පූජාවලිය-දිව්යකරාජ පූජා කථා
පූජාවලිය
දෙ විසි වන පරිච්ජේදය
තව ද: අප බුදුන් තවුතිසා භවනයෙහි දී සක්දෙවු රජහු ගෙන් ලද දිව්ය:රාජ නම් ...
සංස්කරණයතව ද: අප බුදුන් තවුතිසා භවනයෙහි දී සක්දෙවු රජහු ගෙන් ලද දිව්ය:රාජ නම් කවරහ යත්: එහි විභාග කථා සාවධාන ව කන් නමා මෙසේ ආ දතයුතු. පොළොව පටන් දෙසාලිස් දහසක් හොදනින් දත්තෙහි යුගන්දර පර්වත ය හා සම වූ ආකාශයෙහි චාතුර්ම හාරාජික නම් දිව්යරලෝක ය සක්වලගල වසා අතුරු නැති ව සිටියේ ය. වරම් රජ දරුවන් සතරදෙනාගේ සත්රුවන්මය වූ දෙවිනුවර සතර යුඟදුරු මුදුනෙහි සතරදිශාවෙහි පිහිටියේය.
ඒ දෙවුලොව පටන් දෙසාලිස් දහස් යොදනින් මත්තෙහි මෙරමුදුන හා සම වූ ආතාශයෙහි තවුතිසා භවන ය සක්වළගල දක්වා පිහිටියේ ය.ඒ මෙර මුදුන බන්ද්රදනීල මාණික්ය මය ය.එහි පිහිටි පිටිනුවර හැර මැද පියිටි ශක්රනපුර ය ම නැඟෙනහිරි රුවන් වාසල පටන් බස්නාහිරි රුවන් වාසලට දසදහසක් යොදුන, දකුණු දිග රුවන් වාසල පටන් උතුරුදිග රුවන් වාසලට දසදහසක් යොදුන, එ නුවර සිසාරා දෙසියපනසක් සත්රුවන්මය වූ මහ පවුරු පිහිටියේ ය.රන්මය වූ ල්රායසාද පංක්තීන් හා සත්රුවන්මය වූ ප්රාකසාද පංක්තීන් හා විසිතුරු වූු දිව්යොීද්යාුන පංක්තීන් හා අලංකෘත වූ දිව්ය තටාක පංක්තීන් හා ශොභාමත් වි ය.
තව ද: එම නුවරට පිටත පූරුවදිග් භාගයෙහි සත්රුවන්මය වූ පවුරු හා දොරටුයෙන් පරික්ෂිප්ත වූ දහසක් යොදුන් පමණ තෙන නන්දනොද්යාජන ය පිහිටි යේ ය. ඒ උයන හා නුවර ැද අතුරෙහි පනස් පනස් යොදුන් නන්දා නම් ,චුල්ලනන්දා නම් පොකුණු දෙක පිහිටියේ ය.ඒ දෙ විල්තෙ ර කෙහෙල් ගොබ් සෙයින් සියුම් වූ පහස් ඇති පනස් පනස් යොදුන් නන්දා නම් චුල්ලනන්දා නම් රුවන් අතළ දෙක පිහිටියේ ය.
එ නුවරට දක්ෂිණ දිග් භාගයෙහි එසේ ම සත් රුවන්මය වු පවුරු හා දොරටුයෙන් පරික්ෂිප්ත වූ තුන්සියයක් යොදුන් චිත්ර ලතා පම් උයන පිහිටියේය. ඒ උයන හා නුවර දෙ අතුරෙහි පනස් පනස් යොදුන් චිත්රාය නම් චුල්ලචිත්රාහ නම් පොකුණු දෙක පිහිටි යේ ය,ඒ පොකුනු දෙ තෙර ද පනස් පනස් යොදුන් චිත්රා නම් චුල්ලචිත්රා නම් දෙරුවන් අතළෙක් පිහිටියේ ය.
තව ද: එ නුවරට පශ්චිම දිග් භාගයෙහි එ සේම ත්රුවන් මය වූ, පවුරුවාසලින් පරික්ෂිප්ත වූ,ඒ උයන හා නුවර දෙ අතුරෙහි පනස් පනස් යොදුන් භද්රාි නම් චුල්ලභද්රා නම් පොකුණු දෙක පිහිටිදේ ය,ඒ පොකුණු දෙ තෙර ද පනස් පනස් යොදුන් භද්රාි නම් චුල්ලභද්රාද නම් දෙරුවන් අතළ පිහිටියේ ය.
තවද: පැළදෙසෙහි එසෙහින් ම රුවන්මය වූ පවුරු හා වාසලින් ම පරික්ෂිප්ත වූ පන්සියක් යොදුන් චිත්රූලතා නම් උයනෙක් ඇත.ඒ උයන හා නුවර දෙඅතුරෙහි පනස් පනස් යොදුන් චිත්රාක නම් චුල්ලචිත්රාහ නම් දෙරුවන් අතළ පිහිටියේ ය.
තව ද: මෙ නුවරට උතුරු දිග්භාගයෙහි සත්රුවන්මය වූ පවුරු හා දොරටුයෙන් පරික්ෂිප්ත වූ පන්සියක් යොදුන් මිශ්ර කවන නම් උයන පිහිටියේ ය, ඒ නුවර හා නුවර දෙඅතුරෙහි පනස් පනස් යොදුන් ධර්මය නම් චුල්ලධර්මාා නම් පොුණු දෙක පිහිටියෙි ය,ඒ පොකුණු දෙ තෙර ද පනස් පනස් යොදුන් ධර්මාෙ නම් චුල්ලධර්මාෙ නම් දෙරුවන් අතළ පිහිටියේ ය.
තව ද: එම ශක්රුපුරයට ම ඓශානිදිග් භාගයෙහි සත් රුවන්මය වූ පවූරුවාසලින් පරික්ෂිප්ත වූ,සත්දහස් යොදුන් මහාවන නම් උයනක් ඇත. ඒ උයන හා නන්දා නම් උයන දෙ අතුරෙහි සත්රුවන්මය වූ දහසක් තුළුගෙවලින් හෙබියා වූ සියක් යොදුන් පමණ නන්දා නම් පොකුෙණක් ඇ.. එ නුවර මධ්ය්යෙහි සිතුන ය් යොදුන් උස සත්රුවන්මය ධ්වජමාලාවෙන් යෙබියා වූු සත්සියක් යොදුන් උස විජයත් නම් ප්රාවසාදයෙක් ඇත. ඔහු අසුර විජය කළ වේලෙහි පැන නැඟි හෙයින් ඒ පාය වෛජයන්ත ය යි නම් ලද. එහි බිම ඉන්ද්රෙනීලමාණික්යෛමය ය,ටැම් ඝන රන්මය ය,කොතුරුපේකඩ රිදීමය ය, ව්යාටඝ්ර පංක්ති ප්රේවාලමය ය,එහි සියයක් පමණ මහල් ඇත. එකී එකි මහලෙහි සත්සියයක් සත්සියය් බැගින් සැත්තැදහස් රුවන් ගබඩා ඇත. එකී එකී ගබඩාවෙහි සත් සත් දිව්යාං ගනාවන් බැගින් සාරලක්ෂ අනූදහසක් ඕහට පල්ලභ වූ දෙවඟනෝ වෙසෙති,එකි එි දිව්යාං්ගනාව මල් සුවඳ පලඳවා සරහන සත් සත් පරිවාර ස්ත්රීංන් බැඟින් සුතිස්ලක්ෂ විසි දහසක් පරිවාර දිව්යාංජගනාවෝ වෙසෙති. මෙසේ ඒ එක වෛජයන්ත නම් මහ පායෙහි ම එකුන් සතලිස්ලක්ෂ විසි දහසක් පමණ උ්හට වල්ලභ වූ දෙවතා දූ වෙසෙති’
මෙසේ වූ ප්රාූසාදයක් හා ඓශ්ව්ර් යමක් ඒ සක්දෙවුරජ පෙර තමා මිනිස්ලොව වසන කලින් සතප්නා අම්බලම් ශාලාවක් කරවාලු පිනින් ලද.එසේ හෙයින් නුවණැත්තාවු සත්පුරුෂයන් විසින් සිත පහදවා කළ මඳ වූ කුශලයෙකු ත් නො මද වූ සැප ත් දෙන්නේ ය යි දතයුතු.
තව ද: ඒ පායට නැඟෙනහිරි භාගයෙහි ඇතුළුනුවර ඒක පුණ්ඩරික නම් උයනෙකුදු වී ය, ඒ උයනමැද: කඳබොල පස්යොදුන් කඳවට පසළොස් කඳවට පසළොස් යොදුන් ,කඳඋස පණස් යොදුන් පමණ ඇති ,පනස් පනස් යොදුන් පමණ ශාඛා පසක් ඇති, සියක් යොදුන් පමණ උස ඇති,පාරිච්ජත්තක නම් හෙළ කොබෝළිල ගසෙක් වි ය.ඒ ගස දක්ෂිණ ශාඛාග්‍රයෙහි පටන් උත්තර ශාඛාග්‍රයට සියක් යොදුන ,පශ්චිම ශාඛාග්‍රයෙහි පටන් පූර්ව ශාඛාග්‍රයට සියක් යොදුන ,ශාඛා මණ්ඩලයෙහි වට තුනසියක් යොදුන ,එහි මල් තුන්ගවු උස දේවතාවෝ සේසත් සේ ඉසට කොට ගන්ධමාදනාදියෙහි ක්‍රිඩාකොට ඇවිදුනාහු ය. මෙසේ මහත් තව ද: ඒ රුකමුල දිග සැටයොදුන් ,ඔහු උන් කල පුලුන්තිල්ලක් සේ නාභිය දක්වා ගැලියන පැනනැඟි කල හේරිතලයක් සේ තැනියන ඔහු හුණු කැමැති කල හුණු පවත්නාවු ,සිහිල් කැමැති කල ිහිල් වූ මෙසේ වූ සතප්නා සෙවනක් පෙර තමා මිනිස්ලොවදී මඟින් සැතපෙන සේ කොබෝළීල ගසක් ගසක් රොපන ය කළාවූ පිනින් ලද.තමා මිනිස්ලොව වසන කල යන එන මඟින් සැතැපි හිදිනා වූ ගල් පොත්තක් තනාලූ පිනින් ලද.
තව ද:ඒ විජයත් නම් මහපායට උතුරුදිග සුධර්මා. නම් දිව්යිසභාවෙකු දූ ඇත;එහි බිම ඉන්ද්රසනීල මාණික්යහමය ය,භිත්ති දෑවාණමය ය,ටැම් ඝනරන්මය ය, කොතුරු පේකජ දෑවාණමය ය,ව්යාමඝ්රැවළලු ප්රිවාලමය ය,හොත්වත් ගොනැස් සත්රුවන්මය ය, බඩපළ ඉන්ද්ර්නීල මාණික්යරමය ය,පිටපළ ඝනරන්මය ය,කොත් රිදිමය ය,ඒ සභාව අයමින් විතරින් තුන්සියක් යොදුන,වට නවසියක් යොදුන,උස පන්සියක් යොදුන ,මුදුනෙහි නඟන ලද සත්රුවන් ධ්වජපෙළින් හොබනේය;එහි ධ්වජකකුල්වල මැවි තිබෙන රන්රසු නාදයෙන් පඤ්චාංගික තූර්ය සේ මධුරනාද පැවැත දෙවියන් සිත් අලවන තෙනෙක් නැත. ඒ සබාව මිනිස් ලොව දී අනුන් කරවන අම්ඉලම් ගෙයකට රියනක් පමණ දඬුකඩක් ලාලු සූධර්මා් නම් ස්ත්රි යගේ පිනින් උපන්නී ය.
ඒ සභාවෙහි දී ධර්මා දෙශනා ත් වෙයි....
සංස්කරණයඒ සභාවෙහි දී ධර්මා දෙශනා ත් වෙයි,දෙවියෝ ඒ සභාවට බණ අසන දා රැස්වෙති;පරසතු කෙළියට රැස්වෙති;අධිකරණයක් ඇති දා රැස්වෙති;බුද්ධොත්පාද කාලයෙහි සංඝයා වහන්සේ වස් වසන්නාවූ ඇසල මස මැදි පොහෝ දා රැස්වෙති;වස් පවුරුණු දා රැස්වෙති.ඒ කෙසේ ද යත්:
තවුතිසා වැසි දෙවියෝ අවුරුද්දක් මුළුල්ලෙහි “පරසතු ගස පවර දා මල් පිපේ දෝ හෝ” යි ගොස් බලන්නාහු එහි පත්පඬුවන් වූ කල “නොබෝ කලෙකින් පත් වැගිර මල් ගන්ති”යි සතුටුව ව සැණකෙළියක් කෙළිති.මල් පිපි කල ‘මල් පිපිණැ යි” කියා සතුටුව සැණකෙළියක් කෙළිති.
එ ගස මල් යමෙකු විසින් නැඟි කැඩුව මැනැවැ යි නැත; එක් පවනෙක් එහි පිපි මල් නටුයෙන් ගළවා පිය යි,ඒ පවනෙක් කැඩූ මල් රඳවා ආකාශයෙහි සිට්ටි, එක් සුළඟෙක් ඒ මල් සුධර්මා නම් සැනකෙළියක් කෙළිති.පත් වඟුල කල “නොබෝ ලෙකින් ලිය අට ගන්ති”යි සතුටුව සැණකෙළියක් කෙළිති.ලිය අටගත් කල “මඳ දවසෙකින් පත් ගන්ති”යි සතුටුව සැණකෙළියක් කෙළිති.පත් දුටු කල “මද දවසෙකින් මල් කැකුලු ගන්ති”යි සතුටුව සැණකෙළියක් කෙලිති.මිනි දැඳිරි වූ කල “මඳ දවසෙකින් මල් පිපෙයි” කියා සතුටු යෙයි, එක් සුළඟෙක් නවහම් මලස්නක් සේ හැම මල් අතුට යෙයි,මධ්යඑයෙහි සතර ගවුවක් උස මලින් ධර්මාසනයෙක් වෙයි; ඒ මුදුනෙහි තුන් යොදුන් උස සේසතෙක් තිබෙයි,එ ආසනය ගාවා ශක්රුදෙවෙන්ද්ර්යාට තුන්ගවුවක් උස ආසනෙයකමෙැවෙයි.ඕහට ඉක්බිති ව ප්රතජාපති -වරුණ -ඊසාන ය යි යන ශක්රැයා හා සම වූ ආනුභාව ඇති දිව්යගපුත්රයන් තුන්දෙනාට දෙදෙගවු පමන ආසන වෙයි.එයින් ඉක්බිතිව දෙතිස් මහා දිව්යුපුත්ර යන්ට ගවු ගවු පමණ ආසන වෙයි. එයින් ඉක්බිති ව දෙතිස් මහා ආසන වෙයි.එයින් ඉක්බිති ව තෙසු මහෙශාඛ්ය දෙවියන්ට අඬ අඬ ගවු ආදින් තරම් තරම් ලෙස ආසන වෙයි. තෙසු දෙවියන්ට මල්කෙමි ම ආසන වෙයි. එ කල දෙවියෝ හැම ඒ සබාවට රැස් ව ධර්මාසනය හැර තෙසු තමන් තමන්ගේ මල් ආසන වල හිඳිති.එ මලෙහි රොන් සළා පන්සියක් යොදුන් නැඟි කැණිමඬලෙහි ගැසී නැවත බැස දෙවියන්ගේ රන්කඳන් වන් තුන්ගවු පමන ශරීර ලාක්ෂාරස ඉස්නා සේ තවරා සිට ගන්ති;මේ පරසතු මල් ක්රීෂඩාව සාරමසෙකින් නිම යි. පරසතු මල් කෙළියට ඒ සබාවට දෙවියන් රැස්වීමෙහි විභාග මෙසේ දතයුතු.
බණ කියන දවස් මහර දවසෙක සෘධිමත් රහත් මහ තෙර කෙනෙකුන් වහන්සේ හෝ ඒ ධර්මාසනයෙහි වැඩහිඳ බණ වඳාරන සේක. සමහර කලෙක කාළදෙවලාදින් සේ සෘදිමත් තාපස කෙනෙක් හෝ බණ කියති. මහර කලෙක මිනිස් ලොවින් ගොස් උපන් ධර්මකථික දිව්යාපුත්රි කෙනෙක් හෝ බණ කියති.සමහරකලෙක මිනිස් ලොවින් ගොස් උපන් ධර්මකථික දිවයපුත්රහ කෙනෙක් හෝ විශාරද ව බණ කියති.
මහර කලෙක ක්දෙවුරජ තෙමේ ම හෝ බණ කියති.සමහර ලෙක සනත් කුමාර නම් බ්ර හ්මරාජයාණෝ හෝ අවුදින් මන්ගේ දොලොස් යොදුන් බ්රමහ්මාත්ම භාව ය අන්තර්ධාන කොට පඤ්චශිඛ දිව්යනප්‍ුත්ර යාගේ වෙසින් ඒ ධර්මාසනයෙහි හිඳ බණ කියන්නාහු ය. ඒ පඤ්චශිඛයාගේ වෙසින් බණ කියන්නට කාරණ කිම යත්? ඒ තෙමේ ගිය දවස මිනිස්ලොව පස්කුඩුම්බියක් ඇති ව එහි පස්කොන්ඩයක් බැඳ බාලකල ගොපල්ලන්ට නායක ව කෙල ඇවිදිනේ සෙසු කොල්ලන් එක්කොට ගෙන තුන් මං සතර මං සන්ධියෙහි මල්පැල් නඟා වළ ගොඩ තැන් තනා , හේදඬු, වැලිසෑ බැද නවහම් මල් පුදා මෙසේ නොයෙක් පංකම් කොට ප්රිලයබාල අවස්ථාවෙහි ම මිනිස්ලොවින් මිය අනූල්ෂය් හවුරුද්දට ආයු ඇති තරු පෙනෙන දිව්යමලෝයෙහි රන්කඳ් බදු වූ තුන්ගවුවක් පමණ දිව්යෙ ශරීර ඇති ව සැටගලක් පුරාලන ආභරන පැළද යෙළ යාලක් සුවඳ විලෙවුන් ගෙන ගන්ධර්වයන් පිරිවරා උපන. ඒ තෙමේ තමා නළුවා හෙයින් විශෙෂ වූ සැරහුම් දන්ති,විශෙෂ වූ භාව භාව දන්ති, දෙවියන් ප්රිෂයකරවන්නාවූ කථා දන්ති,මිනිස්ලොව දී වූ වාසනාවෙන් පස්කොණ්ඩයක් බැඳ වෙන වෙන නොයෙක් පැයෙන් සරහා පිළි පර හෙළා තුන්ගවුව් දිග දිව්ය්මය වූ වීනාව් ගෙන දිව්යපගායනා ොට කොට දෙදෙවුලොව ඇවිදිනේ ය. පෙර ප්රියය අවස්ථාවෙහි පින් කළ හෙයින් දැනුදු මෙ හැම දෙවියන්ට ම ඉතා ප්රිථය ය,ඒ තාරණයෙන් බ්රුහ්මරජ්ජුරුවෝ දෙවියන්ගේ චරිත දැන මේ පඤ්චශිඛ දිව්ය පුත්ර යාගේ වෙස් මවාගෙන ඒ ධර්මාසනයෙහි හිඳ බණ කියන්නාහු ය.ඒ සබාවෙහි දෙවියන්ගේ බණ ඇසීමෙහි විබාග මෙසේ දතයුතු.
තව ද : මෙසේ සක්දෙවුරජහු ඒ සුධර්මා නම් දිව්යදසභාවට වැද උන් වේලෙහි වරම් රජදරුවෝ තමන් තමන්ගේ දිශාවෙහි රකවල් ගෙන සිටිනාහු ය. මෙසේඋන් තල අටවක් පෝයෙහි වරම් රජුන්ගේ ලියන්නෝද තුදුස්වක් පෝයෙහි වරම් රජුන්ගේ දරුවෝද ,පසළොස්වක් පෝයෙහි වරම් රජදරුවෝ තුමූ ම ද,මිනිස් ලොවට අවුදින් ඒ ඒ තැන් බලා “අද මෙතේ පුරුෂයෝ පේවූහ,අද මෙතෙක් ස්ත්රීපහු පේවුහ, මෙ තෙක් දෙන පන්සිල් රකිති,මෙ තෙක් දෙන අටසිල් රකිති, මෙ තෙක් දෙන දසසිල් රකිති,මෙ තෙක් දෙන සරණසිල් රකිති,මෙ තෙක් දෙන පෙහෙවස් රකිති,මෙ තෙක් දවුපියන්ට මෙහෙ රෛති,මෙ තේ දෙන බණ අසති,බණ අස්වති,බණ කියවති,මෙ තෙක් දෙන දාගැබ් මහබෝ ප්ර්තිමාදියට පුදති,මෙ තෙක් දෙන ත්රිෙවිධ වූ සුරිතයන් පුරති, මෙ තෙක් දෙන දසපින්කිරියවත් පුරති”යි යනාදින් රන්පත්වල දෑහිඟුලෙන් ලියාගෙන ගොස් ලියන්නෝ වූ නම් ඔහුගේ දරුවන් අතට දෙති. දරුවෝ වෙසවූණු රජහුඅතට දෙති,වෙසවුණු රජ්ජුරුවෝ පඤ්චශිඛ දිව්යණපුත්රතයා අතට දෙති,පඤ්චශිඛ දිව්යඛපුත්ර යාමාතලි දිව්යනපුත්රසයා අතට දෙයි.මාතලි සංඝාහක සක් දෙවුරජහු අතට දෙයි.
යම් කලෙ මිනිස්ලොව පින් කරන්නාවු ත්ත්වයෝ මද වූ නම් ඒ පින්කිරියවත් ලියූ පොත කුඩා වෙයි, පින් කරන්නාවූ සත්ත්වයෝ බොහෝ වූු නම් ඒ පොත මහත් වෙයි. පොත කුඩා වූ කල හැම දෙවියෝ ම පොත බලා “මිනිස්ලොව පින් කරන්නෝ මඳ,සතර අපාය පිරෙයි.අපගේ දෙවුලෝ නො පිරෙ”යි කියා පශ්චාත්තාප වෙති.ඒ පොත මහත් වී නම්”මිනිස්ලොව සත්ත්වයෝ ඉතා අප්රිමාද ව දවස් යවති,සතර අපාය අඩුවෙයි,අපගේ දෙවුලෝ පිරෙයි,බුද්ධෝත්පාදයෙහි පින්කොට උපන්නා වූ මහෙශාඛ්ය, දෙවියන් බල බලා සැණකෙලි කෙළුම්හ”යි කිය කියා ඉතා සන්තුෂ්ට වෙති. එ වෙලෙහි සක්දෙවුරජ ඒ පොත අතින් ැගන යොදනක් උස මලස්නකට පැනනැඟිලා කියවයි.එ වේලෙහි ඔහු සෙමෙන් ියවන කල සොළොස් යොදනෙ උන් දෙවියන්ට ඇසෙයි,මහත් කොට කියවන ලද දසදහසක් යොදුන් ශක්රඇභවනයෙහි දෙවියන්ට ඇසෙයි.පෝය දවස් දිව්යද සබාවට දෙවියන් රැස්වීමෙහි විභාග මෙසේදත යුතු.
තව ද: කප්රුක් නිසා, දිව්යාංගගනාවන් නිසා,දෙවියන්ගේ ව්වාද බෙහෙව, ඒ විවාදයෙන් උපන් අධිකරණ සක්දෙවුරජහු කරා පැමිණෙයි: සක්දෙවුරජ මෙම සුධර්මා නම් දිව්යැසබාවෙහි දී දෙදෙවුලොව දෙවියන් මධ්යනයෙහි ඒ අධිකරණ සන්හිඳුවා දෙයි. දේවතාවන්ගේ දරුවෝ ඔපපාති ව උන් උන්ගේ ඇතයෙහි පෙනීයෙති, එ කල ඔවුන්ට අප දරුවෝයයි ප්රේතම කෙරෙති. ස්ත්රීට ඔවුන්ගේ දිව යහන් මතුයෙහි මැවියෙති, ඔහු භාර්යා නම් වෙති, උන් උන් මල් පලඳවා ආභරණ පලඳවා සරහන්නාවූ දෙවියෝ යහන වටා පෙනි යෙති, පරිවාර දෙවියෝඇතුළු විමානයෙහි පෙනි යෙති,මෙසේ උපන්නා වූ අඹුදරු පරිවාර දෙවියන් නිසා කරන වාද නැත. යම් යම් කෙනෙක් දෙවියන්ගේ සීමාන්තරයෙහි ඉපැද ගියෝ නම් ‘මට හිමි ය, මට හිමි යැ’යි යනාදින් ඔවුනොවුන් හා යුද්ධ කෙරෙති. එ කල ඔහු සක් දෙවුරජහු කරා ගොස් “මේ අපගේ විවාද ය පසිඳ දෙව” යි ියති. එ කල ශක්රියෝ පරීක්ෂාකොට යමකුගේ සීමාවට භාර වී නම් ඕහට හිමියැ යි හරවා දෙති. ඉදින් සීමාව මධ්යායෙහි ඉපැද යමකුගේ විමානයට මුහුණ ලා සිටියෝතින් ඔහු හිමියැයි පාවා දෙති,ඉදින් කාගේවිමානයකුත් නො බලා සිටියෝතින් වාද පසිඳිනා නිසා “මා සතු යැ”යි ශක්රදයා තමාට හැරගන්ති. හේ මෙසේ යි. අප බුදුන් සමයෙහි කිඹුල්වත රෝහිණි නම් රාජකන්යායවක් ඝනරන් දහසක් අගනා භොජන ශාලාවක් කරවා ,බුදුන් ආදි වූ මහ සඟනට දන් දි, එ තැන් පටන් රජදූමි යි නො සිතා තමා ස්වහස්තයෙන් ඒ ශාලාව පිරිබඩ ගන්ති. ස්වහස්තයෙන් පැන් පෙරා හිඳිනා අසුන් පනවා තමා සියඅතින් භික්ෂූන් වළඳවා පින් කොට තමාගේ ආයු තෙළෙවර මිය ශක්රතපුරයෙහි දෙවියන් සතරදෙනෙකුගේ සීමාන්තරයෙහි දෙවුලොව බබුළුවා තුන්ගවු පමණ දිව්ය් ශරීරයෙකින් දොළොස් යොදුන් දිවසළුවක් එකාංගකොට ලා සියලඟින් නිකුත් රසින් දෙවුපුරය බබුළුවා පෙනී ගියා ය.
එ කල ඒ දෙවියෝ සතරදෙන .....
සංස්කරණයඑ කල ඒ දෙවියෝ සතරදෙන “මට හිමි ය, මට හිමි යැ”යි දිව්යාංයගනාව කෙරේ කළ ලොභයෙන් ඔවුනොවුන් හා යුද්ධකොට ඈ කැඳවාගෙන සක්දෙවුරජහු කරා ඒ සුධර්මා නම් දිව්යඈසභාවට ගෝ “අපගේ මේ අධිරණය පසිඳ දෙව’යි කීහ. එ කල සක් දෙවුරජ බුද්ධොත්පාද කාලයෙහි බින්කළ බෙලෙන් රැපශ්රීවන් දිලියෙන්නාවූ ඒ රොහිණි නම් දිව්යාංරගනාව දැක තමාගේ අඩුතුන් කෙළ් පමණ දෙවඟනන් ඇත ත් ඈ කෙරෙහි අධික වූ ලොබ ය කොට “මැ මට ම ඇරගනිමි”යි සිතාලා දිව්යටපුත්රමයන් තරදෙනා ළඟට කැඳවා “මෑ දුටු වේලෙයි පටන් තොප තොපට කුම් සිතේ දැ”යි විචාළේ ය. එකේ කියනුයේ “මැ දුටු වේලෙහි පටන් ආකාශ ගංගාවක් නො පැිළ දිවන්නා සේ මාගේ ප්රේමම නමැති ගංගාව මෑගේ රූප නමැති තියග්ගලෙහි ධාරානිපාත වෙමින් සිටියේ ම යැ” කී ය. එකේ කියනුයේ “මෑ දුටු නො ලැබෙම් දෝ හෝ යි යන ශොකයෙන් මාගේ ළය පට පටයා ගැසෙන පරිදි සටන් බෙර් ගසන්නා වැන්නැ”යි කි ය. එකෙක් කියනුයේ “මෑ දුටු වේලෙහි පටන් මැගේ කෙශාන්ත ය පටන් පාදාන්තය දක්වා මෑගේ රූපශ්රීෙය බලා මාගේ ඇස් හයා ගතත් නො හෙමි. දෑසිපිය සොලවා ගත ත් නො හෙමි,එසේ හෙයින් ඇස්දෙක කකුළුවකුගේ ඇස් සේ මෑ රාම නෙරී ගියේයැ”යි නීය. එකෙක් කියනුයේ “මෑ දුටු වේලෙහි පටන් මෑ නො ලැබෙම් දෝ හෝයි යන ශෝකයෙන් මාගේ ළය පට පටයා ගැසෙන පරිදිත් මාගේ සිත සෝ දුින් වැනි වැනි තිබෙන පරිදිත් දාගැබ් කැරැල්ලක් අග බැදලු පතාකය් හැම වේළෙහි ම සුළං පහරින් පට පටයා ගැසි ගැසි ඔබ මොබ වැනි වැනි සැලෙන්නා වැන්නැ”යි කී ය. ඉක්බිත්තෙන් සක්දෙවුරජ ඔවුන් සතරදෙනා කී මේ උපමා කථා අසා කියනුයේ “පින්වත්නි! මෑ නො ලදු ව නම් තෙපි සතර දෙන මියා දථ නො මියා දැ” යි විචාළේ ය. ඔහු සතර දෙන ම නො මියම්හ යි හ. සක්දෙවුරජ කියනුයේ “පින්වත්නි! මේ දේවතා දුව දැන් ඉතින් මම නොලදිම් නම් මට මාගේ ශක්රිසම්පත්තියෙනු ත් ම් නැත, වෛජයන්ත නම් ප්රමසාදයෙනු ත් කම් නැත, පාණ්ඩුකම්බලශෛලාසනාදියෙනු ත් ම් නැත, දෙකෙළපනස් ලක්ෂයක් පමණ ඇති මාගේ දිව්යාංැගනාවන්ගෙනු ත් කම් නැත, දැන් ම මියෙන්නෙම් වේ දැ”යි කී ය.
එ බසට දෙවතාවෝ සතරදෙන ඔවුනොවුන් මුහුණ බලා සිනාසි “අපි ත් තොපගේම ය, මේ දෙවුලොව ත් තොපගේ මය, එහි උපන් කෙනෙකුන් තොපගේ ම ය, එක දෙවුදුවක නිසා තොප වැනි දිව්ය රාජයකු මළෝතින් අපට ම අලාභ ය, සියලු දෙවියන්ගේ කාර්යාකාර්යයෙහි අප්රමමාද වූ තොප වැනි දිවයරාජයක් හු ලැබගත නො හැක්කේ ම ය, ස්වාමින්! නො මියව, තොප හිමි සැපත තෙපි ම ගනුව, අප සතරදෙනාගෙන් ම තොපට සරණ දෙම්හ”යි ඖහට ම පාවාදී ගියහ. ඒ තැන් පටන් සක්දෙවුරජ ඒ රොයිණි නම් දිව්යාංවගනාව අගමෙහෙසින් ොට ප්රිදයවාසයෙන් විසී ය.ඒ දිව්යැසබාවෙහි දී කරන අධිකරණ ථාවෙහි විභාග මේ ආදීන් දතයුතු.
වස් වන පවරන දා දෙවියෝ ඒ දිව්ය සභාවට රැස් ව “අද ොයි ගොසින් බණඅසා පවරමෝදැ”යි ඔවුනොවුන් හා කථා රෛති, එයින් ස්දෙවුරජ බොහෝ සේම පුවඟු දිවයිනේහෝලක්දිවු හෝ අවුදින් පවරා දා මහබෝ වැඳයෙයි සෙසු දෙවියෝ පරසතුමල් දිව්යරගන්ධාදින් ගෙන තමන් තමන් අභිප්රාපය තැනට ගොස් පවරා වැදපුදා යෙති, අබුද්ධොත්පාදයෙහි එම සභාවෙහි දීම පවරති. වස් වන පවරන දා ඒ සභාවට දෙවියන් රැස්විමෙහි විභාග මේ ආදින් දතයුතු.
තව ද: ඒ සක්දෙවු රජහු සියලු දෙවියන් රැස්රන වේලෙහි තමාගේ ඒසිය විසි රියන් දිග විජයත් නම් සක තුඩ තබා ඒ යලක් පිඹ කල ඒ නාද ය දසදහසක් යොදුන් ශ්ර බවනයෙහි පැතිර සාරමස් දෙපෝයෙන් සිදෙයි. මෙසේ විසිතුරු වූ තවුතිසා දිව්යදභවනයෙහි රජ කරන ඒ සක්දෙවුරජහු උද්යාසනාදි ක්රීනඩාවට විජයත් නම් තමාගේ මහපායෙන් සෙලවී ගිය වේලෙහි දෙදෙවුලොව දෙවියෝ සක්වළගල් පර්යන්තව හැම දෙන හැළෙල යෙති. එ කල ධ්රැහතරාෂ්ට්රෝ නම් වරම්රජ තමාගේ මහ සෙනග ගෙන ශ්වෙ තවස්ත්රා්භරණ පැලඳ දෑවාණමය කඬුපලඟ ගෙන කෙළලක්ෂයක් හැළි අසුන් නැංගාවු කෙළ ලක්ෂයක් පමණ තමාගේ ගන්ධර්ව භටයන් පිරිවරා තෙමේ ද ශ්වෙකත වස්ත්රානභරණයෙන් සැරසී දෑවාණමය වූ කඩුවක් හා පලඟයක් ගෙන ශේවත අශ්වාරාජයකු පැන නැගි කෙළලක්ෂයක් පමණ රිදී වැට පහනින් දිලිහි දිලිහි පූර්ව සක්වළ මුවවිටියෙහි පිටත බලා සක්දෙවු රජහට අරක් ගෙන සිටගනති.
තව ද: විරූළ්හ නම් වරම් රජ තමාගේ මහ සෙනග ගෙන නීලවස්ත්රාකභරණ පැලඳ ඉන්ද්රමනීලමය වූ කඩුපලඟ ගෙන, කෙළ ලක්ෂය් නීල අශ්වයන් පැන නැගි කෙල ලක්ෂයක් කුම්භාණ්ඩ භටයන් පිරිවරා තෙමේද ඉන්ද්ර නිල වසුත්රා්භරණයෙන් සැරසී ඉන්ද්ර් නීලමය වූ ඩුවක් හා පලඟයක් ගෙන නිලවර්ණ දිව්යය අශ්වරාජයු පැන නැගි ළෙලක්ෂය් මිණිවැට පහනින් දිලිහි දිලිහී දකුණු සත්වල මුවවිටියෙහි සක්දෙවු රජහට අරක් ගෙන පිටත බලා සිටගන්ති.
තව ද: විරුපාක්ෂ නම් වරම් රජ තමාගේ මහසෙනඟ ගෙන ප්රදවාලමය වූ වස්ත්රා භරණ පැලඳ ප්රගවාලමය වූ කඩුපලග ගෙන කෙළලක්ෂයක් ලමණ සුරක්ත වූ අශ්වරාජයන් පැන නැඟි , කෙළ ල්ෂයක් නාගභටයන් පිරිවරා තෙමේ ද ප්රනවාලමය වූ දිව්ය්වස්ත්රාපභරණයෙන් සැරසී, ප්රිවාලමය වූ කඩුව්ක් හා පලඟයක් ගෙන ප්රසවාලපත්රයයක් වැනි වූ දිව්යා අශ්වරාජයක්හු පැන නැඟි, කෙළලක්ෂයක් පමණ පබළු වැටපහනින් දිලිහි දිලිහි පැළසක්වළ මුවවිටියෙහි සක්දෙවු රජහට ම අරක් ගෙන සිටගන්ති.
තව ද: වෙසවුණු මහරජ ද තමාගේ මහසෙනග ගෙන, රන්වන් වස්ත්රාකභරණයෙන් සැරහි, රනිවන් කඩුපලඟ ගෙන, කෙළලක්ෂය් පමන රන්වන් වූ අශ්වරාජයන් පැනනැඟි, කෙළල්ෂයක් පමණ යක් සේනාව පිරිවරා , තෙමේ ද කනමය වූ වස්ත්රාකභරණයෙන් සැරහී, කනකමය වූ කඩුවක් හා පලඟය් ගෙන,කනකවර්ණ දිව්ය් අශ්වරාජයක්හු පැන නැඟි, කෙළලක්ෂයක් පමණ රන් වැටපහනින් දිලිහි දිලිහි උතුරු සක්වළ මුවවිටියෙහි පිටත බලා සක්දෙවු රජහට ම අරක් ගෙන සිට ගන්ති.
තව ද: සුධර්ම නම් ගාන්ධර්ව දිව්යජපුත්රියෙක් තුන් ගවු දිග සර්ව නන්දන නම් මහ බෙරක් කර ලාගෙන,අටසැටදහසක් හෙරීන් සමඟ ලක්ෂගණන් නළුවන් පිරිවරා පැදුම්සක්වළ මුදුනෙහි පනස් යොදුන් තන රඟ මඬුලු බැඳ සිට ගන්ති.
තව ද: තිම්බරු නම් ගන්ධර්ව දිව්යඳපුත්රුයෙක් තුන් ගවුව් පමණ දිග පමුඛ නම් මහ බෙරක් ගෙන, අටසැටදහක් හෙරින් හා සමඟ ලක්ෂගණන් නළුවන් පිරිවරා පනස් යොදුන් තැන රඟමඬුලු බැඳ දකුණු සක්වළ මුවවිටියෙහි සිට ගන්ති.
තව ද:දික්පමුඛ නම් ගන්ධර්ව දිව්යිපුත්ර්යේ තුන්ගවු දිග මහාභාණ්ඩ නම් මහ බෙරක් කර ලා අටසැටදහසක් දිව්යණහෙරීන් හා ලක්ෂගණන් නළුවන් පිරිවරා පනස් යොදුන් තැන රගමඬුලු බැඳ බස්නාහිර සක්වළ මුවවිටියෙහි සිට ගන්ති.
තව ද: පඤ්චශිඛ නම් ගන්ධර්ව දිව්යතපුත්ර්යේ තුන්ගවු පමණ සුස්වර නම් මහ බෙර් ර ලා ,අටසැට දහසක් හෙරීන් හා ලක්ෂගණන් නළු වන් පිරිවරා,පනස් යොදුන් තැන රඟමඬුලු බැඳ උතුරු සක්වළ මුවවිටියෙහි සිට ගන්ති.
තව ද: අලම්බුසාදි වූ නාටක ස්ත්රීින් අතුරෙන් ගර්ගරා නම් දිව්යාංඬගනාවක් තමාගේ පිරිවර ගෙන අවුදින් තුන්ගවු දිග මහවෙණ නම් වීණාව් අතින් ගෙන එකවිටෙ ගාලයි,එකෙණෙහි අටසැටදහස් වීණා නාද පැතිර දෙවුලෝ පුරා සිට ගන්ති.
තව ද: සාධු නම් දිව්යාං ගනාව් සපිරිවරින් අවුත් සිට තුන්ගවුවක් දිග සුන්දර රාව නම් දන්ඩක් පිඹලයි. එ කෙණෙහි අටසැටදහස් වස්කුලල් තෙමේම රැව් දෙයි.
තව ද:ආභත්යෙරියා නම් දිව්යාංුගනාවක් සපිරිවරින් අවුත් සිට තුන් ගවුවක් දිග නලබු නම් වීනාවක් ගාලයි,එ කෙණෙහි අටසැට දහසක් වීණා කඳ තෙමේ ම ගායනා කෙරෙයි.
තව ද: මණිමේඛලා නම් දිව්යාං ගනාවක් සපිරිවරින් අවුත් සිට විජයතුරා නම් සකක් පිඹියි. එ කෙනෙහි ද අටසැට්දහසක් විජයතුරා නම් සක් තෙමේ ම තමාට නාද කෙරෙයි.
තව ද: මනොයර නම් දිව්යාංතගනාව් තුන්ගවු සා පෘථුබිම්බ නම් මිහිඟුබෙරෙක් ගසයි, එ කෙණෙහි ද අටසැටදහසක් මිහිඟුබෙර තෙමේ ම නාද රෛයි. දෙයි. තව ද: අතිවෘත්තිකානම් දිව්ංා රගනාවක් සපිරිවරින් අවුත් සිට තුන්ගවු සා ආනන්ද ජනක නම් මිහිඟු බෙරක් ගසයි, එ කෙණෙහි ද අටසැටදහසක් ආනන්ද හෙරි තෙමේ ම නාද පවත්වයි.
තව ද: මත්තකී නම් දෙවු දුවක් සපිරිවරින් අවුත් සිට තුන්ගවු පමණ එකච්ජිද්ර නම් ගායනාවක් කෙරෙයි. එ කෙණෙහි අටසැටකදහසක් එකච්ජිද්ර තෙමේ ම නාද කෙෙරයිතෙව ද නන්දා නම් දිව්යාංෙගනාවක් කෞණ්ඩස්වර නම් තුන්ගවු දිග මහා වීණාවක් ගායනා කෙරෙයි,එ කෙණෙහි අටසැටදහසක් කෞණ්ඩස්වර තෙමේ ම නාද කෙරෙයි.
තව ද යාමා නම් දිව්යක ස්ත්රි යක් තුන්ගවු සා චිත්රිපුෂ්පකර නම් පටහ හෙරියක් ගසයි, එ කෙණෙයි පිරිවර අටසැට දහසක් පටහ බෙර තෙමේ ම රැවුදෙයි.
තව ද: ඝොරස්වර නම් දිව්යාංරගනාවක් තුන් ගවුවක් දිග මන්දස්වර නම් මිණිපර්වතයක් වයයි, එතෙණෙහි පිරිවර අටසැටදහසක් මිණිපර්ව තෙමේ ම රැවු දෙයි.
තව ද සර්වාංගශොභනා නම් දිව්යාංවගනාවක් තුන්ගවු දිග මහාඝොෂා නම් බෙරක් ගසයි. එ කෙණෙයි අටසැටදහසක් පිරිවර මහාඝොෂා නම් බෙර එකවිට ම නාද කෙරෙයි. මෙසේ ම නොයෙක් දහස් ලක්ෂගණන් දිව්යාං ගනාවෝ ආතතය - විතතය - ආතත - විතත ය -ඝන ය - සුෂිර ය යන නොයෙක් නාමයෙන් විසිතුරු වූ වාද්යන කරන්නාහු ය.
මෙසේ නොයෙක් දිව්යන නළුවන් පිරිවරා.....
සංස්කරණයමෙසේ නොයෙක් දිව්යන නළුවන් පිරිවරා ඒ සක් දෙවු රජ උයන්කෙළියට යනුයේ ඇතැම් කලෙක විශ්මකර්මයා මැවූ නාරි වාහන නම් සත්රුවන්මය වූ විසිතුරු මණ්ඩපයෙකින් යෙයි. ඇතැම් කලෙක දහස් පමණ දිව්යප වූ ශ්වෙත නෛ්ධවයන් යෙදු පඤ්චවර්ණ වූ ධ්වජමාලාවෙන් හොබනා වූ සත්රුවන්මය වූ යෙළ සියයක් යොදුන් විජයත් නම් දිව්ය්රථයෙන් යෙයි. සමහර කලෙක රොවණ නම් හස්තිරාජයා පිටට පැන නැඟි මහත් වූ ඓශ්චර්යයෙන් යෙයි ඒ කෙසේ වූ ඇතෙක් ද යත්.
දෙව්ලොව තිරිසනුන් නැති හෙයින් එක් දිව්යපපුත්රායෙක් වඓරාවන නම් ඇත්වෙසයක් මවාගන්ති. ඔහුගේ දිග යෙළ සියයක් යොදුන ,උස අනු යොදුන, බොල පනස් යොදුන, කුඹු තෙතිසක් ඇත, එකෙි කුඹෙහි පණස් යොදුන් පමණ දිග ඇති සත්දළ ය, එකි එි දළෙහි සත් සත් පොකුණු ය, එකි එකී පොකුණෙහි සත් සත් පියුම් ගස, එකෙකි ගසෙහි සත් සත් පියුම් වෙයි. එකෙකි පියුමන් සත් සත් පෙති වෙයි. එකෙකි පෙත්තෙහි තුන්ගවු උස දිව්යාං ගනාවෝ සත් සත්දෙන නටන්නාහු ය. එකෙකි දිව්යාංාගනාව පිරිවරා සත් සත් දිව්යාංනගනාවෝ සිටිනාහු ය. මෙසේ එක හස්තිරාජයාගේ ම කුඹු තෙතිසක , දළදෙසිය එක්තිසෙක ,පොකුණු ඒදහස් සසිය දසසතෙක, පියුම් ගස් එකොළොස්දහස් තුන්සිය දසනවයෙ ,පියුම් සැත්තැනවහස් දෙසිය තෙතිසෙ, පෙති පස් ලක්ෂ සිවුපණස් දහස් සසිය ඒ තිසෙ , නාටස්ත්රී න් අටතිස් ලක්ෂ දෙයාූදහස් සාරසිය දසසත්දෙනෙක, පරිවාර ස්ත්රීඅන් දෙකෙළ එක්සැත්තෑ ලක්ෂ සැත්තැදහස් නවසිය දසනවදෙනෙක,මෙසේ අලංකෘත වූ ඒ සහස්තිරාජයා පිට සක්දෙවු රජහට දිග පණස් යොදුන් ,මැවී යෙයි. නොහොත් මධ්යෙයෙහි සුදර්ශන නම් මහුඹ පිට දොළොස් යොදුන් රුවන් මඬුවෙක් හෝ මැවි යෙයි.
ඒ මඬුවෙහි සුවාසූදහසක් පමණ සත්රුවන් පා පෙළ වෙයි. එකෙි පාය වැළඳද සිටිනා වූ සත් සත් රන ලිය වෙයි. එකෙකි ලියෙහි සත් ත් මල්කැන් වෙයි,ඒ අතරතුරෙහි සත්රුවන්මය වූ ධ්වජපෙළ වෙයි, තැන තැන එලෙන මිණිකිිණි දැල් වෙයි, ඒ දැල් මන්දමාරුතයෙන් පහළ කල පඤ්චාංගික තූර්යනාද සේ මධුර නාද ඇසෙයි. ඒ මඩුව වටාමණිමය වූ පදනම් වෙයි. ඒ පදනමින් පිටත අටවිසි යක්ෂසේනාධිපතිවරු ආයුධ ගෙණ සිටිති. ඒ රුවන් මඩුවල තෙතිස් දිව්යිපුත්රසයෝ සහපිරිවරින් සිටිති. ඒ රුවන් මඩුවල මැද යොදනක් උස් මිණි පළඟ මතුවෙහි තුන් යොදුන් උස සේසත් යට සක්දෙව් රජ සැට ගැලක් පුරාලන ආභරණ හා යෙලයාලක් සුවඳ විලවන් ගල්වා, ගවු උස මිණිඔටුණු පැලඳ මහත් වූ දිව්ය්රාජශ්රිලන් සොභමාන ව හිඳ ගන්ති.
එ වෙලෙහි සුධර්මානම් අගමෙහෙසුන් දිව්යාංනගනාවන් පිරිවරා සක්දෙව් රජ හට අභිමුඛ ව හිඳ ගන්ති. සුජාතා නම් වල්ලභ ස්ත්රිෙ දිව්යාවභරණයෙන් සැරැහී ලක්ෂගණන් දිව්ය්ස්ත්රීවන් පිරිවරා දකුණුපස හිඳගන්ති, නන්දා නම් දිව්යාංජගනා ද දර්වාභරණයෙන් සැරහී ලක්ෂගණන් දිව්ය ස්ත්රීදන් පිරිවරා පිටිපසුයෙහි හිඳගන්ති - මෙසේ අගබිසෝවරුන් සතරදෙනා සැරහී ගෙණ පළමුව උන් කල්හි තව ද: සක්දෙව්රජහට වල්ලභවූ තෙයානු දහසක් දිව්යාං ගනාවෝ සැරහී රුවන් ඝටාදීපානිය භාජනයන් ගෙණ හාත්පසින් හිඳිනාහුය. ඔවුන් පිරිවරා නොයෙක්ලක්ෂගණන් දිව්යාංුගනාවෝ පුන්කලස් ගෙණ සිටිනාහු ය. මෙසේ අඩතුන් ළෙක් දෙවඟනන් හා අටවිසි යක්ෂ සේනාධිපතින් ආදිවූ දෙදෙව් ලොව දෙවියන් පිරිවරා සූවිසි කෙළක් දිව්ය්නාටකයන්ගේ විසිතුරු වූ දිව්ය්ගායනා විද විඳ ඔහු නන්දනොද්යා නාදියට නික්මුණු වේලෙහි මල්වැසි ද වස්නේ ය.
මෙසේ ඒ ශක්රදයාගේ සම්පත් එක මුඛයෙකින් තබා දහක් මුඛයෙකිනුත් කියා නිමවාගත නො හැක්කේ ම ය. මෙසේවූ ඓශ්චර්ය සම්පත් සෛ් වූ පින් කොට ලදුයේ ද යත්?
මෙ තමා මිනිස්ලොව වසන කල....
සංස්කරණයමෙ තමා මිනිස්ලොව වසන කල මවුපියයන්ට කීරු ව, අත්පා මෙහෙ කෙලේ ය. කුල වැඩිමල්ලන් දැක ආදර කෙළේ ය. සියලු සතුන්ට මට සිලුටු වූ ප්රිඩයතෙපුල් කී ය: කේළාම් නො කී ය, අලොභී වී ය, සබවවස ර්ෂා ළෛ් ය, එක දවසෙක ත් අනුන්ට නො කිපියේ ය, මේ සප්ත ප්රවකාර වූ ගුණධර්මයන් හේතුකොට ගෙන මේ සා ශක්රවසම්පත් ලදුයේ යි දතයුතු. වදාළේ මැනෝ:-
මාතාපෙත්ති භරං ජන්තුං - කුලෙ ජෙට්ඨාපවායිනං,
සණ්හං සඛිල සම්හාසං - පෙසුණෙය්යජප්පහායිනං
මච්ජෙරවිනයෙ යුත්තං - සච්චං කොධාභිභු’ නරං,
තං වෙ දෙවා තාවතිංසා -ආහු සප්පුරිසො ඉති-යි.
තව ද: මේ සක්දෙව්රජහු ම අප බුදුන් වැඳහෙව තුන්කෙළ සැට ලක්ෂයක් අවුරුද්දට ආයු ලැබ අසූදහසක් දෙවියන් සමග සෝවාන් වූ පරිදි කෙසේද යත්?
එක් සමයෙක මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මගධරට රජගහ නුවරට පැදුම් දෙහෙක් මහ අඹවනයක් සමීපයෙහි ඇතිවූ භෙයින් අඹසැඩ නම් වූ හෙයින් අඹසැඩ නම් වූ බමුණු ගමට උතුරුදිග සිසාරා නිල්වනයෙකින් පරික්ෂිප්ත වූ ඵෙයින් වේදිය නම් වූ පර්ත මුදුනෙහි දොර සිටි ඉදුසල් ගසක් ඇති හෙයින් ඉන්ද්ර්ශාල ගුහාය යි ප්රිසිද්ධ වූ, පවූරු පදනම් දොරටු කවුළුයෙන් යෙදුනා වූු ගල්ගුහායෙ වැඩවසන සේක. එ කල ඔක්රායාට බුදුන් දක්නා රිසි වි ය, එතෙමේ ඇම විට ම බුදුන් දැක දැකම සිටිනා කැමැත්තේ ය, දෙවියන්ගේ කාර්ය බොහෝ හෙයින් තමා ඉතා අප්රාමාද ව ඔබත් ව්යා පෘතවෙයි . බුදුන් රා ත් ඒ ම ය; එ දවස් වනායි තමාගේ ආයු ක්ෂය වූ හෙයින් මරණ භයින් වෙවුලා බුදුන් දක්නා කැමැති විය.කෙසේ ද යත්?
ඔහු මනුෂ්යතගණනායෙන් තුන්කෙළ සැටලක්ෂයක් හවුරුදු ශක්රමසම්පත් විඳ, ආයු ගෙවුණු කල පඤ්චපූර්වනිමිත්ත දැක, තමාගේ ආයු පිරිහී ගිය බව දැන ,බුදුන් දක්නාකැමති වි ය. එහි මඳ මඳ පිණක් කොට උපන් දෙවියන්ට මරණ කාරණා පෙණුණු කල “අප කලපින් ගෙවින, මෙයින් ගොස් කොයි උපදුමෝදෝ හෝ යි මහත් වූ භය ඇති වෙයි, බොහෝ පින්කොට උපන් දෙවියෝ මරණ කාරණ දුටු කල “මතුමත්තෙහි දෙවුලොවට නැගෙමුහ”යි සතුටු වෙති.
සක්දෙව් රජහට පූර්වනිමිත්ත පෙනුණූ වේලෙහි මේ දසදහස් යොදුන් ශක්රටපුරය ද, දහසක් යොදුන් විජයත් නම් මහපාදයද, පන්සියක් යොදුන් සුධර්මා නම් දිව්යිසභාවද, සියක් යොදුන් පරසතු මඳාරාගස ද, සැටයොදුන් පාණ්ඩුකම්බල ශෛලාසනය ද, අඩු තුන්කෙළක් දිව්යාංමගනාවෝ ද, දෙදෙවුලොවදිව්යද සෙනාව ද, දහසක් යොදුන් නන්දනොද්යාානය ද, යනාදි තමාගේ ශක්රනසම්පත බලා “මේ සා සැපතෙකින් පිරිහෙමි”යි භයින් වෙවුලා ගිය.
ඉක්බිත්තෙන් “කවර මහණෙක් - බමුණෙක් - දෙවියෙක් -බඹෙක් හෝ ,මාගේ මේ ශෝක නමැති ශල්ල ය මාගේ ළෙන් හ ය හැර මාගේ මේ දිව්යිසම්පත්ති ය ස්ථාවර කොට ලන්ට සමත්දෝ හෝ” යි බලා කිසි සත්ත්වයකුත් අසමර්ථ සේ දැක, නැවත පරීක්ෂා කොට, කරුණා නිධාන වූ , පරදුඃක දුඃඛිත වූ, සද්ධර්ම චූඩාමණි වූ මාගේ බුදුන් සිහිකොට “මාසේ වූ එක සත්ත්වයකු තබා සියක් දහසක් - ලක්ෂයක් සත්ත්වයන්ගේ ශොකශල්ල ය බුදුහු හරනා සේකැ “යි සිතූ වේලෙහි නැවතඔහුගේ මරණභය සන්හිඳි එවිට ම ලොසින් බුදුන් දකිනට උත්සාහ වැඩිණ.
එ කල ශක්රූයා අප බුදුහු කෙසේ වූ දනවුවෙක, කෙසේවූ ගම් නිසා, කෙසේවූ සත්ත්වයකුගෙන් දන් වළදා කෙසෙවූ සත්ත්වකෙනෙකුන්ට දහම් අමා දෙන සේක් දෝ හෝ යි පරීක්ෂා කොට බලනුයේ යටකී ඉන්ද්රේශාලා නම් ගුහායෙහි වැඩවසනසේ දැ බුදුන් ද්නට මා හා මඟ එව’යි තවුතිසා භවනයෙහි දෙවියන් කැඳ වී ය.
එ කලා ව නො ගොසින් කුමක් නිසා ඇමදෙවියන් කැදවී ද ය ත්? පෙර එක් දවසක් මෙම සක්දෙවු රජ බුදුන් ජෙතවනාරාමයෙහි සලලාගාර නම් ගඳකිළියෙහි වැඩවසන කල එකලා ව බුදුන් දැක බණ අසන්නට ගිය. බුදුහු ඔහුගේ අධිගම ලබන නුවණ තව ළා සේ දැක, “මතු ඉන්ද්ර ශාල ගුහායෙහි දී අසූදහසක් දෙවියන් සමඟ මාර්ගඵල දෙමි”යි සිතා වදාරා ඕහට එදා අවාශ නුදුන් සේක. ඒ කාරණයෙන් “එකලා ව ගියෙම් නම් අද ත් අවකාධ නො ලදිම් නම් නො යෙදෙයි. බොහෝ දෙවියන් හා සමඳ ගියල කිසි කෙනෙකුන් උදෙසා බණවදාරණ සේකැ”යි ිතා තමා නුවණැ’ති හෙයින් තවුතිසා වැසි දෙවියන් ඇමදෙනා ම කැඳවී ය යි දතයුතු.
ඉක්බිත්තෙන් දිව්යිසේනාව එ බස් අසා “මහරජ! තට වැඩෙක් වේව යි, බොහෝ දවස් ජීවත් වේව යි, උයන්කෙළි හිමවුකෙළි ගං කෙළියට යම්හ යි නො කියා අප බුදුන් කරා යම්හ යි ිතූ සේ මැනැවැ යි සතුටුව සක්දෙවුරජහුගේ එ තෙපුල් මුදුනෙන් පිළිගෙන හැම දෙවියෝ නික්මුණහ. එ කල සක්දෙව්රජ දිග් කළ අතක් ව් නොකරන ඇසිල්ලෙහි දෙවුලොවින් පහ ව ඒ වෙදිය නම් පර්වතයට බට. පෙර එක දෙවියු - බඹකු එතෙනට බට කල මහත් වූ ආලෝක වෙයි. එ දා දෙදෙවුලොව දෙවියන් හැම දෙනාගේ ශරිර ප්ර්භාවයෙන් ඒ පර්වතය හිරිදහස් - සඳදහස් නැංගා සේ වි ය.
එ වෙලාව නම් සවස මනුෂ්යැයන් කන බොන බාලදරුවන් දොර හිඳ කෙළිනා වේලා ය, ඒ කාරණයෙන් එ දනව්වෙහි සියලු මනුෂ්යනයෝ දිලියෙන පර්වතය දැක ‘අප බුදුන් කරා මෙතෙක් කල් දෙවියෝ මධ්යෝම රාත්රි යෙහි එති. අද පෙරයම් වේලෙහි ම ආවාහු ය. කිමෙක් දෝ මහෙශාඛ්යන දිව්යිරාජයෙක් හෝ බ්රකහ්මරාජයෙක් හෝ බුදුන් කරා පැන විචාරන්නට අා වන, අප බුදුහු කෙසේ නම් පැන වදාරන සේක් දෝ හෝ, එසේ වූ දෙවියන්ගේ පවා සැක හරන බුදුහු දැන් අපට නුදුරු තෙන වසන සේක, එසේවූ ස්වාමි දරුවන්ට බත් සරළුවක් , කැඳ සරළුවක් , දුන්නා වූ සත්ත්වයන්ට වඩා මේ ලෝකයෙහි පිනැත්තෝ නැතැ”යි සිත සිතා, කිය කියා, සියලඟ ලෝමහර්ෂ ගනව ගනවා දොහොත් මුදුනෙහි බැඳගෙන සාධුකාර පූජා දහස් ගණන් කොට කොට බල බලා සිටිනාහු ය.
එ කල ස්දෙවුරජ පඤ්චශිඛ නම් දිව්යලපුත්රයයා කැඳවා....
සංස්කරණයඑ කල ස්දෙවුරජ පඤ්චශිඛ නම් දිව්යලපුත්රයයා කැඳවා “පඤ්චශිඛ ය! මම සරාගි යෙමි, බුදුහු අරාගි සේක. එසේ හෙයින් බුදුන්ගේ අදහස් කාටත් නො දැනෙයි, තෝ පළමුකොට පලාගොස් බුදුන් සතුටු රවා මා ආ බව කියා අවසර ඉල්වා දීලා, එල මම ගොස් දැක වඳිමි”යි කීහ.කාරණ කිම යත් ? මේ පඤ්චශිඛ දිව්යස පුත්රඉයා නම් බුදුන් කෙරෙහි වල්ලභ ය, සිතූ සිතූ විට ගොස් බුදුන් හා සමඟ කථා කෙරෙයි, භය නැතිව ගොස් අවසර ඉල්වා දෙන දෙවියෙක් සදෙවුලොවම මෝහට වඩා නැත, එසේ හෙයින් ඔහු ම යවී ය.
ඉක්බිත්තෙන් ශක්රඩයා කී බස් ගිවිස ඒ පඤ්චශිඛ දිව්යයපුත්රද තෙම තමාගේ බෙලුව පණ්ඩු නම් මහවෙණ ගෙන බුදුන් කරා නික්මිණ, ඒ කෙසේ වූ වීණාවෙක් ද යත්? ඒ වීණාවෙහි පොකුර ඝනරන්මය ය,කඳ ඉදුනිල්මිණිමය ය, තත් රිදීමය ය, වෙඨන ය ප්රිවාලමය ය,වීණාපත්රදය ගවුවක් දිග ය, කඳ ගවුවක් දිග ය, මෙසේ තුන්ගවු පමණ දිග ඒ වීණාව ඇරගෙන සමපනස් මුසනින් මුසන් කොට සදා, නිය අගින් පැහැර, මධුර වූ ගීත ස්වරයක් හැර ලා , ඒ වීණාකඳ අත්ලෙහි තබාගෙන, බුදුන් වැඩහුන් ඒ ඉන්ද්ර ශාල නම් ගුහාවට වැද නුදුරු නො ළං ව බුදුන් අභිමුඛයෙහි සිටගෙන වීනා කඳ වමතින් ගෙන, දකුණතින් වීණාපත හා සමඟ බුදුන්ට නමස්කාර දක්වා ලා. බුදුන්ගේ ශ්රීා මුකය බල බලා, බුදුන්ට ස්තුති කොට කොට, රහතන්ගේ ගුණ කිය කියා, කාමගුණ උදෙසා පෙර තමා බැඳගෙන ගායනා කරන්නට පටන් ගත. හේ මෙසේයි:
වන්දෙ තෙ පිතරං භද්දෙ- තිම්බරුං සූරියවච්චසෙ,
යෙන ජාතාසි කල්යාදණි - ආනන්දජනනි මම-යි.
යනාදි ගාථාවන් කිය කියා වීණාව ද ගායනා කෙරෙයි. එහි අර්ථ කිම යත්? එම්බා සූරියවච්චසා නම් ඉතා මනොහර වූ හස්තපාදයන් ඇත්තීය! සිතූ සිතූ විට මාගේ සොම්න් වඩන්නි ය! පාදාන්තයෙහි පටන් ශොන්තය දක්වා හිරිරස්ලබ් සේ සිය ලඟින් නික්මෙන්නාවූ ප්ර භා ඇති හෙයින් සූරියවච්චසා යි නම් දිව්යාංකගනාව! තීගේ පියාණන් තිම්බරු නම් ගනධර්ව දිව්යමරාජයාණන් තී මට දෙතෝතින් බැස හෙව වඳිමි. ශෝකීහට මන්දමාරුතයක් සේ , පිපාසීහට අහස් ගඟක් සේ, බඩදලයක්හට අමා පාත්රරය් සේ, රෝගීහට දිවබෙහෙතක් සේ , රහතනට ද්ධර්මයක් සේ, ගින්නට ඇල් දිය ඳක් සේ, තී නිසා උපන් මාගේ කාමපරිඩාහ ය ද නිවා හැරපිය. තව ද යම්සේ මිරිඟු සොයා ඇවිඳුනා අඥාන වූ ඇත්පොවුවෙක් පස්පියුම් විලකට බැස, සිත් සේ පැන් බී සොඬ අඟ විවරක් තිබිය දී සර්වාජගයෙන් දියෙහි ගැලී ඒ සිහිල්දියෙහි සුව විදී ද, ඒ හස්තිරාජයා සේ ම මම ද තී තන බඩතුර නමැති සරසියට බැස කවර නම් දවසෙක සිත් සේ සුව විඳිම් ද: යම් සේ මදයෙන් මත්වූ ඇත් පොවුවෙක් තෝමරාඬ්කුශයෙන් උදවන ලදුයේ කාරණා කාරණ නො දනී ද, ඔහු සෙයින ම මම ද ාමොන්මාද වූ ස්වභාව ඇතියෙම්, විරාගයට සුදුසු වූු කිසි කාරණය් නො දකිමි; සොඳුර තී කෙරෙහි ලොභසිතින්කිපිවක්හුගේ බ්මාන නො හේ ම ය, මා ති කෙරෙහි බද්ධවූ කාමචෙතනාව බිලියෙන් ගිලූ මසකු සේ ගළව ගන්ට නො පොහොසතිමි. යම් සේ රහතන්ට ස්වල්ප වෙු දානයෙන් දුන්නාවු සත්ත්වයන්ට නො ඒ දිව්යලසම්පත් දෙන්නේ ද එසෙයෙන් ම තෝ ද අග් බබුරුව මතු බලා තිවෙන්නා වූ සිනිඳු වූ කේශලාපය් ඇත්තෙහි ය, තුන් හවුරුදු මුවපොල්ලකු බඳු වූ දිගු පුළුල් ඇස් ඇතියෙහිය, මට පළමු ව උපන්නාවූ එකසිත දැන් තී පිණිස නොඑක් සිත් වි ය, රහතන් දැක මා කළාවූ නො එක් පින් කමෙක් ඇත්තේ වී නම් එයින් මට තී හා සමඟ ම විපාක දේව යි. පෙර මා මිනිස්ලොව දී මිනිසුනට දුන් දනෙක් ඇත්නම් ඒ විපාත් තී හා සමඟ ම විපාක දේව යි. යම් සේ ක්ෂත්රිඒය වංශයෙහි උපන්නා වූඅප බුදුහු පළමු නිවන් සොයා ඇවිදි සේක් ද එ සෙයින් ම මම ද දැන් තී සොයා ඇවිදිමි.
යම් ේ මාගේ බුදුරජාණෝ බොධිපර්ජකයෙහි හිඳ සවුනේ ගෙවා දැන බුදු ව, එ වේලෙයි ඉතා සන්තෝෂ වූ ේක් ද එසෙයින් ම මම ද තී ලද්දා ඉතා සතුටු වෙමි. ඉදින් අපගේ සක්දෙවුරජ මා රෛහි සන්තෝෂයෙන් වරයක් දෙනුයේ “මාගේ මේ දෙ දෙවුලොව දිව්ය රාජය කැමැත්තෙහි ද, සූරියවච්චාවසාව කැමැත්තෙහි දැ”යි කී නම් ඒ ශක්රතසම්පත් හැර පියා මම තී ම කැමැති වෙමි. සොඳුර! තිගේ පියාණන්තිම්බරු නම් දිව්යිරාජයාගේ නුවර අලුත මල් පිපී සිටි සල්රුකෙක් ඇත, ඒ ශාලා රාජයා ඉතා මනොහර ය, ඒ ශාලාවෘක්ෂරාජයා සේ ම දිව්ය ශ්රීමන් භරිත වූ ති පිය ඒ දිව්යෘරාජයා විඳිමි යි යනාදින් මෙසේ අමා මහා සිරිඟි හා, එක බඳනෙක ලාලා හළන්නෙකු සේ බුදුගුණ හා කමා ගුණ සමුමිශ්රල වූ ගාථා කිය කියා බුදුන් ඉදිරියෙහි සිටගෙන අලජ්ජිව ගායනා කෙරෙයි. බුදුහු එකල “පඤ්චශිඛ ය! තාගේ ගීතස්වර ය, හා වීණාස්වර ය සම ම ය, වීණාස්වර ය හා ගීත ස්වර ය හා වීණාස්වර ය සම ම ය, වීණාස්වර ය නො ඉක්මෙ යි, තන්ත්රි ස්වර ය ගීතස්වර ය නො ඉක්මෙයි” වදාළ සේක.
අරාගි බුදුහු ගීතස්වරය හා වීණාශබ්දයාගේ ගුණ කුම්ක් උදෙසා වදාළ සේක් ද යත්? බුදුන්ට ශබ්දානුරාග ය හා ඇති වේ ද යත්? අහසට පොළොව දුරුවූවා සේ මාගේ ස්වාමි දරුවාණන්ට ශබ්දානුරාගයෙක් නැත, බුදුහු එක ශබ්ධයකුත් පරවැඩක් සිතා ම වදාරන සේක; ඉදින් බුදුහු මොහුයේ ගායනාවෙහි ගුණ නො වදාළ සේක් වී නම් ඒ තමාට අවසර දුන්බව නො දන්නේ ය. ශක්ර්යා “තව පඤ්චසිඛයා අවසර නො ලද” යයි තමාගේ දෙවියන් ගෙන නැවත පලාගියේ නම් දෙවියන්ට මහා අලාභ වෙයි. ඔහුගේ ගුණ වදාළ කල “පඤ්චසිඛ යා අවසර ලදැ”යි ශක්රනයා අවුදින් ම අතින් පැන විචාරයි, එ කල අසූදහසක් දෙවියන් හා සමඟ සෝවාන් වෙයි, සිතා මේ කාරණයෙන් ඔහුගේ ශබ්දයෙහි ගුණ වදාළ සේකැ යි දතයුතු.
මෙසේ බුදුහු ඔහුගේ ගීතස්වරයෙහි ගුණ වදාරා....
සංස්කරණයමෙසේ බුදුහු ඔහුගේ ගීතස්වරයෙහි ගුණ වදාරා ඉක්බිති “පඤ්සිඛ ය! තා කියන ගාථා තුනුරුවන් හා කාමගුණ උදෙසා අමා හා සිරිඟි සේ විපර්යාස කොට කවර කලෙක ගොතා ගත්යි දැ’යි වදාළ සේක්. එ බසට පඤ්චශිඛයා කියනුයේ “ස්වාමිනි! නුඹ වහන්සේ බුදු වූ අටවන සතියෙහි අජපාල මූලයෙහිවැස බුහ්මාරාධනාව ඉවසූ සමයෙහි තිම්බරූ නම් දිව්යබරාජයාහට දූ වූ නමින් භද්රාූ නම් සියලඟ ප්ර්භා විහිදුනා හෙයින් සූරියවච්චසා ය යි දෙවන නමෙකින් ප්ර්සිද්ධ වු දිව්යාංනගනාවක් සතර වරම් රජුන් හා සමඟ අපගේ සක්දෙවු රජහට නැටුම් පාකට ගියා ය. දකෙනෙයි සක්දෙවුරජ බුදුන්ගේ යථිභූත වූ, විශෙෂ වූ, ගුණයෙන් අටදෙනෙකු කී ය, ඕතොමෝ ද දවස් නටන්නී ඒ බුදුගුණ ඇසුව, සක්දෙවුරජ ඈ දැක මාතලී දිව්ය්පුත්රසයාගේ පුත් වූ ශිඛණ්ඩි නම් දෙවුපුතුට ඈ සරණපාවා දෙනු ැමැති වි ය; එ තැන් පටන් මම ද ඈ පතා නොයෙක් ව්ය ශනයෙන් නො ලදිමි,දවසෙක ඈ කෙරෙහි ලොභයෙන් මාගේ මේ බෙළුවපණ්ඩු නම් වීණාව ගෙන ඈ පිය තිම්බරු නම් දිව්යුරාජයාගේ ගෙට ගොස් වීනාව ගගා ඈ බල බලා මේ ගාථා කීමි. ඕ තොමෝ මේ ගාථාවන් නුඹවහන්සේගේ ගුණ අසා “මම ඒ බුදුන් නුදුටු විරිමි. සුධර්මා නම් දිව්යසසභාවෙහි දී සක්දෙවුරජහු අ.ිනුත් ඒ බුදුන්ගේ ගුණ කියෙහි ද, ඒ උපකාරයෙන් තා හා මා හා අද සමාගම ය වෙයි” කිව එ දවස් නුඹවහන්සේට පිනට ඈ හා මා හා සමාගම හ වි ය.එ දා පටන් ඈ හා මා හා සමාගමයක් තවදක්වා නො ලදුයෙමි, ස්වාමින්! කෙසේ මට ඕ ලැබේ දැ යි අලජ්ජි ව තමාගේ අඹුවගේ පවත් මෙේ කිය යි.
ශක්රලයෝ ිට, කල් යන හෙයින් “මේ පඤ්චශිඛයා දැන් මාගේ මේවර ගොසින් තමාගේ කටයුතු කිය යි; බුදුන් ඉදිරියේ සිට කාම ගුණ අරභයා නො තරම් වූ කථා කෙරෙයි. නළුවෝ නම් ඉතා අලජ්ජියහ”යි කියාබැණ “ඉදින් මෙ තෙමේ කාමයෙන් මත්ව තව ද නැටීමක් දක්වාලි නම් මාගේ කාර්ය බාධාය “යි සිතා ඔහු සෙමින් කැඳවා “පුත පඤ්චශිඛයෙනි! ථා බොහෝ නො කොට මා ආ බව බුදුන්ට වහා දන්වාලව” යි කීහ. මැනව මහරජ! යි පඤ්චශිඛයා ගොස් “ස්වාමිනි! සක්දෙවුරජ සහ පිරිවරින් නුඹ වඳිනා නිසා ආය” යි දැන්වී ය. එ වේලෙහි බුදුහු “ශක්රායා සහ පිරිවරින් එව”යි කියා අවසර දුන් සේක.
එ කල සක්දෙවුරජ ඉන්ද්රවශාලගුහාවට වැද බුදුන් වැඳ හොත් තෙන ම ආයු ගෙවා චුත ව නො නැඟෙයි. බුදුහු නම් සිස්වලා යන්නා වූ වචනයක් නො කියති. ශක්ර්ය! ආයු බොහෝ වච යි මා කී කල ඔහු මළහොත් කාරණ නො වෙයි, ආයු බොහෝ ව යි කීම් නම් ආයු ලබන පිනක් ඇතියේ දෝහෝ”යි ඔහුගේ ජාතිසහස්ර යක් බලා සර එක් ජාතියෙක මල් පිදූ මලස්මෙසලාගිය මලෙහි පැන් අතලොස්සක් මොහු ඉසලූ පැන් දැක ආයු බොහෝ වව “යි වදාළ සේක.
එ වේලෙහි මාගේ ස්වාමිදරුවාණන් තමන් වහන්සේගේ සශ්රීෙක වූ ශ්රීවමුඛයෙන් “ආයු බොහෝ වව “යි වදාළ බස හා සමඟම ශක්රමයා තුන්ළෙ සැටලක්ෂයක් අවුරුද්දට ආයු ලදින් නැඳී එකත්පස්ව සිටියේය. මොහු මළ පරිදි එ තෙමේ දන්ති, බුදුහු දත්සේක, තෙසු කිසිකෙනෙකුත් නො දත්තාහුම ය. එකල බුදුහු දත්සෙක, තෙසු කිසිකෙනෙකුත් නො දත්තාහුම ය. එකල බුදුහු සක්දෙවු රජහට “මහරජ ! තාගේ කාර්ය බොහෝවුව ත් මෙ තෙනට ආයේ මැනැවැ”යි වදාළ සේක.ශක්රතයා කියනුයේ “ස්වාමිනි! මම හැම වේලෙහි ම නුඹවහන්සේ දක්නාකැමැත්තෙමි, පොළෝතලෙහි පටන් මේ දෙ දෙවුලොව දෙවියන්ගේ නො ඒ කාර්යයෙහි ව්යාමපෘත හෙයින් හැම වේලෙහි ස්වාමිදරුවන් කරා නො එළබෙම් ය, මම එක් සමයෙක නුඹවහන්සේ සැවැත් නුවර ජෙතවනයෙහි සලලාගාර නම් ගඳකිලියෙහි වසනලක දක්නට ගියෙමි, එදා නුඹවහන්සේ එක්තරා එක් සමවතකට සමවැදිලා වැඩඋන් සේක, එ දා වෙසවුණුරජහුගේ භුජගවතීනම් පාදපරිචාරිකාවක් සෙදැගැමි ව දෙවුලොව නො ැමැති ව නුඹවහන්සේ කරා අවුත් වැඳ වැඳ සිටියාය. එ දා ඕ මා දැක “බුදුන් දක්නට බැරිය, බුදුහු ධ්යාුනයෙන් වැඩහුන්සේකැ” යි කිව, ඒ අසා මම ද “බුදුන් ධ්යාුනයෙන් නැඟි කල මා ආ නියාව ත් සැලකොට ලා මා නමින් වඳු ව”යි කිහාලා ගියෙමි, එ දා ඕ මා නමින් වැනදි ද, සැළකලා ද, සිහි ඇද්දැ යි විචාළේ ය. බුදුහු තා නමින් ඕ වැන්දී ය, මටත් කිව, සඳහන් ඇත, මම ද එ දා තා නික්මුණු වේලෙහි තාගේ රථසකෙහි හඬ අසා ධ්යාමනයෙන් නැංගෙමි”යි වදාළ සේක.
ධ්යාෙනයට සමවන් කල න්මුල තබාගෙන ත් පිඹිනා සක්සින් නම් ආදියෙහි අඬ පවා නො ඇසෙත්, “රථසකෙහි හඩින් ධ්යාආනයෙන් නැංගෙමි” යි වදාළේ ඇයි ද යත්. බුදුහු එ දා ශක්රආයාගේ නුවණ තව ළා සේ දැක, “මතු ඉන්ද්ර ශාල ගුහාවෙහි දී බොහෝ දෙවියන් සමඟ දෙශනා කොට සෝවාන් කෙරෙමි”යි සිතා ඕහට අවසර නො දෙන නිසා ඔහු අවුත් යන තෙක් ධ්යා නයට සමවන් සේ. මේ කාරණයෙන් ඔහුගේ රථසකෙහි හඬ අසා ධ්යාසනයෙන් නැඟි සේකැ යි දතයුතු.
ඉක්බිත්තෙන් සක්දෙවුරජ කියනුයේ “ස්වාමිනි! යම් දෙවිකොනක් අපට පළමු ව අපගේ දෙවුලොව උපන්නාහු වූ නම් උන් අතින් බුදුන් ඇති කල ම අපගේ මේ දෙවුලොව පිරෙයි, ප්රෙ ත ලොක ය සිස් වෙයි” කියා න්පුරා ඇසිමි. දැන් දද ඒ ප්රඅත්යපක්ෂ ව දිටිමි, ස්වාමිනි! නුඹවහන්සේගේ මේ බුද්ධරාජ්යියෙහි කිඹුල්වත් නුවර වසන ගොපිකා නම් ශාක්යරරාජ කන්යාකවක් තුනුරුවන් කෙරෙහි පැහැද පන්සිල් අඛණ්ඩකොට රක්ෂා කරන්නී “ස්ත්රීරභාවයෙහි සිට බුදුවිය නො හැක්ක , පසේ බුදු විය නො හැක්ක ,චක්රටවර්තිසම්පත් නොලැබෙයි, ශක්රබසම්පත් නොලැබෙයි” යනු අසා ස්ත්රීයභාවයෙහි කලකිරි පිරිමි ව උපදිමි යි ප්රාිර්ථනා කොට වෙහෙරක් කරවා සඟ තුන්දෙනෙකුන්වහන්සේ පවරානිරන්තරයෙන් සිවුපසයෙන් දන් දෙයි, බුදුන් කරෙහි බණ අසන කල ඕ තොමෝ භයලජ්ජා ඇති ව, ආදර ඇති ව පවිත්ර සීලීව ,එක් තෙනෙක වැද හිඳ ,දොහොත් මුදුනෙහි තබාගෙන දස නො බලා කිසි කෙනෙකුන් හා කථා නො කොට ,බුලත් පමණකු ත් නො කා , නො නිදා, එකග වූ සිතින් , බුදුන්ගේ ශ්රීනමුඛය බලා බලා, බණ අසා මේ ආදි වූ පින් කොට මිය ස්ත්රීාභාවයෙන් මිදී ,තවුතිසා දිව්යය භවනයෙහි ලක්ෂගණන් දිව නළුවන් හා සමඟ, දහස් ගණන් දිව්යාංසගණාවන් පිරිවරා ස්දෙවු රජහට පුත් ව ඉපැද හා සම වූ සම්පත් වින්දි.
ඈට අනුශාසනා කොට දන් වැළදු භික්ෂුහු තුන්දෙන නිර්මල වූ ශිලය ර්ෂාකොට ,ධ්යාකනලාභීව වසන්නාහු, බණ අසන ල දස බල බලා නිඳා නිඳා සරු නැති ව හුන් අකුශලයෙන් බ්රනහ්ම ලෝකෝත්පත්තියෙන් පිරිහී මිය යට තරු පෙනෙන දිව්ය ලෝකයෙහි පූර්වනිකාන්ති නම් ගන්ධර්වදිව්යහයන් හා එක් ව ඉපැද ප්රෝභාසම්පන්නව දිවසුව විදින්නාහු දවසෙ දහස් ගණන් දිවනළුවන් පිරිවරා ඒ ගනධර්ව දිව්යවයෝ තුන්දෙන තුන් ගවු දිග මහබෙර කර ලා ගෙන ශක්රිදේවරාජයාහට සේව ය කරම්හ යි සුධර්මා නම් දිව්යවසභාවට අවුත් පනස් පනස් යොදුන් තැන රඟමඩුලු බැඳ සිටගත්හ, සිල් රක්ෂාකොට දෙවුලොව උපන්නවුන් හෙයින් මොවුන් තුන්දෙනාගේ ශරීරප්රපභා හා ගායනා හා ඉතා ම මනොඥ වි ය.
යට කී ගොපි නම් දිව්යපුත්රනයා සක්දෙවුරජයු ළඟ මලස්නෙක හුනනේ මේ දිව්ය පුත්රායන් තුන්දෙනා දැක “මේ දෙවියෝ තුන්දෙනා දැක රූපත්හ, හීන වූ ගන්ධර්වයන් කෙරෙහි කොයි සිට අවුත් උපන්නු දෝ හෝ “යි පරීක්ෂා කරනුයේ “පෙර මූ මහණු තුන්දෙනාකැ “යි දිට. සකස් කොට සිල් රක්ෂා කලෝ දෝ හෝ නො කොළෝ දෝ හෝ යි පරීක්ෂා කොටබලනුයේ සකස්කොට සිල් රක්ෂා කළහ යි දිට. තව ද: අනික් ගුණධර්මයක් බලනුයේ ධ්යාිනලාභී වූ සේ දිට. කොයි වැස සිල් රක්ෂා කළෝ දෝ හෝ යි බලනුයේ පෙර තමාට කුලුපඟ ව සිවුපසය වළඳා අනුශාසනා කළහ යි දිට. පිරිසිඳු කොට සිල් රක්ෂා කළ සත්ත්වයෝ සදෙවුලොවින් කැමැති දෙවුලොවක උපදනාහු ය, ධ්යාදනත් ලදින්බ්රචහ්ම ලොකයෙහි ත් නු උපන්නාහ, සිල් රක්ෂා කොට උඩ දෙවුලොව ත් නු උපන්හ, හීන වූ ගන්ධර්වයන් කෙරේ ඉපැද ගියහ, මම මුන්ගෙන් බණ අසා අවවාද ලදිම් ස්ත්රි ව සිට දෙදෙවුලොවට අධිපති වූ සක්දෙවුරජ හට පුත් ව ඉපැද ගියෙමි, මොවුන් ලජ්ජා වන සේ දොඩම් යි සිතා කිමී මුහුණ “එ දා තෙපි බුදුන් බණ වදාරණ වේලෙහි දස බල බලා නිද නිඳා කථා කොට කොට වික්ෂෙප ව බණ ඇසුව, එ කල මම ස්ත්රිථ ව, සිට ශ්රලද්ධාවෙන් ආදර ඇති ව බණ අසා පින් කොට තවුතිසා දෙවුලොව උතුම් ව උපනිමි, තෙපි වනාහි අපට අවවාද දී මහණ ධම් පුරා හීන වූ ගන්ධර්වනිකායෙහි ඉපැද පෙර අප හා එක් ව පින් කොට අපට දැන් බෙර ගසන්නට අවු ද, තෙපි ලජ්ජා නැතියා දැ”යි කී ය.
ඒ දෙවියන් තුන්දෙනා අතුරෙන් දෙදෙනෙක් සිතන්නාහු “කෙළි පානාහු බලන්නවුන්ගෙන් ප්රා සාද ලැබෙති, මේ ගොපික දිව්යනපුත්රෙයා අප දුටු වේලෙහි පටන් ගන්නට දමාලු ලුණුපුපුරන්නාසේ දත්කකා තතනයි, කාරණ කිමෙක් දෝ හෝ “යි පරීක්ෂා කරන්නාහු පෙර තමන් මහණධම් පිරූ බවත් . සිල් රක්ෂා කළ බව ත්, ධ්යා ලාභී බවත් , මෝහට ම කුලුපග වූ බව ත්, දැක උපන් ලජ්ජාවෙන් කර තිබූ බෙර ගළවා බිම තබා එ ම දිව්යකසභාවෙහි ම සිට භාවනා කරන්නා හු පෙර තමන් බොහෝ දවසක් වසීභූතකළා වූ භානා හෙයින් ඇසිල්ලෙකින් අනාගාමි මාර්ග ඵලයට පැමිණ, ඒ තුන්ගවු උස දිව්යනශරීර ය කුණුපයක් සේ හැර , එයින් සැව දොළොස් යොදුන් බ්රරහ්ම ශරීර ලදින් ඒ ගොපික නම් දෙවතාවා ආදි වූ බොහෝ දෙවියන් බල බලා සිටියදී ඔවුන්ගේ හිස පියපත් ඕනා සේ ගොස් බ්ර හ්මපුරොහිත නම් බඹලොව උපන්නාහු ය. එකෙක් පඤ්චකාමයෙන් මිදී යා නො හෙනුයේ එහිම රැඳිණි.
සක්දෙවුරජ මේ කථාව බුදුන්ට දන්වා “ස්වාමිනි! අපි ත් ඔවුන් සේ ම නුඹ වහන්සේ ස්නෙහි නිවන් දහම් පසක් රනු සඳහා ආම්හ, අවසර ලදිම් නම් පැන විචාරණු කැමැත්තෙමි”යි කී ය. එ කල බුදුරජාණන් වහන්සේ “සක් දෙවුරජ ! තට සැක වූ යම් ම පැනයක් මා අතින් විචාරා , මම හ් කියමි “යි සර්වඥ ප්රූවාරණයෙන් පැවරූ සේක. එ ල සක්දෙවුරජ බුදුන් අතන් අවසර ලදින් ඉස්සා මච්ජරියං යන පළමු වන පැනය , පියාප්පියං යන දෙවන පැන ය, ජන්දො යන තුන් වන පැනය, විතක්කො යන සතර වන පැනය , පපඤ්චො යන පස් වන පැන ය, සොමනස්සං යන සවන පැනය, දොමනස්සං යන සත් වන පැන ය, උපෙක්ඛා යන අට වන පැන ය, කායසමාචාරො යන දස වන පැනය, පරියෙසනා යන එකොළොස් වන පැනය, අනෙක ධාතු යන තෙළෙස් වන පැන ය, අච්චන්ත නිට්ඨා යන තුදුස් වන පැනය යි යන මේ තුදුස් පැනය විචාළේ ය. සක්දෙවුරජහු පැන විචාළ පරිදිත් බුදුන් විසදු පරිදිත් දිග්සඟියෙහි ශක්රෙප්රවශ්න සූත්රන විභාගයෙන් බලා දතයුතු.
ඉක්බිත්තෙන් ස්වාමිදරුවක් මේ ප්ර ශ්න ව්යාසකරණය කළ අවසානයෙහි අසූදහසක් දෙවියෝ අමාමහ නිවන් දුටුහ. සක්දෙවුරජ සෝවාන් මාර්ගඵලයට පැමිණියේය. මෙසේ ශ්රදද්ධාසම්පන්න වූ ඒ දක්දෙවුරජ රහත් නො ව කුමක් නිසා සෝවාන් වී ද යත්?
අනේපිඬු මහ සිටාණන් හා විශාඛාවන් හා දෙදෙන....
සංස්කරණයඅනේපිඬු මහ සිටාණන් හා විශාඛාවන් හා දෙදෙන බුදුනට අග්රි වූ බොහෝ උපස්ථාන ොටත් , තමන් සසරෙහි ලොභ ඇති හෙයින් සෝවාන් ව තව සත් ජාතියෙක සසර ඇවිදිති. ඔවුන්සේ ම මේ සක්දෙව්රජ ද ඉතා භවරාගිය , ඒ කාරණයෙන් සෝවාන් ව මේ ජාතියෙහි තමාගේ ආයු පරිද්දෙන් ශක්රේසම්පත් විඳ එයින් මිය දඹදිව සවාරයක් පිට පිට දීපච්ක්රාවර්ති ව රජ කෙරෙයි.එයින් ගොස් චාතුර්මහාරාජික නම් දිව්යතලෝකයෙහි ඉපැද මනුෂ්යමගණනායෙන් අනූලක්ෂයක් හවුරුදු දිව්යමසම්පත් විඳ, එයින් නැගි තවුතිසා දිව්යූභවනයෙහි ඉපැද තුන් කෙළ සැටලක්ෂයක් හවුරුදු දිව්යල සම්පත් විඳ , එයින් නැගි යාම නම් දිව්ය්ලොකයෙහි ඉපැද තුදුස් කෙළ සතලිස්ලක්ධයක් හවුරුදු දිව්යුසම්පත් විඳ, එයින් නැඟි තුෂිත භවනයෙහි ඉපැද එහි සත්පනස් කෙළ සැටලක්ෂයක් හවුරුදු දිව්ය සම්පත් විඳ, එයින් නැඟි පරනිර්මිත වශවර්ති නම් දිව්ය් ලෝකයෙහි ඉපැද එහි නවසිය එක්විසිකෙළ සැටලක්ෂයක් හවුරුදු දිව්යෙසම්පත් විඳ. සදිව්යඑලොයෙහි මෙසේ ඒදහස් දෙසිය අටවිසිකෙළ පනස් ලක්ෂයක් හවුරුදු මුළුල්ලෙහි පඤ්චකාමසුඛ අනුභව කොට එහි දී කාම විරාග ය කොට ධ්යාපන උපදවා පළමුවන බ්ර හ්මපාරිෂද්යාය නම් බඹලොව ඉපැද අසංඛ්ය කල්පයක්හුගේ තුන්වන භාගයක් සුව විඳ, එයින් නැඟි බ්රඅහ්මපුරොහිත නම් නම් බඹලොව ඉපැද එහි අටකපක් සුව විඳ, එයින් නැඟි පරිත්තශුභ නම් බඹලොව ඉපැද එහි සොළොස් කපක් සුව විඳ, එයින් නැඝී වෙහප්ඵල නම් බඹලොව ඉපැද එහි කප් සුව විඳ, බඹලොව ඉපැ එහි අර්ධ කල්පයක් සුවවිඳ, එයින් නැඟි මහාබ්රතහ්මනම් බඹලොව ඉපැද කපක් සුවවිඳ, එයින් නැඟි පරිත්තාභ නම් බඹලොව ඉපැද එහි මහ කප්ක් සුව විඳ, එයින් නැඟි ආභාස්වර එහි දි අනාගාමි ව එයින් නැඟි ශ්රනද්ධාවාසයෙහි අවීහ නම් බඹලොව ඉපැද එහි දහසක් කප් සුව විඳ, එයින් නැඟි අතප්ප නම් බඹලොව ඉපැද දෙදහසක් කප් සුව විඳ, එයින් නැඟි සුදස්සි නම් බඹලොව ඉපැද එහි අටදහක් කප් සුව විඳථ එයින් නැඟි අනිෂ්ඨ නම් බඹලොව ඉපැද එහි සොළොස් දහසක් කප් ධ්යානන සුව විඳ, මෙසේ එක්තිස්දහස් සසිය විසිකපක් ගියකල එයින් මතු අනාගතයෙහි රහත් ව අමාමහ නිවන් දක්නේ ය යි දතයුතු.
මෙසේ සෝවාන් ව සන්තෝෂ වූ සක්දෙවුරජ එ කෙණෙහිම පඤ්චශිඛ දිව්ය පුත්ර්යා කැඳවා “යහළු පඤ්චශිඛයා! මෙසේවූ නිවන් සුවයක් තා නිසා ලදිමි, බුදුන් අතින් මට අවසර ඉල්වා දී මේ සා වැඩක් කෙළෙහි ය, අද පටන් තෝ මට ගුරු තනතුරෙහි සිට”යි කියා “මාගේ අර්ථ සිද්ධ වූවා සේ ම, තාගේ ද අභිමථාර්ථ ය සිද්ධ කොට සූරියවච්චසා නම් සිව්යදස්ත්රිසය පාවා දෙමි”යි නිලකොට “මාගේ මේ දෙදෙවුලොව ගනධර්ව සේනාවට අද පටන් තෝ රජ ව”යි ඔහු ගන්ධර්වයනට රජකොට බුදුන් වැඳ තමාගේ දිව්යනසේනාව ගෙන දික්කළ අතක් වක් නො කරන ඇසිල්ලෙයි ගොසින් තමාගේ ශක්රක භවනහෙහි ම පෙනි ගිය.
මෙසේ එ තැන් පටන් බුදුන් කෙරෙහි අතිප්රහසන්න වූ ශක්රා දෙවෙන්ද්රනයා අසූදහසක් දෙවියන් හා සමඟ අප්රමාණ වූ දිව්ය්රාජ පූජා කෙළේය. එතුවක් කල් මුළුල්ලෙහි ස්වාමිදරුවානන් නමට අප්රෙමාණ වූ ප්රකතිපත්ති පූජා කෙළේය. ස්වාමිදරුවන්ගේ ප්ර තිසන්ධි පූජාවෙහි පටන් පරිනිර්වාණ පූජාව දක්වා මේ එශිතිවර්ෂය මුළුල්ලෙහි තමාගේ ශක්රවසම්පත්තියෙහි ලොභය හැර ඔබගේ දර්ශන සම්පත්තියෙහි ලොභය හැර ඔබගේ දර්ශන සම්පත්තියෙහි ම ලොභය කොට පක්ෂපාතවූ අභියුක්තයකු සේ ස්වාමිදරුවානන් සමීපයෙහි ජායාවක් සේ වායකොට අප්ර මාණ වූ සප්පාය වූ අත්පා මෙහෙයෙන් පූජා ළෛ්ය. මෙසේ ශක්රපදෙවෙන්ද්රනයන් අතින් පවා මහත් වූ පූජා ලත් හෙයිනු ත් , එසේ වූ පූජා විඳිමට සුදුසු හෙයිනුත් , මට ද , සියලු සතුන්ටද , මවු පිය වූ, ගුරු වූ , දෙවි වූ , බඹ වූ මාගේ ම ස්වාමිදරු වූ, තිලෝගුරු බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් ම කියන ලදි:-
පූජාවිසෙසං සහපච්චහෙහි
යස්මා අයං අරහති ලොක නාථො,
අත්ථානු රූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං-යි.
මේ පූජාවලියෙහි අප බුදුන් ක්දෙවු රජහුගෙන් ලද දිව්යජරාජ පූජා කථා නම් වූ දෙවිසි වන පරිචුජේදය නිමි.