පූජාවලිය-පාණ්ඩුකම්බල පූජා කථා

පූජාවලිය


සූවිසි වන පරිච්ජේදය


තව ද: අප බුදුන් තවුතිසා භවනයෙහි දී .......සංස්කරණය

තව ද: අප බුදුන් තවුතිසා භවනයෙහි දී සක්දෙවුරජහුගෙන් ලද පාණ්ඩුකම්බලාසන පූජා නම් වර යත්? මෙසේ මාගේ ස්වාමිදරුවෝ තමන්වහන්සේගේ ප්රෙථම බොධි යෙහිපටන් බුදුවූ සත්වන අවුරුද්දෙහි ඇසළ මැදි පොහෝ ලද උත්ර්සල නකතින් තීර්ථක මථන ය කොට රුවන් සක්මන ී අනන්තාපය්යවර්නනන්ත වූ බුදුන්ගේ වංශානුගතවූ ක්රමමයෙන් යමාමහ පෙළහර දක්වා “පූර්ව බුදුවරයෝ මේ පෙළහර ක්වාලා කුමක් ළෝ ‍‍ දදෝ හෝ”යි බලා වදාරා “මෙයින් ගොස් ශක්රෝයාගේ පාණ්ඩුකම්බලාසනය පිලිගෙන එහි ම වස් වසා විජම් දෙසුවාහු ය”යි සොළොස් වන බුද්දකාරක ධර්මයන් දැක “මම ද ඒ ධර්මය නො වරදවා ම කෙරෙමි”යි සිතා දෙවුලෝ නැඟෙමි යි තවුතිසා භවනය බලා දක්ෂිණ ශ්රිර පාදය එලිපත් මුුනට පයක් නඟන්නා වූ පුරුෂයකු ආයාසයක් නැති ව ස්වල්පයක් පය ඔසවන්නා සේ මුට්ඨිරතන ප්රවමාණයෙන් ශ්රීනපාදය ඔසවා වදාළ සේක.

එ කෙණෙහි ස්වාමිදරුවන් පූර්වබුදුවරයන් ැක නො එක් වාර යෙහි න් දුවන්නාවූ, ශයනාසන උපාහනාදි වූ නො එක් පින්බල යෙන් සුවාසූදහසක් යොදුන් උස ඇති යුගන්ධර පර්වතය හුයාපු වෙයග බබක් සේ, සක්විතිරජකු දුටු චණ්ඩාලයකු සේ , නැමිනැමි අවුදින් ස්වාමිදරුවන්ගේ ඒ ශ්රීන පාද ය මුදුන් මල්කඩක් සේ තමා මුදුනෙන් පිළිගත. දෙවනුව වාම ශ්රීර පාදයද එසේම මුට්ඨිරතනයක් තැන් ඔසවා වදාළ සේක. එ කෙණෙහි එක්ලක්ෂ අටසැට දහසක් යොදුන් උස ඇති මේරු පර්වත රාජයා ද එසේ ම ආදර යෙන් නැමි ඒ ශ්රිේ පාදයද පිළිගත. මෙසේ මිනිස්ලොව පියවරෙක යුගඳුරු මිදුනේ පියවරෙක මෙරමුදුනේ පියවරෙකැයි ශක්ර යාගේ භවනයට තුන් පියවරෙකින් වැඩි සේක.

මාගේ ස්වාමිදරුවන් සංසාරයෙහි ඇවිදිනා කල පවා අලින චිත්ත චාතකයෙහි මවුකුසින් බිහිවූ දවස් ඔබ දුටු මංගල හස්ති රාජයන් පවා ආදරයෙන් නැමි තමන්ගේ කුම්භස්ථලයෙන් ඔබ පිලිගන්නා කල. පදුම ජාතකයෙහි දෙවිදත්හු ඔබ ගල්මුදුනෙන් දැමූ දවස් පවා නිරාස්පද වූ ආකාශයෙහි දෙවියන් අවුත් නැමි නැමී තමන් උරමඬලෙන් ඔබ පිළිගන්නා කල. එ ම ජාතියෙහි විෂ ඝොර දිව්යළනාගරාජයන් පවා තමන්ගේ ඵණගබින් ආදරයෙන් ඔබ පිළිගන්නා කල. මණිචොර ජාතනයෙහි ඔබට වධ පැමිණි කාල‍යෙහි ඒ වධ අන්තර්ධාන කොට ශක්රණදෙවෙන්ද්ර යන් ඔබ පිළිගෙන මඟුලැතුන් පිටට වඩා රාජ්යිශ්රීනයට පමුණුවාලන කල සස ජාතකයෙහි ඇඟ මස් දෙමි යි ගිනි මැදට පිණු කල පවා ඔබට ගිනි සුව පහස් සක් දෙවුරජුන් දිව්යණහස්තයෙන් පිලිගන්නා කල. සංඛ ජාතකයෙහි ඔබ මුහුදු පිනා විඩාව පිහිටයක් සිතා ආකාශය බැලු කල දෙවුදුන් අවුත් තමන්ගේ උරමඬලෙන් පිළිගෙන ඔබ දිව්යුනෞකාවට වඩා පිහිට කරන කල. කට්ඨහාරි ජාතකයෙහි ඔබ ළද බිළිඳි කල පවා ආකාශයෙහි වැඩහුන් දවස් සුවහස් ඇමැතියන් ඔවුනො’වුන් පරයා “අපි පිළිගනුම්හ, අපි පිළිගනුම්හ, යි ඔබ කරා අත්දිගුකරන කල. ඒ පෙළහර දුටු බරණැස් රජුන් ඔබ තමන් ඇකයෙන් ආදරයෙන් පිළිගන්නා කල.

තව ද: චුල්ල පදුම ජාතකයෙහි ස්ත්රිආයක ඔබ ගලින් හෙළූ දවස් පවා හොරු දඬු සා ගොයින් දිව අවුදින් පිට දී ඔබ පා පිළි ගන්නා කල.ඛදිරංගාර ජාතකයෙහි මර දෙවුපුතු මැවු නරක ප්ර්පාතයට ඔබ පා දිගුකළ දවස් මහ ගැල්සක් සාපියුම් නැගි පියුම් කෙමියෙන් එ පා පිළිගෙන සුවපහස් දෙන කල. ගුත්තිල ජාතක ,සායින ජාතක, නිමි ජාතකාදියෙහි දෙවුලෝ නැගෙමි යි සිතා ඔබ දක්ෂිණ ශ්රීක පාදයන් එසවූ කල මාතලී නම් දිව්ය රථාචාරින් දිව අවුදින් යෙළසියක් යොදුන් වෛජයන්ත රථ පෑ ඔබ පාදයන්පිළිගන්නා කල. දැන් සමතිස් පැරුම් පුරා නිමවා ලොවුතුරු බුදු වූ සමයෙහි තමන් වහන්සේ මවුකුස පිළිසඳ ගත් වේලෙහි මවුකුසින් බිහි වූ වේලෙහි , මහභිනික්මන් කල වේලෙහි, ලොවුතුරා බුදු වූ වේලෙහි, ධම්සක් දෙසූ වේලෙහි , කිඹුල්වත දී යමා මහ පෙළහර පෑ වේලෙහි, යනාදි වූ ඒ ඒ නො එක් බුදු දඟුලෙහි නළුවන් සේ නටා අත්බමරක් සේ භ්රඑමන ය කළා වූ යුගන්ධර පර්වත-මෙරු පර්වත නැමි නැමි අවුදින් ඔබ ශ්රීයපාදයන් පිලිගත් නියාව ත් තුන් පියවරෙකින් දෙවුලෝ පැන නැගි බුද්ධ මහිමය ත් මා සිතට කවර මහිමයෙකැ යි කවර විස්මයෙකැ යි කියම් ද, එසේ හෙයින් ඔබ සංසාරයෙහි කළ මහිම මහිම ය යි සිතමි. එසේ ද වුවත් මාගේ ස්වාමිදරුවන්ගේ ඒ බුදු මහිම දහම් ඇසින් විශෙෂයෙන් බල බලා හැම වේලෙහි ම මා වාසය කරන හෙයින් මට ද ඉතා ආශ්චය්යීල ම ය, සියලුසතුන්ට ද විස්මය ම ය, පෙළහර මය, ඒ සන්තෝෂයෙන් ජනිතවූ කුශලයෙන් මටද එබදු වූ ලෙළහරයෙක් වාසනා ම වේව යි, ඒ ඇසූ සියලු සත්පුරුෂයෝ ද අමාමහ නිවන් දැක සංසාරසාගරයෙන් ගොඩ නැගෙත්ව යි, ගැළ වෙත්ව යි, අපාය නො හඳුනෙත්ව යි, දෙවුලොව ම හඳුනෙත්ව යි-

මෙසේ මාගේ ස්වාමිදරුවන් එ දා....සංස්කරණය

මෙසේ මාගේ ස්වාමිදරුවන් එ දා දෙවුලොවට තුන්පියවරින් වැඩි ල්හි සක්දෙවුරජ සිතනුයේ “මාගේ බුදුහු ගැත්තක්හුගේ දොරට වැඩා ස්වාමිදරුවක්හු සේ අද වස් වසන අභිප්රාගය ඇති සේක් වන. බුදුන්ට මාගේ ශක්රඅපුරයෙන් කොතෙනෙක් රම්යස දෝ හෝ කොතෙනෙක් ඵාසුවිහාර දෝ හෝ “යි පරීක්ෂා නරනුයේ තමාගේ ඒක පුණ්ඩරික නම් උයන් මැද පිහිටි සියක් යොදුන් පරසතු මඳාරා ගස මුල සැටයොදුන් පාණ්ඩුම්බල නම් ශෛලාසන ය උතුම් සේ දැක, තව ද: “මේ අස්න ඉතා මහත, බුදුහු කුඩා සේක. බුදුන්ට හොබී දෝ හෝ නො හොබී දෝ හෝ” යි සිත සිතා එසේ ද වුව ත් ඊට අනික් උතුම් වූ ආසනයක් නැති හෙයින් “මා විසින් බුදුන්ට මාගෙු උත්තම වූ ආසනය ම පිළිගන්වමි.බදුන්ට ඒ ම සුදුසු ය”යි සිතා දෙ දෙවුලොව දිව්යන සෙනාව ගෙන බුදුන් පෙරමඟට නොයෙක් දිව්යල පූජා භාණ්ඩ ගෙන ගොස් මහත් වූ පූජා පෙරහරින් මහත් වූ උත්සවයෙන් , බුදුන් වඩා ගෙන ගොස් පාණ්ඩුකම්බලාසනය පිලිගැන්වි ය. එ කෙණෙහි ස්වාමිදරුවෝ දොළොස් රියන් බුද්ධ කායෙන් ආසන ය මුල වැඩසිට සේක් සක්දෙවුරජු යා මහත් දිව්ය්සේනාව හෙළූ ඇසිපිය නඟා නො න ඇසිල්ලෙහි පසළොස් යොදුන් උස ආසනය මුදුනෙහි අහස්කුස නැඟු යන්ත්ර්පානක් සේ පෙනි වදාළ සේක. ඒවේලෙහි සිසාරා සිටි දිව්ය්සේනාව කර නඟා බුදුන් බල බලා සාධුකාර දුන්හ.

එ වේලෙහි ස්වාමිදරුවෝ සක්දෙවු රජහු සිතූ සිත දැන “මේ ශක්රලයා තමාගේ අස්න මහතැ යි සිතී ය, මා කුඩා ය යි සිතී ය. බුදුන්ගේ ආනුභාව පළමුකොට මෝහට දක්වාලමි”යි සිතාලා තමන් වහන්සේගේ සුගත් වියතින් දිග නවය ත් පුඵල ස විය ත් තමන් වහන්සේගේ සඟලසිවුර විදා දිව්යතසේනාව බල බලා සිටිය දි ම සතර ගවු උස සැට ගවු , වටින් අටසිය අසූගවුවක් පමණ ඇති ඒ සා මහත් වූ ආසනයෙහි හෙළා ලූ සේක. එ කෙණෙහි මහ තෙලි සමක් කුඩා පුටුවක් වසා ලුවා සේ ආසන ය සඟළ සිවුරෙන් වැසි ගිය. දෙවියන්ට ආසනයෙන් කිසිවකුත් නො පෙනෙයි: බැලු බැලූ අත ම සඟළ සිවුර ම පෙනෙයි. එ වේලෙහි ස්වාමිදරුවෝ පලග් බැඳ ඒ ආසනයෙහි වැඩඋන් සේක. බුදුන්ට ආසන ය හොබනේ යථ ආසනයට බුදුහු මහොබනා සේක. බුදුන් මහත් වූයේත් නැත. මෙසේ අචින්ත්යම වූ බුද්ධවිෂයෙන් බුදුහු ඒ පාණ්ඩුකම්බලාසනයෙහි විරාජමාන ව මුළු සක්වළ නැඟු දිවපහනක් සේ දිලිහි දිලිහි සියලු දෙවියන්ට ම පෙනෙන සේක. මේ සක්වළ ම නො වෙයිථ දසදහසක් සක්වළ ම සිටි දෙවියන්ට ම පෙනෙන සේක. එ කෙණෙහි මේ සා දසදහසක් සක්වළ දිව්යක බ්ර හ්ම සේනාවට ස්වාමිදරුවෝ ම දිලියෙන සේක කීයේ මැනෝ:


තාවතිංසෙ යදා බුද්ධො - සිලායං පණ්ඩුකම්බලෙ

පාරිච්ජත්තකමූලස්මිං - විහාසි පුරිසුත්තමො.

දසසු ලොකධාතුසු-සන්නිපතිත්වාන දෙවතා

පයිරුපාසන්ති සම්බුද්ධං - වසන්තං නගමුද්ධනි.

න කොචි දෙවො වන්ණෙන ‍‍- සම්බුද්ධස්ස විරොචති,

සබ්බෙ දෙවෙඅධිග්ගය්හ - සම්බුද්ධොව විරොචති යි.


එ කල සර්වඥයන් වහන්සේ රුවන් සක්මනින් අන්තර්ධාන ව දෙවුලෝ වැඩි කල බුදුන් නුදුටුවාවු සතිස් යොදනෙක සිටි මහ පිරිසට හිර ගල හුණු කලක් සේ සඳ ගල හුණු ලක් සේ, ලෝකාන්ධකාර වි ය.එ කල සත්ත්වයෝ:


ගතො නු චිත්තකූටං වා-කෙලාසං වා යුගන්ධරං

න නො දක්ඛෙම සම්බුද්ධං -ලොකජෙට්ඨං නරාසභං

පවිවෙකරතො ධීරො-න’යිමං ලොකං පුනෙහිති,

න නො දක්ඛෙ ම සම්බුද්ධං-ලොකජෙට්ඨං නරාසභං යි


යනාදි ගාථා කිය කියා ‘අප බුදුහු සිතුකුව පවුවට ගියෝ දෝ හෝ, කෛලාසකූට පර්වතයට ගියෝ දෝ හෝ, යුගඳුරුමුදුනට ගියෝ දෝ හෝ බුදුහු නම් විවෙක වාසය කැමතියාහ, මේ සා මහ පිරිසක් මැදයෙහි මෙ බඳු වූ පෙළහරෙක් මා විසින් කරන ලද යි උපන් ලජ්ජා ඇති ව අනික් දිවයිනකට ගොස් සැගවී ගියෝ දෝ හෝ අප බුදුන් කවර දවසෙක දකුමෝ දෝ හෝ”යි මහත් වූ විලාපයෙන් එඦාගෙන මුගලන් මහතෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමිනි! අප බුදුහු කොයි දැ”යි විචාළහ. ඔබ තමන වහන්සේට විශෙසයෙන් දැනෙතු දූ නො කියා අනුරුද්ධ මහා ස්ථවිරයන් අතින් විචාරව”යි වදාළ සේකක. එ කල මහපිරිස ගොස් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ අතින් ව්චාළහ. ඔබ වදාරන සේක “උපාසක වරිනි! බුදුහු තවුතිසා භවනයෙහි වස් වැස දෙවියන්ට විජම් දෙන්නට වැඩි සේක, තුන් මසක් දෙවුලොව වැස වප්මස මැදි පොහෝ ලද මහා පවාරනදිනයෙහි මිනිස් ලොවට වඩනාසේකැ”යි වදාළ සේක. එ බස් අසා මහපිරිස “අප බුදුන් දුටු දවසෙක මුත් නො යම්හ”යි එම සතිස් යොදුන් බිම අතුරු නො දී කඳවුරු බැඳ උන්හ. එතැන් පටන් සත්ත්වයන්ට ආකාශය ම ගෙහෙ වි ය.

එ කල සුළු අනේපිඬු සිටාණෝ...සංස්කරණය

එ කල සුළු අනේපිඬු සිටාණෝ “සත්ත්වයෙනි! මාගේ බුදුන් දක්නා තෙක් කිසි උකටලියක් නො වව -බත් -බුලත් -වස්ත්රාෙභරණ -හෝනා හිදිනා දෑ -නො සොයා මේ සියල්ලම මාගෙන් ගනුව”යි පිරිස් කඳවුරු මැද බෙර ලවා එ තෙක් සත්ත්වයන්ට එ තුන් මස මුළුල්ලෙහි සියලු බත් බුලත් වස්ත්රානබරණ මල් සුවඳ නහන බොන පැන් ගිනි දර දක්වා තමන්ගෙන් ම සපයා දුන්හ. ඔවුන් අමිත භොයි ිටාණ කෙණෙකුන් නො ව ත්, කෙසේ සපයා දුන්නු ද යත්? බුදුන් -රහතන් - දෙවියන්ගේ ආනුභාවයෙන් දුන්නැයි දතයුතු.

දවසෙක මහපිරිසට සියලු උපකරණ සම්භාර දුන් කල්හි සිටාණන්ගේ භාණ්ඩාගාර ගෙවල් පිසපුවාසේ සිස්වෙයි, එකල බුදුන්ගේ ආනුබාවයෙන් රාත්රීු ය මුළුල්ලෙහි දෙවියෝ දිව අවුදින් ඒ සියලු භාණ්ඩාගාර ගෙවල් බළල්වා උතුරුවා සියලු සම්පත්තිහෙන් පුර පුරාලා යෙති. සත්ත්වයෝ සිටාණන්ගෙන් ම දෙන ලද සමපතැ යි සිතති, සිටාණන් හා ලියන්නෝ දනිති, එහි අතුරු සෙසු නෛ් නො දන්නාහු ය.

එ තුන්මස මුළුල්ලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ මහ පිරිසට බනත් වදාළ සේක. සත්ත්වයන් විචාළ ප්රසශ්න ත් වදාරා හැම දෙනාටම උකටලියක් වැද්ද නුදුන්සේක. ඒ සා මහ පිරිස හුන්තෙන මල ගන්ධයෙක් හෝ මුත්ර් ගන්ධයෙක් නොවිය. උතුරු කුරුදිව සත්ත්වයන්ට සේ ම සියලු කුණප ම මහ පොලොවට ම අන්තර්ධාන වෙයි. දෙවියෝ ගඳ මහන් පවුවෙන් සුවඳ මඳ පවන් මෙහෙයා මහපිරිස සුවඳ පිඩක් සේ කොට හැම වේලෙහි ම සන්තොෂ කරවති. ඒ තුන්මස මුවල්ලෙහි ඒ සා මහ පිරිසින් ඔවුනො’වුන් කෙරෙහි ආක්රොලහ පරිභවයෙක් වේව යි, ඔවුනො’වුන් ට අමනොඥ වචනයෙන් වේව යි, ඔවුනො’වුන්ට අමෛත්රීටන් බැල්මක් බැලූ කෙනෙක් වේව යි නැත, හැම දෙන ම ඔවුනොවුන් කෙරෙහි දරුවන් දෙමවුපියන් කල්යායණ මිත්ර යන් සේ මෛත්රි ම කළහ. ඒ තුන් මස මුළුල්ලෙහි සියලු සත්ත්වයන්ට ම කාමවිතර්කාදි පාප චෙතනාවෙකු දූ තමා ම නො විය. මේ සියල්ලම බුද්ධානුභාව යෙන් ම විය යි දතයුතු.

ඉක්බිත්තෙන් බුදුරජාණන් වහන්සේ තුන්ලොවට නැඟු මහා ප්රබදීපයක් සේ දිලිහි දිලිහි පාණ්ඩුපම්බලාන නැඟි යට ී ක්රබමයෙන් සද්ධර්මි ලීලාවෙන් වැඩහුන් කල්හි -පෙර මිනිස්ලොව දී සිල්වත් කෙනෙකුන් වහන්සේට එක බත් සැන්දක් පමණ පිළිගන්වාලු ඉන්දක නම් දුගියෙක් එ පිනින් මිය ශක්රපපුරයෙහි මහෙශාඛ්ය ඉන්දක නම් දුගියෙක් එ පිනින් මිය ශක්රපපුරයෙහි මහෙශාඛ්ය ඉන්දක නම් දිව්යෙරාජයෙක් ව ඉපැද තමා ඇඟින් නිකුත් රසින් සියලු දෙවියන් අභිභවනය කොට වෙසෙයි. තව ද මිනිස්ලොව දී දොලොස් යොදනක් මානයෙහි කැටින් කැට ගල්වා ලිප් බඳවා දසදහසක් හවුරුදු මුළුල්ලෙහි මුළු දඹදිව යාචකයන්ට අබුද්ධොත්පාදයෙහි මහදන් දුන්නාවූ අංකුර නම් රජෙක් ඒ පිනින් මහොඛ්යප දිව්ය රාජයෙක් ව නො එක් ශතසහස්රන දිවනළුවන් පිරිවරා උපණ. මෙකී අංකුර නම් දිව්යරරාජයා හා ඉන්දක නම් දිව්ය රාජයා හා දෙදෙන ඔවුනො’වුන් හා මන්ත්රඉණය කරන්නාවු ‘අප බුදුහු පාණ්ඩු පම්බලාසනයෙහි වැඩහිඳ විජම් බණ වදාරනසේක. එ විජම් නම් ඉතා දැඩි දෙයක් ල, බුදුන් ළග හිඳ අපි දෙදෙන සිත්හෙළා බණ අසම්හ, ඇසිල්ලෙකින් බොහෝ දෙවියෝ රැස්වෙති. එ කල අපට අවසර නො ලැබෙයි , අපි දෙදෙන පලම් ව ගොස් බුදුන්ළග හිඳුම්හ යි මන්ත්ර ණය කොට දෙදෙන අත්වැල් බැඳ ගොස් ඉන්දක නම් දිව්යර රාජයා බුදුන් දකුණු දනමඬලට නුදුරුව හිඳ ගත. අංකුර නම් දිව්යයරාජයා වම් දනමඬලට නුදුරුව හිඳගත.

එ කල බුදුන් ශක්රයපුරයට විජම් දෙශනාවට වැඩි බැව් අසා මාතෘා නම් පුරුෂ දිව්යාරාජයන් ව තුෂිත භවනයෙහි උපන් මෑණියන් වහන්සේ “ම පුතණුවන් වහන්‍ේගේ දහම් අමා මා සිත්සේ උකා බොන දවසෙක. මේ කප් ලක්ෂ ය මුළුල්ලෙහි නො එක් ජාති කෝටියෙහි මා ඔබට කළා වූ දරු සනාවෙහි පල විඳගන්නාවූ දවසෙ. මහෞෂධ පණ්ඩිත ව පවා උපන් කෙණෙහි මට දිව්යස වූ ඖෂධයින් සංග්රිහ කළ සේක. වෙසතුරු රජකළ මා කුසින් උපන් විගස ම න්තෝෂයෙත් දෑස් දල්වා මා මුහුණ බලා “අම්ම! දන් දෙන වස්තුවක් මා අත තබව”යි මධුර වූ තෙපුල් කියා මා සිත් සැනසූ සේක. මේ ජාතියෙහි ලුම්බිණි වනයෙහි දී මා කුසින් බිහි වලා ම සත් පියවරක් නඟා ගොස් මහත් වූ ජය සිංහනාද කොට මාගේ කන්හි අමාවතුර නැමු සේක.

තෙසු ජාතිවල මට කළාවූ සුරතල් මෙ තෙැ යි පමණ නැත, දැන් ලොවුතුරා බුදු ව තුන්ලෝ මුදුන් වූ සමයෙහි මට මිහිරි වූ නිවන් අමා දෙන සේක, එහි රස බලමි යි. සිරිබර පුතුන් වැදු මෑණියන්ගේ සිරිකර කම් පවිමි’යි සිත සිතා තුන්ගවු උස දිව්යමශරීරයෙකින් හා ගවුවක් උස මිණි ඔටුන්නකින් හා සැට ගැලක් පමණ දිව්යාරබරණයෙන් හා ස්වලංකෘත ව යහලක් සුවඳ විලවුන් ධරා ලක්ෂ කෝටි ගණන් දිවනළු පිරිස් තුසී පුරෙන් බැස සියලු දෙවියන්ගේ ශරීරප්රවභා නිශ්ප්රපභා කෙරෙමින්, පුතණුවන් වහන්සේගේ ශරීරප්රිබාවෙන් හා තමන් වහන්සේගේ ශරීරප්රුභාවෙන් හා හිරු සඳු දෙදෙනාගේ රස් එකතෙ’නට ගියා සේ ඒකාලෝක කෙරෙමින් අවුත් සියලු දිව්යග සේනාවට පළමු කොට පුතණුවන් වහන්සේගේ දක්ෂිනභාවයෙහි දොහොත් මුදුන් දී හිඳගත් සේක. එ කෙණෙහි දසදහසක් සක්වළ සතලිස් දහසක් වරම් රජ දරුවෝ ය, දසදහසක් ශක්ර්යෝ ය, දසදහසක් සුයම් රජහුය, දස දහසක් සන්තුෂිත රජහුය, දසදහසක් සුනිර්මිත රජහුය, දස දහසක් පරනිර්මිත රජහුය, එක් ලක්ෂ පනස් දහසක් මහාබ්රකහ්ම රජහු යයි යනාදි සියලු දිව්ය රාජසේනාව ම ඔවුනො’වුන් පරයා දිව අවුදින් වන්හ. මෙසේ ආනුභාව සම්පන්න දෙවියන් එ ත් එ ත් අල්පෙශාඛ්යහ දෙවියෝ පසු බැස බැස ගොස් සමහරු සක්වළගල් මුදුනේ ගැහැටි ගැහැටි සිටිති, මහරු යුගන්ධරාදි සත් කුළපවුවන් කරා පසු බැස එහි දූ ගැහැටි ගැහැටි සිටිති, සමහර බලවත් දෙවියෝ පසු බැස බැස ලක්ෂයක්-දහසක් -සියයක් යොදුන් තෙන ගැහැටි ගැහැටි සිටිති.

යට කී දොලොස් යොදන ලිප් බඳවා...සංස්කරණය

යට කී දොලොස් යොදන ලිප් බඳවා අබුද්ධොත්පාදයෙහි නො සිල්වත් තෙනට දන් දුන් අංකුර නම් දිව්‍යරාජයා තමන් අබුද්ධොත්පාදයෙහි පින් කළ අඩුවක් මිස බොහෝ දානපරිතයාග කල මහ පින් බලයෙන් බුදුන් වම් දණමඬල සමීපයෙන් පසු බස්නේ බොහෝ තෙනක් නො ගොස් දොළොස් යොදනක් පමණ තැන් පසුබැස හුන්නේය. යට කී සිල්වත් කෙනෙකුන් වහන්සේට එක බත් කෙණෙස්සක් පමණ දන් දුන් ඉන්දක නම් දිව්ය්රාජයා තමා කළ පින් මාහැගි හෙයින්, තමා මහත් වූ ආනුබාව ඇති හෙයින් අගලක් පමණ තෙනු ත් නො සෙල්වී ම බුදුන් දකුණු දණමඬල සමීපයෙහි ම සිනා සිසි කිසි භයක් නැති ව හුන්නේය.

බුදුහු ඒ දිවයරාජයන් දෙදෙනාගේ කුශල විභාග ය පලමු කොට මේ දිවයසේනාවට හගවා සත්ත්වයන් දානයෙහි පළමු කොට පිහිටුවා පසුව විජම් දෙසමි යි සිතාලා දොලොස් යොදනෙක ගොස් හුන් අංකුර නම් දිව්යජරාජයාට අංුරය යි මහත් කොට හඬ ගා වදාළ සේක. ඒ ශබ්ද ය සක්වළගල් පය්න්කොට ත ව බඹලොව ගසා සිටි සියලු මනුෂ්යරයෝ ද ඇසූහ. සැවැත් නුවර සතිස් යොදනෙහි සිටි මහ පිරිස බුදුන් අංකුර ය යි වදාළ බස අසා එකෙණෙහි “කෙ‍ාල! අප බුදුන්ගේ කටහ‍ඬෙක,මුයෙන් නො බැණව”යි කියා දොහොත් මුදුන් දී දෙව්ලෝ බලා සිටියහ. එ වේලෙහි ස්වාමිදරුවෝ:


මහාදානං තයා දින්නං-අංකුරං දීඝමන්තරෙ,

සුවිදූරෙ නිසින්නොසි-ආගච්ජ! මම සන්තික’-යි


යන මෙ ගාථාව සියලු තුන්ට ම ඇසෙන සේ වදාරා “අංකුරය! පෙර තෝ දස දහසක් හවුරුදු දොලොස් යොදනෙ ලිප් බදවා මහදන් දුන්නෙහි ය, දුර සිටින, මා ළගට පලා වර. ඉන්දකයා සේම මා සමීපයේ හිඳ බණ අස. ඉන්දකයා දුන්නේ එක බත් සැන්දක් වුව, තා කළ පින් බොහෝ වුව , මා ළඟට පළා වරැ”යි වදාළ සේක. එකල අංකුර නම් දිව්යටරාජයා හුනස්නෙන් පැන නැඟි බුදුන් වැද සිට:


අයං සො ඉන්දකො යක්ඛො-දජ්ජා දානං පරිත්තකං.

අතිරොචති අම්හෙහි -වන්දො තාරාගණෙ යථා-යි.


යන මෙ ගාතාව කියා “ස්වාමිනි! පෙර ම අබුද්ධොත්පාද කාලයෙහි ඉපැද සිල්වතුන් නොලදින් බොහෝ දාන පරිත්යා ග කෙළෙමි. සඬු වු කුඹුරෙක යාලක් වපුට පෑලක් ලබන්නක්හු සේ නො සිල්වතුන් විෂයෙහි බොහෝ වූ පින් කොට ස්වල්ප වූ ආනුබාවයක් ලදිමි, තෙල ඉන්දක නම් දිවයරාජය‍ාණෝ සරු වූ කෙතෙක පෑලක් වපුට යාලක් ලබන්නා සේ නුඹ වහන්සේගේ බුද්ධොත්පාදයෙහි සිල්වතුන් විෂයෙහි පමණ වූ පිනක් කොට අපමණ වූ ආනුභාව ලදින් අප හැම අභිභවා තරු මැඳ සද සේ දිලියෙන්නාහු වේ ද ස්වාමිනි”යි කීය.


එ වේලෙහි බුදුහු ලග හුන් ඉන්දකයා බණවා...සංස්කරණය

එ වේලෙහි බුදුහු ලග හුන් ඉන්දකයා බණවා “ඉන්දකය! තාකළ පිනිදු කියා බලගැ”යි වදාළ සේක. එ තෙම හුනස්නෙන් පැන නැගි බුදුන්ට දොහොත් මුදුන් දී සිට “ස්වාමිනි! ලෙර මම ඉන්දක නම් දුඃඛිතයේමි. දොරින් දොර භික්ෂාටන ය කොට ඇවිදුනා වූ මම ඒ දොරක සිගා සිටියෙමි, එ ගෙයි මනුෂ්ය්යෝ මා දැක උපන් මහාරුණාවෙන් බත් සැන්දක් ගෙනාහ. එ වේලෙහි නුඹවහන්සේගේ සස්නෙහි අනුරුද්ධ නම් මහ තෙරුන් වහන්සේද පසුව එ දොරට ිගා වැඩිසේක. මම එ කල උන්වහන්සේ දැ මහත් වූ සැදෑ ඇතිව “පෙර පින් නො කෙලෙන් දැන් දුඃඛිත වීමි. දැන් මෙ තෙන කිසි යම් පිනක් පුරාගත්මි’යි සිතාලා එ බත්සැන්ද ඔබගේ පාත්ර්යට පිලිගන්වාලීමි, එ පමණ පිනින් මෙ පමණ සැපතක් ලදුයෙම් වේද, මාගේ ශරීරයෙන් නිකුත් ප්රපභා හැම දෙවියන් මැඩගෙන පවතිනා ලෙසු ත් මා අබිමුඛයෙහි හිඳගෙන දෙවතාවකුනැති නියාව ත් මාගේ මහත් වූ දිව්යෙතෙජස හා පිරිවර ත් බලා වදාළ මැනැව”යි කීය. බුදුහු එ වේලෙහි:


විචෙය්යු දානං සුගතප්පසත්ථං

යෙ දක්ඛිණෙය්යාල ඉධ ජීවලොකෙ,

එතෙසු දින්නානි මහප්ඵලානි

බීජානු වුත්තානි යථා සුඛෙත්තෙ-යි.


යනාදින් දානවිභායෙන් බණ වදාළ සේක. හේ කෙසේද යත් දන් දෙන්නාවූ සත්ත්වයන් විසින් පළමු කොට ත්රිදවිධ වූ චෙතනාව පිරිසිදු කොට සිල්වතුන් මැදින පින්කෙත් වෙන වෙන බලා දිය යුත්තේ ය. තිරිසනුන් සියක්දෙනාට දුන්නා වූ දානයට වඩා එක මනුෂ්යයය් හට දුන්නාවූ දාන ය ම අපමණ වූ විපා දෙයි. එසේ වූ සාමාන්ය මනුෂ්යයයන් ඒ සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා තිසරණ පිහිටි එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මහත් වූ විපාක දෙයි. තිසරණ පිහිටි ඒ සිය් දෙනාට දුන්නාවූ දානයටත් වඩා පන්සිල් රක්ෂා රන්නාවූ එක පුද්ගලයක්හට දුන්නාවූ දානය ම මහත් වූ විපාක දෙයි. පන්සිල් රක්ෂාරන්නාවූ එ සියක් දෙනාට දෙන්නාවූදානයටත් වඩා අටසිල් රක්ෂා කරන්නාවූ එ පුද්ගලයක්හට දුන්නාවූ දන් ම මහත් වූ විපාක දෙයි. අටසිල් රක්ෂාකරන්නාවූ ඒ සියක් දෙනාට දුන්නාවූ දානයට ත් වඩා දසසිල් ආරක්ෂා කරන්නාවූ එක පුද්ගලයක්හට දුන්නා වූ දානයම මහත් වූ විප‍ාක දෙයි. දසසිල් රක්ෂා කරන්නාවු ඒ සියක් දෙනාට දුන්නාවූ දානයත් වඩා සතලිස් අගෙකින් යුක්ත වූ සාමණේර සීල ය රක්ෂාකරන්නාවූ එක හෙරන පැවිද්දක්හට දුන්නාවූ දාන හ ම මහත් වූ විපාක දෙයි.

සාමණේර සීල ය රක්ෂා කරන්නාවූ ඒ සියක් දෙනාට දුන්නා වූු දානයටත් වඩා කෝටියක් සංවරසිලය රක්ෂාරන්නාවූ එක උපසම්පන්න භික්ෂුවක්හට දුන්නාවූ දානය ම මාහැඟි වූ විපාක දෙයි. උපසම්පනින භික්ෂුන් ඒ සියක් දෙනාට දුන්නාවූ දානයටත් වඩා එක සෝවාන් පුද්ගලය්හට දුන්නාවූ දන් ම මහත් වූ විපාක දෙයි. සෝවාන් ඒ සිය් දෙනාට දුන්නාවූ දානයටත් වඩා දෙැගැමි එ පුද්ගලය්හට දුන්නා වූ දානය ම මාහැගි වූ විපාක දෙයි. සෙදැගැමින් ඒ සිය් දෙනාට දුන්නාවූ දානයටත් වඩා අනාගාමි එක පුද්ගලයක්හට දුන්නාවූ දානය ම මාහැගි වූවිපාක දෙයි. අනාගාමින් ඒ සායක් දෙනාට දුන්නාවූ දානයට ත් වඩා එක රහත් කෙනෙකුන්ට දුන් දන් ම මාහැගි වූ විපාක දෙයි. ඒ රහතුන් ඒ සියක් දෙනාට දුන් දානයටත් වඩා එක පසේ බුදුන් ඒ සියක් දෙනාට දුන් දානයටත් වඩා එ ලොවුතුරා බුදු කෙනෙකුන්ට දුන් දාන ය ම අසංඛ්යෙ ය වු අප්රුමෙය වූ , විපාක දෙයි.

මේ ලෝකයෙහි ලොවුතුරා බුදුන්ට වඩා දක්ෂිණීය පුද්ගල කෙනෙක් නැත්තාහු ම ය. යම් සෘද්ධිවන්ත කෙනේ සක්වළ ගබසා බිමෙක මන්ඩපයක් මවා එහි පසේ බුදුන් රහතුන් පෙලින් පෙළ අතුරු නොදී දනින් දණ ගස්වා හිදුවා චතුමධුර රසයන් දන් දුන්නාහු වූ නම් ඒ සා මහත් වූ දානවිපාක ය මාගේ බුදුන්ට එ දවසක් දන් දුන්නාවූ බත් කෙනෙස්සෙක්හි සොළොස් වන භාගය කුත් නො හගනේ ම ය. එසේ හෙයින් මාගේ ස්වාමිදරු වූ බුදුහු ලොවට අග්රබ වූ දක්ෂිණීය පුදුගලසේක. එසේ වූ බුදුන්ට දුන්නාවූ දානයට ත් වඩ‍ා බුදුපාමොක් සගනට දුන්නා වූ සාංඝික දානයම තාරාවන්ට චන්ද්රමයා අග්රන වූවා සේම ප්රරබාසම්පන්න යන්ට සුය්යීයයා අග්රහවූවා සේ ම, මනුෂයයන්ට රජුන් අග්රේ වූවා සේ ම, ගංගාවන්ට සමුද්රමය අග්රෂ වූවා සේ ම පින් ැමැත්තාවු සත්ත්වයන්ට සාංඝික දාන ය ම අග්රන වූ විපාක දෙන්නේ ම ය. වදාලේ මැනෝ:


අග්ගි හුත්ත මුකා යඤ්ඤා -සාවින්ති ජන්දසො මුඛං.

රාජා මුඛං මනුස්සානං-නදිනං සාගරො මුඛං

නක්ඛත්තානං මුඛං චන්දා -ආදිච්චො තපතං මුඛං

පුඤ්ඤං ආකංකමානානං -සංඝො වෙ යජතං මුඛං-යි.


තව ද: ඒ දානයටත් වඩා යමෙක් තුන් බෝ පිහිටි විහාරයෙක දොරකවුව ඇති කරවා කෙස්සෙන් දොර හැර සතර දිගින් වඩිනා මහා ංඝයා වහන්සේ සුවසේ සැතපෙන සේ ආවාස දානයක් කරවා දන් දුන්නේ වී නම් අසංඛ්යෙ ය වූ අප්රසමෙය වූ විපාක දෙයි. මේ හැමපිනට ත් වඩා තුනුරුවනෙහි ප්රාසන්න වූ සිතින් යමෙක් “තුනුරුවන් සරණ යෙමි”යි හරණහිලයෙහි පිහිටියේ වී නම් අසංඛ්යෙනය වූ අප්රුමෙය වූ විපාක දෙයි. ඊට ත් වඩා යමෙක් ශරණ ශිලයෙහි පිහිටා පන්සිල් රක්ෂා කෙලේ වී නම් අසංඛ්යෙශයවූ, අප්රෂමෙය වූ විපාක දෙයි. ඒ පිනට ත් වඩා යමෙක් කිරි සිඳක් දෝනා ඇසිල්ලක ත් “සබ්බේ සත්තා සුඛී හොන්තු”යි කියා ියලු සතුන්ට මෛත්රී් බාවනා කෙළේ වී නම් එහි පින් මහඵල මහානිසංස වෙයි. ඒ පිනටත් වඩා යමෙක් “අනිත්යහ ය, දුඃඛය, අනාත්ම ය යි” තිලකුණු මෙනෙහි කෙලේ වී නම් එහි පින් මහාඵල මහානිසංස වෙයි. මේ ආදි කුශලයන්ට ත් වඩා යමෙක් ධම්දාමහ නයක් දුන්නේ වී නම් දෙවුයේ වී නම් එහි ම පින් මහානිසංස -මහඵල වෙයි. වදාළේ මැනෝ:


සබ්බදානං ධම්මදානං ජිනාති

සබ්බ රං ධම්මරසො ජිනාති.

සබ්බ රතිං ධම්මරති ජිනාති

තන්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති-යි.


එසේ හෙයින් මේ ධර්මඛ ය නම්...සංස්කරණය

එසේ හෙයින් මේ ධර්මඛ ය නම් සත්ත්වයන්ගේ මොහදුරු විදහා වැඩ අවැඩ දක්වන ලද හෙයින් ධර්මත ය නිසා ම සත්ත්වයන්ට සංාර ාගරයෙන් ගොඩනැගීම වන රහයින් සියලු දානයට වඩා ධර්මරදානය ම උතුම් ම යයි දතයුතු.

ඉක්බිත්නේ මේ ආදි වසයෙන් විචෙය්යනදානයාගේ විභාග යෙන් පළමුකොට දානවිපාක ය දිවයමනුෂ්ය යන්ට හඟවා බණ වදාළ සේක. එකල ඉන්දක -අංකුර නම් දිව්යදරාජයෝ දෙදෙන සෝවාන් වූහ. අවශෙෂ වූ බොහෝ දෙවියෝ ද මාර්ග ඵල ලදහ. සතිස් යොදනෙහි සැවැත් නුවර සිටියාවූ මනුෂ්යඵ සේනාව ද බුදුන් එ පිරිස්මැද වැඩහිඳ වදාලාවූ බණ සේ ම ඒ බණ විහෙෂයෙන් තමන්ට ත් ඇසෙන හෙයින් විඳ විඳ අසා බොහෝ දෙන මාර්ග පලයට පැමිණ සාධුනාද පූජා කළහ. “අප බුදුහු නො පෙනෙන්නාහ, අප බුදුන් ගේ මිහිරි වූ කටහඬ ඇසුම්හ”යි යනාදින් කිය කියා උත්සව කළහ.

එ කල තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සුවහස් පහන් දැල් වූ පහන් රුකක් මුදුනෙහි දිලියෙන මහාප්ර්දීපයක් සේ දසදහසක් සක්වළ දිව්යෙසේනාව මධ්යපයෙහි ිලිහි දිලිහී බුද්දමහිම දැක්වූ ල්හි එකල මෑණියන් වහන්සේ පුදාන වූ සියලු දිවයසේනාව දොහොත් මුදුන් දී සිට “ස්වාමිනි! බුධාන්තරයක් මුවල්ලෙහි ලොකයෙහි සැගවී තුබූ අභිධම්ර් ‍ නමැති කෙස්නේ දොර හැර වදාළ මැනැව, සයුරමැද ගමන්ගත් තිමිංගල නම් මත්ස්යමරාජයාගේ විලාස දක්වා වදාළ මැනව. ඒ කෙසේ වූ විලාසයෙක් ද යත්? හේ ගෙම මුහුදු මැද තමා සනොරයෙහි ගමන් ගත් කළ දකුණු කම්පත සෙලවීමෙන් පන්සියක් යොදුන් තැන් මුහුදු හලලා ගෙන, වම් කන්පත සෙලවී මෙන් පන්සියක් යොදුන් තැන් හලලා ගෙන, වම් වරලිනු ද පන්සියක් යොදුන් හලලා ගෙන, වාලධිය ගැස්මෙන් පන්සියක් යොදුනෙහි දිය රැලි කවා ගෙන , ඉසිනු දු සරොයෙහි -ඇතැම්. පන්සීයක් යොදුනෙහි මහ රළකඳු යතා ගෙණ යෙයි, තෙමේ ද පන්සියක් යොදුන; දිගින් යෙළ දාසක් යොදුනේ හා පුළුලින් දසදහසක් යොදුනේ හා මහමුහුද මහ සැලෙක කකියා නැගෙන දිය සේ හළලා ගෙන දිවෙහි. හෙතෙම කියන කල “සත්ත්වයෝ මුහුද ගුඹුර ගැඹුරැ යි කියති, මාපිට ගැලි යන තරම් ගැඹුරු තෙනක් නො ලැබෙමි”යි යෙයි. මෙසේ වූ ඒ තිමිංගල නම් මත්ස්ය්රාජයා යුඟඳුරු මුහුදු බැස සිත්සේ නික්මුණා වූ ලීලා දක්වා වදාල මැනැව, නුඹවහන්සේගේ අභිධර්මල නමැති මහ මුහුදට බැස වදාල මැනව, ස්වාමිනි! නුම බුදු වූ දවස් පටන් පිපාසිතයන් පැන් පතන්නා සේ දෙවියෝ අභිධර්මාකමෘත ය නවර දවස් අපට දෙන සේක දෝ හෝ යි ප්රාරර්ථනා කෙරෙති, සියලු දෙවියන්ගේ සිත් පුරා විජම් දෙසා වදාල මැනැවැ”යි ආරාධනා කළහ.

එ වෙලේහි බුදුරජාණන් වහන්සේ දසඑකඩ සම් කුසින් උසුළා මහ පෙම් ලා වූ මෑනියන් වහන්සේ ආදි වූ සියලු දෙවියන් ඇස් නිවමින් ,කන් නිවමින්, සිත් නිවමින්, බැණ නැගි බසින් ශ්රීෑ මුඛයෙන් නිකුත් සුවඳින් මුළු සක්වළ සුවඳ කරඬුවක් සේ කෙරෙමින් , “කුසල‍ා ධම්මා, අකුසලා ධම්මා, අවයාකතා ධම්මා”යි යනාදින් සප්තප්රාකරණයෙකින් යුක්ත වූ විජම් පිටය හළලා අබිධර්ම” දෙශනාවට පටන් ගත් සේක. කෙසේ ද යත්?

ස්වාමිදරුවෝ “අනන්තාපය්යීමන්ත වූ බුදුන් දෙසූ අභිධර්මන ය නම් බුද්ධඥනයෙන් මුත් කිසිවක්හු විසින් දත නො හැකි යේ ය. එසේ හෙයින් මේ දෙවියන්ගේ දිව්යනඤනයට ද, අතිගම්භිර ම ය දෙවියන්ගේ නුවණ පමනක් දෙස මියි සිතා මොහොතක් ල් සිතියම් කඩක් විදා පානා සේ, සියල්ලන්ටම දැනෙන සේ, උත්තාන දෙශනාවක් කරන සේක. එල දෙවියෝ විහෙෂයෙන් දැන බුදුන්ට සාධුකාර දි දී “මේ අභිධර්මව ය නම් දැඩි දෙයෙැ යි පෙර ශ්රැදතපරම්පරාවෙන් අසා දනුම්හ, එසේ බවක් මිස අභිධර්මර ය දැඩි නො වෙයි, ඉතා උත්තානිය, ඉතා සුගමය, ඉතා මොලොක් දෙයෙකැ”යි සිත සිතා අසති. එ කල බුදුහු දෙවියන්ගේ සිත් බලාබ “අභිධර්ම ය දැඩි නියාව දෙවියන්ට වැලි ත් හඟවා ලමි”යි සිතා දෙශනා ලීලාව ක්රවම ක්ර්මයෙන් දැඩා කරන්නට පටන් ගන්නා සේක. එ කල දෙවියන්ට ජායාවෙන් පෙනෙන රෑපයක් සේ සකසා නො දැනෙයි, සුගක් සුගක් දැනෙයි, එ සේ ද උව ත් ඝටාගෙණ-ඇතැම්. මඳින් මඳින් සාධු කාර දිදී අසති. ව ද දැඩිකොට වදාරනසේක. එකල දෙවියන්ට ස්වප්නයෙන් දුටු රූපයක් සේ ස්වල්ප ස්වල්පයක් දැනෙයි. නැවත අබිදර්මයසාගර ය දක්ව දක්වා බුද්ධඥනයට මුත් අවශෙෂ වූ කිසිවක්හට නො දැනෙන ‍ේ අභිධර්මදෙශනාවක් කරන සේක.

එ කල සියලු දිව්යෙබ්රශහ්මයන්ට අඳුරු ගෙයකට වන්නා සේ කිසිවකු ත් නො දැනේම ය. එ කල දෙවියෝ “බුදුන් වදාරන්නේ මේ කිමෙක්දෝ හෝ “යි සිත සිතා ගලෙක ඉන්නන් ඇන්නා සේ කිසිවකුත් නො දැන තුෂ්නිම්භූත ව සිතියම් ඇදී රූ සේ සිටිනාහු ය. එ කල ස්වාමිදරුවෝ දෙවියන්ට නැවත දැනෙන සේ වදාරන සේක. එ වේලෙහි සාධුනාර දිධි අසති. ලෙර සේම උත්තාන කොට වදාරන සේක. නැවත මෘදුකොට වදාරන සේක. එසේ වදාරන්නා වූ බුදුහු රාත්රීඅන් දිවාභාගයෙහි ශීග්ර ගතියෙන් එක අකුරක් කියා ලන ඇසිල්ලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ අට අකුරක් කියාලන සේක. ඔබ ඒකාක්ෂරයක් කියාලන ඇසිල්ලෙහි ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ අක්ෂරයන් අටක් පිරුවා පියන සේක. ඔබ එකාක්ෂරයක් කියාලන ඇසිල්ලෙහි බුදුහු අෂ්ටාක්ෂරයක් වදාරන සේක. මෙසේ සාමාන්යහ මනුෂ්යෂයන් එක බසක් කියන ඇසිල්ලෙහි බුදුහු පන්සිය දොළොසක් බස් වදාරා පියන තරම් ශීඝ්රබවූ වාග්ලීලා ඇතිසේ. මෙසේ ශීග්රිවූ දෙශනා ඇති බුදුහු දිව්යලඥවයට අතිශීඝ්රය කොට ම වදාරන ‍සේක.

බුදුන් පූර්වේභක්තයෙහි කළ...සංස්කරණය

බුදුන් පූර්වේභක්තයෙහි කළ මනා බ්‍ුද්ධකෘත්යඥ නිමවා පශ්චාද් භක්තයෙහි අර්ධචන්ද්ර්ක පාෂාණයෙහි වැඩසිට ශ්රී‍ පාදය ශෝදා පය දිය වියලෙන තෙක් එතෙනට රැස්වූ භික්ෂූන් වහන්සේට “මහණෙනි! බුද්ධොත්පාද දුර්ලභ ය, මනුෂ්යාිත්ම ලැබ ගැන්ම දුර්ලභ ය, ක්ෂණසම්පත්ති දුර්ලභ ය,සද්ධර්මශ්රණවණ දුර්ලභ ය,ප්රයව්ර්ජ්යාා දුර්ලභ ය, බුද්ධදර්ශන දුර්ලභ ය.අප්ර‍මත්ත ව, ත්රිපවිධ වූ ශික්ෂාවන් සම්පාදනය කරව’යි යනාදින් දවසින් දවස වදාරන්නා වූ සුගතොවාද නම් සංක්ෂෙප දෙශනාව දැන් පොත් සංගායනා කරතොත් දිග්සගිය මැදුම් සගිය පමණ වෙයි.

තව ද: මේ මිනිස්ලොවින් හවුරුදු සියයෙක් නම් ඒ දෙව්ලොවින් එක දවසෙක , ඒ නියායෙන් අපගේ සියක් හවුරුද්දට ඒ දෙවියෝ දෙසිය සොලොස් වාරයක් සුසුම් ලති.

අපගෙන් මසෙක් නම් ඔවුන්ට ටලොස් සුස්මක් කල, අපගෙන් දස දවසෙක් එවුන් සවාරයක් සුසුම් ලන කල, අපගෙන් පස් දවසේ නම් ඔවුන්ට තුන් සුසුම් කල, අපගෙන් සියක් පෑ ගිය කල ඒ දෙවියන්ට එක සුස්සක් කල; එ‍ේ හෙයින් ඔහු මිනිස්ලොවින් හවුරුදු සියයකට දෙවාරක් අනුබව කරන්නාහ. එ කල අප බුදුහු “මිනිස්ලොව දී වැළදුව මනා වේලෙහි. දෙවුලොව දී වලදන සේක් වී නම් දෙවියෝ “බුදුහු වම් කමසේ නැතිව බත් ම වළදන්නාහ”යි විතර්ක සිතන්නාහු ය; එසේ හෙයින් මේ තුන්මස මුවල්ලෙහි දිව්යිසේනාවට නො හගවා ම ආහාර කෘත්ය් සම්පාදනය කළ මැනැව”යි සිතාලා මිනිස්ලොවට අරුණු නැඟෙන වේලෙහි තමන් වහන්සේ ලා ම එක්වැනි වූ නිර්මිත බුදුකෙනෙකුන් මවා ඒ හස්නෙහි හිඳුවා “මාගේ දෙශනා ලීලායෙන් ම මේ බුදුහු විජම් දෙසනා කෙරෙත්ව යි, මේ දසදහසක් සක්වළ දිව්යු -බ්රනහ්මසේනාව අතුරෙන් කිසි දෙවිබඹකෙනෙකු ත් මා මෙයින් බැහැර ගිය නියාව නො දනිත් ව’යි අධිෂ්ඨාන කොටලා දෙවුලොවින් අන්තර්දාන ව පන්සීයක් යොදුන් හිමාල ය පර්වතයට බැස. එහි පනස් යොදුන් අනවතප්ත නම් මහාරසියෙහි අනන්තාපය්යීදන්ත වූ බුදුන්ට ම නියමව තිබෙන සුගත් නම් මහතොටට බැස නාලිය දැවිටි වළදා මුඛ ශොධන ය කොට, සැටයොදුන් රත්ගල් තලා මුදුනෙහි කෙළවර පිහිටි සත් යොදුන් මහසල්ගස මුල වැඩසිට් රත් වලාකඩෙකින් සඳමඬලක් වසන්නා සේ සුගත් මහ පවුල් සඟල පෙරව වැඩසිටි කල්හි, බුදුන්ගේ සිත හා සමඟ ම පාත්රාසධාතුන් වහන්සේ ස්වකිය ස්ථානයෙන් ආකාසයට පැනනැඟී ගොස් ශ්රීසහස්තයට බස්නා සේක. එ කල පාත්රු ය ධරා අසුරුසනක් කලින් උතුරුකුරු දිවු වැඩ දිව්යකභොජන පිළිගෙන නැවත වැඩ එම හාලද්රැුම මූලයෙහි ම වැඩහිඳ වළදා වදාරන සේක. එ කල ධම්සෙනෙවි සැරියුත් මහතෙර්න් වහන්සේ සැවැත් නුවරදී බුදුන් යමා මහපෙලහර පෑ දවස් බුදුසස්නේ පඅහඅද තමන් වහන්සේ කෙරෙහි මහණ වූ පන්සියය් පමණ වග්ගුලි භික්ෂූන් ගෙන සකස්පුර දොර ගොස් එහි වස් විසූ සේක් බුදුන් වැළඳු පාත්රු ය සෝධා කළ මනා වත් කොට බුදුන් වැඳ එකත් පස්ව හිඳ,”ස්වාමිනි! ඉය්යේ පශ්චාද්භක්තයෙහි පටන් අද අරුණු නැගෙන මේ පන්සාලිස් පැය මුළුල්ලෙහි නුමවහන්සේ දෙසූ දෙශනා හා නිර්මිත බුදුන් ළ දෙශනා හා මට වදාළ මැනැවැ”යි ආරාධනා කරන සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ “ශාරිපුත්රථය! දෙවියන්ට කී ලීලායෙන් ඒ දෙශනාව දැනු දු කෙරෙම් නම් එම තෙක් කල් කම සේ වුව මැනව, එසේ කල දෙවියන්ට කරන දෙශනා පමා වෙයි, තට සංක්ෂෙපයෙන් දෙසමි, විස්තර වසයෙන් ධරා ගනැ”යි වදාරා “ඉය්යේ මෙ තෙක් දෙශනා කෙලෙමි. අද මෙ තෙක් දෙශනා කෙළෙමි නිර්මිත බුදුහු මෙ තෙක් දෙසූහ”යි සංක්ෂෙපනයෙකින් මොහොතක් කලින් වදාරා පියන සේක. එකල සැරියුත් මහතෙරුන් වහන්සේ තමන් වහන්සේගේ අසාදාරණ වූ ශ්රාතව ඥනයෙන් බුදුන් එක නයින් වදාළා තමන් වහන්සේ සිය දහස් ලක්ෂගණන් නය සිත සිතා ගෙන විශෙෂයෙන් ම දරා ගන්නා සේක.

එ කල බුදුහු “තාගේ වග්ගුලි මහණුන් පන්සිය ය තෙලේ විශෙෂයෙන් ම උගත් ව, ඔහුදු ඥනවන්තයහ මතු මාගේ ශාසනයට මා හා තා හා ඉක්බිති ව සප්තප්රුකරණ ආචාරි වන්නාහ”යි වදාරා දෙවුලෝ වැඩ නිර්මිත බුදුන් අන්තර්ධාන කොට ඒ ධර්මාසනයෙහි පෙනි නිර්මිත බුදුන් දෙසමින්සිටි අඩුවෙහි පටන් දෙශනාවට පටන් ගන්නා සේක.

එ කල සැරියුත් මහ තෙරුන් වහන්සේ ද, බුදුන් දෙවුලෝ වැඩිකල තමන් වහන්සේ සකස්පුර දොර වැඩ ඒ පන්සියක් වග්ගුලි භික්ෂූන් කැඳවා “ඇවැත්නි! අප බුදුහු මනුෂ්යඅයන්ට නො දැනෙන හෙයින් අබිදර්ම නම් දෙශනාවක් දෙවියන්ට දෙවුලොව දී වදාරන සේක.බුදුන් දව දව කළ දෙශනාව දවස දවස මම ගොස් ඉගෙන ඉගෙන එමි, තෙපි හැමදෙන ම දවසින් දවස මා අතින් උගන්ව, ඉගෙන අවහෙෂ භික්ුන්ට මතු විජම් පිටකයට ආචාරි වව”යි කියා තමන්වහන්සේ උගත් දෙය ඒ පන්සියක් භික්ෂූන්ට වදාරන සේක. ඔබ වදාළ පරිද්දෙන් ඒ පන්සියක් භික්ෂුහු නො වරදවා ම උගන්නා සේ. එ තුන්මස මුළුල්ලෙහි ම බුදුහු විජම් පිටකය විස්තර කොට දෙශනා කොට වදාල සේක. බුදුන් ගේ දෙශනාව හා සමඟ සැරියුත් ස්වාමි නිමවා ඉගෙන ත් වදාල සේක. සැරියුත් ස්වාමින් අතින් ඒ පන්සියක් භික්ෂූන් වහන්සේත් ඉගෙන නිමවා වදාළසේක් ම ය. අභිධර්ම ය ඉගැන්ම හා සමගම පන්සියක් දෙනා වහන්සේ ම අමාමහ නිවන් දැක වදාල සේක් ම ය.


දිව්යසඥනයට ම විෂය වූ මෙසේ වූ අභිධර්ම දෙශනාවක්....සංස්කරණය

දිව්යසඥනයට ම විෂය වූ මෙසේ වූ අභිධර්ම දෙශනාවක් කෙසේවූ , පින්බලයෙකින් බුදුන් දෙවුලොව වැඩ හින්ද දී ම දෙවුලොව දී බණ මිනිස්ලොව දී ම ධරා ගෙන අමා මහ නිවන් දුටුසේ් ද යත්? මෙකප තුන්වනු ව බුදුවූ කාශළුප නම් බුදුන්ගේ හාසනයෙහි එක්තරා එක් මහතෙරහු දෙදෙනෙක් විජම් පිටකය නිමවා දැන එක්තරා එක් පබ්හාරයෙ නිරන්තරව වාස ය කරන සේ් දෙදෙන ඔවුනොවුන් ලා විජම් නය සාච්ජා කොට පෘච්ජා-ප්රිති පෘච්ජා වසයෙන් අභිධර්මය පිරුවානා සේක. එ කල පබ්භාරයෙහි වසන පන්සියක් කිරිවවුලෝ ඒ අභිදර්ම හබ්ධ මාත්රාභවක් අසා ඒ පිනින් මිය පන්සිය පන්සිය දෙවගනන් පිරිවරා දෙවුලොව බපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අපාය නො දැක, දිව්යබසම්පත් විඳ අප බුදුන් සමයෙහි දෙව්ලොවින් චුත ව අවුත් සැවැත්නුවර පන්සියක් කුලවල පන්සියක් කෙ‍ළෙඹියන්ට දා ව ඉපැද වැඩී පූර්වක විශ්වාසයෙන් ම පන්සියක් දෙන ම එක්ව ශ්රීැ විද වර්ගලබන්ධනයෙන් ඇවිදුනාහු බුදුන් යමාමහ පෙලහර පෑ දවස් බුදුන් කෙරේ පැහැද බුදුසසුන් වැද සැරියුත් ස්වාමින් කෙරේ මහණ ව, එක් ව ම මහණධම් පුරා එ ම බණ ඇසූ කුශලබල ඥනයෙන් මෙසේ විජම් පිටය ධරා ගෙන එම පිනින් අමාමහ නිවන්දැක සංසාර සාගරයෙන් ගොඩ නැංගහ යි දතයුතු.

එසේ හෙයින් මෙහි මෙ බඳු වූු විපාකයෙක් ඇතැයි විබාගයක් නො දැන, ධර්මයයෙහි ශබ්දමාත්රාඑවක් ඇසූ කිරිවවුලන්ට පවා මෙ බදු වූ විපාකයෙක් ඇතැයි කාරණා කාරණ දැන ශ්රපද්ධාවෙන් බණ ඇසුවා වූ සත්ත්වයන්ට කලී විපාක වනාහී කා විසිනු ත් කියා නිමවාගත නො හැකි නියා ය. කීයේ මැනෝ:


සාරාසාර විචෙක භාව රහිතා පක්ඛීපි කිඤ්චාවිදු

සුත්වා වග්ගුලියො රවංව යතිනො පාලිම්භි සජ්ක්දායතො

වින්දන්තා මහතිං සිරිං ධිතිහරං කාමග්ගියං තප්ඵලා

සම්පත්තා ජින සෙවිතං සිවපදං තුම්හාදිසෙ කථා යි.


මෙසේ ස්වාමිදරුවෝ ඒ වස් තුන්මස මුළුල්ලෙහි යට කී ක්රේමයෙන් ම අභිධර්මස දෙශනා කොට නිමවා වදාළ සේක. එ කල මාතෘ දිවයරාජන් ව උපන්නා වූ මෑණියන් වහන්සේ යෙළ දහසක් කෙලෙසුන් නසා දහසක් නයින් ප්ර්තිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටා, සියලු දිව්යිසෙනාවට පළමු ‍කොට හුනස්නෙන් පැනනැගි දොහොත් මුදුන් දී සිට “ස්වාම්නි! සංසාරයෙහි අනන්තාපරිමෙය වූ ජාතියෙහි මට ම පෙම් වඩා මට ම දරුව , මා කුසින් ඉපැද, මට ම බොහෝ සම්පතු ත් දෙවු සේක. දැන් නිවන් සම්පත් දී කෘතොපකාරයෙහි මුදුන් පැමිණි සේකැ”යි සාධුනාදයෙන් පූජා කළ සේක. හේ කෙසේද යත්?

කට්ඨහාරි ජාතකාදියෙහි මා අනුන්ට දාසි ව උපන් කල පවා, නුඹ මා කුසින් ඉපැද බරනැස් රජුන්ට අගමෙහෙසිනි කොට මටම සම්පත් දෙවාපු කල් මෙතෙකැයි පමණ නැත. සුසිම ජාතකාදි යෙහි පියන් නැති කල කුල ධනයට ශොකයෙන් හඬන්නා වූ මා ‘නො හඬ ව මෑණියෙනි’ යි සන්හිඳුවා නුඹ සත් හැවිරිදි වයස මහත් වූ නුවණ බල පරාක්ර ම පෑ කෝටි ගණන් සම්පත් ගෙනවුත් මට දී මා සතුටු කරවාපු කල් මෙ තෙකැ යි පමණ නැත. අලින චිත්ත ජාතකයෙහි බුඹ මා කුසින් ඉපැද උපන් කෙණෙහි පවා පියන් නැති එක රජ ය තබා මුළු දඹදිව රජය මට ගෙන දි ස්ත්රි්ව සිටි මා හා දමදිවට රජ කරවාපු කල් මෙ තෙකැ යි පමණ නො දන්මි. මාතුපොස ජාතකාදියෙහි නුඹ මාකුින් ඉපැද හස්ති රාජ්ය.ශ්රීො විඳිනා කල පවා ඒ ඇත්රජ ය හැර මා ම නිසා එකලාව අන්ධ වූ මට ම අත්පා මෙහෙ කොට සොඬින් පැන් ඇද ඵලාඵල හැද මට ම මෙහෙ කොට, මට ම සුව දුන් කල් මෙතෙකැයි පමණ නො දන්මි.

සාලිකෙදාර ජාතකාදියෙහි ගිරා රජ ව ඉපැද හැල් කරල් මී අඹ තුඩින් හැද ජරාදුර්වගල වූ මා ම පොෂ්යල ය කළ කල් මෙ තෙ කැ යි පමණ නො දන්මි. බන්ධනාගාර ජාතකාදියෙහි දිළිදු වූ කුලෙහි ඉලැද වැන්දඹු වූ මටම අත් පා මෙහෙ කෙරෙමි යි අනික් ගෘහවාසයක් නො කොට දර පැන් පළා බඩු හැද, මටම සුව දුන් කල් , මා ම නිසා නුඹ දුග් ගත් කල් මෙ තෙකැ යි පම්ණ නො දන්මි. තව ද: කුරුධර්මා ජාතකාදියෙහි නුඹ මා බදු වූ ගුණ රක්ෂාකොට ජ්යොෂ්ඨාපචායන ධර්මණයෙහි මුදුන් පැමිණ ගක්ෂ අගනා චන්දනසාර සුවහස් අගනා ස්වර්ණමාලාවෙන් මට ම පූජාකළ කල් මෙ තෙකැයි පමණ නො දන්මි. මහාධම්පා ක ගල ජාතකාදියෙහි නුඹ මා කුසින් ම ඉපැද නුඹට ද, මට ද, නුඹ උපන් කුලයට ද, රොග ව්යා සන නැති කරවා අකාල මෘත්යුන අකාල සන්ද්යාන නැතිනොට මටම පෙම්වැඩූ කල් මෙතෙකැ යි පමණ නො දන්මි. දශරථ ජාතකාදියෙහි මා ම පුසින් ඉපැද නුඹ දශරාජ ධර්මක ය පුරා මුළු දඹදිව රජය කොට , මවුන් පියන්ට කීකරු වූ කල් මෙ තෙකැයි පමණ නො දන්මි. නන්දිමිග ජාතකාදියෙහි නුඹ බරනැස් රජුට හසුව පවා ඒ මරණයෙහි ශොක නැති ව මට අත්පා මෙහෙ කරනුවන් නැතැ යි මහත් වූ ශොක කොට එ ම ගුණයෙන් ගැළවී අවුදින් මට දුක් වැද්ද නො දී මෙහෙකළ කල් මෙතෙකැයි පමණ නො දන්මි.

කුසජාතකාදියෙහි නුඹ ම පතා මා ‍පෙහෙවස් රක්ෂා කොට ශීලබලයෙන් සක්දෙවු රජුන් ගෙන්වා මනුෂ්යෙ ස්ත්රීට ව ඉපැද පවා, නුඹ සක්දෙවුරජුන්ට දා කොට, මා කුසින් වදා , නුඹගේ ම රාජ්යද ශ්රීර බල බලා මා සැප හුන් කල් මෙ තෙකැ යි පමණ නො දන්මි. එ බඳු වූ රාජ්ය සම්පත් වැඳු පියන්ට පවා නො දි නුඹ මා කෙරෙහි ම විශ්ව සත්ව, මට ම රාජ්ය් පාවා දී, මට ම සැපත් දුන් කල් මෙතෙකැ යි පමණ නො දන්මි. සොණ නන්ද ජාතකාදියෙහි නුඹ තපසට යෙමි යි කී කල්හි පවා නුඹ හා සමඟ වල් ගොස් මා විසිනුදු තපස් කළ කල් මෙ තෙකැ යි පමණ නො දන්මි. එසේ මා හා සුදොවුන් මහරජාණන් තපස් කරන කල්හි නුඹ ධ්යාසන උපදවා ගෙන ආකාශයෙන් ඒ ඒ තන්හි ඇවිද අනෙකප්රයකාර වූ අග්රන අග්ර වූ ඵලඵලයන් සෘධිබලයෙන් ගෙනහැර මටම සත්කාර කළ කල් මෙතෙ කැ යි පමණ නො දන්මි.

තේමිය ජාතකාදියෙහි නුඹ නිසාම , නුඹ කෙරෙහි ළ ප්රඅත්රර ප්රේයමයෙන් ම, අගබිසෝ සැපත් හැර මා ද වල් ගොස් නුඹ සේම තපස් කළ කළ කල් මෙ තෙකැයි පමණ නො දන්මි. අයොඝර ජාතකාදියෙහි නුඹ මා කුසින් උඅපන් කල්හි නුඹට කිසියම් උපද්රයවයෙක් වෙති යි සිතා නුඹ ය ගෙයි ලා වඩා පෙම් කළ ල් මෙතෙකැ යි පමණ නො දන්මි. උම්මග්ග ජාතකාදියෙහි නුඹ වදා නුඹගේ බල දුටු රජුන් විසින් මා කෙරේ පැහැද ස්ත්රි පලඳනා වෙන් රන ලද පූජා ැපත් මා ලද කල් මේ තෙකැයි පමණ නො දන්මි. වෙස්සන්තර ජාතක‍ාදියෙහි සක්දෙවු රජුන්ට අගමෙහෙසින් වූ, දිව්යේසම්පත් හැර නුඹ ම වදමි යි සක්දෙවු රජුන් අතින් වර ඉල්වාගෙන මිනිස්ලොවට අවුත් නුඹ මා කුසින් වැදු කල් මෙ තෙකැ යි පමණ නො දන්මි. මේ ජාතියෙහි ‍ේ ම නුඹ රජසැපත් හැර තපසට වලට යන කල්හි, නුඹ නවතාගත නො හී මා හඬාපූ කඳුළු නො ඒ ජාතියෙහි සතර මහා සාගරයෙහි දියට ත් බෙහෙව යි සිතමි. නුඹ ද නො එක් ජාතියෙහි මා ම පොෂ්යම ය කෙරෙමි යි මට ම ගොදුරු සොයා ගොස් නොඑක් බන්ධනයට පැමිණි කල් මෙතෙකැ යි පමණ නො දන්මී. පියුමතුරා නම් බුදුන් දැක නුඹට මවුවෙමි යි මා ප්රා්ර්ථනා කළ තැන් පටන් මේ කප්ලක්ෂය මුළුල්ලෙහි නුඹද අනික් මෑණිකෙනෙකුන් නො සෙවු දෑ ම ය. මම ද අනික් පුතණුකෙණෙකුන් නො පැතුයෙම් ම ය.


දැන් බුදු වන ජාතියෙහි ද...සංස්කරණය

දැන් බුදු වන ජාතියෙහි ද කිඹුල්වත් පුරෙහි සුදොවුන් මහ රජාණන්ට අගමෙහෙසින් ව, මහාමායා නම් බිසෝ ව, මිනිස් ලොව රූ ඇතියනට අගපැමිණි ව වැස, නුඹ මා කුස පිලිසිදගත් පිනින් දසදහසක් සක්වළ මහපොලෝ ගුගුරුවා පිමි. නුඹ මා කුසින් උපන් වේලෙහි දූ නුඹ වැනි පුතුන් වැදූ පිනින් මහබඹුන් අතින් පවා වැඳුම් ලැබ පිමි. මේ ලෝකයෙහි පුතුන් පතන්නාවූ ස්ත්රිුහු නුඹ වැනි වූ පුතුන් ම ප්රාෙර්ථනා කෙරෙත්ව යි, පෙර මා විසින් නුඹ පෙවොපු තනකිරට දැන් නුඹ විසින් මා පොවාපූ දහම් කිරිබෙහෙව, ස්වාමිනි! මපුතණුවන් වහන්ස! බුදුකෙනෙකුන්ට මවුවීමෙහි ආනිසංසයන් ලදිමි යි දැන් මා සිත් පිනා ලිය, නුඹ වැනි ශ්රීංවන්තයාණ කෙනෙකුන් වැදු කුසින් අනික් ළාමක වූ ත්ත්වයකු නො වදිමි, මතු සත් ජාතියකින් වඩා සංසාරයෙහි දූ නො ඇවිදිමි, ඒ සත්ජාතියෙහි දූ දෙවුලොව බඹලොව විනා අන් තැනෙක ත් නො ඇවිදිමි, ස්ත්රිෙ ආත්මභාවයෙන් ගැළවී පුරුෂ ආත්මබාවයකු දූ ලදිමි, නුඹ වැදු පින්බලයෙන් මාගේ සියලඟින් නිකුත් දිව්යද ශොභායෙන් මේ දසදහසක් සක්වළ දෙවියන් බඹුන්මැඩපවත්නා ලෙසක් බලා වදාළ මැනැවැ යි යනාදි වසයෙන් සයදහස් වචනයෙන් බුදුන්ට ස්තුති කරන්නාවූ ඒ මාතෘ නම් දිව්යනරාජයාණෝ අප්ර මාණ වූ නමස්කාර පූජා කලහ. මෙසේ ස්වාමිදරුවන්ගේ ඒ අභිධර්ම දේශනාවසානයෙහි අසූකෙළ දහසක් දෙවියෝ අමාමහ නිවන් දුටුහ. කියේ මැනෝ:-


තං දෙව දෙවො දෙවානං-දෙවදෙවෙහි පූජිතො,

දෙසෙසි දෙවලොකස්මිං -ධම්මං දෙව පුරක්ඛතො-යි


එ කල ඒ තුන්මස මුළුල්ලෙහි ප්රධබන්ධ වූ විජම් දෙශනාවෙහි අති ප්රතසන්න වූ සක්දෙවුරජ පාණ්ඩුකම්බලාසන ය ආදි වූ තමාගේ සියලු ශක්රරසම්පත්තින් පූජා කෙළේ ය. දසදහසක් සක්වළ දෙලක්ෂ සතළිස් දහසක් දිව්යත බ්ර හ්මයෝ ද තමන් තමන්ගේ සක්වළවලට නො ගොසින් ප්ර්බන්ධයෙන් සිට බණ අසා දවසින් දවස අප්රගමාණ වූ පූජා කළාහුය. අප බුදුන් බුදු ව වැඩහුන් මේ පන්සාලිස් හවුරුද්ද මුවල්ලෙහි දසදහසක් සක්වළ දෙවියන් රැස් ව තුන්මසක් මුවල්ලෙහි ප්රහබන්ධ වූ පූජාවක්කලාවූ, මෙ බඳු වූු සමාගමයෙක් අනික් කිසි කාලයෙක ත් නො වී ය. මේ සමාගම ය නම් අනන්තාපය්යීොන්ත වූ බුදුන් ම එකි එකී වාරයෙක්හි ම ලබන්නාවූ ඒකාන්ත ධර්ම සමාගමයෙක් ම ය. මෙසේ මාගේ ස්වාමිදරුවෝ දසදහසක් සක්වළ දෙවියන් රැස්ව පාණ්ඩුකම්බල ශෛලාසනයෙහිදි කළාවූ දවස දවස දෙලක්ෂ සතලිස් දහසක් ප්රසමාණ පූජා බැගින් අනූදවසක් මුළුල්ලෙහි කළාවූ දෙකෙළ සොළොස් ලක්ෂයක් පමණ ඇති සංඛ්යාලපථයට විෂය වූ, දිළු්යසරාජ පුජාවන් ලත් හෙයිනුත් සංඛ්යාලපථයට අවිෂ ය වූ සෙසෙු අප්රමමාණ දෙවියන් කරණලද අසංඛ්යය ගනන් දිව්යෙරාජ පූජා ම ලත් හෙයිනු ත්, එසේ වූ පූජා විදිමට සුදුසු හෙයිනුත්, සවුනේ නිමවා දත්. වියත් කම්හි මුදුන් පැමිණි, සත්ත්වයන්ගේ සිත් පමණ දෙශනා ඇති, බලන්නවුන්ගේ ඇස් පමණ රූපශ්රී ඇති, අසන්නවුන්ගේ කන්පුරා දෙසන දහම් අමා ඇති, එකච්චක්ර්වාළ ය මඟුල්ගේ කොට ඇති, අශසහශ්රීච ලොක ධාතු ජාතික්ෂෙත්ර කොට ඇති, කෙළලක්යක් ලොකධාතු ආඥ ක්ෂෙත්රෙ කොට ඇති, අනන්තාපය්යීකන්ත වූ ලොකධාතු විෂ ය ක්ෂෙත්රෙ කොට ඇති, දෙවාති දෙව වූ, බ්රකහ්මාති බ්රසහ්ම වූ, මාගේ ස්වාමිදරු වූ, මාගේ ම බුදුරජාණෝ මේ ආදි කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.


පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි.


මේ පූජාවලියෙහි අප බුදුන් තවුිසා භවනයෙහි දී සක්දෙවු රජහුගෙන් ලද පාණ්ඩුකම්බල ශෛලාසන පූජා කකථා නම් වූු සූවිසි වන පර්ච්ජේදය නිමි.