදේ - (1) ආතත (එකැස් බෙර ), (2) විතත (දෙ ඇස් බෙර ), (3) ආතත විතත (ඇස් තුනේ බෙර ), (4) ඝන (කයිතාලම් ආදිය ), (5) සුශිර (නළා) යන පඤචාංගික තූර්ය නාදය. එක නිනාදේ - එක කෝලාහල යැ. එක මැ හඬ යැ .
32. ටිපපණි : උතුරු කුරු දිවයින - මහ මෙරින් උතුරෙහි ඇතැ යි යන ද්වීපය. එහි කල්ප වෘක්ෂයෙන් සියලු සැප ලැබේ ල.
33. අන්වය : සුරන් පහ සදිසි සත් රුවන් බිතු සිය දිලි .........
ටිප්පණි : සදිසි - සද්ර්ශ්යත. සමාන. සත් රුවන් - සප්ත රත්නමය. (1) රන්, (2) රිදී, (3) මුතු, (4) මිණි, (රතු,) (5) වෙරළු. (6) වජ්ර2 (දියමන්ති,) (7) ප්ර්වාල (පබළු) යන මේ යැ සත් රුවන්. බිතු සිය - භිත්ති ශතයන්. සිය ගණන් භිත්ති.
34 . ටිප්පණී : සව් සිරිනි සැදියන් - මෙහි ‘යන්’ යනු පාද පූරණ යි. සර්ව සිරිනි සැදි අපමණ පොකුණු ගෙ උයන් යි. අන්වය වේ .
35 . ටිප්පණි : සැදි - සජ්ජිත වැ . සැරසී.