පූජාවලිය-ප්‍රසව මංගල පූජා කථා

පූජාවලිය


නව වන පරිච්ජෙදය


තව ද: අප බුදුන් ලුමිබිනී වනොද්යා නයෙහි දී ලද ප්රනසව මංගල පූජා නම් කවර යත්:


මෙසේ මාගේ ශ්රී මහා බොධිසත්ත්වයන් තුසිපුරෙන් වැඩ මවු කුස පිළිසිඳගත් වේලෙහි ම මෑණියන් වහන්සේට ද දරුගබට ද උපද්රළව වළකනු සඳහා වරම් රජදරුවෝ සතරදෙන මඟුල් කඩුගත් අත් ඇති ව ශ්රීවයහන් ගබඩාවට සතර දිග රකවල් ගත්හ.ඔහු සතරදෙන මතු නොවෙති. තව ද දසදහසක් සක්වළ ම සතලිස් දහසක් වරම් රජහුම ඒ ශ්රීෙයහන් ලබ්දොර ය, රන්පාය සිසාරා ය, න්රවවර සිසාරා ය, දඹදිව සිසාරා ය, සක්වළගබ සිසාරා යයි බෝසතුන්ට අරක්ගෙන සිටියාහුම ය. එ තැන් පටන් ගෙන බෝසතාණන් වහන්සේට ද මෑණියන් වහන්සේට ද පෙර ගිලනුන්ට කළා වූ ඖෂධ සත්කාර බලයෙන් ජාත වූ කුශලානුභාව යෙන් ද, ඒ දෙවියන්ගේ ආනුභාවයෙන් ද, රොගාදීන් කිසි පීඩා වෙක් නොවී ය. දඹදිව සියලු රජුන්ගෙන් එවන අපමණ වූ රුවනින් අතුරු නොවී ය.

මෑණියන් වහන්සේගේ නාභිමණ්ඩලයට මුහුණ ලා පලක් බැඳ ධර්මාසනයක උන් ධර්මකථිකයකු සේ, මිණිකරඬුයෙක වඩාලූ කනක රූපයක් සේ, බලන්නවුන්ට පෙනි පෙනී වැඩ හිඳිනාසේක. අදට මෙ තෙක් තැන් වැඩිසේක. අදට මෙ තෙක් මහත් වූ සේකැ යි ප්රෙ මයෙන් බල බලා හිඳිනා ඒ මෑණියන් වහන්සේ “මදරුවෝ තුස වසන්නාහු මෙසේ ප්රීනති වඩති; කුසින් පිහි වූ කල කෙසේ රූප ශ්රීන ඇතියෝ දෝ හෝ” ප්රීකතින් පින පිනා පිරුණු තෙල් පාත්රායක් ධරන්නා සේ ගබට කිසි පීඩාවක් නො කොට ඉතා උෂ්ණ භොජන ය, ඉතා ශීත භොජන ය, තික්ත භොජන ය, කටුක භොජන ය, යනාදියෙහි රස නො දැන දස මස මුළුල්ලෙහි ම පුතණුවන්ට ගැහැටුම් වෙති යි කුස පුරා බත් නොකා, මුහුණින් වැද නො හෙව, වම් ඇළයෙන් නො සැතපී, දක්ෂිණ භාගයෙන් ම සැතපී, දරුගබ සැලී නැ‍ඟෙති යි සක්මන් මාත්රාදවකුත් නො කොට දස මස මුළුල්ලෙහි ඉතා අප්රකමාද ව ගබ පිරිමැසූ හ.


තව ද ඒ මාගේ බෝසතාණන් මතු සියලු සතුන්ගේ රා කෙලෙසුන් දුරුකිරීමට දෙස් පානා සේ මවු කුසට වැඩි දා පටන් මෑණියන් වහන්සේගේ පුරුෂයන් කෙරෙහි රාග චෙතනාවෙක් එ තුන්සිය දා ම නො හටගත.

මෙසේ මාගේ බෝසතාණෝ දසමසක් මවුකුස වැස සියලු බුදුන්ගේ ම උත්පත්ති කාලය වූ වෙසඟ මැදි පොහෝ දා සඳු විශාඛ නම් යෝගයෙහි සිටිය දී මෑණියන් වහන්සේට දෙව්දැහැ නම් වූ කෝළිය නුවර ගොස් මවුපියන් දක්නා දොළෙක් විය. එ කල ශුද්ධොදන රජ්ජුරුවෝ එු දොළ අසා කිඹුල්වත් නුවර පටන් දෙවු දැහැ නුවර දක්වා මඟ සම කරවා කෙසෙල් තොරන බඳවා දෙපස පුන්කලස හා විසිතුරු වූ ධ්වජ බඳවා පිළි තොරනින් සරා විලඳ සුන්සාල් අබ සමන්කැකුළු හීතණ යන ලද පස්මල් විසිරුවා මඟ සදා දේවීන් රන්සිවිගෙයට නංවා මඟුල්වෙස් ගත් දහසක් ඇමැතියන් ලවා ඒ සිවිගෙය ගන්වා සිවුරඟසෙන් සමඟ රජ පෙරහරින් මහත් වූ ආරක්ෂා දී යවූහ.

මෙසේ වූ මහා මංගලයෙන් මහා ශ්රීමසෞභාග්යායෙන් මඟ පෙර හරින් මහා උත්සවයෙන් යන්නා වූ ඒ මහා ම‍ායා දේවී නම් වූ ඒ බුද්ධ මාතාවෝ සොළොස් කලයක් සුවඳ පැනින් නහා ලක්ෂයක් වටනා සළුවක් හැඳ, පාදා පාදංගුලි පාදකටක පස්රූ පස් පෙර හර වළලුදෙපට විද්යා අගුල් දසරු බාහුදණ්ඩි මුතුවැල ගල මුතුමාලා මැණික් මාලා දාකන් පසෙවිකන් දස අඟාතිලක මිණිදම් නිලමාත්රාම මුඩුඔටුනු ආදී වූ ස්ත්රින අලංකාරයෙන් දෙවඟනක මෙන් සැරහී දහස් ගණන් ස්ත්රීනගණයා පිරිවරා ඒ මඟුල් සිවිගෙන් ගොස් දෙනුවර රජදරුවන් දමඟ උයකන්කෙළි කෙළනා අතුරෙහි ලුම්බිනි නම් සල්උයනකට පැමිණියෝ ය. එ සඳ ඒ උද්යාුනයෙහි පුන්නාග නාග කුවරක උද්ද‍ාලක මධුගන්ධික අශෝක කරවීර කර්ණිකාර තරග කේතක තිලක චම්පක විශාල ශාල සලල තමාලාදි නන් කුසුමයෝ ඒ උතුමාගේ උත්පත්ති ශුී බලම්හ යි නික්මුණාවුන් සේ මුල් පළා කඳ පළා අතු පළා පිටත් ව ප්රකබුද්ධ ව මුල පටන් අග දක්වා තුරු වසා අතුරු නො දි සිටගත් හ. මල් රොන් ගන්නා බමරුන්ගේ නාදයෙන් හා කටපුරා කෙසරුගෙන ඔවුනොවුන් පරයා තුරු අග හිඳ ලියගී නඟන සියොතුන්ගේ නාදයෙන් හා එක නින්නාද ව ඉතා රම්යස විය.


කියන ලදුයේ මැයි:


විභූසිතා බාලජනාති චාලනී

විභූසිතාංගා වනිතෙව මාලනී;

සදා ංනානං නයනාලි මාලනී

විලුම්බිනී වාතිවිරොවි ලුම්බිනී-යි.


තව ද තමා කරා එන ප්රි ය වූ බිසොවක පෙර මඟට සතුටු පඬුරු යවන්නා වූ රජකු සේ එ කල ඒ ලුමුබිනී උද්යාූන නම් රජ ද බිසෙවුන් උයන කරා සමීප වූ වේලෙහි පෙර මඟට සුවඳ මඳ පවන් ලදින් උයන දිසාව බලා උද්යාෙන ශ්රීව දැක උයන්කෙළි කෙළනා කැමැති වූහ. ඒ අදහස් දත් ඇමැතියෝ එ පවත් රජහට සැලකර යවූහ. එ පවත් රජ අසා උයන ද සහරව යි කියා බිසොවුන් සිත් සේ උයන්කෙළි කෙළනා ලෙස අවසර දින. බිසොවු දහස් ගණන් ස්ත්රීසන් පිරිවරා ඇමැති සමඟින් උයනට වැද චිත්රසලතා වනයට වන් විචිත්රවවූ චිත්රාංඋගනාවකසේ නන් තුරු කුසුම බල බලා උයන් කෙළි මතින් මඟුල් සලවට කරා ගොස් මුල පටන් අග දක්වා මලින් සැදී තුබූ මංගල ශාලා වෘක්ෂරාජයා දැක ප්රීකතිමත් ව විශාල වූ ශාල ශාඛාවක් අතින් ගතැටි ව රන් ලියයක් වන් අත දිඟු කළහ. එ කෙණෙහි ප්රෙයමකාන්තාවක දැක අත දිගු කළා වූ කාමපුරුෂයකු සේ බිසොවුන් දුටුවා වූ ශාලද්රැෙම රාජයා තමා‍ගේ ශාඛා නමැති හස්ත ය නමා පෑලි ය. බිසොවු ඒ ශාල ශාඛාව අතින් ගෙන සිටියහ. එ කෙණෙහි කර්මජව‍ාත චලනය වී ය. එ පවත් දත් ඇමැතියෝ සිසාරා කඩ තුරා ඇද රකවල් ගෙන සිටියාහුහ. එ කෙණෙහි එ උතුමාගෙු ප්රලසව මංගල කාලය යි දසදහසක් සක්වළ දෙවියෝ රැස් ව පිරිවරා සිට ගත්හ. එ කල මෑණියන් වහන්සේ ඒ ශාල ශාඛාව අල්වා ගෙන සිටියදී ම බ්රසහ්මලොකයෙන් බස්නා බ්ර හ්මකුමාරයකු සේ, දිව්ය ලොකයෙන් බස්නා දිව්ය‍කුමාරයකු සේ, ධර්මාසනයකින් බස්නා මහ තෙරකෙනකුන් සේ මවු කුසින් බිහි වූ සේක.

එ කෙණෙහි ශුද්ධාවාසයෙහි වසන අරහන්ත බ්ර හ්මරාජයෙක් මංගල සම්මත වූ රන්දැලක් දෑතින් ගෙන පෑ බෝසතුන් පිළිගෙන රූපශ්රී බලා සතුටු ව “දේවීනි! තොප කුසින් මුළුලොවට මුදුන් මල්කඩක් වැනි වූ මෙහෙශාක්ය“ වූ පුතෙක් උපණ. ඉතා සන්තොෂ වව”යි කියා මඟුල් තෙපුල් කී ය.

අවශෙෂ වූ සත්ත්වයෝ මවුකුසින් පිටත් වන්නාහු ලේ මුසු වූ ශරීර ඇති ව ප්රතතික්කූල වූ ශරීර ඇති ව පිටත් වෙති. මවුන්ට මහත් වේදනා දක්වා කරර්මජවාතයෙන් මිරිකී ඉස යටත් ව ලාපෙරළී කෙසිවිදෙන් අදනා ඇත්පොවුවන් සේ මවුන් මතු දරුවන් වැඳීමට ලොභ නැති කරවා ප්රපසූත වන්නාහු ය. එසේ නො ව මාගේ ස්වාමිදරුවාණෝ තමන්ටද කිසි පීඬාවක් නැතිව මෑණියන් වහන්සේ නො දන්නා සේ, ධර්මකරකයෙක පුරා ලූ දියත්තක් යෙහෙන් පිටත්ව යන්නා සේ, අතුල් පතුල් දිගු කොට මවුකුසෙහි කිසි කුණුපයකුත් නුමුසුව ඉතා පරිශුද්ධව, ඉතා විසාරදව, ඉතා ප්රෙනමකරව, කසීසළුවකින් වසා තුබූ ජාතිරංග මාණික්ය රත්නයක් සේ දිලියෙමින් මවුකුසින් නික්මුණුසේක. මෙසේ පරිශුද්ධ වූ ශරීර ඇත ද බෝසතාණන් වහන්සේට ද, මවු දේවීන් වහන්සේට ද උපචාර සඳහා ආකාශයෙන් ජලස්කන්ධයෝ දෙදෙනෙක් රිදීකඳක් සේ අවුත් දෙදෙනා ම පිරිසිදු කොට නාවා අන්තර්ධාන ව ගියාහු ය.


එ කල බෝසතාණන් වහන්සේ රන් දැලින් පිළිගෙන සිටි බ්ර හ්මරාජයා අතින් වරම් රජදරුවෝ සතරදෙන අභිමංගල සම්මත වූ සිවුම් පහස් ඇතති අඳුන් දිවි සමින් පිළිගත්හ. ඔවුන් අතින් මඟුල් මහ ඇමැතියෝ දිව්යිකූල චුම්බටකයෙන් පිළිගත්හ. ඒ ඇමැතියන් අතින් බසිමි යි පොළොව බලා සිරිපතුල්සිං දිගු කළසේක. එ කෙණෙහි පොලොව පළා මහ පියුමෙක් පැනනැඟී සිරිපතුල් පිළිගත. එ කෙණෙහි පියුම්ගබ රාජහංස ලීලායෙන් වැඩසිට පැදුම් දිසාව බැලූසේක. එ දෙස දසදහසක් සක්වළ ම එකාංලණව පෙනී ගිය. එදෙස දෙවියන් හා මනුෂ්යළයෝ සුවඳින් මලින් පුදා දොහොත් මුදුන් දී “ස්වාමිනි, මහා පුරුෂයාණෙනි! මෙ දෙස නුඹ හා සම කෙනෙකුන් නැත. නුඹට වඩනා කෙනෙකුත් නැත. නුඹම උතුරු දෑ ය”යි කිය කියා වැන්දාහුය. නැවත දකුණු දිග බැලූසේක. එ දෙසත් ලොව එකාංගණ වී ය. දෙවිමිනිස්සු වැඳුම් දී “හිමි! නුඹට වඩා උත්තර කෙනෙක් නැතැ”යි ආශිර්වාද කළහ. ඉන් පශ්චිම දිග බැලූ සේක. එදිග දිව්යිමනුෂ්ය්යෝ හැම සාධුනාද පවත්වා මලින් ගඳින් පුදා ‘හිමි! නුඹට වඩනා ූත්තර යෙක් මෙ දිගත් නැතැ”යි කියා ස්තුති ඝොෂා කළහ. ඉක්බිති උතුරුදිග බලා එ දිග දෙවිමිනිසුන් වැඳුම් දුන් කල මෙසේ සතර මහදිග ය, සතර අනුදිග ය, පොළොව ය, අහස ය යන මේ දස දිග් බලා තමන් හා සම කෙනෙකුන් නො දැක “මට උතුරුව සිටි එක ද සත්ත්වයෙකුත් නැත, එසේ හෙයින් මම්ම උතුරු වෙම්”යි නැඟු නැඟු පත්ලෙහි පියුම් නංව නංවා සත් පියවරක් උතුරු දිගට වැඩ සප්ත පදාන්තයෙහි සිට:


“අග්ගොහමස්මි ලොකස්ස-ජෙට්ඨොහමස්මි ලොකස්ස,

සෙට්ඨොහමස්මි ලොකස්ස-අයමන්තිමා ජාති-නත්ථී දානි පුනබ්භවො’’යි.


යනාදීන් අභීත වූ සිංහනාදයෙන් ගර්ජනා කළසේක. එ දවස් මාගේ ස්වාමිදරුවන් මවුකුසින් බිහිවලා සත් පියවරක් ඔසවා ගොස් කලා වූ මේ අභීත නාද ය දසදහසක් සක්වළ මුළුල්ලෙහි බඹලොව ගසා පැවැත්ත.

එ කෙණෙහි දස දහසක් සක්වළ දස දහසක් සහම්පති මහා ප්රෙහ්මයෝ තුන්ගවු සා සේසත් ගෙන බෝසතුන් සිරසට ධරා පූජා කළහ. තවද දස දහසක් ශක්රෙයෝ එක්සිය විසිරියන් දිග ඇති සාරමස් දෙපෝයක් නො නැසී පවත්නා නාද ඇති දස දහසක් දකුණුසක් තුඩ තුඩ තබා පිඹ පූජා කළහ. තව ද දස දහසක් සන්තුෂිත දිව්යෙඩන්ද්රකයෝ තුන්ගවු සා ම දස දහසක් මිණි තල්වැට සලා පූජා කළහ. තව ද දස දහසක් පඤ්චශිඛ දාව්ය්-පුත්රෙයෝ තුන්ගවු දිග මිණි වීණා ගායනාවෙන් පූජා කළහ. තව ද සුනිර්මිත පරනිර්මිතාදි සෙසු දිව්යවරාජයෝ රන්කරඬු, රුවන් කරඬු, රන් මරවැඩි, රුවන් මරවැඩි, මිණිඔටුණු, නළල්පට, මගුල්කඩු, දිවමල් කඳු, දිවසුවඳ කඳු, දිවසඳුන් සුණු ආදි සියගණන් මඟුල් සත්කාර ගෙන සිට අපමණ වූ පූජා කළහ.

තව ද මවුකුස පිළිසිඳගත් වේලෙහි සෙයින් ම එ දා මවුකුසින් බිහි වූ වේලෙහි ද ලොවට අද්භූත වූ පූර්වනිමිත්ත පූජා දෙ තිස ද වි ය.

මෙසේ තමන් බුදුවන ජාතියෙහි මවුකුසින් බිහිවු ඇසිල්ලෙහි ම දස දහසක් සක්වළ මුළුල්ලෙහි ම සැටදහසක් කාමාවචර දිව්යසලෙිකවල අනූ දහසක් දිව්යදරාජයන් කළ පූජා හා තව ද දස දහසක් සක්වළ මුළුල්ලෙහි ම අරූතල අසඥතලයන් හැර එක්ලක්ෂ පනස් දහසක් රූපාවචර බ්රතහ්මලොකවල බ්ර හ්මරාජයන් කළ පූජා හා අද්භූත පූජාවන් දෙ තිස් දෙනා හා දෙලක්ෂ සතලිස් දහස් දෙතිස් මහා පූජාවක් මෙසේ ලත් හෙයිනු ත්, මෙසේ වූ පූජා විදීමට සුදුසු හෙයිනු ත්, ත්රිතභුවන තුලක වූ, ත්රිසභුවන‍ාධිපති වූ, ත්රිනභුවනේශ්වර වූ, ත්රිවභුවන නායක වූ, ත්රි‍භුවන කල්පද්රැසම වූ, ත්රිනභුවන වූඩාමණි වූ, ත්රිවභුවන චින්තාමණි වූ, ත්රි‍භුවන ප්රැදිප වූ, ත්රිූභුවනාලොක වූ, මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදයේ මැයි.


පූජාවිසෙසං සහපච්චයෙහි

යස්මා අයං අරහති ලොතනාථො;

අත්ථානුරූපං “අරහං”ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි.


මේ පූජාවලියෙහි අප බුදුන් ලුම්බිනීවනොද්යා නයෙහි දී ලද ප්ර සව මංගල පූජා කථා නම් වූ නව වන පරිච්ජෙදය නිමි