ඒ අසා පන්සියක් ලිච්ඡවිරජදරුවෝ එක පැහැරැ රජ පිරිස් ගෙණැ නික්මුණාහැ. ඇසූඇසූවෝ තාක් පණ්ඩිතවරුන් දෙදෙනාගේ වාද බලම්හ යි හැම පස්සෙහි හුනහ. එදවස්හි සියලු වාදීමතතහස්තීන් මුදුනෙහි වාදචජ්රා ඩකුශ හෙළා තතුණුවන සර්ව්ඥහසත්යාෙචාය්ය්ා යන් වහන්සේ අලුයම්හි මහාකරුණාසමාපත්තියෙන් නැගී ලොව බලා වදාරණසේක්, තමන්වහන්සේ හා වාද කරණු පිණිස බොහෝ පිරිස් ගෙණැ සච්චකයා එනබව දැකැ වදාරා, විශාලාවට වැඩැ ආහාර කෘත්යයය නිමවා වදාරා , විහාරයට වැදැ මහපිරිස හිඳැගන්නට සුදුසු තැන් පරීක්ෂාා කොට , මහවනයෙහි එක්තරා ගසක් මුලැ වැඩහුන්සේක. එ සමයෙහි සච්චකයා විහාරයට වැද , සක්මන් කරණ වහන්සේවරුන්දැ කරා ගොස් ’තොපගේ ශ්රමමණගෞතමයන් දත් නොදත් දෙයක් කියාලන්නට අයිමි. දැන් ඔහු කොයි දැ? යි විචාළේ යැ. ඒ අසා වහන්සේවරුන්දැ ’දත් නො දත් තැන් උගන්වන්නෝ දැන් දැන් පෙණෙන්නෝ වෙද් දැ යි කියා , සච්චකය, දැන් අපගේ ස්වාමි වළඳා මහා වනයට ගොස් , තා පෙරමඟ බලබලා දෝ ! ගසක් මුලැ වැඩැ හුන්සේක. කඹුරුසම මැඬැලූ කල්හි අඟුරුඅතුරෙන් පැනැ නැඟි ගනිකඳක් සේ ගස අතුපතර අතුරතුරෙන් අර නැ‍ඟෙන්නේ සවණක්ඝන බුදුරස් යැ. ඒ සලකුණෙන් ගොස් බුදුන් දකුව යි වදාළසේකැ.

සච්චක තෙමේ මහපිරිස් පිරිවරා වැඩහුන් තැනට ගොස් පිරිස් හා සමඟ බැසැ හිඳ ශ්රගමණගෞතමයෙනි, පණ්ඩිතකම නම් අනුන් දත් නොදත් දෙය කියා මිත්යා්ර දෘෂ්ටිය හරවන බව වේද ? තොප දහම් වරදවා ගෙණෑ ඇවිදිති යි යනු බොහෝ සේ ඇසූ විරිමි. අද තොපගේ සවුකෙනෙකුන් කී බස් අසා ඉතා මැ කම්පා වැ සක්විතිරජයක් හැරැ පියා මහණ වූ තැනැත්තන්

දමනය] බුත්සරණ. 193.

නිකම් නැසී යන බව නපුරැ යි තොපට මැ සිතා ආමි . මේ තොපගේ යහපත් රුවට සුදුසු දහමක් ගත1 හොත් , තොපගේ වැඳැ පිදිය යුත්තෝ ඇද් ද? දැන් තොප ප්රආශ්නයක් විචාරන්නට අවකාශයක් ලැබේ දැ? යි කී යැ. ඒ අසා ස්වාමිදරුවෝ මඳක් සී වදාරා තමන් සියලු ශ්ර මණබ්රා හ්මණ දිව්යනබ්රිහ්මාදීන් විචාළ ප්ර ශ්න තාක් නො පැකිලැ කියන නුවණක් බෝමැඩ දී මැ ලත් හෙයින් සච්චකය, තට හැඟුනු යමක් විචාර. අපි එ ල ගන්නා පරිද්දෙන් මැ කියම්හ යි වදාළසේක‍‍. ඒ අසා සච්චක ‍ තෙම තොපගේ සව්වන් කෙසේ හික්මවා දැ? යි විචාළේ .

ඒ අසා බුදුරජානන්වහන්සේ ආකාශගඞගාවක් ඇද බහා ලන්නා සේ, සදත්දහතෙලෙහි පස්වණක් පියුම් එක පැහැරැ උදුරා ඉස්නා සේ , සියලු ආකාශයෙහි පතළ තරු කැළ එක පැහැරැ බිමැ හෙළන්නා සේ , දඹදිවට සලකුණු වූ මහදඹගස අල්වා ගෙණැ හුනු හුනු තන්හි රන් පැළ හැ‍ඟෙන්නා වූ 2 මහදඹ සලා වගුරුවන්නා සේ, දෙවියන්ගේ පරසතුරුක අල්ලා ගෙණැ අමුණු පමණ රෙහෙණු ඇති පරසතුමල් මුළුලොවිහි 2 ඉස්නා සේ, සතර මහාසාගරයෙහි දිය දෙබේ කොට පියා සත් රුවන් මුළුලොවට උකා දමන්නා සේ, නොයෙක් පරිද්දෙන් බණ වදාරන්නට පොහොසත් වුව ද, සව්වන් බස් හා

තමන්ගේ  බස් හා    වෙන ,   යි    නො   කියන    පරිද්දෙන්    අස්සජි

මහතෙරුන් කී පරිද්දෙන් මැ කියමි යි සිතා වදාරා සච්චකය මම පඤ්චස්කන්ධ ය අනිත්ය යැ, අනාත්ම යැ, සියලු සංස්කාර ධර්මපයෝ4 අනිත්ය යහ, අනාත්මය හ ,යි කියා මෙසේ මාගේ සව්වන් හික්මවමි ,යි වදාළ සේක.

එ බස් අසා සච්චකතෙම උකුළුපොරට එවැ ගතිමි එතෙකින් දිනිමි යි සිතා ශුමණ ගෞතමයෙනි, සියලු බිජුවට වපුරණ බිමැ තමා නැති කල්හි බිජුවට වපුටැ ගන්නේ කොයි ද? එසේ මැ සියලු කුශලාකුශලයන්ට පිහිට වූ පඤ්චස්කන්ධ ය තමා මැ අනාත්මයැ යි කී කලැ, ඒ නිසා පවත්නා වූ කුශලා කුශල තමා මැ . නැත්තා නම් වත්, තොප කියන්නේ කුමන බස්ද ? ලොව ගලවම්හ,යි කියා ලොව වළැ හෙළන කෙනෙකු ද? නුවණ නැති ලොව දහම් උගන්වම්හ, යි නළවා ගෙණ: මේ නිසා අදහමක් උගන්වන්නේ කවර නො වියත්කමෙක් ද? තෙපි අහසැ සිත්තම් කරණ කෙනෙකු ද? සුළඟ ගැට ලන කෙනෙකු ද? දියෙන් පත්ර හඹන කෙනෙකු ද? වැල්ලෙන් යොත්


1. දත 2.නැගෙන්නා සේ වූ 3. දෙව්ලොව 4. ධර්ම යන්


194. අමෘතාවහ නම් වූ [සච්චක

අඹරණ කෙනෙකු ද? ගින්නෙන් තෙල් මඬනා කෙනෙකු ද? මේ කවර අදහමෙක් ද? තොප ල ගත්තේ ? මට කියා බලගැ යි කී යැ.

ඒ අසා ස්වාමිදරුවෝ අපි කලි සියලු සංස්කාරධර්මදයන් අනාත්ම යැ’ යි කියම්හ. තෝ ‘ආතම් යැ ‘යි කියයි ද?” යි විචාරා වදාළසේක. ඒ අසා සච්චක බොහෝදෙනා තමා හා එක් කොට ගන්නා පිණිස “කුමක් ද නුඹ කියන්නේ යැ? මම මතු ද? මේ සිටි රජ බමුණූ ආදී මහපිරිසනුදු ‘ මම යැ , මාගේ යැ’ යි නො කියන කෙනෙක් ඇද්ද? නුඹ මැ විචාරා බලගැ” යි කීයැ. බුදුහු ඒ අසා “ සච්චකය , තා හිසැ හෙන සෙනැ බොහෝ දෙනා හිසට කුමට දමයි ද ? මේ ආ මහාජනයාගෙන් වාද කොට මා ඬා සොල්වා පියම්හ’ යි ආ කෙනෙකුන් නැත . හැම තාගේ හා මාගේ හා බස් අසන්නට ආවෝ යැ. එ හෙයින් බොහෝදෙන‍ා ඇඟ නො ගොස්වා තෝ මැ අප විචාළක් කීය. ‘පඤ්චස්කන්ධමය ආත්ම යැ’ යි කියයිදැ?” යි විචාරා වදාළසේක. සච්චකයා “ශ්ර මණගෞතමයෙනි , එසේ කියමි” යි කී යැ.

ඉක්බිති බුදුන්වහන්සේ “ සච්චකය , අපි තා එකක් විචාරම්හ. නොයෙක් වැඩි සිටි බිම්බිසාර, කොසල යනාදී වූ රජදරුවන් තමන් රටවැස්සන් කෙරෙන් මැරියැ යුත්තන් මරා, සැපත් දියැ යුත්තන්ට සැපත් දෙත් හොත් , උන් කීයෙක් වැටේ ද? නො වැටේ දැ?” යි විචාරා වදාළ සේක. සච්චකතෙම “ වහන්ස, මණ්ඩලීක රජ්ජුරුවන්ගේ පවා ආඥා තමන් තමන්ගේ විජිතයෙහි වැටෙයි. වැඩි සිටි රජදරුවන්ට වූ කලී විචාරන්නේ කිම් දැ?” යි කී යැ. ඒ අසා බුදුන්වහන්සේ “ සච්චකය, ඒ ඒ රජදරුවන් තමන් තමන්ගේ රටවැස්සන් තමන් තමන් සිතු පරිද්දෙන් තබා ගන්නේ තමන් සතු හෙයින් වේ ද? ඉදින් මේ පඤ්ච ස්කන්ධගය තා සතු වී නම් , තා කැමැති පරිද්දෙන් පවතී දැ?” යි වදාළසේක. ඒ අසා සච්චකයා ලය ඉපිළැ හි ගියේ . ආදී තමා සතු දැයෙක්හි තමා ආඥා වැටෙ’යි කියාලා දැන් ‘ නො වැටෙ’යි කීම්නම්, ආදී මා කී බසට පසු වැ මා කියන බස් විරුඞ වෙයි. ඉදින් ‘මාගේ ශරීරයට මා කීයෙක් වැටෙ’ යි කීම්නම් , බුදුහු වැඩැ හිඳැ ‘එසේ වුව හොත් , තාගේ රූපය නපුරු කොට කුමට තබයි ද? අප සේ මැ දෙතිස මහාපුරුෂලක්ෂ ණ අශිත්ය නුඛ්යගඤ්ජන කෙතුමාලාඛ්යා මප්රුභා ඇති කොට බලගැ.යි වදාරණසේක. ඒ සාරාසංඛ්යකකප්ලක්ෂයයක් මුන් සේ මැ පාරමිතා පුරා මත්තට කොට ගත හැකි දෙයක් මුත් , දැනට කොට ගතහැකි දෙයක් නො වෙයි. එසේ කිව, එසේ නපුරු. මෙසේ


දමනය] බුත්සරණ. 195.

කිව , මෙසේ නපුරු . මාගේ ශරීරය මා කී පරිද්දෙන් වැටෙ,යි කී විටැ මැ මේ සිසාරා හුන් ල්ච්ඡවි රජදරුවෝ මැ තෝ අප සේ මැ යහපත් වැ ගත හෙයි දැ? යි මට එක පැහැරැ ගල් ගසති. කුමක් කෙරෙම් දෝ හො ! යි, දෙමරින් මැ මට ගැලවුම් නැතැ යි කර බහා ගත.

සර්වුඥයෝ දෙවනවටත් තා මෙවිටැ මුයෙන් නො බැණැ හිඳිනේ කුමට ද? තාගේ රුවට තා කීයෙක් වැටේ දැ ? යි විචාරා එවිටැ ද මුයෙන් නො බැණ හිඳිනා හා තුන්වනවිටැ විචාරා වදාළ බසට මුයෙන් නො බිණුව හොත් , හිස සත්කඩක් වැ පැළී යෙයි යන කරුණායෙන් තුන්වනවට නො විචාරා හැයි, තා මුයෙන් නො බැ‍ණැ හිදිනට කලෙක් ද මෙ යැ ? යි වදාළසේක එසමයෙහි පළමු කොට මැ සහම්පතිබ්රෙහ්මයා කැටි වැ අවුදින් හුන් ශක්රමයා ස්වාමීනී , නුඹවහන්සේගේ දහම්සක යැ. මාගේ අණසක යැ. බණ වදාළ මැනැවැ යි ආරාධනා කොට ගිය හෙයින් , බුදුන්වහන්සේ තුන්වන විටැ විචාළදෙය නො බිණුව හොත් , සච්චකවාදීන් හිස්බොල්ලට කියටියක් කියම් යි මුළු ලොව්හි භයඞකරවස්තු තාක් එක් කොට ලූවාක් වැනි භයඞකර රුවක් මවා ගෙණැ , ගිනි ගෙණැ දිලිසෙන යකුලක් ඉසට මානා, අහස්හි සච්චකයාට හා බුදුන්ට මුත් ඉතිරියන්ට නො පෙණී සිටැ ගත. සච්චකයා අහස බැලූයේ ශක්ර යා මවා ගත් යක්රුව හා හිසට මානා ගත් යකුල හා දැකැ වෙවුලා ගොසින් , හිස සිටැ දෙපත්ල දක්වා කෙළින් සිටි රොමයෙන් බිඳැ නමාගත් ඩහයෙන් වියවුල් වැ , මම් ඉදින් යකෙකැ, යි හඬ ගහාපීම් නම් , මේ පිරිස තා ගසන්නට ආයේ සෙනංගෙරෙ ද? තට ම පැණෙනබව වුත් , අපට නො පැණේ දැ ? යි මා හිසැ ටොකු ඔවිති. මෙතැන්හි මට බුදුන් මුත් සරණ නැතැ යි කියා ආයු බොහෝ වූ ස්වාමීනී, විචාළක් නො කියන්නට පොහොසත්ම් ද? විචාළ මැනැවැ. කියමි යි කී යැ. තාගේ පඤ්චස්කන්ධ ය තා කීවක් කෙරේ ද? නො කෙරේ දැ? යි වදාඝසේක. සච්චකතෙම මා කීවා නො කෙරෙ යි කීයැ. එවිට සර්ව ඥයන්වහන්සේ පඤ්චස්කන්ධාය හා සියලුසංස්කාර ධර්මකයන් මැ අනිත්යවදුඃඛඅනාත්ම සේ ගිවිස්වා වදාළසේකැ.

එවිටැ සර්වාඥයන්වහන්සේ සච්චක‍ය , අගින් මුලින් මැදින් කපාපූ කෙහෙල්ක‍ඳෙක්හි මෙන් තාගේ බස්හි හරයෙක් නො පැණෙයි . තෝ තෙල ලිච්ඡවිරජදරුවන් මැදයෙහි සිත් ඇති කෙනෙකුත් තබා කපකට බැණැ නැ‍ඟෙම් වීම් නම්, ඒ සොල්වා පියමි. ශ්රැමණ ගෞතමයන් සර්‍වාඞගයෙන් සෙවද සොල්වා පියමියි කියා ආයෙහි වේ ද? එසේ කියා ආ තාගේ


196. අමෘතාවහ නම් වූ [සච්චක

නලළින් වැගිරෙණ සෙවදබින්දු තා පෙරෙවි උතුරුසළුව තෙමා ගෙණැ බිම දක්වා වැගිරෙන්නට වන අප ශරීරයෙහි තෙමා සෙල්වුනු ඩහදියෙක් ඇත, නැත, 1 තෝ මැ බලගැ” යි ශ්රීනහස්තය දික් කොට සිවුර මඳක් පහ කොට වදාළසේකැ. සිවුර ඇළ කරත් මැ රන්වන් බුදුරස්කඳක් විදුලිය දහස්සුවහස් පරදවමින් ශ්රී මුඛය සිසාරා තුන් විටෙකැ පැදකුණු කොට වෙළෙමින් ඇඹෙරෙමින් බුදුන්ගේ ජයමඟුල් දෙවියන්ට කියන රිස්සෙන්2 බුදුන් කරා ආ ශක්ර යා දෙව්ලොවට ගෙණැ යනපඬුරක් සේ අහස්හි හිසෙන්නට වන සච්චකයා කර බහා ගෙණැ හින.

එසමයෙහි ඒ පිරිස් මැද හුන් බුදුගුණයෙහි සුමුඛ වූ නමින් දුර්මුඛ නම් ලිච්ඡවියෙක් නැගී සිටැ කර බහා ගෙණැ වක ගසා ගෙණැ සිතිවිලිඅවුලෙහි හුන් සච්චකයා හා , මතැතක්හු කුඹ පළා හෙළලා බලබලා හුන් කෙශරසිංහයක්හු සේ මන් බුන් සච්චකයා බලබලා වැඩහුන් බුදුන් හා දැක “ස්වාමීනී, උපමාවෙක් මා කටට දිවෙයි. ඒ දන්වම්හැ” යි කී යැ . “දුර්මුඛය, කියා බලගැ”යි වදාළසේකැ. “ස්වාමීනී, බිලෙකැ3 හොත් කකුළුවකු බිලයෙන් ඇදලා සෙල්වුසෙල්වූ නළ දඬෙන් ගසා බිඳැලූ කලැ ඒ කකුළුවා බිලයට වැද්ද නො හී 4 හොත්තා සේ, අපගේ සච්චකපණ්ඩිතයන් සෙල්වුසෙල්වා නළ බිඳැ වදාළසෙයෙක. දැත් නුඹවහන්සේ කරා වැද්ද නො හී හුන් ලෙස බලා වදාළ මැනව. වාද කරම්හ යි අප හුන්තැනැ හිඳැ පියැ නො දී නඟා ගෙණැ ආවාට සුදුස්සක් කළෝ යැ. බුහුනන් සතරදෙනා මුහුණැ ගැහැවුනු දැලිත් පිස්සා මැනැවැ. හුන් ඔදත් ඉතා රිසියෙයි. හිසැ සිටැ දෙපතුලට එකතැනකින් ඩාපොදක් සෙල්වුනුතැනෙකුත් නැත. ස්වාමීන්ගේ ශ්රීතශරීරයෙන් වූ කලී ඩහ සොල්වා සුවුර ‍තෙමාපු යැ. මෙතෙක් කල් මඳක් හැඳින්නම්හ. වූ නියා වූ කලී දත්තේ අද යැ යි පරිභව බණන්නට වනැ.

ඉක්බිති සච්චකතෙම මූ බිණු බසට නො බැණැ හුන්නෙමි නම්, හැමදෙන මැ මට බෙණෙති යි සිතා , තමා හා බණන දුර්මුඛයා වළකාලා බුදුන්වහන්සේ පැනැ5 විචාරා , තමා ල ගන්වා බණ වදාළ ස‍ඳෙහි, ස්වාමීන් හා විවාද කෙරෙමි,යි මා කළ බුහුටිකම් මතැතක්හු දළ අල්වා ගත් තැනැත්තහු කල බුහුටිකමට ද ඝොරවිෂසර්ප යක්හුගේ කොල් දත් ගිණු බාලයක්හුගේ බුහුටි කමට ද, දිලියෙනගිනික‍කේහි අත එරවාලූ එකක්හට ද


1. ඇත් නම් හෝ නැත්නම් හෝ 2.පිණිස මෙන් 3.වගෙක 4.නො හී නැමැදැ 5.බණ


දමනය] බුත්සරණ. 197.

නො අඩු යැ. ඉදින් මෙසේ මෙසේ කළවුන්ට අස්වසෙක් ඇත් නම් , නුඹ හා වාදයට ආවා වූ මටත් අස්වසෙක් ඇත. වාද වන්නා කොට මුදුන්පත් කළම්හ. ඒ තබාපියා මෙතැන් පටන් ගෙණැ දිවිහිමියෙන් උපාසක වූම්හ. අපගෙන් දත් ගත මැනැවැ යි පවරා මහදන් දින.

මෙසේ නුවණින් බඩ පැළී යෙ,යි කියා යපතෙකින් බඩ වෙළාගෙණැ තමන් ශ්රී ශරීරයෙන් ඩහ සොල්වා බණන්නට යැ යි කියා ආ වාදීන් , සිංහනාද ඇසූ සාවුන් සේ තතුණුවා හික්මවා තමන් ශ්රීදපාදමූලයෙහි පෙරළවන සේ දන්නා , බිණියැ හෙන බණ කිය හෙනැ අවිත්ත්යෙ වූ වචන ඇති , උපමා නැති වියත්කම් ඇති , සිරිබර වූ මහත්කම් ඇති, ආශ්චය්ය්ැතිපුරුෂ වූ, බිඳැ පියැ නො හැකි දළදප් ඇති , මුළුලොවට එකාචාය්ය් වූ සියලු මිථ්යා දෘෂ්ටි බිඳැ සද්ධර්ම,ය දෙසන්නා වූ, සියලු හිත තාක් ප්ර කාශ කරන්නා වූ, මෙ වැනි සංසාරදුක් නිවන්නා වූ, 1 මෙසේ හික්ම වියැ යුත්තන් හික්මවන සේ දන්නා වූ ස්වාමිදරුවානෝ ජාති ජාතියෙහි මා ලෙන් නිතොර වෙත්වයි, මම ඔවුන් මැ සරණ යෙමි යි - පෙ -යුත්.‍

106 තව ද, දහමට සිත් දී, මුළුලොව්හි කරුණා යොද‍ා , සියලු දතයුතුයෙහි නුවණින් එකරජ කෙරෙමින්, නිවන්අමාවට වැඩි මිහිරි වැ, ප්ර යෝජනයෙන් ලයට වැඩි ප්ර යෝජනවත් වැ, මමත්ව යෙන් ජීවිතයට වැඩි මමත්ව‍ කට යුතු වැ, බලයෙන් මර හට වැඩි බලවත් වැ, උපකාරයෙන් මවුපියන්ට වැඩි උපකාරී වැ, මැදහතින් කර්ම ය සේ මැදහත් වැ, සෘද්ධියෙන් මුළුලොව්හි පැතිරෙමින් වැඩහුන් විහාරයට වන් ප්ර තිවාදීන් අපගේ බසුත් බස් වි ය, යන අභිමානයකව නො යා දෙමින් , යෙළසියක් යොදුන් ගුරුළුරජහු බට හොමුවගුඅත්තක් සෙයින් තමන් ගුණබර නො ගත හෙන මුළුලොව අනවරතයෙන් වෙවුල්වමින්, කැලැති පැන් පහදවන උදකප්රොසාදමාණික්යවයක් සේ කෙගශයන් විසින් කළඹනලද මුලුලෝවැසියන් සිත් තමනවහන්සේ ධර්මයයෙන් ප්රිසන්න කෙරෙමින් , ගෝකුණුයෙහි ඇති මඟුල්ගොරදක් සෙයින් මෙවෙනි සසරෙහි පහළ වැ ද සද්ධර්ම මඞගලයට පිහිට වැ සිටියාවූ, ගිමට සුහුඹුල් වූ කරුණා ඇති , ගින්නෙන් පැසී මධුර වූ කිරියොදක් සේ සාරාසංඛ්යණකල්පලක්ෂ යක් මුළුල්ලෙහි සසර ගින්නෙන් පැසී සර්වාඥතාඥාන නමැති යොද හිඳි මිහිරි වූ,


1. දුක්මුදන්නා වූ.



198. අමෘතාවහ නම් වූ [බකබ්ර හ්ම

සාරාසංඛ්ය කප්ලක්ෂවයක් මුළුල්ලෙහි සියලු ලෝවැස්සා1 තමන් වහන්සේ කරුණා නැමැති කුස ගෙණැ ඒ බර උසුලා , ඒ සතුන් පිණිස දහමට දොළදුක් ගත්, තමා ඇකයෙහි හුන්නාවූ පුත්ර යා කළ මලමුත්ර්යට රැහැණි නො වන පියක්හු සෙයින් වල්මී වැ උපන් තමන්වහන්සේ ශරීරයෙහි මලමුත්ර කරණ වඳුරාගේ දුෂටකම් ක්ෂ්මාබලයෙන් සැනැහිසැනැහී සුරතල් කොට හිඳුනා3 වූ, නැගෙන වේලාව නො වරදවා නැගෙන හිරක් සේ අනුන්ට වැඩ කළ මනා වේලා නො වරදවා වැඩ කරණ , බුරුල්ලෙහි තොල්ලෙන් තැළුතැළූ සේ කිරි එරවන්නා වූ මටුදෙනක සෙයින් දුර්ජනයන් තමන්ට දුක් දුන් දුන් සේ මැ වඩ වඩා මෙත්සිත් එළ වූ බුදුරජානන්වහන්සේ එක්සමයෙක්හි උක්කට්ඨා නම් නුවර තිසා සුහඟවනයෙහි සල්ගසක් මුපැ වැඩ වසනසේක. එසමයෙහි බක නම් මහාබ්රතහ්ම “ තමාගේ අත්බව ස්ථීර යැ, නො නසන්නේ යැ” යන පවිටු වූ දෘෂ්ටියක් ගත. එසමයෙහි සියලු සතත්වසලොක‍ෙයහි නු වණදැල දමා තමන්වහන්සේගේ අනුග්ර්හයෙන් සසරින් නැගියැ යුතු සත්ත්වැයා බලන බුදුරජානන්වහන්සේ ඒ මහාබ්ර හ්මයාට එබඳු වූ මිත්යා දෘෂ්ටියක් ඇති වූ බව තමන් වහන්සේගේ නුවණින් දැනැ වදාරා ,චණ්ඩාලයන්හට වුවමනා මැයැ. රජකුහට වුවමනා මැ යැ, රොගයක් දුටු වාටැ පිළියම් කරණ මහවෙදක්හු සේ , තිරිසනෙකුට වුව මනා මැ යැ, මහබ්ර්හ්මයාහට වුවමනා මැ යැ, ඇති වූ කෙලෙස්ලෙඩකට තමන්වහන්සේ දහම් පිළියම් කරණ හෙයින් දික් කළ අතක් වක් නො කරණ තුරු වක් කළ අතක් දික් නො කරණ තුරු මකුළු හුයෙක් යටිපිට දා මතුපිට කළුවන් නො වන තුරු , බලවත් පුරුෂයක්හු හෙළාලන ඇසිපිය දෙක ඊඊ වැද නො ගන්නා තුරු ‘යෙමි, යි සිතා වදාළ සිත හා සමඟ මැ බඹලොවැ පහළ වූ සෙක.

ඉක්බිති ඒ මහාබ්රවහ්මතෙම බුදුන් දැකැ “මෙසේ අව මැනැව මෙවැනි නිත්යබ තැනෙක් නැත. මෙබඳු නො නස්නා තැනෙක් නැත. මේ බමලොවෙහි ජරාවට පැමි‍නෙ කෙනෙක් හෝ මියැ යන මහලු වන් කෙනෙක් හෝ නැත. මේට වැඩි අනික් සසරින් ගැලවෙන තැනෙක් නැතැ” යි තැන්වී යැ. ඒ අසා සර්වකඥයන් වහන්සේ “බ්රාතහ්මණය, තෝ නුවණින් පිරී ගිය සිත් ඇති හෙයින් අනිත්ය යට නිත්යෝ යැ යි යෙයි. අස්ථීර දෙයට මැ ස්ථීර යැ යි යෙයි මේට නැඩි අනික් නිවණෙක් නැතැයි යෙයි. තා සේ


1. ලෝවැස්සා තිසා 2.විඳුනා කුසලැ‍



දමනය] බුත්සරණ. 199.

මොහන්ධ කාරයෙහි ගැලී ගියෝ නැත. තා සේ නුනුවණට ගැති වූවෝ නැත. තා සේ සසරදුකට නියැලීගත්තෝ නැත. තා සේ දහමට පිටි පෑවෝ නැත. තා සේ සම්යීග්දෘෂ්ටියට සතුරු වැ සිටියෝ නැත. තා සේ කරුණා කටයුත්තෝ නැත. මේ බඳු මිථ්යායදෘෂ්ටියක් කුමට ගත්හි දැ යි වදාළසේක.

එකල්හි මාරදිව්ය‍පුත්ර් තෙම බුදුහු කොයි වැඩැ හුන්දැ දොහො ! යි බලන්නේ බඹලොව වඩනා බුදුන්වහන්සේ දැකැ , මොහු බඹලොව වඩිති. ඉතින් ඔබ ගොස් බාධාවක් නැති වැ බණ කීවූ නම්, සියලු බඹපිරිස අමාමහනිවන්හි පුරාපියති. එ සේ කල්හි මාගේ ආඥා පවත්නා සසර සිස් වැ යන්නේ යැ. එහෙයින් මා බඹලොවට ගොස් මේ දේශනාවට බාධා කළ මැනැවැ, යි බඹලොවට ගොස් බලවත් බඹුන් ඇඟැ ආවියට වියැ නො හී,පළමු වන බඹතලෙහි එක් බමක්හු ඇඟැ ආවියට වැ ගෙණැ, ’මහණ, මේ මහාබ්රිහ්මයාට නින්දආ නො කර මේ තෙම මහාබ්ර හ්මයෙකැ. හැම බඹුන් මේ මැඩැ පවත්ති. මුහු මැඩැ පවත්නා එක ද බඹෙක් නැත. සියලු දත යුතු තාක් ගෙවා දත. සියලු සත්වැයන් තමා වසන කොට සිටියේ යැ. ලොවට ඊශ්වර යැ. මුළු ලොව මැවූයේ මේ යැ. මහපොළොව යැ , හිමාලයපර්ව ත යැ, මහමෙරු පර්වයත යැ චක්රිවාටපර්ව ත යැ, මහාසමුද්ර ය යැ. සඳමඩල යැ, හිරු මඬල යැ යනාදී සියල්ල උන් සිතු සිත හා කැටි වැ පහළ වී යැ. ’තෝ ගිහිවැසි වා. තෝ මහණ වා, යනාදී සියලු සතුන් මවන්නේ මේ යැ. එහෙයින් සියලු සත්වසයෝ මොහුගේ දරුවහ. මහණ, පෙරැ .තාපසවරහු ද, සියලු ලොව අනිත්යම යැ, දුඃඛ යැ , අනාත්ම

යැ,යි කියා  වරදවා  ගෙණැ   සතර   අපායෙහි  හුනහැ.  මේ  මහා

බ්රැහ්මයා කී පරිද්දෙන් මේ මැ නිත්යව යැ. මේ මැ සඛ යැ. මේ මැ ආත්ම යැ ,යි කියා ගත්තාහු මියැ ගොස් මේ බඹලොවැ ඉපැදැ සුවපත් වූහැ. එහෙයින් තොපට සිතා යැ මා මේ කියන්නේ වළෙක්හි හුනු එකක්හු එල්ලී ගන්නා දෙයක් නො ලද හොත් , මහවළෙහි නස්නා සේ, තෙපි මේ මහබඹු කී බස් නො නැසී මේ මහාබ්රවහ්මයා කී බස් ගිවිස්සව යි කී යැ.

ඒ අසා බුදුන්වහන්සේ බ්රහහ්මයෙක් නම් මා කී බසට උත්තරයක් කියැ හේ ද? මේ කුමන තම බසෙක් දැ, යි පරීක්ෂා කොට වදාරණසේක්, බඹහු ඇඟ ආවියට වැ ගෙණැ දොඩන්නා වූ මරහු දැකැ පාපිෂ්ඨ මාරය, මේ බඹහු ඇඟ ආවියට වැ ගෙණැ වෙවෙනි විකාරයක් දොඩන්නෙහි නො වෙයි ද? මා තා




200 අමෘතාවහ නම් වු [බකබරො හ්ම


නො හඳුනති’යි නො සිත. මා දැත් බුදු වු කල්හි තබා බුදු වන්නට වජ්රාවසනයෙහි හුන් දවස් මැ, මා මතු හිදුවා ලා තාගේ හඩ අසා පලාගිය මහබඹුන් දැන් මා හා සම කොට කුමට බණයි ද? තාගේ ආඥවෙහි වැටෙන්නවුනුත් නො වැටෙන්නවුනුත් තාගේ බස් ගිවිස්නවුනුත්, නො ගිවිස්නවුනත් තෝ මැ හඳුනන් නේ වෙහි ද? එතෙකින් නො ද්රෙ ඩවා සිට” යි වද්රනළසේක.

බුදුන් එසේ වදාරත් මැ මාරතෙම බුද්ධතේජසින් කකියා ගොස් යමක් කියවියැ නො හී සිටියේ. ඉක්බිති මහබඹතෙම “මහණ, මම නිත්යී දෙයට මැ නිත්ය යැ යි කියමි. සථිර දෙයට ම සථිර යැ යි කියමි. ‍‍ෙමිට වඩා අතික් නිව‍ෙණක් නැති ‍ෙහයින් මෑ ‍ෙමට වැඩි අනික් නිව‍ෙණක් නැතැයි කියමි. ඉදින් තෝ මා ගත් දෘෂ්ටිය මැ ගත්තෙහි වි නම් තා මට දෙවන තන්හි සිටුවා මා යත් එත් හිඳුත් සිටුත් හොවුත් තා මට ඡායාවක් සේ නො හරැ පවත්නා පරිදිදෙන් තබා, තා මට ඇතුළත් කෙරෙමි. එසේ නො කෙළෙහි වී නම්, තා ම‍ාගේ ආනුභාවයෙන් බිම ඇපිළි කොට පියමි” යි කී යැ. එ බස් ඇසු සර්ව ඥයන්වහන්සේ ‍මේ මහාබ්රපහමතෙම ඉතා අභිමාන ඇත්තේ යැ. තමාගේ යසසින් ‘මෙතන මාගේ ශරීරයෙහි ගැසී යන්නට සුදුසු එක ද සත්ත්වා යක්හු ඇතැ’ යි නොසිතමි. මෙතැන්හි මොහුගේ මානය බිඳැ පියා පසු ව බණ කිව මැනැවැ” යි සිතා වද්ර රා ‘මහාබ්රයහමය, තාගේ ගති මම දනිමි. තාගේ ජුති ද දනිමි. තාගේ ඍද්ධි වු නියාව ද දනිමි. තාගේ මහත වු නියාව ද දනිමි. මා තා නො හඳුනතියි සිතයි දැ?” යි වද්රවළසේක.

ඒ අසා මහාබ්ර හමතෙම “තොප මා ඳුනන පරිදි කෙසේ දැ?”යි කී යැ. “ මහාබ්ර හමය, හිර සඳ දෙදෙනාගේ ආලොකය පවත්නා තැන් එක් සක්වළෙක් නම් වෙයි. එසේ වු සක්වළ දහසෙක් දහසෙක් සක්වළැ හීන සත්වවයෝ මෙතෙකැයි කියාත් දනිමි. උතතම සත්වැයෝ මෙතෙකැයි කියාත් දන්මි. මෙ තෙක් සත්හු රාගී යැ යි කියා ද, මෙතෙක් සතහු දෙවෂි යැ යි කියා ද. මෙතෙක් සත්හු මොහී යැ යි කියා ද, මෙ තෙක් සත්හු ශ්රිදධාචරිතයෝ යැ යි කියා ද, දන්මි. තා ඉතා මහත්මි යි සිතන බව මුත් දහසක් සක් වලින් වැඩියෙක්හි තාගේ ආඥව නො පවත්ති. මෙ ලකයෙහි තට වැඩි මහත් වු දෙ‍දහසක් සක්වළෙහි ආඥව පවත්වන මහා




දමනය.] බුත්සරණ 201

බ්රාැහමයෝ අනන්ත ය හැ. උන්ට වැඩි තුන් දහසක් සක්වළෙහි ආඥාව පවත්වන මහාබ්ර හමයෝ අනන්ත ය හැ. උන්ට ද වැඩි සාර දහසක් සක්වළෙහි ආඥා පවත්වන මහාබ්ර හමයෝ අනන්ත ය හැ. උන්ට ද වැඩි පන්දහසක් සක්වළෙහි ආඥාව පවත්වන මහා බ්රටහමයෝ අනනත ය හැ. උන්ට ද වැඩි දස දහසක් සක්වළෙහි

ආඥාව   පවත්වන  මහාබ්රයහමයෝ  අනන්ත   ය   හැ.  උනිට    ද   වැඩි

ලක්ෂආයක් සක්වළෙහි ආඥාව පවත්වන මහාබ්රවහමයෝ අනන්තය හැ. තෝ ඒ බ්ර හමයන්ගේ ප්රඥමාණය බැලු කලැ සතරරියන් ගැබෙක්හි ආඥාව පවත්වන එකක්හු වැන්නෙහි. තෝ ජාතියෙන් ජාතියට මියැ මියැ ආ තැන් නො දන්නි. මම වු කලී මෙ හැම නුවණින් පිරිසිඳැ දන්මි. එසේ හෙයින් තාගේ හා මාගේ හා ප්ර්මාණය බැලු කලැ තෝ හබබිජුවටක් වන්නෙහි. මම චක්ර වාටපථතය වැන්නෙමි. තෝ පැන් ගෙණැ සිටි ගෝක්ර රයක් වැන්නෙහි මම සුවාසුදහසක් යොදුන් ගැඹුර ඇති සාගරය වැන්නෙමි. තෝ මල් ගෙණැ සිටි පි ලගසක් වැන්නෙහි මම සහමල්පලු වැ සැදී සිටි දෙවියන්ගේ පරසතුරැක වැන්නෙමි. තො ගැඩවිලුන් තුඬැ වදැ ගත් පස්සුඟක් වැන්නෙහි. මම දෙලක්ෂහ සතළිස් දහසක් යොදුන් බොල ඇති මහපොළව වැන්නෙමි. තෝ හීතණ පන අඟ වැදැ ගත් පිනිබිඳක් වැන්නෙහි. මම පඤවමහාගඩගාවෙන් එක පැහැරැ යන ජලස්කන්ධ යක් වැන්නෙමි. තෝ හිතණ පන අග වැදැගත් පිනිබිඳක් වන්නෙහි. මම කෙළලක්ෂ.යක් සක්වළැ එක පැහැරැ වස්නට නගාලු. මහාමෙඝයේ ජලසකත්වඤය වැන්නෙමි තෝ ගුල්ලන් කෑ හබඇටසිදුරක් වන්නෙහි. මම අනන්තා පය්ය් ගුන්තප්ර මාණ ඇති ආකාශය වැන්නෙමි. එහෙයින් තා හා මා හා නො සමයමිහ” යි වදළසේක.

ඒ අසා බකබ්රරහ්මතෙම “ශ්රණමණ ගෞතමයෝ පෙරෑ මා කළ පින්කමුදු දන්මියි කියති. ම‍ාගේ ආයුවෙහි ප මණ ද, මා උපන් තැනුදු දනිමි යි වදාරති. මේ මා විචාරා බැලුව මැනැව” යි සිතා ශ්රුමණ ගෞතමයෙනි, තෙපි මා පෙරැ කළ පින් කමුදු මාගේ ආසු දු, මා ඉපදැ ආ තෙනුදු හැම දන්මි යි කියව. ඒ මට කියා බලව”යි ආරාධනා කෙළේ යැ. ඒ අසා බුදුන්වහන්සේ “මෙ විටැ මා මොහු ල ගෙණැ බණ කියා මොහුගේ මිථ්යා ද්රාෂ්ටිුය හරවා මෝහට වන සසරදුනක් ගෙවා මාගේ පාදපද්මයෙහි මොහු ලවා බමරවිලස් දක්වා මා ආ ගමන් සාත්ථපක කෙරෙමි” යි සිතා වද්ර රා ජවනිකාවක් ඇදැපියා චිත්ර්පටයක් පානා සේ, වලාකැළයක් ඇල කොට පියා සඳහිරැමඩුලු දක්වන්නා සේ, මහාසාගරයෙහි ජලස්කකත්ඩය ‍දෙ‍ෙබ්කොට පියා යට තුබු සත් රුවන් දක්වන්නාසේ, පුර්ව ජාතිය



202 අමෘතාවහ නමි වු [බකබරුබුහම

මුවා කොට ගෙණැ සිටි මොහය දුරැ කොට ඔහු ගිය ජාතියෙහි කළ කුසල් වද්රහරන්නට පටන්ගත්හු. හේ කෙසේ ද? යත්:-

“බ්ර හමය, තෝ පෙරෑ කුලගෙයෙකැ ඉපිදැ කාමයෙහි ආදීනව දැකැ ‘ජරාමරණින් මිදී මැතවැ’ යි සිතා තාපසප්රලව්ර‍ඡ්යාාවෙන් පැවැදි වැ ධ්යා න උපදවා අභිඥලාභි වැ යි එක් ගඟක් අසැ පන්සලක් කොට ධ්යාධනසමාපත්තියෙන් දවස් යවා වෙසෙයි. එ සමයෙහි වෙළදුන් පන්සියයක් ගැල්වලැ බඩු පුරා ගෙණැ මහා මරුකතරට වන්හ. ඒ වෙළඳහු එ කතරැ හුණුවැල්ලෙහි දවල්හි ඇක්මැ යා නොහැකි හෙයින් රැ රැ ගමන් යෙති. ඊ පළමුවන ගැළ අග්වියෙහි යන ගොන්නු සෙමින් සිට අ‍ා මඟ බලා නැමුනා හැ. සෙසු ගැල් ගෙණ යන ගොනුන් නැමුනු ගැල හා එක් වැ මැ ගියහ. ඒ වෙළෙ‍ඳෙහු ගැල් නැවතිබව රැ දෙවරු නො දැනැ හිර නැති කලැ දත්හ. ඒ දවස් වල ඒ වෙළදුන් ඒ කතර ඉක්මැ ගෙණැ යන දවස යැ. දිය හා දර හා නැ තිවැ ගියේ. මිනිස්සු තාක් ‘ම් විටැ අප දිවි නට’යි1 සිතා ගොන් ගැල් සැකැ බැඳැ පියා ගැල් සෙවනෙහි වැද හොත්හ. ‍‍ ෙතා එ වේ‍ෙලහි පන්සලින් නික්මැ පන්සල්දොරැ හිඳැ ගඟ බලන්නෙහි ඒ ගඟ මහවතුරෙන් පිරී ගෙණැ නිල්මිණිකඳක් සේ එන්නා දැකැ ‘ මේ ලෝකයෙහි මේ නියා මිහිරි පැන් ඇතිවැ, නො ලදින් නස්නා සත්වයෝ ඇද්දෝ හෝ!’’යි සිතා බැලුයෙහි , මරුකතර ගැල් සෙවනැ වැදැ හොත් වෙළදුන් පන්සියය දැකැ, ‘මේ සත්වයෝ නොනසිත්ව’ යි ‘මේ ගඟින් මහත් දියකඳක් නැඟී ගෙණ ගොස් මරුකතරැ පැන් නොලදින් හොත් වෙළෙඳුන් කරා යේව’යි අධිෂ්ධාන කෙළෙහි එ මැ ක්ෂණායහි කපාලු ඇළෙකින් යන පැනක් සේ දිය කඳක් ඒ වෙළදුන් හොත් තැනට ගියේ. මිනිස්සු පැන් දැකැ ඉතා සොම්නස් වැ සුවසේ නහා පැන් බී ගොන් පැන් පොවා ගෙණැ සුවසේ තමන් කැමති තැනට ගියෝ’’ යි.

               ‍ෙම සේ මහා  බ්රනහ්මයා  පුඵීයෙහි ගිමැ  නස්නා  මිනිසුන්ට 

පැන් දුන් නියාව වදාරා ‘බ්ර්හ්මයා , මේ තා පුඵීයෙහි කළ කුසල් ඊයේ දුටු දෙයක් සේ දනිමි’’ යි වදාරා නැවැතැ බ්රපහ්මයා පුර්වදයෙහි කළ අනික් පින් කමක් දක්වා වදාරණ සේක් බ්ර්හ්මය, තෝ අන් ජාතියෙකැ උපන්නෙහි, එ මැ ලෙස මැ කාමයෙහි ආදීනව දැකැ පැවිදිවැ ගෙණ ගඟක් අසැ පන්සලක් කොට ගෙණැ වලැ වූ ගමක් නිසා වෙසෙයි. එකල්හි සොරහු ගම් පැහැරැ නොයෙක් රුවන් හැරැ ගෙණැ ගෙරින් හැරැ ගෙණැ එ ගමැ මිනිසුන් ලවා ගෙණැ යති. එ ගමැ බල්ලොත් ගෙරිත් 1 . නැතැයි.

දමනය] බුත්සරණ. 203

මිනිස්සුත් මහා හඬින් හඬති. තෝ ඒ හඬ අසා ‘ කුමක් දෝ හො!’ යි බලන්නෙහි මිනිසුන්ට භයක් උපන්බව දැනැ, ‘ම‍ා බලබලා සිටියැ දී , මේ සත්වයෝ නො නසිත්ව’යි කියා ධ්යා න සමාපත්තියට සමවැද ධ්යාිනයෙන් නැඟි සොරුන් එන පෙර මඟ මහාසේනාවක් මැවීහි. ඒ සොරු බෙර ගස්වා ගෙණැ එන සේනාව දැකැ ‘රජ ආවනැ’යි සිතා කමන් ගත් දෙය හැරැ පියා පලා ගියහ . තෝ එ සමයෙහි ‘යනෙමක් යම් වස්තුවක් ගත්තේ වී නම්, ඒ ඕහට මැ වේව’’ යි කියා අධිෂ්ඨාන කෙ‍ළෙහි. තා එසේ අධිෂ්ඨාන කරන්නා හා මැ ඒ එසේ මැ වි යැ. ඒ ගම්වැස්සන්ට එකලැ බොහෝ ශාන්ති වි යැ. ඒ තා පුඵී ජාතියෙහි කළ කුසල් මා අත්ලේ හිරි සේ ප්ර සන්න කොට දන්මි’’ යි වදාරා, නැවැතැ ඒ මහාබ්රනහ්මයා පුඵී ඡාතියෙහි කළ අනික් පින් කමක් දක්වා වදාරණ සේක්-

             ‘බ්‍රහ්මය,   තෝ   අනික්   ජාතියෙකත්    උපන්නෙහි,    එමැ 

ලෙස මැ පඤ්චකාමයෙහි ආදීනව දැකැ පැවැදි වැ ගඟක් අසැ පන්සලක් කොට ගෙණැ වෙසෙයි . එ කල්හි උඩගහැ කුලයෙකැ වසන මිනිස්සු යැ යන මොහු එක් වැ මිත්ර කම කොට ගෙණැ නැව් හඟුළු බැඳැ ගෙණ බොහෝ කන බොන දැ සුවඳමල් නැවකට නඟා ගෙණැ දියපිටින් එති. එන මිනිස්සු කමින් බොමින් නටමින් ගී කියමින් දිවවිමනෙකින් යන්නා සේ සොම්නස් වැ යෙති . ඒ ගඟැ වසන මහානාගරාජයෙක් රැහැණි වැ ‘මා මෙහි ඇතැයි යන සිතක් මැ නැත්තාහ. දැන් මුන් හැම මුහුදුබත් කළ මැනැවැ ‘යි මහා ආත්මභාවයක් මවා ගෙණැ ඒ ගඟ දිය දෙබේ කොට පළා පියා පැනැ නැගී පෙණ කොට ගෙණැ මහත් කොට සුස්මමින් සිටියේ ‍යැ. ඒ මිනිස්සු භයංකර වු ඒ නාගරාජයා දැක‘මහත් භය ඇතිවැ මහා හඩින් හඬා නැංගා හැ. තෝ එවේලෙහි පන්සලැ හුන්නෙහි ඒ හඬ අසා ‘මේ මිනිස්සු ගී කියමින් නටමින් සොම්නස් වැ එති දැන් වනාහි මහහඩින් හැඬු ය. මේ කුමක් දෝ හෝ!’’ යි සිතන්නෙහි ඒ නාගරාජයා දැක ‘ මා දුටු කල්හි මේ සත්වයෝ නො නසිත්ව’යි කියා ධ්යාීනසමාපත්තියට සමවැද එයින් නැගී ගුරුළුවෙසෙක් මවා ගෙණැ තමා නාගරාජ‍යාට දැක්විහි. නාගරාජයා භයපත් වැ පෙණ හකුලුවා ගෙණැ දියෙහි ගැලී ගියේ යැ. මිනිසුන්ට ‍ෙබාහෝ ශාන්ති වි යැ බ්රයහ්මය, මෙසේ තා පුඵීයෙහි කළ කුසල් මට අතැඹුලු සේ යහපත් වැ පැණේ’’ යි වදාළසේක . මෙසේ ඒ බ්රහහ්මයාගේ බකජාති ආදි වු නොයෙක් ජාතියෙහි කළ දෙය සඵීයන්වහන්සේ වදාළසේක.



204 අමෘතාචහ නම් වු [බකබ්ර හම

         මෙසේ     බුදුන්   වදාරන්නා    හා  මැ ,   ඒ   බ්රමහ්මතෙම    තමා 

පුඵීයෙහි කළ කුසල් තාක් අභිමුඛයෙහි තබා ලු පහන් කැටපෙතෙකැ පෙණෙන රුවක් සේ ඉතා පහන් කොට මැ දිට, එ සම‍ෙයහි ඒ බ්ර හ්මතෙම තමා සේ මැ වු බඹුන් සියදහසකට ද තමහට වැඩියා වු බ්ර හ්මයන් සියදහසකට ද උගහට වු සර්වඥයන් වහන්සේගේ බුද්ධ විලාසය දැකැ ‘ ස්වාමිනි, මම මුක්තාහාරයෙකැයි සිතා සර්පයෙකු ගන්නා සේ නුඹ වහන්සේ නො හැඳිනැ නුඹ වහන්සේට නුසුදුසු බස් බිණීමි. නුඹ මාගේ ස්වරූප මතු දන්නා දැ නොවන දෑ යැ. සියලු බ්ර හ්මයන්ගේ ශරීරප්රවභා නුඹවහන්සේ‍දගේ ශරීර ප්රනභා‍. වෙන් ‍ මැඩැ දිලි‍යෙන ‍ෙස්කැ ‘යි කීයැ. ඉක්බිති සුභාෂිත ස්වාමි වු ධර්ම ස්වාමි වු ලොක ස්වාමි වු මාගේ ස්වාමින්වහන්සේ ඔහුගේ මිථ්යාමදෘෂ්ටි බිඳිනා පිණිස ‘පඨවිං බො අහං බ්රමහේම’’ යනාදීන් නානා නයින් විචිත්ර වු ධර්ම දේශනා එළවා ඔහුගේ ‘ මේ බ්ර හ්ම සාමාපත්තිය ස්ථීර යැ මට ජරාමරණ නැත මේ මැ නිර්වාණ යැ’’ යි ගත්තා වු මිථ්යාරදෘෂ්ටිය බිඳැ වඳාළසේක.

                ඉක්බිති   ඒ බ්රගහ්මතෙම ‘බසිනුත් රුවිනුත්  මුන්  හා  සම වැ

ගත නො හැක්‍‍කැ සෘඪීයෙන් වැඩියක් ඇත හොත් , කොට බලම්හ’’ යි සිතා ‘මම අන්තර්ධා න වෙමි’’ යි කීයැ. සර්වඥමන් වහන්සේ ‘ අප මධ්යීයෙහි තෝ අන්තර්ධාාන නොවන පරිද්දෙන් අධිෂ්ඨාන කොට වඳාළසේකැ. ඒ මහාබ්රෝහ්මතෙම ‘අන්තර්ධාදන වෙමි’’ යි සිතා ඒ විමන්හි හැලෙයි . කප්රුක්හි හැලෙයි . බුදුන්ගේ ආනුභාවයෙන් අඳුරෙහි පහනක් අල්වා ගෙණැ හැලෙන එකක්හු සේ වන් වන් තන්හි සියලු බ්රවහ්මයන්ට පැණෙයි . සිටි බ්ර්හ්ම සේනාව මුළුල්ල ‘ හැලි ගිය ලෙස් ඉතා මැ යහපතැ. අ‍ඹල. තෙල කප්රුක් මුලැ හැලී ගිය ලෙස් ඉතා මැ යහපතැ. අඹල, තෙල කප්රුක් මුලැ හැලී හුන්නා වු යැ . අඹල , තෙල විමානයෙහි හුන්නා වු යැ’’ යි පරිහාස කරන්නට වන්හ ඉක්බිති ඒ බ්රවහ්ම තෙම අභිමාන ශුන්ය’ වැ තෙජස ද ශුන්ය වැ සිටියේ ය.

                 ඉක්බිති  සර්වඥයන්වහන්සේ  ‘ මහාබ්රතහ්මය, තා හැලුනු

පරිදි සියලු බ්රලහ්මයෝ මැ දුටුවෝ නො වෙද්ද ? තාගේ අන්තර්ධා න විමට මේ සියලු බ්රුහ්මයෝ ‍ෙදස්සු නො වෙද්ද? ඉතිබ්බ තා හැලී ගිය පරිදි තට මැ හැඟුනු බැවින් තොයිත් තාගේ මේ සියලු බ්ර හ්මයෝත් කැටි වැ හැම දෙන අප හැලී ගිය කලැ සොයා ගන්ව’’යි වදාරා වැඩහුන් ආසනයෙන් කෙසඟක් සා තැනකුදු ඔබට නො වැඩැ හුන් ආසනයෙහි මැ



දමනය. ] බුත්සරණ 205

වැඩැ හිඳැ අන්තර්ධා න වු සේක. සියලු බඹහු ද මහාබ්ර5හ්ම ද බුදුන් සොයන්නාහු , තමන්ගේ ඇස තමන් දැකැ ගත නොහෙන්නා සේ , අන්තර්ධා න වු ස්වාමිදරුවානන් දැකැ ගත නො හුන්හ. ස්වාමිදරුවෝ එසේ අන්තර්ධා න වැ වැඩැ හිඳැ බණ වදාරන්නට පටන් ගත්සේක. ඒ බණ අසා දසදහසක් මහබඹහු අමාමහනිවනින් දුටහ . සියලු බ්ර හ්මයෝ තාක් එක පැහැරැ බුද්ධානුභාවයට සතුටු වැ ‘මෙබඳු වු ආශ්චය්යකර්ය ක් මෙ බඳු වු පෙළහරක් මෙ බඳු වු මහා පුරුෂ කෙනෙකුත් පෙරැ අපි නුදුටු වි රූම්හ’’යි මහත් කොට ගුගුළහ. ඒ මහාබ්රුහ්ම ද

ස්වාමිදරුවානන්ගේ ශ්රීෙ පාදය මුදුනෙහි තබා ගෙණැ වැඳැ ‘ ස්වාමිනි , මහා කරුණාවට නිධාන වු බුදුරජානන්වහන්ස, ගැත්ත වු අඥනයෙන් ගත් මිථ්යා දෘෂ්ටි බිඳැ මෙසේ වු සම්යතග්දෘෂ්ටියෙහි මා පිහිටුවා ගළවා වදාළ සේ ඉතා යහපතැ’’යි යනාදීන් ස්වාමිදරුවානන්ට ප්ර ශංසා කෙළේ ය.

මෙසේ මහාබ්රවහ්මයන්ගේ පවා මන් බිඳැ, දෘෂ්ටි බිඳැ, තමන්වහන්සේට කුලගැති කොට, තමන්වහන්සේගේ මධුර වු දහම් ලෙහි පුරා, සසර දුකින් මුදා නිවා සනහා අමාමහා නිවන්හි ලන්නා වු මහාකරුණා ඇති , මහා තෙජස් ඇති , මහා නුවණ ඇති , මහානුභාව ඇති , මහාතෙජස් ඇති , මහා වික්රමම ඇති මහා කිනිති ඇති , සවිනේ ගෙවා දත්, සරණ වන්නවුන්ට සුව දෙන සේ දන්නා බුදුන්-පෙ-යා යුතු.

                                               107

‘‍මේ ධර්ම ය ‍ෙම්‍ ජාතියෙහි සුව එළවයි. මේ ධර්මය පර ජාතියෙහ‍ි සුව එළව’’යි වදාළ කල්හි “ ඒ එසේ නො වෙ”යි කියන්නට මුළු ලොව ගොළු වන හෙයින් මුළු ලොව බඳදිව වන හෙයින්, තමන්වහන්සේ “ මේ ධර්මය අනවරතයෙන් සෙවනය කටයුතු යැ” යි වදාළ කල්හි “ මේ ධර්මය සෙවනය කටයුතු නො වෙ”යි කියන්නට මුළු ලොව යන්ත්ර රූප සේ වත්, තමන්වහන්සේ “ මේ ධර්මය සෙවනය නො කොට යුතු යැ”යි වඳාළ කල්හි “ මේ ධර්මය සෙවනය කට යුතු යැ”යි කියන්නට මුළු ලොව සෙලෙහි කළ රූ සේ වත් , තමන්වහන්සේ “හීන යැ” යි වඳාළ ධර්මය “ හීන නො වෙ” යි කියන්නට මුළු සත්ලොව අරූතෙලෙහි සතුන් සේ බස් නැති වත්, තමන්වහන්සේ “ උත්තම යැ” යි වඳාළ ධර්මය “හීන යැ” යි කියන්නට මුළු ලොව අසංඥතලයෙහි සතුන් සේ දිවි සෙලවියැ නෙ‍ා හෙත්, ලොවට හිතාහිත යුක්තා යුක්ත සෙවනීය අසෙවනීය සියලු ධර්මයන් සුදුසු පරිද්දෙන් අනුශාසනා කරන්නට මාගේ



206 අමෘතාවහ නම් වු [ප්රධකීණික

ස්වාමින් තබා අනික් සත්ත්ව යක්හු අසමත්ව් හෙයින් මෙලොවින් පරලෙ‍ාවින් වන අත්වයෙන් සුදුසු පරිද්දෙන් සියලු සත්වයන්ට අවවාද කරණ සේ දන්නා වු බුදුන් - පෙ- යා යුතු.

                                          108
            තව  ද,  ප්ර ඥසම්පන්න    වු සාත්වාහයක්හු     තමා   අනු වැ

පවත්නවුන් සොරුන් ඇති කතරින් එතෙරැ කරවන්නාසේ, චණ්ඩයක්ෂයන් ඇති කාන්තාරයෙන් එතෙරැ කරවන්නා සේ, දුර්භාක්ෂකාන්තාර‍ෙයන් එතෙර කරවන්නා සේ , පැන් නැති කාන්තාරයෙන් එතෙර කරවන්නා සේ මාගේ ස්වාමිදරුවෝ සියලු සත්වයන් ජාතිකාන්තාරයෙන් එතෙර කරවන්නාහ. ජරාකාන්තාරයෙන් එතෙරැ කරවන්නාහ. මරණකාන්තාරයෙන් එතෙර කරවන්නාහ ව්‍රැ ාධිකාන්තාරයෙන් එතෙර කරවන්නාහ. අමෘතමහ‍ානිර්වාණ නැමැති නිරුපද්රාව වු භූමියෙක්හි ඇරැ සිටු වන්නාහ එසේ හෙයින් සත්තවයන් උපද්ර්ව භූමියෙක්හි ගෙණැ ගොස් නිරුපද්රේවභූමියෙහි සිටුවන්නා වු සාත්වවාහයෙකු සේ මුළු ලෝ වැස්සන් උපද්ර වභූමියෙන් ගෙණැ ගොස් නිරුපද්ර වභූමි‍ෙයහි සිටුවන්නා වු බුදුන් - පෙ-යා යුතු .

                                               109
          එකුන්පණස්   යොදුන්  සඳඬු හා   සමපණස්   යොදුන්  හිරු

මඬුලු හා තමා අතැ ඇඟිලිහස්සෙන් වසා ගන්නා බව රාහු ග්රලහයා ගේ මහත්කම යැ, එක්ලක්ෂඅටසැටදහසක් යොදුන් පමණ මහාමෙර කෙළනා කුමාරයා උඩට නැගු පන්දුවක් සේ ආකාශයට නඟා සුණුවිසුණු කරණ බව යුගාන්තවාතයෙහි බලවත්කම යැ, උදයපර්වතයෙහි පටන් ගෙණැ අස්තපර්වතය දක්වා මැද ඒ සා මහත් අවකාශය ගෙවා තමන් යන බව හිර සඳ දෙදෙනාගේ ගමන්හි දක්ෂබව යැ,සුවාසුදහසක් යොදුන් පමණ මහාසාගර‍ෙයහි ජලස්කන්ධය ගිනි ගෙණැ දිලියෙන යකබලෙක්හි හෙළාලු පිනි බිඳක් සේ වියලාපායනබව යුගාන්තයෙහි හිරුගේ තෙජසෙකැ, තමන්ගේ බුද්ධියෙන් සියලු ඥෙයමණ්ඩලය නිරවශෙෂ කොට ගෙවා දන්නා බව මාගේ සර්වඥයන්වයන්සේගේ වියත්තම තිමා මැ යැ. එසේ වු සර්වඥයන්වහන්සේගේ - පෙ- යුතු.

                                                  110
      ලොකයෙහි සුක්ෂම වු පරමාණු, මහාපර්වත බලන්නා සේ ,

තමන්වහන්සේගේ බුද්ධියෙන් පිරිසිඳැ බලා වදාරණසේක. ප්‍රතීත්ය්සමුතපාදය වැනි නො දත හැකි ධර්මයක් ප්රිසන්න වු ඉන්ද්රි්යයන් ඇතියක්හු චිත්රනපටියෙහි ඇඳි සිත් තමැ රුවක් විභාග කො‍ේට බලන්නා සේ අනායාසයෙන් බලා වදාරණසේක

කාණ්ඩිය] බුත්සරණ. 207

පස්රූවැලයක් කරැ බැඳි බලවත් කුමාරයක්හු1 සේ සංස්කාර, විකාර ලක්ෂණ, නිර්වාණ, ප්ර්ඥ්ප්තිය යැ යන පඤ්චවිධඥෙයමණ්ඩලය තමන්වහන්සේගේ ඥනයෙහි එකදෙශයෙකැ පවත්වා වදාරණ සේක. මෙසේ වු මහපෙළහර ගුණ ඇති හිමියානන් -පෙ - යුතු .

                                               111 

‍‍ෙදලක්ෂසතළිස්දහසක් යොදුන් පමණ ‍ෙබාල ඇති මහපස් පොළව, උසුලා රඳවන බව දියපොළවට මැ එක් බලයෙකැ. සාරලක්ෂඅසුදහසක් යොදුන් පමණ මහදියපොළව නෙළුම් පතෙකැ හුනු දියබිඳක් සේ නො දත්වන් වැ හම්වන බව 2 නව ලක්ෂ සැටදහසක් යොදුන් පමණ බොල ඇති වා පොළොවැ මැ එක් වැරසැරකමෙකැ. අනන්තාපය්යීින්ත වු සියලු ඥෙයමණ්ඩලය සඵීකාරයෙන් උසුලාගන්නා බව මාගේ ස්වාමින්ගේ මැ නුවණැ එක්පෙළහරෙකැ. එසේ වු පෙළහර ඇති මාගේ ස්වාමිදරුවානන් වහන්සේගේ-පෙ- යුතු .

                                            118
                සුවාසුදහසක්  යොදුන්  මහමුහුදුපත්ලට  බැසැ, අසුරපුරයට 

වැදැ ගෙණැ, ත්රිසකූටපර්වතය පෙරළා බලා, සක්වඵගල වටින් පිටින් පෙරළා බලා, නාගලොකයෙහි වැදැ දැවැටි3 , අජටාකාශයට වැදැ නහමා බලා, සදෙව්ලොව ප්ර ත්යැක්ෂ කොට, හිරසඳ වටින් පිටින් පිරිමැද, බඹලෝ තාක් ගැණැ ගෙණැ සමනා, සියලු ලෝවැස්සන් මැ ඊ ස්වරූප දන්නා පිණිස සකස් කොට ලියාලු ධර්ම නමැති ලේකම් තමන්වහන්සේගේ ඥානයෙන් විමසා ලියාලු වියතානන් වහන්සේගේ සරණ යෙමියි බුත්සරණ යා යුතු.

                                                         113 

පිපී සිටි පියුම්වනයකට වැදැ මුවරඳ කඳ ගෙණැ තමා පළමුවැ සුවඳ

වී  පිටත්     වස්තූනුත්      සුවඳ    කොට       හමා   බස්නා       වසන්ත 

කාලයෙහි මන්දමාරුතයක් සේ , චතුස්සත්ය තුමු දැන සෙසු සත්වයනුත් දැන් ‍වු බුදුන් - පෙ - යා යුතු .

                                                  114
නැවත,   සර්වඥයන්වහන්සේගේ   චතුස්සත්ය1ය   සේ  වු   දත

නොහැකි දෙයක් පටාචාරාවන්ගේ සිත පුරා 4 ගන්වා වදාළ සේක. ඒ පටාචාරාව වු නියාව කෙසෙද ? යත්:- සැවැත් නුවරැ සතළිස් කෙලක් ධන ඇති සිටුහුගේ පටාචාරා නම් එක් දුවක් ඇත. ඕ තොමෝ ‘ සඳමඬුලු වැ මුහුණු ඇත්තී යැ දික් වු ඇස් ඇත්තී යැ . කොඳකැකුළු වැනි දත් ඇත්තීයැ. රන්වන්වු


1. බාලකුමාරයක්හු 3. දැවැටි, දැවිටි , ද්රතවිටි. 2. නොදන්වන් මැ හමන බව 4. පව



208 අමෘතාවහ නම් වු [පටාචාරා

ශරීර ඇත්තීයැ. මනා වැ වට වු පයොධර ඇත්තීයැ’ යනාදීන් වර්ණනා කරත් හොත් , කියා ගෙවා ගත නොහැකි රූ ඇත්තීයැ. අළුත් වු යෞවන ඇත්තීයැ. මහත් වු ඓශ්වර්ය්යී ඇත්තීයැ . ‍ෙදමව්පිෙයා් ඈ “යමක්හු කෙරෙහි සැලසී නො නට මැනැවැ” යි ප්රාදසාදයෙහි මතුමහල්තෙලෙහි ලා රක්ෂා කරති එසමයෙහි තමාගේ ගෙවැසි එකක්හු හා 1 සංවාසයක් ඇතිවැ ගත. සිංහධෙනුව කැණහිලුන් හා සංවාස කරත්, බොධිසත්වයන්ට අඹු වැ කොටුන් ඉසින් උසුලත්, කොසොල් රජ්ජුරුවන් වඅන් කෙනෙකුන් හැරැ බල්ලන් හා සංවාස කරත්. ගෑණුන්ගේ නුගුණ කවුරු කියා නිමවා ගණිද්ද ? පසු වැ ඇගේ මව්පියො “ තමන් හා සමාන පුරුෂයකුට දෙම්හ” යි කියා දෙන දවස් හිම් කළහ. ඕ එබස් අසා තමා හා ගුණවත් වු ගැත්තවු කැඳවා “ ස්වාමිනී , මා අනික් පුරුෂයකුට විවාහ කොට දෙත් ල . ‘ මා තොප හැරැ පියා අනික් සුදුසු පුරුෂයෙකු කෙරෙහි හිඳිති’ යනු කිමෙක්ද ? තො ප නොදැකැ අනිකකු මුහුණ බලා මෙ ඇස කෙසේ අස්වම්ද ? මේ ජීවිතයෙහි පළමු අගහස්රසය අනුභව කෙළේ තොප කෙරෙනැ . මුහුද ආසන්නයෙහි සිටියත්, පිපාසා ඇති වු කල්හි ලිඳට මැ පැනට දිවන්නාසේ , මා යන කුලයෙහි මහා ධන ඇතද, මාගේ සිත ඔබ නො ගොස් තොප කරා මැ දිවෙයි. මා ජීවත් වන්නාකැමැත්තවු නම් , බැහැරට සොරා හැරැ ගෙණැ නැගි යව. නැත හොත්, මාගේ ජීවිතය හෝ මරුට බිලි කරව’යි කිව .

        එබස් අසා පුරුස තෙම “  මේ ‍ මාගේ ජීවිතය  තී සතු වේද

කුල නො විවාරා මේ තියා ඓශ්වය්යීත නො විවාරා රකවල් නො විවාරා තෙපි මා හා විශ්වාසයට පටන් ගතුව. එසේ වු තොප මම කෙසේ හැරැ පියම්ද ? මම සෙට පහන් වු කලැ නුවැරැ දොර අසවල්තැන සිටිමි. තෙපි යම් උපායෙකින් එතනට නැගී එව” යි කියා අනික් දා උදෑසන ගොස් සලකුණු කි තැන සිටියේ ඕ කිලිටිකඬක් හැඳැගෙණැ හිසකේ විදාලා ශරීරයෙහි කුඩු ගල්වා ගෙණැ කළයක් හැරැ ගෙණැ මිඬියක හා එක්වැ එතනට ගියා. ඒ පුරැෂයා ඈ හැරැ ගෙණැ දුරට ගොස් එක් ගමෙකැ වසන්තේ දරපලා ගෙණැ ඇරැ ඈ රක්ෂා කෙරෙයි. ඕ සිය අතින් පැන් කළ ආදී ගෙණමින් පහරිමින් පිසිමින් දවස් යවයි . මේසේ වසන කල්හි කල් යාමෙකින් ගර්භණී වුව. ඕ තොමෝ තමාගේ ගර්භය මුහුකුරත් මුහුකුරත්, සැමියා

1. ලා


චරිතය] බුත්සරණ 209

කැඳවාලා“ස්වාමිනි, තොප පිණිස මා එකළා වැ විඳිනා දුක් අනික් පුරුෂයක්හුගේ විඳිනා සම්පත්තියට වඩා වඩිතී සිතමි. මා දෙම්හයි කී කුලගෙය තොප පිණිස හරණෙම, නයින් හොත් තුඹසක් සේ සිතා හළමි. ගර්භයත් දැන් මුහුකුරා ගත. එකළා වැ වදනපො‍ෙහාදන බව ඉතා උගහට. ඒ බව දන්නවාද? මව්පියෝ නම් දරුවන් කෙරෙහි ඉතා ස්නෙහ ඇත්තාහ. මාගේ මව්පියන්ගේ ගෙහි දී වදනපො‍ෙහාදන පරිද්දෙන් මා ඔබ ගෙණැ යව”යි කිව. එබස් අසා, ඒ “කුමක්ද තොප කියන්නේ? මා නියා සාපරාධ එකකු දුටු කලැ තොපගේ මව්පියො මට කුමක් නො කෙරෙද්ද? මම නො යා හෙමි”යි කීයැ. ඌ එසේ කී කල්හි . ඕ නැවැතැ නැවැත කියා ඌ නොගිවිස්සනා කල්හි, එක දවසක් ඔහු වලට යාදී ඉක්බිති ගෙයි ඇත්තන් කැඳවා ‘මාගේ සමනෝ අවුත් මා විචාළෝ නම්, මා මාගේ නෑයන්ගේ ගෙට මැ ගියබව කියා ලව’’යි කියා ගෙයි දොර බැඳ නික්මුනා. හේ පසුව අවුත් ගෙයි පිහිදොර හැරැ තමාගේ ප්රි ය වු කාන්තාව නොදැක ඉක්බිති ගෙයි ඇත්තන් විචාරා, ඈ ගියබව අසා , නවත්වමියි හඹා ගෙණැ ගොස් දැකැ නවතා ගත නොහින. ඒ ක්ෂණයෙහි වදන්නට කම්ඡවාතය පහළ. හෝ එක් වැදිදොරකඩකට වැදැ “ස්වාමිනී, කම්ඡවාත සෙල්විනැයි කියාබිමැ හී පෙරළී මහා දුකින් දරු කෙනෙකුන් ලැබැ “ වදන පිණිස මම නෑයන්ගේ ගෙට යන්නට සිතමි, යන කටයුත්ත නිමින. ස්වාමිනී, ඉන්බ්බ ඔබ ගෙට මැ යෙමි” යි නැවැතැ සැමියා හා එක් වැ ගෙට අවුත් පෙරැසේ මැ වෙසෙමින් කල් යාමෙකින් නැවැත ගර්භණී වුව.

            ඒ  ගර්භය  මුහුකුරත්  මුහුකුරත් පෙර සේ මැ සැමියාට

ආරාධනා කොට ඔහු නො ගිවිස්නා කල්හි, ඌ බැහැර යාදී පළමු උ‍පන් කුමාරයා අතින් අල්වා ගෙණැ පෙර සේමැ නෑයන්ගේ ගෙට නික්මුනා. ඒ අවුත් පෙර සේම‍ැ විචාරා දිවැ ගොස් දැකැ වළකා ගත නො හී ඈ හා කැටිවැ මැ නික්මිහ. ඒ සමයෙහි මෙඝයෙක් නගා ගෙණැ සියලු ආකාශය හැසවමින් ලොව1 මුළුල්ල ඒකාන්ධාකාර කොට ගෙණැ මහාඝොෂ‍ෙයන් සියලු දිගන්තර එකඝොෂ කෙරෙමින් මහත් වු ධාරා බහාලා වස්නට වන. ඈට විලිත් පහරන්නට වන. ඕතොමෝ “මට වැසි තැති ත‍ැනක් බලව” යි කීව. ඒ ඈත මෑත බලා තුඹසක් මත්තෙහි කැළයක් දැකැ වෑයක් හැරැ ගෙණැ ඒ කපන්නට වන. ඒ තුඹසැ හොත් සර්පයෙක් ඔහු කා මරා පී යැ.


1. දව රෑ



210 අමෘතාවහ නම් වු [පටාචාරා

ඒ එතැන්හි මැ හින. ඒ වේලෙහි මහත් වූ දුක් ගෙණැ ඔහු එන පෙරමඟ බලබලා මළ තෙනැත්තවූ නො එන හෙයින් නො දැකැ මැ දරුවන් වදාපුව. දරුවෝ දෙදෙන වැසි හෙයින් හඬති. ඕ පුතුන් දෙන්නා බඩ යටැ ලා ගෙණැ සතරඅත බිමැ ඇනැ ඔබා ගෙණ සිට මුළුරෑ යැවුව. සියලු ශරීරය තෙමී ලෙහෙ සිඳී ගොස් සුදු වැ ගියේ. පහන් වැ ගියකල්හි මස් ගඬුවක් වැනි රෑ වැදූ පුතු වඩා ගෙණැ අනික් පුතු ඇඟිල්ල අල්වා ගෙණැ “ වර, පවැත්ත, තාගේ පියානන් සොයා යෙමි”යි ‍ෙගායින් සොයන්නී ඌ මියැ හොත්තහු දැකැ ලය පැළි යන පමණ මහා ශොක ඇතිවැ “ මු කෙරෙහි ගත් ස්නේහයෙන් සතළිස්කෙළක් පමණ ධන ඇති කුලගෙයක් හැරැ පියා ආමි. මොහු කෙරෙත් වියෝ කොට පියන්නට සිතූ මාගේ දෙමව්පියන් මුහුණ පොවා යක්ෂාරාක්ෂයන්ගේ මුහුණක් සේ නො දක්නට සිතිමි. ඇත් මිනියක් දුටත් මිනිසා සාවා පසුපස්සෙහි දිවන්නා සේ එසේ ධන ඇති කුලගෙය හැරැ පියා මුන් පස්සෙහි මේ සා කතරක් ගෙවා ගෙණැ ආමී. ඔහු හා එකමුණුවර පුතුන් දෙන්නකුන් ලදිමි. මේ ද‍ැන් මා හැරැ පියා ගියේයැ. මා ඉතා පින් නැති නියායැ. මා හුදකලා නියා යැ. මා සේ වු පුරුදු එකකට ‍නොකියා නැගී යන්නට මූ ලයත් ඉතා දැඩි සේ යැ. මේ වලැ දෙවතාවන් මාගේ හුදකළාකම් නො බැලූ නියා යැ’යි කියා හඬමින්, වලපමින්, වැනෙමින්, පිදෙමින්, යෙමින්1 අචිරවතී නම් ගඞ්ගාවෙහි තෙරට අව.

ඒ ගඟ රෑ වට වැස්සෙන් දණ පමණ තතමතු පමණ දිය පිරී සිටි සේ දැකැ, වැඩිමාලුපුත්ර යා මෑත තෙරැ සිටිය දී , අළුතැ වැදූ පුතු වඩා ගෙණෑ, එතෙරට ගොස් , කොළ අතු අතුටැ ලා එහි හොවා, ‘අනිකා කරා යෙමි’යි 2 නික්මැ කුඩා පුත්සුඟු හැරැ පියා යන්නට නො පොහොසත් වැ ක්ෂ ණක්ෂොණයෙහි පෙරැළී පෙරැළී බලබලා වැඩිමාලුපුතු සිටි තැනට නො යා හුන. ඒ ක්ෂැණයෙහි උකුස්සා ඒ හොත් කුමාරයා දැකැ ‘මස්කැටියෙකැ’ යි යන සිතින් අවුත් බට. ඒ උකුස්සා වළකන පිණීස අත ඔ‍ෙසාවා ගෙණැ අත සලාපියා හඬ ලූව. ඒ උකුසු දුරැ සිටැ. අඞ ගහතුදු, නො වැළකැ මැ ‘මස්කැටියෙකැ’ යි ගෙණ ගියේ අනික් තෙරැ සිටි පිත් ඈ අත සලිපියා හඬ ගැහූ හඞ අසමින් “මාගේ මෑනියෝ ගඟ මැදැ සිට මට අත්සන් කොට හඞ ගහතිය” යි දිවැ ගෙණැ අවුත් දියෙහි හී ගඟ වතුරෙන් නැගී ගියේ.


1.හෙමින් 2.සොය‍ා එමි

චරිතය] බුත්සරණ 211.

තකා ආ සමනෝ කොයි ද? පළමු කොට ලත් වැඩිමාලූ පුතනුවෝ කොයි ද? ඊයේ රෑ වැදූ පුතනුවෝ කොයි ද? මෙසේ තුන්ගින්නෙන් තැවිතැවී මහහඬින් හඬමින් වලපමින් බමන්නී සැවැත්නුවරැ සිටැ එන එකකු දැකැ ‘තෙපි කොයි හිඳු දැ” යි විචාළා. හෙතෙම “මා වසන්නේ සැවැත්නුවර යැ” යි කීයැ. ඒ අසා ඕ “සැවැත්නුවරැ අසෝ වීථියේ හිඳිනා අසවල් සිටුකුලෙහි ඇත්තෝ ඇද්ද? නැද්ද?’ යි විචාළා යැ. ඒ තියන්නේ “ඊයේ රෑ වට මහවැස්සෙන් උන්ගේ ගෙය කඩා ගෙණ හී දෙපුතු මවුත් පියානෝත් එක් වැ මළහ. උන් දවන සොහොනැ ගින්නෙන් නැගෙන දුම්කඳු බලව” යි කී යැ.

එක ලයකට සැමියා මළ ශොකය මැ පමණැ. වෙන වෙන දරුවන්ගේ ශොකය මැ පමණැ. වෙන වෙන මැ මවුපියන්ගේ ශොකය මැ පමණැ. වෙන වෙන මැ කුසෙහි හොත්තන්ගේ ශොකය මැ පමණැ. මේ හැම ශොක ඇගේ එක ලයට මැ වන. “‍මාගේ පුත්තු දෙන්න ගඟැ මළහ. මඟැ මාගේ සමනෝ මළහ. මවුපියන් හා කුසෙහි හොත්තෝ එක සොහොනැ දමින්1 සිටියහැ ” යි මෙසේ මහහඬින් හඬමින් වලපමින් වියරු හී ගිණැ කඩ ඉරා කරැ ලා ගෙණැ බමයි. මිනිස්සු ‘ ඈ වියරු හිනියකැ’ යි කසළින් පසින් හිස ගසා කැටකැබිලිති බහාලා මරන්නට වන්හ. එසමයෙහි සියලු ලෝවැසියන්ගේ සියලු දුක් නිවූ මහාමෛත්රී ඇති මාගේ ස්වාමිදරුවානන්වහන්සේ ජෙතවනවිහාරයෙහි මහබුඞ පර්ෂමදීමධ්යවයෙහි දහම් නැමැති අමාමහවැස්ස වස්වා ධර්ම රස සත්ත්වගයන්ගේ ලය හා කන් හා පුරපුරා වක්කෙරෙමින් වැඩහුන් සේක්, ඈ හඬමින් වැනෙමින් පිදෙමින් එන තැනැත්තිය දැක “විනය දන්නා ථෙරීන්වහන්සේ කෙරෙහි අගතැනට පැමිණෙන පිණිස පදුමුත්තර නම් බුදුන්ගේ පාදමූලයෙහි මාගේ ශාසනයට පැතු ම දූ මාගේ විහාරය බලා එයි. එන සේ යහපත් මැ යැ. මා මුත් ඈට අනික් කවර සරණෙක් ඇද්ද?” යි කියා විහාරයට මැ එන්නට අධිෂ්ඨාන කොට වදාළසේකැ. ඕ ඒ විසින්2 බුදුපිරිස් හුන්තැනට එන්නට වන.

බුදුපිරිසැ ඇත්තෝ “මෝ එන්නී වියරු හුනු එකකැ. මොබ ඉය3 නො දෙව” යි කීහු. ඒ අසා කිරි ඉල්වා හඬා ගෙණැ සෙලු වැ දිවන දුවක දුටු මවක සේ සිතා “ඈ ඉය දෙව. නො වළකව” යි වදාළසේක. ඕතොමෝ බුඞානුභාවයෙන් සිහි ලදින් හිරිඔතප් පිහිටුවා කෙළිල්ලෙන් බැසැ හුන. ඒ බුදුපිරිසැ හුන් එකෙක් තමාගේ උතුරුසළුව දමා ලීයැ. ඕ ඒ හැඳැ ගෙණැ මාගේ


1.දවමින් 2.වෙසින් 3.එව


212 අමෘතාවහ නම් වු [පටාචාරා

ස්වාමිදරුවානන්වහන්සේගේ සියලු ලොව මැඩැ ගෙණැ දිවන සවණක් ඝණ බුදුරස් නමැති මහවිලැ ගැලිගැලී බුදුන්ගේ ශ්රී[පාදය වැඳැ “ස්වාමීනී, මට පිහිට වැ වදාළ මැනැවැ” යි කීව. මුව වැ පවා ගර්භණීමුවදෙන ‘මා රැකැ ගණුව’ යි කී කල්හි, ජීවිතයෙහි ආශා හැරැ දම්ගෙඩියෙහි හිස තබා ගෙණැ හෙවැ ඒ මුවදෙනගේ දුක් නිවන්නවුන් , රහත් වැ නිර්ම ල වන්නා වූ ඒ දියනියන් ‘ මා අස්වසා වදාළ මැනැවැ’ යි කී කල්හි , බුදු ව සිටැ අස්වසනබව කවර විස්මයෙක් ද? එහෙයින් ලොවුතුරාබුදුහු වදාරණසේක් “ලොකයෙහි ශොක ඇත්තවුන්ගේ ශොක නැති කො‍ට පියන. උපාය ඉඳුරා දන්නවුන් හැඳිනැ, පටාචාරාව, නැගී ආ සේ ඉතා යහපත. මා කෙරෙහි නො ලත් පිහිටෙක් අනික් කොයින් වේද? මා සරණ නො වුව, අනික් කවර සරණෙක් ඇද්ද? මේ දුක්ඛය මා මුත් , අනික් නිවා ලියැ හෙන්නෝ කවුරුද? මාගේ කරුණා නම්, බුඬි නම්, තී , වැන්නවුන් පිණිස වේ ද? තෝ එක් පුතක්හු උකුස් සකු ගෙණැගියැයි යෙයි. එකක්හු දියෙන් ගෙණෑ ගියයි යෙයි සැමියා මඟැ මළයි යෙයි. මවුන් පියන් කුසෙහි හොත්තන් එක සොහොන්හි දතී යෙයි. තීගේ මේ දරුවෝ යැ, සැමියෝ යැ යනාදීන් කෙරෙන් එකිඑකී දෙනා පිණීස මැ තී අනන්තජාති යෙහි ඇඬූ කඳුළු එක් කොට ලුව හොත් සුවාසූදහසක් යොදුන් ගැඹූරු මහාසාගරයට වඩා බෙහෙව” යි වදාළසේක.

එසේ වදාරන්නා හා මැ සවැනි හිර පහළ වූ කල්හි මුහුදැ දිය කඳ වියැලෙන්නා සේ, ඇගේ ශොක නැමැති මහමුහුද වියලෙන්නට වන. සර්ව,ඥයන්වහන්සේ ඒ බව දැනැ ඈ නැවැතැ කැඳවා “පටාචාරාව, තී හඬන දරුවෝත්, තී හඬන සැමියෝත්, තී හඬන නෑයෝත් තී හා කැටි වැ පරලොව යෙද් ද? ඉදින් ඔහු යෙත් නම්, තෝ ඔවුන් සොයා කුමකට නො යෙයිද? එසේ හෙයින් නුවණැත්තෝ දරුවන් තබා සැමියන් තබා සියලු නෑයන් තබා තමා යන නිවන්මඟ මැ සකස් කෙරෙති” යි වදාළ සේක. ඒ වදාළ බණ අසා පටාචාරා තොමෝ මහපොළොව පමණ කෙලෙස්කඳ දවා සෝවාන් වැ ශ්රීාපාදය වැඳ ගෙණැ හෙවැ “සතුන් ලෙහි දුක් නිවන්නන් අතුරෙන් නුඹ සේ වූවන් නුදුටු විරීමි.උපන් මඟුලෙහි අවීචියෙහි ගිනි නිවූ පරිද්දට අද මේ මා ලෙහි ගිනි නිවූපරිදි අඩු යැ යි නො සිතමි. ස්වාමීනී, අද නුඹ වහන්සේ වසන මේ විහාරය‍ට නො ආයෙම් නම්, ‘වියරු ගිනියකැයි දුටුදුටුවන් ගසන ගල්පහර කා මැ අදීර වැ මෙළෙම් වෙමි. ස්වාමීනී, එසේ වූ දුකක් පිරුණු ලෙහි මේ සා වූ නිවන්සුවයක් පුරා ලන වියත්කම් කා අතින් උගත්දැ ද? ස්වාමීනී, මට ආදීවූ දුක් සියලු සත්ත්වායන්ට නො වේව‍ායි. ස්වාමීනී, දැන් මට වූ


චරිතය] බුත්සරණ 213.

මේ සුව සියලු ශොකි සතුන්ට මැ වාසනා වේවයි. ස්වාමීනී, එක් දෙබසෙකින් මැ නිවණැ ඇරැ සිටුවා පියන බණ කීම නුඹ තුඹ මුත් අනුන් තුඩ නො හසළ වනැ . ස්වාමීනී, අද මේ ධර්මුසනයෙහි මා පෙරමඟ බලා මැ වැඩහුන්දැ වන. ස්වාමීනී, මෙ තැන් බටන් මිඬියෙමි. දරුයෙමි. නිවිනිමි. සැනහිනිමි. ස්වාමීනී, පැවිදි වැ ගණිමි” යි කිව.

ඒ අසා සර්ව ඥයන්වහන්සේ ඈ මහණ කරවා වදාළ සෙයෙකැ. ඕ එක්දවසක් පතුල්පහණින් පතුල් සෝධන්නී පළමු වක්කළ පැන් මඳක් ගොස් වියැලී ගියා දුට. දෙවෙනි වැ වක්කළ පැන් ඉනුන් ඔබ්බට ගොස් වියැලි ගියා දුට. තුන්වෙනි වැ වක්කළ පැන් ඉනුත් ඔබ්බට ගොස් වියැලී ගියා දුට. ඒ අරමුණෙන් මැ “තමා පළමු වක්ක පැන් දුරට නො ගොස් වියැලී ගියා සේ මේ ලොකයෙහිකිසි සත්ත්ව කෙනෙක් පළමුවයස මැ මියැ යෙති. දෙවෙනි වැ වක්කළ පැන් එයින් ඔබ්බට ගොස් වියැ ගියා සේ, සමහර සත්්රවව කෙනේක් මඞ්ය මවයස දක්වා ගොස් ලා මියැ යෙති. තුන්වැනි වැ වක්කළ පැන් ඉනුන් ඔබ්බට ලොස් වියැලී ගියා සේ , සමහර කෙනෙක් මාලුවයස ට ගොස් ලා මියැ යෙති” යි මෙසේ සත්ත්වකයන්ගේ තුන්වයස නියත කළාහ. එවේලෙහි සර්වැඥයන් වහන්සේ ඔවුන් පැන්අරමුණෙන් තුන්වයස පිරිසිඳිනා පරිදි ජෙතවනවිහාරයෙහි ගඳකිළියෙහි වැඩැ හිඳැ මැ දැකැ වදාර, සමීපයෙහි වැඩහුන්නා සේ බුඞරශ්මි හැරැ බුඞශරීරය දක්වා වදාරණසේක් “ සියලු සංස්කාර ධර්මැයන් අනිත්ය්නියාව නො බලා අවුරුදු සියයක් ජීවත් වීමට වඩා සියලු සංස්කාරධර්මවයන් අනිත්යු නියාව බලා එකදවසකුත් ජීවත් වනබව උතුමැ” යි වදාළසේක.

එසේ සර්ව ඥයන්වහන්සේ බණ වදාළ කල්හි ඕ1 පිළිසිඹියා පත් රහත් වූව.2 මෙසේ පටාචාරාවන් වැනි වියරු හී යන පමණ ශොක ඇති, එසේ නො නිවුනු, එසේ නො සැනැහුනු ඔවුන්ගේ ලෙහි අනික් කට යුත්තක් වදනට අවකාශ නො දී සිටි ඒ සා ශොක නැමැති මහමුහුද සිඳැ පියා , ඒ ලෙහි පවා දහම්රස ගන්වන පමණ වියත්කම් ඇති ඒ වියතානන් ඒ මහතානන් සරණ- පෙ- යායුතු.

115 තව ද, වශවර්තිමාරයා තමාගේ මහත් වූ මාරසේනාව කැටි වැ අවුත් බැසැ සිටැ ගෙණැ “තා හුන්නා වූ වජ්රා්සනය තා සතුබවට දෙස් කියවාලව”යි කී කල්හි “වජ්රාෙසනය මා සතුබවට


1. ඔහු 2. වූහ


214 අමෘතාවහ නම් වු [මිශ්ර කථා

මේ පොළොව දෙසැ”යි ශ්රී හස්තය පෑලූ මාත්ර්යෙකින් සිතක් කටක් නැති මහපොළොව ලව‍ා දෙස් කියවාලන පමණ මහාභාග්යක ඇති ඒ මහතානන්වහන්සේ සරණ- පෙ-යා යුතු.

දෙව්දත්මහතෙරුන් මහාවෛර‍යෙන් තමන්වහන්සේගේ මුදුනට ගල් පෙරළූ කල්හි සිත්පෙවෙත් නැති මහගල්දෙකක් පොළොව බිඳැ ගෙණැ නැගී ඒ හෙන ගල පිළිගන්නා පමණ මහාභාග්ය ඇති සර්ව ඥයන්වහන්සේ- පෙ-යුතු.

177 & 118 උපස්ථානයක් කරන්නවුන් නැති මහවලැ පාරිලීය නම් ඇතු අවුදින් අනඳමහතෙරුන්වහන්සේ කරණ උපස්ථාන හා සම කොට කරණ උපස්ථාන විඳුනා පමණ මහාභාග්යඋ ඇති බුදුන්-පෙ-යුතු.

“විදැ මරාපිම්හ” යි දුනු ඇද ගත්තවුන් සිතියමැ ඇදි දුනු වායන් සේ අතපය නො සොල්වා වැද සිටිනා පමණ කරණ මහාභාග්ය ඇති බුදුන්-පෙ-යායුතු. 119 & 120

ලෞකිකලොකොත්තර සුව තාක් තමන් කෙරෙන් බැහැර නො කොට විඳුනා පමණ මහපින් ඇති බුදුන් -පෙ-යුතු.

මහවැසි වස්නා කල්හි ගඳකිළියක් සමඟව නුවූ කල්හි මුචලිඤ නම් නාගරාජයාගේ පෙණගබ නැමැති රිදීසෙවෙනි ඇති ඔහුගේ දරණවැල නැමැති ඉතා සුදු වූ ගඳකිළී‍ය ඇතුලෙහි වැඩ හිඳිනා පමණ මහාභාග්ය ඇති බුදුන් -පෙ-යුතු. 121

සැරියුත්මහතෙරුන්වහන්සේ වැනි ජ්යෙ ෂ්ඨපුත්ර‍යන් ලද්දා වූ අනඳමහතෙරුන්වහන්සේ වැනි උපස්ථාන කරන්නවුන් ලද්දා වූ, සඞර්මත වැනි ගුරුන් ලද්දා වූ , සර්ව ඥතාඥානයක් වැනි ඥානයක් ලද්දා වූ, බුද්ධත්ව යක් වැනි තනතුරක් ලදුදා වූ , සප්තබොඞ්ය ඞගයන් වැනි සත්රුවන් ලද්දා වූ, නිවණක් වැනි ‍ෙක්මෙපුරයක් ලද්දා වූ , මධ්ය මප්රදතිපත්ති වැනි නිවණට යන මහවතක් ලද්දා වූ , වජ්රා සනයක් වැනි ආසනයක් ලද්දා වූ, ශක්රවයා වැනි සක් පිඹිනා එකකු ලද්දා වූ , මහාබ්රතහ්මයා වැනි කුඩ ගන්නා එකකු ලද්දා වූ , බෝමැඩ වැනි අචල වූ භූමියක් ලද්දා වූ, ශ්රී මහාබෝධියක් වැනි සැතපෙන ගසක් ලද්දා වූ, ද්වාත්රිංිශද්වරමහාපුරුෂලක්ෂාණ වැනි ලක්ෂෙණ ලද්දා වූ, අශීත්යවනුව්ය ඤ්ජන වැනි ව්යාඤ්ජන ලද්දා වූ, දශබල වැනි බලයක් ලද්දා වූ , සමතැස, බුදුඇස, නුවණැස

කාණ්ඩය] බුත්සරණ 215.

මසැස, දිවඇස යන මෙ වැනි පස් ඇසක් ලද්දා වූ, අභිධර්ම වැනි දත යුත්තක් දන්නා වූ, නිරොධසමාපත්ති වැනි සමාපත්තියකට සමවදනා වු, සවාසනක්ලෙශයන් වැනි දුරු කට යුත්තන් දුරු කළා වූ, ශීලය වැනි ආභරණයක් ලද්දා වූ, ජෙතවනවිහාරය වෙළුවනවිහාරය වැනි විහාර ලද්දා වූ , විශාඛාවන් වැනි උපා සිකාවන් ලද්දා වූ, අනේපිඞුමහසිටානන් වැනි උපාසකයන් ලද්දා වූ, දෙව්දත්මහතෙරුන් කෙරෙහි පවා මෛත්රී පතුරුවන පමණ සිතක් ලද්දා වූ, බුදුන් එක ඉඩෙකැ මුත් නො ලබන අසදෘශමහාදානයක් වැනි දානයක් ලද්දා වූ, ධනපාලයා වැනි සිල් රක්නා ඇතුන් ලද්දා වූ, සැරියුත්මහතෙරුන්වහන්සේ වැනි සෙනෙවිරදුන් පද්දා වූ, අනඳමහතෙරුන් වහන්සේ වැනි ධර්මව භාණ්ඩාගාර බලන්නවුන් ලද්දා වූ, මේ සා මහත් වූ භාග්යම ඇති සර්වඩඥයන්වහන්සේ -පෙ-යා යුතු.

128 ලොභ යැ, වෙෂ යැ, මොහ යැ, විපරිතමනස්කාර යැ, අඟි රික යැ, අනොත්තප්ප යැ, කොප යැ, උපනාහ යැ, මකඛ යැ, පලාස යැ, ඊෂ්ර්තප් ‍ යැ , මාත්සය්යමර්‍ යැ , මායා යැ, සාඨෙය්යෂ යැ, ථමහ යැ, සාරමහ යැ, මාන යැ, අතිමාන යැ, මද යැ, ප්ර මාද යැ, තෘෂ්ණා යැ, අවිද්යා යැ, තුන් අකුශලමූල යැ, තුන් දුශ්චරිත යැ, ෂඩ්විධ වූ ක්ලෙශයෝ යැ, තුන් මල යැ, සංඥ යැ, විතකි යැ, ප්රවපඤ්ච යැ, චතුර්විධ විපය්යා, ප ස යැ, ආසව යැ, ග්රයන්ථ යැ, ඔඝ යැ, යොග යැ, සතර අගති යැ, තාෂ්ණා යැ, උපාදාන යැ, පඤ්ච වෙතොඛිල යැ , පඤ්චවිනිබන්ධ් යැ, පඤ්චනීවරණ යැ, අභිනන්ද යැ, ෂඩ්විධ වූ විවාදමූල යැ, ෂඩ්විධ වූ, තෘෂ්ණාකාය යැ, සප්තානුශය යැ, අට්ඨමිච්ඡත්ත යැ, නවතෘෂ්ණාමූල යැ, දශඅකුශලකර්මැපථ යැ, ද්වාෂෂ්ටිමිථ්යා දෘෂ්ටි යැ, අෂ්ටශතතෘෂ්ණාවිචරිත ය යන මේ ආදී වූ ක්ලෙශයන් ද , පඤචමාරයන් ද තමන්ට නැවැතැ පෙරැළී නො සිටිනා පරිද්දෙන් බින්දා වූ මහාබල ඇති සර්ව ඥයන් වහන්සේ -පෙ-යුතු.

123 තමන්ගේ සිතට ඉසුරු වූ ලොකොත්තරධර්ම යක් වැනි ධර්ම යක් ඇත්තා වූ , දෙතෙර මැඩැ ගෙණෑ යන ගඟ වතුරක් සේ සියලු තුන්ලොව මැඩැ ගෙණෑ යන සත්යර වූ ගුණයෙන් ලද්දා වූ කීර්තිඝොෂ ඇති , ලෝවැස්සන්ගේ ඇස් නැමැති නාටකයනට රඟමඬලක් වැනි වූ, ඇස් නැමැති රහසොඬුන්ගේ ආපානභූමියක් වැනි වූ, සියලු සෞන්දැය්ය්ඬුනයට එකනිධානයක් වැනි වූ, සියලු විලාසයට එක ආකාරයක් වැනි වූරූපශ්රීැ ඇති, සියලු තුන්ලොවට ගුරුතැනැ සිටියා වූ සර්වරඥයන් -පෙ-යුතු.


216 අමෘතාවහ නම් වු [මිශ්ර කථා

තවද, “මහමුහුදට වන් ගංහෝදහස්හි දිය ‘මේ, මේ ගඟින් ආ පැනැ’, ‘මේ , මේ ගඟින් ආ පැනැ” යිතෝරන්නා සේ, එක් වැ මිශ්ර’ වැ පියා තුබූ සියලු ධර්ම යන් කෙරෙන් ‘මෙතෙක් දෙන කුශලධර්ම යෝ යැ. මෙ තෙක් දෙන අකුශලධර්මනයෝ යැ. මෙතෙක් දෙන අව්යා කෘතධර්මුයෝ යැ’ යි තේරුවා වූ, චතුරඞ්ග සමන්නාගත වූ මහාඝනාන්ධ කාරයෙහි පරමාණු අසිඳුනා සේ අවිද්යාේ නැමැති අන්ධ කාරයෙන් වසා පියා තුබූ ලොව්හි ‘මේ ස්කන්ධා යැ, මේ ප්ර්තිත්යාසමුත්පාද යැ’ යි මෙසේ විභාග කොට අත්ලෙහි හිරි සේ අනායාසයෙන් දන්නා වූ බුදුන් -පෙ-යුතු.

125 & 128

දිව්යසවිහාර යැ, බ්රාහ්මවිහාර යැ, ආය්ය්කොටවිහාර යැ,කායවිවෙකයැ, චිත්තවිවේක යැ, උපධිවිවේක යැ, ශුන්යිවිමොක්ෂ් යැ, අනිමිත්ත විමොක්ෂව යැ, අප්රකණිහිතවිමොක්ෂි යැ යනාදී වශයෙන් ද, සෙසු ලෞකිකලොකොත්තරවශයෙන් ද සිටියා වූ ධර්මමයන් නිරවශෙෂ යෙන් තමන්ගේ ඥානයෙන් සෙවනය කළා වූ බුදුන් - පෙ - යුතු.

තව ද, සංසාරයෙහි ගමන් නැසූ බුදුන් - පෙ යුතු.

127 තව ද, මහමුහුදැ ගැලුනු හොරුකුසකට වන් පැනක් සේ, මා කී ගුණ යම්තම් දෙයෙකැ. බුදුන්ගේ තුබූ ගුණ මහාසාගරයෙහි ඉතිරි දිය සේ බෙහෙව . මා කී බුදුගුණ හබඇටක් සේ මඳ . තුබූ බුදුගුණ මහමෙර සේ මහතැ. මා වැන්නවුන් තබා දෙවිකෙනෙ කුන් බ්රාමහ්මකෙනෙකුන් මාරකෙනෙකුන් ශක්රනකෙනෙකුන් ශ්රිමණ කෙනෙකුන් බ්රාරහ්මණකෙනෙකුන් ශ්රා්වකකෙනෙකුන් පසේබුදු කෙනෙකුන් තමන් සේ වූ ලොව්තුරාබුදුකෙනෙකුනුත් කපක් මුළුල් ලෙහි කියත් හොත් ලක්ෂනයකුත් කොටියකුත් සමහරකුත් කියා ‍ගෙවා ගත නොහැකි අන්නත වූ බුදුගුණ ඇති බුදුන්- පෙ- යුතු.‍

128

තව ද, සත්දවසක් රහ බී මදයෙන් මත් වැ නෘත්යඇගීතවාද්යය බලබලා හිඳැ වළඟ සිහින් වන පිණිස සත්දවසක් නිරාහාර වැ නටන්නට පටන් ගත් තමන්ගේ ජීවීතයක් වැනි අඹුව රුජාවක් පැහැරැ මළස‍ඳෙහි ඈ කෙරෙහි කළ ශොකයෙන් වියරූ හී තමන් වහන්සේ වැඩ හ්න තැනට හඬා වැදැ ගිය සන්තති මහාඅමාත්ය යන් තමන් වදාළ එකගාථාවෙන් ලෙහි ගත් ශොක නිවා සිටි පියෙහි සිටුවා මැ රහත් කළ, තව ද, තමන් සිත්හි ක්ලෙශයන් තුනී වැ ගිය හෙයින් නොරහත් වැ ද “ අපි රහතුම්” යි සිතා

   කාණ්ඩය]                         බුත්සරණ        		  217.

“ අප රහත්බව කියම්හ” යි තමන්වහන්සේ කරා ආ පන්සියක් දෙනා වහන්සේ රහත් නොවන බව දැන වදාරා “මොවුන් නො රහත්බව මොවුන් ලවා මැ කියවමි”යි අමු‍ෙසාහොනකට යවා වදාරා, ඒ වහන්සේවරුන්දෑ අමඅසොහොන්හි දමාපූ ගෑණු මිනියෙහි කළ රාගයෙන් තමන්වහන්සේවරුන්දැ නොරහත්බව දැනැ “ අප මේ කෙලෙස්අසූචිවළෙහි මැ සිට යැ ගැලවුනුම්හයි සිතුයේ යැ” යි දොම්නස් පත් වූ ස‍ඳෙහි , වැඩැ හුන් ජෙතවනමහා විහාරයෙහි වැඩැ හිඳැ ශ්රී්ශරීරයෙන් රශ්මි විහිදැ උන් අභිමුඛයෙහි හුන්නා සේ පෙණි ගොස් සතරපදයෙන් යුත් ගාථාවක් වදාළ ස‍ඳෙහි මැ ඒ පන්සියයක් දෙනාවහන්සේ රහත් කොට අමා මහනිවන්හි ලූ බුදුන්-පෙ-යුතු.

129

තව ද, “මම රූ ඇත්තෙමි” යි අභිමාන ඇති රූපනන්දි නම් මෙහෙණින්නන්වහන්සේ “ මා බුදුන්වහන්සේ කරා බණ අසන්නට ගිය හොත්, සවුවණක් පිරිස්මධ්යදයෙහි බුදුන්වහන්සේ මාගේ රූපයෙහි ආදීනව වදාළ හොත්, නපුරු” යි සිතා බොහෝ කලක් බණ අසන්නට නො අවුත් , එක් දවසක් තමන්වහන්සේගේ ගුණ අසා “රූපයෙහි ආදීනව වදාරණසේක් වී නම්, එක්දවසක් වදාරණදැ යැ. එක්දවසකට දිරිය කොටත් බුදුන්ගේ බණ අසා පියමි” තමන්වහන්සේ කරා ආ කෙණෙහි ඒ මෙහෙණින්නන් වහන්සේට වඩා ශතසහස්ර්ගුණයෙන් වැඩියා වූ රූප ඇති එක් කුමාරිකාවක මවා , ඒ මෙහෙණින්නන්වහන්සේ “ ලොකයෙහි රූ ඇත්තෙමි සිතුයෙම් මම් මැ යැ. මේ රූපය මට වඩා යහපතැ” යි බලබලා හින්දැ දී මැ ක්ර.මක්රපමයෙන් ඒ රුව ජරාවට පමුණුවා ඉඳුනිල්මිණිරස්කලඹක් සේ තුබූ හිසකෙස් යෞවනය දැවූ සොහොන්හි හස් කොට ලූ හළුරැසක් සේ සුදු කොට , නිල් මහනෙල්මල්පෙතිදෙකක් සේ තුබූ ලවැදූ1 මුවපොල්ලකුගේ දෙඇස් බඳු දැසැ ඇසිපියෙහි 2 රොම වගුරුවා නුවන්හි මඩ ගන්වා, අඩසඳ දෙකක් සේ සම වැ තුබූ කපොලය3 රැළි හෙළා වළ වදවා , පිපී සිටි පියුමක් සේ රත් වැ මනහර වැ තුබූ තුඩෙහි දත් වගුරුවා දෙකොලින්4 කෙළ වගුරුවා , නවයෞවනයට අභි ෂෙකමඞගලයෙහි සරසා තුබූ පුන්කලස දෙකක් වැනි දෙතනය ජරාව එත් එත්, බා හැකිළෙන්නා සේ5 හකුළුවා රෙදිකඩ දෙකක් සේ එල්වා , ඉඳුරා සිටි රන්පිළිමයක් සේ වූ ශරීරය ජරා


1.ලම දැ. (දුටුදේ ඇසැ අසිපියෙහි. 2.මුවපොල්ලකු සේ දෙ ඇසක් සේ . 4. දෙතොළෙන් 3. කපොල යැ. 5. ජරාවට එක්සිත්ව හැකිලෙන්නා සේ .

218 අමෘතාවහ නම් වු [මිශ්ර කථා

භාරය උසුලා ගත නො හී වක ගැසී ගියා සේ වක ගස්වා, ඒ බලත් බලත් , “මෙවෙනි රුවට මිනිසා ජරාවක් වන් කල්හි අප අපට කියන්නේ කිම් දැ?” යි රූමද සිඳී ගොසින් හුන් සමයෙහි තමන්වහන්සේ වදාළ එකගාථාවෙන් ඒ මෙහෙණින්නන් වහන්සේ අමාමහනිවන්හි ලූ, සතුන් හික්මවන සේ දන්නා බුදුන්-පෙ -යුතු.

130

තව ද, තමන්වහන්සේගේ සස්නෙහි මහණ වූ පන්සියක් වහන්සේවරුන්දැ තිස්ස නම් තෙරුන්වහන්සේගේ උපදෙශයෙන් “නිවන් සාධම්හ” යි උත්සාහ කොට නිවන් අත්පත් කට නො හී “අප කුසල් නැති සේ යැ.අප ජාතිදුක්හි හුනු සේ යැ. අප ජරාදුක්හි හුනු සේ යැ. අප මරණදුක්හි හුනු සේ යැ. අප සතරඅපායෙන් නො මිදුනු සේ යැ. මේ නියා ස්වාමිදරුවාන කෙනෙකුත් ලොවට කරුණා කරණ සමයෙහි නො ගැලවී කවරදා ගැලවෙමෝ දැ?” යි සිතා තමන්වහන්සේ කරා ආ සඳැ, එසේ නිවන් නො ලැබ ගත හී හඬහඬා ආ වහන්සේවරුන්දෑට බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අහරක් නෙ‍ා ලදින් හඬා ආ ප්රෙරතයන් කටැ චතුමධුර නමන්නා සේ , සතරපදයෙන් යුක්ත වූ එක ගාථාවක් ඔවුන් කණැ වකා හුනස්නෙහී මැ හිඳුවා රහත් කොට අමාමහනිවන්හි ලූ බුදුන් -පෙ-යුතු.

131 & 132

තව ද, තමන්වහන්සේ කෙරෙන් කමටහන් ගත්තා වූ බොහෝ වහන්සේවරුන්දැ උගත් කමටහනින් ගුණවිශෙෂයක් උපදවා ගත නොහී , තව ද, “ මේ කමටහන් සකස් කොට ඉගෙණැ ගණූම්හ” යි වැඩැ හුන් විහාරයට අවුදින් වන් විටැ මැ වස්නට පටන් ගත් වැසිදියෙහි දියබබුලු බිදිබිඳී නැති වන්නා දැකැ “මේ සතුන්ගේ ආත්මභාවයත් මෙසේ මැ අස්ථීර යැ”යි සිතූ කෙණෙහි මැ, වැඩැ හුන් ගඳකිළියෙහි හිඳැ මැ රස් විහිදැ ඔවුන් අභිමුඛයෙහි හුන්නා සේ පෙණී වදාළ එකගාථාවෙන් එ තෙක් මහණූන්වහන්සේ අමාමහනිවන්හි ලූ බුදුන් -පෙ-යුතු. තව ද, එරනපත්නනාගරාජයා ගේ සමාගමයෙහි වදාළ එකගාථාවක් සුවාසූදහසක් ප්රාජණීන් අමාමහනිවන්හි ලූ බුදුන් - පෙ-යුතු. තව ද, තමන්වහන්සේ වසන ජෙතවනවිහාරයට නුදුරු තන්හි උපස්ථෘනශාලාවෙහි උන් පන්සියයක් දෙන‍ාවහන්සේ ‍ “ලොවැ සුව නම් කිම් දෝ ? හො”යි ඔවුනොවුන් හා බැණැ, සමහරුන් “සිතට ආවක් සිතා,තුඩට ආවක් බැණැ, ‘කරම්හය’ යි සිතුවක් කොට , කී යම් බපුරු බසකටත් කළ යම් නො කට


 කාණ්ඩය]                         බුත්සරණ        		  219.

යුත්තකටත් ගැත්තවුන් නළවන්නට කරණ කයිවාරු1 අසා රජ කරණ බව සුව යැ” යි කී කල්හි , සමහරුන් “කැමැති ආහාරයක් කා යෙහෙන් නිදනබව සුව යැ”යි යනාදීන් “සසර දුක් සුව යැ” යි යන බස් තමන්වහන්සේ දිවකණින් අසා “මා සේ වූ බුදුකෙනෙකුන් වසන විහාරයට නුදුරු2 තන්හි හිඳැ මේ මහණුන් “සසරදුක් සුව යැ’යි ගන්නාබව ඉතා නො කට යුත්තෙකැ”යි සිතා මහාකරුණායෙන් එතනට වැඩ “මහණෙනි, කවර කථා‍යෙකින් හුන්නා දැ?” යි විචාරා “රජ කිරීම සුව යැ. ආහාර අනුභව කොට නිදීම සුව යැ” යනාදීන් ‍‍‍‍‍ මෙබඳු මෙබඳු කථායෙන් යුනුම්හ” යි කී කල්හි “මහණෙනි, ‍ෙම් සුව නම් නො වෙයි. මේ හැම තොප කී සුව සතර අපායෙහි දුඃඛයට කාරණ යැ. ‘සුව නම් මේ යැ’යි මා අතින් අසව”යි වදාරා “ලොකයෙහි සුව නම් බුදුන් උපදනාබව යැ. දෙවෙනි වැ ඔවුන්ගේ බණ අසනබව යැ”යනාදීන් අ මාමහනිවණටකාරණවූ සුව වදාරත් වදාරත් ඒ පන්සියයක් මහණුන්වහන්සේවරුන්දැ හුන් තැනැ මැ හිඳැ රහත් වැ අමාමහ නියන් වදනට කාරණ වූ බුදුන්-පෙ-යුතු.

134

තව ද, බරණැස්නුවර වඩනා මහැ එක්තරා දෙවොලෙක්හි බොහෝ සඟුරුවන් පිරිවරා අනූපම වූ බුඞවිලාශයෙන් දිලිහිටිලිහී වැඩැ හිඳැ ඇළයෙහි වැඩැ සිටි අනඳමහතෙරුන්වහන්සේ කැඳවා “ආනන්ද ය, තෙල බමුණා මෙතනට කැඳවා ලව”යි කියා එතැන්හි සී සානා බමුණකු කැඳවා වදාරා , ඔහු අවුත් තමන්වහන්සේ නො වැඳැ ඒ බිමැ වැඳැලා සිටි කල්හි “තා කළ සේ යහපතැ” යි වදාරා, තමන්වහන්සේ පිරිවරා වැඩැ හුන් වහන්සේවරුන්ද “බමුණා බිමැ වැඳැ ලූවාට යහපතැයි වදාළේ කුමකට දෝ හො?”යි විචාළ කල්හි “මහණෙනි, මේ බමුණා වැන්දේ ලාමකතැනෙක් නො වෙයි. මා සේ මැ ස්වාසනසර්ව කෙලශයන් නසා බුදු වූ කසුබු සම්මාසම්බුදුන්ගේ ධාතු පිහිටිවූ යොදනක් පමණ උස රන් දාගැබ මෙතැනැ යැ” යි වදාරා , බොහෝදෙනාගේ සැක දුරු කරණ පිණිස ශ්රීතහස්තය බිමට දිගු කොට “දාගබ පැන නැගේව”යි අධිෂ්ඨාන කළ ස‍ඳෙහි මැ, තමන්වහන්සේ වදාළ බසට දෙස් කියන්නට නැ‍ඟෙන්නා සේ දාගැබ පැනැ නැඟී ආකාශයෙහි සෘඬියෙන් සිටි සමයෙහි ඒ දාගැබ පෑ ලා “පූජා කට යුත්තන්ට පූජා කිරීමෙහි කුසල් මෙතැකැයි කියා ගෙවා ගත නො හැක්කැ” යනාදීන් බණ වදාරා ඒ බමුණා හා සමඟ සුවාසූදහසක් ප්රා ණීන් අමාමහනිවන්හි ලූ බුදුන් - පෙ-යුතු.


1.කෛවාරු 2.නොදුරු 3.දොලෙක්හ

220. අමෘතාවහ නම් වූ [මිශ්රූ කථා

තව ද, පඤ්චගාලා නම් බමුණුගම සිඟා වැඩැ , මරහු. ඒ නම ඇත්තවූන් ඇඟ ආවිෂ්ට වැ ගෙණැ සිඟා වැඩි තමන් වහන්සේට අහර ඇවිස්සැ1 නුදුන් කල්හි, පෙරැළී වඩනා සමයෙහි “දියකෙළි කෙළනටයැ” යි කියා පන්සියයක් කුමාරිකාවන් අවුදින් තමන්වහන්සේ දැකැ එකත්පස් වැ සිටි සමයෙහි මරහු අවුදින් “හැයි, අහරක් ලද්දේ ඇද්ද?” යි විචාළ කලැ, ඔහු හැඳිනැ “හැයි ! පාපිෂ්ඨය , තෝ අප අහරක් ලබන පරිද්දෙන් කෙළෙහි ද?” යි විචාරා වදාරා , මරහු “ ආදී ගමට වන් කලැ නම් ඇත්තවුන් ලවා උසුළු පෑවෙමි. මෙපිටැ නළවා2 ගමැ ලා ගෙණැ නොයෙක් විප්රඋකාර කරවමි” යි සිතා “වහන්ස, මෙවිටැ වූ කලි බත් දෙවමි. ගමට වඩනේ යැ” යි කී කල්හි ඔහු සිතැ ඇත්ත දැනැ “පාපිෂ්ඨය, අද අපට අහරින් ප්රහයෝජන නැතැයි, කිසි ආහාරයක් නො කා ද , මහාබ්ර හ්මයන් ධ්යා නසුවයෙන් දවස් යවන්නා සේ, අද අපි නිවන් අරමුණු කොට පවත්නා වූ ප්රී ති සුඛයෙන් මැ දවස් යවම්හ”යි වදාළ බණින් එතනට ආ පන්සියයක් කුමාරිකාවන් අමාමහනිවන්හි ලා ලූ බුදුන් - පෙ- යුතු. 126

තව ද, තමන්වහන්සේ වෙදියපර්වාතයෙහි ඉන්ර් ශාල නම් ගුහාවෙහි වැඩැ වසන කල්හි පඤ්චපූර්වයනිමිත්ත දැකැ දෙව්ලොවින් සැවැ තමා තරකයෙහි හෙන සේ දැක “ අනික් මට සර‍ෙණක් නැත. දුක්පතුන්ට ශරණ වූ තිලෝගුරු සම්මාසම්බුදුන්වහන්සේ කරා යෙමි” යි දෙදෙව්ලොවැ දෙවතාවන් පිරිවරා අවුත් බුදුන් කෙරෙහි කළ ගෞරවයෙන් මීරණහයින් යහපත් වැ යුහු වැ ගොස් වැඳැ තො ගොසින් , පඤ්චශිඛයා යවා අවකාශ ඉල්වා “එන්ට කියව” යි වදාළ කල්හි , දෙදෙව්ලොවැ දෙවතාවන් හා සමඟ එකහැඳපලක් සා ලෙනට වැද, එහි සැරැසී සිටැ, ශක්ර යා විචාළ ප්ර ශ්න වදාරා, වැද ගෙණැ හොත්තවුන් මැ මළසදැ, අතීතයෙහි ඔහු විසින් පස්වරු පිදූ මලෙකැ පැනිත්තක් ඉසැලූ කුශලයක් එකෙණෙහි ආවජර්නාා කොට “ආයු බොහෝ ව”යි වදාළ බස් මාත්‍ ෙයකින් ඕහට තුන්කෙළසැට ලක්ෂආයක් හවුරුද්දට ආයු දී, එතැන්හි වදාළ බණින් ශක්රළයා හා සමඟ තුදුස්කෙළක් ප්රා්ණීන්ට අමාමහනිවන් දුන් බුදුන් - පෙ- යුතු


1. සේවිය. 2.නළවාලා ගෙන



 කාණ්ඩය]                         බුත්සරණ        		  221.

තව ද, තමන්වහන්සේ බොහෝසඟුරුවන් පිරිවරා සාකෙත නම් නුවර පිඬු සිඟා වන් සමයෙහි, ඒ නුවරැ බමුණා තමන් වහන්සේ දැකැ පාපිටැ හී හඦා තෙණැ “හැයි පුතඞ, මෙතෙක්දා මා හැරැ කොයි ගියෝ ද? ගෙට වරෝ යැ” යි . මාගේ ගෙට වඩා ගොස් ආසනයෙහි හිඳුවා “තී පුතනුවන් බල !” යි තමා අඹුබැමිණිය කැඳවූ කල්හි , ඈත් අවුදින් එසේ මැ හඬා ගෙණැ හී තමාගේ දුන් පුතුන් කැඳවා “තොපගේ කුසෙහි හොත්තවූන් වඳුව ”යි තමන්වහන්සේ වැඳැවූ කලැ, එය ද ගිවිසැ වැඩැ හිඳැ බණ වදාරා බමුණූ හා බැමිණිය හා අනාගාමී කොට, ධර්මස සභාවෙහි වැඩැහුන්සඟුරුවන් “අපගේ ස්වාමිදරුවන් සුධොදන රජ්ජුරුවන් නිසා මහාමායාදෙවින් කුසින් උපන්බව මුළුලොව දනුත්, මේ බමුණා හා බැමිණීය හා ‘පුතා’යි කියන කලැ වැඩැ හිඳිනේ කුමක් පිණීස දෝ හො?” යි කථා කළ කලැ “මහණෙනි, එසේ නො කියව. මේ බමුණු බැමිණි දෙදෙනකු ‘පුතු’යි කියේ තමන්ගේ පුතුන්ටමැ යැ. මොහු දෙදෙනා පන්සියක් ජාතියෙහිමැ මා වැදු මවුපියෝ යැ පන්සියක් ජාතියෙහි කුඩාමවුපියෝ යැ. පන්සියක් ජාගියෙහි මහලු මවුපියෝ යැ. එහෙයින් එක්දහසක් පන්සියක් ජාතියෙහි මම මොවුන් අත්ලෙහි වැඩි පුත්මි”යි බණ වදාරා ඒ දෙදෙනා කාලාන්තරයෙකින් රහත් වැ මළ කල්හි ඔවුන්ගේ කුරාල1 පසුපස්සේ සොහොන් බිමට වැඩැ ආසනයෙහි ශාලායෙක්හි වැඩැ සිටැ එතැනට රැස් වූ මහා ජනයා “ස්වාමීනී, නුඹගේ මවුපියන් මළ ශෝක නො කරණ සේක් නු?” යි කි කල්හි එතන්හි වැඩැ සිටැ සියලු සංස්කාර ධර්ම යන් අනිත්ය බව හඟවා වදාළ බණින් සුවාසූදහසක් ප්රාාණීන් අමාමහ නිවන්හි ලා ලූ බුදුන් - පෙ - යුතු.

138

තව ද, තමන්වහන්සේ ගිජ්ඣකූටපර්වපතයෙහි වසන සමයෙහි රජගහනුවරැ සිටක්හුගේ මිඩියක කුඩුකැවුමක් පලහා ගිණැ තබා ගෙණැ අතරමඟැ දී කන්නට ගෙණැ යන සමයෙහි , තමන් වහන්සේ අනඳමහතෙරුන්වහන්සේ හා සමඟ එ මැ මහට වැඩැ , තමන්වහන්සේ දුටු ඒ මිඩිය “ පෙරැ බුදුන්වහන්සේ දුටු කලෙකැ මා අතැ කිසිවක් සමඟව නො වෙයි. අද බුදුන්වහන්සේත් දිටිමි. මා අතත් මේ කුඩුකැවුම තුබුයේ වේ. මේ පිළිගත යහපතැ” යි තමන්වහන්සේ සිටි තැනට එළැඹි සමයෙහි “මම තිලෝගුරු සර්ව ඥයෙමි. ශක්ර දෙවෙන්ර් යා පවා මාගේ සව්- වන්ගේ පාත්රෝයෙහි දිව අහරපිළිගන්වා ගත නො හී වෙහෙසෙයි.


1.කුරලා


222. අමෘතාවහ නම් වූ [මිශ්රව කථා

මිඩිය එකුරුත්තෙන්1 ගෙණැ කුඩුකැවුම මාගේ පාත්රවයෙන් පිළිගණිම් දැ? යි නො සිතා වදාරා “ මා දීපඞකරපාදමූලයෙහි අතට පත් නිවන් හැරැ සසරට වැදැ හිස් කපා දුන්නේ, ඇස් උපුටා දුන්නේ, තෙලියත්හි පෙළී ලේ දුන්නේ, කියතින් ලියා මස් දුන්නේ , අඹුදරුවන් දුන්නේ , සාරාසංඛ්ය කප්ලක්ෂ යක් මුළුල්ලෙහි මහදුක් ගත්තේ මෑ පිණිස වේ දැ?”යි සිතා අනඳමහ තෙරුන්වහන්සේ අතින් පාත්ර ය හැරැ ගෙණැ කැවුම් පිළිගෙණැ වදාළසේකැ. “මට අනුග්ර හ පිණිස පිළිගත්බව මුත් මෙ නපුරු අහර වළඳන සේක් දැ?”යි ඈ සිතූ ස‍ඳෙහි ඇගේ සැක දුරු කොට එතැන්හි දීමැ වළඳා බණ වදාරා තමන්වහන්සේ වැළඳූ කුඩට ඈ ලවා අමාමහනිවන් වැළැඳවූ බුදුන් - පෙ -යුතු.

139

තව ද, අතුල නම් උපාසකයක්හු පන්සියයක් උපාසකයන් පිරිවරා රෙවතමහතෙරුන්වහන්සේ කරා බණ අසන්නට ගොස් ඔබ භාවනායෙහි වැඩැ හිඳැ නො බිණුයෙහින් “ මේ වහන්සේ මුයෙන් නො බණනදැ යැ”යි රැහැණි වැ, සැරියුත්මහතෙරුන් වහන්සේ කරා ගොසින් ඔබ බොහෝ කොට විජම්බණ කී හෙයින් “මේ වහන්සේ බොහෝ කොට බණ වදාරණදැ යැ’යි නො සතුටුවැ අනඳමහතෙරුන්වහන්සේ කරා ගොසින් “ඔබ මඳ කොට බණ කීව” යි නො සතුටු වැ, තමන්වහන්සේ කරා ගිය සමයෙහි ඔවුන් සිත් ගෙණැ වදාළ බණීන් සිටියෙහි මැ ඒ උපාසකවරුන් පන්සියක්දෙනාට හා අතුල නම් උපාසකයන්ට හා අමාමහ නිවන් දුන් අනුන් සිත් ගෙණැ බණ කියන සේ දන්නා බුදුන් - පෙ- යුතු. 140

තව ද, එක්සමයෙක්හි තමන්වහන්සේ සැවැත්නුවරැ උතුරු දොරගම්හි සිඟා වැඩැ සඟුරුවන් පිරිවරා අතරමඟැ වඩිමින් සිටැ බිළී බහන වැද්දකු තමන්වහන්සේ දැකැ බිළිය සඟවා සිටි සමයෙහි එතැන්හි වැඩැ සිටැ තමන්වහන්සේගේ පරිවාර භික්ෂුසන් වහන්සේ “ තෙපි කිනම්මු දැ?” යි විචාරා වදාරා , ඒ වහන්සේ වරුන්දැ “අපගේ නම් දැනැ දැනැ අප විචාරා වදාරන්නේ කිසි කාරණයක් පිණිස යැ” යි තමන්වහන්සේවරුන්දෑගේ නම් වෙන වෙන මැ කී කල්හි බිළීවැද්දා කැඳවා “ තෝ කිනම්හි දැ?” යි විචාරා වදාරා ‘මම ආරියනම්’යි කීකල්හි ‘ප්රා?ණවධ කරන්නෝ ආරිය නම් නො වෙති . යමෙක් ප්රාිණවධයෙන් දුරු වී නම්, ආරිය නම් වන්නේ ඒ යැ” යි වදාළ බණින් බිළිවැද්දා සෝවාන් කොට අමාමහනිවන් දැක්වූ බුදුන් -පෙ-යුතු.

			1.එකුරැත්තෙන්.
   කාණ්ඩය]                         බුත්සරණ        		  223.

141 & 142 තව ද, එක්සමයෙක්හි තමන්වහන්සේ ජනපදවාරිකාවෙහි වැඩැ නැවැතැ සැවැත්නුවරට වැඩි සමයෙහි පන්සියක්දෙනා වහන්සේවරුන් එක්තැනක්හි හිඳැ “ අසවල්ගමට යන මඟ සුව යැ. අසවල්ගමට යන මඟැ සුව යැ” යි කියා කථා කරණ සමයෙහි තමන්වහන්සේ එතනට වැඩ “මහණෙනි, ගමින් ගමට යන්නා වූ මඟ නො වෙයි සුව. මේ ලොකයෙහි සුව නම් නිවනුපුරයට වදනා මඟ යැ” යි වදාළ බණීන් ඒ පන්සියක් දෙනා වහන්සේ සියලු කෙලෙසුන් ගෙවා රහත් කොට අමාමහනිවන්හි ලා ලූ බුදුන් -පෙ-යුතු.

තව ද, තමන්වහන්සේ අතින් කමටහන් ගෙණෑ වලට ගොස් ගුණයක් නො ලදිත් නැවැතැ තමන්වහන්සේ කරා ආ පන්සියක් දෙනාවහන්සේ දැකැ ඔබ‍ෙග් අදහස් බලා

“සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති, අථ නිබ්බින්දංතී දුකෙඛ එය මගෙග‍ා විසුද්ධියා”යි

කියා වදාළ සතරපදගාථාවෙන් ඔවුන්පන්සියක් දෙනාවහන්සේ රහත් කොට අමාමහනිවන් දැක්වූ බුදුන් -පෙ -යුතු.

148 & 144 තව ද, තමන්වහන්සේගේ අගසවු වූ සැරියත්මහතෙරුන් වහන්සේ තමන්වහන්සේ කෙරෙහි මහණ වූ එකකුහට සාරමසක් මුළුල්ලෙහි කමටහන් කියා අමාමහනිවන් දක්වා ගත නො හී, තමන්වහන්සේ කරා ගෙණැ ගොසින් එපවත් දැන්වූ කල්හි “තා සාරමසක් මුළුල්ලෙහි ගෙණැ වෙහෙසුනු තැනැත්තහු අද මේ තිස්පැය ඇතුළත මා රහත් කරණ නියා බලව”යි වදාරා ඕහට පියුමක් මවා දී, ඔහු ඒ පියුම බලබලා සතරවන ධ්යා න ඉපදවූ කල්හි , නැවැතැ ඒ පියුම තමන්වහන්සේගේ අධිෂ්ඨානබලයෙන් මලා ගිය කල්හි , මලා ගිය පයුම දුටු ඒ වහන්සේ “ අනිත්යට ය, දුඃඛ යැ, අනාත්ම යැ” යි සිතූ කල්හි තමන්වහන්සේ එතනට වහල් වැ වදාළ එක ගාථායෙන් ඒ වහන්සේ රහත් කළ බුදුන් - පෙ-යුතු.

තව ද, කොසොල්රජුජුරුවන්ගේ අග්ර්පුරෝහිත වූ අග්ගිදත්ත නම් බ්රා හ්මණයා තාපසප්ර ව්ර‍ජ්යාිවෙන් පැවිදි වැ තම‍ාගේ තාපස යන්ට “පර්වමත ශරණ යව. වන ශරණ යව” යි යනාදී අධර්ම‍යට උපදෙශ කරණ සමයෙහි කරුණායෙන් එතනට වැඩ වදාළ ගාථා තුණින් ඒ තාපසයන් දහසක් දෙනා සිවුපිළිසිඹියා පත් රහත් කළ බුදුන් -පෙ- යුතු. 224. අමෘතාවහ නම් වූ [මිශ්රු කථා

145

තව ද, සුමේධතාපසකාලයෙහි අත්පත් නිවන් හැරැ දීපඞකරසම්යුක්සම්බුද්ධයන්වහන්සේගේ ශ්රී පාදයෙහි විවරණ පතුල් ලදින්, බුදුන්වහන්සේ ප්ර ධාන කොට ඇත්තා වූ සියලුලොව තමන්වහන්සේගේ ගුණයෙහි පැහැදැ, තමන්වහන්සේට පූජා කළ මල්ඇතිරිය මත්තෙහි වැඩැ හිඳැ , බුදුබව සාධා දෙන්නා වූ ධර්ම යන් සොයා , දානපාරමිතා යැ, ශීලපාරමිතා යැ, තෛෂ්ක්රමම්යස පාරමිතා යැ, ප්ර ඥාපාරමිතා යැ, වීය්ය්යල පාරමිතා යැ,ක්ෂා න්තීපාර මිත‍ා යැ, සත්යිපාරමිතා යැ, අධිෂ්ඨානපාරමිතා යැ, මෛත්රීයපාර මිතා යැ, උපෙක්ෂාැපාරමිතා යැ යන දශවිධපාරමිතාවන් දැකැ වදාරා, ඔවුන් මැ ශරීරයට හානියක් කොට ද නො නැසූ තන්හි උපපාරමිතාව හා, ජීවිතයට හානියක් කොට ද නො නසා පිරු තන්හි පරමාත්ථඔපාරමිතාව හා යි මෙසේ සමතිස්පැරුම් දැකැ වදාරා, තව ද, අඞගපරිත්යා ගාදී වූ පඤ්චමහාපරිත්යාදග හා, නෑයන්ට වැඩ කිරීම් ආදී වූ තුන් අත්ච්සේ ය්යාෛෂ් ව හා දැකැ වදාරා, එතැන් පටන් සාරාසංඛ්ය කල්පලක්ෂඞයක් මුළුල්ලෙහි හිස ගිනි ගත් එකක්හු ඒ ගිනි නිවන්නට කරණ යත්නයක් සේ , මහවතුරෙහි හුනු එකක්හු ඒ වතුරෙන් පිහිනා ගොඩ දක්නට කරණ යත්න යක් සේ , සතුරන් අතැ හුනු එකක්හු ඔවුන් අතින් ගැලැවී ගන්නට කරණ යත්නයක් සේ , ගිනිවළෙක්හි හුනු එකක්හු ඒ වළින් පැනැ නැගෙන්නට කරණ යත්නයක් සේ , මහාඋත්සාහ යෙන් මහාපරාක්ර මයෙන් ‘අඹුවෝ යැ’යි නො සිතා , ‘දරුවෝ යැ’යි නො සිතා, ‘රාජ්ය් යැ’ යි නො සිතා, ‘ඇස යැ’ යි නො සිතා, ‘මස් යැ’යි නො සිතා , ‘හිස යැ’යි නො සිතා, ‘ලෙහෙ යැ’යි නො සිතා , ‘ජීවිත යැ’යි නො සිතා , ‘මුළුලොව මෙ සසරදුකින් කවරදා ගලවම් දෝ? හො!’ යි යන සිතින් එක දවසක් කරණ යත්නයක් සේ, එකපැයක් කරණ යත්නයක් සේ මහායත්න කොට, වෙසතුරු අත්බව පැමිණැ, සත් ඉඩෙක්හි මහපොළොව කම්පා කොට මහදන් දී, එයින් සැවැ තුසීපුරයෙහි ඉපැදැ එහි සත්පණස් කෙළ සැටලක්ෂමයක් හවුරුදු දිව්යැශ්රීි අන්භව කොට, අන්තයෙහි දස දහසක් සක්වළැ දිව්ය බ්රවහ්මයන් අවුදින් “කාලො යං තෙ මහා

වීර”  යනාදීන්  ආරාධනා  කළ කල්හි  පඤ්චමහාවිලොකනය  කොට

බුදු වන කල් බව දැනැ වදාරා, චිත්ර්කූටපර්වොතයෙන් අවුත් රත්පියුම් ගබකට වදනා රාජහංසයක්හු සේ මහාමායාදේවීන් වහන්සේගේ කුසැ පිළිසිඳැ ගෙණැ දසමසක් මුළුල්ලෙහි රන්කරඬුවෙක්හි බහාලු දැරඟමැණිකක් සේ එකුස්හි වැස, ලුම්බිනිවනයෙහි දී ප්රටසව වැ, එකුන්තිස්හවුරුද්දක් පඤ්චකාමසුව අනුභව කොට, බ්රකහ්මයන් එළවූ ජරාරුවෙක, ව්යාාධිරුවෙකැ යනාදී සතර පූර්වරනිමිත්ත දැකැ


   කාණ්ඩය]                         බුත්සරණ        		  225.

වදාරා පඤ්චකාමයෙහි ආදීනව හා මහණ වීමෙහි අනුසස් හා දැකැ වදාරා, රාහුලකුමාරයන් වැනි පුත්රුවනක් උපන් දවස් ඒ පුරුදු වූ කුමාරයන්ගේ මොළොක් වූ සිහිල් වූ ශරීරයෙන් පහස් තමන්වහන්සේගේ ලයට හෙල්මැලිකලඹ නො කොට, ඡන්න නම් අමාත්ය යා හා ‍කැටි වැ කන්ථ්ක නම් අශ්වයා නැඟී තුන් රාජ්ය යක් ඉක්මැ අනොමානදීතීරයෙහි මහණ වැ, සහවුරුද්දක් මහාවීය්ය්ත්ය කොට, ඒ වීය්ය්හණ යෙන් නිවන් සාධා ගත නො හී, ඖදාරික ආහාර අනුභව කිරීමෙන් ශරීරයෙහි බල ගන්වා වෙසක්මසැ මැදි පොහෝදවස් සුජාතාවන් දුන් කිරිපිඬු පිළිගෙණැ නෙරඤ්ජරා නදීතීරයෙහි දී වළඳා ,සල්වෙනෙහි දිවාවිහාර කොට , සවස්වේලෙහි මහබෝමැඩ වජ්රාළසනයට නැඟී, සියලු දිව්යඤබ්රසහ්මයන් නොයෙක් පූජා ගෙණැ පිරිවරා ගත් සමයෙහි එ දෙව්පිරිස ලුහුබඳවා ගෙණැ දිවූ ඝොර වූ මාරසෙන‍ාව කෙශරසිංහරාජයක්හු දුටු කැණහිල් ‍ බලු රැසක් සේ ලුහුබඳවා, පළමුවන යමැ පූර්වෙ නිවාසානුසමාතිඥාන ලදින් , මධ්යසමයාමයෙහි දිවඇස් ශුද්ධ කොට, පශ්චිමයාමයෙහි දෙ‍ාළොස් අඞගයකින් යුක්ත වූ ප්ර තීත්යධසමුත්පාදය මහමතෙකින් මහාසාගරය අලළන්නා සේ ආදියෙහි සිටැ අන්තයට, අන්තයෙහි සිටැ ආදියට , මැදැ සිටැ දෙකෙළවරට අලළා වැදැ විමසා, සෝවාන් මඟ ලදින් සෝවාන්ඵල ලදින් , සකෘදාගාමී මඟ ලදින්, සකෘදාගාමී ඵල ලදින් , අනාගාමීමඟ ලදින් අනාගාමිඵල ලදින් , රහත්මඟ ලදින්, රහත්ඵල ලබන විටැ මැ එකොළොස්දහස්පන්සියයක් ගඞගා වැදැ පිරීගිය මහමුහුදක් සේ අනත්තාපය්ය්සියන්ත සියලු බුදු ගු‍ෙණන් පිරී ඉතිරැ ගොස් “ අනෙකජාතිසංසාරං”‍ යනාදීන් උදත් අනා වදාරා තමන්වහන්සේ වැඩහුන් වජ්රා සනය බලා වදාරා-

“ මෙ පලඟ පිණිස සහ‍ෙවාටුනු හිස් මා අතැ කඩුවෙන් මා මැ කපා දුන් කල් ගණන් නැත. පස්පෑ දිස්නා ඇස් උපුටා දුන් කල් තණන් මම නො දන්මි. ලය පළාලියා හදවත දී ලා වැටී හී ඒ සතුටින් වැහෙන සතුටුකඳුළෙන් නුවන් තෙත් කොට සුව මරණ 1 මළ ජාති මෙතෙකැයි නො දන්මි. ජාලිකුමාරයන් වැනි පුත්රුවන් කෘෂෟණාජිනාවන් වැනි දුරුවන් මද්රි දෙවින් වැනි අඹුරුවන යාචකයන්ට දීලා , තමාගේ සතුරන් බැඳැ ගෙණැ අවුත් චණ්ඩාලයන්ට ගැති කොට දී පියා2 සතුටු වැ හිඳිනා සේ සිටී, ජාති ගණන් හොත්, මා පිරිනිවන් පානා තුරු දු එ මැ ගැණැ නිමවා ගත නො හැක්ක‍ා . එහෙයින් මෙ තෙක් දුක් ගැණැ‍ මා ලත් පලඟ නො හරිම්”යි-


1. සුවමරණින්-ථූපවංස 2.ත්යාිග දී සී පියා


226. අමෘතාවහ නම් වූ [මිශ්ර කථා

සත්දවසක් මුළුල්ලෙහි එහි මැ වැඩැ හිඳැ නිවන්සුව අනුභව කොට සමහර දෙවිකෙනෙකුන් “තව ස්වාමිදරුවන් බෝමැඬැ මැ වැඩැ හිඳිනේ කළ මනා කටයුත්තක් ඇති හෙයින් වනැ යි සිතූ කල්හි , තමන් සියලු කටයුතු නිමවූබව හඟවා ආකාශයට පැනැ නැගී ‘ බුදුකෙනෙකුන් මුත් අනික් දෙවියකු මරකු මඹකු කොට ගත නො හැකි යමාමහපෙළහර කෙරෙමි’ යි සිතා වදාරා, සියලු ශරීරයෙහි නවානූදහසක් රොමකූපයන් මුළුල්ලෙන් හා සියලු හිසකෙහෙයෙන් ඇගින් නහඹතල්කඳක් සා ගිනිකඳක්, නාඹ තල්කඳක් සා දියකඳත් , ගිනිකඳ හුනු තැනින් දියකඳ, දියකඳ හුනු තැනින් ගිනිකඳක් ද හෙළමින් , දෙඇසින් දෙබැමයෙන් දෙනාසාපුටයෙන් දෙකන්සොරොව්‍ වෙන් දෙදසරුවෙන් දෙතන පුඩුයෙන් ශ්රී්හස්තදෙකැ දසඇඟිල්ලෙන් ශ්රීෙපාදදෙකැ දසඇඟිල්ලෙන් එකි එකී තැනින් ගිනිකඳ එකි එකී තැනින් දියකඳහෙළමින් යමාමහපෙළහර දක්වා දෙවියන්ගේ සැක දුරු කොට,

“වශවර්තිමාරයා දිවැ ගෙණැ ආ කලැ සියලු දෙවියන් මඹුන් බිඳී යාදී මා හැරැ නො ගියා වූ මේ බොධිවෘක්ෂ යට දෙවියන් ගේ පරසතුගස සලා අසුරයන්ගේ පළමුගස සලා අනන්ත මල් පුදත් පොහොසත්මි. මහාසමුද්ර යෙහි දියකඳ බිඳැ පියා සත්රුවන් උකා ගෙණැ මුළුපොළොවැ අතුටැ පුදත් පොහොසත්මි. එක්ලක්ෂ අටසැටදහසක් යොදුන් මහමෙර පුලුන්පෙදක් සේ පෙරළා පියා යටින් සත්රුවන්වැලි හැරැ ගෙණැ මේ රුක්මුල පටන් ගෙණැ සක්වළගළ දක්වා අතුටැ ලත් පොහොසත්මි. මේ හැම මෙයට සුදුසු පූජා නම් නො වෙයි. මට සර්වමඥතාඥාන නමැති ඇස් සාධා දුන් මේ බොධිරුකට මාගේ ඇසින් මැ පූජා කෙරෙමි”යි-

සත්දවසක් මුළුල්ලෙහි දෙඇස නො පියා එයින් නික්මෙන පස්වණක් පැහැයෙන් බොධිපූජා කොට , නැවත රුවන්සක්මන මවා එහි සක්මන් කොට සත්දවසක් යවා, සතරවන සතියෙහි දෙවියන් මැවූ රුවන්ගෙහි වැඩැ හිඳැ අභිධර්මවපිටකය නානානය වශයෙන් පරීක්ෂාව කොට, පස්වන සතියෙහි අජපාලනිග්රොකධමූල යෙහි අමාමහනිවන්රස වළඳමින් වැජහිඳැ, තමන්ගේ පියමරහටවූ පරිභව පහ කරණු පිණිස වෙන වෙන සසියක් රූ මවා ගෙණැ ආවා වූ මාරස්ත්රීින් තුන්දෙනා මැවූ ඇසක් ඇත්තවුන් කණක් ඇත්තවුන් සිතක් ඇත්තවුන් නො බලා නො අසා නො සිතා හිඳැ පියැ නො හැකි ඒ සියලු ලීලායෙන් යුක්ත වූ ඒ රූ “අසූචි වළෙක්හි කුහුල්1 දෙන පණුවන්ගේ රූ කොටත් නො සිතා වදාරා


1.කුලුල්. කුඹුල් & ගුගුල් - සමහර

   කාණ්ඩය]                         බුත්සරණ        		  227.

සවනසතියෙහි මුචලින්දසයට වැඩැ සත්දවසක් බැඳැ ගෙණැ වස්නා වැස්සෙහි රිදීඋළුයෙන් බැඳි ගෙඩියෙක්හි වැඩැ හිඳිනා සේ මුචලින්දර නම් නාගරාජයාගේ දරණගැබ වැඩැ හිඳැ එයින් නික්මැ කිරිපලුගසැ මුලැ නවනීලමෙඝකූටයක් යට‍ දිලිසෙන පුන්සඳක් සේ සතියක් වැඩැ හිඳැ මෙසේ සත්සතිය යවා, බුදු වූ දවසට එකුන්පණස් වැනි දවස් ශ්රිකයා ගෙණා නාලියදැවුටු වළඳා, තපස්සු භල්ලුක දෙදෙනා දුන් මිහිපිඬු, සතරවරම්මහරජදරුවන් එළවූ මුංවන්ගල්පාත්රල සතර තමන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් එක් කොට , එයින් පිළිගෙණැ වළඳා , ඒ දෙදෙනා බුත්සරණ දහම්සරණ ගන්වා, ඔවුන් නිත්යේයෙන් පූජා කරණ පිණිස තමන්වහන්සේගෙන් කෙශ ධාතු දී, එයින් නික්මැ අපපාලනිග්රොනධමූලයෙහි වැඩැ හිඳැ “ මා දත් ධර්මිය සියුම් වුව, ලෝවැස්සන් ඉතා ජඩ1 වුව, ඔවුන්ට මේ ධර්ම ය දෙසුව හොත් , ඔහු කෙසේ දැනැ ගත හෙත් දැ”යි සිතා වදාරා දෙශනාවෙහි ම‍ෙන්දාකත්සාහ වූ කල්හි දසදහසක් සක්වළැ දිව්යතබ්රදහ්මයන් හා කැටි වැ අවුත් ශ්රී පාදය වැඳ ගෙණැ හෙවැ සහම්පතිමහාබ්රදහ්මයා “බණ වදාළ මැනවැ”යි කළ ආරාධනා ගිවිසැ “කාට ආදී කොට බණ කියම් දෝ හො?”යි සිතා වදාරා ආලරකාලාම උද්දකරාමපුත්රයයන් දෙදෙනා මළ බව දැනැ “මට බොහෝ උපස්ථාන කළ පස්වග මහණහු දැන් බරණැස ඉසිපතනවිහාරයෙහි වෙසෙති. ඔවුන් කරා ගොස් ධම්සක් පවත්වමි” යි සිතා වදාරා, ඇසළමසැ මැදී පොහෝදවස් පාසිවුරු ගෙණැ අටළොස් යොදුන් මඟ ගෙවා වඩනාසේක් අතරමගැ උපක නම් ආජීවකයා තමන්වහන්සේගේ රූපය දැකැ-

“ස්වාමීනී, තෙපි සඳුට වයඩා සෞම්යස කෙනෙකුව. හිරුට වඩා තේජස් ඇති කෙනෙකු ව. මුහුදට වඩා ගැඹුරු කෙනෙකු ව. මහමෙරට වඩා අචල කෙනෙකුව. සියලු රුවන්හි සියලු මල්හි සියලු තරුවෙහි සියලු විදුලියෙහි සියලු දෙව්දුන්නෙහි සියලු සන්යා වලායෙහි සියලු සරත්2 වලාවෙහි පැහැ තාක් එක් කොට අලළා පියා වරපල බලා3 මහදඹගසින් දඹපක් හුනු හුනු තැනින් නැගි රන්පැළයෙන් රන් හැරැ ගෙණැ ඒ හා එක් කොට අලළා හඹා දිවිදළින් ඔප ලා මැවූ පිළිමයක් ඇත් නමුදු, තොපගේ රුව බැලූ කලැ ඇසට අරුචි එළවයි. එයට වඩා සියදහස් ගුණෙන් තෙපි මැ යහපත් මැ යැ. තොපගේ ගුරු කවුරු දැ?”යි විචාළ කල්හි සී පියා-


1.චණ්ඩ 2.රන් 3.පියවර පතුල බලා -ථූපවංස.


228. අමෘතාවහ නම් වූ [මිශ්රා කථා

“ආජීවකය, මහමෙරට වඩා උස් ගලෙක් නැත. මහාසාගරයට ගැඹුරු ලි‍ඳෙක් නැත. මහපොළොවට මහත් සුඹසෙක් නැත. ආකාශයට මහත් කෙසිසිදුරෙක් නැත. සිංහයන්ට වැඩි දර්පඹ වැඩි කැණහිල්ලු නැත. ගන්ධ හස්තීන් හා ස්පර්ධාට කරණ ගම්හුරෝ නැත. සඳමඬුලු හිරමඩුලු හා ස්පර්ධා් කරණ කදෝපැණියෝ නැත. මේ මුළුලොව්හි මා හා සම එක ද සත්වායෙක් නැත. මරහු ලුහුබැඳවීමි. සියලු කෙලෙසුන් ඇත්පයට වන් කිහිඹිකැලයක් සේ ගහටාපීමි. සියලු බුදුගුණ තාක් මා සිත්හි පුරා ගතිමි. හළ මනා දැ හළිමි. ගත මනා දැ ගතිමි. දැන් මහාබ්රතහ්මයාගේ ආරාධනාවෙන් බාරාණ සියට ධම්සක් පවත්වන්නට යෙමි” යි-

වදාරා, එදා මැ බරණැස්නුවරට අවුත් ඉසිපතනවිහාරයට වැඩැ, දුරින් වඩනා තමන්වහන්සේ දුටු පස්වගමහණුන් තමන් වහන්සේ බුදු වූ බව නො දැනැ “ශ්ර මණගෞතමයෝ සහවුරුද් දක් මහාවීය්ය් ෙම කොට බුදු වැ ගත නො හී අප කරා එති. උන් නො වඳුම්හ. නැඟී නො සිටුම්හ. පෙරගමන් නො කරම්හ. රජ කුලෙහි උපන් තැනැත්තන් බැවින් හිඳිතොත් හිඳිනා දෙයක් ලම්හ” යි සිතූ කල්හි උන් සිතූ සිත් දැනැ වදාරා “වුන්ගේ මන් බිඳිනට අනික් කුමක් තකම් ද? හැම කල්හි මැ මා අනුන්ගේ දළදප් බිඳැ ආයේ මෛත්රී්බලයෙන් වේ දැ?’ යි සියලු සත්ත්වහයන් කෙරෙහි කරන්නා වූ මෛත්රීැ ඒ පස්දෙනා කෙරෙහි කරත් කරත් හුන් තැනැ හිඳැ පියා නො ගී වඳිමින් , පෙරගමන් කෙරෙමින්, පාසිවුරු ගන්මින්, ශ්රී’පාදය සෝධා වඩා හිඳුවා “බුදුන් හා බණන්නේ මේ ලෙස යැ” යි නොදන්නා හෙයින් සමසමයන් හා බණන ලෙස තමන්වහන්සේ හා බිණු කල්හි “මෙවිටැ මා බුදු වූ බව හඟවමි’යි සිතා වදාරා “මහණෙනි , සමසමයන් හා බණන ලෙස තිලෝගුරු බුදුන් හා නො බණව”යි වදාරා යුඟඳුරු මුදුනට මුහුදු රළපෙළ මැඬැ ගෙණැ පැනැ නැගී සමපණස් යොදුන් හිරුමඬල සේ සියලු බුදුන් ධම්සක් පවත්වන තැන්හි පැණී ගිය ධර්මා සනයට පැනැ නැගි දසදහසක් සක්වළැ මහමෙර නටවමින්, සත්කුලපව්වන් හිසින් හිස් අන්වමින්, සතිස්ලක්ෂටදසදහස් තුන්සියපණස් යොදුන් වට ඇති සක්වළගල‍ හුඉද්දක් සේ සිසාරවමින් , බර ලූ සමක් සේ මහ මුහුද රළ නැති කොට නිශ්චල කෙරෙමින්, ගල් පළා ගෙණැ නැ‍ඟෙන පියුමෙන් පොළොව පළා ගෙණැ නැ‍ඟෙන පියුමෙන්, ගස්වල කඳ පළා ගෙණැ නැ‍ඟෙන පියුමෙන් සියලු අහස වසා බුඞශ්රී බලන්නට කර නමා ගත්තා සේ කෙමි බිම් බල්වා අහස වසා සැදී ගිය පියුම්වියනින්, වැසි නැති වැ මැ බිම් පළා ගෙණෑ නැ‍ඟෙන නාඹතල්කඳ සා දියකඳින්, කැමැත්තවුන් තෙමා

   කාණ්ඩය]                         බුත්සරණ        		  229.

නො කැමැත්තවුන් නො තෙමා වස්නා පොකුරුවැස්සන් පිළි වෙළින් තුබූ දසදහසක් සක්වළැ දසදහසක් සඳමඬලෙන් දස දහසක් හිරුමඬලෙන් , දෙවිදුන් ලක්ෂඳගණන් කෝටිගණන් හිස තබා ගෙණැ අවුත් වැඳැ ගිය මඟුල්කලස සමූහයෙන්, මහමුහුදට වැදැ මුතු උකා ගෙණැ දෙවියන් ඇඳැපී සොළොස්මඟලායෙන් දෙවියන් ඉස්නා පරසතුමලින් නයින් ගසන කඬුපුල්මලින් අසුරයන් ගසන පළලුමලින් මුළුලොව සඳමින් රන්තොරණින් රිදීතොරණින් රුවන්තොරණින් පිළිතොරණින් රන්ඇගෑයෙන් රුවන්ඇගෑයෙන් රිදීඇගෑයෙන් මුළුලොව අගනිටාබඹලොව දක්වා වසමින් , මුළුසක්වළ බිම් ගල්ගස්සිදුරෙහි අතුමත්තෙහි පත්මත්තෙහි හිදිකටුමලක් ඔබා ලන තැන සැටක් සැත්තෑවක් අසූවක් පමණ දෙවතාවන් හිවී ලැවසී සිටැ ගත් කල්හි, දසදහසක් සක්වළැ මහබඹුන් නහාලු කුඩ මධ්ය යෙහි දෙවියන් සලන වල්විදුනා මධ්යනයෙහි මිණිතල්වැට මධ්ය යෙහි දිලිසෙමින් හිඳැ, දසදහසක් සක්වළැ දසදහසක් ශක්රියන් දසදහසක් දකුණුසක් පිඹැ පියාසක් පිටට කොට හෙළලා විසිදහසක් අත් ඔසොවා ගෙණැ “ඔ! හෝ! අරගල නො කොට බණ අසව” යි පිරිස් සන්හිඳුවා ලූ සමයෙහි දෙලක්ෂ සතළිස්දහසක් යොදුන් මහ පොළොව නඟා ගත් සාධුකාර හා කැටි වැ එකවට මැ-

“චෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා: යො චා ‘යං කාමෙසු කාමසු කාමසුඛල්ලිකානුයො හීනො ගමෙමා පොථුජ්ජනිකො අනරියො අනත්ථසසංහිතො; යො චා ‘යං අත්ත කිලමථානුයොගො දුකෙඛා අනරියො අනත්ථ;සං- හිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අනෙත අනුපග මම මජ්ඣිමා පටිපදා තථා ගතෙන අභිසම්බුධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය ඝමෙබාධාය නිබ්බාණාය සංවත්තති” යනාදීන් නගාගත් මඟුල්බණින් අඤ්ඤාකොන්ඤ්ඤ වහන්සේ හා අටළොස් කෙළක් මහඹුන් අමාමහනිවන්හි ලූ බුදුන්-පෙ-යුතු.

146 & 147

පස්වනදවස් අනාත්මලක්ෂ ණසූත්ර ය දෙශනා කොට වදාරා පස්වගමහණුන් වහන්සේ රහත් කොට අමාමහනිවන්හි ලූ බුදුන් - පෙ -යුතු.

ඉක්බිති යසකුලපුත්ර යන් ප්රොධාන කොට ඇත්තා වූ පස්පණස් දෙනකුන් තමන් පගැසූ දහම් නැමැති මහවතින් අමාමහනිවන් පුරෙහි ලා ලූ බුදුන් - පෙ- යුතු.


230. අමෘතාවහ නම් වූ [මිශ්රහ කථා

ඉක්බිති කප්පැටියවනලැහැබ්හි වැඩැ හිඳැ භද්රාවර්ග යෙහි තිස්දෙනා නිවන්රසඅමා පොවාලූ බුදුන් - පෙ -යුතු.

ඉක්බිති ගයාර්ශඅර්ෂ යෙහි පිටිපහණපිටැ 1 මහදඹපකක් පළා ගෙණැ පැනැ නැගි රන්දළුවක් සේ වැඩැ හිඳැ “චක්ඛුං භික්ඛවේ ආදිත්තං” යනාදීන් වදාළ ආදීප්තපය්යා ය සූත්රියෙන් උරුවෙලකාශ්යආපයන් ප්ර ධාන කොට ඇත්තා වූ දහසක් ජටිලයන් අමාමහනිවන්හි ලු බුදුන් -පෙ-යුතු.

තව ද, බිම්බිසාරරජ්ජුරුවන්ට කළ ප්ර තිඥාව මුදන පිණිස රජගහානුවරට වැඩැ ලට්ඨිවනයෙහි වැඩැ හිඳැ වදාළ බණින් බිම්බිසාරරජ්ජුරුවන් ප්රටධාන කොට ඇති එක්ලක්ෂණදසසහසක් දෙනා අමාමහනිවන්හි ලූ බුදුන් -පෙ -යුතු.

පාෂාණචෛත්යනයෙහි වැඩැ හිඳැ පාරායණසූත්රකය දෙසා වදාරා ඒ මඟුලෙහි තුදුස්කෙළක් ප්රාරණීන් සසරදුකින් මුදා අමාමහනිවන් නැමැති විජයපුරයෙහි ලූ බුදුන් -පෙ-යුතු.

				152 & 153

තීත්ක්2 යන්ගේ මන් බිඳිනා පිණිස දසදහසක් සක්වළැ දසදහසක් මෙ පන්තීන් තබා ලා ඊ මත්තෙහි රුවන්සක්මන මවා ඊ පිටට පැනැ නැගී යමකප්රා තිහාය්ය් පි කෙරෙමින් සතර රියන් සක්මනෙක්හි සක්මන් කරන්නා සේ අහස්හි වඩිමින් මුළුලොව විස්මයෙන් නටවමින් සාධුකාර දෙවමින් අපොළවමින් දෙවියන් බඹූන් වැඳැ පෙරළවමින් යුගාන්තයෙහි ගිනි ගෙණැ දිලී පැනැ නැගී එක්ලක්ෂළඅටසැටදහසක් යොදුන් සත්රුවන් මෙර සේ මුළුලොව ඇස් තමන් කරා හයවමින් වදාළ බණින් විසිකෙළක් සතුන් සසරගිනිවළින් නඟා අමාමහනිවන් මහවිලැ ගලා සනහා ලූ බුදුන් -පෙ- යුතු.

තව ද, යමාමහපෙළහර කොට තුන්පියවරෙකින් තව්තිසැ භවනයට වැඩැ දිග සැටයොදුන් පළල පණස් යොදුන් උස පසළොස් යොදුන් පාණ්ඩුකම්බලශෛලාසනයෙහි කුඩා පුටුවෙකැ හිඳිනා ධර්ම කථිකකෙනෙකුන්වහන්සේ සේ තමන්ගේ මඟුලට පිපී වැනීගිය සියක් යොදුන් පරසතුරුකට පිට දී වැඩැ හිඳැ මෑනියන් වහන්සේ ප්ර ධාන කොට ඇති දසදහසක් සක්වළැ දිව්යමබ්ර්හ්මයන්ට ‘කුසලා ධම්ම; අකුසලා ධම්මා ; අඛ්යා කතා; ධම්මා” යනාදීන් වදාළ අභිධර්මදදෙශනාවෙන් අසූකෙළක් දෙවිබඹුන් සසරමලින් ගලවා අමාමහනිවන්පු‍රෙහි ලා නිවා සනහා ලූ බුදුන් - පෙ-යුතු. 1. මිණිපහණපිට.

   කාණ්ඩය]                         බුත්සරණ        		  231.

එසේ බණ දෙසා අන්තයෙහි අවීචියෙහි පටන් ගෙණැ භවාග්ර ය දක්වා ලොව මුළුල්ල සතරරියන් ගබඩාවක් සේ කිහිඹි කුහුඹුවන් ආදී වූ සියලු සතුන්ට පැණෙන පරිද්දෙන් අධිෂ්ඨාන කොට දෙදිශාවෙහි දෙහිණින් නොයෙක් පූජා කෙරෙමින් බස්නා දිව්යො බ්‍රහ්මයන් මධ්යයයෙහි මැද රුවන්හිණින් බස්මින් වදාළ බණින් තිස්කෙළක් සතුන් සියලු දුකින් ගලවා අමාමහනිවන්හි ලා නිදුක් නිරෝගිසුවපත් කළ ගෞතමගොත්රලයෙහි උපන් සියලු ලොව සැනැහූ අමාපිඩක් වැනි බුදුන් - පෙ -යුතු.

155

තව ද, තුන්බුදධාන්තරයක් මුළුල්ලෙහි බත්පැන් නො ලදින් සොටුසෙම්මාත්රමයක් නො ලදින් දුක්පත් වූ ප්රෙ තයන්ට පින් පෙත් දී බිම්සරරජ්ජුරුවන්ගේ ගෙහි වැඩැ හිඳැ තිරොකුඩ්ඩ සූත්ර ය වදාළ දවස්හි ද, සුමනමාලාකාරසමාගමයෙහි බණ වදාළ දවස්හි ද, ඛදිරඞගාරජාතකසමාගමයෙහි බණ වදාළ දවස්හි ද, ජම්ඹුකාජීවකසමාගමයෙහි බණ වදාළ දවස්හි ද, ආනන්දළසෙර්යා සමාගමයෙහි බණ වදාළ දවස්හි ද, වෙන වෙන මැ සුවාසූදහසක් සුවාසූදහසක් ප්රාළණීන් අමාමහනිවන්හි ලූ බුදුන් - පෙ-යුතු.

156-157

පන්සියක් රාජකුමාරවරුන් රහත් කොට ලා මහාවනයෙහි වැඩැ හිඳැ කැටි වූ දිව්ය බ්රලහ්මයන්ට මහාසමයසූත්රෙය දෙසා වදාළ දවස් ද, දොළොස්අවුරුද්දක් මුළුල්ලෙහි පොළෝතෙලේ සිට බඹලොව දක්වා සියලු සතුන් විසඳා ගත නුහුනු මඬගලප්රෝශ්නය විසඳා මහාමඞගලසූත්ර ය දෙසා වදාළ දවස් ද, තමන්වහන්සේගේ පුත් වූ රාහුලකුමාරයන්වහන්සේට අවවාද කරණ පිණිස අම්බලට්ඨිකාවට වැඩැ රාහුලෝවාදසූත්රඅය දෙසා වදාළ දවස් ද, සමචිත්තපරියායසූත්රැය දෙසා වදාළ දවස් දැ යි මේ සතරතන්හි සියයෙකැ දහසෙකැ ලක්ෂ යෙකැ කොටියෙකැ ප්රරකොටියෙකැ යනාදී නිමක් නැති වැ අසංඛ්යෂ අසංඛ්යක බැගින් අනන්තාපරිමාණ සත්වීයන් නිවන්මහපුරෙහි ලූ බුදුන්-පෙ-යුතු.

තව ද; රජගහනුවරැ වීථිමධ්ය යෙහි ධනපාල නම් ඇතු කුඹ මත්තෙහි අත තබා ගෙණැ වදාළ බණීන් දසදහසක් සත්ව යන් අමාමහනිවන්හි ලු බුදුන් -පෙ-යුතු.

158

තව ද, අනන්තාපරිමාණසක්වළැ ක්ෂ්ත්රි යහ, බ්රාැහ්මණයහ, උපාසකයහ, උපාසිකායහ, දෙවතායහ, අසුරයහ, නාගයහ,

232 අමෘතාවහ නම් වූ [මිශ්ර්කථා

සූපණීයහ, යක්ෂියහ, රාක්ෂ සයහ යනාදී වූ සියලු සත්වයයන් දහස් සුවහස් තුඬු මවා ගෙණැ අනික්බසක් නො කියා කපක් මුළුල්ලට ආයු ඇති වැ ගෙණැ තමන්ගේ ශරීරයෙන් එක් අවයවයක් අල්ලා ගෙණැ එහි රූප කියත්, එතෙක් තුඬින් එතෙක් කල් එතෙක් දෙනා කී රූපයෙන් තමන්ගේ ශරීරයෙහි හිදිකටුවක් ඔබා ලන තන්හි දු රූප නො ගෙවන පරිද්දෙන් මහත් වූ රූප ඇති බුදුන් -පෙ -යුතු.‍

159

තව ද, වඩනට පටන්ගත් වේලෙහි බලා සිටි සිටි සියලු සතුන් “ස්වාමිදරුවානන් වඩනා නියා මැ රිසියෙයි. අපගේ ඇස නිවා මැ බලා පියන පරිද්දෙන් කල් යවා මැ වඩනාදැව”යි කියා විඳැ විඳැ බලන පරිද්දෙන් යහපත් වූ ගමන් ඇති, වැඩැ සිටි විටැ දුටු දුටුවන් ඇසට රසායනයක් වැනි “මේ හිමියානන් වහන්සේ වැඩැ සිටින්නේ මැ රිසියෙයි. අපගේ ඇස දාරිද්රියය හැරැ බලාපියන පරිද්දෙන් බොහෝ කලැක් මැ වැඩැ සිටිනාදෑව” යි පතපතා බලන පරිද්දෙන් සිත්කලු වු වැඩැ හිඳීම් ඇති, සිංහශය්යාබවෙහි වැඩැ හොත් වේලෙහි දුටුවන් “අප ජීවිතාන්තය දක්වා මේ වැඩැ හොත් ලෙස මැ බලා නිමවා ගත නො හෙම්හ” යන පරිද්දෙන් වැඩැ හොත් ලෙසින් මැ රිසියෙන්නා වූ; බණන විටැ එ මැ රිසියෙන්නා වූ , මුයෙන් නො බැණැ හුන් කලැ එය මැ කළාක් වැනි වූ කළ කළ දෙයක් මැ ලොවට ආදර්ශහ කරන්නා වූ, බිණු බිණූවන් මැ ලොවට බණ කරන්නා වූ, “උන්වහන්සේ කීයෙකැ, උන්වහන්සේ කළ දෙයෙකැ” යි කී කල්හි මුළුලොවැ නැවැතැ “ මේ කිමෙක් දෝ හො”යි විචාරන්නට එක ද සත්වලයක්හු නැත්තා වූ, ‘ගින්නෙහි හෙව’යි වදාළ හොත්, ‘ මේ ගලින් වැටෙව’ යි වදාළ හොත් , ‘මෙලෙසින් වන වැඩක් දැකැ යැ, මේ වදාළේ යැ’ යි සිතා නො විචාරා මැ කට යුතු වූ, ලොවට හීනයක් හැරැ නො පවත්නා තුඩු ඇති , සත්වනකරුණාව හැරැ නො පවත්නා සිත් ඇති , සමසිත්කමට ලඇතිකමට වියත්කමට කරුණා ඇතිකමට පොහොසත්කමට ගැඹුරුකමට නොපමාවකමට හිරිඔතප්වැටිලියට හිතොපදෙශයට රූපයට මෛත්රීකයට පිටිවහලට ශීලයට සමාධියට ප්රරඥාවට විමුක්තියට විමුක්තිඥානදර්ශටනයට වඳනට පුදනට මෙනෙහි කරන්නට සේවාකම් කරන්නට මෙහෙ කරන්නට දෛවයෙන් තමුන් මුත් අනික්කෙනෙකුන් නැති බුදුන්-පෙ-යුතු.



කාණ්ඩය] බුත්සරණ 233.

160 , 161 , 162 තව ද, ඇස ලූලූ දිශාවට සියලු සැපත් දෙන්නා වූ, එබූ එබූ පත්ලෙහි ලෝවැඩ නිධාන කරන්නා වූ, උපනුපන් සිතැ දහමින්, වන්වන් තන්හි විස්මයෙන් , හුන්හුන් තන්හි, අනුශාසනාවෙන් ඉරියවුහි සිත්කලුබවට1 බැහැමි සිටි බුදුන් - පෙ-යුතු.

තමන්ගේ විහාරයට වන්නවුන් සතරඅපායට නො වැද්දැ දෙන්නා වූ, තමන්ගේ රූ දුටුවවුන් සසරදුක් නො දැක්කැ දෙන්නා වූ, තමන්ගේ බස් ඇසූවවුන් “තුලු ගණුව! බඳුව” යනාදී වූ නොමිහිරිබසක් නො ඇසියැ දෙන්නා වූ, දහමට බැහැවී ගිය බුදුන්-පෙ-යුතු.

තවද, සඳුන්ක‍ඳෙහි පවා බොර සැසැ හරිති. නෙළුම්මල්හි පවා පිටපෙති හරිති. ගන්ධවශාලියෙහි පවා තොකුඩු හරිති. මියෙහි පවා හිරි හරිති. මෙසේ සියලු ලොව්හි සමහරක් ගත. යුතු යැ. සමහරක් නො ගත යුතු යැ. හැමලෙසින් මැ පරීක්ෂාො කරත් හැරැපියා යුත්තක් නැති වැ හැමලෙසින් මැ වැන්දැ යුතු වූ, හැමලෙසින් මැ පිදියැ යුතු වූ බුදුන්-පෙ-යුතු. 163 & 164

ගිමින් තැවී අනුතත් විලට වන් එකක්හු ‘මෙතැන්හි පැන් ඕ2 වන. මෙතැන්හි පැන් සිහිලැ’ යි නො කියා, වන්වන් තන්හි මැ ගැලුනුගැලුනු තන්හි මැ සිහිලින් සැනහෙන්නා සේ, සසරදුක් මහහිමින් තැවී වන්නවුන් වන්වන්තැනින් මැ සනහා ලන්නා වූ සම්මාසම්බුදු අනුතත්විල සරණ යෙමි යි බුත්සරණ යා යුතු. “සර්වවඥයහ. සුගතයහ. බුද්ධයහ. ධර්ම රාජයහ. තථාගතයහ. සමන්තභද්රූයහ. භගවත්හ. මාරවිජයීහ. ජිනයහ. ශාක්ය සිංහයහ. දශබලධරයහ. අර්හත්හ. සම්යමක්සමුබුද්ධයහ. විජ්ජාචරණ සම්පත්තියහ. යුගතයහ. ලොකවිදූහ. අනුත්තරයහ. පුරුෂදම්යි සාරථීහ. දිව්යහමනුෂ්ය යන්ට අනුශාසකයහ අද්වයවාදීහ. විනායකයහ. දශබලයහ. මුනීන්ර්‍ොකයහ. ලොකෙශ්වරයහ. පඞ්හිඥයහ. ප්රාඥාසාගරයහ. මේරුසාරයහ” යනාදීන් වර්ණකනා කරත් නො නිමින්නා වූ ගුණ ඇති බුදුන්-පෙ-යුතු. 165 තමන් දුටුවන් “ පින්පිඬක් දුටුම්හ. රූපයෙහි සාරයක් දුටුම්හ. ගුණබඳක් දුටුම්හ. කරුණායෙන් මැවී ගිය රූපයක් දුටුම්හ. නුවණ මුහුකුරා ගිය රුවක් දුටුම්හ. සමතිස්පැරුමන් එක් වැ මැ අඩුවැඩි බලා කොට නිමවූ සිත්තමක් දුටුම්හ. 1.ඉරියව්වෙහි ඉරියව්වෙහි සත්කලු වූ 2.නිවි


234. අමෘතාවහ නම් වූ [මිශ්ර කථා

ලොවට ඇති වූ ඇසක් දුටුම්හ. මුළුලොවට පෙළහර පුරා ලූ නිධානයක් දුටුම්හ. විස්මය පිරුණු කුලගෙයක් දුටුම්හ. ලයට සැනසිල්ලක් දුටුම්හ. නිවණට දොරක් දුටුම්හ. ස්වර්ග්යට ගිණක් දුටුම්හ. අපායට හකුලක් දුටුම්හ. ගුණයෙහි ඔදක් දුටුම්හ. මිහිරෙහි නිමාවක් දුටුම්හ. වියත්කම්හි මුල් බට තැනක් දුටුම්හ. පෙර ඇසූ ගුණයට සුදුස්සක් දුටුම්හ. අවීචියෙහි පටන් ගෙණැ භවාග්ර ය දක්වා මුළු ලොවැ සතුන් “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බු‍ඬො විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලොකවිදූ අනුත්තරො පුරිසදම්ම සාරථී සත්ථා දෙවමනුස්සානං බු‍ඬො භගවා” යි එක පැහැරැ හඬ ගහාලූ කීර්තිඝෙිෂාවට සුදුස්සක් දුටුම්හ, ඇස් ලදුයෙහි සිත් ලදුයෙහි විද්යත ලදුයෙහි ජාති ලද්දෙහි ඵල ලදුම්හ.” යන පරිද්දෙන් මුළුලොව එක පැහැරැ නටවා පූ බුදුන් - පෙ-යුතු.

166- 167 තමන් දැකැ ගිය කෙනෙකුන් පරසක්වළැ හුන ද, දැල්වූ දැල්වූ ඇසෙහි පැණි යන්නා වූ, සිත්හි සිත්හි ඇඳී යන්නා වූ, සිත්හි සිත්හි බැඳී යන්නා වූ, සිත්හි සිත්හි සැරහී යන්නා වූ, සිත්හි සිත්හි ගැලී යන්නා වූ, සිත්හි සිත්හි හිඳී යන්නා වූ, සිත්හි සිත්හි පැහැසී යන්නා වූ, සිත්හි සිත්හි ඇලී යන්නා වූ, සිත හා නො වෙන් වැ යන්නා වූ, සිත හා අත්වැල් නො හරණා වූ , සිතට වැද පිටත් නො වන්නා වූ බුදුන් -පෙ -යුතු.

සඳහිරුදෙදෙනා හා සියලු තරු අහස හැරැ අනික් තැනෙක්හි නො පෙණෙන්නා සේ1 , තිමිතිමිංගලතිමිරගලආනන්දදඅධ්යාි රොහාදි මහාමත්ස්ය යන් මහාසමුද්රකය හැරැ අනික් තැනෙක්හි නො පෙණෙන්නා සේ, මෙරුයුගන්ධමරඊශධරකරවිකසුදර්ශ න නෙමාන්ධිපරචින්තක අශ්වකණ්හිමාලයවක්රනවාටපර්වදතය යන සියලු පර්වනතයන් මහපොළොවැ මුත් අනික් තැනෙක්හි නො පිහිටන්නා සේ, පරසතුමදාරාආදී වූ දිවරුක් දෙව්ලොවෙහි මුත් අනික් තැනෙක්හි නොවන්නා සේ, යෙළසියක් යොදුන් ගරුඬරාජයන් හිඹූල්රුක් හැරැ අනික් තැනෙක්හි නො ලග්නා සේ, මහානිධාන මහපොළොවැ මුත් අනික් තැනෙක්හි නො තබන්නා සේ, අනික් තැනෙක්හි නො ‍ පැණී ශිඛාග්රනයෙහි සිටැ ශ්රීනපාදය දක්වා තන්හි තන්හි සැරහී සිටි දෙතිස්මහාපුරුෂලක්ෂේණයෙන්, පිපී වැනි ගිය මලින් හොබනා පරසතුරුක‍ සේ , සත්විසිමහනක් උදා ලද ආකාශය සේ, සත්රුවන් ඉතිරැ ගිය මහමුහුද සේ, බබලන රූ ඇති බුදුන් -පෙ-යුතු.

1.නොයන්නා වූ.


කාණ්ඩය] බුත්සරණ 235.

හේ කෙසේ යැ? යත් :- සෙසුසතුන් බිමැ පය ඕනා කලැ ආදී කොට අක්පත්ල හෝ බිමැ එබෙයි. විළුම හෝ බිමැ එබෙයි. දෙඇළයෙන් එක්ඇළයක් හෝ බිමැ එබෙයි. පත්ල මැද හෝ සිදුරු ඇති වෙයි. පත්ල ඔසවා ගන්නා කල්හිදුවා එසේ මැ එක්ප්රුදෙශයෙක් නැ‍ඟෙයි. මෙ සේ නො වැ ස්වර්ණඋ‍ පාදුකාදෙකක් සේ සමයෙහි එබී සමයෙහි නැ‍ඟෙන්නා වූ, සතුරු මිතුරුමැදහතුන් කෙරෙහි සම වැ එබෙන ඔවුන්ගේ සිතට සලකුණු වූ, මනා වැ පිහිටන්නා වූ ශ්රීේපාද ඇති බැවින් පළමුවන මහාපුරුෂලක්ෂනණයෙන් යුක්ත වූ බුදුන්-පෙ -යුතු.

169

තව ද,සදෙවසමාරසබ්රනහ්මලොක එකහෙළා සිටැ පවත්වම්හයි යිතා ද පවත්වා ගත නො හැක්කා වූ ධර්මමචක්රබය පවත්වන බවට ලාලූ සලකුණක් වැනි දසදහසක් දැවියෙන් යුක්ත වූ නිම්වළල්ලෙන් යුක්ත වූ, සිසාරා සිටැ බලනුවන්ට පතුල්මැද තේරිතේරී පැණෙන නාභි ඇති, වට රෙඛා ඇති, නාභිමුකය සිසාරා සිටි වට ඇති , මැදින් පැ‍ෙණන වට රෙඛා ඇති, දුරට මැ පණෙන්නා වූ දැවි හා දැවියෙහි වට රෙඛා හා නම්වළලු හා නෙමිමාණික්යූ ඇති සක්ලකුණෙන් හොබනා වූ; තව ද, ඒ සක්ලකුණු සිසාරා සිටි ස්වස්තික යැ, සිරිවස යැ, නන්යා වතී යැ, සෞවසතික යැ, අචතංසක යැ, වර්ඩසමානක යැ, භද්ර‍පීඨ යැ, ප්රාතසාද යැ, තොරණ යැ, ශෙවතච්ඡත්ර යැ, මඟුල්කඩුව යැ, මිණී තල්වැට යැ, මොනරපිල්කලශ යැ, චාමර යැ නලල්පට යැ, මිණීරුවනැ, දැසමන්මල්දම් යැ, නීලෝත්පල යැ, රකෙතාත්පල යැ, රක්තපද්ම යැ, ශෙවතපද්ම යැ, පූර්ණයකලස යැ, පූර්ණඟපාත්රී යැ, සප්තසාගර යැ, චක්රශවාටපර්ව,ත යැ, හිමාලයපර්වයත යැ, මහාමේරු පර්වසත යැ, හිරුමඩුලු යැ, සඳමඩුලු යැ, දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතරමහාමීප යැ, පිරිස්සහිත වූ සත්රුවන්නින් හෙබි චක්ර වර්තී යැ, දක්ෂීණෘවතී වූ ධවලසංඛ යැ, ස්වර්ණපමතස්යදයුගල යැ, චක්රා යුධ යැ, පඤ්චමහාගඞගා යැ, සප්තකූලපර්වරත යැ, සදත්දහ තළා යැ, ගරුඬරාජ යැ, ගිශුමාර යැ, ධවජ යැ, පතාක යැ, රන් යිවිගේ යැ, ස්වර්ණැවාලව්යගජන යැ, කෛලාශපර්ව ත යැ, සිංහරාජ යැ, ව්යාගඝ්ර රාජ යැ, වලාහකඅශ්වරාජ යැ , උපොසථහස්තිරාජ යැ, වාසුකී නාගරාජ යැ, හංසරාජ යැ, වෘෂභරාජ යැ, ඓරාවණ නම් හස්ති රාජ යැ , ස්වර්ණසමණමකරමත්ස්යව යැ, සත්රුවන්මහානෞකාව යැ, වසු පස්සෙහි ලූ දෙන්නු යැ, කින්නරී යැ, කිම්පුරුෂ යැ, කුරවි කෙවිල්ලෝ යැ, මයුරරාජ යැ, ක්රෞ ඤ්චරාජ යැ, චක්රිවාකරාජ යැ, ජීවඤ්ජීවක නම් පක්ෂීයරාජ යැ, දසිව්යැලොක යැ, සොළොස්බඹ තල යැ යන මෙතෙක් ලක්ෂ‍ණ තාක් යටපත්ලෙහි පැණෙන හෙයින් මුළුලොව තමන් සරණ වන්බව භගවන්නාක් වැනිවූ,


236. අමෘතාවහ නම් වූ [මිශ්ර කථා

ශක්රනයා හිස තබා සැතපෙන බිස්සක් වැනි වූ, සෝධා හළ පැන් මහබඹහට අභිෂෙකජල කළා වූ ශ්රී්පාද ඇතිබැවින් දෙවන මහාපුරුෂලක්ෂටණයෙන් හෙබැවි සිටියා වූ බුදුන් -පෙ- යුතු. 170-171

සෙස්සවුන්ගේ පතුල් දික් වැ විළුමෙහි සිහින්කකුල් පිහිටයි. එසේ නො වැ පත්ල සම සතරකොටස් කළ කල්හි දෙකොටසක් පතුල වෙයි. තුන්වන කොටස සිහින්කකුල් වෙයි. සතරවන කොටස වට කොට තුබූ රත්පලස්පිඬක් සේ යහපත් වූ විළුම් වෙයි. එසේ යහපත් වූ විළුම් ඇතිබැවින් තුන්වන මහාපුරුෂ ලක්ෂ ණයෙන් යුක්ත වූ බුදුන් -පෙ-යුතු.

සෙසු හැම සත්ත්වකයන් ඇතැම් ඇඟිල්ලෙක් දික් වෙයි. ඇතැම් ඇඟිල්ලෙක් ලුහුඬු වෙයි. එසේ නො වැ මුලින් දළ වැ අගින් සිහින් වැ නීය්යා සතෛලයෙන් හනා වට කළ සිරියෙල් වැටියක් සේ හොබනා වූ දික් වූ ඇඟිලි ඇති බැවින් සතරවන මහාපුරුෂලක්ෂ ණයෙන් යුක්ත වූ බුදුන් -පෙ-යුතු. 172 තව ද, සෙස්සවුන්ගේ අතුල්පතුල් දැඩි වැ තිබෙයි. සර්ව ඥයන් වහන්සේ ගේ අතුල්පතුල් වනාහී පහන් වූ ගිතෙල හනා තුබූ සියක් වට පෙළූ පුළුන් සේ මොළොක් වෙයි . රජ වැ තමන්ගේ රාජ්ය ය ගන්ට එන සතුරුරජහට කඩුව ගෙණැ රළු නො කළ, තේමිය කුමාර වැ සසරට බා සොළොස්හවුරුද්දක් බිමැ නො ඔබා මොළොක් වැ තුබූ, ඒ අතුල්පතුල්හි මෙළෙක දැන් පානාක් බඳු වැ මොළොක් වැ තුබූ ඒ අතුල්පතුල්හි මොළොක කවරෙක් කියානිමවන්නේ ද? එසේ මොළොක් වූ එ මැ විට මැ උපන් කුමාරයක්හුගේ අතුල්පතුල් සේ හැමකල මැ තරුණ වැ තිබෙන්නා වූ අතුල්පතුල් ඇති බැවිනක් පස්වන -පෙ-යුතු.

					173

මේ ලොවැ සමහරකෙනෙකුන්ගේ පෙණඅත් හෝ වෙයි පෙණ පා හෝ වෙයි. සර්වෝඥයන්වහන්සේ ශ්රීයහස්තයෙහි සතර ඇඟිල්ල දෙවදත්ත යැ, ධනපාල යැ, අංගුලිමාල යැ, රාහුල යැ යන මේ සතරදෙනා කෙරෙහි ඔවුන්වහන්සේගේ සිත සම වැ තිබෙන්නා සේ සම වැ තිබෙන්නේ යැ ශ්රී පාදයෙහි ඇඟිලි පස පඤ්චබුඞකෘත්යේය සම වැ තිබෙන්න සේ සම වැ තිබෙන්නේ යැ. ඒ ශ්රීකහස්තයෙහි හා ඒ ශ්රීනපාදයෙහි ඇඟිලි දක්ෂ. වූ වඩුවකු සම කොට ගා යොදා තබාලූ දැල්කවුළුවක් සේ තිබෙන්නේ යැ. මෙසේ යුග්ම වූ 1 හස්තපාද ඇති බැවින් සවන -පෙ-යුතු.

				1.සූක්ෂ ම

කාණ්ඩය] බුත්සරණ 237. 174 , 175 අනුන්ගේ බොලට පිටිපස වෙයි. එසේ හෙයින් ඔවුන්ගේ පා ඇණපට සේ දැඩි වෙයි. කැමැති ලෙස නො පෙරළෙයි. යන කලට පත්ල නො පෙණෙයි. සර්වතඥයන්වහන්සේගේ බොලට උඩ1 නැගී සිටියේ යැ. වඩනා කල්හි පෙකණියෙන් මත්ත යන නැවැ නො සැලී සිටි රන්පිළිමයක් සේ නිශ්චල වෙයි. පෙකණියෙන් පාත චලිත වන්නේ යි. යන ඇතුන්ගේ පත්ල පිටිපස්සෙහි සිටියවුන්ට පැණෙන්නා සේ වඩනා කල්හි සර්වඇඥයන් වහන්සේගේ යට පත්ල සතරදිගැ සිටියවුන්ට මැ පැණෙයි. මෙසේ මත්තට නැගී පිහිටියා වූ බොලට ඇති හෙයින් සත්වන -පෙ- යුතු.

හාත්පස සම වැ පිරී සිටි මසින් වැසී වට වූ හැල්ගොබක් සේ ක්ර්මයෙන් පිරිහුන් ඔණිමෘගයන්ගේ ජඞඝා සේ යහපත් වූ ජඞඝා ඇති වන බැවින් අටවන -පෙ-යුතු.

176,177,178

තව ද, සෙස්සෝ කුදු හෝ වෙති. කුරු හෝ වෙති. එහි කුදුන්ගේ පෙකෙණීයෙන් මත්තපිරිහුන් නො වෙයි. කුරුන්ගේ පෙකෙණියෙන් පාත පිරිහුන් නො වෙයි. එසේ හෙයින් ඔවුන් නො තැමී සිටැ තමන් අතින් තමන් දෙදණ පිරිමැදියැ නො හෙති . සර්ව ඥයන්වහන්සේගේ වූ කලී පූර්වමකායයත් අධඃ කායයත් දෙක මැ පිරී සම වැ තිබෙන්නේය. එසේ හෙයින් ඉඳුරා සිටැ නො නැමී දෙ අතින් දෙදණ පිරිමැදැ වදාරණසේක. මෙසේ නවවන -පෙ - යුතු.

තව ද, සෙස්සවුන්ගේ පුරුෂව්යයඤ්ජනය පිළියෙන් නො වැසුව හොත් පෙණී තිබෙන්නේ යැ. එසේ නො වැ සර්වනඥයන් වහන්සේ සසරපමණින් පවට බා හැකිලා විසූපරිද්දට සලකුණුවැ කොෂ ගඟිය ඇතුළෙහි සැගවී සිටිනා පුරුෂව්යුඤ්ජන ඇති බැවින් දසවන - පෙ-යුතු.

තව ද, තමන්වහන්සේගේ ශරීරයෙහි තලඇටක් සා පමණ තැනින් නැඟී රශ්මියෙන් සියලු සක්වළ අඳුරු දුරු කොට පියන පමණ රන්වන් පැහැ ඇති සේක. ඔප් නැගූ පිළිමයක් සේ පහන් වූ යිවිපැහැ ඇති සේක. ගිරා වැ මොනර වැ මුව වැ උපන්කලැ පවා ඔප් නැගූ රන්පිඬැල්ලෙකැ පැහැ සේ රන්වන් වූ, බුදු වැ සිටැ රන්වන් වනබව කවර විස්මයෙක් ද? එසේ හෙයින් මේ එකොළොස්වන -පෙ- යුතු.


1.උසැ.


238. අමෘතාවහ නම් වූ [මිශ්රක කථා

178 – 80 තව ද, බුදුන්ගේ ශරීරය ඉතා සියුම් වූ ඡවි ඇත්තේ යැ. එසේ සියුම් වූ ඡවි ඇති හෙයින් ඔවුන් වහන්සේගේ සිත කෙලශයන් නො ඇලෙන්නා සේ , ඔවුන්මහන්සේගේ ශරීරයෙහි ධූලියෙක් දැල්ලෙක් නො ඇලෙන්නේ ය. එසේ හෙයින් සියුම් වූ ඡවි ඇති වන බැවින් මෙසේ දොළොස්වන -පෙ-යුතු.

සෙස්සවුන්ගේ එකිඑකී රොමකූපයෙහි රොම දෙක තුණ වන්නේ යැ. සර්ව ඥයන් වහන්සේගේ වූ කලී එකිඑකී රොමකූප යෙහි එකිඑකි රොමය මුත් දෙක තුණ නො වන්නේයැ. එක තැනෙක දෙබසක් නො කියන, එක ලෙහි විෂම වූ දෙසිතක් නැති, සතුරන් මිතුරන් එක ඇසින් බලන, ඒ සර්ව්ඥයන්වහන්සේගේ එක රොමකුපයෙහි එක රොමය වනබව යුක්ත මැ වන්නේ යැ, එසේ හෙයින් මෙසේ වූ තෙළෙස්වන-පෙ-යුතු.

181 තව ද, සර්වෙඥයන්වහන්සේගේ හරීරයෙහි රොමයෝ අඳුන් සේ ඉතා නිල් වූ ප්රනභා ඇත්තාහ. දකුණට සිසෑරී සිටිනාහ. ඒ සර්ව ඥයන්වහන්සේ සසර පමණින් යාචකයන් දුටුකල්හි කර නො බහා උඩුමුව වැ සිටින පරිදි පානා සේ, ඒ රෝමයෝ උඩට නැගී සිටිනාහ. එසේ හෙයින් මෙසේ තුදුස්වන -පෙ-යුතු.

182 සෙසු සත්වුයෝ කරින් හෝ වක් වෙති උකුළෙන් හෝ වක් වෙති. දණින් හෝ වක් වෙති. එ ක් ඇළයකින් හෝ වක් වෙති . සමහර කෙනෙක් නකත් ගණන්නා සේ උඩ බලති සමසහර කෙනෙක් ලේ මස් මඳ බැවින් හුළං සේ වෙවුලන ශරීර ඇත්තාහ. සර්ව ඥයන්වහන්සේගේ ශරීරය වූ කලී එසේ නො වැ දෙවියන්ගේ නුවර සදාලූ මහරන්තොරණක් සේ නො වක් වැ නො හැද වැ, ඒ සර්වරඥයන්වහන්සේගේ සෘජු වූ ඒ සිත සේ, සෘජු වැ තිබෙන හෙයින් මේ පසළොස්වන -පෙ-යුතු.

183 තව ද, සෙස්සන්ගේ අත්පිට හා පාපිට නහරවැල් පෙණෙයි. දෙදසරුවෙහි ඇට පෙණෙයි. එසේ හෙයින් සත්ත්වෙයෝ මනුෂ්යස ප්රෙරතයන් සේ පැණෙති. සර්වසඥයන්වහන්සේගේ වූ කලී දෙඅත් පිට යැ, දෙපාපිට යැ, දසරුව මත්තෙහි යැ, පිටිකර යැ, යන මේ සත්තැනැ මාංසය ඉතා සම වැ නහර ඇට ඉපිල නො තිබෙන්නේ යැ. මෙ සේ මෙ සොළොස්වන -පෙ- යුතු.


කාණ්ඩය] බුත්සරණ 239. 184-185 තව ද, සර්ව ඥයන්වහන්සේගේ ශරීරය පූර්වනකායය හා අධඃකායය හා සිංහයකුගේ පූර්වවකායය සේ පිරී හිඳී තිබෙන් නේ යැ. සිංහලයාගේ වූ කලී පූර්වීකායය මැ පිරී හිඳී තිබෙන බව මුත් අධඃකායය පිරී හිඳී නො තිබෙන්නේ යැ, සම්ය‍ක් සම්බුද්ධයන්වහන්සේගේ පූර්වහකායය හා අධඃකායය හා දෙක මැ සිංහයාගේ පිරී හිඳී තිබෙන පූර්වඃකායය සේ පිරී හිඳී තිබෙන්නේ යැ. එසේ හෙයින් මේ සතළොස්වන -පෙ-යුතු.

සෙස්සවුන්ගේ පිටමැද වළ වෙයි. පිට දෙභාගය වෙනවෙන පෙණෙයි. සර්වවඥයන්වහන්සේගේ පිට වූ කලී එසේ නො වැ මාංසපටලයෙන් කඳට පහරවා සම වැ නැගී රන් පෝරුවක් සේ පිට සම කොට ගෙණැ ගියේ. චෙත්ර යෂටික පිජාතකයෙහි එතෙක් වඳුරන් මැඩැ සම කළ පිට විපාකයෙන් දැන් මෙපිට මෙසේ සම වන බව කවර විස්මයෙක් ද? එසේ හෙයින් මේ අටළොස්වන-පෙ-යුතු.

186-187 තව ද, සෙස්සන්ගේ බඹය අඩු වැ ශරීරය හෝ දික් වන්නේ යැ. නැවැතැ බඹය හෝ දික් වැ ශරීරය ලුහුඬු වන්නේ යැ. ඒ සර්වතඥයන්වහන්සේගේ බඹයෙහි දිගත් ශරීරයෙහි දිගත් දෙක මැ සම වූ පමණ ඇති වන්නේ යැ. ඒ සර්වීඥයන් වහන්සේ වදාළ දෙය හා වන විපාක හා දෙක සම වැ පවත්නා සේ බඹයෙහි පමණක් ශරීරයෙහි පමණක් අඩුවැඩි නැති වැ සම වැ පවත්නා හෙයින් මේ දසනවවන -පෙ-යුතු.

තව ද, ඇතැම් කෙනෙකුන්ගේ, කොකුන්ගේ කර සේ, දික් වූ කර ඇති වන්නේ යැ. බණන කලැ නහරවැල් පෙණෙන්නේ යැ. සර්ව ඥයන්වහන්සේගේ කර වූ කලී රන් කලසෙකැ කරක් සේ ඉතා වටමට වැ තිබෙන්නේ යැ. බසක් බැණැ වදාරණ වේලෙහි නහර නො පෙණෙන්නේ යැ. සතුරු මිතුරු දෙපක්ෂලයෙහි මැ සමවට වූ සිත් ඇති ඒ සර්වරඥයන් වහන්සේගේ සමවට වූ කර ඇති වනබව ඉතා සුදුසු මැ යැ. එසේ හෙයින් මේ විසිවන -පෙ-යුතු.

188 තව ද, සෙස්සන් රසනහර උඹ බලා නො තිබෙන්නේ යැ. බුදුන්ගේ වූ කලී සත්සියක් රසනහර උඩගු වැ උගුර ඇතුළෙහි පිහිටා තිබෙන්නේ යැ. එසේ හෙයින් තලඇටක් පමණ ආහාරය කුදු දිව්අගැ තබා වදාළ හොත් සර්ව්ඞගයෙහි මැ රස පැතිරැ



240. අමෘතාවහ නම් වූ [මිශ්ර් කථා

යන්නේ යැ. තමන්වහන්සේගේ ශරීරය තෙලියතෙහි ලා පෙළා ලෙහෙ දී සත්ත්ව යන්ගේ ශරීරයේ පිණවූ සර්වැඥයන්වහන්සේගේ මේ රසනහර මෙලෙස උඩුමුව වැ තිබෙන බව ආශ්චය්ය්ර් යෙක් නො වන්නේ යැ. මෙසේ හෙයින් එක්විසිවන -පෙ-යුතු. 189 & 190 තව ද, සර්වමඥයන්වහන්සේගේ දෙහනුව සිංහයක්හුගේ යටහනුව මෙන් පිරී තිබෙන්නේ යැ. සිංහයාගේ උඩහනුව නො පිරී තිබෙන්නේ යැ. සර්ව.ඥයන්වහන්සේ‍ෙග් දෙහනුවමැ සිංහයාගේ පිරී තිබෙන යටහනුව සේ පිරී තිබෙන්නේ යැ. සසර පමණින් හිරි ඔතප් යන මේ දෙදෙනා තමන්ගේ සන්තානයෙහි පුරා වැඩූ සර්වබඥයන්වහන්සේගේ දෙහනුව පිරී තිබෙන බව යෙදේ මැයැ. එසේ හෙයින් දෙවිසිවන -පෙ- යුතු.

තව ද, සෙස්සන්ගේ මුඛයෙහි දත් දෙතිසක් වන්නේ යැ. සර්වදඥයන්වහන්සේගේ ශ්රී මුඛයෙහි උඩහනුවෙහි විසිදතක් හා යටහනුවෙහි විසිදතක් හා මෙසේ සතළිස් දතෙක් වන්නේ යැ. තමන්වහන්සේ යදත් වැ උපන්කල්හි දළ කපකපා, සංඛපාල නාග වැ උපන් කල්හි දළ බිඳුවබිඳුවා හැරැ දුන්, දැන් බුදු වූ කලැ එතෙකින් හළුසේ වැටී හිනැයි1 තුබූ දත් හෙයින් ඒ දත යහපත බසට සිතට විෂය නො වන්නේ යැ, එසේ හෙයින් මේ තෙවිසිවන -පෙ-යුතු. 191,192,193. සෙස්සන් දත් අඩුවැඩි වන්නේ යැ. සර්ව.ඥයන්වහන්සේගේ දත් වූ කලී සම වැ තිබෙන්නේ යැ. ශෙවතහස්තිජාතකයෙහි යාචකයන්ටහට අඩුවැඩි නො කොට සම කොට කපා දුන් දත් සම වන බව කවර විස්මයෙක් ද? මෙසේ සූවිසිවන -පෙ-යුතු.

තව ද, සෙස්සන්ගේ දත් සිදුරු ඇති වැ තිබෙන්නේ යැ. ඒ සර්වවඥයන්වහන්සේගේ දත් වූ කලී සසර පමණින් උන් වහන්සේගේ ගුණයෙහි සිදුරු නැත්තා සේ සිදුරු නැති වැ නිබෙන්නේ යැ. එසේ හෙයින් මේ පස්විසිවන -පෙ-යුතු.

තව ද, සර්ව ඥයන්වහන්සේගේ සතරදළදාවහන්සේ ඔවුන් වහන්සේගේ පරිශුද්ධ වූ සතර සම්පජඤ්ඤය සේ ඉතා පාරිශුද්ධ වැ තිබෙන්නේ යැ. එසේ හෙයින් මේ සවිසිවන-පෙ-යුතු. 194 තව ද, සෙස්සන්ගේ දිව් පටු වැ ලුහුඬු වැ ති‍බෙයි. සර්ව ඥයන් වහන්සේගේ දිව මොළොක් වැ දික් වැ පළල් වැ යහපත් පැහැ ඇති වැ තිබෙන්නේ යැ. බුදුහු ඒ ලක්ෂහණය නිශ්චය කරණ

1.හළුසේ වැටී නිහැ තුබූ. කාණ්ඩය] බුත්සරණ 241.

පිණිස තමන්වහන්සේගේ ලක්ෂ ණ පරීක්ෂාත කරන්නට ආවන්ගේ සැක හරණ පිණිස මොළොක් වන බැවින් දිව කෙළින් හිද්දක්1 සේ වටා ගෙණැ දෙනාසිකාචඡිද්රෙය පිරිමදිති. දික් වන බැවින් දෙකන්සිදුර පිරිමදිති. දික් වැ පළල් වන බැවින් කෙශාන්තය දක්වා සියලු නළල ඒ දිවින් වසාගණිති. මෙසේ වූ බුදුහු දිව මොළොක්පරිදි දික්පරිදි පළල්පරිදි තමන් කෙරෙහි සැක ඇත්තවුන්ට ප්රකකාශ කෙරෙමින් ඔවුන්ගේ සැක හරිති. මෙසේ ලක්ෂුණ තුණින් සම්පන්න වූ මෙතෙක් දහම්බිජුවට අතුරණ පිණිස විසහුවාක් බඳු වැ දික් වූ පළල් වූ මොළොක් වූ දිව් ඇති බැවින් මේ සත්විසිවන බුසුන් -පෙ-යුතු.

195 තව ද, සෙ‍ස්සෝ බිඳී සිඳී තිබෙන ස්වර ඇත්තාහ. සමහරු කාකස්වර ඇති වන්නාහ. සර්විඥයන්වහන්සේගේ ස්වරය වූ කලී බ්රසහ්මයාගේ ස්වරය සේ ඉතා මනොඥ යැ. පිත්සෙම්ආදීන් විසින් බාධාවක් නැති වැ නාභියෙහි පටන් ගෙණැ ශුඞ වැ නැ‍ඟෙන් නේ යැ. ඒ පුරවිකෙවිල්ලන්ගේ හඬක් සේ මධුර වන්නේ යැ. ඒ පුරවිකෙල්ලන් හැඬුකල්හි ගත් තණ කබල කාත්2 නො පියා හෙළාත් නො පියා ඒ හඬ අසා සිටිති. නොයෙක් චණ්ඩසත්ත්වැයෝ මුවන් ලුහුබැඳ ගෙණැ යෙමින් සිට ඒ හඬ ඇසූ කලැ නගා ගත් පය බහා නො තබා සිටැ අසති. ඒ හඬ, චණ්ඩසත්ත්ව යන් කෙරෙහි ගත් භයින් පලන, මුවෝ මරණභය හැරැ පියා සිටැ අසති. අහසින් යන පක්ෂී හු තමන් යන ගමන් හැරැ පියා ආකාශයෙහි පියා පහරා ගෙණැ සිටැ අසති. දියෙහි වැදැ හෝනා මස්සු තමන්ගේ කන්පත් වරල් පත් නො සොල්වා හෙවැ අසති .මෙසේ මධුර වූ පුරමි කෙවිල්ලන්ගේ ශබදයට සියක් දියුණා දහයක් දියුණා සර්ව ඥයන් වහන්සේගේ ස්වරය මැ මධුර යැ. පූජකබ්රාවහ්මණයාට ගැති කොට දෙන පිණස වල වැ ගිය දරුවන්ට හඬගැහූ, තව ද, සියලු සත්ත්වියන්ට ප්රිිය වූ තෙපුල් කී ඒ සර්වනඥයන්වහන්සේගේ ශබ්දය මෙලෙස මධුර වනබව පෙළහරෙක් නො වන්නේ යැ. එසේ හෙයින් මේ අටවිසිවන බුදුන් -පෙ-යුතු.

196

තව ද, ඒ සර්වනඥයන්වහන්සේගේ ඇස් නිල් වුව මනා තන්හි නිල් වෙයි. රන්වන් වුව මනා තැන රන්වණැ. රත් වුව මනා තැන රත යැ. සුදු වුව මනා තැන සුදු යැ. කළු වුව මනා තැන කළු යැ. දියමෙරලියමල් , කිණිහිරිමල්, බඳුවදමල්, හෙලසමන්මල්2


1.හිදක්. 2.තාක් 3.හෙලසුන්මල්


242. අමෘතාවහ නම් වූ [මිශ්රැ කථා

කසමල් තැනැ තැනැ තබා පුදාලූ යහපත් වූ මලසුන්සඟළක් සේ මේ පස්පැහැයෙන් හොබනේ යැ. සසර පමණින් යාචකයන්ගේ පෙරමඟ බලබලා දල්වා ගෙණැ හිඳැ නො වහළ, ධර්‍මපාල කුමාර වැ ක්ෂා්න්තිවාදීතාපස වැ ඒ සා මහත් කම්කටුල් කරන්නවුන් මහත් වූ මෛත්රීදයෙන් බැලූ ඇස්සඟළෙහි යහපත කියන්නා තබා කවරෙක් නම් සිතිනුත් සිතන්නට පොහොසත් වන්නේ ද? මෙසේ පස්පෑ දිස්නා පෙළහර වූ ඇස් ඇති බැවින් මේ විසිනවවන බුදුන් -පෙ -යුතු. 197

තව ද, බුදුන්ගේ ඇස්ගුළ1 එවිගස උපන් රතුවස්සකුගේ ඇස්ගුළක් සේ මනොඥ වන්නේ යැ. සෙස්සන්ගේ ඇස්ගුළ පිටත නෙරී හෝ තිබෙන්නේ යැ. ඇතුළට වැද පියා හෝ තිබෙන්නේ යැ. සර්වේඥයන්වහන්සේගේ ඇස්ගුළ වූ කලී දෙවැ මැද තබාලූ ඉන්ර් නීලමිණිගුළු දෙකක් සේ මොළොක් වැ සිනිඳු වැ තිල් වැ සියුම් වැ තිබෙන්නේ යැ. දෙඇස දුන් එකජාතියෙහි මිනිස් ඇස් ඉක්මනු ඇස් ලත්සේක. එසේ වූ මැ ඇස් අනන්ත වූ මැ තරු පරසා දුන්සේක. ඒ පිණින් ඒ ඇස් මෙසේ පෙළහරවීම කවර නම් ආශ්චය්ය්්ස යෙක් ද? එසේ හෙයින් මේ තිස්වන බුදුන් -පෙ-යුතු.

198 තව ද, සර්වපඥයන්වහන්සේගේ දෙබැම අතුරෙහි උන් වහන්සේගේ රූප නැමැති සාගරයෙහි දරණ වටා හොත් හැලිනාගරාජයක්හු බඳු වූ, නලල් නැමැති රන්මෙරඟල්හිත්නියෙහි පූර්ණාචන්ර්ු මණ්ඩලයක් බඳු වූ, ඒ රූප නැමැති උත්තරසාගරයෙහි දක්ෂිණාවතී සකක් බඳු වූ, ( රූප නැමැති උත්තරසාගරයෙහි) කුඩු නැමැති පියුම් ඇති, ඇස් නැමැති මහනෙල්මල් ඇති, බැම නැමැති බමරවැල ඇති, මුහුණු නැමැති විලැ රාජ හංසයකු බඳු වැ සුදු වූ, පුළුන් සේ මොළොක් වූ ඌණාරොම ධාතුවක් ඇති. රොමය කෙළවර අල්වා ගෙණැ අදනාලද්දාහු අතින් සමහරෙක්හි පමණ දිග වන්නා වූ අත හැරපූකල්හි දක්ෂි ණාවතී වැ සිසෑරී උඩු බලා සිටි අග් ඇති වැ ති‍බෙන්නා වූ, රන් පෝරුවක් මැදැ තුබූ රිදීබුබුළක් සේ ඒ රන්වන් වූ නලල් මැද තුබූ ඌර්ණාදරොමධාතු ඇති වන බැවින් මේ එක්තිස්වන බුදුන්-පෙ-යුතු. 199 තව ද, ඒ සර්වතඥයන්වහන්සේගේ දකුණුකන්සිළින් මස් පටලයෙක් සියලු නළල ගෙණැ වම්කන්සිළු පැහැර රජකු

1.ඇස්සඟළ & ඇස්යුගල. 2.අධිකයෙකි.

කාණ්ඩය] බුත්සරණ 243.

නලළැ බඳ රන් පටක් සේ දිලිහිදිලිහී තිබෙයි. අනන්තජාතියෙහි බුදු -පසේබුදු - මහරහතුන් දුටු කල්හි වැඳැ බිමැ ගහා නො විඩා වූ නළල මෙසේ වන බව ඉතා සුදුසු මැ යැ. නොහොත් බුදුන් වහන්සේගේ සිරස පිරිහුන් දියබුබුළක් සේ සම වැ වට වැ තිබෙන්නේ යැ. අනෙකජාතියෙහි මැණික්වොටුටුනු තබා පියා ආරාධනා කළවුන්ට ගැතිමෙහෙ කරණ සමයෙහි දර දිය ඇද දුක් වූන් හිස දැන් මෙසේ වනබව කවර විස්මයෙක් ද? මෙසේ හෙයින් දෙතිස් වන බුදුන් -පෙ-යුතු.

200 තව ද, පිරී තිබෙන්නා වූ ඇඟිලි ඇතිබව යැ , තව ද, ක්රවම යෙන් සිහින් වැ ගිය ඇඟිලි ඇතිබව යැ, තව ද, වට වූ ඇඟිලි ඇතිබව යැ, තව ද, රත් වැ තිබෙන්නා වූ තිය ඇතිබව යැ, තව ද, උස් වැ තිබෙන්නා වූ තිය ඇතිබව යැ, තව ද, සිනිඳු වූ නිය ඇතිබව යැ, තව ද, සැඟවී තිබෙන්නා වූ බොලට ඇති බව යැ, තව ද, වළගොඩ නැති වැ සම වැ තිබෙන්නා වූ ශ්රීබපාද ඇති බව යැ, තව ද, හස්තිරාජයකුට බඳු වූ ගමන් ඇතිබව යැ, තව ද, හංසරාජයකුට බඳු වූ ගමන් ඇතිබව යැ, තව ද, සිංහ රාජයකුට බඳු වූ ගමන් ඇතිබව යැ, තව ද, වෘෂභරාජයකුට බඳු වූ ගමන් ඇතිබව යැ, තව ද, දක්ෂි ණාවතී වූ ගමන් ඇතිබව යැ, තව ද, හාත්පසින් හොබනා වූ දණමඬුලු ඇතිබව යැ,තව ද, පරිපූර්ණ, වැ තිබෙන්නා වූ පුරුෂව්යලඤ්ජන ඇතිබව යැ, තව ද, සිදුරු නැත්තා වූ පෙකෙණි ඇතිබව යැ, තව ද, ගැඹුරු වැ තිබෙන්නා වූ පෙකෙණී ඇතිබව යැ, තව ද දකුණුදිශාවට ඇඹැරී තිබෙන්නා වූ පෙකෙණි ඇතිබව යැ, තව ද, හස්ති රාජයක්හුගේ අතක් වැනි වූ අත් හා කූළවා ඇතිබව යැ, තව ද, වෙන වෙන තේරී මනා වැ තිබෙන්නා වූ ශරීරාවයව ඇතිබව යැ, තව ද, ක්රනමයෙන් පිරී යහපත් වැ තිබෙන්නා වූ ශරීරාවයව ඇතිබව යැ, තව ද, මටසිලුටු වැ තිබෙන්නා වූ ශරීර ඇතිබව යැ, තව ද, උස් නො වැ මිටි නො වැ තිබෙන්නා වූ ශරීර ඇතිබව යැ, තව ද, නො හැකිළ තිබෙන්නා වූ ශරීර ඇතිබව යැ, තව ද, තලකළුවක් මාත්රන කැලලක් නැත්තා වූ ශරිර ඇතිබව යැ, තව ද, ක්රළමයෙන් යහපත් වැ තිබෙන්නා වූ ශරිර ඇතිබව යැ, තව ද, විශුද්ධ වූ ශරීර ඇතිබව යැ, තව ද, කෙළදහසක් පමණ ඇතුන්ට බල ඇතිබව යැ, තව ද, උස් වැ තිබෙන්නා වූ නාසා ඇතිබව යැ, තව ද, රත් වැ තිබෙන්නා වූ විදුරුමස් ඇතිබව යැ, තව ද, කොඳකැකුළු සේ ඉතා සුදු වැ තිබෙන්නා වූ ද ත් ඇතිබව යැ, තව ද, ඉතා සිනිඳු වැ තිබෙන්නා වූ දත් ඇතිබව යැ, තව ද, විශුද්ධ වැ තිබෙන්නා වූ ඉන්ර් යයන් ඇතිබව යැ, තව ද, වට වැ


244. අමෘතාවහ නම් වූ [මිශ්රත කථා

තිබෙන්නා වූ සතර දළඳා වහන්සේ ඇතිබව යැ, තව ද, රත් වැ තිබෙන්නා වූ ශ්රීළමුඛ ඇතිබව යැ, තව ද, හුදක් වට නො වැ මඳක් දික් වැ තිබෙන්නා වූ මුහුණු ඇති බව යැ, තව ද, ඉතා සිනිඳු වූ ගැඹුරු වූ අතුල්රෙඛා ඇතිබව යැ, තව ද, දික් වැ තිබෙන්නා වූ රෙඛා ඇති බව යැ, තව ද, නො හැද වැ තිබෙන්නා වූ රෙඛා ඇතිබව යැ, තව ද, යහපත් වූ සටහන් ඇති වැ තිබෙන්නා වූ රෙඛා ඇතිබව යැ, තව ද, සරත් කල්හි හිරුමඬුල්ලක් බඳු වූ ශරීරප්රතභා ඇතිබව යැ, තව ද, දික් වූ මනා වූ පිරී තිබෙන්නා වූ හනු ඇතිබව යැ, තව ද, දික් වැ පළල් වැ තිබෙන්නා වූ ඇස් ඇතිබව යැ, තව ද, පස් පැහැ දිස්නා ඇස් ඇතිබව යැ, තව ද, තුනී වූ රත් වූ දිව් ඇතිබව යැ, තව ද, දික් වූ මනා වූ කන් ඇතිබව යැ, තව ද, ගැට නැත්තා වූ සිරස් ඇතිබව යැ, තව ද, උස් නො වැ සමප්ර මාණ වැ හැසී තිබෙන්නා වූ සිරස් ඇති බව යැ, තව ද, ඡත්රීයක් වැනි මනොඥ සිරස් ඇතිබව යැ, තව ද, තව ද, දික් වූ පළල් වූ නලල්හි ශොභා ඇතිබව යැ, තව ද, මනා වූ සටහනින් යුක්ත වූ බැම ඇතිබව යැ, තව ද, සිලුටු වූ බැම ඇතිබව යැ, තව ද, අනුලොම් වැ තිබෙන්න‍ා වූ බැම ඇතිබව යැ, තව ද, මහත් වැ තිබෙන්නා වූ බැම ඇතිබව යැ තව ද, දික් වැ තිබෙන්නා වූ බැම ඇතිබව යැ, තව ද, සියුමැලි වැ තිබෙන්නා වූ ශරීර ඇතිබව යැ, තව ද, ඉතා මැ සෞම්ය වූ ගාත්ර් ඇතිබව යැ, තව ද, ඉතා මැ බබලන්නා වූ ශරීර ඇතිබව යැ, තව ද, ඉතා මැ නිර්ම ල වූ ශරීර ඇතිබව යැ, තව ද, කොමල වූ ශරීර ඇතිබව යැ, තව ද, සිනිඳු වූ ශරීර ඇතිබව යැ, තව ද, ස්වභාවයෙන් සුවඳ වූ ශරිර ඇතිබව යැ, තව ද, සම වූ ලොමයෙන් යුක්ත වූ ශරීර ඇතිබව යැ, තව ද කොමල වූ ලොම් ඇතිබව යැ, තව ද, දකුණට සිසෑරී තිබෙන්නා වූ ලොම් ඇතිබව යැ, තව ද, අඳුනට බඳු වූ, පැහැයෙන් යුක්ත වූ ලොම් ඇතිබව යැ තව ද, සිනිඳු ලොම් ඇතිබව යැ, තව ද, ඉතා සියුම් වූ නඟා ලන බහා ලන, ශ්වාස ඇතිබව යැ, තව ද, සුවඳ වැ තිබෙන්නා වූ ශ්රීලමුඛ ඇති බව යැ, තව ද, ස්වභාවයෙන් සුවඳ වැ තිබෙන්නා වූ සිරස් ඇතිබව යැ, තව ද, ඉතා නිල් වූ කෙශධාතු ඇතිබව යැ, තව ද, දක්ෂි ණාවතී වැ තිබෙන්නා වූ කෙශධාතු ඇතිබව යැ, තව ද, මනා වූ සටහනින් යුක්ත වූ මටසිලුටු වැ තිබෙන්නා වූ කෙශධාතු ඇතිබව යැ, තව ද, අවුල් නොවන්නා වූ කෙශධාතු ඇතිබව යැ, තව ද, සම වූ කෙශධාතු ඇතිබව යැ, තව ද, කොමල වැ තිබෙන්නා වූ කෙශධාතු ඇතිබව යැ, තව ද, කෙතුමාලාවෙන් හොබනා වූ සිරස් ඇතිබව යැ යන මෙසේ වූ අසු අනුව්යුඤ්ජන යෙන් හොබනා වූ ශරීර ඇති බුදුන් -පෙ-යුතු.



කාණ්ඩය] බුත්සරණ 245.

තව ද, ‘මසැස යැ, දිවඇස යැ නුවණැස යැ, බුදුඇස යැ, සමතැස යැ’ යි සර්ව ඥයන්වහන්සේගේ පස් ඇසෙක් වන්නේ යැ. එහි ‘මසැස’ නම් කවරේ ද? යත්:- යම්තැනෙක්හි ඇසැ රොම පිහිටියේ ද, එතෙන්හි දියමෙරලියමලැ පැහැ සේ වූ ඉතානිල් වූ පැහැ යැ, ඒ ඉක්බිති කිණිහිරිමලැ පැහැ බඳු වූ රන්වන්පැහැ යැ, ඒ ඉක්බිති වැ රතිඳුගොව්වකු ඇඟ පැහැ බඳු වූ සිනිඳු වූ රත් පැහැ ය, මඞ්යවයෙහි රුක්පෙනෙලඇටෙකැ පැහැ බඳු වූ සිනිඳු වූ කළුපැහැ යැ, ඒ සිසාරා තරුවෙහි පැහැ බඳු වූ සුදුපැහැ යැ යන මෙ පසපෑ දිස්නා වූ, තව ද, වර්ෂාැකාලයෙහි කළුවර සමයෙහි මඞ්යපමරාත්රිූයෙහි මහාඅටවිවල්මැදැ සිටියත් යොදුන් පමණ බොල් වූ මහාවිදුරුගල් පවා විදැ ගෙණැ එපිටැ තුබූ සියුම් වස්තූන් දක්නා වූ ඇස ‘මසැස’ නම් වෙයි. මෙසේ වූ පෙළහර වූ මසැස් ඇති බුදුන් -පෙ-යුතු.

202 තව ද, ‘දිවඇස්’ නම් කවරේද? යත්:- අනන්තලොකධාතුයෙහි උපන් සත්වුයන් කෙරෙන් “මේ සත්ව?තෙමේ හීන යැ. මේ සත්වි තෙමේ උපත්තම යැ. මේ සත්වතතෙමේ මනා වූ වර්ණ ඇත්තේ යැ. මේ සත්වපතෙමේ නපුරු වූ වර්ණු ඇත්ත‍තේ යැ. මේ සත්වේ කයින් කරණ පව් ඇත්තේ යැ. මේ සත්ව‍ බසින් කරණ පව් ඇත්තේ යැ. මේ සත්ව සිතින් කරණ පව් ඇත්තේ යැ. මේ සත්ව ආය්ය්් යන්ට අනදර බණන්නේ යැ. මේ සත්වය මිත්යානදෘෂ්ටි ඇත්තේ යැ. එහෙයින් මියැ නරකයෙහි උපනැ. මේ සත්වයතෙමේ කයින් බසින් සිතින් පුරණලද පින් ඇත්තේ යැ. ආය්ය්ත්වන්ට ආදර කරන්නේ යැ. සම්යනග්දෘෂ්ටියෙහි පිහිටියේ යැ. ස්වර්ග යට ගියේ යැ. අපායට ගියේ යැ” යි දන්නා ඇස ‘ දිවඇස’ නම් වෙයි. එසේ වූ දිවඇස් ඇති බුදුන් -පෙ-යුතු.

293.204 & 205

තව ද, අතීතානාගතවතිමාන යැ යන තුන් කල්හි වන්නා වූ සියලු ධර්ම0යන් සර්ව කාරයෙන් දන්නා වූ ඇස ‘නුවණැස’ නම් වෙයි. මෙසේ වූ නුවණැස් ඇති බුදුන් -පෙ-යුතු.

තව ද, ලොකයෙහි “මේ සත්ව මඳ වූ රාග ඇත්තේ යැ. මේ සත්ව මඳ වූ වෙෂ ඇත්තේ ය. මේ සත්වර මඳ වූ මොහ ඇත්තේ යැ” යනාදීන් සත්ව යන් විභාග කොට දන්නා වූ ඇස ‘බුදුඇස’ නම් වෙයි. එසේ වූ බුදුඇස් ඇති බුදුන් -පෙ- යුතු.


246. අමෘතාවහ නම් වූ [මිශ්ර කථා

තව ද, මේ ලොකයෙහි දැක්ක යුතු යම් මැ1 දෙයක් ඇතැඹුලු සේ දක්නා වූ ඇස ‘සමතැස’ නම් වෙයි. එ ඇසින් නො දක්නා දෙයෙක් මේ සියලු අනන්තලොකධාතුවෙහි නැත් මැ යැ. මෙසේ වූ සමතැස් ඇති බුදුන් -පෙ-යුතු.

206

තව ද, සර්වමඥයන් වහන්සේ නම් ද සබලයක් ඇතිසේක. ඒ දසබල නම් කවරැ ? යත්:- ඇතුන් දසදෙනෙකුගේ බල හා සමාන වූ බුදුන්ගේ කායබල දශය ‘දශබල’ නම් වේ මැ යැ. දස තැනෙක්හි නො සැලී සිටිනා වූ නුවණබල දසය ‘දශබල’ නම් වේ මැ යැ. එහි සර්ව ඥයන්වහන් සේ ඇතුන් දසදෙනෙකුගේ බල හා සමාන වූ කායබල දසයක් ඇතිනියා කෙසේ ද? යත්:- කාලවක යැ, ග‍ඬෙගය්යය යැ, පණ්ඩර යැ, තම්බ ය, පිඞගල යැ, ගන්ධක යැ, මඞගල යැ, හෙම යැ, උපොසථ යැ, ඡද්දන්ත යැ යි කියා මෙසේ ඇතුන්ගේ දසකුලයෙක් වන්නනේ යැ. මේ දක්වන ලද දස ඇත්කුලයෙහි ආදී වූ කාලාවක නමස් කුලයෙහි එක් ඇතෙක් ඉතා බලසම්පන්න වූ මඬ්යකමපුරුෂයන් දසදෙනෙකුට බල ඇත්තේ ය. දෙවනු වැ කියනලද ගඩෙගය්යනකුලයෙහි එක් ඇතෙක් පළමු කොට කියනලද කාලාවකකුලයෙහි ඇතුන් දස දෙනෙකුට බල ඇත්තේ යැ. තුන්වන වැ කී පණඬරකුලයෙහි එක් ඇතෙක් දෙවනු වැ කී ග‍ඬෙගය්යනකුලයෙහි ඇතුන් දස දෙනෙකුට බල ඇත්තේ යැ. සතරවනු වැ කී තාම්රහකුලයෙහි එක් ඇතෙක් තුන්වනු වැ කී පණ්ඬරකුලයෙහි ඇතුන් දස දෙනෙකුට බල ඇත්තේ යැ. පස්වනු වැ කී පිඬගලකුලයෙහි එක් ඇතෙක් සතරවනු වැ කී ගන්ධපකුලයෙහි එක් ඇතෙක් පස්වනු වැ කී පිඬගලකුලයෙහි ඇතුන් දසදෙනෙකුට බල ඇත්තේ යැ. සත්වනු වැ කී මඬගලකුලයෙහි එක් ඇතෙක් සවනු වැ කී ගන්ධීකුලයෙහි ඇතුන් දසදෙනෙකුට බල ඇත්තේ යැ. අටවනු වැ කී හෙමකුලයෙහි එක් ඇතෙක් සත්වනු වැ කි මඬගලකුලයෙහි ඇතුන් දසදෙනෙකුට බල ඇත්තේ යැ. නවවනු වැ කී උපොසථකුලයෙහි එක් ඇතෙක් අටවනු වැ කී හෙමකුලයෙහි ඇතුන් දසදෙනෙකුට බල ඇත්තේ යැ. දසවනු වැ කී ඡද්දන්තකුලයෙහි එක් ඇතෙක් නවවනු වැ කී උපොසථ කුලයෙහි ඇතුන් දසදෙනෙකුට බල ඇත්තේ යැ. සර්වසඥයන් වහන්සේ ඡද්දන්තකුලයෙහි ඇතුන් දසදෙනෙකුට බල ඇති සේක. ඒ සර්ව ඥයන්වහන්සේ , අපගේ නිකම්ඇතුන්ගේ ගණනින්


1.දුව මනා යම මැ දැක්ක යුතු දෙයක් .


කාණ්ඩය] බුත්සරණ 247.

බලත් හොත්, ඇතුන් කෙළදහසකට බල ඇතිසෙයෙකැ. පුරුෂයන්ගේ ගණනින් දසකෙළදහසක් පුරුෂයන්ට බල ඇති සේක. මෙසේ කායබල ඇත්තා වූ බුදුන් -පෙ-යුතු.

207

තව ද, බුදුන් බුදු වැ පන්සාළිස් හවුරුද්දක් මුළුල්ලෙහි දෙව්ලොවින් බඹලොවට, බඹලොවින් මිනිස්ලොවට, මිනිස් ලොවින් නාලොවට, ‘රැයැ’ යි නො සිතා , ‘දහවලැ’යි නො සිතා, ‘දුර යැ’යි නො සිතා , ‘සොරු යැ’යි නො සිතා ,’යක්කු යැ’යි නො සිතා, ‘ඝොරවිෂ වූ නයි යැ’යි නො සිතා, ‘මදාන්ධ වූ මත්ත හස්තීහු යැ’යි නො සිතා,’බ්ර හ්මයා යැ’ යි සරුවක් නො කොට, ‘චණ්ඩාල යෝ යැ’ යි නින්දා වක් නො කොට තමන්වහන්සේ දෙසා වදාළ සඬර්මැයෙන් , දක්වා වදාළ සෘධිප්රානතිහාය්ය් ව යෙන් ගැලවෙන්නට සුදුසු සත්වමයන් ඇති ඇති තැනට වදනා මතැතක්හු සේ, වසත් කලට හඬ ගත් මත්කොවුල්රජක්හු සේ , මහමේකලට කෙ‍ක‍ා නගන රන්මොනරරජක්හු සේ, ගොදුරුබිම් බලා පනන්නට සිංහනාද කරණ කෙශරසිංහයක්හු සේ , එතැනින් එතැනට වඳිමින් , වන්වන්තන්හි බණ වදාරමින් මුළුලොව සනහා, “මා හුදකළා වැ සියලු සත්ව ලොකයෙහි විසිරැ එකවිටැ නාලොවැ මිනිස්ලොවැ දෙව්ලොවැ බඹලොවැ පැණි යන්ට උගහටැ. මෙවිටැ මාගේ සියලුශරීරයෙහි ඇට තාක් විසුරුවා තලඇටක් සා වැ පැණුනුතැනට මහමෙර සා වැඩ සාධා මුළුලොව විසිරැ සියලු සත්වණයන්ට හිත කළ මැනවැ” යන අදහසින් මෙන්, පිරිනිවන් පෑ පස්වාදහසක් මුළුල්ලෙහි තමන්වහන්සේගේ ධාතු වැඳැ පිදූවන්ට දිව්යකසම්පත්ති නිර්වාේණසම්පත්ති සාධා දෙමින්, නැඩැහිඳැ බුදු වූ රුක්හි මළපරණලාත් වන් වන් තැනට සම්පත් එළවමින්, විපත් දුරු කෙරෙමින්, මුළුලොවට එකඇස් වූ මුළු ලොවට එකපහන් වූ, මුළුලොවට එකහදවත වූ, මුළුලොවට එක ඇදුරු වූ, මුළුලොවට එක බෙහෙත් වූ, මුළුලොවට එක කප්රුක් වූ, මුළුලොවට එක චින්තාමණි වූ, මුළුලොවට එක මහානිධාන වූ, මුළුලොව‍ට එකරක්ෂාූස්ථාන වූ, මුළුලොවට එකාභරණ වූ, මුළුලොවට එකඅමා වූ බුදුන්-පෙ-යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=බුත්සරණ_-_v&oldid=5724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි