පූජාවලිය

-----------නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස-------------


පළමු වන පරිච්ජේදය


ඉති’ පි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසධම්ම සාරථී සත්ථා දෙව මනුස්සානං බුද්ධො භගවා’ ති. සො භගවා බුද්ධො, ඒ භගවත් වූ බුදුරජාණන්වහන්සේ ; ඉති ‘පි අරහං මුළුලෝවැසියන් විසින් කරණලද ආමිස පූජා - ප්රුතිපත්ති පූජාවට සුදුසු හෙයින් ද, තමන් රහසි ත් පව් නොකරණ හෙයින් ද, කෙලෙසුන් ‍ෙකරෙන් දුරුවූ හෙයින් ද, කෙලෙස් නැමති සතුරන් නැසූ හෙයින් ද, අවිජ්ජා-සංඛාර නමැති නාභි ඇති, ජරා මරණ නමැති නිම්වළලු ඇති, ආශ්රසය සමුදය නැමති අකුරෙන් විද, තුන් ලෝ නැමති රියෙහි යොදන ලද, සංසාර නමැති රියෙහි යොදන ලද, සංසාර නැමති චක්රසයාගේ කුශල‍ාකුශලකර්ම නමැති අර බෝමැඩ දී ම සීල නැමති පොළොවෙහි, වීය්ය් ර්‍ නමැති පයින් සිට ශ්රමද්ධා නමැති හස්තයෙන් ගත්, කර්මක්ෂයකරඥන නමැති එරසු-වෙන් පලා, සුණුවිසුණුකොට මූලොච්ජින්න කළ හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු අර්හත් නම් වන සේක.


එසේ හෙයින් කියනලදී:

ආරකත්තා භතත්තා ච - කිලෙසාරි න සො මුනි,

හතසංසාර චක්කාරො - පච්චයාදීනචාරහො;

න රහො කරොති පාපානි - අරහං තෙන පවුච්චති’යි


සො භගව‍ිා බුද්ධො, ඒ භාග්යෙවත් වූ බුදුරජාණන්වහන්සේ; ඉතිපි සම්මා සම්බුද්ධො, සංස්කාරධර්මයන් සකසා දත්හෙයිනුදු, විකාර ධර්මයන් විශෙෂයෙන් දත්හෙයිනුදු, ලක්ෂණ ධර්මයන් සංලක්ෂණයකොට දත් හෙයිනුදු, නිර්වාණ ධර්මයන් සර්වප්ර කාර-යෙන් දත් හෙයිනු දු, ප්ර්ඥප්ති ධර්මයෙන් ප්රවත්යරක්ෂයකොට දත් හෙයිනු දු, මෙසේ සියලු දතමනා ධර්මයන් නිමවා දත් හෙයිනු දු, භාවිත කළමනා ධර්මයන් විශෙෂයෙන් භාවිත කළ හෙයිනුදු, භාවිත කළමනා ධර්මයන් විශෙෂයෙන් භාවිතා කළ හෙයිනුදු, දුරුකළ මනා ධර්මයන් දුරින් ම දුරු කළ හෙයිනු දු, සියලු සත්වයන්ට ද කකරතමලක කත්රුමයෙන් අවබෙ‍ාධකරවූ හෙයින් දැ යි යන‍ාදි නානාවිධ වූ අර්ථයෙන් සම්මාසම්බුද්ධ නම් වන සේක.


වදාළේ මැනෝ:

අභිඤ්ඤෙය්යංර අභිඤ්ඤතං -භාවෙතබ්බඤ්ච භාවිතං

පහාතබ්බං පහීණම්මෙ- තස්මා බුද්ධොස්මි බ්රාබහ්මණ!යි

සො භගවා බුද්ධො, ඒ භාග්ය වත් වූ බුදුරජානන්වහන්සේ,

ඉති ‘පි විජ්ජාචරණසම්පන්නො, පෙර විසූ කඳ දැන්ම, දිව ඇස, ආශ්රසවයෙන් නැසීම ය යි යන මේ ත්රි විද්යා,යෙන් යෙදුනු හෙයින් ද, විදර්ශනා ය, මනොමය ඍඬිය,ඩ ඍඬිප්ර,භෙද ය, දිව්ය්- ශ්‍ෙ මාත්රව ය,පරසිත් දැන්ම ය, පූර්වානිවාස ය, දිව්යභචක්ෂු ය, ආශ්රය-වක්ෂ ය ය, යන මේ අෂ්ට විද්යානයෙන් යෙදුනු හෙයින් ද:- ප්රාආතිමොක්ෂ සංවරශීල ය, ඉන්ද්රිිය සංවරශීල ය, භොජයෙහි මාත්ර ඥන ය, නිදිවර්ජිත කිරීම ය, ශ්ර ද්ධා ය, ශ්රීර ය, ඔත්තප්ප ය, බහුශැතත්ව ය, වීය්ය්්ර්‍ ය, ස්මෘති ය, ප්රධඥය, සතර රෑපාවචර ධ්යාවන ය යන මේ පසළොස් චරණ ධර්මයෙන් යෙදුනු හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු විජ්ජාචරණ සම්පන්න නම් වනසේක.

සො භගවා බුද්ධො, ඒ භාග්යමවත් වූ බුදුරජාණන්වහන්සේ, ඉතිපි සුගතො, සුන්දර වූ ගමන් ඇති හෙයිනු දු, සුන්දර වූ සරීර ඇති හෙයිනුදු; සුන්දර වූ දෙශනා විලාස ඇති හෙයිනු දු; සුන්දර වූ නිවන් භූමියට සුන්දර ව ගියහෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනුදු සුගත නම් වනසේක.

සො භගවා බුද්ධො, ඒ භාග්යුවත් වූ බුදුරජානන්වහන්සේ; ඉති ‘පි ලොකවිදූ, සත්වලොකය, රූපලොක ය, අරූපලොක ය, සහශ්රීව ලොක ය, කොටි ශතසහශ්රීන ලොක ය යනාදී ලොකයන් නිමවා දත් හෙයින් දැ යන මේ ආදි අර්ථයෙනු දු ලොකවිදූ නම් වනසේක.

සො භගවා බුද්ධො, ඒ භාග්ය වත් වූ බුදුරජානන්වහන්සේ; ඉති ‘පි අනුත්තරො, ශීලයෙන් ද,ස්ථිතිප්ර ඥදි-*යෙන් ද, විමුක්තිඥනයෙන් ද, මුළුලොව තමන් ට වඩා අනික් උතුම් කෙණෙකු නැති හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනු දු අනුත්තර නම් වනසේක.

සො භගවා බුද්ධො, ඒ භාග්යනවත් බුදුරජානන්වහන්සේ ; ඉති ‘පි පුරිසදම්මසාරථී, ඛරරොම, සච්චක, නන්දොපනන්දාදී දම්යය පුරුෂයන් දමා සරණසීලයෙහි පිහිටුවා වැඩ දි භික්මවනලද හෙයින් දැ යි යන මේ ආදි අර්ථයෙනුදු පුරිසදම්මසාරථී නම් වනසේක.

සො භගවා බුද්ධො, ඒ භාග්ය වත් වූ බුදුරජානන්වහන්සේ; ඉති ‘පි දෙවමනුස්සානං සත්ථා, දෙවියන්ට ද, මනුෂ්යියන්ට ද මෙලොවින් ද. පරලොවින් ද, අනුශාසනාකොට සංසරදුර්ගයෙන් ගොඩනගා නිර්වාණක්ෂෙමභූමියට පමුණුවනහෙයින්දැයි යනමේ ආදී අර්ථයෙනුදු ශාස්තෘ නම් වනසේක.

සො භගවා බුද්ධො, ඒ භාග්යමවත් වූ බුදුරජානන්වහන්සේ ; ඉති ‘පි භගවා, දාන ශීලාදී සමත්රිාන්සත් පාරමිතාවෙන් ජනිත වූ භාග්යව ඇති හෙයින්ද; රාගාදි කෙලෙසුන් භග්නකළ හෙයින් දැ යි යන මේ ආදී අර්ථයෙනුදු භගවත් නම් වනසේක.

මෙහි “භගවත්” යනු දෙකෙක් හා බුද්ධ යනු දෙකෙක් හා අනික් සත්පද ය හා එකොළොස්පද ය අරහාදි ගුණ නවයකට බෙදුනු හෙයින් පළමුවන භගවත් යන්න හා අන්තයෙහි කී බුද්ධ යන්න ගෙන “සො භගවා බුද්ධො” යි කියා බිඳ නවපදයෙහි අර්ථ කථන ය කළහ යි දතයුතු.


එහි නවපද විභාගය දැක්වූ පූර්වාර්ථ කථාචාරීන් විසින් ‍ෙමසේ කියනලදී.


අරහං අරහො ‘ති නාමෙන - අරහො පාපං න කාරයෙ, අරහත්ත ඵලං පත්තො - අරහන්කාම තෙ නමො.


සම්මාසම්බුද්ධ ඤාණෙන - සම්මාසම්බුද්ධ දෙසනා, සම්මාසම්බුද්ධ ලොකස්මිං - සම්මාසම්බුද්ධ තෙ නමො.


විජ්ජාචරණ සම්පන්නො- තස්ස විජ්ජා පකාසිතා, අතීතානාගතුප්පන්නා- විජ්ජාචරණ තෙ නමො.


සුගතො සුගත්තානං - සුගතො සුන්දරම්පි ච, නිබ්බානං සුගතිං යන්ති - සුගතො නාම තෙ නමො


ලොකවිදූති නාමෙන - අතීතානාගතෙ විදූ, සඬ්ඛාර සත්තමොක‍ාසෙ - ලොකවිදූ නාම තෙ නාමො.


අනුත්තරො ඤණ සීලෙන - යො ලොකස්ස සුසාරථී, සාරථි පූජ ලොකස්මිං - තන්නමස්සාමි සාරථි.


දෙව යක්ඛ මනුස්සානං - ලොකෙ අග්ග ඵලං දදං දදන්තං දමයන්තානං - පුරිසා ජඤ්ඤ තෙ නමො.


භගවා භගවා යුත්තෝ - භග්ග කිලිසවාහතො, භග්ගං සංස‍ාර මුත්තෝ ‘ රො - භගවා නාම තෙ නමො ‘යි.


සදෙවුලොව එකැ‘ඟිල්ලෙන් පෑවා සේ , නවමහ බඹලොව නම් මේ ය යි කියා ඉඟිලා පෑවා සේ, නවඅරහාදී බුදුගුණයෙහි මේ සංක්ෂෙපාර්ථ නම, විස්තරවශයෙන් වනත්, - එකසක්වළෙක මිනිසුන් මහ මුහුද පැන් ඉස නිමාවාලි ය නො හැක්කා සේ, එක් රජපිරිසක් මහපොළොවෙහි පස් ඇදනිමාවලිය නොහැක්කාසේ, එක් දිවයිනෙක මිනිසුන් මහමෙර ඔසවාලිය නොහැක්කා සේ, එක් තෙලිතුඩකින් හිමව්ගල සොලවාලිය නො හැක්කා සේ, එක් සියොතක්හුගේ පතින් අහස්කුස වසාලිය නො හැක්කා සේ, එක් සතකු ඇඟිල්ලෙන් ගුවන්කුස මැන නිමවාලිය නොහැක්කා සේ , එක් රැලෙක කුහුඹුවන් ඇත් බ‍ඳෙක මස් බිඳකා නිමවාලි ය නො හැක්කා සේ, එක් ගමෙක මිනිසුන් මහගඟ පැන් උකා බී නිමවාලිය නො හැක්කා සේ, එක් රැලෙක ගිරවුන් සුවහස් කිරි ඇති කෙතක කරල් සිඳ නිමවාලිය නොහැක්කා සේ , එක් සතකු ඇසින් බුදුන් රූ බලා නිමවාලිය නොහැක්කා සේ ,එක් ශක්විතිරජපිරිසක් මහමුහුද රුවන් උකා නිමවාලිය නොහැක්කා සේ , එක් සක්වළෙක මිනිසුන් බුදුන්ගේ සතරමහ නිධානයෙහි රුවන් උකා නිමවාලිය නොහැක්කා සේ , මහා මේරුව එක්සිදුහතුකරඬුවකින් සඟවාලිය නිමවාලිය නොහැක්කා සේ , මිහිමඩල නිය අස්සේ සඟවාලිය නිමවාලිය නොහැක්කා සේ , එක් සත්වයෙකුගේ මුඛයෙන් තබා බුද්ධොත්පාදයෙක උපන් තුන්ලෙව්හි හැම නිය වතුනු දු බුදුගුණ වණ ත් නිමවාලිය නොහැක්කා සේම ය.


කීයේ මැනෝ :

සක්කා චෙ නහමඬගුලෙන - මිනිතුං සින්ධුදකං බින්දුතො,

මෙරුං සාසපභාජනෙ නිදහිතුං භුමින්නඛග්ගන්තරෙ.

කම්පෙතුං ධරණිධරං හිමධරං අහච්චතුලං සුනා,

නො චෙනාථගුණොදම්ප තරිතුං කෙනා’ පි ලොකත්තයෙ.


තව ද ඒ මහාසමුද්ර යෙහි හස්ති, අශ්ව, අහි කුණපාදි කුණපයෙක් වේය යි, කාෂ්ට-ශෛවාලාදි කස‍ෙලක් වේව යි,මැද රඳාලිය නො දී වේලාන්තයට පහකොට ඇමදා ම පිරිසිදු ව තිබෙන්නේ ය. මාගේ බුදුන්ගේ සද්සාගරයෙහිද ශ්රාසවකගණ නමැති මහරළ පංක්තීහු කෙලෙස් නමැති කුණපයන් හා පාපපුද්ගල නමැති දණ්ඩශෛවාලයන් ගිහිවෙලාන්තයට පහකොට ඇමදා ම පරිශුද්ධ කරන්නාහු ම ය. මේ තුන්වන අද්භූත ධර්මය ය.

තව ද ඒ මහාසමුද්රුයට ගඬගා යමුනාදී නානාවිධ නාමයෙන් ප්රමසිද්ධ වූ නො එක් ගඬ්ගාසමූහයෝවැද තමගේ පූර්වනාමයන් හැර සමුද්රිනාමයට පැමිණෙන්නාහ; මාගේ බුදුන්ගේ සද්ධර්ම සාගරයට ද ක්ෂත්රිඑය-බ්රාේහ්පණාදී ප්රදසිද්ධ වූ චාතුවර්ණයෝ ද, අවශෙෂ වූ චණ්ඩාල-පුක්කුසාදී ලාමක වූ නානා කුලජාතිහුද පැමිණ උතුම් වන්න හ ; මේ සතර වන අද්භූත වූ ධර්මය ය.

තව ද ඒ මහාසමුද්රය ය කමක් මුළුල්ලෙහි වස්නා ඝන මහා වර්ෂාවෙනු ත් උතුරුවා ලි ය නො හැක්ක, වර්ෂශතයහශ්රනයක් වැසි නො වස්නේ වී නමුත් අඟලක් පමණකුත් අඩු නො වේ ම ය, මාගේ බුදුන්ගේ සද්ධර්මසාගරයෙහිද අසඬ්ඛ්ය,ගණන් මණ්ඩලවල බොහෝ සත්වයන් අමාමහනිවන් දක්වතු ත් පූර්ණත්වයෙකු ත් නොපැණෙයි, කෙතෙක් සත්වයෝ නොවනත් ඌනත්වයෙකුත් නො පැණෙයි, නොහොත් බුද්ධොත්පාදයෙක උපන් කෙතෙක් නියවතුනු ත් ඔබගේ ගුණයෙන් සද්ධර්මවර්ෂා කළත්, ගුණ මුහුද උතුරුවා ලිය නො හැක්ක, නා නා ලබ්ධිගතුවන් කෙතෙක් උත්සාහ කළ ත් ඒ ගුණ මුහුද අඩුකොට ලිය නො හැක්ක, එසේ හෙයින් මේ පස්වන අද්භූත ධර්ම ය ය.

තව ද ඒ මහාසමුද්රළ ය සකල කාලයෙහි ම අනිත් රසයක් නැති ව එකවිධ වූ ලවනරසයෙන් ම විරාජමාන ය, එහෙයින් ම මාගේ බුදුන්ගේ සද්ධර්සාරය ද සර්වාකාරයෙන් අනිත් රසයක් නැති ව අමාමහනිවන් රසයෙන්ම හොබනේ ය, ප්රේ්මනිය වී ය. මේ සවන අද්භූත ධර්ම ය ය.


තව ද ඒ මහා සමුද්ර්ය මුක්තාමාණික්යා්දී නානාවිධ වූ රත්නයෙන් සශ්රී ක වි ය. මාගේ බුදුන්ගේ සද්ධර්මසාගරය ද සතර සම්ය ක් ප්රමධාන ය, සතර ඍඬිපාද ය, පඤ්චෙන්ද්රි ය ය, පඤ්චවිධවූ බල ය, ෂඩ්අභිඥ ය, සප්ත බොධ්යිඬ්ග ය, සප්ත ආය්ය්ිර්ධලන ය, ආෂ්ටාය්යනර්‍ මාර්ගය, නවලෝකොත්තර ධර්ම ය යනාදී නානාවිධවූ ධර්මරත්නයෙන් සමුපූර්ණ වූ සශ්රිඬක වි ය. ප්රේ මණීය වි ය. එසේ හෙයින් මේ සත්වන අද්භූත ධර්ම ය ය.

තව ද ඒ මහාසමුද්රහයෙහි තිමි ය-තිමිඬ්ගල ය, තිමිරපිඟල ය, අජ්ඣාරොහණය, ආනන්දිය යන‍ාදි සියලු සිය දහස් ගණන් යොදුන් දිග ඇති මහාමත්ස්යනරාජයන්ගේ විජෘම්භපයෙන් ඉතා හොබනේය, මාගේ බුදුන්ගේ සද්ධර්මසාගරයද ශාරිපුත්රො, මෞද්ගල්යාතයන, ආනන්දද රාහුලාදී මහාශ්රාසවක රාජයන්ගේ පැළඹවීමෙන් ඉතාම හොබනේ ය. එසේ හෙයින් මේ අටවැනි වූ අද්භූත ධර්ම.ය ය.

මෙසේ අද්භූත ධර්මයන් දැක අතිප්රාසන්න වූ ශ්රා්වකගණ නමැති දිව්ය් රාජ‍යෝ මාගේ බුදුන්ගේ සද්ධර්මසාගරයට වැද, සිල් නමැති නැව් නැඟී, කර්මස්ථාන නමැති රිටි හා පලුපත් ගෙණ, ශික්ෂාපද නමැති තරු ලකුණ බල බලා, ඉද්රිම ය නමැති රුවල් නගා, තිලකුණු නමැති යොතින් බැඳ රඳව රඳවා, කරුණා නමැති දිය ඉස ඉස, ප්රසඥ නමැති හස්තයෙන් ධ්යා න නමැති ක්රීිඩා කෙළි-කෙළ කෙළ, නිවන් මහසුව විඳිනාහුය. මේ ආදී කාරණයෙන් සද්ධර්මි ය. සදමුද්රස ය බඳු වූ අද්භූත ධමර්යෝන් ඇති යේ ය යි දතයුතු.

තව ද ඒ සමුද්රු ය නිමවා බැස බලා පි ම ඍද්ධිමතුන්ට විෂය ම ය, මාගේ බුදුන්ගේ සද්ධර්මසාගර ය වනාහි ඍද්ධිමතුන්ට ත් අවිෂ ය මැ යි. කාරණා කිම යත් ?

මේ ලෝකයෙහි ලොවුතුරා බුදුන්ට වඩා ඍද්ධිමත් කෙණෙක් නැත්තාහ, එසේවූ බුදුකෙණෙකුන් බුදුවූ දවස් පටන් අනි ‘කෙක නො යෙදී තමන්ගේ ආයුෂ්කල්ප ය මුළුල්ලෙහි එක් බුදුකෙණෙකුන්ගේ ගුණ මුහුද වැද හලලා ගුණ වර්ණනා කරත්හු නම් කප ගෙවේ ම ය, ප බුදුගුණ නො ගෙවේ මැයි; මේ මේ කාරණයෙනු දු බුදුගුණ නිමවා වනන්නට ඍද්ධිඥන ලදුවන්ට ත් අවිෂය ම යයි දතයුතු.


වදාළේ මැ‍නෝ :


බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං ,

කප්පම්පි වෙ අඤ්ඤ මහාසමානො;

ඛීයෙථ කප්පො චිර දීඝමන්තරෙ,

වණ්ණො න ඛීයෙථ තථාගතස්ස.


තව ද එක්කලෙක තෙවළා බුදුවදන් දන්නා මහතෙර දෙදෙනෙක් එක් මගෙක යෙති; එයින් පසු ව වඩනා මහා ස්ථවිරයෝ පෙරටුව වඩනා‍ මහතෙරුන්ට තමන් මහනුවණ‘ති බැව් හඟවා කියන්නාහු “ස්වාමීනි! බුදුගුණ ඉතා බෙහෙව, විස්තර වශයෙන් පොත් සංග්රහහකරත් හොත් බඹලොවන දක්වා පොත් ගෙ‍ාඩවේ දෝ හොයි? සිතමි” කීහ, එබස් අසා පෙරටුව වඩනා මහතෙරහු තමන්උන්ට වඩා සියුම් වූ නුවණ ඇතිහෙයින් සිනා පහළකොට “ඇවැත්නි! එසේ බුදුගුණ ලඝුකොට‍ කිවුන, බුදුගුණ බොහෝ වුව, බඹලොව උස්තෙනෙක් දැ” යි වදාළහ. එවෙලෙහි පස්සෙහි වඩනා මහතෙරහු බුදුගුණ ලඝුකොට කිවවුනැයි කී බසට භය ඇතිව “ස්වාමීනි! බුදුන්‍ කෙරෙහි අනාදරයක් නිසා කීයෙම් නොවෙමි, මාගේ නුවණ පමණින් බුදුගුණ දැක්වීමි; මට ක්ෂමාකළමැනැවැ” යි කියා මහතෙරුන් ක්ෂමා කර වූහ,මෙසේ බුදුගුණ බඹලොව සේ අචින්තය අප්ර මෙය වූ බුදුන් කෙරෙහි ද, ධර්මය කෙරෙහි ද, පහන්වූවනට විපාකයෝ ද අචින්තෙ ය අප්රයමෙය වූහ, යන මේ ආදී කාරණයෙනු බුදුගුණ බඹලොව සේ අති උස්වූ චින්තාවක් ඇති සේ ය දතයුතු.


වදා‍ළේ මැනෝ :


එවං අවින්තියා බුද්ධා- බුද්ධධම්මා අචින්තියා,

අවින්තිායසු පසන්නානං-විපාකො හොති අචින්තියො’ යි.


තව ද එක්කලෙක තෙවලා බුදුවදන්හි ඉති දක්ෂ වූ කළුබුද්ධරක්ඛිත නම් මහාක්ෂීණාශ්රවව ශ්රා වක කෙනෙක් අනුරාධපුර නුවර කළුතිඹිරිය මුල වැඩහිඳ, බෙ‍ාහෝ දිව්ය් මනුෂ්යපවන්ට කාලකාරාම නම් සූතියෙකින් රාත්රිි බණ වදාරති. එ දවස් ශ්රීනලංකාධිපති වූ “සැදැතිස්ස නම් පිනිවත් රජෙක් කිසියම් කටයුත්තක එතැන්පත් ව මහතෙරුන් බණ කියන්නි දැක පිරිස් කෙළවර නොපෙණී සිට දැන් බණ සමහර කෙරෙති, දැන් බණ සමහර කෙරෙති බණ සමහරකළ විටෙක මුත් මෙ මෙතැනින් නො යෙමි යි සිතා තුන්යම්


රාත්රිේය මුළුල්ලෙහි සිටි පිය පිය නො සොල්වා සිට බණ අසා අරුණොද්ගමන වේලෙහි මහතෙරුන් පන්සිල් දී බණ සමහර කළ කල අන්තයෙහි සිටි රජ්ජුරුවෝ ද පන්සිල්ගෙණ මහත්කොට සාධුකාර දී තමන් එතැන සිටි බැව් හඟවා මහතෙරුන්ට පෙණුනාහ. එ කල මහතෙරහු රජ්ජුරුවන් දැක මහරජ කවරවිටක අවුදැ යි ? විචළහ. රජ්ජුරුවෝත් ස්වාමීනි! නුඹවහන්සේ යම් වේ‍ෙලක ධර්මදෙශනාව පටන්ගතුයේවී නම් එ වේ‍ෙලහි ම මෙ තැනට ආයෙම් වේ දැයි කීහ. එ වේලෙහි මහතෙරහු විස්මයට පත් ව මහරජ! තෙපි ඉතා ම රාජසුකුමාලය, තුන්යම් රෑ කෙසේ නම් සිට කෙසේ සිත එකඟ ව බණ අසාගගතුදැ යි? විචාළහ. රජ්ජුරුවෝ ස්වාමීනි! මේ එක් රාත්රිකයක් තබ‍ා නුඹවහන්සේ හා මාගේ හා ආයුෂ්කල්ප ය මුළුල්ලෙහි ද එසේ වූ බණක් වදාරනුයේ වේ නම් මෙසේ ම සිට බණ අසම් ම ය, මාගේ ලඬ්කාද්වීපය මුළුල්ලෙහි කැවිටි දඬුඅඟක් ඔබාලන තරම් බිමෙකු දු හිම් නො වන තරම් වෙම්ව යි’ නුඹ වදාළ බණින් පදයකු ත් පිල්ලකු ත් නො පිරිහෙලා සිත හෙලා ඇසිම්ම ය යි ශපත කළහ. එ වේලෙහි මහතෙරහු සාධු! සාධු! මහරජ! යි රජ්ජුරුවන්ට තුන්යලක් සාධුකාර දුන්හ. සිසරා සිටි මහපිරිස ද සාධුකාර දී පැන නැංගාහ. දෙවියෝ ද මහරජහට සාධුකාර දුන්හ. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ ද තව ද මහතෙරුන් වැඳ සි ට ස්වාමීනි! මෙසේ වූ දහම්නයක් මෙතෙක් දවස් නො ඇසූවිරීමි, බුදුන් දහම් මෙසේ බොහෝ දෙයක් බවත්ඉගෙණගත්තෙහි දැ” යි? විචාළාහ. එ වෙලෙහි මහ තෙරහු “මහරජ කුමක් කියව් ද? අප බුදුහු තුන් පිටකයෙහි වදාළ පන්සිය පනස් ජාතක දේශනාවෝ ය, දෙසියනවානූවක් වස්තුකථා දෙශනාවෝ ය, සතළිස්දහස් පන්සිය පන්සැත්තෑවක් පමණ සූත්ර දෙශනාවෝ ය යි යනාදීන් ඉතා ගහන වන්නාහ. එයින් එක් සූත්ර්යක්හුගේ කිසියම් නයෙක් වේ ද? (ඒ) මා කීයේ, බුදුන් දහම් ඉතා බොහෝ දෙයෙක් වේ දැ” යි වදාළසේක. එ බසට රජ්ජුරුවෝ නැවත වරක් මහතෙරුන් වැඳැ “එසේ ? ස්වමීනි යි! නුඹ වදාළ බණටත් වඩා තවත් බණ බො‍හෝදැ”යි කීහ. “‍ෙබහෙව මහරජ!” යි වදාළසේක. “නුඹ වදාළ බණ මද නියාවට ත්, නො වද‍ා‍ළ බණ බොහෝ නියාවටත් උපමා කියා හඟවා වදාළ මැනැවැ”යි කීහ.


එ වේලෙහි මහතෙරහු ධර්මය බෙ‍හෝ නියාව නො එක් උපමායෙන් රජ්ජුරුවන්ට හඟවන්නාහු “මහරජ! සිදුහත්කරඬුවකින් උකා ගත් සමුද්ර ජලය ස්වල්ප වන්නා සේ, අවශෙෂ වූඩ සමුද්ර් ජලය අප්රජමාණ වන්නා සේ මා විසින් කීවා වූ ධර්මය ස්වල්පයක් ම ය, නො කීවා වූ ධර්මය අප්රෂමාණ මැයි, තව ද මහරජ! ලිහිණියක අකාශයෙහි පියාසර කරණකල ඇගේ පක්ෂයෙන් වැසී ගිය ආකාශය ස්වල්ප වන්නාක්සේ නො වැසුවා වූ ආකාශය අප්ර ම‍ාණ වන්නාසේ මා විසින් කීවාවූ ධර්මය ස්වල්පය, නොකීව‍ාවූ ධර්මය අප්රවමාණ මැයි, තව ද මහරජ! මහපොලොවින් උපවිකාවක්හුගේ මුඛයෙන් ඩැහැගත් පස් බින්දු ස්වල්ප වන්නා සේ, සෙසු මහපොළොවෙහි පස් අප්ර මාණ වන්නා සේ, මා මේ සූත්රොයෙන් තොපට කීවාවූ ධර්මය ස්වල්පම‍ය, නො කීවාවූ ධර්මය අප්ර‍මාණ මැයි, තවද මහරජ! පිපිළිකා මුඛයෙන් ඇතිබ‍ෙඳකින් ඩැහැගත්තාවූ මාංශබින්දුව ස්වල්ප වන්නාසේ, අවශෙෂ වූ හස්ථිමාංමය අප්රබමාණ වන්නා සේ , මාගේ මුඛයෙන් කීවාවූ ධර්මය ස්වල්පයෙක්ම ය, නො කීවාවූ ධර්මය අනල්ප වන්නේය, තව ද මහරජ! චාතුර්වීපික මහාමේඝයක් සත්දවසක් ධාරානිපාතයෙන් වස්නා කල කෙතතෙක එක් ලියද්දොක්හි වටුවා වූ වර්ෂාව ස්වල්ප වන්නා සේ, සතර මහ දිවයින වසින්නා වූ අවශෙෂ වර්ෂ‍ාව අප්රාමාණ වන්නා සේ, මා විසින් කීවාවූ ධර්මය ස්වල්පයෙක් ම ය, මාගේ බුදුන්ගේ මා නො කීවාවූ ධර්මය අප්ර්මාණ මැ යි, තවද මහරජ! මහගංවතුරකට හිදිකටු මලක් පොවාලූ කල්හි ඒ හිදිකටු මල හස්සෙහි යන දිය ස්වල්ප වන්නා සේ, උභයභාගයෙන් දිවන මහවතුරු අප්රෙමාණ වන්නා සේ මා දෙසූ ධර්මය ස්වල්ප ය, මා නො දෙසූ ධර්මය අප්රදමාණ මැ යි, තවද මහරජ! දහසක් කිරිය මහ ගැල්කෙත්හි එක් කරලක් කඩා මැඩි ධාන්යහයන් ස්වල්ප වන්නා සේ, අවශෙෂ වූ ධාන්යගයන් අනල්ප වන්නා සේ, මා කි ධර්මය ස්වල්ප‍ෙයක් ම ය, නො කීවාවූ ධර්මය අප්රාමාණ ය,” යනාදීන් නොයෙක් උපමායෙන් රජ්ජුරුවන්ට බුදුන් දහම් බොහෝ පරිදි හැඟවූසේක.

එ වෙලෙහි මහතෙරුන්තේ වාග්ලීලාවෙහි හා ධර්මගම්භීරත්වයෙන් අති ප්ර්සන්නවූ රජ්ජුරුවෝ උපමායෙන් උපමාවෙහි මහ තෙරුන්ට නමස්කාරයෙන් වඳින්නාහු පස්වනක් ප්රී තීන් පිණමින් ලදුවා සේ සද්ධර්මමෘත සන්තොෂයෙන් මත්වූවාහු “ස්වාමීනි, නුඹ අද වදාළ මේ උපමාවට සක්විති රජ වී නම් සත්රුවන් පුදම් ම ය, මුළු දඹදිව‍ට අගරජ වීම් නම් එදඹදිව පුදම් මය, දෙව්රජ වීම් නම් දිව්ය‍ රාජ්යවයත් පුදම් මය, එසේ හෙයින් නුඹ වදාළ උපමාවට තරම්


පූජා වස්තු දැන් මාගේ නැත, එසේ ද වුවත් මාගේ ශක්ති පමණ දුගී පඬුරකින් නුඹට පූජාවක් කෙරෙමි” යි කියා මෙ සියක් යොසුන් ලංකාද්විපය හා සියලු තමන්ගේ දළපුඩු සේසත් ආදී වූ රාජ සම්පත්ති ය මහතෙරුන්ට පූජා කළහ, එ වෙලෙහි මහතෙරුන් වහන්සේ, “මහරජ! තොපගේ රාජ්යියෙන් අපට කම් නැත, අපට අපගේ දහම් රාජ්යළ ය පමණ, අප සතු රාජ්යුය දුක්පතුන්ට පිඩා නො කොට, නො බදු අය නො ගෙන, තුණුරුවන් රක්ෂාකොට දැහැමෙන් රජය කරව” යි රාජ්යුය රජ්ජුරුවන්ට ම පාවාදී, රජ්ජුරුවන් රාජධර්මයෙහි පිහිටුවා සමු දි යවා වදාළසේක. මේ ආදි කාරණයෙනුදු ධර්මය රජුන්ගේ රාජ්යය පුදවා ගන්නා තරම් අතිගම්භිර වූ උපමා ඇතියේ යිය දතයුතු.


තව ද එක්කලෙක අප බුදුන් මල්, නන්දමහතෙරහු මහපිරිස් පිරිවරා ධර්මාසන නැඟී හිඳ රාත්රීා බණ වදාරති, එදා බුදුහු නන්දයා අද රාත්රීු බණක් කියයි, මාගේ ධර්මයෙහි බෙ‍ාහෝදෙනා ආදර කරණ පරිද්දෙන් අද මම ද බණ අසමි යි සිතා සුගන්ධ ගන්ධකුටියෙන් බාහ්යිව ගඳකිළි නිස වත්තෙහි වැඩ සිට වලාගැබෙකින් මුවහ වූ පුන්ඳක් සේ සියලු පිරිසට නො පෙණී ම තුන්යම් රෑ සිටි පිය නො සොලවා සිට බණ අසා මහතෙරුන් අලුයම බණ සමහරකළ කල බුදුහු සරත් වලාගැබකින් පෙණුනු හිරුමඬලක් සේ මහපිරිසට පෙණී ශ්රී මුඛයෙන් නිකුත් සුවඳින් බණ පිරිස සුවඳ පිඩක් සේ කරමින් “සාධු! සාධු!! නන්දය ! මාගේ අදහස් නො වරදවා ම බණ කියෙහි ය” යි ස්තුති කළසේක. එ වේලෙහි මහ පිරිස් බුදුන් දැක ඉපිල නැංගාහ, එ වෙලෙහි මහතෙරුන් වහන්සේ ආසනයෙන් පැනනැගී ගොස් බුදුන් වැඳසිට “සිවාමීනි! නුඹවහන්සේ රාජසුකුමාලව, බුද්ධසුක්මාලව, තුන්යම් රාත්රිද ය මුළුල්ලෙහි කෙසේ නම් සිට බණ අසා වදාළ සේක් දැ” යි දැන්වූ සේක. එ වෙලෙහි බුදුහු “නන්දය, එක්දවසක් මා බිම සිට බණ ඇසූයේ කවර විස්මයෙක්ද? ඉදින් තාගේ, මාගේ ආයුෂ්කල්ප ය මුළුල්ලෙහි ත් සමහර නො කොට බණ කියන්නේ වී නම් මෙසේ සි‍ට ම අසන්නෙම් වේ දැ යි වදාළසේක. එ වේලෙහි ශ්රා නකයන් වහන්සේ බුදුන්ට සාධුකාර දි වදාළසේක. එතැන් පටන් බොහෝ සත්වයෝ ද ධර්මයෙහි මහත් වූ ආදර කළහ.


එයින් කිහ:


“සුද්ධාභිධම්ම රසපාන මනොමපඤ්ඤ

සක්කච්ච සොත පතහත්ථ පුටා පිබන්තු

ධම්මිස්සරොපි භගවා සකලම්පි රත්තිං

ගෙහාවිරත්ති ඨිතකො ‘ ව සුණිත්ථ ධම්මං” යි,


මේ ආදී කාරණයෙන් සද්ධර්මය සියලු සතුන් විසින් ආදර කටයුතු, සත්කාරයට භාජන වූ හෙයිනුත්, දහම් අතිගම්භිර දෙයක්ම වනැයි දතයුතු. මෙසේ මාගේ බුදුන්ගේ සද්ධර්මය නම්: අනොපමෙය වූ , අද්භූත වූ , අචින්ත්ය” වූ, අසදෘශ වූ, අති ගම්භීර වූ, දුරව ගාහ්ය් වූ නානා නය නිපුණ වූ, කර්ණරසායන වූ, ලොකාභිනීයවූ, ප්රෙයමනීය ධර්මයක් හෙයින් මේ නව අරහාදී බුදුගුණ වෙන වෙන වණා නිමවන්නට මා සේ වූ එක් නුවණකින් යෙදුනාවූ සත්වයෙක් හට බැරි මය. එසේ ද වුව ත්: මෙතැන වනාහි ශ්රීහ ලඬ්කාධිපති වූ අප ශ්රී සඬ්ඝබොධි පරාක්රදමබාහු නම් නරපතීහු කලෙක මහත් වූ රාජ ඍඬීන් මහත් වූ උත්සවයෙන් දන්තධාතු පූජාවක් කොට, මහත් වූ බුද්ධාලම්බන ප්රි්තින් පින පිනා සිටි කල්හි ඔහුගේ ම බුද්ධත්වභිලාෂීවූ දෙවපතිර‍ාජ නම් අගමැතියානන් විසින් එදවස් රජ්ජුරුවන් කරා ගොස් රජහු පූර්වයෙහි තුණුරුවන්ට කළා වූ නොයෙක් පූාජ සත්කාර සඳහන් කොට “හිමි නුඹ වැනි ඤණ වන්ත වූ මෙසේ මෙසේ මහපින් රැස්කරන මහපින්වත් රජක්හු බුදුබැව් පැතීමෙහි උපෙක්ෂාවනු නො යෙදෙයි, බුදුවන්නට වහා ප්රාපර්ථනා කළ මැනව”යි කී කල්හි එබසට රජපා බුදුන්ගේ චරියාපදාන සිහිකොට-, “කුමක් කියව් ද? මඬ්ගල නම් බුදුන් බෝසත් කල දන් දුන් දරු දෙදෙනා කරදළ නම් යකෙක් දෙක පොළයෙන් ලේ වගුරුව වගුරුවා මහහුණකිළිලක් සේ මුරු මුරුයා බිඳ කන කල ඒ බෝසතානෝ ද දරුදුක් ඉවසා බුදුබැව්හි ම පෙම් බැන්දෝල-තවද වෙසතුරු මහබෝසතානෝ පූජකනම් බමුණාට ජාලිය කුමාරයා -කෘෂ්ණජිනා නම් දරු දෙදෙනා දන් දී ඔහු දරුවන් බැඳගෙන මර මරා ගෙණයන වේලෙහි දෙද‍රුවන් පිටින් වැගිරෙන ලේ හා ඇසින් වැගිරෙන කදුලුධාරා දැක ලය වවා ගෙණ බුදුබැව් පත පතා උන්නාහු ල- ඉති දුෂ්කරය, ඉහතා භාරය, බෝසත්වරු එසේ එසේ ම යාචකයන්ට ප්රි ය දරුවන් බැඳ දුන් වැල් පමණක් රැස්කරතොත් මහමෙර පරයා සිටි ල-සෙසු පාරමිතා වනු ත් එසේ ම ල-ඇස් , මස් , ලේ දන්දීමෙහි ද, භාය්ය්්ර්‍ාවන් දන් දීමෙහි ද, සරු නැත්තෙමි, ඒ මට ඉතාම පිළිවන. පුත්ර්දානය කළ ඉතා බැරි ම ය. මම් මාගේ ප්රි ය පුත්රුයන් පස් දෙනාට පස් මහර‍ටක් හා පස් මහ පිරිසක් දී ඒඒ තන්හි වස්වනුයෙමි. ශ්රීස සම්පත් විඳුනාවූ ඔවුන් කිසියම්කලෙක පවා නොදැක, පෙම් රඳවා ගත නොහෙනුයෙමි, කෙසේ දරු දන්දී , ගතහෙම් ද? එසේ හෙයින් ම‍ා බුදුබැව් නො පතන්නෙම්” යයි කීවා වූ පුත්රෙස්නෙහ වදන එම දෙවප්රමතිර‍ාජ නම් අගමැතියානන් අතින් අසා ඔවුන් විසින් ම නොයෙක් වාරයෙහි “අප රජහ‍ට බොධිසත්ව පාරමිතායෙන් යෙදුනා වූ බණක් වදාළමැණවැ” යි ආරාධිත ව රජ කෙරෙහි උපන් මහ කුළුණු ඇතිව-


“ගිහින ‘මුප කාරොන්තානං - නිච්චමාමිස දානතො,

කරොථ ධම්මදානෙන - තෙසං පච්චුපකාරං”


යනු බුදුන් විසින් වදාළ හෙයිනු දු; ලොක ශාසනොපකාර-යෙහි නියුක්ත වූ අප රජහු බොහෝ ධම්මකථා අසා ඤණවන්ත වසතු දු, අපි දු බොධිසත්වයන්ට සසරදුක් මදනියා ව ත්, සුව බොහෝ නියාවත් අවශෙෂ වූ සත්වයන්ට සසර සුව මදනියා‍ව ත්, දුක් බෙ‍ාහෝ නියාව ත්, බොධිසත්වවරයන්ට වඩා ආත්මප්‍රෙම සුතප්‍රෙම ඇතියවුන් නැතිනියාව ත් සියලු ප්‍රාර්ථනාවෙන් බුදුවෙම්වා යි පතන්නා වූ ප්‍රාර්ථනාවට වඩා උතුම්වූ ප්‍රාර්ථනාවක් නැති නියාවත්, බොධිසත්වවරයන් සසර පාරමිතා සුවයෙන් සුවවිඳ ම බුදුවන නියාව ත්, කිසියම් ධර්ම ව්‍යාඛ්‍යාන කථාවකින් රජහට බොධිසත්ව පාරමිතාවෙහි විභාග හඟවන පිණිස හා සිංහල භාෂාව දන්නා සත්පුරුෂ ජනයන්ගේ ‍බොහෝ කල් ශ්රරද්ධාබුද්ධි ජනන‍ ය කරවා ත්රියවිධ වූ සම්පත් සාදාදෙන පිණිස හා නවවන බුද්ධොත්පාදලක්ෂණ සම්පත්ති ලද්දා වූ මේ මාගේ ද අභිමත වූ ප්රා්ර්ථනාව සාදාගන්නා පිණිස හා නව අරහාදී බුදුගුණයෙහි පළමු වන ‘අරහං’ යන අකුරු තුනෙන් කීවා වූ අර්හත් ගුණය ගෙණ පූජාවලි නම් ධර්ම ව්යනඛ්යා න කථාවෙකින් අප මහා ගෞතම බුදුන්ගේ ගුණෛක දෙශයක් වර්ණා කරම් හ, සත්පුරුෂයන් විසින් සාවදාන ව ඇසියයුතු.


ආරකත්තා භතත්තා ච - කිලෙසාරි න සො මුනි

භත සංසාර චක්කාරො - පච්චයාදින චාරහො,

න රහො කරොති පාපානි - අරහං තෙන පවුච්චති” යි


යන මේ ගයින් දැක් වූ පස්මහා අර්ථය වෙන වෙන වර්ණනා කරත්: මෙසේ ම පස්මහ අර්ථය මිස එක් පොතකින් උගහට වන බැවින් “අර්යහ පූජායං” ‍යන ධාතුහු කෙරෙන් සිද්ධ පූජාර්ථය පමණක් ගෙණ මේ පූජාවලියෙහි වර්ණනා කරම්හ.

අප බුදුහු සනරාමර ලොකයා විසින් කරණ ලද නොයෙක් පූජාවට අග්ර දක්ෂිණෙය වන බැවින් අර්හත් නම් වන සේක. එහි ආමිස පූජා ය, ප්රනතිපත්ති පූජා ය යි බුදුන් ලබන පූජා දෙකක් වන්නාහ. ඔවුන් අතුරෙන් ආමිස පූජා නම් ශ්රනද්ධා මූලික වෙයි.


ප්රාතිපත්ති පූජා නම් ගුණ මූලික වෙයි. එහි ප්රජතිපත්ති පූජාවෝ උතුම් වූ පූජා වෙති. යම් පුද්ගල කෙනෙක් ප්ර තිවෙධ මූලික ව වෙසෙත් නම් ඔහු ද බුදුන් පුදන්නාහු නම් වෙති. යමෙක් ප්රෙතිපත්ති මූලික ව වෙසෙත් නම් ඔහු ද බුදුන් පුදන්නාහු නම් වෙති. යමෙක් පය්ය්වර්‍‍ාප්ති මූලික ව වෙසෙත් නම් ඔහු ද බුදුන් පුදන්නාහු නම් වෙති. ඔවුන් තුන්දෙනා විසින් ම කළමනාවූ ඒකාන්ත පූජාවෝ සත්දෙනෙක් වන්නාහ.


ඔහු කවරභයත්:

බුදුන් ගුණ ගෙණ ශාසනගත ව වසන යම් භික්ෂුකෙණෙක් කෙහෙලොමින් බඳ සිරියක් යට සයනය කරන්නකහු මෙන් හැම වේලෙහි පාපයෙහි භය ඇති ව වෙසෙද්ද, යම් භික්ෂුකෙණෙක් දුෂ්ප්රසතිපත්තියෙන් කෙලෙසුම නැති ව, අනවතප්ත ජලය සේ නිර්මසලව, අනින්දිතව, ශිලය රක්ෂාවකෙරෙද්ද, යම් භික්ෂුකෙණෙක් පිනිදියෙන් සන්තුෂ්ට වන රාජහංසයන්සේ ත්රිදවිධ වූ සන්තොෂයෙන් යෙදී වෙසෙත් ද, යම් භික්ෂුකෙණෙක් පාංශු ප්ර්ව්ඡන්නවූ ජාතරංග මාණික්යක රත්නයක් සේ ගනසඬ්ග නිකායෙන් දුරුව විවේකාභිරාම ව වෙසෙද් ද, යම් භික්ෂුකෙණෙක් ඇත්ගොදුරු වටු ගොදුරෙහි සම වූ වීය්ය්,ර්‍ ඇති සිංහරාජයන් සේ ලද දෙයකින් යැපී අල්පෙච්ඡව වාසය කෙරෙද්ද, යම් භික්ෂුකෙනෙක් නිධාන රක්ෂා කරන්නා වූ දිව්ය් නාග රාජයන් සේ සද්ධර්ම නමැති නිධානය තම තමන්‍ ලෙන් දරා වාසය කෙරෙද්ද, යම් භික්ෂුකෙණෙක් ප්රි ය ප්ර්ත්රෙයන්ට ‍ප්රේෂමයෙන් අවවාද කරණ මවුපියන් සේ තම තමන් උගත්තාවූ ධර්මයෙන් තුමූ ම තමන්ට ද අනුන්ට ද අවවාද කොට ස්වසන්තාන පරසන්තාන දමනයෙන් යෙදී වෙසෙද්ද ? මෙසේ සප්තප්රාකාර භික්ෂුන් විසින් කරන ලද ප්රඅතිපත්ති පූජාවෝ ම අසා ධාරණ පූජාවෝ නම් වෙති.


වදාළේ මැනෝ :

“යෙ වජ්ජභීරු පරිසුද්ධ සිලා

සන්තො‍සසාරුප්ප විවෙනරාමා

අප්පිච්ඡතා ධම්මධරානුයොගි

තෙ ලෙ‍ාකනාථං අභිපූජයන්ති”


තව ද ඔවුන් සත්දෙනා අතුරෙන් යම් අනුයොගි ආචාරී පුද්ගල කෙණෙක් ‍පළමු ව තුමූ තමන් සද්ධර්මයෙහි හික්මවාගත නොහී අනුන් සද්ධර්මයෙන් හික්මවා ඇවිදිනාහු නම්, එසේ වූ ආචාය්ය්ිර්ව රයන්‍ේග සද්ධර්මානුශාසනා සත්වයෝ ආදරයෙන් නොපිළි ගන්නාහු ය, ඒ සද්ධර්ම ය ආදරයෙන් නො පිළිගැන්ම හෙතු කොට ‍ෙගණ සත්වයන්ට මහත්වූ ඵලදායක නො වන්නේය. යම් ආචාය්ය්ටර්‍ පුද්ගල කෙනෙක් පළමුව තුමූ තමන් සද්ධමයෙහි මවා තමන් පිහිටියාවූ සද්ධර්මයෙහි අනුන් පිහිටුවා හික්මවා ඇවිදිනාහු නම් එසේවූ ආචාය්ය්යර්ව රයන්ගේ සද්ධර්මානුශාසනාව සත්වයෝ ඉතා මහත්වූ ආදරයෙන් ම පිළිගන්නාහු ය. ඒ සද්ධර්ම ය හේතුකොට ගෙණ සත්වයන්ට මහත්ඵල මහානාසංස ‍ෙවයි මේ කාරණයෙන් යමෙක් තුමූ පළමුව සද්ධර්මයෙහි පිහිටා අනුන් සද්ධර්මයෙහි පිහිට‍ුවන්නාහු නම් ඔවුන් කරන ප්රනතිපත්ති පූජාව ඉනිදු උතුම් පූජායයි දතයුතු.


වද‍ාළේ මැනෝ:

“අත්තානමෙව පඨමං - පතිරූපෙ නිවෙසයෙ,

අථඤ්ඤමනුසාසෙය්යර -න කිලිස්සෙය්යල පණ්ඩිතො”


තව ද ඒ ත්රි විධවූ සප්තප්රෙකාරකොට දැක්වූ ප්රදතිපත්තිපූජා වෝම ධුතගුණ වශයෙන් තෙළෙස්දෙනෙක් වන්නාහ. විදර්ශනා වශයෙන් අට‍ලොස්දෙනෙක් වන්නාහ. ආරම්මණ වශයෙන් අ‍ටතිස්දෙනෙක් වන්නාහ- කර්මස්ථාන වශයෙන්සතළිස් දෙනෙක් වන්නාහ. ආය්ය්නර්‍ පුද්ගල වශයෙන් අෂ්ටොත්තර ශත ප්රනමාණයහ. ශික්ෂාපද වශයෙන් දෙසිය පනස්දෙනෙක් පමණ වන්නාහ. පය්ය් ර්ප්පති වශයෙන් සුවාසුදහසක්පමණ වන්නාහ-ශිල වශයෙන් කොටිගණන් වන්නාහ. නය වශයෙන් අසඬ්ඛ්ය්ගණන් වන්නාහ. මේ ප්රනතිපත්ති පූජා හ යි දතයුතු.

අවශෙෂ වූ සත්වයන් ප්ර ත්යත ය දානයෙන් කරන ලද සත් කාරයෝ ආමිසපූජා නම් වෙත්. අප බුදුන් ලද ආමිස පූජාවෝ වනාහි දිපඬ්කර ප්රෙණිධියෙහි දි ලද පළමුවන අභිනිහාර මගුල් පූජා ය, පාරමිතා බෙලෙන් ලද බොධිසම්භාර පූජාය, සංසාරගතව ලද පළමුවන ජාතිභෙද පූජා ය, එසේ ම ලද දෙවන වූ මහා ජාති භෙද පූජා ය, පඤ්චමහා විලොකනාවසානයෙහි දි ලද සාධුනාද පූජා ය, පශ්චිමභවයෙහි දී ලද ප්රාතිසන්ධිකාල පූජා ය. පැවිදි වූ දා ලද මහබිනික්මන් පූජා ය, බුදු වූ දා ලද බෙ‍ාධි මණ්ඩල පූජා ය, සද්ධර්මාරාධනායෙහි දී මහ බ්රාපහ්මය‍ා ගෙන් ලද ආයාචනා පූජා ය, පළමුවන දම්සක් පැවතුම් සූත්රෙ දෙශනාවෙහි දී ලද ඉසිපතනාරාම පූජා ය, රජගහනුවර දී බිම්සර රජුගෙන් ලද වෙළුවනාරාම පූජා ය, කිඹුල්වත් නුවර බන්ධුසමාගමයෙහි දි ලද නිග්රොාධාරාම පූජා ය, එනුවර දී ලද භික්ෂාටනාදී අද්භූත මහා පූජා ය, සැවැත් නුවර දී අනේපිඬු මහසිටානන්ගෙන් ලද ජෙකවනාරාම පූජා ය, විශාඛා උපාසිකාවන් ගෙන් ලද පූර්වාරාම පූජා ය, එම වෙහෙර දී සුමන සාම‍ෙණරාදී හෙරණ මහනුන්ගෙන් ලද භික්ෂු ප්රීතිපත්ති පූජා ය, එහ නුවර දී කොසොල් මහරජහ්ගේන ලද අසදෘශ මහා දාන පූජා ය, විශාලාමහනුවර දී ලිච්ජවී රජුන්ලෙන් ලද ගඬ්ගාරොහණ පූජා ය, ඉන්ද්රරශාල ගුහාවෙහි දී සක්දෙව් රජහු‍ගෙන් ලද දිව්යජරාජ්ය් පූජා ය, සැවැත් නුවර ගණ්ඩබ්බ නම් වෘක්ෂමූලයෙහි දී ලද යමකප්රා්තිහාය්ය්ිර්‍ පුජා ය, තව්තිසා භවනයෙහි අභිධර්ම දෙශනාවෙහි සක්දෙව් රජහුගෙන් ලද පාණ්ඩුකම්බල ශෛලාසන පූජා ය, සකස්පුරදොර දී ලද දෙවොරොහණ පූජා ය, භික්ෂුණී ශාසන ප්රරතිෂ්ඨාවෙහිදී මහා ප්රොජාපත්යා,දීන්ගෙන් ලද භික්ෂුණී ප්රිතිපත්ති පූජා ය, මහා ප්රොජාපත්යා,දි පන්සියයක් මෙහෙණින්ගේ ආදාහණයෙහි දී ලද අනූනවූ ශ්රාජවකගණ පූජා ය, ජීවකයන්ගෙන් ලද ජීවකාරාම පූජා ය, දෙවිදත්හු නිසා ලද සමමෙත්, පූජා ය, අජාසත් රජහුගෙන් ලද ජීවිතාදී පූජා ය, යසොධරා මහාස්ථවිරින්ගේන් ලද ප්රිතිපත්ති පූජා ය, ධර්මාශොකා දී දඹදිව රජුන්ගෙන් ලද උද්දේසික පූජා ය, මිහිඳු මාහිමියන් ආදී මහාස්ථවිරයන් ශ්රීන ලංකාද්වීපයෙහි සසුන් පිහිටුවා කළ උත්තම ප්රනතිපත්ති පූජා ය, මෙ‍ම ලංකාද්වීපයෙහි වූ චූලවංශ-මහාංශයෙහි මහ පින්වත් රජුන් විසින් භොග පමණින් කළ අසඬ්ඛ්යහගණන් උද්දේසික පූජා ය, මෙ තැන්හි ම විසින් දකවන ලද මෙසේ මෙසේ වූ නොයෙක් පූජා ලත් හෙයිනු ත් නො දක්වන ලද අප්රූමාණ පූජා ලත් හෙයිනු ත් එ‍සේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත් මාගේ බුදුහු අර්හත් නම් වනසේක.


එසේ හෙයින් කියන ලදී:

“පූජාවිසේසං සහපච්චයෙහි,

යස්මා අයං අරහති ලෝකනාථො;

අත්ථා ‘නුරූපං අරහන්ති ලොකෙ,

තස්මා ජිනො අරහති නාම මෙතං” යි.


මෙතෙක් * මේ පූජාවලියෙහි අප බුදුන් ලද පූජා සංග්රුහ කථා නම් වූ පළමුවන පරිච්ඡෙදය නිමි.


මෙතෙකින් අටමහ ලෝ වැඩ පිණිස කරන ලද අර්හත් ගුණ වර්ණහනා සංඛ්යා ත මේ පූජාවලියෙහි” යි ඇත‍ැම් පොතක දක්නට තිබේ.