පූජාවලිය-සමමෙත් නොයෙක් ජාතිභෙද පූජා කථා

පූජාවලිය


එකුත්තිස්වන පරිච්ජෙදය


තවද: අප බුදුන්... සංස්කරණය

තවද: අප බුදුන් දෙවනත්තාරයෙහි ලද සම මෙත් නොඑක් ජාතිභෙද පුජා නම් කවර යත්? ඒ දෙනිදත් යම් දවසෙක බුදුන්ට යම් රත්තලියක් නිසා ආඝාත බැඳ එ තැන් පටන් සංසාරයෙහි දු ඔබට වෛරීව ම අවුදින් සසර අටවාරයෙක්හි ම මහා පොළව ගලන ලදුව බුදුවු ජාතියෙහි බුදුන්ට නො එසේ වාරයෙහි වධක පුයොග කොට , ඔබට හානියක් කොට ගත නොහි . කෙළවර දෙවුරම් වෙහෙරට පොකුණු මියර දී ඔහු මහා පොළොව ගැල නව වන වාරයෙහි අවීවි මහා තරකයට වන් නියාත් , ඔහු ම නිසා බුදුන් නො එක් පුජා ලත් නියාත් , ලන්සිය පනස්ජාතකයෙන් නො එක් උදාහරණ දක්වා මා විසින් කියන්නා වු මේ කුශලා කුශල‍ය‍ාගෙන් විභාග ය හා , චෙෂයාගේ ආදිනව යහා, බුදුන්ගේ ක්ෂාන්ති පාරමිතාවගේ විභාග ය සත්පුරුෂයන් විසින් සාවධාන ව ඇසිය යුතුය.

මේ මහා භද්ර කල්පයට යට පස්වනු වු බුද්ධ මේ මහා භද්රගකල්පයට යට පස්වනු වු බුද්ශුන්යු කල්පයෙහි මාගේ ශ්රි‍ මහා බෝධිසත්වයෝ සසරපාරමිතා භුමියෙහි ඇවිදිනා සේක්. වෙළෙඳ කුලෙහි ඉපැද, ධර්මිෂ්ඨ ව වෙළෙඳාමිකොට ඇවි ද, අඥන ව, සොර වෙළෙඳාම් කොට සෙරිවාණිජ නම් වෙළෙඳ ව අධමියෙන් ජිවත් වෙයි . එ කල බෝසතාණෝ ඔහු හා සමග එක නුවරෙක වෙළෙඳාම් කොට දවසෙක ඇවිදිමින් සිටියාහ.

එ නුවර පෙර අසු කෙළක් ධන ඇති සිටුකුලයක් ක්ර මයෙන් පිරිහී දුඃ ඛත ව මුත්තණියක හා මිණිපිරියක හා දෙදෙනෙක් ව අන්නට බැලමෙහෙ කොට ජිවත්වෙනි. එ ගෙයි පෙර සිටාණන් බත් අනුභවකල ලක්ෂයක් අගනා රන්කලිය දිඝකාලයක් නොමැදිමෙන් පැහැ පෙරළී මැටි තලියක් සේ තිබෙයි . ඔවුන් දෙදෙනාගේ පින්නැත්තේනුත් මැටිවළඳක්සේ වැටහෙයි . එ කල ිදසිදත් ඒ විටියට පැමිණ “ වළලු ගනුව දැරියනි” යි හඬගෑය. කුමාරිකා එ තෙපුල් අසා “ මුත්ත ! මා අත වළලු ලව” යි හැඬුව,එ වේලෙහි ම්ත්තණියෝ “ කම් කළ දුව ! කුමක් කියයි ද, අනුන්ට බැලමෙහෙකෙට ජිවත් වන හෙයින් කිසි * නැති වුව, කෙසේ තී අත වළලු ලම් දැ” යි කිහ.

නැවත කුමාරිකා මිදුල පියවා ය වෙළෙඳහු බලා වළාල්ලෙහි ලොභයෙන් දොහොත් මුදුනෙහි තබා ගෙන මුත්තණියන් වැඳ වැඳ “ තෙලයමිගුල නිෂ්ප්රමයෝජනව දමා පියා තිබෙන මැටි තලිය දිලා වි නමුත් මට වළලු ලවාලන්නැ” යි කිව . මුත්තණියෝ ද දුව නළවා ගත නෙහි වෙළෙඳහු කැඳවා හිඳවා හසුන් දී “පුතණ්ඩ! නුඔගේ මේ නං වළල්ලට අඬයි , මේ මැටි තළිය. ගෙන මස්සෙකවළලු ඇ අතලා පියන්නැ” යි කියා තලිය දුන්හ. එ වෙලෙහි සොර වෙලෙඳ තලියබර හෙයින් “ මේ මැමිවළ‍ඳෙක් නොවෙ” යි දැන තලි ය පිට යකටුවකින් හිරා ඝනරන්තලි බවු දැන මොහු වෙළෙඳ කමක් නො දන්නා බොළඳ කමක් ඇති කෙනෙක. ඝන රන් තලි ය එක මස්සකට දෙත් ල, එක මස්සකුත් නොදීමුන් මුහුණ වැලි ගසා පියා නිකම්ම මා හැරගත

කිසි රචනයක් - ඇතැම්.

මැනැව,මා අත තුබු බඩු විකොට ගතහැකි බඩු ය. ගෙට ගොස් බිඳීගිය වළලු ගෙනවුත් දීලා මස්සකු ත් නො නසා දැන්දක් හැරගෙන යෙමි” යි සිතාලා “මේ තලිය මස්සක් තබා අඩමඳටකුත් නො වටි, එ මට හැයි දැ” යි බිමට දමාපියා කුඩා කෙල්ල හඩ හඩා සිටිය දී නිෂ්කරුණාව ම පලා ගියේය.

ඔහු ගිය පසු මුර්තිමත් වු කරුණාපිඩක් සේ මාගේ බෝධි සත්ත්වනයෝ දෙවිදත්හුගේ සොරවෙළෙඳාම් නමැනි ගිනි ගත් මඟ හල් පැන ඉස ඉස ධර්මිෂ්ඨවු වෙළෙදාමෙන් ඇවිදිනා සේක් එු වීටියට පැමිණ “ කැමනි කෙනෙක් වළලු ගනුව” යි හඬගැදැය. බෝසතුන්ගේ මධර වු තෙපුල් අසා “ මොහු මෘදු වු බස් ඇති කෙතෙක , රුක්ෂ වුඅ කෙනෙක් නො වෙ” යි වචනාණුසාරයෙන් බෝසතුන්ගේ ගුණ දැන ගෙට කැඳවා හිඳනා හසුන් පෙරසේම කියා බෝසතුන් අතට තලිය දි මස්සෙක වළලු ඉල්වුහ. බෝසතාණෝ ද, පරික්ෂා කොට ඝනරන්තලියක් බවු දැන ඔවුන් කෙරෙහි උපන් මහාකරුණා ඇතිව “මෑණියනි ! නුඔ මෙසේ ම බොළඳ හැයි ද, මේ රත්රන් දහසෙකින් කළා වු ලක්ෂයක් අගනා ඝනරන්තලි ය. නුවණැනි වුව හෙයින් එක් කුලයෙක ඇත්තන් එක්ජාතියක් මුළුලුලෙහි ජිවත් ව යාහැකි ධනයෙක. සඟවා තබාගත මැනැවැ” යි කී දැ ය.

එ බසට මැහැලි වහන්සේ “ පළමුව ආ වෙළෙඳාණෝ අඩමදටකුත් නො වටිති ය. එ නුඔ ම ගෙනප නුඔගේබ නැඟණියන් අත වළලු ලා උපන්ගේ හැඬුම් සන්හිඳුවා උන් නළවාදිලුයේ නම් ඒ ලක්ෂ ම ලද්දා හා සමයැ “ යි කියාතලිය බෝසතාණන්ට ම දුන්හ. එ වේලෙහි බෝසතාණෝ “ එසේ හෙයින් නුඔදැගෙන් නිකම් දුන්හ. එ වේලෙහි බෝසතාණෝ “ මැහ ණියෙනි ! මේ තලිය වටිනා මිලයෙක් මාගේ නැත ; එසේ හෙයින් නුඔදැගෙනි් නිකම් දුන්නාහා සමය , මමද මාගේ ශක්තියෙන් පමණින් සංග්ර හ කෙරෙමි” යි කියාලා අත තුබු මසුදහසක් අගනා බඩුපයිය බදවනින්ම පාවාදි ඔැු කුලියට එක රන් අටමස්සක් හා පසුඹිය පමණක් උන් අතින් ම ඉල්වා ගෙන “ ලද ධන ය උපායෙන් රක්ෂා කළා මනා වේදැ” යි සිතා එ තැන නොරඳා වහ වහා පලා ගොස් ඔරු කුලි අටමස්ස දී ඔරුවට පැනනැගි මතු තමන් වහන්සේ සද්ධමි ගඬගාවට බස්නාට දෘෂ්ටා න්ත පෑවා සේ එ ගංමැදට වැද ගිය සේක.

ඉක්බිත්තෙන් දෙවිදත් තමාගේ ගෙට ගොස් සුන් බුන් වළලු අවුළා කල්යවා පියා කැබලි වළලු ගණනක් හැරගෙන දිව දිව අවුත් එ ගෙට වැද “ වැළි තොප දුක්පත් බැවින් මස්සක් වටිනා දෙයකුත් දීගත නොහෙන බැවින් මින් වළලු ගණනක් හැරගෙන අර තලි‍මාල්ල දීපියව. අපගේ ගෙයි කෙ‍ාල්ලෝ කීපදවසක් කාපුවාවෙති” යි මා ය ම් කීය. එ බසට දෙපතුමවු ඕහට නො‍ එක් පරුෂ බැණ “ කොල චණ්ඩාපලයෙකු නොවටිනා සොර වෙළෙඳ ! තා මස්සකු ත් නොවටිනි යි කි තලිය ලක්ෂයක් වටි ල තට සවාමිදරුවකු බඳු වු ධම්මිෂ්ට වෙළෙඳාණ කෙනෙක් ඒ දැක අපට මස් දහසක් දී අප අතින් ම ඉල්වාගෙන ගියහ. උන් අපට දුන් අනැගිවු නො එක් බඩු බලගැ” යි කියා බිණාහ. එ බසට දෙවිදත් යටි ගල බලා ආදි තුබු තැන තලි ය නො දැන උපන් මහා ශොකයෙන් කඹුරුසමක් මැඩපුවා සේ සුසුමක් ලා පියා “එ බඳුවු ලක්ෂයක් ධනයෙන් පැරද ගියෙමි” යි උපන්නාවු ධවශොකයෙන් උමතු ව තෙමේ තමා බවු නො දැන අත තුබුදහසක් අගනා බඩු එම ගේ මැදට දමා හිණ තුබු කඩ ද ද මා උමතු ශුනකයකු සේ අපගත වස්තුයෙන් පළම්දණ්ඩ* අමෝරා ගෙන බෝසතුන් පසුපස්සේ ගංතොටි ය! තුපු දුන් අටමස්සට දද සොළොස් මස්සක් දෙමි. ඔරුව ආපස්සේපදුව” යි කි ය. තොටියා එ බසට ආපස්ස බලා ඔහු නග්නයෙන් පොල්ලක් කර තබාගෙන වියරු හුණු ආකාරයෙන් සිටියා දැකැ බසට සරු නො කොට ඔරුව පැද බෝසතුන් එ තෙර කෙළේ ය.

බෝසතාණන් වහස්සේ ද මොහු කරන ප්රාෙර්ථනාව අසා ඔහු ළය පැළි මළ සේ දැක . ඔහු කෙරෙහි උපන් මහා කුළුණු ඇති ව “ තෝ මා නසයි මම තා නො නසම්ව යි, තාගේ ක්රොතධාග්නි මාගේ මෛත්රමජලයෙන් නිවම්වයි තෝ තාගේ චෙෂයෙන් මා ඇඟ මස් කඩ කඩ කොට කපයි නමුත් එ දවස් මම මාගේ ක්ෂාන්ති පාරමිතා කුළුගනිම්ව යි . තෝ යම් දවසෙක මාගේ

පළදඬ- ඇතැම්.

අඹුදරුවන් ආදිය උදුරා බැඳගෙන ගියේ නමුත් එ දවසදු දානපාරමිතාව තුළුගනිම්ව යි යනාදින් තෝ මට අනර්ථයක් කෙළෙහි නම් මම මාගේ පාරමිතාර්ථ සිඬියෙවන් වැඩක් ම සාධා ගනිම් වයි . දැන් මා තා කෙරෙහි කළාවු මෛත්රි ය යම බුදුබව මට සාධාසිලව යි කියා සම්යාක් ප්රළර්ථනා ම කෙට ගත්සේක. එ දවස් කළාවු චෙෂයෙන් බුදු වු දවස් දක්වා දෙවිසත් බුදුන්ට වෛරි වීය යි දතයුතු.

සසර ඇවිදිනා කල ත් ඔහු බුදුන්ට අවැඩක් ම සිතු නියාවත් . ඔබට අනර්ථයක් නුවු නියාවත් ,මොහු තමාගේ චෙෂයෙන් ම තමා ම නට නියාව ත් . මේ මා මත් කියන ජාතිභෙද කථාවෙන් අසා දැන සත්පුරුෂයන් විසින් අනුන් කෙරෙහි චෙෂයක් නොකෙට සංසාර සාගරසේ ගැළවිය යුතු .

නළපාන ජාතකයෙහි දෙවිදත්... සංස්කරණය

නළපාන ජාතකයෙහි දෙවිදත් අති ක්රොතධයෙන් මිය මහානක මධ්ය යෙක විලෙක උදක රාක්ෂස ව ඉපැදවිල දිය සඳහා බටු බටුවාවු බොහෝ ප්රාිණින් අල්ව අල්වා ගෙන සල්ව සල්වා කා බොහෝ පවුරැසු කෙරෙයි . මාගේ ශ්රීනමහා බෝධිසත්ත්වයෝ ඒ ජාතියෙහි අසු දහසක් වඳුරනුට රජ ව ඉපැද ඒ වෙනෙහි ඇවිදිනා‍ සේක් ඔහුගේ විලට ප‍ැමිනි බල බලා සිටියදි ම හුණුදජු තුඩ තබාලෙන ගොඩ සිට ද සිත් සේ පැන් උකා බි අසුදහසක් නෑයන් හා සමඟ ජලස්නාන ය කොට සිත් සේ කාපිය නුහුණුයෙමි” යි සුසුම්ලලා අන්තර්ධාන වි ය. මෙසේ ඒ ජාතියෙහි දු රුක්ෂසව ඉපැද පවා ඔබ නසා ගතනුහුණුයේ මය. එ දවස් ඔබ කළාවු වික්රමම ය කල්පන්ත ය දක්වා පවතිමින් සිටියේ මය.

තව ද: කුරුඩගමග ජාතකයෙහි සවාමිදරුවන් කුරුඩග නම් මුවරජ කල දෙවින් රෞද්රවවු වැදිකුලෙහි ඉපැද ප්රානණසාත කෙ‍ාට කොට වෙනෙහි ඇවිදිනේ බෝසතුන් දැක “ මේ මාගේ සතුරා කවර දවසෙක් හි මරා ඇඟමස් සිත්සේ පළහ‍ා කාපියමි දෝ හෝ” යි සිතනුසේ බෝසතුන් ඵලාඵල අවුළා කන ගස්වල උඩ මැසි බැඳ එහි සැගවී හිඳ රාත්රීසයෙහි නිද වරා යන එන මඟ උගුලු ලා වෙහෙසෙනුයේ තෙමේ ම වෙහෙසි ව්ඩා වු බව මුත් බෝසතුන් නසාගත නුහුණුයේ මය.

තවද: මහාශිලව ජාතකයෙහි සවාමිදරුවන් මහා ශීලව නම් රජව , දශරාජ ධමියෙන් රාජ්යජ ය කරන කල්හි දෙවිදත් දුෂ්ට වු අමාත්ය් ව ඔබ නිසා ම වසනුයේ . ඔබගේ ම පුරෙහි අසුව තමා නො මරා ඇරපු කල්හි තවත් ඔබට ම විනාශ ය යොදනුයේ. කොසොල් රජහු කරා ගොස් ඔහු උපන්වා ගෙන, රජ පිරිස් ගෙන, පෙරලා අවුත් බෝසතුන්ගේ රාජ්යු ය ගෙන නිරපරාධ වු බෝධිසත්ත්වයන් හා දහසක් ඇමැතියන් කට පමණක් වළ තළවා අමුසොහොන්හි ලවා මහත් වධ කරවා පසුව බෝසතුන්ගේ ගුණ දත් දෙවියන් සවකීය වු රාජ්යත ය ගෙන දුන් කල්හි මේ තෙමේ ම තාමාගේ නුගුණ දත් තමා ම ගෙනා සතුරන් විසින්අතිත් පයින් තළා දමන ලදු විය. සවාමිදරුවෝ ද ඒ ජාතියෙහි මෛත්රි්පාරමිතා කුළුගත් සේක් මය.

තවද: වානරින්ද ජාතකයෙහි මේ මාගේ බෝධිසත්ත්වයන් වහන්සේ වඳුරුව ඉපැද ගඩ්ගාවක් සමිපයෙහි වාසය කොට සතර ධමියෙන් ජයගත් සමයෙහි , මෙම දෙවිදත් එම ගඟ මහ ඔරුවක් සා කිඹුලක්ව ඉපැද බ බෝසතුන් කමි යි උත්සාහ‍කෙ‍ාට ගලතල පිට සඟවී වැදහෙව තමා කටට පැනපු දා පවා කාපිය නුහුණුයේ මය.

තවද: කුම්භිල ජාතකයෙහි දෙවිදක් කිඹුල් වම ඉපැද වඳුරු ව උපන් බෝධිසත්වයන් තමා පිට හිඳුවාගෙන ගංමැදට ගෙන ගොස් පවා එ දවසු දු නසාගත නුහුණුයේ මය.

තවද: තයො ධම් ජාතකයෙහි දෙවිදත් හු අසුදහසක් වඳුරන්ට රජව උපන් .බෝසතාණෝ ඕහට පුත්රද ව උපන් සේ ක. එ කල පවා බෝසතාණන් සනාන පසාරයෙන් මරමියි උත්සාහකොට එ සේ ත් ලනසාගත නො හි දියරකුසුසා ලවා කවා මරවා පියමි යි සිතා රකුසුවිලකට යවා එසේ ත් නසාගන නොහි . පස්ව බෝසතුන්ගේ ඓශ්වය්යි වඩ වඩා ගෙන යත් තෙමේ ම වඳුරන්ට රජ ව සවසථයෙන් වාසය කළ සේක.

තවද: දුම්මෙධ ජාතකයෙහි දෙවිදත් මගධ රට රජ ව ඉපැද බෝධිසත්වයන් සව්ඬ්ග ධවල ව තමහට මඟුලැත් ව උපන් සමයෙහිබ පවා . බෝසසුන් පවතයක් මුදුනෙහි හෙළවා මරමි යි උත්සාහකොට එ කෙනෙහි බෝ සතුන් කම්ජ වු සෘ ඩි ලදින් ආකාශයට නැගීගිය කල්හි තෙමේ හස්තිවාහනයෙන් පිරිහි පරිභවයට න පැමිණියේ ය.


තවද: අසම්පදාන ජාතකයෙහි මාගේ සවාමිදරුවන් ශඩ්ඛ නම් ධනසිටුව දිළිඳුව ආ තමාගේ රට ගොස් පිළිය නම් සිටුව සම්පත් ව්ඳිනේ පසුව බෝසතුන් එම ජාතියෙහි දුඃ ඛිත ව තම‍ා කරා ගිය දා බෝල් වි තිඹක් දි අසත්පුරුෂ ධම්යෙහි කෙළ පැමිණියේ ය.

තව ද: ගොධ ජාතකයෙහි සවාමිදරුවන් ගොධරාජව ඉපැද හීනයන්ගෙන් විශවාසයෙහි ආදීනව දක්වා වදාළ සමයෙහි දෙවිදත් කටුසු බොහොඩ ව ඉපැද පවා ඔබ නසමි යි උත්සාහකොට ගෝවැද්දන්ට බිල ය පැ දුම්සළා දෙවා නො එක් උත්සාහයෙන් ඔබ නසාගත නොහි තෙමේ තමා දිවි නසාගත.

තවද: සිගාල ජාතයෙහි මේ මා ගේ බෝධිසත්වයන් වහන්සේ සිගාලරජන්ව ඉපැද සුසාන භුමියෙහි පකාරණාකාරණා දන්නා නුවණින් වාසය කරනසේක. දෙවිදත් සුරාධුර්තව ඉපැද පෝසතුන් දැක බ දැහැව මායමකින් මරමියි සිතා පොල්ලක් අනික් ගෙන සොහොන්මැද ඇසපෙරළා . දත නියාගෙන , මළ මිනියක් සේ වැදහොත්තේ ය. මා‍ෙග් බෝධිසත්වයෝ සොහොන්වල කඩ රෙදි බලා ඇවිදිනා තපස්වි රාජයකු සේ ගොදුරු බලා ඇවිදිනාසේක් මළ මිනියෙකැ යි මොහු කරා පැමිණ අත තුබු බොලුල දැක “ මළ මිනි අත බොලු තිබෙන්නේ කාරණයෙක් නො වෙයි , අපට මුන්ගේ මස් ප නොකැමැත්තේ ය” යි ආපස්සේ නික්මුණු සේක; දෙවිදත් පොල්ල දමාලා ගසා ත් වරදවා තෙමේ ම පැරද ගියේ ය.

තවද: චුලුලපදුම ජ‍ාතකයෙහි සවාමිදරුවන් පදුම නම් රජ ව රජ ය හැර ගොස් තපස් කරන කල , අත් පා කන් නාස කපා තමා දියට දමාපී කල්හි දියෙන් ගොඩ නඟ වණ සුව කොට බෝසකුන්ගේ එු සා සංගුහයක් ලදින් පසුව සුන්රීව ය උගන්වා ගෙන බෝසතුන් සෙලින් හෙලවා දුර්ජනකම් තළා වු කන් නාසා කොට නමු දු මෙම දේවදත්තයා මයව.

තවද: කාෂාව ජාතකයෙහි සවාමිදරුවන් අසුසහහසක් ඇතුන් හා සමඟ පසේ බුදුන්ට උපස්ථානකොට පාරමිතා භුමියෙහි ඇවිදිනා කල දෙවිදත් හස්තිමාරක වැදිකලෙහි ඉපැද පසේ බුදුන්ගේ වෙස් ගෙක . කඩුවක්ගෙන කෂාපිළිය යට සඟවා හස්ති මාගවල සැඟවි සොර .පසවෙන් හිඳ පවා දිවි පමණින් උත්සාහ කරනුයේ බෝසතුන් නසාගත නුහුණුයෝ හය.

තවද: රොමක ජාතකයෙහි සවාමි දරුවන් පරාපත යෝනියෙහි උපන් කල දෙවිදත් තකුට ජට ජටිලයෙක්ව “ මේ පරවියා අල්වාගෙන මරාපියා මස් කා පියමි” යි නො එක් සොරවියා කොට හසු කොට නුහුණුයේ මය.

තවද: ජවසකුණ ජාතකයෙහි සවාමිදරුවෝ කෑරල ව උපන් සේක. දෙවිදත් එමවෙනෙහි සිංහව ඉපැද නොඑක් සතුන්මරා මස් කනුයේ මස් ඇටක් උගුරෙහි සරස්ව මහත්වු වේදනාවෙන්මරණප්රා ප්ත ව කට දල්වා ගෙන ආන ආනා හොත්තේය. ඇතිව “යහළු මේ කිමෙක් දැ” යි විචාරා මස් ඇට ගෙලෙහි ගත් පවත් දැන මොහුගේ ආකාරයෙන් අසත් පුරුෂයෙකු බව ත් දැන ඇති ව “ යහළු! මේ කිමෙක්දැ” යි විචාරා මස් ඇට ගලෙහි ගත් පවත් දැන මොහුගේ ආකාරයෙන් අසත් පුරුෂයෙකු බව ත් දැන දඬුකඬක් තුඩින්ගෙෙන ඔහු දෙතෙලෙහි අවුළුවාලා යමම වැද ඇට ගසා හළ දැය. දෙවිදත් ඇට ගැළවුණු බවු දැන “මා බඩ දළ ත් දැඩි ය. සත් දවසක් ගෙදුරු නොලත් හෙයින් සතකු දිව අල්වා ගන්ට බලත් නැත , එතෙකින් මොහුගේ මට කම් නැත කටට වන්නාහු නො හරිමියි, කට පියා ගනිමි” යිදෙහන් ගසාලිය. එ කෙරෙහි දඬුකඩ යමි තල්ල හා උඩුතල්ලෙහි හැනී කිලයක් සේ සිට ඉන්දු වේදනා විය. බෝධිසත්ත්වයෝ මොහුගේ මේ කාරණ ය දැක යන ගමනෙහි ම පයින් දඩුකඩ ගසා හැර පිටතට පලා ගොස් “ යහළු! මා නිසා එ තෙක්න් දිවි ලදව මට කුමන සංග්ර හයක් කරවුද” යි විචාළ දෑ ය. දෙවිදත් “මා වැනි සිංහයක්හු කටට වැද තා දිවිලද්දේ ම එක් - උපකර යෙක් නො වේ දැ යි” යි අසත්පුරුෂ බස් කී ය.

තවද: සාලික ජාතකයෙහි.... සංස්කරණය

තවද: සාලික ජාතකයෙහි මාගේ බෝධිසත්වයන් සත් හැවිරිදි කුමාර ගසක්මුල වැලි කෙ‍ලිනා සමයෙහි දෙවිදත් වෙද කුලයෙහි ඉදපැ මඟ යනුයේ බෝසතුන් දැක උපන් මහා ක්රොෙධයෙන් ඔබ නොබ බලනුයේ ගසඋඩ බිලයෙක්හි කරපොවා හොත් නයෙකු දැක “ නයි ලවා මොහු කවා මරවා පියමි” යි සිතා “ පැටව! තෙල බිගයේ කර පොවාලා හේනා සළලිහිණි පැටියන් අල්ලාගෙන නො දැන ලිහිණියෙකැයි යන සිතින් ගස උඩට නැඟි නයිගේ ග්රීෙවය අතින් අල්වා ගෙන සුස්මාපු මඬින් නයා බවු දැන “ අත හළ හොත් මා අත ම කඩ ා කයි” සිතාලා නයිබොටුව ම දරණ ලා ඒ ඒ තන්හි කර වටකොට කඩා කා එ තැන්හි ම මරා හෙළිය. මෙසේ බෝසතුන් නසමියි ඒ ජාතියෙහි දු තෙමෙි ම නට.

තවද: සවර්ණ කර්තටත ජාතකයෙහි සවාමිදරුවන් බ්රාිහ්මණ මහාසාරව කෙ‍ත්වත් කවා එ දාත් මරාලත නුහුණුයේ ම ය. තෙමේ කකුළු නළින් බොටුව සිඳුනා ලදුව නයි හා සමඟ ම දිවි නසාගත.

තවද: පරන්තප ජාතකයෙහි දෙවිදත් පරන්තප නම් රජ ව පර පිහිඩාවෙන් අධර්මයෙන් රජ කරනුයේ බෝසතුන් යවා මරවමි” යි උපන් කල්හි “ තමහට ආ සතුරන් කරා බෝසතුන් යවා මරවමි” යි අත්සාහ කොට යවා ත් බෝසතාණන් නසා ගත නුහුණුයේ මය. පසු ව තෙමේ ඒ සතුරන් අත නස්නා ලදුව ජිවිතයෙනද රාජ්ය යෙනද විනාශයට පැමිණියේ මය.

තවද: මහාපදුම ජාතකයෙහි දෙවිදත් බරණැස් රජව ඉපැද අවිචාරමත්ව රාජ්ය:ය කරනුයේ මහාපදුම නම් කුමාර ව බෝසතුන් තමහට ම පුත්රන උපන් මහා ක්රොකධයෙන් පුත්රනප්රෙපමයක් නො සිතා බෝසතුන් දෙකකුල් ගෙන ශතපුරුෂ ප්ර්පාතයෙන් අධඃශිරිෂකොට දමාපි ය. එ වෙලෙහි මාගේ සවාමිදරුවෝ දුර්ජන වු එ ස්ත්රිකය කෙරෙහි ද සියලු සතුන් කෙරෙහිද සම මෙත් කළ සේත. එ කෙරෙහි ද, සියලු සතුන් කෙරෙහිද සම මෙත් කළ සේක. එ කෙරෙහි ඒ පවතයෙහි අරත් ගත් දේවතාවා උඩට දැමු පුතකු අත හෙළවාගෙන උරපිට වනුරුවා දිවපහ සිත් නිදිගන්වා එම පවතයෙහි වසන දිව්ය නාගරාජයාගේ එණ ගර්භයට වඩාලීය. නාරජ බෝසත්න් දැක උපන් මහාප්රේණමයෙන් තමන්ගේ දිව්යනසමිපත්තින් අර්ධයක් දී රක්ෂා කෙළේය. සැරියුක් මහනෙරුන් වහන්සේ වැනියන් එම පවතයෙහි දිව්යේරාජන් ව උපන් කල මාගේ සවාමිදරුවන් දෙවිදත්හු වැනියෝ කෙසේ නම් ගසා ගනිද්ද?

තව ද: අමබ ජාතකයෙහි සවාමිදරුවන් චණ්ඩාලග වැ ඉපැද බ්රා හ්මණ කුලයෙහි උපන් දෙවිදත්හට ආචරි වු සමයෙහි . තෙමේ ජාතිමානයෙන් බෝසතුන් වළහා අනික්කහු නම කියා ගුරුද්රොයහි කොට දිව්යඅමු ඵග ගන්නාවු එබඳු අනරුඝ වු දිවය ගමන්ත්රොයෙකින් පිරිහී එම ශොකයෙන් ජිවිතයෙනුදු පිරුහී එම ශොකයෙන් ජිවිතයෙනුදු පිරිහි ගිය.

තව ද: රූරුමිග ජාතකයෙහි සව‍ාමිදරුවන් රන්වන් මුව රජ තල දෙවිදත් දියෙහි මියන්නේ බෝසතුන් නිසා දිවිලදින් ඔබ කි මගම ජනපද ගොස් ඔබ වසන තැන් බරණැසු රජුට කියා , එු සා රජ පිරිසක් ගෙන බෝසතුන් කරා අවුත් එු සා භයත් උ පදවා බෝසතුන්ගේ විකුම දැක්වු බව මුත් තවන්ගේ ම නුගුණ දැක්වු බව මුත් ඹබට අවැඩක් කොටග. නුහුණුයේ මය

තවද: සොමස්ස ජාතකයෙහි මාගේ සවාමිරුවන් බරණැස් රජහට පුත්රන සොමනස්ස නම් රාජකුමාර වඋපන් කල්හි දෙවිදත් තකුට ජටිල, රජ්ජුරුවන් හා “ තොප පුතුමරව” යි නො එක් දුමන්ත්රලණ කොට බෝසතුන් ගුණ දත් අමාත්යනයන් විසින් මරා දිවි නසන ලදුයේ වි ය.

තව ච: චම්පෙය්ය ජාතයෙහි සවාමිදරුවන් චම්පෙය්යද නම් නාගරාජන් ව එක විෂධුමයෙකින් මුළුලොව දවාපියන ආනුභ‍ාව ඇති ව පවා තපස් කරන සමයෙහි දෙවි දත් අභිතුණ්ඩික ව ඉපැද ඔබ දකෙ ැල්ලා ගෙන දියබරණකු සේ කෙළවා නො එක් නිග්ර හ කරනුයේ ඔබගේ පාරමිතාවට අන්තරා ය කොට ගත නුහුනුයේ මය.

තවද: ජනද්දන්ත ජාතකයෙහි දෙවිදත් සොනුත්තර නම් වැදිව ඒ සා උත්සාහසෙකින් හිමාලවනයට ගොස් බෝසතුන් විද මැරුය. බෝසතාණන් වහන්සේ එවෙලෙහි පවා ඔහු කෙරෙහි සිත නො තලඹා ම මුල්කොට දානපරමාරිත පාරමිතාව සිද්ධ කොට ගෙන බුදුබව පත පතා දළ දෙත කපා දන් දුන් සේක.

තවද: මහා කපි ජාතකයෙහි සවාමිදරුවන් අසුදහසක් වඳුරන්ට රජව . මි අඹගස හසුව බරණැස් රජුගේ දුනුවායන් සිසාරා සිටියදි සියලු නැයන් හින වැලක් බැඳ ගලවා ඥත්ය ටි චය්යාදයෙහි මුදුන් පැමිණි දා දෙවිදත් එ වක බෝසතුන්ට සේකව වසනුයේ එදා ඒ අවකාශය ඇක බෝසතුන්ට පිටට පැන දෙපයින් පිට මැඩ වසට කඩා ජිවිත හරනයකොට ඔබ බලයෙන් ම ගැළවි පලා ගිය . බෝසතාණන් වහන්සේ ද ඔහු දෙපයින් වසට තළන වේලෙහි ද වෙෂයක් නොසිතා තමන් වහන්සේගේ පාරමිතා නමැති ප්රාොසාදයෙහි තකුටසන්ධිල්ර්ෝසතහණයට පහරන අතකුළු පහරක් කොට සිතා බුදුබව ම ප්රාසර්ථනා කළ සේක.

තවද: භුරිදත්ත ජාතකයෙහි මේ මාගේ සවාමිදරුවන් භුරිදත්ත නම් නාරජ කල්හි දෙව්දත් වැදිපුත්ර ව ඉපැද බෝසතුන් දැක උපන් මහාක්රොාධ ඇති ව, බෝසතුන් අල්ලා ගෙන ඉස සිසාරා බිම අපුළා විළුඹෙන් තුන් වාරයක් මැඩ කට ලේ වගුරා දළ කඩා හැර නො එක් පීඩා කෙරෙයි. මාගේ සවාම්දරුවෝ “අද මම ක්රොධයත් කෙළෙමි නම් මාගේ එක දත්හස්සෙකින් ගියා වු එක විෂ බින්දුවකින් මොහු තබ‍ා මුළුලොවත් දවාපියමියිමොහුගේ ක්රෝධයට මම ත් ක්රෙ‍ධ කෙළෙම් නම් අනික් මිටින් ගසන පුතක්හු කෙරෙහි පහරින් පහරට සන‍ා වඩන පියාර්ණ කෙනෙකුන් සේ මොහු කෙරෙහි මෛත්රීස ම කළ සේක. අමෛත්රීේ නො කළ සේක.

තවද: මණිවෙර ජාතකයෙහි දෙවිදත් අධර්මිෂ්ඨ වු රජ ව. නිරපරාද වු බොධිසත්වයන් මැණික් මායමකින් සාපරාධ කොට බෝසතුන් ඉස කප්වමි යි සරා තමා ඉසකප්වාගෙන බෝසතුන්ට රාජ්යසයදි තෙමේ ගොස් මහා නිරාවළ හණ.

තවද: ධමධ්වජ ජාතකයෙහි බෝසතුන් ධර්මධ්වජ නම් පණ්ඩිත ව ධර්මධ්වජය නඟ ලොකාට් කළ සමයෙහි ද, දෙවිදත් කාළ නම් සෙනාධිපතිව බෝසතුන්ට නො එක් මරණ ප්ර යොග කොට ඔබ මරාගත නුහුණුයේ පසුව බෝහෝ දෙන තමාම අල්වා ගෙන මරා දමාපිහ.

තවද: උපාහාන ජාතකයෙහි සවාමිදරුවන් හස්තාචාය්ය කල දෙවිදත් ඔබ අතින් ශිල්ල ඉගෙන ඔබ හා ම ශි ල්පයට වාද කොට ගුරුද්රොහ ව පැරද එ කෙණෙහි ද බොහෝ දෙනා විසින් අතින් පයින් තැලුම් ලදින් මිය අපාය ගත වීය‍.

තවද: ගුත්තිල ජාතකයෙහි මාගේ සවාමිදරුවන් ගුත්තිල නම් ගන්ධව කල ද මෙම දෙවිදත් මුෂිල නම් ගන්ධව , ගුරුන් හා වාද කොට තෙමේ ම පැරද රජපිරිස අතින් පයින් තැළුම් ලදින් මිය ගොස් අපාය ගත විය.

තව ච: තින්තර ජාතකයෙහි ාගේ සවාමිදරුවන් වටු ව ඉපැද පවා වෙදත්රචය නිමවා දැන දිසාපාමොක් ආචරිධුරයෙහි සිට පන්සියයක් දෙනාට ශිල්ප දුන් සමයෙහි දෙවිදත් කුට ජටිල නම් සොර තාපස ව ඇවිදිනේ බෝසතුන් දැක. එ දවස් රන්තලියෙහි කළා වු වෙෂය මෙ දවස් නුසුන් හෙයින් අවකාශයක් ලදින් බෝසතුන් මරා සිත් සේ ඇඟමස් කා එ කෙණෙහි ම, දතු ඔබට ම අගසවු වන ව්ය ඝ්ර රාජයා විසින් මරණ ලදුව එකෙණෙහි ම අපය ගත වීය.

තවද: ඛණ්ඩහාල ජාතකයෙහි.. සංස්කරණය

තවද: ඛණ්ඩහාල ජාතකයෙහි සවාමිදරුවන් චන්ද්ර් නම් රාජකුමාර කල දෙ විදත් තෙමේ ඛණ්ඩහාල නම් පුරොහිත ව බෝසතුන් මරා යාග කරවමි යි එ දවසුද නො එක් උත්සාහ කොට ඔබ නැසිය නුහුණුයේ තෙමේ ම මහජනයා විසින් නට.

තවද: මහා උමංදායෙහි සවාමිදරුවන් මහෞෂධ නම් මහ පඩි ව ලොව බුද්ධොත් පාද තාලයක් සේ කොට නුවණ නමැනි මහා ලියයෙහි මල් රොන් සළා දෙවු සමයෙහි මෙම දෙවිදත් කෙවට්ට නම් ලුරොහිත බමුණු ඔබ අටළොස් අක්ෂෞහිණි මහ සෙනගක් ගෙන අවුත් ඔභ වැඩහුන් න්වර සිසාරා හිද ස‍ාරමසක් මුළුල්ලෙහි නො එක් යුද්ධ කරවා නසා ගත නො හී ධමයුද්ධයෙන් ජය ගනිමි යි ඔබ කරා අවුත් තෙමේ හි ම පැරද කළලත් ලේ ගෙන ගෙ‍ාස් පසු ව විවාහ මන්ත්රහණයෙන් ඔබ මරවමි යි සිතා අවුත් තෙමේ ම පැරද පතපිට පහර කා දිවිලෙනකට වත් මුවපොල්ලකු සේ භියින් වෙවුලා ම. ගොස් නැවත තමාගේ නුවරට බෝසතුන් උපායෙන් ගෙන්වාගෙන මරවමියි උත්සාහකොට නුවරට වැජිදා ම ලතමන්ගේ පාය බිඳිනා වේලෙහි තෙමේ ම හුණපත්තෙන් පහරකෑය. ලක්ෂයක් අගනා රන්තලියට ඔබට වෛරකරන්නා තබා ඔබටම තමා අතින් ලක්ෂයක් අත්ලස් දි ලා තමන්ගේ ගෙය පමණක් ගළවා ගෙන මෙසේ ඒ ජාතියෙහි ත් බොහෝදෙනා අනිත් අපහාස ම ලද.

තව ද: මහාපිඩාගල ජාතකයෙහි මෙම දෙවිදත් මහපිඩ්ගලනම් රජ ව ජම්බුද්විපයෙහි දොර දොර හුණු සෙණක් සේ බෝහෝ දෙනාට නිග්ර්හ කොට . අධමයෙන් රාජ්ය්ලනම කෙරෙයි. සොලෙ‍ාස් දහසත් බිසෝවරු මොහු ඇස හුණු කසළක් සේ නුරුස්සති . රජ යුවරජ මහ ඇමතියෝ මුයෙහි නිබු බනින් සැපීගිය අකුරක් සේ ඔහු නො කැමති යහ. රාජ්යා වසි තමන් තමන් පය ඇනුණු කටුවක් කොට සිතති. එ කල මාගේ බෝධිසක්වයෝ ගිනිවළෙකින් මහ පියුමක් නැංගා සේ මෝහට පුත්රධ ව ඉපැද බොහෝ දෙනා ඇසට සසාඤ්ජනයක් බ සේ ප්රිරය වු සේ ක්. මේ තෙමේ බෝසතුන්ගේ ඓශ්වය්යීක වඩ වඩා ගෙන යත් යත් උපන ශොකයෙන් කෙමේ ම මි ය ගොස් නරකයෙහි වැටිගියේ ය. එ කල රාජ්යෙවාසි මොහු දවා අළු හස්කොට බෝසතුන් ඔටුනු පළඳවා සිංහාසන මතුයෙහි හිඳුවා මොහු මළ සතුටින් උත්සව මඟුල් කෙරෙති . මොහුගේ වාරපාලයා මිනි මළ තැනක් සේ මහ හඩින් හඬයි ,බෝහෝ දෙන මොහු එකලාවටම සිට හඬන්නාහු දැක “ කොල ! මේ කුමන සිස්මයෙක් ද, පිඩගල රජු මළ අවස් පටන් ගෙන හැම දෙන සන්තොෂයෙන් කති , බොති , නටති , ගී කියති , දොම්නසක් ඇති කෙනෙක් නැත , රජ තට දීපු සම්පත් බොහෝම” දැ යි විචාළහ.

ටාරපාලයා කියනුයේ පිඬගල රජුට ශොකයක් නොවේයි මා හඬන්නේ , පිඬගල රජ මේ ප රජගෙට තමා වදනා යම් ම විටෙක ද පිටත් වන යම් ම විටෙක ද මා හිස්මුදුනෙහි ටොකු අටක් අටක් බැගින් ඇන මහත් වු වේදනා කෙරෙයි, ඔහු මළ දවස් පටන් ගෙන දැන් මා හිස සැතපි ගොස් නරකයෙහි වැටි යෙයි : තමා ගුණ නපුරු හෙයින් මට සේ ම යමය නුදු ඔළුවෙහි ටොකු අනිති, යමප ල්ලු ඔහු අතින් ටොකු කැ විඩාව පියා ‘ අපගේ නරකයට මොහු නො කැමත්තේ ‘ යි නැවත ගෙනවුත් මෙම රජගෙහි ලා පියා යෙද්දෝ හෝ දෙවනු වන ඔහුගේ දැක්මෙක් මට සම්ප්රා ප්ත වේ දෝ හෝ යි මා කෙරෙහි ම කළ ශොකයෙන් හඩමි” යි කී ය. එ කෙණෙහි මහරජ පිරිස ඔල්වරසන් දී මහ කෙළ කෙළියහ. මෙසේ දෙවිදත් ඔබ කෙරෙහි වෙෂ කොට තෙමේ මි ය ලවා බොහෝදෙනා අතින් කරුණා නො ලදුයේ මය.

තවද: මහා වෙස්සන්තර ජාතකයෙහි දෙවිදත් ජුජක නම් බුමුණු ව ඒ සා මහත් පුත්ර දානයෙහි දි ත් නො එක් වාක්ලරුෂ කියා ත් ඔබ දැක්ක දි දරුවන් මරාත් ඔබසිත කලඹා ගත නුහුණුයේ ම ය. පසුව තෙමේ ම ජිවිතයෙනු පිරිහි ණ , අමිත්ත තාපනා නම් අඹුවගෙනුදු පිරිහිණ, ඒ සා මහත් ධන සමුහයෙනුදු පිරිහිණ . සවාමිදරුවෝ වු කලි තමන් වහන්සේ ගේ නො එක් ජාති නමැති නවරුවන් වැලයෙහි රුවන් මොර ඇටෙකින් ඝෂීණ කොට ලුවා සේ . පාරමිතාවන් නිමවා වැසි වස්වා මහත් වු දාව කොලාහල කොට එයින් වැඩ තුසී පුරයෙහි උපන් සේක් මය.

තවද සසර දෙවිදත්හු මහපොළොව ගිලු ජාති අට නම් කවර යත්? ශීගවනාග ජාතකයහි සවාමිදරු‍වන් ශීගව නම් ඇත් රජ ව වෙනෙහි එකල ා ව තාපස් කළ සමයෙහි දෙවිදත් දිළිඳු කාලයෙහි ඉපැද කිසි කටයුත්තක් වල්වැද වල්මත් ව. දිශාබ මුඪ ව, සත්දවසක් නිරාහාරව මරණ ප්රාිප්ත වුදා ඔබගේ ම කරුණාවෙන් ඒ වනයෙන් ගැළවී පසුව ඔබ කරා ම තුන් වාරයක් ගොස් දළ දන් ඉල්වා තුන්වාරයෙහි පොලු පොලු බැගින් දළ තපා තමහට දන් දුන් කලහි අන්තවාරයෙහි මොහුගේ දුර්ජන භාරය ධරාගත නො හී මහපොළොව පැළී සල්ව සල්වා ගැල මහ නිරාවළ හිණ.

තව ද: ධම්පාල ජාතකයෙහි දෙවිදත් මහප්ර තාප නම් රජ ව තමහට මදා ව උපන් මාගේ බෝධිසත්ත්වයන් ධමිපාල නම් සත් මැසි කුමාර කල බෝසතුන්ට මෑණියන් වහන්සේ තමා . දැක්ක දී උස උන් හ යි කිපි බෝසතුන්ට අසිමාල නම් වධයක් යොදා අහසට දමා කඩු පහරින් සියලඟ කප කපා තු තු කොට ඒ සා රාජාඬ්ගණයෙහි මස් බිඳුයෙන් , ලේ බිඳුයෙන්, වදමල් කපා ඉස්නා සේ විසරුවා පී ය.

මාගේ සවාමිසරුවෝ වසි කරවන දෙවිදත්හු කෙරෙහි ද , ඔහුගේ නියෝගයෙන් කඩුයෙන් සියලඟ පොලුගන්නා වධකයා කොරහි ද. පියුම් පෙති සේ රාජාඬගණයෙහි විසිර ගිය අතුල් පතුල් කන් නාසා අවුළා අවුළා සමහරක් හිණ ලාගෙන, සමහරක් තමන් ළෙහි තබා තබා ගෙන . දරුශොකයෙන් හඩා පෙරළෙන ඒ මෑණියන් ප වහන්සේ කෙරෙහි ද. මෙසේ වු වධ විඳිනා තමන් වහන්සේ කෙරෙහි ද. සම වු මෛත්රි. කොට තමන්වහන්සේගේ ක්ෂාන්ති පාරමිතා නැමති මහ ගැල් කෙත්හි අද මාගේ වප් මඟුල් දිනයෙකැ යි සිතා වදාළ සේක. එ කෙරෙහි ද මහලොළො පැළි ඔහු සල්ව සල්වා ගැල මහ නිරාවළා හෙළී ය.

තවස: ක්ෂන්තිවාද ජාතකයෙහි මේ මාගේ සවාමිදරුවන් ක්ෂාන්තිවාද නම් තාපස කල දෙවිදත් කලාබු නම් රජ ව ඔබ ක්ෂාන්තිවාදිමි’ කී බසට කිපී “අද කාගේ ක්ෂාන්තිය බලමි” යි දැත් දෙපාකන් නාසා කප්වා කටු සැටියෙන් මරවා නො එක් වධ කොට “ ක්ෂිාන්ති වාදිමි” යි කියන බස හරවාගත නොහි , තව ද ක්රොපධය රඳවාගත නො හී දිව ගොස් ලෙහි තමන්ගේ විළුඹෙන් පහරක් ඇන්නේය. එවෙලෙහි ද මාගේ සවාමිදරුවෝ ඔහු කෙරෙහි වෙෂයක් නො සිතා “ මොහු‍ෙග් මේ විළුම් පහර නම් මට ඒ වධයෙක් නො වෙයි , ක්ෂාන්ති පාරමිතා නමැකි මහමාලිගාවෙහි කුටසන්ධිග්රොහණයෙන් සථ‍ාවරත්ත්වන පිණිස ගැසු අත කුළු පහරක් වැන්නැ” යි ක්ෂාන්ති පාරමිතාව ම තර කළ සේක. එ කොණහි දු දෙවිදත් මහ පොළොව පැළී සල්ව සල්වා ගැල ගොස් නරක ගින්නට බත් වීය.

තවද: චේතිය ජාතකයෙහි සවාමිදරුවන් කපිළ නමි මහා සෘෂි කල දෙවිදත් තෙමෙ චෙතිය නම් රජව බෝසතුන් මලණු වන් කොට “ කෝර කළඹයන් වැඩිමහලු කෙරෙමි යි.බෝදතුන් බාල කෙරෙමි” යි ලොවට පළමු වන බොරු උපදවා එ කෙණෙහි ද ආකාශයෙන් බිමට වැටි මහපොළොව පැළී සල්ව සල්වා ගැල ගෙ‍ාස් මහ නිරාවළ හිණ.


තවද: චුළනන්දිය ජාතකයෙහි සවාමිදරුවන් වානර යෝනියෙහි ඉපැද මහා නන්දිය නම් වඳුරු රජ ව චුළනන්දිය නම් මලණුවන් හා සමග අන්ධ වු මෑණියන්ට මෙහෙ කොට මාතුපඨාන ධර්මය පුරණය කළ සමයෙහි දෙවිදත් වැදි ව වෙනෙහි ප්රාමණඝාත කොට ඇවිදිනේ දවසෙන බෝසතුන්ගේ අන්ධ වු මෑණියන් දැන විදිමි යි හි සැරයක් උරපුරා හයාගත. එකෙණෙහි බෝසතාණෝ “ මා මැණියන් හැර පියව, මා ඇගමස් ගනුව” යි කිය කියා මෑණියන් වහන්සේ පසුකොට ලා සිට ගත් දෑය. හෙතෙම දයාවක් නැති ව එම සැරයෙන් බෝසකුන් ව්ද හෙලා අනික් සැරයක් හයා ගත. වුළානන්දිය නම් මළණුවෝද එසේ ම යාච්ඤ කොට “ අප දෙදෙනාගේ මස් ගෙන අප මැණියන් හැරපියව” යි කියා හී පසට පැමිණියහ්. උනුදු වුද හෙළා අනික් සැරයෙකින් අන්ධ වු වැඳරි මැහැල්ල ද විද මෙසේ තුන්දෙනාම ජීවිත හරනය කොට එ දවසු දු මහ පොළොව පැළී ගොස් සල්ව සල්වා ගැල මහ නිරාවළ හිණ.

තවද; ධමි ජාතකයෙහි මාගේ සවාමිදරුවන් ධමි නම් දිව්ය රාජන් ව ඉපැද මුළුලොව ධමියෙහි පිහිටුවා ලොකාටිචය්යාදාව පුරණය කළ සමයෙහි ‍ෙදවිදත් කෙසේ දෙ‍ා් අත වැරදලිය කුශල ධමියෙකින් අධම් නම් දිව්යස රාජන් ව ඉපැද ලොවැසියන් අධමි සමාදානයෙහි පිහිටුවා අවැඩින් යෙදි ඇවිදිනෙි දවසෙක බෝසතාණන් හා “ අධමිය වැඩිය ධමිය අඩුය” යි තෙමේ අධමි වාද කොට බෝසකුන්ගේ ධමි වාදයට පැරද එ කෙණෙහි දු ආකාශයෙන් බිමහී මහ පොළොව පැළී ගොස් මහ නිර්වළහිණ.

තව ද: පණ්ඩර ජාතකයෙහි සවාමිදරුවන් ගරුඩරාජන් ව උපන් සමයෙහි ැදවිදත් අචේල නම් තාපසව ගරුඬයන් දුටු කල නයින්ට අනටී උපන්වා , වයින් දුටු කල ගරුඬයන්ට අනටී උගන්වා , මෙසේ දෙපක්ෂයට මිත්රට සවරුපයෙන් අමිත්ර කම් කොට මෙසේ මිත්රනද්රේහ බලයෙන් ඒ ඩාතකයෙහි දු සත්කඩක් වහිසපැළී අධඃ ශීෂීව මහපොළොව පැළීගොස් මහනිරාවළ හිණ.

තව ද: මහාකපි ජාතකයෙහි.. සංස්කරණය

තව ද: මහාකපි ජාතකයෙහි මෙම මාගේ බෝධිසත්ත්වයන් වහන්සේ වානහරෙන්ද්රක ව ඉපැද මහ වන මැදෙක වාසය කරන කල දෙවිදත් කාෂි බ්රාජහ්මණට ඉපැද ම කිසියම් ප්ර යෝජනයෙකින් මහ වනෙහි ඇවිදිනේ සැටරියන් නරාවළෙක වැටි සත් දවසත් නිරාහාරයෙන් දුග් ගනිති . එ කල බොධිසත්ත්වයෝ මොහු ගොඩ නගාගෙන විඩා සන්හිදුවන පිණිස ඔහුම ඇකයේ සැක නැති ව ඉස තබා මඳක් සැතපි ගත්දැය. එ කෙණෙහි දෙවිදත් එතෙකින් මොහුගෙන් මට කම් නැත . මොහු මරා ඇඟමස් කා කා යබල උපදවාගෙන වලින් හෙලිබැස පියමි” යි සිතාලා පහණක් අතින් ගෙන පැහැර බෝසතුන් හිස්මුදුන පළාපිය.එකෙණෙහි බෝධිසත්වයෝ පිබිද මොහුගේ ආකාරය දැක ඇසිල්ලෙකින් ගස උඩට පැනනැගි ඔහු කෙරේ ආඝාතයක් ම නො කොට “ මොහුගේ දුර්ජනකම් නිසා මෝහට එ තෙකින් සහායක් නොවිම නම් හෙලි බැස ගත නෙ‍ාහි මේ වෙනෙහි ම මියෙයි . එ කල මාගේ කරුණා පාරමිතා කෙසේ මුදුන් පත් කොට ගනිම් දැ” යි සිතා වදාරා ඇස වසා වැවීගිය මස් වැදැල්ල එත් අතෙකින් ඔහවා ගෙන අත අත්තට පැන පැන ගොස් ඕහට මඟ පෑ මනුෂ්යහථයෙහි ලු සේන . දෙවිදත් මනුෂ්යඕපථයට ගොස් මිත්රයද්රො හ කළාවු පව්න් සවාඬ්ගයෙහි කුෂ්ට කිලාස ඇති ව. මනුෂ්ය්ප්රෙොත ව සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගෙයක් නැති ව, දෙ‍ාරක් නැතිව ඇවිද පසුව බරණැස් රජ්ජුරුවන්ගේ උයනෙහි රජපිරිස බලබලා සිටිය දී මහ පෙළොව පැළි සල්ව සල්වා ගැල ගොස් මහ නිරාවළ ම හිණ.

මෙසේ මේ දෙවිදත් බුදුන්ට එක වාරයෙහි කළාවු වෙෂය නිසා “ සසර නො එක් වාරයෙහි ඔබ නසමි” යි උත්සාහ කොට නො එක් වාරයෙහි තමේ ම ව්නාශයට පැමිණී ය. සසරදී ම අටවාරයෙක්හි ඹහු මෙසේ මහපොළෝ ගිලී ය. බුදුන් බුදු වු ජාතියෙහි හා නව වාරයෙක ඔහු මහ පොලොව ගිලි ය. වෙෂය නම් තෙමේ සත්පුරුෂ වු ජනයෙනි! එම කඳින් හුණු ගින්නෙන් එම කඳ දවන්නා සේ සත්ත්වයාගේ වෙෂාග්නිය . ඔහු ම නසන්නේම ය. අනුන් නැසිය නෙ‍ාහෙන්නෙමය, සත්පුරුෂයන්විසින් කිපුණු මෛත්රි න් ජය ගන්නේ ය, අසත්පුරුෂයා සත්පුරුෂ ධම්යෙන් ජයගත යුතුය. දිළිඳුහු දානයෙන් ජයගත යුතුය. බොරු කියන්නා හු සබා කිමෙන් ජය ගත යුතු මැ යි.වදාළේ මැනෝ:

අක්කෙධෙන ජිනෙ කොධං - අසාධුං සාධුනා ජිනෙ.

ජිනෙ කදරියං දානෙන - සච්චෙන අලිකවාදිනං

තව ද: ඔහු බුදුන් සමයෙහි ලොළොව ගිලු ලරිදි කවර යත්? මෙසේ සංසාර සාගරයෙහි දු නො එක් ජාතිශතසහස්රොයෙහි බුදුන්ට වෛරීව ඇවිදුනාවු දෙවිදත් මේ බුද්ධොත්පාද කාලයෙහි කෝළිය නුවර සුපුබුද්ධ රජහු නිසා සුදෙවෙුන්රජාණන් නං අමිතා නම් බිසොවුන් කුස පිළිසිඳ යශොධරා දේවින්ට බැහැ ව. බුදුන්ට උරෙහි දා සුදුරුබඩු ව බුදුන්තේ වංශයෙහි හ උපත. ඔහු මහණවු පරි පෙර කී අනුරුඩාදි රජුන්ගේ මහණ විමෙහි කියන ලද මය. එ දවස් මල්ලරජුන්ගේ අනුපිය වෙනෙහි දීබුදුන් කෙරේමහණ වකමසථාන උගෙන භාවනා කරන්නාහු පෘථග්ජන වු ධ්යාණන උපදවාගෙන ආකාශයෙන් ඇවිදුනා තරම් කැමතිරූපයක් මවා ගන්නා තරම් සෘඬි ගදහ. අවශෙෂ වු සත්ත්වයන් මේ පළමුවන සෘඬිය ලත්කල සංසාර සාගරයෙන් ගොඩ නැඟිමට පසුරක් බැඳ ගන්නා සේ ප්රසතිෂ්ඨාවට කාරණ වෙයි . මොහු ලදුවා වු ස‍ෘධිය ශුනකයක්හු නාසයට වැඩි මුවපිත සේ ඕහට ම අනටි කාරි වි ය. හේ කෙසේ ද යත්?ශුනකයා නාසයට මුවපිත වැඩි කල්හි හෙතෙම සතුන් ගැන්මෙහි ඉතා ගිජු ව ඇත්පොවුවන් කිහිඹියක සේ ගැහැටි තෙමේ ම විනාශයට පැමිණෙන්නේ ය. එසේයින් ම මොහු ලද ධ්යා නයද මෝහට අභමාන වබා විනාශයට මුලික විය. හෝ කෙසේ ද යත් ?

“මා හා සමග මහණ වු රජදරුවෝ ඇමදෙන ද පන්සිය පන් සිය පිරිස් සිටුවා. ලාභයෙන් යශසින් අගපැමිණියහ; මම තව දක්වා එකලා යෙමි. ජාතියෙන් යශසින් ඔවුන් හා මසම ව දැන් මහණ ධම් පිරීමෙන් අඩු වෙම් දැයි මහත් වු අභිමානයක් උපදවා මම ද පෂිදක් ඇති කෙරෙමි යි.ප පෂිදක් ඇති කරන කල පළමු කොට ලාභය ඉපැදවුව මැනැව, නිරායාශයෙන් ලාභයක් උපදවා ගන්නා කල රජක්හු ම පහදවා ගත මැනැව, කෙ‍ාශල බිම්බිසාරාදි බුදුන් - රහතන් කෙරෙහි අති විශ්වාසයහ. එසේ හෙයින් ඔවුන් හැම කෛරාටික ඥනයෙන් පහදවා ගත නො හැක්ක, මට තරම් අඥන වු මුර්ඛ වු රජෙක් කවරෙක් දෝ හෝ” යි පරික්ෂා කොට “තෙසැට දහසක් රාජධානි ඇති මුළු දඹසිවින් රජගහ නුවර බිම්සර රජහ් පිත් අජාසත් කුමර කාරණාකාරණා නො දන්නි . (නවුන් මනවු න් නො දන්නි ,*) මවුපියන්ට නොකිකරුය. ඉතා ශ්රීනවන්තය, එසේ හෙයින් ඔහු ඇසිරු කළෝ ද සිතු සිතුදෙයක් කොට ගන්නාහ. , ඇසිල්ලෙකින් සුඛිත වන්නාහ.ප මනවුන්ට සංග්ර.හක් කොර් නම් නො කල වස්නා මහා වෂාවක් පමණනැති ව දෙයි . මේ මේ කාරණයෙන් මම ඔහු පහදවා ගතිම් නම් ලාභය උපදවා පිරිස් සිටුවාගත හැක්කැ” යි සිතිය.

ඒ අජාසත් රජහු ගේ උත්පත්ති කථාව... සංස්කරණය

ඒ අජාසත් රජහු ගේ උත්පත්ති කථාව කවර යත්? පෙර සැවැත් නුවර මහ කෙ‍ාසොල් රජහු දු රජගහා නුවර බිම්සර රජහට අගමෙහෙසින්ව වැස අජාසත් කුමරහට දරුගැබ. ඔහු කුස පිළිසිඳ ගත් වේලෙහි බිසොවුන්ට රජහුගේ දකුණු උරයෙන් ගේ බොන දොළක් උපන. බිසොවු තමනට උපන් දොළලජ්ජාවෙන් කිසි කෙනකුටත් නො තියා වැහැර මළා ගිය මල්දමක් සේ වුහ. රජ්ජුරු‍වෝ බිසොවුන් වහරන සේ දැත නො එක් වාරයෙහි විචාර දොළ නොකියන හෙයින් “දෙ‍ාළ නොකියෙහි නමි තී මට සතුරුය” යි කියා යත්නයෙන් විචාරා ලේ බොන දොළ සේ දැන “ තිට උපන් දෙළ ඉතා මට සුවකමු වු දොළෙකැ’ එ පුත් රජුට සතුරු ය. ඔහු නිසා රජ නස්සි . එ තෙමේ මහපින් ඇතියේය. පියරජහු මරා මෙනුවර රජ කෙරෙ” යි කිහ.බිසොවු එ පවත් අසා රජ්ජුරුවන්ට සොර උයනට ගොස් දරුගබ මඩවති, ඒ කුමරහුගේ පින් බොලෙන් දරු ගබ නො හේ මය. රජ්ජුරුවෝ බෝහෝ සේ බිසොවුන් උයනට යන්නා දැක සැක ඇති ව විචාරා කාරණා “ ති කුස පුතකු බවු දු දුවක බවු දු නො දැනෙයි, අසුවල් රජ තමන්හට උපන් දරුවන් මෙසේ කෙළේ යැයි දඹදිවු තෙලෙහි රජදරුවෝ මට නින්ද බෙණෙති . මත එසේ ‍නො කැරැ” යි තිපි බිසොවුන්ට රකවල් ලැවුහ. බිසොවු “ පුතෙක් වි නම් ඔහු උපන්විට ම මරමි” යි සිතුහ. රජ්ජුරුවෝ ඒ සිත හා දැන වින්නඹුවන් උගන්වා කුමරු උපන් විට ම බිසොවුන් ඇස නො පෙන්න‍ා ම පහකැරවුහ.

නවුන්  මනවු න් නො දත්ති  - මෙය ඇතැම් පොතක ඌනයි.

ඉක්බිත්තෙන් ඒ කුමර දෙතුන් හැවිරිදි වු කල සරහාලා බිසොවුන් ඇස දක්වාලුහ. බිසොවු පුත්රිප්රේ මයෙහි පෙර තමන් සිතු සිත සඳහන් නැති ව මහත්වු සනා කොට වැඩුහ. ඔහු මවු කුසින් අජාතවම පියහට යතුරු වු හෙයින් අජාසත් කුමරය යි නම් තුබුහ. ඔහු සොළොස් හැවිරිදි කල ම පියාරජණෝ යුවරජ කළහ.

මෙසේ ඔහු තමන්හට තරම් සේ දැක දෙවිදත්හු ධ්යා නලාහි ව බුදුන් කෙරෙ වසන්නාහු බුදුන් කොසඹැ නුවර සොසිතාරාමයෙහි දෙවදත්තයෝ පාත්රව සිවුරු ගෙන එකලාවම රජගහා නුවර ගොස් බුදුන්ගේ වෙළුවනාරාමයෙහි ලැග දෙවන දා උදාසන “කෙසේවු පෙළහරෙකින් ඔහු පහදවා ගනිම් දෝ හෝ “ යි සිතා “ පළමුකොට රජහු තැතිගන්වා පෙළහරක් පවිමි” යි කල්පනාකොට ගෙන එ කෙණෙහි ම ශ්රහමණ රුපය අන්තර්ධාන කොට විකුර්වණ සෘඬි බලයෙන් අත්වල වළලු ඇනි , ඉසකේ නො බැඳ. ළදරු දිව්ය කුමාරයකුගේ වෙසක් මවාගෙන නයින් සත්දෙනකු මවාගෙන දදැත- දෙපාය වළලු ලුවා සේ නසින් සතර දෙනෙනකු වෙළාගෙන එක් නයකු ල්දමක් සේ ඉස්මුදුනෙහි වෙළාගෙන එක්නයකු ග්රී වයෙහා සිසාරාගෙන . මහ හැළි නයකුමුත් හරක් උරෙහි එකාංශ කොට ලාගෙන ආකාශයෙන් ගොස් අජාසත් රජහු මහපිරිස් පිරිවරා තමාගේ ඇකයේ සැකයක් නැති ව ඉන්ද්රපජාලයක් සේ පෙනී ගියහ.

එ කෙණෙහි නයි සත්දෙන වෙන වෙන ම එණ කෙරෙමින් කඹුරුසම් මඩින්නා සේ සුසුම සුස්මා රජහු කරා තුඩු දිගු කෙරෙමින් භය ගැන්වුහ. එ වෙලෙහි අපාසත් කුමර මහා පිරිසට ඇසෙන සේ තුන්හඩක් හඩා “කොල! මේ කවරෙක් ද, දැන් දක්නයින් ලවා කවා මරවයි . මේ නාගයක්ෂයාගෙන් මා රකුව රකුව “ යි කිය.එ වේලෙහි අමාත්යායෝ ද භය ගෙන වෙවුලා ඉපිල පැන නැංගහ. රජකුමර “ සෙලවී නැගෙම් නම් නයි මා කක් දෝ හෝ” යි යන භයිනුන් රාජධෛය්යැයෙනුන් වෙවුල වෙවුලා නො නැඟී හුන්නේ මයැ.

එ වේලෙහි දෙවදත්තයෝ “ මහරජ ! නො බව , මම යකෙකිම් නොවෙමි , තොප පහදවා ගන්නා නිසා අයිමි. සුදෙවුන් රජාණන් බැහැණවු , ගෞතම බුදුන් සුහුරු බඩු වු . සයානුලක්ෂයක් දෙවඟනන් බඳුවු වරඟනන්පිරිවරා ශ්රීවවන්ත ශ්රි විඳුනා වු, යශොධරා බිසොවුන් බැහැණෝ , රහල් තෙරුන් පමිලණුවෝ , දෙවදත්තතිස්ස නම් මහාසථාවිරයෝ මම් ම වේ දැ” යි කිහ. අජාසත් කුමාරයෝ එ බස් අසා “හිමියාණොනි! නුඔගේ සාඬිබල දතිම්, නුඔ දෙවිදත් මහතෙර වි නම් මට මේ සා මහත් භයතක් නොදී පැන නැගි මා පෙරට ව සිටියේ නම් වඳිමි. පුදමි පත්කාර තෙරෙමි නුඹට උපාසක වෙමි, පුදමි සත්කාර කෙරෙමි, නුඔට උපාසක වෙමි” යි කිහ. එ වෙලෙහි දෙවිදත් මහ තෙරහු ඒ රුපය අන්තර්ධාන කොට පාතුසිවුරු ධරා මහණ වෙසින් රජු පෙරටව සිටියහ. කොට පාත්රිසිවුරු ධරා මහණ වෙසින් රජු පෙරටව සිටියහ. එකල සුතනු ජාතකයෙහි නිර්ගුණඅ වු අසුන් කජා කා වණ කරණ අශ්වරාජයන් දෙදෙනා ඔවුනොවුන්ගේ තොලු ලෙ ව ලෙව අතිවිශ්වාසයෙන් සිටත්තා සේ මොහු දෙදෙන ද සමාන ධාතුකයන් හෙයින ඔවුනොවුන් කෙරෙහිප අති පුසන්න වු හ.

එ දවස් පටන් පහන්වු රජ දෙවිදත් මහතෙරුන්ට අලඬ්කෘත වු වෙහෙරක් කරවා එහි ලා මධ්යරම පුරුෂයන් පත්වසුන් දවස් පතා තබා දුන්හ. මහපිරිස් ගෙන පන්සියක් රළු නැගි දවස පත‍ා තබා දුන්හ. මහපිරිස් ගෙන පන්සියක් රළු නැගි දවස තුන් වාරයක් වෙහෙරට අවුදින් දෙවිදත් දෙවිදත් මහතෙරුන් හා සාකච්ජා කොට යන්නාහ. දෙවිදත් මහතෙරුන්ට රජහුගෙන් දෙන්නා වු රාජභොජනය ම පන්දහසක් සක්ක්වයෝ සුව සේ අනුභව කරන් නාහු මය. පන්සියක් මහණුන් ද ඇනි කළහ. එසේ හෙයින් එ තැන් පටන් ලාභයෙන් යශයෙන් අග්ර වු හ. මෝහට පැමිණියා වු ඒ සත්කාරය සත්පුරුෂ වු මහණ කෙනකුන් කරා පැමිණියේ වි නමි ශාසනාම්බරයෙහි පුන්සඳ සේ පුසිද්ධ ව යා හැකි යැ. මෝහට පැමිණියා වු ලාභය හා යශස ම ඕහට ම අනට් මුලික විය. වදාළේ මැනෝ:


ඵපංවෙ කකදලිං හන්ති- ඵලං වෙළුං ඵලං නළං

සක්කාරො කාපුරිසජ හන්ති - ගබිභො අස්සතරිං යළු :-යි.


මෙසේ තමහට නො තරම් වු ... සංස්කරණය

මෙසේ තමහට නො තරම් වු ලා භය ලදින් අභිමානයක් උපදවා “ බුදුහුන් රජයහ. මමත් රජිමි , මේ සා සත්කාරයක් ලත් කල බුදුන ට මා අඩු කිම්දැ “ යි අභිමාන චිත්තකායන් ඉපැදවුහ. රජහු ගෙන් ලද ඓශ්වය්ය ය රජහුට අපක්ෂපාතකමක් කළ කල පහව ගියා වු ශ්රීගකාන්තාව සේ , ඇඟින් පහවු දේවතාවකු සේ ඔහු බුදුන්ගේන් පද ධ්යා්නයද ඔහු කෙරෙන් පහ වි ය. එහ වේලෙහි ඒ කාරණය දත් කකුධ නම් මහෙශාක්ය වු දිව්ය රාජණෝ කොසඹැ නුවර ගොස් තමන් කුලුපග වු මුගලන් මහතෙරුන්වහන්සේට දෙවිදත් හු සිතු විතර්කයත් ධ්යා නයත් පිරිහුණු නියාවත් කිහ. මුගලන් මහ තෙරුන් වහන්සේ එපවත් අසා ගොස් බුදුන්ට සැලකළ සේක. සවාමිදරුවෝ ඔවුන් කෙරෙහි උපන් මහත් වු කරුණා ඇතිව:-


මහා වරාහස්ස මහිං විකුබිබතො

හිසං ඝසානස්ස නදීසු ජග්ගතො,

භිඬ්කොව පඬ්කං අභිභකිබයිත්වා

මමනුකුබ්බං කපණො මරිස්සති -යි.

යන මේ ගාථාව වදාරා “ නිමල වු භිෂයන් අනුභව කරන්නා වු හස්තිරාංයාගේ ක්රි යාව කෙරෙමි යි , පඬ්කභිජඩකයා සේ මාගේ ක්රිියාව කෙරෙමි යි හෙ ද විනාශයට පැමිණෙන්නේ වේ දැ “ යි වදාරා සවාමිදරුවෝ “ යමිහ, මහණෙනි ! රජගහා නුවර “ ය යි කෙ‍ාසඹැ නුවරින් නික්ම කුමයෙන් දනවු සැරිසරා රජගහා නුවර වෙළුවනාරාමය ට වැඩි සේක.

මෙසේ බුදුන් වෙළුවනයෙහි වැඩවසන කල දෙවිදත් මහ තෙරහු තමනගේ පන්සියක් පමණ මහණුන් ගෙන බුදුන් කරා ගොස් බුදුන් වැඳ එකත්පස්යක් හිඳ මහත් වු අහඬ්කාරයෙන් ලැභයෙන හසයෙන් උමතු ව තුමු තමන් නො හැඳින දනවන්නාහු “ සවාමිනි! මේ ලෝකයෙහි රජුන්ගේ යුවරජ සේනාධිපතිය යි රජුන සුවවින්දදි ම රාජ්යලය විචාරනුයෝ ඇතියහ. නුඔ වහන්සේ ද සද්ධම් චක්ර චර්ති බුදුරජාණ කෙ‍නකුන් වුව, එසේ හෙයින් නුඹ වහන්සේ ට සේනාධිපතියක්හු ඇත මනාවේද,එසේ හෙයින් නුඔ වහන්සේ බුද්ධරාජ්යත ශ්රී‍ වුන මැනැව, මට ධර්මසෙනාධිපති ධුරය දුනමැනැව. සවාමිනි! ශාසනය මට පාවා දුන මැනවැ “ යි කිහ.

එ වේලෙහි සවාමිදරුවෝ ඔහුගේ සත්කාර සිලෝකයෙන් උපන්නාවු අභිමාන තෙපුලු “ මෙ තෙම ක්ෂාන්ති මෛත්රිා දයාවක් තමගේ සන්තානයෙහි නැතිව මාගඵලකෙුත් නැතිව මා විසින් දුන් ධ්යාගන පමණකුත් රඳවාගත නොහි, සක්ර්වන පතන ජණ්ඩාලයකු සේ සිතුමිණිරුවන ඉල්වන අපුණ්ය්යා සේ . රන්ගල් මුදුනක් පතන ශෘගාලයකු සේ , තෙමේ බුදුන මාරුයෙහා ශාසනය විචාරමි යි සථානානතර ඉල්වයි . තෙමේ තමා නො දන්නේ ය” යි සිතා දෙවදත්තය! මුඛයට පැමිණි ගොතචරය වල දමා ඔබ්බෙන් ගොදුරු සොයන්නාවු අඥනයා සේ ,අතට පැමිණියා වු මස්සක් පමණත් රඳවාගත නො හි වල දමා දහස් පියලි පතන්නාවුඅලසයා සේ, උගුරෙහි තුබු බත් ගැලගත නො හි මුසපත් ව උගුර හඹ හඹා නැවත බත් පිඩුකොට කට තබන්නා වු අතිලොහිහු සේ , පැමිණියා වු ධ්යුනෙයත් නසා ගෙන ධර්මසෙනාධිපති සථානාන්තර පුට්නා කෙරෙහි . තෝ තා නොදන්හිද. මාගේ සැරියුත්- මුගලනුන් වැනි පරිනායක පුත්ර යන්ට මාගේ සථානාන්තරය නෙ‍ා දෙනුයෙම් ඛෙගපිණ්ඩොපම වු තා වැනියන්ටත් මාගේ සථානාන්තරය දෙම් ද. හස්තිරාජයක්හු අඳිනා වු සකට භාරය වටුවෙක් හැඳලිය හෝ දැ” යි වදාළ සේක.

එ වේලෙහි දෙවිදත් බුද්ධ තේජසින් වෙවුලා ප්රාතිවචනයක් කියාගෙත නොහි “ බුදුහු බැහැරින් අවුත් කෙරේ මහණ වු බමුණන් පවා ගරු කොට සිතනි, තමන් හා සම රජකුලෙහි උපන් මා ඛෙලපිණ්ඩොපමානෙන් අඩුකොට සිතුහ” යි එ දවස් බුදුන් කෙරෙහි පළමුවන ආඝාතය බැඳ තමන්ගේ වෙහෙරට ම ගියහ.

එ කල එක් දවසක් දෙවිදත් මහ තෙරහු අජාසත් කුමාරයන් තනි කොට මන්ත්ර ණයක් කරන්නාහු “ අජාසත් කුමාරය! පෙර මනුෂ්යවයන්ගේ ආයු බොහෝ ය. දැන් මිනිස්න්ගේ ඇයු මඳ, දැන් තෝ සොළොස් හැවිදියෙහිය, මතු කවර කල රජය ලබන බවත් නියම නැත .මම තට උපදෙසක් කියමි . මා කිවා කරතොත් තා ලියා මරා රජය ගනුව, මම බදුන් මරා බුදුරජය ගනිමි . එ කල අපි දෙදෙන ස සිත් සේ සුව විඳුමිහ” යි නො එක් සේ මන්ත්ර ණය කොට පියරජහු මහන් ට ගිවිස්වා පි ය.

එ කල අජාසත් රජ සතුටු ව “ අපගේ මහතෙරහු මහානුභාව ඇතියහ. මහනුවණ ඇතියහ, ඔවුන් නො දන්නා දෙයෙක් නම් නැත , මට කියේ වැඩෙක්මය” යි ගිවිස තමා කලවයෙහි සොටිය බැඳගෙන දෙවන දහවග් රජගෙට ගොස් වැද වෙවුල වෙවුලා බලා සිවියේ . එ වේලෙහි ආමාත්යගයෝ ඔහු අල්වා ගෙන පය තිබු සෙ ටිය දැක “ අප රජහු මරන්නට ම ආය” යි සැබවින් දැන “ මොහුත් දෙවදත්තයාත් ඔහුගේ මහණුනුත් මරම්හ” යි ඔවු නොවුන් අතරෙ මන්තණය කොට “ රජ්ජුරුවන්ට නො කියා නොමරම්හ” යි රජ්ජුරුවන්ට මෙ පවත් සැල කළහ. රජ මෙ පවත් ප අසා “ පුතු මරම්හ”යි මන්ත්රසණය කල අම‍ාත්යවයන්ට උරණ ව නො මරම්හයි මන්ත්රසණය කළ අමාත්යායන්ට ප්රයසාද දි ළඟට කැදවා ගෙන “ පුතණ්ඩ! කුමක් නිසා ප මා මරමියි සිතුදැ” යි විචාළහ. කුමාරයා “ රාජ්ය ලොභයෙනැ “ යි කි ය. තොප රාජ්ය්යෙහි ලොහී කල තොපගේ රජය තෙපි ම ගනුව, පුතණ්ඩ, මට කුමට ද්රොොහ සිතු දැ” යි කියා කුමරු සිඹ සනහා රාජ්යොය හැම පාවා දුන්හග

එ කල රජකුමර රජගහා නුවර හැම රාජ්ය ය ලදින් සතුටු ව දෙවදත්තයා කරා ගොස් “සවාමීනි! නුඔ කි උපදෙස් කොට පිය රජහු මරාගත නුහුන1ු බව මුත් රාජ්යුය ලදිමි, මාගේ මනොරථය සිද්ධ වි ය” යි කිය. දෙවිදත් එ බසට නො සතුටුව “ තා ලත් රාජුන්ගේ මායන් ඇතුළේ ලා ඇද සැදු බෙරක් ලද්දා වැන්න, රජුනුගේ මායම් නො දන්හි ද. සතුරන් ප්රවසාද දි සතුටු කරවා නසස ලෙස නො දන්හි ද. කිප දවසෙකින් තාගේ නිහරසර බලා තා මරවා රාජ්යිය ගන්නි. සැක නොකරු” යි කිය. එ කල රජ කුමර භයින් වෙවුලා “වැළි සවාමිනි! කුමක් කෙරෙම් දැ” යි කිය . දෙවිදත්” නො දොඩා තා පියා මරා පියව “ යි කිය. අජාසත් කුමර කියනුයේ “ ආයුධයෙන් මපියාණන් වහන්සේ මැරිය නො හැක්ක, කෙසේ මරම් දැ”කි ය. දෙවිදත් “ බත් වැද්දනොදී මරවා පියව” යි කිය.

එ කල අජාසත් කුමර පියරජ්ජුරුවන් සිරගෙයි ලවා “ ම මෑණියන්වහනසේ මුත් අනිකිසි කෙනෙනු ත් ඇතුළ‍ට වැද්ද නො දෙව” යි රකවල් ලැවිය . එදා පටන් බිසොවුන් රන්තැටියෙන් බත් හිණ තබා ගෙන සිරගෙට වැද රජ්ජුරුවන් කවා එති. රජ්ජුරුවෝ එබත් කා ජිවත්වෙති . සත් අට දසසක් ගිය කග අජාසත් කුමර “ මපියාණන්වහන්සේ කෙරෙහි රැකෙන සේක්දැ “ යි විචාරා මේ කාරණ අසා “ අද පටන්ම මැණියන්වහන්සේ හිණින්කිසි දෙයක් ගෙන සිරගෙය ඇතුළට යා නෙ‍ා හැක්කේන් රන්තැටියෙන් බත් මුහුලස යට සඟවා තබා ගෙන ඇතුළට වදිනි. එ බත් අනුභව කොට සත් අට දවසක් රජහු ඩිවත් වු කල අජාසත් කුමර මෙ පවත් අසා “ ම මැණියන් වහන්සේ හිස කේ බඳතෙන ඇතුළට වැද්ද නොදෙව” යි රකවල් ලැවිය. එ දා පටන් බිසොවු ඉසකෙස් යටින් බත් ගෙන යා නොදෙනහෙයින් රන්මරවැඩි යට අග බෝජුන් පුරාලා පියනින් වසාලා පයින් බත් ගෙන සිරගෙට වැද සමණත්කරවා එති . එබත් කා සත් අට දවසත් රජ්ජුරුවන් ජිවත් වු කල අජාසත් කුමර එපවත් අසා “ ම මෑණියන් වහන්සේ මරවැඩි ලා ගෙන සිරගෙට යා නොදෙව’ යි රක්වල් ලැවිය. එ දා ලටන් බිසොවු අනික් උපදෙසක් නොදැක සුවඳ පැනින් නහා සවාඬ්ගයෙහි නතු මධුර ගල්වාගෙන උතුරු සළුවෙන් ඇඟසසා ඇතුළට වදිති . රජ්ජුරුවෝ බිසොවුන් ඇඟ ලෝහ කොට ජිවත් වෙති. මෙසේ සත් අට දවසක් ගිය කල අජාසත් කුමර මෙ පවත් අසා “ ම මැණියන් දවසන්සේ මෙතැන් පටන් ඇතුළට යා නො දෙව” යි නියෝග කෙළේය. එදවස් බිසොවුන් දොරකඩ දී රකවල්හු රුඳවුහ. එවේලෙහි විසොවු මහත්වු මහත්වු ශොකයෙන් තැවි දොරමුල සිට “සවාමිනි! බිම්සර රජ්ජුරුවෙනි, ඔහු බාල කල ම මරා පිය නුදුන්නව, තොප සතුරා තොපි ම වැඩුව, අද මේ නුඹ හා මාගේ නිමාම් දක්ම ය. අද පටන් නුඹ දක්මත් නොලැලබෙමි. ස්ත්රිින්ගේ නම් වරද බෙහෙව. මා කළ වරදෙක් ඇත් නම් ක්ෂමා කළ මැනැවැ” යි කිය කියා සමණන් වැඳ ක්ෂමා කරවාගෙන හඬ හඩා නැවත හියහ. එදා පටන් රජ්ජුරුවන්ට නිරාහාරය.


සෝවාන් රජ්ජුරුවෝ මාගඵල සුවයෙන් සක්මන් කොට ජිවත්වෙති, රජ්ජුරුවන්ගේ ශරිරප්රනභා‍ව අඩුවෙක් නැත.මෙසේ කිප දවසත් ගිය කග “ ම පියාණෝ කෙසේ ජිවත් වෙත් දැ” යි විචාරා “ සක්මනින් යැපෙන සෙක . ම ශරීරප්රයහි අඩුවෙක් නැතැ” යි අසා “ම පියාණන් අද පටන් සක්මන් නොකළ දෙව, දෙපතුල් කරයෙන් සැ.් හෙව ඇඹුල් - ලුණ - තෙල් ගල්වා ගිනි අඟුරට පෑ චිටි චිටි යන අනුකරණ වන තුරු බැසව” යි නියෝග කොට කරනවැමි යන් යැවිය.

පිය රජ්ජුරුවෝ තමන් කරා එන කරනැවැමියන් දැක “ම පුතණුවෝ කිසි කෙනෙකුන්ගේ අවවාද ලදින් සන්හිඳුනාහු වන්හ. මොහු අද මා දැළිරවුලු කපා අන්දම් තබන්ට එන්න‍ාහු නනැ” යි සිතුවාහු ය. ඔහු ගොස් රජ්ුරුවන් වැඳලා සිටියහ. රජ්ජුරුවෝ “දරුවන් ! අවුනැ” යි විචාළහ. පුතණුවන් වහන්සේ කියා‍ එවු වධක පවත් කීහ. රජ්ජුරුයෝ එපවත් අසා කෝපයෙක් නො කොට “ තොපගේ රජහු කීවා කරව” යි අස්නෙහි හිඳ පතුල් දිගු කළහ. ඇමැත්තේ රජජුරුවන් වැඳ සිට “සවාමිනි ! අපගේ වරද නැත , රජහුගේ නියොගයෙන් කරම්හ අපට ක්ෂමා කළ මැනව. නුඔ වහන්සේ වැනි ධර්මිෂ්ඨවු රජක්හට මේ තරමක් නොවෙ “ යි කිය කියා හඬ හ‍ඬා වමතින් ගොප්මස් අල්වාගෙන දක්ණෙතින් කරන ‍ෙගන රජුගේ දෙපතුල් පලා ලුණු තෙල් ගල්වා කිහිරඟුරට ලෑ චිටි චිටි යන අන්කරනය දක්වා පැසවුවාහුය.

මෙසේ ධර්මිෂ්ඨ සෝවාන් රජ්ජුරුවෝ... සංස්කරණය

මෙසේ ධර්මිෂ්ඨ සෝවාන් රජ්ජුරුවෝ . මෙසේ වු ව්යාශනයක් කෙසේ පවකින් ලද්දාහු ද යත් ? පුවි ජාතියෙහි දාගබි මගුයෙක කරුණක් නැතිව වහන් පය ලා ගෙනගියාවු ැක් පවෙක, තවද එක් ජාතියෙක සඬ්ඝයා වැඩහුන් සම්කඬක් නොදැන මැඩ පියා ක්ෂමා කරවා නොගත් පවෙකැ යි මේ අකුසල් දෙක මේ ජාතියෙහි විපාක දිනැ යි දතයුතු.

පය පැසවන වේලෙහි රජ්ජුරුවන්ට මහත්වු වේදනා විය. “අහො බුද්ධො අහො ධම්මො - අහො සඬඝො” යි කිය කියා දාකරඬුයෙක පුදා ලු මල්දමක් මළා ගියා සේ රජ්ජුරුවෝ පය පැසවන වෙදනාවෙක් මිය චාතුමහාරාජිත නම් දිව්ය ලෝකයෙහි ජනවසහ නම් දිව්යවරාජව ඉපැද ගියහ. මේ ජාතියට පුවීභාගයෙහි . එක් ජාතියෙක එම දිව්යරලෝකයෙහි මහත් වු දිව්යයසුව වුන්හ. එයින් අවුදින් පිට පිට මෙසේ සවාරයෙක දඹදිව රජ කළහ. දැන් මේ සත්වන වාරයෙහි එම දිව්යෙපුරයෙහි ඉපැද අද දක්වාත් සුව විඳිති.

මෙසේ පියාරජහු මළ දා ම අජාසත් රජහුගේ ලුතෙක් උපත. පුතණුවන් උපන් නියාවද , පියා‍ණන් මළ නියාව දැයි පත් දෙක අසුන් එක විට ම ගෙන ාගාස් අමාත්ය යෝ “පළමු කොට ප්රි ය හසුන් කියම්හ” යි පුතණුවන් උපන් අසුන් පත රජු අත තුබුහ. එ කෙනෙහි ම පුත්රය ප්රේ මයෙන් රජුගේ සවාඬගය පිරි ඇට මිදුලු ගසා සිට ගෙන සිට ගෙන ලොමහෂිි ගත . එ කෙනෙහි පියාණන්ගේ ගුණ සිහි කොට “ මා උපන් වේලෙහිත් ම පියාණන් වහන්සේ ට ද සෙසේ ම සනා උපන්නේම ය. කොල ! වහා ගොස් ම පියාණන් වහන්සේ සිරගෙන් අරුව “ යි කිහ. එකල අමාත්ය යෝ රජහු මළ පවත් ලි අසුන්පත අතට දිලුහ. පත බලාපියා පියරජහු මළසේ දැන උපන් මහත් ශොකයෙන් මැණියන් වසන රජගෙට ගොස් හඬා වැලප “මෑණියන් වහන්ස! මා උපන් දා ත් මපියාණන් වහන්සේ ට දරු සනා මෙසේ ම උපන්නේ වේ දැ” යි කිය.

මෑණියෝ ද එ වේලෙහි හඬා වැලප “ පවු කළ පුත ! කුමක් කියයිද ? ‍ෙ.ාල පාල තල ඇඟලි අග පෙ‍ාළෙක් නැංග , එ කල තොප හඬා නොනැළැවෙන හෙයින් වඩාගෙන ගොස් අධිකරණ මධ්යොයෙහි අමාත්යයයන් පිරිවරා සිංහාසනයෙහි උන් තොප පියාණන් ඔරට වඩාලුහ. එ කල තොප පියාරජ්ජුරුවෝ තොප හඩන සේ දැක එ පෙ‍ාලෙ ඇති ඇගිල්ල තමන් කට ලා ගත්හ. එවෙලෙහි පොළ මුඛයට සිල්විය. එවෙලෙහි තොප පියාණෙ‍ා් තොප කෙරෙහි කළ ප්රෙවමයෙන් ලේ මුසු වු තොප ඇඟිල්ලෙ හි ඒ සැරව දමා නොපියා ලගැලපුපුවාහ් වේ දැ “ යි කි යා “ තොප පියාණන් තොප කෙරෙහි ඇති ප්රෙ ම මෙසේ වෙ දැ යි කි හ් ය. එ ල අජාසත් රජ හඩා වැලප ගොස් පියරජහු දවා අලු හස් කැරවීය.

දෙවිදත් මෙසේ බිම්සර රජහු මරවා “ බුදුන්ගේ අග්ර උපාසකවු රජහු පිටි දැක ගතිමි , එතෙකින් බුදුන් මරවා මම ද බුදුරෙජය ගනිමි” යි දවසෙක අජාසත් රජහු කරා ලොස් “ මහරජ පියරජහු මරා තොප රජය ලත් බැවින් තොපගේ මනොරථය සිද්ධ වි ය. බුදුන් මරා මාගේ ද මනොරථය සිඬකරව “ යි කිය අජාසත් රජ “ මා විසින් කළ මනා යම් දෙයක් කෙරෙමි යිථ ස‍ැක නැතිව වදාළ මැනවැ” යි තිය . එබසට දෙවිදත් කියනුයේ “ සෙසු කෙනෙකුන් ලවා බුදුන් මරාව‍ා ගත නො හැක්ක . රූකෂ වු දුනු වායන් ලවා විද්දාමරවාපියනු කැමත්තෙමි , තොපගෙන් දුනුවායන් ලවා දෙව” යි කිය. රජ්ජුරුවෝ පන්සියක් දුන්වායන්රුස්කොට එයින් අක්ෂණ වෙධින් එක්තිස්දෙනකු තෝරා තෙපි “ දෙවිදත් මහ තෙරුන් කරා පලා තොස් උන් කියක් කරව “ යි යැවී‍ය . දෙවිදත් ඔවුන් දැක සතුටුව ඔවුන් අතුරෙන් ජ්යෙයෂ්ඨ වු දුන්වායා තනිකොට ගෙන “ මා කියන රහස කිසිවක්හට නො කියා, මට කිකරු වට , අජාසත් රජහු රාජ්යවය ලත් නියාව දුටුයෙහි වේ ද, තොයි දු මා කිවක් කෙළෙහි නම් තාත් ඉසුරුමත් කරවාලමි” යි කිය, “ නුඹ කි ම දෙයක් කෙරෙමියි වදාළ මැනැවැ “ යි ඔහු විසින් කිකල “බුදුහු ගිජ්ඣකුට පවිතයෙහි අසුවල් නැත සක්මන් කෙරෙති , තොපි එතෙනට පලාගොස් බුදුන් විද මරාපියා අසුවල් මඟින් කාටත් නො පෙනී පලා වරැ “ යි ඔහු පළමුව යවා දුටුවායන් දෙදෙනකු “අසුවල් මගින් එන දුනුවායා තෙපි දෙදෙන මරාපියවයි “ උගන්වා යවා- උන් දෙදෙනා මරණ සේ සතරදෙනකු යවා, උන් සතරදෙනා මරණ සේ අටදෙනකු යවා උන් අටදෙනා මරණසේ සොළොස්දෙනකු යවා , උන් සොළොස් දෙන‍ා ආ කල පසුව මම් ම නිහඩ දන්නෙම් වේ දැ” යි සිතා මෙසේ තමා කළ සෝරකම කිසිවක්හු කනට නොගිය මැනැවැයි සිතා බුදුන් මරණ සේත් දුන්වායන් එක් තිස් දෙනා මරණ සේත් එක තටහුත්තක් දෙදෙනකු නොදන්නා නියායෙන් සංවිධාන කොටලිය.

එ දවස් මාගේ සවාමිදරුවෝඅරුණෝද්ගමන වේගෙහි මහා කරුණා සමාපත්තින් නැඟි මුළුලොව බලා වදාරන සේක් එදවස දුන්වායන් එක්තිස්දෙනා තමන් වහන්සේගේ නුවණ දැලෙහි බැඳ සංසාර නමැති පාප ලවණ සාගරයෙන් ගොඩනැඟ නිවන් අමාමුහුද සිත්සේ බැස කෙළනා පින් ඇති බවු දැක- තවද පෙර තමන් වහන්සේ සසර ළදරු කුමාර ව පසේ බුදුන් දැක ක්රීදඩා නිසා ඔබ ඇඟට ගල්වාගසා වඩනා මඟ අකුරු බොරලු රුස් කළ අකුශලය ද එ දවස් විඳුවන බවු දැක තමන් කරා එන දරුවන් පෙරමග බලන පෙම්බර මවක සේ පෙරමග බල බලා මහ කුළුණෙන් සක්මන් කරණ සේක.

ඉක්බිත්තෙන් පළමු ව එවු දුනුවායා කඩුවක් උරෙහි ලා හිය උරපිට බැඳ මැඬහඟු දුන්න ගෙන සන්නද්ධව දෙවිදත්හු ගේ සලකුණෙන් ගොස් බුදුන් දැක විෂ පෙවු සැරයක් ගෙන උරපුරා හයා ගත. එ කෙණෙහි උන්වහන්සේ සසර මුව ව උරපුරා හය ගත. එකෙණෙහි උන්වහන්සේ සසඅ මුව ව උපන් කල පවා විදිමි යි දුන් හයාගත් රජුන් ලවා රූප ශ්රීව දැක සැරය මුදාපියා නො හී චිත්රරකාර රුප සේ සිටිනා කල, දැන් ‍ලවුතුරු බුදු. ව තුන්ලෝ මුදුන් වු සමයෙහි ඔහු අතින් සැරය නො හැරෙන නියාව කිනම් පෙළහරෙකැයි කියම් ද- එසේ ද වු වුන් ඔහු අකුණත හී පගිලිය හා සුනුදිය හැලි ගිය , වමත දුනුමිටි හා ඊ මුදුන්ද හැලි ගිය. ධනු වේගයෙන් බ යන්ත්ර යෙකලා පෙළන්නාසේ සවාඬගයෙහි ඇට මුරු මුරු යන අන්කරණව මහත් වු වේදනාවිය.

එ වේලෙහි මාගේ සවාමිදරුවෝ මොහු සිටිනා ලෙස් දැක ඔහු කෙරෙහි ද. ඔහු එවු දෙවිදත්හු සිටිනා ලෙස් දැක ඔහු කෙරෙහි ද, ඔහු ට උපසථායකවු අජාසත් රජහු කෙරෙහි ද, සුදොවුන් මහරජානන් කෙරෙහි ද, රහල් තෙරුන් කෙරෙහි ද. සුශුවි - අශුවි භුමියෙහි සමව පවත්නා චන්ද්රරකාන්තිය සේ සියලු සත්න් කෙරෙහි සදව පවත්නා මහා කරුණාවෙන් ඔහු මුහුණ බලා මධුර වු නාදයෙන් “ දරුවන්  ! අපට කැලි කම් කොට නොවෙහෙසි මෙසේ පලා එව” යි වදාළසේක.එ කෙ‍ණෙහි සවාමි දරුවන් බැණනැගි බස හා සමග ඔහු අතින් දුන්න හා සැරය බාම වැටි ගිය. කඩුව හා හියවුර වැටි ගිය; තෙමේ භයින් වෙවුල වෙවුලා ගොස් බුදුන් ශ්රී පාද වැද “ සවාමිනි! කරුණා මෑණියනි! දුර්ජන වු දෙවිදත්හු ගේ බස් ගෙන නුඔ වැනි උගුමාණ කෙනෙන්ට අපරාධ කෙළෙමි . ගැත්තවු කළ වරද ක්ෂමා කළ මැනැවැ” යි කිය කියා එකත්පස්ව හුන්නේය . එ කෙනෙහි සවාමිදරුවෝ ඕහට බණ වදාරා සෝවාන් කොට “ දරුවන් . දෙවිදත්හු කි මඟ ගියානම් තොපට අන්තරායෙක් පෙනෙයි ! අනික් මහෙක යව” යි බ ඕහට සමු දි වදාළ සේක.

ඉක්බිත්තෙන් ඔහු මරම්හ යි සිටියා වු දෙදෙනා , සිට වෙහෙසි ඔහු නොදැක “ කාරණ කිම් දෝ හෙ6ා් “ යි පරික්ෂා කරන්නාහු ගෝස් බුදුන්දුටහ. සතර දෙනද. අට දෙනද , සොළෙස් දෙනද, එම කුමයෙන් ගොස් බුදුන්දැක බණ අසා සෝවාන් ව, නිදුක් ව, නුවරට ගොස් එක්තිස් දෙන මඔවුනොවුන් හා මන්ත්ර ණය කොට තමන් තමන්ට මරණ යෙදු නියාවත් බුදුන් නිසා දිවි ලත් රඳම්හ” යි අඹුදරුවන් ට කළමනා සංග්රිහ කොටලා එක්තිස්දෙනම බුදුන් කරා ගොස් බණ අසි රහත් ව එහි භික්ෂුභාවයෙන් ම පැවිදිව, එක්තිස් මහතෙරව. එතැන්පටන් එක්තිස්තල වාසින්ට ශාන්ති පිණිසම , බුදුන් විසින් ඇතිකළාවු ශ්රාසවක එක්තිසක් සේ , එක්තිස් මහතලයට නඟාලු එක්තිස් මහා ධ්වජයක් සේ . දෙවිමින්සුනක් කෙරෙහි පුසිද්ධ ව බුදුන්ට උත්තම ප්රයතිපත්තින් පුජා කළ සේක.

මෙසේ තමන් වහන්සේ විද මරම්හයි අ දුනුවායන් පවා තමන් වහන්සේ මරන්නා තබා , තමන්වහන්සේට උපද්ර වයෙක් වේනම් , තමන් වහන්සේ ට පළමුකොට අපගේ ජිවිතය දෙම්හ යි සිතන තරම් මහත්වු ප්රෙමම උපදවා ගෙන , ඔහුන් විසින් කරනලද ජිවිතාන්ත ප්ර තිපත්ති පුජාලත් හෙයිනුත්. එසේ වු පුජා විදිමට සුදුසු හෙයිනුත් . මාගේ බුදුහු අර්හත් නම් වන සේක .

තව ද: දෙවදත්හු දුනුවායන්ලවා බුදුන් මරවාගත නෙහි වැළි “ අනුන් ලවා මරවාගන්ට බැරි බැවින් මම් ම සිය අතින් බුදුන් මරමි” යි සිතාලා දවසෙක සවාමිදරුවන් එම ගිජ්ඣකුට පවතච්ජායාවෙහි සක්මන් කරන්නා දැක , තෙමේ පවත මුදුනට නැගි බුදුවන් සිඛාවට මහ ගල් පවතයක් පෙරළා පිය. එ වේළෙහි නායක් සැලුවා සේ එු පවතය ගලින් ගල ගැසි , ගල් ලැහැග උපුර උපුරා බුදුන්කරා දිවෙත් . සවාමිදරුවෝ දෙවිදත්හු තමන් වහන්සේ ඉසට ගල පෙරළූ බවුදැන “ මේ කෙසේ වු අකුශලයෙක් දෝ හෝ” යි සසර බලා පෙර තමන් වහන්සේ සසර දි වෙමාතික භාතිකයක්හු ධනලොභයෙන් ගිරිදුගයෙකින් හෙළා පතුල් නො යා හැකි සේ තළා කළා වු අකුශලය ද, සසර දුක් දි එ තැන්හි මුලොච්ජින්න වන බවු දැන මහා කරුණා සමාලත්තියට සමවැද විදුරු පොළොවෙක ගලා සිටුවු වජුඛීලයක් සේ නිශ්චලව වැඩ සිටි සේක.

එ කල පවතය දිව අවුදින් යුගාන්තවාතයෙන් දිවු මහ පව්ලක් සේ අවුත් , සවාමිදරුවන්ගේ ශිරොධාතුයෙන් පැනනැඟී දිලියෙන වඩුරියන් උස කේතුමාලා නම් රශ්මිකදම්බයෙහි හැවි ගැවි පවන් වේගයෙන් සැලෙන අහස්පතක් සේ , වෙවුල වෙවුලා සිටගත . එ කෙණෙහි පොළොව පළා ගල්කුළු දෙකක් පැන නැඟි ඒ පවතය පිළිගෙන සිටගත.

මාගේ සවාමිදරුවන් සසර ඇවිදින්.. සංස්කරණය

මාගේ සවාමිදරුවන් සසර ඇවිදින් කල පවා ස්ත්රීසය පවත මුදුනෙන් හෙලාපුදා , ගොසින් පවා පිට දි ඔබට දුක් වැද්ද නො දෙන කල - පුර්ණක වම් යක්ෂයා සැටයොදුන් කාළාගිරිපවතයෙන් හෙළා පු දා ඔබ මුහුණ පියුමක් සේ තිබු කල - මණිවොර ජාතකයෙහි ඉස කපන්නට ය යි ඔසවා ගත් පොරොව පෙරළි රාජාභිෂෙකයට පැමිණි කල - දැන් සමතිස් පැරුම් පුරා නිමි සමසක් වු ව. අමා මහා නිවනි දුටු සමයෙහි තුන්ලෝවාසි න් දරු කොට ගත් සමයක් වු වු, ලොවුතුරා බුදු ව මරහු මන් බිදපු සමයක් වු.ව ඔහු දැහු චක්රාුයුධ‍ය අභස්වියන්කොටපු සමයක් වු ව අලවු යකු ඇමු චක්රාකයුධය අහස්වියන්කොටපු සමයක්වු ව අලවුයකු දැමු වෙලායුධය පවා පාබිසි කරපු සමයක් වු.ව දෙතිස් අස් ලකුණෙන් රුසිරි ලද සමයක් වු ව. හිරි මඩලක් සේ සවනක් රසින් දිලියෙන සමයක් වුව, මි කත සාධුකාර දෙන සමයක් වුව.මහතෙර සත්කුල පවුවන් අතින් වැඳුම් ගත් සමයක් වුව . තවුතිසා භවනයවට තුන් පියවරකින් වඩිනා තරම් සෘඩිබල‍ ඇති සමයක්වුව. දශවිධ වු ඥනබල ලද සමයක් වුව, තුදුන් බුද්ධකාරක ධම්යෙන් යෙදි සැදි ගිය සමයක් වුව, දෙවි බඹකැලන් ලකළ පුජා ලද සමයක් වුව, සදෙවුලෝ වැසි දෙවායන් අතින් මෙහෙ ගන්නා සමයක් වුව. මහබඹුන් ලවා කුඩ අල්ලවපු සයමක් වුව. ඔහු බුදුන් හිසට පෙරළූ ගල අහස සිටලත් නියාවත්. පෙළොවින් නැගි ගල් එ ලග පිළිගත් නියාවත් . මාගේ සවාමිදරුවන් නිල්වලාකුලක් යට දිලියෙන පුන්සඳක් සේ වැඩසිට් නිසාවත් , මට කවර ආ‍ශ්චය්යවයෙකැයි කියම් ද. එ කෙණෙහි වන දෙවියෝ සාධුකාර නාද සහඝ්රසයෙන් පුජා කළහ.

ඉක්බිත්තෙන් දෙවිදත් “ මහණ භවත් ගෞතමයෝ පවතයෙන් ගැහැටි සුණු විසුණුව ගියේ දෝ ය. කැ සේ නපුර . පු සේ නපුර උන් සේ නපුර සිටි සේ නපුර යනාදින් බසෙහි බසෙහි දොස් දී ඇවිදිනා ගමන් ගියේ දෝ ය. අප වැනියන්ට පවා අගසවු තනතුරු නො දි බැහැරින් ආ බමුණන්ට තකතුරු දිමට රිසි පැලැ දෝ ය. අද මාගේ මනදොළ සිද්ධ විය” යි සතුටු සතුටු ව බලනුයේ තමන්පෙරඵැ ගල බුදුන්ට ළඟාවිව නුහුණු නියාවත්. ගින්නෙහි ලු ය. පාලමක් සිසාරා නැගෙන වහ්නිජාලා සේ ගල සිසාරා බුදුසුකඳු නැගෙන නියාවත්. ගල ද බුදුරසුහි රන්වන් ව දිලියෙන නියාවත්. සිතුමිණිවනක් සේ දිලියෙන බුදුරුවත් දැක උපන් මහා සෝකයෙන් සුසුම් ලලා තමාගේ වෙහෙරට ම පලා ගියේය.

මෙසේ තමන් වහන්සේ සිරසට පෙරළූ සිත් පෙවෙත් නැති ගලින් පවා සේසත් පුජා ලත් හෙයිනුත්, එ සේවු අචෙතස්ක වස්තුයෙනු දු, පවා පුජා ලබන සෘඬිබල පින්බල ඇති හෙයිනු දු මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

තවද: දෙවිදත් “ බුදුහ් කෙසේ පිටි දකිම් දෝ හෝ” යි උත්සාහ කරනුයේ අනික් උපදෙසක් දැක එ දවස් අජාසත් රජහු කරා පලා ගෙ‍ාස් නිකට අත් තබා ශොකාතුර ව සුසුම් ලලා මුහුණ බුමාගෙන සිමියේ ය. මේ කාරණ දුටු රජහු විසින් “ සවාමීනි! නුඹට කුමන ශෝකයෙක් දැ” යි විචාළහ. දෙවිදත් කියනුයේ “ මහරජ! තෙප සිත ඇත්ත සැධින. අප පින් මඳ හෙයින් අප සිතා ඇත්ත නො සැධෙයි . තොප ඇතත් නැත්තා හා සමවුව.බුදුන් මරවාපිය නො හෙන කළ තෙ‍ාප ඇතත් නැත්තා හා සමවුව, බුදුන් මරවාපිය නො හෙන කළ තොපගෙන් අපට කම් කිම් ද” යි කි ය. එබසට “ නුඔ කළ දෙයින් බදන්ට වැඩ වන බවක් මුත් අවැඩක් වන්නා නැත. තවත් කිවක් කෙරෙමි “ යි කි කල “ යහපත උපදෙසෙක් ඇතැ “ යි කිය. එ බසට රජ්ජුරුවෝ සිනාසි “ වහන්ස්! නුඔගේ උලදෙසෙහි කෙළවරක් නැත , තවත් බුදුන්ගේ ම බින් මහාමයක් දක්වා පියන උපදෙසෙක් දැ” යි කිහ.

දෙවිදත් “ මිට වඩනා උපදෙසෙක් නැත , තොපගේ නාලාගිරි නම් මතැත් චණ්ඩ ය. පරුෂ ය. කාරණාකාරණා නොදන්ති. බුදුන්ගේ රු විභාග නො දන්ති, දහම්හි රස නො දන්ති. තිරිසනු හෙයින් බුදුහු මරවා ගනිමි” යි කිය. රජහු , ඔහු මට පාවා දුනු නම් බුදුන් මරවා ගනිමි” යි කීය. රජහු යහපතැයි ගිවිස ඇත් ගොවුවන් තමහට පාවා දුන් කල්හි එම විට ම ජ්යෙීෂ්ඨ ඇතරුවා අත අල්ලාගෙන රජගෙන් පිටත්ව, “ තෝ මා සිතුවා සාධාදි ලි නම් අප රජහුගේ සේසත හැර තා කැමති සැපතක් ඉල්වා දිලමි” යි කිය. “ එසේ වී නම් . මට සෙනේ ඇත්තෙහි නම්, බුදුන් ගෙට සිඟා විටියට එන වේලාවට තාගේ නාලාගිරි නම් මතැතු මෙ තෙක් දවස් පොවන රා අට කළයට දියුණු කොට සොළොස් කළයක් රා පොවා ,*ඇත්කොහෙලින් ඇන කෝප උපදවා බුදුන් ඉදිරියට මෙහෙයා බුදුන් මරවාපිය” යි කි ය. එ බසට ඇතරුවා හා පන්සියක් ඇත්ගොවුවෝ යහපතැයි ලිවිස “ සෙට අපගේ බල බැලුව මැනැවැ” යි වාසි කිහ.

ඇත්කොහොලින් ඇන උදවා  - ඇතැම්.

එ බසට දෙවාදත් සමාධි ව ඔවුන්ම අත්ලසු දු දි මෙසේ සංවිධාන කොට ගියේ ය. මෙ බස් ක්රුමක්ර මයෙන් මුළු නුවර සැලව ගියේ ය. මනුෂ්ය යන් අතින් භුමසසථ දෙවියන් කරා ගියේ ය. ඔහුන් කෙරෙන් ආකාශසථ දෙවියන් කරා ගියේය. ඔවුන් කෙරෙන් වරම් රජදරුවන් කරා ගියේය. මෙම ක්රයමයෙන් සදෙවුලෝ වැසි දෙවියෝ ඇසුහ. පසළොස් බඹලොව බ්රෙහ්මයෝ ඇසුහ. මෙසේ තුන්ලෝ වැසි දෙවියෝ දෙවිදගුහු සෙට කරන සෙරෙකම අද ම අසා “ අප බඅදඅන්ගේ සෙට මහත්වු බුද්ධ ශ්රිකයෙක් පහළ වෙයි . මනෝහරවු දෙශනාවකු දු වෙයි” යනාදින් කිය කියා උත්සවයට පටන් ගත්හ. ඉක්බිත්තෙන් සැදැහැ ඇතියෝ පස්වරු බුදුන් කරා ගොස් වැඳ “ ස්වාමිනි ! දෙවිදත්හුගේ ප්ර්යෝගයෙන් සෙට නුඔ වහන්සේ සිඟා රාජවීටීයට බට කල නාලාගිරි නම් මතැතු නුඔ කරා මෙහෙයති යි බසෙක් සැල විය. ගැත්තවුන්ට අනුග්රදහ කොට සිඟා නෙ‍ා වැඩිය මැනව. වෙහෙරට ම දත් බාම්හ” යි ආරාධනා කළහ.

එ වෙළෙහි ස්වාමිදරුවෝ “ සෙට බොහෝ දෙනාට වැඩෙක් වන වනැ යි , බුදුන්ගේ මහත්වු ආනුභාවයෙක් බෝහෝ දෙනා දක්නා වනැ යි. පෙර ප මා සසර හස්ත්යා්චාරි ව පසේ බුදුන් දැක කෙළි නිසා ඔබ කරා ඇතු මෙහෙයා භය ගන්වා කළා වු ක්රීෙඩා පාපය ද සෙට විපාක දි නිමන දවසෙක් වනැ” යි සිතා වදාරා “ඊට නිහඩ අපි දන්නමෝ වේද” යි වදාරා “ තෙපි යව” යි උපාසකරුවන් යවා තමන් වහන්සේගේ පඤ්ච මහා බුද්කෘත්යරයෙන් ඒ දිනය අතික්රාපන්ත කොට උදය කළමනා සියලු බුද්ධකෘත්යයය සම්පාදනය කොට ගන්ධකුටි ප්රනවිෂ්ට ව,රත්මෙරක් සඳවලාකඩෙකින් වසන්නා සේ තමන් වහනසේ ගේ අසාධාරණ පාංශුකුල චීවරය ධරා පාත්රඩ ධාතුව ශ්රිේහස්තයෙන් ගෙන . මහ මේගබින් නිකුත් පුන්සඳුාගේ ලිලාවට අපහාස කෙරෙමින් ගන්ධයෙන් බාහ්යපව ගඳකිළි පිරිවෙන්හි වැඩසිට , අනඳ මහතෙරුන් වහන්සේ කැඳවා “ආනාන්ද ය! මාගේ මේ වෙළුවනාරාමය පිරිවරා සිටි අටළොස් මහ වෙහෙර සඟුන් රුසුකර, අද ශ්රාුවකයන් හා සමග එකමඟ සිඟා යෙමි “ යි වදාළ සෙකග එ කෙනෙහි අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් වදාළ තෙපුල් මුදුනෙන් පිළිගෙන අටළොස් මහා විහාරයට ගොස් මෙ පවත් ශ්‍ පාවක ගණයා සැගකළ සේක.

එ කෙණෙහි පන්සියක් පන්සියක් සඟපිරිස් පිරිවරා අසු මහ සවුවන් වහන්සේ ම අවුදින් රන්මෙරක් වටා සිටගත් හිර මඬුලු අසුවක්සේ සඳමඬුලු අසුවක්සේ බුදුන් පිරිවරා සිටගෙන “ ස්වාමිනි ස්වාමිදරුවන්ගන් අදහස් ලදුමෝ නම් අද මේ හස්ති දමනය අපි කරම්හ, අපි කරම්හ, නන්දොපනන්දත දමනයෙහි මුගලන් මහ තෙරුන් නුඔ බල පෑවා සේ ම අපි අපි දු අද නුඹගේ බල දක්වා ඒ හස්තිහු දමා පෙළහර දක්වාම්හ” යි මෙසේ අසු මහ සවුවන් වහන්සේ ම වෙන වෙන ම වාසි කියා බුදුන් අතින් අවුසර ඉල්වු සේක. ස්වාමිදරුවෝ සිංහ මුළක් බලන සිංහරාජයකු සේ ශ්රාෙවකයන් මුහුණ බලා “මහණෙනි! අද බෝහෝ බුද්ධ වෙනෙය්යෙයන්ගේ මඟුල් දිනයෙක, එසේ හෙයින් තෙපි මා හා කැටි ව එව, ප්රා තිහාය්යහ පිළිවන් වේ දැ” යි වදාළ සේක.

ඒ කෙණෙහි නුවර වැසියෝ.. සංස්කරණය

ඒ කෙණෙහි නුවර වැසියෝ දෙහායක් ව බෙදි මිථ්යා්දෘෂ්ටි ගතුවෝ “ අද මහණ භවත් ගෞතමයන්ට මිහිරි කථා කියා බදා ගන්නකට මිනිසෙක් නො වේ දෝ ය. උන්ගේ සුරුකම් අද බලම්හ. දැන් දක් පර්වතයකට හසු වු මැසිපිලා වකු සේ ඇත් පයින් මිරිකා දමයි. දළින් ඇන අහසට දමා අනුන් දැමිමට රිසි පලවයි , අද අපගේ සතුරා පිටි දක්නා මඟුල් දවසෙකැ” යි කිය කියා කුල්මත් වුහ.සම්ය ක් දෘෂ්ටි ගතුවෝ බුදු බල දන්නා හෙයින් “ අපගේ ස්වාමිදරුවන්ට ඇතෙක් නම් කුමක් කෙරේ ද, ඔබ කෙළදහසක් ඇතුන්ගේ බල ඇ.ි වුව මරහුගේ ගිරිමෙවුලා නම් මතැතු පවා දණබිම අන්වා ලුහුබඳවා පුව, අද අපගේ බුදුන්ගේ මඟුල් පෙළහර දිනයෙකැ” යි කිය කියා උත්සවයට පටන් ගත්හ.

එ කෙණෙහි ම එ නුවර සියගු සත්වයෝ වැසි ගිගුම් ගත් මහ මුහුද සේ හැළළී සිට, මැසි පිට මැසි බැඳ නැඟී එ සේත් බිම් මද හෙයින්, පවුරු අටලු සඳලු මහරුක් ගේපලවල නැඟි පොළ පොළ ව උනුන් යත යතා ගැහැටි ගැහැටි මහ වේ සිස් කොට ‘වතුරු දිය නැඟු කල්හි අතුරු නැති ව අතුපතුවලට නැඟි පිරි හුන් කුහුඹු කැලන් සේ’’ ගේපල බිඳ නමා ලියන්නා සේ ගහන ව සිටියහ. එ කෙණෙහි ආකාශයෙහි සිතියම් කළ වියනක් සේ තුන් ලෙවුහි දිවු දිව්යකසේනාව ද ගැහැටි ගැහැටි සිටගත්හ. ඒ සා රාජවීටියෙහි “ ඇතු දැන්දත් අරිති, දැන්දක් අරිති” යි කිය කියා එක මනුෂ්ය“ කෙනකුත් නැති ව සිස් විය. එකෙණෙහි සමරු “අද බුදුහු නො වඩිති, සමහරු “ දැන් දක් බුදුහු වඩිති යි” කියති, සමහරු බුදුන් පෙරමඟ බලති , සමහරු බුදුන් පෙරමග බලති, සමහැරුඇතු පෙරමග බලති.

එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ කෙසරුබර සලා දි මතැතක්හු කරා දිවන කෙශර සිංහරාජයකු සේ සතලිස් දහස් පන්සිය එකාසුවක් පමණ සඬ්ඝ සමුහය‍ා පිරිවරා සවනක් රසින් තුන්ලෝ රැළි දෙවමින්, නැඟු නැඟු පියෙහි පියුම් දක්වමින් , බැලු බැලු දෙසෙහි සාධුකාර දෙවමින් ; ශ්රිි මුඛයෙන් නික්ත් දසනගරසින් සියලු ජනයන් කිරිමුහුද ගල්වමින් බැණ නැඟි බසින් කන කන අමා පුරවමින්, මහපෙළහරින් වැඩ වාසල් දොරට පැමිණ දකුණු ශ්රී පාදය ඉන්ද්රබඛීලයෙහි තබා වදාළ සෙක. එකෙණෙහි පඤ්චාගුලියෙන් දිවු මුළුනුවර ව්යාිප්ත ව සියලු සතුන් ට බුදුන් නුවරට වන් බව පහළ කෙළේ ය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ නඛරශ්මි ජාලයෙන් පරිශුද්ධ වු රාජවිටියට බැස මහසවුවන් පිරිවරා ගෙපිළිවෙළින් සිඟන්නට පටන්ගත් සෙක.

එ කෙණෙහි ඇත්ගොවුවෝ ඇතු සොළොස් කළයක් රා පොවා මත් කොට, නියපිට ගල් ගසා කොහෙලින් ඇන කුල්වා , සක් - සින්නම් බ- ඩවුර බෙර- ඩහර බෙර - ඩහර බෙර - එකවිට අතෙළව මහත් වු අර්ගල කොට ගිනිපිට තෙල් නැමුවාසේ ඇතු ඉදවුහ. එකෙණෙහි ඇත් කල්පාන්ත ගිනිකඳක් සේ කිපි මහහඩින් ගුගුරා එක පහරින් පා මැසු දම කඩා , ඇත්හල ඇන හෙළා සුණු විසුණු කොට ය මුඟුරෙන් පොළොව අපොළන්නා සේ සෙඬ බිම ගස ගසා, කඹය කඩා සොඩා සොඩ හස්සෙන් හොසවා ගෙන. ගැසු පයින් පස්කඳු කඩා පිටට දමා, දුටු දුටුවන් ලුහු බදවා හසු හසුවුවන් දළඟින් ඇන දම දමා , පවුරු කණයම් බිත්ති පදනම් ඇන හෙළ හෙළා. මහසෙණක් සේ විටිමධ්යයයට වැද ගිය. අබෞද්ධයෝ ඇත් දිවන වේගය දැක සතුටු වන්නට පටන් ගත්හ. ශ්රහද්ධාවන්තයෝ කුමකින් කුමක් වේ දෝ හෝ යි සැක සිතන්නට පටන් ගත්හ. පාථග්ජන වහන්දෑ “ද්වාමිනි! මදනැඟි ඇත් දිවන්නේ ය. ඒ නුඹවහන්සේගේ ගුණ නො දත්ති. මඳක් ඇළවෙලා වැඩ සිටියොත් යහපතැ” යි කියන සේක. ස්වාමි දරුවෝ සිනා පහළ කොට මුඛයෙන් නික්මුණු දසනගරසින් සියගු වීටීය සදමීන ඇතු ඉදිරියට සන්හුනු ගුණෙන් වඩනාසේක් මය.

එ කෙණෙහි අනඳ මහ තෙරුන් වහන්සේ දිර්ඝකාලයෙහි තමන් වහන්සේ බුදුන් කෙරෙහි අවිනෂ්ට ව කළා වු මහ පෙම් වනුරු රඳවා ගත ානාහී දෑස් පිරුණු කඳුළෙන් “ මේ ඇත් මා පළමුව මරා මුත් මාගේ බුදුන් නො මරාව” යි කිය කියා ඇතුටත් බුදුන්ටත් මධ්ය යෙහි ගොසින් සිටගත් සේක. බුදුහු “ ආනන්දධය! ඇළ ව යා , ඇළ වයා . ඇතෙක් මට කුමක් කෙරේ ද, තා බොළඳ ඇයි ද. මා බල නුදුටු විරි දැ” යි වදාරන සේක. බුදුන් එසේ වදාරතුන් අනඳ මහ තෙරුන් වහන්සේ ඇළ නො වන සේක් ම ය. එකෙණෙහි බුදුන්ගේ ආනුභ‍ාවයෙන් පොළොව කුඹල් සකක් සේ පෙරළි උන්වහන්සේ පසුකොට බුදුන් වහන්සේ පළමු කෙළේය . නැවත අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් පළමු වු සේ දැක ඇතු ළං වන සේ දැක. ඉදිරියට දිව බුදුන් පසුකොට පියා ඇතු ඉදිරුයෙහි සිටගත් සේක. එ විට ද පොළොව පෙරළි උන්වහන්සේ ම පසු කෙළේ ය. මෙසේ ම තුන් වාරයෙක්හි ම බුදුන් පසු කොට ඇත පෙරට වු සේක . තත්වාරයෙහි ම පොළොව ම සිසැරි උන්වහන්සේ පසු කොට බුදුන් වහන්සේ පළමු කෙළේ ය.


එ කෙණෙහි ප්රියය පුතකු වඩාගෙන “ ඇත් කෙළි බලමි” යි විටියට බට ස්න්රිෙයක් ඇන්තු කරේ කළ භයින් වෙවුලා මරණ සංඥවෙන් පුත්රරසංඥව සිහිකොට ගත නොහී . බුද්ධපුජාවට මග්දමක් දැමුවා සේ . පුතු බුදුන් හා ඇතු මැදට දමා තෝමෝ කෝවේයකට වැද ගියා ත. එ කෙණෙහි කුමරු අනික් ශරණක් නො දැක බුදුන් දිසා ව බලා බලා මහහඩින් හඩින්නට පටන් ගත. ඇත් ගිනි කඳක් සේ කිපි කිපි බුදුන් කරා දිවනුවේ කුමරහු දැක ඔහු කරා දිවිය. එ කෙ‍ෙණහි ස්වාමිදරුවෝ මිණිරුවනකට තුඩ දිගු කරන නාරජකු සේ කුමරහු කරා අත දිගු කරන ඇත් රජු දැක “ මා පැමිණියා වු මේ විටියෙහි මේ මද නැඟි ඇත් කිහිඹියක ගහටා මරාපි නමුත් මාගේ කවර නම් බුද්ධානුභාවයෙක් දැ” යි සිතා වදාරා තමත් වහන්සේගේ කරුණා නමැනි අකුස්සෙන් පැහැර ඇතු රඳවාලා “ නාලාගාරිය ! තා මේ ව්ට්යට හළුයේ තෙල කුමාරයා නිසා නො වෙයි . අප නිසා ය. ඌ කරා නෙ ගොස් අප කරා වරැ “ යි වදාළ සේක.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන්ගේ මධුරනාද නමැති හස්ති ක‍ාන්ත වීණා නාදය ඔහු කන වැමි යාම හා සමග ම ඔහුගේ රාමද සිඳි ගිය. එ තෙපුලු නමැති අමාහැල්ලෙන් කෝ ගිනිකඳ නිවි ගිය. එ කෙණෙහි කුමරහු හැර බුදුන් දිශාවට කරා නමා බුදුන් බලනුයේ දෙතිස් අසු ලකුණෙන් හා සිසාර සිටි බැමමඩුල්ලෙකින් හා ආකාශයෙහි පිපි වැනි ගිය තරුකැලයක් සේ පිරිවරා සිටිනා රහත් පෙළකින් හා පුන් සඳු සේ දිලියෙනසිවාමිදරුවන් ගේ ශ්රීි විභුති දැක, සඳරස් දුටු කුමුදු කැලයක් සේ සියලග සන්තොෂයෙන් පිනවමින්ි බුදුන් කරා දිව එකෙණෙහි ම හිරිඔතප් ලද නියාවට කාරණ පැවා සේ වාලධිය අමුඩු හස්සෙහි ගන්වා ගෙන, කත ගස ගසා සොඩ හකුළා හකුළා ශ්රීස පාදය සොඬින් පිරිමැද මැද බුදන් පිරිමිද බුදුන් පාම්ලල්හි වැද හොත්තෝය.

එ කෙණෙහි පාද නඛරශ්මින් අඳුන් කුලක් වන් ඇතු . ඇතු . රිදි කළක් වැනි ව ලිය නියාව ඔබගේ ම තන්ගෙවුහි ව්යාණප්ත වු යශස කිසි තනෙක්හි රඳාලිය නො හි නැවත ඔබ කරා ම අවුදින් ඔබ පාමුල්හි ම හස්තිරුප ව්යාලජයෙන් පතිත වුවාක් බ වැන්නැ යි සිතමි. එ කෙණෙහි දෙවිමිනිසුන් දුන් සාධුනාද පුජාවට තුන්ලෝ කුඩා ව ගියා යි සිතමි. සියලු ජනයන් හත් පලන් වස්ත්රා්භරණ දමන්ට පටන්ගත් නියාව දෙවියන් වස්වන රුවන් වර්ෂාව වැන්නැ යි සිතමි. නාරිලතා වෙනෙහි පවන් වේගයෙන් පන් සැලෙන කලක් සේ. රන්ලිය වන් ලියෝ . රුවන් පලඳනා කඩා දමන්නට පටන් ගත්හ. දහස් ගණන් වු උත්තමාංගනාවන්ගේ කොඳ කැකුළුවන් දන්තා පංක්තින් පෙනෙන නියාව බුදුන්ගේ යසරුසු කට දක්වා උකා බිපු වේලෙහි මුඛයෙන් ඉතිර ඉතිර වැගිරෙන්නාක් වැන්නැ යි සිතමි. දහස් ගණන් යෞවන ස්ත්රිකන් උපන් සන්තෝෂයෙන් උතුරුසළු දමාපයොධර භාරයෙන් ඇතු පිරිවරා සිමිනා නියාව මල්සළුහෙළා මල් සුවඳින් පුදා ගහන ව සිටිනා රන්පොරුවින්නක් වැන්නැ යි කියාත් සිතමි.


පෙර ඒ ඇතු දුටු කලහඬ ගසා ඒ ඒ දිගිහි දිවන කුඩා කෙලි කොල්ලන් දිව අවුදින් ඇතු කෙරේ භය නැති ව අත්සුං ඇතුපිට ඔබ ඔබා ඇතු ඇඟ වැතිර සිටිනා කෙළනා නියාව හස්ති නමැති මහාජඹුවෘෂය සිසාරා පැන නැගි ස්වර්ණාඬකුර සමුහයක් වැන්නැයි කියාත් සිතමි . රිදී කුළුවල හංසපැටවුන් කෙළිනාසේ භය නැති ව දළඳ වැළඳ ගෙන කෙළනා බාල දරුවෝ කෙනෙක් දෙන ද - තුඹසක් පිමම නැඟි අවු තපිනා නයින් දහස් ගණන් සේ පිනින් පිනා ඇත පිටට කඩා දමාපු ඒ ඒ තැන්හි රැළි දි තිබෙන මුක්තාභාර කෙතෙකැ යි කියම් ද, එ දවස් සත්ත්වයන්ට උපන් සන්තෝ්ෂ හා කරන උත්සව හා බුද්ධපුජා හා ඔල්වරසන් හා අත්පොළසන් හා වෙන වෙන කියම් නම් මාගේ සියක් දහස් ලක්ෂගනණන් මුඛ නැති හෙයින් එත මුඛයෙකින් කියා තිමවාගත නො හෙම් මය. එ නුවර අටළොස් කෙළක් මනුෂ්ය යන් තුන් ගවුවක් දිග ඒ එක රාජ වි ටී කෝවෙහි කෙසේ සැලසී සිටි බවත් නො දනිමි , තුන්ලෙවුහි දෙවියන් ඒ එක නගරාම්බයෙහි කෙසේ සිටි බවත් නෙ‍ා දනිමි. මිථ්යා දෘෂ්ටි ගතුවන්ගේ මුහුණු හැඹුල් මැඩගත් දෙසිගෙඹි සේ* හැකිළ ගියේ ය. සම්ය ක් දෘෂ්ටි ගතුවන් මුහුණු හිරි රස් දුටු මහපියුම් සේ පිපි ගිය.

දෙසිලෙලි  සේ - ඇතැම්

එ වේලෙහි ස්වාමිදරුවෝ කඑ මලස්නෙක රත්පියුමක් තපන්නා සේ ඇතුන්නුඹ මතුයෙහි සුරක්තවු ශ්රීි හස්තය තබාලා “ තව ද අද්භුත වු පෙළහරක් ලෝකවාසීන්ට දක්වා මේ තිරිසන් වු ඇතු කථා කරවා ඕහට පන්සිල් දෙමි” යි සිතාලා තමන්වහන්සේ දැන් පුදු වු කල තබා පෙර සසර දි ගොම පැමිණියන් ලවා අස්සක රජු හා කථා කරපු මහත් වු ආනුභාව ඇති හෙයින් “ මේ ඇත් තමාගේ තිරිසන් භාෂාව හැරපියා මනුෂ්යෙ භාෂායෙන් හැමදෙනා තේරන සේ පන්සිල් ගනිව “ යි අධිෂ්ඨාන කෙට ලා “ දරුව නාලාගිරිනි! පන්සිල් ගනුව” යි වදාළ සේක. එ කෙණෙහි නාලගිරි ඇත් මනුෂ්යග භ‍ාෂායෙන් හැම පිරිසට ඇසෙන සේ “ යහපත ස්වාමිනි” යි කි ය. එ බස හා සමග අටළොස් කෙළක් මනුෂ්යෙයෝ එක පැහැර ම සාධකාර දුන්හ. දෙවනු ව “ බුදුන් සරණ ගනැ” යි වදාළ සේක. ඇත් “බුදුන්සරණ ගනිමි ස්වාමිනි” යි කිය. “ දහම් සරණ ගනැ” යි වදාළ සේක. ඇත් “හම් සරණ ගනිමි ස්වාමිනි” කියා. “ සඟුන් සරණ ගනැ” යි වදාළ සේක. ඇත් “ සඟුන් සරණ ගනිමි ස්වාමිනි” යි කීය. “ පණිවායෙන් විරමණය කරව” යි වදාළ සේක. ඇත් “ පණිවායෙන් විරමණය කෙළෙමි ස්වාමි” යි කිය. “ අදත්තාදාන විරමණය කරව” යි වදාළ සේක්. ඇත් “අදත්තාදාන විරමණය කෙළෙමි ස්වාමිනි” යි කිය. “ පරදාර විරමණය කරව” යි වදාළ සේක. ඇත් “පරදාර විරමණය කෙළෙමි ස්වාමිනි” යි කියා. “මුසාවාද විරමණය කරවා” යි වදාළ සේකත ඇත් “මුසාවාද විරමණ කෙළෙමි ස්වාමින්” යි කියා “ සුරාපාන විරමණය කරවා” යි වදාළ සේක. ඇත් “සුරාපාන විරමණය විරමණය කෙළෙමි ස්වාමින්” යි කියා. මෙසේ ඔහු ශරණශිලපඤ්චශීපයෙහි පිහිටුවා ස්වාමිදරුවෝ දෙමිනිසුන්ගේ තව ද ධමිලොහය ඇති සේ දැන මහ පිරිසට බණ වදාරා එ කෙණෙහි සුවාසුදහසක් ප්රා ණින් අමාමහ නිවන් දක්වා ලෝවැඩ කොට වෙළුවනාරාමයට ම වැඩි සේක. නාලාගිරි ඇත් ද එ තැන් පටන් සැදැ ඇති සුශික්ෂිත හුදියකු සේ රා බින්දුවක්ත් නොඛි, ප්රා ණයකුත් නො නසා. පඤ්චශිලය - ශරණශිලය අඛඩකොටම රක්ෂා කෙළේ ය.


මෙසේ මහත් වු පෙළහරින්.. සංස්කරණය

මෙසේ මහත් වු පෙළහරින් දෙවිනිසුන් විසින් කරන ලද පුජා ලබන පින් බල ඇති හෙයිනුත් . නාලාගිරිහු වැනි තිරිසනුන් පවා දමා ඔවුන් විසින් දිවි පමණින් කරන ලද ප්රාතිපත්ති පුජා ලත් හෙයිනුත්, එසේ වු පුජා විඳිමට සුදුසු හෙයිනුත් , මාගේ බුදුහු මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක.

ඉක්බිත්තෙන් ස්වාමිදරුවන්ගේ මේ අසාධාරණ වු පෙළහර දුටු රජු කෙරෙහි වලල්ලභවු අමාත්‍යයෝ එ දවස් රජු කරා ගොස් බුදුන්ගේ ගුණ වණීනාකොට, දෙවිදත්හුගේ නුගුණ වණිනාකොට , “ දේවයෙනි! දුර්ජන වු දෙවිදත්හුගේ බසින් තොප බුදුන්ට අනරිථ කරන සේ නපුර, ඔහුගේ ම සමවායෙන් පිතෘඝාතක කමිය කොට දැන් අචචච්ච් මහා නරකයට නිසැලී සිටියව, දැන් බුදුන්ට ද අනර්ථ සිතා ඊටත් වඩා පවු රැස් කරවා, තොපි ‍තොපි තොප නසන සතුරකු වැනියව. දෙවිදත් තොප නසමි යි ආ සතුරකු වැනියේය. දෙවිදත් නමැති කුඩා කොල්ලා සිත් සේ කෙළනා වු තෙපි , පෙතැලි රුවක් වැනියහ. දෙවිදත් නමැත් ළදරුවා අතට පැමිණි තෙපී ලාලි වටක් වැනියව, කපුටුවන්ට කෙ‍ාසඹ පක් අමා වුවා සේ . දෙවිදත්හුගෙ ගුණ තොපම ම මිහිරි වු සේ මැනැවැ” යි නො එක් ප්රයකාරයෙන් බැණ රජහු ලජ්ජා කැරවුහ. එකල අජාසත් රජ මහත් වු ලජ්ජා ඇතිව දෙවිදත්හට කිපි ඕහට තමාගේන් දවස්තා දෙන පන්සියක් බත් වසන් පි ය එතැන් පටන් දෙවිදත් ලාභයෙන් පිරිහිණ . ලාභය පිරිහුණු හෙයින් පන්සියක් පර්ෂද් ඒ ඒ දිග්හි ඔහු හැර ගියහ. එසේ හෙයින් පරිවාරයෙනු දු පිරිහිණ.

දෙවිදත් එ කල එකලා ව වසුන් සුන් දා සුසුම් ලලා නුවර සිඟා ගිය, එ කල නුවර වැසියෝ මොහු දැක “තවත් මේ නුවර ඉඳ බත් කයි දැ” යි කිපි ගප් ගසා පාත්රිය බිඳ පිටතට නෙරියනහ. දෙවිදත් අනික් වදනා අතක් නැතිව “එතෙකින් බුදුන් මුදුන් මුත් මට අන්ක් රක්ෂාවෙක් නැත. පොළොව පැකිළි හුණුවන්ට එම පොළොව මුත් අනික් සරණක් නැත්තා සේ. බුදුන් මුත් අනික් සරණෙක් නැතැ” යි ඉස පණු හුණු ශුනකයකු ගස්ව ගස්වා වදනා සේ, අලජ්ජාව නැවත බුදුන් ම කරා ගොස් වාසය කරනුයේතව ද, තමා කළ කම් බෝහෝ හෙයින් බුදුන්ට ආසාතම කරනුයේ “ සංඝයා හෙද කෙරෙමි” යි සිතා කෙකාලික ය, කටමොර තිස්සය, ඛණ්ඩදෙවි පුත්ර ය, සමුද්ද දත්ත යයි තමන්ගේ මන්ත්රීමවරුන් සතරදෙනා එක්කොට ගෙන මන්ත්ර ණය කරනුයේ “ බුදුන් මරා බුදුරජය ගත නො හෙන බැවින් සංඝයා භෙද කොට ගෙන අපි හැම වෙන් ව පලා ගොස් බුදු වම්හ” යි කියා “ තෙපි හැම මට සහාය වු නම් තොපිට ද වෙන වෙන ම සථානාන්තර දෙමි” යි කීය. එකල ඔහු සතර දෙන “අපි තොප කිවක් කරම්හ.අප හැරගෙන සිත් සේ බුදු වව” යි කිහ.


එ වේලෙහි දෙවිදත් “ නිකම් අප ඇම ගිය කල කාරණ නෙ වෙයි ,බුදුන් කෙරෙහි වරදක් පිහිටුවා යම්හ, අනික් වරදක් යොදා ගත නො හැක්ක, ගලින් පැන් උනවා ගත නො හැක්කා සේ බුදුන් ගෙන් පැබගත නො හැක්කාවු පස්මහ වරයක් ඉල්වම්එ. එකල බුදුහු ඒ වර නො දෙති, ඒ ව්ය ජයෙන් බුදුන් හැර යම්හ” යි මන්ත්රුණය කොට එ දවස් බුදුන් කරා ගොස් බුදුන් වැඳ එකත් පස්ව හිඳ දෙවිදත් මහතෙර බුදුන්ට මෙසේ දැන්වුහ: “ස්වාමිනි! බුදුරජාණෙන්! මුරයෙන් මුරයෙහි ම නුඹවහන්සේ මා ඉල්වු වරයක් ම නො දෙන සේක. සුදොවුන් රජාණන් බෑනණුයෙමි, බුදුන්ගේන් වර ලැබීමට අයෝග්ය යෙකිම් නො වෙමි , පස්වරයක් ඉල්වා ආයිමි’ ඒ පස් වරය මට දි වදාළ මැනැවැ” යි කිහ.

ස්වාමිදරුවෝ ඔවුන් තබා මුළු සක්වල සත්ත්වඅයන් සිතු සිත් තමන් වහන්සේ දැන ගන්නා හෙයින් ම ඔහු කි බස හා සමග ම ඔහු සිතු සොරකම් දැන වදාරා මඳක් සිත‍ා පහළ කොට “ කියා බල ගැ” යි වදාළ සේක. එ වේළෙහි දෙවිදත් මහතෙර “ ස්වාමින්! මේ ලෝකවාසීහු රූක්ෂ වු ප්රෙතිපත්ති පුරන භික්ෂුන් කෙරෙහි ඉතා ප්රැසාන්නයහ. එසේ හෙයින් පෝවැස්සන් බුදුන්ගේ ශාසනයෙහි ප්ර‍සාද කරන්නා වු වරපසක් ඉල්ලමි, කෙසේද යත්? ශාසනය පවතිනා යම් කාලයක් දක්වා හැම හික්ෂුන් ම ආරණ්යෙකාඬ්ගය ම පුරා වලු වාසයෙහි ම වා සය කරන පරිද්දෙනුත් , ග්රාමම්යාවාසයෙහි වාසය නො කරන පරිද්දෙනුත් ශික්ෂාපදයෙකින් මට වරයක් දි වදාළ මැනැවැ” යි කිහ.


එ වේලෙහි ද්වාමිදරුවෝ අතිතයෙහි බුදුවු අනන්තාය්යදන්තවු බුදුනු දු නො පැනවුවා ශික්ෂාපදයක් ම හෙයින් පෙම්බර මවක සේ තමන් වහන්සේ ගේ සියලු සංඝයා කෙරෙහි උපන් මහ කුළුණු ඇති ව “ දෙවත්තය! තා ඉල්ලු වරය මිරිගු සොයා ඇවිදිනා වු මෘගයකු සේ බුදුන්ගේ නො ලබන්නාවු වරයක් මය. මාගේ ශාසනය බෝහෝ කලක් නො පවත්තා වු සසුන් නැමති දිව්යාදෘමයට කෙටේරියක් බඳු වු අවැඩ කරු වු වරයෙක් මය. කාරණ කිම යත්? මාගේ ශාසනයෙහි දහම් අමා උකා බි උමතුව, තමන් සුබුමාල බවු නොදැන මහණ ව . මහණ ධම් පුරන්නා වු රජ - බමුණු - වෙළඳාදි සුඛුමාලයෝ පමණ නැතියහ. ඔහු මතුමාලෙන් යටිමාල නො හැඳින පියුම් සේ වැඩියාහු වන කෙසේ වැස සිත් අලවා ගනිද්ද, මාගේ දහම් අමායෙහි මත් ව මවුන්ගේ තන වගින් තුජුහැර මවුන් පියන් හඩව හඩවා මාගේ සසුන් වැද මහණ ව වසන්නා වු සුඛුමාල කුමරුවන් හා කුමරියෝ වල් වැද මැසි මසුරු පිඩාවෙන් කෙසේ වම් සිත් එකඟ කෙරෙද්ද?

තවද: ජනසඤ්චාරයෙන් දුරු ව වැසලිය නො හෙන අති ගිලන් භිස්තිකාන්ත වීණාවෙහි වැස කෙසේ දවස් යවද්ද. හස්තිකාන්ත වීණාවෙහි ප්රෙලුබිධ වු හස්තින් සේ . මාගේ ශ්රාිවකයන්ගේ ධම්සාකච්ජාවෙහි ඉතා ප්රතලුබ්ධ වු අති ශ්රරද්ධාවන්ත වු රජබිසෝවරුන් ආදි ශ්රීමවන්ත ස්ත්රී පුරුෂයෝ තමන් තමන් කැමති විට ඔවුන් කරා ගොස් තමන් සිත් සේ ලාච්ජා පුතිපෘච්ජාවෙන් පින් රැස් කරන්නාහු ආරණ්යායට ම සිතු සිතු විට කෙසේ නම් ගොසින් පින් රුස් කෙරෙද්ද. වේ මේ කාරණයෙන් තා ඉල්ලු පළමු වන වරය ම ලොක ශාසන නමැති මහා ශාලික්ෂෙත්රමයෙහි දරහඩ බඳනා සේ ය. විය්යෂ අති කෙනෙක් රෝග නැති කෙනෙක්, ළදරු නො වන කෙනෙක්. කැමැතියෝ නම් ආරණ්යකයෙහිත් , ළදරු නො වන කෙනෙක් , කැමැතියෝ නම් ආරණ්යකයෙහිත් වෙසෙති. අවශෙෂවු සුඛුමාල මාගේ ශ්රාආවයෝ ග්රා්මාන්ත සෙනාසනයෙහි ම වෙසෙති . යමෙක් ගම වේව යි , වග වේව යි, සෙග වේව යි, ගල්දුදුපෙක වේව යි . මට ම රාමණෙය්ය, භුයිය” යි වදාරන සේක:-

ගාමෙ වා යදිවා රඤ්ඤෙ - නින්නෙ වා යදි වා ථලෙ,

යත්ථ අරහන්තො විහරන්ති - තං භුමිං රාමණෙය්යලකං- යි.

එ වේලෙහි දෙවිදත් මහතෙර සිතින් සමාධිව දෙවන වරය ඉල්වන්නාහු “ එ බැවින් ස්විමිනි! ලොකවාසිහු පිණ්ජපාති කාංගය පුරන්නවුන් කෙරෙහි අති ප්රිසන්නයහ. සියලු භික්ෂුන්ට පිණ්ඩපාතිකාංගයෙහි අනුභව කරන පරිද්දෙනුත් , වෙහෙරට ගෙන ගෘහපති භෝජනයක් නො වළඳන ලරිද්දෙනුත් ශික්ෂාපදයක් පනවා වදාළ මැනැවැ” යි කිහ.


එ වෙලෙහි දු මාගේ ස්වාමිදරුවෝ පුර්වබුද්ධවරිත බලා අප්රෂඥප්ත වු වරයක් බවු දැන “ තා ඉල්වු ඒ වරය ත් සඳට අත දිඟු කළා සේ බුදුකෙනෙන්ගේ ලැබිය යුතු වරයෙක් නො වෙයි , මේඝ පුරුෂය! ගිලන් භික්ෂුහු දවසින් සවස කෙසේ සිඟා ඇවිදිද් ද. පඅත්ර ය ධපාධ්යාෂයයන් හැර බැහැර යා නෙහෙන්නාහු කෙසේ භික්ෂාටනය කොට ජිවත් වෙත් ද. ආගන්තුක - ගමිකාදි නො එක් දනයෙන් පින් රැස් කරන්නාවු නො එක් කුල ලුතුයෝ ඒ බත් කවුරුන්ට දන් දි ලින් පුරා ගනිද්ද. ඔහු කෙසේ නම් ගැළවෙද්ද. මෙමේ කාරණයෙන් ඒ වරයත් ඒ වරයත් ලෝක - ශාසන නැමැති රස උක් වනයට මඤ්ජෙෂ්ටිකා නම් වු රෝගය සේ ශාසනය නො පවත්නා වු වරයෙක. එයි දු තට නො දෙමි” යි වදාළ සේක.

තවද: දෙවිදත් සිතින් සමාධි ව.. සංස්කරණය

තවද: දෙවිදත් සිතින් සමාධි ව අනික් වරයක් ඉල්වන්නාහු “ ස්විමිනි! පාංශුකුල චීවර ධාරි වු ශ්රානවකයක් කෙරෙහි සත්ත්වයෝ අතිප්ර සන්තයහ. එසේ හෙයින් භික්ෂුන් ම සොහොන් කජින් ම සිවුරු කොට වැළඳ පැංඟුකුල චීවරයන් ධරන පරිද්දෙනුත් අවශෙෂ වු වස්ත්රැයෙන් කළ ගෘහපති චීවරයක් පිළි නො ගන්නා පරිද්දෙනුත් අනුදත මැනැවැ” යි කිහ.

එ වේලෙහි දු ස්වාමිදරුවෝ පුර්ව බුද්ධවරයන් එ බඳු වු ශිකිෂා පදයක් නො පැන වු බවු දැන තා ඉල්වන්නාවු වර නම් ගලින් පැන් උනවාගත නො හැක්කා සේ බුදුන්ගේ නො ලැබෙන්නාවු වරයෙක, මාගේ සසුන් වන් මළ මිනියකුන් නුදුටු විරූ කුලපුත්ර,යන්ට මිනි දුටුකළ ප්රමතික්කුල වෙයි , භම උපද්දි . සොහොන්කඩ ද එසේම සමහරුන්ට ල්ර්නික්කුල වෙයි , ඒ නිසා සමහරුන්ට ව්යොධි වෙයි, එසේ කල ඔවුන්ගේ ධ්යාසනභාවනාවට බාධක වෙයි. යම් කෙනෙක් එ බඳු වු චරිත ඇතිව විය්යීර ඇතියාහු නම් එයින් පුරත් ම ය. අශක්ති කෙනෙක් ගෘහපති චීවර්ත් පිළිගනිත් මය. තව ද එසේ ම භික්ෂුහු පාංශුකුල ම ගනිත් නම් ශ්ර ද්ධාවන්තයෝ මාගේ ශ්රාේවකයන්ට උතුම් උතුම් වු වස්ත්රශදානවන් දි අප්රගමාණ සු දිව්යාලොක- මනුෂ්ය ලොක සම්පත් කෙසේ ලැබ ගනිද් ද්, දිමේ මේ කාරණයෙන් තා ඉල්වු ඒ වරයත් ලෝක ශාසන නමැති මහ ඇල්කෙත ශ්චෙතාස්ටිකා නම් රෝගය වැන්න. එයි දු තට නො දෙමි” යි වදාළ සේක.


එ වේලෙහි දු දෙවිදත්තෙර සොරසිතින් සමාධි ව සතර වන වරය ඉල්වන්නාහු “ එ සේ වී නමි ස්වාමිනි! හැම භික්ෂුන් ම හැම කාලයෙහි ම රුක්මුල්වල හිඳ ධ්යාවන භාවනා කොට වෘක්ෂාමුලිකා ඩ්ගය ම පුරණ පර්ද්දෙනුත්, තණින් මෙවු ගෙයකට නො වදිනා පරිද්දෙනුත් ශික්ෂාපදයක් පනවා වදාළ මැනැවැ” යි කිය.

එ වේලෙහි ද ස්වාමිදරුවෝ පුර්වබුද්ධවරයන් කෙරෙහි නො පැවැත්තාවු වරයක් බවු දැන “තා ඉල්වන්නාවු වර නම් සුළඟට දැල් බඳිනා සේ ලැපගත නො හැක්කා වු වරයෙක් මය. මාගේ ශ්රා වකයෝ වෂාකාලයෙහි රුක්මුල්වල කෙසේ දවස් යවද්ද , මැසි මදුරු - අවු- සුළං ලාන සුඛුමාල වු භික්ෂුහු කෙසේ කෙරෙද්ද, ආවාස දන් දි බෝහෝ පින් ලැබගනි ද්දත එබඳවු වීය්යනවන්තවු ශ්රා වක කෙනෙක් වර්ෂා සාරමස හැර නියං අටමස වෘක්ෂමුලිකාඬ්ගයත් පුරත් මය. එසේ පුරාගත නො ගෙන කෙනෙක් තෘණ කුටියෙහිත් වෙසෙත් ම ය. ප්රාසසාදාදි යෙහිත් වෙසෙත් ම ය. මේ මේ කාරණයෙන් තා ඉල්වු ඒ වරයද ලොක ශාසන නමැති මහ සඳුන් රුකට නරාවක් සේ ශාසනස්ටීති යට ප්රනතිපක්ෂ වු වරයෙක, එයි දු නොදෙමි” යි වදාළ සේක.

එ වේලෙහි දු දෙවිදත් මහතෙර අනික් වරයක් ඉල්වන්නාහු “එසේ වීවම් ස්වාමිනි නො එක් ලබිධිගතුවා වු සත්වයෝ ද මත්ස්ය“ මාංසානුභවය නො කරන්නාහුය, ලොකවාසීහු ද මත්ස්ය‍මාංසානු භවය නො කරන්නාවුන් කෙරෙහි ඉතා පහදිති, නුඹවහන්සේගේ ශාසනයෙහි භික්ෂුන් මත්ස්ය මාංස අනුභව කරනු ඉතා නොයෙදෙයි . එසේ හෙය්න් මිථ්යා දෘෂ්ටිහු ද ශාසනයෙහි නු ගුණ කියති, ශාසන යට ම වැඩ පිණිස සියලු භික්ෂුන් ම මත්ස්යෙමාංසානුභව නො කරන්නේ ය යි කියා ශික්ෂාසද පනවන්නේ ය “යි කිය.

එ වේලෙහි දු ස්වාම්දරුවෝ පුර්වබුද්ධවරයන් එ බඳුවඅ ශික්ෂා පදයක් නො පැන වු බවු දැන “තා ඉල්වන්නාවු වර නම් පර්වත පෙළා පැන් නොලබන්නාසේ සර්වඥවරයන්ගේ ලැබගත නො හැක්කා වු වරයෙක් ම ය. දෙවදත්තය! අනුන් පිටිමුව හෙලිගෙන ගමන් යන ජාත්යදන්ධයන් සේ සර්ව ඥවරයන්ට වඩා තුශලාකුශල ධම්යන්ගේ විභාගයෙහි සාරය දන්නා සත්ත්වකෙනෙක් නැත්මය, එසේ හෙයින් කැවානට පාපයෙක් චේනම් මහාකර්ණා සම්පන්නවු බුදුහු වරද ය යි හරවන්නාහු ය. මේ ලොකයෙහි ආහාර විහාරදි චතුර්විධ වු ප්රයත්යයය දාන දුන්නා වු ශ්රාහවකයන්ට හා සම නොවන්න‍ා සේ මාංසය ද මාරුවාතට වු පාපය. කැවානකට තැත්තේමය, යමෙක් ලොභය නුපදවා මේ ජිවිත බ්ර හ්මචය්යාතව රක්ෂා කරන්නාහු අනුභව වස්ගුවෙක් වනැ යි දිවි රකුම්හ යි සිත සිතා අනුභව කළාහු වු නම් පවු නැත්තේ මය. එසේ හෙයින් මාගේ ශ්රාවවකයෝද යම් යම් දෙශයෙක, යම් යම් චීපයෙක . යම් යම් දෙයක් අනුභව කොට සත්ත්වයෝ ජිවිතවෘත්තිය කෙරෙත් නම් ඒ ඒ භෝජනයන් අනුභව කොට ශාසනය රක්ෂ කොට ලෝ වැඩ කරන්නාහු මයග එසේ හෙයින් ත්රි කොටි පරිශුද්ධ දශවිධ වු මාංශ යෙන් පිටත් වු කප්පිය මාංශය අනුදනිම් ම ය. ඒ වරයත් නො දෙම් ම ය” යි වදාරා මෙසේ පස් මහ වරය ම නෙ‍ා ගිවිස “ මාගේ ශසනයෙහි ශිකිෂාපදයන්ගේ නිමාම නම් නිර්වාණ කෙළවර කොට ඇතියේය, එසේහෙයින් සමහැරු අරණය කෙළවර කොට ඇතියේය, එසේහෙයින් සමහරු අරණ්ය යෙහි චැස භාවනා කොටත් රහත් වෙති, සමහරු ග්රායම්ය වාසයෙහිත් දිව්ය සමාන මහ පාමුදුන්හි යහන් මතුයෙහි හිඳත් ඒ ඒ අරමුණෙන් රහත් වෙති. සමහරු පිණ්වපාතිකාඩ්ගය පුර පුරාත් රහත් වෙති, සමහරු ගෘහ පති භොජන වළඳාත් රහත් වෙති, සමහරු පාංශුකුල වීවර ධරාත් සුසානභුම්යාකදියෙහිත් රහත් වෙති. සමහරුගෘහපති චිවර ධරා හිඳත් රහත් වෙති, සමහරු රුමුල්ඟි හිඳ භාවනා කොටත් රහත් වෙති. සමහරු විහාර සෙනාසනාදියෙහි හිඳත් රහත් වෙති.සමහරු මත්ස්යාමාංසානුභවයෙන් යෙදිත් රහත් වෙති, සමහරු අවශෙෂනුභවයෙන් යෙදිත් එසේ හෙයින් මේ මේ කාරණයෙන් බුදුන්ට ප්රදයෝජන නම් . බුදුන් ලොකයෙහි පහළා වුයේ නම් සත්ත්වයාට නිවන් අමා දෙන නිසා ය යමෙක් නිවනට බාධක වි නම් එ සේ වු වරද සර්වඥවරයේ වළන්නාහු මය. යමෙක් මාර්ගා වරණය නො කෙරේ නම් එසේ වු වරද සර්ව ඥවරයෝ වරදට නො ගන්නාහු මය.: එසේ හෙයින් ඉල්වු වර පස ම බුදුහු නො දෙත්” යි වදාළ සේක.

එ වේලෙහි දෙවිදත් මහතෙර තමන්ගේ කොකාලිකාදී සතර දෙනා මුහුණ බලා සොර හිගිලා සිතින් සමාධි ඇතිව හුනස්නෙන් ලැනනැඟි බුදුන් වැඳ “ ස්වාමිනි! නුඔ වහන්සේ මා ඉල්වු යම් යම් වරයක් නොදී වදාරන සේක් ම ය. මා කෙරෙහි සරුවක් නැතිසේක් මය” යි කියා තමන්ගේ විහාරයටම ගෝස් බොහෝ අඥනයන්ට තමන් රුක්ෂ ප්රයතිපත්තිායන් බුදුන් අතින් වර ඉල්වු නියාවත්, ඒ වර බුදුන් නුදුන් නියාවත්. “මෙයින් මතු අපි අපි ම එ පිළිවෙත් පුරම්හ; අද පටන් මම ද වෙන ද බුදුකම් කෙරෙමි” යි කියා අලුත අලුත මහණ වු , පෘථග්ජන වු කුසල් ළා වු , මහණුන් ලා නො එක් දුර්මන්තුණ කොට පන්සියක් මහණුන් උගන්වා ගෙන තෙමේ චුර්මන්ත්ර්ණ කොට පන්සියක් මහණුන් උගන්වා ගෙන තෙමේ වෙන්ව තොස් සඩ්ඝභෙදක්ඛන්ධයෙහි කි පරිද්දෙන් සංඝයා භෙද කොට , තෙමේ වෙත ම පොහෝ පවුරුණු කොට, එයින් ගයා නම් ගංගාව සමිපයෙහි වෙහෙරක් කරවා එහි තෙමේත් බුදු විමි යි කිය කියා බුදුන් සැටියට දවස් යව යි.

එ කල ස්වාමිදරුවෝ ඔහු උගන්වා ගෙන ගිය පන්සියක් මහණුන්ගේ නුවණ පිර් හුන් බවු දැන සැරියුත්- මුගලන් දෙදෙනා වහන්සේ කැඳවා “තෙපි දෙදෙන පලා ගොස් දෙවිදත්හුගේ මහණුන් ගෙනෙව” යි වදාළසේක. එ කල අගසවු දෙදෙනා වහන්සේ ගොස් දෙවිදත්හුගේ ආරාමයට වත් සේක. එ දවසු දු දෙවිදත් තමාගේ මහණුන් දෙපෙළ හිඳුවා ගෙන තෙම් ධමාසනයෙක පැනනැගි සිංහකුගේ වික්රෙම පානා ශෘහාලකු සේ. බුදුන් සේමබණ කිය යි . එ වේළෙහි අගසවු දෙදෙනා වහන්සේ ආරාමයට වදනා දුටු භික්ෂුහු ගොසින් දෙවිදත්හට කිහ. දෙවිදත් “ තමන් කෙරේ වසන්නට ආහ” යි සිතා සතුටු විය.


ඇළයේ හුන් කෙකාලිකයා.. සංස්කරණය

ඇළයේ හුන් කෙකාලිකයා කියනුයේ “ඔහු දෙදෙන කම් භවත් ගොයුම්හට වඩා සොරහ. තොප කෙරේ වසන්නට ආහ යි නො සිතමි , තොපට විකාශයට ආහ යි සිතමි,ඔවුන් ඇතුළට නො ගන්ව” යි කිය. එ බස ට දෙවිදත් “කුමක් දෙඩයි ද, බුදු හුත් මමත් සමකුල ඇතියම්හ. මම ඔවුන්ට ගුරුකමට නොතරම්ද, මට අගසවු කමට අවු ය, සැක නො කෙ‍ාටම ඇතුළට ගන්ව” යි කියා දෙදෙන‍ා වහන්සේම ඇතුළට ගෙන ප්රි‍ය කථාකොට සැරියුත්මහ තෙරුන් වහන්සේ තමහට දකුළණත ආසනයෙක හිඳුවාගෙන. මුගලන් මහ ‍ෙතරුන් වහන්සේ මවත ආසනයෙක හිඳුවාගෙනඅඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමින් මාරුවට කෝකාලික මහල්ලා තමහට පිටිපස්සේ හිදුවාගෙන . එතෙකින් තෙමේ සැබවින්ම බුදුව ගියෙමි යි සිත සිතා තෙමේ තමා බවු නො දන්නේ බණ ය යි කිය කියා තමා කටට ආ යම් ම දෙයක් දොඩා විඩාය ලොස් බුදුන් සේ ම මමත් ශ්රා වකයන් ලවා බණ කියවමි” යි සිතා ශාරිපුත්ර්සථවිරයෙන්! බණකියා විඩාව ගියෙමි, පිට මඳක් රිදෙයි .මා මඳක් සැතපි ගත දිතෙපි බණ කියව” යි කියාලා තෙමේ ආසනයෙන් බැස සැරියුත් ස්වාම්න් අස්නෙහි හිඳුවාලා තෙමේ ආසනය පිමිපස්සෙහි බිත්ග් බඩ වැදහෙව “හෙ හො සාරිපුත්ත! සාධු සාධු සාරිපුත්ත!! දෙසෙථ ධම්මං සාරිපුත්ත්!!!” යනාදින් බුදුන් ඔබට කරන ස්තුති සැටියට තොම්ත් සුතුති කොට කො නිඳා මහ පිඹුරකු සේ සුස්ම සුස්මා තොම් තමා කොයි හෙත් බවත් නො දන්ති.

එ වෙලෙහි සැර්යුත් ස්වාම් ආකාශ‍ ගඩ්ගාව ‍ෙගන හැර දක්වන් නා සේ . මුහුද මහරළකඳු දිවන්කාසේ . අනේක නමින් අනුබද්ධව ධම් දෙශනා කරන සේක. එ කෙණෙහි දෙවිදත්හුගේ පන්සියක් මහණු පිළිඹියාපත් රහත් ව ගියහ. ඔවුන් රහත් වු බවු දැව දෙදෙනා වහක්සේ ම පියුම් විලෙකින් අහස්කුසට නැගි රාජහංස යන් දෙදෙනක සේ ආකාශයට නැඟි බුදුන් වන දෙස බලා නික්මුණු සෙක. සොල්මනකින් එක පැහැර අහස්කුසට පැනනැගි ලිහිණි පෙළක් සේ , පන්සියක් රහත් සගහු ද උන් උන් පොළින් ම ආකාශයට පැනනැගි දෙදෙන‍ෙවෙහන්සේ පිරිවරා බුදුන් කරා ම ගියහ. එ කල දෙවිදත්හු ගේ ආරාමය සිස් විය; තව ද දෙවිදත් පරමත්ව නිද්රාහ මය.

එ වේලෙහි කෝකාලික තෙම හැම මහණුන් ගිය බවු දැක තමා හා දෙවිදත්හු එකලා වු සේ දැන තමා ම ළෙහි අත් ගස ගසා දෙවි දත්හු කරා දිව විළුඹෙන් හැන පුබුදුවා “ කොල! තෝ මා කිය මන් නො ගත්තෙහි වේ ද, තාගේ හැම පිරිස් ගෙන අගසවුවෝ ගියේ වේද , එතෙකින් තෝ බුදුකම් තෙසේ කොරයි දැ “ යි බැණ බැණ දණහිස බාල‍ා ඔහු ළෙහි කුළුපහරක් සේ ඇන්න. එකෙණෙහි දෙවිදත් හුණු ලේහැල්ලක් කටින් දමා එම ව්යාේධිය මුල් කොට ප එතැන් පටන් නවමසත් ලෙඩ ව හෙව, පසු ව තමා එකාන්ත යෙන් ම මියන බවු දැන තමා බුදුන්ට කලනො එක් අපරාධ සිහිකොට උපන් භියින් “මියන ගමනෙහි බුදුන් වැඳ ක්ෂමා කරවාගතිමි “යි සිතා “ මා බුදුන්ට කළ ද්රොකහ තොපි ම නො දනුද, බුදුහු තොප නො දක්නා සේකැ” යි කිහ. එවේලෙහි දෙවිදත්:-

“වධකෙ දෙවදත්තෙ ච - චොරෙ අංගුලිමාලකෙ,

ධනපාලෙ රාහුලෙ වෙච - සබ්බත්ත්ථ සම මානසො” යි


යනු හෙයින් “ බුදුහු මා කෙසේ අපරාධ කළත්, මා කෙරෙහි ආඝාතයක් නැනියහ” යි කායා තමා ඇඳකින් උසුළුවා ගෙන එවකට බුදුන් දෙවුරම බවු අසා ඔබ නික්මීණ.

ඔහු එන බවු අසා බුදුන් කරා ගොස් “ ස්වාමිනි! දෙවදත්තයෝ නුඔවහන්සේ දක්නට එමින් සිටියෝ ය” යි භික්ෂුන්වහන්සේ සැල කළ සේක. පුදුහු “ මහණෙන්! දෙවිදත් මා දැක්ක නෙහෙ” යි වදාළ සෙක. තවද භික්ෂුන් වහන්සේ “ස්වාමිනි! දෙවිදත්තයෝ යොදනක් අවඅ ල. දෙගවුවක් තබා අවු ල. ගව්වක් තැනට අවු ල, අඩගවුවක් පමණ තැනට අවු ල. දැන් අඩසනක් පමණ තෙන අවුල, වෙහෙරට පෙනෙන තෙනට අවුල” යනාදින් ගොසින් දන්වන සේක . බුදුහු “මහණෙනි! දෙවිදත් මා අතිත් ලස්වරය ඉල්වා ගිය තෙක් පටන් බුද්ධ දර්ශනයට අභව්යි වි ය, ඔහු කළා කම් බෙහෙව. මා සේ බුදුහු සියක් දහසෙකුත් මෙ වකට ඔහු ගෙඩෙනැගිය නො හෙති, මේ ගන්ධ මණ්ඩල මාලකයට ආනමුත් මා දැක්ක නෙ‍ාහෙයි , ඇසිල්ලෙකින් ඕහට වෙන කම් දක්නා වා දැ” යි වදාළසේක.

එකල දෙවිදත්හුගේ අතවැසියෝ ඔහු උසුළා ගෙනවුත් ජෙතවන දොරටුව සමිපයෙහි වු පොකුණ මියර මතුයෙහි ඔහු ආඳපිටින් තබාලා තුමු නාන්නට දියට බටහ. එවේලෙහි දෙවිදත් දෙවුරම් දොරටුව දැක “ දාැන්දක් බුදුන් දකිමි” යි යන උත්සාහයෙන් කම්ජවු බලයක් ලදින් මෙතෙක් දවස් නැගි සිටිය නො හෙනුයේ එදවස් ඇඳින් නැඟි දෙපස බිම තබා වෙවුල වෙවුලා හුන්නේ ය.එකෙණෙහි මහපොළොව දෙකක්ව පැළී දඹදිව යට වළන් වස්නක් ඊ ඊ මතුයෙහි තුබු අචීචී මහනරකයෙන් ගිනික‍ඳෙක් පැන නැඟී පාශයකින් බැඳුවා සේ මොහු දෙකකුල් ගත. එකෙණෙහි කකුළුවකු පණුවකු සල්වා ගලන්නාසේ දණ දක්වා ගැල නාහිය දක්වා ගැල - තතකිස දක්වා ගැල - ක්රයම ක්රිමයෙන් මෙසේ කර දක්වා ගැළපී ය.

එවේලෙහි දෙවිදත් “කොළ ! මාබ ගනුව, මා ගනුව” යි මහ හඩින් හඩ හඩා බුදුන් සඳහන් කොට “ය‍ශොධරා දේවින් බැහැණෙමි. රහග් තෙරුන් මයිලනුයෙමි , සුදෙවුන් රජාණන් බැහැණණුයෙමි. එසේ හෙයින් සාක්යෙ සිංහ වු ලොවුතුරා බුදුනි! නුඔ සුහුරුබඩුයෙමි. ගැත්තවු අපරාධ කළත්, නුඔ නැයන් බලා වී නමුත් අද මා රැක ගන්නැ” යි බුදුගුණ කියනුයේ

ඉමෙහි අට්ධීභි තමග්ගපුග්ගලං

දෙවාතිදෙවං නරදම්මසාරටීං

සමන්තචක්ඛුං සතපුඤ්ඤලක්ඛණං


යන මේ ගාථාව කියා බුදුන් සරණ ගෙන බුදුන්ට ස්තුති පුජා කෙළේය.

ඉක්බිත්තෙන් ඔහු ගෙනගොස් අචීචී මහා නරකයෙහි හෙළිය. එහි උපන් ඔහුගේ උස ම සියක් යොදුන් වෙයි. ගිනිගෙන දිලියෙන ශරිර වෙයා. ගිනි පර්වතයක් සේ දිලියෙන ඉස ද පස්විසි යොදුන, ගිනිගත් බඳ පස්විසි යොදුන, සියක් ගවු දිග සිහින් කකුල් වෙයි. සියක් ගවු දිග ගිනිකඳ වන් කලව වෙයි. දෙසියක් ගවු දිග ගිනි ගත් දෑත් වෙයි. ගිනිගෙන දිලියෙන නාඹ තල්කඳක් සා ය කිලයෙක් ළෙන් ඇනි පිටින් නැඟි පුර්වශ්විම දෙහිත්තියෙහි හැනි සිට්ටී, එසේමඅනික්ය කිලයෙක් දකුණැලයෙන් හැනී. වම් ඇළයෙන් නැඟි උතුරු දකුණු දෙහිත්තියෙහි හැනි සිට්ටී, එසේ ම අනික් ය කිල යෙක් ඉස්මුදුනෙන් ගොස් අධොභාගයෙන් නික්ම යට ය පොළොව පටන් උජය පොළොව හැනි සිට්ටි. මෙසේ නිශ්චලව වු බුදුන්ට කලාවු අපරාධයට කපක් මුළුල්ලෙහි නිශ්චල සිට විඳින‍ා ප්රේටත දුකට ම භාජන විය. බුදුහු ඕහට මේ සා මුළාවක් වන බවු දැන කුමක් නිසා මොහු මහණ කළ සේක් ද යත් ?

මේ තෙමේ බොහෝ දවසෙක .. සංස්කරණය

මේ තෙමේ බොහෝ දවසෙක බුදුන්ට වෛරි ව ම ආ බුද්ධ ද්රොෝහීය ය. එසේ හෙයින් ඉදින් මහණ නො කළහොත් ගිහිගෙයි වෙසේ නම් බුදුන්ට කරන අපරාධ මිටත් වඩා බෝහෝ වෙයි. කප් අසඬ්ඛ්යටයෙකිනුත් ගැළවුම් නැති පවු කෙරෙයි. මහණ කිරිමෙන් කරන යම් ම අපරාධයක් සොර සොර භය ගෙන ගෙන කෙරෙයි. එසේ කරණ දෙයත් බෙහෝකොට කොටගත නොහෙයි , මහණ වු හෙයින් මහණ කාලයෙහි බුදුන් දකිමි යි ආය ,පොළොව ගලන වේලෙහි චතුෂ්පද ගාථාවෙකින් බුදුන් ගුණ කියා බුදුන්ගේ සරණ ගත පඤ්චානන්තය්යීු කම්ය කළවුන්ට අචීචීය ඒකාන්ත හෙයින් බුදුන් සිහි කළත් අචීචීයෙහි හිණ. එහි බොහෝ කලක් දුක් ගෙන බුදුන් සරණ ගියා වු කුශලයෙන් අනාගතයෙහි කප් ලක්ෂයක් ගිය කල සට්ධිස්සර නම් පසේ බුදු ව, සැට අසුරක් ගැසු කලක් ජිවත්ව නිර්වාණධාතුයෙන් පිරිනිවීඅමාමහ නිවන් දැක සංසර සාගරයෙන් ගැළවෙන්නේ ය යි මෙතෙත පරික්ෂා කොට බුදුහු ඔහු මහණ කළ සේකැ යි සත්පුරුෂයන් විසින් දතයුතු.


තව ද අප බුදුන් සමයෙහි මේ දෙවිදත් මතු නොවේ යි ඔහු සේ ම වරදවා පස්දෙනෙක් මහපොළොව ගැල එම ආත්ම යෙන් අචීචී මහා නරකයට ලියාහු ය. ඔහු කවරයත්? 1උපුල් වන් මහා සථවිරින් වහනිසේ දුෂ්ණය කළාවු භාගිනෙය්ය සිටු ප්‍ුත්රනය, 2. තමා රුවට නින්දා කලැ යි බුදුන් කෙරේ ආඝාත බැඳ සත් දවසක් බුදුන්ට අනාදර බැණ වු මා ගන්දි නම් බැමිණිය, 3. මිථ්යාාදෘෂ්ටීන්ගේන් අත්ලස්ගෙන සිවුවනක් පර්ෂස් මැදයෙහි සිට බුදුන්ට අනාදර බිණු චිඤ්විමානවිකා ය. 4. බුදුන් කරෙහි ආඝාත බැඳි මෙම දෙවිදත්හු ගේ පියාණෝ සුප්රයබුඩ නම් කොළිය රජ්ජුරවෝ ය, 5. මෙම දෙවදත්තයෝ ය යි පස් දෙනෙකැ යි දතයුතු.


මෙසේ මාගේ ස්වාමිදරුවෝ මේ දෙවිදත්හු නො එක් ජාති වලද, බුදුවු ජාතායෙහි ද, අනෙක ප්රතකාරයෙන් ඔහු තමන් වහන්සේට කාරණ ලද, නො එක් වධක ප්රරයෝගයෙහි මෙසේ මෙසේ නො එක් පුජාවන් ලත් හෙයිනුත්, එසේ වු පුජා විඳිමට සුදුසු හෙයිනුත්, වැදු සුදෝවුන් මහරජාණන් කෙරෙහි ද. කඩ්වක් ඉස සිසාරා තමන් වහන්සේ මරා “ ඇඟිලි කපමි , නෙයෙ නෙයෙ මහණැ” යි කිය කියා දිවු අඟුල්මල් සොරහු කෙරෙහි ද, “පයගෙන පරසක් වළ ගසමියි හඩගසා දිවු අගවි යකු කෙරෙහි ද, මෙ සා වධක ප්රළයෝගයක් කළා වු දෙවිදත් හු කෙරෙහි ද, තමන් සහජාත පුත්ර‍ වු රහල් තෙරුන් කෙරෙහි ද, සමවු මෛත්රිත ඇති මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි

පුජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්ථානුරුපං අරහත්තිලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං -යි


මේ පුජාවලියෙහි අප බුදුන් දෙවිදත්හු නියා ලද සම මෙත් පුජා කථා නම් වු එකුත් තිස් වන පරිචෙජදය නිමි.