පූජාවලිය-සම්යක් ප්‍රතිපත්ති පූජා කථා

පූජාවලිය


තෙ තිස් වන පරිච්ජෙදය


තවද: මිහිදු මාහිමියන් වහන්සේ මේ ලක්දිවට වැඩ..

සංස්කරණය

තවද: මිහිදු මාහිමියන් වහන්සේ මේ ලක්දිවට වැඩ බුදුසයුන්පිහිටුවා කළ සම්යහක් පුතිපත්ති පුජා නම් කවර යත්? එහි පිලිවෙළ කථාව මෙසේ දතයුතු:

මේ ශ්රීලඬ්කාද්වීපය නම් අබුඩොත්පාදකාලයෙහි යකෂයන්ටම නිවාස වෙයි, බුඩොත්පාද කාලයෙහි ම මනුස්යටයන්ට වාසවෙයි. සමහර බුදුන්ගේ ප්රතම බොධියෙහි දි ම මෙහි යක්ෂයෝ ප්ර්ලය ව මනුෂ්යසයන්ට වාස වෙයි: සමහර බුදුහු තමන් වහන්සේ ම වැඩ යකෂයන් ප්රවලය කොට මනුෂ්යවවාසය කරවා සසුන් පිහිටුවන සේක. අනත්තාප‍ය්යෙන්ත වු බුදුන්ගේ බොධිවල දක්ෂිණ ශාඛාහා ධම්ර්‍ාතු ශාසන පුතිෂ්ධීත වනු එකාන්ත හෙයින් මේ ලඩ්කා ද්විපය බුදුන්ගේ ම තුනුරුවන් භාණ්ඩාරයක් වැන්න. එසේ හෙයින් මේලක්දිවමිථ්යා්දෘසෂ්ටි ගතුවන්ගේ වාසය නම් පෙර යකසයන්ගේ වාසය සට්ර්ර් නුවුවා සේ ම සට්ර්රස නොවේමය. මිථ්යාවදෘෂ්ටි ගත් රජෙක් ලක්දිව බලාත්කාරයෙන් කිසි කලෙක රාජ්ය්ය කෙලේවි නමුත් එවුන්ගේ වංශ පුතිෂ්ඨා නො වනු බුදුන්ගේ ම ආනුභාව විශෙසයෙන් මය. එසේ හෙයින් මෙ පක්දිව සම්ය්ක්දෘෂ්ටි ගත් රජුන්ට ම සීහෙන හෙයින් උන්ගේ කුලප්රවයෙවණිය පවතිනේද එකාන්තම ය. මේමේ කාරණයෙන් ලංකාධිති රජුන් විසින් බුදුන් කෙරෙහි සවභාව වු ආදරබහු මානයෙන් හාසනප්ර්තිෂ්ටාවෙහි අප්ර මාද ව ආඥචක්රේය හා ධම්ර්ච ක්රාය රක්සා කොට රාජයය කොට කුලවෙණිය රක්ෂා කළ යුතු.

පුව්ර්යෙ‍හි වු සෙසු බුදුන් තබා මෙම කපා පළමුව බුදුවු කකුසඳ නම් බුදුරජාණන් සමයෙහි මේ විපය ඕජව්ප නම්; අනුරාධපුරය අභය පුර නම; රජ්ජුරුවෝ ද අබය නම්හ; මහමෙවුනා උයන මහාතිඨ වන නම; උයනට නැගෙනහිර නුවර විය. පියල්කුළු නම් වු මිහින්තලා ගල දේවකුට නම. එකල ඒ අභය පුරය ආදිව ජනගහනයෙන් සමෘද්ධ වු මෙම ද්විපය මුළුල්ලෙහි ජ්වර රෝගයෙකින් මර වශයෙන් වැද. අප බුදුන් සමයෙහි විශාලා මහනුවර සේ ම ඉතාමහත්වු ජන පීඩාවක්ව සකල සත්ත්වකයෝම මියනට පටන්ගත්හ;බුද්දානුභාවයෙන් යකුෂයෝ ද්විපයට වැද්ද නො හී මිනිකුණප ගන්දයන් බලබලා පුලපුලා මුහුදු පිට සිසාරා සිටිති. එ කල කකුසද බුදුහු නො මඳ වු මේ ඕජ ද්විප වාසින්ගේ පින් මඳ වු බව දැන ,උපන් මහාකරුණ ඇතිව, සතලිස් දහසක් පමණ ආර්යගණයා පිරිවරාගෙනඑ කෙණෙහි ම ආකාශයෙන් වැඩ. තරුපිරිවර සඳක් සේ දෙවකුටයට බැස සවනක් රසින් දසදිග් බබුළුවි “මේ ඒජ ද්විපයෙහි සියලු මනුෂයයෝ ම මා දක්ත්වා යි. මා දුටු කෙණෙහි ම සියලු රොග අන්තර්දාන වේව යි, නුදුක් ව ඇසිල්ලෙකින් අවුත් මා පිරිවරා සිටිත්ව” යි , අධිෂ්ඨාන කලසේක.

එකෙ‍ෙණහි ඒ අධිස්ඨාන චිත්තය හා සමඟ ගුවන් සඳ දක්නා වුන් සේ සියළු ද්විපවාසිහු ම බුදුන් දැක ජ්වරරෝග අන්තර්ධාන වු අමාදිය පද්දවුන් සේහෙයින් හොත් පොලින් පැනනැඟි ගමක් මැද ශාපාවකට රැස්වන්නවුන් සේ පවතය සිසාරාරැස්වුහ. එ කෙණෙහි රජ යුවරජ මහ ඇමතියෝ බුදුන් වැඳ මහත් වු උන්වහන්සේ මහා තීටෟ වන උයනට පවරා ගෙන ගොස් අලංකෘතවු මන්ඩපයක් නිමවා අනැගිවු බුද්ධාසනයක් හා සතලිස් දහසක් ආසන නිමවා මහත් වු පුජාවෙන් උයන බුදුන්ට පිලිගැන් වුහ.එකෙණෙහි මහපොළෙ‍ාව ලුලුර පැනනැඟි සියලු උයනෙහි ගස් මුල පටන් අග දක්වා අකාල කුසුමයෙන් සැදි සිටගත.මේ පොළහරෙහි පහන් සත්ත්වයෝ මහත්වු පුජාවෙන් බුදුපාමෙක් මහසග පිරිසට චතුමදුර දානවළඳවා භෝග පමණින් ගන්ධ-පුෂ්පාදින් බුදුන් පුදා එකත්පස්ව උන්හ. එ කෙණෙහි බුදුහු බන වදාරා සතලිස් දහසක් ප්රාඑණින් සසරින් මුදා එ තෙන දිවා විහාර කොට, සවස මහ බෝ මලුවට වැඩ මොහොතක් ධ්යා න සුවයෙන් වැඩහිඳ නැඟි පුවා බුද්ධචරිතය කෙරෙමි යි සිතා දක්ෂිනා ශ්රිිහස්තය බෝමඬ දිසාවට දිගුකොට ‘මා‍ෙග්ශාසනයෙහි සෘද්ධිවත්ත බික්ෂුණින් කෙරෙහි අග්රශවු රුවිනනුද්රර නම් හ්රාිවිකා මාගේ ශ්රිනමහා බෝදියෙහි දක්ෂිණාහාඛාව ගෙන අවුත් මෙතැන්හි පෙනේව” යි අදිෂ්ඨාන කළ සේක.

එකෙණෙහි ශ්රාතවිකාවන් වහන්සේ ද බුදුන් සිතු සිත දැන ඛෙමවතී නම්නුවර ඛෙමවතිනම් රජහුලවා සිරියෙල්රෙඛා දෙවා තෙමෙ ම සවච්ජින්නව ආකාශයට පැනනැගි දක්ෂිණශාඛාව රන්තලියෙන් ගෙන, මහත්වු දිවයපුජාවෙන් පන්සියයක් බික්සුන්ට වඩාලු දැ ය. ආකාශයෙන් අවුදින් , බුදුන් දිගු කළ ශ්රිසහස්තයට වඩාලු දැ ය. එවේලෙහි බුදුහු අභය රජ්ජුරුවන් මුහුණබලා “මහරජ පෙර තොප සේ ම මේ ද්විපයට ඉසුරු වු පින්වත් රජුන්ගේ සිරිතක්කරව” යි ඒ රජහුලවා ම බොදිප්ර තිෂ්ඨාව කරවා එ තෙනට උතුරු දිග්හාගයෙහි වු එ කලට සිරිසමාලක යයි කියනලද ලෝවාමහපා තන්හි වැඩ හිඳ ධම්දෙශනා කොට විසිදහසක් ප්රාපණින් සසරින් මුදා එඑයින් වැඩ ථුපාරාම භුමියෙහි වැඩහිද ධයානයෙන් නැගි බන වදාරා එ විට දසදහසක් දෙනා සසරින් මුදා” මෙ තෙන වසා වෛතයයක් කොට වැඳ පුදා සසරින් මිදෙව” යි තමන් වහන්සේ ගේ දම්ර්‍ාකරකය පාවාදි, එම රුචිනන්දා නම් හ්රාගවිකාවන් හා පන්සියයක් භික්ෂුණින් හා මහා දෙව නම් මහ තෙරුන් වහන්සේ හා දහසක් භික්ෂුන් මේ ද්විපයෙහිම රඳවා එයින් වැඩ දෙවකුටයෙහි ආදි බට මහසල සෑ පිහිටි තන්හි ම වැඩ සිට, සියලු ද්විපවාසින්ට අනුශාසනා කොට. සියලු සතුන් බල බලා සිටියදි ම. ජම්බුද්විපයට වැඩි සේක. එ තැන් පටන් ඒ බුද්ධොත්පාදය මුළුල්ලෙහි ම උපනුපන් රජදරුවෝ ද තුනුරුවන් පුදා නිවන් පුරම ගියහ.

තවද: දෙවන කොණාගමන නම බුදුන් සමයෙහි මෙම විපය වර දිප නම. මහමෙවුනා අයන මහා අනෙ‍ාම වන නම, උයනට දකුනු දිග නුවර වඩ්ඨමානක පුර නම,සමිද්ධ නම් රජක්හු විසින් සියල්ලෙන් සමෘඬ විය. දෙව කුටය සුමන කුට නම. එ කල්හිශ්රි වන්ත චතුවර්නයන් විසින් හා දෙවගනන් බදුවරඳන්න විසින් හා ගවමහිෂාදි සියලු සම්පත්තින් ශ්රිහවත්තවු වර දිපය කලාතුරක් වැසි නැතිව.අප බුදුන් සමයෙහි බැමයෙහි බැමිණිටියා සයා සේ ම හත් වු දුර්භික්ෂ භයකින් ආකුල ව. ආහාර විපත්තියකින් හානි විය. බුදුන්ගේ දෙශනා නම් තිලකුනු පය්යාවන්ත කොට ඇති හෙයින් බුදුහු කල් බලා සත්ත්වවන්ට උපන් දුර්භික්ෂා භයදැක, දුඃඛයක් උපන්කල සත්ත්වයන් ශ්ර්ඩාවෙහි පිහිටුවාගත හැක්කැයි සිතා තිස් දහසක් රහතන් හාසමග ආකාශයෙන් වැඩසුමනකුට මස්තකයෙහි පෙර බුදුන්ගේ පාදලාඤ්ජන සථානයෙහිම වැඩ සිට දසදිග් බලා “මේ ද්විපයෙහි මෙ කෙණෙහි ම වැවු අමුණු පුරා වැසි වසිව” යි සිතා වදාල සේක.

එකෙණෙහි සවාමිරුවන් සිතු සිත හා සමඟ ම අහස් නමැති දර්ණයෙහි පවතයන්ගේ ජායා පෙනෙන්නා සේ නිල මෙඝකුට ශතයෝපෙනෙන්නට පටන් ගත්හ; අහස් කුස් මනන්නට ඉනුද්රහනිලමානික්ය යෂ්ටින් ඔසවා ගන්නා සේ ශත සහස්රස ගණන් මෙඝ යෂ්ට්හු පෙනෙන්නට පටන් ගත්හ; බුද්ධපුජාවට දෙවියන් තුය්ය්්ර්‍ යෂ්ටීහු පෙනෙන්නට පටන් ගත්හ; බුද්ධපුජාවට දෙවියන් තුය්ය්්ර්‍ ඝොෂාවට පටන් ගන්නා සේ අභස මෙඝනාදයට පටන්ගත: බුදධපුජාවට දෙවියන් නැගු දිවතොරන සේ දෙවුදුනු දහස් ගණන් පෙනෙන්නට පටන්ගත; ඒ ඒ දිග්හි දෙවියන් පුදත ධවජ මාලා වන් සේ විදුලිය දහස් ගණන් පෙනෙන්නට පටන්ගත; දෙවියන්බුදුන්ට පුදන මුක්කා කලාපයන් සේ ජලධාරා සහස්ර යෝ නිලමෙඝ කුටයන් පළා නික්මුණාහ; වෂාවෙහි නොතෙමෙම්හයි පිල්කුඩ ඉසට ගත්තා සේ මයුරසහස්රනයෝ පිඤ්ජාවර්තනයට පටන් ගත්හ. එ කෙණෙහි මේ ද්විපය මුළුල්ලේහි ගන මහ වවැසි වැස වැවු- අමුණු- ගං හෝපුරා ගෙන කෝපයෙන් රක්ත වඝම්ර්‍ නමැති සතුරා කොයිවන් දෝ හෝයි සොයා ආවිදිනා සේ තඹ චතුර ු ධාරා ඒ ඒදිග්හි දිවන්නට පටන්ගත . මෙසේ අකාල මෙඝයෙන් බදුහු ඝම් නිවාණය කොට, වැසි අන්තර්ධාන කොට , තමන් වහන්සේ සියලු සතුන්ට පෙනී අපොකසිණ සමාපත්තියට සමවැද සියපගිනු දු දිය කඳු හැර ජන ශාන්ති කොට . පවත මුදුනෙහි රන්කඳක් සේ වැඩ සිටි සේක. මේ පෙලහරෙහි පහන් සියලු වර ද්විපවාසි සත්ත්වයෝ බුදුන් කරා රැස් ව චරණනකමයුඛයෙහි ගැලි ගැලි වැලි වැඳ බුදුන් මහා අනෝම නම් උයනට වඩා ගෙනාහ.

බුදුහු එ මහ පොළොව ගුගුරුවා ඒ උයන පිළිගෙන වළඳා අන්තයෙහි බණ වදාරා තිසිදහසක් ප්රා ණින් සසරින් ගළවා සවස් වේලෙහි පෙර සේම ඉටා ශොභන නම් නුවර ශොභන නම් රජහු ලවා උදුම්බර බොධියෙහි දක්ෂිණ ශාඛාවයටකි ක්ර මයෙන් ම සවච්ජින්න කරවා කනකදත්තා නම් ශ්රාවවිකාවන් ප්ර්ධාන වු පන්සියයක් භික්ෂුණින් ලවා මොහොතක් කලින් ගෙන්වාසමිද්ධ නම් රජහු ලවා බොධිපිහිටුවා එ කල නාගමාලක නම් වු ලෝවා මහ පා භුමියෙහි වැඩහිඳ බණ වදාරා විසිදහසක් දෙනාට මාර්ග ඵලදි එයින් ගොස් සසරින් මුදා. විදුලියයක් වන් පට් ධාතුව හා එම කනකදත්තා නම් ශුවිකාවන් ප්රදධාන වු පන්සියයක් බික්සුණින් හා සුධමානම් මහාසතවිරයන් ප්ර්ධානවු දහසක් භික්ෂුන් හා මේ ද්විපයෙහි රඳවා එයින් සුදස්සන මාලක නම් වු මහසල සෑ පිහිටි තැන වැඩසිට සියලු සතුන්ට අවවාද දි බුද්ධෝත්පාදය මුළුල්ලේහි උප’නුපන් රජදරුවන් හා හැම මනුෂ්යුයෝ තුනුරුවන් පුදා නිවන් පුර පුරා ගියහ.


තවද: තුන්වනු ව බුදු වු කාශ්ය්ප නම් ..

සංස්කරණය

තවද: තුන්වනු ව බුදු වු කාශ්ය්ප නම් බුදුරජණන් සමයෙහි මේ විපය මණ්ඩ විප නම; මහමෙවුනා උයන මහාසාර උයන නම; ඊට පශ්චිම දිහාභාගයෙහි නුවර විශාභාගයෙහි නුවර විශාලාපුර නම; ජයන්ත නම් රජ්යෙවය කෙරෙයි; සුමන කුටය හුභ කුට නම; එකල මේ ද්විප වාසින් හා රජ- යුවරජ- මහ ඇමතියෝ දෙහාගව ඔවුනොවුන් කෙරෙහි මන් බැඳ මහත් වුසංග්රාෙමයක් කරන්නාහු සිවුරඟ සෙත් ගෙන යුද්ධසන්නද්ධව ඔවුනොවුන් මරා ලේමුහුදු කරම්හ යි ප්රගහාරයට පටන් ගත්හ. එකල ඒ බුදුහු ඒ සංත්රා මයෙහි නස්නා බෝහෝ දෙනා දැක උපන් මහා කරුණා ඇති ව විසි දහසක් රහතන් පිරිවරා ආකාහයෙන් වැඩ ශුභකුට යට බැස මහ අඳුරක් මවා දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙත් ව යි අදිෂ්ටාන කොට අන්ධකාරයෙන් මුර්ජා කරවා දෙවනු ව ඒ අඳුර දුරුකළ සේක. තවද: සත්ත්ව යෝ යුද්ධයට පටන් ගත්හ. නැවත සියලු ද්විපය දුමවා , තවද සතත්වයන්ගේ ක්රොවධය නුසුන් සේ දැක තෙජොකසිණ සමාපත්තියට සමවැද විසිරියන් උස බුද්ධකායයෙන් ගිනිකදු හැර මුළු හෙළදිව එක ගිනි ගත් ගෙයක් සේ භයපත් කල සේක.

එකල සත්ත්වයෝ අසසින් දිවන ගිනිකඳු හා ගෙයිගෙයි ඉස ඉස හෙන ගිනිපුලිඟු දැක “කොල! මේ කුමන භයෙක් ද. කල නස්නා දවසෙක්වන: අප ඔවුනොවුන් හා යුද්ධ කරනුයේරාජ්ය ය නිසා වේ ද. දන් ඒ රජය දයි . අඹුදරුවෝ දනි, සැපත් දයි , දන්දන් අපි ද දමියම්හ, අප කරන්නේ කුමන යුද්ද දැ” යි මරණ භයින් වෙවුලා අත අත තුබු ආයුධ හෙළා ඔවුනොවුන් කෙරෙහි දයා බැද දෙ සෙනග සමඟ වුහ. මෙසේ බුදුහු කටුයෙන් කටු නැඟුවා සේ . සුගතාග්නියෙන් කොපාග්නිය නිවා දෙ ගිනි ම අන්තර්දාන කොට,ගුවන් සඳක් සේ සියලු සතුන්ට ම පෙනුණු සේක. එ වේලෙහි මනුෂ්යඳයෝ හැම දෙන ම බුදුන් දැක දෙහොත් මුදුන් දිසිට “සවාමිනි! ගිනිදෙවියා නම් නුඹ ද, නොහොත් සුය්යි දේවතාවා ද, නුඹ මුහුණ පුන්සඳක් වැන්න, සියලඟ අමාකඳක් වැන්න. එසේ බවක් මිස නුඹ ඇඟින් දිවු ගිනි ඉතා කර්කශ ය. දියෙනුන් ගිනි නැඟේ ද, සවාමිනි! නුඹ කෙසේ වු කෙනෙක් දැ” යි විචාරා ලොවුතුරා බුදුන් බවු දැන උදාර වු සන්තොෂයෙන් උත්සව කළහ.

ඉක්බිත්තෙන් බුදුහු එ දවසුදුමහපොළොව ගුගුරවා එම උයන පිළිගෙන වළඳා අන්තයෙහි, දෙශනාරශ්මින් විනේය ජන කුමුදු පුබුදුවා. විසි දහසක් ප්රානණින්ට මාගඵල දි සවස හ්රි මහා බොධි භුමියට වැඩ පෙර සේ ම අදිෂ්ඨාන කොට බරණැස බ්රණහ්මදත්ත නම් රජහු ලවා නි ග්රාඅවිකාවන් පුධාන වු පන්සියක් භික්ෂුනින් ලවා මෙහොතක් කලින් ගෙනවා ජයන්ත නම් රජහු ලවා බොධි පිහිටුවා අහොකමාලක නම් වු ලෝවා මහ පා භුමියෙහි වැඩහිඳ කළා වු දෙශනාවෙන් සාරදහසක් ප්රාභනින් සසරින් මුදා එයින් ථුපාරාමසථානයට වැඩ බණ වදාරා දහසක් ප්රාදණින්ට මාගඵල දි තමන් වහන්සේගේ ජලසාටකය හා සුසමා නම් භික්ෂුණින් ප්රවධාන වු පන්සියයක් භික්ෂුන්වහන්සේ මේ ද්වීපයෙහි රදවා, එයින් සෝමනස්ස මාලක නම් වු තුන්වන මහසල සැ තන්හි වැඩසිට සියලු මණ්ඩ ද්විපවාසින් හා දෙවි මිනිසුන්ට අනුශානා කොට අභස්කුසයට පැනනැගි තරු පිරිවරසඳක් සේ දඹදිවු ම වැඩිසේක.

මෙසේ විසිදසක් හවුරුදු පැවැත්තාවු ඒ කාශ්යිපබුදුන් ගේ බුද්ධොත්පාදයෙහිද මෙහි උපනු පන් සරාජික වු සත්ත්වයෝ ද තුනුරුවන් පුදා නිවන් පුර පුරා ගියහ.


මෙ කප බුදු වු තුන් බුදුන් ලක්දිවට වැඩි කථා

සංක්ෂෙපයෙන් මෙසේ දතයුතු


තවද; සතර වනු ව බුදු වු අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවු නව වනමස උරුවේලානම් දනවුවෙහි වැජහිද “මත්රණ මාගේ ශාසනය මා ආයාමෙහි නිමල කොට කොයි පිහිටා දෝ හෝ “ යි බලා වදාරා මේ හ්රිම ලඬ්කාවිපය දැක ‘ඒ දැන් යක්ෂයන්ට ම නිවාස වෙයි, දැන් ම මම ගොස් එු යක්සයන් ප්ර ලය කොට හාසන ප්රයතිෂ්ඨාවට ආදාර වන සේ අරක්ගන්මි” යි සිතා වදාරා දුරුතු මැදි පොහෝ දිනයෙහි ලක්දිවු වැඩ ශ්රිම ලඩ්කාද්විප නමැති ඒ පද්මයෙහි කර්ණිකාවක් බදුවු මණිභෙද නම් දනවුවෙහිනමැති ඒ පද්මයෙහි කර්නිකාවක් බදවු මණිභෙද නම් දනවුවෙහි ලඩ්කාගනාව පලන් මුක්තාහාරයක් බඳු වු මහා වාදුකා නම් ගඬ්ගාව සමිපයෙහි දිග තුන් යොදුන් ,පුළුල යොදුන් පමණ ඇති මහා‍නොගවන නම් ඒ උද්යාුනයෙහි කදවුරු බැඳ අතුරු නො දි සතුරු ව හුන් මහා යක්සයන් කඳවුරට වැඩ ආකාශයෙහි සිට අබස පොළොව ගුගුරුවා යක්ෂයන් නැති ගන්වාපෙනි “අපටත් තිලින් වැද හිඳිනා තරම් අවකාශයන් දෙව’” යි වදාළසේක. එ වේලෙහි යක්ෂයෝ “මේ උයන කුඩා හෙයින් සියුම් වෙස් මවා ගෙන ගැහැටි ගැහැටි වසම්හ, භවත්ති! තොපට කෙසේ අවකාහයක් දෙමෝ දැ”යි කිහ. එ වෙලෙහි බුදුහු සියලඟ දුමවා දුමුකඳු හරනට පටන්ගත් සේක. එවේලෙහි යක්ෂයෝදුමින්පීඩා දිඳ “මොහු මහා සෘදිවන්ත කෙනෙක. දැන් දක්දිලිහි ගියෝ නම් අප හැම දවා අළුමිටක් කරවාපියති බිමක්අරුම්හ” යි මන්ත්රිණය කොට එවුනොවුන් ඇඟ වැතිඑ සම්කඩකට බිම් හැර “මහතාණෙනි! මේ අවකාශයෙහි වැඩහිදුව. අපට අභය දානය දෙව” යි යාච්ඤා කලාහ. ඉක්බිත්තෙන් බුදුහු සඟල සිවුර සතරපටින් අතුට පුව්ර්දි්ග් බලා වැඩහිඳ තෙජොකසිණ සමාපත්තියට සමවැද සතරදිගින් ගිනිකඳු සතරක් මවා යක්ෂයන් කරා සමාපත්තියට සමවැද සතරදිගින් ගිනිකඳු සතරක් මවා යක්ෂයන් කරා මෙහෙයු සේක. එකෙණෙහි ගිනි ගුගුරාදිවත් දිවත් යක්ෂයෝ ගිනි භයින් වෙවුලා ආදි සම්කඩකට බිම දිගත නුහුනුවෝ තුන්යොදුන් උද්යාෙන භුමිය බුදුන්ට ම අවකාශ කොට පිටතට දිවන දැ ගිනිගුගුරා දිවනහෙයින් ලඩ්කාද්විපය මුළුල්ලෙහි නො එක් පවාත නව දුවලට වැද ගිය ගිය තැන්හි ම ලිනිකදු මදිවන හෙයින් මේ සා මහත් ලඩ්කා ද්විපයෙහි අල්ලක් සා අභයසථානයකුත් නො ලදින් සියලු යක්ෂයෝ ම මුහුදු බත් වන්නට පටත් ගත්හ. එවෙලෙහි සවාමිදරුවෝ යක්ෂයන් කෙරෙහි අනුකම්පා ඇති ව යග්ගිරි දිවයින අධිෂ්ඨාන කොට ගෙන්වා යක්ෂයන් ඊට නංවා නිදුක් කොට දුරු සේක.

ඉක්බිත්තෙන් සමනොල සමන් දෙවි රජ්ජුරුවන් ආදි වු ලක්දිව ඒ ඒ පව්ර්ත්වල වෘක්ෂවල අරක් ගෙන වසන දිවයසේනාව අවුත් බුදුන් පිරිවරා වැඳ නො එක් පුජා භාණ්ඩ ගෙන සිටියහ. එකෙණෙහි බුදුහු බණ වදාරා ශතසහස්ර් දෙවියන් සසරින් මුදා දදාල සේක. එවෙලෙහි සෝචාන් වු සමන් දෙවි රජ්ජුරුවෝ බුදුන් වැඳ සිට “සවාමිනි! නුඔවහන්සේ ගේ බුද්ධෙ‍ාත්පාදය මුවල්ලෙහි මේ ලක්දිව යක්ෂවාස නො වන පරිද්දෙනුත් අප වැඳ දුදා ගන්නා පරිද්දෙනුන් . පාරිභොලික දාතුවක් දෙවා වදාළ මැනවැ “යි ආරාධනා කළහ. එවෙලෙහි සවාමිදරුවෝ සුරක්ත වු හ්රිැහස්තයෙන් ශිරොදාතුව පිරිමැද කෙශධාතු මිටික් දි වදාළසේක. සමන්දෙවි රජ්ජුරුවෝ රුවන්කරඩුයෙකින් කෙශධාතු පිලිගෙන බුදුන් වැඩහුන්නාවු සථනයෙහි රුවන්රැසක් පිටට වඩා සත් රියන් උස ඉඳුනිල්මිණි කරඬුයෙකින් වස‍ා .අප්ර මාණවු දිව්ය‍ගන්ධ කොට ලක්දිව සිසාරා තුන්යලක් ප්රවදක්ෂිණා කිරිමෙන් අරක් දි වෙළුවනාරාමයට වැඩි සෙක. පසු ව සරභු නම් මහතෙරකෙනෙකුන් වහන්සේ බුදුන්ගේ ශ්රි වාදාතුව වඩා මෙඝවණි වු පාෂාණයෙන් දෙලොස් රියන් උස ඒ වසා සල දාගැබක් මවා මහත් වු බුජා කළ සේක. පසුව චුළාභය නම් රජෙක් ඒ මතුයෙහි තිස්රියන්මහසෑයක් බදවා භොග පමනින් පුජා කෙළේය. පසු ව දුටුගැමුණු රජ ඒ වසා අසුරියන් උස මහසැයක් බදවා ඝනරන් වසා ධන පමණින් ජුජා කෙළේය. එසේ හෙයින් කියේ මැ නෝ මහාවංශයෙහි:


නෙකෙසං පාණිකොමිනං - ධම්මාභිසමයො අහු,

සරණෙසු චසිලෙසු -ඨතා ආසුං අසංඛියා.


සොතාපත්තිඵලං පත්වා - සෙලෙ සුමනකුටකෙ,

මහාසුමන දෙවින්දෙ - පුජියං යාවි පුජියං


සෙ‍ාතාපතතවලං පත්වා -සෙලෙ සුමනකුටකෙ,

මහාසුමන දෙවින්දෙ - පුජියං යාචි පුජියං


සිරං පරාමසිත්වාන - නිලාමලසිරොරුහො,

පාණිමත්තෙ අදා කෙසෙ - තස්ස පාණහිතො ජිනො


සො තං සුවණ්නඩ්ගොට - වරෙනාදය සත්ථුනො.

නිසින්නට්ඨාන රචිතෙ - නාතාරතත සඤ්චයෙ.


උච්චතො සත්තරතනෙ -ඨපෙත්වානෙ සිරොරුහෙ,

තං ඉන්දනිල ථුපෙන - පිදහෙසි නමස්සි ච.


එවමච්චායිකං කම්මං - කාරෙන්තා ච ගුණාකරා.

කරොන්ති පුඤ්ඤංසප්පඤඤා * - සංසාරභය භිරුකා -යි.


මෙසේ තමන් වහන්සේ ගේ ඉසින් හළ කෙස් පමණකට පවා මේ සා මහත් පුජා ලත් හෙයිනුත්, එසේ වු පුජා විදිමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

ප්රේථමාගමන කථා යි.

සංස්කරණය

තවද: අප බුදුහු බුදු වු පස් වන හවුරුදු බග අව පසළොස් වක් දිනෙහි එදා උදය මුළු ලෝ බලා වදාරන සේක් චුළෝදර මහෝදර නම් දෙමයිල් නාගරජුන්ගේ සිමාන්තරයෙහි පැනනැගි මිණිපලඟක් නිසා කසන යුද්ධයෙහි නස්නා බෙ‍ේහෝ නයින් දැක,ඔවුන් කෙරෙහි උපත මහා කරුනාවෙන් පවභක්තයෙහි දෙවුරම් වෙහෙරින් නික්ම දෙවුරම් දෙරටුව සමිපයෙහි පිහිටි කිරිපලු රුක අරක් ගත් සමිඩිසුමන නම් දිව්යදරාජයා විසින් උදුරා සිරසට කරන ලද එම කිරිපලු රුක් නමැති ඉඳුමිනි නිල් සේසත් ධරා නිල් මේ කුළක් යට ගමන් ගත් පුර්ණචන්ද්රියාගේ ලිලා පරදවමින් , ආකාශයෙන් ම මනිනාග දිවයිනට වැඩ ඝොවු පුද්ධයට පටන් ගත් නාගසේනායට පෙනි අහස පලග් බැද වැඩහිඳ .නෙ‍ා එක් පෙළහර දක්වා සාමග්රිඩතාවට නිසි වුබණ වදාරා , දෙශනා නමැති අමාත වෂායෙන් නමින්ගේ කෝපාග්නි සත් හිඳුවා සමඟ වු දෙමයිල් නාරජුන් විසින් පිළිගන්වනලද මිනිපලග මතුයෙහි වැඩහිඳ.ඔවුන් විසින් ම පිළිගන්වන ලද දිව්යලබොජනය වළඳා-

එම මිච්චාදිකං කම්මං - ඇතැම් 
සප්පඤඤං - ඇතැම්

-අනුමෙවෙනි බණ වදාරා. අසු කෙළක් නයින් ශරණශිලයෙහි පිහිටුවා “මතු මාදුටුවා සේ වඳුව -යි කිරිපලු රුක හා සමඟ මිණිපලග නයින්ට ම පාවාදි වෙහෙර ම වැඩි සේක.

මෙසේ තමන් වහන්සේ මොහොතක් කල් වැඩහුන් ආසන යට පවා ශාසනාන්තය දක්වා දිව්යමනාගරාජයන් විසින් කරන ලද පුජා මහිම ඇති හෙයිනුත මාගේ බුදුහු අර්හත් නම් වන සේක.


ද්විතියා ගමන කථා යි

සංස්කරණය

තවද: අප බුදුහු බුදු වු අට වන හවුරුද්දෙහි සුනාපරන්ත නම් මහ තෙරුන්ගේ ආරාධනාවෙන් පන්සියක් රහතන් හා සමග සක්සෙවු රජහු මවා දුන් පන්සියක් රුවන් මඩු නැගි වැඩ, සුනාපරන්ත දන්වුවෙහි මුහුළු වන අරම චන්දනශාලාව පිළිගෙන කිප දවසක් එහි දවස් යවා, දෙශනාරශ්මින් බොහෝ වු විනෙය ජන පද්මයන් ල්රදබොධ කරව‍ා, එයින් නම්ද්රෙ නම් ගඟට වැඩ එහි . වසන නම්ද්ර නම් දිව්යව නාගරාජයා විසින් පිලිගන්වන ලද දිව්යා්භාරය සහපිරිවරින් වළඳා . ඕහට බණ වදාරා. බොහෝ නයින් සරණසිල් ගන්වා , එම නාරජහුගේ ආරාධනාවෙන් ඒ ගජතෙර රළින් මුවා වන තැන ඕහට ශ්රිඑපාදයක් ඔබා එයින් සච්චබඬ්ක නම් පවතයට වැඩ. එහි පෙර බෝහෝ කලක් මිථ්‍යා දෘෂ්ටි ගෙන විසු සච්චබඩක නම් ජටිලයන්ට බණ වදාරා ඔහු දමා අමාමහ නිවන් දක්වා. ඒහිබික්ෂු භාවයෙන් පැවිදි දි, එම සච්චබද්ධක නම් මහ තෙරුන්ගේ ම ආරාධනාවෙන් ඒ ගල් මුදුනෙහි ද, ඉටියෙහි එබු හසක් සේ පාදලක්ෂන හා සමග ශ්රි‍ පාදයක් ඔබා, එයින් මහොර නාරජහු මයිල්මිණි ඇසී නම්නාගරාජයාගේ ආරාධනාවෙන් වෙසඟ මැදි පොහෝ දිනයෙහි ලක්දිවු වැඩ. කැළණි මහසෑය පිහිට්ිතැන වැඩහිද .ඔහු විසින් මවන ලද දිව්යාමණ්ඩපයෙහි අනඝ වු දිව්යතසන නැඟි වැඩහිඳ, ඔහු විසින් ම දෙනලද දිව්යුභොජනය සහ පිරිවරින් වළඳා, බණ වදාරා .එම නාගරජහුගේ ආරාදනාවෙන් කැළනි ගඟ යට ද ඕහට පාද ලාංජනයක් දි නේ සුවහස් නයින් තිසරණ ගන්වා ඔවුන් විසින් කරන ලද අප්රිමාණ වු දිව්යිපුජා ලත් සේක.

එ කෙනෙහි දිව්යඅනාගරාජයන් බුදුන්ට කරන පුජා කෝලාහල යෙන් පැළදිග් බැලු සමනොල කුළවසනසමන් දෙවි රජ්ජුරුවෝ “අප බුදුහු අද ලක්දිවු වැඩි වන්හ. අද මාගේ මනදොළ සිද්ධ වන වැන “ යි සන්තුෂ්ට වුවාහු එ කෙණෙහි දෙවිපිරිස් පිරිවරා පවත මුදුනෙන් බුඩපුජාවට අතුට තුබු පියවිළි පටන් සහපිරිවරින් වැඳ, දෙහොත් මුදුන් දි සිට “කරුණා නිධාන වු තිලෝගුරු බුදුරජාණෙනි! මේ නැ‍ඟෙනහිරි දිශාහාගයෙහි ගැහැටි ගැහැටි සිටිනා සේ පෙනෙන්නනාවු සමන්තකුට පවතය නම් සවල්පවු පව්තයෙක් නො වෙයි , අනන්තාපය්ය්න්තවු බුදුන්ගේ පාද ශ්රිප ලබන්නා වු පාදමැති අගමිණිරුවන පලඳවා ලෝවැඩ කළ මැනැවැ” යි ආරාධනා කළාහ.

එවෙලෙහි සවාමිදරුවෝ පුවදිග්බලා ලංකානමැති අඩ්ගනාව තමන් වහන්සේ ට පෙරමඟ බලා, කරා නඟා සිටියාක් වැනි වු, මුදුව් කළු නමැති කෙශ කලාපයෙකින් හා පෙර මිට දෙවාරයක් වැඩ මට පාද ස්පර්ශය නුදුන් සේකැ යි ශෝකයෙන් හඩන කඳුළු ධාරා දෙකක් වැනි මහවැලි ගග හා කැළණි ගග වැනි ගඩ්ගා යුග්මයකින් හා තවද: පාදවියෝගයෙන් බෙද ව ඇය විසින් කඩා ඉස්නා ලද රත්නාභරණ සමුහයන් සේ වනය සිරාරා පිහිටි සියදහසක් රත්තාකර සමුහයෙන් හා ශ්රිවමත්ව දිලියෙන සමනොලකුළ දැක “අද මම ද පෙර බුදුන්ගේ සිරිත් කොට ලඬ්කාඩ්ගනාව සතුටු කරවමි” යි සිතා දිව්යොනාග ගන්ධවාදි බුජා විඳ විද පන්සියයක් මහ රහතන් හා සමග ආකාශයෙන් වැඩ පවතයමුදුනෙහි ඝනරන්කඳක්සේ දිලිහිදිලිහී වැඩසිටිසේක. එකෙනෙහි පවතය වෙවුලා මුදුන් කුළ ආකාහයට නැඟි බුදුන්ගේ ශ්රිෙපාදය පිළිගෙන අහසින් බැස පෙර සේම පිහිටා ගිය. ඉක්බිත්තෙන් සවාමිදරුවෝ මුරු - බඹ කැලක් කරන මහ පුජා විද විද පැලදිග බලා වැඩසිට මේ හ්රි පංකාද්විප නමැති තුනුරුවන් භාණ්ඩාගාරය තමන් වහන්සේ ට හිමිනියාවටම හසක් එබුවා සේ.අටතුරා සියක් මඟුල් ලකුණෙන් ශ්රිහමත් වු දෙවිබමුන්ට මුදුන් මල්කඩවු, එක් වියන් එක් වියත් නව අඟුලක් පමණ අයම් විතර ඇති වාම ශ්රිටපාදය සලක්ෂණ කෙ‍ාට ඔබා වදාළ සේක.

එ කෙණෙහි බුද්ධාන්තරයන් මුළුල්ලෙහි ශ්රිවපාද වියෝගයෙන් ශොකි වු ලංකාංගනාව නිශ්ශොකිව. එම විට ම පහළ වු අකාල වු මෙඝජල නමැති අමාදියෙන් ස්නානය කොට. මුළු දිව ව්යාුප්ත වු ෂට්වණ බුද්ධරශ්මි නමැති අනෙකවර්ණ වස්තුයන් ධරා, දිවමල් වෂා නමැති අංගරායන් තවරා,රුවන් වෂා නමැති ආභරණ පැලඳ, සමුද්ර සෝසා නමැති තුය්ය් ර්නා ද පතුරුවා, හෘඩ්ගනාද නමැති ගායනා කොට, අකාල කුසුම් නමැති මල්දම් පැළඳ. මහීනාද නමැති සාධුකාරයෙන් ස්තුති ගී කිය කියා. මෙඝනාද නමැති අත්පොළසන් දිදි නටා, සන්තොෂයෙන් පුජා කළා ය.

මෙසේ සවාමිදරුවෝ ලංකාඩ්ගනාව සතුන් කරවා සමනොල ශ්රි පාදය ඔබා එගල් පාවිට වු භගවත් නම් ලෙන වැඩහිඳ සමවත් සුවෙන් දිවාවනිහාර කොට එයින් සිරිලක ඇතුලත් කොට, අනුරාධපුර නුවරට වැඩ, දකුණුමහසැය පිහිටිතැන, මහමෙවුනා උයන්මැද ශ්රිරමහාබොදිය පිහිටි තැන, ලෝවාමහාපාය පිහිටි තැන, පිරිත්ලාගෙය පිහිටි තැන, දන්තාර නම් පොකුණ පිහිටි තැන. පිරිත්පලාගෙන පිහිටි තැන, දන්තාදර නම් පොකුණ පිහිටි නැත, ථුපාරාමය පිහිමි තැන. පතස්භුමියෙහි රුවන්මැලි මහ සැය පිහිටි නැත, මිහින්තලයෙහි මහසල සැ පිහිටි තැන යයි යන මේ අටමසථානය පුවබුධවරයනුදු වැඩහිඳ, එ තෙනට රැස් වු දෙවියනට බණවදාරා , නො එක් දෙවියන් සසරින් මුදාථ එයින් වැඩ රුහුණු දිගානකා පිහිටි තැන යයි මෙසේ මේ ලක්දිව තත්වාරයෙන් කැජිවු තදස් තැනෙක තුදුස් මොහොතක් කල් තුදුස් සමවතෙකින් තුදුස් තැනෙක තුදුස් මොහොතක් කත් තුදුස් සමවතෙකින් තුදුස් බුද්ධකාරක ධම්යෙන් යෙදුණා වු අප බුදුහු මෙසේ පාරිභොගික ධාතු ප්රදත්ෂ්ඨාවෙන් ලක්දිට අරක් ද දෙවුරම් වෙහෙර ම වැඩි සේක.

මෙසේ තමන් වහන්සේ මොහොතක් කල් වැඩහුන්නා වු තුදුස් නැනට දෙවිමිනිසුන් දැන් දක්වා කරනලද මහත් වු උදිදෙසික පුජා ඇතිහෙයිනුත් මාගේ බුදුහු අර්හත් නහ් වන සේක.


තෘතියා ගමන කථා යි.

සංස්කරණය

තවද; ලක්දිව රජුන් ඇති ව මනුෂ්යනවාස වු පරිදි කෙසේ ද යත්? එහි විස්තර කථාව මහාවංශයෙහි එන බැවින් මෙතෙන වනාහි රිජවජස සංක්ෂෙපනයෙන් දක්වා ශාසන කථා පමණක් දක්වම්හ;

පෙර කලිඟු රජහු දු වඟුරට වඟු රජහු කෙරේ වැස දුවක ලද. ඕ වැඩි කිසියම් අකුශලයෙකින් එකලා ව වල්ගොස් අතර මඟ සිංහයන්ට හසු ව ඔහු කෙරේ වැස සිංහබාහු ය සිංහවල්ලි යයි පුතකු හා දුවක ලද: පසු ව සිංහබාහු රජ සිංහවල්ලි නම් තමාගේ නඟ ම බිසෝ කොට ලාට රට රජ කොට විසි ය.මොවුන් දෙදෙනා දරු විජය කුමර අප බුදුන් පිරිනිවි වෙලෙහි සක්දෙවු රජහුගෙන් අරක් ලදින් සත්සියයක් යොධයන් ගෙන තම්මැන්නා දිවයින් බැස කුවේණි නම් යකින්නගේ සහායයෙන් අතරතුරෙහි නො ගොසින් හුන් යක්ෂයන් මරා ලුහුබැඳ එම තම්මැන්නායෙහි නුවරක් කරවා එහි අටතිස් හවුරුද්දක් රාජ්යමය කෙළේය. පසු ව ඔහුගේ උපතිස් ස නම් අමාත්ය යෙක් තෙමේ හවුරුද්දක් රාජ්යපය කොට දඹදිවු යවා ඇගසර තමා කැරවු උපතිස්ස නම් නුවර ලා තිස්ස නම් නුවර ලා තිස්හවුරුද්දක් රාජ්ය්ය කැරවී ය.


බුදුන් සුළුපිය අමිතෝදන නම් ශාක්ය් රජ්ජුරුවන් දරු වු පාන්ඩු ශාක්ය යන් දු කසයින් දේවි තමනි හා කුසහොත් දසබැ කෙනෙකුන් සමග ලක්දිවු බැස ඒ පන්ඩුකාභය රජුහු කෙරෙ වැස පුතුන් දසදෙනෙකු හා දුවක ලද මහලු පින් අබා නම, බාල නං උන්මත්සින් නම. ඔවුන්ගේ යටති මයිලන් දසදෙනා අතුරෙන් රාම නම් ශාක්යෙයන් විසු තැන් රාමගෝන නම් විය. රෝහන නම් ශාක්යායන් විසි තැන් රෝහන නම් විය දිගා නම් ශාකයයන් විසු තැන් දිගාමඬුළු නම් විය. උරුවෙල නම් ශාක්යකයන් විසු තැන් මහවැලි ගම නම් විය. අනුරාධ නම් ශාක්යායන් සිසු තැන් අනුරාධ පුර නම් විය. විජිත නම් හාකයයන් විසු තැන විජතපුර නම් විය. ඒ පණ්ඩුකාභය රජ්ජුරුවන් මාලු පින් අභය නම් රජ විසි හවුරුද්සක් රාජ්යපය කෙළේය.

ඔවුන් නං අන්මත්සිත් නම් බිසොවුන් තමන් මයිල් දිගාණන් දරුවු දිඝගාමණි නම් කුරරුවා කෙරේ වැස දෙවන පන්ජුකාබය නම් කමරහු වැදුව. එ කුමර වැඩි තම‍ාගේ මයිල් නව දෙනෙකු මරා තමා මයිල් ගිරිකණ්ඩ නම් රජහු දු රන්ිපෙලි නම් බිසොව රක්ෂා කොට අන්තාපය්යණන්ත වු සව්ර්ඥි නමැති රාජහංස හ්රින ලබන සරසියක් වැනි වු ලංකා නමැති අංගනාවට සිරිතක් වැනි වු අනුරාධපුර නුවර හ්රීා මහා බොදිසථානයට උත්තර දිශා භාගයෙහි සතර ගවු පමණ අයම් විතරින් හා සොළොස් ගවු තැන් වමින් ගෙන දිව්යම පුරයක් විතරින් හා සොළොස් ගවු තැන් වමින් නෙ දිව්යි පුරයක් සේ මුල්පිය කරවා බයා වැව බඳවා බඳවා සැත්තැ හවුරුද්දක් රාජ්යරය කෙළේය. මුට සිට නම් රජ මහා මෙවුනා උයන කරවා සැට හවුරුද්දක් රාජ්යළය කලේය. එකලට අපබුදුන් පිරිනිවි දෙසිය සතිස් හවුරුද්දක් ගිය කල්හි මුටසිව නම් රජහු පින් දෙවනපැතිස් නම් රජෙක් විය. එ රජ සැළයට නැගු පහනක් සේ අන්තොගත-

1.පඩුවස් දෙව් -මහාවංසය 2. සැබැ කෙනෙකුන්- ඇතැම් , 3.සදෙනා - ඇතැම්


-හ්රො3තාපත්ති, මාග්ර්‍ නමැති ප්ර දිපාලොකයෙන් දිලියෙන මහ පින් බල ඇත්තේ ය. දඹදිව අග රජ කරන පින් ඇතිව ද කිසියම් අකුශලයෙකින් හෙළදිව උපණ. හේ කෙසේ දයත්?

පෙර තුන්බැ කෙනෙක් වල් ගොස් මි සලා වලට යාදි...

සංස්කරණය

පෙර තුන්බැ කෙනෙක් වල් ගොස් මි සලා වලට යාදි ගමහුන් මල්, පිල හිඳ මි විකුණනුයේ, ගිලන් භික්පු කෙනකුන්, දැක මි පාත්රයයන් පුරා දන් දි සවස මහලු දෙබෑයන් ගෙට ආ කල “සන් හුන් ගුණෙන් යුත් ගිලන් මහණ කෙනෙකකුන් දැක මි පාත්රආයක් දන් දින්මි, පින අනුමෝ වට” යි කිය. එ බස් අසා මහලු දෙබෑයෝ “අපි වල ඇවිද මි සොයා දුක් ගනුමෝ ද. තෝ ගම හිද විය ම්කෙරේ දැ” යි කිපි එකෙක් “තාගේ මහනු ගෙන සැඩොල්ගම ලා පියව” යි කිය. එකෙක් කියනුයේ “තාගේ මහනු ගෙන මුහුදින් එතෙර ලා පියව” යි කි ය. එබසට මල්, මුයෙන් නො බැන ඉවසා පසුව දෙදෙනා සන්හුන් කල අවවාද කියා කල පින් දෙදෙනා ම සමාදන් කැරවීය. ඒ පිනින් පසු ජාතියෙහි මල්. මුළු දඹදිවට අග රජ ව ධම්ර්‍ා‍ෙශාක නම් රජ විය. සැඩොල්ගම ලා පියව යි කි බැහැ ඒ ජාතියෙන් මිය රජක් හට ද්රිව. බිසොවක බඩ හෙව, සාඩොල් ගම් මැදෙක නුග ගසක් මුල අනාථ ව ඉපැද වැඩි පසුවසමාදන් වු පිනින් බුදුසසුන් වැද මහණව අමාමහ නිවන් දැක නිග්රොමධ නම් මහතෙර විය. අනික් බැහැ මුහුදින් එ තෙර ලා පියව යි කි පවින් දඹදිව නො ඉපැද ලක්දිව මුටසීව රජහට පුත් ව දෙවන පැතිස් රජ. ව සිරිලක ඔටුන් පැළඳ අභිෂෙකව, දාන සම‍ාදාන ඵලයෙන් ඉතා මහත් වු පින්බල ඇති වීය යි. දතයුතු එසේ හෙයින් කියන ලදි


නත්ට්ර්‍ චිත්තෙ පසන්නම්හි -අප්පිකා නාම දක්ඛිණා,

තථාගතෙ වා සම්බුද්ධෙ - අථවා තස්ස සාවකෙ -යි,


මෙසේ දෙවනපැතිස් රජහු සිරිලක ඔටුනු පැලඳ අභිෂෙක මඟුල් කළදවස් සිරිලකට අද්භුතවු නො එක් රුවනු දු පහළවිය. මුහුදින් ශ්වෙත අශව ආකෘති ඇති ගජ නම් මුතු ය, මහ ඇඹුල පක් සා ආමලක නම් මුතු ය. සක්බවළලු බඳු වු සටහන් ඇති වළය නම් මුතු ය, සක් මුදු බදුවු සටහන් ඇති අංගුලිමුද්රිතකා මුතු ය, කුමුක් පක් බඳු වු සටහන් ඇති කකුද ඵලක නම් මුතු ය, හුනපුරුකේ සටහන් ඇති වෙණුක නම් මුතුය, සවභාව මුතු යයි මෙසේ උතුම් උතුම් වු මුතු අට ජාතියෙක් උපණ.


තව ද: එක් හුණ පඳුරෙක ලතායෂ්ටි ය. කුසුමයෂ්ටි ය, ශකුණ යස්ටි ය යි රථ කැවිටි සා හුණලි තුනෙකුදු දිව්යත නිර්මිත යක් සේ උපණ. එයින් පතා යෂ්ටිය තෙමේ රිදි කදක් සේ අති ධවල ය. මුල පටන් අග දක්වා විසිතුරු කොට සිතියම් කළා සේ රන්වන්වු ලියසමුහයෙන් දිලියෙන්නේය. කුසුම යෂ්ටිය ඉන්ද්රය නිලයන් සේ නිල්ව පස්වනක් පැහැ ඇති නන්විසිතුරු මල්ජාතින් අතුරු නැති ව විසිතුරු විය. ශකුණ යෂ්ටිය ප්ර්වාල වර්ණය, නො එක් ජාතියෙහි නත් පැහැඇති පක්සි සමුහයා විසින් විසිතුරු ව බලා ඇස් හයාගත නො හැකියෝය. මේ ආදි වුඋතුම් උතුම් රුවන් හා පඤ්ච රාජ කකුද බාණ්ඩයක් හා ධමාශොක රජ්ජුරුවෝ ද දඔ දිවින් නො එක් පඩුරු හා:-

අහං බුද්ධං ච ධම්මං ච -සඩ්ඝං ච සරණං ගතො.

උපාසකත්තං වෙදෙසීං - සක්යසපුත්තස්ස සාසනෙ -යි,

යනාදින් තුනුරුවන් පඩුරු හා ගදකලල් -පිරිත් පැන් ආදි නො එක් පඩුරු එවා යහළුව හිදිති. දෙවනපැතිස් රජ්ජුරුවෝ ද තුනුරුවන් පඩුඓහි අසුන් අසා “මෙහි කවර දවසක් සසුන් පිහිටුවා ගනිම් දෝ හෝ” යි සිතාසිතා සක්රුවනක් පතනසක්විති රජකු සේ තුනුරුවන් පත පතා හිදිති. එ කලට අනුරාධපුර නුවර උඩුමහල් නව ලක්ෂයකින් හා බිම්මහල් අනුලක්ෂයකින් හා ශ්රීා වන්ත වු චාතුර්ණයන් විසින් හා හස්ති - අශ්ව -රථ වීණා - මෘදඩ්ග - ශඩ්ඛ -තාල - කාද්යශ - හොජ්ය් යනදශවිධදයෙනුත් සම්පුර්ණ වු සම්පත්තින් භාරයෙන් දෙවලොවින් බැස මිහිමඩුලෙහි රදාගිය දිව්යා පුරයක් සේ හ්රීිවන්ත විය.


අනුරාධපුර උත්පත්ති කථා යි.

සංස්කරණය

එකල පෙර කි මොග්ගලිපුත්ත තිස්ස මහ තෙරුන් වහන්සේ ධමාශොක රජුහුගේ සහායයෙන් එහුගේ ම අශොකාරාමයෙහිදි, යට කි සේ තුන්වනධම්සඩ්ගායනාව සානයෙහි දසදහසක්රහතන් අතුරෙන් මජ්ඣන්තික මහ තෙරුන් වහන්සේ ය. මහාදෙව නම් මහ තෙරුන් වහන්සේ ය. රක්ෂිත නම් මහ තෙරුන් වහන්සේ යයෙනක ධම්ර්රනක්ෂිත නම් මහතෙරුන් වහන්සේ ය- මහා ධම්ර්‍ රක්ෂිත නම් මහ තෙරුන් වහන්සේ ය- මහාරක්ෂිත නම් මහ තෙරුන් වහන්සේ ය- මධ්යහම නම් මහ තෙරුන් වහන්සේ ය- සොණනම් මහ තෙරැන් වහන්සේ ය- ධම්ර්‍ාශෝක රජ්ජුරුවන් දරු මිහිදු මාහිමි යන් වහන්සේ යයි ගිය ගිය තන්හි අනුබුද්ධව බණ වදාරන්ට සමාර්ථ වු මහත් සෘද්දි ප්රග තිහාය්ය්බර්‍ ඇති නව මහා සතවිරයන් කරඳවා “ආයුෂ්මත්නි! මතු හින කැලයෙහි මධ්යරමණ්ඩලයෙහි ජනශුන්යත වෙයි, ප්රයත්ය‍න්තයෙහි දෙශවල් සමෘද්ද වෙයි, එසේ හෙයින් තෙපි තෙපි ද අපි සසරින් ගැළවුණුමෝ වේ දැයි උපේක්ෂා නොව ඒ ඒ දෙශවලට ගොස් ශාාසන පිහිටුවා තොපට මෙ බඳු වු අමා මහ නිවන් සුවයක් දිලු බුදුරජාණන් කාතොපකාරයෙන් යෙදි උතුම් වු ප්රනතිපත්ති පුජා කිරවා’යි නියෝග කොට වදාළසේක.

එකල එයින් මජ්ක්ධන්ති නම් මහතෙරුන් වහන්සේ හිමාලය නම් නාගරාජය‍ාගේ ආරවාල නම් විලට වැඩ විලපිට සක්මන් කරන සේක ; එ වෙළෙහි නාගරාජයා “මාගේ පවිත්රව වු විල පැන් තමන්ගේ පාද රජසින් අපවිත්රි කරන්නුයේ ජන්ත -භිනන පට ධාරි වු මේ කොයි මුඩු මහණෙක් දැයි” යි කිපි විසුඳුමි හැර. විසගිනි හැර නොඑක් අව්වැසි වස්වා, කර්කශ වු වාක්පරුෂයෙන් ආක්රොහශ කොට, තෙරුන් වහන්සේට කිසි පිඩාවක් කොටගත නොහි, තෙරුන් වහන්සේ ගේ සෘඩ් ප්රාවතිහාය්ය්රර්‍ දැක “මොහු මහ තෙද ඇති රහත්කෙනෙක, නන්දෙපනන්ද නම් නාරජහු වැනි, අශිච්ජතත නම් නාරජහුවැනි. පන්නක නම් නාරජහු වැනි, මට හතසහස්රත ගුණයෙන් වඩානා නාගරාජයෝ පවා රහතනට මන් කොට ලස්වාදහසමුළුල්ලෙහි ලෝකවාසින් අතින් නින්දුඅසමින් සිටියහ, දැන්දක් මොහු බඹවෙසක් -ගුරුව වෙසක් මැවු නම් මා ගිරිගැඩවුලකු නො වටනා වන් කරවා පියති, මම් දම පළමුකොට ඔවුන් පා වැඳ කළ වරද ක්ෂමා කරවමි” යි සිතා මහ තෙරන් වැඳ ක්ෂමා කරවා අනග වු මිණිපලගක් මවා එහි මහ තෙරුන් වඩා හිදුවා තෙමේ එකත්පස්ව නා පළුවන් පිරිවරා හුන්නේ ය.

එවෙලෙහි මහ තෙරුන් වහන්සේ බුදුකෙ‍නකුන් සේ වැඩහිඳ බණවදාරා සුවාසුදහසක් නයින් හා ලක්ෂගණන් යක්ෂ- ගරුඩ ගන්ධව්ර්වාවදීන් ද සරණසිල් ගන්වා, ලඤ්චක නම් යක්ෂ සේනාධිපතිහුහා හාරිති නම් යක්ෂණිය හා පන්සියක් දරුවන් සෝවාන් කොට, ඉක්බිත්තෙන් කාශ්මීර - ගන්ධාර දෙශවාසින් හවුරුදු පතා එම නාගරාජයාට දෙන නාග බලි පුජාව ගෙන, රුස්වු මහපිරිසට එමස අස්නේ වැඩහිඳ සුංයුත්සඟියැසළයින් වග බුදුන් වදාල ආසිවිසොපම සුත්රැය බණ වදාරා, සුවාසු දහසක් දෙනාට මාගඵල දි, ලක්ෂයක් පුරුෂයන් මහණකොට, එ තැන් පටන් ඒ කාශ්මිර ගන්ධාර දෙ දෙශයෙහි ධම්ර්‍ ශාසනය පිහිටුවා ලෝවැඩ කොට බුදුන්ට උත්තම ප්රයති ප්ර්ත්තින් පුජා කළ සේනක.

තවද: දෙවන මහාදෙව නම් මහතෙරුන් වහන්සේ මහිස මණ්ඩලයට වැඩ මැදුම්සඟියෙහි උපරිපණස වදාළ දේවදුත සුතු යෙන් බණ වදාරා, සතලිස් ලක්ෂයක් ප්රාදණින් නිවන් දක්වා සතලිස් දහසක් පුරුෂයන් මහණ කොට එහි සසුන් පිහිටුවා ප්රිතිපත්තින් පුජා කළ සේක.

තවද: තුන්වන රක්ෂිත නම් මහතෙරුන් වහන්සේ ද දහම් අනාවාස ව තුබු වනවාස නම් දනවුවට වැඩ, අහස්කුස පෙනි සංයුත් සඟියහි වදාළ අනමතග්ග සුත්රවය දෙශනා කොට. සැට දහසක් ප්රායණින් නිවන්දක්වා , සැත්තැදහසක් මනුෂ්යටයන් මහණ කොට, පන්සියයක් මහා විහාර ඇති කරවා ලෝවැඩ කොට අප්ර්මාණ වු ප්රකතිපත්තින් පුජා කළ සේක.

තවද: පස්වන මහාධම්ර්‍රක්ෂිත නම් මහතෙරුන් වහන්සේ ද මහාරාෂ්ට්රත නම් ජතකයෙන් වැඩ කැදුගත් සගියෙහි වදාළ මහා නාගරද කාශ්යතප ජාතකයෙන් බන වදැරා එම දා ම සුවාසුදහසක් ප්රාාණින් නිවන් දක්වා, තෙළෙස් දහසක් මනුෂ්යදයන් මහනකොට එහි ධමාශසනය පිහිටුවා සම්ය ක් ප්රෂතිපත්තින් බුදුන්ට පුජා කළ සේක.

තවද: සවන මහා රක්ෂිත නම් මහ තෙරුන් වහන්සේ ද යෝනක දෙහයට වැඩ දිග්සඟියෙහි ශිලස්න්ධ වග්ර්යෙෂහි වදාළ කාළකාරාම සුත්ර දෙශනාවෙන් බන වදාරා , එක්ලක්ෂ සැත්තැ දහසක් ප්රාුණින් එකදා ම නිවන් දක්වා . අසදහසක් යොනුන් මහණ කොට දහස් ගණන් විහාර ඇති, කොට, මෙසේ යෝනක දෙශයෙහි ධම්ර්ශාානය විහාර ඇති බුදුන්ට උත්තම ප්ර තිපත්තින් ම පුජා කළ සේක.

තවද; සත් වන මජ්ක්ධිම නම් මහතෙරුන් වහන්සේ ද පඤ්ච මහා සථවිරයන් සමග හිමවන්ත නම් දනවුවට වැඩ,පළමු වන ධම්සක් පැවතුන් සුත්රවයෙන් බණ වදාරා, එකදා අසුකෙළක් ප්රාකණින් නිවන් දක්වා, පස් ලක්ෂයක් රහත් සඟුන් ඇති කොට, මේසේ බුදුන්ට අපුමාණ වු පුතිපත්තින් පුජා කළ සේක.

තව ද: අට වනු වු සොණ නම් මහතෙරුන් වහස්සේ ද සවනිභුමි නම්දනවුවට ඩැඩ, එරට රජකුලෙහි උපනුන්දරුවන් කා පියා පලා යන කර්කශ වු යකින්නක දැක. එ දවසු දු උපන්රජකුමරුවා බිලි ගනිමි යි ආවෙපෙහි, නො එක් පෙළහරින් තමන් වහන්සේ ඒ කුමරුට අරක්ගෙන යකින්න භය ගන්වා ,ඇය දුරවා දිවයින සිසාරා යක්ෂයන් වැද්ද නො හැකි සේ සිමා පැඳ, ඒ පෙළහරෙහි විස්මය පත් ව රැස් වු මනුෂ්යහයන්ට බ්රරහ්මපාල සුත්රහයෙන් බණ වදාරා. සැටදහසක් ප්රා ණින් නිවන් දක්වා තුන්දහස් පන්සියයක් පුරුෂයන් හා එක්දහස් පන්සියයක් ස්ත්රි‍න් මහණ කරවා මෙසේ ධමාසනය හා එක්දහස් පන්සියයක් සුත්රි න් මහණ කරවා මෙසේ ධම්ර්‍ාසන පිහිටුවා. දිවි පමනින් බුදුන්ට අප්රකමාණවු උතුම් වු ප්ර තිපත්තින් පුජා කළ සේක.

මෙසේ ලෙ‍ාවුතුරා බුදුන් පවා ලොභය කරවන නිවන් සුව ලදින්, ධ්යා න සුවයෙන් ඒ ඒ තැන්හි වැඩහිද සුව විද නො පියා මේ සථවිරයන් පවා නිවන් සුව හැර, ඒ ඒ තැන්හි ඇවිඳ, ලෝ වැඩ කළ කල , මතු සංසාරයෙහි දවස් යවන්නට සිතන්නාවු නුවණැති කවර පුද්ගල කෙනෙක් ලෝවැඩෙහි උපෙක්ෂාවෙද් ද? එසේ ගෙහින් නුවණැත්තා වු ශාසනගත භික්ෂුන් විසින් ලෝවැඩ සසුන් වැඩෙහි අප්ර්මාද ව දවස් යැවිය යුතු. එසේ හෙයින් ලදුයේ මැයි:


මහාදයස්සාපි ජිනස්ස කඩ්ඨනං

විහාය පත්තං අමතං සුඛම්පි තෙ

කරිංසු ලොකස්ස හිතං තහිං තහිං තහිං-

භවෙය්යක කො ලොකහිතෙ පමාදවා -යි,


ඉක්බිත්තෙන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි..

සංස්කරණය

ඉක්බිත්තෙන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මොහාන්ධකාරයෙන් වැසි තුබු ශ්රිර ලඩ්කාවිපයෙහි සධමසු්ය්වර්යාය නැගි සද්ධම්ර්‍ රශ්මි පතුරුවා. උදා වුව මනා කල්හි , ඒ දා තව වනු වු මිහිඳු මාහිමියන් වහන්සේ ගුරුන් වද්රාළ තෙපුල් මුදුනෙන් පිළිගෙන, ඉට්ය නම් නම් මහ තෙරුන් වහන්සේ ය- උතතිය නම් මහ තෙරුන් වහන්සේ ය, සම්බල නම් මහතෙරුන් වහන්සේ ය. භද්රෙගාල නම් මහ තෙරුන් වහන්සේ ය යි තමන් වහන්සේ ඇතුළු වු මහතෙර පස් නමක් හා නැඟණියන් සංඝමිත්රා වන් වැදු සත්හැවිරිදි සුමණසාමණේර නම් බැනණුවන් දරු හා අනාගාමිව, මහණ වනු කැමතිව. ආ දෙබි හින්නන් දරු භණ්ඩුක නම් බැනණුවන් හා මෙසේ රහතන් සද්දෙනකු ගෙන පියරජ්ජුරුවන් විසින්දෙන ලද රජ පඩුරු හා දහම් පඩුරු ගෙන්වා ගෙන එයින් ආකාශයට පැනනැඟි ශ්රී] ලංකා ද්වීපයට වැඩ අප බුදුන් පිරි නිවි දෙසිය සතිස් වන හවුරුදු, ධර්මායශොක රජ හට අටළොස් වන හවුරුදු, දෙවන පෑතිස් රජහට පළමු වන හවුරුදු, පොසොන් පුර පසළොස් වක මිහින්තලා බැස ඡායා සම්පන්න මී අඹගසක් මුල වු අඹතලා නම් ගලතළ සද්දෙනා වහන්සේ පිළිවෙළින් වැඩහුන් සේක.

දෙවන පෑතිස් රජ්ජුරුවෝ පළමු සද්දවසෙක පටන් නුවර දෙවු පුරයක් සේ සරහා සැණකෙළි කෙළනාහු එ දවස් මහ තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් “අද මුව දඩ යෙමි”යි සිතා සතලිස් දහසක් පමණ කැමැති ඇමති සෙනඟ පිරිවරා ඒ වනයට පැ නැංගහ. එ වේලෙහි ඒ පර්වනතයෙහි අරක් ගත් දෙවියා මහ තෙරුන් වහන්සේ රජහට දක්වමි යි සිතා රොහිත මුව වෙසක් මවා, තණ කන ආකාරයෙන් පිරිසට නො පෙනි රජහට ම පෙනී ගිය. රජ්ජුරුවෝ ඔහු දැක, “ගොදුරු කන මුවා සොරා සිටවිදීම පුරුෂ බලයෙක්නොවෙයි, මෝහට පෙනි විදිමි”යි සිතා දුනුදිය අත් පොළා මුවා උගුලුවා සැරයක් අළහ.ඒ මුවදෙවියා සැරය පා හස්සෙන් යවා රජහු ලජ්ජා කරවා මහතෙරුන් වැඩහුන් ගල තළ කරා දිව අන්තර්ධාන විය. රජ්ජුරුවෝ ද යොධයන් පසු කොට මුවා පසුපස්සෙහි ශරවේගයෙන් දිව තෙනට පත්ව මුවා ආ ගිය අත් නො දැක ඔබිනොබ බලති.

එ වේලෙහි මිහිඳු මාහිමියන් වහන්සේ රජ්ජුරුවන් දැක “මෙ රජ මහණ වෙස් නො හඳුනයි, හැමදෙනා හා සමග පෙනෙම් නම් රජ භය ගන්ති”යි සිතා සෙසු සදෙනා නො දකීවයි” අධිෂ්ඨාන කොටලා තමන් වහන්සේ ම රජහට පෙනී “තිස්සය මා කරා වරැ”යි වදාළ සේක. එ බසට රජ්ජුරුවෝ “මෙ ලක්දිව මුළුල්ලෙහි මට තිස්ස ය යි කිය හෙන සතෙක් නැත, කවරෙක් දෝ හෝ “බලා මහ තෙරුන් වහන්සේ දැක කිපී “ඉස මුඩු වූ, රත් පවුල් පෙරෙවි ජින්න- භින්න පටධාරිය! තෝ කවරෙක්හිදැ’යි කීහ. එ බසට මහ තෙරුන් වහන්සේ සුරතල් කියන පුතක්හු දුටු පියාණ කෙනකුන් සේ රජහු මහ කුළුණෙන් බලා:

සමණා මයං මහාරාජ! - ධම්මරාජස්ස සාවකා

තමෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධා ‘ගතා - යි.

යන මේ ගයින් වදාරා, වන දෙවියන් ලවා සාධුකාර දෙවා “මහරජ! තොප කෙරෙහි කළ අනුකම්පාවෙන් දඹදිවින් ලක්දිවට ආමෝ බුදුන් දරු වම්හ, අප බුදුන්ගේ සසුන් වැදමහණවු බිළිඳි දරුවන් පවා එ දා පිසපු බිසස මහබඹුට මුදුන් මල්කඩ වෙ’යි තුන් ලෝ වාසි සියලු සත්හු ම තුනුරුවන් දාසයහ, එසේ නො කිය ව”යි වදාළ සේක. රජ්ජුරුවෝ ද පෙර ම තුනුරුවන් පවත් අසා, තමන් ද තුනුරුවන් පත පතාම හෙයින්, “බුදුන් දරු වම්හ”යි කී බසට සියලඟ ලොමු දහ ගන්වමින් සන්තෝෂයෙන් මත් ව අත තුබු ආයුධ බිම හෙළා, මහතෙරුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එ කෙණෙහමි සතලිස් දහසක් යෝධයෝ ද ගොසින් රජහු පිරිවරා හුන්හ. එ කෙණෙහි අනිත් සදෙනා වහන්සේ ද දක්වා වදාඝ සේක. එ කෙණෙහි රජ්ජුරුවෝ “මේ සදෙනා වහන්සේ කවර විට වැඩිසේක්දැයි”යි විස්මය පත් ව විචාළහ. ‘මහරජ! මා හා කැටි ව ම අවු ය, තොප නුදුටු බව මුත් කැලත් මෙ තෙන ම උන්හ”යි වදාළසේක. රජ්ජුරුවෝ මේ පෙළහර දැක “ස්වාමිනි දමදිව තවත් රහත්හු ඇද්දැ”යි විචාළහ. එ බසට ස්වාමි:

තෙවිජ්ජා ඉද්ධිප්පත්තා ච - චෙතොපරියාය කොවිදා,

දිබ්බසොතා ච අරහන්තො - බහු බුද්ධස්ස සාවකා - යි.


යන මේ ගය කියා “හඑරජ! දඹදිව සෘඬිවන්ත වු රහත්හු පමණ නැතියහ”යි වදාළ සේක. රජ්ජුරුවෝ “නුඹ වහන්සේ මීට කෙසේ වැඩිසේක් දැ”යි විචාළහ. “හඑරජ! දියෙනුත්, ගොඩිනුත් නො ආම්හ”යි වදාරා “ආකාශයෙන් වැඩිසේක්වනැ”යි රජ්ජුරුවන් සිතූ කල “රජහුගේ නුවණ ප්රිශ්නයෙකින් පරීක්ෂා කෙරෙමි”සිතා එ තෙන සිට මී අඹගස බලා “මහරජ! මේ කිනම් ගසෙක් දැ”යි වදාළ සේක. රජ්ජුරුවෝ අඹගස ය යි කී ය. මහ රජ! මේ හැර තවත් අඹගස් ඇද්දැයි වදාළ සේක. රජ්ජුරුවෝ බෙහෙව ස්වාමිනි යි කීහ එයින් පිටත් ගස් ඇද්දැයි විචාළසේක. අඹයෙන් පිටත් සෙසු ගස් පමණ නැත ස්වාමිනි යි කීහ. සෙසු අඹගසුත් නො අඹගසුත් හැර පිටත්ගස් කවරේ දැ යි විචාළ සේක. මේ අඹගස එයින් පිටත් වේ ද ස්වාමිනි යි කීහ.හඑරජ! මේ පැනය තොප කී සේ මැනවැ යි වදාරා තව පැනයක් විචාරනු කැමැති ව “මහරජ! තොපගේ නෑයෝ ඇද් ද, නැද් ද”යි විචාළ සේක. බෙහෙව, ස්වාමිනි යි කීහ නො නෑයෝ ඇද් ද නැද් ද මහරජයි කී සේක.නෑයන්ට වඩා නොනෑයෝ බෙහෙව ස්වාමිනි යි කීහ. තොපගේ නෑයන් හා නො නෑයන් හැර අනික් කවුරු මෙහි ඇද්දැ යි විච‍ාළ සේක. මම ඇත්තෙම් වෙම් ද ස්වාමිනි යි කීහ. එවේලෙහි මිහිඳු මාහිමියන්වහන්සේ “රජ්ජුරුවෝ දර්මනවිනය දැනගන්නා තරම් බුද්ධි වදාළ චුළ හත්ථිපදොපම සුත්‍ෝ යෙන් බණ වදාළ සේක. එ කෙණෙහි රජ්ජුරුවෝ සෝව‍ාන් වුහ. සතලිස්දහසක් ඇදතියෝ කැමැති ව ම තුනුරුවන් සරණ ගියහ.

රජ්ජුරුවෝ දැන දැන ද “ස්වාමිනි! රාත්රිුයෙහි අනුභවකරන්නෝ ඇද්ද නැද්ද”යි විචාළහ. හඑරජ! විකල් බොජුන් දුරුකළ මෝ වේදැ යි වදාළ කළ “එ බැවින් දැන් ම රජගෙට වැඩිය මැනවැ”යි ආරාධනා කොට “මහරජ! අද රෑ මෙතැන්හි ලගිනා කටයුතු ඇතැ”යි වදාළ කල “එසේ වී නම් ස්වාමිනි! මේ භණ්ඩුකයන් අප ලා කැටිව එව වදාළ මැනවැ”යි කීහ. එ බසට “මහරජ!ඔහු අනාගාමීහ. ගිහිගෙයි නො ලගිති, අද රෑ ම මහණ වෙති”යි වදාළ සේක. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ “සෙට මඟුල් රථය එවාලමි, එයින් වැඩිය මැනවැ”යි ආරාධනා කොටලා භණ්ඩුකයන් තනි කොට විචාරා ධර්මජශොක රජ්ජුරුවන් අගබිසෝ වේටිස මහා දේවීන් කුසින් උපන් ශාක්යමකුලයෙන් ආ උභයකුල පරිශුද්ධ වු සංමිත් තෙරින් බෑ මිහිඳු මා හිමියන් වහන්සේ බව අසා “සක් රුවනක් හා සිතු මිණි රුවන් එකක් වුවාසේ, මාගේ අණසකට දහම් සකත් රජකුලෙන් ම ලදිමි”යි කිය කියා සතුටින් පින පිනා රජගෙට ගියහ.

එ කෙණෙහි හිරු හස්ත ගත විය, පුන්සඳ උදා වී ය; මාහිමියන් වහන්සේ භණ්ඩුකයන් කෙස් බාවා එ ම විට ම රහත් කොට, මහණ කොට ගෙන සුමන සාමණේරයන් වහන්සේ ළඟට කැඳවා “සුමනයෙනි! බණ අසන්ට දෙවියන් හඬගාව”යි වදාළ සේක. එබසට බෑනණුවන්වහන්සේ “ස්වාමිනි! සක්වළදහසෙක දෙවියන් හඬග‍ා කැඳවම් ද, සියක් සක්වළ දෙවියන් හඬගා කැඳවම් ද, නොහොත් සතිස් ලක්ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් වට ඇති මේ මඟුල් සක්වළට ඇසෙන සේ හඬගාම් ද, නොහොත් මේ සියක්යොදුන් හෙළදිවට ඇසෙන සේ හඬගාම් දැ”යි විචාළ සේක. එබසට මාහිමියන් වහන්සේ “මේ ලක්දිව පමණකට හඬ ගාව”යි වදාළසේක. ඉක්බිත්තෙන් මේලංකාද්වීපය මුළුල්ලට ඇසෙනසේ තුන්යළක් සුමන සාමණේරයන් වහන්සේ හඬ ගා වදාළ කල, ඒ හඬ අසා මහත් වු දිව්යල සමාගම විය. එ වේලෙහි මිහිඳු මාාහිමියන් වහන්සේ බුදුන් වදාළ සමචිත්ත පරියාය නම් සුත්රම දෙශනාව කොට අසඬ්ඛෙයක් දෙවියන් අමාමහ නිවන් දක්වා නාග - සුපර්ණාදීන් ශරණශීලයෙහි පිහිටුවා වදාළසේක.

ඉක්බිත්තෙන් පහන් වු කල රජ්ජුරුවන් එවු මඟුල් රථයට නො නැඟී පළමු කොට රරථචාරිහු යවා තමන් වහන්සේ සිවුරු වැළඳ පාත්රථ සිවුරු ධාරා, රහත් සදෙනා හා සමග ආකාසයට නැගී රථාචාරිහු පසු කොට කොළොම් හෝ තෙරට බැස සන්හුන් ගුණෙන් වැඩ නැගෛනහිරි මහවාසලට අභිමුඛ වු සේක. රජ්ජුරුවෝ ද මෙ පවත් අසා සතුටු ව පෙර මඟට දිව පසඟ පිහිටුවා වැඳ පාත්රවය ගෙන, දිව්යත පුරයන් සේ නො එක් පුජා පෙරහරින් සදනලද රාජවීථි මධ්යගයෙන් රජගෙට වඩා ගෙන ගොස්. රන්මල් සේසතින් සැදුම් ලද සිංහාසන මතුයෙහි වඩා හිඳුවා රාජභොජනයෙන් සන්තර්පණය කොට මල්සුවඳින් පුදා‍ අන්තඃපුර හා සමග රාජාඬ්ගණය පුරා පිරිවරා උන්හ.

එ වේලෙහි මාහිමියන්වහන්සේ විමන වස්තුය - ප්රෙලතවස්තුය - සච්චසංයුත් සුත්රරය - දෙශනා කොට අනුළා දේවීන් ප්රාධාන වු පන් සියයක් බිසෝවරුන් සෝවාන් කොට, නාළාගිරිහු වන් රජගහා නුවර සේ තමන් වහන්සේගේ දර්ශන ශ්රීායට හැළලුනා වූ මනුෂ්ය් යන්ට අන්තඃපුරය සම්බාධහෙයින් පස්වරුහස්ති ශාලාවෙහි දහම් පලග් නැගි වැඩහිඳ දෙචදුව සුත්රහය දෙශනා කොට, දහසක් පුරුෂයන් සෝවාන්කොට, එ තෙනත් සම්බාධ හෙයින් නුවරට දකුණුදිග නන්දානමි උයනෙහි ධර්මානසන නැඟී වැඩ හිඳ, මැදුම් සඟියෙහි උපරිපණ්ණාසයෙ බුදුන් වදාළ බාලපණ්ඩිත සුත්රුය දෙශනා කොට, දහසක් පමණ කුලස්ත්රීඃන් සෝවාන් කොට, එදා රෑ මහමෙවුනා උයන දවස් යවා;

දෙවන දා උදාසන මහපොළොව ගුගුරුවා මහමෙවුනා උයන පිළිගෙන එ කෙණෙහි අකාල කුසුමාදීන් නොඑක් පෙළහරදක්වා, රජ්ජුරුවන් පහදවා, එයින් මතු මහාසංඝයා රැස් වන රාශිමාලක නම් භූමියෙහි පුලිලගස මුල ය, එයින් මතු බොහෝ රහතන් දැවටි කෘත්ය්ය කරන්නාවූ උත්තමද්ථානයෙකැයි දන්තාධාර නම් පොකුණු භූමියට වැඩ, එයින් ශ්රීනමහාබොධියට පිහිටන තෙනට වැඩ, එයින් මතු පිරිත්ශා‍ලා ගෙය වන පැනඹ මලුවට වැඩ, එයින්, මතු බොහෝ රහතන්ට බත් බෙදන චතුශශාලා නම් භූමියට වැඩ එයින් මතු රුවන්මැලි මහසෑය පිහිටන මාලක - ස්ථානයට වැඩ, මේ සප්ත ස්ථානය ම උත්තම ස්ථානය යි, බුදුන් රහතන්ගේ පාරිභොගික භූමි ය යි ස්තුති කොට, සමන් මල් අට අට මිටින් පුදා, සත් විටක් මහපොළොව ගුගුරුවා, නො එක් අද්භූත දක්වා, එයින් රජගෙට වැඩ, දහවල් වළඳා අන්තයෙහි අඬ්ගොත්තර සඟියෙහි වදාළ අග්ගික්ඛන්ධොපම සුත්රෙයෙන් බණ කියා දහසක් දෙනා නිවන් දක්වා.

තුන් වන දවස් ආශිර්විෂොපම සුත්ර්ය වදාරා දහසක් පුරුෂයන් සෝවා‍න් කොට, සතර වන දවස් අනමතග්ග සුත්රයයෙන් බණ වදාරා,දහසක් පුරුුෂයන් නිවන්, එ දවස් නුවර සිසාරා සීමා බඳවා, පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි පවත්නා සේ බුද්ධා - ණත්ති ප්රහතිෂ්ඨාව කොට, පස් වන දවස් ඛජ්ජනීය පරියාය සුත්ර- යෙන්බණවදාරා දහසක් දෙනාට මාර්ගයඵලදි, සවන දවස් ගොමය පිණ්ඩ නම් සුත්ර ය දෙශනා කොට දහසක් දෙනාට මාර්ග ඵල දී, සත් වන දවස් ධර්මරසක් පැවතුන් සුත්ර්යෙන් බණ වදාරා දහසක් දෙනාට නිවන්ඵල දී මෙසේ නුවරට වැඩි සත්දවස ඇතුළත අටදහස් පන්සියයක් මනුෂ්යුයන් නිවන් දක්වා, රජ්ජුරුවන් විසින් කරවා පිළිගන්වන ලද සෑගිරි වෙහෙර වස්වැස, අන්තයෙහි සඅමන සාමණේරයන් වහන්සේ ශක්රහ දෙවෙන්ද්රසයන් කරා යවා, ඔහු කෙරෙහි තුබු දකුණු අකුධාතුව ගෙන්වා ථූපාරමයෙහි පිහිටුවා, පළමුවන ධාතු ප්ර්තිෂ්ඨාවෙන් එ දවසු දු මහපොළොව ගුගුරුවා,

නැවත එම සුමන සාමණෙරයන් වහන්සේ..

සංස්කරණය

නැවත එම සුමන සාමණෙරයන් වහන්සේ දඹදිවු යව ධර්මාසශොක රජ්ජුරුවන් කෙරෙහි තුබු බුදුන් වැළඳු පාත්රද ධාතුව හ‍ා ධාතු පාත්රුයක් ගෙන්වා ලක්දිව ඒ ඒ තැන්හි ධාතු පිහිටුවා රජ්ජුරුවන් බෑනණුවන් අරිට්ඨ නම් කුමාරයන් අත කියා යවා නැඟණියන් සඬ්ඝමිත්රාබ නම් මහාස්ථවිරීන් ලවා මහ බෝ වඩා ගෙන්වා එම ශ්රීත මහා බොධිය පිහිටුවා, එකෙණෙහි දු මහපොළොව ගුගුරුවා, එ දවස් පඤ්ච මහා ශාඛාවෙන් වුහුටු පඤ්ච මහා ඵල ශාඛා රජ්ජුරුවන් ලවා ම රොපනය කරවා, පිරිත් පැන් ඉස එකි එකී ඵලයෙන් අට අට පැළයක් බැගින් පැනනැඟී වනස්පති ව සිටි, සගලිස් මහා බොධිය ලක්දිව සතලිස් මහා ස්ථානයෙක පිහිටුවා සංමිත් තෙරින් ලවා අනුලා දේවීන් ප්රාමුඛ වූ පන්සියයක් බිසෝවරුන් හා ලක්ෂගණන් ස්ත්රීනන් මහණ කරවා, භික්ෂුණී ශාසනය ද පිහිටුවා,

තමන් වහන්සේ රජ්ජුරුවන් මලණුවන් මත්තාභය රාජ කුමාරයන් හා අරිෂ්ට නම් අග මැතියාණන් ප්රරධානවූ දහස්ලක්ෂ ගණන් පුරුෂයන් මහණකොට භික්ෂුශාසනයද පිහිටුවා බුදුන් වදාළ සුවාසුදහසක් ධර්මභස්කන්ධය දඹදිවින් පොතක් පතක් නො ගෙන්වා, තමන්වහන්සේගේ සිත්නමැති භාණ්ඩාගාරයෙන් පිටත් කොට, දහස් ගණන් ස්ථවිරයන් ආගම උගන්වා, සද්ධර්ම් ප්රනතිෂ්ඨාව කොට, අද දක්වා ශ්රීේ ලඬ්කාද්වීපයෙහි බුද්ධශාසනය නිෂ්කලංක ව පවත්නා සේ ලෝවැඩ සසුන් වැඩ කළ සේක.

මෙසේ මාගේ බුදුරජාණන්වහන්සේ මේ එක මිහිඳු මාහිමියන් වහන්සේ විසිනු දුකළාවු ශ්රීි ලඬ්කාද්වීපයෙහි බුද්ධාණත්ති ප්රිතිෂ්ඨා ය, බොධි ප්රදතිෂ්ඨාය, ධාතු ප්රකතිෂ්ඨා‍ය, ශාසන ප්ර්තිෂ්ඨාය, සද්ධර්ම ප්රයතිෂ්ඨා ය යි යනාදීවු අප්ර්ම‍ාණවු ප්රනතිපත්ති පුජා ලත් හෙයිනුත් නොකියන ලද අප්ර මාණ වු ස්ථවිරයන් විසින් කරනලද අප්රතමාණ වු ප්රදතිපත්ති පුජා ලත් හෙයිනුත් අර්හත් නම් වන සේක. එසේ හෙයින් කිියන ලදී:


පුජාවිසෙසං සහපච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනෝ අරහති නාමමෙතං - යි


මේ පුජාවලියෙහි අප බුදුන් මිහිඳු මාහිමියන් ගෙන් ලද ප්රපතිපත්ති පුජා කථා නම් වු තෙතිස් වන පරිච්ඡෙදය නිමි