පූජාවලිය-ප්‍රාතිහාර්යයාදි ප්‍රතිපත්ති පූජා කථා

පූජාවලිය


එ ක්තිස් වන පරිච්ජෙදය


තවද: අප බුදුන් රජගහ නුවර දි ...සංස්කරණය

තවද: අප බුදුන් රජගහ නුවර දි යශොධරා මහාසථවිරින්ගෙන ලද ප්රානතිහාය්යාිදි ප්රවතිපත්ති පුජානම් කවර යත්?

මේ එහි පිළිවෙළ කථා ව ය, සත්පුරුෂ වු ස්නු්රර පුරුෂයන් විසින් සාවධානව ඇසිය යුතු:-

ඒ යශොධරා දෙවි නම් අප බුදුන්ට සංසාරයෙහි දුඔබගේ පාරමිතා නමැති මහලියයට උදක සේතුකාවක් සේ අනුබල ව ආ කෙනෙක, ඔහු තුමු මෙසේ සංසාරයෙහි දුඔබ හා සමඟ අවුත් කෙළවර වෙස්සන්තර ජාතියෙහි දන් පැරුම් කුළුගන්වා දෙවාලා ඔබ හා සමග ම ගොස් තුසීපුයෙහි ඉපැද බොහෝ කලක් එක් ව දිව්යග සම්පත් විඳ සුදොවු රජාණන් නිසා මහා මායා දේවින් කුස පිළිසිඳ ගත් වේලෙහි එම ඇසළ මැදි පොහෝ ලද උතුරුසළ නකතින් තුමු ද තුසී පුරයෙන් සැව අවුත් කොළිය නුවර මාහාමායා දේවින් බැහැණන් සුප්රනබුද්ධ රජ්ජුරුවන් නිසා , සුදොවුන් රජණ න් නැගණියන් අමිතා නම් බිසොවුන් කුස පිළිසඳ බුදුන් හා සමයේ ම දෙතිස් මහා පුවනිමිත්ත නම් අද්හුත වු ප්ර්තිසන්ධ පුජාවන් ලදින්, ඔබ සේ ම ගබබෙරහර මඟුල් ලදින්, බුදුන් උපන් වෛශාඛ යොගයෙන් ම එම විගස ම තුමු ද මවු කුසින් බිහි ව බුදුන් සේ ම ප්රගසව මංගල පුජා ලදහ.

එකල ශුද්ධොදන රජ්ජුරුවෝ කාළදෙවග නමස්කාරයෙහි පුතණුවන් වහන්සේ බුදු හෝ සක්විති රජ හෝ වන මහ පින් ඇති බවු දැන “ම පුතණුවන් හා එක වේලෙහි උපන් පින්වත් කෙනෙක් කවුරුදෝ හෝ” යි රික්ෂා කරනුනාහු , ඒ එක දඹදිව තබා අනන්තා පය්යදන්ත වු සක්වළ දිව්ය ලෙකෙ- මනුෂ්යඹලොක වල ද බුදුන් හා එක වේලෙහි ප්ර තිසන්ධියක් වේව.යි. උත්පත්තියක් වේව. යි චුත වි‍මක් වේව යි . නො වනු එකාන්න නැඟණියන් බැවින් අනික් කිසි සත්ත්වකෙනෙකුන් නොදැක තමන් නැඟණියන් දියණි කෙනෙකුන් එ විතස ම ලදහ. යි අසා ඉතා සිස්මය පත් ව “ඵනාන්තයෙන් ම පුතණුවෝ මහ පින්වත්හ.උන් හා එකවේලෙහි උපන් ස්ත්රිනයක නම් උන් නිසා ම උපන මැනැව, මට යෙහෙලි ව උපන් හෙයිනු දුම පුතණුවන් හා සම දම ම පින් රැස්කොට ආ මහ පින්වතකවුව මැනැවැ” යි යෙහෙලණියන් කෙරෙහි මහපෙම් බැඳ පින්වතකවුව මැනැවැ “ යි යෙහෙලණියන් කෙරෙහි මහපෙම් බඳ බුදුන්ට කිරිමවුන් තෝරන සමයෙහි ඔවුන්ට ද උතුම් උතුම් වු කිරිමවුන් කෝරා යවා එ තැන් පටන් සියලු මඟුල් උතුම් වු කිරිමවුන් තෝරා යවා එ තැන් පටන් සියලු මඟුල් ම බුදුන් සමසයෙහි එකි එකි වේලෙහි ම කරවා යෙහෙලණියනු දු මහ පෙඑහරින් වැඩුහ.

එ කල ඔහු බිම්බරූපයක් බඳු වු රූප ශ්රීල ඇති වුහ. එසේ හෙයින් බිම්බා නම් ලදහ. තමන් උපන් ගෙයි පහන් නො නංවන තරම් දිව්යා්ණ වු රූපශ්රීි ඇති යහ, පඤ්ඤකල්යාුණයෙන් කල්යාතණ වු රුප ශ්රීව ඇති යහ. බුදුන්ට අනුවු ලක්ෂණ සම්පත් ඇතියහ. මුළු දඹදිවු තෙලෙහි ඔවුන්ට වධනා ස්න්රි රත්නයෙක් නැත. මෙසේ බෝසතුනු දු, සොළොස් ඇවිරිදි වයස් වු ශුද්ධෝදන රජ්ජුරුවෝ “ම පුතණුවන් කාමබන්ධනයෙන් බැඳ තපසට යා නෙ‍ා දෙමියි. සක්විති රජ කරවමින් යි ද යෙහෙලි එ කල ස්න්රිජරත්න වන්නීය” යි කියා මහත් වු මඟුල් කොට බිම්බාදෙවින් සරණ පාවා දි බෝසතුන් හා දෙදෙනා ම එක වේලෙහි ම ඔටුනු පලඳවා අභිෂෙක කොට රාජ්යුය පුරුදු කැරවුහ. හ තැන් පටන් ඔහු සයානුලක්ෂයක් ස්ත්රිුසෙනාවට අධිපති ව, බෝසතුන්ට අගමෙහෙසිනි ව මන වඩා වැස පද්මයට පැමිණි ශ්රීඳකාන්ව සේ ශ්රි සම්පත් වුන්හ.

පසු වතමනු දු,බෝසතුනු දු, එකුත් තිස් හැවිරිදිවු කල මහත් වු යශ බිරිවර ධරන හෙයින් යශොධරා සේවි ය යි දඹදිව දෙවන නමින් ප්ර සිද්ධි වු නකල රාහුල නම් පුතණුවන් වහන්සේ තමන් වැදු දවස් යට කි ක්ර මයෙන් බුදුන් මහභික්මන් කොට අනෝමා නම් ගංතෙර දි පැවදි වු දවස් ම තුමුද “ ඔබ හළ සැපත් හැර මම ද වල් ගොස් තපස් කෙරෙමි” යි උත්සාහ කළහ. එ කල ශුද්ධොදන රජ්ජුරුවෝ යෙහෙලණියන් කෙරෙහි මහත් වු අනුකම්පායෙනු දු පුතණුවන් වහන්සේ දෙවනු ව රාජ්යමයට ගෙන්වා ගනිමි යි යන සිතිනුදු යෙහෙලණියන් තපසට යා නොදි, උනුදු තමන්ට සොරා ම පලා යෙති යි බෝසතුන්ට කළා සේ ම නුවර සිසාරා යොදනක් මානයෙහි සන්නාහයකින් වැසුවා සේ . ඇත් - අස් - රථ - දුන්වායන් සිටුවා රකවල් ලවා නුවර සේ ම කැරවුහ. ස්ත්රි්යකට මේ සා ම තරයේ රකවල් ලවන්ට කාරණා කිම යත්? අනික් කාරණයකුදුඇත; යශෝදරාවෝ නම් දඹදිවු තෙලෙහි අග්රා වුරු සම්පන්න ඇතියහ, එසේ හෙයින් ම පුතණුවන් තපසට ගිය බවු අසා දඹදිව බෝඓා් රජදරුවෝ ඔවුන් ප්රාමර්ථනා කරන්නාහු බලයෙන් ගෙන යම් හ.යි ඉදින් ආ කෙනෙක් ඇත් නමුත් කුමකින් කුමක් වේ දෝ හෝ යි සැක සිත් ඇති ව රකවල් ලැවුහ. යි දතයුතු

එ කල යශොධරා දේවි “ මා තපසට යා නො දෙන පසු උන් වහන්සේ මහණ ධම් පිරිමෙන් විඳිනා යම් ම දුකෙක් ඇත් නමුත් මම මෙ රජගෙයා දි ම දුක් විඳ ඔබට ම පක්ෂපාත කම් කෙරෙමි” යි සිතා මිනිසුන් යවා බුදුන් දවස් යවන ලෙස් නියවම දන්නාහු ඔබ ඉසකේ කැලු බවු, මහණ වු බවු, පිඬු සිඟා ජිවත් වන ලෙස් , මත්තිකා භාජනයෙන් අනුභව කරන ලෙස්, එක් ප වේලේ වළඳන ලෙස්. උසසුන් මහඅස්නේ නො සැතපෙන ලෙස්, අසා උපන් මහත් වු කම්පා ඇතිව “එක රජගෙයි බොහෝ දවසක් ශ්රීඅසම්පත් විඳ උන් වහන්සේ ඒ හැර දැන් මේ සා දුකක් විඳිකේ මතු වන වැඩක් උදෙසා මය. ඔබට මතු වන වැඩක් මට ස වී වම් යෙහෙකැ යි කියා තුමු ද කෙසේ වැටිය කපා හැර කෂාවස්ත්රව ධරා . මැටි පාල්රදයෙන් කා එක්වේලේ සයින් හෙව උසසුන් මහඅස්නේ නො සැතපී, හෙමව උසසුන් මහ අස්නේ නො සැතපී නිවාසනවල ම සැතපි, බුදුන් දක්නා සත් අවුරුද්ද මුළුල්ලේහි, තුමු ද නො එක් ව්යසසන, ගෙන ඔබට අනු වු ගුණයෙන් ප්ර්තිපත්ති පුජ‍ා කළා හ. පසු ව බුදුන් ලොවුතුරා බුදු ව, යට කි ක්රපමයෙන් පළමු වන ගමනෙහි බන්ධු සංග්රුහ නිසා කිඹල්වත් නුවර වැඩී දෙවන දවස් වළදා අන්තයෙහි තමන්ගේ රජගෙට වැඩ ‍ තමන් ඔබගේ ශ්රීාපාද ගොප්මස දක්වා අල්වා මහ හඬ්න් හඬා එකත් පස් ව හුන් වේලෙහි පිය මහජ්ජුරුවට උපන් සැක හා තමන්ට උපන් භය සන්හිඳුවනු සඳහා චන්දවකින්න ජාතකයෙන් බණ වදාණ:-


උපකාරා චය නාරි- සමානා ච සුඛෙ දුඛෙ

අත්ථක්ඛායි චයා නාරි- සුන්දුරි චානුකම්පිකා.

එවං ධම්මෙ සුචින්නානං - සද සද්ධම්මචාරිනං

ධම්මචාරි සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හි ච- යි

යනාදින්මුව නො පොහොනා සේ බුදුන් තමන්ගේ ගුණ වදා එක්ලක්ෂ සැටදහසක් බන්දුසේනාව සාධුකාර දෙවපු දවස් තුම් ද මහත් වු සන්තෝෂයෙන් පිනා ර දවසු දු මහණ වනු කැමති වුහ. භික්ෂුණි ශාසනයට ඔබ පළමුව මහණ නො කළමනා හෙයින් , ඒ සථානාන්තරය කඩා මෑණියන් වහන්සේ ම ලදමනා හෙයින් බුදුහු නො ඉවසා වදාළ. මයිල් රජ්ජුරුවෝ ද නැවතුහ. පසු ව සත්හා නරසීහ ගාථා උගන්වා “තොප පියාණන් වහන්සේ අතින් පුතණුඩ! දානාද සම්පත් ඉල්වා ගන්ව” යි බුදුන් සිගා වඩනා රාජවිටියට යවු දවස “බුදුන් වෙහෙරට ගෙන ගොස් ඔබ මහණ කරවා ගත්වා ගත්හ “යි අසා උපන් මහත් වු දරු සනායෙන් සෝදුක් ඉවසා ගත නොහී “ හෙ බැවින් ම පුතණුවනු දුමට නොදි උදුරා ම ගත් බැවින් මම ද ගිහිගෙයි නො වෙසෙමි. මහණවෙමි” යි සාහසික වුහ. එ බවු අසා මයින් රජ්ජුරුවෝ යෙහෙලණියන්ගේ රජගෙට ගොස් “ යෙහෙලිනි! එ දවස් වදාළ වෙස්සන්තර ජාතකයෙහි ගොප වැදු දරුවන් බමුණාට බැඳ දුන් කල පවා‍ තොප ඉවසු ලෙස් නො ඇසු ද, තොප එ දවස් මෙම ගෙයි දි වදාළ බණෙහි තොප වැදුරුවන් ම යාවකයන්ට බැඳ දුන් වැල් පමණක් රුස් කරතොත් මෙර පරයා සිටිනා ලෙස් නො ඇසු ද? කිසි කලෙකත් තොප දෙම්නසක් නුවුහ යි වදාළ බස් නො ඇසු ද, දැන් උන්වහන්සේ ලොවුතුරා පුදු ව මා ඇතුළු වු මුළු ලෝවාසින් දරුකොට ගත් සමයෙහි තමන්වහන් මහණ කැරවුහ යි අසා මම ඔබට කිපිගෝස් ඔබ අතින් බණ අසා උපන් සන්තෝෂයෙන් යෙහෙපිය තොප අනික් දරු කෙනෙතුන් නො වැදු හෙයින් මිස මාගේ එ වැනි අනික් මුණුබුරු රුවන් නැතිහෙයින් මිස උනු දු ඔබ කෙරෙහි මහණ කරවා පියනු කැමති විමි ඇ තෙපිද ඔබ අතින් බණ ඇසු නම් එ පුතණුවන් තබා අන්ත් පුතණු කෙනෙකුන් මා නො ලද සේ ය යි සිතවු මස ය.


පෙර බොහෝ දරුවන් ...සංස්කරණය

පෙර බොහෝ දරුවන් ඔබට වදා දි , බොහෝ දරුවන් දත් දෙවාපු තැනැත්තන් දැන් එක පුතණුවන් නිවන් සුව විදිනට තමන් වහන්සේ කරා ගත්හ යි තොපි දෙම්නස් වන සේ ඉතා නොයෙදෙයි , ඒ තොප වැනියන්ට සුදුස්සෙක් නො වෙයි බුදුහු තො වෙයි බුදුහු තො පුතණුවන්ට උතුම්වු වැඩක් ම කළහ. දැන් තොප පුතණුවන්ට උතුම් වු වැඩක් ම කළහ. දැන් තොප ප්රුතණුවන්ට උතුම් වු වැඩක් ම කලහ. දැන් තොප පුතණුවන් සුන්දොර වු මහණ වෙසක් ගෙන පියාණන්වහන්සේ ළඟ සඳට අනු වු නකත් තරුවක් සේ සිටිනා ලෙස් දුටු නම් මේ ලෝකයෙහි අදර ලදුවානට අනික් එ නම් සතුටෙක් නැත. මෙතැන්හි දි යෙහෙලි තෙපි මහණ වු නම් තොපගේ සැදැහැයෙක් නො පැනෙයි , තොප දරු ශෝකයෙන් ම මහණ වුවා සේ ලෝවැසියෝ තොයි. තොපගේ සැදැයෙක් නො පැනෙයි තොප හෙළා දක්නා හ, මේ ආදි කාරණයෙන් මේ තැනැහි මහණ නො වව’ යි කියා නො එක් කාරණායෙන් ගිවිස්සා රුඳිවුහ.

පසු ව ඒ මයින් රජ්ජුරුවන් දළපුඩුසේසතින් යුක්ත වු යහනෙහි වැදහෙව අමාමහ නිවන් දැක පිරිනිවන් පැ සමයෙහි “මෙ විට මහණ වෙමි” යි උත්සාහ කළා හ. එ කල මහා ප්‍රජාපති ගො.මි නම්වු නැන්දහණියන් වහන්සේ “පුතණ්ඩ! මා වැනි මවුන්ට පවා තුන්වාරයක් යාච්ඤා කොටත් ස්න්රිහන්ට පැවිදි නුදුන් සේක. තොප බුදුන් බුදුවු කල් තබා ඔබ ගිනිගෙයි වසන කල පවා තෙපෙ අග මෙහෙසින්ව වැස ඔබ කෙරෙහි ඉතා වල්ලභ සමයෙහි පවා ඔබ පෙරට සිට භය ලජ්ජාවෙන් පුරා බස් දෙකකුත් කියා ගත නො හෙව, දැන් ඔබ අතින් පැවිදි ඉල්වා ගැන්ම තොප නැනියන්ට බැරිය. තව ද මම් ම ගොස් පැවිදි ඉල්වා බලවා බලමි , පැවිදි ලදිම් නම් මා මහණ වු දවසක තොපි මහණ වව” යි නැවතු දැ ය. පසු ව ඒ මහා ප්ර ජාපති ගෝතමින් වහන්සේ යට කි ක්ර මයෙන් බුදුන් කරා ගොස් මෙහෙණි සස්න අනුදන්වා ගෙන මහණ ව අමාමහ නිවන් දැක බුදුසසුන් හෙබවා විශාලා මහනුවර වැස ලෝවැඩ සසුන් වැඩ කරන සේක.

එ කලට බුදුන්ගේ පිරිවර හා තුන්පා හා නළුබිරිස් ඇතුළු වු සියලු රජසැපත ය. මහාමායා සේවින් වහන්සේ ගේ සියලු ඓශ්චය්යු සම්පත්තිය සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සියලු ඓශ්චය්යශ හා රාජ්ය් සම්පත්ති ය ය. නන්ද් රාහුල දෙදෙනාට හිමි ව තුපු සැපත ය. දෙවිදත් කුමාරයන් තමන්ගේ බැහැණන් හැරපියා ගිය ලක්ෂගණන් ලිරිවාර ජනයන් හා රජ සැපත ය. පියාණන් සුපුබුද්ධ රජ්ජුරුවන්ගේ සියලු සම්පත් තිය, මහාප්ර්ජාපති ගොතමීන් වහන්සේ ගේ සියලු පරිවාර ජනයන් හා සියලු සම්පත් මහමුහුදට වදනා ගංගාප්රෙවාහයන් සේ ඒ යශොධරා දේවින්වහන්සේ කරා පැමිණියේ . මහ මේරුව ගලා සිටිනා මහාසමුද්ර්ය සේ ඒ සා මහත් සම්පත්තිභාරයක් උසුලන්නාහු, එ සා සැපත් තමන් ග්රිතවයෙහි බැඳි අභිකුණ්ටක් කොටත් නොසිතා පඬ්කයෙන් ඉපැද පඩ්කයෙහි අමිශ්රත වු පදුම රාජයක්හු සේ . දියෙහි තිබි දිය හා එක් නො වන පියුම්පතක් සේ. තුමු ද සම්පත් හා එක් නොව ලොභය අහසට පොළොව සේ දුරින් දුරු කොට බුදුන් හා වියෝග ශොකය හා පුතණුවන් වහන්සේ එක්වන් නො දක්නා ශොකය හා මේ දෙ ශොක භරය පමණක් ධරාගත නො හෙන්නාහු ‘සත්හැවිරිදි ම පුතණුවන් රහල් කුමරුවන් වැනියන් බුදුන් කරා ගොස් දැන් මහණ ධම් පුරන කල එකලා වු මා වැනියන්ට මේ සම්පත්ති යෙන් කම් නැත. එතෙකින් ගොස් මම ද මහණ වෙම් මය” යි අධිෂ්ඨාන කොට බෝසතාණන් කෙරෙහි ඉතා වල්ලභ වු දහස් පමණ බසෝවරුනු දු ගිවිසිවා ගෙන ඒ දහසක් ස්ත්රිලනු දු පිරිවරා කිඹුල්වත් පුරයෙන් නික්මුණු දැය.

එ කෙණෙහි ශාක්ය කෝලිය දෙනුවර වැසි හිඟිම් ගත් දෙමුහුදක් සේ හැළල දෙනුවර වාසිහු පෙරමඟට අවුත් නො එක් ප්රුකාරයෙන් යාච්ඤා කොට රඳවාගත නොහි “දේවිනි! නුඔ එකාන්තයෙන් නොරඳන බැවින් බුදුරජාණන් වහන්සේ පවා අශ්ව යානාවෙන් මහහිනික්මන් කළ සේක. නුඔවහන්සේක නුඔ වහන්සේ ද තෙල කෝමල වු ශ්රීකපාදයට දුක් නො දී යානා නැගි වැඩිය මවනැවැ” යි කිය කියා හිරි මඩුලු - සඳමඩුලු සේ රන් රිදි කමාන්තයෙන් දිලියෙන රථ දහසක් ගෙන අවුදින් පෙරමග පිළිවෙළින් තබා “අපගේ රථයෙන් වැඩිය මැනැව. අපගේ රථයෙන් වැඩිය මැනැවැ” යි ආරාධනා කළහ.

එ කල උන්වහන්සේ දහසක් බිසෝවරුන් බලා “නඟනි! අප ඓශ්වය්යන සම්පත් හැර පැවිදි වන්නට යනුවන් රථ නැඟි අලඬ්කාර පිටින් යාම තපසට අංග නො වෙයි , අප බුදුහු රාජ්යාවාසින්ට සොර යන හෙයින් මහණ වන දවස් අශ්වයානාවෙන් සැඟවී ගිය සේක. එසේත් අනෝමා නම් ගංතෙරදී අසුපිට්න් බට තැන් පටන් සහවුරුද්දක් මුළුල්ලෙහි පාදව්යීසන යෙන් මැ ඇවිද දැන් තුන්ලෝ මුදුන් වු සේක. එසේ ම අපිදු දන් පයින් ම යම්හ’ යි කියා රථ නොනැඟි ඔවුන් දහසක් දෙනා පිරිවරා මහත් වු වියයයෙන් එක් පන්ස් යොදුන් මඟ ගෙවා ගෙසේ විශාලා මහනුවර වැද මහාප්ර්ජාපති ගොතමි න් වහන්සේ දැන ආ පවත් කියා උන්වහන්සේ කෙරේ මහණ ව ගෙන උභතෝසංඝයා කරෙහි උපසම්ලදාව ලදමනා හෙයින් තමන් වහන්සේ ගේ දහසක් භික්ෂුන් වහනු දු අවශෙෂ වු බොහෝ ශ්‍රාවිකාවනු දු ගෙන “බුදුන්ගේ අදහස් කුමක් බවුත් නො දනිමි. මා කැඳවාගෙන ගොස් බුදුන් හා ම පුතණුවන් මට දක්වා වදා ල මැනැවැ “යි මහාප්රහජාපති සථවිරින් වහන්සේට කියා ඔබ ද කැඳවා ගෙන සැවැත් නුවර බලා නික්මුණු සේක. එ තෙපුල් ඇසු දඹදිව නො එක් ශුද්ධාවන්තයො මල් සුවඳ ධ්වජපතාකාදී නො එක් පුජාභාණ්ජ ගෙන ඔවුනොවුන් පරයා දිවා දිව දවසින් දවස මහත් වු සත්කාර කෙරෙමින් යොදනින් යෙදනෙහි සතපමින් ගමින් ගම මග දන් වතුරු කෙරෙමින් වඩාගෙන යන්නාහෙ. එ කල මහා ප්රනජාපති සථවීරින් වඑන්සේ ඔබ කැඳවා ගෙන ගොස් බුදුන් දක්වා ඔබ ආ ලෙස් , මහණවු ලෙස් බුදුන්ට දැන් වු සේක. එ කල රාහුලමාතාවන් වහන්සේ ද බුදුන් වැඳ එකත්පස්ව හුන්සේක.

එ වේලෙහි සවාමිදරුවෝ ඔබගේ විය්යා වඩනා සේ, ඔබගේ නො එක් ගුණ සමුහයෙන් මුඛ නො පෙහොනා සේ වදාර, උභතො සංඝයා කෙරෙහි උපසම්පදා කරවා ඔබට සුසුසු කමසථාන උගන්වා “ රහුල මාතාවෙනි! බුද්ධො ත්පාද දුර්ලභ ය, ක්ෂණසම්පත්ති දුර්ලභය, ප්රාව්රධජ්යා් දුර්ලභ ය, සද්ධම් ශ්රතවණ දුර්ලභ ය, අප්ර මාත්ත ව දුන් සේක. එ කල උන් වහන්සේ විදර්ශනා වජා දෙපෝයක් ඇතුළත රහත් ව විශාඛාදි ශ්ර ද්ධා වන්තයන් විසින් කරවා පිළිගන්වාන ලද මෙහෙණවරෙක වාසය කරන සේක.

එ කල එක්ලවේලෙක ගොස් බුදුන් දැක වැඳ බණ අසා එන සේක. එක්වේලෙක ගොස් පුතණුවන් වහන්සේ විචාරා එන සේක, සමහර දවසක රාහුල සාමණේරයන් වහන්සේ ගොස් මෑණියන් වහන්සේගේ සුවදුක් විචාර එන සේක. එ කල උන්වහක්සේ මහණ වු පවත් අසා දඹදිව බෝහෝ ශ්රකඩාවන්ත වු රජ - බමුණු - වෙළෙඳ - ගෙවිස්රි්වහක - පුරුෂයෝ සියගණන් ගැල් පුරා සමුහයන් සේ . මුළු මුළු ව අවුත් සැවැත් නුවර වැද උන්වහන්සේට මහත් වු දන් වතුර කෙරෙමින් බුදුන් සඟුන් වැඳ , නො එක් පින් රුස්කොට යන්නාහ. එකල උන්වහන්සේ බුදු සස්නෙහි පැභයෙන් යශසින් ජතා අග්රො වුසේක. කෙ‍ාසොල් රජ්ජුරුවන් ආදිවු ශ්ර ධාවන්තයන් ඔබට කරනලද සත්කාර අභ්යාන්තර ජාතක - සුපත්ත ජාතක නිද‍ාදියෙහි මෙන් පමණ නැතියේය.

එ කල උන්වහන්සේ බුදුන් වැඳ “ සවාමීනි ! ගෘහවාසයෙහි බොහෝ සම්පත්හා පිරිවර හැර විටෙක වාසය නිසා මහණවීම. දැන් මා මහණ වු දවස් වු පටන් මට උපදනා ලාභයෙන් හා සත්කාරයෝ අපමණ වන්නාහ. මට සත්කාර නිසා රැස් වන්නා වු ශ්රමද්ධාවන්තයන්ගේ මාගේ වෙහෙර පෙර රජගෙයි මිදුල සේ ම අතුරු නැතියේ ය. එසේ හෙයින් මෙ වුවර මට සත්කාර බෙහෙව, අනික් නුවරකට යෙමි” යි බුදුන් අතින් සමු ගෙන නැවත් විශාලා මහා නුවර ගෙ‍ාස් මහාප්රේජාපති ගොතමීන් වහන්සේ සමිපයෙහි වාසයට පටන් ගත් දැය.

ඔබ එ නුවර වැඩි බවු අසා..සංස්කරණය

ඔබ එ නුවර වැඩි බවු අසා එ නුවර වසන සත්දහස් සත්සිය සත් ලිච්ජාවී රජුන් හා සත්දහස් සත්සිය සත් අගබිසෝවරුන් හා අනැඟි වු මෙහෙණවරක් කරවා ඔබට පිළිගන්වා දවස තුන්වාරයක් වෙහෙරට එළඹ බුදුන් දුටුවා සේ පෙර කලට දිවුණා දිවුණා මහත්වු සතෟකාර කෙරෙති, ඔබ ම උදෙසා එ නුවර දි සහස්ගණන් ස්න්රීාහු පැවිදි ව සසරින් ගැළවුණාහ. දඹදිව වාසි එ නුවරට රුස් ව පෙර සේ ම සත්කාරයට පටන් ගත්හ. එ නුවර කලක් වැස එහි දු මෙහෙණ වරෙක වසන සෙක. එ කල ර නුවර වැඩි බවු අසා එ නුවර අටළොස් කෙළක් මනුෂ්යසයෝ ය. තුන්සියක් යොදුන් අඟු- මගධ දෙරට වාසා ය. අසුදහසක් නියම්ගම්වාසි ය. අමිතභොගී ය යි යනාදි සත්ත්වයෝ ඔවුනොවුන් පරයා අවුත් බුදුන් දුටුවා සේ වඳින්නාහ. පුදන්නාහ. නො එක් සත්කාර කරන්න‍ාහ. දවසින් දවස උත්සව මඟුප් කරන්නා සේ ලෙර ටදෙනුවරටත් වඩා දිවුණු දිවුණු සත්කාර කළාහ, මහත් වු දානපුජා කළාහ. මෙසේ උන්වහන්සේ පාභයෙන් - යශසින් - පිනින් අග පැමිණිසේක. මහමුහුද රළපෙළ දිවන්නා සේ නො එක් ප්ර ත්යඅදාන ඔබ කරා ම පැමිණේම ය. එහි විපාක නම් පෙර බෝසතුන් සප්තශකාදි මහදන් දෙන සමයෙහි තමන් වහන්සේ ද මසුරු සිතක් නො සිත‍ා කිරි වත්කළ සක ඒ කවර්ණ වුවා සේ ඔබ හා එක්සිත ව පුරණය කළාවු දානපරිත්යාකග මහිමයෙන් උපන් මහ පින්බල ය යි දතයුතු. එයින් කිහ. අපදානයෙහි:


පුබ්බකම්මස්ස සුකස්ස - තස්ස චිත්තං පසාදයං

දෙව මානුසකං ගෙ හං - අනුභොත්වා අසංඛියා,

අනුභවිත්වා සුඛං සුක්ඛං - දෙවෙසු මානුසෙසු ච.

පච්ජිමෙ ච සුඛං දුක්ඛං - දෙවෙසු මානුසෙසු ච,

රුපවති භොගවති - යස සිලවතී තතො,

සබ්බඬ්ගසම්පදා හොමි - කුලෙසු අතිසක්කතා,

ලාභං සිලොකං සක්කාරං--ලොකධම්ම සමාගමං

චිත්තඤ්ච දුක්ඛිතං නත්ටී- වසාමි අකුතො භයා

නිබ්බින්දිත්වාන සංසාරෙ - පබිබජිං අනගාරියං,

සහස්සපරිවාරෙන - පබිබජිත්වා ආකිඤ්චනා.

අගාරං විජහිත්වාන - පබිබජිං අනගාරියං,

අද්ධමාසෙ අසම් පත්තෙ-චතුච්චං අපාපුණිං

චීවරං පිණඩපාතඤ්ච - පච්චයං සයනාසනං ,

උපනෙන්ති බවු’ නෙකෙ- සාරගස්සෙව ඌමියො - යි


මෙසේ තමන් වහන්සේට සංසාරයෙහි පක්ෂපාත කම් කළාවු ස්න්රිතන්ට පවා මේ සා සත්කාරයක් දෙවාලු හෙයිනුත්, ඒ සත්කාර තමන් වහන්සේ ම ලදුවා නම් වන හෙයිනුත්, මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

මෙසේ රාහුල සවාමින්ට මවු වු හෙයින් රාහුල මාතාවෝ යයි බුදු සස්නෙහි ප්රහසිද්ධ වු ඒ යශෝධරා මහා සථවිරින් වහන්සේ ලාභයෙන් , යශසින් අග්රය ව අමාමහ නිවන් දැක බුදුසසුන් නැමති සදත් විල්හි පියුමක් සේ බුදුසසුන් හොබවා ලෝවැඩ සසුන් වැඩ කොට එම රජගහා නුවර වාසය කරන කල - මාගේ සවාමිදරු වු ශක්යු සිජහ වු ත්රිා භුවන වුඩාමණි වු තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ලොවුතුරා බුදු වු තෙසාලිස් වන අවුරුද්දෙහි සැවැත් නුවරින් වැජ අන්තොමණ්ඩල බාහිරමණඩපාදි ගම් නියම්ගම් රාජධානිවල සැරිසරා ලෝවැජ කොට ඇවිදිනාසේ ක් අනුක්රජමයෙන් රජගහා නුවර වැඩ ගීජ්ඣකූට පර්වත ප්රාසන්තයෙහි වු එක්තරා එක් මනෙහෙර ප්රා්ග්භාරයෙක වාසය කරන සේක.

එ කල යශෝධරා සථවිරින් වහන්සේ දහස් ගණන් භකෂුණි පිරිසක් පිරිවරා ගොස් බුදුන් දැක වැඳ එකත්පස්ව හිඳ බණ අසා ගොස් තමන් වහන්සේගේ මෙහෙණවර වැද පසුව දා පශ්චාද් භක්තයෙහි අර්ධ පය්යංෙකයෙන් රහෝගත ව වැඩහිඳ මෙසේ සිතන සේක. නන්ද- රාහුල දෙදෙන ද, අගසවුවෝ දෙදෙන ද අග්රකශ්ර විකාවෝ දෙදෙන ද, ශුද්ධොදන - මහාප්රෙ ජාපති දෙදෙන ද, අඤ්ඤාකොණ්ඩඤ්ඤා දි ප්රෙසිද්ධ වු සථවිරයෝ ද මෙකලටපිරිනිවන් පැ නිවන් පුර ගියහ, දද වනාහි බුදුන් හ‍ා එක් වේලෙහි උලන්මි , ඔබ හා සම වු වයස් ලදිමි , සම වු මඟුල් ලදිමි. සම වු අදහස් ලදිමි, සම වු මහණ ධම් ලදිම්,මේ මේ කාරණ හෙයින් බුදුන්ගේ පරිනිවාණය හා මාගේ පරිනිවාණය එක දවස් වන කාරණ මය. එසේ වු කල ලොක වාසිහු රක වේලෙහි ලොවට හානි දෙකක් ධරාලිය නො හෙන්නාහුය.

එසේ හෙයින් ඒ පරිනිවාණයන් දෙදෙනාගේ පසු පළමු භාවයක් වුවමනා ය, කල්පද්රැනමයාගේ වියෝගයෙහි කල්ප ලතාවගේ විද්යාාමානභාවය නොහොබනා සේ. කල්පලතාවගේ වියෝගයෙහි කල්පද්රැාමයාගේ විද්යානමාන වීමෙහි තව ද අ‍ශොභාවක් තැත්තා සේ බුදුන්ගේ පරිනිවාණය මා වැනියන් දැකිම සුදුස්සක් නොවෙයි, තව ද මාගේ පරිනිවාණය බුදුන් දැකිම හොබනේ මය. පුවකාලයෙහි වු අනන්තාප‍ය්යුන්ක වු බුද්ධපතිව්ර තුාවරු ද ඒ ඒ බුදුන්ට පළමු ව නිවන් පුර ගියමනා මය” යි සිතා “මෙවකට බුදුන්ට ද මට ද අට සැත්තැවක් වයස් සම්පුරුණ විය, මෙයින් දැවුරුද්දක් ගිය කල අශිති වෂයෙහි දි ම බුදුන්ගේ පරිනිවාණ වෙ” යි දැක මම ද දැන් ම ගොස් බුදුන් අතින් අවසර ඉල්වා ගෙන අද රැ ම ශාන්ති පුරයට නික්මෙමි” යි මෙසේ සිතු දැ ය. එ කෙණෙහි මහිකත් ගුගුරා පැන නැගිය, ආකාශය මෙඝනදෙයෙන් කම්පිත විය, මහ මෙර කිළි පොළාපීය. සක්වලගල සක්වළල්ලක් සේ බමා ගිය.

මේ අද්භුතයෙහි ..සංස්කරණය

මේ අද්භුතයෙහි මෙ කුමක් දෝ හෝ යි කම්පිත වු සිත් ඇති ඔබගේ දහසක් පමණ මෙහෙණින්නෝ ඔබ කරා දිවා අවුත් ආය්යාඔවෙනි! මේ කුමන පෙළහරෙක් ද”යි විචාළහ. එකල ඔබ වදාරන සේක් “භවත්ති! මා සිතු සිතිවිල්ලක් නිසාම වු පෙළහරෙක. අද රැපිරිනිවන් පවිමි” යි සිතිමි, මා හා කැටිව එව, දැන් ම ගොස් බුදුන් දැන වැඳ අවසර මෙහෙණින්න්න පිරිවරා ගෙන තමන් වහන්සේ ද පාත්රව සිවුරු ධරාගෙන වෙහෙරට අරක් ගත් දෙවියන්ට පින් දි ගෙන එ තෙපුල් අසා අවුත් පෙරමඟට රැස්වු නො එක් ශ්ර ද්ධාවන්ත ස්න්රිව පුරුෂයන්ට ඔවා තෙපුල් දි ගෙන මහමුහුදට වැඩ බුදුන් දැක මෙර සිසාරා නිකුත් තරු පිරිවර සඳක් සේ තුන් යලක් පැදකුණු කොට බුදුන් පසඟ පිහිටුවා වැඳ සදත් රජුට අනු වු සුභද්රාට නම් කණෙරු කා ධෙනුව සේ බුදුන්ට එකත්පස් ව ඇඳිලි බැඳ හිඳ මෙසේ දන්වන සේක. “සවාමිනි! සත්දවසකින් ලැබෙන සක්විති රාජ්ය්යක් හා , උනු නොවන සැපත් ඇති සතර මහානිධානයක් හා, කිඹුල්වත් නුවර වැනි දිව්යස සමාන පුරයක් හා සුදොවුන් රජාණන් වැනි පෙම්බර පියාණ කෙනෙකුන් හා සතලිස් සහසක් ක්ෂත්රිවය නාටක ජනයන් හා සයානුලක්ෂයක් ක්ෂත්රිහය කන්යාරවන්ට අධිපති වු මා වැනි ස්න්රි්යක් හා , එක්වැනිප රහල් තෙරුන් වැනි රූබර පුතණු කෙනකුන් හා, මේ සා සැපතෙහි තෘෂ්ණාවක් නැති ව නැඟු දලපුඩු සේසත් කෙළ පිඩු කොටත් නොබලා . එ කලාව ම ගොස් මහණ ව ස හවුරුද්දක් දුෂ්කරින් දවස් යවා, මහත් වු වික්රසමයෙන් පස්මරුන් බිඳ බුදු ව දැන් මේ සා නිවන් අමාවක් මුළු ලොවට පෙදා දි මා ඇතුළු වු සියලු සතන් එක ආය්යඅ කුසින් වදා , මුළු ලෝ වාසින් නොවරදවා දරු කොට ගතත් නිවන් ! මා විසින් දන්වන තෙපුලක් අසා වදාල මැනැව, දැන් මට අට සැත්තැවක් වයස් ග්ිය එසේ හෙයින් පබ්හාර දහසයට පැමිණියෙමි , සවාමිදරුවන්ට පළමු කොට ජරා - විලි - පිලි නොදැක නිවන් පුර යනු කැමත්තෙමි . ඉනුදු අද රැ ම සෙත්පුරයට යනු කැමැත්තෙමි,සවාමිදරුවන් විසින් මට කළාමනා වු දංසාර රක්ෂාව කොට වදාරන ලද, මා විසිනුදු පිළිගන්නා ලද, එසේ හෙයින් මම ද සංසාර සාගරයෙන් ගොඩනැඟි සිත් සේ නිවන් මහ මියරට පැමිණියෙමි, රසේ ද වුවත් සියලු ආය්යාිවන් ම පරිණිවාන දිනයෙහි අවුත් බුදුන් අතින් සමු ගැන්ම ද බුදුන් ක්ෂමා කැරවීම. ද සාධාරණ ධම් වන බැවින් මම ද සවාමිදරුවන් ක්ෂමා කරවා ගෙන අවසර ලතනු කැමැත්තෙමි, සසර බොහෝ දවසක් සාමාදරුවන්ට ජායාවක්සේ සහවාස ව අයිමි. ඒ ඒ තන්ක නම් මා විසිනු දු පක්ෂ පාත වම එනපද , එසේ ද වුවත් ස්න්රි හු වම් ඉතා ළා‍මක වු සවල්ප වු සිත් අතියහ, කිසියම් තෙනක අපරාධයක් පෙනෙයි; ඒ ඒ වරද ද නුවණ ැසින් බැලු කල සවාමිදරුවන්ගේ පාරමිකතාවට අනුබල වු තැනෙක් මය. මා විසින් කළ දැඩිකමක් නිසාත් වැඩක් ම සාධා දින්මි.

“සෙසු කල් හැර මා දැඩිකම් කළැ යි යන කුසජාතකයෙහි සවාමිදරුවන් කුසරජ කල මා ප්රාභාවති නම් ව. රුමදයෙන් මත් වු සමයෙහි වෙස් වළා මා ඇඟට ඇත්බෙට් - අස්බෙටි ගැසු දවස් ඇතුපිට හිඳ භස්තවිකාර - මුඛ විකාරයෙන් මට උසුළු ගැන්වු දවස් පවා නො එක් පරුෂවාක් බස් කියනුයෙන් මට උසුළු ගැන්වු දවස් පවා නො එක් පරුෂාවාක් බස් කියනුයෙම් නො හැදින ම කිමි , අවෙතන වු කම්යක් නැති හෙයින් එහි දු මා වරදක් නො දක්මි. අවෙතන වු කම්යක් නැති හෙයින් එහි දු මා වරදක් නො දක්මි . මඟුල් පොකුණෙහි සැඟවී සිට “ මම කුසරජ “ය යි පෙනි මා අත ගත් දවස් මෙ බඳු පුන්සඳකට නින්දා කරන ප්රයසන්න වු ශ්රිද මුඛය පසේ බුදුන්ට ආක්රොුශයෙන් බැලු නුඹවහන්සේ ගේ ම කිසියම් පාපයක් නිසා . අතිරස පුවක් සේ ඉතා අප්ර්සාද වු හෙයින් බැල්ලුෙවන්ට භයඩ්කර හෙයින් “රජක්හුගේ මෙ බඳු වු මුඛයෙන් ඇද්දැයි එකාන්තයෙන් යක්ෂයෙක් ම යැ” යි සිතා එ දවසු දු යක්ෂයකුහට ම නිද්දා කෙළෙමි , එසේ හෙයින් එ තැන්හි දු මා වරද නැත. එ දවස් මාගේ පිරිවර ගෙන කුසරජ්ජුරුවන් හැර සෙවච්ජාපර ව මාගේ සියනුවරට ගිය ගමන පෙර කළ ප්රානර්ථනාවක් නිසා මවු හෙයින් එ තැන්හි දු මා වරද නැත.

“තවද: ඒ සත්මස මුළුල්ලෙහි සවාමිදරුන් මාගේ නුවරට වන් දවසක් පටන් මම ද යානෙක නො සැතපී බිම ම සැතපිණිමි . සවාමිදරුවන්ගේ ම අකුසල බෙබෙන් ඒ සා දුකකට පැමිණි බවක් මිස මා විසින් සැබවින් කළා වු නිස්නෙහහයක් නො වන නියාවට දවසින් දවස ගන්නා දුක් බල බලා අනුන්ට නො හඟවා ම මා අතුරෙහි හැඩු හඩ එ දවස් මාගේ ගුණ පරික්ෂා කරනු නිසා වසුන් කද කර තිබාගෙන හිණිපාමුල හුණු හඩ අසා ළෙහි බඩැ අත් සලමින්, කඳුළු ධාරා වගුරමින් යහන් ගබඩාවෙන් මා දිවි දවස ම පක්ෂපාත කමට ම දෙස් කියා සිටීම ය. තවද: එසත් මසෙහි සවාමින් පිසු බත් මා අනුභව කළෑ යි ස්න්රිවධම්ය වරදවා පියැ යි සිතන් නමුත් දවසෙක ත් ඔබ පිසු බත් දිවගත් නො ගැයෙම් ම ය. එ බත් කුදට දි කුදගේ වැටුප් සාලෙන් පිසු නිවුඩුසාලේ දසි භොජනය ම අනුභව කෙළෙමි, එ කල මා අනුභව කළ භොජනය සිතු කල කුසරජ්ජුරුවන් අනුභව කල වසුන් පත්ලෙහි දඹුකඩ භොජනය තවත් රසවත් දෝ හෝ යි සිතමි. එසේ රූමදයෙන් මත් වුයෙම් පවා සවාමිදරුවන්ට අනදරයක් නො කෙලෙමි, ඒඒ ජාතියෙහි ම විසින් කළාවු කිසියම් අපරාධයක් ම නිසා මා පතන්නා වු සවාමිදරුවන්ට මැණියන් වහන්සේට පාවා දුන් රාජ්යදදානාදියෙන් දාන පාරමිතාව සිද්ධ විය.

“ඒ ජාතියෙහි මාගේ පහස් ලත් තැන් පටන් මා කෙරෙහි කළ ප්රේ මයෙන් අන්යහස්ත්රිතයක ප්රාාර්තථනා නො කොට රැකි පඤ්චශීලාදීයෙන් ශිල පාරමිතාව සිද්ධ විය. මා ම පිතා ඒ සා රාජ්යීය හැර එකලාව ගිය ගමනින් නෛෂ්ක්රරම්යත පාරමිතාව සිද්ධ විය. නො එක් කමාන්ත විශෙෂයෙන් මා ම පතා එක දවස් සාරසියක් ගවු වැඩවදැළ ගමනින් හා සත්මස මුළුල්ලෙහි දිය දර ඇදිමෙන් , බඳුන් සේධීමෙන් , රැ නිඳි මැරිමෙන් , තුන් වේලෙහි වසුන් පිසිමෙන් , වසුන් කන් ඇදීහෙමන් .ගත් දුක් සමුහයෙන් ම වීය්යිම පාරමිතාව සිද්ධ වියත තවද; මුළු දඹදිවට අග රජ ව “බලාත්කාරයෙන් මෑ ගෙන්වා ගනිමි” යි නො සිතා මා කෙරෙහි ක්රෝධයක් නො කොට මා කි- කල රුකෂ වු තෙපුල් ඉවසීමෙන් ක්ෂාන්ති පාරමිතාව සිද්ධ විය. “ කුසරජ්ජුරුවෙනි ! බෝහෝ නිමිත්ත දන්නෝ මා තොපට අඹු නො වෙති යි කිහ. මා පතා නම් ගලින් පැන් උණවන්නා වැන්න. සුළං බදන්නා වැන්න, සඳට අත දිගු කරන්නා වැන්න, මා නො පතා තෙපි තොපගේ සිය නුවරට යව” යි එ දවස් මා සිතින් සිනිදස ඇති වද මායම් තෙපුල් කි කල “පුරුෂවීය්යමයක් ඇතියෙම් නම් තී මා අගමෙහෙසිනි කෙරෙමි යි ති හැර සියනුවර නොයම් ම ය” යි කිවාවු සාහසික වචනය ම පසුව සබා කිරිමෙන් සත්යය පාරමිතාව සිද්ධ විය. එකවිට දැමු සක පසළෙ‍ාස් පැයක් භ්ර මණය කිරිමෙන් අධිෂ්ඨාන බලයෙන් නො එක් විරහ කමාන්ත රුපයන් මට විනා සෙසු සත්ත්වයන්ට නො දැක්වීමෙන් ශක්රනභවය කම්පාකිරිමෙන් අධිෂ්ඨාන පාරමිතා ව සිද්ධ විය. තමන් නො තරම් බවු නො දැන , මුළු දඹදිවට අගරජ්ජුරුවන්ගේ අගබිසොවුන් පතා ආවා වු සතුරු රජුන් සද්දෙනා උතුරුසවවෙන් පිටිතල හයා බැඳ ගෙනවුත් දක්වාලුවේලෙහි ඔවුන්ට කෝපයක් නො කොට ජිවිතදානය දිමෙන් ස්ත්රි දානදීමෙන් කළා වු කරුණාවෙන් ම මෛත්රිව බාරමිතාව සිද්ධවිය. ඒ සියලු තැන්හි ම අකම්පිත ව මහමෙර සේ නිශ්චල ව, කොටගත්තාවු අර්ථ සිද්ධියෙන් ම උපෙක්ෂා පාරමිතා ව සිද්ධ විය. තවද: මා ම නිසා සතුරන් ජයගනිමි යි “අහං කුසො” යි කිවාවු සිංහනාද වික්රඅමය දැන් තුන්ලෝවාසින් තුඩ තුඩ විය.

“එ දවස් මා ම නිසා ජයගත් යුද්ධයෙහි සක්තොෂ වු ශක්ර දෙවේනුද්ර යා අෂ්ටවංක වෛරොවන මාණික්යදරත්නය ශක්රනපුරයෙන් ගෙනවුන් ග්රි වාභරණ කොට පලඳවා ලී ය, ඒ දිව්යුරත්නලාභය ද මා ම නිසා විය. එසේ හෙයින් සවාමිනි! අඥන වු ලෝකවාසිහු මා ප්රිභාවති නම් ව සවාමිදරුවන්ට දැඩිකම් කළැ යි යෙති, මම වනාහි සිතින් දැඩිකමක් නොකෙළෙමි, සිතින් සෙනෙදස ම කෙළෙමි . සෙසු ජාතිභෙදවලැ එකි එකි පාරමිතාවන් ම පිරු සේක. මා දැජිකම් කළා ජාතියෙහි පාරමිතාවන් දසදෙන ම වෙන වෙන ම සාධ දෙවාලිමි , තුජ ගුඩ වික්රවම කියවාපිමි, කුශලා කුශල ධම්යන්ගේ විභාගය ද ලෝකවාසින්ට මා වරදක් නො දක්මි , කිසියමි එසේ හෙයින් ඒ ජාතියෙහි මා වරදක් නො දක්මි , කිසියම්, කිසියම් වරදක් ඇතියේ වී නමුත් එ දවස් ම කලල් පිට වැදහෙව:-

“යා ඉමා රත්ති අනික්කන්තා - තා ඉමා දෙව තයා විනා,

වන්දෙ තෙ සිරසා පාදෙ- මා මෙ කුජ්ක්ධ රථෙසභ”-යි

යන මේ ගාථාව කිසා කුස රජ්ජුරුවන් ක්ෂමා කරවා ගත්මි. එ වෙලෙහි කුසරජ්ජුරුවන් ක්ෂමා කරවා ගත්මි.එ වෙලෙහි කුසජ්ජුරුවෝ :

“එවං තෙ යාචමානාය- කිං න කාහාමි තෙ වචො.

විකුද්ධො ත්යනස්මා කල්යානණි- මාත්වං භායි පභාවති”-යි

“යන මෙ ගාථාව කියා ක්ෂමා කළහ. එසේ හෙයින් ඒ ජාතියෙහි මා කළවරසෙක් ඇත්නම් මේ ජාති‍යට නො තිබුයෙමි, තවද:පසේබුදුන්ගේ පාත්රේය ට මා පිළිගැන් වු අතිරස කැවුම් සපත්තිරොෂයෙන් පාත්රනයට අත ලාලා හැරගත් දවස් පසේබුදුහු සුන්බත් වු සේක් වී නම් සතියෙන් ධ්යාලනයෙන් නැගි දවස හෙයින් පිරිනිවන් පානාසේක, එ දවස් සවාමිදරුවන්ට ආනන්තය්යි කම්ය සිද්ධ වන දවස ය. එ කෙණෙහි මම කලකිරි ගිතෙල් පිළිගන්වා නුඹවහන්සේ කළවු අපරාධය සාපරාධ ම හෙයින් දුෂ්ට වු ප්රාවර්ථනාවක් කොට ලජ්ජා කරවා එ ම කැවුම් ඔබ ම අතින් පිළිගන්වා එ සා පාපයෙකින් ගොඩනංවා පිටිවහල් වීමි, ඒ ජාතියෙහි දුමා වරදෙක් නැත.

“තවච: බන්ධනාගාර ජාතකයෙහි සවාමිදරුවන්ට මා හැර තපසට නික්මුණු කල මා දැරි ඇති බවු කියා ඒ දරුවන් වැදු කල ගිය මැනැව, හිරු වැන්දවු කල ගිය මැනව, බත් කැවු කල ගිය මැනව, කෙසේ බෑ කල ගිය මැනවැයි යනාදින් මා රැඳවු රැඳවු කලු දු සවාමි දරුවනු දු මාගේ බසින් ම තපසට නොගොස් රඳ රඳා ගිය කලු දු පසුව මටත් සොරා තපසට ගිය කලු දු මා එකලාව දරුමලෙහි බැඳ බොයෝ දුග් කලු දු ඇනි, එයිදුසංසාර දොෂ බවක් මිස මා වරද ය යි නො සිතමි , සියලු ස්ත්රිා- පුරුෂයන්ගේ ම සාධාරණ ධම්යෙක.

“තව ද: බන්ධනාගාර ජාතකයෙහි සවාමිදරුවන්ට මා හැර තපසට නික්මුණු කල මා දැරි ඇති බවු කියා ඒ දරුවන් වැදු කල ගිය මැනව, හිරු වැනුදවු කල ගිය මැනව බත් කැවු කල ගිය මැනව .කෙස් බෑ කල ගිය මැනවැයි යනාදින් මා රැඳවු රැදවු කලු දු සවාම් දරුවනු දු මාගේ බසින් ම තපසට ගිය කලු දු මා එකලාව දරුමලොහි බැඳ බොහෝ දුග් ගත් කලු දු ඇත තපසට මා බාධා කළාකලුදු ඇති ,එයිදුස’සාර දොෂ බවක් මිස මා වරද ය යිා නො සිතමි , සියලු ස්ත්රි’ - පුරුෂයන්ගේ ම සාධාරණ ධම්යෙක.

“තව ද සවාමිදරුවන් හා...සංස්කරණය

“තව ද සවාමිදරුවන් හා මා කුම්හකාර කමාන්තයෙන් නිරවාද්ය ජිවිකා කල සමයෙහි . පසේබුදු දැක දන් දි බණ අසා සවාමි දරුවන් මට පළම්ව මහණ වෙමි යි සිතමි ,එ කල රාහුල නම් මෙම පුතණුවන් පස්මැසි කල එ දරුවන් හා මා හා ගම හැර සවාමිදරුවන් තපසට නික්මුණු කල ැඳවාත නොහි එ දරුවන් සවාමිදරුවන් අතට වඩා “මා පැන් කළයක් ගෙනා කල ගිය මැනවැ “ යි මායමක් කියා කළය ගෙන පැන් සොයායන පසාරයෙන් වඤ්වාවෙන් වල් ගොස් මහණ වීමි. මහණධම් පිරිම් නම් , සසර සයුරෙන් ගොඩ නැහිම් නම් ස්යලු සතුන්ටම මිහිරිවන දෙයක් හෙයින් තපස් නිසා කි කළ මායමෙහි දු සොරා ලිය ගමනෙහි දු අපරාධයක් නො දක්මි, ‘ එ කල පුතණුවන් සතර පස් හැවිරිදි වන තුරු නුඹ වහන්සේ එකලා , පිරිමිවසිට , දමින් බැඳි ඇතකු සේ දරුමලෙහා බැඳි එක් වේලෙක බැලමෙහෙකොට කිරි සොයා ගෙනෙමින් , අඳුන්තෙල් ගෙනෙමින් , එක් වේලෙක දරුවන් නහවමින් , නිඳ ගන්වමින් , බඩ දිගෙන සැතපෙමින් “ගැහැණි අද ඒ දෝ , සෙට ඒ දෝ හෝ” යි ගිය මඟ බලමින් “ ගැහැණි මා වෙහෙසාලුව” යි කියමින් එක් අතෙකින් සක දම දම‍ දමා වළන් උකමින් . එකලාව ඒ වළන් තළමින් , වියලමින් , පළහමින් . විකුණමින්, දවසින් දවස දෙපුතුපියන් බඩ ලදිමින්, ගත්තාවු ව්යාහසනය හා ස්ත්රි යකසේ කළාවු දරුසනාවට එු පුතණුවන් වහන්සේ ම වෙස්සන්තර ජාතියෙහි බමුණාට දන් දෙන වේලෙහි උපන් භයින් වල් වැද සිවුරැස් පොකුණෙහි නෙළුම් පත් පීරා ගැසු සිට නුඹවහන්සේ “පුතණ්ඩ! ජාලිය කුමාරයෙනි” යි අඩ ගැසු අඩ අසා දැතින් නෙළුම්පත් පීරාගෙන “බමුණා මැ ගැති කෙරේව යි ම පියාණන් වහන්සේ ට මා වැනි ශික්ෂාත දරුවෝත් ඩීවිතයක් නිසා සැඟවෙද්දැ” යි දිව දිව අවුත් “ම පියාණෙනි! මම මෙ තැන සිටියෙමි කැමැත්තන්හට මා දන් දුන මැනැවැ “ යි කිය කියා අත් සුං දිගුකළ වේලෙහි ම පත්යුුපකාර කොට නිමවාපු ඔබ ම සසර සයුරට අත් දුන් සේක.

තව ද මේ ජාතයෙහි දායාද සම්පත් සොයා එවාලු දවස් “රාහුලයා ඉසකේ කපා මහණ කරවා” යි වදාළ වේලෙහි සත් හැවිරිදි වයසැ මවුන් සඳහන් නො කොට කර බාගෙන උත්තරයක් නො කියා , මුත්තණුවන් වහන්සේ ටත් මටත් කියා නො එවා, සවාමි දරුවන්ට ම කිකරු ව, ඉසකේ කපන්ට ඉස නාමා පැලු ශික්ෂිත කමින් ම, එ දවස් ගත් මහත් දුකට මෙ දවස් ප්රලත්ර්මිනපකාර කළසේක් දෝ හෝ යි සිතමි , එසේ හෙයින් එ සමයෙහි සවාමිදරුවන් මා නිසා කළාවු පුත්ර ව්යහසසනය සවාමි දරුවන්ට ම පිටිවහමල් විය, එසේ හෙයින් එ තැන්හි දුමා වරදක් නො දක්මි.

දොෂයෙන් එක බොරුවක් කිමි. එ කෙණෙහි එු නරය දැක “ජරාවට පැමිණියෙමි” යි අනිත් ලකුණු උපදවා මා හා සියලු රාජ්යා වාසින් හඩ හඩා සිටිය දි ඇමැතියන් වළක්ව වළක්වා රාජ්යාය හැර ගොස් ජිවිතාන්තය දක්වා තපස් කොට ලොස් බඹලොව උපන් හෙයින් මා කිවාවු ඒ ජාතියෙහි එක බොරුව සවාමිදරුවන්ට නෛෂ්ක්ර ම්යත පාරමිතාව හා ශීල පාරමීතාව හා පාරමිතාවන් දෙදෙනකු සාධාදි ලිය. එසේ හෙයින් ඒ මාෂා හා වාදයෙහි දු මා වරදක් නො දක්මි.

තව ද: කුරුධම් ජාතකයෙහි සව‍ාමිදරුවන් රජ කල මා අගබිසෝ කල යුවරජහු මුහුණ දවසෙක සානුරාගයෙන් බලාපු වරදෙක් ඇත. ඒ වරද නො සඟවා “මාගේ ශිලාන්තරාය වී දෝ භෝයි මෙසේ වු වරදක් සිනිමි” යි මා කී හෙයින් වරද නො සැඟවු හෙයින් එතැන්හි දු මා වරදක් නො දක්මි.

තවද: අහ්ය්න්තර ජාත- සුසිම ජාතකාදි කිසියම් තෙනෙක තෙනෙක අවශෙෂ වු රජුන්ට මා අගමෙහෙසින් වු තැනුදු පෙනෙයි , සංසාර ය. නම් අග් මුල් තැති හෙයින් එසේ එසේ වු වරද නිවරදය . තවද: අභ්යඅන්තර නම් අඹයට මා දෙළන කල මට අඹ සොයා ඇවිදිනා ඒ රජුගේ සේවකයෝ සවාමිදරුවන් හා පන්සියක් තවුසන’ සිත් සේ ධ්යා්න සුව විඳිනා අතිරම්යෙ වු මඟුග් උයනින් නෙරියහ; එ තැන්හි දු සක්දෙවු රජහුගේ මුත් මා වරදක් නො දක්මි. එසේ ද වුවත් මේ ආදි තැන්හි මා විසින් කළාවු කිසියම් අපරාධයෙන් ඇත් නම් මේ අන්තිම වු ක්ෂමාවය , අන්තිම වු දරුශනය ය. අන්තිම වු ජාතියයය, මට නිඃශෙෂයෙන් ම ක්ෂාමා කොට වදාරා ශාක්තිපුරයට අවසර දුන මැනවැ දැන්වු දැ ය. එයින් කිහ. අපදානයෙහි:-

එකස්මිං සමයෙ රම්මෙ- -ඉද්ධෙ රාජගහෙ පුරෙ,

පබ්භාරම්හි වරෙකම්හි - වසන්තෙ නරනායකෙ


වසන්තියා තම්හි නගරෙ- රම්මෙ භික්ඛුනුපස්සයෙ,

යසොධරා භික්ඛුනියා - එවං ආසි විතක්කිතං


නන්දෙ රාහලභද්දෙ ච - සාවකග්ගා තථෙව ච,

සුද්ධොදනො මහීපාලො- ගොතමි ච පජාපති


අභිඤ්ඤාතා මහාථෙරා - ථෙරියො ච මහිද්ධිකා,

සන්තිං ගතාව ආසුං තෙ -දිපච්චීව නිරාසවා.


ලොකනාථෙ ධරන්තෙව- අහම්පි ච සිවං පදං

ගමිස්සාමිති චින්තෙත්වා - පස්සන්ති ඇයුමත්තනො.


පස්සිත්වා ආයුසංඛරං- තදහෙව ඛයං ගතං,

පත්තචීවරමාදාය- නික්ඛමිත්වා සකස්සමා,


පුරක්ඛතා භික්ඛුනිනං - සහස්සෙහි තහිං තහිං

බණෙ මහිද්ධිකා පඤ්ඤා- සම්බුද්ධං උපසඩකමි.


සම්බුද්ධං අභිවාදෙත්වා - සත්ථුනො චක්කලක්ඛිනො,

නිසින්නා එකමන්තම්හි - ඉදං වචනම බ්රැකවී.


අට්ඨසත්තතිවස්සාහං - පච්ජිමො වත්තතී වයො.

පබ්භාරම්හි අනුප්පත්තා- ආරොවෙමි මහාමුනෙ.


පරිපක්කො වයො මය්හං -පරිත්තං මමජිවිතං

පහාය වො ගමිස්සාමි - කතං මෙ සරණමත්තනො,


වයො ව පච්ජිමෙ කාල- මරණං උපරුජ්ඣති,

අජ්ජ රත්තිං මහාවිර- පාපුණිස්සා මි නිබිබුතිං,


නත්ට් ජාති ජරා ව්යා ධි- මරණඤ්ච මහාමුනෙ,

තත්ථ ගච්ජාමහං විර - ගතො යත්ථ න දිස්සති


යාවතා පරිසා එත්ථ- සමුපාසන්ති සත්ථුනො

අපරාධං පජාතං මෙ- ඛමන්තු සම්මුඛා මුනෙ


සංසරන්තා ව සංසාරෙ- ඛලිතඤ්චෙ මමං තයි,

ආරොචෙමි මහා වීර - අපරාධං ඛමස්සු මෙ-යි,


මෙසේ ඒ ය‍ශොධරා සථවිරින් වහන්සේ..සංස්කරණය

මෙසේ ඒ ය‍ශොධරා සථවිරින් වහන්සේ අනෙකප්රයකාරවු කථාවෙන් සසර තමන් වහන්සේ ගේ පුව විශ්වාස හඟවා බුදුන් අතින් අවසර ඉල්වු වේලෙහි සවාම්දරුවා් උන්වහන්සේ තමන් වහන්සේ ට සංසාරයෙහි කළාවු තොහෝ උපකාර හා අපරිමිතවු ගුණ දැක “ මෙ යශොධැාව වරනි පිනිවත් ස්ත්රිියක් මාගේ බුද්ධෝත්පාදයෙහි නැන දැන් මෝ තෙමෝ අසඩ්ඛ්යර ගණන් කල්වලැ ජාති දක්නා නුවණ ඇත්තීය. අසාධාරණ වු දිවස් ඇත්තිය. විශෙෂ වු දිවකන් ඇත්ති ය.නසන ලද ආශ්ර වයන් ඇත්ති ය. තිවිදයාවෙහි මුදුන් පැමිණියා ය. බුදුන්ට අනු වු සෘඩිප්රා්හාය්යි ඇත්තී ය. තමා රහත් වු දවස් පටන් බුදුන් කෙරෙහි කළ මහත් වු ආදර හා බහු මානයෙන් පෘථග්ජන මෙහෙණින්නක් සේ නිහතමාන ගුණයෙන් තමන්ගේ සෘඩ් බලයක් නො දක්වා විසුව,එසේ හෙයින් මැගේ පෙළහර පල දුටුවෝ නැත. මතු ලෝකවාසීහු රාහුල ම‍ාතාවෝ නම් කෙසේ වු කෙනෙක් දෝ යෝ නැතියෝ දෝ යෝ යි ශංකා උපද වන්නාහු .මතු සත්ත්වයන්ට උපදනා ඒ ශංකා දුරු කරවා මැගේ සෘඩ්බල වික්ර.ම හා පුව්චරිත ය මැ ලවා ම දක්වා , මෑගේ ගුණ මතු මාගේ ශාසනයෙහි ප්රතසිද්ධ කරවමි” යි සිතා “යශොධරා සථවිරිනි! තොප වැනි පින්වතුන් ලෝකවාසින්ට ආනුභාවයක් නො දක්වා අප්ර සිද්ධ ව නිවන් පුරයෙහි සැඟවෙනු නො යෙදෙයි දැන් දැන් තොපගෙන් කිසියම් පෙළහරක් මා මැදයෙහි දක්වා බලගැ” යි වදාළ සෙක. එයින් කිහ අපදානයෙහි:


සුත්වාන වචං තස්සා - මුනින්දෝ ඉදබ්රැිවී.

කිමුත්තරං තෙ වක්ඛාමි - නිබ්බාණාය වජන්තියා.


ඉඩිඤ්චාපි නිදස්සෙහි - මම සාසනකාරියෙ,

පරිසානඤ්ච සබ්බාසං - කඩ්ඛං ජින්දස්සු සාසනෙ - යි


එ වේලෙහි යශොධරා සථවිරින්වහන්සේ අද රැ පිරිනිවන් පානා සේක් ල. දැන් අවුත් බුදුන් වැඳ ක්ෂමා කරවමින් සිටිසේක්ලැ”යි මෙ තෙපුල් සියලු භික්ෂුගණයා කෙරෙහි සැලව ගිය. එ කල “රාහුල මාතා‍වන්ගේ ලරිනිවාණය වනුයේ නම් අප බුදුන්ගේ ද පරිනිර්වානය ආසන්න වන හෙයින් ම යැ” යි කියා කියා ක්ෂීණාශ්රනවයෝ සංවෙග උපදවමින් ,පෘථග්ජන භික්ෂුහු! කඳුථ ධාරා වගුරමින් . දහස්ගණන් ශ්රාපවකයෝ අවුත් බුදුන් පිරිවරා සිට ගත්හ එ තෙපුල් ඇසු ඒ රජගහා නුවර කොටි ගණන් සත්ත්වයෝ ද, ඔවුනොවුන් වහන්සේ “අද බුදුහු මා හා පෙර නො එක් ජාතියෙහි ඔබට කිකරුවට අවුත් කෙළවරජාතියෙහි වදාළක් කළමනා මය.

“බුදුන් අදහස් වු පරිද්දෙන්ම මාගේ සෘඩ්බල දක්වා පෙළහරක් කෙරෙමියි, බල එකෙක් ඇත: මේ පෂදෙහි සරාගි සත්ත්වයෝ බෙහෙව, ඔහු ස්න්රිතභාවයෙහි සිට මා දක්වන්නාවු පෙළහර බලා මා වු පවත් නො දැන මා කෙරෙහි ලොහ සිත් ඉපැදවු නම් එ පවින් ගොස් අපායගත වන්නාහ; පළමුකොට ඔවුන්ට මා වු පවත් හගවා ඔවුන්ගේ විතර්ක සිත් දුරු කොට පෙළහරක් දක්වමි” යි සිතාබුදුන් වන දෙස වැඳ සිට, “සෙසු බෝසත්වරුන් අටාසංඛේය”ය කප්ලක්ෂයෙකින්, සොළොසාසංඛ්යෙටය කප් ලක්ෂයෙකින් කරන්නාවු වීය්යි සාරාසංඛ්ය්ය කප්ලක්ෂයක් ඇතුළත සාක්ෂාත් කොට මා වැනි ස්ත්රිඛයකගේ අනුබලයෙන් පුරා නිමවා ගත් අධික වු වීය්යස ඇති බුදු රජාණෙනි! නුඹ වැනි බුදු කෙනකුන් ඉදිරියෙහි පෙළහර පානාවු මමදෙවි- බඹ කෙනකුන්ගේ උපදෙස් ලත් අනික් සෘඬිවන්ත කෙනෙක් නො වෙමි, නුඹ වහන්සේ පෙර සිඩාර්ථකුමාරයෝ යයි දඹදිව ප්රිසිද්ධ වු ශ්රහකදෙවෙන්ද්රු ලිලාවෙන්ද ලිලාවෙන් රාජ්යඹය කරන කල.සයානුලක්ෂයක් පුරස්ත්රිරන්ට නායක ව අග්රි මහිෂිකා වු යශොධරා දේවි නම් මමය.

එ කල: රුපයෙන් - යෞවනයෙන් - කුලයෙන් -යශසින් -ආචාර-යෙන් අග්රම වුත් ස්ත්රී්සමුහයා දිව්යාවඩ්ගනාවක දුටුවා සේ මා ම වඳිති. පුදති, සත්කාර කෙරෙති; මේ ලෝකයෙහි බුදුන් විනා රුපයෙන් - යශසින් මට වඩනා සත්ත්ව කෙනෙක් නැත . එසේවු සැපත් හැර මමද සවාමිදරුවන් සමිපයෙහි මහණ ව උපදෙස් වු පර්ද්දෙන් විදර්ශනා වඩා අමාමහ නිවත් දුටිමි, රහත්වීම් කෙලෙසුන් ගෙවිමී . කෙලෙස් මුහුදු පිනිමි, කෙලෙස් සතුරන් දුරුකෙළෙමි, සංසාර සාගයෙන් ගොඩනැංගෙමි . මතු ජාතියෙක නො උපදිමි, අනින් පුරුෂයහට භාය්ය් ර්‍ා නො වෙමි. අසාධාරණ වු සෘඩි ලදිමි. විශෙෂ වු දිවකන් ලදිමි, විශෙෂ වු දිවසක් ලදිමි,අසඬිඛ්ය ගණන් ජාති දන්නා නුවණ ලදිමි. වැළි දැන් මා විසින් දක්වනලද නුඹවහන්සේ ගෙන් දෙවා වදාළ කිසියම් සෘඬ්බලයක් බලා වදාළ මැනවැ යි සිංහනාද කොට තමන් වහන්සේ වු පවත් මහපිරිසට හඟවාලා බුදුන්ගේ ශ්රී පාදපද්මයට බස්නා ශ්රීලකාන්තාව සේ. බුදුන්ගේ ශ්රී පාද වැඳ අවසර ඉල්වාගෙන ධ්යා්නයෙන් ධ්යා‍නයට සමවැඳ වැද ආකාශයට තල්ක් නැගි බැස බුදුන් වැඳ. එසේ ම දෙ තලෙක තුන් තලෙක සතර තලෙක පස් තලෙක,සතලෙක සත් තතෙකැ යි සත්වාරයක් ආකාශයට නැගි බැස සත් වාරයක් බුදුන් වැඳ වාරයෙන් වාරයෙහි:-


යසොධරා අහං වීර- අගාරෙ තෙ පජාලති,

සාකියම්හි කුලෙ ජාතා - ඉත්ට්යඩ්ගෙ පතිට්ඨතා-යි,


යන මෙ ගාථවෙන් සත් වාරයක් සිංහනාද කොට , නැවත සියක් තල දහසක් තල සුවහස් තලැ යි යනාදින් නැඟි නැඟි බැස බැස නැවත නැවත බුදුන් වැඳ වැඳ ; තව ද; ආකාශයට නේ සුවාහස් තල පමණ නැඟි පුන්සඳක් සේ සියලු සතුන්ට “දෙවියනි! බඹිනි! යශෝධරා සථවිරි නම් මම ය, අද බුදුන්ට මා විසින් කරන ප්රාරතිහාය්යාේ පුජා දක්නට එව “ යි දසදහසක් සක්වළ දෙවියන්ට ඇසෙන සේ අඩගැ දැය, ර තෙපුල් දස දහසක් සක්වළ මුළුල්ලහි සැටදහසක් කාමාවචර දිව්ය ලෝකවල දෙවියන්ට ඇසි ගිය, එක් ලක්ෂ පනස් දහසක් බඹපොවට ද ඇසී ගිය, එ වේලෙහි දසදහසක් සක්වළ දිව්යපබ්රිහ්ම සෙනාව මොහොතක් කලින් දිව අවුත් නළෙක තුඹු සුණු පිරුවා සේ අහස්කුස් පුරා බඹලොව දක්වා ගැහැටි ගැහැටි සිටියහ. ඒ මධුරවු නාදය කන හුණු මුළු දඹදිව සියලු ස්ත්රිට පුරුෂයෝ ම අහස් බලා පුන්ඳක් සේ වැඩසිටි උන්වහන්සේ විශෙෂයෙන් දැක දොහොත් මුදුන් දෙමින් , සාධුකාර දෙමින් , ඒ ඒ ගම් නියම් ගම් රාජධානි ප්රදත්යළන්ත දෙශවග ද තමන් තමන්ගේ දොර තමන්ගේ දෙර දොරවග ම සිට බලති.


එ වේලෙහි උන්වහන්සේ..සංස්කරණය

එ වේලෙහි උන්වහන්සේ ආකාශයෙහි පෙනි පෙනි සිට තෙජොකසිණ සමාපත්තියට සමවැ-සියලඟින් දුම්කඳු හැර මුළුලෝ දුමවා , සියලඟින් ගිනි කඳු හැර මුළුලෝ ගිනි පුලිඟුයෙන් පුරා “මමය, අනිකෙකිම් නො වෙමි, බුදුන් ගිහිගෙයි වසන කල ප්ර ජාපති වු රහල් තෙරුන් මවු වු, යහොධරා නම් සථවිරිමි”යි හඩගා කියා මුළුලෝ සාධු නාදයෙන් පුමින් නැවත කලක් පෙනි පෙනී සිට කගක් අන්තර්ධාන වන දැ . නැවත එක මෙහෙණි රුපයෙන් විකුවණ වු සෘඩ් දක්වා එක කොපුයෙන්සුවහස් කඩුපත් හයා පනා සේ. නේසුවහස්එවැනිවු මෙහෙණි වෙස් මවා මුළු සක්වළ පුරා සිටුවා එ සා මහත් භික්ෂුණි පරිසක් ලවා “මමය බුදුන්ට පාරමිතා සාධා දුන් යශෝධරා සථවිරිමි” යි තුඩ තුඩ කියවා තුන්ලෝ ව එක කොලාහළ කළ සේක. එකෙණෙහි සියලු දෙවි මිනිසුන් දුන් සාධුකාරයෙනුදු මුළු ලොව එක කොල‍ාහල වීය. නැවත “මාගේ බුදුන්ට ගරුඩ විතානයෙකින් පුජාවක් කෙරෙමි” යි සිතා මෙරගල සා ශිඛාවෙකින් හා සඳමඩුලු සා ඇස්දඟළෙකින් හා පුවවිදෙහ දිවයින සා දකුණු පියා පතකින් හා අපරගොයාන දිවයින සා වම් පියාපතකින් හා ජම්බුද්විපය සා ශරිරයෙකින් හා උතුරුකුරුදිවයින සා ඉසකින් හා සක්වළගල සා මුඛ තුඩකින් හා මහගුරුළු වෙසක් මවා දෙපියායෙන් මේ සා මුළු සක්වල සිතියම් වියනකින් වැසුවාසේ අතුනොදි වස‍ා සිට, සියක් යොදුන් මහ දඹගස මුලිනුලුරා හයාගෙන වල්විදුනාවක් සේ බුදුන් ඇඟට සල සලා මෙහොතක් කල් සුවද මඳ පවනින් බබබබබබුදුන් ඇඟට සුව පහස් දෙවමින් මහත් වු ගරුඩ නාදයෙන් තුන්ලො වෙවුල්වා “මම ය. සත්වයෙනි! දිව්ය නාගරාජයෙනි! ගරුඩරාජයෙක් නො වෙමි, හය නො ගන්ව, යශොධරා මහාසථවිරිමි” යි හඩගා කිදැය. එකෙණෙහි දු මහපිරිස සාධුකාර දුන්හ.

එ පෙළහර හැර නැවත දහස් සුවහස් යොදුන් අහස්කුස වසා සිටිනා තරම් දිව්යසහස්ති රුපයක් මවා මුළුලොවට ලෙනි ලෙනි සිට ශක්රමපුරයට අත දිගු කරලා පරසතු මඳාරා ගස හයාගෙන බුදුන් සිරසට මල් සේසතක් සේ කෙරෙමින් මෙහෙතක් කල් සිට නැවත බුදුන් ඇඟට මලත්තක් සේසලා මල් සුවඳින් බුදුන් පුද ලුදා එ කෙණෙහි මහපිරිස අහෝ! සාධුයි එකලැහැර සාධු කාරදි හිමි නුඹ කවුරුදැයි විචාළ කල “ම8ය අනිකෙකිම් නොවෙමි, ගෞතම නම් බුදුරජාණන් ගිහිහෙයි වසන කල ප්රිජාපති වු එක්තරා එක් කුලස්ත්රිජයකිමි, බුදුන්ගේ මා ලද කිසියම් ගුණ ලවයක් බලව” යි කියා තුන්ලොව වෙවුල්වා හස්තිමාන නම් වු පුජාවක් කළදැයි . එ කෙණෙහි දු මහත් වු සාධුකාර පුජා විය.

නැවත එ පෙළහර හැර එසේ ම මහත් වු දිව්යු අශ්ව රුබයක් මවා සක්වළගල සිසාර ය. යුගන්ධරා දි සත්කුලපච්වන් සිසාර ය යි සුවහස් වාරයෙහි ආවර්තනය කරවා නැවත ක්ෂණක්ෂණයෙහි මුළු සක්වළ කුස එක අශ්චරුපයෙන් බලු බැලු දිග්හි අපමණ වු අශ්ව සේනාව දක්ව දක්වා නැවත එකරුපයෙන් සිය මුළු ලොවට ඇසෙනසේ හෙෂාරව කෙරෙමින් “මම ය, දෙවියෙක් බඹෙක් නො වෙමි, යශොධරා සථවිරිමි” යි හඩගා කියා දිව්යෙ මනුෂ්යෙයන් ලවා සාධුකාර දෙවු දැය.

එ පෙළහර හැර එම මෙහෙණිනි වෙසින්පෙනි “සත්ත්වයෙනා! කල්පාන්ත වාතයෙහි මහා පවත රාජයන් ආකාශයට නැගෙන ලෙස් ,ඉන් ඊ ගැසි සුණු විසුණු වන ලෙස් , පුදුන් පෙද සේ බමන ලෙස් . මාගේ බුදුහු සද්ධම්යෙන් තොපට දක්වා වදාළසේක. මම සාඩ්බලයෙන් දැන් එ ගෙන හැර පාම් . සිත් සේ බලව යි කියන්නාක්හු මෙන් අහස්කුස කල්පාන්තවාතය සේ මහාවාත මණ්ඩල‍යක් මවා මහා පවතරාජයන් පොළොවින් නැඟි, ඉන් ඊ ගැසි ගැසි සුළං වේගයෙන් ඒ ඒ දිග්හි ඇවිදිනා ලෙස් පෙයාපත් සේ ලුදුන් පෙද සේක . එවේලෙහි දු මුළුලෝ විස්මයපත් විය.

නැවත ඒ පවතයන් අන්තර්ධාන කොට අහස්කුස මහා සමුද්ර්යක් මවා . සුවහස් රළපතර මව‍ා , ඔහු කන්පත් වරල්පත් ලෙලවමින් , මහමුහුද ඇවිදිනා ලෙස් දක්වා . ජලරාජ නම් වු සෘඬ් පුජාවක් කළාදැ ය. එ වේලෙහිදු මුළු ලෝ විස්මය පවත් විය.


නැවත “සත්ත්වයෙනි! දහවල් තරුපිරිවර සඳක් දුටුවිරුදැ” යි කියාලා උනුපනස් යොදුන් සඳමඩල මවා . සිසාරා මඬුලු මවා, රාජ ග්රනහතරු අට හා නක්ෂත්රා තාරකාවන් සත්විසිදෙනා හා පාදයන් වු සුවහස් ගණන් තරු මවා . අසමාන වු චන්ද්රලවිමාන නම් සෘඩි පුජාවෙකින් බුදුන් ප ුදා “සවාමිනි! මේ පෙළහර කරන නුඹ කවුරු දැ” යි දැන දැන ම තමන් වන්සේ ගේ සිංහනාද අසන පිණිස දිව්යු මනුෂ්යැයන් හඩගා විචාළ වේලෙහි “ සත්ත්වයෙන්! මම ය, සඳදෙවියෙක් නො වෙමි, ගෞතම නම් බුදුරජාණන්ගේ පාරමිතා නමැති කෞමදයන් පුබුදු කරවා දීලු ය‍ශොධරා චන්ද්රි කාවෝ නම් මමය “ යි තුන්ලොවට ඇසෙන සේ හඩ ගා කි සේක. එවෙලෙහි උපන් සන්තෝෂයෙන් තුන්ලෝ පුරාසිටි දිව්යච මනුෂ්යෙ ස්ත්රිෙ සෙනාවෙන් “මම ද බුදුවන මහතක්හට ම පාදලරිචාරිකා වෙම්ව යි මෙ බදු වු ශ්රී යෙක් ,මෙබඳු වු පෙළහරෙක්, මටත් වේවා” යි කිය කියා ප්රා‍ර්ථනා නො කොට සිටි එක ද ස්ත්රි යක් නැතැ යි සිතමි . සියල්ලෝම එක පැහැර පතමින් සාධුකාර දුන්හ.

නැවත ඒ පෙළහැර ද හැර පනස් යොදුන් හිරිමඩල මවා, දහසක් රසකඳු දසදිග විහිදුවා “ සත්වයෙනි! මම ය සුය්යීම දෙවතාවා නොවෙමි. යශොධරා සථවිරිමි” යි හඬ ගා කියා සියලු සත්වයන්ගේ මුඛපද්මයන් ප්රදබොධ කරවා බුදුන්ට සුය්යීිවිමාන නම් වු අසමානවු සෘධීපුජිාවක් කළසේක.

නැවත එක්ලක්ෂ අටසැටදහසක් යොදුන් උදුන් උස මහමෙර මවා මෝරුමතක් පෙරලන්නා සේ එ ලිමින් මෙ පිට පෙරළ පෙරළා සතර දිග සතර වර්ණය වෙන වෙන ම දක්වා මහත් වු සිටි සත්සයුරු සත් කුලපවුවන් වෙන වෙන ම දක්වා වු සෘඩ් පුජාවක් කළ සේක,

නැවත එ පෙළහර හැර “සත්වයෙනි! මාගේබුදුහු ශත්ර යාගේ සම්පත් තොපත් සද්ධම්යෙහි දැක්වු සේක, දැන් මම ද තොපට සෘඩිබලයෙන්දක්වම්, බලව” යි කියාන්නාක් මෙන් මොහොතක් කලින් ඔහුගේ ශක්ර්පුරයෙනහි දහසක් රුවන් දොරටු ය, දෙසිය පනසක් රුවන් පවුරුය. සුධමා නම් දිව්යකසභාව ය, යනාදි වු නොඑක්කමාන්ත විශෙෂන්විශෙෂවු ශක්ර්පුරයදුත එලකයෙක සදා තුබුදු ඉත්තන් පාන සේ නිමාල කෙ‍ාට දක්වා , නැවත ඔහු දෙවඟනන් පිරිවරා පාණ්ඩුකාබලාසන පැනනැගි හුන් ලීලා ය. දිවපිරිස් පිරිවරා සුදර්ශන නම් රන්විටියෙහි නිකුත් ශ්රි විභුතිය, තෙතිස්කුඹෙහි හා පොකුණෙහි මැවු පියුම්ගසින් හා ගසෙහි මැවු පියුමෙන් හා පියුමෙහි පියුමෙහි මැවු පෙනි පෙත්තෙන් හා සැදුම් ලද ඓරාවන නම් දිව ඇත් රජහු පැන නැගි දෙදෙවුලොව දෙවියන් ගෙන ඔහු නඳුනුයන් නිකුනුයන් නිකුත් දිව්යොශ්රිගදැ යි යනාදි වසයෙන් ඔක්රපයාගේ රුප‍ය මවා පු සේක. එ කෙනෙහි එතැනට රැස්වුදහසක් සක්වළ දහසක් සසක්වළ දසදහසක් ශක්රනසේවෙන්ද්රහයෝ “කොල! මු කොයි ශකුකෙනෙක් දැ” යි කිය කියා දොහොත් මුදුන් දි වැඳ සාධුනාද පුජා කළහ.

එ වෙලෙහි “ සත්වයෙනි! මම ය. ශක්රදයෙකිම් නොවෙමි, තමන් මවු කුසින් උපන් වේලෙහි ලවා දහසක් ශක්රමදේවේන්ද්රනයන් අතින් වැඳුම් ගන්නා නු ගෞතම නම් බුදුරජාණන්ගම වසන කල අග මෙහෙසීන් යශොධරා දේවිමි” යි හඦඬගා කී සේක . එ වේලෙහි මුළුලොව සාධුනාදයෙන් ඒක නින්නාද විාය, මම ද බුදුවෙම්ව යි ප්රාාර්ථනා නො කළ එක ද පුරුෂයෙක් නැතැයි සිතමි, මම ද බුදුකෙනෙකුට සසර ප්ර ජාපති වෙස්වයි නොපතා සිටි එක ද ස්ත්රිදයක් නැතැ යි සිතමි, ඒ සන්තොෂයෙහි සතුටු කඳුළෙන් නුවන් නො තෙමු එක ද පෘථග්ජන කනෙක් නැතැ යි සිතමි.

නැවත ඒ ශක්රිරුපය අන්තර්ධාන කොට සක්වළ දහසක් වසා සිටිනා තරම් මහත් වු දිව්යරරුපයක් මවාගෙන , එක් පත්ලක් ඔසවාගෙන .දහසක් සක්වළ වසා තබමින් අනික් පත්ළෙන් අනික් දහසක් සක්වළ වසා තබමින්, මෙසේ දහසක් සක්වල ට පියවරක් පියවරක් බැගින් ඔබමින් මොහොතක් කලින් අනන්තාපය්යයන්තවු සක්වළ ඇවි ද බුදුහු ය යි යන නාම මාත්‍ාපයවක් නො ඇසු විරු සත්ත්වයන්ට මේ මග්රතල් සක්වළ බුදුන් උපන් බවු අස්වා, බුදුන්ගේ නාමය ද අස්ව අස්වා තතනුරුවනේ නම් කියකියා ඇසිල්ලෙකින් මේ සක්වළට පැමිණි “මම ය, යශොධරා දේවිමි” යි හඩග‍ා කි දැය. ඒ ශබ්දය නො එක් සක්වලට ඇසිණ. එ කෙණෙහි දු තුන්ලොව පිර ුහ. එවේලෙහි උන්වහන්සේ විසින් දැක්වු නො එක් පෙළහර පුජා හා සත්ත්වයන් කළඅද්භුත පුජාවන්වෙන වෙනම විශෙෂයෙන් ගෙනහැර දක්වම් නම් මාගේ එක මුඛ‍යකින් තබා සියක් දහසක් ලක්ෂයක් මුඛයෙනුත් කියා නිමවාගත නො හැක්කේ මය.

මෙසේ නො එක් පෙළහරින්..සංස්කරණය

මෙසේ නො එක් පෙළහරින් මුළුලො‍ේ විස්මයපත් කරවා .තමන් වහන්සේගේ නොඑක් සෘඬිබලදක්වා , පුවේනිවාසානුස්මාතිඥන සෘඩි දක්වා මහපිරිස8ට දෙශනාවක් කෙරෙමි යි සිතා ඒ දිව්ය රුප‍ය ඇන්තර්ධාන කොට දොළොස් යොදුන් මහබඹ වෙසක් මවා දැත දසඟිල්ලෙන් දිවු දසරස්කදින් දසදහසක් සක්වළ ඒකා ලොක කරවමින් “මාගේ බුදුන් නාරද නම් බ්ර හ්මරාජන් සමයෙහි නුදුණු කෙනෙක් දැන් මා දකුව” යි කියන්නා සේ මුළුලොවට පෙනී ආකාශයෙහි පලග් බැඳ වැඩහිඳ එකෙණෙහි එක්ලක්ෂා පනස් දහසක් බ්රමහ්මරාජයන් ආදිවු සියලු දිව්යහමනුෂ්ය සේනාව අහෝ! සාධු අහෝ! සාධුයි එකපැහැර කියා හිමි නුඹ කවර සක්වළෙකින් වැඩි බ්රසහ්මරාජයාණ කෙනෙක් ද, මේ දස දසහසක් සක්වනළ ම බ්රරහ්මරාජයෝ නුඹ වඳිනාහ, පුදනාහ. නුඹ සියපඟින් දිවන බඹරස්කඳින් සියලු දහසක් සක්වල බ්රිහ්මයෝ කදෝකිමියන් සේ නිෂ්ප්ර්භ වුහ. නුඹ කවුරුදැ” යි දැන දැන ම තමන් වහන්සේ ගේ සිංහනාද අසන නිසා විචාළ කල්හි “ සත්ත්වයෙනි! මම දෙවියක් බඹෙක් නො වෙමි. ගෞතම නම් බුදුරජාණන්ට සංසාරයෙහි පක්ෂපාතව ආ එක්තරා එක් කුලදුවකිමි, සෙසු කල් තබා ඹබ මහා සුදර්ශන නම් චක්ර,වර්ති රජව දොළොස් යොදුන් සත්රුවන්මය වු නුවර අසංඛ්ය්යක් හවුරුදු රජසිරි වුන් නම් අගදේ වි නම් දු මම් මය.

“මණිවෝර ජාතකයෙහි සත්යමක්රියයා බලයෙන් ඔබ දිවි රැක දී ඔබ ලවා ම මුළු දඹදිව අගරජ කරවාලු ශිලබල වික්රයම ඇති සුජාතා නම් අගසේවි නම්දු මම් ම ය. සුචි ජාතකයෙහි ඔබගේ ප්රතඥ පාරමිතාවට අනුබල ව ඔබ ශ්රිලවන්ත කරවාලු සවර්ණකාර ධිතෘකාවෝ නම් දු මම් මය. කම්මාසපිණඩ ජාතකයෙහි ඔබ මුළු දඹදිව දහරාජ ධම්යන් පිරු සමයෙහි දානපාරමිතා ලතාව මල් ගන්වා දෙවාලු මහිෂිකා දේවි නමු දු මම් මය. ආදිත්යා ජාතකයෙහි ඔබ භරත නම් රජ කල්හි සත්යමක්රි යා බලයෙන් සමන්මල් දුතයන් උතුරු හිමාලයට යවා පසේ බුදුන් ගෙන්වා මහදන් දෙවා පින් රැස්කරවාලු සමුද්රඋවිජය නම් දේවි නමුදු මම් මය. වුල්ලබොධි ජාතකයෙහි ඔබ බ්රානහ්මණ මහාසාර සැපත් හැර වල් ගොස් තපස් කළ සමයෙහි ඔබ හා සමඟ ම ගොස් සමඟ ම මහණ ව. දස හවුරුද්දක් එක පන්සලෙහි වැස දවසෙකත් බ්රොහ්මච්යාවවට අන්තරායක් නොසිතුවා වු ශිලපාරමිතාව සාධා දුන් සම්මිල්ලහාසිනි නම් ඒ පරිබ්රාාජිකාවෝ නමු දු මම් මය. විසය්හ ජාතකයෙහි ඔබ විසස්හ නම් ධනසිටු ව මහත් වු දානප්රුවාහ කළා වු සමයෙහිදු නැතැ යි යන බසක් නො කියා දවසෙකත් කුසිත නොව දානපාරමිතාව සාධා දුන් විසය්හ නම් සිටු දේවී නමු දු මම් මය.

“උදය භද්ද ජාතකයෙහි “ ඔබ උභය භද්ද නම් රජ කලහි සත්සියක් හවුරුදු සැතපී එක යානෙහි බ්ර හ්මචය්ය්මර්‍ාවට අන්තරායක් නො කළා වු තමන්ගේ ගුණධම්ර්යෙබන් ශක්රරදේවේනුද්රමයාලවා සාධකැර දෙවාපු මහපින්වත් ඒ උදයභද්රා් දේවී නමුදු මම් මය. දශරථ ජාතකයෙහි සවාමිදරුවන් රාම නම් රජව සොළොස් දහසක් හවුරුදු දශවිධ වු රාජධම්ර්‍ රජව සොළොස් දහසක් හවුරුදු දශවිධ වු රාජධම්ර්යින් පිරු සමයෙහි ඔබට ම පතිනිව විසු “ ලෝකයෙහි ගුණවත් ස්ත්රින නම් ශ්රි්තා දේවි ම යැ” යි තුඬ තුඬ කියවාපු ඒ ශීතා දේවී නම් ශීතා දේවි නමුදු මම්මය’ චන්දකින්නර ජාතකයෙහි ශීලබලයෙන් සක්දෙව් රජහු ගෙන්වා ඔහු ලවා ඔබ දිවි එරකදෙවාලු සද නම් ඒ කින්නරාඬ්ගනාවෝ නමු දු මම් මය. වම්පෙය්ය‍ ජාතකයෙහි ඔබ වම්පෙය්යග නම් නාගරාජ කල්හි අහිකුණ්ඩිකයා අතින් ගළවා සවකිය වු නාගසම්පත්තියෙහි ම පිහිටුවාලු සුමනා දේවි නමුදු මම් මය. ජයද්දිස ජාතකයෙහි ම පිහිටුවාලු සුමනා දේවි නමුදු මම් මය. ජයද්දිස ජාතයෙහි ඔබ ජයද්දි ස ජාතකයෙහි ඔබ ජයද්දිස නම් රජව යක්ෂයක් හට බත් වු දවස් ශීලානුභාවයෙන් ඔබ දිවි රැක දි බොහෝ දවසක් එක්ව රාජ්යවශ්රිය අනුභව කළාවු රාජමහිෂාකාවෝ නමුදු මම් මය. චුල්ලසුතසොම ජාතකයෙහි ඔබ සුතසොම නම් රජ ව සුවාසුදහසක් හවුරුදු රාජ්යු කොට පළමු වන නරකෙස දැක රජය හැර යන කල් එක්ව ම ගොස් තපස් කළාවු චන්ද්රාරදේවි නමුදු මම් මය.

“මහාජනක ජාතකයෙහි ඔබ මහාජනක නම් රජ කල්හි ඔබ හා සමග ම රජය හැර ගොස් තපස් කළාවු ශිවලි නම් අගදේවි නමු දු මම් මය. ඛණ්ඩහාල ජාතකයෙහි ඔබ සඳ නම් රාජකුමාරව යාග නිසා මරණප්රා.ප්ත වු සමයෙහි සත්යසක්රිමයා බලයෙන් ඔබ දිවි රැක දි බොහෝ දවසක් එක්ව ම රාජ්යුශ්රිඳ අනුභව කළා වු සදඟ නම් දේවි නම් දු මම් මය. විධුර ජාතකයෙහි ඔබ විධුර නම් මහ පඩි ව මහත් වු නුවණබල වික්රරම දැක්වු සමයෙහි දහසක් ස්ත්රිහන්ට නායක වු ප්රවජාපති දේවි නමුදු මම් මය. අපනනුසොචිය ජාතකයෙහි උපෙක්ෂා පාරමිතා සාධාදුන් සම’්මිල්ලභාසිනි නම් පර්බ්රාිජිකාවෝ නමු දු මම් මය. ඔබ මහෞෂධ නම් පඬි කල ඒ සා මහත් සැපතක් උපදවා ගැන්මෙහි අනුබල වු බොහෝ දවසක් උපදවා ගැන්ටෙහි අනුබල වු බෝහෝ දවසක් ප්රේඋමනිය ව විසු අමරාදේවි නමුදු මම් මය.ත මහා වෙස්සන්තර ජාතකයේහි සත් වාරයකි් මහ පොළොව ගුගුරවා දෙවි බඹුන් ලවා සාධුකාර දෙවා දානපාරමිතාව කුළුගන්වා දෙවාලු මද්රිවදේවී නමුදු මම් මය.

“තව ද: මනොජ ජාතක - ලක්ඛණ ජාතක - සුපත්ත ජාතක- චක්කවාක ජාතක යානාදි වු ජාති සහස්ර යෙහි ඔබ හා සමඟ ම වැස ඔබගේ පාරමිත‍ාවන්ට මා අනුබල වු කල් මෙතෙකැයි පමණ නැත. නෙඓක් ජාතියෙහි සවාමිදරුවෝ මට උපකාරිමවු පුරුෂයන් විසින් ස්ත්රිකන්ට කළමනාවු ආදර සහිත වු තෙපුල් කිමය. අනාදර මිශ්රාවු තෙපුල් නො කිමය. සසවදාරවන් හැර පරදාවන් කෙරෙහි සක්ත නොවිමය, භොජන සංවිධානයෙහි ස්ත්රි්න් ද නායක කොට තිබිම ය. කලින් කලට තරම් වු වස්ත්රා භරණ සපයා දිම ය යන මේ පඤ්චසථාන සංග්රලහයෙන් මට සංග්රරහ කළ සේක් මය.

“මම ද කල්යා ණ වු ස්න්රිුන් විසින් පුරුෂයන්ට කල මනාවු මනාව කරන ලද කමාන්ත විධානය, මනාකොට ආශ්රීරත ජනයන් සිත් හැන්මය, සවාමිහු හැර පරපුරුෂයන් කෙරෙහි සක්ත නොවිම ය. රැස්කළ සම්පත් රක්ෂා කිරිම ය. සියලු කාය්ය්්ර්‍ා කාය්ය්කර්යෙ හි අලස නොවි දක්ෂ වීම යයි යන මේ පඤ්චසථාන සංග්ර්හයෙන් ඔබට විශෙෂයෙන් සංග්රයහ කෙළෙම් මය. එසේ හෙයින් මේ සංසාරයෙහි ඔබ දමා පඤ්චසථාන සංග්රකහයෙන් පිදුසේක, මම දඔබ පඤ්චසථාන සංගුහයෙන් පිදීමි.

“තව ද: පින්වත් ස්ත්රිය පුරුෂයෙනි! දිව්ය් දිව්යාංෙගනාවෙනි! මේ ලොකයෙහි සුත්රි - පුරුෂයෝ නම් චක්රුයන් දෙදෙනාගේ සම වු යොගයෙන් සම සම වු අදහස් ලැබ්බ යුත්තාහ, කල්යාරණ ස්ත්රි න් විසින් වල්ලභයෝ නම් ආදර කටයුත්තාහ, කල්යාලණ ස්ත්රිතන් විසින් වල්ලභයෝ නම් ආදර කටයුත්තාය. දෙවියන්සේ ගුරුන් සේ මවුන් - පියන්සේ සිතිය යුත්තාහ. පුරුෂයන්ට අනාදර කළාවු ස්ත්රිනහු එ පවින් ගොස් අපයාගත, වන්නාහ. පුරුෂයන්ට ආදර කළාවු ස්ත්රිරහු එ පිනින් සුගතියෙහි උපදනා හ.

“වධක භාර්යාවෝ - වෞර භාර්යාවෝ - සවාමි භාර්යාවෝය මාතෘ භාර්යාවෝ- භගිනි භාර්යාවෝය- සඛී භාර්යාවෝය- දාසි භාර්යාවෝ යයි ලෝකයෙහි පුරුෂයන්ට ස්න්රිසහු සත් දෙනෙක් වන්නාහ. ඔවුන් වධක භාර්යාවෝ නම් කවර යත්?

යම් ස්ත්රිහයක් සවාමිහු කෙරෙහි හැම වේලෙහිම දුෂ්ටවු අදහස් ඇත්තී ද, සිතින් ප්රේකමයක් නැති ව වඤ්චාමය වු ප්රේටම හඟවන්නී ද, සවාමීහු කෙරෙහි ඇලුම් නැති ව පරපුරුෂයන් කෙරෙහි සක්තව ඇවිදිනිද. පරපුරුෂයන් ගරුකොට සිතන්නීද, සවාමිපුරුධයා ලඝුකොට සිතන්නිද, ගලින් පැන් උනවාගත නො හැක්කා සේ පුරුෂයා දුඃඛත වු අවසථාවෙහි ඕහට බැරි බැරි වු සම්පත් එලවන්නී ද. සවාමීහු දැක්ක දී උස්පුටු ආදියෙහි ඉඳිමෙන් ආකොශපරිභව බිණිමෙන් අනාදර කරන්නිද එසේවු ස්ත්රිආ තොමෝ දිවය සමාන රු ඇත්ති නමුත් , උතුමි වු ජාති ඇත්තී නමුත් අපමන වු දායාද සම්පත් හා දැසිදස් පරිවාර ජනයන් ඇත්ති නමුත් ඕතොමෝ ඕහට භාය්ය්හර්‍ාවක් නො වන්නීය. ඔහුගේ අකුසල් නමැති වධකයා ඕහට වධ පිණිස මවාලු අන්දුපන්ධනයක් වැන්නීය. උරචක්රමමාලාවක් වැන්නිය, ඕහට හැම වේලෙහි ම අමෝරා ගෙන සිටිනා වධකා යුධයක් වැනක්නී ය. කෙහෙලොමින් බැඳ සිරෝමුදුන් කළා වු කඩු මුවහතක් වැන්නිය, මේ ආදි කාරණයෙන් ඕතෝමෝ වධක භාර්යාවෝ නම් වන්නි ය යි දතයුතුඅ . එයින් වදාළහ:-


පදුට්චිත්තා අභිතානුකම්පිනි

අඤ්ඤෙසු රත්තා අතිමඤ්ඤතෙ පතිං

ධනෙන කිතස්ස වධාය උස්සුකා

යා එවරුපා පුරිසස්ස භරියා

වධකා ච හරියා ති ච සා පවුච්චති-යි.

තවද: වෞර භාර්යා නම්...සංස්කරණය

තවද: වෞර භාර්යා නම් කවර යත්? යම් ස්ත්රි යක් තොමෝ තමා සිත් සේ වසන්නි සවාමිහු ඇසිල්ලකුත් ගෙයි රඳාගත නො දී කෘෂි වණින් ආදි නො එක් කමාන්තයෙහි යොදා ඒ ඒ තන්හි යවන්නි ද, නො එක් පාපක්රි යාවෙහි යොදන්නි ද, ඔහු ගෙන ගෙන සැපත් සඟවන්නි ද, ඒ ඕහට නොපානි ද. පරපුරුෂයන්ට දක්වන් නි ද. ඔහු කි රහස් තමා හා විශවාසයන්ට කියා ඇවිදිනි ද, තමාට දිලු සැපතෙහි සරු නො කරන්නිද, නුදුන් සැපතක් එලවන්නි ද, සවාමිහුගේ විශවාසයන් - බන්ධුන්, ආශ්රි්තයන්ට සංග්ර හ නො කරන්නිද, තමාගේ බන්ධුන් - විශවසයන්ට ම දෙන්නි ද සත්පුරුෂ සංග්රයහයෙහි ආදර තැන්ති ද, අසත්පුරුස සංග්ර්භයෙහි උත්සාහ ඇත්තිද එසේ වු ස්ත්රිද තොමෝ ඒ පුරුෂයාට භාය්ය් ර්‍ා නම් නො වන්නි ය. ඔහුගේ ඇඟ නැගි ගඬක් වැන්නි ය, පොළක් වැන්නි ය. අසා‍ධ්යගවු ව්යාඅධියක් වැන්නි ය. ඔහුගේ අකුසග් නමැති යමදුතයා . ඔහුගේ සම්පත් නමැති වනයට පැමිණි ළැවුගිනි කඳක් වැන්නිය, කුසල් නමැති රුකට කෙටේරියක් වැන්නිය, මේ ආදි කාරණයෙන් ඕතොමෝ චෞර භාර්යා නම් වෙයි දතයුතු. එයින් වදාළහ:-


යා ඉච්ජති වින්දති සමිකො ධනං

ඛිප්ලං වණිජ්ජංච කසි’ අධිට්ඨහං

අප්පම්පි තස්මා අපහාතුමිච්ජාති

චොරි ච භරියාති ච සා පවුච්චති-යි


තවද: සවාමි භාර්යාවෝ නම් කවර යත්? යම් ස්ත්රිහයක් පුරුෂයා හට අනර්තයක් කැමති වන්නිද, අටියක් නො කැමති වන්නිද, හැම වේලෙහි ම ගෙන හැර ඒ ඒ තන්හි ඇවිදිමෙන් - ගෙයිදොර සිත් නැති විමෙන් - පරපුරුෂ සේවනාදියෙස් -අලස ව පවතිනද, බොහෝ කොට අනුභව කරන්නි ද. තමා උපන් ජාතියට නො තරම් වු සම්පත් ප්‍ාන ටිනා කරන්නා ද. තමා උලන් ජාතියට නො තරම් වු සම්පත් ප්රානථනා කරන්නි ද. සවාමිහට අනාරර කොට සවාමිදුවක මෙන් පවත්ති ද සවාමිහට අතිචණ්ඩවු අතිළාමකවු දරුත්ත වචනයන් කියන්නි ද. ඔයි දු ඕහට භාය්ය් ර්‍ාවක් නො වන්නී ය. යමදුත්යක වැන්නි ය. සවාමිදුවක වැන්නීය, මේ ආදි කාරණයෙන් ඕතොමෝ සවාමි භාර්යා නම් වෙයි දතයුතු.එයින් වදාළහ.


අනත්ථකාමා අලසා මහග්ඝසා

යා එවඑූපා චණ්ඩදුරුත්තවාදිනි.

උපට්ඨකානං අභිභුය්යදවත්තති

අයිරා ච භරියාති ච සා‍ පවුච්චති-යි


මේ වධක භාර්යාවෝ ය. වෞර භාර්යාවෝය යි දික්වු පාප ස්ත්රි‍ තුන් දෙන දුශ්ශිල ව වාක්පරුෂයෙන් යෙදි පුරුෂයන්ට අනාදර කළාවු මිත්රුද්රෝහ සංඛ්යාප වු අකුසල් බෙලෙමින් මිය නරකයෙහි ඉපැද බොහෝ කලක් දුක් ගන්නාහ, එසේ හෙයින් සත්පුරුෂ වු ස්ත්රි න් විසින් එබඳු වු පාපගුණයන් අහසට පොළොව සේ දුරින් දුරුකොට පුරුෂයන් කෙරෙහි පක්ෂපාත ව විසිය යුත්‍ු. එයින් වදාළහ. බුදුහු:-


යා සා ච භරියා වධකාති පවුච්චති

වො රි ව අයිරාති චයා පවුච්චති,

දුස්සිලරුපා එරුසා අනාදරා

කායස්ස භෙදා නිරයං වජන්ති තා-යි.


තවද : මෙහි මාතෘ භාර්යාවෝ නම් කවර යත්? යම් ස්ත්රිා කෙනෙක් රක්ෂාකළ සවාමිහු කෙරෙහි හැම වේලෙහි ම මවක බඳුවු අනුකම්පා ඇතියාහු ද, දායාද සම්පත් රක්ෂා කරන මවුන් සේ සවාමිහු රැස්කළ ධනය රක්ෂා කෙරෙද්ද, වේලා නො වරදවා පුරුෂයන් කවන්නාහු ද, පොවන්නාහුද, උලන්නාහුද. නාවන්නාහුද, හැම වේලෙහි ම පුරුෂයන්ගේ සුවදුක්හි ,විවාදයක් කරන වේලෙහි . එඑ සොරකම් - වී සොරකම් - ගෙවද්නා සොරකම් - ආදිවු නොකට යුත්තකට නික්මුණු වේලෙහි “මේසේ මෙසේ වු වරද කරා නම් තොප කෙරෙහි නො වසම්හ, අපි අපගේ කුලගෙට යම්හ” යි යනාදින් තදින් - මොලොකින් නො එක් තෙපුල්කිමෙන් ඒ පාපයෙන් නවතද්ද “කෘෂි වණික් ආදි වු නිරවද්ය කමාන්ත කරව. රජුන්ට පක්ෂපාත වව, පෙහෙ වව, බණ අසව. කුසල් කරව” යන‍ාදින් පුරුෂයන්ගේ කුශල් නමැති දෙවියන් ඔවුන්ට අරක්ගෙන සිටුවාලු මවුන් වැනියහ. ශ්රීන කාන්තාවන් වැනියහ, දෙවන දුන් වැනියහ, ඔවුන්ට ශ්රීක ගෙන දෙන දිව්යය මන්ත්ර‍යක් වැනියහ, ඔවුන්ගේ අකුසල් නමැති ව්යා ධින් සංහිඳුවා දෙන දිව්යෞුෂධයක් වැනියහ, ඔවුන්ට සැපත් ගෙන දෙන කල්ප ලතාවක් වැනියහ, මේ ආදි කාරණයෙන් ඒ ස්ත්රිැ මාතෘභාර්යාහයි දතයුතු එයින් වදාළහ:-

යා සබ්බ දා හොති හිතානුකම්පිනි

මාතා’ වපුත්තං අනුරක්ඛතෙ පති

තතො ධනං සම්භ තමස්ස රක්ඛති

මාතා ච භරියාති ච සා පවුච්චති-යි


තවද: මෙහි භගනි භාර්යාවෝ නම් කවරයත් ? යම් ස්ත්රි කෙනෙක් තමන් රක්ෂා කළ පුරුෂයන් කෙරෙහි මලුන් -බැයන් කොට සිතා නගුන් - බුදුනුන් සේ මහත්වු භයලජ්ජාවෙන් හැකිළ හැකිළ උදාර වු ආදරයෙන් පවත්නාහු ද, “සියලු පුරුෂයන්ගේ සථානාන්තර හා ඓශවය්යන හා සම්පත් තමන් පුරුෂයන්ට ම වේ ව” යි සිතන්නාහු ද. සදවපුරුෂයන් කෙරෙහි ම ඇලුම් ඇත්තාහු ද, එසේ වු ස්ත්රිද නම් ඒ පුරුෂයන්ගේම පිනින් දෙවියන් ඔවුන් කරා එවාල නඟන්- බුදුනුන් වැනියහ.මේ ආදි කාරණයෙන් ඔහු භගිනි භාර්යා නම් වහන්නායි දතයුතු එයින් වදාළහ:

යථා’පි ජෙට්ඨා භගිනි කනිට්ඨා

සගාරවා හොති සකම්හි සාමිකෙ,

හිරිමතා භත්තු වසානුවත්තිනි

භගිනි වභරියාතිච සා පවුච්චති-යි


තවද: මෙහි සඛී භාර්යා..සංස්කරණය

තවද: මෙහි සඛී භාර්යා නම් කවර යත්? යම් කල්යා ණ වු ස්ත්රි කෙනෙක් තමන් රක්ෂා කළ පුරුෂයන් බැහැර ගිය කල්හිදු එක්වන් සිහි කොට කොට හිඳනාහුද, ඔවුන් එන මඟ එක්වන් බලන්නාහු ද, හැම වේලෙහි ම ඔවුන්ට මමා යනය කරන්නාහු ද, තදන් පුරුෂයන්ගේ සරුපයක් ඇසුකල් හි හිරිරස්දුටු පියුමක්සේ අති සන්තොෂ වන්නාහු ද, තමන් පුරුෂයන්ගේ සතුරන් මිතුරු කොට නො වසන්නාහු ද, මිතුරන් සතුරු කොට නො වසන්නාහද සතුරන් සතුරු කොට ම- මිතුරන් මිතුරු කොට ම වසන්නාහු ද. තමන් පුරුෂයන්ගේ නුගුණයක් ඇසු කල නුගුණ සඟවා ගුණයෙහි ම පිහිටුවන්නාහු ද, පුරුෂයන්ට ආක්රොුශ කරන්නවුන් නවතන්නාහු ද,ගුණ කියන්නවුන්ට ප්ර ශංසා කරන්නාහු ද, තමන් පුරුෂයන්ගේ ගුණ හා බල වික්ර ම අනුන්ට හඟවන්නාහුද, තමන් ඇසු රහස් තමන් පුරුෂයන්ට නො‍ සඟවා කියන්නාහුද. පුරුෂයන් කි රහස් ධන සේ රක්ෂා කරන්නාහු ද, අභවයෙහි ශොක කරන්නාහු ද. විහවයෙහි සන්තෝෂ වන්නාහු ද,උතුම් වු භොජන පුරුෂයන් සිහිකොට කොට අනුභව කරන්නාහු ද, ඔවුන්ටත් මේ ලැබේව යි සිතන්නාහු ද, එසේ වු ස්ත්රිට නම් පුරුෂයන්ගේ කුසල් නමැති දෙවියන් පාවාදුන් යෙහෙළියන් වැනියහ, මේ ආදි කාරණයෙන් ඔහු සඛී භාර්යා නම් වන්නාහ යි දතයුතු . එයින් වදාළහ:

යා’ චීධ දිසවාන පතිං පමොදිතා

සඛී සඛාරං ව විරස්සමාගතං ,

කොලිනි යා සිලවති* පතිබ්බතා

සඛී ච භරියාති ච සා පවුච්චති- යි


දාසී භාර්යා නමු දු කවර යත්? යම් ස්ත්රි කෙනෙක් තමන් තමන්ගේ වල්ලභයන් කො සා නිග්රයහයක් කළත් . වධ දණ්ඩනාදි පීඩා කරතන් පුරුෂයන් කෙරෙහි ද්වේෂ නො කරන්නාහුද ක්රොකධයෙන් නො බලන්නාහු ද, නො කිපි ම බලන්නාහු ද, සියලු කමාන්තයෙහි නො කුසී ව අප්රමමාද වන්නාහු ද. අතිචරාදි පාපයෙන් දුරු ව වසන්නාහු ද. ඔහු පළමුව කවා පොවා ආශ්රී්ත ජනයනු දු සන්හිඳුවා , තුමු පසුව අනුභව කිරිමෙන් සවාමිහු පළමු කොට සතපා සියලු සංවිධාන කොට , තුමු පසුව සැතපිමෙන්.සවාමිහට පළමු කොට හොත් පොළින් පැනනැගිටමන් පුරුෂයන්ට වඤ්වා නො කිරිමෙන් . කිවියදමක් ම කිරිමෙන් ශුවි පවිත්රන වු කමාන්ත කිරිමෙන් , සවාමිහු ගුණ පරජනයන්ට ප්රුකාශ කිරිමෙන් නානා විධ වු නිහතමාන ගුනයෙන් යුක්තයාහු ද, එසේ වු ස්ත්රිු නම් පුරුෂයන්ගේ පින්බලයෙන් ම පහළ වන හෙයින් කුසල් නමැති දෙවියන් පාවා දුන් දාසින් ම වැනියහ.අකුසල් නමැති ශරනිවාණයට ඕහට ඵලකා යුධයක් වැනියහ. මේ ආදි කාරණයෙන් ඔහු දාසී භාර්යා හයි දත යුතු එයින් වදාළහ:

අක්කුට්ඨයන්තා වධ දණ්ඩජ්ජිතා

අදුට්ඨවිත්තා පතිනො තිතික්ඛති,

අක්කොධ නා භත්තු වසානුවත්තිනි

දාසි ච භරියාති ච සා පවුච්චති-යි.

 කොනීධසා සිලවති - ඇතැම්


මෙ කි මාතෘ භාර්යාවෝය. භගිනි භාර්යාවෝ ය, සඛි භාර්යාවෝ ය, දාසි භාර්යාවෝ යයි කල්ය ණ වු ස්ත්රිාහු සතරදෙන අසාධාරණවු ආචාරශිලයෙන් හා පතිපුජාවෙන් යෙදුනා වු ගුණබලයෙන් මේ ජාකියෙන් මිය අපාය ඇසින් නො දක්නාහ, දෙවුලොවමඋපදනාහ. රුපයෙන්- යශයෙන්- යශසෙන් අග්රාව දිව්යදරාජයන්ට ම අගමෙහෙසින් ව ශ්රිෙසම්පත් විඳිනාහ යි දැන කල්යා ණ වු ස්ත්රිරලොක සම්පත් හස්තල්රානප්ත කොට කෙළවර නිවන් සම්පත් සාක්ෂාත් කම යුතු. එයින් බුදුහු:

යා චී’ධමාතා භගිනී සඛීච

දාසි ච භරියාති ච යා පවුච්චති.

සීලෙ ධිතත්තා චීරරත්තසංවුතා

කායස්ස භෙදා සුගතිංවජන්ති තා-යි


පින්වත්වු ස්ත්රි පුරුෂයෙනි! දිව්ය්-දිව්යාංෙගනාවෙනි! මම වනාහි මේ සංසාරයෙහි ඇවිදිනා කල මාගේ මේ ගෞතම නම් බුදුරජාණන්ට කලෙකත් වධක භාර්යා නො විමි. වෞර භාර්යා නො විමි, සවාමි භාර්යා නො වීමි , කෝටිගණන් ජාතියෙහි මාතෘ භාර්යාවඋපන්මි, භගිනි භාර්යාව උපන්මි, සඛී භාර්යාව උපන්මි. දාසි භාර්යා ව උපන්මි. ඔබගේ පාරමිතා ලියය දලු ලවා දින්මි; ඒ පිනින් මම ද ඔබ සේ ම තේරස අභව්යත සථානාදි අකුශලභුමියෙකනුපන්මි දිව්යනලොක - මනුෂ්යාලොකයෙහි මබොහෝ කලක් සුව විඳ ඇවිද්දෙමි, මෙ දැතුරෙහි අනික් සවාමියකු ප්රාලටනාත් නො කෙළෙමි. සවාමිදරුවෝ ද මා විනා අන්යර ස්ත්රිායක වල්ලභ නො කළ සේක. ඔබ හා සමග ම මද්රින නම් අගබිසෝ ව පාරමිතා සාගරයෙන් නැඟි ගොස් තුසිපුරෙහි ඉපැද, එයින් ඔබ හා සමග ම අවුත් මිනිස්ලොව ඉපැද මහත් වු ශ්රිම සම්පත් විඳ , ඔබ කෙරේ ම මහණ ව අමාමහ නිවන් දිටිමි; සත්ත්වයෙනි! ආකශෙයෙහි හ්ඳ බ්රමහ්මරුපයෙන් මේ ධම්දෙශනා කළාවු මම දෙවි - බඹකෙනෙක් නො වෙමි. ඔබ ගම වසන කල අගමෙහෙසිනි වු බිම්බා දේවි නමුදු මම් මය.යශොධරා දේවි නමු දු මම් මය, රාහුලමාතාවෝ නමු දු මමු මයය හඬගා කියා , බුදුකෙනකුන් සේ ආකාශයෙහි ම වැඩහිද බණ වදාරා තමන් වහන්සේගේ දෙශනා මහිම හා චිත්ර කටි වු වාක් ලිලා දක්වා මුළුලොව විස්මය පත් කළදැය.


එවේලෙහි සියලු දිවය මනුෂ්ය..සංස්කරණය

එවේලෙහි සියලු දිවය මනුෂ්යආයන්ට බුද්ධලිලායෙන් ඔබ කළ දෙශනා හා සියවලු සතුන්ට උපන් සන්තෝෂ හා තුඩ තුඩ දුන් සාධුකාර හා සියලු ස්ත්රි් පුරුෂ ලොකයා‍ෙග් මුඛ නමැති පද්මයන් ප්ර බොධ ව, ශ්ර ඩා නමැති පවතින් සාධුනාද නමැති මුව රද පෙළ පෙළ දිදී ,තුන්ලොව පුරාගත් ලෙස් මා සිතට වැටහෙන්නා සේ, අහම් ඇදින් මට විශෙෂයෙන් පෙනෙන්නා සේ සියලු සත්ත්වයන්ට ම දැන දු විශේෂයෙන් පෙන ගියේ ව නම්, සත ගියේ වී නම් , ඒ පිනින් අපායෙහි නම් දන්නෝ කවුරු ද, දෙවුලොවට නො නැ‍ඟෙන්නෝ කවුරු ද. සංසාර සාගරයෙන් නො ගැළවෙන්නෝ කවුරුද.

දැන් අනාය්යී ඥනයෙන් මාගේ බුදුන්ගේ ගුණ විෂයයන් මට පෙනෙන්නාසේ ම, නොඑක් ජාතිකෝටියෙහි සිලු සතුන්ට ද කුශලා ධම්යන් විශෙෂයෙන් දක්වා තරම් ලොකාටිචය්යාශයෙහි යෙදෙමිවයි ඒ කපදික ගාථාවක් අසා සියලු ධම්යන් දන්නා තරමි බුද්ධිචය්යාකයෙහි මුදුන් පැමිණෙමිවයි මට මේ සා වැජක් කළා වු මවුන් - පියන් - ගුරුන් - වතුන් ආදි වු සියලු සතුනුදු සංසාරසාගරයෙන් ගොඩනඟා ඥත්යයටිචය්යාගව සාක්ෂාත් කොට ලොවුතුරා බුදුව ධම්සක්දෙසන දවස් දක්වා මේ තුනුරුවන් ප්රීොතිය මා සිතින් නො මිදේ වයි. මා සිතිනු දු ‍නො එක් කලෙකත් තොර නො වේව යි බුදුබව ම සාක්ෂාත් වේව යි එයින් කිහඅපදානයෙහි;


සුත්වා තං මුනිනො වාචං -භක්ඛුනී සා යසොධරා

වන්දිත්වා මුනිරාජංතං - ඉදං වචන බ්රැසවි.


යසොධරා අහං විර - අගාරෙ තෙ පජාපති

සාකියම්හි කුලෙ ජාතා - ඉත්ටියංගෙ පතිට්ධිතා.


ඉත්ටිනං සතසහස්සානං- නවුතිනං චජත්තරිං,

අගාරෙ තෙ අහං වීර - පාමොක්ඛා සබ්බ ඉස්සරා


රූපාචාරගුණුපෙතා - යොබ්බනට්ඨා පියං වදා.

සබ්බා මං අපවායන්ති- දෙවතා විය මානුසා


කඤ්ඤචාරගුණුපෙතා -යොබ්බනට්ඨා පියං වදා

සමානසුඛදුඛා තා- දෙවතා විය නන්දනෙ


කාමධාකුමතික්කන්තා -සණ්ඩ් තා රුපධාතුයා.

රුපෙන සදිසො නත්ටි- ඨපෙත්වා ලොකනායකං


එවමාදිනි වත්වාන- උප්පතිත්වාන අම්බර,

ඉඬි අනෙකා දස්සෙසී- බුද්ධානුඤ්ඤ යසොධරා.


චක්කවාළ සමං කායං- සිසං උත්තරතො කුරුං

උභො පක්ඛා දුවෙ දීපා - ජම්බුදිපං සරිරතො.


දක්ඛිණානං සරං පිඤ්ජං-නානාසාඛා චුපත්තකා.

චන්දසුරියවීසාලක්ඛී- මෙරුපබිබතතො සිඛං


චක්කවාළ ගිරිගුණ්ඩා-ජම්බුරුක්ඛං සමුලකං

වීජමානා උපාගම්ම- වන්දන්ති ලොකනායකං


හත්ටිචණණං තථෙවාස්සං - පබ්බතං ජලජං තථා,

චන්දසුරිය මහාමෙරු - සක්කවණ්ණං වදස්සයි.


යසොධරා අහං වීර - පාදෙ වන්දාමි චක්ඛුම.

සහස්සලොකධාතුනං - ථුල්ලපාදෙන ජාදයි.


බ්ර්හ්මචණ්ණඤ්ච මාපෙත්වා - ධම්මං දෙසෙසි සඤ්ඤතා,

යසොධරා අමග වීර- පාදෙ වන්දා‍මි චක්ඛුමා - යි


ඉක්බිතිතෙන් ඒ යශොධරා මහාසථවිරින් වහන්සේආකාශයට පැනනැගි දක්ෂ වු සවණිකාරයකු එක කසුන්පිඩක් ගෙන නානා ජාතියෙහි ආභරණ විශේෂයන් දක්වන්නා සේ, තුම්භකාරයකු එක මත්තිකා පිණ්ඩයෙන් නානා ජාතියෙහි භාජන විශෙෂයන් දක්වන්නා සේ බුදුමුඛයෙකින් මුතු කියා නිමවාගත නෙ‍ා හැකි යට කී සේ , නො එක් පෙළහර දක්වා බුද්ධලීලායෙන් බනවදාරා තමන් වහන්සේ වු පයවත් මුළුලොවට අස්වා බුදුන්ට නො එක් ස්තුති පුජා කරවා . සක්විති රජකු ආකාශයෙන් බස්නා සක් රුවනක් සේ, අස්තලිරියට බස්නා පුන් සඳක් සේ, මහපොළොවට බස්නා නකත් තරුවවක් සේ, දිවය විමානයක් සේ. අසමාන වු පෙළහරින් ආකාශයෙන් බුදුන් හා මහපිරිස් මැදට බැද බුදුන්ට අවනත ව දොහොත් මුදුන් දී සිට “තුන් ලෝ වාසින් ගේ පෙ ම්බර පියාණෙනි! මේ සා පෙළහරක් දැක්වු මම අනික් දෙවිබඹ කෙනකුන්ගේ උපදෙසකින් නො කෙළෙමි, නුඹ වහන්සේ ගේ උපදෙස්වු පරිද්දෙන් ම කෙළෙමි . යමකපාතිහාය්යීහ ඥනයෙන්ි යුක්ත වු ලොවුතුරු බුදුකෙනෙකුන් සිත් ගෙන පෙළහර කිරිම නම් ඉතා උගහට දෙයෙක. මා පැවා වු පෙළහරෙහි. කිවා වු බණෙහි කිසියම් වරදක් වී නමුත් ඒ වරද ක්ෂමා කොට වදාළ මැනැව. සවාමිදරුවන්ට සංසාරයෙහි පක්ෂපාත ව ම අවුත් මේ මාගේ අතින් ම වු දර්ශනය ය මේ ලෝකයෙහි මා බඳු වු පින්වත් ස්ත්රි කෙනෙක් නැත්තාහ. නුඹ වැනි බුදුකෙනකුන්ට සංසාරයෙහි මා කළ පක්ෂපාත කම් පාරමිතාවන් සාධා දුන් ලෙස් මා වැනියන්ගේ දිවසට පවා දන් විශෙෂයෙන් පෙනෙන කල සවාමිදරුවන්ගේ බුද්ධ ඥනයට සකසා පෙනේ මය. එහි විශෙෂ මට පෙනෙන හෙයින් . සවාමිදරුවන්ට ද පෙනෙන හෙයින්, සවාමිදරුවන්ද, මා ද, කෙලෙස් මුහුදු පිනා සසරින් ගොඩනැඟි සිටි හෙයින් මේ තැන්හි කීමෙහි ඵල නැත. එසේ ද වුවත් මේ තැන්හි රැස්වු සරාග වු. පෂිදෙහි සැක හරනා නිසාත්,බොහෝ ස්ත්රි ලොකයාට අවවාද නිසාත්,බුද්ධපතිව්රසතාවන්ගේ ගුණමහිම දක්වානු නිසාත් මා කෙළෙන් කිසියම් පක්ෂපාත කමක් දක්වමි.


දැන් මෙ තැන්හි සිට ම සංසාරය බලන්නා වු මම..සංස්කරණය

දැන් මෙ තැන්හි සිට ම සංසාරය බලන්නා වු මම සසර නොඑක් ජාතියෙහි මාගේජිවිතය පුදා සවාමිදරුවන්ගේ ජිවිතය රක්ෂා කොට දීලු තැන් ම අසංඛ්යු ගණන් ජාති දක්මි. සසර නුඹවහන්සේ රජකල මා අගබිසෝ කල ම මහා වෙස්සන්තර ජාතියෙහි සෙයින් ම. යාචකයන් අවුත් මා ම දන් ඉල්ලු කල නුඔවහන්සේ මා මුහුණ බැලි කල්හි කිසි දෙමිනසක් නැතිව:


කොමාරිකස්සාහං හරියා- සාමිකො මම ඉස්සරො,

යස්සිච්ජෙ තස්ස මං සජ්ජා - වික්කිණාතු හනාතු වා- යි


යන මේ ගාථාවෙන් මා සිංහනාද කොට “සවාමිනි! කැමැත්තක්හට මා දන් දී වදාළ මැනවැ “ යි කි කල්, එ කෙණෙහි මා අත අල්වා ගෙන මිහිකත හඩව හඩවා යාචකයන්ට දන් දුන්කල් භාය්‍යා පරිත්‍යාගයෙහි මුහුන් පැමිණි කල් දාන පාරමිතා කුළු ගත් කල් අසංඛ්‍ය ගණන් ජතෙි දක්මි .තවස; නො එක් ජාතිායහි යක්ෂ රාක්ෂාසාදින් වෙස් වළා අවුත් මා ම දන් ඉල්ලු කල එවුන්ට මා දන් දුන් කල් ඔවුන් මා සල්වා කැකල් එකල්හි දුමා කිසිදෙම්සසක් නො වු කල් නො එක් සතුන්ට ගොදුර් නිසා මා ම දුන් කල් එබඳු තන්හි ද දන්ලියය මා ම මල් ගන්වා දිලු කල් අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තවද. නො එක් ජාතියෙහි නුඔවහන්සේ ජිවිත වෘත්තිය නිසා මා විකොට කැ කල් මා අනුන්ට දරම්ටි පැන්කළ ඇදි කල් මිඩිමෙහෙකම් කළ කල් දොම්වහන්සේ නො එක් දණ්ඩනාදයෙහි හසුව මා ම උකස් කොට පාවාදී ගැළවී ගිය කල් අසංඛ්යම ගණන් ජාති දක්මි තවද: සසර නුඹවහන්සේ උදාර වු අදහස් ඇති බැවින් ත්යාෙග සඳහා උපකාර සදහා මා ම පාවා දුන් කල් අසංඛ්ය් ගණන් ජාති දක්මි තවද ; සසර නො එක් ජාති ජාතියෙහි නුඹවහන්සේ හා මා හා එක මග යන කල්හි සිංහයන්- ව්යාහඝ්රායන් - දිවියන් - වලස්න් - කිඹුලන් - යක්ෂයන් - රාක්ෂයන්ගුගුර ගුගුරා නුඹවහන්සේ කරා දිවු කල්හි දිව ගොස් නුඹවහන්සේ පසු කොට ඔවුන් මුඛයට පැන මා ඔවුන්ට බත් වු කල් . නුඔවහන්සේ ගේ දිවි රැක දුන් කල් ,මාගේ ජිවිතයට නො සිතා නුඔවහන්සේ ගේ ජිවිතයට ම ස්තු කල් අසංඛ්යේ ගණන් ජාති දක්මි.

එකල “ස්ත්රිියකගේ ජිවිතය දිලා මා වැනියෝත් දිවි රකිද්දැ” යි නුඔවහන්සේ ද මා ම නිසා දිවි දුන් කල් අසංඛ්යි ගණන් ජාති දක්වමින් . තවද සංසාරයෙහි යක්ෂ- රාක්ෂසාදින් නුඹවහන්සේ අල්වා ගෙන නො එක් පීඩා කරන කල්හි මාගේ ජිවිතය ඔවුන්ට බිලියම් කොට දි නුඔවහන්සේ ගේ ජිවිතය රක්ෂා කළ කල් නොඑක් ආබාධයෙන් මිදු කල් අසංඛ්යත ගණන් ජාති දක්මි. තවද; බුදුරජාණෙනි! නුඹවහන්සේ සංසාර දෙෂයෙන් ඒ ඒ අන්දු බන්ධනාදියට පැමිණි කල්හි එහි මා උකස් ව උන් කල් ඒ ඒ දුකින් නුඹවහන්සේ ගැලවු කල් මාම ඒ දුක්කවුත් කල් අසංඛ්යන ගණන් ජාති දක්මි. තවද; සසර නුඔවහන්සේ නොඑක් වධයට පැමිණි කල්හි ඒ වධ මට පමුණුවා ගත් කල් නුඔවහන්සේ ගොඩනැගු කල් එම පක්ෂබාතකමෙහි ප්රසසන්නවු අප වධකයන්ලවා මා ද ගලවාගත්කල් . මාගේ ගුණ බෙලෙන්ම අප දෙදෙනා සුවපත් වු කල් ,අසංඛ්යඔ ගණන් ජාති දක්මි.

තවද; සසර නුඹවහන්සේ මා හැර ගොස් පරස්ත්රිරන් කෙරෙහි හසුව නොඑක් වධයට පැමිණි කල්හි එබවු අසා කාමක්රො ධයක් නැතිව පුතුයක්හුගේ ආපදායෙක්හි කම්පිත වන මව ක සේ , මහ හඩින් හඩා හඩා එ තෙනට ගොස් මා පලන් වස්ත්රා භරණ ඔවුන්ට අත්ලස් කොට දි නුඹවන්සේ ගලවා ගත් කල් ,මාතා භාය්යාටවු කල් අසංඛ්යන ගණන් ජාති දක්මි. තවද: මාතා නිදහස් කඝ කග් අසංඛ්යඅ ගණන් ජාති දක්මි. තවද: සසර නුඹවහන්සේ මාරුයෙහි මා විකුණුම් කා දැස් වු කල් නුඔවහන්සේ නිදහස් කල කල් අසංඛ්යව ගණන් ජාති දක්මි. තවද: සසර නුඔවහන්සේ ම නිසා , නුඹවහන්සේ ම පතා හත් පලන් වසත්රා්භරණ දක්වා පරිත්යානග කළ කල් අසංඛ්යස ගණන් ජාති දක්මි. තවස: සසර කෝටිගණන් සම්පත් හැර කුලනැයන්ට සොර එකලාව ම නුඔ වහන්සේ පසු පස්සේහි පලාගිය කල් සිය අතින් මෙහෙ කොට කැ කල් , බැල මෙහෙ කොට නුඹවහන්සේට ගෙනාකල් නුඹවහන්සේ ද බැල මෙහෙ කොට මා රක්ෂා කළකල් අසංඛ්යඹ ගණන් ජාති දක්මි. තවද; සසර නුඹවහන්සේ දන් පැරුම් පුරන කල ගේ පිරුණු සම්පත් අසංඛ්ය ගණන් ජාතියෙහි දින්මි. ගම් පිරුනු පිරිවර හා ගව මහිෂාදනි අසංඛ්යා ගණන පාතයෙහි දින්මි වි පිරුණු බඩසල් දින්මි හස්ති - අශව -රථ -වාහන අසංඛ ගණන් ජාතියෙහි දින්මි,

තවද: සසර මා ම කුසින් වැදු දරුවන් නුඹවහන්සේ යාචකන්ට බැඳ පාවාදුන් කල් , අසංඛ්යු ගණන් ජාති දක්මි එ දරුවන් දන් දෙන කල ඒ ඒ දිග්හි දිව පියන් අතට හසුනොවන කල්හි කිරි පොවන නළවන පසාරයෙන් දරුවන් අල්වාගෙන නුඔවහන්සේට දරුවන් පාවා දීලු කල් . එ දරුවන්ට මා දැඩිකම් කළ කල්,නුඹවහන්සේ ට මා කිකරු වු කල් , අසංඛ්යක ගණන් ජාති දක්මි. එ දරුවන් දන් දුන් කල නැවත නැවත දරුවන් වදා දුන් කල් ,නුඹවහන්සේ දන්සොඩව එ දරුවනු දු නැවත නැවත යාචකයන්ට දෙන කල මා කිසි දොම්නසක් නොවු කල් , අසංඛ්ය් ගණන් ජාති දක්මි. තවද: සසර නුඹවහන්සේ සියලු සැපත් යාචකයන්ට දෙන කල මා කිසි දොම්නසක් නොවු කල්, අසංඛ්ය ගණන් ජාති දක්මි. තවද: සසර නුඹවහන්සේ සියලු සැපත් යාචකයන්ට දන් දී තව ද: දන්සොඩ ව මා පලන් පලඳනා පවා ගලවා දෙන කල මා දොමිනසක් නොවු කල් , සෙිම්නසින් ම පින ලිනා සිටි කල්, අසංඛ්ය් ගණන් ජාති දක්මි. තවද:සසර සක්විති රාජ්යටය හැර තපසට වල යන කල්හි මා ද හක්ව ම ගොස් තපස් කළ කල් නුඔවහන්සේ පන්සලින් බැහැරට යා නෙ‍ාදි වන මුල් වන ඵල පැස් පුරා මා හිසින් ම ඇදිකල්, සිල පාරමිතාව මා ම කළු ගන්වා දෙවාල කල් අසංඛ්ය ගණන් ජාති දක්මි.

මේ ආදි කාරණයෙන් සසර මා කළා වු පක්ෂපාතකම් හා ගත් දුක් හා පාරමිතාවන් සාධා දුන් ලෙස් මා වැනියන්ගේ දිවසට පවා පෙනෙන කල සවාමිදරුවන්ගේ බුද්ධඥනයට විශෙෂයෙන් පෙනේ මය: බුදු ඇසිනු දු බලා වදාළ මැනැවැ යි යනාදින් සසර තමන්වහන්සේ පුරුදුකමු දක්වා , නොඑක් ජාති දක්තා සිංහ ධෙනුවක සේ බුදුන් පෙරටව වැඩසිට අහිත සිංහනාද කළසේක. එයින් කිහ අපදානයෙහි:


යංමය්හං පුරිමං කම්මං - කුසල’ සරසෙ මුනෙ,

තුයහත්ථාය මහාවිර - පුඤ්ඤං උපචිතං මයා


අහබ්බට්ඨානෙ වජ්ජිත්වා - පාචයන්තං අනාවරං

තුය්හත්ථාය මහාවිර - සඤ්චත්තං ජිවිතං ජිවිතං මයං


නෙකකොමි සහස්සානි - භරියත්ථාය ‘දාසි මං

න තත්ථ විමනා හොමි - තුය්හත්ථාය මහාමුනෙජ


නෙකකොමි සහස්සානි - භෙජනත්ථාය’ දාසි මං

න තත්ථ විමනා හෙමි - තුය්හත්ථාය මහාමුනෙ.


නෙක කොටි සහස්සා - උපකකාරාය’ දාසි මං

න තත්ථ විමනා හොමි - තුය්හත්ථාය මහාමුනෙ


නෙක කොමි සහස්සානි - ජිවිතානි පරිච්චජිං

භයමොක්ඛං කරිස්සන්ති- චජාමි මම ජිවිතං


අඩ්ගගුත්තෙ අලංකාරෙ - වත්ථෙ නානාවිධෙ බහු,

ඉත්ටීභණඩෙ න ගුය්හාමි - ගුය්හත්ථාය මහාමුනෙ.


ධනධඤ්ඤපරිච්චාගං - ගාමානි නිගමානි න,

ඛෙත්තා පුත්තා ච ධීතා තෙ - පරිච්චත්තා මහාමුනෙ,


හත්ටි අස්සා ගවාචාපි - දාසියො පරිචාරිකා,

තුය්හත්ථාය මහාවීර - පරිච්චත්තා අසංඛියා


යං මය්හං පතිමන්තෙසි - දානං දස්සාමි යාචකෙ,

විමනාං මෙ නපස්සාමි - දදතො දානමුත්තමං


නානාවිධං බහුදුක්ඛං - සංසාර ච බහුබ්බිධෙ.

තුයහත්ථාය මහාවීර - අනුභුත්තං අසංඛියං.


සුඛප්පත්තා න මොදාමි - න ච දුක්ඛෙ ච *දුම්මනා

සබ්බත්ථ තුලිතා හොමි - තුය්හත්ථා මහාමුනෙ - යි,


මෙසේ උන්වහන්සේ තමන්වහන්සේ ගේ සසර පක්ෂපාතකම්..සංස්කරණය

මෙසේ උන්වහන්සේ තමන්වහන්සේ ගේ සසර පක්ෂපාතකම් හා පුරුදුකමින් සිංහනාද කළකල්හි , මහපිරිස සාධුකාර දි මහත් වු උත්සව කොට “කිමෙක් දෝ හෝ මුන්වහන්සේ සසර මෙසේ ම උසාර ව ලැබීමට පුවයෙහි කෙසේ වු කුශලයක් කළසේක් දෝ හෝ” යි කාක්ෂා ඉපැදවුහ. ර වේලෙහි සවාම් දරුවෝ මහපිරිස සිතු සිත් දැන “යශොධරා සථවිරිනි! තොප බුදුන්ට පක්ෂපාත . විමට පුව ප්රනණිධිය දක්වා තොපගේ පෂදට උපන් කාංක්ෂාවන් තොප ම දරුකරව” යි වදාළසේක. එ වේලෙහි උන්වහන්සේ “සිවාමිදරුවෝ ම‍ාගේ පුවප්රේනිධිය ද මා ම ලවා කියවන අභිප්රාෝය ඇති සේක. වනැ “ යි සිතා බුදුන් වැඳ සිට මහපිරිස දිසාව බලා “සත්වයෙනි! මා සවල්ප වු පිනක් කළ සුත්රි යක් ය යි නොසිතාව, මා බඳු වු හේතු සමිපත් ඇති ැකැනක් මේ බුද්දොත්පාදයෙහි නැත. කාරණ කිම යත්? අසුමහ සවුවෝ කල්පක්ෂයක් පැරුම් පුරා ආහ , මම වනාහි දුරෙ නිදානයෙහි පටන් මේ සාරසංඛ්යකය කල්පක්ෂය මුළුල්ලේහි සවාමිදරුවන් හා සමග ම පාරමිතා පුරා අයිමි. ඊට පළමු බ්රුහ්මදෙව නම් ගෞතම බුදුන් දැක ඔබ මනොප්රෂණිධි ලබන සමයෙහි දු ඔබ හා එක්ව ම අයිමි.

පසුව ඔබ දිවකුරු නම් බුදුන් දැක සුමෙධ නම් මහ තවුස් ව සුවන් මේ කඳුරෙහි දී අෂ්ටාංග ධම්යෙන් යෙදි පළමු වන වචීප්රවණිධි ලබන සමයෙහි මම වනාහි බමුණු මහසල් කුලයෙහි සුමිත්රා‍ නම් ධනමානවිකා ව ඒ බුදුන් ගිහිගෙයි වසන කල ඔබට-

නසු දුක්ඛෙ ව -ඇතැම්

-අග පදුමා නම් බිසොවුන්ගේ අසුරියන් ගෙන පහන් නො නංවන ශරිරප්රාහා හා එ බුදුන් හා එක්වැනි වු උසභක්ඛන්ධ නම් පුතණුවන් වහන්සේ ගේ වික්ර ම හා නොඑක් පෙළහර දැක මමද එබඳුවු පින් ප්රාගර්ථනා කොට සැපත් හැර වල් ගොස් තවුස් වෙස් ගෙන සුමිත්රා් නම් ලරිබ්රා ජිකාව සිල් රක්ෂා කරනුයෙම් එ දවස් මහනෙල් මල් අටමිටක් ගෙන බුදුන් පෙරමගට ගොස් මුන්වහන්සේට එබුදුන්:

පස්සථ ඉමං තාපසං - ජමිලං උග්ගතාපනං

අපරිමෙයෙ ජතො කප්පෙ - අයං බුද්ධො භවිස්සති,


යනාදීන් විවරණ පතුල් දෙන සමයෙහි මම ද චිරාගත වු විශවාසයෙන් ඔබ කෙරෙහි පෙම් බැඳ , එ මල් අටකලබින් පස්කලබක් මුන්වහන්සේ නමට පුදා තුන් කලබක් මානමට පුදා “මම මේ විරපුෂයාණන්ට සංසාරයෙහි පක්ෂපාතව ම වෙසෙම්ව යි, ඔබ ගේ පාරමිතාවට අනුබල වෙම්වයි , බුදුන් මේ විචාණ කථාවෙහි වදාළ යශොධරා නම් නම මට ම වේව යි ප්රා ර්ථනා කෙළෙමි . ඒ දීපඩ්මකර නම් බුදුහු එ කෙණෙහි ම මට ද විචාරණ දුන්සේක. මමද එතැන්පටන් ඔබහා සමග නිධානයක් රක්ෂා කරන්නියක සේ ඔබගේ පාරමිතා නමැති මහානිධානය රක්ෂා කොට දිනිම් ම ය. මේසේ දුරෙ නිධානයෙහි දි ම මම ද ඔබ ප්රා ර්ථනා කෙළෙම් ම ය.

තවද: ඔබ කොණ්ඩඤ්ඤ නම් බුදුන් දැක විජිතාවි නම් චක්ර වර්ති රජ ව දිව්ය්සමාන වෙහෙරකදී තුන්මසක් අසදෘශ මහ දන් දී දෙවන විචාරණ ලුජ‍ාව ලත් සමයෙහි, මම සුවාසුදහසක් බිසෝවරුන් පිරිවරා ඒ දානය මා සිය දී මම මුන් වහන්සේ ම ප්රාවර්ථනා කෙළෙමි . තවද: මඩ්ගල නම් බුදුන් සමයෙඑි ඒ බුදුන් දැක සුරුචි නම් බ්රාිහ්මණ ව රහත්න්ට සත් දවසක් මුළුල්ලෙහි අසදෘශව චතුමධුර දානයද තුන්වන විචාරණ පුජාවලත් සමයෙහි මමද ඔබට ප්රාජාපති වු බ්රරහ්මණ මහාසාරිකා වමා සිය අතින් ඒ දානය පිය දී මම ද මුන්වහන්සේ ම ප්රාණර්ථනා කෙළෙමි. තවද: සුමන නම් බුදුන් දැක අතුල නම් දිව්යානාග රාජන් ව සඳමඩුලු සා මඩුවෙක දි අසදෘශ වු දිව්ය දාවය සත් දවසක් දි ඔබ බුදුබවවු පැතු සතරවන විවරණ පුජාව ලත් සමයෙහි. මම ද ඔබට ම අගමෙහෙසින් ව කෝටිගණන් නාගාඩ්ගනාවන් පිරිවරා කෙළගණන් කඩුපුල් මල් මිටිපිටින් බුදා ඒ සද්දා මුළුල්ලේහි බුදුන් රහතන්ට දිව්යිනෘත්යා්දියෙන් පුදා මම මුන්වහන්සේ ම ප්රාේර්ථනා කෙළෙමි.

තව ද: රෙව. නම් බුදුන් දැක අතිදෙව බුහ්මණ ව උතුරුසළුයෙන් පුදා දහසක් සොලොවෙන් ඒ බුදුන්ට ස්තුති ගි කියා බුදු වෙම් යි පතා පස්වන විචාරණ පුජාව ලත් දවස් මම ද සවාමිදරුවන්ට ප්රිජාපතිව එ පින්හි දු සමාදන් ව සවාමිදරුවන්ම ප්රාිර්ථනා කෙළෙමි . තව ද සොහිත නම් බුදුන් දැක සුජාත නම් මහ බමුණු ව තුන්මසක් අසදෘශ මහදන් දි සවන විචරණ පුජාව ලත් සමයෙහි මමද ඒ දානය මා සිය අතින් පිය දි මෙම බුදුරජණන් ප්රා ර්ථනා කෙළෙමි . තවද: ඔබ මහෙශඛ්ය් වු යක්ෂ රාජන් ව නො එක් යක්සෙන් පිරිවරා ගොස් අනොමදස්සී නම් බුදුන් දැක සත් දවසක් දිව්යපදානය දි සත්වන විවරණ පුජාව ලත් සමයෙහි මම ද අගමෙහෙසින් ව දිව්යා‍ඩ්ගනාව ඒ දානයෙහි දු සමාදන් ව මෙම සවාමිදර ුවන් ම ප්රා ර්ථනා කෙළෙමි. තවද: දසිංහරාජන් ව ඉපැද වෙනෙහි ඇවිදිනා කල පදුම නම් බුදුරජාණන් දුක සත් දවසක් අනිමිස ලොතන පුජා කොට ඔබ අටවන විචරණ පුජාව ලත් දවස් .මම සිංහ ධෙනු ව ඔබ හා අනුව ම සිට මුන්වහන්සේ ම ප්රා්ර්ථනා කෙළෙමි. තවද: නාරද නම් බුදුන් දැක උග්ර තාපස ව සත්දවසක් සෘඩ් දානය දි මුන්වහන්සේ නවවන විචරණ පුජාව ලත් දවස් ,මමද පරිබ්රා්ජිකාව එ බින්හි දු සමාදන් ව මුන්වහන්සේ ම ප්රාරර්ථනා කෙළෙමි.

තවද: පියුමතුරුා නම් බුදුන් සමයෙහි ජටිල නම්මහ රැටිව මහදන් දි පසුව දා බුදුපාමොක් මහසග පිරිසට සියලු පරිෂ්කාර දානය දි බුදු බවු පතා මුන්වහන්සේ දසවන විවරණ පුජාව ලත් දවස්. මම ද ප්ර්ජාපති ව මුන්වහන්සේ ම ප්රාරර්ථනා කෙළෙමි. තව ද: සුමෙද නම් බුදුන් දැක උත්තර නම් මානවක ව එක දා අසු කෙලක් ධන බුදුන්ට පුදා බුදුන කෙරෙහි මහණ ව එකෙ‍ාළොස් වන විචාරණ පුජාව ලත් දවස්. මම ද ඔබ හා සමඟ ම මහණ ව ඔබ ම ප්රාවර්ථනා කොට සිල් රක්ෂා කෙළෙම් මක. තවද: සුජාත නම් බුදුන් දැක චක්රහවර්ති රජ ව සක්විති රජය පුදා මහණ ව දොළොස්වන විවරණ පුජාව ලත් දවස් මම ද සුවාසු දහසක් බිසෝවරුන්ට අධිපති වු ස්න්රි්රත්ත ව ඔබ හා සමග ම මහණ ව ඔබ ම ප්රාටර්ථනා කොට සිල් රක්ෂා කෙළෙම් මය.

තවද: පියදස්සි නම් බුදුන් දැක කාශ්යමප නම් ධන මානවක ව කෙළ ලක්ෂයක් ධන විසඳා සඩ්ඝාරාමයක් කරවා බුදුන්ට පිළිගන්වා විහාර පුජා කොට ඔබ තෙළෙස් වන වීවරණ පුජාව ලත් දවස් , මමද එම වෙහෙර පිළිගන්වා ඔබට ලිකිති ව එ පිනිහි දුඅ සමාදන් ව ඔබ ම ප්රාදර්ථනා කෙළෙ ම් ම ය. තවද ඔබ සුසීම නම් මහ තවුස් ව පරසතු මඳාරා මල් පුජාවෙන් අත්ථවදස්සි නම් බුදුන් පුදා තුදුස්වන විවරණ පුජාව ලත් දවස්, මම ද පරිබ්රාුජිකාව එ තැන්හි ම සිට ඔබ ම ප්රාජර්ථනා කෙළෙම් මය. තවද; ඔබ ශක්රහදෙවෙන්ද්රජ වධම්මදස්සි නම් බුදුන් පුදා පසලොස් වන විවරණ පුජාව ලත් දවස් ,මම ද අඩුතුන් කෙළක් දෙවඟනන් පිරිවරා අවුත් ඔබ ම ප්රාෙර්ථනා කෙළෙමි මය. තවද: ඔබ සුජාත නම් මහරජ ව රාජ්යපසම්පත්තින් තිස්ස නම් බුදුන් පුදා මහණ ව සතළොස් වන විචාරණ පුජාව ලත් දවස් ,මමද අගමෙහෙසින් ව ඔබ ම හා සමග මහණ ව සතළොස් වන විවරණ පුජාව ලත් දවස් මම ද අගමෙහෙසින් ව ඔබ ම හ‍ා සමග මහණ ව ඔබ ම ප්රා ර්ථනා කොට සිල් රක්ෂා කෙළෙම් ම ය. තවද: විජිතා වි නම් රජ ව මුළු දඹදිව රාජ්යොයෙන් එුස්ස නම් බුදුන් පුදා අටළොස් වන චිවරණ පුජා ව ලත් දවස් , මම ද ඔබ හා සමඟ මහණ ව ඔබ ම පත වතා සිල් රක්ෂා කොළෙම් මය.

තවද: ඔබ අතුළ නම් දිව්යම නාගරාජන් ව පන්ස් යොදුන් දිව්යවමණ්ඩලයෙක දි සත් දවසක් මුළුල්ලෙහි දිව්යව දානයෙන් විපස්සි නම් බුදුන් පුදා එකුන්විසි වන විවරණ පුජාව ලද් දවස්. මම ද ගමෙඓසින් වු නාගාඩ්ගනා ව සුවහස් නාගකන්යාජවන් පිරිවරා සද්දා මුවල්ලේහි බුදුන්ට උපකාර කොට මුන්වහන්සේප ම ප්රාාර්ථනා කෙලෙමි මය. තවද: අරින්දම නම් රජ ව මහත් වු රාජසෘඩින් සිඛි නම් බුදුන් පුදා විසි වන විචාරණ පුජාව ලද් දවස් , මම ද අග මෙහෙසින් ව ඒ දානය පිය දි සිය අතින් බුදුන් - සඟු න් වළඳවා මුන්වහන්සේ ම ප්රා ර්ථනා කෙළෙමි මය. තවද; සුදශින නම් රජ ව රජ මහාවිහාර දාසක් කරවා පිළිතන්වා සෙස්සභු නම් බුදුන් පුදා රජය හැර එක් විසිවන විවරණ පුජා ව ලද් දවස් .මම ද අගමෙහෙසින් වඒ දානය අතින් දී මහන ව සිල් රක්ෂා කොට ඔබ ම ප්රාිර්තනා කෙළෙම් මය. තවද: පවත නම් නරෙන්ද්රු ව තුන්මසක් අසදෘශ මහදන් දි කොණාගම නම් බුදුන් පුදා තෙවිසි වන විවරණ පුජා ව ලද් දවස් . මම ද අගමෙහෙසින් ව දානසංවිධානය කොට ඔබ ම ප්රාකර්ථනා කෙළෙම් මය. තවද: ජොතිපාල නම් බ්රාඔහ්මණ ව ධන පමණින් කාශ්යමප නම් බුදුන්පුදා මහණ සුවිසි වන විවරණ පුජාව ලද් දවස් මම ද බ්රා හ්මණ මානවිකා ව ඔබ හා සමග ම මහණ ව විසිදාසක් හවුරුදු සිල් රක්ෂා කොට ඔබ ම ප්රා ට්නා කෙළෙමි මය. එසේ හෙයින් සත්ත්වයෙනි ! මම සවල්ප වු පිනක් කෙළෙමි නො වෙමි. මේමාගේ බුදුරජාණන් වහන්සේ යම් යම් බුදුකෙනෙකුන් දැක යම් යම් පිනක් රැස්කළ සේක වී නම් , මම ද ඔබ හා සමඟ ම ඒ ඒ බුදුන් දැක වෙන වෙන ම ප්රානට්නා කළෙමි, එසේ හෙයින් සංසාරයෙහි ඔබට පක්ෂපාතව ම විසිමී. පාඑරමිතා ලතාව මල් ගන්වා දෙවාලමි. දැන් මේ ජාතියෙහි ඔබට ම අගමෙහෙසින් ව යශෝධරා නමින් දිව්ය සමාන මනුෂ්යටසම්පත් විද දැන් එබගේ සසුන් වැද මහණ ව අමාමහ නිවන් දිටිමි, සංසාර සාගරයෙන් ගොඩ නැංගෙමි, පෙර මම ඔබට අනුබග වීමි ,දැන් ඔබ මට අනුබල වු සේක, අසාධාරණ වු සෘඩ් ලදිමි. විහේෂ වු දිවකන් ලදිමි. නිමල වු දිවස් ලදිමි, පරසිත් දන්නා නුවණ ලදිමි යනාදින් සිංහනාද කොට තමන් වහන්සේගේ පුව ප්ර්ණිධි සඬ්ඛ්යානත වු නො ඒක සෘඬි බල දැක්වු සේක. එයින් කිහ. අපදානයෙහ;

බ්රසහ්මදෙවඤ්ච සම්බුද්ධං - ගොතමං ලොකනායකං

අඤ්ඤෙසං ලොකනාථානං - සඬ්ගමන්තෙ බහුං මයා.


අධිකාරං බහුං මය්හං - තුය්හත්ථාය මහාමුනෙ,

ගවෙසන්තෙ බුද්ධ ධම්මං - අහං තෙ පරිචාරිකා,


කප්පෙ ච සතසහස්සෙ ච- චතුරො ච අසංඛියෙ,

දීපඩ්කරො මහාවීරො - උප්පජ්ජි ලොකනායකො,


තෙන කාලෙන’ හං ආසිං කඤ්ඤ බ්රා්හ්මණ සම්හවා,

සුමිත්තා නාම නාමෙන - උපගඤ්ජිං සමාගමං


අට්ඨ උප්පලහත්ථානි - පුජනත්ථාය සත්ථ්‍ුනො,

ආදාය ජනසම්මජ්ඣෙ - අද්දස ං මුනි මුග්ගතං


චිරානුගතදයිතං - පතිං කන්තං මනොරමං

දිස්වා තද අමඤ්ඤිම්හං - සඵලං ජිවිතං මම,


පරක්කමන්ත්ං සඵලං - අද්දසං ඉසිනො තදා.

පුබිබකම්මෙන සම්බුඩෙ - චිත්තං චා පි පසිදි මෙ.


භීය්යොංචිත්තං පසාදෙත්වා -ඉසෙ උග්ගත මානසෙ,

දෙය්යං අඤ්ඤං න පස්සාමි - දෙමි පුප්ඵානි මෙ ඉසෙ


පඤ්චහත්ථා තවං හොන්තු - තයො හොන්තු මමං ඉසෙ

තෙන සිද්ධි සමා හොතු - බොධත්ථාය තුවං ඉසෙ.


ඉසි ගහෙත්වා පුප්ඵ‍ානි - ආගච්ජන්තං මහායසං.

පුජෙසි ජනසම්මජ්ක්ධෙ - බොධත්ථාය මහාඉසෙ.


පස්සිත්වා ජනසම්මජ්ක්ධෙ - දීපඩ්කරො මහාමුනි,

වියාකාසි මහාවීරො - ඉසීං උග්ගතමානසං


සමචිත්තා සමකම්මා - සමකාරි භවිස්සති,

විසයා හෙස්සති තෙ කම්මෙ - තුය්හත්ථාය මහාඉසෙ.


සුදසුසනා සුප්පියා ච - මනාපා පියවාදිනි.

තස්ස් ධම්මෙසු දායාදා - පියා හෙස්සති ඉත්ටිකා.


යථාපි භණ්ඩසාමුග්ගං - අනුරක්ඛන්ති සාමිනො.

එවං කුසල ධම්මානං -අනුරක්ඛිස්සතෙ අයං


තස්ස තං අනුකම් පන්නි - පුරයිස්සති පාරමි,

සීහො ‘ ව පඤ්ජරං හෙත්වා -පාපුණිස්සති බොධියං


මෙසේ උන්වහන්සේ..සංස්කරණය

මෙසේ උන්වහන්සේ තමන් වහන්සේ ගේ පුවප්රතණිධින් බුදුන් වහන්සේ ගේ පෙරට ව වැඩසිට සිංහනාද කළ කල්හි සිසාරා සිටි දිව්යේ -බ්රහහ්ම - මනුෂ්යි සෙනාව එකපැහැර දොහෝත් මුදුන් දි සිට මහත් වු සාධුනාද පුජාවෙන් තුන්ලොව පුරා පුරා කළ හ. සියලු ස්ත්රිු ලොකයා ද එ බඳු වු ගුණ සම්පත් - ආචාර සම්පත් - හෙත් සම්පත් -ප්රාඥ සම්පත් -සෘඩ් සම්පත් -නිවන් සම්පත් ප්රාතර්ථනා කළහ. මෙසේ උන්වහන්සේ මුළුුලොව විස්මයපත් කොට බුදුන් වැද ක්ෂමා කරවා අවසර ඉල්වා කල්හි සවාමිදරුවෝ ද උන්වහන්සේගේ වික්රසම මුළු පෝ වාසින් ස.් සේ දැක මෙ විට අවසර දුනමනා කලැ යි සිතා:-

අක්ඛන්තො නාම මන්තබ්බං -කිං භවෙ ගුණභුසනෙ.

කිමුත්තරං තෙ වක්ඛාමි - නිබ්බාණාය වජන්තියා -යි.


යන මේ ගාථාවෙන් “යශොධරා සථවිරිනි! ජාම්බුනද හ්රැං ගි සවර්ණ චාමිකර ශාතකුම්හ ය යි යව චතුර්බියෙහි ඝනරන් මල දැන්වීමෙන් කම් තැත්තා සේ. චතුරාය්යීතසත්යරයන් අවබොධනය කළාවු තොප වැනි අමා මහ විවන් දුටුවන් ඔවුනොවුන් ලා ක්ෂමා කැරවීමෙහි ළග නැත තොප තබා මුව ලෝ වාසින් නිවන් පුරයට ම මෙහෙයන්නාවු මම දැන් එම පුරයට අවසර ඉල්වන්නාවු තොපට කුමක් නම් කියම් ද. තොප සිතුයේ කාරණ ම ය බුදුන් ගේ පරිනිවාණය තොප වැනියන් නුදුටු මනා මය. මෙයින් ුවිසි මසක් අතික්රාටන්ත වු කල බුදුහු දඑම පුරයට නික්මෙන්නාහ, තොප වැනියන් මා වැනියන් ක්ෂමා නළාම්හ යි තුන් යලක් වදාරා ශ්රියමුඛයෙන් නිකුත් සුවඳගඳින් මුළුලොව සුවඳ කරඩුවක් සේ කරවමින් නික්මෙවයි අවසර දී වදාළ සේක.

එ වේලෙහි උන්වහන්සේ නැවත නැවත බුදුන් වැඳ තුන් වාරයක් බුදුන් ප්රේදක්ෂිණා කොට දහසක් මෙහෙණිනි සෙනග හා සමඟ අවසරගෙන නික්ම බුදුන්ගේ දර්ශනයට විෂය තාක් තැන් බුදුන්ට අභිමුබව පසුබැස ගොස් බුද්ධදර්ශනය මුවහ වන තැන්හි සිට නැවත පසග පිහිමුවා වැඳබුදුන් වන දෙස බල බලා උදාරවු ආදරයෙන් තමන් වහන්සේ ගේ මෙහෙණවර බල‍ා නික්මුණු සේක. එවෙලෙහි ශ්රාවවකයන් වහන්සේ ද බුදුන්ගේ අදහස් දැන විහාරොපවාරය දක්වා ඔබට පසු ගමන් පුජා කළා සේක. උන්වහන්සේ ගොස් මෙහෙණවරට වැද එදා රැ සන්හුන් රාත්රි්යෙහි අඩපලග් බැඳ වැඩහිඳ ධ්යානනයෙන් ධ්යාේනයට සමවැද පිරි නිවන් පැ ිවන්පුර ගිය නියාව ද. මුළු දඹදිව සත්ත්වයන් රැස් වු නියාව ද, දෙවි - බඹ කැලන් පුජා කල නියාව ද. තමන් වහන්සේ ජද්දන්ත නම් හස්තිරාජන් ව සොණුත්තරයාගේ සැරපහරින් මළ දවස් සුභද්රාර නම් කණෙරුකාව අටදහසක් ඇතුන් හා පන්සියක් පසේබුදුන් සමග තුන්යම් රැ දවස් කල මහා ආදාහන පුජාවට මෙදවස් සංග්ර හ කොට නිමන්තා සේ බුදුරජණන් වහන්සේ ද ශ්රගවක සෙනාව හා දිව්ය - මනුෂ්යව සෙනාව පිරිවරා තුන්යම් රැ වැඩසිට ඔබගේ ආදාහන පුජාව කළ නියාවද. එ නුවර වැසියවුන් ලවා ඔබගේ ධාතු වඩා යශෙ‍ාධරා නම් මහසැය බැඳවු නියා ව ද එහි දවස් පතා නො එක් පුජා කරන සේ ව්යැවසථා කැර වු නියාව ද, සියලු සත්ත්වයන් එම සැය නිසා ම පින් රැස්කොට දෙවුලුර නිවන්පුර පැමිනි නියාව ද බුදුන් ඒ රජගහා නුවරින් නැවත සැවැත් නුවර වැඩි නියා ව ද, මහාප්රනජාපති සථවිරින් වහන්සේ ගේ ආදාහන පුජාවට යට කි පරිද්දෙන් ම නුවණැතියන් විසින් විස්තාර වසයෙන් බලා දතයුතු.

මෙසේ තමන්වහන්සේ ට සසර පක්ෂපාතව සිසු ස්ත්රිනන් අතින් පවා මේ බඳු වු ප්රා්තිහාය්යාන - ප්රතතිපත්ති ආදි වු අනෙකප්රවකාර වු පුජා ලත් හෙයිනුත් එසේ වු පුජා විඳිමට හෙයින් කියන ලදි.


පුජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනා‍ෙථා

අත්ථානුරුපං “අරහං” කි ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතා -යි



මේ පුජාවලියෙහි අප බුදුන් යශෝධරා මහා සථවිරින්ගෙන් ලද ප්ර තිපත්ති පුජා කථා නම් වු එක්තිස් වන පරිච්ජෙදය නිමි.