බුත්සරණ


ප්‍රස්තාවනා


සංඥා.

මේ ග්‍රන්ථයට තැබූ විශේෂ සංඥාව ‘අමෘතාවහ’ යන්නයි. “අමෘත සඞඛ්යාථත නිර්මාණය ආවහන‍ය කරන්නේය. හෙණ දෙන්නේය” යනු එහි අත්වයයි. “අමෘතාවහ නම් වූ බුද්ධචරිතය නිමි”යි ග්‍රන්ථාවසානයෙහි පෙණෙන හෙයින් “බුද්ධචරිතය” යනු සාමාන්‍ය සංඥාවයි. මෙහි වර්ණනාකරණ ලද්දේ බුදුරජාණන් වහන්සේගේ චරිත‍යයි.එහෙත් ග්‍රන්ථයෙහි නොයෙක් තැන “බුත්සරණ” යනු පෙණෙන හෙයින් හා මෙයින් බුත්සරණ පැවසෙන බැවින්ද “බුත්සරණ” යනුම විශේෂසංඥාව වශයෙන් යොදන ලදි.

නිමිතන.

මේ පොත කීරීමට අභ්‍යන්තර නිමිත්ත වශයෙන් තැකියහැක්කේ සිංහල මනුෂ්‍යයන් විෂය කොට පැවති කරුණාවය . අනුන්ගේ ආරාධනාවක් නැති බැවින් කරුණාවට අරමුණු වූ සිංහල බෞද්ධ මහාජනයා ම බාහ්‍යනිමිතතවශයෙන් සැලකිය හැකිය.

කර්තෘ

මෙම ග්‍රන්ථයෙහි යෙහි කතෘ වනාහී විද්‍යාචක්‍රවර්තී නම් මහා පඬිවරයෙකි. සිංහලස්තූපවංශය ද සකලවිද්‍යාචක්‍රවර්තීපරාක්‍රම පණ්ඩිත නම් කෙනෙකුන් විසින් කරණ ලද්දකි.බුත්සරණ කළ විද්‍යාචක්‍රවර්තී හා ස්තූපවංශය කළ සකලවිද්‍යාචක්‍රවර්තීපරාක්‍රම පණ්ඩිතයනුත් එක්කෙනෙකු ලෙස ම අපි මුල දී සිතීමු. එහෙත් පොත් දෙකෙහි භාෂාව සසඳාබලන විට පෙණෙන්නේ ස්තූපවංශය බුත්සරණට වඩා ශතවර්ෂන දෙකක් තුණක් ලාබාල බවය. ස්තූපවංශය කුරුණැගල රාජධානිකාලයට හෝ ඊට ඉතාමත් ආසන්නකාලයක කළ පොතකි. බුත්සරණ පොළොන්නරුකාලයට අයත් වූවකි. එහෙයින් ඒ පොත් දෙකෙහි කර්තෘයවරු දෙදෙනෙකි. එක්කෙනෙක් නොවෙති.


කතෘතත්වයය.

මේ පොතෙහි කර්තෘත වූ විද්‍යාචක්‍රවර්ති සැබවින්ම විද්‍යාචක්‍රවර්තියෙකි. සම්බුද්ධධර්මරයෙහි හා නොයෙක් ශාස්ත්‍රානතරයන්හිත්- අප්‍රතිහතබුද්ධිප්‍රභාවයකින් යුක්තයෙකි.පැරණි සිංහල ග්‍රන්ථකතෘවරයන් අතරෙහි ප්‍රතිභාතඥානයෙන් සමවන්නේ කවිසිඵමිණ රචනා කළ කාලිකාලසර්වඥ කවීශ්වර පණ්ඩිත දෙවෙනි විජයභාහු රජතුමා පමණි.සුප්‍රසිද්ධ සිංහල ග්‍රන්ථකතෘවරයෙකු වූ ගුරුළුගෝමී කවීත්වයෙන් විද්‍යාචක්‍රවර්තී අසලකටචත් නොපැමිණේ.

අතිශයොවිත චමත්කාර ජනක උපමා කීමෙහි මහාකවි කාලිදාසයන් ලැබූ කීර්තිය විද්‍යාචක්‍රවර්තිමහාකවි තෙමේ මේ එකම පොතෙන් පරදව යි. කාලිදාසයන්ගේ සියලු ම කාව්‍යවල ඇති උපමාවන් මේ එකම බුත්සරණයෙහි ඇති උපමාවන්ට අඩු බව ඒ පිළිබඳ පරීක්ෂා කළොත් ඔප්පු වෙයි.

ප්‍රයෝජන .

මේ ග්‍රන්ථය සම්බුද්ධධර්ම ග්‍රන්ථයක් වශයෙන් පමණක් නොව ගද්‍යකාව්‍යග්‍රන්ථයක් වශයෙන් ද ඉතා ප්‍රයෝජනවත් ය. සමබුද්ධධර්ම ය ඉගෙණ ගන්නා අතර ම මනොහරවර්ණබනාක්ර්මත් පිරිසිදු වාක්‍යරචනාරීතීන් මේ ග්‍රන්ථයෙන් ඉගෙණිය හැකිය.

ග්‍රන්ථ‍තත්ත්‍වය. කාව්යිප්ර‍භෙදයෙන් අතුරෙන් මේ ග්ර්න්ථකය කොෂකාව්ය භෙදයෙහි ඇතුළත් වේ. සම්බුද්ධධර්ම ය අලළා සිංහලභාෂාවෙන් කළ මෙතරම් ශ්රේතෂඨ ග්රබන්ථ‍ය ගුරුළුගෝමීන්ගේ අමාවතුර හුදු පරිවර්තථනයකි එහි භාෂාව අළුත් විලාසයක් ගන්නා නමුත් ග්ර‍න්ථාකර්තෘාහුගේ ප්ර තිභාතයෙන් එකතු වූ කිසිවක් එහි නැත්තේය. සද්ධර්මහ රත්නාවලිය ද පරිවර්තෙනයකි. බුත්සරණ වූ කලි ඒ සියලු ග්රතන්ථව ම පරදවා චක්වර්තිශ්රිතයක් දරයි. මේ ග්ර න්ථයෙහි වනාහි නොයෙක් චරිතකාථාවන් පමණක් නොව උසස් ධර්මයකොටඨාස ද සැකෙවින් දක්වන ලදි. මෙහි පෙණෙන නෛසර්ගික වූ පදාලාලිත්යෙ අතිශයවෛවිත්රා් නොවහ ය. කියන්නන් කටට අසන්නන් කණට සුව එළවන ලිහිල් වචනයන් තෝරාගැණීමෙහි විද්යා වක්රවවර්තීන් තුළවු ශක්තිය අනික් එකද සිංහලගද්ය්ග්රකන්ථ්කාරයෙකු වෙත නොවීය ග්රතන්ථකර්තෘෝහුගේ ප්රයතිභානයෙන් උපදවන ලද විවිධමනොහර වර්ණිනාක්ර්මත් රචනාවිලාසත් මෙහි නොයෙක් තැන ඇතුළත්වේ මෙහි ඇතුළත් සමහර චරිතකථා අමාවතුරෙහි ද ඇතුළත් වන



iii

නමුත් ඒ කථා පාළිපොත් වලින් කියවූවෙකුට එහි අළුත් භාෂාවිලාසයෙන් ලැබෙන රසයට වැඩි අමුතු රස‍යක් එයින් වින්ද නො හැකිය.විද්යාඅචක්රඅර්තීන්ගේ පන්හිද්තුඩින් ලියවුනු‍ ඒ කථා ම මුල් කථාවලට වඩා සියදහස් ගුණයෙන් රසවත්ය. අමාවතුරෙහි එන ආලවකදමනය මෙහි එන එ ම කථාව හා සසඳා බැලුවිට විද්යානචක්රමවර්තීන්ගේ හා ගුරුළුගෝමීන්ගේන් තත්ත්වබය ඉඳුරා ප්රාකට වෙයි. මෙහි 155 වන පිටුවෙහි පටන් පෙණෙන විශාලාපුර වර්ණ නාව හා ලිච්ජවිරාජවණීනාවන් කියවනවිට විද්යාවචක්ර වර්තීන්ගේ ප්රුතිභාශක්තිය හා වර්ණපනා ශක්තියත් නොගෙවෙනසුලුබව කියවන්නාගේ සිතෙහි තහවුරු වන්නේ විසමයත් සමඟය. එ ම ලිච්ජවිරාජවණීනාව සමහරවිට විද්යාවචක්රුවර්ති කාලයෙහි වූ රජෙකුගේ අධර්මිෂ්ඨරාෂ්ට්රාපාලනයට එල්ලකරණලද්දක් ද විය හැකිය. මෙහි හැමතන්හි ම වාගේ තැනට සුදුසු උපමා ය‍. එය පැවසීමට සුදුසු වචනය . ඉතාමත් කොටින් කියතොත් මෙතරම් සාරවත් මෙතරම් රසවත් මෙතරම් ච්යිකත අනික් සිංහලගද්යරග්රතන්ථයක් නැතැයි කිය යුතුය.

ආශ්රි්තග්රනන්ථය

මේ ග්ර න්ථිය කිරීමෙහි දී දිඝනිකායාදිය හා ධර්ම පදාත්ථී කථා ජාතකාන්ථකථා , විමානවස්තු , ප්රේිතවස්තු ආදී ග්රතන්ථථයන් ඇසුරු කළ බව පෙණේ.මෙහි නව වන අංශය විමානවස්තු ප්රරකරණයේ සාරයකි 39 වන අංශය දික්සඟියෙහි දසුතනර- සංගීති සුත්රරයන්හි හා තවත් නොයෙක් තැන ආ විකත්රියකාදිධර්මත එක්තැන් කිරීමෙන් විරවත ය. 75 වන අංශයෙහි පටන් පෙණෙන ලොකවිවරණකථා බුද්ධදේශනා නොවේ.

පොෂිත ග්රින්ථද

මේ බුත්සරණ බොහෝ සිංහලග්රශන්ථකකර්තෘනවරයන්ට පිහිට වූවකි . බොහෝ ගත්කරුවෝ මෙයින් නොයෙක් දෙය ගත්හ. මෙහි 31, 94 , 95, වන අංශයෙහි ඇතුළත් ඇතැම් වර්ණහනා සිංහලශබ්දලක්ෂණකාර වෙදෙහ ස්වාමිපාදයෝ පාලිභාෂාවට පෙරළා සමනකුටවණණනාවෙහි යොදා ගත්හ. වීදාගම මෙත්මහනෙත්පාමුළ මහතෙරිඳුන්ගේ බුදුගුණාලංකාරයෙහි ‍ පෙණෙන විශාබ්දලක්ෂණකාර මෙයින් උපුටා ගන්නා ලදි. වෙනස නම් මෙහි වූ ගද්ය වාක්ය එහි පද්යිවාක්ය යන් වීමයි. සිංහල ස්තූපවශයෙහි බොහෝ තන්හි බුත්සරණවැකි අකුරකිනුදු නො වෙනස් සේ තිබේ කාව්‍හ‍ෙශඛරයෙහි ද බුත්සරණින් ච ද ලබා ගත් අබරණ පෙණේ නොයෙක් පොත්වලින් වාක්යාණදීයගෙනණ ලියන ලද සවඥගුණාලංකාරය ගැණ


iv

කිවයුත්තක් ම් නැත. ගුත්තිලකාව්යලකාර වූ වෑත්තෑවේ හිමියෝ ද විද්යාතචක්රතවර්තීන්ගේ ප්රාතිහානි‍යෙන් උපකාර ලැබූහ. මෙසේ බොහෝ ග්රයන්ථක විද්යාාචක්රිවර්තීන්ගේ කවිත්වයෙන් හා වචනයන්ගෙන් ද පොෂණය ලද බව කිව හැක ය. සද්ධර්ම රත්නාවලියට හා පූජාවලි‍යටත් බුත්සරණින් ගත්තනැයි හැ‍ඟේ. පූජාවලියෙහි දිසි වශයෙන් විස්තර කළ මාරදුහිතෘ කථාවෙහි දී බුත්සරණෙහි 31වන අංශය ද පූජාවලි කර්තෘවපාදයන්ගේ සිහියට නැඟුනු බව හැඟේ

දහම්සරණ හා සහසරණ දහම්සරණ හා සහසරණ ද විද්යා චක්රවවර්තින්ගේ ම ර්කෘනති ය යි සමහරු කියති. හේතුව ලෙස දක්වන්නේ දහම්සරණෙහි එන ‘සත්රුවන් පුරාශීය බව මැ රත්නත්රනය සරණ නියවුන්ට සියලු දුක් දුරු වෙයි කියා මා කියන්නා වූ තෙසරණ ගුණයට ම දෙස” යන පාඨයයි . මේ පාඨයෙන් බුත්සරණ ආදී පොත් ද දහම්සරණ කතුවරයා විසින් ම කළ බවත් නොහැ‍ඟේ. දහම්සරණගුණ කියනබව බුත්සරණසඟසරණගුණ ද ඉබේ කියවේ . ඒහෙයින් දහම්සරණකතුවරයා “මා කියන්නා වු තෙසරණ ගුණ” යි- යෙදීම යුතු ම ය. එයින් ඔහු විසින් බුත්සරණ සඟසරණ යන පොත් ද ලියූ සේ නිශ්චය කිරීම යුතු නො වේ.

අප කි‍යන්නේ මේ පොත් තුණ කාල තුණකට අයත් තුන් දෙනෙකුන්ගේ කෘති ය යන බවයි. ඒ පොත් තුණෙන් ප්රරකාශ වන ප්රනතිහානය හා වර්ණ නාවිලාසයන් වාක්යාපරචනාරීතිය හා ශබ්දප්ර්යෝගයත් හාත්පසින් ම එකිනෙකට වෙනස්ය.

අප කියන්නේ මේ පොත් තුණ කාල තුණකට අයත් තුන් දෙනෙකුන්ගේ කෘති ය යනි බවයි. ඒ පොත් තුණෙන් ප්රාකාශ වන ප්ර්තිහානය හා වර්ණිනාවිලාසයත් වාක්යාරචනාරීතිය හා ශබ්දප්ර්යෝගයත් හාත්පසින් ම එකිනෙකට වෙනස් ය.

බුත්සරණින් ප්රගකාශ වන අන්දමේ ශ්රෙනෂ්ඨප්රුතිහාහාතයක් දහම් සරණින් ප්ර කාශ නො වේ. සත්සරණින් ප්රණකාශ වන විශෙෂ ප්රිතිහානයක් නැත්තේ ය. බුත්සරණෙහි පෙණෙන වර්ණවනාවන් තරම් දහම්සරණෙහි වර්ණැනා ස්වාභාවික ද නිරුත්සාහකෘත ද- චමත්කාරජනත ද නෙ වේ. දහම්සරණකාරයෙන් නොයෙක් විට බුත්සරණ අනුගමනය කරන්නට උත්සාහ කළ බව පෙණෙන නමුත් ඒ උත්සාහ එතරම් සාත්ථී ක වූ බවක් නො පෙණේ.දහම් සරණයෙහි මුල කොටස කාදම්බරී ආදී සංකෘතසමාසපාදයෙන් බහුල භාෂාවෙන් රචිත ය . විද්යා චක්රාවර්තීහූ එබඳු භාෂාවට කිසි විටෙක රුචි නො කළහ . දහම්සරණයෙහි අග කොටස සාමාන්යර-


v

සිංහල භාෂාවෙන් රවිත නමුත් ඒ භාෂාව බුත්සරණෙහි භාෂාව මෙන් ලලිත ද මනෝහර ද නො වේ. සඟසරණ මේ හැම කරුණකින්ම දිළිඳු ය.

බුත්සරණ කරණ ලද්දේ පොළොන්නරුකාලයේදී නොහොත් ඊට පෙර යැ යි මුල දී කීමූ. දහම්සරණ කරණ ලද්දේ දඹදෙණිකාලයෙන් පසුව ය යි කීමට කරුණු තිබේ.

සද්ධර්මරත්නාවලිය දඹදෙණීකාලයේ කරණ ලද ග්රධන්ථ්යකි. පුරාණග්ර න්ථකර්තෘ වරයන්ගේ නම් දක්වන නිකාය සංග්ර්හය සද්ධර්මුරත්නාවලීනාමය දක්වන්නේ පූජාවලීකර්තෘක නාමයට පසුවය සද්ධර්මුරත්නාවලිය ධම්මපදඨකථාවේ විසතෘත පරිවතීනයෙකි.ධම්මපදඨකථාවේ එන කථාවස්තු සිංහලයට පෙරළන්නෙකු එය බලනු නිසැකය. දහම්සරණ කර්තෘය ද ධම්මපදඨකථාවේ එන කථාවස්තු ලියද්දී සදධර්මව රත්නාවලිය බැලුබව ඔප්පුවන තැන් කීපයක් තිබේ. ඒ දෙපොතෙහි ම පෙණෙන ඝොෂකකථාවෙහි භාෂාව සමානය. “එසේ හෙයින් සත්පුරුෂයන් විසින් අනික් කරණ කුශලයක් නැත ද තුරුණුවන් කෙරෙහි ස්නේහමාත්රනයක් උපදවා අසාධාරණ වූ අනුපම වූ දිව්යසසම්පත් අනුභවකරන්නට උත්සාහ කට යුත්තේය.” යන වාක්යඅය සද්ධර්මරත්නාවලීකාරයන්ට නොයෙක් තැන පුරුදු ලෙසින් ම ඝොෂකකථාවෙහි ද ලියූවකි. ඊට සමාන පාලිපාඨයක් ධම්මපදඨකථාවෙහි නොමැතියි දහම්සරණෙහි 229 වන පිටුවෙහි මේ වාක්යතය-

“එහෙයින් සත්පුරුෂයන් විසින් ඉතිරි කරණ ලද කුසල් නැත් ද , තුණුරුවන්හි ස්නෙහමාත්රලයක් කොට ද අසාධාරණ වූ අනුපම් වූ දිව්ය්සම්පත් අනුභව කරන්නට උත්සාහ කළ මැනව” යන ලෙසින් පෙණේ. දෙකෙහි වෙනස ඉතා ස්වල්පයෙකි. මෙබඳු තැන් එහි තිබේ. සද්ධර්මරත්නාවලීකර්තෘෙපාදයන් තමන්ගේ ප්ර තිහානයෙන් උපදවා අමුතු දෙය එකතු කරමින් ධම්මපදධකථාව පරිවර්තහනය කරද්දී ඝොෂකකථාව ලීවීමට දහම් සරණ පෙරළා බැලුවයි සීතීම යුතු නො වේ. ඝොෂක කථාව අනික් පොතකට ඇතුළත් කරන්නා එය තිබෙන මුල් පොත නොහොත් එහි පරිවර්ත්නය බැලීම ස්වාභාවික ය. එහෙයින් දහම්සරණකාරයෙන් සද්ධර්මරත්නා වලිය බලමින් ම ඝොෂකකථාව ලියූවයි සීතීම යුතු ය.

මේ කරුණු වලින් තීරණය කට හැක්කේ දහම්සරණ විද්යාණචක්රණවර්තීන්ගේ කෘතියක් නො ව සද්ධර්මකරත්නාවලියට ද පසුව ලියූ පොතක් බව ය.


  				vi

බුත්සරණ දහම්සරණ දෙක පමණක් තිබෙනු දුටු පසු ව සිටියෙකු විසින් සඟසරණක් අවශ්යියයි සිතා එය ලියා අර දෙපොතට ම එකතු කළ සේ සිතිය හැකිය.

ශොධනය.

මීට අවුරුදු 50 කට පමණ ඉහතදී මේ ග්රයන්ථයයෙන් කොටසක් මුල්ලේරියාවේ විපුලසාර මහා ස්ථවීර පාදයන් වහන්සේ විසින් ද කළුකොඳයාවේ පඤ්ඤසෙඛර නායක ස්ථවීරපාදයන් වහන්සේ සහායත්ව ඇතිව එක් කොටසක් ශුද්ධ කර ප්ර කාශයට පමුණුවන ලදි.ඊට පසු “අප මුත් අන් කෙනෙක් නැතැ” යි දැනුමැතිකම් උගත්කම් වියත්කම්හි බැහැවුනු එක්තරා කෙනෙකුන් විසින් මුළු පොත ම ගැටපද විවරණයකැයි නම් තැබූ කොටසකුත් සමඟ මුද්රොණය කරවන ලදි.1931 දී අප සම්පූර්ණර ග්රයන්ථම ම ශුද්ධකර මුද්රයණය කරවීමු. එහි සංඥාපනයෙහි යථොක්ත දැනුමැතියන්ගේ කෘතිය සමබන්ධව වචන ස්වල්පයක් දැක්වීමු.

අපේ සංස්කරණය ඊට පසු ද කීපවරක් මුද්රකණය කරවන ලද නමුත් පසුගිය මහායුද්ධය නිසා මුද්රකණොපකරණ මහාර්ඝි වීම නිසා මේ මහාර්ඝහග්රින්ථය දුර්ලපභ වීය . අපේ ශිෂ්ය්යෙකු වූ වෛද්යිකාලනියි පෙමසිරි අභයවික්රනම වෙදමහත්මයාගේ ඉල්ලීම නිසා මේ වර සංස්කරණය ආරම්බ කොට හඟුරන්කෙත‍ පොත්ගුල්විහාරයෙන් ලැබුනු පැරණි පිටපත් දෙකක් හා සසඳමින් පිටු 80ක් පමණ සකස් කෙළෙමු ඒ අතර මේ මුද්රපණය යුහුසුලු ව කළ යුතු ය යි ප්රරකාශකයන් කියා සිටි හෙයින් අමුතු පොත් හා සැසඳීම නැවැත්වීමු. මේ සංස්කරණයට‍ බෙහෙවින් සමාන ය. ඊට වඩා වෙනස් තැන් ස්වල්පයක් ද මෙහි නැත්තේ නො වේ. 22වන පිටුවෙහි “තොප යොවුන් තොප රූහි” යන්න “තොප යොවුන්තුරුහි”යි ද, 262වන පිටුවෙහි “ලියත් ලියන් රූ හලෙකැ හෙන” යන්න “ලියත් ලියත් රූඟළුවෙහි හෙන” යි යන පාඨය හා ඇත්දළවඩුවන් අතර පවත්නා “දිය අළුව රූඅළුව, ගිනිඅළුව”යන වචන ද සමඟ සැසඟීමෙනි . මෙසේ වෙනස් වූ තවත් පාඨකීපයක් ඇත්තේ ය.





vii මුද්ර ණය.

අපේ මේ සංස්කරණය මුද්රිණය කරවා ගැණීමට යථොක්ත අභයවික්රංමය වෙදමහත්තයාට අවසර දුන්නෙමු. එහෙයින් ඔහුගේ කැමැත්ත නැති ව මෙහි අපේ සංස්කරණයන් පැහැර ගැණීම නීතිවිරුද්ධ ය යන බව අනුන්ගේ ග්ර්න්ථසංස්කරණයන් පැහැර ගන්නට අනුකම්පාපූර්ව ක ව මතක් කරමු.

ප්රැමාදිකපාඨ

මේ වර මෙය මුද්රදණයන්ත්රාකලය කීපයක මුද්ර ණය කරවන ලදි. එහෙයින් මෙහි පිටු 40 ක හෝ 48ක ශුද්ධිපත්රක එක්දවසක දී කියවන්නට අපට සිදුවි ය. ඉගැන්වීම ආදී තවත් කටයුතුවල යෙදී සිටින්නෙකු එක දවසක් තුළ එතරම් ශුද්ධිපත්රත රාශියක් කියවන විට නොයෙක් ප්රකමාද දොෂ ඇති විය හැකි බව කිව යුතු නො වේ. එබඳු දෝශයන් සකස් කරගැණී‍ම බුද්ධිමත් පාඨකයන්ට අපහසු නොවන හෙයින් ශුද්ධිපත්රරයක් යෙදීමට අදහස් නො කෙළෙමු.

උපකාර

මේ වර මුද්ර්ණයේදී ශුද්ධිපත්රු කියවීම සඳහා විදුදය පිරිවෙණේ ආචාය්ය්‍කෙවරයන් වන වැලිවේයේ පෙමරත්න, වේරගොඩ පණ්ඩිත අමරමාලි , පණම්ගල පණ්ඩිත ජිනරත්න යන නායක ස්ථවිරයන්ගේ හා ගලගම පණ්ඩිත සරණඞකර ස්ථවිර නමගෙන් ද උපකාර ලැබුනු බව ප්රීණති පූර්වරකව සඳහන් කරමු.

මෙහි අග යෙදුනු සංඥානාමානුක්ර මණිනාව සම්පාදනය කරණ ලද්දේ පී. අභයවික්ර‍ම වෙදමහත්මයා විසිනි.

ඇයන්න හා විකල්ප විධි පුරාතනභාෂාවෙහි වර්තිමානභෂාවට වඩා අධික ව ඇයන්ත ව්යාවහාර කළ බව කවුරුත් පිළිගණිති . පුරාණ ආදශීග්රරන්ථයන්හි අධිකව ‘ඇ’ කාරප්රළයෝගය පෙණෙනත්, මෑත දී ලියන ලද පිටපත්හි වතීමානභාෂාවෙහි මෙන් ම ඇයන්න ලූපතප්රානය ය. පුරාණපිටපත් අනු ව අපි මේ ග්රාන්ථය සකස් කෙළෙමු. එහෙත් ප්රාථමාවිභකත්යමනතපදයන්හි පවා ‘ය’ යන්න දුටු පමණින් “අසෙවනීයැ” “කර්මදයැ” යනාදී වසයෙන් ‘යැ’ යන්න යොදන “දැනුමැති” යන් සේ සැහැයි නුවුමු. “කළහ, වදාළහ” යනාදී වශයෙන් යෙදුනු වචන මෙහි “කළහැ, වදාළහැ” යනාදී වශයෙන් යෙදූබව විශෙෂයෙන් කිය යුත්තකි. පැරණිපිටපත්හි

viii

පෙ‍ණෙනුයේ ද මේ ක්රයමය මැයි . මුල දී මෙය ලෙඛකප්රටමාද ජාතයෙක්යි සිතූ නමුත් , බොහෝතන්හි පෙණෙනහෙයින් මෙයින් අන්යස අමාවතුරු, ධර්මෙප්රදදීපිකාදී පැරණිපුස්කොළ පොත් ද පරීක්ෂා කෙළෙමු. එහිදු මෙසේ ම යෙදුනු බව පෙණින. මුද්රිීත පූජාවලි ආදියෙහි ද ඇතැම්තැන මේ දක්නා ලදි.මෙය ලෙඛක ප්ර‍මාද ජාත‍යෙක් නම් බැලු බැලු පොත්හි තිබිය හැකි නො වේ. ග්ර න්ථශොධකයන්ගේ භ්රබමය මිස ලෙඛකයන්ගේ භ්ර මයෙක් මෙතැන්හි නැත මේ ‘හැ’ යන්න ‘හු+ යැ’ (=කළාහු+යැ) යන දෙක සන්ධීවීමෙන් ලැබෙන රූපය යි. වර්තකමානර්භා(ෂාවෙහි ‘යැ’ නිපාතය ‘ය’ බවට නැමුනාක් මෙන් ‘හැ’ යන්න ද ‘හ’ බවට නැමුනේ ය. එහෙයින් එහිවූ සන්ධිය වාතර්මාවනිකයෝ නො සලකති. වාක්යෙ පරිසමාප්ත්ය ත්ථයෙහි යෙදෙන ‘ය’ නිපාතය ‘හු’ යන්නෙන් පර ව මිස මේ ‘හ’ යන්නෙන් බර ව නොයෙදේ ‘හ’ යන්නෙහි සන්ධිපයෙන් ප්රනච්ජදන්න ව ච යකාරය තිබෙන හෙයිනි. එසේම “කළාහුය. වදාළාහු ම ය”යි යොදනු මිස “කළාහ ම ය” යන වසයෙන් නො යොදති. මෙ කී නිදර්ශ නයෙන් යට කී සන්ධිවිධිය ස්ථුට වන හෙයින් ‘කළහ’ යනාදී මෙහි දී අඞ්ගීකෘත‍ ය . හෙ ද විකල්පයෙනි . “සෙයෙකැ =සේකැ (=සෙයෙක්+යැ) සෙයෙක-සේක රසින්=රැසින් , ගැත්තහු=ගැත්තවු , අන්හු-අන්නු, අතළ=අතළ පවා=පොවා, හැරැදක්වා -ඇරැදක්වා” යනාදිය ද විකල්පවශයෙන් පැරණි පිටපත්හි පෙණුනු හෙයින් එසේ යොදන ලදි.

විද්යාදචක්රරවර්තීන් විසින් යම් භාෂාවකින් මේ පොත ලි‍යන ලද නම්, ඒ භ‍ාෂාව ම මෙහි යොදා ලන්නට හැමවිට ම උත්සාහ ගතුම්හ. මින් අවුරුදු හත්සිය ගණනකට ඉහත පැවතුනු භාෂාව හා වර්තකමානභාෂාවන් සමාන සේ නො ‍සිතිය යුතු යි.


වැලිවිටියේ සොරත ස්ථවිර.

ශ්රීය බු:ව: 2496

මාර්තු මස 10 වන දින

ක්රි :ව: 1953

විද්යා දය පිරිවෙණේ දීය


මේ වර මුද්රාණයෙහි දී ද සමහර කොටස්වල ශුද්ධිපත්රි අප විසින් නො ව වේරගොඩ පණ්ඩිත අමරමොලි නායක ස්ථවිරයන් විසින් කියවූ බව ස්තුති පූර්වික ව සඳහන් කරමි. වැලිවිටියේ සොරත ස්ථවිර. 2503

අගෝස්තු 24 වන දින දී ය 1958

"https://si.wikibooks.org/w/index.php?title=බුත්සරණ_-_i&oldid=6795" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි